الهندوسية في ميزان تعاليمها الأصلية والعقل والفطرة السليمة
හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය
හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය
ප්‍රශ්න හා පිළිතුරු
ආචාර්‍ය හයිසම් තල්අත්
උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන්ට ම හිමි ය. ශාන්තිය හා සමාදානය දේව දූත මුහම්මද්තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ උදවියටත් එතුමාණන්ගේ සහගාමීන්ටත් එතුමාණන් ව අනුගමනය කළ උදවියටත් අත් වේවා!
හින්දු දහම දහමක් ලෙස හඳුන්වනු ලැබුව ද, වඩාත් නිවැරදි ම නිර්වචනය වන්නේ එය ජීවන මාර්ගයක් යන්න ය.
ලෝක ජනගහනයෙන් 15%ක් පමණ හින්දු භක්තිකයන් වන අතර, ඔවුන්ගේ ජනගහනය බිලියනයක් හා මිලියන දෙසීයකට අධික ය.
කාලයේ ඇවෑමෙන් හින්දු දහම බොහෝ වෙනස්කම්වලට භාජනය විය.
"වේද ග්‍රන්ථවල යුගයෙන් පසු හින්දු දහමෙහි බුද්ධිමය, විද්‍යාත්මක හා මිනිස් ස්වභාවය හා සම්බන්ධ ගැටලු බොහෝමයක් පැන නගින්නට විය. ඒවායින් කිහිපයක් පිළිබඳ මෙම කෘතියෙහි දක්වා ඇති අතර, ඒ පිළිබඳ අපි අවධානය යොමු කරමු.
ඔව්!
සැබැවින් ම, හින්දු දහම එහි වේද ග්‍රන්ථවල ( හින්දු දහමේ මූල ග්‍රන්ථ) ඉගැන්වීම්වලින් බොහෝසෙයින් බැහැර ව ගොස්, එක් එක් පුද්ගලයින්ගේ හා පූජකයින්ගේ මෙන් ම, බගවත් ගීතය නැමැති ග්‍රන්ථයේ ඉගැන්වීම් අනුගමනය කරන්නට විය.
භගවත් ගීතාව හා තන්ත්‍ර සම්ප්‍රදායන්
මෙම කුඩා පොත් පිංච තුලින්, වර්තමාන හින්දු ආගම, නවීන විද්‍යාව, තර්ක ශාස්ත්‍ර සහ මෙතෙක් හින්දුවරුන් අත පවතින මුල් වේදවල ඉගැන්වීම් විනිශ්චය කිරීමට මා උත්සාහ කරමි. තවද හින්දු භක්තිකයන් සත්‍ය ආගම වෙත ආරක්ෂිතව ගෙන ඒමට වේදවල සහ හින්දු ධර්මයේ පවතින සත්‍ය ප්‍රමාණවත්ය, යන්න මගේ විශ්වාසයයි.
වේද ග්‍රන්ථය යනු: හින්දු ආගමේ අති පූජනීය ග්‍රන්ථ වේ.
ස්වභාව ධර්මය නම්: මිනිසාගේ පැවැත්මේ අරමුණ සහ ඔහුගේ ඉරණම ගැන සලකා බැලීමේ දී, ඔහුගේ මනස දෙවියන් ගැන විශ්වාසය කිරීම කෙරෙහි සහ ඔහු නියම කර ඇති ආකාරයට අනුව ඔහුට වන්දනාමානය කිරීම කෙරෙහි යොමු කරවන ස්වභාවයයි.
සත්‍ය දහම නම්: වේද ග්‍රන්ථවල සත්‍යයේ ශේෂයන් ඇතුළත් වූ එම පණිවිඩය වේ. එය වනාහි ස්වභාව ධර්මයේ හඬ වන අතර එය අල්ලාහ් විසින් ලෝකයට පහළ කළ වහී හෙවත් හෙළිදරව් කිරීම වේ. තවද එය උපනිෂද් ඉගැන්වීම් තුල තව්හීද් හෙවත් අල්ලාහ්ගේ ඒකදේව වාදයේ ප්‍රතිඵල ගැන කථා කරන පණිවිඩයයි.
එබැවින්, මෙම පොත් පිංච මඟින් වේද ග්‍රන්ථ කාලවකවානුවේ දී පැවති හින්දු දහම සහ වර්තමානයේ පවතින හින්දු දහම අතර සංසන්දනයක් කිරීමට උත්සාහ කරන්නෙමි.
ආරම්භයේ සිට අද වනතුරු හින්දු දහම විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත.
අද වන විට හින්දු දහම එහි වේද ග්‍රන්ථවල සඳහන් පිවිතුරු ඒකදේවත්වය හා සම්බන්ධ ඉගැන්වීම්වලින් බොහෝ දුරස් වී ඇත. වත්මනයේ පවතින හින්දු දහම තුළ වහ්දතුල් වුජූද් හෙවත් මැවුම්කරු හා මැවීම් යනු දෙකක් නොව එකක් වේ යන සංකල්පය දැක ගත හැක. මෙම සංකල්පය, වේද ග්‍රන්ථවල පැහැදිලි ඉගැන්වීම්වලට පමණක් නොව, මිනිස් බුද්ධියෙහි මූලික හරයන්ට පවා පටහැනි වේ. මන් ද යත්, සෑම දෙයක ම මැවුම්කරු හෙවත් දෙවිඳුන් මැවීම් තුළ සිටිය හැක්කේ කෙසේ ද? ඔහු ඔබ තුළ ම සිටිය දී හින්දු භක්තිකයෙකු වන ඔබ, චාරිත්‍ර වාරිත්‍ර හා පිළිවෙත් මාලාවක් හරහා ඔහු වෙත ළඟා වීමට උත්සාහ කරන්නේ කෙසේද?
මෙය පැහැදිලි ව ම විචාර බුද්ධියට පටහැනි නොවේ ද?
එමෙන් ම වහ්දතුල් වුජූද් නම් සර්වඥවාදය (දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ මැවිල්ල එකකි) යන ප්‍රකාශය සාපේක්ෂතාවාදය කරා කැඳවයි. පිළිම හෝ රූපයකට වන්දනාවේ යෙදෙන සෑම ආගමක්ම ඔවුන්ගේ අවබෝධය අනුව ඔවුන් නමදිනුයේ දෙවියන්ට ය. මන්ද ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් දෙවියන් යනු පිළිම යයි; එය රූපයකි. එබැවින් දෙවියන් සෑම තැනකම වැඩ වසින්නේ ය. තවද, සියල්ලක්ම ඔහු වේ ය.
මෙම සාපේක්ෂතාව අනුව එහි අර්ථය සහ අගය නැති කරයි. මම මෙම පොතේ ඒ පිළිබඳ පැහැදිලි කරමි.
මීට අමතර ව වේද ග්‍රන්ථ, මැවීම්වලින් වෙන් වූ ස්වාධීන දෙවියෙකු පිළිබඳ විශ්වාස කිරීම කෙරෙහි පැහැදිලි ව ම කැඳවයි. මෙලොව මැවීම් සියල්ල උත්තරීතර දෙවිඳාණන් ගේ මැව්ම් වන අතර, උන්වහන්සේ එම මැව්ම්හි වැඩ සිටීමට තරම් එම මැව්ම් ප්‍රමාණවත් නොවේ.
වේදයන්, විෂේශයෙන් රිග් වේදය මෙලෙස පවසයි: අහෝ ඒකීය දෙවිදාණනි! සූර්‍යයා සහ පෘථවිය යන දෙකටම ඔබ වටකර ගෙනීමට සහ සන්තක කරගැනීමට ශක්තිය නොදරයි.
http://[1]stholistic.com/prayer/hindu/hol_hindu-samsara-and-karma.htm[22] (මෙම වෙබ් අඩවිය බුදු දහම හා එහි වත්පිළිවෙත් පිළිබඳ තර්කානුකූල පර්යේෂණ පළ කරන බෞද්ධ සඟරාවකට අනුබද්ධිත වෙබ් අඩවියකි.
මෙය, වහ්දතුල් වුජූද් හෙවත් මැවුම්කරු හා මැවීම් යනු දෙකක් නොව එකක් වේ යන සංකල්පය වැරදි සංකල්පයක් යන්නට වේද ග්‍රන්ථවල සඳහන් පැහැදිලි සාධකයකි. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණෝ මැවීම්වලින් වෙන් වූ සර්ව ස්වාධීන අයෙකි.
වර්තමාන හින්දු ආගමේ, ආත්මයන්ගේ පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය ඔබට දැනගන්නට ලැබෙයි. එනම් එහිදී මිනිස් ආත්මයන් මරණයෙන් පසු වෙනත් ජීවීන් වෙත ගොස් නව ජීවියෙකු තුළ නැවත ඉපදීමයි. එබැවින් සෑම මිනිසෙකුටම ඔහුට පෙර වෙනත් ජීවියෙකු තුළ පෙර ජීවිතයක් තිබුණි. මෙම විශ්වාසය බොහෝ ගැටලු ජනනය කරයි, කුමක් නිසාද යත් ආත්මයන්ගේ පුනරුත්පත්තිය සත්‍යය නම්, ළදරුවන් වැඩිහිටියන්ට සමාන මානසික හැකියාවන්ගෙන් උපත නොලබන්නේ ඇයි? [ 2 ]
[2] Cogan, Robert. (1998), Critical Thinking: Step by Step, University Press of America, pp. 202–203.
මෙම පුනරුප්පත්තිය නැවත නැවත ඉපදීම මත පදනම් ව ඇත. නූතන විද්‍යාව සෑම ජීවිතයකට ම ආරම්භයක් ඇත යනුවෙන් තහවුරු කර තිබිය දී මෙම සංකල්පය කෙසේ ප්‍රායෝගික විය හැකි ද? මහපොළවට පවා අමරණීයත්වයක් නොමැත. ඊට ද ආරම්භයක් ඇත.
තව ද, මෙම සංකල්පය නිවැරදි නම්, මෙලොව ජීවීන්ගේ සංඛ්‍යාව නිශ්චිත ව තිබිය යුතු ය. මන්ද යත්, එම පුනරුප්පත්තිය එම ජීවින් අතර ම සිදු වන නිසා සහ පෙර ජීවිතයකින් තොර ව නව ජීවියෙකු ඇති විය නොහැකි නිසා ය. මෙය අද මිනිසුන් පවසන දේ නොවේ!
මේවා අතුරින් වැදගත් ම කරුණ වන්නේ මෙම පුනරුප්පත්තිය පිළිබඳ වේද ග්‍රන්ථවල සඳහන් නොවීම ය. හින්දු දහමේ ප්‍රධාන පූජකයෙකු මෙසේ පවසති. “පුනරුප්පත්තිය පිළිබඳ සංකල්පය වේද ග්‍රන්ථවල නොමැත. එසේ පවසන උදවියට මම අභියෝග කරමි.”(3)
ආවාක්මන්, පි. 104 හින්දුවරුන්ට ඉස්ලාමයට ආරාධනා, පි. 99,යෙහි සඳහන් කරුණු උපුටා දක්වන ලදී
එම පූජකතුමාගේ ප්‍රකාශයෙහි සථ්‍යයතාව තහවුරු කරන තවත් සාධකයක් වන්නේ හින්දු භක්තිකයින් ඈත අතීතයේ සිට ඉටු කරන්නා වූ ශරාද්ධා නැමැති ආගමික වත්පිළිවෙතය. මෙම වත්පිළිවෙතෙහි අරමුණ මරණයට පත් උදවියගේ ආත්මයන්ට ශාන්තිය අත්කර දීම ය.
මෙලෙස ඔවුන් මරණයට පත් උදවියගේ ආත්මයන්හි ඔවුන් වාසය කරනවිට, ආත්මයන් පුනරුප්පත්තිය ලබන්නේ කෙසේ ද?
වත්මන් හින්දු දහමේ ඇති සංකල්ප අතුරින් තවත් සුවිශේෂී සංකල්පයක් වන්නේ “කර්මා” යන සංකල්පය යි. මිනිසුන් කර්මා හෙවත් කර්මයට යටත් අතර, ඔවුන්ගේ පෙර දිවියේ ක්‍රියාවන්හි ප්‍රතිඵලය අනුව පුනරුප්පත්තිය සිදු වේ. කවරෙකු දුෂ්ධයෙකු ව ජීවත් වන්නේ නම්, ඔහුට ඊළඟ උත්පත්තියේ දී නරක උප්පත්තියක් හෝ ගැටලු හා දුක්කම්කොටලුවලින් පිරි කටුක දිවියක් උරුම වේ.
මෙපරිදි හින්දු බැතිමතුන් විපතට පත් කෙනෙකු දකිනුයේ එය ඔහුගේ පූර්ව ජන්ම පව් පටිසන් දීමක් වශයෙනි.මෙම අභූත ව්‍යාකූල උපකල්පනය මගින් සමස්ත ජීවිත පද්ධතිය ම විනාශමුඛයට තල්ලු කරනවා සේ ම ඉන් කිසිදු සෙතක් මනුෂ්‍යත්වයට නො ලැබෙයි. මෙමගින් මිනිසා මුහුණ පාන ආපදා සිය පෙර භව අපරාධ සදහා වන දඩුවම් බව ද හැඟවේ. මෙය සැබැවින් ම පසුගාමී, අපරාධකාරී සහ පන්තිවාදී සංකල්පයකි.
එනමුත් ප්‍රධාන ගැටළුව නම්, කර්ම ඵලවිපාක සංකල්පය වේද ග්රන්ථවල සදහන් වන්නේ කොහේ ද යන්න යි?
වේද ග්‍රන්ථ පැහැදිලිව පවසන කරුණ නම්, ස්වර්ගයක් හා නිරයක් ඇති බවත් සිය පින් පව්වලට අනුව දෙවිඳාණන් විසින් ඒවා හිමි කර දෙන බව ය. වෙනත් ජීවවල නව ප්‍රාණ උපත සිදුවීමක් ගැන සඳහනක් එහි නැත.
රිග් වේද ග්‍රන්ථයෙහි මෙලෙස සදහන් ය: “ආත්මයන් ඇලුම් කරන සකල දෑ ලබාදෙන සර්ව සම්භෝග හා ප්‍රීතියෙන් පිරිපුන් ස්ථානයක නිත්‍ය ජීවියෙකු සේ මා පත් කරනු මැනව.”[4]
[4] Rig Veda, Mandal: 9, Suket: 113, Mantra 11-9
වත්මන් හින්දු විශ්වාස මූලධර්ම පරිදි, යළි ඉපදීම හා පුනරුත්පත්තියෙන් මිදී මෝක්ෂය යන තලය අත් කරගැනීමට වෙර දැරිය යුතුයි. එය මිනිස් ආත්මය දේවත්වය හා මුසුකිරීමකි. නමුත් මෙම උපකල්පනය මිනිස් පැවැත්ම කෙරෙහි සෘනාත්මක දැක්මක් ඇති කරයි. එපරිදි, මානව පැවැත්මේ අරමුණ ලෙස පත්වනුයේ සිය මානව පැවැත්මෙන් මිදීම උදෙසා වන ආයාසයක් පමණකි.
මෙම මතය සමාජයකට අවදානමකි. මෙමගින් අසංවර නොහික්මුණු මිනිසුන් ඇති කරනු ලැබේ. මන්ද, මොනයම් හෝ අශිෂ්ට, දුරාචාර ක්‍රියාවක නියැලුණ ද යළි නව උපතක් ලබා සුපවිත්‍ර ජන්මයක් කවදා හෝ නියතව හිමි කරගනියි යැයි විශ්වාස කරන බැවිනි.
“එම ස්ථානය පව්කාරයන් සඳහා ඉතා ගැඹුරින් යුත් ස්ථානයකි.” යන අදහසින් රිග් වේදයේ සඳහන් පරිදි වැරදි කරන්නන්ට සහ පව්කාරයින්ට ඔවුන්ටම විශේෂිත වූ ස්ථානයක දඬුවම් නියම කරන බවට වූ ඉගැන්වීම්වලට මෙය සම්පූර්ණයෙන්ම පටහැනිය.
[5] Rig Veda, Mandal: 4, Suket: 5, Mantra: 5
ඒ අනුව එවැනි විශේෂිත ස්ථානයක් ඇත්නම් පුනරුත්පත්ති සංකල්පයට ඉන් කුමන ඵලක් ද?
විශ්වය නිර්මාණයේ ස්වභාවය පිළිබඳ දෘෂ්ටිය වර්තමාන හින්දු ආගමේ උද්ගතවී ඇති වඩාත් ප්‍රසිද්ධ විවිද්‍යාත්මක ගැටළුවකි. ඒ සම්බන්ධයෙන් ගත් කල, වර්තමාන හින්දු ආගමට අනුව විශ්වය දිය වී පසුව සෑදෙන බව උපකල්පනය කරයි. මේ අනුව මෙය නිමක් නැතිව සිදුවෙයි. මෙය විද්‍යාත්මකව දෝෂ සහිත විෂ්මිත කරුණකි. මෙම දෘෂ්ටිය නවීන විද්‍යා සම්මුතියට පටහැනියි.
මෙම විශ්වයට ආරම්භයක් තිබෙන බවත් එයට ප්‍රථම කිසිදු විශ්වයක් නො පැවතූ බවත් නූතන විද්‍යාව තහවුරු කරයි.
විද්‍යාත්මක මතය නම්, මෙවිශ්වය නිර්මානය වී ඇත්තේ, පූර්වාදර්ශයකින් තොරවයි.
මෙපරිදි මෙම මතය හා සමාන සංකල්පයක් වේද ග්‍රන්ථවල පවතී. එනම් අනපේක්ෂිත ලෙස බිහිවූ ලෞකික ජීවිතයක් හා මතු ජීවිතයක් ඇති බව ද වේද ග්රන්ථවල සදහන් ය. එනමුදු හින්දු දහමට පසුකාලීනව පැමිණි පුරාණ වැනි ග්‍රන්ථවල පැහැදිලිව දැක්වනේනේ ලෝකයේ පුනරාවර්තනය සහ එහි සදාකාලිකත්වය පිළිබඳ ප්‍රකාශයයි.
වත්මන් හින්දු දහම වේද ග්‍රන්ථ මූලධර් මවලට පරස්පර විරෝධී විය. නූතන විද්‍යාවට ද විරෝධී විය. වේද ග්‍රන්ථවල සත්ය මතය තහවුරු කරන ඉස්ලාමයටත් පරස්පර විරෝධී විය.
මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වන්නේ අල්ලාහ් උතුම් කුර්ආනයෙහි හෙළිදරව් කළ පරිදි කිසිදු පූර්වාදර්ශයකින් තොරව මේ විශ්වය නිමැවූ බවයි. අල්ලාහ් උතුම් කුර්ආනයෙහි එබව මෙසේ ප්‍රකාශ කර ඇත; “(අල්ලාහ්) අහස්හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.“ සූරා බකරා 117
ඉස්ලාමීය මතය පරිදි විශ්වය වනාහි නව නිමැවුමකි. එනම්, කිසිදු පූර්වාදර්ශයක් රහිත නිර්මිතයකි.
නුතන විද්‍යාව ද ඒ මතයට පැමිණි ඇත. වසර 1400කට ප්‍රථම, එළුවන් මේච්චල් කරමින් සිටි පුද්ගලයෙකුට හෙළිදරව් වුණු දෙයයි. අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් යැයි ඇමතුණු දේවදූත, ඉස්ලාමීය පණිවුඩයේ දූත, සාමය හා ශාන්තිය ලත් තැනැත්තා ඔහු යි.
මෙම පොත හරහා හින්දු දහම මුහුණ පාණ නොයෙකුත් ගැටළු සාකච්ඡාවට බාජනය කරමි. එලෙසම ඊට සමගාමීව මෙලොව, ජීවිතය, පින, දඩුවම, පැවැත්මක අරමුණ යනාදී දෑහි ඉස්ලාමීය දෘෂ්ටිය ද ගෙනහැර දක්වමි. එය අනෙකුත් වේද ග්‍රන්ථ හා සහජ බුද්ධිය සමඟ පූර්ණ ලෙස එකග වනු ඇත.
තව ද, ජීවත් වන්නේ කෙලෙසදැයි අවබෝධ කරගත යුතු මානව අවශතාවය පිණිස ඉස්ලාමය විසින් ලබාදෙන ඉතා නිවැරැදි, ප්‍රත්යක්ෂ හා සරිලනාකාරයේ පිළිතුරු ගැනත් විස්තර කරමි. මානව පැවැත්මේ අර්ථ විශ්ලේෂණය ගැන ද මානව පැවැත්මේ අරමුණ ගැන ද මිනිස් ස්වභාවයටත් බුද්ධියටත් විද්‍යාවටත් පිළිගත හැකි අයුරින් විග්‍රහ කරමි.
මෙම පොත හරහා ඉස්ලාමයේ නිරවද්යතාවය සහතික කිරීම සඳහා වන ඇතැම් සාධක ඉදිරිපත්වේ. මෙම ධර්මය ගැන වේද ග්‍රන්ථවල ප්‍රකාශිත සුභාරංචි ගැන ද ඉදිරිපත්විය. වේද ග්‍රන්ථ ඉස්ලාමය පිළිබද හා සාමය හා ශාන්තියට ලත් දේව දූත මුහම්මද්තුමාණන් පිළිබද ද සුභාශිංසන පවසා ඇත. හින්දුබැතිමතුන් එකෙරෙහි විශ්වාසය තබන ලෙසටද ආරාධනා කර ඇත.
ඉස්ලාමය වනාහි ලොව පවතින අනෙකුත් දහම් හා සැසඳිය හැකි හුදෙක් දහමක් පමණක් නොව ඒකීය දේවවාදය දෙසන, සියලු දේවදූතයින් එසමඟ යවනු ලැබූ ධර්මයකි. සෑම දේවදුතයෙකුම ඒකදේවවාදය කරා ඇරයුම් කළා සේ ම ඒක දේවවාදය ප්‍රචාරය කරන සුපිවිතුරු ධර්මයක් සේ අදටත් පවතින්නේ ඉස්ලාමය පමණයි. මෙඅතර පවතින අනෙකුත් දහම් තුළ සුළු හෝ විශාල වශයෙන් බහුදේවවාදී මූලධර් ම මුසු වී ය.
මහිමාන්විත අල්ලාහ් මිනිසාගෙන් ඉස්ලාමය පමණක් පිළිගනියි. උතුම් කුර් ආනයේ මහිමාන්විත අල්ලාහ් ප්‍රකාශ කරනුයේ මෙලෙසිනි: කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේමය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි. (ආලු ඉම්රාන් -85)
අල්ලාහ් විසින් එවනු ලැබූ සියලු දේව දූතයින් ගෙන ආ එකම දහම ඉස්ලාමය යි.
ඉස්ලාමයේ මූලික ලක්ෂණයක් නම්: මහිමාන්විත අල්ලාහ්ට අවනත වීම සහ මහිමාන්විත අල්ලාහ්ට පමණක් නමස්කාරයේ යෙදීම යන අරුතක් මෙදහමට ඇත. එසේම වත්මන් හින්දු දහමේ පවත්නාකාරයෙන් කිසිදු රුවක් අල්ලාහ් හට පිළිම, පිළිරූ ලෙස ඇඹීම හෝ නිර්මාණය කිරීම ප්‍රතික්ෂේපිත යි.
අනතුරුව, මිනිසෙකු මුස්ලිම්වරයෙකු සේ පත්වන්නේ කෙසේද යනුවෙන් සහ ඉස්ලාමයේ අරුත හා එහි අවශ්‍යතාවය සවිස්තර කිරීම හරහා මෙපොත සමාප්ත වනු ඇත.
එනම්, දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේ පොතේ ගමන ආරම්භ කරමු.
1- හින්දු දහම යනු කුමක්ද?
හින්දු දහම: මෙය දහමකි. වඩාත් නිවැරැදි ලෙස දක්වන්නේ නම්, මෙය ජීවන මාර්ගයකි. ධාර්මික වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, වන්දනාමාන, ශුද්ධ ග්‍රන්ථ, විශ්වාවභෝධය හා පැවැත්මක අවබෝධ අරමුණු යන සර්වාංග සපිරුණු එකතුවකි.
(6) හින්දු දහම් අධ්‍යයනය. කතෘ: අරවින්ද් ශර්මා
හින්දු දහම ශතවර්ෂ ගණනාවක් පුරාවට කාලයෙන් කාලයට හා විවිධ නිකායන්වල විශ්වාස පද්ධතිවලට අනුරූපීව, හැඩගැසී ඇති අතර එය නොයෙක් විශ්වාස පද්ධතියක් හා ඇතැම් විට පරස්පර විරෝධී විශ්වාස පද්ධතියක් ගෙනහැර දක්වයි. වත්මන් හින්දු දහමෙහි එය ප්‍රත්‍යක්ෂය. එලෙසම වත්මන් හින්දු දහම එක් විශ්වාස පද්ධතියකට හෝ එක් මූලාශ්‍රයට හෝ නෛතික තීන්දු තීරණ සදහා යොමු විය යුතු එක් මූලික ග්‍රන්ථ පාඨවලට සීමා නො වූවකි.
පොදුවේ වේද නම් ග්‍රන්ථ හින්දු දහමෙහි ශුද්ධ ග්‍රන්ථ වුවද මෙම පොතෙහි දක්වන ආකාරයෙන් ඔවුහූ ඇදහිය නොහැකි ස්වරූපයකින් එම ග්‍රන්ථවලට පටහැනි වෙති. හින්දු දහම ද වේද ග්‍රන්ථවලට පටහැනි වී නන් සංකල්ප හා සම්බන්ධ කළ නොහැකි තරම් අසමීප චින්තන මුල් වේද ග්‍රන්වලට ඈදිණි.
සංක්ෂිප්තව ගත් කල, මෙලෝ දුක් ගහටෙන් මිදීම හින්දු දහමේ මුඛ්ය අරමුණ යි. ඔවුන්ගේ අවබෝධයට අනුව දුක් ගහටෙන් මිදීමේ ක්‍රියාවලිය ගැන අපි මතුවට සවිස්තර කරමු. එපරිදි, දුකින් මිදීමේ ක්‍රියාවලියෙහි දී තවමත් සත්‍ය පාඨ බොහෝමයකින් සමන්විත වේද ග්‍රන්ථවල මූලධර් ම වලට ඔවුහූ කෙලෙස පටහැනි වනවාදැයි ද සවිස්තර කරමු.
[7] Hinduism: Doctrine and Practice, Jenin D. Fowler (not translated)
මෙදහම මෙවන් අන්යෝන්ය පටලවිල්ල සමග කෙලෙස ඇති වූයේ ද?
හින්දු යනු ඉන්දියාව: රාජ්‍යය, දේශගුණය, ඉතිහාසය, අන්යෝන්ය සබදතා, සම්ප්‍රදාය යන අදහස ලබා දෙයි.
මෙය ඉන්දියාවට සීමා වූ යැයි සැලකෙන දහමකි. එලෙස ලොව සමස්ත හින්දු බැතිමතුන්ගෙන් ආසන්න වශයෙන් සියයට අනූපහක ප්‍රතිශතයක් ඉන්දියාවෙහි වෙසෙති.
[8] http://www.pewforum.org/files/2012/12/globalReligion-tables.pdf
හින්දු දහම නම්, මුල් වේද ග්‍රන්ථවල උරුමය හා බැඳී වැඩුණකි. එනමුදු, අවාසනාවන්ත ලෙස අනේක විද දර්ශන , මූලධර්ම පද්ධති, පොත්පත් හා දැක්ම යනාදී දෑවල බලපෑමට ලක් ව මුසු ව සියවස් ගනණාවක් මුළුල්ලේ විවිධ හැඩගෙන සංකලනය විය. තව ද හින්දු දහම වේද ග්‍රන්ථ යුගයට පසු අවදියෙහි වූ මුනිවරුන්ගේ ඉගැන්වීම්, ගුප්ත තන්ත්රා හා භගවත් ගීතය ද පිළිපදින්නට විය.
ක්‍රිස්තු පූර්ව 1500 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 500 තෙක් බොහෝ සංජානන හා දර්ශන, වේද සමග එකටෙක ගැටී එය අභිබවූ තරම කෙතරම්දයත් අද අප දකිනා විට මතුපිටින් පිරී ඇත්තේ සංජානන සහ දර්ශන පමණකි.
3- ඇත්තෙන්ම හින්දු දහම් විශ්වාස පද්ධතිය යනු කුමක් ද?
වර්තමාන හින්දු දහමේ විශ්වාස පද්ධතිය ගොඩනැගී ඇත්තේ, බහු දේව විශ්වාස සංකල්පය මත ය. හින්දු දහමේ අසීමිත දෙවිවරුන් සිටිනා අතර ඔවුහු ඒක දේව සංකල්පය ද විශ්වාස කරති.
ඔවුන් ශුද්ධ ලෙස සලකන වාත්තු යකඩ වලින් නිර්මාණය කළ සියලු දෑවල දෙවියන් වැඩසිටින බව ඔවුහූ විශ්වාස කරති.
මෙහිදී ඇතැමෙකුට මෙලෙස සිතිය හැකියි; එනම් හින්දු භක්තිකයින්ගේ ඒක දේව විශ්වාසය මත පදනම්ව මෙම පිළිම හා වාත්තු කළ දෑ වන්දනාමාන කිරීම වනාහි ඒකීය දෙවිදුන් මෙනෙහි කිරීමේ පිළිරූ මිසක පිළිම වන්දනාව නොවන බවයි.
නමුත් එලසෙ සිතීම බරපතල වරදකි.
ප්‍රතිමා යනු ඒකීය දෙවිදුන්ගේ ප්‍රතිරූපයැ යි විශ්වාස කිරීම බහු දේවවාදී විශ්වාස පද්ධතියේ මූලය යි. මෙවිශ්වාසය මානව ඉතිහාසය පුරාවටම දේවදූතයින්ගේ සහ වේද ග්‍රන්ථවල ඉගැන්වීම්වලට සහමුලින්ම පටහැනි ය.
දේවදූතයින්ගේ සහ වේද ඉගැන්වීම්වලට පටහැනි සියලුම බහුදේවවාදීහු ඒකීය දෙවිඳාණන් කෙරෙහි විශ්වාස කරති. නමුත් ඔවුහු පිළිමය ඒකීය දෙවිඳාණන්ගේ නිරූපණයක් සේ පත් කළහ. ඔවුන් මෙම පිළිම වන්දනාවේ නිරත වන තාක් ඒකීය දෙවිදාණන්ගේ පැවැත්ම කෙරෙහි සහ උතුමාණන්ගේ ඒකීයත්වය කෙරෙහි බහුදේවවාදීන් විශ්වාස කිරීම පමණක් ඔවුන්ගේ හුදු අවිශ්වාසය, දේවදූතයින් ගැන අවිශ්වාසය සහ වේද ග්‍රන්ථ ගැන අවිශ්වාසය බැහැර නොකරයි.
පිළිම ඇඹීම හෝ ඒවාට ළං වීම හෝ ඒවා සුවිශුද්ධ කිරීම යනාදී දෑ තතනම් කිරීමේදී වේද ග්‍රන්ථ ඉතා පැහැදිලිය; නිසැක ය. වේද සදහන් කරන්නේ මෙලෙසිනි: කිමෙක් ඒකීය දෙවිදාණන් හැර වෙනත් නිර්මිත දෑ නමදින්නේ ද, ඔහු අන්දකාරයේ ගිලෙනු ඇත; නිරා ගින්නේ වධ වේදනාව සදහටම භුක්ති විදිනු ඇත. මන්ත්‍රය 9. යජුර්වේදය
අද හින්දු දහම මුළුමනින්ම වෙලා ගැන ඇති පිළිම වන්දනාවෙහි කවරෙකු නිරත වන්නේ ද ඔහු වේද ග්‍රන්ථවලට අනුකූලව නිරයෙහි සදා වෙසෙයි. වේද ග්‍රන්ථවල මෙලෙසද සදහන් ය: සර්ව අයිතිය ඇත්තේ අදෘශ්යමාන දෑ ගැන සර්වඥානය ඇත්තාට ය; අන්‍ය දෙවිවරුන්ගේ පිහිට අවශ්‍ය නැත්තා ඔහු ය; මිනිසා විසින් නැමදුම් ලැබීමට සර්ව සුදුස්සා ඔහු ය. නමුත් ඔවුහු ඒකීය දෙවිදාණන් හැර වෙනත් දෙවිවරුන් නමදින්නෝ ය; අවාසනවන්ත මූසලයෝ ඔවුහූ ය; ඔවුන් සෑම විටම මහත් බියකරු පීඩා අත් කරගන්නෝ වෙති.(10) [10] ඍග්වේදය, මන්ත්‍රය: 9.
ඒ ඇරත්, භගවත් ගීතාවේ සදහන් වන්නේ මෙලෙසිනි: දෙවිවරුන් අදහන්නෝ කවරහුද ඔවුහු දෙවිවරුන් අත්කර ගනිති; මුතුන්මිත්තන් අදහන්නෝ කවරහුද ඔවුහු මුතුන්මිත්තන් අත්කර ගනිති; සාතන් අදහන්නෝ කවරහුද ඔවුහු සාතන් අත්කර ගනිති; මා අදහන්නෝ කවරහුද ඔවුහු මා ලබා ගනිති.
[11] භගවත් ගීතාව, 9-25. මෙම පාඨ සහ තවත් බොහෝ දෑ පැහැදිලිව ඇරයුම් කරනුයේ ඒකීය දෙවිදාණාන් ඒකීයත්වයට පාත්‍ර කරන ලෙස සහ මෙම ප්‍රතිමා අත්හරින ලෙසට ය. මහාරිෂි දයානන්දා සරස්වතී ද මෙලෙස පවසයි; ගලින් සහ වෙනත් දැයකින් නිමවූ පිළිමවලට නමස්කාර කරනා ලෙස සදහන් කිසිදු අක්ෂරයක් හෝ වේදයෙහි නොමැත. පසුකාලීන අවදියක පැමිණි ව්‍යාජ ඉගැන්වීම් ගෙන මිසක වේදවල සඳහන් ඒක දේවවාදී විශ්වාසය හින්දු බැතිමතුන් ඉන් පෙර අත්හැරියේ නැත.
දේවදූත මුහම්මද්තුමානණ් හට ඒකීය දෙවිඳාණන් විසින් අනාවරණය කෙරුණු උතුම් කුර්ආනය ස්ථිර කරනුයේ, පිළිම වන්දනාකරුවන් තමන් ඒකිය දෙවිදාණන් ගැන විශ්වාස කරන බව කෙතරම් පැවසුද ඔවුහූ පිළිම වන්දනාවේ නියැලෙන බැවින් ඔවුහූ ඒක දේවවාදය ප්‍රතික්ෂේප කරන්නෝ වෙති යි; යනුවෙනි.
මහිමාන්විත ඒකීය දෙවිදාණන් උතුම් කුර්ආනයේ මෙසේ ප්‍රකාශ කරයි;
“(නබි මුහම්මද්!) අහස් හා මිහිතලය මැවුවේ කවරෙකුදැ යි ඔබ (ප්‍රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසති”
වැකිය 38 අස් සුමර් පරිච්ඡේදය
මහිමාන්විත ඒකීය දෙවිදාණන් මෙසේ ප්‍රකාශ කරයි;
“(නබි මුහම්මද්!) ඔවුන්ව (එම ව්‍යාජ දෙවිවරුන්ව) මැවුවේ කවරෙකුදැ යි ඔබ (ප්‍රතික්ෂේපක) ඔවුන්ගෙන් විමසුවේ නම් ‘අල්ලාහ්’ යැයි සැබැවින්ම ඔවුහු පවසති”
වැකිය 87 අස් සුක්රුෆ් පරිච්ඡේදය
උතුම් කුර්ආනීය හා වේද ග්‍රන්ථ එකගත්වය පරිදි පිළිම වන්දනාවේ නියැලීම වනාහි මිනිසා ඒක දේවවාදය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් කරයි.
මහිමාන්විත ඒකීය දෙවිදාණන් උතුම් කුර්ආනයේ මෙසේ ප්‍රකාශ කරයි;
නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුන් හැකියාව නොදරිති. එහෙයින් අල්ලාහ් අබියසින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.
වැකිය 17 අල් අන්කබූත් පරිච්ඡේදය
එපරිදි ඒකීය දෙවිඳාණන්ගෙන් පමණක් භවබෝග සම්පත් ඉල්ලා සිටින්න; උතුමානණ්ට පමණක් නමස්කාර කරන්න; සියල්ලන්ම නැවත හැරෙනුයේ ඔහු වෙත ය.
අද මිහිතලය මත ඒක දේවවාදය ස්ථාපිත කිරීමට සහ සියලු ආකාර බහු දේවවාදය ප්‍රතික්ෂේප කිරීමට ඉස්ලාම් දහම හැර අන් කිසිදු දහමක් ඉතිරි වී නැත.
එබැවින් සෑම හින්දු භක්තියෙකුම තීක්ෂණ නුවණකින් සහ අන්ධ භක්තියෙන් තොරව ඉස්ලාමය දෙස බැලීම වගකීමකි. එපරිදි, මෙම දහමේ ඒක දේවවාදී විශ්වාස පද්ධතිය දෙස බැලිය යුතු අතර එය සිය ස්වාභාවික හැඟීමට හා වේද ග්‍රන්ථවල ඉගැන්වීම්වලට එකගවනවා ද නැතිනම් එකග නොවනවා දැයි ද බැලීය යුතු යි.
ඒකීය දෙවිදාණන් විසින් මනුෂ්ය වර්ගයා වෙත එවනු ලැබූ සියලු දේවදූතයින්ගේ ඇරයුම නම්; පූජනීයත්වය, නමස්කාරය ඒකීය දෙවිදාණන් හට පමණක් වෙන්කිරීමයි. එනම්, සියලු ප්‍රතිමා ඉවත් කොට දේව දූතයින් සැල කළ දෑට පමණක් සහ අවසන් දේව දූත මුහම්මද් තුමාණන් සැල කළ දැයට පමණක් අවනත වීම යි.
දස සංඛ්යාත පිළිම මගින් ඒකීය දෙවිදාණන් නිරූපණය කිරීමේ අදහස හින්දු දහම තුළ ඇතිවූයේ කෙසේද?
වේද ග්‍රන්ථ යුගයෙන් පසු ඇති වූ වත්මන් හින්දු දහමේ ගැටළුව නම්, ඒකිය දෙවිදාණන්ගේ බහු විධ ගුණාංග සදහා බහු විධ ආත්ම අවශ්‍ය වේ යැයිද, එනම් බහු දෙවිවරුන් අවශ්‍ය බව උපකල්පනය කිරීම යි.
ඔවුන්ගේ උපකල්පනය නම් සෑම දිව්‍ය ගුණාංගයක් උදෙසාම එම ගුණාංගය පිළිබඹු කරනා පිළිරුවක් සිටිය යුතු බවයි.
ඒ අනුව ඔවුන්ගේ නිර්මාතෘ:
බ්‍රහ්ම : විශ්ව නිර්මාතෘ ලෙස විෂ්ණු : විශ්වාරක්ෂක ලෙස ශිවා : විශ්ව විනශ කරන්නා ලෙස
නැගෙනහිර දර්ශනය සහ ආගම පිළිබද විශ්වකෝෂය , ස්ටීෆන් ෂූමාකර් (පි.අ 397)
මෙය සහජ බුද්ධියේ ප්‍රත්‍යක්ෂවලට සහ ස්වාභාවික හැගීම්වලට පටහැනි සහ වේදයේ ඇති දේට පටහැනි උපකල්පණයකි, මන්ද ගුණාංගවල බහුවිධතාවයට ආත්මවල බහුත්වය අවශ්‍ය නොවීම නිසාවෙනි. ඔහු ඇතැම් විට බුද්ධිමත්, ශක්තිමත්, හා ආචාරශීලී පුද්ගලයෙකු විය හැකි යි. එම පුද්ගලයාගේ බහු විධ ගුණාංග ඔහුට බහු ආත්ම උරුම වීමට සුදුසු නොවේ.
බුද්ධිමත් පුද්ගලයා වන ඔහුම ශක්තිමත් ද ශිෂ්ට සම්පන්න ද වේ.
එපරිදි, උදාර ගුණාංග ඇත්තේ ඒකීය දෙවිදාණන්ටම ය.
රිග් වේදයේ සදහන් පරිදි වේදයන් ද එම කරුණ සනාථ කරනු ඇත: එය නම් ඔහුව, ඉන්ද්‍ර, මිත්‍ර, වායු යනුවෙන් හඳුන්වනු ලබන අතර එය මාත්රෂු ද වේ. ප්‍රඥාවන්තයෝ ඒකීය දෙවිදාණන් වීවිධ නාමවලින් සඳහන් කරති. [13] Rig Veda: Mandal: 1, Sukta: 164, Mantra: 46. ඒකීය දෙවිඳාණන්ගේ නාම සහ ගුණාංග ගැන සහිත පාඨ බොහෝමයක් වේද ග්‍රන්ථයේ ඇත.
නාම සහ ගුණාංග ඒකීය දේවාත්මයක් මතම ගොඩනැගේ.
මුල් වේද ග්‍රන්ථ පදනම් වී ඇත්තේ මෙය මත යි: ඉස්ලාමීය විශ්වාස පද්ධතිය පදනම් වී ඇත්තේ ද මෙය මත යි. උත්තරීතර මහිමාන්විත ඒකීය දෙවිදාණාන් හට අලංකාර නාම සහ උසස් ගුණාංග ඉස්ලාමයෙහි ඇත. නුඹලාගේ දෙවිදාණන් ඒ්කීය දෙවිදාණන් (වන අල්ලාහ්) ය.
වැකිය 163:2 අල් බකරා පරිච්ඡේදය
ඒකීය දෙවිදාණන් වන ඔහු සැමට දයාන්විත පරම කරුණාභරිත ය.
මහිමාන්විත ඒකීය දෙවිදාණන් අල්ලාහ්ම් අල් කුර්ආනයේ මෙසේ ප්‍රකාශ කරයි;
ඔහුමය ඒකීය දෙවිදාණන් වන අල්ලාහ්. ඔහු හැර අන් දෙවියෙක් නොමැත. ඔහු අධිපති ය, අතිපාරිශුද්ධ ය, (අඩුපාඩුවලින්) සුරක්ෂිත ය, අභය සලසන්නා ය, ආරක්ෂකයා ය, අතිබල සම්පන්න ය, බල පරාක්‍රම ය, අතිගාම්බීර ය, ඔවුන් ආදේශ කරන (සියලු) දැයින් ඒකීය දෙවිදාණන් වන අල්ලාහ් අතිපිවිතුරු ය.
වැකිය 23 අල් හෂ්ර් පරිච්ඡේදය
එපරිදි බහුවිධ නාම සහ ගුණාංග ඒකීය දෙවිදාණන් මතම ගොඩනැගේ.
විවිධ ප්‍රතිමා හරහා දෙවිදාණන්ගේ ගුණාංග මූර්තිමත් කිරීමේ චින්තනයෙහි ඇති දෙවන ගැටළුව නම් මෙම විශ්වයට කිසිදු ආරක්ෂාවක් මෙවන් පිළිම මගින් නොලැබීම යි.
එහෙයින්, උතුම් අල් කුර්ආනය මෙම සියලු ප්‍රතිමා සංකල්ප ප්‍රතික්ෂේප කරයි. ඒකීය දෙවිදාණන් සමග වෙනත් බහු දෙවිවරුන් ගැනීම වනාහි විශ්වාරක්ෂාව නැති කිරීමට තුඩු දෙන්නකි.
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය.
වැකිය 22 අල් අන්බියා පරිච්ඡේදය
ඒකීය දෙවිඳාණන් සමග තවත් දෙවිවරුන් සිටී නම් අහස් හා මහපොළව විනාශ වනු ඇත.
තවද සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නොව, ඔවුන් වෙත උපදෙසක් සමඟ අපි පැමිණියෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූවෝය.
වැකිය 71 අල් මුමිනූන් පරිච්ඡේදය
මැවුම්කරු හා මැවීම් අතර ඇති සම්බන්දතාවය ගැන හින්දු බැතිමතුන්ගේ දෘෂ්ටි කෝණය කෙලෙස ද?
අද බහුතරයක් හින්දු බැතිමත්හු සර්වඥවාදය ගැන විශ්වාස කරති. එනම් මැවුම්කරු මැවීම් සමග ඒකීය වීමේ ක්‍රියාවලිය එමඟින් අදහස් කෙරේ. වත්මන් හින්දු දහම අනුව දෙවිදාණන් මැවීම් තුළ වාසය කරයි. එපරිදි පවතින දෑ සහ පැවැත්ම ඇති කරන්නා එක් දෙයක් බවට පත් වේ.
හින්දු දහම් විශ්වකෝෂය, පි.අ. 315
මෙම කරුණ ප්‍රාථමික විද්යාව, බුද්ධිය, නිරීක්ෂණය සහ වේද ග්‍රන්ථවලට පටහැනි ය.
සර්වඥවාදය ගැන විද්‍යාත්මක සහ බුද්ධිමය ගැටළු බොහෝමයක් ඇත. ඒවායින් සමහරක්:
පළමු ගැටළුව නම්: ඔවුන්ට අනුව දෙවිඳාණන් සියල්ලෙහි වැඩ සිටියි. එසේ නම්, දෙවිඳුන් සමග ඒකීය වීම ලඟා කරගනු පිණිස කරනු ලබන මෝක්ෂ නමින් හැදින්වෙන චාරිත්‍ර පූජාවල තේරුම කුමක්ද?
ඔහු ඔබ තුළ වැඩ සිටින්නෙහි ය; ඔබ ඔහු තුළ වැඩ සිටින්නේ ය. එසේ නම් ඔබ තුළ ගුප්ත දෑට ලගාවන්නේ කෙසේ ද?
දෙවන ගැටළුව නම්: සර්වඥවාදය ගැන ඔවුන්ගේ අවබෝධය අනුව දෝෂ සහ පාප ද, දෙවිඳුන්ගේ ආත්මාංගයකි. මන්ද, ඔවුන්ට අනුව දෙවිදුන් දෝෂය යි; පාපය යි; දුරාචාරය යි; ඔහු සියල්ලෙහි වැටසිටි යි, ඔහු සියලු දෑ හි ආත්ම ආරූඪය, එසේනම් දෝෂවලින් සහ පාපවලින් මිදීමට වෙර දරන්නේ ඇයි?
එසේම ඉඡ්චාවෙන් සහ ලෞකික ආශාවලින් දුරස් වීම සදහා දැඩි උනන්දුවක් දක්වන්නේ කිම ද?
පාපය, සර්වඥවාදයේ ම කොටසක් නො වේ ද?
මෙලොවම දේවාත්මාරූඪ වූ දෙයක් නො වේ ද?
වත්මන් හින්දු දහමෙහි මෙම චින්තනය අනුව යහපත කිරීමට උනන්දුව සහ ආශාව ඇති කරන සාධක කිසිවක් නොමැත.
නමුත් සියල්ලෝම පාහේ යහපත කිරීමට ඇලුම් කරනා සේ ම එය සිය වගකීමක් ලෙස ද අවබෝධ කර ගෙන ඇත. නොඑසේ ද?
යහපත කිරීමට ඇති උනන්දුව වනාහි පවිත්‍ර සහජ හැඟීමේ ඇරයුමට ලබා දෙන ප්‍රතිචාරයකි. මෙම “සර්වඥවාදය” සාවද්‍ය බවට ඍජු සහජ හැගීම් සාධක සපයයි.
තෙවන ගැටළුව නම්; සර්වඥවාදය යනු සාපේක්ෂවාදයට ඇතුලත් වේ. පිළිම හෝ ගල් වන්දනාවේ යෙදෙන සෑම ආගමක්ම ඔවුන්ගේ අවබෝධය අනුව ඔවුන් නමදිනුයේ දෙවියන්ට ය. මන්ද ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් දෙවියන් යනු පිළිම ය; එය ගලකි. එබැවින් දෙවියන් සෑම තැනකම වැඩ වසින්නේ ය. තවද, සියල්ලක්ම ඔහු වේ ය.
මෙහි විවේචනය යෝජනා කරන්නේ සත්‍යයේ සාපේක්ෂතාකරණය විනිශ්චයන් සහ විශ්වාසයන් වල අර්ථය සහ වටිනාකම නැතිවීමට හේතු විය හැකි බවයි. සෑම දෙයක්ම දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නම් සහ සියලු ආගම් සර්ව ආගමික දෘෂ්ටි කෝණයකින් සත්‍ය නම්, එවිට සියල්ල පිළිගත හැකි අතර සියල්ල නිවැරදි යැයි සැලකේ. එපමණක් නොව,ෙ සර්වඥවාදය ගැන විශ්වාසය “ලෝකය පැමිණියේ කොහෙන් ද?“ යන මෙම පැනයට පිළිතුරු නොසපය යි.
මැවුම්කරු සහ මැවීම ඒකීය ආත්ම පැවැත්මක් ලෙස පැවසීම තාර්කික ගැටලුවකට මුහුණ දෙයි. මන්ද, දෙයක මතුවීම එදෙයෙහි මතු වීම මත රදා පවත්නා බැවිනි.
මෙය තර්කයට පටහැනියි.
තවම මතු නොවූ දෙයක්, තවත් දෙයක් මතු වීමට හේතුකාරකයක් වන්නේ කෙසේ ද?
හතරවන ගැටළුව නම් ; විද්‍යාත්මකව සනාථ කරුණක් නම්, විශ්ව නිර්මාණය වනාහි (මතු වූ) සිදුවීමකි. බුද්ධිමත් සියල්ලන් අබියස මෙය තහවුරු ය.
විශ්වය එහි සියලු ශක්තිය. පදාර්ථය, ස්ථානය සහ කාලය සමග ඇති වූ සිදුවීමකි.
විශ්වයට ආරම්භයක් ඇති බවට අසීමිත සාක්ෂි සාධක ඇත. පෙර දී විශ්වයක් නොතිබූ අතර පසුව විශ්වය මතු විය.
එහි විශ්වයක් නොතිබු කල්හි සර්වඥවාදය ගැන පවසන්නේ කෙසේ ද?
පැවැත්මේ ඒකීයත්වය නිවරැදි නම් නිත්‍ය ලෝකය හෝ අවම වශයෙන් පදාර්ථයේ නිත්‍යභාවය හෝ තිබීම අවශ්‍යය.
නූතන හින්දු බැතිමතුන් භෞතික ලෝකය නිත්‍ය යැයි කියනා තරමට පත් වීම පුදුමයකි. මන්ද, සර්වඥවාදය සාධාරණීයකරණය කිරීමට අත්‍යාවශ්‍ය ප්‍රකාශය එය නිසාවෙනි.
හින්දු විශාරද විවෙිකානන්ද තුමා පවසනාකාරයෙන් “ස්ථානය එහි සිදුවන වෙනස්කම් හෝ සිදුවීම්වලට නිරාවරණය නොවේ.”
(හින්දු දහම, විවේකානන්නද පි.අ 61-61 (15) ඉස්ලාමය කරා හින්දු බැතිමතුන්ට ඇරයුම් කිරීම, රචනය: ආචාර්ය ඉබ්රාහීම් බින් අබ්දුල් ඝෆූර් , ආචාර්ය උපාධි සහතිකය ලබාගැනීමේ නිබන්දනය, දාරුල් ඊලාෆ් බෙදාහැරීම පි. අ 112) යන කෘතියේ උපුටාගැනීමකි
සර්වඥවාද චින්තනය සමඟ එකඟවීමට භෞතික ලෝකයේ නිත්‍යභාවය තහවුරු කිරීමට සමකාලීන හින්දු බැතිමතුන්ට සිදු වී ඇත.
මෙම කරුණට ඇතුළු වීමේ අවශ්‍යාවයක් ඔවුනට නොතිබුණි; මුල දී මොවුන්ට සර්වඥවාදය ගැන විශ්වාසයක් නොතිබූ අතර සාතන් ආදම්ගේ පුත්ගේ මාර්ග වල අසුන්ගෙන, මිනිසා දේවදූතයන් සැල කළ ධර්මයෙන් ඈත් කළේ, අවස්ථාවක් ලද සැම විට පුද්ගල මනසට ඇතුළුවීමෙනි.
හදීස් අල් කුද්සි නම් ශුද්ධ ප්‍රකාශයෙහි ඒකීය දෙවිදාණන් මෙසේ වදාළ සේක: මම මාගේ ගැත්තන් සියල්ලන්ම නිර්මාණයේ කළේ ධාර්මික දේවගැත්තන් ලෙස ය. ඔවුන් වෙත සාතන් පැමිණ, ඔවුන්ගේ ධර්මයෙන් ඔවුන් ඈත් කරන ලදී. මා අනුමත කළ දෑ ඔහු තහනම් කළේය. මා අනාවරණය නොකළ සාධක ගෙන මා හට ආදේශ තැබීමට සාතන් ඔවුනට අණ කළේය. සහීහ් මුස්ලිම් ග්‍රන්ථය (හදීස් අංක:2865)
සියලු මානවයෝ ඒක දේවවාදයෙහි සිටියහ. ඔවුන් වෙත සාතන් පැමිණ, මෙවන් ප්‍රතික්ෂේපිත දෑ යොදා මුලා කළේය.
දේව දූත මුහම්මද්තුමාණෝ මෙසේ පැවසූහ: ඇත්තෙන්ම සාතන් මනුෂ්යාගේ මාර්ග අවහිර කරමින් අසුන් ගනියි.
සහීහ් සුනන් නසාඊ ග්‍රන්ථය (හදීස් අංක: 3134)
සාතන් මිනිසා නොමග යවනා කුමන හෝ මාර්ගයක් සොයා සිටියි. දේව දූතයින් සිටි ඒක දේවවාදයේ සහ නමස්කාරයේ මාර්ගයට යටත්වීමෙන් මිස වෙනත් ගැලවීමේ මාර්ගයක් මිනිසාට නොමැත.
වේද සක්සුදක් සේ සදහන් කරන්නේ, මෙලොව නිර්මිත දෙයක් බව සහ එයට ආරම්භයක් ඇති බව යි.
ඒකීය දෙවිදාණන් සිය මැවීම්වලින් ස්වාධීන වේ. උතුමාණන් ඔවුන් තුළ වැඩ නොවසින්නේ ය.
එසේ තිබියදී හින්දු බැතිමතුන් පැවැත්මේ ඒකීයත්වය විශ්වාස කිරීමේ අදියරයට සේන්දු වූයේ කෙලෙස ද?
රිග් වේදය මෙලෙස පවසයි. "අහෝ ඒකීය දෙවිඳාණනි! සූර්යයා සහ පෘථවිය යන දෙකම ඔබ වට කිරීමට සහ සන්තක කරගැනීමට නොහැකි ය.
Rig Veda: Mendel: 1, Sukta: 10, Mantra: 48
පැවැත්මේ ඒකීයත්ව විශ්වාසය සාවද්‍ය බව සනාථ කරන මෙය සුපැහිදිලි වේද ග්‍රන්ථ සාධකයකි. මැවීම්වලින් ඒකීය දෙවිඳාණෝ ස්වාධීනවන්තයානෝ ය. හිරු සහ සදු දෙවිඳාණන් නොවෙයි.
වැඩිදුරටත් රිග් වේද ග්‍රන්ථයේ සදහන් වන්නේ මෙලෙසිනි: රාත්‍රිය සහ දහවල නිර්මාණය කළේ ඒකීය දෙවිදාණන් ය. මෙලොව සහ එහි ඇති සියලු දෑහි හිමිකරු එතුමාණෝ ය. හිරු, සදු මිහිතලය සහ අහස නිර්මාණය කළේ ද එතුමාණෝ ය.
19] Rig Veda, Mandal: 10, Sukta: 190, Mantra: 2-3
පැවැත්මේ ඒකීයත්වය සහ භෞතික ලෝකයේ නිත්‍යභාවය ප්‍රතික්ෂේප කරන, එයට වඩා සුප්‍රකට විශ්වාස පද්ධතියක් කවරේ ද?
යජූර් වේද ග්‍රන්ථය මෙලෙස පවසයි: “ඔහුට පෙර කිසිවක් නිර්මාණය කරනු නොලැබිනි; ඔහුමය අපගේ මැවුම්කරු; ඔහුමය අපගේ හිමිකරු; ඔහුමය සර්වඥ.”
[20] Yajoor Veda, Sukta: 32, Mantra: 13.
ඒකීය දෙවිඳාණන්ට ප්‍රථමයෙන් කිසිවක් මවනු නොලැබුණි. ඔහුමය ප්‍රථම වන්නේ; මෙලොව නිර්මාණය කළේ ඒකීය දෙවිඳාණන් ය. මෙලොව අනිත්‍ය ය; මහා බලසම්පන්න ඔහුම ය; මිහිතලය හා අහසෙහි හිමිකරු ඔහුම ය.
[21] Rig Veda, Mandal: 1, Sukta: 100, Mantra: 1
උතුම් කුර්ආනය ද මෙම සුප්‍රකට සත්‍යය ස්ථිර කරයි. වසර 1400කට ප්‍රථමයෙන් සිය දේව දූත මුහම්මද්තුමා හට ඒකීය දෙවිඳාණන් විසින් අනාවරණය කරන ලද්දේ ඒකීය දෙවිදාණන් මැවීම්වලින් වෙන් ව ස්වාධීන බවත්, මහා බලසම්පන්න දේවාසනය මත වැඩ හිඳින බවත්, උතුමාණන් කිසිදු මැවීමක් තුළ නොවෙසෙන බවත්, කිසිවක් හෝ කිසිවෙක් උතුමාණන් තුළ නොවෙසෙන බවත් ය.
මහිමාන්විත ඒකීය දෙවිඳාණන් මෙසේ ප්‍රකාශ කළේය.
“ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ්, ඔහුමය අහස් හා මිහිතලය ද ඒ දෙක අතර පවත්නා දෑ ද දින සයකින් මැව්වේ. පසුව ඔහු මහා බලසම්පන්න දේවාසනය මත වැඩ හිඳියේ ය. ඔහු හැර කිසිදු භාරකරුවෙකු හෝ (නුඹලා වෙනුවෙන්) අයැද සිටින්නෙකු හෝ නුඹලාට නොමැත. (ඒ ගැන) නුඹලා සිහිපත් නොකරන්නෙහු ද?”
වැකිය 04 අස් සජ්දා පරිච්ඡේදය
දේව දූතයින්ගේ විශ්වාස පද්ධතියේ මූලයෙහි සහ ඔවුන්ගේ ධර්ම හා නීති සම්ප්‍රදා මූලයෙහි සඳහන් පරිදි, ඒකීය දෙවිඳාණන් වන අල්ලාහ්මය නිසැක ඒකීයව මැවුම්කරුවාණෝ වනුයේ. එනම්, මැවීම්වලින් වෙන් ව ස්වාධීන ව, මැවීම් තුළ වැඩ නොවසින්නේ ය.
සර්වඥවාද චින්තනයෙහි ඇති පස්වන ගැටළුව නම්, මෙම චින්තනය අතිවැදගත් පැනයකට පිළිතුරු නොසැපයීම යි. එනම්: ලොව පැමණියේ කොහෙන් ද? මෙම චින්තනයට සාපේක්ෂව ලොව ඇති වූයේ කෙලෙස ද? පසුව, මෙම චින්තනය ප්‍රථමයෙන්ම පැවසුවේ කවරෙකු ද?
එය සනාථ කරන සාධක කවරේ ද? විද්යාවට, ස්වබුද්ධියට, වේද ග්‍රන්ථ සහ දේව දූතයින්ගේ ධර්මයට පටහැනි මෙම චින්තනය වටා වෙළුණු පැන බොහෝමයක් සහ ගැටළු ගණනාවක් ඇත. ජීවිතය සහ මරණය ගැන හින්දු බැතිමතුන්ගේ දැක්ම කෙලසෙ ද?
වත්මන් හින්දු දහම පදනම් වී ඇත්තේ පුනරුත්පත්ති සහ නිමක් නැති, නැවත ඉපදීමේ චක්‍රය මත ය. හින්දු සංකල්පය අනුව අපි ඉපදීමේ සිට මැවුම් චක්‍රයක් වටා භ්‍රමණය වන්නෙමු. සෑම ජීවියෙකුම පෙර ජීවයේ සිට මරණින් මතු වෙනත් ජීවාත්මයක් කරා ගමන් කරනා ලෙසිනි. මෙය හින්දු දහම් නිර්වචනය පරිදි “සංසාර” යැයි හැදින්වේ. මෙම පුනරුත්පත්ති සංකල්පය හා සබැඳි තවත් බොහෝ තාර්කික හා විද්‍යාත්මක ගැටළු තිබේ.
පළමු ගැටළුව නම්, ටර් ටූලියන්ගේ විරෝධය යි. ඔහු පවසන පරිදි, පුනරුත්පත්තිය සත්‍යයක් නම් වැඩිහිටියන්ට සමාන බුද්ධිමය හැකියාවක් සහිත ළදරුවන් උපදින්නේ නැත්තේ කෙලෙස ද? [23] Cogan, Robert. (1998), Critical Thinking: Step by Step, University Press of America, pp. 202–203. දෙවන ගැටළුව නම්: පුනරුත්පත්තිය සත්‍යයක් නම්, මෙලෝ ජීවී සංඛ්යාව නිශ්චිත ස්ථිර සංඛ්යාවක් වීම අනිවාර්යවේ. මන්ද එම පුනරුත්පත්තිය ඇතිවන්නේ ඉපදීමේ සිට එකිනෙකා අතර සිදුවන චක්රයක් විලසිනි. අද, මෙවන් සංකල්පයක් ගැන කිසිදු බුද්ධිමතෙක් නොපවසයි.
පොලෝ තලයක් මුළුමනින්ම නොපැවතුනු කලක් තිබූ බව තහවුරු කෙරිණි. එලසෙම කිසිදු ජීවියෙකු මිහිතලය මත නොපැවතුණු කාලයක් ද වුණි. අති සුළු ප්රමාණයක ජීවින් පමණක් මිහිතලය මත විසූ කාලයක් ද වුණි. පසුව කාලය සමඟ එම සංඛ්යාව අධික වූ අතර මෙයද අද මිනිසුන්ගේ ඒකමතික එකඟතාවයට අනුව වේ.
අද පවත්නා ප්‍රමාණයට වඩා අඩු මිනිස් සංඛ්යාවක් පැවතුණු යුගයක් විය.
මානව සංඛ්යාව ඒකමතිකව ස්ථාවර නැත. එසේ තිබෙන කල, ස්ථාවර චක්රයක් තුළ පුනරුත්පත්තිය සිදු විය හැක්කේ කෙසේ ද?
තෙවන ගැටළුව නම්, මෙම චින්තනයේ අනුගාමිකයන් හැර, තමන් සිටි පෙර ජීවිතයේ - පූර්වභවයේ තතු ගැන සිහිපත් කරන්නන් කිසිවෙක් නැත්තේ මන්ද?
රුත් සිමන්ස් නම් ඇමෙරිකානු කතක් පවසා සිටියේ තමන් බ්රයිඩි මර්ෆි නම් කාන්තාව ලෙස පෙර භවයේ විසූ බවත් දහනවවන සියවසේ අයර්ලන්තයේ විසූ එම බ්රයිඩි මර්ෆිගේ මතකයන් අවදි කරන්නටත් විය. අනතුරුව පර්යේෂකයින් රූත් සිමන්ස්ගේ ජීවිතය විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ ඇයට බ්රයිඩි මර්ෆි නම් පැරණි අයර්ලන්ත ජාතික අසල්වැසි කාන්තාවක් සිටි බවත් මැය එම අයර්ලන්ත ජාතික බ්රයිඩිගේ මතකයන් සිහිකරමින් තමාට ඒවා ආරෝපණය කරමින් තමා බ්රයිඩි යැයි පවසා සිටි බවත් ය.
https://www.ncbi.nlm.nih.gov/pubmed/12116612
පුනරුත්පත්තිය මිථ්‍යාවකි; උපකල්පනයකි. සරල විද්යාත්මක සේම සාමාන්‍ය බුද්ධියේ සරල ප්‍රත්යක්ෂවලට පටහැනි දෙයකි.
දර්ශන විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ සහ නිව්යෝර්ක් විශ්ව විද්යාලයේ මහාචාර්ය පෝල් එඩ්වර්ඩ්ස් මහතා පවසන්නේ: "පුනරුත්පත්තිය යනු නවීන විද්‍යාවට පටහැනි ප්‍රබන්ධ කල්පිතයක්" බවයි.
Edwards, Paul. (2001), Reincarnation: A Critical Examination, Prometheus Books
මිනිසා මියගිය කළ තවත් ජීවයක් තුළ නැවත උපදින්නේ නැත.
වේද ග්‍රන්ථ මෙම සත්යතාවය නිතර අවධාරණය කරයි. පුනරුත්පත්තිය පිළිබද හෝ සංසාරය පිළිබද හෝ කිසිදු ප්‍රකාශයක් වේදවල සදහන් වී නොමැත.
Yuvraj Krishan: Bharatiya Vidya Bhavan, 1997
හින්දු විශාරද ශ්‍රී සත්‍යාකාම් විද්‍යාලංකාර මහතා පවසන පරිදි: පුනරුත්පත්ති සංකල්පය වේද ග්රන්ථවල සදහන් වී නොමැත. කවරෙකු හෝ එබව පවසන්නේ නම් මම ඔහුට අභියෝග කරමි.
අවාක්මන්, පි. අ. 104, (ඉස්ලාමය කරා හින්දු බැතිමතුන්ට ඇරයුම් කිරීම, රචනය:ආචාර්ය ඉබ්රාහීම් බින් අබ්දුල් ඝෆූර්, ආචාර්ය උපාධි සහතිකය ලබාගැනීමේ නිබන්දනය, දාරුල් ඊලාෆ් බෙදාහැරීම පි. අ 99) යන කෘතියේ උපුටාගැනීමකි)
විද්යාලංකාරතුමාගේ ප්‍රකාශයේ නිරවද්‍යතාවය සනාථ කරන හොඳම සාධකයක් නම් හින්දු බැතිමතුන් “ශ්රාද්ධා” නමින් ඉෂ්ට කරන ධාර්මික චාරිත්‍ර පිළිවෙත යි. එහි අරමුණ නම්, මළවුන්ගේ ආත්ම සැනසීම යි,
හින්දු භක්තිකයින් මළවුන්ගේ ආත්ම සනසනා කල, මෙම ආත්මවලින් පුනරුත්පත්තිය සිදුවන්නේ කෙසේ ද?
ඒකීය දෙවිඳාණන් අල්ලාහ්, දේව දූත මුහම්මද් තුමාණන් හට අනාවරණය කළ උතුම් අල් කුර්ආනය මෙම පුනර්ජීව සංකල්පය ගැන පවසන්නන් හට මනා ප්‍රතිචාරයක් ගෙන හැර දක්වයි.
මෙය අපගේ ලෞකික ජීවතය යි. (එහි) අපි මරණයට පත් වන්නෙමු. තවද ජීවත් වන්නෙමු. නමුත් අපි (මරණින් මතු) නැවත නැගිටුවනු ලබන්නෝ නොවෙමු.
වැකිය 37 අල් මුමිනූන් පරිච්ඡේදය
මෙලෙස ප්‍රකාශ කරන්නන්ට ඒකීය දෙවිදානන් සිය බලගතු ග්‍රන්ථයෙහි මෙවන් පිළිවදනක් දක්වයි;
ඔවුනට පෙර (විසූ) පරම්පරා අතුරින් කොතෙක් (මෙවන් පරම්පරා) අපි විනාශ කළෙමු දැයි ඔවුහු (ප්‍රතික්ෂේපකයෝ) නොදුටුවෝ ද? සැබැවින්ම (විනාශ වූ) ඔවුනූ (ප්‍රතික්ෂේපක) මොවුන් වෙත නැවත හැරී නොඑති. වැකිය 31 යාසීන් පරිච්ඡේදය මරණයට පත්වන්නන්ට නැවත මහපොළව වෙත පැමිණීමක් හෝ යළි හැරී ඒමක් නොමැත.
කුර්තුබී තුමා මෙම වැකිය අර්ථකතනය කිරීමේදී පවසා සිටින්නේ “කවරෙක් මරණින් මතු දිවියට ප්‍රථමයෙන් මිය ගිය පසු මෙලොවටම නැවත එන බව ස්ථිර කරන්නේ ද ඔහුට මෙම වැකිය කදිම ප්‍රතිචාරයක් බවයි”. මහිමාන්විත ඒකීය දෙවිදාණන් අල්ලාහ් මෙසේ පවසයි. ඔවුහු (මෙලොව විඳී) මුල් මරණය මිස එහි (වෙනත්) මරණයක් නොවිඳිති.
වැකිය 56 අද් දුහාන් පරිච්ඡේදය
මෙය මුස්ලිම්වරුන්ගේ විශ්වාස පද්ධතිය යි. අවාසනාවන්ත ලෙස හින්දු බැතිමතුන් නොසලකා අත්හැර දැමූ වේද ග්‍රන්ථවල විශ්වාස පද්ධතිය ද මෙය යි.
පුනරුත්පත්ති සංකල්පයෙහි වන සතරවන ගැටළුව නම්: ඔවුහු අවධාරණය කරනුයේ සිය අරමුණ වන ඒකාන්ත හුදකලාකරණයේ අදියරයට ළගා වීම හෝ මෝක්ෂය යැයි හැදින්වෙන පුන පුනා ඉපදීමෙන් මිදීමේ අදියරයට ලඟා වීමයි. මෙයින් අදහස් කරන්නේ යලි යලි ලබනා උපත දඩුවමක් යන්න යි.
නමුත් පුනරුත්පත්තිය දඩුවමක් හෝ වදයක් බව පැවසුවේ කවු ද?
මිනිසුන් බොහෝ දෙනෙකුගෙන් දෙවන වරට ඉපදීමේ වරමක් අපේක්ෂා කරන්නේ දැයි ඔබ විමසූ කල හෝ නැවත වරක් ජීවිතය අත්හදා බලන්නේ දැයි ඇසූ කල ඔවුන්ගෙන් බහුතරයක් කිසිදු පැකිලීමකින් තොරව “ඔව්” යන පිළිතුර ලබා දෙනු ඇත.
එලෙසම, පැවැත්ම දඩුවමක් සේ සලකන මෙම ඍනාත්මක අශුභ දැක්ම ව්‍යාජ දැක්මකි. ජීවන පැවැත්මෙහි බොහෝ යහපත් ද දායාදාත්මක ආශිර්වාද අප්‍රමාණ ලෙස ද ඇත.
මෝක්ෂය යනු යථාර්තයේ නොපවත්නා දෙයකින් මනඃකල්පිත මිදීමකි.
පස්වන ගැටළුව නම්, පුනරුත්පත්ති දර්ශනය අපරාධයෙහි හෝ පාපයෙහි නියැලීමෙන් මිදීම උදාසීන කරයි. එය අපරාධ ක්‍රියාවල නිරත වීම සාධාරණීයකරනය කරයි. මන්ද ඒකාන්තයෙන්ම මිනිසා සිය උපතෙන් මිදී පශ්චාත් උපතකින් ගැලවීම ලබනා බැවිනි. එකල ඔහු ලැබුවාවූ මෙම උපත භුක්ති විදිනු ඇත.
මෙම කරුණ ඕනෑම අපරාධයක් සමග එකගවීම අරභයා උදාහරණ සපයයි. ඇතැම් විට මෙම හේතුව නිසාම ඉන්දියාව ලෝක අපරාධ අනුපාතවලින් ඉහළම ස්ථානයක් දරනා බව සැලකෙයි. විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණවලින් ඉහළ අනුපාතයක් දැරීම මේ නිසා විය හැක. [29] https://en.wikipedia.org/wiki/Rape_in_India සමූහ දූෂණ අධික රට ද ඉන්දියාව.
යළි ඉපදීම සහ පුනර්භවය පිළිබඳ හින්දු අදහසේ මූලාශ්‍රය කුමක් ද?
මෙම චින්තන කෙලෙස ඇති වූවා දැයි ද කවුරුන් ස්ථාපිත කළා දැයි ද කිසිවෙකුත් නොදනී. මෙය සඳහා ඇති සාධක මොනවා ද යන්නත් නිසිවෙක් දන්නේ නැත.
යලි ඉපදීම ගැන කිසිදු සාධකයක් වේද ග්‍රන්ථවල නොපවතී. ආත්ම සංක්‍රමණය ගැන ද එකදු වචනයක් හෝ වේද ග්‍රන්ථවල නැත. පසු කාලීන 'පුරාණ' වල පමණක් මෙම චින්තන මතු වූ බවක් පෙනේ.
ප්‍රාණා නම් චාරිත්‍ර වාරිත්‍ර වල සිදු කරනා විලසින් දීර් ඝ කලක් නොකා නොබී හුදකලාව වාඩි වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිතුවිලි එක් හින්දු තාපසයෙකුගේ මනසට පැන නැගුණක් බව බැහැර කළ නොහැක.
නොකා නොබී යම් නිශ්චිත ඉරියව්වකින් දිගු කලක් හිදීම ප්‍රාණා නම් චාරිත්රයෙහි අන්තර්ගත බව දන්නා කරුණකි.
ආහාරපාන රහිතව නිශ්චිත ඉරියව්වකින් පැය ගණනක් හිඳීමේ මෙම නිශ්චලභාවය නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවීමට හේතුවක් වී, මොළයේ අයන්වල අසමතුලිතතාවයක් කාලයත් සමග ඇති කිරීමට මඟ පාදයි. පාලනයකින් තොරව එක්ඩොර්ෆින් ස්රාවය වන අතර සැබෑ මනෝ මායා දසුන් ඇති වීමට පටන් ගැනේ.
[30] https://www.ncbi.nlm.nih.gov/pubmed/8931651 (එක්සත් ජනපද ජෛව තාක්ෂන ජාතික මධ්යස්ථාන වෙබ් අඩවිය, මෙය රාජ්‍ය වෙබ් අඩවියක් සහ ලොව විශාලතම වෛද්‍ය පර්යේෂන යොමුවක් ලෙස සැලකේ.)
තාපසයින් දකිනා සහ පුරාණවල යලි ඉපදීම ගැන ඔවුන් ලියා ඇති දෑ ද මනෝ මායාවට සහ බුද්ධි නිර්වින්දනයට සමීප තත්ත්වයකි.
මෙය එක්සත් ජනපද ජෛව තාක්ෂන ජාතික මධ්යස්ථාන වෙබ් අඩවියට අනුකූල නවීන විද්‍යාත්මක වාර්තාවකි. මෙය රාජ්‍ය වෙබ් අඩවියක් සහ ලොව විශාලතම වෛද්‍ය පර්යේෂන යොමුවක් ලෙස සැලකේ. මෙයාකාරයෙන් දිගු කලක් තිස්සේ රුධිරයෙහි ඇති වන ග්ලූකෝස් අඩුවීම මනෝ භ්‍රාන්තිය හෙවත් දෘෂ්ටි මායාව ඇති කරයි.
පෙර මූලාශ්‍රය (31)
ඉමාම් අද් දහබි (අල්ලාහ්ගේ කරුණාව ඔහුට අත් වේවා) තුමා මෙසේ පවසයි. "පසුව ඤාණයෙන් නිරුවත් වූ වන්දනාකරු ඤාණය අත්හැර, බ්‍රහ්මචාරී වී, බඩගිනි වූ විට, මස්, පලතුරු අත්හැර, නිරවද්යභාවයට හා සුපරීක්ෂාකාරි තත්වයට සීමා වෙයි. ආත්මය පිළිබඳ සිතුවිලි ඔහු පසුපස හඹා යන අතර ඇතුලාන්තයෙන් ද, පිටතින් ද, සාතන් (ඔහු තුලට) ඇතුළු වෙයි. තමන් ධර්මය දේශනා කරන තත්වයට පැමිණ ඇතැයි ඔහු විශ්වාස කරයි. නමුත් ෂයිතාන් ඔහුව ග්‍රහණය කරගෙන (ඔහු තුළ කුතුහලයන් ඇති කර) මුමුණයි.
[32] අහමද් ඉබන් අබි අල්-හවාරිගේ චරිතාපදානය: සියරු ආලාමින් නුබලා අරාබි කෘතිය ආචාර්ය ෆවුස් කුර්ඩිගේ වෙබ් අඩවිය තුලින් උපුටා දක්වන ලදී
එහෙයින් මෙයාකාර අල්පේච්ඡතාවාදී දිවියක් ගත කිරීමෙන් සහ මෙවිලසින් ස්වාත්ම පීඩනය ඇති කිරීමෙන් ඉස්ලාම් ආගම අනතුරු අඟවා ඇත.
මෙම ස්වාත්ම පීඩනකාරී ආතතිය කාලයාගේ ඇවෑමෙන් දෝෂ සහගත උපකල්පන සහ ආගම තුළ දූෂණ ඇති කිරීමට මග පාදයි.
උත්තරීතර අල්ලාහ් උතුම් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත:
"තම ගැත්තන් හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂනයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය) නුඹ පවසනු."
වැකිය 32 අල් අහ්රාෆ් පරිච්ඡේදය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) මෙසේ පැවසුහ: "ඔබේ ආත්මය පීඩනයට ලක් නොකර ගන්න, එම හේතුවෙන් අල්ලාහ් ඔබ කෙරෙහි දැඩි වනු ඇත. පිරිසක් තමාහටම පීඩනය ඇති කරගත්හ. එහෙයින් අල්ලාහ් ද ඔවුන් කෙරෙහි දැඩි විය. ඒවා ඔවුන්ගේ තාපසාරාම සහ නිවාසවල සුන්බුන් ය.
තවද ඔවුහූ තාපස ජීවිතය අලුතින් ආරම්භ කළෝය. අපි ඔවුනට එය නියම නොකළෙමු. අල් හදීද් පරිච්ඡේදය - වැකිය: 27
[33] සුනන් අබී දාවූද් හදීස් අංක: 4904
මෙම දැඩි මතවාදය හරහා අද හින්දු දහමේ එක් මූලධර්ම යක් බවට පත්, වේද ග්‍රන්ථවලය ඉදුරාම පටහැනි මෙවන් මනංකල්පිත ප්‍රබන්ධ භ්‍රාන්තිය ජනනය කළේය. අනෙක් අතට, අල්ලාහ් සිය දේවදූතයින්ට සාක්ෂාත් කළා වූ සැබෑ ආශ්චර්යයන් දෙස බැලූ කල, ප්‍රාතිහාර්යයන් සිදුවන්නේ පූර්ව සූදානමකින් තොරවූ අනපේක්ෂිත අවස්ථාවක ය. එදෙස ජනයා සිය දෑසින් බලනා අතර එකෙරෙහි ඔවුහූ සාක්ෂි දරන්නෝය. සාමාන්‍ය මිනිසුන් එවන් ප්‍රාතිහාර්ය ගෙන හැර පෑමට නො හැකි ය.
දේව දූතයින්ගේ පණිවුඩ සහ හින්දු තාපස පේන බලන්නන්ගේ පණිවුඩ අතර ඇති වෙනස මෙය යි.
8- හින්දු භක්තිකයින් විශ්වය දෙස බලන්නේ කෙලෙස ද?
හින්දු දර්ශනවාදය පරිදි මෙම විශ්වය වනාහි දියවී යන තත්ත්වයක පවතින අතර පසුව එය යළිත් පෙර සේ ම මතු වේ. මෙපරිදි නිත්‍ය ආකාරයකින් සිදු වේ.
විශ්වය හැඩ ගැසී පසුව දියවී පෙර සේ ම නැවත හැඩ ගැසෙනා විලසින් මෙය සිදු වේ.
විශ්වය දියවී පසුව හැඩගැසෙනා බව කියන මෙම සංකල්පය අවිද්‍යාත්මක ය.
විද්‍යාවට අනුව විශ්වයට පූර්වයෙන් කිසිදු වෙනත් විශ්වයක් නොපැවතුණි. එපරිදි එය මවන ලද සහ පූර්වා දර්ශයකින් තොර නව නිර්මාණයකි.
වසර 1400කට පෙර එළුවන් මේච්චල් කරමින් සිටි පුද්ගලයෙකු වන අබ්දුල්ලාහ්ගේ පුත් අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් තුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) විසින් මක්කා වාසීන්ට සැල කරන ලද, මුස්ලිම්වරුන්ගේ විශ්වාසය මෙය යි. මහිමාන්විත අල්ලාහ් අනාවරණය කළේ, මෙම විශ්වය කිසිදු පූර්වාදර්ශයක් රහිත නව නිර්මාණයක් බව යි. අල්ලාහ් අල් කුර්ආනයේ මෙලෙස සදහන් කරයි:
ඔහු අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට, එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.(117)
වැකිය 117 අල් බකරා පරිච්ඡේදය.
හින්දු දහම තුළ මිනිස් සිරුර හැඩ ගැසී ඇත්තේ කුමකින් ද?
හින්දු දහමානුකූලව මිනිස් සිරුර හැඩ ගැසී ඇත්තේ මූලද්‍රව්‍ය පහක බලවේග මගිනි එනම්: අහස, පස, ජලය, වාතය, ගින්න යන ද්‍රව්‍ය වලිනි.
එලෙසම, සියලු විශ්වය සහ එහි ඇති සියල්ලක්ම මෙම මූලද්‍රවය පහෙන් පැමිණියේ ය.
මෙම පංච බලවේග එකිනෙකටම ආවේණික ග්‍රහලෝක ඇත. අඟහරු ගිනිමය වන අතර සෙනසුරු භෞමික ය. මිනිසාගේ සෑම සර්වාංගයකටම ආවේණික පංච බලවේග ඇත. ප්ලීහාව පස වන අතර හෘදය ගිනිමය වේ.
පවත්නා සෑම දෙයක්ම කාලාන්තරයක් දක්වා පංච බලවේගවලට අනුරූපීව වර්ගීකරණය කර ඇති අතර රෝගය වනාහි මෙම පංච බලවේගවල අසමතුලිතතාවයේ දෝෂයකින් මිස අන් කිසිවක් නො වේ.
පංච බලවේග චින්තනය ප්‍රචලිත වූයේ ප්‍රාණ නම් සාගින්නෙන් සිටීමේ ද, දිගු වෙලා සිටිනා පූර්ණ නිශ්චල හිදුම් චාරිත්‍ර ද මගිනි.
අවාසනා කරුණ නම් පංච බලවේග චින්තනය නන් දෙසින් ලොව පුරා පැතිර ගොස් ඇති අතර එය කරණ කොට ගෙන බලශක්ති මගින් ප්‍රතිකාර කිරීමේ විද්‍යා බොහෝමයක් ඇති වීම යි.
බලශක්ති මගින් ප්රතිකාර කිරීම, මැක්රොබයෝටික, ෆෙන්ෂුයි සහ වර්ණ මගින් ප්රතිකාර කිරීම සහ වෙනත් දෑ පිළිබද විද්‍යාවල මූලය වන්නේ මෙම පංච බලවේග පාලනය කිරීම මත පදනම් අභ්යාස ය.
ඔවුන්ගේ විවාසය අනුව පංච බලවේග පාලනය කිරීම වනාහි භවබෝග සම්පත් ගෙන දෙන අතර අයහපත දුරු කරනු ඇත.
අද හින්දු කෝවිල් වල මෙම අංග පහ සකස් කිරීම සඳහා සම්බාහනය සිදු කරනු ලබන්නේ මෙය බොහෝ රෝග සඳහා ප්‍රතිකාරයක් වන බැවිනි.
තවද මෙම පංච බලෙව්ග පිළිබද චින්තනය කිසිම ලෙසකින් විද්‍යාවට අයත් නො වේ.
එයට භෞතික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සමග සම්බන්ධයක් නොමැත.
ඒ වෙනුවට මෙයටත් මේ හා බැදුණු භාවිතාවලටත් විද්‍යාව ලබා දෙන විනිශ්චය නම්, මෙය එක්තරා මිත්‍යා විශ්වාසයක් ද අසත්‍යයක් ද වංචාවක් ද ලෙස ය.
මෙම පංච බලවේග පිළිබද චින්තනය ව්‍යාජ විද්‍යා ඝණයට ඇතුළත් කර අවසන් ය.
[34] "Energy – (according to New Age thinking)", The Skeptic's Dictionary, 2011-12-19.
මේ ආශ්රිත අභ්යාසාංග ද ප්‍රබන්ධ ලෙස ද අසත්‍ය කල්පිත ලෙස ද විනිශ්චය කර අවසන් ය.
[35] "Some Notes on Wilhelm Reich, M.D", Quackwatch.org, 15-02-2002.
සමහර විට ආත්ම සංක්‍රමණය හා පුනරුත්පත්තිය යනාදී චින්තන ඇති වූ ආකාරයෙන්ම පංච බලවේග චින්තනයද එක් තාපසයෙකුගේ මනසට පැන නැගුණා විය හැකියි. මෙම චින්තයට එකදු බුද්ධිමය, විද්‍යාත්මක හා තර්කානුකූල සාධකයක් නොමැත.
එය මනඃකල්පිත අදහසක් පමණි.
මෙම චින්තනය ප්‍රායෝගික කිරීමෙහි ගැටළුව නම් එය හුදෙක් ග්‍රහලෝක, හැඩතල, සංඥා, වර්ණ, සුරය හා බැදුණු ද, ඒකීය දෙවිදාණන් ඒ ගැන කිසිදු සාධකයක් පහළ නොකළා වූ ද මිථ්‍යා දෘෂ්ටික යන්ත්‍ර වීමයි.
මම මෙම 'බලශක්ති යොදා ප්‍රතිකාරය' යන විෂය සම්බන්ධයෙන් “ආධ්‍යාත්මික අදේවවාදය” යන නම් දරන ග්‍රන්ථයක මුළුමනින්ම සාකච්ඡා කර ඇත්තෙමි.
පංච බලවේග චින්තනය හා බැදුණු මෙම අභ්‍යාස පිළිවෙත්වලට එරෙහිව නවීන විද්‍යාවට පෙරම ඉස්ලාමය අනතුරු අඟවා ඇත. මෙම අභ්‍යාස පිළිවෙත් නිසි ප්‍රතිකාර ලැබීම ප්‍රමාද කිරීමටත්, සැබෑ ලෝකයට සමාන්තරව මිථ්‍යාව තුළ මිනිසා ජීවත් වීමටත්, ඒකීය දෙවිදාණන්ගෙන් තොර වී වෙනත් දෑ හා මිනිසා සබැඳියාවක් ඇති කරගැනීමටත් තුඩු දෙනු ඇත. එහෙයින් ඉස්ලාමය ඉතා දැඩි ලෙස මෙම අභ්‍යාසවල නිරත වීමෙන් වැලකී සිටීමට අවධාරණය කර අනතුරු අගවා ඇත. ඒකීය දෙවිඳාණන් ශුද්ධ ප්‍රකාශයෙහි මෙපරිදි වදාළ සේක:
මාගේ ගැත්තන් අතරින් යමෙක් මා කෙරෙහි විශ්වාස කරන්නෙක් ලෙසද, තවකෙක් අවිශ්වාස හා ප්‍රතික්ෂේපකයෙක් ලෙස ද පත් විය. ඒකීය දෙවිඳාණන්ගේ අනුග්‍රහය සහ කරුණාව හේතු කොටගෙන අප හට වැසි ලැබී ඇතැයි කිමෙක් පැවසුවේ ද ඔහු ඒකීය දෙවිඳාණන් වන මා කෙරෙහි විශ්වාස කළ කොනක බවට ද, අනෙකා ග්‍රහලෝක තාරකා කෙරෙහි විශ්වාස කර ප්‍රතික්ෂේපක කරන්නෙකු බවට ද පත් විය. ඒ ඇරත් කිමෙක් අප හට වැසි ලැබුණේ වෙනත් වෙනත් හේතූ මත බව පැවසුවේ ද ඔහු ඒකීය දෙවිඳාණන් වන මා කෙරෙහි විශ්වාස නොතැබුවෙකු බවට ද ග්‍රහලෝක තාරකා කෙරෙහි විශ්වාස තැබු කෙනෙකු බවට ද පත් විය.
සහීහ් මුස්ලිම් ග්‍රන්ථය :71)
ග්‍රහලෝක ගැන හා මිනිසා හට එයින් බලපෑම් ඇති බවත්, මිනිසාගේ ජීවනෝපාය කෙරෙහි ද එහි බලපෑම් ඇති බවත් කවරෙකු විශ්වාස කරන්නේ ද, ඔහු ඇත්තෙන්ම ඒකීය දෙවිදාණන් ප්‍රකික්ෂේප කළේය. කවරෙකු ඒකීය දෙවිඳාණන් වෙත විශ්වාස කරන්නේ ද ඔහු මිනිසාගේ දෛව නියමය තුළ ග්‍රහ තාරකාවල බලපෑම් ඇති බවට ප්‍රතික්ෂේප කරයි.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.
මන්තර ජප කිරීම්, සුර හා හූනියම් කිරීම් යනාදිය ෂිර් ක් හෙවත් ආදේශ තැබීම් වේ.
සහීහ් අල් ජාමිඃ 1632
එබැවින් මුස්ලිම්වරයෙක් පංච බලවේගවල බලපෑම් ගැන වන මිථ්යාව ද, යන්ත්‍ර හා ඒ හා බැදි සුර ගැන ද විශ්වාස නොකරයි.
ඒ වෙනුවට, ඉස්ලාම් පවසන්නේ සුර, හින්දු ආගමික හැඩතල, පෙන්ඩුලම් පද්ධතියක් සහිත ශක්තීන් සහ මූලද්‍රව්‍ය පහට සම්බන්ධ වෙනත් කරුණු සෑදීම සහ මෙම සුර හරහා ප්‍රතිලාභ උරුම වන බව හෝ හානිය වළක්වා ගැනීමට හැකි බව විශ්වාස කිරීම ෂිර්ක් සහ දෙවියන් කෙරෙහි අවිශ්වාසය ඇති කරන බවයි.
දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අතේ පිත්තල වලල්ලක් පැළඳ සිටි පුද්ගලයෙකු දැක, මෙය කුමක්දැයි ඇසුවේය. මෙය දුර්වලතා ඇතිවීමෙන් වැලැක්වීම සඳහා යැයි ඔහු ප්‍රකාශ කළේය . එයට දේව දූත මුහම්මද්තුමාණන් ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ මෙසේය, "එය ගලවා ඉවත් කරන්න, ඇත්තෙන්ම ඔබ මෙය පැළඳ සිටිය දී මරණයට පත්වුවහොත් ඔබ එය මත භාර තැබූවෙකු ලෙස පත් වනු ඇත."
සහීහ් ඉබ්නු හිබ්බාන් 6085
තවත් වාර්තාවක "ඇත්තෙන්ම ඔබ එය පැළද සිටියදී මරණයට පත් වුවහොත් ඔබ කිසිදිනක ජය ලබන්නේ නැත." යනුවෙන් සඳහන් වී ඇත.
අල් හයිතමි අල් මක්කිගේ වාර්තාව පරිදි නිවැරැදියි, අස් සවාජිර්, වෙළුම1, පිටුව 166
ෂයික් අල් ඉස්ලාම් ඉබ්න් තයිමියා තුමා මෙසේ ප්‍රකාශ කළේය: යහපත ගෙන දීම, අයහපත තුරන් කිරීම අරබයා යන්ත්‍ර සෑදීම මහා ෂිර්ක් හෙවත් ඒකීය දෙවිඳාණන්ට බලවත් ආදේශ තැබීමකි.
මජ්මූඃ ෆතාවා, වෙළුම 9 , පිටුව 34
මෙයට සමාන විශ්වාස ප්‍රතිපත්තිය සනාථ කරන භගවත් ගීතාව මෙලෙස සඳහන් කරයි: දෙවිවරුන් අදහන්නෝ කවරහුද ඔවුහු දෙවිවරුන් අත්කර ගනිති; මුතුන්මිත්තන් අදහන්නෝ කවරහුද ඔවුහු මුතුන්මිත්තන් අත්කර ගනිති; සාතන් අදහන්නෝ කවරහුද ඔවුහු සාතන් අත්කර ගනිති; මා අදහන්නෝ කවරහුද ඔවුහු මා ලබා ගනිති.
[42] භගවත් ගීතා, 9-25.
මහිමාන්විත අල්ලාහ් අතහැර මෙම යන්ත්‍ර එල්ලා ගන්නා සියල්ලෝම අල්ලාහ් හැර අන් දෑ නමදින්නෝ වෙති.
වේද ග්‍රන්ථවලට අනුකූලව එවන් පුද්ගලයාගේ ගමනාන්තය සදාකාලික නිරය යි. යජූර් වේදය සදහන් කරන්නේ මෙලෙසිනි: කවරෙක් ඒකීය දෙවිඳාණන් හැර වෙනත් සාදන ලද දෑ නමදින්නේ ද, ඔහු අන්දකාරයේ ගිලෙනු ඇත; නිරා ගින්නේ වධ වේදනාව සදහටම භුක්ති විදිනු ඇත.
යජූර් වේද, මන්ත්‍ර:9 සුවිශුද්ධ අල්ලාහ් මෙසේ පවසයි: “එනමුත් තීන්දු නියමයන් සියල්ල අල්ලාහ්ටම අයිතිය.“ අර් රඃද් පරිච්ඡේදය, වැකිය 31 දේව දූත මුහම්මදාණෝ මෙසේ ප්‍රකාශ කළහ: ඔබ යමක් ඉල්ලා සිටියේ නම්, මහිමාන්විත අල්ලාහ්ගෙන් පමණක්ම ඉල්ලා සිටින්න. එසේම ඔබ පිහිට පැතුවේ නම්, මහිමාන්විත අල්ලාහ්ගෙන් පමණක්ම පිහිට පතන්න.
[44] සුනන් අත් තිර්මිදි: 2516, සහීහ් එහෙයින් මුස්ලිම්වරයෙක් පංච මහා භූත, ග්‍රහ තරු, යන්ත්‍ර වැනි දේවල බලපෑම යනාදියෙහි මිත්‍යාව සත්‍ය නොකරයි. ඇරත්, ඔහු මේ කාරණා ප්‍රතිමා වන්දනාවෙහි, දුර්මඟෙහි, මුසාවෙහි හා මිත්‍යා ප්‍රබන්ධයෙහි සාරය බව තරයේ විශ්වාස කරයි.
10- හින්දු සමාජයෙහි ප්‍රතිරූපය කුමක්ද? හින්දු සමාජයෙහි පුනරුත්පත්තිය හා කර්මය ගැන පවත්නා ඔවුන්ගේ විශ්වාසය දුටු කල, මෙය නිසැකයෙන්ම පන්තිභේදාත්මක සමාජයක බව පෙනේ.
මෙපරිදි, දුෂ්ට මිනිසා සිය මීළඟ උත්පත්තියෙහි පෙර සිටි තත්ත්වයට වඩා පහත් පන්ති තරාතිරමක උපත ලබයි.
ඒ අනුව කෙනෙක් පීඩිතයෙකු වේ ද ඔහු එය විඳීමට යෝග්‍ය යි... මෙය දුප්පතුන් හා පීඩිතයන්ගේ නාමයෙන් සිදුවන සමාජ පීඩනයට එකඟත්වය පළ කිරීමක් සහ ඔවුන් සැලකිල්ලට නොගැන සිටීමකි. මෙය ප්‍රජාපීඩනය පැහැදිලි ලෙස සාමාන්‍යකරණය කිරීමකි. හින්දු දහමානුකූලව මිනිසා පන්ති හතරකට බෙදා වෙන් කෙරේ. ඔවුන් නම්:
1- බ්රාහ්මණ : ගුරුවරුන් සහ පූජකයන්
2- ක්ෂත්රිය : රණශූරයන් සහ රජවරුන්
3- වෛෂ්ය : ගොවීන් සහ වෙළඳුන්
4- ශුද්‍ර : කම්කරුවන්
පහත්ම පන්තිය වන්නේ: පිරිසිදු කරන සහ මෙහෙකම් කරන නින්දිත කාර්යයන්වල නියුතු (ඔවුන්ගේ දැක්ම අනුව) ස්පර්ශ කිරීමට පවා නුසුදුසු ශුද්‍ර නම් පැලැන්තිය යි.
එක් එක් පුද්ගල පන්ති තරාතිරම් අනුව ඔවුන්ගේ රැකියාව, ඇඳුම් පැළඳුම්, ආහාර යනාදියෙහි වර්ගය තිරණය කරයි.
අදාළ පන්ති සීමාව තුළ පමණක් විවාහ කටයුතු සිදු වේ.
පුද්ගලයෙකු සිය මරණය තෙක් තමා උපන් එම පන්ති තරාතිරමට පමණක් අයිති වීම දෛව නියමයකි.
මෙම පන්ති භේද සංකල්පය මතුවන්නේ මා කී පරිදි, පුනරුත්පත්තිය හා කර්ම සංකල්පය (ඵල, විපාක) ගැන විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස ය. එපරිදි, ශුද්‍ර වනාහි ස්පර්ශ කිරීමට පවා නුසුදුසු පාර්ශවයක් වීමට උචිත පිරිසයි. මන්ද නිසැකයෙන්ම ඔවුහූ සිය පූර්වාත්මයෙහි පාපීන් වී ඇත; එම නිසා මේ පන්තියෙහි උපත ලබා ඇත.
මෙම සාවද්‍ය විකෘති මතය ජීවිතය මුළුමනින්ම නසා දමනු ඇත. මෙම උපකල්පනය මගින් පැහැදිලිිි වන්නේ ස්පර්ශ කිරීමට පවා නුසුදුසු යැයි සැළකෙන මෙම පීඩිතයන්ට උදව් කිරීම නම්, එක්තරා ආකාරයක කර්මයට අගෞරව කිරීමක් ලෙස ය.
මෙය යම් ආකාරයක පසුගාමීත්වය, අසාධාරණය, පන්තිභේදය, ප්‍රජාපීඩනය යනාදියෙහි සංකලනයකි. පුනරුත්පත්තිය පිළිබඳ දර්ශනය සහ කර්මය පිළිබඳ දර්ශනය මෙම පන්තිය බිහි කර ඇති අතර, ඔවුන් විසින් තමන්ගේ අතේ මිටේ කිසිවක් නොමැති දුප්පත්, රෝගී සහ දුර්වල මිනිසුන් වෙත මෙම වැරදි වැටහීම ඇති කර ඇත. ඔවුන්ට උපකාර කිරීමට, සහ උපකාර කිරීමට ඇති අවස්ථාව හින්දු ආගම විසින් මග හැරී ඇත.
මෙම හින්දු දර්ශනය මිනිස් ධර්මයේ ස්වභාවයට පටහැනි දර්ශනයකි. එම ස්වභාව ධර්මය දුර්වලයන්, අසරණයන් සහ රෝගීන් කෙරෙහි අනුකම්පාව ඇති කරන අතර සේවා සැපයීමෙන් සහ ඔවුන් මත ඇති වී තිබෙන්නා වූ හානිය සහ පීඩාවන් ඉවත් කිරීමට වෙර දරමින් ඔවුන් කෙරෙහි යුතුකම පිළිබඳ හැඟීමක් ඇති කර ගන්නා ලෙස ඉල්ලා සිටී.
වේදයේ ලියා ඇති පරිදි අවසාන දිනය පිළිබඳව විශ්වාස කිරීමේ සංකල්පය හින්දු භක්තිකයන්ගෙන් ඉවත් වූයේ කෙසේදැයි මම නොදනිමි. එය පුද්ගලයෙකුගේ ජීවිතය සහ ලෝකය පිළිබඳ ඔහුගේ දැක්ම නිවැරදි කරන ධර්මයයි. එබැවින් මරණින් මතු ලොවේ දී මිනිසුන්ගේ ක්‍රියාකාරකම් විනිශ්චය කර, එයට අදාළ තිළිණ ද පිරිනැමීම අල්ලාහ් සතුව ඇති වගකීමකි. සියලු මිනිසුන් අහිංසක ලෙස උපත ලබා ඇති අතර මිනිසුන් අතර පීඩිත පිරිසට උදව් උපකාර කිරීම, මතු ලොවේ දී අල්ලාහ් ඉදිරියේ (එසේ උපකාර කළ) පුද්ගලයාගේ තත්වය ඉහළ නංවයි.
මිනිසාට තෝරා ගැනීමට ඇති දර්ශණ දෙකෙන් ප්‍රථම සහ හොඳම දර්ශනය සහ එසේම ඔහුගේ සහජ බුද්ධියට ඉතා සමීප දර්ශනය කුමක්ද?
කර්මය පිළිබඳ දර්ශනයද?... නැත්නම් වේද පිළිබඳ විශ්වාසයද?
රිග් වේද ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ: "අහෝ දෙවිය! ඔබ ධාර්මික මිනිසෙකුට හොඳ ප්‍රථිඵල ලබා දෙනු මැනව!." ([45]
[45] Rig Veda, Mandal: 6, Suket: Mantra: 1 රික් වේද ග්‍රන්ථයෙහි මෙලෙස සදහන් ය; “ආත්මයක් ඇලුම් කරන්නා වූ සකල දෑ ලබාදෙන, සියලු සම්භෝග හා සතුටෙන් පිරිපුන් ස්ථානයක, සදාකාලීන ජීවියෙකු සේ මා පත් කරනු මැනැව.”[46] [46] Rig Veda, Mandal: 9, Suket: 113, Mantra 11-9
මෙය වේද ග්‍රන්ථයේ දක්නට ලැබෙන විශ්වාසයයි.
එහි දැහැමි ජනයා සඳහා ආශීර්වාද ලබන ස්වර්ගයක් ඇත.
වේදයන්ට අනුව පව්කාරයන් සඳහා සකස් කරන ලද වධකාගාරයක් ද තිබේ.
රිග් වේදයේ මෙසේ සඳහන් වේ: "පව්කාරයන් සඳහා ඉතා ගැඹුරු ස්ථානයක් තිබේ."[47]
[47] Rig Veda, Mandal: 4, Suket: 5, Mantra: 5
නැවත නැවත ඉපදීම සහ ආත්මයන්ගේ සංක්‍රමණය පිළිබඳව කියවෙන අදහසෙහි එම ස්ථාන කොහිද?
කර්ම දර්ශනය තුළ පව්කාරයින්ට වෙන් කර ඇති ඉතා ගැඹුරු ස්ථානය කොහිද?
එබැවින් සමස්තයක් වශයෙන් ගත් කල කර්ම දර්ශනය මානව සොයාගැනීමක් වන අතර එය වේදයේ සඳහන් ආත්මය පිළිබඳ සංකල්පයට පටහැනිය.
සියලුම අනාගත වක්තෘවරුන්ගේ විශ්වාසය වූයේ: අවසාන දිනය, ස්වර්ගය සහ නිරය පිළිබඳ විශ්වාසයයි. තවද මිනිසුන් පාපයක් නොමැතිව නිර්දෝෂී ලෙස උපත ලබන බවට ඔවුහු විශ්වාස කළහ.
සහජ බුද්ධියට එකඟ වන සහ යහපත ඇති කරන, තවද අපරාධයට, පසුගාමීත්වයට (අපේක්ෂාවන්ට අනුව ජීවත් වීමට ඇති නොහැකියාව), පන්තිවාදයට සහ දුෂ්ඨ පාලනයට එරෙහිව සටන් කරන ධර්මය මෙයයි.
අනාගත වක්තෘවරුන්ගේ ආගම වනාහි මිනිසා උසස් කිරීමට උත්සාහ කරන අතර මිනිසුන් අතර සමානකම් ඇති කරන ලෙස ඉල්ලා සිටී.
තවද ඉස්ලාමීය දෘෂ්ඨියෙන් පුද්ගලයෙකුගේ වටිනාකම මණිනු ලබන මිණුම් දණ්ඩ රැඳී පවතින්නේ ඔහුගේ පන්තියේ, ඔහුගේ ස්වරූපයේ, ඔහුගේ සෞඛ්ය තත්වයේ හෝ ඔහුගේ ද්‍රව්‍යමය මට්ටම මත නොව, ඔහු විසින් කරන යහපත් ක්‍රියාවන් මතයි.
ඉස්ලාම් සියලු දෙනාම නඟා සිටුවීම අරමුණු කරගනිමින් කටයුතු කරන අතර පෙළපත් සහ තරාතිරම නොසලකා හරී.
එබැවින්, එය (කුලවල ධූරාවලිය මුල් කරගෙන) ස්පර් ශ කළ නොහැකි කණ්ඩායම් පිළිබඳ සංකල්පය සහ පොදුවේ පන්ති චින්තනය පිළිබඳ අදහස තරයේ ප්‍රතික්ෂේප කරයි.
උත්තරීතර අල්ලාහ් උතුම් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත:
“අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විිවිධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.” ශුද්ධ වූ අල්කුර්ආන්: සූරා අල් හුජුරාත් - 13 අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:
කෙනෙකු විසින් ඔහුගේ යහපත් ක්‍රියාවන් අතපසු කරන්නේ නම්, ඔහුට ඔහුගේ වංශයේ (කුලයේ) තත්වය ස්වර්ගයේ මගට වේගවත් කරන්නේ නැත.
සහීහ් මුස්ලිම් ( හදීස් අංක:2699)
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ:
කියාමත් දිනයේදී බොහෝ ජනයා ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් ඉදිරි පත් නොකර ඔවුන්ගේ වංශයේ (කුලයේ) තත්වය පෙන්වා ස්වර්ගයේ මගට ඇතුල් වීමට උත්සාහ කරති.
සහීහ් අල්මුස්නද් 1426
(සමාජයේ) වංශ ධූරාවලියට ඉස්ලාමයේ වටිනාකමක් හෝ එයට තැනක් නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පවසා ඇත:
ආහෝ ජනයිනි! දැනගන්න. සැබැවින්ම ඔබේ පරමාධිපති එක්කෙනකි. ඔබේ පියාණන් ද එක්කෙනෙකි. දැනගන්න. අරාබි නොවන්නාට වඩා අරාබි ජාතිකයා උතුම් වන්නේ නැත. අරාබි ජාතිකයාට වඩා අරාබි නොවන්නා උතුම් වන්නේ ද නැත. කළු ජාතිකයාට වඩා සුදු ජාතිකයා උතුම් වන්නේ නැත. එමෙන්ම සුදු ජාතිකයාට වඩා කළු ජාතිකයා උතුම් වන්නේ නැත."යැයි මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පවසා සිටියහ:
"දුර්වල වූ අය හරහා ඔබ මා සොයා එන්න, මන්ද ඔබට පෝෂණය සහ ජයග්‍රහණය ලබා දෙනු ලැබෙන්නේ ඔබ අතර සිටිනා දුර්වලයන් නිසාවෙනි."
ෂූඋබුල් ඊමාන්, සිල්සිලතුස් සහීහා 2700 .
සුනන් අබී දාවුද් සහ තිර්මිදි අංක: 2594
"දුර්වල වූ අය හරහා ඔබ මා සොයා එන්න, මන්ද ඔබට පෝෂණය සහ ජයග්‍රහණය ලබා දෙනු ලැබෙන්නේ ඔබ අතර සිටිනා දුර්වලයන් නිසාවෙනි.." යන ඉස්ලාමයේ සංකල්පය සහ හින්දු දහම දුර්වලයන් වෙත දක්වන සංකල්පය දෙස (බුද්ධිමත්) ලෙස බලන්න.
මිනිසුන් අතර දුප්පතුන්, දුර්වලයන්, සහ අනුවනයින් කෙරෙහි සෙනෙහසක් දැක්වීමට මිනිස් ආත්මය සහජයෙන්ම ඇදී යනු ඇත. එබැවින් මෙම සහජ බුද්ධියට වර්තමාන හින්දු ආගමෙන් ඇතිවන ප්‍රතිවිරුද්ධත්වය ඇත්ත වශයෙන්ම ගැටළුවකි.
හින්දු භක්තිකයන් ඇත්තටම ගවයින් ශුද්ධත්වයට පත් කරනවාද?
(මිනිසුන්ට) සේවයක් ලබා දීමේ පදනම මුල්කර ගෙන හින්දු ආගමේ ගවයාට විශේෂ ගෞරවයක් ඇත. එනමුත් තවත් ප්‍රශ්නයක් ද ඇත. එනම් ගවයන්ට ඇති වැදගත්කම නිසා වෙන්ම, සර්වඥවාදය පිළිබඳ දර්ශනය මුල් කරගෙන දෙවියන් වහන්සේ ගවයින් ඇතුළු ඔහුගේ ජීවීන් තුළ වාසය කරන බවට සමකාලීන හින්දු (සමාජයේ) පිළිගැනීමක් තිබීමයි.
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ගවයින් සඳහා විශේෂ උත්සව නිතිපතා පවත්වනු ලැබේ.[52]
[52] පූජනීය ගවයා පිළබඳ පුරාවෘත්තය - ද්විජේන්ද්‍ර නාරායන් (පරිවර්තනය කර නැත).
අනෙක් අතට, වේද ඉගැන්වීම් තුල සෑම දෙයක්ම සහ සෑම සත්වයෙකුටම වඩා දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය සහ මහිමය උසස් කර ඇත.
එය රිග් වේදයේ මෙසේ සඳහන් වේ: “සියල්ලට පෙර සිටින දෙවියන් මමය. මම මුළු ලෝකයේම හිමිකරු වෙමි. සියලු ආශිර්වාදවල සැබෑ සහ තෝරාගන්නා ලද ප්‍රතිලාභියා මම වෙමි, එවිට සියලු ආත්මයන් පෝෂණය සහ උපකාර මාගෙන් ඉල්ලා සිටිය යුතුය."
[53] Rig Veda, Mandal:10, Suket:48, Mantra:1
දෙවියන් වහන්සේ ලෝකයේ මැවුම්කරු වන අතර උන් වහන්සේ ලෝකයෙන් ස්වාධීන බැවින් පැවැත්මේ ඒකීයභාවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන මෙම පාඨය ඉර (හඳ) මෙන් පැහැදිලිය.
එසේම මෙම පාඨයෙහි මෙම භෞතික ලෝකය ශුද්ධවන්තභාවයට පත් කිරීමට සහ මැවු දේවලින් උපකාර පැතීමට එරෙහිව අනතුරු ඇඟවීමක් කර ඇත. එබැවින් ගවයන්ගේ මැවුම්කරු සහ සියල්ලේ නිර්මාතෘ දෙවියන්ගෙන් හැර වෙන කිසිවෙකුගෙන් උදව් පැතීම නොකළ යුතුය.
අල්ලාහ්ට පමණක් යටත් වීමේ මූලධර්මය ඉස්ලාමීය විශ්වාසයේ හරයයි.
ගවයින් සහ අප අවට ඇති සියලුම ද්‍රව්ය අපට වසඟ කර ඇති බව ඉස්ලාම් ප්‍රකාශ කරයි. අල්ලාහ් විසින් එය නිර්මාණය කළේ ඔහුගේ කරුණාවෙනි. සර්ව බලධාරී අල්ලාහ් ශුද්ධවූ අල් කුර්ආනයේ මෙසේ පවසයි:
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු විසින් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතිය හැකි ජනයාට මෙහි සංඥා ඇත.
ශුද්ධ වූ අල් කුර්ආන්: සූරා අල් ජාසියා- 13
මෙය ඉස්ලාම් දහම වන අතර එය මිනිස් ස්වභාවයයි. වේද ඉගැන්වීම් තුල තව්හීද් හෙවත් ඒකදේවවාදය සහ අල්ලාහ්ට යටත් පහත් භාවය දැක්වීමේ අවශ්‍යතාවය ගැන සඳහන්වී ඇති බැවින් හින්දු භක්තිකයන්ට ඉස්ලාම් ආගම සමඟ හැර (වෙනත් මගකට) ආපසු යා නොහැක. ඉස්ලාම් ආගම යනු වේදයේ ඇති සියලුම සත්‍යයේ ප්‍රකාශකයා වන අතර එය සියලු මිනිසුන්ගේ වැරදි නිවැරදි කරන අතර වහී හෙවත් දේව හෙළිදරව්වේ මානවයා විසින් සිදු කර ඇති සියලු විකෘති කිරීම් ප්‍රතික්ෂේප කරයි. නමුත් හින්දු ආගමේ බොහෝ වැළකී සිටීම් ගැන සඳහන්වී ඇති අතර එය පාපයෙන් ඈත් වීමට උත්සාහ කරයි. මෙය සුවිශේෂී ලක්ෂණයක් නොවේද? මම මීට පෙර හින්දු ආගමේ දක්නට ලැබෙන අධික දැඩිභාවය පිළිබඳ මාතෘකාව ගැන සඳහන් කර ඇත. නමුත් මම මෙහි පැවැසීමට කැමති දේ නම්, අකීකරුකම සහ හෘදය සාක්ෂිය සමග පසුතැවීමට ලක්වීම යනු දේව වරම හා බැඳී ඇති ස්වභාවික කාරණා බවයි.
අපට ආගමික වගකීම් ඇති බැවින්, යම් උල්ලංඝනයක් සිදු වේ නම් අපට පසුතැවිලි වීමට සිදු වේ.
මෙය ස්වභාධර්මයේ ක්‍රියාකාරිත්වයයි. උත්තරීතර අල්ලාහ් ශුද්ධවූ අල් කුර්ආනයේ මෙසේ පවසයි. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. සූරත් අල්රූම් - 30 මෙම ස්වභාවයට මුහුණු දෙන කෙනෙකුට, යහපත්කමේ සහ සත්‍යයේ සාරධර්මවල කිසියම් උල්ලංඝණය කිරීමක් සිදු කිරීමක් සමඟ පුද්ගලයෙකුට හෘදය සාක්ෂියේ කැක්කුමක් දැනේ. තවද සර්ව බලධාරී අල්ලාහ් විසින් අවසාන පණිවිඩය හෙවත් ඉස්ලාම් තුලින් කෙනෙකුට යහපත්කමේ සහ සත්‍යයේ සාරධර්ම කඩ කිරීමෙන් සමාව හා පසුතැවිලි වීමේ මාවතට මඟ පෙන්වූ අතර, එසේ (කඩ කිරීම්වලට ලක්වූ) මිනිසුන්ට ඒ අයිතිය නැවත ලබා දෙන ලෙස අල්ලාහ් අණ කළ අතර, එමඟින් අල්ලාහ් පාපය මකා දමයි. කෙසේ වෙතත්, හින්දු ආගමේ, වරදට එරෙහිව සටන් කිරීමට තවත් ක්‍රමයක් අපට දැනගැනීමට හැක. එනම්, සම්පූර්ණයෙන්ම නිහඬ කිරීමේ පුරුදු, භාවනා සහ චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් සමඟ තමා ගැනම අධික ලෙස අවධාරණය කිරීමයි. නමුත් හින්දු ආගමේ සම්පූර්ණ නිශ්ශබ්දතාවය සහ භාවනා සැසි සකස් කිරීම හොඳ නොවේද? හින්දු ආගමේ භාවනාව, පසු කාලීන ප්‍රාණා දර්ශනය වූ යෝග සැසිවල සිදු වන පරිදි මෙනෙහි කිරීම වනාහි එය දෙවියන් වහන්සේගේ මැවිලි සහ ඔහුගේ ප්‍රඥාව පිළිබඳ මෙනෙහි කිරීමක් නොවන අතර එය ඔහුගේ විස්මිත මැවීම හෝ ඔහුගේ අශීර්වාදව පිළිබඳ සලකා බැලීමක් ද නොවේ. ඔවුන්ට අනුව භාවනා කිරීම යනු යම් ආකාරයක සම්පූර්ණ නිශ්චලතාවයක් වන අතර එය අයාලේ යන හෝ එන ඕනෑම කෙනෙකුගේ මනස හිස් කිරීමකි. එය මරණයේ නිශ්ශබ්දතාවය වැනි සම්පූර්ණ නිශ්චලතාවයකි, එය සිතීමෙන් මනස නිශ්ශබ්ද කරයි.Silence your Mind During Yoga
පශ්චාත් වේද යුගයේ ඇති වූ මෙම අමුතු නිශ්ශබ්ද භාවනා සැසි ඔවුන්ගේ චින්තනයට බලපෑවේය, පරිකල්පනය කිරීමේ සහ මායාවන් ඇතිවීමට පටන්ගත් අතර ශෙයිතාන් ඔවුන්ගේ මනස අවුල් කිරීමට පටන් ගත්තේය.
ඔවුන්ගෙන් ඇතැමෙක් සිතන්නේ ඔහු ප්‍රඥාව ලබාගෙන ඇති බවටය. ඔහුට සිදු වූ දෙය මා කලින් පැහැදිලි කළ පරිදි, ආහාර නොගැනීම සහ සම්පූර්ණ නිශ්චලතාවය සමඟ මොළයේ අයනවල අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන මායාවන් මිස අන් කිසිවක් නොවේ. (54)
[54] https://www.ncbi.nlm.nih.gov/pubmed/8931651
දිගු න්ශ්චල භාවනාව සහ දැඩි කුසගින්න එවැනි මායාවන්ට තුඩු දෙන බවට ලොව නිශ්චල භාවනා පාසල්වල වඩාත් ප්‍රසිද්ධ ආරම්භකයෙකු වන මිකාඕ උසුයි විසින් හඳුනාගෙන ඇත.
පැය ගණනාවක් දිගු කුසගින්නෙන් හා (ශරීරයේ ද්‍රව්‍යමය අවශ්‍යතාවයක යමක්) හිඟවීමෙන් පසු ඔහුට සිහිය නැති වී මායාවන්ට ගොදුරු වීමට පටන් ගෙන ඇති බව ඔහු තීරණය කළ අතර මේ මොහොතේ ඔහු වෙත සිතුවිලි එන්නට පටන් ගනී.
[55] ආධුනිකයින් සඳහා Reiki, David F. Finells, pp. 30-35, උපුටා දැක්වීම (පෙරදිග සුව කිරීමේ දර් ශනයේ සමකාලීන යෙදුම්, Dr. හයිෆා බින්ත් නාසර් අල් රෂීඩ්).
මනෝවෛද්‍ය ඩොනොවන් රොක්ලිෆ්ට අනුව, ඔහු විසින් කරන ලද ස්වාධීන පර්යේෂණයකින් තහවුරු කර ඇත්තේ මෙම පුරුදු නිසා ඇතිවන සිතුවිලි සහ මායාවකින් පැන නගින ව්‍යාධි අතර වෙනසක් නොමැති බවයි.
[56] Rawcliffe, Donovan, (1988), Occult and Supernatural phenomena, Dover Publications, p. 123
ඉහත සඳහන් කරුණු වලට අමතරව, මෙවැනි බොහෝ යෝග සැසි, සෞඛ්‍ය දෝෂ සහිත සැසි වන අතර, එම ව්‍යායාමය එක දිගට කිරීම ව්‍යාකූලත්වය සහ ස්ථානය හා වේලාව පිළිබඳ හැඟීම නැති වීමට හේතු වන අතර මෙය මතකය දුර්වල කර ඇල්සයිමර් රෝගය වේගවත් කරයි.
[57] An introduction to complementary medicine, Simon Borg Olivier, p.290 (උපුටා ගැනීම: නව යුගයේ ව්‍යාපාරය, ආචාර්ය හයිෆා බින්ත් නාසිර් අල්-රෂීඩ්). මෙම පිළිවෙත් සමඟ හින්දු ආගමික භක්තිකයින් වේදයන්ගෙන් ඈත් වී අනාගත වක්තෘවරුන්ගේ ඉගැන්වීම්වලින් ද ඈත් වී ඇත. ඉස්ලාමය අල්ලාහ්ගේ මැවිලි ගැන මෙනෙහි කිරීම, අවබෝධ කරගැනීම සහ ඒ ගැන හොඳින් දැකීම කෙරෙහි ආරාධනා කර සිටින අතර එසේ මෙනෙහි කිරීම, අවබෝධ කිරීම සහ හොඳින් දැකීම අල්ලාහ් උදෙසා යහපත් ක්‍රියා කිරීම, කීකරුවීම සහ දෙවියන්ට කෘතගුණ දැක්වීමට සහ ජීවිතයේ කැප වීමකින් යුතුව කටයුතු කිරීමට මඟ පාදන්නේය. එබැවින් (අල්ලාහ්ගේ මැවිලි ගැන) මෙනෙහි කිරීම මිස මනසේ නිශ්ශබ්දතාවය පවත්වා ගැනීම නොවේ.
දෙවියන් වහන්සේට කීකරු වීමට සහ පාපෝච්චාරනය කර යහපත් වීමට හේතු වන්නේ සැබෑ මෙනෙහි කිරීමයි. ඔවුහු කවරහු ද යත් සිට ගනිමින් ද, වාඩි වෙමින් ද, ඉලපැති වලට ඇල වෙමින් ද, අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර් ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණෙනි! නුඹ මෙය නිකරුණේ නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව! (යනුවෙන් ප්‍රාර්ථනා කරති). ආලු ඉම්රාන් පරිච්ඡේදය,වැකිය191
ඉස්ලාමය ගෙන ආ මෙනෙහි කිරීම මෙයයි. එය මිනිස් සහජ බුද්ධියේ ස්වභාවයට අනුකූල වන අතර මිනිසා තමා වටා ඇති ආශීර්වාද සඳහා අල්ලාහ්ට ස්තූති කිරීමට සහ මෙම ආශීර්වාද මනාව සලකා බැලීමට උපකාරී වේ.
වර්තමාන හින්දු ආගමේ සම්පූර්ණ නිශ්චලතාවයේ භාවනා සැසි වාර සම්බන්ධයෙන් ගත් කල, ඒවා සාතන් ලගිනා ස්ථානයකි. කුමක් නිසාද යත් නිශ්චල භාවනා සැසිවලදී සාතාන් විසින් මේවාට යම් දාර්ශනික අදහසක්, හෙළිදරව්වක් හා යම් උපකාරයක් ලබා දෙයි. එබැවින් නැවත නැවත ඉපදීම පිළිබඳ සිතුවිලි, ආත්මයන්ගේ පුනරුත්පත්තිය පිළිබඳ සිතුවිලි, වහ්දතුල් වුජූද් හෙවත් සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි යන අදහස සහ පිළිම තුළ දෙවියන්ගේ අවතාරය ආරූඩ වීම පිළිබඳ අදහස ඔවුන් වෙත පැමිණේ. එබැවින් ආරාමිකයන් මෙම සිතුවිලි සහ ඉගැන්වීම් ඔවුන්ගේ සාන්තුවරයන්ට ලබා දෙයි. එබැවින් මෙවැනි සිතුවිලි කියා දෙන්නා නොමග යන අතර ඒවා ඉගෙනගන්නාද නොමඟ යවනු ලබයි.
වර්තමාන හින්දු ආගමේ සිදු වන පරිදි භෞතික (සම්පත්) විනාශය නතර කිරීමේ ක්‍රමවේදයෙහි ඇති වරද කුමක්ද?
හින්දු ආගම ස්වභාව දහමේ මිනිස් බුද්ධියට සහ රාගයට එරෙහිව සටන් කරන්නේ, ඉස්ලාමයේ පෙන්වා දෙන නීතියට අනුව පවිත්‍ර වීමෙන් නොව, ශරීරය පිළිස්සීමෙනි. වර්තමාන හින්දු දහම මිනිසා පැවිදි බවට ඇද දමා ලෝකය අත් හැර දමා ගමන් කරමින් සිටී.
කුමක් නිසාද යත් හින්දු ආගම සලකන්නේ ස්වභාව දහමේ සහජ බුද්ධිය අමතක කිරීම ශරීරය අමතක කිරීමෙන් සිදු වන බවයි.
එබැවින් මෝක්ෂය අවශ්‍ය හින්දු භක්තිකයා, භෞතික විනාශය වෙත ගොස් තම ශරීරය කුණු වීමට ඉඩ හැර මිය යන තෙක් තම ජීවිතයේ ඉතිරි කාලය සිඟමනෙහි යොදවයි.
මෙය මිනිසුන්, පවුල සහ සමාජය විනාශ කරන විනාශකාරී දෝෂයකි.
සහජ බුද්ධිය සහ ආශාව යනු පවුලක් ගොඩනැගීමට, සමාජයක් පිහිටුවීමට, වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ ජීවිතයක් ගොඩනගා ගැනීමට ඇති දිව්‍යයමය දායාදයන් වේ.
සහජ බුද්ධියට ප්‍රතිකාර කරනු ලබන්නේ එහි අපවිත්‍ර දෑ පිරිසිඳු කර එය ස්වභාවික ක්‍රම වේදයකට පත් කිරීමෙන් මිස ශරීරය පිළිස්සීමෙන් නොවේ.
එබැවින් "අපේ ජීවිත පැවැත්මේ පරමාර්ථය ඇත්තේ මෙසේය. එනම් අපි ආහාර වේලක් ඉල්ලා සිටිමු, පසුව අපි මැරෙන තුරු දවසේ ඉතිරි කාලය විනාශකාරී කටයුතු වල ගත කරමු" යැයි පැවැසුවේ කවුද?
අපි මේ ලෝකෙට ආවේ කහ පාට රෙද්දක් ඇඳගෙන, මරණය පැමිණෙන තුරා ලෞකික ආශාවන් අත්හැර ජීවත් වෙන්න කියා පැවැසුවේ කවුද?
ජීවිතයේ පැවැත්ම, පරිසරය ගොඩනැගීම සහ ජීවිතය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය පිළිබඳව මිනිසුන් වන අපට වඩා කුඩා කෘමීන් දැනුවත් ය. මී මැසි රංචු ඔවුන්ගේ යහපත සහ ඔවුන්ගේ දරුවන්ගේ යහපත සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන බව ඔබට පෙනේ.තමාගේ හා තම අනෙකුත් අවයවවල ප්‍රතිලාභ සඳහා බඩවැල් තුළ ක්ෂුද්‍ර බැක්ටීරියා එකතු වී ඇති බව ඔබට දැන ගැනීමට හැක.
සමස්තයක් ජීවිතය යනු දෛනික ජීවිතය ගත කරමින් හා වැඩ කරමින් ඉදිරියට යාමයි.
වත්මන් හින්දු ආගම විරැකියාව, අකර්මන්යතාවය සහ පිණ්ඩපාත චාරිකාවේ යෙදීම උනන්දු කරවයි. හින්දු ආගමේ පිණ්ඩපාත චාරිකාවේ-සිඟමනේ යෙදීම ජීවන මාර්ගයක් බවට පත්ව ඇත.
මෙහිදී පැන නගින ප්‍රශ්නය නම්: හින්දු භක්තිකයෙකු මිනිසුන් හුදකලා කිරීම සහ නාගරීකරණයෙන් ඈත්ව කඳු මුදුන්වල සහ දුෂ්කර ස්ථානවල (තපස් රකිමින්) පදිංචි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් ජනතාවට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
සත්‍ය දහම සහ නිවැරදි ජීවන මාර්ගය නම් වීරත්වය, (එකිනෙකාට) උපදෙස් දීම, මිනිසුන් සමඟ මිශ්‍රවී (සුහදව) ජීවත් වීම, ඔවුන් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජීවිත ගමනේදී ඇති වන (කරදර) හානිකර සිදුවීම් වලදී ඉවසීම මිස මෙයින් ගැලවී කඳු මුදුන්වල සහ කාන්තාරවල හුදකලාවී සිටීම නොවේ.
අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: "මිනිසුන් සමඟ මිශ්‍ර වී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ඉවසන මුස්ලිම්වරයෙකු, මිනිසුන් සමඟ මිශ්‍ර නොවන සහ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා නොඉවසන මුස්ලිම්වරයෙකුට වඩා විශිෂ්ඨය."[58]
[58] සහීහ් සුනනුත් තිර්මිදි: 2507 තෘෂ්ණාව මැඩපවත්වා ගෙන පාපයෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය කුමක්ද? ස්වභාව දහම විසින් ලැබී ඇති සහජ හැකියාව මුල් කරගැනීමෙන් සහ තමන්ව දමනය කිරීම පදනම් කරගෙන තෘෂ්ණාවට සහ ස්වභාව දහමේ සම්මතයට ප්‍රතිවිරුද්ධතාවය දැක්වීම මූලික වශයෙන් කළ හැක. තවද මුස්ලිම්වරයෙකු වහී හෙවත් දේව හෙළිදරව්ව මගින් අණ කරනු ලබන ආකාරයට තෘෂ්ණාව හික්මවීමේ ක්‍රමයට අනුගත වෙයි.
(ඉස්ලාමීය ඉගැන්වීම් වලට අනුව) නීත්‍යානුකූල විවාහයක් ඇති කර ගැනීමටද, (ආශාවන් පාලනය කර ගැනීම සඳහා) බැල්ම පහත හෙලීමට ද, රහසිගතව හා ප්‍රසිද්ධියේ අල්ලාහ් කෙරෙහි භියබැතිකම ඇති කිරීමටද මග පාදා ඇති අතර පාපිශ්ඨ ක්‍රියාවන් සඳහා ඇති දඬුවම සම්බන්ධයෙන් දේව අවවාදයක්ද ලබා දී තිබේ. තවද, යම් පුද්ගලයෙක් පව් කර තමාගේ ආත්මභාවය දුර්වල තත්වයකට පත් කර ඇත්නම්, පශ්චාත්තාප වී (වරදින්) මිදී යහ මාර්ගයකට යොමු වීමටද මගක් තිබේ. නමුත් හින්දු ආගමේ අපට දක්නට ලැබෙන්නේ මෝක්ෂයට පැමිණීමට කැමති කෙනෙකු, තම බිරිඳ, දරුවන් සහ රැකියාව අතහැර, පදික වේදිකාවල හා පාලු ස්ථානවල නිදියමින්, ඔහුගේ ආහාර වේල ඉල්ලා සිඟමනේ යෙදී සිටින සහ මෙසේ මිය යන තුරුම තම ශරීරයට මේ ආකාරයෙන් වද දෙන හින්දු පුද්ගලයෙකු ය. මෙය ආත්ම විමුක්තිය සඳහා සුදුසු මාර්ගයක්ද?
අද ඉන්දියාවේ මිලියන 5 ඉක්මවන හින්දු තාපසකයෝ සිටින අතර, තම යැපෙන්නන් අහිමි වීමේ පාපයෙන් සෑහීමකට පත් නොවන නමුත්, ඔවුන්ට උපකාර කිරීමට සහ පෝෂණය කිරීමට යමෙකු අවශ්‍ය බව ඔවුන්ට තේරෙන තත්වයට පත් වී සිටිති. ඉස්ලාමය මනුෂ්‍ය ආත්මය හොඳම හා ප්‍රඥාවන්ත ආකාරයෙන් පවිත්‍ර තත්වයට පත් කර ඇත. මිනිසෙකුගේ නොසැලකිලිමත්කම නිසා ඔහු යටතේ යැපෙන්නන්ගේ අයිතිය අහිමි වීම තහනම් බව ඉස්ලාම් නියෝග කර ඇත. එබැවින් අල්ලාහ්ගේ පණිවිඩකරු (එතුමාට ශාන්තිය හා සාමය හිම වේවා,) මෙසේ පැවසීය: "පුද්ගලයෙකුට ඔහු යටතේ යැපෙන්නන් අහිමි වීම පාපයකි."[ 59]
[59] සහීහ් සුනන් අබී දාවුද් -1692 .
එබැවින් ඉස්ලාමයට අනුව ආත්මය ප්‍රතිසංස්කරණය කිරීම සහ පවිත්‍ර තත්වයට පත් කිරීම කළ හැක්කේ ලෞකික ජීවිතය හැර නොගොස් යහපත් ක්‍රියාවන් කිරීමෙන් සහ කාමුක ආශාවන් පාලනය කිරීම තුලින්ය. ඉස්ලාමයේ රාමුව තුල සිටින පුද්ගලයෙකුට හින්දු ආගමේ පෙන්වා දෙන ආකාරයෙන් ශරීරයට වද දීමකින් තොරව ඔහුගේ සමාජය තුළ ජීවත් වීමට, එය ගොඩනඟා ගැනීමට සහ දෙවියන් වහන්සේගෙන් විමුක්තිය ලබා ගැනීමට හැකිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී, තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී" සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ. සූරා අන් නාසිආත්: වාක්‍ය 41
(විශාල) මාලිගාවක වාසය කළ ද අල්ලාහ්ට භය වී යහපත් ක්‍රියා කිරීම ස්වර්ගයට පිවිසීමේ මාර්ගයයි.
(ඉහත් සඳහන් මාර්ගයකට යොමු වී) ආත්මය පිරිසිඳු කිරීම විනා ශරීරය වේදනාවට ලක් කිරීම අවශ්‍ය නොවේ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි. එනමුත් ඔහු අකබා ව තරණය නොකළේය.
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
(එය) වහලෙකු නිදහස් කිරීම.
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට.
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
පසු ව ඔහු විශ්වාස කර, ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
සූරා අල් බලද් (නගරය) වැකිය 11 -18 දක්වා. ඔබ ස්වර්ගය දිනා ගැනීම සඳහා, ඔබ මිනිසුන් වහල් බවින් නිදහස් කළ යුතුය, දුප්පතුන්ට ආහාර පාන ලබා දිය යුතුය, යහපත් ක්‍රියා කළ යුතුය, යහපත් දෑ කිරීමට මිනිසුන්ට අවවාද අනුශාසනා උපදෙස් දිය යුතුය. මේ අනුව ඔබට ජයග්‍රහනය කළ හැක.
මිනිස්සුන්ගෙන් ඈත් වී හුදකලා වී ජීවිත කාලයම පින්ඩපාතේ යාම නෙවෙයි!
16- ඉස්ලාම් ධර්මය හින්දු ආගම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
අද හින්දු දහම යනු ආගමක්, ධර්මයක් හෝ විශ්වාසය මුල්කර ගත් මගපෙන්වීමක්ද නොවේ. එය ආරාම වැසියන්ගේ දර්ශන හා ඉගැන්වීම්, ගුප්ත මාර්ගයක් සහ අසංඛ්‍යාත චාරිත්‍ර වාරිත්‍ර සමඟ වේද ඉගැන්වීම් මිශ්‍රණයක් බවට පත්ව ඇත.
එබැවින්, හින්දු ආගමට, එයට ආවේනික දේවධර්මීය පද්ධතියක්, විශේෂිත අලංකාරවලින් සමන්විත චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමයක්, ස්ථාවර ආගමික විෂය මාලාවක් හෝ හින්දු භක්තිකයන් එක් රැස් කරන මධ්‍යම ආගමික ව්යුහයක් හෝ පද්ධතියක්ද නොමැත.
[60] හින්දු ආගමික විශ්වාස සහ පිළිවෙත්, ජුලියස් ජේ. ලිප්නර්, පිටුව. 8.
එසේ නම්, අල්ලාහ් විසින් තහවුරු නොකරන ලද මෙවැනි ව්‍යාකූල දෙයකින් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ කෙසේද?
එමෙන්ම මෙම ව්‍යාකූල ක්‍රම වේදය ජීවිතයේ මාර්ගයක් ලෙස ගන්නේ කෙසේද?
කල්පනා කර බලන්න; වත්මන් හින්දු භක්තිකයන් පිළිමයන් දේව අවතාර ලෙස ගනිති.
සර්ව බලධාරී අල්ලාහ් ඔහුගේ (අල්ලාහ්ගේ) ප්‍රතිමූර්තියක් ලෙස පිළිම තෝරා ගන්නා අයව හා අල්ලාහ්ට සමීප වීම සඳහා ඒවා තබා ගන්නා අයව අල්ලාහ් විසින් අවිශ්වාස කළවුන් ලෙස විස්තර කර ඇත.
"දැන ගනු! පිවිතුරු දහම අල්ලාහ් සතුය. තවද ඔහු හැර වෙනත් අය ආරක්ෂකයින් ලෙස ගත් අය ‘අල්ලාහ් වෙත අප සමීප කරවීමට මිස අපි ඔවුනට ගැතිකම් නොකළෙමු (යැයි පවසති). ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගත්තේද ඒ පිළිබඳ ව අල්ලාහ් ඔවුන් අතර නියත වශයෙන්ම තීන්දු දෙනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බොරුකාර ප්‍රතික්ෂේප කරන්නන්හට මග නොපෙන්වයි."
අස් සුමර් පරිච්ඡේදය 39 වැකිය 03
තවද හින්දු භක්තිකයන් මෙම පිළිම (වන්දනාමානය) පිළි ගැනීමෙන්, මා පෙර පැහැදිලි කළ පරිදි, ඔවුන් වේදයේ ඉගැන්වීම් උල්ලංඝනය කර ඇති අතර, ඔවුන්ගේ ස්වභා දහමේ සහජ බුද්ධියට විරුද්ධව කටයුතු කර ඇත්තේ කිසිදු සාක්ෂියක් නොමැති බව දනිමිනි.
“එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.”
අන් නම්ල් පරිච්ඡේදය වැකිය 64
එබැවින් ඔවුන් එය ඔප්පු කරන්නේ කෙසේද ?!
එබැවින් ඔවුන් එය ඔප්පු කරන්නේ කෙසේද ?!
හින්දු ආගමේ අද පවතින ගැටලුව වන්නේ ඔවුන්ගේ පිළිම නමස්කාර මිථ්‍යදෘෂ්ටිකවාදය අතිශයෝක්ති තත්වයට නංවා එය ආගමේ කුළුණු වලින් එකක් බවට පත් කිරීමයි.
පිළිම සෑම ස්ථානයකම ඇත.
දේව ප්‍රතිමාව තුළ දේව අවතාරයක් තිබේ ( ඔවුන්ගේ විශ්වාසයට අනුව).
හින්දු ආගමේ පිළිම, රූප සහ ආගමික සංකේත දහස් ගණනක් ඇත.
හින්දු ආගම පිළිම, ලෝහවලින් සාදන ලද විවිධ මිනිස් මෝස්තර සහ සංකේතයන් ආගමක් බවට පත්ව ඇත.
තවද වර්තමාන හින්දු භක්තිකයන් විසින් වහ්දතුල් වුජූද් හෙවත් "සියල්ලටම ඇත්තේ එකම පැවැත්මකි (සර්වඥවාදය)" පිළිගනිති.
වර්තමාන හින්දු ආගම ලෝකයේ සදාකාලිකත්වය ගැන පවසයි.
එය පන්ති හා කුල භේදය ගොඩ නගයි.
තවද, වර්තමාන හින්දු ආගම පවසා සිටින්නේ දෙවියන් මිනිසුන් තුළ ආරූඪ වී සිටින බවයි.
තවද පිළිම සහ දේව මෝස්තර තුළ දෙවියන්ගේ අවතාරය "ශක්ති" එහි ආරූඪ වී ඇති බව පවසති.
වර්තමාන හින්දු ආගම ආත්මයන්ගේ පුනරුත්පත්තිය ගැනත් කතා කරයි. එකම ආත්මය නැවත නැවත උපත ලබන බව පවසයි. අල්ලාහ් දෙවියන් හැර (අධ්‍යාත්මික බලය සහතික කිරීමට හෝ නපුර වළක්වා ගැනීමට) සුරය සහ නූලය වැනි දෑ පැළඳ ගැනීම ගැන පවසා සිටී.
මේ සියලු කරුණු මුල් කරගෙන ඉස්ලාම් හින්දු ආගම ප්‍රතික්ෂේප කරන්නේ, එය අනාගත වක්තෘවරුන්ගේ ඉගැන්වීම් උල්ලංඝනය කර ඒක දේවවාදය අමතක කරන නිසාය.
එබැවින් ඉස්ලාම් සෑම හින්දු භක්තිකයෙකුටම ඉස්ලාමය හරහා අල්ලාහ්ගේ දහම වෙත ආපසු යන ලෙස ඇරයුම් කර සිටියි. එසේ නොවුවහොත් සර්ව බලධාරී අල්ලාහ් වෙතින් ගැලවීමක් නොලැබේ.
උත්තරීතර අල්ලාහ් පවසා ඇත
"නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි."
ආලු ඉම්රාන් පරිච්ඡේදය, වැකිය191
උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි:
“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි.”
ආලු ඉම්රාන් පරිච්ඡේදය, වැකිය 85
උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි:
"අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි."
වැකිය 3 අස් සුමර් පරිච්ඡේදය
හින්දු භක්තිකයෙකුට හෝ වේවා, වෙන කිසිම මනුෂ්‍යයෙකුට හෝ වේවා, ඉස්ලාම් ආගමෙන් මිස වෙනත් ආගමකින් විමුක්තියක් නැත. ඉස්ලාමය වනාහි ලොව පවතින අනෙකුත් දහම් හා සැසඳිය හැකි හුදෙක් දහමක් පමණක් නොව ඒකීය දේවවාදය දෙසන, සියලු දේවදූතයින් යවනු ලැබූ ධර්මයකි. සෑම දේවදුතයෙකුම ඒකදේවවාදය කරා ඇරයුම් කළා සේ ම ඒක දේවවාදය ප්‍රචාර කරන සුපිවිතුරු ධර්මයක් සේ අදටත් පවතින්නේ ඉස්ලාමය පමණයි. මෙඅතර පවතින අනෙකුත් දහම් තුළ සුළු හෝ විශාල වශයෙන් බහුදේවවාදී මූලධර්ම මුසු වී ඇත. ඉස්ලාම් යනු අන් සියල්ලන් හැර අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම, ඔහුගේ අණපනත්වලට කීකරු වීම, ඔහු විසින් තහනම් කරන ලද දෙයින් වැළැකී සිටීමය. ඔහු මග පෙන්වූ සීමාවන් තුළ ජීවත් වීම, සිදුවුන දේ, සිදුවීමට ඇති දේ සහ ඔහු පැවසූ සෑම දෙයක්ම විශ්වාස කිරීම සහ සියලු පිළිම, රූප සහ විවිධ දේව මෝස්තර ප්‍රතික්ෂේප කිරීම වේ.
සියළු කීර්ති හිමි අල්ලාහ් මෙසේ ද පවසයි:
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.
සූරත් අස්සාෆ්ෆාත් (180)
දෙවිඳුන් අල්ලාහ්, පිළිම තුළ දෙවියන්ගේ අවතාරය පවතින බවට හින්දු භක්තිකයින් විශ්වාස කරන සංකල්පයෙන් මිදී සිටින්නේය.
තවද සියලුම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
සූරත් අස්සාෆ්ෆාත් (181)
තම දෙවියන්ව මිනිසුන්ට දැනුවත් කර දෙන සහ සෑම දෝෂයකින්ම ඔහුව ආරක්ෂා කරන (අල්ලාහ්ගේ) පණිවිඩකරුවන්ට ශාන්තිය අත්වේවා.
17- සෑම හින්දු භක්තිකයෙකුම ඉස්ලාම් ආගම වෙතට හැරිය යුත්තේ ඇයි?
ඉස්ලාම් යනු සර්ව බලධාරී අල්ලාහ් විසින් සිය ගැත්තන් සඳහා පිළිගෙන ඇති ආගම වේ. එය දිව්‍ය නීතිය වන අතර එය හැර අල්ලාහ් විසින් වෙනත් දහමක් පිළිගන්නේ නැත. ඊට අමතරව, හින්දු ග්‍රන්ථවල, නබිවරුන් පිළිබඳ අනාවැකි දක්නට ලැබේ. තවද එහි පිළිගත හැකි ආකාරයට, ඉස්ලාම් දහම සහ ඉස්ලාමයේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආගමනය පිළිබඳ බොහෝ සුභ ආරංචි සඳහන් වී ඇත. එබැවින් හින්දු භක්තිකයා ඉස්ලාමය වැලඳ ගැනීම සහ ඒ සඳහා පසුබට නොවීම, කියාමත් දිනය හෙවත් නැවත නැඟිටීමේ දිනයේදී දෙවියන්ගෙන් ගැලැවීම ලබා ගැනීමට ඇති එකම මාර්ගය වේ.
ඉස්ලාම් ආගම ගැන හින්දු ශුද්ධ ග්‍රන්ථවල සඳහන්වී ඇති සුභ ආරංචි කිහිපයක් ගැන මම සඳහන් කරන්නම්.
නමුත් හින්දුන්ගේ පොත් වල සඳහන් ශුභාරංචි තුල ප්‍රවිශ්ඨ වීමට පෙර, හින්දුන්ගේ නීති සම්පාදනයේ පවතින තත්වය සහ හින්දු භක්තිකයා තමාව පවිත්‍ර කර ගැනීම සඳහා ඔහුගේ ශරීරයට පීඩනයක් ගෙන දෙන ආකාරය ගැන සිහිපත් කිරීමට කැමැති වෙමි.
හින්දූ භක්තිකයින් විසින් අස්වාභාවික චාරිත්‍ර අනුගමනය කරන ආකාරය.
තවද මෙම තත්වය ආගම් ලත් මිනිසුන්ගෙන් දුරස් (වෙනස්) නොවේ. මන්ද ආගමේ මිනිසුන්ට, විශේෂයෙන් යුදෙව්වන්ට ද පාරිශුද්ධත්වය සම්බන්ධයෙන් බොහෝ තහංචි, ආහාරවල දැඩි සීමා කිරීම් සහ ඔවුන් මත පනවා ඇති ව්‍යවස්ථාදායක තීන්දු හා සම්බන්ධ තහංචි තිබුණි. එසේ තහංචි දමන ලද්දේ ඔවුන් විසින් සිදු කළ අසාධාරණ. පීඩනය සහ දූෂණය හේතුවෙන්ය.
උත්තරීතර අල්ලාහ් උතුම්වූ අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත:
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් අවහිර කළ බැවිනි.
සූරා අන් නිසා 6: වාක්‍ය160
යුදෙව් කාන්තාවන් සඳහා තව්රාත් දහමේ ලෙවී කතාවේ සඳහන් ඔසප් වීම පිළිබඳ තීන්දුව කියවීම ඔබට ප්‍රමාණවත් වේ. ටෝරා මෙසේ පවසයි.
තවද ඇගේ ඔසප් කාලය තුළ ඇය වැතිර සිටින සෑම ස්ථානයක්ම අපිරිසිදු ය, ඇය වාඩි වී සිටින සියලු තැන් අපිරිසිදු ය. යමෙක් ඇගේ යහනට අත තැබු විට ඔහු විසින් තම වස්ත්‍ර සෝදාගෙන, වතුරෙන් ස්නානය කර, සවස් වන තුරු අපවිත්‍ර තත්වයට පත් වෙයි. යමෙක් ඇය වාඩි වී සිටින ඕනෑම දෙයකට අත තැබුවද ඔහු තම වස්ත්‍ර සෝදාගෙන ජලස්නානය කර සවස් වන තුරු අපවිත්‍ර තත්වයේ සිටිය යුතුය. කෙනෙකු ඇය වැතිර සිටින යහන හෝ ඇය වාඩි වී සිටින යම් දෙයක් ස්පර්ශ කළ විට, ඔහු සවස් වන තුරු අපවිත්‍ර වනු ඇත. යමෙක් ඇය සමඟ වැතිර සිටින විට, ඇගේ අපිරිසිදුකම ඔහු මත තිබේ නම්, ඔහු සත් දවසක් අපවිත්‍ර තත්වයට පත් වෙයි. ඔහු වැතිර සිටින සෑම යහනක්ම අපවිත්‍ර තත්වයට පත් වෙයි. [61]
[61] ලෙවීගේ කථා පොත, 15 පරිච්ඡේදය, 20-24
මෙම දරුණු තීන්දු වලට හේතු සාධක වූයේ ඊශ්රායෙල් දරුවන්ගේ දැඩි ගතිගුණ සහ ඔවුන්ගේ සිත්වල පවතින දැඩි සිතිවිලි වේ.
තවද දෙවියන් ඔවුන්ට ටෝරා දේව ග්‍රන්ථයේම පවසා ඇත්තේ, මෙම සියලු තහංචි ඔවුන්ගෙන් ඉවත් කරන අනාගත වක්තෘවරයෙකු එවන බවයි.
යාකොබ් නබිතුමාගේ මරණ අවස්ථාවේදී, තව්රාතය අපට පවසන්නේ එතුමා තම පුතුන් දොළොස් දෙනා එක්රැස් කර ඔවුන්ට උපදෙස් දීමට පටන් ගත් බවයි. යාකොබ්ගේ සුප්‍රසිද්ධ ආඥාවෙහි, තව්රාතය මෙසේ පවසයි.
එවිට යාකොබ් තම පුතුන් කැඳවා, අන්තිම දිනවල ඔබලාට සිදු වන දේ ගැන මට කියන්නට රැස් වන්න. යාකොබ්ගේ පුත්‍රයිනි! එකතු වී සවන් දෙන්න, ඔබේ ඊශ්රායෙල් පියා වූ ඔහුට සවන් දෙන්න.
******
ඉන්පසු ඔහු ජුදාට මෙසේ කීවේය. ජුදා අනාගත වක්තෘවරුන්ගේ සීයා ය. දාවිත්, සලමොන් සහ ජේසු තුමාණන්, ඔවුන් සියල්ලන්ටම ආශීර්වාද හා සාමය ලැබේවා. ඔහුට මෙසේ පැවැසීය. ෂිලෝ පැමිණෙන තුරු යෂ්ටිය ජුදාගෙන් ඉවත් නොවේ, නීති සම්පාදනය ඔහුගෙන් ගිලී නොයනු ඇත. තවද, ජනයාගේ කීකරුකම ඔහු කෙරෙහි ඇති වේ. [62]
[62] උත්පත්ති පොත, පරිච්ඡේදය: 49, පද: 1-2 සහ 10 දක්වා.
මෙම පාඨය, ආගම් ග්‍රන්ථ අදහන ජනයා අතර මතභේදයකින් තොරව, විශිෂ්ට හා ඉතා වැදගත් ශුභාරංචියක් ලෙස පිළි ගනු ලැබේ.
අනාගතයේදී පැමිණීමට නියමිත පුද්ගලයෙකු පිළිබඳ ශුභාරංචියක් වන අතර ඔහුට වක්තෘභාවය සම්ප්‍රේෂණ වන අතර විනිශ්චය සහ නීති සම්පාදනයද ඔහුට සම්ප්‍රේෂණය වේ.
සැරයටිය යූදා වෙතින් ඉවත්ව යනු ඇත: සැරයටිය යනු විනිශ්චයේ යෂ්ටියයි, එයින් අදහස් කරන්නේ පාලක අනාගත වක්තෘවරුන් යූදාගේ පරම්පරාවේ සිටින බවයි.
ෂීලෝ පැමිණෙන තුරු (ඔහුගේ පැමිණීමෙන් පසු), ජනයාගේ කීකරුකම ඔහු කෙරෙහි ඇති වේ. එබැවින්, යාකොබ් (ඔහුට සාමය ලැබේවා!) විසින් අනාවැකි පළ කළ ශීලෝ කවුද සහ මිනිසුන් යටත් වන්නේ කාටද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, ඊශ්රායෙල් දරුවන්ගේ අවසාන අනාගතවක්තෘ ක්‍රිස්තුස් වහන්සේ බව, (ඔහුට සාමය ඇති වේවා), ඔහු ජුදාගෙන් පැවත එන්නෙකු බව අප දැනගත යුතුය.
පසුව හදිසියේම ඊශ්රායෙල් දරුවන් අතර අනාගත වක්තෘවරුන් පහළවීමේ ක්‍රම වේදය තුල හදිසි නැවතුමක් ඇති විය!
යාකූබ් (අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය ඇති වේවා,) තුමාට ලැබුණු නබිත්වයට අනුව, විනිශ්චය, අනාවැකි සහ නීති ජුදාවරුන්ගෙන් පිටත වෙනත් පුද්ගලයෙකුට මාරු කිරීම ඊශ්රායෙල් දරුවන්ට පණිවිඩය නැවැත්වීමෙන් පසුව සිදු වූ බව උපකල්පනය කිරීමට හැක, එසේ නොවේද?
මෙම පුද්ගලයා ක්‍රිස්තුස් වහන්සේ නොවන බව පැහැදිලිය, කුමක් නිසාද යත් ක්‍රිස්තුස් වහන්සේ ජුදාගෙන් පැවත එන්නෙක් වූ බැවිනි!
තවද, යාකොබ්ගේ අනාවැකියට අනුව මෙම පුද්ගලයා තම ජාතිය සඳහා යූදා දේශයම ලබා ගනු ඇත. “ෂිලෝ පැමිණෙන තුරු යෂ්ටිය යූදාගෙන් ඉවත් නොවන්නේය. නීති සම්පාදකයෙකු ඔහුගේ පාලනයෙන් ඉවත් වී නොයන අතර ඔහුට යටත් වනු ඇත. ඊළඟ අනාගත වක්තෘ වශයෙන් මේ දේශයේ සෙනඟ ඔහුව පිළිගනු ඇත. පලස්තීන ජනයාද එසේ කරනු ඇත. ඔහුගේ ජාතියට ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයන් යටත් වනු ඇත!
උමර් බින් අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) එතුමාගේ කිලාෆත් පාලන සමයේදී, යුදෙව් දේශ අත්පත් කර ගත් අතර සිරියා, ඉරාකය සහ පර්සියාවේ ජනයා ඉස්ලාම් ආගම වැළඳ ගත්හ.
මෙය තව දුරටත් සොයා බැලීමට හෝ වෙනසක් කිරීමට අවශ්‍ය නොවන සත්‍යයකි!
එබැවින් ඉතිහාසය අපට පවසන්නේ යාකොබ් තම පුත්‍රයන්ට දුන් අනාවැකිය සැබෑ වී ඇති බවත්, එය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට හැර වෙනත් අනාගත වක්තෘවරයෙකුට අදාළ නොවූ බවත්, එය (වක්තෘභාවය) එතුමාගේ (අරාබි) ජාතිය හැරුනු විට වෙනත් ජාතියක් අතර සිදු නොවන බවත්ය.
නමුත් "ෂිලෝන්" යන වචනයේ තේරුම කුමක්ද?
ෂිලොන් යනු: විවේකය දෙන්නා: පැරණි ගිවිසුමේ විශේෂිත වූ බොහෝ බයිබල් අධ්‍යයන අඩවි මගින් ලබා ගත හැකි අර්ථය මෙයයි.[63]
[63] https://www.christiancourier.com/articles/1101-who-is-the-mysterious-shiloh Rest-giver or peace-bringer. http://www.abideinchrist.com/messages/gen49v8.html Shiloh is the man of rest, the giver of rest or rest-bringer.
එබැවින් යාකොබ්, (එතුමාට සාමය වේවා,) ඔවුන් මත තිබූ විලංගු සහ සීමාවන් ඉවත් කරන පුද්ගලයා පිළිබඳ ශුභාරංචිය ඔවුන්ට ලබා දෙයි.
දැන් උත්තරීතරවූ අල්ලාහ්ගේ ප්‍රකාශය වෙත යොමු වෙමු.
“ඔවුහු වනාහි ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, අයහපත් දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් (ලිවීමට කියවීමට නොහැකි) නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති..."
වැකිය 157 අල් අඃරාෆ් පරිච්ඡේදය
ඔවුන් මත පැටවී ඇති බරින් සහ ඔවුන් මත තිබූ විලංගුවලින් ඔවුන් නිදහස් කරයි: ඉස්ලාමයේ පහසු සහ ඉවසිලිවන්ත ෂරියා නීතිය පැමිණියේ එම සියලු විලංගු සහ සීමාවන් ඉවත් කරමිනි.
දැන් අපි හින්දු ග්‍රන්ථ වෙත හැරෙමු.[64’]
[64] හින්දු ආගමේ ශුභාරංචියට ප්‍රවේශ වීමට පෙර, යාකූබ් (අලයිහිස් සලාම්) තුමා එතුමාගේ පුතුන්ට දුන් ශුභාරංචිය ගැන විස්තර කළෙමි. කුමක් නිසාද යත් එය ඉස්ලාමයෙන් පිටත සිට ලැබෙන ඉස්ලාමයේ වලංගුභාවය පිළිබඳ ස්වාධීන සාක්ෂියක් වන බැවිනි.
හින්දු ආගම, මා සඳහන් කළ පරිදි, පාපයෙන් තමාව පිරිසිඳු කර ගැනීම සඳහා සියලු ආශාවන් (තෘෂ්ණාව) දවා දුරු කරන දුෂ්කර චාරිත්‍ර වලින් පිරී පවතින එකකි. හින්දු භක්තිකයන්ගේ ග්‍රන්ථ පැමිණ ඇත්තේ ඔවුන්ව සිය බරින් නිදහස් කර ඔවුන්ගේ පාපයෙන් ඔවුන්ව පවිත්‍ර කරන ශ්‍රේෂ්ඨ අනාගත වක්තෘවරයෙකු පිළිබඳ ප්‍රකාශ කිරීමටය. හින්දු ග්‍රන්ථවල මෙසේ සඳහන් වේ: "කල්කි උපත ලබන්නේ චන්ද්‍ර වර්ෂ මඩු මාසයේ දොළොස් වැන්නේය."[65] [65] කල්කි පුරානය, Adhyay:2, Sloka:15. කල්කි යනු: "පව් පවිත්‍ර කරන්නා." යන්නයි.
මඩු මාසය: එය ආත්මයන්ට ආදරය, කරුණාව ගෙන දෙන (අර් රබීඋ) වසන්ත මාසයයි.
ඔවුන්ගේ පාපයෙන් ඔවුන්ව පවිත්‍ර කරන මීළඟ අනාගත වක්තෘවරයා වසන්ත හෙවත් අල් රබීඋ මාසයේ දොළොස්වන දින උපත ලබයි.
බහුතර මුස්ලිම් විද්වතුන් විසින් දැනුම් දෙන පරිදි මුහම්මද් නබි තුමාණෝ උපත ලැබුවේ රබී අල්-අව්වල් මාසයේ දොළොස්වෙනිදාය.[66] 66] සහීහ් නබිතුමාගේ චරිතාපදානය, මුහම්මද් බින් නසාර් අල්-අල්බානි, පිටුව. 13, කෘතියෙන් උපුටා ගන්නා ලදී: හින්දුවරුන් ඉස්ලාමයට කැඳවීම, ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කළේ: ආචාර්ය ඉබ්‍රාහිම් අබ්දුල් ගෆූර්, පිටුව. 198. එතුමා (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) ගේ උපන් ස්ථානය ගැන, පූජනීය හින්දු පොත්වල මෙසේ සඳහන් වී ඇත: “කල්කි උපත ලැබුවේ ෂම්බාල් ගම්මානයේ, ෂෙන්වියාෂ් නම් මිනිසෙකුගේ නිවසේ ය. (එම අවස්ථාවේදී) එම නිවසට වේල්ලක් බදින විටදීය .”[67]
[67] කල්කි පුරානය, Adhyay:2, Sloka:4.
ෂම්බාල් ගම්මානය සම්බන්ධයෙන් ගත් කල, එහි තේරුම: ආරක්ෂිත පුරවරය (බලද් අල් ආමින්) යන්නයි. ආරක්ෂිත පුරවරය (බලද් අල් ආමින්) යනු මක්කා පුරවරයයි. “මාගේ පරමාධිපතියාණෙනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව!" යැයි ඉබ්රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
වැකිය 117අල් බකරා පරිච්ඡේදය
නබිතුමා (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!) උපත ලැබුවේ මක්කාවේදීය.
"ෂෙනුයාෂ් නම් මිනිසෙකුගේ නිවසේ", යන කියමන සම්බන්ධයෙන් ගත් කල: "ෂෙනුයාෂ්" යන වචනයේ තේරුම: අබ්දුල්ලා යන්නයි.
මෙම අනාගතවක්තෘවරයාගේ මව ගැන පවසන්නේ නම් , ඇයගේ නම සුමති ය: "කල්කි උපත ලබන්නේ ෂෙනුයාෂ් සහ ඔහුගේ බිරිඳ සුමතිගේ නිවසේය."[68] [68] කල්කි පුරානය, Adhyay:2, Sloka:11. සූමති යනු ආරක්ෂිත - අල් අම්න්, ආමිනා යනු අල් අම්න් ශබ්දයෙන් බිඳී ආ වචනයකි.
මුහම්මද් බින් අබ්දුල්ලා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මෑණියන්ගේ නම ආමිනා තුමිය බව අප දන්නා කරුණකි. හින්දු ආගමට අනුව, කල්කි ඔහුගේ ගම වන ෂම්බල් හැර ගොස් සාතන්ට එරෙහිව සටන් කර අන්ධකාරය, දූෂණය සහ කෲරත්වය තුරන් කරනු ඇත, පසුව ඔහුගේ අවසාන දිනවලදී එම ස්ථානය වෙත ආපසු පැමිණෙන අතර, පසුව අල්ලාහ් දෙවියන් විසින් ඔහුව අහස් තලයට ඔසවා තබනු ඇත. සෑම මුස්ලිම්වරයෙක්ම මේ කාරණය ගැන දනිති. මුහම්මද් බින් අබ්දුල්ලාහ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මක්කම අතහැර මදීනාවට ගොස් ජනතාව අතර ඒකදේවවාදය පතුරුවා හැර, එතුමාගේ මරණයට වසර කිහිපයකට පෙර ජයග්‍රාහකයෙකු ලෙස මක්කම වෙත ආපසු ගියහ.
මෙම අනාගතවක්තෘවරයාට හින්දු ආගම විසින් අප එකඟ නොවන ආකාරයේ ගුණ ලක්ෂණ එකතු කර ඇත. එනම් කල්කි ඔවුන්ට අනුව දෙවියන්ගේ අවතාරයක් බවත් - ඔවුන්ගේ සුපුරුදු විශ්වාසයට අනුව - සර්ව බලධාරී දෙවියන් ඊට ඉහළින් වැඩම සිටින බවත්ය. අපි මීට පෙර මේ සම්බන්ධයෙන් එනම් වේද පොත්වල සදහන් වැරදි විස්තර ගැන සඳහන් කළෙමු.
අල්ලාහ් දෙවියන් ඔහුගේ මැවිලි තුළ ආරෑඩ වන්නේ නැත. තවද ඔහු අහස හෝ පොළොව තුල ඇතුලත් වන්නේද නැත. නමුත් මේ අනාගතවක්තෘවරයා (නබිතුමා) ගැන ඔවුන්ගේ පොත්වල මට දකින්නට ලැබුණු එක් කරුණක් නම්, එතුමා සුදු අශ්වයෙකු පිට නැඟ ගමන් කිරීමයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අල්-මුර්තාජිස් නම් සුදු අශ්වයෙක් සිටියේය.[69] [69] අල් හාකිම් මේ ගැන අල් මුස්තද්‍රක් ග්‍රන්ථයෙහි විස්තර කර මෙසේ පැවසීය: මෙම හදීසයේ ඉස්නාදය සත්‍ය එකක් ලෙසය.
හින්දු ප්‍රතිමා වල අනාගත වක්තෘවරයා වන කල්කි සුදු අශ්වයෙකු පිට නැගී කඩුවක් උරහිසට උඩින් ඔසවා සිටින අයුරු නිරූපනය වන අතර මා විසින් දැක ඇති කල්කිගේ සියලුම හින්දු රූප සහ ප්‍රතිමා තුලින් අනාගත වක්තෘවරයාව නිරූපනය කරයි.
මෙතුමා රණශූර අනාගතවක්තෘවරයෙකි. මෙය මුහම්මද් බින් අබ්දුල්ලාහ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ලක්ෂණයයි. ඔහු කඩුව උපයෝගී කර ගත් අතර අල්ලාහ්ගේ සතුරන් සමඟ සටන් කළේය.
(හින්දුවරුන්ගේ) ඔවුන්ගේ පොත්වල සඳහන් කර ඇති පරිදි, අනාගත නබිතුමාගේ තවත් ලක්ෂණයක් නම්, ඔහු නොපෙනෙන දේ ගැන දැනුම් දෙනු ඇත. ඔහුගේ ජනතාවගේ වංශාධිපතියෙකු වීම, අඩුවෙන් කතා කිරීම, ත්‍යාගශීලී වීම, සිය ක්‍රියාවන් ශක්තිමත් සිරුරක් සහිත සහ කෘතඥතාවය දැක්වීම යනාදියයි.
නමුත් ඔහුගේ එක් සුවිශේෂී ලක්ෂණයක් නම්: "කල්කි ඔහුගේ සගයන් (සහාබාවරුන්) හතර දෙනෙකුගේ උපකාරයෙන් සාතන්ව විනාශ කිරීමයි."[70]
[70] කල්කි පුරානය, Adhyay:2, Sloka:5.
සෑම මුස්ලිම්වරයෙකුටම (ඉහත, සහාබාවරුන් හතර දෙනෙකුගේ උපකාරයෙන් යන) පාඨය කියවන විට, අබු බකර් අල්-සිද්දික්, (රළියල්ලාහු අන්හු) ඔමාර් බින් අල්-ඛතාබ්,(රළියල්ලාහු අන්හු) ඔත්මාන් බින් අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) සහ අලි බින් අබි තාලිබ් (රළියල්ලාහු අන්හු) යන නබි තුමාගේ සගයන් හැර වෙන කිසිවෙකු මතකයට නැගෙන්නේ නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සමීපතම සගයන් වන මොවුන් හතර දෙනා එතුමාගේ (ඉස්ලාමීය) ආරාධනය ආරම්භයේ සිටම පිළිගෙන එතුමාට සහයෝගය දැක්වූ අය වන අතර ඔහුගෙන් පසු අරාබි රාජ්‍යයේ එතුමාගේ අනුප්‍රාප්තිකයෝ වූහ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට, ඔහුට සමීපව සිටි ඉතා කීර්තිමත් මිතුරන් හතර දෙනෙකු සිටි අතර එතුමාගේ කැඳවීමේදී එතුමාට සැබවින්ම සහාය වූහ.
එතුමාගේ මරණයෙන් පසු අරාබි රාජ්‍යයේ එතුමාගේ අනුප්‍රාප්තිකයෝ වශයෙන් පිළිවෙලින් පාළනය කළහ.
1-අබු බකර් අල්-සිද්දික්,(රළියල්ලාහු අන්හු)
2-උමර් බින් අල්-හඃත්තාබ්,(රළියල්ලාහු අන්හු)
3-උස්න්මාන් බින් අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු)
4- අලි බින් අබි තාලිබ් (රළියල්ලාහු අන්හු) අලි බින් අබි තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ ඝාතනයත් සමග, නිවැරැදිව මඟ පෙන්වූ කලීෆා වරුන්ගේ යුගය අවසන් විය. කල්කිගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔහුගේ යුද්ධවලදී ඔහුට උපකාර කිරීම සඳහා දේවදූතයන් අහසේ සිට පහළට බැසීමයි.[71]
[71] කල්කි පුරානය, Adhyay:2, Sloka:7.
මෙය නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ යුගයේ ඉස්ලාමීය ජිහාද් ක්‍රමයෙහි දක්ණට ලැබුණු ලක්ෂණයකි. එතුමාගේ සටන් වලදී දේවදූතයන් අහසින් බැස ආවේය. මේ ගැන සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි.
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය.
අල් අන්ෆාල් පරිච්ඡේදය වදන 09
හින්දු පොත්වලට අනුව, කල්කි, මහා රජු "පරසු රාම්" ගෙන් ඉගෙන ගැනීමට කන්දක් උඩට ගොස්, පසුව උතුරු දෙසට ගොස්, දෙවියන් වහන්සේ ඔහුව අහස වෙත ඔසවා තැබීමට පෙර ඔහුගේ ගමට ආපසු යනු ඇත. [72]
[72] කල්කි පුරානය, Adhyaya:3, Sloka:1-5.
හින්දු භක්තිකයන්ට අනුව, පරසු රාම් යනු: නොඇදහිලිවන්තයන්ට වධ හිංසා පමුණුවන ශ්‍රේෂ්ඨ රජෙකු වේ. මුස්ලිම්වරුන්ට අනුව ඔහු ජිබ්රීල් දේවදූතයාය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තුමාණන්, සත්‍ය වශයෙන්ම හීරා කන්දට ගියේය. ජිබ්රීල්, (අලයිහිස් සලාම්) එම ස්ථානයට පැමිණියේය. එවිට නබි තුමාණන් උතුරු දෙසට ගමන් කළේය. එනම් මදීනාවට සංක්‍රමණය විය. පසුව ඔහුගේ මරණයට වසර කිහිපයකට පෙර මක්කම ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ආපසු මක්කා පුරවරයට පැමිණියේය.
හින්දු පොත්වල අනුව කල්කි යනු පණිවිඩකරුවන්ගෙන් අවසාන පණිවිඩකරු වනු ඇත.[73’]
[73] භගවත් පුරානය, ඉස්කන්ද්: 1, අද්හියාය: 3, ස්ලෝක: 25. මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, අනාගතවක්තෘවරුන්ගෙන් සහ පණිවිඩකරුවන්ගෙන් අවසාන තැනැත්තා බව අපි දන්නා කරුණකි. “මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානයාය) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥ විය.” වැකිය 40 අල් අහ්සාබ් පරිච්ඡේදය
පැමිණීමට නියමිත අනාගතවක්තෘවරයාගේ විස්තර ගැන හින්දු පොත්වල සඳහන් වී තිබෙන්නේ "නරාශන්ස්" හෙවත් බොහෝ ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයා ලෙසය. එබැවින් "නරාශන්ස්" යනු බොහෝ ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයාය. ප්‍රශංසාවට ලක් වූ පුද්ගලයා අරාබි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ මුහම්මද් හෝ අහ්මද් යනුවෙනි.
නම් දෙකම අල්ලාහ්ගේ දූතයාණන්ට අදාල නම් වේ. එනම් එතුමාණන්: මුහම්මද් සහ අහමද් ය.
නරාශන්ස්ගේ ලක්ෂණ අතර: “ඔහුගේ රථය ඔටු කරත්තයකි, ඔහුට භාර්යාවන් දොළොස් දෙනෙක් සිටී. ඔහු තම රථයෙන් අහස ස්පර්ශ කර පසුව බැස යයි.”[74]
[74] අතර් වේද, කාන්ඩ:20, මන්ත්‍ර:2.
මෙම ගුණාංග මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට හැර අන් කිසිවෙකුට අදාළ නොවේ.
එතුමාගේ, එනම් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔටුවන් පිට ගමන් කිරීම සම්බන්ධයෙන් ගත් කල, මේ ගැන අපි කවුරුත් දන්නා කරුණකි. තවද මෙහි වැදගත් ඇඟවීමක් දක්නට ලැබේ. එනම් හදීස් ග්‍රන්ථවල එතුමා අවසාන පණිවිඩකරුවා යනුවෙන් සඳහන් වී තිබියදීත් ඒ ගැන හින්දු පොත්වල සඳහන් වී තිබීමයි.
[75] හින්දුවරුන් ඉස්ලාමය වෙතට කැඳවීම, ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කළේ: ආචාර්ය ඉබ්‍රාහීම් අබ්දුල් ගෆූර්, පි. 215
මෙසේ පැමිණෙන අනාගතවක්තෘවරයා හින්දු භ්‍රාහ්මණයන්ගෙන් පිටතින් පැමිණෙන කෙනෙකි. කුමක් නිසාද යත් හින්දු භ්‍රාහ්මණයන් විසින් ඔටුවන් භාවිතය තහනම් කරන බැවිනි. එතුමාට භාර්යාවන් දොළොස් දෙනෙකු සිටි බව මුහම්මද් නබිතුමාගේ චරිතාපදානයෙන් දැන ගැනීමට හැක. එතුමා තම අශ්ව රථයෙන් අහස වෙත ගමන් කර පසුව බැස යන කාරණය සම්බන්ධයෙන් ගත් කල, මෙය ඉස්රා සහ මිරාජ් යන ගමනේ සිද්ධිය ගැන හුවා දක්වයි. සෑම මුස්ලිම්වරයෙකුම නබි තුමාණන්ගේ ජීවිතයේ සිදුවුන සිදුවීමක් ලෙස විශ්වාස කරති.
එම පරිච්ඡේදයේම, හින්දු භක්තිකයන්ගේ පූජනීය ග්‍රන්ථවල නරාෂන්ස්‌ගේ (හිජිරත් හෙවත්) සංක්‍රමණ වූ ගමන ගැන කථා කරන අතර ඔහුව හොඳින් ප්‍රශංසා කරමින් මෙසේ පවසති: “ජනයනි! නරාශන්ස්ට ගරු කරන්න. මම එම සංක්රමණිකයාට ආරක්ෂා සලස්වන අතර ඔහුට සුරක්ෂිතභාවය ලබා දෙමි.”[76’]
[76] අතර් වේද, කාන්ඩ:20, සූකෙත්:127, මන්ත්‍ර:1.
එම (හිජ්රත් හෙවත්) සංක්රමණ පිළිබඳ අනාවැකියම මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ චරිතාපදානයේ සඳහන්වී තිබීම විශිෂ්ටතම සිදුවීමකි. එනම් මිනිසුන් අතර ආරක්ෂාව සහ ඒකදේවවාදය පතුරුවා හැරීම උදෙසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් මක්කා නගරයේ සිට මදීනා නගරය දක්වා සංක්රමණයවීම හෙවත් හිජ්රත් ගමනේ යෙදීමයි. පහත මන්ත්‍රා ග්‍රන්ථයේ එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජිහාද් ගැන කතා කරයි. එය මෙසේ පවසයි. "දෙවියන් වහන්සේව මහිමයට පත් කරන ජනයා සමඟ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන තැනැත්තා එම ජනයා විශ්වාස කරවීම සඳහා යුද්ධයට පිටත්ව යයි."[77] [77] අතර් වේද , කාන්ඩ:20, සූකෙත්:127, මන්ත්‍ර:5. ඔහු දෙවියන්ගේ මාර්ගයේ කරන ජිහාදය තුළින් මිනිසුන් අතර ආරක්ෂාව පතුරුවන අනාගතවක්තෘවරයෙකි. ඔවුන්ගේ (හින්දු) ග්‍රන්ථවල ඉස්ලාම් ගැන, ඉස්ලාමයේ නබිතුමා ගැන, එතුමාගේ චරිතාපදානය ගැන, එතුමාගේ දේශන ගැන සහ මක්කම පිළිබඳ පාඨ බොහෝ දක්නට ඇත.
සමහර හින්දු භක්තිකයන් මෙසේ සඳහන් වී ඇති පාඨවලින් සමහරක් සමඟ එකඟ විය නොහැකි අතර, ඔවුන් (එසේ සඳහන් වී ඇති සුභාරංචි) ඒවා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් (සම්බන්ධයෙන් බව) සඳහනක් කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය. ඉහත සඳහන් කරුණු හින්දු භක්තිකයෙකුට සත්‍යය සෙවීමේදී අපහසුතාවයට (කරදරයට) පත් නොවිය යුතු කාරණා වේ. මන්ද මෙම සතුටුදායක ආරංචි මූලික වශයෙන් (හින්දු භක්තිකයින් වෙත) යොමු කිරීම සඳහා පමණක් බව සළකන්න. එබැවින් එහි ශුභාරංචි ගැන බහුලව සහ විවිධ ලෙස සඳහන්ව තිබියදීත්, මම ඒ ගැන වැඩි වශයෙන් විස්තර කිරීමට අපේක්ෂා නොකරමි. කුමක් නිසාද යත්, ඉස්ලාමයේ වලංගු භාවය පිළිබඳ ශ්‍රේෂ්ටතම සාක්ෂිය වන්නේ ඉස්ලාමයේම පණිවිඩයයි. තවද, ඒකදේවවාදය වෙත කැඳවීම සහ ස්වභාව ධර්මය තුලින් ලැබී ඇති සහජ බද්ධිය තුලින් කැඳවීමයි. මේ හැරුණු විට, මිනිසාගේ අරමුණ සහ ඉරණම ගැන දැනගැනීමේ මානව අවශ්‍යතාව සම්පූර් ණයෙන් සපුරාලීමට මිහිපිට ඇති සෑම දහමක්ම හිස්ව ඇති බව පෙනෙන්නට ඇත.
ව්‍යාකූල මිථ්‍යාදෘෂ්ටිකවාදය, බහුදේවවාදය සහ අදේවවාදය හැර අන් කිසිවක් මිහිමත ඉතිරිව නොතිබෙන අතර ඉස්ලාමයේ පිරිසිදු ඒකදේවවාදය සහ අල්ලාහ්ගේ අති ශුද්ධවන්තභාවයෙන් කිසිවක් ඉතිරි නොවීය.
(නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. (1)
අල්ලාහ් ස්වාධීනය. (2)
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3)
තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (4)
සූරා අල් ඉක්ලාස් (චිත්ත පාරිශුද්ධිය)
ඉස්ලාමය යනු කුමක්ද?
පිළිතුර: ඉස්ලාම් යනු: සර්වබලධාරී අල්ලාහ්ට යටත් පහත් වීම, කීකරු වීම සහ ඔහුගේ අණ පිළිපැදීම වේ.
උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි.
“යහපත් දෑ කරන්නෙකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්‍රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් වඩා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු බවට ගත්තේය.”
පරිච්ඡේදය අන්නිසා : වදන 125
ඔහු තම මුහුණ අල්ලාහ් වෙත භාර කිරීම යන්නෙහි තේරුම: එනම්, ඔහු අල්ලාහ්ට යටත් වී, ඔහුට කීකරු වීමයි, මහෝත්තමයාණන් වූ අල්ලාහ්ට මහිමය වේවා, ඔහුව විශුද්ධ කිරීමයි. මෙසේ කිරීම ධාර්මික වශයෙන් යහපත් වූ මිනිසකුගේ තත්වයයි.
තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වනු.
අල් කුර්ආන් පරිච්ඡේදය - අල් හජ්: වදන 34
"ඔවුන් අල්ලාහ්ට යටත් වූවා" යන්නෙහි තේරුම: ඔවුන් අල්ලාහ්ගේ පාලනයට යටත් වුහ" යන්නයි.
ඉහත සඳහන් වදන් පෙන්නුම් කරන්නේ, ඉස්ලාමයේ අරුත වනාහි සර්ව බලධාරී අල්ලාහ්ට අවනත වීම, ඔහුට යටත් වීම සහ උත්තරීතර වූ ඔහුගේ නීතිය හා ක්‍රම වේදය කෙරෙහි තෘප්තිමත් වීමෙන් සහ පිළිගැනීමෙන් එයට අනුකූල වීමයි. එබැවින් ඉස්ලාමයේ සාරය සහ එහි සත්‍යය මෙයයි.
තවද, ඉස්ලාම් යනු අල්ලාහ්ගේ විනිශ්චයට සහ ඔහුගේ නීතියට යටත් වීමයි.
ඉස්ලාම් යනු (ලෝ වැසි) සියලු මිනිසුන් සඳහා වූ අල්ලාහ්ගේ ආගමයි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි.
"නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි."
ආලු ඉම්රාන් පරිච්ඡේදය: වැකිය191
(උත්තරීතරවූ) අල්ලාහ් විසින් ඉස්ලාම් ආගම හැර වෙනත් කිසිඳු ආගමක් පිළිගන්නේ නැත. (එබැවින් ඉස්ලාම් ආගම එවැනි ආගමකි.)
“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි.”
ආලු ඉම්රාන් පරිච්ඡේදය: වැකිය 85
ඉස්ලාම් යනු අල්ලාහ් විසින් සියලු අනාගතවක්තෘවරුන් සහ පණිවිඩකරුවන් සමග එවූ ආගමයි. සියලු අනාගතවක්තෘවරුන්ගේ ආගම එකකි, එය ඉස්ලාමය වේ. සියලුම අනාගතවක්තෘවරුන් ඔවුන් විසින් ගෙන ආ නීති වෙනස් වුවද, ඔවුන් ගෙන ආවේ ඒක දේවවාදයයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත
“තවද නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මටම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.”
ශු. අල්කුර්ආන් වැකිය 22: අල් අන්බියා පරිච්ඡේදය
ඉස්ලාම් හැර වෙනත් කිසිම ආගමක් මෙම ඒකදේවවාදයේ (සංකල්පය) පැවැතුනේ නැත.
අද පොළොව මත ඇති එකම ඒකදේවවාදී ආගම ඉස්ලාම් ආගමයි. (අද ලොවේ ) වෙනත් නීති පිළිපදින සියල්ලන් අතර අඩු වැඩි වශයෙන් බහුදේවවාදයේ කොටස හෝ දක්නට ලැබේ. අනාගතවක්තෘවරුන්ගේ මරණයෙන් පසු සහ ඔවුන් ඒකදේවවාද සංකල්පය ජනතාව අතර හැර ගිය පසු, කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් බහුදේවවාදය අනුගමනය කළහ. අනාගතවක්තෘවරුන් විසින් ගෙන ආ නිර්මල ඒකදේවවාදය අද ඉස්ලාම් ආගම තුල හැර වෙන කිසිදු ආගමක් තුල නො පවතින බව පැහැදිලි වේ. එබැවින් හින්දු භක්තිකයෙකු විසින් ඉස්ලාමයේ වලංගු භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී (ඔහු විසින් බැලිය යුතු ප්‍රධානම දේ) ඉස්ලාම් ආගමේ දක්නට ලැබෙන නිර්මල ඒකදේවවාදී පණිවිඩයයි.
(මිනිසුන් අතර) ප්‍රහේලිකාවක් බවට පත් වී ඇති ප්‍රශ්නවලට ඉස්ලාම් දහමේ පිළිතුරක් තිබේද? අපි පැමිණියේ කොහි සිටද? අපි මේ ලෝකයේ සිටින්නේ ඇයි? අපි කොහේද යන්නේ?
පිළිතුර: ඉස්ලාම් මේ සියලු ප්‍රශ්න වලට අල්කුර්ආනයේ එක් වාක්‍යයකින් උත්තර ලබා දෙයි, අපගේ උත්තරීතරවූ පරමාධිපතියාණන්, ඔහුට මහිමය ඇති වේවා! මෙසේ පවසයි.
තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නොකර සිටීමට මට කුමක් වීද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය."
ශුද්ධවූ අල්කුර්ආන් වැකිය 22: යාසීන් පරිච්ඡේදය.
(ප්‍රශ්නය) ඔබ පැමිණියේ කොහෙන්ද? (පිළිතුර) අල්ලාහ් මාව මැව්වේය. (ඔහු මාව නිර්මාණය කළේය).
(ප්‍රශ්නය) මම කොහෙද යන්නේ? (පිළිතුර) මම (මෙලොවේදී සිදු කළ) ක්‍රියාවන් ගැන වග කියන්නට අල්ලාහ් හමුවට යන්නෙමි. (ඔබ සියලු දෙනාම ඔහු වෙත ආපසු යවනු ලැබේ).
(ප්‍රශ්නය) ඔබ මේ ලෝකයට පැමිණියේ ඇයි? (පිළිතුර) අල්ලාහ්ට නමස්කාර කිරීම සඳහා සහ (අල්ලාහ් විසින් මා) පරීක්ෂා කරනු ලැබීමට.
මම අල්ලාහ්ට නමස්කාර කරන්නේ ඇයි? (පිළිතුර) මා මැවූ දෙවියන්ට මා නමස්කාර කිරීම ස්වභාවයෙන්ම සිදුවෙන කරුණකි. මන්ද ගැත්තා සහ ඔහුගේ ස්වාමියා අතර ඇති සම්බන්ධතාවයේ ස්වභාවය මෙයයි. එනම් ගැත්තා ඔහුගේ ස්වාමියාට, ඔහුගේ මැවුම්කරුට නමස්කාර කිරීමයි. (තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නොකර සිටීමට මට කුමක් වීද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය.)
මිනිසුන් තුල ප්‍රහේලිකාවක් ලෙස පවතින වැදගත්ම ප්‍රශ්න තුනකට පිළිතුරු එක් පදයක් තුලින් ලබා දීම.
තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නොකර සිටීමට මට කුමක් වීද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය.
ශුද්ධවූ අල්කුර්ආන් වැකිය 22: යාසීන් පරිච්ඡේදය.
20- මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ පණිවිඩකරුවෙකු බව ඔබ දැනගත්තේ කෙසේද?
(එතුමාණන් සම්බන්ධව) ආශ්චර්යය කරුණු සඳහා සාක්ෂි බහුල වීම තුලින්, (පිළිගත හැකි) සදාචාරාත්මක ප්‍රතිපත්ති තුලින් සහ (පණිවිඩකරුවෙකු බව)සම්පූර්ණ නිශ්චිතභාවය පෙන්නුම් කිරීම තුලින්.
(දර්ශනවාදියෙකු හැටියට සැලකෙන) ඇරිස්ටෝටල් යනු ඔහුගේ කෘති එකතුව මත පදනම් වූ දාර්ශනිකයෙකි. ඔහු පැවසූ වදනක් හෝ ඔහු කළ දාර්ශනික විශ්ලේෂණයක් මත නොවේ.
හිපොක්‍රටීස් වෛද්‍යවරයකු වන්නේ ඔහුගේ සියලුම වෛද්‍ය ව්යාපෘති නිසා මිස ඔහු කළ සැත්කම් තුලින් නොවේ.
එලෙසම, මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පෙන්නුම් කරන ලද ආශ්චර්යය (සිදුවීම්) සම්බන්ධයෙන් බොහෝ සාක්ෂි තිබේ. තවද එතුමා පෙන්නුම් කළ සදාචාරාත්මක ක්‍රියාවන් සහ (සැකයකින් තොරව) පෙන්නුම් කළ සම්පූර්ණ සහතිකය එතුමා අනාගතවක්තෘවරයෙකු බව තහවුරු කරයි.
ඔබ එතුමාගේ චරිතාපදානය දෙස විමසා බැලුවහොත්,(අල්ලාහ්ගේ ශාන්තිය සහ සාමය ඔහුට ලැබේවා!) ඒ කාල වකවානුව තුල වඩාත්ම සතුරුකම් කළ මිනිසුන් සිටියදී (පවා) එතුමා අවංක විය, එතුමාගේ අවංකභාවය නිසා එතුමා (ජනයා අතර) ප්‍රසිද්ධ තත්වයට පත් විය. කිසිවෙකු එතුමාව බොරු කීම ගැන හෝ දුරාචාරය ගැන චෝදනා නොකළේය. තවද එතුමා අදෘශ්‍යමාන දේ ගැන පවසන අතර ඒවා එලෙසම සිදු විය. එතුමා මුල සිට කළ ආගමික ප්‍රකාශ එතුමාට පෙර විසූ අනාගතවක්තෘවරුන්ගේ ප්‍රකාශ සමග එකඟ විය. එබැවින් පෙර අනාගතවක්තෘවරුන් විසින් ප්‍රකාශ කළ සුභාරංචියේ සඳහන් නබිවරයා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ය, සහ හින්දුවරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථවල වසර සිය ගණනාවකට පෙර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාගතවක්තෘභාවය ගැන සඳහන් කර ඇත. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ (පිළිගත හැකි) සදාචාරාත්මක කරුණු තුලින් එතුමා අනාගත වක්තෘවරයෙකු බව සම්පූර්ණයෙන්ම නිශ්චිත වන බවයි.
එබැවින් එතුමා විසින් ගෙන ආ ශ්‍රේෂ්ඨතම වැකිය, එනම් ශුද්ධ වූ කුර්ආනය ගැන කුමක් කිව හැකිද? උත්තරීතර වූ අල්ලාහ් එම ප්‍රකාශයේ දී මිනිසුන්ට (අල් කුර්ආනය) වැනි දෙයක් හෝ එයින් සූරතයක් ඉදිරිපත් කරන ලෙස අභියෝග කළද, ඔවුන් එසේ කළේ නැත. “එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය !) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.” (යූනුස්: 38)
උත්තරීතර අල්ලාහ් ශුද්ධවූ අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත:
“අපගේ ගැත්තාට අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්යවාදීහු නම්.” 23
නමුත් නුඹලා (එසේ) නොකළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකිය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත. 24
ශු. අල්කුර්ආන් වැකිය 23-24 පරිච්ඡේදය 2 සූරා අල්-බකරා (එළදෙන)
සර්ව බලධාරි අල්ලාහ් පවසන දේ සැලකිල්ලට ගන්න.
නමුත් නුඹලා (එසේ) නොකළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකිය.
ශු. අල්කුර්ආන් වැකිය 24: 2 අල් බකරා පරිච්ඡේදය.
ඔවුන් එසේ කළේ ද නැත, එසේ කිරීමට ඔවුන්ට හැකියාවක්ද නැත. උතුම් අල් කුර්ආනය බහුදේවවාදීන්ගේ සහ කථිකත්වයේ උච්චස්ථානයට පත් මිනිසුන්ගේ වාචාලකමට සහ අභියෝගයට දිගින් දිගටම ලක් විය. මේ සියල්ලේදී ඔවුන් එයට විරුද්ධ වීමෙන් වැළකී සිටි අතර කිසිදෙයක් ඒ සමග ගැලපීමට මැලි වූහ. ආචාර්ය අබ්දුල්ලා දරාස් (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි: “මෙම අභියෝගය ඔවුන්ගේ සාහිත්‍ය උද්යෝගය අවදි කරයි" යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, බිය වූයේ නැද්ද? ඔවුන් එතුමාණන් සමඟ තරඟ කිරීමට ඉක්මන් වූ අතර ඒ සමගම ඔවුන් සියල්ලෝම ප්‍රවේශම් වූහ. සමහර අංශ වලින් එතුමාට වඩා උසස් (සාහිත්‍යමය) වචන නිපදවීමට ඔවුන්ගේ කථිකයින් පිරිසක් ගිවිසුම් කර ගතහොත් එවිට එතුමා කුමක් කරාවිද?.
එබැවින් මෙවැනි තීන්දුවක් එතුමාගේ කාලෙ මිනිස්සුන්ට නිකුත් කරන්න එතුමා තුල කැමැත්තක් තිබුණා නම් අනාගත පරපුරට එය එසේ කරන්නේ කෙසේද?
සැබැවින්ම මෙවැනි වික්‍රමතා (කෙනෙකු විසින් අත්විඳින අසාමාන්‍ය අත්දැකීමකි) එබැවින් නීතිය සහ දේව පණිවිඩය පිළිබඳ දැනුම තමන් සන්තකයේ තිබුනේ නම් හැර තමන්ගේ වටිනාකම දන්නා කෙනෙකු විසින් මෙය සිදු නොකළ යුතු වික්‍රමයක් වේ. එබැවින් ඔවුන් එය (එම අභියෝගය) ලෝකයා පිටුපස විසි කළහ. එයට විරුද්ධ වූ සෑම කෙනෙකුම ඔවුන්ගේ පැහැදිලි නොහැකියාව පෙන්නුම් කළහ. ඔවුන්ගේ අපකීර්තිමත් අසාර්ථකත්වයට යුග ගණනාවක් පුරාවට මුහුන දුන්හ."[78] [78] ද ග්‍රේට් නිව්ස්, ආචාර්ය අබ්දුල්ලා දරාස්, (රහිමහුල්ලාහ්) පිටුව 44-45දක්වා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සටන් කිරීමට හමුදාවන් එක්රැස් කිරීම සහ පක්ෂ එකතු කිරීම අල්-කුර්ආනයට විරුද්ධ වීමට සහ එහි අභියෝගය භාර ගැනීමට වඩා පහසු බව මෙම බහුදේවවාදීන් දැන ගත්හ. මෙය ඔවුන්ගේ උත්සාහයේ අවසාන උත්සාහය විය.
තවද “මෙම කුර්ආනයට සවන් නොදෙනු. (එය අවහිර කරමින්) නිෂ්ඵල දෑ සිදු කරනු. (එවිට) නුඹලා අබිබවා යා හැකිය” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. ශු. අල්කුර්ආන් වැකිය 26 අල් ෆුස්සිලත් පරිච්ඡේදය. අභියෝග කළ සියලුම අරාබිවරුන් සහ ජාතීන්, අදේවවාදීන් හෝ අන්අය සනසන්නට හෝ සහනය ලබා දෙන්නට කිසිවක් ගෙනාවේ නැත.
අල්-ආලූසි, (අල්ලාහ් ඔහුට කරුණාව දක්වනු මැනව), මෙසේ පැවසීය: "ඔවුන්ගෙන් කිසිවෙකු අද දක්වා එක වචනයක් හෝ විස්තරයක් හෝ ගුණාංගයක් ප්‍රකාශ කර නැත."
තවමත් ඉස්ලාම් දහම වැළඳ නොගත් ජුබෙයිර් බින් මුත්ඉම් මෙසේ පැවසීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, මග්රිබ් සලාතයේදී අල් කුර්ආනය පාරායනය කරන අයුරු මට ඇසුණු අතර, ඔහු මෙම වාක්‍යය කියවූ විට: එනම්.
"ඔවුහු කිසිවක් නොමැතිව ස්වභාවයෙන් ම නිර්මාණය කරනු ලැබුවෝ ද? නැත්නම් ඔවුහු (තමන්වම) නිර්මාණය කරගත්තෝ ද?" (35)
"එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නොකරති." (36)
එසේ නැතහොත් නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර ඔවුන් ළඟ තිබේ ද? එසේ නැතහොත් ඔවුන් ආධිපත්‍යය දරන්නෝද? (37)
සූරා අත් තූර් (තූර් කන්ද) වැකි 35 සිට 37 දක්වා.
ඔහු මෙසේ පැවසීය: "මගේ හදවත බොහෝ දුරට (වෙනත් ලෝකයකට) පියාසර කළා."[79]
[79] සහීහ් අල්-බුහාරි: 4854
අල්-කුර්ආනය මිනිස් සිතට සමීප වන විශ්මයජනක රහස් කරුණුවලින් සමන්විත වේ.
අබු බකර් (රලියල්ලාහු අන්හු) තුමා අල්-කුර්ආනය කියවමින් සිටින විට බහුදේවවාදීන්ගේ ස්ත්‍රීන් එයට ආකර්ෂණය වී හිත් ඇදී ගිය නිසා ඔහුගේ නිවස වටා රොක් වූ සිදුවීම ගැන මදක් කල්පනා කර බලන්න, මෙය කුරෙයිෂ් ජනයා බියට පත් කරවන තත්වයට පත් විය. [80] සහීහ් අල්-බුහාරි: 3905 එබැවින්, අල්-කුර්ආනයට සවන් නොදීමට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එය ඇසීමට ඉඩ නොදිය යුතු බවට අරාබි නියෝජිතයින් ඒකමතිකව එකඟ වූහ. මෙය ඔවුන්ට දෙව ප්‍රතික්ෂේපයේ සිටීමට ඇති එකම මාර්ගය විය.
ශුද්ධ වූ අල් කුර්ආනයේ අනන්ත අප්‍රමාණ අරුමපුදුම දේ අතර ආචාර්ය අබ්දුල්ලා දරාස්, (අල්ලාහ් එතුමාට කරුණාව දක්වනු මැනව) අල්-කුර්ආනයේ වාක්‍ය විවිධ කාලවලදී පහළ වීම පිළිබඳ ප්‍රශ්නය ගැන සඳහන් කර ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් සමහර (අල්කුර්ආන්) පද ඒ ඒ පරිච්ඡේදවල නිශ්චිත ස්ථානවල තැබීමටත්, වෙනත් සමහර වැකි වෙනත් පරිච්ඡේදවල තැබීමටත් උපදෙස් දුන් බව සඳහන් කරයි. පසුව ඒවා අවසාන වශයෙන් එක් එක් සූරතයක (පරිච්ඡේදයක) ස්වාධීන ව්‍යූහයක් ලෙස දිස්වූ බවත් එතුමා පවසයි. එතුමා මෙසේද පවසයි “අල් කුර්ආනය පහළ වන විට, අල්-කුර්ආනයේ සමහර මාතෘකා වෙනත් මාතෘකා වලින් වෙන් වෙමින් පැවති අතර, පසුව පහළ වූ වෙනත් වාක්‍යයන් ඒවාට සම්බන්ධ වූ පසු ක්‍රමයෙන් ඒවා ස්වාධීන ඒකක ලෙස සැකසුනි. දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගේ අණ පරිදි සහ ජිබ්රීල් (අලෛ) තුමාණන්ගෙන් ඒවා (නබි තුමාණන්ට) ලැබුණු පිළිවෙලට, ඒවායින් සමහරක් එක් ස්ථානයකත් අනෙක් ඒවා තවත් ස්ථානයක් සම්බන්ධ කර ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ, ගණන් කළ නොහැකි දිනයන් ගැන සැලකිල්ලට ගන්නේ නම් මේවා සාමාන්‍යයෙන් විශේෂ අවස්ථා සහ පොදු අවශ්යතා සමඟ සම්බන්ධ වී ඇති බව දැනගැනීමට හැකි අතර, මෙය ස්වාධීන ඒකකයක ආකාරයෙන් සෑම පරිච්ඡේදයක්ම සැකසී ඇති බැවින් අපට මෙය සකස් කිරීම සඳහා (ගතවූ) වේලාව පිළිබඳව විමසීමට සිදු වේ. එය හරියට, එනම් කුර් ආනය, පෞරාණික ගොඩනැඟිල්ලක වෙන් වෙන් වශයෙන් සහ අංකනය කර ඇති කොටස් සම්බන්ධ කර වෙනත් ස්ථානයක පෙර පැවති ආකාරයෙන්ම නැවත ඉදිකිරීමට අදහස් කරන ලද්දක් ලෙසය. එබැවින්, මේ ආකාරයට බොහෝ සූරතයන් පිළිවෙලකට සම්බන්ධ කරමින් සහ මෙම ක්ෂණික හා ක්‍රමානුකූලව සකස් කර ඇති විධිවිධානය ගැන එකවර පැහැදිලි කළ හැක්කේ කෙසේද? මෙහි (අල්-කුර්ආනය) අන්තර්ගත වී ඇති අනාගත සිදුවීම්, ඒ සඳහා නීති සම්පාදන අවශ්‍යතා සහ ඒවාට සොයන විසඳුම් මෙන්ම මෙම විසඳුම් ඉදිරිපත් කළ යුතු භාෂාමය ස්වරූපය සහ මෙම (සූරතය) පරිච්ඡේද සමඟ ඒවායේ ඇති (භාෂා) ශෛලීය ක්‍රම භාවිත සම්බන්ධයෙන් ගත් කළ, අල්කුර් ආනය වෙනුවට, වෙනත් එවැනි සැලැස්මක් සකස් කිරීමට පුද්ගලයෙකුට ලබා ගත හැකි සහතිකය කුමක්ද?
මෙම සැලැස්ම සම්පූර්ණ කිරීම සහ එය අපේක්ෂිත ආකාරයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම අපේක්ෂිත සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමට හැකියාව ඇති විශිෂ්ට නිර්මාණකරුවෙකුගේ (අල්ලාහ්ගේ) මැදිහත්වීම අවශ්‍ය බව අප විසින් නිගමනය කළ යුතු නොවේද? [81]
[81] ශුද්ධ වූ අල් කුර්ආනයට හැඳින්වීමක්, Dr. අබ්දුල්ලාහ් දරාස්.
අල්-කුර්ආනය යනු ඔහුට එනම් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාවැකියේ සත්‍යතාවයට ලැබුණු ස්වාධීන ආශ්චර්යයකි.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් සිදු කළ ප්‍රාතිහාර්යයන්, බොහෝය. ඒවා දහස ඉක්මවයි. ඒ පිළිබඳ දැනුම දුන් අය සහ ඒ සිදුවීම් ගැන පුවත් එකිනෙකා හුවමාරු කළ අය මිනිසුන් අතරින් වඩාත්ම අවංක හා ධර්මිෂ්ඨ අය වෙති.
මේ ප්‍රාතිහාර්යයන් ගැන අපට දැනුම් දුන් අය සහ ඒ ගැන ඔප්පු කළ අය ඒ ගැන බොරු කීමට කිසිසේත් ඉඩ නැත. ඔවුන් ඒ ගැන බොරු කියන්නේ කෙසේද, " මුහම්මද් නබි තුමා ගැන හිතාමතා බොරු කරන තැනැත්තා අපායේ අසුන් ගන්නා" බව ඔවුන් දන්නා බැවිනි. මේ ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනතුරු අඟවා ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සමහර ප්‍රාතිහාර්යයන්, එතුමාව පිරිවරාගෙන සිටි දහස් ගණනක් සහාබාවරුන් හෙවත් කළ්‍යාන මිතුරන් විසින් දෙනෙත් තුලින් දුටු අතර ඒවායින් සමහරක් බහුතරයක් විසින් දැනුම් දෙන ලදී. එබැවින් මේ සියල්ල ගැන බොරු කීමට ඔවුන් එකඟ වන්නේ කෙසේද?
විශාල ජනකායක් සහභාගී වූ එතුමාගේ ප්‍රාතිහාර්යයක් සඳහා උදාහරණයක්: එනම් ඒ ගැන හුනයින් අල්-ජදඃ තුමා දැනුම් දෙන ප්‍රසිද්ධ හා නිතර අසන්නට ලැබෙන හදීසයෙහි මෙසේ සඳහන් වී ඇත. එනම් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් (පුරුද්දක් ලෙස) ඉඳි ගහේ කඳක් මත දේශනා පවත්වමින් සිටියහ. (ඒ ඉඳි ගහේ කඳ වෙනුවට) එතුමාගේ ධර්ම දේශනය සඳහා ධර්මාසනයක් සාදා දීමෙන් පසුව ඒ මත සිට දේශනා කරන විට, ඒ ඉඳි කඳ කුඩා දරුවෙකු කෙඳිරිගාමින් හඬනා ලෙස (සෙමින්) හඬන්නට විය. මෙසේ වැලපෙමින් සිිටි එම කඳ, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් වැළඳ ගැනීමෙන් පසු එය වැලපීම නතර කළේය.
මෙම හදීසය පහත සඳහන් සහාබාවරුන් විසින් ප්‍රකාශ කරන ලදී: අනස් බින් මාලික්, ජාබීර් බින් අබ්දුල්ලා, අබ්දුල්ලා බින් අබ්බාස්, අබ්දුල්ලා බින් උමර්, උබයි බින් කඅබ්, අබු සයීද්, සහල් බින් සඅද්, අයිෂා බින්ත් අබි බක්ර් සහ උම් සලාමා.
මෙවැනි සහාබාවරුන් හෙවත් නබි තුමාණන්ගේ මිතුරු කණ්ඩායමක් මෙවැනි පුවතක් වාර්තා කිරීමේදී අසත්‍ය ප්‍රකාශ කිරීමට එකඟ වෙයිද?
සත්‍ය වශයෙන්ම, ඔහුගේ සමහර ප්‍රතිහාර්යයන් දහස් ගණනක් (සහාබාවරුන්) සහචරයින් විසින් දැක ඇත. එනම්, එතුමාගේ උතුම් ඇඟිලි අතරින් දිය උල්පතක් මතු විය. එතුමා එයින් වුදූ හෙවත් අර්ධ ස්නානය කළ අතර එක් දහස් පන්සියයක් පමණ (සහාබාවරුන්) සහකරුවන් එයින් පානය කළහ. මෙම හදීසය වාර්තා වන්නේ බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථ වලය.
විශාල සංඛ්‍යාත හමුදාවක් ආහාර ගැනීමට තරම් එතුමා සතුව තිබුණු කුඩා ආහාර ප්‍රමාණය බහුල වීම. ( මෙය එතුමාගේ ප්‍රාතිහාර්යයක් සඳහා තවත් උදාහරණයකි) මෙය සහාබාවරුන් විසින් නිරන්තරව වාර්තා කරන හදීසයක් වන අතර, බුහාරි තුමා විසින් නබිතුමාණන්ගේ අතේ තිබුණු ආහාර බහුල වීමේ ආශ්චර්යයන් ගැන එතුමාගේ සහීහ් ග්‍රන්ථයේ ස්ථාන පහක සඳහන් කර ඇත. [82]
[82] බුහාරි (1217), බුහාරි (2618), බුහාරි (3578), බුහාරි (4101), බුහාරි (6452). ඉහත හදීසයන්හි සඳහන් සියල්ලම (නබි තුමාගේ ප්‍රාතිහාරයන් සම්බන්ධව එන) සිදුවීම් සහ කරුණු වන අතර මේවා බුහාරි හි පමණක් සඳහන් වී ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාවැකියේ සත්‍යවාදී බව ඔප්පු වී ප්‍රාතිහාර්යයන් බහුලව ඇත් නම්, මේ සම්බන්ධව තර්ක කරන පුද්ගලයෙකු මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?
මෙය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ වෙනත් සරල උදාහරණ වේ.
දිනක් රාත්‍රියක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් තද සුළඟක් හමන බව දන්වා රාත්‍රි කාලයේ මිනිසුන්ට නැගිටීම තහනම් කළේය, එවිට මිනිසෙක් නැඟිට සිටි අතර සුළඟ ඔහුව උසුලාගෙන ගොස් බොහෝ ඈත ස්ථානයකට විසි කර තිබිණි. [83]
සහීහ් මුස්ලිම් ග්‍රන්ථය ( අංක:3319)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් අන්නජ්ජාසි මිය ගිය දිනයේදී ඔහුගේ මරණය ගැන දැනුම් දෙන ලද අතර, මේ සම්බන්ධයෙන් "අල්ලාහු අක්බර්" යනුවෙන් හතර වතාවක් ප්‍රකාශ කළේය.[84]
[84] සහීහ් බුහාරි: 1333
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. "උමර්, උස්මාන්, අලි, තල්හා සහ අල්-සුබයිර් (රළියල්ලාහු අන්හුම්) යන සහාබා වරුන් සාමාන්‍ය මිනිසුන් මිය යන පරිදි ඔවුන් තම ඇඳ මත මිය නොයති " යනුවෙන් දන්වා සිටියහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ, අබු බකර්, උමර්, උස්මාන්, අලි, තල්හා සහ සුබයිර් (රළියල්ලාහු අන්හුම්) සමඟ එක් දිනක් කන්දකට නැග්ගේය. එවිට පර්වතය චලනය වීමට පටන් ගත් අතර අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කන්ද අමතා මෙසේ පැවසීය: " ඔබ සන්සුන් වන්න, ඔබ මත සිටින්නේ අනාගතවක්තෘවරයෙකු, ඔහුගේ මිතුරෙකු හා දිවි පුදන්නට සූදානමින් සිටින කෙනෙකුද වේ. "[85] සහීහ් මුස්ලිම් ග්‍රන්ථය - අංක:2417 එහිදී එතුමාණන්, එතුමා අනාගතවක්තෘවරයෙකු ලෙසත්, අබු බක්ර් අල්-සිද්දීක්, මිතුරෙකු ලෙසත්, ඉතිරි අය ප්‍රාණ පරිත්‍යාගිකයින් වන බවත් පැවැසුවේය. එතුමාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූ දේ එසේම සිදු විය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගෙන් යාඥා කළ අතර ඒ සඳහා ක්ෂණිකව පිළිතුරු ලැබී ඇත. මේ බව ජනතාවද සාක්ෂි දරා ඇත. මේ සම්බන්ධයෙන් හදීස් 150 ක් ඇත. [86]
[86] මෙම හදීස් සඅබ්දීන් අබ්දුල් කාදිර් බාෂන්ෆාර්තුමාගේ දලාඉල් අල් නුබුව්වාහ් නම් ග්‍රන්ථයේ ගොනු කර ඇති අතර, එම පොත දාර් ඉබ්න් හස්ම් විසින් ප්‍රකාශයට පත් කර ඇත. මක්කා වැසියන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ප්‍රාතිහාරයක් පෙන්නුම් කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, එතුමාණන් චන්ද්‍රයා කොටස් දෙකකට වෙන් කර පෙන්වූ අතර ඔවුන් ඒ අතරින් හීරා කන්ද දුටුවෝය. මෙම හදීසය මුතවාතිර් හෙවත් ඉතා ප්‍රසිද්ධ වූ හදීසයකි. එනම් මෙම සිදුවීම ඉහළ සත්‍යතාවයකින් යුක්තය. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ, සිකුරාදා දිනයන්හිදී, උත්සව දිනයන්හිදී සහ ප්‍රධාන රැස්වීම් වලදී, අල්කුර්ආනයේ ඇති හාස්කම් මිනිසුන්ට ඇසෙන පරිදි, සඳ දෙකට බෙදීමේ ආශ්චර්යය අඩංගු සූරා අල් කමර් පාරායනය කිරීමට පුරුදුව සිටියහ. එතුමා තම ප්‍රචාරයේ සත්‍යතාව ඔප්පු කිරීමට එය භාවිතා කළේය.
තවද, නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මෙසේ දන්වා සිටියේය. ආදම් යනු ජීවීන්ගේ මැවිල්ල අතරින් අවසාන මැවිල්ල බවයි: “තවද, ආදම් මවනු ලැබුවේ සිකුරාදා සවස් භාගයෙන් පසුවය. එනම් නිර්මාණයේ අවසාන අවස්ථාවේදීය.”[87] (87) සහීහ් අල් ජාමිඃ 8188 මෙම කරුණු කාරණය දැනට විද්යාත්මකව ඔප්පු වී අවසන්ය. පෘථිවියට පැමිණි අවසාන ජීවියා මිනිසා බව විද්‍යාව තහවුරු කර ඇත. ආදම්, (අලෛහි සලාම්) මිහිපිට ශාක හා සතුන් බිහිවීමෙන් පසු පෘථිවියට පැමිණි අවසාන ජීවියා බව නබි තුමාණන් දැන ගත්තේ කෙසේද?
උත්තරීතර වූ අල්ලාහ්ගේ වදන දෙස අවධානය යොමු කරන්න.
තවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු.
අල් කුර්ආන් පරිච්ඡේදය අල් ඉස්රා 17: වදන 12
එබැවින් අපි රාත්‍රියේ සලකුණ මකා දැමුවෙමු: එනම් රාත්‍රියේ සලකුණ වන සඳ බබළමින් සිටි අතර පසුව එහි ආලෝකය මැකී ගියේය.
සත්‍ය වශයෙන්ම සහාබාවරුන් ඒ උතුම් පදය අර්ථකථනය කළේ එලෙසය. ඉමාම් ඉබ්නු කතීර් ඔහුගේ අර්ථකථනයේ මෙසේ සඳහන් කරයි. අබ්දුල්ලා බින් අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) මෙසේ පැවසූහ: “සූර්යයා බබළන ආකාරයටම සඳද බබළන අතර එය රාත්‍රියේ ලකුණක් විය, එබැවින් එය මැකී ගියේය.” පුදුම සහගත දෙය නම්, නාසා ආයතනය සිය නිල වෙබ් අඩවියේ සහ එහි නිල නාලිකාවේ ප්‍රකාශයට පත් කර ඇති පරිදි, අද විද්‍යාව නිගමනය කර ඇත්තේ මෙයයි: චන්ද්‍රයාගේ ජීවිතයේ පළමු යුගය, එය දීප්තිමත් සහ දිදුලන කාලයකින් යුක්ත විය.[88] 88] http://www.nasa.gov/mission_pages/LRO/news/vid-tour.html https://www.youtube.com/watch?v=UIKmSQqp8w
මහපොළොවේ සහ අහස්හි අදෘශ්‍යමාන හා අනන්ත රහස් පිළිබඳ ප්‍රකාශන සහ තොරතුරු, එක් පුද්ගලයෙකු (වූ මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අතින් විකාශනය වී ඇති බව නැවත නැවතත් ඔප්පු වී ඇත. එනම් අල්-කුර්ආනය එතුමාට පහළ විය. එතුමාට පෙර සිටි අනාගතවක්තෘවරුන් කළ දේ එතුමා ඉටු කළේය, එතුමාට අල්ලාහ්ගෙන් උපකාර ලැබුණු අතර, ඉස්ලාමය සම්පූර්ණ වූ දහමක් බවට පත් වන තුරු එතුමා මිය ගියේ නැත. එතුමාණන් (අල්ලාහ්ගේ) අනාගතවක්තෘවරයෙකු බව නිසැකවම සහ තර්කානුකූලව පැවැසිය හැක. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පෙන්වූ අදෘශ්යමාන හා අනන්ත රහස් පිළිබඳ ප්‍රකාශන සහ තොරතුරු දහස ඉක්මවයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ තොරතුරු ජනයා අතරට රැගෙන ගියේ එතුමාණන්ගේ සහාබාවරුන් හෙවත් කළ්‍යාන මිතුරන්ය. ඔවුහු එතුමාණන්ගෙන් පසු වඩාත් අවංක හා ධර්මිෂ්ඨ මිනිසුන් විය.
අරුම පුදුම කරුණක් නම් නබි තුමාණන්ගේ ආශ්චර්ය දකින්නට පෙරම ශ්‍රේෂ්ඨ සහාබාවරුන් හෙවත් එතුමාණන්ගේ සහචරයන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමයි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සත්‍යවාදී කෙනෙකු බවත්, ඔහු කිසිවිටෙක බොරු නොකළ කෙනෙකු බවත් දැන සිටි නිසා ඔවුන් මෙසේ ඉස්ලාම් ආගම වැළඳ ගත්හ.
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ ශ්‍රේෂ්ඨ සහාබාවරුන් හෙවත් සහචරයින්ගේ මෙම ස්ථාවරය ප්‍රඥාවන්ත තාර්කික ස්ථාවරයකි. මෙය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අවංකභාවය, එතුමාගේ අනාවැකියේ වලංගුභාවය සනාථ කිරීමට ප්‍රමාණවත් ස්වාධීන සාක්ෂියක් වේ. මෙයට හේතුව: අනාවැකි පවසන පුද්ගලයා මිනිසුන්ගෙන් වඩාත්ම සත්යවාදී කෙනෙකු විය යුතුය. නබි තුමාණන් අනාගතවක්තෘවරයෙකු බැවින් අනාගතවක්තෘ මිනිසුන්ගෙන් වඩාත්ම සත්යවාදී කෙනෙකු විය යුතුය. එසේත් නැතිනම් ඔහු මිනිසුන්ගෙන් වඩාත්ම බොරුකාරයෙකු විය යුතුය, කුමක් නිසාද යත් ඔහු වඩාත් වැදගත් කාරණා සම්බන්ධයෙන් බොරු ගොතන බැවිනි. වඩාත්ම සත්යවාදී පුද්ගලයන්, බොරු කියන මිනිසුන් සමඟ මිශ්‍ර නොවෙති. එනමුත් ඉතාමත් නූගත් මිනිසුන් අතර මිශ්‍ර වෙති.89]
89] අනාවැකි පිළිබඳ සාධනය, ඉබ්නු තයිමියියා, දාර් ඉබ්නු අල් ජවුසි, පිටුව 573, සහ එම මූලාශ්‍රය පි. 318.
(යම් දෙයක් දෙස) තර්කානුකූලව බලන පුද්ගලයෙකුට, වඩාත්ම සත්යවාදී පුද්ගලයින් සහ වඩාත්ම බොරු පවසන පුද්ගලයින් අතර වෙනස හඳුනා ගැනීමට හැකිවීම කොතරම් පහසුද? මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවරේ පළමු දිනයේදී, ඔහු කිසි විටෙකත් බොරු නොකියූ බව බහුදේවවාදීන් පිළිගත්හ. එබැවින් ඔවුහු එතුමාට මෙසේ පැවසූහ: “අපි ඔබේ කටයුතු වලදී කිසි විටෙකත් බොරුවක් දැක නැත.”[90] [90] සහීහ් බුහාරි: 4971
අබු සුෆියාන් තුමා ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පෙර හෙරක්ලියස් වරක් ඔහුගෙන් මෙසේ විචාලේය. (නබි තුමා) එතුමා නබිත්වයට පත් වීමට පෙර එතුමා බොරු කී බවට ඔබ එතුමාට චෝදනා කර තිබේද?"
එවිට අබූ සුෆ්යාන් "නැත " යනුවෙන් පිළිතුරු දුන්නේය.
එවිට හෙරක්ලියස් "මිනිසුන්ට බොරු කීමට බිය නොවන තැනැත්තා අල්ලාහ් දෙවියන්ට බොරු කීමට එඩිතර නොවනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි." යනුවෙන් පැවැසීය.
පසුව හෙරක්ලියස් ඔහුගේ කතාව සම්පූර්ණ කරමින් "දැන් මම ඔහු සමඟ සිටියා නම් මම ඔහුගේ පාද සෝදනවා." යනුවෙන් පැවැසීය.
[91] සහීහ් අල්-බුහාරි: 7 එතුමාගේ මුළු ජීවිත කාලය තුළම එක බොරුවක්වත් හෝ හෙළි කිරීමට කාෆිර් වරුන්ට නොහැකි විය. එබැවින්, එතුමාගේ දූත මෙහෙවරට පෙර එතුමාගේ (සත්‍යවන්ත) තත්වය පිළිබඳව ඔවුන් දැන සිටියද, ඔවුන්ගේ අවිශ්වාසය නිසා අල්-කුර්ආනය ඔවුන්ව හෙළා දුටුවේය, එබැවින් උත්තරීතර වූ අල්ලාහ් මෙසේ පැවසීය. එසේ නැතහොත් ඔවුන්ගේ ධර් ම දූතයාණන් ගැන ඔවුහු නොදැනුව, පසුව ඔවුහු ඔහුව (නබි තුමාණන්ව) ප්‍රතික්ෂේප කරන්නෝද?
අල්කුර්ආන් වැකිය 69:23 අල් මුමිනූන් පරිච්ඡේදය නබිතුමාගේ තත්වය සහ එතුමාගේ චරිතාපදානය එතුමා නබිවරයෙකු බවට පැහැදිලි සාක්ෂියකි. ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාවැකියේ සත්‍යවාදී බව ඔප්පු වී ඒ සම්බන්ධයෙන් ප්‍රාතිහාර්යයන් බහුලව ඇත් නම්, මේ සම්බන්ධව තර්ක කරන පුද්ගලයෙකු මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?
21- එබැවින්, සමහර හින්දු භක්තිකයන් කරන ආකාරයට අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම සහ අනාගත වක්තෘවරුන්ව විශ්වාස නොකිරීම පමණක් ප්‍රමාණවත්ද? නැත. පුද්ගලයෙකු විසින් අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය කළද, අල්ලාහ්ගේ පණිවිඩකරුවන් ගැන විශ්වාස නොකිරීම, මුස්ලිම්වරයෙකු වීමට ප්‍රමාණවත් නොවේ. අල්ලාහ් සියල්ල මවා, පාලනය කරන්නා සහ පෝෂණය කරන්නා යැයි විශ්වාස කර, පසුව ඔහුගේ වහී හෙවත් දේව හෙළිදරව්ව සහ ඔහුගේ පණිවිඩකරුවන් ප්‍රතික්ෂේප කිරීමේ ඇති තේරුම කුමක්ද?
මෙය ප්‍රධාන පෙළේ ප්‍රතික්ෂේප කිරීමකි.
ඇත්ත වශයෙන්ම, අල්ලාහ්ගේ වහී හෙවත් දේව හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරන්නාට වඩා විශාල අපරාධයක් නැත, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි.
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට, 'ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්‍රතික්ෂේප කරමු' යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…(150) සැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු. (151) සූරා අන් නිසා (කාන්තාවෝ) 160
අල්ලාහ්ව විශ්වාස කරන සහ (අල්ලාහ්ගේ) පණිවිඩකරුවන් ප්‍රතික්ෂේප කරන තැනැත්තා සැබැවින්ම අවිශ්වාස කරන්නෙකි.
(අල්ලාහ්ගේ) එක් පණිවිඩකරුවෙකුව ප්‍රතික්ෂේප කරන සෑම කෙනෙකුම අල්ලාහ්ගේ වහී හෙවත් දේව හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරන බැවින්, ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වේ. එබැවින් යුදෙව්වන් සහ කිතුනුවන් ඇතුළු ධර්ම ග්‍රන්ථ ලැබූ ජනතාව මුහම්මද් බින් අබ්දුල්ලාහ් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පණිවිඩය ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.
සැබැවින්ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.
අල්කුර්ආන් වැකිය 6: 98 අල් බයියිනා පරිච්ඡේදය
ඔවුන් නිරයට ඇතුළු වන බවට අල්ලාහ් දුන් පොරොන්දුව සත්‍යයකි. "එබැවින් මාගේ අවවාදය හිමි විය." අල්කුර්ආන් වැකිය 14 අල් කාෆ් පරිච්ඡේදය.
ඉස්ලාම් සහ විමුක්තිය යනු උත්තරීතරවූ අල්ලාහ් මැවුම්කරුය, පෝෂණය කරන්නාය, ජීවනය දෙන්නාය යනුවෙන් මිනිසා විසින් පිළිගැනීම පමණක් නොවේ. ඔහුගේ පණිවිඩකරුවන් විශ්වාස කිරීම ද අවශ්‍ය වේ. එබැවින් අල්ලාහ් දෙවියන් සිටින බවට විශ්වාස කිරීම සහ අනාගතවක්තෘවරුන් කෙරෙහි අවිශ්වාසය ඇති කිරීම ප්‍ර්‍රමාණවත් නොවන අතර නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඉදිරියේදී මේ ආකාරයේ විශ්වාසයක් කිසිදු ප්‍රයෝජනයක් නොවනු ඇත. එබැවින් අල්ලාහ් විශ්වාස කර ඔහුට නමස්කාර කළ යුතු අතර ඔහුගේ සියලු දූතයින් කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. අල්ලාහ් දෙවියන් සිටින බවට ඇති විශ්වාසය ප්‍රමාණවත් වූයේ නම්, අල්ලාහ් ඔහුගේ පණිවිඩකරුවන් එවන්නේවත් ඔහුගේ ග්‍රන්ථ පහළ කරන්නේවත් නැත. මන්ද සියලු මිනිසුන් (අල්ලාහ්) දෙවියන් ගැන සහජයෙන්ම දන්නා බැවිනි.
ඔබව මැවූ, ඔබට මඟ පෙන්වූ සහ ඔබව පෝෂනය කරන්නාවූ අල්ලාහ් තම දූතයන් සහ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් නියම කර ඇති පරිදි වන්දනාමානය කිරීමට සුදුසු එකම තැනැත්තාය.
කෙනෙකු විසින් සියලුම අනාගතවක්තෘවරුන් සහ ඔවුන්ගේ අවසානයා වන මුහම්මද් බින් අබ්දුල්ලාහ් (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් කෙරෙහි විශ්වාස කළ යුතුය.
22- දෙවියන් වහන්සේ නපුර නිර්මාෙණය කළේ ඇයි? නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්: "නපුරු උභතෝකෝටිකයට" මුස්ලිම්වරයෙකු ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
පිළිතුර:- මිනිසා නපුරට පෙළඹවීම හින්දු ආගමට අනුව විශාලතම ගැටලුව වන අතර හින්දු ආගමේ දර්ශනය පදනම් වී ඇත්තේ මිනිසා නපුරෙන් මිදෙන තුරු ඔහු නපුර තුළ ජීවත් වන බවයි. තවද, හින්දු ආගම සලකන්නේ මිනිසා පෙර ආත්මයේදී කළ අකුසලය නිසා ඔහුගේ උපත නැවත නැවත සිදු වන බවයි.
මේ සියල්ල වැරදියි. ලෝකයේ නපුර පවතිනු ඇත. මන්ද අපි ආධ්‍යාත්මික වගකීම් දරන අය නිසාවෙනි.
එමෙන් ම පරීක්ෂණයෙන් පිරී ලෝකයක අපි ජීවත්ව සිටින නිසිවෙනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
වැකිය 35 අල් අන්බියා පරිච්ඡේදය
(මෙලොව ජීවිතයේදී) හොඳ සහ නරක යන දෙකම ඔබ මත පැවරී ඇත. එබැවින් ඒවා ඔබ මත පැවරී තිබීම ඔබේ පැවැත්මේ අරමුණයි.
උත්තරීතර අල්ලාහ් පවසා ඇත
"ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර් ව බලධාරීය. අති ක්ෂමාශීලීය."
අල්කුර්ආන් - අල් මුල්ක් පරිච්ඡේදය: වැකිය 02
(මෙලොව ජීවිතය තුල) අප වගකිව යුත්තන් වශයෙන් සිටින තාක් කල්, පරීක්ෂාවන් හා විපත් ඇතිවීම ස්වභාවික වන අතර, අප විසින් නපුරට මුහුණ දීම ස්වභාවික දෙයක් ලෙස සැලැකිය යුතුය.
එබැවින්, යම් නපුරක්, වේදනාවක් සහ පව් කිරීමට ඇති හැකියාව ස්වභාවිකව ඇතිවන අවශ්‍යතාවය වන අතර එය පැහැදිලිවම සිය කැමැත්තේ නිදහස සහ දේව වරමේ ප්‍රතිඵලයකි.
නරකක්, දුකක්, විපතක් සහ ආශාවන් පැවතීම යහපත් පුද්ගලයෙකු තුල හොඳක්ම ඇති කරන අතර දූෂිත පුද්ගලයෙකු තුළ නරකක්ම ඇති කරයි.
නපුර කෙසේවූවත් අපි අසීමිත යහපත් දෑ අත්දකිමු.
සහ ගණන් කළ නොහැකි ආශීර්වාද ද අපට ඇත.
නපුර සරල වන අතර අප ජීවත් වන මහා යහපත සමඟ එය ගමන් කරයි.
ලෝකයේ නරකක් නොතිබුනේ නම්, මම ඉපදුණු ස්ථානය හැර නොයනු ඇත!
ශිෂ්ටාචාරය පවතින විටක, නගර, කර්මාන්තශාලා සහ නිවාස ඉදි කිරීම් නොකළ අතර මිනිසුන්ට වැඩ අවශ්‍ය නොවීය, රෝගයක් සමඟ සටන් කිරීමට, ගැටලුවක් විසඳීමට හෝ සැනසීම සඳහා අදහසක් සොයා ගැනීමට මිනිසුන් සිතුවේ නැත!
පුද්ගලයෙකුට මුලින්ම ඔහුගේ උපන් ස්ථානයෙන් මාරු වීමට අවශ්‍ය වූ විටක,
විසඳුම් සෙවීමට නරකක්, කරදරයක්, විපතක්, මහන්සියක් හෝ ගැටළුවක් නොමැත!
එබැවින්, ඇයි මහන්සි වෙන්නේ, ප්‍රමාද වෙන්නේ, කල්පනා කරන්නේ සහ වැඩ කරන්නේ?
නපුර යනු මෙලොවේ අවශ්‍යතාවයකි!
එබැවින් කල්පනා කර බලන්න!
අද ලොව බොහෝ අය විපත්තිවලින් හා නපුරෙන් පීඩා විඳිති, එබැවින් ඔවුන් අල්ලාහ් දෙවියන් වෙත හැරී ධර්මිඅෂ්ඨයන් අතරට පැමිණේ. සර්වබලධාරී අල්ලාහ්ට සියලු මහිමය ප්‍රශංසාව හිමි වේවා.
අල්ලාහ්ගේ පෙර මිනුම් වල ප්‍රඥාව සහ යහපත්කම අඩංගු වේ, ඒවායින් සමහරක් නපුරක් ලෙස, දුක්ඛිත හෝ හානියක් ලෙස පිටතින් පෙනුනද, අවසානයේ ඒවා තුළ මහා යහපත්කම සහ මහා දිව්‍යමය ප්‍රඥාවක් අඩංගු වේ.
නරකක් සිදු වන්නේ ඔබේ ජීවිත (පැවැත්මේ) කොටසක් මිස පෙර භවයක පව් කළ නිසා නොවේ.
23- සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ට යටත් වීමේ ප්‍රකාශන මොනවාද? නැතහොත් වෙනත් වචන වලින් පවසන්නේ නම්: ඔබ අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම යටත් වූ මුස්ලිම්වරයෙකු බව ඔබ දැන ගන්නේ කෙසේද?
පිළිතුර - සර්වබලධාරී අල්ලාහ්ට යටහත් පහත් වීමේ සංඥා හතරකි:
පළමුවැන්න: ඔබගේ ජීවිතයේ සෑම ලොකු, කුඩා දෙයකදීම අල්ලාහ්ට වන්දනාමානය කිරීමයි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි.
“පවසනු, සැබැවින්ම මාගේ සලාතය, මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි.”
ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.
අල්කුර්ආන් වැකිය 163: පරිච්ඡේද (6) අල් අන්ආම්
මගේ යාඥාව, මගේ සියලු කටයුතු, මගේ ජීවිතය සහ මගේ මරණය අයිති වන්නේ ලෝකයන්හී අධිපතියාණන් වූ අල්ලාහ්ටමය, මම කරන සෑම දෙයක්ම කරන්නේ අල්ලාහ් උදෙසාය, මන්ද මගේ සෑම ක්‍රියාවකදීම ඒවා අල්ලාහ්ට වන්දනාමානය කිරීමක් වන අතර මේ සියල්ල අල්ලාහ්ට යටත් වීමේ පළමු ප්‍රකාශනයක් සහ සලකුණක් වේ.
ඔබ අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම යටත් වී ඇති බවට දෙවන ලකුණ වන්නේ, අල්ලාහ් අණ කළ දේ අනුගමනය කිරීම සහ ඔහු තහනම් කළ දේවලින් වැළකී සිටීමයි. උත්තරීතරවූ අල්ලාහ් මේ ගැන මෙසේ පවසයි.
අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ ධර්ම දූතයාට අවනත වනු. නුඹලා (ඔහුට) සවන් දෙමින් සිටිය දී ඔහුගෙන් නුඹලා හැරී නොයනු.
අල් අන්ෆාල් පරිච්ඡේදය වදන20
ඒ ගැන අල්කුර්ආනය මෙසේ විස්තර කරයි:
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින්ම පිවිසෙනු.
වැකිය 208, පරිච්ඡේදය අල් බකරා
සිල්මි යනු සාමය හෙවත් ඉස්ලාමයයි.
ඔබ සැවොම සාමයට (එනම් ඉස්ලාමයට) ඇතුළු වන්න: එනම්, අල්ලාහ් අණ කළ සෑම දෙයක්ම පිළිපැදිය යුතු අතර ඔහු තහනම් කළ දේවලින් වැළකී සිටීමයි.
අල්ලාහ් මට අල්-කුර්ආනයේ යමක් කිරීමට අණ කළේද, නැතහොත් ඔහුගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ් මාර්ගයෙන් යමක් කිරීමට මට අණ කළේද, ඒවා එලෙසම ඉටුකරමි. තවද, මා යම් කිසි දෙයකින් වැළකී සිටිය යුතු යැයි මට අණ කළේද, මම එයින් වැළකී සිටිමි. අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම යටත් වීම සහ කීකරු වීම යනුවෙන් අදහස් කරන්නේ මෙයයි.
අල්ලාහ්ට යටත් වීමේ තුන්වන කරුණ නම්: අල්ලාහ් විසින් නීති සම්පාදනය කර ඇති දේ තුලින් යුක්ති පසිඳලීමේ ක්‍රමවේදයට අපි යටත් වෙමු, එබැවින් අපි ඔහුගේ (අල්ලාහ්ගේ) නීතිය ගැන සෑහීමකට පත් වී එය පිළිගත යුතුයි.
අප විසින් අල්ලාහ් අල්-කුර්ආනයේ සඳහන් කර ඇති සෑම දිව්යමය නීතියක්ම සහ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සුන්නාහ් මාර්ගය අනුගමනය කළ යුතුයි. මන්ද අල්ලාහ් ඔහුගේ මැවීමට අවශ්‍ය හොඳම (මග පෙන්වීම) දන්නා බැවිනි.
(සියල්ල) මැවූ ඔහු නොදන්නේද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය.
අල්කුර්ආන් වැකිය 14 අල් මුල්ක් පරිච්ඡේදය
තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:
තරයේ විශ්වාස කරන පිරිසට තීරක වශයෙන් අල්ලාහ්ට වඩා, වඩාත් අලංකාර වන්නේ කවුරුද?
වැකිය 50 අල්මාඉදා පරිච්ඡේදය
මෙලොවේදී සහ මරණින් පසු ජීවිතයේදී, අල්ලාහ් මිනිසාට අවශ්‍ය හොඳම මග පෙන්වීම කුමක්ද කියා මනාව දනී.
අල්ලාහ්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, එය මිනිසුන්ව පවිත්‍ර කරන අතර ඔවුන් ආරක්ෂිතව ජීවත් වීමට මග පාදයි.
තවද ඒ ගැන අල්කුර්ආනය මෙසේ විස්තර කරයි :
අල්ලාහ්ගේ අනුමැතියෙන් (ඔවුන්ව) පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
ශු. අල්කුර්ආන් වැකිය 64 අන් නිසා පරිච්ඡේදය.
අල්ලාහ් ඔහුගේ පණිවිඩකරුවන්ව මෙලොවට එව්වේ අපි ඔවුන් ගෙනා නීතිය අතහැර දමා අන් අයගේ නීතියට යොමු වීමට නොවේ.
සර්ව බලධාරී අල්ලාහ් මෙසේද පවසයි.
“එසේ නොව ඔබේ පරමාධිපති මත දිවුරමින්, ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් ඔබගෙන් තීන්දු විමසා පසුව ඔබ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස කරන්නන් නොවනු ඇත.”
ශු. අල්කුර්ආන් වැකිය 65 අන් නිසා පරිච්ඡේදය. අල්ලාහ්ගේ නීතියට යටත් වීම ඉස්ලාමයට යටත් වීමේ එක් සලකුණක් වන බැවින් අල්ලාහ්ගේ නීති සම්පාදන ක්‍රම වේදයට යටත් වීම යනු ඉස්ලාමයට සම්පූර්ණයෙන් යටත් වීමයි.
සර්ව බලධාරී අල්ලාහ්ට යටත් වීමේ සිව්වන ලකුණ ලෙස, අල්ලාහ්ගේ පෙර මිණුම පිළිබඳ විශ්වාසයට යටත් වීම හැඳින්විය හැක. සෑම දෙයක්ම සර්වබලධාරී අල්ලාහ් විසින් ඔහුගේ ප්‍රඥා මාර්ගයෙන් නියම කර ඇති බැවින්, මුස්ලිම්වරයා ඔහුගේ සියලු හොඳ සහ නරක සිදුවීම් වලදී අල්ලාහ්ගේ කැමැත්තට යටත් වෙයි.
මුස්ලිම්වරයෙකුට යහපතක් සිදු වුවහොත් ඔහු කෘතඥ වෙයි. තවද. ඔහුට අයහපත් සිදු වුවහොත් ඔහු ඉවසිලිවන්ත වේ.
මෙලොව සෑම පරීක්ෂණයක්ම ප්‍රඥාව හා (අපේ ) ක්‍රියාකලාපය හා බැඳෙන කාරණයකි.
සෑම දෙයක්ම සර්වබලධාරී අල්ලාහ්ගේ නියෝගයට යටත්ව සිදුවේ: නීරෝගී බව, අසනීපය, ධනය සහ දරිද්‍රතාවය සෑම දෙයක්ම අල්ලාහ්ගේ කැමැත්තට හා ප්‍රඥාවට අනුව සිදුවන බැවින් මුස්ලිම්වරයෙකු විසින් ඒ පෙර මිණුම කෙරෙහි සෑහීමට පත් විය යුතුය, මන්ද ඒ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදු වන බැවිනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“සැබැවින්ම අපි සෑම දැයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්‍රමාණයකටය.”
ශු. අල්කුර්ආන් වැකිය 49 අල් කමර් පරිච්ඡේදය.
තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය.
ශු. අල්කුර්ආන් වැකිය 51- අත්තව්බා පරිච්ඡේදය.
අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නොවන්නේමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නොවී ය.
ආලු ඉම්රාන් පරිච්ඡේදය,වැකිය145
සියලු දේ සඳහා නියමිත දිනය නියම කරනු ලබන්නේ අල්ලාහ් විසිනි.
විශ්වයේ සිදුවන සෑම දෙයක්ම, ලෝකයේ චලනය වන සෑම පරමාණුවක්ම සහ ඇතිවන සෑම කරුණක්ම සිදුවන්නේ අල්ලාහ්ගේ දැනුම, අල්ලාහ්ගේ අභිමතය, අල්ලාහ්ගේ ප්‍රඥාව සහ අල්ලාහ්ගේ බලය තුලින්ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
තවද, ඔහු සියලු දේ මැව්වේය. තවද, එය නිර්ණයකින් නිර්ණය කළේය.
අල්කුර් ආන් වැකිය 02 අල් අල් ෆුර්කාන් (25) පරිච්ඡේදය
තවද සියලු කීර්ති හිමි ඔහු සියලු දෑ මැව්වේය, තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.
මුස්ලිම්වරයෙකු වශයෙන්, සර්වබලධාරී අල්ලාහ්ගේ සියලුම අණපනත් වලට යටත් වීමට මට අවශ්‍ය වේ.
මේ ආකාරයෙන්, පුද්ගලයෙකු අල්ලාහ් දෙවියන් ඉදිරියේ මුස්ලිමෙකු වේ.
අවසාන වශයෙන්, මම ඉස්ලාමයට ඇතුළු වන්නේ කෙසේද?
ඉස්ලාම් යනු (ලෝ වැසි) සියලු මිනිසුන් සඳහා වූ අල්ලාහ්ගේ ආගමයි, සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි.
"නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි."
ආලු ඉම්රාන් පරිච්ඡේදය, වැකිය19
(උත්තරීතරවූ) අල්ලාහ් විසින් ඉස්ලාම් ආගම හැර වෙනත් කිසිඳු ආගමක් පිළිගන්නේ නැත. එවැනි ආගමකි ඉස්ලාම් ආගම.
“කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් (අන් කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතුරින් කෙනෙකි.”
ආලු ඉම්රාන් පරිච්ඡේදය, වැකිය 85
එබැවින් සෑම හින්දු සහ හින්දු නොවන පුද්ගලයෙකු ඉස්ලාමය දහම වැළඳ ගත යුතුය.
ඉස්ලාමය තුලින් අපායෙන් ගැලවීමට සහ අල්ලාහ්ගේ තෘප්තිය සහ ස්වර්ගයට පිවිසීමේ ජය මාවත ලබා ගැනීමට හැක.
ඉස්ලාම් ආගම තුලට පිවිසීමට ලැබීම උතුම් ආශිර්වාදයකි. ඇත්ත වශයෙන්ම, එය ඔබගේ (මෙලොව) පැවැත්මේ ශ්‍රේෂ්ඨතම හා වැදගත්ම දෙයයි.
යථා අර්ථයෙන් පවසන්නේ නම් ඉස්ලාමය යනු ස්වාභාවධර්මය, සහජ බුද්ධිය සහ වේදයන් වෙත නැවත පැමිණීමකි.
ඉස්ලාම් ආගමට ඇතුල් වීම පහසු දෙයකි. ඒ සඳහා චාරිත්‍ර වාරිත්‍ර හෝ වෙනත් විධි විධාන අවශශ්‍ය නොවේ. ඒ සඳහා පුද්ගලයෙකු විසින් ෂහාදා හෙවත් ප්‍රකාශන දෙක උච්චාරණය කළ යුතුයි. එය පැවැසිය යුත්තේ මෙසේය. "අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට මම සාක්ෂි දරමි, තවද මුහම්මද් දෙවියන්ගේ දූතයාණන් බවට මම සාක්ෂි දරමි."
මෙසේ ප්‍රකාශ කිරීමේන් කෙනෙකු මුස්ලිම් කෙනෙකු බවට පත් වෙයි.
ඉන්පසු ඔහු ඉස්ලාම් දහම පිළිපැදීමට පටන් ගනී.
islamhouse.com වෙබ් අඩවිය අනුගමනය කිරීමට මම නිර්දේශ කරමි, එහි සෑම කරුණක්ම ඒ ඒ පුද්ගලයාගේ භාෂාවට අනුව සකස් කර තිබේ. තවද, මෙම වෙබ් අඩවිය ඔස්සෙ නව මුස්ලිම්වරයාට ඉස්ලාමය පිළිපැදිය යුතු ආකාරය ඉගෙන ගත හැකිය.
වෙබ් අඩවියේ සබැඳිය: https://islamhouse.com/si/