الأسئلة المختارة من قاموس الأسئلة الشائعة حول الإسلام
مجموعة من الأسئلة الشائعة عند الناس، وتثار بعض الأحيان بشكل شبهات أو تساؤلات يحتاج المسلم وغيره إلى معرفتها وأخذ الجواب الصحيح عليها، وتقع هذه الأسئلة وأجوبتها في أقسام وهي: قسم المسلمون - قسم الأديان والفرق- قسم النبوة- قسم الدخول في الإسلام- قسم القرآن الكريم والكتب السماوية.
ඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්‍රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්‍රශ්න
(මුස්ලිම්වරුන්ගේ අංශය)
ප්‍රශ්න අංක: 68
මුස්ලිම්වරු බොහෝ දෙනෙක් අවංකකමෙන් හා බැරෑරුම්කමෙන් ඈත් වී, රැවටීම, අල්ලස් ගැනීම් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ පවා යෙදෙන බැවින් ඉස්ලාම් දහම හොඳම දහමය යන කාරණය සමඟ අප සමනය කරන්නේ කෙසේද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
මෙම ප්‍රශ්නයට පිළිතුර සඳහා අප මුස්ලිම්වරු අතර පවතින ජීවිතයේ යථාර් ථය දෙස බලා, පසුව එය මුස්ලිම් නොවන අයගේ යථාර් ථය සමඟ සංසන්දනය කර බැලිය යුතු අතර, පහත සඳහන් කරුණු සිහියට ගත යුතුය. එවිට මෙම ප්‍රශ්නය හරි ද වැරදි ද? යැයි දැක ගත හැකිය. එම කරුණු මෙසේය.
සියලු දිව්‍ය පණිවිඩවල තහනම් කළ අපරාධය වන විෂමතාවය - එය ස්වභාවධර් මයට පටහැනිව - බටහිර මිනිසාගේ චින්තනයේ වැදගත් ප්‍රශ්නයක් ලෙස සලකනු ලැබේ. එය ලෝකය මත පැටවීමට ඔහු අපේක්ෂා කරන අතර එය පිළි නොගන්නා තැනැත්තාට දෝෂයක් ඇති බව සලකයි. සමස්ත ඉස්ලාමීය ලෝකයේ විෂමතාවය, අපරාධයක් සහ පිළිකුල් සහගත වන අතර එය අශුභ, අසභ්‍ය දෙයක් ලෙස සලකනු ලබයි.
මුස්ලිම් සමාජය තුළ පවුලට විශාල ස්ථානයක් හිමි ව ඇත. ඔවුහු අනාචාරය, අපරාධයක් ලෙස සලකති. පවුලෙන් පිටත ගැබ් ගැනීම අපරාධයක් ලෙස සලකති. කළල ඝාතනය, දරුවන් මරා දැමීම, ඔවුන් පාරට ඇද දැමීම හෝ ආයතනවලට භාරදීම බරපතල ස්වරූපයක අපරාධයක් ලෙස සලකති. ඔවුන් මේවා දකිනුයේ, අඥාන යුගයේ පැවති ස්වරූපයක් ලෙසය. එහිදී මිනිසෙකු තම දරුවා ඔහු සමඟ ආහාර ගනු ඇතැයි යන බියෙන් හෝ ඔහුව හදා වඩා ගැනීමේ, සහ ඔහුට රැකවරණය ලබා දීමේ වගකීම පැහැර හරිනු පිණිස හෝ තම දරුවා මරා දැමීමේ යුගයක් විය. නමුත් අපි මේ සියල්ල දකිමු. එනම්: අනාචාරය, විවාහ ජීවිතයෙන් පිටත ගැබ් ගැනීම සහ ගබ්සා කිරීම බටහිර සංස්කෘතියේ බහුලව දක්නට ලැබේ. ආගමික ස්ථානවල පිරිමින් විවාහයෙන් වැළකී සිටීම, සහ එය ඔවුන්ගේ පාරිශුද්ධ තාවයට කැළලක් ලෙස සැලකුව ද ඔවුන් පවා මෙයින් පීඩා විඳිති. නමුත් ආගමික ස්ථානවල පවා කාන්තාවන් සහ පිරිමින් අතර සිදුවන අනාචාරය හේතුවෙන් ජාතක වූ දරුවන් මරා දැමීමේ සහ ඔවුන් එම ස්ථාන තුළම ඝාතනය කිරීමේ ප්‍රවෘති දිගටම පවතී.
මත්ද්‍රව්‍ය ප්‍රවර් ධනය කරන සහ ඒවා රටවල් හරහා ප්‍රවාහනය කරන සංවිධාන බටහිර සංවිධාන මිස ඉස්ලාමීය සංවිධාන නොවේ. එසේ නම්, මුස්ලිම්වරු මත්ද්‍රව්‍ය හිමිකරුවන් යැයි පැවසිය හැක්කේ කෙසේද?
බටහිර සහ පෙරදිග සංස්කෘතිය තුළ, මත්පැන් පානයක් ලෙස සලකනු ලබන අතර, එය රැස්වීම් සහ සාදවලට අනුපූරකයක් ලෙස සලකනු ලැබේ. එය නොමැතිව රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ සාදයක් හෝ පැවැත්වීම සිතාගත නොහැකි දෙයකි. නමුත් එය ඉස්ලාමිය පාලනය යටතේ මත්ද්‍රව්‍ය ලෙස සලකන ලදී. එය සියලු දිව්‍ය නීතිවලින් ද තහනම් කර ඇත. එය මුස්ලිම් වරුන්ට අපරාධයක් වන අතර බොහෝ මුස්ලිම් රටවල තහනම් කර ඇත.
බොහෝ මිනිසුන් අතර සදාචාරය යනු සදාචාරාත්මක හෝ ආගමික චේතනාවන් මත පනවා ඇති සදාචාරයක් නොවේ. එබැවින් පුද්ගලයෙකු නීතිමය ගැටලුවක් සහතික කරන්නේ නම්, ඔවුන්ගේ ක්‍රියාවන් තුළ අපි පුදුමයට පත්වන්නෙමු. වඩාත් බරපතල සාක්ෂිය වනුයේ එවැනි අරගලයක් සිදු වූ විට කඩ සාප්පු තැඩීම, සොරකම් කිරීම, කඩ සාප්පු සහ වාහන ගිනි තැබීම වැනි දේවල්ය. ඊටත් වඩා බරපතල වනුයේ බලවත් රටවල්, දුර්වල රටවල ධනය කොල්ලකෑම සඳහා අනුමත කර ගැනීම, ඔවුන්ව අවමානයට හා දරිද්‍රතාවයට පත් කරන උපදෙස් ලබා දීමය. මෙය මුස්ලිම්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. මුස්ලිම්වරුන්ගේ සමාජවල අපි එවැනි දෙයක් දැක ගත නොහැතක. සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය.
ඉහත සඳහන් කළ කරුණු සලකා බැලීමෙන් පසු, අපි මෙසේ කියමු: සමාජයේ සාමාජිකයන්ගේ වැරදි සහ නොසැලකිලිමත්කම කිසිදු සමාජයක් හෝ ආගම ප්‍රතික්ෂේප කරනු නො ලැබේ. නමුත් වරදක් අපරාධයක් ලෙස ආගම හා සංස්කෘතිය පිළිකුල් කිරීම සහ සමාජය එය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනසක් ඇත. අප කලින් සඳහන් කළ පරිදි වැරදි සහ හෙළා දැකිය හැකි භාවිතයන් සමාජීය වශයෙන් පිළිගනු ලැබීම.
ඒකාබද්ධිත අංකය: 40
ප්‍රශ්න අංක: 71
ඇතැම් මුස්ලිම්වරු බෝම්බ වැනි දෑ මගින් තමන්ව පුපුරවා ගනිමින් සියදිවි හානි කර ගන්නේ ඇයි?
පිළිතුර:
වැදගත් කරුණු (1)
මෙය සාපරාධී ක්‍රියාවක් බවටත්, නින්දිත ක්‍රියාවක් බවටත් කිසිදු සැකයක් නැත. ඉස්ලාම් එය අනුමත නොකරයි. ඉස්ලාමීය නීති ආයතන එය අනුමත නොකරයි. විද්වත්හු එය අනුමත නොකරයි. එය සාමාන්‍ය මුස්ලිමුන්ගේ නුහුරු, නුපුරුදු හැසිරීමක් වේ. මෙම ක්‍රියා බොහොමයක් මෝඩයන්, රැවටිලිකාරයන් සහ උන්මත්තකයන් විසින් යුද ගිනි ඇවිලීම සඳහා ඉන්ධන ලෙස සහ රටවල් අතර ගැටුම, ඉස්ලාමය විකෘති කිරීම, සහ ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා සූක්ෂතම ක්‍රියාමාර් ග වෙති. පසුව ඔවුන්ගේ ගොදුරු බවට පත්වන්නේ අහිංසකයන් සහ දුප්පත් ජනතාවයි.
ඇතැම් විට රටවලට සහ රජයන්ට තම ජනතාව තුළ බිය ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවශ්‍යතාවය ඒත්තු ගැන්වීමට සතුරෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය වේ. එසේම සමහර ජනාධිපතිවරුන්ට මැතිවරණයට පෙර ත්‍රස්තවාදී සිදුවීම් කිහිපයක් අවශ්‍ය වන අතර පසුව එහි වීරයෙකු ලෙස ඔවුන් පෙනී සිටිති.
ඉස්ලාම් සියදිවි නසා ගැනීමට අවසරය නොදේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: "...තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය." කවරෙකු සතුරුකමින් හා අයුක්ති සහගත ලෙස එය සිදු කරන්නේ ද එවිට අපි ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර් යයක් විය." (සූරා අන්-නිසා: 29,30) අල්ලාහ්ගේ දූත(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "කවරෙකු යම් දෙයකින් සියදිවි හානි කර ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු එයින්ම දඬුවම් කරනු ලැබේ." (බුහාරි (1363), මුස්ලිම් (110) මුස්ලිම්වරයෙකු සතුරන් මරා දැමීමේ අදහසින් මෙය කරන්නේ නම්, පළමුව: එසේ කිරීමට අවසර නැත. හේතුව, ඔහු සියදිවි නසා ගැනීමට පෙළඹෙන නිසාත්, ඔහුගේ ජීවිතය නැති වන බව ඔහු තහවුරු කරන නිසාත් ය. ආයතන, ළමුුන් හෝ කාන්තාවන් වැනි අසරණයින් ඝාතනය කිරීම සඳහා එසේ ඔහු ඔහුවම පුපුරවා හරින විට ඔහුගේ පාපය වැඩි වේ. දෙවනුව: මෙය කරන ඕනෑම අයෙකු විශ්වාස කරන්නේ අප විසින් තහනම් කර ඇති සියදිවි නසා ගැනීම, වේදනාකාරී ඉරණම සමඟ ඉවසීම නොමැතිකම නිසා නොවන බවය. ඉස්ලාමයෙන් වළක්වන හේතුවක් බවට මෙම තත්වය එම පුද්ගලයා විසින් නිර් මාණය නොකළ යුතු ය. මක්නිසාද යත් ඔහුට ඒ සඳහා සාධාරණනීය සාධකයක් නොමැති බැවිනි. සැබැවින්ම මිනිසා තම ක්‍රියාවන්ට වගකිව යුතු අතර, ඔහු කවර ප්‍රතික්ෂේපයක් මත සිටිය ද, එය ස්වයං පුපුරවා හැරීමට වඩා බරපතල සහ පිළිකුල් සහගත ය. සෑම ආගමක්ම, එහි ජනතාව සමඟ බැඳී පැවතුණ ද, එම ආගම ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් කරන මිනිසුන් නොමැති ආගමක් ඔබට මිහිපිට සොයාගත නොහැක. එම ආගම හෝ එහි සෙසු අය එම ක්‍රියා අනුමත නොකරනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "... තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර් ව නිරීක්ෂක විය." (සූරා අල්-ෆුර් කාන්: 20) උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "...තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත..." (සූරා අල්-අන්ආම්: 164) අපගේ නබි මුහම්මද් තුමාණන් වෙත අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ලැබේවා!
ඒකාබද්ධිත අංකය: 1530
ප්‍රශ්න අංක: 72
මුස්ලිම්වරු මුල් පාපය පිළිබඳ (ක්‍රිස්තියානි) මූල ධර් මය විශ්වාස කරනවාද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
(උරුම පාපය) යන්න යථාර් ථයක් නොමැති මිත්‍යාවක් වන අතර, එය යුදෙව්වන් සහ කිතුනුවන් අතර ශුද්ධ වූ ග්‍රන්ථයේ වෙනස් කළ මිථ්‍යාවන්ගෙන් එකකි. මන්ද ඔවුන් ආදම් සහ හව්වා (ඒවා) මහත් පාපයක් සිදු කර ඇති බවත්, එම තහනම් ගසින් අනුභව කරන්නට ආදම්ව පෙළඹවූයේ බවත් ඔවුන් විශ්වාස කරති. ඔවුන්ගේ බොරු ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙස, ආදම් ඔහුගේ පාපයේ බර දරාගත් අතර, ඔහුගෙන් පසුව ඔහුගේ පරම්පරාවට එය උරුම වූ බවත් ඔවුන් පවසති. තවද ස්ත්‍රිය, ඇගේ ස්වාමිපුරුෂයා වන ආදම්ව රැවටූ බැවින්, ඇයට දඬුවමක් ලෙස ගැබ්ගෙන දරු ප්‍රසූතිය ඇයට අල්ලාහ් නියම කළ බවත්, සර් පයාට දඬුවම ලෙස ඌ බඩ ගා ඇවිදින්නට සලස්වා පස් කෑමට ඉඩ හැරිය බවත් ඔවුන් විශ්වාස කරති. තවද ඊට හේතුව ෂෙයිතාන් ස්වර් ගයට ඇතුළු වීමට අවශ්‍ය වූ විට, සාතන් ඇයව අනුකරණය කළ අතර ආදම්ගේ පාපය නිසා අල්ලාහ් පෘථිවියට ශාප කළ බවද ඔවුන් පවසති. මෙම ව්‍යාජ මිථ්‍යාව යුදෙව්වන්ගේ විකෘති කරන ලද පුස්තකයේ එක් ප්‍රබන්ධයකි.
ඉන්පසුව, කිතුනු දහම මිථ්‍යාදෘෂ්ටික ආගම් වලින් ණයට ගත් ගතිලක්ෂණයක් ලෙස පැමිණීය. එනම්, ඔවුන්ගේ පියාගේ පාපයට මිනිසුන්ට දෙවියන් වහන්සේ අනුකම්පා කළ නිසා, තම පුතාව පූජා කිරීමට අපේක්ෂා කළ බවත් පසුව ඔහු තම පුතාව යවා, ක්‍රිස්තු තුමාගේ ශරීරය තුළ ශරීර ගත වී පසුව ආදම්ගේ පාපයට ප්‍රතිකර් මයක් ලෙස ඔහුව මරා දමා කුරුසියේ ඇණ ගැසීමට ඔහු යුදෙව්වන්ට බලය දුන් බවත්ය.
සත්‍යය නම්, අල්ලාහ් සියලු මැවීම් නිර් මාණය කර, අහස්, පොළව සහ දේවදූතයන් මැවීම පූර් ණවත් කළ පසු, ඔහු මිහිපිට නියෝජිතයෙකු පත් කරන්නට යන බව දේවදූතයන්ට පවසා සිටි විට, දේවදූතයන් ඔහුගෙන් "තන්හාව හා දූෂණය තම ස්වභාවය තුළ ඇති කෙනෙකු එය මත තබන්නේ කෙසේදැ?"යි විමසා සිටියහ. එවිට අල්ලාහ් මලක්වරුන් දෙස බලා, සැබැවින්ම තමන් සර් වඥානී බවත්, මහා ප්‍රඥාවන්ත බවත්, සැබැවින්ම මෙම නියෝජිත මැවීම, ඔහු මිහිමත තම පරම්පරාව ප්‍රජනනය කරන බවත් එහි ඔහුගේ පරම්පරාව අධික වන බවත් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුව පාලනය කරන බවත් ඔවුන් අතර දැහැමියන් සිටින බවත් දන්වා සිටියේය. ආදම් හා ඔහුගේ බිරිය හව්වා තුමිය මැවීමට පෙරම මිහිකත පාලනය කිරීම සඳහාත්, නියෝජිත වගකීම එහි ඉටු කිරීම සඳහාත් තමන් ඔවුන් දෙදෙනාව මිහිකතට පහළ කරන බව ලව්හුල් මහ්ෆූල් නම් සුරක්ෂිත ඵලකයේ අල්ලාහ් නියම කර තිබුණි. පසුව ඔහු ඔහුව මැවූ කල්හි ඔහු ගැනත්, මිහිමත හමුවන ඔහුගේ සතුරා වන ෂෙයිතාන් ගැනත් දැනගැනීම සඳහා ස්වර් ගයෙහි ඔහුව වාසය කෙරෙව්වේය. එය සිදු වූයේ ස්වර් ගයේ ඇති ගස්වලින් අනුභව කරන්නට ඔහු අනුමත දෙ ලදී. අනෙක් ඒවාට වෙනසක් නොවූ එක් ගසකින් අනුභව කිරීම තහනම් කළේය. එසේ ඔහු එයින් ඔහුව තහනම් කළේ ඔහුට පරීක්ෂණයක් හා පිරික්සුමක් වශයෙනි. ෂෙයිතාන් ඔහු රවටා එම ගසින් අනුභව කරන ලෙස ඔහුට බොරු පැවසූ කල්හි, සැබැවින්ම ආදම් තමන් වරදක් කර ඇති බවත් තමන්ට අල්ලාහ් කළ අනතුරු ඇඟවීම තමන්ට අමතක වූ බවත් දැන ගත්තේය. එම වරදින් පශ්චාත්තාපය විය යුත්තේ කෙසේදැයි අල්ලාහ් ඔහුට ඉගැන්වීය. පසුව ඔහු පශ්චාත්තාප වී පාපක්ෂමාව ඉල්ලා සිටියේය. කරුණ එතැනින් අවසන් විය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "තව ද නුඹ ගේ පරමාධිපති, මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. 'අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ?'යි ඔවුහු පැවසූහ. 'නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි' යැයි ඔහු පැවසුවේය." "ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය." "ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අප ට නැත. සැබැවින් ම ඔබ සර් ව ඥානී සර් ව ප්රඥාවන්ත' යැයි (මලක්වරුන්) පැවසූහ." "අහෝ ආදම්! ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු" යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි, "අහස් හි හා මහපොළොවේ ගුප්ත ය සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද?" "පසුව අපි මලක්වරුන්ට 'ආදම් ට සිරස නමනු' යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය." "තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර් ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධ කරුවන් අතරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු." "එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද 'නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත' යැයි අපි පැවසුවෙමු." "පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය." "නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු." (සූරතුල් බකරා 2:30-38)
මේ කතාවේ සිදුවීම් බැඳී ඇත්තේ, අල්ලාහ් මිහිකත මත නියෝජිතයකු මවා, ඔහුගේ ආරම්භක වැඩීම ස්වර් ගයේ නියම කර, පසුව ඔහු ඔහුට උගන්වා, ඔහු ද ඉගෙන ගත් විට, ඔහු ඔහුට ඇතැම් දෑ නියෝග කර, තවත් කිහිපයක් තහනම් කළ කල්හි, ඔහුගෙන් වරදක් සිදු විය. අල් කුර් ආනය එය පාපයක් ලෙස නම් නොකර 'දිල්ලා' - ලිස්සා යාමක් බව සඳහන් කර ඇත. "එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර (ලිස්සා) යැවීමට සැලැස්සුවේය." (සූරා අල්-බකරා 2:36) ඔහු වෙත නියම කරන ලද පරීක්ෂණය තුළට ඔහු වැටුණු කල්හි, එම වරද නිවැරදි කර ගත යුතු ආකාරයත්, තමන් වෙත පශ්චාත්තාප වී නැඹුරු විය යුතු ආකාරයත් අල්ලාහ් ඔහුට ඉගැන්වීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන ඔහුට මඟ පෙන්වා ඔහුට ගෞරව කළේය. ඔහුට පාපක්ෂමා පිරිනැමූ පසු ඔහු කවර කරුණක් වෙනුවෙන් නිර් මාණය කරනු ලැබුවේ ද එම වැදගත් කරුණ පූර් ණවත් කරනු පිණිස ඔහු ඔහුව මහපොළොවට එව්වේය.
යුදෙව්වන්ගේ පුස්තකයේ, 'පුතෙකුට තම පියාගේ පාපය උරුම වන බව හෝ මනුෂ්‍යත්වයට පාපය උරුම වන බව ප්‍රතික්ෂේප කරන' බොහෝ පාඨ තිබේ - එසේ නම් යුදෙව්වන් සහ කිතුනුවන් මෙම බොරුව ගොතා අනුගමනය කරනුයේ කෙසේ ද?
කිසිවකුගේ පාපය තවත් කිසිවකු විසින් නො උසුලන බවත්, තම පියාගේ පාපය දරුවාට උරුම නොවන බවත් අල්-කුර් ආනයේ සඳහන් වේ. කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. "තවද අපි ධර් ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු." (සූරා අල්-ඉස්රා: 15)
මෙම විස්තර කිරීමෙන් පසු අපි නිසැකවම පවසා සිටිනුයේ, උරුම වූ හෝ මුල් පාපය පිළිබඳ ප්‍රශ්නයට පැවැත්මක් නොමැති බවය. නමුත් එය, යුදෙව් ව්‍යාජ මතය මත පදනම් වූ මිථ්‍යාවක් වන අතර, ජේසු තුමා තුළ දේව පැවැත්ම මෙන්ම ආදම් තුමාගේ පාපයට වන්දියක් ලෙස ජේසු තුමාව කුරුසියේ ඇණ ගැසීම හා සම්බන්ධ කිතුනු ව්‍යාජ මතය මගින් තවදුරටත් ශක්තිමත් වේ. එය බොරුවක් මත පදනම් වී ඇති අතර කිසිදු වටිනාකමක් නැත. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සහ අවලාදය සඳහා අපි අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිමු.
සත්‍යය සහ අසත්‍යය වෙන්කර හඳුනා ගන්නා නිර් ණායකයක් තමන්ට පිරිනැමූ, තර් ක හා සාක්ෂි මත පදනම් වූ සත්‍ය දහම තුළින් තමන්ට ගෞරවය කළ, තම ස්වාමියා විසින් හික්මවා ඇති අල්ලාහ්ගේ දහම පිළිපදින, අසත්‍යය හා මිථ්‍යා විශ්වාස පිළිකුල් කරන පුද්ගලයා මෙම මිථ්‍යා විශ්වාසය ගැන අංශු මාත්‍රයක්වත් නො සලකනු ඇත. එය ඔහුගේ සංස්කෘතියට සහ අරමුණුවලට බලපාන්නේ නැති බැවින් එය බොරුවක් බව ඔහු දනී. එමෙන්ම, ඔහු එය දූතවරුන්ට සහ වක්තෘවරුන්ට කරන අපහාසයක් ලෙස සලකයි. ඊට හේතුව එසේ විශ්වාස කරනු ලබන උරුම වූ පාපය හේතුවෙන්, ජේසු තුමා ඔවුන් වෙනුවෙන් දිවි පිදීමෙන් ඔවුන් පිවිතුරු භාවයට පත්වන තුරුම සියලුම වක්තෘවරුන් හා දූතයින් පාපිෂ්ඨයින් වෙති යැයි තීන්දු කිරීමය. එසේනම්, 'ජේසු තුමාගේ යුගයට පෙර මිය ගිය වක්තෘවරුන් පිරිසිදු වන්නේ කෙසේ ද?'
දේව දහම අනුගමනය කරන බුද්ධිමත් පුද්ගලයා මෙම පොදු වැරැද්ද නිවැරදි කිරීමටත්, ඒ හා සම්බන්ධ සහ වෙනත් කරුණුවල පවතින අසත්‍යයෙන් සත්‍යය පැහැදිලි කිරීමටත් උනන්දු වන අතර, ඔහුගේ සැබෑ ආගම ඔහුට උගන්වා වක්තෘවරුන් හා දූතවරුන් පිළිපදින අනුගාමිකයෙකු බවට ඔහුව පත් කිරීම ගැන ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි.
ඒකාබද්ධිත අංකය: 1160
ප්‍රශ්න අංක: 73
මනුෂ්‍යත්වයේ උන්නතිය සඳහා මුස්ලිම්වරුන්ගෙන් යම් දායකත්වයක් තිබේද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
කිසිම ජාතියක දායකත්වයට සම කළ නොහැකි ලෙස මුස්ලිම්වරුන් මනුෂ්‍යත්වයේ උන්නතිය සඳහා දායක වී ඇත්තාහ. පහත සඳහන් මාතෘකා හරහා ඔවුන්ගේ දායකත්වයේ විශාලත්වය හා පුළුල්භාවය සිදු විය.
පළමුවැන්න: ඔවුන්ගේ දායකත්වයෙන් ගොඩනඟන ලද ස්ථානය.
දෙවනුව: ඔවුන්ගේ දායකත්වයෙන් ගෞරවයට පාත්‍ර වූ කාල සීමාව.
තෙවනුව: මානව ශිෂ්ටාචාරයට ඔවුන් කළ දායකත්වයේ විස්තර.
මානව ශිෂ්ටාචාරයට ඔවුන් කළ දායකත්වයෙන් ජනාවාස වූ ස්ථානය සම්බන්ධයෙන් ගත් කල, ඇමරිකානු විශ්ව විද්‍යාලයක හීබෲ භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ජෝර්ජ් බුෂ් - ඇමරිකානු ජනාධිපතිගේ සීයා මෙසේ පවසයි - "ඉස්ලාමීය කාලිෆාවරුන්ගේ රාජ්‍යය ගැන පවසන තරමට ඔවුන්ගේ ශිෂ්ටාචාරය ඔවුන්ගේ කාලය තුළ මුළු ලෝක ගෝලයම අවශෝෂණය කර ගෙන ඇත්තාහ." “රෝමයට වසර අටසියයකින් කළ හැකි වූවාට වඩා, අසූ වසරක කාලය තුළ, පුළුල් රාජ්‍යයන් සහ රටවල් මත තම අධිකාරිය ව්‍යාප්ත කිරීමට එයට හැකි විය. අපි ඔහුගේ -මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)- තුමාණන්ගේ දේශපාලන සාර් තකත්වය අත්හැරියහොත් අපගේ විස්මය තව තවත් වැඩි වේ. ඔහුගේ ආගමේ නැගීම, එහි වේගවත් ව්‍යාප්තිය, එහි අඛණ්ඩ පැවැත්ම සහ එහි ස්ථිර සංස්ථාපිතය ගැන කතා කරන්නෙමු. මුහම්මද් තුමා ඉස්ලාම් ආගමේ නිර් මාතෘ සහ මුස්ලිම් අධිරාජ්‍යයේ නිර් මාතෘවරයා ය." ජෝර්ජ් බුෂ් විසින් රචිත ඒම ග්‍රන්ථය, අරාබි බසට පරිවර් තනය කරන ලද්දේ ආචාර්ය අබ්දුල්ලා ආල්-ෂෙයික් තුමා විසිනි. ඉස්ලාම් ආගමේ නිර් මාතෘ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් බවත්, කිලාෆත් පාලනය අධිරාජ්‍යයක් නොවන බවත් දේවත්වය ප්‍රතික්ෂේප කරන මෙම තැනැත්තා පිළිගන්නේ නැත.
කාලය අනුව: මුස්ලිම් පාලනය වසර 1,340 කට වඩා වැඩි කාලයක් ව්‍යාප්ත ව පැවතින. කුලෆා උර් රාෂිදා පාලන ක්‍රමයෙන් ආරම්භ වී අනුප්‍රාප්තික ඉස්ලාමීය රාජ්‍යයන් අනුගමනය විය. පසුව උමයියා රාජ්‍යය ද, පසුව අබ්බාසි රාජ්‍යය ද පසුව උස්මානීය (ඔටෝමාන්) රාජ්‍යය ක්‍රියාත්මක විය. ක්‍රි.ව. 1923 හිජ්රි 1344 වන තෙක් ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටුණේ නැත. ඉන් අදහස් වන්නේ ඉස්ලාමීය රාජ්‍යයේ පාලනය වසර එක්දහස් තුන්සියයකට වැඩි කාලයක් පුරා පැවතුනු බවයි. වසර දහසක් පුරා බලය සහ ආධිපත්‍යය විහිද වූ රාජ්‍යයක් ගැන ඉතිහාසය දන්නේ නැත. පාලක පවුලේ ගෝත්‍රය හෝ අරාබි හෝ තුර් කි වැනි වෙනස් ජාතීන් හෝ රාජ්‍ය නායකත්වයේ හා එහි අග නුවර පිහිටීම වෙනස් වුව ද එකම ධජය යටතේ වසර දහසකට වඩා ක්‍රියාත්මක වූ පාලනයක් වී නම් එය ඉස්ලාමය විය.
මුස්ලිම්වරු විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයේ අන්තර් ගතය සම්බන්ධයෙන් ගත් කල, එය බුද්ධිය, දැනුම, ආධ්‍යාත්මිකත්වය, ශරීරය සහ සහජ ධර් මතාව සමඟ අනුගත වූ දීප්තිමත්, විස්තීර් ණ සහ විවිධ වූ අන්තර් ගතයකි. මෙම අන්තර් ගතයේ සමහර අංග දීප්තිමත් පැතිවලින් පහත ඉදිරිපත් කරන්නෙමු:
පළමු අංගය: මුස්ලිම්වරු විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ඨාචාරමය දායකත්වය. එය අතිශයෝක්තියෙන් හෝ නොසැලකිල්ලෙන් තොරවූ සාධාරණ මධ්‍යස්ථ ධර්මතාවක් විය. එය වක්තෘවරුන්ගේ ධර් මයයි. පහසුවේ හා සහජතාවේ ධර්මයයි. හදවත බුද්ධිය හා ආත්මය පෝෂණය කරන ධර් මයයි. එය සහජ ධර් මතාව සමග අනුගත වෙයි. ශරීරයට අවශ්‍ය කරන දෑ එය සහතික කරයි. එමෙන් ආත්මය ඉල්ලා සිටින දෑ ද තහවුරු කරයි. මෙය පුද්ගලයෙකු අවශ්‍යතාවකින් තොරව සිටිය හැකි ආගමක් නොවේ. මක්නිසාද යත්, මිනිසා සහජයෙන්ම ආගමික වන අතර, ඔහු කිසි විටෙකත් ආගම ඇදහීම නොනවත්වන බැවිනි. මුස්ලිම්වරු ලෝකයට දිව්‍ය ආගමක් ඉදිරිපත් කළෝය. මානව වර්ගයා තවමත් පිළිපදින සහ ඔවුන්ගේ බුද්ධිමය, විද්‍යාත්මක හෝ සමාජීය මට්ටම් නොසලකා සෑම දිනකම දහස් ගණනක් එහි ඇතුළු වේ. ආගම සහ ආත්මයේ අවශ්‍යතා නොසලකා හරින ලද අපරදිග (බටහිර) මිනිසා, භෞතිකවාදී ශිෂ්ටාචාරය සමඟ කොතරම් දුක්ඛිතද! ඒ නිසා එය මිනිසා දුක්ඛිත තත්වයට පත් කර ඇත. ජීවිතය, බුද්ධිය සහ ශරීරය අනුව ආත්මයේ අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කළ මානව ආගම් සමඟ පෙරදිග මිනිසා කෙතරම් දුක්ඛිත ද?
දෙවන අංගය: මුස්ලිම්වරු විසින් සිදු කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වය තුළ, මුස්ලිම්වරු විසින් මනුෂ්‍ය වර්ගයාට දිව්‍යමය දැනුම හා මානව ඥානය එක් කරන ලද ඒකාබද්ධිත දැනුම සැපයූ අතර, ඔවුන් පෙර සිටි ජාතීන්ගේ ඥානාන්විත කරුණු පිළිබඳ සත්‍ය දේ සමූහයන්ට ප්‍රකාශ කළහ. එම සමූහයන් තුළ තිබූ මිථ්‍යාවන් සහ ව්‍යාජ විද්‍යාවන් අතික්‍රමණය කර එකතු කර ගත්තෝය. ඔවුන් ඔවුන්ගේ කාලයේ දී විස්මිත නව නිපැයුම් හඳුන්වා දුන්නෝය. වර්ෂ 180 දී මියගිය විද්‍යාඥ මුහම්මද් බින් ඉබ්‍රාහිම් අල්-ෆසාරි වැන්නන් ජ්යෝතිඃ ශාස්ත්‍රය සඳහා භාවිතා කරන ලද ඇස්ට්‍රෝලැබ් ඵලකය සෑදීමට උනන්දුවක් දැක්වූහ. වර්ෂ 232 දී මිය ගිය මුහම්මද් බින් මූසා අල්-හඃවාරිස්ම් ද එවැන්නකි. ඔහු වීජ ගණිත විද්යාඥයෙකි. එමෙන්ම මෙම විශිෂ්ට විද්යාඥයාගේ ඇල්ගොරිතම (Algorithm) මත පදනම්ව කෘතිම බුද්ධිය (AI) තවතමත් පවතියි.
ඔවුන් පර්යේෂණාත්මක ක්‍රමය එහි නවීන අර්ථයෙන් ලෝකයට ඉදිරිපත් කළ අතර එය බටහිර ශිෂ්ටාචාරය සමකාලීන නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට හේතු වූ පර්යේෂණ ක්‍රමය විය. යුරෝපීය වංශවත් පුතුන් පවා කුර් තුබි, බග්දාද් සහ ෂාම් හි මුස්ලිම් විශ්ව විද්‍යාලවල විද්‍යාව හැදෑරුහ.
තුන්වන අංගය: මුස්ලිම්වරු විසින් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට සම්පූර් ණ යුක්තිය සහ සෑම නීත්‍යානුකූල පුද්ගලයෙකුගේම අයිතීන් සුරැකෙන ඒකාබද්ධ නීති සම්පාදනය ඇතුළත් විය. වසර 1,340 ක් පුරාවට විවිධ ජාතී මනුෂ්‍ය වර්ගයා ඉස්ලාමීය රටවල ධජය යටතේ ජීවත් වී ඇති අතර, ඔවුහු යුදෙව්, කිතුනු, බෞද්ධ, සොරොස්ට්‍රි සහ හින්දු වැනි බහු ආගම්වලට අයත් වූහ. ඔවුන් කිසිවකුට ඔවුන්ගේ ජාතිය, ආගම හෝ දේශය හේතු කර ගෙන කිසිදු සීමාවක් ඔවුන්ට පැනවූයේ නැත.මක්නිසාද යත් මුස්ලිම්වරු සර් ව බලධාරියාණන්ගේ ප්‍රකාශයෙහි අන්තර් ගතයට අනුගත වන බැවිනි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය." (සූරා අල්-මාඉදා: 8) එම රාජ්‍යය ඔවුන්ගේ ආගම, දේපළ සහ මුදල් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ සෙසු වගකීම් ද භාර ගත්තේය. කසකස්තානයේ හෝ ඇන්ඩලූසියාවේ (ස්පාඤ්ඤයේ) ක්‍රියාත්මක වූ නීති සම්පාදනය මක්කාවේ හා මදීනාවේ ක්‍රියාත්මක වූ අතර සියලු දෙනාම එකම නීතියකට ඇතුළත් වුහ. මෙම නීතියට සිවිල්, ආගමික, දේශපාලනික, යුදමය සහ සමාජීය අයිතිවාසිකම්, දේපළ උරුමය සහ උරුමයන් බෙදීම ඇතුළත් විය. - මෙම ක්‍රමයට සමීප හෝ සැසඳිය හැකි, අද දක්වා ලෝකයේ උරුමයන් බෙදීම සඳහා ඒකාබද්ධ ක්‍රමයක් නොමැත.- බොහෝ රටවල අද දක්වාම, පුද්ගලයෙකු සතු තම සියලු ධනය තම බල්ලාට ලබා දී, තම දරුවන්ට එය අහිමි කිරීමට ඔහුට හැකි ව තිබේ. මෙම නීතිය සෑම කෙනෙකුම පිළිගත් එකක් විය. ඒ අතරම සෑම රටකටම ඔවුන්ගේම නීතියක් ඇති බව අපට පෙනී යයි. නමුත් ඔවුන් එකම නීතියකට එකඟ නොවෙති. ඔවුන්ගේ නීතිවල කිසිවෙකුට සැඟවිය නොහැකි අසාධාරණය, ජාතිවාදය සහ අපරාධ දක්නට තිබේ. ඒවා කිසිවෙකුට සැඟවී නැත. ද්‍රව්‍යමය ශිෂ්ටාචාරය අප්‍රිකාවෙන් සොරකම් කළ මිලියන ගණනක වහලුන් පදනම් කර ගනිමින් මිස වෙනත් කිසිවක් මත ස්ථාපිත වූයේ ද? ඔවුන්ගේ ආර් ථිකය ඔවුන් විසින් කොල්ලකන ලද දෑ මත පදනම් කරගනිමින් මිස වෙනත් කිසිවක් මත ස්ථාපිත වූයේ ද? දුර් වල රටවල ආර්ථිකයන්ගෙන් දිගින් දිගටම ඔවුන් කොල්ලකෑම, ඔවුන්ගේ සම්පත් ඉවතට ගැනීම සහ ඔවුන්ගේ පතල් සහ ධනය සූරාකෑම දිගින් දිගටම පැවතින. ඒවාට ඉහළින් දුප්පත් රටවල් යැපෙන රටවල් වීම, ඔවුන් ඉලක්ක කළ නිසා ඔවුන්ව පාරිභෝගික ව්‍යාපෘතිවල නියැලීමට පමණක් දිරිමත් කරමින් සංවර් ධන ව්‍යාපෘතිවලින් ඔවුන්ව වළක්වන්න උත්සාහ කළේය. මෙය යුක්ති ධර් මය වන්නේ ද?
සිව්වන අංගය: මුස්ලිම්වරු විසින් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට අධ්‍යාපනික හා සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වන වෛද්‍ය විද්‍යාව ද ඇතුළත් විය. සෑම ඉස්ලාමීය නගරයකම රෝහල් පිහිටා තිබූ අතර වෛද්‍යවරු මෙන්ම අල්-මන්සූර් සහ අල්-රෂීඩ් වැනි සමහර කලීෆාවරුන් පවා ස්වභාවික විද්‍යාවන් කෙරෙහි තම අවධානය යොමු කළහ. මුස්ලිම්වරු බස්රා, කුෆා, බැග්ඩෑඩ් සහ දමස්කස් නගරයන් හී වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා පාසල් පිහිටුවා ගත් අතර, ඔවුන්ගේ වෛද්‍ය කෘතීන් සහ ප්‍රතිකාර ක්‍රම තවමත් පොත්වල සංරක්ෂණය කර ඇත. ඒ අතරම ඉස්ලාමීය නගරල්, රෝහල් සංඛ්‍යාවෙන් තරඟ වදින විට, එකල යුරෝපය එවන් රෝහල් පිළිබඳ දැන සිටියේ නැත.
පස්වන අංගය: මුස්ලිම්වරු විසින් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට සෑම කලාවකම හා විද්‍යාවකම නවීන චින්තනය සහ ලේඛන ඇතුළත් විය. විද්වතුන්ට සහ කතුවරුන්ට සම්මාන සහ ප්‍රදාන පිරිනැමීමට කලීෆාවරු සහ පාලකයෝ තරඟ කළහ. කලීෆා පාලකයින්ගේ සභාව යනු විවිධ ආකාරයේ සිතුවිලි, කවි සහ විද්‍යාත්මක කරුණු සාකච්ඡා කරන ලද බුද්ධිමය සංසදයන් විය. පුස්තකාල ගොඩනැගීම, ඒවාට පොත්පත් සැපයීම, ඒවාට සේවකයින් පත් කිරීම සහ පුණ්‍ය කාර්‍යයක් ලෙස ඒවා නියම කිරීම සඳහා කලීෆා පාලකවරු තරඟ කළහ. මෙම අංශ: ලිවීම, පුස්තකාල, පරිත්‍යාග මෙන්ම විද්‍යාත්මක හා බුද්ධිමය සංසද ඉතා ශ්‍රේෂ්ඨ, බොහෝ සහ විවිධ විය. ඒවායේ වටිනාකම වටහා ගනුයේ මෙම ක්ෂේත්‍රය සහ අනෙකුත් දීප්තිමත් ක්ෂේත්‍රවල මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය කියවන අයට පමණි.
හයවන අංගය: මුස්ලිම්වරු විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට ඇතුළත් වන තවත් කරුණක් වන්නේ: කාන්තාව පිළිබඳ අවදානය යොමු කර තිබීමය. ඉස්ලාම් ඇයව පිරිමින්ගේ සහෝදරිය ලෙස සලකන අතර, ඇයට පිරිමින්ට සමාන වගකීම් ද පැවරීය. පිරිමියා සතු මෙන්ම අයිතිවාසිකම් ඇයට ද පිරිනැමීය. සෑම වර් ග යකටම ඒ ඒ වර් ගයට ගැලපෙන දෑ අනුව එහි අයිතිවාසිකම් නියම කර ඇති අතර එය ඔවුනොවුන්ගේ ස්වභාවය සහ මැවීම අනුව පිහිටයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් දේව විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද, එවිට ඔවුහු ස්වර් ගයට පිවිසෙති. ඉඳි ගෙඩියේ සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති." (සූරා අන්-නිසා: 124) ඇගේ භාරකරුගෙන්, පියාගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් ඇයගේ නඩත්තුව ඇයට සහතික කළ අතර, විවාහක යුවළ දෙදෙනාටම විවාහය පොදු අවශ්‍යතාවක් වුවද, ඇයව විවාහ කර ගන්නා විටදී ඇයට 'මහර්' නම් විවාහ ත්‍යාග මුදලක් පිළිගැන්වීම, ඇයට සුදුසු නිවාස ලබා දීම ස්වාමිපුරුෂයා සතු වගකීමක් බවට පත් කළේය. ඇයට සේවිකාවක් අවශ්‍ය නම්, ඔහු ඇයට සේවය කිරීම සඳහා කෙනෙකු ලබා දිය යුතුව ඇත. ඇය සම්බන්ධයෙන් පිරිමින් හට අල්-කුර් ආනීය පාඨ හා බොහෝ හදීස්වල උපදෙස් දෙනු ලැබ ඇත. ඒ අතර යුදෙව්වන් සහ කිතුනුවන් ආදම්ගේ පාපයට හේතුව කාන්තාවන් බව විශ්වාස කරති. එබැවින් ඔවුන් ඇය සමඟ කටයුතු කරන්නේ මෙම පදනම අනුව ය. කිතුනුවන් මෑතක් වන තුරුම කාන්තාවන්ට ආත්මයක් තිබේද නැද්ද? යන්න පිළිබඳව එකඟ නොවුහ. ඔවුන් නිගමනය කළේ ඇයට ආත්මයක් ඇති නමුත් එය යක්ෂ ආත්මයක් බවය. අද වන විට සුදුසුකම් හා රැකියාව සම්බන්ධයෙන් ඔවුන් එකඟ වුව ද ඇයගේ තරාතිරම පිරිමියෙකුගේ තරාතිරමට වඩා අඩු බව නිගමනය කරති.
හත්වන අංගය: මුස්ලිම්වරු විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ඨාචාරමය දායකත්වයට ඇතුළත් වන තවත් කරුණක් නම්: ඉස්ලාමීය සමාජවල සියලුම සාමාජිකයින් විසින් භුක්ති විඳින ඉහළ සුඛෝපභෝගීත්වයයි. ජනතාවගේ යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වක්ෆ් හෙවත් පුණ්‍යභාර සම්බන්ධයෙන් ඔවුන් විශිෂ්ටත්වය දැක්වූහ. මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හා දුප්පතුන්ගේ සේවා ඉටු කරලීමට මෙම පුණ්‍යාභාරය පිහිටීය. පීඩිතයන් සහ උමතු වූවන් සඳහාත් රොගීන්ගේ ප්‍රතිකාර වියදම් ගෙවිය නොහැකි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත් මේවා වියදම් කරනු ලැබීය.
අටවන අංගය: මුස්ලිම්වරු විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට ඇතුළත් වන ඊළඟ කරුණ පිරිසිදුකමය. ඉස්ලාමයේ පිරිසිදුකම යනු බහුදේවවාදය, දේව ප්‍රතික්ෂේපය, ඊර්ෂ්‍යාව සහ අනෙකුත් පිළිකුල් සහගත සදාචාරයන්ගෙන් හදවත පිරිසිදු කර ගැනීමෙන් සහ ශරීරයේ පිරිසිදුකමෙන් කෙනෙක් ආරම්භ කරන ඒකාබද්ධ පද්ධතියකි. ජුමුආ සලාතය සඳහා සෑම සතියකම ස්නානය කිරීම මුස්ලිම්වරයකුට අනිවාර්‍යය වේ. එසේ සෑම සතියකම ස්නානය කිරීම අනිවාර්‍යය කරන ලද සමාජයක් ඔබ දැක තිබේ ද? එමෙන්ම ස්වාමිපුරුෂයා හා බිරියට ඔවුන් සංසර් ගයේ නිරත වීමෙන් පසු ස්නානය කිරීම ද අනිවාර්‍යය කර තිබේ. නිවාස, ගෘහ භාණ්ඩ, මිදුල සහ මාර් ග පිරිසිදුව තබා ගන්නා මෙන් ඉස්ලාම් පවසා සිටියි. ඇන්ඩලූසියාවේ නගරවල අපද්‍රව්‍ය බැහැර කිරීමට, ඇළ මාර් ග තිබූ අතර මෙම ජලය පැරිසියේ වීදි හරහා ගලා ගියේය. රාත්‍රියේ ආලෝකය දල්වන ක්‍රමවේදයක් පැරිසිය දැන නො සිටි අතර පරිසර දූෂණයෙන් පීඩා වින්දේය. ඒ අතර ෆෙස්හි වීදි ආලෝකමත්, පදික වේදිකාවලින් සමන්විත පිරිසිදු තත්ත්වයේ තිබුනි. ස්පාඤ්ඤ ජාතිකයන් ඉස්ලාමීය නගරවලට ඇතුළු වූ විට, ඔවුන් එහි වාෂ්ප නාන ස්ථාන දුටු නමුත්, ඔවුන් ඒවා දැන සිටියේ නැත. එය මුස්ලිම්වරුන්ගේ ආගමික ස්ථානයක් යැයි සිතා ඔවුන් එය කඩා දැමුවෝය.
නවවන අංගය: මුස්ලිම්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ශිෂ්ටාචාරමය දායකත්වයට සාමය සහ සමාදානය ද ඇතුළත් විය. මුස්ලිම් ශිෂ්ටාචාරය න්‍යෂ්ටික අවි හෝ විෂ හා මහා විනාශකාරී ආයුධ නිෂ්පාදනය නො කළේය. රටක එහි දරුවන් සහ කාන්තාවන් කුසගින්නෙන් හා රෝගවලින් මිය යන තරමට මුස්ලිම්වරු රටක් වටලා ඇති බවක් දැන ගන්නට නැත. සමූහ මිනීවලවල් ගැන හෝ ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානු වැසියන්ගෙන් ඇමරිකාව පිරිසිදු කිරීමට භාවිතා කරන ලද හෝ නූතන යුගයේ වෙනත් රටවල් ආක්‍රමණය කළ ආක්‍රමණික හමුදාවන් විසින් භාවිතා කරන ලද වාර් ගික ශුද්ධ විත්‍ර කිරීමේ අපරාධය ගැන මුස්ලිම්වරු දැන සිටියේ නැත.
ශිෂ්ටාචාරමය දායකත්වය යනු, කලින් සඳහන් කළ පරිදි සහ අප ඉදිරිපත් කළ පරිදි, ජාතිවාදය, අසාධාරණය හෝ ජන සංහාරයන් නොදන්නා උත්තරීතර, විස්තීර් ණ, විවිධාකාර, නිර් ණාත්මක, සාධාරණ හා සමබර දායකත්වයකි.
ඉස්ලාමීය ශිෂ්ටාචාරය තුළ මෙම වෙනස ඇති වන්නේ මන්දැ?යි ඔබ අසනු ඇත. එබැවින් මම මෙසේ කියමි: ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ආරම්භක ලක්ෂය, පදනම සහ මූලධර් ම ශ්රේෂ්ඨ, ඒකාබද්ධ හා විස්තීර් ණ ආගමකින් පැන නගින්නකි. එය ලෝවැසියන්ගේ පරමාධිපතිගේ ආගමයි. ඉස්ලාම් හෙවත් සාමයේ දහමයි. එය එහි විශ්වාස, යුතුකම්, නීති, මැවුම්කරුගේ අයිතිවාසිකම්, මැවීම්වල අයිතීන්, මෙලොව යහපත සහ පරලොව යහපත, ආගමට සම්බන්ධ කරුණු, මෙලොවට සම්බන්ධ කරුණු, මුස්ලිම්වරයාට අදාළ කරුණු සහ මුස්ලිම් නොවන අයට අදාළ කරුණු යනාදී සියල්ල ගැන සැලකිලිමත් වන්නකි. අල්ලාහ් පවසන පරිදි ඔහු එය මෙසේ සහතික කරයි: "... පුස්තකයේ අපි කිසිවක් අත් නො හැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති." (සූරා අල්-අන්ආම්: 38)
මේ පිළිබඳ හදීස්, බොහෝ පොත්වල විස්තර කර ඇත. ඒ අතරින් කුඩා සාරාංශිත පොත් වෙත යොමු වී බලමු. අපගේ නායක මුහම්මද් නිතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය ලැබේවා.
බලන්න: අබ්දුර් රහ්මාන් හබන්කා අල්-මයිදානිගේ "අල් හළාරා ඉස්ලාමිය්යා" (ඉස්ලාමීය ශිෂ්ටාචාරය) 549-579 පිටු, සහ මුහම්මද් බින් අබ්දුල්ලා අල්-සුහයිම්ගේ "අල්-හළාරිය්යා ෆිල් ඉස්ලාම්" ඉස්ලාමයේ සංස්කෘතික වටිනාකම් නම් ග්‍රන්ථ.
ඒකාබද්ධිත අංකය: 1320
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්නොත්තර ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න.
කොටස: ආගම් හා නිකායන්
ප්‍රශ්න අංක: 132
එක පොතක් අනුගමනය කරන විට මුස්ලිම්වරු කණ්ඩායම් හා නිකාය වශයෙන් බෙදී සිටින්නේ ඇයි?
පිළිතුර:
වැදගත් කරුණ (1)
මෙම ප්‍රශ්නයට පිළිතුර කරුණු පහකින් සමන්විත වේ. එනම්:
පළමුවැන්න: බෙදීම සහ මතභේද යනු අල්ලාහ් ඒ මත මනුෂ්‍යත්වය මැවූ විශ්ව නීතියකි: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එක ම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙස ම සිටිති." "එහෙත් නුඹගේ පරමාධිපති ආශිර් වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන් ම ඔහු ඔවුන්ව මැව්වේ ය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර් ණවත් විය." සූරා හූද්: 118,119 ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: යුදෙව්වන් කණ්ඩායම් හැත්තෑ එකකට හෝ හැත්තෑ දෙකකට බෙදී ගියේය. කිතුනුවන් ද එලෙසමය. මාගේ සමූහයා කණ්ඩායම් හැත්තෑ තුනකට බෙදී යනු ඇත. (මෙය ඉමාම් තිර් මිදි විසින් වාර් තා කර ඇති අතර මෙය හසන් සහීහ් ගණයට අයත් හදීසයක් බව පවසා සිටියි.)
දෙවනුව: එකඟ නොවීම තුළ, එහි අනුගාමිකයින් එකඟ නොවූ ආගම සැබවින්ම අල්ලාහ් වෙතින් වූවක් නම්, එය විවේචනයට ලක් නොවේ, සැබැවින්ම එසේ විවේචනයට ලක් වනුයේ සත්‍ය ආගමෙන් ඉවත්ව සමාජය අත්හරින තැනැත්තා ය.
තෙවනුව: 'මිනිසුන් මතභේද ඇති කර ගන්නේ නම් අප සිටිය යුත්තේ කා සමග ද? භේද බින්න වන්නන් අධික වූ විටෙක සත්‍යය ඇත්තේ කා සමග ද?' යන්න දේව දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, අපට පැහැදිලි කර දුන්හ. එතුමාණෝ බෙදීම් සම්බන්ධව මෙනෙහි කිරීමෙන් පසු සත්‍යය මත සිටින එක් කණ්ඩායමක් හැර සෙසු සියලු කණ්ඩායම් නොමග සිටින බව ද පැහැදිලි කළහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. "එක් පිළිවෙතක් හැර සෙසු සියලු දනන් නිරයේ වෙති." එවිට ඔවුහු "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක්දැයි විමසුවෝය. එතුමාණෝ: 'මා හා මාගේ මිතුරන් කවර කරුණක් මත සිටින්නේ ද එය වේ' යැයි පැවසූහ. (සුනන් අත්-තිර් මිදි (2641) සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. සැබැවින්ම ආගම් ලත් ජනයා, ඔවුන්ගේ දහම තුළ පිළිවෙත් හැත්තෑ දෙකකට බෙදී ගියහ. සැබැවින්ම මෙම සමූහයා පිළිවෙත් හැත්තෑ තුනකට බෙදී යනු ඇත. -එනම්: ඔවුන්ගේ ආශාවය- නමුත් එකක් හැර සෙසු සියල්ල අපා ගින්නේ වෙති. එය සාමුහික පිළිවෙතයි. මුස්නද් අහ්මද් (16937), අබූ දාවූද් (4597).
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. "ඇත්තෙන්ම ඔබ අතරින් කිසිවකු හෝ ජීවත්ව සිටින්නේ ද ඔහු භේද බොහෝමයක් දකිනු ඇත. නවක ආගමික කරුණු පිළිබඳ ඔබ ප්‍රවේසම් විය යුතුය. සැබැවින්ම ඒවා නොමග යෑමකි. ඔබ අතරින් කිසිවකු හෝ එවන් තත්ත්වයක් ලබන්නේ ද එවිට ඔහු මාගේ පිළිවෙත හා යහමග හිඳ යහමග ලැබූ කලීෆා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදිය යුතුය. ඒවා චාර්වක දත් මගින් තදින් විකා ගනු." (සුනන් අත් තිර්මිදි (2676), සුනන් ඉබ්නු මාජා (43)) මෙය හසන් සහීහ් ගණයට අයත් හදීසයක් බව තිර් මිදි තුමා දන්වා සිටියි. මෙම පිරිස සැබෑ ඉස්ලාමය නියෝජනය කරයි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සගයන් ජීවිතයේ සෑම අංශයකම අනුගමනය කළ සත්‍යය පිළිවෙතයි. ඔවුන් අහ්ලුස් සුන්නා වල් ජමාඅත් අය වෙති.
හතරවනුව: යුදෙව්වන් සහ කිතුනුවන් භේද වී ගිය අතර, ඔවුන්ගෙන් කිසිදු කණ්ඩායමක් සත්‍යය අනුගමනය නොකළෝය. මෙම ආගමේ සහ ඉස්ලාමීය සමාජය තුළ, එහි පිරිසක් අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් සත්‍ය ආගමට ඇලී සිටිනු ඇත. එය දේව දූතයාණන් ශුභාරංචි දන්වා සිටි පරිදි ය: “මගේ සමාජයේ කණ්ඩායමක් සත්‍යය මත පිහිටා සිටිති. ඔවුන් අපහාස කරන්නන්ගෙන් ඔවුන්ට හානියක් නොවනු ඇත. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් ඔවුන් එලෙසම සිටිති." (සහීහ් මුස්ලිම්: 170) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට ඔවුන් අපේක්ෂා කරති. තවද ප්‍රතික්ෂේප කළවුන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර් ණවත් කරන්නාය.” “දේව ආදේශකයෝ පිළිකුල් කළ ද, යහමග හා සත්‍යය දහම සමග, සියලු දහම් වලට වඩා එය ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්ව) එවා සිටියේ ඔහුය.” (සූරා අස්-සෆ්: 8,9)
පස්වනුව: ඉස්ලාමයේ පවතින මත භේද වර් ග දෙකකි: 1.අවසර ඇති භේදය. එයට එකඟ නොවන්නා නොමග ගිය හෝ අපගමනය ගිය අයකු ලෙස නොසැලකේ. එය ඇතැම් ෆික්හ් හෙවත් ආගමික නීති සම්බන්ධයෙන් වන මතභේද වැනිය. එනම් පිරිසිදුකම, සලාතය, වෙළඳ ව්‍යාපාරය පිළබඳ තීන්දු දීම වැනි ප්‍රායෝගික ක්‍රියාකාර කම්වල ඇති අතිරේක ක්‍රියාවන්හි ගැටලු මෙනි. මෙම භේදයට හේතුව කරුණු වටහා ගැනීමේ පවතින වෙනස ය. සමහරුන්ගේ බුද්ධිය, වටහා ගැනීමේ හැකියාව ඉතා පුළුල් හා සියුම් වන බැවින් අන් කිසිවකු මග නොපෙන්වනු ලබන දෑ වෙත ඔහු මග ලබනු ඇත. එමෙන්ම ඇතැම් විට එය වෙනත් සාධක සමග සිටිය දී තවත් සාධක සැඟවී තිබීම විය හැකිය. මතභේදයට තුඩු දුන් මෙම ගැටලු වර් ගය වනාහි, එය විද්වතුන්ගේ ගවේෂණ කිරීමේ හැකියාව අතරින් වන්නකි. දෙවන වර් ගය, තහනම් කරනු ලැබූ භේදයයි. එය අනේක අල් කුර් ආන් පාඨ තුළ හෙළා දැක ඇත. ඒ අතරින් උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශ කිහිපයක් මෙසේය: "සැබැවින්ම තම දහම බෙදා, වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි, ඔවුන් සමග නුඹට කිසිදු සම්බන්ධයක් නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙතය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වනු ඇත." (සූරා අල්-අන්ආම්: 159) උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: "ඔවුහු තම දහම (කැබලිවලට) බෙදා වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටු වන්නෝය." "මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර් වාදය රස විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතුරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති." (සූරා අර්-රූම්: 32,33) දිව්‍ය පණිවිඩ මෙහෙය, දේව විශ්වාසය, ඉරණම, ගුණාංග සහ නබි සහචරයින් වැනි ප්‍රධාන ගැටලුවල ඇති වන භේදයයි. මෙම ප්‍රශ්නවල ඔවුන්ගේ භේදය ඔවුන්ව ඉස්ලාම් කවයෙන් ඉවත් කිරීමක් ලෙස සැලකේ. මන්ද එය පූර් ගාමීන්ගේ සම්මුතියට පටහැනි වන අතර සමහර ඒවා එසේ නොසලකන දෑ ද ඇත. අපගේ නබි මුහම්මද් තුමාණන් වෙත ශාන්තිය හා සමාදානය අත් වේවා!
ඒකාබද්ධිත අංකය: 80
ප්‍රශ්න අංකය: 135
වෙනත් ප්‍රතිපත්ති පිළිබඳ ව ඉස්ලාමය පිළි ගන්නේ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ආගමික ප්‍රතිපත්තීන් සහ එම ප්‍රතිපත්ති දරන පුද්ගලයින් අතර වෙනස අපි හඳුනාගත යුතුය. එබැවින් අපි මෙසේ කියමු: යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, බුද්ධ ධර්මය, හින්දු ආගම වැනි අනාගතවක්තෘවරුන්ගේ සහ පණිවිඩකරුවන්ගේ ආගමට පටහැනි සෑම ප්‍රතිපත්තියක්ම ඒවා සාවද්‍ය සහ දූෂිත විශ්වාසයන් (ප්‍රතිපත්තීන්) වේ. එහි වැසියන් අල්ලාහ් පමණක් විශ්වාස කරන තෙක් සහ අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් තුමාණන් ඔහුගේ දූතයා බවටත් සාක්ෂි දරන තෙක් ඔවුන්ගේ අවංකභාවය හෝ යුක්තිය පිළිගන්නේ නැත. අල්ලාහ් අබියස ඒ සියලු ආගම් නිෂ්පළ දෑ වෙති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතරින් කෙනෙකි.” (සූරා ආලු ඉම්රාන් :85) අල්ලාහ් අබියස සත්‍යයක් බව සලකනු ලබන දහම වනුයේ ඉස්ලාමයයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය ඔවුන් වෙත ඥානය පැමිණි පසු ව ඔවුන් අතර තිබූ ඊර් ෂයාව හේතුවෙන් මිස ඔවුහු භේද නොවූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.” (සූරා ආලු ඉම්රාන්: 19)
මෙම ආගම් අනුගමනය කරන්නන් වනාහි, ඔවුනට ඇතැම් කරුණු පෙන්වා දීම මුසිලිම්වරයෙකු සතු වගකීමකි.
පළමුවැන්න: ආගමානුගත කරන ලද ක්‍රමවත් මාර් ග තුළින් ඉස්ලාමය වෙත ඔවුනට ඇරයුම් කිරීම, ඔවුන් ජීවත්වන දේව ප්‍රතික්ෂේපයෙන් ඔවුන් මිදෙන තෙක්, අල්ලාහ් වෙත යොමු කෙරෙන ඍජු මාර් ගයේ ඔවුන් ගමන් කරන තෙක්, ඔවුන් ස්වර් ගය හිමිකර ගනිමින් ජය ලබා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කුරීරු දඩුවමින් ඔවුන් ආරක්ෂාව ලබන තෙක් අල්ලාහ්ගේ දහම ඔවුනට පැහැදිලි කිරීම ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි. "නුඹේ පරමාධිපතිගේ මාර් ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර් ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර් ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද යහ මග ගියවුන් පිළිබඳ ව ද ඔහු මැනවින් දන්නාය." (අන්-නහ්ල්: 125) ඉස්ලාමය වෙත කරන ඇරයුම බල කිරීමකින් නොවිය යුතුය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද, එවිට ඔහු ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේ ය. එයට විසන්ධි වීමක් නොමැත. තවද අල්ලාහ් සර් ව ශ්‍රාවක ය; සර් ව ඥානී ය." (සූරතුල් බකරා :256)
දෙවනුව: මුස්ලිම්වවරයා ඔවුන් වෙත සාධාරණ විය යුතු අතර ඔවුන්ව පීඩාවට පත් කිරීම හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැර හැරීම හෝ නොකළ යුතුය. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය." (සූරා අල්-මාඉදා: 8)
අන්‍ය ආගමික ජනයා මුස්ලිම්වරයෙක් සමග හොදින් කටයුතු කර, ඔහුට අපරාධ නොකරන තාක් කල් ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමට, ඔවුන්ට කරුණාව දැක්වීමට, ඔවුන්ට අනුකම්පා කිරීමට, ඔවුන් සමඟ හොඳින් කටයුතු කිරීමට, ඔවුන්ට කරදර කිරීමෙන් වැළකී සිටීමට සහ ඔවුන්ට කරුණාවන්ත වචන කතා කිරීමට මුස්ලිම්වරයෙකුට නියෝග කරනු ලැබ ඇත . මත්පැන් විකිණීම, පොලිය හා බැඳී ගනුදෙනු කිරීම වැනි ආගමික වශයෙන් තහනම් කරනු ලැබූ කරුණුවල දී ඔවුන් සමග අන්‍යෝන්‍යව කටයුතු නොකළ යුතුය. එමෙන්ම ඔවුන් සමඟ ගනුදෙනු කිරීමෙන් මුස්ලිම්වරයකු නින්දාවට පත් නොවිය යුතුය. අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය හිමි වේවා!
ඒකාබද්ධිත අංකය: 1790
ප්‍රශ්න අංකය: 139
ඉස්ලාමයේ සහ ක්‍රිස්තියානි ආගමේ යම් සමානකම් දකින්නේ ඇයි?
පිළිතුර:
වැදගත් කරුණ (1)
සියලුම දිව්‍යමය පණිවිඩ, ප්‍රතිපත්තිමය මූලධර්මවලට එකඟ වෙයි. එනම්, අල්ලාහ් පිළිබඳව, ඔහුගේ දූතයෝ, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ ධර්ම දූතයෝ සහ අවසාන දිනය පිළිබඳ විශ්වාසය සම්බන්ධයෙන් එකඟ වෙයි. එමෙන්ම බහුදේවවාදය, දේව ප්‍රතික්ෂේපය සහ කුහකකම තහනම් කිරීම සම්බන්ධයෙන් ද එකඟ වෙති. කාමමිථ්‍යාචාරය, සම ලිංගික සේවනය, සූනියම්, ඊර්ෂ්‍යාව, වංචාව, මිනිසුන්ගේ ධනය අයුක්ති සහගත ලෙස පරිභෝජනය කිරීම, ශූකර මාංශ ආහාරයට ගැනීම සහ මත්පැන් පානය වැනි දුරාචාර ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකනු ලබයි. ත්‍යාගශීලීත්වය, නිහතමානීකම, ලැජ්ජාව, ධෛර්යය, මිනිසුන්ට කරුණාව දැක්වීම, දෙමව්පියන්ට කරුණාව දැක්වීම සහ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් වියදම් කිරීම වැනි ප්‍රශංසනීය සෑම චරිතයක්ම අණ කරයි. මසුරුකම, බියගුලුකම, කෑදරකම, බොරු කීම, නින්දා කිරීම සහ කේලාම් කීම වැනි සෑම නින්දා සහගත ගුණාංගයක්ම එය තහනම් කරයි.
ඉස්ලාමය සමග යුදෙව් සහ කිතුනු ආගම් එකඟතාවයට එන ඇතැම් ස්ථාන ඔබ දකින්නේ, ඒ්වා එම ආගම් දෙකෙහි පවතින, විකෘති කිරීමට හෝ වෙනස් කිරීමට භාජනය නොවූ කරුණුය. සැබැවින්ම මේ සියලු පණිවිඩවල මූලාරම්භය එකක් බවත්, ඒවා අල්ලාහ්ගෙන් වූවක් බවත්, මෙය පෙන්වා දෙන අතර එය සනාථ කරයි. මිනිසා ඉස්ලාමයේ සත්‍යය අනුගමනය කළ යුතුය, එය මෝසෙස් සහ ජේසුස් වහන්සේගේ පණිවිඩයේ දිගුවකි. දේව ප්‍රතික්ෂේපය, බහුදේවවාදය සහ නොමග යෑමෙන් ඉවත් විය යුතුය.
අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරුන්ට සහ ඔහුගේ ආගමට එරෙහිව සිදු කරන වැරදි, මැවීම්වලට කරන අපරාධ, පොළිය අනුමත කර ගැනීම වැනි ඉස්ලාමයට පටහැනි දැයින් යමක් මේ ආගම් දෙකෙහි පාඨකයා සොයා ගන්නේ ද, එය යුදෙව්වන්ගේ අපරාධ හා ඔවුන් විසින් ගොතන ලද ප්‍රබන්ධ වේ. ත්‍රිත්වය, කුරුසයේ ඇණ ගැසීම, මසීහ් තුමා පැහැදිලිව දෙවියන් සහ ගැලවුම්කරුවා සහ ඔහු දේව පුත්‍රයා බව විශ්වාස කිරීම, අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය ප්‍රතික්ෂේප කිරීම, ශූකර මාංශ අනුමත කිරීම, මත්පැන් පානය යනාදී යමක් කිතුනු දහමේ පාඨකයා සොයා ගන්නේ ද ඒවා කිතුනුවන් විසින් සිදු කරන ලද විකෘති කිරීමකි. ඔවුන්ගේ අපරාධයකි, සීමාව ඉක්මවා යෑමකි. එමෙන්ම එය ඔවුන්ගේ මුළාවයි.
මිථ්‍යාදෘෂ්ටිකත්වය කෙරෙහි ක්‍රිස්තියානි ධර් මයේ බලපෑම දැන ගන්නට: ආචාර්ය ආලිමුල් ෆවාඉද්ගේ "හිදායතුල් හියාරී ෆී අජ්වබතිල් යහූද් වන්නසාරා" (යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට පිළිතුරු සැපයීමේදී ව්‍යාකූල වූවන්ට මඟ පෙන්වීම) නම් කෘතිය වෙත යොමු වන්න. (පිටුව: 53) අට වන පාද සටහනේ පර්යේෂකයා විසින් සඳහන් කර ඇත. මම ග්‍රන්ථය කියවා බලන්න: මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් අත්-තනීර්ගේ "අල්-අකාඉදුල් වස්නිය්යා ෆිද් දියානතින් නස්රානිය්යා" (කිතුනු දහමේ මිථ්‍යා විශ්වාසයන්)
ඒකාබද්ධිත අංකය: 1289
ප්‍රශ්න අංක: 140
ඇත්‌තෙන්ම බයිබලය අල්ලාහ්ගේ ග්‍රන්ථය ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
වර් තමානයේ යුදෙව්වන් හා කිතුනුවන් වෙත තිබෙන සම්පූර් ණ බයිබලය අල්ලාහ්ගේ ග්‍රන්ථයක් නොවේ. ඊට හේතුව ඇතැම් වෙනස් කිරීමි එහි සිදු කර ඇති බැවිනි. එසේ වෙනස් නො කරන ලද දෑ අල් කුර් ආනය සමග එකඟවේ. එම ග්‍රන්ථය සඳහා වන මෙම නීතිය සම්පූර් ණ පොත පදනම් කර ගත් දැක්මකි. එනම් එහි ආරම්භයේ සිට එහි අවසානය දක්වාම එලෙසය. එය සැබැවින්ම තව්රාත් හෙවත් තෝරාවේ හා ඉන්ජීල් හෙවත් ශුභාරංචියේ මූලය සත්‍යය වන බැවිනි. මූසා තුමාට පහළ කරන ලද තව්රාතය හා ඊසා තුමාට පහළ කරන ලද ඉන්ජීලය විශ්වාස කිරීම අනිවාර්යය වේ. නමුත් අනුගමනය කළ යුත්තේ අල් කුර්ආනයයි. ඒ දෙකෙහි විකෘති කිරීම්, අමතර එකතු කිරීම්, අඩු කිරීම් හා වෙනස් කිරීම් සිදු ව ඇත. ඒබව පිළිගත් විටෙක, හේතු දෙකක් මත වර් තමානයේ පවතින තව්රාත් හා ඉන්ජීල් පිටපත් අපහාසයට ගැනීම යුතු නැත. පළමුවැන්න: අපහාසයට ලක් නොවන අයුරින්, එහි ඇති වෙනස් නොකරන ලද ප්‍රමාණය ආරක්ෂා කිරීමක් වශයෙනි. දෙක: ග්‍රන්ථයේ මූලය ගැන සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව එය කියවීමට හෝ එහි ඇති දෑ ක්‍රියාවට නැංවීමට හෝ අවසර ඇතැයි මින් අදහස් කරන්නේ නැත. නමුත් ඉස්ලාමය යුක්ති සහගත සාධාරණ දහමකි. එහි සත්‍යය හා අසත්‍යය මුසු වූ යමක් වී නම් එහි විස්තරාත්මකව විනිශ්චය කරනු ලැබේ. ඉමාම් දහබි තුමා මෙසේ පවසයි: "මෝසස්ට දෙවිඳුන් පහළ කළා වූ තෝරාවට අපි ගරු කරමු. අපි එය විශ්වාස කරමු. නමුත් මුළා වූ ඔවුන්ගේ අත්වල ඇති පිටපත්, ඒවා මුල් ස්වභාවය දැයි අපි නොදනිමු. අපි එතැන නතර වෙමු. එහෙයින් ඒවාට ගෞරවයෙන් හෝ අපහාසයෙන් හෝ අප නොසලකමු. නමුත් "අපි අල්ලාහ් කෙරෙහි ද ඔහුගේ සුර දූතයින්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ ධර්ම දූතවරු කෙරෙහි ද විශ්වාස කළෙමු" යැයි අපි පවසමු. එය සමස්තයක් වශයෙන් විශ්වාස කිරීමෙහි අපට ප්‍රමාණවත්ය. අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිවේවා."
බලන්න: "සියරු අඃලාමින් නුබලා" ලිපිය (2/419)
ඒකාබද්ධිත අංකය: 2620
ප්‍රශ්න අංක: 141
මුස්ලිම්වරු දේව දූත ඊසා හෙවත් ජේසු තුමාව හෙළා දකින්නෝ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
මසායා හෙවත් මර් යම්ගේ පුත් ඊසා තුමා මූලික ධර් ම දූතවරුන් පහ අතරින් වූ ධර් ම දූතයෙකි. "උලුල් අස්ම්" හෙවත් ප්‍රධාන පෙළේ උසස් අයෙකි. උලුල් අස්ම් හෙවත් ප්‍රධාන පෙළට අයත් දූතවරු වනාහි: නූහ්, ඉබ්‍රාහීම්, මූසා, ඊසා සහ මුහම්මද් (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!) ඉස්ලාමය තුළ එම දූතවරුන් විශ්වාස කිරීම විශ්වාසයේ මූලිකාංග අතරින් එකකි. සැබැවින්ම ඊසා හෙවත් ජේසු තුමා දේව ගැත්තා හා දේව දූතයා බව විශ්වාස කරන තෙක් පුද්ගලයකුගේ විශ්වාසය නිවැරදි වන්නේ නැත. එය එතුමාට ගෞරවය කිරීමටත් ආදරය කිරීමටත් උසස් තැනක් දීමටත් අවශ්‍ය කරයි. එතුමාව විශ්වාස කිරීම, එතුමාට ආදරය කිරීම හා එතුමාට ගෞරවය කිරීම යනාදිය, එහි ඉක්මවා යෑමෙන් හා එතුමාව දෙවියෙකු හා පරමාධිපතියෙකු ලෙස ගැනීමෙන් වළක්වාලයි.
කිතුනුවන් විශ්වාස කරන්නාක් මෙන් ඊසා හෙවත් ජේසු තුමා දේව පුත්‍රයා නො වන්නේය. නමුත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැතිවරයෙකි. ඔහුගේ දූතයෙකි. මර් යම් තුමිය වෙත හෙළු ඔහුගේ ප්‍රකාශයකි. ඔහුගේ ආත්මය උත්තරීතර අල්ලාහ්ගේ මැවීමෙන් වූ ප්‍රාණයකි. එම ආත්මය අමතර ගරු කිරීමකින් සෙසු දැයින් වෙන් කළේය.
ඊසා හෙවත් ජේසු තුමා මෙන්ම සෙසු ධර් දූතවරුන් ගැන විශ්වාස කරන තුරු පුද්ගලයකුගේ ඉස්ලාමය නිවැරදි වන්නේ නැත. වක්තෘවරුන් අතරින් කිසිදු වක්තෘවරයකු පිළිකුල් කිරීමට ඉස්ලාමය තුළ අනුමත නැත. කවරෙකු යම් වක්තෘවරයකු පිළිකුල් කරන්නේ ද සැබැවින්ම ඔහු දෙවියන් ප්‍රතික්ෂේප කළේය. එම පිළිවෙතින් ඔහු බැහැර විය.
ඒකාබද්ධිත අංකය: 2880
ප්‍රශ්න අංක: 143
ඊසා හෙවත් ජේසු තුමා අල්ලාහ්ගේ පුත්‍රයා ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සුවිශුද්ධ අල්ලාහ් වන ඔහුය ලෝවැසියන්ගේ පරමාධිපති. ඔහුය ආරම්භය, අවසානය, බාහිරය, හා අභ්‍යන්තරය. අල්ලාහ්ගේ පැවැත්ම විය. ඔහුට පෙර කිසිවක් නොවීය. සහීහ් හදීස්වල සඳහන් පරිදි ඔහු සමග කිසිවක් නොවීය. ඔහු ඒකීයය, ඔහු පමණය, ඔහු ස්වාධීනය, ඔහු කිසිවකු විසින් ජනිත වූයේ නැත. ඔහු කිසිවකු ජනිත කළේ ද නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "(නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ස්වාධීනය. ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය." (සූරා අල් ඉක්ලාස්: 1-4) ඔහු කිසිවකුගේ පියකු නොවී නම්, මැවීම් අතරින් කිසිවකු ඔහු සතු පුතෙකු විය නොහැක. ඔහු සුවිශුද්ධය උත්තරීතරය. දරුවෙකු රැගත් තැනැත්තාට උපකාර කරන්නන් සහ ආධාරකරුවන් අවශ්‍ය වේ. මිනිසා, ඔහු සමඟ පොහොසත් වීමටත්, ඔහුගේ පැමිණීම ගැන ප්‍රීති වීමටත් ජීවිතයේ දුෂ්කරතා සඳහා ඔහුට උදව් කිරීමටත් දරුවකු සොයයි. නමුත් පරමාධිපතියාණන් වනාහි, අහස්, පොළොව සහ ඒවායේ ඇති සියල්ලේ ආධිපත්‍යය ඔහු සතු ය. එබැවින් ඔහුට දරුවකුගේ අවශ්‍යතාවයක් නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහුව ග්‍රහණය නො කරයි. අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය..." (සූරා අල්-බකරා 255) ඔහු සදා ජීවමානය. සෑම ජීවියෙකුම තම පැවැත්ම සහ ජීවය ලබා ගන්නේ ඔහුගෙනි. ඔහු සදා පැවැත්ම ඇත්තාය. පැවැත්ම හා ස්වයංපෝෂීභාවය වෙනත් කිසිදු ජීවියකුට නොමැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය." (සූරා සබඃ: 1) අහස් හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු වූ විටෙක, ඔහු මෙලොව හා මතුලොව ඔහුගේ පරිපූර් ණභාවය හා ස්වාධීනත්වය හේතුවෙන් ප්‍රශංසාවට ලක් වෙයි. එසේ නම් දෙවිඳුන්ට පුතෙකු සිටින්නේ යැයි විශ්වාස කරන්නෙකු එසේ විශ්වාස කළ හැක්කේ කෙසේ ද? ඔවුන් පවසන දැයින් උත්තරීතර අල්ලාහ් උත්තරීතර විය.
සැබැවින්ම අල්ලාහ්ට දරුවකු විය. දේව දූතවරු අල්ලාහ්ගේ දූවරුන්ය යැයි කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලබන ව්‍යාජ ප්‍රකාශ වේ. අල්ලාහ් තම ශුද්ධ වූ ග්‍රන්ථයේ බොහෝ තැන්වල එය බොරුවක් බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රතික්ෂේපිත ප්‍රකාශය දේවත්වය ප්‍රතික්ෂේප කළ මුතුන් මිත්තන්ගේ ප්‍රකාශයක් වන බවත් පැහැදිළි කළේය. "උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?" (සූරා අත්තව්බා: 30) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද ජින්වරුන් අල්ලාහ්ට හවුල් කරුවන් බවට ඔවුහු පත් කළෝය. ඔවුන් ව ද මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් ඇති බවටත් ඔවුහු බොරු ගෙතුවෝය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය; අති උත්තරීතරය." (සූරා අල්-අන්ආම්: 100) මෙම ප්‍රකාශය පැහැදිලි සාධක මගින් අල්ලාහ් නිෂ්ඵල කළේය. ඒවායින් බොහෝමයක් උදාහරණ සහිතව සඳහන් වී ඇත. පහත සඳහන් කරුණුවලට සීමාවක් නැත.
සැබැවින්ම මහපොළොවේ හා එහි වැසියන් විනාශ කිරීමට තමන් බලය දරන්නා බව පවසමින් මෙම ප්‍රකාශය බොරුවක් බව අල්ලාහ් සහතික කළේය. මැවීම් අතරින් කිසිවෙක් දෙවියකු වී නම් අල්ලාහ්ගේ නියෝගය ඉටුකර විනශයෙන් ආරක්ෂාවනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “සැබැවින්ම අල්ලාහ් වනුයේ මර් යම්ගේ පුත් මසීහ්ම යැයි පැවසූ අය දෙවියාව ප්‍රතික්ෂේප කළෝය. 'මර්යම්ගේ පුත් මසීහ් ද ඔහුගේ මව ද මිහිතලයේ සිටින සියල්ලන් ද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම් ඔහුගෙන් කිසිවකින් (ආරක්ෂා කිරීමට) ආධිපත්‍යය දරනුයේ කවරෙකු ද?' යයි පවසනු. අහස්හි හා මිහිතලයේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සිතන දෑ මවන්නේය. තවද සියලු දෑ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.” (සූරා අල්-මාඉදා: 17) ඉබ්නු ජරීර් (රහිමහුල්ලා) තුමා මෙසේ පවසයි: ("මර් යම්ගේ පුත් ඊසා, ඔහුගේ මව හා මිහිතලයේ වෙසෙන සියලු දෙනා විනාශ කිරීමට ඔහු අපේක්ෂා කළේ නම්" යන ප්‍රකාශය වනාහි: "මර්යම්ගේ පුත් ඊසාව මිහිතලයෙන් තුරන් කරමින් ඔහුගේ මව වන මර්ය තුමිය තුරන් කරමින් මිහිතලයේ වෙසන සියලු මැවීම් තුරන් කරමින් විනාශ කිරීමට අල්ලාහ් අභිමත කළේ නම්, අල්ලාහ්ගේ නියෝගයෙන් කිසිවක් වැළැක්වීමට බලය දරන්නා කවුරුන් ද?" යන්නයි. කීර් තිමත් වූ අල්ලාහ්, තම නබි වරයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට තම ප්‍රශංසාව මෙසේ පවසයි: "අඥානකමේ සිටින මෙම කිතුනුවන්ට ඔබ මෙසේ පවසන්න. 'එසේ නොවුව ද, සැබැවින්ම ජේසු තුමා අල්ලාහ් යැයි - ඔබ විශ්වාස කරන පරිදි එතුමා වූයේ නම්, එතුමාට විනාශය අත් වන විට හා එතුමාගේ මවට විනාශය අත්වනවිට අල්ලාහ්ගේ නියෝගය වළක්වාගන්නට එතුමාට හැකිව තිබුණි.' ඔහුගේ මව විනාශ කරනු ලැබුවාය. එවිට එහිදී එම නියෝගය පහළ වනවිට එය වළක්වන්නට ඔහුට හැකි නොවීය." ඔබ පාඩම් ලබන්නෙහු නම් එහි ඔබට පාඩමක් ඇත. ඔබ බුද්ධිමත්ව සිතන්නෙහු නම් ඔබට එහි සාක්ෂියක් ඇත. එනම් සැබැවින්ම ජේසු තුමා ද ආදම්ගේ සෙසු දරුවන් මෙනි. සැබැවින්ම සර් ව බලධාරී අල්ලාහ් වනාහි, ඔහුව පරාජය කළ නොහැක; ඔහු මත බලය දැරිය නොහැක; ඔහුට විරුද්ධ විය නොහැක. ඔහු ජීවය ලබා දෙන, මරණයට පත් කරන, නිර් මාණය කරන විනාශ කරන, සදා පැවැත්ම ඇති සදා ජීවමානය. ඔහු අමරණීයය. තෆ්සීර් අත්-තබරී = ජාමිඋල් බයාන් (10/147)
මෙම අපරාධකාරී බොරු ප්‍රකාශය විශ්වාස කරන්නාට කිසියම් සාක්ෂියක් තිබේ ද? එසේ නැතහොත් එය මුසාවාදී ප්‍රකාශයක් ද උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරු ය. ඔහු පොහොසත් ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතු ය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා සතුව නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි (ගොතා) පවසන්නෙහු ද?" (සුරා යූනුස්: 67) මෙය ප්‍රකාශ කරන තැනැත්තාට අනුමානය සහ උපකල්පනය මිස අන් කිසිවක් නොමැති බවට කිසිදු සැකයක් නැත.
සැබැවින්ම අල්ලාහ් දරුවකු නියම කර ගැනීමට සිතුවේ නම්, ඔහුට දරුවකු වන පරිදි මවන දැයින් තෝරාගන්නට තිබුණි. නමුත් එය තාර් කික හෝ ආගමික වශයෙන් විය නොහැක්කකි. සුවිශුද්ධයාණෝ මෙසේ පවසයි: "අල්ලාහ් දරුවකු ගැනීමට සිතුවේ නම් ඔහු අභිමත කළ අයුරින් ඔහු මවන දැයින් ම ඔහු තෝරා ගෙන ඔහු කැමිති දැයක් නිර් මාණය කරන්නට තිබුණි. ඔහු සුපිවිතුරු ය. ඔහු මහා බලපරාක්‍රම ඒකීය වූ අල්ලාහ් ය." (සූරා අස් සුමර්: 4)
සැබැවින්ම කවරෙකු දරුවකු ලබන්නේ ද දරුවා ලබන පරිදි බිරියක් ඔහුට අවශ්‍ය වන්නේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "(ඔහු)අහස්හි හා පොළොවෙහි උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර් වඥය." (සූරා අල්-අන්ආම්: 101) අහස් හා මහපොළොව උත්පාදනය කළේ අල්ලාහ්මය. එබැවින් ඔහුට දරුවකු විය නොහැක.
මහාකාරුණිකයාණන් හට දරුවකු වී නම් - උත්තරීතර අල්ලාහ් එයින් මහත් සේ උත්තරීතර විය - ඔහු දෙවියකු විය යුතුය. එසේ ඔහු දෙවියකු වී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අනෙකා අබිබවා යනු ඇත. එසේ අබිබවා යනු ලබන්නා දෙවියෙකු විය නොහැක. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "'ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර් ෂ් හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි' යැයි නුඹ පවසනු." (සූරා අල්-ඉස්රා: 42) අහස් හා මහපොළොවේ අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු වී නම් ඒ දෙක දූෂිත වී යනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර් ණනා කරන දැයින් (අර් ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය." (සූරා අල් අන්බියා: 22)
ජේසු තුමා හෙවත් ඊසා (අලයිහිස් සලාම්) තුමා විෂයයෙහි අතිෂයෝක්තියෙන් කටයුතු කිරීමෙන් හා සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ පුත්‍රයාණන්ය යැයි හෝ සැබැවින්ම ඔහු ත්‍රිත්වයේ තුන්වැන්නාය යැයි හෝ සැබැවින්ම ඔහුමය දෙවිඳා යැයි කරන ප්‍රකාශයෙන් ද අල්ලාහ් ආගම් ලත් ජනයාව වැළැක්වීය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ධර් ම ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නො පවසනු. සැබැවින් ම මර් යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. තවද ඔහුගේ වදනකි. එය මර් යම් වෙත හෙළුවේ ය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරු ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නො පවසනු (එයින්) වැළකෙනු. නුඹලාට යහපත් වනු ඇත. සැබැවින් ම අල්ලාහ් ඒකීය දෙවියා ම ය. ඔහුට දරුවකු වීමෙන් ඔහු පිවිතුරු ය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතු ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය." (සූරා අන්නිසා: 171)
ඇත්තේනම ඊසා හෙවත් ජේසු තුමා අල්ලාහ්ගේ පුත්‍රයාණන් යැයි විශ්වාස කරන්නා දේව ප්‍රතික්ෂේපකයෙකි. එසේම ඔහුගේ වක්තෘත්වය විශ්වාස කරන තෙක් පුද්ගලයකුගේ ඉස්ලාමය නිවැරදි වන්නේ ද නැත. සූරා ආලු ඉම්රාන්, සූරා අල්-මාඉදා, සූරා මර් යම් වැනි අල් කුර් ආනයේ පරිච්ඡේද ගණනාවක මර් ම් තුමිය හා ඊසා (ජේසු) තුමා ගැන විස්තර කර ඇත. හදීස් බොහෝමයක එතුමාණන් ගැන සහතික කරමින් කරුණු පැමිණ ඇත.
බලන්න: මිෆ්තාහු දාරිස්-සආදා 1/303, හුබ්බුල්-අළීම් ලිල්මසීහි කාදනී ඉලල් ඉස්ලාම් පිටුව 169
ඒකාබද්ධිත අංකය: 2650
ප්‍රශ්න අංක: 144
ඊසා හෙවත් ජේසු තුමා කුරුසියේ ඇණ ගසනු ලැබුවේද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ඊසා හෙවත් ජේසු තුමා කුරුසියේ ඇණ ගසනු ලැබුවේ නැත. එතුමා අහස දෙසට ආරෝහණය කරන ලදී. එතුමා දැනුදු දෙවන අහසේ අමරණීයව ජීවත් වෙයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔවුන් අතර ප්‍රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි, අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන් දැයි විමසා සිටියේය. හවාරීය්යීන්වරු (ගෝලයෝ) 'අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු' යැයි පවසා සිටියෝය." "අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!" "තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය." " 'අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට මම නුඹලා අතර නුඹලා කවර දෙයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි' යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු." (සූරා ආලු ඉම්රාන්: 52-55) විනාශයේ සිදුවීම් සිදුවන දිනට පෙර ඔහු මතු පහළ වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද නියත වශයෙන්ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නො කරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි." (සූරා අස්-සුක්රුෆ්: 61) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "ධර් ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත." (සූරා අන්නිසා: 159)
ඊසා (ජේසු) තුමා පහළ වූ විට, දජ්ජාල්ව ඝාතනය කරයි. ඉස්ලාමය අනුව තීන්දු තීරණ ගනියි. කුරිසිය කඩා දමයි. ශූකරයින් මරා දමයි. බදු ඉවත් කරයි. ඒවා පිළිගනු නො ලැබේ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරියම් තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත." සහීහුල් බුහාරි (2222) සහීහ් මුස්ලිම් (242)
ඒකාබද්ධිත අංකය: 1670
ප්‍රශ්න අංක: 145
ඊසා (ජේසු) තුමා කෙරෙහි වන විශ්වාසය ඉස්ලාමය ආමන්ත්‍රණය කළේ කෙසේද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ඊසා (අලයිහිස් සලාම්) තුමා, උත්තරීතර අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ වක්තෘවරුන් අතරින් කෙනෙකි. එතුමා අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙර සිටි නබිවරයා ය. එතුමා උලුල් අස්ම් හෙවත් ශ්‍රේෂ්ඨ ධර් ම දූතවරුන් අතරින් ද කෙනෙකි. එතුමා ගැන අල් කුර් ආනය බොහෝ සෙයින් කතා කර ඇත. එතුමාගේ කරුණ පිළිබඳවත් අල්ලාහ් අබියස එතුමා සතු නිලය පිළිබඳවත් මෙනෙහි කර ඇත. උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ මර් යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර් යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි." (සූරා ආලු ඉම්රාන්: 45) මර් යම් තුමියගේ කතා වස්තුව හා ඊසා තුමාගේ කතා වස්තුව සූරා ආලු ඉම්රාන්, සූරා අල්-මාඉදා, සූරා මර් යම් වැනි පරිච්ඡේද කිහිපයකම අල් කුර් ආනය විස්තර කර ඇත. එමෙන්ම නබි තුමාණන්ගේ හදීස් ගණනාවකම පැමිණ ඇත. අල්ලාහ් අබියසත්, ශුද්ධ වූ අල් කුර් ආනයේත්, නබි තුමාණන්ගේ ප්‍රකාශවලත් මුස්ලිම්වරුන් අබියසත් එතුමා සතු සමස්ත උතුම් ගෞරවය එතුමා ලබනු ඇත.
එහි සඳහන්ව ඇත්තේ ඊසා තුමාව පියකුගෙන් තොරව මවක් විසින් අල්ලාහ් ප්‍රාතිහාර් යමය වදනක් තුළින් මැවූ බවය. ඔහු ඔහුට - 'කුන්'- වනු යැයි පැවසීය. එවිට ඔහු විය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ මර් යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර් යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි." "තවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතරින් කෙනෙකි." “මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර් ශ නොකර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේදැයි” ඇය පැවසුවාය. එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු’ යැයි පවසනවා පමණ ය, එය සිදු වන්නේය." (සූරා ආලු ඉම්රාන්: 45-47)
මෙම අසාමාන්‍ය ප්‍රාතිහාර් යමය උපත, ඊසා හෙවත් ජේසු තුමා දෙවියකු බවට හෝ දේව පුත්‍රයාණන් බවට හෝ පත් නො කරන බවත්, ඔහු මිනිසුන් අතරින් මිනිසෙකු පමණක් බවත්, සැබැවින්ම ඔහු හා ඔහුගේ මව ආහාර අනුභව කරමින් සිටි බවත් අල්ලාහ් දන්වා සිටියේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "මර් යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ? යි ද අවධානයෙන් බලනු." (සූරා අල්-මාඉදා: 75) ඉබ්නු ජරීර් (රහිමහුල්ලා) තුමා මෙසේ පවසයි: (අබූ ජඃෆර් තුමා මෙසේ පැවසීය: මෙය තමන් ගැන සඳහන් කළ උත්තරීතර අල්ලාහ්ගෙන් වූ දැනුම් දීමකි. ජේසු තුමා පිළිබඳ කිතුනුවන්ගේ ප්‍රකාශය තුළ ඔවුනට එරෙහිව තම නබිවරයාට දැනුම් දුන් සාක්ෂියක් වශයෙනි. කිතුනුවන් මෙසේ පවසයි: "යඃකූබිය්යා ට බොරු කරන්නක් ලෙසිනි. (යඃකූබිය්යා යනු පුරාන කිතුනු නිකායකි) ඔවුන්ගේ ප්‍රකාශය තුළ "දෙවියන් ඔහුය" තවත් අයගේ ප්‍රකාශය තුළ "දේව පුත්‍රයාණන් ඔහුය" යනුවෙන් ජේසු තුමා සම්බන්ධයෙන් මිථ්‍යාදෘෂ්ටික මොවුන් පවසන පරිදි නියම ප්‍රකාශය නොවීය. එනමුත් එතුමා මර් යම්ගේ පුත්ය. මව්වරුන් තම දරුවන් බිහි කරන සේ ඇය ද එතුමාව බිහි කළාය. මෙය මිනිසාගේ ගුණාංගයක් වන අතර මිනිසා මැවූ මැවුම්කරුගේ ගුණාංගයක් නොවේ. සැබැවින්ම එතුමා ද එතුමාට පෙර පැමිණ ඉකුත්ව ගිය අල්ලාහ්ගේ සෙසු දූතයින් මෙන් වූ ඔහුගේ දූතයකි. තම සත්‍යතාව තහවුරු කිරීම සඳහාත්, අල්ලාහ් තම මැවීම් අතරට එවූ ඔහු අල්ලාහ්ගේ දූතයකු බව තහවුරු කිරීම සඳහාත්, සාක්ෂි වශයෙන් කවර ප්‍රාතිහාර්යයන් හා ආදර්ශයන් ඔහුගේ දෑතින් ක්‍රියාත්මක කිරීමට අභිමත කළේද එවන් දෙයක් ඔහුගේ දෑතින් ක්‍රියාත්මක කරන්නට සැළැස්වූයේය. එමෙන්ම එතුමාට පෙර වූ ධර් ම දූතවරුන්ගේ දෑත්වලටත් එවන් ප්‍රාතිහාර් යයන් හා ආදර් ශයන් ක්‍රියාත්මක කරන්නට සැළැස්වූයේය. එය සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතවරුන් බවට ඔවුන්ගේ සත්‍යතාව තහවුරු කිරීම සඳහා ඔවුන්ට සතු වූ සාධකයක් ලෙසිනි. "ඔහුගේ මව සත්‍යවන්තනියකි" උත්තරීතර අල්ලාහ් ඔහු ගැන මෙනෙහි කරමින් ඊසා තුමාගේ මව සත්‍යවන්තනියකැයි ප්‍රකාශ කර සිටියි. "දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ" යන ඔහුගේ ප්‍රකාශ වනාහි, ජේසු තුමා හා එතුමාගේ මව සම්බන්ධයෙන් දැනුම් දෙන ලද අල්ලාහ්ගෙන් වූ ප්‍රකාශයයි. ඔවුන් දෙදෙනා ද ආදම්ගේ සෙසු දරුවන් මෙන් ආහාර ලබා එම ආහාර පානවලින් ශරීරය වඩවා ගැනීමේ අවශ්‍යතාවෙන් පෙළුණහ. කවරෙකු එසේ වන්නේ ද ඔහු දෙවියකු විය නොහැක. හේතුව ආහාර අවශ්‍යතා ඇත්තා තවත් කෙනෙකුගෙන් යැපෙන්නෙකු වේ. වෙනත් කෙනෙකුගෙන් යැපීම හා එසේ පෝෂකයකුගේ අවශ්‍යතාවෙන් පෙළීම ඔහු දෙවියෙකු විය නොහැකි බවට පැහැදිලි සාධකයකි. අපොහොසත් වන තැනැත්තා පෝෂණය කරනු ලබන්නෙකු මිස පරාමාධිපතියකු වන්නේ නැත.) තෆ්සීර් අත්-තබරී = ජාමිඋල් බයාන් (10/485)
පිරිසක් ඊසා (අලයිහිස් සලාම්) තුමාව පිළිගත් අතර තවත් පිරිසක් එතුමාව ප්‍රතික්ෂේප කළේය. එසේ ප්‍රතික්ෂේප කරන්නන්ට එරෙහිව විශ්වාස කරන්නන් හට අල්ලාහ් ජය ලබා දුන්නේය. ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ වක්තෘත්වයත් සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ ගැත්තා හා දූතයකු බවත් විශ්වාස කරන තෙක් යමෙකුගේ ඉස්ලාමය වලංගු වන්නේ නැත. කවරෙකු ඔහු දෙවියකු බව හෝ දේවත්වයේ කොටසක් බව හෝ විශ්වාස කළේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තෙකි.
ඊසා හෙවත් ජේසු තුමා කුරුසියේ ඇණ ගසනු ලැබුවේ නැත. එතුමා අහස දෙසට ආරෝහණය කරන ලදී. එතුමා දැනු ද දෙවන අහසේ අමරණීයව ජීවත් වෙයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: " 'අල්ලාහ්ගේ දූතයකු වන මර් යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු' යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය). නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය." "නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර් ව බලධාරී සර් ව ප්‍රඥාවන්ත ය." "ධර් ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත." (සූරා අන්නිසා 157-159)
විනාශයේ සිදුවීම් සිදුවන දිනට පෙර එතුමා මතු පහළ වෙයි. දජ්ජාල්ව ඝාතනය කරයි. ඉස්ලාමය අනුව තීන්දු තීරණ ගනියි. කුරිසිය කඩා දමයි. ශූකරයින් මරා දමයි. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරියම් තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත." සහීහුල් බුහාරි (2222) සහීහ් මුස්ලිම් (242) පසුව වසර හතළිහක් මහපොළොවේ වාසය කරයි. පසුව මිය යනු ඇත. මුස්ලිම්වරු එතුමා සඳහා වන ජනාසා සලාතය ඉටු කරති.
ඒකාබද්ධිත අංකය: 3170
ප්‍රශ්න අංක: 148
ජේසු තුමා කුරුසයේ මිය ගිය බව පවසන්නන්ගේ දැක්ම ඉස්ලාමය සහතික කළේ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ඊසා (ජේසු) තුමාගේ සමයේ කුරුසියේ ඇණ ගසා ඝාතනය කිරීමේ සිදුවීම ක්‍රියාත්මක වූ වග ඉස්ලාමය පුතික්ෂේප කරන්නේ නැත. යුදෙව්වෝ ජේසු තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරූ නමුත් අල්ලාහ් එතුමාව ඔවුන්ගෙන් මුදවා ගෙන ඔහු වෙත ඔසවා ගත්තේය. ඔවුහු එතුමාට කිසිදු හිංසාවක් කළේ නැත. ඔහු වැනි වෙනත් මිනිසෙකුට ආරෝපණය කළ බැවින් යුදෙව්වන් ඔහුගේ කාලයේ සිටි මිථ්‍යාදෘෂ්ටික රෝම පාලකයා සමඟ එක්ව කුමන්ත්‍රණයකින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ඔහුව මරා දමා කුරුසියේ ඇණ ගසා, ඔවුන් ජේසු තුමාව මරා දමා, එතුමාව කුරුසියේ ඇණ ගැසූ බව කීහ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි අල්ලාහ් වෙත, 'මට උදව් කරන්නන් කවුරුන් දැයි' විමසා සිටියේය. හවාරීය්යීන්වරු (ගෝලයන්) 'අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු' යැයි පවසා සිටියෝය." "අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයා ව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අප ව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!" "තවද ඔවුහු කුමන්ත්‍රණ කළෝය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය." " 'අහෝ ඊසා! සැබැවින් ම මම නුඹ ව අත්පත් කර ගනිමි. නුඹ ව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹ ව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹ ව ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹ ව පිළිපැද්දවුන් ව ඉහළින් තබමි. පසු ව මා වෙත ය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට මම නුඹලා අතර නුඹලා කවර දෙයක මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එවැනි දෑ පිළිබඳ ව තීන්දු දෙමි' යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු." (සූරා ආලු ඉම්රාන්: 52-55) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "අල්ලාහ්ගේ දූතයකු වන මර් යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු' යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නො කළෝය." "නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර් ව බලධාරී සර් ව ප්‍රඥාවන්ත ය." "ධර් ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත." (සූරා අන්නිසා 157-159)
මර් යම්ගේ පුත් ජේසු (ඊසා) තුමා කුරිසියේ ඇණ ගසා ඝාතනය කරනු නො ලැබුවේය. සැබැවින්ම අල්ලාහ් තමන් වෙත එතුමාව ඔසවා ගත්තේය. දැනුදු එතුමා දෙවන අහසේ ජීවමානව සිටියි. අවසන් දිනයේ සිදුවීම් සිදුවන්නට පෙර එතුමා මතු පහළ වනු ඇත. එතුමාගේ පහළ වීම අවසන් හෝරාවේ මහා සළකුණු අතරින් එකකි. පසුව එතුමා දජ්ජාල්ව මරා දමයි. අල්ලාහ් හැර දමා නමදිනු ලබන කුරුසය කඩා දමයි. සැබැවින්ම එතුමා කුරුසයේ ඇණ ගසා මරා දමනු ලැබූ බව කිතුනුවන් ගොතා පවසා සිටිති. ඔහු ශූකරයින් මරා දමයි. ඉස්ලාමීය පිළිවෙතට අනුව තීන්දු කරයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූශ. "ඔබ අතර තීරක හා යුක්තිය ඉටු කරන්නෙකු සේ මර් යම් ගේ පුත් ඊසා පහළ වී, එතුමා කුරුසය කඩා දමා, ශූකරයින් මරා දමා, ජිස්යා බදු අහෝසි කර ධනය කිසිවකු විසින් භාර නොගන්නා තරමට ගලා යන තෙක් අවසන් හෝරාව ක්‍රියාත්මක වන්නේ නැත." සහීහ් අල්-බුහාරි (2476), මුස්ලිම් (155)
ඒකාබද්ධිත අංකය: 2710
ප්‍රශ්න අංක: 150
කිතුනුවන් ස්වර් ගයට මතු පිවිසෙනු ඇත් ද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
අහස් හා මිහිතලයේ ආධිපත්‍යය අල්ලාහ් වන ඔහු සතුය. ඔහු අභිමත කරන හා ඔහු තෝරා ගන්නා දෑ සිදු කරයි. පිවිතුරු දහම ඔහු සතුය. සියලු මැවීම් ඔහුගේ මැවීම්ය. සියලු ආධිපත්‍යයන් ඔහුගේ ආධිපත්‍යයය. සියලු තීන්දු ඔහුගේ තීන්දුය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?" (සූරා අන්-නහ්ල්: 52) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය." (සූරා ආලු ඉම්රාන්: 189) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "විනිශ්චය දිනයේ රජු ය." (සූරා අල්-ෆාතිහා: 4) මෙලොවෙහි හා මතුලොවෙහි පරිපූර් ණ ස්වාමිත්වය අල්ලාහ් වන ඔහු සතුය. දහම ආගමානුගත කර එය ක්‍රියාත්මක කරනුයේ ඔහු ය. ඉස්ලාමය වන එයයි සත්‍යය බවත් සැබැවින්ම ඒ හැර සෙසු ආගම් නිෂ්ඵල හා ප්‍රතික්ෂේප කරනු ලැබූවක් බවත් ඔහු තීන්දු කළේය. එසේම සත්‍යය වනුයේ මෙලොව හා මතුලොව ස්වාමිත්වය උත්තරීතර සුවිශුද්ධ වූ අල්ලාහ් සතු බවයි. ඔහු තීරණය කරනු ඇත. තීන්දු කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතු ය. තීන්දුව ද ඔහු සතු ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය." (සූරා අල්-කසස්: 70) සැබැවින්ම අල්ලාහ් තීන්දු කළේය. ඔහුගේ තීන්දුව සැබෑවකි. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට දරුවකු නියම කළේ ද ඔහු මිථ්‍යාදෘෂ්ඨික, දේව ප්‍රතික්ෂේපකයකු වේ. ඊසා හෙවත් ජේසු තුමා තම ප්‍රජාවට අල්ලාහ්ට ආදේශ කිරීම ගැන අවවාද කළේය. සැබැවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තැබුවේද අල්ලාහ් ඔහු කෙරෙහි ස්වර් ගය තහනම් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියේය: " 'අල්ලාහ් වන ඔහුමය මර් යම්ගේ පුත් මසීහ්' යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. ඉස්රාඊල් දරුවනි! 'මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු' යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම්, කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර් ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත." (සූරා අල්-මාඉදා: 72)
අල්ලාහ්ගේ වක්තෘවරු හා ඔහුගේ ධර් ම දූතවරු අතරින් කිසිවකු යමෙකු විසින් ප්‍රතික්ෂේප කළේද එවන් සෑම කෙනෙකුම අපා ගින්නේ සදාතනිකයකු වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ආද් ජනයා (ද) ධර් ම දූතයින් බොරු කළෝ ය." (සූරා අෂ් ෂුඅරාඃ: 123) සැබැවින්ම ඔවුන් ධර් ම දූතවරුන් බොරු කළ බවත් ඔවුන් ඔවුන්ගේම ධර් ම දූතයා හැර වෙනත් කිසිවකු බොරු නො කළ බවත් අල්ලාහ් දන්වා සිටියේය. නමුත් කවරෙකු හෝ එක් නබිවරයකු බොරු කළේ ද සැබැවින්ම ඔහු සමස්ත ධර් ම දූතවරුන්ව ප්‍රතික්ෂේප කළේය. හේතුව ඔවුන්ගේ දූත පණිවිඩය එකක් වන බැවිනි. කවරෙකු අල්ලාහ්ගේ නබිවරුන් අතරින් කිසියම් නබිවරයකු ප්‍රතික්ෂේප කළේ ද ඔහු දේව ප්‍රතික්ෂේපකයකු බව අල්ලාහ් තීන්දු කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු අන්ත මුළාවකින් දුරස් විය.” (සූරා අන්නිසා : 136)
යුදෙව්වන් හා කිතුනුවන් සම්බන්ධ විශේෂිත කරුණු හදීසයේ සඳහන් වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. "මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය." සහීහ් මුස්ලිම් (240) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ. "අල්ලාහ්ට අවනත වූ ආත්මයක් හැර වෙනත් කිසිදු ආත්මයක් ස්වර් ගයට ප්‍රවේශ නොවනු ඇත." බුහාරි (6528) මුස්ලිම් (221) ඉස්ලාමීය යුගය නොලැබූ නමුත් අල්ලාහ්ව තම දෙවියන් වශයෙන් පිළිගත් ඊසා හෙවත් ජේසු තුමාව දූතයකු ලෙස පිළිගත් ඒකදේවවාදී කිතුනුවන් වනාහි, ඔවුන් දේව විශ්වාස කළවුන් වෙති. ඔවුන්ගේ නවාතැන ස්වර්ගයයි. ඔවුන් සෑම කෙනෙකුට ප්‍රතිඵල දෙකක් ඇත. ඊසා අලයිහිස් සලාම් තුමාව පිළිගෙන තිබීමේ ප්‍රතිඵලය සහ අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිගෙන තිබීමේ ප්‍රතිඵලයයි.
එහෙත්, ඉස්ලමීය පණිවිඩය නොඇසූ, දේව දහම කුමක්දැයි නොහඳුනන, එය සනාථ කිරීමට සාක්ෂියක් නොමැති මිනිසාට, අල්ලාහ් ඔහුට අයුක්තියක් නොකරන බව දැනුවත් කළ යුතුයි. මක්නිසාද යත් අල්ලාහ් සාධාරණව හා යුක්තියෙන් පාලනය කරන අතර, ඔහු මිනිසුන්ට කිසිසේත් අපරාධයක් නො කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය උදා වී, සියලු මැවීම් අල්ලාහ් අවදි කරන විට, ඉස්ලාම් පණිවිඩය ඔවුන් වෙත දැනුම් නොදුන් අය විභාගයට ලක් වෙති. එවිට ඔවුන් විශ්වාස කර සහතික කර සිටියේ නම්, ඔවුන් ස්වර් ගයට පිවිසෙනු ඇත. ඔවුන් බොරු කර උඩඟු වී නම් අල්ලාහ් කෙරෙහි වන ඔවුන්ගේ ප්‍රතික්ෂේපය, ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ උඩඟුකම හේතුවෙන් අල්ලාහ් ඔවුන් අපා ගින්නට ඇතුළත් කරනු ඇත.
ඒකාබද්ධිත අංකය: 1440
ප්‍රශ්න අංක: 151
මෝමන්වරු ආගම් ලත් ජනයා ලෙස සලකනු ලබන්නෝද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
මෝමන්වරු යනු කිතුනු නිකායකි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සෙසු කිතුනුවන්ට වඩා ඔවුන්ගේ ව්‍යාජ දහමෙහි එල්බගෙන සිටිති. විශේෂයෙන්ම සිරිත් විරිත් අතර දක්නට ලැබේ. වෙනත් බොහෝ ක්‍රිස්තියානි නිකායන් ඔවුන්ව අන්තවාදීන් ලෙස සලකති. ඔවුන් විවාහයේදී බහු විවාහයට අවසර දෙන අතර උත්තේජක අඩංගු බීම තහනම් කරති.
ඒකාබද්ධිත අංකය: 2720
ප්‍රශ්න අංක: 153
සියලුම ආගම් එකම ප්‍රතිඵලයක් ගෙන දෙන බව මුස්ලිම්වරු විශ්වාස කරනවාද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ආගම යනු අල්ලාහ් තම ගැත්තන්හට ආගමානුගත කළ ධර් මයයි. සියලුම ධර් ම දූතවරුන් හට ඔවුන්ගේ අනුගාමිකයින් අතර එය ප්‍රචාරය කරනු පිණිස ඔවුන් වෙත පවරන ලද දහමයි. එයයි ඉස්ලාමය. සියලුම වක්තෘවරු ඉස්ලාමය මත පිහිටා සිටියෝය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම් වෙත ද මූසා වෙත ද ඊසා වෙත ද අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද, නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයන ලෙසය. ඔබව කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.” (සූරා අෂ්-ෂූරා: 13) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: මෙය ම ඉබ්‍රාහීම් තම පුතුන්ට ද, (එසේ ම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝ මාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලාට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණයට පත් නො වනු.” (සූරා අල්-බකරා: 132) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නැතහොත් යඃකූබ්ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසුව නුඹලා නමදිනුයේ කුමක් දැ?” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබගේ දෙවියා වූ ද, ඔබගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම්, ඉස්මාඊල් හා ඉස්හාක්ගේ දෙවියා වූ ද එක ම දෙවියාව අපි නමදිමු. තවද අපි ඔහුට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ. (සූරා අල්-බකරා: 133) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “අපි අල්ලාහ් ව විශ්වාස කරමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කරමු. ඔවුන් අතරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු." (සූරා අල්-බකරා: 136)
ඉස්ලාමය නොවන දහමක් විශ්වාස කළ සෑම කෙනෙකුම වනාහි, ඔහුගේ දහම නිෂ්ඵලය. ඔහුගේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි." (සූරා ආලු ඉම්රාන්: 85)
සියලුම ආගම් ව්‍යාජ බවත්, සත්‍ය දහම එකක් වන බවත්, මතුලොව නිවනෙහි ප්‍රශංසනීය අවසානය, උතුම් නවාතැන සහ විශිෂ්ඨ ජයග්‍රහණය මුස්ලිම්වරයකු ලෙස දෙවියන්ව මුණගැසෙන තැනැත්තාට හිමි බවත් මුස්ලිම්වරයා විශ්වාස කරන අතරම, සැබැවින්ම කවෙරකු ඔහු සමග වෙනත් කෙනෙකු ඔහුට ආදේශ තබන්නෙකු සේ ඔහුව ප්‍රතික්ෂේප කළ අයකු සේ මුණගැසෙන්නේද ඔහු ඔහුගේ මෙලොව හා මතුලොව ජීවිතය අසාර් ථක කරගත් බවත් විශ්වාස කරති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සැබැවින් ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ." (සූරා අල් බය්යිනාහ්: 6) උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත: “මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු." "එහෙයින් නුඹලා ඔහු හැර, නුඹලා අභිමත දෑට ගැතිකම් කරනු. (නබිවරය!) 'නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය' යැයි නුඹ පවසනු." (සූරා අස් සුමර්: 14,15)
සුවිශුද්ධ අල්ලාහ් වන ඔහුය සත්‍යය. ඍජු මාර් ගය මත සත්‍යය පවතී. එහෙයින් කවරෙකු සුවිශුද්ධයාණන් හට යුක්ති සහගත වූයේ ද සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වන විට අල්ලාහ් තමන් විශ්වාස කළ දූතවරුන් තහවුරු කළ, එවන් සියලුම මුමින්වරුන්ගේ අවසානය ස්වර් ගය අතර පත් කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහුම ය අල්ලාහ්ගේ ආශිර් වාදට පාත්‍ර වූවන් වන නබිවරුන්, සත්‍යවාදීන්, සාක්ෂ දැරුවන් හා දැහැමියන් ආදීන් සමග සිටින්නෝ. මිතුරෙරෙ වශයෙන් යහපත් වනුයේ ඔවුහුමය." (සූරා අන්නිසා: 69) දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ අවසානය අපාය බවට පත් කරයි. එම නවාතැන ඉතා නපුරුය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නො දකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ, ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු." " 'එය සැබැවින් ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ?' යි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි." (සූරා අල්-ඉස්රා: 97,98) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "...නියත වශයෙන් ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලෝ ම නිරයට එක් රැස් කරන්නා ය." (සූරා අන්නිසා: 140) දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් ස්වර් ගයට රැස් කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරුන් නිරයට රැස් කිරීම සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ්ගේ පරිපූර් ණ යුක්තියයි. අපා ගින්නේ දඬුවමින් ආරක්ෂාව සලසා දෙන මෙන් අපි අල්ලාහ්ගෙන් පතමු.
ඒකාබද්ධිත අංකය: 1200
ප්‍රශ්න අංක: 154
අනෙකුත් ආගම් සහ සුළු ජාතීන් සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් වන ඔහුමය අහස් හා මහපොළොවේ ආධිපත්‍යයේ හිමිකරු වනුයේ. අවසානයේ සියලු ප්‍රශංසා ඔහු සතුය. සියලුම කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ට මය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. තවද ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය." "මහපොළොව තුළට පිවිසෙන දෑ ද, ඉන් බැහැර වන දෑ ද, අහසින් පහළ වන දෑ ද, එහි ආරෝහණය වන දෑ ද ඔහු දනී. තවද ඔහු මහාකරුණාන්විත ය; අතික්ෂමාශීලී ය." (සූරා සබඃ: 1-2) මැවුම්කරු, පෝෂක හා සැළසුම් කරු අල්ලාහ් වන ඔහු ය. නැමදුමට සුදුසුකම් ලබන එකම දෙවිඳා ද ඔහු ය. ඔහු හැර සෙසු දෑ පෝෂණය කරනු ලබන මැවීම්ය. ඔහු වනාහි, අනිවාර් යය වගකීම් නියම කළේ ය. ආගමික පිළිවෙත් ආගමානුගත කළේ ය. දහම පහළ කළේය. සියලු ආගම්වලට ඉහළින් තම ආගම නම් කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “දේව ආදේශකයෝ පිළිකුල් කළ ද, යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්ව) එවා සිටියේ ඔහුය.” (සූරා අත්තව්බා: 33) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “ඔහු වනාහි, එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිස, යහමග හා සත්‍යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේ ඔහුමය. අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත්ය.” (සූරතුල් ෆත්හ් :28) අල්ලාහ්ට පමණක් දහම පුද කරන විටෙක හැර දහම පිවිතුරු වන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?" (සූරා අන්නහ්ල්: 52) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "දැනගන්න! (සමාන කිරිම්වලින් තොර) පිවිතුරු ආගමික වතාවත් අල්ලාහ්ට ම හිමි ය." (සූරා අස් සුමර්: 3)
ඇත්තෙන්ම අල්ලාහ් අබියස පිළිගනු ලැබූ එකම දහම ඉස්ලාමය බව අල්ලාහ් පැහැදිලිව දන්වා සිටියේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි." (සූරා ආලු ඉම්රාන් :19) සැබැවින්ම ඔහු එය හැර වෙනත් දහමක් පිළිගන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි." (සූරා ආලු ඉම්රාන් :85)
ඉස්ලාමය හැර වෙනත් දහමක් නියම කරගත් සෑම කෙනෙකුගේම උත්සාහයන් අසාර් ථකත්වයේ හා මුළාවෙහි පවතින බවත් ඔහුගේ අවසානය විනාශය හා බරපතල දඬුවම් සහිත බවත් සුවිශුද්ධයාණන් තීන්දු කර ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "...(නබිවරය!) 'නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්‍රකට පරාජය' යැයි නුඹ පවසනු." (සූරා අස් සුමර්: 15) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "එම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත." "මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරන, අල්ලාහ්ගේ මාර් ගයෙන් අවහිර කරන, එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහි ය." (සූරා ඉබ්රාහීම්: 2,3) ලෝවැසියන්ගේ පරමාධිපති වූ, පැහැදිලි සැබෑ රජුගේ පාලනය කෙසේදැයි ඔබ දැක තිබේ ද? ඉස්ලාමය හැර සෙසු සියලු ආගම් නොමග ගිය ව්‍යාජ ආගම් වෙති. මතුලොවෙහි එහි වැසියන්ගේ නවාතැන අපා ගින්නය. එය නවාතැනින් ඉතා නපුරුය.
සුළු ජාතීන් සහ වෙනත් ආගම් අදහන පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් මුස්ලිම්වරු සමඟ සටන් නො කරන තාක් කල් ඉස්ලාමයේ ඔවුන්ගේ පාලනය පවතිනු ඇත. එබැවින් ඉස්ලාම් වාසීහු ඔවුන්ව ඉස්ලාමය වෙත කැඳවිය යුතු අතර, ඔවුන්ට සාධාරණ විය යුතුය. මුස්ලිම්වරුන් ඔවුන් සමග කරුණාවෙන් කටයුතු කිරීමටත් ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීමටත් ඔවුන් අතර සිටින අසරණයින්ට පිහිට වීමටත් නියෝග කර ලැබ ඇත. පුද්ගලයකු මුස්ලිම්වරයකු වී තම දෙමාපියන් මුස්ලිම් නොවන අය වන්නේ නම් ඔවුනට ඇප උපස්ථාන කිරීමත්, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමත්, දැහැමි කටයුතුවලදී ඔවුන් සමග බැඳී කටයුතු කිරීමත් අනිවාර්යය වේ. පොදුවේ සියලු දනන් සමග ගුණයහපත් බවින් කටයුතු කිරීම මුස්ලිම්වරයකු සතු වගකීමකි. එබැවින් ඔහු හිංසා නොකළ යුතුයි. අපරාධ නොකළ යුතුයි. ඔවුන්ගේ කිසිදු අයිතිවාසිකමක් උල්ලංඝණය නොකළ යුතුයි. මුස්ලිම්වරු ජීවත් වන රටක මුස්ලිම් නොවන අය වී නම් තමන් අතර ජීවත් වීම පිළිගත යුතුය. පොදු නීතිය පිළිපැදිය යුතුය. ඉස්ලාමීය පිළිවෙත් හා නීතිරීතිවලට පටහැනි නොවන කරුණු වලදී ඔහුගේ දේපළ, ජීවිතය, මාන්‍යය, පරපුර හා නිදහස ඔහු වෙනුවෙන් ඉස්ලාමය ආරක්ෂා කරනු ඇත.
මුස්ලිම් නොවන අයට අපරාධ කිරීම, අපයෝජනය කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම වැනි ඉස්ලාම් ආගමට සහ මුස්ලිම්වරුන්ට ආරෝපණය කරන කරුණු සම්බන්ධයෙන් වනාහි, මේ සියල්ල ඉස්ලාමයට සහ මුස්ලිම්වරුන්ට එරෙහිව එල්ල කරන අසාධාරණ මාධ්‍යවල අපරාධ වේ. මුස්ලිම්වරුන් අතර ජීවත් වන අය සහ ඔවුන්ගේ ආගමේ ශ්රේෂ්ඨත්වය, ඔවුන්ගේ නීතියේ සරලකම සහ ඔවුන්ගේ සදාචාරයේ උසස් බව හඳුනන අය නොමඟ යවන මාධ්‍ය පවසන සියල්ල බොරු සහ මුසා බස් බව වටහා ගනු ඇත. උදව් පතනු ලබන්නා අල්ලාහ් ය.
ඒකාබද්ධිත අංකය: 1300
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න සහිත ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න
(නබිත්වය හා බැඳුණු කොටස)
ප්‍රශ්න අංක: 103
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා යනු කවරෙක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) යනු ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත් ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාගේ පරපුරින් පැවත එන කුරෙයිෂ් ගෝත්‍රික අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් ය. හෙතෙම වක්තෘවරුන්ගේ මුද්‍රාව ය. ආදම්ගේ දරුවන් වන මිනිසුන්ගේ නායකයා ය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්භාවය ඉල්ලන්නන් හට මැදිහත් වන්නාය. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "මෙලොව ඉටු කළ හැකි ප්‍රාර්ථනාවක් නැති කිසිදු නබිවරයකු නැත. මාගේ සමූහයාට මැදිහත්වීමක් ලෙස මාගේ ප්‍රාර්ථනාව මම සඟවා තැබුවෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ආදම්ගේ දරුවන්ගේ ප්‍රධානියා මම වෙමි. කිසිදු පුරසාරම් දෙඩුමක් නැත. මහපොළොව විවෘත කරනු ලබන පළමු තැනැත්තා මම වෙමි. කිසිදු පුරසාරම් දෙඩුමක් නැත. ප්‍රශංසාවේ ධජය මා සතුය. කිසිදු පුරසාරම් දෙඬුමක් නැත. ආදම් හා ඔහුට පහළින් සිටින්නන් මාගේ ධජය යටතේ සිටිති. කිසිදු පුරසාරම් දෙඬුමක් නැත." මුස්නද් අහ්මද් (2546) සුනන් අත්-තිර්මිදි (3148)
දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ධර්ම දූතවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම දූතයා වේ. අල්ලාහ් එතුමාණන්ව අවදි කරන විට එතුමාණන්ව අනුගමනය කිරීම සම්බන්ධව සියලුම වක්තෘවරුන්ගෙන් ඔහු ප්‍රතිඥාවක් ගෙන ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කරවන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. 'එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි' යැයි පැවසුවේ ය." (සූරා ආලු ඉම්රාන්: 81) ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසා සිටියි: උත්තරීතරයාණෝ ආදම් (අලයිහිස් සලාම්) තුමා පටන් ඊසා (අලයිහිස් සලාම්) තුමා දක්වා එවනු ලැබූ සෑම නබිවරයකුගෙන්ම ප්‍රතිඥාවක් ගත් බව දන්වා ඇත. අල්ලාහ් ඔවුන් අතරින් කිසියම් කෙනෙකුට දේව ග්‍රන්ථයක් හා ප්‍රඥාවක් පිරිනමා තිබුණ ද, කිසියම් ස්ථානයකට ඔහු ළඟා වී තිබුණ ද, පසුව ඔහු වෙත ඔහුගෙන් පසු දූතයකු පැමිණියේ නම් ඔහුව ඔවුන් විශ්වාස කළ යුතුය. ඔහුට උපකාර කළ යුතුය. තමන් සතු දැනුම හා වක්තෘත්වය තමන්ට පසු එවනු ලබන තැනැත්තා අනුගමනය කිරීමෙන් හා ඔහුට උදව් කිරීමෙන් නො වැළැක්විය යුතුය. අලී ඉබ්නු අබී තාලිබ් හා එතුමාගේ බාප්පාගේ පුතකු වන අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. නබිවරුන් අතරින් කිසිදු නබිවරයකු ඔහුගෙන් ප්‍රතිඥාවක් ගැනීමෙන් මිස අල්ලාහ් එව්වේ නැත. ඔහු ජීවත්ව සිටිය දී මුහම්මද් තුමාණන් එවා සිටියේ නම් එතුමාව ඔහු විශ්වාස කළ යුතුය. ඔහුට උපකාර කළ යුතුය. එමෙන්ම ඔහුගේ සමූහයාට ද එම ප්‍රතිඥාව ක්‍රියාත්මක කරන මෙන නියෝග කළේය. ඔවුන් ජීවත්ව සිටිය දී මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවා සිටියේ නම් ඔවුන් ඔහුව විශ්වාස කළ යුතුය. ඔහුට උදව් උපකාර කළ යුතුය.) තෆ්සීර් ඉබ්නු කසීර් (2/67)
තිබූ දිව්‍ය ග්‍රන්ථ හා දිව්‍ය පණිවිඩ සහතික කරන්නෙක් ලෙස අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැමිණියහ. එතුමාණන්ට පෙර සිටි දූතවරුන් විශ්වාස කරන මෙන් එතුමාණෝ ඇරයුම් කළහ. එවන ලද දූතවරු ගෙන ආ දෑට එතුමාණන් ද අනුගත වූහ. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර් මය) පිරිනැමුවෙමු." (සූරා අන්නිසා: 163) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: “කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද, ඉබ්රාහීම් වෙත ද, මූසා වෙත ද, ඊසා වෙත ද, අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද, එය ද නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයන ලෙසය. ඔබ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.” (සූරා අෂ්-ෂූරා: 13)
එතුමාණන්ව එවීමෙන් උත්තරීතර අල්ලාහ් ලෝවැසියන්ට ආශිර්වාද කළේය. එතුමාණන් මක්කාවේ උපත ලැබූ අතර ජින් හා මිනිස් යන දෙවර්ගයා වෙත දූතයකු ලෙස එවනු ලැබීය. එතුමාණන් දූතයකු ලෙස එවන අවස්ථාවේ එතුමාණන් හතළිස් වන වියේ පසුවූහ. මදීනාවට නික්ම ගිය එතුමා තම හැට තුන්වන වියේ මෙලොවින් සමුගත්හ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත මෙහෙවර කවුරුන් වෙත ළඟා වන්නේද, ඔහු කෙරෙහි විශ්වාසය තබා ඔහුව අනුගමනය කිරීමෙන් මිස ඔහුට ස්වර්ගයට යාමට වෙනත් මාර්ගයක් නැත. දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය." (මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත. (153)) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්," "නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ." "තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත." "තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය." (සූරා අල්-කලම්: 1-4)
අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මදීනාවට පැමිණි කල්හි, මිනිසුන් ඔහු වෙතට දිව ගිය අතර, “දේව දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණියහ" යැයි පවසනු ලැබීය. එවිට එතුමාණන්ව දැක බලා ගැනීම සඳහා මම ජනයා අතරට පැමිණියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගේ මුහුණ දුටු කල්හි, එතුමාණන්ගේ මුහුණ බොරුකාරයෙකුගේ මුහුණ නොවන බව මම දැන ගත්තෙමි. (තිර්මිදි 2485, ඉබ්නු මාජා 1334, මෙය සහීහ් හදීසයකි.) අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා!
බලන්න: ඉබ්නු කසීර් ගේ "අල්-ෆුසූලු ෆී සීරතිර් රසූල්", සහ මුබාරක්පූරීගේ "අර්-රහීකුල් මක්තූම්".
ඒකාබද්ධිත අංකය: 700
ප්‍රශ්න අංක: 104
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දෙවියන් විසින් එවන ලද අනාගතවක්තෘවරයෙකු වූයේ කෙසේද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නබිවරුන් හා ධර්ම දූතවරුන්ගේ මුද්‍රාව ය. එතුමාණන්ගේ වක්තෘත්වය පිළිබඳ පුවත ආගම් ලත් ජනයාගේ ග්‍රන්ථවල අඛණ්ඩව සඳහන්ව පැමිණි පුවතකි. එමෙන්ම ශුද්ධ වූ අල් කුර් ආනයේ ද නබි තුමාණන්ගේ හදීස්වල ද උදාර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ චරිතය හා එතුමාගේ පිළිවෙත සඳහන් කරනු ලැබූ ඉස්ලාමිකයින්ගේ පොත්පත්වල ද සඳහන් වන්නකි. නබිවරයකු බවට එතුමාණන් පත්වූයේ කෙසේද යන්න නො රහසකි. නමුත් මෙම ප්‍රශ්නයට අල්ලාහ්ගේ උදව් පතමින් අපි පිළිතුරු දෙන්නෙමු.
පළමුව: අල්ලාහ්ගේ නබිවරයකු වන මිත්‍රයා ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ්ගේ නියෝගය මත මක්කාවේ බයිතුල් අතීක් නම් දේව ගෘහය නිර් මාණය කොට එතුමාගේ බිරිය හාජර් සහ ඇයගේ පුත් ඉස්මාඊල් ශුද්ධ වූ මක්කාවේ පදිංචි කළ අවස්ථාවේ ඉස්මාඊල්ගේ පරපුරෙන් ඔවුන් අතරින් නබිවරයකු එවන මෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කළහ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “අපගේ පරමාධිපතියාණනි! තවද ඔබගේ වැකි ඔවුනට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ඔවුනට උගන් වන, ඔවුන්ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතරට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබ ම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබිතුමා ප්‍රාර්ථනා කළහ.) (සූරා අල් බකරා :129) මිත්‍රයාගේ ප්‍රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව වක්තෘවරයකු හා ධර්ම දූතයකු ලෙස එවීය.
දෙවැන්න: සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ධර්ම දූතවරුන් අතරින් තම විශ්වසනීය අවසන් ධර්ම දූතයකු මතු එවන බවට පෙර සිටි නබිවරුන් වෙත දන්වා තිබුණි. එමෙන්ම ඔවුන්ගේ ජීවිත කාලය තුළ එතුමාණන්ව එවනු ලැබුවේ නම්, එතුමාණන්ව විශ්වාස කරන මෙන් ද, එතුමාණන්ව පිළිපදින මෙන් ද ඔවුන් වෙතින් ප්‍රතිඥා ගෙන තිබුණි. "තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) 'මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කරවන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද' යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. 'එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි' යැයි පැවසුවේ ය." (සූරා ආලු ඉම්රාන් :81)
තුන්වැන්න: මූසා හෙවත් මෝසස් හා ඊසා හෙවත් ජීසස් යන වක්තෘවරුන්ගේ දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් ගත් කල, ඒ්වා අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි දිව්‍ය පණිවිඩයට කාලයෙන් ඉතා සමීප දිව්‍ය පණිවිඩ දෙක විය. එම ග්‍රන්ථ දෙකෙහි මෙන්ම ඉස්රාඊල් දරුවන් අතරින් පැවත ආ නබිවරුන් ගේ සෙසු ධර්ම ග්‍රන්ථවල ද එම ප්‍රකාශය අඛණ්ඩව ඵලවී තිබිණ. මෙම ප්‍රකාශ තුළ එතුමාණන්ගේ ගුණාංග, එතුමාණන්ගේ දේශයේ ස්වභාවය, එතුමාණන් හිජ්රත් හෙවත් නික්ම යෑමේ ක්‍රමය, එතුමාණන්ගේ දහමේ සංඛේත, එතුමාණන්ගේ මිතුරන්ගේ ගුණාංග සහ එතුමාට අල්ලාහ් උරුම කර දෙන්නට නියමිත උදව් උපකාර මෙන්ම වෙනත් දෑද ඔවුන්ගේ ග්‍රන්ථවල අන්තර් ගතව තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ පැමිණීම ගැන ශුභාරංචිය, එතුමාණන් පිළිගැනීම සඳහා පැවති සූදානම, එතුමාණන්ව විශ්වාස කිරීමටත් එතුමාණන්ව අනුගමනය කිරීමටත් කෙරෙන නියෝගය යනාදිය ද ඒවායෙහි ඇතුළත් විය. මෙම ප්‍රකාශ ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් දැන සිටියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංගය, එතුමාණන්ගේ මිතුරන්ගේ ස්වභාවය, ඉස්රාඊල් දරුවන් අතර සිටි විද්වතුන්ගේ බුද්ධිය පිළිගෙන තිබුණි. එමෙන්ම කිතුනු විද්වතුන් හා ඔවුන්ගේ පියතුමන් අතර ද එම පිළිගැනීම පැවතුණි. මේ සම්බන්ධයෙන් පවතින ප්‍රකාශය බොහෝය. ඒ ගැන සඳහන්ව ඇති ඉතිහාස පොත් පිරී පවතී. උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අපට ප්‍රමාණවත් යැයි සිතමු. "දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත." (සූරා අල්-බකරා: 146) එය කෙතරම් දුරට ද යත් එතුමාණන්ගේ උතුම් දේහයේ තිබූ කායික සලකුණ පවා ඔවුන්ගේ පොත්වල සටහන් වූ අතර එය අද දක්වාම ඔවුන්ගේ එම පොත්පත්වල පවතී. සහීහ් අල්-බුහාරි හා මුස්ලිම්හි ද එතුමාණන්ගේ ලක්ෂණ විස්තර කෙරී ඇත. අස්-සාඉබ් ඉබ්නු යසීද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: (ඉන්පසු මම ඔහුගේ පිටුපසට වී ඔහුගේ උරහිස් අතර ඇති නබි මුද්‍රාව දෙස බැලුවෙමි. හජ්ලා එනම් පරවියකුගේ බිත්තරයක් මෙන් එය විය.) (සහීහ් අල් බුහාරි: 190) (දුර්රුල් හජ්ලා යනු: පරවි බිත්තරය වේ.) අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මදීනාවට පැමිණි කල්හි, මිනිසුන් ඔහු වෙතට දිව ගිය අතර, “දේව දූතයාණෝ පැමිණියහ" යැයි පවසනු ලැබීය. එවිට එතුමාණන්ව දැක බලා ගැනීම සඳහා මම ජනයා අතරට පැමිණියෙමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුහුණ දුටු කල්හි, එතුමාණන්ගේ මුහුණ බොරුකාරයෙකුගේ මුහුණ නොවන බව මම දැන ගත්තෙමි. (තිර්මිදි: 2485, ඉබ්නු මාජා: 1334) ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගෙන් පසු පැවති නබිවරුන් වූ කල්හි, ඔවුන් සියලු දෙනා ඉස්රාඊල් පරපුරෙන් විය. ඔහු යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා විය. සැබැවින්ම අවසන් දූතයා ඔවුන් අතරින් කෙනෙකු වනු ඇතැයි යුදෙව්වෝ සිතූහ. ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත් ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාගේ පරපුරෙන් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අල්ලාහ් ධර් ම දූතයකු ලෙස එවූ කල්හි, ඔවුන්ගේ ග්‍රන්ථවල සඳහන් ස්වභාවයන් එතුමාණන්ට අදාළ විය. ඔවුන් එතුමාණන්ට ඊර්‍ෂයා කළ අතර එතුමාණන්ව ප්‍රතික්ෂේප කළෝය. එතුමාණන් සතු නබිත්වයේ සාක්ෂි බොහෝමයක් ඔවුන් අතර තිබිය දී පවා ඔවුන් අතරින් එතුමාණන්ව විශ්වාස කළේ කිහිප දෙනෙකු පමණි.
සිව්වැන්න: අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනාගතවක්තෘත්වයේ ආරම්භය සම්බන්ධයෙන් ගත් කල, එය එතුමාණන්ට වයස අවුරුදු හතළිහක් වූ විට ආරම්භ විය. එම ආරම්භය පිළිබඳ දේව විශ්වාසීන්ගේ මෑණිය වූ ආඉෂා තුමිය අපට මෙසේ දනවා සිටියාය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය. එවිට අළුයමේ උදාව මෙන් මිස එම සිහිනය හෙතෙම දුටුවේ නැත. පසුව එතුමාණන් හුදෙකලාව ප්‍රිය කළහ. එතුමාණෝ හිරා ගුහාවේ හුදෙකලාව ගත කළහ. එහි තම නිවසට පැමිණීමට පෙර රාත්‍රී වාර ගණනාවක නැමදුමෙහි නිරත විය. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා ඔහු වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව හෙතෙම මා අපහසුතාවයට පත්වන තරමට මා අල්ලා බදා ගෙන අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු මට "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව දෙවන වතාවටත් මා අපහසුතාවයට පත්වන තුරු මා අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් ඔබ කියවනු යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව තුන්වන වතාවටත් මා අපහසුතාවයට පත් වන තරමට මා අල්ලා තදින් බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය.: "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 2) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් ඒ සමග පැමිණියහ. පසුව කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස "මා පොරවනු; මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන්ව පොරවා දැමූහ. එවිට එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. "මම මා ගැන බිය වෙමි" යැයි පැවසූ විට කදීජා තුමිය: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. සැමට උපකාර කරන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය" යැයි පැවසුවාය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන යුගයේ කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. අබරානි බසින් පොත්පත් ලියන ලේඛකයකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය අනුව ලියා නිම කළේය. හෙතෙම අන්ධ භාවයෙන් යුත් වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි පැවසුවාය. එවිට වරකා එතුමාණන්‌ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා වෙත පහළ කළ නාමූස් නම් සුරදූතයා වෙයි. එහි කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. සහීහුල් බුහාරි (3) සහීහ් මුස්ලිම් (252)
පස්වැන්න: දිව්‍ය පණිවිඩය අල්ලාහ් එතුමාණන්ට පැවරූ පසුව, ඇතැම් ප්‍රාතිහාර්යයන් හා පැහැදිළි සාධක මගින් ඔහු එතුමාණන්ව ශක්තිමත් කළේය. එතුමාණන් සතු වූ සාධක අතරින් සඳ දෙකඩ වීම, ඉස්රා මිඃරාජ් ගමන යනාදී අහස් හා බැඳුනු සාධක විය. එමෙන්ම ආහාර පාන වල සමෘද්ධිය, එතුමාණන් වෙත පැමිණිලි කරමින් ගසක කඳක් ඉකි ගැසීම වැනි වෙනත් බොහෝ මහපොළොව හා බැඳුනු සාධක ද විය. අවසන් හෝරාව දක්වාම පවතින අති මහත් සාධකයක් ද අල්ලාහ් එතුමාණන්ට පිරිනැමීය. එය මහඟු අල් කුර්ආනයයි. එමෙන්ම ගෞරවණීය සහාබාවරුන් හෙවත් එතුමාණන්ගේ මිතුරන් විසින් එතුමාණන්ව ඔහු ශක්තිමත් කළේය. ඔවුහු විශ්වයේ මෙම දහම පතුරුවා හරින තෙක් මෙම දහම ඉසිලූ ශ්‍රේෂ්ඨයෝ වෙති. එතුමාණන්ගේ සහගාමීන් ද, එතුමාණන්ගේ දහම ව්‍යාප්ත වීම ද එතුමාණන්ගේ නබිත්වය සත්‍යය බව තහවුරු කරන පැහැදිලි සාධකයකි. ඔහු වෙනුවෙන් අල්ලාහ් නියම කළ මෙම සාධක සමස්ත නබිවරුන් අතරින් වෙනත් කිසිවකුට ලබා දුන් සාධක වෙති.
හයවැන්න: ඉබ්‍රාහීම්, මූසා, ඊසා සහ සෙසු නබිවරුන්ට හිමි නබිත්වය සර්ව බලධාරී අල්ලාහ්ගෙන් හිමි වූ දිව්‍ය පණිවිඩය තුළින් සහතික වූවාක් මෙන් සැබැවින්ම අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වක්තෘත්වය ද එසේ සහතික විය. නබිවරුන් අතරින් එක් නබිවරයකුගේ නබිත්වය තහවුරු කිරීමේ කවර මාර්ගයක් වීද, ඒ අයුරින්ම අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු වක්තෘත්වය ද සහතික විය. පෙර සිටි නබිවරුන්ගේ වක්තෘත්වය සහතික කිරීමේ මාර්ග කිහිපයක්ම විය. දිව්‍ය ග්‍රන්ථය, ප්‍රාතිහාර්යයන්, දේවත්වය විශ්වාස කරන්නන් ඔහුව අනුගමනය කිරීම, දිව්‍ය පණිවිඩය අඛණ්ඩව හුවමාරු වීම යනාදී මේ සියලු මාර්ග අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වක්තෘත්වය ද සහතික කළේය. ඒ අනුව එතුමාණන්ට හිමි වූ ග්‍රන්ථය නබිවරයකුට අල්ලාහ් පිරිනැමූ උදාරතම ග්‍රන්ථය විය. එතුමාට හිමි වූ සාධක අති විශිෂ්ඨ සාධක විය. එතුමාණන්ගේ සහචරයින් සෙසු නබිවරුන්ගේ සහචරයින්ට වඩා ශ්‍රේෂ්ඨ විය. එතුමාණන්ගේ නබිත්වය සම්ප්‍රේෂණය වීම අනෙකුත් නබිවරුන්ගේ නබිත්වයන් සම්ප්‍රේෂණය වීමට වඩා අඛණ්ඩව සිදු විය. එතුමාණන් සමඟ සමුගැනීමේ හජ් වන්දනාවට සහභාගී වූ අය ලක්ෂයකට වඩා අධික කල්‍යාණ මිතුරන් වීම එතුමාණන්ට ප්‍රමාණවත්ය.
ඉහත සඳහන් කරන ලද කරුණු තුළින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි වූ නබිත්වය තහවුරු වූයේ කෙසේ ද, එතුමාණන්ගේ දහම යුග ගණනාවක් දිගුවට ව්‍යාප්තව පවතිනුයේ කෙසේ දැයි ඔබට පැහැදිලි වනු ඇත. මෙය ද එතුමාණන්ගේ වක්තෘත්වය මත පදනම් වූ තවත් සාධකයකි. අල්ලාහ්ගේ අනුහසින් එලෙස එය අවසන් හෝරාව ක්‍රියාත්මක වන තෙක්ම පවතිනු ඇත. අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 710
ප්‍රශ්න අංක: 105
අල්ලාහ්ගේ නබිවරයකු වන ඊසා හෙවත් ජේසු (අලයිහිස් සලාම්) තුමා නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව පවසා ඇත්තේ කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
පෙර සිටි නබිවරුන් බහුතරයක් දෙනා තම ජනතාවට අවසන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම ගැන ශුභාරංචි දන්වා සිටියහ. ඔවුන් ජීවතුන් අතර සිටියි දී අල්ලාහ් එතුමාණන්ව පහළ කළේ නම් එතුමාණන්ව විශ්වාස කරන මෙන් ද එතුමාණන්ව අනුගමනය කරන මෙන් ද තම ජනතාවගෙන් ප්‍රතිඥා ද ගෙන තිබුණි. මෙම විෂයය සම්බන්ධයෙන් වූ ප්‍රකාශ සීමා කළ නොහැකි තරමට බොහෝය. මූසා හෙවත් මෝසස් හා ඊසා හෙවත් ජීසස් යන වක්තෘවරුන්ගේ දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් ගත් කල, අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි දිව්‍ය පණිවිඩයට කාලයෙන් ඉතා සමීප දිව්‍ය පණිවිඩ දෙක විය. එම ග්‍රන්ථ දෙකෙහි මෙන්ම ඉස්රාඊල් දරුවන් අතරින් පැවත ආ නබිවරුන්ගේ සෙසු ධර්ම ග්‍රන්ථවල ද එම ප්‍රකාශ අඛණ්ඩව ඵලවී තිබිණ. මෙම ප්‍රකාශ තුළ එතුමාණන්ගේ ගුණාංග එතුමාණන්ගේ දේශයේ ස්වභාවය, එතුමාණන් හිජ්රත් හෙවත් නික්ම යෑමේ ක්‍රමය, එතුමාණන්ගේ දහමේ සංඛේත, එතුමාණන්ගේ මිතුරන්ගේ ගුණාංග සහ ඔවුනට අල්ලාහ් උරුම කර දෙන්නට නියමිත උදව් උපකාර මෙන්ම වෙනත් දෑද ඔවුන්ගේ ග්‍රන්ථවල අන්තර්ගතව තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ පැමිණීම ගැන ශුභාරංචිය, එතුමාණන් පිළිගැනීම සඳහා පැවති සූදානම එතුමාණන්ව විශ්වාස කිරීමටත් එතුමාණන්ව අනුගමනය කිරීමටත් කෙරෙන නියෝගය යනාදිය ද ඒවායෙහි ඇතුළත් විය. මෙම ප්‍රකාශ ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් දැන සිටියහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංගය එතුමාණන්ගේ මිතුරන්ගේ ස්වභාවය ඉස්රාඊල් දරුවන් අතර සිටි විද්වතුන්ගේ බුද්ධිය පිළිගෙන තිබුණි. එමෙන්ම කිතුනු විද්වතුන් හා ඔවුන්ගේ පියතුමන්ලා අතර ද එම පිළිගැනීම පැවතුණි. නමුත් ඔවුන් ඒවා බොහෝමයක් විකෘති කළෝය. යුදෙව් නබරිවරුන්ගේ පොත් ඇතුළත් පරණ ගිවිසුමෙහි වුව ද කිතුනු විද්වතුන් ලියූ දෑහි එකතුව වන නව ගිවිසුමෙහි වුව ද ඒ ගැන වන ප්‍රකාශ බොහෝමයකි. සැබැවින්ම ඔවුන් එය සම්ප්‍රේෂණය කළේ ජේසු තුමාගේ සමකාලිකයින් ගෙන් යැයි අදහස් කරති. එම ප්‍රකාශ මෙසේය.
පළමුවැන්න: මෙම ශ්‍රේෂ්ඨ අනාගත වක්තෘවරයා ගැන ශුභාරංචිය මූසා (මෝසෙස්) වෙත පැමිණියේය. (ඔහුට සාමය වේවා) ද්විතීය කථාවේ මෙසේ සඳහන් වෙයි. 18 මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය. 19 මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් බලෙන් ඉල්ලා සිටිමි. ද්වීතීය කතාව 18:18-18. ඉස්රාඊල් දරුවන්ගේ සහෝදරයින් වූයේ ඉස්මාඊල්ගේ දරුවන්ය. ඉස්මාඊල්ගේ දරුවන් අතරින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හැර වෙනත් කිසිදු ධර්ම දූතයකු බිහි වූයේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ වචන නොඇසූ අය සඳහා වන අල්ලාහ්ගේ අවවාදය ගැන මෝසෙස් මෙම පාඨයේ සඳහන් කරයි. එය (මම එය බලෙන් ඉල්ලා සිටිමි) යන ඔහුගේ ප්‍රකාශයයි. කවරෙකු ඔහුව සොයන්නේ ද අල්ලාහ් ඔහුව ලබන්නට සළස්වයි.
මූසා (මෝසෙස්) ඔහුට සාමය උදා වේවා, අවසාන අනාගතවක්තෘවරයා (ෆාරාන්) සිට මතු වන බවත්, ෆාරාන් යනු මක්කාවේ කඳු බවත් පැවසීය. ද්විතීය කථාව පොතේ සඳහන් කර ඇති පරිදි, දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හැර ඉස්මායෙල්ගෙන් පසු මක්කමෙන් කිසිම අනාගත වක්තෘවරයෙකු මතු නොවීය. (ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර් හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක) ද්විතීය කථාව 33:2.
දෙවැන්න: දාවූද් (අලයිහිස් සලාම්) තුමා ද එතුමාණන් ගැන ශුභාරංචි දන්වා ඇත. ඔහු මෙසේ පැවසීය: (22 ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය. 23 මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.) ගීතාවලිය 118:22 මෙම ශුභාරංචියේ අර්ථය වනාහි, සැබැවින්ම ඉස්රාඊල් දරුවෝ ඉස්මාඊල් දරුවන්ගෙන් (අරාබිවරුන් අතරින්) මෙම දූත පණිවිඩය වීම ගැන ප්‍රතික්ෂේප කළෝය. සැබැවින්ම එය ශ්‍රේෂ්ඨ ධර්ම දූතයා විසින් මිනිස් සමූහයා වෙත වන අවසන් දූත පණිවිඩය වූ බැවිනි. එය වඩාත් ශ්‍රේෂ්ඨ දූත පණිවිඩය විය. උපමාව ගොඩනැගිල්ලකට සමාන කළේය. හේතුව නබිවරුන්ගේ ඇවෑම පූර්ණවත් වන තෙක්ම සෑම නබිවරයකුම තමන්ට පෙර සිටි නබිවරයා ආරම්භ කළ දෑ සම්පූර්ණ කළ බැවිනි. අවසන් නබිවරයා හැර වෙනත් කිසිවකු ඉතිරි නොවීය. ගොඩනැගිල්ල පූර්ණවත් වීමට ළඟා විය. එක් ගඩොලක් හැර වෙනත් කිසිවක් ඉතිරිව තිබුණේ නැත. අල්ලාහ් තම දූතයාණන් වූ තම මිත්‍රයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එව්වේය. එතුමාණන් මගින් දහම සම්පූර්ණවත් කළේය. එතුමාණන් මගින් ආශිර්වාදයන් සම්පූර්ණවත් කළේය. නබිත්වයේ මෙහෙවර අවසන් විය. ගොඩනැගිල්ල සම්පූර්ණ විය. අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වක්තෘවරුන් මෙන්ම ධර්ම දූතවරුන් අතරින් අවසාන තැනැත්තා විය. ගල සම්බන්ධ කරමින් එම උපමාව එයට ගෙනහැර පෑවේ එම ශුභාරංචිය තුළ එතුමාණන්ව පෙන්වා දෙමිනි.
තුන්වැන්න: මතෙව්හි සඳහන් වී ඇති පරිදි ඊසා (ජේසු) තුමා මෙසේ ප්‍රකාශ කර ඇත. "එබැවින් මම ඔබට කියමි: දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබෙන් පැහැරගෙන එහි පල දරන ජාතියකට දෙනු ලැබේ." මතෙව් 42:21. මෙම ශුභාරංචිය ඇතුළත් ආශ්චර්යමත් පුවත ගැන සිතා බලන්න. එනම්: සැබැවින්ම දූත මෙහෙය ඉස්රාඊල් දරුවන්ගෙන් ඉවත් කර ඉස්මාඊල් දරුවන් වෙත මාරුකර දෙන බව ජේසු තුමා ඔවුන්ට දන්වා ඇත. ඉස්මාඊල් දරුපරපුරෙන් අල්ලාහ් එවූ එකම නබිවරයා වූයේ අවසන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.
යොහාන් හි සඳහන් පරිදි ඊසා (ජේසු) තුමා මෙසේ පවසා ඇත: "26. නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක. 27. පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය." යොහාන් 15:26-27.
ජේසු තුමා වෙනුවෙන් දිව්‍ය පණිවිඩය තුළින් සාක්ෂි දරා, යුදෙව්වන් විසින් එතුමාට හා එතුමාගේ මවට නැගූ අවලාදවලින් පිරිසිදු කළේ, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හැර වෙනත් කවුරු ද? ජේසු තුමා මෙසේ පවසා සිටියේය. 12. නුඹලාට කියන්නට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය. 13. එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වන සේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක. 14. උන්වහන්සේ මා ගෞරවයට පමුණුවන සේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේක. යොහාන් 16:12-14.
එතුමාණන් පිළිබඳ ආගම් ලත් ජනයා තුළ පවතින දැනුම පිළිබඳවත් සැබැවින්ම ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එතුමාණන්ව ඔවුන් හදුනන බවත් ඔවුනට අල්ලාහ් සහතික කළේය. "දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත." (සූරා අල්-බකරා: 146)
එතුමාණන්ගේ ස්වරූපය හා එතුමාණන්ගේ වැදගත් කරුණු -පෙර පහළ වූ ප්‍රකාශවල - ඔවුනට දන්වා සිටියාක් මෙන්ම සැබැවින්ම ඊසා ජේසු (අලයිහිස් සලාම්) තුමා එතුමාණන්ව නමින් ආමන්ත්‍රණය කර ඇති බව අල් කුර්ආනයේ සහතික කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද, මගෙන් පසුව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද, මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම් ගේ පුත් ඊසා පැවසූ අවස්ථාව සිහියට නගනු. එහෙත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසුවෝ ය." (සූරා අස්-සෆ්: 6)
මෙම අලංකාර ශුභාරංචි පිළිබද තව තවත් දැන ගැනීම සඳහා පහත සඳහන් ග්‍රන්ථ වෙත පාඨයකායට යොමු විය හැකිය:
අලී ඉබ්නු රබ්බන් අත්-තබරීගේ "අද්-දීනු වද්-දව්ලා ෆී ඉස්බාති නුබුව්වති නබිය්යිනා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)
අබ්දුල්ලාහ් අත්-තර්ජුමාන් විසින් රචිත "තුහ්ෆතුල් අරීබ් ෆිර් රද්දි අලා ඉබාදිස් සලීබ්". එතුමා ඉස්ලාමයට පැමීණීමට පෙර එතුමාගේ නම 'අන්සලම් තොර්මිදා' විය.
ඉබ්රාහීම් කලීල් අහ්මද් විසින් රචිත "මුහම්මද් ෆිත් තව්රාති වල්-ඉන්ජීලි වල්කුර්ආනි" හෙතෙම ඉස්ලාමයට පැමිණීමට පෙර නමින් ඒබ්රහම් ෆිලිප්ස් විය.
අබ්දුල් අහද් දාවූද්ගේ "මුහම්මද් ෆිල් කිතාබිල් මුකද්දස්"
මෙම කෘතීන් රචනා කරන ලද්දේ පෙර කිතුනුවන් ලෙස සිට, පසුව ඉස්ලාමය වැළගත් අය විසිනි. අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.
ජේසු තුමා අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන පවසා ඇත්තේ කුමක් දැයි මිනිසා ප්‍රශ්න කිරීම පුදුමය නොව, පුදුමය වන්නේ සැබැවින්ම දූතවරු හා නබිවරු අල්ලාහ් වෙතින් එක් අරමුණක් උදෙසා එනම් අල්ලාහ් හැර අන් සියල්ල හැර දමා ඔහුට පමණක් නැමදුම් කිරීම යන උදාර අරමුණ උදෙසා පැමිණ ඇති බවත්, සැබැවින්ම ඔවුන් සියලු දෙනා අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් හා යළි අවදි කරනු ලැබීම, විනිශ්චය හා ප්‍රතිඵලය කෙරෙහි විශ්වාස කරන මෙන් ඇරයුම් කර සිටි බවත් දැන දැනම, පසුව ඔවුන් ගෙන ආ දෑ විශ්වාස නො කර සිටීමය. අල්ලාහ් මත දිවුරා කියමි, සැබිවින්ම එය පැහැදිලි පරාජයකි. කිසිදු සැකයක් නැති විනාශයකි. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා!
බලන්න: "හුබ්බී අල්-අළීම් ලිල් මසීහ් අලයිහිස් සලාම් කාදනී ඉලල් ඉස්ලාම්" පිටුව 169, මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් අස්-සහීම්ගේ "බෂාරා අල්-මසීහ් අලයිහිස් සලාම්"
ඒකාබද්ධිත අංකය: 3190
ප්‍රශ්න අංක: 106
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව යවා ඇත්තේ කිසියම් හෝ ප්‍රාතිහාර්යයක් සමග ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ප්‍රාතිහාර්යය යනු අසාමාන්‍යය සිදුවීමකි. අල්ලාහ් එය නබිවරයාගේ දෑතින් හෙළි කරනු ඇත. එය ඔහු තම ජනයාට ආරයුම් කර සිටියදී තමන් වෙනුවෙන් එය සාධකයක් වනු පිණිසය. ඉබ්‍රාහීම් අලයිහිස් සලාම් තුමාව ගින්නට හෙළූ අවස්ථාවේ, එය එතුමාට සිසිල හා ආරක්ෂාවක ගෙන දීම ද එවන් ප්‍රාතිහාර්යයකි. එමෙන්ම මූසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ප්‍රාතිහාර්යයන් ද විය. ඒ අතරින් සැරයටිය, අත, ගංවතුර යනාදිය වේ. එමෙන්ම ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ප්‍රාතිහාර් යයන් ද විය. එතුමා ළාඳුරු රොගීන් හා කුෂ්ඨ රෝගීන් සුව කරන්නෙකු වූ අතර මිය ගිය ඇත්තන් අල්ලාහ්ගේ අනුමැතියෙන් අවදි කරන්නෙකු වූහ. අල්ලාහ් ධර්ම දූතයාණන් යැවූ නමුත් එතුමා සමග වන කිසිදු අසාමාන්‍ය ප්‍රාතිහාර්යයක් නියම කළේ නැත. නබි තුමාණන්ගේ තත්ත්වය හා එතුමාණන්ගේ පැවැත්ම එලෙසම විය. එතුමාණන් ගෙන ආ දිව්‍ය පණිවිඩයම එතුමාණන් අල්ලාහ් අබියසින් වන නබිවරයකු බව පෙන්වාදීමට ප්‍රමාණවත් වන්නේය. එවිට මිනිසාට සත්‍යවාදියා අසත්‍යවාදියාගෙන් පැහැදිලි වනු ඇත. එබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි විට අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් තුමා මෙසේ පවසා සිටියේය: "මිනිසුන් එතුමාණන් ගැන තිගැස්සී ගියේය. මම ද එසේ තිගැස්සී ගිය අය අතරින් කෙනෙකු වීමි. එතුමාණන්ගේ මුහුණ පැහැදිලිව දුටු කල්හි, සැබැවින්ම එතුමාණන්ගේ මුහුණ බොරුකාරයකුගේ මුහුණක් නොවන බව හඳුනා ගත්තෙමි. එතුමාණන් කළ ප්‍රකාශයට මා සවන් දුන් පළමු කරුණ වනුයේ: “අහෝ ජනයිනි! නුඹලා සලාමය පතුරුවන්න. ලේ ඥාතීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහාර සපයන්න. ජනයා නිදමින් සිටියදී රාත්‍රියේ නැගිට සලාතය ඉටු කරන්න. නුඹලා සාමයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත." (මුස්නද් අහ්මද් (23784), තිර්මිදි (2485), ඉබ්නු මාජා (1334))
පැහැදිළි ප්‍රාතිහාර්යයන් හා බලවත් සාධක මගින් අල්ලාහ් තම නබිවරුන් හා ධර්ම දූතවරුන් ශක්තිමත් කළේය. එම ප්‍රාතිහාර්යයන් විවිධ තරාතිරමින් හා විවිධ වර්ගයෙන් පිහිටා තිබිණ. සෑම නබිවරයකු සතු ප්‍රාතිහාර්යක්ම ප්‍රමාණවත් තරමට අල්ලාහ් නියම කළේය. එය ඒ මත පදනම්ව මිනිසා විශ්වාස කරනු පිණිස හා ඔවුනට ඒවා සාධක වශයෙන් ඉදිරිපත් කරනු පිණිසය. එවිට ඔවුන් සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් එවන ලද නබිවරයා බව හඳුනා ගනු ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: “වක්තෘවරුන් අතරින් මේ හා සමාන දෙයක් (ප්‍රාතිහාර් ය ක්) පිරිනමනු ලැබ, මිනිස් වර්ගයා එය විශ්වාස කළ හෝ එය ආරක්ෂාවක් ලෙස සලසාගත් කිසිම වක්තෘවරයෙක් නොවීය. මට දෙනු ලැබ ඇත්තේ මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්‍ය පණිවිඩයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතරින් බහුතරයක් දෙනා අනුගමනය කරන කෙනෙකු බවට මා පත්වීම ගැන මම අපේක්ෂා කරමි.” ඒකාබද්ධව වාර්තා කළ හදීසයකි. සහීහ් අල්-බුහාරි (7274), සහීහ් මුස්ලිම් (239).
සැබැවින්ම අපගේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් බොහෝ ප්‍රාතිහාර්යයන් සමග එවනු ලැබූහ. ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: මේ සම්බන්ධයෙන් ඉමාම්වරු ප්‍රාතිහාර්යයන් දහසකට වඩා එකතු කර ඇති අතර, ඒවා අතර වඩාත්ම විස්මිත හා ශ්‍රේෂ්ඨ වන්නේ බලවත් අල් කුර්ආනයයි. එයට ඉදිරියේ හෝ එයට පිටුපසින් හෝ අසත්‍යය පැමිණෙන්නේ නැත. එය ප්‍රඥාවන්ත, ප්‍රශංසාලාබියා විසින් පහළ කරන ලද්දකි. එමෙන්ම එහි වචන හා අර්ථය අනුව එහි ආශ්චර්යමත් බව විහිදී ඇත. ඔහුගේ වචන සම්බන්ධයෙන් ගත් කල, එය වාග් ශෛලයේ ඉහළම මට්ටමේ පවතින අතර, මෙම කරුණ පිළිබඳ දැනුම වැඩි කළ සෑම කෙනෙකුම මෙම විෂය සම්බන්ධයෙන් අල්-කුර්ආනය කෙරෙහි ඇති ගෞරවය වැඩි වනු ඇත. ඒ කෙරෙහි දැඩි සතුරුකම සහ එය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ගේ දැඩි උනන්දුව තිබියදීත් එය තම කාලයේ සිටි කථික උගතුන්ට සහ කථිකයින්ට අභියෝග කළේ, එවැනි දෙයක් හෝ එවැනි පරිච්ඡේද දහයක් හෝ එක් පරිච්ඡේදයක් හෝ ඉදිරිපත් කරන ලෙස ය. නමුත් ඔවුන්ට එය නොහැකි වූ අතර, ඔවුන්ට එය කිසිදා කළ නොහැකි බව ද එය ඔවුනට දන්වා සිටියේය. එපමණක් නොව, එවැන්නක් ගෙන එන මෙන් එය සමස්ත ජින්වරුන්ට සහ මනුෂ්‍ය වර්ගයාට අභියෝග කළේය. නමුත් ඔවුන්ට එය නොහැකි විය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: “මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද, ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.” (සූරා අල්-ඉස්රා: 88) ඊට අමතරව එහි ආශ්චර්යමත් බව සනාථ කරන තවත් පැතිකඩ ඇත. එහි අර්ථය සම්බන්ධයෙන් ගත් කල, ඔහු අන්‍යෝන්‍ය සහයෝගය සහ ප්‍රඥාව, දයාව සහ යහපත, ප්‍රශංසනීය ප්‍රතිඵල සහ එකඟතාව යනාදියෙහි උපරිමය විය. ඉහළම අරමුණු සාක්ෂාත් කර ගැනීම, දූෂිත දේ නිෂ්ප්‍රභා කිරීම යනාදිය ද ඔහු තුළ විය. ඒ හැර සැකයෙන් හා ආශාවන්ගෙන් තොර හදවතක් සහ මනසක් ඇති අයට පෙනෙන වෙනත් දෑ ද ඔහු තුළ විය. එවන් ආශාවන් හා සැකයෙන් අල්ලාහ් අප ආරක්ෂා කරත්වා; අපි ඔහුගෙන් යහමග පතමු. ඒ අතරින් සැබැවින්ම එතුමාණන්ගේ පරම්පරාව, එතුමාණන්ගේ වැඩීම, එතුමාණන් පිවිසෙන හා පිටවන ස්ථාන ගැන මැනවින් දන්නා පිරිසක් අතර එතුමාණන් අනාථයකු සේ මග පෙන්වන ධර්මිෂ්ඨ, සත්‍යාවදී, විශ්වාසනීය පුත්ගලයකු සේ හැඳී වැඩුණේය. ඔවුන් සියලු දෙනා ඒ ගැන දැන සිටියෝය. මුරණ්ඩු, අහංකාර අයකු මිස වෙනත් කිසිවකු එතුමාණන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැත. එතුමාණන් නිසිලෙස ලිවීමට නොහැකි, සාක්ෂරතාව නො දන්නා කෙනෙකු විය. එය ඔහුට හෝ ඔහුගේ පවුලට හානියක් වූයේ නැත. ඔවුන්ගේ දේශයන්හි විසූ මුතුන් මිත්තන්ගේ දැනුම එතුමාණන් දැන සිටියේ නැත. ඒ ගැන කිසිවක් දැන සිටි කෙනෙකු ද නොවීය. එතුමාණන් හතළිස් වැනි වියේ ඔවුන් ඉදිරියට පැමිණ ඉකුත්ව ගිය දෑ පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිළිව දන්වා සිටියේය. ඒවා පිළිබඳ ගැඹුරු ඥානය ඇති, සත්‍ය තුළින් යහමග ලැබූ, ආගමික පොත්පත් ගැන මනා දැනුමක් ඇති ප්‍රමුඛ විද්වතුන් ද එතුමාණන්ට සාක්ෂි දැරූහ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල් කුර්ආනයේ දන්වා සිටි දෑ ද එතුමා දන්වා සිටි පිරිසිදු ආදර්ශමත් ප්‍රකාශයට අනුකූලව, ඉදිරියේ සිදුවන්නට නියමිත, නො දුටු දෑ ගැන එතුමාණන් කළ හෙළිදරව්වන් ද ඒ අතරට ඇතුළත් වේ. මෙම සංස්කණය දිර්ඝ නොකාට ඒ සියල්ල මෙහි සඳහන් නොකර සිටිමු . එමෙන්ම එතුමාණන්ගේ දෑතින් අල්ලාහ් හෙළිදරව් කළ අසාමාන්‍ය ආශ්චර්යමත් දෑ ද ඇතුළත් වේ. සර්ව බලධාරී අල්ලාහ් තම ග්‍රන්ථයේ දන්වා සිටි සඳ දෙකඩ වීමේ පුවත ද ඉන් එකකි. මිථ්‍යදෘෂ්ඨිකයින් එතුමාණන්ගෙන් ප්‍රාතිහාර්යයක් ඉල්ලා සිටීම එයට පාදක ව්ය. එය රාත්‍රියේ විය. එවිට එතුමාණන් චන්ද්‍රයා වෙත සංඥා කළේය. එය කොටස් දෙකක් බවට පත් විය. එවිට ඔවුනට එය මායාවක් නොවනු පිණිස ඔවුහු ඔවුන් අවට ජීවත්ව සිටි ජනයාගෙන් ඒ ගැන විමසා සිටියෝය. ඔවුන් ද ඒ හා සමාන දෙයක් දුටු බව දන්වා සිටියෝය. මෙම සිද්ධිය විද්වතුන් අතර අඛණ්ඩව වාර්තා වී පැමිණි හදීසයක් වන අතර සහාබාවරුන් එක් අයකු නොව අනේක සහාබාවරුන් මේ ගැන වාර්තා කර ඇත. එතුමාණන්ගේ ප්‍රාර්ථනාවේ සෘමෘද්ධිය හේතුවෙන් මතු වූ දෑ ද එහි ඇතුළත් වේ. තණබිමෙහි ඉබ්නු මස්ඌද් සමග වූ එළු දෙනක සම්බන්ධයෙන් එතුමාණන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටියේය. අල්ලාහ්ගේ නාමය පවසා උගෙන් කිරි දෙවූහ. පසුව උගෙන් කිරි එරිනි. එතුමාණන් එය පානය කර අබූ බක්ර් තුමා හටත් බීමට දුන්හ. එලෙස ම උම් මඃබද් සතු එළුවකු විශයයෙහි ද එතුමාණෝ කටයුතු කළහ. තවද තුෆෙයිල් ඉබ්නු අම්ර් වෙනුවෙන් ද ප්‍රාර්ථනා කර සිටියහ. එවිට ඔහුගේ සැරයටියේ කොණක ප්‍රතිහාර්ය යක් සිදු විය. එය දුරින් ඇති දෑ දැකිය හැකි තරමට දිදුළන ආලෝකයකි. එසේම උසෙයිද් ඉබ්නු හුළෙයිර් හා අබ්බාද් ඉබ්නු බිෂ්රුල් අන්සාරී යන දෙදෙනාට ද සිදු විය. එය ඔවුන් දෙදෙනා එක් අඳුරු රාත්‍රියක එතුමාණන් වෙතින් පිටව ගිය අවස්ථාවේය. එතුමාණන් සලාත් ඉටු කරමින් සිටිය දී එතුමාණන්ට සමච්චල් කළ හත් දෙනෙකුට එරෙහිව ද එතුමාණෝ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. ඔවුහු බද්ර් යුද පිටියේ ඝාතනයට ලක්වූහ. අබූ ලහබ්ගේ පුතනුවන්ට එරෙහිව ප්‍රාර්ථනා කළහ. එතුමාණන්ගේ ප්‍රාර්ථනාවට අනුව සිරියාවේ මෘග සතෙකු ඔහුව ග්‍රහණය කරන්නට අල්ලාහ් සැළැස්වීය. එමෙන්ම සුරාකාට එරෙහිව ද ප්‍රාර්ථනා කළහ. එවිට ඔහුගේ අශ්වයාගේ ඉදිරි පාද දෙක පොළොවේ ගිලුනි. පසුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ එවිට එය ඔහු නිදහස් කළේය. බද්ර් යුද්ධයේ ද කුඩා ගල් කැට අහුරක් කුරෙයිෂ් මිථ්‍යාදෘෂ්ඨයින් වෙත එල්ල කරන ලදී. එවිට ඔවුන් අතරින් ඒ සෑම කෙනෙකුටම ඉන් පහරක් වැදුනු අතර අවසානයේ අල්ලාහ් ඔවුන් පරාජයට පත් කළේය. හුනෙයින් දිනයේදී ද එලෙසම සිදු විය. බද්ර් යුද දිනයේදී එතුමාණන් උක්කාෂා බින් මුහ්සින්ට දර කොටයක් දුන් අතර එය ඔහුගේ අතේ තියුණු කඩුවක් බවට පත් විය. ඔහුගේ මහප්පා කෙනෙකු වූ අබ්බාස් තුමා - සිරකරුවකු ලෙස සිටිය දී - ඔහු හා උම්මුල් ෆළ්ල් තම දොරක යට වළ දැමූ දයෙක් ගැන එතුමාණෝ ඔහුට දන්වා සිටියේය. අවසානයේ ඔහු ඒ ගැන පිළිගත්තේය. බද්ර් යුද්ධ පිටියේ සිරභාරයට පත්වූ සිරකරුවන් සඳහා වන්දි ගෙවා ඔවුන් මුදවා ගැනීමට පැමිණි බව උමයිර් ඉබ්නු වහබ් දන්වා සිටියේය. නමුත් තමාව ඝාතනය කිරීමට ඔහු කළ කුමන්ත්‍රරණය සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුට දන්වා සිටියහ. ඔහු ද ඒ ගැන එතුමාට පාපොච්චාරණය කළ අතර, පසුව ඉස්ලාමය වැළඳ ගත්තේය. දෙවියන් වහන්සේ ඔහු ගැන සතුටු වේවා. උහද් යුද දිනයේ කතාදා ඉබ්නු අන්-නුඃමාන් අල්-ළෆරී තුමාගේ කම්මුල මත එල්ලී තිබුණ ඇසක් යථා තත්ත්වයට පත් කරන ලදී. එතුමාණන්ගේ අතට පත් වූ පසු ඔහුගේ ඇස් දෙක වඩාත් හොඳ තත්ත්වයට පත් විය. ඇස් දෙකහි කිසිදු වෙනසක් දැක ගන්නට නොහැකි විය. බෂීර් ගේ දියණිය ගෙන හා රට ඉඳි ස්වල්පයකින් එදින එතුමාණෝ පෝෂණය කළ ආකාරයට, අගල් යුද්ධ්දිනයේදී ජාබීර් තුමාගේ නිවසින් ගෙන ආ බාර්ලි 'සා' ප්‍රමාණයකින් දසකට ආසන්න විශාල පිරිසකට පෝෂණය කළේය. එමෙන්ම, තම ගෞරවනීය අතින් නිකුත් කළ ආහාරයෙන් අසූ දෙනෙකුට පමණ ආහාර සැපයූහ. සෙයිනබ් බින්ත් ජහ්ස් විවාහ කරගත් දිනයේ ද එලෙසම සිදු කළහ. තබූක් යුද දිනය ගත් කළ, එය ඉතා බියකරු දිනයක් විය. එතුමාණෝ හමුදාවට ආහාර සැපයූ අතර ඔවුන් කුඩා එළුවෙකුගේ ප්‍රමාණයේ තරමට තම මලු එම ආහාරයෙන් පුරවා ගත්තෝය. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාටත් සැපයුම් මල්ලක් පිරිනැමූහ. එතුමා ජීවත්ව සිටි කාලය පුරාම එයින් අනුභව කළ අතර, ඉන් වැඩි කොටසක් අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම කළේය. උස්මාන් තුමා ඝාතනය කරනු ලැබූ දින තෙක්ම එය එතුමා සමගම විය. තද නියඟ කාලය ඇති වූ කල්හි එතුමාණෝ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. එවිට මස්ජිදයේ වියනින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ රැවුල මතට වැසිජලය බැස යන තෙක්ම එතුමාණන් මින්බර් වේදිකාවෙන් බැස්සේ නැත. ඊට පෙර අහසේ අතේ ප්‍රමාණයට වළාකුළු හෝ ජල බිංදුවක් හෝ දක්නට නොතිබුණි. මදීනා මත වළාකුළු බසින ගල්හි මදීනාව මල් වඩමක් සේ පත් වන තරමට විය. එතුමාණෝ කුරෙයිෂිවරුන්ට විරුද්ධව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. එවිට විස්තර කළ නොහැකි තරමට ඔවුහු දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. අවසානයේ ඔවුහු තමන්ට අනුකම්පා කරන මෙන් ඉල්ලා සිටි අතර එතුමාණෝ ඔවුන් කෙරෙහි අනුකම්පා කළහ. ඔවුන්ව ඉන් නිදහස් කළහ. එතුමාණන් වෙත් වුළූ ධෝවනය කිරීම සඳහා ජල බඳුනක් ගෙන එන ලදී. එහි දී කිහිප පිරිසක් එතුමා සමග වුළූ ධෝවනය කිරීමට ප්‍රිය කළෝය. එවිට එතුමාණන් තම අත එම බඳුනට දැමූහ. එවිට එය පුළුල් විය. පසුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඇගිලි අතරින් ජලය උනන්නට විය. හුදෙයිබා දිනයේදී ද මෙලෙසම සිදු වූ අතර එහි එක් දහස් හාරසීයක් පමණ භට පිරිසක් විය. ජාබිර් තුමා මෙසේ පැවසීය: "අපි දස දහසක් දෙනකු වුව ද එය අපට ප්‍රමාණවත් වේ." එමෙන්ම එතුමාණන්ගේ එක්තරා ගමනක දිය පොදක් සම්බන්ධයෙන් ද එතුමාණන් මෙලෙස කටයුතු කර ඇත. වාර්තාකරු මෙසේ පවසා සිටියේ ය: දිය මල්ලේ ඇති ජලය භාජනයට කරන මෙන් එතුමාණන් මට නියෝග කළේය. මල්ල වියළී යන බැවින් එය ජලය උරා ගනී යැයි මම බිය වූයෙමි. පසුව එතුමාණන් එතුමාණන්ගේ අත ඒ තුළට දමා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළහ. එවිට තම සගයින් වුළූ ධෝවනය කර එහි ජලය පානය කරන තරමට එතුමාණන්ගේ ඇගිලි අතරින් ජලය ගලා යන්නට විය. එමෙන්ම එතුමාණන්ගේ හීය හුදෙයිබිය්යාහි උල්පතක් වෙත ගෙන එන ලදී. පසුව මම එය එහි තැබුවෙමි. ඔවුන්ට ප්‍රමාණවත් වන තරමට ජලයෙන් පිරී ගියේය. අපි මෙහි සඳහන් කළ කරුණු අල්ලාහ්ගේ කැමැත්ත පරිදි ප්‍රමාණවත් යැයි සිතමු.
ඇත්තෙන්ම එතුමාණන්ගේ නබිත්වය පෙන්වා දෙන ඉතා වැදගත්ම සාධක වනුයේ එතුමාණන්ට ලැබුණු දේව පණිවිඩයේ පැවැත්මය. එය අද දින පහළ කරනු ලැබුවාක් මෙන් කිසිදු විකෘති කිරීමක් හෝ වෙනස් කිරීමක් හෝ එයට මුසු නොවී අඛණ්ඩව පවතී. එතුමාණන්ගේ දහමත් එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සමූහයා වෙත දන්වා සිටි පරිදිම අදටත් ක්‍රියාත්මකව පවතී. එහි කිසිදු කරුණක් වෙනස් වී නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ සලාතය, එමෙන්ම සකාතය, උපවාසය, හජ් වන්දනාව හා මුස්ලිම්වරුන් ඉටු කරන අනෙකුත් ඉස්ලාමීය පිළිවෙත්, දේව දූතයාණන් හා තම දහම ආරක්ෂා කරගත් එතුමාණන්ගේ අනුගාමිකයින් ඉටු කළ ආකාරයෙන්ම තවමත් පවතී. සෑම දිනකම මෙම දහම තුළට පිවිසෙන සෑම ජාතියකට හා භාෂාවන්ට පිරිස් නො අඩුව පවතී. එහි කරුණ පුළුල්ව හා ව්‍යාපත්ව පවතින අතර එහි සත්‍යය, එහි යහපත, ආධ්‍යාත්මික හා සදාචාරාත්මක යහපත මෙන්ම ක්‍රියාකාරකම් හා ආගමික නීති තුළ පරිශීලනය කර බලන්නන් එහිම ස්ථාවර වීම ද වැඩි වෙමින් පවතී.
මේ සියල්ල මතෙව්ගේ ශුභාරංචියේ පවසා තිබෙන්නාක් මෙන් ක්‍රිස්තුස්වහන්සේගේ අනතුරු ඇඟවීමට ද පටහැනිව පවතී. බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි, නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය." (මතෙව් 7:15-20)
මෙය වනාහි, අල්ලාහ් මත දිවුරා පවසමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය, එතුමාණන්ගේ දූත පණිවිඩයේ පූර්ණත්වය වේ. අවසන් හෝරාව දක්වාම එතුමාණන්ගේ දහමේ පැවැත්ම සනාථ කරන අති මහත් ප්‍රාතිහාර්යයට සාධක හා සාක්ෂි අතරින් වේ. අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය පහළ වේවා!
බලන්න: "අල්-ෆුසූලු ෆිස් සීරා" පිටුව: 228-236.
ඒකාබද්ධිත අංකය: 1120
ප්‍රශ්න අංක: 107
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අවසාන අනාගතවක්තෘවරයා ලෙස හඳුන්වන්නේ ඇයි?
පිළිතුර:
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරුන් හා ධර්ම දූතවරුන්ගේ මුද්‍රාවයි. එනම් එතුමාණන්ගෙන් පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා කිසිදු නබිවරයකු නොවන බැවින් එතුමාණන් නබිවරුන්ගේ හා ධර්ම දූතවරුන්ගේ අවසානයා වේ. එතුමා ගෙන් පසුව කිසිවකු හෝ නබිත්වය සම්බන්ධයෙන් වාද කරන්නේ නම්, ඔහු බොරුකාරයකු වේ. සැබැවින්ම ඊසා (අලයිහිස් සලාම්) තුමාගෙන් පසු මතුවන නබිවරයා අවසන් නබිවරයා බව පෙර පැවැති පිළිවෙත්වල ද ප්‍රසිද්ධ කරුණකි. ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ය. අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
ඒකාබද්ධිත අංකය: 1470
ප්‍රශ්න අංක: 108
වක්තෘවරුන් සහ පණිවිඩකරුවන් අතරින් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවසාන තැනැත්තා බව සත්‍යයක් ද? මෙය සත්‍යයක් නම් මෙය පිටුපස ඇති හේතුව කුමක්ද? මේ දිනවල මිනිස් වර්ගයාට තවත් අනාගතවක්තෘවරුන් අවශ්‍ය යැයි ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරුන්ගේ අවසානයා වේ. පහළ කරනු ලැබූ දහම සම්පූර්ණ දහමක් වූ කල්හි එහි ස්වාභාවය නම් සැබැවින්ම එය සෑම කාලයකටම සෑම ස්ථානයකටම සුදුස්සක් විය යුතුය. ධර්මිෂ්ඨ විද්වත්හු එම දහම මිනිසුන් අතර ව්‍යාප්ත කරමින් එය ඔවුන් පැහැදිලි කරනු ඇත.
මෙසේ ප්‍රශ්න කරන්නා, ලෝවැසියන්ගේ පරමාධිපතියාණන් වන අල්ලාහ් තම දිව්‍ය පණිවිඩය තැබිය යුතු ආකාරය මැනවින් දැන සිටිය දී ඔහුට: "ඔබට වඩා මම දනිමි. ඇයි ඔබ දිව්‍ය පණිවිඩය එක දිගට නො යෙදුවෙ?" යයි පවසන්නාක් මෙනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔවුනට (මුහම්මද්තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට, 'අල්ලාහ්ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නො කරන්නෙමු' යැයි ඔවුහු පැවසුවෝ ය..." (සූරා අල්-අන්ආම්: 124)
සැබැවින්ම ඉබ්‍රාහීම්, මූසා සහ ඊසා (අලයිහිමුස් සලාම්) යන දූතවරුන්ගේ දිව්‍ය පණිවිඩ මෙන් පෙර පැවති දිව්‍ය පණිවිඩ ඔවුනොවුන්ගේ සමූහයන් වෙත පමණක් විශේෂ වූ පණිවිඩයක් බවට නියම කළ බවත් එයට යම් කාලයක් නියම කර, පසුව එය අවසන් වෙත්ම ඒවා ද අවසන් වී යන බවත් එහි ආරක්ෂා කිරීම අල්ලාහ් භාර නො ගත් බවත් එහි ආරක්ෂාව මිනිස් වර්ගයාට පිරිනමා තිබුණ ද ඔවුහු ඒවා අපතේ යැවූ බවත් අල්ලාහ් අපට දන්වා සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමගින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ..." (සූරා අල්-මාඉදා: 44)
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත පණිවිඩත් සමග දිව්‍ය පණිවිඩ අවසන් වී යනු ඇතැයි ද අල්ලාහ් තම දූතවරුන්ට දන්වා ඇත. එමෙන්ම දිව්‍ය පණිවිඩ එකක් අනික පූර්ණවත් කරන්නක් බවටත්, පසු පැමිණි දෑ පෙර ගොඩ නැගූ දෑ පූර්ණවත් කරන්නක් බවටත් සර්වබලධාරී අල්ලාහ් නියම කළේය. එබැවින් නබි දාවූද් ඒ ගැන මෙසේ පවසා සිටියි. (22 ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය. 23 මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.) ගීතාවලිය 118:22 මෙම ශුභාරංචියේ තේරුම: සැබැවින්ම දිව්‍ය පණිවිඩ ගොඩ නැගිල්ලක ඉඳි කිරීමකට සමාන කර ඇත. සෑම නබිවරයකුම තමන්ට පෙර සිටි නබිවරයා ආරම්භ කළ දෑ පූර්ණවත් කරන්නෙකු විය. එසේ නබිවරුන් එවීම සම්පූර්ණ කරන තෙක්ම පැවතිනි. අවසන් නබිවරයා හැර වෙනත් කිසිවකු ඉතිරි වූයේ නැත. ගොඩනැගිල්ල සම්පූර් ණ වීමට ළඟා විය. එක් ගඩොලක් හැර වෙනත් කිසිදු හිඩසක් නොවීය. අල්ලාහ් ඔහුගේ දූත ඔහුගේ මිතුරු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවීය. එතුමාණන් හරහා දහම සම්පූර්ණවත් කළේය. ආශිර් වාද සම්පූර් ණ විය. නබිත්වය නිමා විය. ගොඩනැගිල්ලේ ඉදි කිරීම පූර්ණවත් විය. අල්ලාහ්ගේ දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නබිවරුන් හා ධර්ම දූතවරුන්ගේ මුද්‍රාව විය. දාවුද් අලයිහිස් සලාම් තුමා ගල පෙන්වා, උපමා කර ප්‍රකාශ කර ඇත්තේ මෙතුමාණන් පිළිබඳවය.
මෙම පුවත ශුභාරංචියේ ද සඳහන්ව ඇත. එනම් නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවසන් දූතයා බව ඉන්ජීල් ශුභාරංචියේ සඳහන් කරමින් එහි අවසන් නබිවරයා වන්නේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බව පෙන්වා දී ඇත. එතුමාණන්ගේ පැමිණීමෙන් දිව්‍ය පණිවිඩ සම්පූර්ණ වන බවත් දහම පූර්ණවත් වන බවත්, ආශිර්වාද සම්පූර්ණ වන බවත් ජේසු තුමා පවසා ඇත්තේය. මතෙව්හි සඳහන් පරිදි එය මෙසේය: (යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක: 'ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය. මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය' යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙව්වේ නැද්ද?" මතෙව්: 42:21 මෙම පුවත පේතෘස්හි පළමු ලිපියේ ද සඳහන් වේ: 2:7.
'තමන්ට පෙර නබිවරුන් ආරම්භ කළ දෑ තමන් සම්පූර්ණ කළේ කෙසේ දැයි ද? ඔවුන්ගේ ක්‍රියාව පූර්ණවත් කරන්නෙකු ලෙස තම ක්‍රියාව පැවතුණේ කෙසේ දැ'යි ද අල්ලාහ්ගේ දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිළි කළහ. එතුමා මෙසේ පවසා සිටියහ: "මට හා මට පෙර සිටි නබිවරුන්ගේ උපමාව නිවසක් තැනූ මිනිසෙකුගේ උපමාව මෙනි. ඔහු එය ආකර් ශණීය ලෙස සකසා ඇත. අලංකාරවත් කර ඇත. නමුත් ගඩොලක ප්‍රමාණයක තැනක් අත්හැර දමා ඇත. ජනයා ඒ අසලින් සැරිසරති. ඒ ගැන මවිතයට පත් වී 'මෙම ගඩොල සවිකළ යුතු නොවේ දැ?'යි විමසති. එතුමාණෝ මෙසේ පැවසූහ: 'එම ගඩොල මම වෙමි. මම නබිවරුන්ගේ මුද්‍රාව වෙමි'. " සහීහ් අල් බුහාරි (3535), මෙම පද පෙල එතුමා සතු වූවකි. සහීහ් මුස්ලිම් (2286)
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණීමෙන් දහම පරිපූර්ණත්වයට පත්ව ආශිර්වාද පූර්ණවත් වූ විට උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: "අද දින මම නුඹලාට නුඹලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද නුඹලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය නුඹලාට දහමක් ලෙස මම තෝරා ගතිමි." (සූරා අල්-මාඉදා: 3)
දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වනාහි, සැබැවින්ම එතුමාණන් සමස්ත මිනිස් වර්ගයාටම වූ අල්ලාහ්ගේ දූතයකු බව අල්ලාහ් නියම කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “තවද (නබිවරය!) සමස්ත ජනයාටම ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් බහතරයක් ජනයා ඒ ගැන වටහා නො ගනු ඇත.” (සූරා සබඃ: 28) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "අහෝ ජනයිනි! සැබැවින් ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි..." (අල්-අඃරාෆ්: 158) එබැවින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දිව්‍ය පණිවිඩය අවසන් හෝරාව සිදු වන තෙක් ඉතිරිව පවතින්නක් බව අල්ලාහ් නියම කළේය. එමෙන්ම ඔහු එයට විශ්වීය සහ නෛතික ප්‍රතිපාදන සැළසුම් කර එය ආරක්ෂා කරන බවට සහතික කළ අතර විනිශ්චය දිනය දක්වාම ඉතිරිව පවතින්නක් බවට පත් කළේය. ඒවා අතරින්: සැබැවින්ම දේව දූතයාණන්ව එතුමා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ ජීවිත කාලය තුළ විශ්වාස කළ, එතුමාණන්ව මුණ ගැසුණු, එතුමාණන්ගේ දිව්‍ය පණිවිඩය හදාරා, එම පණිවිඩය සම්ප්‍රේෂය කළ අය ලක්ෂයකට වඩා වැඩි පිරිසක් වීම ද එකකි. ඔවුහු ඔවුන්ගෙන් පසු පැමිණෙන උදවිය වෙනුවෙන් එතුමාණන්ගෙන් මෙම පණිවිඩය දරා ඉසිලුවෝය. ඒ අතරම ඊසා (අලයිහිස් සලාම්) තුමාණන් සමග වූ ගෝලයින්ගේ සංඛ්‍යාව හැත්තෑවකට අධික අනුගාමිකයින් පිරිසක් නොවීය. එමෙන්ම මූසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළේ ද සුළු පිරිසක් පමණි.
සැබැවින්ම අවසන් මුහම්මදියානු පණිවිඩය වනාහි, එහි සම්ප්‍රේෂණය පරම්පරා ගණනාවක් තුළින් පැවත ආ අඛණ්ඩ සම්ප්‍රේෂණකි. එය විශ්වාසය හා බැඳුණු කරුණු වුව ද, නැමදුම් හා බැඳුණු කරුණු වුව ද, ගනුදෙනු හා සම්බන්ධ කරුණු වුව ද, හුරු පුරුදුකම් හා තත්ත්වයන් සම්බන්ධ කරුණු වුව ද එක සමාන ය. මුස්ලිම්වරු විසින් වර්තමානයේ අදහන ආගමික පිළිවෙත් සහාබාවරු ක්‍රියාත්මක කළ ආකාරයටම මිනිසාට දක්නට ලැබෙන්නේ එබැවිනි. දේව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දිව්‍ය පණිවිඩය, එය අල් කුර්ආනය වුව ද නබිතුමාණන්ගේ පිළිවෙත වුව ද එක සමාන ය. ඒවා කිසිදු අකුරක වෙනස් වීමකින් තොරව අල්ලාහ්ගේ ආරක්ෂාව යටතේ ආරක්ෂා කරනු ලැබ ඇත.
මෙය එසේ වී නම්, මෙම දිව්‍ය පණිවිඩය ආරක්ෂිතව පවතින්නක් නම්, සෑම කාලයකට, සෑම යුගයකටම ගැළපෙන්නක් වී නම්, සෑම පරිසරයකටම ගැළපෙන්නක් වී නම්, සෑම ව්‍යාපාරයක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි නම්, වර් තමානයේ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දහම පිළිපැදීමේ හා එතුමාණන්ගේ පිළිවෙත් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මිනිසුනට පවතී. එය ඔවුනට ප්‍රමාණවත් වේ. තවත් නබිවරයකු පැමිණියේ නම් ඔහු ද එතුමාණන්ගේ ප්‍රජාවේ කෙනෙකු වන අතරම එතුමාණන්ගේ පිළිවෙතම අනුගමනය කරන්නකු වනු ඇත. "තවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කරවන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද? ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. 'එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි' යැයි පැවසුවේ ය." (සූරා ආලු ඉම්රාන්: 81) අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 450
ප්‍රශ්න අංක: 109
ඉස්ලාම් ධර්මයේ නිර්මාතෘවරයා නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බව ඇත්තද?
පිළිතුර:
ඉස්ලාමය යනු උත්තරීතර අල්ලාහ් වෙතින් වූ ආගමකි. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවනු ලැබූ වක්තෘවරයෙකි. එතුමාණන් සර්ව බලධාරී අල්ලාහ් ගැන දන්වා සිටියහ. එමෙන්ම සෙසු දූතවරුන් (සියළු දෙනාට සාමය හිමිවේවා) මෙන් එතුමාණන් ද දූතයෙකි. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: “ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු." (සූරා අල්-අහ්කාෆ්: 9) දිව්‍ය පණිවිඩ අල්ලාහ් වෙතින් පහළ වූ දෑය. ඒවායින් සමහරක් එකිනෙකට අනුපූරක වන අතර, පසුව ඇති ඒවා පෙර ඒවා සනාථ කරනු ඇත. එයට ගරුබුහුමන් කිරීමට හා ඇගයීමට මෙන්ම එම පණිවිඩය තුළින් එයට සාක්ෂියක් වීමට එය අපේක්ෂා කරයි. කවරෙකු හෝ කිසියම් නබිවරයකු ප්‍රතික්ෂේප කළේ ද ඔහු සියලුම නබිවරුන් හා රසූල්වරුන් ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව ඔවුන් සියලු දෙනාගේ පණිවිඩය එකක් වූ බැවින් හා ඔවුන්ගේ අරමුණ ද එකක් වූ බැවිනි.
ඉස්ලාමයේ පණිවිඩය ස්වර්ග උයනේ සිට ආදම් (අලයිහිස් සලාම්) තුමාව මහපොළොවට පහළ කළ දා පටන් පවතින්නකි. සියලුම නබිවරුන් මුස්ලිම්වරුන් වෙති. ඔවුන්ගේ පණිවිඩය ද ඉස්ලාම් විය. අවසන් දූතයාණන් ෂරීආ නීති පිළිවෙත හා දිව්‍ය පණිවිඩය සමග පැමිණෙන තෙක්ම, අල්ලාහ්ගේ දහම වන ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් සිටි දූතයකු නැති කාලයක් නොවී ය. එතුමාණන් තුළින් දිව්‍ය පණිවිඩ හා ආගමික පිළිවෙත් නිමා විය. එය එසේ වූ විටෙක, සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉස්ලාම් දහමේ නිර්මාතෘ වන්නේ දැයි ඇසීම සුදුසු වන්නේ නැත. හේතුව අල්ලාහ්ගේ දහම වන ඉස්ලාමය මූසා, ඊසා මෙන්ම මුහම්මද් (ඔවුන් සැමට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා) යන අය අතර ද පැවතුණු බැවිනි.
එබැවින්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉස්ලාම් දහමේ නිර්මාතෘ වන්නේ ද? යනාදී මෙවන් ප්‍රශ්න විමසා සිටීම යුතු වන්නේ නැත. බුදු දහම සහ කොන්ෆියුසියස්වාදය වැනි ආගම් සම්බන්ධයෙන් ගත් කල, බුද්ධාගම ආරම්භ කළේ කවුරුන්ද? වැනි ප්‍රශ්න අසා සිටිය හැක. හේතුව බුදුන්ට පෙර මිහිපිට බුදු දහමක් නොතිබුණු බැවිනි. එමෙන්ම බෞද්ධයන් සිටියේ ද නැත. කොන්ෆියුෂියානුවාදය සහ හින්දු ආගම ගත් කල ද පවසන්නට ඇත්තේ ද එයමය. එනම් හින්දු ආගම නිර්මාණය කළේ කවුද? සීක් ආගම නිර්මාණය කළේ කවුද? යනාදී ප්‍රශ්න විමසා සිටිය හැක.
ඒකාබද්ධිත අංකය: 300
ප්‍රශ්න අංක: 110
මුස්ලිම්වරුන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට නමස්කාර කරන බව ඇත්ත ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
එය වැරදි ප්‍රකාශයකි. මුස්ලිම්වරු අල්ලාහ් පමණක් නමදිති. ඔහුට කිසිදු හවුල්කරුවකු පත් කරන්නේ නැත. කවරෙකු අල්ලාහ් සමග වෙනත් අය නමදින්නේ නම් හෝ අල්ලාහ් හැර වෙනත් අය නමදින්නේ නම් හෝ ඔහු දෙවියන්ට අවනත වන මුස්ලිම්වරයකු නොව දේව ප්‍රතික්ෂේපකයකු වේ. මුස්ලිම්වරු තම නැමදුමෙහි "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යැයි පවසති. (එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. සැබැවින්ම මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තෙකු මෙන්ම ඔහුගේ දූතයා වෙයි.)
එමෙන්ම, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ගෙන එන ලද ග්‍රන්ථය, බහුදේවවාදය වලංගු නොවන බව හා බහුදේවවාදීන්ගේ උත්සාහයේ අර්බූදකාරිත්වය පෙන්නුම් කරන තාර්කික සාක්ෂි වලින් පිරී පවතී. උදාහරණ වශයෙන් උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයක් මෙසේය: "ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බූදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය." (සූරා අල් අන්බියා: 22)
මුස්ලිම්වරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරන අතර එතුමාණන්ට නමදින්නේ නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අහෝ දෙවියනි! මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කර ඇත." මෙය ඉමාම් අහ්මද් විසින් වාර්ථා කරන ලදී, (7358) මෙය හසන් වර්ගයට අයත් හදීසයකි.
එතුමාණන් සම්බන්ධයෙන් දක්වන සීමාව ඉක්මවීම හා අතිශයෝක්තිය ගැන එතුමාණෝ අවවාද කළ අතර මෙසේ පැවසූහ: "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන්ට අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා: 'දේව ගැත්තා, දේව දූතයා' ලෙස පවසනු." (සහීහ් අල් බුහාරි (3445))
එතුමාණෝ තමන්ට ඉතා සමීප තම දියණියටත්, තමන්ගේ සෙසු ඥාතීන්ටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වෙනුවෙන් තමන්ට කිසිවක් කළ නොහැකි බව පැහැදිළි කර සිටි අතර එතුමාණන් වෙත පහත සඳහන් වැකිය පහළ කළ අවස්ථාවේ එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "තවද, (නබිවරය!) ඔබේ සමීප ඥාතීන්ට අවවාද කරනු." (සූරා අෂ් ෂුඅරාඃ: 214) "අහෝ කුරෙයිෂ් ජනයිනි! ඔබේ ආත්මය ඔබ අල්ලාහ්ගෙන් මිලට ගන්න. අල්ලාහ් ඉදිරියේ ඔබට කිසිදු සෙතක් සැළසීමට මට නො හැක. අහෝ අබ්දුල් මුත්තලිබ්ගේ දරුවනි! අල්ලාහ් ඉදිරියේ ඔබට කිසිදු සෙතක් සැළසීමට මට නො හැක. අබ්දුල් මුත්තලිබ්ගේ පුතු අබ්බාස්! අල්ලාහ් ඉදිරියේ ඔබට කිසිදු සෙතක් සැළසීමට මට නො හැක. අල්ලාහ්ගේ දූතයාණන්ගේ නැන්දනිය සෆිය්යා! අල්ලාහ් ඉදිරියේ ඔබට කිසිදු සෙතක් සැළසීමට මට නො හැක. අල්ලාහ්ගේ දූතයාණන්ගේ දූ ෆාතිමා! ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න. නමුත් අල්ලාහ් ඉදිරියේ ඔබට කිසිදු සෙතක් සැළසීමට මට නො හැක." ඒකාබද්ධව වාර්තා කළ හදීසයකි. සහීහ් අල්-බුහාරි (2753), සහීහ් මුස්ලිම් (351). දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට ඔවුන් නැමදුම් කළ යුතු යැයි එතුමාණන් ඔවුන්ගෙන් අපේක්ෂා කර සිටියේ නම්, තමන් විසින් ඔවුනට කිසිවක් කිරීමට නොහැකි බව එතුමාණන් ඔවුනට පැහැදිලි නො කරන්නට තිබුණි. සැබැවින් අල්ලාහ් ඒ ගැන සැලකරමින් මුස්ලිම්වරු කියවන මහඟු අල් කුර්ආනයේ මෙසේ පහළ කළේය. “(නබිවරය,) ඔබටත් ඔබට පෙර සිටි දේව දුතවරුන්ටත් වහී මඟින් දන්වනු ලැබුවේ ‘ඔබ ෂිර්ක් (අල්ලාහ්ට ආදේශ තැබීමේ) කටයුතුවල නියැලුණේ නම්, ඔබගේ යහක්‍රියා විනාශ වී ගොස්, ඔබ පරාජිතයන්ගෙන් කෙනෙකු බවට පත් වන බව'ය.” (සූරා අස්-සුමර්: 65) මේ සියලු කරුණු කාරණා සමග මුස්ලිම්වරු එතුමාණන් නමදිති යැයි සිතිය හැක්කේ කෙසේ ද? අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය පහළ වේවා!
ඒකාබද්ධිත අංකය: 350
ප්‍රශ්න අංක: 113
මුස්ලිම්වරයෙකුට භාර්යාවන් හතර දෙනෙකු දක්වා පමණක් විවාහ වීමට අවසර තිබියදීත්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් භාර්යාවන් එකොළොස් දෙනෙකු විවාහ කරගත්තේ ඇයි?
පිළිතුර:
වැදගත් කරුණ (2)
ඒ සඳහා වන පිළිතුර සමස්තයක් ලෙස ගත් කල: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමූහයාට නො තිබූ, එතුමාණන්ට පමණක් විශේෂිත වූ විශේෂාංග එතුමාණන්ට හිමි ව තිබුණි. ඒවා අතරින් සිව් දෙනෙකුට වඩා අධික බිරියන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට උත්තරීතර අල්ලාහ් එතුමාණන්ට අවසර දී තිබුණි. සුලෙයිමාන් (සොලමන්) තුමා හට බිරියන් සිය දෙනෙකු විය. ඊටත් වඩා වැඩි බව තවත් කියමනක සඳහන් වේ. නමුත් එය ප්‍රචාරක කටයුතුවලින් හෝ අරගලයෙන් හෝ එතුමාණන්ව වෙනතකට යොමු කරන්නක් නොවීය. මක්නිසාද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පැවරී ඇති වැදගත් කාර්යයන් මෙන් මුස්ලිම්වරයකුට විශාල කාර්යයන් පැවරී නැත. සැබැවින්ම සෙසු අයට බිරියන් සිව් දෙනෙකු සීමා කර ඇත්තේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් විසින් නඩත්තු කිරීමට අපොහොසත් වන බැවිනි. මෙම අපොහොසත්කම අපගේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අයිතිය තුළ ඉවත් කරන ලද්දකි. පිළිතුර සවිස්තරාත්මක ලෙස ගත් කල, බොහෝ හේතු නිසා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් භාර්යාවන් කිහිප දෙනෙකු විවාහ කරගෙන ඇති බවය. ඉන් ස්වල්පයක් පහත සඳහන් වේ.
මෙතරම් බිරියන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමේ අරමුණ කාන්තාවන් කෙරෙහි වූ කාමාශාව නොවීය. එසේ එතුමාණන්ගේ අරමුණ එය වී නම් රූපලාන්කාරයෙන් යුක්ත අඩු වයසැති කන්‍යා බිරියන් පමණක් එතුමාණන්ට තෝරා ගන්නට තිබුණි. නමුත් ප්‍රධාන අරමුණ එය නොවීය. කන්‍යා කුමරියක් ලෙස එතුමාණන් විවාහ වූයේ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පමණි. එතුමාණන්ගේ සෙසු බිරින්දෑවරු වැන්දඹුවන් හා දික්කසාද කරනු ලැබූ කාන්තාවන් වූහ. ඔවුන්ගෙන් ඇතැමුන් අවුරුදු හතළිහ, අවුරුදු හැට ඉක්මවා ගියවුන් වූහ.
දේවත්වය විශ්වාස කරන්නන්ගේ මෑණිවරුන් අතරින් නබි තුමාණන් විවාහ වූ සෑම බිරියක්ම එතුමාණන් විවාහ කර ගැනීමට පාධක වූ ප්‍රඥාන්විත කතාවක් ඒ පිටුපස විය. එතුමාණන් විවාහ වූ කවර බිරියක් වුව ද එය එතුමාණන්ට පැවරුණු කාර්යයේ ස්වභාවය අනුව හා එතුමාණන් ගෙන ආ පණිවිඩයේ ස්වභාවය අනුව එය අවශ්‍ය විය. බිරියන් කෙරෙහි වූ එතුමාණන්ගේ කරුණාව පිළිබඳ විස්තරයක් මෙසේය:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියන් වනාහි, මිනිසුන්ගේ ආගමික මෙන්ම ඔවුන්ගේ ලෞකික කටයුතු වලට මහත් සේ සෙත සළසන්නක් වූහ. ඒ අතරින් වඩාත් වැදගත්ම කරුණ වූයේ පොදුවේ කාන්තාවන් සමග බැඳුණු නීතිරීති මෙන්ම විශේෂයෙන් බිරියකගේ ජීවිතය හා බැඳුණු නීතී රීති අඩංගු ෂරීයා පිළිවෙත අන්තර්ගත වීමය. මේ සියල්ල සම්ප්‍රේෂණය කිරීමට හා එතුමාණන් පිළිබඳ වාර්තා කිරීමට තනිකඩ කාන්තාවක් විසින් කළ හැක්කක් නොවීය.
එතුමාණන් විවාහ කර ගත් එක් කාන්තාවක් නම්, ඇයගේ කඩාකප්පල් වූ ජීවිතයට අත දීමක් ලෙස එතුමාණෝ ඇයව විවාහ කර ගෙන ඇත. ඇත්තෙන්ම ඇය ඇබීසීනියාවට හිජ්රත් කළ කාන්තාවකි. ඇගේ සැමියා ආගමින් ඉවත්ව ඇයගෙන් වෙන්ව ගියේය. ඇගේ පියා අල්ලාහ්ගේ දූතයාණන්ට එරෙහිවූ මිථ්‍යාදෘෂ්ටික දේව ප්‍රතික්ෂේපකයකු විය. එසේ ආගමින් ඉවත්ව ගිය සැමියකු අතර හා ඇය ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් අමනාප වූ පියකු අතර එම කාන්තාව අත්හැර දැමිය හැකි ද? එතුමාණන් ඇයව විවාහ කර ගැනීමට අවශ්‍ය වූ ප්‍රඥාව හා අනුකම්පාව වූයේ ඇයට අහිමි වූ දේ වෙනුවට ඇයගේ පුරප්පාඩු පිරවීමක් ලෙසය. දේව දූතයාණෝ ඇගේ පියාට සහ සැමියාට පමණක් නොව මුළු ලෝකයටම පුරප්පාඩු පිරවීමේ ආශිර්වාදය ඇයට පිරිනැමීය. සැබැවින්ම අල්ලාහ් ඇයව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට විවාහ කර දුන් බවට කාන්තාවන් අතර පුරසාරම් දොඩන දෙයක් විය. ඇය මෙන්ම දරුවන් හැරදමා ගිය සැමියා මිය ගිය වැන්දඹුවන් ද විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසලල්ලම්) තුමාණන් ඇය හා ඇයගේ පවුල රැකබලා ගැනීම සඳහා ඇයව විවාහ කර ගත්හ. මීට වඩා විශාල කවර ආශිර්වාදයක් අල්ලාහ් ඇයට පිරිනමා තිබිය හැකි ද?
මෙම බහු විවාහයේ තවත් එක් යහපතක් වූයේ එතුමාණන් ඉස්ලාමයට කැඳවන ගෝත්‍රිකයන්ගේ හදවත් දිනා ගැනීමය. එම විවාහ බන්ධනය ඇතැම් ගෝත්‍ර ඉස්ලාමය තුළට පිවිසීමට හේතුවක් විය.
ඔවුන් අතරින් තවත් ඇතැම් බිරියන් එතුමාණන් විවාහ කර ගත්තේ ඇයගේ පියාට ඇති සමීප භාවය සහ ඉස්ලාම් දහම තුළ පැවති තම හොඳ ස්ථාවරය නිසාය. ඔහුගේ දියණිය නබිතුමාගේ භාර්යාව වීම හේතුවෙන් එය ඇගේ පියාට ප්‍රමාණවත් ප්‍රතිඵලයක් විය. ආඉෂා තුමිය හා හෆ්සා තුමිය එවැනි බිරියන් වූහ. ඔවුන්ගේ පියවරුන්ට අල්ලාහ්ගේ ආගම තුළ අන් අයට ලබා නොදුන් ගෞරවය සහ තත්ත්‍වය මෙමගින් සහතික කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් දෙදෙනා විවාහ කර ගැනීමෙන් ඔවුන් දෙදෙනා සතු වූ අගය සෙසු සහාබාවරුන්ට හා පොදු සමාජයට දැන ගැනීමට සැළැස්වීය.
මහජනයා විවාහ කර ගන්නා අයුරින් මුල සිටම විවාහ කර ගත් බිරියන් ද ඔවුන් අතරින් වූහ. කදීජා තුමිය, සව්දා තුමිය මෙවැනි අයවැති. එමෙන්ම ජුවෙයිරිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය වැනි ඇගේ ප්‍රජාව තුළ එතුමාණන් සිටීම එම නිවැසියන්ට උසස් වන බැවින් ඔවුන්ගේ ගෞරවය වැඩි කරනු ඇතැයි එසේ විවාහ කර ගත් කාන්තාවන් ද වූහ. එමගින් මුස්ලිම්වරුන් අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර විය.
එමෙන්ම ජාහිලිය්යා නම් අඥාන යුගයේ පැවති සිරිත් විරිත් ඉවත් කිරීම සඳහා විවාහ වූ කාන්තාවන් ද විය. එනම් දරුකමට හදාවඩාගත් පුතකු දික්කසාද කළ කාන්තාව විවාහ කර ගැනීම තහනම් කර ගැනීමය. දරුකමට හදාවඩා ගැනීම හේතුවෙන් ඔහු තමන්ගේම දරුවකු වීම අල්ලාහ් අවලංගු කළ කල්හි, මෙමගින් අල්ලාහ් එය තහවුරු කළේය. එනම් සැබැවින්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නබිත්වයට පෙර දරුකමට හදාවඩාගත් සෙයිද් ඉබ්නු හාරිසා (රළියල්ලාහ් අන්හු) තුමා තම බිරිය සෙයිනබ් ඉබ්නු ජහ්ෂ් තුමියව දික්කසා කළ විට, පසුව අල්ලාහ් ඇයව තම නබිවරයාට විවාහ කර දීමෙන් එය තහවුරු කළේය. මෙම දික්කසාදය ඔහුගේම කැමැත්තෙන් වූ අතර එය දරුකමට හදා වඩා ගත් පුතෙකු දික්කසාද කළ කාන්තාවක් විවාහ කර ගැනීම තහනම් වේ යන මතය දැරූ අඥාන යුගයේ සිරිත අහෝසි කරන්නක් විය.
නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාර්යා වන්ට එතුමාණන්ගේ බහු භාර්යා සේවනයෙන් හානියක් සිදු නොවීය. ඔවුන් සෑම කෙනෙකුම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග විවාහ වීම ඉතා විශාල අභිමානයක් ලෙස සැලකූ අතර, ඔවුන් ඒ ගැන ආඩම්බර වූහ. එමෙන්ම ඇතැම් සහාබා කාන්තාවන් තමන් විසින්ම අල්ලාහ්ගේ දූතයාණන් වෙත යෝජනා කර ඇති බවට වාර්තා වෙයි. එමෙන්ම එතුමාණන්ගේ බිරියක වන උම්මූ හබීබා තුමිය තම නැගනියව විවාහ කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට යෝජනා කර ඇති බවත් වාර්තා වෙයි. අබූ සුෆ්යාන්ගේ දියණියක වන උම්මු හබීබා තුමිය මෙසේ වාර්තා කරයි: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා වෙත පැමිණියහ. එවිට මම අබූ සුෆ්යාන්ගේ දියණිය වූ "මාගේ සහෝදරිය සම්බන්ධව ඔබට අදහසක් තිබේ ද?" යැයි මම ඇසුවෙමි. එවිට එතුමාණෝ "මා කුමක් කළ යුතු දැ"යි විමසා සිටියහ. "ඔබ ඇයව විවාහ කර ගන්න" යැයි මම පැවසුවෙමි. "ඔබ එය ප්‍රිය කරන්නෙහි ද?" යැයි එතුමාණෝ විමසූූහ. එවිට "මා ඔබට නිකමට පැවසුවේ නැත. යහපත තුළට මා සමග මාගේ සහෝදරිය ද හවුල් වීම මම ප්‍රිය කරමි" යැයි මම පැවසුවෙමි. "සැබැවින්ම ඇය මට අනුමත වන්නේ නැත." යැයි එතුමාණෝ පැවසූහ. "එසේ නම්, අබූ සලමාගේ දියණිය දුර්රත්ට ඔබ යෝජනා කර ඇතැයි මට දැනගන්නට ලැබිණි" යැයි ඇය පැවසුවාය. "උම්මු සලමාගේ දුව ද?" යැයි එතුමාණෝ විමසූහ. "එසේය" යැයි මම පැවසුවෙමි. "මා සමග ඇය හැඳුණු වැඩුණු නොවුව ද මට ඇය අනුමත වන්නේ නැත. සැබැවින්ම ඇය කිරි බීමෙන් මාගේ සහෝදරයාගේ දියණිය වේ. මටත් ඇයගේ පියාටත් සුවෙයිබා කිරි පොවා ඇත. එහෙයින් ඔබේ දරුවන් හෝ ඔබේ සහෝදරියන් හෝ මට යෝජන නොකරනු." යැයි පැවසූහ. ඒකාබද්ධව වාර්ථා කළ හදීසයකි. සහීහ් අල්-බුහාරි (5101), සහීහ් මුස්ලිම් (1449).
ආදම් අලයිහිස් සලාම් තුමා පටන් අවසන් මිනිසා දක්වා මොලොව කාන්තාවන් අතරින් ලෝවැසියන්ගේ පරමාධිපති විසින් ඔවුනට නියම කළ පරිදි මෙම තේරීම අතිමහත් භාග්‍යයක් වූ කල්හි, ඔවුහු දේව විශ්වාසීන්ගේ මෑණිවරුන් මෙන්ම මෙලොව හා මතුලොව ධර්ම දූතවරුන්ගේ නායකයාණන්ගේ බිරියන් වූහ. එමෙන්ම ඔවුන් අතරින් විරුද්ධ වී පිටු පෑවුනට දඬුවම දෙගුණයක් ශ්‍රේණීගත වනවාක් මෙන්ම අවනත වී යහපත් අයුරින් කටයුතු කළවුනට දෙගුණයක කුසල් ශ්‍රේණිගත වනු ඇත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු හෝ ප්‍රකට අශීලාචාර දෙයක් සමඟ පැමිණෙන්නේ ද ඇයට දඬුවම දෙගුණයක් කරනු ලැබෙයි. තවද එය අල්ලාහ් වෙත පහසු කාර්යයක් විය." "නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී යහකම් සිදු කරන්නේ ද ඇයට අපි ඇයගේ කුලිය දෙවාරයක් පිරිනමමු. තවද අපි ඇය සඳහා ගෞරවනීය පෝෂණ සම්පත් සූදානම් කළෙමු." (සූරා අල්-අහ්සාබ්: 30-31) අල්ලාහ් කවරෙකුගේ හදවතට ඊමාන් හෙවත් දේව විශ්වාසයේ ආලෝකය හෙළා, දැහැමි දැනුම වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද කළේ ද සැබැවින්ම එක් පැත්තකින් මෙහි පූර්ණ ප්‍රඥාවක් ඇති බවත්, තවත් පැත්තකින් අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට උදාර ගතිපැවතුම් හා පූර්ණවත් සත්ගුණයන් තිබූ බවත් ඔහු දැන ගනු ඇත. අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය පහළ වේවා!
ඒකාබද්ධිත අංකය: 460
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්නොත්තර ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න.
(ඉස්ලාමය තුළට ප්‍රවේශ වීමේ අංශය)
ප්‍රශ්න අංක: 77
කෙනෙකු මුස්ලිම්වරයකු බවට පත්වන්නේ කෙසේ ද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
ඉස්ලාමය තුළට පිවිසීම යනු, එහි පිවිසීමට අපේක්ෂා කරන්නකුගෙන් ඔහු දේවස්ථානයක් වෙතට හෝ විද්වතෙකු වෙත යාමට ඉල්ලා සිටින්නේ නැත. එහි පිවිසීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුම "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්" යන ප්‍රකාශය එහි තේරුම වටහා ගනිමින් පැවසිය යුතු වේ. එනම් සියලුම නැමදුම් හා අනෙකුත් ආගම්වලින් ඉවත් වීමත් සමග, විශ්වාසයෙන් යුතුව සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැති බව ප්‍රකාශ කිරීමය. උත්තරීතර දෙවිඳුන් අල්ලාහ් කෙරෙහි විශ්වාසය හදවතින්ම විශ්වාස කළ යුතුය. සැබැවින්ම සෑම දෙයකම හිමිකරු හා පරාමාධිපතියාණන් ඔහුය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්‍රියාත්මක කරවයි. එමෙන්ම මලක්වරුන් හෙවත් දේව දූතවරුන් කෙරෙහි ද විශ්වාස කළ යුතුයි. සැබැවින්ම ඔවුන් උත්තරීතර අල්ලාහ්ට අවනත වන්නෝ වෙති. තවද අල්ලාහ් තම නබිවරුන් වෙත පහළ කළා වූ තෝරාව, ඉන්ජීලය වැනි දිව්‍ය ග්‍රන්ථ පිළිබඳව විශ්වාස කළ යුතුයි. සැබැවින්ම අල් කුර් ආනය ඒවා සියල්ල වෙනස් කළේය. එය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ පුස්තකයයි. තවද සියලුම ධර් ම දූතවරුන් කෙරෙහි ද විශ්වාස කළ යුතුයි. ඊසා හෙවත් ජේසු තුමා ද ඔවුන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ දූතයෙකි. ඔහුගෙන් වූ වදනින් ඔහු ඔහුව මැව්වේය. එනම් එය "කුන්" (වනු) වදනයි. එවිට ඔහු විය. මෙය විශේෂයෙන්ම කිතුනුවකු වූයේ නම් පමණි. සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරුන් හා ධර් ම දූතවරුන්ගේ අවසානයාය. එතුමාණන්ට පසු කිසිදු නබිවරයකු හෝ ධර් ම දූතයකු හෝ නැත. සැබැවින්ම එතුමාණන්ට හිමි වූ පිළිවෙත පෙර පැවති සියළු පිළිවෙත් වෙනස් කරන්නක් විය. එමෙන්ම අවසන් දිනය ද විශ්වාස කළ යුතුයි. ඉන් අදහස් කරනු ලබන්නේ මරණින් පසු පවතින දඬුවම, සුඛස්වාදය, යළි අවදි කරනු ලැබීම යනාදිය හා බැඳුණු ගුප්ත දෑ පිළිබඳය. අවසන් දිනය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. එය ප්‍රතිඵල හා විනිශ්චය කරනු ලබන දිනයයි. එමෙන්ම පෙර නියමය හා දේව තීන්දුව ගැන ද විශ්වාස කළ යුතුයි. ලොවෙහි සිදුවන සෑම දෙයක්ම සැබැවින්ම අල්ලාහ් එය සිදුවීමට පෙරම විස්තරාත්මකව දන්නේය. සැබැවින්ම එය "ලව්හුල් මහ්ෆූල්" හෙවත් සුරක්ෂිත ඵලකයේ ඔහු ලියා ඇත. ඔහුගේ අනුදැනුමෙන් හා ඔහුගේ අභිමතයෙන් තොරව කිසිවක් සිදු වන්නේ නැත. ඔහුගේ සියලු මැවීම් ඔහු සතු ය. පසුව පිරිසිදුකම, සලාතය, තහනම් කරනු ලැබූ දෑ අත්හැර දැමීම යනාදී ඉස්ලාමයේ සංඛේතයන් පිළිබඳ එකින් එක හැදෑරිය යුතුය.
ඒකාබද්ධිත අංකය: 690
ප්‍රශ්න අංක: 79
ඉස්ලාමය වැළඳගත් වහාම සලාතය ඉටු කිරීම අනිවාර් යය වන්නේ ද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
ඉස්ලාමය තුළට පිවිසුනු විටෙක සලාතය ඉටු කිරීම මුස්ලිම්වරයකුට අනිවාර් යය වන්නේය. එය ඉස්ලාමීය මූලිකාංග අතරින් දෙවන මූලිකාංගය වන බැවිනි. සියලුම වක්තෘවරුන්ට හා ධර් ම දූතවරුන්ටත්, ඔවුන්ගේ අනුගාමිකයින්ටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වාම අල්ලාහ් අනිවාර් යය කළ වගකීමකි. ඉස්ලාමය තුළට පිවිසුනු විටක, වේලාවන් පහක සලාතය ඉටු කිරීම මුස්ලිම්වරයකුට අනිවාර් යය වේ. එය සැබැවින්ම සලාතය නිශ්චිත වේලාවක ඉටු කිරීමට නියම කරනු ලැබූවක් වන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම සලාතය දේව විශ්වාස කරන්නන්ට නිශ්චිත කාලයක් නියම කරන ලද්දක් විය." (සූරා අන්-නිසා: 103) අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා සමඟ කතා කළ අවස්ථාවේ ඔහු ඔහුට නියෝග කළ කරුනු අතරින් දෙවන කරුණ වූයේ ද සලාතයයි. එවිට අල්ලාහ් මෙසේ පැවසීය: "ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා!' යැයි අමතනු ලැබී ය." "නියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය." "තවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු." "නියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු." (සූරා තාහා: 11-14) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන නැමදුම් ස්ථාන බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු." (සුරා යූනුස්: 87)
සලාතය අතිමහත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. ඒවා අතරින් ඉතා වැදගත් වනුයේ සැබැවින්ම එය මිනිසාට ස්ථාවරව සිටීමටත් අශීලාචාර හා පාපකම්වලින් දුරස් වීමටත් ඉවහල් වන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ධර් ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ්ව මෙනෙහි කිරීම අතිමහත් ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී." (සූරා අල්-අන්කබූත්: 45) අපගේ නබි මුහම්මද් තුමාණන් හට අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
ඒකාබද්ධිත අංකය: 980
ප්‍රශ්න අංක: 80
මගේ වයස අවුරුදු දහ හතරකි. මා ඉස්ලාමය වැළඳ ගැනීම කිසි විටෙක මාගේ පවුල පිළිගනු ඇත්දැ?යි මම නො සිතමි.
වැදගත් කරුණ (1)
පිළිතුර:
මෙම ප්‍රශ්නයට විවිධ පැතිකඩවලින් පිළිතුරු දිය හැකිය.:
පළමුවැන්න: නබිවරුන් හා දූතවරුන්ගේ මාර් ගය මිනිසා තෝරා ගැනීමට එකඟ වීම එයම අතිමහත් පිළිගැනීමකි. හේතුව සැබැවින්ම එහි අල්ලාහ්ගේ තෘප්තිය පවතී. මෙලොව හා මතුලොවෙහි ජයග්‍රහණය පවතී. තම මනුෂ්‍යත්වයට ගරු කරන සහ ඔහුගේ මනසට ගරු කරන සෑම කෙනෙකුම දෙවිඳුන් වෙතට ගමන් කිරීම වළක්වාලන ආශාවන්ගේ වහල් වීමෙන් සහ සමාජයේ විලංගුවලින් නිදහස් විය යුතු අතර, සහජ බුද්ධිය, අවංක ස්වභාවය සහ නිවැරදි හෙළිදරව්ව මගින් පෙන්නුම් කරන දේ විශ්වාස කළ යුතුය.
දෙවැන්න: සැබැවින්ම ඔබ ඉස්ලාමය වැළඳ ගැනීම ඔබට අනිවාර් යය බව ස්ථීර විශ්වාසයක් ගොඩ නගා ගැනීම අතිවැදගත් කරුණක් වේ. ඊට හේතුව සැබැවින් මතුලොව දඬුවමින් ඔබේ මිදීම ඒ මත නතර වී ඇති බවිනි. එමෙන්ම මෙම පිළිගැනීම තුළ කිසිදු සැකයකින් තොරව ඔබ ස්ථාවරව සිටිය යුතුය.
තුන්වැන්න: හොඳම ප්‍රතිඵල අපේක්ෂා කර, නරකම දේ සඳහා සැලැස්මක් සාදන්න, එනම්: ඔබේ පවුලේ අය එකඟ වී "ඔබ සිතන දෑ කරන්න" හෝ "ඔබ ස්වාධීන පුද්ගලයකි" හෝ එවන් වෙනත් දෙයක් පවසන්නේ නම් අපේක්ෂා කරනුයේ මෙය නොවේද? ලැබෙන අවස්ථාව මෙය නොවේ ද? ඔව්, නමුත් ෂෙයිතාන් සැමවිටම උත්සාහ කරන්නේ එවැනි අදහස් සහ හැකියාවන් සමඟ ඔබව ඉස්ලාමයෙන් වැළක්වීමටයි. ඔවුන් එයට එකඟ නොවන්නේ නම් කුමක් කළ යුතු ද? එය වැරදි බව දැන දැනත් ඔබ සිටින ආකාරයටම සිටීම නිවැරදි විසඳුම යැයි ඔබ සිතනවාද? පිළිතුර නැත යන්නයි. නමුත් ඔබ සුදුසු විසඳුම ගැන සිතා බැලිය යුතු ය. සෑම පුද්ගලයෙකුටම තමන්ටම කියා සුදුසු වේලාවක් සහ ස්ථානයක් එළැඹෙනු ඇත. එහෙයින් ඔහු ඉස්ලාමය සඟවා ගැනීම දෙවියන් කැමති නම් එය හානියක් නොවනු ඇත. ඇතැම් විට එය ඉස්ලාමය ප්‍රකාශ කර සිටිනවාට වඩා සෙසු අයට යහපතක් විය හැක.
සිව්වැන්න: ඔබ ඉස්ලාමය වැළඳගත් පසු ඔබේ පවුල සමග හිඳ ඔවුන්ව ද ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමට උත්සාහ කිරීම යහපත් යැයි සිතන්නේ නම් එය වඩාත් උතුම්ය. ඒ සඳහා සුදුසු වාතාවරණයක් නොමැතිව ඔබට වෙන්වීමට සිදු වන්නේ නම්, එය ඔබ අවැසි කරුණක් වනු ඇත. ඔබ ඔබේ පවුලෙන් වෙන්වන තරමට ඔවුන්ගෙන් ඉවත්ව සිටින මෙන් හෝ ඔවුන්ව බැහැර කරන මෙන් හෝ ඉස්ලාමය ඔබට අණ කරන්නේ නැත. ඒ සමගම ඔවුන් වෙනුවෙන් ඔවුන් යහමග ලබන්නට අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කරන්න. ඉස්ලාමය ඔබට නියෝග කර සිටිනුයේ ඔවුන් ඉස්ලාමය වැළඳ නොගත්ත ද ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරන මෙන් හා ඔවුනට යහපත සලසන මෙන්ය.
පස්වැන්න: පුද්ගලයකුගේ සහෝදරයින් බලවත් උදවිය වී ඔහු දුර් වලයකු වී නම් ඔබට වඩාත් යහපත් වන්නේ ඔබ සමග සිටිය හැකි මුස්ලිම්වරුන් සමග සම්බන්ධකම් පවත්වා ගැනීමය.
ඒකාබද්ධිත අංකය: 1000
ප්‍රශ්න අංක: 82
ඉස්ලාමය වැළඳගත් මුස්ලිම්වරයකු තමන්ට විරුද්ධව සිටින තම බිරිය සමග කටයුතු කළ යුත්තේ කෙසේ ද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
ඔබේ බිරිය යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු වී නම් විවාහ බන්ධනය දිගටම පවත්වා ගෙන යාමට බාධාවක් නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අද දින පිවිතුරු දෑ නුඹලාට අනුමත කරන ලදී. තවද ධර් ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගේ ආහාර නුඹලාට අනුමතය. නුඹලාගේ ආහාර ද ඔවුනට අනුමතය. දේවත්වය විශ්වාස කරන්නියන් අතරින් පතිවත රකින කාන්තාවන් ද නුඹලාට පෙර ධර් ම ග්‍රන්ථය දෙනු ලැබූවන් අතරින්, පතිවත රකින කාන්තාවන් ද නුඹලා ඔවුනට දිය යුතු ඔවුන්ගේ (මහර් හෙවත්) කුලිය පිරිනමා අනියම් බිරියන් ලෙස හෝ ගණිකාවන් ලෙස හෝ නොගෙන, විවාහකයින් ලෙස ගැනීමට අනුමැතිය ඇත. කවරෙකු (දෙවියන් පිළිබඳව වූ) විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. මතු ලොවෙහි ඔහු අලාභවන්තයින් අතරිනි." (සූරා අල්-මාඉදා: 5) නමුත් ඇයව ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමත් ඇය වෙනුවෙන් ප්‍රාර් ථනා කිරීමත් ඔහු කළ යුතුව ඇත. ඇතැම් විට අල්ලාහ් ඇයට ඍජුමග පෙන්වන්වන්නට පුළුවන. ඔහුගේ බිරිය ආගම් ලත් ජනයා අතරින් කෙනෙක් නොවී නම් එවිට ඔහු ඉස්ලාමය වැළඳගත් වහාම ඇය සමග වන විවාහ බන්ධනය අවලංගු වනු ඇත. නමුත් ටික කලක් බලාපොරොත්තුවෙන් සිටිය හැක. ඇතැම් විට අල්ලාහ් ඇයට ඉස්ලාමය වෙත මග පෙන්වන්නට පුළුවන. නමුත් ඇය ඉස්ලාමය වැළඳ ගන්නා තුරු ලිංගික ඇසුරෙන් ඉවත්ව සිටිය යුතු වේ.
ඒකාබද්ධිත අංකය: 2350
ප්‍රශ්න අංක: 83
තම ස්වාමි පුරුෂයාට පෙර ඇය ඉස්ලාමය වැළඳ ගත්තා නම් ඔවුන් දෙදෙනාගේ විවාහය ඉදිරියට වලංගු වන්නේ ද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
ඇය සමග ලිංගික ඇසුරුකම් කළ ඇගේ සැමියා ඇයගේ ඉද්දා කාලය අවසන් වීමට පෙර ඉස්ලාමය වැළඳ ගත් විටෙක, ඔවුන් දෙදෙනාගේ විවාහය වලංගු වන්නේය. ඉද්දා කාලය වනුයේ ඇය ඔසප් කාන්තාවක් නම් ඔසප් වාර තුනකි. ඇය ඔසප් ඇති නොවන කාන්තාවක් නම් මාස තුනකි. ඔහු ඉස්ලාමය වැළඳ නොගත් තත්ත්වයේම ඇගේ ඉද්දා කාලය අවසන් වූ විටෙක ඇයගේ විවාහය අවලංගු වනු ඇත. එමෙන්ම ඇය සමග ලිංගික ඇසුරෙහි නිරත නොවූ සැමියකු වී නම් ඇය ඉස්ලාමය වැළඳගත් වහාම වෙන්වීම සිදු විය යුතුය. එමගින් ඔවුන් දෙදෙනාගේ විවාහය අවලංගු වනු ඇත.
ඒකාබද්ධිත අංකය: 1040
ප්‍රශ්න අංක: 87
සත්‍ය ආගම ඉස්ලාමය බව මම දනිමි. නමුත් මා හැදුනු වැඩුණු මාගේ දහම ගැන මාගේ විශ්වාසය නොමැති වුව ද එය අත්හැර යාමේ දී යම් අපහසුතාවක් දකිමි.
පිළිතුර:
වැදගත් කරුණ (1)
මෙම දැනුම අල්ලාහ්ගේ අවසරයෙන් මඟ පෙන්වීමේ පළමු පියවර වේ. ඇත්තෙන්ම මිනිසා තම ආත්මය පිරිහීමට ලක් කරයි; එය පීඩාවට පත් කරයි; ඔහුගේ මනස පීඩා කරයි. සත්‍යය සූර් යයා මෙන් දීප්තිමත්ව දැකිය යුතු අතර අසත්‍යය රාත්‍රිය මෙන් අඳුරු ලෙස දැකිය යුතුය. (එසේ නොවී නම්) පසුව සත්‍යයෙන් ඈත් වී අන්ධකාරයේ වැටෙනු ඇත. මනුෂ්‍යත්වයට ගරු කරන පුද්ගලයකු නම්, ඔහු කුඩා කල සිටම පුරුදු වූ පමණින් එය අසත්‍ය බව නිසැකව දැන දැනත් ඒ ආගම තුළ ජීවත් වීම ප්‍රතික්ෂේප කරන අතරම සත්‍ය දහම ද අත්හැර දමයි. එය අල්ලාහ් ඔහු විසින්ම තෝරා දුන් ඔහුගේ දූතවරුන් හට එය ප්‍රචාරය කරන මෙන් භාර දුන් දහමය. නිසි බුද්ධිමත් කරුණක් සහ නිවැරදි තීරණයක් වන්නේ තමා දකින සත්‍යයට යොමුවීමත්, නියත වශයෙන්ම අසත්‍යය යැයි තමන්ට ස්ථීර වූ බොරුව අත්හැර දැමීමත්ය. මෙලොව හා පරලොව ජයග්‍රහණය සහ මිදීම අල්ලාහ්ව විශ්වාස කරන ධර් ම දූතයින් සත්‍ය බව තහවුරු කරන උදවියට බව ඔහු දැනගත යුතු ය. එමෙන්ම දෙලොවෙහිම පරාජය, විනාශය සහ ඛේදය, අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර ෂෙයිතාන්ගේ මාර් ගය අනුගමනය කරන උදවියට බව ඔහු දැනගත යුතු ය.
පසුව අපි ඔබට පවසා සිටින්නේ, ඔබ ලබා ගත් මෙම දැනුම ආශ්චර් යමත් සහ වටිනා දැනුම් බවයි. නමුත් එය ඉස්ලාමයට ඇතුළු වීමට හේතු නොවන්නේ නම් එයින් ඵලක් වන්නේ නැත. පහත සඳහන් කරුණු තුළින් අපි ඔබට උපදෙස් දෙන්නෙමු.
පළමුව: විශ්වයන්හි පරමාධිපති වූ උත්තරීතර අල්ලාහ් වෙත ඔබේ හදවත යොමු කරන්න. සත්‍යය වෙත එය විවෘත කර දෙන මෙන් ඔහුගෙන් පතන්න. දෙවනුව: ඔබේ සංසාර ගමන ගැන සිතා බලන්න. ඉස්ලාමය තුළ පිවිසීමට පෙර ඔබ මිය ගියේ නම්, එය පිළිගැනීමේ පවතින අපහසුතාව හා දුෂ්කරතාව ඔහු මිය ගිය පසු ඔහු මුහුණ දෙන්නට යන අපහසුතාව හා සමාන නොවන බව දැනගත යුතුය. බුද්ධිමත් තැනැත්තා වනුයේ අවසානය ගැන කල්පනා කර කටයුතු කරන්නාය. තෙවනුව: ඔබට දුෂ්කර යැයි හැඟෙන සහ ඉස්ලාමයට ඇතුළු වීම වළක්වාලන කරුණ මෙනෙහි කර, එය හඳුනාගෙන එයට විසඳුමක් සොයන්න. හතරවනුව: ඔබ අවට සමාජය හැකිතාක් වෙනස් කරන්න. අල්ලාහ් අභිමත කරන්නේ නම්, ඔබට නිවැරදි තීරණයක් ගැනීමට පහසු වනු ඇත.
ඒකාබද්ධිත අංකය: 990
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න. අල් කුර් ආනය හා පෙර පහළ වූ දිව්‍ය ග්‍රන්ථ අංශය ප්‍රශ්න අංක: 90
අල්-කුර් ආනය යනු කුමක්ද?
පිළිතුර:
අල්-කුර් ආනය යනු ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාගේ මාර් ගයෙන් අධ්‍යාපන නොලැබු නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරන ලද, එය කියවීම ද නැමදුමක් වන බව උත්තරීතර අල්ලාහ්ගේ වදනයි. එය පෙර පහළ වූ තව්රාත්, ඉන්ජීල් වැනි දිව්‍ය ග්‍රන්ථ පිළිබඳ තීරණය කරන ග්‍රන්ථයකි. ඒවායෙහි ඇති පිළිවෙත් වෙනස් කරන්නකි. ඒවායෙහි ඇති සත්‍යයන් තහවුරු කරන්නකි. එනම් ඒකදේව වාදය, ගුප්ත දෑ හා නැවත නැගිටුවනු ලැබීම ගැන විශ්වාසය මෙන්ම පොදුවේ මූලික ප්‍රතිපත්තිමය කරුණු වෙත ඇරයුම් කරන මූලික කර්තව්‍යයට එකඟ වන අර්ථයෙනි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත වසර විසි තුනක කාල පරිච්ඡේදයක් තුළ පහළ විය. නබිතුමාගේ සහගාමීහූ එය ආරක්ෂා කළ අතර ඔවුන්ගෙන් පසු පැමිණියවුන් වෙත ලිඛිත ව හා මුඛ වහරයෙන් සම්ප්‍රේශණය කළහ. එය හදවත් තුළ ආරක්ෂා කරනු ලැබූ අතර ලේඛනවල ද සුරක්ෂිතව සටහන් කරනු ලැබීය. මුස්ලිම්වරුද ඒ ගැන සැළකිලිමත් වූහ. එහි අක්ෂර මෙන්ම එය කියවන ශෛලය පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දෙමින් සම්ප්‍රේශනය කළහ. එය කොටස් තිහකින් සමන්විත වන අතර එහි සූරා එකසිය දහ හතරක් ඇත.
මෙය විශ්වාසය, නීතිරීති, සදාචාරය, විනය, නබිවරුන්ගේ කතා වස්තු හා පෙර සමූහයන්ගේ තොරතුරු අඩංගු මහඟු ප්‍රස්තකයකි. එමෙන්ම මෙලොව හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දේවත්වය විශ්වාස කරන්නන්, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින්ගේ ගමන එහි අල්ලාහ් මෙනෙහි කර ඇත. මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යන සියල්ල එක් වී මෙවන් දෙයක ගෙන එන මෙන් අල්ලාහ් ඔවුනට අභියෝග කර ඇත. එවන් දෙයක් ගෙන ඒමට හෝ ඒ හා සමාන කොටසක් ගෙන ඒමට හෝ ඊට අමතරව එය වෙනස් කිරීමට හෝ මෙතෙක් කිසිවකුට නොහැකි වූ අතර ඉදිරියටත් නො හැක්කේමය. සැබැවින්ම මෙම අල් කුර් ආනය ශාරීරික හා මානසික සියලුම රෝගවලට නිවාරණයක් බව උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් පැහැදිලි කර සිටියි. එමෙන්ම එහි ඇති දැයින් උපදෙස් ලබන්නට එහි ඇති මාර් ගෝපදේශයෙන් මග ලබන්නට අපේක්ෂා කරන්නන් හට එහි උපදෙස් ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද, නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද, දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත." (සුරා යූනුස්: 57)
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත පණිවිඩය අවසන් දූත පණිවිඩය වූ අතර එතුමාණන්ගෙන් පසු කිසිදු නබිවරයකු පැමිණියේ නැත. මෙම පණිවිඩයේ ප්‍රාතිහාර යය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පවතින ප්‍රාතිහාර යයක් බවට පත් කළේය. සැබැවින්ම ඒ දෙස බලන, එය කියවන සෑම කෙනෙකුටම මෙම පණිවිඩයේ සහ මෙම පණිවිඩය ගෙන ආ නබිවරයාගේ වක්තෘභාවයේ නිවැරදිභාවය සනාත කරන සාක්ෂි හා සාධක දකිනු ඇත. එම උදාර නබිවරයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විය. එබැවින් අල්ලාහ් අල්-කුර ආනය තුළ බුද්ධිය විස්මයට පත් කරන සහ හදවත් ග්‍රහණය කරන ආගමේ මූලධර් ම පිළිබඳ පැහැදිලි සාක්ෂි, පැහැදිලි තර්ක සහ සාධක තබා ඇත. එය කියවන විට හෝ එහි අර්ථය පරිවර තනය කරන විට දහස් ගණන් ජනා ඉස්ලාමය තුළට අඛණ්ඩව පිවිසෙනුයේ එබැවිනි.
ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. “(මෙය) අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. එහි ඔබට පෙර සිදු වූ දේ පිළිබඳ තොරතුරු, ඔබට පසුව සිදු වන දේ පිළිබඳ තොරතුරු එහි ඇති අතර, ඔබ අතර සිදුවන කරුණු සම්බන්ධයෙන් තීරණ ද එහි අඩංගු වෙයි. එය වෙන්කර හඳුනා දෙන නිර් ණායකක් මිස පුහුවක් නොවේ. යමෙකු මහන් තත්ත්වයෙන් එය අත්හැර දමන්නේ ද, අල්ලාහ් ඔහුව පොඩිකර දමනු ඇත. යමෙකු මෙය හැර වෙනත් තැනක මග පෙන්වීමක් සොයන්නේ ද අල්ලාහ් ඔහුව නොමඟ යන්නට ඉඩ හරිනු ඇත. එය අල්ලාහ්ගේ ශක්තිමත් කඹ ය, එය ප්‍රඥාවෙන් සපිරුණු මෙනෙහි කිරීම ය; එය සෘජු මාර් ගය; එය ආශාවන්ට නොසැලෙන, දිව අවුල් නොවන, උගතුන්ට ඉන් කුස නොපිරෙන පුනරාවර් තනය සහ එහි ආශ්චර් යයන් අවසන් නොවන ග්‍රන්ථයකි. එය ඇසූ විට ජින්වරුන් "නිවැරදි දේට මඟ පෙන්වන අපූරු පුනරුච්චාරණයක් අපි අසා ඇත්තෙමු. අපි එය විශ්වාස කරමු" (සූරා අල්-ජින්: 2). යැයි පවසන තරමට ඒ ගැන පසුබට නොවන දෙයකි. එය ප්‍රකාශ කරන්නා සත්‍යය කථා කරයි. ඒ අනුව ක්‍රියා කරන්නා ප්‍රතිඵල ලබයි. ඒ අනුව විනිශ්චය කරන්නා යුක්ති සහගත වෙයි. ඒ වෙත ඇරයුම් කරන්නා සෘජු මාර් ගය වෙත මඟ ලබයි. ” (සුනන් අත්-තිර් මිදි (2906) සුනන් අද්-දාරමී (2650)
අල් කුර් ආනය පැහැදිලි අරාබි බසින් පහළ විය. එහි වාග් ශෛලය හා එහි පැහැදිලි කිරීම් අරාබිවරු විශ්මයට පත් කළේය. මෙම මහඟු භාෂාවේ ආශ්චර් යයේ වටිනාකම අගය කළ හැක්කේ එය හෙළිදරව් වූ භාෂාවෙන් පමණකි. එය හෙළිදරව් වූ භාෂාවෙන්ම සුරක්ෂිතව අදත් පවතී. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය පාරායනය කළ අයුරින්ම මුස්ලිම්වරුද එය පාරායනය කරති.
තජ්වීද් හෙවත් අල්-කුර් ආන් කියවීමේ කලාව, තෆ්සීර් හෙවත් අල් කුර් ආනය විග්‍රහ කිරීමේ කලාව, එය පහළ වීමේ හේතු සාධක හා ඒහා බැඳුණු වෙනත් කලාවන් වැනි ශුද්ධ වූ අල් කුර් ආනය සතුව දැනුම් සම්භාරයක් ඇත. ඒවා සම්බන්ධයෙන් ගණන් කළ නොහැකි තරමට ප්‍රසිද්ධ පොත් පත් ගණනාවම විද්වතුන් රචනා කර ඇති අතර එහි අර් ථකථනය භාෂා බොහෝමයකට පරිවර් තනය කෙරී ඇත.
මනුෂ්‍යත්වය අගය කරන සහ මිනිස් බුද්ධියට ගරු කරන සෑම කෙනෙකුම, මෙම ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය කියවීමට උත්සාහ කළ යුතුය. එය තරම් ශ්‍රේෂ්ඨ වෙනත් මාර් ගයක් මිනිසාට නැත. එසේ නැතහොත් ඔහු අරාබි භාෂාව නො දන්නේ නම් එහි අර් ථකථනයේ පරිවර් තනයක් හෝ කියවීමට උත්සාහ කළ යුතුය. ගැඹුරු ප්‍රඥාවෙන් යුත් ප්‍රඥාවන්තයෙකු විසින් ග්‍රන්ථයක් ලියා ඇති බවත්, ඔහු තම සියලු ප්‍රඥාව එහි තැන්පත් කර ඇති බවත් බුද්ධිමත් කෙනෙකුට සඳහන් කළහොත්, මිනිසෙක් එය කියවීමට උත්සාහ කිරීම වඩා හොඳය, එය හෙළි කළ භාෂාවෙන්ම අදටත් පවතින, අඩු වැඩි කිරීමකින් හෝ විකෘති කිරීමෙන් හෝ වෙනස් කිරීමෙන් තොරව තවමත් ආරක්ෂා වී ඇති, එහි ඉකුත් වී ගිය දෑහි තොරතුරු, ඉකුත්ව ගියවුන් හා ජීවත්ව සිටින්නන් පිළිබඳ නීතිය, සෑම ජීවයක්ම යොමුවන ස්ථානය පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇති දිව්‍ය ග්‍රන්ථයක් ඔබ අතේ තබා, පසුව ඒ දෙස ඔබ නො බැලිය හැක්කේ කෙසේ ද? යමෙක් අල්-කුර් ආනය වටහා නො ගන්නේ නම් සහ එය නො සලකා හරින්නේ නම්, එය ශුද්ධ වූ අල්-කුර් ආනයට හානියක් නොවන නමුත් එය හානිදායක වනුයේ එය ප්‍රතික්ෂේප කරන තැනැත්තාට ය. හේතුව සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම්වලින් ස්වාධීන වන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මා අල් කුර් ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන් ම මම අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා අන්-නම්ල්: 92) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර් ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්‍යතා නොමැත්තෙකි." (සූරා අල්-අන්කබූත්: 6)
ප්‍රශ්න අංක: 91
අල් කුර් ආනය ආමන්ත්‍රණය කරන මාතෘකා මොනවාද?
අල්-කුර් ආනය කැපී පෙනෙන්නේ එය අඛණ්ඩ ඓතිහාසික ආඛ්‍යානයක් නොවන බැවිනි. එහි සෑම ස්ථානයකම අනාගතවක්තෘවරුන්ගේ විවිධ කථා, ඉන් ලැබෙන ආදර් ශයන් සහ අල්ලාහ්ගේ සංඥාවන් දැකීමේ වැදගත්කම් අඩංගු වේ. එමෙන්ම එහි දේව නියෝග, තහනම් කළ දෑ, සදාචාරයන්, විනයන්, ආගමික නීති හා විශ්වාසයන් ද එහි ඇතුළත් වේ.
ශුද්ධ වූ අල් කුර් ආනයේ ආවරණය වන මාතෘකා විවිධ වන අතර ඒවා පහත පරිදි සාරාංශගත කළ හැකිය:
පුද්ගලයෙකුට තම ආගම, මෙලොව සහ මරණින් මතු ජීවිතය, තම පරමාධිපතියාණන් සමඟ ඇති සම්බන්ධය, තම ආත්මය සමග ඇති සම්බන්ධය, අවට සිටින මිනිසුන් සමඟ ඇති තම සබඳතාව සහ තමන් ජීවත්වන විශ්වය සමඟ ඇති සම්බන්ධය යන කාරණා පිළිබඳ අවශ්‍ය සෑම දෙයක්ම ආවරණය කළ පුළුල් පොතකි.
එමෙන්ම උත්තරීතර අල්ලාහ්ගේ ගුණාංග, ඔහුගේ නාම, ඔහුගේ ක්‍රියාවන්, ඔහුගේ ප්‍රතිඵල, ඔහුගේ දහම, ඔහුගේ පිළිවෙත, ඔහුගේ පෙර නියමය, ඔහුගේ තීන්දුව එමෙන්ම මැවීම, ආධිපත්‍යය, පෝෂණය, සැලසුම්කරණය, ජීවත් කරවීම හා මරණයට පත් කිරීම යනාදී කරුණු ඔහුට පමණක් සීමා වූවක් යන වග පැහැදිලි කිරීම් ද එහි ඇතුළත් වේ.
එමෙන්ම තම මැවීම් වෙත පැවරුණු උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කළ යුතු වගකීම් පිළිබඳ පැහැදිළි කිරීම් එහි ඇතුළත් වේ. එනම් ඔහුව ඒකීයකරණය කිරීම, ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම ගැන පැහැදිලි කිරීම්, තවද මැවීම් තමන්ට එසේ නැමදුම් කොට ඔහුගේ නියෝගය ඔවුන් පිළිපැද්දේ නම් ඔවුන්ව ස්වර් ගයට ඇතුළත් කිරීමේ වගකීම මැවුම් කරු විසින් භාර ගැනීම සම්බන්ධ පැහැදිලි කිරීම් එහි ඇතුළත් වේ. එමෙන්ම නැමදුම්, නීතිරීති හා ගනුදෙනු පිළිබඳ විස්තර ද එහි ඇතුළත් වේ.
එය මිනිසා සඳහා වන පැහැදිළි සාධකයකි. එමෙන්ම මග පෙන්වීම, දයාව, අනුශාසනා කිරීම සහ මනුෂ්‍ය වර් ගයා සඳහා නිවැරදි මාර් ගය සහ සෘජු මාර් ගය පෙන්වා දීම යනාදී සඳහා එය ප්‍රමාණවත් ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “නියත වශයෙන්ම මෙම කුර් ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසින්හට සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.” (සූරා අල්-ඉස්රා: 9)
දිව්‍ය ග්‍රන්ථ පිළිබඳව හා එහි ඇතුළත් මඟ පෙන්වීම්, සාක්ෂි සාධක, හලාල් (අනුමත දෑ) හරාම් (තහනම් දෑ) මෙන්ම ආගම් ගත කිරීම් යනා දී කරුණු පිළිබඳවත් එය කතා කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තමන් අතර තිබූ තව්රාතය සත්‍ය කරවන්නෙකු ලෙස මර්යම්ගේ පුත් ඊසාව, ඔවුන්ගේ (පෙර සිටි නබිවරුන්ගේ) පියවරෙහි අපි අනුපිළිවෙලින් එව්වෙමු. තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන් ම තමන් අතර තිබූ තව්රාතය සත්‍යකරවන්නක් ලෙස ද බිය බැතිමතුන්හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය." (සූරා අල්-මාඉදා: 46)
තවද නබිත්වය, දිව්‍ය පණිවිඩ පිළිබඳ පැහැදිලි කිරීම්, සෑම නබිවරයකුම තම සමූහයාට පවසා සිටි ප්‍රකාශ, ඔහුගේ සමූහයා අතරින් වූ ප්‍රභූවරුන් දුන් පිළිතුරු, ඔහුව විශ්වාස කළවුන් සතු ප්‍රතිඵල, ඔහුට පිටුපා විරුද්ධව කටයුතු කළවුන්ට හිමි දඬුවම් පිළිබඳ පැහැදිලි කිරීම් හා සෑම නබිවරයකුවම සහතික කිරීම සඳහා අල්ලාහ් ඔවුනොවුනට පිරිනැමූ ප්‍රාතිහාර් යයන් පිළිබඳ විස්තර එහි ඇතුළත් වේ. තවද ධර් ම දූතවරුන්, ඔවුන් කළ අවවාද හා ඔවුන් පවසන සුභාරංචි වෙත මිනිස් අවශ්‍යතාව කුමක්දැ?යි පැහැදිලි කිරීම්, ඔවුන් වෙත පහළ කරන ලද ග්‍රන්ථ අතරින් විශ්වාස කළ යුතු දෑ පිළිබඳ පැහැදිලි කිරීම්, පෙර සමූහයන්ගේ තත්ත්වය හා ඔවුන් ඔවුන්ගේ නබිවරුන්ට සිදු කළ දෑ පිළිබඳ විස්තර එහි ඇතුළත් වේ. එය එතුළින් පාඩම් හා උපදෙස් ලබනු පිණිසය.
අවසන් දිනය පිළිබඳවත් එය කතා කරයි. එනම් එය මළවුන් කෙරෙන් යළි අවදි කර, එක්රැස් කර, ප්‍රතිඵල පිරිනැමීමේ දිනයයි. එමෙන්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට හිමි ප්‍රතිඵල, ඔවුන් ස්වර් ගයට පිවිස සදාතනිකයින් වීම, දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර් වරුන්ගේ ප්‍රතිවිපාක, ඔවුන් අපා ගින්නට පිවිස සදාතනිකයින් වීම යනාදී සියලු දෑ ගැන එය විස්තර කරයි.
මලාඉකාවරුන් හෙවත් සුර දූතයින්, ජින් හෙවත් අග්නි ජීවීන්, ෂෙයිතාන් යනාදී ගුප්ත ලෝකයන් ගැනත් ඒවා මවනු ලැබුවේ කෙසේදැ?යි යන වගත්, ඒවායෙහි ක්‍රියාවන්, ඒවායෙහි ස්වභාවයන්, ඒවායෙහි පරමාධිපතියාණන්ට මල්කවරුන්ගේ අවනතභාවය, ජින් හා ෂෙයිතානුන්ගේ ප්‍රතික්ෂේප කිරීම, ඒවායෙහි වෙනත් තත්ත්වයන් යනාදී ගැන එය කතා කරයි.
සලාතය, සකාතය, උපවාසය, හජ් වන්දනාව, උපකාරය, සෙත සැලසීම, ආදරය කිරීම, ඉවත් වීම යනාදී නමැදුම් පිළිබඳවත් ව්‍යාපාරය, ණය, විවාහය, දේපළ උරුමය, උදාර ගතිගුණ තුළින් ආත්මය ශුද්ධ කර පහත් ගතිගුණවලින් ආත්මය පිරිසිදු කිරීම යනාදී ගනුදෙනු පිළිබඳවත් තහනම් කරන ලද දෑ, පිළිකුල් සහගත දෑ, අශීලාචාර දෑ, පාපී දෑ යනාදිය පිළිබඳවත් එය පැහැදිලි කරයි.
අහස්හි හා මහපොළොවෙහි ඇති විශ්වීය සාධක, හිරු, සදු සහ තරු යනාදී සාධක දෙස බලා පාඩම් ලබන මෙන් එය ඇරයුම් කරයි. එමෙන්ම ක්ෂිතිජය දෙස ද ජීවීන් එහි ව්‍යාප්තව ඇත්තේ කෙසේ දැයි බලන මෙන් ද එය ඇරයුම් කරයි. ඒ ගැන මැනවින් කල්පනා කර බැලීම පුද්ගලයකු දෙවියන් පිළිබඳ විශ්වාසය, ඉස්ලාමය, මැවුම්කරුට යටත් වීම සහ ඔහුට නැමදුම් කිරීම වෙත මෙහෙයවනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහිද, රාත්‍රිය හා දහවල මාරුවෙහි ද, ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද, අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට, එහි සෑම සත්වයෙකුම ව්යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත." (සූරා අල්-බකරා: 164)
මෙම විශ්වයේ නිර් මාණය, පළමු මිනිසාගේ මැවීම, පෘථිවියේ ඔහුගේ අනුප්‍රාප්තිය, එය ගොඩනැගීම සඳහා ඔහුට පැවරීම යනාදිය ගැන ද කතා කරයි. තවද එහි අනුප්‍රාප්තිකයෙකු වීමට ඔහුට උපකාර වන දිව්‍ය නීති සහ විශ්වීය න්‍යායයන් පිළිබඳ පැහැදිලි කිරීම්, පෙර විසූ ප්‍රජාවන් නොමග ගිය ආකාරය, ඔවුන්ගේ අධර් මිෂ්ඨකම සහ මහපොළොව දූෂිත කළ ආකාරය පැහැදිලි කරනවාත් සමග ඔවුන්ගේ පරමාධිපතියාණන්ට අවනත වන බිය බැතිමතුන් හට හිමි ප්‍රතිඵල ගැන ද පැහැදිලි කරයි.
තාර් කික සාක්ෂි, තාර් කික සාදෘශ්‍ය, ඉදිරිපත් කරන ලද උපමා, අසීරුවෙන් හැර තේරුම් ගත නොහැකි සංකීර් ණ ප්‍රශ්න යනාදිය ද අල්-කුර් ආනයේ ඇතුළත් වෙයි. මේ සියල්ල අල් කුර් ආනයේ සඳහන් කරුණු සඳහා පැහැදිලි තර් ක සහ තීරණාත්මක සාක්ෂි වේ. මෙම සාක්ෂි පිළිබඳ මධ්‍යස්තව සිතා බලන විට, එය පෙන්වා දෙන දෑට අවනත වීමෙන් හා යටත් වීමෙන් හැර ඒවා පුළුල් ලෙස වටහා ගත නොහැක.
උසස්, උදාර සාරධර් ම වනාහි, පරිණත ශිෂ්ටාචාරයක් හෝ ඒකාග්‍ර සිවිල් සමාජයක් ක්‍රියාත්මක කිරීමට හැකි වනුයේ ඒවා පූර් ණවත් කිරීමෙන් හා ඒවා සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කිරීමෙන් පමණි.
ශුද්ධ වූ අල් කුර් ආනය සෙසු පුද්ගලයින් විසින් රචිත පොත් මෙන් වෛෂයිකව වර් ගීකරණය කර ඇති ග්‍රන්ථයක් ලෙස එය කියවන පාඨකයාට දැක ගත නොහැක. සැබැවින්ම එය දිව්‍යමය ග්‍රන්ථයකි. එහි විශ්වාසය හා බැඳුණු ගැටළු, එහි සාක්ෂි සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් පෘථිවිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන විශ්වීය න්‍යායයන් සමඟ සම්බන්ධ කරමින් ප්‍රතිචාර දක්වා ඇත. ඊට පරව මෙම ගැටලුවට එකඟ නොවූ පෙර විසූ ප්‍රජාවන් අතරින් එක් ප්‍රජාවක තත්ත්වය ද පැහැදිලි කර සිටියි. මහඟු අල්කුර් ආනයේ ඇතුළත් මාතෘකා දැන ගැනීමට කැමති අයකු වී නම්, එහි ඇතුළත් එම මාතෘකා දැන ගැනීමට ඔහු සම්පූර් ණ අල් කුර් ආනයම කියවිය යුතුය.
ඒකාබද්ධිත අංකය: 760
ප්‍රශ්න අංක: 93
අල් කුර් ආනය භාෂාමය ප්‍රාතිහාර් යයක් ලෙස සලකන්නේ ඇයි?
පිළිතුර:
ශ්‍රේෂ්ඨ අල් කුර් ආනයේ ඇති භාෂාමය ආශ්චර් යය සීමාවෙන් ඔබ්බට ගිය බොහෝ පැතිකඩවලින් පැහැදිලි වේ. ඒවා සීමා කිරීමට නොහැකි වීමට හේතුව, මෙම යුගයේ ලේඛකයා මෙන්ම පාඨකයා ද අල්-කුර් ආනය පහළ වූ අරාබි භාෂාවේ ක්‍රම සහ පද්ධති දන්නා, ගැඹුරු අර්ථවත් අරමුණු සහිත ප්‍රකාශ සහ ඊට වඩා අඩු ප්‍රකාශ අතර වෙනස හඳුනා ගන්නා මට්ටමේ මිනිසුන් නො වීමය. පසුව ඔවුුහු එහි ඇති අපූරු සාහිත්‍යමය වාග් ශෛලය හා එහි ආශ්චර් යය හඳුනා ගත්තෝය.
මෙම පැතිකඩ සමහරක් පැහැදිලි කරන්නට අපි උත්සාහ කරන්නෙමු. ඉන් කොටසක් යම් තරමට ඉදිරිපත් කිරීමට හැකිවේ යැයි අපි සිතමු. ඒ කරුණුවලින් සමහරක් පහත සඳහන් අයුරිනි:
පළමුවැන්න: සැබැවින්ම මහඟු අල් කුර් ආනය දිව්‍ය පහළ කිරීමකි. එය අල්ලාහ්ගේ ප්‍රකාශයයි. මිනිසුන් ආමන්ත්‍රණය කළ ඔහුගේ භාෂාවයි. එසේ නම් එය අල්ලාහ්ගේ ප්‍රකාශයක් ලෙස තිබිය දී පැහැදිලි කිරීමේ සහ ආශ්චර් යයේ උපරිමය විය නො හැක්කේ කෙසේ ද? සැබැවින්ම අල්ලාහ් සියලු මැවීම්වලට වඩා ශ්‍රේෂ්ඨ කීර් තිමත් සර් වබලධාරියා වන සේම සැබැවින්ම ඔහුගේ ග්‍රන්ථය ඔහුගේ විස්තර කිරීම් හා ඔහුගේ කතාව සෑම ප්‍රකාශයකටම හා විස්තර කිරීමකටම වඩා අති කීර්තිමත්ය. "ඔහු වැනි කිසිවකුත් නොමැත. තව ද ඔහු සර් ව ශ්රාවක හා සර් ව නිරීක්ෂක වේ." (සූරා අෂ්-ෂූරා: 11)
දෙවැන්න: උත්තරීතර සුවිශුද්ධයාණන් ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට අතිමහත් ප්‍රාතිහාර් යයක් නියම කිරීමට සිතුවේය. එය මහඟු අල් කුර් ආනය විය. අවසන් හෝරාව ක්‍රියාත්මක වන දිනය දක්වාම මිනිසුන් එය කියවනු ඇත. එහෙයින් උත්තරීතර සුවිශුද්ධයාණන් එය පැහැදිලි කිරීමේ සහ වාග් ශෛලයේ උපරිමය බවට පත් කිරීමට නියම කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "පැහැදිලි අරාබි බසින්." (සූරා අෂ් ෂුඅරාඃ: 195) එය ඔහුට සහතික කරමින් එය වාග් ශෛලයේ හා පැහැදිලි කිරීමේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක් එයට නියම කළේය.
තෙවනුව: මෙම උතුම් ග්‍රන්ථයේ මාතෘකා පැමිණ ඇත්තේ වචන මිශ්‍රණයකිනි. ඒවායින් සමහරක් තවත් සමහරකගේ පසුපස හඹා යනු ඇත. එහි දී න්‍යායාත්මක ආඥාව, විශ්වීය න්‍යායයන්, පුවත්, දේශනා, පොරොන්දු සහ අවවාද, නියෝග සහ තහනම, එක් පදයක, උසස් භාෂාමය රටාවකින් සඳහන් කර ඇත. එය ඇසෙන විට මිහිරි බවක් ඇති කරන අතර එහි භාෂාමය සංරචක එහි තර් කයේ තීරණාත්මක වෙයි. අභියෝගාත්මක සහ සංකීර් ණ ප්‍රශ්නවලින් පිරී ඇත. පාඨකයා විස්මයට පත් කර හදවත් ග්‍රහණය කරන සන්සුන් භාෂාවකින් සමන්විතය. එබැවින් ඔබ එහි දේශනාවලට සවන් දෙයි; එහි තොරතුරු විශ්වාස කරයි; එහි අණට කීකරු වෙයි; එය තහනම් කරන දැයින් වැළකී සිටියි. අරාබි නොවන වෙනත් භාෂාවකින් මෙය තේරුම් ගත නො හැක.
හතරවනුව: අරාබි භාෂාව යනු පුළුල් වචන මාලාවක් සහිත භාෂාවක් වන අතර, එහි භාෂාමය මූලයන් බොහෝමය ය. ශ්‍රේෂ්ඨ අල්-කුර් ආනයෙහි අඩංගු වී ඇත්තේ කනට ආසන්න පහසු මූලයක් සහිත වචන හා පද මාලාවකි. එය නැවත නැවත කියවීමට සහ කටපාඩම් කිරීමට පහසු වේ. එහි අසාමාන්‍ය, දුර් ලබ වචන අඩංගු නොවේ. මෙම දිව්‍යමය, පැහැදිලි කිරීමේ අරාබි වචනවල මූලයන්, ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය සඳහා ප්‍රාතිහාර් යමයත් විශේෂාංග රාශියක් ලෙස නියම කර ඇත. එය කියවීමට, කටපාඩම් කිරීමට සහ ඇසීමට පහසු කරයි. එහි අමුතු, බාහිර වචන අඩගු නොවේ.
පස්වනුව: ශුද්ධ වූ අල් කුර් ආනයේ තේමාත්මක අන්තර්ගතය ඉතා විවිධාකාර ය. පොදුවේ සෑම මාතෘකාවක්ම ඊට අදාළ භාෂාවෙන් විය යුතුය. නමුත් උපදේශන භාෂාව, දිරිගැන්වීමේ සහ බිය ගැන්වීමේ භාෂාව හැර අපරාධ නීති ගැටලුවේ භාෂාවට වඩා වෙනස් ය. තොරතුරු දැන්වීමේ හා සැක පහළ කිරීමේ භාෂාව, ගුප් දෑ දන්වා සිටින භාෂාවට වඩා වෙනස් ය. සාක්ෂි හා යොමු විය යුතු ප්‍රශ්න පිළිබඳ භාෂාව, නීති හා පිළිවෙත් පිළිබඳ භාෂාවට වඩා වෙනස් ය. ඒ හැර අල් කුර් ආනයේ වෙනත් මාතෘකාවන් ද ඇත. පුදුමයට කරුණ නම්, ඒ සියල්ල සෑම මාතෘකාවක්ම අන්තර් ගත වන පරිදි එකම ක්‍රමයෙන් පැමිණ තිබීමය. ඇසීම හෝ දැකීම, නියමිත නොවන ස්ථානයේ පැමිණ ඇති ක්‍රමය හෝ නියමිත නොවන ස්ථානයේ පැමිණ ඇති මාතෘකාව හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැත.
හයවනුව: ආමන්ත්‍රණය කරනු ලබන්නා දැඩි අඥානකමක සිටියත්, මහඟු අල්- කුර් ආනය බැරෑරුම් ප්‍රශ්න ඉතා මෘදු හා සන්සුන් ක්‍රමවේදයකින් ඉදිරිපත් කරයි: උත්තරීතරය අල්ලාහ්ගේ මෙම ප්‍රකාශය දෙස බලන්න. "එවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය." "තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය." (සූරා අස්-සාෆ්ෆාත්: 95,96) මනස අවදි කරන; වසර ගණනාවක් තිස්සේ මනසේ ආධිපත්‍යය දැරූ ශ්‍රේෂ්ඨතම දායාදයේ, මේ ආශ්චර් යමත්, මඟ පෙන්වන, ආශ්වාදජනක ශෛලියෙන් ඒ ගැන සාකච්ඡා කරන කථාවක් ඔබ දැක තිබේ ද? ඔවුන් කැටයම් කරන දෑ නැමදීම හා කිසිවකට සවන් නො දෙන, කිසිවක් නො දකින, කිසිදු සෙතක් නො සළසන, කිසිදු හානියක් නො කරන දෑට බියබැතිමත්වීම බුද්ධිමතෙකු විසින් කළ හැකි වන්නේ ද?
හත්වනුව: සැබැවින්ම මහඟු අල්-කුර් ආනය සියල්ල ආවරණය කරගත් ආගමක ග්‍රන්ථයකි. එය ජීවිත්වීමට අවශ්‍ය ආගමික නීති රාමුවකින් සමන්විතය. ස්වාමිපුරුෂයකු තම බිරිය සමග පවත්වන සම්බන්ධතා අඩංගු පාඨවල මෙන්, අරමුණ ඉටු කරන, සවනට අමිහිර නොවන කරුණු පද ගන්වමින් එහි නියෝග පැමිණ ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා මත්ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නො වනු. තවද කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කරන තෙක් (සලාතයට) ළං නො වනු. එහෙත් (එහි) මාර් ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේ ම නුඹලා රෝගීව හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර් ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නො ලැබූනේ නම්, නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින් ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නො කර) නො සලකා හැර පාපක්ෂමාව පිරිනමන්නා ය." (සූරා අන්-නිසා: 43) එම සම්බන්ධතාව එකිනෙකා ස්පර් ශ කිරීම යන 'මලාමිසා' යන පදයෙන් පද ගැන්වී ඇත. වැසිකිලි යාම 'ඝාඉත්' නම් මළපහ කිරීම යන පදයෙන් පද ගැන්වී ඇත. 'ඝාඉත්' යන පදය අරාබි ව්‍යවහාරය තුළ පහත් ස්ථානයකි. එම පදයෙන් පද ගැන්වීමට හේතුව කාන්තාරයේ තම වැසිකිලි අවශ්‍යතාව ඉටු කරන තැනැත්තාගේ සිරිත වූයේ මිනිසුන්ගෙන් ආවරණය වනු පිණිස පහත් බිමක් සෙවීමය.
අටවනුව: සැබැවින්ම මිනිස් වර් ගයා වනාහි, ඔවුන්ගේ කාලයන් තුළ එහි වූ සාහිත්‍යවාදීන් හා කවිවරුන් නියමිත ප්‍රකාශ, හදවත්හි මතකයේ ලියා තැබීමට තරඟ කළහ. ඒ අනුව, එහි කවි, නවකතා සහ ලේඛන යනාදී සාහිත්‍යයෙන් සමන්විත ඉතිහාසය වෙනමම නිර් මාණය විය. ඒවා සියල්ලම මානව දුර් වලතාවයෙන් යටපත් කර ඇත. එය එක්කෝ කතාවක ආඛ්‍යානය නැතහොත් කවියාගේ මනසේ සිදුවන දේ විස්තර කරන කවියක් ලිවීම විය. කෙටියෙන් කිවහොත් එය සාරධර් ම, ආගමික නීති සම්පාදනය හෝ ගුප්ත දෑ ගැන තොරතුරු දරන්නක් නොවීය. අල්-කුර් ආනය කථිකත්වයේ ඉහළම මට්ටමට ළඟා වූ විට සහ එහි අන්තර් ගතය විශිෂ්ට, විස්තීර් ණ සහ විවිධ වූ විට, එය මිනිසුන්ගේ හදවත් සහ මනස ග්‍රහණය කරගත් අතර ඔවුහු එයට ගරුබුහුමන් කළෝය. එසේ ගරුබුහුමන් කිරීමට එය සුදුස්සක් විය.
නවවනුව: ශුද්ධ වූ අල් කුර් ආනය තම භාෂාවෙන් තමන් වෙත පහළ වූ අරාබිවරුන් කාව්‍ය, කථික හෝ ගද්‍ය යන ඕනෑම ආකාරයක ඔවුන් ඉදිරිපත් කරන නිර් මාණශීලි හැකියාව සඳහා වාර් ෂික තරඟ පැවැත්වීමට පුරුදුව සිටියහ. කවියා අදාළ සමයේ සාර් තකත්වය ලබනු පිණිස තම කවිය නිර් මාණය කිරීමට වසර දෙකක් කවිවරයා ගත කරනු ඇත. ශ්‍රේෂ්ඨ අල්-කුර් ආනය පැමිණි විට එය ඔවුන් මවිතයට පත් කළේය. ඔවුන් පුරසාරම් දොඩන සියලු කථිකත්වයන් අල්-කුර් ආනයට ළඟා නොවන බවත්, එයට සමීප නොවන බවත් වටහා ගත්තෝය. ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය හෝ ඒ හා සමාන සූරතයක් හෝ ඉදිරිපත් කරන ලෙස අල්ලාහ් ඔවුනට අභියෝග කළ ද ඒ සඳහා ඔවුහු අපොහොසත් වූහ. මෙවන් සාධක බොහෝමයක් පෙන්වා දෙනුයේ එහි ඇති කථිකත්වය හා වාග් ශෛලයට සමාන වීමට කිසිවකට නොහැකි බවයි.
මේවා භාෂාව අනුව එහි ඇති ඇතැම් ආශ්චර් යමත් අංග වේ. එහි භාෂාමය ආශ්චර් යමත් බව පැහැදිලි කිරීමේදී මා මෙන් කෙනෙකු වීම ගැන මම අල්ලාහ්ගෙන් සමාව අයැදි සිටිමි. මක්නිසාද යත් එහි ප්‍රාතිහාර් යය පිළිබඳ සෑම පැහැදිලි කිරීමක්ම අනිවාර් යයෙන්ම එයට ලැබිය යුතු පැහැදිලි කිරීම්වලට වඩා අඩු පැහැදිලිකිරීම් වන බැවිනි.
බලන්න: ඉමාම් ෂාෆිඊගේ අර්-රිසාලා පිටුව 79-89, තෆ්සීර් අල්-කුර් තුබී 6/31-32, මජ්මූඋල් ෆතාවා 26/25-26, අල්-මුවාෆකාත් 2/ 101-108.
ඒකාබද්ධිත අංකය: 1490
ප්‍රශ්න අංක: 94
නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය ලිව්වේ ද?
පිළිතුර:
අල් කුර් ආනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට වසර විසි තුනක කාලයක් පුරා පහළ වෙමින් පැවතිනි. එතුමාණෝ එය කටපාඩම් කර ගත් අතර සහාබාවරුන්ට කියවා පෙන්වූහ. ඔවුන් අතරින් නබි තුමාණන් මෙන් සිතෙන් පාඩම් කළ අය ද වුහ. ඔවුන් බහුතරයකි. එමෙන්ම එය ලියා තබා ගත්තවුන් ද වුහ. ඔවුන් සුළු පිරිසකි. එම සුළු පිරිස අතරින් ඇතැමුන්ට එකම පුස්තකයක ගොනු කිරීම නොව වෙන් වෙන්ව අල් කුර් ආනය ලිවීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නියම කළහ. ඊට හේතුව අල් කුර් ආනයේ සූරාවන් ඇතැම් විට පිළිවෙලට පූර් ණව එකවර පහළ වූයේ නැත. ඒවා කාල පරාසයන් තුළ වෙන් වෙන්ව විසිරී පැවතිනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පහළ වන සෑම නව පාඨ එකතුවක්ම තැබිය යුතු ස්ථානය හා තැන සහාබාවරුන්ට පෙන්වා දෙමින් මේ මේ පාඨ මේ මේ සූරාවේ මේ මේ පාඨවලින් පසු තබන්නැයි දන්වා සිටියහ.
මෙම ප්‍රශ්නයට පිළිතුර පහත දැක්වෙන ආකාරවලින් අපට තවදුරටත් විස්තර කළ හැකිය:
පළමුව: සැබැවින්ම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලිවීමේ හෝ කියවීමේ හෝ හැකියාව නොදැරූහ. ඔහු ලිවීමට හෝ කියවීමට හෝ නොහැකි "උම්මි" හෙවත් සාක්ෂරතාව නොදත් අයකු වූහ. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "තවද මීට පෙර කිසිදු ධර් ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය." (සූරා අල්-අන්කබූත්: 48) එතුමාණන්ගේ ප්‍රජාව ද එම කාල පරිච්ඡේදයේ ලිවීමට හා කියවීමට නොහැකි ප්‍රජාවක් විය. එබැවින් ඔවුන්ගේ සියලු කටයුතු ඔවුන් මතක ශක්තියෙන් තබා ගැනීමට බැඳී සිටියෝය. ඔවුන් අතර තිබූ මතක ශක්තියේ හැකියාව විශ්මයජනකය. කතාවක් හෝ කවියක් හෝ තමන් සවන් දුන් ප්‍රථම අවස්ථාවේම කටපාඩම් කරන තැනැත්තන් විය.
දෙවනුව: අරාබිවරුන් කථිකත්වයේ ඉහළ රසයක් සහ ශක්තිමත් මතකයක් ඇති ජාතියක් විය. එබැවින් ඔවුන් අඥාන යුගයේ පැවති කවි කිසිවක් අත් නො හැර කටපාඩම් කරන්නට වූහ. නමුත් ඒවා කටපාඩම් කිරීම වන්දනාමානයක් ලෙස ඔවුුහු නොසැළකූහ. මහඟු අල් කුර් ආනය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් එය කට පාඩම් කර ගත් අතර ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට කරන නැමදුමක් බවට එය පත් විය. එමෙන්ම එහි යහමඟ, ආලෝකය, සහනය, උපකාරය, මිහිතලයේ අවශ්‍යතා වැනි කරුණු ඔවුන් දුටු අතර එම ආශිර් වාදාත්මක පහළ කිරීම කෙරෙහි ඔවුනට ඇල්මක් ඇති විය. අල්ලාහ්ට පසු එය ඔවුනට උපකාර කළේය. එය ඔවුන් තුළ තිබූ භාෂාමය රසාස්වාදය හා අපූරු මතක ශක්තිය මත පදනම්වය. සැබැවින්ම අල් කුර් ආනයේ පිළිවෙළ ද ආශ්චාර් යයේ අන්තය තුළ විය. එනම්, නියමිත ස්ථානයෙන් වචනය වෙනස් කරනු ලැබූ විට හෝ වචනයක් ඉවත් වූ විට පිළිවෙල විකෘති වනු ඇත. අල් කුර් ආනය කියවන කාරිවරයාට එය අඟවනු ඇත. එබැවින් උත්තරීතර අල්ලාහ්ගේ වදන පාරායනය කරන කාරිවරයකුට අරාබි ජාතිකයකු සවන් දුන් කල්හි. "හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙස නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර් ව බලධාරී ය; සර් ව ප්‍රඥාවන්ත ය." (සූරා අල්-මාඉදා: 38) එවිට ඔහු එය වරද්දා "වහුවල් ගෆූරුර් රහීම්" (ඔහු අති ක්ෂමාශීලීම මහා කාරුණිකය) යනුවෙන් පාරායනය කර සිටිනු ඔහුගේ කනට වැකුණි. එවිට ඔහු: 'අල්ලාහ් සමාව දී කරුණා කළේ නම් කපා නොදමන්නට තිබුණි' යැයි පැවසීය. එනම්, ඔහු අල්කුර් ආනය කට පාඩම් කර නොතිබුණ ද එම කාරිවරයාගේ කියවීම ඔහු හෙළා දුටුවේය. එසේ අරාබි භාෂාවේ ඇති රසාස්වාදය එකතු වූ මෙම නව ඇමණුම ප්‍රතික්ෂේප කෙරුණි.
තුන්වනුව: සැබැවින් මහඟු අල් කුර් ආනය කටපාඩම් කිරීමට හා වටහා ගැනීමට පහසු අයුරින් සරල භාෂාමය සම්බන්ධතාවකින් යුතුව පැමිණ තිබීමය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එසේ නුඹගේ බසින් ම අපි එය පහසු කරනුයේ එමඟින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමඟින් නුඹ අවවාද කිරීමට ය." (සූරා මර් යම්: 97) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද අල් කුර් ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?" (සූරා අල්-කමර්: 17) ඒ හේතුව නිසාවෙන් මුස්ලිම්වරු එය කටපාඩම් කළෝය. එය කටපාඩම් කිරීම ඔවුනට පහසු විය. එය කෙතරම් යත් අරාබි නොවන, අරාබි වචන හොදින් හසුරුවිය නොහැකි, අල් කුර් ආනය කියවන පාඨකයෝ මුළුමණින්ම අල්කුර් ආනය කටපාඩම් කර තිබෙනු ඔබට දැකිය හැක. එය පහසු කර දුන්, ලෝවැසියන්ට එය පහසු කාර් යයක් බවට පත් කර දුන් තැනැත්තා සුවිශුද්ධ විය.
සිව්වනුව: සැබැවින්ම ශුද්ධ වූ අල් කුර් ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා හරහා නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත උත්තරීතර අල්ලාහ් පහළ කළ දිව්‍යමය පණිවිඩයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාාණෝ තමන්ට පහළ වූ අයුරින්ම එය තම මිතුරන්ට දන්වා සිටියහ. පාඨ පහළ වූ සෑම අවස්ථාවකම එතුමාණෝ ඔවුනට පාරායනය කර පෙන්වූහ. ලිවීමට දක්ෂ සහාබාවරුන් කිහිප දෙනෙකු විසින් එය ලියා තැබූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගය මත ඔවුහු ඒවා හැදෑරූහ. දිව්‍ය පණිවිඩ ලියූ අය අතරට සිව් මහා කළීෆාවරු ඇතුළුව සුබෙයිර්, උබෙයි ඉබ්නු කඃබ්, සෙයිද් ඉබ්නු සාබිත්, මුආවියා ඉබ්නු අබූ සුෆ්යාන්, සාබිත් ඉබ්නු කයිස්, හන්ළලා ඉබ්නු අර්-රබී අල්-කාතිබ්, කාලිද් ඉබ්නු වලීද් (රළියල්ලාහු අන්හුම්) යනාදී සහාබාවරුන් ද ඇතුළත් වූහ.
පස්වනුව: සැබැවින්ම එය ආරක්ෂා කිරීමේ වගකීම හා නබි තුමාණන්ගේ ප්‍රකාශය ද දෙවියන්ගේම දිව්‍ය පණිවිඩ බැවින් එය ද ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් පවරා ගත්තේය. දිව්‍ය පණිවිඩය දූත මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ වෙමින් තිබිය දී එය අමතක වේවි යැයි බියෙන් එතුමාණන් එය පාරායනය කිරීමට ඉක්මන් වූ කල්හි, දිව්‍ය පණිවිඩය පහළ වන මොහොතේ තම දිව චලනය නොකරන මෙන් ද එය එතුමාණන්ට මතක් කර දීම තම වගකීම බව ද අල්ලාහ් එතුමාණන්ට ප්‍රතිඥා දුන්නේය. "එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය." "ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද." "එය (කුර් ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු." "එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන් ම අප වෙත වූ වගකීමකි." "එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු." (සූරා අල් කියාමා: 14-18)
හයවනුව: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ අල් කුර් ආනය එතුමාණන්ගේ හදවත තුළ හා නබි සගයින්ගේ හදවත් තුළ ආරක්ෂා කරනු ලබන්නක් විය. එසේම පෙර සඳහන් කළ පරිදි එය ලේඛන ගතව ද තිබුණි. නමුත් එක් පුස්තකයක ගොනු කරනු ලැබුවේ නැත. ඔවුන් අතර එය පාඩම් කළ අය අධිකව සිටි බැවින් එක් ග්‍රන්ථයක ගොනු කිරීම වැදගත් කොට ඔවුන් සැළකුවේ නැත. නමුත් දූතයාණන් මරණයට පත් වූ කල්හි -ඉස්ලාමය ව්‍යාප්ත වූ අලුත- අරාබි ගෝත්‍රිකයින් ඉක්මවා ගොස් සහාබාවරුන් සමග සටන් වැඳුණු අතර එහිදී අල් කුර් ආනය දරා ගත්, එය මතකයේ තබාගත් බොහෝ පිරිසක් ඝාතනයට ලක් විය. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා, අල් කුර් ආනය කටපාඩම් කළ අය අතර බහුතරයක් දෙනා මරමුවට පත් වූ බැවින් අල් කුර් ආනය ද අහිමි වී යනු ඇතැයි බිය වී, පසුව එතුමා පාලක අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට මහඟු අල් කුර් ආනය ගොනු කිරීමේ කාර් ය ය යෝජනා කළහ. පසුව අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගේ කාලයේ එය ගොනු කිරීමේ කාර් යය නිමා විය.
මේ පිළිබඳ වූ පිළිතුර සම්පූර් ණ යැයි සිතමි. දේව දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තම කාලයේම එකම පුස්තකයක අල් කුර් ආනය ලියා නො තැබුවේ ඇයි දැයි පාඨකයා වටහා ගනු ඇත.
අල් කුර් ආනයේ විශ්වකෝෂය සහ එහි අර් ථ කථන බලන්න:http://www.quranenc.com
ඒකාබද්ධිත අංකය: 2870
ප්‍රශ්න අංක: 95
නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල් කුර් ආනය ලියා එය බයිබලයෙන් (නව ගිවිසුමෙන්) පිටපත් කළ බව ඇත්තක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
මෙම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපි මෙසේ පවසමු.
පළමුව: මෙම ප්‍රශ්නය විමසා සිටි තැනැත්තා අල් කුර් ආනය ගැන හෝ (බයිබලය)ශුභාරංචිය ගැන දනනා කෙනෙකු නොවේ. ඊට හේතුව අල් කුර් ආනය ශුභාරංචියට වඩා මුළුමනින්ම වෙනස් බැවිනි. බයිබලය යනු එක් ශුභාරංචියක් පමණක් නොව ශුභාරංචි ගණනාවකි. එසේ නම් අල්ලාහ්ගේ දූතයාණන් මාර් ක්, ලූක්, මතෙව්, ජෝන් හෝ පාවුල්ගේ ලිපිවලින් හෝ ජේම්ස්ගේ ලිපිවලින් උපුටා ගත් බව ප්‍රශ්න කරන්නා අදහස් කරන්නේ ද?
දෙවනුව: බොහෝ කාරණා සම්බන්ධයෙන් ශුභාරංචිය (බයිබලය) එකිනෙකට පරස්පර වන අතර ජේසු තුමා දේව පුත්‍රයා බව තහවුරු කිරීමට පැමිණි යොහන්ගේ ශුභාරංචිය ද ඉන් එකකි. ඔවුන් පවසන දෙයට වඩා අල්ලාහ් බොහෝ සෙයින් උසස් ය. ශුභාරංචි තුනම පුත්‍රත්වය ප්‍රකාශ නො කරන අතරම කුරුසියේ ඇණ ගැසීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද භයානක ලෙස පරස්පර විරෝධී වේ. එසේ නම් දේව දූතයාණන් එය පිටපත් කළේ කුමන ශුභාරංචියෙන්ද?
තුන්වනුව: ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය පැමිණියේ යුදෙව්වන් සහ කිතුනුවන් විශ්වාස කළ ඇතැම් කරුණු නිවැරදි කිරීමටය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර් ආනය විස්තර කරයි." (සූරා අන්නම්ල්: 76) මෙම කරුණු අතරින් සත්‍යවන්තිනයට ආරෝපණය කළ දැයින් ඇගේ පවිත්‍රභාවය ගැන වූ ප්‍රකාශය ද ඉන් එකකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "මර් යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු." (සූරා අල්-මාඉදා: 75) අවසන් කාල වකවානුවේ ඊසා හෙවත් ජේසු (අලයිහිස් සලාම්) තුමා පහළ වීමේ ප්‍රශ්නය ද එලෙසමය. කිතුනුවන් විශ්වාස කරනුයේ ගැත්තන්ගෙන් ප්‍රශ්න කරනු පිණිස අල්ලාහ්ගේ පුත්‍රයා යන ස්වරූපයෙන් ඔහු පහළ වන බවයි. නමුත් අල් කුර් ආනය තහවුරු කර සිටිනුයේ සැබැවින්ම මිනිස් දූතයාගේ පහළ වීම අවසන් හෝරාවේ සළකුනු අතරින් වන එක් සළකුණක් බව ය. "තවද, නියත වශයෙන්ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නොකරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර් ගයයි." (සූරා අස්-සුක්රුෆ්: 61)
සිව්වනුව: ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය ජේසු තුමා (ඔහුට ශාන්තිය වේවා) ගැනත්, ඔහුගේ මව (ඇයට ශාන්තිය වේවා) ගැනත් කිතුනුවන් නොදැන සිටි කරුණු සඳහන් කර තිබීම. ඒ අතරින් එතුමා උපත ලැබූ පසු කතා කිරීම, අහසින් බන්දේසියක් පහළ වීම යනාදිය ද වේ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ අපගේ පරමාධිපතියාණනි! අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය අපටත්, අපට පෙර වූ අයටත්, අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබ ම වේ යැයි මර් යම්ගේ පුත් ඊසා පැවසුවේ ය." (සූරා අල්-මාඉදා: 114)
පස්වනුව: ශ්‍රේෂ්ඨ අල් කුර් ආනය ශුභාරංචි වල සඳහන් වැරදි වලින් නිදොස් වන අතර ශුභාරංචියේ අඩංගු බොහෝ පරස්පරතාවලින් ද නිදහස් වී ඇත.
හයවනුව: දේව දූතයාණෝ කියවීමට සහ ලිවීමට දැන නො සිටි අතර, එලෙස එතුමාණන් සාක්ෂරතාව නැති අයකුව සිටිය දී පවා මෙම සුවිශේෂී කරුණු මහඟු අල් කුර් ආනයේ සඳහන් වී තිබීම ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මීට පෙර ඔබ කිසිදු ධර් ම ග්‍රන්ථයක් පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය." (සූරා අල්-අන්කබූත්: 48) එතුමාණන්ගේ සමූහයා අතර ද කියවීම සාමාන්‍ය දෙයක් නොවීය. මක්කාවේ ආගම්ලත් ජනයාගේ පොත් ඔවුන් අතර නො වීය. ආගම් ලත් ජනයා තුළ තිබූ දැනුම මත ඔවුන් පදනම් වූවෝ ද නොවූහ.
මෙම විස්තර කිරීමෙන් පසු මධ්‍යස්ථ තැනැත්තෙකුට සැබැවින්ම දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ශුභාරංචියෙන් අල් කුර් ආනය ලියා, ඉන් පිටපත් කරන්නට ඇතැයි පැවසිය හැකි ද? අප විශ්වාස කරනුයේ, ඇත්තෙන්ම මධ්‍යස්ථ තැනැත්තෙක් අප ලියූ පිළිතුර කියවන විට, සැබැවින්ම එසේ ප්‍රශ්න කර සිටින්නා මහඟු අල් කුර් ආනය ගැන හෝ ඉන්ජීලය ගැන හෝ නොදන්නා අයකු බව නිගමනයටකට එළැඹෙනු ඇති බවයි.
දෙවිඳුන්ට පමණක් නැමදුම් කිරීම සඳහා කරන ඇරයුම වැනි අල් කුර් ආනයට අනුකූලව ශුභාරංචියේ දක්නට ලැබෙන කරුණු වනාහි, ඒවා ඊසා (ජේසු) තුමා ගෙන ආ සත්‍යයෙහි ඉතිරිව පවතින කොටස් ය. පුදුමයට කරුණ නම්: අල්-කුර් ආනය සම්බන්ධව කෝලාහල ඇති කරන, දූත මුහම්මද් තුමාණන් අල්-කුර් ආනය ඉන්ජීලයෙන් පිටපත් කළ බව කිතුනුවන් අතර සැක ඇති කරන අය වනාහි, සැබැවින්ම ශුභාරංචිය අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම ගැන පැහැදිලි කරන ප්‍රකාශක් බවත්, එතුමාණන් ගැන වූ ශුභාරංචියක් බවත් ඔවුන් නොදනිති. එය අනුගමනය කරන්නන්, දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවනු ලබන විට එතුමාණන්ව විශ්වාස කරන මෙන් නියෝග කර ඇත. නමුත් ඔවුන් ඒ ගැන මෙනෙහි නොකරති. ඔවුන් එය වසන් කිරීමටත්, එය වෙනස් කිරීමටත් උත්සාහ දරති.
ඒකාබද්ධිත අංකය: 3260
ප්‍රශ්න අංක: 96
ශුද්ධ වූ අල් කුර් ආනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත අල්ලාහ් පහළ කළේ ඇයි? මෙය තෝරාව හා ශුභාරංචිය යන දෙකම වෙනස් කරන්නක් බව අදහස් වන්නේ ද? තෝරාව හා ශුභාරංචිය අනුගමනය කරන්නන් අල්ලාහ්ගේ යහපත මත පදනම්ව නොසිටි බවත්, එබැවින් අල්ලාහ් අල් කුර් ආනය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළ බවත් අදහස් වන්නේ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
එසේ ප්‍රශ්න කරන්නාගෙන් මෙසේ විමසිය හැක: තව්රාතයට පෙර ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ ලේඛන තිබිය දී එය අල්ලාහ් පහළ කළේ ඇයි? ශුභාරංචියට පෙර තෝරාව තිබිය දී ශුභාරංචිය අල්ලාහ් පහළ කළේ ඇයි? පිළිතුර එකමය. සැබැවින්ම අල්ලාහ් සෑම යුගයකම අදාළ වැසියන්ට නිවැරදි දෑ ආගමානුගත කරනු ඇත. දේව විශ්වාසයේ මූල ධර් ම වනාහි, ඒවා ගැන එකඟතාවක් දූතවරුන් අතර පැවතුණි. ඔවුන් සියල්ලෝම උත්තරීතර අල්ලාහ්ට පමණක් නැමදුම් කරන මෙන් ද, නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කරන මෙන් ද ඇරයුම් කළහ. තෝරාව හා ශුභාරංචිය ආරක්ෂා කිරීමේ වගකීම ඉස්රාඊල් දරුවන්ට අල්ලාහ් පැවරීය. නමුත් ඔවුහු එය විකෘති කර වෙනස් කළහ. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අවසන් සමයේ දූතයකු එවනු ඇති බවත් එතුමා තුළින් දූතවරුන් පහළ වීම අවසන් වන බවත් ඔවුන් දැන සිටියහ. එතුමාණෝ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වූහ. පෙර පැවති පිළිවෙත් වෙනස් කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සෑම යුගයකටම හා සෑම ස්ථානයකටම ගැළපෙන පුස්තකයක් උත්තරීතර අල්ලාහ් එතුමාණන් වෙත පහළ කළේය. ඊසා හෙවත් ජේසු අලයිහිස් සලාම් තුමා අවසන් කාලයේ පහළ වූ විට ඔහු විසින් තීන්දු තීරණ ගන්නේ ද ඒ අනුවය. අනේක සාධක තුළින් එය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාරගෙන ඇත. මෙසේ තිබියදීත් ඇතැම් ජනයා එය විකෘති කිරීමට උත්සාහ කළ ද ඔවුන්ගේ කරුණ ඔවුනට පැහැදිලි වනු ඇත. ඒ මත පිහිටනු ඇත. එහෙයින් ඉස්ලාමයේ පණිවිඩය ලබා එහි නො පිවිසුනු සෑම යුදෙව්වෙකුම හා කිතුනුවෙකුම යහමාර් ගය මත පිහිටා නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන්, 'නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්‍රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම්' යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය." (සූරතුල් බකරා: 109) අල්ලාහ්ගේ දූත(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය." මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර් තා කර ඇත. (153) මෙහි ප්‍රජාව යනුවෙන් අදහස් කරනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රජාවේ උදවියයි. එනම් එතුමාණන් කවර පිරිසක් වෙත එවනු ලැබුවේ ද ඔවුහුය. එය "උම්මතුද් දඃවා" ඇරයුමේ ප්‍රජාව යනුවෙන් නම් කෙරුණු අතර ඔවුන් අතරින් කවරෙතු එතුමාණන්ව විශ්වාස කළේද ඔවුන් "උම්මතුල් ඉජාබා" පිළිගැනීමේ ප්‍රජාව යනුවෙන් නම් කෙරුණි. ඒ අනුව කවරෙකු එතුමාණන්ගේ කාලයේ ඉස්ලාමයට පෙර තෝරාව හා ශුභාරංචිය පහළ කරනු ලැබූ අයුරින්ම, කිසිදු වෙනස් කිරීමකින් තොරව එය සහතික කරමින් යුදෙව්වෙකු හා කිතුනුවකු ව සිටියේ ද, ඔහු සිටිනුයේ යහමග මත ය. නමුත් ඉස්ලාමයේ පණිවිඩය ලබා ඉස්ලාමය වැළඳ නොගත් අය වනාහි, ඔහු සිටිනුයේ මුළාව මත ය.
ඒකාබද්ධිත අංකය: 1630
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න: ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න.
(මැවීම පිළිබඳ කොටස)
ප්‍රශ්න අංක: 16
වැදගත් කරුණ (1)
ප්‍ර- මැවීම් ආරම්භ වූයේ කෙසේ ද?
පි: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් විය. ඔහුට පෙර කිසිවක් නොවීය. විශ්වය ශුන්‍ය තත්ත්වයේ තිබී, පසුව පූර්ණ ලෙස අල්ලාහ් ඔහුගේ මැවීම් බිහි කළේය. සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් එය බිහි කළේ කිසිදු පූර්වාදර්ශයකින් තොරව ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
"නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය."
(අල්-අඃරාෆ්: 54)
නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් තුමා විසින් වාර්තා කළ හදීසයක් තම සහීහ් ග්‍රන්ථයේ බුහාරි තුමා මෙසේ වාර්තා කරයි.
අල්ලාහ් විය. ඔහුට පෙර කිසිවක් නොවීය. ඔහුගේ රාජාසනය ජලය මත විය. පසුව ඔහු අහස් හා මහපොළොව මැව්වේය. සෑම කරුණක්ම පුස්තකයේ සටහන් කළේය.
මිනිස් පියා ආදම් ව අල්ලාහ් මැව්වේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් සහීහ් මුස්ලිම් හි මෙසේ සඳහන් වේ. හිරු උදාවන ශ්‍රේෂ්ඨතම දිනය වනුයේ ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ප්‍රවේශ කරනු ලැබුවේ ද එදිනයි. ඉන් බැහැර කරනු ලැබුවේ ද එදිනයි.
මිනිසාගේ මැවීම සම්බන්ධයෙන් අල්ලාහ් මෙනෙහි කරමින් මෙසේ පවසා සිටියි:
"සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.
පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.
පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
(අල්-මුඃමිනූන්: 12-14)
තව ද අල්ලාහ් මෙසේ ද පවසා සිටියි:
අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.
(අන්-නිසා: 1)
මෙම පාඨවල මිනිසාගේ මැවීමේ ආරම්භයේ සිට ඔහු අවසානයට ගමන් ගන්නා ස්ථානය දක්වා වූ ඔහුගේ අදියරයන් හා ඔහුගේ විතැන් වීම් ගැන අල්ලාහ් මෙනෙහි කළේය. මිනිස් වර්ගයාගේ ආරම්භ මැවීම ආදම් අලයිහිස් සලාම් බව මෙනෙහි කළේය. සැබැවින්ම ඔහු මැටි සාරයෙන් මවනු ලැබීය. එනම් මහපොළොවේ සියලුම තැන්වලින් ගනු ලැබූ මැටි සාරයයි. එබැවින් ඔහුගේ දරුවන් භූමියේ ප්‍රමාණයට අනුව සිටිති. ඔවුන් අතරින් දැහැමි අය මෙන්ම දුෂ්ඨ අය ද සිටින අතර පහසුකම් ඇති හා දුක් සහිත අය ද සිටිති.
අහස් හා මහපොළොවේ හා ඒ දෙක අතර ඇති දෑහි මැවීම සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ මෙනෙහි කරයි:
"නුඹලා එය දකින අයුරින් කිසිදු කුලුණකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලා සමඟ නොසැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්‍යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු."
(ලුක්මාන්: 10)
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ මිතුරන් සැම දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 3200
ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න ශබ්දකෝෂයෙන් තෝරාගත් ප්‍රශ්න
(කොටස ඉස්ලාම්)
ප්‍රශ්න අංක: 19
ඉස්ලාම් යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ප්‍ර- ඉස්ලාම් ආගම යනු කුමක් ද?
පි: ඉස්ලාම් යන්නෙහි පොදු අර් ථය වනාහි: එය මතුපිටින් මෙන්ම අභ්‍යන්තරයෙන් අල්ලාහ්ට පමණක් අවනත වීම, ඔහුට යටහත් පහත් වීම, ඔහුට කීකරු වීම, තම දූතවරුන්ගේ මුවින් ආගමානුගත කරන ලද දෑ පිළිපැදීම, ඔහුගේ නියෝග අනුව කටයුතුකිරීම, ඔහු තහනම් කළ දෑ අත්හැරීම යනාදියයි. මෙය ඉස්ලාම් යන්නෙහි පොදු අර්ථය වේ.
ඇතැම් කරුණුවල දී පිළිවෙත් වෙනස් වුව ද සියලු නබිවරුන්ගේ ආගම වූයේ මෙයයි. එනම් අල්ලාහ්ට පමණක් යටත් වීමේ ධර් මතාව. යමෙකු අල්ලාහ්ට මෙන්ම ඔහු හැර වෙනත් දෙයකටත් අවනත වූයේ නම්, ඔහු මුෂ්රික් හෙවත් දේවත්වය ආදේශ කළ අයකු වේ. ඔහු ඔහුට අවනත නොවූයේ නම් ඔහු අහංකාරයකු වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
"සැබැවින්ම අල්ලාහ් අබියස පවතින දහම ඉස්ලාමයයි."
(ආලු ඉම්රාන්: 19)
සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි."
(ආලු ඉම්රාන්: 85)
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයක් සහීහ් හි මෙසේ සඳහන් වේ.
නබිවරුන්ගේ මව්වරුන් වෙනස් වුව ද පිය පරම්පරාවෙන් ඔවුහු සහෝදරයෝ වෙති. ඔවුන්ගේ දහමද එකමය.
එක් පියකු හා මව්වරුන් කිහිප දෙනෙකුගෙන් දා වූ සහෝදරයෝ අරාබි බසින් උලාත් යනුවෙන් හැඳින් වේ. මින් අදහස් කරනුයේ නබිවරුන්ගේ පිළිවෙත් වෙනස් වුව ද මූලික වශයෙන් ඔවුන්ගේ ආගම එකමය යන්නයි.
ඉස්ලාම් යන්නෙහි වෙන් වූ විශේෂිත අර් ථය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීමෙන් පසු පවතින දෑය. එනම්, එය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කරුණක් සමග එවනු ලැබුවේ ද එයට ආවේනික දෑ වේ. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් සමග එවනු ලැබුවේ ද එය පෙර පැවති සියලුම ආගම් වෙනස් කළ බැවිනි. එය අනුගමනය කළ අය මුස්ලිම්වරයෙකු වන අතර එයට විරුද්ධ වන්නා මුස්ලිම් නොවනු ඇත.
රසූල්වරු හෙවත් ධර් ම දූතයින් අනුගමනය කරන්නෝ ඔවුනොවුන්ගේ දූතවරුන්ගේ යුගයේ මුස්ලිම්වරු වෙති. මූසා අලයිහිස් සලාම් තුමාගේ යුගයේ මුස්ලිම්වරු යුදෙව්වෝ වූහ. ඊසා (අලෙයිහිස් සලාම්) තුමාගේ යුගයේ මුස්ලිම්වරු කිතුනුවෝ වූහ.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස පැමිණි අවස්ථාවේ ඔවුහු එතුමාණන්ව ප්‍රතික්ෂේප කළෝය. එබැවින් ඔවුහු මුස්ලිම්වරුන් නොවෙති.
සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ කාලයට හා ඔවුන්ගේ වාතාවරණයට අනුව ආගමික කටයුතු නීතිගත කළේ උත්තරීතර අල්ලාහ්ය. පසුව තම සමාජයේ යහපත වෙනුවෙන් එය විධිමත් කිරීමේ වගකීම එයට පැවරිනි. පසුව එහි කාලය අවසන් කරනු පිණිස එම පිළිවෙත් අතරින් තමන්ට කැමති දෑ අල්ලාහ් වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා කාලය පුරාවටම මහපොළොවේ වෙසෙන සියලු මිනිසුන්හට තම අවසාන නබිවරයා ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවන තෙක්ම එහි න්‍යායය එය විය.
සෑම තැනකටම සෑම කාලයකටම ඔබින පරිදි, ඒවා ආවරණය කරන පරිදි ෂරීආ පිළිවෙත අල්ලාහ් එතුමාණන්ට නීතිගත කළේය. කිසිදු පෙරළීමක් හෝ වෙනස් කිරීමත් හෝ එයට නැත. එහෙයින් එතුමාණන්ව විශ්වාස නොකර එතුමාණන්ව අනුගමනය නොකර මිහිකත මිනිසුන් හට ජීවත් විය නොහැක. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නබිවරය ඔබ මෙසේ පවසනු. අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර් ම දූතයා වෙමි."
(අල්-අඃරාෆ්: 158)
සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"තවද ලෝවැසියන්හට ආශිර් වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු."
(අල්-අන්බියා: 107)
එමගින් අල්ලාහ් මෙම ආගම අවසාන ආගම බවට පත් කළේය. සියලු ආශිර් වාද පූර් ණවත් කළේය.
ඉස්ලාම් ආගම ජීවිතයේ සෑම අංශයක්ම ආවරණය කරන්නක් හා සම්පූර් ණ කරන්නක් බවට නියම කර ඇත. අල්ලාහ්ට කළ යුතු ඔහුගේ වගකීම් ආරක්ෂා කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ ඒවා ඉටු කිරීම මෙන්ම මැවීම්වල වගකීම් සහ ඒවාට බැඳුණු අයිතිවාසිකම් ඉටු කිරීම, අප අවට සිටින ජීවීන්ගේ අයිතිවාසිකම් ඉටු කිරීම යනාදී කරුණු එහි අන්තරගත වී ඇත. සෑම කෙනෙකුටම ඔහුගේ අයිතිවාසිකම් ඉටු කිරීමට මුස්ලිම්වරයා බැඳී සිටියි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
"...අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර් ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර් ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි..."
(අල්-මාඉදා: 3)
ඉස්ලාම් යනු විද්‍යාව, තර් කය සහ සහජ බුද්ධිය සමඟ ගැළපෙන ආගමක් වන අතර සෑම ක්ෂේත්‍රයකම ව්‍යවහාරික හා පර් යේෂණාත්මක විද්‍යාවන්හි නිවැරදි ප්‍රතිඵල සමඟ එය ගැටෙන්නේ නැත.
ඉස්ලාමය තුළට පිවිසීම සඳහා 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම මුහම්මද් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ද මම සාක්ෂි කරමි) යන සාක්ෂියේ ප්‍රකාශ දෙක එහි අර් ථය වටහාගෙන, ඒ ගැන දැඩි සේ විශ්වාස කර, එය අපේක්ෂා කරන දෑ ක්‍රියාවට නැංවීමට අදිටන් කරමින් පැවසිය යුතු වේ.
එමෙන්ම අල්ලාහ් විශ්වාස කළ යුතු අතර, ඔහුගේ සුරදූතවරුන්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ ධර් ම දූතවරුන්, අවසන් දිනය හා පෙර නියමය විශ්වාස කළ යුතු වේ. පුද්ගලයකු නැමදුම්ල නිරත විය යුත්තේ තම පරමාධිපති තමන්ට කවර කරුණක් ආගමානුගත කළේ ද එයයි. ඒ අනුව ඔහු සලාතය ඉටු කරයි; සකාත් පිරිනැමයි; රමළාන්හි උපවාසයේ නිරත වෙයි; පහසුකම් ඇතොත් මක්කාවේ පිහිටි දේව නිවසට ගොස් හජ් ඉටු කරයි.
අල්ලාහ්ගේ සියලුම නියෝගයන් හමුවේ ඔහු අල්ලාහ්ට යටහත් වී කටයුතු කරයි. ඒ අනුව නියෝග ක්‍රියාත්මක කරන අතර තහනම් දෑ අත්හැර දමයි.
අපගේ නායක මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම එතුමාණන්ගේ හිතමිතුරන් සියලු දෙනා හටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා!
ඒකාබද්ධිත අංකය: 220
ප්‍රශ්න අංක: 29
පංති වාදයට ඉස්ලාම් අනුබල දෙන්නේ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
අල්ලාහ්ට ප්‍රශංසා වේවා, පංති වාදය යනු මුදල්, ජාතිය හෝ තරාතිරම අනුව මිනිසුන්ට තම කුලය වෙනස් කිරීමට නොහැකි වන සේ පන්තිවලට බෙදීම වේ. ඉස්ලාම් පංති වාදය කුලවාදය අවිද්‍යාවේ ධාතුවක් ලෙස සලකයි.
ඉස්ලාමය මුස්ලිම්වරුන් තුළ, පංති වාදයේ පැවැත්ම වළක්වා ඇත. ඊට හේතුව අල්ලාහ් මිනිසුන් පිරිමින් සහ ගැහැනුන් ලෙස මවා ඇත්තේ එකිනෙකා හඳුනා ගැනීමට මිස එකිනෙකා උල්ලංඝනය කිරීමට නොවේ.
"අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස නුඹලාව විවිධ ජනවාර්ගිකයින් හා ගෝත්රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය."
(සූරා අල්-හුජුරාත්: 13)
පෙළපත, පුද්ගලයෙකු ව එම පෙළපත වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ නැත. සැබැවින්ම ඔහුව ඉදිරිපත් කරන්නේ ඔහුගේ ක්‍රියාව හා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන යහපත් කාර් ය බව දූතයාණෝ පැහැදිලි කළහ. එතුමාණෝ මෙසේ පැවසූහ.
"යමෙක් ඔහුගේ කාර් යයෙන් මන්දගාමී වේ ද, ඔහුගේ පෙළපත ඔහුව වේගවත් නොකරයි."
සහීහ් මුස්ලිම් (38)
ධනය, නිලය ආදිය නිසා මැවීම අතර විෂමතාවක් පැවතීම සම්බන්ධයෙන් වූ කලී, එය තමාටම ප්‍රශංසනීය හෝ අවමානයට කරුණක් නොවේ. නමුත් යමෙකුට අල්ලාහ් පිරිනමා ඇති කීර් තිය, තනතුර සහ ධනය යනාදිය ඔහුට කීකරු වීමට හා මිනිසුන්ට සේවය කිරීමට යොදා ගන්නේ නම් එය ප්‍රශංසාවට කරුණකි. ඔහු තම පරමාධිපතිට අකීකරු වූ විට, මිනිසුන්ට උඩඟු වූ විට, කුරීරු ලෙස ඔවුන් පාලනය කර, ඔවුන්ව පීඩාවට පත් කරන විට ඔහු අපකීර් තියට පත් වේ. ඒ හැර මිනිසුන් මෙලොව භුක්ති විඳීමේදී පවතින වෙනස් කම් අල්ලාහ් මහපොළොව නඩත්තු කිරීම සඳහා අපේක්ෂා කළ විශ්වීය න්‍යායයකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
(32) "ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අපය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම් වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර් වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
(33) තවද ජනයා එකම සමූහයක් නොවන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි.
(34) තවද ඔවුන්ගේ නිවෙස් දොරටු වලින් ද ඔවුන් ඒ මත හාන්සි ව සිටින කවිච්චි වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)
(35) තවද විසිතුරු භාණ්ඩ වලින්ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හටය."
(සූරා අස්-සුක්රුෆ්: 32-35)
සැබැවින්ම, භුක්ති විඳීමේ දී පවතින මෙම වෙනස්කම් තමන්ගේ සැලසුම බව අල්ලාහ් පැහැදිළි කළේය. අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්-සඃදී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසීය:
(උත්තරීතර අල්ලාහ්: මෙලොවෙහි තමන්ට කිසිවක් සමාන නැති බවත්, කිසිවක් ඉදිරිපත් නොකරන තම ගැත්තන් කෙරෙහි තම කරුණාව සහ දයාව නොවන්නේ නම්, ඔහු විශ්වාස නොකළ අයට ලෝකය ඉමහත් සේ පුළුල් කර දෙන බවත්, ඔහු (රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද) එනම් රිදියෙන් වූ පියගැට පෙළින් ද ඔවුන්ගේ නිවෙස් නිමා කර දෙන බවත්, එනම් ඔවුන්ගේ ලෞකික ජීවිතය ඔවුන් වෙනුවෙන් සියලු ආකාරයේ සැරසිලි වලින් ඔහු සරසා දෙනු ඇති බවත් දන්වා සිටියි. එනම් ඔවුන් කැමති දේ ඔහු ඔවුන්ට ලබා දෙයි. නමුත් මෙලොවට ඇති තන්හාව නිසා ඔවුන් දේව ප්‍රතික්ෂේපය වෙත ඉක්මණින්ම යොමු වී බොහෝ පව් කරනු ඇතැයි යන බියෙන්; තම ගැත්තන් කෙරෙහි ඇති දයාව හේතුවෙන් ඔහු එයින් වළක්වන ලදී. සැබැවින්ම ඔහු තම ගැත්තන්ගේ යහපත වෙනුවෙන් මෙලොව ඇතැම් කටයුතු පොදුවේ මෙන්ම පුද්ගලිකව වළක්වන බව පෙන්වා දෙයි. තවද මෙලොව මදුරු තටුවක් තරම්වත් අල්ලාහ්ට බර නොවෙයි. මේ සඳහන් කරනු ලැබූ සියලු කරුණු මෙලොව ජීවිතයේ වින්දනයන් වෙති, ඒවා කැළඹීම් ඇති කරන සුළුය. ගැටළු ඇති කරන සුළුය, විනාශ වී යන දෑය. නියෝග පිළිපැදීමෙන් සහ තහනම් කර ඇති දෑ මඟ හැරීමෙන් අල්ලාහ් කෙරෙහි භක්තිමත් වන අයට උත්තරීතර අල්ලාහ් අබියස පරලොව වඩාත් හොඳ ය. හේතුව එහි පවතින සතුට සෑම අතකින්ම සර් ව සම්පූර් ණ හා පරිපූර් ණ වන බැවිනි. සිත් ආශා කරන හා ඇස් පිනවන දෑ ස්වර් ගයේ ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එසේ නම් නිවහන් දෙක අතර ඇති වෙනස කෙතරම් විශාල ද)
සඃදි තුමාගේ විග්‍රහය, "තය්සීරුල් කරීමිර් රහ්මාන්" (පිටුව: 765)
නිදසුනක් වශයෙන්, ඔවුන් සියල්ලන්ම ධනවත් හෝ දුප්පත් බවට පත් කිරීමෙන්, මිනිසුන් පොහොසත් හා දුප්පත් ලෙස බෙදීම අහෝසි කිරීමට ඉස්ලාමය වෙර නොදරයි. නමුත් එය ධනවතුන්ට දුප්පතුන්ගේ සුහඳ බැඳියාව නියම කළේය. මිනිසුන් අතර සුපුරුදු ස්වාභාවික වෙනස්කම් වලට එරෙහිව සටන් කිරීම සහ ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීම, මෙය ලෞකික සම්මතය උල්ලංඝනය කිරීමකි. ඉස්ලාමය ඔවුන් සමඟ නිවැරදිව කටයුතු කිරීමට පැමිණියේ එබැවිනි.
අපගේ දේව දූත මුහම්මද්තුමාණන්ටත් එතුමාගේ පවුලේ උදවියටත් එතුමාගේ සහගාමීන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
ඒකාබද්ධිත අංකය: 2470
ප්‍රශ්න අංක: 30
ඉස්ලාමයේ මධ්‍යස්ථභාවය පිළිබඳ සංකල්පය කුමක්ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය. ඉස්ලාමයේ මධ්‍යස්ථභාවය යනු නොමග යැවීම් දෙක අතර මැදිහත් වීමයි: එනම්, අන්තවාදය සහ විරසකය.
එය යුදෙව්වන්ගේ නොසැලකිලිමත්කම සහ දෙවියන් කෙරෙහි වූ රළු බව ඉදිරියේ මැද පිළිවතකි. යුදෙව්වන් පවසා සිටියේ දෙවියන් දුප්පත් ය, අපි පොහොසත් ය යනුවෙනි. එමෙන්ම වක්තෘවරුන් පිළිබඳ ඔවුන් දරණ මතයේ මැද පිළිවෙතකි. ඔවුහු පිරිසක් ප්‍රතික්ෂේප කළ අතර, තවත් පිරිසක් ඝාතනය කළහ. එමෙන්ම එය ක්‍රිස්තු තුමාව දේවත්වයට පත් කර දෙවියන් වෙනුවට තම ශාස්තෘවරුන් සහ පූජකවරුන් දෙවිවරුන් ලෙස ගත් කිතුනුවන්ගේ අන්තවාදය ඉදිරියේ වූ මැද පිළිවතකි.
ඉස්ලාමයේ මධ්‍යස්ථභාවය යනු පොදු සහ ආවරණය කර ගත්තකි. ඒ අනුව එය අයිතිවාසිකම් සම්බන්ධයෙන් නම්, ඉන් අදහස් කරනුයේ අයිතියක් ඇති සෑම කෙනෙකුටම ඔහුගේ අයිතිය ඔබ ලබා දීම ය.
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය."
(සූරා අල්-මාඉදා: 8)
"නූගත් මිනිස්සු අතරේ අපිට මඟක් නෑ" යැයි කියන යුදෙව්වන් මෙන් නෙවෙයි "ඔබේ දකුණු කම්මුලට ගහන කෙනාට වම ද හරවන්න" යැයි කියන ක්‍රිස්තියානීන් මෙන් ද නෙවෙයි. කෙසේ වෙතත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එසේ ක්‍රියාත්මක නොකරති. ඒ වෙනුවට ඔවුන් මිනිසුන්ට මඩ ගසා ඔවුන්ගේ යහපත කොල්ල කති.
මධ්‍යස්ථභාවය යනු මැද මාවත සහ යුක්තිය වන සේම, ඉස්ලාම් සෑම අතින්ම නපුර දෙකක් අතර යහපතක් වේ. මුස්ලිම්වරයෙකුගෙන් අපේක්ෂා කරනුයේ මධ්‍යස්ථ වීමය. එහෙයින් ඔහු අන්තයට හා අතිශයෝක්තියට නොයා යුතුය. එමෙන්ම ලිහිල් හෝ නොසැලකිලිමත් නොවිය යුතුය. තමා සම්බන්ධයෙන් මෙන්ම තමන්ට පැවරුණු කටයුතු සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කළ යුතුය. එය ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා අතර පොදුවේ අදාළ කරගත යුතුය.
එම පැතිවලින්: පළමුව: ඉස්ලාම් නැමදුම් සහ ආත්මයන් පවිත්‍ර කිරීම වැනි ක්‍රියාවන් තුළින් ආත්මයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනී. ගනුදෙනු නියාමනය කිරීම, ආහාර පාන පාලනය කිරීම, විවාහය සඳහා උනන්දු කරවීම සහ බ්‍රහ්මචර් යාව -එනම්, නැමදුම් සඳහා හුදෙකලා වී විවාහ ජීවිතය අත්හැරීම- තහනම් කිරීම යනාදිය තුළින් ශරීරයේ අවශ්‍යතාවය ද සැලකිල්ලට ගනී.
එසේම ශරීර අවයව තුළින් වන්දනාමාන කළත් ශරීරය ගැන නොසැලකිලිමත් වන ආත්මයක් ඇති අය ද මිනිසුන් අතර සිටිති. ඔවුන් ස්නානය කිරීම හා පිරිසිදු වීම අත්හැර දමති. ගොරෝසු ඇඳුම් පැළඳුම් නියම කර ගනිති. තමන්ට නොගැලපෙන ආහාර අනුභව කරති. ඒ සමගම ඔවුන් නැමදුමෙහි අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන අතර මිනිසුන්ගෙන් ඇත් වී හුදකලා වෙති. සහජ බුද්ධියට එරෙහිව ඔවුහු කටයුතු කරති. එවැන්නන් ඇතැම් ක්‍රිස්තියානි පූජකයින් අතර සහ ඇතැම් බෞද්ධ සහ හින්දු භක්තිකයන් අතර දකින්නට ලැබෙන අතර සූෆිවාදීන් අතර ද අන්තයට ගිය අය සිටිති.
අනෙක් අතට, ශරීරය මත ඉපිල ගොස් ආත්මය නොසලකා හරින ඇතැමුන් ද මිනිසුන් අතර සිටිති. ඔවුන් තම ආශාවන් සඳහා පමණක් ජීවත් වන අතර ඔවුන්ගේ ආශාවන් ඉටු කර ගනිති. නමුත් ඔවුන් නීතියට අනුකූල නොවන අතර නැමදුම් පිළිබඳ තැකීමක් නොකරයි.
දෙවනුව: දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමඟ විකිණීම්, මිලදී ගැනීම්, තෑගි පිරිනැමීම් සහ ඒ හා සමාන ගනුදෙනු කිරීමට ඉස්ලාමය අවසර දී ඇත. එමෙන්ම ඔවුන් සමඟ යුක්ති ගරුකව කටයුතු කළ යුතුය. ඔවුන්ට මුළු හදවතින්ම පක්ෂපාතීත්වය දැක්වීම වළක්වා ඇති අතරම ඔවුන්ගේ විශ්වාසයන් සහ සිරිත් විරිත් වලට බලපෑමක් ඇති නොවන සේ කටයුතු කරමින් 'ජිහාද්' වැනි තත්වයක හැර වෙනත් අවස්ථාවක ඔවුන්ට හානි කිරීම තහනම් කර ඇත.
ඒ අතරම ආගමේ තමන්ට විරුද්ධ වන හැමෝවම මරා දමන්නට තැත් කරන ඔවුන්ගේ පැවැත්ම ඉවසන්න බැරි අය ද මිනිස්සු අතර සිටියි. ඔහු ඔවුන්ගේ ආගම හෝ ඔහුගේ මාර් ගය හෝ ඔහුගේ සංකල්පය මත නොසිටින බැවින් ඔහු ඔවුනට අපරාධ කරයි. අනෙක් අතට දේවත්වය ප්‍රතික්ෂේප කරන අය වෙනුවෙන් තම ආගම අත්හරින දඩබ්බරකම සහ තණ්හාව නිසා අල්ලාහ්ට අකීකරු වී ඔවුන්ට අවනත වන අය ද සිටියි. සැබැවින්ම එමගින් ඔවුහු ඔහු හෙළා දකින බව ඔහු නොදනී. එබැවින් ඔහු ආගම හෝ ජීවිතය සාක්ෂාත් කර නොගනී.
තුන්වැන්න: ඉස්ලාමය පැමිණ ඇත්තේ කිසිදු උපමා කිරීමකින් තොරව උත්තරීතර අල්ලාහ්, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්‍රියා කෙරෙහි වන විශ්වාසය සමගිනි. තවද මිනිසුන් අතර භෞතික වාදී සංකල්පය දරණ අය ද වෙයි. තම හදවතේ තමන් පවසන දෑට පටහැනි යමක් තිබුණත්, තම දිවෙන් උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරයි.
දේව පැවැත්මක් නැති බවට ප්‍රතිපත්ති දරන අය ද වෙයි. ඔහු සතු කිසිදු ගුණාංගයක් හෝ ක්‍රියාවක් හෝ ඔවුහු සහතික නොකරති. ඔවුන් හා ඔවුනට සමාන වූවන් විකෘතිතා ඇති කිරීමට හවුල් වෙති.
ඒ අතරම සෑම දෙයක්ම අල්ලාහ් යැයි පවසන ඇතැමුන් ද වෙති. තවත් ඇතැමුන් සුරදූතයින් හා ඊසා තුමා මෙන් හෝ ගස් ගල් පිළිම වැනි වඩාත් පහත් දෑ මෙන් ඇතැම් මැවීම් තුළ දේවත්වය ප්‍රවේශ වී ඇති බව විශ්වාස කරති. උත්තරීතර අල්ලාහ්ගෙන් නාමවලින් බිඳී ආ ඇතැම් නාම ද ඒවාට ආරෝපණය කරති. මොවුහු හා මොවුනට සමාන වූවන් දේවත්වය ප්‍රතිරූපනය කිරීමට හවුල් වෙති.
සිව්වැන්න: ඉස්ලාමය කද්ර් හෙවත් පෙර නියමය සහතික කළේය. විශ්වයේ සිදුවන සෑම දෙයක්ම උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය අනුව සිදුවන්නකි. ඔහු කවර කරුණක් නියම කර අත්තේ ද එවැන්නක් සිදු වූයේ නම් සැබැවින්ම එය ඔහු ප්‍රිය කරන්නක් හා පිළිගන්නක් වේ. සැබැවින්ම ගැත්තාට ද අභිමතය ඇත. සැබැවින්ම ඔහුගේ අභිමතයෙන් සිදු කරන ක්‍රියා උත්තරීතර අල්ලාහ්ගේ අභිමතයෙන් බැහැර වන්නක් නොවේ.
"සැබැවින්ම මිනිසා ඔහු කළ යුතු ක්‍රියාවන් මත බල කරනු ලැබේ. ඔහුට කිසිදු අභිමතයක් නැත" යැයි පවසන අය ද මිනිසුන් අතර සිටිති. අනෙක් අතට "සැබැවින්ම තම ක්‍රියාව නිර්මාණය කරන්නේ මිනිසාම ය; අල්ලාහ්ගේ අභිමතය හෝ කැමැත්ත හෝ එහි නැත" යැයි පවසන අය ද එහි සිටිති.
පස්වනුව: ඉස්ලාම් යනු සමාජවාදය සහ ධනවාදය අතර ආර් ථිකයේ මැදිහත්කරුවෙකි.
හයවනුව: සර් ව බලධාරී දෙවියන් සමඟ ඇති සම්බන්ධය, මිනිසුන් සමඟ ඇති සම්බන්ධය සහ තමා සමඟ ඇති සම්බන්ධය තුළ ඉස්ලාම් සෑම කාරණයකදීම යුක්තිය සහ මධ්‍යස්ථභාවය තහවුරු කර ඇත.
ඔබට මෙම සමහර පැති ගැන විමර් ශනයක් ඉස්ලාම් හැර වෙනත් තැන්වලින් සොයාගත හැකිය; නමුත් එය සාමාන්‍ය අර් ථයෙන් නොවේ. එසේ කීමට හේතුව ඉස්ලාමය යනු උත්තරීතර අල්ලාහ් විසින් පිළිගත් සෙසු ආගම්වලට එමගින් මුද්‍රා තැබූ අල්ලාහ්ගේ ආගම වන බැවිනි. එමෙන්ම එය සෑම කාලයකටම සෑම ස්ථානයකටම හා සෑම පුද්ගලයකුටම ඔබින පරිදි ඔහු නියම කළේය. එහි රහස සහ එහි අවසානය අවබෝධ කර ගැනීමට බුද්ධියට නොහැකි වී ඇත. එය හැර වෙනත් ආගමක් කිසිවෙකුගෙන් පිළිගනු නොලැබේ. අපගේ නබි මුහම්මද් තුමාණන්හට ශාන්තිය හා සමාදානය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 2140
ප්‍රශ්න අංක: 31
ඉස්ලාමයේ සමාවේ ස්වරූපය කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. ඉස්ලාමයේ සමාව යනු මිනිස් වර් ගයා හඳුනාගත් වඩාත් පූර් ණවත් හා වඩාත් ආරක්ෂිත ක්‍රමයකි. එය ෂරීආව තුළ පහසු පිළිවෙතට සමාන වේ. ඉස්ලාමයේ පහසු ව බොහෝ ක්ෂේත්‍රවල පැමිණ ඇත. ඒ අතරින්:
ඉස්ලාමීය පිළිවෙත තුළ පවතින නැමදුම් අල්ලාහ් පහසු කර ඇත. පෙර පැවති පිළිවෙත් තුළ සඳහන් පරිදි එය වහල්භාවයේ හා විලංගු දමන පිළිවෙතක් නොවීය.
"ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර් ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති..."
(අල්-අඃරාෆ්: 157)
උදාහරණයක් ලෙස පෙර පැවති පිළිවෙත් තුළ නැමදුම් කරන්නා නියමිත නැමදුම් ස්ථානයේ හැර වෙනත් තැනක නැමදුම් ඉටු කළ නොහැක. එසේ තිබිය දී මෙම දහම විශ්වයේ හෝ මුහුදේ හෝ ගොඩබිමේ හෝ වෙනත් කවර ස්ථානයක හෝ වේවා සලාතයේ වේලාව පැමිණි විට, එය ඉටු කිරීමට මුස්ලිම්වරයාට අවසර දී ඇත.
එමෙන්ම කිලිටි අවස්ථාව ද එලෙසමය. පෙර පැවති පිළිවෙත් තුළ ජලය නොමැතිව කිල්ලෙන් බැහැර විය නොහැකි විය. නමුත් ඉස්ලාමය තුළ තයම්මුම් පිළිවෙත අල්ලාහ් මුස්ලිම්වරයාට පිරිනැමීය. එය ආශිර් වාදයක් විය. එමෙන්ම ගමනක දී හා රෝගී අවස්ථාවක දී සලාතය කෙටි කිරීම, උපවාසයෙන් මිදීම යන සහන ද ඔහු පිරිනමා ඇත.
ඉස්ලාමයේ පහසුව හා එහි සමාව අතරින් වැරදි කරන්නන්හට තව්බාව නොහොත් පශ්චාත්තාප වී පාපක්ෂමාවේ නිරත වීම අල්ලාහ් ආගමානුගත කර තිබේ. ඉස්රාඊල් දරුවන් අතර පාපක්ෂමාව වූයේ ඔවුන්ගේ පාපක්ෂමාව අල්ලාහ් පිළිගනු වස් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුව මරා දැමීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය:
"මාගේ ජනයිනි! සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලා ගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන්ව) නුඹලාම ඝාතනය කරනු. එය නුඹලා ගේ උත්පාදකයා අබියස නුඹලා ට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලා ට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු."
(අල්-බකරා: 54)
ඉස්ලාමය තුළ තව්බාව වනාහි, මිනිසා පශ්චාත්තාපයේ නිරත වූයේ නම් අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ පාපකම් යහකම් බවට පෙරළනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය:
68. තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත.
69. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.
70. නමුත් පශ්චාත්තාප වී, දේවත්වය විශ්වාස කොට, යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
71. තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.
(සූරා අල් ෆු ර්කාන්: 68-71)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශවල සඳහන්ව ඇති පහසුව පිළිබඳ ස්වරූපයන් කිහිපයක් මෙසේය:
"ඉස්ලාමය තුළ යහපත් ක්‍රියාවන් කළ තැනැත්තා අඥාන යුගයේ කළ දෑට වගකිව යුතු නැත. නමුත් ඉස්ලාමය තුළ නපුරක් කළ තැනැත්තා (ඉස්ලාමයට ඇතුළු වූ පසු) ඔහුගේ පෙර සහ පසුව කළ ක්‍රියාවන්ට වගකිව යුතුය."
මෙය බුහාරි (6921) හා මුස්ලිම් (120) විසින් වාර් තා කර ඇත.
හදීසයේ නපුරක් කිරීම යනුවෙන් අදහස් කරන්නේ ඉස්ලාමයෙන් ඉවත් වීමය. එය සීමාව ඉක්මවා ගිය පාපයක් නොවේ. එහෙයින් ඔහු ඉස්ලාමයෙන් බැහැර වූයේ නම්, ඔහු කළ මුල් හා පසු පාපකම් හේතුවෙන් ඔහු ග්‍රහණය කරනු ලබනු ඇත. ඉස්ලාමයෙන් බැහැර නොවී ඔහු පාපයක් වෙත යොමු වූයේ නම්, ඔහු ඉස්ලාමය තුළ යොමු වූ පාපය හේතුවෙන් පමණක් ග්‍රහණය කරනු ලබන අතර ඊට පෙර සිදු කළ දෑ සම්බන්ධයෙන් පාපියෙකු ලෙස ග්‍රහණය කරනු නොලැබේ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා ඇත්තාහ:
"සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර සිදු වූ දෑ අහෝසි කර දමන බව ඔබ නොදන්නෙහි ද? "
මෙය මුස්ලිම් තුමා විසින් වාර් තා කර ඇත. (121)
ඉස්ලාමයේ ඇති සහන අතරින් තවත් කරුණක් වනුයේ, එහි කිසිදු විලංගු දැමීමක් හෝ බල කීරීමක් හෝ නොමැති වීමය. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ.
"සැබැවින්ම දහම සරලය. දහම අබිබවා යෑමෙන් මිස එය කිසිවිටෙක අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්‍රියේ කොටසක උදව් පතනු.”
සහීහ් බුහාරි (39)
මුආද් සහ අබූ මූසා අල්-අෂ්අරී යන උතුමන්ලා යමන් දේශයට යැවූ කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම දෙපළට මෙසේ පැවසූහ:
"ඔබ දෙපළ සහන සලසනු, අපහසුතාවට ලක් නොකරනු; ගුණ ගායනා කරනු, පළවා නොහරිනු; එකඟතාවෙන් කටයුතු කරනු, වෙන්ව නොයනු."
සහීහ් අල්-බුහාරි (3038), මුස්ලිම් (7)
ඉස්ලාමයේ පවතින තවත් සහනයක් වනුයේ තම දෙමාපියන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වුව ද ඔවුන් ඉස්ලාමයෙන් ඔහුව වළවන්නන් වුව ද ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කරන මෙන් දරුවන්ට උපදෙස් දී තිබීමය. උත්තරිතර අල්ලාහ් මෙසේ පැවසීය:
"ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්‍රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර් ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි."
(සූරා ලුක්මාන්: 15)
අබූ බක්ර් තුමාගේ දියණිය වූ අස්මා තුමියගේ මව ඇයව හමුවන්නට පැමිණි අවස්ථාවේ ඇය සමග සම්බන්ධකම් පවත්වන්නට එතුමිය අවසර පැතුවාය. 'මාගේ මව කුරෙයිෂ් ගෝත්‍රයේ ගිවිසුම යටතේ බහුදේවවාදිනියක් ලෙස සිටිය දී මා වෙත පැමිණියාය. පසුව ඇය අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඒ ගැන ආගමික නීතිය විමසා සිටියාය. එවිට එතුමිය: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මගේ මව ඉතා කැමැත්තෙන් මා වෙත පැමිණි ඇත. මම ඇය සමග සම්බන්ධකම් පවත්වන්නදැ?'යි විමසා සිටියාය. එතුමාණෝ: 'එසේය, ඇය සමග සම්බන්ධකම් පවත්වන්න' යැයි පැවසූහ.
සහීහුල් බුහාරි (3183) සහීහ් මුස්ලිම් (50)
එලෙසම, යුදෙව් සහ ක්‍රිස්තියානි භාර් යාවන්ට හොඳින් සලකන ලෙසත්, ඇගේ ආගම නිසා ඇයට හිරිහැර නොකරන ලෙසත්, ඇයට අපහාස නොකරන ලෙසත්, ඇයව හෙළා නොදකින ලෙසත් ඔහු මුස්ලිම් ස්වාමිපුරුෂයන්ට උපදෙස් දුන්නේය.
ආගම විෂයයෙහි තමන් සමග විරුද්ධව කටයුතු නොකරන මුස්ලිම් නොවන්නන් සමග යහපත් අයුරින් කටයුතු කරන මෙන් ද ඔවුන් සමග යුක්ති ගරුකව කටයුතු කරන මෙන් ද ඔවුනට උදව් උපකාර කරන මෙන් ද මුස්ලිම්වරුන්ට උපදෙස් දී තිබීම ද ඉස්ලාමය පිරිනමා ඇති සහනයක් මෙන්ම ඉවසන සුළු කරුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවැදුනු, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකළ අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. යුක්තිගරුක ව කටුයුතු කරන්නන් ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි."
(සූරා අල්-මුම්තහිනා: 8)
අපගේ දේව දූත මුහම්මද්තුමාණන්ටත් එතුමාගේ පවුලේ උදවියටත් එතුමාගේ සහගාමීන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
ඒකාබද්ධිත අංකය: 3180
ප්‍රශ්න අංක: 32
ඉස්ලාමය තුළ මානව හිමිකම් මොනවාද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. මැවුම්කරුගේ හිමිකම් මෙන්ම මැවීම්වලට හිමිකම් ද ඉස්ලාමය ආරක්ෂා කර ඇත. මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයක ගමන් කරමින් සිටියෙමි. මා අතර හා එතුමා අතර පසු ආධාරකයක් හැර වෙනත් කිසිවක් නො තිබිණ. එවිට එතුමාණෝ ‘අහෝ මුආද්!’ යැයි ඇමතූහ. මම: ‘අල්ලාහ්ගේ දූතයාණනි!, ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසුවෙමි. පසුව හෝරාවක් පමණ ගමන් ගත් පසු එතුමා නැවතත් ‘අහෝ මුආද් ඉබ්නු ජබල්!' යැයි ඇමතූහ. මම: ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසුවෙමි. නැවතත් හෝරාවක් පමණ ගමන් ගත් පසු ‘අහෝ මුආද් ඉබ්නු ජබල්!’ යැයි ඇමතූහ. ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසුවෙමි. පසුව මෙසේ පැවසූහ. "ගැත්තන් මත පැවරෙන අල්ලාහ් සතු අයිතිය කුමක්දැයි ඔබ දන්නෙහි ද? මම, 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "ගැත්තන් මත පැවරෙන අල්ලාහ්ට හිමි විය යුතු අයිතිය වනුයේ ඔවුහු ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය" යැයි පැවසූහ. පසුව හෝරාවක් පමණ නැවතත් ගමන් ගත් පසු එතුමාණෝ, 'අහෝ මුආද් ඉබ්නු ජබල්!' යැයි නැවත ඇමතූහ. එවිට මම, 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය' යැයි පැවසුවෙමි. එතුමාණෝ "ඔවුන් එසේ කටයුතු කළ විට අල්ලාහ් මත පැවරෙන ගැත්තාට හිමි අයිතිය කුමක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි විමසා සිටියහ. මම 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනිති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: 'ඔහු ඔවුනට දඬුවම් නොකිරීමය" යැයි පවසා සිටියහ.
(එකාබද්ධ වාර් තාවකි, සහීහුල් බුහාරි 6267, මුස්ලිම් 48)
තවද ඉස්ලාම් ආගම පැමිණියේ මිනිසාගේ ආගමික සහ ලෞකික කටයුතු වලදී මිනිසා ආරක්ෂා කිරීමටය. ඉස්ලාමයේ එක් විස්තීර් ණ භාවයක් නම්, මිනිසා විසින් සාදන ලද නීතිවල මෙන්ම, සමහර පැතිවලින් මානව හිමිකම් නොසලකා හැර නොතිබීමයි. මෙම අංශ අතරින්:
පළමුවැන්න: ආගම තුළ මානව අයිතිය. ඉස්ලාමය සත්‍යය වෙත ඇරයුම් කරයි. අනෙකුත් ආගම් ව්‍යාජ බව පැහැදිලි කරයි. නමුත් එසේ සිදු කරනුයේ ඉස්ලාමය වෙත කිසිදු බලකිරීමකින් තොරවය. ආගම ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත් කර ඇත. එබැවින් එය ආරක්ෂා කිරීම සෑම දෙයකටම වඩා ප්‍රමුඛත්වය ගනී. ඉස්ලාමය විසින් ගෙන එන ලද කොන්දේසි වලට අනුව මුස්ලිම්වරුන්ගේ දේශයක ජීවත් වන මුස්ලිම් නොවන අයෙකු වී නම්, ඔහුගේ ආගම භුක්ති විඳීම සඳහා ඔහුට ආරක්ෂාව සලසයි.
දෙවැන්න: ජීවත්වීමට ඇති මානව අයිතිය: යුද්ධයකදී පවා සියලු ගෞරවනීය ආත්මයන් මරාදැමීම තහනම් කරමින් ඉස්ලාමය ආරක්ෂා කළේය. යුදමය අවස්ථාවක පවා එයට සහභාගී නොවන ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඝාතනය කිරීම ඉස්ලාම් තහනම් කළේය.
තුන්වැන්න: පරම්පරාවට සහ පෙළපතට ඇති අයිතිය; මන්ද පරම්පරාවේ අයිතිය මිනිසා සඳහා ඉස්ලාමය ආරක්ෂා කර දී ඇති අතර, එය වැළැක්වීම හෝ පුද්ගලයෙකුට එය ලබා ගැනීම සීමා කිරීම තහනම් කළේය.
සිව්වැන්න: සමාජ මානව අයිතීන්: දෙමාපියන්ට සහ ඥාතීන්ට උපකාර කිරීමෙන් අවශ්‍ය විටෙක ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමෙන් සහ ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමෙන් ඔවුන්ගේ අයිතිය ඉස්ලාම් ආරක්ෂා කර ඇත. එමෙන්ම අසල්වැසියන්ට ප්‍රේම කිරීමෙන් හා ඔවුන්ගෙන් හානිය ඉවත් කිරීමෙන් ඔවුන්ගේ අයිතිය ද ආරක්ෂා කර ඇත. කරදර කිරීමකින් හෝ බාධා කිරීමකින් තොරව, බැල්ම පහත් කිරීම, හානි දායක දෑ ඉවත් කිරීම, අවහිර නොකිරීම යනාදී කරුණු තුළින් මාර් ගයේ ගමන් කරන්නාගේ මාර් ග අයිතිය ද ආරක්ෂා කර ඇත. පොදු ජනතාවට පවා ඉස්ලාමයේ හඳුන්වා දී ඇති අයිතීන් ඇත.
පස්වැන්න ආර් ථික පිළිබඳ මානව හිමිකම්: ඉස්ලාමය පුද්ගලයාට දේපළ හිමිකර ගැනීමේ අයිතිය ආරක්ෂා කළේය, පොලීය තහනම් කළේය, අවශ්‍යතා ඇත්තන් හට ණය ගැනිමට අවසරය දී ඇති අතරම ණය ලිහිල් කිරීම ගැන ද අවවාද කර ඇත. අවශ්‍යතා ඇති අය සකාත් තුළින් සහන සැලසීමට නියම කළේය. එවැන්නන් හට සදකා ලබා දෙන්නට උනන්දු කළේය. තම අවශ්‍යතාවය පහව යන තුරු මිනිසුන්ගෙන් ඉල්ලීලීමට ඔහුට ඉඩ දුන් අතර රාජ්‍යයේ පොදු ආනයන අපනයන ආර් ථික කටයුතු සැලසුම් කළේය.
හයවැන්න: සෞඛ්‍ය සම්බන්ධ මානව හිමිකම්: ඉස්ලාමයේ බොහෝ සෞඛ්‍ය නීති ඇත, ඒවා සියල්ලම පුද්ගල සෞඛ්‍යය සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම අරමුණු කරයි.
ඉස්ලාමය මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය තහනම් කර තිබෙන්නාක් මෙන් පුද්ගලයාගේ සෞඛ්‍යයට ඔහු තුළ හෝ ඔහු අවට සමාජය තුළ සෞඛ්‍යයට හානි කරන දේවල් තහනම් කර තිබීම ඒ අතර වේ.
සමාජ රෝගවලට හේතුවන නිසා හා රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීම පිණිස කාම මිථ්‍යාචාරය හා අසාමාන්‍ය ලිංගිකත්වය තහනම් කර ඇත.
එමෙන්ම වසංගතයක් රටකට පැමිණි විට, එම රටින් පිටවීම හෝ එයට ඇතුල් වීම ඉස්ලාම් තහනම් කරයි; මක්නිසාද යත් එහි ඇතුළු වීමෙන් පුද්ගලයින් රෝගයට හෝ මරණයට නිරාවරණය වන අතර ඉන් පිටවීමෙන් නිරෝගී පුද්ගලයින්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමට සහ පැතිරීමට හේතුවක් වේ.
හත්වැන්න: කාන්තා අයිතිවාසිකම්: ඉස්ලාමය ඇයගේ අයිතිය සුරකියි. ඇයව රැකබලා ගැනීමට, ඇයට උපකාර කිරීමට සහ ඇයව හැකිතාක් සතුටු කිරීමට මෙන්ම සහෝදරිය, බිරිඳ සහ දියණිය ලෙස රැකබලා ගැනීමෙන්, ඇයව ආරක්ෂා කිරීමෙන් ඇයගේ සුවපහසුව සඳහා ක්‍රියා කිරීමෙන් සහ ගමන් බිමන් තෙහෙට්ටුවට සහ වෙනත් දේවලට මග පාදන බැවින් ඇය සමඟ ගමන් කිරීමෙන් ඇයගේ අයිතිය ආරක්ෂා කරයි.
කාන්තාවගේ භාරකරු ඇය වෙනුවෙන් වියදම් කිරීමට බැඳී සිටී; මක්නිසාද යත්, අවශ්‍යතාවයට හැර නිවස තුළ රැඳී සිටීමට ඇය අණ කර ඇති බැවිනි. ඇය සතු මුදල්, දේපළ උරුමය හෝ වෙනත් දෑහි ගනුදෙනු කිරීමේ අයිතිය ඇයට ඇති බැවිනි.
තම සහකරු තෝරා ගැනීමේ අයිතිය ඇයට ඇත. එමෙන්ම ඇගේ දරුවා කිරි දී රැකබලා ගැනීම හා වෙනත් අයිතීන් ද ඇයට ඇත.
ඉස්ලාම් සහ වෙනත් දේ අතර ඇති වෙනස නම්, පුද්ගලයා මෙම අයිතිවාසිකම් පිළිපැදීම පදනම් වී ඇත්තේ සර්වබලධාරී දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගය කෙරෙහි විශ්වාසය සහ ආශාව මත මිස නීතියකට හෝ වෙනත් දෙයකට ඇති බිය නිසා නොවේ.
පොදුවේ මිනිසුන්, විශේෂයෙන්ම කාන්තාවන් සමකාලීන පද්ධති තුළ සහ ඉස්ලාමයට පෙර සිටි ආකාරය හා සසඳන විට ඉස්ලාමයේ යහපත් බව මනාවට පැහැදිලි වේ.
අටවැන්න: නීති විද්‍යාවේ කෘතිවල සඳහන් පරිදි ජින්වරුන්ගේ අයිතිවාසිකම් සහ සතුන්ගේ අයිතිවාසිකම් ද ඉස්ලාම් ආරක්ෂා කර ඇත. ඉස්ලාම් ජින්වරුන්ගේ සහ සතුන්ගේ අයිතිවාසිකම් සුරකිනවා නම්, අල්ලාහ් විසින් ගෞරවයට පත් කළ මිනිසාගේ අයිතිය නොසලකා හරිනවා යැයි සිතිය හැකිද? උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු." (70)
(සූරා අල්-ඉස්රා: 70)
ඉස්ලාමයේ ගෞරවය පොදුවේ දේවත්වය විශ්වාස කළ සහ විශ්වාස නො කළ අය, සුදු සහ කළු, අරාබි සහ අරාබි නොවන අය යන සියල්ල ආවරණය කර ගත්තකි. අපගේ නබි මුහම්මද් තුමාණන්හට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා!
ඒකාබද්ධිත අංකය: 3120
ප්‍රශ්න අංක: 35
ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූයේ ද? කරුණ එසේ නම්, සාමය වෙත ඇරයුම් කරන දහමක් යැයි එය විස්තර කළ හැකි වනුයේ කෙසේ ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූයේ ද?
ඉස්ලාමයේ ව්‍යාප්තියේ මූලාරම්භය නම්, සැබැවින්ම එය සර් වබලධාරී අල්ලාහ් වෙත කරන ඇරයුම තුළින් පැතිරී තිබීමය. ඉස්ලාමීය ඇරයුම ඉදිරියේ, එය අවහිර කොට එයට විරුද්ධව සටන් කළ අයට එරෙහිව අසිපතින් සහය දුන්නේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මක්කාවේ වසර දහ තුනක් ඉස්ලාමයේ ඇරයුම සිදු කළේය. පසුව එතුමාණන් මදීනාව ජය ගත්තේ සටන් කිරීමට නියෝග කරනු ලැබීමට පෙර තම ඇරයුම තුළිනි.
සහාබාවරුන් සහ මුස්ලිම්වරු මහපොළොවේ විසිරී ගොස් අල්ලාහ් වෙත ඇරයුම් කළෝය. කවරෙකු එය ප්‍රතික්ෂේප කොට එයට විරුධව සටන් වැඳුණේ ද ඔහු සමග ඔවුහු අරගල කළෝය. ආගම සම්බන්ධයෙන් කිසිවකුට බලකිරීමක් ඉස්ලාමය කළේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආගම තුළ බලකිරීමක් නැත."
ඉස්ලාමයට ඇතුළු වීමට අකමැති අය සඳහා ජිසියා නම් බදු ක්‍රමය නීතිගත කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාව සහ ඒ හා සමාන ඔවුන්ගේ කටයුතු සඳහා එම ප්‍රමාණය සලකා බැලීමේ දී එය කුඩා මුදලකි.
සැබෑ ඉස්ලාම් දහම, ඉස්ලාමීය රාජ්‍යය යටතේ වෙසෙන සිම්මි ජනයා පවා ආරක්ෂා කළේය. යුදෙව්වන් සහ කිතුනුවන් එකිනෙකාට හිංසා පීඩා කර, ඔවුන් එකිනෙකා මරා දැමීමෙන් පසු, ඉස්ලාමීය සෙවණ යටතේ ඔවුන් විසූ නිසා, එය ඔවුන් අතර සාමය, සහජීවනය සහ සාමකාමිත්වය ඇති කළේය.
ඉස්ලාමීය ඇරයුම ළඟා වී, එමගින් පාලනය වී, එමගින් මෙලොව හා මතුලොව මිනිසුන් බොහෝමයකට සතුට හා සාර් ථකත්වය උදා වනු පිණිස 'ජිහාද්' හෙවත් අරගලය නීතිගත කර තිබීම සර් ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන දයාව අතරින් එක් කරුණකි. අල්ලාහ් ආශිර් වාද කරන්නාය. අපගේ නායක මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමි වේවා!
ඒකාබද්ධිත අංකය: 20
ප්‍රශ්න අංක: 37
ත්‍රස්තවාදය පිළිබඳ ඉස්ලාමයේ ස්ථාවරය කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ප්‍ර: ත්‍රස්තවාදය පිළිබඳ ඉස්ලාමයේ ස්ථාවරය කුමක් ද?
පි: ත්‍රස්තවාදය යනු පුද්ගලයෙකුට එරෙහිව රටවල් හෝ කණ්ඩායම් හෝ පුද්ගලයන් පිරිසක් විසින් අසාධාරණ ලෙස ඔහුගේ ආගම, ඔහුගේ ජීවිතය, ඔහුගේ ආත්මාභිමානය, ඔහුගේ බුද්ධිය, හා ඔහුගේ ධනයට ද්‍රව්‍යමය හෝ ආධ්‍යත්මික වශයෙන් විවිධ ආක්‍රමණශීලී ලෙස ඇති කරන සතුරුකම, බිය ගැන්වීම් හෝ තර්ජනයයි. මෙය පෘථිවියේ පැතිර පවතින දූෂණයේ එක් ආකාරයකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
"...තවද මහපොළොවේ කලහකම් කිරීමට නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන් ප්රිය නොකරයි."
(අල්-කසස්: 77)
මහපොළොවේ කලහකාරීව හැසිරෙන්නන් හට, ඔවුන්ගේ නපුර වළක්වාලීම සඳහාත් ජනයාගේ දේපල, ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ මාන්‍යය ආරක්ෂා කිරීම සඳහාත් දැඩි දඬුවම් අල්ලාහ් නියම කළේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත."
(සූරා අල්මාඉදා: 33)
මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු කරුණ නම්, පුරාණයේ සිටම දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් ඉස්ලාමයට එරෙහිව සටන් කර ඇති අතර එය හෙළා දකිමින් ඉතා නපුරු ගතිගුණවලින් එය විස්තර කළෝය.
"අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය පූර්ණවත් නොකර අත හැර නොදමයි."
(සූරා අත්තව්බා: 32)
ඒ අතරින්: ඔවුහු එය ත්‍රස්තවාදය සහ ම්ලේච්ඡත්වය ලෙස විස්තර කළෝය. සැබැවින්ම ත්‍රස්තවාදය, ම්ලේච්ඡත්වය, මිනිස් ඝාතනය, යුක්තියකින් තොරව මිනිසුන් මත ආධිපත්‍යය දැරීම සහ අපහාසයේ සියලු ගුණාංග ඔවුහු අමතක කර දැමුවෝය. සැබැවින්ම මේවා ඇත්තේ දේවත්වය ප්‍රතික්ෂේප කරන ආගමිකයින් අතරය. පුරාණ හා නූතන ඉතිහාසය පුරාවටම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ගුණාංග මෙලෙස විය.
ඉස්ලාමය හා සම්බන්ධ කරමින් ඇතැමුන් නොදැනුවත්කම නිසා හෝ නරක චේතනාවෙන් යම් යම් වැරදි ක්‍රියාවන් සිදු කරයි. සැබැවින්ම ඒවා ඉස්ලාමයට ආරෝපණය නොවේ; මක්නිසාද ඉස්ලාමය ඒවා තහනම් කර ඇති බැවිනි. අල්ලාහ් ආශිර්වාද කරන්නාය. අපගේ නායක මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදනය හිමි වේවා!
ඒකාබද්ධිත අංකය: 3040
ප්‍රශ්න අංක: 42
සියලුම ආගම් දෙවියන්ගෙන් යැයි කියා ගන්නා බැවින් යමෙකු ඉස්ලාමය පමණක් අනුගමනය කළ යුත්තේ ඇයි?
පිළිතුර:
වැදගත් කරුණ (1)
සියලු ප්‍රශංසා අල්ලාහ්ටම සතුය. සැබෑ ආගම වෙන්කර හදුනා ගත හැකි රෙගුලාසි පහත සඳහන් පරිදිය.
පළමුවැන්න: සියලුම ආගම්,ඒවා සර්වබලධාරී දෙවියන්ගෙන් පැමිණි බව පවසන්නේ නැත. බුද්ධාගම සහ හින්දු ආගම වැනි ඇතැම් භූමික ආගම් ද ඇත. එනම්, ඒවා ස්ථාපනය කළ තැනැත්තන් ඒවා දෙවියන්ගෙන් පැමිණි බව ප්‍රකාශ නොකරයි. නමුත් ඒවා ඇතැම් මිනිසුට ගරුබුහුමන් කිරීමට හා ඔවුන් දෙවිවරුන් ලෙස සලකා නැමදුම් කිරීමට ආරාධනා කරනු ඇත. එසේත් නැතහොත් හිරු හෝ සදු හෝ ඇතැම් ග්‍රහවස්තු නමස්කාර කරන්නාක් මෙන් සමහර ප්‍රත්‍යක්ෂව ඇති දේවල් වලට නමස්කාර කිරීමටත් ගස්, කඳු, සතුන් ගංගා වැනි ඇතැම් මැවීම්වලට ගරු බුහුමන් කිරීමටත් ඇරයුම් කරනු ඇත. මේවා මිත්‍යා දෘෂ්ටික සංකල්ප වේ.
දෙවැන්න: සත්‍යය දහම විය යුත්තේ දෙවියන් විසින් පහළ කරන ලද දෑය. එය ඔහු තම ගැත්තන් හට නීතිගත කළේය. දූතවරු එය තම ජනයාට ප්‍රචාරය කළේය. යුදෙව් හා කිතුනු වැනි පෙර පහළ වූ පණිවිඩ නිවැරදි දිව්‍ය පණිවිඩ විය. පසුව එහි විකෘතිතා හා වෙනස් කම් ඇතුළු විය. ඉස්ලාමයේ දූතයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීමෙන් ඒවා සංශෝධනය කරන ලදී.
තවද එම පණිවිඩ, ඒවා විකෘති කිරීමට පෙර, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම සිදුවන අවස්ථාවේ එතුමාණන්ව අනුගමනය කිරීමේ නියෝගය ඒවායෙහි ඇතුළත් වී ඇත. ඒවායේ සමහර පාඨ අද දක්වාම ඉස්ලාමයේ නබි මුහම්මද් තුමා ගැන සාක්ෂි දරමින් හා සහතික කරමින් පවතී. ඉස්ලාමය වෙත මාරුවන ලෙස ඒවා තම සගයන්ගෙන් ඉල්ලා සිටියි.
එබැවින්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන්, එතුමාණන්ව අනුගමනය කිරීම සඳහා එතුමාණන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටි බවත්, අරාබි බහුදේවවාදීන් අතර ආරවුල් ඇති වුවහොත් එතුමාණන් ගැන මතක් කරමින් ඔවුනට අවවාද කළ බවත් පෙනී යයි. සලමා බින් සලාමා බින් වක්ෂ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි: එතුමා බද්ර් සටනට සහභාගී වූ අනුගාමිකයෙක් විය.
අබ්දුල් අෂ්හල් ගෝත්‍රයේ යුදෙව් අසල්වැසියෙක් අප සමග සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස නියම කරනු ලැබීමට ටික කලකට පෙර ඔහු ඔහුගේ නිවසින් පිටත්ව අප වෙත පැමිණ, අබ්දුල් අෂ්හල් ගෝත්‍රයේ සභාව ඉදිරියේ සිට ගත්තේය. ඒ වන විට මම වයසින් බාල අයකු වූයෙමි. මා සතු සළුවක් පොරවා ගෙන මම වැතිර සිටියෙමි. එවිට යළි අවදි කරනු ලැබීම, අවසන් දිනයේ සිදුවීම, විනිශ්චය, තුලාව, ස්වර්ගය හා නිරය ගැන ඔහු මෙනෙහි කළේය. එසේ හෙතෙම එය පවසා සිටියේ මරණයෙන් පසු නැවත නැගිටීමක් අපේක්ෂා නොකළ, පිළිම වන්දනාවේ නිතර වූ බහුදේවවාදී පිරිසකටය. එවිට ඔවුහු: 'අහෝ පුද්ගලය, ඔබට විනාශයක්ම වේවා! එය සිදු වීම ඔබ දකින්නෙහි ද? සැබැවින්ම මිනිසුන් ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගය හා නිරය සහිත නිවහනක් වෙත අවදි කරනු ලැබ ඔවුන්ගේ ක්‍රියාවන්ට එහි ප්‍රතිඵල දෙන ලබන්නේද?' යැයි කීහ. හෙතෙම: 'එසේය, කවර අයකු මත දිවුරනු ලබන්නේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොව පවතින ගින්නට වඩා බරපතල ගින්නක් ඔහු සතුව ඇත. ඔවුහු ඔහුගෙන් ආරක්ෂාව පතති. පසුව ඔවුහු එහි පිවිසෙති. පසුව එහි යොමු කරනු ලැබ හෙට දින එම ගින්නෙන් ඔහු ආරක්ෂා කිරීමට අපේක්ෂා කරනු ඇතැ'යි පැවසීය. එවිට ඔවුහු 'ඒ සඳහා වන සාක්ෂිය කුමක් ද?' යැයි ඔහුගෙන් විමසුවෝය. ඔහු: 'මෙම භූමි ප්‍රදේශයෙන් එවනු ලබන නබිවරයාණන්ය' යැයි පවසා හෙතෙම තම අතින් මක්කාව හා යමනය දෙස පෙන්වීය. ඔවුහු: 'ඔබ ඔහුව දකින්නේ කවදා ද?' යැයි විමසුවෝය. ඔහු මා වෙත බැලුවේය. ඒ වන විට මම බාල වියේ පසු වූයෙමි. 'මේ කොලුවා සෙත සලසන වියට පැමිණි විට ඔහුව දකිනු ඇත' යැයි පැවසීය. සලමා තුමා මෙසේ පවසයි. 'අල්ලාහ් මත දිවුරා පවසමි. රාත්‍රි හෝ දහවල් කිහිපයත් ගත වූයේ නැත. උත්තරීතර අල්ලාහ් ඔහුගේ දූතයාණන්ව එවීය. අප අතර ජීවමානව සිටියේය. අපි එතුමාණන්ව විශ්වාස කළෙමු. නමුත් ඔහු ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය හේතුවෙන් එතුමාණන්ව ප්‍රතික්ෂේප කළේය. එවිට අපි මෙසේ පැවසුවෙමු. 'ඔබට විනාශයක්ම වේවා!. ඔබ අපට පවසා සිටි තැනැත්තා ගැන මෙසේ පවසා සිටියේ ඔබ නොවේ ද?' යැයි විමසුවෙමු. ඔහු: 'එසේය, නමුත් මොහු ඔහු නොවේ' යැයි පැවසීය.
(මෙය ඉමාම් අහ්මද් විසින් වාර් තා කර ඇත. (15841) හසන් ගණයේ වාර් තා දාමකින් වාර් තා වූවකි.)
නමුත් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැමිණි කල්හි, එතුමාණන් යුදෙව් ජාතීන්ගෙන් කෙනෙකු නොවන බව එම යුදෙව්වාට පැහැදිලි වූ විට, ඊර්ෂ්‍යාව හේතුවෙන් එතුමාණන්ව ප්‍රතික්ෂේප කළෝය. එසේ නොවන්නට සැබැවින්ම එතුමාණන් අල්ලාහ් වෙතින් වූ නබිවරයාණන් බව ඔවුන් දැන සිටිති.
තුන්වැන්න: මේ උතුම් දහම පිළිපැදීම මිනිසාට අත්‍යවශ්‍ය වූවකි: සැබැවින්ම එය අල්ලාහ්ගේ ආගම වන අතර එය හැර වෙනත් ආගම් ෂෙයිතාන්ගේ ආගම් වේ. ඉස්ලාමය සත්‍යය ආගමයි. සෙසු සියල්ල අසත්‍යය වේ. සර්වබලධාරි මෙසේ පැවසා ඇත:
"නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්‍යය. තවද නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර; අතිමහත්."
(සූරා ලුක්මාන්: 30)
සිව්වැන්න: සැබෑ දහම වන්නේ ඉස්ලාමයයි. එය මිනිසාට මෙලොව හා මතුලොව යන ප්‍රතිඵල දෙකක් සහතික කරයි. මෙලොවෙහි ලැබෙන ප්‍රතිඵල වනුයේ, සැබැවින්ම එය සැනසුම් සහගත හා යහපත් ජීවිතයක් ලබා දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු."
(සූරා අන්-නහ්ල්: 97)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"ඔවුන් වනාහි දේවත්වය විශ්වාස කළෝය. තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත." (28)
(සූරා අර්-රඃද්: 28) මතුලොව හිමිවන ප්‍රතිඵල වනුයේ, සදාතනික ජයග්‍රහණය, අපා ගින්නෙන් මිදීම සහ උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තියෙන් සාර් තකත්වය හිමි කර ගැනීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්රතිඵල පූර් ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත."
(සූරා ආලු ඉම්රාන්: 185)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"මේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැයි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර් ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත . තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳ ව සර් ව නිරීක්ෂක ය."
(සූරා ආලු ඉම්රාන්: 15)
පස්වැන්න: සත්‍යය දහම, එයමය ඉස්ලාම්. ව්‍යාජත්වයෙන් සත්‍යය හා නොමඟින් යහමඟ හඳුනාගත හැකි තුලනයක් එය මිනිසාට පිරිනමයි. එමෙන්ම යහපත හා අයහපත අතර වෙනස හඳුනා දෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්ය සම්පන්නය." (29)
(සූරා අල්-අන්ෆාල්: 29)
පිරිමියෙකු හෝ කාන්තාවක හෝ වේවා සෑම පුද්ගලයකුම ඉස්ලාම් දහම තුළට පිවිසීම අනිවාර්යය වේ. හේතුව සෙසු ආගම්, එනම් එය පෙර පහළ වූ දිව්‍ය පණිවිඩ වුව ද ඒවා විකෘති වී වෙනස් වී ඇත. පසුව ඉස්ලාමය එය සංශෝධනය කළේය. එසේ නැතහොත් එය මූලික වශයෙන්ම ව්‍යාජ ආගම් වන අතර එහි යහපතක් නැත. ඒවාට නමස්කාර කිරීමෙන් මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද පාඩු ලබනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි."
(සූරා ආලු ඉම්රාන්: 85)
අපගේ දේව දූත මුහම්මද්තුමාණන්ටත් එතුමාගේ පවුලේ උදවියටත් එතුමාගේ සහගාමීන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
ඒකාබද්ධිත අංකය: 1510
ප්‍රශ්න අංක: 46
බලහත්කාරයට එරෙහිව නිදහස් කැමැත්ත යන සංකල්පය ගැන ඉස්ලාම් සිටින්නේ කොතැනද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. අහස් හා මහපොළොව මැවීමට පෙර උත්තරීතර අල්ලාහ් සියලු දෑහි නියමයන් ලියා හමාර කළේය; දූතවරුන් එවීය; දිව්‍ය පුස්තක පහළ කළේය; මිනිස් ස්වභාවය යහපත කෙරෙහි ප්‍රිය කිරීම හා නපුර පිළිකුල් කිරීමය. යහපත හා අයහපත හඳුනන අයුරින් ඔහු එම මැවීම් නිර් මාණය කළේය. එය හා මෙය අතර වෙන්කර හඳුනාගත හැකි නිර් ණායකයක් ඔහු ඔවුන් වෙනුවෙන් තැබුවේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු."
(අල්-බලද්: 10)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"එම මාර් ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක."
(අල්-ඉන්සාන්: 3)
ඔබ දෙපළගේ පරමාධිපතියාණන් කවුරුන්දැයි මූසා (අලයිහිස් සලාම්) තුමාගෙන් ෆිර් අවුන් විමසා සිටි කල්හි, අල්ලාහ් විස්තර කර ඇති පරිදි එතුමා මෙසේ පවසා ඇත: "අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය."
(තාහා: 50)
සෑම මිනිසෙකුම මවන ලද්දේ අල්ලාහ් විසිනි. ඔහු තුළ කවර යහපතක් දකින්නේ ද ඒ වෙත ඔහු මඟ පෙන්වීය. සෑම මිනිසෙකුම ඔහු තුළින් එය දැක ගනු ඇත. නමුත් තිරිසනුන් වනාහි, අල්ලාහ් තම කටයුතු සඳහා සුදුසු දේට මඟ පෙන්වා ඇත. ඔහු එහි වර් ගය ආරක්ෂා කරයි. එහි ප්‍රජනනය සහ වර්ධණය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරයි.
අල්ලාහ් මිනිසුන් වෙත සාක්ෂි හා සාධක ස්ථාපිත කළේය. භාග්‍යවතුන් හට පහසුව සඳහා ලිහිල් කළේය. දුෂ්කරතාව ඔවුන්ගෙන් ඉවත් කළේය. අභාග්‍යවන්තයිට දුෂ්කරතාව සඳහා ලිහිල් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
4. රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
5. අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
6. පොළොව හා එය ව්‍යාප්ත කළ අය මත ද දිවුරමින්.
7. ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
8. ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර් මිකතාව ද ප්රවේශ කළේය.
9. සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
10. තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
(අෂ්-ෂම්ස්: 4-10)
පෙර නියමය ගැන පුද්ගලයකුගේ ස්ථාවරය සම්බන්ධයෙන් එක් සහාබිවරයෙක් දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. 'දෙවියන් වෙත පවරා ක්‍රියාව අත්හරිමු ද එසේ නැතහොත් ක්‍රියාව සිදු කරමු ද?' එහි පිළිතුර මෙම හදීසයේ ඇතුළත් විය. අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී.
'බකී අල්-ගර්කද්' හි අවමංගල්‍ය කටයුත්තකට අපි සහභාගී වී සිටියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප වෙත පැමිණ වාඩි වූහ. අපි ද වාඩි වූයෙමු. එතුමාණන්ගේ අතේ කුඩා පොල්ලක් තිබුණි. එතුමාණන් එම පොල්ලෙන් බිම සූරමින් සිටියේය. පසුව: "ස්වර් ග යෙන් හෝ නිරයෙන් හෝ නියමිත තැනක් අල්ලාහ් නියම කිරීමෙන් හෝ භාග්‍යවන්තයෙකු ද අභාග්‍යවන්තයකු ද යැයි සටහන් කිරීමෙන් මිස ඔබ අතරින් කිසිවෙක් නැත, හුස්ම ගන්නා කිසිදු ආත්මයක් ද නැත." යැයි පැවසූහ. එවිට මිනිසෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි, අපට නියම කළ දෑ මත අප රැඳී සිටිමින් ක්‍රියාව අත්හැර දමන්නදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: 'කවරෙකු භාග්‍යවතුන් අතරින් වූයේ ද ඔහු භාග්‍යවතුන් සතු ක්‍රියාවන් වෙත ගමන් කරනු ඇත. කවරෙකු අභාග්‍යවතුන් අතරින් කෙනෙකු වූයේ ද ඔහු අභාග්‍යවතුන්ගේ ක්‍රියාවන් වෙත ගමන් කරනු ඇත.' යැයි පවසමින් තවදුරටත් 'ඔබ ක්‍රියා කරන්න. සෑම දෙයක්ම පසු වන්නේය. භාග්‍යවතුන් වනාහි ඔවුන් භාග්‍යවතුන්ගේ ක්‍රියාවන් සඳහා පහසුවෙන් ගමන් කරනු ඇත. අභාග්‍යවතුන් වනාහි, අභාග්‍යවතුන්ගේ ක්‍රියාවන් සඳහා පහසුවෙන් ගමන් කරනු ඇත.්' යැයි පවසා පහත තේරුම ඇති වැකි කිහිපයක් පාරායනය කළහ. "5. එහෙයින් කවරෙකු පරිත්‍යාග කර බිය බැතිමත් වී, 6. යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී; 7. අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු. 8. තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර යැයි සිතා, 9. යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී; 10. අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු."
සහීහ් මුස්ලිම් (2647)
සර්වබලධාරී අල්ලාට කිසිවෙකුට බල කිරීමට අවශ්‍ය නැත. මක්නිසාදයත් කීකරුකම් ඔහුට ප්‍රයෝජනයක් නොවන අතර, අකීකරුකම් ඔහුට හානියක් ඇති නොකරනු ඇත. නමුත් අල්ලාහ් මැවීම, සොබාදහම සහ පහසුව මවා ඇති අතර ඔහු බල කිරීමෙන් තොරය.
මිනිසුන් සිදු කරනුයේ කුමක්දැ?යි ඔවුන් මැවීමට පෙරම ශුද්ධ වූ අල්ලාහ් දැන සිටියි. ඒ ගැන ලව්හුල් මහ්ෆූල් නම් 'ආරක්ෂිත ඵලකයේ' ලියා ඇත. ඔහුගේ අභිමතයෙන් තොරව කිසිවක් සිදු වන්නේ නැත.
පවතින සෑම දෙයක්ම අල්ලාහ්ගේ මැවීම්ය; ඔහුගේ අභිමතයය; එමෙන්ම ඔහුගේ සැලසුමය. එහි පවතින ගැඹුරු ප්‍රඥාව ඔහු සතුය. මිනිසාට ද අභිමතයක් ඇති නමුත් එය පිහිටනුයේ අල්ලාහ්ගේ අභිමතයට පහළිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය."
(සූරා අත්-තක්වීර්: 29)
තමන් තෝරා ගන්නා තමන්, අභිමත කරන දෑ ගැන ඔහු විනිශ්චය කරනු ලබනු ඇත.
සෑම පුද්ගලයෙකුම තමාගේ කැමැත්තෙන් සහ තේරීමෙන් කරන දේ සහ ඔහුගේ කැමැත්තට පටහැනිව ඔහුට සිදු වන රෝගී භාවයක්, ඇද වැටීමක් වැනි දේ අතර වෙනස තේරුම් ගනු ඇත. පුද්ගලයෙකු තමාට අවශ්‍ය දේ තෝරා ගත හැකි අතර තෝරා ගැනීමට අපේක්ෂා නොකරන දැයින් ඔහුට ඉවත්ව සිටිය හැක.
පුද්ගලයෙකු තම කැමැත්තට සහ තේරීමට අනුව කටයුතු කළ හැක. නමුත් ඒ ගැන නැවත නැඟිටුවනු ලබන දිනයේ ඔහු වගකිව යුතුය. ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. නමුත් රෝගී භාවය, වගකීමක් ඉටු කිරීමට නොහැකියාව වැනි තමන්ට වළක්වා ගත නොහැකි නියමයක් පුද්ගලයකුට සිදු වූයේ නම්, එවැන්නක් සම්බන්ධයෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේ ඔහු වගකියනු නොලබයි. අපගේ නබි මුහම්මද් තුමාණන්හට ආශිර්වාදය සහ සාමය ලැබේවා.
ඒකාබද්ධිත අංකය: 1360
වැදගත් කරුණ (1)
ප්‍ර: ඉස්ලාම් ආගමේ ගුණ මොනවාද? එසේ නැතහොත් මම වෙනත් ආගම් අනුගමනය නොකර ඉස්ලාම් ආගම අනුගමනය කරන්නේ ඇයි?
පි: ඉස්ලාම් ආගමේ ගුණ, එහි මූලික කරුණුවල මෙන්ම අනු කරුණුවල ද පොදුවේ දකින්නට ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"දැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංක ව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද?"
(අන්-නිසා: 125)
- ඉස්ලාම් ආගමේ එක් ගුණාංගයක් නම්, එය මිනිසා පුද්ගල වහල්භාවයෙන් නිදහස් කොට දේව වහල්භාවයට යොමු කිරීමයි. ඒ අනුව මුස්ලිම්වරු උත්තරීතර අල්ලාහ්ට හැර වෙනත් කිසිවකට හෝ කිසිවෙකුට නැමදුම් නොකරයි; සුජූද් නොකරයි; රුකූඋ නොකරයි; බිය නොවෙයි එමෙන්ම බලාපොරොත්තු නොවෙයි. එය සර් වබලධාරී අල්ලාහ් පවසා සිටියාක් මෙනි:
"නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත."
(අල්-බකරා: 163)
- ඉස්ලාම් ආගමේ ඇති තවත් ගුණාංගයක් නම්, එය ගැත්තන් අතර නියම කර ඇති සමානාත්මකතාවයයි. තක්වා හෙවත් දේවබියබැතිමත්කම මත මිස අරාබි ජාතිකයෙකු අරාබි නොවන ජාතිකයෙකුට වඩා උසස් වන්නේ නැත; කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා උසස් වන්නේද නැත. මිනිසුන් පුරසාරම් දොඩමින් සිටි අඥාන යුගයේ පැවති කීර් තිය, මුදල්, තනතුර සහ බලය වැනි සම්මතයන් ඉස්ලාමය අවලංගු කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ග කයින් හා ගෝත්රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය."
(අල්-හුජ්රාත්: 13)
හදීසය ඒ ගැන සහතික කරයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ:
"නියතවශයෙන්ම අහංකාරකම් පෑමේ හා මුතුන්මිත්තන් ගැන, ඔහු භක්තිමත් දේව විශ්වාසියෙකි, දුෂ්ඨයෙකි, අභාග්‍යවන්තයෙකි පුරසාරම් දෙඩීමේ අඥාන යුගයේ ගති පැවතුම් අල්ලාහ් ඔබෙන් ඉවත් කළේය. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවන්ය. ආදම් පසින් නිම විය. ජන පිරිස් තම උඬඟුකම් තමන්ගේ පුද්ගලයින් සමගම අවසන් කර ගත යුතුය. එසේ නැතහොත් අල්ලාහ් අබියස දුගඳ හමන, නාසයෙන් පලවා හරින, කුරුමිණියාට වඩා ඔවුන් ගැන සැලකීම පහත් වනු ඇත."
- ඉස්ලාම් ආගමේ ඇති තවත් ගුණාංගයක් නම්, උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කරන මෙන් නියෝග කර පැමිණ තිබීමය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. .."
(අන්-නූර්: 62)
එමෙන්ම ඒක දේවත්වය විශ්වාස කරන මෙන් නියෝග කර පැමිණියේය.
"තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය..."
(අල්-බය්යිනා: 5)
සලාතය හා සකාතය ඉටු කරන මෙන් නියෝග කරමින් පැමිණියේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. සකාත් ද පිරිනමනු..."
(අන්-නූර්: 56)
පැවරුම් හා ගිවිසුම් පිළිබඳ සැලකිලිමත් වන මෙන් නියෝග කරමින් පැමිණියේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති."
(අල්-මුඃමිනූන්: 8)
ගිවිසුම් ඉටු කරන මෙන් නියෝග කරමින් පැමිණියේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගිවිසුම් පූර්ණව ඉටු කරනු..."
(අල්-මාඉදා: 1)
මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ දී හා ඔවුනට උපකාර කිරීමේ දී යහපත්කම දැක්වීමට නියෝග කරමින් පැමිණියේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"...තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය."
(අල්-බකරා: 195)
තවද එය සාමුහිකත්වය පිළිපදින මෙන් නියෝග කර පැමිණියේය. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු..."
(ආලු ඉම්රාන්: 103)
එය කරුණාව, යහපත, ප්‍රඥාව, බුද්ධිය, සහජත්වය හා විධිමත්කම යනාදී කරුණුවලින් සමන්විත ආගමයි. ශ්‍රේෂ්ඨ දෑ වෙත එය ඇරයුම් කරන අතර නින්දිත පහත් දෑ වළක්වාලයි. යුක්තිය හා සාධාරණත්වය වෙත ඇරයුම් කරන අතර අපරාධ වළක්වාලයි. උපකාර කිරීම සඳහා එය ඇරයුම් කරන අතර මසුරුකම වළක්වාලයි. යහපත් ගතිගුණ වෙත ඇරයුම් කරන අතර නපුරු ගතිගුණවලින් වළක්වාලයි.
එය නිර් මලකම වෙත ඇරයුම් කරන අතර දුරාචාරය වළක්වාලයි. සත්‍යය වෙත ඇරයුම් කරන අතර බොරු කීම වළක්වාලයි, ඥාති සබඳතා ආරක්ෂා කිරීමට ඇරයුම් කරන අතර එය බිඳ දැමීමෙන් වළක්වාලයි.
යහපත වෙත ඇරයුම් කරන අතර දුෂ්ඨකම් වළක්වාලයි. ත්‍යාගශීලීභාවය වෙත ඇරයුම් කරන අතර සතුරුකම වළක්වාලයි. අසරණ ජීවිත ආරක්ෂා කිරීමට ඇැරයුම් කරන අතර ඒවා විනාශ කර දැමීම වළක්වාලයි.
අයුතු ලෙස මිනිසුන්ගේ ධනය අවභාවිතා කිරීම වළක්වයි. එනේම සොරකම හා පොලියද වළක්වයි. ව්‍යාපාරය, දානය හා සෙසු යහපත් කටයුතු සියල්ල වෙත එය ඇරයුම් කරයි.
ආගමික හෝ ලෞකික කවර යහපතක් වුව ද ඉස්ලාමය එය පෙන්වා දී ඇත. දූෂිත කවර දෙයක් වුව ද ඉස්ලාමය එය වළක්වා ඇත. මහපොළොව පාලනය කිරීමටත් එය විධිමත් කිරීමටත් ඉස්ලාමය ඇරයුම් කරයි. එහි කලහකම් කිරීමෙන් වළක්වාලයි. එය සියලු ආකාරයේ ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ආගමයි.
ජඃෆර් ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ ප්‍රකාශයක් අහ්මද් තුමා හා වෙනත් අය විසින් මෙසේ වාර් තා කර ඇත.
ජාහිලිය්යා නම් අඥාන යුගයේ අපි පිළිමවලට නැමදුම් කරමින්, මියගිය සතුන් අනුභව කරමින්, දුරාචාරයේ යෙදෙමින්, ඥාතී සම්බන්ධකම් බිඳ දමමින්, අසල්වැසියන්ට නපුරුකම් කරමින් අප අතර සිටින බලවතුන් අසරණයින්ගේ වස්තුව අයුතු ලෙස ගිල දමමින් සිටියෙමු. අප අතරින් දූතයකු අල්ලාහ් අප වෙත එවන තෙක්ම එසේ අපි සිටියෙමු. ඔහුගේ නිලය, ඔහුගේ සත්‍යයය, ඔහුගේ විශ්වාසභාවයය හා ඔහුගේ නිර්මලකම අපි හඳුනන්නෙමු. අල්ලාහ්ව ඒකීයත්වයට පත් කිරීමටත් ඔහුට නැමදුම් කිරීමටත්, අපි හා අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි ගල් හා ප්‍රතිමාවලින් ඉවත් වීමටත් ඔහු අල්ලාහ් වෙත අපට ඇරයුම් කළේය. සත්‍යය කතා කරන ලෙසත්, පැවරුනු වගකීම් ඉටු කරන ලෙසත්, ඥාතී සම්බන්ධකම් රකින ලෙසත්, අසල්වැසියන් සමග සුහද ව කටයුතු කරන ලෙසත්, තහනම් දැයින් හා ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, හෙතෙම අපට නියෝග කළේය. අශීලාචාර දැයින් ද බොරු සාක්ෂි පැවසීමෙන් ද අනාථයින්ගේ වස්තුව ගිල දැමීමෙන් ද නිර් මල උදවියට ලිංගික අවලාද නැගීමෙන් ද වැළැක්වීය. අල්ලාහ්ට පමණක් නමදින ලෙසත්, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත් අපට නියෝග කළේය. සලාතය, සකාත් හා උපවාසය ඉටු කරන ලෙසත් අපට නියෝග කළේය.
ඉස්ලාම් ආගමේ ඇති තවත් ගුණාංගයක් නම්, මෙලොවට වඩා උසස් වූ මතුලොව වෙත ඇරයුම් කිරීමය. සදාකාලික ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතභාවය, ස්වර් ගයට පිවිසී, නිරයෙන් මිදීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද විශ්වාස කොට දැහැමි ක්රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය."
(ඉබ්රාහීම්: 23)
එබැවින්, ඉස්ලාම් ආගම ශ්‍රේෂ්ඨතම සාධකය විය. අල්ලාහ්ට ඔහුගේ සියලු නිරපේක්ෂ පරිපූර් ණත්වයේ සුවිශේෂත්වය තුළ එය සාක්ෂියක් විය. ඔහුගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් දිව්‍ය පණිවිඩය හා සත්‍යතාව තුළ වඩාත්ම ගෞරවනීය සාක්ෂියක් විය. මෙලොව සහ පරලොවෙහි ගුණධර් ම, පරිපූර් ණත්වය, ධර්මිෂ්ඨකම, දයාව, යුක්තිය සහ ප්‍රඥාව එය ඇතුළත් කර ගෙන ඇත. අල්ලාහ් ආශිර් වාද කරන්නාය. අපගේ නායකයාණන් වන මුහම්මද් තුමාණන්, එතුමාණන්ගේ පවුලේ උදවිය සහ හිතමිතුරන් සියල්ලන් හටම අල්ලාහ්ගේ ආශිර් වාදය ලැබේවා!
තෝරා ගත් ප්‍රශ්න: ඉස්ලාමය පිළිබඳ නිතර අසන ප්‍රශ්න ඇතුළත් ශබ්ද කෝෂයෙන් .
(ඊමාන් හෙවත් විශ්වාසය හා බැඳුණු කොටස)
වැදගත් කරුණු (1)
ප්‍ර 1- අල්ලාහ් යනු කවු ද?
ඉස්ලාමය තුළ අල්ලාහ් (දෙවියන්) යනු සර්ව ලෝකයන්හි හා සියලුම මැවීම්හි පරමාධිපතිය. ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු ඒවා මවා පෝෂණය කර පරිපාලනය කරයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
"සියලු ප්‍රශංසා සර්ව ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ්ටම හිමිය."
(අල්-ෆාතිහා: 2)
ඔහු සියලු මැවීම්හි මැවුම්කරු, රජුය, පෝෂක හැ එකම සැලසුම්කරුය, සියළු මැවීම්හු හී එකම පාලකයාය, ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
"(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?"
(සූරා මර්යම්: 65)
සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු පමණය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කිසිවකු නැත. එය දේවත්වයේ ගුණාංග මෙන්ම මැවීම, නියෝගය, තීන්දුව, නීතිගත කිරීම යනාදී ඔහුට පමණක් සතු වූ පරිපූර්ණ ගුණාංග තුළින් ඔහු විස්තර කර ඇති බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"...තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතු ය..."
(රූම්: 27)
සියලු ප්‍රශංසා හා පරිපූර්ණ ගුණාංග සතු ඔහු පරිපූර්ණය, තේජාන්විතය, සර්වබලධාරීය. ඔහුට අලංකාර නාම හා උසස් ගුණාංග ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි.
"වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා තුළින් ඔහු අමතනු..."
(අල්-අඃරාෆ්: 180)
ශ්‍රවණයෙහි පරිපූර්ණ වූ ඔහු සර්ව ශ්‍රාවකය. බැල්මෙහි පරිපූර්ණ වූ ඔහු සර්ව නිරීක්ෂකය. දැනුමෙහි පරිපූර්ණ වූ ඔහු සර්වඥානීය. සියලු දෑහි බලවත් වූ ඔහු සර්වබලධාරීය. සුවිශුද්ධ වූ ඔහු ව කිසිවකු විසින් පරාජය කළ නොහැක.
සෑම මැවීමක් හා සෑම ජීවයක් මත තම කරුණාව ව්‍යාප්ත වී ඇති ඔහු මහා කාරුණිකය පරම දයාබරය. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට අතිශය කරුණාවන්තය.
ඔහු අමරණීයය, ප්‍රාරම්භකය ඔහුට පෙර කිසිවක් නැත; අවසානය ද ඔහුය; ඔහුට පසුව වෙනත් කිසිවක් නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
"ඔහු ප්‍රාරම්භකය; අවසානය; බාහිරය; අභ්‍යන්තරය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය."
(අල්-හදීද්: 3)
තම මැවීම් පිළිබඳ යථාර්ථයන් මැනවින් දන්නා, ඒවා ප්‍රගුණ කර, ඒවා සම්පූර්ණ කළ මහා ප්‍රඥාවන්තයා ඔහුය. තම මැවීමෙහිද, අණදීමෙහිද ප්‍රඥාව ඇත්තේ ඔහු සතුව ය.
ඔහුට කිසිදු සමානයක් හෝ සහකාරියක් හෝ දරුවකු හෝ පියකු හෝ නැත. සුවිශුද්ධයාණන්ට කිසිවක් සමාන වන්නේ ද නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
"1. (නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. 2. අල්ලාහ් ස්වාධීනය. 3. ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. 4. තවද ඔහුට සමාන කිසිවෙකු නැත."
(අල්-ඉක්ලාස්: 1-4)
උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත.
"ඔහුට සමාන කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව නිරීක්ෂකය."
(අෂ්-ෂූරා: 1)
සියලු මැවීම්වලට ඉහළින් ඇති "අර්ෂ්" හෙවත් දිව්‍ය රාජ්‍යයට ඉහළින් ඔහු ස්ථාපිත විය. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
"මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය."
(සූරා තාහා: 5)
තවද ඔහු මෙසේ පැවසීය:
"තම ගැත්තන්ට ඉහළින් සිටින සර්වබලධාරී ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය."
(සූරා අල්-අන්ආම්: 18)
වැදගත් කරුණු (1)
ප්‍ර 2- අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන සාධක මොනාවාද?
පි 2 - උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන සාධක වනුයේ නිවැරැදි බුද්ධිය, සහජ ධර්මතාව සහ ඍජු මාර්ග වේ. මිනිස් බුද්ධිය තමන්ට නියම කරන දෑට පිටින් සිටින අයකු හැර වෙනත් කිසිවෙක් එය ප්‍රතික්ෂේප කරන්නේ නැත.
මක්නිසාද යත්, මෙම ජීවීන්ට ඒවා නිර්මාණය කළ මැවුම්කරුවෙකු සිටිය යුතු අතර එය අවශ්‍ය වේ. මන්ද මෙම මැවීම් මැවුම්කරුවකු හෝ උත්පාදකයකු හෝ නොමැති ව පවතිනු ඇතැයි පැවසීම, එය නිෂ්ඵල ප්‍රකාශයක් යන්න බුද්ධිය ප්‍රකාශ කර සිටියි. එබැවින් නිර්මාණකරුවෙකු නොමැතිව කිසිවක් පැවතිය නොහැක!
මෙම මැවීම් තමන් විසින්ම නිර්මාණ වූවක් බව පැවසීම විකාර සහගත හා විය නොහැකි කරුණකි. හේතුව යම් දෙයක් ශුන්‍යතාවයෙන් සිදු නොවන බැවිනි.
සැබැවින්ම මෙම මැවීම් මැවූ යම් මැවුම්කරුවකු සිටින්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත නිර්මාණශීලී සර්වඥානී සර්වබලධාරී අල්ලාහ්ය.
ඉතා පැහැදිලි ව හා වඩාත් සංශිප්ත ව මෙම වෙනස අල්ලාහ් පෙන්වා දී ඇත. ඔහු මෙසේ පැවසීය:
"කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?"
"ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති."
(අත්-තූර්: 35, 36)
මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ඇතැමෙකු මෙසේ ප්‍රශ්න කරන ලදී.
ඔබේ පරමාධිපතිව හඳුනා ගන්නේ කවර කරුණක් තුළින් ද? ගොම, ඔටුවා පෙන්වා දෙන අතර පා සළකුණු මාර්ගය පෙන්වා දෙයි. මණ්දාකිනි සහිත අහසක්, පැළීම් සහිත භූමියක් රළ සහිත මුහුදක්; මේවා ප්‍රඥාවන්ත මහා කාරුණිකයාණන් පෙන්වා නො දෙන්නේ ද?!
සැබැවින්ම මෙම මැවීම් කළමනාකරණය කරන සැළසුම් කරුවකු සිටිය යුතු අතර එය අවශ්‍ය වූවකි. ඔබ ඉහළ සහ පහළ ලෝකය දෙස බැලුවහොත්, ඔබ එහි පරිපූර්ණ විධිවිධානයක් දකිනු ඇත. සෑම දෙයක්ම එයට සුදුසු ස්වරූපයක් ලබා ඇති අතර, සියලු මැවීම් ඒවා විධිමත් කරන හා ඒවායෙහි පැවැත්ම සහතික කරන දෑට මඟ පෙන්වනු ලබති.
මෙම ස්ථාවරත්වය සියලු මැවීම් තුළ ගණන් කළ නොහැකි ආකාරවලින් සහ ස්වරූපවලින් පුනරාවර්තනය වී ඇත. එය අහම්බෙන් සහ අහඹු බව පිළිබඳ න්‍යාය සමඟ විය නොහැක!
ඒ ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා පෙන්වා දී ඇත:
"...එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි..."
(අන්-නම්ල්: 88)
තවද ඔහු මෙසේ පැවසීය:
"සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වූ අපගේ පරමාධිපතියාණන් මෙසේ පවසයි…"
(තාහා: 50)
අදේවවාදීන් පිරිසක් අබූ හනීෆා (රහිමහුල්ලාහ්) තුමා හමු වී, මැවුම්කරුගේ පැවැත්ම පෙන්වා දෙන සාධක මොනවා ද? යැයි විමසා සිටියෝය. එවිට හෙතෙම ඔවුනට: "මට ඉඩ දෙන්න, මගේ මනස අමුතු කාරණයකින් කාර්යබහුල වී ඇත." යැයි පැවසීය. එවිට ඔවුන්: එය කුමක්ද? යැයි විමසා සිටි විට, හෙතෙම: "ටයිග්‍රීස් (නදියෙ)හි ආශ්චර්යමත් භාණ්ඩවලින් පිරුණු විශාල නැවක් ඇති බවත්, එය කිසිවකු ක්‍රියාත්මක නොකරම ආපසු එන යන බවත්, එය මෙහෙයවන්නට කපිතාන්වරයෙකු නැති බවත් මට දැන ගන්නට ලැබුණි." යැයි පැවසීය.
එවිට ඔවුහු ඔහුට: ඔබට විකාරද? ඔහු: මොකක්? යැයි ඇසිය. ඔවුහු: "සිහිබුද්ධියෙන් යුත් පුද්ගලයෙකු විසින් මෙය විශ්වාස කරනු ඇත්ද?" යැයි විමසූහ. ඔහු ඔවුනට: "මේ ලෝකය පවතින බව ඔබේ බුද්ධිය සහතික කළේ කෙසේ ද? සැබැවින්ම විවිධ වර්ග, විවිධ ජාති සහ ආශ්චර්යමත් සිදුවීම් සහිත මෙම විශ්වය, ගමන් කරමින් භ්‍රමණය වන මෙම ගෝලය, යනාදියෙහි සිදුවීම් නිර්මාණය කළ අයකුගෙන් තොර ව සිදු වන්නේ ද? මෙම සිදුවීම් ක්‍රියාත්මක කරන කිසිවකු නොමැතිව ක්‍රියාත්මක වන්නේ ද? යැයි විමසා සිටියේය. පසුව ඔවුහු ඔවුනට දොස් නගමින් හැරී ගියහ.
ශුද්ධ වූ පරමාධිපතියාණන්ගේ පැවැත්ම පෙන්වා දෙන සාධක ගණන් කළ නොහැකි තරමට අධිකය. ඒවායින් සමහරක් මෙසේය:
සහජ ධර්මතාව
සහජ ධර්මතාව යනු පුද්ගලයෙකු තමා තුළම ලබන සහ එය වළක්වා ගත නොහැකි සහජ දෙයකි.
ඒ අතරින් සෑම මැවීමක්ම ශුද්ධ වූ උත්තරීතර මැවුම්වරුවෙවෙ සිටින බව පෙන්වා දීම ද එකකි.
එමෙන්ම රැකවරණය, ස්ථාවරත්වය, නතු කර දී තිබීම යනාදී සාධක හා ගණන් නොහැකි මෙන්ම සීමා කළ නොහැකි වෙනත් දෑ ද ඒ අතරින් වෙති. ඒ සෑම කරුණක්ම, ප්‍රඥාවන්ත, සියල්ල සැලසුම් කරන, සර්වබලධාරී මැවුම්කරුවකු සිටින බව පෙන්වා දෙයි.
වැදගත් කරුණු (1)
ප්‍ර 3- අල්ලාහ්ගේ ඒකීයත්වයය පිළිගැනීමේ දී අනිවාර්යය වන සාධක මොනවා ද?
ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් ඔහුගේ ඒකීයත්වය පිළිගැනීමේ අනිවාර්යය වන සාධකය වනුයේ සැබැවින්ම මැවුම්කරු, පාලක හා සැළසුම් කරන්නා ඔහු පමණක් වීම ය. ඔහුට කිසිදු හවුල් කරුවකු නැත.
ඒ අතරට උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය ද ඇතුළත් වේ.
"අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ වූයේ නම්, සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග යන්නට බලනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වන්නට බලනු ඇත. ඔවුන් වර් ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය."
(අල්-මුඃමිනූන්: 9)
විද්වතුන් "දලීලුත් තමානු" යනුවෙන් නම් කර ඇති සාධකය මෙම පාඨය ඇතුළත් කර ඇත. ඉන් අදහස් කරන්නේ අල්ලාහ් සමග වෙනත් දෙවියකු අපි නියම කර ගත්තේ නම්,
එක්කෝ ඔහුගේ දේවත්වය පිළිගැනීමෙන් හෝ එය ඔහු සතුව ඇතැයි වාද කිරීමෙන් හෝ විය හැක.
පළමු නියමය එහි දේවත්වය නිෂ්ප්‍රභා කරයි. මන්ද යටහත් වන්නා දේවත්වය නියම කර ගත් දෙයක් වන අතර ඔහු දෙවියෙකු නොවන බැවිනි. එසේත් නැතිනම් ඔහුගේ ආධිපත්‍යය සහ අධිකාරිය ගැන වාද කිරීම වනාහි, සෑම දෙවි කෙනෙකුම තම මැවිල්ලට අනන්‍ය වන පරිදි තමන් විසින් මවන ලද දේ සමඟ ගමන් කරමින් එය කුරිරු ලෙස පාලනය කරමින් විශ්වයේ අනෙකුත් දෙවිවවරුන් අබිබවා යෑමේ ගැටුම්කාරී තත්ත්වයක් ඉස්මතු වෙයි.
එක් එක් අයගේ රාජ්‍යය අනෙක් අයගේ රාජ්‍යයට වඩා වෙනස් බවත්, ඔවුන්ගෙන් සමහරෙක් එකිනෙකාට වඩා බලවත් බවත් ඔබ දකිනු ඇත. ඔබ ලෝකයේ රජවරුන්ගේ රජකම්වල වෙනස්කම් සහ ඔවුන් අභිබවා යන රාජ්‍යයන්ගේ තත්වය දකින පරිදි, මොවුහු ද එසේ අභිබවා යනු ඇත. රාජ්‍යයන් අතර වෙනස්කම් සහ දෙවිවරුන් අභිබවා යාම පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔබ නොදකින විට සැබැවින්ම ඔහු එකම දෙවියා බවත් සියලු දෑ ඔහුගේ අධිපත්‍යය යටතේ පවතින බවත් ඔබ දැනගත යුතුය.
යමෙක්: දෙවිවරුන් අතර යම් ආකාරයක එකඟතාවයක් ඇත, එබැවින් සෑම දෙවි කෙනෙකුම භේදයකින් හෝ ගැටුමකින් තොරව තමන් නිර්මාණය කළ දෑ සමග ඔවුන් වෙන්ව ඇතැයි පවසන්නේ නම්, එහි ද ඔවුන්ගේ දේවත්වය වලංගු නොවන බවට ඉමහත් සාක්ෂියක් දක්නට ලැබේ. මන්ද සෑම දෙවියෙකුටම ඔහු නිර්මාණය නොකළ කණ්ඩායම සම්බන්ධයෙන් අසම්පූර්ණ දේවත්වයක් එමගින් පෙන්වා දෙන බැවිනි.
මෙය, එක් එක් දෙවිවරුන් තුළ අසම්පූර්ණත්වයට තුඩු දෙන අතර, එය කළ නොහැකි බව නියම කරයි. මන්ද සැබෑ දේවත්වයට අවශ්‍ය කරනුුයේ පරිපූර්ණත්වය මිස අසම්පූර්ණකම නොවේ.
අල්ලාහ්ගේ දේවත්වය තුළ ඔහු ඒකීයත්වයට පත් කිරීමේ අනිවාර්යය සාධක වනාහි: සලාතය, ප්‍රාර්ථනාව, නිහතමානීකම පැවරුම යටහත්භාවය, බිය හා අපේක්ෂාව, කැපවීම හා භාරය, උදව් පැතීම හා ආරක්ෂාව පැතීම, උපකාර ඉල්ලීම යනාදී කිසිදු හවුල් කිරීමකින් තොරව අල්ලාහ්ට පමණක් කරන නැමදුම් වර්ග අතරින් බාහිර හා අභ්‍යන්තර සියලුම නැමදුම් වර්ග සර්වබලධාරී අල්ලාහ්ට පමණක් වෙන් කර, නැමදුම ඔහුට පමණක් නියම කර ගැනීමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස."
(අල්-බකරා: 21)
ඒ අනුව, පරමාධිපති වන ඔහුය නැමදුමට සුදුසුකම් ලබන්නා. ඔහු හැර පාලනයට ලක්වන සෙසු මැවීම් ඒ සඳහා සුදුසුකම් නොලබනු ඇත.
බහුදේව වාදීන් විසින් අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් පත් කර ගැනීම බොහෝ බුද්ධිමය සාධක තුළින් අල්ලාහ් ව්‍යාර්ථ කළේය. ඒවා අතරින්:
ඔවුන් තෝරා පත්කර ගත් කිසිදු දෙවියකු තුළ දේවත්වයේ ලක්ෂණ දක්නට නැත. ඒවාද මවනු ලැබූ දෑ වන අතර ඒවා කිසිවක් මවන්නේ නැත. ඒවා තම ගැත්තන් හට සෙත සළසන්නේ නැත. ඔවුනට අත්වන හානිය වළක්වන්නේ ද නැත. ඔවුනට ජීවත් කරවීමේ හෝ මරණයට පත් කිරීමේ කිසිදු බලයක් නැත. අහස්හි හා මහපොළොවෙහි කිසිවක් ඔවුනට අයිති නැත.
ඒ ගැන උත්තරීතරයාණන්ගේ ප්‍රකාශය මෙසේය.
"තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුන් කිසිවක් නොමවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ සෙතක් හෝ සැලසීමට ඔවුන් බලය නොදරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නොදරනු ඇත."
(අල්-ෆුර් කාන්: 3)
අල්ලාහ්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
"අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුට නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක් ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු."
(සබඃ: 22)
අල්ලාහ්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
"ඔවුන් ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී, කිසිවක් නොමවන දෙයකට ඔවුහු ආදේශ තබන්නෝද?
(අල්-අඃරාෆ්: 191)
මැවීම් අල්ලාහ් විසින් මවා තිබිය දී, ඒවාට කිසිවක් මවන්නට හැකියාවක් නැති තත්තවයේ, මෙම බහුදේවවාදීහු අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඒවා ආදේශ කර ගන්නෝනෝ?
දෙවිවරුන්ගේ තත්ත්වය මෙසේ වූ විටෙක, ඒවා දෙවිවරුන් ලෙස ගැනීම මෝඩකම වන අතර එය නිෂ්ඵල අර්ථ ශූන්‍යය වේ.
අල්ලාහ්ගේ නාම හා ගුණාංග තුළ ඔහු ඒකීයත්වයට පත් කිරීමේ අනිවාර්යය සාධක වනාහි: සැබැවින්ම මැවුම්කරු අනෙකුත් මැවීම් මෙන් නොවන බව අප වටහා ගැනීමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"ඔහුට සමාන කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව නිරීක්ෂකය."
(අෂ්-ෂූරා: 1)
"ඔහුට සමාන කිසිවක් නැත."
එනම්: ඔහු තම පැවැත්ම, නාම, ගුණාංග හො ක්‍රියා යනාදී කිසිවක ඔහුගේ කිසිදු මැවීමකට සමාන වන්නේ නැත. මන්ද යත් ඔහුගේ සියලුම නාම අලංකාරය, ඔහුගේ ගුණාංග අති උසස් හා පරි පූර්ණය. උත්තරීතරයාණන්ගේ ක්‍රියාවන් කිසිදු හවුල්කරුවකු නොමැතිව අතිමහත් මැවීම් උත්පාදනය කළේය. ඔහු සියලුම ආකාරයේ පූර්ණත්වය පිදුම් ලත් බැවින් ඔහු මෙන් කිසිවකු නැත.
ෂරියා මගින් දක්වා ඇති නම් සහ ගුණාංග තහවුරු කිරීම සඳහා තාර් කික සාක්ෂියක් වන්නේ මෙසේ පැවසනු ලැබීමය:
1- මෙම ශ්‍රේෂ්ඨ ජීවීන්, ඔවුන්ගේ විවිධත්වය, ඔවුන්ගේ වෙනස්කම්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ විධිමත්භාවය සහ ඔවුන් වෙනුවෙන් සකස් කරන ලද සැලසුම්වල ප්‍රගතිය මත පිහිටා තිබීම අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය, ඔහුගේ බලය, ඔහුගේ දැනුම, ඔහුගේ ප්‍රඥාව, ඔහුගේ කැමැත්ත සහ ඔහුගේ අභිමතය පෙන්නුම් කරයි.
2- ආශිර්වාදය සහ උපකාරය, හානිය දුරු කිරීම සහ දුක් වේදනා සමනය කිරීම; මේ දේවල්වලින් පෙන්නුම් කරන්නේ දයාව, ත්‍යාගශීලී බව සහ උපකාරශීලී බව ය.
3- අකීකරුවූවන් හට දඬුවම් පමුණුවීම, ඔවුන්ට සම ප්‍රතිචාර දැක්වීම යන කරුණු දෙකින් පෙන්නුම් කරන්නේ ඔවුන් මත වන අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ පිළිකුලයි.
4- කීකරුවූවන් හට ගෞරව කිරීම සහ තිළිණ පිරිනැමීම යන කරුණු දෙකින් පෙන්නුම් කරන්නේ ඔවුන් ගැන වන අල්ලාහ්ගේ ප්‍රසාදය හා ප්‍රේමය යි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"...තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය."
(අර්-රූම්: 27) එනම්: කවර කරුණක් පිළිබඳ ගුණ ගායනා කරනු ලැබ ඇත්තේ ද ඒවායෙහි ඉහලම පරමාදර්ශයන් සුවිශුද්ධයාණන් සතුය. ඔහු මෙන් කිසිවක් නැත. එම ඉහළම පරමාදර්ශයන් තුළ දෙදෙනෙකුට හවුල් විය නොහැක. එසේ දෙදෙනකු එකිනෙකා සම වූයේ නම් එකෙක් අනෙකාට වඩා උසස් විය නොහැක්කේමය. එසේ එකිනෙකාට සම නොවූයේ නම්, ඉහළ පරමාදර්ශවලින් වර්ණනා කරනු ලබනුයේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණි. එහෙයින් උසස් පරමාදර්ශයෙකු සතු අයෙකුට කිසිදු සමානයෙකු හෝ ආදේශකයෙකු හෝ සිටිය නොහැකිය.
වැදගත් කරුණු (1)
ප්‍ර 4- අල්ලාහ් අප මැව්වේ ඇයි? අප බිහි කිරීමේ අරමුණ කුමක් ද?
අප මැවීමේ ප්‍රඥාව හා අප බිහි කිරීමේ අරමුණ මහා ප්‍රඥාවන්ත සර්වඥ සර්ව බලධාරී අල්ලාහ් තම පුස්තකයේ අපට මෙසේ දන්වා සිටියි.
"තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි."
(අද්-දාරියාත්: 56)
මෙය ජින් වර්ගයා හා මානව වර්ගයා මවනු ලැබූ හා ඒ වෙත ඇරයුම් කිරීම සඳහා සියලුම දූතවරුන් එවනු ලැබූ අරමුණයි. එනම් අල්ලාහ්ට නැමදුම් කිරීම ය. එහි ඔහුව හඳුනා ගැනීම, ඔහුට ආදරය කිරීම, ඔහු වෙත යොමු වීම, ඔහු මත භාර කිරීම හා ඔහු හැර සෙසු දෑ ප්‍රතික්ෂේප කිරීම යනාදිය ඇතුළත් වෙයි.
මෙම අරමුණින් කවරෙකු බැහර වූයේ ද අල්ලාහ්ගේ දඬුවමට ඔහු සුදුසුකම් ලබනු ඇත. කවරෙකු එය පිළිපැද්දේ ද ඔහු සදා සැප පහසුකම් විඳින්නට සුදුසුකම් ලබනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු."
(අන්-නහ්ල්: 97)
වැදගත් කරුණු (1)
ප්‍ර5- උත්තරීතර අල්ලාහ්ව මැව්වේ කවු ද?
පි5: මූලික වශයෙන්ම මෙම ප්‍රශ්ණය නිෂ්ඵලය. තර්කයක් ලෙස උත්තරීතර අල්ලාහ්ට මැවුම්කරුවකු සිටින බව අප නියම කර ගත්තේ නම්, ප්‍රශ්න කරන්නා "මැවුම්කරු මැවූ මැවුම්කරු කවු ද? පසුව මැවුම්කරු මැවූ මැවුම්කරුගේ මැවුම්කරු කවු ද? යන්නෙන් විමසා සිටිනු ඇත. එසේ නිමක් නැතිව ප්‍රශ්නය දීර්ඝවී යයි.
මෙය මනසින් කළ නොහැකි දෙයකි.
සියලු දෑ මැවූ මැවුම්කරු සමග සියලුම මැවීම් අවසන් වී යයි. ඔහුව කිසිවෙකු මැව්වේ නැත. ඔහු හැර සෙසු සියල්ල ඔහු මැව්වේය. මෙය තර් කයට හා බුද්ධියට අනුකූලය. ඔහු ශුද්ධ වූ සැබෑ දෙවියාය.
ඒ සඳහා වන සාධකය නම් උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයයි:
"ඔහු ප්‍රාරම්භකය; අවසානය; බාහිරය; අභ්‍යන්තරය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය."
(අල්-හදීද්: 3)
මෙම පාඨය සඳහා වන විග්‍රහය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අහෝ දෙවියනි! ඔබයි ආරම්භක, ඔබට පෙර කිසිවක් නැත. ඔබයි අවසානය, ඔබට පසු කිසිවක් නැත."
මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය.
"අල්ලාහ් විය. ඔහු හැර වෙනත් කිසිවක් නොවීය."
තවත් වාර්තාවක
"ඔහුට පෙර කිසිවක් නොවීය."
මෙම වාර් තා දෙකම බුහාරි තුමා විසින් දන්වා ඇත.
මෙම ප්‍රශ්නයට පළමු ප්‍රතිකාරය මෙයයි.
දෙවැනි ප්‍රතිකාරය වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා කළ හදීස් අනුවය:
"මෙය අල්ලාහ් මැවූ මැවීමය. අල්ලාහ්ව මැව්වේ කවුදැයි පවසන තරමට මිනිස්සු ප්‍රශ්න කරමින්ම සිටිති. කවරෙකුට මෙවැන්නක් හට ගැනුනේ ද ඔහු "ආමන්තු බිල්ලාහ්" මම අල්ලාහ්ව විශ්වාස කරමි යැයි පැවසිය යුතුය."
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ:
ඔබ අතරින් කෙනෙකු වෙත ෂෙයිතාන් පැමිණ අහස මැව්වේ කවුද? භූමිය මැව්වේ කවුද? යැයි විමසයි. එවිට ඔහු අල්ලාහ් යැයි පවසනු ඇත. පසුව ඒ අයුරින්ම පවසා සිටී. ඊට අමතරව "ඔහුගේ දූතයා" යැයි ද සඳහන් වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ:
"ඔබ අතරින් කෙනෙකු වෙත ෂෙයිතාන් පැමිණ මේ මේ දේවල් මැව්වේ කවුදැ?යි විමසයි. අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවුදැ?යි ඔහුගෙන් විමසා සිටියි. එවැන්නක් වෙත ළඟා වූ විට ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතු ය."
මේ සියල්ල වාර්තා කර ඇත්තේ ඉමාම් මුස්ලිම් විසිනි.
මෙම හදීස්වල:
මෙම ප්‍රශ්ණයේ මූලාරම්භය පැහැදිලි කර ඇත. ඔහු ෂෙයිතාන්ය. ඒ සඳහා වන ප්‍රතිකාරය හා ප්‍රතිචාරය ද පැහැදිලි කර ඇත. එනම්:
1- අනතුරු දායක දැයින් නොමඟ යෑමෙන් හා ෂෙයිතාන්ගේ මුළා කිරීමෙන් වැළකී සිටීම.
2- "ආමන්තු බිල්ලාහි වරසුලිහි" (මම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කරමි) යැයි පැවසීම.
3- ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පැතීම.
තුන් වරක් වම් පැත්තට කෙළ ගසා, "කුල් හුවල්ලාහු අහද්" නම් සූරාව කියවීම ගැන ද වාර්තා වී ඇත.
පිළිතුර අවසානයේ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
"ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය."
(අල්-අන්ආම්: 102)
වැදගත් කරුණු (1)
ප්‍ර6- නපුර මවනු ලැබ ඇත්තේ ඇයි?
පි6 : අල්ලාහ් නපුර නිර්මාණය කළේ ඇයි යන ප්‍රශ්නය ඇසීම හෝ එයට විරුද්ධ වීම හෝ නොකළ යුතුය. මක්නිසාදයත් මැවුම්කරු සර්ව බලධාරී අල්ලාහ් වන අතර ඔහු කරන දේ ගැන ඔහුගෙන් විමසනු නොලැබේ. ඒ වෙනුවට ප්‍රශ්න අසනුයේ ඔහු ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
"(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳ ව ඔහු විමසනු නොලබයි. නමුත් විමසනු ලබනුයේ ඔවුහුමය."
(අල්-අන්බියා: 23)
යහපත හා අයහපතෙහි පැවැත්ම පිළිබඳ ඇතැම් ප්‍රඥාන්විත කරුණු පහත සඳහන් පරිදිය.
- වගකීම් පැවරුනු පුද්ගලයා යහපත හා අයහපත තුළින් පරීක්ෂාවට සහ විභාගයට ලක් කිරීම. එමගින් සෙසු අයගෙන් ඉවසිලිවන්තයා කවු දැයි යන්නත් තවත් අයගෙන් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයා කවුදැයි යන්නත් පැහැදිලි වනු ඇත.
"ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය; අතික්ෂමාශීලීය."
(අල්-මුල්ක්: 2)
තව ද අල්ලාහ් මෙසේ පවසා ඇත:
"...තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය."
(අල්-අන්බියා: 35)
අල්ලාහ් තම ගැත්තන් මෙලොවෙහි බිහි කර, ඇතැම් දෑ ඔවුනට නියෝග කළේය. තවත් දෑ ඔවුනට තහනම් කළේය. යහපත හා අයහපත, ධනවත්කම හා දුප්පත්කම, ගෞරවය හා නින්දාව, ජීවය හා මරණය යනාදියෙන් ඔහු ඔවුන් පරීක්ෂාවට ලක් කළේය. එය ඔවුන් අතරින් කවරෙකු යහ ක්‍රියා සිදු කරන්නේ දැයි පරීක්ෂා කරනු පිණිසය. එය පරීක්ෂාවට ලක්වන තැන්වල පරීක්ෂාවට පත් වන්නේ කවුද? ඉන් ආරක්ෂා වන්නේ කවුදැ?යි සෝදිසි කරනු පිණිසය.
"නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය."
එහෙයින් අපි නුඹලාට නුඹලාගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල පිරිනමන්නෙමු. එය යහපත් නම් යහපතකි එය නපුරු නම් නපුරකි.
"ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ."
- විශ්වයේ ද්විත්ව භාවය තහවුරු කිරීම; යහපත දැනගත හැකිවනුයේ නපුර දැන ගැනීමෙන් පමණි. ඒවාට ප්‍රතිවිරුද්ධ දෑ වෙන්කර හඳුනාගත හැකි අතර, යහපතෙහි පැවැත්ම සඳහා නපුර අවශ්‍ය වන්නේ එය එයට එරෙහිව ක්‍රියා කරන බැවිනි. හොඳ නරක සහ ඒවා තුළ ඇති අස්ථාවරත්වය මෙලොව ජීවිතයේ ස්වභාවයේ කොටසකි.
නපුර සාපේක්ෂ ය; ඇතැමෙකුට අයහපත් ලෙස පෙනෙන කාරණයක් අනෙක් අයට හොඳ ලෙස පෙනෙනු ඇත. උදාහරණයක් ලෙස සොරෙකුගේ අත කපා දැමීම ඔහුට නපුරකි. නමුත් එහි සමාජයට යහපත ඇත. හේතුව එය එකිනෙකාගේ මුදල් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීමෙන් මිනිසුන් වළක්වන බැවිනි.
වගකිව යුතු තැනැත්තාට සාධාරණය ඉටු කරන්නා පරීක්ෂාවට ලක් කිරීමේ සැබෑ අර් ථය සාක්ෂාත් කර ගැනීම; සර්වබලධාරී අල්ලාහ් මිනිසාට යහපත සහ අයහපත යන මාර් ගය පෙන්වා දුන් අතර, ඒවායින් එකක් තෝරා ගැනීමේ නිදහස ඔහුට පිරිනමා ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
"අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?"
"දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)"
"තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු."
(අල්-බලද්: 8-10)
එනම්: බැලීම සඳහා දෑස් හා කතා කිරීම සඳහා දිව හා දොතොල් අපි ඔහු වෙනුවෙන් නිර් මාණය නොකළෙමු ද? යහපත හා අයහපත යන මාර් ගය ඔහු වෙනුවෙන් අපි පැහැදිලි නොකළෙමු ද?
- ඇත්තෙන්ම අප දකින බොහෝ අයහපත් දෑ, සෑම අංශයකින්ම ශුද්ධ අයහපතක් නොවනු ඇත. නමුත් ඇතැම් විට ඒවා තුළ හොඳ පැත්තක් ද තිබිය හැක. නරක ලෙස දකින දේවල් තුළ යහපත් දෑ කොපමණක් තිබේ ද? ඇතැම් විට මිනිසා රෝගාතුර වෙයි. එය ඔහුට සිදුවන්නට තිබූ ඊට වඩා බරපතල නපුරකින් ඔහු වෙනතකට යොමු කරන සාධකයක් විය හැක. පුද්ගලයෙකුට මූල්‍යමය ගනුදෙනුවක් අහිමි වී යයි. නමුත් ඔහු ඇතැම් විට එය උපයා තිබුණේ නම්, ඔහු සීමාව ඉක්මවා බලහත්කාරයෙන් කටයුතු කරන්නට තිබුණි. මිනිසෙකුට දරුවෙක් අහිමි විය හැක. ඇතැම් විට ඔහු ජීවත් වූයේ නම් ඔහුට නපුරක් විය හැක.
යම් පුද්ගලයෙක් තමාගේ ක්‍රියාව වෙනුවෙන් නිරය ලැබීමට සුදුසු විය හැකිය. එය සැබෑ ව්‍යසනය යි. නමුත් අල්ලාහ් ඔහුට විපතක් ඇති කරයි. ඔහු එය ඉවසා දරා ගනියි. අවසානයේ ඔහුගේ ඉවසීම සඳහා ඔහුට ස්වර් ගය නියම කර ප්‍රතිඵල ලබා දෙයි. එයයි සැබෑ සහ ස්ථිර යහපත වන්නේ.
සර්වබලධාරී අල්ලාහ් ශුද්ධ නපුර නිර්මාණය නොකරන අතර, සහීහ් හදීසයේ සඳහන් කර ඇති පරිදි නපුර ඔහුට ආරෝපණය නොකෙරේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ.
"නපුර ඔබෙන් හටගන්නේ නැත."
මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
- යහපත හා නපුර පැවැත්මේ ප්‍රඥාන්විත තවත් කරුණක් වනුයේ, සර්ව බලධාරී අල්ලාහ්ට ප්‍රතිවිරුද්ධ දේ ඇති කිරීමට ඇති හැකියාව ඉස්මතු කිරීම සහ ඔහුගේ බලවත් නාමවල බලපෑම් මතු කිරීම ය. එනම්: සර්වබලධාරි අල්ලාහ් මර්ධනය කරන්නා, සමප්‍රතිචාර දක්වන්නා, යුක්තිය ඉටු කරන්නා යනාදී ඔහුගේ නම් සහ ක්‍රියාවන්ගේ බලපෑම් පෙන්වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
"අහස් හතක් හා මහපොළොවෙන් ද ඒවාට සමාන දෑ මැව්වේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර් ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත."
(අත්-තලාක්: 12)
නපුර ඒ වෙනුවෙන්ම අරමුණු කර ගත් එකක් නොවේ. එසේම මැවීම් නිර්මාණය කරනු ලැබූ අරමුණ ද එය නොවේ. ඒවා ආදරණීය දෙයකට නියම කර එයට මාර් ගයක් සාදා ගත් ප්‍රතිවිපාක වේ. එයට නියම කළ දේ සිදු වුවහොත්, ඒවා අඩු වී නැති වී යන අතර කාරණය ශුද්ධ යහපතට නැවත පැමිණේ.
මෙලොව තාවකාලික වාසස්ථානයක් බවත්, එය පරීක්‍ෂණ, අර් බූද සහිත අසම්පූර් ණ ස්ථානයක් බවත්, මෙලොව පරම පරිපූර් ණත්වය දැකීමට අපේක්ෂා කරන තැනැත්තා පරලොව පරිපූර් ණත්වයේ වාසස්ථානය බවට නියම කරන දිව්‍ය ප්‍රඥාවට විරුද්ධ බවත් තරයේ විශ්වාස කිරීමට පෙර නපුරේ පැවැත්ම ගැන ප්‍රඥාව කිසිවෙකුට වටහා ගත නොහැක.
දේවත්වය විශ්වාස කළ තැනැත්තා සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
"අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මේ මෙලොව ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන්ම මතු ලොව සදා නිවහනය."
(ගාෆිර්: 39)
වැදගත් කරුණු (1)
ප්‍ර7- විශ්වාසය සම්බන්ධයෙන් හා ඒකදේව වාදයේ කරුණුවලදී ඇති වන කුකුස් සඳහා ප්‍රතිකාරය කුමක් ද?
කුකුස් සඳහා වන ප්‍රතිකාර පහත සඳහන් කරුණු තුළින් සිදු වනු ඇත.
- දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා දැනුම තුළින් තමන්ව ආරක්ෂා කර ගත යුතුය. අඥානකම මිනිසුන් හා ජින්නුන් අතර සිටින ෂෙයිතානුන්ගෙන් මිනිසුන් අතරට පිවිසෙන්නකි.
- අල්ලාහ්ව සිහිපත් කිරීම හා හෙළා දකිනු ලැබූ ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව පැතීම.
- නොනවතින සැකයන් අවසන් කර දමා ඒවා මුලිනුපුටා දැමීම.
- දැනුමැති විද්වතුන්ගෙන් විමසා සිටීම. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
"...එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම්, දැනුමැත්තන්ගෙන් විමසනු."
(අන්-නහ්ල්: 43)
තෝරාගත් ප්‍රශ්න: ඉස්ලාම් ගැන නිතර අසන ප්‍රශ්න ශබ්දකෝෂයෙන්
(අර්කානුල් ඊමාන් හෙවත් දේව විශ්වාසයේ මූලිකාංග පිළිබඳ කොටස)
ප්‍රශ්න අංක: 48
ඉස්ලාමයේ මූලික කුළුණු පහ කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
පි- ඉස්ලාමයේ මූලික කුළුණු පහ කුමක් ද?
පි: ඉස්ලාමය මූලික කරුණු පහක් මත ගොඩ නැගී ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ ඒ ගැන මෙසේ පවසා පැහැදිලි කළහ:
ඉස්ලාමය කරුණු පහක් මත ගොඩ නැගී ඇත. එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව හා මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව පවසා සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, හජ් වන්දනාව ඉටු කිරීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම යනාදියයි.
බුහාරි හා මුස්ලිම්
පළමු මූලිකාංගය: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමයි. එනම්: උත්තරීතර අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීමය. එය එහි අර්ථය මැනවින් දැන ගැනීමත් සමග නපුරු බලවේග ප්‍රතික්ෂේප කිරීමට බැඳී, උත්තරීතර අල්ලාහ්ගේ පිළිවෙතට යටත් වී, ආදරය හා ගෞරවයෙන් යුතුව සුවිශුද්ධ අල්ලාහ්ට අවංක භාවයෙන් යුතුව කටයුතු කිරීමය.
තවද සැබැවින්ම අල්ලාහ් ඒකීය යැයි ද ඔහු පරිපාලක, රජු, සැලසුම්කරු, මැවුම්කරු හා පෝෂක යැයි ද විශ්වාස කිරීම හා තමන් විසින් සහතික කළ හෝ තම දූතයාණන් විසින් සහතික කළ උසස් ගුණාංග හා අලංකාර සියලු නාම ඔහුට ස්ථීර කිරීමය.
සැබැවින්ම අල්ලාහ් ඒකීය බවත් නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණකි ඔහු හැර වෙනත් කිසිවකු ඒ සඳහා සුදුසුකම් නොලබන බවත් විශ්වාස කළ යුතුයි. මක්නිසාද යත් ඔහු එකම මැවුම්කරුය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොවීය. ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි.
(ඔහු පූර්ව ආදර්ශයකින් තොර ව මවන) අහස්හි හා පොළොවෙහි උත්පාදකයාය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර් වඥය.
ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමාන කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.
(අල්-අන්ආම්: 101,102)
කුරෙයිෂ් වංශයේ හාෂිමී පරපුරේ අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරුන් අතරින් අවසානයා බවත් ධර්ම දූතවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා බවත් සාක්ෂි දැරීම. ඒ සමගම එතුමාණන් දහමෙහි කවර කරුණක් ගෙන ආවේ ද එයට අනුගතව අනවබෝධයෙන් හෝ ඉක්මවීමෙන් තොරව එයට ගරු කරමින් පිළිපැදීම.
එතුමාණන්ගේ පිළිවෙතට අනුව ක්‍රියා නොකිරීම අනවබෝධයේ කරුණක් වන අතර උත්තරීතර අල්ලාහ් හැර දමා වෙනත් දෑට නමස්කාර කිරීම ඉක්මවා යෑමේ කරුණකි. උදාහරණයක් ලෙස, උත්තරීතර අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට යොමු කිරීමට සුදුසු නැති දෑ දිවුරීම හා ඒවාට ප්‍රාර් ථනා කිරීම වැනිය.
එසේම අල්ලාහ් තම ධර්මදූතයා වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවා ඇති බවත් එතුමාණන් වෙත අල් කුර් ආනය පහළ කළ බවත් මෙම දහම මුළු මිනිස් සංහතියටම ප්‍රචාරය කරන මෙන් එතුමාණන්ට නියෝග කර ඇති බවත් විශ්වාස කිරීම. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කළ යුතු බවත් ඒ දෙදෙනාට අවනත වීම සෑම කෙනෙකුටම අනිවාර්යය බවත් අල්ලාහ්ගේ දූතයාණන්ව අනුගමනය කිරීමෙන් මිස අල්ලාහ්ගේ ආදරය සහතික කළ නොහැකි බවත් විශ්වාස කිරීම. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු."
(ආලු ඉම්රාන්: 31)
තවද එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එහි එතුමාණන්ට අවනත වීම අනිවාර්යය බවත්, එතුමා දන්වා සිටි තොරතුරු සම්බන්ධයෙන් එතුමාව සහතික කළ යුතු බවත් කවර කරුණක් එතුමාණන් තහනම් කළේ ද එමෙන්ම හෙළා දුටුවේ ද එවැනි දැයින් වැළකී සිටිය යුතු බවත් අල්ලාහ් දහම් ගත කළ දැයින් මිස මිනිසා විසින් අලුතින් බිහි කළ දෑ පදනම් කර ගනිමින් අල්ලාහ්ට නැමදුම් ඉටු නොකළ යුතු බවත් විශ්වාස කිරීම.
අල්ලාහ්ගේ දූතයාණන් එවීමේ ප්‍රඥාව වනුයේ: මිනිසුනට මඟ පෙන්වීම, ඔවුන්ගේ ආගම හා ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළ ඔවුනට ප්‍රයෝජනය හා යහපත ඇති කටයුතු වෙත මඟ පෙන්වීම හා ඔවුන්ගේ පරමාධිපති තෘප්තියට පත්වන දෑ වෙත ඔවුනට මඟ පෙන්වීමය.
දෙවන මූලිකාංගය: සලාතය විධිමත්ව ඉටු කිරීම: එනම් අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා ආරම්භ කර අස්-සලාමු අලයිකුම් යන ප්‍රකාශයත් සමග අවසන් කරනු ලබන නියමිත ප්‍රකාශ හා ක්‍රියාවන් තුළින්, අල්ලාහ් වෙනුවෙන් ඉටු කරනු ලබන නැමදුමකි.
එය දහවල් කාලයේ හා රාත්‍රි කාලයේ ඉටු කරනු ලබන සලාත් වාර පහ වේ. එනම්: ෆජ්ර්, ළුහර්, අසර්, මග්රිබ් හා ඉෂා යන සලාත්ය.
සලාතය ඉටු කිරීම සෑම මුස්ලිම් වරයෙකුටම අනිවාර්යය වේ.
උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:
"සැබැවින්ම සලාතය දේව විශ්වාස කරන්නන් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි."
(සූරා අන්-නිසා: 103)
සලාතයේ ප්‍රඥාව වනුයේ සැබැවින්ම එය ගැත්තා හා ඔහුගේ පරමාධිපති අතර පවතින සම්බන්ධතාවකි; සැනසුමකි; තැන්පත්කමකි. එය පිළිකුල් සහගත දෑ හා අශීලාචාර දැයින් වළක්වයි.
තුන්වන මූලිකාංගය: සකාත් පිරිනැමීම, එනම්, නියමිත වස්තුවෙහි, නියමිත පාර් ශ වයකට නියමිත කාලය තුළ අනිවාර්යය වන වගකීමකි. මෙය ඉස්ලාමයේ මූලිකාංග අතරින් එක් මූලිකාංගයකි. ධනවතුන්ගෙන් ලබා දුප්පතුන්ට පිරිනමනු ලබන අනිවාර්යය දානයකි.
උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:
"ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරවන, ඔවුන් ව පාරිශුද්ධ කරවන (සදකාවක්) දානයක් නුඹ ගනු."
(සූරා අත්තව්බා: 103)
සකාත් පිරිනැමීමේ ප්‍රඥාව වනුයේ සැබැවින්ම එය ධනය පිරිසිදු කරයි. එය වර්ධනය කරයි, මසුරුකම හා ලෝභකමින් සිත් පිරිසිදු කරයි. ධනවතුන් හා දුප්පතුන් අතර ආදරය ශක්තිමත් කරයි. එහෙයින් ක්‍රෝධය ඉවත් වී ගොස් ආරක්ෂාව ඉහළ නැංවෙයි. සමාජය සතුටට පත් වෙයි.
සිව්වැනි මූලිකාංගය: රමළාන් මාසයේ උපවාසය, එනම් හිජ්රි වර් ෂය අනුව නව වැනි මස දහවල් කාලය තුළ ආහාර ගැනීම, පානය කිරීම හා අඹුසැමි ඇසුර යනාදී උපවාසය බිඳන කරුණුවලින් වැළකී සිටීමය.
උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:
"රමළාන් මාසය වනාහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් එහි අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට ප්‍රවේශ වූයේ ද ඔහු එහි උපවාසය රකිත්වා!"
(අල්-බකරා: 185)
උපවාසය තුළ ඇති ප්‍රඥාව: සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ වූ භක්තිය තහවුරු කිරීම සඳහා වූ මාර්ගයකි.
උත්තරීතර අල්ලාහ්ගේ ආශීර්වාද පිළිබඳ උපවාසකරු වටහා ගැනීම.
උපවාසකරු තම සහෝදර දුප්පතුන් සහ අගහිඟකම් ඇති උපවාසකරු ගැන මෙනෙහි කිරීම.
උපවාසය මුස්ලිම්වරුන්ගේ හැඟීම් ඒකාබද්ධ කරයි.
උපවාසය ශරීර සෞඛ්‍යය හා ශක්තිය ලබා දෙයි.
මේවා හැර වෙනත් කරුණු ද ඇත.
පස්වැනි මූලිකාංගය: හජ් වන්දනාව, හැකියාව ඇත්තන් තම ජීවිත කාලය තුළ ශුද්ධ වූ මක්කාවේ සංඛේතාත්මක ශුද්ධ වූ ස්ථාන බැහැ දැකීම. එය, නියමිත වන්දනාමාන ඉටු කිරීම පිණිසය.
උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:
"තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයා හට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත්ය."
(ආලු ඉම්රාන්: 97)
හජ් වන්දනාවේ ප්‍රඥාව: එහි උත්තරීතර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කෙරෙයි. එමෙන්ම ශුද්ධ වූ අල්ලාහ් ගැන වූ භක්තිය සහතික කෙරෙයි. සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ මතකය ස්ථාපිත කරයි. මිනිස් ආත්ම හැඩ ගැසෙයි. නිවැරදි ඒකීයත්වයේ අර්ථය සමූහයාට පුහුණු කරයි. මේ හැර තවත් ප්‍රඥාවන්, ප්‍රතිලාබ හා ප්‍රයෝජන ගණනාවක්ම ඇත.
මෙය සාරාංශගත ප්‍රකාශයක් පමණි. මේ සෑම වගකීමකටම කොන්දේසි, මූලිකාංග හා බොහෝ විස්තර ඇත.
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ මිතුරන් සැම දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!
අංක: 400
ප්‍රශ්න අංක: 49
වුළු නම් අර්ධ දෝවනයේ ක්‍රමය කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ප්‍ර- වුළු දෝවනයේ ක්‍රමය කුමක් ද?
පි: වුළු දෝවනයගේ සම්පූර්ණ ක්‍රමය පහත සඳහන් පරිදි විස්තර කෙරේ.
1- පිරිසිදුභාවය හා කිලිටිවලින් පිවිතුරු වීමට මිනිසා නියියත් හෙවත් චේතනාව අදිටන් කර ගනියි. එය සිතෙහි හට ගන්නා කරුණක් වන බැවින්, මුවින් පැවසිය යුතු නැත. අනෙකුත් නැමදුම්වල ද එලෙසමය.
2- බිස්මිල්ලාහ් යැයි පවසයි.
3- පසුව තම අත තුන් වරක් සෝදා හරියි.
පසුව කට කලත්වා තුන්වරක් සෝදා හරියි. (කැලැත්වීම යනු කට තුළ ජලය දමා කැලැත්වීමය)
තුන්වරක් ජලය නාසය තුළට යවා තම වමතින් නාසය සීරයි.
නාසය සීරීම යනු නාසය තුළට ජලය යවා එය නාසයෙන් පිටතට සීරීමය.
5- තුන් වරක් මුහුණ සෝදා ගනියි. දිගින් මුහුණෙහි සීමාව වනුයේ සාමාන්‍යයෙන් හිසකෙස් වැවෙන ස්ථානයේ සිට යටි රැවුල හා නිකටට පහළ දක්වා ද පළලින් එහි සීමාව දකුණු කනෙහි සිට වම් කන දක්වා ද වේ.
පිරිමියා තම යටි රැවුල සෝදා ගනියි. එයද මුහුණෙහි කොටසකි. එය සැහැල්ලුවේන් වැවී ඇත්නම් එහි බාහිරය මෙන්ම අභ්‍යන්තරය ද සෝදා ගත යුතුයි. එය ඝනව වැවී ඇත්නම්, එනම් එය සම ආවරණය කරන පරිදි වැවී ඇත්නම් එහි මතුපිට පමණක් අතුල්ලමින් සෝදා හරියි. එමෙන්ම එය අතුල්ලා ගනියි.
6- පසුව වැළමිට දක්වා තුන්වරක් අත සෝදා ගනියි. අතෙහි සීමාව නියපොතු ඇතුළුව ඇඟිලි තුඩුවල සිට බාහුව ආරම්භ වන කොටස දක්වා වේ. අත් සේදීමට පෙර සමට ජලය ළඟාවීමට බාධා වන පරිදි අතෙහි ඇලී ඇති පිටි, පස් හා අලේපන වැනි දෑ ඉවත් කළ යුතුය.
7- ඉන් පසුව ජලය රැගෙන තම හිස හා තම කන් දෙක එක් වරක් පිරි මදියි.
හිස ජලයෙන් පිරිමැදීමේ ක්‍රමය වනුයේ. තෙත් අතින් තම හිසෙහි ආරම්භ කොටසේ සිට පසුගෙල දක්වා පිරිමදිමින් ගෙන ගොස් නැවතත් ආරම්භ කළ තැනටම ගෙන ඒමය. පසුව තම දබර ඇඟිලි දෙක දෙකන්හි ගුලෙහි ඇතුළු කොට මහපොට ඇඟිලි දෙක එහි මතුපිටින් තබා පිරිමදියි.
කාන්තාවකගේ හිසකෙස් සම්බන්ධයෙන් බලන කල එය එල්ලෙමින් තිබුණ ද ගොතා තිබුණ ද හිසෙහි ආරම්භයේ සිට පසුගෙලෙහි හිසකෙස් වැවෙන ස්ථානය දක්වා පිරිමැදිය යුතුය. ඊට බාහිර ව දිගින් පවතින ඇගේ හිසකෙස් පිරිමැදීම අනිවාර්යය වන්නේ නැත.
8- පසුව ඔහුගේ දෙපා වළලු කර දක්වා තුන්වරක් සොදා හරියි. වළලු කර යනු කෙණ්ඩයේ පහළ කොටසෙහි නෙරා ගිය අස්ථි දෙකය.
- කවරෙකු ජලය නොලැබුවේ ද ඔහු තයම්මුම් කර ගනී. තයම්මුම් යනු: ජලය නොමැති අවස්ථාවක හෝ එය භාවිත කිරීමට යම් බාධාවක් ඇති වූ අවස්ථාවක, මහපොළොවෙන් උසට වැඩී ඇති පස් හෝ ඒ හා සමාන වෙනත් දෙයක් භාවිතා කරමින් සිදු කරන ක්‍රියාවලියකි.
උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:
"නුඹලාට ජලය නොලැබූනේ නම්, නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නොකර) නොසලකා හැර පාපක්ෂමාව පිරිනමන්නාය."
(අන්-නිසා: 43)
තයම්මුම්හි ක්‍රමය වනුයේ: අත්ලෙන් එක් වරක් පස් මත ගසා, මුහුණ මත හා දෑතෙහි මැණික් කටුව මතුපිට එක් වරක් බැගින් පිරිමැදීමය. අම්මාර් ඉබ්නු යාසීර් (රළියල්ලාහු අන්හු) තුමාහට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.
"සැබැවින්ම මෙලෙස කිරීම ප්‍රමාණවත් වේ" යැයි පවසා තම අත් දෙක පොළොව මත ගසා, ඒ දෙකෙහි පිඹ, පසු ව නබිතුමාණෝ ඒ දෙකින් තම මුහුණ හා එතුමාණන්ගේ අත් දෙක පිරිමැද්දාහ.
මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
ඉහත සඳහන් කරුණට සාධකය වනුයේ උස්මාන් තුමාගේ සේවකයකු වූ හුම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලද හදීසයයි. ඇත්තෙන්ම උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා,
ජලය ගෙන්වා ගෙන වුළු ධෝවනය කරන්නට විය. එතුමා අත් දෙක තුන් වරක් සෝදා හැරියේය. පසු ව කට පිරිසිදු කොට නාසය සීරා පිරිසිදු කළේය. පසු ව තම මුහුණ තුන්වරක් සෝදා තම දකුණත වැළමිට දක්වා තුන්වරක් සේදුවේය. එමෙන්ම වමත ද වැළමිට දක්වා තුන්වරක් සේදුවේය. පසු ව තම හිස ජලයෙන් පිරිමැද්දේය. පසු ව තම දකුණු කකුල වළලුකර දක්වා සේදුවේය. පසු ව ඒ අයුරින්ම වම් කකුල ද සේදුවේය. පසු ව එතුමා නබිතුමාණන් මේ මා කළ වුළු ධෝවනය මෙන් වුළු කරනු මම දැක ඇත්තෙමි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “මේ මා කළ වුළු ධෝවනය මෙන් කවරෙකු වුළු ධෝවනය කර, අනතුරු ව එහි දී වුළු අවලංගු නොවූ තත්ත්වයෙන් රකආත් දෙකක් ඉටු කළේ ද, පෙර කළ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
මෙය මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි:
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්‍ය වූ කෙනෙකු ව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. නමුත් නුඹලා රෝගී ව හෝ යම් ගමනක නිරත ව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර් ශ කළෙහු නම් හෝ ඉන්පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නොලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණුද නුඹලාගේ අත් ද පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි. නමුත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා ව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි."
(අල්-මාඉදා: 6)
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ මිතුරන් සැම දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 3060
ප්‍රශ්න අංක: 50
සලාතයේ ක්‍රමය කුමක් ද?
පිළිතුර:
වැදගත් කරුණු (1)
ප්‍ර- සලාතයේ ක්‍රමය කුමක් ද?
පි: සලාතයේ ක්‍රමය පහත සඳහන් පරිදිය.
1- කිසිදු වෙනස් වීමකින් හෝ හැරීමකින් තොරව මුළු ශරීරයම කිබ්ලා දෙසට හැරවීම.
2- මුවින් ප්‍රකාශ කිරීමකින් තොරව, සලාත් ඉටු කරන බවට අපේක්ෂා කරමින් සලාතය සඳහා, තම හදවතින් තබන නිය්යත් හෙවත් අදිටන.
පසුව 'අල්ලාහු අක්බර්' යැයි ප්‍රාරම්භක තක්බීරය පවසයි. පසුව තක්බීර් පවසන අවස්ථාවේ තම දෙඅත් උරහිසට සමාන්තරව පිහිටන සේ ඔසවා ගනියි.
4- පසුව තම දකුණත වමතෙහි මතුපිටින් පිහිටන සේ පපුවට ඉහළින් තබා ගනී.
5- පසුව ආරම්භක ප්‍රාර්ථනාව පවසයි: එහි දී,
اللهم بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللهم نقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنْ الدَّنَسِ ، اللهم اِغْسِلْنِي مِنْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ තේරුම : යා අල්ලාහ්! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා හා මාගේ පාපයන් අතර දුරස් කරනු මැනව! යා අල්ලාහ්! සුදු වස්ත්‍රයක කිලිටි පිරිසිදු කරනු ලබනවාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව! ජලය, පිනි කැට හා හිම තුළින් මාගේ පාපයන්ගෙන් මා සෝදා හරිනු මැනව!
එසේ නැතහොත් මෙසේ පවසයි:
"සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලාඉලාහ ගයිරක." තේරුම: යා අල්ලාහ් ඔබට උපහාර දක්වන අතරම සුවිශුද්ධද කරමි. ඔබේ නාමයන් සමෘධිමත්ය. ඔබේ කීර්තිය උත්තරීතරය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත.
6- පසුව ආරක්ෂාව පතමින් මෙසේ පවසයි:
"අඌදු බිල්ලාහි මිනෂ්-ෂෙයිතානිර් රජීම්" හෙළන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි.
7- පසුව බිස්මිල්ලාහ් පවසා සූරා අල්-ෆාතිහා පාරායනය කරයි.
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
الرَّحْمـنِ الرَّحِيمِ අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.
مَالِكِ يَوْمِ الدِّينِ විනිශ්චය දිනයේ රජු ය.
إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ අපට ඍජු මඟ පෙන්වනු මැනව.
صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ ඔබ කවරෙකු ට ආශිර් වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර් ගය නොව.
(සූරා අල්-ෆාතිහා: 1-7)
පසුව 'ආමීන්' යැයි පවසයි. ඉන් අදහස් කරනුයේ අහෝ අල්ලාහ් පිළිගනු මැනව යන්නයි.
8- පසුව අල් කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කරයි. සුබ්හු සලාතයේ දී දීර්ග ලෙස පාරායනය කරයි.
9- පසු ව රුකූඋ කරයි. එනම්, අල්ලාහ්ට ගරුබුහුමන් කිරීම සඳහා තම පිට කොන්ද නැවීමය. රුකූඋ කරන මොහොතේ ඔහු තක්බීර් පවසයි. ඔහුගේ දෑත් ඔහුගේ උරහිස් දෙකට සමාන්තරව ඔසවයි. සුන්නාව වනුයේ: ඔහුගේ පිට නමා දිගුහැර, ඔහුගේ හිස සමාන්තවරව තබාගෙන ඔහුගේ දෑත් ඇඟිලි ඈත් කරමින් දණහිස් දෙක මත තැබීමය.
10- රුකූඋ හි ඔහු: සුබ්හාන රබ්බියල් අළීම් යැයි තුන්වරක් පවසයි. ඊට අමතරව සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අල්ලාහුමග් ෆිර්ලී යැයි පවසා සිටින්නේ නම්, එය හොඳය.
11- පසුව "සමිඅල්ලාහු ලිමන් හමිදා" යැයි පවසමින් රුකූඋ සිට තම හිස ඔසවා ගනියි. එවිට ඔහුගේ දෑත් ඔහුගේ උරහිසට සමාන්තරව ඔසවා ගනියි. ඉමාම්ව පිළිපදින මඃමූම්වරු "සමිඅල්ලාහු ලිමන් හමිදා" යැයි නොපවසයි. ඔවුන් ඒ වෙනුවට පවසනුයේ "රබ්බනා වලකල් හම්දු" යනුවෙනි.
12- ඉන් නැගිට්ට පසු මෙසේ පවසයි: රබ්බනා වලකල්- හම්දු මිල් අස්සමාවාති වල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්' තේරුම: අහෝ පරමාධිපතියාණනි, අහස් හා පොළොව පිරුණු, ඔබේ කැමැත්ත පිරුණු සියලු දෑහි ප‍්‍රශංසා, ඔබ සතුය.
13- පසුව පළමු සජදාව ඉටු කරයි. ඔහු සුජූද් කරන අවස්ථාවෙහි අල්ලාහු අක්බර් යැයි පවසයි. නළල හා නාසය, අත්ල දෙක, දණහිස් දෙක, පා ඇඟිලි තුඩු යනාදී ශරීර අවයව සතක් මත ඔහු සුජූද් කරයි: ඔහුගේ බාහු දෙක ඇළපත් දෙකින් ඈත් කර තබා ගනියි. අත් දෙක පොළොවට නිදිකරවා නො තබයි. එහි ඇඟිලි තුඩු කිබ්ලා දෙසට හරවා තබා ගනියි.
14- සුජූද් හි ඔහු: සුබ්හාන රබ්බියල් අඃලා යැයි තුන්වරක් පවසයි. ඊට අමතරව සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අල්ලාහුමග් ෆිර් ලි යැයි පවසා සිටින්නේ නම්, එය හොඳය.
15- පසුව අල්ලාහු අක්බර් යැයි පවසා සුජූද් ඉරියව්වෙන් තම හිස ඔසවා ගනියි.
16- පසුව සජදා ඉරියවන්වන් දෙකෙහිම තම වම් කකුල මත වාඩි වී, තම දකුණු කකුල සිටුවා තබා ගනියි. තම අත් දෙක තම කළවා දෙක හා තම දණහිස් දෙක මත තබා ගනියි.
17- සජදා දෙක අතර වාඩි වී සිටිය දී මෙසේ පවසයි: අල්ලාහුම්මඃෆිර් ලි වැ හම්නී වහ්දිනී වර් සුක්නී, වජ්බුර් නී, වආෆිනී. තේරුම: යා අල්ලාහ් මාහට ක්ෂමා දෙනු මැනව. මට කරුණා කරනු මැනව. මට සෘජු මාඟ පෙන්වනු මැනව. පෝෂණ සම්පත් ලබා දෙනු මැනව. මට සුවය ලබා දෙනු මැනව. යහපත් දේ කෙරෙහි මා යොමු කරනු මැනව.
18- පසුව දෙවන සජදාවත් පළමු සජදාව මෙන්ම එහි කිව යුතු දෑ පවසමින් හා එහි කළ යුතු දෑ පිළිපදිමින් ඉටු කරයි. ඔහු සුජූද් කරන අවස්ථාවේ අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසයි.
19- පසුව දෙවන සුජූදය නිමා කර අල්ලාහු අක්බර් යැයි පවසා නැගිට සිටියි. පසුව දෙවන රකආතය පළමු රකආතය මෙන්ම එහි කිව යුතු දෑ පවසමින් හා එහි කළ යුතු දෑ පිළිපදිමින් ඉටු කරයි. නමුත් එහි දී ආරම්භක ප්‍රාර්ථනාව පවසන්නේ නැත.
20- දෙවන රකආතය නිමා කිරීමෙන් පසු ව අල්ලාහු අක්බර් යැයි පවසා වාඩි වෙයි. සජදා දෙක අතර වාඩි වූ පරිදිම ඒ හා සමානව වාඩි වෙයි.
21- එම ඉඳුමෙහි මෙසේ තෂහ්හුද් පාරායනය කරයි:
"අත්තහිය්යාත්තු ලිල්ලාහි වස්සලවාතු වත් තයියිබාතු අස්සලාමු අලෙයික අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලෙයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා අලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමිදුන් මජීද්. අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් අදාබි ජහන්නම වමින් අදාබිල් කබ්රි වමින් ෆිත්නතල් මහ්යා වල්මමාති වමින් ෆිත්නතිල් මසීහද් දජ්ජාල්" තෙරුම: පැතුමන් ආශිර්වාදයන් හා යහපත අල්ලාහ්ටම හිමිය. අහෝ නබිතුමනි, අල්ලාහ්ගේ ශාන්තිය කරුණාව හා අභිවෘද්ධිය ඔබට හිමිවේවා. අපටත් අල්ලාහ්ගේ සැදැහැමි ගැත්තන් සියලු දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. නමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියකු නොමැති බව මම සාක්ෂි දරමි. සත්‍ය වශයෙන්ම මුහම්මද්(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා බව ද මම සාක්ෂි දරමි. යා අල්ලාහ්! ඉබ්රාහීම් තුමා හා එතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළා සේම මුහම්මද් තුමා හා එතුමාගේ පවුලේ අයට ද ශාන්තිය පහළ කරත්වා. යා අල්ලාහ්! ඉබ‍්‍රාහිම් තුමා හා එතුමන්ගේ පවුලේ අයට සමෘධිය ඇති කළා සේම මුහම්මද් තුමාට හා එතුමාගේ පවුලේ අයටද සමෘධිය ඇති කරත්වා. සත්‍ය වශයෙන්ම ඔබ ප‍්‍රශංසා ලැබිය යුත්තාය. කීර් තියේ හිමිය. යා අල්ලාහ් කබ්රයේ වේදනාවෙන් ද අපායේ වේදනාවෙන් ද ජීවිතයේ හා මරණයේදී ඇතිවන කලබලකාරි ස්වභාවයෙන්ද මසීහිද් දජ්ජාල්ගේ අර් බූදවලින් ද නියත වශයෙන්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.
පසුව තමන් කැමති මෙලොව හා මතුලොව යහපත තම පරමාධිපතිගෙන් පතයි.
22- පසුව 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්' යැයි පවසමින් දකුණ දෙසටත් එලෙසම වම් දෙසටත් සලාම් දෙයි.
23- රකආත් තුනක් හෝ හතරක් සහිත සලාතයක් වී නම්, පළමු තෂහ්හුද් හි ආවසානයත් සමග නතර කර ගනී. එනම්:
"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහු"
24- පසුව අල්ලාහු අක්බර් යැයි පවසා නැවත නැගිට සිටියි. එවිට තම අත් දෙක උරහිසට සමාන්තවර ඔසවා ගනියි.
25- පසුව දෙවන රකආතය ඉටු කළ ක්‍රමය අනුව ඔහුගේ ඉතිරි සලාතය ද ඉටු කරයි. නමුත් එහිදී ඔහු සූරා අල්-ෆාතිහා පාරායනය කිරීම සීමා කර ගනියි.
26- පසුව තවර්රුක් ඉඳුමෙන් වාඩිවෙයි. එනම් තම දකුණු කකුල සිටුවා තබා, තම වම් කකුල තම කෙණ්ඩයට යටින් පිටතට පිහිට සේ තබා, පොළොවේ වාඩි වීමට හැකි පරිදි වාඩි වෙයි. තම අත් දෙක පළමු තෂහ්හුද් හි තබා ගත් පරිදිම තම කලවා දෙක මත තබා ගනියි.
27- එම ඉඳුමෙහි තෂහ්හුද් සම්පූර්ණයෙන්ම කියවයි.
28- පසුව 'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්' යැයි පවසමින් දකුණ දෙසටත් එලෙසම වම් දෙසටත් සලාම් දෙයි. අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ශාන්තිය හා සමාදානය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 3070
ප්‍රශ්න අංක: 65
මුස්ලිම්වරු කඃබාවට නමදිනවාද?
පිළිතුර:
වැදගත් කරුණ (1)
ප්‍ර- කඃබාව යනු කුමක් ද? මුස්ලිම්වරු කඃබාවට නමදිනවා ද?
ශුද්ධ වූ කඃබාව යනු මුස්ලිම්වරු තම සලාතයේ දී යොමු වන දිශාවයි. උත්තරීතරයාණෝ මෙසේ පවසයි:
"(නබිවරය!) නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි!) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු."
(අල්-බකරා: 144)
හජ් වගකීම හා උම්රා පිළිවෙත ඉටු කරන අතරවාරයේ ඒ වටා ගමන් කරති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුහු සක්මන් කරත්වා!"
(අල්-හජ්: 29)
එය ශුද්ධ වූ මක්කාවේ පිහිටි මහඟු ගොඩනැගිල්ලකි. අල්ලාහ් තම නබිවරයකු වූ තම මිතුරා වූ ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන්ට එය ඉදි කරන මෙන් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
"තවද මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඋ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු යැයි පවසා (කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ඉබ්රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු."
(අල්-හජ්: 26)
එය උත්තරීතර අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා තබන ලැබූ පළමු නිවසයි. සුවිශුද්ධයාණන් මෙසේ පවසයි:
"ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යයක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (නොහොත් මක්කා) වෙහි පිහිටා ඇති දෑ ය.
(ආලු ඉම්රාන්: 96)
දෙවන ප්‍රශ්නයට පිළිතුර වනාහි, සැබැවින්ම මුස්ලිම්වරු කඃබාවට හෝ හජර් අල් අස්වද් නම් කළු පැහැති ගලට හෝ නැමදුම් නොකරති. ඔවුහු ඒ දෙකට යටහත් පහත් නොවෙති. නමුත් ඒ දෙක සැළකිල්ලට ගනිමින් ගරු කරති.
තවද කඃබාවෙන් සහ හජර් අල් අස්වද් නම් කළු ගලෙන් කිසිදු හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ ඔවුනට නැති නිසාත්, මග පෙන්වීමක් හෝ මාර්ගෝපදේශයක් තිබිය හැකි කිසිවක් එහි දකින්නට නොමැති නිසාත්, කිසිදු නියෝගයක් හෝ තහනමක් හෝ ඔවුහු එයින් නොලබති. එය සිපගැනීමට හා අගය කිරීමට පමණක් සීමා වේ. කඃබාව වෙත හැරීම ඔවුන්ගේ එකමුතුකමේ සහ ඔවුන්ගේ ඉලක්කයේ ඓක්‍යයේ විද්‍යාමානයයි. ඔවුන් කඃබාවට නැමදුම් කිරීමෙන් තොරව අල්ලාහ්ගේ නියෝගය පිළිපදිමින් අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින් එය වටා සක්මන් කරති.
සැබැවින්ම එය කිසිදු හානියක් හෝ සෙතක් හෝ ලබා නොදෙන කළු ගලක් බව මුස්ලිම්වරු දනිති. නමුත් මුස්ලිම්වරයා උපරිමයෙන්ම අල්ලාහ්ගේ නියෝගය පිළිපදියි. හේතුව සැබැවින්ම එය, ලෝ වැසියන්ගේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ට නැමදුම් කිරීමට යොමු කරන බැවිනි.
උමර් (රළියල්ලාහු අන්හු) තුමා හජර් අල් අස්වද් නම් ගල සිප ගත් අවස්ථාවේ ඒ ගැන කළ ප්‍රකාශය මෙසේය:
"සැබැවින්ම ඔබ හානියක් කළ නොහැකි, සෙතක් සැළසිය නොහැකි ගලක් බව මම දනිමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබව සිපගනු මා දැක නොතිබුණේ නම් මා ඔබව සිප නොගන්නෙමි."
මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ මිතුරන් සැම දෙනාටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා!
ඒකාබද්ධිත අංකය: 1110