පොත
පොත
මිනිසුනේ! මේවායින් ඉවත් වන්න
මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතවූ අල්ලාහ්ගේ නාාමයෙන් පෙරවදන පැසසුම් සියල්ල සර්ව ඥාන අල්ලාහ්ට අයත් වේ. ඔහු ප්‍රශංසා කර ඔහුගෙන් ම සහය පතා සිටිමු.අප පාප ක්‍රියාවන් හට ඔහුගෙන්ම පව් සමා අයදිමු. පව් සහ නින්දිත ක්‍රියාවන් හට ලක් නොවී සිටීමට ද ඔහුගෙන් ම සහාය පතමු. කරුණාබර අල්ලාහ් පෙන්වන යහමග කවරෙකුට ලැබෙන්නේ ද, හෙතෙම නොමග යැවීමට කිසිවෙකුට කල නො හැකිය. එමෙන් ම අල්ලාහ්ගේ යහමග කවරෙකුට නො ලැබෙන්නේ ද ඒ තැනැත්තා යහමග කිරීමට කිසිවකුට කළ නොහැක. තවද වැඳීමට සුදුසු එකම සත්‍ය දෙවියා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැති බවත්, මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ කීකරු අත්වැසියා සහ අවසාන…
ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක්
අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස් සඃදී තුමාගේ "ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක් " නම් ග්‍රන්ථය, ඒකීය දෙවිඳාණන් කෙරෙහි වූ ගැඹුරු විශ්වාසය මත පදනම් වූ දෘෂ්ටිකෝණයකින් සැබෑ සතුටට හේතු වන කරුණු විග්රහ කරයි. එය ඒකීය දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය, යහපත් ක්‍රියා, මහිමාන්විත අල්ලාහ් ව සිහිපත් කිරීම, ලද දෙයින් සතුටු වීම, දායාදයන් පිළිබඳ මෙනෙහි කිරීම, අනෙකාට යහපත සැලසීම, (අල්ලාහ් කෙරෙහි) ස්ථිර විශ්වාසය තබා සියලු කටයුතු උතුමාණන් වෙත ම භාර කිරීම, ඉවසීම සහ කාරණා නිසි ලෙස තක්සේරු කිරීම තුළින් හෘදයංගම සැනසීමක් වෙත පාඨකයා යොමු කරයි. ජීවිතයේ උස් පහත්වීම් මධ්‍යයේ වුව ද සැනසිලිදායක, සමබර සහ…
මූලධර්ම තුන හා ඒවායේ සාක්ෂි හා සාධක
මෙම ග්‍රන්ථය මුස්ලිම්වරයෙකු ඉගෙන ගත යුතු මූලික මූලධර්ම වන අල්ලාහ් පිළිබඳව දැන ගැනීම, ඉස්ලාම් දහම පිළිබඳව දැන ගැනීම, සහ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව දැන ගැනීම යන කරුණු සාකච්ඡා කරයි. එමෙන්ම, ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නබි වදන් වල සාක්ෂි මත පදනම්ව, විශ්වාසය හා යහපත් ක්‍රියා ගොඩනැගීමෙහිලා මෙම මූලධර්මවල ඇති වැදගත්කම අවධාරණය කරයි.
ඉස්ලාමීය විශ්වාසය හා බැඳුණු ප්රතිපත්තීන් පිළිබඳ හැඳින්වීමක්.
මෙම ග්‍රන්ථය විශ්වාසයේ මූලධර්ම විස්තර කරයි; ඒ අතර අල්ලාහ් කෙරෙහි විශ්වාසය, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දිව්‍ය ග්රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, සහ පූර්ව නියමය යන කරුණු අන්තර්ගත වේ. එමෙන්ම මෙම ග්‍රන්ථය මුස්ලිම් කෙනෙකු අනිවාර්යයෙන් විශ්වාස කළ යුතු හා ඒ අනුව ක්‍රියා කළ යුතු මූලික මූලධර්ම ඉදිරිපත් කරයි. ඉස්ලාමීය විශ්වාසය ගැඹුරු ලෙස අවබෝධ කරගැනීම හරහා අල්ලාහ් සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.
මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්." නම් කෘතිය, උක්ත වත්පිළිවෙත් ගැන පැහැදිලි කර ඇත්තේ අල්-කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මාර්ගය නම් සුන්නාවට අනුගතව ය. මුස්ලිම්වරුන් සඳහා ඔවුන්ගේ වත්පිළිවෙත් අවබෝධයෙන් යුතුව හා පහසුවෙන් ඉටු කිරීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම කෘතිය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් කර්තව්‍යයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ශරීආව තුළ ඇති සාධක මත බැඳී සිට ලිහිල් මධ්‍යම මාර්ගය අනුගමනය කර තිබීම මෙහි විශේෂත්වයයි. අල්ලාහ්ගේ පිළිගැනීම හා ඔහුගේ සමීපත්වය ලබා…
කාන්තා පිරිසිදුකම
මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "කාන්තා පිරිසිදුකම" නම් කෘතිය, කාන්තාවන්ගේ ස්වභාවික රුධිර වහනයන් වන හයිල් (ඔසප් පිටවීම), ඉස්තිහාලා (නියමිත කාලයට අමතරව ලේ පිටවීම) සහ නිෆාස් (දරු ප්‍රසූතියට පසු ලේ පිටවීම) පිළිබඳව පර්යේෂණ හා විමර්ශනයට ලක් කරන ලද ගැඹුරු ශාස්ත්‍රීය නිබන්ධනයකි. එය අල්-කුර්ආනය හා සුන්නාව පදනම් කරගෙන, මෙම කරුණු සම්බන්ධයෙන් දැනුමැති විද්වතුන්ගේ කියමන් පිළිබඳව නිවැරදි අවබෝධයක් සමඟින් ඉදිරිපත් කර ඇත. එහි රුධිරය පිළිබඳ නීති රීති දක්වා, විවිධ අවස්ථාවන් අතර ඇති සියුම් වෙනස්කම් පැහැදිලි කරමින්, මුස්ලිම් කාන්තාවකට තම ආගම අවබෝධ කර ගැනීමේදී යහමඟ…
ඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණු
සංස්කරණය: අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. පෙරවදන ප්‍රශංසා සියල්ල අල්ලාහ්ට හිමිය. අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට හා අනුගාමිකයන්ට හිමි වේවා.
ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි දළ විශ්ලේෂණයක්.
ඉස්ලාමය ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ග්‍රන්ථය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ පිළිවෙත පදනම් කරනිමින්- වැදගත් ප්‍රතිපත්ති, ඉගැන්වීම් හා අලංකාරයන් පැහැදිලි කරයි. මෙම පුස්තකය මුස්ලිම්වරුන් මෙන්ම මුස්ලිම් නොවන අයට සෑම කාලයකම සෑම ස්ථානයකම විවිධ තත්ත්වයන්ට සහ අවස්ථාවන්ට අනුකූල ව ඔවුන්ගේ භාෂාවලින් ඉදිරිපත් කරනු ලැබ ඇත. (ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් පිටපතකි.) 1- ඉස්ලාමය යනු සියලු මිනිසුන් වෙත වූ අල්ලාහගේ පණිවිඩයයි. මෙම සදාතනික දිව්‍ය පණිවිඩය, දිව්‍යමය පණිවිඩ අතරින් අවසාන පණිවිඩයයි. ඉස්ලාමය…
නව මුස්ලිම්වරයෙකුට ප්‍රයෝජනවත් සංක්ෂිප්තයක්
සැකසුම මුහම්මද් අෂ්-ෂුහ්රී 2020 - 1441 මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් පෙරවදන
صفة الوضوء والصلاة (مرئي)
මා වුළු "අර්ධ ධෝවනය" කළ යුත්තේ කෙසේද? අනුක්‍රමය ශබ්දය 1 ‘අදාන්’ -සලාතය සඳහා වූ ඇරයුමෙහි- ශබ්දය. 2
හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය
පොතේ විස්තර බැලීමට ක්ලික් කරන්න.
ඉස්ලාමයට පිවිසි මගේ පළමු දවස
අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් පෙරවදන ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් ඔහුගේ නබිවරයා වූ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව මෙලොවට එවූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමි වේවා! අල්ලාහ් හැර නැමදුමට වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත, ඔහු එකීයකි. ඔහුට හවුල්කරු නැති බවට සාක්ෂි දරමි. ආරම්භකයා සහ අවසානයාද ඔහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද ඔහු නබිවරුන් හා රසූල්වරුන් අතර අවසානයා වේ යනුවෙන්ද මම සාක්ෂි දරමි. එතුමාට ලෝක අවසානය දක්වා අල්ලාහ් දෙවිඳාණන්ගේ ආශිර්වාධය හා ශාන්තිය අධික ලෙස හිමිවේවා. සෑම මිනිසෙකුම සෞභාග්‍යයෙන් සපිරි සතුට සොයයි;…
ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ දේව දූත (සම්ප්රදායේ) සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි සන්දේශයක්.
අපරිමිත දයාවන්ත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි ඉස්ලාමය (සාධක වලින් තොර පිටපතකි)[1] (1) මෙම ලිපියේ ඇති සෑම ප්‍රශ්නයකට ම හා ගැටලුවකට ම ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් තවත් පිටපතක් https://islamhouse.com/ar/books/2830071 සබැඳිය හරහා පරිශීලනය කළ හැක. ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ලිපිය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ ජීවන සම්ප්රදා පදනම් කරනිමින්- වැදගත් මූලිකාංග, ඉගැන්වීම් හා සුවිශේෂාංග පැහැදිලි කරයි. මෙම ලිපිය මුස්ලිම්වරුන් මෙන් ම මුස්ලිම් නොවන අයට සෑම කාලයක ම සෑම…
මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය
මෙම ග්‍රන්ථය ඉස්ලාම් දහමේ මූලධර්ම කෙටියෙන් මෙන් ම සවිස්තරාත්මක ව සාකච්ඡා කරයි. එමඟින් පාඨකයන්ට නිවැරදි නැමදුම්වල පදනම් සහ අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දිව්‍ය ග්රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, සහ පූර්ව නියමය කෙරෙහි තබනා විශ්වාසයේ අරුත් පැහැදිලි කරයි. මෙම ග්‍රන්ථය ඇරඹෙනුයේ ඉස්ලාමීය ආශිර්වාදය හා උත්තරීතර අල්ලාහ් ගැන ද උතුමාණන්ගේ ගුණාංග සහ ශ්‍රේෂ්ඨ නාමයන් ගැන ද දැන ගැනීමේ වැදගත්කම විස්තර කරමිනි. අනතුරු ව එය ඉස්ලාමයේ කුලුනු පහ, විශ්වාසයේ කුලුනු මෙන් ම ඉහ්සාන් යන සංකල්පය සහ විශ්වාසවන්තයා කෙරෙහි එහි බලපෑම පිළිබඳ ව ද සාකච්ඡා කරයි. මෙම ග්‍රන්ථය දේව හෙළිදරව් දෙක වන ශුද්ධ වූ අල් කුර්ආනය හා සුන්නා…
උදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් "අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඃහුසුුහු සිනතුව් - වලා නව්මුල්-ලහූ මා ෆිස්-සමාවාති වමා ෆිල්-අර්ළිළිමන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි යඃලමු මා බයින අයිදීහිම් වමා කඃල්ෆහුම් වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි ඉල්ලා බිමාෂා-අ වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලුහුමා වහුවල් අලියියුල් අලීම්." අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ…
ඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්‍රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්‍රශ්න
(මුස්ලිම්වරුන්ගේ අංශය) ප්‍රශ්න අංක: 68 මුස්ලිම්වරු බොහෝ දෙනෙක් අවංකකමෙන් හා බැරෑරුම්කමෙන් ඈත් වී, රැවටීම, අල්ලස් ගැනීම් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ පවා යෙදෙන බැවින් ඉස්ලාම් දහම හොඳම දහමය යන කාරණය සමඟ අප සමනය කරන්නේ කෙසේද? පිළිතුර: වැදගත් කරුණ (1)
සත්‍යය වෙත වූ ඍජු මඟ
සංස්කරණය: පර්යේෂණ අංශය. විවිධ භාෂාවලින් ඉස්ලාමීය අන්තර්ගත සේවා සංගමය. හිජ්රි 1445 පෙරවදන මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්
මා මැව්වේ කවුද? ඒ කුමකට ද?
පවතින සෑම දෙයක්ම මැවුම්කරුවකුගේ පැවැත්ම පෙන්වා දෙයි. අහස් හා මහපොළොව ද ඒ දෙක අතර පවතින ආවරණය කළ නොහැකි අති විශාල නිර්මාණයන් මැව්වේ කවු ද? අහස් හි හා මහපොළොවෙහි සූක්ෂතම හා විස්තීරණ පද්ධතිය නිර්මාණය කළේ කවු ද? මිනිසා නිර්මාණය කර, ඔහුට ඇසීම, පෙනීම සහ බුද්ධිය ලබා දී ඔහුට දැනුම ලබන්නට සහ කරුණු අවබෝධ කර ගන්නට හැකියාව ලබා දුන්නේ කවු ද? ඔබේ ශරීරයේ පද්ධතිවල සහ ජීවීන්ගේ ශරීරවල මෙම නිශ්චිත කාර්යය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? එය නිර්මාණය කළේ කවුද? මෙම මහා විශ්වය, වසර ගණනාවක් පුරා නිශ්චිතව නියාමනය වෙමින්, එහි නීති සමඟ සංවිධානය වී ස්ථාවරව පිහිටනුයේ කෙසේ ද?
ඉස්ලාමය අල්ලාහ්ගේ දූතවරුන්ගේ ආගමයි.
ඉස්ලාමය යනු විශ්වයේ මැවුම්කරු වන එය පරිපාලනය කරන අල්ලාහ්ට ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව යටත් වීමය. ඔහුට අවනත වීමය. ඉස්ලාමයේ මූලික කරුණු වනුයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය කිරීමය. එනම් ඔහු මැවුම්කරුය. ඔහු හැර සෙසු සියලු දෑ ඔහු විසින් මවනු ලැබූ දෑය. නැමදුමට වඩාත් සුදුස්සා සැබැවින්ම ඔහු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවකු නැත. ඔහුට අලංකාර නාම හා උසස් ගුණාංග ඇත. කිසිදු අඩුවකින් තොර වූ සියලු පරිපූර්ණත්ව ඔහු සතුය. ඔහු කිසිවකු ජනනය කළේ නැත. ඔහු ජනනය වූයේ ද නැත. ඔහුට කිසිදු සමානයක් හෝ උපමාවක් හෝ නැත. ඔහුගේ මැවීම් අතරින් කිසිවක තුළ ඔහු වැඩම සිටින්නේ නැත. ආරූඪ වන්නේ ද නැත.…
ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ.
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ඔබේ පරමාධිපති කවු ද? පැවැත්ම පිළිබඳ අති වැදගත් ප්රශ්නයකි මෙය. එමෙන්ම මෙය මෙහි පිළිතුර හඳුනා ගැනීම සඳහා මිනිසාට අනිවාර්යය වන ඉතා වැදගත් ප්රශ්නයකි. අපගේ පරමාධිපතියාණන් අහස් හා මහපොළොව මැවූ හිමිපාණන්ය. අහසින් ජලය පහළ කොට එමගින් ආහාරයට ගන්නා බවභෝග හා ගහකොළ අපට මෙන්ම සතුන්ට ද ආහාර වශයෙන් මතු කළේය. ඔහු අප මැව්වේ ය. අපගේ මුතුන්මිත්තන් මැව්වේය. සෑම දෙයක්ම මැව්වේය. රාත්‍රිය හා දහවල ඔහු නිර්මාණය කළේය. නින්ද හා විවේකය සඳහා, රාත්‍රිය නියම කළ වේලාවක් බවට ඇති කළේය. ජීවනෝපාය හා ආහාර සොයා ගැනීම සඳහා, දහවල නියම කළ වේලාවක් බවට නිර්මාණය කළේය. හිරු, සඳු, තාරකා සහ මුහුදු…
معلومات وأوصاف التطبيقات في المتاجر
ශුද්ධ වූ අල්කුර්ආන් විශ්වකෝෂය QuranEnc. විවිධ භාෂාවන්ගෙන් යුත් ශුද්ධ වූ අල්කුරානයේ අර්ථ සඳහා වන විශ්වාසනීය අර්ථකථනය. යෙදුම් විස්තර: මෙය ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථකථනය සහ එහි විග්‍රහය ලෝක භාෂාවන්ගෙන් යුත් සහතික කරන ලද; දියුණු කරන ලද; මුදල් අය නො කෙරෙන විද්‍යුත් යොමුවකි. මෙය රියාද් රබ්වා හි පිහිටි මඟපෙන්වීමේ සහ ප්‍රජා සත්කාර මධ්‍යස්ථානයේ හා විවිධ භාෂාවන්ගෙන් ඉස්ලාමීය අන්තර්ගත සේවය සඳහා වන සංගමයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කර වැඩිදියුණු කරන ලදී. යෙදුමේ විශේෂාංග: ඉහළ විශ්වසනීයත්වය: නිශ්චිත ප්‍රමිතීන්ට අනුව විශිෂ්ඨ පරිවර්තන තෝරා ගෙන අහ්ලුස්සුන්නා වල්ජමාආහ් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නන් අතර පිළිගැනීමට…
අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.
මෙම ග්‍රන්ථය අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ නීති රීති විස්තර කරයි. එමෙන්ම හජ් හා උම්රා වල අනිවාර්ය කර්තව්‍යයන්, ඉහ්රාම් අවස්ථාවේදී තහනම් කරුණු, හා මස්ජිදුන් නබවී බැහැ දැකීමේ ආචාර ධර්ම පැහැදිලි කරන අතර මෙම ආගමික සංඛේතවල ඇති බිද්ආ හෙවත් නවක කරුණු පිළිබඳව ද අවවාද කර සිටියි.
මහඟු ප්‍රාර්ථනා
මේවා ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් ව ඇති, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ප්‍රකාශ කළ බව තහවුරු කරන ලද පුළුල් ප්‍රාර්ථනා ගොනුවකි. සෑම කාලයකම හා ස්ථානයකම මේවා උසුරමින් ප්‍රාර්ථනා කිරීම ආගමානුගත කර ඇත. ඒ අතරින් තවාෆ් කිරීම, සඊ කිරීම, අරෆාවෙහි රැඳී සිටීම, මුස්දලිෆාවෙහි නවාතැන් ගැනීම යනාදී අවස්ථාවල දී මේවා යොදා ගත හැක. නමුත් ඒවාට පමණක් සීමා නොවේ. පළමුව අල් කුර්ආනයේ සඳහන් ප්‍රාර්ථනා: رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ "රබ්බනා තකබ්බල් මින්නා ඉන්නක අන්තස් සමීඋල් අලීම්"* (අප ගේ පරමාධිපතියාණනි! (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක…
මම මුස්ලිම්වරයෙක්මි.
මෙම ලිපිය ඉස්ලාමය පිළිබඳ අවබෝධය, මුස්ලිම්වරයා යනු කවරෙක් ද? සැබෑ මුස්ලිම්වරයකු විය යුත්තේ කෙසේ ද? යන්න ගැන පැහැදිලි කරයි. එමෙන්ම ඉස්ලාමයේ අලංකාරය, ඇතැම් විනයන්, උසස් සදාචාර ගතිපැවතුම්, කාන්තාවගේ නිලය මෙන්ම ඥාතීන්, අසල්වැසියන් හා සමාජ වගකීම් යනාදී ඉස්ලාමයේ ඇති අලංකාරයන් මෙනෙහි කිරීම මෙහි අන්තරගත වේ. එමෙන්ම සැබැවින්ම ඉස්ලාමය උතුම් වූ දෑ වෙත ඇරයුම් කරමින් ඒවා නියෝග කර ඇති බවත් සියලුම නින්දිත දැයින් හැර වෙනත් කිසිවක් තහනම් නොකර ඇති බවත් පැහැදිලි කර ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳ නිර්වචනය
"ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳ නිර්වචනය" නම් ග්‍රන්ථය තුළින් අර්ථ දක්වනුයේ ශුද්ධ අල් කුර්ආනය වනාහි දේව ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන් බව ද, එය අසමසම අනුපමේය ප්රාතිහාර්යයක් වන බව ද, ආධ්‍යාත්මික සහ ලෞකික ගනුදෙනු උදෙසා මඟ පෙන්වමින් නියාමනය කරන ජීවන ව්‍යවස්ථාවක් බව ද ය. එය යහපත කරා මඟ පෙන්වමින් අයහපතෙන් වළක්වයි. මෙම උතුම් කුර්ආන් ග්‍රන්ථය කිසිදු අයුරකින් හෝ විකෘති වීමෙන් වළකමින් එය අල්ලාහ් ආරක්ෂා කළ බව ද එහි අරුත් වඩා ගැඹුරින් අවබෝධ කරගැනීමට අරාබි භාෂාව ඉගෙනීමේ වැදගත්කම ද මෙහි දී පැහැදිලි කරනු ඇත. මෙලෝ පරලෝ පරමානන්දය අත්කරගැනීමේ මාර්ගෝපදේශය මෙය බව ද…
ඔබ ඔබේම හදවතින් විමසා බැලුවෙහි ද? ඔබව මැව්වේ කවු ද? ඒ ඇයි? මරණයෙන් පසු කුමක් වේවි ද?
මෙම ග්‍රන්ථය පැවැත්මේ සහ මැවීමේ ප්රශ්නය පිළිබඳව සලකා බලයි. පරිපූර්ණ ප්‍රඥාව සහ පරිපූර්ණත්වය ඇති මැවුම්කරුගේ පැවැත්ම බුද්ධිමය සාධක තුළින් සහතික කරයි. ජීවිතයේ අරමුණ අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කිරීම බවත් ඉස්ලාම් යනු ආරක්ෂා කරන ලද සත්‍ය ආගම බවත් පැහැදිලි කරයි. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කිරීමට හා එතුමාණන්ගේ ඉගැන්වීම් පිළිපදින්නට ඇරයුම් කරයි. ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තැබීම පිළිබඳව අවවාද කරයි. මතුලොවෙහි විනිශ්චය සහ ප්‍රතිඵල පිළිබඳව තහවුරු කරයි.
අදාන්හි සඳහන් වදන්හි අර්ථ විග්‍රහය
මෙය අදාන්හි පදවල අරුත් විස්තර කරන පොතකි. එහි පදවල අරුත් විශ්වාසය ප්‍රගුණ කරනාකාරයෙන් විග්රහ කිරීම තුළින් එමඟින් ඒත්තු ගන්වන ධාර්මික ප්‍රතිපත්තියේ හා ආධ්‍යාත්මික වර්ධනයේ දෘෂ්ටිකෝණ හුවා දැක්වෙනු ඇත. අදාන් යනු සලාතය සඳහා පමණක් සිදු කරන ඇරයුමක් නොව, ඒකදේවවාදය සහ විජයග්‍රහණය උදෙසා දෛනික ව සිදු කරන ආරාධනාවකි. එපරිදි මෙහි දී අදාන්හි පද ගෙන හැර දක්වමින්, එහි අරුත් විග්රහ කරනු ලැබේ. එනම් ඒකීය දෙවිඳාණන්ගේ ශ්‍රේෂ්ඨ මහිමාන්විතභාවය ද ඒකදේවවාදය හා දිව්‍යමය හෙළිදරව්ව ද සනාථ කරනා මහා ප්‍රතිඥාවෙන් ආරම්භ වන මෙය, සලාතය කරා ද විජයග්‍රහණය කරා ද ඇරයුම් කරමින් ඒකීය දෙවිඳාණන්ගේ අතිශ්‍රේෂ්ඨත්වය සහ ඒකීයත්ව…
මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.
මෙම ග්‍රන්ථය මස්ජිදුන් නබවී දේවස්ථානයේ මහිමය සහ එය බැහැ දැකීමේ ආචාර ධර්ම මෙන්ම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය සහ එතුමාණන්ගේ සහගාමීන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්රය බැහැ දැකීමේ ආචාර ධර්ම ද පැහැදිලි කරන අතර, බැහැ දැකීමේදී ගෞරවය, පිරිසිදුකම සහ බිද්ආ හෙවත් නවක ක්‍රියාවන්ගෙන් ඈත්වීමේ වැදගත්කම දැඩිව අවධාරණය කර සිටියි.
අදාන්හි වදන්වල සංක්ෂිප්ත විග්‍රහය
'අදාන්හි පදවල අරුත් විස්තර කිරීම' යන කෘතියෙහි සංෂිප්ත අනුවාදයකි. මෙහි අදාන්හි පදවල අරුත්, විශ්වාසය ප්‍රගුණ කරනාකාරයෙන් විග්රහ කරන අතර, එමඟින් එහි ධාර්මික ප්‍රතිපත්තියේ හා ආධ්‍යාත්මික වර්ධනයේ දෘෂ්ටිකෝණ හුවා දක්වනු ලැබේ. එපරිදි, අදාන්හි පද ගෙන හැර දක්වමින් එහි අරුත් විග්රහ කෙරේ. එනම් ඒකීය දෙවිඳාණන්ගේ ශ්‍රේෂ්ඨ මහිමාන්විතභාවය, ඒකදේවවාදය හා දිව්‍යමය හෙළිදරව්ව ද සනාථ කිරීමෙන් ආරම්භ වී, සලාතය කරා ද විජයග්‍රහණය කරා ද ඇරයුම් කරමින්, සිත්වලට බලපෑමක් ඇති කරන ශෛලියකින් ඒකීය දෙවිඳාණන්ගේ අතිශ්‍රේෂ්ඨත්වය සහ ඒකීයත්ව ප්‍රකාශයෙන් අවසන් වේ.