ما لا يسع أطفال المسلمين جهله
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
ඉබ්නු අබූ සෙzයිද් අල් කයිරුවානී පිළිබඳ හැඳින්වීම (පිටුව 5)
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
මෙය අහ්ලුස් සුනන් ඉමාම්වරුන් විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
(මූලාශ්‍රය: අබූ දාවූද්)
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය ඉමාම් අහ්මද්,ඉමාම් තිර්මිදි තුමා සහ වෙනත් අය විසින්ද දැනුම් දී ඇත.
මෙය අහ්ලුස් සුනන් ඉමාම්වරුන් විසින් වාර්තා කොට ඇත.
(මූලාශ්‍රය: බුහාරි)
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
(මූලාශ්‍රය: බුහාරි)
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇති අතර එහි මූලය සහීහ් ග්රන්ථ දෙකෙහි සඳහන් වේ.
මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.
මෙම හදීසය මුස්ලිම් සහ අහ්මද් මූලාශ්‍ර ග්රන්ථයෙහි සහ වෙනත් මූලාශ්‍රයන්හි වාර්තා වී ඇත.
මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
(මූලාශ්‍රය: බුහාරි)
මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.
මෙය ඉමාම් ඉබ්නු මාජා, හා ඉමාම් මාලික් විසින් අල්-මුවත්තාහි වාර්තා කොට ඇත.
මෙය තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත
මූලාශ්‍රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මූලාශ්‍රය: ඉමාම් බුහාරි ඇතුළු ව වෙනත් මූලාශ්රයවල සඳහන් වී ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
තිර්මිදී විසින් වාර්තා කර ඇත. තවද මෙය හසන් සහීහ් වර්ගයට අයත් හදීසයක් වේ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මූලාශ්‍රය බුහාරි.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙය ඉමාම් තිර්මිදි විසින් හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මූලාශ්‍රය බුහාරි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
මූලාශ්‍රය : බුහාරි සහ මුස්ලිම්.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් දාරමී විසින් වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මූලාශ්‍රය බුහාරි.
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
මූලාශ්‍රය බුහාරි.
මූලාශ්‍රය බුහාරි.
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
මූලාශ්‍රය බුහාරි.
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
මෙය ඉමාම් අහමද් හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත
මූලාශ්‍රය බුහාරි.
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙය තබරානී හා ඉබ්නු අබී ෂයිබා යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.
මූලාශ්‍රය: බුහාරි
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.
(මූලාශ්‍රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය තිර්මිදි හා දාරමී යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
මෙය තිර්මිදි, අබූ දාවුද්, හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත
මෙය ඉමාම් මුස්ලිම් සහ ඉමාම් අබූ දාවූද් යන අය විසින් වාර්තා කොට ඇති අතර මෙහි සඳහන් පද පෙළ ඉමාම් අබූ දාවූද් තුමාට අයත් වේ.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය අබූ දාවූද්, අහ්මද්, හා තිර්මිදි යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු විසින් දන්වා ඇත.
මෙය හාකිම් හා තබරානී යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මූලාශ්‍රය: බුහාරි
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් අහ්මද් විසින් මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
මූලාශ්‍රය: බුහාරි
මූලාශ්‍රය: බුහාරි
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය ඉමාම් තිරමිදි හා ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත.
මූලාශ්‍රය: බුහාරි
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
මෙය ඉමාම් අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
අල් බුහාරි.
මූලාශ්‍රය බුහාරි
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.
(මූලාශ්‍රය: අබූ දාවූද්, ඉබ්නු මාජා සහ වෙනත් අය)
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මූලාශ්‍රය: බුහාරි
මෙය අබූ දාවූද්, තිර්මිදි, හා වෙනත් ඉමාම්වරු විසින් දන්වා ඇත.
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත
ගමන් බිමන් ගොස් ආපසු හැරී පැමිණීමෙන් පසු මෙසේ ප්‍රාර්ථනා කළ යුතුයි. ආයිබූන තාඉබූන ආබිදූන ලිරබ්බිනා හාමිදූන්. තේරුම -ආපසු හැරී නැවත සේන්දු වූවෙමු, පව්වලට පාපොච්චාරණය කරන්නෙමු. අපගේ පරමාධිපතියාණන්ට නැමැදුම් කර ඔහු ප්‍රශංසා කරන්නෙමු. මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
මෙය ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් වාර්තා කොට ඇත.
මෙය ඉමාම් තිර්මිදි, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මූලාශ්‍රය : ඉමාම් අල් හාකිම් ඇතුළු ව වෙනත් අය.
සහීහ් අල්ජාමිඅ්
ඉමාම් ඉමාම් අබූ දාවූද් හා වෙනත් ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
අල් බුහාරි
මූලාශ්‍රය : බුහාරි සහ මුස්ලිම්.
(මූලාශ්‍රය: අබූ දාවූද් සහ ඉබ්නු මාජා)
මූලාශ්‍රය: මුවත්තා මාලික්
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
මෙය ඉමාම් අහ්මද්, හා ඉමාම් ඉබ්නු මාජා විසින් වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
විවිධ මාතෘකා කොටස:
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙය ඉමාම් අබූ දාවුද් විසින් වාර්තා කොට ඇත.
මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථයන්හි මෙය වාර්තා කර ඇත.
මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
පෙරවදන
අල්ලාහ් ගේ නාමයෙනි, සියලු ප්‍රශංසා සර්වබලධාරී අල්ලාහ්ටම හිමිය.
මෙම ලිපියෙහි සඳහන් වන්නේ මුස්ලිම් දරුවන් විසින් භාග්‍යවන්ත හා උත්තරීතර අල්ලාහ්ගේ ආගමෙන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු වේ. දෙමාපියන් විසින් ඒවා කුඩා කාලයේ සිටම දරුවන්ට ඉගැන්විය යුතුය. මෙය දේව විශ්වාසය, නීති විද්‍යාව, ඉතිහාසය, ආචාර විධි, අල්කුර්ආන් අර්ථ නිරූපණය, හදීස්, සදාචාරය සහ අල්ලාහ් මෙනෙහි කිරීම යන කරුණු සමඟ ඒකාබද්ධ වූ පහසු විෂය මාලාවකි. මෙය විශේෂයෙන් කුඩා දරුවන් මෙන්ම සියලුම වයස්වල පුද්ගලයින්ට සහ ඉස්ලාමයට පිවිසි නවක පුද්ගලයින් සඳහා ද සුදුසු වේ. මෙය නිවාස, පෙර පාසල්, අධ්‍යාපන මධ්‍යස්ථාන වැනි ආයතනයන්හි ඉගෙනුම ලබන දරුවන්ට මෙහි ඇති කරුණු මතක තබා ගැනීම සඳහාත්, එහි අර්ථ පැහැදිලි කර ගැනීම සඳහාත් මෙය ප්රදානය කර ඇත. මම මෙය විවිධ විෂය කරුණුවලට ගොනු කර ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමේ ක්‍රමයට සකස් කළෙමි. කුමක් නිසාද යත් මෙම ඉගැන්වීම් ක්‍රමය මනස මුවහත් කරන අතර, මනා ලෙස පාඩම් කිරීමට අවකාශය ලබා දේ. ගුරුවරුන්ට මෙහි ඇති කරුණු අතරින් ඒ ඒ දරුවන්ගේ වයසට ගැලපෙන දේ තෝරා ගැනීමට හැක.
මම අල්ලාහ් දෙවිඳාණන්ගෙන් මෙය තුලින් (ජනයාට) ප්‍රයෝජන ගෙන දෙන ලෙසද එය පිළිගන්නා ලෙසද ඉල්ලා සිටිමි.
මෙහි පදනම:
- උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නො පාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙස ම) ඉටු කරති. (අත්-තහ්රීම්: 6)
- අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රලියල්ලාහු අන්හුමා) විසින් දැනුම් දෙන හදීසයක මෙසේ සඳහන් වේ. එතුමා මෙසේ පැවැසුවේය. 'මම දිනක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පිටුපස සිටියෙමි. එවිට එතුමාණන් මෙසේ පැවසූහ'. 'දරුවා! මම ඔබට කරුණු කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් දෙවිඳාණන් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාහ් දෙවිඳාණන්ව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න; (ලොව සිටින) සියලු දනන් එකතු වි ඔබට හානියක් සිදු කිරීමට තැත් කලද, අල්ලාහ් ඔබට නිර්ණය කළ දෑ හැරෙන්නට ඔවුන් සියලු දෙනාට ඔබට කිසිදු හානියක් සිදු කිරීමට නොහැක; පන්සිද ඔසවනු ලැබීය, කඩදාසි වියලුනේය.'
කුඩා දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම:
කුඩා ළමයාට ඔහුගේ ආගම සම්බන්ධයෙන් අවශ්‍ය දේ ඉගැන්වීම කෙනෙකුගේ යුතුකම වේ. එවිට ඔහු ඉස්ලාමයේ ස්වභාවය අනුව සම්පූර්ණ මිනිසෙක් බවටත්, ඊමාන් හෙවත් විශ්වාසයේ මාර්ගයට අනුව ඒක දේවවාදියෙකු බවටත් පත් වනු ඇත.
මේ සමබ්න්ධයෙන් ඉමාම් ඉබ්නු අබූ සෙzයිද් අල් කයිරුවානී (රහ්මතුල්ලාහ්) තුමා මෙසේ පවසයි: (ඉස්ලාමීය ඉගැන්වීම්වල) මෙසේ අණකර තිබේ. ඔබේ දරුවන් හත් වන විය සම්පූර්ණ කළ විට සලාතය සඳහා ඔවුනට අණ කරන්න. දහවන වියේදී (ඔවුන් එයින් වැළකී සිටියේ නම්) එය ඉටු කරන මෙන් ඔවුනට දඬුවම් කරන්න. නිදියහනේදී ඔවුන් අතර වෙන් කර තබන්න. තවද අල්ලාහ් විසින් ඔහුගේ ගැත්තන්ට වචනයෙන් සහ ක්‍රියාවෙන් අනිවාර්ය කරන ලද වත්පිළිවෙත් ගැන ඔවුන් වැඩිවියට පත් වීමට පෙර ඉගැන්වීම අවශ්‍ය වේ. කුමක් නිසාද යත් ඔවුන් වැඩිවියට පත්වන විට එවැනි අනිවාර්ය වගකීම් ඉටු කිරීමට සිත් සතන් තුලින්ම ඔවුන් ඒ සඳහා සූදානම් වීම සඳහාත්, ඔවුන්ගේ ආත්මය සෙත් ශාන්තිය ලබා ගැනීම සඳහාත්, එසේ ඔවුන් කරන යහපත් ක්‍රියාවන් තුලින් ශරීර ඉන්ද්‍රියන් ශීක්ෂාවට පත් කිරීම සඳහාත් ය.
කොටස: විශ්වාස පද්ධතිය
"අකීදා" හෙවත් විශ්වාස පද්ධතිය පිළිබඳ දැනුම:
ඉස්ලාමීය විශ්වාස පද්ධතිය වනාහි: එය උත්තරීතර අල්ලාහ්ගේ පරමාධිපත්‍යය, ඔහුගේ දේවත්වය, ඔහුගේ නාමයන් හා ගුණාංග, ඔහුගේ මලාඉකාවරුන්, ඔහුගේ දිව්‍ය ග්රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය හා පෙර නියමය - එහි යහපත හා අයහපත -, තහවුරු වූ සෙසු අදෘශ්‍යමාන කරුණු, දහමේ මූලික ප්‍රතිපත්ති, මෙම විෂයය සම්බන්ධයෙන් යහපත් පූර්වගාමීන් (සලෆ් අස්-සාලිහ්වරුන්) ඒකමතිකව පිළිගත් දෑ සහ අනෙකුත් කරුණු යනාදිය ස්ථිරව විශ්වාස කිරීමය.
ප්‍රශ්න අංක 1. ඔබේ (පරමාධිපති) දෙවියා කවරෙක් ද?
පිළිතුර- මාගේ පරමාධිපති අල්ලාහ්ය, ඔහු වනාහි මා පෝෂණය කරන්නේය. තවද ඔහුගේ කරුණාවෙන් සියලු ලෝකයන් පෝෂණය කරන්නේය. ඔහු මාගේ නැමදුම් ලබන්නා ය. ඔහු හැර මට නැමදුම් ලබන්නෙකු නැත. ඔහු මැවුම්කරුය, රජුය, පෝෂකය, විශ්වයේ ඇති සියලු දෑ සැලසුම් කරන්නාය.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි. සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. (අල්-ෆාතිහා: 2)
ප්‍රශ්න අංක 02. ඔබේ ආගම කුමක්ද?
මගේ ආගම ඉස්ලාම් දහම වේ. ඉස්ලාම් යනු ඒක දේවවාදයෙන් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටහත් පහත් වීමයි. තවද අල්ලාහ්ට ආදේශ තැබීමෙන් සහ එය සිදු කරන්නන්ගෙන් වැළැකී සිටීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. [ආලු ඉම්රාන් 19].
ප්‍රශ්න අංක 03. ඔබේ නබිවරයාණන් කවරෙක් ද?
පිළිතුර: මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාය. (අල් ෆත්හ්: 29)
ප්‍රශ්න අංක 04. අත් තව්හීද් පාඨය සහ එහි අර්ථය පහදන්න.
තව්හීද් පාඨය යනු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ ය. එහි තේරුම - අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට සාක්ෂි දැරීමයි. එනම්: අල්ලාහ් හැර වන්දනාමානයට සැබැවින් සුදුසු වෙනත් කිසිවෙකු නොමැත යන්නයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: එහෙයින් නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. (මුහම්මද්:19)
තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත: එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය. (අල්-හජ්: 29)
ප්‍රශ්න අංක 5. උත්තරීතර වූ අල්ලාහ් සිටින්නේ කොහිද?
පිළිතුර - අල්ලාහ් අර්ෂයට ඉහළින්, සියලු ජීවීන්ට ඉහළින් අහසේ සිටී. උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: මහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය. (තාහා: 5)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. "තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය." (අල් අන්ආම්: 18)
ප්‍රශ්න අංක 06: “ෂහාදතු අන්න මුහුම්මදන් රසුලුල්ලාහ්” මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ පණිවුඩකරුවාණන් යනුවෙන් සාක්ෂි දැරීම. යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර: අල්ලාහ් ඔහුව ලොවට එව්වේ ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසය.
• ඒ අනුව අනිවාර්ය වන කරුණු:
1. එතුමාණන් අණ කළ දේට කීකරු වීම.
2. එතුමාණන් කී දේ විශ්වාස කිරීම.
3.එතුමාණන්ට අකීකරු නොවීම.
ආගමානුකූලව නීති සම්පාදනය කර ඇති දෙයින් මිස අල්ලාහ්ට නමස්කාර නොකිරීම. එය සුන්නාහ්ව අනුගමනය කිරීම හා බිද්ආ හෙවත් ආගමේ නැති දෑ මගින් නව්‍යකරණය කිරීම අත්හැරීම වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය. (අන් නිසා 4:80)
තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත: තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි. එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත. (අන්-නජ්ම්: 3,4)
උත්තරීතර අල්ලාහ් මෙසේද සඳහන් කරයි. අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය. (අල්-අහ්සාබ්: 21)
ප්‍රශ්න අංක 07: උත්තරීතර අල්ලාහ් අපව මැව්වේ කුමක් සඳහාද?
පිළිතුර: ඔහු අපව මවා ඇත්තේ කිසිදු හවුල්කරුවෙකු නොමැති, ඔහුව පමණක් වන්දනාමාන කිරීමටය. තවද ඔහු අපව නිෂ්ඵල ලෙස හෝ විනෝදය හා කෙළිසෙල්ලම සඳහා මවා නොමැත, එසේත් නැතහොත් කිසිදු අරමුණක් නොමැතිව අපව අත්හැර දමා ද නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි. (අද්-දාරියාත් 51:56)
ප්‍රශ්න අංක 07: අල් ඉබාදාහ් හෙවත් වන්දනාමානය යනු කුමක්ද?
පිළිතුර- එය වචනයෙන් සහ ක්‍රියාවෙන්, බාහිර වශයෙන් සහ අභ්‍යන්තර වශයෙන් අල්ලාහ් දෙවිඳාණන් ප්‍රිය කරන සහ ඔහු තෘප්තිමත් වන සියල්ල සඳහා වූ සම්පූර්ණ නාමයකි.
බාහිර වශයෙන් කරනු ලබන ක්‍රියා- උදාහරණ වශයෙන්: දිව උපයෝගී කරගනිමින් සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහු අක්බර් යනාදි වශයෙන් අල්ලාහ් සිහි කරනු ලබන වදන් පාරායනය කිරීම; අල්ලාහ් මෙනෙහි කිරීම සහ සලාත් සහ හජ් වැනි මෙහෙයුම් ඉටුකිරීම.
අභ්‍ය න්තර වශයෙන් කරනු ලබන යහපත් ක්‍රියා- උදාහරණ වශයෙන්: අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, බිය බැති වීම සහ අල්ලාහ් කෙරෙහි බලාපොරොත්තු තැබීම.
ප්‍රශ්න අංක 09: අපේ ප්‍රධානතම යුතුකම කමක්ද?
පිළිතුර: අපගේ ප්‍රධානතම යුතුකම වන්නේ සර්වබලධාරී අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. (අල් බයියිනා :5)
ප්‍රශ්න අංක 10. අත්තව්හීද් හෙවත් ඒකදේවවාදයේ වර්ග මොනවාද?
පිළිතුර: 1. අත්තව්හීද් අර්රුබූබියියා- එනම් අල්ලාහ්ගේ ආධිපත්‍යයෙහි ඒකීයභාවය: අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, සියල්ලෙහි හිමිකරුය, පාලකයාණන්ය, ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් විශ්වාස කිරීමයි.
2. තව්හීද් අල්උලූහියියා යනු සියලු වැඳුම් පිඳුම්වලින් අල්ලාහ් ඒකීයත්වයට පත්කිරීමයි. අල්ලාහ් හැර වෙන කිසිවකට හෝ කිසිවෙකුට වන්දනාමානය නොකළ යුතුයි.
3. අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් ඒකීයභාවයට පත් කිරීම: එනම් අල්ලාහ්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට මනඃකල්පිත රූප මැවීමකින්, තවත් වස්තුවකට හෝ කෙනෙකුට සමාන කිරීමෙන්, ව්‍යාජ අර්ථ කථන ලබා දීමෙන් සහ ඒවා කෙසේ ද යන්න විස්තර කිරීමකින් තොරව මෙම නාමයන් සහ ගුණාංගයන් අල්කුර්ආනයේ සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මගපෙන්වීම් තුළ සඳහන් වී තිබෙන ආකාරයට විශ්වාස කිරීම.
තව්හීද් වර්ග තුන සඳහා සාක්ෂි: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: (ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද? (මර්යම්: 65)
ප්‍රශ්ණය 11: ලොකුම පාපය කුමක්ද?
පිළිතුර:අල්ලාහ්ට යමක් ආදේශ කිරීම වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින් ම ඔහු මහත් පාපයක් ගෙතුවේ ය. (සූරා අන්නිසා :48)
ප්‍රශ්න අංක 12. ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම යනු කුමක්ද? සහ එහි වර්ග මොනවාද?
පිළිතුර: ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම යනු, ඔහුගේ වන්දනාමානයෙහි හෝ පරිපාලනයෙහි හෝ නාම හා ගුණාංගවලදී මිනිසා අල්ලාහ්ට සමානයෙකු නියම කිරීමයි.
උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට කිසියම් හෝ නැමදුම් වර්ගයක් යොමු කිරීම ෂිර්කයට අයත් වේ.
මෙහි වර්ග නම්:
- මහා ෂිර්කය: උදාහරණ: අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් අයැද සිටීම, උතුම් වූ ඔහු හැර වෙන කෙනෙකුට සුජූද් (නළල පොලොව මත තබා නැමැදුම් කිරීම) උත්තරීතරවූ අල්ලාහ් හැර වෙනත් කෙනෙකු උදෙසා මාංශ දානය සඳහා සතෙකු කැප කිරීම.
- කුඩා ෂිර්ක: එය කෙනෙකුව ඉස්ලාමයේ රාමුවෙන් ඉවත් නොකරයි. උදාහරණ: ප්‍රයෝජනක් ගෙන දීමට හෝ හානියක් වළක්වා ගැනීමට සුරය වැනි දේවල් (ගෙල සහ ඉණ වැනි ස්ථාන වටා) බැඳ එල්ලා තැබීම, අල්ලාහ් හැර වෙනත් දේ සහ වෙනත් අය මත දිවුරුම් කිරීම සහ මිනිසුන් තමා දෙස ආකර්ශනය කර ගැනීමේ අදහසින් තම සලාත් වැනි වත්පිළිවෙත් ඉටු කිරීමේදී, කෙනෙක් ඒවා අලංකාර කර ප්‍රදර්ශනය කිරීම.
ප්‍රශ්න අංක 13. සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකු නොපෙනෙන (අදෘශ්‍යමාන) දේ දන්නේද?
සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකුත් අදෘශ්‍යමාන දේ නොදනී.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නො දනී යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදා දැ? යි ද ඔවුහු නො දනිති. (අන්-නම්ල්: 65)
ප්‍රශ්න අංක 14. දේව විශ්වාසයේ කුළුණු මොනවාද?
පිළිතුර: අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු හයකි:
1. සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
2) මලාඉකාවරු (සුර දූතයෝ) ගැන විශ්වාස කිරීම.
3) ධර්ම ග්රන්ථ විශ්වාස කිරීම.
4) ධර්ම දූතවරු (නබිවරු) ගැන විශ්වාස කිරීම.
5) විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
6) හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
මේ සඳහා සාක්ෂි. සහිහ් මුස්ලිම් මූලාශ්‍රයෙහි එන සුප්‍රසිද්ධ හදීසයක ජිබ්රීල් නම් දේව දූතයා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විචාලේය. ජිබ්රීල් නම් දේව දූතයා ඊමාන් යනු කුමක් දැ යි ඇසු ප්‍රශ්නයට, “අල්ලාහ් කෙරෙහි, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහි, ඔහුගේ ග්රන්ථයන් කෙරෙහි, ඔහුගේ රසූල්වරුන් කෙරෙහි, අවසාන දිනය කෙරෙහි සහ අල් කද්ර්හි හොඳ හා නරක කෙරෙහි විශ්වාස කිරීම ඊමාන් වේ.” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පිළිතුරු දුන්හ.
ප්‍රශ්න අංක 15 - ඊමාන් හෙවත් දේව විශ්වාසයේ කුළුණු යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර: සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම. * අල්ලාහ් ඔබව මවා, ඔබව පෝෂණය කළ තැනැත්තා බවත්, සියලු ජීවීන්ගේ එකම හිමිකරු සහ සියල්ල පාලනය කරන ස්වාමියා බවත් විශ්වාස කිරීම. නැමදුම් ලබන්නා ඔහුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. මැවීම, නියෝගය, තීන්දුව සහ නීතිගත කිරීම ඔහුට පමණක් සතුය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.
තවද ඔහු අති විශිෂ්ඨය, ශ්‍රේෂ්ඨය, සර්වපරිපූර්ණ වූ ඔහු සියලු ප්‍රශංසාවට ලක්වන අතර, ඔහුට වඩාත්ම ලස්සන නම් සහ උසස් ගුණාංග අයත් වේ. අති උත්තරීතර වූ ඔහුට සමානයක් නැත. කිසිවක් ඔහුට සමාන වන්නේ නැත.
මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය. ඔවුන් අල්ලාහ් විසින් ආලෝකයෙන් මවන ලද මැවිලි වේ, ඔවුන් මවන ලද්දේ අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ ඔහුගේ අණට සම්පූර්ණයෙන්ම අවනත වීම සඳහාය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: එහෙත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති. ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහුව අබිබවා නො යති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්‍රියාත්මක වෙති. (අල්-අන්බියා: 23)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා ඇත: "මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය."
නබිවරුන්ට වහී (දේව හෙළිදරව්) ගෙන ආ ජිබ්රීල් අලෛහිස් සලාම් මලාඉකාවරුන්ගෙන් කෙනෙකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය. විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය. නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත, පැහැදිලි අරාබි බසින්. (අෂ්-ෂුඅරාඋ)
දේව පුස්තක පිළිබඳ විශ්වාසය. එනම් රසූල්වරුන් හෙවත් අල්ලාහ්ගේ පණිවිඩකරුවන් වෙත පහළ කරන ලද දේව පුස්තකයයි.
උදාහරණයක් ලෙස මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත අල්කුර්ආනය පහළ කරන ලදි.
අල්ඉන්ජීල් දේව පුස්තකය ඊසා (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අත් තව්රාත් දේව පුස්තකය මූසා (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
අස්සබූර් දේව පුස්තකය දාවූද් (අලෙයිහිස් සලාම්) වෙත පහළ කරන ලදි.
- ඉබ්රාහීම් හා මූසාගේ ලේඛන: ඉබ්රාහීම් හා මූසා (අලෙයිහිමස් සලාම්) යන නබිවරුන් වෙත පහළ කරන ලද ලේඛන.
(අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් වන ධර්ම දූතවරු පිළිබඳ විශ්වාසය. තවද රසූල්වරුන් වනාහි අල්ලාහ් තම ගැත්තන්ට යහපත සහ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය ලබා දීමටත් ඉගැන්වීමටත් නපුර සහ නිරා ගින්න ගැන අනතුරු ඇඟවීමටත් මෙලොවට එවූ අයයි.
ඔවුන්ගෙන් උතුම්ම අය වනාහි: දැඩි අධිෂ්ඨානයෙන් යුතු වූවෝය, ඔවුහු නම්:
නූහ් අලෙයිහිස් සලාම්
ඉබ්රාහීම් අලෙයිහිස් සලාම්
මූසා අලෙයිහිස් සලාම්
ඊසා අලෙයිහිස් සලාම්
- මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා).
අවසාන දිනය පිළිබඳ විශ්වාසය: එය වනාහි මරණයෙන් පසුව මිනී වල තුල වැලැලීමෙන් පසුව සිදුවන කරුණු දාමයකි. නැවත නැඟිටීමේ දිනයකි, හා විනිශ්චය දවසකි. එදින ස්වර්ගය හිමි දනන් ඔවුන්ගේ ස්ථානයේද නිරයට හිමි අය ඔවුන්ගේ ස්ථානයේද සිටිනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත. (ආලු ඉම්රාන්: 185)
හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
අල්කද්ර් (හොඳ නරක සියල්ලම අල්ලාහ් විසින් නිර්ණය කරන ලද ආකාරයෙන්ම සිදුවන බව විශ්වාස කිරීම) : උත්තරීතරවූ අල්ලාහ් විශ්වයේ සිදුවන සෑම දෙයක්ම දන්නා බවත්, ඔහු ඒවා ලව්හුල් මහ්ෆූද් නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේ ලියා ඇති බවත්, එහි පැවැත්ම සහ නිර්මාණය ඔහුගේ අභිලාශය අනුව සිදුවන බවත් විශ්වාස කිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු. (අල් කමර්: 49)
එය තරාතිරම් හතරකින් යුක්ත වේ:
පළමුවැන්න: උත්තරීතරවූ අල්ලාහ්ගේ දැනුම, එනම් යම්කිසි දෙයක් සිදුවීමට පෙර සහ පසු ඒ සියල්ල පිළිබඳ ඔහුගේ පූර්ව දැනුම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන් ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක් දැ? යි කිසිදු ආත්මයක් නො දනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැ? යි කිසිදු ආත්මයක් නො දනී. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; අභිඥානවන්ත ය. (ලුක්මාන්: 34)
දෙවැන්න: අල්ලාහ් ඒ සියලු දෑ ගැන ලියා ඇත්තේ "අල් ලව්හුල් මහ්ෆූල්" නමැති සංරක්ෂණය කරන ලද ලේඛණයේය. එබැවින් සිදු වූ සහ සිදුවීමට ඇති සියල්ල ඔහු සතුව ඇති පොතක ලියා ඇත.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. අදෘශ්‍යමාන දෑහි යතුරු ඔහු සතුව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නො දනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. තවද ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නො වැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් නො වී නැත. (අල් අන්ආම් 6:59)
තුන්වැන්න: එනම් සෑම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ අභිමතය අනුව වන අතර, ඔහුගේ අභිමතයෙන් මිස, ඔහුගේ හෝ ඔහු විසින් මවන ලද්දන් විසින් කිසිවක් සිදු නොවේ. මිනිසාට තෝරා ගැනීමේ නිදහසක් ද කැමැත්තක් ද අභිමතයක් ද ඇත, නමුත් මෙම කැමැත්ත සහ මෙම අභිමතය සුවිශුද්ධ වූ උත්තරීතර අල්ලාහ්ගේ අභිමතයෙන් පසුව මිස සිදු වන්නේ නැත.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය. තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය. (අත්-තක්වීර්: 28-29)
සිව්වැන්න : සියලු ජීවීන් උත්තරීතර අල්ලාහ් විසින් මවා ඇති බවත්, ඔහු ඒවායේ ආත්මයන්, ගුණාංග, චලනයන් සහ ඔවුන් තුළ ඇති සියල්ල මැවූ බවත් විශ්වාස කිරීම.
මෙය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි. තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය. (අස්-සාෆ්ෆාත්: 96)
ප්‍රශ්න අංක 16: අල්කුර්ආනය යන්නෙහි නිර්වචනය කුමක්ද?
පිළිතුර - එය උත්තරීතර අල්ලාහ්ගේ වචන වේ. එය මවන ලද්දක් නොවේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ආදේශ කරන්නන් අතුරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. (අත්-තව්බා: 6)
හදීසයේ මෙසේ වාර්තා වේ: "තමන්ගේ මැවීම්වලට වඩා අල්ලාහ් ශ්‍රේෂ්ඨ වන්නා සේ වෙනත් සියලු ප්‍රකාශවලට වඩා අල්ලාහ්ගේ වදන ශ්‍රේෂ්ඨය."
ප්‍රශ්න අංක 17: අස්සුන්නාහ් යනු කුමක්ද?
පිළිතුර - එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සෑම කියමනක්, ක්‍රියාවක්, අනුමැතියක් හෝ සදාචාරාත්මක හා චරිත ලක්ෂණයන් වේ.
ප්‍රශ්න අංක 18: අල් බිද්ආ (නව්‍යකරණය) යනු කුමක්ද? එය අප විසින් පිළිගත යුතුද?
පිළිතුර - මිනිසුන් ආගම තුළ නව්‍යකරණය කරන සෑම දෙයක්ම සහ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ සහාබාවරුන්ගේ කාලයේ දක්නට නොලැබුනු ආගමික කරුණු සියල්ල බිද්අත් වේ.
- ඒවා අප විසින් පිළිගත යුතු නැත; තවද ඒවා හෙළා දැකිය යුතුයි.
මන්ද නබි (අලෙයිහිස් සලාතු වස්සලාම්) තුමාණන් මෙසේ පවසා ඇති හේතුවෙනි. «සෑම බිද්අතක්ම මුලාවකි»
එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. «අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.»
උදාහරණයක් ලෙස: වන්දනාමාන කටයුතුවලට අලුතින් යමක් එකතු කිරීම; උදාහරණයක් ලෙස, වුළු හෙවත් අර්ධස්නානය කිරීමේදී අදාල අවයවයන් තුන්වරක් සේදීම වෙනුවට සිව්වතාවක් සේදීම, තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ උපන්දිනය සැමරීම වැනි කරුණු නැමදුම් ක්‍රියාවක් ලෙස (දහමේ නාමයෙන් දහමට ඈඳෑ ගනු ලබන) නවක කරුණු වේ. නමුත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මාර්ගයෙන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන්ගේ මාර්ගයෙන් හෝ ප්‍රකාශ වී නැත.
ප්‍රශ්න අංක 19: අල් වලාඃ වල් බරාඃ පිළිබඳ විශ්වාසය යනු කුමක්ද?
පිළිතුර- අල් වලාඃ යනු අල්ලාහ්ව විශ්වාස කරන්නන්ට ආදරය කරුණාව දැක්වීම සහ ඔවුන්ට උදව් උපකාර කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: (දේව) විශ්වාස නරන්නන් හා දේව විශ්වාස කරන කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. (අත්-තව්බා: 71)
ප්‍රතික්ෂේප කරන්නන් සමග එකඟ නොවීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ඉබ්රාහීම් හා ඔහු සමඟ වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින් ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන් ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහුව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ (අල් මුම්තහිනා: 4)
ප්‍රශ්න අංක 20: අල්ලාහ් ඉස්ලාම් ධර්මය හැර වෙනත් ධර්මයක් පිළිගන්නවාද?
පිළිතුර: අල්ලාහ් ඉස්ලාම් ආගම හැර වෙනත් ආගමක් පිළිගන්නේ නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි. (ආලු ඉම්රාන්: 85)
ප්‍රශ්න අංක 21: අල්ලාහ්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කිරීම කථනයෙන්, ක්‍රියාවෙන් සහ විශ්වාසය තුළින් ප්‍රකාශ වේ ද? ඒ සඳහා උදාහරණ දක්වන්න.
පිළිතුර - කථනයට උදාහරණයක්: උත්තරීතර අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට බැන වැදීම.
ක්‍රියාවට උදාහරණ - අල්-කුර්ආනයට අපහාස කිරීම හෝ සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට වැඳ වැටීම.
විශ්වාසය සම්බන්ධ උදාහරණය: සර්වබලධාරී අල්ලාහ් හැර නැමදුම් කිරීමට සුදුස්සෙකු සිටින බවට හෝ සර්වබලධාරී අල්ලාහ් හැරුණු විට තවත් මැවුම්කරුවෙකු සිටින බව විශ්වාස කිරීම.
ප්‍රශ්න අංක 22: කුහකකම සහ එහි වර්ග මොනවාද?
පිළිතුර -1. මහා කුහකකම: එය සිත් තුල අවිශ්වාසය සඟවා බාහිර වශයෙන් විශ්වාසය පෙන්වීමයි.
මෙවැනි තත්ත්වයකින් පසුවන අයෙකු ඉස්ලාමයෙන් බැහැර වේ. තවද මෙය ඉමහත් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස හඳුන්වනු ලබයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: සැබැවින් ම කුහකයින් නිරා ගින්නෙහි පහළ ම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නො ලබන්නේහි ම ය. (අන්-නිසා: 125)
2- සුළු කුහකකම: ඒවා නම්: බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ විශ්වාසය කඩ කිරීම යනාදිය වේ.
ඉහත සඳහන් දුර් ගුණාංග කෙනෙකුව ඉස්ලාමයෙන් නෙරපා හරිනු නොලැබෙන අතර, ඒවා පාප වේ. එවැනි ගුණාංගයන්ගෙන් යුත් කෙනෙකු දඬුවමට යටත් වේ.
අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ. “කුහකයාගේ ලක්ෂණ තුනකි: ඔහු කතා කළ විට බොරු තෙපලයි. ඔහු පොරොන්දු දුන් විට එය උල්ලංඝනය කරයි. ඔහුට විශ්වාසයෙන් යමක් පැවරූ විට එය කඩ කරයි.”
ප්‍රශ්න අංක 23: වක්තෘවරුන් සහ දූතයන්ගේ අවසානයා කවරෙක් ද?
පිළිතුර - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. (සූරා අල් අහ්සාබ් 33:40)
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "මම වක්තෘවරුන්ගේ (අවසාන) මුද්‍රාව වෙමි, මට පසුව වක්තෘවරයෙකු නොමැත."
ප්‍රශ්න අංක 24: ආශ්චර්යයක් යනු කුමක්ද?
පිළිතුර - උත්තරීතර අල්ලාහ් තම වක්තෘවරුන්ට සම්මතයට පරිබාහිර වූ කරුණු ලබා දුන්නේය. ඒවා මූජිසාත් නොහොත් ආශ්චර්යයන් යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ගේ අවංකභාවය පෙන්වීම සඳහාය. උදාහරණයක් ලෙස:
- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් සඳ පැලී යාම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත. තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.* තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි. (අල් කමර්: 1-3)
මූසා (අලෙයිහිස් සලාම්) වෙනුවෙන් මුහුද දෙකඩ වීම, ෆිර්අන් සහ ඔහුගේ සොල්දාදුවන් දියේ ගිල්වා දැමීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද අපි නුඹලාට මුහුද දෙබෑ කර, පසුව එයින් නුඹලාව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන්ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු. (අල්-බකරා: 163)
ප්‍රශ්න අංක 25: සහාබාවරුන් යනු කවුරුන්ද? සහ අපි ඔවුන්ට ආදරය කළ යුතු ද?
පිළිතුර - සහාබාවරුන් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන්ය; ඔවුහු නබිතුමා ජීවතුන් අතර සිටයදී, එතුමාණන්ව හමු වී, එතුමාණන්ව විශ්වාස කර, ඉස්ලාමය මතම මිය ගිය අය වෙති.
අපි ඔවුන්ට ආදරය කළ යුතු අතර ඔවුන්ව අනුගමනය කළ යුතුය. නබිවරුන්ගෙන් පසු ශ්‍රේෂ්ඨතම මිනිසුන් ඔවුන්ය.
සහාබාවරුන් අතර ශ්‍රේෂ්ඨතම අය කලීෆාවරුන් සිව් දෙනාය.
අබූ බකර් රළියල්ලාහු අන්හු තුමා,
උමර් රළියල්ලාහු අන්හු තුමා,
උස්මාන් රළියල්ලාහු අන්හු තුමා,
අලී රළියල්ලාහු අන්හු තුමා.
උත්තරීතර අල්ලාහ් සහාබාවරුන් සියලුදෙනා (රළියල්ලාහු අන්හුම්) ගැන මෙසේ පවසයි: (මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන්ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔහු ඔවුනට සූදානම් කර ඇත්තේ ය. සදහට ම ඔවුහු එහි සදාතනිකයින් ය. එයයි අතිමහත් ජයග්‍රහණ ය. [අත්-තව්බා:100]
ප්‍ර ශ්න අංක 26: උම්මහාතුල් මුඃමිනීන් හෙවත් විශ්වාස කරන්නන්ගේ මෑණීයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කව්රුන්ද?
පිළිතුර - ඔවුන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් වේ.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කළවුන් වෙත මෙම නබිවරයා තමන්ගේ පණටත් වඩා උරුමය ඇත්තාය. ඔහුගේ බිරියන් ඔවුන්ගේ මාතාවෝය. (අල් අහ්සාබ්: 6)
ප්‍රශ්න අංක 27: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින්ට අප කෙරෙහි ඇති අයිතිය කුමක්ද?
පිළිතුර: අපි ඔවුන්ට ආදරය කළ යුතුය, ඔවුන්ගේ (ගරුත්වය) රැක ගත යුතුයි. තවද ඔවුන්ට විරුද්ධ වන අයට (කරුණු පහදා දී) විරුද්ධත්වය පළ කළ යුතුයි. නමුත් ඔවුන් සම්බන්ධයෙන් අන්තයටම නොයා යුතුයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ සාමාජිකයින් යනු එතුමාණන්ගේ භාර්යාවන්, එතුමාගේ දරුවන්, බනු හාෂීම් සහ බනු අල්-මුත්තලිබ් යන අය වන මෙම පවුලේ සාමාජිකයින්ද සිටිති.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: නියත වශයෙන් ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවැසියන් වූ නුඹලාගෙන් කිලිටි පහකිරීමට හා නුඹලාව මුළුමණින් පිවිතුරු කිරීමට ය. (අල් අහ්සාබ්: 33)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට සඳහන් වන හදීසයක මෙසේ සඳහන් වේ. «මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි, මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි, මම මාගේ නිවැසියන් විෂයෙහි අල්ලාහ්ව මම ඔබට මතක් කර සිටිමි.»
ප්‍රශ්න අංක 28: මුස්ලිම්වරුන්ගේ පාලකයන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?
පිළිතුර - අපගේ යුතුකම: ඔවුන්ට ගරු කිරීම, අධාර්මික විෂයන්හි ඔවුන්ට අකීකරු වී ඒ හැර අනෙකුත් විෂයන්හි ඔවුන්ට සවන් දීම සහ කීකරු වීම. (ඔවුන්ගේ යහපත වෙනුවෙන්) ප්‍රාර්ථනා කිරීම සහ සැවෝම ඉදිරියේ නොව රහසිගතව ඔවුනට උපදෙස් දීමට වග බලා ගැනීම. තවද පැහැදිලි දේව ප්‍රතික්ෂේප කිරීමක් අප දුටුවහොත් හැර ඔවුන්ට එරෙහිව කැරලි නොගැසීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය. (අන්-නිසා: 125)
ප්‍රශ්න අංක 29: විශ්වාස කරන්නන්ගේ නිවහන කුමක්ද?
පිළිතුර: ස්වර්ගයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. (මුහම්මද්:12)
ප්‍රශ්න අංක 30: දෙවියන් විශ්වාස නොකළවුන්ගේ නිවහන කුමක්ද?
පිළිතුර: නිරයයි. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්නට බිය වනු. එය දේව ප්රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත. (අල් බකරා: 24)
ප්‍රශ්න අංක 31: බිය යනු කුමක්ද? බලාපොරොත්තුව යනු කුමක්ද? මේ සඳහා සාක්ෂි මොනවාද?
පිළිතුර: බිය: එනම් අල්ලාහ්ට සහ ඔහුගේ දඬුවමට ඇති බිය වේ.
බලාපොරොත්තුව වනාහි, එය අල්ලාහ්ගේ යහපත් ප්‍රතිඵල, සමාව සහ දයාව පිළිබඳ අපේක්ෂාවයි.
මෙය සම්බන්ධව, අල්ලාහ් මෙසේ පවසා සිටියි. ඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි. (අල් ඉස්රාඃ: 57)
තවත් වැකියක අල්ලාහ් මෙසේ අවධාරණය කරයි. නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ දන්වා සිටිනු. තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු. (අල් හිජ්ර්: 49-50)
ප්‍රශ්න අංක 32: සර්වබලධාරී අල්ලාහ්ගේ සමහර නම් සහ ගුණාංග සඳහන් කරන්න.
පිළිතුර - අල්ලාහ්, පරමාධිපති, මහා කාරුණික, සියල්ල ශ්‍රවණය කරන්නා, සියල්ල දකින්නා, සියල්ල දන්නා, පෝෂණය කරන්නා, ජීවමාන, ශ්රේෂ්ඨවන්ත, ප්‍රඥාවන්ත... යනාදී ලෙස වෙනත් අලංකාර නම් සහ උසස් ගුණාංග ඇත.
ප්‍රශ්න අංක 33: මෙම නම් පැහැදිලි කරන්න?
පිළිතුර - අල්ලාහ් : එහි තේරුම ඔහු සැබැවින්ම වන්දනාමානය කිරීමට සුදුස්සා ය, ඔහු (අල්ලාහ්) ඒකීයය, ඔහුට ආදේශ කිරීමෙහි ලා කිසිවෙකු නැත.
පරමාධිපතියාණන් : එනම් මැවුම්කරු, සියල්ලෙහි හිමිකරු, පෝෂණය කරන්නා සහ සියල්ල හසුරවන්නා ඔහු පමණකි.
සියල්ල අසන්නා : ඔහුගේ ශ්‍රවණය සෑම දෙයකින්ම පුළුල්ය, ඔහුට විවිධ සහ වෙනස් වූ යිසළු හඬ ඇසේ.
සියල්ල දකින්නා: කුඩා හෝ විශාල වුවත් සියල්ල දකින සහ සියල්ල බලන තැනැත්තාය.
සර්වඥයා: අතීතය, වර්තමානය සහ අනාගතය යන සෑම දෙයක් පිළිබඳව දැනුම ඇති තැනැත්තා ඔහුය.
දයානුකම්පිත: අල්ලාහ්ගේ දයාව සෑම ජීවියෙකුම වෙත විහිදෙන අතර, සියලු ගැත්තන්, මැවීම් සහ ජීවීන් ඔහුගේ දයාවට යටත් වේ.
පෝෂණය කරන්නා: මිනිසුන්, ජින් සහ සියලුම සතුන් ඇතුළු සියලුම ජීවීන් සඳහා පෝෂණය සපයන තැනැත්තා ඔහුය.
- ජීවමාන තැනැත්තා : ජීවමාන තැනැත්තාවූ අල්ලාහ් මිය නොයන අතර අන් සියලු මැවිලි මිය යන්නේය.
ශ්‍රේෂ්ඨ වන්තයා: ඔහුගේ අලංකාර නම්, ගුණාංග සහ ක්‍රියාවන් තුළ සියලු පරිපූර්ණත්වයකින් සහ අති ශ්‍රේෂ්ඨත්වයකින් යුතු තැනැත්තාය.
ප්‍රඥාවන්ත: ඔහුගේ නිර්මානයන් සඳහා ප්‍රඥාව ලබා දී ඒවා ප්‍රගුණ කර, ඒවා අලංකාර කළ මහා ප්‍රඥාවන්තයා ඔහුය. තම මැවීමෙහිද, අණදීමෙහිද ප්‍රඥාව ඇත්තේ ඔහු සතුව ය.
- තවද ප්‍රඥාව වනුයේ: සියලු වස්තූන් ඒවාට අදාළ ස්ථානයන්හි තැබීම හා ඒවාට අදාළ ස්ථාවරයන්හි පිහිටුවීමය.
ප්‍රශ්න අංක 34: මුස්ලිම්වරුන්ගේ විද්වතුන් කෙරෙහි අප විසින් ඉටු කළ යුතු යුතුකම් කුමක්ද?
පිළිතුර - අපි ඔවුන්ට ආදරය කරන අතර, අපේ ආගමික ගැටඵ සහ අවස්ථාවෝචිත නීතිමය ප්‍රශ්න නිරාකරණය කිරීමේදී අපි ඒ සියල්ල ඔවුන් වෙත යොමු කරමු. තවද යහපත් දේ හැර අපි ඔවුන් ගැන කිසිවක් සඳහන් නොකරන අතර ඔවුන් ගැන වෙනත් ආකාරයකින් නරකක් සඳහන් කරන අය නිවරදි මාර්ගයෙන් බැහැරව සිටින්නන්ය.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය. (අල් මුජාදලා: 11)
ප්‍රශ්න අංක 35- සර්වබලධාරී අල්ලාහ්ගේ අවුලියාවරුන් යනු කවුද?
පිළිතුර: ඔවුන් විශ්වාස කරන්නන්, බියබැති දනන් සහ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාව අනුගමනය කරන්නෝ වෙති. උත්තරීතර අල්ලා්හ් මෙසේ පවසා ඇත: නියත වශයෙන්ම අල්ලාහ්ගේ අවුලියාවරුන් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති. ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ. (යූනුස්: 62-63)
ප්‍රශ්න අංක 36- ඊමාන් හෙවත් විශ්වාසය යනු ප්‍රකාශය සහ ක්‍රියාවද?
පිළිතුර - ඊමාන් හෙවත් විශ්වාසය යනු ප්‍රකාශය, ක්‍රියාව සහ විශ්වාසය වේ.
- එනම් එය මුවින් ප්‍රකාශ කිරීම, හදවතින් - එනම් සිතින් - විශ්වාස කිරීම සහ ශරීර අවයව හා ක්‍රියාදාමයන් තුළින් ක්‍රියා කිරීමය.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ඊමාන් හෙවත් දේව විශ්වාසය ශාඛා හැත්තෑ ගණනකි. -නැතහොත් හැට ගණනකි.- ඒවා අතුරින් වඩාත් උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයයි. ඒවා අතුරින් වඩාත් පහළම මට්ටම වනුයේ හානිදායක දෑ මාර්ගයෙන් ඉවත් කිරීමයි.* ලැජ්ජාවද ඊමානයේ ශාඛාවක් වේ.”
ප්‍රශ්න අංක 37: විශ්වාසයේ අඩුවීම වැඩිවීම සිදුවේද?
පිළිතුර - යහපත් දේ කිරීම තුලින් විශ්වාසය වැඩි වන අතර අයහපත් දේ කිරීම තුලින් විශ්වාසය අඩු වේ.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නෝ වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට දේව විශ්වාසය වර්ධනය කළේ ය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති. (අල් අන්ෆාල්: 2)
ප්‍රශ්න අංක 38 : ඉහ්සාන් යනු කුමක්ද?
ඉහ්සාන්හි මූලික ම කරුණ වන්නේ "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ නැමදීම. ඔබ ඔහු ව නොදැක්කද ඔහු ඔබ දෙස බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔබ ඔහු ව නැමඳීම" වේ.
ප්‍රශ්න අංක 39: උත්තරීතරවූ අල්ලාහ් අබියස අපේ ක්‍රියාවන් පිළිගනු ලබන්නේ කවදාද?
පිළිතුර: ක්‍රියාවන් පිළිගනු ලැබීමට නම්, කොන්දේසි දෙකක් ඇත:
පළමුව, සියලු ක්‍රියාවන් පවිත්‍ර ලෙස සර්වබලධාරී අල්ලාහ් උදෙසාම ඉටු විය යුතුයි.
දෙවනුව, ඒවා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්ව මත පදනම් වී තිබිය යුතුයි.
ප්‍රශ්න අංක 40: සර්වබලධාරී අල්ලාහ් මත සියල්ල භාරකිරීම (තවක්කුල්) යනු කුමක්ද?
පිළිතුර- සියඵ භෞතික හේතු කාරණා සැලකිල්ලට ගනිමින්, මහත්වූ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සහ යම් හානියකින් ගැලවීම සඳහා සර්වබලධාරි අල්ලාහ් කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබා ගැනීම වේ.
උතුමාණෝ මෙසේ පවසා ඇත: තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත් ය. (අත් තලාක්: 3)
'ඔහු ප්රමාණවත්ය': එනම්, (අල්ලාහ්) ප්රමාණවත්ය.
ප්‍රශ්න අංක 41: යහපත අණ කිරීමේදී සහ අයහපත වළක්වාලීමේදී ඉටුකළ යුතු යුතුකම් කුමක්ද?
පිළිතුර: යහපත අණ කිරීම යනු බලගතු වූත් උත්තරීතර වූත් අල්ලාහ්ට යටහත් පහත් භාවය පෙන්වන සියලු ක්‍රියාවන් කෙරෙහි නියෝග කිරීමයි. අයහපත වළක්වාලීම යනු, බලගතු වූත් උත්තරීතර වූත් අල්ලාහ්ට අකීකරුභාවය පෙන්වන පාපතර ක්‍රියාවන්ගෙන් වළක්වාලීමයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහුය. (ආලු ඉම්රාන්: 85)
ප්‍රශ්න අංක 42: "අහ්ලුස්සුන්නාහ් ව අල්ජමාආ" යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායම කවුද?
පිළිතුර - ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ගේ සහාබාවරුන්ව විශ්වාසයෙන්, ක්‍රියාවෙන් සහ කතනයෙන් ආදර්ශයට ගෙන ජීවත් වෙමින් සිටි අයයි.
- අහ්ලුස් සුන්නාහ් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහමග අනුගමනය කරන බැවිනි. තවද බිද්අත් හෙවත් ආගමික කරුණු තුල අලුතින් යමක් ඇතුලත් කරන ලද දෙයින් වැළැකී සිටීම නිසාය.
-ජමාආ (කණ්ඩායම): එනම් ඔවුන් සත්‍යය මත එක්සත් වූ අතර එහි නොබෙදුණු පිරිසක් බැවිනි.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) මෙසේ දෙසූහ. "සැබැවින්ම බනී ඉස්රායෙල්වරුන් පිළිවෙත් හැත්තෑ දෙකකට බෙදී ගියහ. මාගේ සමූහයා පිළිවෙත් හැත්තෑ තුනකට බෙදී යනු ඇත, ඔවුන් එක් පිළිවෙතක් හැර අනෙක් සියල්ලන්ම නිරා ගින්නෙහි සිටිනු ඇත." එවිට ඔවුන් “අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන් කවුද?” යනුවෙන් ප්‍රශ්න කළහ. එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පිළිතුරු දුන්හ, “මා සහ මගේ සහාබාවරුන් (මිතුරන්) ගේ මග අනුගමනය කරන පිරිසයි.”
ඉස්ලාමීය නීති විද්‍යා පිළිබඳ අංශය.
ඉස්ලාමීය නීති විද්‍යාව:
ෆික්හ් -ආගමික අවබෝධය- යනු: පිරිසිදුකම, සලාතය, සකාතය, උපවාසය, හජ්, ජිහාද් සහ වෙනත් ප්‍රායෝගික පිළිවෙත් වැනි ප්‍රායෝගික ආගමික නීති පිළිබඳ දැනුමයි.
ප්‍රශ්න අංක 1: පිරිසිදුකම ගැන හැඳින්වීමක් කරන්න
පිරිසිදුකම යනු කිල්ලෙන් පිරිසිදු වීම සහ අපවිත්‍රතාව ඉවත් කිරීමයි. එනම්: සලාතයට බාධා වන දෑ ඉවත් කිරීමයි.
මේ ගැන මුහම්මද් නබි තුමා මෙසේ අවවාද කළහ: "සලාතයේ යතුර පිරිසිදුකමයි"
අපවිත්‍රතාව ඉවත් කර පිරිසිදු වීම යනු: මුස්ලිම්වරයෙකු විසින් තම ශරීරය මත, තම ඇඳුම් මත හෝ තමන් සිටිනා ස්ථානයේ සහ තමන් යාච්ඤා කරන ස්ථානයේ තිබෙන ඕනෑම අපිරිසිදු දෙයක් ඉවත් කිරීමයි.
කිල්ලෙන් පිරිසිදු වීම යනු: එය සිදු කරනු ලබන්නේ වුළු හෙවත් අර්ධස්නානය කිරීම තුලින් සහ ජලස්නානය කිරීම තුලිනි. මේ සඳහා පිරිසිදු ජලය අවශ්‍ය වේ. තවද ජලය නොමැති විටක තයම්මුම් හෙවත් පිරිසිදු පස් වැනි දෑ භාවිතයෙන් පිරිසිදු කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ ජලය අහිමි වූ විටක හෝ (රෝගාතුර වීම වැනි හේතූන් නිසා) ජලය භාවිතා කිරීමට නොහැකි වීම නිසයි.
ප්‍රශ්න අංක 2: අපිරිසිදු දෙයක් පිරිසිදු කරන්නේ කෙසේද?
පිළිතුර - එය පිරිසිදු වන තෙක් ජලයෙන් සේදීම තුලිනි. සුනඛයෙකු විසින් ලෙවකන දෙයක් සම්බන්ධයෙන් නම් එය සත් වරක් සෝදා හැරිය යුතුය. පළමු වාරය පසින් විය යුතු ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. «ඔබ කිසිවෙකුගේ භාජනයක් සුනඛයා ලෙව කෑ විට එය පිරිසිදු වනුයේ සත් වරක් සේදීමෙනි. ඉන් ප්‍රථම වාරය පසින් විය යුතු ය.»
ප්‍රශ්න අංක 3: වුළු හෙවත් අර්ධස්නානයෙහි වැදගත් කම කුමක්ද?
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. යම් මුස්ලිම් (හෝ මූමීන්) බැතිමතෙක් වුළු දෝවනය කිරීම ආරම්භ කර, ඔහු මුහුණ සේදූවේ නම් ඔහු සිය දෑසින් දුටු සෑම පාපයක්ම ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. තව ද දෑත් සෝදන විට දෑත් කළ පාපකර්ම ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වනු ඇත. දෙපා සෝදන විට දෙපයෙහි පාපකර්ම ද ජලය සමග හෝ අවසාන ජල බිංදු සමග ඉවත් වී ඔහු පිවිතුරු පුද්ගලයෙකු බවට පත් වෙයි.
ප්‍රශ්න අංක 4: වුළු කරන්නේ කෙසේද?
පිළිතුර - තුන් වරක් අත්ල සේදීම, තුන්වරක් කට කළත්වා සේදීම, නාසයට ජලය යවා ඉන් ජලය බැහැර කිරීම,
මළ්මළා යනු : මුඛය තුළට ජලය දමා, එය පිරිසිඳු කිරීමෙන් පසු ජලය පිටතට යැවීම වේ.
ඉස්තින්ශාක් යනු : දකුණු අතින් නාසයට ජලය ඇද ගැනීම වේ.
- ඉස්තින්සාර් යනු : ජලය ගෙන පිරිසිඳු කිරීමෙන් පසු වම් අතින් නාසයෙන් ජලය බැහැර කිරීමයි.
මුහුණ තුන්වරක් සේදීම.
අත් දෙක වැල මිට දක්වා තුන් වරක් සේදීම.
හිස එක්වරක් තෙත් අතින් පිරිමැදීම සහ කන්දෙක එක්වරක් අතින් පිරිමැදීම.
- පසුව දෙපා වළලුකර දක්වා තුන් වරක් සේදීම.
මෙය වඩාත් සම්පූර්ණ වූ ක්‍රමයයි. මෙය උස්මාන්, අබ්දුල්ලා බින් සයිද් සහ වෙනත් අය විසින් වාර්තා කරන ලද අතර බුහාරි සහ මුස්ලිම් මූලාශ්රයන් හි සඳහන් හදීස් වල මේ ක්‍රමය වාර්තා වී ඇත. මෙය පිළිබඳව අල්-බුහාරි සහ වෙනත් මූලාශ්‍ර ග්රන්ථවලද මෙසේ සඳහන් වී ඇත: "නබි තුමාණන් එක් වරක් වුළු කිරීම සිදු කළේය, තවද එතුමාණන් දෙවරක් වුළු කිරීම සිදු කළේය" මේ අනුව අදහස් වන්නේ: එතුමා විසින් (වුළු අවස්ථාවේදී) සේදිය යුතු අවයව එක් වරක් හෝ දෙවරක් සෝදා ගත්තේය, යන්නයි.
ප්‍රශ්න අංක 5: වුළු කිරීමේ අනිවාර්ය කරුණු මොනවාද, ඒවා කීයක් තිබේද?
පිළිතුර - මේවායින් එක් කරුණක් හෝ අත්හැරුණු විටක එම මුස්ලිම් පුද්ගලයාගේ වුළු හෙවත් පිරිසිඳු කිරීම වලංගු නොවේ.
1. මුහුණ සේදීම, ඒ අතරින් උගුර කට ගාමින් කට සේදීම හා නාසයට ජලය යවා පිරිසිදු කිරීම ද අයත් වේ.
2- අත් දෙක වැලමිට දක්වා සේදීම.
3- හිස තෙත් අතින් පිරිමැදීම සහ එම තෙත් අතින් කන්දෙක පිරිමැදීම.
4- දෙපා වළලුකර ඇතුලුව සේදීම.
5. පිරිසිඳු කිරීමට අදාල ස්ථාන පිළිවෙලකට කිරීම. මුහුණ සේදීම, පසුව අත් පිරිසිඳු කිරීම, පසුව හිස පිස දැමීම, පසුව දෙපා සේදීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. (අල්-මාඉදා: 3)
6- අල්-මුවාලාත්: එනම් එක් කොටසක් සෝදා එම කොටස වියළන තෙක් ප්‍රමාද නොකර අඛණ්ඩව ඉටු කිරීම. එසේම වුළුහි අඩක් ඉටුකර ඉතුරු කොටස වෙනත් වේලාවක ඉටුකිරීම තුලින් වුළු වලංගු නොවේ.
එය මෙම හදීසයට අනුව වේ: «සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතය ඉටු කරමින් සිටි මිනිසෙකුව දුටුහ. ඔහුගේ පාදයේ මතුපිට දිර්හමක තරම් ඉඩක ජලය තැවරී නොතිබුණි. එවිට වුළූ ධෝවනය සහ සලාතය නැවත ඉටු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට නියෝග කළහ.»
ප්‍රශ්න අංක 5: වුළු කිරීමේ දී සුන්නත් කරුණු මොනවාද, ඒවා කීයක් තිබේද?
පි: වුළුහි සුන්නතයන් - එනම් ඒවා වුළු ගන්නා කෙනෙකු ඉටු කළේ නම්, ඔහුට ඒ සඳහා යහපත් ප්‍රතිඵල ලැබෙන අතර එය නොකර සිටින විටක ඔහුට පවක් සිදු නොවේ. ඔහුගේ වුළු හෙවත් පිරිසිදු කිරීම වලංගු වේ.
1 - ආරම්භයේදී බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) යනුවෙන් පැවැසීම. එය මෙම හදීසයට අනුව වේ: "කවරෙකු (වුළු ගන්නා විට) ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය නොපැවසුවේ ද ඔහුට වුළු නොමැත."
2. සිවාක් හෙවත් දත් පිරිසිඳු කර ගැනීම. එය මෙම හදීසයට අනුව වේ: මාගේ සමූහයාට ඉතා දුෂ්කර කාර්යයක් නොවේ නම් වුළු ධෝවනය කරන සෑම අවස්ථාවකම මිස්වාක් (දැහැටි කූරු) භාවිතයෙන් කට පිරිසිදු කරන්නැයි මම ඔවුනට නියෝග කර සිටිමි.
3- දෙඅත්හි මැණික් කටුව දක්වා වූ කොටස සේදීම.
4- ඇඟිලි පිරිමැද සේදීම එය මෙම හදීසයට අනුව වේ: "වුළු ධෝවනය සම්පූර්ණ කරන්න. ඇඟිලි කරු අතර අතුල්ලා සෝදන්න. කට පිරිසිදු කිරීමෙහි එය කලත්වන්න. නමුත් ඔහු උපවාසයේ නිරත වී සිටින්නෙකු නම් හැර."
5- දෙවතාවක් හෝ තුන්වතාවක් සේදීම.
6- දකුණු පැත්තෙන් ආරම්භ කිිරීම. මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
7- වුළු කිරීමෙන් පසු පහත සඳහන් දික්රය උසුරීම. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවටත්, ඔහු ඒකීය බවටත් ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවටත් මම සාක්ෂි දරමි. තවද සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවටත් ඔහුගේ ධර්ම දූතයාණන් බවටත් මම සාක්ෂි දරමි.
8. වුළු කිරීමෙන් පසු රකආත් දෙකක් ඉටු කිරීම. එය මෙම හදීසයට අනුව වේ: කවරෙකු මා මේ වුළූ ධෝවනය කරන පරිදි වුළූ ධෝවනය කර; පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර; ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව දෙනු ලැබේ.
ප්‍රශ්න අංක 7: වුළූ අවලංගු කරන කරුණු මොනවාද?
පිළිතුර - මුත්‍රා, මලපහ හෝ වාතය වැනි දෑ සිරුරේ සිදුරු (ගුද හා ලිංග) මාර්ගයෙන් පිටවීම.
නින්ද යෑම හෝ ඔල්මාදය ඇති වීම හෝ ක්ලාන්ත වීම. එය මෙම හදීසයට අනුව වේ: "ගුද මාර්ගයේ ගැටය (අවදි ව පවතින) දෑස්ය. කවරෙකු නින්දට වැටුණේ ද ඔහු වුළු ධෝවනය කරත්වා."
ඔටු මස් අනුභව කිරීම. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඔටු මස් කෑම හේතුවෙන් මා වුළු ධෝවනය කළ යුතු දැයි විමසුවේය. එවිට එතුමාණෝ "එසේය" යැයි පිළිතුරු දුන්හ.
ලිංගික ප්‍රදේශ හෝ ගුද මාර්ගය ආවරණයකින් තොරව (සෲජුව) අතින් ස්පර්ශ කිරීම. එය මෙම හදීසයට අනුව වේ: කවරෙකු තම ලිංගය ස්පර්ශ කළේද ඔහු වුළූ ධෝවනය කරත්වා!
ප්‍රශ්න අංක 8: තයම්මුම් යනු කුමක්ද?
තයම්මුම්: එය ජලය නැති වූ විටක හෝ ජලය භාවිතා කිරීමට නොහැකි වූ විටක මහපොලොවේ පස භාවිත කිරීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නො ලැබූනේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින් ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නො කර) නො සලකා හැර පාපක්ෂමාව පිරිනමන්නා ය. (අන්-නිසා: 125)
ප්‍රශ්න අංක 9: තයම්මුම් කරන්නේ කෙසේද?
පිළිතුර: දෑතේ අල්ලෙන්, පස මත එක් වරක් ගසා, මුහුණ සහ අත් පිටුපස එක් වරක් පිසදැමීමෙනි.
එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හු) තුමාට පැවසූ ප්‍රකාශයකට අනුවය: "සැබැවින්ම මෙලෙස කිරීම ප්‍රමාණවත් වේ" යැයි පවසා තම අත් දෙක පොළොව මත ගසා, ඒ දෙකෙහි පිඹ, පසු ව නබිතුමාණෝ ඒ දෙකින් තම මුහුණ හා එතුමාණන්ගේ අත් දෙක පිරිමැද්දාහ.
ප්‍රශ්න අංක 10: තයම්මුම් අවලංගු කරන කරුණු මොනවාද?
වුළු අවලංගු කරවන සියලුම කරුණු තයම්මුම් තත්වයද අවලංගු කරයි.
ජලය ලැබුනු විටක.
ප්‍රශ්න අංක11: සපත්තු සහ සම් උර යනු කුමක්ද?- ඒවා මත පිස දැමීමට හැකිද?
පිළිතුර: - අල්කුෆ්ෆානි යනු පාදයෙහි පැළඳ සිටින සම් උර වර්ගයකි.
- අල්ජව්රබාන් යනු පාදයෙහි පැළඳ සිටින සම් නොවන වර්ගයකි.
පාද සේදීම වෙනුවට ඒ මත පිස දැමීමට ආගමානු කූලව නියම කර ඇත.
- එය මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළූ ධෝවනය සිදු කළහ. එමෙන්ම මේස් යුගළ මත ද පිරිමැද්දාහ.
- මෙය සහීහ් බුහාරි හා මුස්ලිම් හී සඳහන් කර ඇත: එවිට වුළූ ධෝවනය සිදු කළහ. එමෙන්ම මේස් සපත්තු මත ද පිරිමැද්දාහ.
ප්‍රශ්න අංක 12: සම් උර දෙක මත පිස දැමීමෙන් උගත හැකි පාඩම කුමක්ද?
විශේෂයෙන්ම සීතල, ශීත ඍතුවේ සහ ගමන් බිමන් වලදී, කකුල්වල ඇති පාඋර වැනිදේ ඉවත් කිරීමට අපහසු වන විට, මිනිසුන්ට වන්දනාමාන කටයුතු වලදී පහසුකම් සැලසීම සහ සහන සැලසීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අල්ලාහ් නුඹලාට පහසුව ප්‍රිය කරයි. අපහසුව ප්‍රිය නො කරයි. (අල්-බකරා: 185)
ප්‍රශ්න අංක 12: සම් උර මත පිස දැමීම වලංගු වීම සඳහා ඇති කොන්දේසි මොනවාද?
1-සපත්තු පිරිසිඳු තත්ත්වයේ තිබෙන විට හෝ වුළු කිරීමෙන් පසු පැළැදීම.
අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයේ එතුමා මෙසේ පැවසීය: “මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හම් මේස් සපත්තු කුට්ටම ගලවන්නට නැවී අත දිගු කළෙමි. එවිට එතුමා:" "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි." පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
2- සම් උර පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුයි. ඒවා අපිරිසිදු නම් ඒ මත පිස දැමීමට නොහැක.
3- වුළු ගන්නා විට සේදිය යුතු ස්ථානය සම් උරයෙන් ආවරණය වී තිබිය යුතුය.
4. පිසදැමීම නිශ්චිත කාල සීමාව තුළ සිදු විය යුතුය. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා, එක් දිනක් සහ එක් රාත්‍රියක් ද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්‍රී තුනක් ද වශයෙනි.
එය අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මගියාට දහවල් තුනක් හා රාත්‍රී තුනක් ද පදිංචිකරුට දහවලක් හා රාත්‍රියක් ද නියම කළේය.
ප්‍රශ්න අංක 12: සම් උර දෙක මත පිස දැමීමේ ක්‍රම වේදය කුමක්ද?
ජලයෙන් තෙමා ගත් අත් ඇගිලි මගින් පා ඇගිලි මත තබා කෙණ්ඩය දක්වා ගෙන ආ යුතුය. දකුණු අතින් දකුණු කකුල ද වම් අතින් වම් කකුල ද පිරිමැදිය යුතුයි. පිරිමදින විට තම ඇගිලි ඈත් කර ගනියි. පිරිමැදීම නැවත නැවතත් සිදු නොකළ යුතුයි.
ප්‍රශ්න අංක 15: සම් උර මත පිස දැමීම අවලංගු වන කරුණු මොනවාද?
පිළිතුර 1: පිසදමන ලද නිශ්චිත කාල සීමාව අවසන් වීම, ඒ සඳහා වූ කාල සීමාව අවසන් වීමෙන් පසු නැවත සම් පා උර මත පිස දැමීම නොකළ යුතුයි. ගමන් බිමන්වල නොයෙදෙන පදිංචිකරුවෙකු සඳහා සීමාව, එක් දිනක් එක් රාත්‍රියක්; තවද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු සඳහා දවස් තුනක් හා රාත්‍රි තුනක් වශයෙනි.
2. පාවහන් දෙක ඉවත් කිරීම: යම් පුද්ගලයෙක් සම් පා උර දෙක හෝ ඒවායින් එකක් පිස දැමීමෙන් පසු ගලවන්නේ නම්, ඒවා මත පිසදැමීම වලංගුභාවය නැති වේ.
ප්‍රශ්න අංක 16: සලාතයේ මහිමය කුමක්ද?
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුව අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද?” ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “පස් වාර සලාත්හි උපමාව ද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”
දරන් යන අරාබි වචනයෙහි අර්ථය කිලිටි ය.
ප්‍රශ්න අංක 17: සලාත් යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර - සලාතය: එය තක්බීර් වලින් පටන් ගෙන නිශ්චිත කියමන් සහ ක්‍රියාවන් ඉටු කිරීම සමගම සලාම් දීමෙන් අවසන් කරනු ලබන අල්ලාහ්ට වන්දනාමානය කිරීමේ ක්‍රියාවලියකි.
ප්‍රශ්න අංක 18: සලාතය පිළිබඳ නීතිය කුමක්ද?
සලාතය ඉටු කිරීම සෑම මුස්ලිම්වරයකුහටම අනිවාර්යය වේ.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි. (අල් කුර්ආන් 4:103)
ප්‍රශ්න අංක 19: සලාතය අත්හැරීම පිළිබඳ නීතිය කුමක්ද?
පිළිතුර - කෙනෙකු විසින් සලාතය අත්හැරීමෙන්, ඔහු ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීමේ තත්වයට පත්වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. අප හා ඔවුන් අතර පවතින සම්මුතිය සලාතයයි. කවරෙකු සලාතය අත්හරින්නේද ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකුගේ තත්වයට පත් වන්නේය.
ප්‍රශ්න අංක 20: මුස්ලිම්වරයෙකුට දිනකට, එනම් දිවා සහ රාත්‍රි කොපමණ සලාත් සංඛ්‍යාවක් තිබෙනවාද ? එක් එක් සලාතයන් සඳහා රකආත් (වට ගණන්) කීයක් තිබේද?
පිළිතුර - දිනකට දිවා රාත්‍රි සලාතයන් (යාච්ඤාවන්) පහක් ඇත.
- ෆජ්ර් සලාතය: රකආත් දෙකක්.
- ලුහර් සලාතය: රකආත් හතරක්.
- අස්ර් සලාතය: රකආත් හතරක්.
- මග්රිබ් සලාතය: රකආත් තුනක්.
- ඉෂා සලාතය: රකආත් හතරක්.
ප්‍රශ්න අංක 21: සලාතයේ කොන්දේසි මොනවාද?
පිළිතුර - 1. ඉස්ලාම්: කෙනෙක් මුස්ලිම් වරයෙකු විය යුතුයි. මුස්ලිම් නොවන කෙනෙකුගෙන් මෙය වලංගු වන්නේ නැත. මන්දයත් අල්ලාහ්ට යමක් ආදේශ කිරීම හේතුවෙන් ක්‍රියාවන් නිෂ්ඵල වන බැවිනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. (අස්-සුමර්:65)
2. බුද්ධිය؛ බුද්ධි විකල් (ඔල්මාදයෙන්) පෙළෙන අයට වලංගු නැත.
3. වෙන්කර හඳුනා ගත හැකි වයස් සීමාවක පසුවීම: නිසි වයසට නොපැමිණි කුඩා අය සඳහා එය වලංගු නොවේ.
නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය. ""තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, කුඩා දරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු හෝ පියවි සිහිය ලබන තුරු.""
4. චේතනාව පිහිටුවා ගැනීම.
හදීසයේ මෙසේ සඳහන් වේ: ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත.
5. නියමිත වේලාව පැමිණීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි. (අන්-නිසා: 125)
6. කිල්ලෙන් පිරිසිඳු වීම. එය මෙම හදීසයට අනුව වේ: “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”
7. අපවිත්රතාවයෙන් පිරිසිදු වීම. අල්ලාහ් මෙසේ පවසයි. තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු. (අල් මුද්දස්සිර්: 4)
8. නිරුවත වසා ගැනීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. (අල්-අඃරාෆ්: 158)
9. කිබ්ලාව දෙසට හැරී සිටීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. නුඹලා කොතැනක සිටිය ද නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. (අල්-බකරා: 163)
ප්‍රශ්න අංක 22: සලාතයක මූලිකාංග මොනවාද?
සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග 14 ක් තිබේ.
පළමුව- අනිවාර්ය සලාතයකදී නැගීට සිටිමට ශක්තිය ඇත්තා නැගිට සිටිමින් සලාතය ඉටු කිරීම. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ: “ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ.
"අල්ලාහු අක්බර්" යනුවෙන් ආරම්භ තක්බීරය පැවසීම. එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්‍රකාශය හේතුවෙනි: ""ඔබ සලාතය සඳහා සූදානම් වූ විට තක්බීර් පවසන්න.""
සූරතුල් ෆාතිහා පාරායනය කිරීම. එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්‍රකාශය හේතුවෙනි: “කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”
(සෑම රකඅතයකම) රුකූඋ කිරීම. කොන්ද සමතලා කර (දෑත් දණහිස් මත තබා) ඔහුගේ හිස ඒ(කිබ්ලා) දෙසට හරවන තෙක් නැමිය යුතුය.
එහි සිට නැගිට සිටීම.
අල් ඉඃතිදාල් හෙවත් රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම. එය සාධක වන වස් මුහම්මද් නබි තුමා මෙසේ දෙසූහ: ""පසු ව නුඹලා රුකූඋ තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් රුකූඋ කරනු, පසු ව ඍජු ව සිටගන්නා තෙක් නැගී සිටිනු.""
සුජූද් කිරීම- සුජූද් කිරීමේ දී නළල, නාසය, අත්ල දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි පොළොව මත තබා සුජූද් කිරීම අවශ්‍ය වේ.
සුජූද් තත්ත්වයෙන් නැගිටීම.
සුජූද් දෙක අතර වාඩි වී සිටීම. එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්‍රකාශය හේතුවෙනි: «පසු ව නුඹලා සුජූද් තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් සුජූද් කරනු. පසු ව නුඹලා වාඩි වන තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් නැගිට වාඩි වනු.»
මෙහිදී සුන්නත් වූ ක්‍රමය - ඉෆ්තිරාෂ් ක්‍රමයට හිඳ ගැනීම. එනම්, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම. එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය. එතුමා වම් කකුල අතුරා දකුණු කකුල සිටුවා තැබූහ.
පෙර සඳහන් කළ සෑම ඉරියව්වකම මදක් සන්සුන්ව රැඳී සිටීම.
අවසන් තෂහ්හුදය ප්‍රකාශ කිරීම. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයේ මෙසේ සඳහන් වේ: තෂහ්හුද් අනිවාර්ය කිරීම ට පෙර සලාතයේ දී අපි පැවසුවෙමු.
එහි වාඩි වී සිටීම.
" අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් " යනුවෙන් දෙවරක් කීම. එය මෙම හදීසයට අනුව වේ: «එතුමා 'අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්, අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්' යැයි පවසමින් දකුණු දෙසටත් වම් දෙසටත් සලාම් පවසයි.»
- මෙහි අප සඳහන් කළ ආකාරයට මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම. උදාහරණයක් ලෙස: කෙනෙකු විසින් රුකූඋ කිරීමට පෙර හිතාමතාම සුජූද් කළේ නම් සලාතය අවලංගු වේ. නොදැනුවත්ව කළා නම් නැවත රුකූඋ කර පසුව සුජූද් කිරීම අවශ්‍ය වේ.
ප්‍රශ්න අංක 23: සලාතයේ අනිවාර්ය කරුණු (වාජිබාත්) කීයක් තිබේද? ඒවා මොනවාද?
පිළිතුර- සලාතයක අනිවාර්ය කරුණු අටකි. ඒවා පහත සඳහන් වේ.
1- ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.
2- සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්‍රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම.මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.
3-රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්‍රශංසා) යැයි පැවසීම.
4. සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
5. සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
6. සජදා දෙක අතර එක් වරක් රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම.
7. ප්‍රථම තෂහ්හුදය පැවසීම.
8. ප්‍රථම තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.
ප්‍රශ්න අංක 24: සලාතයට අදාල සුන්නාහ් කීයක් තිබේද? ඒවා මොනවාද?
පිළිතුර- කරුණු 11ක් ඇත. ඒවා පහත සඳහන් වේ.
1-පළමු තක්බීරයෙන් පසු, 'සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරක අස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක.' යනුවෙන් පැවැසීම. තේරුම: යා අල්ලාහ්! ඔබේ ප්‍රශංසාව තුලින් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. මෙම ප්‍රාර්ථනාව ආරම්භක ප්‍රාර්ථනාව යනුවෙන් ද කියනු ලැබේ.
2. ආරක්ෂාව පැතීම. (අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් යනුවෙන් පැවසීම )
3-බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් යැයි පැවසීම.
4-(සූරතුල් ෆාතිහා ව පාරායනය කර, එය අවසන් වූ වහාම) ආමීන් යැයි පැවැසීම.
5-සූරතුල් ෆාතිහා ව පාරායනය කිරීමෙන් පසු (වෙනත්) සූරාවක් පාරායනය කිරීම.
6-ඉමාම් විසින් හඬ නගා පාරායනය කිරීම.
7- රබ්බනා වලකල් හම්දු යැයි කීමෙන් පසු ''මිල්අස් සමාවාති, වමිල්අල් අර්ළි, වමිල්අ මා ශිඃත මින් ශයිඉන් බඃදු '' යනුවෙන් පාරායනය කිරීම.
8-රුකූඋ අවස්තාවේදී සුබ්හාන රබ්බියල් අලීම්’ යැයි එක් වරකට වඩා එනම් දෙවන හා තුන්වන වතාවට හෝ ඊට වැඩියෙන් පැවසීම.
9- සුජූද් අවස්තාවේදී සුජූද් සඳහා වූ තස්බීහය එක් වරකට වඩා පාරායනය කිරීම.
10 - සජදා දෙක අතර '' රබ්බිග් ෆිර්ලී ''යනුවෙන් එක් වතාවට වඩා පාරායනය කිරීම.
11. අවසාන තෂහ්හුදයේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හා පවුලේ සාමාජිකයින් වෙත සලවාත් පැවසීම, බරකත් හෙවත් ආශිර්වාද පැතීම, ඉන්පසු දුආ ප්‍රාර්ථනා කිරීම.
ක්‍රියාවෙන් සිදු කරන සුන්නතයන්, ඒවා අල්හයිආත් යනුවෙන් හඳුන්වනු ලැබේ.
1. පළමු තක්බීරතයත් සමග දෙඅත් එසවීම.
2. රුකූඋ යනවිට දෙඅත් එසවීම.
3- රුකූඋ සිට නැගිටින විට දෙඅත් එසවීම.
4-ඉන්පසු ඒවා පහත හෙලීම.
5- (තක්බීර් බඳින විට) දකුණත වම් අතට උඩින් තැබීම.
6- සලාත් අවස්ථාවේදී සජදා කරන ස්ථානය දෙස දෑස් යොමු කිරීම.
7-සිටගෙන සිටින විටදී දෙපා අතර මදක් ඈත් කර තැබීම.
8-රුකුඋ අවස්ථාවේදී, දෙඅත් ඇඟිලි ඈත් කොට තම දණහිස් මත තබා ගැනීම. තම පිට සමාන්තර ව තබා ගැනීම. හිස ද ඍජු ව තබා ගැනීම.
9-සජදාවට අදාල අවයවයන් පොළොව මත එනම් සුජූද් කරන ස්ථාන වෙත යොමු කිරීමට සැලැස්වීම.
10- සුජූද් අවස්ථාවේදී කෙනෙකු ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන්ද, ඔහුගේ උදරය ඔහුගේ කලවාවෙන්ද, ඔහුගේ කලවා ඔහුගේ කෙණ්ඩයෙන් ද දුරස්ව තබා ගැනීම. තවද දණිස් දෙක අතර ඈත් කර ගැනීම. පාද ඇඟිලි සිටුවා ඈත් කර තබා ගැනීම. තම දෑත් තම උරහිස අසල තබා ගැනීම.
11- සජදා දෙක අතර හිඳුමෙහි සහ ප්‍රථම ෂහාදා හිඳුමෙහි ඉෆ්තිරාශ් ක්‍රමයට සහ දෙවන ෂහාදා හිඳුමෙහි තවර්රුක් ක්‍රමයට හිඳ ගැනීම.
12. සුජූද් දෙක අතර වාඩිවීමෙන් පසු අත් දෙක ඇඟිලි දිගු කර කලව මත තබා ගැනීම. තෂහ්හුද් අවස්ථාවේදීත් එසේම තබා ගැනීම. දකුණු වෙදඟිල්ල හා සුළැඟිල්ල නමාගෙන මහපටැඟිල්ල හා මැදඟිල්ල වෘත්තාන්තයක මෙන් තබා ගෙන දබරැඟිල්ලෙන් අල්ලාහ් මෙනෙහි කරන විට සංඥා කිරීම.
සලාම් පැවැසීමේදී දකුණු දෙසට සහ වම් දෙසට හැරී සලාම් පැවැසීම.
ප්‍රශ්න අංක 25: සලාතය අවලංගු කරන කරුණු මොනවාද?
පිළිතුර - 1.සලාතයේ රුක්න් හෙවත් ස්ථම්භයක් හෝ කොන්දේසියක් අත්හැරීම.
2. හිතාමතා කතා කිරීම
3. ආහාර පාන ගැනීම.
4. බොහෝ ලෙස අඛණ්ඩව චලනය වීම.
5. සලාතයේ අනිවාර්ය වූ කරුණක් හිතාමතාම අත් හැරීම.
ප්‍රශ්න අංක 26: මුස්ලිම්වරයෙකු සලාත් ඉටු කරන්නේ කෙසේද?
පිළිතුර- සලාත් ඉටු කරන ආකාරය.
1. වටපිට බැලීමකින් තොරව ඍජූව කෙනෙකුගේ මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී සිටීම.
2. පසුව චේතනාව වචනයෙන් ප්‍රකාශ නොකර අවශ්‍ය කරන සලාතය වෙනුවෙන් චේතනාව සිතින් පිහිටුවා ගනී.
3. පසුව දෑත් තම උරහිසට සමාන්තර ව ඔසවා ‘අල්ලාහු අක්බර්’යැයි ආරම්භ තක්බීරය පැවසීම.
4. තම පපුව මත වමත් බාහු ව තබා ඒ මත දකුණත තබා ගැනීම.
එසේ නැතහොත් මෙසේ පවසයි: "සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලාඉලාහ ගයිරක." තේරුම: යා අල්ලාහ් ඔබට උපහාර දක්වන අතරම සුවිශුද්ධද කරමි. ඔබේ නාමයන් සමෘධිමත්ය. ඔබේ කීර්තිය උත්තරීතරය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත.
6. පසුව පහත සඳහන් ආකාරයට අඌදු පැවැසීම: අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් "පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි." යැයි පාරායනය කිරීම.
7. පසුව පහත සඳහන් ආකාරයට බිස්මිල්ලාහ් පවසා සූරතුල් ෆාතිහා පාරායනය කිරීම. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය 3. විනිශ්චය දිනයේ රජු ය. 4 ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.5 අපට ඍජු මඟ පෙන්වනු මැනව. 6 ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.7 (අල්-ෆාතිහා: 1-7)
පසුව (ආමීන්) යනුවෙන් පැවසීම, එහි අර්ථය : යා අල්ලාහ්! පිළිතුරු ලබා දෙනු මැන යනුවෙනි.
8. පසුව අල්කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම. සුබ්හු සලාතයේ දී දීර්ඝ සූරාවන් පාරායනය කිරීම.
9. පසුව රුකූ කරයි. එනම් අල්ලාහ්ව මහිමයට පත් කිරීම වස් තම කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන විට ''අල්ලාහු අක්බර්'' යැයි පවසයි. රුකූ සඳහා නැමෙන විට අත් දෙක ඔහුගේ උරහිස් දක්වා ඔසවයි. සුන්නාහ් ක්‍රමය නම්: ඔහුගේ පිටකොන්ද සමාන්තර ව තබා හිස ද ඍජු ව තබා ගැනීමයි. තවද ඇඟිලි ඈත් කොට, දෑත් තම දණහිස් මත තබයි.
10.පසු ව ''සුබ්හාන රබ්බියල් අලීම්''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම් එවිට « සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
11-පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසමින් රුකූ ඉරියව්වේ සිට හිස ඔසවයි, එවිට ඔහු තම උරහිසට සමාන්තරව තම දෑත් ඔසවයි. (ඉමාම්ව අනුගමනය කරන) මඃමූන්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යනුවෙන් පවසන්නේ නැත: ඒ වෙනුවට ඔවුහු " රබ්බනා වලකල් හම්දු", යනුවෙන් පවසති.
12. පසුව නැගිට සිටීමෙන් පසු "රබ්බනා වලකල් හම්දු මිල්අස්-සමාවාති වමිල්අල්-අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යනුවෙන් පවසයි.
13. ඉන්පසු ඔහු පළමු සුජූද් කරයි. සුජූද් කරන විට "අල්ලාහු අක්බර්" යැයි පවසයි. ඔහු තම අවයව හතක් එනම්, නළල, නාසය, අත්ල, දණහිස සහ පාදවල ඇඟිලි තුඩු පොළොව මත පතිත වන සේ සුජූද් කරයි. තවද ඔහුගේ දෑත්හි බාහු කොටස ඇළපැති දෙපැත්තෙන් දුරස්ව තබා ගනීයි. තම වැලමිට පොළොව මත නොතබා ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනී.
14. පසු ව ''සුබ්හාන රබ්බියල් අඃලා''යැයි තුන් වරක් පවසයි. වැඩියෙන් පවසන්නේ නම්, «සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික, අල්ලාහුම්මඟ් ෆිර්ලී» යනුවෙන් පැවසීම උචිතයි.
15. පසු ව සුජූද් තත්වයේ සිට ''අල්ලාහු අක්බර්'' යැයි පවසා තම හිස ඔසවයි.
16. පසුව සජදා දෙක අතර තම වම් කකුල මත වාඩි වී, තම දකුණු පාදය සිටුවා තබා ගනියි. තම අත් දෙක තම කළවා දෙක හා තම දණහිස් දෙක මත තබා ගනියි.
17. සජදා දෙක අතර හිඳගෙන මෙසේ පාරායනය කරයි. ‘රබ්බිග් ෆිර්ලී වර්හම්නී, වහ්දිනී, වර්සුක්නී, වජ්බුර්නී, වආෆිනී.’
18. පසුව ආරම්භයේ සිදු කළාක් මෙන් තක්බීර් පවසා දෙවන සුජූදය ඉටු කරයි.
19. ඉන්පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදයෙන් නැඟිට සිට ගනී.පසුව පළමු රකආතය මෙන්ම දෙවන රකඅතයද ඉටු කරයි. නමුත් මෙහිදී ප්රාරම්භක ප්‍රාර්ථනාව නොපවසයි.
20. පසුව දෙවන රකඅතය අවසන් වීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩිවූ ආකාරයට හිඳ ගනීයි.
21. මෙම හිඳීමේදී තෂහ්හුදය මෙසේ පාරායනය කරයි. “අත්තිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අඌදු බිල්ලාහි මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාත් වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්” තේරුම: සියලු පඬුරු ආශිර්වාද හා යහපත අල්ලාහ් සතුය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය හිමි වේවා. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවත් සමෘද්ධියත් හිමි වේවා. මතත් වූ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හටත් හිමි වේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයකු බවද මම සාක්ෂි දරමි. අහෝ අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් හා ඉබ්රාහීම්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාභීය. කීර්තිමත්ය. ඔබ ඉබ්රා්හීම් හා ඉබ්රාඅහීම්ගේ පවුලේ උදවියට සමෘධිය ඇති කළාක් මෙන් මුහම්මද් හා මුහම්මද්ගේ පවුලේ උදවියට සමෘධිමත් කරත්වා! තවද, මම නිරයේ වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. මිනීවලේ ඇති විය හැකි වේදනාවෙන්ද ආරක්ෂාව පතමි. මසීහ් අද්දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුවත් ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. පසුව මෙලොව සහ පරලොව යහපත සඳහා තමන් කැමති දේ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටී.
22. "පසුව අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
23. රකඅත් තුනකින් සහ හතරකින් සමන්විත සලාතයකදී පළමු තෂහ්හුදය පාරායනය කරන විට එහි අවසාන වදන, එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු'' දක්වා පාරායනය කරයි.
24. පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. එවිට දෙඅත් උරහිසට සමාන්තර ව ඔසවයි.
25.පසු ව ඉතිරි රකඅත් (වට) ගණන (තුන්වැනි හා හතරවැනි රකආතයන්) ඉටු කරයි. කෙසේ වෙතත්, මේ රකඅත්වල අල්-ෆාතිහා කියවීමට සීමා කරයි.
26. පසු ව (අවසාන තෂහ්හුදය පැවසීම සඳහා) තවර්රුක් ක්‍රමයට වාඩි වෙයි. වම් පාදය දකුණු කකුලේ කෙණ්ඩයට යටින් පිටතට එන සේ තම පසුපස බිම තබා දකුණු පාදය සිටුවා තබා ගනියි. (තවද පසුපස බිම තබා තම වම් පාදය දකුණු දෙසින් පිටතට එන සේ තබා ගැනීමටද හැක.) තවද පළමු තෂහ්හුද් අවස්ථාවේදී තබා ගත් ක්‍රමයට අත්ල කලව මත තබයි.
27. තවද මෙම ඉඳුමෙහි මුළු තෂහ්හුදය කියවයි.
28. පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්"යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.
ප්‍රශ්න අංක 27. සලාතයේ සලාම් කීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාවන් කුමක්ද?
පිළිතුර: ''අස්තග්ෆිරුල්ලාහ්'' යනුවෙන් තුන් වරක්.
අනතුරු ව ‘අල්ලාහුම්ම අන්තස් සලාමු වමින්කස් සලාමු තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාමි' යැයි පැවසිය යුතුය. තේරුම: යා අල්ලාහ්, ශාන්තිය ඔබයි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන්ය. ගෞරවනී වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්‍ය වන්තයාය.
'' සුබ්හානල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්හම්දු ලිල්ලාහ් ''යැයි තිස් තුන් වතාවක් කීම.
-'' අල්ලාහු අක්බර් ''යැයි තිස් තුන් වතාවක් කීම.
සියය සම්පූර්ණ කිරීම සඳහා පහත දැක්වෙන දික්රය කීම. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යයන් අල්ලාහ් සතුය. සියලු පැසසුම් ඔහු සතුය. ඔහු සියලු දෑ කිරීමට බලය ඇත්තාය.
(මේ පිළිවෙළට අනුව ප්‍රාර්ථනාවන් මෙනෙහි කිරීමෙන් පසු) සූරතුල් ඉහ්ලාසය සහ මුඅව්විදතෙයින් හෙවත් අල් කුර්ආන් 113 හා 114 යන සූරාවන් ද පාරායනය කරයි. මග්රිබ් හා ෆජ්ර් සලාතයෙන් පසු ව මෙම සූරාවන් තුන්වරක් බැගින් පාරායනය කිරීම සහ අනිකුත් සලාතයෙන් පසු එක්වතාවක් පාරායනය කිරීම.
පසු ව ආයතුල් කුර්සීය හෙවත් (අල් කුර්ආන් 2:255) වැනි වැකිය එක් වතාවක්ද පාරායනා කිරීම.
28. (අනිවාර්යය පස්වේලේ සලාතයන්ට අදාළ) අර්රවාතිබ් හෙවත් සුන්නත් සලාතයන් කුමක්ද? එහි වැදගත් කම කුමක්ද?
පිළිතුර - සුබ්හ් (ෆජ්ර්) සලාතයට පෙර රකආත් දෙකක්.
- ලුහර් සලාතයට පෙර රකආත් හතරක්.
- ලුහර් සලාතයට පසු රකආත් දෙකක්.
-මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක්.
- ඉෂා සලාතයට පසු රකආත් දෙකක්.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එහි වැදගත්කම ගැන මෙසේ පැවසූහ: "කෙනෙකු දවසකට දිවා රෑ ස්වේච්ඡාවෙන් රකආත් දොළහක් සලාතය කරයිද, අල්ලාහ් ඔහුට ස්වර්ගයේ නිවසක් ඉදි කරයි."
ප්‍රශ්න අංක 29. සතියේ හොඳම දින මොනවාද?
පිළිතුර- ජුම්ආ දිනයයි (සිකුරාදා). නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "සත්‍ය වශයෙන්ම නුඹලාට විශේෂිත වූ දිනය ජුම්ආ දිනයයි. එම දිනයේදී නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා මවනු ලැබුහ. එම දිනයේදී එතුමා මරණයට පත් වූහ. එම දිනයේදී හොරණෑව පිඹෙනු ඇත. (අවසන් දින සහ නැවත නැඟිටීමේ දිනයේ බිහිසුණුකම ආරම්භ වන විට);එම දිනයේදී ගිගුරුම් සහිත මහා හඩ ඇත. එබැවින් මෙම දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම ඔබ පවසන සලවාත් මා වෙත පෙන්වනු ලබයි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ (සහාබාවරුන්) මිතුරන් මෙසේ ප්‍රශ්න කළහ. 'නබි තුමාණෙනි! අපේ සලවාතයන් ඔබ වෙත පෙන්වනු ලබන්නේ කෙසේද? එවිට ඔබ (ගේ ශරීරය) දිරාපත් ව ඇත්තේ නොවේද?' එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. 'නිසැකවම උත්තරීතරවූ අල්ලාහ් නබිවරුන්ගේ ශරීරය භූමිය අනුභව කිරීමෙන් තහනම් කොට ඇත.'
ප්‍රශ්න අංක 30: සිකුරාදා සලාතයේ නීති රීති කුමක්ද?
පිළිතුර- මෙය, ප්‍රදේශයක පදිංචිව සිටින, නිසි වයසට පැමිණි සහ බුද්ධියෙන් සපිරිනු සෑම පිරිමි මුස්ලිම් කෙනෙකු කෙරෙහි අනිවාර්ය වගකීමකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය. (අල්- ජුමුආ - 09)
ප්‍රශ්න අංක 31: ජුමුආ සලාතයේ රකඅත් ගණන කීයද?
පිළිතුර: සිකුරාදා ජුමුආ සලාතයේ රකඅත් ගණන දෙකකි. ඉමාම් ශබ්ද නඟා පාරායනය කරන අතර ඒවාට පෙර (ඉමාම් විසින්) සුප්‍රසිද්ධ දේශනා දෙකක් පවත්වනු ඇත.
ප්‍රශ්න අංක 32. සිකුරාදා සලාතය මග හැරීමට අවසර තිබේද?
පිළිතුර - ආගමානුකූල නිදහසට කරුණක් හැර සිකුරාදා සලාතයට නොපැමිණ සිටීමට ඉස්ලාම්හි අවසර නැත. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. කිසියම් පුද්ගලයෙකු නොකඩවා ජුම්ආ සලාතයන් තුනකට සහභාගි නොවූයේ නම්, ඔහුගේ හදවතට අල්ලාහ් විසින් මුද්‍රා තබනු ඇත.
ප්‍රශ්න අංක 33. සිකුරාදා දිනයේ සුන්නාහ් ක්‍රියාවන් සඳහන් කරන්න.
පිළිතුර - 1. ජලස්නානය කිරීම. එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්‍රකාශය හේතුවෙනි: “ජුමුආ දිනයේ ස්නානය කිරීම වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”
2. සුවඳවිලවුන් (අත්තර්) වැනි දෑ ආලේප කිරීම එව මෙම හදීසයට අනුව වේ: “ජුමුආ දිනයේ ස්නානය කිරීම මුස්ලිම්වරුන් මත යුතුකමක් වන්නේය, තවද ඔවුන්ගෙන් අයෙකු තම පවුලේ සුවඳ විළවුන් ගල්වා ගත යුතුය.”
3. හොඳම ඇඳුමකින් සැරසී යාම. එව මෙම හදීසයට අනුව වේ: ""ඔබ අතුරින් කිසිවෙකුට හෝ වත්කමක් තිබේ නම්, තම රැකියාව සඳහා වන ඇඳුම් දෙකට අමතරව තම ජුමුආව සඳහා වෙනත් ඇඳුම් දෙකක් තබා ගැනීමෙහි කිසිදු වරදක් නොමැත.""
4. වේලාසනින් මස්ජිදයට යාම.
7. පා ගමනින් මස්ජිදයට යාම. හදීසයකට අනුව: “කවරෙකු ජුමුආ දිනයේ ස්නානය කර, ස්නානය කරවා, වේලාසනින් පිටත්ව ගොස්, මුලින්ම පැමිණ, සමීප වී, නිහඬව සිට එයට සවන් දුන්නේ ද ඔහු තබන සෑම පියවරක් පාසාම වසරක කුලිය එනම් එහි උපවාසයේ යෙදුණු හා රාත්‍රී සලාතයේ නියැළුණු කුලිය ඔහුට හිමි වනු ඇත.”
6. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත වැඩි වැඩියෙන් සලවාත් පැවසීම. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "ජුමුආ දිනයේදී මා කෙරෙහි අධික වශයෙන් සලවාත් කියන්න. නියත වශයෙන්ම එය මලක්වරුන් සාක්ෂි දරන දිනයකි. තවද කවරෙකු මා කෙරෙහි සලවාත් පවසන්නේ ද, ඔහු එය පවසා අවසන් කරන තුරු ඔහුගේ එම සලවාත් මා වෙත පෙන්වනු ලබයි."
6. සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම. එය මෙම හදීසයට අනුව වේ: "“කවරෙකු ජුමුආ දිනයේ සූරා අල් කහ්ෆ් පාරායනය කළේ ද ඔහුට ජුමුආවන් දෙක අතර ආලෝකයක් බැබළෙන්නේය.”"
8. ප්‍රාර්ථනා (කන්නලව්ව) සඳහා පිළිතුරු ලැබෙන වේලාව පිළිබඳ විමසිල්ලෙන් සිටීම. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුමුආ දිනය මතක් කරමින් මෙසේ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. «එහි වේලාවක් ඇත. මුස්ලිම් ගැත්තෙකු සලාතය ඉටු කරමින් සිටිය දී එයට (එම වේලාවට) සම්මත වී ඔහු අල්ලාහ්ගෙන් යමක් අයැද සිටින්නේ නම් එය ඔහු ඔහුට පිරිනමන්නේ මිස නැත.»
ප්‍රශ්න අංක 34. ජමාඅත් හෙවත් සාමුහිකව සලාත් ඉටුකිරීමේ වැදගත්කම කුමක්ද?
පිළිතුරු - සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. සාමුහික සලාතය තනි ව ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයකට අධික තරාතිරමින් උසස් ය.
ප්‍රශ්න අංක 35. සලාතයේ බියබැතිකම් ඇති කරගැනීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?
පිළිතුර - එනම් භියබැතිකම හදවතහි ඇති කර ගැනීම සහ අවයවවල නිශ්චලතාවය ඇති කර ගැනීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය. ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති. (අල්-මුඃමිනූන්: 12)
ප්‍රශ්න අංක 36. සකාතය යනු කුමක්ද?
පිළිතුර - (සකාත් දීමට අනිවාර්යයෙන් බැඳුනු පුද්ගලයෙකු විසින්) තමන් සතු වස්තුව නිශ්චිත කාලයක් තුල, නිශ්චිත කණ්ඩායමක් වෙත නිකුත් කිරීමේ අනිවාර්ය වගකීමකි.
එය ඉස්ලාමයේ පස් මහ කුළුණු වලින් එකක් වන අතර එය ධනවතුන්ගෙන් ලබාගෙන දුප්පතුන්ට දෙනු ලබන අනිවාර්ය පුණ්යාධාරයකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: සකාතය ද දෙනු. (අල් බකරා: 43)
ප්‍රශ්න අංක 37. අනිවාර්ය නොවන (සදකාව) දන් දීම යනු කුමක්ද?
පිළිතුර: සකාත් හැර, ඕනෑම (අනුමත) දෙයකින්, පුණ්‍ය කටයුත්තක් සඳහා ඕනෑම අවස්ථාවක දානයක් දීම වැනි යහපත් ක්‍රියාවන්.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (අල් බකරා: 195)
ප්‍රශ්න අංක 38. උපවාසශීලය පිළිබඳව හැඳින්වීමක් කරන්න.
එය (අල්ලාහ් වෙනුවෙන් යන) චේතනාවකින් යුක්තව අලුයම උදාවේ සිට හිරු බැස යන තෙක් (ආහාර පානාදිය, ලිංගික ඇසුර හා වෙනත්) උපවාසය අවලංගු කරන දෑ යනාදියෙන් වැළකී, අල්ලාහ්ට වන්දනා මානය කරනු ලබන පිළිවෙතක් වන අතර එය වර්ග දෙකකි:
1. අනිවාර්යවූ උපවාසශීලය: මෙය ඉස්ලාමයේ කුළුණු වලින් එකක් වන රමළාන් මාසයේ උපවාසශීලයේ යෙදීම වැනිය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය. (අල් බකරා: 183)
2. අනිවාර්ය නොවන උපවාසය: උදාහරණයක් ලෙස, සෑම සතියකම සඳුදා සහ බ්‍රහස්පතින්දා උපවාසයේ යෙදීම සහ සෑම මාසයකම දින තුනක් උපවාසශීලයෙහි යෙදීම. මේ අතරින් හොඳම ඒවා වන්නේ සෑම මසකම ‘අය්යාමුල් බීළ්’ (සුදු දින) හෙවත් සෑම චන්ද්‍ර මාසයකම 13, 14 සහ 15 වැනි දිනයන්හිදී උපවාසශීලයෙහි යෙදීම වේ.
ප්‍රශ්න අංක 39. රමළාන් මාසයේ උපවාසයේ වැදගත්කම කුමක්ද?
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු රමළාන් මාසයේ දේව විශ්වාසය සහිතව හා කුසල් බලාපොරොත්තු වෙන් උපවාසයේ නිරත වූයේ ද, පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.
ප්‍රශ්න අංක 40. රමළාන් හැර වෙනත් කාලයක (අනිවාර්ය නොවන) ස්වේච්ඡා උපවාසයේ ඇති වැදගත්කම කුමක්ද?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ උපවාසයේ නිරත වන කවර ගැත්තෙකු හෝ වේවා, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ මුහුණ හරීෆ් (අවුරුදු) හැත්තෑවක් පමණ දුරින් නිරයේ ගින්නෙන් දුරස් කරනු මිස නැත.
"හරීෆ් හැත්තෑවක්" යන්නෙහි අර්ථය: අවුරුදු හැත්තෑවකි.
ප්‍රශ්න අංක 41. උපවාස ශීලය අවලංගු කරන කරුණු මොනවාද?
1- හිතාමතාම ආහාර පාන ගැනීම.
2- හිතාමතාම වමනය දැමීම.
ප්‍රශ්න අංක 42. උපවාසයේ සුන්නත්වූ කරුණු මොනවාද?
පීළිතුර 1. (අදාල වේලාවට) උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම.
2- සුහූර් වේලාව ප්‍රමාද කිරීම.
3- පුණ්‍ය ක්‍රියාවන් සහ වන්දනාමාන කටුයුතු වැඩියෙන් ඉටුකිරීම.
4- උපවාසයේ යෙදී සිටින්නාට යම්කිසිවෙකු බැන වදින්නේ නම්: ''මම උපවාසයේ යෙදී සිටිමි''. යනුවෙන් පැවැසීම.
5- උපවාසයෙන් මිදුනු විට දුආ ප්‍රාර්ථනාවන් කිරීම.
6- රුතබ් (පැසුනු ඉඳි, වියළී ඉඳි බවට පත්වීමට පෙර) වලින් හෝ සාමාන්‍ය ඉඳි වර්ග අනුභව කිරීමෙන් හෝ ඒ කිසිවක් නැති විටක ජලය පානය කිරීම තුලින් උපවාසයෙන් මිදීම.
ප්‍රශ්න අංක 43. හජ් යනු කුමක්ද?
පිළිතුර: හජ් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවක නිශ්චිත ක්‍රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධ වූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය. (ආලු ඉම්රාන්: 97)
ප්‍රශ්න අංක 44. හජ් හි මූලිකාංග මොනවාද?
පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.
2. (දුල්හජ් 9 වන දින) අරෆාහි රැඳීම.
3. තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.
4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.
ප්‍රශ්න අංක 45. හජ් වගකීමෙහි ඇති වැදගත් කම කුමක්ද?
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්‍ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත.
(ඔහුගේ මව ඔහු බිහි කළ දිනය) යනුවෙන් අදහස් කරනු ලබන්නේ "කිසිදු පාපයකින් තොරව" නැවත හැරෙන බවයි.
ප්‍රශ්න අංක 46. උම්රා යනු කුමක්ද?
පිළිතුර: උම්රා යනු, එය සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන්, නිශ්චිත වේලාවන් සහ නිශ්චිත ක්‍රියාවන් සඳහා අල්ලාහ්ගේ ශුද්ධවූ (කඃබතුල්ලාහ්) නිවස ඉලක්ක කරගත් චේතනාවෙන් අල්ලාහ්ට කරනු ලබන වන්දනාමාන පිළිවෙතකි.
ප්‍රශ්න අංක 47. උම්රා ඉටුකීරීමෙහි (අනිවාර්ය) කුඵණු මොනවාද?
පිළිතුර - 1. නියියත් තැබීම හෙවත් ඉහ්රාම් තත්වයට පත්වීම.
2. කඃබතුල්ලාහ් වටා තවාෆ් කිරීම.
4. සෆා සහ මර්වාහ් අතර සඊ ඉටුකිරීම.
ප්‍රශ්න අංක 48. අල්ලාහ් වෙනුවෙන් ජිහාද් (කැපකිරීම) යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්ද?
පිළිතුර - ඉස්ලාමය ව්‍යාප්ත කිරීම සහ ඉස්ලාමය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම, ඉස්ලාමයේ සහ එහි ජනයාගේ සතුරාට එරෙහිව සටන් කිරීමට උත්සාහය දැරීම. ඒ සඳහා නියමිත මාර්ගෝපදේශ තිබෙන අතර කෙනෙකුට තමන් අභිමත කරනාකාරයට මෙම උතුම් ක්‍රියාව ඉෂ්ඨ සිද්ධ කළ නොහැක.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (අත්-තව්බා: 41)
*******
නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාගේ චරිතාපදානය
නබි තුමාණන්ගේ ඉතිහාසය:
නබි තුමාණන්ගේ චරිතාපදානය: එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) රසූල් තුමාණන්ගේ උපතේ සිට අභාවය දක්වා වූ දිවි පෙවත පිළිබඳ දැනුමයි.
ප්‍රශ්න අංක 1. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පෙළපත කුමක්ද?
පිළිතුර - ඔහු මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් ය; හාෂිම්වරු යනු කුරයිෂ් වංශයෙන් පැවැත එන්නන්ය, කුරේෂ්වරු අරාබිවරුගේ පැවත එන්නන්ය, අරාබිවරුන් ඉස්මායිල්ගේ පරපුරෙන් පැවැත එන්නන්ය,ඉස්මායිල්, ඉබ්රාහිම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත්රයාණන්ය. එතුමාණන්ට හා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට අල්ලාහ්ගේ විශිෂ්ඨතම ආශිර්වාදය සහ සාමය ඇති වේවා!
ප්‍රශ්න අංක 2. අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මවගේ නම කුමක්ද?
පිළිතුර - ආමිනා බින්ත් වහබ්
ප්‍රශ්න අංක 3. නබි තුමාණන්ගේ පියා මිය ගියේ කවදාද?
පිළිතුර: එතුමාණන් මව් කුස තුල සිටියදීම එතුමාණන්ගේ පියා මදීනාවේ මිය ගියේය. ඒ වන විටත් නබිතුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) උපත ලැබී නැත.
ප්‍රශ්න අංක 4. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා උපත ලැබුවේ කවදාද?
පිළිතුර - ඇත් වසර (ආමුල් ෆීල්) රබී අල්-අව්වල් මාසයේ සඳුදා දිනක.
ප්‍රශ්න අංක 5. ඔහු ඉපදුණේ කුමන නගරයේ ද?
පිළිතුර - මක්කා නගරයේදීය.
ප්‍රශ්න අංක 6. එතුමාණන්ගේ මව හැර එතුමාණන්ට කිරි පොවා එතුමාණන්ව හදා වඩා ගත් කාන්තාවන් කවුද?
පිළිතුර - එතුමාගේ පියාගේ වහලියක් වන උම් අයිමන්.
එතුමාණන්ගේ මාමා කෙනෙකු වූ අබු ලහබ්ගේ වහලිය වූ සුවයිබා.
හලීමා අස්සඅදියියා.
ප්‍රශ්න අංක 7. එතුමාගේ මව මිය ගියේ කවදාද?
පිළිතුර: එතුමාගේ වයස අවුරුදු හයේදී, එතුමාගේ මව මිය ගිය අතර එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ් එතුමාව රැකබලා ගත්තේය.
ප්‍රශ්න අංක 8. එතුමාගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ්ගේ මරණයෙන් පසු එතුමාව රැකබලා ගත්තේ කවුද?
පිළිතුර: එතුමාගේ සීයා අබ්දුල් මුත්තලිබ්, එතුමාගේ වයස අවුරුදු අටේදී මිය ගිය අතර පසුව එතුමාගේ සුළුපියා වන අබු තාලිබ් එතුමාව රැකබලා ගත්තේය.
ප්‍රශ්න අංක 9. එතුමා තම සුඵ පියා සමඟ සිරියාවට ගියේ කවදාද?
පිළිතුර: එතුමාගේ වයස අවුරුදු දොළහේදී තම සුළුපියා සමඟ සිරියාවට ගමන් කළේය.
ප්‍රශ්න අංක 10. එතුමාගේ දෙවන ගමන සිදුවුනේ කවදාද?
පිළිතුර: එතුමාණන්ගේ දෙවන ගමන, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුදලින් වෙළඳාම් කිරීම සඳහා ගිය ගමනය. එතුමා ආපසු පැමිණි විට, එතුමා ඇය සමඟ විවාහ වූහ, එවිට එතුමාගේ වයස අවුරුදු විසිපහකි.
ප්‍රශ්න අංක 11. කුරෙයිෂ්වරු කඅබාව නැවත ගොඩනැගුවේ කවදාද?
පිළිතුර: කුරෙයිෂ්වරුන් විසින් කඅබාව නැවත ගොඩනගන විට, එතුමාගේ වයස අවුරුදු තිස්පහකි.
කළු ගල තැබිය යුත්තේ කවුරුන්ද? යන්න පිළිබඳව ඔවුන් අතර මතභේද ඇති වූ විට, ඔවුහු එතුමාව විනිශ්චය කරුවෙකු බවට පත් කළ අතර, එතුමා විසින් එය වස්ත්‍රයකට දමා, සෑම ගෝත්රයකටම වස්ත්‍රයේ එක් කෙළවරක් අල්ලා ගන්නා ලෙස අණ කළේය. (එම අවස්ථාවේදී) ගෝත්‍ර සංඛ්‍යාව හතරක් විය. අදාල ස්ථානය දක්වා එසවූ පසු එතුමාණන්ගේ සුරතින් එම කඵ ගල අදාල ස්ථානයේ තබන ලදි.
ප්‍රශ්න අංක 12. එතුමාණන්ව නබිවරයෙකු වශයෙන් එවන විට එතුමාගේ වයස කීයද? එතුමාව යවන ලද්දේ කවුරුන් වෙතටද?
පිළිතුර: එවිට එතුමාට වයස අවුරුදු හතළිහක් වූ අතර, එතුමාණන් සියලු මිනිසුන්ට පණිවිඩකරුවෙකු සහ අනතුරු අඟවන්නෙකු ලෙස යවන ලදී.
ප්‍රශ්න අංක 13. වහී හෙවත් දේව හෙළිදරව්ව ආරම්භ වීමට පළමුව සිදුවූ දෙය කුමක්ද?
පිළිතුර: සැබෑ වූ සිහිනය, අරුණාලෝකය පැහැදලිව උදාවෙන ආකාරයට එතුමාණන්ගේ සිහින පැහැදිලි ව තිබුණි.
ප්‍රශ්න අංක 14. වහී පහළ වීමට පෙර එතුමාගේ තත්වය කෙසේ වීද? තවද එතුමාට මුලින්ම වහී පහළ වූයේ කවදාද?
පිළිතුර: එතුමා හිරා ගුහාවේ අල්ලාහ්ට වන්දනාමානය කරමින් සිටියෝය. තවද ඒ සඳහා සියළු අයුරින් සූදානම් වනු ඇත.
එතුමාණන් හිරා ගුහාවේ නමස්කාර කරමින් සිටියදී එතුමාණන්ට වහී පහළ විය.
ප්රශ්නය 15. අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ පළමු වදන කුමක්ද?
පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන. මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු මිනිසා ලේ කැටියෙන් මැව්වේ ය. නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය ය. ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වී ය. මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වී ය. 5﴾ (අල්-අලක්:1-5)
ප්‍රශ්න අංක16. එතුමාගේ පණිවිඩය පළමුව විශ්වාස කළේ කවරෙකු ද?
පිළිතුර: - පිරිමින් අතරින් අබූ බක්ර් අස්සිද්දීක් (රළියල්ලාහු අන්හු).
- කාන්තාවන් අතුරින්: කදීජා බින්ත් කුවයිලිද්.
- තවද කුඩා දරුවන් අතුරින්: අලී බින් අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු).
- තවද නිදහස් කරන ලද වහලුන් අතුරින්: සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහු අන්හු).
- තවද වහලුන් අතුරින්: බිලාල් අල් හබෂී (රළියල්ලාහු අන්හු).
ප්‍රශ්න අංක 17. ඉස්ලාමයට ඇරයුම් කිරීමේ (දාවා) කටයුතු සිදුවූයේ කෙසේද?
පිළිතුර: ඉස්ලාමය වෙත ආරාධනා කිරීමේ (දාවා) කටයුතු වසර තුනක් පමණ රහසිගතව පැවති අතර, පසුව අල්ලාහ් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට විවෘතව ආරාධනා කරන ලෙස අණ කළේය.
ප්රශ්නය 18. කැඳවීම විවෘතව කරන ලෙස අණ කිරීමෙන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ එතුමාණන්ව විශ්වාස කළ අයගේ තත්ත්වය කුමක් වීද?
පිළිතුර - අබිසීනියාවේ නජ්ජාසි රජතුමා වෙත ඔහුගේ රැකවරණය පතා සංක්‍රමණය වීමට මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් අනුගාමිකයන්ට අවසර දෙන තෙක් මුෂ්රීක්වරුන් එතුමාට සහ මුස්ලිම්වරුන්ට (අඛණ්ඩව) හිරිහැර කරමින් සිටියහ.
බහුදේවවාදීන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හානියක් කර ඝාතනය කිරීමට ඒකමතිකව එකඟ වූ අතර, උත්තරීතරවූ අල්ලාහ් එතුමාණන්ව ඔවුන්ගෙන් ආරක්ෂා කර, ඔවුන්ගෙන් සුරක්ෂිත වීමට එතුමාණන්ගේ සුඵපියා වූ අබුතාලිබ්ගේ රැකවරණයද මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ලබා දෙන ලදි.
ප්රශ්නය 19. නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවරයේ දසවන වර්ෂයේදී මිය ගියේ කවුද?
පිළිතුර - එතුමාණන්ගේ සුඵපියා වූ අබු තාලිබ් සහ එතුමාණන්ගේ බිරිඳ කදීජා (රළියල්ලාහු අන්හා) අභාවප්‍රාප්ත වූහ.
ප්‍රශ්න අංක 20. අල් ඉස්රා වල්මිඃරාජ් ගමන සිදුවූනේ කවදාද?
පිළිතුර - එතුමාණන්ගේ වයස අවුරුදු පනහේදී මෙම ගමන සිදු වූ අතර, දිනපතා පස් වේලේ සලාතය මෙම ගමනේදී අනිවාර්ය කරන ලදි.
අල් ඉස්රාඃ: (මක්කාවේ) මස්ජිදුල් හරම්හි සිට මස්ජිදුල් අක්සා (ජේරුසලම්) දක්වා ගිය ගමන.
අල්මිඃරාජ්: බයිතුල් මුකද්දිසය සිට අහස් හතක් පසුකර සිද්රතුල් මුන්තහා තෙක් ගිය ගමන.
ප්‍රශ්න අංක 21. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවෙන් පිටත මිනිසුන්ට ආරාධනා කළේ කෙසේද?
පිළිතුර: එතුමා තායිෆ් වැසියන්ට ආරාධනා කරමින් සිටියහ. තවද මදීනාවේ වැසියන්වූ අන්සාර්වරු පැමිණ එතුමාණන්ව හමුවී ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කර, එතුමාණන්ට පක්ෂපාතී වී සහයෝගය දක්වන බවට ප්‍රතිඥා දෙන තුරු, විවිධ කාලවලදී සහ මිනිසුන්ගේ රැස්වීම්වලට පෙනී සිටිමින් ආරාධනා කර සිටියේය.
ප්‍රශ්න අංක 22. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කොපමණ කාලයක් මක්කාවේ නැවතී ආරාධනා කළාද?
පිළිතුර: අවුරුදු 13 ක්.
ප්‍රශ්න අංක 23: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සංක්‍රමණය වුනේ කුමන ප්රදේශයකටද?
මක්කා පුරවරයේ සිට මදීනා නගරයට.
ප්‍රශ්න අංක 24: මදීනාවේ කොපමණ කාලයක් සිටියේද?
පිළිතුර: අවුරුදු දහයක්.
ප්‍රශ්න අංක 25: මදීනාවේදී එතුමාණන්ට පනවන ලද ඉස්ලාමීය වගකීම් මොනවාද?
පිළිතුර- එතුමාණන්ට සකාත් (අනිවාර්ය බද්ධ), සව්ම් හෙවත් උපවාසය, හජ් වන්දනාව, අල්ජිහාද් (කැපවීම) අල් අදාන් (සලාතය සඳහා ආරාධනය) වැනි ඉස්ලාමීය වගකීම් අනිවාර්ය කරන ලදි.
ප්‍රශ්න අංක 26: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ජයග්‍රහණවලින් වැදගත්ම ජයග්‍රහණය කුමක්ද?
පිළිතුර: - බද්ර් සටනේ ජයග්‍රහණය: හිජ්රි දෙවන වසරේදීය.
- උහද් සටනේ ජයග්‍රහණය: හිජ්රි තෙවන වසරේ.
- අල් අහ්සාබ් සටනේ ජයග්‍රහණය: හිජ්රි පස්වන වසරේ.
- මක්කා සටනේ ජයග්‍රහණය. හිජ්රි අටවන වසරේ දී.
ප්රශ්නය 27: අල්-කුර්ආනයෙන් එතුමාණන්ට පහළ වූ අවසන් වදන කුමක්ද?
පිළිතුර: (පහත සඳහන්) අල්ලාහ්ගේ කියමන. එහි නුඹලාව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන්නේ ය. තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය. (අල් බකරා: 281)
ප්‍රශ්න අංක 28: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිය ගියේ කවදාද? සහ එවිට එතුමාගේ වයස කීයද?
පිළිතුර - හිජ්රි එකොළොස්වන වසරේ රබී අල්-අව්වල් මාසයේදී එතුමාගේ වයස අවුරුදු හැට තුනේදී අභාවයට පත් වුුහ.
ප්‍රශ්න අංක 29: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්යාවන් ගැන සඳහන් කරන්න.
පිළිතුර:1. කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය.
2- සවුදා බින්ත් Zසම්ආ (රළියල්ලාහු අන්හා) තුමිය.
3- ආඉෂා බින්ත් අබී බක්ර් අස් සිද්දීක් (රළියල්ලාහු අන්හා) තුමිය
4- හෆ්සා බින්ත් උමර් (රළියල්ලාහු අන්හා) තුමිය.
5- සයිනබ් බින්ති ජහෂ් (රළියල්ලාහු අන්හා) තුමිය.
6- උම්මු සලමා හින්ද් බින්ත් අබී උමයියා (රළියල්ලාහු අන්හා) තුමිය.
7- උම්මු හබීබාහ් බින්ති අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හා) තුමිය.
8- ජුවය්රිය්යාහ් බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
9- මය්මූනා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) තුමිය.
10- සුෆියියාහ් බින්ත් හුයයි (රළියල්ලාහු අන්හා) තුමිය.
11- සයිනබ් බින්ති ජහෂ් -රළියල්ලාහු අන්හා- තුමිය
ප්‍රශ්න අංක 30: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දරුවන් කවුද?
පිළිතුර- පිරිමි දරුවන් තිදෙනෙකි.
අල් කාසිම් (එතුමා මෙම පුත්‍රයාගේ නාමයෙන් හැඳින්වනු ලැබීය.)
අබ්දුල්ලාහ්
ඉබ්රාහීම්
ගැහැණු දරුවන්:
ෆාතිමා
රුකයියහ්
උම්මු කුල්සූම්
- zසයිනබ්.
මරියා අල්-කිබ්තියා තුමියගෙන් උපත ලැබූ ඉබ්රාහිම් හැර එතුමාණන්ගේ සියලුම දරුවන් කදීජා -රළියල්ලාහු අන්හා- තුමියගෙන් උපත ලැබූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අභාවයට පත් වී මාස හයකට පසු ෆාතිමා තුමිය මිය ගිය අතර අනෙක් සියල්ලෝම එතුමාණන්ට පෙර මිය ගියහ.
ප්‍රශ්න අංක 31: නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ශරීර ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්න?
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, මිටි හෝ උස අයකු නොවූ අතර එතුමාණන්ගේ ශරීරය මධ්‍යස්තව පිහිටා තිබිණි. එතුමාණන් රතු පැහැයට බර සුදු පැහැයෙන් යුක්ත වූ අතර, එතුමාණන්ට (ලස්සන) ඝන රැවුලක්, පුළුල් නේත්‍රා දෙකක් සහ විශිෂ්ට මුඛයක් තිබිණි. එතුමාණන්ගේ හිසකෙස් ඉතා කළු පැහැයෙන් යුක්ත වූ අතර විශාල උරහිස් ද තිබිණි. එතුමාගේ ශරීරයෙන් (නිතර) හොඳ සුවඳක් විහිදුනු අතර අනෙකුත් අලංකාර ලක්ෂණද පිහිටා තිබිණි.
ප්‍රශ්න අංක 32: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ කුමක් මතද?
පිළිතුර - නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමාජය හැර ගියේ සුදෝවන් සුදු, පැහැදිලි මාර්ගයකය. එහි රාත්‍රිය, දවල් මෙන් වේ. විනාශයට පත් වූ කෙනෙකු හැර අන් කිසිවෙකු එයින් බැහැර වන්නේ නැත. යම් යහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට කියා දුන්නේය. යම් අයහපතක් ඇත්තේද ඒ ගැන සමාජයට අනතුරු ඇඟව්වේය.
*******
අල්කුර්ආන් පරිච්ඡේද අර්ථවිවරණ කොටස.
අල්කුර්ආන් අර්ථ විග්රහ විද්‍යාව:
අර්ථ විග්රහ විද්‍යාව යනු විශ්වාසයන්, වතාවත්, ගනුදෙනු, ගුණධර්ම, හලාල් සහ හරාම්, අණ කිරීම් සහ වැළැක්වීම් යනාදියට අදාළ මඟපෙන්වීම් අන්තර්ගත ශුද්ධවූ අල්කුර්ආන් වාක්‍යයන්හි අර්ථයන් පිළිබඳ දැනුමයි.
සැලකිය යුතුයි: මෙම කොටස වාක්‍යයන් කටපාඩම් කිරීම සහ ඒවායේ අර්ථයන් අවබෝධ කර ගැනීම සඳහා වේ.
ප්‍රශ්න අංක 1. අල්ෆාතිහා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?
පිළිතුර: අල්ෆාතිහා පරිච්ඡේදය සහ එහි අර්ථ විවරණය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය 3. විනිශ්චය දිනයේ රජු ය. 4 ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. අපට ඍජු මඟ පෙන්වනු මැනව 6 ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව. (අල්-ෆාතිහා: 1-7)
අර්ථ විග්‍රහය:
එය සූරා අල්-ෆාතිහා ලෙස හැඳින්වීමට හේතුව අල්ලාහ්ගේ ශුද්ධ වූ අල්කුර්ආන් ග්‍රන්ථය මෙම පරිච්ඡේදයෙන් ආරම්භ වන නිසයි.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ්ගේ නාමයෙන්: ඔහුගෙන් උපකාර පතමින්, ඔහුගේ නාමය මෙනෙහි කොට භාග්‍ය සොයමින් අල් කුර්ආනය කියවීමට මම ආරම්භ කරමි.
- "අල්ලාහ්" යනු: ඔහු සැබවින්ම වන්දනාමානය කිරීමට සුදුසු වන අතර, වෙනත් කිසිවෙකු (අල්ලාහ් යන) මෙම නාමයෙන් හැඳින්වීමට නොහැක.
- "අර් රහ්මාන්" යනු: ඔහුගේ කරුණාව සෑම දෙයක්ම ආවරණය කරන, අතිමහත් කරුණාවේ හිමිකරු ය.
"අර් රහීම්" යනු: විශ්වාස කරන්නන් කෙරෙහි කරුණා ගුණය දක්වන්නා.
සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. එනම්: සියලුම ආකාරයේ ප්‍රශංසා හා පරිපූර්ණත්වය අල්ලාහ්ට පමණක් සතුය.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත. සෑම දෙයක්ම ආවරණය කරන විශාල කරුණාවේ හිමිකරු වන අතර, විශ්වාස කරන ගැත්තන් හට ළඟාවන කරුණාවේ හිමිකරු ද වෙයි.
විනිශ්චය දිනයේ රජු ය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. තේරුම: අපි ඔබට පමණක් නමස්කාර කරමු, ඔබගෙන් පමණක් පිහිට පතන්නෙමු.
අපට ඍජු මඟ පෙන්වනු මැනව. එය ඉස්ලාමය හා සුන්නාව වෙත වූ මඟ පෙන්වීමකි.
ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව. එනම්, නබිවරුන්ගේ සහ ඔවුන්ව අනුගමනය කළ අයගේ සහ අල්ලාහ්ගේ ධර්මිෂ්ඨ ගැත්තන්ගේ මාර්ගයයි. කිතුනුවන්ගේ සහ යුදෙව්වන්ගේ මාර්ගය නොවේ.
සූරතුල් ෆාතිහා ව පාරායනයනය කිරීම අවසන් වූ වහාම, ආමීන් - (තේරුම- අපේ ප්‍රාර්ථනාවන් සඳහා පිළිතුරු ලබා දෙනු මැනව!) යනුවෙන් පැවැසීම සුන්නත් වේ.
අල්සzල්zසලා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?
අල්සzල්zසලා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි. එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. (අස් zසල්zසලා: 1-8)
අර්ථ විග්‍රහය:
මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,
මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,
3. තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි. පොළොව මෙසේ කම්පනය වන්නට, එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි.
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත.
5. සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, එය අල්ලාහ් එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි.
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. පොළොව කම්පනයට පත්වන ඒ මහත් වූ දිනයේ මෙලොවෙහි තමන් කළ ක්‍රියාවන් දැක ගනු පිණිස මිනිසා විනිශ්චය ස්ථානයෙන් පිටත්ව කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්‍රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.
8. කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. 8 එමෙන්ම කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් අයහපත් නපුරු ක්‍රියාවක් කර ඇත්තේ ද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.
ප්‍රශ්න අංක 3: අල්ආදියාත් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?
පිළිතුර- අල්ආදියාත් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.) එවිට එමඟින් උන් දූවිලි නංවති. කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය. තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද? තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග. නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය. 11﴾ (අල් ආදියාත්: 1-11)
අර්ථ විග්‍රහය:
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්, වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද...
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද, දිව යන විට උන්ගේ කුර බලවත් ලෙස ගල්වල ගැටීමෙන් ගිනි පුපුරු නංවන අශ්වයින් මත දිවුරමින්ද...
තවද අලුයමෙහි ආක්‍රමණය කරන්නන් මත ද (දිවුරමින්.) අලුයම් කාලයෙහි සතුරන් වෙත කඩා පනින අශ්වයින් මත දිවුරමින්ද ...
එවිට එමඟින් උන් දූවිලි නංවති. එසේ දිව යන විට උන් දූවිලි අවුස්සාලයි.
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති. අශ්වාරෝහකයින් සමඟ කණ්ඩායම් වශයෙන් සතුරන් මැදට කඩා පනියි.
නියත වශයෙන් ම මිනිසා තම පරමාධිපතිට ගුණමකු ය. මෙසේ අශ්වයින් මත දිවුරා සැබැවින්ම මිනිසා තම පරමාධිපති බලාපොරොත්තුවන අයුරින් තමන් කළ යුතුව ඇති යහපත් දෑ නොකොට ඉන් වැළකී සිටින බව අවධාරණය කරයි.
තවද ඇත්තෙන් ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ. එසේ යහපත් දෑ සිදුකිරීමෙන් වැළකී සිටින ඔහුම එයට සාක්ෂිකරුවකි. එය පැහැදිළි කරන විට එය ප්‍රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නොලැබෙන්නේය.
තවද ඇත්තෙන් ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ. සැබැවින්ම ඔහු ධනයට කෑදරය. මසුරුය.
එහෙත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නො දන්නේ ද? විනිශ්චය සඳහාත් ප්‍රතිඵල පිරිනැමීම සඳහාත් මියගිය ඇත්තන් මිනීවළවල් වලින් යළි අවදිකරවා මහපොළොවෙන් ඉවතට ගන්නා විට ඔවුන් කල්පනය කරන්නාක් මෙන් එම විෂය නොපවතිනු ඇතැයි මෙළොව ජීවිතය තෝරාගත් අය වටහා නොගන්නේ මන්ද?
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නො දන්නේ) ද? සිත් තුළ ඇති කරගත් ඔහුගේ සිතුවිලි, විශ්වාසයන් හා වෙනත් දෑ පැහැදිළි කරනු ලැබ, ඒවා එළියට ගෙන එනු ලැබේ.
නියත වශයෙන් ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව අභිඥානවන්ත ය. සැබැවින්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ සියලු තොරතුරු මැනවින් දැන සිටියි. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු කරුණක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්ර්තිඵල පිරිනමනු ඇත.
ප්‍රශ්න අංක 4: අල් කාරිආහ් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
පිළිතුර- අල්කාරිආ පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය
කම්පනය ඇති කරන සිදු වීම. කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද? කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත. තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත. තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්, එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි. තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, ඔහුගේ වාසස්ථානය හාවියා වේ. තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද? (එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. (අල් කාරිආහ්: 1-11)
අර්ථ විග්‍රහය:
කම්පනය ඇති කරන සිදු වීම. අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.
කම්පනය ඇති කරන සිදු වීම කුමක් ද? අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන ඒ දිනය කුමක්ද?
කම්පනය ඇති කරන සිදු වීම කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එම දිනය කුමක් දැයි අහෝ දූතය! ඔබට දැනුම් දුන්නේ කුමක්ද? එය යළි අවදි කරවන දිනයකි.
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත. මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන එදින ඔබ මොබ දුවන මේරුන් මෙන් ඔවුහු සැරිසරති.
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත. පීරන ලද පුළුන් මෙන් විතැන් වී ගොස් සැහැල්ලුවෙන් ගමන් කරන තත්ත්වයට කදු පත්වනු ඇත.
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්, තමන්ගේ අයහකම් වලට වඩා තමන් කළ යහකම් බරින් වැඩි වූ අය වනාහි,
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි. ස්වර්ගය හිමි කර ගනිමින් තෘප්තිමත් ජීවිතයක පසු වනු ඇත.
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්, තමන්ගේ යහකම් වලට වඩා තමන් කළ අයහකම් බරින් වැඩි වූ අය වනාහි,
ඔහුගේ වාසස්ථානය හාවියා වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහුගේ නවාතැන ඔහුගේ වාසස්ථානය වන්නේ නිරයයි.
තවද එය කුමක් දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද? අහෝ දූතය! එය කුමක්දැයි ඔබව දැනුවත් කර සිටියේ කුමක්ද?
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි. එය දැඩි තාපයෙන් යුත් ගින්නකි.
ප්‍රශ්න අංක:5. 102. සූරා අත්-තකාසුරු (අධික ව රැස් කිරීම) පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න?
පිළිතුර- සූරා අත්-තකාසුරු සහ එහි අර්ථ විග්‍රහය
අධික ලෙස රැස් කිරීම ඔබව නොසැලකිලිමත් කළේය. නුඹලා මිනීවළවල් හමු වන තුරු, එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්, නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත. පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත. තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත. සූරා අත්-තකාසුර් :1-8
අර්ථ විග්‍රහය:
1. අධික කර ගැනීමේ ආශාව නුඹලාව නොසැලකිලිමත් කළේය. අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
නුඹලා මිනීවළවල් හමු වන තුරු, නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවල් නුඹලා හමුවන තුරු.
එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.
යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත. එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.
එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්, සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්‍රියාවන්ට ඔහු ප්‍රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.
නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.
පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත. සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.
තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳව විමසනු ලබනු ඇත. සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රදශ්න කරනු ලබන්නෝය.
ප්‍රශ්න අංක 6: අල්-අස්ර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
අල්-අස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය.
කාලය මත දිවුරමින්. සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි. නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. (සූරා අල්-අස්ර් :1-3)
අර්ථ විග්‍රහය:
1. කාලය මත දිවුරමින්. සුවිශුද්ධයාණන් කාලය මත දිවුරා සිටී.
2. සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි. එනම්: සියලු මිනිසුන් යම් අඩුවක හා විනාශයක සිටිති.
නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කොට, දැහැමි ක්‍රියාවන් ඉටු කර, ඔවුන් අතරින් ඇතැමෙක් ඇතැමෙකුට අන්‍යෝන්‍යව සත්‍යය පිළිබඳ උපදෙස් දෙමින් ඒ මත ඉවසීමෙන් සිටින මෙන් ද උපදෙස් දෙමින් ජීවත් වන්නන් හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජීවිතයෙහි ජය ලබන්නෝ වෙති.
ප්‍රශ්න අංක 7: අල්-හුමසා පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
අල්-හුමසා පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා! ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි. නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත. එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි. හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය. එය හදවත් වෙත ළඟා වෙයි. සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි. උස් කුලුනු තුළ (හිරකර). (අල්-හුමසා: 1-9)
අර්ථ විග්‍රහය:
1. දොස් නගමින් නින්දා බස් කියන, අපහාස කරමින් කේළාම් කියන සෑම කෙනෙකුට ම විනාශය අත් වේවා! මිනිසුන්ට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.
2. ඔහු ධනය රැස් කොට එය ගණන් කරමින් සිටි අයෙකි. ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත.
3. නියත වශයෙන් ම ඔහුගේ ධනය ඔහුව සදාකල් ජීවත් කරවනු ඇතැ යි ඔහු සිතනු ඇත. නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි.
4. එසේ නොව සැබැවින් ම ඔහු හුතමාවෙහි හෙළනු ලබයි. මෙම අධමයා රූපණය කරන්නාක් මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ.
හුතමාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
6. එය අවුළනු ලැබූ අල්ලාහ්ගේ ගින්න ය. සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය.
7. එය හදවත් වෙත ළඟා වෙයි. එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා පසාරු වී යනු ඇත.
8. සැබැවින්ම එය ඔවුන් වට කර ගන්නකි. සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත.
9.උස් කුලුනු තුළ (හිරකර). ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි.
ප්‍රශ්න අංක 8: අල්-ෆීල් (ඇතා) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?
පිළිතුර- අල්-ෆීල් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද? ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද? තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය. උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය. එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය. (අල්-ෆීල්: 1-5)
අර්ථ විග්‍රහය:
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද? අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද? එය කඩා බිඳ දැමීමේ ඔවුන්ගේ ඒ නපුරු කුමන්ත්‍රණය අල්ලාහ් නිෂ්ඵල කර දැමීය. කඃබා දේවස්ථානයෙන් ජනයා ඉවත් කිරීමට සිතූ ඔවුන්ගේ වෑයම අසාර්ථක විය. ඉන් කිසිදු ඵලක් ලබන්නට ඔවුනට නොහැකි විය.
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය. කුරුල්ලන් වර්ගයක් ඔවුන් වෙත අල්ලාහ් එවීය. උන් රංචු පිටින් ඔවුන් වෙත ආවේය.
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය. රත් කරන ලද මැටියෙන් යුත් ගල් උන් ඔවුන් මත හෙළුවේය.
එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය. සතුන් විසින් කා දමන ලද, උන් විසින් පාගා දමන ලද පැළෑටිවල කොළ මෙන් අල්ලාහ් ඔවුන්ව පත් කළේය.
ප්‍රශ්න අංක 9: සූරා කුරෙයිෂ් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
පිළිතුර- සූරා කුරෙයිෂ් පරිච්ඡේදය සහ එහි අර්ථවිවරණය
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, ශීත හා ශ්රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය. (සූරා කුරයිෂ්: 1-4)
අර්ථ විග්‍රහය:
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, ඔවුන්ගේ ඇල්ම හේතුවෙන් ශීත ඍතුවේ සහ ගිම්හානයේ සංචාරයේ යෙදීමට හුරුපුරුදු වූ බව එයින් අදහස් කරනු ලැබේ.
ශීත හා ශ්රීෂ්ම ඍතුවන්හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද, ශීත ඍතුවෙහි සුරක්ෂිතව යමන් දේශයට හා ග්‍රීස්ම ඍතුවෙහි සුරක්ෂිතව සිරියා දේශයට යෑමේ පුරුද්ද හා ඇල්ම ඇති කළ හේතුවෙන්.
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා! මෙම ශුද්ධවූ නිවසේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදුම් කරත්වා! ඔවුනට මෙම ගමන පහසු කළේ ඔහුය. එබැවින් කිසිවකට ඔවුන් ඔහුව ආදේශ නොකළ යුතුය.
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහු ය. ඔහු අරාබිවරුන් අතර කඃබාව ශුද්ධත්වයට පත් කොට, එය ගරුකටයුතු ස්ථානයක් බවට පත් කොට ඔවුනට ආරක්ෂාවද ඔවුන්ගේ කුසගින්නට ආහාරයද සැපයීය.
ප්‍රශ්න අංක 10. අල්-මාඌන් (අල්ප වස්තූන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න?
පිළිතුර- අල්-මාඌන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි. තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත. එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය. අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය. නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය. සූරා අල්-මාඌන්:1-7
අර්ථ විග්‍රහය:
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද? විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයාව පලවා හරියි. ඔහු අනාථයා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන විට ඔහුට උපකාර කිරීමෙන් වළක්වාලයි.
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත. දිළිඳුන් හට ආහාර සැපයීමට තමන් උනන්දු නොවන අතරම ඒ සඳහා අන් අයව දිරි නොගන්වයි.
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! නොසැලකිලිමත්ව මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය. එහි වේලාව ගෙවී යන තෙක් නොසැලකිලිමත්ව සිටින, එමෙන්ම මූනිච්ඡාවට සලාතය ඉටු කරන්නන් විනාශ වේවා! දඬුවමට ලක් වේවා!
අන් අයට ප්‍රදර්ශනය කරන්නෝ වූවෝ ය. ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයන් හා ක්‍රියාවන් මුනිච්චාවට කළ අයවලුන් වේ. තවද ඔවුන් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් ක්‍රියවන් සිදු නොකරන්නේය.
නො වටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූවෝ ය. උදව් කිරීමෙන් හානියක් ඇති නොවන සුළු දෑ පවා අන් අයට දීමෙන් ඔවුන් වැළකෙති.
ප්‍රශ්න අංක 11. අල්-කව්සර් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න.?
පිළිතුර- අල්-කවිසර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු. එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු. නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා. (අල්-කව්සර්: 1-3)
අර්ථ විග්‍රහය:
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු. අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සත්ත්ව කැපයක් දෙනු. මෙම ආශිර්වාදය වෙනුවෙන් ඔබ අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහු මය පෙළපත නො මැත්තා. ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈඳාගෙන ඔහු සිහිපත් කරන ලදී.
ප්‍රශ්න අංක 12. අල්-කාෆිරූන් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
පිළිතුර- අල්-කාෆිරූන් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය.
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි! නුඹලා නමදින දෑ මම නො නමදිමි. තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය. තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි. තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය. නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය. (අල්-කාෆිරූන්: 1-6).
අර්ථ විග්‍රහය:
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි! අහෝ දූතය! අල්ලාහ් පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්‍රතික්ෂේප කරන්නනි!“ යැයි පවසනු.
නුඹලා නමදින දෑ මම නො නමදිමි. වර්තමානයේ හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැඳුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි.
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය. මම කවර කෙනෙකු නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නො වූයෙමි. නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත.
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නො වන්නෙහු ය. මම කවර කෙනෙකු නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
නුඹලාට නුඹලාගේ දහම ය. මට මාගේ දහම ය. නුඹලා වෙනුවෙන් කවර දහමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ දහම මා සතුය.
ප්‍රශ්න අංක 13. අන්-නස්ර් (උපකාරය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
අන්-නස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය.
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද, තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද, නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය. (අන් නස්ර්: 1-3)
අර්ථ විග්‍රහය:
අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද, අහෝ දූතය! ඔබේ දහමට අල්ලාහ්ගේ උපකාරය පැමිණ, එය ගෞරවයට පත් වී, මක්කාහ් ජයග්‍රහණය සිදු වන විට,
තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.
නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය. ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවටත්, ඔබගේ ආයු කාලය අවසන් වී ඔබගේ පරමාධිපති හමුවීම ආසන්න වී ඇති බවටත් මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්‍රහණය ආශිර්වාද කළ ඔබගේ පරමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්‍රශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.
ප්‍රශ්න අංක 14. සූරා අල්-මසද් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
පිළිතුර- අල්-මසද් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා! ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත. (ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත). ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි. (අල්-මසද්:1-5)
අර්ථ විග්‍රහය:
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා! නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. ඔහු හරිහම්බ කළ දෑද විනාශ වී ගියේය.
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත. ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්‍රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත. අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත). නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි. නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.
ප්‍රශ්න අංක 15. අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
පිළිතුර- අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රාහය
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් ස්වාධීන ය. ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය. තවද ඔහුට සමාන කිසිවෙකු නැත. (අල් ඉක්ලාස්: 1-4)
අර්ථ විග්‍රහය:
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. (අහෝ දූතය!) නුඹ මෙසේ පවසනු: ඔහු අල්ලාහ් ය. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත.
2. අල්ලාහ් ස්වාධීන ය. එනම්: සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.
3. ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.3 පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.
තවද ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.
ප්‍රශ්න අංක 16. අල්-ෆලක් (අරුණෝදය)පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්‍රහය කරන්න.?
පිළිතුර- අල්-ෆලක් (අරුණෝදය) සහ එහි අර්ථ විග්‍රහය.
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. ඔහු මැවූ දෑහි හානියෙන් ද, තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද, තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 1-5)
අර්ථ විග්‍රහය:
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
ඔහු මැවූ දෑහි හානියෙන් ද, වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද, සොර සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ් වෙත ආරක්ෂාව පතමි.
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ගැටමත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා හූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.
5. (ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) තවද, අල්ලාහ් ජනයාට පිරිනමා ඇති භාග්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා කොට, ඒවා ඔවුන්ගෙන් ඉවත් වී යාමටත් ඔවුන්ට හානියක් සිදු කිරීමටත් අපේක්ෂා කරන, ජනයාට වෛර කරන ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි).
ප්‍රශ්න අංක 17. අන්-නාස් (මිනිසුන්) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
අන්-නාස් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්‍රහය.
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (ඔහු) මිනිසුන්ගේ රජු ය. (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. (අන්-නාස්: 1-6)
අර්ථ විග්‍රහය:
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. අහෝ දූතය, ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.
(ඔහු) මිනිසුන්ගේ රජු ය. ඔහු කැමති දේ ඔවුන් අතර ක්‍රියාත්මක කරවයි. ඔහු හැර වෙනත් කිසිදු හිමිකරුවකු ඔවුනට නොමැත.
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. ඔවුන් විසින් සැබෑ ලෙස නැමදුමට ලක් විය යුත්තාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු වෙනත් කිසිවකු ඔවුනට නොමැත.
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) මිනිසා තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි.
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. ඔහු මිනිසාගේ හදවත් වෙත ඔහුගේ කුකුස් හෙළයි.
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. එනම්: ඔවුන් ජින්නුන් අතර මෙන්ම මිනිසුන් අතරද වෙති.
*******
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ (හදීස්) වදන් පිළිබඳ කොටස.
හදීස් විද්‍යාව:
නබි වදන: එය නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ට ආරෝපණය කරන ලද ප්‍රකාශයක්, ක්‍රියාවක්, අනුමත කිරීමක්, හෝ ශාරීරික හෝ සදාචාරාත්මක ගුණාංගයක් වේ.
පළමු හදීසය:
ප්‍රශ්න අංක 1. "සියලු ක්‍රියාවන් චේතනාව (නියියතය) මත තීරණය කරනු ලැබේ. " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව විශ්වාස කරන්තන්ගේ නායක උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) වාර්තා කරයි. “ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුම තම චේතනාව මත ප්‍රතිඵලය හිමි කර ගනී. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත. " යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කළ ප්‍රකාශයට මා සවන් දුනිමි.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. සෑම ක්‍රියාවක් සඳහා, එනම් සලාතය, සව්ම් හෙවත් උපවාසය, හජ් සහ වෙනත් මෙවැනි ක්‍රියාවන් සඳහා චේතනාවක් තිබිය යුතුය.
2. සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි කෙනෙකුගේ චේතනාව තුළ අවංකභාවයක් තිබීම අවශ්‍ය වේ.
දෙවන හදීසය:
"අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්‍රම සහ වීධි කවරෙකු ඇතුඵ කරන්නේද,." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගතු යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
විශ්වාසීන්ගේ මෑණියන් වන උම්මු අබ්දුල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ වාර්තා කරයි. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ: "අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්‍රම සහ වීධි කවරෙකු හෝ ඇතුඵ කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරනු ලැබේ."
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. ආගමේ (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන තහනම් කිරීම.
2. (ඉස්ලාමයේ) එහි නොමැති නවෝත්පාදන ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඒවා පිළිගනු නොලැබේ.
තුන්වැනි හදීසය:
ප්‍රශ්න අංක 3. "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගත යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
පිළිතුරු - උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණියේය. ගමනක කිසිදු සළකුණක් ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, තම අත්දෙක එතුමාගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ‘ඉස්ලාම් යනු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රැකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම’ යැයි පැවසූහ. ඔහු, ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාණන්ගෙන් විමසයි, එය සත්‍යය යැයි ද පවසයි. ඔහු තවදුරටත්, ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්න’ යැයි විමසා සිටියේය. එතුමාණෝ, ‘ඔබ අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ දූතයින් හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොඳ හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි’ යැයි පැවසූහ. ඔහු, ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි කීය. නැවතත්, ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුට නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි’ යැයි පැවසූහ. ඔහු, ‘මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නා වේ’ යැයි පැවසූහ. ඔහු, ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘වහලියක් තම ස්වාමි පුත්‍රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්‍ර, එළුවන් බලා ගන්නා එඬේරුන් උස් ගොඩනැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති’ යැයි පැවසූහ. පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසූහ: ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද?’ මම, ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී’ යැයි පැවසුවෙමි. එතුමාණෝ, ‘සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය’ යැයි පැවසූහ.”
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1-ඉස්ලාම් අනිවාර්ය කුළුණු පහක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.
තවද, සලාත් ඉටු කිරීම,
සකාත් දීම,
රමළාන්හි උපවාසය රැකීම,
ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් වන්දනා ඉටු කිරීම.
2- ඊමාන් හෙවත් විශ්වාසය අනිවාර්ය කුළුණු හයක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
අල්ලාහ් විශ්වාස කිරීම.
ඔහුගේ සුරදූතයින් විශ්වාස කිරීම,
ඔහුගේ ග්රන්ථ ගැන විශ්වාස කිරිම.
ඔහුගේ පණිවිඩකරුවන් (රසූල්වරුන්) විශ්වාස කිරීම.
අවසන් දිනය විශ්වාස කිරීම.
හොඳ හෝ නරක පෙර නියමයට අනුව (අල්ලාහ් විසින් තීරණය අනුව) සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි.
3. ඉහ්සාන් හි කුළුණු ගැන සඳහන් කිරීම. එය එක් කුළුණකින් සමන්විත වේ. එය වනාහි: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටීම, එහි වේලාව පිළිබඳ අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී.
සිව්වන හදීසය:
ප්‍රශ්න අංක 4- "ඊමානයෙන් පිරිපුන් විශ්වාස කළවුන් "යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්.?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කළවුන් කව්රුන්ද යත් ඔහු ගතිගුණ අතින් අලංකාරවන්තයන්ය. "
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1- යහපත් ගතිගුණ කෙරෙහි දිරිගැන්වීම.
2- ගතිගුණ අතින් පරිපූර්ණත්වයට පත්වීම යනු ඊමාන් හෙවත් විශ්වාස කිරීමෙන් පරිපූර්ණත්වයට පත්වීමයි.
3- සැබැවින්ම විශ්වාසය (ඊමානය) අඩු වැඩි වේ.
පස්වන හදීසය:
ප්‍රශ්න අංක 5. "කෙනෙකු අල්ලාහ් හැර වෙන කිසිවක් හෝ කිසිවෙකු මත දිවුරුම් කරන්නේ නම්" යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගත යුතු කරුණු කිහිපයක් සඳහන් කරන්න?
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිව්රන්නේ ද ඔහු අල්ලාහ් ප්‍රතික්ෂේප කළේය. එසේ නොමැති නම් ඔහු අල්ලාහ්ට ආදේශ තැබුවේය."
මෙම නබි වදනේ වැදගත් ප්‍රයෝජන.
-අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත දිව්රීම නොකළ යුතුය.
"අල්ලාහ් මත හැර වෙනත් දෙයක් මත කරන දිව්රීම" අල්ලාහ්ට කුඩා පරිමාණයෙන් ආදේශ කිරීමක් වේ.
හයවන හදීසය:
"නුඹලා අතරින් කිසිවකු හෝ" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත."
මෙම හදීස් පාඨ ලබා දෙන ආදර්ශ:
- සියලුම මිනිසුන්ට වඩා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ආදරය කළ යුතුය.
එය ඊමාන් (දේව විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
හත්වන හදීසය:
"ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත්"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්‍රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
- විශ්වාස කරන්නා තමාට ප්‍රිය කරන ආකාරයටම අනිකුත් විශ්වාස කරන්නන්ට ද යහපත තුලින් ප්‍රිය කළ යුතුය.
එය ඊමාන් (විශ්වාසයේ) පරිපූර්ණත්වයයි.
අට වන හදීසය:
ප්‍රශ්න අංක 8. " මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද," හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරනන.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබී සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. මාගේ ආත්මය කාගේ අතෙහි තිබේද, එය (සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදය) අල්-කුර්ආනයේ තුනෙන් කොටසකට සමාන වේ.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
සූරා අල් ඉක්ලාස් පරිච්ඡේදයේ වැදගත්කම
එය අල්-කුර්ආනයේ තුනෙන් කොටසට සමාන වේ.
නව වන හදීසය
ප්‍රශ්න අංක 9. " ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරන්න.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. "ලාහව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යනු ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. මෙම පාඨයෙහි වැදගත්කම- එය ස්වර්ගයේ නිධානයන්ගෙන් එකකි.
2. ගැත්තා ඔහුගේ ස්ව බලයෙන් මිදී, සර්වබලධාරී අල්ලාහ් මත පමණක් යැපීමට අධිෂ්ඨාන කරයි.
දහ වන හදීසය.
ප්‍රශ්න අංක 10. "ඇත්ත වශයෙන්ම, ශරීරය තුල මස් කැබැල්ලක් ඇත"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
පිළිතුර - අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසමින් නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඇත්ත වශයෙන්ම, ශරීරය තුල මස් කෑබැල්ලක් ඇත, එය යහපත් නම් මුළු ශරීරයම යහපත් වනු ඇත, එය දූෂිත නම් මුළු ශරීරයම දූෂිත වනු ඇත, එය හදවතයි.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. සිතේ යහපත්කම යනු එය බාහිර හා අභ්‍යන්තර යහපත්කම් වලින් සමන්විතය.
2. සිතේ යහපත්කම කෙරෙහි අවධානය යොමු කිරීම, කුමක් නිසාද යත් එය තුළ මිනිසාගේ යහපත්කම ඇති බැවිනි.
එකලොස්වන හදීසය.
ප්‍රශ්න අංක 11. "කෙනෙකු අවසාන වශයෙන් ලාඉලාහ ඉල්ලල්ලාහ් " යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කවරෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පවසන්නේද ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1- ලාඉලාහ ඉල්ලල්ලා යන පාඨයෙහි වැදගත්කම නම්, ඒ තුලින් කෙනෙකුට ස්වර්ගයට පිවිසීමට වරම් ලැබීම.
2- මෙලොවේදී කෙනෙකු අවසාන වශයෙන් "ලාඉලාහ ඉල්ලල්ලාහ් " යනුවෙන් පැවැසීමේ වැදගත්කම.
දොලොස්වන හදීසය.
ප්‍රශ්න අංක 12: "අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
පිළිතුරු - අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අධික ලෙස දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්‍ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
- සියලුම අසත්‍ය සහ අසභ්‍ය කතා තහනම් කිරීම.
2- එසේ නොකිරීම දේව විශ්වාස කරන්නේකුගේ දිවෙහි දක්නට ලැබෙන ලක්ෂණයකි.
දහතුන්වැනි හදීසය.
ප්‍රශ්න අංක 13. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම"යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන.?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ ඇති යහපත්කම අතර ඔහු තමාට අදාළ නොවන දේ අත්හැරීමයි."
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. අන් අයගේ ආගම හා ලෞකික කටයුතු සම්බන්ධ කාරණාවලදී පුද්ගලයෙකුට අදාළ නොවන දේ අත්හැරීම.
ඔහුගේ පරිපූර්ණ වූ ඉස්ලාමයට අදාළ නොවන දේ අත්හැරීම.
දහහතරවන හදීසය:
"දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්" යන හදීසය සම්පූර්ණ කරන්න. එහි වැදගත්කම ගැන කරුණු කිහිපයක් සඳහන් කරනන?
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු විසින් දෙවිඳාණන් අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම්, ඒ තැනැත්තාට එක් පිනක් ලැබෙන්නේය. ඒ එක් පින දස ගුණයක් බවට පත් වෙයි. අලිෆ් -ලාම් - මීම් යනු එක අක්ෂරයක් යැයි මා නොපවසමි. එහෙත් අලිෆ් එක් අක්ෂරයකි, තවද ලාම් තව අක්ෂරයකි, මීම් තවත් අක්ෂරයකි.“
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1. අල්කුර්ආනය පාරායනය කිරීමේ වැදගත්කම
2. ඔබ කියවන සෑම අකුරකම ඔබට යහපතක් ඇති බව.
*******
ඉස්ලාමීය ආචාරධර්ම පිළිබඳ කොටස
ආචාරධර්ම විද්‍යාව
ඉස්ලාමීය ආචාරධර්ම : යනු ඉස්ලාමීය ෂරියාව තුළ අන්තර්ගත වී ඇති යහපත් හැසිරීම්, ක්‍රියාවන් සහ පිළිවෙත් සමූහයකි. අල්ලාහ් කෙරෙහි වන විනය සහ ඔහුගේ මැවීම් කෙරෙහි වන විනය ඒ තුළ ඒකරාශී වේ.
උත්තරීතරවූ අල්ලාහ් සමග වූ ආචාර විධි
ප්‍රශ්න අංක 1 - උත්තරීතරවූ අල්ලාහ් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
පිළිතුර - 1.උත්තරීතරවූ අල්ලාහ්ව මහිමයට පත්කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද අල්ලාහ්ව නියම අයුරින් මහිමයට පත් කළ යුතු ආකාරයට ඔවුහු ඔහුව මහිමයට පත් නො කළෝ ය. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහපොළොව මුළුමණින් ම ඔහුගේ ග්‍රහණයේ පවතී. තවද අහස් ඔහුගේ දකුණතෙහි ඔතනු ලැබ තිබේ. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය; සුවිශුද්ධ ය. (අස් සුමර්: 67)
2- හවුල්කරුවෙකු නොමැතිව ඔහුට පමණක් වන්දනාමාන කිරීම. අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. (අල්-බය්යිනා: 5)
3- ඔහුට කීකරු වීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. සූරා මුහම්මද්: 33
4- පාප ක්‍රියාවන් අත්හැරීම. අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ඔහුව ගින්නට ඇතුළත් කරයි. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත. (අන්-නිසා: 125)
5- සර්වබලධාරි අල්ලාහ්ගේ අසංඛ්‍යාත ත්‍යාග සහ ආශීර්වාද සඳහා ඔහුට ස්තුතිය පුද කිරීම සහ ප්‍රශංසා කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: නුඹලා අල්ලාහ්ට ම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු. (අන්-නහ්ල්: 97)
6- අල්ලාහ්ගේ පූර්ව නියමය සමඟ ඉවසීමෙන් සිටීම. අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය. (අල්-අන්ෆාල්: 38)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් සමග ආචාර විධි පවත්වා ගැනීම.
ප්‍රශ්න අංක 2 - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
පිළිතුර -1. එතුමාණන්ව අනුගමනය කර එතුමාණන්ගේ මගපෙන්වීම් අනුව අප ජීවිතය සකස්කර ගැනීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය. (අල්-අහ්සාබ්: 21)
එතුමාණන්ට කීකරු වීම.
3- එතුමාණන්ට අකීකරු වීම අත්හැරීම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත. (අන්-නිසා: 125)
4. එතුමාණන් පැවසු දේ විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි. එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත. (අන්-නජ්ම්: 3-4)
5- එතුමාගේ සුන්නාවට වඩා, අධිකව නව්‍යකරණයක් සිදු නොකර සිටීම. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""කවරෙකු අපගේ කටයුත්තට (ඉස්ලාමයට) එහි නොමැති නවීන ක්‍රම සහ වීධි ඇතුඵ කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.""
6- තමාට සහ සියලු මිනිසුන්ට දක්වන ආදරයට වඩා වැඩි ආදරයක් එතුමාණන්ට දැක්වීම. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "නුඹලා අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු විශ්වාස කරන්නෙක් වන්නේ නැත."
7. එතුමාණන්ට ගෞරවය දැක්වීම, එතුමාණ්න්ට සහ එතුමාණන්ගේ (සුන්නාහ් හෙවත්) මග පෙන්වීම කෙරෙහි සහයෝගය දැක්වීම. අල්ලාහ් මෙසේ පවසා ඇත: නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; අල් ෆත්හ්: 9
දෙමව්පියන් සමග ආචාර විධි පවත්වා ගැනීම:
ප්‍රශ්න අංක 3 - දෙමව්පියන් සමග ආචාර විධි පවත්වා ගන්නේ කෙසේද?
1 - අයහපත් ක්රියාවන්හිදී හැර දෙමාපියන්ට කීකරු වීම.
2- මාපිය උපස්ථාන.
3- දෙමව්පියන්ට උදව් උපකාර කිරීම.
4- දෙමව්පියන්ගේ අවශ්‍යතා ඉටු කර දීම.
5- දෙමව්පියන් සඳහා ප්‍රාර්ථනා කිරීම.
6- කතා කිරීමේදී ඔවුන් සමඟ ආචාරශීලී වීම; ඔවුන්ට "චී" යැයි පැවසීමට පවා අනුමත නැත. එය ප්‍රකාශයන් අතුරින් අධම ප්‍රකාශය එයයි.
7- දෙමවුපියන් ඉදිරියේ සිනහ මුසු මුහුණකින් සිටීම. ඔවුන් ඉදිරියේ මුහුණ හකුලා නොගැනීම.
8- මාගේ දෙමව්පියන්ගේ කටහඬට වඩා උස් හඩක් නඟන්නේ නැත, ඔවුන් දෙදෙනාට සවන් දෙමි, වචනවලින් ඔවුන්ට බාධා නොකරමි, තවද මා ඔවුන්ගේ නමින් ඔවුන් අමතන්නේ නැත, නමුත් "මගේ තාත්තා," "මගේ අම්මා" යැයි කියමි.
9- මගේ පියා සහ මව කාමරයේ සිටින විට ඇතුල් වීමට පෙර මම ඔවුන්ගෙන් අවසර ඉල්ලා සිටිමි.
10- දෙමාපියන්ගේ දෑත් සහ හිස සිප ගැනීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේ ය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනා ම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නො පවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නො හරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු. කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව! (අල්-ඉස්රා 17:50,51)
- තවද හදීසයෙහි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත මිනිසෙකු පැමිණ ජිහාද් - කැපවී අරගල කිරීම සඳහා එතුමාගෙන් අවසර පැතුවේය. එවිට එතුමා මෙසේ පැවසූහ: "ඔබට දෙමව්පියන් සිටින්නේද?" යැයි එතුමාණෝ විමසූහ. ඔහු "එසේය" යැයි පැවසීය. එතුමාණෝ, "එසේනම් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කැපවී කටයුතු කරනු" යැයි පැවසූහ.
ඥාති සබඳතාවල පවත්වාගත යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක 4: මා විසින් ඥාති සබඳතා පවත්වාගත යුත්තේ කෙසේද?
පිළිතුර 1- සහෝදරයා, සහෝදරිය, මාමා, නැන්දා, පියාගේ සහෝදර සහෝදරියා්, සහ අනෙකුත් ඥාතීන්ගේ දුක සැප විමසීමට නෑගම් යාම.
2- වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔවුන්ට යහපතක් කර උපකාර කිරීම.
3- මෙයට ඔවුන් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන්ගේ සැප දුක් ගැන විමසීම ද ඇතුළත් වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද? සූරා මුහම්මද්:22
- හදීසයේ මෙසේ සඳහන් වේ: “ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
සර්වබලධාරී අල්ලාහ් උදෙසා පවතින සහෝදරත්වයේ සදාචාර විධි:
ප්‍රශ්න අංක 5: මම මගේ සහෝදරයන් සහ මිතුරන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?
පිළිතුර- 1. හොඳ මිතුරන් සමග මිතු දම් පවත්වමි.
2- මම දුෂ්ටයන්ගේ ඇසුරෙන් වැළකී සිටිම. හදීසයේ මෙසේ සඳහන් වේ: "දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු හැර අන් කිසිවෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කර නො ගන්න. භක්තිමත් පුද්ගලයෙකුට හැර අන් කිසිවෙකුට ඔබේ ආහාර අනුභව කිරීමට ඉඩ නොදෙන්න."
3- මම මගේ සහෝදරයන්ට සලාම් කියා ආචාර කර ඔවුන්ට අතට අත දෙමි. හදීසයේ මෙසේ සඳහන් වේ: "මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
4- ඔවුන් රෝගා තුර වුවහොත් මම ඔවුන් බැලීමට යන අතර ඔවුන්ට සුවය ලැබෙන ලෙස මම යාච්ඤා කරමි.
කිසිවකු කිඹුහුමක් ඇරිය විට ඔහුට ‘යර්හමුකල්ලාහ්’ (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පැවසීම.
6- ඔහුව (සහෝදරයෙකු) බැහැදැකීමට මට ආරාධනා කළහොත් මම ඔහුගේ ආරාධනයට පිළිතුරු දෙමින් ඔහුව බැහදැකීමට යමි. හදීසයේ මෙසේ සඳහන් වේ: "මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."
7- මම ඔහුට (යහපත සඳහා) උපදෙස් දෙමි. හදීසයේ මෙසේ සඳහන් වේ: කවරෙකු තම සහෝදරයාට යහපත ඇත්තේ වෙනත් දෙයක බව දැන දැනම යම් කරුණක් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නේ ද, සැබැවින්ම ඔහු ඔහුට ද්‍රෝහී විය.
8- ඔහුට අසාධාරණයක් සිදුවුවහොත් ඔහුට උදව් කරමි, ඔහුව අයුක්තියෙන් වළක්වමි. අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ. "ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න." එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.
9. මා වෙනුවෙන් මම කැමැත්තක් දක්වන්නේ යම් දෙයකටද, ඒ දේ මගේ මුස්ලිම් සහෝදරයාට ලැබීමටද මා කැමැත්තක් දක්වමි. හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්‍රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ.
10- ඔහුට මගේ උදව් අවශ්‍ය නම් මම ඔහුට උදව් කරමි. හදීසයේ මෙසේ සඳහන් වේ: "ගැත්තා තම සහෝදරයාට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි."
11- වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසිම හානියක් ඔහුට සිදු නොකරමි. හදීසයේ මෙසේ සඳහන් වේ: «සැබෑ මුස්ලිම්වරයකු යනු, සෙසු මුස්ලිම්වරු ඔහුගේ දිවෙන් හා ඔහුගේ දෑතින් ආරක්ෂාව ලබන තැනැත්තාය.»
12. ඔහුගේ රහස් රකිමි. හදීසයේ මෙසේ සඳහන් වේ: “මිනිසකු යම් කරුණක් පවසා අනතුරුව හැරී බැලුවේ නම්, එය අමානතයක් වනු ඇත.”
13- මම ඔහුට අපහාස නොකරමි, ඔහුට පරුෂ වචනයෙන් කතා නොකරමි, ඔහුව හෙළා නොදකිමි, ඊර්ෂ්‍යා නොකරමි, ඔහු ගැන ඔත්තු නොබලමි, ඔහුට වංචා නොකරමි.
හදීසයේ මෙසේ සඳහන් වේ: "මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය."
අසල්වැසියන් සමග පවත්වා ගත යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක 6: අසල්වැසියන් සමග පවත්වා ගත යුතු සදාචාර විධි මොනවාද?
පිළිතුර 1- මම අසල්වැසියාට වචනයෙන් සහ ක්‍රියාවෙන් යහපතක්ම කරන අතර ඔහුට මගේ උදව් අවශ්‍ය වූ විටක ඔහුට උදව් කරමි.
2. මංගල්‍යය, විවාහය හෝ වෙනත් කටයුත්තකදී ඔහු සතුටින් සිටින විටක ඔහුට සුබ පතන්නෙමි.
3- ඔහු අසනීප වුවහොත් මම ඔහුව බැහදැකීමට යමි, ඔහුට විපතක් වූ විටක ඔහුව සනසන්නෙමි.
4- මම ඔහුට අප විසින් සකස් කළ ආහාර හැකි තරම් පිරිනමමි.
5- මම වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඔහුට හානියක් නොකරමි.
6- මම ඔහුට ශබ්ද නඟා කට හඬ අධික කර බාධා නොකරන්නෙමි, ඔහු ගැන ඔත්තු බැලීමෙන් වැළකී සිටිමි, ඔහු සමඟ ඉවසීමෙන් කටයුතු කරමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නො කරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලීව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නො වන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (නුඹලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලීව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අයව ප්‍රිය නො කරන්නේ ය. (අන්-නිසා: 125)
අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත: “අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ: "“කවුරුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද ඔහු තම අසල්වැසියාට හිංසා නොකරත්වා!”"
ආගන්තුක සත්කාරයෙහි ආචාර විධි:
ප්‍රශ්න අංක 7: ආගන්තුක සත්කාරයේදී සහ ආගන්තුකයෙකු සමග හැසිරීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර 1- ආගන්තුක සත්කාරයට මට ආරාධනා කළ තැනැත්තාට මම පිළිතුරු දෙන්නෙමි.
2- මට යමෙකු හමුවීමට අවශ්‍ය නම්, ඔහුගෙන් අවසරය සහ ඒ සඳහා කාල වේලාවක් ඉල්ලා සිටිමි.
3- (කෙනෙකුගේ නිවසට හෝ වෙනත් ස්ථානයකට) ඇතුළු වීමට පෙර අවසර ඉල්ලමි.
4- හමුවීමකදී එහිදී ප්‍රමාද නොවෙමි.
5- නිවසේ අය ඉදිරියේ මගේ බැල්ම බිම හෙලා ගනිමි.
6- මා විසින් ආගන්තුකයෙකු පිළිගන්නා අතර ප්‍රීතිමත් මුහුණකින් සහ හොඳම පිළිගැනීමේ වදන් ප්‍රකාශ කරමින් ඔහුට හොඳම පිළිගැනීමක් ලබා දෙමි.
7- ආගන්තුකයා හොඳම ස්ථානයේ අසුන් ගැනීමට සළස්වමි.
8. ආහාර පාන පිළි ගන්වා ආගන්තුක සත්කාරයෙන් ඔහුව ගෞරවයට ලත් කරමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නො වන නිවෙස්වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නො වනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස ය. (අන්-නූර්: 62)
- හදීසයේ මෙසේ සඳහන් වේ: ""අනුමන ලැබීමෙන් පසු තමාගේ නොවන අනුන්ගේ නිවෙස්වලට පිවිසිය යුතු යනුවෙන් අල්ලාහ් නීතියට පත් කළේ මිනිසාගේ (නොමනා) බැල්ම නිසාය""
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය. “කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
රෝගියෙකු සමග පවත්වාගත යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක 8: රෝගියෙකු සමග සහ රෝගියෙකු බැහැ දැකීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර -1- මට වේදනාව දැනෙන විට;මම මගේ දකුණු අත එම ස්ථානය මත තබා, මම තුන් වරක් මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙනි", තවද මම මෙසේ කියමි: "මට වැළඳී ඇති සහ මා පරෙස්සම් විය යුතු "නපුරෙන් අල්ලාහ්ගේ මහිමයෙන් සහ බලයෙන් මම රැකවරණය පතමි." යනුවෙන් හත්වතාවක් කියමි.
2- අල්ලාහ් නියම කර ඇති දෙයින් තෘප්තිමත් වෙමි. තවද ඉවසිලිවන්ත වෙමි. තමන් රෝගී වී සිටියදී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සුවදුක් විමසීමට පැමිණ මෙසේ ප්‍රකාශ කළ බවට උම්මුල් අලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වෙයි: “අහෝ උම්මුල් අලා, ඔබ සතුටු වන්න; මන්ද මුස්ලිම්වරයකුට රෝගයක් ඇති වූ විටෙක, ඒ හේතුවෙන් ගින්න මගින් රන් හා රිදීවල අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් සේ අල්ලාහ් ඔහුගේ පාපකම් මකා දමන්නේය.”
3- මම මගේ අසනීප තත්වයෙන් පසුවන සහෝදරයා බැලීමට ඉක්මනින් යමි. ඔහු වෙනුවෙන් දුආ අයැද සිටිමි. ඔහු සමඟ වැඩි වේලාවක් ගත නොකරමි.
4- ඔහු මගෙන් ඉල්ලා සිටින තුරු බලා නොසිට, මම ඔහු වෙනුවෙන් ආගමානූකූලව මතුරමි.
5- මම ඔහුට ඉවසිලිවන්තව සිටින ලෙසටත්, (අල්ලාහ්ගෙන්) කන්නලව් කරන ලෙසටත්, යාච්ඥා කරමින්, හැකි පමණින් තමන් පවිත්‍රව සිටින ලෙසටත් උපදෙස් දෙමි.
6. රෝගියකුට කරනු ලබන ප්‍රාර්ථනාව: "අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක" හත් වතාවක්. තේරුම: උත්තරීතර අර්ෂයෙහි පරමාධිපති වන සර්වබලධාරී අල්ලාහ්ගෙන් මම ඔබට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
දැනුම සෙවීමේ ආචාර විධි:
ප්‍රශ්න අංක 9: දැනුම සෙවීමේ ආචාර විධි මොනවාද?
පිළිතුර - 1- සර්වබලධාරී අල්ලාහ් කෙරෙහි අවංක චේතනාව පිහිටුවා ගැනීම. හදීසයේ මෙසේ සඳහන් වේ: "«කවරෙකු එමගින් විද්වතුන් ඉදිරියේ පුරසාරම් දොඩනු පිණිසත්, එමගින් අඥානයින් සමග තර්ක කරනු පිණිසත්, එමගින් මිනිසුන්ගේ අවධානය තමන් වෙත යොමු කරවා ගනු පිණිසත් ශිල්පය හදාරන්නේ ද, අල්ලාහ් ඔහුව නිරයට ඇතුළු කරනු ඇත.»"
2- මම ඉගෙන ගත් දැනුම ක්‍රියාවට නංවමි. හදීසයක මෙසේ සඳහන් වේ: "“ගැත්තෙකුගෙන් කරුණු හතරක් ගැන, -එයින් සඳහන් කළේය- ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”"
3- මම ගුරුවරයාට ඔහු ඉදිරියේදී සහ ඉදිරියේ නොමැති විටක ඔහුට ගරු කරමි.
4- ඔහු ඉදිරියෙහි ආචාරශීලීව අසුන් ගනිමි.
5- මම ඔහුට හොඳින් සවන් දෙන අතර, ඔහුගේ පාඩමක් උගන්වන අතර තුරදී බාධා නොකරමි.
6. මම ප්රශ්නය ඇසීමේදී ආචාරශීලී වෙමි.
7- මම ඔහුට ඔහුගේ නම කියා කතා නොකරමි. - හදීසයේ මෙසේ සඳහන් වේ: “ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලන්නාට ගරු කිරීම නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.”
සභාවකදී පිළිපැදිය යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක10: සභාවකදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර - 1- මම සභාවට සහභාගි වී සිටින අයට සලාම් කියා ආචාර කරමි.
2- මා සහභාගි වී සිටින සභාව අවසන් වන තුරු මම එහි වාඩි වී සිටිමි, මම අදාල සභාවෙන් කිසිවකු නැගිට්ටවන්නේ හෝ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඔවුන්ගේ අවසරයකින් තොරව අසුන් නොගනිමි.
3- සභාවේ වෙනත් කෙනෙකුට වාඩි වීමට ඉඩ සළසා දෙමි.
4- මම සභාවේ පවත්වනු ලබන කතා බහට බාධා නොකරමි.
5- මම සභාවෙන් පිටවීමට පෙර අවසර ඉල්ලා සිටින අතර ඉන් පසු සලාම් කියා පිටත් වෙමි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "“පුද්ගලයෙකු සභාවෙන් නැගිට්ටවා එහි වෙනත් කෙනෙකු අසුන් ගැනීම එතුමාණන් තහනම් කළහ. එහෙත් නුඹලා ඉඩ සළසා දෙන්න, තවද ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න.”"
- හදීසයේ මෙසේ සඳහන් වේ: "ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසාානට වඩා උතුම් වන්නේ නැත."
6. සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු මම සභාව වෙනුවෙන් සමාව අයද සිටීමේ (දුආ) ප්‍රාර්ථනාව කියමි. එනම්: ‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’ (යා අල්ලාහ් ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.)
නින්දට යන විට පිළිපැදිය යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක11: නිදාගැනීමේ ආචාර විධි මොනවාද?
පිළිතුර -1 මම කල් වෙලාවට නිදාගනිමි. හදීසයකට අනුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉෂා සලාතයට පෙර නින්දට යාමත්, ඉන්පසුව කතා කිරීමත් පිළිකුල් කළ බව අබූ බර්සා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
2- මම පිරිසිදු වීමෙන් පසු නිදාගනිමි.
3 - මම මූනින් අතට හැරී නිදා නොගනිමි.
4- මම දකුණු පැත්තට ඇලවී නිදාගනිමි.මගේ දකුණු අත මගේ දකුණු කම්මුලට යටින් තබා ගනිමි.
5- මම මගේ ඇඳ (එහි ඇතිරිලි) ගසා ගනිමි.
- හදීසයක මෙසේ සඳහන් වේ: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබ නින්දට යන්නට පෙර වුදු කර ගනු. පසුව ඔබේ දකුණු පැත්තට ඇල වී නිදා ගනු” මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, මිනිසෙකු තම උදරය මත වැතිර සිටිනු දැක ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "“සැබවින්ම මෙය අල්ලාහ් ප්‍රිය නොකරන වැතිරීමේ ඉරියව්වකි.”"
තවද මුහම්මද් තුමා මෙසේ දෙසූහ: «ඔබ අතරින් කිසිවකු හෝ නින්දට යන විට, තම ඇඳුමහි දාරයෙන් ඔහුගේ නිදියහන තට්ටු කරත්වා. හේතුව සැබැවින්ම ඔහු ගිය පසු එම ස්ථානයේ පවතින දෑ ඔහු නොදන්නා බැවිනි.»
6- ආයතුල් කුර්සී, සූරතුල් ඉහ්ලාස් සහ අල් මුඅව්විදතයින් සුරාවන් වැනි පාරායන නින්දට යන විට තුන් වරක් කියවමි. තවද මම මෙසේ කියමි. "දෙවියනි! ඔබගේ නාමයෙන් මම මිය යන්නෙමි. කවද ජීවත් වන්නෙමි." බිස්මිකල්ලාහුම්ම අමූතු වඅහ්යා. තේරුම- යා අල්ලාහ් ඔබේ නාමයෙන් මරණය (හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නමි.
7- මම ෆජ්ර් සලාතය සඳහා නැගිටිමි.
8- මම අවදි වූ පසු මෙසේ කියමි. අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා ව ඉලෙයිහින් නුෂූර්. තේරුමඃ අප මරණයට පත්කළ, පසුව අපට ප්‍රාණය ලබාදුන් අල්ලාහ්ටම සියලූ ප්‍රසංශා හිමිවේවා. තවද ඔහු වෙතය අපි නැවත යා යුත්තේ.
ආහාර ගැනීම සම්බන්ධව ආචාර විධි:
ප්‍රශ්න අංක 12: ආහාර ගැනීමේදී පවත්වා ගත යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර 1. බලවත් වූ සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය දැක්වීම වස් ආහාර පාන ගැනීමේදී භියබැති කම මුල්කරගෙන චේතනාව පිහිටුවා ගනිමි.
2- ආහාර අනුභව කිරීමට පෙර, අත් දෙක මැණික් කටුව ඇතුළුව සේදීම.
- එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය. එනම්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්: «ආහාර අනුභව කිරීමට හා පානය කිරීමට සිතූ විට තම දෑත් සෝදා, පසු ව ආහාර අනුභව කර පානය කරයි.»
3- මම "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියමි, මම මගේ දකුණු අතෙන් සහ මට සමීපව ඇති ආහාර අනුභව කරමි, මම පිඟානයේ (බන්දේසියේ) මැද ඇති දේ හෝ වෙනත් කෙනෙකු ඉදිරියේ ඇති දෑ අනුභව කරන්නේ නැත.
එය මෙම හදීසයක අනුව වේ: දරුව! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.
4. "අල්ලාහ්ගේ නාමයෙනි" යැයි කීමට මට අමතක වුවහොත්, මම මෙසේ කියමි: "අල්ලාහ්ගේ නාමයෙන්, එහි ආරම්භය සහ අවසානය දක්වා."
- ඊට සාධක වශයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය වනුයේ මෙසේය: «ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විටක "බිස්මිල්ලාහ්" (අල්ලාහ්ගේ නාමයෙනි) යනුවෙන් කිව යුතුය. එහි ආරම්භයේදී එසේ කීමට අමතක වූ විට "බිස්මිල්ලාහි ෆී අව්වලිහි වආහිරිහි" (එහි ආරම්භයේදීත් අවසානයේදීත් අල්ලාහ්ගේ නාමයෙන්) යනුවෙන් කිව යුතුය.»
5- ආහාරවලින් ලැබෙන දෙයින් මම සෑහීමකට පත්වන අතර, මම ආහාරයේ වරදක් නොදකිමි. මම එයට කැමති නම්, මම එය අනුභව කරමි, මම එයට අකමැති නම් මම එය අත්හැර දමමි.
- අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එසේනැතිනම් එය අතහැර දැමූහ.”
6- මම ආහාර කට කිහිපයක් අනුුුභව කරමි, නමුත් අධිකව ගන්නේ නැත.
- හදීසයේ මෙසේ සඳහන් වේ: "«මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. මිනිසාට තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට ආහාර කටවල් කිහිපයක් අනුභව කිරීම ප්රමාණවත්ය. මිනිසාගේ ආශාව ඔහුව අභිබවා යන්නේ නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක හුස්ම සඳහා ද විය යුතුය.»"
7- මම ආහාර හෝ පානය මත පිඹින්නේ නැත, එහි උණුසුම අඩුවන තුරු ඉවසා සිටිමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “ආහාර හා පාන වල පිඹීමෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැළැක්වූහ.”
8- මම ආහාර අනුභව කරන විට පවුලේ අය සමග හෝ ආගන්තුකයන් සමඟ හෝ වෙනත් අය සමඟ එකතු වී ආහාර අනුභව කරමි.
- කෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මෙසේ පවසා සිටි බවට හදීසයක සඳහන් වේ: "සැබැවින්ම අපි ආහාර ගන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "«ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක, ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී උත්තරීතර අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත.»"
9 - මට වඩා වැඩිමල් කෙනෙකුට ටපර මම කෑම අනුභව කරන්න පටන් ගන්නේ නැත.
10. මම කිසිවක් පානය කරන විට "අල්ලාහ්ගේ නාමයෙන්" යැයි කියන අතර, මම වාඩි වී උගුරු තුනක් පානය කරමි, තවද බඳුන තුළට හුස්ම ගන්නේ නැත.
එය මෙම හදීසයට අනුව වේ: "“කෙනෙකු පානය කරන විට භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”"
- තවද අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මෙම හදීසයට අනුව ද වේ: ""සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටගෙන පානය කිරීමට විරුද්ධව තරවටු කර ඇත.""
තවද එය එක් හදීසයකට අනුවය: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ජලය බොන විට, එතුමාණෝ තෙවරක් හුස්ම හරිමින් (උගූරු තුනකින්) බීවේය.”
11. මම ආහාර අනුභව කර හෝ පානය කර අවසන් වූ විට "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: "ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."
ඇඳුම් පැළඳීමේ ආචාර ධර්ම:
ප්‍රශ්න අංක 13: ඇඳුම් පැළඳීමේ ආචාර ධර්ම මොනවාද?
පිළිතුර 1- මම මගේ ඇඳුම දකුණු පැත්තෙන් පැළඳීමට පටන් ගනිමි, ඒ සඳහා "අල්හම්දු ලිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ට ස්තුති කරමි.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.”
2- ඇඳුම, වළලුකරට වඩා පහළට නොපළදමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: "වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය." වළලු කර යනු පාදයේ දෙපස නෙරා පවතින අස්ථි දෙකය.
3- පිරිමි ළමයින් ගැහැණු ළමයින්ගේ ඇඳුම් නොඅඳින අතර ගැහැණු ළමයින් පිරිමි ළමයින්ගේ ඇඳුම් අඳින්නේ නැත.
- හදීසයක මෙසේ සඳහන් වේ: “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
4- දේව විශ්වාස නොකරන්නන්ගේ හෝ අශිෂ්ඨ, අශීලාචාර පුද්ගලයින් අනුකරණය කරමින් ඔවුන්ගේ විලාසිතා ඇඳුම් අනුකරණය නොකිරීම.
එය මෙම හදීසයට අනුව වේ: කවරෙකු යම් සමාජයකට ආවේනිකව කටයුතු කරන්නේ ද ඔහු ඔවුන් අතුරින් කෙනෙකි.
5- ඇඳුම් ගලවන විට "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙන් යැයි කීම.
- හදීසයක මෙසේ සඳහන් වේ: «ආදම්ගේ පුතණුවන්ගේ රහස්‍ය පෙදෙස් හා ජින්වරුන් අතර ආවරණය වනුයේ, නුඹලා අතුරින් යමෙකු තම ඇඳුම ඉවත් කරන විට 'බිස්මිල්ලාහ්' යැයි පැවසීමය.»
6- පළමුව දකුණු පාදයට පාවහන් පැළඳීම, (පාවහන් ගලවන විට) වම් පාදයේ පාවහන් (පළමුව) ඉවත් කිරීම.
- මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාවහන් පැළඳීමේ දී ද හිසකෙස් සැකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමාණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමාණෝ දකුණත ප්‍රිය කරන්නෙකු වූහ.”
වාහනයක ගමන් කිරීමේ ආචාර ධර්ම
ප්‍රශ්න අංක 14 : වාහනයක ගමන් කිරීමේ ආචාර ධර්ම මොනවාද?
පිළිතුර 1 මම "බිස්මිල්ලාහ්" අල්ලාහ්ගේ නාමයෙනි, "අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් පවසමි. "සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන්" 13 - තේරුම; මෙය (වාහනය) අප වෙත ලබාදුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය. මේ සඳහා වූ ශක්තිය අප සතුව තිබුනේ නැත. තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය. (අස්-සුහ්ඃරුෆ් :13-14)
2- මම මුස්ලිම්වරයෙකු පසුකර ගියහොත්; ඔහුට "සලාම්" (සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි.
පාරේ ගමන් කිරීමේ ආචාර ධර්ම.
ප්‍රශ්න අංක 15: පාරේ ගමන් කිරීමේ ආචාර ධර්ම මොනවාද?
පිළිතුර- 1. මම ඇවිදීමේදී මධ්‍යස්ථ සහ නිහතමානී වෙමි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නො කරනු. නියත වශයෙන් ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නො හැක්කේ ම ය. තවද උසින් කඳුවලට ළං විය නො හැක්කේ ම ය. (අල්-ඉස්රා 17:50,51)
2- සලාම් පැවැසූ තැනැත්තාට සලාම් (සාමය වේවා! යනුවෙන්) පවසමි.
- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන්: ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා පවසා සිටියහ: “ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම”
3- මගේ බැල්ම බිම හෙළා ගනිමි, කිසිවෙකුට හිරිහැර නොකරමි.
4-යහපත අණ කර අයහපත වළක්වමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. “මාර්ගයට එහි අයිතිය පිරිනමනු” යැයි පැවසූහ. ඔවුහු: මාර්ගයේ අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: “බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
5- හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කරමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “හානි සිදු කරන දෑ මාර්ගයෙන් ඉවත් කිරීම ද සදකාවකි.”
මස්ජිදයට පිවිසීමේදී හා ඉන් පිටත් වීමේ දී පිළිපැදිය යුතු සදාචාර ධර්ම.
ප්‍රශ්න අංක 16 : මස්ජිදයට පිවිසීමේදී හා ඉන් පිටත් වීමේ දී පිළිපැදිය යුතු ආචාරධර්ම මොනවාද?
පිළිතුර- 1මම මගේ වම් පාදය පිටතට තබා මෙසේ කියමින් පිටත්වෙමි. "බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහ්, අල්ලාහුම්ම ඉන්නී අවූදු බික අන් අදිල්ල අව් අදිල්ල අව් අසිල්ල අව් අසිල්ල අව් අද්ලිම අව් උද්ලම අව් අජ්හල අව් යුජ්හල අලෙයිය." තේරුම-අල්ලාහ්ගේ නාමයෙන් (පිටත්වෙමි,) මගේ කාර්යයන් සියල්ල සම්පූර්ණයෙන් අල්ලාහ් වෙත භාරකර ඔහුවම විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ බලයක් නැත. යා අල්ලාහ් මා මංමුළාවීම හෝ මා අවමානයට ලක්වීම හෝ අසාධාරණය කිරීම හෝ මා අසාධාරණයට ලක්වීම, මා මන්ද බුද්ධිකයකු වීම හෝ මන්ද බුද්ධිකයකු බවට පත්කරනු ලැබීම යනාදියෙන් මාව ආරක්ෂා කරනු මැන.
2-මම මගේ දකුණු පාදය තබා මෙසේ කියමින් නිවස තුලට ඇතුල් වෙමි. "බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හඃරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා." යැයි අල්ලාහ් වෙත පවරා) විශ්වාසය තබමු.
සිවාක් කිරීම ආරම්භ කරමි. පසුව නිවසේ සිටින සියලු දෙනාට සලාම් කියමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: «නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිවසට ඇතුළු වන විට මුළින්ම සිවාක් (කට පිරිසිදු) කර ගන්නෙකු වූහ.»
ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම.
ප්‍රශ්න අංක 17: ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද?
පිළිතුර- 1මම මගේ වම් පාදය ඇතුලට තබා මෙසේ කියමින් ඇතුල් වෙමි.
2- ඇතුල්වීමට පෙර මෙසේ කියමි. "බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි." තේරුම:-අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. යා අල්ලාහ්! කාන්තා හා පිරිමි නරක ජින්වරුන්ගේ හානියෙන් මා ඔබගෙන් ආරක්ෂාව පතමි.
3. අල්ලාහ් සිහි කිරීමට අදාල කිසිවක් මා එයට ඇතුල් වීමේදී රැගෙන නොයමි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිළියට පිවිසෙන විට එතුමාණන්ගේ මුද්ද ගලවා තබන්නෙකු වූහ.
4- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී එම ස්ථානය වසා ගනිමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අවශ්‍යතාවය ඉටු කිරීමේ දී ආවරණය වීම සඳහා වඩාත් ප්‍රිය කළ දැය වූයේ උස් බිමක් හෝ ඉඳි ගස් ගොමුවකි.”
5- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ ස්ථානයේදී කතා නොකරමි.
6- මම මුත්‍රා කරන විට හෝ මළපහ කරන විට කිබ්ලාව දෙසට හැරී හෝ ඒ පෙදෙසට පිටු පස ප්‍රෙද්ශ හරවා නොසිටිමි.
නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය. “මල පහ කිරීමේ දී හෝ මූත්‍රා කිරීමේ දී හෝ කිබ්ලාවට ඔබ මුහුණ නොලන්න. නමුත් නැගෙනහිරට හෝ බටහිරට මුහුණ ලන්න.”
7- අපිරිසිදු දෑ ඉවත් කිරීමට මම මගේ වම් අත භාවිතා කරන අතර මගේ දකුණු අත භාවිතා නොකරමි.
තවද මෙම හදීසයට අනුව ය. «සැබවින්ම ඔහු අපට තහනම් කළේය… දකුණතින් පිරිසිදු වීමට»
8- මම මිනිසුන් ගමන් කරන මාර්ගයේ හෝ ඔවුන් (විවේක ගන්නා) සෙවණැලි යට මගේ ශාරීරික අවශ්‍යතා ඉටු නොකරමි.
- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: ශාපයට ලක්වන කරුණු දෙකක් පිළිබඳ නුඹලා බියවනු. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! ශාපයට ලක්වන කරුණු දෙක මොනවාද?” යැයි විමසුවෝය. එතුමා: “ජනයාගේ මාර්ගයේ හෝ ඔවුන්ගේ හෙවණෙහි වැසිකිලි කැසිකිලි යාම” යැයි පැවසූහ.
9. මම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසුව මගේ අත් සෝදා ගනිමි. ජරීර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයෙහි මෙසේ සඳහන් වේ: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටියෙමි. එවිට එතුමාණන් වැසිකිළියට පිවිස, ශරීර කෘත්‍යය ඉටු කර ගත්හ. පසුව එතුමා මෙසේ ප්‍රකාශ කළහ: «අහෝ ජරීර්, පිරිසිදු වීම සඳහා ජලය ගෙන එනු.» එවිට මම එතුමාණන් වෙත ජලය ගෙන ආවෙමි. පසුව එතුමාණන් ජලයෙන් ඉස්තින්ජා කර, තම අතින් (මෙසේ) කර, එය (තම අත) පොළොවේ අතුල්ලා ගත්තේය.
10- මම මගේ වම් පාදය පිටතට තබා“ගුෆ්රානක” තේරුම- ඔබෙන් සමාව අයද සිටිමි යැයි කියමි.
මස්ජිදයක් (මුස්ලිම් දේවස්ථානයක්) තුළ පිළිපැදිය යුතු ආචාර ධර්ම
ප්‍රශ්න අංක 18 : මස්ජිදයක් (මුස්ලිම් දේවස්ථානයක්) තුළ පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද?
පිළිතුර 1- මස්ජිදය තුලට ඇතුල් වීමේදී මගේ දකුණු පාදය එහි තබා මෙසේ කියමි. "බිස්මිල්ලාහි අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික." තේරුම - අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි’යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි.
2- සුන්නත් වූ රකඅත් දෙකක් ඉටු කිරීමෙන් පසු එහි වාඩිවෙමි.
එය මෙම හදීසයට අනුව වේ: ඔබ අතුරින් කිසිවෙකු හෝ මස්ජිදය ට පිවිසියේ නම් රකආත් දෙකක් සලාතයට ඉටු කරන තෙක් වාඩි නොවන්න.
3- සලාත් කරමින් සිටින්නන් අතරින් ගමන් නොකරමි. මස්ජිදය තුල විකිණීම් සහ මිලදී ගැනීම් වල නිරත නොවෙමි. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: «සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.»
තවද අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත: කවරෙකු හෝ නැති වුණු දෙයක් ගැන මස්ජිදයේ බෙරිහන් දෙමින් සිටින මිනිසෙකු දුටුවේ නම් "ලා රද්දහල්ලාහු අලෙයික" (ඔබ ට අල්ලාහ් එය නැවත ලබා නොදෙත්වා) යනුවෙන් පවසත්වා! සැබැවින්ම මස්ජිදයන් ඒ සඳහා ඉදි කරනු නොලැබුවේය.
- හදීසයේ මෙසේ සඳහන් වේ: මස්ජිදයේ (ව්‍යාපාරයේ නිරත වන) විකුණන්නෙකු හෝ මිල දී ගන්නෙකු ඔබ දුටුවෙහු නම් ‘ලා අබ්රහල්ලාහු තිජාරක‘-ඔබේ ව්‍යාපාරයෙ හි අල්ලාහ් ලාභය ඇති නොකරත්වා- යනුවෙන් පවසත්වා!
4. මස්ජිදයේ පිරිසිදුකම පිළිබඳව සැලකිලිමත් වීම.
- හදීසයක දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: නිවෙස් පිහිටා ඇති ප්‍රදේශයන්හි මස්ජිද් ඉදි කර ගැනීම ද එය පිරිසිදු කරනු ලැබීම ද එයට සුවඳ විලවුන් ගල්වනු ලැබීම ද අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අණ කළහ.
5- මම මගේ වම් පාදය මස්ජිදයෙන් පිටතට තබා පිටත් වන විට මෙසේ කියමි, "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික" - තේරුම, යා අල්ලාහ් ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.
සලාම් කීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි.
ප්‍රශ්න අංක 19- සලාම් කීමේදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර 1- මම මුස්ලිම්වරයෙකු මුණගැසුණු විට, « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු » යනුවෙන් අමතමි. ඒ හැර වෙන කිසිවකින් ආරම්භ නොකරමි, සහ මම මගේ අතින් පමණක් ඇඟිල්ල දිගු නොකරමි. සලාම් වෙනුවට අතෙන් සංඥා නොකරමි.
2-- මා විසින් සලාම් කියන තැනැත්තාට සිනහමුසු මුහුණින් එසේ සලාම් කියා ආචාර කරමි. හදීසයේ මෙසේ සඳහන් වේ: යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක.
3-මගේ දකුණතින් අතට අතදී ආචාර කරමි.
4- යමෙක් මට සුබපැතුම් පිරිනමන්නේ නම්, මම ඔහුට ඉතා වඩා හොඳ ආකාරයට සලාම් කියා ආචාර කරමි, නැතහොත් ඔහු සුබ පැතූ ආකාරයටම සුබ පතමි.
අල්ලාහ් මෙසේ පවසයි. සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතනු. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ ගණනය කරන්නා ය. (අන්-නිසා: 125)
5-මම දේව විශ්වාස නොකරන කෙනෙකුට සලාම් කියා සුබපැතුම් පිරිනැමීම ආරම්භ නොකරමි, ඔහු මට ආචාර කරන්නේ නම් මම ඔහුට 'වඅලයිකුම්' (ඔබටත් එසේම වේවා) යන පැතුමෙන් ප්‍රතිචාර දක්වමි.
එය මෙම හදීසයට අනුව වේ: “යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු.”
6- වයසින් බාල වූවන් වැඩිමහල් තැනැත්තාටද, (වීදියක හෝ) පදික වේදිකාව මත ගමන් කරන තැනැත්තාට, වාහනයෙන් ගමන් කරන්නාද, වාඩි වී සිටින තැනැත්තාට ඒ හරහා ගමන් කරන්නාද සලාම් කියා ආචාර කළ යුතුයි. එමෙන්ම, සුළු පිරිසක් විශාල පිරිසට සලාම් කියා ආචාර කළ යුතුයි. අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ. “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”*
7. මහ්රම් නොවන පිටස්තර කාන්තාවකට අතට අත නොදීම.
- මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වෙයි: «අල්ලාහ් මත දිවුරා පවසමි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගේ දෑත කිසි විටෙක ස්ත්‍රියක් ස්පර්ශ කළේ නැත.»
අවසර ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර විධි:
ප්‍රශ්න අංක 20 - අවසර ගැනීමේදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර -1. මම අදාල ස්ථානයට ඇතුළු වීමට පෙර අවසර ඉල්ලා සිටිමි.
2.මම තුන් අවස්ථාවේ අවසර ඉල්ලා සිටින අතර, අවසර නොලැබුනු විටක මම ආපසු හැරී යමි.
හදීසයේ මෙසේ සඳහන් වේ: "«ඔබ අතරින් කෙනෙකු තුන්වරක් අවසර ඉල්ලා සිටි විට, ඔහුට අවසර නොලැබුණේ නම් ඔහු ආපසු හැරී යා යුතුය.»"
3.මම දොරට මෘදු ලෙස තට්ටු කරමි, දොර ඉදිරිපිට නොසිට, එහි දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් සිටගෙන සිටිමි. තවද "අස්සලාමු අලෛකුම්" (ඔබට සාමය ඇති වේවා!) යනුවෙන් පවසමි. එය මෙම හදීසයට අනුව වේ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසියම් පිරිසකගේ දොරටුවක් වෙත පැමිණි විට, දොරටුවට කෙළින්ම මුහුණලා නොසිට, එහි දකුණු දෙසට හෝ වම් දෙසට වී "අස්සලාමු අලයිකුම්, අස්සලාමු අලයිකුම්" යැයි පවසන්නෙකු වූහ.
4- මම මගේ පියා, මගේ මව හෝ වෙනත් කිසිවකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ කාමරවලට ඇතුළු නොවෙමි. විශේෂයෙන්ම අලුයමට පෙර, දහවල් නින්දේ වේලාවට සහ සවස් කාලයේ සලාතයෙන් පසුව අවසරයකින් තොරව එසේ ඇතුල් නොවමි.
මට රෝහලක් හෝ වෙළඳ සැල් වැනි ස්ථාන වලට අවසරයකින් තොරව ඇතුළු විය හැක.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නො කරන නිවෙස්වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නො වේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි. (අන්-නූර්: 62)
සත්වයින් සමග කටයුතු කිරීමේ සදාචාර විධි:
ප්‍රශ්න අංක 21: සත්ව සුභසාධනයේ ආචාර විධි මොනවාද?
පිළිතුර 1- සත්වයාට ආහාරය හා ජලය සපයමි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! සතුන් විෂයයෙහි පවා අපට ආනිශංසා තිබේදැ?යි විමසුවෝය. එතුමාණෝ: ‘සජීවී සෑම දෙයකටම පිහිට වීමෙන් කුසලක් ඇත.’යැයි පැවසූහ.
- තම පිට උදරය සමග ඇලී පැවති ඔටුවකු අසළින් අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) ගමන් කළහ. එවිට එතුමා මෙසේ පැවසූහ: ""මෙම සත්වයින් සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්න.""
2. දයානුකම්පාව සහ කරුණාව දැක්වීම සහ ඔහුට දරාගත නොහැකි බර ඔහු මත නොපැටවීම.
- හදීසයේ: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මෙම ඔටුවාගේ හිමිකරු කවුද? මෙම ඔටුවා කාගේද?" එවිට අන්සාර්වරුන්ගෙන් වූ තරුණයෙකු පැමිණ: "අල්ලාහ්ගේ දූතයාණනි! එය මාගේය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ: "අල්ලාහ් ඔබට හිමිකර දුන් මෙම සත්ත්වයා පිළිබඳව ඔබ අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ නැද්ද? නියත වශයෙන්ම ඔබ ඌව සාගින්නේ තබන බවත් ඌව වෙහෙසට පත් කරන බවත් ඌ මා වෙත පැමිණිලි කළේය" යැයි පැවසූහ. ඔහුව විඩාවට පත් කරයි: එනම් ඔහුව වෙහෙසට පත් කරයි.
3- මම සතුන්ට කිසිම ආකාරයක වධයක්, හානියක් හෝ හිංසාවක් නොකරමි.
- ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුහුණෙහි පච්ච කොටන ලද බූරුවකු අසළින් ගමන් ගත්තේය. එවිට එතුමා: «සතෙකුගේ මුහුණට පච්ච කෙටූ හෝ එහි මුහුණට පහර දුන් අයට මා ශාප කළ බව ඔබ වෙත ළඟා වූයේ නැද්ද?» එබැවින් එතුමා එය තහනම් කළහ.
ක්‍රිඩා කටයුතුවලදී පිළිපැදිය යුතු ආචාර විධි.
ප්‍රශ්න අංක 22. ක්‍රිඩා කටයුතුවලදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර 1. අල්ලාහ්ට කීකරු වීම සඳහා, සහ ඔහුගේ තෘප්තිය ලබා ගැනීම සඳහා ක්‍රීඩා කටයුතුවලදී භියබැති කම උදෙසා චේතනාව ඇති කර ගනිමි.
2. සලාත් වේලාවන්හිදී ක්‍රීඩා නොකරමි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා! ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නෝ නො වූවෝ ය. (අල් මාඌන්:4,5)
3. පිරිමි ළමයින් ගැහැණු ළමයින් සමඟ ක්‍රීඩා නොකරයි.
4. මම මගේ නිරුවත වැසෙන පරිදි ක්‍රීඩා නිල ඇඳුමක් භාවිතා කරමි.
5. මුහුණට පහර දීම සහ ශරීර රහස්‍ය පෙදෙස් හෙළි කිරීම වැනි තහනම් ක්‍රීඩා වලින් මම වැළකී සිටිමි.
හදීසයේ මෙසේ සඳහන් වේ: “ඔබ අතරින් කිසිවෙකු හෝ තම සහෝදරයා සමඟ සටන් කරන විට මුහුණට පහර දීමෙන් වැළකිය යුතුය.”
විහිළු තහළු කිරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි:
ප්‍රශ්න අංක 23. විහිළු තහළු කිරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි මොනවාද?
පිළිතුර -1. විහිළුව බොරුවක් නොවිය යුතු අතර එහි අවංකභාවයක් තිබිය යුතුයි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “එතුළින් ජනයා සිනහසීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහුට විනාශය අත්වේවා! ඔහුට විනාශය අත්වේවා!”
2. විහිළුවක් හුදෙක්ම සමච්චලයෙන්, උපහාසයෙන්, අපයෝජනයෙන් සහ බිය ගැන්වීම් වලින් තොර විය යුතුයි.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) තුමා මෙසේ දෙසූහ. "මුස්ලිම්වරයෙකුට තවත් මුස්ලිම්වරයෙකු බිය ගැන්වීම අනුමත නොවේ."
3. අනවශ්‍ය විහිළු අවශ්‍ය නැත.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) තුමා මෙසේ දෙසූහ. «අධික ලෙස සිනහ නොවන්න; මක්නිසාදයත් අධික ලෙස සිනහවීම හදවත මරා දමයි.»
කිවිසුමක් යන විට පිළිපැදිය යුතු සදාචාර විධි:
ප්‍රශ්න අංක 24. කිවිසුමක් යන විට පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.
පිළිතුර අංක 1. කිවිසුම් යන විට අත හෝ වස්ත්‍රයක් හෝ ලේන්සුවක් නාසය මත තබා ගැනීම.
2. කිවිසුමක් ගිය පසු" අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්‍රසංශා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් කීම.
3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කියයි: "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.
ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.
ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි:
ප්‍රශ්න අංක 25. ඈනුමක් ඇරීමේදී පිළිපැදිය යුතු සදාචාර විධි ගැන සඳහන් කරන්න.
පිළිතුර 1. ඈනුම යටපත් කිරීමට උත්සාහ කිරීම.
හදීසයේ මෙසේ සඳහන් වේ: “ඈනුම් ඇරීම ෂෙයිතාන්ගෙන් වන්නකි. එහෙයින් නුඹලා අතරින් කිසිවකු හෝ ඈනුම් අරින විට ඔහුට හැකි පමණින් එය වළක්වා ගත යුතුය.”
2. ඈනුමක් ඇරීමේදී ආාහ් කියමින් හඬ නැඟීමෙන් වැළැකී සිටීම.
- හදීසයේ මෙසේ සඳහන් වේ: "“තවද ඔහු ‘ආහ්, ආහ්’ යැයි නොපවසිය යුතුය. මක්නිසාදයත් ඔබ අතරින් කිසිවකු හෝ තම කට අරින විට ෂෙයිතාන් ඔහුට සිනාසෙන බැවිනි.”"
3. අත කට මත තැබීම.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “ඔබ අතරින් කිසිවකු හෝ ඈනුම් හැරිය විට, ඔහු තම අත තම කට මත තබා වළක්වා ගත යුතුයි. මක්නිසාදයත් ෂෙයිතාන් පිවිසෙන බැවිනි."
(දුආ) ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම
ප්‍රශ්න අංක 26. (දුආ) ප්රාර්ථනාවෙහි ආචාර ධර්ම මොනවාද?
පිළිතුර - 1.අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා ඔහුගේ ගුණ වැනීමෙන් ආරම්භ කිරීම.
2. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් පැවසීම.
නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. ""ඔබ සලාත් ඉටු කර වාඩි වූ විට, අල්ලාහ්ට හිමිවිය යුතු අයුරින් ප්‍රශංසා කර, මා වෙත සලවාත් පවසා, පසුව ඔහුගෙන් ප්‍රාර්ථනා කරන්න.""
3. ප්‍රාර්ථනා කරන අතරතුර දෙඅත් එසවීම.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ. “සැබැවින් ම ඔබලාගේ උත්තරීතර සමෘද්ධිමත් පරමාධිපති සදා ජීවමාන ය; අතිශයින් ත්‍යාගශීලී ය. ඔහුගේ ගැත්තෙකු ඔහු වෙත (යම් ආයාචනාවක් කරනු පිණිස) සිය අත් දෙක එසවූ විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට උතුමාණෝ ලැජ්ජා වන සේක.”
4. පාපක්ෂමාව හා කළ වැරැද්ද පිළිගැනීම.
- මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාවෙහි: මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම ඔහු මය මහා කරුණාන්විත අතික්ෂමාශීලී. (අල්-කසස්: 77)
5. ප්‍රාර්ථනා කිරීමේ දී නොපසුබට උත්සාහය යනු, එය වැඩි වැඩියෙන් කිරීම සහ නැවත නැවත කිරීමයි.
6. පිළිතුරු ලැබීමට ඉක්මන් නොවීම.
7- පාපයක් වෙනුවෙන් හෝ ලේ ඥාතිත්ව සබඳකම් බිඳ දැමීම වෙනුවෙන් හෝ ප්‍රාර්ථනා නොකළ යුතු යි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “පාපයකට හෝ ඥාතී සම්බන්ධකම් බිඳ වැටීමට හෝ ප්‍රාර්ථනා නොකර, (ප්රාර්ථනාවෙහි) ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබමින්ම පවතී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, “සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. මට පිළිතුරු ලැබෙන බව නොදකිමි. එවිට ඔහු ඒ පිළිබඳ අවනිශ්චිතභාවයට පත්ව ප්‍රාර්ථනා කිරීම අතහැර දමයි.“ යැයි පැවසූහ."
8. පහත් ස්වරයකින් ප්‍රාර්ථනා කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: නුඹලා යටහත් පහත්ව හා රහසිගතව නුඹලාගේ පරමාධිපතිව අයදිනු. (අල්-අඃරාෆ්: 158)
9. දුආ ප්‍රාර්ථනාව අතරතුර හදවතේ පැවැත්ම පවත්වා ගැනීම.
- හදීසයක මෙසේ සඳහන් වේ : “පිළිතුරු දෙන බවට වූ ස්ථිර විශ්වාසයෙන් යුතුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. තවද, නොසැලකිලිමත් හා අවධානයෙන් තොර වූ හදවතකින් යුතුව කරන ප්‍රාර්ථනාවකට අල්ලාහ් පිළිතුරු නොදෙන බව ඔබ දැනගන්න.”
10. මහිමාන්විත අල්ලාහ් කෙරෙහි පවිත්‍ර චේතනාව ඇති කරගැනීම හා දුකේ දී ද සැපේ දී ද ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ්ගෙන් පමණක් අයැදීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු. සූරා අල් ජින්
11. අල්ලාහ්ගේ අලංකාර නාමයන් හා ඔහුගේ ගුණාංගයන් මඟින් ඔහු වෙත කන්නලව් කිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් නුඹලා ඒවා මඟින් ඔහුට ඇරයුම් කරනු. (අල්-අඃරාෆ්: 158)
කිබ්ලාවට මුහුණ ලෑම. හදීසයේ මෙසේ සඳහන් වේ: ""ඔහුගේ දෙවුරෙන් උතුරුසළුව ගිලිහී වැටෙන තෙක්ම, කිබ්ලා දෙසට මුහුණලා දෑත් දිගු කරගෙන තම පරමාධිපතිට කන්නලව් කරමින් සිටියේය.""
13. ආහාර සහ ඇඳුම් පැළැඳුම් පවිත්‍ර (හලාල්) කර ගැනීම. හදීසයේ මෙසේ සඳහන් වේ: "පසුව දිගු ගමනක නිරත වන, තම හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට, 'අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්‍රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ වස්ත්‍රය අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?"
ශුද්ධ වූ අල්කුර්ආන් පාරායනය කිරීමේදී පිළිපැදිය යුතු සදාචාර ධර්ම.
ප්‍රශ්න අංක 27: අල්කුර්ආනය කියවීමේදී පිළිපැදිය යුතු ආචාර විධි මොනවාද?
පිළිතුර 1. වුළුෑ ගැනීමෙන් පසු පිරිසිඳු තත්වයේ සිටියදී අල්කුර්ආනය පාරායනය කිරීම.
2. ආචාරශීලීව හා ගෞරව ලෙස වාඩි වීම.
3. අල්කුර්ආනය පාරායනය කිරීම ආරම්භ කර වින “අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්” (පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් අල්ලාහ් වෙතින් රැකවරණය පතමි) යනුවෙන් පැවසීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු. (අන්-නහ්ල්: 97)
4. අල්කුර්ආනය අධ්‍යයනය කිරිම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නො කරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේ ද? සූරා මුහම්මද් : 24
*******
සදාචාර පිළිබඳ පරිච්ඡේදය.
සදාචාර විද්‍යාව:
සදාචාරය: යනු යහපත සහ අයහපතෙහි අර්ථය හඳුනාගන්නා වූ ද, අල්ලාහ් සමඟ සහ ඔහුගේ මැවීම් සමඟ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරන්නා වූ ද විද්‍යාවකි.
ප්‍රශ්න අංක 1. යහපත් ගති ගුණවල ඇති වැදගත් කම කුමක්ද?
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කරන්නන් කවුරුන්ද යත් ඔවුන් ගතිගුණ වලින් අලංකාරවන්තයන්ය. "
ප්‍රශ්න අංක 2. අප විසින් ඉස්ලාමීය සදාචාර ධර්ම පිළිපැදිය යුත්තේ ඇයි?
පිළිතුර - 1. මන්ද එය සර්වබලධාරී අල්ලාහ්ගේ ආදරය ඇති වීමට හේතුවකි.
හදීසයේ මෙසේ සඳහන් වේ: "'අල්ලාහ්ගේ ගැත්තන් අතරින් උත්තරීතර අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වනුයේ ඔවුන් අතුරින් වඩාත් යහපත් චරිතයක් ඇති අය වෙති' යැයි ඔහු පැවසුවේය."
2- තවද (අල්ලාහ් විසින්) මවන ලද දේ කෙරෙහි ආදරය කිරීමට හේතුවකි.
3. එය (කුසල්) තරාදියේ ප්‍රමාණයෙන් බරම දෙයයි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: “මළවුන් නැගිටුවනු ලබන දිනයේ තුලාවේ වඩාත් බරැති දෑ වනුයේ යහපත් ගුණදම්ය.”
4. යහපත් හැසිරීම් යහපත් ප්‍රතිඵලය වැඩි කරයි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: «සැබැවින්ම දේවත්වය විශ්වාස කළ තැනැත්තා ඔහුගේ යහපත් සදාචාර ගතිපැවතුම් තුළින් රාත්‍රියේ අවදිව නැමදුම් කරන්නෙකු හා දහවල් කාලයේ උපවාස ශීලය රකින්නෙකුගේ නිලයන් ලබනු ඇත.»
5.තවද ඊමාන් හෙවත් විශ්වාසය වර්ධනය වීමේ ලක්ෂණයකි.
- හදීසයේ මෙසේ සඳහන් වේ: "ඊමානයෙන් (විශ්වාසයෙන්) පිරිපුන් විශ්වාස කරන්නන් කවුරුන්ද යත් ඔවුන් ගතිගුණ වලින් අලංකාරවන්තයන්ය. "
ප්‍රශ්න අංක 3. යහපත් ගති ගුණ (අපේ ජීවිතයට ) මුසු කර ගැනීමේ මාර්ගය කුමක්ද?
පිළිතුර- ශුද්ධවූ අල්කුර්ආනයේ උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි. නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. (අල්-ඉස්රා :50,51)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. ‘සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය.’
ප්‍රශ්න අංක 4. අල් ඉහ්සාන් සහ එහි ලක්ෂණ මොනවාද?
අල් ඉහ්සාන් යනු සැමවිටම අප කෙරෙහි අල්ලාහ්ගේ නිරීක්ෂණයක් පවතින බව සිහියේ තබාගෙන කටයුතු කිරීම, සහ අල්ලාහ්ගේ මැවීම් කෙරෙහි යහපත කිරීම සහ කරුණාව දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. නිසැකවම අල්ලාහ් සෑම කරුණකදීම අල්ඉහ්සාන් (හෙවත් සියල්ල මැනැවින් සිදු කිරීම) ගැන සඳහන් කර ඇත.
පහත සඳහන් කරුණු ඉහ්සාන් යන නිලයට වේ:
ඉහ්සාන් යනු, සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන වන්දනාමාන කටයුතු මැනවින් ඉටු කළ යුතු අතර, ඒවා ඔහු වෙනුවෙන් යහපත් චේතනාවකින් (අවංකව) ඉටු කළ යුතුය.
වචනයෙන් හා ක්‍රියාවෙන් දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම.
ලේ ඥාතීන්ට හා හිතවතුන්ට කරුණාව, දයාව දැක්වීම.
අසල්වැසියන්ට උදව් උපකාර කිරීම.
අනාථ දරුවන්ට සහ අසරණයන්ට කරුණාව දැක්වීම.
ඔබට අයහපතක් කරන්නන්ට යහපතක් කිරීම.
වාද විවාද කිරීමේදී සංවර වීම
කතා කිරීමේදී සංවර වීම
සත්වයින්ට කරුණාව දැක්වීම
ප්‍රශ්න අංක 5. අල්ඉහ්සාන් හෙවත් යහපතට ප්‍රතිවිරුද්ධ දෙය කුමක්ද?
පිළිතුර - අල්ඉහ්සාන් හෙවත් යහපතට ප්‍රතිවිරුද්ධ දෙය නම් අයහපත් දෑ සිදු කිරීමයි. එනම්,
උත්තරීතරවූ අල්ලාහ්ට වන්දනාමානය කිරිමේදී යහපත් චේතනාවකින් තොරව නැමැදුම් කිරිම.
දෙමාපියන්ට අකීකරු වීම.
ඥාතී සම්බන්ධතා බිඳ දැමීම.
අසල්වැසියන් සමග සුහඳව කටයුතු නොකිරීම.
තවද දුප්පතුන්ට සහ අසරණයින්ට යහපතක් සිදු නොකිරීම සහ වචනයෙන් සහ ක්‍රියාවෙන් හිරිහැර කිරීම.
ප්‍රශ්න අංක 6. විශ්වාස වන්තකම සහ එහි ලක්ෂණ.
පිළිතුර - 1. සර්වබලධාරී අල්ලාහ් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම් සුරැකීමේ විශ්වාස වන්තකම.
එය ඉටුකරන ආකාර: සලාතය, සකාත්, උපවාස, හජ්, සහ අල්ලාහ් අපට අණ කළ වෙනත් නමස්කාර ක්‍රියාවන් ඉටු කිරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.
මිනිසුන්ගේ ගෞරවය සුරක්ෂිත කිරීම.
ඔවුන්ගේ මිළ මුදල් ආරක්ෂා කිරීම.
ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කිරීම.
තවද ඔවුන්ගේ රහස් සහ ඔවුන් ඔබ වෙත විශ්වාසය මත පැවරු ඔවුන්ගේ පැවරුම් වැනි සියඵ කරුණු සුරක්ෂිතව රැකගැනීම.
ජයග්‍රාහී දනන් ගැන උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති. (අල්-මුඃමිනූන්: 9)
ප්‍රශ්න අංක 7. විශ්වාසවන්ත කමට ප්‍රතිවිරුද්ධ කරුණු මොනවාද?
පිළිතුර - ද්‍රෝහීකම, එනම් සර්ව බලධාරී අල්ලාහ්ගේ අයිතිවාසිකම් සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් අනිසි ලෙස අහිමි කිරීමයි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ‘අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දැනුවත්ව ම අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නො කරනු. තවද නුඹලාට පවරන ලද දෑට ද වංචා නො කරනු.’ (අල්-අන්ෆාල්: 38)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. වංචා සහගත පුද්ගලයින්ගේ ලක්ෂණ තුනකි. " විශ්වාස කළොත් ද්‍රෝහීකම් කරයි " එයින් එක ගුණාංගයකි.
ප්‍රශ්න අංක 8. විශ්වාසවන්තභාවයේ ගති ලක්ෂණ මොනවාද?
පිළිතුර- යථාර්ථය ඇති සැටියේ ප්‍රකාශ කිරීම සහ ඇත්ත පවතින ආකාරයටම පැවසීමයි.
විශ්වාසවන්තභාවයේ ගති ලක්ෂණ පහත සඳහන් වේ.
මිනිසුන් සමඟ කතා කිරීමේදී අවංක ලෙස සත්‍ය කතා කිරීම.
පොරොන්දු දීමේදී අවංක වීම.
සෑම වචනයකම හා ක්‍රියාවකම අවංක ලෙස කටයුතු කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “සත්‍යවාදීකම ධර්මිෂ්ඨකම වෙත මග පෙන්වයි, ධර්මිෂ්ඨකම ස්වර්ගය වෙත මග පෙන්වයි, මිනිසෙක් සත්‍යවාදී කෙනෙකු බවට පත් වන තුරු ඔහු සත්‍ය කතා කරයි”
සත්යවාදීකමට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මොනවාද?
පිළිතුර - සත්‍යයට පටහැනි ගති ලක්ෂණ වනාහි බොරු කීමයි. එනම් මිනිසුන්ට බොරු කීම, පොරොන්දු කඩ කිරීම සහ බොරු සාක්ෂි දීම වැනි ගති ගුණ වේ.
නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) පැවසූහ: ‘බොරු කීමෙන් නුඹලා වැළකී සිටිය යුතුයි. හේතුව සැබැවින්ම බොරු කිරීම අයහපත් ක්‍රියාවන් වෙත මග පෙන්වයි. සැබැවින්ම අයහපත් ක්‍රියාවන් අපා ගින්න වෙත මග පෙන්වයි. මිනිසා බොරු කියමින් බොරුව මත (ජීවත් වෙමින්) සිටින විටදී අල්ලාහ් අබියස ඔහු මහා බොරුකාරයකු ලෙස සටහන් කරනු ලැබේ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “කුහකයකුගේ ලක්ෂණ තුනකි” - ඒවායින් කරුණු දෙකක් මෙසේ සඳහන් කර ඇත. “ඔහු කතා කරන විට බොරු කියයි, ඔහු පොරොන්දුවක් දුන් විටක ඔහු එය කඩ කරයි.”
ප්‍රශ්න අංක10. ඉවසීමේ ගුණාංගයෙහි ඇති වර්ග මොනවාද?
පිළිතුර - උත්තරීතර වූ අල්ලාහ්ට අවනත වීමේදී ඉවසීමකින් යුතුව කටයුතු කිරීම.
පාපය ඉදිරියේ (එයින් වැළැකී සිටීම සඳහා) ඉවසීමෙන් කටයුතු කිරීම.
(අල්ලාහ්ගේ කැමැත්ත අනුව) වේදනාකාරී සිදුවීම් වලදී ඉවසීම සහ ඒ සෑම අවස්ථාවකදීම අල්ලාහ්ට ප්‍රශංසා කිරීම.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්‍රිය කරයි. (ආලු ඉම්රාන්: 85)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. අල්ලාහ් විශ්වාස කරන්නාගේ කරුණු පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එයද ඔහුට යහපත් වන්නේය.
ඉවසීමේ ගුණාංගයට ප්‍රතිවිරුද්ධ ගුණාංග මොනවාද?
පිළිතුර - එනම් (අල්ලාහ්ගේ කටයුතුවලදී) අවනත විය යුතු තැන්හිදී ඉවසීමෙන් තොර වීම. පව් ඉදිරියේ (එයින් වැළැකී සිටීම නොව) ඉවසීමෙන් තොරව කටයුතු කිරීම, (අල්ලාහ්ගේ කැමත්ත අනුව) පූර්ව විනිශ්චය පිළිබඳව වචනයෙන් හෝ ක්‍රියාවෙන් අතෘප්තිමත් වීම.
එනම්,
මරණය බලාපොරොත්තු වීම
නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පැවසූහ: “තමන්ට හානියක් සිදු වූ හේතුවෙන්, ඔබ අතරින් කිසිවෙකු මරණයට ආශා නොකළ යුතුය. එය සිදු විය යුතු යැයි සිතන්නේ නම් මෙසේ පවසන්න: ‘යා අල්ලාහ්! ජීවත් වීම මට යහපත් නම් මා ජීවත් කරනු මැනව! තවද මරණයට පත් වීම මට යහපත් නම් මා මරණයට පත් කරනු මැනව!’”
කම්මුල්වලට පහර දීම.
ඇඳුම් ඉරා ගැනීම.
හැඟීම් අවුස්සා ගැනීම.
තමන්ට විනාශයක් ඇති වීම සඳහා ප්‍රාර්ථනා කිරීම.
එතුමාණෝ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය හිමි වේවා) තුමා මෙසේ දෙසූහ. “කම්මුල්වලට පහර දී, සාක්කු ඉරාගෙන, අඥාන යුගයේ ප්‍රාර්ථනාවන් උසුරා ප්‍රාර්ථනා කළ අය අප අතරින් නො වන්නේය.”
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. සැබැවින්ම අතිමහත් තිළිණ මහත් පරීක්ෂණ සමග ඇත. සැබැවින්ම අල්ලාහ් යම් පිරිසක් ප්‍රිය කළේ නම් ඔහු ඔවුන් පරීක්ෂණයට ලක් කරන්නේය. කවරෙකු මෙය පිළිගත්තේ ද ඔහුට තෘප්තිය ඇත. තවද කවරෙකු කෝප වූයේ ද ඔහුට උදහස ඇත.
ප්‍රශ්න අංක 12. සහයෝගය යනු කුමක්ද?
එනම් යහපත් කටයුතු වලදී එකිනෙකා අතර අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කර ගැනීම වේ.
අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාර කර ගැනීම සඳහා උදාහරණ:
(අනුන් සතු) අයිතීන් ලබාදීමේදී ඇති කර ගත යුතු සහයෝගීතාවය.
අපරාධ කරන්නාට ප්‍රතිචාර දැක්වීමට සහයෝගයෙන් කටයුතු කිරීම.
නැති බැරි අයගේ සහ අවශ්‍යතා ඇති අයගේ අවශ්‍යතා සපුරාලීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම.
සියලු යහපත සඳහා සහයෝගීතාවය දැක්වීම.
පාප ක්‍රියා, හානි සිදුකිරීම් සහ ආක්‍රමණ කිරීම් වැනි කරුණු වලට සහයෝගය නොදීම.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නො කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය. (අල්-මාඉදා: 3)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. “විශ්වාස කරන්නාට තවත් විශ්වාස කරන්නෙකු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනැඟිල්ලක් වැනිය, එය එකිනෙක ශක්තිමත් කරයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට වරදක් කරන්නේවත්, වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේවත් නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්‍යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්‍යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරයි. තවද යමෙක් මුස්ලිම්වරයෙකුගේ (ඔහුගේ පාපය) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ පාප) නැවත නැඟිටීමේ දිනයේ වසන්නේය."
ප්‍රශ්න අංක 13. ලැජ්ජා වීමේ ගුණය සහ එහි වර්ග මොනවාද?
පිළිතුර 1. අල්ලාහ් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම: එය ඔබව ඔහු (අල්ලාහ්) ට පාපී ක්‍රියා කිරීමට මග පාදන්නේ නැත.
2. මිනිසුන් ඉදිරියේ ලැජ්ජාවෙන් කටයුතු කිරීම. එනම්: අසභ්‍ය කතාවලින් වැළකීම සහ කෙනෙකුගේ රහස්‍ය තැන් හෙළිදරව් නොකිරීම මෙයට ඇතුළත් වේ.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ. "ඊමාන් (හෙවත් විශ්වාසය) ට ශාඛා හැත්තෑවකට වඩා හෝ ශාඛා හැටකට වඩා ඇත - එහි ඉහළම ප්‍රකාශය නම්: 'අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙන කිසිවෙකු නැත' යන්නයි. එයින් අවම දෙය වන්නේ හානිකර දෙයක් මාර්ගයෙන් ඉවත් කිරීම වේ. තවද ලැජ්ජා වීමේ ගුණය ඊමාන් (හෙවත් විශ්වාසයෙ) හි ශාඛාවකි."
ප්‍රශ්න අංක 14. කරුණා ගුණයන්හි ලක්ෂණ මොනවාද?
පිළිතුර - වැඩිහිටියන්ට දයාව හා ගෞරවය දැක්වීම
තරුණයින්ට සහ කුඩා වයසේ පසුවන දරුවන්ට කරුණාව දයාව දැක්වීම. හදීසයේ මෙසේ සඳහන් වේ: “අපගේ වැඩිහිටියන්ට ගෞරව නොකරන්නා ද අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපෙන් කෙනෙකු නොවන්නේය.”
දුප්පතුන්, අසරණයන් සහ අවශ්‍යතා ඇති අය සඳහා කරුණා දයාව දැක්වීම.
සත්ත්වයින්ට හිංසා නොකිරීම සහ ආහාර පාන දී පෝෂණය කිරීමෙන් ආදරය දැක්වීම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. දේවත්වය විශ්වාස කරන්නන් ඔවුන් එකිනෙකා අතර සෙනෙහස පෑමෙහි ද, ඔවුන් එකිනෙකාට කරුණාවෙන් කටයුතු කිරීමෙහි ද, ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපමාව වනුයේ ශරීර අවයවයක් වේදනා විදින විට, ශරීරයේ සෙසු අවයව (එහි බලපෑම නිසා) නින්දට නොයා හා උණ ගැනීමෙන් එයට (ඒ වේදනාවට) හවුල් වන ශරීරයේ උපමාව මෙනි.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නා නුඹලාට කරුණා කරනු ඇත.
ප්‍රශ්න අංක: 15 ආදරය, දයාව සහ එහි වර්ග මොනවාද?
පිළිතුර: උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි ආදරය දැක්වීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. (අල්-බකරා: 163)
- දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි ආදරය කිරීම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. “මාගේ ප්‍රාණය කවරෙකුගේ අතේ තිබේද, (ඔහු මත දිවුරා පවසමි) ඔබ අතර කෙනෙක් සිය දෙමාපියන්ට වඩා සහ සිය දරුවන්ට වඩා මා ඔහුගේ අධික ආදරයට පත් කර ගන්නා තුරු ඔහු සැබෑ විශ්වාසය තැබු කෙනෙක් බවට පත් වන්නේ නැත.” යනුවෙන් නබි (සල්) තුමාණන් වදාළහ.
විශ්වාස කරන්නන්ට ප්‍රේමය දක්වන්න, ඔබ ඔබට ආදරය කරන ආකාරයටම ඔවුන්ගේ යහපත වෙනුවෙන් (කටයුතු කිරීමට) ප්‍රිය කරන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්‍රිය කරන තෙක් ඔහු විශ්වාස කරන්නෙකු නොවන්නේය.
ප්‍රශ්න අංක 16. සිනහමුසු මුහුණින් හමුවීම යනු කුමක්ද?
පිළිතුර - මිනිසුන් මුණගැසෙන විට ප්‍රීතියෙන්, සිනහවෙන්, කරුණාවෙන් යුතුව මුහුණේ ඉරියව් සන්නිවේදනය කිරීම.
එය මිනිසුන්ව පිළිකුල් කරන, ඔවුන් ඉදිරියේ මුහුණ හකුළා ගැනීමේ පුරුද්දට ප්‍රතිවිරුද්ධ ගුණාංගයකි.
මෙහි වැදගත්කම ගැන සඳහන් නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ උපදෙස් බොහෝ ඇත. යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ හෙළා නොදකින්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද විය හැක.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. “ඔබගේ සහෝදරයා සිනාමුසු මුහුණින් පිළිගැනීම කුසල් ක්‍රියාවකි”
ප්‍රශ්න අංක 18. ඊර්ෂියාව යනු කුමක්ද?
පිළිතුර - අන් අයට ලැබී තිබෙන ආශීර්වාදයන් දුරු වේවායි පැතීම හෝ අනුන්ට ලැබී තිබෙන ආශීර්වාදයන්ට ද්වේෂ කිරීම.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 5)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. එතුමාණන් මෙසේ පැවැසූහ. නුඹලා එකිනෙකා කෙරෙහි අමනාපයක් ඇති නොකරගන්න, ඊර්ෂ්‍යාවක් හෝ සතුරුකමක් ඇති කර නොගන්න; එකිනෙකාට පිටුපා නොසිටින්න. තවද අල්ලාහ්ගේ ගැත්තන් වශයෙන් සහෝදරයන් බවට පත් වන්න.
ප්‍රශ්න අංක 18. උපහාසය යනු කුමක්ද?
පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයාට සමච්චල් කිරීම සහ පහත් කොට සැළැකීම වේ. මෙය සිදු නොවිය යුතුයි.
අල්ලාහ් මෙය තහනම් කරමින් මෙසේ පවසයි. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. එමෙන් ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. තවද නුඹලා අතර දොස් නො කියනු. තවද පටබැඳි නම්වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නො කරනු. දේව විශ්වාසයෙන් පසුව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරු ය. තවද කවරෙකු පාප සමාව අයැද නො සිටියේද එවිට ඔවුහු මය අපරාධකරුවෝ. (අල්-හුුජුරාත්:11)
ප්‍රශ්න අංක19. නිහතමානිකම යනු කුමක්ද?
පිළිතුර- පුද්ගලයෙකු මිනිසුන් ඉදිරියේ තමාව උසස් කොට නොපෙන්වීමයි. තවද මිනිසුන් හෙළා නොදැකීම හා සත්‍යය ප්‍රතික්ෂේප නොකිරීමයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. (අල්-ෆුර් කාන්: 3) එනම් - නිහතමානී පුද්ගලයින්.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. කෙනෙකු අල්ලාහ් උදෙසා අවංක ලෙස යටහත් පහත් වන්නේද අල්ලාහ් ඔහුගේ තත්වය උසස් කරනු මිස නැත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. "සැබැවින්ම, කෙනෙකු තවත් කෙනෙකුට උඩංගු නොවන ලෙසත්, කෙනෙකු තවත් කෙනෙකුට පීඩා නොකර ලෙසත්, ඔබ නිහතමානි විය යුතු බවත් දෙවියන් වහන්සේ මට හෙලිදරව් කර ඇත."
තහනම් කරන ලද අහංකාරකමේ වර්ග මොනවාද?
පිළිතුර - 1. සත්‍යය ප්‍රතික්ෂේප කිරීම, එය නොපිළිගැනීම සහ සත්‍යයට විරුද්ධව උඩඟුකමින් කටයුතු කිරීම.
2. මිනිසුන් කෙරෙහි උඩඟුකමින් කටයුතු කිරීම, එනම් ඔවුන්ව පහත් කොට සැලකීම සහ අවතක්සේරු කිරීමයි.
අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ: කවරෙකුගේ හදවත තුළ අණු ප්‍රමාණයක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත. එවිට පුද්ගයෙකු මෙසේ විචාලේය. "ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකු තම ඇඳුම අලංකාර විය යුතුයි යනුවෙන් සහ ඔහුගේ පාවහන් අලංකාර විය යුතුයි යනුවෙන් ප්‍රිය කරයි." එවිට මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළේය: නියත වශයෙන්ම අල්ලාහ් අලංකාර වන අතර ඔහු අලංකාරය ප්‍රිය කරයි. උඩඟුකම යනු සත්‍යය පිළිකුල් කිරීම සහ මිනිසුන්ව පිළිකුල් කිරීමයි.
- සත්‍යය ප්‍රතික්ෂේප කිරීම යනු එය නොපිළිගෙන උඩඟුකම පෙන්වීමයි.
-මිනිසුන් දෙස පහත් කොට බැලීම: ඔවුන්ව හෙළා දැකීම.
හොඳ ඇඳුමක් ඇඳීම සහ හොඳ පාවහනක් පැළැඳීම අහංකාරකම නොවේ.
ප්‍රශ්න අංක 21: තහනම් කරන ලද, වංචා සහගත ගුණයේ වර්ග කිහිපයක් මොනවාද?
පිළිතුර - මිලදී ගැනීමේදී සහ විකිණීමේදී භාණ්ඩයේ දෝෂය වසන් කිරීම වංචා සහගත ක්රියාවන්ය.
-අධ්‍යාපනය හැදෑරීමේදී සිදු කරනු ලබන වංචාව, එසේ සිසුන් විසින් විභාගයේදී (කොපි කිරීම වැනි) වංචාවෙහි යෙදීම.
බොරු සාක්ෂි කියමින් වචනය තුලින් වංචා කිරීම.
- ඔබ පවසන දේ සහ ඔබ මිනිසුන් සමඟ එකඟ වන දේ ඉටු නොකිරීම.
(ව්‍යාපාර කටයුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ආහාර ගොඩ ගසා විකුණන ස්ථානයක් පසු කරමින් යනවිට, එතුමාණන් සිය අත එහි (ආහාර ගොඩ තුල) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: "මෙම ආහාරයේ හිමිකරු ව! මේ කුමක් ද?" ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි! ඒ මත වැස්ස පතිත විය. යැයි පැවසීය. එතුමා: "මිනිසුන්ට එය පෙනෙන පරිදි ආහාරයට ඉහළින් තැබිය යුතු නොවේද? කවරෙකු වංචා කරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය." යැයි පැවසූහ.
අස්සුබ්රා යනු ආහාර ගොඩකි.
ප්‍රශ්න අංක 22. කේලාම් කීම යනු කුමක්ද?
පිළිතුර - එය ඔබගේ මුස්ලිම් සහෝදරයා නොමැති අවස්ථාවක (ඔහු ගැන) ඔහු පිළිකුල් කරන දෙයක් සඳහන් කිරීමයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නො කිව යුතු ය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා ය; මහා කරුණාන්විත ය. (අල්-හුුජුරාත්)
ප්‍රශ්න අංක 23: ඕපාදූප කතා කිරීම යනු කුමක්ද?
පිළිතුර - මිනිසුන් අතර රණ්ඩු දබර ඇති කිරීමේ අරමුණින් අනුන්ගේ පෞද්ගලික දේවල් පිළිබඳ (තැනින් තැන) කීම.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත: ඕපාදූප කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.
ප්‍රශ්න අංක 24. කම්මැලිකම යනු කුමක්ද?
පිළිතුර- එනම්, යහපත් දේ කිරීමට සහ පුද්ගලයෙකු විසින් කළ යුතු දේ කිරීමට පසුගාමී වීම.
අනිවර්ය දෑ කිරීමේදී කම්මැලිකමින් සිටීමද මෙයට ඇතුලත් වේ.
ඒ ගැන අනතුරු අඟවමින් අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: නියත වශයෙන් ම කුහකයින් අල්ලාහ්ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නො කරති. (අන්-නිසා: 125)
එබැවින් විශ්වාස කරන්නා විසින් කම්මැලිකම, උදාසීනත්වය සහ අක්රියාකාරි අත්හැර, සර්වබලධාරි අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මේ ජීවිතයේ සියලු වැඩ කටයුතු එහි බැරෑරුම්කම තේරුම් ගෙන උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමට වගබලාගත යුතුයි.
ප්‍රශ්න අංක 25. කෝපයේ වර්ග මොනවාද?
පිළිතුර - 1. ප්‍රශංසා කළ හැකි කෝපය: උත්තරීතරවූ අල්ලාහ් වෙනුවෙන් කෝපයට පත් වීම. එනම් අවිශ්වාස කරන්නන්, කුහකයින් හෝ වෙනත් අය විසින් අල්ලාහ්ගේ ශුද්ධවන්ත කමට අපහස සිදු කළ විටක ඇති විය යුතු කෝපය.
2- නින්දා සහගත කෝපය : පුද්ගලයෙකු විසින් නොකිව යුතු දේ කීමට සහ කිරීමට මග සලස්වන කෝපයයි.
නින්දා සහගත කෝපයට ප්‍රතිකාර.
වුළු හෙවත් අර්ධ දෝවනය
සිටගෙන සිටිනවා නම්, වාඩිවීම, වාඩිවී සිටිනවා නම් පැත්තට ඇලවීම.
- මේ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ දේශනාවක් වන "කෝප නොවන්න." යන උපදෙස් පිළිපැදීම.
කෝප වූ විට ඇති වෙන ආවේගශීලී බව පාලනය කර ගැනීම සඳහා,
පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.
නිහඬියාව.
ප්‍රශ්න අංක 26. ඔත්තු බැලීම යනු කුමක්ද?
පිළිතුර- එය මිනිසුන්ගේ වැරදි අඩුපාඩු සහ ඔවුන් සඟවන දේ හඳුනා ගැනීම සහ සෙවීමයි.
ඒ සඳහා උදාහරණ.
- නිවෙස්වල මිනිසුන්ගේ අඩුපාඩු දැකීම.
මිනිසුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ කථාවට සවන් දීම.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: ‛ඔබලා (අනුන්ගේ) වරද නොසොයනු. (අල්-හුුජුරාත්: 12)
ප්‍රශ්න අංක 27. නාස්තිය යනු කුමක්ද? මසුරුකම යනු කුමක්ද? සහ ත්‍යාගශීලීත්වය යනු කුමක්ද?
පිළිතුර: නාස්තිය: එනම් අසාධාරණ ලෙස මුදල් වියදම් කිරීම, එහි ප්‍රතිවිරුද්ධ දෙය මසුරුකමයි: එය කෙනෙකුගේ අයිතිය නොදී රඳවා තබා ගැනීමයි.
නිවැරදි ක්‍රමය නම් මේ දෙක අතර මධ්‍යස්ථ පිළිවෙත අනුගමනය කිරීමයි , තවද මුස්ලිම්වරයා ත්‍යාගශීලී විය යුතුයි.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය. (අල්-ෆුර් කාන්: 3)
ප්‍රශ්න අංක 28. බියගුලුකම යනු කුමක්ද? නිර්භීතකම යනු කුමක්ද?
පිළිතුර - බියගුලුකම යනු: බිය නොවිය යුතු දේ ගැන බිය වීමයි.
උදාහරණයක් ලෙස සත්‍යය පැවසීමට සහ නපුර ප්‍රතික්ෂේප කිරීමට ඇති බිය.
නිර්භීතකම: එනම් එය නිවැරදි දේ කිරීමේ නිර්භීතකම වන අතර එය ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් ආරක්ෂා කිරීම සඳහා ජිහාද් සඳහා වූ නිර්භීතකම වේ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ යාච්ඤා කළේය. "අහෝ අල්ලාහ්! මම ඔබෙන් බියගුලුකමින් ආරක්ෂාව පතමි."
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "ශක්තිමත් විශ්වාස කරන්නෙකු. දුර්වල විශ්වාස කරන්නෙට වඩා අල්ලාහ්ට වඩා හොඳ සහ වඩාත් ආදරණීය වන අතර සෑම කෙනෙකු තුළම යහපතක් ඇත."
ප්‍රශ්න අංක 29. දිවෙන් පිටවන තහනම් කියමන් කිහිපයක් මොනවාද?
පිළිතුර - උදාහරණයක් ලෙස බැනීම, සාප කිරීම.
පුද්ගලයෙකු විසින් තවත් කෙනෙකුට " තිරිසනා " යනුවෙන් පැවැසීම හෝ එවැනි වෙනත් පහත් වචන භාවිතා කිරීම.
එසේත් නැතිනම් අසභ්‍ය වචන සහ පහත් වචන භාවිතා කිරීම.
ඉහත සඳහන් කරුණු සියල්ලක්ම නොකරන ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇත. මහත් සේ දොස් නගන්නා හෝ ශාප කරන්නා හෝ දුෂ්ටකම් කරන්නා හෝ අසභ්‍ය වචන කතා කරන්නා හෝ පූර්ණ දේව විශ්වාසියෙකු වන්නේ නැත.
ප්‍රශ්න අංක 30. මුස්ලිම්වරයෙකුට යහපත් සදාචාරයන් අනුගමනය කිරීමට උපකාර වන හේතු මොනවාද?
පිළිතුර 1.උත්තරීතරවූ අල්ලාහ් ඔබට යහපත් හැසිරීම් වලින් ආශීර්වාද කර ඒ සඳහා ඔබට උපකාර කරන ලෙස ප්‍රාර්ථනා කර සිටීම.
2-සර්වබලධාරී අල්ලාහ් ඔබව නිරීක්ෂණය කරන බවත්, ඔහු ඔබව හොඳින් දන්නා බවත්, ඔබට සවන් දෙන බවත්, ඔබව දකින බවත් ඔබ විසින් දැන සිටීම.
3-යහපත් හැසිරීම් වලින් ලැබෙන (මහඟු) ප්‍රතිඵල ගැන සහ ඒවා ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
4- අයහපත් හැසිරීම් වලින් ලැබෙන (අනතුරුදායක) ප්‍රතිඵල ගැන සහ ඒවා නිරයට පිවිසීමට හේතුවක් වන බව මෙනෙහි කිරීම.
5-යහපත් පුරුදු සර්වබලධාරී අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට ආදරය ගෙන එයි, නරක පුරුදු අල්ලාහ්ට සහ ඔහුගේ මැවිල්ලට කෝපය ගෙන දෙයි.
6- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානය කියවීම, සහ එතුමාගේ ආදර්ශය අනුගමනය කිරීම.
7- යහපත් මිනිසුන් ඇසුරු කිරීම සහ නරක මිනිසුන්ගේ ඇසුරෙන් වැළකී සිටීම.
*******
මෙනෙහි කිරීමේ වදන් සහ ප්‍රාර්ථනා පිළිබඳ කොටස
දික්ර් පිළිබඳ දැනුම:
දික්ර් යන්නෙහි හැඳින්වීම: එය ලා ඉලාහ ඉල්ලල්ලාහ්, අල්ලාහු අක්බර්, සුබ්හානල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, ඉස්තිග්ෆාර් සහ උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම තුළින් ද, උදෑසන සහ සවස් කාලයේ දික්ර් (මෙනෙහි කිරීම්), සලාතයන්හි දික්ර්, නිදාගන්නා විට සහ අවදි වන විට මෙන්ම වෙනත් අවස්ථාවන්හි දී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් වාර්තා වී ඇති ප්‍රකාශයන් තුළින් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් තම දිව හැසිරවීමයි.
- දික්ර් හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩාත් උතුම් වන්නේ හදවත හා දිව එකඟ වන දෑය.
ප්‍රශ්න අංක 1,දික්ර් හෙවත් මෙනෙහි කිරීම් හි වැදගත් කම කුමක්ද?
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. තම පරමාධිපතියාණන් මෙනෙහි කරන අයටත්, මෙනෙහි නොකරන අයටත් උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මියගිය කෙනෙකු අතර තිබෙන්නා වූ වෙනස යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. (බුහාරි)
- මෙයට හේතුව පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම සර්වබලධාරි අල්ලාහ්ව සිහිපත් කිරීම මත රඳා පවතින බැවිනි.
ප්‍රශ්න අංක 2. මෙයින් ලැබෙන යහපත් කිහිපයක් සඳහන් කරන්න.
පිළිතුර- 1.කාරුණික අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙයි.
2- ශයිතාන්ව පළවා හරී.
3- අශිෂ්ඨ දැයින් මුස්ලිම්වරයා ආරක්ෂා කරයි.
4- යහපත් ප්‍රතිඵල සහ කුසල් ගෙන දෙයි.
ප්‍රශ්න අංක 3. විශිෂ්ඨත ම සිහිපත් කිරීම කුමක් ද?
ප්‍රශ්න අංක 4- ඔබ නින්දෙන් අවදි වූ විට පවසන්නේ කුමක්ද?
"අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බාදමා අමානතා වඉලෙයිහින් නුෂූර්" තේරුම: අල්ලාහ් දෙවිඳාණන්ට සියලු ප්‍රසංශා හිමිවේවා! ඔහු අප මරණයට පත්කළ පසුව අපට ප්‍රාණය ලබා දුන්නේය. තවද අප නැවත යා යුතුව ඇත්තේ ඔහු වෙතය.
ප්‍රශ්න අංක 5. ඔබ ඔබේ ඇඳුම අඳින විට පැවැසිය යුත්තේ කුමක්ද?
"අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත." තේරුම :- සියලු ප්‍රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා. කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වක මා සිටිය දී මට මෙම වස්ත්‍රය ලබා දී ඇඳගන්නට සැලැස්සුවේය.
ප්‍රශ්න අංක 6- ඔබ ඇඳ සිටින ඇඳුම ගලවන විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක් ද?
පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි
ප්‍රශ්න අංක 7. ඔබ අඵත් වස්ත්‍රයක් අදින විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස් අලුක මින් ඛෛරහී වඛෛරි මා සුනිඅ ලහූ, ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුම: යා අල්ලාහ් සියඵ ප්‍රසංශා හිමිවන්නේ ඔබටය. මෙය මට පැළඳවූයේ ඔබය. එහි ඇති යහපත හා කුමක් සදහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති යහපත ද ඔබෙන් මම අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය සාදනු ලැබුවවේ ද එහි ඇති හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි.
අළුත් ඇඳුමක් පැළඳගත් කෙනෙකුට කරන ප්‍රාර්ථනාව
පිළිතුර - ඔබ වෙනත් කෙනෙකුට අලුත් ඇඳුමක් ඇඳ සිටිනවා දුටුවහොත්, එවිට මෙසේ පවසන්න: "තුබ්ලී වයුඛ්ලිෆුල්ලාහු තආලා" අල්ලාහ් එහි ආයු කාලය දීර්ඝ කරත්වා, (එවිට එම ඇඳුම ගෙවී ගොස් පැරණි වන තුරු ඔහුට ඇඳගෙන සිටිය හැකි වේ) සර්වබලධාරී දෙවියන් ඔහුට ඊට වඩා යහපත් වස්ත්‍රයක් ලබා දෙත්වා.
ප්‍රශ්න අංක 9 : තමන් ශාරීරික අවශ්‍යතා ඉටු කරන ස්ථානය වන වැසිකිළියට ඇතුළු වීමේදී කියන ප්‍රාර්ථනාව කුමක්ද?
ප්‍රශ්න අංක 10. වැසිකිළියෙන් බැහැර වීමේදී කියන ප්‍රාර්ථනාව සඳහන් කරන්න?
ගුෆ්රානක - තේරුම: යා අල්ලාහ් ඔබෙන් සමාව අයද සිටිමි.
ප්‍රශ්න අංක 11. වුළු (අර්ධ ධෝවනය) කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි
ප්‍රශ්න අංක 12. වුළු (අර්ධ ධෝවනය) අවසන් කිරීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
ප්‍රශ්න අංක 12. නිවසින් පිටව යන අවස්ථාවේ කළ යුතු ප්‍රාර්ථනාව කුමක් ද?
බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි, වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහි තේරුම:අල්ලාහ්ගේ නාමයෙනි, මාගේ සියලු කටයුතු අල්ලාහ් වෙත භාර කරමි. ඔහු පමණක් විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත.
ප්‍රශ්න අංක 14. නිවසට යළි පැමිණෙන අවස්ථාවේ කළ යුතු ප්‍රාර්ථනාව.
බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි ඛරජ්නා වඅලල්ලාහි රබ්බිනා තවක්කල්නා. තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමු. තවද අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වුනෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් දෙවිඳාණන් මතම (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු.
ප්‍රශ්න අංක 15. මස්ජිදයට ඇතුළුවීමේ දී පවසන ප්‍රාර්ථනාව කුමක් ද?
ප්‍රශ්න අංක 16 :මස්ජිදයෙන් පිටවී යන විට කිව යුතු (දුආ) ප්‍රාර්ථනාව කුමක්ද?.
ප්‍රශ්න අංක 17 : අදාන් ඇරයුම ශ්‍රවණය කරන විට කිව යුතු දුආ ප්‍රාර්ථනාව.
පිළිතුර- මුඅද්දින් කියන ආකාරයට පැවැසීම. නමුත් මුඅද්දින් විසින් «හයියඅලස් සලාහ්» සහ«හයිය අලල් ෆලාහ්» යනුවෙන් පවසන විට: «ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ් » යනුවෙන් පැවැසීම.
ප්‍රශ්න අංක 18 : අදානයෙන් පසු පවසන්නේ කුමක්ද?
පිළිතුර - මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් කීම.
අදාන් සහ ඉකාමත් අතර දුආ ප්‍රාර්ථනා කිරීම
ප්‍රශ්න අංක 19. උදේ හවස පාරායනය කළ යුතු ප්‍රාර්ථනාවන් කුමක්ද?
පිළිතුර 1. මම ආයතුල් කුර්සී පාරායනය කරමි: අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නො කරති. ඔහුගේ අසුන අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්තව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නො වේ. තවද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය. (අල්-බකරා: 163)
2. තවද මෙසේ පාරායනය කරමි: අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. (නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් ස්වාධීන ය. 2 ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය. 3 තවද ඔහුට සමාන කිසිවෙකු නැත.4 (අල් ඉක්ලාස්: 1-4) තුන් වරක්.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. (නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. ඔහු මැවූ දෑහි හානියෙන් ද, තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද, තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 1-5) තුන් වතාවක්.
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. (නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.1 (ඔහු) මිනිසුන්ගේ රජු ය. 2 (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. 3 කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)4 ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි. 5 (මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.6 (අන්-නාස්: 1-6) තුන් වතාවක්.
ප්‍රශ්න අංක 20. නින්දට යන විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
පිළිතුර. බිස්මික අල්ලාහුම්ම අමූතු වඅහ්යා. තේරුම- යා අල්ලාහ්! ඔබේ නාමයෙන් මරණය ( හෙවත් නින්ද) ට පත්වෙමි. ඔබේ නාමයෙන්ම නැවත ජීවය ලබන්නෙමි.
ප්‍රශ්න අංක 21. ආහාර අනුභව කිරීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි. මුලදී එය කියන්නට අමතක වූ විටක මෙසේ පවසන්න. «බිස්මිල්ලාහ් ෆී අව්වලිහි වආහිරිහි» තේරුම: ආරම්භයේදී සහ අවසානයේදී අල්ලාහ්ගේ නාමයෙනි.
ප්‍රශ්න අංක 22. ආහාර අනුභව කර අවසන් වූ මොහොතේ කිව යුතු ප්‍රාර්ථනාව.
අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා, වරzසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත. තේරුම :- සියලු ප්‍රසංශා අල්ලාහ් දෙවිඳාණන්ට හිමි වේවා.කිසිම ශක්තියක් හෝ හැකියාවක් නැති තත්ත්වයක සිටිය දී මට මෙම ආහාරය ලබා දී අනුභව කිරීමට ඔහු සැලැස්සුවේය.
ප්‍රශ්න අංක 23. ආගන්තුකයා විසින් ආහාරය සඳහා ඇරැයුම් කළ තැනැත්තාට කරන ප්‍රාර්ථනාව කුමක්ද?
අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්. තේරුම- යා අල්ලාහ්! ඔබ යම් දෙයක් ඔවුන්ට ලබා දුන්නේ නම් ඒ තුලින් ඔවුන්ට අභිවෘද්ධිය ඇති කරනු මැනව’ ඔවුන්ගේ පව්වලට කෂමා කර කරුණාව දක්වනු මැනව.
ප්‍රශ්න අංක 24. කෙනෙකුට කිමුහුමක් යනවිට පැවැසිය යුත්තේ කුමක්ද?
අල්හම්දු ලිල්ලාහ්. තේරුම නිියත වශයෙන්ම සියලු පැසසුම් අල්ලාහ් සතුය. 3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා, "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි. ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයුස්ලිහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.
ප්‍රශ්න අංක 25. රැස්වීමක් අවසන් වී නැගිට සිටින විටක, පවසන ප්‍රාර්ථනාව කුමක් ද?
‘සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික.’ (යා අල්ලාහ් ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ විය. ඔබ හැර නැමදුමට කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තවද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.)
ප්‍රශ්න අංක 26. වාහනයක නැග ගත් විටක කිව යුතු ප්‍රාර්ථනාව කුමක් ද?
පිළිතුර: බිස්මිල්ලාහි, අල්හම්දු ලිල්ලාහි. සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. [අස්-සුහ්රුෆ්: 13-14], අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානකල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර්ලී ෆඉන්නහූ ලා යග්ෆිරුද්දුනූබ ඉල්ලා අන්ත. තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය. මෙය අප හට මැඩපවත්වා දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. [අස්-සුහ්රුෆ්: 13-14], සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය. සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, යා අල්ලාහ් ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මා මටම අපරාධකරගත්තෙමි. එනිසා ඔබ මට සමාව ලබා දෙනු මැනව’ ඔබ හැර පව් සමාකරදීමට වෙන කිසිවකු නැත.
ප්‍රශ්න අංක 27: ගමනේදී කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
"අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. අල්ලාහුම්ම ඉන්නා නස්අලුක ෆී සෆරිනා හාදල් බිර්ර වත්තක්වා වමිනල් අමලි මා තර්ළා. අල්ලාහුම්ම හව්වින් අලයිනා සෆරනා හාදා වත්වි අන්නා බුඃදහූ. අල්ලාහුම්ම අන්තස් සාහිබු ෆිස් සෆරි වල්-කලීෆතු ෆිල්-අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් වඃසාඉස්-සෆරි වකආබතිල්-මන්ළරි වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල්-අහ්ලි." තේරුම: අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, මෙය අප හට වසඟ කර දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියත වශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු. යා අල්ලාහ්! මෙම ගමනේදී යහපතද බියබැතිමත්භාවයද ක්‍රියාවලින් ඔබ පිළිගන්නා දෑද ඔබෙන් අයැද සිටින්නෙමු. තවද යා අල්ලාහ්! අපේ මෙම ගමන පහසු කරනු මැනව. එහි දුර කෙටිකර දෙනු මැනව. මෙම ගමනේ සහකරු ඔබයි. පවුලේ භාරකරුද ඔබයි. යා අල්ලාහ්! මෙම ගමනින් සිදුවිය හැකි වෙහෙසෙන්ද මගේ ඉරියව්වල වෙනස්වීමෙන්ද මගේ පවුලට හා මගේ ධනයට සිදුවිය හැකි නරකින්ද ආරක්ෂා කරන මෙන් මා ඔබෙන් පතමි.
ගමනක යෙදෙන මගියෙකු විසින් කිව යුතු ප්‍රාර්ථනාව.
අස්තව්දිඉකුමුල්ලාහ අල්ලදී ලා තළීඋ වදාඉඋහූ තේරුම :- මම ඔබව අල්ලාහ් දෙවිඳාණන්ට භාර කරමි. ඔහු (අල්ලාහ්) භාර කළ යමක් වේද ඒ කිසිවක් අපතේ නොහරින්නේය.
ප්‍රශ්න අංක 29: සංචාරකයා සඳහා සංචාරය නොකරන පදිංචිකරු විසින් කළ යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අස්තව්දිඋල්ලාහ් දීනක වඅමානතක වහඃවාතීමු අමලික. තේරුම :- ඔබ අදහන ආගම් ධර්මයද, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්‍රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කරමි.
ප්‍රශ්න අංක 30: වෙළඳ ස්ථානයකට ඇතුළු වන විට පවසන ප්‍රාර්ථනාව කුමක් ද?
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යී වයුමීතු, වහුවල් හයියු ලා යමූතු, බියදිහිල් හඃයිර්, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් තේරුම- නැමදුමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. ඔහුට කිසිඳු හවුල් කරුවෙකු නොමත. සියලු පාලන ආධිපත්‍යයන් ඔහුටම හිමිය. සියලු ප්‍රසංශා හිමිවන්නේ ඔහුටය. ඔහු ජීවය ඇති කරවන්නේය. තවද ඔහු මරණයට පත් කරන්නේය. ඔහුගේ ජීවය නිත්‍යය, අකාලිකය, සියලු යහපත ඇත්තේ ඔහු සතුවය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය.
ප්‍රශ්න අංක 31. කෝපය ඇති වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් තේරුම: පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි.
ප්‍රශ්න අංක 32: ඔබට යහපතක් කළ කෙනෙකුට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?.
ජසාකල්ලාහු හඃයිරා - තේරුම: අල්ලාහ් ඔබට යහපත් කුලිය ලබා දෙත්වා
ප්‍රශ්න අංක 33. වාහනයට යම් අනතුරක් සිදු වු විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
පිළිතුර - බිස්මිල්ලාහ්. තේරුම, අල්ලාහ්ගේ නාමයෙනි
ප්‍රශ්න අංක 34. ඔබ සතුටු වන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?
අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඉමතිහි, තතිම්මුස්සාලිහාත්. තේරුම - ආශිර්වාදයෙන් සියලු යහකම් පූර්ණත්වයට පත් වන්නේද එවන් වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.
ප්‍රශ්න අංක 35. ඔබව පිළිකුලට පත්කරවන දෙයක් ඔබට සිදු වුවහොත් ඔබ පැවැසිය යුත්තේ කුමක්ද?
අල්හම්දු ලිල්ලාහ් අලා කුල්ලි හාල්. තේරුම-සෑම දැයකටම සියළු පැසසුම් අල්ලාහ්ටමය.
ප්‍රශ්න අංක 36. සලාම් පැවැසීම සහ සලාම් සඳහා පිළිතුරු සැපැයී්මේ ක්‍රමය කුමක්ද?
පිළිතුර- මුස්ලිම්වරයෙකු මෙසේ සලාම් පවසයි. « අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ». ඔහුගේ සහෝදරයා ඒ සඳහා පිළිතුරක් ලෙස මෙසේ පවසයි. "ව අලයිකුමුස්සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු ".
ප්‍රශ්න අංක 37. වර්ෂාවක් ඇති වූ මොහොතක කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්. තේරුම:- යා අල්ලාහ් ! වර්ෂාව ප්‍රයෝජනවත් වර්ෂාවක් බවට පත් කරනු මැනව.
ප්‍රශ්න අංක 38. වර්ෂාවකට පසු කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
මුතිර්නා බිෆද්ලල්ලාහි වරහ්මතිහි. තේරුම - අල්ලාහ්ගේ කරුණාවෙන් සහ ආශිර්වාදයෙන් අපට වර්ෂාව ඇති කරනු ලැබීය.
ප්‍රශ්න අංක 39. සුළං හමන විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අල්ලාහුම්ම ඉන්නී අස්අලූක හයිරහා වඅඌදුබික මින් ශර්රිහා. තේරුම- යා අල්ලාහ්!නියත වශයෙන්ම මම ඔබෙන් යහපත ඉල්ලා සිටින අතර අයහපත් දෙයින් ආරක්ෂාව ද පතමි.
ප්‍රශ්න අංක 40. ගිගුරුම් ශබ්දය ඇසෙන විට කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඅදු, බිහම්දිහි වල් මලාඉකතු මින්ෆ ඛීෆතිහි. තේරුම - අල්ලාහ් දෙවිඳාණන් සුවිශුද්ධය. අකුණු හඬද ඔහුව ප්‍රශංසා කරයි. තවද මලක්වරු ඔහුට ඇති බිය නිසා ප්‍රශංසා කරති.
ප්‍රශ්න අංක 41. (ආබාධිත හෝ රෝගී) පරීක්ෂණයට ලක් වූ කෙනෙකු දුටු විට කළ යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
අල්හම්දු ලිල්ලා හිල්ලදී ආෆානී මිම්මා ඉබ්තලාක බිහි, වෆද්දලනී අලා කසීරින් මිම්මන් හඃලක තෆ්දීලා. තේරුම- අල්ලාහ් කුමන දෙයකින් ඔබව පරීක්ෂණයට ලක් කර ඇත්තේද, තවද ඔහු මවා ඇති බොහෝ අයවලුන්ට වඩා මා විශිෂ්ඨත්වයට පත් කළ ඒ අල්ලාහ්ටම සියලූ ප්‍රසංශා හිමිවේවා.
ප්‍රශ්න අංක 42. ඇස්වහ තුලින් තමන්ට යම්කිසි අයහපත් දෙයක් සිදුවේ යැයි බිය වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව කුමක්ද?
හදීසයේ මෙසේ සඳහන් වේ: «ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගෙන් හෝ තමන්ගෙන්ම හෝ තම ධනයෙන් තමන්ට පුදුම දනවන යමක් දකින්නට ලැබුණු විටෙක, [එහි අභිවෘද්ධිය සඳහා ප්‍රාර්ථනා කරන්න], නියත වශයෙන්ම ඇස්වහ සැබෑවකි.»
ප්‍රශ්න අංක 41. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පවසන්නේ කෙසේද?
*******
විවිධ මාතෘකා කොටස
විවිධ මාතෘකා: එය විෂයයන් කිහිපයකට අදාළ වැදගත් ප්‍රශ්න හා පිළිතුරු එකතුවකි.
ප්‍රශ්න අංක 01. අප වෙත පැවැරී ඇති විධිවිධාන පහ මොනවාද?
පිළිතුර - 1. අනිවාර්යය දෑ.
2- ප්‍රියජනක දෑ.
3- තහනම් කරන ලද දෑ.
4- අප්‍රිය දෑ.
5- අනුමත ලද දෑ.
ප්‍රශ්න අංක 02. ඉහත සඳහන් කරුණු පහ විස්තර කරන්න.
පිළිතුර- 1- අනිවාර්යය දෑ: එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වේ. පස්වේලේ දෛනික යාඥාවන්. රමළාන් මාසයේ උපවාසය සහ දෙමාපියන්ට ගෞරව කිරීම මේ සඳහා උදාහරණ වේ.
අනිවාර්යය දෑ- ඒවා ඉටුකළ අයට යහපත් ප්‍රතිඵල ලැබේ. ඒවා අත්හල තැනැත්තාට දඬුවම් ලැබේ.
2- ප්‍රියජනක දෑ: එය අනිවාර්ය වූවක් නොවේ. එනම්, පස්වේලේ අනිවාර්ය සලාතයට පෙර හා පසු සලාතයන් ඉටු කිරීම, රාත්‍රී කාලයේ සලාතයන්, ආහාර පාන සැපයීම, සලාම් පැවැසීම, මේවා සුන්නත් සහ මන්දූබ් යනුවෙන් හඳුන්වනු ලැබේ.
-ප්‍රියජනක දෑ: ඒවා ඉටුකළ අයට යහපත් ප්‍රතිඵල ලැබේ, ඒවා අත්හල තැනැත්තාට දඬුවම් නොලැබේ.
විශේෂ සටහන්
මෙය සුන්නාහ්වක් හෝ ප්‍රියජනක ක්‍රියාවක් බව මුස්ලිම්වරයෙකුට ඇසුණු විටක, යුහු සුලු ව ඔහු එය කිරීමට ඉක්මන් විය යුතු අතර, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.
3. තහනම් කරන ලද කරුණු - එනම් අත්හැරීම අනිවාර්ය වන දෑ වේ, උදා: මත්පැන් පානය කිරීම, දෙමාපියන්ට අකීකරු වීම සහ ඥාති සබඳතා නැති කිරීම වැනි කරුණු වේ.
තහනම් ක්‍රියාවන්- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්‍රතිඵල ලැබේ. ඒවා ඉටු කළ තැනැත්තාට දඬුවම් ලැබේ.
4- අප්‍රිය දෑ යනු: එය අත්හැරීම අනිවාර්ය නොවේ. යම් දෙයක් වමතින් ගැනීම සහ දීම, සලාත් අවස්ථාවේදී එල්ලී තිබෙන තමන්ගේ වස්ත්‍රය දෑතින් අල්ලා ගෙන එය ඉටු කිරීම වැනි දෑ ඒ සඳහා උදාහරණ වේ.
-අප්‍රිය දෑ - ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්‍රතිඵල ලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම් නොලැබේ.
5-අනුමත දෑ: එය සිදු කිරීම හෝ අත්හැරීම අතර තෝරා ගැනීමේ නිදහස ඇත, උදා, ඇපැල් ගෙඩි අනුභව කිරීම, තේ පානය කිරීම. මේවා හලාල් (අනුමත දෑ) යනුවෙන් හඳුන්වනු ලැබේ.
-අනුමත දෑ- ඒවායෙන් වැළැකී සිටි අයට යහපත් ප්‍රතිඵල නොලැබේ. ඒවා කළ තැනැත්තාට දඬුවම්ද නොලැබේ.
ප්‍ර 3- දහම පිළිබඳ අවබෝධය ලැබීමේ ප්‍රතිඵලය සහ දහම පිළිබඳ අවබෝධයේ ශ්‍රේෂ්ඨත්වය කුමක්ද?
පිළිතුර - මෙලොව සහ පරලොව සතුට ප්‍රතිඵලයක් ලෙස ගෙන දෙන, ප්‍රකාශයන්, ක්‍රියාවන් සහ විශ්වාසයන්හි නිවැරදි බවයි.
- හදීසයක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ් කවරෙකුට යහපත පතන්නේ ද ඔහු ඔහුට දහම තුළ අවබෝධය පිරිනමනු ඇත.
අවබෝධය පිරිනමයි: එනම් ආගමික නීති පිළිබඳ ඥානියෙකු බවට ඔහුව පත් කිරීමයි.
ප්‍රශ්න අංක 4: විකිණීම් සහ ගනුදෙනු පිළිබඳ නීතිය කුමක්ද?
පිළිතුර- සියලුම විකුණුම් සහ ගණුදෙනු වල මූලික පදනම නම්, සර්වබලධාරී අල්ලාහ් විසින් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. නමුත් සමහර වර්ග හැර, ඒවාට අවසර නැත.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය. (අල්-බකරා: 163)
ප්‍රශ්න අංක 05. තහනම් කරන ලද සමහර ගනුදෙනු සහ විකුණුම් වර්ග මොනවාද?
පිළිතුර -1. වංචාව ඇතුළුව, භාණ්ඩයේ දෝෂය සැඟවීම.
(ව්‍යාපාර කටයුුතුවලදී) වංචා කිරීම තහනම් කිරීම (සම්බන්ධයෙන් සිදුවීමක්) මෙසේය, වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් ) ආහාර විකුණන ස්ථානයක් පසු කරමින් සිටියදී, එතුමාණන් සිය අත එහි (ආහාර මත) එබූ අතර එතුමාගේ ඇඟිලි තෙත් විය, එවිට එතුමා වෙළෙන්දා අමතා මෙසේ පැවසීය: “ ආහාර අයිතිකරුවාණෙනි! මේ මොකක්ද?" එවිට ආහාර අයිතිකරු, "අල්ලාහ්ගේ දූතයාණෙනි!, වර්ෂාව නිසා මේවා තෙත් විය " යනුවෙන් ඔහු පැවැසුවේය: “මිනිස්සුන්ට දැක ගත හැකි ආකාරයට මෙම ආහාරය උඩින් නොතැබුවේ මන්ද? අනුන්ට වංචා කරන්නා මාගෙන් කෙනෙකු නොවේ ”යනුවෙන් නබි තුමා පැවැසුවේය.
2- පොලිය: කෙනෙකු ණයක් ලෙස පුද්ගලයෙකුගෙන් මුදලින් දහසක් ලබා ගන්නා විට එය නැවැත ගෙවන විට මුදලින් දෙදහසක් වැඩියෙන් ආපසු ලබා දීමේ කොන්දේසිය ඇති කර ගැනීම ඉන් එක් වර්ගයකි.
මෙහිදී වැඩි පුර ගෙවන ලද මුදල පොලිය ලෙස හඳුන්වනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේ ය. (අල්-බකරා: 163)
3. රැවටීමෙන් කර ලබන වෙළඳාම තහනම් කර ඇත. උදාහරණයක් වශයෙන් එළදෙනුන්ගේ බුරුල්ලෙහි ඇති කිරි (දොවන්නට පෙර) විකිණීම, ජලයේ සිටන මාලුවන් ඇල්ලීමට පෙර ඒවා විකිණීම.
- හදීසයේ මෙසේ සඳහන් වේ: «අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රැවටීමෙන් කරනු ලබන වෙළඳාම තහනම් කළේය.»
ප්‍රශ්න අංක 06. අල්ලාහ් ඔබට ලබා දී ඇති සමහර ආශිර්වාදයන් ගැන සඳහන් කරන්න.
පිළිතුර - 1- ඉස්ලාම් ධර්මය ඔබට ආශිර්වාදයක් ලෙස ලැබී තිබීම සහ ඔබ ප්‍රතික්ෂේප කරන මිනිසුන්ගෙන් කෙනෙකු නොවීම.
2- නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙකු වීම. තවද බිද්අත් හෙවත් ඉස්ලාමයේ නාමයෙන් නූතන ක්‍රියාවන් අනුගමනය නොකරන කෙනෙකු වීම.
3- ශ්‍රවණය කිරීම, පෙනීම, ඇවිදීම සහ වෙනත් හැකියාවන් සෞඛ්‍ය සහ සුවයෙහි ආශිර්වාදයක් වශයෙන් ලැබී තිබීම.
4- ආහාර පාන සහ ඇඳුම් පැළැඳුම් ආශිර්වාදයක් ලෙස ලැබීම.
සර්වබලධාරි අල්ලාහ්ගේ ආශිර්වාදය අප කෙරෙහි බොහෝය. ඒවා ගණන් කළ නොහැකිය.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය. (අන්-නහ්ල්: 97)
ප්‍රශ්න අංක 07. (ලැබී ඇති) ආශිර්වාදය තුළ (ඔබේ) යුතුකම කුමක්ද? ඔබ ඒවාට තුති පුදකරන්නේ කෙසේද?
පිළිතුර- ආශිර්වාද කෙරෙහි අපේ යුතුකම නම්, ඒ සඳහා අල්ලාහ්ට තුති පුද කිරීමයි. එනම් ඔහුට ප්‍රශංසා කිරීමත්, ශ්රේෂඨත්වය ඔහුට පමණක් හිමි බවත් ප්‍රකාශ කිරිමයි. මෙම ආශීර්වාද භාවිතා කළ යුත්තේ සර්වබලධාරී අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මිස පාපී ක්‍රියාවන්හි යෙදවීමෙන් නොවේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලාව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නො කරනු. (අල්-බකරා: 163)
ප්‍රශ්න අංක 07. මුස්ලිම්වරුන්ගේ උත්සව දින මොනවාද?
පිළිතුර - ඊදුල් ෆිතර් සහ ඊදුල් අද්හා. අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයේ සඳහන් වන පරිදි, එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනාවට පැමිණි අතර, මදීනා වැසියන්ට ඔවුන් කෙළි ලොල්වල නිරත වන දින දෙකක් විය. එබැවින් එතුමාණෝ: "මේ දවස් දෙක මොනවාද?" යැයි විමසූහ. එවිට ඔවුහු මෙසේ පැවැසූහ: "අඥාන යුගයේදී අපි මෙම දවස් දෙකේදී ක්‍රීඩා කළෙමු." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: "ඇත්ත වශයෙන්ම, මේ දින දෙකට වඩා ශ්‍රේෂ්ඨ දින දෙකක් නුඹලාට අල්ලාහ් වෙනස් කර දී ඇත. එනම් ඊදුල් අල්හා දිනය හා ඊදුල් ෆිත්ර් යන දිනයයි."
මෙම දින දෙක හැර වෙනත් උත්සව දිනයන් බිද්අත් හෙවත් නවීණගත ක්‍රියාවන් වේ.
ප්‍රශ්න අංක 8. මාස අතරින් ශ්‍රේෂ්ඨ වූ මාසය කුමක්ද?
පිළිතුර. රමළාන් මාසයයි.
ප්‍රශ්න අංක 9. දිනයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ දිනය කුමක්ද?
ජුමුආ දිනයයි.
ප්‍රශ්න අංක 10. වසරේ විශිෂ්ඨතම දිනය කුමක්ද?
පිළිතුර - යව්මුන් නහ්ර් නම් දුල්හජ් මස දහවෙනි දිනයයි. තව ද අරෆා දිනය යැයි ද පවසනු ලැබේ.
ප්‍රශ්න අංක 11. වසරේ විශිෂ්ඨතම රාත්‍රිය කුමක්ද?
ලයිලතුල් කද්ර් රාත්‍රියයි.
ප්‍රශ්න අංක 12. ඔබ පිට (අජ්නබී) කාන්තාවක් දුටුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?
පිළිතුර- බැල්ම පහත හෙලීම ඔබේ යුතුකමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන ලෙස පවසනු. (අන්-නූර්: 62)
ප්‍රශ්න අංක 14. මුස්ලිම් කාන්තාවකගේ හිජාබ් වස්ත්‍රයේ ලක්ෂණ මොනවාද?
පිළිතුර - මුළු ශරීරයම ආවරණය වන පරිදි තිබීම.
එහි අලංකාරයක් නොතිබිය යුතුයි.
– විනිවිද පෙනෙන්නක් නොවිය යුතුයි.
– හිර නැති ලිහිල් එකක් විය යුතුය.
– සුවඳ දුම් අල්ලා හෝ සුවඳ විළවුන් ගල්වා නොතිබිය යුතුය.
– පිරිමියාගේ ඇඳුමට සමාන නොවිය යුතුයි.
– දේව විශ්වාස නොකරන්නියන්ගේ හා අධර්මිෂ්ඨ අයගේ ඇඳුම් අනුකරණය නොකිරීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නො ලැබීමටත් වඩාත් උචිත ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය. (අල් අහ්සාබ්: 59)
පාඨයෙහි අර්ථය: අහෝ නබිවරය, ඔබගේ භාර්යාවන්ටද, ඔබගේ දූවරුන්ටද, විශ්වාසවන්තයින්ගේ කාන්තාවන්ටද ඔවුන්ගේ මුහුණු, පපු සහ හිස් ආවරණය කර ගැනීම සඳහා ඔවුන්ගේ සළුවලින් හා හිස් ආවරණවලින් කොටසක් ඔවුන්ගේ හිස් මත සහ මුහුණු මත පහත් කර ගන්නා ලෙස පවසනු. එය ඔවුන් ආවරණයෙන් හා ආරක්ෂාවෙන් හඳුනා ගැනීමට වඩාත් සමීපය. එවිට ඔවුන්ට කිසිදු නරක දෙයකට හෝ හිංසාවකට මුහුණ දීමට සිදු නොවනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී, අසමසම කරුණාන්විත විය. ඔහු ඔබගේ අතීත වැරදිවලට සමාව දුන් අතර, හලාල් සහ හරාම් වලින් ඔබට පැහැදිලි කර දුන් දේ තුළින් ඔබට කරුණා කළේය.
ප්‍රශ්න අංක 13: මිනිසුන්ගේ හතුරන් කවුරුන්ද?
පිළිතුර 1. නපුරට මඟ පෙන්වන ආත්මයයි: එනම්, කෙනෙකු තම ආත්මය හා අභිමතයට යටත්වී ඔහුට අණ කරන දේ අනුගමනය නොකරන විට, භාග්‍යවත් හා උත්තරීතර අල්ලාහ්ට අකීකරු වේ. ඔහු නපුරට යොමු වෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය. යූසුෆ්
2.ෂෙයිතාන්: ඔහු ආදම්ගේ පුත්‍රයාගේ සතුරා වන අතර, ඔහුගේ ඉලක්කය වන්නේ මිනිසා නොමඟ යැවීමයි, ඔහුව නපුරට යොමු කිරීම සහ ඔහුව නිරයට ඇතුළු කිරීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නො කරනු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. (අල්-බකරා: 163)
3. නරක මිනිසුන්: ඔවුහු අයහපත වෙත දිරිමත් කරන අතර යහපත වළක්වන අයවලුන් සිටිති. උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: මිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර. (අස්-සුහ්රුෆ් 43: 67)
ප්‍රශ්න අංක 16. තක්වා යනු කුමක්ද?
පිළිතුර- එනම්, යහපත් දේ කිරීම සහ අයහපත් දේ කිරීමෙන් වැළකී සිටීම.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන් ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු. (අල්-බකරා: 163)
ප්‍රශ්න අංක 14. පාපෝච්චාරණය යනු කුමක්ද?
පිළිතුර: පාපෝච්චාරණය යනු: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ආපසු හැරී ඔහුට කීකරු වීමයි. උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි. (තාහා: 50)
ප්‍රශ්න අංක 15. නිවැරැදි පාපෝච්චාරණය සඳහා කොන්දේසි.
පිළිතුර 01.පාපයෙන් සම්පූර්ණ ලෙස ගැලවීම.
2. සිදු කළ පාපයන් ගැන පසුතැවිලිවීම.
3. එම පාපයන් වෙත ආපසු නොයෑමට අධිෂ්ඨාන කර ගැනීම.
4- ජනතාවට වරදක් කර ඇත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ දුක්ගැනවිලි යථා තත්ත්වයට පත් කිරීම.
උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි: තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති. (ආලු ඉම්රාන්: 85)
ප්‍රශ්න අංක 19. මුස්ලිම්වරුන් සඳහා ගෞරවයේ සහ ජයග්‍රහණයේ මාර්ගය කුමක්ද?
පිළිතුර- එනම්, ඉස්ලාමයට අනුව ක්‍රියා කිරීම සහ පාපයන් හා වැරදි අත්හැරීම වේ.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත. සූරා මුහම්මද්: 7
තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත: නියත වශයෙන් ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නො කරයි ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක්. (අර්-රඃද්: 11)
ප්‍රශ්න අංක 20 : අයැදීමේ වැදගත්කම කුමක්ද?
පිළිතුර - අයැදීම යනු අති වැදගත් යහපත් ක්‍රියාවන් සහ දේව සමීපත්වය ලබා දෙන අති උතුම් ක්‍රියාවන් අතුරින් එකකි.
උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි. (ගාෆිර්: 39)
තවද මුහම්මද් තුමා මෙසේ දෙසූහ: “ප්‍රාර්ථනාව යනු නැමදුමේ (සාරය වේ)” . මූලාශ්‍රය අත් තිර්මිදි.
ප්‍රශ්න අංක 16. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් කීම යන කියමනහි අර්ථය කුමක්ද?.
පිළිතුර- එයින් අදහස් වන්නේ අල්ලාහ් නබි තුමාණන්ට උත්තරීතර සභාවක ප්‍රශංසා කරන ලෙස අයැද සිටීම වේ.
ප්‍රශ්න අංක 17. සුබ්හානල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර - සෑම අඩුපාඩුවකින්ම සහ අයහපතකින් තොරවූ උත්තරීතර අල්ලාහ්ට සියලු මහිමය හිමිවන බව ප්‍රකාශ කිරීමයි.
ප්‍රශ්න අංක 18. අල්හම්දු ලිල්ලාහ් යන්නෙහි තේරුම කුමක්ද?
පිළිතුර - එය සර්වබලධාරී අල්ලාහ්ට කරනු ලබන ප්‍රශංසාවයි, සියලු ගුණාංගවලින් ඔහුව පරිපූර්ණත්වයට පත් කිරීමයි.
ප්‍රශ්න අංක 19. අල්ලාහු අක්බර් යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර - එනම්, අල්ලාහ්ගේ මහිමය සෑම දෙයකටම වඩා උත්තරීතරය, සියල්ලටම වඩා උතුම්ය, සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨය.
ප්‍රශ්න අංක 20. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර - අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස ගැත්තාට කිසිදු උපාය මාර්ගයක් හෝ සෙලවීමක් හෝ හැකියාවක් හෝ නැත. අල්ලාහ්ගෙන් තොරව නපුරක් වැළැක්වීමේ හැකියාව හෝ යහපත සැලසීමේ ශක්තිය හෝ නැත යනුවෙනි.
ප්‍රශ්න අංක 21. අස්තග්ෆිරුල්ලාහ් යන්නෙහි අර්ථය කුමක්ද?
පිළිතුර - එනම්, ගැත්තා තම ස්වාමියාවූ අල්ලාහ්ගෙන් ඔහුගේ පව් මකා දමන ලෙසත් ඔහුගේ අඩුපාඩු වසා දමන ලෙසත් ඉල්ලා සිටීමයි.
*******
අවසානය
අවසාන වශයෙන් සටහනක්.
ඉහත සඳහන් ප්‍රශ්න හා පිළිතුර දෙමාපියන් තම දරුවන්ට පැහැදිලි කර දිය යුතු කරුණු වේ, එවිට ඔවුන් තුල නිවැරදි වචන, ක්‍රියාවන් සහ විශ්වාසයන් වර්ධනය වේ. මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම දරුවන්ගේ ලෞකික අවශ්‍යතා සපුරා දීමට වඩා වැදගත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල් ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නො පාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙස ම) ඉටු කරති. (අත්-තහ්රීම්: 6)
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ, පුරුෂයා ඔහුගේ පවුලේ භාරකරුවෙකි, ඔහු ඔහුගේ යටතේ සිටින්නන් ගැන වග කිව යුතුයි. කාන්තාව භාරකරුවෙකු වන අතර ඇය ඇගේ සැමියාගේ නිවසෙහි වගකීම දරයි. ඇය ඇයගේ භාරකාරත්වය ගැන වග කිව යුතුයි.
අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන්ම එතුමාගේ හිතමිතුරන් ඇතුල කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කරත්වා.
Related books
All books
මුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.78 භාෂාමුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.
මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු" නම් මෙම ග්‍රන්ථය විශිෂ්ට ග්රන්ථයකි. එහි අකුරු හරනය දැනුම හා විවරණය මත පදනම්ව සකස් කර ඇත. මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු වන 'අකීදා' (දේව සංකල්පය), ඉස්ලාමයේ නීති හා 'අදබ්' (ආචාර විධි) පිළිබඳව මෙහි සවිස්තරව සඳහන් කර ඇත. මෙය ඉතා නිවැරදි ආකාරයෙන් සකස් කර ඇති අතර, එය ඔබව බුද්ධිමත් කරවමින් හදවතට සැනසීමක් ලබා දෙයි. අවබෝධය තියුණු කරමින් ක්‍රියාවන් නිවැරදි කරයි. එබැවින් සැබෑ ලෙස සාර්ථකත්වයේ යතුරක් මෙන්ම බුද්ධිමය මාර්ගයේ ගමන් කරන හා අවනත වන අයට මාර්ගෝපදේශයක් ද වේ.
ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක්85 භාෂාප්රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක්
අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසිර් අස් සඃදී තුමාගේ "ප්‍රීතිමත් ජීවිතයක් සඳහා ඵලදායී මාර්ග කිහිපයක් " නම් ග්‍රන්ථය, ඒකීය දෙවිඳාණන් කෙරෙහි වූ ගැඹුරු විශ්වාසය මත පදනම් වූ දෘෂ්ටිකෝණයකින් සැබෑ සතුටට හේතු වන කරුණු විග්රහ කරයි. එය ඒකීය දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය, යහපත් ක්‍රියා, මහිමාන්විත අල්ලාහ් ව සිහිපත් කිරීම, ලද දෙයින් සතුටු වීම, දායාදයන් පිළිබඳ මෙනෙහි කිරීම, අනෙකාට යහපත සැලසීම, (අල්ලාහ් කෙරෙහි) ස්ථිර විශ්වාසය තබා සියලු කටයුතු උතුමාණන් වෙත ම භාර කිරීම, ඉවසීම සහ කාරණා නිසි ලෙස තක්සේරු කිරීම තුළින් හෘදයංගම සැනසීමක් වෙත පාඨකයා යොමු කරයි. ජීවිතයේ උස් පහත්වීම් මධ්‍යයේ වුව ද සැනසිලිදායක, සමබර සහ…
الدروس المهمة لعامة الأمة78 භාෂාالدروس المهمة لعامة الأمة
يهدف الكتاب إلى تعليم المسلمين أساسيات دينهم بطريقة مبسطة وشاملة. يتناول مجموعة من الدروس المهمة مثل قراءة الفاتحة وقصار السور، وأركان الإسلام والإيمان، وأقسام التوحيد والشرك، وشروط وأركان وواجبات الصلاة، بالإضافة إلى مبطلاتها، مع بيان مختصر لشروط الوضوء وفروضه ونواقضه. كما يسلط الضوء على التحلي بالأخلاق الإسلامية والآداب الشرعية، ويقدم إرشادات لطيفة حول تجهيز الميت والصلاة عليه ودفنه.
حقوق دعت إليها الفطرة26 භාෂාحقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.