عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්‍රතිඵල පෙරන්න
කාඩ්පත් 838
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්‍රන්ථය
ඉතිරි මූලාශ්‍ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (234)
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද්, තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇති අතර ඉබ්නු හිබ්බාන් ඉමාම් විසින් තම සහීහ් ග්‍රන්ථයෙහි ද, අල් හාකිම් විසින් ද වාර්තා කොට ඇත.
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, ඉබ්නු මාජහ් සහ ඉබ්නු හිබ්බාන් යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
"කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන්ගේ දේවවිශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.