العقيدة الصحيحة وما يضادها

العقيدة الصحيحة وما يضادها

تكلم المؤلف في هذا الكتيب الصغير عن العقيدة الصحيحة التي تتلخص في: الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، وبالقدر خيره وشره، فهذه الأمور الستة هي أصول العقيدة الصحيحة عند أهل السنة والجماعة. وقد شرح الشيخ في الكتاب هذه الأصول الستة مستدلًا بالكتاب والسنة وما عليه سلف هذه الأمة، ثم تكلم عن مسألة الإيمان وقرر أنه قول وعمل يزيد بالطاعة وينقص بالمعصية. ثم ذكر مسألة الولاء والبراء وواجب المسلم تجاه أخيه في الدين. ثم شرع في ذكر المنحرفين عن هذه العقيدة الصحيحة مع ذكر أصنافهم، وذكر شبهة المعاصرين وأنها هي نفس شبهة الأولين، وذكر بعض العقائد الكفرية وما زاده المشركون المتأخرون على الأولين. وأكد الشيخ أن النصر لا يأتي إلا بإخلاص العبادة لوجه الله تعالى وحده لا شريك له، ثم ختم هذا الكتيب بذكر نواقض الإسلام.

Language: lang_si
Prepared by: අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්
Version: 1.0
Translations 47
Amharic Bulgarian Bosnian Czech +43
Attachments 7
PDF
Audio
Video
+3

ඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණු

සංස්කරණය:

අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

පෙරවදන

ප්රශංසා සියල්ල අල්ලාහ්ට හිමිය. අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ට, එතුමාගේ පවුලේ අයට හා අනුගාමිකයන්ට හිමි වේවා.

ඉස්ලාම් ආගමේ මූලාශ්‍රය සහ ආගමේ පදනම, නිවැරදි විශ්වාසය වන බැවින්, එය මෙම දේශනයේ විෂය විය යුතු යැයි මම සිතුවෙමි. අපේ ක්රියාවන් සහ කියමන් වලංගු වන්නේ සහ පිළිගනු ලබන්නේ ඒවා ශුද්ධ වූ අල්කුර්ආනයෙන් සහ සුන්නාවෙන් සකස් වූ ඉස්ලාමීය නීතිය තුළ සත්ය වූ විශ්වාසයක් තුළින් පමණක් බව නීතිමය සාක්ෂි මගින් දැන ගැනීමට හැක. විශ්වාසය සත්ය නොවේ නම්, එතැනින් පිටවන සියලු වචන සහ ක්‍රියාවන් අනිවාර්යයයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. "අද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදී. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමතය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමතය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර්ම ග්රන්ථය දෙනු ලැබූවන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නොගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂ්ප කරන්නේ ද සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි." (අල් මාඉදා 5:5) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “(නබිවරය,) ඔබටත් ඔබට පෙර සිටි දේව දුතවරුන්ටත් වහී මඟින් දන්වනු ලැබුවේ ‘ඔබ ෂිර්ක් (අල්ලාහ්ට ආදේශ තැබීමේ) කටයුතුවල නියැලුණේ නම්, ඔබගේ යහ ක්‍රියා විනාශ වී ගොස්, ඔබ පරාජිතයන්ගෙන් කෙනෙකු බවට පත් වන බවය.” (අස්-සුමර්:39:65) මෙම අර්ථයෙන් අල්කුර්ආන් වදන් බොහෝ ඇති අතර, අල්ලාහ්ගේ පැහැදිලි ග්‍රන්ථය සහ අල්ලාහ්ගේ විශ්වාසවන්ත දූතයාගේ සුන්නාහ් හෙවත් මගපෙන්වීමට අනුව, සැබෑ විශ්වාසය නම්,1.අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, 2.ඔහුගේ දූතයන් කෙරෙහි විශ්වාසය තැබීම, 3.අල්ලාහ් විසින් පහළ කළ දේව ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය තැබීම, 4.ඔහුගේ දූතයන්, 5. අවසන් දිනය, සහ 6. පූර්ව නියමය තුළ, එහි හොඳ සහ නරක සිදු වෙන බවට විශ්වාස තැබීම යන විශ්වාසයට අදාල මෙම කරුණු හය නිවැරදි විශ්වාසයේ අත්තිවාරම් වන අතර එය පදනම් කරගෙන අල්ලාහ් ඔහුගේ ශුද්ධ වූ ග්‍රන්ථය හෙළිදරව් කළ අතර ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ව මෙලොවට එවන ලදී. මෙම ලිපිවලට අනුව මුස්ලිම්වරයෙකු විශ්වාස කළ යුතු, අල්-ගයිබ් හෙවත් නොදකින කරුණු සම්බන්ධයෙන් සියලුම අංග සහ අල්ලාහ් සහ ඔහුගේ දූතයා අපට දන්වා ඇති සියල්ල මෙම විශ්වාසයට ඇතුළත් වේ. ශුද්ධ වූ ග්‍රන්ථයේ සහ සුන්නාහ්වේ විශ්වාස කළ යුතු මෙම මූලික කරුණු හය සඳහා බොහෝ සාක්ෂි ඇත. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: "නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නොවේ. නමුත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ්, අවසන් දිනය, මලක්වරුන්, දේව ග්‍රන්ථය සහ වක්තෘවරුන් ව විශ්වාස කොට..." (අල් බකරා 2:177) උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. “දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු.“ (අල් බකරා 2:285) උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. “අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් දුරස් විය.” (අන් නිසා 4:136) උත්තරීතරවූ අල්ලාහ් මෙසේ ද පවසයි. “සැබැවින්ම අල්ලාහ් අහසෙහි හා මිහිතලයේ ඇති සියලු දෑ දන්නා බව නුඹ නොදන්නෙහි ද? සැබැවින්ම, එය (ලවුහුල් මහ්ෆූල් හෙවත් සටහන් පොතේ) ලේඛනයේ ඇත. සැබැවින්ම, එය අල්ලාහ්ට පහසු කාර්යයකි.” (සූරා අල් හජ් 22:70) මෙම මූලාධාර ගැන පෙන්නුම් කරන සත්ය හදීස් බොහෝ ඇත. ඒ අතරින් අමීර් අල් මුඃමිනීන් උමර් ඉබ්න් අල්- කත්තාබ් (රළියල්ලාහු අන්හු) දැනුම් දෙන සුප්‍රසිද්ධ හදීසයක්, ඉමාම් මුස්ලිම් තුමා එතුමාගේ සහීහ් ග්‍රන්ථයෙහි මෙසේ වාර්තා කර ඇත. එනම් ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන්ගෙන් විශ්වාසය ගැන විමසූ විට නබි තුමාණන් ඔහුට මෙසේ පිළිතුරු දුන්හ. “ඊමාන් යනු: අල්ලාහ්, ඔහුගේ මලක්වරුන් (දේව දූතයින්), ඔහුගේ දහම් ග්‍රන්ථ, ඔහුගේ දහම් දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි එහි හොද නරක සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමයි.” (1) ඉහත හදීසය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දි ඇති අතර ඉමාම්වරුන් වන බුහාරි සහ මුස්ලිම් විසින් වාර්තා කර ඇත. මෙම මූලික කරුණු හය වනාහි: උත්තරීතරවූ අල්ලාහ් ගැන, මරණින් පසුව නැවත නැඟිටීම ගැන, නොපෙනෙන කාරණා යනාදිය ගැන සෑම මුස්ලිම්වරයෙකු විසින් විශ්වාස කළ යුතු ආකාරය ගැන පැහැදිලි කරයි. [1] මුස්ලිම් අල්-ඊමාන් (8), අත්-තිර්මිදි අල්-ඊමාන් (2610), අල්-නසාඉ අල්-ඊමාන් සහ එහි නීති (4990), අබු දාවුද් අල්-සුන්නා (4695), ඉබ්නු මාජා අල්-මුකද්දිමා (63), අහමද් (1/27).

උත්තරීතර අල්ලාහ් විශ්වාස කිරීම.

වන්දනාමානය කිරීමට සුදුස්සා අල්ලාහ් පමණක් බව සහ ඔහු සැබෑ දෙවියෙක් බව විශ්වාස කිරීම. අල්ලාහ් හැර වෙන කිසිවක් වන්දනාමානය නොකිරීම.

එබැවින් උත්තරීතරවූ අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම යනු, අන් සියලු දැයින් (ව්යාජ දෙවිවරුන්ගෙන්) බැහැර වී, වන්දනාමානය කිරීමට සුදුස්සා එකම සහ සැබෑ පරමාධිපති අල්ලාහ් බව විශ්වාස කිරීමයි. මන්ද ඔහු ඔහුගේ ගැත්තන්ගේ මැවුම්කරුය. ඔවුන්ට යහපත් දෑ කරන්නේය. සියලු මිනිසුන්ගේ පෝෂකයා ඔහුය. ඔවුන්ගේ අභ්‍යන්තර දේ සහ බාහිර දේ දැන සිටින්නේය. ඔහුට යටහත් පහත් භාවය දක්වන අයට යහපත් ප්‍රතිඵල ලබා දෙන සහ අකීකරු අයට දඬුවම් කරන තැනැත්තාය. ඔහුට පමණක් වන්දනාමානය කිරීම සඳහා මනුෂ්‍ය වර්ගයා සහ ජින් වර්ගයා මවා නමස්කාරය සඳහා ඔවුන්ට අණ කළේය. මේ ගැන අල්ලාහ් මෙසේ පවසයි. "ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (අද්-දාරියාත් 51:56) "ඔවුන්ගෙන් කිසිවක් මා අපේක්ෂා නොකරමි. එමෙන් ම, ඔවුන් මා හට ආහාර සැපයීම ද මම අපේක්ෂා නොකරමි." අද්-දාරියාත් 51:57 සැබැවින් ම අල්ලාහ් (සියල්ලන්ට ම) ආහාර සපයන්නා සහ මහා බලසම්පන්නයා වේ." අද්-දාරියාත් 51:58 තව ද අල්ලාහ් මෙසේ ද පවසා ඇත: “මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.” (අල් බකරා 2:21) "ඔහු ම නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට ද, අහස වියනක් බවට ද පත් කළේය. පසු ව අහසින් වර්ෂාව පහළ කොට, එමඟින් නුඹලාට පෝෂණය පිණිස පළතුරු හට ගැන්නුවේය. එබැවින් දැනුවත්වම නුඹලා අල්ලාහ්ට සමානයන් නොතබනු." (අල් බකරා 2:22) උත්තරීතරවූ අල්ලාහ් ඔහුගේ පණිවිඩකරුවන් යවා, මෙම සත්යය පැහැදිලි කිරීමටත්, ඒ වෙත ජනයා කැඳවීමටත්, එයට විරුද්ධ වන දේ ට එරෙහිව අනතුරු ඇඟවීමටත් ශුද්ධවූ ග්‍රන්ථය පහළ කළේය. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. “සැබැවින් ම අපි සෑම සමාජයකට ම ‘අල්ලාහ් දෙවිඳාණන් නමඳින්න. තාගූත් (අල්ලාහ් හැර නමඳිනු ලබන අනෙකුත් දෑ) වලින් ඈත් වී සිටින්න’ යනුවෙන් (ජනයාට දේශනා කිරීම පිණිස) දේව දූතවරයෙකු යවා ඇත්තෙමු.” (අන්-නහ්ල් 16:36) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "(ඕ මුහම්මද්!) ඔබට පෙර අපි යැවූ සෑම දූතවරයෙකුට ම 'මා හැර (නැමඳීමට සුදුසු) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් ඔබලා මා හට ම නැමඳුම් කරන්න' යැයි අපි වහී (දේව හෙළිදරව්) මඟින් දැනුම් දුන්නෙමු." (අල් අන්බියා 21:25) ඒ ගැන අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: “අලිෆ්. ලාම්. රා. එහි වදන් (ප්‍රඥාවෙන් යුතුව) නීති ගත කරන ලදු ව පසු ව විස්තර කරනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය සියලු තොරතුරු දන්නා මහා ප්‍රඥාවන්තයාණන්ගෙන් වූවකි.” "අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි." (අල් හූද් 11:1,2) තවද මෙම වන්දනාමානයේ යථාර්තය නම් ඔහුගේ ගැත්තන් විසින් කරනු ලබන සියලු වන්දනාමාන කටයුතු, අල්ලාහ් වෙත පමණක් යොමු කිරීමයි. එනම් අයැද සිටීමේදී, බියබැති වීමේදී, බලාපොරොත්තු තැබීමේදී, යාච්ඤාවකදී, උපවාස ශීලයේදී, මාංශ දානයකදී, භාරයකදී සහ වෙනත් ආකාරයේ නමස්කාරයකදී ඔහුගේ දඬුවමට බියෙන්, ඔහුගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත්ව සහ ඔහුගේ දයාව බලාපොරොත්තුවෙන් මෙන්ම ඔහුට ආදරය පෙන්වීම තුළින් අල්ලාහ්ව ඒකීයත්වයට පත් කිරීමයි. ශුද්ධ වූ අල් කුර්ආනයේ බොහෝ වදන් පහළ වූයේ මෙම ශ්‍රේෂ්ඨ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාය. අල්ලාහ් මේ ගැන මෙසේ පවසයි. "එබැවින්, ඔබ ආගමික වතාවත්වල දී (ෂිර්ක්වලින් තොර) පිවිතුරු චේතනාවෙන් යුතු ව අල්ලාහ්ට නැමඳුම් කරන්න." "දැනගන්න! (සමාන කිරිම්වලින් තොර) පිවිතුරු ආගමික වතාවත් අල්ලාහ්ට ම හිමි ය." (අස්-සුමර් 39:2-3) තවද, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවට (නියම කළේය.) (අල් ඉස්රා 17:23) තවද අල්ලාහ් මෙසේ ද පවසයි. "එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද, නුඹලා අල්ලාහ්ට පමණක් දහම යොමු කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු." සූරත් ගාෆිර් 40:14 සහීහ් අල් බුහාරි සහ මුස්ලිම් මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් හදීසක් මුආද් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අල්ලාහ් වෙනුවෙන් වූ ගැත්තන්ගේ වගකීම් වනාහි, ඔවුන් අල්ලාහ්ට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට සමාන නොකිරීමය." [2] අල්-බුහාරි (2701), මුස්ලිම් (30), අල්-තිර්මිදි (2643), ඉබ්නු මාජා (4296), අහමද් (5/238).

ඉස්ලාමයේ අල්ලාහ් විසින් ඔහු තම ගැත්තන්ට අණ කළ පස් මහ වගකීම් සහ අල්ලාහ් විසින් ඔවුන් මත පැනවූ සියල්ල විශ්වාස කිරීම:

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම යනු, අල්ලාහ් විසින් සිය ගැත්තන් වෙත අනිවාර්ය කරන ලද සියලු වගකීම් කෙරෙහි විශ්වාසය තැබීම අවැසි කරයි. මෙයට ඉස්ලාමයේ පස් මහ වගකීම් ද ඇතුළත් වේ. එනම් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සහ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දැරීම, සලාත් ඉටු කිිරිම, සකාත් ගෙවීම, රාමසාන් මාසයේ උපවාස ශීලයේ යෙදීම, පහසුකම් ඇති අය හජ් වන්දනාවෙහි යෙදීම යන ඉස්ලාමයේ කුඵණු පහ සහ ශුද්ධ වූ ෂරියා විසින් ගෙන එන ලද අනිවාර්ය වූ වෙනත් වගකීම් ඉටුකිරීමයි.

මෙම පස් මහ වගකීම් වලින් වැදගත්ම සහ ඒවායින් ශ්‍රේෂ්ඨතම වගකීම නම් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් යනු අල්ලාහ්ගේ දූතයා බවටත් සාක්ෂි දැරීමයි. එබැවින් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම යනු උත්තරීතර වූ අල්ලාහ්ට පමණක් අවංක ලෙස වන්දනාමානය කිරීම සහ අල්ලාහ් හැර වන්දනාමානය කරනු ලබන වෙනත් දේ ප්‍රතික්ෂේප කිරීමයි. "ලාඉලාහ ඉල්ලල්ලාහ්" අල්ලාහ් හැර වන්දනාමානය කිරීමට වෙනත් කිසිවක් සුදුසු නැත යන්නෙහි අර්ථය නම්, වෙනත් දෙවියෙකු වේවා, මනුෂ්යයෙකු වේවා, දේව දූතයෙකු වේවා, ජින් වර්ගයක් හෝ ඕනෑම දෙයක් වේවා, ඒ සියල්ලක්ම නමස්කාර කරනු ලබන ව්‍යාජ දෑ බවත් සත්ය ලෙස නමස්කාර කරනු ලබනුයේ උත්තරීතර අල්ලාහ් පමණක් බවත් පිළිගැනීමයි. අල්ලාහ් මෙසේ පවසයි: "එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑමය." සූරා අල් හජ් 22:62 අපි පෙර සඳහන් කළ පරිදි අල්ලාහ් ජින් සහ මිනිස් යන දෙවර්ගය මැව්වේ ඔහුට පමණක් නමස්කාර කිරීමටයි. එමෙන්ම අල්ලාහ් ඔහුගේ දූතයන් එවා ඔහුගේ ශුද්ධ වූ ග්රන්ථ පහළ කළේ, අල්ලාහ් (අපගෙන් බලාපොරොත්තු වන) මෙම මූලික කරුණ සාක්ෂාත් කර ගැනීම සඳහාය. එබැවින් ඔබ මේ ගැන හොඳින් මෙනෙහි කර බලන්න. ඔබට අවබෝධ වනු ඇත. වර්තමානයේ බොහෝ මුස්ලිම්වරුන් මෙම මූලික කරුණ නොසලකා හැර ඇති අතර ඔවුන්ගේ නොදැනුවත් කම නිසා, අල්ලාහ් හැර අන් අයට නමස්කාර කරති. මෙසේ අල්ලාහ්ට ලැබිය යුතු වන්දනාමාන අයිතිය උල්ලංඝනය කරමින් එම වරප්‍රසාදය අල්ලාහ් හැර වෙනත් අයට ප්‍රධානය කරති. අප සැමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා!

උත්තරීතර වූ අල්ලාහ් විශ්වයේ මැවුම්කරු බවත්, ලෝක දනන්ගේ කටයුතු කළමනාකරණය කර ඔහුගේ දැනුමෙන් හා බලයෙන් ඒවා පවත්වාගෙන යන්නා බවත් විශ්වාස කිරීම.

උත්තරීතර අල්ලාහ් විශ්වයේ මැවුම්කරු බවත්, ලෝක දනන්ගේ කටයුතු කළමනාකරණය කර ඔහුගේ කැමැත්තට අනුව ඔහුගේ දැනුමෙන් හා බලයෙන් ඒවා පවත්වාගෙන යන බවත් විශ්වාස කිරීම ද ශුද්ධ වූ අල්ලාහ් විශ්වාස කිරීමේ කරුණු අතරිනි. ඔහු මෙලොවෙහි සහ පරලොවහි හිමිකරුය, සියලු ලෝකවල අධිපතියා ඔහුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත. තවද, ඔහු දූතවරුන් යවා, ඔහුගේ ගැත්තන් යහපත් තත්වයට පත් කිරීමටත්, වර්තමානයේදී සහ අනාගතයේදි ඔවුන්ගේ ජයග්‍රහණය වෙත සහ දැහැමි මාර්ගය වෙත ඔවුන්ව කැඳවීමටත් ශුද්ධ ග්‍රන්ථ පහළ කළේය. "තවද, උත්තරීතරවූ අල්ලාහ් පැවසූ පරිදි, ඔහුට මහිමය වේවා, මේ සියල්ලෙහි ඔහුට හවුල්කරුවෙකු නැත. අල්ලාහ් මෙසේ සඳහන් කරයි." "අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය." අස්Zසුමර්- 39: 62 උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය." (අල් අඃරාෆ් 7:54)

අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් හා උත්තරීතර වූ ගුණාංගයන් කෙරෙහි විශ්වාසය. එනම්, තහ්රීෆ් හෙවත් අර්ථය විකෘති කිරීමකින් තොරව, තඃතිල් හෙවත් අර්ථය ප්‍රතික්ෂේප කිරීමකින් තොරව, තක්යීෆ් හෙවත් ඔහුගේ ගුණාංගයන් මෙසේය යනුවෙන් උපකල්පනය කිරීමකින් තොරව ඔහුගේ අලංකාරවත් නාමයන් හා උත්තරීතර වූ ගුණාංගයන් කෙරෙහි විශ්වාසය තැබීම.

තවද අල්ලාහ් කෙරෙහි විශ්වාස තැබීමේ කරුණු අතරින් ඔහුගේ උතුම් ග්‍රන්ථයේ පැහැදිලිව සඳහන් වී ඇති සහ ඔහුගේ විශ්වාසනීය පණිවිඩකරු විසින් තහවුරු කරන ලද ඔහුගේ ඉතා අලංකාර නාමයන් සහ ගුණාංග කෙරෙහි, එහි අර්ථය විකෘති කිරීම, අර්ථය ප්‍රතික්ෂේප කිරීම, එය මෙසේය යනුවෙන් උපකල්පනය කිරීම සහ උදාහරණ දැක්වීමකින් තොරව මූලාශ්‍රයන්හි සඳහන් වී තිබෙන ආකාරයටම අපි මෙම ගුණාංග විශ්වාස කළ යුතුය. තවද අල්ලාහ්ගේ බලගතු සහ මහිමාන්විත ගුණාංගයන්, ශ්‍රේෂ්ඨ අර්ථයෙන්ම, ඔහුගේ මැවිල්ලට කිසිම ආකාරයකින් සමාන නොකර උත්තරීතර වූ අල්ලාහ්ට සුදුසු, ගැලපෙන ආකාරයෙන් විස්තර කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. “ඔහු වැනි කිසිවකුත් නැත. තව ද ඔහු සර්ව ශ්‍රාවක හා සර්ව නිරීක්ෂක වේ.” (අෂ් ෂූරා 26:11) ඒ ගැන අල්ලාහ් මෙසේ විස්තර කරයි: "එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නොදක්වනු. නියත වශයෙන්ම අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය." (සූරා අන් නහ්ල් 16:74) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහාබාවරුන් හෙවත් සහචරයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් අතර දක්නට ලැබුණු "අහ්ල් අල්-සුන්නා ව අල් ජමාඅත් වරුන්" ගේ විශ්වාසය එබඳුය. මෙම විශ්වාසය ඉමාම් අබු අල්-හසන් අල් අශ්අරී (රහිමහුල්ලාහ්) - අල්මකාලත් අන් අස්හාබල් හදීස් වඅහ්ලල් සුන්නාහ් - නමැති එතුමාගේ කෘතියෙහි සඳහන් කර ඇත. තවද, අනෙකුත් ප්‍රමුඛ විද්වතුන් ද මෙම සැබෑ විශ්වාසය ගැන සඳහන් කර ඇත.

අල්-අව්සායි (රහිමහුල්ලාහ්), මෙසේ පැවසීය: "අල්-සුහ්රි සහ මක්හූල් යන අයගෙන් අල්ලාහ්ගේ (අස්සිෆාත් හෙවත්) ගුණාංගවල වදන් ගැන විමසන ලද අතර, ඔවුන් ඒ සඳහා පිළිතුරු වශයෙන් පැවසුවේ: ඒ ගැන දැනුම් දී ඇති ආකාරයටම විශ්වාස කරන බවයි." අල්-වලීද් බින් මුස්ලිම් (රහිමහුල්ලාහ්) මෙසේ පැවසීය: මාලික්, අල්-අව්සාඊ, අල්-ලයිත් බින් සඃද් සහ සුෆ්යාන් අල්-තවුරි, (අල්ලාහ් ඔවුන් සැමට කරුණාව දක්වනු මැනව.) යන විද්වතුන්ගෙන් අල්ලාහ්ගේ (අස්සිෆාත් හෙවත්) අලංකාර නාම සහ ගුණාංග ගැන සඳහන් වී ඇති තොරතුරු ගැන විමසන ලද අතර, ඔවුන් සියලු දෙනාම පිළිතුරු වශයෙන් පැවසුවේ: අදාළ ගුණාංග කෙසේ ද යනුවෙන් උපකල්පන කිරීමකින් තොරව (අල් කුර්ආන් සහ සුන්නාවෙහි) පැමිණි ආකාරයටම විශ්වාස කරන ලෙසයි. අල්-අව්සායි, (අල්ලාහ් ඔහුට කරුණාව දක්වනු මැනව) මෙසේ පැවසීය: "අපි සහ අනුගාමිකයින් පවසා සිටින්නේ මෙසේය. අල්ලාහ් ඔහුගේ අර්ෂය (ආසනය) මත සිටින බවත් සහ අපි සුන්නාහ් හි සඳහන් අල්ලාහ්ගේ ගුණාංග විශ්වාස කරන බවත්ය." රබියා බින් අබි අබ්ද් අල්-රහ්මාන්, ෂෙයික් මාලික්, යන දෙදෙනාගෙන් (අල්ලාහ් ඔවුන් දෙදෙනාට කරුණාව දක්වත්වා!) 'අල්-ඉස්තවා' ගැන විමසූ විට, ඔවුන් මෙසේ පැවසීය: 'අල්-ඉස්තවා' ගැන නොදන්නා අතර, එය කෙසේද යන ආකාරය ගැන සිතාගත නොහැකි බවයි, කුමක් නිසාද යත් මෙය අල්ලාහ්ගෙන් ලැබුණු පණිවිඩය වන අතර, රසූල්වරයා විසින් එය පැහැදිලි ලෙස දැනුම් දී ඇත, එබැවින් අප විසින් මේවා විශ්වාස කළ යුතුව ඇත." ඉමාම් මාලික්, (අල්ලාහ් ඔහුට කරුණාව දක්වත්වා!) ගෙන් ඒ ගැන විමසූ විට, ඔහු මෙසේ පැවසීය: "ඉස්තවා ගැන දනිමු. එහෙත් එය කෙසේද යන්න ගැන නොදනිමු. එය විශ්වාස කිරීම අපට අනිවාර්‍ය ය වේ. ඒ ගැන මේ ආකාරයෙන් විමසීම ආගමේ නවෝත්පාදනයක් හෝ බිද්ආ ක්‍රියාවකි." පසුව එතුමා මේ ගැන විමසන්නාට මෙසේ කීවේය, “ඔබ අයහපත් පුද්ගලයෙකි." පසුව එතුමා ඔහුගෙන් ඉල්ලා සිටියේ ඔහුට පිටතට යන ලෙසයි.

මෙම අර්ථය විශ්වාසීන්ගේ මව වන උම්ම් සල්මා - (රළියල්ලාහු අන්හා) විසින් ඉහත සඳහන් ප්‍රකාශය කළ බව වාර්තා වේ -ඉමාම් අබු අබ්දුල්-රහ්මාන් ඉබ්න් අල්-මුබාරක්, (අල්ලාහ් එතුමාට කරුණාව දක්වත්වා!) මෙසේ පවසයි. "අපගේ පරමාධිපතියාණන්ට සියලු මහිමයන් හිමි වේවා, ඔහු (අල්ලාහ්) ඔහුගේ අහසට ඉහළින්, ඔහුගේ ආසනය මත සිට, ඔහුගේ මැවීමෙන් වෙන්ව සිටින බව අපි දනිමු". මෙම විෂයට අදාලව ඉමාම්වරුන්ගේ අදහස් මෙම දේශනයේදී උපුටා දැක්විය නොහැකි තරම් විශාල වන අතර, ඒ අදහස් ගැන බොහෝ දේ දැනගැනීමට කැමැති නම්, සුන්නා විද්වතුන් විසින් මෙම විෂය ගැන ලියා ඇති දේ වෙත යොමු වන ලෙස ඉල්ලා සිටිමි. උදාහරණයක් ලෙස, අබ්දුල්ලා බින් අල් ඉමාම් අල් අහමද් විසින් රචිත “සුන්නා”නමැති ග්‍රන්ථය, ඉමාම් අහමද්, සහ ගෞරවනීය ඉමාම් මුහම්මද් බින් කුසයිමා විසින් රචිත “තව්හීද්” ග්‍රන්ථය සහ අබු අල්-කාසිම් අල්-ලාල්කායි අල්-තබාරිගේ “අල්-සුන්නා” ග්‍රන්ථය සහ අබු බක්ර් බින් ආසිම්ගේ “අල්-සුන්නා” කෘතිය, ෂෙයික් අල්-ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහිමහුල්ලාහ්) ගේ (මෙම විෂයට සම්බන්ධයෙන්) පිළිතුරු ඇතුළත් ග්‍රන්ථය, මෙතුමාගේ මෙම කෘතිය විශිෂ්ට හා ප්‍රයෝජනවත් වන පිළිතුරු අන්තර් ගත වී ඇති අතර, මෙහි අහ්ලුස් සුන්නාහ්වට අයත් ජනයාගේ විශ්වාසය පැහැදිලි කර, උපුටා දක්වා ඇත. තවද එහි විද්වතුන්ගේ බොහෝ අදහස්, නීතිමය සහ තාර්කික සාක්ෂි, අහ්ලුුස්සුන්නාවරු පැවසූ දේවල වලංගුභාවය ගැන සහ ඔවුන්ගේ මතයට පටහැනිව පැවසූ අයගේ වලංගු නොවන කරුණු ගැන ද සඳහන් කර ඇත. මේ අනුව, එතුමාගේ "අර්-රිසාලතුත් තදම්මුුරියියහ්" නම් වූ නිබන්ධනයේ මෙම විෂය සම්බන්ධයෙන් එතුමා අහුලස්-සුන්නාගේ විශ්වාසය උපුටා දක්වා ඇත. එම පණිවිඩය තුළ එතුමාගේ ස්ථාවරය සරලව දක්වමින්, එහි පාඨමය තොරතුරු සහ තාර්කික අර්ථ සහ සාක්ෂි සමඟ සුන්නිවරුන්ගේ විශ්වාසය පැහැදිලි කර ඇති අතර, දැනුම ඇති විද්වතුන්ගෙන් තොරතුරු රැස්කර, සත්ය පෙන්වා දෙන ආකාරයෙන් සහ අසත්‍යයට නැවැතීමේ ලකුණ යෙදිය යුතු ආකාරයෙන්, දැහැමි චේතනාවෙන් සහ සත්‍යය දැනගැනීමේ ආශාවෙන් මෙම විශ්වාසය කඩ කරන්නන්ට සහ අල්ලාහ්ගේ අලංකාරවත් නාමයන් හා උත්තරීතර ගුණාංගයන් කෙරෙහි අහ්ලුස් සුන්නා වරුන්ගේ විශ්වාසයට විරුද්ධව අදහස් දැක්වූ සියලු දෙනාට පිළිතුරු දී ඇත.

අහ්ල් අල්-සුන්නා වල්-ජමාත් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් විසින් උත්තරීතරවූ අල්ලාහ්, ඔහු තම ශුද්ධවූ අල්කුර්ආනයේ ඔහු වෙනුවෙන්ම තහවුරු කළ ඔහුගේ අලංකාර නම් සහ ගුණාංග හෝ ඔහුගේ දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ් සම්බන්ධයෙන් එතුමාගේ නිැරදි සුන්නාහ් හරහා තහවුරු කළ අලංකාර නම් සහ ගුණාංග සියල්ල, ඒවායේ අර්ථය විකෘති කිරීමකින් තොරව, ඒවා ඔහුගේ මැවිලිවලට සමාන කිරීමකින් තොරව තහවුරු කර ඇත. එබැවින් ඔවුන් පැහැදිලි පරස්පරතාවන් මත වැටීමකින් තොරව ජය ලබාගෙන, (අල්කුර්ආන් සහ සුන්නාවට අනුව) සියලු සාක්ෂි මත පිහිටා ක්‍රියා කළහ. මෙය කෙනෙකුට අල්ලාහ් විසින් එවූ පණිවිඩකරුවන්ගේ සත්යය පිළිපැදීමටත්, තමන්ගේ උපරිමය කිරීමටත්, අල්ලාහ් කළ ඉල්ලීමේදී ඔහුට අවංක වීමටත් සකස් කර ඇති සුන්නාව හෙවත් අල්ලාහ්ගේ සැළැස්මයි. නමුත් අපි සත්‍යය ගෙන, අසත්‍යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. (අල් අන්බියා 21:18) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන පැමිණිය ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු." අල්ෆුර්කාන් 25:33 අල්-හාෆීස් ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) අල්ලාහ්ගේ වදන් ගැන කතා කරන විට එතුමාගේ සුප්‍රසිද්ධ අර්ථ කථනයක (අල්කුර්ආන් වදනක් ගැන) මෙසේ සඳහන් කරයි. "නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය." (අල් අඃරාෆ් 7:54-) අල්ලාහ්ගේ ගුණාංග ගැන සඳහන් මෙම කොටසෙහි මෙය හොඳ වදනකි, එහි ඇති ශ්‍රේෂ්ඨත්වය නිසා එය මෙහි සඳහන් කිරීම වඩා උචිතය. (අල්-කුර් ආනයේ සුප්‍රසිද්ධ විග්‍රහකයෙකු වන) ඉබ්නු කසීර් තුමා මෙසේ පැවසීය. "මේ සම්බන්ධයෙන් මිනිසුන් බොහෝ වෙනස් මත අනුගමනය කරති, ඒ සියල්ල සාකච්ඡා කිරීමට මෙය ස්ථානයක් නොවේ.කෙසේ වෙතත්, අපි මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ධර්මිෂ්ඨ පූර්වගාමීන්ගේ මද්හබය හෙවත් මාර්ගයයි: එනම් මාලික්, අල්-අව්සාඊ, අත් තව්රි, අල්-ලයිත් බින් සඅද්, අෂ්-ෂාෆි, අහමද්, ඉස්හාක් බින් රාහවායි වැනි අතීතයේ සහ වර්තමාන මුස්ලිම් සමාජයේ ධර්මිෂ්ඨ පූර්ව ගාමීන් හෙවත් අස්-සලෆ් අස්-සාලිහීන්ගේ මාර්ගයයි. ඔවුන් සියල්ලෝම අල්ලාහ්ගේ ගුණාංග විශ්වාස කළහ. එසේ විශ්වාස කළේ, ඒවායේ අර්ථයන් විකෘති කිරීම, ඒවා සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම හෝ වෙනත් දෙයකට සමාන කිරීමකින් තොරවයි. තවද අල්ලාහ් පිළිබඳව අපගේ මනසට කුමන රූපයක් පැමිණියද එය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මන්ද, අල්ලාහ් විසින් මවන ලද කිසිවෙකුට සහ කිසවකට අල්ලාහ්ව සමාන කළ නොහැක. "ඔහුට සමාන කිසිවක් නැත, ඔහු සියල්ල අසන්නා, සියල්ල බලන්නාය. ඉමාම් අල්-බුහාරිගේ ගුරුවරයා වන නුඅයිම් අල්-කුසායි මෙසේ පැවසීය. යමෙක් අල්ලාහ්ව ඔහුගේ මැවිලිවලට උපමා කරන්නේද ඔහු ප්‍රතික්ෂේපකයෙකි. අල්ලාහ් තමාට ආරෝපණය කරන ගුණාංග කවරෙකු ප්‍රතික්ෂේප කරයිද, ඔහු අවිශ්වාස කරන්නෙකි. තවද උත්තරීතර වූ අල්ලාහ් ඔහු වෙනුවෙන්ම තහවුරු කළ ඔහුගේ ගුණාංග හෝ ඔහුගේ දූතයාණන් අල්ලාහ් සම්බන්ධයෙන් විස්තර කළ ගුණාංග සම්බන්ධයෙන් කිසිදු සමානකමක් නොමැත. තවද අල්ලාහ්ගේ මහිමයට සරිලන අයුරින් පැහැදිලි වාක්‍යයන් සහ සත්‍ය වාර්තා අනුව අල්ලාහ් වෙනුවෙන් යමෙක් යම් ගුණාංගයක් පිහිටුවයිද, සර්වබලධාරී අල්ලාහ්ගේ අඩුපාඩු ප්‍රතික්ෂේප කරයිද, එවිට ඔහු නිවැරදි මග යන කෙනෙකි."

මලක්වරුන් හෙවත් දේව දූතයින් පිළිබඳ විශ්වාසය

දේවදූතයන් කෙරෙහි විශ්වාසය සම්බන්ධයෙන් ගත් කල: දේවදූතයන් ගැන පොදුවේ හා සවිස්තරාත්මකව විශ්වාස කිරීම මෙම විෂයට ඇතුළත් වේ. එබැවින් මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට දේවදූතයන් සිටින බවත් ඔහුට කීකරු වීමට, ඔහු ඔවුන්ව මැවූ බවත් අල්ලාහ් ඔවුන්ව "ගෞරවනීය ගැත්තන්" ලෙස විස්තර කරන අතර ඔවුන් ඔහුගේ විධානයට අනුව ක්‍රියා කරන බවත් මුස්ලිම්වරයෙකු විශ්වාස කරයි. "ඔවුන් අතර ඇති දෑ ද, ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති." (සූරා අල් අන්බියා - 21:28) දේවදූතයන් විවිධ කාණ්ඩවලට අයත් වන අතර ඔවුන් වෙත විවිධ රාජකාරි පවරනු ලැබ ඇත. විවිධ රාජකාරි අතර අල්ලාහ්ගේ රාජාසනය දරන්නන් ඇත. ඔවුන් අතර ස්වර්ගයේ සහ නිරයේ භාරකරුවන් සිටින අතර අල්ලාහ්ගේ ගැත්තන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කිරීමේ වගකීමද භාර දී ඇත. තවද අල්ලාහ් සහ ඔහුගේ දූතයා ඔවුන් අතර නම් කළ ජිබ්රීල්, මීකාඉල් සහ නිරය භාරව සිටින මාලික්, අවසන් හෝරාවේ පැමිණීම නිවේනය කිරීමට හොරණෑව පිඹින ඉස්රාෆීල් වැනි අය ගැනද අපි සවිස්තරාත්මකව විශ්වාස කරමු. තවද මේ සම්බන්ධ කරුණු සත්‍ය හදීස්වල සඳහන්වී ඇත. අඉෂා (රළියල්ලාහු අන්හා) දැනුම් දෙන හදීසයක් සහීහ් ග්‍රන්ථයෙහි වාර්තා වී ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත: මලක්වරුන් ආලෝකයෙන් මවනු ලැබීය. ජින්නුන් ගිනි ජාලාවෙන් මවනු ලැබීය. ආදම් ඔබට විස්තර කර ඇති දැයින් මවනු ලැබීය.(3) මුස්ලිම් තුමා සිය සහීහ් ග්‍රන්ථයේ මෙය වාර්තා කර ඇත. (3) මුස්ලිම් (2996) අහ්මද් (6/153)

දේව පුස්තක පිළිබඳ විශ්වාසය

දේව පුස්තක කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් ගත් කල: ඒ ගැන පොදුවේ විශ්වාස කිරීම අවශ්‍ය වේ. එනම් සර්ව බලධාරී අල්ලාහ් ඔහුගේ සත්‍යය පැහැදිලි කර දීමටත්, ඒ වෙත ආරාධනා කිරීමටත් ඔහුගේ අනාගතවක්තෘවරුන්ට සහ පණිවිඩකරුවන්ට පොත් පහළ කළ බවට විශ්වාස කිරීමයි. "සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු..." (අල් හදීද් 57:25) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "ජනයා එකම සමූහයක් වුුහ. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද, අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේය." (අල්බකරා 2:213)

තවද අල්ලාහ් විසින් විස්තරාත්මකව නම් කර ඇති ඔහුගේ ශුද්ධ වූ ග්‍රන්ථ වන තව්රාත්, ඉන්ජීල්, සබූර් සහ අල්-කුර්ආනය කෙරෙහි විශ්වාසය තබමු. ඒවායින් අල්කුර්ආනය ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය සහ අවසන් වශයෙන් පහළ කරන ලද ග්‍රන්ථය වේ. තවද එය ඊට පෙර පැමිණි ධර් ම ග්‍රන්ථ සනාථ කරන අතර එහි ඇති සත්යය දෑ පරීක්ෂාවට ලක් කර ඒවා සත්ය බවට සාක්ෂි දරණ බවට විශ්වාස කරමු. කුමක්නිසාද යත්, මෙය (අල් කුර් ආනය) වනාහි, සියලු ජාතීන් විසින් එහි අණ පිළිපැදිය යුතු අතර, අල්ලාහ්ගේ දූතයාගේ සුන්නාහ් විසින් පාරිශුද්ධ තත්වයට පත් කර ඇති හදීස් සමග විසඳුම් ලබා ගැනීමට එහි තීන්දු වෙත යොමු විය යුතුය. උත්තරීතර අල්ලහ් විසින් ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව දූතයෙකු ලෙස ජින් සහ මනුෂ්‍යවර් ගයා වෙත එවූ අතර, ඔහු මෙම අල් කුර්ආනය එතුමාණන්ට පහළ කළේය. එය (අල්කුර්ආනය) තුළින් විනිශ්චය ලබා දීමටද, එය හදවතට සුවය ලබා දීමක්, සියල්ල පැහැදිලි කිරීමක් සහ විශ්වාස කරන්නන් වෙත මග පෙන්වීමක් සහ දයාවක් බවට පත් කළේය. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි. "තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්නය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු." (අල් අන්ආම් 6: 155) තව ද අල්ලාහ් මෙසේ ද පවසා ඇත: “තවද සෑම දෙයක්ම පැහැදිලි කිරීම සඳහා ද මුස්ලිම්වරුන්ට මඟ පෙන්වීමක්, දයාවක් හා ශුභාරංචියක් ලෙස ද නුඹ වෙත අපි ධර්ම පුස්තකය (අල් කුර්ආනය) පහළ කළෙමු.” (අන් නහ්ල් 16:89) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ලිවීමට නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු යැයි පවසනු." (සූරා අල් අඃරාෆ් 7:158) මේ අර්ථයෙන් යුත් ශුද්ධ වූ වදන් රාශියක් ඇත.

දහම් දූතයින් පිළිබඳ විශ්වාසය

මේ අනුව, (අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් කෙරෙහි පොදුවේ සහ විස්තරාත්මකව විශ්වාස කළ යුතුය. කුමක් නිසාද යත් සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් වෙත ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, අවවාද කරන්නන් සහ සත්‍යය වෙත කැඳවන්නන් ලෙස ඔවුන් අතරට ඔහුගේ පණිවිඩකරුවන් එවූ බව අපි විශ්වාස කරමු. ඒවාට (සුභවාදී ලෙස) ප්‍රතිචාර දක්වන තැනැත්තා, සතුට සහ සෞභාග්‍ය දිනා ගනු ඇත. ඔවුන්ට විරුද්ධ වන තැනැත්තා කලකිරීමට හා පසුතැවිල්ලට පත් වනු ඇත, ඔවුන්ගෙන් අවසාන සහ ශ්‍රේෂ්ථතම පණිවිඩකරු වන්නේ අපගේ නබි මුහම්මද් බින් අබ්දුල්ලාහ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “සැබැවින් ම අපි සෑම සමාජයකට ම ‘අල්ලාහ් දෙවිඳාණන් නමඳින්න. තාගූත් (අල්ලාහ් හැර නමඳිනු ලබන අනෙකුත් දෑ) වලින් ඈත් වී සිටින්න’ යනුවෙන් (ජනයාට දේශනා කිරීම පිණිස) දේව දූතවරයෙකු යවා ඇත්තෙමු.” (අන්-නහ්ල් 16: 36) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “ඇතැම් රසූල්වරුන්, එම රසූල්වරුන්ට පසු ව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.” (සූරා අන් නිසා 4:165.) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් මුද්‍රාවය.” (සූරා අල් අහ්සාබ් 33 :40) කවුරුන් හෝ වේවා, (අල්ලාහ්ගේ පණිවිඩකරුවන් ලෙස) අල්ලාහ් විසින් නම් කරන ලද හෝ අල්ලාහ්ගේ දූතයා විසින් නම් කළ බවට තහවුරු වී ඇති පණිවිඩකරුවන් වන, නූහ්, හූද්, සාලිහ්,ඉබ්රාහීම් සහ එවැනි වෙනත් අය ගැන සවිස්තරාත්මකව හා නිශ්චිතව විශ්වාස කරමු.

අවසාන දිනය පිළිබඳ විශ්වාසය

අවසාන දිනය පිළිබඳ විශ්වාසය යනු.

එහි උත්තරීතරවූ අල්ලාහ් සහ ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මරණයෙන් පසු සිදුවන බවට පැවසූ සෑම දෙයක්ම විශ්වාස කිරීමේ කොටසට ඇතුළත් වේ, එනම් මිනීවළ තුල සිදුවන නඩු විභාගය, එහි වධ හිංසා සහ එහි ඇති විය හැකි සතුට සහ අවසන් දිනයේදී සිදුවන භීෂණය, දුෂ්කරතා, පාලම තරණය කිරීම, තුලාව, හොඳ නරක ගණනය කිරීම, විපාකය සහ මිනිසුන් අතර වාර්තා ප්‍රකාශ කිරීම, එබැවින් විශ්වාස කරන්නන්ට වාර්තා පොත දකුණු අතට ලබා දීම, ප්‍රතික්ෂේප කරන්නන්ට වාර්තා පොත ඔවුන්ගේ වම් අතට හෝ ඔවුන්ගේ පිටුපසින් ලබා දීම. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සපයනු ලබන ජල තටාකය පිළිබඳ විශ්වාසය, ස්වර්ගය සහ නිරය පිළිබඳ විශ්වාසය, විශ්වාස කළවුන්ට ඔවුන්ගේ උත්තරීතරවූ අල්ලාහ්ව දැක ගැනීම, ඔහු ඔවුන් සමග කථා කිරීම සහ මේ සම්බන්ධයෙන් ශුද්ධවූ අල්කුර්ආනයේ සඳහන් වෙනත් දේ සහ අල්ලාහ්ගේ දූතයාණන්, නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සත්‍ය සුන්නාවෙහි ඇතුළත් සියල්ල විශ්වාස කිරීම අවශ්‍ය වන අතර පරමාධිපති අල්ලාහ් සහ ඔහුගේ දූතයා පෙන්වා දී ඇති ආකාරයට එය විශ්වාස කිරීම අවශ්‍ය වේ.

'කද්ර්' හෙවත් පෙරනියමය පිළිබඳ විශ්වාසය.

පූර්ව නියමය පිළිබඳ ව විශ්වාසය කිරීමේදී එයට කරුණු හතරක් සම්බන්ධ වන බව දැන ගත යුතුය.

ඒවායින් පළමුව, සිදු වූ දේ සහ සිදුවීමට ඇති දේ කුමක්ද යන්න අල්ලාහ් දන්නා බවට විශ්වාසය කිරීම. ඔහු තම ගැත්තන් සම්බන්ධව සෑම දෙයක් ගැනම දනී, ඔවුන්ගේ ප්‍රතිපාදන, පෝෂණය, ඔවුන්ට නියමිත ආයු කාලය, ඔවුන්ගේ ක්‍රියාවන් සහ ඒ හැරුනු විට ඔවුන්ගේ අනෙකුත් සියලු කටයුතු සම්බන්ධව කිසිවක් ඔහුගෙන් සඟවා තබා ගැනීමට නොහැක. අල් කුර්ආනය මෙසේ පවසයි. "සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය." (සුරත් අල් බකරා 2: 231) ඒ ගැන අල්-කුර්ආනය මෙසේ විස්තර කරයි: "නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත." (අත් තලාක් 65:12)

දෙවන කරුණ: අල්ලාහ් විසින් අණ කළ සහ නියම කළ සෑම දෙයක් ම ඔහු විසින් සටහන් කර තැබීම, ඒ ගැන ඔහු මෙසේ පවසයි. "මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත." (කාෆ් 50: 04) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද සියලු දෑ අපි ඒවා පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු." (යාසීන් 36:12) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “සැබැවින්ම අල්ලාහ් අහසෙහි හා මිහිතලයේ ඇති සියලු දෑ දන්නා බව නුඹ නොදන්නෙහි ද? සැබැවින්ම, එය (ලවුහුල් මහ්ෆූල් හෙවත් සටහන් පොතේ) ලේඛනයේ ඇත. සැබැවින්ම, එය අල්ලාහ්ට පහසු කාර් යයකි.” (අල් හජ් 22:70)

තුන්වන කාරණය: අල්ලාහ්ගේ අභිමතය පරම සහ බලගතු බවට විශ්වාස කිරීම, එබැවින් ඔහු අභිමත කරන ඕනෑම දෙයක් සිදු වනු ඇත, ඔහු අභිමත නොකරන ඕනෑම දෙයක් කවදාවත් සිදු නොවනු ඇත. උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි. "නිසැකවම අල්ලාහ් අභිමත කරන ඕනෑම දෙයක් සිදු කරයි." (අල් හජ් 22:18) තවද, ඒ ගැන අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: "නියත වශයෙන්ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීම පමණය. එවිට එය සිදුවනු ඇත." (යා සීන් 36: 82) ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසා ඇත: "අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය." (අල් ඉන්සාන් 76:30)

සිව්වන කාරණය: පැවත්මෙහි තිබෙන සියල්ල උත්තරීතරවූ අල්ලාහ් මැවූ බව විශ්වාස කිරීම. එකම මැවුම්කරු ඔහු ය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත, ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. "අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය." (අස්Zසුමර් - 39:62) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “අහෝ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?” (ෆාතිර් 35:3) එබැවින්, 'කද්ර්' හෙවත් දිව්ය පෙරනියමය පිළිබඳ විශ්වාසයට ඉහත සඳහන් කරුණු හතර ඇතුළත් වේ. මෙය අහ්ලුස්සුන්නාහ් වල්ජමාඅත් හි ස්ථාවරයයි. එනමුත් අහ්ලුල් බිද්ආ හෙවත් ආගමේ නවෝත්පාදන අනුගමනය කරන අය පමණක් සමහර ඒවා ප්‍රතික්ෂේප කරති.

අල් ඊමාන් හෙවත් විශ්වාසයට වචන සහ ක්‍රියාවන් ඇතුලත් වේ. එනම් (ආගමික නීති රීති වලට) යටහත් පහත් වී කීකරු ලෙස කටයුතු කිරීමෙන් විශ්වාසය වැඩි වන අතර එයට අකීකරුවී පාපයන්හි ඇලී වාසය කිරීමෙන් එම විශ්වාසය අඩු වේ.

අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය (අපගේ) වචන සහ ක්‍රියාවන්ගෙන් සමන්විත වේ. එනම් (ඉස්ලාමීය ඉගැන්වීම් වලට) යටහත් පහත් වී කීකරු ලෙස කටයුතු කිරීමෙන් විශ්වාසය වැඩි වන අතර එයට අකීකරුවී පාපයන්හි ඇලී වාසය කිරීමෙන් එම විශ්වාසය අඩු වේ. අල්ලාහ්ට ආදේශ කිරීම් ප්‍රතික්ෂේප කිරීම් හැරුණු විට වෙනත් අඩු පාපයක් සඳහා මුස්ලිම්වරුන්ගෙන් කිසිවෙකු ප්‍රතික්ෂේප කර නෙරපා හැරීමට අවසර නැත. එනම්, කාම මිථ්යාචාරය, සොරකම, පොළි කෑම, මත් ද්‍රව්ය පානය, දෙමාපියන්ට අකීකරු වීම සහ වෙනත් පාපයන්හි නිරත වීම වෙනුවෙන් මුස්ලිම්වරයෙකුව ප්‍රතික්ෂේප කිරීමට අවසර නැත. "සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සඳහා සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි." (සූරා අන්නිසා :48) තවද අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අල්මුතවාතිර් ගනයට අයත් හදීසයක මෙසේ සඳහන් කර ඇත. "අබ ඇටයක් තරම් හදවතේ අල් ඊමාන් හෙවත් විශ්වාසය ඇති තැනැත්තාව අල්ලාහ් නිරයේ ගින්නෙන් පිටතට ගෙන එයි"

ආදරය අල්ලාහ් උදෙසා ය, තරහව අල්ලාහ් උදෙසා ය, මිත්‍රත්වය අල්ලාහ් උදෙසා ය, විරුද්ධත්වය අල්ලාහ් උදෙසා ය.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය යනු, ආදරය කිරීම අල්ලාහ් උදෙසා ය, තරහව අල්ලාහ් උදෙසා ය, මිත්‍රත්වය ඇති කිරීම අල්ලාහ් උදෙසා ය, විරුද්ධත්වය පවත්වා ගැනීම අල්ලාහ් උදෙසා ය. විශ්වාස කරන්නා, විශ්වාස කරන්නාට ආදරය කරන අතර ඔවුන් මිතුරන් ලෙස සලකයි, සහ ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි විරුද්ධත්වය පෙන්වයි. මෙම සමාජයේ කෙනෙකු විසින් ආදරය කළ යුතු හොඳම විශ්වාස කරා වන්නේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහාබාවරුන් හෙවත් එතුමාණන්ගේ මිතුරන්වේ. එබැවින් අහ්ල් අල්-සුන්නා වල්-ජමාහ් අනුගමනය කරන්නන් ඉහත සඳහන් සහාබාවරුන්ට ආදරය හා සහයෝගය ලබා දෙන අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කියමනට අනුව වක්තෘවරුන්ගෙන් පසු විශිෂ්ඨම මිනිසුන් ඔවුන් බව විශ්වාස කරති. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දේශනා කළහ. “පරම්පරාවෙන් හොඳම පරම්පරාව මගේ (සහාබාවරුන් හෙවත්) පරම්පරාවයි, පසුව ඔවුන් අනුගමනය කරන අය වෙති, ඉන් පසුව ඔවුන්ව අනුගමනය කරන අය වෙති.“ මූලාශ්‍ර ග්‍රන්ථය බුහාරි සහ මුස්ලිම් ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨම වන්නේ අබු බකර් අල්-සිද්දික්, පසුව උමර් අල්-ෆාරුක්, පසුව උස්මාන් දුන් -නුරයින්, පසුව අලි අල්-මුර් තදා - රළියල්ලාහු අන්හුම් - යන සහාබාවරුන්ය. ඔවුන්ගෙන් පසු ස්වර්ගයට ඇතුළුවීම පිළිබඳ ශුභාරංචිය ලැබුණු සහචරයන් දස දෙනා සහ ඔවුන්ගෙන් පසු නබි තුමාණන්ගේ ඉතිරි කල්‍යාන මිතුරන් බව ඔවුන් (අහ්ලුස්සුන්නාහ් වල්ජමාඅත් අනුගාමිකයින්) විශ්වාස කරන අතර සහාබාවරුන් හෙවත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයන් අතරේ පැවැති මත භේදයන් ගැන කිසිවක් නොපවසා නිහඬ වෙති. මන්ද එවැනි මත භේද සිදු වූයේ දහමේ සුභ සිද්ධිය උදෙසාය. ඔවුන් අතර පැවැති මතභේද අතරේ හරිදේ කළ අයට අල්ලාහ්ගෙන් යහපත් ප්‍රතිඵල දෙකක් ලැබෙන අතර, වැරදුනු අයට යහපත් ප්‍රතිඵල එකක් ලැබෙනු ඇත. තවද ඔවුන් අල්ලාහ්ගේ පණිවිඩකරුවාණන් වන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවියට ආදරය කරන අතර ඔවුන් කෙරෙහි විශ්වාසය කරති. තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ භාර්‍යාවන් වන විශ්වාස කරන්නන්ගේ මව්වරුන් සියල්ලන් ගැන සෑහීමකට පත්වන අතර, අල්ලාහ්ගේ දූතයාගේ සහාබාවරුන් හෙවත් සහචරයන්ට වෛර කරන, අපහාස කරන සහ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය කෙරෙහි ද්වේශ සහගතව කටයුතු කරන "රවාෆිදා" වරුන්ගේ මාර්ගයෙන් බැහැරව සිටිති. උත්තරීතරවූ අල්ලාහ් ඔවුන්ව පත් කළ ආකාරයට ඔවුන්ගේ තත්වයට වඩා ඔවුන්ව උසස් තත්වයට පත් කරති. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවියට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හානි කරන නිවෙසි වරුන්ගේ මාර්ගයද ප්‍රතික්ෂේප කරති. [4] අල් බුහාරි අශ්ෂහාදාත් (2509), මුස්ලිම්: සහාබාවරුන්ගේ ගුණධර්ම (2533), අත්තිර්මිදී අල්මනාකිබ්(3859), ඉබ්නු මාජා අල් අහ්කාම් (2362), අහ්මද් (1/434).

උත්තරීතරවූ අල්ලාහ් විසින් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව මෙලොවට එවා එතුමාණන් හරහා ප්‍රචාරය කිරීමට සැළැස්වූ මෙම කෙටි නිබන්ධනයෙහි සඳහන් නිවැරදි විශ්වාසය පිළිබඳ සංකල්පය වනාහි එය ජය අත්පත් කර ගත් කණ්ඩායම වන අහ්ල් අල්-සුන්නා වල්-ජමාඅත් වරුන්ගේ සත්‍යවූ විශ්වාසයයි. මේ ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. “මගේ සමාජයේ කණ්ඩායමක් සත්‍යය මත පිහිටා සිටිනා තුරු දිගටම ජයග්‍රහණය කරනු ඇත. සර්ව බලධාරී අල්ලාහ්ගේ ආඥාව (අවසන් දිනය) පැමිණෙන තුරු, ඔවුන්ට විරුද්ධ වන්නන්ගෙන් ඔවුන්ට හානියක් නොවනු ඇත. තව දුරටත් එතුමාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. යුදෙව්වන් නිකාය හැත්තෑ එකකට බෙදී ගියහ. කිතුනුවන් නිකාය හැත්තෑ දෙකකට බෙදී ගියහ.මගේ සමාජය නිකාය හැත්තෑ තුනකට බෙදනු ඇත, ඔවුන් එක් කණ්ඩායමක් හැර අනෙක් සියල්ලන්ම නිරය ගින්නෙහි සිටිනු ඇත. එවිට සහාබාවරුන් “අල්ලාහ්ගේ නබි තුමාණනි! ඔවුන් කවුද?” යනුවෙන් ප්‍රශ්න කළහ. ඔහු (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පිළිතුරු දුන්හ, “මා සහ මගේ සහාබාවරුන් (මිතුරන්) ගේ මග අනුගමනය කරන පිරිසයි.” ඇත්ත වශයෙන්ම, මෙය යමෙකු විසින් අනුගමනය කළ යුතු සත්‍ය ධර්මයයි. තවද මෙයට විරුද්ධවන්නන්ගෙන් වැළැකී සිටිය යුතුයි. [5] මුස්ලිම් අල්-ඉමාරා (1920), අල්-තිර් මිදි අල්-ෆිතාන් (2229), අබු දාවුද් අල්-ෆිතාන් ව අල්-මලාහිම් (4252), ඉබ්නු මාජා අල්-ෆිතාන් (3952), අහමද් (5/279). ඉබ්නු මාජා අල්-ෆිතන්(3992)

මෙම විශ්වාසයෙන් බැහැර වූවන් සහ ඊට එරෙහිව ගිය අය ගැන සඳහන් කර ඇත.

ඔවුන්ගේ කොටස්.

මෙම විශ්වාසයෙන් බැහැර වන අය සහ එහි ප්‍රති විරුද්ධත්වය අනුගමනය කරන අය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ බොහෝ කොටස් ඇත. ඔවුන් අතර පිළිම, දේවදූතයන් (මළාඉකාවරුන්), අවුලියාවරුන්, ජින්වරුන්, ගස්, ගල් සහ වෙනත් අයට වන්දනා කරන්නන් සිටිති. තවද කුරයිශි වරුන් කළ ආකාරයට ඔවුන් විසින් වන්දනාමානය කළ අයගෙන්, රෝගීන් සුවපත් කිරීම, සතුරන්ට එරෙහිව ජයග්‍රහණය ලබා දීම සහ ඔවුන් වෙනුවෙන් මාංශ කැප කර ඔවුන්ට භාර වීම වැනි ක්‍රියාවන්හි නිරත වූහ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙය ප්‍රතික්ෂේප කර අල්ලාහ්ට පමණක් නමස්කාර කරන ලෙස ඔවුන්ට අණ කරන ලදි. එවිට ඔවුන් පුදුමයට පත් වී එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසූහ. දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු පවසා සිටියෝය.) සූරා සාද් 38:05 නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් බලාපොරොත්තු සුන් කරගත්තේ නැත. එතුමාණන් දිගටම ඔවුන්ව අල්ලාහ්ගේ මාර්ගය වෙතට කැඳවීම, බහුදේව වාදයට එරෙහිව ඔවුන්ට අනතුරු ඇඟවීම සහ ඔවුන් කැඳවන දේ පිළිබඳ සත්‍යය ඔවුන්ට පැහැදිලි කිරීම නතර කළේ නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අල්ලාහ් ඔවුන්ට යහමග පෙන්වා දුන්නේය. ඉක්බිති, ඔවුන් රංචු පිටින් අල්ලාහ්ගේ දහම වෙතට ඇතුළු වූහ. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ නොනිමි කැපැවීම් සහ ඇරයුම් නිසා ඉස්ලාමය අනිකුත් ආගම් අභිබවා උත්තරීතර ලෙස රජ විය. පසුව තත්වය නැවතත් වෙනස් විය. නොදැනුවත් කම නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාහිලියා ආගම වෙතට ආපසු හැරී යන තෙක් බොහෝ මැවිල්ල කෙරෙහි නොදැනුවත්කම පැවතුනි. එබැවින්, වක්තෘවරුන් සහ සාන්තවරයන් ගැන අන්තයටම යාමෙන්, ඔවුන්ගෙන් අයැදීමට, ඔවුන්ගෙන් උපකාර පැතීමට සහ වෙනත් ආකාරයෙන් අල්ලාහ්ට ආදේශ තැබීමේ කටයුතුවල නිරත වූහ. කුමක් නිසාද යත් ඔවුන් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යන්නෙහි තේරුම අවිශ්වාස කරන්නන්වූ අරාබිවරුන් මෙන් දැන සිටියේ නැත. එබැවින් ඔවුන්ට අල්ලාහ්ගේම පිහිටයි.

අවිද්‍යාවේ ගිලී යාම හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ ඇති කරගත් ගිවිසුමෙන් පසුවද මෙම ආදේශ කිරීමේ ක්‍රියා පිළිවෙත අපගේ කාලය දක්වා මිනිසුන් අතර ව්‍යාප්ත වෙමින් පවතී.

පසුකාලීන අයගේ වැරදි සහගත විශ්වාසය ඔවුන්ට පෙර විසූවන්ගේ (වැරදි සහගත) විශ්වාසයන් මෙනි. ඔවුන්ගේ ප්‍රතික්ෂේපයට ලක්වෙන ඔවුන්ගේ විශ්වාසයන් කිහිපයක් සඳහන් වී ඇත.

තවද මෙම පසුකාලීන අයගේ විශ්වාසය පෙරකාලීන ජනයාගේ විශ්වාසය මෙනි. (අල්ලාහ් හැර අව්ලියාවරුන්ගෙන් අයද සිටීමේදි) ඔවුන් මෙසේ ප්‍රකාශ කර සිටිති: "මොවුන් අල්ලාහ් සමඟ (සිටින) අපගේ මැදිහත්කරුවන් ය, අපි ඔවුන්ට නමස්කාර කරන්නේ ඔවුන් අපව අල්ලාහ්ට ළඟා කිරීමට (අපට උදව් කිරීම සඳහා) පමණයි." නමුත් අල්ලාහ්, මෙම විශ්වාසය වලංගු නොවන බව විස්තර කරන අතර, (අල්ලාහ්) හැර අන් අයව නමස්කාර කරන්නේ කවුරුන් වුවද, ඔහු (අල්ලාහ්ට) ආදේශ කරන්නෙකු සහ දේවවිශ්වාස නොකරන කෙනෙකු බව පැහැදිලි කර ඇත. උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පවසයි. "තමන්ට කිසිදු යහපතක් හෝ අයහපතක් කිරීමට ශක්තිය නොමැති, අල්ලාහ් නොවන වෙනත් දෙවිවරුන්ට එම මුෂ්රික්වරු වැඳුම් පිදුම් කර, පසු ව 'මෙම දෙවිවරුන් අල්ලාහ් අබියස තමන් වෙනුවෙන් මැදිහත් වන මැදිහත්කරුවන් වෙති' යි පවසති." (යූනුස් 10: 18) උත්තරීතරවූ අල්ලාහ් ඔවුනට මෙසේ පිළිතුරු දෙයි. "අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ?’යි (නබිවරය) නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය." (යූනුස් 10:18) එබැවින්, වක්තෘවරුන්, සාන්තවරයන් හෝ ඔවුන් හැර වෙනත් අයට නමස්කාර කිරීම ප්‍රධාන ෂිර්ක් බව, පැහැදිලි වේ. උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. "...තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට නැමදුම් නොකළෙමු (යැයි පවසති)..." (අස් සුමර් 39:3) උත්තරීතරවූ අල්ලාහ් ඔවුන්ට මෙලෙස පිළිතුරු දෙයි. "ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් මහා බොරුකාර, දැඩි සේ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාහට මග නොපෙන්වයි." (අස් සුමර් 39:3) මෙය අනුව, ඔහුට මහිමය හිමිවේවා!, ඔහු පැහැදිලි කර සිටින්නේ, අයැද සිටීමෙන්, බියෙන්, බලාපොරොත්තු තැබීමෙන් අල්ලාහ් හැර වෙනත් අයට වන්දනාමානය කිරීම, කුෆ්ර් හෙවත් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කිරීමක් යන්නයි. තවද, ඔවුන්ගේ දෙවිවරු ඔවුන්ව අල්ලාහ් වෙත ඔවුන්ව සමීප කරවයි යන ඔවුන්ගේ ප්‍රකාශය අසත්‍ය බව පැහැදිලි කළේය.

නිවැරදි විශ්වාසයට විරුද්ධ සහ අල්ලාහ්ගේ දූතයන් (ඔවුන්ට අල්ලාහ්ගේ ශාන්තිය සමාදානය ඇති වේවා!) ගෙන ආ දෙයට පටහැනි අවිශ්වාස කළ විශ්වාසයන් අතර, භෞතිකවාදීන් විසින් අනුගමනය කරන මාක්ස්, ලෙනින් සහ වෙනත් එවැනිම අයගේ මතයන් සහ අදේවවාද සහ වෙනත් අවිශ්වාසය වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් අනුගාමිකයින්ගේ මතයන් වේ. ඔවුන් එය සමාජවාදය, කොමියුනිස්ට්වාදය, බාත්වාදය හෝ වෙනත් නම් වලින් හැඳින්වුවද, මෙම අදේවවාදීන්ගේ එක් මූලධර්මයක් නම් දෙවියෙකු නොමැති බව සහ ජීවිතය යනු පදාර්ථයකි යනුවෙන් විශ්වාස කිරීමයි. ඔවුන්ගේ මූල ධර්මයන් අතර මරණින් පසු නැවත නැඟිටීම ප්‍රතික්ෂේප කිරීම, ස්වර්ගය සහ නිරය ප්‍රතික්ෂේප කිරීම සහ සියලු ආගම් කෙරෙහි අවිශ්වාසය කිරීම වේ. ඔවුන් විසින් ලියන ලද පොත් දෙස බලන සහ ඔවුන් අනුගමනය කරන දේ අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට එය නිසැකවම දැන ගත හැකි අතර, මෙම විශ්වාසය, නිවැරදි දේවවිශ්වාසයට, සියලු දේව ආගම් වලට සහ එහි ජනයා මෙලොවෙ හා පරලොවෙ ප්‍රතිවිපාකවලට යොමු කරන මඟට පටහැනි බවට සැකයක් නැත.

සත්‍යයට විරුද්ධ විශ්වාස අතර සමහර බාතිනියියාවරුු සහ සමහර සූෆිවරුන් විශ්වාස කරන කරුණු වේ. එනම් ඔවුන් අවුලියාවරුන් හෙවත් සාන්තුවරයන් ලෙස හඳුන්වන සමහර අය ලෝකයේ පාලනයේදී දෙවියන් සමඟ කටයුතු බෙදා ගන්නා බවත්, ඔවුන් එම සාන්තුවරුන්ව අල් අක්තාබ්, අල්අවුතාද්, අග්වාස් සහ ඔවුන්ගේ දෙවිවරුන් සඳහා නිර්මාණය කළ වෙනත් නම්වලින් හඳුන්වන බවත්ය. මෙය රුබූබියියා හෙවත් අල්ලාහ්ගේ ආධිපත්යයෙහි කරනු ලබන නරකම සමාන කිරීමක් වන අතර එය ඉස්ලාමයට පෙර අරාබිවරුන් විසින් කරනු ලැබූ බහුදේවවාදයට වඩා නරක ය. මන්ද අරාබිවරුන් අතර අවිශ්වාස කළ ජනයා ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම දේවත්වයට සම්බන්ධ නොකළ නමුත් නමස්කාරයේදී අල්ලාහ්ට සමානකම් කළහ. ඒ බව අල්ලාහ් මෙස‍ේ ප්‍රකාශ කර ඇත: "ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, (විපතෙන් මිදීමට) දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු (ඔහුට) ආදේශ කරන්නෝ වෙති." (අල්-අන්කබූත් 29: 65) අල්ලාහ්ගේ රුබූබියියත් නම් අල්ලාහ් විසින් විශ්වය ඇතුඵ සියල්ල මවා පරිපාලන කරන්නේය යන මතය ඔවුන් විශ්වාස කළහ. මෙය ගැන අල්ලාහ් මෙසේ පවසයි. “(නබි මුහම්මද්!) ඔවුන්ව (එම ව්‍යාජ දෙවිවරුන්ව) මැවුවේ කවුදැ යි ඔබ (ප්‍රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසති” (අස්-සුහ්රුෆ් 43: 87) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු.” (යූනුස් 10: 31) මේ අර්ථයෙන් යුත් අල්කුර්ආන් පාඨ රාශියක් ඇත.

පෙර විසූ බහුදේවවාදීන්ට වඩා පසුකාලීන බහුදේවවාදීන් සම්බන්ධයෙන් ගත් කල

පසුකාලීන බහුදේවවාදීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්, පෙර විසූ බහු දේවවාදින්ට වඩා කරුණු දෙකක් එකතු කර ඇත: එකක්: ඔවුන්ගෙන් සමහරුන් අල්ලාහ්ගේ රුබූබියියත් එනම් අල්ලාහ් විසින් විශ්වය ඇතුඵ සියල්ල මවා පරිපාලන කරන්නේය යන සංකල්පයට විරුද්ධව ආදේශ කළහ. දෙවැන්න: සශ්රීක අවස්ථාවන්හිදී සහ විපත්තිවලදී ඔවුන් විසින් ෂිර්ක් හෙවත් සමාන තැබීම්. ඔවුන්ගේ තත්වයන් විමර්ශනය කරන අය දන්නා පරිදි ඔවුහු ඊජිප්තුවේ අල්-හුසේන්, අල්-බදාවි යන අයගේ සොහොන්ගැබ් මත, ඒඩන්හි අල්-අයිදුරුස්ගේ සොහොන්ගැබ සහ යෙමනයේ අල්-හාදි, සිරියාවේ ඉබ්න් අරාබි සහ ඉරාකයේ ෂෙයික් අබ්දුල් කාදිර්අල්-ජිලානි සහ අනෙකුත් ප්‍රසිද්ධ සොහොන් වල ඔවුන් ෂිර්ක් ක්‍රියා කරති. තවද, ප‍ොදු ජනයා ඒ විෂයෙහි සීමාව ඉක්මවා කටයුතු කරති. අල්ලාහ් වෙනුවෙන් කළ යුතු කරුණු ඒ වෙනුවෙන් සිදු කරති. තවද එය ප්‍රතික්ෂේප කරන අය ස්වල්පයකි. ඒකදේවවාදයේ යථාර්ථය ඔවුන්ට පෙන්වා දෙන අය ද ස්වල්පයකි. එම ඒකදේවවාදයේ යථාර්ථය වනාහි අල්ලාහ් විසින් ඔහුගේ නබි ( සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ට පෙර දූතයින් වෙත එවන ලද ඒක දේවවාදයේ නිවේදනයයි. අපි අල්ලාහ්ට අයත් වන අතර අපි ඔහු වෙත ආපසු යමු. තවද, අල්ලාහ්ටම සියළු මහිමය වේවා: ඔවුන් නැවත යහපත් තත්වයට ගෙන ඒමටත්, මඟ පෙන්වීම් වෙත කැඳවන්නන් ඔවුන් අතර වැඩි කිරීමටත්, මුස්ලිම් නායකයින්ට සහ ඔවුන්ගේ විද්වතුන්ට මෙම ආදේශ කිරීම් වලට එරෙහිව සටන් කිරීමටත්, එහි මාධ්‍යයන් තුරන් කිරීමටත් මඟ පෙන්වන ලෙසත් අල්ලාහ්ගෙන් අයද සිටිමු. ඔහු සියල්ල අසයි, ඔහු වඩාත් සමීපය.

අස්මා වස්සිෆාත් හෙවත් අල්ලාහ්ට හිමි අලංකාර නාම හා උතුම් ගුණාංග පිළිබඳ පවත්වා ගත යුතු නිවැරදි විශ්වාසයට විරුද්ධව පවත්වා ගෙන යනු ලබන විශ්වාසයන් අතර, ජහ්මියා වරුන්, මූතසිලා වරුන් සහ ඔවුන්ව අනුගමනය කරන නවෝත්පාදන ජනයාගේ විශ්වාසයන් ද වේ. නිවැරදි විශ්වාසයට විරුද්ධව ඔවුන්ගේ විශ්වාසයන් අතර අල්ලාහ්ගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීම, පරිපූර්ණත්වයේ ගුණාංග වලින් ඔහු (අල්ලාහ්ව) අසම්පූර්ණ තත්වයට පත් කිරිම, (කළ හැකි තත්වයෙන්) කළ නොහැකි තත්වයට පත් කිරීම යනාදිය වේ. (මෙසේ ඔවුන් වැරදි ලෙස විශ්වාස කරන ගුණාංලවලට වඩා) අල්ලාහ්ට මහිමය වේවා! ඔහු බලගතු සහ උත්රීතරය. එමෙන්ම, අල්-අෂාඉරා නමැති කණ්ඩායම (අල්ලාහ්ගේ) සමහර ගුණාංග ප්‍රතික්ෂේප කරන අතර තවත් සමහර ගුණාංග ඇති බවට සනාථ කරති. ඔවුන් ප්‍රතික්ෂේප කළ ගුණාංග සහ ඔවුන්ගේ සාක්ෂි ලෙස අර්ථ කථනය කළ ගුණාංග ශ්‍රවණ හා පැහැදිලි තර් කානුකූල සාක්ෂිවලට පටහැනි වන අතර (ශුද්ධවූ) මූලාශ්‍ර (අල්කුර්ආන් සහ හදීස්) වලට පැහැදිලිවම පටහැනි වේ. අහ්ලුස්සුන්නා වල්-ජමාහ් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්, අල්ලාහ් තමා වෙනුවෙන් තහවුරු කළ අලංකාර නම් හා ගුණාංග හෝ ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පැහැදිලි කරන ලද අල්ලාහ්ගේ නම් සහ ගුණාංග ඒ ආකාරයටම පරිපූර්ණ ලෙස, කිසිඳු ආකාරයට කැළැල් වලින් තොර, නිර්මල සහ නිර්දෝෂී ඔහුගේ මැවුම්කරුට සමාන වීමෙන් තොරව එනම්, කලින් පැහැදිලි කළ පරිදි වෙනත් පිරිස් (වැරදි ලෙස) අර්ථ කථනය කළ ආකාරයකින් තොරව, ඔවුන් ඔහුව (අල්ලාහ්ව) උසස් කළෝය. මෙලොවෙහි සහ පරලොවෙහි ගැලවීම් හා සතුට සඳහා වූ මාර්ගය මෙය වන අතර, එය මෙම සමාජයේ පූර්ව ගාමීන් සහ ඉමාම්වරුන් ගත් සෘජු මාර්ගය වේ. පළමුව පැමිණි සමාජය ගත් මග අනුගමනය කිරීමකින් තොර අවසානයට පැමිණි සමාජය ධාර්මික වන්නේ නැත. ඒ මග නම් ශුද්ධවූ අල්කුර්ආනය සහ සුන්නාව අනුගමනය කරමින් ඒවාට පටහැනි දේ අත්හැරීම වේ.

අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීමේ අවශ්‍යතාවය සහ සතුරන් පරාජය වීමට හේතු පැහැදිලි කිරීම.

ගැත්තා කෙරෙහි ඇති වැදගත්ම යුතුකම සහ ලොකුම වගකීම නම්, අහස් හා පොළවෙහි ස්වාමියා සහ බලවත් රාජාසනයේ ස්වාමියා වන ඔහුගේ ස්වාමියා (වූ අල්ලාහ්) ට නමස්කාර කිරීමයි. ඔහු ශුද්ධවූ අල් කුර්ආනයේ මෙසේ පවසයි. "නියත වශයෙන් දින හයකින් අහස් හා මහපොළොව මැව්වේ ඔබලාගේ පරමාධිපති වන අල්ලාහ් ය. පසුව ඔහු අර් ෂ්හී ස්ථාන ගත විය. එකකට පසු ව එකක් පිළිවෙළට හා සීඝ්‍රයෙන් සිදු වන පරිදි, ඔහු ම දහවල මඟින් රාත්‍රිය ද රාත්‍රිය මඟින් දහවල ද ආවරණය කරන්නේය. සූර්‍යයා, චන්ද්‍රයා හා තාරකා යනාදිය තමාගේ අණට යටත් වන පරිදි ඔහු ම මැව්වේය. මැවීම හා පාලනය අල්ලාහ්ට ම අයත් කටයුත්තක් නොවේ ද? මුළු මහත් විශ්වයේ ම පරමාධිපති වන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි." (අල් අඃරාෆ් 7: 54) තවද ඔහු, ඔහුට මහිමය වේවා, ඔහුගේ ග්‍රන්ථයේ තවත් ස්ථානයක පවසා ඇත්තේ තමාට නමස්කාර කිරීම සඳහා දෙවර්ගය (ජින්වර් ගයා හා මිනිස් වර්ගයා) නිර්මාණය කළ බවයි. "ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (අද් දාරියාත් 51:56) ًඋත්තරීතරවූ අල්ලාහ් විසින් ජින් වර් ගයා හා මිනිස් වර්ගයා නිර්මාණය කළේ විවිධ නමස්කාර එනම් සලාතය, උපවාසය, සකාත්, හජ්, නැමදීම, සුජූද් කිරීම, තවාෆය, මාංශ සඳහා සතුන් කැපීම, භාරය, බිය, බලාපොරොත්තුව උපකාරය පැතීම, සහ ආරාව ඉල්ලා සිටීම වැනි නමස්කාර වර්ග සහ සියලු ආකාරයේ ප්‍රාර්ථනාවන් සමඟ ඔහුව (අල්ලාහ්ව) ඒකියත්වයට පත් කිරීමයි. තවද, ඔහුගේ උතුම් ග්‍රන්ථය සහ ඔහුගේ රසූල්වරයාගේ සුන්නාහ් මගින් පෙන්වා දෙන පරිදි, ඔහුගේ සියලු අණ වලදී, ඔහුට කීකරු වීම, ඔහුගේ දහම විසින් සහ ඔහුගේ විශ්වාසවන්ත පණිවිඩකරු විසින් තහනම් කර ඇති දෑ අත්හැරීමයි. සර්ව බලධාරී අල්ලාහ් සියලු මිනිසුන්ට හා ජින්වරුන්ට මේ ආකාරයේ නමස්කාර ඉටු කරන ලෙස අණ කර ඇත. කුමක් නිසාද යත් ඔවුන් නිර්මාණය කර ඇත්තේ ඒ සඳහාය. තවද, මෙම නමස්කාරය ගැන පැහැදිලි කර විස්තර කිරීම සඳහාත්, එය වෙත කැඳවීම සඳහාත්, අල්ලාහ්ට පිරිසිදු චේතනාවෙන් විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහාත් ඔහු සියලු දූතයන් යවා, ශුද්ධවූ ග්‍රන්ථ පහළ කළේය. අල්ලාහ් මේ ගැන මෙසේ පවසයි: “මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.” (අල් බකරා 2:21) ඒ ගැන අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: "අල්ලාහ් හැර වෙනත් දෙයක් නැමඳීමෙන් වැළකෙන ලෙස ද, දෙමව්පියන්ට ඉතා යහපත් අයුරින් සලකන ලෙස ද ඔබගේ පරමාධිපති අණ කොට ඇත." (අල් ඉස්රා 17:23) තවද මෙම වදනේ සඳහන් " කළා " යන පදයේ අර්ථය අණ කිරීම සහ උපදෙස් දීම යනුවේ. උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත්, සලාතය ස්ථාපිත කිරීමටත්, zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.” (අල් බයියිනා :5) අල්ලාහ්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයේ මෙම අර්ථය සහිත පාඨ බොහෝ තිබේ. “(අල්ලාහ්ගේ) දූතයාණන් ඔබට කුමක් ගෙන ආවේ ද එය ඉටු කරනු. එතුමාණන් කුමකින් හෝ ඔබ වැළැක්වූයේ ද ඔබ එයින් වැළකී සිටිනු. ඔබ අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි ය.” (අල් හෂ්ර්:7) තව ද අල්ලාහ් මෙසේ ද පවසා ඇත: "විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය." (අන්නිසා :59) ඒ ගැන අල් කුර්ආනයේ සර්ව බලධාරි අල්ලාහ් මෙසේ විස්තර කරයි: "(අල්ලාහ්ගේ) පණිවිඩකරුට කීකරු වන්නේ කවුරුන්ද, ඔහු අල්ලාහ්ට කීකරු විය." (අන් නිසා 4:80)

තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත: “සැබැවින් ම අපි සෑම සමාජයකට ම ‘අල්ලාහ් දෙවිඳාණන් නමදින්න. තාගූත් (අල්ලාහ් හැර නමදිනු ලබන අනෙකුත් දෑ) වලින් ඈත් වී සිටින්න’ යනුවෙන් (ජනයාට දේශනා කිරීම පිණිස) දේව දූතවරයෙකු යවා ඇත්තෙමු.” (අන්-නහ්ල් :36) තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත: "(ඕ මුහම්මද්!) :නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු ‘නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස අපි නොඑව්වෙමු." (අල් අන්බියා 21:25) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “අලිෆ්. ලාම්. රා. එහි වදන් (ප්‍රඥාවෙන් යුතුව) නීති ගත කරන ලදු ව, පසු ව විස්තර කරනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය සියලු තොරතුරු දන්නා මහා ප්‍රඥාවන්තයාණන්ගෙන් වූවකි.” "අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි." (අල් හූද් 11:1,2)

මෙම මුහ්කමාත් හෙවත් පැහැදිලි තීන්දු සහගත වාක්‍යයන් සහ අල්ලාහ්ගේ ශුද්ධවූ ග්‍රන්ථයේ එහි අර්ථයන් පිළිබඳ ප්‍රකාශ කර ඇති දේ, මේ සියල්ලම, අල්ලාහ්ට පමණක් අවංකව නමස්කාර කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන අතර, ආගමේ මූලාශ්‍රය සහ ආගමේ පදනම මෙය බව පෙන්නුම් කරයි. තවද ජින්වරුන් සහ මිනිසුන් මැවීම, පණිවිඩකරුවන් යැවීම සහ දේව ග්‍රන්ථ යැවීම වැනි ක්‍රියාපටිපාටිය එහි ඇති 'හික්මා' හෙවත් ප්‍රඥාව පෙන්නුම් කරයි. (අල්ලාහ්ගේ) වක්තෘවරුන් සහ ධර්මිෂ්ඨයන් සම්බන්ධයෙන් පමණට වඩා අතිශයෝක්තිමත් වී කටයුතු කිරීම, ඔවුන්ගේ සොහොන් මත සමරු ගොඩනැඟීම, ඒ මත මස්ජිද් සහ ඉහළින් කුබ්බා වැනි දෑ තැනීම, අවශ්‍යතා ඔවුන්ගෙන් ඉල්ලා සිටීම, ඔවුන්ගෙන් උපකාර පැතීම, ඔවුන් වෙත යාම, අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටීම, විපත් නැති කිරීමට අයද සිටීම, රෝගීන් සුව කර දෙන ලෙස ඉල්ලා සිටිම, සතුරන්ට විරුද්ධව උපකාර කරන ලෙස ඉල්ලා සිටීම වැනි මහා පරිමාන වශයෙන් අල්ලාහ්ට ආදේශ ක්‍රියාවලියෙහි ඉස්ලාම් ආගමට සම්බන්ධ බොහෝ දෙනා වැටී ඇති දේ ගැන සැලකිලිමත් වීම, එය අවබෝධ කර ගැනීම සහ අවධානයෙන් සිටීම සඳහා වගකිව යුතු සියල්ලන් කෙරෙහි අනිවාර්‍ය ය වේ. අල්ලාහ්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයට එකඟවන ආකාරයට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් විසින් මෙසේ සත්යාපනය කර ඇත. සහීහ් ග්‍රන්ථ දෙකෙහි සඳහන් මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් විසින් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාට පවසා ඇත. එතුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. අල්ලාහ්ට සේවකයන් කෙරෙහි ඇති අයිතිය සහ අල්ලාහ් කෙරෙහි සේවකයන්ට ඇති අයිතිය කුමක්දැයි ඔබ දන්නවාද? එවිට මුආද් මෙසේ පැවසීය: 'අල්ලාහ් සහ ඔහුගේ දූතයා හොඳින්ම දන්නා බව මම පැවැසුවෙමි'. එවිට නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් මෙසේ පැවසීය. 'අල්ලාහ් වෙත සේවකයන් කෙරෙහි ඇති අයිතිය නම් ඔවුන් ඔහුට නමස්කාර කිරීම සහ ඔහු සමඟ කිසිවක් ඇසුරු නොකිරීම, මෙය ඔහුගේ සේවකයන්ගේ අයිතියයි. අල්ලාහ් වෙත සේවකයන් කෙරෙහි ඇති අයිතිය නම්, ඔහු සමඟ කිසිවක් සමාන නොකරන අයට ඔහු දඬුවම් නොකිරීමයි.” [7] හදීස්. සහීහ් අල් බුහාරි හි ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව මෙසේ වාර්තා කරන ලදී: කෙනෙකු අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට කන්නලව් කරමින් මිය යන්නේද, ඔහු නිරයේ ගින්නට ඇතුල් වේ (8) සහීහ් මුස්ලිම් මූලාශ්‍ර ග්‍රන්ථයෙහි සඳහන් හදීසක් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දෙයි. නබි (සල්ලල්ලාහ් අලෙයිහිව සල්ලම්) මෙසේ පැවසූහ: අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොකර කවරෙකු ඔහු ව මුණ ගැසුණේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු ඔහුට යමක් ආදේශ කර ඔහු ව මුණ ගැසුණේ ද ඔහු (අපා) ගින්නට පිවිසීය. මෙම අර්ථය සම්බන්ධයෙන් බොහෝ හදීස් ඇති අතර, මෙම කාරණය වඩාත් වැදගත් හා ශ්‍රේෂ්ඨතම කාරණාවන් වලින් එකකි. උත්තරීතරවූ අල්ලාහ් විසින් තම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව එව්වේ ඒක දේවවාදය වෙත (ජනයා) ආරාධනය කිරීම සඳහාත්, බහුදේවවාදයෙන් ජනයා වැළැක්වීම සඳහාත්ය. එතුමාණන් එම ආරාධනය පරිපූර්ණත්වයෙන් ඉටු කළේය. මෙම ආරාධනය ලබා දීමේදී එතුමා සහ එතුමා සමඟ සිටි එතුමාගේ මිතුරන් හිංසනයට ලක් වූහ. එම හිංසනයන් ඉවසා සිටියහ. මෙහි ප්‍රතිපලයක් වශයෙන් අල්ලාහ් විසින් අරාබි අර්ධ ද්වීපයෙන් සියලු පිළිම ඉවත් කර, මිනිසුන් රංචු වශයෙන් අල්ලාහ්ගේ ආගමට (ඉස්ලාමයට) ඇතුල් වීමට සැලැස්සුවා. තවද කාඃබාව අවට සහ ඇතුළත තිබුණු පිළිම කඩා බිඳ දමනු ලැබුවා. තවද, (එදා ප්‍රසිද්ධියට පත්) පිළිමයන් වූ අල් ලාත්, අල් උzස්zසා සහ මනාත් කඩා බිඳ දැමූ අතර, අරාබි ගෝත්‍රවලට අයත් සියලු පිළිම විනාශ කරනු ලැබුවා. ඉන් දෙවියන්ගේ වචනය ඉහළට නැගුනා. තවද අරාබි අර්ධ ද්වීපයේ ඉස්ලාමය ව්‍යාප්ත වුනි. ඉන් පසුව මුස්ලිම්වරු අරාබි අර්ධ ද්වීපයෙන් පිටතට ගමන් කරමින් කැඳවීම සහ ජිහාද් මෙහෙයවූ අතර, අල්ලාහ් ඔවුන් හරහා එම ජනයාට මග පෙන්වීය. ඔවුන් හරහා සත්‍යය සහ යුක්තිය ලොව පුරා බොහෝ ප්‍රදේශවල පතුරුවා හරින ලදි. ඔවුන් මඟ පෙන්වීමේ ඉමාම්වරුන් සහ නායකයින් බවට පත් වුහ. සත්‍යයේ, සහ යුක්තියේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියහ. සත්‍යයේ අනුගාමිකයින් ඔවුන්ගේ මාර්ගය අනුගමනය කළහ. ඔවුන් අල්ලාහ්ගේ ආගම පතුරවා, අල්ලාහ්ගේ ඒකදේවවාදය වෙත මිනිසුන් කැඳවූහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි යෙදෙන්නන්ට දොස් කියන්නන්ගේ දොස් වලට බිය නොවී, අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් තම ජීවිතයෙන් සහ මුදල්වලින් කැප කළහ.  අල්ලාහ් ඔවුන්ට සහාය වී ඔවුන්ට උපකාර කළ අතර ඔවුන්ට විරුද්ධ වූ අයව පරාජයට පත් කළ අතර ඔහු ඔවුන්ට පොරොන්දු වූ දේ ඉටු කළේය. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත." (මුහම්මද් 47:7) තවද, උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසයි. "කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරීය." "ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය." (අල් හජ් 22: 40 - 41) ඉක්බිති මිනිසුන් වෙනස් වී පිල්වලට බෙදී විසිරී ගොස් ජිහාද් කාරණය ලෙහෙසි පහසු දෙයක් ලෙස සලකා විවේකයට හා ආශාවන්ට වහල් වූහ. සර්වබලධාරී අල්ලාහ් විසින් ආරක්ෂා කරන ලද දනන් හැර ඔවුන් නපුරුකම් කළෝය. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ තත්වය වෙනස් කළ අතර ඔවුන්ගේ සතුරන් ඔවුන්ව අභිබවා යාමට සැලැස්සුවේය. එසේ කරනු ලැබුවේ ඔවුන් උපයාගත් දෙයට විපාකයක් ලෙසය. ඔබේ දෙවියන් ඔහුගේ ජනයාට අසාධාරණයක් නොකරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය." (අල් අන්ෆාල් 8:53) සියලුම මුස්ලිම්වරුන්, රාජ්‍ය මට්ටමින් සහ සමාජ මට්ටමින් සර්ව බලධාරී අල්ලාහ්ගේ මාර්ගය වෙත ආපසු යාමත්, (සර්ව බලධාරී වූ) ඔහුට පමණක් අවංකව නමස්කාර කිරීමත්, ඔවුන්ගේ අතීතයේ සිදු වූ වැරදි අඩුපාඩු හා පව් ගැන පසුතැවිලි වී, අල්ලාහ් ඔවුන්ට අණ කළ දේ ඉටු කිරීමට යුහුසුඵ වීමත් සහ අල්ලාහ් ඔවුන්ට තහනම් කළ දෙයින් ඉවත්ව සිටීමත් ඔවුන් කෙරෙහි අනිවාර්‍ය වේ. එසේ කිරීමට එකිනෙකාට උපදෙස් දීම සහ එයට සහයෝගය දැක්වීමද අවශ්‍ය වේ. [7] අල්-බුහාරි (5912), "විශ්වාසය" මුස්ලිම් (30), "විශ්වාසය" අල්-තිර් මිදි, (2643), ඉබ්නු මාජා අල්- (4296), අහමද් (5/238). [8’] අල්-බුහාරිගේ අල්-කුර්ආනයේ අර්ථ විවරණය (4227), මුස්ලිම් "විශ්වාසය" (92), අහමද් (1/374). [9] අල්-බුහාරි "අල්-ඉල්ම්" (129), මුස්ලිම් "අල්-ඊමාන්" (32), අහ්මද් (3/157).

මින් ඉතා වැදගත් එකක් වන්නේ මිනිසුන් අතර ෂරීආ සම්බන්ධයෙන් නෛතික සීමාවන් ස්ථාපිත කිරීම සහ සෑම දෙයකදීම ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම සහ අල්ලාහ්ගේ නීතියට පටහැනි, මිනිසා විසින් සම්පාදනය කරන ලද නීති මුලිනුපුටා දැමීම සහ සියලු ජනයා ෂරීආ පාලනයට නතු කිරීමට බැඳී සිටීමයි. තවද, ෂරියා විෂය පිළිබඳ විද්වතුන් විසින් තම ආගම පිළිබඳව මිනිසුන් දැනුවත් කර ඔවුන් අතර ඉස්ලාමීය දැනුවත්භාවය පතුරුවා හැර, සත්යය සහ ඉවසීම වෙත යොමු කරමින් යහපත් දේ අණ කළ යුතුය. තවද දුෂ්ඨ දේ තහනම් කර එසේ කිරීමට පාලකයන් දිරිමත් කළ යුතුයි. තවද, සමාජවාදී, බාත්වාදී සහ ෂරියාට පටහැනි වෙනත් විනාශකාරී මූලධර්ම වලට එරෙහිව සටන් කළ යුතුය. මෙය තුලින් අල්ලාහ් මුස්ලිම්වරුන් දූෂිත තත්වයේ සිටින දෙයින් මුදවා යහපත් තත්වයට පත් කර ඔවුන් නොමඟ යන දෙයින් වළක්වනු ඇත. ඔවුන්ට අතීතයේ හිමිවී තිබුනු කීර්තිමත් තත්වය ඔවුන්ට ප්‍රතිස්ථාපනය කර ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ජයග්‍රහණය ලබා දෙනු ඇත. සර්වබලධාරී දෙවියන් පැවසූ පරිදි ඔවුන්ට මිහිපිට සාර්ථකත්වය ලබා දෙනු ඇත. සත්‍ය ප්‍රකාශ කරන අය අතරින් වඩාත්ම සත්යවාදී වන උත්තරීතරවූ අල්ලාහ් පැවසූ පරිදි පොළොව මත ඔවුන්ව බලවත් කරනු ඇත. "විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය." (අර්රෑම්: 47) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ වෙති." (අන්-නූර්: 55) තව ද සියලු කීර්ති හිමි අල්ලාහ් මෙසේ පවසා ඇත: "මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගිිටසිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු. (සූරත් ගාෆිර් :51) එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත. (ඝාෆිර් 40:52)

තවද, මුස්ලිම්වරුන්ගේ සහ පොදු ජනයාගේ නායකයින් යහපත් තත්වයට පත් කිරීමටත්, ඔවුන්ට ආගම පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත්, ඔවුන්ගේ තක්වා හෙවත් බිය බැතිකම වචනයෙන් හා ක්‍රියාවෙන් ශක්තිමත් විමටත්, ඔවුන් සියල්ලන්ම ඔහුගේ (අල්ලාහ්ගේ) සෘජු මාර්ගයට යොමු වීමටත්, ඔවුන්ට සත්‍යය මගෙහි සහාය ලබා ගැනීමටත්, අසත්‍යයෙන් ඔවුන්ව අසාර්ථක කර, ඔවුන් සියල්ලන්ටම දැහැමිකම වෙතට සහ භක්තිවන්තකම වෙතට සහයෝගයෙන් කටයුතු කිරීමටත්, සත්‍යය සඳහා එකිනෙකාට උදව් උපකාර කර ගැනීමටත්, ඉවසීමෙන් කටයුතු කිරීමටත් සාර්ථකත්වය ලබා දීමටත් මහිමයට පාත්‍ර වූ අල්ලාහ්ගේම පිහිට ලැබේවා! තවද, ඔහුගේ මැවිල්ල අතරින් හොඳම මැවිල්ලක් වන අපගේ නබි, අපගේ නායකයා සහ අපගේ මගපෙන්වන්නා වන මුහම්මද් බින් අබ්දුල්ලා සහ ඔහුගේ පවුලේ අය, මිතුරන් සහ එතුමාගේ මඟ පෙන්වීමෙන් මඟ පෙන්වනු ලැබූ අය වෙත අල්ලාහ්ගේ සාමය, දයාව සහ ආශීර්වාදය හිමි වේවා.