من الأحكام الفقهية في الطهارة والصلاة والجنائز

من الأحكام الفقهية في الطهارة والصلاة والجنائز

جمع المؤلف في هذا المؤلف ما تيسر كتابته مختصرًا من الأحكام الفقهية في أبواب الطهارة والصلاة والجنائز، معتمدًا فيه على ما جاء في كتاب الله تعالى وما صح عن رسول الله صلى الله عليه وسلم.

Language: lang_si
Prepared by: මුහම්ද් බින් සාලිහ් අල්-උසයිමීන්
Version: 2.0
Translations 13
Bengali English Persian French +9
Attachments 7
PDF
Audio
Video
+3

පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.

ගරු ෂෙයික් අල් අල්ලාමා

මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්

අල්ලාහ් එතුමාටත්, එතුමාගේ මව්පියන්ටත් මුස්ලිම්වරුන්ටත් සමාව දෙත්වා!

පෙරවදන

සියලු ප්‍රශංසා අල්ලාහ්ට පමණක් හිමි ය. අපි ඔහු ප්‍රශංසා කරමු, ඔහුගේ සහාය ද පතමු, අපි ඔහුගෙන් සමාව අයද සිටිමු. අපි අපගේ පාපයන් සඳහා ඔහුගෙන් පාපෝච්චාරණය කරමු. අපගේ ආත්මවල අයහපතින් ද අපගේ ක්‍රියාවල අයහපතින් ද අපි අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. අල්ලාහ් කවරෙකු යහමඟට යොමු කරන්නේ ද ඔහු නොමඟ යැවීමට කිසිවෙකුටත් නොහැක. අල්ලාහ් කවරෙකු නොමඟට යොමු කරන්නේ ද ඔහු යහමඟ යැවීමට කිසිවෙකුටත් නොහැක. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත, ඔහු ඒකීයය, ඔහුට කිසිවෙකුත් සමාන නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි. අල්ලාහ්ගේ ආශිර්වාදය එතුමාණන්ටත්, එතුමාණන්ගේ පවුලේ උදවිය සහ එතුමාණන්ගේ කල්‍යාන මිතුරන්ටත් ඔවුන්ව අවංක ලෙස අනුගමනය කරන අයටත් ලැබේවා! මෙම මහැඟි ප්‍රකාශයෙන් පසුව:

නැමදුම මූලික කරුණු දෙකක් මත පදනම් වූ විටක හැර එය සම්පූර්ණ වන්නේවත් පිළිගනු ලබන්නේවත් නැත. එනම්: සර්ව බලධාරී අල්ලාහ්ට අවංකවීම හා ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමයි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත්... (අල්-බය්යිනා: 5) අල්ලාහ් වෙනුවෙන් වූ අවංකභාවය, එනම්: තම ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් ඔහුගේ තෘප්තිය උදෙසා සිදු කිරීමට පිවිතුරු චේතනා ඇති කරමින්, ඔහුගේ නියෝගය ඉටු කිරීමයි. අල්ලාහ්ගේ දූතයාණන් පිළිපැදීම : නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කරුණක් සමග පැමිණියේ ද ඒ මත තම ක්‍රියාවන් පදනම් කරමින්, ඒවාට අමතර දෙයක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ සිදු නොකර ඒ අයුරින්ම ඉටු කිරීමයි. එය සම්පූර්ණයෙන්ම තහවුරු වන්නේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ් නම් සම්ප්‍රදායන් පිළිබඳ දැනුවත් වීමෙන් පමණි.

එබැවින්, සියලුම නැමදුම් සර්වබලධාරි අල්ලාහ්ගේ ග්‍රන්ථයේ හා ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සුන්නාවේ  සඳහන් සාධක පදනම් කර ගනිමින් ඉටු කිරීම සඳහා මිනිසා උනන්දු විය යුතුය; එවිට ඔහු සර්වබලධාරි අල්ලාහ්ට පැහැදිලි සාධක පදනම් කර ගනිමින් නැමදුම් ඉටු කළ හැකි අතර, තමා ගමන් කරන නැමදුම් මාර්ගය නිවැරදි බව හැඟී  සන්සුන්ව සිටිය හැක. එමෙන්ම, සර්වබලධාරි අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන් කෙරෙහි වූ ආදරය වැඩි කරනු වස්, තම කටයුතු වලදී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නායකත්වය මනසට ගෙන එමින්, එතුමාණන්ගේ අනුගාමිකයෙකු ලෙස කටයුතු  කරනු ඇත. තව ද මෙම කටයුත්ත හරහා සර්වබලධාරි දෙවියන්ට තමන් ආසන්නව සිටින බවට දැන ගත හැකිය. "තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත්...මිස ඔවුනට නියෝග කරනු නොලැබීය." (අල් බය්යිනා: 5)

ඇතැම් ඉබාදත් (නැමඳුම්) විවිධ ආකාරවලින් පැමිණ ඇති බව සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන් වුළුඃ දෝවනය, ස්නානය, සහ සලාතය වැනි නැවත නැවතත් කරන නැමදුම් ක්‍රියාවන්.

එහි ප්‍රඥාව -වඩාත් හොඳින් දන්නා අල්ලාහ්ය- කරුණු කිහිපයකින් සමන්විත ය:

පළමුව: කර්තව්‍යයට බැඳී සිටින අයට පහසුකම් සැළසීම. එහෙයින් ඔහුට එම ආකාරයන් අතරින් කැමති එකක් තෝරාගැනීමට හැකි වන අතර, ඔහු තෝරාගෙන ක්‍රියාත්මක කළ ආකාරය අනුගමනය කරන්නෙකු වෙයි.

දෙවැන්න: එකම ක්‍රමයක් මත රැඳී සිටීමෙන් ඇතිවන කම්මැලි බව හා අසතුට දුරු කිරීම.

තුන්වැන්න: නුමඳුම ඉටු කිරීමේදී හදවත සක්‍රීයව ක්‍රියා කිරීම හා එහි උද්යෝගය වැඩි වීම; ඒ මන්ද යත්, මනුෂ්‍යයෙකු එකම ආකාරයක් නිතරම අනුගමනය කරමින් පවත්වාගෙන යන්නේ නම්, එය ඔහුට සාමාන්‍ය චර්යාවක් වැනි දෙයක් බවට පත්වනු ඇත. එවිට ඔහු එය කියන්නට හෝ කරන්නට පටන් ගන්නේ, අවධානයක් නොමැතිව, සිත් නොතැබූ ලෙසිනි. වර්ගයකින් අනෙක් වර්ගයකට මාරු වන විට, හදවත චලනය වෙයි, සක්‍රීය වෙයි. අල්ලාහ්ට ගැතිභාවය තහවුරු කිරීමේදී හා ඔහුගේ දූතයා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ ආදර්ශය අනුකරණය කිරීමේ අරමුණද තවත් පිරිසිදුව හා සජීවීව ඉටු වේ.

විද්වතුන් මෙම නැමදුම් වර්ග සම්බන්ධයෙන් විවිධ මත පළ කර ඇත: එකම නැමදුමක් පවත්වාගෙන යාම වඩාත් විශිෂ්ට ද? එසේ නම්, එහි සම්පූර්ණත්වය හෝ නිවැරදි බව තෝරාගෙන එය පවත්වාගෙන යාම ද? නැත්නම්, මේ ක්‍රියාව එක් විටකත් අනිත් ක්‍රියාව තවත් විටකත් වරින් වර ක්‍රියාත්මක කිරීම වඩාත් විශිෂ්ට ද?

වඩාත් නිවැරදි මතය නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ අනුගමනය සම්පූර්ණ කරමින්, මෙම දෙකෙන් එකක් වාරයෙන් වාරය ගෙන ඒමය. එනමුත්, කිසියම් විශේෂ තත්ත්වයකට ගැළපෙන ආකාරයක් තිබේ නම්, එම තත්ත්වයට ගැළපෙන ඒ ආකාරයට පමණක් සීමා විය යුතුය; උදාහරණයක් ලෙස: බිය නිසා කරන ඇතැම් සලාත් වර්ග.

පිරිසිදුකම පිළිබඳ නීති, සලාතයේ ඉරියව්වන් සහ එහි ප්‍රකාශ එම රීතියට යටත්ව විවිධ ආකාරයන්හි පැමිණි කරුණු වේ.

උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථයෙහි සඳහන් කරුණු හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් සනාථ වූ කරුණු මත පදනම්ව, පවිත්‍රතාවය, සලාත් සහ ජනාසා කටයුතු පිළිබඳ ආගමික නීති හා විධි කෙටියෙන් ලිවීමට හා සමාලෝචනය කිරීමට හැකි වූ ඇතැම් මාතෘකා කිහිපයක් මෙහි ගොණු කර ඇත.

අපගේ උත්සහය උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් පමණක් කළ අවංක ක්‍රියාවක් ලෙස පත් කර දෙන මෙන් ද ඔහුගේ ශරීආ පිළිවෙතට මෙමගින් ආරක්ෂාවක් මෙන්ම ඔහුගේ ගැත්තන් ප්‍රයෝජනය ලබන්නක් ලෙස මෙය පත් කර දෙන මෙන් ද උත්තරීතර  අල්ලාහ්ගෙන් අපි ප්‍රාර්ථනා කරමු. සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය; අතිමහත් ගෞරවණීයය.

සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතුය. තවද අපගේ නබි මුහම්මද් තුමාණන් කෙරෙහිත් එතුමාගේ පවුලේ උදවිය හා එතුමාගේ හිතමිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් විනිශ්චය දින දක්වා නිසි අයුරින් ඔවුන් අනුගමනය කළ සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය, සමාදනය හා ආශීර්වාදය හිමි වේවා.

මුහම්ද් බින් සාලිහ් අල්උසයිමීන්

පළමුවන පාඩම: පවිත්‍රතාවය

වුළුඃ හෙවත් අර්ධ දෝවනය.

ස්නානය කිරීම.

තයම්මුම්.

හුෆ් නමැති සමින් සාදන ලද පාවහන් මත පිරිමැදීම.

ජටා මත පිරිමැදීම.

වෙළුම් පටි මත පිරිමැදීම.

වුළුඃ හෙවත් අර්ධ දෝවනය

වුළුඃ නියමිත ක්‍රමයකට අනුව ශරීර අවයව සතරක් සෝදා හරිමින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නැමදුමකි.

එය සලාතය ඉටු කිරීමට අපේක්ෂා කරන; කිලිටි තත්ත්වයේ පසුවන සෑම කෙනෙකුටම අනිවාර්යය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු..." (අල් මාඉදා: 6)

එය සලාතය වලංගුවීම සහ පිළිගැනීම සඳහා වන කොන්දේසියකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ: “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් වී විට, ඔහු වුළුඃ හෙවත් අර්ධ දෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.” අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති මෙම හදීසය බුහාරි තුමා ඇතුළු ව සෙසු අය විසින් ද වාර්තා කර ඇත. [1]. [1] බුහාරි තුමා "කිතාබුල් හියල්" නම් කෘතියේ, "සලාතය පිළිබඳ" පාඩමේ, අංක (6954) යටතේ වාර්තා කර ඇත, මුස්ලිම් තුමා "කිතාබුත් තහාරා" නම් කෘතියේ, "සලාතය සඳහා පරිසිදුකම අනිවාර්යය" යන පාඩමේ, හදීස් අංක (225) යටතේ වාර්තා කර ඇත.

වුළුඃහි මහිමය පිළිබඳ සඳහන් කරුණු:

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "නුඹලා අතරින් කිසිවකු හෝ වුළුඃ දෝවනය කර එම වුළුඃ දෝවනය විධිමත්ව සම්පූර්ණ කර පසුව: “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි.) යැයි පවසා සිටින්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් එහි පිවිසෙනු ඇත."[2]. [2] මුස්ලිම් තුමා විසින් කිතාබුත්-තාහාරාහි, ' වුළුඃ කිරීමෙන් පසු නිර්දේශිත ප්‍රාර්ථනා' යන පාඩමේ හදීස් අංක (234) යටතේ එය සඳහන් කර ඇත. ‘අල්ලාහුම්ම-ජ්අලනී මිනත්-තව්වාබීන ව-ජ්අලනී මිනල්-මුතතහ්හිරීන’ යන කොටස එහි සඳහන්ව නැත. එය වාර්තා කර ඇත්තේ තිර්මිදි තුමා විසින් කිතාබුත්-තාහාරාහි, 'වුළුඃ කිරීමෙන් පසු කිව යුතු දෑ' යන පාඩමෙහි හදීස් අංක (55) යටතේය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු වුළුඃ දෝවනය කර එම වුළුඃ දෝවනය විධිමත්ව ඉටු කර ඇත්තේ ද ඔහුගේ පාපයන් ඔහුගේ නියපොතු යට ඇතුළුව ඔහුගේ ශරීරයෙන් ඉවත් ව යයි." මූලාශ්‍රය මුස්ලිම් (3). [3] මෙය කිතාබුත් තහාරාහි 'වුළුඃ ජලය සමග පාපය ඉවත්වීම' යන පාඩමේ හදීස් අංක (245) යටතේ මෙය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත.

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අකමැති අසීරු අවස්ථාවක වුළුඃ දෝවනය සම්පූර්ණ කිරීම, නැමඳුම සඳහා මසජිදියට බහු වරක් යාම හා සලාතයෙන් පසු අනෙක් සලාතය බලාපොරොත්තු වීම යනාදිය වැරදි සම්පූර්ණයෙන්ම සෝදා හරියි." [4]. අබූ යඃලා (1/379) අංක (488), අල් බසාර් (2/161) අංක (528), හා අල් හාකිම් ‘අල් මුස්තද්රක්’ (1/132) හි මෙය වාර්තා වී ඇත.

වුළුඃ දෝවනය ඉටු කිරීමේ ක්‍රමය:

1- කිලිට්ටෙන්  පිවිතුරු වීම සඳහා හෝ සලාතය වැනි ආගමානුගත කරන ලද නැමදුම් සඳහා වුළුඃ ගන්නා බවට -මුවින් ප්‍රකාශ කිරීමකින් තොරව- සිතින් නිය්යත් හෙවත් චේතනාව ඔහු තබයි. මක්නිසාදයත් සර්වබලධාරී අල්ලාහ් හදවතෙහි ඇති දේ දන්නා බැවින් හා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වුළුඃ කිරීමේදී හෝ සලාතයේදී හෝ වෙනත් කිසිදු නැමදුමකදී චේතනාව වචනයෙන් ප්‍රකාශ කර නැති බැවිනි.

2- පසුව "බිස්මිල්ලාහ්" යැයි පවසයි.

3- පසුව තම අත් තුන් වරක් සෝදා හරියි.

4- පසුව කට කලත්වා, 'ඉස්තින්ෂාක්' (නාසයට ජලය ගෙන ගොස්) සහ ඉස්තින්සාර් (එය සීරා හැරීම) තුන්වරක්, අහුරු තුනකින් සිදු කරයි.

5- පසුව තුන් වරක් ඔහුගේ මුහුණ සෝදා ගනියි. දිගින් මුහුණෙහි සීමාව වනුයේ සාමාන්‍යයෙන් හිසකෙස් වැවෙන ස්ථානයේ සිට යටි රැවුල හා නිකටට පහළ දක්වා ද පළලින් (හරහට) එහි සීමාව කනෙහි සිට අනෙක් කන දක්වා ද වේ.

6- පසුව ඔහුගේ දකුණු අත, පසුව වමත සෝදා හරියි. ඇඟිලි තුඩු සිට වැළමිට දක්වා තුන්වරක් සෝදා හරියි. වැළමිට දෙක ද සේදීම තුළට ඇතුළත් වේ.

7- ඉන් පසුව ඔහුගේ අත් දෙක තෙත් කරමින් ඔහුගේ හිස එක් වරක් පිරිමදියි. ඔහුගේ ඉදිරි හිසෙන් ආරම්භ කර ඔහුගේ පසුපස ගෙල දක්වා ගෙන ගොස් නැවතත් ආරම්භ කළ ස්ථානය දක්වා ඒ දෙක ගෙන එයි. හිසෙහි සීමාව මුහුණෙහි ඉදිරිපස හිසකෙස් වැවෙන ස්ථානයේ සිට පසුපස ගෙලෙහි ඉහල කොටස දක්වා වන අතර දකුණු හා වම් කන අතර (පසු දෙසින්) මැදිව ඇති කොටසයි.

8- පසුව ඔහු ඔහුගේ දෙකන් ඔහුගේ දෑත් මගින් එක් වරක් පිරිමදියි. දබරැඟිලි දෙක කන් කුහර තුළ තබා, (එය ශ්‍රවණ කුහරය දෙකය.) ඔහුගේ මහපොට ඇගිලි දෙකින් කන් දෙකෙහි බාහිර කොටස පිරිමදියි.

9- පසුව ඔහුගේ දකුණු පාදය, පසුව වම් පාදය, පාදැඟිලි තුඩු සිට වළලු කර දක්වා තුන්වරක් සෝදා හරියි. සේදීමේදී වළලු කර දෙක ද ඇතුළත් වේ. වළලු කර යනු කෙණ්ඩයේ පහළ කොටසෙහි නෙරා ගිය අස්ථි දෙකය.

තුන්වරක් සෝදනු ලබන දෑ එක් වරක් සෝදා සීමා කිරීමට හෝ දෙවරක් සෝදා සීමා කිරීමට අවසරය ඇත.

ස්නානය කිරීම

ගුස්ල්" (ස්නානය) යනු උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමක් ලෙස මුළු ශරීරයම පිරිසිදු කිරීමයි. ජනාබත් (මහා කිල්ල) හෝ ස්නානය අනිවාර්ය කරන වෙනත් හේතු ඇති සියලුම පුද්ගලයන්ට මෙය අනිවාර්ය වේ. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය: "...නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකුව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු..." (අල් මාඉදා: 6)

ස්නානය කිරීමේ ක්‍රමය:

1- මහා කිල්ලෙන් බැහැර වීම හෝ  ජුමුආ සලාතය වැනි ස්නානය ආගමානුගත කරන ලද ස්නානයක් සඳහා ස්නානය කරන බවට මුවින් ප්‍රකාශ කිරීමකින් තොරව සිතින් අදිටන් කර ගැනීම.

2- පසුව "බිස්මිල්ලාහ්" යැයි පවසයි.

3- පසුව ඔහුගේ අත් දෙක තුන් වරක් සෝදයි.

4- පසුව ඔහුගේ ලිංගේන්ද්‍රිය සෝදයි.

5- ඉන් පසු සලාතයට වුළුඃ කර ගන්නා සේ පූර්ණව වුළුඃ කර ගනියි.

6- පසුව තම හිස සෝදා හරියි. ජලය ගෙන, කෙස් මුලට ජලය ගලා යන්නට එය අතුල්ලයි. පසුව තුන් වරක් ජලය වක් කර ගනියි.

7- ඉන් පසුව තම ශරීරයේ ඉතිරි කොටස් ද සෝදා හරියි.

තම ශරීරයේ එක් තැනක අස්ථී බිඳීමක් හෝ තුවාලයක් හෝ තිබී එය ආවරණය කළ යුතු නම්, ඇතුළත සේදීම වෙනුවට එය මත පිරිමැදීම ප්‍රමාණවත් ය. මක්නිසාදයත් ආවරණය හේතුවෙන් එය සේදීම අපහසු බැවිනි. උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුව එය මත පිරිමැදීම ප්‍රමාණවත්ය. "එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු..." (අත්-තඝාබුන්: 16) එය නොවැළැක්විය හැකි අවශ්‍යතාවක් නිසා කරන පිරිමැදීමක් නිසා අවශ්‍යතාවය අනුව මස්හ් කිරීමේ ප්‍රමාණය සහ කාලය සීමා කරනු ලැබේ. අවශ්‍යතාවය පසුකර නොයන ලෙස එම ආවරණය භාවිත කළ යුතුය. බිඳුනු ස්ථානය හෝ තුවාලය සුව වූ විට එය ගලවා දැමිය යුතුය.

තම ශරීරයේ කිසියම් ස්ථානයක බිඳීමක් හෝ තුවාලයක් තිබී, එය සෝදා හැරීම හේතුවෙන් හානියක් ඇතිවේ යැයි සිතන්නේ නම්, ඒ මත ආවරණයක් ද නොමැති විටෙක එය සේදීම වෙනුවට ජලයෙන් පිරිමැදිය යුතුය. පිරිමැදීමෙන් හානියක් ඇතිවේ යැයි සිතන්නේ නම්, එය වෙනුවට තයම්මුම් කළ යුතුය. එය අල්ලාහ්ගේ වචනය අනුවය: "එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු..." (අත්-තඝාබුන්: 16) අල්ලාහ්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය: "... ඔහු නුඹලාව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය..." (අල්-හජ්: 78)

මෙම මස්හ් හෙවත් පිරිමැදීම - ආවරණය මත වුව ද රෝගී අවයවය මත වුවද - දෝවනය  වෙනුවට ක්‍රියාත්මක වන්නකි. එමගින් පවිත්‍රතාව සම්පූර්ණ වේ. බාධාව ඉවත් වූ පසු නැවත සේදීමේ අවශ්‍යතාවයක් නැත.

ජලය ඇතැම් ශරීර කොටස් සඳහා පමණක් ප්‍රමාණවත්ව තිබේ නම්, එය භාවිත කළ යුතුය. ඉතිරි කොටස් වෙනුවෙන් තයම්මුම් කළ යුතු වේ.

තයම්මුම්

තයම්මුම්: එය පස භාවිතයෙන් පිරිසිදු වී උත්තරීතර අල්ලාහ් උදෙසා ආගමික වන්දනාවල නියැලීමයි. එනම්, ජලය නොමැති වීම හෝ එය භාවිත කිරීම හේතුවෙන් රෝගය උත්සන්න වීම හෝ වෙනත් හේතුවක් මත ජලය භාවිත කිරීමට නොහැකි වූ විටෙක, මුහුණ සහ දෑත් පසින් පිරිමැදීමයි.

එය සුළු කිල්ලෙන් හෝ මහා කිල්ලෙන් ජලය භාවිතයෙන් පිරිසිදු වීම වෙනුවට සිදු කරන ක්‍රියාවකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු සෝදා ගනු..." ඔහුගේ මෙම ප්‍රකාශය දිගටම මෙසේ ප්‍රකාශ වේ. (...එහෙත් නුඹලා රෝගීව හෝ යම් ගමනක නිරතව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන් පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නො ලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද, පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි. එහෙත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලාව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.) (අල් මාඉදා: 6)

තයම්මුම් මඟින් පිරිසිදු වීම යනු සම්පූර්ණ පිරිසිදුකමකි. ජලය භාවිතා කළ හැකි වන තෙක් එය කිල්ලෙන් පිරිසිදු කරයි. එය අල්ලාහ්ගේ වචනය අනුවය: (...නුඹලාව පිරිසිදු කිරීමටත්...) (අල් මාඉදා: 6) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේය: "මහපොළොව මුළුමණින්ම මස්ජිද් (සලාතය ඉටු කෙරෙනු ලබන ස්ථාන) ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද මා වෙනුවෙන් සකස් කරන ලදී. මගේ ප්‍රජාවේ මිනිසෙකු වෙත සලාතයේ වේලාව පැමිණියේ නම් ඔහු එහි සලාතය ඉටු කරත්වා!" මෙය බුහාරි තුමා විසින් වාර්තා කර ඇත. [5], පවිත්‍රතාවය කුමන දෙයක් මඟින් සිදුවන්නේ ද එයට තහූර් යනුවෙන් කියනු ලැබේ. [5] අල් බුහාරි තුමා විසින් තයම්මුම් පිළිබඳ පාඩමේ (...නුඹලාට ජලය නොලැබූනේ නම්, නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු...) යන මාතෘකාවේ හදීස් අංක (335) යටතේ මෙය වාර්තා කර ඇත. ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් කළ වාර්තාව  මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් මසාජිද්' යන  මාතෘකාවේ හදීස් අංක (521) යටතේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, නෆ්ල් හෙවත් අතිරේක සලාතයක් සඳහා තයම්මුම් ගත් විට, එම තයම්මුම් අනිවාර්යය සලාතය සඳහා ද වලංගු වේ. සලාතයේ වේලාව පැමිණීමට පෙර තයම්මුම් කිරීම ද වලංගුය. එහි වේලාව ගෙවී යාමෙන් අවලංගු වන්නේ ද නැත. සුළු කිලිට්ටක් වෙනුවෙන් තයම්මුම් ගත් විට, නැවත කිලිට්ටක් ඇති වීමෙන් පමණක් හැර එය අවලංගු නොවේ. මහා කිලිට්ටක් වෙනුවෙන් තයම්මුම් ගත් විට, එය වෙනත් මහා කිලිට්ටක් ඇති වීමෙන් පමණක් හැර එය අවලංගු නොවේ.

එහෙත්, බාධකය ඉවත් වීමෙන් තයම්මුම් අවලංගු වේ. එසේම ජලය ලැබුණු විට රෝගය සුව වූ විට තයම්මුම් අවලංගු වේ. එය සුළු කිලිටි හෝ මහා කිලිටි සඳහා වුවද, ඔහු පෙර තයම්මුම් කළ සුළු කිලිටි සඳහා වුළූ කර ගත යුතුය. පෙර තයම්මුම් කළ මහා කිලිටි සඳහා ඔහු ස්නානය කළ යුතුය.

පස්, වැලි, ගල් වැනි ඕනෑම ස්වභාවයකින් යුත් මතුපිටක තයම්මුම් කිරීම වලංගු වේ. එමෙන් ම ඒවායින් සකසන ලද බිත්තියක් වැනි යමක් මත ද එය නිවලංගු වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "මහපොළොව මස්ජිද් (සලාතය ඉටු කෙරෙනු ලබන ස්ථාන) හා පිරිසිදු ස්ථානයක් ලෙස මා හට නියම කරන ලදී." (6) (6) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් කළ ස්ථානයේ සඳහන් වී ඇත.

අබූ ජුහයිම් ඉබ්නු අල් හාරිස් ඉබ්නු අස් සිම්මාහ් අල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මිනිසකු හමු විය. එවිට ඔහු එතුමාණන්ට සලාම් පැවසුවේය. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බිත්තිය වෙත ගොස්, තම මුහුණ සහ අත් පිරිසිදු කරන තෙක් ඔහුට පිළිතුරු දුන්නේ නැත. ඉන්පසුව එතුමාණන් ඔහුට සලාම් පිළිතුරු දුන්හ." මෙම වාර්තා දෙකම බුහාරි තුමා විසින් දන්වා ඇත.[7]. [7] මෙය බුහාරි තුමා "කිතාබුල් තයම්මුම්" නම් පාඩමේ "ජලය නොමැති විට තයම්මුම් කිරීම" යන මාතෘකාවේ හදීස් අංක (337) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් හයිළ්" නම් පාඩමේ "තයම්මුම්" නම් මාතෘකාවේ හදීස් අංක (369) යටතේ වාර්තා කර ඇත.

තයම්මුම් කිරීමේ ක්‍රමය:

සලාතය සඳහා හෝ  ඒ හා සමාන තයම්මුම් ආගමානුගත කරන ලද වෙනත් නැමදුම් සඳහා කිලිටි තත්ත්වයෙන් මිදෙන බවට තම සිතින් අදිටන් කිරීම. පසුව 'බිස්මිල්ලාහ්' යැයි පවසා, තම අත් දෙක එක් වරක් පස මත තබා, ඒ දෙකින් තම මුහුණ හා අත් දෙක පිරිමැදීම.

හුෆ් නැමති පාවහන් මත පිරිමැදීම

අල්කුෆ්ෆයින් යනු: පාදයෙහි පැළඳ සිටින සම් හෝ එවැනි වෙනත් යම් දෙයකින් නිම කළ පාවහනකි.

‘අල් ජව්රබ්’ හෙවත් පා උර යනු: කපු හෝ එවැනි වෙනත් දෑවලින් නිම කළ ‘මේස්’ යනුවෙන් හඳුන්වනු ලබන දෑය.

හම් සපත්තු හා මේස් මත පිරිමැදීමේ නීතිය:

ඒ දෙක මත පිරිමැදීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සඳහන් කරන ලද සුන්නත් ක්‍රියාවකි. (නබි පිළිවෙතකි.) එබැවින් පාදය සේදීම සඳහා ඒ දෙක ගලවා දැමීමට වඩා ඒ දෙක මත පිරිමැදීම වඩාත් උතුම්ය.

ඒ සඳහා වන සාධකය ලෙස මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයය පවතී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වුළුඃ ධෝවනය කළහ. අල් මුගීරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසුවේය: "එවිට එතුමාගේ හම් සපත්තු කුට්ටම ගලවන්නට නැමුනෙමි. එවිට එතුමා, "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ තිබියදී පැළඳ ඇත්තෙමි" යැයි පවසා, පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ. [8]. [8]. අල්බුහාරි තුමා 'කිතාබුල් වුළුඃ' නම් පාඩමේ 'පාද දෙක පිරිසිදුව තිබිය දී ඒ දෙක ඇතුළු කළ විට' යන මාතෘකාවේ හදීස් අංක 206 යටතේ වාර්තා කර ඇති අතර මුස්ලිම් තුමා 'කිතාබුල් තහාරා' යන පාඩමේ 'හම් පාවහන් දෙක මත පිරිමැදීය යන මාතෘකාවේ හදීස් අංක 274/79 යටතේ වාර්තා කර ඇත.

හුෆ් දෙක මත පිරිමැදීම ආගමානුගත කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ ග්‍රන්ථය සහ අල්ලාහ්ගේ දූතයාණන්ගේ සුන්නාව සහතික කර ඇත.

උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සඳහන් ඔහුගේ ප්‍රකාශය වනාහි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු..." (අල් මාඉදා: 6) උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය වන: (...තවද නුඹලාගේ පාද ද...) මෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් දන්වා සිටි නිවැරදි සම්මත ක්‍රම දෙකක් ඇත.

පළමුවැන්න: وَأَرۡجُلَكُمۡ (ඔබගේ පාද) යන පදය وُجُوهَكُمۡ (ඔබගේ මුහුණු) යන පදය සමග සම්බන්ධීකරණය කරමිනි. එවිට පාද දෙකම සේදිය යුතු යන අර්ථය ගැන්වේ.

දෙවැන්න: وَأَرْجُلِكُمْ (ඔබගේ පාද) යන පදය بِرُءُوسِكُمۡ (ඔබගේ හිස් සමග) යන පදය සමග සම්බන්ධීකරණය කරමිනි. එවිට පාද දෙකම පිස දමනු ලැබිය යුතු යන අර්ථය ගැන්වේ.[9]. [9] නාෆිඃ, ඉබ්නු ආමිර්, හෆ්ස් යන උතුමන්ලා ආසිම් හා අල් කසාඊ යන විද්වතුන්ගෙන් ලබාගත් පරිදි 'නස්බ්' පිල්ලම සහිතව කියවා ඇති අතර ඉබ්නු කසීර්, අබූ අම්රු, ෂුඃබා යන උතුමන්ලා ආසිම් හා හම්සා විසින් ලබා ගත් පරිදි 'ජර්' පිල්ලම සහිතව කියවා ඇත. මෙය «අල්-කෂ්ෆ් අන් වුජූහ් අල්-කිරාආත් අල්-සබආ» (1/ 406) හි සඳහන් වේ.

සැබැවින්ම පාදය පිරිමැදිය යුතු ද එසේ නැතහොත් සේදිය යුතු ද යන්න පිළිබඳ සුන්නාවේ පැහැදිළි කර ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පාද නිරාවරණ ව ඇත්නම් එතුමාණන් සෝදා ඇති අතර  එම පාද මේස් සපත්තු මගින් ආවරණය වී ඇත්නම් එතුමාණෝ ඒ දෙක පිරිමැද ඇත්තාහ.

එය සුන්නාවක් බවට වන සාධක නම්, එම සුන්නාව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සිට අඛණ්ඩව පැවත ආ පිළිවෙතක් වීමය. ඉමාම් අහ්මද් (රහිමහුල්ලාහ්) මෙසේ පැවසීය: «පිරිමැදීම පිළිබඳ කිසිදු සැකයක් මාගේ සිතේ නැත. ඒ පිළිබඳව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහ එතුමාණන්ගේ සහගාමීන් විසින් දැනුම් දී ඇති හදීස් හතළිහක් වාර්තා වී තිබේ.»

කවියක මෙසේ සඳහන් වේ [10]:

තවාතුර් ක්‍රමයට (කිසිදු බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව) පැමිණි හදීස් අතරට "යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්» *** එමෙන්ම  «කවරෙකු අල්ලාහ් වෙනුවෙන් නිවසක් ඉදි කළේ ද, කුසල් බලාපොරොත්තු වන්නේ ද» එය ද ඇතුළත් වේ.

එමෙන්ම හීනය, ෂෆාඅතය, හවුල් යනාදිය ද*** හම් සපත්තු මේස් මත පිරිමදීම ද එයට ඇතුළත් වේ. [10] අල්-තාවුදි ඉබ්න් සවුදාගේ කාව්‍යය. එය ඔහුගේ සහීහ් අල්-බුහාරි පිටුසටහනේ සඳහන් කර ඇති පරිදිය. (1/125).

මේස් සපත්තු මත මස්හ් කිරීමේ කොන්දේසි:

මේස් සපත්තු මත මස්හ් කිරීම සඳහා කොන්දේසි හතරක් ඇත.

පළමු කොන්දේසිය: ඒ දෙක පැළඳ තිබිය යුත්තේ පිරිසිදුකම මත සිටියදී ය. එයට සාධක වන්නේ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුගීරා බින් ෂුඃබාට කළ ප්‍රකාශයයි. "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි."[11]. (11) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (පිටුව 180.)

දෙවන කොන්දේසිය: සම් උර (මේස්) සපත්තු පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුය. ඒවා අපිරිසිදු නම් ඒ මත පිරි මැදීමට අවසරය නැත. එයට සාධක වනුයේ: "සැබැවින්ම, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සහාබාවරුන් සමඟ එක් දිනක සලාතය ඉටු කළේය. එය එතුමාණන් තම පාවහන් යුවල පැළඳ සිටියදීය. එතුමාණන්ගේ සලාතය අතරතුර ඒවා ගැලවූහ. ජිබ්රීල් (අලයිහිස්සලාම්) තුමා එතුමාණන්ට ඒ දෙකෙහි කිලිටි හෝ අපිරිසිදු දේ පවතින බව දැනුම් දුන් බව එතුමාණෝ පවසා සිටියහ."[12]. මෙය පෙන්වා දෙන්නේ අපවිත්‍ර දෑ ඇති වස්තුවක සලාතය ඉටු කිරීම අනුමත නොවන බවයි. මක්නිසාදයත් අපවිත්‍ර දෑ ජලයෙන් පිරිමදිනු ලබන විට එය පිරිසිදු කරන්නා එය තැවරෙන්නට සලස්වනු ඇත. එවිට එය පිරිසිදු වස්තුවක් විය නොහැක. [12] අබූ දාවුද්, 'කිතාබුස් සලාහ්' හි 'පාවහන් පැළඳ සලාතය ඉටු කිරීම' යන මාතෘකාවේ  හදීස් අංක 650 යටතේ මෙය වාර්තා කර ඇති අතර අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති හදීසය අහ්මද් තුමා හදීස් අංක (3/20) යටතේ වාර්තා කර ඇත.

තෙවැනි කොන්දේසිය: ඒ දෙක මස්හ් කිරීම සුළු කිලිටි අවස්ථාවක පමණක් විය යුතුය. ජනාබත් අවස්ථාවක හෝ ස්නානය අනිවාර්ය වන අවස්ථාවක නොවිය යුතුය. එහි සාක්ෂිය වන්නේ: සෆ්වාන් බින් අස්සාල් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයයි. හෙතෙම මෙසේ පැවසීය: "අපි යම් ගමනක යෙදී සිටියහොත් අපගේ මේස් සපත්තු දින තුනකට නොගලවන මෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අණ කරන්නෙකු වූහ. නමුත් ජුනුබ් තත්ත්වයේ පසු වූයේ නම් හැර. මළ මූත්‍රා කිරීමෙන් හා නින්ද යෑමෙන් (හානියක් වන්නේ නැත.)[13]. එම මස්හ් කිරීම සුළු කිලිටි අවස්ථාවක සිදු විය යුතුය. අප විසින් සඳහන් කළ මෙම හදීසයට අනුව  මහා කිලිටි අවස්ථාවක මස්හ් කිරීම වලංගු නොවේ. (13) මෙය තිර්මිදි තුමා විසින් "කිතාබුත් තහාරා"හි 'බාබුල් මස්හ් අලල් කුෆෆයින්' යන පාඩම, අංක (96), නසාඊ තුමා විසින් "කිතාබුත් තහාරා"හි 'බාබුත් තව්කීතුල් මස්හ් අලල් කුෆෆයින්' යන පාඩම, අංක (127), ඉබ්නු මාජා තුමා විසින් "කිතාබුත් තහාරා"හි 'බාබුල් වුළු මිනල් නවුම්' යන පාඩම, අංක (478), සහ අහ්මද් තුමා විසින් අංක (4/239) වාර්තා කර ඇත.

සිව්වන කොන්දේසිය: පිසදැමීම ආගමික වශයෙන් නිර්දේශ කරන ලද කාලය තුළ සිදු විය යුතුය. එනම් පදිංචිකරුවෙකු සඳහා දිනක් හා රාත්‍රියක්, මගියෙකු සඳහා දවස් තුනක් හා රාත්‍රී තුනක්; මෙය අලි ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) විසින් සඳහන් කරන ලද හදීසයට අනුවය. එනම්: "නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පදිංචිකරුට දහවලක් හා රාත්‍රියක් ද මගියාට දහවල් තුනක් හා රාත්‍රී තුනක් ද නියම කළේය. ඉන් අදහස් කරනුයේ හම් සපත්ත මේස් දෙක මත පිරිමැදීම සම්බන්ධව ය." මුස්ලිම් විසින් එය දන්වා ඇත[14]. [14] මුස්ලිම් විසින් "කිතාබුත් තහාරා" හි 'බාබුත් තව්කීත් ෆිල් මස්හි අලල් කුෆ්ෆයින්' පාඩමේ හදීස් අංක (276) යටතේ වාර්තා කර ඇත.

මෙම කාල සීමාව පළමු වරට සිදු කළ පිරිමැදීමෙන් ආරම්භ වී, පදිංචිකරුවෙකු සඳහා පැය විසි හතරකින් ද මගියෙකු සඳහා පැය හැත්තෑ දෙකකින් ද අවසන් වේ. එනම් අපි මෙසේ තක්සේරු කර බලමු. යමෙක් අඟහරුවාදා දින උදේ ෆජ්ර් සලාතය සඳහා පිරිසිදු වී, එම පිරිසිදු තත්ත්වයෙන්ම බදාදා රාත්‍රියේ ඉෂා සලාතය ඉටු කරන තෙක් රැඳී සිට, නින්නදට ගොස් පසුදින බදාදා උදේ ෆජ්ර් සලාතය සඳහා නැගිට පහට පමණ  පිරිමැදීම සිදු කළේ නම්, කාල සීමාවේ ආරම්භය බදාදා උදේ පහට පටන් ගෙන, බ්‍රහස්පතින්දා උදේ පහ දක්වා වලංගු වේ. එසේම, බ්‍රහස්පතින්දා පස්වෙනි පැය සම්පූර්ණ වීමට පෙර පිරිමැදීම සිදුකළේ නම්, ඔහුට ෆජ්ර් - එනම් බ්‍රහස්පතින්දා ෆජ්ර් - මෙම පිරිමැදීම සමඟ සලාත් ඉටු කළ හැකිය. එමෙන්ම ඔහුගේ පිරිසිදුභාවය පවතින තුරු ඔහුට අවශ්‍ය සලාත් ඉටු කළ හැකිය. එය වුළූ ගැනීමේ කාලය සම්පූර්ණ වූ විට වුළූ අහෝසි නොවේ යන විද්වතුන්ගේ මතයට අනුවය. ඊට හේතුව, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පිරිසිදුභාවය සඳහා කාලය නියම නොකළ අතර, පිරිමැදීම සඳහා කාලය පමණක් නියම කර ඇති බැවිනි. කාලය සම්පූර්ණ වූ විට පිරිමැදීමක් නැත. නමුත් ඔහු පිරිසිදුභාවය තුළ සිටී නම්, ඔහුගේ පිරිසිදුභාවය දිගටම පවතියි; එය ආගමික මූලධර්මයක් ලෙස පිහිටා ඇති පිරිසිදුභාවයකි. ඒ අනුව ෂරීආ මූලධර්මයක් අනුව පිහිටා ඇති දේ ෂරීආ මූලධර්මයක් අනුව පමණක් අහෝසි වේ. පිරිමැදීමේ කාලය සම්පූර්ණ වූ විට වුළූ අහෝසි වන බවට කිසිදු සාධකයක් නැත. මක්නිසාද පවතින මුල් තත්ත්වය එය අහෝසි වී යන තෙක් දිගටම පවතින බැවිනි. මෙය පාවහන් මත පිරිමැදීම සඳහා අවශ්‍ය කොන්දේසියයි. විද්වතුන් කිහිප දෙනෙකු විසින් සඳහන් කළ වෙනත් කොන්දේසි ඇත. එහි කිහිපයක් විමර්ශනයට භාජනය වී ඇත.

හුෆ්, ජටා හා වෙළුම් පටි මත පිරිමැදීම පිළිබඳ ප්‍රශ්න ගොනුවක්.

සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතු ය. තවද අපගේ නබි මුහම්මද් තුමාණන් කෙරෙහිත් එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන්ගේ හිත මිතුරන් ඇතුළුව විනිශ්චය දිනය තෙක් නිසි අයුරින් ඔවුන් පිළිපදින සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය හා සමාදනය උදා වේවා.

එම ප්‍රකාශයෙන් පසු මා පවසා සිටිනුයේ: හුෆ්, ජටා හා වෙළුම් පටි මත පිරිමැදීම පිළිබඳ මට යොමු කරන ලද මෙම ප්‍රශ්නවලට පිළිතුරු මම අසා ඇත්තෙමි. එය පටිගත වූ පිළිතුරට සමාන වූ අතර, මම එයට සුළු සංශෝධන කිහිපයක් ඇතුළත් කළෙමි. එය මුද්‍රණය කිරීමට කැමති අයකු වී නම්, නිවැරදි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ කොන්දේසිය මත සහ මුද්‍රණ හිමිකම් තමන්ට හෝ වෙනත් අයට තබා නොගැනීමේ කොන්දේසිය මත මුද්‍රණය කිරීමට අවසර දුන්නෙමි.

සියලු දෙනා හට සාර්ථකත්වය හා පිළිගැනීම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි.

මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ලේඛක;

මුහම්ද් සාලිහ් අල්උසයිමින් විසිනි.

හිජ්රී 19/5/1410

(හුෆ්) හම් උර හා පාවහන් මත පිරිමැදීම

ප්‍රශ්නය (1): විද්වතුන් කිහිප දෙනෙකු දරණ මතය අනුව, (වුළූ ගැනීමේ දී ඇතුළත් විය යුතු) අනිවාර්ය ස්ථානය ආවරණය කළ යුතු බවට ඇති කොන්දේසියේ නිරවද්‍යතාව කුමක් ද?

පිළිතුර: එයට සාධකයක් නොමැති බැවින් මෙම කොන්දේසිය නිවැරදි නැත. මේස් හෝ සමින් සාදන ලද සපත්තු යන නාමය තවදුරටත් පවතින තුරු ඒ මත පිරිමැදීම අනුමත වේ. සූන්නා මගින් හුෆ් මත පිරිමැදීම සම්පූර්ණයෙන්ම අනුමත කර ඇත. සහ ෂාරිඃ (ආගමානුගත කළ අය) විසින් පොදු කළ දේ කිසිවෙකුට සීමා කිරීමට නොහැක. නමුත් ෂාරිඃ විසින් වූ නියමයක් හෝ නීතිමය මූලධර්මයක් මගින් සීමා කිරීම ගැන පැහැදිලි කර තිබුණේ නම් හැර.

ඒ අනුව, ඉරුණු හුෆ් මත මස්හ් කිරීම ද අනුමත වන අතර සිනිදු හුෆ් මත මස්හ් කිරීම ද අනුමත වේ. ඊට හේතුව හුෆ් වලින් අපේක්ෂා කෙරෙනුුුයේ ආවරණය (ශරීරය කොපමණ දුරට ආවරණය වී ඇත්තේ ද යන්න) නොව, පාදය උණුසුම් කර ගැනීම සහ එයට ප්‍රයෝජනවත් වීමය.

හුෆ් මත පිරිමැදීමේ අනුමැතිය ලැබී ඇත්තේ ඒවා ගලවා දැමීමට අපහසු බැවිනි. මෙහිදී බරින් සැහැල්ලු හෝ බරින් වැඩි මේස් අතර වෙනසක් නැත. එසේම, කුහර සහිත ඉරුණු හෝ සම්පූර්ණ මේස් අතර වෙනසක් ද නැත. මූලික වශයෙන්, මේස් යන නාමය එහි රැඳී පවතින තුරු ඒ මත පිරිමැදීම වලංගු වේ.

ප්‍රශ්නය (2): පුද්ගලයෙකු තයම්මුම් කර, පාවහන් දෙක පැළඳ ඇත්නම්, ඔහු ජලය සොයා ගත් විට, ඒ දෙක පිරිසිදු තත්ත්වයකදී ඔහු පැළඳ ඇති බව දැන සිටිය දී එම පාවහන් දෙක මත (මස්හ්) පිරිමැදිය හැකි ද ?

පිළිතුර: පිරිසිදුකම තයම්මුම් පිරිසිදුතාවයකින් වූ විට, ඔහුට මේස් දෙක මත පිරිමැදීම අනුමත නොවේ. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා ඇත්තාහ. "සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි." [15]، තයම්මුම් තුළින් පිරිසිදුතාවයට පත්වීම පාදයන්ට අදාල නොවේ, සැබැවින්ම තයම්මුම් යනු මුහුණට සහ අත් දෙකට අදාළ පිරිසිදු වීමක් පමණක් වේ. (15) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (පිටුව: 180)

මෙම මතය අනුව, ජලය නොමැති පුද්ගලයෙකු හෝ ජලය භාවිත කිරීමට නොහැකි රෝගියෙකු වුළූ සඳහා, ඔහු පිරිසිදු තත්ත්වයක නොමැති වුවද, පාවහන් දෙක පැළඳ ගත හැක. ජලය නොමැති නම් ජලය සොයා ගන්නා තෙක් හෝ රෝගියා සුවය ලබන තෙක් කාල නියමයකින් තොරව, ඒ දෙක ඔහුට පැළඳගෙන සිටිය හැක. මක්නිසාදයත් තයම්මුම් තුළින් පිරිසිදු වීම සඳහා පාදය සම්බන්ධ නොවන බැවිනි.

(3) ප්‍රශ්නය: නිය්යත් හෙවත් චේතනාව  අනිවාර්යය ද? එනම්: ඔහුට මේස් හෝ මේස් සපත්තු පැළඳීමට අවශ්‍ය නම්, ඔහු ඒවා පිස දැමීමට චේතනා කළ යුතු ද, පදිංචිකරුවෙකු හෝ මගියෙකු ලෙස ඔහු ඒවා පිස දැමීමට අදහස් කළ යුතු ද, නැතහොත් එය අනිවාර්ය නොවේ ද?

පිළිතුර: මෙහිදී නිය්යත් හෙවත් චේතනාව අනිවාර්ය නොවේ. මක්නිසාදයත් මෙම ක්‍රියාව එහි පවතින තත්ත්වය මත පමණක් පදනම් වූවක් වන බැවිනි. එහෙයින් චේතනාවක් අවශ්‍ය නොවේ. උදාහරණයක් වශයෙන්, ඇඳුමක් අඳින අවස්ථාවක, සලාතයේදී තම නිරුවත ආවරණය කිරීමේ අදිටනයක් තිබිය යුතුය යන අවශ්‍යතාවක් නැත. එසේම, මේස් සපත්තු ඇඳීමේදී එය මත මස්හ් කිරීමේ අදිටනයක් තිබිය යුතුය යන අවශ්‍යතාවක් නැත. කාල සීමාව පිළිබඳ අදිටනයක් තිබිය යුතුය යන අවශ්‍යතාවක් ද නැත. නමුත්, ගමනක යෙදී සිටින විටෙක, ඔහු ඒ ගැන අදිටන් කළත් නැතත් දින තුනක් ඔහුට ඒ සඳහා අවසරය ඇත. නේවාසිකයෙකු නම්, ඔහු එය අදිටන් කළත් නැතත් ඔහුට දිනක් සහ රාත්‍රියක් ඒ සඳහා අවසරය ඇත.

ප්‍රශ්නය (4): හුෆ් මත පිරිමැදීම දවස් තුනක් හා රාත්‍රී තුනක් සඳහා අවසර දෙනු ලබන දුර ප්‍රමාණය කොපමණ ද?

පිළිතුර: සලාතය කෙටි කිරීමට අවසර දී ඇති ගමනක දුර ප්‍රමාණයයි. එනම් මේස් සපත්තු මත පිරිමැදීමේ කාලය දවස් තුනක් හා රාත්‍රී තුනක් වන ගමනකි; මක්නිසාදයත් අපි සඳහන් කළ සෆ්වාන් බින් අස්සාල් තුමාගේ හදීසය මෙසේ කියයි: "අපි ගමනක නිරතව සිටි විට" [16] ඒ අනුව, යමෙක් මගියකු ලෙස හිදිමින්, සලාතය කෙටි කරන තුරු; ඔහුට දින තුනක් ඒ මත පිරිමැදිය හැක. (16) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (පිටුව: 20)

ප්‍රශ්නය (5): මගියෙකු ළඟා වූ විට හෝ පදිංචිකරුවෙකු ගමන් ආරම්භ කළ විට, ඔහු පිරිමැදීම ආරම්භ කර ඇත්නම්, එම කාලය කෙසේ ගණනය කළ යුතු ද?

පිළිතුර: පදිංචිකරුවෙකු ලෙස හිඳිමින් පිසදැමීම සිදු කළ පසු ගමන් බිමන්වල යෙදෙන විට, ඔහු මගියකු සේ පිසදැමීම සම්පූර්ණ කළ යුතුය. මගියකු ලෙස පිසදැමීම සිදු කළ පසු පදිංචිකරුවෙකු ලෙස පැමිණෙන විට, පදිංචිකරුවෙකු සේ පිසදැමීම සම්පූර්ණ කළ යුතුය. මෙය වඩාත් යෝග්‍ය මතයයි.

විද්වතුන් කිහිප දෙනෙකු විසින් මෙසේ සඳහන් කර ඇත.: ඔහු පදිංචිව සිටියදී පිරිමැදීම සිදු කළේ නම්, පසුව ගමන් කළහොත්,  ඔහු සම්පූර්ණ කළ යුත්තේ පදිංචිකරුවකුගේ පිරිමැදීමය. නමුත් අපි පෙර සඳහන් කළ ක්‍රමය වඩාත් යෝග්‍යය. මක්නිසාදයත් එම පුද්ගලයා ගමන් කිරීමට පෙර පිරිමැදීමේ කාලය තුළ ඉතිරිව තවත් කාලයක් තිබී ඔහු ගමන් කර ඇති බැවිනි. එබැවින් ඔහු දින තුනක් පිරිමැදීම සිදු කරන මගීන් අතරට අයත් වනු ඇත.

ප්‍රශ්නය (6): පුද්ගලයෙකු පිරිමැදීම ආරම්භ කිරීමේ සහ කාලය පිළිබඳ සැකයෙන් පසුවේ නම්, ඔහු කුමක් කළ යුතුද?

පිළිතුර: මෙම අවස්ථාවේදී ස්ථීරභාවය මත පදනම්ව කටයුතු කළ යුතුය. ඔහු දහවල් සලාතය සඳහා මස්හ් කළේද නැතහොත් අස්ර් සලාතය සඳහා මස්හ් කළේද යන්නෙහි සැකයක් ඇති වූ විට ඔහු අස්ර් සලාතයෙන් කාලය ආරම්භ කළ යුතුය. ඊට හේතුව මස්හ් නොකර සිටීම යන සැබෑ තත්ත්වය නිසාවෙනි.

මෙම රීතියට සාධකය නම්, (එනම් මුල් අවස්ථාවේ  ඔහු කවර තත්ත්වයක පසු වූයේ ද එයට පටහැනි දෙයක් සහතික වන තෙක් ඒ තත්ත්වයේම රැඳී සිටීම), සහ (මූල් අවස්ථාව සිදු නොවූ තත්ත්වයකි) යන රීතීන් ය. ඊට සාධකය වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් පැමිණිලි කළේය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: "හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු ය" (17). [17] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුල් වුළූ'හි 'සැකයෙන් පසුව විශ්වාසය තහවුරු නොවෙනතෙක් වුළූ නොකර සිටීම' නම් පරිච්ඡේදයේ හදීස් අංක (137) යටතේ හා මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් හයිල්'හි 'සැකයක් ඇති වුවද, ඔහුට තම පිරිසිදු බව මතම නමස්කාර කිරීමට හැකියාව' නම් පරිච්ඡේදයේ හදීස් අංක (361) යටතේ අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් -රළියල්ලාහු අන්හු- තුමාගේ වාර්තාව වාර්තා කර ඇත.

ප්‍රශ්නය (7): පුද්ගලයෙකු මස්හ් කිරීමේ කාලය අවසන් වූ පසු මස්හ් සිදු කර පසුව සලාතය ඉටු කළේ නම්, ඔහුගේ සලාතය පිළිබඳ නීතිය කුමක්ද?

පිළිතුර: මස්හ් හි කාල සීමාව අවසන් වූ පසු - ඔහු පදිංචිකරුවෙකු වුවද, ගමන් බිමන්වල යෙදෙන කෙනෙකු වුවද - ඔහු මස්හ් සිදු කළේ නම්, එම පිරිසිදුකම මත ඉටු කළ සලාත් වලංගු නොවේ; මක්නිසාදයත් මස්හ් කිරීමේ කාලය අවසන් වීමෙන් ඔහුගේ වුළූ නිෂ්ඵල වන බැවිනි. එහෙයින් ඔහු නව වුළූ දෝවනයක් සම්පූර්ණයෙන්ම සිදු කළ යුතුය, එහිදී ඔහුගේ පාද සම්පූර්ණයෙන්ම සෝදා, කාලය අවසන් වූ පසු ගත් පිරිසිදුකම මත ඉටු කළ සලාතය නැවත ඉටු කළ යුතුය.

ප්‍රශ්නය (8): මිනිසෙකු වුළූ ගෙන සිටියදී තම මේස් ගලවා, පසුව වුළූ අවලංගු වීමට පෙර ඒවා නැවත පැළඳුවහොත්, ඒ මත මස්හ් කිරීමට අවසරය තිබේ ද?

පිළිතුර: වුළුෑ ගැනීමෙන් පසු පැළඳගත් ඔහුගේ මේස් ගලවා, එම වුළූ තත්ත්වයේ ම ඒවා නැවත පැළඳ ගත්තේ නම්, එය පළමු වුළූ ධෝවනය නම්- එනම්: ඔහු මේස් පැළඳීමෙන් පසු කිසිසේත්ම ඔහුගේ වුළූ බිඳී නොගොස් ඇත්නම් -ඔහු ඒවා නැවත පැළඳ ගත් විටක කිසිදු වරදක් නැත, වුළූ දෝවනය කිරීමේදී ඒ මත (මස්හ්) පිරිමැදිය හැක.

නමුත් මෙම වුළූ දෝවනය ඔහුගේ පාවහන් මත මස්හ් කිරීමෙන් පසු වූවක් නම්; ඔහු ඒවා ගලවා නැවත පැළඳ ඒ මත පිරිමැදීමට අවසරය නොලැබේ; මක්නිසාද එය පැළඳීම ජලයෙන් ගත් වුළූ දෝවනයකින් පසු විය යුතුය. නමුත් මෙය (මස්හ්) පිරිමැදීම මත පවතින වුළූ දෝවනයකි. කෙසේ වූවද මෙය විද්වතුන්ගේ ප්‍රකාශ මගින් දැනගත හැකි කරුණකි.

නමුත් යම් විද්වතෙකු පිරිසිදුකම නැවත සිදු කිරීම මස්හ් මත පදනම් වූ පිරිසිදුකමක් වුවත්- කම් නැතැයි පවසන්නේ නම්, කාලය ඉතිරිව පවතින තුරු ඔහුට මස්හ් කළ හැකිය. මන්ද එය ශක්තිමත් ප්‍රකාශයකි. නමුත් ඒ ගැන කිසිවෙකු පවසා ඇතැයි මම නොදනිමි. එය කිසිවකු විසින් පවසා නැති බව පෙනී ගිය නිසා එසේ ප්‍රකාශ කිරීම මා වැළැක්වීය. එය යම් විද්වතෙකු එසේ පවසා ඇත්නම්, මම ද එය නිවැරදි බව දකිමි. මක්නිසාදයත් මස්හ් පිරිසිදුකම සම්පූර්ණ පිරිසිදුකමක් වන බැවිනි. සේදීමෙන් පිරිසිදු වූ පසු පැළඳ සිටින දෙය මත මස්හ් කළ හැකි නම් මස්හ් කිරීමෙන් පිරිසිදු වූ පසු පැළඳ සිටින දෙය මත මස්හ් කළ හැකිය. නමුත් මෙය කිසිවෙකු පවසා ඇති බවට මම නොදනිමි.

ප්‍රශ්න අංක 9: එසේ නම්, සම් උර ගැලවීම මස්හ් කරන ක්‍රියාවලිය අවලංගු කරන කරුණක් ලෙස සළකනු නොලබන්නේ ද?

පිළිතුර: ඔහු සම් උර ගලවා දැමුවේ නම්, ඔහුගේ පිරිසිදුකම අහෝසි වන්නේ නැත. නමුත් ඔහුගේ මස්හ් අහෝසි වේ. එබැවින් ඔහු ඒවා නැවත පැළඳ ගත් පසු, ඔහුගේ වුළූ අහෝසි වූ විට, ඔහු සම් උර ගලවා, ඔහුගේ පාද සෝදා පිරිසිදු කළ යුතුය.

අපි දැන ගත යුතු වැදගත්ම කරුණ වනුයේ, විද්වතුන්ගේ ප්‍රකාශ මගින් අපි දැනගත් පරිදි, වුළුෑ කිරීමේදී පාද දෙක සේදීමෙන් පසු එම පිරිසිඳු තත්ත්වයේ සම් උර පැළඳිය යුතු බවය.

ප්‍රශ්නය (10): පළමු වරට කෙනෙකු සපත්තු මත මස්හ් (පිරිමැදීම) සිදු කළේය. දෙවන වරට ඔහු සපත්තුව ගලවා, පාදයේ පළදා ඇති මේස් මත පිරිමැදීම සිදු කළේය. ඔහුගේ පිරිමැදීම වලංගු ද? එසේ නැතහොත් දෙපා සේදිය යුතු ද?

පිළිතුර: මෙහි විවිධ මත පවතී. ඇතැම් විද්වතුන්ගේ මතය අනුව, යම් පුද්ගලයෙක් පාවහන් දෙකක් (එනම් සපත්තුව හා මේස් කුට්ටම්) පැළඳ සපත්තුව උඩ පිසදැමුවහොත්, එම පිසදැමීමේ නීතිය එයට පමණක් අදාළ වන අතර, එය දෙවැන්නට (එනම් මේස් කුට්ටම වෙත) මාරු නොවන බවයි.

ඔවුන් අතරින් තවත් කිහිප දෙනෙකුගේ මතය වන්නේ, කාලය පවතින තුරු මේස් කුට්ටම වෙතට මාරු වීමට අනුමැතිය ඇති බවයි. උදාහරණයක් ලෙස: සපත්තු මත මස්හ් කළ පසු, ඒවා ගලවා, නැවත වුළූ කිරීමට ඔහු අදහස් කළේ නම්; සම්මත මතය අනුව, මේස් මත මස්හ් කිරීමට ඔහුට හැකියාව ඇත. එසේම, ඔහු මේස් මත මස්හ් කළ පසු, ඒ මත වෙනත් මේස් හෝ සපත්තු පැළඳ ඒ මතුපිටින් මස්හ් කළේ නම් සම්මත මතය අනුව, කාලය ඒ වන විටත් ඉතිරිව පවතින තුරු එහි කිසිදු වරදක් නැති බවය. නමුත් කාලය ගණනය කළ යුත්තේ දෙවන මස්හ් කිරීමේ අවස්ථාවේ සිට නොව පළමු මස්හ් කිරීමේ අවස්ථාවේ සිටය.

ප්‍රශ්න අංක 11: බොහෝ විට මිනිසුන් නිවැරදිව මස්හ් කිරීමේ ක්‍රමය සහ මස්හ් කළ යුතු ස්ථානය ගැන විමසයි.

පිළිතුර: මස්හ් කිරීමේ ක්‍රමය: පාද ඇගිලි තුඩු සිට කෙණ්ඩය දක්වා පමණක් අත ගෙන යා යුතුය. එනම්, පාවහන් මතුපිටයයි. මස්හ් කිරීම -දෙකන් පිරිමැදීමේ ආකාරයටම- එකවර අත් දෙකෙන්ම පාද දෙක මත සිදු කළ යුතුය. එනම්, දකුණු අතින් දකුණු පාදය ද වම් අතින් වම් පාදය ද එකම මොහොතේ පිරිමැදිය යුතුය. මන්ද මෙය සූන්නාහ් පෙනෙන ආකාරයයි; තවද මුගීරා බින් ශුඃබා (රළිඅල්ලාහු අන්හු)ගේ පහත සඳහන් ප්‍රකාශය මුල් කර ගනිමිනි. (ඒ දෙක මත එතුමා පිස දැමූහ.) [18] එහිදී දකුණතින් ආරම්භ කළ යුතු යැයි පවසා නැති අතර පවසා ඇත්තේ “ඒ දෙක මත පිරිමැදූ” බවයි. සුන්නාවෙහි පෙනෙන ආකාරය මෙයයි. එමෙන්ම, ඔහුගේ අත් දෙකෙන් එකක් ක්‍රියා නොකරන්නේ නම් එවිට වමට පෙර දකුණෙන් ආරම්භ කළ යුතුය. [18] මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (පිටුව: 180).

බොහෝ දෙනා තම දෙඅත් දෙකම යොදා ගනිමින් දකුණු කකුල මත පිරිමදන අතර, දෙඅත් දෙකම යොදා ගනිමින් වම් කකුල ද මත පිරිමදති. මම දන්නා පරිදි මෙයට කිසිදු මූලාශ්‍රයක් නොමැත. විද්වතුන් පවසන පරිදි: දකුණු අතින් දකුණු කකුල ද වම් අතින් වම් කකුල ද පිරිමදිය යුතුය.

ප්‍රශ්නය (12): අපි පාවහන් පහළින් සහ මතුපිටින් පිස දමන පුද්ගලයන් දැක ඇත. එවන් පුද්ගලයන්ගේ පිස දැමීමේ නීතිය කුමක්ද? ඔවුන්ගේ සලාතයේ නීතිය කුමක්ද?

පිළිතුර: ඔවුන්ගේ සලාතය වලංගුය. ඔවුන්ගේ වුළූ දෝවනය ද වලංගුය. නමුත් පහළින් පිරිමැදීම සූන්නතයක් නොවන බව ඔවුනට දැනුවත් කළ යුතුය. 'සුනන්' හි අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වේ: "ස්ව මතය අනුව දහම පිහිටියේ නම්, මේස් මත පිරිමැදීම එහි මතු පිටට වඩා පතුල කොටස වඩා සුසුසු වනු ඇත. නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තම මේස් කට්ටලය මතුපිටින් පිරිමදිනු මම දැක ඇත්තෙමි." [19], මෙය පෙන්වා දෙන්නේ ආගමානුගත කර ඇත්තේ ඉහළ මතුපිට පමණක් පිරිමැදීම බවයි. [19] අබූ දාවුද්, 'කිතාබ් අත්-තාහාරා', 'මස්හ් කිරීමේ ආකාරය?' යන පරිච්ඡේදය, හදීස් අංක 162.

ප්‍රශ්නය (13): ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ ප්‍රකාශය පෙන්වා දෙනුයේ කුමක්ද? (දූතයාණෝ (සම් උර මත) පිරිමැද්දේ අල්-මාඉදා පහළ වීමෙන් පසුවය.) [20] එමෙන්ම අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර ඇති හදීසය (පෙන්වා දෙනුයේ කුමක් ද?) "මේස් සපත්තු මත පිරිමැදීම ගැන අල්-කුර්ආනය පෙරාතුවම සඳහන් කර ඇත." (20) මෙය ඉමාම් අහ්මද් තුමා විසින් ‘අල්මුස්නද්’ (1/323) හි වාර්තා කර ඇත. [21] මෙය ඉබ්නු අබී ෂයිබා විසින් 'අල්මුසන්නෆ්' (1/186) හි වාර්තා කර ඇත. බයිහකීගේ 'අස්සුනන් අල්කුබ්රා' (1/272) බලන්න.

පිළිතුර: ඔවුන් දෙදෙනා විසින් වාර්තා කරනු ලැබූ බවට සඳහන්ව ඇති දෑ සත්‍යද, නැද්ද? යන්න මම නොදනිමි. මම මීට පෙර මෙසේ සඳහන් කර තිබුණෙමි.: අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්හ් පිළිබඳ හදීස් වාර්තා කර ඇති අතර ඒවා ගැන ප්‍රකාශ කර ඇත්තේ එතුමාණන්ගේ මරණයෙන් පසුවය. එමෙන්ම නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එහි කාලසීමා නියම කළ බවද පැහැදිලි කර තිබුණි. මෙය පෙන්වා දෙනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මරණයෙන් පසුවද එම නීතිය වලංගුව පැවතුණු බවයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මරණයෙන් පසු නීතිය වෙනස් කළ නොහැක. (22) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (පිටුව: 21)

ප්‍රශ්න අංක 14: සපත්තු මත පිස දැමීමේ නීති කාන්තාවන් හටත් පුරුෂයන්ට මෙන්ම ක්‍රියාත්මක වේද? මෙහි වෙනසක් තිබේද?

පිරිමින් සහ කාන්තාවන් අතර මෙහි කිසිදු වෙනසක් නැත. මූලික නීතිය නම්; පුරුෂයන්ට අදාළව ස්ථාපිත වූ දේ කාන්තාවන්ට ද අදාළ වන අතර, කාන්තාවන්ට අදාළව ස්ථාපිත වූ දේ පුරුෂයන්ට ද අදාළ වේ. නමුත් ඔවුන් අතර වෙනසක් පෙන්වන සාක්ෂියක් තිබුණේ නම් හැර.

ප්‍රශ්නය (15): පාදයේ හිර වී ඇති කුඩා ගල් කැබැල්ලක් වැනි දෙයක් ඉවත් කිරීමට හෝ  පාදය කැසීමට හෝ පා උර ගැලවීමේ හා ඉන් කොටසක් ගැලවීමේ නීතිය කුමක් ද?

පිළිතුර: පා උර යටින් තම අත් දෙක ඔහු ඇතුළත් කළහොත්; එහි කිසිදු වරදක් හෝ හානියක් හෝ නැත. නමුත් ඔහු ඒවා ගැලවුවහොත්; එහි සැළකිලිමත් විය යුතුය. ඔහු කුඩා කොටසක් ගැලවුවහොත්; එය කිසිදු හානියක් නැත. නමුත් ඔහු වැඩි කොටසක් ගැලවුවහොත්, එසේම දෙපා වැඩි කොටසක් පෙනෙන ලෙස ගැලවුවහොත්; එවිට ඉදිරියේ දී ඒ මත මස්හ් කිරීම අහෝසි වේ.

ප්‍රශ්නය (16) සලාත් වාර පහ සඳහා පමණක් සම් උර මත පිස දමා පසුව එය ගලවා නැවත වරක් පැළඳ ගැනීම පොදු ජනතාව අතර ප්‍රචලිතය.

පිළිතුර: ඔව්, මෙය පොදු ජනතාව අතර ප්‍රසිද්ධය. ඔවුහු පස් වාර සලාත් සඳහා පමණක් මස්හ් කළ හැකි යැයි සිතති, නමුත් එය නිවැරදි නොවේ. එය දහවලක හා රාත්‍රියක කාලයයි, එනම්: ඔහුට එක් දහවලක් හා රාත්‍රියක් මස්හ් කළ හැක. පස් වාර සලාත් හෝ ඊට වඩා වැඩි වාරයක් වුවද සලාත් කළ හැක.

අප පෙර සඳහන් කළ පරිදි, මස්හ් කිරීමේ කාලය ආරම්භ වේ. එවිට ඔහු සලාත් වාර දහයක් හෝ ඊට වැඩි වාර ගණනක් සලාත් ඉටු කරනු ඇත. යමෙක් සඳුදා දින උදේ ෆජ්ර් සලාතය සඳහා පාවහන් පැළඳ, ඔහුගේ පිරිසිදුභාවය පවත්වාගෙන, අඟහරුවාදා රාත්‍රියේ නිදාගත් පසු, පළමු වරට අඟහරුවාදා ෆජ්ර් සලාතය සඳහා මස්හ් කළේ නම්, ඔහුට බදාදා ෆජ්ර් සලාතය දක්වා මස්හ් කළ හැක. එවිට ඔහු සඳුදා දින ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඉෂා සලාත් ඉටු කරයි. මෙම කාලය ගණන් නොකෙරේ; මක්නිසාදයත් එය මස්හ් කිරීමට පෙර පෙර වූ කාලය බැවිනි. ඔහු අඟහරුවාදා මස්හ් කර ෆජ්ර් සලාතය ඉටු කරයි. මස්හ් කර ලුහර් සලාතය ද, මස්හ් කර අසර් සලාතය ද, මස්හ් කර මග්රිබ් සලාතය ද මස්හ් කර ඉෂා සලාතය ද ඉටු කරයි. එසේම, මස්හ් කාලය අවසන් වීමට පෙර මස්හ් කළේ නම් ඔහුට බදාදා දින සලාත් සඳහා මස්හ් කළ ද හැක. උදාහරණයක් ලෙස: ඔහු අඟහරුවාදා ෆජ්ර් සලාතය සඳහා පහට පමණ මස්හ් කරයි. බදාදා පහට පමණ පැය කාලකට කලින් මස්හ් කර පිරිසිදුභාවය පවත්වාගෙන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉෂා සලාතය ඉටු කරයි. එහි දී ඔහු බදාදා ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඉෂා සලාත් ඉටු කර ඇත. එවිට ඔහු විසින් මේස් සපත්තු පැළඳ සිටි දින සිට සලාත් පහළොවක් ඉටු කරනු ලැබේ. මක්නිසාදයත් ඔහු සඳුදා ෆජ්ර් සලාතය සඳහා පාවහන් පැළඳ සිටි අතර, ඔහුගේ පිරිසිදුභාවය පවත්වාගෙන, අඟහරුවාදා ෆජ්ර් සලාතය සඳහා පහට පමණ මස්හ් කර, බදාදා ද උදේ සලාතය සඳහා පහට පැය කාලකට පෙර මස්හ් කර තම පිරිසිදුභාවය පවත්වාගෙන ඉෂා සලාතය ද ඉටු කළ හැක. එවිට සලාත් වාර පහක් ඉටු කිරීමේ අවස්ථාව ඔහුට හිමි වේ.

ප්‍රශ්නය (17): පුද්ගලයෙකු වුළූ දෝවනය කර, ඔහුගේ පාවහන් මත (මස්හ්) පිරිමදියි. උදාහරණයක් ලෙස පිරිමැදීමේ කාලය තුළ, අසර් සලාතය පෙර ඔහුගේ මේස් සපත්තු ගලවා දමයි නම්, ඔහුට සලාත් ඉටු කළ හැකි ද? ඔහුගේ සලාතය වලංගුවේ ද? එසේ නැතහොත් ඔහුගේ වුළූ පාවහන් ගලවා දැමීමෙන් අහෝසි වන්නේ ද?

පිළිතුර: ෂෙයිකුල් ඉස්ලාම් ඉබ්න් තයිමිය්යා විසින් තෝරා ගත් සහ තවත් විද්වත් පිරිසකගේ මතය අනුව, වුළූ ධෝවනය මේස් සපත්තු ගැලවීමෙන් අහෝසි නොවෙයි. [23] ඔහු පිරිසිදු තත්ත්වයක සිටින විට, මේස් සපත්තු ගැලවුවහොත්, ඔහු ඒ මත පිරිමැදීම සිදුකර තිබේ නම්, ඔහුගේ වුළූ අහෝසි වන්නේ නැත. මක්නිසාද යත් එය ආගමික වශයෙන් සම්මත සාධකයක් මත පිරිසිදුකම සම්පූර්ණ කර ඇති බැවිනි. ඒ අනුව ඔහු එය ගැලවුවද පිරිසිදුකම ආගමික වශයෙන් සම්මත සාධකයක් මත පවතින බැවින් අහෝසි කළ නොහැකිය. පා උර හා මේස් සපත්තු මත පිරිමැදීම අහෝසි කරන බවට සාධකයක් නොමැත. ඒ අනුව ඔහුගේ වුළූ දිගටම පවතී. නමුත් ඔහු පසුව මේස් සපත්තු නැවත පැළඳ, ඉදිරියේ ඒ මත පිරිමැදීමට අදහස් කළේ නම්, විද්වතුන්ගේ ප්‍රකාශ අනුව මා දන්නා තරමින් එය කළ නොහැකි කටයුත්තකි. (23) අල්-ෆුරූ (1/218)

ජටා මත පිරිමැදීම

ප්‍රශ්න අංක 18 : ජටාව මත මස්හ් කිරීම අනුමත ද? එහි සීමා මොනවා ද?

පිළිතුර: ජටාව මත මස්හ් කිරීම සුන්නාවෙහි සම්ප්‍රදාය අනුව නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පැවත එයි. එය මස්හ් කිරීම සඳහා අවසරය ලැබූ සුන්නාවකි. ජටාව මත සම්පූර්ණයෙන්ම හෝ වැඩි කොටසක් හෝ මස්හ් කළ හැක. එමෙන්ම නළල, හිසෙහි පැති, සහ කන් දෙක වැනි හිසෙහි පෙනෙන කොටස් මස්හ් කිරීම ද සුන්නාහි සම්ප්‍රදාය වේ.

ප්‍රශ්නය (19): පිරිමි අයගේ ෂිමාඃ (හිස් වැසුම් සළු) සහ කාන්තාවන්ගේ හිස් ආවරණ ජටාවේ නීතිය තුළට ඇතුළත් වන්නේ ද?

පිළිතුර: පිරිමි පළඳින ෂිමාඃ (හිස් ආවරණ සළු) සහ තොප්පි කිසිසේත්ම ජටාවට අයත් වන්නේ නැත. නමුත් ශීත කාලයේදී හිස සහ කන් ආවරණය කරන හිස් ආවරණ, බෙල්ල වටා ඔතා ඇති වස්ත්‍ර වැනි දෑ ජටාවට සමාන වේ. එය ඉවත් කිරීමේ අපහසුතාවය නිසා එය මත මස්හ් කළ හැකිය.

කාන්තාවන් වනාහි (හිස ආවරණය) හිස වටා වටලා හොඳින් තද කර, හකු යටින් බැඳගෙන සිටීනම් ඔවුන්ගේ මුදුක්කන් මත අත තබා මස්හ් කළ හැකිය. එය අහමද් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණන්ගේ ප්‍රසිද්ධ මතයකි. තවද එය සමහර සහබා කාන්තාවන් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගෙන් වාර්තා වී ඇත. (24) "අල්-ඉන්සාෆ් මඅල් මික්නා වෂ්-ෂර්හුල් කබීර්" (1 / 387) සහ "මුන්තහල් ඉරාදාත් මඅෂ් ෂර්හි අල්-බහූති" (1/122).

ප්‍රශ්නය (20): තුර්බූෂ් නැමති හිස්වැසුම මත, එය පසුගෙලට සම්බන්ධ වී නැතිනම්, එය මත මස්හ් කළ හැකිද?

පිළිතුර: නිරීක්ෂණය වන කරුණ නම්, ගෙල දක්වා ඇති තුර්බූෂ් නම් හිස්වැසුම ගැලවීමේ දී දුෂ්කරතාවයක් නොමැති වූ විටෙක; ඒ මත මස්හ් කිරීම අනුමත නොවන බවය. මක්නිසාදයත් එය කිසියම් අංගයකින් තොප්පියට සමාන වන බැවිනි. මූලික වශයෙන්: එය පිස දැමිය හැකි දෙයක් බව පුද්ගලයාට පැහැදිලි වන තුරු හිස පිස දැමීම අනිවාර්ය වේ.

වෙළුම් පටි මත මස්හ් කිරීම

ප්‍රශ්නය (21): වෙළුම් පටි මත හෝ ඒ හා සමාන දෑ මත මස්හ් කිරීමේ නීතිය කුමක්ද? එය අල් කුර්ආනයෙන් සහ සුන්නාහ්වෙන් සනාථ කෙරෙන සාධක මොනවාද?

පිළිතුර: පළමුව: 'ජබීරා' යනු කුමක්දැයි අප දැනගත යුතු ය.

'ජබීරා' නම් පදයේ මූලික අර්ථය: කැඩුුුණු තැන සුව කිරීමට භාවිතා කරන වෙළුම. නමුත් ෆික්හ් විද්වතුන්ගේ පරිභාෂාව අනුව: පිරිසිදු කළ යුතු ස්ථානයක තබා ඇති දෑ. උදාහරණයක් ලෙස: කැඩුම් බිඳුම් සිදු වූ ස්ථානයක තබන ලද ජිප්සම, තුවාලයක් හෝ පිටේ ඇති වේදනා සහගත ස්ථානයක් මත තබන ලද පැලැස්තරය හෝ එවැනි වෙනත් දේ. ඒ මත සේදීම වෙනුවට මස්හ් කිරීම ප්‍රමාණවත් වේ.

අපි මෙසේ සිතමු, වුළූ කරන පුද්ගලයාගේ අතේ තුවාලයක් මත පැලැස්තරයක් තිබේ නම්, අත සේදිය යුතු බැවින්, එසේ සේදීම වෙනුවට එය මත පිරිමැදිය හැක. එම පිරිසිදුකම සම්පූර්ණය. එනම්, මෙම පුද්ගලයා එම වෙළුම් පටිය හෝ පැලැස්තරය ගලවා දැමීමට සිදු වුව ද, ඔහුගේ පිරිසිදුකම පවතින අතර, එය අහෝසි නොවේ. මක්නිසාදයත් ෂරීආයව අනුව එය සම්පූර්ණ කර ඇති බැවිනි. පැලැස්තරය ගලවා දැමීම පිරිසිදුකම අහෝසි කරන බවට කිසිදු සාධකයක් නොමැත.

'ජබීරා' පිළිබඳව විරුද්ධතාවයකින් තොර කිසිදු සාක්ෂියක් නොමැත. ඒ සම්බන්ධයෙන් වාර්තා වී ඇති හදීසයන් දුර්වලය. ඇතැම් විද්වතුන් ඒවා මත පදනම්ව කටයුතු කරන අතර ඔවුන් පවසා සිටිනුයේ, ඒවා එකතුවෙන් සාක්ෂියක් වශයෙන් පිළිගත හැකි තත්ත්වයට නැගෙන බවය.

ඇතැම් විද්වතුන් පවසන පරිදි: ඒවා දුර්වල බැවින් ඒවා මත රැඳී නොසිටිය යුතුය. ඔවුන් අතර විවිධ මත තිබේ. ඔවුන් අතරින් සමහරු මෙසේ පවසති: ඔහුට එය පිරිසිදු කිරීම අසීරු වන බැවින්, පැලැස්තරය යොදා ඇති ස්ථානය පිරිසිදු කිරීම අවශ්‍ය නොවේ. තවත් සමහරු පවසන්නේ: ඒ සඳහා තයම්මුම් කළ යුතුය, නමුත් එය මත පිරිමැදීම සිදු නොකළ යුතුය.

නමුත් ඒ සම්බන්ධයෙන් සඳහන්ව ඇති හදීස්වලින් වෙන්ව, නීතිමය මූලධර්මයන්ට වඩාත් සමීප මතය වන්නේ එය පිරිමැදීමයි. මෙම පිරිමැදීම තයම්මුම් වෙනුවට ප්‍රමාණවත් වේ. තයම්මුම් අවශ්‍ය නොවේ. එවන් අවස්ථාවක අපි පවසා සිටින්නේ පිරිසිදු කිරීමේ අවයවවල තුවාලයක් තිබේ නම්, එහිදී සැළකිය යුතු මට්ටම් ඇති බවය. එනම්:

පළමුවැනි මට්ටම: එය විවෘතව තිබී, සේදීමෙන් එයට කිසිදු හානියක් සිදු නොවන අවස්ථාව. එහි දී එය සේදීම අනිවාර්යය වේ.

දෙවන මට්ටම: එය විවෘතව තිබී, සේදීමෙන් හානි වන නමුත් මස්හු කිරීමෙන් හානි නොවන අවස්ථාව. මෙම මට්ටමේදී සේදීම නොකර මස්හු කිරීම අනිවාර්ය වේ.

තුන්වන මට්ටම: එය නිරාවරණය වී, සේදීමෙන් හා පිරිමැදීමෙන් එයට හානියක් ඇති කරන අවස්ථාව. මෙහිදී ඔහු එය වෙනුවෙන් තයම්මුම් කර ගනී.

4- අවශ්‍යතාවයක් මත පැලැස්තරයක් හෝ ඊට සමාන දෙයක් මගින් ආවරණය කර, එම තත්ත්වයේ ඔහු එම ආවරණය මත මස්හ් කිරීම, එය අංගය සේදීම වෙනුවට ප්‍රමාණවත් වේ.

ප්‍රශ්න අංක 22: අවශ්‍යතාවයට වඩා අමතරව ඇති වෙළුම මත මස්හ් කිරීම සඳහා කොන්දේසි තිබේද?

පිළිතුර: දැඩි අවශ්‍යතාවක් ඇති වූ විටක පමණක් ඒ මත මස්හ් කළ හැක. එබැවින් එය අවශ්‍යතාවය අනුව පමණක් සිදු කළ යුතුය. අවශ්‍යතාවය යනු වේදනාව හෝ තුවාලය පමණක් නොව, එම වෙළුම් පටිය හෝ පැලැස්තරය ස්ථාපනය කිරීමට අවශ්‍ය සියලු දේ අවශ්‍යතාය.

ප්‍රශ්න අංක: 23. ඒ අතරට තුවාල ආවරණය කිරීම සඳහා භාවිතා කරන මෘදු වෙළුම් පටි වැනි දෑ ඇතුළත් වේද?

පිළිතුර: ඔව්, එහි ඇතුළත් වේ, එවිට ඔහු දැනගත යුතු කරුණ නම්, වෙළුම පටි මත මස්හ් කිරීම මේස් සපත්තු මත මස්හ් කිරීම මෙන් නොවන අතර, නියමිත කාල සීමාවක් එයට නොමැත. එය තබා ගැනීමට අවශ්‍යතාව පවතින තාක්කල් මස්හ් කළ හැක. එමෙන්ම, සුළු කිලිටි අවස්ථාවක වුව ද මහා කිලිටි අවස්ථාවක වුව ද එය මත මස්හ් කළ හැක. පෙර සඳහන් කළ මේස් සපත්තු මස්හ් කිරීම මෙන් නොවේ. ස්නානය අවශ්‍ය වූ විටෙක වුළූ හි මස්හ් කරන්නාක් මෙන් ඒ මත මස්හ් කළ හැක.

ප්‍රශ්නය (24): වෙළුම් පටි මත මස්හ් කරනුයේ කෙසේද? එය සම්පූර්ණයෙන්ම ආවරණය විය යුතු ද එසේ නැතහොත් ඉන් කොටසක් පමණක් මස්හ් කිරීම ප්‍රමාණවත් ද? විස්තරාත්මකව පැහැදිළි කරන්න.

පිළිතුර: ඔව්, එය සම්පූර්ණයෙන්ම ආවරණය විය යුතුය. මක්නිසාදයත් මූලධර්මය වන්නේ මුල් දේ වෙනුවට නියම වූ දෙයකට එම නීතියම අදාළ වීමය. නමුත් සූන්නාව එයට විරුද්ධව නොමැති තාක්කල් එය අදාළව පවතී. මෙහිදී මස්හ් කිරීම සිදු කරනුයේ වුළූ වෙනුවට වන අතර, වුළූ හි සම්පූර්ණ අවයවයම සේදිය යුතුය. එමෙන්ම, මස්හ් කිරීමේදී වෙළුම සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුය. නමුත් මේස් සපත්තු මත මස්හ් කිරීම යනු සහනයකි. එහි කොටසක් පමණක් පිරිමැදීම ප්‍රමාණවත් බව දන්වමින් හදීස් පැමිණ ඇත.

දෙවන පරිච්ඡේදය: සලාතය

එහි වැදගත්කම, හා මහිමය

සලාතය ඉටු කරන ක්‍රමය

අමතක වීම හේතුවෙන් ඉටු කරනු ලබන සුජූදය

අල් කුර්ආන් පාරායනයේදී ඉටු කරනු ලබන සුජූදය

මගියාගේ සලාතය හා ඔහුගේ උපවාසය

රෝගය, සහ රෝගියා සලකා බැලිය යුතු කරුණු

රෝගියා පිරිසිදු වී සලාතය ඉටු කරන්නේ කෙසේ ද? උපවාසයේ නිරත වන්නේ කෙසේ ද?

ස්වෙච්ඡා අතිරේක සලාතය

තහනම් කරන ලද වේලාවන්

සලාතය අත්හරින්නාගේ නීතිය

පාපොච්ඡාරණය

සලාතය

සලාතය: අර්ථ දැක්වීම

විශේෂිත ආකාරයකින් නියමිත 'අද්කාර්' උසුරීම් පවසමින් 'කියාම්' හෙවත් නැගිට සිටීම 'කුඌද්' හෙවත් වාඩි වීම 'රුකූඃ' හෙවත් නැමීම 'සුජූද්' හෙවත් සිරස නමස්කාරය යනාදී ඉරියව්වන් පිළිපදිමින් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් ඉටු කරනු ලබන නැමදුමකි. සලාතය ආරම්භ කිරීමට පෙර, පිරිසිදුකම, රහස්‍ය පෙදෙස් ආවරණය කිරීම, -කාලය සීමාසහිත සලාතයක් නම්- සලාතයේ කාලය ඇතුළත් වීම වැනි කොන්දේසි අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

එහි වැදගත්කම හා මහිමය:

සලාතය: ඉස්ලාමයේ මූලිකාංග පහ අතරින් දෙවන මූලිකාංගය වන අතර, ෂහාදා පද දෙකෙන් පසු ඉස්ලාමයේ වැදගත්මය අංගයයි. එහි අනිවාර්යභාවය ප්‍රතික්ෂේප කරන කෙනෙකු කාෆිර් වේ; මක්නිසාදයත් අල්ලාහ්, ඔහුගේ දූතයා සහ මුස්ලිම්වරුන්ගේ එකඟතාවය ප්‍රතික්ෂේප කිරීමක් වන බැවිනි.

සලාතය අනිවාර්යය බව පිළිගත් නමුත් ඒ ගැන නොසැලකිලිමත්කමින් ඉටු නොකළ අය පිළිබඳව විද්වතුන් අතර විවිධ මත පවතී. නිවැරදි මතය වන්නේ: ඔහු ඉස්ලාම් දහමෙන් බැහැරවුණු කාෆිවරයෙකු වන බවයි.

සලාතය ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර සම්බන්ධතාවයකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔබ අතරින් කිසිවෙකු හෝ සලාත් ඉටු කරන්නේ නම්, ඔහු ඔහුගේ පරමාධිපති සමග කතා කරමින් සිටියි."[25] හදීස් අල් කුද්සි නම් දේව ප්‍රකාශ අඩංගු හදීසයෙහි උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කළ බව මෙසේ සඳහන් වෙයි.: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩකින් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ගැත්තා 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය යැයි පවසයි. ඔහු 'මාලිකි යව්මිද් දීන්' යැයි පැවසූ විට ඔහු මාගේ ගැත්තා මා කීර්තියට පත් කළේය යැයි පවසයි. ගැත්තා 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, ඔහු මෙය මා හා මාගේ ගැත්තා අතර පවතින්නකි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, මෙය මාගේ ගැත්තා සතුය. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත යැයි ඔහු පවසයි.[26] [25] මෙය බුහාරි තුමා "කිතාබු මවාකිතුස් සලාහ්" නම් පාඩමේ, "අල්-මුසල්ලී යුනාජී රබ්බහූ අස්සවජල්ල" නම් මාතෘකාවේ හදීස් අංක 531 යටතේ සඳහන් කර ඇති අතර මුස්ලිම් තුමා "කිතාබුල් මසාජිද්" නම් පාඩමේ, "අන්-නහ්යු අනිල් බසාකි ෆිල් මස්ජිදි" නම් මාතෘකාවේ හදීස් අංක 551 යටතේ වාර්තා කර ඇත. [26] මෙය මුස්ලිම් තුමා 'කිතාබුස් සලාත්' නම් පාඩමේ "වුජූබු කිරාඅතිල් ෆාතිහා' යන මාතෘකාවේ හදීස් අංක 395/38 යටතේ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දුන් හදීසයක් ලෙස වාර්තා කර ඇත.

සලාතය යනු නැමදුම් අතර උද්‍යානයකි. එහි සෑම ආකාරයකම රසවත් යුගලයක් අඩංගු වේ: සලාතය ආරම්භ කරන තක්බීර්, අල්ලාහ්ගේ වදන් පාරායනය කරනු ලබන කියාම්, පරමාධිපතිට ගරුබුහුමන් කරනු ලබන රුකූඃ, ප්‍රශංසාවෙන් අල්ලාහ්ව පුරවන ඉඃතිදාල්, ඔහුගේ උත්තරීතර භාවය පෙන්වමින් ඔහුව සුවිශුද්ධතාවයට පත් කරන සුජූද්, එහි දී ප්‍රාර්ථනා කරමින් ඔහු වෙත යොමුවෙයි. ප්‍රාර්ථනාව සහ තෂහ්හුදය සඳහා වන කුඌද් (ඉඳුම) සලාම් පවසා අවසන් කිරීම.

සලාතය වැදගත් කටයුතු සඳහා ආධාරයක් වන අතර, අශීලාචාර හා පිළිකුල් සහගත දෑවලින් වළක්වයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු..." (අල් බකරා:45) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත..." (අල්-අන්කබූත්: 45)

සලාතය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මිනීවලවල් සහ ඔවුන් යළි රැස්කරනු ලබන ස්ථානයේ ආලෝකයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.: «සලාතය ආලෝකයකි.»[27], නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. “කවරෙකු එය ප්‍රවේසමෙන් ඉටු කරන්නේද; ඔහුට එය ආලෝකයක්, සාධකයක්, සහ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිදීමක් වනු ඇත.” (28) (27) මෙය මුස්ලිම් විසින් 'තහාරා' නම් පාඩමේ 'ෆල්ලුල් වුළූ' යන පරිච්ඡේදයේ හදීස් අංක (223) යටතේ මෙය වාර්තා කර ඇත. මෙය අබූ මාලික් අල්-අෂ්අරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් පැවසූ හදීසයකි. (28) මෙය ඉමාම් අහ්මද් තුමා විසින් ‘අල්-මුස්නද්’ (2/169) හි අබ්දුල්ලාහ් බ්න් අම්ර් (රළි) තුමාගේ හදීසයක් ලෙස වාර්තා කර ඇත.

සලාතය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට සතුට ගෙන දෙන්නක් හා ඔවුන්ගේ ඇස් පිනවන්නකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත: "මගේ නෙත් පිනවීම සලාහ් හෙවත් නැමදුමෙහි විය" (29). [29] නසාඊ විසින් ‘ඉෂ්රතුන් නිසා’ නම් පාඩමේ ‘බාබු හුබ්බින්නිසා’ යන පරිච්ඡේදයෙහි, හදීස් අංක (3392) යටතේ වාර්තා කර ඇති අතර, අනස් (රළිඅල්ලාහු අන්හු) තුමාගේ වාර්තාවක් ලෙස අහ්මද් තුමා විසින් හදීස් අංක (3/128) යටතේ වාර්තා කර ඇත.

සලාතය මඟින් වැරදි මැකී යන අතර, එය පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වන්නේය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.: "සැබැවින්ම ඔබ අතරින් කිසිවකුගේ දොරටුවක් අසළින් ගංගාවක් ගලා බසී. ඔහු එයින් සෑම දිනකම පස් වාරයක් ස්නානය කරයි. ඔහුගේ ශරීරයේ කිසිදු කිලිට්ටක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගැන ඔබ සිතන්නේ කුමක් ද?" ඔවුහු: "ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නැත." යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “පස් වාර සලාත්හි උපමාව ද එලෙසය. එමගින් අල්ලාහ් වැරදි මකා දමනු ඇත.”[30] [30] මෙය බුහාරි තුමා "මවාකිතුස් සලා" නම් පාඩමේ "අස්-සලවාතුල් කම්සු කෆ්ෆාරතුන්" යන පරිච්ඡේදයේ හදීස් අංක 528 යටතේ ද මුස්ලිම් තුමා "මසජිද්" නම් පාඩමේ "අල්-මෂ්යු ඉලස් සලාති තම්හා බිහිල් කතායා" යන පරිච්ඡේදයේ හදීස් අංක 667 යටතේ අබු හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් ලෙස දැනුම් දී ඇත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ: "පස්වාර සලාත් නැමදුම් සහ ජුමුආවෙහි සිට අනෙක් ජුමුආව දක්වා, ඒවා අතර සිදුවන දෑ මහා පාපයන් නොවන තාක්කල් ඒවාට ප්‍රතිකර්ම වනු ඇත" (31) මෙය ඉමාම් මුස්ලිම් විසින් 'අත්-තහාරා' නම් පාඩමේ 'අස්සලවාතුල් කම්ස්, අල්-ජුමුආ ඉලල් ජුමුආ මුකෆ්ෆරාතුන් ලිමා බයිනහුන්න' නම් පරිච්ඡේදයේ අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- විසින් දන්වා සිටි හදීසයක් ලෙස මෙය වාර්තා කර ඇත.

"සාමුහික සලාතය තනි ව ඉටු කරන සලාතයට වඩා විසි හත් ගුණයක් තරාතිරමින් උසස් ය." නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කළ මෙම ප්‍රකාශය ඉබ්නු උමර් තුමා විසින් වාර්තා කර ඇත. [32] මෙය බුහාරි තුමා "අදාන්" නම් පාඩමේ "ෆළ්ලුල් ජමාආ" නම් පරිච්ඡේදයේ හදීස් අංක (645) යටතේ වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා "අල්-මසාජිද්" නම් පාඩමේ "ෆල්ලු සලාතිල් ජමාඅත්" නම් පරිච්ඡේදයේ හදීස් අංක (650) යටතේ මෙය වාර්තා කර ඇත.

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි. “මුස්ලිම්වරයකු ලෙස හෙට දින අල්ලාහ්ව හමුවීමට කවරෙකු ප්‍රිය කරන්නේ ද අදාළ අදාන් ඇරයුම් කරනු ලබන ස්ථානයේ සලාත් පිළිපැදිය යුතුය. මක්නිසාදයත් සැබැවින්ම අල්ලාහ් ඔබගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ආගමානුගත කර ඇත්තේ යහ පිළිවෙත්ය. සැබැවින්ම මේවා ද එම යහපත් පිළිවෙත් අතරිනි. පසුබසින අය තම නිවසේ සලාත් ඉටු කරනවා සේ ඔබගේ නිවසේ සලාත් ඉටු කළහොත්, ඔබගේ නබි තුමාණන්ගේ පිළිවෙත අත්හැර දමන්නෙහිය. ඔබ නබි තුමාණන්ගේ පිළිවෙත අත්හැර දමන්නේ නම්, ඔබ මුළාවට පත් වනු ඇත. කවර පිරිමියෙකු හෝ වුළූ ධෝවනය නිසිලෙස ඉටු කර, පසුව මෙම මස්ජිද් අතරින් එකකට යන්නේ ද, අල්ලාහ් ඔහුට ඔහු තබන සෑම පියවරක් සඳහාම යහපතක් ලියනු ඇත. එමඟින් ඔහුට උසස් මට්ටමක් ලබා දෙනු ඇත. එමඟින් ඔහුගේ පාපකම් මකා දමනු ඇත. තම කුහකභාවය ප්‍රසිද්ධ කුහකයෙකු හැර වෙන කවුරුත් ඉන් පසුබට වූයේ නැත. සැබැවින්ම පිරිමියෙක් දෙදෙනෙකු අතර අනුගත කිරීම සඳහා ගෙන එනු ලැබීය. එය පළමු පේළියේ සිටුවීමට තරම් විය.” [33]. (33) මෙය මුස්ලිම් විසින් 'කිතාබුල් මසාජිද්' නම් පාඩමේ 'බාබු සලාතිල් ජමාඅති මින් සුනනිල් හුදා' නම් පරිච්ඡේදයේ හදීස් අංකය (654) යටතේ වාර්තා කර ඇත.

සලාතයේ දී බියබැතිකම් ඇති කරගැනීම - එනම් හදවතේ පැවැත්ම - හා එය නොකඩවා ආරක්ෂා කිරීම යනාදිය සාර්ථකත්වයේ හා ස්වර්ගයන්ට ප්‍රවේශ වීමේ හේතු සාධක වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය." (1) "ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති." (2) "තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති." (3) "තවද ඔවුහු වනාහි zසකාත් ඉටු කරන්නෝ වෙති." (4) "තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති." (5) "එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමඟ) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුහු දොස් නගනු ලබන්නන් නො වෙති." (6) "එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ." (7) "තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති." (8) "තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති." (9) "ඔවුහු මය උරුමක්කරුවෝ " (10) "ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති." (11) (අල් මුඃමිනූන්: 1-11)

සලාතය පිළිගැනීමේ මූලික කොන්දේසි දෙකක් ඇත. එනම්: එහිදී අල්ලාහ් වෙනුවෙන් ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය ඇතිකර ගැනීම හා එය සූන්නානුගතව ඉටු කිරීමයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත.” (34) තවද එතුමාණෝ මෙසේ පැවසූහ.: "මා සලාතය ඉටු කරනු ඔබලා දුටු සේ ඔබලා ද සලාතය ඉටු කරන්න." (35) [34] බුහාරි තුමා "බුද්උල් වහ්යි" යන පාඩමේ, "කයිෆ බුද්ඉල් වහ්යි" යන පරච්ඡේදයේ හදීස් අංක (1) යටතේ මෙය වාර්තා කර ඇත. මුස්ලිම් තුමා "අල්- ඉමාරා" යන පාඩමේ "ඉන්නමල් අඃමාලු බින්නිය්යා" යන පරිච්ඡේදයේ හදීස් අංක (1907) යටතේ මෙය වාර්තා කර ඇත. මෙය උමර් බින් අල්-ඛත්තාබ් (රළියල්ලාහු අන්හු) විසින් සඳහන් කරනු ලද්දකි (35) මෙය බුහාරි තුමා "කිතාබුල් අදාන්" යන පාඩමේ "අදාන් ලිල්මුසාෆිරි ඉදා කානූ ජමාඅතන්" යන පරිච්ඡේදයේ හදීස් අංක (631) යටතේ වාර්තා කර ඇත. මෙය මාලික් බින් හුවයිරිත් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලද්දකි.

සලාතය ඉටු කරන ක්‍රමය:

මෙම කොන්දේසි සම්පූර්ණ කර හ සලාතය සඳහා සූදානම් වූ විට; පහත සඳහන් පරිදි ක්‍රියා කරයි:

1. වටපිට බැලීමකින් හැරීමකින් තොරව මුළු ශරීරයෙන්ම කිබ්ලාව දෙසට හැරී ඍජූව සිටීම.

2- පසුව මුවින් ප්‍රකාශ කිරීමකින් තොරව, සලාත් ඉටු කරන බවට අපේක්ෂා කරමින් සලාතය සඳහා, තම හදවතින් තබන නිය්යත් හෙවත් අදිටන.

3. පසුව ‘අල්ලාහු අක්බර්’ යැයි ආරම්භ තක්බීරය පවසයි. පසුව තක්බීර් පවසන අවස්ථාවේ තම දෙඅත් උරහිසට සමාන්තරව, හෝ කන් පෙතිවලට සමාන්තරව, හෝ ඒවායේ ඉහළට පිහිටන සේ හෝ ඔසවා ගනියි.

4- පසුව තම දකුණත වමතෙහි මතුපිටින් පිහිටන සේ පපුවට ඉහළින් තබා ගනී.

5- පසුව ආරම්භක ප්‍රාර්ථනාව පවසයි: අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින (ක)හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබි, අල්ලාහුම්ම නක්කිනී මින් (ක)හතායාය කමා යුනක්කස් සව්බුල් අබ්යලු මිනද් දනස්; අල්ලාහුම්මග්සිල්නී මින් (ක)හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්." තේරුම: යා අල්ලාහ්! ඔබ බටහිර හා නැගෙනහිර දුරස් කලාක් මෙන් මා අතර හා මාගේ පාපයන් අතර දුරස් කරත්වා! අහෝ අල්ලාහ්! සුදු ඇඳුමින් කිලිටි ඉවත් කරන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරත්වා! අහෝ අල්ලාහ්! පිණි කැට, ජලය හා සිසිලෙන් මාගේ පාපයන් මගෙන් සෝදා හරිත්වා! (36) [36] මෙය බුහාරි තුමා "අදාන්" නම් පරිච්ඡේදයේ "මා යකූලු බඃදත් තක්බීර්" නම් පාඩමේ හදීස් අංක (744) යටතේ හා මුස්ලිම් තුමා "කිතාබුල් මසාජිද්" නම් පරිච්ඡේදයේ "තක්බීරත් අල් ඉහ්රාම් වල් කිරාආ" නම් පාඩමේ, හදීස් අංක (598) යටතේ වාර්තා කර ඇත. මෙය අබූ හුරෙයිරා (රළිඅල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙනු ලද්දකි.

6- එසේ නැතහොත් මෙසේ පවසයි: "සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක." (යා අල්ලාහ්! ඔබේ ප්‍රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත."[37]. [37] එය සුනන් අබූ දාවූද් හි 'සලාහ්' නම් පරිච්ඡේදයේ "රඃයුල් ඉස්තිෆ්තාහ් බි සුබහානකල්ලාහුම වබිහම්දික්" යන පාඩමේ හදීස් අංක (775) යටතේ ද, තිර්මිදි තුමා "සලාහ්" නම් පරිච්ඡේදයේ "මා යකූලු ඉන්ද ඉෆ්තිතාහිස් සලාත්" නම් පාඩමේ හදීස් අංක (242) යටතේ ද, අන් නසාඊ 'ඉස්තිෆ්තාහ්' නම් පරිච්ඡේදයේ "නව්උන් ආහර් මිනද් දික්රි බයින ඉෆ්තිතාහිස් සලාති වබයිනල් කිරාඅති" නම් පාඩමේ හදීස් අංක (900) යටතේ ද, ඉබ්නු මාජා "ඉකාමතිස් සලාහ් නම් පරිච්ඡේදයේ "ඉෆ්තිතාහුස් සලාත්" නම් පාඩමේ හදීස් අංක (804) යටතේ ද, අහ්මද් (3/50) තුමා අබී සඊද් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ හදීසයක් ලෙස ද වාර්තා කර ඇත. එසේම අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා තුමාන්ගේ පෙර සඳහන් ස්ථානවල අංක (776), (243), (806) යටතේ අයිෂා (රළියල්ලාහු අන්හා) තුමාණන්ගේ හදීසය ලෙස වාර්තා කර ඇත. මුස්ලිම් තුමා "සලාත්" නම් පරිච්ඡේදයේ "හුජ්ජතු මන් කාල ලා යජ්හරු බිල් බස්මලා" නම් පාඩමේ හදීස් අංක (399) යටතේ ද වාර්තා කර ඇත. එය උමර් බින් අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද මව්කූෆ් ගණයේ හදීසයක් වාර්තා කර ඇත. එහි වාර්තා සම්බන්ධතාව තුළ දෝෂයක් ඇත.

7. පසුව පහත සඳහන් ආකාරයට අඌදු පවසයි: «අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්».

8- පසුව බිස්මිල්ලාහ් පවසා සූරා අල්-ෆාතිහා පාරායනය කරයි. "බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්" (අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.) "අල්-හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්" (සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය) 2 "අර්-රහ්මානිර් රහීම්" (අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත) 3 "මාලිකි යව්මිද්දීන්" (විනිශ්චය දිනයේ රජු ය.) 4 "ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්" (ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.) 5 "ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්" (අපට ඍජු මඟ පෙන්වනු මැනව.) 6 "සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල් ළාල්ලීන්" (ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.) 7 (අල්-ෆාතිහා: 1-7) පසුව 'ආමීන්' යැයි පවසයි. ඉන් අදහස් කරනුයේ අහෝ අල්ලාහ් පිළිගනු මැනව යන්නයි.

9- පසුව අල් කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කරයි. සුබ්හු සලාතයේ දී කෙරෙන පාරායනයන් දිගු කරයි.

10- පසුව රුකූ කරයි. එනම්, අල්ලාහ්ට ගරුබුහුමන් කිරීම සඳහා තම පිට කොන්ද නමා රුකූ කරයි. රුකූ කරන මොහොතේ ඔහු තක්බීර් පවසයි. ඔහුගේ දෑත් ඔහුගේ උරහිස් දෙකට සමාන්තරව ඔසවයි. සුන්නාව වනුයේ: ඔහුගේ පිට නමා දිගුහැර, ඔහුගේ හිස සමාන්තවරව තබාගෙන ඔහුගේ දෑත් ඇඟිලි ඈත් කරමින් දණහිස් දෙක මත තැබීමය.

11- රුකූඋ හි ඔහු: "සුබ්හාන රබ්බියල් අළීම්" (සර්වබලධාරී මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. මම ඔහු පිවිතරු කරමි.) යැයි තුන්වරක් පවසයි. ඊට අමතරව: "සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග්-ෆිර් ලී." (අපගේ පරමාධිපතියාණනි! ඔබේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධය. අහෝ දෙවිඳාණනි! මට සමාව දෙනු මැනව!) [38] "සුබ්බූහුන් කුද්දූසුන් රබ්බුල් මලාඉකති වර් රූහ්" (ඔහු අති පිවිතුරුය. සුවි ශුද්ධය. මලාඉකාවරුන් හෙවත් දේව දූතයින්ගේ සහ රූහ් හෙවත් ජිබ්රීල්ගේ පරමාධිපති ඔහුය.) [39] හසන් ගණයට අයත් හදීසයකි. [38] මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 761යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක 484 යටතේ වාර්තා කර ඇත. [39] මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (487) යටතේ ද අබූ දාවුද් තුමා විසින් හදීස් අංක (872) යටතේ ද වාර්තා කොට ඇත.

12- පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" (ප්‍රශංසා කළ තැනැත්තාට අල්ලාහ් සවන් දුන්නේය) යැයි පවසමින් රුකූඋ සිට හිස ඔසවයි. එවිට ඔහුගේ දෑත් ඔහුගේ උරහිසට සමාන්තරව ඔසවා ගනියි.

13- නමුත් මඃමූම්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යැයි පවසන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පැවසිය යුත්තේ "රබ්බනා වලකල් හම්දු" (අපගේ පරමාධිපතියාණනි, ඔබටය සියලු ප්‍රශංසා) යනුවෙනි.

14. පසුව ඉන් නැගිට මෙසේ පවසයි: ‘රබ්බනා වලකල් හම්දු, මිල් අස්සමාවාති, වමිල්අල් අර්ළි, වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃදු’ (අපගේ පරමාධිපතියාණනි, අහස පිරෙන්නට මහපොළොව පිරෙන්නට ඉන් පසු ඇති ඔබ කැමති දෑ පිරෙන්නට තරම් ප්‍රශංසා ඔබ සතුය.) (40) ඊට අමරතව "අහ්ලස් සනාඉ, වල්මජ්දි අහක්කු මා කාලල් අබ්දු වකුල්ලුනා ලක අබ්දුන්: ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු" (කීර්තියේ හා ප්‍රශංසාවේ හිමිපාණනි, අපි සියල්ලෝම ඔබේ ගැත්තන් යැයි ගැත්තා පවසා සිටි ප්‍රකාශයට වඩාත් සුදුස්සාණනි, ඔබ පිරිනැමූ දෙයක් වළක්වාලන කිසිවකු නැත. එමෙන්ම ඔබ වැළැක්වූ දෙයක් පිරිනමන කිසිවෙකු ද නැත. බලය දරන්නාට ප්‍රයෝජනවත් වන්නේ නැත. මක්නිසාදයත් බලය ඇත්තේ ඔබ තුළින් වන බැවිනි.) [41] හසන් ගණයට අයත් හදීසයකි. [40] මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක 471 යටතේ හා අබූ දාවුද් තුමා විසින් හදීස් අංක 760 යටතේ වාර්තා කර ඇත. (41) මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක 477 යටතේ හා අබූ දාවුද් තුමා විසින් හදීස් අංක 847 යටතේ වාර්තා කර ඇත.

15- පසුව භක්තියෙන් යුතුව පළමු සජදාව ඉටු කරයි. ඔහු සුජූද් කරන විට, "අල්ලාහු අක්බර්" ( අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි පවසයි. ඔහුගේ නළල හා නාසය, අත්ල දෙක, දණහිස් දෙක, පා ඇඟිලි තුඩු යනාදී ශරීර අවයව සතක් මත ඔහු සුජූද් කරයි. ඔහුගේ බාහු දෙක ඇළපත් දෙකින් ඈත් කර තබා ගනියි. අත් දෙක පොළොවට නිදිකරවා තැබීමෙන් වැළකී එහි ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනියි.

16- සුජූද් හි ඔහු මෙසේ පවසයි: "සුබ්හාන රබ්බියල් අඃලා" (මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. මම ඔහු සුවිශුද්ධ කරමි.) එය තුන්වරක් පවසයි. ඊට අමතරව "සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග්-ෆිර් ලී" (අපගේ පරමාධිපතියාණනි! ඔබේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධය. අහෝ දෙවිඳුනි! මට සමාව දෙනු මැනව!) [42]، "සුබ්බූහුන් කුද්දූසුන් රබ්බුල් මලාඉකති වර් රූහ්" (ඔහු අති පිවිතුරුය. සුවි ශුද්ධය. මලාඉකාවරුන් හෙවත් දේව දූතයින්ගේ සහ රූහ් හෙවත් ජිබ්රීල්ගේ පරමාධිපති ඔහුය.) [43] හසන් ගණයට අයත් හදීසයකි. [42] මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 761 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක 484 යටතේ මෙය වාර්තා කර ඇත. [43] මෙය මුස්ලිම් තුමා හදීස් අංක (487) යටතේ හා අබූ දාවුද් තුමා හදීස් අංක (872) යටතේ වාර්තා කර ඇත.

17. පසුව ''අල්ලාහු අක්බර්'' (අල්ලාහ් තේජාන්විතය) යැයි පවසා සුජූද් ඉරියව්වෙන් තම හිස ඔසවා ගනියි.

18- පසුව ඔහු සජදා දෙක අතර වාඩිවීමේ දී තම වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගනී. තවද දණහිසට යාබද දකුණු කලවා මත තම දකුණු අත තබා ගනී. එහි දී දකුණතෙහි වෙදඟිල්ල හා සුළැඟිල්ල මොළවා ගනියි. මහපට ඇගිල්ල මැදඟිල්ලට යටින් වෘතාකාරව පිහිටන සේ තබා ගනී. ප්‍රාර්ථනා කරන විට දී දබරැඟිල්ලෙන් සංඥා කරයි. තවද දණහිසට යාබද වම් කලවා මත තම වමත තබා ගනී.

19- සජදා දෙක අතර වාඩි වී සිටිය දී මෙසේ පවසයි: "රබ්බිග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී වජ්බුර්නී වආෆිනී" (මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව, මට කරුණා කරනු මැනව, මට මඟ පෙන්වනු මැනව, මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව, මාගේ අඩුපාඩු පුරවනු මැනව, මට සුවය දෙනු මැනව!) [44]. [44] මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (2697) යටතේ හා අබූ දාවුද් තුමා විසින් හදීස් අංක (850) යටතේ මෙය වාර්තා කර ඇත.

20. පසුව ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් දෙවන සුජූදය ආරම්භයේ සිදු කළාක් මෙන්ම එහි කිව යුතු දෑ පවසමින් හා එහි කළ යුතු දෑ පිළිපදිමින් අල්ලාහ්ට භක්තියෙන් යුතුව ඉටු කරයි.

21- පසුව දෙවන සුජූදය නිමා කර අල්ලාහු අක්බර් යැයි පවසා නැගිට සිටියි. පසුව දෙවන රකආතය පළමු රකආතය මෙන්ම එහි කිව යුතු දෑ පවසමින් හා එහි කළ යුතු දෑ පිළිපදිමින් ඉටු කරයි. නමුත් එහි දී ආරම්භක ප්‍රාර්ථනාව පවසනු නොලැබේ.

22- පසුව දෙවන රකආතය නිමා කිරීමෙන් පසු ''අල්ලාහු අක්බර්'' යනුවෙන් පවසමින් සජදා දෙක අතර වාඩි වූ ආකාරයට වාඩි වෙයි.

23. මෙම ඉඳුමෙහි තෂහ්හුද් පාරායනය කරයි. එහි දී මෙසේ පවසයි: «අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු, වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්; කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම; ඉන්නක හමීදුන් මජීද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්; කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම; ඉන්නක හමීදුන් මජීද්, අඌදුබික් මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතල් මහ්යා වල්මමාති, වමින් ෆිත්නතිල් මසීහද් දජ්ජාල්». තේරුම: (සියලු පඬුරු ආශිර්වාද හා පිවිතුරු දෑ අල්ලාහ් සතු ය. අහෝ නබිවරය! ඔබට ශාන්තිය අත්වේවා! අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද අත්වේවා! අප වෙතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙතත් ශාන්තිය අත් වේවා! නැමදුම ට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ දහම් දූතයා බවත් මම සාක්ෂි දරමි. අහෝ දෙවියනි! ඉබ්රාහීම් තුමාගේ පවුලේ අය වෙත ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන්හට ආශිර්වාද කරත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය. කීර්තිමත්ය. දෙවියනි, ඉබ්රාහීම් තුමාගේ පවුලේ උදවිය වෙත ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාගේ පවුලේ ඥාතීන්හට සමෘද්ධිය ලබා දෙත්වා! සැබැවින්ම ඔබ ප්‍රශංසාලාබීය, කීර්තිමත්ය. යනුවෙන් පවසනු. අපා ගින්නේ දඬුවමින් ද, මිනී වලෙහි වේදනාවෙන් ද, ජීවිතයේ හා මරණයේ අර්බුදයෙන් ද දජ්ජාල්ගේ අර්බුදයෙන් ද ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.)

24. පසුව තමන් කැමති මෙලොව හා මතුලොව යහපත තම පරමාධිපතිගෙන් පතයි.

25- පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.

26. රකආත් තුනක් හෝ හතරක් සහිත සලාතයක් වී නම්, පළමු තෂහ්හුද් හි ආවසානයත් සමග නතර කර ගනී. එනම්: ''අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු''.

27- පසුව අල්ලාහු අක්බර් යැයි පවසා නැවත නැගිට සිටියි. එවිට තම අත් දෙක උරහිසට සමාන්තවර ඔසවා ගනියි.

28- පසුව දෙවන රකආතය ඉටු කළ ආකාරයටම ඔහුගේ ඉතිරි සලාත් වාර ද ඉටු කරයි. නමුත් එහිදී ඔහු සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් පමණක් සීමා කර ගනියි.

29- පසුව තවර්රුක් ඉඳුමෙන් වාඩිවෙයි. එනම් තම දකුණු කකුල සිටුවා තබා, තම වම් කකුල තම කෙණ්ඩයට යටින් පිටතට පිහිටන සේ තබා, පොළොවේ වාඩි වීමට හැකි පරිදි වාඩි වෙයි. තම අත් දෙක පළමු තෂහ්හුද් හි තබා ගත් පරිදිම තම කලවා දෙක මත තබා ගනියි.

30- එම ඉඳුමෙහි තෂහ්හුදය මුළුමණින්ම කියවයි.

31. පසුව "අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්" යැයි පවසා දකුණු දෙසට හැරී සලාම් පවසයි. එමෙන්ම වම් දෙසට හැරී ද සලාම් පවසයි.

සලාතයේ අනුමත නොවන පිළිකුල් සහගත දේවල්:

1- සලාතයේ දී: හිස හෝ බැල්ම වෙනතකට හැරවීම පිළිකුල් සහගතය. අහස දෙස බැල්ම යොමු කිරීම තහනම් වේ.

2- සලාතයේදී අනවශ්‍ය ක්‍රියාවන්හි නිරතවීම සහ කිසිදු අවශ්‍යතාවකින් තොරව සෙලවීම පිළිකුල් සහගතය.

3- සලාතයේ දී: අවධානය වෙනතකට යොමු කරන බර වස්තුවක් හෝ වර්ණවත් වස්තුවක් රැගෙන යාම පිළිකුල් සහගතය.

4- සලාතයේ දී ඉණ මත අත තබා ගැනීම පිළිකුල් සහගතය.

සලාතය අවලංගු කරවන කරුණු:

1- හිතාමතාම කතා කිරීමෙන්, එය සුළු වුවත්, සලාතය අවලංගු වේ.

2- කිබ්ලාවෙන් මුළු ශරීරයෙන්ම හැරවීමෙන් සලාතය අවලංගු වේ.

3- වාතය පිටවීමෙන්, වුළූ හෝ ස්නානය අනිවාර්ය කරන සියලුම කරුණු මගින් සලාතය අවලංගු වේ.

4. අත්‍යවශ්‍ය නොවන ලෙස අඛණ්ඩව අධික ලෙස චලනය වීමෙන් සලාතය අවලංගු වේ.

5- සිනහ සීමෙන්, එය සුළු වුව ද සලාතය අවලංගු වේ.

6- සලාතයේදී රුකූඋ හෝ සුජූද් හෝ කියාම් (සිට ගැනීම) හෝ ජුලූස් (වාඩි වීම) අමරත ව සිදු කළ විටෙක සලාතය අවලංගු වේ.

7- හිතාමතාම ඉමාම්ට පෙර කටයුතු කිරීමෙන් සලාතය අවලංගු වේ.

8- සලාතය අවලංගු කරවන කරුණු අතර තවත් කරුණක් වනුයේ: ශරීරය පෙනෙන ආකාරයේ ඇඳුමක් ඇඳ සලාතය කිරීමයි, (එය පහත සඳහන් ප්‍රශ්නයට දී ඇති පැහැදිලි පිළිතුරේ සඳහන් පරිදිය.):

ගරු අශ් ෂෙයික්/ මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්.

ඔබට ශාන්තිය ද අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද ලැබේවා, මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස මම ඉල්ලා සිටිමි:

බොහෝ අය ශරීරය විනිවිදව පෙනෙන ආකාරයේ සිනිදු ඇඳුම් ඇඳ සලාත් ඉටු කරති. එම ඇඳුම්වලට යටින් කලව පෙදෙසෙහි මැදට වන සේ කොට කලිසමක් අදිති. කලව පෙදෙසේ අනෙක් කොටස එම රෙද්දෙහි මතුපිටින් පෙනේ. මෙවැන්නන්ගේ සලාත් පිළිබඳ නීතිය කුමක් ද?

ඔබටත් ශාන්තිය ද අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද ලැබේවා!

මෙම සලාතය ඉටු කරන අයගේ තත්වය ඇඳුමක් නොමැතිව සලාතය ඉටු කරන අයගේ තත්වය මෙන්ම ය. හේතුව වන්නේ, සම පෙනෙන පරිදි විනිවිද පෙනෙන ඇඳුම් ආවරණයක් නොවන බැවින් ඒවා පැළද සිටිය ද ඒවා පැළද නැති බවට සමාන වේ. එබැවින්, විද්වත්හුගේ වඩාත් නිවැරදි මතය අනුව ඔවුන්ගේ සලාතය නිවැරදි නොවේ. එය ඉමාම් අහ්මද් (රහ්මතුල්ලාහි අලෙයිහි) මතයෙහි ප්‍රසිද්ධ මතයයි. මන්ද, පිරිමි සලාතය ඉටු කරන විට පෙකණිය හා දණහිස අතර කොටස ආවරණය කළ යුතුය. මෙය අල්ලාහ් නියෝගය ඉටු කළ යුතු අවම ක්‍රමයයි. (ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු...) (අල්-අඃරාෆ් :31) (45) "අල්-ඉන්සාෆ් මඅල්-මුක්නා වෂ්-ෂර්හුල් කබීර්" (3/200), "මුන්තහල්-ඉරාදාත් මඅ ෂර්හිල් බුහූති" (1/298).

කරුණු දෙකෙන් එකක් කිරීම ඔවුන්ට අනිවාර්ය වේ.: ඉණ සහ දණහිස අතර ආවරණය කරන ආකාරයේ කකුල් ආවරණය කරන කලිසම වැනි ඇඳුමක් ඇඳිය යුතුය. නැතහොත් මෙම කොට කලිසමට ඉහළින් ශරීරය නිරාවරණය නොවන අයුරින් වස්ත්‍රයක් ඇඳිය යුතුය.

ප්‍රශ්නයේ සඳහන් කරන ලද මෙම ක්‍රියාව වැරදි සහ භයානකය. එනිසා ඔවුන් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී සමාව අයැද සිටිය යුතුය. ඔවුන්ගේ සලාතයේ දී ආවරණය කළ යුතු දෑ සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට උත්සාහ කළ යුතුය.

අප හා අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අල්ලාහ් ප්‍රිය කරන හා තෘප්තියට පත් වන කටයුතු සඳහා යහමග සහ ආශිර්වාදය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. ඔහු ඉතාමත් ත්‍යාගශීලීය ගෞරවාන්විතය.

මෙය ලියන ලද්දේ

මුහම්ද් සාලිහ් අල්උසයිමින් විසිනි.

හිජ්රි 1408 රමලාන් මස 5

සලාතයේ සලාම් කීමෙන් පසු කිව යුතු මෙනෙහි කිරීම්

ඔහු මෙසේ පැවසිය යුතුය:

අස්තග්ෆිරුල්ලා, අස්තග්ෆිරුල්ලා, අස්තග්ෆිරුල්ලා, අල්ලාහුම්ම අන්තස් සලාම් වමින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්.[46]. (තේරුම: අල්ලාහ්ගෙන් මම සමාව ඉල්ලමි. අල්ලාහ්ගෙන් මම සමාව ඉල්ලමි. අල්ලාහ්ගෙන් මම සමාව ඉල්ලමි. අහෝ අල්ලාහ්, ඔබයි ශාන්තිය. ශාන්තිය ඇති වන්නේ ඔබ විසින්මය. කීර්තිමත් ගෞරවණීය හිමිපාණනි, ඔබ සමෘද්ධිමත් විය.)" [46] මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (591) හා අබූ දාවුද් තුමා විසින් හදීස් අංක (1512) යටතේ වාර්තා කොට ඇත.

"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි, ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු, ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුඛ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්."[47]. (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු බලය දරන්නාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ හැරවුමක් හෝ නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම්වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක්නො මැත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. (47) මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (594), හා ඉමාම් නසාඊ විසින්, හදීස් අංක (1340) යටතේ වාර්තා කර ඇත.

"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු, වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු."[48]. (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු බලය දරන්නාය. අහෝ දෙවියනි, ඔබ දුන් යමක් වළක්වන කිසිවකු හෝ ඔබ වැළැක් වූ යමක් පිරිනමන කිසිවකු හෝ නැත. ධනවත් අයට ඔබෙන් වූ ධනවත්භාවය හැර ප්‍රයෝනවත් වන්නේ නැත.) [48]. බුහාරි තුමා විසින් හදීස් අංක 6862 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක 593 යටතේ මෙය වාර්තා කර ඇත.

මෙම පාඩම යටතේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා කර ඇති තස්බීහ්, තහ්මීද් හා තක්බීර් පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය. එය විවිධ ආකාරවලින් වාර්තා වී ඇත. වඩාත් උතුම් වන්නේ එක් වරක එක් ආකාරයකින් ද තවත් වරක තවත් ආකාරයකින් ද කියවීමය.

පළමුව: "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුපිවිතුරුය) යැයි තිස් තුන් වතාවක්, "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ්ටය) යැයි තිස් තුන් වතාවක්, "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨය) යැයි තිස් තුන් වතාවක් කීම, පසුව මෙසේ අවසන් කරයි: "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්."[49]. (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය.) (49) මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් මස්ජිද්' යන පාඩමේ "ඉස්තිහ්බාබුද් දික්රි බඃදස් සලාත්" නම් මාතෘකාවේ අංක (597) යටතේ වාර්තා කර ඇති මෙය අබු හුරෛරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති හදීසයකි.

දෙවැන්න: ''සුබ්හානල්ලාහ්'' යැයි තිස් තුන් වතාවක්, ''අල්හම්දුලිල්ලාහ්'' යැයි තිස් තුන් වතාවක්, ''අල්ලාහු අක්බර්'' යැයි තිස් හතර වතාවක් පැවසීම. [50]. (50) මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් මස්ජිද්' යන පාඩමේ "ඉස්තිහ්බාබුද් දික්රි බඃදස් සලාත්" නම් මාතෘකාවේ අංක (596) යටතේ වාර්තා කර ඇති මෙය කඃබ් ඉබ්නු උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති හදීසයකි.

තුන්වැන්න: ''සුබ්හානල්ලාහ්'' යැයි දස වරක්, ''අල්හම්දුලිල්ලාහ්'' යැයි දස වරක්, ''අල්ලාහු අක්බර්'' යැයි දස වරක් පැවසීම. [51]. [51] මෙය බුහාරි තුමා විසින්: 'කිතාබුද් දඃවාත්' නම් පාඩමේ 'අද්-දුආඋ බඃදස් සලාත්' නම් මාතෘකාවේ හදීස් අංක 6329 යටතේ වාර්තා කර ඇති හදීසයකි. මෙය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී හදීසයකි. තවද අබූ දාවුද්: 'කිතාබුල් අදබ්', පාඩමේ 'අත් තස්බීහ් ඉන්දන් නව්ම්' නම් මාතෘකාවේ හදීස් අංක 5065 යටතේ වාර්තා කර ඇත. එමෙන්ම අත්තිර්මිදී තුමා 'කිතාබුද් දඃවාත්' නම් පාඩමේ 'මා ජාඅ ෆිත් තස්බීහි වත්-තක්බීරි වත්-තහ්මීද් ඉන්දල් මනාබි' නම් මාතෘකාවේ හදීස් අංක 3410 යටතේ ද වාර්තා කෙරී ඇත. තවදුරටත් අන් නසාඊ තුමා විසින් 'කිතාබුස් සහු' නම් පාඩමේ 'අදදුත් තස්බීහ් බඃදත් තස්ලීම්' නම් මාතෘකාවේ හදීස් අංක 1349 යටතේ සහ අහ්මද් තුමා විසින් 2/160 යටතේ ද වාර්තා කර ඇත. එය අබ්දුල්ලාහ් බින් අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ දැනුම් දීමක් අනුවය.

හතරවැන්න: "සුබ්හානල්ලාහි, වල්හම්දුලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් යනුවෙන් විසිපස් වතාවක් පැවසීම.[52]. (අල්ලාහ් සුවිශුද්ධය. සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ටය.) [52] මෙය අත්තිර්මිදී තුමා විසින් 'කිතාබුද් දඃවාත්' හි 'මා ජාඅ ෆිත්-තස්බීහි වත් තක්බීර් වත් තහ්මීද් ඉන්දල් මනාම්' නම් පරිච්ඡේදයෙහි හදීස් අංක (3413) යටතේ ද අන්නසාඊ තුමා විසින් 'කිතාබුස් සහු' හි 'නව්උන් ආකර් මින් අදදිස් තස්බීහ්' නම් පරිච්ඡේදයෙහි හදීස් අංක (1351) යටතේ ද අහ්මද් තුමා විසින් හදීස් අංක (5/184) යටතේ ද මෙය වාර්තා කර ඇති අතර එය දැනුම් දී ඇත්තේ සයිද් බින් සාබිත් (රළිඅල්ලාහු අන්හු) තුමාගේ දැනුම් දීම මතය. එමෙන්ම අන්නසාඊ තුමා 'කිතාබුස් සහ්වු' හි 'නව්උන් ආකර් මින් අදදිස් තස්බීහ්' නම් පරිච්ඡේදයෙහි හදීස් අංක (1352) යටතේ, ඉබ්නු උමර් (රළිඅල්ලාහු අන්හුමා) තුමාගේ දැනුම් දීමක් මය මෙය වාර්තා කර ඇත.

එසේම ආයතුල් කුර්සීය පාරායනය කළ යුතුය, එසේම 'කුල් හුවල්ලාහු අහ්ද්' නම් සූරාව (අල් ඉහ්ඃලාස්: 1) තවද 'කුල් අඌදු බිරබ්බිල් ෆලක්' සූරාව (අල් ෆලක්: 1) තවද 'කුල අඌදු බිරබ්බින් නාස්' සූරාව පාරායනය කළ යුතුය. (අන්-නාස්: 1)

සුජූදුස් සහ්වුහි නීති රීති

සුජූදුස් සහ්වු සඳහා හේතු සාධක තුනක් ඇත: එනම් අමතර යමක් සිදු කිරීම, අඩුපාඩු ඇතිවීම, සහ සැකය.

අමතර යමක් සිදු කිරීම:

උදාහරණයක් ලෙස: පුද්ගලයෙකු තම සලාතය තුළ අමතර රුකූඃ ඉරියව්වක් ඉටු කරයි. එනම්, එක් රකආතයක් තුළ රුකූඃ දෙකක් ඉටු කරයි. හෝ, අමතර සුජූද් ඉරියව්වක් ඉටු කරයි. එනම්, තුන් වරක් සුජූද් කරයි. හෝ, අමතර කියාම් ඉරියව්වක් ඉටු කරයි. එනම්, උදාහරණයක් ලෙස සිව් රකආත් සලාතයක පස්වන රකආතය සඳහා නැගිට සිටී. පසුව ඔහුට මතක් වී ඔහු නැවත හැරී යයි.

එසේ නම්, මෙම හේතුව නිසා සුජූදුස් සහ්වු සලාමයට පසු ඉටු කළ යුතුය. ඉන් අදහස් කෙරෙනුයේ ඔබ තෂහ්හුද් පවසා සලාම් දී පසුව සජදා දෙකක් ඉටු කිරීමය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් රකආත් වාර පහක් ඉටු කළ අවස්ථාවක කටයුතු කළේ මෙලෙසය. සලාම් පැවසීමෙන් පසු එතුමාණන්ට මතක් කර දුන් විට එතුමාණෝ සලාමයට පසු සුජූද් කළහ. [53]. [53] මෙය බුහාරි තුමා විසින් "අස්-සලා" පාඩමේ "මා ජාඅ ෆිල් කිබ්ලා" නම් පරිච්ඡේදයේ හදීස් අංක (404) යටතේ වාර්තා කර ඇති අතර මුස්ලිම් තුමා විසින් "අල්-මසාජිද්" නම් පාඩමේ "අස්-සහ්වු ෆිස් සලාති වස්සුජූදු ලහූ" නම් පරිච්ඡේදයේ හදීස් අංක (572) යටතේ වාර්තා කර ඇත. මෙය ඉබ්න් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් පවසා සිටි හදීසයකි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාමයෙන් පසු සජ්දාව (සහූ සජ්දා) කළ බව පමණක් පදනම් කරගෙන, “එතුමා එය දැනගත්තේ සලාමයෙන් පසු පමණයි” කියා පැවසිය නොහැක. එය ඇත්තක් වුවද, අපි කියන්නේ මෙයයි: යම් හෙයකින් නීතිය එතුමා කළ ක්‍රියාවට වඩා වෙනස් වූවානම්, 'ඔබට සලාම් පසු ව අමතර වීම දැනගත් විට, එය සඳහා සලාම් දීමට පෙර සජදා ඉටු කරන්න.' යැයි නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා ඔවුන්ට කියා දෙන්නට තිබිණු. එහෙත් ඔහු එවැනි උපදෙස් ලබා නොදී, කාරණය එහි තිබූ ලෙසම අනුමත කළ බැවින්, වැඩිපුර කළ දෑ සඳහා සුජූදුස් සහ්වු සලාම් දීමෙන් පසු ව ඉටු කළ යුතුය යැයි තේරුම් ගැනීමට පුළුවනි.

එයට සාධකය නම්: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ලුහර් හෝ අස්ර් සලාතයේ දී රකආත් දෙකෙන් පසු සලාම් පැවසූහ. පසුව ඔවුහු ඒ ගැන එතුමාණන්ට මතක් කළහ. එතුමාණන් එම සලාතය සම්පූර්ණ කළහ. පසුව සලාම් පැවසූහ. පසුව සජදා දෙකක් ඉටු කළහ. පසුව සලාම් පැවසූහ. එය සලාතය අතරතුර සලාම් පැවසීම අමතර කරුණක් වීම නිසාය. එනිසා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සලාමයෙන් පසු ව ඒ සඳහා සජදා ඉටු කළහ. [54] මෙය ඉමාම් බුහාරි තුමා විසින් 'කිතාබුස් සලාත්' නම් පාඩමේ "තෂ්බීකුල් අසාබිඋ ෆිල් මස්ජිදි' යන මාතෘකාවේ හදීස් අංක 482 යටතේ හා ඉමාම් මුස්ලිම් තුමා 'කිතාබුල් මසාජිද්' නම් පාඩමේ 'බාබුස් සහ්වි ෆිස් සලාති වස්සුජූදි ලහූ' යන මාතෘකවේ හදීස් අංක 573 යටතේ වාර්තා කර ඇත. එය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි. එමෙන්ම ඉම්රාන් බින් හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කර ඇති හදීසය පෙර සඳහන් ස්ථනක ද මුස්ලිම් තුමා සඳහන් කර ඇත. නමුත් එහි දී “තුන්වන රකආතයේ සලාම් කීවේය” යැයි සඳහන් වේ.

මෙය පවතින සාධක මත පදනම් වූවක් වන අතරම විමර්ශනය මත පදනම් වූවක් ද වේ. සලාතයේ අමතර දෙයක් සිදු වූ විට, සලාම් පැවසීමට පෙර සුජූද් කළ යුතු බව පැවසුවා නම් සලාතයේ අමතර කරුණු දෙකක් සිදු වනු ඇත. සලාම් පැවසීමෙන් පසු ව සුජූද් කළ යුතු බව පැවසුවා නම් එවිට අමතක වීමෙන් සිදු වූ අමතර කරුණකට පමණක් එය වනු ඇත.

සිදුවන අඩුපාඩුවක් හේතුවෙන් සුජූද් සහ්වු ඉටු කිරීම:

(අ) මෙහි දී සුජූදය සලාමයට පෙර විය යුත්තකි. උදාහරණයක් ලෙස: පළමු තෂහ්හුද් අමතක කොට නැගී සිටිනවාක් මෙන්, හෝ සුජූද්හි 'සුබ්හාන රබ්බියල් අඃලා' යැයි පැවසීම හෝ රුකූඃහිදී 'සුබ්හාන රබ්බියල් අළීම්' යැයි පැවසීම අමතක වූවාක් මෙනි. මෙහි දී සලාමයට පෙර සුජූදුස් සහ්වු ඉටු කරනු ලබයි. මක්නිසාදයත් වාජිබය අත්හැරීම හේතුවෙන් සලාතයේ අඩුවක් ඇති වී ඇති බැවින්, සලාමයට පෙර අමතක වීම වෙනුවෙන් සුජූද් කොට සලාතයෙන් වෙන්වීමට පෙර අඩුව පිරවීම සඳහා වඩාත් සුදුසු ය.

එයට සාධකය නම් අබ්දුල්ලාහ් ඉබ්නු බුහයිනා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයයි. “සැබැවින්ම අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලුහර් සලාතය ඔවුනට මෙහෙය වූහ. රකආත් දෙක ඉටු කළ පසු වාඩි නොවී නැගිට සිටියහ. සලාතය නිමා කළ පසු එතුමාණන් සලාම් පැවසීම ජනයා බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත් එතුමාණෝ වාඩි වී සිටිමින්ම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා සජදා දෙකක් ඉටු කළහ. පසු ව සලාම් පැවසූහ.”(55) [55] මෙය බුහාරි තුමා "කිතාබුල් අදාන්" නම් "මන් ලම් යරා තෂහ්හුදුල් අව්වල් වාජිබන්" නම් පාඩමේ වාර්තා කර ඇත, අංකය (829), මුස්ලිම් තුමා "කිතාබුල් මසාජිද්" නම් "සහ්වු ෆිස් සලාති වස්සුජූදු ලහු" නම් පාඩමේ වාර්තා කර ඇත, අංකය (570).

අමතර යමක් සිදු වීම හෝ අඩුවෙන් යමක් සිදු වීම ගැන පවතින සැකය:

තමන් සලාතය ඉටු කළේ රකආත් හතරක් ද තුනක් ද යන සැකය ඇති වූ විටෙක, එහි තත්ත්වයන් දෙකක් ඇත.

පළමු තත්ත්වය: ඔහුගේ අනුමානයට වඩා යමක් අබිබවා තිබීම. එය අමතරයක් විය හැකි අතර අඩුවක් ද විය හැකි ය. ඔහුගේ අනුමානයට වඩා යමක් අබිබවා පිහිටියේ නම් ඒ අනුව ඔහු කටයුතු කරයි. සලාම් පැවසීමෙන් පසු සජදා සහ්වු ඉටු කරයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බවට ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් මීට සාධක වශයෙන් පිහිටා ඇත. "ඔබ අතරින් කිසිවකුට ඔහුගේ සලාතයේදී සැකයක් ඇති වූ විට, නිවැරදි දේ සොයාගත යුතු අතර ඒ මත පදනම්ව සලාතය සම්පූර්ණ කළ යුතුය. පසුව සලාම් පවසා, සජදා දෙකක් ඉටු කළ යුතුය." නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙලෙස හෝ ඒ හා සමාන අර්ථයෙන් යුතු ප්‍රකාශයක් හෝ පවසා ඇත. [56] මෙය බුහාරි තුමා "කිතාබුස් සලාත්" නම් පාඩමේ, "අත්-තවජ්ජුහු ඉලල් කිබ්ලති හයිසු කාන" නම් මාකෘතාවේ හදීස් අංක (401) යටතේ වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා "කිතාබුල් මසජිද්" නම් පාඩමේ "අස්-සහ්වු ෆිස් සලාති, වස්සුජූදු ලහූ" නම් මාතෘකාවේ හදීස් අංක (572) යටතේ වාර්තා කර ඇත. මෙම ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර ඇති හදීසයකි.

දෙවන තත්ත්වය: වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් පිළිබඳ සැකයක් ඇති වූ විට, එම කරුණු දෙකෙන් එකක් නිවැරදි බව තෝරා ගත නොහැකි නම්, ඔහු ස්ථාවරයකට පැමිණිය යුතුය. - එය අවමය විය යුතුය - පසුව ඒ මත පදනම්ව පූර්ණවත් කරයි. පසුව සලාම් කීමට පෙර සජදා දෙකක් ඉටු කරයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සුන්නාවේ සඳහන්ව ඇත්තේ මෙලෙසය. (57) මෙය මුස්ලිම් තුමා විසින් 'මස්ජිද්' නම් පාඩමේ 'අස්-සහ්වු ෆිස් සලාත් වස්සුජූදි' යන මාතෘකාවේ හදීස් අංක (571) යටතේ වාර්තා කර ඇත. මෙය අබී සයිද් (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලද්දකි.

* සුජූදුස් සහ්වු පිළිබඳ නීති:

1- සලාතය නිම කිරීමට පෙර හිතාමතාම සලාතය ඉටු කරන්නා සලාම් පැවසුවහොත් ඔහුගේ සලාතය නිෂ්ඵල වේ.

2- සලාත් ඉටු කරන්නා හිතාමතාම සලාතයේදී නැගිට සිටීමක් හෝ වාඩි වීමක් හෝ රුකූඃ හෝ සුජූද් ඉරියව්වක් අමරත ව සිදු කළහොත්; ඔහුගේ සලාතය නිෂ්ඵල වේ.

3- සලාතයේ මූලිකාංගයක් අතපසු වූ විට, එය ආරම්භ තක්බීරය නම් එය උවමනාවෙන් හෝ අමතකවීමෙන් අතපසු වුවද, ඔහුට සලාතයක් නොමැත. මක්නිසාදයත් ඔහුගේ සලාතය ආරම්භ වී නොමැති බැවිනි. නමුත් අතපසු වූ මූලිකාංගය ආරම්භ තක්බීරය නොවී, ඔහු එය උවමනාවෙන් අතපසු කළා නම් ඔහුගේ සලාතය නිෂ්ඵල වේ.

4. සලාතයේ අනිවාර්ය වූ කරුණක් හිතාමතාම අත් හැරියේ නම්, ඔහුගේ සලාතය නිෂ්ඵල වේ.

5- සලාමයට පසු සුජූදුස් සහ්වු සිදු කළේ නම්, පසුව නැවත වරක් සලාම් පැවසීම අත්‍යවශ්‍ය වේ.

සුජූදුස් සහ්වු පිළිබඳ නීති සාරාංශය:

විමසුම 1- සලාතය සම්පූර්ණ කිරීමට පෙර සලාම් පැවසීම සම්බන්ධයෙන්...

සලාතය ඉටු කරන්නා සලාතය සම්පූර්ණ කිරීමට පෙර අමතක වී සලාම් පැවසූ විට,

එහි තත්ත්වය නම්: දිගු කාලයක් ගතවූ පසු මතක් වූ විටෙක, ඔහු නව සලාතයක් ආරම්භ කළ යුතුය.

එසේම කෙටි කාලයකින් පසු -උදාහරණයක් ලෙස විනාඩි පහකින් පසු - මතක් වූ විට, ඔහු සලාතය සම්පූර්ණ කර එහිම සලාම් පවසයි.

සුජූද් කිරීමේ ස්ථානය: සලාම් කීමෙන් පසු අමතක වීම සඳහා සජදා දෙකක් ඉටු කරයි, දෙවන වරටත් සලාම් පවසයි.

****

විමසුම 2- සලාතයේ අමතර ව යමක් සිදු කිරීම සම්බන්ධයෙන්...

'සලාතය ඉටු කරන පුද්ගලයා සලාතයේදී නැගිටීමක්, වාඩි වීමක්, රුකූඃ, හෝ සුජූද් වැනි ඉරියව්වක් අමතර වශයෙන් කළ විට,

එහි තත්ත්වය: අමතර දෑ සිදු කර කිරීමෙන් පසු ව ඒ ගැන මතක් වූයේ නම් ඔහුට අමතක වීම වෙනුවෙන් සජදා ඉටු කිරීම හැර වෙනත් කිසිවක් ඔහු මත පැවරෙන්නේ නැත.

අමතර දෑ අතරතුර මතක් වූ විට; එම අමතර දැයින් හැරීම අනිවාර්ය වේ.

සුජූද් කිරීමේ ස්ථානය: සලාම් කීමෙන් පසු අමතක වීම සඳහා සුජූද් කරයි, දෙවන වරටත් සලාම් පවසයි.

****

විමසුම: 3 - අර්කාන් හෙවත් මූලිකාංග අත්හැරීම සම්බන්ධයෙන්... සලාතයේ මූලිකාංගයක් වන ආරම්භ තක්බීරය හැර වෙනත් මූලිකාංගයක් අමතක වී අතපසු වූ විටෙක,

එහි තත්ත්වය: ඊළඟ රකආතයේ එම ස්ථානයට සේන්දූ වූයේ නම්, එම රකආතය නිෂ්ඵල වී යයි. එම ස්ථානයේ ඊළඟ රකආතය ඉටු කළ යුතුය.

ඊට පර ව ඇති රකආතයේ ස්ථානයට තවමත් සේන්දු නොවූයේ නම් අතපසු වූ මූලිකාංගය වෙත නැවත යාම අනිවාර්ය වේ. එවිට එය හා ඉන් පසුව ඇති මූලිකාංග ද ඉටු කළ යුතුය. සුජූද් කිරීමේ ස්ථානය: අවස්ථා දෙකෙහිම සුජූදුස් සහ්වු කිරීම අනිවාර්යය වේ. එහි ස්ථානය: සලාම් කීමෙන් පසුවය.

****

විමසුම 4- සලාතයේ දී ඇතිවන සැකය

තමන් ඉටු කළේ රකආත් දෙකක් ද එසේ නැතහොත් තුනක් ද යන්නෙන් රකආත් ගණන පිළිබඳව සැකයක් ඇති වූ විටෙක ඔහුට තත්ත්වයන් දෙකක් ඇත.

පළමු තත්ත්වය: කරුණු දෙකෙන් එකක් නිවැරදි බව තෝරා ගත හැකි වූ විට, එය නිවැරදි බවට පත් කර ඔහුගේ සලාතය පූර්ණව ඉටු කර පසුව සලාම් පැවසිය යුතු ය.

දෙවැනි තත්ත්වය: කරුණු දෙකෙන් එකක් වඩාත් නිවැරදි ලෙස නොතිබීම, එවිට ඔහු නිශ්චිතව ස්ථාවරයක් ගොඩනගා ගත යුතුය. එය අවමය වේ. පසුව ඔහු එය සම්පූර්ණ කරයි.

සුජූද් කිරීමේ ස්ථානය: පළමු තත්ත්වයේ දී සලාමයට පසු අමතක වීම සඳහා සුජූද් කරයි.

දෙවන තත්ත්වයේදී සලාමයට පෙර අමතක වීම සඳහා සුජූද් කරයි.

****

විමසුම 5: අමතක වීමෙන් ප්‍රථම තෂහ්හුදය අත්හැරීමේ දී.

අනිවාර්යය දෑවල නියමය ප්‍රථම තෂහ්හුදයෙහි නියමයයි.

එහි තත්ත්වය: ඔහු සම්පූර්ණයෙන්ම සිට ගත් පසු එය මතක් නොවූයේ නම්, ඔහුගේ සලාතය ඉදිරියටම ඉටු කරගෙන යා යුතු අතර තෂහ්හුද් සඳහා නැවත හැරී නොඑනු ඇත.

නැගිටීමෙන් පසු, ඔහු නැගිටුම සම්පූර්ණ කිරීමට පෙර එය මතක් වූයේ නම්, ඔහු නැවත හැරී වාඩි වී තෂහ්හුද් පවසා සලාතය සම්පූර්ණ කරයි.

ඔහු තම කෙණ්ඩ දෙකින් කලව දෙක ඔසවා ගන්නට පෙර ඒ ගැන මතක් වූයේ නම්, ඔහු දිගටම වාඩි වී, තෂහ්හුද් පවසා පසුව සලාතය සම්පූර්ණ කරයි. අමතක වීම සඳහා සුජූද් නොකරයි. මක්නිසාදයත් ඔහුගෙන් කිසිදු අමතර කාර්යයක් හෝ අඩු කිරීමක් සිදු නොවුනු බැවිනි.

සුජූද් කිරීමේ ස්ථානය/ සලාමයට පෙර සුජූදුස් සහ්වු ඉටු කරයි.

'සුජූදුත් තිලාවා' හෙවත් අල් කුර්ආන් පාරායනයේදී කෙරෙන සුජූදය

එයට හේතුව: අල්කුර්ආනය පාරායනය කිරීමේ දී සජදා සහිත ආයතයක් පසුකරමින් යාමය. අල් කුර්ආනයේ සජදා ස්ථාන ගැන පොදුවේ හඳුන්වාදී ඇත. අල්-කුර්ආන් පිටුවල දාරයේ ඒවා සලකුණු කර ද ඇත. අල්-කුර්ආනය කියවමින් සජදා ස්ථානයක් පසු කර යන විට, සර්වබලධාරී අල්ලාහ්ට සුජූද් කිරීම ඉතා අවශ්‍ය දෙයක් ලෙස පවතී. ඇතැම් විද්වතුන් පවසනුයේ සැබැවින්ම සජදා තිලාවතය වාජිබ් හෙවත් අනිවාර්යය කරුණක් බවයි. නිවැරදි ප්‍රකාශය නම්, එය වාජිබ් නොවන වගය. මක්නිසාදත් මුඃමින්වරුන්ගේ පාලකයකු වූ උමර් බින් අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) ජුමුආ දිනක දේශනාවක් පැවැත්වූහ. එවිට (සලාතයේ දී) අන් නහ්ල් සූරාවේ ඇති සජදා සහිත ආයතයක් පාරායනය කළහ. එහිදී සජදා කළහ. පසුව, හෙතෙම වෙනත් ජුමුආවක දී එය පාරායනය කළහ. නමුත්, එතුමා එහිදී සජදා නොකළහ. පසුව, රළියල්ලාහු අන්හු තුමා මෙසේ පැවසීය: නියත වශයෙන්ම අපි අභිමත වී (සුජූදුත් තිලාවා කරන්නේ) නම් මිස සුජූද් කිරීම අප වෙත අල්ලාහ් නියම නො කළේය." (58) එනම්, "අපි අභිමත වී නම් මිස," යනුවෙන් සඳහන් වුව ද, එතුමාගේ ප්‍රකාශයේ අර්ථය: නමුත් අපි කැමති නම්, අප සුජූද් කරන්නෙමු. යන්නයි. "අපි අභිමත වී නම් මිස," යන්නෙහි තේරුම අප මත පැට වූ වාජිබයක් (වගකීමක්) සම්බන්ධයෙන් නොවේ. මන්ද, වාජිබයන් අභිමතය මත පදනම් නොවන බැවිනි. එය උමර් (රළියල්ලාහු අන්හු) තුමා සහාබාවරුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදු කර ඇත. සහාබාවරුන් අභිචාරය පිළිබඳව දැඩි අවධානයෙන් සිටි අතර, කිසිවෙකු එයට විරුද්ධ නොවීය. එම විශාල සහාබා සමූහය අතර ධර්මිෂ්ඨ කලිෆා උමර් බින් අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ ක්‍රියාව පිළිබඳව ඔවුන්ගේ පිළිගැනීම සුජූදුත් තිලාවා වාජිබයක් නොවන බව පෙන්වයි. එය නිවැරදිය. මිනිසා සලාතයේ සිටියත්, සලාතයෙන් පිටත සිටියත්, එය අදාළ වන්නකි. (58) මෙය බුහාරි තුමා "සජූදුල් කුර්ආන්" නම් පාඩමේ 'මන් රආ අන්නල්ලාහ ලම් යූජිබුස් සුජූද" නම් මාතෘකාවේ වාර්තා කර ඇත. අංක 1077.

සුජූද් තිලාවත් කිරීමේ ක්‍රමය:

අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා, සලාතයේ සුජූද් මෙන්ම අවයව සත මත සුජූද් කරයි. 'සුබ්හාන රබ්බියල් අඃලා', (මාගේ උත්තරීතර පරමාධිපතියාණන් සුවිශුද්ධය) 'සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික, අල්ලාහුම්ග් ෆිර්ලී' (සුවිශුද්ධ ඔබ, අපගේ පරමාධිපතියානි, ඔබ ඔබේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධය. අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව!) යනුවෙන් පවසයි. තවද පහත සඳහන් දුආව කියවා ප්‍රාර්ථනා කරයි. අල්ලාහුම්ම ලක සජද්තු, වබික ආමන්තු, වඅලයික තවක්කල්තු, සජද වජ්හිය ලිල්ලදී හලකහු වසව්වරහු, වෂක්ක සම්අහු වබසරහු බිහව්ලිහී වකූව්වතිහි, අල්ලාහුම්ම උක්තුබ් ලී බිහා අජ්රා වඅර්ෆාඤ් අන්නී බිහා විස්රා වජ්අල්හා ලී ඉන්දක දුඛ්රා, වතකබ්බල්හා මින්නී කමා තකබ්බල්තහා මින් අබ්දික දාවූද්. (අහෝ දෙවිඳුනි, මම ඔබට සුජූද් කළෙමි. මම ඔබව විශ්වාස කළෙමි. ඔබ කෙරෙහි සියල්ල භාර කළෙමි. මාගේ මුහුණ මවා එය හැඩ ගැන්වූ එහි සවන ද එහි බැල්ම ද තම බලයෙන් හා ශක්තියෙන් නිර්මාණය කළ අල්ලාහ්ට මම සිරස නමමි.)(59) පසුව තක්බීර් හෝ සලාම් පැවසීමෙන් තොරව නැගිටියි. (59) මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක 771 යටතේ ද අබූ දාවුද් තුමා හදීස් අංක 760 යටතේ ද වාර්තා කර ඇත.

නමුත් සලාතයේදී සුජූද් කරන විට තක්බීර් පවසයි. සුජූද්වෙහි සිට නැගිටින විට ද තක්බීර් පවසයි. හේතුව, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතය විස්තර කරන සියලුම වාර්තාකරුවන්, එතුමා නැගිටින සෑම අවස්ථාවකම සහ නැමෙන සෑම අවස්ථාවකම තක්බීර් පවසා ඇති බව සඳහන් කර ඇති බැවිනි. (60) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ 'සජදා තිලාවත්' ඉටු කර ඇත. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ හදීසය මගින් එය තහවුරු වේ.: එතුමාණන් ඉෂා සලාතයේ දී: إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ යන සූරාව පාරායනය කළහ: (අල් ඉන්ෂිකාක්: 1) එහිදී එතුමා සුජූද් කළහ. (60) මෙය බුහාරි තුමා "කිතාබුල් අදාන්" හි "ඉත්මාම් අත්-තක්බීර් ෆී අල් රුකූඉ" නම් පාඩමෙහි වාර්තා කර ඇත, අංක (785). මුස්ලිම් තුමා "කිතාබුස් සලාත්" හි "ඉස්බාත් අල් තක්බීර් ෆී කුල්ලි හෆ්දි ව රෆ්ඉ" නම් පාඩමෙහි වාර්තා කර ඇත, අංක (392), අබූ හුරෛරා (රළිඅල්ලාහු අන්හු) තුමාගේ හදීසයකි. [61] මෙය බුහාරි තුමා "කිතාබුල් අදාන්" හි "අල්-කිරාආ ෆිල් ඉෂා බිස්-සජදා" නම් පාඩමේ අංක (768) ලෙස වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා "කිතාබුල් මසාජිද්" හි "සුජූදුත් තිලාවා" නම් පාඩමේ අංක (578) යටතේ වාර්තා කර ඇත.

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සලාතයෙහි තක්බීර් පිළිබඳ විස්තර කරන අය, මෙයින් සුජූදුත් තිලාවා වෙන්කර දක්වන්නේ නැත. එයින් පෙනෙන්නේ, සලාතයෙහි සුජූදුත් තිලාවා, සලාතයෙහි මූලික සුජූද් මෙන්මය. සුජූද් කරන විටත්, නැගිටින විටත් තක්බීර් පවසන බවයි.

එය පාරායනය කරන පාඨය අවසානයේ දී වුව ද, එහි මැද දී වුවද වෙනසක් නැත. ඒ අනුව සුජූද් කරන විට තක්බීර් පවසයි, නැගිටින විට තක්බීර් පවසයි, පසුව රුකුඋ කරන විට රුකුඋ සඳහා තක්බීර් පවසයි. තක්බීර් දෙකක් එකින් පසු එකක් පැවසීමෙන් කිසිදු හානියක් නැත. මක්නිසාදයත් ඒ දෙකෙහි හේතු වෙනස් වන බැවිනි.

ඇතැම් ජනයා සලාතයේදී සජ්දා පාඨයක් කිය වූ විට, සජ්දා කිරීමේ දී සජ්දා සඳහා තක්බීර් පවසන නමුත් නැගිටීමේදී තක්බීර් නොපවසති. ඒ සඳහා කිසිදු මූලාශ්‍රයක් මම දැක නැත. සජ්දාත් තිලාවේ සිට නැගිටින අවස්ථාවේ තක්බීර් පැවසීම සම්බන්ධයෙන් සඳහන් මතභේදය සලාතයෙන් පිටත සිදු කරන සජ්දා සම්බන්ධයෙනි. සලාතය අතරතුර සිදු කරන සජ්දාව සලාතයට අදාළවන සජ්දා ලෙස සැලකේ. එනම්, සජ්දාත් සිදු කරන විට තක්බීර් පැවසීමත් සජ්දාත් සිට නැගිටින විට තක්බීර් පැවසීමත්ය.

මගියාගේ සලාතය හා උපවාසය

මගියාගේ සලාතය, ඔහු තම නගරයෙන් පිට ව යන මොහොතේ සිට නැවත එහි පැමිණෙන තෙක් රකආත් දෙකකි. එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශය අනුවය: "සලාතය ප්‍රථම වරට අනිවාර්ය ය කළ විට එය රකආත් දෙකක් ලෙස අනිවාර්යය කරන ලදී. පසුව එය මගියෙකුගේ සලාතය වශයෙන් පිළිගනු ලැබීය. පදිංචි ව සිටින්නෙකුගේ සලාතය (රකආත් හතරක් වශයෙන්) පූර්ණවත් කරනු ලැබීය." (62) තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ. "පදිංචිව සින්නාගේ සලාතයේ වැඩි විය."[63]. (62) මෙය බුහාරි තුමා "කිතාබුල් තක්සීර්" නම් පාඩමේ "බාබු යක්සුරු ඉදා කරජ මින් මව්ලිඉහි" නම් මාතෘකාවේ හදීස් අංක (1090) යටතේ වාර්තා කර ඇති අතර මුස්ලිම් තුමා "කිතාබුල් සලාතල් මුසෆිරීන් ව කස්රුහා" නම් පාඩමේ හදීස් අංක (685/3) යටතේ වාර්තා කර ඇත. [63] මෙය බුහාරි තුමා "කිතාබුල් සලාහ්" නම් පාඩමේ, "බාබු කයිෆ ෆුරිළතිස් සලාතු ෆිල් ඉස්රා" යන මාතෘකාවේ හදීස් අංක 350 යටතේ වාර්තා කර ඇත. මුස්ලිම් තුමා "කිතාබුල් සලාතිල් මුසාෆිරීන් ව කස්රුහා" නම් පාඩමේ හදීස් අංක 685/1 යටතේ වාර්තා කර ඇත.

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරන ලදී: "අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ මදීනාවෙහි සිට මක්කාහ් වෙත පිටත් ව ගියෙමු. මදීනාවට අපි නැවත පැමිණෙන තෙක් එතුමාණන් රකආත් දෙක දෙක බැගින් සලාතය ඉටු කරමින් සිටියහ." (64) මෙය බුහාරි තුමා විසින් "කිතාබුත් තක්සීර්" නම් පාඩමේ "බාබු මා ජාඅ ෆිත් තක්සීර්' නමැති පරිච්ඡේදයේ හදීස් අංක (1081) යටතේ ද මුස්ලිම් තුමා විසින් "කිතාබු සලාතිල් මුසාෆිරීන් ව කස්රුහා" නම් පාඩමේ හදීස් අංක (693) යටතේ ද මෙය වාර්තා කර ඇත.

නමුත්, ඉමාම් සමඟ සලාතය ඉටු කරන විට, සලාතය ආරම්භයේ සිට හෝ එහි කොටසක් අහිමි වූවද, සලාතය සම්පූර්ණයෙන්ම රකආත් හතරක් ලෙස ඉටු කරයි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශ කළ පොදු කියමනට අනුවය. "ඔබ ඉකාමතයට සවන් දුන් විට සලාතය සඳහා ඇවිද යනු. ශාන්තබව හා නිහතමානීත්වය පිළිපදිනු. වේගයෙන් ගමන් නොකරනු. ඔබට සලාතයේ කුමන කොටස (ඉමාම් සමඟ) හිමි වන්නේ ද එය ඔබ ඉටු කරනු. ඔබට කුමක් අතපසු වූයේ ද එය ඔබ පූර්ණවත් කරනු." [65] "ඔබට සලාතයේ කුමන කොටස (ඉමාම් සමඟ) හිමි වන්නේ ද එය ඔබ ඉටු කරනු. ඔබට කුමක් අතපසු වූයේ ද එය ඔබ පූර්ණවත් කරනු." යන ප්‍රකාශයේ පොදු මතය රකආත් හතරක් ඉටු කරන ඉමාම් වරයකු හෝ වෙනත් අයකු පසපසින් සලාතය අනුගමනය කරන මගීන් ඇතුළත් වෙයි. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන් මෙසේ විමසන ලදී: : රකආත් දෙකක් තනිව ඉටු කරන හා පදිංචිකරුවකු පිළිපදිමින් රකආත් හතරක් ඉටු කරන මගියකුගේ තත්තවය කුමක් ද? එවිට හෙතෙම මෙසේ පැවසීය. "එය නබි මඟය."[66] [65] මෙය බුහාරි තුමා "අදාන්" නම් පාඩමේ "ලා යස්ආ ඉලස් සලාති" යන මාතෘකාවේ හදීස් අංක (636) යටතේ හා "බාබු කව්ලිර් රජුලි ෆාතත්නා අස්සලාත්" යන මාතෘකාවේ හදීස් අංකය (635) යටතේ වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා "මසාජිද්" නම් පාඩමේ, "ඉස්තිහ්බාබු ඉත්යානිස් සලාති බිවකාරින් වසකීනතින්" යන මාතෘකාවේ හදීස් අංක (602) (603) යටතේ වාර්තා කර ඇත. මෙය අබූ හුරෙයිරා සහ අබූ කතාදා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලද හදීසයකි, මෙහි සඳහන් පද පෙළ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) සතු වූවකි. (66) මෙය ඉමාම් අහ්මද් තුමා ‘අල්-මුස්නද්’ (1/216) හි වාර්තා කර ඇත.

මගියාට සාමූහික සලාතය අහෝසි වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් සටන් අවස්ථාවක පවා එය නියම කර ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතු ය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතු ය. සලාතය ඉටු නො කළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතු ය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතු ය..." (අන් නිසා: 102) පාඨය

ඒ අනුව, ගමන්කරු තමන්ගේ නගරයෙන් පිටත් ව ගොස් වෙනත් නගරයක සිටින විට, ඔහු අදානයට සවන් දුන්නේ නම් මස්ජිදයේ සාමුහික සලාතයට සහභාගී වීම අනිවාර්යය වේ. නමුත් ඔහු දුර බැහැර ප්‍රදේශයක සිටියේ නම් හෝ ඔහුගේ මගී කණ්ඩායම අහිමි වනු ඇතැයි බියක් හට ගැනුනේ නම් හෝ එවැනි අවස්ථාවක අනිවාර්යය නොවේ. මක්නිසාදයත් සාමුහික සලාතය අනිවාර්යය බව පෙන්වා දෙන හදීස් පොදුවේ පෙන්වා දෙනුයේ අදානයට හෝ ඉකාමතයට සවන් දුන් පුද්ගලයන් හටය.

අතිරේක සලාතයන් සම්බන්ධයෙන් නම්; මගියා ලුහර්, මග්රිබ් හා ඉෂා සලාතයන්ට අදාළ රාතිබ් සුන්නත් සලාතයන් හැර සෙසු සියලුම නෆීල් සලාතයන් ඉටු කරනු ඇත. විත්ර්, කියාමුල් ලෙයිල්, සලාතුල් ලුහා, ෆජ්ර්හි පෙර සුන්නත් සහ රාතිබ් නොවන වෙනත් අතිරේක සලාතයන් ඉටු කරනු ඇත.

සලාතය එක් කිරීම සම්බන්ධයෙන් ගත් කල: කෙනෙක් ගමනක යෙදී සිටියේ නම්, ළුහර් හා අසර්, මග්රිබ් හා ඉෂා සලාතයන් එක් කිරීම වඩාත් උතුම්ය. එය කල් ඇතිව හෝ ප්‍රමාදව තමන්ට පහසු ආකාරයට ඉටු කළ හැක. නමුත් ඔහු ගොඩබැස නැවතී සිටියේ නම්, වඩාත් උතුම් වන්නේ එක් නොකිරීමය. එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් සත්‍යය ලෙස වාර්තා වී ඇත.

රමළාන් මාසයේ මගියාගේ උපවාසය සම්බන්ධයෙන් වූ කලී: උපවාසය රැකීම වඩාත් උතුම්ය. එසේම, උපවාසයෙන් මිදුනේ නම් එහි ද වරදක් නැත. නමුත් ඔහු උපවාසයෙන් මිදී සිටි දින ගණන් බලා නැවත ඒවා ඉටු කළ යුතුය. එසේම, උපවාසයෙන් මිදීම ඔහුට පහසු නම්, උපවාසයෙන් මිදීම ය වඩාත් උතුම් වන්නේ. මක්නිසාදයත් අල්ලාහ් තමන් පිරිනමා ඇති සහනයන් පිළිපැදීම ප්‍රිය කරන බැවිනි. සියලු ප්‍රශංසා පරමාධිපතියාණන් වන අල්ලාහ්ය සතු ය.

මුහම්මද් අස්-සාලිහ් අල්-උසෙය්මීන් විසින් ලියන ලද්දකි.

හිජ්රි 5/12/1409.

ගුවන් යානයක ගමන් කරන විට සලාත් ඉටු කළ යුත්තේ කෙසේද?

1- ගුවන් යානයේ ගමන් මාර්ගය අනුව ඔහුගේ ආසනයේ ඔහු වාඩිව සිටිය දී නෆීල් සලාත් ඉටු කරයි. එහි දී රුකූඃ හා සුජූද් ඉරියව්වන් ඔහු සංඛේතවත් කරයි. සංඛේතවත් කිරීමේ දී සුජූද් ඉරියව්ව රුකූඃ ඉරියව්වට වඩා පහත් විය යුතුය.

2- කිබ්ලා දෙසට මුළු සලාතයම මුහුණලා සිටිය හැකි නම් සහ රුකූ, සුජූද්, නැගී සිටීම හා වාඩිවීම ඉටු කළ හැකි නම් පමණක් ගුවන් යානයේ අනිවාර්යය සලාතය ඉටු කළ යුතුය.

3- එය ඉටු කිරීමට නොහැකි නම්, යානය ගොඩ බසින තෙක් සලාතය ප්‍රමාද කර ගොඩ බිමේ දී එය ඉටු කළ යුතු වේ. ගොඩ බැසීමට පෙර වේලාව ඉවත්වනු ඇතැයි බිය වූ විට, එය දෙවැනි සලාතය සමඟ එකතු කළ හැකි නම්, උදාහරණයක් ලෙස ළුහර් සමඟ අස්ර් හෝ මග්රිබ් සමඟ ඉෂා, එය දෙවැනි සලාතයේ වේලාවට ප්‍රමාද කරයි. දෙවැනි සලාතයේ වේලාව ඉවත්වනු ඇතැයි බිය වූ විට, ඔහු ඒ දෙකම ගුවන් යානයේදී වේලාව ඉවත්වීමට පෙර ඉටු කරයි. එහි දී සලාතයේ කොන්දේසි, මූලිකාංග හා වගකීම් පිළිපදිමින් තමන්ට හැකි පමණින් ඉටු කළ යුතුය.

(උදාහරණයක් ලෙස) ගුවන් යානය හිරු බැස යාමට පෙර ගුවන්ගත වූ විට, ඔහු ගුවන් යානයේ සිටියදීම හිරු බැස ගියේ නම්, ගුවන් තොටුපලට යානය බසින තෙක් මග්රිබ් සලාතය ඉටු නොකරයි. පසුව ඉන් බැස සලාතය ඉටු කරයි. මග්රිබ් සලාතයෙහි වේලාව අවසන් වීමේ බිය ඇති නම්; එය ඉෂා වේලාවට ප්‍රමාද කර, ඔහු බිමට බැස්සායින් පසු ඒ දෙක එක් කොට ප්‍රමාද කරමින් ඉටු කරයි. ඉෂා සලාතයෙහි වේලාව අවසන් වීමේ බිය ඇති නම් - එය මධ්‍යම රාත්‍රියේ දී, ඔහු ඒ දෙක, වේලාව අවසන් වීමට පෙර ගුවන් යානයේම ඉටු කරයි.

4- ගුවන් යානයේදී අනිවාර්ය සලාතය ඉටු කිරීමේ ක්‍රමය: නැගී සිට, කිබ්ලා දිශාවට මුහුණලා, "අල්ලාහු අක්බර්" යැයි පවසමින් ආරම්භක තක්බීර් පවසා පසුව සූරා අල්-ෆාතිහා කියවයි. ඊට පෙර ඇති ප්‍රාරම්භක ප්‍රාර්ථනාව හා ඊට පසු පාරායනය කිරීමට නිර්දේශිත අල්-කුර්ආන් පාඨ කියවීම සුන්නාවකි. පසුව රුකූඃ කරයි. පසුව රුකූඃවෙන් නැගී සිට ඍජුව සිට ගනියි. පසුව සුජූද් කරයි. පසුව සුජූදයෙන් නැගිට වාඩි වෙයි. පසුව දෙවන වරටත් සුජූද් කරයි. පසුව ඔහුගේ ඉතිරි සලාතයද මෙලෙසම ඉටු කරයි.

එසේම සුජූද් කිරීමට නොහැකි වූයේ නම් වාඩි වී සිටිමින් සුජූද් සඳහා සංඛේතවත් කළ යුතුය. කිබ්ලා දැන නොසිටියේ නම් හෝ විශ්වාස කළ හැකි කෙනෙකු විසින් ඒ බව දැනුම් නො දුන්නේ නම් ඔහු කිබ්ලා තක්සේරු කොට සලාතය ඉටු කළ යුතුයි.

5- ගුවන් යානයේ මගියාගේ සලාතය කෙටි වේ. ඒ අනුව අනෙකුත් මගීන් මෙන්ම රකආත් හතරේ සලාතය රකආත් දෙකක් වශයෙන් ඉටු කරයි.

ගුවන් යානයෙන් ගමන් කරන කෙනෙකු හජ් හා උම්රා සඳහා ඉහ්රාම් බඳින්නේ කෙසේ ද?

1. ඔහු නිවසේදී ජලස්නානය කර, තම සාමාන්‍ය ඇඳුම් ඇඳ ගනියි. ඔහු අභිමත කළ විටෙක, ඉහ්රාම් වස්ත්‍රය ඇඳ ගනියි.

2- ගුවන් යානය සීමා මාඉමට සමාන්තරව ළඟා වූ විට, කලින් ඉහ්රාම් වස්ත්‍රය ඇඳ නොතිබුණේ නම්, ඉහ්රාම් වස්ත්‍රය ඇඳ ගනියි.

3- ගුවන් යානය සීමා මාඉම වෙත සමාන්තරව පිහිටන විට, නුස්ක් (පිළිවෙත්) ආරම්භ කිරීමේ චේතනාව අදිටන් කර ගනී. පසුව තමන්ගේ හජ් හෝ උම්රා සඳහා අදිටන් කළ තල්බියාව පවසයි.

4- මීකාත් හෙවත් සීමා මාඉමට ළඟා වීමට පෙර අමතක වනු ඇතැයි හෝ අතපසු වනු ඇතැයි බියක් ඇති වූ විටෙක පූර්ව සූදානමක් ලෙස ඉහ්රාම් පැළද ගත්තේ නම් එහි වරදක් නැත.

මුහම්මද් අස්-සාලිහ් අල්-උසෙය්මීන් විසින් එය ලියන ලද්දකි.

හිජ්රි 2/5/1409. ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.

අසනීප තත්ත්වය සහ රෝගියා සැලකිල්ලට ගත යුතු කරුණු

අසනීප තත්ත්වය (රෝගය): සෞඛ්‍යයෙහි ඇතිවන අයහපත් තත්ත්වය සහ ශරීරය සාමාන්‍ය තත්වයෙන් ඉවතට යාම.

රෝගියා පහත සඳහන් කරුණු සලකා බැලිය යුතුය:

1- ඔහුට සිදුවූ දේ අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය අනුව සිදුව ඇති බව විශ්වාස කිරීම: මක්නිසාදයත් එය ඔහුට නියම කළේ ඔහුගේ පරමාධිපතියාණන් වන බැවිනි. ඔහු එහි මැවුම්කරු හා හිමිකරු වේ. ඒ අනුව ඔහුගේ සිත ඔහු තැන්පත් කර ගනියි. තෘප්තියට පත්ව, සියල්ල අල්ලාහ්ට භාර කරයි.

2- මෙම කරුණ ලියන ලද්දක් බවට විශ්වාස කිරීම. ලියන ලද්දක් වෙනස් කළ නොහැකිය.

3- ඒ මත ඉවසීමෙන් කටයුතු කිරීම; උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නුඹලා ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ ය." (අල් අන්ෆාල්: 46)

4- ඔහුගේ හදවත තම පරමාධිපතියාණන් වෙත සම්බන්ධ කර, සර්වබලධාරි අල්ලාහ් වන ඔහුගෙන් සහනයක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. මක්නිසාදයත් එය හදීස් අල්- කුද්සිහි ඔහුගේ ප්‍රකාශය අනුවය.: "මම මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස වෙමි."[67] නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "සහනය දුක්කය සමඟ ඇත. දුෂ්කරතාව පහසු ව සමඟ ඇත." (68) [67] මෙය බුහාරි තුමා විසින් 'කිතාබුත් තව්හීද්' හි, 'වයුහද්දිරුකුමුල්ලාහු නෆ්සහූ' යන පරිච්ඡේදයේ හදීස් අංක (7405) යටතේ වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා විසින් 'කිතාබුල් ඝික්ර් වද් දුආ' හි, 'අල්-හස්සු අලා දික්රිල්ලාහි තආලා' යන පරිච්ඡේදයේ හදීස් අංක (2675) යටතේ වාර්තා කර ඇත. මෙය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලද්දකි. (68) මෙය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයක් ලෙස ඉමාම් අහ්මද් ‘අල්-මුස්නද්’ (1/307) හි වාර්තා කර ඇත.

5- ඔහුගේ විවේක කාලය අල්ලාහ්ව මෙනෙහි කිරීමටත් අල් කුර්ආනය පාරායනය කිරීමටත්, පසු තැවිලි වී පාපක්ෂමාව අයැද සිටීමටත් අවස්ථාවක් බවට පත් කර ගැනීම.

6- තම රෝගය කිසිවෙකුට පැමිණිලි නොකර, එය සුවපත් කිරීමට හැකි තම නිර්මාතෘට පමණක් ප්‍රකාශ කළ යුතුය. රෝගය පිළිබඳව තොරතුරු ලබා දීමේ අරමුණින් පමණක් එය පවසනවා නම් කිසිදු වරදක් නැත. නමුත් එය පැමිණිල්ලක් ලෙස නොවිය යුතුය.

7 - උත්තරීතර අල්ලාහ් තමාට ලබා දුන් යහපත් සෞඛ්‍යයේ වටිනාකම ඔහු හඳුනාගත යුතුය. එමඟින් ඔහුගේ රෝගී සහෝදරයන්ට ඔහු අනුකම්පා කරනු ඇත.

8- රෝගාබාධ මගින් අල්ලාහ් පාපකම් මකා දමන බවත් නරක ක්‍රියාවන් ඉවත් කරන බවත් ඔහු දැන සිටිය යුතුය, මන්ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූ බව සනාථ වී ඇත: “මුස්ලිම්වරයකුට රෝගයක් හෝ වෙනත් කිසියම් වේදනාවක් ඇති වූ විටෙක, ඒ හේතුවෙන් ගසක කොළ වැටෙන්නාක් සේ අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු ඇත.”(69) එතුමාණන් විසින් මෙසේ ද ප්‍රකාශ කර ඇත. “මුස්ලිම්වරයකුට කිසියම් විපතක් ඇති වූ විටෙක ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු ඇත.”(70) එනම් ඔහුගේ වැරදි. [69] ඉමාම් බුහාරි "මර්ළා" නම් පාඩමේ "වල්උල් යදි අලල් මරීල්" යන මාතෘකාවේ හදීස් අංක (5660) යටතේ මෙය වාර්තා කර ඇති අතර ඉමාම් මුස්ලිම් "බිර්රු වස්-සිලා" නම් පාඩමේ "සවාබුල් මුඃමිනි ෆීමා යුසීබුහු" යන මාතෘකාවේ හදීස් අංක (2571) යටතේ වාර්තා කර ඇත. මෙය ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලද්දකි. [70] බුහාරි තුමා 'මර්ළා' නම් පාඩමේ 'මා ජාඅ ෆී කෆ්ෆාරදින් මර්ළි' යන මාතෘකාවේ හදීස් අංක (5640) යටතේ මෙය වාර්තා කර ඇති අතර මුස්ලිම් තුමා 'බිර්රු වස්-සිලා' නම් පාඩමේ 'සවාබුල් මුඃමිනි ෆීමා යුසීබුහු' යන මාතෘකාවේ හදීස් අංක (2572) යටතේ වාර්තා කර ඇත. මෙය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකි.

රෝගියා පිරිසිදු විය යුත්තේ කෙසේ ද?

1- රෝගියා ජලයෙන් පිරිසිදු විය යුතුය, සුළු කිලිට්ටෙන් පිරිසිදු වීමට වුළු හෙවත් අර්ධ ධෝවනය සිදු කර ගත යුතු අතර මහා කිලිට්ටෙන් පිරිසිදු වීමට ස්නානය කළ යුතුය.

2- ඔහුට ජලය මගින් පිරිසිදු වීමට නොහැකි වූ විටෙක, එය කළ නොහැකි තත්ත්වයක් හෝ රෝගය වැඩි වීමේ බියක් හෝ සුව වීම ප්‍රමාද වීමේ බියක් ඇති වූ විටෙක ඔහු තයම්මුම් කරයි.

3- තයම්මුම් කරන ක්‍රමය: පිරිසිදු පොළවට තම දෑත් එක් වරක් ගසා, ඒ දෙකින් මුළු මුහුණ පිරිමැද, පසුව දෑත් එකිනෙක පිරිමැදීමය.

4- ඔහුට ස්වයංව පිරිසිදු වීමට නොහැකි වූ විටෙක, වෙනත් පුද්ගලයෙකු ඔහුට වුළු කර දෙනු ඇත. එසේ නැතහොත් තයම්මුම් කර දෙනු ඇත.

5- පිරිසිදු වීමේ දී ශරීර අවයවයක තුවාලයක් තිබේ නම්, එය ද ජලයෙන් සෝදා ගත යුතුය. ජලයෙන් සේදීම එම තුවාලයට හානිදායක නම්, ඒ මත පිරිමැදිය යුතුය. එනම් අත ජලයෙන් තෙත් කර එය තුවාලය මත ගෙන යාමය. එසේ පිරිමැදීම ද එම තුවාලයට හානිදායක නම්, ඒ සඳහා තයම්මුම් කළ යුතුය.

6- ඔහුගේ කිසියම් අවයවයක බිඳීමක් ඇතිවී එය රෙදි කැබැල්ලකින් හෝ වෙළුම් පටියකින් (ගල් බැන්ඩේජයකින්) හෝ ආවරණය කර ඇති විටෙක, එය සේදීම වෙනුවට ජලයෙන් පිරිමැදිය යුතුය. තයම්මුම් අවශ්‍ය වන්නේ නැත. මන්ද පිරිමැදීම සේදීම වෙනුවට කරන ක්‍රියාවකි.

7. බිත්තියක් හෝ වෙනත් පිරිසිඳු ද්‍රව්‍යයක් මත දූවිලි ඇති නම් එහි තයම්මුම් කළ හැක. එම බිත්තිය තීන්ත වැනි පොළවට අයත් නොවන ද්‍රව්‍යයකින් නිමා කර ඇත් නම්, එහි තයම්මුම් කළ හැක්කේ දූවිලි ඇති විටෙක පමණි.

8- පොළව මත හෝ බිත්තිය මත හෝ දූවිලි ඇති වෙනත් දෙයක් මත තයම්මුම් කිරීමට නොහැකි වූ විට, භාජනයක් හෝ පිස්නයක් මත පස් තබා එයින් තයම්මුම් සිදු කර ගැනීමේ කිසිදු වරදක් නැත.

9- සලාතයක් සඳහා තයම්මුම් කර, අනෙක් සලාතයේ වේලාවට පිරිසිදු තත්ත්වය පවතින්නේ නම්; ඔහු පළමු තයම්මුම් මගින් එය ද ඉටු කරයි, දෙවන සලාතය සඳහා නැවත තයම්මුම් නොකරයි. මක්නිසාදයත් ඔහු පිරිසිදු තත්ත්වය පසුවන අතර, එය අවලංගු කරන කිසිවක් සිදුව නොමැත. ජනාබාතය සඳහා තයම්මුම් කළ විට; ඔහු නැවතත් වෙනත් ජනාබාතයක් ඇති වන තෙක් නැවත තයම්මුම් නො කරයි, නමුත් එම කාලය තුළ කුඩා හදස් සඳහා තයම්මුම් සිදු කර ගනියි.

10- රෝගියා තම ශරීරය අපවිත්‍ර දැයින් පිරිසිදුව තබා ගත යුතුය. එයට නොහැකි නම්, ඔහුට හැකි පරිදි සලාතය ඉටු කළ හැක. ඔහුගේ එම සලාතය වලංගු වන අතර නැවත ඉටු කිරීම අවශ්‍ය නොවේ.

11- රෝගියා පිරිසිදු ඇඳුමින් සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ ඇඳුම් අපවිත්‍ර වූයේ නම්, ඒවා සෝදා ගත යුතුය එසේ නැතහොත් පිරිසිදු ඇඳුමක් මාරු කර ගත යුතුය. එය නොහැකි කාර්යයක් නම්, ඔහු පසුවන තත්ත්වයේම සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ සලාතය වලංගුය. නැවත ඉටු කිරීම අවශ්‍ය නොවේ.

12- රෝගියා පිරිසිදු දෙයක මත සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ ස්ථානය අපිරිසිදු වූ විට, එය සේදිය යුතුය. නැතහොත් පිරිසිදු දෙයකින් මාරු කළ යුතුය. නැතහොත් ඒ මත පිරිසිදු දෙයක් එලිය යුතුය. එසේ නොමැතිනම්, ඔහු පසුවන තත්ත්වය මත සලාතය ඉටු කළ යුතුය. එම සලාතය වලංගු වන අතර, නැවත ඉටු කිරීම අවශ්‍ය නොවේ.

13- රෝගී තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට පිරිසිදු වීමේ අපහසුතාවය නිසා සලාතය නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම අනුමත නොවේ. ඔහුට හැකි පමණින් පිරිසිදු වී, පසුව සලාතය නියමිත වේලාවට ඉටු කළ යුතුය. ඔහුගේ ශරීරය, ඇඳුම හෝ ස්ථානය පිරිසිදු කිරීම අපහසු නම් වුවද, එසේම සලාතය ඉටු කළ යුතුය. උත්තරීතරයාණන් මෙසේ පවසා ඇත: "එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු..." (අත්-තඝාබුන් : 16)

දේව ගැති මුහම්ද් අස්-සාලිහ් අල්උසයිමින් විසින් ලියන ලද්දකි.

හිජ්රි 9/1/1403.

රෝගියා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද?

1- රෝගියා අනිවාර්යය සලාතය නැවී හෝ සිටගත් තත්ත්වයේ ඉටු කළ යුතුය. නැතිනම් බිත්තියක් හෝ සැරයටියක් වැනි යමක් මත හාන්සි වීමේ අවශ්‍යතාවක් ඔහුට වී නම්, එසේ ඔහු හාන්සි වී හෝ එය ඉටු කළ යුතුය.

2. නැගී සිටීමට නොහැකි නම් වාඩි වෙමින් සලාතය ඉටු කළ යුතුය. නැගී සිටීමේ හා රුකූඋ ඉරියව්වේ දී කකුල් හරස් කරමින් එරමිණිය ගොතාගෙන වාඩි වීම වඩාත් උතුම්ය.

3- වාඩි වී සලාතය ඉටු කිරීමට නොහැකි නම් ඔහු ඉල පැත්තට ඇළවී කිබ්ලා දෙසට හැරී සලාතය ඉටු කළ යුතුය. දකුණු පැත්තට ඇළවීම වඩාත් උතුම්ය. කිබ්ලා දෙසට හැරී සිටීමට නොහැකි නම් ඔහු සිටින දිශාවටම සලාතය ඉටු කළ යුතුය. එම සලාතය වලංගු වන අතර නැවත ඉටු කිරීම අවශ්‍ය නොවේ.

ඔහුට පැත්තට ඇලවී සලාතය ඉටු කිරීමට නොහැකි නම්, කිබ්ලා දෙසට පාද තබා උඩුබැලිව සලාතය ඉටු කළ යුතුය. කිබ්ලා දෙසට පාද දිගු කළ නොහැකි නම් එය තිබෙන පරිදිම තිබෙන්නට හැර සලාතය ඉටු කළ යුතුය. නැවත සලාතය ඉටු කිරීම අවශ්‍ය නොවේ.

5. රෝගියා තම සලාතයේ රුකූ හා සුජූද් කළ යුතුය. එය නොහැකි නම් ඔහු තම හිසෙන් ඒවා සංඛේත කරයි. සුජූද් රුකූවට වඩා පහතින් සකසා ගත යුතුය. රුකූ කළ හැකි නමුත් සුජූද් කළ නොහැකි නම්, රුකූ කරන විට රුකූ කර සුජූද් සඳහා සංඛේත කරයි. සුජූද් කළ හැකි නමුත් රුකූ කළ නොහැකි නම්, සුජූද් කරන විට සුජූද් කර රුකූ සඳහා සංඛේත කරයි.

6- රුකූඃ හා සුජූද් සඳහා තම හිසෙන් සංඛේත කිරීමට නොහැකි නම් ඔහු තම දෑසින් සංඛේත කරයි. එහි දී රුකූ සඳහා මදක් ඇස් වසා ගන්නා අතර සුජූද් සඳහා ඊට වඩා වැඩියෙන් ඇස් වසා ගනියි. ඇතැම් රෝගීන් සිදු කරන පරිදි ඇඟිල්ලෙන් සංඛේත කිරීම නිවැරදි නොවේ. එයට කුර්ආනයෙන් හෝ සුන්නාවෙන් හෝ විද්වතුන්ගේ ප්‍රකාශ වලින් හෝ කිසිදු මූලාශ්‍රයක් නොමැත.

7- ඔහුගේ හිසෙන් සංඛේතවත් කිරීමට හෝ ඇසින් සංඛේතවත් කිරීමට නොහැකි නම්, ඔහුගේ හදවතින් සලාතය ඉටු කළ යුතුය. ඔහු තක්බීර් පවසයි; පාරායනය කරයි; රුකූ, සුජූද්, කියාම් සහ ජුලූස් යන ඉරියව්වන් ඔහුගේ හදවතින් අදිටන් කර ගනියි. සෑම පුද්ගලයෙකුටම අයත් නියමය අදිටනය අනුව පිහිටනු ඇත.

8- රෝගියා සෑම සලාතයක්ම එහි නියමිත වේලාවේ ඉටු කළ යුතුය. එහිදී ඔහුට හැකි පමණින් එහි අනිවාර්යය කටයුතු ඉටු කළ යුතුය. ඔහුට සෑම සලාතයක්ම එහි නියමිත වේලාවේ ඉටු කිරීම අපහසු නම්, ඔහුට ලුහර් සහ අසර් සලාතය ද මග්රිබ් සහ ඉෂා සලාතය ද එකට ඒකාබද්ධ කළ හැක. එහි දී ඔහුට පහසු පරිදි අසර් සලාතය ළුහර් සලාතය සමඟ ඉදිරියට ගෙන ඒමට හෝ ඉෂා සලාතය මග්රිබ් සලාතය සමඟ ඉදිරියට ගෙන ඒමට හැකි මෙන්ම ළුහර් සලාතය අසර් සලාතය සමඟ ප්‍රමාද කිරීම හෝ මග්රිබ් සලාතය ඉෂා සලාතය සමඟ ප්‍රමාද කිරීමට ද හැක. ෆජ්ර් සලාතය සම්බන්ධයෙන් නම්, එයට පෙර හෝ පසු සලාතයක් සමඟ එකට ඒකාබද්ධ කරනු නොලැබේ.

9- රෝගියා ගමනක නිරතව තම නගරයෙන් පිටත ප්‍රතිකාර ලබමින් සිටින විට, ඔහු රකආත් හතරේ සලාතයන් කෙටි කරයි. එනම් ඔහු තම නගරයට නැවත පැමිණෙන තුරු ලුහර්, අස්ර් සහ ඉෂා සලාතයන් රකආත් දෙකක් වශයෙන් ඉටු කරයි. ඔහුගේ ගමන් කාලය දිගු වුවත් කෙටි වුවත් එක සමානය (නීතිය පොදු වේ.)

රෝගියා උපවසාය රැකිය යුත්තේ කෙසේද?

1- රෝගියාට උපවාසය සමඟ තත්ත්ව තුනක් ඇත:

පළමු තත්ත්වය: උපවාසය ඔහුට අපහසුවක් නොවීම හෝ හානියක් නොවීම. එවිට ඔහු උපවාසය රැකීම අනිවාර්ය වේ.

දෙවැනි තත්ත්වය: උපවාසය රැකීම ඔහුට අපහසු වීම. එවිට උපවාසය රැකීම ඔහුට යෝග්‍ය නොවේ. මක්නිසාදයත් උත්තරීතර අල්ලාහ් පිරිනමා ඇති සහනය ඔහු පිළිගැනීමට අකමැති වන බැවිනි.

තුන්වන තත්ත්වය: උපවාසය ඔහුට හානිදායක වීම. එවිට උපවාසය රැකීම ඔහුට තහනම් වන අතර, ඔහුගේ උපවාසය නිසා ඔහු පව්කාරයෙකු වනු ඇත. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය: "... තවද නුඹලා නුඹලාව ම ඝාතනය නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය." (අන්-නිසා: 29) තවද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය: “තමන්ගේ ආත්මයට තමන් ඉටුකළ යුතු යුතුකම් ඇත” බුහාරි හා මුස්ලිම්. මෙය දීගු හදීසයක කොටසකි.(71) [71] මෙය බුහාරි තුමා විසින් 'තහජ්ජුද්' නම් පාඩමේ හදීස් අංක (1153) යටතේ හා මුස්ලිම් තුමා විසින් 'සියාම්' නම් පාඩමේ 'අන්-නහ්යු අන් සව්මිද් දහ්ර්' යන මාතෘකාවේ හදීස් අංක (1159/182-186) යටතේ වාර්තා වී ඇත. මෙය අබ්දුල්ලාහ් බ්න් අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කර ඇත.

2- අල්ලාහ් රෝගියා සුවපත් කළ විට තම උපවාසය ඔහු නැවත ඉටු කළ යුතු අතර, එය දෙවන රමළානය දක්වා ප්‍රමාද නොකළ යුතුය.

3- ඔහුගේ රෝගය නිට්ටාවට සුව කළ නොහැකි වීම නිසා ඉදිරියටත් උපවාසය ඉටු කළ නොහැකි නම්, රමළාන් මාසයේ සෑම දිනකම, මාසයේ දින ගණනට සරිලන පරිදි දුප්පත් පුද්ගලයකුට ආහාර සැපයිය යුතුය. එනම් සෑම දිනකම ඒ ඒ දිනටම හෝ මාසයේ අවසාන දිනයේදී හෝ, මාසයේ දින ගණනට සරිලන පරිදි දුප්පත් පුද්ගලයන්ට ආහාර සැපයිය යුතුය. එසේ නැතහොත් දින දහයක් ගතවූ විට දහ දෙනෙකුට ආහාර සැපයිය යුතුය.

4- රමළාන් මාසයෙන් පසු රෝගියා සුවය ලබා ඔහුට උපවාසය ඉටු කළ හැකි වූ නමුත් මිය යන තුරුම උපවාසය නොකළේ නම්; ඔහු වෙනුවෙන් ඔහුගේ උරුමකරු උපවාසයේ නිරත විය යුතුය. එසේ නොකළහොත්; ඔහු අත්හැර දමා ගිය වස්තුවෙන් සෑම දිනයක් වෙනුවෙන්ම දුගියකුට ආහාර සැපයිය යුතුය. ඔහුගේ උරුමකරු ආහාර සැපයීමට කැමති නම් එහි කිසිදු වරදක් නැත.

ස්වෙච්ඡා අතිරේක සලාතය

එහි මහිමය:

අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමා ඇති ඔහුගේ අසීමිත කරුණාවෙන් එකක් වනුයේ සෑම අනිවාර්ය නැමදුමක් සඳහාම ඒවාට සමාන අමතර නැමදුමක් පිහිටුවා තිබීමයි. සලාතයට සමාන අමතර සලාත් පවතින අතර, සකාත් සඳහා සමාන අමතර දානයන් ද පවතී. එමෙන්ම උපවාසයට සමාන අමතර උපවාසයක් පවතින අතරම හජ් සඳහාද එසේමය. මෙය අල්ලාහ්ගේ අසීමිත කරුණාවෙන් වූවක් වන අතර, මෙය ඔවුනට වඩාත් ප්‍රතිලාභ හිමිකර දෙයි. එමෙන්ම අල්ලාහ්ට සමීප වීමටත්, අනිවාර්ය නැමදුම්වල ඇති අඩුපාඩු පිරවීමටත් උපකාරී වේ. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු කරන ලද අමතර නැමදුම්වලින් අනිවාර්ය නැමදුම්වල සිදු වූ අඩුපාඩු පිරවිය හැක.

අතිරේක සලාත් අතරින්:

1- අනිවාර්යය සලාතයන්ට අදාළ අමතර සලාතයන්:

එනම්: ලුහර් සලාතයට පෙර සලාම් දෙකක් සමඟ රකආත් හතරක්. ලුහර් සලාතය සඳහා වූ වේලාව ඇතුළත් වූ පසු එය සිදු කළ යුතුය. සලාතය සඳහා වූ වේලාව ඇතුළත් වීමට පෙර සිදු නොකළ යුතුය. ලුහර් සලාතයට පසු රකආත් දෙකක්, ඒ අනුව ලුහර් සලාතය සඳහා රකආත් හයකි. මේ සියල්ලම ලුහර් සලාතයට අදාළ වූ අමතර රකආත් වේ. අස්ර් සඳහා අමතර රකආතයක් නැත. මග්රිබ් සලාතය ට පසු රකආත් දෙකක්, ඉෂා සලාතය ට පසු රකආත් දෙකක්, ෆජ්ර් සලාතය ට පෙර රකආත් දෙකක් යනාදී වශයෙනි.

ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙක විශේෂිත වේ.:

මක්නිසාදයත් එය වඩාත් උතුම් වන බැවිනි. එනම් එම සලාතයේ රකආත් දෙක සැහැල්ලුවෙන් ඉටු කිරීම.

ඒ දෙකෙහි ද (පහත සඳහන් සූරා දෙක) පාරායනය කිරීම. "කුල් යා අය්යුහල් කාෆිරූන්..." යන සූරාව (අල්-කාෆිරූන්: 1) පළමු රකආතයේ, "කුල් හුවල්ලාහු අහ්ද්..." යන සූරාව (අල් ඉහ්ඃලාස්: 1) දෙවන රකආතයේ කිය වීම. නැතිනම් උත්තරීතර අල්ලාහ්ගේ පාඨය වන: "කූලූ ආමන්නා බිල්ලාහි වමා උන්දිල ඉලයිනා..." (අල් බකරා: 136) යන සූරා අල් බකරාහි පාඨය පළමු රකආතයේ ද "කුල් යා අහ්ලල් කිතාබි තආලව් ඉලා කලිමතින් සවාඉන් බය්නනා වබයිනකුම්..." (ආලු ඉම්රාන්: 64) යන ආලු ඉම්රාන් හි පාඨය දෙවන රකආතයේ ද පාරායනය කිරීම.

සැබැවින්ම එය, එනම් ෆජ්ර් සලාතයට අදාළ රාතිබ් සුන්නත් සලාතය නිවසේ සිටිය දී මෙන්ම ගමනක තත්ත්වයක වුව ද ඉටු කළ යුතු බැවිනි.

තවද එහි අති විශාල වැදගත්කමක් ඇති බැවිනි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.: "ෆජ්ර් රකආත් දෙක මෙලොව මා එහි ඇති සියලු දෑට වඩා උතුම්ය."[72] (72) මෙය මුස්ලිම් තුමා විසින් 'සලාතුල් මුසාෆිරීන්' නම් පාඩමේ 'ඉස්තිහ්බාබි රකඅතෙයි සුන්නතිල් ෆජ්රි' නම් පරිච්ඡේදයේ හදීස් අංක 725 යටතේ වාර්තා කොට ඇත. මෙය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද්දකි.

2- ඒ අතරින්: අල්-විත්ර් සලාතය:

එය වඩාත්ම වැදගත් නෆීල් (අමතර) ක්‍රියාවන්ගෙන් එකක් වන අතර, ඇතැම් විද්වතුන් එය අනිවාර්ය යැයි පවසති. ඉමාම් අහ්මද් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: "කවරෙකු විත්ර් සලාතය අත්හැර දමන්නේ ද, ඔහු නපුරු පුද්ගලයෙකි, ඔහුගේ සාක්ෂිය පිළිගනු නොලැබිය යුතුය." [73]. [73] ඉමාම් අහ්මද්ගේ විමසුම, ඔහුගේ පුත්‍රයා අබුල් ෆදල්ගේ වාර්තාව, (පිටුව: 53) අංක (159) ටාරික් අවුදුල්ලා විසින් සංස්කරණය කර ඇත.

රාත්‍රී සලාතය විත්ර් සලාතයෙන් අවසන් කරනු ලබයි. රාත්‍රියේ අවසානයේ අවදි නොවනු ඇතැයි කවරෙකු බිය වන්නේ නම්, ඔහු නින්දට පෙර විත්ර් ඉටු කළ යුතු වේ. කවරෙකු රාත්‍රියේ අවසානයේ අවදිවීමට ප්‍රිය කරන්නේ නම්, ඔහු තමන්ගේ තවත් අමතර සලාතයන් අවසන් කර විත්ර් ඉටු කළ යුතු වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔබගේ රාත්‍රී සලාතයන් හි අවසානය විත්ර් සලාතය බවට පත් කර ගන්න."[74]. [74] මෙය බුහාරි තුමා විසින් 'අල් විත්ර්' යන පාඩමේ 'ලයජ්අල් ආකිර සලාතිහි විත්රා' යන මාතෘකාවේ හදීස් අංක (998) යටතේ වාර්තා කර ඇති අතර, මුස්ලිම් තුමා විසින් 'සලාතුල් මුසාෆිරීන්' යන පාඩමේ, 'සලාතුල් ලෙයිලි මස්නා මස්නා' යන යන පරිච්ඡේදයේ හදීස් අංක (751) යටතේ වාර්තා කර ඇත. මෙය ඉබ්න් උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් දැනුම් දෙන ලද්දකි.

එහි අවමය: එක් රකආතයකි. උපරිමය: රකආත් එකොළහකි, පූර්ණත්වයේ අවමය: රකආත් තුනකි.

ඒ අනුව රකආත් තුනක් විත්ර් වශයෙන් ඉටු කළහොත් එය ඔහුට තේරීමක් වනු ඇත. ඔහු කැමති නම් එක තෂහ්හුද් (අත්තහය්යාත්) පමණක් පවසා එකටම ඉටු කළ හැක. එමෙන්ම ඔහු කැමති නම්, රකආත් දෙකක් ඉටු කොට සලාම් පවසා පසු ව එකක් ඉටු කළ හැක.

යම් කෙනෙකු විත්ර් අමතක වී හෝ නින්දට වැටී එය අතපසු වූ විට, දහවල් කාලයේ එය ඉරට්ටේ සංඛ්යාවකින් ඉටු කළ යුතුය. එය ඔත්තේ සංඛ්‍යාවකින් නොවේ. එනම්, ඔහු විත්ර් රකආත් තුනක් ඉටු කරන්නෙකු වූයේ නම් ඔහු රකආත් හතරක් ඉටු කළ යුතුය. ඔහු විත්ර් රකආත් පහක් ඉටු කරන්නෙකු වූයේ නම්, රකආත් හයක් ඉටු කළ යුතුය. මක්නිසාද යත් සහීහ් හදීසයේ සනාථ වී ඇත්තේ එලෙසය. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට නින්ද හෝ වේදනාවක් හේතුවෙන් රාත්‍රී සලාතය අතපසු වී ගිය විට, දහවල් කාලයේ රකආත් දොළහක් ඉටු කරන්නෙකු වූහ."(75) (75) මෙය මුස්ලිම් තුමා විසින් 'සලාතුල් මුසාෆිරීන්' නම් පාඩමේ 'ජාමිඋ සලාතිල් ලයිල්' යන පරිච්චේදයේ හදීස් අංක (746) යටතේ වාර්තා කර ඇත. මෙය ආඉෂා (රළිඅල්ලාහු අන්හා) තුමියගේ හදීසයකි.

3- එමෙන්ම: (හිරු උදාවී හීයක තරම් උසට පිහිටීමෙන් පසු ඉටු කරන) ළුහා සලාතය ය එකකි.

එහි අවමය: රකආත් දෙකකි. එහි උපරිමයට සීමාවක් නැත; මක්නිසාද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ලුහා සලාතය රකආත් හතරක් ඉටු කළහ. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඊට අමතරව ද ඉටු කර ඇත්තාහ.(76) (76) මෙය ඉමාම් මුස්ලිම් විසින් 'සලාතුල් මුසාෆිරීන්' නම් පාඩමේ 'ඉස්තිහ්බාබු සලාතිල් ළුහා' යන පරිච්ඡේදයේ හදීස් අංක (719) යටතේ වාර්තා කර ඇත. මෙය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දැනුම් දෙන ලද්දකි.

එහි වේලාව: හිරු හීයක තරම් උසට නැගුනු මොහොතේ සිටය. එනම් හිරු උදාවීමෙන් පසුව විනාඩි 15ක් පමණ ගත වීමෙන් පසු වේලාවේ සිට හිරු මුදුන් වී අවරට යාමට විනාඩි 10ක් පමණ පෙර හෝ එයට ආසන්න කාලය දක්වා.

එය ආගමානුගත කරනු ලැබූවක් බවට පවතින සාක්ෂිය නම් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයයි. "මාගේ මිතුරා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, ලුහා සලාතයේ රකආත් දෙක ඉටු කිරීම හා මා නින්දට යාමට පෙර විත්ර් ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ." (77) [77] මෙය බුහාරි තුමා 'තතව්වුව්' නම් පාඩමේ 'සලාතූද් දුහා ෆිල් හළ්රි' යන පරිච්ඡේදයේ හදීස් අංක 1178 යටතේ හා මුස්ලිම් තුමා 'සලාතූල් මුසෆිරීන්' නම් පාඩමේ "සලාතූද් දුහා" යන පරිච්ඡේදයේ හදීස් අංක 721 යටතේ වාර්තා කර ඇත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නුඹලාගෙන් කෙනෙකු සතු සෑම පුරුකක් වෙනුවෙන්ම සදකාවක් ඇත. සෑම තස්බීහයක්ම (සුබ්හානල්ලාහ් යැයි පැවසීම) සදකාවකි. සෑම තහ්මීදයක්ම (අල්හම්දු ලිල්ලාහ් යැයි පැවසීම) සදකාවකි. සෑම තහ්ලීලයක්ම (ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පැවසීම) සදකාවකි. සෑම තක්බීරයක්ම (අල්ලාහු අක්බර් යැයි පැවසීම) සදකාවකි. යහපත විධානය කිරීම ද සදකාවකි. අයහපතින් වැළැක්වීම ද සදකාවකි. ලුහා වේලාවෙහි ඉටු කරන රකආත් දෙක මේවාට ප්‍රමාණවත් වේ." (78) (78) මෙය මුස්ලිම් තුමා විසින් 'සලාතිල් මුසාෆිරීන්' නම් පාඩමේ 'ඉස්තිහ්බාබි සලාතිද් දුහා' යන පරිච්ඡේදයේ හදීස් අංක 720 යටතේ වාර්තා කර ඇත.

තහනම් කරන ලද වේලාවන්

මෙම අමතර සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු වේලාවන්. එනම් හේතු සාධක සහිත නොවන පොදු අමතර සලාතයන් සඳහා වේ.

තහනම් කරන ලද වේලාවන් තුනකි:

පළමු වේලාව: ෆජ්ර් සලාතය අවසන් වීමෙන් පසු හිරු හීයක තරම් උසට පිහිටන තෙක්, එනම් හිරු උදාවී පැය කාලක් පමණ ගතවීමෙන් පසුවය. මෙහිදී ෆජ්ර් සලාතය සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ: සෑම පුද්ගලයෙකුම තමන් විසින් සලාතය ඉටු කිරීමයි.

දෙවන වේලාව: හිරු මුදුන් වූ වේලාවේ සිට හිරු මුදුණින් අවරට යන තෙක් කාලයයි. එනම් මධ්‍යහ්න වේලාවේ සිට හිරු අවරට පෙර විනාඩි දහයක් හෝ ඊට ආසන්න කාලය තුළය.

තෙවැනි වේලාව: අසර් සලාතයෙන් පසු හිරු බැස යන තුරු, සෑම පුද්ගලයෙකුම තම තමන්ගේම සලාතය පිළිබඳ සලකා බැලිය යුතු වේ. එනම් පුද්ගලයෙකු අසර් සලාතය ඉටු කළ පසු, හිරු බැස යන තුරු සලාතය ඉටු කිරීම ඔහුට තහනම් වේ.

නමුත් ඒ අතරින් ඇතැම් සලාතයන් ව්‍යතිරේක වේ:

1- අනිවාර්යය සලාතයන්, උදාහරණයක් වශයෙන්: මිනිසාට අතපසු වී ගිය සලාතයක් මෙම වේලාවන්හි මතක් වුවහොත්, එය ඉටු කළ යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයේ පොදුතාව අනුවය.: "කවරෙකුට සලාතය අමතක වූයේ ද එසේ නැතහොත් ඔහු නින්දට වැටුණේ ද එය මතක් වූ විට ඔහු එය ඉටු කරත්වා." (79) [79] මෙය බුහාරි තුමා "මවාකීතුස් සලා" නම් පාඩමේ, "මන් නසිය සලාත" නම් පරිච්ඡේදයේ හදීස් අංක 597 යටතේ හා මුස්ලිම් තුමා "අල්- මසාජිද්" නම් පාඩමේ, "කළාඋස් සලාතිල් ෆාඉතා" නම් පරිච්ඡේදයේ හදීස් අංක 684 යටතේ වාර්තා කර ඇත. මෙය අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති හදීසයකි. නමුත් බුහාරි තුමා නින්ද පිළිබඳව සඳහන් කර නැත.

2- වඩාත් උචිත ප්‍රකාශය අනුව, හේතුවක් ඇති සියලුම අතිරේක සලාතයන් මෙයින් නිදහස් වේ. මක්නිසාදයත් හේතුවක් ඇති මෙම සලාතය එම හේතුවට සම්බන්ධ වී ඇති නිසාත්, සලාතය මෙම හේතුවට ආරෝපණය කර ඇති නිසාත්, තහනම ස්ථාපිත කරන ලද හේතුව නිෂේධනය වන බැවිනි. උදාහරණයක් වශයෙන්: ඔබ අසර් සලාතයෙන් පසු මස්ජිදයට ඇතුළු වුවහොත්, ඔබ රකආත් දෙක ඉටු කළ යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය: "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට, රකආත් දෙකක් සලාතය ඉටු කරන තෙක් වාඩි නොවන්න." (80) ඔබ ෆජ්ර් සලාතය ඉටු කිරීමෙන් පසු හෝ හිරු මුදුන් වන විට එහි පිවිසුන ද එලෙසමය. [80] මෙය බුහාරි තුමා 'තහජ්ජුද්' නම් පාඩමේ 'මා ජාඅ ෆිත් තතව්වුඉ මස්නා මස්නා' නම් පරිච්ඡේදයේ හදීස් අංක (1163) යටතේ ද මුස්ලිම් තුමා 'සලාත්' නම් පාඩමේ 'ඉස්තිහ්බාබු තහිය්යතුල් මස්ජිද්' නම් පරිච්ඡේදයේ හදීස් අංක (714) යටතේ වාර්තා කර ඇත. මෙය අබී කතාදා (රළිඅල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකි.

එසේම අසර් සලාතයෙන් පසු සූර්ය ග්‍රහණයක් සිදුවූ විට, ඒ සඳහා ග්‍රහණ සලාතය ඉටු කළ යුතු වේ. මක් නිසාදයත් එය හේතු සහිත සලාතයක් වන බැවිනි.

එමෙන්ම පුද්ගලයෙක් අල් කුර්ආනය පාරායනය කොට සජදා සහිත වැකියක් පසු කර ගිය විට, එය හේතුවක් වන බැවින් ඔහු එම අවස්ථාවලදී ද සුජූද් කළ යුතු වේ.

සලාතය අත්හරින්නාගේ නීතිය.

ප්‍රශ්නය: පුද්ගලයෙක් තම නිවසේ උදවියට සලාතය ඉටු කරන මෙන් නියෝග කළ ද, ඔවුන් එයට සවන් නොදුන්නේ නම්, ඔහු ඔවුන් සමග වාසය කරමින් ඔවුන් සමග සම්බන්ධව සිටිය හැකි ද? නැතහොත් නිවසෙන් පිටව යා යුතු ද?

පිළිතුර: එම පවුලේ උදවිය කිසි විටෙකත් අනිවාර්ය සලාතයන් ඉටු නොකරන්නේ නම්; සැබැවින්ම ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වූ ප්‍රතික්ෂේපකයින් වන අතර ඔවුන් සමඟ වාසය කිරීම සුදුසු නැත.

නමුත් ඔහු ඔවුන්ට ඒ සඳහා ආරාධනා කළ යුතුය; නිරන්තරයෙන්ම ඒවා ඉටු කරන මෙන් ඉල්ලා සිටිය යුතුය, නැවත නැවතත් ඒ ගැන සිහි කළ යුතුය. එසේ සිදු කිරීමෙන් ඇතැම් විට අල්ලාහ් ඔවුන්ට මඟ පෙන්වන්නට පුළුවන. මන්ද සලාතය අත්හරින්නා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නකු වන බැවිනි. -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා- එය අල්-කුර්ආනය, සුන්නාව, සහාබාවරුන්ගේ ප්‍රකාශ, සහ නිවැරදි දැක්ම යන සාක්ෂි සාධක මත පදනම් වූවකි. මෙම ගුණමකු ක්‍රියාවෙන් වැළකිය යුතු වේ.

අල්කුර්ආනයෙන් උත්තරීතර අල්ලාහ් දේවත්වය ආදේශ කරන මිත්‍යාදෘෂ්ටිකයන් පිළිබඳ මෙසේ ප්‍රකාශ කරයි: "එහෙත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත්ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති..." (අත්-තව්බා: 11) මෙම පාඨයෙන් අවබෝධ වනුයේ, ඇත්තෙන්ම ඔවුන් එය නොකළහොත්, ඔවුන් අපගේ සහෝදරයෝ නොවන බවයි. දහමට විරුද්ධව කෙරෙන පව්කම්, එය මහත් වුවත්, දහමෙහි සහෝදරත්වය අහෝසි නොකරන නමුත්, ඉස්ලාම් ආගමෙන් ඉවත්වීමෙන් සහෝදරත්වය අහෝසි වේ.

සහීහ් මුස්ලිම් හි සඳහන් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේය: "මිනිසෙකු හා ප්‍රතික්ෂේපය හා දේව ආදේශය අතර පවතින වෙනස සලාතය අත්හැර දැමීමය." (81) බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශයක් සූන්න්හි මෙසේ වාර්තා වේ.: "අප අතර හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය අත් හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය." (82) 81- මෙය ඉමාම් මුස්ලිම් "ඊමාන්" නම් පාඩමේ, 'බයානු ඉත්ලාකි ඉස්මිල් කුෆ්රි අලා මන් තරකස් සලාහ්' යන පරිච්ඡේදයෙන් හදීස් අංක (82) යටතේ මෙය වාර්තා කර ඇත. 82- මෙය තිර්මිදි තුමා ‘ඊමාන්’ පාඩමේ ‘මා ජාඅ ෆී තර්කිස් සලාත්’ නම් පරිච්ඡේදයේ හදීස් අංක (2621) යටතේ ද නසාඊ තුමා ‘සලාත්’ නම් පාඩමේ 'අල්-හුක්මු ෆී තාරිකිස් සලාත්' නම් පරිච්ඡේදයෙහි හදීස් අංක (464) යටතේ ද ඉබ්නු මාජා ‘ඉකාමතිස් සලාත්’ නම් පාඩමේ ‘මා ජාඅ ෆීමන් තරකස් සලාත්’ පරිච්ඡේදයෙහි, හදීස් අංක (1079) යටතේ ද අහ්මද් තුමා හදීස් අංක (5/346) යටතේ ද වාර්තා කර ඇත.

මේ පිළිබඳ සහාබාවරුන්ගේ ප්‍රකාශ: විශ්වාසවන්තයින්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියි: “කවරෙකු සලාතය අත්හැර දමන්නේද ඔහුට ඉස්ලාමයෙහි කොටසක් නැත.” (83) කොටසක්: පංගුවක් මෙහි දී එය නිෂේධනයේ සන්දර්භය තුළ අවිනිශ්චිත පදයෙන් සඳහන් වේ. එවිට එය පොදු අර්ථයක් දරයි. එනම් සුළුවෙන් හෝ වේවා අධිකව හෝ වෝවා කිසිදු කොටසක් නැත. (83) මෙය මාලික් තුමා විසින් අල් මුවත්තආහි - යහ්යා බින් යහ්යාගේ වාර්තාව: කිතාබ් අස්-සලාහ්, පරිච්ඡේදය: අල්-අමල් ෆීමන් ගලබහුද් දමු' (1/81) හදීස් අංක (93) යටතේ වාර්තා කොට ඇත. අබ්දුර් රස්සාක් තුමා විසින් «අල්-මුසන්නෆ්» (1/150) හි ද, ඉබ්නු අබී ෂයිබා තුමා විසින් «අල්-මුසන්නෆ්» (11/25) හි ද, අහ්මද් තුමා විසින් «අල්-සුහ්ද්» (154) හි ද වාර්තා කොට ඇත.

අබ්දුල්ලාහ් ඉබ්නු ශකීක් තුමා මෙසේ ප්‍රකාශ කරයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීහු සලාතය හැර වෙනත් කිසිදු ක්‍රියාවක් අත්හැර දැමීම දෙවියන් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස අදහස් කළේ නැත." (84) (84) "ඊමාන්" නම් පාඩමේ, "බාබු මා ජාඅ ෆී තර්කිස් සලාත්" නම් පරිච්ඡේදයේ තිර්මිදි විසින් හදීස් අංක (2622) යටතේ වාර්තා කර ඇත.

නිවැරදි දැක්ම අනුව මෙසේ කියනු ලැබේ: පුද්ගලයකුගේ සිතේ අබ ඇටයක් තරම් විශ්වාසයක් පවතින විටෙක සලාතයේ වැදගත්කම සහ අල්ලාහ් එයට යොමු කරන අවධානය ගැන දැන සිටිය දී, ඔහු සලාතය සම්පූර්ණයෙන්ම අත්හැරීමට තීරණය කරනු ඇත් ද? මෙය කිසිසේත්ම විය නොහැකි කරුණකි.

සැබැවින්ම ඔහු දේව ප්‍රතික්ෂේපකයකු නොවන බවට පෙන්වා දෙන සාධක පිළිබඳ සොයා බැලුවෙමි. එහි දී පස් විධ තත්ත්වයන්ගෙන් ඉවත් නොවන බව මට පෙනී ගියේය.

1- එහි මූලික වශයෙන් කිසිදු සාධකයක් නොමැත.

2- නැතහොත් සලාතය අත්හැරීම වළක්වන විශේෂණයකින් සීමා කර ඇත.

3- එසේත්නැතහොත් එය සලාතය අත්හැරීම සඳහා සමාව දෙන තත්වයකින් සීමා කර ඇත.

4- නැතහොත් එය සාමාන්‍ය වන අතර, සලාතය අත්හරින්නා කුෆ්ර් බවට සම්බන්ධ හදීස් මගින් විශේෂිත කෙරී ඇත.

5- එසේ නැතහොත් එය දුර්වල හදීසයක් වන අතර සහීහ් හදීසයන්ට ප්‍රතිරෝධය දැක්විය නොහැක.

සලාතය අත්හරින්නා විශ්වාසවන්තයෙකු බව හෝ ඔහු ස්වර්ගයට පිවිසෙන බව හෝ ඔහු ගිනිගොඩෙන් ගැලවෙන බව හෝ එවැනි කිසිදු සඳහනක් නැත. එබැවින් සලාතය අත්හරින්නාට පනවා ඇති කුෆ්ර් (දේව ප්‍රතික්ෂේපයේ) තත්ත්වය යනු, ආශිර්වාද ප්‍රතික්ෂේප කිරීම හෝ ඉස්ලාමයෙන් බැහර වන ප්‍රතික්ෂේපයක් නොව වෙනත් අදහසික් යුත් ප්‍රතික්ෂේපයක් යන්නය.

සලාතය අත්හරින්නා මුර්තද් (ඉස්ලාමයෙන් බැහැර වන) තත්ත්වයේ ප්‍රතික්ෂේපකයෙන් බව පැහැදිලි වූ විට, ඔහුගේ මුර්තද් සඳහා අදාළ නීති ඔහුගේ ප්‍රතික්ෂේපය මත පෙළ ගැසේ. ඒ අතරින්:

පළමුව: විවාහය සිදු නොකළ යුතුය, එසේ ඔහු සලාත් නොකරන තත්ත්වයේ විවාහ ගිවිසුම සිදු කරනු ලැබුවේ නම්, එම විවාහය නිෂ්ඵලය. ඒ හේතුවෙන් ඔහුට බිරිඳ වලංගු වන්නේ නැත.; මක්නිසාදයත් මුහාජිර් කාන්තාවන් පිළිබඳ අල්ලාහ් තම ප්‍රකාශයෙන් මෙසේ පවසා ඇත: (... ඔවුන් දේවත්වය විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත නුඹලා ඔවුන් හරවා නො යවනු. මොවුන් ඔවුනට අනුමත නො වේ. තවද ඔවුහු මොවුනට අනුමත නො වෙති...) (අල් මුම්තහිනා: 10)

දෙවැන්න: ඔහුට විවාහ ගිවිසුමක් කරනු ලැබීමෙන් පසු සලාතය අත්හැර දමන්නේ නම්, ඔහුගේ විවාහය අවලංගු වනු ඇත. බිරිය ඔහුට අනුමත වන්නේ නැත. අප පෙර සඳහන් කළ ආයතයේ විද්වතුන් අතර ප්‍රසිද්ධ පැහැදිලි කිරීම් අනුව එය ලිංගික වශයෙන් එකතු වීමට පෙරද, පසුද විය හැක.

තුන්වැන්න: සලාතය ඉටු නොකරන මෙම පුද්ගලයා, ආහාර සඳහා සතෙකු කපා හැරිය ද ඔහු කැපූ සත්වයා ආහාරයට ගනු නොලැබේ. මක්නිසාද යත් එය තහනම් වන බැවිනි. යුදෙව්වෙකු හෝ ක්‍රිස්තියානිවෙකු හෝ සතුන් කැපුවහොත්, එම සත්ව කැපීම අපට අනුභව කළ හැක. එසේ නම් -අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා- ඔහුගේ සත්ව කැපීම යුදෙව්වන් සහ ක්‍රිස්තියානුවන්ගේ සත්ව කැපීමට වඩා අපවිත්‍ර වනු ඇත.

සිව්වැන්න: මක්කාහ් නගරයට හෝ එහි සීමාව තුළට ඇතුළු වීම ඔහුට සම්මත නොවේ. එය උත්තරීතරයාණන්ගේ ප්‍රකාශයකට අනුවය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේව ආදේශ කරන්නන් කිලිටි ය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නො විය යුතු ය..." (අත් තව්බා: 28)

පස්වැන්න: යම් ඥාතියෙකු මිය ගියහොත් ඔහුගේ උරුමය පිළිබඳව කිසිදු අයිතියක් ඔහුට නොමැත. එසේම, යම් මුස්ලිම් තැනැත්තෙකු මිය ගියහොත්, ඔහුගේ පුත්‍රයා සලාත් ඉටු නොකරන තැනැත්තෙකු නම්, එමෙන්ම ඔහුට දුරින් ඥාතීවූ (ආසිබ්) පිය පාර්ශවයේ සහෝදරයකුගේ පුතෙකු ද වී නම්, උරුමය හිමි විය යුත්තේ කා හටද?

පිළිතුර: තම පුතුට නොව දුරින් ඥාතී වූ පිය පාර්ශවයේ සහෝදරයාගේ පුතුටය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය: "දෙවියන්ට අවනත වූ තැනැත්තා, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාට උරුමකම් පාන්නේ නැත. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා, දෙවියන්ට අවනත වූ තැනැත්තාට උරුමකම් පාන්නේ ද නැත." බුහාරි හා මුස්ලිම් [85]. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය: "උරුමයන් එහි හිමිකරුවන්ට පිරිනමනු. ඉතිරි ව ඇති දෑ එය (මිය ගිය අයට) වඩාත් සමීප වූ පිරිමියෙකුට හිමි ය." බුහාරි හා මුස්ලිම් [86]. තවද මෙය සියලුම උරුමක්කරුවන්ට අදාළ නිදසුනක් වේ. [85] මෙය බුහාරි තුමා 'ෆරාඉළ්' නම් පාඩමේ, 'ලා යරිසුල් මුස්ලිමු අල්-කාෆිර ' නම් පරිච්ඡේදයේ හදීස් අංකය (6764) යටතේ හා මුස්ලිම් තුමා 'ෆරාඉළ්' නම් පාඩමේ හදීස් අංකය (1614) යටතේ ද වාර්තා කර ඇත. [86] මෙය බුහාරි තුමා 'ෆරාඉළ්' නම් පාඩමේ 'මීරාසුල් වලද් මින් අබීහි ව උම්මිහි' නම් පරිච්ඡේදයේ හදීස් අංක (6732) යටතේ වාර්තා කර ඇති අතර මුස්ලිම් තුමා ද 'ෆරාඉළ්' නම් පාඩමේ 'අල්හිකූල් ෆරයිළ බිඅහ්ලිහා' නම් පරිච්ඡේදයේ හදීස් අංක (1615) යටතේ වාර්තා කර ඇත. මෙය ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමාගේ හදීසය.

හයවැන්න: ඔහු මිය ගිය විට ඔහුගේ දේහය නාවනු නොලැබේ, කෆන් කරනු නොලැබේ, සලාතය ඉටු කරනු නොලැබේ, සහ මුස්ලිම්වරුන් සමඟ වළ දමනු නොලැබේ. එසේ නම්: අපි ඔහුට කුමක් කළ යුතු ද?

අපි ඔහුව කාන්තාර භූමියට ගෙන ගොස්, ඔහු වෙනුවෙන් වළක් කපා, ඔහුගේ ඇඳගෙන සිටි ඇඳුම් සමඟම වළ දැමීමය. මක්නිසාදයත් ඔහුට කිසිදු ගෞරවයක් හිමි නොවන බැවිනි. එබැවින්, පුද්ගලයෙක් මිය ගිය තැනැත්තා සලාත් ඉටු නොකළ පුද්ගලයකු බව දැන දැනම ඔහු දේශය කෙරෙහි සලාත් ඉටු කිරීම සඳහා මුස්ලිම්වරුන් වෙත ඉදිරිපත් නොකළ යුතුය.

සත්වැන්න: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ෆිර්අවුන්, හාමාන්, කාරූන් සහ උබයි බින් කලෆ් යන දේවත්වය ප්‍රතික්ෂේප කළ නායකයන් සමග නැගිටවනු ලබයි. (අල්ලාහ් අප ආරක්ෂා කරත්වා) ඔහු ස්වර්ගයට ඇතුළු නොවනු ඇත. ඔහුගේ ඥාතීන්ගෙන් කිසිවෙකුට ඔහු වෙනුවෙන් කරුණාව සහ සමාව ඉල්ලා යාච්ඤා කිරීමට අවසර නැත. මක්නිසාදයත් ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු වන බැවින් ඊට ඔහු සදුස්සෙකු නොවන නිසාවෙනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන් ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට සුදුසු නො වීය." (113) (අත්-තව්බා: 113) (87) මෙය ඉමාම් අහ්මද් තුමා තම 'මුස්නද්'හි වාර්තා කර ඇත. වෙළුම 2, පිටුව 169, මෙය අබ්දුල්ලාහ් බින් අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දැනුම් දෙන ලද හදීසයකි.

විමසුම - මා හිතවත් සහෝදරවරුනි - මෙය ඉතා භයානක බරපතල වරදකි. කණගාටුදායකය. ඇතැම් ජනයා මෙම භයානක කරුණ සම්බන්ධව නොසැළකිල්ලෙන් පසුවෙති.

නමුත් 'තව්බාව' හෙවත් පසුතැවිල්ලේ දොරටුව විවෘතව ඇත. -අල්හම්දුලිල්ලාහ්- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි: "ඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත." 59 "එහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති." 60 "(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි." 61 "තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත." 62 (මර්යම් 59-62)

එහෙයින් උත්තරීතර වූ අල්ලාහ් අප හා අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් ඔහුගේ සතුටට පත් වන ආකාරයට ඔහුට අනුගත වීමට මඟ පෙන්වන මෙන් අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෑ මැනවින් දන්නා අල්ලාහ්ය. අපගේ නබි මුහම්මද් තුමාණන් වෙත ද එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන්ගේ හිතමිතුරන් ඇතුළුව සියලු දෙනා කෙරෙහි ද අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා.

මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්

තව්බා හෙවත් පාපොච්ඡාරණය

තව්බා: සර්වබලධාරී අල්ලාහ්ට අකීකරු වීමෙන් පසු, ඔහුට අවනත වීම සඳහා නැවත යොමු වීමය.

පාපොච්ඡාරණය දේවත්වය විශ්වාස කරන සෑම මුඃමින්වරයකුටම අනිවාර්යය වේ. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු..." (අත්-තහ්රීම්: 8)

පාපෝච්චාරණය සර්වබලධාරී අල්ලාහ් ප්‍රිය කරන ක්‍රියාවකි. (... සැබැවින් ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් ප්‍රිය කරන අතර ම පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරන්නේය" (අල් බකරා: 222)

තව්බා හෙවත් පශ්චාත්තාප වීම සාර්ථකත්වය සඳහා වූ සාධකයකි, "...තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු.." (අන්-නූර්: 31) ජය (සාර්තකත්වය) යනු: මිනිසා තමන් අපේක්ෂා කරන දෑ ලබා ගැනීම හා භීතියෙන් මිදීම වේ.

තව්බාව හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාව අයැදීම මඟින් අල්ලාහ් පාපයන්ට ඒවා කෙතරම් විශාල වුවත්, කෙතරම් අධික වුවත් සමාව දෙනු ඇත. "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය." (අස්-සුමර්:53) -අහෝ පව් සිදු කර ඇති මාගේ සහෝදරය,- ඔබේ පරමාධිපතියාණන්ගේ කරුණාව ගැන ඔබ බලාපොරොත්තු සුන්කරගත යුතු නැත. මක්නිසාදයත් සැබැවින්ම තව්බාව හෙවත් පසුතැවිලි වී පාපක්ෂමාව පැතීමේ දොරටුව හිරු බටහිරෙන් උදාවන තෙක් විවෘතව පවතී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ් රාත්‍රී කාලයේ තම අත දිගු හරියි; එය දහවල් කාලයේ පාපකම් සිදු කළ අය පාපක්ෂමාව අයදිනු පිණිසය. එමෙන්ම දහවල් කාලයේ ද තම අත දිගු හරියි. එය රාත්‍රී කාලයේ පාපකම් සිදු කළ අය පාපක්ෂමාව අයදිනු පිණිසය. හිරු බටහිරින් පායන තෙක්ම එසේ සිදුවනු ඇත." මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. [88]. [88] මෙය මුස්ලිම් තුමා විසින් 'අත්-තව්බා' නම් පාඩමේ 'කබූලුත් තව්බති මිනද් දුනූබි' නම් පරිච්ඡේදයේ හදීස් අංක (2759) යටතේ වාර්තා කර ඇත. මෙය අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලද්දකි.

අති විශාල මෙන්ම බොහෝ පාපයන් ගැන පශ්චාත්තාප වී සමාව අයැද සිටි කොපමණ දෙනෙකුට අල්ලාහ් සමාව දී තිබේ ද! උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමඟ තවත් දෙවියකුට අයද නො සිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොරව මිස ඔවුහු ඝාතනය නො කරති. තවද කාම අපචාරයේ නිරත නො වෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත." 68 "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත්ව සදාකල් වෙසෙනු ඇත." 69 "එහෙත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහු ම ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය." 70 (අල්-ෆුර්කාන්: 68-70)

නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම සඳහා කොන්දේසි පහක් එකට එකතු විය යුතුය:

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ්ට අවංකවීම. එය අල්ලාහ්ගේ තෘප්තිය, ඔහුගේ කුසල් උදෙසා හා ඔහුගේ දඬුවමෙන් මිදීමේ අපේක්ෂාවෙන් සිදු කිරීම.

දෙවැන්න: කළ පාපය පිළිබඳව පසුතැවිලිවීම, එනම් තමන් කළ එම ක්‍රියාව පිළිබඳ කණස්සල්ලට පත්වී එය නොකරන්නට තිබුණේ යැයි පසුතැවිලි වීම.

තුන්වැන්න: පාපයෙන් වහාම මිදීම. එය උත්තරීතර අල්ලාහ්ගේ අයිතිවාසිකම් සම්බන්ධ කටයුතුවලදී තහනම් කරන ලද ක්‍රියාවක් නම් එය අත්හැර දැමිය යුතුය, එය අත්හැරීම වරදක් නම් එය වහාම ඉටු කළ යුතුය. එය මිනිසුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ කටයුතුවලදී නම්, එය වහාම ඉවත් කර ගැනීම සඳහා, එය ඔහුට ආපසු ලබා දීම හෝ ඔහුගෙන් සමාව ඉල්ලා, ඉන් නිදහස් වීම අනිවාර්ය වේ.

සිව්වැන්න: ඉදිරියේ දී එම පාපය නැවතත් සිදු නොකරන බවට අධිෂ්ඨාන කර ගැනීම.

පස්වැන්න: පාපක්ෂමාව පිළිගැනීමේ වේලාව අවසන් වීමට පෙර, එනම් මරණය පැමිණීමට හෝ හිරු බටහිරින් උදාවීමට පෙර පාපක්ෂමාවෙහි නිරත විය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් ඔවුන් නපුරුකම් කර “දැන් මම පාපක්ෂමාව අයැදිමි” යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත..." (අන්-නිසා: 18) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය." මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත. 89 “අල්ලාහුම්ම වෆ්ෆික්නා ලිත්-තව්බතින්-නසුහ් වතකබ්බල් මින්නා; ඉන්නක අන්තස්-සමීඉල්-අලීම්.” (යා අල්ලාහ්! අපට අවංක පශ්චාත්තාපය සඳහා ආශිර්වාද කරනු මැනව, අපෙන් පිළිගනු මැනව, සැබැවින්ම ඔබ සියල්ල අසන්නා සහ දන්නාය.) [89]. මෙය ඉමාම් මුස්ලිම් තුමා 'දික්ර්' නම් පාඩමේ 'ඉස්තිහ්බාබුල් ඉස්තිග්ෆාරි' යන පරිච්ඡේදයේ හදීස් අංක 2703 යටතේ වාර්තා කර ඇත. මෙය අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි.

මෙය මුහම්මද් අස්-සාලිහ් අල්-උසෙය්මීන් විසින් ලියන ලද්දකි.

හිජ්රී 17/4/1406

තුන්වන පරිච්ඡේදය: ජනාඉස් හෙවත් මෘතදේහ

මෘත දේහය ස්නානය කරවීමේ නීති.

එය නෑවීමේ ක්‍රමය.

එය කෆන් කිරීමේ ක්‍රමය.

එය කෙරෙහි සලාතය ඉටු කරන ක්‍රමය

එය වළලන ආකාරය වේ.

දේහය නෑවීමේ නීතිරීති

ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. අල්ලාහ් හැර නැමදුමට සුදුස්සා අන් කිසිවෙක් නොමැති බව මම සාක්ෂි දරමි. ඔහුට හවුල්කරු නැත, ආරම්භකයා සහ අවසානයාද ඔහුය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද, නබිවරුන් අතර අවසානයා හා ධාර්මිකයන්ගේ නායකයා බව ද මම සාක්ෂි දරමි. එතුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ අය සහ හිතමිතුරන්හට, විනිශ්චය දිනය දක්වා ධාර්මික ලෙසින් ඔවුන්ව අනුගමනය කරන්නන් හට, අල්ලාහ්ගේ ආශිර්වාදය හා ශාන්තිය හිමිවේවා. මෙම පැතුමෙන් පසුව:

මෙය මෘත දේහය නෑවීම, කෆන් කිරීම හා එය වැළලීම සම්බන්ධ කෙටි ලිපියකි. අපගේ අරමුණට පෙර මෙම වගන්ති කිහිපය ඉදිරිපත් කරමු:

1- මියගිය දේහය ස්නානය කිරීම, එය කෆන් කිරීම හා වැළලීම ෆර්ළු කිෆායා (කිහිප දෙනෙකු ඉටු කිරීමෙන් ප්‍රමාණවත් වන ආකාරයේ) වගකීමක් වේ. එය ඉටු කරන කෙනා එම වගකීම ඉටු කරන බවට අදිටන් කර ගනිමින් අල්ලාහ්ගෙන් එහි ප්‍රතිඵල හා කුසල් ලබා ගැනීමට උත්සාහ කළ යුතුය. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන්ගේ දේහය ස්නානය කිරීම, කෆන් කිරීම හෝ මුස්ලිම්වරුන් සමඟ වළ දැමීම අනුමත කාර්යයක් නොවන්නේය.

2- මෘත දේහය නාවන්නා, ඒ කාර්යය ඔහුට විශ්වාසයෙන් භාර කර ඇත. එබැවින් එය නැවීම හා අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දෑ ඔහු විසින් කළ යුතුය.

3- මෘත දේහය නාවන්නා, ඒ කාර්යය ඔහුට විශ්වාසයෙන් භාර කර ඇත. එබැවින් ඔහුට එම මළ සිරුරෙහි දක්නට ලැබෙන පිළිකුල් සහගත දෑ සඟවා තබා ගත යුතුය.

4- මෘත දේහය නාවන්නා, ඒ කාර්යය ඔහුට විශ්වාසයෙන් භාර කර ඇත. එබැවින් දේහය හැරවීම, ජලය වක් කිරීම සහ එවැනි කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දෙන අය හැර වෙනත් කිසිවෙකුට එම අවස්ථාවට සහභාගී වීමට ඉඩ නොදිය යුතුය.

5- මෘත දේහය නාවන්නා, ඒ කාර්යය ඔහුට විශ්වාසයෙන් භාර කර ඇති බැවින්, ඒ සමග මෘදුභාවයෙන් සහ ගෞරවයෙන් කටයුතු කළ යුතුය. ඔහුගේ ඇඳුම් ඉවත් කිරීමේදී සහ නාවන විට කෲරව හෝ දැඩිව ක්‍රියා නොකළ යුතුය. අනෙකුත් කාර්යයන්හිදීද එසේම විය යුතුය.

6- පිරිමියෙකුට කාන්තාවක් නෑවීමට අවසර නැත, එය ඔහුගේ බිරිඳ වන්නේ නම් හැර. එමෙන්ම කාන්තාවකට පිරිමියෙකු නෑවීමට අවසර නැත, එය ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ නම් හැර. නමුත් වයස අවුරුදු හතට අඩු දරුවෙකු නම්, එම දේහය පිරිමියෙකුගේ හෝ කාන්තාවකගේ වුවද පිරිමියෙකුට හෝ කාන්තාවකට නෑවිය හැක.

7- නාවන්නා සිය කාර්යය අවසන් කළ පසු, මහා කිලිටි අවස්ථාවක ස්නානය කර ගන්නා සේ ස්නානය කර ගැනීම සතුටු දායකය. එසේ ඔහු ස්නානය නොකරන්නේ නම් ඔහු කෙරෙහි එහි කිසිදු වරදක් නැත.

දේහය ස්නානය කරවන ආකාරය

මෘත දේහය ස්නානය කරවීමේ දී අනිවාර්ය වන්නේ: මුළු ශරීරයම ජලයෙන් සෝදා පිරිසිදු කිරීමයි, පහත සඳහන් කර ඇති ආකාරයට ක්‍රියා කිරීම වඩාත් සුදුසුය.

1- දේහය නැවීමට අපේක්ෂා කරන ස්ථානයේ දේහය තබා එහි හිස කොටස පාදවලට වඩා ඉහළට වන පරිදි තරමක් ඇලව ස්ථානගත කළ යුතුය.

2- දේහයේ ඇඳුම් ඉවත් කිරීමට පෙර, නාභිය සිට දණහිස දක්වා (අවරණය කළ යුතු ස්ථානය) රෙදි කැබැල්ලක් මඟින් ආවරණය කරයි. එය ඇඳුම් ඉවත් කළ පසු ඔහුගේ රහස් පෙදෙස් නොපෙනෙන පරිදි ය.

3- දේහයේ ඇඳුම මෘදු ලෙස ඉවත් කරයි.

4- ස්නානය කරවන්නා තම අතෙහි රෙදි කඩක් ඔතා දේහයේ රහස්‍ය පෙදෙස් නිරාවරණය නොකර එහි අපවිත්‍ර ස්ථානය සෝදා පිරිසිදු කළ යුතුය. පසුව එම රෙදි කඩය ඉවත දැමිය යුතුය.

5- ජලයෙන් රෙදි කෑල්ලක් තෙමා මියගිය පුද්ගලයාගේ දත් හා නාසය පිරිසිදු කරයි.

6- මියගිය පුද්ගලයාගේ මුහුණ, වැළමිට දක්වා අත්, හිස, සහ කකුල් දෙක විළුඹ දක්වාම සොදා හරියි. වම් අතට පෙර දකුණු අතින් ද වම් පාදයට පෙර දකුණු පාදයෙන් ද ආරම්භ කරයි.

7- මළ සිරුරේ මුඛය හෝ නාසය තුළට ජලය නොයන්නට වගබලාගත යුතුය. එය රෙදි කඩක් මගින් පිරිසිදු කිරීම ප්‍රමාණවත් වේ.

8- මුළු ශරීරයම තුන්වරක් හෝ පස්වරක් හෝ හත්වරක් හෝ ශරීරය පිරිසිඳු කිරීමට හා පවිත්‍ර කිරීමට ඇති අවශ්‍යතාවය අනුව ඊට වැඩි වාර ගණනකින් හෝ සොදා හැරිය යුතුය. ශරීරයේ වම් පැත්තට පෙර දකුණු පැත්තෙන් ආරම්භ කරයි.

9- වඩාත් යෝග්‍ය වන්නේ සේදීමට යොදා ගන්නා ජලය සිද්ර් (සබන් මෙන් පෙණ නැගෙන ශාක පත්‍රයක්) සමඟ මිශ්‍ර කිරීමයි; එය පිරිසිදු කිරීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන බැවින්, සිද්ර් සමඟ මිශ්‍රිත ජලය පෙණ මතුවන තුරු අතෙන් ගැසිය යුතුය. පසුව එම පෙණෙන් හිස හා රැවුල සේදිය යුතුය, ඉතිරි ජලයෙන් සෙසු ශරීරය සේදිය යුතුය.

10- අවසාන වරට නෑවීමේදී 'කාෆූර්' හෙවත් කපුරු වැනි ප්‍රසිද්ධ සුවඳ විළවුන් වර්ගයක් මිශ්‍ර කිරීම වඩාත් යෝගයය.

11- මියගිය තැනැත්තාට කෙස් තිබේ නම්, ඒවා පීරා හැරිය යුතු ය, නමුත් ඒවා ගොතා දැමීම හෝ කපා ඉවත් කිරීම හෝ නොකළ යුතු වේ.

12- මියගිය දේහය කාන්තාවකගේ නම් ඇගේ කෙසේ ගොතා තිබේ නම් එය ලිහා දැමිය යුතුය. නෑවීමෙන් පසු එය පිරිසිදු කර ගෙතුම් තුනක් ලෙස ගොතා පසුපසට දමනු ලැබේ.

13- මෘත දේහයේ සමහර අවයව වෙන්වී ඇත්නම්, ඒවා ද සෝදා හැර ඒ සමග එක් කළ යුතුය.

මියගිය දේහය පිළිස්සුම් තුවාල හෝ වෙනත් හේතුන් නිසා විකෘති වී; ස්නානය කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ නම්, බොහෝ වියතුන්ගේ මතය අනුව එය තයම්මුම් කරනු ලැබේ. තයම්මුම් කරන කෙනා තම අත් පස මත තබා මියගිය දේහයේ මුහුණ හා අත් ඒ දෙකින් පිරිමැදිය යුතුය.

දේහය කෆන් කිරීමේ ක්‍රමය

මියගිය දේහය කෆන් කිරීමේදී අවම වශයෙන් සම්පූර්ණ ශරීරය වැසෙන රෙදි කඩක් අනිවාර්ය වේ. එහෙත් වඩාත් යෝග්‍ය වන්නේ පහත පරිදි ක්‍රියා කිරීම වේ.

1- කෆන් කිරීම සඳහා සුදු පැහැති රෙදි කඩ තුනක් භාවිතා කරනු ලැබේ. ඒවා එකිනෙක මත තබා මෘත දේහය එම රෙදි කඩ මත තබයි. පසුව ඉහළින් ඇති රෙදි කඩ දකුණු පැත්තෙන් දේහයෙහි පපුව දෙසට ගෙන යයි. පසුව එහි වම පැත්තෙන් ද එලෙසම සිදු කරනු ලැබේ. පසුව දෙවන එතුම සහ තෙවන එතුම ද එලෙස සිදු කරනු ලැබේ. පසුව හිස සහ පාද අසලින් නැවතුණු ගෙතුම්වල ඉහළ සහ පහළ කොටස් ගැට ගසනු ලැබේ.

2- කෆන් රෙද්ද බහූර් හෝ එවැනි සුවඳ දෑ (සාම්බ්රානි වැනි) මගින් දුම් ඇල්ලීම සිදු කරයි. එහි අතරතුර 'හනූත්' (සුඳු හඳුන් වැනි දෑ මිශ්‍රති) සුවඳ දෑ ආලේප කරයි. හනූත් යනු මියගිය අය සඳහා සකස් කරන සුවඳ දෑ වල මිශ්‍රණයකි.

3- මියගිය පුද්ගලයාගේ මුහුණ, සිරුරේ ඇතුළට නෙරා ගිය ස්ථාන සහ සජදා ස්ථාන මත සුවඳ විලවුන් තබනු ලැබේ.

4- ඔහුගේ ඇස්, නාස්පුඩු සහ තොල් මත සුවඳ විලවුන් සහිත කපු තබනු ලැබේ.

5. ඔහුගේ තට්ටම් අතර කපු රෙදි කැබැල්ලක සුවඳ විලවුන් ස්වල්පයක් තබා, එය රෙද්දකින් බැඳ දමනු ලැබේ.

6- කාන්තාවක නම් යටි සායක්, හිස් ආවරණයක්, හැට්ටයක් හා රෙදි කඩ දෙකක් යනාදියෙන් කෆන් කරනු ලැබේ. එහෙත් පිරිමියකු කෆන් කරන ආකාරයට කෆන් කළ ද එහි වරදක් නොමැත.

7- මියගිය දේහය කබ්රය තුළ තැන්පත් කරන විට කෆන් ගැට ගැසූ රෙදි පටිවල ගැට ලිහා දැමිය යුතු ය.

දේහය සඳහා සලාතය ඉටු කරන ක්‍රමය.

1- මියගිය මුස්ලිම් දේහය සඳහා ජනාසා සලාතය ඉටු කරනු ලැබේ. එය කුඩා දරුවෙකුගේ වුවත් වැඩිහිටියෙකුගේ වුවත්, පුරුෂයෙකුගේ වුවත් කාන්තාවකගේ වුවත් එසේ ඉටු කරනු ලැබේ.

2- ගැබ් ගෙන මාස හතරක කාලයක් සම්පූර්ණ වූ කළලයක් වැටී ඇත්නම්, එය සාමාන්‍ය පුද්ගලයෙකුට කරන ආකාරයටම සලාත් ඉටු කරනු ලැබේ. එසේ සලාත් ඉටු කිරීමට පෙර එය ස්නානය කරවා කෆන් කරනු ලැබේ.

3- මාස හතරක් සම්පූර්ණ වීමට පෙර ගැබ්ගත් කලලයක් වැටුණේ නම්, ආත්මය ඒ වන විට එයට ප්‍රවේශ වී නොමැති බැවින් ඒ කෙරෙහි සලාතය ඉටු කරනු නොලැබේ. එය ස්නානය කරනු නොලැබේ. කෆන් කරනු නොලැබේ. එය ඕනෑම ස්ථානයක වළ දමනු ලැබේ.

දේහයය සලාතය ඉටු කරන විට එය පිරිමි දේහයක් නම්, එහි හිස අසල ද කාන්තා දේහයක් නම් එහි මැද කොටස අසල ද ඉමාම්වරයා සිටිය යුතුය. සෙසු ජනයා ඔහුගේ පසුපසින් සලාතය ඉටු කරනු ඇත.

5- දේහය සඳහා සලාතය ඉටු කිරීමේදී තක්බීර් හතරක් පවසනු ලැබේ. එහි පළමු තක්බීරයෙන් පසු අඌදු සහ බිස්මි පවසා සූරා අල්-ෆාතිහා පාරායනය කරයි.

දෙවන තක්බීරයෙන් පසු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පවසයි. එය මෙසේ ය: අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින්, වඅලා ආලි මුහම්මදින්; කමා සල්ලයිත අලා ඉබ්රාහීම, වඅලා ආලි ඉබ්රාහීම; ඉන්නක හමීදුන් මජීද්, වබාරික් අලා මුහම්මදින්, වඅලා ආලි මුහම්මදින්; කමා බාරක්ත අලා ඉබ්රාහීම, වඅලා ආලි ඉබ්රාහීම; ඉන්නක හමීදුන් මජීද් (අහෝ දෙවිඳුනි, ඔබ ඉබ්‍රාහීම් තුමා සහා ඉබ්‍රාහීම් තුමාගේ පවුලේ අයට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාණන්ගේ පවුලේ අයට ආශිර්වාද කරත්වා, සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය. කීර්තිමත්ය. ඔබ ඉබ්‍රාහීම් තුමා සහා ඉබ්‍රාහීම් තුමාගේ පවුලේ අයට සමෘදිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා මුහම්මද් තුමාණන්ගේ පවුලේ අයට සමෘදිය ඇති කරත්වා, සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය. කීර්තිමත්ය.) (90) [90]. මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 3370 යටතේ හා අබු දාවුද් තුමා හදීස් අංක 978 යටතේ වාර්තා කර ඇත.

තුන්වන තක්බීරයෙන් පසු මිය ගිය අය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, එම අවස්ථාව සඳහා නබි තුමාණන් විසින් වාර්තා කළා වූ ප්‍රාර්ථනාවන් (91) අනුගමනය කරමින් ප්‍රාර්ථනා කිරීම වඩාත් උතුම් ය. එය නොදන්නා විටෙක තමන් දන්නා ප්‍රාර්ථනාවන් පැවසීම. "අල්ලාහුම්මග්ෆිර් ලිහය්යිනා වමය්යිතිනා, වෂාහිදිනා වගාඉබිනා, වසගීරිනා වකබීරිනා, වදකරිනා වඋන්සානා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ මින්නා ෆඅහ්යිහී අලල් ඉස්ලාම්, වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඊමාන්, අල්ලාහුම්මග්ෆිර්ලහු වර්හම්හු වආෆිහි වඃෆු අන්හු ව අක්රිම් නුzසුලහු වවස්සිඃ මුද්කලහු වග්සිල්හු බිල් මාඉ වස්සල්ජි වල්බරද්, වනක්කිහි මිනල් කතායා කමා නක්කයිතස්සව්බල් අබ්යල මිනද් දනස්, ව අබ්දිල්හු දාරන් කයිරන් මින් දාරිහි ව අහ්ලන් කයිරන් මින් අහ්ලිහි වසව්ජන් කයිරන් මින් සව්ජිහි ව අද්කිල්හුල් ජන්නත, ව අඉද්හු මින් අදාබිල් කබ්රි ව අදාබින් නාර්, අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහු වලා තුළිල්ලනා බඃදහ් වග්ෆිර් ලනා වලහු යා රබ්බල් ආලමීන්, වෆ්සහ් ලහු ෆී කබ්රිහි වනව්විර් ලහු ෆිය්හි." (අහෝ දෙවිඳුනි, අප අතර ජීවත්වන, මියගිය, සහභාගී වී සිටින, සහභාගී නොවූ, කුඩා හා වැඩිහිටි, පිරිමි හා ස්ත්‍රී යන සියලු දනන් හට සමාව දෙනු මැනව, අහෝ දෙවිඳුනි, අප අතර ඔබ ජීවත්ව තබන අය ඉස්ලාමය මත ජීවත් වන්නට ඉඩ සලසා දෙනු මැනව. අප අතර ඔබ මරණයට පත් කරන අය ඉමාන් (විශ්වාසය) මත මරණයට පත් වන්නට ඉඩ සලසා දෙනු මැනව. අහෝ දෙවිඳුනි, ඔහුට සමාව දෙනු මැනව, ඔහුට කරුණා කරනු මැනව, ඔහුට සුවය සහ ආරක්ෂාව ලබා දෙනු මැනව, ඔහුගේ වැරදි මකා දමනු මැනව. ඔහුගේ නවාතැන ගෞරවයෙන් යුක්ත කර දෙනු මැනව, ඔහුගේ ප්‍රවේශ ස්ථානය විශාල කර දෙනු මැනව. ඔහු ජලයෙන්, හිමෙන් සහ පිණිකැටි ජලයෙන් පිරිසිදු කර දෙනු මැනව. සුදු ඇඳුමකින් කලු කැලැල් පිරිසිදු කරන්නා සේ ඔහුගේ පාප පිරිසිදු කර දෙනු මැනව. තවද ඔහුට ඔහුගේ නිවසට වඩා හොඳ නිවසක්, ඔහුගේ පවුලට වඩා හොඳ පවුලක්, ඔහුගේ කලත්‍රයාට වඩා හොඳ කලත්‍රයෙක් ලබා දෙනු මැනව, ඔහු ස්වර්ගයට ඇතුල් කරනු මැනව. ඔහුට කබ්රයේ දඬුවමෙන් හා අපා ගින්නේ දඬුවමෙන් ආරක්ෂා කර දෙනු මැනව. අහෝ දෙවිඳුනි, ඔහුගේ ප්‍රතිඵල අපෙන් වළක්වා නොදෙනු මැනව, ඔහුගෙන් පසු අපව වැරදි මඟට යාමට ඉඩ නොතබනු මැනව, ලෝකයන්හි පරමාධිපතියාණනි, අපටත් ඔහුටත් සමාව දෙනු මැනව! ඔහුගේ කබ්රය විශාල කර දෙනු මැනව, එහි ඔහුට ආලෝකය ලබා දෙනු මැනව.) එය කුඩා දරුවකුගේ නම්: "අල්ලාහුම්ම-ජ්අල්හු දුක්රන් ලි වාලිදෙයිහි, වෆරතන්, වඅජ්රන්, වෂෆීඅන් මුජාබන්, අල්ලාහුම්ම සක්කිල් බිහි මවාසීනහුමා, වඅඃළිම් බිහී උජූරහුමා, වඅල්හික්හු බි සාලිහි සලෆිල් මුඃමිනීන, වජ්අල්හු ෆී කෆාලති ඉබ්රාහීම, වකිහි බිරහ්මතික අදාබල් ජහීමි. (අහෝ දෙවිඳුනි, ඔහුව ඔහුගේ දෙමාපියන්ට සම්පතක් (පෙර සුරැකුමක්), පෙර යන මාර්ගදර්ශකයෙකු, කුසලයක් සහ පිළිගනු ලබන මැදිහත්කරුවෙකු ලෙස නියම කර දෙනු මැනව, අහෝ දෙවිඳුනි, ඔහු හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ තරාදිය (කුසල් පරිමාණය) බර කර දෙනු මැනව, ඔවුන් දෙදෙනාගේ ප්‍රතිඵල වැඩි කර දෙනු මැනව, ඔහුව විශ්වාසීන්ගේ ධාර්මික පෙර පරම්පරාවන් සමඟ එක් කර දෙනු මැනව. ඔහුව නබි ඉබ්රාහීම් තුමාගේ භාරකාරත්වය යටතේ පත් කරනු මැනව. ඔබගේ කරුණාවෙන් ඔහුව අපා ගින්නේ දඬුවමෙන් ආරක්ෂා කර දෙනු මැනව.)

සිව්වන තක්බීරයෙන් පසු ව කෙටි වේලාවක් රැඳී සිට, පසුව සලාම් පවසයි. සලාම් කීමට පෙර පහත ප්‍රාර්ථනාව පවසා සිටියේ නම්: "රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන්, වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන්නාර්" (අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. තවද නිරයේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව,) [92]; එහි වරදක් නැත. [92]. මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 6026 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක 2690 යටතේ වාර්තා කර ඇත.

මියගිය දේහය වළලන ආකාරය

1- දේහය සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි 'කබ්රය' (වළ)ක වළලනු ලැබිය යුතු අතර, කිබ්ලාව දෙසට මුහුණලා තැන්පත් කළ යුතුය. කබ්රය ගැඹුරු වන තරමට වඩාත් උතුම්ය.

2- වඩාත් යෝග්‍ය වන්නේ කබ්රය 'ලහ්ද්' ක්‍රමයට සකසා ගැනීමයි. එනම් දේහය කැපූ වළෙහි ගැඹුරු කොටසේ කිබ්ලාව දෙසට වන පරිදි තවත් කුඩා වළක් හෑරීමයි.

3- අවශ්‍යතාවක් උදා වූයේ නම්, කබ්රය ගැට්ටක් තබා හෑරීමට ද අවසරය ඇත. මෘදු පස් සහිත භූමියක් නම් දේහය කබ්රය මැදට වන්නට ගැට්ටක් තබා තවත් ගැඹුරු වළක් හාරනු ලැබේ.

4- මියගිය දේහය කබ්රය තුළ දකුණත පැත්තට වන්නට ඇළකර කිබ්ලාවට මුහුණ ලා තැන්පත් කරනු ලැබේ.

5- ගඩොල් වැනි දෑ මගින් දේහය මතට පස් නොවැටෙන සේ වළ වැසිය යුතු අතර, ඒවා අතර පවතින හිස්තැන් මැටි මගින් පිරවිය යුතු ය. එසේ නොකළහොත් පස් දේහය මත වැටීමක් සිදුවිය හැක.

6- ඉන් පසු කබ්රය තුළ එය වළ දමනු ලැබේ. එය උස් නොකළ යුතු අතර, හුණු හෝ වෙනත් යම් ද්‍රව්‍යයකින් එය (මතුපිට) ශක්තිමත් නොකළ යුතු වේ.

7- වේලාවන් තුනක දේහය වළ දැමීම සුදුසු නොවේ:

හිරු උදාවී හීයක තරම් උසට නගින තෙක්.

හිරු මුදුණට පැමිණ මුදුණින් අවරට යන තෙක් වූ කාලය.

හිරු අවරට යන විට, එය අවරට යන තෙක් හීයක ප්‍රමාණයක් පමණ ඉතිරිව තිබෙන විට

පළමුවැනි සහ අවසන් කාල සීමා දෙක: පැය කාලයක් පමණ, දෙවන කාල සීමාව: විනාඩි දහයක් හෝ ඊට ආසන්න කාලයක්.

8- දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයාගේ දේහය මුස්ලිම්වරුන්ගේ සුසාන භූමියේ වල දමනු නොලැබේ. එසේම ඔහුගේ දේහය ස්නානය කරනු නොලැබේ, කෆන් කිරීමක් සිදු නොකෙරේ, නැමඳුම ද ඔහු මත ඉටු නොකෙරේ. ඔහුගේ දේහය කිසිවෙකුට අයත් නොවන ස්ථානයක භූමදානය කෙරේ, එසේ නොමැතිනම් එම දේහය වෙනත් ප්‍රදේශයකට මාරු කෙරේ.

සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතුය. තවද අපගේ නබි මුහම්මද් කෙරෙහිත් එතුමාගේ පවුලේ උදවිය හා එතුමාගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය හා සමාදනය උදා වේවා.

අල්ලාහ් වෙත බැගෑපත් වන දාසයා විසින් මෙය ලියන ලදී.

මුහම්ද් සාලිහ් අල්උසයිමින්