මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් උදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා
"බිස්මිල්ලාහිල්ලදී ලා යළුර් රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස් සමාඉ වහුවස් සමීඋල් අලීම්"
තේරුම: අහස් හා පොළොව තුළ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. ඔහු සියල්ල අසා සිටින්නාය. සර්වඥය. (තුන් වරක්)
"රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබි මුහම්මදින් නබිය්යන්"
තේරුම: අල්ලාහ්ව පරමාධිපති ලෙසත් ඉස්ලාමය ආගම ලෙසත් මුහම්මද් තුමා වක්තෘවරයාණන් ලෙසත් මම පිළිගනිමි. (තුන් වරක්)
"අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, රබ්බි අස් අලූක හඃයිර මා ෆි හාදල් යව්මි වහඃයිර මා බඃදා, වඅඌදු බික මින් ෂර්රි මා ෆී හාදල් යව්මි වමින් ෂර්රි මා බඃදහු, රබ්බි අඌදුබික මිනල් කස්ලි, වල් හරමි, වසූඉල් කිබරි, වඅඌදු බික මින් අදාබින් නාරි වඅදාබිල් කබ්රි"
තේරුම: අපි උදේ කාලයට උදාවුනෙමු. පාලනය කිරීමේ ශක්තිය අල්ලාහ්ටම හිමි වේ. සියලු ප‍්‍රශංසා අල්ලාහ් සතුය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. ඔහු එකීයය. අසමසමය. පාලනය ඔහු සතුය. සියලු ප‍්‍රශංසා ඔහුටමය. ඔහු සියලු දේ කෙරෙහි තම බලය පවත්වයි. මගේ පරමාධිපතියාණනි! අද දවසේ හා අදින් පසු සිදුවිය හැකි යහපත මම ඔබෙන් පතමි. තවද අද දවසේ හා අදින් පසුව සිදුවිය හැකි හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි. මාගේ පරමාධිපතියාණනි! උදාසීනත්වය හා මහළු වයෝවෘද්ධ භාවයෙන් (වියහැකි හානිවලින්) ආරක්ෂාව පතමි. මගේ පරමාධිපතියාණනි, අපා ගින්නේ හා කබ්රයේ වේදනාවෙන් මම ආරක්ෂාව පතමි. සවස් කාලයේ මෙසේ පවසයි: "අම්සයිනා වඅම්සල් මුල්කු ලිල්ලාහ්..."
තේරුම: අපි සැන්දෑ කාලයට පැමිණියෙමු. පාලන බලතල අල්ලාහ්ටම හිමිය. තව දුරටත් මෙසේ පවසයි. "රබ්බි අස් අලූක හඃයිර මා ෆි හාදිහිල් ලෙය්ලති..." තේරුම: අහෝ පරමාධිපතියාණනි! මේ රාත්‍රියේ ඇති යහපත මම ඔබෙන් පතමි. (ඉහත සඳහන්ව වාක්‍ය) අවසානය දක්වාම අනුගමනය කෙරෙයි. එය "අස්බහ්නා වඅස්බහ" යන ප්‍රකාශය හා "හාදල් යව්ම" යන ප්‍රකාශය වෙනුවටය.
"අල්ලාහුම්ම බික අස්බහ්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකන් නුෂූර්"
තේරුම: යා අල්ලාහ් ඔබ තුළින්ම අපි උදෑසනට පිවිසියෙමු. එලෙසම සවස් කාලයටද පිවිසෙන්නෙමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත රැස්කරනු ලබනුයේ ඔබ වෙතටමය. සවස් කාලයේ මෙසේ පවසයි: "අල්ලාහුම්ම බික අම්සයිනා වබික අස්බහ්නා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකල් මසීර්."
තේරුම: යා අල්ලාහ් ඔබ තුළින්ම අපි සන්ධ්‍යා කාලයට පිවිසියෙමු. ඔබ නිසාම උදෑසනට පිවිසියෙමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේ ඔබ වෙතටමය.
"අල්ලාහුම්ම මා අස්බහ බී මින් නිඃමතින් අව් බිඅහදින් මින් හඃල්කික ෆමින්ක වහ්දක ලා ෂරීක ලක ෆලකල් හම්දු වලකෂ් ෂුක්රු"
තේරුම: යා අල්ලාහ් මට හෝ ඔබ මැවූ ඕනෑම ජීවියකුට හිමිදිරි උදෑසන පහළ වන යම් ආශිර්වාදයක් ඇත්නම් එය ඔබ වෙතින්ය. ඔබ ඒකීයය. තවද කිසිදු හවුල්කරුවකු ඔබට නැත. ප‍්‍රශංසා සියල්ල ඔබ සතුය. සියලු කෘතඥතා ඔබටම හිමිය. සවස් කාලයේ මෙසේ පවසයි: "...මා අම්සා බී..." යැයි පවසයි.
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ආෆියත ෆිද් දුන්යා වල්-ආහිඃරා, අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී, අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් රව්ආතී අල්ලාහුම්ම අහ් ෆල්නී මින් බයිනි යදයිය’ වමින් හඃල්ෆි වඅන් යමීනී. වඅන් ෂිමාලී වමින් ෆවිකී, ව අඌදු බි අළමතික අන් උඃතාල මින් තහ්තී"
තේරුම: අහෝ දෙවිඳුනි! මොලොව හා මතුලොව සුවය මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ ආගම, මගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සැප සම්පත්වල යහපත ද මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසන් කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහළ යන දිශාවන්වන් ගෙන් ආරක්ෂාව සලසනු මැනව. ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් මට පහලින් විය හැකි අනතුරුවලින් මම ආරක්ෂාව පතමි.
"අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හඃලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු, අඌදු බික මින් ෂර්රි මා සනඃතු, අබූඋ ලක බිනිඃමතික අලෙයිය, වඅබූඋ බිදන්බී ෆග්ෆිර්ලි ෆඉන්නහූ ලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත."
තේරුම: අහෝ දෙවිඳුනි! මගේ පරමාධිපති ඔබය. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මා ඔබේ වහලාය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දෑහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් පතමි. ඔබ මට ලබාදුන් දායාදයන් මගින් ඔබ වෙතට මා නැඹුරු වෙමි. තවද මා කළ පාපයන් මම පිළිගනිමි. එනිසා මට සමාව දෙනු මැනව. නියත වශයෙන්ම ඔබ හැර පාපයන්ට සමාව දීමට වෙනත් කිසිවකු නැත.
"අල්ලාහුම්ම ෆාතිරස් සමාවාති වල් අර්ලි, ආලිමිල් ගයිබි වෂ්ෂහාදති, රබ්බ කුල්ලි ෂෙයිඉන් වමලීකිහි, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත, අඌදු බික මින් ෂර්රි නෆ්සී, වමින් ෂර්රිෂ් ෂෙයිතානිහි ව ෂිර්කිහි, වඅන් අක්තරිෆ අලා නෆ්සී සූආ අව් අජුර්රහූ ඉලා මුස්ලිම්"
තේරුම: අහස් හා පොළොව මැවූ, සැඟවුන හා නොසැඟවු සියල්ල දන්නා දෙවිඳුනි! සියලූ දෑහි පරමාධිපතියනි! හිමිපාණනි! නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැති බව මම සාක්ෂි දරමි. මාගේ සිතෙහි ඇති විය හැකි නපුරෙන් ද ෂෙයිතාන්ගෙන් ඇතිවිය හැකි හානියෙන් ද යමක් ආදේශ කිරීමෙන් ද මට විරුද්ධව නපුරක් කිරීමෙන් හෝ මුස්ලිම්වරයෙකුට මා විසින් සිදු කිරීමෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි.
"අල්ලාහුම්ම ඉන්නී අස්බහ්තු උෂ්හිදුක වඋෂ්හිදු හම්ලත අර්ෂික වමලායිකතක වඅන්බියාඅක වජමීඅ හඃල්කික බි අන්නක අන්ත අල්ලාහු, ලා ඉලාහ ඉල්ලා අන්ත වඅන්න මුහම්මදන් අබ්දුක වරසූලුක."
තේරුම: යා අල්ලාහ්, ඔබ හැර වෙනත් දෙවියකු නැති බවත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔබේ ගැත්තා හා දූතයාණන් බවත් මම ඔබ මත සාක්ෂි දරමින් හා ඔබේ අර්ෂය දරා සිටින මලක්වරුන් ඔබේ වක්තෘවරුන් හා ඔබේ සියලුම මැවීම් මත සාක්ෂි දරමින් මම උදෑසනට පිවිසුනෙමි. සවස් කාලයේදී "අල්ලාහුම්ම ඉන්නී අස්බහ්තු..." වෙනුවට අල්ලාහුම්ම ඉන්නී අම්සෙයිතු... යනුවෙන් පවසමින්, එහි අවසානය දක්වාම පැවසිය යුතුය. (සිව් වරක්)
"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්."
තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යය ඔහු සතුය. සියලු ප‍්‍රසංශා ද ඔහු සතුය. සියලු දෑ කෙරෙහි ඔහු බලය දරන්නාය. උදේ හා සවස (සිය වාරයක්)
"හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුව අලෙයිහි තවක්කල්තු වහු ව රබ්බුල් අර්ෂිල් අළීම්."
තේරුම: අල්ලාහ්ම මට ප‍්‍රමාණවත්ය. නමැදුමට සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවෙක් නැත. (මගේ සියලුම කාර්යයන්) මම ඔහුටම භාර කර, විශ්වාසය තබමි. ඔහු මහා රාජ්‍යයේ පරමාධිපතිය. (සත් වාරයක්)
"සුබ්හානල්ලාහි වබිහම්දිහි"
තේරුම: අල්ලාහ් තම ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය. (සිය වාරයක්) උදේ හෝ සවස එසේ නැතිනම් දෙවෙලේම.
"අස්තග්ෆිරුල්ලාහ ව අතූබු ඉලෙයිහි"
තේරුම: අල්ලාහ්ගෙන් පාප ක්ෂාම අයැද ඔහු වෙතට යොමු වෙමි. (සිය වාරයක්)
මෙය ලියන ලද පහසු වදන් පේළි කිහිපයකි. මෙමගින් ප්‍රයෝජනය ලබන්නට මම සර්වබලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි.
මුහම්මද් අස්-සාලිහ් අල්-උසෙය්මීන් විසින් ලියන ලද්දකි. හිජ්රි 20-1-1418