හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)
මෙම කෘතියෙහි විවිධ අවස්ථා සහ තත්ත්වයන්හි දී පහසුවෙන් මෙනෙහි කිරීම පිණිස අල් කුර්ආන් සහ සුන්නාහ්ව අනුසාරයෙන් උපුටා ගන්නා ලද සිහිපත් කිරීම් හා යාඥා හෙවත් ප්‍රාර්ථනා ඒකරාශී කොට ඇත. නින්දෙන් අවදි වීම, වුළූඃ කිරීම, සලාතය, ගමන් බිමන් යනාදිය සඳහා වූ ප්‍රාර්ථනා ද මීට ඇතුළත් වන අතර, අල්ලාහ්ගේ ආරක්ෂාව හා රැකවරණය තුළ පසුවීම උදෙසා තමා ව ආරක්ෂා කර ගැනීමට මෙය මුස්ලිම්වරයෙකුට උපකාරී වේ.
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)
උත්තරීතර අල්ලාහ් වෙත අවශ්‍යතාවයෙන් පෙළෙන ගැත්තා
ආචාර්ය සඊද් ඉබ්න් අලි ඉබ්න් වහ්ෆ් අල් කහ්තානි
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
පෙරවදන
සියලු ප්‍රශංසා අල්ලාහ් සතු යි. අපි ඔහු ප්‍රශංසා කර ඔහුගේ උපකාරය හා සමාව අයැද සිටිමු. අපගේ ම නපුරෙන් සහ අපගේ ම ක්‍රියාවන්හි දුෂ්ටකමින් අපි අල්ලාහ්ගෙන් රැකවරණය පතන්නෙමු. අල්ලාහ් කවුරුන් වෙත යහමඟ පෙන්වන්නේ ද, කිසිවෙකුටත් ඔහු ව නොමඟ යවන්නට නොහැක. අල්ලාහ් කවුරුන් ව නොමඟ යවන්නේ ද, කිසිවෙකුට ඔහුට මඟ පෙන්විය නොහැක. නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නොමැති බවත් ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තව ද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා සහ ඔහුගේ දූතයා බවත් මම සාක්ෂි දරමි. අල්ලාහ් එතුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ අයටත් එතුමාණන්ගේ සගයන්ටත් විනිශ්චය දිනය දක්වා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරමින් ඔවුන් අනුගමනය කරන සියලු දනන් හටත් ශාන්තිය හා බොහෝ සෙයින් ඔවුන් වෙත සාමය සමාදානය ලබා දෙන සේක්වා! මේ සියළු කරුණු වලට පසුව:
මෙය මාගේ "අද්-දික්රු වද්දුආඋ වල් ඉලාජු බිර් රුකා මිනල් කිතාබි වස්සුන්නති" (අල් කුර්ආන් සහ සුන්නාහ්ව අනුසාරයෙන් උපුටා ගන්නා ලද සිහිපත් කිරීම්, ප්‍රාර්ථනා හා මැතිරීම් මඟින් කරන ප්‍රතිකාරය) [1] යන මාගේ කෘතියෙහි සංක්ෂිප්ත පොත යි. මෙය මා සිහිපත් කිරීම් හෙවත් යාඥා පමණක් ගෙන සංක්ෂිප්ත කොට ඇත්තේ ගමන් බිමන්වල නිරත වන්නන් හට පහසුවෙන් මෙම පොත් පිංච උසුලා ගෙන යා හැකි අයුරිනි. [1] ඉහත සඳහන් මුල් පිටපත මුද්‍රණය කරන ලදී. සර්ව පැසසුම් උත්තරීතර අල්ලාහ් සතු යි. එහි ඇතුළත් හදීස් වාර්තාකරණ විශ්ලේෂණය ගැන දීර්ඝ විස්තරයක් සහිත ව වෙළුම් හතරකින් එය සම්පාදිත යි. ඉන් පළමු හා දෙවන වෙළුමෙහි හිස්නුල් මුස්ලිම් කොටස සඳහන් වේ.
එමෙන් ම මා අස්කාර් හෙවත් සිහිපත් කිරීම් සහ යාඥා (පැතුම්) පමණක් පදනම් කර ගනිමින් මෙය සාරාංශගත කර ඇති අතර මුල් පිටපතෙහි ඇති ආකාරයට එහි මූලාශ්‍ර පිළිබඳ කරුණක් හෝ දෙකක් හුවා දක්වමින් සීමා කර ඇත්තෙමි. සහාබාවරුන් ගැන දැන ගැනීමට හෝ එහි හදීස්වල මූලාශ්‍ර ගැන වැඩි විස්තර දැන ගැනීමට හෝ අවශ්‍ය නම් එහි මුල් පිටපත වෙත යොමු වෙන මෙන් ඉල්ලා සිටිමි. අතිඋත්තරීතර අල්ලාහ්ගෙන්, ඔහුගේ අලංකාර නාම සහ උතුම් ගුණාංග තුළින් මම ඉල්ලා සිටින්නේ මා විසින් කළා වු මෙම උත්සාහය අවංක උත්සාහයක් බවට පත් කරන ලෙසත්, මෙලොව ජීවිතයේ දී මෙන් ම මරණින් මතු ජීවිතයේදීත් මා හට මෙය ප්‍රයෝජනවත් බවට පත් කරන ලෙසත් ය. තව ද, මෙය කියවන පාඨක සියලු දෙනාට මෙන් ම මෙය මුද්‍රණය කළ අයට සහ යම් ආකාරයකින් මෙම පොත ප්‍රසිද්ධියට පත් කිරීමට හේතු සහගත වූ සියලු දෙනාට ම ප්‍රයෝජනවත් වන ලෙසත් ඉල්ලා සිටිමි. ඒ සඳහා අල්ලාහ් භාරකරු ය; තව ද ඒ සඳහා ශක්තිවන්තයා ය. අපගේ දූත මුහම්මද්තුමාණන් හටත් එතුමාණන්ගේ පවුලේ උදවිය හටත් එතුමාණන්ගේ සගයන් හටත් ධර්මිෂ්ඨ ලෙස ඔවුන් අනුගමනය කරන සියලු දනන් හටත් විනිශ්චය දිනය දක්වා අල්ලාහ් ශාන්තිය හා සාමය ඇති කරන සේක්වා!
කර්තෘ
හිජ්රි වර්ෂ1409 සෆර් මස ලියන ලදී.
උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමේ සුවිශේෂී වැදගත්කම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලා ව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තව ද මා ප්‍රතික්ෂේප නො කරනු. [2] [2] සූරා අල්-බකරා: 152
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අධික ලෙස අල්ලාහ් මෙනෙහි කරනු. [3] [3] සූරතුල් අහ්සාබ් - 41
අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වන ඔවුනට අල්ලාහ් සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත. [4] [4] සූරතුල් අහ්සාබ් - 35
තවද උදේ හා සවස යටහත් පහත් ව හා බියෙන් යුතු ව, උස් හඬින් තොර ප්‍රකාශයන් තුළින් නුඹ තුළ ම නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තව ද නුඹ අනවධානීන් අතුරින් නොවනු. [5] [5] සූරතුල් අඃරාෆ් - 205
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ පැවසූහ: “තම පරමාධිපති ව මෙනෙහි කරන අයට හා ඔහු ව මෙනෙහි නොකරන අයට උපමාව නම්, ජීවත් ව සිටින අයෙකුගේ හා මිය ගිය අයෙකුගේ උපමාව මෙනි.”[6], [6] ග්‍රන්ථය: බුහාරි (11/208) අංකය (6407), මුස්ලිම් (1/539) අංකය (779), “අල්ලාහ් ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව වනාහි ජීවත් ව සිටින අයෙකුගේ හා මිය ගිය අයෙකුගේ උපමාව මෙනි.” යන වදන් ඇතුළත් ව ද සඳහන් ය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ පැවසූහ: "“ඔබේ ක්‍රියා අතුරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතුරින් වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මම ඔබට දන්වන්නෙම් ද?“ යැයි විමසූහ. ඔවුහු: “එසේය“ යැයි පිළිතුරු දුන්නෝය. "උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීම යි“ යැයි පැවසූහ.[7]," [7] තිර්මිදී (5/459) අංකය (3377), ඉබ්නු මාජහ් (2/124) අංකය (3790). තවදුරටත් සහීහ් ඉබ්නු මාජහ් (2/316) හා සහීහ් තිර්මිදී (3/139) බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "«උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලිවලට අනුව මම සිටිමි (එනම්, යහපත් අයුරින් සිතූ විට එලෙස ම ය; ඊට පටහැනි ව සිතූ විට ද එපිරිදි ම ය), ඔහු මා මෙනෙහි කරන විට මම ද ඔහු සමඟ සිටිමි, එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි, ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම්, ඊට වඩා යහපත් පිරිසක් මධ්‍යයේ මම ඔහු ගැන මෙනෙහි කරමි, මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි, ඔහු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි, ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි.»[8]," [8] බුහාරි (8/171) අංක (7405), මුස්ලිම් (4/2061) අංක (2675), මෙම වදන් පෙළ බුහාරි ග්‍රන්ථයේ සඳහන් වේ.
අබ්දුල්ලාහ් බින් බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. එක්තරා පුද්ගලයෙකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඉස්ලාමයේ ශික්ෂා පිළිවෙත් මා කෙරෙහි බහුල වී ඇත. ඒවායින් මා ඉටු කළ යුතු වැදගත් ම කරුණු ගැන මට කියා දෙන්න’ යැයි පැවැසුවේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙතමනයෙන් තබා ගන්න”[9] [9] තිර්මිදී (5/458) අංකය (3375), ඉබ්නු මාජහ් (2/1246) අංකය (3793). එමෙන් ම සහීහ් තිර්මිදී (3/139) සහ සහීහ් ඉබ්නු මාජහ් (2/317) යන ග්රන්ථයන්හි, අල්බානීතුමා විසින් මෙහි නිවැරදිභාවය තහවුරු කරනු ලැබ ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “කෙනෙක් උත්තරීතර අල්ලාහ්ගේ පුස්තකයෙන් (ශුද්ධ වූ අල්කුර්ආනයෙන්) අකුරක් කියවන්නේ නම් ඒ තැනැත්තාට එක් පිනක් ලැබෙන්නේය. ඒ එක් පින ඒ හා සමාන ව දස ගුණයක් බවට පත් වෙයි. අලිෆ් -ලාම් - මීම් යනු එක් අක්ෂරයක් යැයි මම නොපවසමි. එහෙත් 'අලිෆ්' එක් අක්ෂරයකි, 'ලාම්' තව අක්ෂරයකි, 'මීම්' තවත් අක්ෂරයකි.” [10]" [10] තිර්මිදී (5/75), අංකය (2910). එමෙන් ම සහීහ් තිර්මිදී (3/9), සහීහ් අල්ජාමිඃ අස්සගීර් (5/340) යන ග්රන්ථයන්හි, අල්බානීතුමා විසින් මෙහි නිවැරදිභාවය තහවුරු වී ඇත.
උක්බා බින් ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන හදීසයක මෙසේ සඳහන් වේ. අපි මදීනා මස්ජිදයේ පිළෙහි වාඩි වී සිටින විට අල්ලාහ්ගේ දූතයාණෝ (නිවසින්) පිටතට පැමිණ මෙසේ විමසා සිටියහ: “බුත්හාන් වෙත හෝ අල්-අකීක් වෙත හෝ දිනපතා ගොස් එතැනින් වටිනා විශාල ඔටුවන් දෙදෙනෙකු කිසිදු පාපයකින් හෝ සබඳතා බිඳ දැමීමකින් හෝ තොර ව රැගෙන ඒමට ඔබ අතුරින් කැමති වන්නේ කවරෙක් ද?” එවිට අපි: "අල්ලාහ්ගේ දූතයාණනි, අපි එය ප්‍රිය කරමු" යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “ඔබගෙන් කෙනෙක් උදෑසන මස්ජිදයට ගොස් සර්ව බලධාරී, මහිමාන්විත අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් වාක්‍ය දෙකක් ඉගෙන ගන්නේ නම් හෝ කියවන්නේ නම් හෝ එය ඔහුට ඔටුවන් දෙදෙනෙකුට වඩා උතුම් ය. තුනක් නම්, තුනකට වඩා ඔහුට උතුම් ය; හතරක් නම් හතරකට වඩා ඔහුට උතුම් ය; සහ ඔටුවන්ගෙන් ගණන අනුව එසේ උතුම්බව හිමි වනු ඇත.” [11]" [11] මුස්ලිම් (1/553) අංක (803).
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු, යම් කිසි ස්ථානයක අසුන් ගත් විටක අල්ලාහ් මෙනෙහි නොකරන්නේ ද ඔහුට අල්ලාහ්ගෙන් වූ මහත් අලාබයක් ඇත. කවරෙකු අල්ලාහ් සිහි කිරීමකින් තොර ව එක් ස්ථානයක නිදා ගත්තේ ද, ඔහුට ද අල්ලාහ්ගෙන් වූ මහත් අලාබයක් ඇත.”[12]. [12] අබූ දාවුද් (4/264), අංකය (4856) හා වෙනත් ඉමාම්වරු වාර්තා කර ඇත. සහීහ් අල්ජාමිඃ (5/342) බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: «යම් පිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොර ව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොර ව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක් ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත.»[13]. [13]. තිර්මිදී (5/461) අංකය (3380), සහීහ් අත්තිර්මිදී (3/140) බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළ කුණක් අසලින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”[14]." [14] අබූ දාවුද් (4/264) අංකය (4855), අහ්මද් (2/389) අංකය (10680), සහීහ් අල්ජාමිඃ (5/176) බලන්න.
1. නින්දෙන් අවදි වන විට කිව යුතු සිහිපත් කිරීම් හා ප්‍රාර්ථනා
සියලු ප්‍රශංසා අල්ලාහ් සතු යි. ඔහු අප මරණයට පත් කළ පසු ව අපට ප්‍රාණය ලබා දුන්නේය. තව ද අප නැවත යා යුතු ව ඇත්තේ ද ඔහු වෙත ම ය.[15]. [15]. අල්බුහාරි: ෆත්හුල් බාරි (11/113) අංක (6314), මුස්ලිම් (4/2083) අංක (2711).
අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා, ව ඉලෙයිහින් නුශූර්
(අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු බලතල ඔහු සතු ය. ප්‍රශංසා සියල්ල ඔහුට ම ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහු බලය දරන්නා ය. අල්ලාහ් සුවිශුද්ධ ය. සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙක් නොමැත. අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. සර්වබලධාරී උත්තරීතර අල්ලාහ්ගෙන් තොර ව කිසිදු ශක්තියක් හෝ බලයක් හෝ නොමැත. අහෝ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව!)"[16]. [16] «කවරෙකු මෙය පවසා සිටින්නේද ඔහුට සමාව දෙනු ලැබේ. ඔහු ප්‍රාර්ථනා කරන්නේ නම්, ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිගනු ලැබේ. ඔහු නැගිට වුළූඃ ධෝවනය කොට පසු ව සලාත් ඉටු කරන්නේ නම්, එම සලාතය අල්ලාහ් විසින් පිළිගනු ලැබේ.» ග්‍රන්ථය බුහාරී (3/39) අංකය (1154), සහ වෙනත් ග්‍රන්ථවල ද සඳහන් ව ඇත. මෙම වදන් පෙළ ඉබ්නු මාජහ් ග්‍රන්ථය සතු වූවකි. සහීහ් ඉබ්නු මාජහ් (2/335) බලන්න.
ලා ඉලාහ ඉල්ලල්ලාහ් වහ්දහු ලා ශරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයියින් කදීර්, සුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්, වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අලිය්යිල් අළීම්, රබ්බිග්ෆිර් ලී
තේරුම: මගේ ශරීරයට මනා සුවයක් ලබා දුන්; තව ද, මගේ ප්‍රාණය මට ආපසු ලබා දුන්; ඔහු ව සිහි කිරීමට වරම ලබා දුන් අල්ලාහ්ට ම ය සියලූ ප්‍රශංසා.[17]. [17]. තිර්මිදී (5/473) අංකය (3401), සහීහ් අත්තිර්මිදී (3/144) බලන්න.
අල්හම්දු ලිල්ලාහිල්ලදී ආෆානී ෆී ජසදී, ව රද්ද අලයිය රූහී, ව අදින ලී බිදික්රිහී
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද ප්‍රබුද්ධිමත් අයට පැහැදිලි සංඥා ඇත. (ප්‍රබුද්ධිමත්) මොවුහු කවරහු ද යත්, සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැතිවලට ඇල වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි, ඔබ මෙය නිකරුණේ නොමැව්වෙහිය. ඔබ සුවිශුද්ධ ය. එබැවින් අප ව (නිරා) ගින්නේ වේදනාවෙන් ආරක්ෂා කරනු මැනව! (යැයි ප්‍රාර්ථනා කරන්නෝ වෙති.) අපගේ පරමාධිපතියාණනි, සැබවින් ම ඔබ කවෙරෙකු ව නිරා ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම ඔබ ඔහු ව අවමානයට පත් කරන්නෙහිය. තව ද අපරාධකරුවන්ට පිහිටවන්නෝ කිසිවෙක් නොමැත්තෝය. අපගේ පරමාධිපතියාණනි, “නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු” යැයි, දේවත්ව විශ්වාසය වෙත කැඳවන කැඳවුම්කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තව ද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව! “අපගේ පරමාධිපතියාණනි, තව ද ඔබගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව නින්දාවට පත් නොකරනු මැනව! සැබැවින් ම ඔබ ප්රතිඥාවන් කඩ නොකරන්නෙහි ම ය.” එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය “සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් වුව ද ගැහැනියකගෙන් වුව ද දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැම්හු ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස්වලින් බැහැර කරනු ලදු ව, මාගේ මාර්ගයේ වේදනා විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූ උදවියගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තව ද පහළින් ගංගාවන් ගලා බස්නා උයන්හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තව ද අල්ලාහ් වෙත ය අනගිතම තිළිණ ඇත්තේ.” ප්‍රතික්ෂේප කළවුන් විවිධ දේශයන්හි (උඩඟු ලීලාවෙන්) සැරිසැරීම (නබිවරය,) නුඹව රවටා නොදැමිය යුතු ය. (එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තව ද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය. එහෙත් තමන්ගේ පරමාධිපති කෙරෙහි බියබැතිමත් වූවන් වන ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝ වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨ ය. තව ද නියත වශයෙන් ම ධර්ම ග්රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් ඔවුහු අල්ප මිලකට නොවිකුණති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් හිමි කරගන්නෝ ඔවුහු ම ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා යුහුසුලු ය. අහෝ විශ්වාස කළවුනි, නුඹලා ඉවසනු. තව ද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන්වනු. තව ද නුඹලා ස්ථාවර ව සිටිනු. තව ද නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු. (ආලු ඉම්රාන්: 190-200) [18]. [18]. අල්බුහාරි: ෆත්හුල් බාරි 8/337, අංක 4569, මුස්ලිම්, 1/530, අංක 256.
2.ඇඳුම් අදින විට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: මා කිසිදු ශක්තියක් හෝ හැකියාවක් හෝ නැති තත්ත්වයක සිටිය දී මට මෙම වස්ත්‍රය ලබා දී පලඳින්නට සැලැස් වූ අල්ලාහ්ට ම ය සියලු ප්‍රශංසා.[19]. [19] මෙය අන්නසාඉ ග්රන්ථයෙහි හැර සියලු සුනන් ග්‍රන්ථවල සඳහන් වී ඇත. අබූ දාවුද්, අංකය (4023). තිර්මිදී, අංකය (3458). ඉබ්නු මාජහ්, අංකය (3285). ඉර්වාඉල් ගලීල් (7/47) හි අල්බානිතුමා විසින් මෙය හසන් ගණයට අයත් හදීසයක් බව තහවුරු කරනු ලැබිණි.
අල්හම්දු ලිල්ලාහිල්ලදී කසානී හාදා, වරzසකනීහි මින් ගෛරි හව්ලින් මින්නී වලා කුව්වහ්
3. අලුත් ඇඳුමක් අදින විට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම:- යා අල්ලාහ්, සියලු ප්‍රශංසා හිමිවන්නේ ඔබට ම ය. මෙය ඔබ මට අඳින්නට සැලැස්වූයෙහිය. එහි ඇති යහපත හා කුමක් සදහා එය නිමවනු ලැබුවේ ද එහි ඇති යහපත ද මම ඔබෙන් අයැද සිටිමි. එහි ඇති හානියෙන් හා කුමක් සඳහා එය නිමවනු ලැබුවේ ද එහි ඇති හානියෙන් ද ආරක්ෂාව මම ඔබෙන් අයැද සිටිමි.[20]. [20] අබූ දාවුද්, අංකය (4020). අත් තිර්මිදී, අංකය (1767). බගවී (12/40). තව ද අල්බානීතුමාගේ මුක්තසර් ශමාඉල් තිර්මිදි පිටු අංක (47) බලන්න.
අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි, අස්අලුක මින් කයිරිහි වකයිරි මා සුනිඅ ලහු, වඅඌදු බික මින් ෂර්රිහි වෂර්රි මා සුනිඅ ලහ්.
4. අලුත් ඇඳුමක් ඇන්ද කෙනෙකුට කරන ප්‍රාර්ථනා
මෙය දිරාපත් වී යයි. (ඒ වෙනුවට වෙනත් ඇඳුමක්) අල්ලාහ් පසුවට ලබා දෙනු ඇත.[21]. [21] අබූ දාවුද් (4/41) අංකය (4020). සහීහ් අබී දාවුද් (2/760) බලන්න.
තුබ්ලී, ව යුක්ලිෆුල්ලාහු තආලා
තේරුම:- නව ඇඳුමක් අඳින්න. ප්‍රශංසනීය ලෙස ජීවත් වෙන්න. ප්රාණත්යාගියෙකු ලෙස මියැදෙන්න. [22] "[22] ඉබ්නු මාජහ් (2/1178) අංකය (3558). බගවී (12/41). සහීහ් ඉබ්නු මාජහ් (2/275) බලන්න."
ඉල්බස් ජදීදන්, වඉෂ් හමීදන්, වමුත් ෂහීදන්
5. ඇඳ සිටි ඇඳුම ගලවන විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්.[23] [23] තිර්මිදී (2/505) අංකය (606) හා වෙනත් ග්‍රන්ථවල ද සඳහන් වී ඇත. ඉර්වාඋල් ගලීල් අංකය (50) සහ සහීහුල් ජාමිඉ (3/203) බලන්න.
බිස්මිල්ලාහ්
6. වැසිකිළියට පිවිසීමේ දී කිව යුතු ප්‍රාර්ථනාව
([අල්ලාහ්ගේ නාමයෙන්] යා අල්ලාහ්, පුරුෂ ෂෙයිතානුන්ගෙන් හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)[24]." [24] බුහාරි (1/45) අංක (142), මුස්ලිම් (1/283) අංක (375) හි සඳහන් ව ඇත. අතිරේක ලෙස ප්‍රාර්ථනාව ආරම්භයේ දී මෙසේ ද සඳහන් වී ඇත. "බිස්මිල්ලාහි" තේරුම:- "අල්ලාහ්ගේ නාමයෙන්". සඊද් බින් මන්සූර් විසින් මෙය ප්‍රකාශ කර ඇත. ෆත්හුල් බාරි (1/244) බලන්න.
[බිස්මිල්ලාහි] අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි
7. වැසිකිළියෙන් පිටවීමේ දී කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම : ඔබෙන් සමාව පතමි.[25] [25] අන්නසාඊ හැර අනිකුත් අස්සුනන් ග්රන්ථයන්හි සඳහන් වී ඇත. අමලුල් යව්මි වල්ලයිලා අංක (79) හි සඳහන් වී ඇත. අබූ දාවුද්, හදීස් අංක (30), අත්තිර්මිදී අංක (7), ඉබ්නු මාජහ් අංක (300). අල්බානිතුමා විසින් සුනන් අබීදාවුද් (1/19) හි සහීහ් හදීසයක් බව තහවුරු කරනු ලැබ ඇත.
ගුෆ්රානක
8. වුළූඃ හෙවත් අර්ධ ධෝවනයට පෙර කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්.[26] "[26] අබූ දාවුද්, හදීස් අංක (101); ඉබ්නු මාජහ්, හදීස් අංක (397); අහ්මද්, හදීස් අංක (9418). ඉර්වාඋල් ගලීල් (1/122) බලන්න."
බිස්මිල්ලාහ්
9. වුළූඃ (අර්ධ ධෝවනය) අවසන් කිරීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම : අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියකු නොමැති බවත් ඔහු ඒකීය බවත් ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තව ද සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ ධර්ම දූතයාණන් බවත් මම සාක්ෂි දරමි.[27]. [27] මුස්ලිම් (1/209) හදීස් අංක (234).
අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ශරීක ලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු
(යා අල්ලාහ්, පාපක්ෂමාවේ නිරතවන්නන් අතුරින් කෙනෙකු ලෙස මා පත් කරනු මැනව! එමෙන් ම පිරිසිදු ව සිටින්නන් අතුරින් කෙනෙකු ලෙස ද මා පත් කරනු මැනව!)[28]. [28] තිර්මිදී (1/78) හදීස් අංක (55); සහීහ් තිර්මිදී (1/18) බලන්න.
අල්ලාහුම්මජ්අල්නී මිනත්තව්වාබීන වජ්අල්නී මිනල්මුතතහ්හිරීන්
තේරුම : යා අල්ලාහ්, ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ ය. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු කිසිවෙකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තව ද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.[29]." "[29] අන්නසාඊ ෆී අමලිල් යව්ම් වල්ලයිලා (පිටුව 173), ඉර්වාඋල් ගලීල් (1/135) සහ (3/94) බලන්න."
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක ව අතූබු ඉලෙයික
10. නිවසින් පිට ව යන අවස්ථාවේ කළ යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, (මාගේ සියලු කටයුතු) අල්ලාහ් වෙත භාර කළෙමි. තව ද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ බලයක් හෝ නැත.[30]." [30] අබූ දාවුද් (4/325) අංක (5095), තිර්මිදී (5/490) අංක (3426). සහීහ් තිර්මිදී (3/151) බලන්න.
බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි, වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි
තේරුම: යා අල්ලාහ් මා නොමග යෑමෙන් හෝ (අනුන් විසින්) මා නොමග යවනු ලැබීමෙන් ද, මා (යහමගින්) ලිස්සා යාමෙන් හෝ (අනුන් විසින්) මා ලිස්සා යාමට ලක් කරනු ලැබීමෙන් ද, අසාධාරණ කටයුතු කිරීමෙන් හෝ මා අසාධාරණයට ලක් කරනු ලැබීමෙන් ද, මා බුද්ධියෙන් තොර වීම හෝ මා බුද්ධියෙන් තොර වූවෙකු බවට පත්කරනු ලැබීමෙන් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි.[31]. [31] අහ්ලුල් සුනන්: අබූ දාවුද්, හදීස් අංක (5094), අත්තිර්මිදී, හදීස් අංක (3427), අන්නසාඊ හදීස් අංක (5501), ඉබ්නු මාජහ් හදීස් අංක (3884). සහීහ් තිර්මිදී (3/152) සහ සහීහ් ඉබ්නු මාජහ් (2/336) බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික අන් අළිල්ල අව් උළල්ල අව් අඳිල්ල අව් උඳල්ල අව් අළ්ලිම අව් උළ්ලම අව් අජ්හල අව් යුජ්හල අලෙය්ය
11. නිවසට ඇතුළු වීමේ දී කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: "අල්ලාහ්ගේ නාමයෙන් ඇතුළු වූයෙමු. තව ද අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වුයෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් මත ම (අපගේ සියලූ කාර්යයන් පවරා) විශ්වාසය තබමු." පසු ව සිය නිවැසියන්ට එකී පුද්ගලයා සලාම් පැවසිය යුතු යි. [32]" [32] මෙය අබූ දාවුද් (4/325) හදීස් අංක (5096) හි වාර්තා වී ඇත. ආචාර්ය ඉබ්නු බාස්තුමා විසින් "තුහ්ෆතුල් අහ්යාර්" පිටුව (28) හි මෙහි වාර්තා සම්බන්ධතාවය නිවැරදි බව සඳහන් කර ඇත. සහීහ් ග්‍රන්ථයේ මෙසේ ද සඳහන් වේ. “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේ දී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේ දී ඔහු අල්ලාහ් ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි.” මුස්ලිම්, හදීස් අංක (2018).
බිස්මිල්ලාහි වලජ්නා, ව බිස්මිල්ලාහි ඛරජ්නා, ව අලල්ලාහි රබ්බිනා තවක්කල්නා
12. මස්ජිදයට යන විට කළ යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, මාගේ හදවතෙහි ආලෝකයක් ඇති කරනු මැනව! මාගේ දිවෙහි ආලෝකයක් ද, මාගේ ශ්‍රවණයෙහි ආලෝකයක් ද, මාගේ දෘෂ්ටියෙහි ආලෝකයක් ද, මට ඉහළින් ආලෝකයක් ද, මට පහළින් ආලෝකයක් ද, මාගේ දකුණු පසින් ආලෝකයක් ද, මාගේ වම් පසින් ආලෝකයක් ද, මට ඉදිරියෙන් ආලෝකයක් ද, මට පිටුපසින් ආලෝකයක් ද ඇති කරනු මැනව! මාගේ ආත්මයෙහි ආලෝකයක් ඇති කරනු මැනව! මට ආලෝකය ඉමහත් කර දෙනු මැනව! මට ආලෝකය ශ්‍රේෂ්ඨ කර දෙනු මැනව! මට ආලෝකයක් ඇති කරනු මැනව! මා ආලෝකයක් බවට පත් කරනු මැනව! යා අල්ලාහ්, මට ආලෝකයක් පිරිනමනු මැනව! මාගේ ස්නායුවල ආලෝකයක් ද, මාගේ මාංශයෙහි ආලෝකයක් ද, මාගේ රුධිරයෙහි ආලෝකයක් ද, මාගේ හිසකෙස්වල ආලෝකයක් ද, මාගේ සමෙහි ආලෝකයක් ද ඇති කරනු මැනව!»[33]. [33] මෙහි ඇති සෑම වදනක් ම බුහාරි ග්‍රන්ථයේ සඳහන් වී ඇත. බලන්න බුහාරි (11/116), හදීස් අංක (3166); මුස්ලිම් (1/526), හදීස් අංක (529), (530) සහ (763) බලන්න.
අල්ලාහුම්මජ්අල් ෆී කල්බී නූරා, ව ෆී ලිසානී නූරා, ව ෆී සම්ඊ නූරා, ව ෆී බසරී නූරා, ව මින් ෆව්කී නූරා, ව මින් තහ්තී නූරා, ව අන් යමීනී නූරා, ව අන් ශිමාලී නූරා, ව මින් අමාමී නූරා, ව මින් කල්ෆී නූරා, වජ්අල් ෆී නෆ්සී නූරා, ව අඃළිම් ලී නූරා, ව අල්ළිම් ලී නූරා, වජ්අල් ලී නූරා, වජ්අල්නී නූරා, අල්ලාහුම්ම අඃතිනී නූරා, වජ්අල් ෆී අසබී නූරා, ව ෆී ලහ්මී නූරා, ව ෆී දමී නූරා, ව ෆී ශඃරී නූරා, ව ෆී බෂරී නූරා
මගේ මිනීවළ තුළ ආලෝකයක් ඇති කරනු මැනව! මගේ අස්ථිවල ආලෝකයක් ඇති කරනු මැනව![34] මා හට ආලෝකයක් වර්ධනය කරනු මැනව!, මා හට ආලෝකයක් වර්ධනය කරනු මැනව!, මා හට ආලෝකයක් වර්ධනය කරනු මැනව! [35] තව ද ආලෝකයකට ඉහළින් ආලෝකයක් මා හට තිළිණ කරනු මැනව![36]. [34] අත්තිර්මිදී (5/483) හදීස් අංක (3419). [35] අදබුල් මුෆ්රද් ග්‍රන්ථයේ හදීස් අංක 695, පිටුව 258හි බුහාරිතුමා සඳහන් කර ඇත. සහීහ් අල්-අදබ් අල්-මුෆ්රද්හි අංක 536හි අල්බානිතුමා විසින් මෙය නිවැරදි වාර්තා සම්බන්ධතාවකින් යුක්ත බව තහවුරු වී ඇත. [36] මේ ගැන ඉබ්නු හජර්තුමා ෆත්හුල් බාරි ග්රන්ථයෙහි සඳහන් කර ඇත. තව ද එය 'කිතාබ් අද්-දුආ' නම් කෘතියෙහි ඉබ්නු අබී ආසිම් වෙත ආරෝපණය කර ඇත. අල් ෆත්හ් (11/118) බලන්න. හෙතෙම මෙසේ පැවසීය: වාර්තාවල වෙනස අනුව කරුණු විසි පහක් එකට ගොනු වී ඇත.
අල්ලාහුම්මජ්අල් ලී නූරන් ෆී කබ්රී... ව නූරන් ෆී ඉළාමී, ව සිද්නී නූරන්, ව සිද්නී නූරන්, ව සිද්නී නූරන්, ව හබ් ලී නූරන් අලා නූර්
13. මස්ජිදයට ඇතුළු වීමේ දී පවසන ප්‍රාර්ථනාව.
දකුණු පාදය පෙරට තබා ඇතුළු වීම.[37] පසු ව මෙසේ කිව යුතු යි. තේරුම: පලවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් මිදීමට අතිශ්‍රේෂ්ඨ අල්ලාහ්ගෙන් ද පරම ත්‍යාගශීලී උතුමාණන්ගෙන් ද උතුමාණන්ගේ නිත්‍ය වූ පරමාධිපත්‍යයෙන් ද මම ආරක්ෂාව පතමි.[38] [37] අනස් බින් මාලික් රලියල්ලාහු අන්හු තුමාගේ ප්‍රකාශයකට අනුව: "සුන්නා (දේව දූත මුහම්මද්තුමාගේ පිළිවෙත්) ක්‍රමය නම් ඔබ මස්ජිදයට ඇතුළු වීමේ දී දකුණු පාදයෙන් ආරම්භ කර ඇතුළු වන්න. මස්ජිදයෙන් පිටත් වීමේ දී වම් පාදය තබා පිටත් වන්න." අල්හාකිම් (1/218). මෙය ඉමාම් මුස්ලිම්තුමාගේ වාර්තාකරණයේ කොන්දේසියට පදනම් ව පූර්ණ සාධක සහිත සහීහ් හදීසයක් බව හෙතෙම දන්වා ඇති අතර ඉමාම් අද්-දහබීතුමා ද ඊට එකඟ වී ඇත. තව ද අල්බයිහකී විසින් ද (2/442) වාර්තා කර ඇත. ඉමාම් අල්බානීතුමා මෙය හසන් ගණයට අයත් ප්‍රකාශයක් බව "සිල්සිලතුල් අහාදීස් අස්සහීහ්" හි (5/ 624) හදීස් අංක 2478 හි සඳහන් කර ඇත. [38] අබූ දාවුද් හදීස් අංක (466), සහීහුල් ජාමිඃ හදීස් අංක (4591) බලන්න.
අඌදු බිල්ලාහිල් අළීම්, වබි වජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂයිතානිර් රජීම්. ""බිස්මිල්ලාහි, වස්සලාතු"[39] "වස්සලාමු අලා රසූලිල්ලාහි"[40] තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්. තව ද අල්ලාහ්ගේ දූතයාණන් වෙත ආශිර්වාදය හා ශාන්තිය හිමි වේවා!" [39] මෙය ඉබ්නුස් සුන්නීතුමා විසින් හදීස් අංක (88) යටතේ වාර්තා කර ඇති අතර, මෙම හදීසය හසන් ගණයට අයත් බව අල්බානීතුමා විසින් 'අස්සමර් අල් මුස්තතාබ්' හි (607 වැනි පිටුවෙහි) තහවුරු කරනු ලැබීය. [40] අබූ දාවුද් (1/126), හදීස් අංකය (465). සහීහ් අල්ජාමිඃ (1/528) බලන්න.
බිස්මිල්ලාහි, වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහ් ""අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික"[41]. තේරුම: යා අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනව!" [41] ග්‍රන්ථය මුස්ලිම් 1/494, හදීස් අංකය 713. සුනන් ඉබ්නු මාජාහි ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදි. "අල්ලාහුම්මග්ෆිර් ලී දුනූබී, වෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" මෙහි නිවැරැදිබව අල්බානිතුමා තහවුරු කර ඇත. සහීහ් ඉබ්නු මාජා 1/128, අංක 129 බලන්න.
14. මස්ජිදයෙන් පිට වී යන විට කිව යුතු ප්‍රාර්ථනාව.
වම් පාදය ඉදිරියට තබන්න.[42] පසු ව මෙසේ පැවැසිය යුතු යි. අල්ලාහ්ගේ නාමයෙන්, ශාන්තිය හා සමාදානය දේව දූත මුහම්මද්තුමාණන්ට උදා වේවා! [42] අල්හාකිම් (1/218), අල්බයිහකී (2/442), සිල්සිලතුල් අහාදීස් අස් සහීහා (5/624) හි අංක (2478) යටතේ අල්බානීතුමා මෙය හසන් හදීස් වර්ගයට අයත් බව ප්‍රකාශ කර ඇත.
බිස්මිල්ලාහි වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහ් තේරුම: අහෝ දෙවිඳුනි, මම ඔබගේ දායාදයෙන් ඉල්ලා සිටිමි.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික් තේරුම: යා අල්ලාහ් පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව![43] [43] මස්ජිදයට ඇතුළු වීමේ දී කිව යුතු ප්‍රාර්ථනාවට අදාළ පෙර සඳහන් හදීස්හි වාර්තා පිළිබඳ විස්තර බලන්න. අංක 20, "අල්ලාහුම්මඃසිම්නී මිනෂ් ෂයිතානිර් රජීම්" (යා අල්ලාහ්, පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) අතිරේක වශයෙන් පැමිණි මෙම කොටස ඉබ්නු මාජා ග්රන්ථයෙහි සඳහන් වූවකි. සහීහ් ඉබ්නු මාජා (1/129) බලන්න.
15. අදානය (සලාතය සඳහා ආරාධනා කරන ඇරයුම) හා බැඳි ප්‍රාර්ථනා
සලාතය සඳහා ආරාධනා කරන්නා පවසන ආකාරයට ම සවන් දෙන්නා ද කිව යුතු යි. එහෙත්, "හයිය අලස් සලාහ්, හයිය අලල් ෆලාහ්" යන වදන් ඇසෙන විට සවන් දෙන්නා මෙසේ පැවසිය යුතු වේ. (අල්ලාහ්ගෙන් තොර ව කිසිදු ශක්තියක් හෝ කිසිදු බලයක් හෝ නොමැත.) [44]." [44]. අල්බුහාරි, 1/152, අංක 611 සහ 613, මුස්ලිම්, 1/288 අංක 383.
මෙසේ පැවැසිය යුතු යි. «අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැති බවත්, ඔහු ඒකීය බවත්, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවත්, තව ද මුහම්මද්තුමාණන් ඔහුගේ ගැත්තා සහ පණිවිඩකරු බවත් මම ද සාක්ෂි දරමි. අල්ලාහ් ව පරමාධිපති ලෙස ද, මුහම්මද්තුමාණන් ව පණිවිඩකරු ලෙස ද, ඉස්ලාමය දහම හා ජීවන මඟ ලෙස ද ගැනීමට මම තෘප්තිමත් වෙමි.»[45] [45] මුස්ලිම් (1/290) හදීස් අංකය (386).
වඅන අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් වහ්දහූ ලා ශරීක ලහූ වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහූ, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන් (මෙය අදාන් පවසන්නා තෂහ්හුද් (අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් සහ අෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්) යන දෙවදන් පැවසීමෙන් පසු ව පැවසිය යුතු ය.) [46]. [46] ඉබ්නු හුසෙයිමා (1/220).
"අදාන් (සලාතය සඳහා) ඇරයුම් කරන්නාට පිළිතුරු දී අවසන් කළ පසු මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හට සලවාත් කිව යුතු යි." [47] [47] මුස්ලිම් (1/288) හදීස් අංකය (384).
පසු ව මෙසේ පැවැසිය යුතු යි. තේරුම: ඒකීය දෙවිඳුනි, මෙම පරිපූර්ණ කැඳවුමෙහි හා ඉටු කෙරෙන සලාතයේ හිමියාණනි, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඔබගේ සමීපභාවය හා මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු වූ මකාමන් මහ්මූදාවෙහි (ප්‍රශංසනීය ස්ථානයෙහි) එතුමාණන් ව අවදි කරනු මැනව! [සැබැවින් ම ඔබ පොරොන්දුව කඩ නොකරන්නෙහිය.] [48]" [48] අල්බුහාරි, 1/152, හදීස් අංකය 614, වරහන් තුළ තිබෙන කොටස; අල් බයිහකී ග්‍රන්ථය සතු ය 1/410, තුහ්ෆතුල් අහ්යාර් නම් කෘතියේ 38 පිටුවේ අල්ලාමා අබ්දුල් අසීස් බින් බාස්තුමා විසින් මෙහි ඉස්නාදය හසන් තත්ත්වයේ එකක් යැයි ප්‍රකාශිත ය.
අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මහ් වස්සලාතිල් කාඉමහ් ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ්, [ඉන්නක ලා තුක්ලිෆුල් මීආද්]
"(අදාන් සහ ඉකාමත් අතර කාලයේ තමන් වෙනුවෙන් (දුආ) ප්‍රාර්ථනා කිරීම යෝග්‍ය ය. සැබැවින් ම එම අවස්ථාවේ ඉල්ලන ලද ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නොලැබේ.) [49]." [49] තිර්මිදී හදීස් අංක 3594, 3595, අබූදාවුද්, අංක 525, අහ්මද් අංක 12200, ඉර්වාඋල් ගලීල් 1/262 බලන්න.
16. දුආඋල් ඉස්තිෆ්තාහ් (සලාතය සඳහා ආරම්භක - තක්බීරය කීමෙන් පසු කිව යුතු - ප්‍රාර්ථනාව.)
තේරුම: අහෝ අල්ලාහ්, ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා හා මාගේ පාපයන් අතර දුරස්ථභාවය ඇති කරනු මැනව! අහෝ අල්ලාහ්, සුදු ඇඳුමින් කිලිටි ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව! අහෝ අල්ලාහ්, පිනි කැට, ජලය හා සිසිලසින් මාගේ පාපයන් මගෙන් සෝදා හරිනු මැනව! [50] [50]. අල්බුහාරි (1/181) අංක (744), මුස්ලිම් (1/419) අංක (598).
(යා අල්ලාහ්, ඔබේ ප්‍රශංසාවෙන් ඔබ සුවිශුද්ධ ය. ඔබේ නාමය සමෘද්ධිත ය. ඔබේ කීර්තිය උත්තරීතර ය. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවිඳෙක් නොමැත."[51]. [51] මුස්ලිම්, අංකය 399, අස්හාබුස් සුනන් අල් අර්බආ: අබූ දාවුද්, අංකය 775, අත්තිර්මිදී අංකය 243, ඉබ්නු මාජා අංකය 806, අන්නාසඊ අංකය 899. තවදුරටත් සහීහ් තිර්මිදී 1/77 සහ සහීහ් ඉබ්නු මාජා 1/135 බලන්න.
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක.
තේරුම: අහස් හා පොළෝ මැවූ ඔබ දෙසට මාගේ මුහුණ අවංක ලෙසින් ම හැරෙව්වෙමි. මම ඔබට සමාන තබන්නන්ගෙන් කෙනෙක් නොවෙමි. නිසැක ව ම මාගේ සලාතය, මාගේ නැමදුම් හා වත්පිළිවෙත්, මාගේ ජීවිතය, මාගේ මරණය, යනාදිය විශ්වයේ මැවුම්කරුවාණන් වන අල්ලාහ් දෙවිඳාණන්ට හිමි ය. ඔහුට සම කළ හැකි කිසිවක් හෝ කිසිවෙක් නැත. මම ඒ අනුව අණ කරනු ලැබුවෙමි. තව ද මම අවනත වූ මුස්ලිම්වරයෙක් වෙමි. යා අල්ලාහ්, පාලකයාණෝ ඔබ යි. වන්දනාමානය ලැබීමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. මගේ පරමාධිපතියාණෝ ඔබ යි. මම ඔබේ දාසයෙක් වෙමි. මා විසින් මට ම අපරාධ කරගත්තෙමි. මා කළ පාපයන් පිළිගත්තෙමි. එහෙයින් මගේ සියලු පාප ක්‍රියා සඳහා ක්ෂමා කරනු මැනව! ඔබ හැර වෙන කිසිවෙක් පව් සඳහා සමා කරන්නේ නැත. යහපත් ගුණ ධර්ම වෙත මා යොමු කරනු මැනව! ඔබ හැර වෙන කිසිවෙකුට ඒ සඳහා මඟ පෙන්වීම කළ නොහැක. එහි අයහපත් දෙයින් මා වෙනතකට හරවනු මැනව! ඔබ හැර නපුරු දෙයින් මා ආරක්ෂා කිරීමට හැකි වෙන කිසිවෙක් නැත. මෙන්න මා ඔබේ අණට අවනත වෙමි. ඔබ භාග්‍ය සම්පන්න ය. සියලු යහපත ඔබේ දෑත සතු යි. නපුර ඔබ සතු ව නැත. මම ඔබ නිසා ම ය, ඔබ උදෙසා ම ය. ඔබ උත්තරීතර ය. අතිශ්‍රේෂ්ඨ ය. පාපී ක්‍රියා සඳහා මම ඔබෙන් සමාව අයැද සිටිමි. (ඒ ගැන සිතා) ඔබ වෙතට ම හැරෙන්නෙමි.[52] [52] මෙය ඉමාම් මුස්ලිම්තුමා වාර්තා කර ඇත. (1/534), හදීස් අංකය (771).
වජ්ජහ්තු වජ්හිය ලිල්ලදී ෆතරස්සමාවාතී වල් අර්ළ හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී වනුසුකී වමහ්යාය වමමාතී ලිල්ලාහි රබ්බිල් ආලමීන්. ලා ෂරීක ලහූ වබිදාලික උමිර්තු වඅන මිනල් මුස්ලිමීන්, අල්ලාහුම්ම අන්තල් මලිකු ලා ඉලාහ ඉල්ලා අන්ත. අන්ත රබ්බී වඅන අබ්දුක, ළලම්තු නෆ්සී වඃතරෆ්තු බිදන්බී ෆග්ෆිර් ලී දුනූබී ජමීඅන්. ඉන්නහු ලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත, වහ්දිනී ලිඅහ්සනිල් අක්ලාකි ලා යහ්දී ලිඅහ්සනිහා ඉල්ලා අන්ත, වස්රිෆ් අන්නී සය්යිඅහා ලා යස්රිෆු අන්නී සය්යිඅහා ඉල්ලා අන්ත, ලබ්බෙයික වසඃදෙයික වල්කයිරු කුල්ලූහූ බියදයික. වෂ්-ෂර්රු ලයිස ඉලය්ක, අන බික, වඉලයික, තබාරක්ත වතආලෙයිත. අස්තග්ෆිරුක වඅතූබු ඉලෙයික.
තේරුම: අහෝ දෙවිඳාණනි, ජිබ්රාඊල්, මීකාඊල්, ඉස්රාෆීල් යන දේවදූතයන්ගේ පරමාධිපතියාණනි, අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණෙනි, අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ ගැන දන්නා ඔබ, ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද, ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ ය. සත්‍යය සම්බන්ධයෙන් යම් මතභේදයක් ඇති කර ගත්තේ නම් ඔබේ අනුදැනුමෙන් මට නිවැරදි මඟ පෙන්වනු මැනව! සත්‍ය වශයෙන් ම ඔබ අභිමත අයට සෘජු මග පෙන්වන්නෙහිය.[53]. [53] මෙය ඉමාම් මුස්ලිම්තුමා වාර්තා කර ඇත. (1/534), හදීස් අංක (770).
අල්ලාහුම්ම රබ්බ ජිබ්රාඊල, වමීකාඊල, වඉස්රාෆීල, ෆාතිරස් සමාවාති වල් අර්ළි, ආලිමල් ඝයිබි වෂ්ෂහාදති, අන්ත තහ්කුමු බයින ඉබාදික ෆීමා කානූ ෆීහි යක්තලිෆූන, ඉහ්දිනී ලිමක්තුලිෆ ෆීහි මිනල් හක්කි බි ඉද්නික, ඉන්නක තහ්දී මන් තෂාඋ ඉලා සිරාතින් මුස්තකීම්
තේරුම: අල්ලාහ් ඉමහත් සේ අතිශ්‍රේෂ්ඨ ය (තුන් වරක්). බොහෝ සේ සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය (තුන් වරක්). උදේ සවස අල්ලාහ්ගේ පාරිශුද්ධත්වය සිහි කරමි.
අල්ලාහු අක්බර් කබීරා, අල්ලාහු අක්බර් කබීරා, අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, වසුබ්හානල්ලාහි බුක්රතන් වඅසීලා තුන් වරක් තේරුම: ෂෙයිතාන්ගෙන් ද ඔහුගේ උඩඟුභාවයෙන් ද ඔහුගේ නීච ගායනාවන්ගෙන් ද ඔහුගේ පෙළඹවීමෙන් ද මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි."[54] [54] අබූ දාවුද්තුමා (1/203) අංක (764) යටතේ ද, ඉබ්නු මාජාතුමා (1/265) අංක (807) යටතේ ද, අහ්මද්තුමා (4/85) අංක (16739) යටතේ ද මෙය වාර්තා කළහ. ෂුඅයිබ් අල්අර්නාඌත් එතුමාගේ මුස්නද් ග්රන්ථ සහතිකකරණ විශ්ලේෂණයේ දී මෙය "හසන් ලිගයිරිහි" යැයි ප්‍රකාශ කර ඇත. ඉබ්නු තයිමියියාතුමාගේ "අල් කලිමුත් තයියිබ්" ග්‍රන්ථයේ අංක (78) යටතේ අබ්දුල් කාදර් අල්අර්නාඌත්තුමා විශ්ලේෂණය කරමින් "මෙය එහි අනෙකුත් සහසාධක මඟින් තහවුරු වන සහීහ් හදීසයකි" යැයි ප්‍රකාශ කර ඇත. අල්බානිතුමා විසින් 'සහීහ් කලිමුත් තයියිබ්'හි අංක (62) යටතේ ද මෙය සඳහන් වී ඇත. ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් දැනුම් දෙන ලද මෙවැනි ම හදීසයක් මුස්ලිම්තුමා වාර්තා කර ඇත. එහි කතාවක් ද (1/420) අංක (601)හි සඳහන් ව ඇත.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානි: මින් නෆ්ඛිහි, වනෆ්තිහි, වහම්සිහි
තේරුම: යා අල්ලාහ්, සියලු ප්‍රශංසා ඔබ සතු ය,[55] අහස් හා පොළොවෙහි ද, ඒ තුළ සිටින්නා වූ සහ එහි ඇති දෑහි ද ආලෝකය ඔබ ය. සියලු ප්‍රශංසා ඔබ සතු ය, අහස් හා පොළොව ද, ඒවා තුළ ඇති සියල්ල ද ක්‍රියාත්මක කරන්නා ඔබ ය. සියලු ප්‍රශංසා ඔබ සතු ය, අහස් හා පොළොවේ පරමාධිපති ඔබ ය. සියලු ප්‍රශංසා ඔබ සතු ය, අහස් හා පොළොවේ අයිතිය ඔබ සතු ය. සියලු ප්‍රශංසා ඔබ සතු ය, අහස්හි හා පොළොවේ රජු ඔබ ය. සියලු ප්‍රශංසා ඔබ සතු ය, ඔබ සත්‍යය යි. ඔබේ පොරොන්දුව සත්‍යය යි. ඔබේ ප්‍රකාශය සත්‍යය යි. ඔබේ හමුව ද සත්‍යය යි. ස්වර්ගය ද සත්‍යය යි. නිරය ද සත්‍යය යි. නබිවරුන් ද සත්‍යය යි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සත්‍යය යි. විනිශ්චය දිනය ද සත්‍යය යි. යා අල්ලාහ්, මම ඔබට අවනත වූයෙමි. ඔබ කෙරෙහි ම මාගේ සියලු කටයුතු භාර කළෙමි. ඔබ ව විශ්වාස කර ඔබ වෙතට ම හැරුණෙමි. ඔබේ සහාය ඇතු ව අසත්‍යයට එරෙහි ව නැගී සිටියෙමි. ඔබේ විනිශ්චය ම අපේක්ෂා කළෙමි. එහෙයින් මා පෙර හා පසු කළා වූ ද, රහසිගත ව හා ප්‍රසිද්ධියේ කළා වූ ද පාපයන් වෙනුවෙන් මට සමාව දෙනු මැනව! මා කළ පාපයන් ගැන මට වඩා දන්නේ ඔබ යි. ඔබ ආරම්භකයා ය. අවසානවන්තයා ය. නැමදුම් ලැබීමට සුදුස්සා ඔබ හැර කිසිවක් හෝ කිසිවෙක් නැත. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ හැර වෙනත් දෙවියෙක් නැත. කිසිදු ශක්තියක් හෝ බලයක් හෝ අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර ව සිදු නොවෙයි.[56] [55] මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රී කාලයේ දී නින්දෙන් අවදි වූ විට (තහජ්ජුද්) සලාත් ඉටු කර මෙය පාරායනය කරන්නෙක් වූහ. [56] අල්-බුහාරි; ෆත්හුල් බාරී 3/3, 11/116, 13/371, හදීස් අංක 423, 465, 1120, 6317, 7385, 7442, 7499. එමෙන් ම මුස්ලිම් ග්‍රන්ථයේ සංක්ෂිප්තයෙහි ද මෙය සඳහන් වී ඇත. 1/532 හදීස් අංකය 769.
අල්ලාහුම්ම ලකල් හම්දු, අන්ත නූරුස්සමාවාති වල් අර්ළි වමන් ෆී හින්න වලකල් හම්දු අන්ත කය්යිමුස් සමාවාති වල් අර්ළි වමන් ෆීහින්න, [වලකල් හම්දු අන්ත රබ්බුස් සමාවාති වල් අර්ළි වමන් ෆීහින්න] [වලකල් හම්දු ලක මුල්කුස්සමාවාති වල් අර්ළි වමන් ෆීහින්න] [වලක් හම්දු අන්ත මලිකුස් සමාවාති වල් අර්ළි] [වලකල් හම්දු] [අන්තල් හක්කු, වවඃදුකල් හක්කු, වකව්ලුකල් හක්කු, වලිකාඋකල් හක්කු, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වන්-නබිය්යූන හක්කුන් වමුහම්මදුන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම- හක්කුන්, වස්සාඅතු හක්කුන්] [අල්ලාහුම්ම ලක අස්ලම්තු, වඅලයික තවක්කල්තු, වබික ආමන්තු, වඉලයික අනබ්තු, වබික කාසම්තු, වඉලයික හාකම්තු, ෆග්ෆිර් ලී මා කද්දම්තු, වමා අක්කර්තු, වමා අස්රර්තු, වමා අඃලන්තු,] [වමා අන්ත අඃලමු බිහී මින්නී] [අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅක්කිරු. ලා ඉලාහ ඉල්ලා අන්ත,] [අන්ත ඉලාහී ලා ඉලාහ ඉල්ලා අන්ත,] [වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්
17. සලාතයේ රුකූඋ ඉරියව්වෙහි කිව යුතු ප්‍රාර්ථනාව
(සර්වබලධාරී මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධ ය.)
සුබ්හාන රබ්බියල් අළීම් තුන් වරක් කිව යුතු යි.[57]. [57] අහ්ලුස් සුනන් සහ අහ්මද්: අබූ දාවුද් අංක (870), අත්තිර්මිදී අංක (262), අන්නසාඊ අංක (1007), ඉබ්නු මාජා අංක (897), අහ්මද් අංක (3514). තවදුරටත් සහීහ් තිර්මිදී (1/83) බලන්න.
(අපගේ පරමාධිපතියාණනි, ඔබේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ ය. අහෝ දෙවිඳාණනි, මට සමාව දෙනු මැනව!) [58]. [58] අල්බුහාරි, 1/99, අංක 794, මුස්ලිම්, 1/350, අංක 484.
(ඔහු අතිපිවිතුරු ය. සුවිශුද්ධ ය. මලාඉකාවරුන් හෙවත් දේව දූතයින්ගේ සහ රූහ් හෙවත් ජිබ්රීල්ගේ පරමාධිපති ඔහු ය.) [59]" [59] මුස්ලිම් (1/353) හදීස් අංක (487), අබූ දාවුද් (1/230) හදීස් අංක (872).
සුබ්බූහුන්, කුද්දූසුන්, රබ්බුල් මලාඉකති වර්රූහ්
තේරුම: යා අල්ලාහ්, ඔබට රුකූඋ කළෙමි. ඔබ ව විශ්වාස කළෙමි. ඔබට මම අවනත වූයෙමි. මාගේ සවන, මාගේ දෘෂ්ටිය, මාගේ මොළය, මාගේ (ශරීරයේ) අස්ථි, මාගේ නහර, මාගේ පාද දෙක මත රඳවා ඇති මාගේ ශරීරය ද ඔබට යටහත් විය. [60]. [60] මුස්ලිම්, 1/534, හදීස් අංක 771; ඉබ්නු මාජා හැර සිව්මහා හදීස්වේදීන්: අබූ දාවුද්, හදීස් අංක 760, 761; අත්තිර්මිදී හදීස් අංක 3421; අන්නසාඊ හදීස් අංක 1049, වරහන් තුළ ඇති වදන ඉබ්නු හුසෙයිමාතුමා සතු ප්‍රකාශයකි. හදීස් අංක 607; ඉබ්නු හිබ්බාන් හදීස් අංක 1901.
අල්ලාහුම්ම ලක රකඃතු, වබික ආමන්තු, වලක අස්ලම්තු, කෂඅ ලක සම්ඊ, වබසරී, වමුක්ඛී, වඅළ්මී, වඅසබී, [වමස්තකල්ලත් බිහී කදමී]
තේරුම: බලය, පාලනය, උත්තරීතරභාවය හා මහා තේජාන්විතභාවය සතු ඔහු සුවිශුද්ධ ය.[61]. [61] අබූ දාවුද්, 1/230, හදීස් අංක 873; අන් නසාඊ හදීස් අංක 1131, අහ්මද් හදීස් අංක 23980, මෙහි ඉස්නාද් හෙවත් වාර්තා සම්බන්ධතාවය හසන් ගණයට අයත් ය.
සුබ්හාන දිල් ජබරූති, වල් මලකූති, වල් කිබ්රියාඉ, වල් අළමති.
18. රුකූඋ ඉරියව්වෙන් නැගිටින විට කියන ප්‍රාර්ථනාව
(අල්ලාහ් තමන් ව පැසසු අයට සවන් දුන් සේක.)[62] [62] අල්බුහාරි, ෆත්හුල් බාරි (2/282) අංක (796).
සමිඅල්ලාහු ලිමන් හමිදහ්
(අපගේ පරමාධිපතියාණනි, සමෘද්ධිමත් යහපත් අධික ප්රශංසාවන් හිමි වන්නේ ඔබට ම ය.) [63] [63] අල්බුහාරි, ෆත්හුල් බාරි (2/284) අංක (796).
රබ්බනා වලකල් හම්දු, හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහි
තේරුම- අහස් හා පොළොව ද, ඒ දෙක අතර පිරී ඇති දෑහි ද, මින් පසු ව ද ඔබගේ අභිමතය ඇති සියලු දෑහි ද, සියලු ම ප්‍රශංසා ඔබට ම හිමි ය. කීර්තිය හා ප්‍රශංසාව ලැබීමට සුදුස්සා ඔබ යි. (ඔබේ) ගැත්තන් (වන අප සියලු දෙනා) පැවැසීමට සුදුසු දේ මෙය යි. අප සියලු දෙනා ඔබට ගැත්තෝ වන්නෙමු. යා අල්ලාහ්, ඔබ දුන් දෙයක් වළකාලීමට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමට කිසිවෙකුටත් නොහැක. ඔබේ දඬුවම්වලින් මිදීමට ධනය හෝ කීර්තිය කිසිවෙකුටත් ප්‍රයෝජනවත් නොවන්නේය." [64]. [64] මුස්ලිම් (1/346) අංක (477).
මිල්අස්සමාවාති වල් අර්ළි, වමා බයිනහුමා, වමිල්අ මා ෂිඃත මින් ෂයිඉන් බඃදු. අහ්ලස් සනාඉ වල්මජ්දි, අහක්කු මා කාලල් අබ්දු, වකුල්ලුනා ලක අබ්දුන්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත, වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු
19. සුජූද් අවස්ථාවේ දී කිව යුතු ප්‍රාර්ථනාව.
(මාගේ උත්තරීතර පරිමාධිපති සුවිශුද්ධ ය.)"
සුබ්හාන රබ්බියල් අඃලා තුන් වරක්: [65]. [65] අහ්ලුස් සුනන් සහ අහ්මද්: අබූ දාවුද් අංක (870), අත්තිර්මිදී අංක (262), අන්නසාඊ අංක (1007), ඉබ්නු මාජහ් අංක (897), අහ්මද් අංක (3514). තවදුරටත් සහීහ් තිර්මිදී (1/83) බලන්න.
අපගේ පරමාධිපතියාණනි, ඔබේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ ය. අහෝ දෙවිඳාණනි, මට සමාව දෙනු මැනව! [66]." [66] අල්බුහාරි: අංක (794), මුස්ලිම්: අංක (484). මෙය අංක (34) දරන අංකය යටතේ පෙර සඳහන් කරන ලදි.
(ඔහු අතිපිවිතුරු ය. සුවිශුද්ධ ය. මලාඉකාවරුන් හෙවත් දේව දූතයින්ගේ සහ රූහ් හෙවත් ජිබ්රීල්ගේ පරමාධිපති ඔහු ය.) [67]." [67] මුස්ලිම් (1/533) අංක (487), අබූ දාවුද් අංක (872). මෙය අංක (35) දරන අංකය යටතේ පෙර සඳහන් කරන ලද්දකි.
සුබ්බූහුන්, කුද්දූසුන්, රබ්බුල් මලාඉකති වර්රූහ්
«යා අල්ලාහ්, මම ඔබට සුජූද් කළෙමි, තව ද මම ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි, තව ද මම ඔබට යටත් වීමි, මාගේ මුහුණ වන එය මවා, එය හැඩගන්වා, එහි ඇසීම සහ පෙනීම විවර කළ තැනැත්තාට (මාගේ මුහුණ) සුජූද් කළේය, මැවුම්කරුවන්ගෙන් අතිශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් භාග්‍යවන්ත ය.»[68]. [68] මුස්ලිම් (1/534) හදීස් අංක (771), සහ වෙනත්.
අල්ලාහුම්ම ලක සජද්තු වබික ආමන්තු, වලක අස්ලම්තු, සජද වජ්හිය ලිල්ලදී කලකහූ, වසව්වරහූ, වශක්ක සම්අහු වබසරහු, තබාරකල්ලාහු අහ්සනුල් කාලිකීන්
තේරුම: බලය, පාලනය, උත්තරීතරභාවය හා මහා තේජාන්විතභාවය සතු ඔහු සුවිශුද්ධ ය.[69]. "[69] අබූ දාවුද් (1/230) අංක (873), අන්නසාඊ අංක (1131), අහ්මද් අංක (23980), අල්බානීතුමා විසින් සහීහ් අබූ දාවුද් (1/166) හි එය නිරවද්‍ය බව සනාථ කෙරිණි. මෙහි වාර්තාකරණය පිළිබඳ විස්තර අංක (37) හි ද සඳහන් වී ඇත."
සුබ්හාන දිල් ජබරූති, වල් මලකූති, වල් කිබ්රියාඉ, වල් අළමති
තේරුම: ඒකීය දෙවිඳුනි! මාගේ සියලු ම පාපයන් සඳහා මට සමාව දෙනු මැනව!: එය සුළු හෝ මහා වුව ද, මුල හෝ අවසානයේ වුව ද, බාහිර හෝ අභ්‍යන්තර වුව ද සියලු පාපයන් සඳහා සමාව දෙනු මැනව! [70]. [70] මුස්ලිම් (1/230) අංක (483).
අල්ලාහුම්මග්ෆිර් ලී දන්බී කුල්ලහු: දික්කහු වජිල්ලහු, වඅව්වලහු ව ආකිරහු, වඅලානිය්යතහූ, වසිර්රහූ
තේරුම: ඒකීය දෙවිඳාණෙනි, ඔබේ තෘප්තිය තුළින් මා ඔබගේ කෝපයෙන් ද, ඔබේ ක්ෂමාව තුළින් ඔබේ දඬුවමින් ද මම ආරක්ෂාව පතමි. තව ද ඔබ තුළින් ම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ විසින් ම ඔබ ව ප්‍රශංසා කළාක් මෙන්, මා ඔබට කොතෙක් ප්‍රශංසා කළ ද මට පූර්ණ ලෙස එසේ ප්‍රශංසා කිරීමට නොහැක.[71]. [71] මුස්ලිම් (1/352) අංක (486).
අල්ලාහුම්ම ඉන්නී අඌදු බිරිළාක මින් සකතික, වබිමුආෆාතික මින් උකූබතික, වඅඌදු බික මින්ක, ලා උහ්සී සනාඅන් අලයික. අන්ත කමා අස්නයිත අලා නෆ්සික.
20. සුජූද් ඉරියව් දෙක අතර ඉඳුමෙහි දී කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව! මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව!" [72]. [72] අබූ දාවුද්, 1/231, අංක 874, ඉබ්නු මාජා, අංක 897, තවදුරටත් සහීහ් ඉබ්නු මාජා 1/148 බලන්න.
«යා අල්ලාහ්, මට සමාව දෙනු මැනව! මට අනුකම්පා කරනු මැනව! මට යහමඟ පෙන්වනු මැනව! මාගේ අඩුපාඩු සපුරාලනු මැනව! මට නිරෝගී සුවය ලබා දෙනු මැනව! මට ජීවන සම්පත් ලබා දෙනු මැනව! මා උසස් කරනු මැනව!»[73]. [73] අන්නසාඊ හැර සෙසු සුනන් විද්වතුන් විසින් මෙය වාර්තා වී ඇත. අබූ දාවුද් (1/231) අංක (850), අත්තිර්මිදී අංක (284) සහ (285), ඉබ්නු මාජා අංක (898). තවදුරටත් සහීහ් තිර්මිදී (1/90) සහ සහීහ් ඉබ්නු මාජාහ් (1/148) බලන්න.
අල්ලාහුම්මග්ෆිර් ලී, වර්හම්නී, වහ්දිනී, වජ්බුර්නී, වආෆිනී, වර්සුක්නී, වර්ෆඃනී
21. සුජූද් තිලාවත් හි (අල් කුර්ආනය කියවීමේ දී සජදා කළ යුතු ස්ථාන පෙන්නුම් කරන අවස්ථාවන්වල) කිව යුතු ප්‍රාර්ථනාව
මගේ මුහුණ එය මැවූ, තම බලයෙන් හා ශක්තියෙන් එහි ශ්‍රවණය සහ දෘෂ්ටිය විවර කළ තැනැත්තාට සුජූද් කළේය, මැවුම්කරුවන් අතුරින් අතිශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් භාග්‍යවන්ත ය."
සජද වජ්හිය ලිල්ලදී කලකහු, වෂක්ක සම්අහු, වබසරහු බිහව්ලිහී වකූව්වතිහී ෆතබාරකල්ලාහු අහ්සනුල් කාලිකීන්. (අල්-මුඃමිනූන්: 14) [74] [74]. අත්තිර්මිදී, 2/474, අංක 3425, අහ්මද්, 6/30, අංක 24022, අල්හාකිම් විසින් මෙහි නිවැරදිභාවය තහවුරු කෙරිණ. අද්-දහබී ද එම නිවැරදිභාවයට එකඟ විය. 1/220. අමතර ව සඳහන් කොටස ඔහු සතු වූවකි.
«අහෝ අල්ලාහ්, මේ මඟින් ඔබ අබියස මට කුලියක් ලියා තබනු මැනව! තව ද මේ මඟින් මගෙන් පාපයක් ඉවත් කරනු මැනව! තව ද එය ඔබ අබියස මා වෙනුවෙන් නිධානයක් බවට පත් කරනු මැනව! තව ද ඔබගේ ගැත්තා වූ දාවුද්ගෙන් ඔබ එය පිළිගත්තාක් මෙන් මගෙන් ද එය පිළිගනු මැනව!»[75]. "[75] අත්තිර්මිදී (2/473) අංක (579), අල්හාකිම්. අද්දහබී මෙය නිරවද්‍ය බව පවසා ඇති අතර දහබීතුමා එය සහතික කොට ඇත (1/219)."
අල්ලාහුම්මක්තුබ් ලී බිහා ඉන්දක අජ්රන්, වළඃ අන්නී බිහා විස්රන්, වජ්අල්හා ලී ඉන්දක දුක්රන්, වතකබ්බල්හා මින්නී කමා තකබ්බල්තහා මින් අබ්දික දාවූද්.
22. අත්තෂහ්හුද්
සියලු පැතුමන්, සියලු යාඥාවන් සහ සියලු යහපත් දේ අල්ලාහ් සතු ය. තවද අල්ලාහ්ගේ ශාන්තිය, ආශිර්වාදය හා අභිවෘද්ධිය, නබිවරයාණනි, ඔබතුමාණන් වෙත හිමි වේවා!. තව ද අප සැම වෙත හා අල්ලාහ්ගේ යහපත් දනන් වෙත ද ඇති වේවා! අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවිඳෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන් ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ (අවසාන) දූතයා බවට ද මම සාක්ෂි දරමි.[76] [76] අල්බුහාරි: ෆත්හුල් බාරී (2/311) අංක (831), මුස්ලිම් (1/301) අංක (402).
23. තෂහ්හුදය කීමෙන් පසු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පැවසීම.
«යා අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් නබිතුමාට සහ ඉබ්රාහීම් නබිතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළාක් මෙන් මුහම්මද් නබිතුමාට සහ මුහම්මද් නබිතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කරනු මැනව! නියත වශයෙන්ම ඔබ ප්‍රශංසනීය යි, අතිශයින්ම ගෞරවනීය යි. යා අල්ලාහ්, ඔබ ඉබ්රාහීම් නබිතුමාට සහ ඉබ්රාහීම් නබිතුමාගේ පවුලේ අයට ආශිර්වාද කළාක් මෙන්, මුහම්මද් නබිතුමාට සහ මුහම්මද් නබිතුමාගේ පවුලේ අයට ආශිර්වාද කරනු මැනව! නියත වශයෙන් ම ඔබ ප්‍රශංසනීය යි, අතිශයින් ම ගෞරවනීය යි.»[77]. [77]. අල් බුහාරි: ෆත්හුල් බාරි (6/408) අංක (3370), මුස්ලිම්, අංක (406).
«යා අල්ලාහ්, ඔබ ඉබ්රාහීම්තුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළාක් මෙන් මුහම්මද්තුමාට ද එතුමාගේ භාර්යාවන්ට ද එතුමාගේ පරම්පරාවට ද ශාන්තිය පහළ කරනු මැනව! තව ද ඔබ ඉබ්රාහීම්තුමාගේ පවුලේ අයට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද්තුමාට ද එතුමාගේ භාර්යාවන්ට ද එතුමාගේ පරම්පරාවට ද ආශිර්වාද කරනු මැනව! නියත වශයෙන් ම ඔබ ප්‍රශංසනීය යි, අතිශයින් ම ගෞරවනීය යි.»[78]. [78] අල්බුහාරි: ෆත්හුල් බාරී (6/407) අංක (3369), මුස්ලිම් (1/306) අංක (407), මෙම වදන් පෙළ ඉමාම් මුස්ලිම් සතු වූවකි.
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව අලා අස්වාජිහි ව දුර්රියතිහි, කමා සල්ලෙයිත අලා ආලි ඉබ්රාහීම, ව බාරික් අලා මුහම්මදින් ව අලා අස්වාජිහි ව දුර්රියතිහි, කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම, ඉන්නක හමීදුන් මජීද්.
24. සලාතයේ දී සලාම් දීමට පෙර අවසන් තෂහ්හුදයට පසු කිව යුතු ප්‍රාර්ථනාව.
«යා අල්ලාහ්, සැබවින් ම මම කබ්රයේ (මිනීවළේ) දඬුවමෙන් ද, ජහන්නමයේ (නිරයේ) දඬුවමෙන් ද, ජීවිතයේ සහ මරණයේ පරීක්ෂණයන්ගෙන් ද, මසීහුද් දජ්ජාල්ගේ පරීක්ෂණයේ නපුරෙන් ද ඔබගෙන් රැකවරණය පතමි»[79]. [79] අල්බුහාරි (2/102) අංක (1377), මුස්ලිම් (1/412) අංක (588). මෙම වදන් පෙළ ඉමාම් මුස්ලිම් සතු වූවකි.
තේරුම: අහෝ දෙවිඳුනි, මිනී වළෙහි වේදනාවෙන් ආරක්ෂාව සැබැවින් ම මම ඔබෙන් පතමි. මසීහුද් දජ්ජාල්ගේ අර්බුදයෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ජීවත් ව සිටියදීත්, මරණයෙන් පසුවත් ඇතිවන අර්බුදවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි, පාපයෙන් හා ණයබරින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.[80]. [80]. අල්බුහාරි (1/202) අංක (832), මුස්ලිම් (1/412) අංක (587).
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, ව අඌදුබික මින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්, වඅඌදුබික මින් ෆිත්නතිල් මහ්යා වල්මමාති, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් මඃසමි වල්මග්රමි.
«අහෝ අල්ලාහ්, නියත වශයෙන්ම මම මගේ ආත්මයට බොහෝ සෙයින් අපරාධ කර ගත්තෙමි, තව ද ඔබ හැර අන් කිසිවෙකු පාපයන්ට සමාව දෙන්නේ නැත. එබැවින් ඔබ වෙතින් වූ සමාවකින් මට සමාව දෙනු මැනව! තව ද මට කරුණාව දක්වනු මැනව! නියත වශයෙන් ම ඔබ අතික්ෂමාශීලී ය, පරම කරුණාබරිත ය»[81]. [81]. අල්බුහාරි (8/168) අංක (834), මුස්ලිම් (4/2078) අංක (2705).
අල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී දුල්මන් කතීරන්, වලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත, ෆග්ෆිර් ලී මග්ෆිරතන් මින් ඉන්දික වර්හම්නී, ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්.
«යා අල්ලාහ්, මා පෙර කළ දේට ද, පසු ව කළ දේට ද, රහසින් කළ දේට ද, එළිපිට කළ දේට ද, සීමාව ඉක්මවා කළ දේට ද, මට වඩා ඔබ හොඳින් දන්නා දේට ද මට සමාව දෙනු මැනව! ඉදිරියට ගෙන එන්නා ඔබ ය, පමා කරන්නා ද ඔබ ය. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත»[82]. [82] මුස්ලිම් (1/534) අංක (771).
අල්ලාහුම්මග්ෆිර් ලී මා කද්දම්තු, වමා අක්කර්තු, වමා අස්රර්තු, වමා අඃලන්තු, වමා අස්රෆ්තු, වමා අන්ත අලමු බිහී මින්නී, අන්තල් මුකද්දිමු, ව අන්තල් මුඅක්කිරු ලා ඉලාහ ඉල්ලා අන්ත
තේරුම:- ඒකීය දෙවිඳාණෙනි, ඔබ ව මෙනෙහි කරන්නට ද, ඔබට තුති පුදන්නට ද, අලංකාර ලෙස ඔබට නැමැදුම් කරන්නට ද, මට උදව් කරනු මැනව![83]. [83] අබූ දාවුද් (2/86) අංක (1522), අන්නසාඊ (3/53) අංක (2302), සහීහ් අබූ දාවුද් (1/284) හි සඳහන් හදීසයේ නිරවද්‍යතාව ගැන ඉමාම් අල්බානිතුමා සහතික කොට ඇත.
අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වශුක්රික, වහුස්නි ඉබාදතික.
තේරුම: ඒකීය දෙවිඳාණනි, නියත වශයෙන් ම මම ඔබෙන් මසුරුකමෙන් ආරක්ෂාව පතමි. මම ඔබෙන් බියගුලුකමෙන් ද ආරක්ෂාව පතමි. වයෝවෘද්ධභාවයේ පීඩාකාරීබවින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. තව ද මෙලොව ඇති අර්බුදකාරී පරීක්ෂණවලින් ද, කබ්රය හෙවත් මිනීවළේ වේදනාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. [84]. [84]. අල්බුහාරි, ෆත්හුල් බාරි (6/35) අංක (2822) සහ (6390).
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් බුක්ලි, වඅඌදු බික මිනල් ජුබ්නි, වඅඌදු බික මින් අන් උරද්ද ඉලා අර්දලිල් උමුරි, වඅඌදු බික මින් ෆිත්නතිද් දුන්යා වඅදාබිල් කබ්රි.
තේරුම: දෙවිඳාණනි! නියත වශයෙන්ම මම ඔබෙන් ස්වර්ගය ඉල්ලා සිටින අතර නිරා ගින්නෙන් ආරක්ෂාව ද පතමි.[85]. [85] අබූ දාවුද්, අංක (792), ඉබ්නු මාජහ්, අංක (910). තවදුරටත් සහීහ් ඉබ්නු මාජහ් (2/328) බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ජන්නත වඅඌදුබික මිනන්නාර්
තේරුම:- අහෝ දෙවිඳුනි, අදෘශ්‍යමාන දෑ ගැන වූ ඔබේ දැනුම මගින් හා මැවීම් මත බලපැවැත්වෙන ඔබේ ශක්තිය මගින් මම අයැද සිටිමි. මාගේ මේ ජීවිතය මගේ යහපත් පැවැත්මට හේතුවේ යැයි ඔබ දන්නා කාලය පුරාවට ම මා ජීවත් කරවනු මැනව! මගේ මරණය මට යහපතක් යැයි ඔබ දන්නෙහි නම් මා මරණයට පත්කරනු මැනව! අහෝ දෙවිඳුනි, මා තනි ව සිටිනා විට දී හා අනුන් ඉදිරියේ සිටින විට දී ඔබට බියබැතියෙන් යුතු ව ජීවත්වීමට ප්‍රාර්ථනා කරමි. මා තෘප්තිමත් ව සිටින විටත්, කෝප වී සිටින විටත්, සත්‍ය වදන් ම ප්‍රකාශ කිරීමට මම ඔබෙන් අයැද සිටිමි. ධන ශක්තිය තිබියදීත්, දුගීභාවය ඇති විටදීත්, මැද පිළිවෙතක් අනුගමනය කිරීමට මම ඔබගෙන් අයැද සිටිමි. අසීමිත දායාදයක් මම ඔබෙන් අයැද සිටිමි. මගේ දෑසට නොසන්සිඳෙන සිසිලසක් ලබා දෙන මෙන් අයැද සිටිමි. ඔබේ තීන්දුව ලැබීමෙන් පසු සෑහීමකට පත් වීමේ ශක්තියත්, මරණයෙන් මතු සුගතියෙන් යුතු ජීවිතයත් ඔබගෙන් අයැද සිටිමි. ඔබේ මුහුණ බැලීමේ මිහිරිබවත්, පීඩා ඇති කරන හානියකින් හෝ නොමග යවනසුලු අර්බුදයකින් හෝ තොර ව ඔබව හමුවීමට ඇති ආශාවත් ඔබෙන් අයැද සිටිමි. අහෝ දෙවිඳුනි, විශ්වාසයේ අලංකාරයෙන් අප අලංකාර කරනු මැනව! නිවැරදි මාර්ගය අවබෝධකර ගත්තන් බවට අප පත් කරනු මැනව! [86] [86] අන්නසාඊ (3/54) (55) අංක (1304), අහ්මද් (4/364) අංක (21666). සහීහ් අන්නසාඊ (1/281) හි අල්බානීතුමා මෙහි නිරවද්‍යතාව තහවුරු කර ඇත.
අල්ලාහුම්ම බිඉල්මිකල් ගයිබ වකුද්රතික අලල් කල්කී අහ්යිනී මා අලිම්තල් හයාත කයිරන් ලී, වතවෆ්ෆනී ඉදා අලිම්තල් වෆාත කයිරන් ලී, අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කෂ්යතක ෆිල් ගයිබි වෂ්ෂහාදති, වඅස්අලුක කලිමතල් හක්කි ෆිර්රිළා වල්ගළබි, වඅස්අලුකල් කස්ද ෆිල් ගිනා වල් ෆක්රි වඅස්අලුක නඊමන් ලා යන්ෆදු, වඅස්අලුක කුර්රත අයිනින් ලා තන්කතිඋ, වඅස්අලුකර් රිළා බඃදල් කළාඉ, වඅස්අලුක බර්දල් අය්ෂි බඃදල් මව්ති, වඅස්අලුක ලද්දතන් නළරි ඉලා වජ්හික, වෂ්-ෂව්ක ඉලා ලිකාඉක ෆී ගයිරි ළර්රාඅ මුළිර්රතින්, වලා ෆිත්නතින් මුළිල්ලතින්, අල්ලාහුම්ම සෙzය්යන්නා බිසීzනතිල් ඊමානි, වජ් අල්නා හුදාතන් මුහ්තදීන්.
තේරුම: අහෝ දෙවිඳාණනි, නියත වශයෙන් ම ඔබගෙන් ම මම අයැද සිටිමි යා අල්ලාහ්. ඔබ ඒකීය යි. කිසිදු අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු (අල්ලාහ්) ජනිත නොකළේය. තව ද ජනිත කරනු නොලැබුවේය. ඔහුට සමාන ව කිසිවෙක් නොසිටී. මාගේ සියලු පාපයන් සඳහා ක්ෂමා කරන මෙන් ඔබෙන් අයැද සිටිමි. නියත වශයෙන් ම ඔබ කමා කරන්නා ය. දයාවන්ත ය. [87] [87] අන්නසාඊ, (3/52) අංක (1300), අහ්මද් (4/338) අංක (18974), සහීහ් අන්නසාඊ (1/280) හි අල්බානීතුමා එහි නිරවද්‍යතාව තහවුරු කර ඇත.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක යා අල්ලාහ් බිඅන්නකල් වාහිදුල් අහදුස් සමදුල්ලදී ලම් යලිද් වලම් යූලද්, වලම් යකුන් ලහූ කුෆුවන් අහද්, අන් තග්ෆිර ලී දුනූබි, ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්
තේරුම: අහෝ දෙවිඳාණනි, නිසැක ව ම, සියලු ප්‍රශංසා ඔබට ම හිමි බැවින් ද නැමදුම් ලැබීමට සුදුස්සා ඔබ හැර වෙනත් කිසිවෙකු නොමැති බැවින් ද ඔබෙන් මම අයැද සිටිමි. ඔබ ඒකීය ය. ඔබට කිසිදු හවුල්කරුවෙක් නැත. තව ද, අසීමිත පරිත්‍යාගශීලී ය. අහෝ අහස් හා මහපොළොවේ නිර්මාපකයාණනි, ගෞරවයෙහි සහ මහිමයෙහි හිමිකරුවාණනි, නිත්‍ය ජීවමාන වූ, සදාකාලිකයාණනි, මම ඔබෙන් ස්වර්ගය අයැද සිටිමි. තව ද නිරයෙන් ආරක්ෂාව පතමි." [88] [88]- අහ්ලුල් සුනන් ඉමාම්වරු විසින් මෙය වාර්තා වී ඇත: අබූ දාවුද්, අංක (1495), අත්තිර්මිදී, අංක (3544), ඉබ්නු මාජහ්, අංක (3858), අන්නසාඊ අංක (1299). තවදුරටත් සහීහ් ඉබ්නු මාජහ් (2/329) බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක බිඅන්න ලකල් හම්ද ලා ඉලාහ ඉල්ලා අන්ත වහ්දක ලා ෂරීකලක, අල් මන්නානු, යා බදීඅස් සමාවාති වල් අර්ළි යා දල් ජලාලි වල් ඉක්රාම්, යා හය්යු යා කයියූමූ ඉන්නී අස්අලුකල් ජන්නත වඅඌදුබික මිනන්නාර්.
«යා අල්ලාහ්, නියත වශයෙන්ම ඔබ අල්ලාහ් බවත්, ඔබ හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, ඔබ ඒකීය බවත්, සර්ව අවශ්‍යතා සපුරන්නා බවත්, කිසිවෙකු ව ජාතක නොකළ සහ කිසිවෙකු විසින් ජාතක කරනු නොලැබූ බවත්, තව ද ඔහුට සමාන කිසිවෙකු නොමැති බවත් මා සාක්ෂි දරන බව දක්වමින් මම ඔබෙන් අයද සිටිමි»[89]. [89] අබූ දාවුද් (2/62) අංක (1493), අත්තිර්මිදී (5/515) අංක (3475), ඉබ්නු මාජා (2/1267) අංක (3857), අන්නසාඊ අංක (1300) මෙම වදන් පෙළ මෙතුමා සතු වූවකි, අහ්මද් අංක (18974). අල්බානීතුමා සහීහ් අන්නසාඊ (1/280) හි එය නිවැරැදි බව සහතික කර ඇත. තව ද, සහීහ් ඉබ්නු මාජහ් (2/329), සහ සහීහ් තිර්මිදී (3/163) බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක, බිඅන්නී අෂ්හදු අන්නක අන්තල්ලාහු, ලා ඉලාහ ඉල්ලා අන්ත, අල්අහදුස් සමද්, අල්ලදී ලම් යලිද්, වලම් යූලද්, වලම් යකුන් ලහු කුෆුවන් අහද්.
25. සලාතයේ සලාම් කීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාවන්
«මම අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිමි
අස්තග්ෆිරුල්ලාහ් (තුන් වරක්) තේරුම: යා අල්ලාහ්, ශාන්තිය ඔබ යි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන් ය. ගෞරවනීය වූ ද අභිමානවත් වූ ද ඔබ භාග්‍යවන්ත ය. [90] [90] මුස්ලිම් (1/414) අංක (591).
අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස් සලාම්, තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් [තුන් වරක්] තේරුම: අහෝ දෙවිඳුනි, ඔබ දුන් දෙයක් වළක්වාලන්නට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමටත් කිසිවෙකුට නොහැක. ඔබේ දඬුවම්වලින් මිදීමට ධනය හෝ මහිමය කිසිවෙකුටත් ප්‍රයෝජනවත් වන්නේ නැත. [91] [91] අල්බුහාරි (1/255) අංක (844), මුස්ලිම් (1/414) අංක (593), වරහන් තුළ සඳහන් වූ පාඨය බුහාරි අංක (6473) හි වාර්තා වේ.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහු, වලා නඃබුදු ඉල්ලා ඉයියාහු, ලහුන් නිඃමතු වලහුල් ෆද්ලු වලහුස් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුක්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන් තේරුම: අල්ලාහ් සුවිශුද්ධ ය, සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය, තව ද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය.
සුබ්හානල්ලාහ්, වල්හම්දුලිල්ලාහ්, වල්ලාහු අක්බර් (තිස්තුන් වරක්) (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු බලතල ඔහු සතු ය. ප්‍රශංසා සියල්ල ඔහුට ම ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහු ශක්තිය ඇත්තා ය.) [93] [93] මුස්ලිම් (1/418), අංක (597), එහි මෙසේ ද සඳහන් වේ. "කවරෙකු මෙය සෑම සලාතයකින් පසු කියවන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙන මෙන් (බොහෝ) වුවත් ඒ සඳහා සමාව දෙනු ලැබේ."
(නබිවරය,) ඔබ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් ස්වාධීන ය. ඔහු ජනිත නොකළේය. තව ද ජනිත කරනු නොලැබුවේය. තව ද ඔහුට සමාන කිසිවෙක් නැත. (අල් ඉක්ලාස්: 1-4)
(නබිවරය,) ඔබ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. ඔහු මැවූ දෑහි හානියෙන් ද, තව ද අඳුර පැතිරුණු විට එහි හානියෙන් ද, තව ද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ඔබෙන් ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 1-5)
(නබිවරය,) ඔබ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (ඔහු) මිනිසුන්ගේ රජු ය. (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. කිලිටි කුකුස් ඇති කරන්නා (වූ ෂයිතාන්) ගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) ඔහු මිනිසුන්ගේ සිත් තුළ (සැක සංකා) කුතුහලයන් ඇති කරයි. (මෙවැන්නෝ) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. (අන්-නාස්: 1-6)
සෑම සලාතයකට පසු.[94]. [94] අබූ දාවුද් (2/86) අංක (1523), අත්තිර්මිදී අංක (2903), අන්නසාඊ (3/68) අංක (1335), තවදුරටත් සහීහ් තිර්මිදී (2/8) බලන්න. ඉහත සඳහන් අල් කුර්ආන් පරිච්ඡේද තුන අල්මුඅව්විදාත් යනුවෙන් හඳුන්වනු ලැබේ. ෆත්හුල් බාරි (9/62) බලන්න.
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ (උත්තරීතර) පාපුටුව අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. (අහස හා මහපොළව වන) ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අතිඋත්තරීතර ය. සර්ව බලධාරී ය. (අල් බකරා: 255) සෑම සලාතයකට පසු.[95]. [95] "කවරෙකු සෑම සලාතයකට ම පසු ව මෙය පාරායනය කළේ ද ඔහුගේ මරණය හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට ඇතුළු වීම වළක්වන්නේ නැත" අන්නසාඊ: 'අමලුල් යව්ම් වල්ලයිලා' අංක (100), ඉබ්නුස් සුන්නී අංක (121), අල්බානීතුමා 'සහීහ් අල්-ජාමිඃ' (5/339) හි එය නිවරැදි හදීසයක් බව සහතික කර ඇත. සිල්සිලතුල් අහාදීස් අස්සහීහා (2/697), අංක (972).
අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු පාලන බලතල ඔහු සතු ය. සියලු ප්‍රශංසා ඔහුට ම හිමි ය. ඔහු ජීවත් කරවයි. තව ද මරණයට පත් කරයි. සෑම දෙයක් කෙරෙහි ම බලය ඇත්තා ය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යී වයුමීතු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. සුබ්හු සලාතයෙන් සහ මග්රිබ් සලාතයෙන් පසු 10 වරක් කියන්න. [96]. [96] අත්තිර්මිදීතුමා වාර්තා කර ඇත. (5/515), අංක (3474), අහ්මද් (4/227), අංක (17990), මෙහි වාර්තාකරණය සාදුල් මආද් (1/300) හි බලන්න.
තේරුම: (අහෝ දෙවිඳුනි, ප්‍රයෝජනවත් දැනුම, අනුමත ආහාර හා පිළිගනු ලබන ක්‍රියාව මම ඔබෙන් පතමි.)
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ඉල්මන් නාෆිඅන්, වරිස්කන් තය්යිබන්, වඅමලන් මුතකබ්බලා ෆජ්ර් සලාතයේ දී සලාම් කීමෙන් පසු.[97] [97] ඉබ්නු මාජහ්, අංක (925), 'අමලුල් යව්මි වල්ලයිලා' හි අන්නසාඊ අංක (102). තව ද සහීහ් ඉබ්නු මාජහ් (1/152), මජ්මඋස් සවාඉද් (10/111), අංක (95) බලන්න.
26. (යහපත අපේක්ෂාවෙන් ඉටුකරන) ඉස්තිකාරා සලාතයේ දී කරනු ලබන ප්‍රාර්ථනාව.
ජාබිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දැනුම් දෙන ලද හදීසයක මෙසේ සඳහන් වේ. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් අපට අල්කුර්ආනයේ වදන් කියා දෙන්නා සේ ම, අපේ සියලු ම කටයුතුවල දී අල්ලාහ් දෙවිඳාණන්ගෙන් යහපත් අයැද සිටීමට කියා දී ඇත. මෙය සම්බන්ධයෙන් එතුමාණෝ මෙසේ පැවසූහ. ""ඔබ අතුරින් කිසිවෙක් යම් කාරණයක් අදහස් කරන්නේ නම්, ඔහු අනිවාර්ය (ෆර්ල්) නොවන රකආත් දෙකක් ඉටු කළ යුතු යි. පසු ව මෙසේ පැවසිය යුතු යි:" තේරුම: "අහෝ දෙවිඳාණනි, ඔබගේ දැනුමෙන් මම ඔබෙන් යහපත අපේක්ෂා කරමි. ඔබේ ශක්තියෙන් මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි. ඔබගේ බලමහිමයෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙය යි. ඔබ බලය දරන්නෙහි ය. මම එසේ බලය නොදරමි. ඔබ සියල්ල දනී, මම කිසිවක් නොදනිමි. ඔබ සැඟවුණු දේවල් ගැන මනාව දන්නා ය. අහෝ දෙවිඳාණනි, (මෙහි දී තම අවශ්‍යතාව සඳහන් කළ යුතු යි) මගේ මේ කටයුත්ත, මගේ ආගම, මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවල අවසානයේ එහි ප්‍රතිඵල - එසේ නැතහොත්: මෙලොවට හා මතුලොවට - යහපතක් වනු ඇතැයි ඔබ දන්නෙහි නම්, එය මට සලසා දී, එය මට පහසු කර දෙනු මැනව! පසු ව එහි අභිවෘද්ධිය ඇති කරනු මැනව! ඔබේ දැනුමෙහි මෙම කටයුත්ත මටත් මගේ ආගමටත් මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවලට - එසේ නැතහොත්: මෙලොවට හා මතුලොවට - අයහපත් යැයි ඔබ දන්නෙහි නම්, එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! තව ද යහපත කොතැනක තිබුණ ද එය මට සලසා දෙනු මැනව! ඉන්පසු ඒ ගැන සතුට මට ඇති කරනු මැනව!" [98] [98] අල්බුහාරි (7/162) අංක (1162).
අල්ලාහුම්ම ඉන්නී අස්තකීරුක බිඉල්මික, වඅස්තක්දිරුක බිකුද්රතික, වඅස්අලුක මින් ෆද්ලිකල් අළීම්. ෆඉන්නක තක්දිරු වලා අක්දිරු, වතඃලමු වලා අඃලමු, වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර - (මෙහි දී තම අවශ්‍යතාව සඳහන් කරයි) - කයිරන් ලී ෆී දීනී වමආෂී වආකිබති අම්රී – නැතහොත්: ‘ආජිලිහී වආජිලිහී - ෆක්දුර්හු ලී වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී – නැතහොත්: ‘ආජිලිහී වආජිලිහී – ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් කයිර හයිසු කාන, සුම්ම අර්ළිනී බිහී
මැවුම්කරුවාණන්ගෙන් යහපත අපේක්ෂා කර; විශ්වාසවන්ත මුඃමිනීන්වරුන් සමඟ සාකච්ඡා කර, ඔහුගේ එම තීරණය මත ස්ථාවර ව සිටින්නා පසුතැවෙන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: ...(විවිධ) කටයුතුවල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. ඔබ ස්ථීර කළෙහි නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු...[99] [99] සූරා ආලු ඉම්රාන්: 159.
27. උදේ සහ සවස කිව යුතු දික්ර් හෙවත් සිහිපත් කිරීම් හා යාඥා.
ඔහු ඒකීය ය. තමාගෙන් පසු වෙනත් කිසිදු නබිවරයකු නොමැති තැනැත්තාණන් වන (මුහම්මද් -සල්ලල්ලාහු අලෙහිව සල්ලම්-) හට ශාන්තිය හා සමාදානය හිමිවේවා! [100]." [100] අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ දැනුම් දෙයි. "ෆජ්ර් සලාතයේ සිට හිරු උදාවන තෙක් අල්ලාහ් මෙනෙහි කරන පිරිසක් සමග මා වාඩි වී සිටීම ඉස්මාඊල් (අලෙයිහිස් සලාම්) තුමාගේ දරුවන් සිව්දෙනකු නිදහස් කරනවාට වඩා මට ප්‍රියමනාප ය. තව ද අස්ර් සලාතය අවසානයේ සිට හිරු බසින තෙක් අල්ලාහ් ව මෙනෙහි කරන පිරිසක් සමග මා වාඩි වී සිටීම එවන් වහලුන් සිව් දෙනෙකු නිදහස් කිරීමට වඩා මට ප්‍රියමනාප ය." යනුවෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කර ඇත්තාහ. අබූ දාවුද් අංක (3667), අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කර ඇත. සහීහ් අබූ දාවුද් (2/698).
පලවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි.
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ (උත්තරීතර) පාපුටුව අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. (අහස හා මහපොළව වන) ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අතිඋත්තරීතර ය. සර්ව බලධාරී ය. (අල් බකරා: 255)[101]. "[101] "කෙනෙකු මෙය උදය වරුවේ දී කියවයි නම්, සවස් වරුව දක්වා (නරක) ජින්වරුන්ගේ හානිවලින් ඔහු ආරක්ෂා ලබනු ඇත. කෙනෙකු මෙය සවස් වරුවේ දී කියවයි නම්, පසු දා උදෑසන දක්වා ම ජින්වරුන්ගේ හානිවලින් ඔහු ආරක්ෂා ලබනු ඇත." අල් හාකිම් (1/562), 'සහීහ් තර්ගීබ් වත්තර්හීබ්' (1/273) හි අල්බානිතුමා මෙහි නිරවද්‍යතාවය සනාථ කර ඇත. එතුමා එය අන්-නසාඊ සහ අත්-තබරානි වෙත ආරෝපණය කළ අතර, "අල්-තබරානිගේ වාර්තාදාමය හොඳ ය" යනුවෙන් පැවසීය."
(නබිවරය!) ඔබ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් ස්වාධීන ය. ඔහු ජනිත නොකළේය. තව ද ජනිත කරනු නොලැබුවේය. තව ද ඔහුට සමාන කිසිවෙක් නැත. (අල් ඉක්ලාස්: 1-4)
(නබිවරය,) ඔබ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. ඔහු මැවූ දෑහි හානියෙන් ද, තව ද අඳුර පැතිරුණු විට එහි හානියෙන් ද, තව ද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ඔබෙන් ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 1-5)
(නබිවරය,) ඔබ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (ඔහු) මිනිසුන්ගේ රජු ය. (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. කිලිටි කුකුස් ඇති කරන්නා (වූ ෂයිතාන්) ගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) ඔහු මිනිසුන්ගේ සිත් තුළ (සැක සංකා) කුතුහලයන් ඇති කරයි. (මෙවැන්නෝ) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. (අන්-නාස්: 1-6) තුන් වරක්: [102] [102] "කෙනෙකු මෙය තුන්වරක් උදය හා හවස පවසන්නේ ද මෙය ඔහුගේ සියලු කටයුතුවලට ප්‍රමාණවත් ය." අබූ දාවුද් (4/322) අංක (5082), අත්තිර්මිදී (5/567) අංක (3575). තව ද සහීහ් තිර්මිදී (3/182) ද බලන්න.
«අපි උදෑසන අවදි වීමු, තව ද සියලු ආධිපත්‍යය අල්ලාහ්ට ම අයත් වේ, සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය, අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත, ඔහු ඒකීය ය, ඔහුට කිසිදු සහකරුවෙක් නොමැත, ආධිපත්‍යය ඔහුට ම ය, ප්‍රශංසාව ද ඔහුට ම ය, තව ද ඔහු සියලු දේ කෙරෙහි බලසම්පන්න ය. මාගේ පරමාධිපතියාණෙනි, මෙම දිනයේ ඇති යහපත සහ මින් පසු එළඹෙන යහපත මම ඔබෙන් අයදිමි. තව ද මෙම දිනයේ ඇති අයහපතින් සහ මින් පසු එළඹෙන අයහපතින් මම ඔබගේ ආරක්ෂාව පතමි. මාගේ පරමාධිපතියාණෙනි, කම්මැළිකමෙන් සහ මහලු වියේ දුර්වලතාවයෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි, මාගේ පරමාධිපතියාණෙනි, නිරයේ දඬුවමෙන් සහ මිනීවළේ දඬුවමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි» [103]. [103] මුස්ලිම්, 4/2088, අංක 2723.
අස්බහ්නා ව අස්බහල් මුල්කු ලිල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහු ව අලා කුල්ලි ෂයිඉන් කදීර්, රබ්බි අස්අලුක කෛර මා ෆී හාදල් යව්මි ව කෛර මා බඃදහු, ව අඌදු බික මින් ෂර්රි මා ෆී හාදල් යව්මි ව ෂර්රි මා බඃදහු, රබ්බි අඌදු බික මිනල් කසලි ව සූඉල් කිබරි, රබ්බි අඌදු බික මින් අදාබින් ෆින් නාරි ව අදාබින් ෆිල් කබ්ර්.
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතුයි: «අපි සන්ධ්‍යාවට එළැඹීමූ, සියලු ආධිපත්‍යය අල්ලාහ්ට ම අයත් වූ තත්ත්වයේ සන්ධ්‍යාව උදා විය. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත, ඔහු ඒකීය ය, ඔහුට කිසිදු සහකරුවෙක් නොමැත, ආධිපත්‍යය ඔහුට ම ය, ප්‍රශංසාව ද ඔහුට ම ය, තව ද ඔහු සියලු දේ කෙරෙහි බලසම්පන්න ය. මාගේ පරමාධිපතියාණෙනි, මෙම රාත්‍රියේ ඇති යහපත සහ මින් පසු එළඹෙන යහපත මම ඔබෙන් අයදිමි. තව ද මෙම රාත්‍රියේ ඇති අයහපතින් සහ මින් පසු එළඹෙන අයහපතින් මම ඔබගේ ආරක්ෂාව පතමි. මාගේ පරමාධිපතියාණෙනි, කම්මැළිකමෙන් සහ මහලු වියේ දුර්වලතාවයෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි, මාගේ පරමාධිපතියාණෙනි, නිරයේ දඬුවමෙන් සහ මිනීවළේ දඬුවමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි» [104]. [104] පෙර සඳහන් වූ මූලාශ්‍ර ග්‍රන්ථය.
අම්සෙයිනා වඅම්සල් මුල්කු ලිල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහ්, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, රබ්බි අස්අලුක කයිර මා ෆී හාදිහිල් ලයිලහ්, වකයිර මා බඃදහා, වඅඌදු බික මින් ෂර්රි මා ෆී හාදිහිල් ලයිලහ්, වෂර්රි මා බඃදහා, රබ්බි අඌදු බික මිනල් කසලි වසූඉල් කිබර්, රබ්බි අඌදු බික මින් අදාබින් ෆින් නාරි ව අදාබින් ෆිල් කබ්ර්.
තේරුම: යා අල්ලාහ්, ඔබේ පිහිටෙන් අපි උදෑසනට පිවිසුණෙමු. එලෙස ම ඔබේ පිහිටෙන් සවස් කාලයට ද පිවිසෙන්නෙමු. ඔබේ පිහිට නිසා ම ජීවත් වන්නෙමු. ඔබේ නියමය අනුව මරණයට පත්වන්නෙමු. එක්රැස් කරනු ලබන්නේ ද ඔබ වෙතට ම ය. [105] [105]. අත්තිර්මිදී 5/466, අංක 3391. තවදුරටත් සහීහ් අත්තිර්මිදී 3/142 බලන්න.
අල්ලාහුම්ම බික අස්බහ්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකන් නුෂූර්
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතු යි: තේරුම: යා අල්ලාහ්, ඔබේ පිහිටෙන් අපි සවස් කාලයට පිවිසුණෙමු. එලෙස ම ඔබේ පිහිටෙන් උදෑසනට පිවිසෙන්නෙමු. ඔබේ පිහිට නිසා ම ජීවත් ව සිටින්නෙමු. ඔබේ නියමය අනුව මරණයට පත්වන්නෙමු. නැවත පැමිණෙන්නේ ද ඔබ වෙතට ම ය. [106]. [106] පෙර සඳහන් වූ මූලාශ්‍ර ග්‍රන්ථය.
අල්ලාහුම්ම බික අම්සයිනා වබික අස්බහ්නා වබික නහ්යා වබික නමූතු වඉලයිකල් මසීර්
තේරුම: යා අල්ලාහ්, ඔබ මාගේ පරමාධිපති ය. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නැත. ඔබ මාව මැව්වෙහිය. මම ඔබේ ගැත්තෙක් වෙමි. මම ඔබේ ගිවිසුමට අවනත වී මට හැකි උපරිමයෙන් පොරොන්දු ඉෂ්ට කරමි. මා කළ දෑහි නපුරෙන් මම ඔබගෙන් ආරක්ෂාව පතමි. ඔබ මට ලබා දී ඇති ආශිර්වාදයන් මඟින් මම ඔබ වෙත ම හැරෙන්නෙමි.[107] තව ද මා කළා වූ පාපයන් මම පිළිගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව! නිශ්චය වශයෙන් ම ඔබ හැර පාපයන් සඳහා සමාව දීමට වෙන කිසිවෙක් නැත.[108]. [107] මම ස්ථීර කරමි; තව ද මම පිළිගන්නෙමි. [108] යම් කෙනෙක් සවස් වන විට අචල විශ්වාසයෙන් යුතු ව මෙය පවසා සිටියේ නම්, එදින රාත්‍රියේ ඔහු මිය ගියහොත් ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. උදෑසන ඔහු එය පවසා සිටියේ නම් ද එලෙස ම ය. අල් බුහාරි 7/150, අංක 6306.
තේරුම: අහෝ දෙවිඳාණනි, මා ඔබ ව ද, ඔබේ අර්ෂය ඔසවා දරා සිටින මලක්වරුන් ද, ඔබේ දේවදූතයින් ද, ඔබේ සියලුම මැවීම් මත සාක්ෂි දරමින් ද මම උදය වරුවට පිවිසුණෙමි. ඔබ ම ය අල්ලාහ්. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔබ ඒකීය ය. ඔබට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔබේ ගැත්තා සහ දූතයා ය.
අල්ලාහුම්ම ඉන්නී අස්බහ්තු, උෂ්හිදුක, වඋෂ්හිදු හමලත අර්ෂික, වමලාඉකතික, වජමීඅ කල්කික, අන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්ත වහ්දක ලා ෂරීක ලක, වඅන්න මුහම්මදන් අබ්දුක වරසූලූක. සිව් වතාවක් [109]. "[109] "යමෙක් මෙය උදෑසන හෝ සවස හෝ හතර වරක් කියයි නම්, අල්ලාහ් ඔහු අපායෙන් මුදවා ගනියි." මූලාශ්‍ර ග්රන්ථ අබූ දාවුද්, 4/317, අංක 5071, අල්බුහාරි: 'අල් අදබුල් මුෆ්රද්' අංක 1201, අන්නසාඊ: 'අමලුල් යව්ම් වල්ලයිලා', අංක 9, ඉබ්නු අස්සුන්නී අංක 70. නසාඊ හා අබූ දාවූද්ගේ වාර්තාකරණ දාමය තුළ මෙය හසන් ගණයට අයත් බව අෂ් ෂෙයික් ඉබ්නු බාස්තුමා සඳහන් කර ඇත. 'තුහ්ෆතුල් අක්යාර්' පිටුව 23."
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතු යි: තේරුම: අහෝ දෙවිඳාණනි, මා ඔබ ව ද, ඔබේ අර්ෂය ඔසවා දරා සිටින මලක්වරුන් ද, ඔබේ දේවදූතයින් ද, ඔබේ සියලුම මැවීම් මත සාක්ෂි දරමින් ද මම සන්ධ්‍යා වරුවට පිවිසුණෙමි. ඔබ ම ය අල්ලාහ්. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔබ ඒකීය ය. ඔබට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔබේ ගැත්තා සහ දූතයා ය.
අල්ලාහුම්ම ඉන්නී අම්සයිතු උෂ්හිදුක, වඋෂ්හිදු හමලත අර්ෂික, වමලාඉකතික, වජමීඅ කල්කික, අන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්ත වහ්දක ලා ෂරීක ලක, වඅන්න මුහම්මදන් අබ්දුක වරසූලූක. සිව් වතාවක් [110]. [110] පෙර මූලාශ්‍රය.
තේරුම: යා අල්ලාහ්, මට හෝ ඔබ විසින් මැවූ ඕනෑ ම මැවීමකට උදෑසන ආශිර්වාදයක් පහළ වී ඇත්නම් එය ඔබගෙන් ම ය. ඔබ ඒකීය ය. තව ද ඔබට කිසිදු හවුල්කරුවෙක් නැත. සියලු ප්‍රශංසා හිමි වන්නේ ඔබට ම ය. කෘතඥතාවය ද ඔබට ම ය." [111] [111] මෙම ප්‍රාර්ථනාව කෙනෙක් උදය වරුවේ දී කියයි නම්, ඔහු මුළු දවස පුරාවට ම තුති පුද කිරීම ඉටු කළ අයෙක් වන්නේය. කෙනෙක් මෙම ප්‍රාර්ථනාව හවස් වරුවේ දී කියයි නම්, රාත්‍රී කාලය පුරාවට ම තුති පුද කිරීම ඉටු කළ අයෙක් වන්නේය. අබූ දාවුද් 4/318, අංක 5075, අන්නසාඊ 'අමලුල් යව්මි වල්ලයිලා' අංක 7, ඉබ්නුස් සුන්නී අංක 41, ඉබ්නු හිබ්බාන් (මවාරිද්) අංක 2361. ඉබ්නු බාස්තුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව "තුහ්ෆතුල් අක්යාර්" නම් කෘතියෙහි සඳහන් කර ඇත. පිටු 24.
අල්ලාහුම්ම මා අස්බහ බී මින් නිඃමතින් අව් බිඅහදින් මින් කල්කික, ෆමින්ක වහ්දක ලා ෂරීක ලක, ෆලකල් හම්දු වලකෂ් ෂුක්රු.
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතු යි: තේරුම: යා අල්ලාහ්, මට හෝ ඔබ විසින් මැවූ ඕනෑ ම මැවීමකට සන්ධ්‍යා වරුවේ ආශිර්වාදයක් පහළ වී ඇත්නම් එය ඔබගෙන් ම ය. ඔබ ඒකීය ය. තව ද ඔබට කිසිදු හවුල්කරුවෙක් නැත. සියලු ප්‍රශංසා හිමි වන්නේ ඔබට ම ය. කෘතඥතාවය ද ඔබට ම ය. [112] [112] පෙර සඳහන් වූ මූලාශ්‍ර ග්‍රන්ථය.
අල්ලාහුම්ම මා අම්සා බී මින් නිඃමතින් අව් බිඅහදින් මින් කල්කික, ෆමින්ක වහ්දක ලා ෂරීක ලක, ෆලකල් හම්දු වලකෂ් ෂුක්රු
තේරුම: අහෝ දෙවිඳුනි, මගේ ශරීරයට සුවය දෙනු මැනව! අහෝ දෙවිඳුනි, මගේ ශ්‍රවණයෙහි සුවය දෙනු මැනව! අහෝ දෙවිඳුනි, මගේ පෙනුමෙහි සුවය දෙනු මැනව! ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. අහෝ දෙවිඳුනි, දේවත්වය ප්‍රතික්ෂේප කිරීම හා දරිද්‍රතාවයෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මිනීවළේ වේදනාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත.
අල්ලාහුම්ම ආෆිනී ෆී බදනී, අල්ලාහුම්ම ආෆිනී ෆී සම්ඊ, අල්ලාහුම්ම ආෆිනී ෆී බසරී, ලා ඉලාහ ඉල්ලා අන්ත. අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුෆ්රි, වල් ෆක්රි, වඅඌදුබික මින් අදාබිල් කබ්රි, ලා ඉලාහ ඉල්ලාහ් අන්ත. තුන්වරක් කිව යුතු යි.[113]. [113] අබූ දාවුද්, 4/324, අංක 5092, අහ්මද්, 5/42, අංක 20430, අන්නසාඊ: 'අමලුල් යව්මි වල්ලයිලා' අංක 22, ඉබ්නු සුන්නී, අංක 69, අල් බුහාරි: 'අල් අදබුල් මුෆ්රද්', අංක 701, මහාචාර්ය ඉබ්නු බාස්තුමා මෙය හසන් ගණයට අයත් වාර්තා දාමයකින් යුක්ත බව ප්‍රකාශ කර ඇත. 'තුහ්ෆතුල් අක්යාර්' පිටුව 26.
තේරුම: අල්ලාහ් පමණක් මට ප්‍රමාණවත් වේ. ඔහු හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. (මාගේ සියලු කටයුතු) ඔහු මත ම විශ්වාසය තබා භාර කළෙමි. ඔහු අතිශ්‍රේෂ්ඨ වූ අර්ෂ්හි පරමාධිපති ය.
හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුව අලෙයිහි තවක්කල්තු වහුව රබ්බුල් අර්ෂිල් අළීම්. හත් වරක් කිව යුතුයි.[114]. [114] "කෙනෙක් මෙය හත් වරක් උදේ සවස කියන්නේ නම් ඔහුගේ මරණින් මතු ජීවිතයේ හා මෙලොව ජීවිතයේ වඩාත් වැදගත් ම කරුණුවල දී අල්ලාහ් ප්‍රමාණවත් ය." මෙය ඉබ්නු අස්සුන්නීහි, 71 අංකය යටතේ මර්ෆූඃ ගණයේ වාර්තා දාමයක් සහිත ව වාර්තා වී ඇත. තව ද මෙය අබූ දාවුද් හි 4/321 අංකය යටතේ මව්කූෆ් ගණයේ වාර්තා දාමයක් සහිත ව වාර්තා වී ඇත. ශුඅයිබ් සහ අබ්දුල් කාදිර් අල්අර්නාඌත් වාර්තා දාමයේ නාමාවලිය නිවැරදි යැයි සඳහන් කර ඇත්තෝය. සාදුල් මආද් 2/376 බලන්න.
තේරුම: යා අල්ලාහ්, මොලොව ජීවිතයේ දී හා මරණින් මතු ජීවිතයේ දී සමාව හා සුවය ඔබෙන් අයැද සිටිමි. යා අල්ලාහ් මගේ ආගම, මගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ ධනය සම්බන්ධ කටයුතුවල දී මම ඔබෙන් සමාව හා යහපත ඉල්ලා සිටිමි. යා අල්ලාහ්, මගේ දුර්වලතා වසං කරනු මැනව! මගේ කලකිරීම සමනය කරනු මැනව! මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහළ යනාදි දිශාවන්වල ආරක්ෂාව ලබා දෙනු මැනව! පොළොවට පහළින් විය හැකි අනතුරුවලින් ද මම ඔබගෙන් රැකවරණය පතමි. [115] [115]. අබූදාවුද්, 5074, ඉබ්නු මාජහ්, අංක 3871. තවදුරටත් සහීහ් ඉබ්නු මාජහ් 2/332 බලන්න.
තේරුම: යා අල්ලාහ්, අදෘශ්‍යමාන සහ දෘශ්‍යමාන සියල්ල ගැන ගුප්ත ඥානය ඇත්තාණනි, අහස් හා මහපොළොව මැවූ දෙවිඳාණෙනි, ඔබ සියල්ලෙහි පරමාධිපති සහ එහි පාලකයා ය. නිශ්චිත වශයෙන්ම ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මා තුළ ඇති නපුරෙන් ද, ෂෙයිතාන්ගේ නපුරෙන් ද ෂයිතාන් විසින් මඟපෙන්වන ආදේශ තැබීම, දේවත්ව ප්රතික්ෂේපය වැනි දැයින් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි. මා මට ම නපුරක් සිදු කරගැනීමෙන් ද, මගේ නපුරෙන් තවත් මුස්ලිම් කෙනෙකුට නපුරක් වීමෙන් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි. [116] [116] අත්තිර්මිදී, අංක 3392, අබූ දාවුද්, අංක 5067. තවදුරටත් සහීහ් තිර්මිදී 3/142 බලන්න.
අල්ලාහුම්ම ආලිමල් ගයිබි වෂ්-ෂහාදති ෆාතිරස් සමාවාති වල් අර්ළි, රබ්බ කුල්ලි ෂයිඉන් වමලීකහු, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත, අඌදු බික මින් ෂර්රි නෆ්සී, වමින් ෂර්රිෂ් ෂයිතානි වෂිර්කිහී, වඅන් අක්තරිෆ අලා නෆ්සී සූඅන්, අව් අජුර්රහූ ඉලා මුස්ලිම්.
තේරුම: අහස්හි හෝ පොළොවෙහි හෝ ඔහුගේ නාමය සමඟ කිසි ම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි. ඔහු සර්ව ශ්‍රාවක ය; සර්වඥානී ය.
බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහී ෂයිඋන් ෆිල් අර්ළි වලා ෆිස්සමාඉ වහුවස් සමීඋල් අළීම්. තුන් වරක් [117]. [117] "යමෙක් මෙය උදය වරුවේ දී තුන් වරක් සහ හවස් වරුවේ දී තුන් වරක් කියයි නම්, කිසිවක් ඔහුට හානියක් සිදු කරන්නේ නැත." මූලාශ්‍රය: අබූ දාවුද් (4/323), අංක (5088), අත්-තිර්මිදී (5/465), අංක (3388), ඉබ්නු මාජහ් අංක (3869), අහ්මද් අංක (446). තවදුරටත් සහීහ් ඉබ්නු මාජහ් (2/332) බලන්න. ඉබ්නු බාස්තුමා මෙහි වාර්තා දාමයේ නාමාවලිය හසන් ගණයට අයත් බව සඳහන් කර ඇත. 'තුහ්ෆතුල් අක්යාර්' පිටුව (39).
(මම අල්ලාහ් ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද්තුමාණන් නබිවරයාණන් ලෙසත් මම පිළිගනිමින් එකෙරෙහි තෘප්තිමත් වීමි.)
රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබි මුහම්මදින් ﷺ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) නබිය්යන්. තුන් වරක් කිව යුතු යි. [118]. "[118] "යමෙක් මෙය උදේ වරුවේ දී තුන්වරක් සහ හවස් වරුවේ දී තුන්වරක් කියයි නම්, ඔහු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තෘප්තියට පත් කිරීම අල්ලාහ්ගේ වගකීම වනු ඇත." අහ්මද් 4/337, අංක 18967, අන්නසාඊ: 'අමලිල් යවුම් වල්ලයිලා', අංක 4, ඉබ්නුස් සුන්නී අංක 68, අබූ දාවුද් 4/318, අංක 1531, අත්තිර්මිදී 5/465, අංක 3389, 'තුහ්ෆතුල් අක්යාර්' පිටු අංක 39 හි ඉබ්නු බාස්තුමා විසින් මෙහි වාර්තා දාමය හසන් ගණයට අයත් බව සඳහන් විණි"
තේරුම: සදා ජීවමානී, සදාකාලිකයාණනි, ඔබේ කරුණාවෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මගේ සියලු කටයුතු මනා ව සකසන මෙන් මම ඔබගෙන් අයැද සිටිමි. මගේ ඇසිපිය හෙළන වේලාවක් හෝ මා මටම භාර නොකරනු මැනව. [119] "[119] අල්හාකිම්, අද්දහබී විසින් මෙය සහීහ් ගණයට අයත් බවට අනුමත වී ඇත. (1/545), සහීහ් තර්ගීබ් වත්තර්හීබ් (1/273) බලන්න."
යා හය්යු යා කයියූම්, බිරහ්මතික අස්තගීසු අස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ, වලා තකිල්නී ඉලා නෆ්සී තර්ෆත අයිනින්.
තේරුම:- අපි උදය වරුවට පිවිසුණෙමු. විශ්වයේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ගේ පරමාධිපති බලය ද උදය වරුවට එළඹුනේය. යා අල්ලාහ්, මෙම දවසේ සිදු වෙන්නා වූ යහපත ඔබෙන් අයැද සිටිමි: තව ද එහි ජය, උදව් උපකාරය, ආලෝකය, අභිවෘද්ධිය, සෘජු මාර්ගය, යනාදි සියලු දෑ ඔබෙන් ඉල්ලා සිටිමු. තව ද මෙම දවසේ දී සිදුවිය හැකි නපුරෙන් සහ ඉන්පසු ව ද සිදුවිය හැකි නපුරු දෙයින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. [120] [120] අබූ දාවුද් (4/322) අංකය (5084), 'තහ්කීක් සාදුල් මආද්' (2/373) හි ෂුඅයිබ් සහ අබ්දුල් කාදිර් අර්නාඌත් මෙහි වාර්තා දාමයේ නාමාවලිය හසන් ගණයට අයත් බව සඳහන් කර ඇත්තෝය.
අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහි රබ්බිල් ආලමීන්, අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිර හාදල් යව්මි: ෆත්හහූ, වනස්රහූ, වනූරහු, වබරකතහූ, වහුදාහු, වඅඌදුබික මින් ෂර්රි මා ෆීහි වෂර්රි මා බඃදහ්
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතු යි: තේරුම: අපි හවස් වරුවට පිවිසුණෙමු. විශ්වයේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ගේ පරමාධිපති බලය ද හවස් වරුවට එළඹුනේය. යා අල්ලාහ්, මෙම රාත්‍රියේ සිදු වෙන්නා වූ යහපත ඔබෙන් අයැද සිටිමි: තව ද එහි ජය, උදව් උපකාරය, ආලෝකය, අභිවෘද්ධිය, සෘජු මාර්ගය, යනාදි සියලු දෑ ඔබෙන් ඉල්ලා සිටිමු. තව ද මෙම රාත්‍රියේ දී සිදුවිය හැකි නපුරෙන් සහ ඉන්පසු ව ද සිදුවිය හැකි නපුරු දෙයින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි." [121] [121] පෙර සඳහන් වූ මූලාශ්‍ර ග්‍රන්ථය.
අම්සයිනා වඅම්සල් මුල්කු ලිල්ලාහි රබ්බිල් ආලමීන්, අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිර හාදිහිල් ලයිලති: ෆත්හහා, වනස්රහා, වනූරහා, වබරකතහා, වහුදාහා, වඅඌදුබික මින් ෂර්රි මා ෆීහා වෂර්රි මා බඃදහා
තේරුම: ඉස්ලාම් දහමේ සහජ ස්වභාවය මත ද, පවිත්‍ර වූ වදන මත ද, අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ දහම මත ද, තවද සත්‍ය මත පදනම් ව, මුස්ලිම්වරයෙකු වී, අල්ලාහ්ට කිසිවක් සමාන නොකළ අපගේ පියාණන් වූ නබි ඉබ්රාහිම් තුමාගේ දහම මත ද පිහිටා අපි උදෑසනට පිවිසුණෙමු. [122] [122] අහ්මද්, 3/406, 407, අංක 15360, අංක 15563. තවද, ඉබ්නු සුන්නි: 'ෆී අමලිල් යව්මි වල්ලයිලා' හි අංක 34. තවදුරටත් සහීහ් අල්ජාමිඃ 4/209 බලන්න.
අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාමි, වඅලා කලිමතිල් ඉක්ලාසි, වඅලා දීනි නබියියිනා මුහම්මදින් -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම-, වඅලා මිල්ලති අබීනා ඉබ්රාහීම හනීෆන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකීන්.
හවස් වරුවේ දී මෙසේ පැවසිය යුතු යි: තේරුම: ඉස්ලාම් දහමේ සහජ ස්වභාවය මත ද, පවිත්‍ර වූ වදන මත ද, අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ දහම මත ද, තවද සත්‍ය මත පදනම් ව, මුස්ලිම්වරයෙකු වී, අල්ලාහ්ට කිසිවක් සමාන නොකළ අපගේ පියාණන් වූ නබි ඉබ්රාහිම් තුමාගේ දහම මත ද පිහිටා අපි සවසට පිවිසුණෙමු. [123]. [123] පෙර සඳහන් වූ මූලාශ්‍ර ග්‍රන්ථය.
අම්සයිනා අලා ෆිත්රතිල් ඉස්ලාමි, වඅලා කලිමතිල් ඉක්ලාසි, වඅලා දීනි නබියියිනා මුහම්මදින් -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම-, වඅලා මිල්ලති අබීනා ඉබ්රාහීම හනීෆන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකීන්
තේරුම: අල්ලාහ් සුවිශුද්ධ ය. තව ද සියලු ප්‍රශංසා ඔහුට ම හිමි ය.
සුබ්හානල්ලාහි වබිහම්දිහී සිය වරක්.[124] "[124] «යමෙක් උදය වරුවේ දී සහ හවස් වරුවේ දී සිය වරක් මෙය පාරායනය කරන්නේ නම්, විනිශ්චය දිනයේ දී මේ හා සමාන හෝ මීට අමතර ව කියූ අයෙකු හැර මොහු ගෙන එන දෑට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් වෙනත් කිසිවෙකු ගෙන එන්නේ නැත.» මුස්ලිම් (4/2071) අංක (2692)."
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. දස වරක්[125], එසේ නැතහොත් මැළිකම ඇති වූ අවස්ථාවක එක් වරක්[126]. [125] අන්නසාඊ: 'ෆී අමලිල් යව්ම් වල්ලයිලා' අංක (24). තවදුරටත් සහීහ් අත් තර්ගීබ් වත්තර්හීබ් (1/272), ඉබ්නු බාස්තුමාගේ 'තුහ්ෆතුල් අක්යාර්' පිටුව (44) බලන්න. එමෙන් ම මෙහි මහිමය පිටු අංක (146) හි, හදීස් අංක (255) හි බලන්න. [126] අබූදාවුද් අංක 5077, ඉබ්නු මාජා අංක 3798, අහ්මද් අංක 8719, සහීහ් අත්තර්ගීබ් අත්තර්හීබ් පිටුව අංක 1/270 බලන්න. සහීහ් අබී දාවුද් 3/957 ඉබ්නු මාජහ් අංක 2/331 සාදුල් මආද් 2/377.
තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු බලතල ඔහු සතු ය. ප්‍රශංසා සියල්ල ඔහුට ම ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහු ශක්තිය ඇත්තා ය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. උදෑසන සිය වරක් පවසන්න. [127] "[127] "යමෙක් මෙය එක් දිනක සියවරක් කියයි නම්, වහලුන් දසදෙනෙකු නිදහස් කිරීමේ මහිමයට සමාන ප්‍රතිඵලයක් ඔහුට හිමි වේ. යහඵල සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලබන අතර, පාපක්‍රියා සියයක් ඔහුගෙන් මකාදමනු ලැබේ. එමෙන් ම එදින ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව හවස්වන තුරු ම ඔහුට හිමිවනු ඇත. මීට වඩා වැඩියෙන් සිදු කළ අයෙකු හැර මොහු ගෙන එන දෑට වඩා ශ්‍රේෂ්ඨ කිසිවක් වෙනත් කිසිවකු ගෙන එන්නේ නැත." බුහාරි (4/ 95) අංක (3293), මුස්ලිම් (4/ 2071) අංක (2691)."
තේරුම: ඔහුගේ මැවීම්වල ප්‍රමාණයට, ඔහු තෘප්තිමත් වන ප්‍රමාණයට, ඔහුගේ අර්ෂ්හි බර ප්‍රමාණයට, ඔහුගේ වචනයන්හි ප්‍රමාණයට ඔහුට හිමි ප්‍රශංසාව තුළින් ඔහු සුවිශුද්ධ ය. (ඔහු ව මම සුවිශුද්ධ කරමි.)
සුබ්හානල්ලාහි වබිහම්දිහී: අදද කල්කිහි, වරිළා නෆ්සිහි, වසිනත අර්ෂිහී, වමිදාද කලිමාතිහි. උදෑසන තුන් වරක්. [128] [128] මුස්ලිම්, 4/2090, අංක 2726.
තේරුම: යා අල්ලාහ්, ප්‍රයෝජනවත් දැනුම ද, යහපත් ඵලදායී ජීවන සැපසම්පත් ද, පිළිගනු ලබන ක්‍රියාවන්ද මම ඔබගෙන් අයැද සිටිමි.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ඉල්මන් නාෆිආ, වරිස්කන් තයියිබා, වඅමලන් මුතකබ්බලා උදය වරුවේ දී [129]. [129] ඉබ්නුස් සුන්නී: 'ෆී අමලිල් යව්මි වල්ලෙයිලා' අංක (54), ඉබ්නු මාජා, අංක (925). 'තහ්කීක් සාදුල් මආද්' (2/375) හි ෂුඅයිබ් සහ අබ්දුල් කාදිර් අර්නාඌත් මෙහි වාර්තා දාමයේ නාමාවලිය හසන් ගණයට අයත් බව සඳහන් කර ඇත්තෝය. (73) ඉලක්කම යටතේ මෙය කලින් සඳහන් කර ඇත.
තේරුම: අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ඉල්ලා සිටිමි. තව ද ඔහු වෙතට යොමු වෙමි.
අස්තඃෆිරුල්ලාහ වඅතූබු ඉලෙයිහි. දිනකට සිය වරක් [130]. [130]. අල්බුහාරි: ෆත්හුල් බාරි 11/101, අංක 6307, මුස්ලිම්, 4/2075, අංක 2702.
අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ෂර්රි මා කලක්. හවස් වරුවේ දී තුන් වරක්.[131]. [131]. යමෙක් මෙය සවස් වරුවේ දී තුන්වරක් පාරායනය කර සිටියේ නම්, ඔහුට රාත්‍රී සමයේ දී විසකුරු සතුන්ගෙන් අනතුරක් සිදු නොවන්නේ ම ය. අහ්මද් 2/290 අංක 7898, අන්නසාඊ: 'ෆී අමලිල් යව්මි වල්ලයිලති.' අංක 590, ඉබ්නු සුන්නී අංක 68 යන අය විසින් වාර්තා කර ඇත. තවදුරටත් සහීහ් තිර්මිදී 3/187, සහීහ් ඉබ්නු මාජහ් 2/266 සහ ඉබ්නු බාස් තුමාගේ 'තුහ්ෆතුල් අක්යාර්' පිටුව අංක 45 බලන්න.
තේරුම: අහෝ දෙවිඳුනි, අපගේ නබිවරයාණන් වන මුහම්මද්තුමාණන් හට ශාන්තිය හා සමාදානය පිරිනමනු මැනව!"
අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා නබියියිනා මුහම්මද් දස වරක්.[132] "[132] "කෙනෙක් දහ වතාවක් බැගින් උදේ සවස මට සලවාත් පවසයි නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී මාගේ මැදිහත්වීම ඔහුට ලැබෙනු ඇත." වාර්තා දාමයන් දෙකකින් ඉමාම් තබරානි මෙය වාර්තා කර ඇති අතර ඉන් එකක් හොඳ තත්ත්වයේ පවතී. බලන්න: 'මජ්මඋස් සවාඉද්' (10/120), 'සහීහ් තර්ගීබ් වත්තර්හීබ්' (1/273)."
28. නින්දට යන මොහොතේ කිව යුතු ප්‍රාර්ථනා.
අත්ල දෙක එකට තබා; පසු ව ඒ දෙකෙහි පිඹ; මෙසේ පාරායනය කළ යුතු යි. (නබිවරය,) ඔබ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් ස්වාධීන ය. ඔහු ජනිත නොකළේය. තව ද ජනිත කරනු නොලැබුවේය. තව ද ඔහුට සමාන කිසිවෙක් නැත. (අල් ඉක්ලාස්: 1-4)
(නබිවරය,) ඔබ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. ඔහු මැවූ දෑහි හානියෙන් ද, තව ද අඳුර පැතිරුණු විට එහි හානියෙන් ද, තව ද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ඔබෙන් ආරක්ෂාව පතමි.) (අල් ෆලක්: 1-5)
(නබිවරය,) ඔබ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (ඔහු) මිනිසුන්ගේ රජු ය. (ඔහු) මිනිසුන්ගේ දෙවියා ය. කිලිටි කුකුස් ඇති කරන්නා (වූ ෂයිතාන්) ගේ හානියෙන් (ආරක්ෂාව පතමි.) ඔහු මිනිසුන්ගේ සිත් තුළ (සැක සංකා) කුතුහලයන් ඇති කරයි. (මෙවැන්නෝ) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති. (අන්-නාස්: 1-6)
පසු ව ඔහු හිසෙන්, මුහුණින් හා ඔහුගේ ශරීරයේ ඉදිරි පස දෙසින් ආරම්භ කර ඔහුට හැකි පමණින් ඔහුගේ ශරීරය ඔහුගේ අත් දෙකින් පිරිමැද ගනියි. (මෙසේ තුන් වරක් සිදු කරයි) [133]. [133]. අල්බුහාරි: ෆත්හුල් බාරි 9/62, අංක 5017, මුස්ලිම් අංක 2192.
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේ ය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ (උත්තරීතර) පාපුටුව අහස්හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. (අහස හා මහපොළව වන) ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අතිඋත්තරීතර ය. සර්ව බලධාරී ය. (අල් බකරා: 255)[134] [134]. "කවරෙකු තම නිදියහනට යන අවස්ථාවේ එය පාරායනය කළේ ද ඔහු සමඟ අල්ලාහ්ගෙන් වූ ආරක්ෂයකු නිරන්තරයෙන් ම සිටින අතර ඔහු උදෑසන අවදි වන තෙක් ෂයිතාන් ඔහුට සමීප වන්නේ නැත." අල්බුහාරි: ෆත්හුල් බාරි (4/487), අංක (2311).
තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව ධර්ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝ ම අල්ලාහ් ව ද ඔහුගේ සුර දූතයින් ව ද දේව ග්රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තව ද අපි සවන් දුනිමු. අවනත වූයෙමු. අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තව ද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙත ය යැයි ඔවුහු පැවසුවෝය. අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහි ව ඉපැයූ දෑ ද එයට ය. ‘අපගේ පරමාධිපතියාණනි, අප (යමක්) අමතක කළෙමු නම් හෝ අප වරදක් කළෙමු නම් හෝ අප ව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව! තව ද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නොසලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව! තව ද අපට සමාව දෙනු මැනව! තව ද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරු ය. එබැවින් දේවත්වය ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව!’ (අල් බකරා: 285-286)[135] [135]. “කවරෙකු රාත්‍රියේ එම වැකි දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.” අල්බුහාරී: 'ෆත්හුල් බාරි' (9/94) අංක (4008), මුස්ලිම් (1/554) අංක (807).
«ඔබගේ නාමයෙන්[136] මාගේ පරමාධිපතියාණනි, මම මාගේ ඇලය තැබුවෙමි, තව ද ඔබ මඟින් ම මම එය ඔසවන්නෙමි, එබැවින් ඔබ මාගේ ප්‍රාණය රඳවා ගන්නෙහි නම් එයට කරුණාව දක්වනු මැනව! තව ද ඔබ එය ආපසු එවන්නෙහි නම්, ඔබගේ දැහැමි ගැත්තන් ව ඔබ ආරක්ෂා කරන අයුරින් එය ආරක්ෂා කරනු මැනව!»[137]. "[136]. “කවරෙකු හෝ තම නිදි යහනින් අවදි වී, පසු ව නැවත එම ස්ථානයට යන විටක තම ඇඳුමෙහි ඇතුළු පැත්ත -එහි කෙළවර- අල්ලා එම ඇතිරිල්ල තුන් වරක් ගසා පිරිසිදු කර ගන්න. තව ද ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් පවසන්න. සැබැවින් ම ඔහු ගිය පසු එම ස්ථානයේ පවතින දෑ ඔහු නොදන්නා බැවිනි. ඇල වන විට මෙසේ පැවසිය යුතු යි:..” යනුවෙන් හදීසයේ සඳහන් වේ. [මෙහි 'බිසනිෆති ඉසාරිහී' යන්නෙහි අර්ථය: ඇඳුමෙහි ඇතුළු කෙළවර යන්න යි]. අන්-නිහායා ෆී ගරීබිල් හදීසි වල්-අසර් (සින්ෆ්)." [137]. අල්බුහාරී: 'ෆත්හුල් බාරි' 11/126, අංක 6320, මුස්ලිම්, 4/2084, අංක 2714.
බිස්මික රබ්බී වළඃතු ජන්බී, වබික අර්ෆඃහු, ෆඉන් අම්සක්ත නෆ්සී ෆර්හම්හා, වඉන් අර්සල්තහා ෆහ්ෆල්හා, බිමා තහ්ෆළු බිහී ඉබාදකස් සාලිහීන්.
තේරුම: අහෝ දෙවිඳාණනි, සැබැවින් ම ඔබ ය මාගේ ප්‍රාණය මැව්වේ. ඔබ ය එය අත්පත් කර ගන්නේ. එහි මරණයත් ජීවයත් ඔබ සතු ය. ඔබ එය ජීවත් කරවන්නෙහි නම් ඔබ එය ආරක්ෂා කරනු මැනව! ඔබ එය මරණයට පත්කරන්නෙහි නම් ඔබ එයට සමාව දෙනු මැනව! අහෝ දෙවිඳාණනි, සැබැවින් ම මම ඔබගෙන් ආරක්ෂිත සුවය ඉල්ලා සිටිමි.[138]. [138] මෙය මුස්ලිම් තුමා විසින් (4/2083) හදීස් අංක (2712) යටතේ හා අහ්මද් තුමා විසින් (2/79) හදීස් අංක (5502) යටතේ වාර්තා කරන ලදී.
අල්ලාහුම්ම ඉන්නක කලක්ත නෆ්සී වඅන්ත තවෆ්ෆාහා, ලක මමාතුහා වමහ්යාහා, ඉන් අහ්යයිතහා ෆහ්ෆල්හා, වඉන් අමත්තහා ෆග්ෆිර් ලහා, අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ආෆියහ්
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔබ ඔබේ ගැත්තන් ව නැවත නැගිටුවන දිනයේ දී ඔබේ දඬුවමින් මා ආරක්ෂා [139] කරනු මැනව![140] [139] නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදාගන්නට සූදානම් වන විට එතුමා තම දකුණු අත කම්මුලට යටින් තබා ගනී. පසු ව මෙම ප්‍රාර්ථනාව පවසයි. [140] අබූ දාවුද් 4/311, අංක 5045, මෙය එතුමාගේ වදන් පෙළ යි. අත්තිර්මිදී අංක 3398. තවදුරටත් 'සහීහ් තිර්මිදී' 3/143 හා 'සහීහ් අබී දාවුද්' 3/240 බලන්න.
අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තබ්අසු ඉබාදක
තේරුම: යා අල්ලාහ්, ඔබේ නාමයෙන් මරණය (හෙවත් නින්ද) ට පත් වෙමි. ඔබේ නාමයෙන් ම නැවත ජීවය ලබන්නෙමි. [141]. [141]. අල්බුහාරි: 'ෆත්හුල් බාරී' 11/113, අංක 6324, මුස්ලිම්, 4/2083, අංක 2711.
බිස්මිකල්ලාහුම්ම අමූතු වඅහ්යා.
"සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධ ය)
සුබ්හානල්ලාහ් (තිස් තුන් වරක්), තේරුම: සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය
වල්හම්දු ලිල්ලාහ් (තිස් තුන් වරක්), තේරුම: අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය.
වල්ලාහු අක්බර් (34 වරක්) [142]. "[142]. "කිසිවෙක් හෝ තම නිදියහනට යන අවස්ථාවේ මෙය පවසන්නේ නම් ඔහුට උපස්ථායක සේවකයකු සිටීමට වඩා උතුම් වන්නේය." බුහාරි: 'ෆත්හුල් බාරි' (7/71), අංක (3705), මුස්ලිම් (4/2091), අංක (2726)."
තේරුම: ඒකීය දෙවිඳාණනි, අහස් සතෙහි පරමාධිපතියාණනි, මහපොළොවෙහි පරමාධිපතියාණනි, අතිඋත්තරීතර අර්ෂ්හි පරමාධිපතියාණනි, අපගේ ද සියලු දෑවල ද පරමාධිපතියාණනි, බීජ හා ඇට පැළෙන්නට සලස්වන්නාණනි, තව්රාතය ද ඉන්ජීලය ද ෆුර්කානය ද පහළ කළ දෙවිඳාණනි, සෑම දෙයකින් ම විය හැකි උවදුරුවලින් මිදීමට මම ඔබෙන් ආරක්ෂාව පතමි. මන්ද ඒ සියල්ල (ඔබේ පාලන බලයට නතු කිරීම පිණිස) ඒවායෙහි නළල් කෙස් රොදින් ග්‍රහණය කරගන්නා ඔබ යි. ඒකීය දෙවිඳාණනි, ආරම්භකයාණෝ ඔබ ම ය; ඔබට ප්‍රථමයෙන් කිසිවක් නැත. අවසානවන්තයාණෝ ද ඔබ ම ය; ඔබෙන් පසු ද කිසිවක් නැත. බාහිරින් අබිබවා ඉහළින් ම සිටින්නා ඔබ ම ය; ඔබට ඉහළින් කිසිවක් නැත. අභ්‍යන්තරය අබිබවා සිටින්නා ද ඔබ ම ය; ඔබට පහළින් ද කිසිවක් නැත. ණය බරින් අප ව නිදහස් කරනු මැනව! අන්ත දුගීභාවය තුරන් කර ඇතිහැකි තත්ත්වය ඇති කරනු මැනව! [143] [143] මුස්ලිම් (4/2084) අංක (2713).
අල්ලාහුම්ම රබ්බස්-සමාවාතිස් සබ්ඉ වරබ්බල් අර්ළි, වරබ්බල් අර්ෂිල් අළීමි, රබ්බනා වරබ්බ කුල්ලි ෂයිඉන්, ෆාලිකල් හබ්බි වන්-නවා, වමුන්සිලත් තව්රාති වල් ඉන්ජීලි, වල් ෆුර්කානි, අඌදු බික මින් ෂර්රි කුල්ලි ෂයිඉන් අන්ත ආකිදුන් බිනාසියතිහී, අල්ලාහුම්ම අන්තල් අව්වලු ෆලයිස කබ්ලක ෂයිඋන්, වඅන්තල් ආකිරු ෆලයිස බඃදක ෂයිඋන්, වඅන්තල් ළාහිරු ෆලයිස ෆව්කක ෂයිඋන්, වඅන්තල් බාතිනු ෆලයිස දූනක ෂයිඋන්, ඉක්ළි අන්නද් දයින වඅග්නිනා මිනල් ෆක්රි
තේරුම: අප සැමට ආහාර පාන සපයා; අප තෘප්තිමත් කළ; අපට නවාතැන් ලබා දුන් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමි ය. මූලික අවශ්‍යතා නොමැති ව හා සෙවණක් නොමැති ව කොපමණක දෙනෙක් සිටිත් ද! [144] [144] මුස්ලිම් (4/2085) අංක (2715).
අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනා, වසකානා, වකෆානා, වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවිය.
«යා අල්ලාහ්, අදෘශ්‍යමාන සහ දෘශ්‍යමාන සියල්ල ගැන ගුප්ත ඥානය ඇත්තාණනි, අහස් හා මහපොළොව මැවූ දෙවිඳාණෙනි, ඔබ සියල්ලෙහි පරමාධිපති සහ එහි පාලකයා ය. නිශ්චිත වශයෙන්ම ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මා තුළ ඇති නපුරෙන් ද, ෂෙයිතාන්ගේ නපුරෙන් ද ෂයිතාන් විසින් මඟපෙන්වන ආදේශ තැබීම, දේවත්ව ප්රතික්ෂේපය වැනි දැයින් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි. මා මට ම නපුරක් සිදු කරගැනීමෙන් ද, මගේ නපුරෙන් තවත් මුස්ලිම් කෙනෙකුට නපුරක් වීමෙන් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි.»[145]. [145]. අබූ දාවුද්, 4/317, අංක 5067, අත්තිර්මිදී අංක 3629. තවදුරටත් සහීහ් තිර්මිදී 3/142 බලන්න.
අල්ලාහුම්ම ආලිමල් ගයිබි වෂ්ෂහාදති, ෆාතිරස් සමාවාති වල් අර්ළි, රබ්බ කුල්ලි ෂයිඉන් වමලීකහූ, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත, අඌදු බික මින් ෂර්රි නෆ්සී, වමින් ෂර්රිෂ් ෂයිතානි වෂිර්කිහී, වඅන් අක්තරිෆ අලා නෆ්සී සූඅන්, අව් අජුර්රහූ ඉලා මුස්ලිම්.
අලිෆ් ලාම් මීම් සජ්දා සහ තබාරකල්ලදී බියදිහිල් මුල්ක්, (යන සූරා දෙක) පාරායනය කරන්න.[146]. "[146] අත්තිර්මිදී අංක (3404), අන්නසාඊ 'ෆී අමලිල් යව්මි වල්ලයිලා', අංක (707). සහීහුල් ජාමිඋ (4/255) ද බලන්න."
«යා අල්ලාහ්[147] මම මාගේ ආත්මය ඔබට යටත් කළෙමි, මාගේ කටයුතු ඔබ වෙත භාර කළෙමි, මාගේ මුහුණ ඔබ දෙසට හැරෙව්වෙමි, ඔබ කෙරෙහි ඇති ආශාවෙන් හා බියෙන් යුතු ව මාගේ පිට ඔබ වෙත හේත්තු කළෙමි, ඔබගෙන් මිදීමට හෝ ආරක්ෂා වීමට ඔබ වෙත මිස වෙනත් කිසිදු රැකවරණයක් නොමැත, ඔබ විසින් පහළ කරන ලද ඔබගේ ග්‍රන්ථය ද, ඔබ විසින් එවන ලද ඔබගේ නබිවරයා ද මම විශ්වාස කළෙමි»[148]. [147] “ඔබ ඔබේ නිදියහනට පැමිණෙන්නට සූදානම් වන්නෙහි නම්, සලාතය සඳහා කරන වුළූඃ මෙන් වුළූඃ කර ගන්න. පසු ව ඔබේ දකුණු පසට හාන්සි වී නිදා ගන්න. පසු ව (හදීස් හි සඳහන් ප්‍රාර්ථනාව පවසන්න.)” [148] මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ මිය ගියහොත් සහජ ධර්මතාව මත මිය යනු ඇත." අල් බුහාරි: 'ෆත්හුල් බාරි' (11/113), අංක (6313). මුස්ලිම් (4/2081), අංක (2710).
අල්ලාහුම්ම අස්ලම්තු නෆ්සී ඉලයික, වෆව්වද්තු අම්රී ඉලයික, වවජ්ජහ්තු වජ්හිය ඉලෙයික, වඅල්ජඃතු ළහ්රී ඉලයික, රග්බතන් වරහ්බතන් ඉලයික්, ලා මල්ජඅ වලා මන්ජා මින්ක ඉල්ලා ඉලයික්, ආමන්තු බිකිතාබිකල්ලදී අන්සල්ත, වබිනබියිකල්ලදී අර්සල්ත
29. රාත්‍රී නිදි ඉරියව්වේ දී පෙරළෙන විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. සියල්ල අබිබවා පාලනය කරන්නා ය. අහස්හි සහ පොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද සර්වබලධාරීය. ක්ෂමාව දෙන්නා ය." [149] [149] රාත්‍රියෙහි නිදි ඉරියව්වේ දී එක් පැත්තකින් තවත් පැත්තකට පෙරළෙන විට මෙය කිව යුතු යි. මූලාශ්‍ර ග්රන්ථ: අල්හාකිම්, අද්දහබී විසින් මෙය සහීහ් හදීසයක් බව සහතික වී ඇත. (1/540), අන්නසාඊ: 'අමලුල් යව්ම් වල්ලයිලා' අංක (202), ඉබ්නු සුන්නී අංක (757). තවදුරටත් සහීහ් ජාමිඋ බලන්න. (4/213).
ලා ඉලාහ ඉල්ලල්ලාහුල් වාහිදුල් කහ්හාර් රබ්බුස් සමාවාති වල් අර්ළි වමා බයිනහුමල් අzසීසුල් ගෆ්ෆාර්.
30. නින්දේ දී තිගැස්සීමක් ඇති වූ අවස්ථාවක හා බලාපොරොත්තු සුන් වීමෙන්, දුකෙන් සහ තනිකමෙන් පරීක්ෂාවට ලක් වූ තැනැත්තෙකු ප්‍රාර්ථනා කළ යුත්තේ මෙසේ ය.
තේරුම: අල්ලාහ්ගේ පරිපූර්ණ වචන මඟින් උතුමාණන්ගේ කෝපයෙන් ද උතුමාණන්ගේ දඬුවමෙන් ද උතුමාණන්ගේ හානිදායක ගැත්තන්ගෙන් ද ෂයිතානුන්ගේ පාපකාරී පෙළඹවීම්වලින් ද ෂයිතාන් (මාගේ කටයුතු වෙත) පැමිණිමෙන් ද මම ආරක්ෂාව පතමි. [150] [150] අබූ දාවුද්, 4/12, අංක 3893, අත්තිර්මිදී අංක 3528. සහීහ් තිර්මිදී 3/171 ද බලන්න.
අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් ගළබිහි, වඉකාබිහි, වෂර්රි ඉබාදිහී, වමින් හමසාතිෂ් ෂයාතීනි, වඅන් යහ්ළුරූන්.
31. නිදියමින් සිටිය දී (නරක) සිහිනයක් දුටු විට කළ යුතු කරුණු.
(නරක සිහිනයක දී) වම් පෙදෙසට හැරී තුන් වතාවක් කෙළ ගැසීම (මඳ පමණින් කෙළ ගැසීම හෝ කෙළ නොමැති ව හුළං පිට කරමින් කෙළ ගසන්නාක් මෙන් ඉඟි කිරීම).[151]. [151]. මුස්ලිම් 4/1772 අංක 2261.
තමන් දුටු නරක සිහිනයෙන් සහ ෂයිතාන්ගේ නපුරෙන් අල්ලාහ් තආලාගෙන් (තුන් වතාවක්) ආරක්ෂාව පැතීම.[152]. [152]. මුස්ලිම් (4/1772) (1773) අංක (2261) සහ (2262).
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
"(තමන් දුටු නරක සිහිනය ගැන කිසිවෙකුට නොපැවැසිය යුතු යි.)[153]." [153]. මුස්ලිම් 4/1772, අංක 2261 සහ 2263.
තමන් නිදා සිටි පැත්තෙන් අනිත් පැත්තට හැරී නිදා ගැනීම.[154]. [154]. මුස්ලිම් (4/1773) අංක (2261).
කැමැති නම් නැගිට සලාතය ඉටු කිරීම.[155] [155]. මුස්ලිම් 4/1773 අංක 2263.
32. විත්ර් හි කුනූත් (දුආ) ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, ඔබ යහමඟ පෙන්වූවන් අතරට මට ද යහමඟ පෙන්වනු මැනව! ඔබ සුවය ලබා දුන් අය අතරට මට ද සුවය ලබා දෙනු මැනව! ඔබ භාරකාරත්වය ගත් අය අතරට මාගේ භාරකාරත්වය ද ගනු මැනව! ඔබ මට ලබා දුන් දෑහි මට ආශිර්වාද කරනු මැනව! ඔබ තීරණය කළ දෑහි නපුරෙන් මා ආරක්ෂා කරනු මැනව! මන්ද, නියත වශයෙන් ම තීරණය කරන්නේ ඔබ ය, ඔබට එරෙහි ව කිසිවෙකුට තීරණය කළ නොහැක, නියත වශයෙන් ම ඔබ මිත්‍ර කරගත් කිසිවෙක් නින්දාවට පත් නොවේ, [තව ද ඔබ සතුරුකම් කළ කිසිවෙක් ගෞරවයට පත් නොවේ], අපගේ පරමාධිපතියාණනි, ඔබ භාග්‍යවන්ත ය, තව ද ඔබ අතිඋත්තරීතර ය»[156]. [156]. අස්හාබුස් සුනන් විසින් වාර්තා වී ඇත එනම්: අහ්මද්, අද්දාරමී, අල්බයිහකී, අබූ දාවුද්, අංක 1425, අත්තිර්මිදී අංක 464, අන්නසාඊ අංක 1744, ඉබ්නු මාජාහ් අංක 1178, අහ්මද්, 1718, අද්දාරමී 1592, අල්හාකිම්, 3/172, අල්බයිහකී 2/209, වරහන් තුළ ඇති වදන බයිහකී සතු වූවකි. තවදුරටත් සහීහ් තිර්මිදී 1/144, සහීහ් ඉබ්නු මාජාහ් 1/194, අල්බානීගේ ඉර්වාඋල් ගලීල් 2/172 බලන්න.
අල්ලාහුම්මහ්දිනී ෆීමන් හදයිත්, ව ආෆිනී ෆීමන් ආෆයිත්, ව තවල්ලනී ෆීමන් තවල්ලයිත්, ව බාරික් ලී ෆීමා අතයිත්, ව කිනී ෂර්ර මා කළයිත්; ෆ ඉන්නක තක්ළී ව ලා යුක්ළා අලයික්, ඉන්නහු ලා යදිල්ලු මන් වාලයිත්, ව ලා යඉස්සු මන් ආදයිත්, තබාරක්ත රබ්බනා ව තආලයිත්.
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔබේ තෘප්තිය තුළින් ඔබගේ කෝපයෙන් මම ආරක්ෂාව පතමි. ඔබේ සමාව තුළින් ඔබේ දඬුවමින් මම ආරක්ෂාව පතමි. තව ද ඔබ තුළින් ම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ විසින් ඔබ ගැන ප්‍රශංසා කර ඇත්තාක් මෙන්, ඔබ කෙරෙහි ප්‍රශංසා කිරීමට මට නොහැක. [157] [157]. අස්සුනනුල් අර්බආ සහ අහ්මද්: එනම්, අබූ දාවුද් අංක 1427, අත්තිර්මිදී අංක 3566, අන්නසාඊ අංක 1746, ඉබ්නු මාජහ් අංක 1179, අහ්මද් අංක 751. තවදුරටත් සහීහ් තිර්මිදී 3/180, සහීහ් ඉබ්නු මාජා 1/194, අල් ඉර්වාඃ 2/175 බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අඌදු බිරිළාක මින් සකතික, වබිමුආෆාතික මින් උකූබතික, වඅඌදු බික මින්ක, ලා උහ්සී සනාඅන් අලයික. අන්ත කමා අස්නය්ත අලා නෆ්සික
තේරුම: අහෝ දෙවිඳාණනි, සැබැවින් ම ඔබ ව ම නමදින්නෙමු. ඔබ උදෙසා ම සලාතය සහ (නළල පොළොව මත තබා) සුජූද් කරන්නෙමු. ඔබ වෙතට ම හනික පැමිණෙන්නෙමු. ඔබේ ආශිර්වාදය අපේක්ෂා කරමු. ඔබේ දඬුවමට බියවෙමු. නිශ්චය වශයෙන් ම ප්‍රතික්ෂේප කරන්නන් හට ඔබේ දඬුවම හිමි වේ. අහෝ දෙවිඳාණනි, නිශ්චය වශයෙන්, ඔබේ උදව් උපකාරය ඉල්ලා සිටිමු. පාපයන් සඳහා සමාව ඉල්ලා සිටිමු. යහපත මඟින් ඔබට උපහාර දක්වමු. අපි ඔබ ව ප්‍රතික්ෂේප නොකරමු. ඔබ කෙරෙහි විශ්වාස තබමු. ඔබට යටහත් වෙමු. ඔබ ව ප්‍රතික්ෂේප කරන්නවුන්ගෙන් අපි ඉවත් වෙමු. [158]. [158] මෙම හදීසය ඉමාම් අල් බයිහකී විසින් 'අස් සුනන් අල්කුබ්රා'හි සඳහන් කරන ලදී. එහි වාර්තා දාමයේ නාමාවලිය නිවැරදි ය, (2/211). අෂ්-ෂෙයික් අල් අල්බානී 'ඉර්වාඋල් ගලීල්' නමැති ග්රන්ථයෙහි මෙහි වාර්තා දාමයේ නාමාවලිය නිවැරදි බව ප්‍රකාශ කර ඇත. (2/170), උමර්තුමා මත නැවතුණු මව්කූෆ් ගණයට අයත් හදීසයකි.
අල්ලාහුම්ම ඉය්යාක නඃබුදු, වලක නුසල්ලී වනස්ජුදු, වඉලය්ක නස්ආ වනහ්ෆිදු, නර්ජූ රහ්මතක, වනක්ෂා අදාබක, ඉන්න අදාබක බිල් කාෆිරීන මුල්හික්. අල්ලාහුම්ම ඉන්නා නස්තඊනුක, වනස්තග්ෆිරුක වනුස්නී අලය්කල් කයිර වලා නක්ෆුරුක වනුඃමිනු බික වනක්ළඋ ලක වනක්ලඋ මන් යක්ෆුරුක.
33. විත්රු සලාතයේ දී සලාම් දීමෙන් පසු ව කිව යුතු සිහිපත් කිරීම
(පාරිශුද්ධ වූ අධිපති සුවිශුද්ධ ය.)
සුබ්හානල් මලිකිල් කුද්දූස් තුන් වරක් තුන්වන වර ශබ්ද නගා, තම කටහඬ උස් කරමින් මෙසේ පවසයි: ""රබ්බිල් මලාඉකති වර් රූහ්" (මලාඉකාවරුන් හෙවත් දේව දූතයින්ගේ සහ රූහ් හෙවත් ජිබ්රීල්ගේ පරමාධිපති ඔහු ය.) [159]." [159]. අන්නසාඊ (3/244) අංකය (1734), අද්දාරකුත්නී (2/31), මෙන් ම වෙනත් අය ද වාර්තා කර ඇත්තෝය. වරහන් තුළ ඇති අමතර වදන් අද්දාරකුත්නී සතු වූවකි. (2/31) අංක (02), මෙහි වාර්තා දාමයේ නාමාවලිය නිවැරදි ය. වැඩි විස්තර සඳහා ෂුඅයිබ් අල්අර්නාඌත් සහ අබ්දුල් කාදිර් අල් අර්නාඌත් විසින් තහවුරු කළ 'සාදුල් මආද්' බලන්න. (1/337).
රබ්බිල් මලාඉකති වර්රූහ්
34. දුක හා ශෝකය ඇති වූ විටක කළ යුතු ප්‍රාර්ථනාව
තේරුම: ඒකීය දෙවිඳාණනි, මම ඔබේ ගැත්තා වෙමි; මම ඔබේ ගැත්තාගේ පුත්‍රයා වෙමි; මම ඔබේ ගැති කාන්තාවගේ පුත්‍රයා වෙමි. මාගේ නළල් කෙස් රොද ඔබේ අතේ ය (එනම් මා පිළිබඳ සියලු පාලන බලය ඔබට ම අයිති ය); මා පිළිබඳ සියලු තීන්දු තීරණ ද නියම විය; මා පිළිබඳ නියම වූ ඔබේ දෛවය සර්ව සාධාරණ ය; ඔබ විසින් ඔබ ව නම් කර ඇති ඒ සියලු (උත්තුංග) නාමවලින් ද, නැතහොත් ඔබ පහළ කළ දේව ග්‍රන්ථයේ (සඳහන් ඔබගේ නාමවලින්) ද, නැතහොත් ඔබගේ (මලාඉකා හෝ රසූල් වැනි) මැවීමකට ඔබ ඉගැන්වූ (එම නාමවලින්) ද, නැතහොත් ඔබේ අදෘශ්‍යමාන ඥානයට පමණක් ගෝචර වන (නාමවලින්) ද මා අසනුයේ අල් කුර්ආනය මාගේ හදවතේ වසන්තය බවට ද මාගේ පපුවේ ආලෝකය බවට ද මාගේ පසුතැවිල්ල ද ශෝකය ද ඉවත් කර තුරන් කරන්නක් බවට ද පත් කරන ලෙස ය. [160] [160] අහ්මද් (1/391), අංක (3712), 'සිල්සිලතුල් අහාදීස් අස් සහීහා'හි (1/337) අල්බානිතුමා විසින් මෙය නිවැරැදි බව සහතික කෙරිණි.
අල්ලාහුම්ම ඉන්නී අබ්දුක, ඉබ්නු අබ්දික, ඉබ්නු අමතික, නාසියතී බියදික, මාළින් ෆිය්ය හුක්මුක, අද්ලුන් ෆිය්ය කළාඋක, අස්අලුක බිකුල්ලිස්මින් හුව ලක, සම්මයිත බිහී නෆ්සක, අව් අන්සල්තහූ ෆී කිතාබික, අව් අල්ලම්තහූ අහදන් මින් කල්කික, අව් ඉස්තඃසර්ත බිහී ෆි ඉල්මිල් ගයිබි ඉන්දක, අන් තජ්අලල් කුර්ආන රබීඅ කල්බී, වනූර සද්රී, වජලාඅ හුස්නී, වදහාබ හම්මී
«අහෝ දෙවිඳාණනි, සැබවින්ම මම (සිදු වීමට නියමිත යමක් ගැන වූ) ශෝකයෙන් සහ (සිදු වූ යමක) පසුතැවිල්ලෙන් ද, දුර්වලකමින් සහ කම්මැළිකමින් ද, මසුරුකමින් සහ බියගුලුකමින් ද, ණය බරින් සහ මිනිසුන්ගේ ආධිපත්‍යයට යටත් වීමෙන් ද ඔබගේ ආරක්ෂාව පතමි»[161]. [161] අල්බුහාරි, 7/158, අංකය 2893, නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණෝ අධික ලෙස මෙම ප්‍රාර්ථනාව කියවන්නෙකු ලෙස සිටියහ. බුහාරි: ෆත්හුල් බාරී 11/173, මෙය 137 ඉලක්කම යටතේ බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හම්මි වල් හzසනි, වල් අජ්zසි වල් කසලි, වල් බුක්ලි වල් ජුබ්නි, ව ළලඉද් දයිනි ව ගලබතිර් රිජාල්
35. දුක් කරදර වේදනා දුරු වීම පිණිස වූ ප්‍රාර්ථනාව
තේරුම: අතිශ්‍රේෂ්ඨ වූ ද අතිශයින් ඉවසා සිටින්නා වූ ද අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. අතිමහත් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. අහස්වල පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද කීර්තිමත් අර්ෂ්හි පරමාධිපති වූ ද අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. [162] [162]. අල්බුහාරි (7/154) අංක (6345), මුස්ලිම් (4/2092) අංක (2730).
ලා ඉලාහ ඉල්ලල්ලාහුල් අළීමුල් හලීම්, ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අළීම්, ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්.
තේරුම: ඒකීය දෙවිඳාණනි, මම ඔබේ කරුණාව පතා සිටින්නෙමි; මාගේ කටයුතු මා හට භාර කොට ඇසි පිය හෙළන නිමේෂයකට හෝ ඔබ මා තනි නොකරනු මැනව! මාගේ සියලු කටයුතු විධිමත් කරනු මැනව! ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. [163] [163]. අබූ දාවුද් 4/324 අංකය 5090, අහ්මද් 5/42 අංකය 20430, සහීහ් අබී දාවුද් හි 3/959 අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් ලෙස සඳහන් කර ඇත.
අල්ලාහුම්ම රහ්මතක අර්ජූ, ෆලා තකිල්නී ඉලා නෆ්සී තර්ෆත අයිනින්, වඅස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ, ලා ඉලාහ ඉල්ලා අන්ත
තේරුම: ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. ඔබ සුවිශුද්ධ ය. නියත වශයෙන් ම මම අපරාධකරුවන් අතුරින් කෙනෙක් වූයෙමි. [164] [164]. අත්තිර්මිදී, 5/529, අංක 3505, අල් හාකිම්, මෙය සහීහ් හදීසයක් බව අද්දහබීතුමා සහතික කර අනුමත කර ඇත, 1/505. තවදුරටත් සහීහ් අත්තිර්මිදී 3/168 බලන්න.
ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ළාලිමීන්.
තේරුම: අල්ලාහ් ම ය, අල්ලාහ් ම ය, මාගේ පරමාධිපතියාණන් වනුයේ. මම ඔහුට කිසිවක් ආදේශ නොකරමි." [165] [165]. අබූ දාවුද්, 2/87, අංක 1525, ඉබ්නු මාජා, අංක 3882. තවදුරටත් 'සහීහ් ඉබ්නු මාජා' 2/335 බලන්න.
අල්ලාහු අල්ලාහු රබ්බී ලා උෂ්රිකු බිහී ෂයිඅන්.
36. සතුරෙකු හෝ බලවත් පාලකයෙකු හෝ මුණ ගැසීමට යන අවස්ථාවේ කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔවුන්ගේ බලපෑම් ඉදිරියේ සැබැවින් ම අපි ඔබ ව තබමු. ඔවුන්ගේ හානියෙන් අපි ඔබෙන් ආරක්ෂාව පතමු. [166] [166]. අබූ දාවුද්, 2/89, අංකය 1537, අල් හාකිම් විසින් මෙය නිරවද්‍ය හදීසයක් බව සඳහන් කරනු ලැබී ඇති අතර අද්දහබීතුමා එයට එකඟතාව ප්‍රකාශ කර ඇත, 2/142.
අල්ලාහුම්ම ඉන්නා නජ්අලුක ෆී නුහූරිහිම්, වනඌදු බික මින් ෂුරූරිහිම්
තේරුම: අහෝ දෙවිඳාණනි, මට උර දෙන්නා ඔබ ය. තව ද මගේ උදව්කරු ද ඔබ ය. ඔබගේ උපකාරයෙන් මම (බාධාවන්ගෙන්) වැළකී ක්‍රියා කරමි; ඔබගේ උපකාරයෙන් මම ඉදිරියට යමි; ඔබගේ උපකාරයෙන් මම අරගල කරමි.[167]. [167] අබූ දාවුද් (3/42) අංක (2632), අත්තිර්මිදී (5/572) අංක (3584). තවදුරටත් 'සහීහ් තිර්මිදී' (3/183) බලන්න.
අල්ලාහුම්ම අන්ත අළුදී, වඅන්ත නසීරී, බික අහූලු, වබික අසූලු, වබික උකාතිලු
තේරුම: අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තව ද ඔහු වඩාත් යහපත් භාරකරුවා ය. [168] [168] අල්බුහාරි (5/172) අංක (4563).
හස්බුනල්ලාහු වනිඃමල් වකීල්
37. පාලකයාගේ අපරාධවලට බිය වූ තැනැත්තා කිව යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, අහස් හතේ පරමාධිපතියාණෙනි, අතිමහත් වූ අර්ෂයේ පරමාධිපතියාණෙනි, අසවලාගේ පුත් අසවලාගෙන් ද, ඔබගේ මැවීම් අතුරින් ඔහුගේ සහායකයින්ගෙන් ද, ඔවුන්ගෙන් කිසිවෙකු මට හානියක් කිරීමට ඉක්මන් වීමෙන් හෝ මට එරෙහි ව සීමාව ඉක්මවා යාමෙන් ඔබ මට ආරක්ෂකයෙකු වනු මැනව! ඔබගේ ආරක්ෂාව අතිමහත් ය, ඔබගේ ප්‍රශංසාව උත්කෘෂ්ට ය, තව ද ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත»[169]. [169] 'අල් අදබුල් මුෆ්රද්'හි බුහාරි අංකය (707), 'සහීහ් අදබ් අල්මුෆ්රද්'හි අංක (545) හි අල්බානිතුමා මෙහි වාර්තා දාමය නිවැරදි බව තහවුරු කර ඇත.
අල්ලාහුම්ම රබ්බස් සමවාතිස් සබ්ඉ, වරබ්බල් අර්ෂිල් අළීම්, කුන් ලී ජාරන් මින් ෆුලානිබ්නි ෆුලාන්, වඅහ්සාබිහී මින් කලාඉකික, අන් යෆ්රුත අලයිය අහදුන් මින්හුම් අව් යත්ගා, අzස්zස ජාරුක, වජල්ල සනාඋක, වලා ඉලාහ ඉල්ලා අන්ත්.
තේරුම:- අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය, ඔහුගේ සියලු මැවීම්වලට වඩා ඔහු උත්තරීතර ය. මා හට බිය සහ අවපීඩනය ඇති කරවන දෙයට වඩා අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැති වූ, අහස් හතක් ඔහුගේ අවසරයකින් තොර ව පොළොව වෙතට කඩා වැටීමකින් තොර ව රඳවාගෙන සිටින්නා වූ දෙවිඳාණෙනි, ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතුරින් ඔබගේ යම් දාසයෙකු විසින් ද ඔහුගේ සේනාව, ඔහුගේ අනුගාමිකයින් හා ඔහුට සහාහ දක්වන්නන් විසින් ද මට සිදුවන හානියෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි. දෙවිඳාණනි, ඔබ ඔවුන්ගේ හානියෙන් මා ආරක්ෂා කරන්නෙකු වන්න. ඔබට හිමි ප්‍රශංසාව මහිමාන්විත විය. ඔබේ ආරක්ෂාව අතිඋත්තරීතරය. ඔබේ නාමය ද අතිශයින්ම ආශිර්වාදාත්මක ය. ඔබ හැර වන්දනාමාන ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නොමැත.
අල්ලාහු අක්බර්, අල්ලාහු අ-අzස්zසු මින් කල්කිහී ජමීඅන්, අල්ලාහු අ-අzස්zසු මිම්මා අකාෆු වඅහ්දරු, අඌදු බිල්ලාහිල්ලදී ලා ඉලාහ ඉල්ලා හුව, අල් මුම්සිකිස් සමාවාතිස් සබ්ඉ අන් යකඃන අලල් අර්ළි ඉල්ලා බිඉද්නිහි, මින් ෂර්රි අබ්දික ෆුලානින්, වජුනූදිහි වඅත්බාඉහී වඅෂ්යාඉහී, මිනල් ජින්නි වල් ඉන්සි, අල්ලාහුම්ම කුන් ලී ජාරන් මින් ෂර්රිහිම්, ජල්ල සනාඋක වඅzස්zස ජාරුක වතබාරකස්මුක වලා ඉලාහ ගයිරුක. තුන් වරක්: [170]. [170] 'අල් අදබුල් මුෆ්රද්' හි බුහාරි අංකය (708), 'සහීහ් අදබ් අල්මුෆ්රද්' හි අංක (546) හි අල්බානිතුමා විසින් මෙහි වාර්තා දාමය නිවැරදි බව තහවුරු කරන ලදී.
38. සතුරෙකුට විරුද්ධ ව පවසන ප්‍රාර්ථනාව.
තේරුම: ධර්ම පුස්තකය පහළ කළ, විනිශ්චය ඉතා ඉක්මනින් සිදු කරන, දෙවිඳාණෙනි, සතුරු සේනාව පරාජයට පත් කරනු මැනව! අහෝ දෙවිඳාණෙනි, ඔවුන් පරාජයට පත් කරනු මැනව! තව ද ඔවුන් ත්‍රාසයට සහ අසරණ තත්ත්වයට පත් කරනු මැනව! [171] [171]. මුස්ලිම් (3/1362) අංක (1742).
අල්ලාහුම්ම මුන්zසිලල් කිතාබි, සරීඅල් හිසාබි, ඉහ්zසිමිල් අහ්zසාබ, අල්ලාහුම්මහ්zසිම්හුම් වzසල්සිල්හුම්.
39. යම් කිසි පිරිසක් ගැන බිය වූ අයෙකු කිව යුතු දෑ
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔබේ අභිමතයට අනුව ඔවුන්ට එරෙහි ව ඔබ මට ප්‍රමාණවත් අයෙකු වන්න."[172] [172]. මුස්ලිම්, 4/2300, අංක 3005.
අල්ලාහුම්මක්ෆිනීහිම් බිමා ෂිඃත
40. දේවත්වය කෙරෙහි වූ විශ්වාසය පිළිබඳ ව සැකයක් ඇති වූ අයෙකු කළ යුතු ප්‍රාර්ථනාව.
'අඌදු බිල්ලාහ්' යනුවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව ඔහු පැතිය යුතු ය.[173]. මෙසේ පවසයි: ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. [173] අල්-බුහාරි: ෆත්හුල් බාරි, 6/336, අංක 3276, මුස්ලිම් 1/120, අංක 134.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
හට ගත් සැකය දුරු කිරීමට උත්සාහ කළ යුතු ය.[174]. [174] අල්-බුහාරි: ෆත්හුල් බාරි, 6/336, අංක3276, මුස්ලිම්1/120 අංක134.
(මෙසේ පැවැසිය යුතු යි: 'ආමන්තු බිල්ලාහි වරුසුලිහී' (අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ගැන මම විශ්වාස කළෙමි)[175]. [175]. මුස්ලිම් 1/119-120, අංක 134.
ආමන්තු බිල්ලාහි වරුසුලිහී
(පහත සඳහන් අල්කුර්ආන් වදන කියවීම: ඔහු ප්රාරම්භකයා ය. අවසානවන්තයා ය. දෘශ්‍යමානයා ය. (අදෘශ්‍යමාන) අභ්‍යන්තරයා ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානී ය. (අල්-හදීද්: 3) [176]. [176] අබූ දාවුද්, 4/329, අංක 5110, සහීහ් අබූ දාවුද් 3/962 හි අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කර ඇත.
41.ණය තුරුස්වලින් නිදහස් වීම සඳහා වූ ප්‍රාර්ථනාව
(අහෝ දෙවිඳුනි, ඔබ විසින් තහනම් කළ දෙයින් වැළකී සිටිමින් ඔබ නීත්‍යනුකූල කළ දෙයින් සෑහීමට පත්වීමට කටයුතු කර දෙනු මැනව! මට ඔබෙන් තොර ව අන් අයගෙන් අවශ්‍යතාවක් නොමැති ව ඔබේ ආශිර්වාදයෙන් මා පෝෂණය කරනු මැනව!) [177] [177]. අත්තිර්මිදී (5/560), අංකය (3563). තවදුරටත් සහීහ් අත්තිර්මිදී (3/180) බලන්න.
«අහෝ දෙවිඳාණනි, සැබවින්ම මම (සිදු වීමට නියමිත යමක් ගැන වූ) ශෝකයෙන් සහ (සිදු වූ යමක) පසුතැවිල්ලෙන් ද, දුර්වලකමින් සහ කම්මැළිකමින් ද, මසුරුකමින් සහ බියගුලුකමින් ද, ණය බරින් සහ මිනිසුන්ගේ ආධිපත්‍යයට යටත් වීමෙන් ඔබගේ ආරක්ෂාව පතමි»[178]. [178] අල්බුහාරි (7/158) අංක (2893). (පිටුව 83) අංක (121) යටතේ කලින් සඳහන් වී ඇත.
අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හම්මි වල් හzසනි, වල් අජ්zසි වල් කසලි, වල් බුක්ලි වල් ජුබ්නි, ව ළලඉද් දයිනි ව ගලබතිර් රිජාල්
42. සලාත් අවස්ථාවේ දී සහ අල්කුර්ආනය පාරායනය කරන විට දී චිත්ත කැලඹීම් ඇතිවීමෙන් ආරක්ෂා වීමට කිව යුතු ප්‍රාර්ථනාව.
"අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්," තේරුම: පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම් "වම් දෙසට හැරී තුන්වතාවක් කෙළ ගසන්න." [179]. [179]. මුස්ලිම්, 4/1729, අංක 2203, උස්මාන් ඉබ්නු අබිල් ආස් (රළියල්ලාහු අන්හු) විසින් පවසන ලද හදීසක 'එහි දී මම එසේ කළෙමි. එවිට මගෙන් එය අල්ලාහ් පහ කළේය.' යනුවෙන් සඳහන් ය.
43. තමන්ට යම් කරුණක් අසීරු වූ තැනැත්තා කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම:- අහෝ දෙවිඳාණෙනි, ඔබ ලෙහෙසි පහසු කළේ කුමක් ද, එය හැර වෙනත් කිසිවක් පහසුවන්නේ නැත. තව ද ඔබ අභිමතකරන්නෙහි නම් දුක ද ඔබට තුනී කළ හැක." [180]. [180]. ඉබ්නු හිබ්බාන් ඔහුගේ සහීහ් ග්‍රන්ථයේ, අංක 2427 (මවාරිද්), ඉබ්නු සුන්නී, අංක 351. අල්හාෆිල්තුමා මෙය සහීහ් හදීසයක් බව ප්‍රකාශ කර ඇති අතර අබ්දුල් කාදර් අල් අර්නාඌත් තුමා ද මෙම හදීසය සහීහ් හදීසයක් බව 'අල් අද්කාර් අන් නවවී' පිටුව 106හි සඳහන් කර ඇත.
අල්ලාහුම්ම ලා සහ්ල ඉල්ලා මා ජඅල්තහූ සහ්ලන්, වඅන්ත තජ්අලූල් හzස්න ඉදා ෂිඃත සහ්ලන්
44. යම් පාප ක්‍රියාවක් සිදු කළ අයෙකු කිව යුතු දෑ සහ කළ යුතු කරුණු.
«යම් කිසි ගැත්තෙකු පාප ක්‍රියාවක් සිදු කොට, පසු ව ඔහු නිසියාකාර ව අර්ධ ධෝවනය (වුළූඃ) කර, පසු ව රකආත් දෙකකින් යුත් සලාතයක් ඉටු කර දෙවිඳාණන්ගෙන් ක්ෂමාව අයැද සිටින්නේ නම්, අල්ලාහ් ඔහුට සමාව දෙන්නේ ම ය.»[181]. [181] අබූ දාවුද් (2/86) අංක (1521), අත්තිර්මිදී (2/257) අංක (406), සහීහ් අබූ දාවුද්හි (1/283) අල්බානීතුමා මෙය සහීහ් හදීසයක් බව ප්‍රකාශ කර ඇත.
45. ෂයිතාන් ව නෙරපා හැරීම සහ ඔහුගේ කුකුස්වලින් මිදීම සඳහා කිව යුතු ප්‍රාර්ථනාව
ඔහුගේ උවදුරුවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම [182]. [182]. අබූදාවුද්, 1/203 ඉබ්නු මාජා 1/265 අංක 807, මෙම ප්‍රකාශය 31 වන අංකය යටතේ කලින් සඳහන් වී ඇත. සූරතුල් මුඃමිනූන් 97 සහ 98 වැනි පාඨ දෙක බලන්න.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
(අල් අදාන්) [183]. [183]. මුස්ලිම් (1/291) අංක (389), අල් බුහාරි (1/151) අංක (608).
(අල් කුර්ආන් පාරායනය සහ අල්ලාහ් ව මෙනෙහි කිරීමේ යාඥා).
“නුඹලාගේ නිවෙස් සොහොන් බිම් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පලා යනු ඇත.” [184]. [184] මෙය ඉමාම් මුස්ලිම්තුමා (1/539) හදීස් අංක (780) යටතේ වාර්තා කර ඇත.
ෂයිතාන් ව නෙරපා හරින්නට අදාළ වන තවත් කරුණු වනුයේ, උදේ හා සවස, නින්දට යන විට හා අවදි වන විට, නිවසට පිවිසීමේ දී හා ඉන් බැහැරව යන විට, දේවස්ථානය තුළට ඇතුළු වීමේ දී හා පිටත් වීමේ දී, යනාදි අවස්ථාවලට අදාළ අද්කාර් පැවසීම යි. මෙවන් ආගමානුකූල අද්කාර්වලට අමතර ව නිදා ගන්නා අවස්ථාවේ ආයතුල් කුර්සී, අල්-බකරා පරිච්ඡේදයේ අවසාන වදන් දෙක කියවීම. එසේ ම යමෙකු: තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සියලු පාලන බලය හිමිවනුයේ ඔහුට ම ය. සියලු ප්‍රශංසා හිමිවනුයේ ඔහුට ම ය. ඔහු සෑම දෙයක් කෙරෙහි ම බලය ඇත්තා ය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් සිය වරක් මෙසේ පවසන්නේ ද, එදින මුළුල්ලේ ම ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව ඔහුට හිමිවනු ඇත[185], එමෙන් ම අදානය (සලාතය සඳහා වූ කැඳවුම) ද ෂෙයිතාන් ව පලවා හරිනු ඇත. [185] මෙය ඉමාම් බුහාරිතුමා (4/126) හදීස් අංක (3293) යටතේ වාර්තා කර ඇත.
46. සිය කැමැත්තට අනුව යමක් සිදු නොවන විටක දී සහ දරා ගැනීමේ ශක්තියට වඩා වැඩියෙන් යමක් සිදු වූ විටක දී.
තේරුම: අල්ලාහ්ගේ නියමය යි. ඔහු සිතූ දේ ඔහුගේ කැමැත්ත අනුව සිදු කළේය.[186] [186] “ශක්තිමත් විශ්වාසවන්තයා දුර්වල විශ්වාසවන්තයාට වඩා උතුම් ය. අල්ලාහ් අබියස වඩාත් ප්‍රියමනාප ය. සෑම දෙයක ම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින් ම මම මෙසේ කටයුතු කර තිබුණෙමි නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමය යි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. “එසේ වී නම්” (යැයි පැවසීමෙන් දේව නියමය කෙරෙහි අතෘප්තිමත් වීම හා එය අභියෝගයට ලක් කිරීම වැනි) ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත.” මුස්ලිම් (4/2052), අංක (2664).
47. දරුවෙකු ලැබුණු කෙනෙකුට සුබ පැතීම සහ ඒ සඳහා පිළිතුරු දීම.
තේරුම: අල්ලාහ් ඔබට ප්රදානය කළ එම තිළිණය (එම ළදරුවා) කෙරෙහි ආශිර්වාද කරන සේක්වා! තව ද තිළිණ කළ අල්ලාහ්ට තුති පුද කරන්න. (එම තිළිණය) වර්ධනය වී දීර්ඝායු හිමි වේවා! (ලැබුවාවූ දරු සම්පත තුළින්) ඔබට සමෘද්ධිය ලැබේවා! [187] [187]. අල්හසනුල් බසරීතුමාගේ ප්‍රකාශය තුළින් මෙය සඳහන් වී ඇත. ඉබ්නුල් කයියිම්තුමාගේ තුහ්ෆතුල් මව්දූද් ග්‍රන්ථය බලන්න. පිටුව 20. ඔහු එම ප්‍රකාශයේ මූලාශ්‍රය ඉබ්නුල්-මුන්ධිර්ගේ අල්-අව්සත් ග්‍රන්ථය බව යොමු කළේය.
බාරකල්ලාහු ලක ෆිල් මව්හූබි ලක, වෂකර්තල් වාහිබ, වබලග අෂුද්දහූ, වරුzසික්ත බිර්රහූ. සුබ පැතුම් ලද තැනැත්තා ඔහුට පිළිතුරු දෙමින් මෙසේ පවසයි: තේරුම: "ඔබට අල්ලාහ් ආශිර්වාද කරන සේක්වා! ඔබට අභිවෘද්ධිය ලබා දෙන සේක්වා! අල්ලාහ් ඔබට යහපත් ප්‍රතිඵල පිරිනමන සේක්වා! මෙවැනි (දරු) සම්පතක් ඔබට ද ලැබෙන්නට සලස්වන සේක්වා! ඔබට අධික ලෙස අල්ලාහ්ගෙන් යහපත් ප්‍රතිඵල හිමි වේවා! [188] [188]. අන් නවවීතුමා 'අල් අද්කාර්' නම් ග්‍රන්ථයේ පිටු අංක 349 හි මෙය ප්‍රකාශ කර ඇත. නවවීතුමාගේ සහීහුල් අද්කාර් බලන්න 2/713, කර්තෘ සතු 'දික්ර්, දුආ ඉලාජ් බිර්රුකා' නම් කෘතියෙහි පූර්ණ ලෙස මෙය ප්‍රකාශයට පත් කර ඇත.1/416.
බාරකල්ලාහු ලක වබාරක අලයික වජzසාකල්ලාහු කයිරන්, වරzසකල්ලාහු මිස්ලහූ, වඅජ්zසල සවාබක.
48. දරුවන් සඳහා ආරක්ෂාව පතන ප්‍රාර්ථනාව
ධර්ම දූතයාණෝ (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තම මුණුබුරන් වන අල්-හසන් සහ අල්-හුසයින් (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා වෙනුවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතූහ. තේරුම: අල්ලාහ්ගේ පූර්ණ වදන් තුළින් සියලු ම ෂෙයිතානුන් හා විෂකුරු දෑවලින් මෙන් ම අන්තරාදායක නපුරු ඇස්වල හානිවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. [189]. [189]. අල්බුහාරි (4/119), අංකය (3371), ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හුමා) විසින් දැනුම් දෙන ලද හදීසයක්.
උඊදුකුමා බිකලිමාතිල්ලාහිත් තාම්මාති මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින්, වමින් කුල්ලි අයිනින් ලාම්මතින්.
49. රෝගියෙකුගේ සුවදුක් විමසන අවස්ථාවක කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: කිසිදු උවදුරක් (හෝ අසීරුතාවයක්) නැත. අල්ලාහ් අභිමත කළේ නම් (ඔබේ පව් මකා දමා ඔබ පවිත්‍ර වී) සුවපත් වනු ඇත. [190]. [190]. අල් බුහාරි, ෆත්හුල් බාරි 10/118 අංකය 3616.
ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්
අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අන් යෂ්ෆියක හත් වරක් කිව යුතු යි.[191] [191]. දේව ගැති මුස්ලිම්වරයෙක් රෝගියෙකු හමුවට ගොස්, ඔහුගේ ආයුෂ තිබිය දී මෙම ප්‍රාර්ථනාව 7 වරක් කියයි නම්, නිසැක ව ම ඔහුට සුවය ලැබෙනු ඇත. මූලාශ්‍ර: අත්තිර්මිදී අංක (2083), අබූ දාවුද් අංක (3106). තවදුරටත් සහීහ් තිර්මිදී (2/210) සහ සහීහ් අල්ජාමිඃ (5/180) බලන්න.
50. රෝගියකුගේ සුවදුක් විමසීමේ මහිමය හා වැදගත්කම
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. "«මුස්ලිම්වරයෙක් තම මුස්ලිම් සොහොයුරයකුගේ සුවදුක් විමසීමට යන විටක හෙතම ඔහු හමු වී අසුන් ගන්නා තුරු ස්වර්ගයේ පළතුරු උයනක් අතුරින් ගමන් කරන්නේය. ඔහු වාඩි වූ විගස අල්ලාහ්ගේ කරුණාව හෙවත් රහ්මතය ඔහු ව ආවරණය කර ගනී. ඔහු රෝගියා ව බලන්නට ගියේ උදය වරුවක නම් සන්ධ්‍යා වරුව දක්වා මලාඉකාවරු හැත්තෑ දහසක් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරති. තව ද ඔහු රෝගියා ව බැලීමට ගියේ සවස් වරුවක නම් උදෑසන දක්වා මලාඉකාවරු හැත්තෑ දහසක් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරති.» [192]." [192]. අත්තිර්මිදී, අංක (969), ඉබ්නු මාජා, අංක (1442), අහ්මද් අංක (975). තවදුරටත් සහීහ් ඉබ්නු මාජා (1/244), සහීහ් තිර්මිදී (1/286) බලන්න. අහ්මද් ෂාකිර්තුමා විසින් මෙය සහීහ් හදීසක් බව ප්‍රකාශ කරන ලදී.
51. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු සුන් කරගත් රෝගියෙකු කිව යුතු ප්‍රාර්ථනාව
ඒකීය දෙවිඳාණනි, මට සමාව දෙනු මැනව! මට කරුණාව දක්වනු මැනව! උත්තරීතර සහායක සමඟ මා ද එකතු කරනු මැනව! [193]. [193]. අල්බුහාරි, 7/10, අංක 4435, මුස්ලිම්, 4/1893 අංක 2444.
අල්ලාහුම්මග්ෆිර් ලී, වර්හම්නී, වඅල්හික්නී බිර්-රෆීකිල් අඃලා
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම මරණ අවස්ථාවේ තම දෙඅත් ජලයෙන් තෙමා තම මුහුණට තවරමින් මෙසේ පවසන්නට වූහ: «අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත
ලා ඉලාහ ඉල්ලල්ලාහ් "නියත වශයෙන් ම මරණයට වේදනාවක් ඇත." [194]. [194]. අල්බුහාරි: ෆත්හුල් බාරී 8/144, අංකය 4449, මෙම හදීසයේ සිවාක් හෙවත් දත් පිරිසිදු කිරීම ගැන ද සඳහන් වී ඇත.
(අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත; අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත; ඔහු ඒකීය ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත; ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවෙක් නැත. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත; පාලන බලය හිමි වන්නේ ඔහුට ම ය. ප්‍රශංසා සියල්ල ඔහුට ම හිමි ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත; අල්ලාහ්ගෙන් හැර කිසිදු බලයක් හෝ ශක්තියක් හෝ වෙනත් කිසිවෙකුට නැත.)[195]. [195] අත්තිර්මිදී: අංක (3430), ඉබ්නු මාජහ්: අංක (3794), අල්බානීතුමා මෙහි නිවැරදිභාවය තහවුරු කර ඇත. තවදුරටත් සහීහ් අත් තිර්මිදී (3/152) සහ සහීහ් ඉබ්නු මාජහ් (2/317) බලන්න.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලා ඉලාහ ඉල්ලල්ලාහු ලහුල් මුල්කු වලහුල් හම්දු, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්
52. මරණාසන්නයට පත් කෙනෙකුට කියා දිය යුතු දේ.
«කවරෙකුගේ අවසන් වදන මෙය වන්නේ ද, එනම්: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත
ලා ඉලාහ ඉල්ලල්ලාහ් ඔහු ස්වර්ගයට පිවිසෙන්නේය”[196]. [196] අබූ දාවුද්, 3/190, අංක 3116. තවදුරටත් සහීහුල් ජාමිඃ 5/432 බලන්න.
53. කෙනෙකුට (දුකක්, කරදරයක්, අහිමි වීමක් වැනි) විපතක් ඇති වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම:- නියත වශයෙන්ම අපි අල්ලාහ්ට ම අයත් වූවෝ වෙමු. ඔහු වෙත ම නැවත පිය නගන්නෝ වෙමු. අහෝ අල්ලාහ්, මා විඳින මේ විපතෙහි මට ප්‍රතිඵල ලබා දෙනු මැනව! මීට වඩා යහපත් තත්ත්වයක් පසුවට මට පිරිනමනු මැනව! [197]. [197]. මුස්ලිම් (2/632) අංක (918).
ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන්, අල්ලාහුම්මඃජුර්නී ෆී මුසීබතී වඅක්ලිෆ් ලී කයිරන් මින්හා.
54. මිය ගිය අයෙකුගේ දෑස් වසා දමන විට කිව යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, අසවලාට (ඔහුගේ නම ප්‍රකාශ කිරීම) සමාව දෙනු මැනව! යහමඟ ලැබූවන් අතර ඔහුගේ තත්ත්වය උසස් කරනු මැනව! ඔහුගෙන් පසු ඉතිරි වූවන් අතර ඔහුගේ පරම්පරාවට ඔබ රැකවරණය දෙනු මැනව! සකල විශ්වයෙහි පරමාධිපතියණෙනි, අපට ද ඔහුට ද සමාව දෙනු මැනව! ඔහුගේ කබරය ඔහු වෙනුවෙන් පුළුල් කරනු මැනව! තව ද එහි ඔහුට ආලෝකය ලබා දෙනු මැනව!»[198]. [198]. මුස්ලිම් (2/634) අංක (920).
අල්ලාහුම්මග්ෆිර් ලිෆුලානින් (නම ප්‍රකාශ කිරීම) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දිය්යීන්, වක්ලුෆ්හු ෆී අකිබිහි ෆිල් ගාබිරීන්, වග්ෆිර් ලනා වලහූ යා රබ්බල් ආලමීන්, වෆ්සහ් ලහු ෆී කබ්රිහි, වනව්විර් ලහු ෆීහි.
55. ජනාසා සලාතයක දී මිය ගිය ඇත්තන් වෙනුවෙන් කළ යුතු ප්‍රාර්ථනාව
(අහෝ දෙවිඳුනි, ඔහුට සමාව දෙනු මැනව! ඔහුට කරුණා කරනු මැනව! ඔහුට (දඬුවම්වලින් මිදීමට) ආරක්ෂාව ලබා දෙනු මැනව! ඔහුගේ වැරදි මකා දමනු මැනව! ඔහුගේ නවාතැන ගෞරවයෙන් යුක්ත කර දෙනු මැනව! ඔහුගේ ප්‍රවේශ ස්ථානය පුළුල් කර දෙනු මැනව! ඔහු ජලයෙන්, හිමෙන් සහ පිනිදියෙන් පිරිසිදු කරනු මැනව! සුදු ඇඳුමකින් කිලිටි පිරිසිදු කරන්නා සේ ඔහුගේ පාප පිරිසිදු කරනු මැනව! තව ද ඔහුට ඔහුගේ නිවසට වඩා හොඳ නිවසක්, ඔහුගේ පවුලට වඩා හොඳ පවුලක්, ඔහුගේ කලත්‍රයාට වඩා හොඳ කලත්‍රයෙක් ලබා දෙනු මැනව! ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරනු මැනව! ඔහුව කබ්රයේ දඬුවමෙන් [හා අපා ගින්නේ දඬුවමෙන්] ආරක්ෂා කර දෙනු මැනව!)[199]. [199]. මුස්ලිම් (2/663) අංක (963).
අල්ලාහුම්මග්ෆිර් ලහූ වර්හම්හු, වආෆිහී, වඃෆු අන්හු, වඅක්රිම් නුzසුලහු, වවස්සිඃ මුද්කලහූ, වග්සිල්හු බිල්මාඉ වස්සල්ජි වල්බරද්, වනක්කිහී මිනල් කතායා කමා නක්කයිතස් සව්බල් අබ්යළ මිනද්දනස්, වඅබ්දිල්හු දාරන් කයිරන් මින් දාරිහී, වඅහ්ලන් කයිරන් මින් අහ්ලිහී, වසව්ජන් කයිරන් මින් සව්ජිහි, වඅද්කිල්හුල් ජන්නත, වඅඉද්හු මින් අදාබිල් කබ්ර් [වඅදාබින් නාර්]
«යා අල්ලාහ්, අපගේ ජීවතුන් අතර සිටින්නන්ටත් අපගේ මියගිය අයටත්, අප අතුරින් මෙහි පැමිණ සිටින්නන්ටත් නොපැමිණි අයටත්, අපගේ කුඩා අයටත් වැඩිහිටියන්ටත්, අපගේ පිරිමින්ටත් කාන්තාවන්ටත් සමාව ලබා දෙනු මැනව! යා අල්ලාහ්, ඔබ අප අතුරින් යමෙකු ජීවත් කරවන්නෙහි නම්, ඔහු ව ඉස්ලාමය මත ජීවත් කරවනු මැනව! තව ද ඔබ අප අතුරින් යමෙකු මරණයට පත් කරන්නෙහි නම්, ඔහු ව ඊමානය මත මරණයට පත් කරවනු මැනව! යා අල්ලාහ්, මොහුගේ (මරණය හා බැඳි වගකීම් ඉටු කිරීමෙන් හිමි වන) ප්‍රතිඵල අපට අහිමි නොකරනු මැනව! තව ද ඔහුට පසු අප ව නොමඟ නොයවනු මැනව!»[200]. [200] අබූ දාවුද් අංක (3201), අත්තිර්මිදී අංක (1024), අන්නසාඊ අංක (1985), ඉබ්නු මාජා (1/480) අංක (1498), අහ්මද් (2/368) අංක (8809). තවදුරටත් සහීහ් ඉබ්නු මාජා (1/251) බලන්න.
අල්ලාහුම්මග්ෆිර් ලිහයියිනා වමයියිතිනා, වෂාහිදිනා වගාඉබිනා, වසගීරිනා වකබීරිනා, වදකරිනා වඋන්සානා, අල්ලාහුම්ම මන් අහ්යයිතහු මින්නා ෆඅහ්යිහි අලල් ඉස්ලාම්, වමන් තවෆ්ෆයිතහු මින්නා ෆතවෆ්ෆහු අලල් ඊමාන්, අල්ලාහුම්ම ලා තහ්රිම්නා අජ්රහූ, වලා තුළිල්ලනා බඃදහ්
«යා අල්ලාහ්, සැබවින් ම අසවලාගේ පුත් අසවලා ඔබගේ භාරයේ ද, ඔබගේ ආරක්ෂාව නමැති රැහැනේ ද සිටියි. එබැවින් කබ්රයේ පරීක්ෂණයෙන් ද, නිරයේ දඬුවමෙන් ද ඔහු ව ආරක්ෂා කරනු මැනව! තව ද ඔබ ප්‍රතිඥාව ඉටුකරන්නා හා සත්‍යවන්තයා වන්නෙහිය. එබැවින් ඔහුට සමාව දී ඔහුට කරුණාව දක්වනු මැනව! සැබවින් ම ඔබ අතික්ෂමාශීලී ය, මහා කරුණාන්විත ය.»[201]. [201]. වාර්තාකරු: ඉබ්නු මාජා, අංක 1499. තවදුරටත් සහීහ් ඉබ්නු මාජා, 1/251 බලන්න. අබූ දාවුද්තුමා ද මෙය වාර්තා කර ඇත. 3/211, අංක 3202.
අල්ලාහුම්ම ඉන්න ෆුලාන බ්න ෆුලානින් ෆී දිම්මතික, වහබ්ලි ජිවාරික, ෆකිහි මින් ෆිත්නතිල් කබ්රි, වඅදාබින් නාරි, වඅන්ත අහ්ලුල් වෆාඉ වල් හක්කි, ෆග්ෆිර් ලහූ වර්හම්හු ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්.
අහෝ දෙවිඳාණෙනි, ඔබේ ගැත්තෙකු සහ ගැත්තියකගේ පුතණුවන් වෙත ඔබේ කරුණාව අවශ්‍ය වී ඇත. ඔහුට දඬුවම් කිරීමට අවශ්‍යතාවක් ඔබට නැත. ඔහු යහපත් අයෙක් නම් ඔහුගේ යහපත් ක්‍රියාවල ප්‍රතිඵල වැඩි කරනු මැනව! ඔහු පව් කාරයෙක් නම්, (ඔහුට සමාව දී) එයින් ඔහු ව නිදහස් කරනු මැනව! [202] "[202]. අල්හාකිම් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. අද්දහබීතුමා එහි නිරවද්‍යභාවය සහතික කර එය සනාථ කර ඇත. (1/359). තවදුරටත් අල්බානිතුමාගේ 'අහ්කාමුල් ජනාඉස්'හි පිටුව 125 බලන්න."
අල්ලාහුම්ම අබ්දුක වබ්නු අමතික ඉහ්තාජ ඉලා රහ්මතික, ව අන්ත ගනිය්යුන් අන් අදාබිහී, ඉන් කාන මුහ්සිනන් ෆzසිද් ෆී හසනාතිහී, වඉන් කාන මුසීඅන් ෆතජාවzස් අන්හු.
56. ළදරු ජනාසා සලාතයක දී ළදරුවා වෙනුවෙන් කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අහෝ දෙවිඳාණනි, මිනීවළෙහි වේදනාවෙන් මොහු ආරක්ෂා කරනු මැනව! [203]. [203]. (සඊද් ඉබින් අල්-මුසයියිබ්තුමා මෙසේ පැවසුවේය. කිසිදු පාපයක් සිදු නොකළ දරුවකු වෙනුවෙන් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ඉටුකළ ජනාසා සලාතයේ දී මා ද ඔහු පිටුපසින් සිට සලාතය ඉටු කළෙමි. එවිට එතුමා විසින් කරන ලද ඉහත යාච්ඤාවට මම සවන් දුන්නෙමි.) මෙම හදීසය මාලික්තුමා විසින් 'අල්මුවත්තා' හි (1/288), ඉබ්නු අබී ශයිබා (3/217) සහ අල් බයිහකී (4/9), වාර්තා කර ඇත්තෝය. මෙහි ඉස්නාද් හෙවත් වාර්තා දාමය නිවැරදි බව සුඅයිබ් අල් අර්නඌත් තුමා (බගවීතුමාට අයත් ෂරහ් සුන්නාහ් ග්රන්ථයෙහි) (5/357) ප්‍රකාශ කර ඇත.
අල්ලාහුම්ම අඉද්හු මින් අදාබිල් කබ්රි
තව ද මෙසේ පැවසුවේ නම්: «යා අල්ලාහ්, මොහු ව ඔහුගේ දෙමාපියන්ට පෙරටුව යන ප්‍රතිඵලයක් සහ තැන්පත් කළ නිධානයක් බවට ද, පිළිගනු ලබන මැදිහත්කරුවෙකු බවට ද පත් කරනු මැනව! යා අල්ලාහ්, මොහු මඟින් ඔවුන් දෙදෙනාගේ තුලාව බරින් යුක්ත කරනු මැනව! තව ද මොහු මගින් ඔවුන් දෙදෙනාගේ ප්‍රතිඵල ශ්‍රේෂ්ඨ කරනු මැනව! තව ද මොහු ව දැහැමි විශ්වාසවන්තයින් සමඟ එක් කරනු මැනව! තව ද මොහු ව ඉබ්රාහීම්තුමාගේ භාරකාරීත්වය යටතේ පත් කරනු මැනව! තව ද ඔබගේ දයාවෙන් නිරයේ දඬුවමින් මොහු ව ආරක්ෂා කරනු මැනව! තව ද ඔහුගේ නිවසට වඩා උතුම් වූ නිවසක් ද, ඔහුගේ පවුලට වඩා උතුම් වූ පවුලක් ද ඔහුට ලබා දෙනු මැනව! යා අල්ලාහ්, අපගේ මුතුන්මිත්තන්ට ද, අපට පෙර වියෝ වූ දරුවන්ට ද, අපට පෙර විශ්වාසය තැබූ අයට ද සමාව දෙනු මැනව!»
අල්ලාහුම්මජ්අල්හු ෆරතන් ව දුක්රන් ලිවාලිදයිහි, ව ෂෆීඅන් මුජාබන්, අල්ලාහුම්ම සක්කිල් බිහී මවාසීනහුමා, ව අඃළිම් බිහී උජූරහුමා, ව අල්හික්හු බිසාලිහිල් මුඃමිනීන්, වජ්අල්හු ෆී කෆාලති ඉබ්රාහීම්, ව කිහි බිරහ්මතික අදාබල් ජහීම්, ව අබ්දිල්හු දාරන් කයිරන් මින් දාරිහී, ව අහ්ලන් කයිරන් මින් අහ්ලිහී, අල්ලාහුම්මග්ෆිර් ලි අස්ලාෆිනා, ව අෆ්රාතිනා, ව මන් සබකනා බිල් ඊමාන්. එය ද ඉතා යහපත් ය.[204]. [204] ඉබ්නු කුදාමාතුමාගේ අල් මුග්නී (3/416) සහ අෂ්ෂෙයික් අබ්දුල් අසීස් බින් අබ්දුල්ලා බින් බාස්තුමාගේ - අද්දුරූස් අල් මුහිම්මා ලි ආම්මතිල් උම්මා - නම් ග්‍රන්ථය (පිටුව 15) බලන්න.
තේරුම: අහෝ දෙවිඳාණනි, මෙම දරුවා අපට පෙරටුව යන ප්‍රතිඵලයක් ලෙස ද, පසු දායාදයක් ලෙස ද යහඵලයක් ලෙස ද පත් කරනු මැනව! [205] [205]. මරණයට පත් වූ ළදරුවන් සදහා ජනාසා සලාතයෙහි නිරත වූ හසන් (රළියල්ලාහු අන්හු) තුමා අල්-ෆාතිහා සූරාව කියවීමෙන් පසු ව මෙම හදීසයේ සඳහන් ප්‍රාර්ථනාව ද පාරායනය කළේය. ෂරහුස් සුන්නාවෙහි අල් බගවී (5/357), අබ්දුර් රස්සාක් (6588), යන අය විසින් මෙය වාර්තා කරන ලදී. බුහාරිතුමා 'කිතාබුල් ජනාඉස්' නම් (65) කොටසේ 'ජනසා උදෙසා සූරතුල් ෆාතිහාව කියවීම' යන පාඩම යටතේ (2/113) හි මෙය අමුණා ඇත. (1335) වැනි අංකයට අදාළ හදීසයට පෙර.
අල්ලාහුම්මජ්අල්හු ලනා ෆරතන්, වසලෆන්, වඅජ්රන්
57. ශෝකය පළ කිරීමේ ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ් විසින් ගත් දෑ ඔහු සතු ය. දුන් දෑ ද ඔහු සතු ය. සෑම දෙයක් ම ඔහු අබියස නියමිත කාලයක් මත පදනම් ව ඇත. එහෙයින් ඉවසීමෙන් කටයුතු කරන්න. ප්‍රතිඵල බලාපොරොත්තු වන්න.[206]. [206]. අල්බුහාරි, 2/80, අංක 1284, මුස්ලිම්, 2/636, අංක 923.
ඉන්න ලිල්ලාහි මා අකද, වලහූ මා අඃතා, වකුල්ලු ෂෙයිඉන් ඉන්දහූ බිඅජලින් මුසම්මා... ෆල්-තස්බිර් වල්-තහ්තසිබ්
තව ද ඔහු මෙසේ පැවසුවේ නම්: (තේරුම: අල්ලාහ් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන සේක්වා! ඔබේ ශෝකය දුරු කරන සේක්වා! ඔබ අතර මිය ගිය ඇත්තාට සමාව ලබා දෙන සේක්වා!)
අඃළමල්ලාහු අජ්රක, වඅහ්සන අzදාඅක, වඝෆර ලිමයියිතික. එය ද යහපත් වේ.[207]. [207]. අල්අද්කාර් ලින්නවවී (පිටුව අංක 126).
58. මිනිය මිනීවළ තුළ බහාලන විට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් සහ අල්ලාහ්ගේ දූතයාණන්ගේ මග පෙන්වීම පරිදි (මෙම මෘත ශරීරය වළ දමන්නෙමු.) [208]. [208]. නිවැරදි වාර්තා දාමයකින් යුතු ව අබූ දාවූද් 3/314, අංක 3215 හි මෙය වාර්තා කර ඇත. "බිස්මිල්ලාහි ව අලා මිල්ලති රසූලිල්ලාහ්" යන පද පෙළ සහිත ව අහ්මද්තුමා අංක 5234 හා අංක 4812 හි ද වාර්තා කර ඇත. මෙහි වාර්තා දාමය ද සහීහ් වේ.
බිස්මිල්ලාහි ව අලා සුන්නති රසූලිල්ලාහ්
59. මිනිය වළ දැමූ පසු කළ යුතු ප්‍රාර්ථනාව
තේරුම: අහෝ දෙවිඳාණෙනි, මොහුගේ පව්වලට සමාව දෙනු මැනව! අහෝ දෙවිඳාණෙනි! ඔහු ව ස්ථාවර තත්ත්වයට පත් කරනු මැනව!"[209]. "[209]. මිනිය වළ දැමීමෙන් පසු, ඒ අසල සිට ගනිමින් නබිතුමාණෝ මෙසේ පැවැසූහ. "ඔබේ සහෝදරයා වෙනුවෙන් සමාව අයැද සිටින්න. ඔහු වෙනුවෙන් ස්ථාවරභාවය ඉල්ලා සිටින්න. සැබැවින් ම ඔහු මිනීවළ තුළ දැන් ප්‍රශ්න කරනු ලබන්නේය." අබූ දාවූද් (3/315), අංක (3223), අල්හාකිම් මෙය සහීහ් හදීසයක් බව සනාථ කර ඇති අතර අද්දහබීතුමා එයට එකඟත්වය පළ කර ඇත. (1/370)."
අල්ලාහුම්මග්ෆිර් ලහූ, අල්ලාහුම්ම සබ්බිත්හු
60. මිනී වළ දමා ඇති භූමියකට ගිය විට කළ යුතු ප්‍රාර්ථනාව
«මෙම වාසස්ථානවල සිටින මුඃමින්වරුනි සහ මුස්ලිම්වරුනි, ඔබට ශාන්තිය අත් වේවා! අල්ලාහ් අභිමත කළහොත් නියත වශයෙන් ම අපි ද ඔබ හා එක් වන්නෙමු, [අපගෙන් පෙර ගිය අයටත් පසු ව එන අයටත් අල්ලාහ් කරුණාව දක්වන සේක්වා!] අපටත් ඔබටත් යහපත ලබා දෙන මෙන් මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි»[210]. [210]. මුස්ලිම්: (2/671) අංක (975), ඉබ්නු මාජා: (1/494), මෙම පද පෙළ මෙතුමා සතු වූවකි. මෙය බුරයිදා රළියල්ලාහු අන්හු විසින් වාර්තා කරන ලද්දකි; අංක (1547). වරහන් තුළ ඇති පද පෙළ මුස්ලිම්හි සඳහන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද්දකි. (2/671), අංක (975).
අස්-සලාමු අලෙයිකුම් අහ්ලද්-දියාර්, මිනල් මුඃමිනීන වල් මුස්ලිමීන්, ව ඉන්නා ඉන් ෂා අල්ලාහු බිකුම් ලාහිකූන්, වයර්හමුල්ලාහුල් මුස්තක්දිමීන මින්නා වල් මුස්තඃකිරීන්, අස්අලුල්ලාහ ලනා වලකුමුල් ආෆියහ්.
61. සුළං හමන විට කිව යුතු ප්‍රාර්ථනාව
අහෝ දෙවිඳාණනි, නියත වශයෙන් ම මම ඔබෙන් මෙහි යහපත ඉල්ලා සිටිමි. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පතමි. [211]. [211]. අබූදාවුද්, 4/326, අංක 5099, ඉබ්නු මාජා, 2/1228 අංක 3727 මෙය වාර්තා කළෝය. තවදුරටත් සහීහ් ඉබ්නු මාජා 2/305 බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිරහා, වඅඌදුබික මින් ෂර්රිහා.
«යා අල්ලාහ්, සැබවින් ම මම ඔබෙන් මෙහි යහපත ද, මෙහි ඇති දෑහි (එනම් සුළඟ උසුලාගෙන පැමිණෙන දෑහි) යහපත ද, මෙය කුමක් පිණිස (එනම් කුමන අරමුණක් පිණිස) එවන ලද්දේ ද එහි යහපත ද අයදිමි. තව ද මෙහි අයහපතින් ද, මෙහි ඇති දෑහි (එනම් සුළඟ උසුලාගෙන පැමිණෙන දෑහි) අයහපතින් ද, මෙය කුමක් පිණිස (එනම් කුමන අරමුණක් පිණිස) එවන ලද්දේ ද එහි අයහපතින් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි»[212]. [212]. මුස්ලිම්: මෙම පද පෙළ මෙතුමා සතු වූවකි. 2/666 අංක 899, අල්බුහාරි 4/76, අංක 3206 හා අංක 4829.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිරහා, වකයිර මා ෆීහා, වකයිර මා උර්සිලත් බිහී, වඅඌදු බික මින් ෂර්රිහා, වෂර්රි මා ෆීහා, වෂර්රි මා උර්සිලත් බිහී.
62. අකුණු ගසන විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අකුණු හඬ ද ඔහුගේ ප්‍රශංසාව මඟින් ඔහු ව සුවිශුද්ධත්වයට පාත්‍ර කරන්නේය. මලක්වරු ද ඔහුට බියෙන් (ඔහු ව සුවිශුද්ධ කරති.)[213]. [213]. අබ්දුල්ලාහ් බින් සුබයිර් (රළියල්ලාහු අන්හුමා) තුමා අකුණු හඬ ඇසුණු විටක මෙම හදීසයේ සඳහන් ප්‍රාර්ථනය කියවන්නෙක් විය. අල් මුවත්තඃ (2/992), අල්බානිතුමා 'සහීහුල් කලිමිත් තය්යිබ්'හි (157) මෙය සඳහන් කර ඇත. (මෙය මව්කූෆ් ගණයට අයත් නිවැරදි වාර්තා දාමයකින් යුත් හදීසයකි.)
සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඃදු, බිහම්දිහී වල් මලාඉකතු මින් කීෆතිහී
63. වර්ෂාව පතා අයදින ප්‍රාර්ථනාව
තේරුම: අහෝ දෙවිඳාණනි, අප වෙත සෙත සලසන; සොම්නස ගෙන දෙන; වගා ඇති කරන; අනතුරකින් තොර ව ඵලදායී හා ප්‍රමාදයකින් තොර ව යුහුසුලු ව පතිත වන වර්ෂාවක් පහළ කරනු මැනව! [214]. [214]. අබූ දාවුද්, 1/303, අංක 1171, සහීහ් අබූ දාවුද් 1/216 හි අල්බානිතුමා මෙය පූර්ණ සාධක සහිත හදීසයක් බව තහවුරු කර ඇත.
අල්ලාහුම්මස්කිනා ගයිසන්, මුගීසන්, මරීඅන්, මරීඃඅන්, නාෆිඅන් ගයිර ළාර්රින්, ආජිලන් ගයිර ආජිලින්.
තේරුම: අහෝ දෙවිඳාණෙනි, අප වෙත වර්ෂාව පතිත කරනු මැනව! අහෝ දෙවිඳාණෙනි, අප වෙත වර්ෂාව පතිත කරනු මැනව! අහෝ දෙවිඳාණෙනි, අප වෙත වර්ෂාව පතිත කරනු මැනව! [215]. [215]. අල්බුහාරි, 1/224, අංක 1014, මුස්ලිම්, 2/613, අංක 897.
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔබේ ගැත්තන්ට හා ඔබේ සතුන්ට ජලය ලබා දෙනු මැනව! ඔබේ කරුණාව පැතිරෙන්නට සලස්වනු මැනව! වියළී මියගිය ඔබේ භූමිය සාරවත් කරනු මැනව! [216]. [216]. අබූ දාවුද්, 1/305, අංක 1178, සහීහ් අබූ දාවූද් 1/218 හි අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කර ඇත.
අල්ලාහුම්මස්කි ඉබාදක, ව බහාඉමක, වන්ෂුර් රහ්මතක ව අහ්යී බලදකල් මයියිත.
64. වැසි දුටු විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම:- අහෝ දෙවිඳාණනි, ප්‍රයෝජනවත් වර්ෂාවක් බවට මෙය පත් කරනු මැනව![217]. [217]. අල්බුහාරි, ෆත්හුල් බාරි 2/518 අංක 1032.
අල්ලාහුම්ම සයියිබන් නාෆිඅන්
65. වැසි පහළ වීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව තුළින් අපට වැසි ලැබී ඇත."[218]. [218]. අල්බුහාරි, 1/205, අංක 846, මුස්ලිම්, 1/83, අංක 71.
මුතිර්නා බිෆද්ලිල්ලාහි වරහ්මතිහි
66. වර්ෂාව නතර වී වැසි වලා ඉවත් වීම පිණිස කිව යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, අප වටා වැසි පතිත කරනු මැනව! (අපට විපතක් ලෙසින් වැසි) අප මත පහළ නොකරනු මැනව! යා අල්ලාහ්, කඳු ගැට, උස් බිම්, මිටියාවත් පතුල්වල සහ ගස් වැවෙන ස්ථාන මත පහළ කරනු මැනව!»[219]. [219]. අල්බුහාරි, 1/224, අංක 933, මුස්ලිම්, 2/614, අංක 897.
67. නව සඳ දුටු විට කිව යුතු ප්‍රාර්ථනාව
අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. අහෝ දෙවිඳාණනි, සුරක්ෂිතභාවයෙන් හා ඊමාන් හෙවත් දේවත්වය කෙරෙහි වූ විශ්වාසයෙන් ද සුරක්ෂිතභාවයෙන් හා ශාන්තභාවයෙන් ද ඔබ ප්‍රිය කරන හා ඔබ තෘප්තිමත් වන දෑට ආශිර්වාද කරමින් අපගේ පරමාධිපතියාණනි, අප හට සඳ උදා කරනු මැනව! අපගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපතියාණන් අල්ලාහ් ය. [220]. [220]. අත්තිර්මිදී (5/504) අංක (3451), අද්දාරමී: මෙම පද පෙළ සහිත ව (1/336). තවදුරටත් සහීහ් තිර්මිදී (3/157) බලන්න.
අල්ලාහු අක්බර්, අල්ලාහුම්ම අහිල්ලහූ අලයිනා බිල් අම්නි, වල් ඊමානි, වස්-සලාමති වල් ඉස්ලාම්, වත්-තව්ෆීකි ලිමා තුහිබ්බු රබ්බනා වතර්ළා, රබ්බුනා වරබ්බුකල්ලාහ්
68. උපවාසයෙන් මිදෙන අවස්ථාවේ කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: පිපාසය සන්සිඳුණි. නහර තෙත් විණි. අල්ලාහ් අභිමත කළේ නම් කුලිය ද ස්ථීර වේ. [221] [221] අබූ දාවුද් 2/306, අංක 2359 මෙන් ම තවත් අය විසින් ද මෙය වාර්තා වී ඇත. තවදුරටත් 'සහීහ් අල්ජාමිඃ 4/209 බලන්න.
දහබල් ළමඋ, වබ්තල්ලතිල් උරූකු, වසබතල් අජ්රු ඉන්-ෂා අල්ලාහ්.
තේරුම: අහෝ දෙවිඳාණනි, සෑම වස්තුවක් මත ම ව්‍යාප්ත ව පවතින ඔබේ කරුණාව තුළින් මට සමාව දෙන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි." [222]. [222]. ඉබ්නු මාජහ් (1/557), අංක (1753), අබ්දුල්ලාහ් බින් අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ දුආ ප්‍රාර්ථනා තුළින් උපුටාගෙන ඇත. අල් අද්කාර් ග්‍රන්ථයේ අල්-හාෆිල්තුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කර ඇත. ෂරහුල් අද්කාර් (4/342) බලන්න.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක බිරහ්මතිකල්ලතී වසිඅත් කුල්ල ෂයිඉන් අන් තග්ෆිර ලී
69. ආහාර ගැනීමට පෙර කිව යුතු ප්‍රාර්ථනාව.
“ඔබ අතුරින් කිසිවෙකු හෝ ආහාර ගන්නා විටක මෙසේ කිව යුතු යි: අල්ලාහ්ගේ නාමයෙන්,
බිස්මිල්ලාහ් මුල දී එය කියන්නට අමතක වූයේ නම් මෙසේ පැවසිය යුතු යි: තේරුම: ආරම්භයේ දී සහ අවසානයේ දී අල්ලාහ්ගේ නාමයෙන්.[223]." [223] අබූ දාවුද්, 3/347 අංක 3767, අත්-තිර්මිදී, 4/288 අංක 1858. තවදුරටත් සහීහ් අත්තිර්මිදී 2/167 බලන්න.
බිස්මිල්ලාහි ෆී අව්වලිහි ව ආකිරිහි
"අල්ලාහ් කවර කෙනෙකුට ආහාර ලබා දුන්නේ ද ඔහු මෙසේ පැවසිය යුතු යි:" අහෝ දෙවිඳාණෙනි, අපට මේ (ආහාරය) තුළ අභිවෘද්ධිය ඇති කරනු මැනව! තව ද මෙයට වඩා ගුණ යහපත් දෑ අපට ආහාර වශයෙන් පිරිනමනු මැනව!
අල්ලාහුම්ම බාරික් ලනා ෆීහී වඅත්ඉම්නා කයිරන් මින්හු. තව ද අල්ලාහ් කවර කෙනෙකුට පානය කිරීම සඳහා කිරි ලබා දුන්නේ ද ඔහු මෙසේ පැවසිය යුතු ය: තේරුම: අහෝ දෙවිඳාණනි, අපට මේ තුළ අභිවෘද්ධිය ඇති කරනු මැනව! තව ද එයින් අධික ලෙස ලබා දෙනු මැනව!" [224]. [224]. අත්තිර්මිදී 5/506, අංක 3455. තවදුරටත් සහීහ් අත්තිර්මිදී 3/158 බලන්න.
අල්ලාහුම්ම බාරික් ලනා ෆීහි වzසිද්නා මින්හු
70. ආහාර අනුභව කර අවසන් වූ මොහොතේ කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: මාගෙන් වූ කිසිදු ශක්තියක් හෝ හැකියාවක් හෝ නොමැති ව, මට මෙම ආහාරය ලබා දී, එකී පෝෂණය සැපයූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමි ය.[225]. [225] නසාඉ හැර 'අස්හාබුස් සුනන්' කතෘවරු මෙය වාර්තා කර ඇත. එනම්, අබූ දාවුද් අංක (4025), අත්-තිර්මිදී අංක (3458), ඉබ්නු මාජා අංක (3285). තවදුරටත් සහීහ් තිර්මිදී (3/159) බලන්න.
අල්හම්දු ලිල්ලාහිල්ලදී අත්අමනී හාදා, වරzසකනීහි මින් ගයිරි හව්ලින් මින්නී වලා කුව්වහ්.
තේරුම:- බහුල වශයෙන් යහපත් හා සමෘද්ධිමත් සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. අපගේ පරමාධිපතියාණනි, ප්‍රමාණවත් යැයි සැලකිය නොහැකි වූ ද, අත්හැර දැමිය නොහැකි වූ ද, සියල්ලන්ට ම සදා අත්‍යවශ්‍ය වන ප්‍රශංසා වේ.[226]. [226]. අල් බුහාරි, 6/214, අංක 5458, අත්තිර්මිදී 5/507, අංක 3456. මෙය තිර්මිදිහි සඳහන් වදන් පෙළ යි.
අල්හම්දු ලිල්ලාහි හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහී, ගයිර (මක්ෆිය්යින් වලා) මුවද්දඉන් වලා මුස්තග්නන් අන්හු රබ්බනා.
71. ආහාර සංග්‍රහ කළ අය වෙනුවෙන් ආගන්තුකයින් විසින් කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අහෝ දෙවිඳාණනි, ඔබ ඔවුනට පෝෂණය කළ දෑහි ඔවුනට අභිවෘද්ධිය ඇති කරනු මැනව! ඔවුනට සමාව දී ඔවුනට කරුණාව දක්වනු මැනව! [227]. [227]. මුස්ලිම්, 3/1615 අංක 2042.
අල්ලාහුම්ම බාරික් ලහුම් ෆීමා රසක්තහුම්, වග්ෆිර් ලහුම් වර්හම්හුම්
72. ආහාර හෝ පානය ඉල්ලා සිටීම සඳහා දුආවක් මඟින් වක්‍රාකාරයෙන් ඉල්ලීම
තේරුම: අහෝ දෙවිඳාණනි, මට ආහාර ලබා දුන් අයට ඔබ ආහාර ලබා දෙනු මැනව! මට පානය ලබා දුන් අයට ඔබ පානය ලබා දෙනු මැනව! [228]. [228]. මුස්ලිම්, 3/1626, අංක 2055.
අල්ලාහුම්ම අත්ඉම් මන් අත්අමනී වස්කි මන් සකානී
73. යම් නිවසක අය සමඟ උපවාසයෙන් මිදුණු විට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: උපවාස ශීලයෙහි නිරතවූවෝ ඔබ ඉදිරියේ ආහාර ලබා, ඉන් මිදුණෝය. ඔබේ ආහාර සංග්‍රහය දැහැමියෝ අනුභව කළෝය. මලක්වරු ඔබ වෙනුවෙන් යාච්ඤා කරති. [229] [229] සුනන් අබී දාවුද් (3/367), අංක (3856), ඉබ්නු මාජහ් (1/556), අංක (1747), අන් නසාඊ: 'අමලුල් යව්මි වල්ලෙයිලා' අංක (296-298). මෙම යාඥාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඥාතී නිවසක උපවාසයෙන් මිදුණු අවස්ථාවක පවසා ඇත. අල්බානිතුමා 'සහීහ් අබී දාවුද්' (2/730) හි මෙම හදීසය සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.
අෆ්තර ඉන්දකුමුස් සාඉමූන, වඅකල තආමකුමුල් අබ්රාර්, වසල්ලත් අලයිකුමුල් මලාඉකහ්
74. උපවාස ශීලයෙන් නොමිදුණු කෙනෙකුට සංග්‍රහයක් පිණිස ආහාර පාන සූදානම් වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව
ඔබ අතුරින් කිසිවෙකුට හෝ භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනාවක් ලැබුණු විටක ඔහු එය පිළිගත යුතු යි. එහෙත් ඔහු උපවාස ශීලයෙහි නිරත වී සිටින අයෙක් නම් (සංග්‍රහය සූදානම් කළ අය වෙනුවෙන් යහපත පතා) ප්‍රාර්ථනා කළ යුතු යි. උපවාස ශීලයෙහි නිරත නොවූ අයෙක් නම් එම ආහාරය අනුභව කළ යුතු යි.[230] "ප්‍රාර්ථනා කළ යුතු යි." ඉන් අදහස් කරන්නේ සංග්‍රහය සූදානම් කළ තැනැත්තන් වෙනුවෙන් දෙවිඳාණන්ගේ යහපත හා අභිවෘද්ධිය ඔවුනට හිමි වීමට අයැදීම යි. [230] මුස්ලිම් (2/1054) අංක (1150).
75. උපවාස ශීලයෙහි නිරත වූ කෙනෙකුට කිසිවෙක් බැණ වැදුණේ නම් එවිට ඔහු ප්‍රකාශ කළ යුතු දෑ
""ඉන්නී සාඉමුන්, ඉන්නී සාඉමුන්" (මම උපවාස ශීලයෙහි නිරත වන්නෙක්මි. මම උපවාස ශීලයෙහි නිරත වන්නෙක්මි)" [231]. [231]. අල්බුහාරී: ෆත්හුල් බාරී 4/103, අංකය 1894, මුස්ලිම්, 2/806, අංකය 1151.
76. පලතුරුවල පළමු අස්වැන්න දුටු විට කිව යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, අපගේ පලතුරුවල අපට ආශිර්වාද කරනු මැනව! තව ද අපගේ නගරයෙහි අපට ආශිර්වාද කරනු මැනව! තව ද අපගේ දෝත් අහුරු සතරෙහි අපට ආශිර්වාද කරනු මැනව! තව ද අපගේ දෝත් අහුරෙහි ද අපට ආශිර්වාද කරනු මැනව! »[232]. [232] මුස්ලිම්, 2/1000, අංක 1373.
අල්ලාහුම්ම බාරික් ලනා ෆී සමරිනා, වබාරික් ලනා ෆී මදීනතිනා, වබාරික් ලනා ෆී සාඉනා, වබාරික් ලනා ෆී මුද්දිනා
77. කිවිසුම් ගිය විට කිව යුතු ප්‍රාර්ථනාව
“ඔබ අතුරින් කිසිවෙකු හෝ කිඹුහුමක් ඇරිය විට ඔහු මෙසේ පැවසිය යුතු යි: සියලු ප්‍රශංසා අල්ලාහ් සතු යි
අල්හම්දු ලිල්ලාහ් එවිට (අවට සිටින ඒ ප්‍රකාශය ඇසූ) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කිව යුතු යි: ඔබට අල්ලාහ් කරුණාව දක්වන සේක්වා!
යර්හමුකල්ලාහ් ඔහු ඔහුට "යර්හමුකල්ලාහ්" (අල්ලාහ් ඔබට කරුණාව දක්වන සේක්වා) යනුවෙන් පැවසූ විට, මෙසේ ප්‍රතිචාර දැක්විය යුතු යි: (අල්ලාහ් ඔබට යහමග පෙන්වා ඔබේ තත්ත්වයන් යහපත් කරන සේක්වා!)[233]." [233]. අල්බුහාරි (7/125) අංක (5870).
යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්
78. මුස්ලිම් නොවන කෙනෙකු කිවිසුමක් ඇර අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් පැවසූ විටක ඔහුට කිව යුතු දෑ.
‘යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්’ (අල්ලාහ් ඔබට යහමග පෙන්වා ඔබේ තත්ත්වයන් යහපත් කරන සේක්වා!)[234]. [234]. අත්තිර්මිදී 5/82, අංක 2741, අහ්මද් 4/400, අංක 19586, අබූ දාවුද්, 4/308, අංක 5040. තවදුරටත් සහීහ් තිර්මිදී 2/354 බලන්න.
යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම්
79. විවාහ වන අයෙකුට කළ යුතු ප්‍රාර්ථනාව.
අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ඇති කරන සේක්වා! අල්ලාහ් ඔබ කෙරෙහි අභිවෘද්ධිය පහළ කරන සේක්වා! යහපත් කටයුතුවල දී ඔබ දෙපළ අතර එකමුතුභාවය ඇති කරන සේක්වා! [235]. [235] නසාඊ හැර අස්හාබුස් සුනනයට අයත් සෙසු අය මෙය වාර්තා කර ඇත්තෝය. එනම්: අබූ දාවුද් අංක (2130), අත්තිර්මිදී අංක (1091), ඉබ්නු මාජා අංක (1905), එමෙන් ම අන්නසාඊ 'අමලුල් යව්මු වල්ලයිලා' නම් කෘතියෙහි අංක (259)හි සඳහන් කර ඇත. තවදුරටත් සහීහ් තිර්මිදී (1/316) බලන්න.
බාරකල්ලාහු ලක, වබාරක අලයික, වජමඅ බයිනකුමා ෆී කයිර්
80. විවාහ ගිවිස ගැනීමෙන් පසු හා සිව්පා සතුන් මිල දී ගැනීමෙන් පසු කිව යුතු ප්‍රාර්ථනාව.
ඔබ අතුරින් කිසිවෙක් හෝ කාන්තාවක් විවාහ කර ගත් විටෙක, එසේ නැතහොත් වහලෙකු මිලට ගත් විටෙක, ඔහු මෙසේ පැවසිය යුතු යි: තේරුම: යා අල්ලාහ්, මම ඔබෙන් ඇයගේ යහපත ද ඇය ස්වාභාවික ව නැඹුරු වන්නේ කුමක් සඳහා ද එහි යහපත ද ඉල්ලා සිටිමි. තව ද ඇයගේ නපුරෙන් ද ඇය ස්වාභාවික ව නැඹුරු වන්නේ කුමක් සඳහා ද එයින් ඇති විය හැකි නපුරෙන් ද ආරක්ෂාව පතමි.
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කයිරහා, වඛයිර මා ජබල්තහා අලයිහි, වඅඌදු බික මින් ෂර්රිහා, වෂර්රි මා ජබල්තහා අලයිහි තව ද ඔටුවෙක් මිල දී ගත් විට උගේ මොල්ලිය අල්ලාගෙන ද එලෙස ම පැවසිය යුතු වේ.[236]. [236]. අබූදාවුද්, 2/248, අංක 2160, ඉබ්නු මාජා, 1/617, අංක 1918. තවදුරටත් සහීහ් ඉබ්නු මාජා 1/324 බලන්න.
81. අඹුසැමි (ලිංගික) ඇසුරට පෙර කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම:- අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි). අහෝ දෙවිඳුනි, අප ව ෂෙයිතාන්ගෙන් දුරස් කරනු මැනව! ඔබ විසින් අපට ලබා දෙන (යහපත්) දෙය ද ෂෙයිතාන්ගෙන් දුරස් කරනු මැනව!" [237]. [237]. අල්බුහාරි, 6/141, අංක 141, මුස්ලිම්, 2/1028, අංක 1434.
බිස්මිල්ලාහි අල්ලාහුම්ම ජන්නිබ්නෂ් ෂයිතාන, වජන්නිබිෂ් ෂයිතාන මා රzසක්තනා
82. කෝපය ඇති වූ අවස්ථාවක කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි.[238] [238]. අල් බුහාරි, 7/99, අංක 3282, මුස්ලිම්, 4/2015 අංක 2610.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
83. (රෝගයක්, දරිද්‍රතාවයක් වැනි) පරීක්ෂාවට මුහුණ දෙන අයෙකු දුටු විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: කවර කරුණකින් ඔබ පරීක්ෂණයට ලක් වී ඇත්තේ ද එයින් මට ආරක්ෂිත සුවය ලබා දුන්නා වූ හා මවා ඇති බොහෝ අයට වඩා මා විශිෂ්ටත්වයට පත් කළ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා." [239] [239]. අත් තිර්මිදී 5/494 සහ 5/493, අංක 3432. තවදුරටත් සහීහ් තිර්මිදී 3/153 බලන්න.
අල්හම්දු ලිල්ලාහිල්ලදී ආෆානී මිම්ම-බ්තලාක බිහී, වෆද්ළලනී අලා කසීරින් මිම්මන් කලක තෆ්ළීලා.
84. සභාවක කිව යුතු දෑ
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කළේය: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එක් සභාවකින් නැගිට යාමට පෙර සිය වරක් මෙසේ පවසා සිටියහ: තේරුම: මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව! මගේ පාපොච්චරණය පිළිගනු මැනව! නියත වශයෙන් ම ඔබ පාපොච්චරණය පිළිගන්නා ය. අතික්ෂමාශීලී ය.[240] [240] අත්-තිර්මිදී, අංක (3434), ඉබ්න් මාජහ් අංක (3814). තවදුරටත් සහීහ් අත් තිර්මිදී (3/153) සහ සහීහ් ඉබ්නු මාජහ් (2/321) බලන්න. මෙහි ඇති පද පෙළ තිර්මිදිහි සඳහන් වූවකි.
රබ්බිග්ෆිර් ලී වතුබ් අලයිය ඉන්නක අන්තත් තව්වාබුල් ගෆූර්
85. සභාවක සිදු වූ වැරදි අඩුපාඩු සඳහා සමාව අයැද සිටීමේ ප්‍රාර්ථනාව.
තේරුම: (යා අල්ලාහ්, ඔබගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ ය. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු කිසිවකු නොමැති බව මම සාක්ෂි දරමි. මම ඔබෙන් පව් සමාව අයැදිමි. තව ද ඔබ වෙත පසුතැවිලි වී හැරෙමි.)[241]. [241]. අස්හාබුස් සුනන්: අබූ දාවුද් අංක 4858, අත්තිර්මිදී අංක 3433, අන්නසාඊ අංක 1344. තවදුරටත් සහීහ් තිර්මිදී 3/153 බලන්න. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් (මේ සම්බන්ධයෙන්) මෙසේ ප්‍රකාශ වී ඇත. "නබිතුමාණෝ යම් කිසි රැස්වීමකට සහභාගි වූ විටක හෝ අල්කුර්ආනය පාරායනය කළ විටක හෝ එසේ නැත්නම් සලාතය ඉටු කළ විටක හෝ ඉහත වදන් පෙළෙන් ඒ මෙහෙයන් අවසන් කළහ." මෙම හදීසය අන්නසාඊතුමා 'අමලුල් යව්මි වල්ලෙයිලා' නම් ග්රන්ථයෙහි අංක 308 සඳහන් කර ඇත. අහ්මද් 6/77, අංක 24486. මහාචාර්ය ෆාරූක් හම්මාදා විසින් අන්නසාඊගේ 'අමලුල් යව්මි වල්ලෙයිලා' නම් ග්‍රන්ථයේ පිටු අංක 273හි මෙය සහීහ් හදීසයක් බව තහවුරු කර ඇත.
සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික
86. 'ඔබට අල්ලාහ් සමාව පිරිනමන සේක්වා! " යැයි පවසා සිටි අයෙකුට කිව යුතු ප්‍රාර්ථනාව
ඔබටත් එසේ ම වේවා [242] [242]. අහ්මද්, 5/82, අංක 20778, අන්නසාඊ 'අමලුල් යව්මි වල්ලයිලා' පිටු අංක 218, අංක 421, මහාචාර්ය ෆාරූක් හම්මාදාගේ නිරීක්ෂණය.
ව ලක
87. ඔබට යහපතක් කළ කෙනෙකුට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: අල්ලාහ් ඔබට යහපත් කුලිය පිරිනමන සේක්වා![243] [243]. අත්-තිර්මිදී අංක (2035). තවදුරටත් සහීහ් අල් ජාමිඋ (6244) සහ සහීහ් අත්-තිර්මිදි (2/200) බලන්න.
ජසාකල්ලාහු කයිරා
88. දජ්ජාල්ගෙන් සිදුවිය හැකි හානිදායක තත්ත්වයෙන් මිදීම උදෙසා අල්ලාහ් ආරක්ෂාව සලසන දෑ
“කවරෙක් සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගේ උවදුරුවලින් ආරක්ෂාව ලැබීය”[244], සෑම සලාතයක ම අවසාන අත්තහයියාත්හි දී දජ්ජාල්ගේ හානියෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව පැතීම.[245]. [245] මෙම පොතේ (41 පිටුව) හදීස් අංක (55) සහ හදීස් (56) බලන්න. [244]. මුස්ලිම්, 1/555, අංක 809. තවත් වාර්තාවක: සූරා අල් කහ්ෆ්හි අවසානයෙන්.. යනුවෙන් සඳහන් වී ඇත. 1/556 අංක 809.
89. "සැබැවින් ම මම අල්ලාහ් වෙනුවෙන් ඔබට ප්‍රිය කරමි" යනුවෙන් පැවැසූ අයෙකුට කිව යුතු ප්‍රාර්ථනාව
"ඔබේ සෙනෙහස ඔබ කවුරුන් වෙනුවෙන් මට දැක්වූයේ ද ඔහු ඔබටත් ඔහුගේ සෙනෙහස දක්වන සේක්වා!"[246]. [246]. අබූ දාවුද් (4/333), අංක (5125), සහීහ් සුනන් අබි දාවුද් (3/965) හි මෙය හසන් වර්ගයට අයත් හදීසයක් බව අල්බානිතුමා ප්‍රකාශ කර ඇත.
අහබ්බකල්ලදී අහ්බබ්තනී ලහූ
90. ඔබට තම ධනය ප්රදානය කළ අයෙකු සඳහා කිව යුතු ප්‍රාර්ථනාව
ඔබේ ධනය හා ඔබේ පවුලේ සාමාජිකයින් තුළ අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ඇති කරන සේක්වා![247]. [247]. අල් බුහාරි, ෆත්හුල් බාරි 4/288, අංකය 2049.
බාරකල්ලාහු ලක ෆී අහ්ලික ව මාලික
91. ණය පියවීමේ දී ණයට දුන් අය වෙනුවෙන් කිව යුතු ප්‍රාර්ථනාව
«අල්ලාහ් ඔබගේ පවුලට සහ ඔබගේ ධනයට ආශිර්වාද කරන සේක්වා!, නියත වශයෙන් ම ණය සඳහා වූ ප්‍රතිඵලය වන්නේ ප්‍රශංසාව සහ ආපසු පියවීම යි»[248]. [248]. අන් නසාඊ: 'අමලුල් යව්මි වල්ලෙයිලා' (පිටු අංක 300), ඉබ්නු මාජා (2/809), අංක (2424). තවදුරටත් සහීහ් ඉබ්නු මාජා, (2/55) බලන්න.
බාරකල්ලාහු ලක ෆී අහ්ලික ව මාලික
92. දේවත්වයට ආදේශ තැබීම (ෂිර්ක්) සම්බන්ධයෙන් බිය වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව
යා අල්ලාහ්, මම දැනුම්වත් ව ම ඔබට (කිසිවක් හෝ කිසිවෙක්) ආදේශ කිරීමෙන් මා ආරක්ෂා කරනු මැනව! තව ද මගෙන් නොදැනුම්වත් ව සිදු වූ දෑ සඳහා ඔබෙන් සමාව ඉල්ලා සිටිමි. [249] "[249] අහ්මද් (4/403), අංක (19606), බුහාරිගේ 'අල්-අදබුල් මුෆ්රද්' අංක (716). තවදුරටත් සහීහ් අල් ජාමිඃ (3/233) සහ අල්බානිතුමාගේ 'සහීහ් අත්තර්ගීබ් වත්තර්හීබ්' (1/19) බලන්න."
අල්ලාහුම්ම ඉන්නී අඌදුබික අන් උෂ්රික බික වඅන අඃලමු, වඅස්තග්ෆිරුක ලිමා ලා අඃලමු.
93. කෙනෙකු ඔබට "බාරකල්ලාහ් ෆීක්" අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ඇති කරන සේක්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කළ විට පිළිතුරක් ලෙස ඔබ විසින් කිව යුතු ප්‍රාර්ථනාව.
තව ද ඔබට ද අල්ලාහ් අභිවෘද්ධිය ඇති කරන සේක්වා![250] [250]. ඉබ්නු අස්සුන්නී (පිටුව 138), අංක (278). තවදුරටත් ඉබ්න් අල්කයියුම්ගේ 'අල්වාබිලුස් සයිබ්' (පිටු අංක 304) බලන්න. බෂීර් මුහම්මද් උයූන්ගේ සහතිකකරණය.
ව ෆීක බාරකල්ලාහ්
94. අසුභවාදය පිළිකුල් කිරීමේ ප්‍රාර්ථනාව
තේරුම: යා අල්ලාහ් ඔබ විසින් එවනු ලබන අසුභත්වයක් මිස වෙනත් අසුභත්වයක් නැත. ඔබේ යහපත මිස වෙනත් යහපතක් නැත. ඔබ හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. [251] [251]. අහ්මද් (2/220) අංක (7045), ඉබ්නු අස්සුන්නී අංක (292), 'සිල්සිලතුල් අහාදීසිස් සහීහා' (3/54) අංක (1065) හි අල්බානීතුමා මෙය තහවුරු කර ඇත. යහපත සම්බන්ධයෙන් ගත් කල, නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාණෝ ඒ කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වූහ. වරක් එතුමාණන් මිනිසෙකුගෙන් හොඳ වචනයක් අසා එයට කැමති විය, එබැවින් එතුමාණෝ ඔහු අමතා මෙසේ පැවසීය: «අපි ඔබේ යහපත ඔබේ මුවින් ලබා ගත්තෙමු.» අබූ දාවුද් අංක (3719), අහ්මද් අංක (9040). තව ද සහීහ් හදීස් මාලාවේ (2/363) අබූ අෂ්ෂෙයික්තුමාගේ «නබි තුමාණන්ගේ යහපත් ගති පැවැතුම්.» නමැති ග්‍රන්ථයේ පිටු අංක 270 හි අල්බානීතුමා මෙය තහවුරු කර ඇත.
අල්ලාහුම්ම ලා තයිර ඉල්ලා තයිරුක, වලා කයිර ඉල්ලා කයිරුක, වලා ඉලාහ ගයිරුක
95. වාහනයක ගමන් ආරම්භ කළ විට කිව යුතු ප්‍රාර්ථනාව
«අල්ලාහ්ගේ නාමයෙනි. සියලු ප්‍රශංසා අල්ලාහ් සතු යි.
බිස්මිල්ලාහි, වල්හම්දු ලිල්ලාහ් තේරුම: මෙය (වාහනය) අප වෙත වසඟ කර දුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. මේ සඳහා වූ ශක්තිය අප සතු ව තිබුණේ නැත.
සුබ්හානල්ලදී සක්කර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් තේරුම: සැබැවින් ම අපි අපගේ පරමාධිපති වෙත ම යා යුත්තෝ වෙමු."
ව ඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන්. සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය; සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය; සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය; අල්ලාහ් අතිඋත්තරීතර ය; අල්ලාහ් අතිඋත්තරීතරය; අල්ලාහ් අතිඋත්තරීතරය; අහෝ අල්ලාහ්, ඔබ සුවිශුද්ධය , නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි, එබැවින් මට සමාව දෙනු මැනව! මන්ද යත්, ඔබ හැර අන් කිසිවෙකු පාපයන්ට සමාව දෙන්නේ නැත» [252]. [252] අබූ දාවුද්, 3/34, අංක 2602, අත්තිර්මිදී, 5/501, අංක 3446. තවදුරටත් සහීහ් තිර්මිදී 3/156 බලන්න. මෙය සූරතුල් සුහ්රුෆ්හි 13-14වන පාඨ වේ.
අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, සුබ්හානකල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ෆග්ෆිර් ලී; ෆඉන්නහූ ලා යග්ෆිරුද් දුනූබ ඉල්ලා අන්ත
96. ගමනක යෙදෙන විට කිව යුතු ප්‍රාර්ථනා.
"අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨ ය. "
අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර් තේරුම: මෙය (වාහනය) අප වෙත වසඟ කර දුන් ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. මේ සඳහා වූ ශක්තිය අප සතු ව තිබුණේ නැත.
සුබ්හානල්ලදී සක්කර ලනා හාදා වමා කුන්නා ලහූ මුක්රිනීන් තේරුම: සැබැවින් ම අපි අපගේ පරමාධිපති වෙත ම යා යුත්තෝ වෙමු."
ව ඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබූන් තේරුම: යා අල්ලාහ්, මෙම ගමනේ දී යහපත හා බියබැතිමත්භාවය ද, කටයුතු අතුරින් ඔබ තෘප්තිමත් වන දෑ ද ඔබෙන් අපි ඉල්ලා සිටින්නෙමු. තව ද යා අල්ලාහ් අපේ මෙම ගමන පහසු කරනු මැනව! එහි දුර කෙටිකර දෙනු මැනව! අහෝ අල්ලාහ් මෙම ගමනේ දී සහකරු ඔබ ම ය. අපේ පවුලේ අයගේ භාරකරු ද ඔබ ම ය. යා අල්ලාහ්, මෙම ගමනේ දී ඇති විය හැකි වෙහෙස මහන්සියෙන් ද, දුක්මුසු දර්ශනවලින් ද, මගේ පවුලේ උදවියට හා මගේ ධනයට සිදුවිය හැකි අයහපත් බලපෑම්වලින් ද ආරක්ෂා කරන මෙන් මම ඔබෙන් අයැද සිටිමි.
අල්ලාහුම්ම ඉන්නා නස්අලුක ෆී සෆරිනා හාදල් බිර්ර වත්-තක්වා, වමිනල්-අමලි මා තර්ළා, අල්ලාහුම්ම හව්වින් අලයිනා සෆරනා හාදා වත්වි අන්නා බුඃදහ්, අල්ලාහුම්ම අන්තස්-සාහිබු ෆිස්-සෆරි, වල්කලීෆතු ෆිල් අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් වඃසාඉස් සෆරි, වකආබතිල් මන්ළරි, වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල් අහ්ලි ආපසු හැරී එන විට, මීට අමතර ව මෙසේ ප්‍රාර්ථනා කළ යුතු යි. තේරුම: ආපසු හැරී නැවත සේන්දු වූයෙමු, පව්වලට පාපෝච්චාරණය කරන්නෙමු. අපගේ පරමාධිපතියාණන්ට නැමදුම් කර ඔහු ප්‍රශංසා කරන්නෙමු.[253] [253]. මුස්ලිම් (2/978) අංක (1342).
ආයිබූන, තාඉබූන, ආබිදූන, ලිරබ්බිනා හාමිදූන්
97. ගමකට හෝ නගරයකට පිවිසීමේ දී කළ යුතු ප්‍රාර්ථනාව
«යා අල්ලාහ්, අහස් හතේ සහ ඒවා සෙවණ දෙන ලද දේවල පරමාධිපතියාණෙනි, මහපොළෝ හතේ සහ ඒවා උසුලා සිටින දේවල පරමාධිපතියාණෙනි, ෂෙයිතානුන්ගේ සහ උන් නොමඟ යවන දේවල පරමාධිපතියණෙනි, සුළංවල සහ ඒවා ගසාගෙන යන ලද දේවල පරමාධිපතියණෙනි, මෙම ගම්මානයේ යහපත ද, එහි වැසියන්ගේ යහපත ද, එහි ඇති දේවල යහපත ද මම ඔබෙන් අයදිමි, තව ද මෙහි අයහපතින් ද, එහි වැසියන්ගේ අයහපතින් ද, එහි ඇති දේවල අයහපතින් ද මම ඔබගෙන් ආරක්ෂාව පතමි»[254]. [254] අල්හාකිම්, අද්දහබී මෙය අනුමත කර මෙහි නිවැරදිභාවය තහවුරු කර ඇත (2/100), ඉබ්නු අස්සුන්නී අංක (524), අල්හාෆිල් විසින් 'තක්රීජ් අල් අද්කාර්' (5/154) හි මෙය හසන් ගණයට අයත් හදීසක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අල්ලාමා ඉබ්නු බාස්තුමා මෙසේ ප්‍රකාශ කර ඇත: "අන්නසාඊ හසන් ගණයේ වාර්තා දාමයකින් වාර්තා කර ඇත." තවදුරටත් 'තුහ්ෆතුල් අක්යාර්' (පිටුව 37) බලන්න.
අල්ලාහුම්ම රබ්බස් සමාවාතිස් සබ්ඉ වමා අල්ලල්න, වරබ්බල් අරළීනස් සබ්ඉ වමා අක්ලල්න, වරබ්බෂ් ෂයාතීනි වමා අද්ලල්න, වරබ්බර් රියාහි වමා දරයින, අස්අලුක කයිර හාදිහිල් කර්යති, වකයිර අහ්ලිහා, වකයිර මා ෆීහා, වඅඌදු බික මින් ෂර්රිහා, වෂර්රි අහ්ලිහා, වෂර්රි මා ෆීහා.
98. වෙළඳ පොළට පිවිසීමේ දී කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු පාලන ආධිපත්‍යයන් ඔහුට ම හිමි ය. සියලු ප්‍රශංසා හිමිවන්නේ ඔහුට ම ය. ඔහු ජීවය ඇති කරයි. තව ද ඔහු මරණයට පත් කරයි. ඔහු අමරණීය සදාකාලික ය; සියලු යහපත ඇත්තේ ඔහු අතෙහි ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහු ශක්තිය ඇත්තා ය.[255]. [255]. අත්තිර්මිදී අංක 3428, ඉබ්නු මාජහ්, 5/291, අංක 3860, අල්හාකිම් 1/538, සහීහ් ඉබ්නු මාජහි 2/21 සහ සහීහ් අත්තිර්මිදීහි 3/152 අල්බානීතුමා මෙම හදීසය හසන් ගණයට අයත් හදීසයක් බව ප්‍රකාශ කර ඇත.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ, ලා ෂරීක ලහු, ලහුල් මුල්කු, වලහුල් හම්දු, යුහ්යී වයුමීතු, වහුව හයියුන් ලා යමූතු, බියදිහිල් කයිර්, වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්.
99. වාහනයේ දෝෂයක් ඇති වූ විටක කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්." [256] [256] අබූ දාවුද්, 4/296, අංක 4982, අල්බානිතුමා සහීහ් අබූ දාවුද් 3/941හි මෙම හදීසය සහීහ් ගණයට අයත් හදීසයක් බව තහවුරු කර ඇත.
බිස්මිල්ලාහ්
100. මගියා නිවැසියාට කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: මම ඔබ ව අල්ලාහ්ට භාර කරමි. භාරකළ යමක් වේ ද ඒ කිසිවක් ඔහු අපතේ නොහරියි. [257] [257]. අහ්මද් 2/403, අංක 9230, ඉබ්නු මාජා, 2/943, අංක 2825. තවදුරටත් සහීහ් ඉබ්නු මාජා 2/133 බලන්න.
අස්තව්දිඋකුමුල්ලාහල්ලදී ලා තළීඋ වදාඉඋහූ
101. නිවැසියා මගියාට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: ඔබේ දහම, ඔබේ සුරක්ෂිතභාවය හා ඔබේ ක්‍රියාවන්හි අවසානය අල්ලාහ්ට භාර කර සමුදෙන්නෙමි.[258] [258]. අහ්මද් (2/7), අංක (4524), අත්තිර්මිදී (5/499), අංක (3443), 'සහීහ් සුනනුත් තිර්මිදී'හි (3/419) අල්බානිතුමා මෙය සහීහ් ගණයට අයත් හදීසයක් බව තහවුරු කර ඇත.
අස්තව්දිඋල්ලාහ දීනක වඅමානතක වකවාතීම අමලික
තේරුම: අල්ලාහ් ඔබට බියබැතිමත්කම පිරිනමන සේක්වා! ඔබේ පවට සමාව ලබා දෙන සේක්වා! ඔබ කොතැනක සිටිය ද ඔබට යහපත ලෙහෙසි පහසු කර දෙන සේක්වා! [259] [259]. අත්තිර්මිදී, අංක 3444, සහීහ් තිර්මිදී 3/155 බලන්න.
සව්වදකල්ලාහුත් තක්වා, වගෆර දන්බක, වයස්සර ලකල් කයිර හයිසු මා කුන්ත
102. ගමනේ දී තක්බීර් හා තස්බීහ් පැවසීම.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: ""අපි (කන්දක්, උස් බිමක්) නගින විට තක්බීර් පැවසුවෙමු," මෙසේ පවසයි: (අල්ලාහු අක්බර්) තේරුම: අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය.
අල්ලාහු අක්බර් "තව ද අපි (පල්ලමක්) බසින විට (සුබ්හානල්ලාහ් යැයි) තස්බීහ් පැවසුවෙමු."[260]. මෙසේ පවසයි: (තේරුම: අල්ලාහ් සුවිශුද්ධ ය) [260]. අල්-බුහාරි: ෆත්හුල් බාරි, 6/135, අංක 2993.
සුබ්හානල්ලාහ්
103. මගියා අලුයම් කාලයට එළැඹුණු විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ ප්‍රශංසාව හා ඔහු අප වෙත පිරිනමා ඇති යහපත් දායාද තුළින් සවන් දෙන්නා සවන් දෙන්නට සැලැස්වීය. අපගේ පරමාධිපතියාණනි, ඔබ අපගේ සගයා වන්න. අපට ආශිර්වාද කරන්න. නිරා ගින්නේ වෙදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිමි."[261]. [261]. මුස්ලිම්, 4/2086, අංක 2718, 'සම්මඅ සාමිඋන්' යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ අල්ලාහ්ගේ ආශිර්වාද හා ඔහුගේ යහපත් දායාද සම්බන්ධයෙන් අප ප්‍රශංසා කිරීම ගැන සාක්ෂි දරන්නා සාක්ෂි දැරුවේය යන්නයි. එමෙන් ම 'සම්මඅ සාමිඋන්' යන්නෙහි තවත් අදහසක් නම් මාගේ මෙම ප්‍රකාශයට සවන් දෙන්නා වෙනත් අයෙකුට එය දන්වා සිටියේය යන්න යි. මෙය අලුයම් කාලයේ දික්ර් කිරීම හා ප්‍රාර්ථනා කිරීම ගැන උනන්දු කරවන්නකි. සහීහ් මුස්ලිම් 'ෂර්හුන් නවවි' 17/39.
සම්මඅ සාමිඋන් බිහම්දිල්ලාහි, වහුස්නි බලාඉහී අලයිනා, රබ්බනා සාහිබ්නා වඅෆ්ළිල් අලයිනා ආඉසන් බිල්ලාහි මිනන් නාර්.
104. ගමනක දී හෝ වෙනත් අවස්ථාවක දී හෝ යම් තැනකට ගොඩ බසින විට කිව යුතු ප්‍රාර්ථනාව
තේරුම: අල්ලාහ්ගේ පරිපූර්ණ වදන් තුළින් ඔහු මැවූ දෑහි හානියෙන් මම ආරක්ෂාව පතමි. [262] [262] මුස්ලිම්, 4/2080, අංක 2709.
105. ගමනක් ගොස් නැවත හැරී එන විට කිව යුතු සිහිපත් කිරීම
"සෑම උස් ස්ථානයක ම තුන්වරක් තක්බීර් පවසා, පසු ව මෙසේ පැවසිය යුතු යි:" (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සියලු රාජ්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නා ය. අපි අපගේ පරමාධිපතියාණන්ට ප්‍රශංසා කරමින්, පාපක්ෂමාව අයැදිමින්, නමදිමින් පැමිණෙන්නෙමු. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේය. තම ගැත්තාට උපකාර කළේය. තනි ව සිට සේනාවන් පරාජයට පත් කළේය.) [263]. [263]. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යුධ කටයුත්තක් හෝ හජ් වන්දනාව අවසන් කිරීමෙන් පසු මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ. අල්-බුහාරි (7/163) අංක (1797), මුස්ලිම් (2/980) අංක (1344).
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, ආයිබූන, තාඉබූන, ආබිදූන, ලිරබ්බිනා හාමිදූන. සදකල්ලාහු වඃදහූ, වනසර අබ්දහූ, වහzසමල් අහ්zසාබ වහ්දහූ.
106. සතුටුදායක හෝ අප්‍රියජනක කරුණක් තමන්ට සිදු වූ අයෙකු කිව යුතු දෑ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට සතුටුදායක කටයුත්තක් සිදු වූ විට එතුමාණෝ මෙසේ පැවැසූහ. තේරුම: සිය ආශිර්වාදයෙන් සියලු යහකම් පූර්ණත්වයට පත් වන අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා
අල්හම්දු ලිල්ලාහිල්ලදී බිනිඃමතිහි තතිම්මුස් සාලිහාත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අප්‍රියජනක දෙයක් සිදු වූ විට එතුමාණෝ මෙසේ පැවසූහ. සෑම තත්ත්වයක දී ම සියලු පැසසුම් අල්ලාහ්ට ම ය. [264]. [264]. ඉබ්නුස් සුන්නී: 'අමලුල් යවුම් වල්ලයිලා' අංක (377) හි ප්‍රකාශයට පත් කර ඇත. අල් හාකිම් (1/499) මෙය සහීහ් හදීසයක් බව ප්‍රකාශ කර ඇත. අල්බානිතුමා ද 'සහීහ් අල්ජාමිඃ' (4/201) හි මෙය සහීහ් බවට ප්‍රකාශ කර ඇත.
අල්හම්දු ලිල්ලාහි අලා කුල්ලි හාල්
107. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි සලවාත් කීමේ වැදගත්කම.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. ""කවරෙකු මා වෙත (ආශිර්වාද පතා) සලවාත් පවසන්නේ ද ඔහුට අල්ලාහ් දසවරක් ආශිර්වාද කරනු ඇත."[265]." එය මෙසේ පැවසීම වැනි ය: “අහෝ අල්ලාහ්! අපගේ නබි මුහම්මද් ﷺ තුමා වෙත ශාන්තිය හා සමාදානය පිරිනමනු මැනව.” [265]. මුස්ලිම්, (1/288), අංක (384).
අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා නබියිනා මුහම්මද්
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""මාගේ මිනීවළ උත්සව සමරන ස්ථානයක් බවට පත් නොකරනු. මා වෙත සලවාත් (ආශිර්වාද) පවසනු. සැබැවින් ම නුඹලාගේ සලවාත් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා වෙත දැනුම් දෙනු ලැබේ."[266]." "[266]. අබූ දාවුද්, 2/218, අංක 2044, අහ්මද්, 2/367, අංක 8804, සහීහ් අබූ දාවූද් 2/383 හි අල්බානීතුමා මෙය සහීහ් හදීසයක් බවට ප්‍රකාශ කර ඇත."
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නොපවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”[267]. [267]. අත් තිර්මිදී, 5/551, අංක 3546, වෙනත් අය ද මෙය වාර්තා කර ඇත්තෝය. තවදුරටත් 'සහීහ් අල්-ජාමිඃ 3/25 හි සහ සහීහ් තිර්මිදී 3/177 හි බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""මහපොළොව මත සැරිසරන මලාඉකාවරුන් හෙවත් සුර දූතයෝ අල්ලාහ් සතු සිටිති. මාගේ සමාජයෙන් පවසනු ලබන සලාමය මා වෙත ඔවුහු දැනුම් දෙති."" [268]. [268] අන්නසාඊ (3/43) අංක (1282), අල්හාකිම් (2/421), සහීහ් අන්නසාඊ (1/274) හි අල්බානීතුමා විසින් මෙහි නිරවද්‍යතාව තහවුරු කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: «කිසිවෙක් හෝ මා වෙත සලාම් පවසන්නේ නම් ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මට මාගේ ප්‍රාණය ලබා දෙනු ඇත.»[269]. [269]. අබූ දාවුද්, අංක 2041, සහීහ් අබූ දාවුද් 1/383 හි අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව සඳහන් කර ඇත.
108. සලාම් (හෙවත් ශාන්තිය හා සමාදානය) පතුරුවා හැරීම.
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "නුඹලා දේවත්වය විශ්වාස කරන තෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන් ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නන් වන්නේ නැත. යමක් සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන කරුණක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න."[270]. [270]. මුස්ලිම්, 1/74, අංක 54, අහ්මද්, අංක 1430, මෙය අහ්මද්හි සඳහන් වදන් පෙළ යි. මුස්ලිම්හි සඳහන් වදන් පෙළෙහි (ලා තද්කුලූන) යනුවෙන් ද සදහන් වී ඇත.
«කරුණු තුනක් කවරෙකු එකතු කර ගන්නේ ද ඔහු තමන්ගේ විශ්වාසය (ඊමානය ) සම්පූර්ණ කර ගත්තේය. එනම්: ඔහු තුළින් එන සාධාරණත්වය, ලෝකවාසීන්ට සලාම් (ශාන්තිය හා සමාදානය) පතුරුවාලීම, තමන් ළඟ ඇති ස්වල්ප දැයින් දන්දීම.»[271]. [271]. අල් බුහාරි, 1/82, අංක 28, අම්මාර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය 'මඃකූෆ් මුඅල්ලක්' ගණයට අයත් හදීසයකි.
අබ්දුල්ලාහ් බින් උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දැනුම් දෙන හදීසයක මෙසේ සඳහන් වේ. සැබැවින් ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේ දැ?’යි විමසීය. එතුමා: "“ආහාර සැපයීම හා ඔබ දන්නා මෙන් ම ඔබ නොදන්නා අයට සලාම් පැවසීම.” යැයි පැවසුවේය. [272]." [272]. අල් බුහාරි: ෆත්හුල් බාරි 1/55, අංක 12, මුස්ලිම්, 1/65 අංකය 39.
109. මුස්ලිම් නොවන කෙනෙකු විසින් සලාම් පවසන විට එයට පිළිතුරු දිය යුත්තේ කෙසේ ද?
"ආගම් ලත් දනන් ඔබට සලාම් පැවැසූ විට ඔබ ද පෙරළා "ව අලයිකුම්" (ඔබට ද එසේ ම වේවා!) යැයි පවසන්න."[273]. [273]. අල්-බුහාරි: ෆත්හුල් බාරි 11/42, අංකය 6258, මුස්ලිම්, 4/1705, අංකය 2163.
ව අලයිකුම්
110. කුකුළා හඬලන විට දී සහ බූරුවාගේ බෙරිහඬ ඇසෙන විට දී කිව යුතු ප්‍රාර්ථනාව
"කුකුළෙකු හඬලනු ඇසෙන විට නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ ආශිර්වාදය පතා සිටින්න. ඇත්ත වශයෙන් ම ඌ මලක්වරුන් (දේව දූතයින්) දකියි." එය මෙසේ පැවසීම වැනි ය: "(අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික) තේරුම: අහෝ දෙවිඳුනි, මම ඔබගේ දායාදයෙන් ඉල්ලා සිටිමි."
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික් "තව ද බූරුවාගේ බෙරිහඬ ඇසෙන විට, ෂෙයිතාන්ගේ අයහපතින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටින්න. මන්ද සැබැවින් ම ඌ ෂෙයිතාන් ව දකියි."[274]. එය මෙසේ පවසන්නාක් මෙනි: තේරුම: පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. [274]. අල් බුහාරි: ෆත්හුල් බාරි 6/350, අංකය 3303, මුස්ලිම්, 4/2092, අංකය 2729.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
111. රාත්‍රී කාලයේ දී සුනඛයින් බුරන විට කළ යුතු ප්‍රාර්ථනාව.
"රාත්‍රියෙහි සුනඛයාගේ බුරන හඬට හා බූරුවාගේ බෙරිහඬට සවන් දෙන විට, අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටින්න. නියත වශයෙන් ම ඔබ නොදකින දෑ උන් දකිනු ඇත."[275]." එය මෙසේ පැවසීම වැනි ය: පලවා හරින ලද ෂයිතාන්ගේ උවදුරුවලින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. [275] අබූ දාවුද් (4/327), අංක (5105), අහ්මද් (3/306), අංක (14283), සහීහ් අබූ දාවුද් (3/961) හි අල්බානීතුමා මෙය සහීහ් හදීසයක් බවට ප්‍රකාශ කර ඇත.
අඌදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීම්
112. ඔබ බැණ වැදුණු කෙනෙකුට කිව යුතු ප්‍රාර්ථනාව
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. තේරුම: යා අල්ලාහ්, කවර මුඃමින්වරයකුට මා බැණ වැදුනේ ද නැවත නැගිටුවනු ලබන දිනයේ දී ඔබ වෙත ලං වීමේ මගක් බවට ඔබ එය ඔහුට පත් කරනු මැනව! [276]. [276]. අල් බුහාරි: ෆත්හුල් බාරි 11/171, අංක 6361, මුස්ලිම්, 4/2007, අංක 396, මුස්ලිම්හි සඳහන් වදන් පෙළේ "ෆජ්අල්හා ලහූ zසකාතන් වරහ්මතන්" (එය ඔහුට කරුණාවක් හා පිවිතුරු කිරීමක් බවට පත් කරනු මැනව!) යනුවෙන් සඳහන් වේ.
113. මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයකු අගය කළ විට කිව යුතු දෑ.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “ඔබ අතරින් කිසිවෙකු තම සහෝදරයෙකු අනිවාර්යයෙන්ම ප්‍රශංසා කිරීමට සිදු වුවහොත්, ඔහු මෙසේ පැවසිය යුතුය:ෙමම කෙනෙකු ගැන සිතමි. ඔහු ගැන හොඳින් දන්නේ අල්ලාහ් ය. අල්ලාහ් ඉදිරියේ මා කිසිවෙකු ශුද්ධත්වයට පත් නොකරමි. -ඒ ගැන ඔහු දන්නේ නම්- ඔහු ගැන මේ මේ අයුරින් යැයි මම සිතමි." [277]. [277]. මුස්ලිම් (4/2296) අංක (3000).
114. පැසසුමට ලක් වූ විට, මුස්ලිම්වරයෙකු කිව යුතු ප්‍රාර්ථනාව.
තේරුම: ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් මා වැරදිකරුවකු බවට ඔබ මා නොගන්න. ඔවුන් නොදැන සිටින දෑ සම්බන්ධයෙන් මට සමාව පිරිනමන්න. [ඔවුන් සිතනවාට වඩා වැඩියෙන් මා යහපත් කෙනෙකු බවට පත් කරන්න.] [278]. [278]. අල්-බුහාරි 'අල්අදබ් අල්-මුෆ්රද්' අංක (761). 'සහීහ් අල්-අදබුල් මුෆ්රද්' අංක (585)හි මෙහි ඉස්නාදය හෙවත් වාර්තාදාමය සහීහ් ගණයට අයත් බව අල්බානිතුමා ප්‍රකාශ කර ඇත. වරහන් තුළ ඇති වදන් පෙළ බයිහකී හි 'ෂුඃබුල් ඊමාන්' නම් පාඩම යටතේ (4/228) වෙනත් වාර්තාවක් ඔස්සේ අමතර ව සඳහන් වී ඇත.
අල්ලාහුම්ම ලා තුආකිද්නී බිමා යකූලූන, වග්ෆිර් ලී මා ලා යඃලමූන, [වජ්අල්නී කයිරන් මිම්මා යළුන්නූන්]
115. හජ් හා උම්රා සඳහා ඉහ්රාම් තත්තවයේ සිටින කෙනෙකු තල්බියා පවසන අයුරු.
තේරුම: යා අල්ලාහ්, (ඔබ ඉදිරියේ) පෙනී සිටින්නෙමි, ඔබේ ආරාධනය පිළිගෙන (ඔබ ඉදිරියේ) පෙනී සිටින්නෙමි, ඔබට සමාන වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නැත. සැබැවින් ම සියලු ප්‍රශංසා, ආශීර්වාද මෙන් ම සර්ව රාජ්‍ය බලය ද ඔබ සතු වන්නේය. ඔබට සමාන කිසිවෙක් නැත. [279]. [279]. අල්බුහාරී: ෆත්හුල් බාරී 3/408, අංක 1549, මුස්ලිම්, 2/841, අංක 1184.
ලබ්බයිකල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලා ෂරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන්-නිඃමත ලක වල්-මුල්ක්, ලා ෂරීක ලක්
116. හජ්රුල් අස්වද් ගල අසලට පැමිණි අවස්ථාවේ කිව යුතු තක්බීරය.
"නබි (සල්ලල්ලාහු අලෛහිව සල්ලම්) තුමාණෝ ඔටුවෙකු පිට මත නැගී කඃබතුල්ලාහ්ව වටා තවාෆ් (ප්රදක්ෂිණා) කළහ. හජරුල් අස්වද් වෙත පැමිණෙන සෑම මොහොතක ම තමන්ගේ අතේ තිබුණු යම් දෙයකින් සඥා කරමින් එතුමාණෝ 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පැවසූහ."[280]. "[280] අල්බුහාරි: 'ෆත්හුල් බාරි' (3/476), අංක (1613), 'යම් දෙයකින්' යනුවෙන් අදහස් කරනුයේ සැරයටියෙන් යන්න යි. අල්බුහාරි, (3/472) බලන්න."
117. රුක්නුල් යමානි හා හජරුල් අස්වද් අතර කළ යුතු ප්‍රාර්ථනාව
අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව! තව ද නිරයේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව! [281] [281]. අබූ දාවුද්, 2/179, අංක 1894, අහ්මද් 3/411 අංක 15398, අල් බගවී ෆී ෂරහිස් සුන්නාහ් 7/128. මෙය සහීහ් අබූ දාවුද් 1/354 හි හසන් ගණයට අයත් හදීසයක් බව අල්බානිතුමා ප්‍රකාශයට පත් කර ඇත. මෙය අල්කුර්ආනයේ බකරා පරිච්ඡේදයේ [201] වන පාඨය යි.
රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන් නාර්
118. සෆා හා මර්වා යන ස්ථානයන්හි රැඳී සිටින විට කිව යුතු ප්‍රාර්ථනාව
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සෆා කන්දට සමීප වූ විට මෙසේ පාරායනය කළහ: "නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි..., අල්ලාහ් ආරම්භ කළ දෙයින් මම ද ආරම්භ කරමි."
ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආඉරිල්ලාහි..., අබ්දඋ බිමා බදඅල්ලාහු බිහී ඉනික්බිති, නබිතුමාණන් පළමු ව සෆා කන්දට නගින්නට විය. එහි කඃබාව පෙනෙන තරමට නැග ගත් පසු ව කිබ්ලාව දෙසට මුහුණ ලා සිටගෙන අල්ලාහ්ගේ ඒක දේවත්වය ස්ථිර කරමින් ද තක්බීර් කියමින් ද තවදුරටත් එතුමාණෝ මෙසේ කියවූහ. "අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සර්ව රාජ්‍යය ඔහු සතු ය. සියලු ප්‍රශංසා ඔහු සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරී ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුගේ පොරොන්දුව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට උපකාර කළේය. සියලු සේනාවන් ඔහු තනි ව ම පරාජයට පත් කළේය."
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු ව ලහුල් හම්දු ව හුව අලා කුල්ලි ෂයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ, අන්ජzස වඅදහූ, ව නසර අබ්දහූ, ව හzසමල් අහ්zසාබ වහ්දහ් පසු ව ඒ අතරතුර ප්‍රාර්ථනා කළහ. මේ ආකාරයට ම තුන් වරක් පවසා සිටියහ» මෙහි තවදුරටත් මෙසේ සඳහන් වේ. සෆාහි දී කළාක් මෙන් ම මර්වාහි දී ද එතුමාණෝ එසේ කළහ. [282]. [282] මුස්ලිම්, 2/888, අංක 1218, සූරා අල්-බකරා 158 වන පාඨය.
119. අරෆා දිනයේ දී කිව යුතු ප්‍රාර්ථනාව
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ශ්‍රේෂ්ඨතම ප්‍රාර්ථනාව වනුයේ අරෆා දිනයේ දී කරනු ලබන ප්‍රාර්ථනාව යි. මා ද මට පෙර පැමිණි නබිවරුන් විසින් ද කළ ප්‍රාර්ථනා අතුරින් වැදගත් වන්නේ: (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සර්ව රාජ්‍යය ඔහු සතු ය. සියලු ප්‍රශංසා ඔහු සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරී ය.) [283]. [283]. අත්-තිර්මිදී, අංක (3585), සහීහ් තිර්මිදී (3/184) හි හා සිල්සිලතුල් අහාදීසුස් සහීහා' (4/6)හි අල්බානිතුමා මෙය හසන් ගණයට අයත් හදීසයක් බව ප්‍රකාශ කර ඇත.
120. මෂ්අරුල් හරාම් නමැති ස්ථානයේ දී කිව යුතු සිහිපත් කිරීම
"නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණෝ කස්වා නම් ඔටුවාගේ පිට උඩ නැග මෂ්අරිල් හරාම් නම් ස්ථානයට පැමිණ කිබ්ලා දෙසට හැරී (දුආ) ප්රාර්ථනාවෙහි නිරත වූහ. තව ද "අල්ලාහු අක්බර්" යනුවෙන් තක්බීර් ද "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යනුවෙන් තහ්ලීල් ද, අල්ලාහ්ගේ ඒකීයත්වය සඳහන් කරනු ලබන වදන් ද පැවැසූහ. සිටගත් ඉරියව්වෙහි සිටි එතුමාණෝ අහස කහ පැහැයට පත්වන (ගොම්මන්) වෙලාව දක්වා ප්රාර්ථනාවන්හි නිරත ව සිට, හිරු උදාවට පෙර එම ස්ථානයෙන් පිටත් ව ගියහ.[284]." [284] මුස්ලිම්, 2/891, අංක 1218.
121. ගල් ගසන අවස්ථාවේ දී සෑම ගල් කැටයක් සමඟ ම තක්බීර් පැවසීම.
«(අල්ජම්රාත්) කුලුනු තුනට ගල් ගසන සෑම වාරයක දී ම (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසයි. පළමුවන හා දෙවන කුලුනුවල දී ඒවාට ගල් ගැසීමෙන් පසු ඉදිරියට ගොස් කිබ්ලා දිසාවට හැරී දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කරයි. තුන්වන කුලුනෙහි ගල් විසි කරයි. සෑම ගල් කැටයක් සමඟ ම තක්බීර් පවසයි. එම ස්ථානයේ නොනැවතී ආපසු හැරී යයි.»[285]. [285] අල් බුහාරි: ෆත්හුල් බාරි, 3/583, අංක 1751 මෙහි දැක්වෙන්නේ එහි සඳහන් වදන් පෙළ යි. අල් බුහාරි: ෆත්හුල් බාරි 3/583, 3/584, 3/581, අංක 1753. මුස්ලිම් අංක 1218.
122. සතුටුදායක කරුණක් හා පුදුම සහගත සිදුවීමක් දුටු විට කිව යුතු ප්‍රාර්ථනාව.
(අල්ලාහ් සුවිශුද්ධ ය)[286]." [286]. අල් බුහාරි: ෆත්හුල් බාරි 1/210, 390, 414, අංක 115, අංක 3599, අංක 6218, මුස්ලිම්, 4/1857, අංක 1674.
සුබ්හානල්ලාහ්
තේරුම: අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. [287]." "[287]. අල් බුහාරි (8/441), අංක (4741) සහ (3062), අත්තිර්මිදී අංක (2180), අන්නසාඊ: 'අල්කුබ්රා' අංක (11185). තවදුරටත් සහීහ් අත්තිර්මිදී (2/103) සහ (2/235), මුස්නද් අහ්මද් (5/218) අංක (21900) බලන්න."
අල්ලාහු අක්බර්
123. කෙනෙකුට සතුටුදායක පණිවිඩයක් සැල වූ විට ක්‍රියා කළ යුතු ආකාරය.
"නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තමා ව සතුටට පත් කරවන කරුණක් හෝ ප්‍රීතිය දනවන කරුණක් හෝ සිදු වූ විට එතුමාණෝ උත්තරීතර අල්ලාහ්ට තුති පුදකරමින් සජ්දාවේ (සතඟ නමස්කාරයේ) නිරත වූහ."[288]. [288]. අන්නාසාඊ හැර අහ්ලුස් සුනනයට අයත් සෙසු විද්වත්හු මෙය වාර්තා කර ඇත්තෝය. එනම්: අබූ දාවුද් අංක (2774), අත්තිර්මිදී අංක (1578), ඉබ්නු මාජා අංක (1394). තවදුරටත් 'සහීහ් ඉබ්නු මාජා' (1/233) සහ 'ඉර්වාඋල් ගලීල්' (2/226) බලන්න.
124. ශරීරයෙහි වේදනාවක් දැනුණු විටක කිව යුතු හා කළ යුතු කරුණු.
«ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන මත ඔබේ අත තබා මෙසේ පවසන්න: අල්ලාහ්ගේ නාමයෙන්,
බිස්මිල්ලාහ් තුන් වරක්, පසු ව සත් වාරයක් මෙසේ පවසන්න: මා විඳින සහ මා බිය වන දෑහි හානියෙන් අල්ලාහ්ගෙන් ද ඔහුගේ බලයෙන් ද මම ආරක්ෂාව පතමි. [289] [289]. මුස්ලිම්, 4/1728, අංක 2202.
125. ඇස්වහ හේතුවෙන් යම් දෙයකට හානියක් සිදුවේ යැයි බිය වන තැනැත්තා කළ යුතු දුආව.
«ඔබ අතුරින් කිසිවෙකු හෝ තම සහෝදරයාගෙන් හෝ ඔහුගේ ජීවිතයෙන් හෝ ඔහුගේ ධනයෙන් හෝ තමන්ට පුදුමය දනවන යමක් දකින්නට ලැබුණු විටෙක (එහි අභිවෘද්ධිය සඳහා ප්‍රාර්ථනා කරන්න.) නියත වශයෙන් ම ඇස්වහ සැබෑවකි.»[290]. [290]. මුස්නද් අහ්මද් (4/447), අංක (15700), ඉබ්නු මාජා, අංක (3508), මාලික් (3/118-119), 'සහීහ් අල්-ජාමිඃ' (1/212) හි අල්බානිතුමා මෙය සහීහ් ගණයට අයත් හදීසයක් බව තහවුරු කර ඇත. අර්නාඌත්ගේ 'තහ්කීක් සාදුල් මආද්' (4/170) බලන්න.
126. තිගැස්සීමක් ඇති වූ අවස්ථාවක කිව යුතු දෑ.
"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත.[291]. [291]. අල් බුහාරි: ෆත්හුල් බාරි 6/381 අංක 3346, මුස්ලිම්, 4/2208, අංකය 2880.
127. ආහාරය සඳහා සතුන් කැපීමේ දී හා ගෙල සිඳීමේ දී කිව යුතු දෑ.
තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි, අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. (යා අල්ලාහ්, මෙය ඔබෙන් ලැබුණු දෙයකි. ඔබට ම අයිති වූ දෙයකි.) යා අල්ලාහ් මගෙන් මෙය ඔබ පිළිගනු මැනව!" [292] "[292]. මුස්ලිම් (3/1557) අංක (1967), අල්බයිහකී (9/287), වරහන් අතර ඇති වදන් පෙළ අල් බයිහකී (9/287) හි සඳහන් වූවකි. වෙනත් අය විසින් ද මෙය වාර්තා කරනු ලැබ ඇත. අවසාන වාක්‍යය මම ඉමාම් මුස්ලිම්ගේ වාර්තාවේ සඳහන් අර්ථය අනුව ඉදිරිපත් කළෙමි.”
බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් (අල්ලාහුම්ම මින්ක වලක) අල්ලාහුම්ම තකබ්බල් මින්නී.
128. ෂෙයිතානුන්ගේ කැළඹීම් සහගත කුමන්ත්‍රණ සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී කිව යුතු දෑ.
තේරුම: සැදැහැවන්තයෙකු හෝ පාපතරයෙකු හෝ අතික්‍රමණය කළ නොහැකි වූ අල්ලාහ්ගේ පරිපූර්ණ වචන මඟින් උතුමාණන් නිර්මාණය කළා වූ ද උත්පාදනය කළා වූ ද (මහපොළොවේ වාසය කිරීම පිණිස) අධික වශයෙන් විසුරුවා හැරියා වූ ද මැවීම්වල උවදුරුවලින් ද, අහසින් පහළ කළා වූ දෑවල හානියෙන් ද, අහසට එසවෙන දෑවල හානියෙන් ද, මහපොළොවේ බහුල ව විසුරුවා හැරියා වූ දෑවල හානියෙන් ද, මහපොළොවෙන් මතු වන දෑවල හානියෙන් ද, රාත්‍රියේ හා දහවලේ විපත්තිදායක පිරික්සුම්වලින් ද, යහපත රැගෙන රාත්‍රියේ පැමිණෙන්නා හැර නපුරක් රැගෙන රාත්‍රියේ පැමිණෙන්නා වූ සර්වාකාර හානිවලින් ද, අපරිමිත දයාවන්තයාණනි, මම ඔබෙන් ආරක්ෂාව පතන්නෙමි.[293]. [293]. අහ්මද්, 3/419, අංක 15461, ඉස්නාද් (වාර්තා දාමය) සහීහ් ය. ඉබ්නු සුන්නී අංක 637, තහාවියා ග්‍රන්ථයේ පිටු අංක 133 හි අර්නාඌත්තුමා මෙහි ඉස්නාදය හෙවත් වාර්තාදාමය සහීහ් ගණයට අයත් බව තහවුරු කර ඇත. තවදුරටත් මජ්මඋල් සවාඉද් 10/127 බලන්න.
අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාතිල්ලතී ලා යුජාවිzසුහුන්න බර්රුන් වලා ෆාජිර්: මින් ෂර්රි මා කලක, වබරඅ වදරඅ, වමින් ෂර්රි මා යන්zසිලු මිනස් සමාඉ, වමින් ෂර්රි මා යඃරුජු ෆීහා, වමින් ෂර්රි මා දරඅ ෆිල් අර්ළි, වමින් ෂර්රි මා යක්රුජු මින්හා, වමින් ෂර්රි ෆිතනිල් ලයිලි වන්නහාරි, වමින් ෂර්රි කුල්ලි තාරිකින් ඉල්ලා තාරිකන් යත්රුකු බිකයිරින් යා රහ්මානු
129. ඉස්තිග්ෆාර් සහ තව්බා
අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත. "“අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින් ම මම දිනකට හැත්තෑ වාරයකට වඩා අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.”[294]." [294]. අල් බුහාරි, ෆත්හුල් බාරි (11/101) අංක (6307).
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""අහෝ ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී සමාව අයැද ඔහු වෙත යොමු වන්න. සැබැවින් ම මම ඔහු වෙත දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි."[295]." [295] මුස්ලිම්, 4/2076, අංක 2702.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "කවරෙකු මෙසේ පවසන්නේ ද:" අතිශ්‍රේෂ්ඨ අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිමි. සදා ජීවමාන සදා පැවැත්ම ඇත්තා වූ ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු කිසිදු දෙවියෙක් නැත. තව ද මම ඔහු වෙතට පසුතැවිලි වි යොමු වෙමි.
අස්තග්ෆිරුල්ලාහල් අළීමල්ලදී ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූමු ව අතූබු ඉලය්හි ඔහු යුධ සේනාවෙන් පලා ගිය ද අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත."[296]. [296] අබූ දාවුද්, 2/85, අංක 1517, අත් තිර්මිදී 5/569, අංක 3577, අල් හාකිම්. අද්දහබී මෙය අනුමත කර එහි නිවැරදිභාවය තහවුරු කර ඇත. 1/511, අල්බානිතුමා මෙය සහීහ් හදීසයක් බව ප්‍රකාශ කර ඇත. සහීහ් තිර්මිදී 3/182, 'ජාමිඋල් උසූලි, ලි අහාදීසිර් රසූල්' 4/389 -390 දක්වා බලන්න. අර්නාඌත්තුමා තහවුරු කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේ දී ය. එම හෝරා කාලයේ අල්ලාහ් ව මෙනෙහි කරන්නන් අතුරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නෙහි නම්, එසේ වනු."[297]." [297]. අත් තිර්මිදී, අංක 3579, අන්නසාඊ, 1/279, අංක 572, අල්හාකිම් 1/309, සහීහ් අත්තිර්මිදී 3/183, අර්නාඌත්තුමා විසින් තහවුරු කරන ලද ජාමිඋල් උසූල් 4/144 බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරන්නෙකු ලෙස සිටින විට දී ය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”[298]. [298] මුස්ලිම් (1/350) අංක (482).
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ""සැබැවින් ම, මගේ සිතට යම්කිසි අඩුවක් ඇති වූවා සේ දැනේ. සත්‍ය වශයෙන් ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි යෙදෙන්නෙමි."[299]." [299]. මුස්ලිම් (4/2075) අංක (2702), ඉබ්නු අල් අසීර් මෙසේ පැවැසූහ.«මගේ සිතට යම්කිසි අඩුවක් ඇති වූවා සේ දැනේ», එනම් ආවරණයක් හට ගෙන ඇත, ආවරණය වී ඇත යන්න යි. එයින් අදහස් කරන්නේ - අමතක වී ඇතැ යි- යන්න යි; මක් නිසා ද යත් එතුමාණන් අල්ලාහ් ව මෙනෙහි කිරීමේ සහ ඔහුට සමීප වීමේ කටයුතුවල නිරන්තර ව නිරත වී සිටියහ. යම් අවස්ථාවක දී එතුමාණන් යමක් නොසලකා හැරියහොත් හෝ එතුමාණන්ට අමතක වුවහොත්, එවිට එතුමාණන් එය තමන් කළ ලොකු වරදක් ලෙස සලකා පාපක්ෂමාවෙහි යෙදුණහ. ජාමිඋල් උසූල් (4/386).
130. තස්බීහ්, තහ්මීද්, තහ්ලීල්, තක්බීර්, පැවසීමේ වැදගත්කම.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "කවරෙකු පහත සඳහන් පරිදි කියවන්නේ ද එනම්": තේරුම: අල්ලාහ් තම ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ ය.
සුබ්හානල්ලාහි වබිහම්දිහී දිනකට සියවතාවක්, ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඔහුට සමාව දෙනු ලැබේ»[300]. [300]. අල් බුහාරි, 7/168, අංක 6405, මුස්ලිම්, 4/2071, අංක 2691, උදෑසන උදා වූ විට සහ සවස උදා වූ විට සියවතාවක් බැගින් මෙය පවසා සිටින්නාගේ මහිමය ගැන මෙම පොතෙහි සඳහන් කර ඇති පිටුව පෙරළා බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "«කවරෙකු මෙසේ පවසන්නේ ද:" තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සර්ව රාජ්‍යය ඔහු සතු ය. සියලු ප්‍රශංසා ඔහු සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරී ය.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු, වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් දස වතාවක්, ඉස්මාඊල්ගේ දරුවන්ගෙන් සිව් දෙනෙක් නිදහස් කළ අයෙකු මෙන් විය.»[301]. [301]. අල් බුහාරි, 7/67, අංක 6404, මුස්ලිම්, 4/2071, අංක 2693. මෙය මුස්ලිම් සතු වදන් පෙළ වේ. මෙම පොතෙහි 93වන අංකය යටතේ සඳහන් වී ඇති 'මෙය සිය වාරයක් පවසන්නාගේ මහිමය' යන කොටස බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන් හට ප්‍රිය මනාප වදන් දෙකකි: (අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ ය, අතිඋත්තරීතර අල්ලාහ් සුවිශුද්ධ ය.)[302]. [302]. අල් බුහාරි, 7/168, අංක 6404, මුස්ලිම්, 4/2072 අංක 2694.
සුබ්හානල්ලාහි වබිහම්දිහී, සුබ්හානල්ලාහිල් අළීම්
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: «මා මෙසේ පැවසීම: අල්ලාහ් සුපිවිතුරු ය, සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය, අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත, අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය.
සුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාප ය.”[303]. [303] මුස්ලිම් (4/2072) අංක (2695).
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "සෑම දිනක ම දහසක් පින් උපයන්නට ඔබ අතුරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයෙකු මෙසේ විමසා සිටියේය: 'අප අතුරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එවිට එතුමාණෝ: «කෙනෙක් සිය වතාවක් "සුබ්හානල්ලාහ්" යැයි තස්බීහ් පවසන්නේ නම් ඔහුට යහඵල දහසක් හිමිවන්නේය. නැත්නම් (ඔහු කළ) පව් දහසක් ඔහුගෙන් මකා දමනු ලබන්නේය.»[304]. [304]. මුස්ලිම්, 4/2073, අංක 2698.
සුබ්හානල්ලාහ්
"කවරෙකු මෙසේ පවසන්නේ ද:" අතිඋත්තරීතර අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ ය."
සුබ්හානල්ලාහිල් අළීම් වබිහම්දිහ් ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් හිටවනු ලැබේ." [305]. [305] අත් තිර්මිදී (5/511) අංක (3464), අල්හාකිම් (1/501), අද්දහබීතුමා මෙය සහීහ් ගණයට අයත් හදීසයක් බව සහතික කර එකඟතාව පළ කර ඇත. තවදුරටත් සහීහ් අල් ජාමිඃ (5/531) සහ සහිහ් අත්-තිර්මිදී (3/160) බලන්න.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: «අහෝ අබ්දුල්ලාහ් ඉබ්නු කය්ස්, ස්වර්ගයේ නිධන් අතුරින් නිධානයක් පිළිබඳ මා ඔබට දැනුම් දෙන්න ද?» එයට මම: එසේ ය, අල්ලාහ්ගේ දූතයාණනි, යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: «නුඹ මෙසේ පවසනු: (අල්ලාහ්ගෙන් තොර ව කිසිදු බලයක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත.) [306]. [306]. අල් බුහාරි: ෆත්හුල් බාරි 11/213, අංක 4206, මුස්ලිම්, 4/2076, අංක 2704.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි: අල්ලාහ් සුපිවිතුරු ය, සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය, අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත, අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය.
සුබ්හානල්ලාහ්, වල්හම්දු ලිල්ලාහ්, ව ලා ඉලාහ ඉල්ලල්ලාහ්, වල්ලාහු අක්බර්. “ඒවායින් කවර දෙයකින් ආරම්භ කළ ද ඔබට කිසිදු හානියක් සිදු වන්නේ නැත.” [307]. [307]. මුස්ලිම්, 3/1685, අංක 2137.
ගම්බද අරාබිවරයෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්‍රකාශයක් මට උගන්වන්නැ'යි ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ මෙසේ පැවැසූහ: «නුඹ මෙසේ පවසනු: (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට වෙනත් කිසිවක් හෝ කිසිවෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. උදාර අන්දමින් අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. බහුල ලෙස ප්‍රශංසා හිමි වන්නේ අල්ලාහ්ට ම ය. ලෝවැසියන්ගේ පරමාධිපතියාණන් වන අල්ලාහ් සුවිශුද්ධ ය. අතිශයින් බලසම්පන්න වූ ද සර්වඥ වූ ද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු බලයක් හෝ ශක්තියක් නැත.)
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අzසීzසිල් හකීම්. මේ සියල්ල මගේ පරමාධිපතියාණන් උදෙසා ය, මා වෙනුවෙන් (පවසන්නට ඇත්තේ) කුමක් දැ? යි විමසුවේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. «නුඹ මෙසේ පවසනු: තේරුම: (අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව! මට කරුණාව දක්වනු මැනව! මට ඍජු මඟ පෙන්වනු මැනව! මට ජීවන සැපසම්පත් පිරිනමනු මැනව!) [308]. [308] මුස්ලිම් (4/2072), අංක (2696), මීට අමතර ව අබූ දාවුද් (1/220) අංක (832) හි එම අරාබි ජාතිකයා හැරී ගිය පසු නබිතුමාණන් "ඔහු ඔහුගේ දෑත් යහපතින් පුරවා ගත්තේය" යනුවෙන් පැවැසූ බවට වාර්තා වී ඇත.
අල්ලාහුම්මග්ෆිර් ලී, වර්හම්නී, වහ්දිනී, වර්zසුක්නී
පුද්ගලයෙකු ඉස්ලාමය වැලඳගත් විටක, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට සලාතය (ඉටු කරන ආකාරය) උගන්වා පසු ව මෙම වදන් පවසා ප්‍රාර්ථනා කරන මෙන් නියෝග කළහ. «යා අල්ලාහ්, මට සමාව දෙනු මැනව! මට කරුණාව දක්වනු මැනව! මට යහමඟ පෙන්වනු මැනව! මට නිරෝගී සුවය ලබා දෙනු මැනව! තව ද මට ජීවන සැපසම්පත් පිරිනමනු මැනව!»[309]. [309]. මුස්ලිම්, 4/2073, අංක 3697, එතුමා සතු තවත් වාර්තාවක "සැබැවින් ම මේවා ඔබේ මෙලොවට මෙන් ම ඔබේ මතුලොවට යහපතක් ම රැස්කර දෙනු ඇත." යනුවෙන් සඳහන් වී ඇත.
අල්ලාහුම්මග්ෆිර් ලී, වර්හම්නී, වහ්දිනී, වආෆිනී, වර්zසුක්නී
"සැබැවින් ම දුආ හෙවත් ප්‍රාර්ථනා අතුරින් වඩාත් උතුම් වන්නේ සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය,
අල්හම්දු ලිල්ලාහ් තව ද දික්ර් හෙවත් සිහිපත් කිරීම් අතුරින් වඩාත් උතුම් වන්නේ තේරුම: අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු අන් කිසිවෙක් නොමැත.[310]. [310]. අත් තිර්මිදී, 5/462, අංක 3383, ඉබ්නු මාජහ්, 2/1249 අංක 3800, අල්හාකිම් 1/503, අද්දහබීතුමා මෙය සහීහ් ගණයට අයත් හදීසයක් බව එකඟතාව පළ කර ඇත. සහීහ් අල්ජාමිඃ 1/362 බලන්න.
"අල් බාකියාතුස් සාලිහාත්" හෙවත් ශේෂ ව පවතින යහකම් යනු: තේරුම: අල්ලාහ් සුවිශුද්ධ ය. ප්‍රශංසා සියල්ල හිමි වන්නේ අල්ලාහ්ට ම ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් කිසිවෙක් නැත. අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. අල්ලාහ්ගෙන් හැර කිසිදු බලයක් හෝ ශක්තියක් හෝ වෙනත් කිසිවකුට නැත." [311]. [311] අහ්මද්, අංක 513, අහ්මද් ෂාකිර්තුමා විසින් සකස් කරන ලද අනුපිළිවෙලට අනුව ය. මජ්මඋස් සවාඉද් 1/297 බලන්න. ඉබ්නු හජර්තුමා විසින් බුලූගුල් මරාම් ග්‍රන්ථයේ අබූ සඊද්තුමාගේ වාර්තාවෙන් අරඹා නසාඊ දක්වා මෙම හදීසය දැනුම් දී ඇති බව සඳහන් කර ඇත, අංක 10617. තව ද ඉබ්නු හිබ්බාන්තුමා මෙය සහීහ් හදීස් ගණයට අයත් බව සහතික කර ඇත. අංක 840, අල්හාකිම් 1/541.
සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, ව ලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්, වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්.
131. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තස්බීහ් කළ ආකාරය.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තස්බීහ් ප්‍රමාණය ගණන් කරනු මම දුටුවෙමි. තවත් වාර්තාවක "සිය දකුණතින්" යනුවෙන් සඳහන් වී ඇත.[312]. [312]. අබූ දාවුද්, 2/81, අංක 1502, අත් තිර්මිදී 5/521, අංක 3486. සහීහ් අල්ජාමිඃ, 4/271, අංක 4865 බලන්න. 'සහීහ් සුනන් අබූ දාවුද්' 1/411 හි අල්බානිතුමා මෙය සහීහ් ගණයට අයත් හදීසයක් බව තහවුරු කර ඇත.
132. ධර්මිෂ්ඨ ක්‍රියා වර්ග සහ සාරධර්ම එකතුව
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “රෑ බෝ වී එන විට සහ හෝ හිරු බැස යන විට නුඹලාගේ දරුවන් (නිවෙස්වල) රඳවාගන්න. සැබැවින් ම ෂයිතාන්හු එම වේලාවන්හි දී දස දෙස සැරිසරති. රෑ බෝ වී හෝරාවක් ගත වූ පසු ඔවුන් මුදවා හරින්න. අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරමින් දොරටු වසා දමන්න. ඇත්ත වශයෙන් ම වසා දමා ඇති දොරටු ෂයිතාන් විවෘත නොකරයි. අල්ලාහ්ගේ නාමය පවසමින් ඔබගේ මලු ගැට ගසා තබන්න. අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරමින් යම් වස්තුවකින් හෝ භාජන වසා තබන්න. නුඹලාගේ පහන් නිවා දමන්න.” [313] [313] අල්බුහාරි: ෆත්හුල් බාරි (10/88) අංක (5623), මුස්ලිම් (3/1595) අංක (2012).
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන් ම හිත මිතුරන්ට ද, අල්ලාහ් ආශිර්වාද කරන සේක්වා! සමාදානය ඇති කරන සේක්වා!
Related books
All books
උදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා57 භාෂාඋදේ සවස කිව යුතු දේව ගුණ ගායනා සහ ප්‍රාර්ථනා
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් "අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඃහුසුුහු සිනතුව් - වලා නව්මුල්-ලහූ මා ෆිස්-සමාවාති වමා ෆිල්-අර්ළිළිමන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි යඃලමු මා බයින අයිදීහිම් වමා කඃල්ෆහුම් වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි ඉල්ලා බිමාෂා-අ වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලුහුමා වහුවල් අලියියුල් අලීම්." අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ…
මුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.78 භාෂාමුස්ලිම්වරයෙකු දැනගත යුතු වැදගත් කරුණු.
මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු" නම් මෙම ග්‍රන්ථය විශිෂ්ට ග්රන්ථයකි. එහි අකුරු හරනය දැනුම හා විවරණය මත පදනම්ව සකස් කර ඇත. මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු වන 'අකීදා' (දේව සංකල්පය), ඉස්ලාමයේ නීති හා 'අදබ්' (ආචාර විධි) පිළිබඳව මෙහි සවිස්තරව සඳහන් කර ඇත. මෙය ඉතා නිවැරදි ආකාරයෙන් සකස් කර ඇති අතර, එය ඔබව බුද්ධිමත් කරවමින් හදවතට සැනසීමක් ලබා දෙයි. අවබෝධය තියුණු කරමින් ක්‍රියාවන් නිවැරදි කරයි. එබැවින් සැබෑ ලෙස සාර්ථකත්වයේ යතුරක් මෙන්ම බුද්ධිමය මාර්ගයේ ගමන් කරන හා අවනත වන අයට මාර්ගෝපදේශයක් ද වේ.
أنا مسلم
මුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය60 භාෂාමුස්ලිම්වරයෙකුට ඵලදායී සංක්ෂිප්ත මාර්ගෝපදේශය
මෙම ග්‍රන්ථය ඉස්ලාම් දහමේ මූලධර්ම කෙටියෙන් මෙන් ම සවිස්තරාත්මක ව සාකච්ඡා කරයි. එමඟින් පාඨකයන්ට නිවැරදි නැමදුම්වල පදනම් සහ අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දිව්‍ය ග්රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, සහ පූර්ව නියමය කෙරෙහි තබනා විශ්වාසයේ අරුත් පැහැදිලි කරයි.