رسالة في الدماء الطبيعية للنساء

رسالة في الدماء الطبيعية للنساء

කාන්තා පිරිසිදුකම

Language: lang_si
Prepared by: අෂ්ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්උසයිමින්
Version: 3.1
Translations 31
Afrikanns Bengali Danish Jola +27
Attachments 7
PDF
Audio
Video
+3

කාන්තා පිරිසිදුකම

කතෘ

අෂ්ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්උසයිමින්

අල්ලාහ් එතුමාටත්, එතුමාගේ දෙමව්පියන්ටත් මුස්ලිම්වරුන්ටත් සමාව ලබා දෙත්වා!

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

සියඵ ප්රශංසා අල්ලාහ්ට පමණක් හිමි වන්නේය. අපි ඔහු ප්රශංසා කරමු, ඔහුගේ සහාය ද පතමු, අපි ඔහුගෙන් සමාව අයද සිටිමු. අපි අපගේ පාපයන් සඳහා පාපෝච්චාරණයද කරමු. අපේ හදවතේ ඇති පාප සිතුවිලි වලින් සහ අපේ කටයුතු වලදී සිදුවෙන අයහපත් දෙයින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු විසින් යහ මගපෙන්වන්නා නොමග යන්නේ නැත. ඔහු විසින් නොමග යවන්නා යහමග යන්නේද නැත. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බව මම සාක්ෂි දරමි. මුහම්මද් නබි තුමාණන් අල්ලාහ් ගේ ගැත්තෙකු හා පණිවිඩකරුවෙකු ලෙස සාක්ෂි දරමි. අල්ලාහ් ඔහුගේ ශාන්තිය සහ සමාදානය අවසන් දිනය දක්වා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) වෙතද එතුමාගේ හිතමිතුරන් වෙතද යහපත් අන්දමින් ඔවුන්ව අනුගමනය කළ සියලු දෙනා වෙතද ලබා දෙත්වා!

කාන්තාවකට රුධිරය වහනය වීම සිදු වෙන ආකාරය: එනම් 1.නිශ්චිත කාලය තුල සිදුවෙන ඔසප් පිටවීම්. 2.ඉස්තිහාලා හෙවත් නියමිත කාලයට අමතරව ලේ පිටවීම.3. නිෆාස් හෙවත් දරු ප්රසුතියට පසු ලේ පිටවීම යනාදි වශයෙන් හඳුන්වා දීමට හැක. මේවා පැහැදිළි කර ගත යුතු වැදගත් කරුණු වන අතර, එහි නීති රීති දැන ගැනීම සහ ඒවා පිළිබඳ දැනුමැති විද්වතුන්ගේ කියමන් අතරින් හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යනුවෙන් වෙන්කර හඳුනා ගැනීමද වැදගත් වේ. තවද අල්-කුර්ආනයේ සහ සුන්නාහ්හි සඳහන් සාධක අනුව විශ්වාසය තැබිය හැකි හෝ දුර්වල දේ විධිමත් ලෙස සහතික කර ගැනීම අවශ්ය වේ.

කුමක් නිසාද යත්, සර්වබලධාරී අල්ලාහ්ගේ විධිවිධාන ගොඩනඟා ඇති ප්රධාන මූලාශ්ර දෙක අල්-කුර්ආන් සහ සුන්නාහ් වන අතර, අල්ලාහ් තම ගැත්තන්ට මෙම ප්රධාන මාර්ගෝපදේශ දෙක යටතේ ඔහුව වන්දනාමාන කිරීම සඳහ ඒවා ඔවුන් වෙත පවරා ඇත.

ආ. අල්-කුර්ආන් සහ සුන්නාහ් තුලින් ඕනෑම අවශ්යතාවයක් සදහා විස්තර ලබා ගැනීමේදී හිතට සැනැසීමක්, සහනයක් සහ වරදින් නිදහස් වි හරිදේ කළ බවට සැනසුමක්ද ඇති වේ.

ඇ. අල්කුර්ආන් සහ සුන්නාහ් පමණක් යම්කිසි කරුණක් සඳහා සාදක ලෙස ගත හැකි අතර වෙනත් මාර්ගයන් පරිපූර්ණත්වයෙන් සහ ගුණාත්මක භාවයෙන් තොරය.

අල්කුර්ආන් සහ අස්සුන්නාහ් මගපෙන්වීම් දෙක හැරුණු විට මෙම විෂයට සම්බන්ධව නබි තුමාණන්ගේ විද්වත් සහාබාවරුන්ගේ අදහස්ද සොයාබැලිය හැක. එනමුදු ඒවා මෙම මූලාශ්ර දෙකට එකඟනම් පමණක් පිළිගත යුතු වේ. සහාබා කෙනෙකුගේ කියමනට තවත් සහාබි කෙනෙකුගේ පරස්පර විරෝධී කියමනක් තිබේ නම් සහ එය අල්කුර්ආනයේ සහ අස්සුන්නාහ්වේ කරුණුවලට පටහැනි නම් එවිට අල්කුර්ආනය සහ අස්සුන්නාහ් පමණක් අනුගමනය කිිරීම අනිවාර්ය වේ. සහාබා කෙනෙකුගේ කියමනක් වෙනත් සහාබා කෙනෙකුගේ කියමනට පටහැනි නම් ප්‍රකාශ දෙක හොඳින් අධ්‍යයනය කර වඩාත් නිවරදි කියමන තෝරා ගැනීම අවශ්‍ය වේ. මන්දයත් උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි: එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය. (අන්නිසා :59)

එබැවින් කාන්තා පිරිසිඳු කම සහ එහි නීති පිළිබඳ මෙම කෘතිය කෙටි පණිවිඩයක් වන අතර මේ සම්බන්ධයෙන් පහත සඳහන් ආකාරයට පරිච්ඡේද ඇතුළත් කර ඇත.

1. ඔසප් වීම, එහි අර්ථය සහ උගත යුතු පාඩම්.

2. ඔසප් වීම ඇතිවෙන සහ නවතින කාලය.

03 - ඔසප් වීමෙහි ඇතිවන වෙනස්වීම්

හතරවන පරිච්ඡේදය: ඔසප් වීම සම්බන්ධව පවතින නීති රීති

5. ඉස්තිහාදා පිළිබද විස්තර.

6. ප්‍රසව රුධිර වහනය හෙවත් නිෆාස් සඳහා වූ නීතිය.

7. ඔසප් වීම වළක්වාගැනීම සහ උපත් පාලනය හා ගබ්සාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධ නීති රීති.

1. ඔසප් වීම යන්නෙහි අර්ථය සහ ඒ තුලින් උගත හැකි පාඩම්

ඔසප් වීම යන්නෙහි අරාබි යෙදුම : ගලායෑම වැගිරීම සහ වහනය වීම යනුවෙන් විස්තර කිරීමට හැක.

ඉස්ලාමිය රාමුව තුල : බාහිර හේතුවක් නොමතිව ස්වභාවික ලෙස නියමිත කාලයක් තුල කාන්තාවන්ගේ ගර්භාෂය තුලින් පිටවන රුධිරය මෙසේ ඔසප් වීම යනුවෙන් හදුන්වමු. වෙනත් රෝගයක්, ගබ්සාවක්, හෝ දරු ප්රසූතියක් තුලින් පිට වෙන රුධිරය ඔසප් පිටවීම සමග සන්සන්දනය කරීම නොකල යුතුයි. මෙම ඔසප් වීමේ ස්වභාවය ස්ත්රීන්ගෙන් ස්ත්රීයකට වෙනස් වන අවස්ථා ඇති අතර පරිසර සහ කාල ගුණික තත්වය අනුව වෙනස් වීමටද හැක.

ඒවා ඔවුන්ගේ ශාරීරික ස්වභාවය පරිසරය සහ විවිධ හේතූන් නිසා ඇති වන බලපෑම් නිසා වෙනස් වේ. මවකගේ ගර්භාෂය තුළ ඇති එම කළලයට අල්ලාහ් දෙවිඳුන් හැර කෙතරම් කරුණාවන්යෙක් වූවද එක් වේලක පොෂ්යදායක ආහාරයක් සැපයිය නොහැකිය යන්න අප වටහා ගත යුතුයි.උන්වහන්සේ විසින් මෙවන් තත්වයක ලේ ගමන් කිරීමේ නිසි පිළිවෙළක් ගර්භාෂය තුළ ඇති කර ඇත්තේය.මෙම නිසි පිළිවෙළ තුළින් ආහාරය පෙකිනි වැල ඔස්සේ ගර්භාෂයේ ඇති කළලයට ලැබෙන්න සලස්වා ඇත.

කාන්තාවක් ගැබ්ගත් විට මාස් ශුද්ධිය නතර වීමට හේතුව මෙය වේ.මෙම කාල පරිච්ඡේදයේ කාන්තාවකට මාස් ශුද්ධිය ඇති වන්නේ කලාතුරකිනි.එසේම කාන්තාවක් කිරි පොවන කාල පරිච්ඡේදයේ තුලද මාස් ශුද්ධිය ඇති වන්නේ ඉතා අවම වශයෙන්ය.

2. ඔසප් වීම ඇතිවෙන සහ නවතින කාලය.

මේ සම්බන්ධයෙන් කරුණු දෙකක් සඳහන් කිරීමට හැක.

1. ඔසප් වීම ඇතිවෙන වයස් සීමාව.

2. ඔසප් වීම පවතින කාල සීමාව

ඔසප් වීම් සාමාන්ය යෙන් අවුරුදු12 ත් 50ත් අතර සිදුවේ. එනමුදු ඔවුන්ගේ ශාරීරික ස්වභාවය, පරිසරය, කාලගුණය සහ විවිධ හේතූන් නිසා ඇති වන බලපෑම් නිසා නියමිත කාලයට පෙර හෝ පසු සිදුවීමට හැක.

ඉස්ලාමීය විද්වතුන් අතර ඔසප් වීම් ඇතිවෙන කාල සීමාවන් සම්බන්ධයෙන් සහ සාමාන්ය යෙන් පිටවෙන නියමිත කාලයට පෙර හා පසු පිටවෙන රුධිරය ඔසප් වීමට අදාල වේද නොවේද යන කරුණු සම්බන්ධයෙන් වෙනස් වූ අදහස් ඇත.

ඉමාම් දාරමීගේ අදහස : වයස ගැන නොතකා ඔසප්වීම් වලට අදාල නීති රීති ගැන සැළකිලිමත් විය යුතුයි.අදාල කාල සීමාවක් තුල රුධිරය පිට වීම හේතුවෙන් ඒවා ඔසප් වීම නිසා පිට වූ රුධිරය ලෙස අප විසින් පිලිගත යුතු වේ. අල්ලාහ් සියල්ල දනී. [1] ඔසප් වීම සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයට පත් වූවන් පිළිබඳ නීති රීති, අද්දාරිමි (පි:17).

ඉමාම් දාරමීගේ අදහස නිවරදිය. මන්ද, ෂෙයිහුල්ඉස්ලාම් ඉබ්නු තෛමියාද මෙම අදහස සමග එකග වන බැවිනි. ස්ත්රීයකට ඇයගේ වයස 9 ට වඩා අඩු වුවද 50 ට වඩා වැඩි වුවද රුධිරය පිටවීමේදී ඒවා ඔසප් වීම නිසා පිට වූ රුධිරය ලෙස පිලිගත යුතු වේ. කුමක් නිසාද යත් ඔසප් වීම ඇතිවෙන සහ නවතින කාලය ගැන කිසිවක් අල්ලාහ් හෝ නබි තුමාණන් පවසා නැත.මෙයට අදාල වයස් සීමාවක් ගැන දැනගැනීමට නම් අල් කුර්ආනයේ හා අල් හදීස් වලින් සාධක ලබා ගැනීම අනිවාර්ය වේ.නමුත් ඒවායේ කිසිඳු සාධකයක් දක්නට නැත.

දෙවන කරුණ :- ඔසප් වීම පවතින කාල සීමාව.

ඔසප් වීම ඇතිවීමෙන් පසු එය කොපණම කාලයක් පවතින්නේ ද යන කරුණු සම්බන්ධයෙන් ඉස්ලාමිය විද්වතුන් අතර විවිධ මත දක්නට ඇත. ඔවුහු මෙයට අදාල දින ගනණ මෙපමණයි යනුවෙන් සීමාවක් දක්වා නැත.

මෙම පොතහි කතෘ මේ ගැන ඉමාම් දාරමීගේ අදහස සහ ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියාගේ අදහස සමග එකග වෙයි. මන්ද මේ අදහස් අල් කුර්ආන් සහ සුන්නාහ් වලට අදාල බැවිනි.

පළමු සාධකය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය: තවද ‘ඔසප්භාවය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ‘එය (වේදනාකාරී) කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නො වනු... (අල් බකරා: 222) ඉහත අල්කුර්ආන් වදනට අනුව, කාන්තාවන් ඔසප් පවතින කාලය තුල අපිරිසිදු තත්වයේ පසුවන බැවින් සිය ස්වාමිපුරුෂයන් සෘජු ලිංගික සංසර්ගයෙන් වැලකී සිටිය යුතු බවට අල්ලාහ් නියෝග කර ඇත. මේ සදහා දවසක් දෙකක් හෝ සතියක් යනුවෙන් අල්ලාහ් විසින් කාල සීමා පනවා නැත. කාන්තාවන්ගේ ඔසප් පවතින කාලය තුල අදාල නීතිය ක්රියාත්මක වන අතර ඇය පිරිසිඳු තත්වයට පත් වූ විට අදාල නීති ඉවත් කරනු ලැබේ.

දෙවන සාක්ෂිය : සහීහ් මුස්ලිම්හි සඳහන් වන පරිදි, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රාව සඳහා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී ඔසප් වූ විට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: «හජ් වන්දනාකරුවන් කරන අයුරින්ම ඔබ ද කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් කඃබාව තවාෆ් නොකරන්න». ඇය පැවසුවාය: නහ්ර් දිනයේ දී මා පිරිසිදු වූ පසු, ඉෆාළා තවාෆය ඉටු කළෙමි. නබි වදන[4]. [4] මෙය බුහාරි තුමා 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'ඔසප් තත්ත්වයේ සිටින කාන්තාව දේව ගෘහය වටා තවාෆ් කිරීම හැර අනෙකුත් සියලුම වන්දනා කටයුතු ඉටු කිරීම' යන මාතෘකාවේ හදීස් අංක (305) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා 'කිතාබුල් හජ්' නම් පාඩමේ, 'බයානු වුජූහිල් ඉහ්රාම්' (ඉහ්රාම් පැළඳීමේ ක්‍රමය) යන මාතෘකාවේ හදීස් අංක (1211) යටතේ වාර්තා කර ඇත.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඇයට පැවසූ බව සහීහ් ග්‍රන්ථ දෙකෙහි මෙසේ සඳහන් වේ: රැඳී සිටින්න. ඔබ පිරිසිදු වූ විට තන්ඊම් වෙත පිටත්ව යන්න."[5]. නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් විසින් තහනමේ අවසානය ලෙස පිරිසිදු වීම සලකා ඇති අතර, ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් නියම කර නැත. එබැවින් ඔසප් විම පිලිබඳ නීති රීති ඒවා ඇති වීම සහ නැවතීම යන කාලය අතරට සීමා වී ඇති බව පැහැදිලි වේ. [5] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුල් උම්රා' හි, 'උම්රාවේ කුලිය එහි වෙහෙස අනුවය' නම් පාඩම යටතේ, අංකය (1662) ලෙසත්, මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් හජ්' හි, 'ඉහ්රාම් ක්‍රමවේදයන් පැහැදිලි කිරීම' නම් පාඩම යටතේ, අංකය (1211) ලෙසත් වාර්තා කර ඇත.

තෙවන සාක්ෂිය-ඔසප් වීම ඇතිවෙන සහ පවතින කාලය පිළිබද තක්සේරු කිරීම. සමහර විද්වතුන් ඔසප් වීම සිදුවන පවතින නවතින කාලය පිලිබද උපකල්පනය මගින් තක්සේරුවක් කර ඇත. අවශ්යතාවයට අනුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්ය නමුත් ඒ ගැන කිසිවක් අල්කුර්ආනයේ සහ සුන්නාවෙහි සඳහන් වී නැත. එය තේරුම් ගෙන වන්දනාමාන කළ යුතු දෙයක් නම්, අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් එය සෑම කෙනෙකුටම පැහැදිලි කර දෙනු ඇත. කුමක් නිසාද යත් නැමදුම (සලාතය), උපවාස ශිලය, විවාහය, දික්කසාදය, පසු උරුමය සහ වෙනත් නීති වලට අදාලව එහි වැදගත්කමක් ඇති බැවිනි. උදාහරණයක් ලෙස අල්ලාහ් සහ ඔහුගේ රසූල්වවරයා වසින් සලාතය - එහි රකඅත් ගණන, නියමිත වේලාව රුකූඋ සුජූද් යනාදිය පිලිබදව විස්තර කර ඇති බැවිනි. තවද සකාත් - මෙය ලැබීමට සුදුසු පංතිය, මේ සදහා වූ සම්පත් සහ නිසාබ් හෙවත් ප්රමානය. උපවාසය - කාලය වේලාව යනාදිය • හජ් - අනිවාර්ය යුතුකම් සහ ක්රම වේද පිළිබදව විස්තර කර ඇති බැවිනි. ආහාර පාන ගැනීම, නින්ද, අඹු සැමි ලිංගික ඇසුර, වාඩි වීම, නිවසකට ඇතුල් වීම සහ එයින් පිටවීම, ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමේ පිළිවෙත්, ඉස්තිජ්මාර් හි පිසදැමීම් ගණන වැනි සියුම් මෙන්ම වැදගත් කරුණු දක්වා වූ මේ සියල්ල, අල්ලාහ් තම දහම පරිපූර්ණ කර, විශ්වාසවන්තයින් වෙත තම අනුග්‍රහය සම්පූර්ණ කළ කරුණු වලින් වේ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසා ඇති පරිදි: සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු... (අන් නහ්ල්: 89) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. එය ගොතනු ලැබූ කතාවක් නො වීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද වේ. (යූසුෆ්: 111)

මෙය සම්බන්ධයෙන් විස්තරයක් සහ තක්සේරුවක් අල්කුර්ආනයේ සහ සුන්නාහි සදහන් වී නැති විටක (විද්වතුන්ගේ) අතිරේඛ වශයෙන් විස්තර කිරීමක් අවශ්ය වන්නේ නැත. අවශ්ය වන්නේ ඔසප් සම්බන්ධයෙන් රුධිරය පිටවී ඇත්ද නැත්ද යන්න සාධක කරගෙන අදාල නීතිමය තීන්දු ක්රියාත්මක කිරීමයි. තවද මෙම සාධකය - මම අදහස් කරන ආකාරයට: (යම් කිසි ගැටඵවක් සම්බන්ධයෙන්) අල්කුර්ආනයේ සහ සුන්නාවේ තීන්දුවක් සඳහන් නොවීම, එය නොසලකා හරින බවට බවට සාක්ෂියකි - මෙය සම්බන්ධයෙන් සහ අනෙකුත් දැනුම පිළිබඳ ගැටළු වලදී ඔබට ප්රයෝජනවත් වනු ඇත; මක්නිසාද යත් ඉස්ලාමීය නීතියක පදනම වන්නේ අල්කුර්ආනයේ හෝ ඔහුගේ දූතයාණන්ගේ සුන්නාහි සාක්ෂි සහිත කරුණු, ආගමික විද්වතුන්ගේ ඒකමතික මත සහ කියාස් හෙවත් අල් කුර්ආන් හා අල් හදීස් මත පදනම්ව නුතන කරුණු සමග සසදමින් ගනු ලබන තීන්දු යනාදිය වේ. ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියා මෙසේ පවසා ඇත. ඔසප් වීම් සම්බන්ධව අල්කුර්ආන් සහ අල් හදීස් තුලින් බොහෝ විස්තර ලබා ගත හැක. නමුත් මෙය සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් කාල සීමාවක් ගෙන හැර දක්වා නැත. එබැවින් මේ සඳහා කාල සීමාවක් ඇති කරන්නේ නම් එය අල් කුර්ආනයට සහ අස්සුන්නාවට පටහැනි වේ. (6) "රිසාලතුල් අස්මා" (පිටුව: 35)

සිව්වන සාක්ෂිය:කියාස් හෙවත් අල් කුර්ආන් හා අල් හදීස් මත පදනම්ව නුතන කරුණු සමග සසදමින් ගනු ලැබූ තීන්දුව. එනම්, අල්ලාහ් ඔසප් වීම වේදනා සහගත තත්වයක් බව සඳහන් කර ඇත. එබැවින් (කාන්තාවකට) ඔසප් වීමක් ඇති වූ විටක වේදනා සහගත තත්වයක් ඇති වේ. ඔසප් සිදු වූ කල පළමු දින සහ දෙවන දිනය අතර හෝ තුන්වන සහ හතරවන දිනය අතර වෙනසක් නැත. තවද, දහසය සහ පහළොව අතර හෝ දහඅට සහ දහහත අතර යනාදි වශයෙන් කිසිදු වෙනසක් දක්වා නැත. ඔසප් වීම ඇති කල්හි පවතින් අපහසුතාවය සෑම දිනයකම ඒකාකාර ව ඇත්තා වූ තත්ත්වයකි. දින අතර කිසිඳු වෙනසක් නැත. හේතු වශයෙන් සමාන වන දින දෙක අතර වෙනසක් හඳුනා ගැනීම නිවැරදි වන්නේ කෙසේද? මෙය කියාස් හෙවත් අල් කුර්ආන් හා අල් හදීස් මත පදනම්ව නුතන කරුණු සමග සසදමින් ගනු ලබන තීන්දුවලට පටහනි නොවේද?

පස්වන සාක්ෂිය: ඔසප් වීම සම්බන්ධව යම් කාල සීමාවක් නියමකොට දෙන අයගේ අදහස් යනු ඒවා ඉජ්තිහාද් හෙවත් ඉස්ලාමීය විද්වතුන් විසින් ඉස්ලාමීය මූලාශ්රයන්ට සරිලන සේ ගන්නා තීරණයන් තුළින් ලබා ගත් ඒවාය.එබැවින් මේවා වැරදි හෝ නිවැරදි විය හැක. එබැවින් නිවරදි තීරණයක් ලබා ගැනීම සඳහා අල් කුර්ආනය හා අල් හදීස් වෙත යොමු විය යුතුය.

මේවායින් මනාව පැහැදිලි වන කරුණු: අඩු හෝ වැඩි වශයෙන් ඔසප් වීම සඳහා සීමාවක් නොමැත. ඔසප් වීම් සම්බන්ධයෙන් නිවැරදි මතයනම්, කාන්තාවක විසින් තුවාල වැනි යම් කිසි භාහිර බලපෑමකින් තොරව ස්වභාවයෙන් පිටවන රුධිරයක් දුටු විට එය ඔසප් චක්රයක් ලෙස සැලකිය යුතු බවයි. එය කාලය හෝ වයස අනුව තීරණය නොවන ඔසප් රුධිරයයි. එහෙත් රුධිර පිටවීම අඛණ්ඩව පවතිනවා නම් හෝ නොනැවතේ නම්, නැතහොත් මසකට දවසක් දෙකක් රුධිර පිටවීමෙන් පසුව එය නවතී නම් එය ඉස්තිහාදා බවට තීරණය කළ යුතුයි. ඉන්ශා අල්ලාහ් ඉස්තිහාදා සම්බන්ඳ කරුණු පසුව විස්තර කරණු ලැබේ.

ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහ්) තුමා මෙසේ පවසයි: ඉස්තිහාදා බවට සාක්ෂි ලැබෙන තුරු ගර්භාෂයෙන් පිටවන සෑම දෙයක්ම සම්බන්ධයෙන් මූලික ධර්මතාවය වන්නේ එය හයිද් හෙවත් ඔසප් වීමක් ලෙස පිළිගැනීමයි. (7) පෙර මූලාශ්‍රය, පිටුව 36 .

තවද ඒතුමාණන් මෙසේද පැවැසූහ. එනම් එය තුවාලයක් නිසා හෝ වෙනත් රුධිර වහනයක් නිසා සිදු නොවන්නේ නම් එය ඔසප් වීමක් ලෙස සලකා ඒ අනුව කටයුතු කල යුතුයි. (8) පෙර මූලාශ්‍රය, පිටුව 38.

තවද මෙම කියමන, සාක්ෂි වශයෙන් වඩාත්ම නිවැරදි වන අතර, අවබෝධයට සමීපය, ක්‍රියාවෙන් සහ යෙදුමෙන් ද ඉතා පහසුය. ඉස්ලාම් දහමේ හරයට සහ එහි මූලධර්මය වන සරල බව හා පහසුවට එකඟ වන බැවින්, එය පිළිගැනීමට වඩාත් සුදුසුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය. (අල් හජ්: 78) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු.” මෙය ඉමාම් බුහාරි[9] විසින් වාර්තා කර ඇත. [9] අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටි මෙය, බුහාරි තුමා විසින් "ඊමාන්" නම් පාඩමේ, "අද්දීනු යුස්ර්" (දහම පහසුය) යන පරිච්ඡේදය යටතේ හදීස් අංක (39) යටතේ වාර්තා කර ඇත.

එතුමාණන්ගේ ගති ගුණ අතරින් පහත සඳහන් ගුණාංගය ද එකකි. «එතුමාණන්ට කරුණු දෙකක් අතුරින් එකක් තෝරා ගැනීමට සිදු වූ විට, එය පාපයක් නොවේ නම්, ඒ දෙකෙන් වඩාත් පහසු දෙය තෝරා ගත්හ»[10]. (10) ඉමාම් බුහාරි තුමා "කිතාබුල් මනාකිබ්" යන පාඩමේ "සිෆතුන් නබී" (නබි තුමාණන්ගේ ගුණාංග) යන මාතෘකාවේ හදීස් අංක (3560) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් ෆළාඉල්" යන පාඩමේ "මුබාඅදතිහි ලිල් ආසාම්" (නබි තුමාණන් පාපයන්ගෙන් ඈත්ව සිටීම) යන මාතෘකාවේ හදීස් අංක (77/2327) යටතේ වාර්තා කර ඇත. (2) මජ්මූඃ අල්-ෆතාවා (238/19-239)

ගර්භණී ස්ත්රීයකගේ ඔසප් වීම පිළිබද විස්තර [3] "අල් අව්සත්", 2/356.

ස්ත්‍රීයක් ගර්භණී තත්ත්වයට පත්වීමත් සමගම ඇයගේ ඔසප් වීම නතර වන බව අපි දනිමු. ඉමාම් අහ්මද් (රහ්) තුමා මෙසේ පවසා ඇත: (විවාහක ස්ත්‍රීයකගේ ඔසප් වීම නතර වී තිබෙන්නේ නම් ඇය ගර්භණී තත්තවයට පත් වී ඇති බවට සාක්ෂියකි.) (11) අල් මුග්නී: 1/405 බලන්න.

ගර්භණී කාන්තාවක් රුධිරය දුටුවහොත්, එය දරු ප්‍රසූතියට දින දෙක තුනකට පෙර ප්‍රසූතියේ වේදනාව සමග සිදු වන්නේ නම්, එය නිෆාස් ගනයට අයත් රුධිරය වේ. ගර්භණී කාන්තාවකට ප්රසූතියට දින කිහිපයකට පෙර හෝ ස්වල්ප වේලාවකට පෙර කිසිදු වේදනාවකින් තොරව රුධිරය පිටවෙන්නේ නම් එය සැලැකිය යුත්තේ නිෆාස් වලට අදාල රුධිරයක් ලෙස නොවේ. එනමුත් එය ඔසප් වීමක් ලෙසද නැත්නම් රෝගයක් නිසා පිටවන රුධිරයක් ද යනාදි වශයෙන් මත භේදයක් පැණ නැගී ඇත.

එනමුත් එය ඔසප් වීමක්ද නැත්නම් රෝගයක් හේතුවෙන් පිවෙන රුධිරද යන ගැටඵව සම්බන්දයෙන් විද්වතුන් අතර මත භේද ඇත. මේ සම්බන්ධයෙන් ප්රකාශයට පත් වී ඇති නිවැරදි මතය නම් ඔසප් වීමක් යැයි නිගමනය කිරීමට කිසියම් හෝ බාදාවක් නොතිබුණේ නම් මෙය ඔසප් වීම නිසා ඇති රුධිරය යන්නයි. ගර්භණී කාන්තාවකට ඔසප් වීමක් සිදු නොවන බවට කිසිදු සාධකයක් අල් කුර්ආනයේ හෝ සුන්නාහ් වේ සදහන් නොවීම මෙම තීරණයට ඇති පදනමයි.

මාලික්, ෂාෆී,අහ්මද් යන මද්හබයේ මතයද මෙයයි. එමෙන්ම ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහ්) තුමා එතුමාගේ අල්ඉහ්තියාරාත් නමැති ග්ර්රන්ථයෙහි (පිටු අංක 30) හි මෙම මතයට එකග වී ඇත. [12] අල්-මුදව්වනා (1/155), අන්-නවාදිර් වස්-සියාදාත් (1/136). (13) අල්-මර්වසිගේ ඉඛ්තිලාෆුල් ෆුකහා, පිටුව 193, අල්-අව්සත් 2/239.

සාමාන්ය ස්ත්රියට ඔසප් සම්බන්ධයෙන් පවතින නීති රීති ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවකටද අදාල වේ. නමුත් අවස්ථා දෙකක් හැරයි. ඒවා නම්:

අ.) ගර්භණී නොවූ ස්ත්රියක් ඇය ඔසප් තත්තවයේ සිටියදී දික්කසාද කිරීම තහනම් කර ඇති අතර, ගර්භනී ස්ත්රියක් සම්බන්ධයෙන් ඇය දික්කසාද කිරීම බාධාවක් වන්නේ නැත. එයට හේතුව නම් ගර්භණී නොවූ ස්ත්රියක් ඇය ඔසප් තත්තවයේ සිටියදී දික්කසාද කිරීම මෙම පහත සඳහන් අල් කුර්ආන් වැකියට පටහැනිය. ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. (අත් තලාක්: 1) එනමුත් ගර්භනී ස්ත්රියක් ඇයව දික්කසාද කිරීම මෙම අල්කුර්ආන් වැකියට විරුද්ධ වන්නේ නැත.එයට හේතුව නම් ගර්භනී තත්වයේ සිටින කාන්තාවකගේ ඉද්දා කාලය ඇය ගර්භණී ත්ත්වයේ සිටින සම්පූර්ණ කාල පරිච්ඡේදයයි.දරු ප්රසූතිය සිදුවීමත් සමගම අවසන් වේ. ගර්භනී ස්ත්රියක් සම්බන්ධයෙන් ඇය දික්කසාද කිරීම අන් අය මෙන් නොව, සංසර්ගයෙන් පසු වුවද ඇයව දික්කසාද කිරීම ඔහුට තහනම් නොවේ.

ආ.) අල්ලාහ්ගේ අණ පරිදි ගර්භනී ස්ත්රියකගේ ඉද්දාව ඇයගේ දරු ප්රසූතයත් සමග නිම වේ. එම කාල සීමාව තුල ඇයට ඔසප් වීම තිබුණත් නොතිබුණත් මෙම නීතිය ක්රියාත්මක වේ. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය: ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. (අත් තලාක්: 4)

03 - ඔසප් වීමෙහි ඇතිවන වෙනස්වීම්

ඔසප් වීමෙහි විටින් විට යම් වෙනස්වීම් ඇති වේ.

පළමුව : වැඩිවීම හෝ අඩුවීම. සාමාන්යයෙන් දින හයකට පමණක් සීමාවෙන ඔසප් වීමේ කාලය දින හතකට දික්වීම නැතහොත් දින හත වන තෙක් තිබිය යුතු ඔසප්වීම දින හයකින් නැවතීම යනාදිය උදාහරණයක් වශයෙන් ගත හැක.

දෙවනුව : නියමිත කාලයට පෙර හෝ පසුව ඇතිවීම. උදාහරණයක් වශයෙන් සෑම මාසයකම අවසානයේ දී ඇතිවෙනඔසප් වීම මාසයේ ආරම්භයේ දී සිදුවීම හෝ සෑම මාසයකම ආරම්භයේදී ඇතිවෙනඔසප් වීම මාසයේ අවසානයේ දී සිදුවීම.

මෙම තත්තවයන් දෙක සම්බන්ධ ව ඉස්ලාමයේ තීරණය කුමක්ද යන්නෙ හි විද්වතුන් අතර මතභේද ඇත. මේ සම්බන්ධව පවතින නිවැරදි මතය කුමක්ද යත්, ඔසප් වීම සාමාන්ය දිනවලට වඩා වැඩි වුුුවද හෝ අඩු වුුුවද නැත්නම් සාමාන්ය දිනවලට වඩා කලින් හෝ ප්රමාද වී ඇති වුවද (ගැටඵවක් නැත) ඇය කුමන අවස්ථාවක රුධිර පිටවීම දකින්නේ ද එම අවස්ථාවේ සිට ඇයට ඔසප් වීම පටන් ගත් බවටත්, කුමන අවස්ථාවක (රුධිර පිටවීම නවතින්නේ ද එම අවස්ථාවේදී) ඇය පවිත්රත්වයට පත්ව පිරිසුදු වූ බවටත් සැළැකිල්ලට ගෙන කටයුතු කළ යුතුය. මේ සම්බන්ධව සාධක මීට පෙර පරිච්ඡේදයේ සඳහන් කර ඇති අතර ඔසප් වීමේ විධිවිධාන පිළිබඳව නීති සම්පාදකයා විසින් අදහස් දක්වා ඇත.

ඉමාම් ෂාෆිඊ (රහ්) හා ඉමාම් ඉබ්නු තයිමියියාහ් (රහ්) තුමාණන්ලා මතයද මෙය වේ.මුග්නි යන කෘතියෙහි කතෘද එම මතය ස්ථීර කරන අතර මෙසේද පවසයි, ඉහත නීතිය සැළැකිය යුතු තත්වයක තිබුනේ නම් එය නබි (සල්) තුමාණන් විසින් එතුමාණන්ගේ සමාජයට පැහැදිලි කරන්නට තිබුණි. මේ සම්බන්ධ වේලාව ගැන පැහැදිලිතාවයක් ලබාගැනීමේදී ප්රමාද නොවිය යුතුයි. සෑම කාලයකදීම කාන්තාවන්ට මේ ගැන දැනගැනීමට අවශ්යතාවයක් ඇති විය. මෙහි තොරුතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් උදාසීනව සිටියේ නැත. තවද ඔසප් වීම ගැන සඳහන් වන නබි තුමාගේ පැහැදිලි කිරීම් ඉස්තිහාදා සම්බන්ධයෙන් මිස අන් කිසිවක් නොවේ. (14) අල්-උම්ම් (82/1) (15) මජ්මූඃ අල්-ෆතාවා (238/19-239) (16) අල් මුග්නි: 396/1

තෙවනුව: කහ හෝ දුඹුරු පැහැය, එනම් රුධිරය කහ වර්ණයක් සහිත තුවාල වලින් පිටවන ජලය මෙන් හෝ කහ සහ කළු අතර රළු සහිත යමක් පිට වෙයි නම් හෝ නැතහොත් ඔසප් වීම නැවතී පිරිසිදු වීමට පෙර මෙසේ යමක් පිටවෙයි නම් එය ඔසප්වීමක් හැටියට අදහස් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පවතින නීතිය ඔසප් වීම සම්බන්ධයෙන් පවතින නීතිය වශයෙන් සළකා කටයුතු කළ යුතුයි. ඉහත සදහන් තත්ත්වය ඔසප් වීමෙන් පිරිසිදු වූ පසුව පිට වෙයි නම් එය ඔසප් තත්ත්වයෙහිලා සළකනු නොලැබේ; උම්මු අතියියා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශය නිසාය: පිරිසිදු වූවායින් පසු ඇති වන කහ වර්ණය හෝ බොර වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු. (සහීහ් ගණයට අයත් වාර්තා දාමයක් සහිතව අබූ දාවුද් විසින් දැනුම් දී ඇත)[17], උම්මු අතියියාගේ ඉහත ප්රකාශයේ සඳහන් "පිරිසිදු වූවායින් පසුව "යන වදන නොමැතිව ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කළ වාර්තාවක "ඔසප් වීම සිදු නොවන අනෙකුත් දිනවල කහ පැහැති හෝ දුඹුරු පැහැති දියරමය යමක් පිටවීම "යනුවෙන් සඳහන් වී ඇත. [17] අබූ දාවුද්, 'කිතාබ් අත්-තාහාරා', 'ෆිල් මර්අති තරා අල්කුද්රත වස්සුෆ්රත බ'අද අත්-තුහ්ර්' පරිච්ඡේදය, හදීස් අංක (307). [18] මෙය බුහාරි තුමා, 'කිතාබුල් හයිද්', ඔසප් දිනවලින් බැහැරව කහ පැහැති සහ දුඹුරු පැහැති ශ්‍රාවයන් පිටවීම යන මාතෘකාවේ, හදීස් අංක (326) යටතේ මෙය වාර්තා කර ඇත.

ෆත්හුල් බාරි ග්රන්තයේ (මේ කරුණු පිළිබඳ) කතෘ පැහැදිලි කිරීමේදී මෙසේ පවසයි :- ආයිෂා විසින් පෙර ප්රකාශයට පත් කළ “ඔබ කස්සතුල් බයිදා හෙවත් ගර්භාෂයෙන් පිටවන සුදු පාට දියරමය යමක් දකින තෙක්” යන නබි වදන සහ උම්මු අතියියා විසින් පෙර සඳහන් කළ නබි වදන් එකිනෙක සම්බන්ධ කර (අර්ථකතනය) කළ යුතුය. එනම් ඔසප් කාලයේ කහ හෝ දුඹුරු පැහැය දුටු විට අයිෂාගේ නබි වදන අනුවත් එය නොවන කාලයේ උම්මු අතියියාගේ ප්රකාශය සඳහන් නබි වදන අනුවත් (තීරණය) කළ යුතුය. (19) ෆත්හුල් බාරි (1/426).

කලින් සඳහන් කළ ආයිෂාගේ ප්‍රකාශය සඳහන් නබි වදන බුහාරි තම ග්‍රන්ථයේ මෙම පරිච්ඡේදයට පෙර සඳහන් කළ කරුණකි. කාන්තාවන් ඇය වෙත ‘දුරජහ්’ (ඔසප් වීමේ ලක්ෂණයක් තිබේදැයි දැන ගැනීමට කාන්තාවන් අඳින ලද දෙයකි) යවමින් සිටියහ. එහි කපු (පුළුන්) තිබූ අතර, එහි කහ පැහැයක් ද විය. එවිට ඇය මෙසේ පවසන්නීය: “නුඹලා සුදු පැහැති ශ්‍රාවය දකින තෙක් ඉක්මන් නොවන්න”[21]. [20]සහීහ් අල් බුහාරි: (1/ 71) [21] මෙය බුහාරි තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, ඔසප් වීම ආරම්භ වීම හා අවසන් වීම යන මාතෘකාවේ, හදීස් අංක (320) ට පෙර වාර්තා කර ඇත.

“කස්සතුල් බයිලා”යනු ඔසප්වීම නිමාවන මොහොතේ ගර්භාෂයෙන් පිටවන සුදු වර්ණ දියරමයකි.

සිවිවැන්න : ඔසප් වීමෙහි යම් පිළිවෙළක් නොවීම. එනම් පිළිවෙලකින් තොරව දිනයක් හැර දිනයක් ඔසප් වීම. එනම් එක් දිනයක රුධිරය දක්නට ලැබීම තවත් දිනයකදී පිරිසිඳුව පැවැතීම, මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුවේ.

පළමුව- මෙවැනි පිළිවෙළක් නොවීම සෑම වේලාවන් හිම ඇතිවේ නම් එකල්හි පිටවෙන රුධිර ඉස්තිහාදා වශයෙන් සළකනු ලැබේ. ඉස්තිහාදාට අදාල නීති රීති සියල්ල මෙයටද අදාල වේ.

දෙවනුව - මෙසේ පිළිවෙළක් නොවීම වනාහි සමහර වේලාවන් හි පමණක් ඇති වීමයි. එනමුත් පිරිසිදුව සිටින කාලය කොපමණදැයි කියා පැහැදිලිව දැන ගත හැකිය. මෙම පිරිසිඳු කාලය සම්බන්ධ ව විද්වතුන් අතර මත භේද පවතී. එනම් එය පිරිසිඳු කාලයක්ද, ඇත්තෙන්ම ඔසප් වීමට අදාළ නීති රීතීන් නොයෙදන පිරිසිදු ව ඇති කාලයක් ද? නැතිනම් එය ඔසප්වීම ඇති කාලයට අයත් කොටසක්ද යනාදි වශයෙන් මේ සම්බන්ධව මත භේද ඇති වී ඇත.

මේ සම්බන්ධයෙන් පවතින මත පහත සදහන් වේ. ෂාෆී හා හනෆි මද්හබයේ ස්ථීර අදහස හා ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියියා තුමා, වැනි විද්වතුන්ගේ මතය අනුව මෙම තත්ත්වය ඔසප් වීමේ තත්වයකි. මන්දයත්, එහි “කස්සතුල් බයිලා හෙවත් ගර්භාෂයෙන් පිටවන සුදු වර්ණ දියරමයක්” නොපෙනෙනු ඇත. එය පිරිසිදුයි යනුවෙන් තීන්දු කළේ නම්, එයට පෙර සහ පසුව පැමිණි දෙය ඔසප් වීම විය යුතුයි. ඒ සම්බන්ධව කිසිදු කෙනෙක් ප්රකාශ නිකුත් කොට නොමැත. එසේ නොමැති නම් ඔසප් කාලය දින පහකින් අවසන් නොවේ. දින දෙකකට වරක් දිය නෑම සහ වෙනත් හේතුවක් නිසා යම් අපහසුතාවක් සහ දුෂ්කරතාවක් ඇතිවීම වැනි හේතුවෙන් එය පිරිසිදුයි යනුවෙන් තීන්දු කරන්නේ නම්, එය මවිතයට පත් විය යුතු කරුණක් නොවේ. (කුමක් නිසාද යත් සියලු දුෂ්කර කරුණු ඉස්ලාමය දුරු කරයි. සියලු ප්රශංසා අල්ලාහ් දෙවියන්ටම හිමිවේ. (22) අල්-උම්ම් (1/83-84) (23) මෙය අල්-ඉන්සාෆ් හි ඔවුන්ගෙන් උපුටා දක්වා ඇත. [24] අල් අස්ල් (19/2-20)

හන්බලී මද්හබයේ ඉතා ප්රකට මතය නම් රුධිර පිටවුවහොත් එය ඔසප් වීම වන අතර රුධිර පිට නොවන කාලය පිරිසිදු කාලය යන්නයි. සීමිත දින ගණනාවට වඩා රුධිරය පිටවුවහොත් එවිට එය ඉස්තිහාදා බවට සැළැකිය යුතුයි. (25) අල්-මුග්නී (226/1)

අල් මුග්නි නැමති ග්‍රන්ථයේ මෙසේ සඳහන් වී ඇත :- ප්‍රසූතියෙන් පසු කාලයේ පැමිණෙන රුධිරය පිළිබඳ අප කළ විග්‍රහයට අනුව දිනකට වඩා අඩු කාලයකින් රුධිරය නතර වූ විට එය පිරිසිදු යැයි සලකනු නොලැබේ. දිනකට වඩා අඩු කාලයක් තුළ එය කෙරෙහි අවධානය යොමු නොකෙරේ. ඉන්ෂා අල්ලහ් නිවැරදි (අදහස) එයයි.මන්දයත්, රුධිරය විටින් විට ගලායනු ඇත. (නතර වන සෑම අවස්ථාවක්ම) පිරිසිදුයි යනුවෙන් සලකා පැයකට වරක් දිය නෑම අනිවාර්යය කිරීම අති දුෂ්කරතාවකි. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසන හෙයිනි: තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය. (අල්-හජ්: 78) ඔහු (ඉබ්නු හබ්බාන්) මෙසේ පවසයි:- මෙය මත පදනම්ව ඇයගේ සාමාන්යය පුරුද්දට පරිදි (ඔසප් කාලය අවසානයේදී) රුධිරය ගලායෑමේ නිමාව හඟවන යම් දෙයක් හෝ “කස්සතුල් බයිලා” (සුදු දියරය) දුටුවේ නම් හෝ මිස, රුධිර කාන්දුව දිනකට වඩා අඩු කාලයකින් නිමා වීම පිරිසිදු යැයි සලකනු නොලැබේ. (26) අල් මුග්නී: 257/1.

මෙම ග්රන්ථයේ කතෘ අල් මුග්නිගේ අදහස ඉහත සදහන් අදහස් දෙකට වඩා මධ්යස්තවූ අදහසි. යහපත මනාව දන්නේ අල්ලාහ් පමණයි.

පස්වන වර්ගය:- රුධිරයේ වියළි ස්වභාවය හේතුවෙන් කාන්තාව ඔසප් කාලය තුළදීම හෝ ඔසප් කාලය අවසානයේදී පිරිසිදු වීමට පෙර තෙත් ස්වභාවයක් පමණක් දුටුවේ නම්, එයද ඔසප් රුධිරයයි. එය පිරිසිදු වීමෙන් අනතුරුව සිදුවූයේ නම් එය ඔසප් වීමක් නොවේ. පිරිසිදු වීමෙන් පසුව සිදුවන්නේ නම් එය ඔසප් වීමක් ලෙස සලකනු නොලැබේ.හේතුව එහි (දියරමය වැනි දෙයක්) කහ සහ තද දුඹුරු පැහැයෙන් යුක්ත වීම නිසා වෙනි. එබැවින් එහි තීන්දුව එයයි.

හතරවන පරිච්ඡේදය: ඔසප් වීම සම්බන්ධව පවතින නීති රීති

ඔසප් වීම සම්බන්ධ නීති රීති බොහෝ ඇත. මේ අතරින් ඉතා අත්යවශ්ය කරුණු පමණක් මෙහිදී සදහන් කරමු.

1. සලාත් ඉටු කිරීම. ඔසප් වී සිටින කාලය තුල කිසිදු සලාතයක් ඉටු කිරීම තහනම් කර ඇත. ඒවා (ෆර්ළ්) අනිවාර්ය හෝ (සුන්නත්) අනිවාර්ය නොවන සලාත් යනුවෙන් බේදයක් නැත. යම් කිසි සලාතයක් ඉටු කිරීමේ නියමිත වේලාව එළඹී තිබියදී රකඅත් එක (වටය) ක් ලබාගන්නට තරම් වු අවස්තාවක් ලැබීමේදී හැරෙන්නට එම අදාල සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්ය නොවේ. මෙම තත්ත්වයන් පහත සදහන් ආකාරයට විවරණය කල හැක.

පළමුව - හිරු බැස යාමෙන් පසු ස්ත්රියකට ඔසප් වීම සිදුවේ. උදාහරණයක් ලෙස මග්රිබ් සලාතයෙහි එක් රකඅතයක් ඉටු කිරීමට හැකි කාල ප්රමාණයක් ඇය පිරිසිදු තත්ත්වයෙහි සිටියේනම් ඇය සම්පූර්ණයෙන් පිරිසිදු වීමෙන් පසු එම මග්රිබ් සලාතය ඉටු කල යුතු වේ.

දෙවනුව - ඉර උදාවීමට පෙර ඔසප් වීම නතර වේ. උදාහරණයක් ලෙස ෆජ්ර් සලාතයේ එක් රකඅතයක් පමණක් ඉටු කිරීමට වේලාව ඉතිරිවී ඇත. මෙහිදී ඇය සම්පූරණයෙන්ම පිරිසිදු වීමෙන් පසු ෆජ්රු සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ.

ඔසප් කාන්තාවක් සලාතයේ සම්පූර්ණ රකඅතයක් (කොටසක්) ඉටු කිරීමට ප්රමාණවත් නොවන කාලයක් තුළ (ඔසප් වීම හෝ පිරිසිදු වීම ) සිදු වූයේ නම්, (උදා:- පළමු උදාහරණයේ පරිදි හිරු බැස තත්පරයකට පසු ඇය ඔසප් වීම හෝ දෙවන උදාහරණයේ පරිදි හිරු උදාවට තත්පරයකට පෙර ඇය පිරිසිදු වීම) එවැනි අවස්ථාවක ඇය කෙරෙහි සලාතය අනිවාර්ය නොවේ. නබි (සල්) තුමාණන් පැවැසූ හදීසයක මෙසේ සඳහන් වේ. සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් හිමි කර ගත්තේය. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. මෙහි අදහස නම්, සලාතයකදී එක් රකඅතයකට වඩා අඩුවෙන් කෙනෙකුට ලබා ගැනීමට හැකි වන්නේ නම් ඔහු සලාතය සම්පූර්ණයෙන් ලබාගත් අයකු නොවන්නේය යන්නයි. [27] මෙය බුහාරි තුමා "මවාකිතුස් සලා" නම් පාඩමේ "මන් අද්රක මිනස් සලාති රක්අතන්" යන පරිච්ඡේදයේ හදීස් අංක (580) යටතේ ද, මුස්ලිම් තුමා "කිතාබුල් මසාජිද් ව මවාදිඅස්-සලාත්" නම් පාඩමේ "මන් අද්රක රක්අතන් මිනස් සලාති ෆකද් අද්රක තිල්කස් සලාත්" යන පරිච්ඡේදයේ හදීස් අංක (607) යටතේ අබු හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ලෙස දැනුම් දී ඇත.

ඇයට අසර් සලාතයක එක් රකඅතයක් ලබා ගැනීමට හැකි වූ විටක ඇය ලුහර් සලාතය අසර් සලාතය සමඟ ඉටුකිිිිරීම අනිවාර්ය වන්නේද? නැතහොත් ස්ත්රීයකට ඉෂා සලාතයේ රක්අත් එකක් ඉටු කළයුතු නියමිත වේලාවක් ලබා ගත හොත් ඇය මග්රිබ් සලාතය ඉෂා සලාතය සමග ඉටු කිරීම අනිවාර්ය වන්නේද?

මේ පිලිබදව විද්වතුන් අතර මතභේද ඇත. එහෙත් නිවැරදි මතය නම් ඇයට අනිවාර්යය වන්නේ ඇය විසින් ඉටු කිරීමට කාලය ලද අසර් සලාතය සහ ඉෂා සලාතය පමණක් බවයි. මක්නිසාද යත් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත: හිරු අවරට යන්නට පෙර අසර් සලාතයෙන් එක් රකආතයක් කවරෙකු ලැබුවේ ද ඔහුට අසර් සලාතය ලැබිණ. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. "ලුහර් සහ අසර් සලාතයන් ඉටු කිරීම සඳහාවූ කාලය ලැබුනේය." යනුවෙන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා පැවසුවේ නැත. [28] මෙය බුහාරි තුමා "මවාකිතුස් සලා" නම් පාඩමේ "මන් අද්රක මිනල් ෆජ්රි රක්අතන්" යන පරිච්ඡේදයේ හදීස් අංක (579) යටතේ ද, මුස්ලිම් තුමා 'කිතාබුල් මසාජිද් ව මවාදිඅස්-සලාත්' (මස්ජිදු සහ සලාත් ඉටු කරන ස්ථාන) යන පාඩමේ "මන් අද්රක රක්අතන් ෆකද් අද්රක තිල්කස් සලාත්" යන පරිච්ඡේදයේ හදීස් අංක (608) යටතේ ද අබු හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම එතුමාණන් ඔහු කෙරෙහි ලුහර් සලාතය අනිවාර්ය වීම ගැන සඳහන් නොකළ අතර මේ සඳහා මූලිි හේතුව වන්නේ (වරදකරුවෙකු වීමේ ඉඩකඩෙන්) මුදවා හැරීමයි. මෙය ඉමාම් අබු හනිෆා සහ ඉමාම් මාලික් වැන්නන්ගේ මතය බව ෂරහ් මුහද්දබ් කෘතියෙහි සඳහන් වී ඇත. (29) "අල්-මජ්මූඃ ෂර්හුල් මුහද්දබ්" (3/70).

අල්ලාහ් සිහි කිරීම, තක්බීර්, තස්බීහ්, තහ්මීද් කීම, කෑම බීම සහ වෙනත් දේ සඳහා බිස්මි කීම, හදීස් සහ ඉස්ලාමීය නීති විද්‍යාව කියවීම, කන්නලව් කිරීම සහ එයට ආමීන් කීම, අල් කුර්ආනයට සවන් දීම යනාදියෙන් කිසිවක් ඇයට තහනම් කර නොමැත. මක්නිසාද යත් එය සහීහ් ග්‍රන්ථ දෙකෙහි සහ වෙනත් ග්‍රන්ථ වලද තහවුරු වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් තත්ත්වයේ සිටියදී එතුමියගේ උකුල මත හේත්තු වී අල්කුර්ආනය පාරායනය කළහ. [30] මෙය බුහාරි තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "බිරිඳ ඔසප් තත්ත්වයේ සිටියදී ඇයගේ උකුලේ හිඳ පාරායනය කිරීම" යන මාතෘකාවේ හදීස් අංක (297) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "බිරිඳ ඔසප් තත්ත්වයේ සිටියදී ඇයගේ උකුල මත හේත්තු වී කුර්ආනය පාරායනය කිරීම" යන මාතෘකාවේ හදීස් අංක (301) යටතේ ආඉෂා රළියල්ලාහු අන්හා විසින් කරන ලද සඳහනක් වාර්තා කර ඇත.

නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා පැවසූ බව උම්මු අතියියා (රලියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කළාය. එනම්, යහපත් කාර්යයන්හි නිරත වීම සඳහාද, විශ්වාසවන්තයින්ගේ ආගමික කටයුතුවලට සහභාගි වීම සඳහාද, කන්යාවියන් සහ ඔසප් තත්ත්වයේ සිටින කතුන් ඊද් අවුරුදු උත්සව දිනයේ සලාතය සඳහා සහභාගිවීමට අවසර ඇත. එනමුදු ඔසප් වූ තත්වයේ පසුවන කාන්තාවන් සලාත් කරන ස්ථානයෙන් බැහැරව සිටිය යුතුයි. [31] බුහාරි: ඔසප් තත්ත්වය පිළිබඳ ග්‍රන්ථය, ‘ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් ඊද් උත්සව දෙකට සහ මුස්ලිම්වරුන්ගේ ප්‍රාර්ථනාවට සහභාගී වීම හා සලාතය ඉටු කරන ස්ථානයෙන් ඉවත්ව සිටීම’ යන පරිච්ඡේදය, අංක (324). සහ මුස්ලිම්: ඊද් උත්සව සලාතයන් පිළිබඳ ග්‍රන්ථය, ‘කාන්තාවන් ඊද් උත්සව දෙකෙහි සලාතය ඉටු කරන ස්ථානයට පැමිණීම හා පුරුෂයින්ගෙන් වෙන්ව දේශනාවට සවන් දීම අනුමත බව සඳහන් කිරීම’ යන පරිච්ඡේදය, අංක (890).

ඔසප් තත්වයේ සිටින කාන්තාවන් අල් කුර්ආනය බලා සිතෙන් පාරායනා කිරීමෙන් කිසිඳු ගැටළුවක් නැත .උදාහරණයක් ලෙස අල්කුර්ආන් පොත ඉදිරිය තබා මුවෙන් උච්චාරණය නොකර සිතෙන් පාරායනා කිරීමට හැකිය. ඉමාම් නවවි තුමාණන් ශරහුල් මුහද්දබ් නමැත කෘතියේ, කිසිඳු මත භේදයක් නොමැති බව සඳහන් කර ඇත.[32] [32] අල්-මජ්මූඃ (2/ 357).

නමුත් එය වාචිකව කියවීම සම්බන්ධයෙන්, බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ එය තහනම් සහ ඒ සඳහා අවසර නැති බවයි. ඉමාම් බුහාරි (රහ්) තුමා, ඉමාම් ජරීර් අත්තබරී (රහ්) තුමා සහ ඉබ්නු අල් මුන්දිර් තුමා වැනි විද්වතුන් මෙම තත්වයේ සිටින කාන්තාවන් අල්කුර්ආන් වැකි වාචිකව පාරායනය කිරීම අනුමත කර ඇත. [33] බලන්න, සහීහ් බුහාරි: 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'ඔසප් වූ කාන්තාව කඃබාවේ තවාෆ් කිරීම හැර අනෙකුත් සියලුම කර්තව්‍යයන් ඉටු කිරීම' යන මාතෘකාව. එමෙන්ම ෆත්හුල් බාරි (1/ 407-408). [34] ෆත්හුල් බාරි 1/ 408. (35) අල් අව්සත් (2/223)

තවද, ෆත්හුල් බාරි ග්‍රන්ථයෙහි සඳහන් ආකාරයට ඉමාම් මාලික් තුමාගේ සහ ඉමාම් ෂාෆි තුමාගේ පැරණි කියමනෙන් ද වාර්තා වී ඇත. [36] අල්-මජ්මූඃ (2/ 356). [37] ෆත්හුල් බාරි (1/ 408).

ඉමාම් බුහාරි තුමා විසින් ඉබ්රාහීම් අන් නහෆී තුමාගේ ප්‍රකාශයකට කළ විවරණයකට අනුව, අල්කුර්ආන් වාක්‍ය පාරායනය කිරීම කිසිදු වරදක් නැත යනුවෙන් සඳහන් කර ඇත.[38] [38] මෙය බුහාරි තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "ඔසප් තත්වයේ සිටින කාන්තාව දේව නිවසෙහි තවාෆ් කිරීම හැර අනෙකුත් සියලුම වතාවත් ඉටු කිරීම" යන මාතෘකාවේ, හදීස් අංක (305) ට පෙර වාර්තා කර ඇත.

ශෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා තුමා විසින් "අල්ෆතාවා මජ්මූඅත් ඉබ්නු කාසිම්" නමැති ග්රන්ථයෙහි මෙසේ ප්රකාශ කර ඇත. ඇයව අල් කුර්ආනයෙන් වැළැක්වීමට කිසිදු මූලික සූන්නාවක් නොමැත. මක්නිසාද යත් එතුමාණන්ගේ «ඔසප් තත්ත්වයේ සිටින කාන්තාව ද, ජනාබත් තත්ත්වයේ සිටින්නා ද අල්-කුර්ආනයෙන් කිසිවක් පාරායනය නොකළ යුතුය.»[39] යන ප්‍රකාශය හදීස් පිළිබඳ විද්වතුන්ගේ ඒකමතික එකඟතාවයෙන් දුර්වල වූ නබි වදනකි[40]. (39) මෙය තිර්මිදි තුමා විසින් "අබ්වාබුත් තහාරා"හි 'බාබු මා ජාඅ ෆිල් ජුනුබි වල් හාඉළි අන්නහුමා ලා යක්රආනිල් කුර්ආන්' යන පාඩම, අංක (131) වාර්තා කර ඇත. (40) තිර්මිදීතුමාගේ "අල්-ඉලල්" (පිටුව: 69), බයිහකීතුමාගේ "අස්-සුනනුල් කුබ්රා" (1/309), ඉබ්නු අබ්දිල් හක්ගේ "අල්-අහ්කාමුෂ් ෂර්ඉයියා" (1/504) සහ සයිලඊතුමාගේ "නස්බුර් රායා" (1/195) බලන්න.

තවද නබි තුමාගේ කාලයේ ජීවත් වූ ඔසප් තත්වයේ සිටි කාන්තාවන්ට සලාත් ඉටු කිරීම වළක්වා ඇත්තාක් මෙන් අල් කුර්ආනය පාරායනා කිරීම නොකළ යුතු නම් එය එතුමාණන් විසින් එතුමාගේ සමාජයට සහ විශ්වාසවන්තයින්ගේ මව්වරුන්ට පැහැදිලිවම විස්තර කර දෙන්නට තිබුණි. එනමුත් නබි (සල්) තුමා මෙය වළක්වා ඇති බවට කිසිවෙකු වාර්තා නොකර තිබියදී මෙය තහනම් කිරීමට අවසර නැත.මේ අනුව නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ කාලයේදී ඔසප් තත්වයේ සිටි කාන්තාවන්ට අල්කුර්ආන් පාරායනය කිරීම නොවැලැක්වූ බැවින්, අල් කුර්ආනය මුවින් පාරායනා කිරීම හරාම් නොවන බව මනාව පැහැදිළි වේ. (41) මජ්මූඃ අල්-ෆතාවා (26/ 191)

උගතුන්ගේ මතභේදය ගැන අප දැනගත් පසු කිව යුතු දෙය නම්, ඔසප් තත්වයේ සිටින කාන්තාවක් අවශ්ය වූ විටක හැර අල්-කුර්ආනය වාචිකව නොකියා සිටීම වඩා හොඳ බවයි.උදාහරණක් ලෙස ඇය ගුරිවරියක් නම් ඉගෙන ගන්නා සිසුන්ට ඉගැන්වීම අවශ්ය වූ විටක සහ විභාගයකට මුහුණ දීමට සිදුවූ විටක එය කියවීමට අවශ්ය වූ විටක එසේ වාචිකව පාරායනය කළ හැකිය.

2.අස්සව්ම්. ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් අනිවාර්ය හෝ සුන්නත් වූ උපවාස ශීලයෙහි (සවිම්හි) නිරත වීමට අනුමැතිය නොමැත. ඔසප් තත්ත්වයේ සිටින විටදී අනිවාර්ය සව්ම් අත්හැරුනේ නම් පිරිසිදු වීමෙන් පසුව එසේ අත්හැරුණු උපවාස දිනයන් වෙනත් දිනයන්හිදී නැවත ඉටුකිරීම අනිවාර්ය වේ.මේ සම්බන්ධව ආඉෂා තුමිය විසින් දැනුම් දෙන හදීසයක මෙසේ සඳහන් වී ඇත. අපට එය (එනම් ඔසප් තත්ත්වය) ඇති විය. එවිට අතපසු වූ උපවාසය ඉටු කිරීමට අපට අණ කරනු ලැබීය. නමුත් අතපසු වූ සලාතය ඉටු කිරීමට අපට අණ කරනු ලැබුවේ නැත. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. [42] මෙය බුහාරි තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව අතපසු වූ සලාතය ඉටු නොකළ යුතුය" යන මාතෘකාවේ, හදීස් අංක (321) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව අතපසු වූ සලාතය ඉටු නොකර අතපසු වූ උපවාසය ඉටු කිරීම අනිවාර්ය වීම" යන මාතෘකාවේ, හදීස් අංක (335) යටතේ වාර්තා කර ඇත. මෙම වාර්තාවේ වචන පෙළ මුස්ලිම් තුමාගේය.

උපවාසයේ යෙදී සිටින කාන්තාවකට ඉර බැස යෑමට සුඵ මොහොතකට පෙර ඔසප් වීම සිදු වුවද එම දවසේ උපවාසය අවලංගු වී යන්නේය. එම උපවාසය අනිවාර්ය එකක් නම් එය නැවත වෙනත් දිනයක ඉටු කිරීම අනිවාර්ය වේ. ඉර බැස යාමට සුඵ වේලාවකට පෙර ඔසප් වීම ඇතිවෙන බවට ඇය තුල හැගීමක් ඇතිවී උපවාසයෙ මිදෙන වේලාවෙන් පසු රුධිර පිට වේ නම්, නිවැරදි කියමනකට අනුව මෙවැනි තත්වයකදී ඇයගේ උපවාසය අවලංගු වන්නේ නැත. මක්නිසාද යත් එය ආමාශය තුළ ඇති රුධිරය බැවින් ඒ සඳහා නීති සකස්කිරීමට නොහැකි බැවිනි.

නිදසුනක් ලෙස, පිරිමියෙකුට නින්දේදී (ශුක්ර මෝචනය) සිදු වන්නාසේ කාන්තාතාවකටද පිටවූවොත් ස්නානය කල යුතුද යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගෙන් ප්රශ්න කල විටදී එතුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. ඔව් ඇයට යමක් පිටවී ඇති බව ඇය දුටුවා නම්" යැයි පිළිතුරු දුන්හ.([43]) එබැවින් නීතිය පදනම් වන්නේ ශුක්‍රාණු පිටවීම දැකීම මතය. එලෙසම ඔසප් වීමේ නීති රීති ද තහවුරු වන්නේ එය පිටතට පැමිණීම දැකීමෙනි. [43] මෙය බුහාරි තුමා 'කිතාබුල් ඉල්ම්' නම් පාඩමේ, 'දැනුම හැදෑරීමට ඇති ලැජ්ජාව' යන මාතෘකාවේ, හදීස් අංක (130) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'කාන්තාව මත ස්නානය අනිවාර්ය වීම...' යන මාතෘකාවේ, හදීස් අංක (313) යටතේ වාර්තා කර ඇත.

යම් ස්ත්රියකට ඔසප්වීම ඉර උදාවීමෙන් (ෆජ්රයට) පසුවත් නොනැවතුණේ නම් එදින ඇගේ උපවාසය පිළිගත නොහැකි ය .ඉර උදාවී මොහොතකින් පසුව ඇය පිරිසිදු වුවද එදින උපවාසය පිළිගනු නොලැබේ.

ඇය ෆජ්රයට කලින් (ඔසප්වීමෙන්) පිරිසිදු වී උපවාසයේ යෙදෙන්නේ නම් ෆජ්රය පසුවී අනිවාර්ය (ෆර්ල්) ස්නානය නොකළත් ඇයගේ උපවාසය පිළිගනු ලැබේ ජනාබත් වී සිටින්නෙකුගේ තත්ත්වයට මෙය සමාන වේ. කෙනෙක් උපවාසයේ යෙදීමේ චේතනාවෙන් (නියියතයෙන්) යුතුව ෆජ්රයට පසුවත් ඔහු හෝ ඇය අනිවාර්ය (ෆර්ල්) ස්නානය නොකළත් ඔහුගේ හෝ ඇයගේ එදින උපවාසය පිළිගත හැකිය. මෙම කරුණු පහත සඳහන් හදීසයට එකග වේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජනාබත් ව (එනම් එතුමා තමාගේ භාර්යාවන් සමග සංසර්ගයේ යෙදීමෙන් පසු) අවදි වී රමළාන් මාසයේ උපවාසයේ යෙදුණේය. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. [44] බුහාරි තුමා "කිතාබුස් සව්ම්" නම් කෘතියේ, "උපවාසශීලියා ස්නානය කිරීම" යන පාඩමේ, අංක (1931) යටතේ වාර්තා කර ඇත, මුස්ලිම් තුමා "කිතාබුස් සියාම්" නම් කෘතියේ, "ජුනුබ් (මහා කිල්ල) තත්ත්වයේ සිටියදී අලුයම උදා වූ අයෙකුගේ උපවාසය වලංගු වීම" යන පාඩමේ, හදීස් අංක (1109) යටතේ වාර්තා කර ඇත.

3.තවාෆ් (කාබාව වටේ ගමන් කිරීම) ඔසප් වී සිටින කල ස්ත්රීන් (අනිවාර්ය හෝ අනිවාර්ය නොවන කිසිදු තවාෆයන් ඉටු කිරීම තහනම් කොට ඇත. මේ හැර සෆා සහ මර්වා අතර සැහැල්ලුවෙන් දිිිිවීම, අරෆාවෙහි රැඳී සිටීම, මුස්තලිෆාවෙහි සහි මිනාවෙහි රාත්රී කාලය ගත කීරීම වැනි හජ් කර්තව්යයට අයත් අනෙක් කාර්යයන්හි (ඇය ඔසප්වීමෙන් පිරිසිදු වන තුරු) යෙදීමට අවසර ඇත. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් තත්ත්වයේ සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එතුමියට කළ ප්‍රකාශය මීට සාධකයක් වේ. හජ් වන්දනාකරුවන් කරන අයුරින්ම ඔබ ද ක්‍රියා කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් කඃබාව තවාෆ් (වටා ඇවිද පැදකුණු) නොකරන්න."[45]. [45] මෙය බුහාරි තුමා "කිතාබුල් හයිද්" නම් පාඩමේ, "තක්ළිල් හාඉළු අල්-මනාසික කුල්ලහා ඉල්ලා අත්-තවාෆ බිල්-බයිත්" (ඔසප් තත්ත්වයේ සිටින කාන්තාව බයිතුල්ලාහ්හි තවාෆ් කිරීම හැර අනෙකුත් සියලුම හජ් වතාවත් ඉටු කිරීම) යන මාතෘකාවේ හදීස් අංක (305) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් හජ්" නම් පාඩමේ, 'බයානු වුජූහිල් ඉහ්රාම්' (ඉහ්රාම් පැළඳීමේ ක්‍රම) යන මාතෘකාවේ හදීස් අංක (1211) යටතේ වාර්තා කර ඇත.

එහෙයින් යම් ස්ත්රියක් පිරිසිදුව සිටින අවස්ථාවේදී තවාෆ් කල පසු හෝ සඊ (සෆා මර්වා කඳුගැට අතර සක්මන් කිරීම) නම් වූ කාර්යයෙහි යෙදෙන අවස්ථාවේදී ඇයට ඔසප්වීම ඇති වුවහොත් ඇය ඉටුකළ මෙම කාර්යයන්ට කිසිදු හානියක් වන්නේ නැත.

4. ඔසප් වී සිටින කාන්තාවකට තවාෆුල් විදා හෙවත් සමුගැනීමේ තවාෆය ඉටු කිරීම අවශ්ය නොමැත. යම් ස්ත්රියක් හජ් සම්බන්ධ වූ කර්තව්යයන් සියල්ලම ඉටුකිරීමෙන් පසුව තම නිවස හෝ රට නගරය කරා යෑමට පෙර ඔසප්වීම ඇතිවී මෙම ඔසප් වීම ඇයගේ ගමනාන්තය දක්වා දික්ගැසිමට ඉඩ කඩ ඇත්නම් ඇය සමුගැනීමේ තවාෆය ඉටු නොකර ම පිටත් ව ගිය හැක. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසුන්ගේ අවසාන මෙහෙය දේව ගෘහය සමග විය යුතු බවට නියෝග කරන ලදී. නමුත් ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවකට සහනයක් ලබා දෙන ලදී. බුහාරි හා මුස්ලිම් විසින් මෙය වාර්තා කර ඇත. [46] ඉමාම් බුහාරි විසින් 'කිතාබුල් හජ්' හජ් වන්දනාව නම් පාඩමේ. 'තවාෆුල් වදා' (සමුගැනීමේ තවාෆය) නම් මාතෘකාවේ 1755 දරණ හදීස් අංකය යටතේ මෙය වාර්තා කර ඇත. ඉමාම් මුස්ලිම් විසින් 'කිතාබුල් හජ්' හජ් වන්දනාව නම් පාඩමේ. 'වුජූබු තවාෆිල් වදාඉ ව සුකූතිහි අනිල් හාඉද්' (සමුගැනීමේ තවාෆය අනිවාර්ය වීම හා ඔසප් කාන්තාවගෙන් එය අත්හැරී යාම) නම් මාතෘකාවේ (1328) දරණ හදීස් අංකය යටතේ මෙය වාර්තා කර ඇත.

ඔසප් වීම ඇති වූ ස්ත්රියක් ශුද්ධ වූ මස්ජිදයට ලඟාවී දුආ ප්රාර්ථනා කිරීම නුසුදුසු ය. මෙයට හේතුව මෙය ගැන නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගේ ප්රකාශයන්හි සදහන් නොවීමය. කුමක් නිසාද යත් සියලුම වන්දනාමානයන් සිදු කළ යුත්තේ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීම් අනුවය. නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමා විසින් විස්තර කර ඇති දෙය ඉහත කරුණුවලට වඩා වෙනස්වූ ආකාරයේ මතයක් දරයි. තවද, තවාෆුල් ඉෆාදා ඉටුකිරීමෙන් පසුව සෆිය්යා (රළියල්ලාහු අන්හා) තුමියට ඔසප් වීම ඇතිවූ විටදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇයට මෙසේ පැවසූහ: එසේ නම් පිටත්ව යන්න. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. [47] ඉමාම් බුහාරි විසින් 'කිතාබුල් හජ්' හජ් වන්දනාව නම් පාඩමේ, 'ඉදා හාළතිල් මර්අතු බඃද මා අෆාළත්' (තවාෆුල් ඉෆාළාවෙන් පසු කාන්තාවකට ඔසප් තත්ත්වය ඇති වූ විට) නම් මාතෘකාවේ 1757 දරණ හදීස් අංකය යටතේ මෙය වාර්තා කර ඇත. ඉමාම් මුස්ලිම් විසින් 'කිතාබුල් හජ්' හජ් වන්දනාව නම් පාඩමේ, 'වුජූබු තවාෆිල් වදා' (සමුගැනීමේ තවාෆය අනිවාර්යය) නම් මාතෘකාවේ 1211 දරණ හදීස් අංකය යටතේ මෙය වාර්තා කර ඇත.

තවද, පල්ලියේ දොරකඩට එන ලෙස එතුමාණන් නියෝග කළේ නැත.එය නීත්යානුකූල වු කරුණක් නම් නබි තුමාණන් විසින් පැහැදිලි කරන්නට තිබිණි. එහෙත් ඔසප් වූ ස්ත්රියකට තවාෆ් අල් ඉෆාදා ව හෝ උම්රාවට අදාළ තවාෆය ඉටුනොකර නිදහස් වීමට නොහැක.ඇය පිරිසිදු වීමෙන් පසුව මෙම තවාෆයන් ඉටුකළ යුතුයි.

5. මස්ජිදයෙහි රැඳී සිටීම. ඔසප් වීම ඇති වූ යම් ස්ත්රියක් මස්ජිදයෙහි හෝ ඊද් නම් වු උත්සව දිනයේදී සලාත් ඉටුකරන ස්ථානයෙහි පවා නැවතී සිටීම තහනම් කොට ඇත. නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් පවසනු තමන් ඇසූ බව උම්මු අතියියා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: තරුණියන්, වැඩීවියට පත් කතුන් සහ ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවන් පිටතට පැමිණිය යුතුය. තවදුරටත් එම හදීසයෙ හි මෙසේ සඳහන් වේ. ඔසප් කාන්තාවන් සලාතය ඉටු කරන ස්ථානයෙන් ඉවත් ව සිටිති. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. [48] බුහාරි හි සඳහන් වේ: ඔසප් තත්ත්වය පිළිබඳ ග්‍රන්ථය, ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවන් ඊද් උත්සව දෙකට සහ මුස්ලිම්වරුන්ගේ ප්‍රාර්ථනාවට සහභාගී වීම, තවද ඔවුන් සලාතය ඉටු කරන ස්ථානයෙන් ඉවත්ව සිටීම යන පරිච්ඡේදය, අංක (324). සහ මුස්ලිම් හි: ඊද් උත්සව දෙකේ සලාතය පිළිබඳ ග්‍රන්ථය, කාන්තාවන් ඊද් උත්සව දෙක සඳහා සලාතය ඉටු කරන ස්ථානය වෙත පිටතට යාමේ සහ පුරුෂයන්ගෙන් වෙන්ව ඛුත්බා දේශනාවට සහභාගී වීමේ අවසරය පිළිබඳව සඳහන් වන පරිච්ඡේදය, අංක (890).

6. සංසර්ගයේ යෙදීම ඇයගේ සැමියා ඇය සමග සංසර්ගයේ යෙදීම තහනම් කොට ඇත. එමෙන් ම ඒ සඳහා ඔහුට අවස්ථාවක් සලසා දීමට ද ඇයට අනුමතියක් නොමැත; උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටින හෙයිනි: තවද ‘ඔසප්භාවය පිළිබඳව ඔවුහු නුඹගෙන් විමසති. ‘එය (වේදනාකාරී) කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නො වනු... (අල් බකරා: 222) මෙහිදී අල්මහීද් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ඔසප් වීමේ කාලයයි. එහි ස්ථානය ස්ත්රියගේ යෝනි ප්රදේශයයි. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ලිංගික සංසර්ගය හැර අන් සියලු දේ කරන්න.” එනම්: සංසර්ගයයි. මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත[49]. ඔසප් වී සිටින කල ස්ත්රිය සමග සෘජු ලිංගික සංසර්ගයේ යෙදීම තහනම් බව මුස්ලිම් විද්වතුන් සියල්ලෝම ඒකමතිකව තීරණය කර ඇත. [49] මුස්ලිම් විසින් "කිතාබුල් හයිල්" හි, 'ඔසප් වූ කාන්තාවකට තම සැමියාගේ හිස සේදීමට ඇති අවසරය' යන පරිච්ඡේදයේ, හදීස් අංක (302) යටතේ වාර්තා කර ඇත.

අල්ලාහ් සහ විනිශ්චය දිනය කෙරෙහි ස්ථීර විශ්වාසයක් ඇති කවරෙකු හෝ අල්කුර්ආනයෙහි සහ නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් විසින් වළක්වන ලද මෙම කාර්යයෙහි යෙදෙන්නට අනුමැතියක් නැත. එසේ කරන්නේ නම්, හෙතෙම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ නබි (සල්) තුමාට අවනත නොවී ඊමාන්ධාරීන්ගේ මාර්ගය හැර අන් මාර්ගයක් අනුගමනය කරන්නෙකු බවට පත් වෙයි. ඉමාම් ෂාෆී (රහ්) තුමා පැවසූ බව ඉමාම් නවවි තුමා මෙසේ වාර්තා කරයි. කවරෙක් මෙම කාර්යයෙහි යෙදෙන්නේද ඔහු මහා පාප ක්රියාවක් කළ කෙනෙක් වෙයි. මෙතුමාගේ මද්හබයට අයත් සෙසු විද්වතුන් මෙසේ පවසා ඇත. යම් කෙනෙක් ඔසප් වී සිටින කල ස්ත්රියක් සමග සංසර්ගයේ යෙදීම අනුමත කළ බව සිතන්නේද හෙතෙම කුෆ්රයේ ( ඉස්ලාමය ප්රතික්ෂේප කරන තත්ත්වයට) පත් වූ කෙනෙක් බව අදහස් කළ යුතුය. (අල් මජ්මූ ෂරහ් අල් මුහද්දබ් 2/ 374).

කෙනෙකුගේ ලිංගික ආවේග හා රාගික හැගීම් අඩුකර ගැනීමට ඇය ඔසප් වී සිටින කල තම බිරිඳගේ තහනම් කළ රහස් ප්රදේශයන් හැර සිප වැළද ගැනීමට ඇය සමග තුරුල් වී සුරතල් බස් දෙඩීම වැනි ක්රියාවන් කිරීමට අනුමතිය ඇත. එහෙත් වඩාත් වැදගත් වන්නේ යම් ස්වාමි පුරුෂයෙක් තම භාර්යාව ඔසප් වී සිටින කල ඇගේ පෙකනියටත් දණහකිස් දෙකටත් අතර ඇති රහස් ප්රදේශයන්හි යම් දෙයකින් නොවසා තම ලිංගික අවශ්යතාවයක් ඉටු කිරීමෙන් වැළැකී සිටීමයි. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මට නියම කළ විට මම යට ඇඳුම ඇඳ ගත් අතර, මා ඔසප් තත්ත්වයේ සිටියදීම එතුමා මා සමඟ පහස වින්දහ. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. [50] බුහාරි තුමා 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව සමඟ පහස විඳීම' යන මාතෘකාවේ, හදීස් අංක (301) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'යටි ඇඳුමට ඉහළින් ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව සමඟ පහස විඳීම' යන මාතෘකාවේ, හදීස් අංක (293) යටතේ වාර්තා කර ඇත.

7- දික්කසාදය. යම් කෙනෙක් තම භාර්යාව ඔසප් වු තත්ත්වයේ පසුවෙද්දී දික්කසාද කිරීම තහනම් කොට ඇත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි. අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු... (අල් කුර්ආන් 65 :1) මෙයින් අදහස් කරනු ලබන්නේ ස්ත්රීන් දික්කසාද කරන අවස්ථාවෙහි ඔවුහු තමාගේ ඉද්දාව තීරණය කරගත හැකි තත්ත්වයෙහි සිටිය යුතු බවය. එනම් එක්කෝ ඔවුහු (සංසර්ගයේ නොයැදුනු තත්වයක) පිරිසිදුව හෝ නැතිනම් ගැබ් ගෙන සිටිය යුතුයි. එයට හේතුව, ස්ත්රියක් ඔසප් වූ තත්ත්වයක සිටියදී ඇය දික් කසාද කරනු ලැබුවහොත් ඇයගේ ඉද්දා හෙවත් පොරොත්තු කාලය පිළිගනු නොලැබේ. එය දික්කසාද කරනු ලැබූ එම ඔසප් කාන්තාවට ඉද්දා කාලය නිසි ලෙස ගණන් කළ නොහැකි වන බැවිණි. එමෙන්ම තම සැමියා සමග සංසර්ගයේ යෙදීමෙන් පසු ඇය පිරිසිදු තත්ත්වයක සිටිය දී දික්කසාද කරනු ලබන්නී නම් එවිට ඇය ඒ හේතුවෙන් ගැබ් ගෙනද, නැද්ද යන ස්ථීර අදහසක් ගත නොහැකි වේ. එවිට ගර්භණි භාවය පදනම් කර ගෙන ඉද්දා කාලය ගණන් ගනු ලැබේ. එසේ ඇය ගර්භණී තත්ත්වයක නොවන්නී නම්, ඔසප් ඇතිවීම පදනම් කර ගනිමින් ගනන් ගනු ලැබේ. ඉද්දාව හෙවත් පොරොත්තු කාලය ගැන ඔහුට නිශ්චිතභාවයක් නොමැති වූ විටක, මෙය පිළිබඳ කාරණය පැහැදිලි වන තුරු දික්කසාදය කිරීම ඔහුට තහනම් වී ඇත.

ඉහත සඳහන් අල්කුර්ආන් වදනට අනුව, යම් ඔසප් වූ කාන්තාවක් ඔසප් වු තත්ත්වයේ පසුවෙද්දී දික්කසාද කිරීම තහනම් කොට ඇත. සහීහ් ග්‍රන්ථ දෙකෙහි සහ වෙනත් ග්‍රන්ථයන්හි සඳහන් වන ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයට අනුව, ඔහු තම භාර්යාව ඔසප් වී සිටියදී දික්කසාද කළේය. මෙම පුවත උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත දැන්වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් වන (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් කෝපයට පත්ව මෙසේ පැවසූහ: ඔහුට ඇයව නැවත භාරගන්නා ලෙස අණ කරන්න. ඉන්පසු ඇය පිරිසිදු වන තෙක් ඔහු ඇයව රඳවා තබාගත යුතුය. ඉන්පසු ඇය ඔසප් වී, නැවත පිරිසිදු විය යුතුය. ඉන්පසුව, ඔහු කැමති නම්, ඇයව තවදුරටත් තබාගන්න. නැතහොත්, ඔහු කැමති නම්, ඇය සමග සංසර්ගයේ යෙදීමට පෙර දික්කසාද කරන්න. කාන්තාවන් දික්කසාද කළ යුතු යැයි අල්ලාහ් අණ කළ ඉද්දා කාලය එයයි.

මේ අනුව යම් කෙනෙක් තමාගේ භාර්යාව ඔසප් වි සිටියදී දික්කසාද කරන්නේ නම් එය පාප ක්‍රියාවකි.එයට පශ්චාත්තාපයට පත් වී අල්ලාහ් ගෙන් පවි සමාව අයැද යුතුය. ඉන්පසු අල්ලාහ්ගේ සහ ඔහුගේ (රසූල්) පණිවිඩකරුගේ නියෝගයට අනුකූලව නීත්යානුකූල දික්කසාදයකින් ඇයව දික්කසාද කිරීම සඳහා ඔහු තමාගේ භාර්යාව ඔසප් වී පිරිසිදුවන තෙක් තමා යටතේ තබාගන්නා අතර ඊලග ඔසප් වීම ඇති වෙනතුරු (සංසර්ගයේ නොයෙදී) ඉවසීමෙන් සිටිය යුතුය.ඉනික්බිති ව ඇය පිරිසිදු වූවායින් පසුව ඈ සමග මින් ඉදිරියටත් පවුල් ජීවිතයක් ගත කරන්නේද නැතහොත් ඇය සමග සංසර්ගයේ යෙදීමට පෙර දික්කසාද කරන්නේ ද යනාදි වශයෙන් ඔහු කැමැති තීරණ දෙකෙන් එකකට එළඹිය යුතුය. [51] ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කළ මෙය, බුහාරි තුමා විසින් "කිතාබුත් තලාක්" නම් පාඩමේ හදීස් අංක (5251) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා විසින් "කිතාබුත් තලාක්" නම් පාඩමේ, "ඔසප් වු කාන්තාවක් ඇයගේ අකමැත්තෙන් දික්කසාද කිරීම තහනම් වීම, එසේ විරුද්ධ වුවහොත් දික්කසාදය සිදු වන බව හා ඇයව නැවත භාර ගැනීමට අණ කරනු ලැබීම" යන මාතෘකාවේ හදීස් අංක (1471) යටතේ වාර්තා කර ඇත.

පහත සඳහන් අවස්ථා තුන හැර ඔසප් වී සිටියදී ස්ත්‍රියක් දික්කසාද කිරීම තහනම්.

පළවෙනි අවස්ථාව: දික්කසාදය සිදු වූයේ ස්වාමි පුරුෂයෙක් තමාගේ භාර්යාව සමග තනිව සිටීමට පෙර හෝ ඇයව ස්පර්ශ කිරීමට පෙර නම් ඇය ඔසප් වි සිටියදී දික්කසාද කිරීමේ වරදක් නැත. කුමක් නිසාද යත් මෙම තත්ත්ව යටතේ ඇයට ඉද්දාව හෙවත් පොරොත්තු කාලයක් කියා යමක් නැත. තවද ඇයගේ දික්කසාදය පහත සඳහන් අල්ලාහ්ගේ වදනට පටහැනි නොවේ: ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. (අල් කුර්ආන් 65 :1)

දෙවෙනි අවස්ථාව : ස්ත්රියක් ගැබ් ගෙන සිටිය දී ඔසප් වීමට පත්වුවහොත් කළින් විස්තර කළ පරිදි කටයුතු කළ යුතු වන්නේය.

තුන්වෙනි අවස්ථාව : අල් කුල්හ් ක්රමයට දික්කසාද වීම හෙවත් ඔසප් පවත්නා කාලය තුළ භාර්යාව විසින් තම ස්වාමිපුරුෂයාව දික්කසාද කිරීම:

උදාහරණයක් නම් අඹු සැමි යුවල අතර නොකඩවා ආරවුල් පවතීනම් හෝ හිංසා පීඩා හා වෙනස්කම් යනාදියට ලක්වේ නම් ස්වාමි පුරුෂයා විසින් බිරිඳගෙන් දික්කසාද වීම සඳහා මහර් ත්යාගයක් ලබා ගනී. මෙවැනි දික්කසාදයක් තුලින් ඔසප් පවත්නා කාලය තුළදී වුවද ඇයට ඔහුගෙන් වෙන්විය හැක. මේ සදහා ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙන හදීසයක සාක්ෂි ඇත.“සාබිත් බින් කයිස් බින් ෂම්මාස් නැමැත්තාගේ භාර්යාව නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත පැමිණ යා රසූලුල්ලාහ් මම සාබිත් වෙත ඇති කල්කිරියාවන්හි හා ඔහුගේ ආගමික වත් පිළිවෙත් හි ඇති අඩු පාඩු ගැන දොස් නොකියමි. එහෙත් මුස්ලිම් කාන්තාවක් වූ මම ඔහු සමග තවත් ජීවත් වීමෙන් ඉස්ලාමයට විරුද්ධව හැසිරෙන්න නම් කැමති නැතැ යි කීවාය . මෙයට සවන් දුන් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමා “ඔබ ඔහුට ඔහුගේ ඉඩම ආපසු දෙන්නෙහි ද?” ඇය: එසේය යැයි පැවසුවාය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: ඔබගේ ඉඩම ලබාගෙන ඇය ව එක්වරක් දික්සාද කරන්න. [මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර්තා කර ඇත][52].

එනම් නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා මෙම අවස්ථාවේදී ඇය ඔසප් වී සිටිනවාද නැද්ද යනුවෙන් විමසුවේ නැත.කුමක් නිසාද යත් මෙම දික්කසාදය කාන්තාවක් තමන්ගේ ආත්මභාවය වෙනුවෙන් ් යම් දීමනාවක් හරහා කරනු ලබන දික්කසාදයකි. එබැවින් මෙවැනි සාධාරණ හේතු මුල් කරගෙනදික්කසාදය ඉල්ලා සිටීීීමට හැක. [52] බුහාරි තුමා විසින් ‘කිතාබුත් තලාක්’ හි, ‘බාබුල් කුල්අ ව කයිෆත් තලාකු ෆීහි’ පරිච්ඡේදය යටතේ හදීස් අංක (5273) මගින්, ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හුමා) තුමාගේ හදීසයක් ලෙස වාර්තා කර ඇත.

ස්ත්රියක් ඔසප් පවත්නා කාලය තුළ හුල්උ ක්රමය යටතේ දික්කසාදයක් කිරීමට අනුමැතිය ඇති බව අල් මු්නී ග්රන්ථයෙහි සඳහන් වී ඇත. පිටුව 52 තවද ස්ත්රියක් ඔසප් පවත්නා කාලය තුළ දික්කසාද කිරීමෙන් ඇයට ඉද්දාවෙහි සිටිය යුතු කාලය දීර්ඝ වේ. අල් කුල්හ් ලබා ගැනීම යනු ඇයට සිදු වෙන වෙනස්කම් හා නොයෙකුත් හිංසා පීඩා වලින් නිදහස් වීමයි. මෙසේ කුල්හ් ලබා ගැනීම ඇයට ඇති වන ප්රශ්න ආදිය සමග සසදා බලන විට එය ඉතා සුඵපටු වේ. මෙවැනි අවස්ථාවක දික් කසාදයට අනුමැතිය දීමෙන් මෙම අයහපත් තත්වය මගහරවා ගැනීම ඉක්මනින් කළයුතු වැදගත් කාර්යයක් වන්නේය. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා සාබිත් බින් කයිස්ගේ භාර්යාවගෙන් ඇයගේ ඔසප් වීම ගැන නොවිමසා සිටියේ මෙම හේතුව නිසාවෙනි.

ඔසප් තත්ත්වයේ සිටින ස්ත්රියක් විවාහ කර ගැනීමට අවසර ඇත. එය තහනම් යැයි කීමට කිසිදු සාදකයක් නොමැත. විවාහ සබදකම් ඇති කරගැනීමට ඉස්ලාමය විසින් අනුමත කොට ඇත.ඉස්ලාමය විසින් තහනම් කර ඇති දෙයකට ගොදුරු වීමෙන් වැළැකී සිටිීම සඳහා ඇය විවාහකර ගන්නා ස්වාමි පුරුෂයා ඔහුගේ ලිංගික හැගීම් මැඩපවත්වා එය පාලනය කරමින් ඇයගේ ඔසප් නතර වී ඈ පිරිසිදුවනතෙක් ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටිය යුතුයි.

8 .දික්කසාදයට අදාළ ඉද්දාව හා ඔසප් වීම: යම් පුරුෂයෙක් තම භාර්යාව සමඟ සංසර්ගයේ යෙදීමෙන් හෝ ඇය සමඟ හුදෙකලා වීමෙන් පසු ඇයව දික්කසාද කළහොත්, ඇය ඔසප් වන සහ ගැබ් නොගත් කාන්තාවක් නම්, ඇය විසින් සම්පූර්ණ ඔසප් වාර තුනක් ඉද්දාවෙහි රැඳී සිටීම අනිවාර්ය වේ; මක්නිසාද සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු ය. (අල් බකරා: 228) එනම් ඔසප් වීම් කාලය තුනක් වීම ඇය ගැබිනියක් නම්, ඇයගේ ඉද්දාව දරු ප්‍රසූතිය කරා දික්ගැසෙයි. එම කාලය දිගු වුවද කෙටි වුවද එය එසේමය. මේ ගැන අල්ලාහ් මෙසේ පවසයි: ගර්භණී මාතාවන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය ඉවත් වීමයි. (අත් තලාක්: 4), වැඩිවියට පත් නොවු ස්ත්‍රීර, ඔසප් වීමේ වයස් සීමාව ඉක්මවා ගිය, ශල්යකර්මයකින් ගර්භාශය ඉවත් කළ, හෝ ඔසප් වීම නැවත ඇතිවේ යැයි බලාපොරොත්තු විය නොහැකි වෙනත් හේතුවක් ඇති කාන්තාවන් වැනි ඔසප් නොවන කාන්තාවන්ගේ ඉද්දාව මාස තුනකි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසන හෙයිනි: තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නො වූ කාන්තාවන්ට ද... (අත් තලාක්: 4) තවද ඇය ඔසප් වි සිටින අයගෙන් කෙනෙක් නම්, නමුත් පොදු අසනීපයක් සහ මව්කිරි දීම වැනි දන්නා හේතුවක් නිසා ඇගේ ඔසප් වීම නැවැතුනා නම්, ඔසප් වීම නැවත පැමිණෙන තෙක් කාලය දිගු වුවද ඇය පොරොත්තු කාලය තුළ රැඳී සිටිය යුතුයි.එබැවින් මෙය අනුව ගණනය කළ යුතුය. මෙහිදී ඇය තමාට නැවත ඔසප්වීම ඇතිවනතෙක් එය දීර්ඝ කාලයක් වුවත් ඉද්දා සිටිය යුතුයි. ඇය පොදු රෝගයෙන් සුවය ලබා ඇති විටක හෝ මව්කිරි දීම අවසන් කර ඇති විටක ඔසප් වීම නැවත ඇති නොවන්නේ නම් ඉහත සඳහන් අවසන් වීමෙන් පසු සම්පූර්ණ වසරක් පොරොත්තු කාලයක් ලෙස රැඳී සිටිය යුතුයි. ඉස්ලාමීය නීති රීති වලට අදාළ වන නිවැරදි කියමන මෙයයි. ඔසප් ඇති නොවීමට හේතුවූ කරුණු ඉවත් වූ පසුවත් ඔසප් වීම සිදු නොවූයේ නම් එම කාන්තාවන් නොදන්නා හේතුවක් මත ඔසප් නතරවූ කාන්තාවකගේ තත්ත්වයට පත් විය යුතුයි. ඇයගේ මෙම තත්ත්වය ඔසප් වීම නැවතීමට හේතුව කුමක්දැයි යනුවෙන් නොදන්නා ස්ත්රියකගේ තත්තවයට සමාන වේ. ඇගේ ඉද්දා කාලය සම්පුර්ණ අවුරුද්දකි.

යම් ස්ත්‍රීරයකට විවාහ ගිවිසුමක් කරනු ලැබ ඇත. නමුත් ඇය තම ස්වාමි පුරුෂයා සමග සංසර්ගයේ යෙදුනේ නැත. මෙවැනි තත්ත්වයක ඔවුනතර දික්සාදයක් වේනම්: ඇය විසින් කිසිදු ඉද්දාවක් රැකිය යුතු නැත. එයට හේතුව නම් සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසා තිබීමයි: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන කාන්තාවන් විවාහ කොට පසුව නුඹලා ඔවුන් ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළහොත් නුඹලා ගණන් කරන පොරොත්තු කාලයක් නුඹලා වෙනුවෙන් ඔවුන් කෙරෙහි අනිවාර්යය නො වන්නේ ය... (සූරා අල් අහ්සාබ් 33:49)

9- නවවන තීන්දුව: ගර්භාෂයේ නිර්දෝෂීභාවය පිළිබඳ විනිශ්චය, එනම්: එය ගැබ්ගැනීම් වලින් තොර වූ විටක සහ ගර්භාෂය නිදොස් කිරීම සඳහා තීන්දුවක් අවශ්ය වූ විටෙක ඒ සඳහා ආවේනික වූ ඉස්ලාමීය විසඳුම් ඇත.

උදාහරණයක් වශයෙන් යම් ස්ත්රියකගේ ඇයගේ සැමියා මිය යන විට ඇය ඔහුගේ දේපොලට උරුමකම් කියන බිළිඳෙකු කුස දරා සිටියි. මෙම පළවෙනි සැමියා මිය ගිය පසු මෙම කාන්තාව වෙනත් විවාහ කර ගත්තේ නම් ඇයගේ නව ස්වාමි පුරුෂයා පහත සදහන් කරුණු මනාසේ පැහැදිලි වනතෙක් ඈ සමග සංසර්ගයේ නොයෙදී සිටිය යුතුය. අ) ඇය ඔසප් වීම ඇතිවෙන තැනැත්තියක් නම් ඇයගේ ගර්භාශය එම තත්ත්වයෙන් නිදහස් ව ඇතිහෙයින් (ගර්භාෂයේ සිටින ළඳරුවාට) උරුමවන දේපොළ සදහා උරුමකම් කීමට සුදුසුකමක් නැති බව පැහැදිලි කර ගැනීම.

10 - ගුස්ල් හෙවත් ජල ස්නානය අනිවාර්ය වීම ඔසප් වීමට පත් වූ යම් ස්ත්රියක් එය නතර වූවාට පසුව එනම් ඔසප් වීමෙන් පසු පිරිසිදු වූවාට පසුව ජල ස්නානය කිරීම අනිවාර්ය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් තුමියට මෙසේ පැවසූහ: ඔසප් තත්ත්වය ඇති වූ විට සලාතය අතහැර දමන්න. එය අවසන් වූ විට ස්නානය කර සලාතය ඉටු කරන්න. මෙය ඉමාම් බුහාරි විසින් වාර්තා කර ඇත. [53]

ජල ස්නානය කිරීමේ දී අවම වශයෙන් ඉටුකළ යුතු යුතුකම් නම් හිස් මුදුන ඇතුඵ ව සම්පුර්ණ ශරීරයම හොද හැටි සේදීම වේ. මෙම ජල ස්නානය නියමාකාරව කෙසේ කළ යුතුද යනාදී කරුණු නබි (සල්) තුමාගේ ආදර්ශයෙන් ලබා ගත හැක. අස්මා බින්ති ශකල් තුමිය නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාගෙන් ඔසප් වීමෙන් පසු ස්නානය කිරීම ගැන විමසූ විට, එතුමාණෝ (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) මෙසේ පැවසූහ: ඔබගෙන් සෑම කෙනෙක් ම සිද්ර් ගසේ කොළ කලවම් වූ ජලයෙන් හොද හැටි ශුද්ධ කරගත යුතුය. පසුව ඇය තමාගේ හිස මත ජලය වත්කර හිස කෙස් හි ආරම්භය සිට අවසානය දක්වාම එම ජලය ගලා යන සේ හොද හැටි පිරිමැදිය යුතුය. පසුව ජලය ගෙන ශරීරයේ වත්කර ගත යුතුය. ඊට පසු කස්තූරි තැවරු කපු රෙදි කැබැල්ලක් ගෙන එයින් ශුද්ධ කරගත යුතුය. එවිට ඒවායින් කෙසේ ශුද්ධ කරගනිමිද? යනුවෙන් අස්මා (රලි) විමසූ විට එතුමා පැවසුවේය: සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය), එවිට ආඉෂා තුමිය එතුමියට මෙසේ පැවසුවාය: ලේ සලකුණු අනුගමනය කරන්න. [54] මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 54 යටතේ වාර්තා කර ඇත. [53] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුල් හයිද්' හි, 'මාස් ශුද්ධිය ආරම්භ වීම හා අවසන් වීම' යන පරිච්ඡේදයේ හදීස් අංක (320) යටතේ ද, මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් හයිද්' හි, 'අසාමාන්‍ය රුධිර වහනය වන කාන්තාව, ඇය ස්නානය කිරීම හා සලාතය ඉටු කිරීම' යන පරිච්ඡේදයේ හදීස් අංක (333) යටතේ ද ආයිෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ වාර්තාව වාර්තා කර ඇත.

ඔසප් වූ ස්ත්රියක් තමාගේ හිසකෙස් හි යටි පැත්ත දක්වාම ජලය යැවීම වළක්වන සේ ඉතාමත් තදව හිසකෙස් ගොතා ඇත්තේ නම් අනිවාර්ය ජල ස්නානය කරනවිට හිසකෙස් (මුදා) කඩා දැමීම අනිවාර්ය වේ. සහීහ් මුස්ලිම් හි සඳහන් වන හදීසයකට අනුව, උම්මු සලමා (රලි) තුමිය නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාගෙන් මෙසේ විමසුවාය: "මා මාගේ හිසකෙස් ඉතා තදව ගොතා ඇති ස්ත්‍රීයකි. එමනිසා සංසර්ගයේ යෙදුණු බැවින් ජල ස්නානය කිරීමට මගේ හිසකෙස් මුදා කඩා හැරිය යුතුද?" තවත් වාර්තාවක, "ඔසප් වීම සහ සංසර්ගය නිසා" යැයි සඳහන් වේ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: නැත, ඔබගේ අත්හි පුරවා ගත් ජලය තුන්වරක් ගෙන හිසමත වත්කර ගතහොත් සෑහේ. පසුව ඔබගේ ශරීරය මත ජලය වත්කරගන්න. මෙසේ කිරිමෙන් ඔබ පිරිසිදු වන්නේය."[55] [54] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුල් හයිල්'හි, 'ඔසප් ස්නානය' යන පරිච්ඡේදයේ, හදීස් අංක (315) යටතේ හා මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් හයිල්'හි, 'බාබු ඉස්තිහ්බාබ් ඉස්තිඃමාල් අල්-මුඝ්තසිලති මිනල් හයිල් ෆුර්සතන් මින් මිස්ක් ෆී මව්ළිඉද් දම්' නම් පරිච්ඡේදයේ, හදීස් අංක (332) යටතේ ආයිෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ වාර්තාව වාර්තා කර ඇත.

• ඔසප් වීමට පත්වූ ස්ත්රියක් යම් සලාතයකට අදාළ වේලාවක් අතරතුර පිරිසිදු වන්නේ නම් පමා නොකර අනිවාර්ය ජල ස්නානය කළ යුතුය. එලෙස ජල ස්නානයක් කිරීමෙන් සලාතය පමා නොකර නියමිත වේලාවට ම ඉටුකළ හැකිය. සමහර විට ඇය ගමනක යෙදි සිටියි, ජලය ද නොලැබෙයි. නැතහොත් ජලය ලැබුණත් එය පාවිචිචි කිරිමෙන් ඇයට යම් පීඩාවක් ලෙඩ රෝග හෝ වෙනත් බාධාවක් ඇතිවෙයි යන බයක් ඇත්තේ නම් ඇයට තයම්මුම් කළ හැකිය. පසුව ජලය ලැබුනු විට ජල ස්නානය කළ හැකිය. [55] මෙය මුස්ලිම් විසින් 'කිතාබුල් හයිල්'හි 'බාබු හුක්මි ළෆාඉරිල් මුග්තසිලා' නම් පරිච්ඡේදයේ හදීස් අංක (330) යටතේ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයක් ලෙස වාර්තා කර ඇත.

යම් සලාතයකට අදාළ වේලාවක් අතරතුර පිරිසිදු වන යම් ස්ත්රින් සිටිති. ඔවුහු ජල ස්නානය කිරීම පමා කරන්නෝ වෙති. මේ සදහා ඔවුහු දක්වන නිදහසට හේතුව නම් එම සලාතයට අදාළ අවස්ථාව තුළ තමා පිරිසිදු කරගැනීම අපහසු බවය.මෙය තමා වෙත පැවරී ඇති වගකීම පැහැර හරින ක්රියාවකි. මෙය නිදහසට කරුණක් හෝ තම ක්රියාව සාධාරනීය කිරීමට හැකි කරුණක් නොවේ. කුමක් නිසාද යත් ඔවුන්ට තමන්ව පිරිසිදු කර ගැනීමේදී අනිවාර්ය ජල ස්නානයට අදාළ අනිවාර්ය කටයුතු එය අඩු ප්රමාණයකට සීමා කරගැනීමටත්, එම සලාතය නියමිත වේලාවෙහි ඉටු කිරීමටත් ප්රමාණවත් කාල වේලාවක් ඇත. පසුව ඔවුන්ට අවශ්ය නම් නිදහස් වේලාවක් ලැබණු විට අංග සම්පූර්ණ ජල ස්නානයක් කළ හැක.

5 -ඉස්තිහාදා සහ එහි නීති රීති.

ඉස්තිහාදා යනු කාන්තාවකෙගේ යෝනිය තුලින් මාසයකට එක් දිනක් සහ දින දෙකක් වැනි කෙටි කාලයක් පමණක් නැවැතී අනිකුත් දිනයන්හිදී කිසි විටෙකත් නතර නොවන පරිදි අඛණ්ඩව පිට වෙන රුධිරය.

රුධිරය කිසිදා නොනැවතී ඇති පළමු තත්ත්වය සඳහා සාක්ෂිය වන්නේ සහීහ් අල්-බුහාරි හි ආඉෂා තුමිය විසින් දැනුම් දෙන හදීසයයි. එතුමිය මෙසේ පවසයි. ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් තුමිය රසූලුල්ලාහ් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මෙසේ පැවසුවාය: මම පිරිසිදු තත්වයක නොසිටිමි. තවත් වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. මම ඉස්තිහාදා තත්වයේ සිටින බැවින්, පිරිසිදු තත්වයක නොසිටිමි."[56].

2 - මාසයක දවසක් දෙකක් හැර අනෙකුත් සෑම දිනකම නොකඩවා පිට වෙන රුධිර : තවද රුධිරය ස්වල්පයක් හැර නතර නොවන දෙවන තත්වය සඳහා සාක්ෂිය වන්නේ හම්නා බින්ත් ජහ්ෂ්ගේ හදීසය වන අතර එහිදී ඇය නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය. අල්ලාහ්ගේ දූතයාණෙනි, මම අධික ලෙස ඔසප් වීම අත්විඳිමින් සිටිමි. මෙය අහ්මද්, අබූ දාවූද් හා ඉමාම් තිර්මිදි යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇති අතර, ඉමාම් තිර්මිදි තුමා මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව සඳහන් කරයි. තවද ඉමාම් අහ්මද් තුමාගේ මතයද එයම බවත්, ඉමාම් බුහාරි තුමා මෙය හසන් ඝනයේ හදීසයක් ලෙස සැලකූ බවත් ඔහු වාර්තා කරයි. [56] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුල් වුදූ'හි 'ලේ සෝදා හැරීම' යන මාතෘකාවේ හදීස් අංක (228) යටතේ හා මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් හයිල්'හි 'බාබුල් මුස්තහාළති වඝුස්ලිහා වසලාතිහා' නම් පරිච්ඡේදයේ හදීස් අංක (333) යටතේ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ වාර්තාව වාර්තා කර ඇත.

ඉස්තිහාදාවෙහි විවිධ තත්වයන් පිළිබඳ විස්තර.

[57] මෙය අහ්මද් තුමා විසින් (6/349), අබූ දාවුද් තුමා විසින් 'කිතාබුත් තහාරා' හි 'මාස් ශුද්ධිය ආරම්භ වූ විට සලාතය අත්හැරිය යුතුය' යන පරිච්ඡේදයේ, අංක (287), සහ තිර්මිදි තුමා විසින් 'අබ්වාබුත් තහාරා' හි 'ඉස්තිහාළා රුධිරය පිටවන කාන්තාව එක් ස්නානයකින් සලාතයන් දෙකක් එකතු කර ඉටු කිරීම' යන පරිච්ඡේදයේ, අංක (128) යටතේ හම්නා බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයෙන් වාර්තා කර ඇත. [58] සුනන් අත්-තිර්මිදී: අබ්වාබුත් තහාරා, 'ඉස්තිහාළා තත්ත්වයේ සිටින කාන්තාව එකම ස්නානයකින් සලාත් දෙකක් එකතු කර ඉටු කිරීම' යන පාඩම, හදීස් අංක (128) ට පසුව.

ඉස්තිහාදාවෙහි අවස්ථා තුනක් ඇත.

ප්රථම තත්වය :ඉස්තිහාලාවට පෙර එනම් ස්ත්රියකගේ ඔසප් විමේ තත්වය තුල එක් තරා කාල සටහනක් තිබීම. එනම් නියමිත කාලය තුල ඇයට ඔසප් වීම් සිදු වෙයි. මෙහිදී ඔසප් වීම් සම්බන්ධයෙන් පෙර සඳහන් කළ පරිදි පවතින නීති රීති ඇය විසින් පිළිපැදීම අවශ්ය වේ. ඔසප් වීම සිදු වෙන කාලය හැරුනුවිට අන් කාලයෙහි පිට වන රුධිරය ඉස්ලාමීී නීතියට අනුව ඉස්තිහාදා නමැති නීතිය තුලටඇතුලත් වේ.

උදාහරනයක් ලෙස කාන්තාවක් ඇයට සාමාන්ය වශයෙන් ඔසප් පිටවීම දින හයක් තුල සිදුවෙනවා යැයි සිතමු. නමුත් එක්තරා මාසයක එම දින චක්රයට අමතරව නොකඩවා රුධිර වහනය වීමක් සිදු වෙයි. එබැවින් කාන්තාවක් ඇයට සාමාන්ය වශයෙන් දින හයක් තුල පිටවන රුධිරය ඔසප් වීම ලෙසත් අතිරේක ලෙස දවස් ගනනාවක් නොනැවතී පවතින රුධිරය ඉස්තිහාලා ලෙසත් හදුන්වමු. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුව, ෆාතිමා බින්ත් අබී හුබෛෂ් තුමිය මෙසේ පැවසුවාය: “අල්ලාහ්ගේ රසූල්වරයණෙනි, මට රුධිරය පිටවීම නොකඩවා පවතී, එබැවින් මම පිරිසිදු නොවෙමි. මා සලාතය අත්හරින්නද?” එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: ‘නැත, සැබැවින්ම එය රෝගී තත්තවයක් හේතුවෙන් පිටවන රුධිර වර්ගයකි. එහෙයින් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලාතය අතහරින්න. පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න.” මෙය ඉමාම් බුහාරි[59] විසින් වාර්තා කර ඇත.

සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උම්මු හබීබා බින්ත් ජහස් (රළියල්ලාහු අන්හා) තුමියට මෙසේ පැවසූහ: ඔබට ඔසප් චක්රය සිදුවෙමින් තිබෙන තාක් කල් ඒ අනුව කටයුතු කරන්න. ඔසප් වීම අවසන් වීමෙන් පසු ජලස්නානය කර යාච්ඥා කරන්න."[60]. [59] මෙය බුහාරි තුමා 'කිතාබුල් හයිද්' නම් පාඩමේ, 'ඔසප් වීම, එමෙන්ම ඔසප් වීම සහ ගැබ් ගැනීම පිළිබඳව කාන්තාවන්ගේ ප්‍රකාශය සත්‍ය කිරීම' යන මාතෘකාවේ, හදීස් අංක (325) යටතේ, ආයිෂා (රළිඅල්ලාහු අන්හා) තුමියගේ වාර්තාවක් ලෙස වාර්තා කර ඇත.

මේ අනුව ඔසප් වීම් නැවතීමෙන් පසු අනිවාර්ය ජලස්නානය කර සලාත් ඉටු කිරීමෙන් පසු ඉස්තිහාලාවට අයත් රුධිර වහනය සිදු වීමෙන් ඇයට කිසිඳු ගැවළුවක් නොමැත. [60] මෙය මුස්ලිම් විසින් 'කිතාබුල් හයිළ්' හි, 'බාබුල් මුස්තහාළා ව ගුස්ලිහා ව සලාතිහා' යන පරිච්ඡේදයේ, හදීස් අංක (334) යටතේ, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ වාර්තාවක් ලෙස වාර්තා කර ඇත.

දෙවන තත්වය:- ඉස්තිහාදා සිදුවීමට පෙර ඔසප් වීම් සම්බන්ධව කාන්තාවකට පැහැදිලි කාල දින චක්රයක් පවතින්නේ නම් ගත යුතු ක්රියා මාර්ගය.මෙහිදී ඔසප් කාලය තුල පවතින රුධිරයෙහි ස්වභාවය සහ ඉස්තිහාදා කාලයෙහි පිටවෙන රුධිරයෙහි ස්වභාවය ගැන හදුනා ගැනීමට මෙවැනි කාන්තාවන් සැළකිලිමත් විය යුතුයි. එනම් ඔසප් වීම් කාලයේ පිටවෙන රුධිරය අදුරු පැහැයක් ගන්නා අතර එම රුධිරය උකු ගතියෙන් හා දුඟදෙන් යුක්තය. මෙවැනි ගතිගුණ නොමැතිව පැමිණන රුධිර ඉස්තිහාදා කාලයෙහි පිටවන රුධිර යැයි සැළකිය යුතුයි.

උදාහරණයක් වශයෙන් :- කාන්තාවක් ඇයට දිගින් දිගටම රුධිර පිටවෙන බව දකී.එම රුධිර මාසයේ මුල් දින දහය තුල අඳුරු රතු පැහැයෙන් තිබෙනවා ඇය දකීයි.නැතහොත් මාසයේ මුල් දින දහය තුල උකු ගතියෙන් හා ඉතිරි දිනයන්හි දියාරුවටත් යනවා දකීයි.එසේත් නැත්නම් මුල් දින දහය තුල පිටවෙන රුධිරවල ඔසප් වීම් සමයේ රුධිර වල තිබෙන දුඟදය ඇති අතර අනෙක් දිනයන්හි කිසිදු දූඟදක් නැති බව ඇයට වැටහෙයි.මේ අනුව ඇයගෙන් පිටවන රුධිර අඳුරු රතු පැහැයෙන්, උකු ගතියෙන් නැතහොත් ඳුගදයක් සහිතව තිබේ නම් එය ඔසප් වීමේ කාලයයි.මෙසේ නොමැතිව පිටවන රුධිරය ඉස්තිහාලා වෙහි රුධිරය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් (රළියල්ලාහු අන්හා) තුමියට පැවසූ ප්‍රකාශය මීට සාක්ෂියකි: ඔසප් රුධිරය හඳුනාගත හැකි කළු පැහැයෙන් යුක්ත නම්, ඔබ සලාතයෙන් වැළකී සිටින්න. එය වෙනත් දෙයක් නම්, වුදූ කර සලාතය ඉටු කරන්න; මක්නිසාද යත් එය අසාමාන්‍ය රුධිර වහනයක් පමණි. මෙය අබූ දාවූද්, නසාඊ යන ඉමාම් වරු විසින් වාර්තා කොට ඇති අතර ඉමාම් ඉබ්නු හිබ්බාන් හා අල් හාකිම් යන අය මෙය පූර්ව සාධක සහිත හදීසයක් බව දන්වා සිටී. [61]

මෙම හදීස් සම්බන්ධයෙන් එහි සනද් සහ මතන් හා බැඳුණු දාමයෙහි සාකච්ඡාවක් සාකච්ඡාවට බඳුන් විය තැන් ඇතත්, ඉස්ලාමීය විද්වතුන් මෙම හදීස් අනුව කටයුතු කළ අතර, එය බොහෝ කාන්තාවන්ගේ කටයුතු වලට යොමු කිරීමට බෙහෙවින් වැදගත් වේ. [61] අබූ දාවූද්: කිතාබ් අත්-තහාරා (පිරිසිදුකම පිළිබඳ පාඩම) පරිච්ඡේදය: ඔසප් කාලය පැමිණි විට සලාතය අත්හැරිය යුතු බව පවසන අය පිළිබඳව, හදීස් අංක (286), සහ නසාඊ: කිතාබ් අත්-තහාරා (පිරිසිදුකම පිළිබඳ ග්‍රන්ථය), පරිච්ඡේදය: ඉස්තිහාළා තත්ත්වයේ සිටින කාන්තාව, රුධිරය අඛණ්ඩව ගලා යාමට පෙර ඇගේ ඔසප් දින දැන සිටීම පිළිබඳව, හදීස් අංක (211), සහ ඉබ්නු මාජා: කිතාබ් අත්-තහාරා ව සුනනිහා (පිරිසිදුකම සහ එහි පිළිවෙත් පිළිබඳ පාඩම), පරිච්ඡේදය: ඉස්තිහාළා තත්ත්වයේ සිටින කාන්තාව, රුධිරය අඛණ්ඩව ගලා යාමට පෙර ඇගේ ඔසප් දින දැන සිටීම පිළිබඳව, හදීස් අංක (620), සහ ඉබ්නු හිබ්බාන් ඔහුගේ සහීහ් ග්‍රන්ථයේ (1348), සහ හාකිම් ඔහුගේ මුස්තද්‍රක් ග්‍රන්ථයේ (618), ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකි.

තුන්වන තත්වය :-කාන්තාවක් ඔසප් වීම් කාලය සඳහා පැහැදිලි කාල චක්රයක් නොදකී. පිටවෙන රුධිරය හයිද් හෙවත් ඔසප් නිසාද ඉස්තිහාදා හෙවත් අමතර ලෙස පිටවීම් නිසාද යනුවෙන් වෙනසක් නොදකී. එවැනි අවස්ථාවක සාමාන්ය වශයෙන් කාන්තාවන් සඳහා ඔසප් රුධිරය පිටවීම දින 6 -7 ක කාල චක්රය ඔසප් වීමට අදාළ දිනයන් සේ සලකා ඒ සදහාවූ නීති රීති අනුගමනය කල යුතු වේ.මේ දිනයන්ට වඩා වැඩියෙන් රුධිරය පිටවෙන්නේ නම් එය ඉස්තිහාලා වශයෙන් සලකා ඒ සදහාවූ නීති රීති අනුගමනය කල යුතු වේ.

මෙයට නිදසුනක් නම්, ඇයට පළමු වරට රුධිරය පෙනෙන්නේ මාසයේ පස්වන දිනයේදී වන අතර එය ඔසප් වීමක් ලෙස වෙනසක් නොමැතිව දිගටම පවතිනවා මිස වර්ණයෙන් හෝ වෙනත් කිසිවකිිි වෙනසක් සිදු නොවේ, එබැවින් සෑම මාසයකම ඇගේ ඔසප් වීම පස්වන දින සිට දින හයක් හෝ හතක් වේ. හම්නාහ් බින්ත් ජහ්ශ් (රලියල්ලාහු අන්හා) තුමිය මෙසේ පැවැසුවාය: “අල්ලාහ්ගේ රසූල්වරයණෙනි, මට අධික ලෙස දරුණු රුධිර වහනයක් ඇත. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? එය මගේ සලාතය සහ සව්මය වලක්වා ඇත.” පසුව නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසුවේය: ඔබ කපු රෙදි කැබැල්ලක් ඔබගේ රහස් ප්‍රදේශයේ තබන්න, මන්ද එය රුධිරය පිටවීම වළක්වයි. එතුමිය විසින් මෙසේ පවසන ලදී: එය ඊට වඩා අධිකය. ඒ පිළිබඳව එතුමාණෝ මෙසේ පැවැසූහ: මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවලියකි. එබැවින් සර්වබලධාරී අල්ලාහ්ගේ ඥානයට අනුව දින හයක් හෝ හතක් ඔසප් තත්ත්වයේ කාලය ලෙස සලකන්න. පසුව ස්නානය කරන්න. ඔබ පවිත්‍ර වී පිරිසිදු වූ බව දුටු විට, දින විසිහතරක් හෝ විසිතුනක් ද එහි දිවා රාත්‍රී ද සලාතයෙහි නිරත වන්න. උපවාසයෙහි ද නිරත වන්න. මෙය අහ්මද්, අබූ දාවූද් හා තිර්මිදි යන ඉමාම්වරු විසින් වාර්තා කර, තිර්මිදි තුමා විසින් පූර්ව සාධක සහිත යැයි සඳහන් කර ඇත. තවද, ඉමාම් අහ්මද් තුමාගෙන් ද මෙය පූර්ව සාධක සහිත බවටත්, ඉමාම් බුහාරි තුමාගෙන් මෙය හසන් බවටත් වාර්තා වී ඇත.

මෙහිදී නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා දින හයක් හෝ හතක් ලෙස පවසා ඇත්තේ කැමති දිනයක් තෝරා ගැනීමට නොව එලෙස පැවසුවේ අනෙක් කාන්තාවන්ගෙන් තමාගේ වයසට හා ශාරීරක තත්වයට සමාන වන අය සමඟ තම තත්වය සසඳා බැලීමට සහ වයසින් සහ ඥාතිත්වයෙන් ඇයට සමීප වන අය සමග ඇගේ රුධිරයට වඩාත් ඔසප් වීමේදී සමීප වන්නේ කුමකින්දැයි සොයා බැලීම සඳහාය. එසේ සසඳා බලනවිට ඇයට සමාන වන කාන්තාවන්ගේ ඔසප් වන කාලය දින හයක් නම් ඇයද දින හයක් යැයි අදහස් කල යුතුයි. එසේ සසඳා බලනවිට ඇයට සමාන වන කාන්තාවන්ගේ ඔසප් වන කාලය දින හතක් නම් ඇයද දින හතක් යැයි අදහස් කල යුතුයි. [62] මෙය අහ්මද් තුමා විසින් (6/ 439) ද, අබූ දාවුද් තුමා විසින් 'කිතාබුත් තහාරා' හි, 'මාස් ශුද්ධිය ආරම්භ වූ විට සලාතය අත්හැරිය යුතු බව' යන පාඩමෙහි, හදීස් අංක (287) යටතේ ද, තිර්මිදි තුමා විසින් 'අබ්වාබුත් තහාරා' හි, 'ඉස්තිහාළා තත්ත්වයේ පසුවන කාන්තාව එක් ස්නානයකින් සලාතයන් දෙකක් එකතු කිරීම' යන පාඩමෙහි, හදීස් අංක (128) යටතේ ද හම්නා බින්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයෙන් වාර්තා කර ඇත. [63] තිර්මිදි තුමා විසින් 'අබ්වාබුත් තහාරා' හි, 'ඉස්තිහාළා රෝගී කාන්තාව එක් ගුස්ලයකින් සලාත් දෙකක් එකතු කර ඉටු කිරීම' යන පරිච්ඡේදයේ, හදීස් අංක (128) ට පසුව වාර්තා කර ඇත.

මුස්තහාදා තත්වයට සමාන කෙනෙකුගේ තත්වය.

කාන්තවකගේ යෝනිය තුලින් අසාමාන්ය ලෙස රුධිරය පිට වීමට ගර්භාශයේ සිදු කරනු ලබන ශල්ය කර්මයන් හෝ වෙනත් හේතූන් තිබිය හැක. මේ අතුරින් කරුනු දෙකක් අපට පැහැදිලි කළ හැක.

පළවෙනි කරුණ:ශල්ය කර්මයක් සිදුවීම නිසා ඔසප් රුධිරය පිටවීමේ ප්රවනතාවය නැවැතීම; එනම් ගර්භාශය හෝ එහි ඇති බාධක ශල්ය කර්මයකින් ඉවත් කිරීම වැනි සිදුවීම් නිසා මෙසේ සිදුවිය හැක. මෙවැනි අවස්ථාවන්හිදී ඇයට ඉස්තිහාදා නීතිය වලංගු නොවන අතර මෙහිදී ස්ත්රියකට කහ පාටට හෝ තෙතමන සහිත දෙයක් පිටවීමෙහිලා අනුගමනය කල යුතු නීති වලංගු වේ. තවද සලාතය ඉටුකිරීම, උපවාසයේ යෙදීම යනාදි නැමදීම් වලින් වැළකී සිටීමට නොහැක. ඒවා නිසියාකාරව ඉටු කළ යුතුවේ. සලාතයට පෙර අදාල ස්ථාන පිරිසිදු කර එම ස්ථානයෙහි රුධිරය පිටවීම වලක්වාගැනීම සදහා පුඵන් හෝ කපුරෙදි කෑල්ලක් තබා ගැනීම වඩාත් සුදුසු වේ. පසුව කුමන සලාතයන් සඳහා වේලාවක් අවශ්ය වන්නේද එම සලාතයේ වේලාව පැමිණීමෙන් පසු වුඵ දෝවනය කර ඒ ඒ සලාතයන් ඉටු කල යුතුයි.එසේ වේලාවක් අවශ්ය නොවන සලාතයක් නම් තමන් සලාතය කිරීමට පෙර වුළු කල යුතුයි. කාන්තාවක් මෙවැනි තත්වයක සිටියදී ඇයට තම ස්වාමියා සමග සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. මෙසේ පිටවෙන රුධිරය හේතුවෙන් අනිවාර්ය ජලස්නානය කිරීම අවශ්ය නොවේ.

දෙවෙනි කරුණ: ශල්ය කර්මයක් සිදුවීම නිසා ඔසප් රුධිරය පිටවීම නතර වෙයි යනුවෙන් නිශ්චිතවම කිව නොහැකි වීම. එනම් ඔසප් වීම සිදුවිය හැකි වීම. මෙවැනි අය මුස්තහාලාවට අයත් නීති රීති අනුගමනය කල යුතු වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා ෆාතිමා බින්ත් අබී කුබෛස් තුමියට පැවැසූ හදීසය මේ සඳහා සාධකයක් වේ. නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමා ෆාතිමා බින්ත් අබී කුබෛස් තුමියට මෙසේ පැවැසුවේය.එය රුධිර වහනයක් නිසා සිදු වේ. එබැවින් ඔසප්වීම සිදු වුවහොත් සලාතය කිරීමෙන් වැළකී සිටින්න.

පහත සඳහන් ඔසප් වීම සිදු වුවහොත්, යන පාඨය මුස්තහාලා වට අයත් කාන්තාවගේ නීතිරීතීන්, තම නියමිත කාලයට පෙර හෝ පසු සිදුවිය හැකි ඔසප් වීමක් ඇති කාන්තාවට අදාල වන බව හඟවයි. නමුත් ඔසප් වීමක් නොමැති තැනැත්තිය සම්බන්ධයෙන් ගත් කල, ඇගේ රුධිරය ඕනෑම අවස්ථාවක යම් කිසි (රෝග ලක්ෂන) හේතුවක් නිසා පිටවෙන රුධිරය වේ. [64] මෙය බුහාරි තුමා 'කිතාබුල් වුදූ'හි, 'ලේ සේදීම' යන මාතෘකාවේ, හදීස් අංක (228) යටතේ හා මුස්ලිම් තුමා 'කිතාබුල් හයිල්'හි, 'ඉස්තිහාළා රෝගී කාන්තාව, ඇගේ ස්නානය හා සලාතය' යන පරිච්ඡේදයේ, හදීස් අංක (333) යටතේ ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ වාර්තාව වාර්තා කර ඇත.

අල් ඉස්තිහාදාවට අදාල නීති රීති.

ඉස්තිහ්ලාහ්වට සහ ඔසප් පිටවීමට අදාල නීති රීති ඒ ඒ අවස්ථාවන්හිදී පිටවෙන රුධිරයේ ස්වභාවය අනුව රඳා පවතන බව අපි දනිමු. ඔසප් වීමට අදාල නීති රීති පෙර සදහන් කළෙමු. ඔසප් වූ විට, ඒ සඳහා ඔසප් වීමට අදාල නීති රීති අනුගමනය කළ යුතු අතර, තවද ඉස්තිහාද වූ විට, ඊට අදාල නීති රීති අනුගමනය කළ යුතු වේ.

ඔසප් වීමේදී වැදගත් වන නීති රීතීන් දැනටමත් සඳහන් කර ඇත.

ඉස්තිහාලාවට අදාල නීති රීති, පිරිසිදුව සිටින කාන්තාවන්ට තිබෙන නීති රීතින් හා සමානය. පහත සදහන් කරුණු හැර. ඒවා නම්

1. මුස්තහාදාවට අදාල ස්ත්රීන් එක් එක් සලාතයන් සදහා වෙන වෙනම වුඵ දෝවනය කර ගැනීම අනිවාර්ය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆාතිමා බින්ත් අබී හුබෙයිෂ් තුමියට මෙසේ පැවසූහ: පසුව, ඔබ සෑම සලාතයකටම වුළු ධෝවනය කර ගන්න. මෙය ඉමාම් බුහාරි විසින් ලේ සේදීමේ පරිච්ඡේදයේ වාර්තා කර ඇත, මෙසේ නියෝගය කිරීමෙන් අදහස් වන්නේ යම් සලාතයක් සදහා එහි වේලාව පැමිණ තිබේද එවෙනි සලාතයන් (ඉටු කිරීම) සඳහා එහි නියමිත වේලාව ඇතුල් වූ පසු වුඵ කල යුතු බවයි. ඊට අමතරව, වේලාවක් නියම නොවූ සලාතයක් නම් එම සලාතය ආරම්භ කිරීමට පෙර වුළු දෝවනය කළ යුතුය.

2. වුළු කරගැනීමට පෙර ශරීරයේ තැවරී ඇති ලේ පැල්ලම් සෝදා ඉවත් කළ යුතුයි. තවද අදාල ස්ථාන පිරිසිදු කර එම ස්ථානයෙහි රුධිරය පිටවීම වලක්වාගැනීම සහ රුධිරය උරාගැනීම සදහා පුලුන් හෝ කපුරෙදි කෑල්ලක් තබා ගැනීම වඩාත් සුදුසු වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හම්නා තුමියට මෙසේ පැවසූ හෙයිනි. ඔබ පුළුන් කැබැල්ලක් තබා ගන්න, එය රුධිරය ඉවත් කරනු ඇත." එවිට ඇය, "ඉතා අධිකව රුධිරය පිටවේ" යැයි පැවසුවාය. එවිට එතුමාණෝ, "එසේනම් රෙදි කැබැල්ලක් තබන්න" යැයි පැවසූහ. ඇය, "එය ඊට වඩා අධිකය" යැයි පැවසූ කල්හි, එතුමාණෝ, "එසේනම් තලජ්ජම් කරන්න(එය ඇඳුම් මත රුධිරය වැගිරීම වළක්වන ආකාරයෙන් තබන්න." යැයි පැවසූහ. නබි වදන ඉදිරියටත් ..... මෙසේ කිරීමෙන් පසූත් රුධිරය පිටවීමෙන් කිසිඳු හානියක් සිදුවන්නේ නැත. මන්ද ෆාතිමා බින්ත් හුබෙයිස් තුමියට නබි (සල්) තුමා මෙසේ නියෝග කර ඇත. මාස් ශුද්ධී කාලයේදී සලාතය කිරීමෙන් වළකින්න. එම කාළය අවසන් වූ පසු ස්නානය කරන්න. ඉන්පසු සෑම සලාතයන් වෙනුවෙන් වුළු කර සලාතය ඉටු කරන්න. එවිට රුධිරය පැදුර මත වහනය වූවද කිසිදු හානියක් නොමැත. [65] මෙය ඉමාම් අහ්මද් හා ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.

3. සංසර්ගයේ යෙදීම. (මෙසේ සංසර්ගයේ නොයෙදීමෙන් දුරාචාරයේ නියැලිය හැකි යන භිය නොමැති නම්) මෙය සඳහා අනුමැතිය දීමේදී විද්වතුන් අතර විවිධ මත පල වී ඇත. නිවැරදි මතය නම් සංසර්ගයේ යෙදිය හැකි යන්නය.එයට හේතුව නම් නබි තුමාගේ කාලයේදීද බොහෝ ස්ත්රීන් ඉස්තිහාදා තත්ත්වයේ සිටියහ. නමුත් අල්ලාහ් හෝ ඔහුගේ පණිවිඩකරු ඔවුන් තම සැමියන් සමග සංසර්ගයේ යෙදීම වැළැක් වූයේ නැත. තවද උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේය: එබැවින් ඔසප් සමයේ බිරියන්ගෙන් ඉවත් වනු. (අල් බකරා: 222) මාස් ශුද්ධිය හැර වෙනත් අවස්ථාවලදී ඔවුන්ගෙන් ඈත් වී සිටීම අනිවාර්ය නොවේ. ඇයට සලාතය කිරීමට අනුමැතිය ඇති බැවින්, සංසර්ගයේ යෙදීමද වරදක් නැත. තවද, ඇයගේ තත්ත්වය ඔසප් තත්ත්වයට සමාන කිරීම නිවැරදි නොවේ. මක්නිසාද යත්, එම තත්ත්වයන් දෙක එකිනෙකට සමාන නොවන බැවිනි. එසේ වෙනස්කම් පවතින විටදී සිදුකරන සැසඳීමක් වලංගු නොවේ. (65) ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා ඇති මෙම හදීසය අහ්මද් තුමා විසින් (6/204) ද, ඉබ්නු මාජා තුමා විසින් 'කිතාබුත් තහාරා ව සුනනිහා' හි 'බාබු මා ජාඅ ෆිල් මුස්තහාළතිල් ලතී කද් අද්දත් අයියාම අක්රාඉහා, කබ්ල අන් යස්තමිර්ර බිහද් දම්' යන පාඩමේ අංක (624) යටතේ ද වාර්තා කර ඇත.

6 - නිෆාස් සහ එහි නීති රීති.

නිෆාස් යනු ගර්භණී ස්ත්රීයකගේ දරු ප්රසූතියෙන් පසු පිටවෙන රුධිර සදහා හදුන්වනු ලබන නමකි. මෙය දරු ප්රසූති කාලයෙහි හෝ ඊට පසුව හෝ ඊට පෙර දින දෙක තුනකට පෙර ප්රසූතියේ වේදනාව ඇතිවිටක හෝ පිටවිය හැකිය.

ෂයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් තුමා පවසා ඇත. ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් (රහ්) තුමා මෙසේ පවසයි: "ස්ත්රියකට ප්රසූතියේ වේදනාවත් සමගම රුධිර පිටවුවහොත් එය නිෆාස් වෙයි."මෙහිදි මෙතුමාණන් එය දින දෙක තුනකට කියා සීමා කොට නැත.තවද මෙතුමාණන් අදහස් කරන්නේ ප්රසූතියේ වේදනාවත් සමගම දරු ප්රසූතියද සිදු වේ නම් එය නිෆාස්ය යනුවෙනි. එසේ නැතිවිටක පිටවූ රුධිර නිෆාසයට සම්බන්ධ නොවෙයි. නිෆාස් සම්බන්ධයෙන් එය පිටවෙන කාල සීමාවක් තිබේද යනුවෙන් විද්වතුන් අතර මත භේද තිබේ. අශ්ෂෙයික් තක්යුද්දීන් තුමා මෙසේ පවසයි. නිෆාසයට අඩු හෝ වැඩි වශයෙන් කාලය පිළිබද සීමාවක් නැත. ස්ත්රියක් තමාට දින හතළිහකට හැටකට හෝ හැත්තෑවකට අධික කාලයක් රුධිර පිටවෙනවා දකියි. පසුව එය තවතියි නම් මෙය නිෆාසයට අදාල රුධිරය වේ. මෙසේ පිටවෙන ලේ නොනැවතී යයි නම් එය නරක්වූ රුධිරය වශයෙන් දින හතළිහක සීමාවක් තබනු ලැබේ. මෙයට හේතු බොහෝ ස්ත්රීන් සමාන්යයන් ගෙවන කාල ප්රමාණය මෙය වීමය.

මෙම ග්රන්ථයේ කතෘගේ විග්රහය. ස්ත්රියකට දින හතළිහකට අධික කාලයක් රුධිර පිටවෙන බව සිතමු. එවැනි අවස්ථාවකදී (ඇය පෙර සිදුවූ ප්රසූතියන් මුල් කරගෙන හෝ වෙනත් සළකුණු අනුව) ඇයගේ රුධිර පිටවීම නැවතෙන යම් යම් සලකුණු දකින්නට ලැබෙයි නම් එය නැවතෙනතෙක් ඇය බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ස්ත්රියකට මෙවැනි ලකුණු කිසිවක් නොදකින්නට ලැබුනු කල්හි බොහෝ ස්ත්රීන්ගේ තත්ත්වය අනුව දින හතළිහක් සම්පූර්ණ කොට ජලස්නානය කර පිරිසිදු විය යුතුයි.තවද එම දින හතළිහ සම්පූර්ණ කිරීමත් සමගම ඇයට ඔසප් වීම ඇතිවුවහොත් එය නවතින තෙක් ඇය ඉවසීමෙන් සිටිය යුතුය.ඉන් පසුව එය නතර වුවහොත් ඇය සුපුරුදු පරිදි ඉදිරියේදීද ඒ අනුව කටයුතු කළ යුතුය. රුධිරය නොනැවතී යයි නම් එවිට ඇය මුසතිහාදා තත්වයෙහිලා සළකා ඒ සම්බන්ධ නීති රීතිවලට අනුව කටයුතු කළ යුතුයි. සාමාන්ය ලෙස ගණන් ගත් දින හතළිහට පෙර ඇයගේ නිෆාසය නැවතී පිරිසිදු තත්ත්වයට පත් වන්නේ නම් නොපමාව ජල ස්නානය කර සලාතය ඉටු කිරීමටත් උපවාසයේ යෙදීමටත් පුඵවන. තවද ඇය තම සැමියා සමග සංසර්ගයේ යෙදීමට ද පුඵවන. එනමුත් එක් දිනකටත් වඩා අඩු කාලයක් ඇගේ රුධිර පිටවීම නැවතීමෙන් ඇය පිරිසිදු වූ බව අදහස් කළ නොහැක. (අල්මුග්නී)

ස්ත්රියක් පැහැදිලි ශාරීරික ලක්ෂණ ඇති මිනිස් ජීවයක් ප්රසූති කරනතෙක් ඇයගේ නිෆාසය ස්ථිර කළ නොහැකිය. ඉතා කුඩා ශරිරයක් ලැබුනේ ද එය වැඩුනු මිනිස් ජීවයක ලක්ෂණයන් පැහැදිලි ව නොපෙන්වන්නේ නම් ඒ සමග පිටවන රුධිර නිෆාසයට අයත් බව කිව නොහැක. එය ඉර්ක් හෙවත් රෝගයක් මාර්ගයෙන් පිටවන රුධිර බව සැලකිය යුතුයි. මෙහි නීතිය ඉස්තහාලාවට අදාල නීති රීතියයි.මිනිස් ජීවයක් ගර්භාශය තුළ පිළිසිදගෙන වැඩීමට එය පිළිසදගත් දින පටන් අඩු වශයෙන් දින අසූවක් වෙයි .වැඩි වශයෙන් දින අනූවක් වේ. (අල්-මුග්නි: 252/1-253)

අල් මජ්ද් ඉබ්නු තයිමියියා මෙසේ පවසයි. දින අසූවක් හෝ අනූවකට පෙර රුධිර පිටවෙන බව දුටුවොත් ඒ ගැන කලබල නොවිය යුතු අතර එම දින අසූවක් හෝ අනූවකට පසු රුධිර පිටවෙන බව දුටුවොත් ඇය සලාතය ඉටු කිරීම, උපවාසයේ යෙදීම යනාදියෙන් බැහැර වී සිටිය යුතුයි. කෙසේ වෙතත් ඇය තමාගේ ළදරුවා ප්රසූති කළවිට එය වැඩුණු මිනිස් ජීවයක හැඩරුව ගෙන සිටියේ නම් එක්ල්හි දින අසූවක් හෝ අනූවකට පෙර වූ ඇයගේ රුධිර පිටවීම නිෆාස් බව අදහස්කොට ඇයට අත්හැරුණු සලාත් සහ උපවාසය යනාදිය නැවත සම්පූර්ණ නොකල යුතුයි. සමහර විට එසේ ඉපදුණු ළදරුවා වැඩුණු මිනිස් ජීවයක හැඩරුව දක්නට නොලැබෙන්නේ නම් එවිට ඇයගේ රුධිර පිටවීම නිෆාස් බව අදහස් කළ නොහැක. ඉස්තිහාලාවෙහි රුධිරය යැයි සලකා අතහැරුණු සලාත් හා උපවාසයන් නැවත ඉටු කිරීම අවශ්ය වේ. එනමුත් නිසි පැහැදිලිතාවයක් නොමැති විට නිෆාස් යැයි සලකා අතහැරුනු සලාත් හා උපවාසය යනාදිය නැවත සම්පූර්ණ නොකල යුතුයි යැයි ඉබ්නු තයිමියා තුමාණන් පවසා ඇත.

නිෆාසයට අදාල නීති රීති

(67) කෂ්ෂාෆ් අල්-කිනා (219/1)

පහත සදහන් කරුනු හැර, නිෆාසයට අදාළ නීතිරීති ඔසප් වීමට අදාළ නීතිරීති හා සමානය.

1. ඉද්දාව නිෆාසයට සම්බන්ධ වූවක් නොවේ. එහෙත්, දික්කසාදයට අදාළ නීතිරීති සමග සම්බන්ධ වූවකි. උදාහරණයක් වශයෙන් තලාක් (දික්කසාදය) දරු පුසූතියට පෙර දැන්වූවහොත් ඉද්දාව එම පුසූතියත් සමග නිමාවෙයි. ඒ හැර එයට නිෆාසයේ කාලය සමග කිසිදු සම්බන්ධයක් නැත. සමහර විට තලාක් ( දික්කසාදය) ප්රසූතියට පසුව දැන්වූවහොත් ඇය තමාගේ ඔසප් වීම ඇතිවෙනතුරු බලාපොරොත්තුවෙන් සිට ඒ අනුව මින් ඉහත විස්තර කළ පරිදි ඉද්දාව ගණන් බැලිය යුතුය.

2. ඊලා සඳහා වූ කාල සිමාව තුල ඔසප් කාලය අඩංගු වන අතර නිෆාසයෙහි කාලය මෙහි අඩංතු නොවේ.

ඊලා යනු ස්වාමි පුරුෂයකු කාල සීමාවකින් තොරව (නැත්නම් මාස හතරකට අධික ව) සිය භාර්යාව සමග සංසර්ගයේ නො යෙදෙන බවට දිවිරීම වෙයි. මෙවැනි අවස්ථාවකදී එම භාර්යාව තමන් සමඟ සංසර්ගයේ යෙදිය යුතු බවට ඉල්ලා සිටියේ නම් එම ස්වාමි පුරුෂයා දිවුරුම් දුන් දින සිට මාස හතරක කාලයක් ඔහු ඒ සදහා නියම කළ යුතුය. මෙම කාල සීමාව තුල සංසර්ගයේ නොයෙදී එම කාලය නිමවූයේ නම් (මුස්ලිම් විනිශ්චය කාරයෙකු විසින්) ඔහුගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදෙන ලෙස හෝ ඔහුගේ භාර්යාවගේ ඉල්ලීමට අනුව වෙන්වීම ඉටුකරන ලෙස හෝ නියෝග කරනු ලබයි. නිෆාස් කාල සීමාව තුල ඊලා හෙවත් දිවුරුම්දීම් සිදු වූවහොත් මෙම කාලය ගණන් නොකර වෙනම මාස හතරක කාලයක් මෙම ස්වාමි පුරුෂයාට නියම කරනු ලැබේ. නමුත් ඔසප් කාලය නිෆාස් කාල සීමාවට වඩා වෙනස්ය කුමක් නිසාද යත් එහි කාලසීමාව ස්වාමිපුරුෂයා මත ගණනය කරනු ලබන බැවිනි.

3. වැඩිවියට පත්වීම -කාන්තාවක් වැඩිවියට පත් වන්නෙ නිෆාස් වලින් නොව මාස් ශුද්ධිය ඇති වීමෙන් බව පැහැදිලිය. ස්ත්රියකට ඩිම්බ කෝෂයෙන් ඩ්ම්බ මෝචකය වන තත්ත්වය ඇතිවීමට පෙර ගැබ් නොගනියි.

මාස් ශුද්ධිය ඇති වුනු පසු එම රුධිරය නැවතී ඉන් පසු නැවත වහනය වූයේ නම් එය මාස් ශුද්ධියට අදාල රුධිරය බව සැළකිය යුතුයි.නිදසුනක් ලෙස කාන්තාවකට පොදුවේ දවස් අටක කාලයක් රුධිරය වහනය වේ නම් ඇයට දවස් තුන හතරක කාලයක් රුධිරය වහනය වී නතර වූ පසු (පොදුවේ ඇයට රුධිරය වහනය වන කාලය වන) දවස් අටක තුල නැවතත් රුධිරය වහනය වුයේ නම් මෙය නිසැකව මාස් ශුද්ධි රුධිරය යැයි කිව හැක.එබැවින් ඔසප් කාලය හා සම්බන්ධ නීති රීතීන් අනුගමනය කළ යුතුය. සමහර විට නිෆාසයට අදාළ රුධිර පිටවීම දින හතළිහක් තුළ නැවතී, නැවත එම දින හතළිහ තුල පිටවෙන්නේ නම් එවිට කුමක් කළ යුතුද යන ප්රශ්නයක් මතුවීමට පුඵවන. ඇය නියමිත කාලයන්හි සලාතය උපවාසය යනාදිය ඉටුකළ යුතුය. අනිවාර්ය වූ වතාවත් හැරෙන්නට මාස් ශුද්ධිය ඇති වු කාන්තාවකට තහනම් වන සියළු කරුණු මෙම කාන්තාවට තහනම් වන නමුත් පිරිසිදු වූ පසු මෙම කාලයේදි කල සෑම සලාතයන් හා උපවාසයන් නැවතත් ඉටු කළ යුතුය. මෙම මතය හන්බලි මද්හබයේ විද්වතුන් දරන මතය වේ.

නිවැරදි මතය නම්, මෙම නිෆාස් රුධිරය නතර වී නිෆාස් යැයි කිව හැකි කාලයක් තුල නැවතත් රුධිර පිටවූයේ නම් එය නිෆාසයට අදාල රුධිරය වේ. • එසේම එය නිෆාස් යැයි කිව හැකි කාලයක් තුල නැවත වහනය නොවුනේ නම් එය මාස් ශුද්ධියට අදාල රුධිර වේ. • එහෙත් එය නොනැවතී පිටවෙන්නේ නම් එවිට එය ඉස්තිහාලාහ්වට අදාල රුධිර බව සැලැකිය යුතුය. අල්-මුග්නි: 253/1

මෙම මතය අල් මුග්නී යන කෘතියේ සදහන් වන මතයට සමීප වූවකි. ඉමාම් මාලික් (රහ්) තුමා පැවසූ බව මෙම ග්රන්ථයෙහි මෙසේ සදහන්කොට ඇත. ඇයගේ රුධිර පිටවීම නැවතී දින දෙක තුනකට පසුව නැවතත් පිටවෙයි නම් එය නිෆාසයේ රුධිරය වේ. නැතහොත් එය ඔසප් වීමේ රුධිරය වේ. ෂෛයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියියාහ් (රහ්) තුමාද මෙම මතයට එකඟ වෙයි.

ඇත්තෙන්ම මෙම රුධිර සම්බන්ධව සැකයක් තිබිය නොහැක. එනමුත් මිනිසුන්ගේ ඥානය, වටහා ගැනීම යනාදිය පදනම්කොට ගෙන මේ ගැන වවිධ අදහස් ඔවුන් තුළ ඇත. අල්ලාහ් පහළ කළ අල්කුර්ආනය, ඔහුගේ නබි මුහම්මද් (සල්) තුමාගේ හදීස් වැකි වල සියළු දෑ ඉතා පැහැදිලිව සඳහන් වී ඇත. අල්ලාහ් දෙවිඳුන්, උපවාසයේ යෙදීම, තවාෆය ඉටුකිරීම යනාදී කර්තව්යයන් ඉටුකිරීමේ දී පළමු වතාවට යම් වැරදීමක් ඇතිවුවොහොත් හැර එම කර්තව්යයන් දෙවරක් ඉටු කළ යුතුයි යැයි අනිවාර්ය කර නැත. එහෙත් කවරෙකු හෝ වේවා ඔහුගේ හෝ ඇයගේ ශක්තියේ තරමට ඔවුන් අනිවාර්ය වූ නැමදුම් හා අනෙකුත් ක්රියාවන් ඉතා යහපත්ව ඉටුකරන්නේ නම් ඔහු හෝ ඇය තමාගේ වගකීමෙන් නිදහස් වන්නේය. අල්ලාහ් දෙවිඳුන් මෙසේ පවසා ඇත: අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. (අල්-බකරා: 286) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය: එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. (අත්-තඝාබුන්: 16) අල් මුග්නි: 253/1

5.යම් ස්ත්රියකට සාමාන්ය වශයෙන් ඔසප් වීම ඇතිවී පිරිසිදු වන කාලයට පෙර ඇය පිරිසිදුවන්නේ නම් ඇය සමග සංසර්ගයේ යෙදීමට අවසර ඇත.නමුත් නිෆාසය සම්බන්ධව හන්බලී මද්හබයේ පැහැදිලි මතය අනුව සංසර්ගයේ යෙදීමට කැමැත්තක් දක්වා නැත. මේ සම්බන්ධ ව ඇති නිවැරදි මතය නම් මෙයට අවසරයක් ඇත යන්නය. මෙය ද බොහෝ මුස්ලිම් විශාරදයින්ගේ මතය වෙයි. යම් කරුණක් සම්බන්ධව කැමැත්තක් හෝ අවසරයක් නැති බවට තිරණය කිරීමට නම් ඒ සදහා ඉස්ලාමීය නීති රීතීන් තුළින් සාක්ෂි අවශ්ය වන්නේය. මේ සම්බන්ධව ඉමාම් අහ්මද් තුමා වාර්තා කරන පහත සඳහන් දෑ හැර වෙනත් සාක්ෂි කිසිවක් නොමැත. එතුමා වාර්තා කරන්නේ මෙයයි :අබී අල් ආස්ගේ පුත් උස්මාන් වෙත ඔහුගේ භාර්යාව ඇයගේ (නිෆාසයේ) දින හතළිහේ කාල සීමා සම්පූර්ණ වීමට පෙර ඔහු වෙතට සමීපවෙයි. එවිට ඔහු (ස්වාම පුරුෂයා වන උස්මාන්) "සමීප නොවන්න " යනුවෙන් පැවැසුවේය

මෙම ස්ද්ධිය එම කාන්තාවගේ ක්රියාව ඇගේ ස්වාමි පුරුෂයා විසින් තරයේ ප්රතික්ෂේප කළ බවට පැහැදිලි සාක්ෂියක් නොවේ. ඔහු එලෙස කීමට හේතුව ඇය නිෆාසයෙන් පිරිසිදු වුයේ ද නැද්ද යනුවෙන් නොදන්නවා විය හැකි බව සිතන්නට ඇත. නැතහොත් ඇය සමග සංසර්ගයේ යෙදීමෙන් නැවතත් රුධිර පිටවෙන්න පුඵවන් බව සිතන්නට ඇත. නැතහොත් වෙන හේතූන් තිබිය හැකිය. අල්ලාහ් සියඵ දේ දනී. [70] ‘අල් මුග්නී’ (2/252), තවද උස්මාන් බින් අබිල් ආස් තුමාගේ වාර්තාව අබ්දුර් රස්සාක් තුමා විසින් ‘අල් මුසන්නෆ්’හි (1202) ද, ඉබ්නු අබී ෂයිබා තුමා විසින් ‘අල් මුසන්නෆ්’හි (17450) ද, අද් දාරිමි තුමා විසින් ‘අස් සුනන්’හි (990) ද, ඉබ්නුල් ජාරූද් තුමා විසින් ‘අල් මුන්තකා’හි (118) ද වාර්තා කර ඇත.

7. ඔසප් වීම වළක්වා ගැනීම, උපත් පාලනය හා ගබ්සාව.

ඔසප් වීම වළක්වාගැනීමට යොදාගන්නා උපක්රම කොන්දේසි දෙකක් යටතේ පිළිගත හැක.

පළමුව: ඇයට එයින් හානියක් සිදුවේ යැයි බියක් ඇත්නම් එය අනුමත නොවේ. මක්නිසාද සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නො හෙළනු. (අල්-බකරා: 195) තවද නුඹලා නුඹලාව ම ඝාතනය නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය. (අන්-නිසා: 29)

දෙවැන්න: ස්වාමිපුරුෂයාට මේ සම්බන්ධයෙන් අදාලත්වයක් පවතින්නේ නම් ඇය ඔහුගේ අවසරය ඇතිව සිදු කළ යුතුයි, එනම් ඇය වියදම් කිරීමට බැඳී සිටින ආකාරයෙන් ඇය ඔසප් වීම වළක්වන දේ භාවිතා කරයි; ඔසප් වීම දීර්ඝ වීමටත්, ඇය වෙනුවෙන් වියදම් කිරීමටත්, ඔහුගේ අවසරයකින් තොරව එම අවස්ථාවේ ඔසප් වීම වළක්වන කිසිවක් භාවිතා කිරීමට ඇයට අවසර නැත. එමෙන්ම, ඔසප් වීම වැළැක්වීම නිසා ගැබ් ගැනීම වැලැක්වෙයි යනුවෙන් ඔප්පු වී ඇත්නම්, එවිට සැමියාගේ අවසරය අවශ්ය වේ. මෙවැන්නක් භාවිතා කිරීමට අවසරයක් තිබුණද අත්යවශ්ය හේතුවකදී හැර මේවා භාවිතා කිරීමෙන් වැළැකී සිටිය යුතුයි. මක්නිසාද යත් ස්වභාවධර්මයේ පැවැත්ම එලෙසම පවත්වා ගෙන යාම වැළැක්වීම අපේ යහපත් සෞඛ්ය තත්වය හා ආරක්ෂාව වෙනස් කිරීමට වෑයම් කිරීමක් වන බැවිනි.

ඔසප් වීම ඇතිවීම පිණිස යමක් (බෙහෙත් වැනි දෙයක්) භාවිතය සම්බන්ධයෙන්, එය කොන්දේසි දෙකක් යටතේ භාවිතා කිරීමට අවසර ඇත:

පළමුව - අල්ලාහ් තආලා උදෙසා ඉටුකල යුතු සලාත් සහ උපවාසයේ යෙදීම් වැනි ඉබාදතයන්ගෙන් තමන්ව වලක්වා ගැනීමේ අදහසින් මෙම බෙහෙත් හෝ වෙනත් දෑ භාවිතා කිරීම නොකල යුතුයි.

දෙවනුව- ස්වාමි පුරුෂයා දැනුවත් කර මේ සදහාද ඔහුගේ අනුමැතිය ලබා ගැනීම අවශ්ය වේ. මෙම බෙහෙත් භාවිතය නිසා නොකඩවා හට ගන්නා ඔසප් වීම් තුලින් සිය ස්වාමි පුරුෂයාට ඇය සමග සංසර්ගයේ සතුට ලබාගැනීම ඇති ඉඩකඩ නැතිවී යන්නේය. එහෙයින් ඔහුගේ අයිතිය උල්ලංඝනය වන පරිදි කිසිවක් නොකළ යුතුයි.

• උපත් පාලන ක්රමයන් අනුගමනය කිරීම. මේ සඳහා කොන්දේසි දෙකක් ඇත.

පළමුව - ගැබ් ගැනීම සම්පූර්ණයෙන්ම වළක්වාලීම සදහා අනුගමනය කරන්නේ නම් මේ සදහා අනුමැතියක් නැත. හේතුව: අ) මුස්ලිම් වරුන්ගේ ජනගහනය වැඩි කර ගැනීමට අවශ්ය බැවිනි. මෙම ක්රමය ජනගහනයේ වර්ධනය අඩුකරයි. ආ) දූ දරුවන් කොපමණ සිටියත් ඔවුන්ගේ ජීවිත පැවත්ම අවිනිස්චිතය. එබැවින් අනාගතය ගැන අවධානම් සහිතව ජීවත් විය යුතු අතර ගැබ් ගැනීම නතර කිරීම ගැන ප්රවේසම් විය යුතුයි.

දෙවනුව - තාවකාලික ව ගැබ් ගැනීම වළක්වාලීම පිණිස, එනම් කීප වරක් ම ගැබ් ගත් ස්ත්රියක් විසින් නැවත නැවත ගැබ් ගැනීමෙන් ඇය දුර්වල තත්වයකට පත්වෙන බව හැගෙන්නේ නම් එවැනි අවස්ථාවකට මෙය සුදුසු වන්නේ ය. තවද ස්ත්රියක් තමාගේ ගැබ් ගැනීම අවුරුදු දෙකකට වරක් බැගින් ක්රමවත් ලෙස පවත්වාගෙන යාමට ඇයගේ සැමියාද එයට අවසර දුන්නේ නම් සහ ඇය අනුගමනය කරන්නට යන උපත් පාලන ක්රම නිසා ඇයට හානියක් නැති බවට විශ්වාසයක් ඇත්තේ නම් ඇයට ඒ සදහා අනුමැතිය දිය හැකිය. සහාබාවරු සංසර්ගයේදී ශුක්ර ධාතු තම භාර්යාවන්ගේ යෝනිය තුලට ඇතුල්වීම වැළැක්වූහ. නබි තුමා මොවුහු මෙසේ කිරීම වැළැක්වූයේ නැත.මෙයට අස්zල් යැයි කියනු ලැබේ.අස්zල් යනු යම් කෙනෙක් තම භාර්යාව සමග සංසර්ගයේ හැසිරෙන සමයෙහි ධාතු පිටවෙන්නට යන බව හැගෙන කළ තම ශිශ්නය ඇයගේ යෝනියෙන් පිටතට ගෙන ධාතු පිට කිරීම අරාබියෙන් අස්ල් යනුවෙන් හඳුන්වනු ලැබේ.

• ගබ්සා කිරීම- මෙය කොටස් දෙකකට වර්ග කළ හැකිය. [71] ජාබිර් (රලියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය, ‘නිකාහ්’ නම් පාඩමේ, බුහාරි තුමා විසින් ‘අල්-අස්ල්’ නම් පරිච්ඡේදයේ හදීස් අංක (5209) යටතේ ද, මුස්ලිම් තුමා විසින් ‘අස්ල් කිරීමේ නීතිය’ නම් පරිච්ඡේදයේ හදීස් අංක (1440) යටතේ ද වාර්තා කර ඇත.

පළමුව- මවකගේ ගර්භාෂය තුළ ඇති කළලය ඉවත් කිරීමට සිතීම. ගර්භාෂය තුළ ඇති කළලයට ජීවය දුන් පසුව මෙසේ කිරීමට අදහස් කරන්නේ නම් එය නීති විරෝධි ක්රියාවක් බවට කිසිදු සැකයක් නොමැත. හේතුව මෙය එක් ජීවයක් මැරීමේ භයානක ක්රියාවක් වීමයි. මෙසේ ජීවියක් මැරීම කුර්ආන් සුන්නාහ් ඉජ්මා ආදියේ අදහසට අනුව හරාම් හෙවත් තහනම් වූ ක්රියාවකි. සමහර විට ගර්භාෂය තුළ ඇති කළලයට ජීවය දීමට පෙර ගබ්සා කරනු ලබන්නේ නම් එය අනුමත කළ හැකි බව සමරහර විද්වතුන් පවසයි. තවත් සමහරු එය අනුමත් නොකරයි.සමහර විද්වතුන් එය අලකා හෙවත් ලේකැටියක්ව පරිවර්තනය වීමට පෙර එසේ කිරීමට හැකි බව පවසයි. එනම් ගැබ් ගෙන දින 40 කට අඩු කාලයකදී එසේ කල හැකි බව ඔවුන්ගේ අදහසයි. වෙනත් සමහර විද්වතුන්ගේ අදහස් අනුව කළලය මිනිස් හැඩරුව ගන්නා තුරු මෙය අනුමත කල හැකි බව පවසයි.

ඒ කෙසේ වෙතත් සාධාරන හේතුවකින් තොරව එසේ නොකල යුතු බව ඉස්ලාම් විද්වතුන්ගේ මතතයි. එය නිවැරදි මතයක් ලෙස පිළිගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ගර්බනී කාන්තාවට ලෙඩරෝගයක් ඇති වීම වැනිය.මෙම අවස්ථාවේදී කළලය මිනිස් හැඩරුවක් නොගත්තේ නම් ගබ්සා කල හැක.එසේ නොමැති විටක ගබ්සා කල නොහැක.

දෙවනුව, ගබ්සා කිරීම:- ගර්භාෂයේ බීජයට හානි කිරීමට චේතනාවක් නොවීම. ශල්ය කර්මයක් අවශ්යවුවහොත් ඒ සදහා අපගේ අවධානය යොමු කළයුතු කරුණු හතරක් ඇත.

අ) මව හා ඇගේ ගර්භාෂය තුළ සිටින නූපන් දරුවා ද ජීවත් ව ඇත්නම් : මෙවැනි අවස්ථාවක ඇත්තෙන්ම ශල්ය කර්මයක් අවශ්යවුවහොත් පමණක් එය අනුමත කල හැක. එනම් දරු ප්රසූතියේදී අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන බවට බියක් ඇති විටක එය අනුමත කල හැක. යහපතක් උදෙසා මිස වෙනත් හේතූන් මුල්කරගෙන ශල්ය කර්ම නොකල යුතුයි. එයට හේතුව නම් මිනිසාගේ ශරීරය යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිදුන් විසින් ලබා දුන් එක් වරප්රසාදයකි.එය ආරක්ෂා කල යුතුය.එහෙයින් අත්යවශ්ය වූවානම් පමණක් මෙසේ ශල්ය කර්මයක් කල හැක.

ආ) මව සහ ගර්භාෂයේ සිටින දරුවා මරණයට පත් වී සිටින්නේ නම් :මෙවැනි ශල්ය කර්මයක් අවශ්යවන්නේ නැත.

ඇ) මව ජීවත්ව සිටියදී ගර්භාෂයේ සිටින දරුවා මරණයට පත් වී සිටින්නේ නම්: මෙවැනි අවස්ථාවක දරුවා ඉවත් කිරීම සඳහා ශල්ය කර්මයක් අවශ්ය වේ.මෙසේ ශල්ය කර්මයක් කිරීමෙන් හැර කළලය ඉවත් කළ නොහැක.මෙසේ ශල්ය කර්මයක් නොකර කළලය මවගේ කුසෙහි රඳා පවතී නම් ඇයට අනාගතයේදී ගැබ් ගැනීමේ අවස්ථාව ලැබීමට නොහැකි වන අතර වෙනත් අතුරු ආබාධද ඇති විය හැක.

ඈ) මව මරණයට පත්ව සිටියදී ගර්භාෂයේ සිටින දරුවා ජීවතුන් අතර සිටී යැයි බලාපොරොත්තු වූයේ නම් මෙවැනි අවස්ථාවක දරුවා බේරාගැනීම සදහා ශල්ය කර්මයක් කර දරුවා ඉවත් කිරීම අවශ්ය වේ.එසේ නොමැති විටක ශල්ය කර්මයක් නොකළ යුතුයි.

ඉහත සඳහන් කළ ආකාරයට එම දරුවා ජීවතුන් අතර සීටී යැයි බලාපොරොත්තු වන අවස්ථාවක ගත යුතු පියවර නම්: එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට පැමිණ තිබුණේ නම් ශරීරයේ අනෙකුත් අවයවයන් පිටතට ගැනීම සඳහා ශල්ය කර්මයක් කළ යුතුයි.එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට නොපැමිණ තිබුණේ නම් මද්හබ් විද්වතුන්ගේ මතයට අනුව ශල්ය කර්මයක් නොකළ යුතුයි. එයට හේතුව නම් මෙසේ කිරීමෙන් එම දේහයට වද දිමක් ඇති වන නිසාය. (එනමුත් නිවැරදි මතය නම් එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට නොපැමිණ තිබුණේ නම් මෙම අවස්ථාවේදී ශල්ය කර්මයක් කළ හැකිය) ඉබ්නු හුබෙයිරා නැමැති විද්වතාගේ මතයද මෙය වේ. මෙම මතය ඉතා සුදුසුයි යනුවෙන් අල් ඉන්සාෆ් නැමැති කෘතියෙහි සඳහන් කර ඇත.

මෙම කෘතියෙහි කතෘ වරයා මෙසේ පවසයි: විශේෂයෙන් මේ කාලයට මෙම මතය ඉතා ගැලපේ.එයට හේතුව නම් ශල්ය කර්මයක් යනු වද දීමක් නොවේ.මිය ගිය තැනත්තාගේ ගෞරවයට වඩා ජීවතුන් අතර සිටින මෙම දරුවා ඉතා වටින්නේය.ඒ විතරක් නොව කිසිම පවක් නොකර ජීවතුන් අතර සිටින මෙම දරුවා ආරක්ෂා කළ යුතුව ඇත. මැනවින් දන්නා අල්ලාහ්ය (72) අල්-ඉන්සාෆ් 556/2.

සැළකිය යුතුයි: පෙර සඳහන් කළ ආකාරයට ගබ්සා කිරීම අනුමත කරන සෑම අවස්ථාවක ම සිය සැමියාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්ය වේ.

අවසාන වශයෙන් වචනයක් මෙම ග්රන්ථයට අදාල මාතෘකාව යටතේ මෙහි අදහස් දක්වා ඇත. මෙහි අඩංගු වී ඇත්තේ මෙයට අදාල මූලික අදහස් පමණී. මෙයට අදාල අතිරේක කරුනු මෙහි සඳහන් නොකලෙමි. යහපත් චේතනාවෙන් මෙහි ඇති අදහස් හොදින් වටහාගෙන ඉතා හොදින් එවෙනි අතිරේක කරුනු මෙහි ඇති මූලික අදහස් සමඟ සංසන්දනය කර ඒවා ක්රියාවට නංවන්නට හැකිවේ යැයි මගේ විශ්වාසයයි.

මුෆ්තී හෙවත් ආගමික තීරණය ජනයා වෙත ලබා දෙන්නා යනු අල්ලාහ්ගේ සහ ඔහු වක්තෘගේ නියමයන් ජනතාවට ඉදිරිපත් කරන කෙනෙක් පමණක් බව වටහාගත යුතුයි.පාඨකයාගේ යුතුකම වන්නේ මෙය හොදින් කියවා අවබෝධ කර ගැනීමයි. ඔහු අල්ලාහ්ගේ අල් කුර්ආනය සහ මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් මගපෙන්වීම උපයෝගී කරමින් ඔහු ජනයින් වෙත පවසන සෑම මතයක් සඳහාම ඔහුම වගකිව යුතුය. මෙය හැරන්නට කිසිවක් අනුගමනය කිරීමට උත්සහ නොකළ යුතුය. මුෆ්තී විසින් අල්ලාහ්ගේ අල් කුර්ආනය සහ මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් යන විෂයන් දෙක ගැන මනා අවබෝධයකින් යුක්ත විය යුතු අතර ඒවා සම්බන්ධව නිසි පර්යේෂණයක් කිරීමත් තමන් තීරණයක් ගැනීමට යන විෂය වෙනත් විද්වතුන්ගේ අදහස් සමග සැසදිය යුතුය. තවද වැරදි මත ඉදිරිපත් වීමේදී ඒවා පිළි නොගත යුතුයි.

කෙසේ වෙතත් ඔහු විසින් යහපත් චෙතනාවකින් අල්කුර්ආන් සහ අස්සුන්නාහ් වෙත සමීප වී ඒවා පාදක කරගෙන තීරණ ගැනීමේදි එය සඳහා අල්ලාහ් දෙවිඳුන්ගෙන් ස්ථාවරත්වය සහ සාර්ථකත්වය සඳහා උදව් උපකාර පැතිය යුතුයි.

අල්කුර්ආනයට සහ අල්සුන්නාහ්වට එකග නොවන යමක් ප්රකාශ කර ඇත්නම් හෝ ඒ සම්බන්ධව ලියවී ඇත්නම් එවැනි වැරදි කිසිවක් ක්රියාවට නැගීමට හෝ අනුගමනය කිරීමට හෝ උත්සහ නොවිය යුතුය. යම් මුජ්තහිද් කෙනෙක් විසින් ගෙන හැර දැක්වූ තීරණයක් හෝ නිගමනයක් එය වැරදි බව නිශ්චිත ලෙස දැන ගතහොත් ඔහු එය ක්රියාවට නැංවීමෙන් වැළකී සිටිය යුතුය.

කෙනෙකුට යම්කිසි කරුණක් පිළිබඳව මනාව පැහැදිලි කරගැනීම සඳහා තමන් හට තිබෙන ඉස්ලාමීය නුවණට අනුව විද්වතුන්ගේ අදහස් සොයා එයින් තම හෘදය පිළිගත් උත්තර ඔහුට සොයා ගැනීමට නොහැකි වන අවස්ථාවක අල්කුර්ආනය හා අල්හදීසය වෙත පැමිණීමෙන් ඔහුට එම කරුණ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි. ඔහු අල්කුර්ආනය සහ සුන්නාහ් අධ්යයනය කිරීමේදී, අවංකභාවය, දැනුම සහ අවබෝධය අනුව එහි අඩංගු කරුණු පැහැදිලිව වටහාගැනීමට හැකි වනු ඇත.

ආගමික ගැටලුවක් ඇති වූ විට ඒ සඳහා විසඳුම් දෙන මුෆ්ති කල්පනාකාරී විය යුතු අතර ඉක්මන් නොවිය යුතුය. සමහර විට තීන්දු තීරණ දීමේදී කොතරම් ඉක්මන් වුනාද, පසුව හොඳින් සලකා බැලීමෙන් පසු ඔහුට වැරදී සිදු වූ බව පැහැදිලි විය, ඔහු ඒ ගැන පසුතැවිලි වන අතර සමහර විට ඔහු විසින් දුන් තීන්දු ඔහුට නැවත නිවරදි කිරීමට නොහැකි වනු ඇත.

කිනම් හෝ විශයක් පිළිබඳව ඔහු වෙත කරුණු කාරනා ඉදිරිපත් වන අවස්ථාවකදී මොහු ඉක්මන් තීරණයක් ගැනීමට තැත් කළේ නම් මිනිසුන් ඔහු මත තබා ඇති විශ්වාසය මගහරිනු ඇත. මෙවන් මුෆ්ති වරයෙකුගේ ඉක්මන් තීරණ ගැනීමෙන් හා වැරදි තීරණ ගැනිමෙන් අනෙකුත් සාමාන්ය මිනිසුන් නොමග යෑමට හැක.

එහෙයින් උත්තරීතර වූ අල්ලාහ් අප හා අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් යහමග යවන මෙන් ප්රාර්ථනා කර සිටිිිමු. තව ද ඔහුගේ ආරක්ෂාව අප සැමට ලබා දෙන මෙන්ද, වැරදි හා පාප ක්රියාවන් හි යෙදීමෙන් අප ආරක්ෂා කර දෙන ලෙසද අයැද සිටිමු. ඔහු ඉතාමත් ත්යාගීශීලීය. ඔහුගෙන් අයද සිටින්නන් හට නොපසුබටව පිහිට වන්නේය. අල්ලාහ් ඔහුගේ ශාන්තිය සහ සමාදානය මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමා වෙතද එතුමාගේ හිතමිතුරන් වෙතද යහපත් අන්දමින් ඔවුන්ව අනුගමනය කළ සියලු දෙනා වෙතද ලබා දෙත්වා! සියලු ප්රශංසා අල්ලාහ්ටම හිමි වේවා, ඔහුගේ කරුණාවෙන් සියලු යහපත් ක්රියාවන් ඉටු වේ.

අවසන් විය.-අල්ලාහ්ට යටහත් මම

මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්

සිකුරාදා දින උදෑසන

හිජ්රි 1392 ෂඃබාන් මස 14

*