ستون سؤالا في أحكام الحيض والنفاس
*
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
*
*
ප්‍රශ්ණය 1.
පිළිතුර 1:
ප්‍රශ්ණය 2.
පිළිතුර 2.
ප්‍රශ්ණය 3:
පිළිතුර 3.
ප්‍රශ්ණය 4.
පිළිතුර 4.
ප්‍රශ්ණය 5.
පිළිතුර 5.
ප්‍රශ්ණය 6.
පිළිතුර 6.
ප්‍රශ්ණය 7.
පිළිතුර 7.
ප්‍රශ්ණය 8.
පිළිතුර 8.
ප්‍රශ්ණය 9.
පිළිතුර 9.
ප්‍රශ්ණය 10.
පිළිතුර 10.
ප්‍රශ්ණය 11.
පිළිතුර 11.
ප්‍රශ්ණය 12.
පිළිතුර 12.
ප්‍රශ්ණය 13.
පිළිතුර 13.
ප්‍රශ්ණය 14.
පිළිතුර 14.
ප්‍රශ්ණය 15.
පිළිතුර 15.
ප්‍රශ්ණය 16.
පිළිතුර 16.
ප්‍රශ්ණය 17.
පිළිතුර 17.
ප්‍රශ්ණය 18.
පිළිතුර 18.
ප්‍රශ්ණය 19.
පිළිතුර 19.
ප්‍රශ්ණය 20.
පිළිතුර 20.
ප්‍රශ්ණය 21.
පිළිතුර 21.
ප්‍රශ්ණය 22.
පිළිතුර 22.
ප්‍රශ්ණය 23.
පිළිතුර 23.
ප්‍රශ්ණය 24.
පිළිතුර 24.
ප්‍රශ්ණය 25.
පිළිතුර 25.
ප්‍රශ්ණය 26.
පිළිතුර 26.
ප්‍රශ්ණය 27.
පිළිතුර 27.
ප්‍රශ්ණය 28.
පිළිතුර 28.
ප්‍රශ්ණය 29.
පිළිතුර 29.
ප්‍රශ්ණය 30.
පිළිතුර 30.
ප්‍රශ්ණය 31.
පිළිතුර 31.
ප්‍රශ්ණය 32.
පිළිතුර 32.
ප්‍රශ්ණය 33.
පිළිතුර 33.
ප්‍රශ්ණය 34.
පිළිතුර 34.
ප්‍රශ්ණය 35.
පිළිතුර 35.
ප්‍රශ්ණය 36.
පිළිතුර 36.
ප්‍රශ්ණය 37.
පිළිතුර 37.
ප්‍රශ්ණය 38.
පිළිතුර 38.
ප්‍රශ්ණය 39.
පිළිතුර 39.
ප්‍රශ්ණය 40.
පිළිතුර 40.
ප්‍රශ්ණය 41.
පිළිතුර 41.
ප්‍රශ්ණය 42'
පිළිතුර 42.
ප්‍රශ්ණය 43.
පිළිතුර 43.
ප්‍රශ්ණය 44.
පිළිතුර 44.
ප්‍රශ්ණය 45.
පිළිතුර 45.
ප්‍රශ්ණය 46.
පිළිතුර 46.
ප්‍රශ්ණය 47.
පිළිතුර 47.
අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිය වන අස්මා බින්ත් උමෙයිස් තුමියට දුල් හුලෙයිෆා නම් ස්ථානයේ පශ්චාත් ප්‍රසව රුධිර වහනය සිදු වූ මොහෝතේ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇයට ස්නානය කර ඇඳුමක් වෙළාගෙන ඉහ්රාම් චේතනාව තබන මෙන් නියෝග කළහ. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව ද එලෙසමය. ඇය පිරිසිදු වන තෙක් ඇයගේ ඉහ්රාම් තත්ත්වයේම රැඳී සිටිය යුතුය. පසුව දේව නිවස තවාෆ් කර සඃයි කර්තව්‍යයේ නිරත විය යුතුය.
ප්‍රශ්ණය 48.
පිළිතුර 48.
ප්‍රශ්ණය 49.
පිළිතුර 49.
ප්‍රශ්ණය 50.
පිළිතුර 50.
ප්‍රශ්ණය 51.
පිළිතුර 51.
ප්‍රශ්ණය 52.
පිළිතුර 52.
ප්‍රශ්ණය 53.
පිළිතුර 53.
ප්‍රශ්ණය 54.
පිළිතුර 54.
ප්‍රශ්ණය 55.
පිළිතුර 55.
ප්‍රශ්ණය 56.
පිළිතුර 56.
ප්‍රශ්ණය 57.
පිළිතුර 57.
ප්‍රශ්ණය 58.
පිළිතුර 58.
ප්‍රශ්ණය 59.
පිළිතුර 59.
ප්‍රශ්ණය 60.
පිළිතුර 60.
හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව දේව නිවස තවාෆ් කිරීම වළක්වා ඇත්තාහ. මෙම විෂයයෙහි පශ්චාත් දරු ප්‍රසූත රුධිර වහනය වන තත්ත්වයේ පසුවන කාන්තාව ද ඔසප් තත්ත්වයට පත් කාන්තාවක් හා සමානය.
(1) 'හුඃම්රා' යනු සලාත් ඉටු කරන්නා නළල බිම තබා සලාත් ඉටු කිරීම සඳහා භාවිත කරන ඇතිරිල්ලකි. එයට හුඃම්රා (පොරෝණය) යනුවෙන් නම් තබා ඇත්තේ එය මුහුණ පොරවන බැවිණි. එනම් එය එයින් වසන බැවිනි.
"හයිල්" හෙවත් ඔසප් තත්ත්වය හා "නිෆාස්" හෙවත් දරු ප්‍රසූතියකින් පසු ලේ පිටවීම පිළිබඳ නීති රීති පිළිබඳ ප්‍රශ්න හැටක්.
*
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
පිළිගැන්වීම
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් කෙරෙහි ද ඔහුගේ පවුලේ ඥාතී හිතමිතුරන් කෙරෙහි ද ලොව අවසන් දිනය තෙක් ඔහුගේ ඉගැන්වීම් මත ගමන් කරන අය කෙරෙහි ද හිමි වේවා!
මාගේ හිතවත් මුස්ලිම් සහෝදරිය!
නැමදුම්වල දී ඔසප් තත්ත්වයේ නීති රීති සම්බන්ධයෙන් විද්වතුන් අතරට යොමු කරන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇත. බහුල ලෙස නිතර විමසනු ලබන ප්‍රශ්ණ දිගුවකින් තොරව ගොනු කරන්නට අපි අදහස් කළෙමු. එය කෙටියෙන් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙනි.
මාගේ හිතවත් මුස්ලිම් සහෝදරිය!
අල්ලාහ් ආගමානුගත කළ පිළිවෙත් තුළ පවතින නීති රීතිවල වැදගත්කම හේතුවෙන් ඒවා ගොනු කරන්නට අපි තීරණය කළෙමු. එමෙන්ම දැනුමෙන් හා තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්නට හැකිවනු පිණිසය.
අවවාදයයි: පළමු වතාවට මෙම පොත පිරික්සන අයට සමහර ප්‍රශ්න නැවත නැවත මතු වන බව පෙනේ. ඒ ගැන පරීක්ෂා කිරීමෙන් පසුව, එක් පිළිතුරක අනෙක් පිළිතුරට වඩා වැඩි දැනුමක් ඇති බව දැන ගත හැක. එය අප විසින් එය මඟ නොහැරීමට අදහස් කළෙමු.
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ ඥාතී හිත මිතුරන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා!
සලාතයේ දී හා උපවාසයේ දී ඔසප් තත්ත්වයක අනුගමනය කළ යුතු නීති රීති ඇසුරෙනි:
"ෆජ්ර්" අළුයම උදා වෙත්ම කාන්තාව පිරිසිදු තත්ත්වයට පත් ව සිටියේ නම්, එදින (උපවාසය කඩ කරන කරුණුවලින්) වැළකී සිට උපවාසය ඇය රැකිය යුතු ද? එදින ඇයට වලංගු වන්නේ ද? එදින සඳහා නැවත (උපවාසය) ඉටු කිරීම ඇය මත පැවරෙන්නේ ද?
අළුයම උදාවීමෙන් පසු කාන්තාව එසේ පිරිසිදු තත්ත්වයට පත් ව සිටියේ නම්, එදින ඇය (ආහාර ගැනීම වැනි උපවාසය කඩ කරන කරුණුවලින්) වැළකී සිටීම සම්බන්ධයෙන් විද්වතුන් අතර ප්‍රකාශ දෙකක් පවතී.
පළමු ප්‍රකාශය: එදින ඉතිරි කාලය (උපවාසය කඩ කරන ක්‍රියා වලින්) වැළකී සිටීම ඇයට අනිවාර්යය වේ. නමුත්, එය ගණන් ගනු ලබන්නේ නැත. නැවතත් එය(උපවාසය) ඉටු කිරීම ඇයට අනිවාර්යවේ. ඉමාම් අහ්මද් තුමාගේ නිගමනයට අනුව වඩාත් ප්‍රචලිත මතය මෙයයි.
දෙවැනි ප්‍රකාශය: එදින ඉතිරි කාලය එසේ වැළකී සිටීම ඇයට අනිවාර්යය නැත. හේතුව, ඇයගේ උපවාසය එදිනට වලංගු නොවන බැවිනි. ඇය එදින ආරම්භයේ ඔසප් තත්ත්වයේ පසු වීම හේතුවෙන් උපවාස ශීලය රකින්නන් අතරින් තැනැත්තියක් නොවූ බැවිනි. වලංගු නොවූ විටෙක එසේ (උපවාසය කඩ කරන ක්‍රියාවලින්) වැළකී සිටීමෙන් කිසිදු ඵලක් අත් වන්නේ නැත. මෙම කාලය, ඇය ගරු කිරීමට අවශ්‍ය නොවන කාලයකි. හේතුව දහවල් ආරම්භයේ ඉන් මිදෙන මෙන් වූ නියෝගය ඇයට සිදු කර ඇති බැවිනි. ඒ අනුව දහවල් ආරම්භයේදීම උපවාසය රැකීම ඇවට තහනම් කරුණක් වේ. ඉස්ලාමීය පිළිවෙත අනුව උපවාසය යනු: අළුයම උදාවේ සිට හිරු අවරට යන තුරුම, සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නැමදුමක් ලෙස, උපවාසය කඩ කරන කරුණුවලින් වැළකී සිටීමය.
අප අදහස් කරන පරිදි- මෙම ප්‍රකාශය එසේ (උපවාසයෙන්) වැළකී සිටීම අනිවාර්යය වේ යන ප්‍රකාශයට වඩා උචිත බවයි. මෙම ප්‍රකාශ දෙකෙහිම එදින උපවාසය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය කර ඇත.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව පිරිසිදු වී, ෆජ්ර් සලාතයෙන් පසුව ඇය ස්නානය කර, සලාතය ද ඉටු කර, එදින උපවාසය සම්පූර්ණ කළ විටෙක, එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?
රමළාන් කාලයේ, අළුයම උදාවීමට එක් විනාඩියකට පෙර වුව ද ඔසප් කාන්තාව පිරිසිදු වූ විටෙක, තම පිරිසිදු භාවය පිළිබඳ ඇයට ස්ථීර නම්, උපවාසය ඇයට අනිවාර්යය වේ. එදින ඇයගේ උපවාසය වලංගු වන්නේය. ඇය පිරිසිදු තත්ත්වයේ සිටිය දී උපවාසය රැක ඇති බැවින් එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය නොවේ. අළුයම උදාවෙන් පසු ඇය ස්නානය කළ ද, එයින් වරදක් වන්නේ නැත. එසේම, ලිංගික සම්බන්ධතා පැවැත් වූ හෝ නින්දෙන් ශුක්‍ර මෝචනයට පත් වූ පිරිමියකු අළුයම අවදි වී, සහර් ආහාරය ලබා ඇත්නම්, ඔහු අළුයම උදාවෙන් පසු ස්නානය කළ ද ඔහුගේ උපවාසය වලංගු වන්නේය.
මෙම අවස්ථාවේදී කාන්තාවන්ට තවත් කරුණක් පෙන්වා දීමට කැමැත්තෙමි. එදින උපවාසයේ යෙදුණු කාන්තාවට (රාත්‍රියේ) ඔසප් වීම පැමිණියේ නම්, එනම් ඇය උපවාසයෙන් මිදුනු පසු ඉෂා සලාතයට පෙර ඔසප් තත්ත්වයට පත්ව ඇත්නම්, එදින උපවාසය අවගංගු යැයි ඇතැම් කාන්තාවන් සිතති. මෙය කිසිදු පදනමක් නැති මතයකි. හිරු අවරට ගොස් මොහෙතකින් පසු වුවද ඔසප් තත්ත්වය ඇයට පැමිණියේ නම් ඇයගේ උපවාසය සම්පූර්ණය, වලංගුය.
දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන් දින හතළිහකට පෙර පිරිසිදු තත්ත්වයට පත් වූවා නම් ඇයට උපවාසයේ නිරත වීම හා සලාතය ඉටු කිරීම අනිවාර්යය වන්නේ ද?
ඔව්, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන්, දින හතළිහකට පෙර කවර මොහොතක පිරිසිදු තත්ත්වයට පත් වුව ද, ඇය රමළාන් මාසයේ සිටින්නී නම් ඇයට උපවාසය රැකීම අනිවාර්යය වන අතර, සලාතය ඉටු කිරීම ද ඇයට අනිවාර්යය වේ. එමෙන්ම ඇයගේ සැමියාට ඇය සමග ලිංගිකව ඇසුරු කිරීමේ අවසරය ද ඇත. හේතුව ඇය පිරිසිදු වූ කාන්තාවක් වන බැවින් උපවාසය වළක්වන යමක් හෝ සලාතයේ අනිවාර්යයභාවය හා ලිංගික ආශ්‍රයේ වලංගු භාවය වළක්වන යමක් හෝ ඇය තුළ නොමැති බැවිණි.
කාන්තාවකගේ මාසික ඔසප් කාලය දින අටක් හෝ හතක් හෝ වී, පසුව එය දිගටම වරක් හෝ දෙවරක් හෝ ඊට වැඩි වාරයක් එසේ පවතින්නේ නම් එහි නීතිය කුමක් ද?
මෙවන් කාන්තාවකගේ කාල පරිච්ඡේදය දින හයක් හෝ හතක් හෝ ගත වී පසුව එම කාලය තවත් දීර්ග වී දින අටක් හෝ නවයක් හෝ දහයක් හෝ එකොළහක් බවට පත්වුුුයේ නම්, ඇය පිරිසිදු වන තෙක් සලාත් ඉටු නොකර, රැදී සිටිය යුතුයි. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔසප් තත්ත්වයේදී නිශ්චිත දින ගණනක් නියම කර නැති බැවිණි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය (වේදනාකාරී) කිලිටකි යැයි නුඹ පවසනු." (අල් බකරා: 222) එම රුධිර වහනය දිගටම පැවතුනේ නම්, එම කාන්තාව පිරිසිදුභාවයට පත්ව. ස්නානය කරන තෙක් එම තත්වයේම පසුවන්නීය. පසුව ඇය සලාතය ඉටු කරයි. දෙවන මාසයේ ඊට වඩා අඩුවෙන් ඇයට එය පැමිණියේ නම්, ඇය පිරිසිදු වූ විටෙක පෙර සඳහන් කාල පරිච්ඡේදය නොපැවතුණ ද ඇය ගුසුල් නම් ස්නානය කර ගනී.
මෙහි වැදගත් වනුයේ: කාන්තාවට ඔසප් තත්ත්වය හට ගෙන, එම තත්ත්වයේම පසු වන්නී නම්, ඇය සලාතය ඉටු නොකළ යුතුය යන්නයි. එය එම ඔසප් තත්ත්වය පෙර සඳහන් දින ගණනට අනුගත වුව ද, ඊට වැඩි වුව ද, එසේ නැතහොත් අඩු වුව ද එක සමානය. ඇය පිරිසිදු තත්ත්වයට පත් වූවා නම් සලාතය ඉටු කළ යුතු වේ.
දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවක් දින හතළිහක් සලාත් ඉටු නොකර, උපවාසයේ නිරත නොවී සිටිය හැකි ද? එසේ නැතහොත් රුධිර වහනය ඇයගෙන් නතර වීමෙන් ද? රුධිර වහනය නතර වී, පිරිසිදු වී සලාතය ඉටු කළ යුත්තේ කවදා ද? පිරිසිදු වීමේ අවම කාල පරිච්ඡේදය කුමක් ද?
දරු ප්‍රසූතියෙන් පසු ඇති වන රුධිර වහනය සඳහා නිශ්චිත කාලයක් නොමැත. එම රුධිර වහනය වන අවස්ථාවේ සලාත් ඉටු නොකළ යුතුය. උපවාසයේ නිරත නොවිය යුතුය එමෙන්ම තම සැමියා සමග ලිංගික ඇසුරෙන් වැළකී සිටිය යුතුය.
දින හතළිහකට පෙර වුව ද ඇය පිරිසිදුකම දුටුවේ නම්, ඇය දින දහයක් හෝ දින පහක් හෝ පමණක් පසු වුව ද, ඇය සලාතය ඉටු කරයි; උපවාසයේ නිරත වෙයි; ඇයගේ සැමියා සමග ලිංගික ඇසුර පවත් වයි. එහි වරදක් නැත.
වැදගත්ම දෙය වන්නේ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වීම යනු දැනෙන කරුණකි. එය දැකීම හෝ නොතිබීම යන කාරණාව මත අදාළ නීති බැඳේ. ඒ අනුව එය දකින්නට තිබේ නම් අදාළ නීතිය ක්‍රියාත්මක වන අතර ඇය එයින් පිරිසිදු වී නම් අදාළ නීතියෙන් ඇය මිදෙනු ඇත.
ඒහෙත්, දින හැටකට වඩා අධික වී නම්, ඇය මුස්තහාලා හෙවත් නාරීවේද රෝගී තත්ත්වයට පත් වන්නීය. එවිට ඇය සුපුරුදු ඔසප් කාලයට අනුගත වී රැඳී සිට, පසුව ස්නානය කර සලාත් ඉටු කරයි.
රමළාන් මාසයේ දිවා කාලයේ කුඩා රුධිර බිංදු කිහිපයක් කාන්තාවක ගෙන් වහනය වන්නේ නම් සහ ඇය උපවාස කරන අතරතුර මෙම රුධිර වහනය රමළාන් මාසය පුරාම ඇය සමඟ දිගටම පවතී නම්, ඇයගේ උපවාසය වලංගු ද?
ඔව්, ඇයගේ උපවාසය වලංගුය. එම කුඩා රුධිර බිංදු කිහිපයෙන් කිසිවක් අදහස් කරන්නේ නැත. එය නහරවලින් පිටවන දහඩියයි. අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ඒ පිළිබඳව මෙසේ වාර්තා කර ඇත. "සැබැවින්ම එම රුධිර බිංදුව නාසයෙන් වැටෙන හොටු මෙනි. එය ඔසප් තත්ත්වය නොවේ." එතුමා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසය.
ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවක් අළුයමට පෙර පිරිසිදු තත්ත්වයට පත් ව, නමුත් ඇය අළුයම උදාවීමෙන් පසුව මිස ස්නානය නොකළා නම්, ඇයගේ උපවාසය වලංගු වේ ද? වලංගු නොවේ ද?
ඔව්, අළුයම උදාවීමට පෙර, ඔසප් තත්ත්වයේ පසු වූ කාන්තාවක් පිරිසිදු වී, ෆජ්ර් උදාවෙන් පසුව ඇය ස්නානය කළ ද, ඇගේ උපවාසය වලංගු වන්නේය. දරු ප්‍රසූතියෙන් පසු තත්ත්වයේ පසුවන කාන්තාව ද එලෙසමය. හේතුව සැබැවින්ම ඇය උපවාසය රුකිය යුතු පිරිස අතර එක් තැනැත්තියක් වන බැවිනි. ඇය ලිංගික සම්බන්ධකම් පවත්වා කිලිටි තත්ත්වයට පත්වූ අයකුට සමානය. අළුයම උදාවන අවස්ථාවේ එය/ඔහු එසේ කිලිටි තත්ත්වයේ පසු වුව ද සැබැවින්ම ඔහුගේ/ඇයගේ උපවාසය වලංගු වන්නේය. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය: "එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු." (අල්-බකරා: 187) අළුයම පැහැදිලිව දකින තෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්නට උත්තරීතර අල්ලාහ් අනුමත දී ඇති අවස්ථාවක, අළුයම උදාවෙන් පසුව මිස ස්නානය සිදු විය නොහැක යැයි එයින් නියම වන්නේ ය. එමෙන්ම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකට අනුව, සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, තම බිරිඳ සමග ලිංගික සම්බන්ධකම් පවත්වා, කිලිටි තත්ත්වයට පත්ව සිටියහ. එසේ තිබියදීත් එතුමාණන් උපවාසය රකින්නට වූහ. එනම්: 'ලිංගික සම්බන්ධතා හේතුවෙන් ඇති වූ කිලිටි තත්ත්වයෙන් මිදීමට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්නානය කර ඇත්තේ අළුයම උදාවීමෙන් පසුවය' යන්නයි.
කාන්තාවකට රුධිරය වහනය වනු ඇතැයි හැඟී, හිරු අවරට යෑමට පෙර එය පිට නොවූ විටෙක හෝ සුපුරුදු පරිදි වේදනාව දැනුනු විටෙක එදින ඇයගේ උපවාසය වලංගු වන්නේ ද? උපවාසය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?
පිරිසිදුව සිටින කාන්තාව උපවාස ශීලය රකිමින් සිටිය දී ඇයට ඔසප් තත්ත්වය සිදු වනු ඇතැයි හැඟුණ ද හිරු අවරට යාමෙන් පසුව මිස එසේ වහනය නො වූයේ නම් හෝ ඔසප් තත්ත්වයේ වේදනාව දැනුන ද හිරු අවරට යාමෙන් පසුව මිස එය වහනය නො වූයේ නම් හෝ එවිට ඇයගේ එදින උපවාසය වලංගුය. එය අනිවාර්යය උපවාසයක් නම් නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය නොවන අතර එය අතිරේක උපවාසයක් නම් එමගින් හිමිවන කුසල් අවලංගු වන්නේ ද නැත.
කාන්තාවක් ඔසප් තත්ත්වයේ වහනය වන රුධිරය බව ඇයට තහවුරු නොවුනු තත්ත්වයක, එසේ යම් රුධිර ප්‍රමාණයක් දුටුවේ නම්, එදින ඇයගේ උපවාසයේ නීතය කුමක් ද?
එදින ඇයගේ උපවාසය වලංගුය. ඊට හේතුව, එය ඔසප් තත්ත්වයේ වහනය වන රුධිරය බව ඇයට පැහැදිලි වන තුරු, ඇය මූලික වශයෙන් ඔසප් තත්ත්වයට පත් වූ කාන්තාවක් නොවන බැවිණි.
ඇතැම් අවස්ථාවල සුළු රුධිර ප්‍රමාණයක් හෝ බිංදු කිහිපයක් හෝ දිනක හෝරා කිහිපයක විටින් විට වහනය වීම කාන්තාවක් දකිනු ඇත. විටෙක රැධිර වහනය නොවන ඇයගේ සුපුරුදු කාලය තුළ එය දකී. තවත් විටෙක සුපුරුදු නොවන කාලය තුළ එය දකී. මෙම තත්ත්වයන් දෙකෙහිම ඇයගේ උපාවසයේ නීතිය කුමක් ද?
මේ හා සමාන ප්‍රශ්ණයට පිළිතුර මීට පෙර සඳහන් කෙරිණ. කෙසේ වෙතත් ඔසප් ඇතිවන සුපුරුදු දිනයන්හි එම ලේ බිංදු පවතී නම්, එය ඔබ දන්නා ඔසප් වීමෙන් යැයි ඇය සලකන්නේ නම්, එය ඔසප් වීම බව පෙනේ.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන තත්ත්වයේ පසුවන කාන්තාව යන දෙදෙනාට රමළාන් මාසයේ දහවල් කාලයේ ආහාර පාන ගත හැකි ද?
ඔව්, එවැනි කාන්තාවන් රමළාන් මාසයේ දහවල් කාලයේ ආහාර පාන ගත හැකිය. නමුත් ඇය සමග නිවසේ කිසියම් දරුවකු වී නම්, ඔවුනට ප්‍රශ්ණ ඇති නොවන පරිදි රහසිගතව එය සිදු කර ගැනීම වඩාත් උචිතය.
ඔසප් තත්ත්වයේ පසුවන හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වනහය වන කාන්තාව අසර් වේලාවෙහි පිරිසිදු තත්ත්වයට පත්වූවා නම්, අසර් සමග ලුහර් ඉටු කිරීම අනිවාර්ය ද? එසේ නැතිනම් අසර් පමණක් අනිවාර්ය වී ලුහර් අනිවාර්යය වන්නේ නැති ද?
මෙම ප්‍රශ්ණයේ දී වඩාත් උචිත ප්‍රකාශය වනුයේ: ලුහර් සලාතය අනිවාර්යය බවට කිසිදු පදනමක් නැති බැවින්, අසර් සලාතය පමණක් ඇයට අනිවාර්යය වන බවය. ඊට හේතුව මූලික වශයෙන් එම වගකීමෙන් ඇය නිදහස් වන බැවිනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළහ: "හිරු අවරට යාමට පෙර, අසර් සලාතයෙන් එක් රකආතයක් කිසිවකු හෝ ලැබුවේ නම්, ඔහුට අසර් සලාතය හිමි විය." ඔහුට ලුහර් හිමි වූ බව සඳහන් කළේ නැත. ලුහර් සලාතය අනිවාර්යය නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ පිළිබඳ පැහැදිලි කරන්නට තිබිණ. සැබැවින්ම කාන්තාවක් ලුහර් කාලයට පිවිසීමෙන් පසු ඔසප් තත්ත්වයට පත්වූවා නම්, ලුහර් සලාතය අසර් සලාතය සමග එකතු කරන්නට හැකියාව තිබුණ ද අසර් සලාතය නොව ලුහර් සලාතය කදා වශයෙන් නැවත ඉටු කිරීම හැර වෙනත් කිසිවක් ඇයට අනිවාර්යය වන්නේ නැත. මෙය හා ඒ ගැන විමසනු ලබන ප්‍රශ්ණයේ ස්වරූපය අතර වෙනසක් නැත.
මේ මූලාශ්‍ර හා ඒ මත ගොඩ නැගුණු 'කියාස්' නොහොත් නිවැරදි මතය, යන නීතිය අනුව වඩාත් උචිත ප්‍රකාශය වනුයේ එහිදී අසර් සලාතය පමණක් හැර වෙනත් කිසිවක් අනිවාර්යය නොවන බවයි. එමෙන්ම ඉෂා වේලාව ඉවත් වීමට පෙර ඇය පිරිසිදු වුවා නම්, එහි කරුණද එලෙසමය. එනම් ඉෂා සලාතය හැර වෙනත් සලාතයක් අනිවාර්යය වන්නේ නැත. තවද මග්රිබ් සලාතය ඇයට අනිවාර්යය වන්නේ නැත.
ගබ්සා සිදුවු ඇතැම් කාන්තාවන් එම තත්ත්වයේ තනිවම නැත. එනම් එක්කො කලලය සම්පූර්ණව නිර්මාණය වීමට පෙර කාන්තාවට ගබ්සා වීම, එසේ නැතහොත් කලලයේ හැඩරුව නිර්මාණය වීමෙන් පසු ගබ්සා සිදුවීම. එසේ ගබ්සා සිදුවන එම දිනයේ, ඇයගේ උපවාසය හා එහිදී රුධිරය වහනය වන දිනයන්හි උපවාස පිළිබඳ නීතිය කුමක් ද?
කළලය සම්පූර්ණ රුව නොගත් අවස්ථාවක සැබැවින්ම ඇයගේ රුධිරය පශ්චාත් ප්‍රසව රුධිරය ලෙස සැළකෙන්නේ නැත. ඒ අනුව ඇය උපවාසයේ නිරත වෙයි. සලාතය ඉටු කරයි. ඇයගේ උපවාසය වලංගුය.
කළලය මිනිස් හැඩය ගෙන ඇත්නම්, එවිට එම රුධිරය දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය ලෙස සැළකේ. එහි දී ඇය සලාත් ඉටු කිරීම හෝ උපවාසයේ නිරත වීම හෝ ඇයට අනුමත වන්නේ නැත.
මෙම ප්‍රශ්ණයේ නීති, රීතය වනුයේ: කළලය හැඩය ගෙන ඇත්නම් වහනය වන රුධිරය දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය ලෙස සලකනු ලැබේ. එය හැඩය ගෙන නැතිනම් එය දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය ලෙස සලකනු නොලැබේ. දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය වී නම්, එසේ දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවකට තහනම් වන දෑ ඇයට ද තහනම් වන්නේය. එසේ දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය නොවන්නේ නම් ඒවා ඇයට තහනම් වන්නේ නැත.
රමාළාන් මාසයේ දහවල් කාලයේ ගර්භනී කාන්තාවකගෙන් රුධිරය වහනය වන්නේ නම් ඇයගේ උපවාසට බලපෑමක් සිදු වන්නේ ද?
කාන්තාවක් උපවාසය රකිමින් සිටියදී ඇයට ඔසප් රුධිර වහනය සිදු වූ විට ඇයගේ උපවාසය අවලංගු වේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය. එනම්: "කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, සලාත් ඉටු නොකළ යුතු නොවේ ද උපවාසය නොරැකිය යුතු නොවේ ද?" ඒ අනුව, එය උපවාසය කඩ කරන කරුණු අතරින් එකක් වන්නේ ය. දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනවීමේ තත්ත්වය ද එලෙසමය. ඔසප් තත්ත්වයේ හා දරු ප්‍රසූතියෙන් පසු තත්ත්වයේ රුධිර වහනය වීම උපවාසය අවලංගු කරයි.
රමළාන් මාසයේ දහවල් කාලයේ ගැබිණි කාන්තාවකගෙන් රුධිරය වහනය වීම ඔසප් තත්ත්වයක වී නම්, ඇත්තෙන්ම එය ගැබිණි නොවන තත්ත්වයේ පවතින ඔසප් තත්ත්වය හා සමානය. එනම්: එය ඇයගේ උපවාසයට බලපානු ඇත. එය ඔසප් තත්ත්වය නොවී නම් එවිට එය බලපන්නේ නැත.
ගර්භණී කාන්තාවකට සිදුවිය හැකි ඔසප් තත්ත්වය වනාහි, ඇය ගැබ්ගත් දා පටන්, අඛණ්ඩව වහනය වන ඔසප් සිදුවීමයි. එය සුපුරුදු කාලයට ඇයට පැමිණෙයි. නිවැරදි මතය අනුව එය ඔසප් තත්ත්වයයි. ඔසප්වීම පිළිබඳ නීතිරීති ඇයටද අදාල වේ.
නමුත් රුධිර වහනය ඇයට නතර වී පසුව සුපුරුදු පරිදි ඇති නොවන රුධිරයක් දකින්නට වී නම්, එය ඇයගේ උපවාසයට බලපෑමක් ඇති නොකරන අතර එය ඔසප් තත්ත්වය නොවන්නේය.
කාන්තාවක් ඇයගේ සුපුරුදු ඔසප් කාලය තුළ එක් දිනක් රුධිරය දකින්නට ලැබ, ඉන් පසු දින, දහවල් කාලය පුරාවට එම රුධිරය දකින්නට නොලැබුණේ නම්, ඇය සිදු කළ යුත්තේ කුමක් ද?
මතුපිටින් පෙනෙනුයේ, මෙම පිරිසිදුකම හෝ ඇයගේ ඔසප් ඇතිවන දිනයන්හි හට ගැන්වු වියළි භාවය, ඔසප් තත්ත්වය ලෙස සළකනු ලබන අතර පිරිසිදු වී ඇති බව සළකනු නොලැබේ. ඒ අනුව ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් වැළකී සිටින දැයින් ඇය ද වැළකී සිටිනු ඇත.
ඇතැම් විද්වතුන් පවසන පරිදි: කවර තැනැත්තියක් හෝ එක් දිනක් රුධිර වහනය දැක, තවත් දිනක් පිරිසිදුභාවය දකින්නේ නම්, දින පහළොවක් යන තෙක්ම එසේ රුධිර වහනය ඔසප් තත්තවය ලෙසත් පිරිසිදුභාවය ශුද්ධිය ලෙසත් සළකනු ලැබේ. දින පහළොවක් දක්වා දිගු වූ විටෙක, ඉන් පසු ඇති වන රුධිර වහනය රෝගී තත්ත්වයක් වන්නේ ය. මෙය ඉමාම් අහ්මද් ඉබ්නු හන්බල් රිහම හුල්ලාහ් තුමාගේ ගුරුකුලයේ ප්‍රසිද්ධ මතයකි.
ඔසප් තත්ත්වයේ අවසන් දිනයන්හි සහ ඔසප් වීමට පෙර පිරිසිදු කාන්තාව රුධිරයේ සලකුණක් නොදකින්නී නම්, ඇය සුදයෑම නොදුටු තත්ත්වයේ එම දිනයන්හි උපවාසයේ නිරත විය යුතු ද? එසේ නැතහොත් ඇය කුමක් සිදු කළ යුතු ද?
-ඇතැම් කාන්තාවන් අතර දකින්නට ඇති පරිදි- සුදු විසර්ජනය නොදැකීම ඇයගේ සුපුරුදු ස්වභාවය වී නම් ඇය උපවාසයේ නිරත වෙයි. සුදු විසර්ජනය දැකීම ඇයගේ සුපුරුදු ස්වභාවය වී නම් එවිට සැබැවින්ම ඇය සුදු විසර්ජනය දකින තුරු උපවාසයේ නිරත නොවිය යුතුය.
සිසුවියක් හෝ ගුරුවරියක් වැනි ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවක් වැළැක්විය නොහැකි අවශ්‍ය අවස්ථාවක කුර්ආනය බලමින් හා කට පාඩමින් කියවීම සම්බන්ධව නීතිය කුමක් ද?
ගුරුවරියක් හා රෑ දවල් කියවීමේ අවශ්‍යතාවක් ඇති සිසුවියක් වැනි ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවකට, අවශ්‍යතාවක් ඇති වූ විටෙක අල් කුර්ආනය පාරායනය කිරීමේ කිසිදු වරදක් නැත.
අල් කුර්ආනය කියවීම වනාහි - ඉන් මා අදහස් කළේ: කුසල් හා ප්‍රතිඵල අපේක්ෂාවෙන් අල් කුර්ආනය කියවීමය.- වඩාත් උතුම් වන්නේ ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව අල් කුර්ආනය කියවීම සුදුසු නැතැයි විද්වතුන්ගෙන් බහුතරයක් දෙනා අදහස් පළ කර ඇති බැවින් ඇය එසේ සිදු නොකිරීම වඩාත් හොඳය.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ පසු ඇගේ ඇඳුමෙහි රුධිරය හෝ කිලිටක් තැවරී නැති බව ඇය දැනුවත්ව සිටිය දී, ඇඳුම් මාරු කර ගැනීම ඇයට අවශ්‍යය වන්නේ ද?
එය ඇයට අවශ්‍ය වන්නේ නැත. සැබැවින්ම ඔසප් තත්ත්වයේ වහනය වන රුධිරය ශරීරය කිලිටි කරන්නේ නැත. සැබැවින්ම එසේ වහනය වන රුධිරය කිලිටි තත්ත්වයට පත් වනුයේ එය තැවරෙන තැන පමණි. මේ හේතුවෙන්, ඔසප් රුධිරය ඇඳුමෙහි තැවරුණු විට එය සෝදා හැර එම ඇඳුමෙහිම සලාතය ඉටු කරන්නට තම බිරියන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇති බැවිණි.
රමළාන් මාසයේ කාන්තාවක් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහන තත්ත්වයට පත්ව දින හතක් උපවාසයෙන් මිදුනාය. දෙවන රමළානය පැමිණෙන තෙක්ම එය ඉටු නොකරයි. දෙවන රමළානයේ දී ද ඇය කිරි දෙන මවක් ලෙසින් දින හතක් ඇයගේ වාරයට එකතු වෙයි. ඇයට අත් වූ රෝගී බව හේතුවෙන් ඇය එය නැවත ඉටු කළේ නැත. තුන් වන රමළානයට ද ඇය පිවිස සිටින්නී නම්, ඇයගේ වගකීම කුමක් ද? අපට මේ ගැන දැනුවත් කරන්න. අල්ලාහ් ඔබට කුසල් පිරිනමත්වා!
සඳහන් කළ පරිදි එසේ කාන්තාවක් රෝගී භාවයෙන් පෙළෙන්නේ නම්, එය නැවත ඉටු කිරීමට ඇයට නොහැකි වී නම්, නිදහසට සාධාරණ කරුණු ඇති බැවින් ඇය හැකියාවක් ලබන අවස්ථාවක උපවාසයේ නිරත වෙයි. දෙවන රමළානය පැමිණියද ඇයට සමාව දෙනු ඇත.
නිදහසට කිසිදු කරුණක් නොමැති ව ඇය එය ප්‍රමාද කිරීම හෝ ඒ ගැන නොසැලකිලිමත් වීම වනාහි, සැබැවින්ම ඇය රමළානයේ මඟ හැරුණ උපවාසය නැවත ඉටු කිරීම සඳහා දෙවන රමළානය දක්වා ප්‍රමාද කිරීම ඇයට සුදුසු නැත. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ ප්‍රකාශ කළාය: "මා කෙරෙහි උපවාසයක් අනිවාර්යය වී තිබිණ. නමුත් ෂඃබානයේ හැර වෙනත් අවස්ථාවක එය නැවත ඉටු කිරීමට මට හැකියාව නොලැබුනි."
ඒ අනුව, කාන්තාව තමා ගැන අවධානය යොමු කළ යුතුය. ඇයට කියන්නට තරම් නිදහසට කරුණක් නොමැති විටෙක, ඇය පාපියකු වෙයි. අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නිරත වීමත්, තම වගකීම තුළ පවත්නා උපවාසය නැවත ඉටු කිරීම සඳහා යුහුසුළු වීමත් අනිවාර්යය වන්නේය. නිදහසට කරුණු කීමට තරම් යම් හේතුවක් වී නම් වසරක් හෝ වසර දෙකක් හෝ ප්‍රමාද කළ ද එහි වරදක් නැත.
සමහර කාන්තාවන් පෙර වසරේ රමළාන් මාසයේ දින කිහිපයත් උපවාසයේ නිරත නොවූ තත්ත්වයේ, දෙවන රමළානයට පිවිසෙති. ඔවුන් අනිවාර්යයෙන් කළ යුතු වන්නේ කුමක් ද?
ඔවුනට අනිවාර්යය වන්නේ මෙසේය: එම ක්‍රියාව සම්බන්ධයෙන් අල්ලාහ් වෙත යොමු වී පශ්චාත්තාප වීමය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශයට අනුව රමළානයේ නැවත ඉටු කිරීමට අනිවාර්යය වූ උපවාසයක් තිබෙන තැනැත්තෙකු කිසිදු හේතුවකින් තොරව දෙවන රමළානය දක්වා එය ප්‍රමාද කිරීම සුදුසු නො වන්නේය.
දෙවන රමළානයට පසු කාලය දක්වා එය ප්‍රමාද කිරීම නොහැකි බව මෙය පෙන්වා දෙයි. එවිට ඇය අල්ලාහ් වෙත පශ්චාත්තාප වී තමන් කළ ක්‍රියාව සඳහා සමාව ඉල්ලා සිටිය යුතුය. එමෙන්ම දෙවන රමළානයෙන් පසු අත් හැරුණ උපවාසවල දින ගණන් බලා නැවත ඉටු කළ යුතු වේ.
උදාහරණයක් ලෙස කාන්තාවක් ලුහර් කාලයේ, දහවල් එකට ඔසප් තත්ත්වයට පත්ව, ඇය ලුහර් සලාතයෙන් පසු සලාත් ඉටු නොකළේ නම්, ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ පසු මඟහැරුණු එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ ද?
මේ සම්බන්ධයෙන් විද්වතුන් අතර විවිධ මත පවතී. ඇතැමුන්, සැබැවින්ම සලාතය එහි අවසන් කාලය දක්වා ප්‍රමාද කිරීමට ඇයට අවසර තිබෙන අවස්ථාවක එම සලාතය ඇය මඟ හැරියේ හෝ පාපී ලෙස කටයුතු කළේ හෝ නැති බැවින් නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවක් ඇයට නොපවතින බවයි.
ඇතැමුන් පවසා සිටිනුයේ, නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන බවයි. එනම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පොදු ප්‍රකාශයකට අනුව එම සලාතය නැවත ඉටු කිරීමය. සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් හිමි කර ගත්තේය.
නමුත් ඇයට පූර්වාරක්ෂාව වනුයේ, එය නැවත ඉටු කිරීමට අසීරුතාවක් නොමැති එක් සලාතයක් වන බැවින් එය නැවත ඉටු කිරීමය.
ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමට දිනක් හෝ දින දෙකකට කලින් රුධිර වහනයක් දුටුවහොත් ඒ හේතුවෙන් ඇය උපවාසය හා සලාතය අත්හැරිය යුතු ද? එසේ නැතහොත් ඇය කුමක් කළ යුතු ද?
ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමට දිනක් හෝ දින දෙකකට කලින් රුධිර වහනයක් දුටුවහොත් ඇය දරුවා ප්‍රසූත කිරීමේ තත්ත්වයේ පසුවන්නී නම්, එම රුධිරය දරුවා ප්‍රසූත කිරීමෙන් පසු වහනය වීමට නියමිත රුධිරය වේ. ඒ හේතුවෙන් ඇය උපවාසය හා සලාතය අත්හරියි. එසේ දරුවා ප්‍රසූත කිරීමේ තත්ත්වයක් නොමැති විටෙක එය විස්තර කළ නොහැකි අපිරිසිදු රුධිරයයි. උපවාසයෙන් හෝ සලාතය ඉටු කිරීමෙන් එය ඇය ව වළක්වන්නේ නැත.
මිනිසුන් සමග එක්ව උපවාසයේ නිරත වීමේ අරමුණින් මාසික ඔසප් චක්‍රය වැළැක්වීම සඳහා පෙති භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔබේ මතය කුමක් ද?
මම ඒ ගැන අවවාද කරමි. එහිදී පෙති භාවිතය විශාල හානියක් ඇති කරයි. ඒ බව වෛද්‍යවරුන් විසින් ඔප්පු කර ඇත. කාන්තාවට කිව යුත්තේ, මෙය ආදම්ගේ දැරියන් සඳහා අල්ලාහ් නියම කළ කරුණකි. එහෙයින් සර්වබලධාරී අල්ලාහ් නියම කළ දෑ ගැන ඔබ සෑහීමට පත්වන්න. බාධාවක් නොවන අවස්ථාවක උපවාසයේ නිරත වන්න. බාධකයක් ඇති වූ විටෙක අල්ලාහ් නියම කළ දෑ පිළිගනිමින් ඔබ උපවාසයෙන් මිදෙන්න.
දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වීමෙන් මාස දෙකක් ගත වූ කාන්තාවක්. ඇය පිරිසිදු වීමෙන් පසු කුඩා රුධිර බින්දු කිහිපයක් ඇයට දකින්නට ලැබුණේ නම්, ඇය උපවාසය අත්හළ යුතු ද? සලාතය ඉටු නොකළ යුතු ද? එසේ නැතහොත් ඇය සිදු කළ යුත්තේ කුමක් ද?
ඔසප් තත්ත්වයේ පසුවන හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවන් සම්බන්ධයෙන් වූ ප්‍රශ්ණ වෙරළක් නැති සාගරයක් බඳුය. ගර්භණී තත්ත්වය වළක්වාලන හා ඔසප් තත්ත්වය වළක්වාලන පෙති භාවිතය ද ඒ අතරිනි. මෙවැනි ආකාරයේ බොහෝ ප්‍රශ්ණ ජනයා දැන සිටියේ නැත. දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගේ දූත මෙහෙවරේ සිට, තවමත් ප්‍රශ්ණ පවතින බව සත්‍යයකි. මෙය කාන්තාවන් බිහි වූ දා පටන්ම පැවතුනි. නමුත් මිනිසා තම ප්‍රශ්න විසඳා ගැනීමේදී විමතියට පත්වන තරමට මේ අයුරින් බොහෝ සේ කටයුතු කිරීම දුකට කරුණකි.
නමුත් මෙම පොදු නීතිය අදාළ වනුයේ, කාන්තාව පිරිසිදු භාවයට පත් වී ඔසප් තත්ත්වයේදී හා පශ්චාත් ප්‍රසව තත්ත්වයේදී ස්ථීර පිරිසිදුකමක් දකින විටය.-ඔසප් තත්ත්වයක පිරිසිදුභාවය යනුවෙන් අදහස් කරනුයේ: සුදු විසර්ජනය සිදු වීමය. එනම් කාන්තාවන් පොදුවේ හඳුණන සුදු පැහැති ද්‍රාවණයයි. පිරිසිදු වීමෙන් පසු පවතින රක්තවර්ණය, හෝ කහ වර්ණය හෝ බිංදු කිහිපය හෝ තෙතමනය යනාදී සියල්ල ඔසප් තත්ත්වය ලෙස සැළකෙන්නේ නැත. එය සලාතයෙන් වළක්වන්නේ නැති අතර, උපවාසයෙන් වළක්වන්නේ ද නැත. එමෙන්ම ස්වාමි පුරුෂයා තම බිරිය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ද වළක්වන්නේ නැත. හේතුව එය ඔසප් තත්ත්වය නොවන නිසාවෙනි. උම්මු අතිය්යා තුමිය මෙසේ පවසයි: කහ වර්ණය හෝ රක්තවර්ණය කිසිවක් ලෙස අපි ගණන් නොගත්තෙමු. මෙය බුහාරි විසින් වාර්තා කර ඇති අතර අබූ දාවූද් තුමා මීට අමතරව 'පිරිසිදු වීමෙන් පසු' යනුවෙන් ප්‍රකාශ කර ඇත. එහි වාර්තා දාමය සහීහ් ගණයට අයත්ය.
මේ අනුව අප පවසා සිටිනුයේ: ස්ථීර පිරිසිදු භාවයෙන් පසුව සිදුවන මෙවන් සියලු කරුණු කාන්තාවකට හානියක් සිදු කරන්නේ නැත. ඇයගේ සලාතයෙන් හෝ ඇයගේ උපවාසයෙන් හෝ ඇය තම සැමියා සමග ලිංගික පහස විදීමෙන් හෝ ඇයව වළක්වන්නේ නැත. නමුත් පිරිසිදුභාවය දකින තෙක් ඇය ඉක්මන් නොවීම අනිවාර්යය වන්නේය. හේතුව ඇතැම් කාන්තාවෝ රුධිරය වියළී ගිය වහාම ඉක්මන් වී පිරිසිදුභාවය දකින්නට මත්තෙන් ස්නානය කර ගනිති. සහාබාවරුන්ගේ බිරින්දෑවරු මුඃමින්වරුන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත ලේ තැවරුනු කපු එවා ඇත්තේ එබැවිනි. ඉන් අදහස් කරනුයේ: ලේ තැවරුණු කපු රෙදි කැබැලි යන්නයි. පසුව 'ඇය සුදු විසර්ජනය දකින තෙක් ඔබලා ඉක්මන් නොවන්න' යැයි ඔවුනට පැවසුවාය.
සමහර කාන්තාවන්හට රුධිර වහනය දිගටම පවතී. ඇතැම් විට දිනක් හෝ දින දෙකක් නතර වී, පසුව නැවතත් වහනය වෙයි. මෙම තත්ත්වය මත සලාතය, උපවාසය හා සෙසු නැමදුම් ක්‍රියා පිළිබඳ සලකා බැලීමේ දී නීතිය කුමක් ද?
විද්වතුන් බහුතරයක් දෙනා අතර ප්‍රචලිත මතය වනුයේ: කාන්තාවකට සුපුරුදු පරිදි ඔසප් සිදු වී එම සුපුරුදු කාලය අවසන් වූ විට, ඇය ස්නානය කර, සලාතය ඉටු කරයි. උපවාසයේ නිරත වෙයි. දින දෙකක් හෝ තුනකින් පසු එවැන්නක් යළි දකී නම් එය ඔසප් නොවන්නේය යන්නයි. හේතුව විද්වතුන්ට අනුව පිරිසිදුභාවයේ අවම කාල පරිච්ඡේදය දින දහතුනක් වන බැවිණි.
ඇතැම් විද්වතුන් මෙසේ පවසා සිටිති: ඔසප් වාර දෙකක් අතර දින දහතුනක පරතරයක් නොවූවද ඇය කවර මොහොතක රුධිරය දකී ද එය ඔසප් තත්ත්වයයි. ඇය කවර මොහොතක ඉන් පිරිසිදු වන්නී ද එය පිරිසිදු භාවයයි.
කාන්තාවකට උතුම් වනුයේ රමාළාන් රාත්‍රි කාලයන්හි තම නිවසේ සලාත් ඉටු කිරීම ද, නැතහොත් දේවස්ථානයේ සලාත් ඉටු කිරීම ද? විශේෂයෙන් එහි දේශනා සහ උපදෙස් තිබේ නම්, කෙසේ වන්නේ ද? මස්ජිද් වල සලාත් ඉටු කරන කාන්තාවන්ට ඔබ ලබා දෙන මඟපෙන්වීම කුමක් ද?
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පොදු ප්‍රකාශයකට අනුව ඇය තම නිවසේ සලාත් ඉටු කිරීම වඩාත් උතුම්ය. කාන්තාවන්ට " ඔවුන්ගේ නිවෙස් ඔවුනට යහපත්ය." කාන්තාවන් බැහැර ව යාම යනු, බොහෝ අවස්ථාවන්හි එමගින් ඔවුනට අත්වන අර්බුදවලින් ආරක්ෂාව සැලසෙන්නේ නැත. මස්ජිදයේ සලාත් ඉටු කිරීම සඳහා පිටත්ව යාමට වඩා ඇයගේ නිවසේ නතර වී සිටීම ඇයට යහපත් වන්නේය. උපදෙස්, දේශනා, අනුසාසනා වැනි දෑ හඬපටි මගින් ලබන්නට දැන් හැකියාව ඇත.
මස්ජිද්වල සලාත් ඉටු කරන කාන්තාවන් සඳහා මාගේ මගපෙන්වීම නම්, ඔවුන් අලංකාර ඇඳුමින් සැරසීමෙන් තොරව, සුවඳ විළවුන් ගැල්වීමෙන් තොරව, නිවෙස්වලින් ඔවුන් බැහැර යා යුතුය.
කාන්තාව උපවාසයේ නිරතව සිටිය දී, රමළාන් දිවා කාලයේ ඇය ආහාරවල රස බැලීම සම්බන්ධව නීතිය කුමක් ද?
එහි නීතිය නම්, ඒ සඳහා අවශ්‍යතාව ඇති බැවින් එහි වරදක් නැත යන්නයි. නමුත් ඇය රස බැලූ දෑ කෙළ ගැසිය යුතු වේ.
ගැබ් ගැනීමේ ආරම්භයේ දී හදිසි අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක්, අධික රුධිර වහනයකින් පසු කලලරූපය ගබ්සා වූ විට, ඇයට උපවාසය අත්හැරීමට අවසර තිබේ ද? එසේ නැතහොත් ඇය දිගටම උපවාසය පවත්වාගෙන යා යුතු ද? ඇය උපවාසය කඩ කළහොත් ඇයට පාපයක් සිදු වේද?
අප පවසා සිටිනුයේ, ඇත්තෙන්ම ගර්භණී මාතාවකට ඔසප් තත්ත්වය ඇති වන්නේ නැත. ඉමාම් අහ්මද් පවසන පරිදි, කාන්තාව ගැබ් ගෙන ඇති බවට හඳුනා ගන්නේ ඔසප් තත්ත්වය නතර වීමෙනි. විද්වතුන් පවසන පරිදි ඔසප් තත්ත්වය යනු මව් කුසෙහි වැඩෙන කළලයට පෝෂණය ලැබීමේ ප්‍රඥාව මත පදනම් ව උත්තරීතර අල්ලාහ් එය මවා ඇති බවයි.
නමුත්, ඇතැම් කාන්තාවන්ට සුපුරුදු පරිදි ගැබ් ගැනීමට පෙර තිබූ පරිද්දෙන් ම ඔසප් තත්ත්වය දිගටම පැවතිය හැක. ඇයගේ මෙම ඔසප් තත්ත්වය නියම ඔසප් තත්ත්වයක් බව තීන්දු කෙරෙයි. ඇයට ඔසප් තත්ත්වය දිගටම පැවතුණ ද, ගැබ් ගැනීමෙන් බලපෑමක් ඇයට ඇති කළේ නැත. එවිට ගර්භනී තත්ත්වයේ නොසිටි අවස්ථාවෙහි ඔසප් තත්ත්වයට පත් වීමෙන් තහනම් කර ඇති සියලු දැයින් ඇය වැළකී සිටිය යුතු; නියම කළ සියලු අනිවාර්යය දෑ සිදු කළ යුතු; මඟ හැරිය යුතු දෑ මඟ හැරිය යුතු තත්ත්වයක් මෙම ඔසප් තත්ත්වය ද උදා කරයි.
සාරාංශය: ගර්භණී මාතාවකගෙන් වහනය වන රුධිරය වර්ග දෙකකි.
- ඔසප් තත්ත්වය බව තීන්දු කරන වර්ගය; එනම් ගර්භණී තත්ත්වයට පෙර පැවති තත්ත්වය මෙන් අඛණ්ඩව එය පැවතීමයි. එයින් අර්තය වනුයේ: ගැබ් ගැනීම එයට බලපෑමක් සිදු කර නොමැති බවයි. ඒ අනුව එය ඔසප් තත්තවය වේ.
දෙවන වර්ගය: හදිසි අනතුරක ප්‍රතිඵලයක් ලෙස හෝ යමක් ඔසවා රැගෙන යෑම හෝ යම් තැනකින් වැටීම හෝ එවැනි වෙනත් හේතුවක් මත ගර්භණී සමයේදී සිදුවන රුධිර වහනය. මෙය ඔසප් තත්ත්වයේ ඇතිවන රුධිර වහනය නොව, සැබැවින්ම එය රුධිර දහඩියයි. ඒ අනුව එය සලාතය හෝ උපවාසය හෝ ඇයට තහනම් නොකරන අතර ඇය පිරිසිදුභාවයේ නීතිය යටතේ ඇතුලත් වේ.
නමුත් හදිසි අනතුරකින් දරුවා ඉවත් කිරීමට හෝ ඇගේ කුසේ නිර්මාණය වූ ගැබ්භාවය ඉවත් කිරීමට හෝ අනිවාර්යය වූ විට, විද්වතුන් පවසන පරිදි, එය මිනිස් හැඩය පැහැදිලිව පවතින තත්ත්වයක ගබ්සා වූයේ නම් එය ගබ්සා වීමෙන් පසු වහනය වන රුධිරය, පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිර තත්ත්වය ලෙස සළකනු ලබන බවයි. එහිදී ඇය සලාතය හා උපවාසය අත්හරින අතර ඇය පිරිසිදු තත්ත්වයට පත්වන තෙක් ඇගේ ස්වාමියා ලිංගික ඇසුරෙන් ඈත්ව සිටියි.
එම කලලය මිනිස් හැඩයකින් තොරව බැහැර වූයේ නම් එය පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු හට ගැනෙන රුධිරය ලෙස සළකනු නොලැබේ. එය රෝගී රුධිර වහනයකි. මෙය සලාතයෙන් හෝ උපවාසයෙන් හෝ වෙනත් නැමදුම්වලින් ඇයව වළක්වන්නේ නැත.
විද්වතුන් මෙසේ පවසයි: මිනිස් හැඩය පැහැදිලිව ගන්නට ගතවන අවම කාලය දින අසූ එකකි. හේතුව කළලයක් තම මව් කුසෙහි හට ගන්නා ආකාරය මෙසේය. අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ පැවසූහ. එතුමා අවංක හා සත්‍යවාදී අයකු වූහ. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින මස් කැබැල්ලක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඒ වෙත දේව දූතයකු එවනු ලැබ ඔහු විසින් එහි ප්‍රාණය පිඹිනු ලබයි. ඔහුගේ පෝෂණය, ඔහුගේ ක්‍රියාව, ඔහුගේ ආයු කාලය හා ඔහු භාග්‍ය වන්තයකු ද එසේ නැතිනම් අභාග්‍යවන්තයකු ද යනාදී නියමයන් හතරක් නියම කරනු ලබයි." ඊට පෙර මිනිස් හැඩ ගැන්වීමක් සිදු විය නොහැකිය. ඇතැම් විද්වතුන් පවසන පරිදි බොහෝ විට මිනිස් හැඩ ගැන්වීම දින අනුවකට පෙර පැහැදිලිව නොපෙනන බවයි.
මම වසරකට පෙර, තුන්වන මාසයේ ගබ්සා වූ කාන්තාවක් වෙමි. පිවිතුරු වන තුරු මම සලාත් ඉටු නොකළෙමි, 'ඔබ යාච්ඤා කළ යුතුව තිබිණි' යැයි මට කියනු ලැබීය. මා සිදු කළ යුත්තේ කුමක් ද? නියමිත දින ගණන් පවා හරියටම මම නොදනිමි.
විද්වතුන් අතර ප්‍රචලිත අදහස වනුයේ: කාන්තාවක් ගැබ්ගෙන තුන්වන මාසයේ ගබ්සාව සිදු වූ විට ඇය සලාතය ඉටු නොකරයි. ඊට හේතුව එම කාන්තාව කලලය හළන විට මිනිස් හැඩය එහි පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවිනි. ඒ හේතුවෙන් වහනය වන රුධිරය පශ්චාත් ප්‍රසූත තත්ත්වයේ වහනය වන රුධිරය ලෙස සැලකේ. එහිදී ඇය සලාත් ඉටු නොකරයි.
විද්වත්හු මෙසේ පවසති: කළලයක මිනිස් හැඩය පැහැදිලිව දකින්නට පුළුවන් වනුයේ දින අසූ එකක් එයට පූර්ණ වූ විටය. මෙය මාස තුනට වඩා අඩු කාලයකි. මාස තුනක කාලය තුළ කළලය ගබ්සාව සිදුවු බවට ඇයට ස්ථීර වූයේ නම් සැබැවින්ම ඇයට හට ගෙන ඇත්තේ රෝගී රුධිර වහනයකි. ඒ හේතුවෙන් සලාත් අත් නොහැරිය යුතුය.
මෙම ප්‍රශ්ණය අසන තැනැත්තිය තමා තුළ මෙනෙහි කර ගත යුත්තේ, දින අසූවකට පෙර එම කළලය වැටී ඇත්නම් ඇය සලාතය ඉටු කළ යුතු වේ. එමෙන්ම ඇය අත්හැරිය ප්‍රමාණය කොතරම් දැයි නොදන්නා විටෙක, මෙසේ කටයුතු කරයි. එවිට ඇය තක්සේරු කරයි. විමර්ශණය කරයි. තමන් සලාත් ඉටු නොකළ බවට ඇය අනුමාන කළ දෑ නැවත ඉටු කරයි.
විමසන්නියක් මෙසේ විමසා සිටියි: සැබැවින්ම, එක්තරා කාන්තාවක් උපවාසය ඇයට අනිවාර්යය වූ දා පටන් ඇය රමළාන් මාසයේ උපවාසයේ නිරත වෙයි. නමුත් මාසික ඔසප් චක්‍රය හේතුවෙන් තමන් අත්හළ දින ගණන් පිළිබඳ නොදැනුවත්කම නිසාවෙන්, එසේ ඇය අත්හළ දින ගණනාවක උපවාසය නැවත ඉටු කර නැත. දැන් ඇය සිදු කළ යුත්තේ කුමක්දැ?යි ඇයට මඟ පෙන්වන ලෙස ඇය ඉල්ලා සිටියි.
මෙවන් සිදුවිම් දේවත්වය පිළිබඳ විශ්වාසය තබා ඇති කාන්තාවන් අතර සිදු වීම අප දුකට පත් කරවන කරුණකි. එහෙයින් මෙම මඟ හැරීම -ඉන් අදහස් කරනුයේ තමන්ට අනිවාර්යය වූ උපවාසය නැවත කිරීම අත්හැර දැමීම- එය නොදැනුවත් කමින් සිදු වුව ද නොසැකිලිමත් කමින් සිදු වුව ද, ඒ දෙකම විපාක ගෙන දෙනු ඇත. නොදැනුවත් කමට ප්‍රතිකාරය දැනුම ලැබීම හා ප්‍රශ්ණ කිරීමය. නොසැළකිලිමත් කමට ප්‍රතිකාරය සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ බිය බැතියෙන් කටයුතු කිරීම, ඔහු ගැන නිතර මතක් කිරීම, ඔහුගේ දඬුවමට බිය වීම, සහ ඔහු පිළිගන්නා කරුණු වෙත යුහුසුළුව යොමු වීම.
මෙම කාන්තාව තමන් සිදු කළ දෑ ගැන අල්ලාහ් ඉදිරියේ පශ්චාත්තාප වී සමාව අයැද සිටිය යුතුය. තමන් අත්හැරිය දින ගණන් තමන්ට හැකිපමණින් ගණන් බලා ඒවා නැවත ඉටු කළ යුතුය. ඇය එම වගකීමෙන් නිදහස් වනුයේ එතුළිනි. ඇයගේ පාපක්ෂමාව අල්ලාහ් පිළිගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
සලාතයේ වේලාව පැමිණීමෙන් පසු කාන්තාවට ඔසප් තත්ත්වය ඇති වූ විටෙක එහි නීතිය කුමක් ද? ඇය පිරිසිදු වූ විට ඇය එය නැවත ඉටු කළ යුතු ද? සලාතයේ වේලාව ඉවත්ව යෑමට පෙර ඇය පරිසිදු වුවා නම් එලෙසම ද?
පළමුව: වේලාව පැමිණීමෙන් පසු - එනම්, සලාතයේ වේලාව පැමිණීමෙන් පසු - කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, ඇය කවර වේලාවක ඔසප් තත්ත්වයට පත් වූයේ ද, එම වේලාවේ නියමිත සලාතය ඊට පෙර පිරිසිදුව සිටි තත්ත්වයේ ඉටු කර නොමැති නම්, පසුව ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය. එය දේව දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශයට අනුවය: "සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් ලැබුවේය." සලාතයෙන් එක් රකආතයක ප්‍රමාණයක් වටහා ගන්නා කාන්තාව, සලාතය ඉටු කිරීමට පෙර ඇය ඔසප් තත්ත්වයට පත්වූවා නම් ඇය පිරිසිදු වූ විටෙක එය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ.
දෙවැන්න: සලාතයේ වේලාව ඉවත්ව යන්නට මත්තෙන් ඔසප් තත්ත්වයෙන් මිදී ඇය පිරිසිදු වූ විටෙක, එම සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය. එසේම එක් රකආතයක තරම් ප්‍රමාණයක් තිබියදී හිරු උදා වීමට පෙර ඇය පිරිසිදු වූවා නම් ෆජ්ර් සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ. එමෙන්ම, එක් රකආතයක තරම් ප්‍රමාණයක් තිබිය දී හිරු අවරට යෑමට පෙර ඇය පිරිසිදු වූවා නම්, අසර් සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ. එමෙන්ම, මධ්‍යම රාත්‍රියට පෙර එක් රකආතයක තරම් ප්‍රමාණයක් තිබිය දී ඇය පිරිසිදු වූවා නම් ඉෂා සලාතය නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වේ. නමුත්, මධ්‍යම රාත්‍රියෙන් පසුව ඇය පිරිසිදු තත්ත්වයට පත්වූවා නම්, ඉෂා සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේ නැත. ෆජ්ර් වේලාව පැමිණි විටෙක ඇය එම ෆජ්ර් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "නුඹලා (බිය තත්වයෙන් මිදී ) සැනසුමට පත් වූයෙහු නම්, දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින්ම සලාතය දේව විශ්වාසීන් කෙරෙහි නිශ්චිත වේලාවක නියම කරනු ලැබූවකි." (අන්-නිසා: 103) එනම්: නිශ්චිත වෙලාවකින් කල් නියම කළ නියමයකි. එම වේලාවෙන් අදාළ සලාතය ඉවත් කිරීම හෝ එම වේලාවට පෙර එය ආරම්භ කිරීමට හෝ පුද්ගලයකුට අනුමත නැත.
සලාතය අතරවාරයේ සුපුරුදු මාසික ඔසප් චක්‍රය තුළට මම පිවිසුණෙමි. මා සිදු කළ යුත්තේ කුමක් ද? ඔසප් තත්ත්වය හට ගැනුණු අවස්ථාවේ කළ එම සලාතය නැවත ඉටු කළ යුතු ද?
සලාත් වේලාව තුළට ප්‍රවේශ වීමෙන් පසු ඔසප් තත්ත්වය හට ගැනුණු විට - උදාහරණයක් ලෙස හිරු අවරට යෑමට ආරම්භ වීමෙන් පසු පැය භාගයක් ගත වී තිබියදී ඔසප් තත්ත්වයට පත්වනවාක් මෙනි- ඇය ඔසප් තත්ත්වයෙන් පිරිසිදු තත්ත්වයට පත් වූ පසු, මීට පෙර ඇය පිරිසිදු තත්ත්වයේ සිටිය දී, නියමිත වේලාව ප්‍රවේශ වූ අදාළ සලාතය නැවත ඉටු කළ යුතු වේ. එය උත්තරීතරයාණන්ගේ ප්‍රකාශයට අනුවය. "සැබැවින්ම සලාතය දේව විශ්වාස කරන්නන් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි." (අන්-නිසා: 103)
ඔසප් තත්ත්වය හටගත් අවස්ථාවේ ඉටු කරමින් සිටි සලාතය නැවත ඉටු කිරීමට අවශ්‍ය වන්නේ නැත. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දිගු හදීසයක කොටසක මෙසේ සඳහන් වී ඇති බැවිණි "කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට, සලාත් ඉටු නොකළ යුතු නොවේ ද? උපවාසය නොරැකිය යුතු නොවේ ද?" ඔසප් තත්ත්වය අතර වාරයේ ඇයට මඟ හැරුණු සලාතය නැවත ඉටු කිරීම අනිවාර්යය නොවන බව විද්වතුන් ඒකමතිකව පිළිගෙන ඇත.
ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක, ඇයට එක් රකඅතයක හෝ ඊට වැඩි ප්‍රමාණයක කාලයක් ඉතිරිව තිබුණේ නම් ඇය පිරිසිදු තත්ත්වයට පත්වූ එම වේලාවේ සලාතය ඉටු කරයි: එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ප්‍රකාශයකට අනුවය. එනම්: "හිරු අවරට යන්නට පෙර අසර් සලාතයෙන් එක් රකආතයක් කවරෙකු ලැබුවේ ද ඔහුට අසර් සලාතය ලැබිණ." අසර් වේලාවේ හෝ හිරු උදාවීමට පෙර හෝ ඇය පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක හිරු අවරට යන විට හෝ හිරු උදාවන විට එක් රකආතයක ප්‍රමාණයක කාලයක් ඉතිරිව තිබුණේ නම් ඇය පළමු කරුණට අනුව අසර් සලාතය ඉටු කළ යුතු අතර දෙවන කරුණට අනුව ෆජ්ර් සලාතය ඉටු කළ යුතුව ඇත.
මට අවුරුදු හැටපහක් වයසැති මවක් සිටියි. ඇය අවුරුදු දහනවයක් පමණ කාලයක් තිස්සේ දරුවන් බිහි නොකළාය. දැන් ඇයට ලේ වැගිරී ඇත. අවුරුදු තුනක කාලයක් පමණ ඇයට එය වැළඳී ඇත. එය එම අවදියේ හට ගෙන ඇති රෝගයක් ලෙස පෙනේ. ඇය දැන් උපවාස කාලය බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඇයට ලබා දෙන උපදෙස කුමක් ද? මෙවන් අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද?
මෙවන් රුධිර වහනයක් හට ගන්නා කාන්තාවගේ නීතිය වනුයේ: මෙය හට ගැනීමට පෙර සුපුරුදු පරිදි පූර්ව ඔසප් චක්‍රය හට ගත් කාලයට අනුගතව සලාතය හා උපවාසය අත්හැරිය යුතුය. එනම් උදාහරණයක් වශයෙන් සෑම මසකම ආරම්භයේ දින හයක් ඔසප් තත්ත්වය සුපුරුදු පරිදි හට ගෙන ඇත්නම්, ඇය සෑම මසකම ආරම්භයේ දින හයක කාලයක් සලාත් ඉටු නොකළ යුතු අතර උපවාසයේ නිරත වීමෙන් ද වැළකී සිටිය යුතුය. එම තත්ත්වය අවසන් වූ විට ඇය ස්නානය කර සලාත් හා උපවාසයේ නිරත වෙයි.
මැය හා මෙවන් කාන්තාවන් සලාතය ඉටු කරන ආකාරය වනුයේ: ඇය ඇයගේ ලිංගේන්ද්‍රිය සම්පූර්ණව සෝදා, එය හොදින් වෙළා, වුළූ ධෝවනය කර ගැනීමය. එය ඇය සිදු කළ යුත්තේ අනිවාර්යය සලාතයේ වේලාව පැමිණීමෙන් පසුවය. අනිවාර්යය නොවන කාලයන්හි අතිරේක සලාත් ඉටු කිරීමට ඇය අපේක්ෂා කරන්නී නම් ඇය කටයුතු කළ යුත්තේ ද මේ අයුරින්මය.
මෙවැනි තත්ත්වයක දී - අපහසුතාව සැලකිල්ලට ගෙන - ළුහර් සලාතය අසර් සලාතය සමගත්, මග්රිබ් සලාතය ඉෂා සලාතය සමගත්, එකතු කිරීමට ඇයට අවසරය ඇත. ඒ අනුව ඇය ළුහර් හා අසර් සලාත් දෙක එක් වාරයක ඉටු කරයි. තවද, මග්රිබ් හා ඉෂා සලාත් දෙක ද එක් වාරයක ඉටු කරයි. ෆජ්ර් සලාතය එක් වාරයක ඉටු කරයි. එනම් පස්වරක් ඉටු කිරීමට නියම සලාතය තුන් වාරයකින් ඉටු කරයි.
මා දෙවන වතාවට නැවත පවසා සිටින්නේ: ඇය පිරිසිදු වීමට බලාපොරොත්තු වන්නේ නම් ඇයගේ ලිංගේන්ද්‍රිය (යෝනිය) හොඳින් සෝදා රෙදි කඩකින් හෝ පිට වන දෑ උරා ගන්නා ඒ හා සමාන යමකින් හෝ එය හොදින් වෙළා පසුව වුළූ ධෝවනය කර; ළුහර් රකආත් හතරක් ද අසර් රකආත් හතරක් ද මග්රිබ් රකආත් තුනක් ද ඉෂා රකආත් හතරක් ද ෆජ්ර් රකආත් දෙකක් ද සලාතය ඉටු කිරීමය. එනම් පොදු ජනතාව සිතන පරිදි කෙටි කිරීමකින් තොරව ඒවා ඉටු කිරීමය. නමුත් ළුහර් සහ අසර් සලාත් දෙක ද, මග්රිබ් සහ ඉෂා සලාත් දෙක ද, එකාබද්ධ කර; ළුහර් සලාතය අසර් සලාතය සමග ප්‍රමාද කිරීමෙන් හෝ ඉදිරියට ගෙන එමින් හෝ, එලෙසම මග්රිබ් හා ඉෂා සමග ඒකාබද්ධ කර ඉදිරියට ගෙන එමින් හෝ ප්‍රමාද කරමින් හෝ මේ අයුරින් ඉටු කිරීමට ඇයට අවසර ඇත. එම වුළූ වාරයෙන්ම අතිරේක සලාත් ඉටු කිරීමට ඇය සිතන්නේ නම් ඇය කෙරෙහි වරදක් නැත.
මස්ජිදුල් හරාම් ශුද්ධ වූ මක්කා දේවස්ථානයේ දේශනා හා හදීස් ඇසීම සඳහා, ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් එහි රැඳී සිටීමේ නීතිය කුමක් ද?
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට ශුද්ධ වූ මස්ජිදුල් හරාම් හි හෝ වෙනත් මස්ජිද්වල හෝ රැදී සිටින්නට අවසර නැත. නමුත් මස්ජිදය හරහා ගමන් කරන්නට, ඉන් යම් අවශ්‍යතාවක් ලබන්නට හා එවැනි යම් අවශ්‍ය කටයුත්තක් සඳහා පියනගන්නට ඇයට අවසර ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එක් අවස්ථාවක (සලාතය ඉටු කරන) 'හුඃම්රා' -(1) පොරෝණය ගෙන එන මෙන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට නියෝග කළ විට ඇය: "එය මස්ජිදයේ ඇත. මම ඔසප් තත්ත්වයේ සිටිමි" යැයි පැවසුවාය. එවිට එතුමාණෝ: "ඔබේ ඔසප් තත්ත්වය ඔබේ අතේ නැත."යැයි පැවසූහ. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක්, මස්ජිදයේ රුධිරය නොවැටෙනු සේ ඇය සුරක්ෂිත නම්, එය ඇයට වරදක් වන්නේ නැත.
නමුත් ඇය එහි පිවිස වාඩි වන්නට සිතන්නේ නම්, මෙය ඇයට අනුමත නැත.
ඒ සඳහා වන සාධකය වනුයේ: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඊද් අවුරුදු සලාතයේදී උත්සව සලාතය ඉටු කරන බාහිර ස්ථානය වෙත කාන්තාවන්ටත් (වැඩිවියට පත් වූවන්, කන්‍යාවියන් හා ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන්ට) යන මෙන් නියෝග කර ඇති බැවිනි. නමුත් ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් සලාත් ඉටු කරන ස්ථානයෙන් ඉවත්ව සිටින මෙන් එතුමාණෝ ඔවුනට අණ කළහ. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් දේශනාවට සවන් දීම සඳහා හෝ පාඩම් හා හදීස්වලට සවන් දීම සඳහා හෝ මස්ජිදයේ රැඳී සිටීමට ඇයට අවසරයක් නැති බව මෙය පෙන්වා දෙයි.
*
සලාතයේ දී පිරිසිදුභාවය හා බැඳුණු නීති රීති ඇසුරෙනි.
කාන්තාවකගෙන් වහනය වන -සුදු හෝ කහ වර්ණ- තරලය (දියරය). එය පිරිසිදු ද? කිලිටි ද? එය අඛණ්ඩව වහනය වීම ගැන සැලකිල්ලට ගනිමින් වුළූ ධෝවනය කිරීම අනිවාර්යය වන්නේ ද? එය කඩින් කඩ වී නම්, බොහෝ කාන්තාවන් -විශේෂයෙන් උගත් කාන්තාවන්- මෙය ස්වභාවික තෙතමනයක් ලෙස සලකන බැවින් ඒ සඳහා වුළූ කිරීම අවශ්‍ය නොවන බව සිතන බැවින් මේ ගැන නීතිය කුමක් ද?
සෙවීමෙන් පසුව මට හෙළි වූයේ: කාන්තාවගෙන් පිටවන තරලය මුත්‍රාශයෙන් පිටතට නොපැමිණේ නම්, එය ගර්භාෂයෙන් පිටතට පැමිණේ නම්, එය පිරිසිදු ය. නමුත් එය පිරිසිදු වුවද එය වුළූ අවලංගු කරයි; මක්නිසාද යත්, වුළූ බිඳින්නට අපිරිසිදු වීම කොන්දේසියක් නොවන නිසාය. මෙහි දී ගුද මාර්ගයෙන් පිටවන වාතයෙන්, එහි වරදක් නැත. නමුත් එය වුළූ අවලංගු කරයි. (මෙය ද එලෙසය).
මෙය මත පදනම් කර, ඇය වුළූ ගන්නා අතරතුර එය කාන්තාවගෙන් පිටතට පැමිණියහොත්, එය ඇගේ වුළූ අවලංගු කරයි, ඇය වුළු කිරීම අලුත් කළ යුතුය.
එය අඛණ්ඩව පවතී නම්, එය වුළූ අවලංගු නොකරයි. නමුත් ඇය සලාතයේ නියමිත වේලාව ආරම්භ වන විට, සලාතය සඳහා වුළූ කර ගනියි. වුළූ ගත් එම අවස්ථාවේ ඇය අනිවාර්ය සහ අතිරේක සලාත් ඉටු කරයි. ඇය අල්-කුර්ආනය කියවයි. එමෙන්ම ඇයට අනුමත දැයින් ඇයට අවශ්‍ය ඕනෑම දෙයක් කරයි. විද්වතුන් පවසන පරිදි, මෙය නිතර මූත්‍රා පිටවන තැනැත්තන් හා සමානය. එසේ වහනය වන්නකුගේ නීතිය පිරිසිදුකම දෙසින් බලන්නේ නම්, ඔහු පිරිසිදුය. වුළූ අවලංගු වීම දෙසින් බලන්නේ නම්, එය අඛණ්ඩව සිදුවුවහොත් මිස වුළූ වලංගු වන්නේ නැත. එසේ අඛණ්ඩව පවතී නම් වුළූ වලංගු වන නමුත් ඔහු සලාතය සඳහා වුළූ ගත යුත්තේ, සලාතයේ වේලාව පැමිණීමෙන් පසුව හා සනීපාරක්ෂාව සලසා ගැනීමෙන් පසුවය.
කඩින් කඩ සිදුවන පුරුද්දක් නම්, සලාත් වේලාවන් තුළ එසේ කඩින් කඩ ඇති වීම සහජ සිදුවීමක් නම්, එවිට සලාතයේ වේලාව බැහැර නොවන පරිදි, එය නතර වන වේලාව දක්වා සලාතය ප්‍රමාද කරයි. නමුත් නියමිත වේලාව බැහැර වනු ඇතැයි බිය වන්නී නම්, ඇය වුළූ ගෙන සනීපරාක්ෂාව සලසා සලාත් ඉටු කළ යුතුයි.
සුළු හෝ අධිකත්වය අතර වෙනසක් නැත. හේතුව සියල්ල පිට වන්නේ එකම මාර්ගයෙන් වන බැවිනි. එබැවින් එය සුළු වුව ද අධික වුව ද වුළූ අවලංගු කරන්නක් බවට පත් වේ. එය ශරීරයේ සෙසු ස්ථානවලින් රුධිරය හා වමනය වැනි යමක් පිටවනවාට වඩා වෙනස්ය. මේවා ස්වල්පයක් වූවත් අධික වූවත් වුළූ අවලංගු කරන්නේ නැත.
ඇතැම් කාන්තාවෝ එය වුළු අවලංගු කරන්නේ නැතැයි විශ්වාස කරති. නමුත් ඒ සඳහා ඉබ්නු හසzම් (රහිමහුල්ලාහ්) ගේ ප්‍රකාශයක් හැර වෙනත් පදනමක් මා දන්නේ නැත. ඔහු පවසා සිටිනුයේ: සැබැවින්ම එය වුළූ අවලංගු නොකරන බවය. නමුත් ඔහු එයට සාධක කිසිවක් ඉදිරිපත් කර නැත. එසේ අල් කුර්ආනය, සුන්නාහ් හෝ සහාබාවරුන්ගේ ප්‍රකාශ අතරින් යම් සාධකයක් වී නම් එය තර්කයක් වන්නට තිබුණි.
අල්ලාහ් පිළිබඳ බිය බැතියෙන් කටයුතු කිරීමත්, තම පිරිසිදුභාවය කෙරෙහි උනන්දු වීමත් කාන්තාවගේ වගකීමය. සලාතය සියවරක් ඉටු කළ ද පිරිසිදුකමින් තොරව සිදු කළහොත්, එය පිළිගනු නොලැබේ. ඇතැම් විද්වතුන් මෙසේ පවසා සිටියි: පිරිසිදුභාවයෙන් තොරව සලාතය ඉටු කරන්නා ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව එය උත්තරීතරයාණන් වන අල්ලාහ්ගේ වදන් උපහාසයට ලක් කිරීමක් වන බැවිනි.
අඛණ්ඩව රුධිර වහනය වන කාන්තාවක් අනිවාර්යය සලාතයක් සඳහා වුළූ ගත් විටෙක, එසේ අනිවාර්යය සලාතය සඳහා ගත් එම වුළූ තුළින් ඊළඟ අනිවාර්යය සලාතය දක්වා තමන් කැමති අතිරේක සලාතයන් ඉටු කිරීම හෝ අල් කුර්ආනය පාරායනය කිරීම හෝ ඇයට වලංගු වන්නේය ද?
ඇය අනිවාර්යය සලාතයක් සඳහා වුළූ ගත් විටක, එහි ආරම්භක වේලාවේ සිට අනිවාර්යය හෝ තමන් කැමති අතිරේක සලාත් ඉටු කිරීමට ද, ඊළඟ සලාතයේ වේලාව පැමිණෙන තෙත් අල් කුර්ආනය පාරානය ද කළ හැක.
එවන් කාන්තාවකට ෆජ්ර් සඳහා ගත් වූළු ධෝවනය සමග ලුහා සලාතය ඉටු කිරීමට අවසරය තිබේ ද?
එයට අවසරය නැත. හේතුව ලුහා සලාතය යනු වේලාව නියම කරනු ලැබූ සලාතයකි. නියමිත වේලාව පැමිණීමෙන් පසු ඒ සඳහා වුළූ ගැනීම අවශ්‍ය වන්නේය. ඇය ද මුස්තහාදා (ඔසප් නොවන කාලවලදී රෝගීභාවය හේතුවෙන් රුධිර වහනය වන) කාන්තාවකට සමානය. සෑම සලාතයක් වෙනුවෙන්ම වුළු ගන්නා මෙන් මුස්තහාදා කාන්තාවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නියෝග කර ඇත.
ළුහර්හි වේලාව: හිරු මුදුණින් අවරට යෑමේ සිට අසර් වේලාව දක්වා.
අසර් හි වේලාව: ළුහර්හි වේලාව ඉවත්ව යෑමේ සිට හිරු කහවර්ණයෙන් පවතින කාලය දක්වා. නොවැළැක්විය හැකි හේතුවක් නම් හිරු අවරට යන තෙක්.
මග්රිබ් හි වේලාව: හිරු අවරට යෑමේ සිට ගොම්මන් වේලාව (රත් පැහැය) මුළුමණින් මැකී යන තෙක්.
ඉෂා හි වේලාව:ගොම්මන් වේලාව මුළුමණින් මැකී යාමේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා.
එවන් කාන්තාවක් ඉෂා සලාතය වෙනුවෙන් ගත් වුළූ ධෝවනය සමගම මධ්‍යම රාත්රිිය ගෙවී ගිය විට, කියාමුල් ලෙයිල් හෙවත් රාත්‍රි විශේෂ සලාතය ඉටු කිරීම ඇයට වලංගු වන්නේ ද?
නැත. මධ්‍යම රාත්‍රිය ගෙවී ගිය විට ඇය නැවත අලුතින් වුළූ ගැනීම අනිවාර්යය වේ. එය අනිවාර්යය නොවන බවටද අදහස් ඵල වී ඇත. වඩාත් යෝග්‍ය අදහස මෙයයි.
ඉෂා සලාතයේ අවසන් වේලාව කුමක් ද? එය දැන ගත හැකි වන්නේ කෙසේද?
ඉෂා සලාතයේ අවසන් වේලාව මධ්‍යම රාත්‍රියයි. එය හිරු අවරට යෑමේ සිට හිරු උදාවන තෙක් පවතින කාලය දෙකට බෙදීමෙන් හඳුනා ගත හැක. පළමුවන භාගය අවසන් වනවාත් සමග ඉෂා සලාතය අවසන් වෙයි. පවතින මධ්‍යම රාත්‍යේ නියමිත වේලාවක් නැත. එය ඉෂා හා ෆජ්ර් අතර පවතින නිහඬ වේලාවයි.
කඩින් කඩ එසේ රුධිරය වහනය වන තැනැත්තියක් වුළු ගත් විටෙක, වුළු අවසන් කර, සලාතය ආරම්භ කිරීමට මත්තෙන් නැවත වතාවක් වහනය වූයේ නම් ඇයගේ වගකීම කුමක් ද?
එසේ කඩින් කඩ රුධිර වහනය සිදු වන්නේ නම්, කඩවන වේලාව දක්වා පොරොත්තුවෙන් සිටිය යුතුය. විටෙක වහනය වී විටෙක නැවතී, එසේ කිසිදු පැහැදිලි තත්ත්වයක් එයට පෙනෙන්නට නොමැති නම්, ඇය නිශ්චිත වේලාව පැමිණීමෙන් පසු වුළූ ගෙන සලාතය ඉටු කළ යුතු වේ. ඇයට එහි කිසිඳු (ගැටඵවක්) නැත.
එසේ වහනය වන රුධිරය ශරීරයේ හෝ ඇඳුමෙහි හෝ තැවරී ඇත්නම් එයට කුමක් කළ යුතු වේ ද?
එය පිරිසිදු නම් කිසිවක් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එය අපවිත්‍ර නම් -එනම් මූත්‍රාශයෙන් පිටවන්නක් නම්- එය සෝදා හැරීම ඇයට අනිවාර්යය වේ.
එසේ වහනය වන දෑ හේතුවෙන් එය වුළූ ධෝවනය සමග සම්බන්ධ කර බැලීමේ දී වුළූ හි සෝදන අවයව පමණක් සේදීම සෑහෙන්නේ ද?
එසේය, එය පිරිසිදු නම්, එහිදී එය ප්‍රමාණවත් වේ. එය පිටවනුයේ ගර්භාශය තුළින් මිස මූත්‍රාශයෙන් නොවන බැවිනි.
සහාබි කාන්තාවන් තමන්ගේ ආගමික කටයුතු සම්බන්ධයෙන් තීන්දු පැතීමට උනන්දුවෙන් සිටියදීත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් වාර්තා නොවීමට හේතුව කුමක් ද?
මෙසේ වහනය වීම සෑම කාන්තාවකටම සිදු නොවන බැවිනි.
නීතිය පිළිබඳ නොදැනුවත් කම නිසා ඇතැම් කාන්තාවන් මෙසේ වුළූ ධෝවනය නොකරති. ඇයට පවරනු ලබන්නේ කුමක් ද?
ඇය සර්වබලධාරී අල්ලාහ් වෙත පශ්චාත්තාප වී සමාව ඇයැද සිටිය යුතු අතර ඒ සම්බන්දව දැනුමැත්තන්ගෙන් විමසා දැනගත යුතුය.
මෙසේ වහනය වීම හේතුවෙන් වුළූ ධෝවනය කිරීම අවශ්‍ය නැතැයි ඔබ ප්‍රකාශ කර අති බව ඇතැමුන් ඔබව සඳහන් කර මෙහි දී පවසා ඇත.?
මෙම ප්‍රකාශය මා හා සම්බන්ධ කර පවසන්නා මුසාවාදියෙකි. මතු පිටින් පෙනෙන්නේ: 'එය පිරිසිදුයි, වුළූ ධෝවනය අවලංගු කරන්නේ නැත' යන මගේ ප්‍රකාශය ඔහු එසේ වටහාගෙන තිබෙන බවයි.
ඔසප් වීමට දිනකට හෝ ඊට වැඩි කාලයක් හෝ ඊට අඩු කාලයකට පෙර කාන්තාවකගෙන් දුඹුරු පැහැති ශ්රාවයක් පිටවීම පිළිබඳ තීන්දුව කුමක් ද? ඇතැම් විට තුනී කළු හෝ දුඹුරු පැහැති නූලක් මෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ එය විය හැකිය. එය ඔසප් වීමෙන් පසු වී නම්, එහි නිගමනය කුමක්ද?
ඔසප් තත්ත්වයට පෙර වහනය වන්නේ නම් එය ඔසප් රුධිර වහනයයි. එය සාමාන්‍ය ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට පැමිණෙන වේදානව හා කැක්කුම තුළින් හඳුනා ගනියි.
ඔසප් තත්ත්වයට පසු දකින දුඹුරු වර්ණයේ රුධිර වහනය. එය ඉවත් වන තුරු පොරොත්තුවෙන් සිටිය යුතුය. ඔසප් තත්ත්වයත් සමග බැඳී එන එම දුඹුරු වර්ණැති රුධිරය ද ඔසප් රුධිරය වන්නේය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය ඒ ගැන මෙසේ පවසා ඇත. "සුදු විසර්ජනය දකින තුරු ඔබ ඉක්මන් නොවන්න." මැනවින් දන්නා අල්ලාහ්ය.
*
හජ් හා උම්රා වන්දනාවෙහි දී, ඔසප් තත්ත්වයක පිළිපැදිය යුතු නීති රීති ඇසුරෙනි.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව ඉහ්රාම් සඳහා ප්රාරම්භක රකආත් දෙක ඉටු කරනුයේ කෙසේ ද? ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට තමන් තුළ රහසින් 'දික්ර්' නැවත නැවතත් කීමට අවසර තිබේ ද? නැද්ද?
පළමුවැන්න: දැනගත යුතුම කරුණ වනුයේ: ඉහ්රාම් සඳහා සලාතයක් නොමැත යන වගය. සැබැවින්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ පිළිගැනීමෙන් හෝ ඉහ්රාම් සඳහා වූ සලාතයක් ආගමානුගත කර ඇති බවට කිසිදු සඳහනක් වාර්තා වී නැත.
දෙවැන්න: ඉහ්රාම් බදින්නට පෙර ඔසප් තත්ත්යට පත් කාන්තාවක් නම්, ඔසප් තත්ත්වයේ පසුවෙද්දීම ඉහ්රාම් බඳින්නට පුළුවන.
විමසන ලද ප්‍රශ්ණ අතර තවත් ප්‍රකාශයක් වනුයේ: ඇයට අල් කුර්ආනය කියවීමට අවසරය තිබේ ද? ඔව්, අවශ්‍යතාවක් හෝ යහපත සැලසීමට බලාපොරෙත්තු වන අවස්ථාවක අල් කුර්ආනය කියවීමට ඇයට උරුමය ඇත. කිසිදු අවශ්‍යතාවක් හෝ යහපතක් හෝ නොමැති මොහොතක, අල්ලාහ්ට සමීප වීමේ හා නැමදුම් කිරීමේ අරමුණින් වී නම්, එසේ අල් කුර්ආනය පාරායනය නොකිරීම වඩාත් යහපත් වේ.
කාන්තාවක් හජ් වන්දනාව සඳහා වන්දනාවේ යයි. ඇය ගමන් කළ දිනයේ සිට දින පහක් තිස්සේ මාසික ඔසප් චක්‍රය සාමාන්‍ය පරිදි සිදු විය. පසුව ඇය මීීකාත් නම් සීමා මායිමට ගොස් එහිදී ස්නානය කර ඉහ්රාම් ද ඇඳ ගත්තාය. නමුත් සුපුරුදු පරිදි ඇය පිරිසිදුභාවයට පත් නොවීය. ශුද්ධ වූ මක්කාවට යන මොහොතේ හරම් සීමාවට බැහැරින් රැදී සිටියාය. හජ් හෝ උම්රා චාරිත්‍ර කිසිවක් කළේ නැත. මිනාවෙහි දින දෙකක් රැදී සිටි ඇය පිරිසිදුභාවයට පත් වූවාය. ඇය ස්නානය කර පිරිසිදු තත්ත්වයේ හිඳිමින් උම්රාහ් චාරිත්‍ර සියල්ල ඉටු කළාය. පසුව හජ් වන්දනාව සඳහා තවාෆුල් ඉෆාදා කරන විට ඇයට යළි රුධිර වහනය සිදු විය. නමුත් ඇය ලැජ්ජාව ට පත්වී හජ්හි වන්දනා කටයුතු සියල්ල සම්පූර්ණ කොට තම දේශයට පැමිණෙන තෙක් ඒ ගැන ඇයගේ භාරකරුට කිසිවක් පැවසුවේ නැත. එහි නීතිය කුමක් ද?
මේ සම්බන්ධයෙන් වූ නීතිය වනුයේ: තවාෆුල් ඉෆාදා අවස්ථාවේ ඇයට හටගත් රුධිර වහනය, එය ස්වභාවයෙන් හා වේදනාවෙන් ඇය හඳුනන ඔසප් තත්ත්වය මත වහනය වී ඇත් නම් සැබැවින්ම එම තවාෆුල් ඉෆාදා කර්තව්‍යය වලංගු වන්නේ නැත. නැවතත් මක්කාවට ගොස් තවාෆුල් ඉෆාලා ඉටු කිරීම ඇයට අනිවාර්යය වෙයි. ඒ අනුව ඇය නියමිත සීමා මායිම අසළ උම්රා සඳහා ඉහ්රාම් බැඳ, එක් තවාෆයකින් හා සඃයි කිරීමකින් උම්රා ඉටු කර, කෙස් ද කොට කර, පසුව තවාෆුල් ඉෆාලා සිදු කරනු මැනව.
නමුත් මෙම රුධිරය ඔසප් රුධිරය නොවේ නම්, එය දන්නා ස්වභාවික රුධිරය නොව, එය දැඩි ජනකීර්ණ හෝ තේජස හෝ ඒ හා සමාන දෙයක් නිසා ඇති වූවක් නම්, තවාෆ් සඳහා පිරිසිදුකම කොන්දේසියක් නොවන බව පවසන අය ඉදිරියේ ඇයගේ තවාෆය වලංගු වන්නේ ය.
ඈත දේශයක සිටින බැවින් සඳහන් කළ පළමු ප්රශ්නය සඳහා ආපසු යාමට නොහැකි නම්, ඇයගේ හජ් වලංගු වේ. ඊට හේතුව ඇය සිදු කළ දේට වඩා යමක් ඇයට කළ නොහැකි බැවිනි.
කාන්තාවක් උම්රා සඳහා ඉහ්රාම් පැළඳ පැමිණියාය. මක්කාවට ඇය ළඟා වූ පසු ඔසප් තත්ත්වයට පත්වූවාය. ඇගේ මහරම් ද (ආරක්ෂාවට පැමිණි ලේ ඥාතියා) වහාම ගමන් කිරීමට බැඳී සිටී. ඇයට මක්කාවේ කිසිවෙක් නැත, එසේ නම් නීතිය කුමක්ද?
ඇය ඉහ්රාම් හි රැඳී සිටින අතර, ඇය ඔහු සමඟ ගමන් කරයි. පසුව ඇය පිරිසිදු වූ විට නැවත පැමිණෙයි. මෙය ඇය සෞදි අරාබි ය තුළ සිටී නම්, ආපසු යාම පහසු වන බැවින් හා තෙහෙට්ටුවක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් හෝ එවැනි වෙනත් අවශ්‍යතාවක් හෝ ඒ සඳහා අවශ්‍ය නොවන බැවිනි.
නමුත් ඇය මහ්රම් නොවන කාන්තාවක් නම් සහ ඇයට ආපසු යාමට අපහසු නම්, ඇය එම ගමනේදීම තම ‘සනීපාරක්ෂාව සළසා ගෙන, තවාෆ් ඉටු කර, සඃයි ද ඉටු කර, කෙස් කොට කර ඇගේ උම්රාව අවසන් කරනු ඇත. ඊට හේතුව ඒ වන විට ඇයගේ තවාෆය අත්‍යවශ්‍ය කරුණක් බවට පත් ව ඇති බැවිණි. අත්‍යවශ්‍ය කරුණකදී තහනම් දෙයට ද අවසර ලැබේ.
හජ් දිනවලදී ඔසප් තත්ත්වයට පත් මුස්ලිම් කාන්තාවක් සම්බන්ධයෙන් දෙන තීන්දුව කුමක්ද, එම හජ් ඇයට වලංගු වන්නේ ද?
ඇය ඔසප් තත්ත්වයට පත්වූයේ කවදාදැ?යි දැන ගන්නා තුරු ඒ සඳහා පිළිතුරු දීමට නොහැකිය. ඊට හේතුව ඔසප් තත්ත්වය හජ් හි සමහර කටයුතු වළක්වන අතර, තවත් සමහර කටයුතු නොවළක්වන බැවිනි. ඇය පිරිසිදු තත්ත්වයේ සිටියහොත් මිස ඇයට තවාෆ් කළ නොහැකිය. ඒ හැර සෙසු වන්දනා කටයුතු ඔසප් තත්ත්වය සමගම ඉටු කිරීමට පුළුවන.
මම පසුගිය වසරේ අනිවාර්ය හජ් ඉටු කළෙමි. නීත්‍යානුකූල නිදහසට කරුණක් හටගත් නිසා තවාෆ් අල්-ඉෆාදා (හජ් වන්දනාවට අදාළ තවාෆ්) සහ තවාෆුල් විදා (සමුගැනීමේ තවාෆ්) ඉටු කිරීමෙන් වැළකී ඒ හැර හජ්හි සෙසු සියලුම චාරිත්‍ර ඉටු කළෙමි. තවාෆ් අල්-ඉෆාදා සහ තවාෆ් අල්-විදා ඉටු කිරීම සඳහා තවත් දිනක නැවත පැමිණීමේ අදහසින් මදීනාවෙහි පිහිටි මාගේ නිවසට මම ගියෙමි. ආගමික කරුණු පිළිබඳ මගේ නොදැනුවත්කම නිසා, මම සෑම දෙයකින්ම මිදී, ඉහ්රාම් කාලය තුළ තහනම් කරන ලද සෑම දෙයක්ම කළෙමි. තවාෆ් කිරීම සඳහා නැවත යාමට පැතුවෙමි. නමුත් මට, "තවාෆ් කිරීම ඔබට වලංගු වන්නේ නැත. එය අවලංගුය. ලබන වසරේ නැවත ගවයකු හෝ ඔටුවකු හෝ කුර්බාන් කර නැවත වරක් හජ් ඉටු කළ යුතුය." යැයි කියන ලදී. මෙය නිවැරදිද? වෙනත් විසඳුමක් තිබේද? එය කුමක් ද? මාගේ හජ් වන්දනාව දූෂිත වූවාද? මම එය නැවත ඉටු කළ යුතුද? කරුණාකර මා කුමක් කළ යුතු දැයි ඔබ මට උපදෙස් දෙන්න. අල්ලාහ් ඔබට ආශීර්වාද කරත්වා!
මෙය දැනුමෙන් තොරව දෙනු ලබන අසහනකාරී තීන්දුවකි. මෙම අවස්ථාවේ නැවත මක්කාවට ගොස් තවාෆුල් ඉෆාලා පමණක් ඉටු කිරීමට ඔබට අනිවාර්යය වන්නේය.
තවාෆුල් විදා සම්බන්ධයෙන් ගත් කල, මක්කාවෙන් පිටත්ව යන අවස්ථාවේ ඔබ ඔසප් තත්ත්වයට පත්ව සිටීයේ නම් එම තත්ත්වයේ කාන්තාවට තවාෆුල් විදා ඉටු කිරීම අනිවාර්යය නොවන බැවින් තවාෆුල් විදා ඉටු කිරීම ඔබට නියම නොවන්නේය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දන්වා සිටි හදීසයකට අනුව: "ඔසප් තත්ත්වයට පත් කාන්තාවට පිරිනමා ඇති සහනය හැර සෙසු සියලු දෙනාම ඔවුන්ගේ අවසාන කර්තව්‍යය (සමුගැනීමේ තවාෆ් සමග) දේව නිවසින් අවසන් විය යුතු යැයි ජනයාට අණ කළේය." තවද, අබූ දාවුද්හි සඳහන් වාර්තාවක "ඔවුන්ගේ අවසන් කර්තව්‍යය දේව නිවස තවාෆ් කිරීමෙන් අවසන් විය යුතුය" යැයි සඳහන් වී ඇත. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෆිය්යා තවාෆුල් ඉෆාදා කළ බවට තොරතුරු දැනගන්නට ලැබූ කල්හි එතුමා: "එසේ නම් ඇය ඉවත්ව සිටින්නට තිබුණි' යැයි පැවසූහ. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගෙන් තවාෆුල් විදා නම් කර්තව්‍යය ඉවත් වන බව මෙය දන්වා සිටියි.
තවාෆුල් ඉෆාදා යනු මෙහි දී ඔබට අත්‍යවශයය. ඔබ නොදැනුවත්කම හේතුවෙන් සියලු තහනම් දැයින් මිදී සිටියද ඒවා ඔබට බලපෑමක් ඇති කරන්නේ නැත. නොදැනුවත් කෙනෙකු ඉහ්රාම් තත්ත්වයේ දී තහනම් කරුණු අතරින් කිසිවක් සිදු කළේ නම් ඔහුට කිසිවක් පැනවෙන්නේ නැත. උත්තරීතරයාණන්ගේ ප්‍රකාශයට අනුව, "අපගේ පරමාධිපතියාණෙනි! අපි (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව!" (අල් බකරා: 286) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: 'ඔබ සිදු කළෙහිය." "කවර දෙයක් ඔබලාට වැරදුණෙහි ද එහි ඔබලා කෙරෙහි වරදක් නැත. නමුත් ඔබලාගේ හදවත් උවමනාවෙන් කළ දෑහි (වරද ඇත.) තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය." (අල් අහ්සාබ් 33: 5) උත්තරීතර අල්ලාහ් ඇයට පිරිනැමූ සියලුම තහනම් කරුණු නොදැනුවත් කමින් හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ ඇයට සිදු වූ විටෙක ඒ සඳහා කිසිවක් පැනවෙන්නේ නැත. නමුත් නිදහසට හේතු වූ කරුණ ඉවත් වූ මොහොතේ ඔහු පැළඳ සිටි දේ අත්හැරිය යුතුය.
දරුවකු ප්‍රසූත කළ කාන්තාවකට ඇය පශ්චාත් රුධිර වහනය,'යව්මුත් තර්වියා' හෙවත් අවුරුදු දිනයේ ආරම්බ වුවත්, ඇය තවාෆ් හා සඃයි හැර හජ්හි සෙසු කුළුණු සම්පූර්ණ කළ විට, දින දහයකට පසු තමා පිරිසිදු වූ බව ඇය දුටුවාය. එවිට ඇය පිරිසිදු වී, ස්නානය කර, හජ්හී ඉතිරි වගකීම ඉටු කළ හැකි ද?
පිරිසිදුභාවය තහවුරු වන තෙක් ස්නානය කර තවාෆ් ඉටු කිරීම ඇයට සුදුසු නැත. මෙම ප්රශ්ණයෙන් වැටහෙන්නේ ඇය 'ආරම්භවී ඇතැ'යි පවසා සිටීමෙන් පූර්ණ ලෙස පිරිසිදුභාවය ඇය දැක නොමැති බවයි. එබැවින් සම්පූර්ණ වශයෙන් පිරිසිදුභාවය දැකීම අවශ්‍ය වන්නේය. ඇය එසේ පිරිසිදු වූ පසු ස්නානය කර තවාෆ් හා සඃයි වගකීම ඉටු කරයි.
ඇය තවාෆ් කිරීමට පෙර සඃයි ඉටු කරන්නී නම් එහි වරදක් නැත. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් හජ්හි තවාෆ් ඉටු කිරීමට පෙර සඃයි ඉටු කිරීම පිළිබඳ විමසා සිටි විට, "එහි වරදක් නැත" යැයි එතුමාණෝ පවසා සිටියහ.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් රුධිර වහනය වෙමින් තිබියදී හජ් සඳහා ඉහ්රාම් චේතනාව තැබුවාය. මක්කාවට ළඟා වූ පසු ඇය යම් අවශ්‍යතාවක් සඳහා ජිද්දා වෙත ගියාය. ජිද්දාහි පිරිසිදු වී ස්නානය කර ඇයගේ හිසකෙස් පීරා පසුව ඇයගේ හජ් වන්දනාව සම්පූර්ණ කළාය. ඇයගේ හජ් වන්දනාව වලංගු වන්නේ ද? ඇයට කිසිවක් හෝ අනිවාර්යය වන්නේ ද?
ඇයගේ හජ් වන්දනාව වලංගුය. වෙනත් කිසිවක් ඇයට පැවරෙන්නේ නැත.
මම උම්රා ඉටු කිරීම සඳහා ගියෙමි. මීකාත් හෙවත් සීමා මායිම වෙත යද්දී ඔසප් තත්ත්වයට භාජනය වූයෙමි. පසුව මම ඉහ්රාම් චේතනාව නොතැබුවෙමි. පිරිසිදු වන තෙක්ම මක්කාවේ රැඳී සිටියෙමි. ඉන්පසු මක්කාවේ සිට මම ඉහ්රාම් චේතනාව තැබුවෙමි. එය සුදුසු ද? එසේ නැතහොත් මා කුමක් සිදු කළ යුතු ද? මා වෙත අනිවාර්යය වන්නේ කුමක් ද?
එය සුදුසු ක්‍රියාවක් නොවන්නේය. උම්රා කිරීමට සිතන කාන්තාවක් ඇය ඔසප් තත්ත්වයේ පසු වුව ද ඉහ්රාම් චේතනාව කිරීමෙන් මිස මීකාත් සීමා මායිම තරණය කිරීම සුදුසු වන්නේ නැත. එහෙයින් ඇය ඔසප් තත්ත්වයේ සිටියදීම ඉහ්රාම් චේතනාව තැබිය යුතු වේ. ඇයගේ ඉහ්රාමය ක්‍රියාත්මක වන අතර එය නිවැරදි වන්නේය. ඒ සඳහා වන සාධකය වනුයේ: අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාගේ බිරිය වන අස්මා බින්ත් උමෙයිස් දරුවකු ප්‍රසූත කළාය. ඒ වන විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම අවසන් හජ් කර්තව්‍යය ඉටු කිරීමේ අපේක්ෂාවෙන් දුල් හුලෙයිෆාවට ගොඩ බැස සිටියහ. "මා කෙසේ කටයුතු කළ යුතු දැයි විමසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පණිවිඩියක් යැව්වෙමි". එතුමාණෝ: "ඔබ ස්නානය කර ගන්න. රෙදි කඩකින් ආවරණය කර, ඉහ්රාම් චේතනාව තබන්න." යැයි පැවසූහ. ඔසප් රුධිරය දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය හා සමානය.
එබැවින් ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව උම්රා හෝ හජ් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මීකාත් හෙවත් සීමා මායිම පසු කර යන විට අප ඇයට පවසා සිටිනුයේ: 'ඇය ස්නානය කර; රෙදි කඩකින් වෙළාගෙන, ඉහ්රාම් චේතනාව තැබිය යුතු' බවයි. වෙළා ගැනීම යන්නෙහි අර්ථය: ඇය ඇයගේ ලිංගෙන්ද්‍රිය (යෝනිය) රෙදි කඩකින් තදින් වෙළා ගැනීම, ගැට ගසා ගැනීමය. පසුව ඇය හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තබයි. නමුත් ඇය ඉහ්රාම් චේතනාව තබා මක්කාවට ළඟා වූවා නම් ඇය පිරිසිදු වන තෙක් ශුද්ධවූ නිවසට නොයා යුතු අතර තවාෆ් ඉටු නොකළ යුතුය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රා කර්තව්‍යය ඉටු කරන අතර වාරයේ ඔසප් තත්ත්වයට පත් වූ විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමියට මෙසේ පැවසූහ. "හජ් වන්දනාකරු ඉටු කරන දෑ ඔබ ද ඉටු කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් දේව නිවසෙහි තවාෆ් ඉටු නොකරන්න." මෙය බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්ථාවකි. සහීහ් අල් බුහාරි හි තවදුරටත් මෙසේ සඳහන් වේ. ආඉෂා තුමිය මෙසේ සඳහන් කර සිටියාය. ඇය පිරිසිදු වූ කල්හි දේව නිවස තවාෆ් කළා මෙන්ම සෆා හා මර්වා හි සඃයි කළාය. කාන්තාව ඔසප් තත්ත්වයේ පසුවන විට හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබූ විට හෝ තවාෆ් කිරීමට පෙර ඔසප් තත්ත්වය ඇය පත් වූ විට හෝ ඇය පිරිසිදු වී ස්නානය කරන තෙක් තවාෆ් ඉටු නොකළ යුතු අතර ද සඃයි ද ඉටු නොකළ යුතුය.
ඇය පිරිසිදු තත්ත්වයේ තවාෆ් ඉටු කරමින් සිටියදී තවාෆය අවසන් වීමට මත්තෙන් ඔසප් තත්ත්වය ඇති වූයේ නම්, එසේ ඔසප් තත්ත්වයට ඇය පත්ව සිටිය ද, ඇය දිගටම තවාෆය ඉටු කරන අතර ඇය සඃයි ද ඉටු කරයි. එමෙන්ම ඇයගේ හිසකෙස් කොට කර ගෙන ඇයගේ උම්රාව අවසන් කරයි. ඊට හේතුව සෆා මර්වා අතර සඃයි කිරීම සඳහා පිරිසිදුකම කොන්දේසියක් නොවන බැවිනි.
මා සහ මාගේ පවුලේ අය 'යන්බූ' සිට උම්රා ඉටු කිරීම සඳහා පැමිණියෙමු. නමුත් ජිද්දා වෙත ළඟා වෙත්ම මාගේ බිරිය ඔසප් තත්ත්වයට පත්වූවාය. නමුත් මාගේ බිරිය නොමැතිව මම උම්රාව තනිව ඉටු කළෙමි. මේ සම්බන්ධයෙන් මාගේ බිරියට සතු නීතිය කුමක් ද?
ඔබේ බිරිය සම්බන්ධයෙන් වූ නීතිය නම්: ඇය පිරිසිදු වන තෙක් රැඳී සිටිය යුතු වේ. පසුව ඇයගේ උම්රාව ඉටු කළ යුතුයි. සෆිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය ඔසප් තත්ත්වයට පත්වූ කල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ විමසා සිටයහ. "ඇය අප නතර කරන්නට බලන්නී ද?" එවිට ඔවුහු, "සැබැවින්ම ඇය තවාෆුල් ඉෆාළා ඉටු කර ඇත්තාහ."යැයි පැවසුවෝය. එවිට එතුමා "ඇය ඉවත්ව සිටිනු මැනව" යයි කීහ. "ඇය අප නතර කරන්නට බලන්නී ද? යන (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය වනාහි, -තවාෆුල් ඉෆළා ඉටු කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත් වූ විටෙක- ඇය පිරිසිදු වී පසුව තවාෆ් ඉටු කරන තෙක් නැවතී සිටිය යුතු යැයි පෙන්වා දෙයි.
උම්රාහි තවාෆ් ද තවාෆුල් ඉෆාළා හා සමානය. එය උම්රාවෙහි එක් අනිවාර්යය අංගයකි. උම්රා ඉටු කරන්නියක් තවාෆ් ඉටු කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත්වූ විටෙක, ඇය පිරිසිදු වී තවාෆ් ඉටු කරන තෙක් පොරොත්තුවෙන් සිටිය යුතු වේ.
හරම් සීමාවේ ඇති සඃයි කරන ස්ථානය? ඔසප් කාන්තාව එය සමීප විය හැකි ද? සඃයි කරන ස්ථානයේ සිට හරම් දේවස්ථානයට පිවිසෙන අයකුට තහිය්යතුල් මස්ජිද් හෙවත් මස්ජිදය වෙනුවෙන් කරන පිදුම් යාඥාව ඉටු කිරීම අනිවාර්යය වන්නේ ද?
සඃයි කරන ස්ථානය මස්ජිදය තුළ නොමැති බව පෙනේ. ඒ දෙක අතර වෙන් කරන බිත්තියක් තනා ඇත්තේ එබැවිනි. නමුත් එය කොට බිත්තියකි. එහි ජනතාවට යහපතක් තිබීම කිසිදු සැකයක් නැත. මස්ජිදය තුළට ඇතුළුකර ඉදිකර තිබුණහොත්, තවාෆ් හා සඃයි කරන අතරවාරයේ කාන්තාවක් ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය සඃයි ඉටු කිරීම ඇයව තතනමි වනු ඇත.
ඒ ගැන නිකුත් කර ඇති නිගමනය : තවාෆ් සිදු කිරීමෙන් පසුව ඇය ඔසප් තත්ත්වයට පත්වූවා නම් ඇය සඃයි කරයි. හේතුව සඃයි කරන ස්ථානය මස්ජිදයේ කොටසක් ලෙස නොසළකන බැවිනි.
දේවස්ථානය වෙනුවෙන් කරන පිදුම් යාඥාව'තහිය්යතුල් මස්ජිද්' පිළිබඳ වනාහි: තවාෆ් කිරීමෙන් පසු සඃයි ඉටු කර, පසුව ඔහු නැවතත් මස්ජිදය තුළට පිවිසි අවස්ථාවක ඔහු එම සලාතය ඉටු කරයි. තහිය්යතුල් මස්ජිදය මඟ හැරුණේ නම් එයිිින් වැරදි කිසිවක් නැත. වඩාත් උතුම් වන්නේ ලැබු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රකආත් දෙකක් ඉටු කිරීමය. ඊට හේතුව මෙම ස්ථානයේ සලාත් ඉටුකිරීමෙහි මහිමයන් ඇති බැවිනි.
මම හජ් ඉටු කළෙමි. මාසික ඔසප් චක්‍රය මට ඇති විය. කිසිවකුටත් ඒ ගැන දන්වා සිටීමට මා ලැජ්ජා වූයෙමි. මම හරම් තුළට පිවිස සලාත්, තවාෆ් හා සඃයි ඉටු කළෙමි. මෙම තත්ත්වය පැමිණ ඇති බව දැන දැනත් මේ සම්බන්ධයෙන් මට අත් වන්නේ කුමක් ද?
ඔසප් තත්ත්වයට පත් වූ කාන්තාවක් හෝ පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවක් හෝ මක්කාවේ හෝ එහි ප්‍රදේශයේ හෝ කවර ස්ථානයක සිටිය ද සලාත් ඉටු කිරීම කාන්තාවට අනුමත වන්නේ නැත. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කාන්තාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අනුවය. එනම්, "ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද? එමෙන්ම උපවාසයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?" ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවකට උපාවසයේ නිරත වීම අනුමත නොවන බවත් සලාත් ඉටු කිරීම ඇයට අනුමත නොවන බවත් මුස්ලිම්වරු ඒකමතිකව එකඟ වෙති.
එය සිදු කළ මෙම කාන්තාව අල්ලාහ් වෙත පශ්චාත්තාප වී, ඇයට සිදු වූ දෑ සම්බන්ධයෙන් පාප්කෂමාව අයැද සිටිය යුතුය.
ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව ඉටු කරන තවාෆය වලංගු නොවන නමුත් ඇයගේ සඃයි වලංගු වන්නේ ය. නමුත් වඩාත් නිවැරදි ප්‍රකාශය වනුයේ, හජ්හි තවාෆයට කලින් සඃයි කර්තව්‍යය ඉටු කිරීමට අවසරය ඇති බවය. ඒ අනුව තවාෆ් අල් ඉෆාදා නැවත ඉටු කිරීම ඇයට අනිවාර්යය වන්නේය. හේතුව එය හජ්හි මූලිකාංග අතරින් එක් මූලිකාංගයකි. එය ඉටු කිරීමෙන් මිස ඉහ්රාම් භාවයෙන් දෙවන මිදීම පූර්ණවත් වන්නේ නැත.
ඒ මත පදනම්ව, එම කාන්තාව -විවාහක නම්- ඇය තවාෆ් කරන තුරු ඇය සමග ඇයගේ ස්වාමියා පහස නොවිඳිය යුතුය. -ඇය අවිවාහක නම්- ඇය තවාෆ් ඉටු කරන තෙක් විවාහ ගිවිස ගැනීම සුදුසු නැත. මැනවින් දන්නා උත්තරීතර අල්ලාහ්ය.
අරෆා දිනයේ කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය සිදු කළ යුත්තේ කුමක් ද?
අරෆා දිනයේ කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විටෙක, හජ්හි ඇය දිගටම රැඳී සිටියි. ජනයා සිදු කරන සියලු කර්තව්‍යයන් ඉටු කරයි. නමුත් ඇය පිරිසිදු වන තෙක් දේව නිවස තවාෆ් ඉටු නොකරයි.
අකබාවට ගල් ගැසීමෙන් පසු හා තවාෆ් අල් ඉෆාදා ඉටු කිරීමට පෙර කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විටෙක ඇය හා ඇයගේ ස්වාමි පුරුෂයා කණ්ඩායමක් සමග බැඳී සිටිය දී, ගමන් කිරීමෙන් පසු නැවත හැරී ඒම ඇයට නොහැකි බව දැන ගත් විටෙක ඇය සිදු කළ යුත්තේ කුමක් ද?
නැවත හැරී යාමට නොහැකි නම්, ඇය සනීපාරක්ෂාව සළසා ගනිමින් වැළැක්විය නොහැකි හේතුව මත ඇය තවාෆ් ඉටු කරයි. ඇයට කිසිවක් නියම වන්නේ නැත. හජ් හි සෙසු ක්‍රියාවන් ඇය විසින් සම්පූර්ණ කරයි.
දින හතළිහකට පෙර පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවක් පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක, ඇයගේ හජ් වන්දනාව වලංගු වන්නේ ද?
දින හතළිහකට පෙර පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන කාන්තාවක් පිරිසිදු තත්ත්වයට පත් වූ විටෙක, ඇය ස්නානය කළ යුතුය. සලාත් ඉටු කර, තවාෆ් දක්වා ශුද්ධ තත්ත්වයේ පසුවන කාන්තාවන් සිදු කරන සියලු දෑ ඇය ඉටු කරයි. ඊට හේතුව පශ්චාත් ප්‍රසූත රුධිර වහනයට අවම කාල සීමාවක් නොමැති බැවිනි.
ඇය පිරිසිදු භාවය නොදුටුවද ඇයගේ හජ් වන්දනාව ඉදිරියටත් වලංගු වන්නේය. නමුත් ඇය පිරිසිදු වන තෙක් දේව නිවස තවාෆ් නොකරයි.
*
Related books
All books
පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.16 භාෂාපවිත්රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්.
මහාචාර්ය අෂ්-ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල්-උසයිමීන් (රහිමහුල්ලා) විසින් රචිත "පවිත්‍රතාවය, සලාතය සහ ජනාසා කටයුතු පිළිබඳ ෆික්හ් නීති රීති කිහිපයක්." නම් කෘතිය, උක්ත වත්පිළිවෙත් ගැන පැහැදිලි කර ඇත්තේ අල්-කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මාර්ගය නම් සුන්නාවට අනුගතව ය. මුස්ලිම්වරුන් සඳහා ඔවුන්ගේ වත්පිළිවෙත් අවබෝධයෙන් යුතුව හා පහසුවෙන් ඉටු කිරීමට ඉඩ සලසා දීමේ අරමුණින් මෙම කෘතිය ග්‍රන්ථාරූඨ කිරීම මෙහිලා ඉතා වැදගත් කර්තව්‍යයක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ශරීආව තුළ ඇති සාධක මත බැඳී සිට ලිහිල් මධ්‍යම මාර්ගය අනුගමනය කර තිබීම මෙහි විශේෂත්වයයි. අල්ලාහ්ගේ පිළිගැනීම හා ඔහුගේ සමීපත්වය ලබා…
من أحكام الصيام
أحكام الهدي والأضاحي والتذكية
දේවත්වය විශ්වාස කරන කාන්තාවන්ට අදාල නීති රීති පිළිබඳ විමසුමක්5 භාෂාදේවත්වය විශ්වාස කරන කාන්තාවන්ට අදාල නීති රීති පිළිබඳ විමසුමක්
කර්තෘ ගරු අෂ්-ෂෙයික් ආචාර්ය.සාලිහ් බින් ෆව්සාන් අල් ෆව්සාන් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. පෙරවදන සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. ඔහු සියල්ල සැලැසුම් කර යහපත් මඟට යොමු කරන්නේය. ඔහුගේ අභිලාෂය පරිදි ශුක්රාණුවෙන් පිරිමි සහ ගැහැණු යුවළ නිර්මාණය කළේය. අල්ලාහ් පමණක් හැර වන්දනාමානයට සුදුසු වෙන කිසිවෙකු නොමැත. ඔහුට කිසිම හවුල්කරුවෙකු නැතැයි මම සාක්ෂි දරමි. ආරම්භයේදී සහ අවසානයයේදී ප්‍රශංසා හිමිවන්නේ අල්ලාහ්ටමය. එමෙන්ම මුහම්මද් නබි (සල්ලලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ මෙහෙකරුවා සහ ඔහුගේ දූතයා බවට ද මම සාක්ෂි දරමි. තවද එතුමාණන්ව ඉහල අහසට අල්ලාහ්ගේ බල මහිමයෙන් රැගෙන යන ලද අතර…