التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة على ضوء الكتاب والسنة
අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.
අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.
ගරු අෂ් ෂෙයික් අල් අල්ලාමා
අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්
සංස්කාරකගේ පෙරවදන
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතු ය. අවසාන ජයග්‍රහනය අල්ලාහ්ට බිය බැතිමත් ව කටයුතු කරන සියලු දෙනා හටම හිමි වේවා! තවද එතුමාණන්ගේ නබි හා දූත මුහම්මද් තුමාණන් කෙරෙහිත් එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන්ගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය හා සමාදානය උදා වේවා!
මෙම ප්‍රකාශයෙන් පසු:
මෙය හජ් පිළිබඳව සහ එහි වැදගත් කම, ආචාර ධර්ම හා එය ඉටු කිරීම සඳහා ගමන් කිරීමට අදහස් කරන අය සඳහා අවශ්‍ය දෑ පිළිබඳව කෙටි ලිපියකි. එමෙන්ම හජ්, උම්රා සහ zසියාරත් නම් බැහැ දැකීම පිළිබඳව ඇති බොහෝ වැදගත් කරුණු කෙටියෙන් හා පැහැදිලිව විස්තර කරන්නකි. අල්ලාහ්ගේ ග්‍රන්ථය සහ අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සුන්නාව මත පදනම්ව මුස්ලිම්වරුන්ට උපදේශයක් හා අල්ලාහ්ගේ වචනය අනුව ක්‍රියා කිරීමක් ලෙස මෙය ගොනු කර ඇත: "තවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත." (අද් දාරියාත්: 55) උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: "වේද ග්‍රන්ථය දෙනු ලැබූවන්ගෙන් "නුඹලා ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු." (ආලු ඉම්රාන්: 187) උත්තරීතරවූ අල්ලාහ්ගේ තවත් පාඨයක් මෙසේ ය: "...යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු..." (අල් මාඉදා: 2)
සහීහ් හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: “දහම උපදෙසකි” යනුවෙන් තුන් වරක් එතුමා පැවසූහ. එවිට ‘කවුරුන් වෙනුවෙන් ද? නබි තුමාණනි, යැයි විමසන ලදී. එතුමා: අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද වේ.” යැයි කීහ. [1] [1] මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 55 යටතේ වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා සිටි හදීසයක් තබ්රානි හි මෙසේ වාර්තා වෙයි. “කවරෙකු මුස්ලිම්වරුන්ගේ කටයුතු පිළිබඳව අවධානය යොමු නොකරන්නේ ද ඔහු ඔවුන් අතුරින් කෙනෙකු නොවේ. එමෙන්ම කවරෙකු අල්ලාහ්, ඔහුගේ දූතයාණන්, ඔහුගේ ග්‍රන්ථය, ඔහුගේ නායකයා සහ පොදු මුස්ලිම්වරුන් වෙනුවෙන් උදේ සවස උපදෙස් නොදෙන්නේ ද ඔහු ද ඔවුන් අතුරින් කෙනෙකු නොවේ.” [2] මෙය ‘අල් අව්සත්’හි අත් තබරානි විසින් වාර්තා කර ඇත. හදීස් අංක (7469)
මෙතුළින් මටත් මුස්ලිම්වරුන්ටත් යහපත සළසන මෙන් ද මෙහි දී ගත් උත්සාහය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පමණක් සිදු කරන ලද්දක් හා සුවයෙන් පිරුණු ස්වර්ගයේ ජයග්‍රහණයට හේතුවක් බවට පත් කරන මෙන් ද මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. සැබැවින් ඔහු අයැදීමට සවන් දෙන්නාය. ඔහු ප්‍රමාණවත්ය. අපගේ භාරකරු ලෙස ඔහු වඩාත් යහපතය.
පරිච්ඡේදය
හජ් සහ උම්රා වගකීම සහ ඒවා ඉටු කිරීමට මුලපිරීම පිළිබඳ සාක්ෂි හා සාධක.
මෙය දැනගත් පසු, -සර්ව බලධාරී අල්ලාහ් මටත් ඔබටත් සත්‍යය දැන ගැනීමට සහ එය අනුගමනය කිරීමට ආශිර්වාද කරත්වා! - සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් මත තම ශුද්ධ වූ නිවස වෙත හජ් ඉටු කිරීම අනිවාර්ය කර ඇති අතර, එය ඉස්ලාමීය මූලිකාංග අතුරින් එකක් බවට පත් කර ඇති බව ඔබ දැනගත යුතු ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය." (ආලු ඉම්රාන්: 97)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දන්වා සිටි හදීසයක් සහීහ් අල් බුහාරි සහ සහීහ් අල් මුස්ලිම් හි මෙසේ වාර්තා වේ: “ඉස්ලාමය කරුණු පහක් මත ගොඩනැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, දේව නිවස වෙත හජ් වන්දනාව දියත් කිරීම.” ([3]). [3] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (8) යටතේ හා ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (16) යටතේ වාර්තා කර ඇත.
සඊද් තුමා විසින් තම සුනන්හි උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයක් මෙසේ සඳහන් කර ඇත. "මම මේ නගරවලට මිනිසුන් යවා හැකියාව තිබී(4) හජ් ඉටු නොකරන සෑම කෙනෙකුවම සොයා ගෙන ඔවුනට ජිස්යා බදු පැනවීමට සිතමි. ඔවුන් මුස්ලිම්වරු නොවෙති, ඔවුන් මුස්ලිම්වරු නොවෙති.(5) (4) එනම්, පොහොසත් [5] 'ජාමිඃ අල් අහාදීස්' හි අංක (31221) යටතේ සුනන් සඃඊද් බින් මන්සූර් වෙත මෙය සම්බන්ධ කර ඇත. නමුත් මට ලබාගත හැකි පිටපතේ මෙය සොයාගත නොහැකි විය.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකුට හජ් වන්දනාව ඉටු කිරීමට හැකියාව තිබී, එය අත්හැර දමන්නේ ද ඔහු යුදෙව්වෙකු හෝ ක්‍රිස්තියානිවෙකු ලෙස මිය යෑමෙහි කිසිදු වරදක් නැත." ([6]) [6] මෙය ඉමාම් තිර්මිදි විසින් හදීස් අංක (812) යටතේ වාර්තා කරන ලදී.
හජ් සඳහා හැකියාව තිබී එය ඉටු නොකළ අය වහාම එය ඉටු කළ යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බවට ඉබ්න් අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: "හජ් සඳහා යුහුසුළු වන්න. -ඉන් අනිවාර්යය හජ් වන්දනාව අදහස් කෙරේ- ඔබ අතරින් කිසිවෙකු හෝ තමන්ට කවර බාධාවක් පැමිණෙනු ඇත්දැයි නොදනී." (7) [7] මෙය අබූ දාවුද් විසින් හදීස් අංක (1732) යටතේ වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ පහත සඳහන් ප්‍රකාශයේ පෙනෙන ආකාරයට, හජ් වන්දනාව ඉටු කිරීම එය ඉටු කිරීමට හැකි අය සඳහා වහාම අනිවාර්යය වේ. "තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය." (ආලු ඉම්රාන්: 97) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම දේශනාවේ දී මෙසේ පවසා ඇත: “අහෝ! ජනයිනි, නියත වශයෙන්ම අල්ලාහ් ඔබට හජ් වන්දනාව අනිවාර්යය කර ඇත, එබැවින් හජ් ඉටු කරන්න. [8]”. (8) මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (1337) යටතේ වාර්තා කර ඇත.
උම්රා ඉටු කිරීම අනිවාර්යබව පෙන්වා දෙන හදීස් ද වාර්තා වී ඇත:
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඉස්ලාමය පිළිබඳ විමසූ විට, නබි (සල්ලල්ලාහු අලෙයිහිව සල්ලම්) තුමාණෝ පිළිතුරු දීමේදී මෙසේ ප්‍රකාශ කර සිටියහ: ඉස්ලාම් යනු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව සහ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස වෙත හජ් සහ උම්රා ඉටු කිරීම, ජනාබත් (මහා කිලිටි) හේතුවෙන් ස්නානය කිරීම, විධිමත් ලෙස වුළූ ගැනීම, රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම." [9] මෙය ඉබ්නු හුසෙයිමා සහ දාරකුත්නි යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇති අතර, මෙය උමර් බින් අල් කත්තාබ් තුමාගේ හදීසයකි. දාරකුත්නි තුමා මෙය ස්ථිර සහ නිවැරදි සම්ප්‍රේෂණයක් යැයි සඳහන් කරයි. (9) මෙය ඉබ්නු කුසයිමා තුමා විසින් හදීස් අංක (1) යටතේ වාර්තා කර ඇත.
ඒ අතරින්: ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසය ද එකකි. ඇය මෙසේ පවසා සිටියා ය. "අල්ලාහ්ගේ දූතයාණනි! කාන්තාවන් විසින් ජිහාද් (අරගලය) ඉටු කළ යුතු ද?" එයට පිළිතුරු දෙමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, "ඔවුන් විසින් ජිහාද් (අරගලය) ඉටු කළ යුතුය. නමුත් එහි සටන් කිසිවක් නැත. එය හජ් සහ උම්රා මෙහෙයන් වේ." යැයි පැවැසූහ. (10) ඉමාම් අහ්මද් හා ඉබ්නු මාජා යන ඉමාම්වරු විසින් නිවැරදි සම්ප්රේෂණ දාමයක් සහිතව මෙය වාර්තා කර ඇත. [10] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (1520) යටතේ වාර්තා කර ඇත.
සහීහ් හදීසයේ සඳහන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව හජ් හා උම්රා ආයු කාලය තුළ එක් වරක් පමණක් හැර අනිවාර්යය නොවන බව ය. "හජ් වන්දනාව එක් වරකි. ඊට අමතර ව කරන දෑ අතිරික්තයන්ය." [11]. [11] මෙය ඉමාම් නසාඊ තුමා විසින් හදීස් අංක (2620) යටතේ වාර්තා කර ඇත.
අමතර වශයෙන් හජ් සහ උම්රා අධික ලෙස ඉටු කිරීම නබි පිළිවෙතකි. එය බුහාරි හා මුස්ලිම් යන ග්‍රන්ථවල සඳහන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබු හුරෛරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසය සහතික කර සිටියි: "උම්රා ව අනෙක් උම්රා ව දක්වා ඒ දෙක අතර සිදු වන පාපයන්ට වන්දිය වන්නේය. විධිමත් ව ඉටු කරනු ලබන හජ් ඒ සඳහා වූ ප්‍රතිඵලය ස්වර්ගය මිස වෙනෙකක් නොමැත." [12]. (12) මෙය බුහාරි තුමා හදීස් අංක (1773) යටතේ ද මුස්ලිම් තුමා හදීස් අංක (1349) යටතේද වාර්තා කර ඇත.
පරිච්ඡේදය
පාපකම් වලින් මිදී (අන්‍යයන්ට සිදුකළ) අපරාධවලින් බැහැර වී පාපක්ෂමාව අයැදීමේ අනිවාර්යභාවය.
මුස්ලිම්වරයෙකු හඡ් හෝ උම්රා සඳහා ගමන් කිරීමට අදිටන් කළ විට: ඔහුගේ පවුලේ අය හා මිතුරන්ට සර්ව බලධාරී අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන බවට උපදෙස් දීම සතුටු දායකය. එනම් ඔහුගේ නියෝග ඉටු කරන මෙන් හා තහනම් කරන ලද දැයින් වැළකී සිටින මෙන් අවවාද කරමිනි.
ඔහු සතු දේ සහ ඔහුගේ ණය පිළිබඳව ලියා තැබිය යුතු අතර, ඒ සඳහා සාක්ෂිකරුවන් නියම කර ගත යුතුය. සියලුම පාපකම් ගැන පසුතැවිලි වී නිසි අයුරින් පාපක්ෂමාව අයැදීම සඳහා ඔහු කඩිනමින් කටයුතු කළ යුතුය; උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද අහෝ! දේවත්වය විශ්වාස කරන්නනි, නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු..." (අන් නූර්: 31)
තව්බාවේ යථාර්ථය: පාපයන්ගෙන් මිදීම හා ඒවා අත්හැර දැමීම, කලින් සිදුකළ දේ පිළිබඳ පසුතැවිලි වීම, නැවත ඒවා වෙත යොමු නොවන බවට අධිෂ්ඨාන කිරීමය. ඔහු සතුව අනෙකාගේ ජීවිත, ධනය හෝ මාන්‍යය සම්බන්ධයෙන් අපරාධ තිබේ නම්, ඒවා ඔවුන්ට ආපසු ලබා දීම හෝ ඔවුන්ගෙන් සමාව ඉල්ලා ඒවා නිවැරදි කර ගැනීම හා ඔහුගේ ගමනට පෙර ඒවායින් මිදීම ය. මක්නිසාදයත් ඒ පිළිබඳව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇති බැවිනි: "තම සහෝදරයාට ධනය හෝ ගෞරවය සම්බන්ධයෙන් යම් අසාධාරණයක් සිදුකර තිබේ නම්, දීනාර් හෝ දිර්හම් නොමැති දිනයක් පැමිණීමට පෙර, අදම ඒ පිළිබඳව සමාව ඉල්ලා නිදහස් විය යුතුය. ඔහුට යහපත් කර්මයන් තිබේ නම්, ඒවා ඔහුගේ අසාධාරණයේ තරමට ගනු ලැබේ. ඔහුට යහපත් කර්මයන් නොමැති නම්, ඔහුගේ සහෝදරයාගේ අකුසල් කර්මයන් ගෙන ඔහු මත පවරනු ලැබේ." [13] (13) මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (2449) යටතේ වාර්තා කර ඇත.
හජ් හා උම්රා සඳහා වියදම් කිරීමට යහපත් හා හලාල් (අනුමත) මුදල් තෝරා ගත යුතුය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඒ ගැන මෙසේ ප්‍රකාශ කළ බවට සනාථ වී ඇත: “සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත.” (14) (14) මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 1015 යටතේ වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)තුමා විසින් දන්වා සිටි හදීසයක් තබ්රානි හි මෙසේ වාර්තා වී ඇත.: "පිරිසිදු (අනුමත) වියදමක් සමඟ හජ් සඳහා පිටත්ව ගිය පුද්ගලයෙක් තම පාදය වාහනයෙහි තබා 'ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්' යැයි පැවසූ විට, අහසින් කෙනෙකු ඔහුව 'ලබ්බයික් වසඃදයික්, ඔබගේ ගමන් මලු හලාල්, ඔබගේ ගමන් මාර්ගය හලාල්, ඔබගේ හජ් පිළිගනු ලැබූවකි එහි කිසිදු අභාග්‍යයක් නැත' යැයි කැඳවයි. අපිරිසිදු (අයුතු) වියදමක් සමඟ පිටත්ව ගිය පුද්ගලයෙක් තම පාදය වාහනයෙහි තබා 'ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්' යැයි පැවසූ විට, අහසින් කෙනෙකු ඔහුව 'නැත, ඔබට ලබ්බයික් නැත, වසඃදයික් ද නැත, ඔබගේ ආහාරය හරාම්, ඔබගේ වියදම හරාම්, ඔබගේ හජ් පිළිගනු ලබන්නක් නොවේ.' යැයි කැඳවයි." (15) (15) මෙය ‘අල් කබීර්’හි අත්-තබරානි තුමා විසින් හදීස් අංක (2989) යටතේ වාර්තා කර ඇත.
හජ් වන්දනාවේ යෙදෙන අයෙකු මිනිසුන් සතු දැයින් ස්වාධීන විය යුතු අතර ඔවුන්ගෙන් ඉල්ලා සිටීමෙන් වැළකී සිටිය යුතු ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන මෙසේ ප්‍රකාශ කර ඇත. “කවරෙකු නිර්මල වන්නේ ද අල්ලාහ් ඔහුව නිර්මල කරනු ඇත. කවරෙකු (අන් අයගේ වස්තුවෙන්) නිදහස් වන්නේ ද, අල්ලාහ් ද ඔහුව නිදහස් කරනු ඇත.” (16) [16] මෙය බුහාරි තුමා හදීස් අංක (1427) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1035) යටතේ වාර්තා කර ඇත.
එමෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය: "මිනිසෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා ජනයාගෙන් සිඟමන් කරමින්ම පසු වෙයි. එදින (ඔහු නැගිටුවනු ලබන විට) ඔහුගේ මුහුණෙහි මස් කැබැල්ලක් හෝ නොපවතී." (17) [17] මෙය බුහාරි තුමා හදීස් අංක (1474) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (4040) යටතේ වාර්තා කර ඇත.
හජ් සහ උම්රා ඉටු කරන්නා තම වන්දනාව අල්ලාහ්ගේ තෘප්තිය සහ මතුලොව අරමුණු කර ගත යුතුය. එමෙන්ම එහි ඇති ශුද්ධ ස්ථානවලදී අල්ලාහ් තෘප්තියට පත්වන පරිදි ප්‍රකාශ සහ ක්‍රියාවන් මඟින් ඔහු වෙත සමීප වීමට අරමුණු කර ගත යුතුය. ඔහුගේ හජ් ලෞකීය ලාභ සහ එහි විනාශ වන දෑ උදෙසා හෝ ප්‍රදර්ශනය කිරීම, ප්‍රසිද්ධියට පත් වීම සහ ඒ ගැන ආඩම්භර වීම යනාදියෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම ඒවා දුෂ්ට අරමුණු අතුරින් වන අතර එය ක්‍රියාව නිෂ්ඵල වීමට සහ පිළිගනු නොලැබීමට හේතුවක් වේ. උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කර ඇත. "කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන්(හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නො ලබනු ඇත." (15) "මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහු ම ය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල ය." (16) (හූද්: 15-16)
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. "කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත." (18) "තවද කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රරමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය." (19) (අල් ඉස්රා: 18,19)
නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි.” [18] (18) මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 2985 යටතේ වාර්තා කර ඇත.
ඔහුගේ ගමනට යහපත් මිනිසුන්, අල්ලාහ් පිළිබඳ බියබැතිමත්කම සහ දහම පිළිබඳ අවබෝධය ඇත්තන් සහභාගී කරවා ගත යුතුය. අධම සහ දුෂ්ටයන්ගේ ඇසුරෙන් වැළකී සිටිය යුතුය.
ඔහු තම හජ් සහ උම්රා සමග බැඳුණු ආගමික දැනුම හදාරා ඒ පිළිබඳ වටහා ගත යුතුය. ඔහුට දුෂ්කර වන කරුණු පිළිබඳව විමසා දැන ගත යුතුය. එසේම ඔහු සත්ව පිට, වාහනයක්, ගුවන් යානයක් හෝ වෙනත් ප්‍රවාහන මාර්ගයක් ඔස්සේ ගමන් කරන විට, සුවිශුද්ධ අල්ලාහ්ගේ නාමය සඳහන් කර ඔහුට ප්‍රශංසා කර තුන්වරක් 'අල්ලාහු අක්බර්' යැයි පවසා සිටීම සතුටුදායක වේ. තවද... "...අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධ ය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නොසිටියෙමු." "තවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය." (අස්-සුහ්ඃරුෆ් 43:13-14)
අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ෆී සෆරි හාදල් බිර්ර වත්-තක්වා, වමිනල්-අමලි මා තර්ළා, අල්ලාහුම්ම හව්වින් අලෙයිනා සෆරනා හාදා, වථ්වි අන්නා බුඃදාහ්, අල්ලාහුම්ම අන්තස්-සාහිබු ෆිස්-සෆරි, වක්ඛලීෆතු ෆිල් අහ්ලි, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් වඃසාඉස් සෆරි, වකආබතිල් මන්ළරි, වසූඉල් මුන්කලබි ෆිල් මාලි වල් අහ්ලි ([19]) (තේරුම: අහෝ! දෙවිඳුනි, මෙම ගමනේදී දැහැමිකම සහ භක්තියද, ඔබ තෘප්තියට පත් වන ක්‍රියාවන්ද මම ඔබෙන් ඉල්ලා සිටිමි. අහෝ! දෙවිඳුනි, අපගේ මෙම ගමන අපට පහසු කර එහි දුර කෙටි කර දෙනු මැනව. අහෝ දෙවිඳුනි, ඔබ ගමනේ සහකරු සහ පවුලේ භාරකරුය. අහෝ! දෙවිඳුනි, ගමනේ දුෂ්කරතා, අඳුරු දර්ශණ, සහ ධනයේ සහ පවුලේ ඇති විය හැකි නපුරෙන් මම ඔබගෙන් රැකවරණය පතමි.) යනුවෙන් පවසයි. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කොට ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇති සහීහ් හදීසයකි. (19) මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1342) යටතේ වාර්තා කර ඇත.
ඔහුගේ ගමනෙහිදී ඔහු අධික ලෙස දික්ර් (අල්ලාහ්ව මෙනෙහි) කිරීම, පාපක්ෂමාව අයැදීම, සර්වබලධාරී අල්ලාහ්ට ප්‍රාර්ථනා කිරීම, තම යටහත්බව පෙන්වීම, අල් කුර්ආනය කියවීම හා එහි අර්ථයන් පරිශීලනය කිරීම යනාදී කරුණු සිදු කරනු ඇත. සාමුහික සලාතය පිළිබඳ නිතරම අවධානයෙන් සිටී. අධික කතා කිරීමෙන්, තමන්ට අදාල නොවන කරුණු ගැන කතා කිරීමෙන්, හා ඉක්මවා ගොස් විහිළු තහළු කිරීමෙන් ඔහුගේ දිව වළක්වා ගනියි. ඔහුගේ දිව බොරු කීමෙන්, අනුන්ට නින්දා කිරීමෙන්, අනුන් අතර විරසක ඇති කිරීමෙන්, සහ ඔහුගේ සහෝදර මුස්ලිම්වරුන් හා අන් අය හෑල්ලුවට හා හාස්‍යයට ලක් කිරීමෙන් වළක්වා ගනියි.
ඔහුගේ මිතුරන් අතර ඔහු යහපත ඉටු කළ යුතුය; හානියෙන් ඔවුන් ආරක්ෂා කළ යුතුය; තම ශක්තියට අනුව ප්‍රඥාවෙන් යුතුව හා යහපත් උපදෙස් මගින් ඔවුන්ට යහපත නියෝග කර අයහපතින් වැළක්විය යුතුය.
පරිච්ඡේදය
හජ් වන්දනාකරුවන් මීකාත් (සීමා) ළඟට පැමිණි විට සිදු කළ යුතු පිළිවෙත්.
මීකාත් හෙවත් සීමා මාඉම් වෙත ළඟා වූ විට ස්නානය කර සුවඳ විළවුන් ගල්වයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉහ්රාම් තත්වයට පැමිණෙන විට ඇඳුම් ඉවත්කර ස්නානය කළ බවට වාර්තා වී ඇත. බුහාරි හා මුස්ලිම්හි සඳහන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ වාර්තාවක මෙසේ සඳහන් වේ: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉහ්රාමය ඇඳීමට පෙර, සහ එය ගලවා අල්ලාහ්ගේ නිවස තවාෆ් කිරීමට පෙර, මම එතුමාණන්ට සුවඳ විළවුන් ගැල්වූයෙමි." [20] ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රා සඳහා ඉහ්රාම් තත්වයට පත්වීමෙන් පසු ඔසප් තත්වයට පත් වූ විට, ඇයට ජලස්නානය කර හජ් සඳහා ඉහ්රාම් තත්ත්වයට පත්වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අණ කළහ. අස්මා බින්ත් උමෙයිස් තුමියට දුල් හුලෙයිෆා නම් ස්ථානයේ දරුවකු ප්‍රසූත වූ විට, ස්නානය කර රෙදි කඩකින් වෙළාගෙන ඉහ්රාම් චේතනාව තබන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමියට නියෝග කළහ.(21) එමෙන්ම, කාන්තාවක් මීකාත් හෙවත් සීමා මාඉමට පැමිණෙන විට ඔසප් තත්ත්වයේ හෝ පශ්චාත් ප්‍රසව තත්ත්වයේ පසුවන්නේ නම්, ඇය ස්නානය කර ඉහ්රාම් චේතනාව තබා, අනෙකුත් හජ් වන්දනාකරුවන් කටයුතු කරන පරිදිම ක්‍රියා කළ යුතු බව මෙය පෙන්වා දෙයි. නමුත් තවාෆ් ඉටු නොකළ යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආඉෂා තුමියට සහ අස්මා තුමියට නියෝග කළ පරිදිය. [20] මෙය බුහාරි තුමා හදීස් අංක (1539) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1189) යටතේ වාර්තා කොට ඇත. [21] මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (1218) යටතේ වාර්තා කර ඇත.
ඉහ්රාම් තත්ත්වයට පත් වීමට අපේක්ෂා කරන අය, තම උඩු රැවුල, නියපොතු, ලිංගාශ්‍රිතයෙහි රෝම හා කිහිලි යට රෝම පිළිබඳව සැළකිලිමත් විය යුතුය. එනම් ඉහ්රාම් තත්ත්වයට පත්වීමෙන් පසු නැවත ඉවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවනු පිණිස අවශ්‍ය ප්‍රමාණයට ඒවා ඉවත් කළ යුතුය. මන්ද සෑම අවස්ථාවකම මේවා ගැන සැළකිලිමත් වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආධ්‍යාත්මික වශයෙන් උපදෙස් දී ඇති බැවිනි. සහීහ් බුහාරි හා සහීහ් මුස්ලිම්හි සඳහන් වන පරිදි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ හුරෛරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර ඇති හදීසයක් මෙසේය: “පැවත එන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.” [22] [22] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (5891) යටතේ හා ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (257) යටතේ වාර්තා කර ඇත.
සහීහ් මුස්ලිම්හි සඳහන් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් මෙසේය. “උඩු රැවුල කොට කිරීම, නියපොතු කපා හැරීම, කිහිලි රෝම ඉවත් කිරීම, රහස්‍ය පෙදෙසේ පවතින රෝම බෑම යන කරුණුවලදී ඒවා දින හතළිහකට වඩා අත් නොහරින මෙන් අප හට කල් නියම කරන ලදී.” [23] [23] මෙය ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක (258) යටතේ වාර්තා කර ඇත.
තවත් වදන් පෙළකින් ඉමාම් නසාඊ තුමා මෙසේ හෙළිදරව් කර ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) අපට කාලය නියම කළේය."[24], ඉමාම් නසාඊ තුමාගේ වදන් පෙළට අනුගතව අහ්මද්, අබූ දාවුද්, තිර්මිදි යන ඉමාම්වරු විසින් ද වාර්තා කර ඇත. ඉහ්රාම් තත්ත්වයට එළැඹෙන අවස්ථාවේ පිරිමි හෝ කාන්තාවන්ගේ හිස කෙස් කැපීම අවශ්‍ය නැත. (24) මෙය ඉමාම් නසාඊ විසින් හදීස් අංක 14 යටතේ වාර්තා කර ඇත.
යටි රැවුල සම්බන්ධයෙන් වනාහි, එය බෑම හෝ එහි කොටසක් ඉවත් කිරීම හෝ සියලු කාලවලදී තහනම් වේ. එය වැවෙන්නට ඉඩ හැරීම හා පූර්ණව තැබීම අනිවාර්ය ය. එය බුහාරි හා මුස්ලිම්හි සඳහන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "නුඹලා දේව ආදේශ කරන්නන්ට වෙනස් ව කටයුතු කරන්න. යටි රැවුල පූර්ණ ව තබන්න. උඩු රැවුල කපා හරින්න."(25) සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "උඩු රැවුල කපා, යටි රැවුල වැවෙන්නට හරින්න. මජූස්වරුන්ට (මිථ්‍යා දෘෂ්ටික අග්නි වන්දනා කරුවන්ට) වෙනස් ව කටයුතු කරන්න." (26) (25) මෙය බුහාරි තුමා හදීස් අංක (2892) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (259) යටතේ වාර්තා කර ඇත. [26] මෙය ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක (260) යටතේ වාර්තා කර ඇත.
වර්තමානයේ බොහෝ දෙනා මෙම සුන්නාවට විරුද්ධ ව, රැවුල සම්බන්ධයෙන් අරගල කරමින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට හා කාන්තාවන්ට සමාන වීම ගැන කණගාටු නොවීම විශාල විපතකි. විශේෂයෙන්ම දැනුම හා ඉගැන්වීම කටයුතු සමග සම්බන්ධ වූවන් අතර ද පවතී. 'ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්' අපට හා සියලු මුස්ලිම්වරුන්ට සුන්නාවට අනුකූලව කටයුතු කිරීමටත් එය පිළිපැදීමටත් ඒ වෙත ඇරයුම් කිරීමටත් බොහෝ දෙනා එය ප්‍රතික්ෂේප කළත් අපට මඟ පෙන්වා දෙන මෙන් අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු. අපට අල්ලාහ්ම ප්‍රමාණවත්ය. ඔහු හොඳම භාරකරුය. උත්තරීතර සර්වබලධාරී අල්ලාහ්ගෙන් හැර වෙනත් බලයක් හෝ ශක්තියක් හෝ නැත.
පසුව පිරිමියා යටි සළුවක් හා උඩු සළුවක් ඇඳ ගනියි. ඒවා සුදු පැහැති හා පිරිසිදු විය යුතුය. පාවහන් යුගලයක් පැළඳ ඉහ්රාම් තත්ත්වයට එළැඹීම සතුටුදායකය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය. “ඔබ අතරින් කෙනෙකු උඩු සළුවක්, යටි සළුවක් හා පාවහන් දෙකක් පැළඳ ඉහ්රාම් තත්ත්වයට එළැඹිය යුතුය. පාවහන් යුගලක් නොලැබුණේ නම්, ඔහු සමෙන් සාදන ලද පාවහන් යුගලක් පැළඳ ගත යුතුය, තවද ඒවා වළලුකරට පහළින් පිහිටන සේ කපා දැමිය යුතුය.” (27) මෙය ඉමාම් අහ්මද් තුමා විසින් හෙළිදරව් කර ඇත. (27) මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1177) යටතේ වාර්තා කර ඇත.
කාන්තාවකට, ඇය කැමති ආකාරයට කඵ, කොල හෝ වෙනත් වර්ණවලින් යුත් ඇඳුමකින් ඉහ්රාම් තත්ත්වයට පත් විය හැක, නමුත් ඇඳුම් සම්බන්ධයෙන් පිරිමින්ට සමාන වීමෙන් ඇය වැළකී සිටිය යුතුය. ඇය ඉහ්රාම් තත්ත්වයේ සිටින විට මුහුණු වැස්මක් හෝ අත්වැසුම් පැළඳිය නොහැක. නමුත් මුහුණ සහ අත් මුහුණු වැස්මක් සහ අත්වැසුම් නොමැති වස්තුවකින් ආවරණය කළ හැක. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් ඉහ්රාම් තත්ත්වයේ සිටින කාන්තාවන්ට මුහුණු වැස්මක් සහ අත්වැසුම් පැළඳීම තහනම් කර ඇති බැවිනි. ඇතැම් ජනයා, කාන්තාවන්ගේ ඉහ්රාම් ඇඳුම කොල හෝ කඵ වර්ණයට පමණක් සීමා කර විශේෂිත වර්ණයක් බවට නියම කරති. ඒ සම්බන්ධයෙන් කිසිදු මූලාශ්‍රයක් නොමැත.
පසුව ස්නානය කර, පිරිසිදු වී ඉහ්රාම් වස්ත්‍රය ඇදගත් පසු, ඔහු අපේක්ෂා කරන හජ් හෝ උම්රා වන්දනාවට ප්‍රවේශ වීම සඳහා ඔහුගේ සිත තුළ අදිටන් කර ගනී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: “සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත.” [28]. (28) මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (1) යටතේ හා ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක (1907) යටතේ වාර්තා කර ඇත.
ඔහුගේ අදිටනය වචනවලින් ප්‍රකාශ කිරීම ආගමානුගත ය. එසේම, ඔහුගේ අදිටන ‘උම්රා’ නම්, (ලබ්බයික් උම්රතන්) හෝ (අල්ලාහුම්ම ලබ්බයික් උම්රතන්) යනුවෙන් පවසයි. ඔහුගේ අදිටන ‘හජ්’ නම්, (ලබ්බයික් හජ්ජන්) හෝ (අල්ලාහුම්ම ලබ්බයික් හජ්ජන්) යනුවෙන් පවසයි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එසේ සිදු කර ඇති බැවිනි. එමෙන්ම ඔහු දෙකම අදිටන් කළේ නම්, (අල්ලාහුම්ම ලබ්බයික් උම්රතන් වහජ්ජන්) යනුවෙන් පවසයි. වඩාත් උතුම් වන්නේ එය ඔහුගේ වාහනය මත හෝ සත්ව පිට මත හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් මත තැන්පත් වූ විට පැවසීමය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තල්බිය්යා පවසා ඇත්තේ මීකාත්හි සිට ගමන් ආරම්භ කළ පසු තම ප්‍රවාහන සත්වයා මත තැන්පත් වූ අවස්ථාවකය. මෙය විද්වතුන්ගේ මතය අනුව වඩාත් නිවැරදි මතය වේ.
විශේෂයෙන්ම ඉහ්රාම් අවස්ථාවේ හැර වෙනත් අවස්ථාවන්හි එය මුවින් තෙපළීම ආගමානුගත කර නැත. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීස් සඳහන් වී ඇත.
සලාතය, තවාෆ් සහ අනෙකුත් නැමදුම් සම්බන්ධයෙන් වනාහි, ඒවා කිසිවක් සඳහා චේතනාව වචනයෙන් ප්‍රකාශ නොකළ යුතුය. එනම්, 'මම මේ මේ සලාතය ඉටු කිරීමට අදිටන් කළෙමි', හෝ 'මම මේ තවාෆය ඉටු කිරීමට අදිටන් කළෙමි' යනුවෙන් නො කිව යුතුය. එවැනි වචන ප්‍රකාශ කිරීම නවෝත්පාදන ක්‍රියාවකි. එය ප්‍රකාශයෙන් සිදු කිරීම වඩාත් නින්දිත හා වරදකාරී ය. චේතනාව වචනයෙන් ප්‍රකාශ කිරීම ආගමානුගත කරුණක් නම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය පැහැදිලි කර, තම ක්‍රියාවෙන් හෝ වචනයෙන් තම සමූහයාට දැනුම් දී තිබිය යුතුය. එසේම, සලෆ් සාලිහීන් හෙවත් පූර්වගාමීන් එය කලින්ම සිදු කර තිබිය යුතුය.
එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් හෝ එතුමාණන්ගේ සහගාමීන්ගෙන් වාර්තා නොවූ බැවින්, එය මිථ්‍යාදෘෂ්ටික නවෝත්පාදනයක් බව පැහැදිළි වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.: "කරුණු අතරින් වඩාත් නපුරු වනුයේ (ආගම තුළ) නවෝත්පාදනයන්ය. සෑම නවෝත්පාදනයක්ම නොමඟක් වේ." ([29]). මෙය මුස්ලිම් විසින් ඔහුගේ සහීහ් ග්‍රන්ථයේ වාර්තා කර ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. "අපගේ කටයුත්තට (ඉස්ලාමයට), එහි නොමැති නවීන ක්‍රම සහ වීධි කවරෙකු හෝ ඇතුඵ කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි." ([30]) බුහාරි සහ මුස්ලිම් මුස්ලිම් හි සඳහන් තවත් වදන් පෙළක: "අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි." [31] (29) මෙය ඉමාම් මුස්ලිම් විසින් අංක (867) යටතේ වාර්තා කර ඇත. (30) මෙය බුහාරි තුමා හදීස් අංක (2697) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1718) යටතේ වාර්තා කර ඇත. (31) මෙය බුහාරි තුමා හදීස් අංක (2550) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1718) යටතේ වාර්තා කර ඇත.
පරිච්ඡේදය ස්ථානාත්මක සීමා මාඉම් සහ ඒවා නිර්ණය කිරීම
සීමා මාඉම් පහකි:
පළමුව: මදීනා වාසීන් සඳහා ‘දුල් හුලෙයිෆා’, එය වර්තමානයේ ජනයා අතර ‘අබ්යාර් අලී’ ලෙස හැඳින්වෙයි.
දෙවැන්න: අල් ජුහ්ෆා, මෙය සිරියානු ජනයා සඳහා වූ මීකාතයයි. එය රාබිග් අසල පිහිටි ගරා වැටුනු නගරයකි. වර්තමානයේ, ජනතාව රාබිග් සිට ඉහ්රාම් තත්ත්වයට එළැඹෙයි. කවරෙකු රාබිග් සිට ඉහ්රාම් තත්ත්වයට එළැඹුණේ ද ඔහු මීකාත් සිට ඉහ්රාම් තත්ත්වයට පත්වූ අයකු ලෙස සැලකේ. මක්නිසාදයත් රාබිග් ඊට මදක් කලින් පිහිටා ඇති බැවිනි.
තුන්වැන්න: "කර්න් අල් මනාසිල්" නජ්ද් වැසියන්ගේ මීකාතයයි, වර්තමානයේ එය නම් කර ඇත්තේ 'අස්සෙයිල්' යන නමිනි.
සිව්වැන්න : යලම්ලම්, එය යමන් වාසීන්ගේ මීකාතයයි.
පස්වැන්න: ‘zසාතු ඉරක්,’ එය ඉරාක වැසියන්ගේ මීකාතයයි.
මෙම සීමා මාඉම් අප ඉහත සඳහන් කළ අය සඳහා මෙන්ම, ඔවුන් නොවන හජ් හෝ උම්රා වන්දනාව සඳහා පැමිණෙන වෙනත් අය සඳහා සීමා මාඉම් ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් නියම කර ඇති ස්ථානීය සීමා මාඉම් වෙති.
එම සීමා මාඉම් ඔස්සේ ගමන් කරන කවරෙකු හෝ වේවා, ඔහු එහිදී ඉහ්රාම් තත්ත්වයේ සිටීම අනිවාර්ය වේ. මක්කා වෙත හජ් හෝ උම්රා කිරීමට යාමට අදහස් කරමින් ගමන් කරන කවරෙකු හෝ ඉහ්රාම් තත්ත්වයෙන් තොරව එය පසුකර යාම ඔහුට තහනම් වේ. එය ගොඩබිමෙන් හෝ ගුවන් මාර්ගයෙන් ගිය ද එක සමානය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙම සීමා මාඉම් පොදුවේ නියම කර ඇති බැවිනි. ඒවා, ඒවාට හිමි අය හා ඒ වෙත පැමිණෙන එහි වාසීන් නොවූ, හජ් සහ උම්රා කිරීමට පැමිණෙන අය සඳහා වේ. [32] [32] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1524 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 1181 යටතේ වාර්තා කර ඇත.
හජ් හෝ උම්රා වන්දනාව සඳහා ගුවන් මාර්ගයෙන් මක්කාව බලා පිටත් වන අය, ගුවන් යානයට නැගීමට පෙර ස්නානය කිරීම වැනි කටයුතු සිදු කරමින් සූදානම් වීම වඩාත් සුදුසුය. සීමා මාඉම් වෙත ළඟා වූ විට, ඔහුගේ යටි සළුව හා උඩු සළුව ඇඳගෙන, (හජ් සඳහා) කාලය ප්‍රමාණවත් නම් උම්රා සඳහා තල්බියා පවසයි. (හජ් සඳහා) කාලය සීමිත නම් හජ් සඳහා තල්බියා පවසයි. ඔහුගේ යටි සළුව හා උඩු සළුව ගුවන් යානයට ගොඩවීමට පෙර හෝ අදාළ සීමා මාඉම වෙත ළඟා වීමට පෙර ඇඳගත්තේ නම් එහි වරදක් නැත. නමුත් සීමා මාඉම වෙත ළඟා වූ විට හෝ එයට සමාන්තරව පිහිටන විට පමණක් අදාළ වන්දනාව අදිටන් කර ගත යුතුය. මක්නිසාදයත්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සීමා මාඉමේ හැර වෙනත් තැනක ඒ සඳහා අදිටන් නොකළ බැවිනි. ජනයා වෙත අනිවාර්යය වනුයේ, අනෙකුත් ආගමික කටයුතුවලදී මෙන්ම, මෙහි ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමය. සුවිශුද්ධ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. "අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය..." (අල්-අහ්සාබ්: 21) එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හජ්ජතුල් විදා නම්, සමුගැනීමේ හජ් වන්දනාවේ දී මෙසේ පවසා සිටියහ: "ඔබේ පිළිවෙත් මගෙන් ලබා ගන්න" [33]. [33] මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 1297 යටතේ වාර්තා කර ඇත.
මක්කාවට ගමන් කළ නමුත් හජ් හෝ උම්රා වන්දනාවක් ඉටු කිරීමට අදහස් නොකළ කුලී ව්‍යාපාරිකයා, වඩුවා, තැපැල් සේවකයා වැනි අය සඳහා ඉහ්රාම් අනිවාර්ය නොවේ. නමුත් ඔහු එයට කැමති නම් එසේ සිදුකර ගත හැක. එය මීට පෙර සඳහන් කළ හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මීකාත් පිළිබඳ ව සඳහන් කර ඇති පරිදිය. "ඒවා, ඒවාට හිමි අය හා ඒ වෙත පැමිණෙන එහි වාසීන් නොවූ, හජ් සහ උම්රා කිරීමට පැමිණෙන අය සඳහා වේ." ([34]) එහි අර්ථය සීමා මාඉම් ඔස්සේ ගමන් කරන කවරෙකු හෝ හජ් හෝ උම්රා සඳහා අදහස් නොකරන්නේ නම්, ඔහුට ඉහ්රාම් බැඳීම අනිවාර්ය නොවන බවය. (34) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් විය.
මෙය අල්ලාහ් තම ගැත්තන්ට පිරිනමන ඔහුගේ ආශිර්වාදය හා ඔවුන්ට පහසුකම් සලසන ආකාරයයි. එබැවින් ඔහුට ප්‍රශංසා කරමු. ස්තූති පුද කරමු. පහත සඳහන් කරුණ එය තහවුරු කරයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කා ජයග්‍රහණය සිදු වූ වසරේ එහි පැමිණියේ හජ් හෝ උම්රා සිදු කිරීමට නොව, එය විවෘත කර එහි තිබූ ෂිර්ක් ඉවත් කිරීමට පමණක් අරමුණු කර ගනිමිනි. එතුමාණන් එහි ඇතුළු වූයේ තම හිස මත යුධ ආවරණය පැළඳ ගෙනය.
කවරෙකුගේ පදිංචි ස්ථානය සීමා මාඉම්වලට අඩු දුරින් පිහිටා ඇති නම්; ජිද්දා, උම්මුස්-සලම්, බහ්රා, ශරාඉඃ, බදර්, මස්තූරා සහ එවැනි ස්ථානවල පදිංචිකරුවන්ට, ඉහත සඳහන් සීමා මාඉම් පහ වෙත යාමට අවශ්‍ය නොවේ. ඔවුන්ගේ පදිංචි ස්ථානය ඔවුන්ගේ සීමා මාඉම වන අතර, හජ් හෝ උම්රා සඳහා අදිටින් කරගත් අය එම ස්ථානයෙන්ම ඉහ්රාම් බැඳ ගත හැක. ඔවුන්ට සීමා මාඉමෙන් පිටත වෙනත් පදිංචි ස්ථානයක් තිබේ නම්, ඔවුන්ට තෝරාගැනීමේ නිදහස ඇත. ඔවුන්ට අවශ්‍ය නම් සීමා මාඉමෙන් ඉහ්රාම් බැඳ ගත හැක, නැතහොත් ඔවුන්ගේ පදිංචි ස්ථානය, මක්කාහ්වට සීමා මාඉමට වඩා ආසන්න ස්ථානයෙන් ඉහ්රාම් බැඳ ගත හැක. එය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පොදු ප්‍රකාශයකට අනුවය: "කවරෙකු මේ සීමා මාඉම් තුළ ජීවත් වන්නේ ද ඔහුගේ පදිංචි ස්ථානයෙන්ම ඉහ්රාම් ඇඳ ගනියි.([35]) එමෙන්ම මක්කා වැසියන් ඉහ්රාම් ඇදිය යුත්තේ මක්කාහ්වේ සිටය.([36]) මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත. (35) 'ඉහ්රාම් ඇඳගනියි' යනු ඔහුගේ ඉහ්රාම් ස්ථානයෙන් සිට තල්බියා පවසමින් අදාළ ඉහ්රාම් තත්ත්වයට ඇතුල් වීමයි. (36) පෙර හදීසයේ කොටසකි.
නමුත් උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන්නෙකු හරම් තුළ සිටින විට, ඔහු හරම් නොවන ස්ථානය වෙත පිටව ගොස් එහිදී උම්රා සඳහා ඉහ්රාම් තත්වයට පත්විය යුතුය. මක්නිසාද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රා ඉටු කිරීමට ඉල්ලා සිටි විට, ඇයගේ සහෝදරයා අබ්දුර් රහ්මාන්ට ඇයව හරම් නොවන ස්ථානය වෙත (ඉන් පිටතට) ගෙන යාමට නියම කළේය, පසුව එහිදී ඇය ඉහ්රාම් තත්වයට එළැඹුණාය. එමඟින් පෙන්වා දෙනුයේ, උම්රා ඉටු කරන්නා හරම් තුළ උම්රා සඳහා ඉහ්රාම් තත්වයට පත් නොවිය යුතු බවය. ඔහු ඉහ්රාම් තත්ත්වයට පත්විය යුත්තේ හරම් නොවන ස්ථානයකිනි.
මෙම හදීසය ඉබ්නු අබ්බාස් තුමා විසින් පොදු අදහසින් වාර්තා කළ වාර්තාව නිශ්චිතව දක්වා ඇති අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පහත සඳහන් ප්‍රකාශයේ අදහස පෙන්වා දෙයි. "එමෙන්ම මක්කා වැසියන් ඉහ්රාම් ඇදිය යුත්තේ මක්කාහ්වේ සිට ය."([37]) එය උම්රා සඳහා නොව හජ් සඳහා ඉහ්රාම් තත්ත්වයට එළැඹීමයි. එසේ නොමැතිව, උම්රා සඳහා ඉහ්රාම් තත්ත්වයට එළැඹීම හරම් තුළ සම්මත වූවා නම්, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට එය ඉටු කිරීමට අවසර දෙන්නට තිබුණි. ඇයට වෙනත් ස්ථානයක් වෙත පිටවීමට බල නොකරන්නට තිබුණි. මෙය පැහැදිලි කරුණකි. මෙය බහුතර විද්වතුන්ගේ (අල්ලාහ්ගේ කරුණාව ඔවුන්ට ලැබේවා) මතයයි. මෙය දේවත්වය විශ්වාස කරන්නෙකුට වඩාත් ආරක්ෂිත පියවරකි; මක්නිසාදයත් හදීස් දෙකම එකට පිළිපදිනු ලබන බැවිනි. මැනවින් දන්නා අල්ලාහ්ය. (37) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
ඇතැමුන් විසින් හජ් වන්දනාවෙන් පසු තන්ඊම් හෝ ජුඃරානා හෝ වෙනත් ස්ථානවලින් උම්රා වන්දනාව බහුලව ඉටු කිරීමේ සම්ප්‍රදායක් පවතී. හජ් වන්දනාවට පෙර උම්රා වන්දනාවක් ඉටු කිරීම සම්බන්ධයෙන් පෙර සඳහන් කෙරුණි. ඒ සම්බන්ධයෙන් කිසිදු සාධකයක් නැත. සාධක පවතින්නේ එය අත් හැරීම වඩාත් සුදුසු බවට ය. මක්නිසාදයත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) හජ් වන්දනාවෙන් පසු උම්රා වන්දනාවක් ඉටු නොකළ බැවිනි. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය තන්ඊම් හි සිට උම්රා වන්දනාව ඉටු කළේ ඇය මක්කාවට පැමිණි විට මාසික ඔසප් චක්‍රය නිසා ජනතාව සමඟ උම්රා වන්දනාව ඉටු කිරීමට නොහැකි වූ බැවිනි. එවිට ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මීකාත් සිට ආරම්භ කළ උම්රා වෙනුවට උම්රා වන්දනාවක් ඉටු කිරීමට ඇය ඉල්ලා සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇයට එය ඉටු කිරීමට අවසර දුන්හ. එවිට ඇයට උම්රා දෙකක් ලැබුණි. එනම්: හජ් සමඟ වූ උම්රා සහ මෙම විශේෂිත උම්රාව ය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ තත්ත්වය ඇති අය හජ් වන්දනාවෙන් පසු උම්රා වන්දනාව ඉටු කළහොත් එහි වරදක් නැත. එය සියලු සාධක අනුව ක්‍රියා කිරීමක් මෙන්ම සහ මුස්ලිම්වරුන්ට පහසුව සැළසීම සඳහා ය.
මක්කාවට ඇතුළු වූ අවස්ථාවේ ඉටු කරනු ලබන උම්රා හැර වෙනත් උම්රාවක් හජ් වන්දනාව සම්පූර්ණ කිරීමෙන් පසු ඉටු කිරීම සියලු දෙනා හටම අපහසුතාවය ඇති කිරීමෙහි ලා කිසිදු සැකයක් නැත. එය තදබදය සහ අනතුරුදායක සිදුවීම් ඇති කරවයි. එමෙන්ම, එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට හා සුන්නාවට විරුද්ධය. අල්ලාහ් ආශිර්වාදාත්මක මාර්ගය පෙන්වන්නාය.
පරිච්ඡේදය
හජ් මාස වල නොවන අවස්ථාවක සීමා මාඉම් වෙත ළඟා වූ අයෙකු පිළිබඳ නීති රීති
මීකාත් වෙත පැමිණෙන අයෙකුට තත්ත්ව දෙකක් ඇති බව දැනගත යුතුය.
හජ් මාස නොවන රමළාන් සහ ෂඃබාන් වැනි මාස වලදී එයට ළඟා වුවහොත්, මෙහි දී සුන්නාව වනුයේ, උම්රා සඳහා ඉහ්රාම් තත්ත්වයට එළැඹීම ය. ඒ අනුව ඔහුගේ සිත තුළ ‘උම්රා’ අදිටන් කර ගනිමින්, “ලබ්බයික් උම්රතන්” හෝ “අල්ලාහුම්ම ලබ්බයික් උම්රතන්” යනුවෙන් ඔහුගේ මුවින් පවසයි. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි තල්බියා පවසයි. ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලා ෂරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන්-නිඃමත ලක වල්-මුල්ක ලා ෂරීක ලක." [38]. කඃබාවට ළඟා වන තුරු වැඩි වශයෙන් මෙම තල්බියාව පවසයි; අල්ලාහ්ව මෙනෙහි කරයි. කඃබාවට ළඟා වූ විට තල්බියා නතර කර කඃබාව වටා වාර හතක් තවාෆ් කරයි. පසුව මකාම් නම් ස්ථානය පසුපසට වී රකආත් වාර දෙකක් සලාතය ඉටු කරයි. පසුව සෆා වෙත පිටත්ව ගොස් සෆා සහ මර්වා අතර වාර හතක් සඃයු කරයි. පසුව ඔහුගේ හිසකෙස් මුඩු කර ගනී. එසේ නැතහොත් කෙටි කර ගනියි. මෙයින් ඔහුගේ උම්රා සම්පූර්ණ වේ. එමෙන්ම ඉහ්රාම් තත්ත්වයෙන් තහනම් වූ සියලු දෑ ඔහුට අනුමත වේ. (38) මෙය බුහාරි තුමා හදීස් අංක (1549) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1184) යටතේ වාර්තා කර ඇත.
දෙවැන්න: හජ් මාසවලදී, එනම්: ෂව්වාල්, දුල් කඃදා, සහ දුල් හිජ්ජා මාසයේ පළමු දින දහය යන කාලවල සීමා මාඉම් වෙත ළඟා වීම.
මෙවැනි අවස්ථාවකදී තේරීමේ ක්‍රම තුනක් ඇත. හජ් පමණක් ඉටු කිරීම උම්රා පමණක් ඉටු කිරීම හා ඒ දෙක ඒකාබද්ධ කිරීම ය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමුගැනීමේ හජ් සඳහා දුල් කඃදා මාසයේ ස්ථානීය සීමා මාඉම වෙත පැමිණි විට, එතුමාණන් තම සහබාවරුන්ට මෙම තුන් ආකාරයේ වන්දනාමාන අතර තේරීමක් ලබා දුන්හ. නමුත්, හජ් මාස හැර වෙනත් මාසවලදී මීකාත් ස්ථානයට පැමිණෙන අය සඳහා අපි පෙර සඳහන් කළ පරිදි උම්රා සඳහා ඉහ්රාම් ඇඳගත යුතුය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන් මක්කාවට ළඟා වූ විට ඔවුන්ගේ ඉහ්රාමය උම්රා බවට නියම කර ගන්නා ලෙස නියෝග කළහ. එම නියෝගය මක්කාවේදී ඔවුනට සහතික කළහ. ඔවුහු එතුමාණන්ගේ නියෝගය පිළිපදිමින් තවාෆ් කිරීම සඃයි කිරීම, හිසකෙස් කොට කිරීම ඉහ්රාම් තත්ත්වයෙන් ඉවත් වීම යනාදිය පිළිපැද්දාහ. නමුත්, කුර්බාන් සතුන් සමඟ පැමිණි අය සඳහා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන්ට නියෝග කළේ නහර් දිනය දක්වා ඉහ්රාම් තත්ත්වය පවත්වා ගන්නා ලෙස ය. හද්යු (සත්ව කැපයක්) රැගෙන යන්නා හජ් සහ උම්රා දෙකම එකට ඉටු කිරීම සඳහා ඉහ්රාම් බැඳ ගැනීම සුන්නාවකි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එය සිදු කර ඇති බැවිනි. එතුමාණෝ සත්ව කැපයක් රැගෙන ආ අතර සත්ව කැපයක් රැගෙන උම්රා ඉටු කිරීම සඳහා පැමිණි එතුමාණන්ගේ සහගාමීන්ටත් උම්රාව සමග හජ් ඉටු කිරීමට තල්බිය්යා පවසන මෙන් ද නහර් දිනයේදී (අවුරුදු දිනයේ දී) ඉහ්රාම් තත්ත්වයෙන් ඉවත් කරන තුරු ඉන් මිදිය නොයුතු යැයි ද නියෝග කළහ. සත්ව කැපය ගෙන ආ උදවිය කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නාක් මෙන් හජ් සහ උම්රා යන දෙකම ඉටු කරන බවට ඉහ්රාම් ඇඳ චේතනා කළ අතර ඔහු නහර් දිනයේදී ඉහ්රාමයෙන් ඉවත් කරන තුරු ඉහ්රාම් තත්ත්වයේම සිටියහ.
මෙමගින් දැනගත හැකි වන්නේ: හජ් සඳහා පමණක් හෝ හජ් හා උම්රා සඳහා ඉහ්රාම් පැළඳ සිටින, නමුත් ඔහු සමඟ සත්ව කැපයක් නොමැති අය වනාහි, ඔවුන් තම ඉහ්රාම් තත්ත්වය පවත්වා නොගත යුතුය. නමුත්, ඔහුගේ ඉහ්රාම් උම්රා බවට පත් කර, තවාෆ්, සඃයු, කෙස් කැපීම සිදු කර ඉහ්රාම් තත්ත්වයෙන් මිදිය යුතුය. එසේම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම සගයන්ගෙන් සත්ව කැපයක් නොගෙන පැමිණි අයට එය නියම කළේය. නමුත්, ඔහු ප්‍රමාද වී පැමිණීම වැනි හේතුවකින් හජ් වන්දනාව අහිමි වී යනු ඇතැයි බියක් දරන්නේ නම්, ඔහුගේ ඉහ්රාම් තත්ත්වය පවත්වා ගැනීමේදී කිසිදු වරදක් නැත. සියල්ල මැනවින් දන්නා අල්ලාහ් ය.
ඉහ්රාම් බඳින කෙනෙකු රෝගී හෝ සතුරන්ගෙන් බියකරු තත්ත්වයක් නිසා තම වන්දනාව ඉටු කිරීමට නොහැකි විය හැකි යැයි බිය වන්නේ නම්, ඔහු ඉහ්රාම් බඳින විට මෙසේ පවසන ලෙස ඔහුට නිර්දේශ කෙරේ: "මා වළක්වන යමෙක් මා වළක්වන්නේ නම්, මාගේ ඉහ්රාමයෙන් මිදෙන ස්ථානය මා වළක්වනු ලබන ස්ථානය වේ."මෙය ළුබාආ බින්ත් අස්-සුබෙයිර් (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයට අනුව ය. ඇය, 'අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මම හජ් ඉටු කිරීමට ප්‍රිය කරමි. නමුත් මම රෝගී ව සිටිමි' යැයි පැවසුවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ ඇයට මෙසේ පැවසූහ: «හජ් ඉටු කරන්න, නමුත් (අසනීප වැනි යම් හේතුවක්) ඔබව වළක්වනු ලබන අවස්ථාවක, ඔබට ඉහ්රාම් වලින් නිදහස් වන බවට කොන්දේසිය පනවා ගන්න. ([39])» බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී. (39) මෙය බුහාරි තුමා හදීස් අංක (5089) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1207) යටතේ වාර්තා කොට ඇත.
මෙම කොන්දේසියෙන් ඇති ප්‍රයෝජනය නම්: ඉහ්රාම් තත්ත්වයේ සිටින අයකුට රෝගයක් හෝ යම් සතුරු උවදුරක් හේතුවෙන් ඔහුගේ වන්දනාමානය සම්පූර්ණ කිරීමට බාධා වූ විටෙක, ඔහුට නිදහස් විය හැකි අතර ඒ සඳහා කිසිදු නියමයක් ඔහු මත පැනවෙන්නේ නැත.
පරිච්ඡේදය
කුඩා දරුවෙකුගේ හජ් වන්දනාව ඉස්ලාමයේ වලංගු හජ් වන්දනාවක් ලෙස සලකනු ලැබේද?
කුඩා පිරිමි දරුවකු හෝ කුඩා ගැහැණු දරුවකුගේ හජ් වන්දනාව වලංගු වේ. මෙය ගැන සහීහ් මුස්ලිම්හි සඳහන් වී ඇත. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙය වාර්තා කර ඇති පරිදි, කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත දරුවකු ඔසවා "අල්ලාහ්ගේ දූතයාණනි, මොහුටත් හජ් ඇත්තේ දැ?" යි විමසූවාය. එවිට එතුමාණෝ: එසේය, ඔබටත් කුසලක් හිමි ය" යැයි පවසා සිටියහ.([40]) (40) මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1336) යටතේ වාර්තා කර ඇත.
සහීහ් අල් බුහාරි හි අස්සාඉබ් ඉබ්නු යසීද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා ඇති බව වාර්තා වෙයි. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග මා රැගෙන ගොස් හජ් කළහ. එවිට මාගේ වයස අවුරුදු හතක් විය."[41] නමුත් මෙම හජ් වන්දනාව ඉස්ලාමයේ පැවරුණු හජ් වගකීම ඉටු කිරීමෙන් නිදහස් කරන්නේ නැත. [41] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (1858) යටතේ වාර්තා කර ඇත.
එසේම, වහලා සහ වහලියට හජ් ඉටු කිරීම සාර්ථකව සිදු කළ හැකි වුවත්, ඉස්ලාමයේ ඔවුන්ගේ හජ් වගකීම සඳහා එය ප්‍රමාණවත් වන්නේ නැත. මක්නිසාදයත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා වාර්තා කළ හදීසයක, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇති බැවිනි. "කවර දරුවකු හෝ හජ් ඉටු කර පසු ව වැඩිවියට පත් වන්නේ නම් ඔහු කෙරෙහි තවත් හජ් වතාවක් නැවත ඉටු කිරීම පැවරෙනු ඇත. එමෙන්ම කවර වහලෙකු හජ් ඉටු කර පසු ව ඔහුට නිදහස දෙනු ලැබුවේ නම් ඔහු කෙරෙහි තවත් හජ් වතාවක් නැවත ඉටු කිරීම පැවරෙනු ඇත."[42] මෙය ඉබ්නු අබී ෂයිබා සහ බයිහකී විසින් හසන් ගණයෙන් යුත් වාර්තා දාමයක් සහිතව වාර්තා කර ඇත. (42) මෙය ඉබ්නු අබී ෂයිබා (වෙළුම 4/444) හි වාර්තා කොට ඇත.
එමෙන්ම දරුවා තේරුම් ගැනීමේ හැකියාව නැති වයසක සිටී නම්, ඔහු වෙනුවෙන් ඉහ්රාම් චේතනාව තැබීම ඔහුගේ භාරකරු සතු වගකීමකි. මසා නිම කළ ඇඳුම් ඔහුගෙන් ඉවත් කර, ඔහු වෙනුවෙන් තල්බියා පවසයි. එවිට දරුවා ඉහ්රාම් තත්ත්වයට පත්වන අතර, ඉහ්රාම් තත්ත්වයේ පසුවන වැඩිහිටියකුට තහනම් කර ඇති දෑ ඔහුට ද තහනම් වේ. එසේම, තේරුම් ගැනීමේ නොමැති වයසක සිටින ගැහැණු දරුවා වෙනුවෙන් ද ඉහ්රාම් චේතනාව තැබීම ඇයගේ භාරකරු සතු වගකීමකි. ඇය වෙනුවෙන් තල්බියා පවසයි. එවිට ඇය ඉහ්රාම් තත්ත්වයට පත්වන අතර, වැඩිහිටි කාන්තාවන්ට තහනම් කර ඇති දෑ ඇයට ද තහනම් වේ. තවාෆ් කිරීමේදී ඔවුන්ගේ ඇඳුම් හා ශරීර පිරිසිදු විය යුතුය. මන්ද, තවාෆ් කිරීම සලාත් නැමදුමට සමාන වන අතර, එය වලංගු වීම සඳහා පිරිසිදු භාවය අනිවාර්ය වන බැවිනි.
දරුවා සහ දැරිය හොඳ නරක වෙන්කර හඳුනන වයසට පත් වී ඇත් නම් ඔවුන්ගේ භාරකරුගේ අවසරය මත ඔවුන් ඉහ්රාම් බැඳ ගනිති. ඔවුන් ඉහ්රාම් බඳින අවස්ථාවේ වැඩිහිටියෙකු කරන ජලස්නානය, සුවඳ විලවුන් ගැල්වීම ආදී දෑ සිදු කරති. ඔවුන්ගේ භාරකරු ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම දරනු ඇත. එය ඔවුන්ගේ පියා, මව හෝ වෙනත් කෙනෙකු විය හැක. ඔවුන්ට සිදු කළ නොහැකි දෑ උදාහරණ ලෙස ගල් ගැසීම හා එවැනි වෙනත් කටයුතු භාරකරු විසින් සිදු කරනු ඇත. ඒ හැර අරෆා දින රැඳී සිටීම, මිනා සහ මුස්දාලිෆාහි රාත්‍රිය ගත කිරීම, තවාෆ් කිරීම සහ සඊ කිරීම වැනි අනෙකුත් නැමදුම් ඔවුන් විසින්ම ඉටු කළ යුතුය. තවාෆ් සහ සඊ කිරීමට ඔවුන් අපොහොසත් වූයේ නම්, ඔවුන්ව ඔසවාගෙන යමින් තවාෆ් සහ සඊ ඉටු කරනු ලැබේ. ඔවුන්ව ඔසවාගෙන යන අය විසින් තවාෆ් සහ සඊ ඉටු කිරීමේ දී ඔවුන් හා තමන් අතර බෙදා නොගත යුතුය. ඔවුන් වෙනුවෙන් තවාෆ් සහ සඊ කිරීමට අදිෂ්ඨාන කර, තමන් වෙනුවෙන් වෙනම තවාෆ් සහ සඊ ඉටු කළ යුතුය. මෙය නැමදුම සැලකිල්ලෙන් ඉටු කිරීමක් ලෙස හා හදීසය පිළිපැදීමක් ලෙසිනි. “ඔබට සැකයට තුඩු දෙන දෑ ඔබට සැකය ඇති නොකරන දෑ වෙත අතහැර දමනු” [43]. එසේම, ගැබිනි කාන්තාවක් තමන් වෙනුවෙන් සහ තම දරුවා වෙනුවෙන් තවාෆ් කිරීමේ චේතනාව තැබුවහොත්, එය ප්‍රමාණවත් වේ. එය ප්‍රකාශ දෙකින් නිවැරදි මතයයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කුඩා දරුවාගේ හජ් පිළිබඳ විමසූ කාන්තාවට, දරුවා වෙනුවෙන් පමණක් තවාෆ් කිරීමට නියෝග නොකළේය. එය අනිවාර්යය වූ කටයුත්තක් නම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන පැහැදිලි කරන්නට තිබුණි. ආශිර්වාද කරන්නා අල්ලාහ්ය. [43] මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (2518) යටතේ වාර්තා කර ඇත.
තවාෆ් ආරම්භ කිරීමට පෙර, හොද නරක තේරෙන වයසේ පසුවන පිරිමි ළමයා හෝ ගැහැණු ළමයා ඉහ්රාම් තත්ත්වයේ පසුවන වැඩිහිටි අයකු මෙන් කිලිටි සහ අපවිත්‍රතාවයෙන් පිරිසිදු විය යුතු බව නියම කර ඇත. නමුත් කුඩා පිරිමි ළමයා සහ කුඩා ගැහැණු ළමයා වෙනුවෙන් ඉහ්රාම් තත්ත්වයට පැමිණීම ඔවුන්ගේ භාරකරුට අනිවාර්ය නොවේ. එය අමතර වන්දනාවකි. එය ඉටු කළහොත් ඔහුට ප්‍රතිඵල හිමි වේ. එය අතහැර දැමුවහොත් ඔහුට වරදක් නැත. මැනවින් දන්නා අල්ලාහ්ය.
පරිච්ඡේදය
ඉහ්රාම් තත්ත්වයේදී තහනම් කරනු ලැබූ කරුණු සහ ඉහ්රාම් බැඳගත් අයකුට අනුමත වන ක්‍රියා පිළිබඳ පැහැදිලි කිරීම.
ඉහ්රාම් චේතනාව තැබූ පසු එම තත්ත්වයේ පසුවන්නා - පුරුෂයෙකු හෝ කාන්තාවක් වුව ද - තම කෙස් හෝ නියපොතු කැපීම සුවඳ විළවුන් ගැල්විම තහනම්ය.
විශේෂයෙන් පිරිමින්ට මසා නිම කළ ඇඳුම් ඇඳීමට අවසර නැත. එනම්: කමිසයක් හෝ එහි කොටසක් ලෙස දිගු කලිසමක්, මේස් සපත්තු හෝ මේස් වැනි මසා වෙන්කර හැඩ ඇති ඇඳුම්ය. නමුත් යටි සළුවක් නොලැබු කෙනෙකුට දිගු කලිසමක් ඇඳීමට අවසරය ඇත. එසේම පාවහන් නොලැබු කෙනෙකුට වෙන්නොවුනු හමින් යුත් පාවහන් ඇඳීමට අවසරය ඇත. එය සහීහ් අල්-බුහාරි සහ සහීහ් මුස්ලිම්හි සඳහන් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)ගේ හදීසය අනුවය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ: “කවරෙකුට පාවහන් යුගලයක් නොලැබුනේ ද ඔහු හමින් යුත් පාවහන් දෙකක් ඇද ගත යුතුය. කවරෙකුට යටි සළුවක් නොලැබුනේ ද ඔහු කලිසමක් ඇඳ ගත යුතුය." ([44]). (44) මෙය බුහාරි තුමා හදීස් අංක (1841) යටතේ හා මුස්ලිම්තුමා හදීස් අංක (1179) යටතේ වාර්තා කර ඇත.
ඉබ්නු උමාර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ හදීසයේ සඳහන් වූ පරිදි, පාවහන් නොමැති අවස්ථාවක හමින් යුත් පාවහන් පැළඳීමට අවශ්‍යතාවය ඇති වූ විට ඒවා කපා වෙන් කිරීමේ නියෝගය මන්සූහ්ඃ හෙවත් වෙනස් කරන ලද්දකි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඒ ගැන නියෝග කළේ මදිනාවේදීය. එය ඉහ්රාම් ඇඳ සිටින විට ඇඳිය හැකි ඇඳුම් පිළිබඳව එතුමාණන්ගෙන් විමසූ අවස්ථාවකය. පසුව අරෆා දේශනාවේදී පාවහන් නොමැති විට හමින් යුත් පාවහන් පැළඳීමට අවසර දුන් අතර, ඒවා කපා වෙන් කිරීමට නියෝග නො කළහ. මදිනාවේදී දුන් පිළිතුර නොඇසූ අය මෙම දේශනාවට සහභාගී වී සිටියහ. අවශ්‍ය අවස්ථාවක පැහැදිලි කිරීම ප්‍රමාද කිරීම අනුමත නොවේ. එසේම ඒ ගැන හදීස් හා ෆික්හ් කලාවේ දැනුමෙන් දැනගත හැකි ය. එමඟින් කපා ඉවත් කිරීමේ නියෝගය මන්සූහ්ඃ බව තහවුරු වේ. එය අනිවාර්ය වී නම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් එය පැහැදිලි කරන්නට තිබුණි. මැනවින් දන්නා අල්ලාහ් ය.
ඉහ්රාම් තත්ත්වයේ සිටින පුද්ගලයාට කකුලේ වළලුකරට පහළින් ඇති හමින් යුත් පාවහන් පැළඳීමේ අනුමැතිය ඇත. එය පාවහන් වර්ගයට අයත් වන බැවිනි.
යටි සළුව ගැට ගැසීම හෝ එය ලණුවකින් බැඳ තැබීමට අවසර ඇත. මක්නිසාදයත් එය වළක්වාලමින් සාධයකක් සඳහන් වී නොමැති හෙයිනි.
ඉහ්රාම් තත්ත්වයේ පසුවන පුද්ගලයෙකුට ජලස්නානය කිරීම සහ හිස සෝදා පිරිසිදු කිරීමට අවසරය ඇත. අවශ්‍යතාවයක් පවතින විටක සෙමින් සහ පහසුවෙන් කෙස් ඇතිල්ලිය හැක. ඒ හේතුවෙන් හිසකෙස් කිහිපයක් වැටුණහොත් එය වරදක් නොවේ.
ඉහ්රාම් තත්වයේ සිටින කාන්තාවක් තම මුහුණ සඳහා බුර්කාවක් හෝ නිකාබ් වැනි මැසූ වස්ත්‍රයක් හෝ ඇගේ අත් සඳහා අත්වැසුම් වැනි මැසූ වස්ත්‍රයක් පැළඳීම තහනම් කර ඇත. එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය. එනම්: «ඉහ්රාම් තත්ත්වයේ පසුවන කාන්තාව මුහුණ ආවරණය නොකළ යුතුය, එමෙන්ම අත් ආවරණ නොපැළඳිය යුතුය ([45])» මෙය ඉමාම් බුහාරි විසින් වාර්තා කර ඇත. අල් කෆ්ෆාසානි යනු: අත් දෙකේ ප්‍රමාණයට සරිලන ලෙස සේද, කපු හෝ වෙනත් ද්‍රව්‍ය වලින් මසා හෝ ගොතා නිම කරන ලද දෑය. [45] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (1838) යටතේ වාර්තා කර ඇත.
කමිසය, සාය, හමින් යුත් පාවහන්, පා ආවරණ සහ එවැනි මසා නිම කළ වෙනත් වස්ත්‍ර ඇඳීමට ඇයට අවසර ඇත.
එමෙන්ම ඇයට අවශ්‍යතාවයක් පවතින විට, ඇය ඇගේ මොට්ටැක්කිලිය තම මුහුණ මත වෙළා නොගෙන එය පහළට එල්ලෙන සේ සකසා ගැනීමට අවසරය ඇත. එහිදී මොට්ටැක්කිලිය ඇගේ මුහුණට ස්පර්ශ වුවහොත් එහි කිසිදු වරදක් නැත. එය ආඉෂා (රලියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය. එනම්: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමඟ අපි ඉහ්රාම් තත්ත්වයේ සිටියදී මගියන් අප පසුකර ගියහ. ඔවුන් අප වෙත ළඟා වන විට, අප අතර සිටි අය හිස මත තිබූ රෙදි කඩින් මුහුණ වසා ගත්තාය. ඔවුන් අපගෙන් ඉවත්ව ගිය පසු (මුහුණ) නිරාවරණය කළෙමු." ([46]) මෙය උම්මු සලමා විසින් වාර්තා කරන ලදුව අබූ දාවූද්, ඉබ්නු මාජා සහ දාරුකුත්නි විසින් දැනුම් දෙන ලද්දකි. [46] අබූ දාවූද් හදීස් අංක (1833) යටතේ මෙය වාර්තා කර ඇත.
එසේම ඇගේ දෑත් ඇඳුමකින් හෝ වෙනත් කිසිවකින් හෝ ආවරණය කිරීමේදී කිසිදු වරදක් නැත. ඇය පිටස්තර පිරිමින් ඉදිරියේ සිටින විට ඇගේ මුහුණ සහ අත් ආවරණය කර ගැනීම අනිවාර්ය වේ. මක්නිසාද යත් ඒවා අනිවාර්යයෙන් ආවරණය කළ යුතු අව්රා වන බැවිනි. එය උත්තරීතර වූ අල්ලාහ්ගේ ප්‍රකාශයකට අනුවය. එනම්: "...තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට මිස වෙනත් කිසිවකුට හෙළි නො කළ යුතු ය..." (අන් නූර්: 31) මුහුණ හා අත වඩාත් අලංකාර අවයව අතරින් වන බව කිසිදු සැකයක් නැත.
ඒ අතුරින් මුහුණ වඩාත් දැඩි සේ අවධානයට යොමු කළ යුතු වැදගත් අවයවයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "...තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය..." (අල් අහ්සාබ්: 53)
හිජාබය මුහුණින් ඉහළට එසවෙන බැවින් එයට යටින් පටියක් පැළඳීම බොහෝ කාන්තාවන්ගේ සිරිතක්ව පවතී. අප දන්නා තරමින් ඉස්ලාමීය ෂරීආව තුළ ඒ පිළිබඳ කිසිදු පදනමක් නොමැත. එය ආගමානුගත කරුණක් වූයේ නම්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම ප්‍රජාවට ඒ ගැන පැහැදිලිව දන්වන්නට තිබුණි. එය සඟවා තැබීමට තරම් කිසිදු අවශ්‍යතාවක් එතුමාණන්ට නොවීය.
ඉහ්රාම් තත්ත්වයේ පසුවන පිරිමින්ට සහ කාන්තාවන්ට ඇඳගත් ඉහ්රාම් ඇඳුම කිලිටි වී ඇත්නම් හෝ මාරු කිරීමේ අවශ්‍යතාවක් හට ගත්තේ නම් සෝදා පිරිසිදු කර ගැනීමට හා වෙනත් ඇඳුමක් මාරු කර ගැනීමට අවසරය ඇත.
කස්තූරි හෝ 'වර්ස්' (කහ පැහැති සුවඳ විලවුන් වර්ගයක්) ගැල්වූ කිසිදු ඇඳුමක් ඇඳීම ඔහුට අනුමත නොවේ. මක්නිසාදයත් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ හදීසයේ සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තහනම් කර ඇති බැවිනි.
උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුව, ඉහ්රාම් තත්ත්වයේ සිටින තැනැත්තා අසභ්‍ය ලෙස හැසිරීම, දුෂ්ටකම හා නොමනා වාද විවාද යනාදිය අත්හැර දැමිය යුතුය. "හජ් වන්දනාව හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේ ද, හජ් සමයේ දී ඔහු ලිංගිකව නො හැසිරිය යුතු ය. පාපකම් නො කළ යුතු ය. තර්කයන්හි නිරත නො විය යුතු ය..." (අල් බකරා: 197)
නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "කවරෙකු හජ් වන්දනාව ඉටු කර, (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, පාපකම්හි නොවැටී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරී එනු ඇත." [47]. 'රෆස්' යනු: ලිංගික ක්‍රියා, අසභ්‍ය වචන සහ අසභ්‍ය ක්‍රියා වේ. 'ෆුස්ක් යනු: පාපකම් වේ. 'අල් ජිදාල්' යනු: අසත්‍යය දෑ හෝ ප්‍රයෝජනයක් නොමැති කරුණු පිළිබඳව විවාද කිරීමය. එහෙත් සත්‍යය හෙළි කිරීමට සහ බොරුව ප්‍රතික්ෂේප කිරීමට නිසි අයුරින් සිදු කරන තර්ක හා වාද පිළිබඳව කිසිදු වරදක් නැත. එය නියම කරන ලද්දකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් මඟින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමඟ නුඹ තර්ක කරනු..." (අන්-නහ්ල්: 125) [47] අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 1521 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක 1350 යටතේ වාර්තා කර ඇත.
ඉහ්රාම් ඇඳුමෙන් සිටින පිරිමියෙකුට ඔහුගේ හිසට ඇළෙන සේ කුඩයක්, සළුවක්, හෝ ජටාවක් වැනි යමක් ආවරණය කිරීම තහනම්ය. ඔහුගේ මුහුණ ආවරණය කිරීම ද එසේමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව අරෆා දිනයේදී තම වාහනයෙන් වැටී මියගිය කෙනෙකු පිළිබඳව මෙසේ ප්‍රකාශ කළහ: "නුඹලා ජලය හා සිද්ර් (මසන්) කොළ භාවිත කර ඔහු ව නාවන්න. ඔහු ව රෙදි කඩ දෙකකින් ඔතන්න. ඔහුගේ හිස හෝ මුහුණ හෝ ආවරණය නොකරන්න, මක්නිසාදයත් ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තල්බිය්යා කියමින් නැගිටිනු ඇත." ([48]) ඉමාම් බුහාරි හා ඉමාම් මුස්ලිම් විසින් මෙය දන්වා ඇති අතර මෙහි පද පෙළ ඉමාම් මුස්ලිම් සතු වූවකි. [48] මෙය බුහාරි තුමා හදීස් අංක (1521) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1350) යටතේ වාර්තා කර ඇත.
නමුත් වාහනයක වහලය හෝ කුඩය හෝ එවැනි දෙයකින් සෙවන ලබා ගැනීමේ කිසිදු වරදක් නැත. එය කූඩාරමක හෝ ගසක සෙවන ලබා ගැනීම හා සමානය. නිවැරදිව සනාථ වී ඇති පරිදි, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට 'ජම්රත් අකබා' වෙත ගල් ගැසූ අවස්ථාවේදී වස්ත්‍රයකින් සෙවන සැලසූහ. එතුමාණන්ට (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නමිරාහි කූඩාරමක් නිර්මාණය කරනු ලැබූ අතර අරෆා දිනයේ හිරු නැගෙන තුරු එහි යටින් සිටි බව ද සනාථ වී ඇත.
ඉහ්රාම් තත්ත්වයේ සිටින පිරිමින් හා කාන්තාවන් සඳහා තහනම් කරනු ලබන්නේ, ගොඩබිම සතුන් දඬයම් කිරීම, ඒ සඳහා සහය දීම, උන් උන්ගේ ස්ථානයෙන් පළවා හැරීම, විවාහ ගිවිස ගැනීම, සංසර්ගය, කාන්තාවන්ට විවාහ යෝජනා ඉදිරිපත් කිරීම හා කාමුක ලෙස සිප වැළඳ ගැනීමය. එය උස්මාන් (රළිඅල්ලාහු අන්හු) විසින් වාර්තා කළ හදීසයක් අනුවය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "ඉහ්රාම් තත්ත්වයේ සිටින්නා විවාහයක් සිදු කර නොගනී. තවද විවාහයක් සිදු කර නොදෙයි. විවාහ යෝජනාවක් නොකරයි." [49] මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත. [49] මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1409) යටතේ වාර්තා කර ඇත.
මසා නිම් කළ ඇඳුමක් ඇඳීම හෝ හිස ආවරණය කිරීම හෝ සුවඳ විළවුන් ගැල්වීම අමතක වීමකින් හෝ නොදැනුවත් කමකින් සිදු වූ විට, ඒ සඳහා කිසිදු වන්දියක් නැත. ඒ ගැන මතකයට ආ මොහොතේ හෝ දැනගත් මොහොතේ එය ඉවත් කළ යුතුය. එසේම හිසකෙස් කැපීම හෝ ඉන් කොටසක් ඉවත් කිරීම හෝ නියපොතු කැපීම අමතක වීමකින් හෝ නොදැනුවත්කමකින් සිදු වූ විට, නිවැරදි ප්‍රකාශය වනුයේ ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බවය.
මුස්ලිම්වරයකුට - ඔහු ඉහ්රාම් තත්ත්වයේ සිටිය ද නොසිටිය ද ඔහු පුරුෂයෙකු හෝ කාන්තාවක් වුව ද - හරම් සීමාව තුළ සිටින සතුන් මරා දැමීම හා ඒ සඳහා උපකරණයකින් හෝ ඉඟියකින් හෝ එවැනි වෙනත් කිසිවකින් උපකාර කිරීම තහනම් වේ.
උන් සිටින ස්ථානයෙන් උන් පළවා හැරීම ද තහනම් වේ. එමෙන්ම, හරම් සීමාවේ ගස් හා එහි හරිත ශාක කපා දැමීම ද තහනම් වේ. එහි බිම වැටී තිබෙන දෑ ද තහනම් වේ. නමුත් එහි අයිතිකරු සොයා එය ලබා දෙන අයෙකුට පමණක් අවසරය ඇත. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණන් කළ ප්‍රකාශයකට අනුවය. “නියත වශයෙන්ම මෙය - මක්කා නගරය - අල්ලාහ්ගේ පාරිශුද්ධ භාවයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා පාරිශුද්ධත්වය පවතී. එහි කටු පඳුරු කපා හරිනු නොලැබේ. එහි දඬයම් සතුන් පලවා හරිනු නොලැබේ. එහි මග හැරුණු භාණ්ඩයක් එය හඳුනන අයකු මිස අහුලා ගනු නොලැබේ. එහි ඇති පැළෑටි ඉවත් කරනු නොලැබේ.” [50] බුහාරි හා මුස්ලිම්. [50] මෙය බුහාරි තුමා හදීස් අංක (1834) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1353) යටතේ වාර්තා කර ඇත.
අල්-මුන්ෂිද් යනු: හඳුන්වා දෙන මාර්ගෝපදේශකයා ය. අල්-කලා යනු තෙත් තණකොළය. මිනා හා මුස්දලිෆා ද හරම් කලාපය තුළට ඇතුළත් වේ. අරෆා පිහිටා ඇත්තතේ හරම් සීමාවෙන් ඉවත් වූ කලාපයෙහි ය.
පරිච්ඡේදය
මක්කා නගරයට පිවිසෙන විට හජ් වන්දනාකරු සිදු කරන කටයුතු හා මස්ජිදූල් හරම් වෙත පිවිසීමෙන් පසු සිදු කරන තවාෆ් හා එහි ක්‍රමය පිළිබඳ විස්තරය.
ඉහ්රාම් ඇඳි පුද්ගලයා මක්කාවට පැමිණි විට, එහි ඇතුළු වීමට පෙර ස්නානය කිරීම සතුටු දායක ය. මක්නිසාද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එසේ සිදු කර ඇති බැවිනි. පසුව එතුමාණන් හරම් දේවස්ථානය වෙත පැමිණි විට දකුණු කකුල ඉදිරියෙන් තබා, පහත සඳහන් දුආ ප්‍රාර්ථනාව පැවසිය යුතුයි. (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ දූතයාණන් හට හිමිවේවා! හෙළා දකින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව සර්ව බලධාරී අල්ලාහ්ගෙන්, ඔහුගේ ගෞරවනීය මුහුණින් හා ඔහුගේ පරමාධිපත්‍යයෙන් මම ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කර දෙනු මැනව!) එය අනෙකුත් මස්ජිදවලට ඇතුළු වන විට ද පැවසිය යුතු ය. මස්ජිදල් හරාම් වෙත ඇතුළු වීම සඳහා විශේෂිත ප්‍රාර්ථනා කිසිවක් ඇති බවට සහතික කරන ලැබූ කිසිදු සඳහනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා වී නොමැත.
කඃබාව වෙත පැමිණි විට, මතමත්තුඃ හෝ උම්රා වන්දනාවක් කරන අයෙකු නම්, තවාෆ් ආරම්භ කිරීමට පෙර තල්බියා පැවසීම නවතයි. පසුව හජ්රුල් අස්වද් ගල වෙත යොමු වී, එයට මුහුණ ලා, දකුණු අතෙන් එය ස්පර්ශ කර; එය සිප ගැනීමට හැකි නම් සිප ගනී. තදබදය ඇති කරමින් ජනතාව අපහසුතාවට පත් නොකළ යුතුයි. එය ස්පර්ශ කරන විට..."බිස්මිල්ලාහ් වල්ලාහු අක්බර්" (අල්ලාහ්ගේ නාමයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) හෝ "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යනුවෙන් පවසයි. එසේම, එය සිප ගැනීමට අපහසු වී නම්, තම අතින් හෝ බස්තමින් හෝ එවැනි යම් දෙයකින් ස්පර්ශ කර, එම ස්පර්ශ කළ දේ සිප ගනියි. එසේ ස්පර්ශ කිරීමට දුෂ්කර නම්, ඒ දෙසට ඉඟි කරමින් "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි කියනු ඇත. ඉඟි කිරීමට යොදා ගන්නා වස්තුව සිප නොගනියි. තවාෆ් වලංගු වීම සඳහා අවශ්‍ය කොන්දේසි වනුයේ: සුළු හෝ මහා කිලිටිවලින් පිරිසිදු වීමයි. මන්ද තවාෆය සලාතය හා සමානය. නමුත් එහිදී කථා කිරීම සඳහා අවසරය ඇත. තවාෆ් කිරීමේදී කඃබාව වමට තබා ගත යුතුය. තවාෆ් ආරම්භයේදී... "අල්ලාහුම්ම ඊමානන් බික, වතස්දීකන් බිකිතාබික ව වෆාඅන් බිඅහ්දික වත්තිබාඅන් ලි සුන්නති නබිය්යික මුහම්මදින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්" (අහෝ දෙවිඳුනි, ඔබව විශ්වාස කරමින්, ඔබේ ග්‍රන්ථය සහතික කරමින්, ඔබේ ගිවිසුම ඉටු කරමින්, ඔබේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නාව පිළිපදිමින් ආරභ කරමි.) යැයි පවසා සිටියේ නම් අගනේය. මන්ද ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇති බවට වාර්තා වී ඇති බැවිනි. ඔහු වට හතක් තවාෆ් කරයි. පළමු තවාෆයේ සිට පළමු වාර තුන මද වේගයෙන් (පාද එක ළඟ තබමින්) ගමන් කරයි. මෙය මක්කාවට පළමුවෙන් පැමිණි විට කරන තවාෆයයි. ඔහු උම්රා කරන්නෙකු වුවද තමත්තුඃ ක්‍රමයට හජ් කරන්නෙකු වුව ද හජ් සඳහා පමණක් ඉහ්රාම් පැළඳගත් අයකු වුව ද කිරාන් ක්‍රමයට උම්රා සමඟ හජ් එකට එකතු කරන්නෙකු වුව ද ඔහු විසින් සිදු කළ යුතු තවාෆයයි. ඉතිරි වට හතරේදී සාමාන්‍යය ලෙස ගමන් කරයි. සෑම වටයක්ම හජරුල් අස්වද් ගලෙන් ආරම්භ කර එතැනින්ම අවසන් කරයි.
රම්ල්: එය පියවර ළගින් ළඟ තබමින් මඳ වේගයෙන් ඇවිදීමයි. සියලුම තවාෆ් වාරවලදී "ඉළ්තිබා" ක්‍රමය අනුගමනය කිරීම සතුටුදායක ය. අල් ඉළ්තිබා යනු: උඩු සළුවේ මැද කොටස දකුණු උරහිස යට තබා, එහි කෙළවරවල් දෙක වම් උරහිස මත තබා ගැනීමයි.
වට ගණනෙහි සැකයක් ඇති වූ විට, ඔහු විශ්වාසය ඇති කර ගනිමින් අඩුම සංඛ්‍යාව මත පදනම් විය යුතුය. එනම්, ඔහු තවාෆ් සිදු කළේ වට තුනක් ද හතරක් ද යන්න ගැන සැකයක් ඇති නම්, එය තුනක් ලෙස ගණනය කළ යුතුය. ඔහු මෙසේ (සෆා සහ මර්වා අතර) සඊ කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.
මෙම තවාෆය අවසන් කළ පසු ඔහු තම සළුව පළදමින් එය දෙපස උරහිස් මත තබා ගනී. තවාෆ් රකආත් දෙක ඉටු කිරීමට පෙර එහි දෙකෙළවර පපුව මත තබා ගනී.
කාන්තාවන්ට පිළිකුලෙන් හෙළා දැකිය යුතු එසේම අනතුරු ඇඟවිය යුතු කරුණක් වනුයේ, ඔවුන්ගේ අලංකාරය විදහා පාමින් හා සුවඳ විළවුන් ගල්වමින් ඔවුන්ගේ තවාෆය ඉටු කිරීම හා ආවරණය කළ යුතු ඔවුන්ගේ ශරීර අවයව නිරාවරණය කිරීම සම්බන්ධයෙනි. ඒ අනුව පිරිමි හා කාන්තාවන් තවාෆ් සිදු කරන අවස්ථාවේදී හා ඔවුන් එකට මුසු වන වෙනත් අවස්ථාවලදී ඔවුන් ආවරණය කළ යුතු ඔවුන්ගේ අවයව ආවරණය කළ යුතුය. අලංකාරය අතහැරිය යුතුය; මන්ද ඔවුන් ආවරණය විය යුතු අතර අර්බුද ඇති වීමට හේතුවක් ඔවුන් හේතුවක් විය හැකි බැවිනි. කාන්තාවගේ මුහුණ ඇයගේ අලංකාරය වඩාත් ඉස්මතු කර පෙන්වන බැවින් මහ්රම් වූ පවුලේ සමීප සාමාජිකයන්ට හැර වෙනත් කිසිවෙකුට ඇය එය පෙන්විය යුතු නොවේ. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයකට අනුව ය: "තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට මිස වෙනත් කිසිවකුට හෙළි නො කළ යුතු ය." (අන්-නූර්: 31) "හජර් අල් අස්වද්" ගල සිඹීමේදී පිරිමින්ගේ දසුනට හසු වන්නේ නම්, කාන්තාවන්ට මුහුණ විවෘත කිරීම අනුමත නොවේ. හජර් අල් අස්වද් ස්පර්ශ කිරීම හෝ සිඹීම සඳහා පහසුකමක් නොමැති නම්, පිරිමින් අතර තෙරපීම ඔවුනට අනුමත වන්නේ නැත. ඔවුන් පසුපසින් තවාෆ් කිරීම සුදුසු වේ. එය ඔවුන් කඃබාවට සමීපව පිරිමින් අතර තෙරපී තවාෆ් කිරීමට වඩා උතුම් සහ වැඩි ප්‍රතිඵලයක් ඇති කරනු ඇත. මෙම තවාෆයේ හැර රම්ල් සහ ඉළ්තිබා සඊ හා වෙනත් තැන්වල ආගමානුගත කර නැත. කාන්තාවන්ටද ආගමානුගත කර නැත. මන්ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මක්කාවට පැමිණි පළමු අවස්ථාවේදී එතුමාණන්ගේ පළමු තවාෆයේ දී පමණක් එසේ සිදු කර ඇති බැවිනි. තවාෆ් කිරීමේදී කිලිටි හා අපිරිසිදුතාවයෙන් ඉවත්ව පිරිසිදු තත්ත්වයේ සිටිය යුතුය. එමෙන්ම අල්ලාහ්ට නිහතමානීව, ඔහුට යටහත් පහත්ව එය ඉටු කළ යුතුය.
තවාෆ් කිරීමේදී අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ප්‍රාර්ථනා කිරීම යනාදියෙහි නිරත වීම ප්‍රිය ජනකය. එහිදී කුර්ආනයෙන් කොටසක් කියවීම හොඳය. මෙම තවාෆයේ හෝ වෙනත් තවාෆ්වල හෝ සඃයිහි හෝ විශේෂිත දික්ර් හෝ විශේෂිත ප්‍රාර්ථනා කිරීම අනිවාර්ය කර නැත.
ඇතැම් පුද්ගලයින් විසින් තවාෆ් හෝ සඊහි සෑම වටයකටම විශේෂිත දික්ර් හෝ ප්‍රාර්ථනා වෙන් කරමින් අලුතින් හඳුන්වා දී ඇත. නමුත් එයට කිසිදු මූලාශ්‍රයක් නැත. කෙසේ වෙතත් තමන්ට පහසු වන සෑම දික්රයක් හා ප්‍රාර්ථනාවක්ම උසුරීම ප්‍රමාණවත් වේ. රුක්නුල් යමානි වෙත ළඟා වූ විට, දකුණු අතෙන් එය ස්පර්ශ කරමින් "බිස්මිල්ලාහ් වල්ලාහු අක්බර්" (අල්ලාහ්ගේ නාමයෙන්, අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨයි) යැයි පවසයි. එය සිප නොගනී. එය ස්පර්ශ කිරීමට අපහසු නම්, එය අතහැර තවාෆ් කිරීමෙහි ඉදිරියට යයි. එය වෙත සංඥා නොකරයි හෝ එය ළඟා වූ විට තක්බීර් නොකියයි. මන්ද අපි දන්නා පරිදි එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විසින් සනාථ වී නැත. රුක්නුල් යමානි සහ හජ්රුල් අස්වද් අතර මෙසේ පැවසීම සතුටු දායකය: "රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන්නාර්"අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව! (අල් බකරා 2:201) 'හජරුල් අස්වද්' ගලට සමාන්තරව පැමිණි සෑම විටෙකම එය ස්පර්ශ කර සිප ගනිමින් ‘අල්ලාහු අක්බර්’ යැයි පවසයි. එසේ එය ස්පර්ශ කර සිප ගැනීමේ පහසුකමක් නොමැති නම්, එයට සමාන්තරව පැමිණි සෑම විටෙකම එය දෙසට ඉඟි කරමින් තක්බීර් පවසයි.
සම්සම් ලිදට හා මකාම් ඉබ්‍රාහීම් පිහිටා ඇති ස්ථානයට පසුපසින් තවාෆ් කිරීමෙහි -විශේෂයෙන්ම තදබදය ඇති වූ අවස්ථාවක- වරදක් නැත. මුළු හරම් දේවස්ථානයම තවාෆ් කිරීමේ ස්ථානය වේ. දේවස්ථානයේ පටු ආලින්දයේ තවාෆ් කළ ද ඒ සඳහා අවසරය ඇත. නමුත් පහසුකම් ඇත්නම් කඃබාවට සමීපව තවාෆ් කිරීම වඩාත් සුදුසු ය.
ඉන් පසු තවාෆ් අවසන් කළ විට, පහසුකමක් ඇත්නම් 'මකාම්' නම් ස්ථානයට පසුපසින් රකආත් දෙකක් ඉටු කරයි. තදබදය හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් ඒ සඳහා පහසුකමක් නොමැති නම් දේවස්ථානයේ ඕනෑම ස්ථානයක එය ඉටු කරයි. එහිදී සූරා අල්-ෆාතිහාවට පසු ව පහත සඳහන් සූරාව කියවීම සුන්නතයක් වේ. قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ"කුල් යා අය්යුහල් කාෆිරූන්"(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි! (අල්-කාෆිරූන්: 1) යන සූරාව පළමු රකආතයේ සහ قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ"කුල් හුවල්ලාහු අහද්"(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.) (අල්-ඉහ්ඃලාස්: 1) යන සූරාව දෙවන රකආතයේදී පාරායනය කරයි. මෙය වඩාත් උතුම්ය. මේ සූරා දෙක හැර වෙනත් කුර්ආන් පාඨ පාරායනය කළ ද එහි වරදක් නැත. පසුව 'හජ්රුල් අස්වද්' ගල වෙත යමින් පහසුකමක් ඇත්නම් එය ඔහුගේ දකුණු අතෙන් ස්පර්ශ කරයි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීමක් වශයෙනි.
ඉන්පසු එහි දොරටුවෙන් සෆා කඳුවැටියට පිටවී එහි නගී එසේ නැතහොත් ඒ අසළ සිට ගනියි. පහසුකමක් ඇත්නම් සෆා කඳුවැටියට නැගීම වඩාත් සුදුසුය. පළමු වටය ආරම්භයේදී පහත සඳහන් අයුරින් අල්ලාහ්ගේ ප්‍රකාශය කියවිය යුතුය: නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි... (අල් බකරා: 158)
සෆා මතට වී කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහ් ව ප්‍රශංසා කර ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කර මෙසේ පැවසීම සතුටුදායකය. "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ, අන්ජස වඃදහූ, වනසර අබ්දහූ, වහසමල් අහ්සාබ වහ්දහූ.(නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් අති ශ්‍රෙෂ්ටය. නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු ජීවය දෙයි. මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණක් හැර වෙනත් දෙවියකු නැත. ඔහුගේ පොරොන්දුව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට ඔහු උපකාර කළේය. තනිවම සියලු සේනාවන් ඔහු පරාජයට පත් කළේය.) පසුව ඔහුට පහසු අයුරින් ඔහුගේ අත් ඔසවා ප්‍රාර්ථනා කරයි. මෙම දික්රය හා ප්‍රාර්ථනාව (තුන් වරක්) නැවත නැවත කියයි. පසුව ඉන් බැස මර්වා වෙත යන මාර්ගයෙහි පළමු සලකුණට ළඟා වන තුරු ගමන් කරයි. එහි දී පිරිමියා දෙවන සලකුණට ළඟා වන තුරු වේගයෙන් ගමන් කරන නමුත් කාන්තාවට එසේ සලකුණු දෙක අතර වේගයෙන් ගමන් කිරීම ආගමානුගත කර නැත. මන්ද ඇය ආවරණය කළ යුතු තැනැත්තියක් වන බැවිනි. ඇයට ආගමානුගත කරනු ලැබ ඇත්තේ සියලුම සඊ වාරයන්හි ගමන් කිරීම පමණකි. පසුව ගමන් කරමින් මර්වා වෙත ගොස් එහි නගියි. එසේ නැතහොත් ඒ අබියස සිට ගනියි. පහසුකමක් ඇත්නම්, එය මත නැගීම වඩාත් උතුම්ය. ඔහු මර්වා කඳු මුදුනේදී, සෆා කඳු මුදුනේදී කළ දේවල් හා කී දේවල් සිදු කරයි, නමුත් එහි දී ආයතය කියවීම හැර; එනම් අල්ලාහ්ගේ පහත සඳහන් වචනයයි.: නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි... (අල් බකරා: 158) මෙය සෆා කන්දට පළමු වටයේ නැගීමේදී පමණක් ඉටු කළ යුතු මෙහෙයුමකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිමින් එය සිදු කළ යුතුය. පසුව පහළට බැස සෆා කන්දට ළඟා වන තුරුම ඇවිද යා යුතු ස්ථානයේ ඇවිද යයි. යුහුසුළුව ගමන් කළ යුතු ස්ථානයේ යුහුසුළුව ඉක්මනින් ගමන් කරයි. එසේ එය වාර හතක් ඉටු කරයි. එහි දී යෑම එක් වටයක් ලෙසත් නැවත පැමිණීම එක් වටයක් ලෙස සැළකේ. මන්ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහන් කර ඇති ආකාරයෙන් ක්‍රියා කර ඇති බැවිනි. එතුමාණෝ මෙසේ පැවසූහ: "ඔබේ පිළිවෙත් මගෙන් ලබා ගන්න" ([51]). සඊ මෙහෙය ඉටු කරන විට, හැකි තරම් දික්ර් සහ ප්‍රාර්ථනාවල වැඩි වශයෙන් නිරත වීම සුළු හා මහ කිලිටිවලින් පිරිසිදු වූ තත්ත්වයේ පසුවීම සතුටුදායකය. පිරිසිදු නොවූ තත්ත්වයක සඊ මෙහෙය ඉටු කළ ද වලංගු වන්නේය. එසේම, තවාෆ් කිරීමෙන් පසු කාන්තාව ඔසප් තත්ත්වයට පත් වූ විට හෝ පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය සිදු වූ විට, ඇය සඊ මෙහෙය ඉටු කළහොත් එය එය ඇයට වලංගු වේ. මන්ද සඊ මෙහෙය ඉටු කිරීම සඳහා පිරිසිදුකම කොන්දේසියක් නොවන අතර, එය ඉහත සඳහන් කළ පරිදි සතුටුදායක කරුණක් පමණි. (51) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
සඊ මෙහෙය සම්පූර්ණ කළ පසු, ඔහු සිය හිස මුඩු කර ගනියි. එසේ නැතහොත් කොට කර ගනියි. පිරිමියාට හිස මුඩු කිරීම වඩාත් යෝග්‍ය වේ. එහෙත්, එසේ මුඩු නොකර, කොට කර ගෙන හජ් සඳහා මදක් තිබෙන්නට හැරියේ නම්, එය හොඳය. ඔහු මක්කාවට පැමිණීමේ කාලය හජ් කාලයට ආසන්න නම්, කොට කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද යත් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සහාබාවරුන් හජ් මාසයේ හතරවන දින මක්කාවට පැමිණි විට, හද්යු සඳහා සතුන් දක්වාගෙන නොආ අයට මතුපිටින් හිස කෙස් කොට කිරීමට නියෝග කළහ. ඔවුන්ට මුඩු කිරීමට නියෝග කළේ නැත. කොට කිරීමේදී සම්පූර්ණ හිස ආවරණය වන පරිදි කොට කළ යුතුය. කොටසක් කොට කිරීම ප්‍රමාණවත් නොවේ. කාන්තාවන්ට ආගමානුගත කර ඇත්තේ හිසකෙස් කොට කිරීමය. එනම් සෑම කොණ්ඩා වරලසකින්ම ඇගිලි පුරුකක තරම් හෝ ඊට අඩු ප්‍රමාණයක් කපා ඉවත් කිරීමය. ඇගිලි පුරුක යනු ඇඟිල්ලේ කෙළවරය. එය ඉක්මවා වැඩි පුර කපා හැරීම කාන්තාවන්ට සුදුසු නැත.
ඉහ්රාම් පැළඳගත් තැනැත්තා සඳහන් කර ඇති කටයුතු ඉටු කළ විට, ඔහුගේ උම්රා සම්පූර්ණ වන අතර, ඉහ්රාම් මඟින් ඔහුට තහනම් වූ සියලු දෑ ඔහුට අනුමත වනු ඇත. නමුත් ඔහු හරම් සීමාවෙන් පිටත සිට හදි (සත්ව කැපය) රැගෙන ආවේ නම්, ඔහුගේ හජ් හා උම්රා දෙකම සම්පූර්ණ වන තෙක් ඔහුගේ ඉහ්රාම් තත්ත්වය පවතිනු ඇත.
හජ් සඳහා පමණක් එනම් ඉෆ්රාද් ක්‍රමයට හෝ හජ් හා උම්රා දෙකම එකට ඉටු කිරීමට ඉහ්රාම් බැඳගත් අය උම්රා සඳහා සඳහා ඔහුගේ එම ඉහ්රාමයෙන් ඉවත් වීම සුන්නා පිළිවෙතකි. ඔහු මුතමත්තිඃ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු ඉටු කරන දෑ සිදු කරයි. නමුත් ඔහු සත්ව කැපයක් පිරිනමන්නේ නම් එය අදාළ නොවේ. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන්ට එසේ කිරීමට නියෝග කර ඇති බැවිනි. එතුමාණෝ මෙසේ පැවසූහ. “හද්යු සඳහා සත්වයකු මම දක්කාගෙන නොආවේ නම්, මම ද ඔබ සමඟම ඉහ්රාමයෙන් මිදෙන්නට තිබුණි.” [52]. [52] බුහාරි තුමා විසින් හදීස් අංක (1568) යටතේ මෙය වාර්තා කර ඇත.
කාන්තාවක් උම්රා සඳහා ඉහ්රාම් බැඳ ගැනීමෙන් පසු ඔසප් තත්ත්වයට පත් වූ විට හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වන තත්ත්වයට පත් වූ විට, ඇය දේව නිවස වටා තවාෆ් කිරීම හෝ සෆා සහ මර්වා අතර සඊ කිරීම පිරිසිදු වන තෙක් සිදු නොකරයි. ඇය පිරිසිදු වූ විට, තවාෆ් කර සඊ කර ඇයගේ හිසකෙස් කපා එමගින් උම්රා කර්තව්‍යය සම්පූර්ණ කරයි. එහෙත්, තර්විය්යා (දුල් හජ් මස අට වැනි) දිනයට පෙර ඇය පිරිසිදු නොවුවහොත්, ඇය සිටින ස්ථානයෙන්ම හජ් සඳහා ඉහ්රාම් බැඳ, ජනයා සමඟ මිනා වෙත පිටත්ව යයි. එවිට ඇය හජ් හා උම්රා එකට එකතු කර ‘කාරින්’ පිළිවෙතට අනුව ඉටු කරයි. අරාෆා හා මෂ්අර් හි රැඳී සිටීම, ජම්රාත් වලට ගල් ගැසීම, මුස්දලිෆා හා මිනා වැනි ස්ථානවල රැඳී සිටීම, සත්ව කැපය, හිසකෙස් කපා හැරීම වැනි හජ් වන්දනාකරුවන් සිදු කරන සියලු දෑ ඇය ද සිදු කරයි. පසුව ඇය පිරිසිදු වූ විට, දේව නිවස වටා තවාෆ් කර, සෆා සහ මර්වා අතර සඊ කරයි. එය තවාෆ් එකක් සහ සඊ එකක් ලෙසිනි. ඇයගේ හජ් හා උම්රා යන දෙකටම එය වලංගු වේ. එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය උම්රා සඳහා ඉහ්රාම් බැඳ ගැනීමෙන් පසු ඔසප් තත්ත්වයට පත් වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමියට පවසා සිටි ප්‍රකාශයකට අනුවය. එතුමාණෝ මෙසේ පැවසූහ. "හජ් වන්දනාකරුවන් කරන අයුරින්ම ඔබ ද ක්‍රියා කරන්න. නමුත් ඔබ පිරිසිදු වන තෙක් කඃබාව තවාෆ් (වටා ඇවිද පැදකුණු) නොකරන්න." [53] බුහාරි හා මුස්ලිම්. (53) මෙය බුහාරි තුමා හදීස් අංක (305) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1211) යටතේ මෙය වාර්තා කර ඇත.
ඔසප් තත්ත්වයේ හෝ දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනයේ කාන්තාවක් නහර් දිනයේ (දුල් හජ් 10) ජමරාත් වෙත ගල් ගසා ඇයගේ හිස කෙස් කපා දැමුවහොත්, සුවඳ ද්‍රව්‍ය වැනි ඉහ්රාම් මඟින් තහනම් වූ සියලු දේ ඇයට අනුමත වනු ඇත. නමුත් ඇයගේ සැමියා ලිංගික ඇසුරට අවසර ලැබෙන්නේ ඇය සෙසු පිරිසිදු කාන්තාවන් මෙන් ඇගේ හජ් කටයුතු සම්පූර්ණ කළ පසු පමණි. එනම් ඇය පිරිසිදු වී තවාෆ් හා සඊ ඉටු කිරීමෙන් පසු ඇයගේ සැමියා සමග ලිංගික ඇසුර ද අනුමත වේ.
පරිච්ඡේදය
දුල් හිජ්ජා මාසයේ අටවැනි දිනයේ හජ් සඳහා ඉහ්රාම් බැඳ ගැනීම හා මිනා වෙත පිටත්ව යාම පිළිබඳ නීතිය.
'තර්විය්යා' දිනය වූ විට, එනම් දුල් හිජ්ජා මාසයේ අටවැනි දින, මක්කාවේ සිටින සහ එහි සිට හජ් සඳහා යාමට කැමති අය සඳහා ඔවුන්ගේ නවාතැන්වල සිටම හජ් සඳහා ඉහ්රාම් තත්ත්වයට එළැඹීම සතුටු දායකය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් විසින් අබ්තහ් නම් ස්ථානයේ රැඳී සිට, එතුමාණන්ගේ නියෝගය අනුව අවුරුදු දිනයේ එහි සිටම හජ් සඳහා ඉහ්රාම් බඳින ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔවුන්ට කඃබාව වෙත ගොස් එහි සිට හෝ 'මීzසාබ්' අසල ඉහ්රාම් බඳින්නැයි නියෝග නොකළේය. එසේම ඔවුන් මිනා වෙත පිටත්ව යන විට සමුගැනීමේ තවාෆය ඉටු කරන්නැයි නියෝග නොකළේය. එය නීතිගත වූයේ නම්, එතුමා ඔවුන්ට ඒ බව දැනුවත් කරන්නට තිබුණි. සියලු යහපත ඇත්තේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) අනුගමනය කිරීමෙහිය.
හජ් සඳහා ඉහ්රාම් තත්ත්වයට පත් වන විට ජලස්නානය කිරීම, පවිත්‍රවීම, සුවඳ විලවුන් ගැල්වීම සතුටුදායකය. මන්ද මීකාත් ස්ථානයේදී ඉහ්රාම් තත්ත්වයට පත් වන විට ද ඒ අයුරින් කටයුතු කළ යුතු බැවිනි. හජ් සඳහා ඉහ්රාම් බැඳ ගැනීමෙන් පසු, 'තර්විය්යා' දිනයේ හිරු මුදුනින් අවරට යෑමට පෙර හෝ පසු මිනා වෙත යාම සුන්නතක් වේ. ‘ජම්රතුල් අකබා’ වෙත ගල් විසි කරන තෙක් ඔවුන් ‘තල්බියා’ වැඩි වශයෙන් පැවසිය යුතුය. ඔවුන් මිනාහිදී ලුහර්, අසර්, මග්රිබ්, ඉෂා හා ෆජ්ර් සලාතයන් ඉටු කරති. සලාතයන් සියල්ලම නියමිත වේලාවන්හි ‘කස්ර්’ (හෙවත් රකආත් වාර දෙක බැගින් කෙටි) කර ඉටු කිරීම සුන්නතයකි. නමුත් මග්රිබ් හා ෆජ්ර් සලාතයන් කෙටි නොකරයි.
මක්කා වැසියන් හා අනෙකුත් අය අතර කිසිදු වෙනසක් නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මක්කා වැසියන් හා අනෙකුත් අය සමඟ මිනා, අරෆා හා මුස්දලිෆාහි සලාත් ඉටු කළේ කෙටි සලාත් ලෙසය. මක්කා වැසියන්ට සම්පූර්ණ සලාත් ඉටු කරන ලෙස නියෝග කර නැත. එය ඔවුන්ට අනිවාර්යය වූයේ නම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන්ට එය පැහැදිළි කරන්නට තිබුණි.
පසුව අරෆා දින හිරු උදාවෙන් පසු හජ් වන්දනාකරු මිනා වෙතින් අරෆා දෙසට යොමු වේ. පහසුකමක් ඇත්නම්, නමිරා වෙත හිරු මුදුනින් අවරට යෑමට පෙර ගොඩ වැදීම සුන්නා වේ. මක්නිසාදයත් එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එසේ සිදු කර ඇති බැවිනි.
හිරු මුදුණින් අවරට ගිය විට, ඉමාම් හෝ ඔහුගේ නියෝජිතයා, එදින හා එදිනට පසු හජ් වන්දනාවේදී කුමක් කළ යුතු ද යන්න ජනතාවට පැහැදිලි කිරීම, තත්ත්වයට ගැලපෙන දේශනාවක් ඔවුනට පැවැත්වීම සුන්නාවකි. එහිදී අල්ලාහ්ට බිය වී කටයුතු කරන ලෙසත්, ඔහුගේ ඒකීයතාවය පිළිබඳවත්, සියලු කටයුතු ඔහු වෙනුවෙන් අවංකව සිදු කිරීම පිළිබඳවත් උපදෙස් දෙනු ඇත. එමෙන්ම ඔහු තහනම් කළ කරුණුවලින් වළකින ලෙස ඔවුන්ට අවවාද කරන අතර, අල්ලාහ්ගේ ග්‍රන්ථය හා ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිවෙත අනුගමනය කරමින්, ඒවා අනුව තීන්දු තිරණ ගැනීම පිළිබඳවත් ඔවුන්ට උපදෙස් දෙනු ඇත. ඒ සියල්ල නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය පිළිපැදීමක් ලෙසිනි. පසුව ඔවුන් ලුහර් හා අසර් සලාත් එකට එක් කොට, පළමුවැනි සලාත් වේලාවේදී, එක් අදානයකින් හා ඉකාමත් දෙකක් පවසමින් ඉටු කරති. මක්නිසාද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද මෙලෙස කටයුතු කර ඇති බැවිනි. ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දුන් හදීසයක් මුස්ලිම් තුමා විසින් මෙසේ වාර්තා කර ඇත.
පසු ව ජනතාව අරෆාවෙහි නතර වී සිටියි. එහි උරනා නම් ස්ථානය හැර අනෙකුත් සියලුම ස්ථාන නතර වී සිටි හැකි ස්ථාන වේ. පහසුකමක් ඇත්නම් කිබ්ලා දෙසට හා රහ්මා කන්ද දෙසට මුහුණලා සිටීම සතුටු දායකය. එසේ ඒ දෙක දෙසට මුහුණලා සිටිය නොහැකි නම් කන්ද දෙසට නොහැරුණත් කිබ්ලා දෙසට මුහුණලා සිටිය යුතුය. මෙම ස්ථානයේ හජ් වන්දනාකරු අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහුට ප්‍රාර්ථනා කිරීම හා ඔහුට යාච්ඤා කිරීම යනාදියෙහි වෙහෙසිය යුතුය. ප්‍රාර්ථනාවේදී තම දෑත් ඔසවා ගත යුතුය. 'ලබ්බයික්...' යැයි තල්බියා කීම හෝ අල් කුර්ආනයෙන් යමක් පාරායනය කිරීම හොඳය. "ලා ඉලාහ ඉල්ලාල්ලාහු වහ්දහු ලා ශරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු වහුව අලා කුල්ලී ශයිඉන් කදීර්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුලක් නැත. සියලු රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු ජීවය ලබා දෙයි. මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.) යනුවෙන් වැඩි වශයෙන් පැවසීම සුන්නාවකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙසේ ප්‍රකාශ කර ඇත. ශ්‍රේෂ්ඨතම ප්‍රාර්ථනාව වනුයේ අරෆා දිනයේදී කරනු ලබන ප්‍රාර්ථනාවයි. මා ද මට පෙර පැමිණි නබිවරුන් විසින්ද කළ ප්‍රාර්ථනා අතරින් වැදගත් වන්නේ: "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යන දෑය. ([54]) එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශය කළ බවට තහවුරු වූ තවත් හදීසයක් මෙසේය. "අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වදන් හතරකි: සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, සහ අල්ලාහු අක්බර්" [55]. [54] අත්-තිර්මිදී හදීස් අංක (3585). (55) මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 2137 යටතේ වාර්තා කර ඇත.
මෙම දික්ර් (මෙනෙහි කිරීම්) හදවතින් සහ භක්තියෙන් නැවත නැවතත් අධික ලෙස උසුරිය යුතුය. එසේම, සෑම වේලාවකම, විශේෂයෙන් මෙම මහඟු දිනයේදී අධික ලෙක දික්ර් හා ප්‍රාර්ථනාවන්හි නිරත විය යුතුය. එම දික්ර් සහ ප්‍රාර්ථනා නබි තුමාණන්ගේ ප්‍රාර්ථනා ගොනුවෙන් තෝරා ගත යුතුය. ඒ අතරින්:
"සුබ්හානල්ලාහි වබිහම්දිහි, සුබ්හානල්ලාහිල් අළීම්" (අල්ලාහ් ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ ය, සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධ ය.) "ලා ඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල් ළාලිමීන්" (ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධ ය. නියත වශයෙන් ම මම අපරාධකරුවන් අතරින් වීමි.) (අල් අන්බියා: 87)
"ලා ඉලාහ ඉල්ලල්ලාහු, වලා නඃබුදු ඉල්ලා ඉයියාහු, ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්. (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු හැර වෙනත් කිසිවකුට අපි නැමදුම් නොකරමු. සියලු ආශිර්වාදයක් ඔහු සතුය. සියලු භාග්‍යයන් ඔහු සතුය. අලංකාර සියලු පැසසුම් ඔහු සතුය. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ප්‍රතික්ෂේප කළවුන් පිළිකුල් කළ ද සම්පූර්ණ දහම ඔහුට වෙනුවෙන් පමණක් අවංකයින් ලෙස පුද කරමු.)
"ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි" (අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ කිසිදු බලයක් හෝ නොමැත.) [56]. [56] ඉබ්න් අස්-සුබයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (594).
"රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන්-නාර්"(අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!) (අල් බකරා 2:201)
"අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී. අල්ලදී හුව ඉස්මතු අම්රී, වඅස්ලිහ් ලී දුන්යාය අල්ලතී ෆීහා මආෂී, වඅස්ලිහ් ලී ආකිරතී අල්ලතී ෆීහා මආදී, වජ්අලිල් හයාත සියාදතන් ලී ෆී කුල්ලි කයිරින් වල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්"(අහෝ දෙවිඳුනි! මාගේ කටයුත්තට ආරක්ෂාවක් වන මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව! මා ජීවත් වන මාගේ මෙලොව ද විධිමත් කර දෙනු මැනව! මම නැවත හැරී යන මාගේ මතුලොව ද මට විධිමත් කර දෙනු මැනව! සෑම යහපත් කටයුත්තකදීම වර්ධනයක් කරන්නක් බවට ජීවිතය සකසා දෙනු මැනව! සෑම නපුරකින් මට සැනසුම ලබා දෙන්නක් බවට මරණය සකසා දෙනු මැනව!) [57] [57] අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2720).
"අඌදු බිල්ලාහි මින් ජහ්දිල් බලාඉ, වදරකිෂ්-ෂකාඉ, වසූඉල් කළාඉ, වෂමාතතිල් අඃදාඉ." (අර්බුධකාරී වෙහෙසින්, අභාග්‍යමත් තත්ත්වයට වැටීමෙන්, අයහපත් දෛව නියමයෙන් සහ සතුරන්ගේ ප්‍රීති ඝෝෂාවෙන් මම අල්ලාහ්ගෙන් රැකවරණය පතමි.) [58]. [58] අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු)තුමා විසින් වාර්තා කළ මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 6347 යටතේ වාර්තා කර ඇත.
"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හම්මි වල් හසzනි, ව අඌදු බික මිනල් අජ්සි වල් කසලි, ව අඌදු බික මිනල් ජුබ්නි වල් බුහ්ල්, ව මිනල් මඃසමි වල් මග්රමි, ව අඌදු බික මින් ගලබතිත් දෙයිනි වමින් කහ්රිර් රිජාල්."[59]. (අහෝ දෙවිඳුනි! දුක හා ශෝකයෙන්ද, නොහැකියාව හා අලසකමින්ද, බියගුලු කම හා මසුරුකමින්ද, පව්කාරකම හා ණය බරින්ද, ණය බරින් හා මිනිස් බලපෑමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) [59] මෙම පද පෙළ අබූ උමාමා අල්-අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් 'ව මිනල් මඃසමි වල් මග්රමි' යන පද පෙළ නොමැතිව දැනුම් දී ඇති අතර අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (1554).
"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි, වල් ජුනූනි, වල් ජුසාමි, වමින් සය්යිඉල් අස්කාමි."[60].(අහෝ දෙවිඳුනි කුෂ්ට, මානසික, ලාදුරු හා නපුරු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.) [60] අබූ දාවුද් තුමා විසින් දැනුම් දී ඇති මෙය අනස් (රළිඅල්ලාහු අන්හු)තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (1554).
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් අෆ්ව වල්ආෆියත ෆිද් දුන්යා වල්-ආහිරා." (අහෝ දෙවිඳුනි, මෙලොව හා මතුලොව සුවය හා නිරෝගී බව මම ඔබෙන් පතමි.)
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී."(අහෝ දෙවිඳුනි, සැබැවින්ම මම ඔබෙන් සමාව හා මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මාගේ පවුල හා මාගේ සම්පත් යනාදියෙහි සුවය පතමි)
"අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් රව්ආතී, අල්ලාහුම්මහ් ෆල්නී මින් බයිනි යදයිය වමින් ඛල්ෆි, වඅන් යමීනී වඅන් ෂිමාලී, වමින් ෆව්කී, ව අඌදු බි අළමතික අන් උග්තාල මින් තහ්තී" [61].(අහෝ දෙවිඳුනි, මාගේ විලිය වසා මා බියෙන් මා ආරක්ෂා කරනු මැනව! අහෝ දෙවිඳුනි, මාගේ ඉදිරියෙන් සහ මාගේ පිටුපසින්, මාගේ දකුණෙන් සහ මාගේ වමෙන් සහ මාගේ ඉහළින් මා ආරක්ෂා කරනු මැනව! මාගේ පහළින් පහර දීමෙන් ඔබගේ ශ්‍රේෂ්ඨත්වයෙන් මම රැකවරණය පතමි.) [61] ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති මෙය අබූ දාවුද් විසින් වාර්තා කර ඇත. හදීස් අංක (5074).
"අල්ලාහුම්මග් ෆිර්ලී ජිද්දී, වහzස්ලී, වකතඊ, වඅම්දී, වකුල්ලු දාලික ඉන්දී, අල්ලාහුම්මග් ෆිර්ලී මා කද්දම්තු වමා අක්කර්තු, වමා අස්රර්තු වමා අඃලන්තු, වමා අන්ත අඃලමු බිහි මින්නී, අන්තල් මුකද්දිමු, වඅන්තල් මුඅහ්හිරු, වඅන්ත අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" [62]. (අහෝ දෙවිඳුනි! මාගේ වෙහෙසටත්, මාගේ විහිළුවටත්, මාගේ වැරදිවලටත් සහ මාගේ හිතාමතා කළ ක්‍රියාවන්ටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවිඳුනි! මා පෙර කළ දෑටත්, මා පසු කළ දෑටත්, මා රහසිගතව කළ දෑටත්, මා ප්‍රසිද්ධියේ කළ දෑටත්, මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.) [62]. මෙය අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දී මුස්ලිම් විසින් වාර්තා කරන ලද හදීසයක කොටසකි. හදීස් අංක (2719)
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක අස්-සිබාත ෆිල් අම්රි වල්අසීමත අලර්රුෂ්දි, වඅස්අලුක ශුක්ර නිඃමතික වහුස්න ඊබාදතික, වඅස්අලුක කල්බන් සලීමන් වලිසානන් සාදිකන්, වඅස්අලුක මින් ඛයිරි මා තඃලමු, වඅඌදුබික මින් ෂර්රි මා තඃලමු, වඅස්තග්ෆිරුක ලිමා තඃලමු, ඉන්නක අල්ලාමුල් ගුයූබ්" [63]. (අහෝ දෙවිඳුනි, කාරණයෙහි ස්ථිරභාවය සහ නිවැරදි දේ කිරීමට අධිෂ්ඨානය මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබගේ ආශිර්වාද සඳහා කෘතඥ වීමටත් ඔබට නිසි අයුරින් නමස්කාර කිරීමටත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. පිරිසිදු හදවතක් සහ සත්‍යවාදී දිවක් මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබ දන්නා හොඳම දේ මම ඔබෙන් ඉල්ලා සිටිමි, ඔබ දන්නා නරකම දෙයින් මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ දන්නා දෙයට මම ඔබෙන් සමාව අයදිමි. නියත වශයෙන්ම, ඔබ ගුප්ත දේ මැනවින් දන්නාය. [63].) [63] ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය තිර්මිදි විසින් වාර්තා කර ඇත. හදීස් අංක (3407).
"අල්ලාහුම්ම රබ්බින් නබිය්යි මුහම්මද් අලෙයිහිස් සලාතු වස්සලාම්, ඉග්ෆිර් ලී දන්බී, වඅධ්හිබ් ගයිළ කල්බී වඅජිර්නී මින් මුදල්ලාතිල් ෆිතනි මා අහ්යයිතනා" [64].(අහෝ දෙවිඳුනි, නබි මුහම්මද් (අලෙයිහිස් සලාතු වස්සලාම්)තුමාණන්ගේ ස්වාමියාණනි, මාගේ පාපයට සමාව දෙනු මැනව! මාගේ හදවතින් කෝපය ඉවත් කරනු මැනව! ඔබ අපව ජීවමාන කරන තාක් කල්, නොමඟ යවන පරීක්ෂාවන්ගෙන් මා මුදවා ගනු මැනව!) (64) මෙය උම්මූ සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා ඇති අතර අහ්මද් විසින් හදීස් අංක (6/301) යටතේ වාර්තා කර ඇත.
"අල්ලාහුම්ම රබ්බස්-සමාවාති වරබ්බල් අර්ළි වරබ්බල් අර්ෂිල් අළීමි, රබ්බනා වරබ්බ කුල්ලි ෂයිඉන්, ෆාලිකල් හබ්බි වන්-නවා, වමුන්සිලත්-තව්රාති වල් ඉන්ජීලි වල් ෆුර්කානි, අඌදු බික මින් ෂර්රි කුල්ලි ෂයිඉන් අන්ත ආඛිදුන් බිනාසියතිහි, අල්ලාහුම්ම අන්තල් අව්වලු ෆලයිස කබ්ලක ෂෙයිඋන්, වඅන්තල් ආඛිරු ෆලයිස බඃදක ෂෙයිඋන්, වඅන්තල් ළාහිරු ෆලයිස ෆව්කක ෂෙයිඋන්, වඅන්තල් බාතිනු ෆලයිස දූනක ෂෙයිඋන්, ඉක්ළි අන්නද් දයින වඅග්නිනා මිනල් ෆක්රි [65]. (අහෝ දෙවිඳුනි! අහස්හි පරමාධිපතියාණනි! පොළොවෙහි පරමාධිපතියාණනි! අති උත්තරීතර අර්ෂ්හි පරමාධිපතියාණනි! අපගේ මෙන්ම සියළු දෑහි පරමාධිපතියාණනි! බීජ හා ඇට පැළ හට ගන්නට සලස්වන්නාණනි! තව්රාත්, ඉන්ජීල් හා ෆුර්කාන් පහළ කළ පරමාධිපතියාණනි! නළල් කෙස් රොදින් ග්‍රහණය කරගන්නා ඔබ විසින් පාලනය වන සෑම දෙයකම නපුරෙන් මම ඔබගෙන් රැකවරණය ඉල්ලා සිටිමි. අහෝ දෙවිඳුනි! පළමුවැන්නා ඔබය; ඔබට පෙර කිසිවක් නැත. අවසානයා ද ඔබය; ඔබට පසු කිසිවක් නැත. බාහිරින් අබිබවා ඉහළින්ම ඉන්නේ ඔබය; ඔබට ඉහළින් කිසිවක් නැත. අභ්‍යන්තරය අබිබවා සිටින්නා ද ඔබය; ඔබට පහළින් කිසිවක් නැත. අපගේ ණය බර පියවා අප නිදහස් කරනු මැනව! දුප්පත්කමෙන් අපව පොහොසත් කරනු මැනව!) [65] අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)තුමා විසින් දැනුම් දී ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2713).
අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත කයිරු මන් සක්කාහා, අන්ත වලීය්යුහා ව මෞලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි වල් කසලි, වඅඌදු බික මිනල් ජුබ්නි වල් හරමි වල් බුහ්ලි, වඅඌදු බික මින් අදාබිල් කබ්රි."[66]. (අහෝ දෙවිඳුනි! මාගේ ආත්මයට එහි භක්තිය ලබා දෙනු මැනව! එය පවිත්‍ර කරනු මැනව! එය පවිත්‍ර කරන අය අතරින් ඔබ අති ශ්‍රේෂ්ඨයාණන්ය. ඔබ එහි ආධිපත්‍යය සහ ආරක්ෂකය. අහෝ දෙවිඳුනි, නොහැකියාව හා අලසකමෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. එමෙන්ම බියගුලු කම, වයෝවෘද්ධභාවය හා මසුරුකමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. කබ්ර්හි වේදනාවෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) [66] සෙයිද් බින් අර්කම් (රළියල්ලාහු අන්හු)තුමා විසින් දන්වා ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2722).
"අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික හාසම්තු, අඌදු බිඉස්සතික අන් තුළිල්ලනී, ලා ඉලාහ ඉල්ලා අන්ත, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන් ([67]). (අහෝ දෙවිඳුනි, ඔබට මම යටත් වූයෙමි; ඔබ කෙරෙහි මම විශ්වාස කළෙමි; ඔබ මත ම සියල්ල භාර කළෙමි; ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි; ඔබේ පිහිටෙන් විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කළෙමි. ඔබ මා නොමඟ යැවීමෙන් ඔබේ ගෞරවයෙන් සරණ පතමි. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙනත් කිසිවෙකු නැත. ඔබ නොමැරෙන සදා ජීවමානය. ජින්නුන් හා මිනිසුන් මිය යති.) [67] ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2717).
"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ, වමින් කල්බින් ලා යක්ෂඋ, වමින් නෆ්සින් ලා තෂ්බඋ, වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා."[68]. (අහෝ දෙවිඳුනි, කිසිදු ප්‍රයෝජනයක් නොමැති දැනුමෙන්, ඔබට බිය නොවන හදවතකින්, තෘප්තිමත් නොවන ආත්මයකින් සහ පිළිතුරු නොලැබෙන ප්‍රාර්ථනාවෙන් මම ඔබගෙන් ආරක්ෂාව පතමි.) [68] මෙය සෙයිද් ඉබ්නු අර්කම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක කොටසකි. මෙහි මූලාශ්‍රය අංක 2722 යටතේ ප්‍රකාශ වී ඇත.
"අල්ලාහුම්ම ජන්නිබ්නී මුන්කරාතිල් අඛ්ලාකි, වල්-අඃමාලි, වල්-අහ්වාඉ, වල්-අද්වාඉ." [69]. (අහෝ දෙවිඳුනි! නින්දිත ගතිගුණවලින්, තණ්හාවෙන් සහ රෝගවලින් මා ආරක්ෂා කරනු මැනව!) [69] තම පිය සහෝදරයාගෙන් ලබා සියාද් බින් අලාකා තුමා විසින් දන්වා ඇති මෙම හදීසය තිර්මිදී තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (3591).
اللَّهُمَّ أَلْهِمْنِي رُشْدِي، وَأَعِذْنِي مِنْ شَرِّ نَفْسِي"අල්ලාහුම්ම අල්හිම්නී රුෂ්දී, වඅඉද්නී මින් ෂර්රි නෆ්සී"[70]. (අහෝ දෙවිඳුනි, නිවැරදි දේ කිරීමට මා පොළඹවා, මාගේ ආත්මයේ නපුරෙන් මා ආරක්ෂා කරනු මැනව!) [70] ඉම්රාන් බින් හුසෙයින් (රළියල්ලාහු අන්හු)තුමා විසින් දන්වා ඇති මෙම හදීසය තිර්මිදී තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (3483).
"අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" [71] (අහෝ දෙවිඳුනි! ඔබ විසින් තහනම් කළ දෙයින් වැළකී සිටිමින් ඔබ නීත්‍යානුකූල කළ දෙයින් සෑහීමට පත්වීමට කටයුතු කර දෙනු මැනව. මට ඔබෙන් තොරව අන් අයගෙන් අවශ්‍යතාවක් නොමැතිව ඔබේ ආශිර්වාදයෙන් මා පෝෂණය කරනු මැනව.) [71] අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති මෙම හදීසය තිර්මිදි තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (3563).
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා"[72]. (අහෝ දෙවිඳුනි, මග පෙන්වීම, භක්තිය, නිර්මලකම සහ පොහොසත්කම මම ඔබගෙන් ඉල්ලා සිටිමි.) (72) අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2721).
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වස්සදාද්."[73] (අහෝ දෙවිඳුනි, මම ඔබෙන් මඟ පෙන්වීම සහ සාර්ථකත්වය ඉල්ලා සිටිමි.) [73] අලී (රළියල්ලාහු අන්හු)තුමා විසින් දන්වා ඇති මෙම හදීසය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2725).
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මිනල් ඛයිරි කුල්ලිහි, ආජිලිහි වආජිලිහි මා අලිම්තු මින්හු වමා ලම් අඃලමු, වඅඌදු බික මිනෂ්-ෂර්රි කුල්ලිහී ආජිලිහි වආජිලිහි මා අලිම්තු මින්හු වමා ලම් අඃලම්, වඅස්අලුක මින් ඛයිරි මා සඅලක මින්හු අබ්දුක වනබිය්යුක මුහම්මදුන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වඅඌදු බික මින් ෂර්රි මස්තආද මින්හු අබ්දුක වනබිය්යුක මුහම්මදුන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ජන්නත වමා කර්රබ ඉලයිහා මින් කව්ලින් අව් අමලින්, වඅඌදු බික මිනන් නාරි වමා කර්රබ ඉලයිහා මින් කවුලින් අව් අමලින්, වඅස්අලුක අන්-තජ්අල කුල්ල කළාඉන් කළයිතහූ ලී ඛයිරා"[74].(අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන, මා නොදැන සිටියත් ඔබ දැන සිටින සියලු යහපත මම ඔබෙන් පතමි. වර්තමානයේ හා ආනගතයේ සිදුවන, මා නොදැන සිටියත් ඔබ දැන සිටින සියලු නපුරින් මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබේ ගැත්තා හා ඔබේ වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබෙන් කවර යහපතක් ඉල්ලා සිටියේ ද එම යහපත මම ද ඔබෙන් පතමි. ඔබේ ගැත්තා හා ඔබේ වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කවර නපුරකින් ආරක්ෂාව ඔබෙන් ඉල්ලා සිටියේ ද එයින් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරවන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලා සිටිමි. [74] ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා ඇති මෙම හදීසය ඉබ්නු මාජා තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (3846).
"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු බියදිහිල් ඛයිර් වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. සුබ්හානල්ලාහි, වල් හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර්, වලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අලිය්යිල් අලීම්"[75]. (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුලක් නැත. සියලු ප්‍රශංසා ඔහු සතුය. ඔහු ජීවත් කරවයි. මරණයට පත් කරයි. සියලු යහපත ඔහු අතෙහිය. සියලු දෑ කෙරෙහි ඔහු සර්වබලධාරීය. අල්ලාහ් සුවිශුද්ධය. සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. සර්වබලධාරී උත්තරීතර අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරවුමක් හෝ බලයක් හෝ නැත.) [75] උබාදහ් බින් සාමිත් (රලියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති මෙම හදීසය බුහාරි තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (1154).
"අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින්, වඅලා ආලි මුහම්මදින්, කමා සල්ලයිත් අලා ඉබ්රාහීම, වඅලා ආලි ඉබ්රාහීම, ඉන්නක හමීදුම් මජීද්, වබාරික් අලා මුහම්මදින්, වඅලා ආලි මුහම්මදින්, කමා බාරක්ත අලා ඉබ්රාහීම, වඅලා ආලි ඉබ්රාහීම, ඉන්නක හමීදුම් මජීද්" [76].(ඉබ්‍රාහීම් තුමා හා එතුමාගේ පවුලේ උදවියට ඔබ ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරනු මැනව! සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය කීර්තියේ හිමිය. ඉබ්‍රාහීම් තුමා හා එතුමාගේ පවුලේ උදවියට ඔබ සමෘදිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන් හා එතුමාණන්ගේ පවුලේ උදවියට ඔබ සමෘදිය ඇති කරනු මැනව! සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය කීර්තියේ හිමිය.) [76] කඃබ් බින් උජ්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලද මෙම හදීසය බුහාරි තුමා විසින් හදීස් අංක 3370 යටතේ වාර්තා කර ඇත.
"රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන්නාර්" (අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!) (අල් බකරා :201)
මෙම මහඟු ස්ථානයේ, හජ් වන්දනාකරු පෙර සඳහන් වූ දික්ර් හා ප්‍රාර්ථනාවන්, ඒවාට සමාන අර්ථයෙන් වූ දික්ර් හා ප්‍රාර්ථනාවන් මෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පැවසීම සතුටුදායක වේ. ඔහු ප්‍රාර්ථනා කිරීමේදී කණ්ණලව් කරයි. තම පමරාධිපතියාණන්ගෙන් මෙලොව හා මතුලොව යන දෙකෙහි යහපත ඉල්ලා සිටී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රාර්ථනා කළ විට, එය තුන්වරක් නැවත නැවත පවසා ඇත. එබැවින්, එහි දී එතුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීම යෝග්‍යය.
මෙම ස්ථානයේදී මුස්ලිම්වරයා තම පරමාධිපතියාණන් වෙත ඉතාමත් විනයානුකූලව, ඔහුට යටහත් පහත්ව ඔහු ඉදිරියේ බැගෑපත්ව සිටියි. ඔහුගේ ආශිර්වාදය හා සමාව අපේක්ෂා කරයි. ඔහුගේ දඬුවම හා ඔහුගේ කෝපයට බිය වෙයි. තමන් සම්බන්ධයෙන් ස්ව විනිශ්චයේ යෙදෙයි. පසුතැවීම නැවතත් අලුත් කරමින් පාපක්ෂමාවේ නිරත වෙයි. මක්නිසාදයත්, මෙය මහඟු දිනයක් හා විශාල රැස්වීමක් වන බැවිනි. මෙහිදී අල්ලාහ් තම ගැත්තන් අගය කරයි. ඔවුන් පිළිබඳ මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරයි. අපා ගින්නෙන් නිදහස් කිරීම මෙහිදී අධිකව සිදු වෙයි. බද්ර් දිනයේදී දුටු දෙය හැර, අරෆා දිනයේදී තරම් ෂෙයිතාන් කිසි දිනෙක පරාජයට පත් වූ, පහත් වූ හෝ නින්දිත වූ දිනයක් දැක නැත. ඊට හේතුව එහි දී අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ත්‍යාගශීලීභාවය, ඔවුන් කෙරෙහි දක්වන කරුණාව සහ ගැත්තන් නිදහස් කිරීමේ සහ සමාව දීමේ බහුලත්වය ඔහු එහි දකින බැවිනි.
සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "අපා ගින්නෙන් අල්ලාහ් අධික ලෙස ගැත්තන් නිදහස් කිරීමේදී අරෆා දිනයට වඩා වෙනත් දිනයක් නැත. සැබැවින්ම ඔහු සමීප වෙයි. පසුව ඔවුන් පිළිබඳ මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරමින් “මොවුන් අපේක්ෂා කරනුයේ කුමක් ද?” යැයි විමසයි." [77] [77] ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වා ඇති මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (1348).
මුස්ලිම්වරුන් ඔවුන් විසින් අල්ලාහ්ට යහපත පෙන්විය යුතුය. ඔවුන්ගේ සතුරා වූ ෂෙයිතාන්ව අපහාස කර, අල්ලාහ්ව මෙනෙහි කිරීම, ප්‍රාර්ථනා කිරීම, සියලුම පව් හා වැරදි සඳහා පසුතැවී සමාව ඉල්ලා සිටීම යනාදියෙහි නිරතවීම මගින් ෂෙයිතාන්ව දුකට පත් කළ යුතුය. හජ් වන්දනාකරුවන් මෙම ස්ථානයේ හිරු අවරට යන තෙක් අල්ලාහ්ව මෙනෙහි කරමින්, ප්‍රාර්ථනා කරමින් හා බැගෑපත් වෙමින් සිටිය යුතුය. හිරු අවරට ගිය පසු ඔවුන් මුස්දලිෆා වෙත සන්සුන්ව හා ගෞරවයෙන් යා යුතුය. තල්බියා අධිකව පවසමින්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිපදමින් පහසුකම් ඇති තැන්වල දී ඉක්මණින් ගමන් කළ යුතුය. හිරු අවරට යාමට පෙර පිටවීම සුදුසු නොවේ. හේතුව, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හිරු අවරට යන තෙක් රැඳී සිටි අතර එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබේ පිළිවෙත් මගෙන් ලබා ගන්න" [78]. (78) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
මුස්දලිෆාවට පැමිණි පසු, ඔවුන් එහිදී මග්රිබ් සලාතය රකආත් තුනක් සහ ඉෂා සලාතය රකආත් දෙකක් ලෙස එක් අදානයක් හා ඉකාමත් දෙකක් පවසා එකට ඉටු කළ යුතු ය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ක්‍රියාව අනුව ය. ඔවුන් මුස්දලිෆාවට මග්රිබ් වේලාවේ පැමිණිය ද ඉෂා වේලාවේ පිවිසුණු ද එහි දී එක සමානය.
ඇතැමුන් මුස්දලිෆා වෙත ළඟා වූ විටම, සලාතය ඉටු කිරීමට පෙර ගල් කැට අහුලා ගැනීමත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය ආගමානුගත කරුණක් යැයි විශ්වාස කිරීමත් වැරදි සහගතය. එයට කිසිදු මූලාශ්‍රයක් නැත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට ගල් කැට අහුලා දෙන ලෙස නියෝග කළේ මෂ්අරුල් හරාම් වෙතින් මිනා වෙත ගමන් කිරීමට ආරම්භ කළ පසුවය. කවර ස්ථානයකින් ගල් කැට අහුලා ගත්ත ද එය වලංගු වේ. එසේ ගල් කැට අහුලා ගැනීම සඳහා මුස්දලිෆාව විශේෂිත ස්ථානයක් බවට පත් කර නැත. මිනාවේ සිට ගල් අහුලා ගත්තත් වලංගු වේ. ජම්රතුල් අකබා වෙත විසි කිරීම සඳහා මෙදින ගල් කැට හතක් අහුලා ගැනීම සුන්නාවකි. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශය පිළිපැදීමක් ලෙස එය සිදු කළ යුතුය. අනෙක් දින තුනේදී මිනා වෙතින් සෑම දිනකම ගල් කැට විසි එකක් අහුලා ගනිමින් ජම්රාත් තුනට විසි කළ යුතුය.
ගල්කැට සේදීම සතුටුදායක ක්‍රියාවක් නොවෙයි. එය සේදීමකින් තොරව විසිකරනු ලැබේ. මක්නිසාදයත්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් හෝ එතුමාණන්ගේ සහගාමීන් විසින් එසේ සිදු කළ බවට සඳහනක් නොමැති බැවිනි. එමෙන්ම කලින් විසිකරන ලද ගල්කැට නැවත විසිකරනු නොලැබේ.
හජ් වන්දනාකරු මෙම රාත්‍රිය මුස්දලිෆාවේ ගත කරයි. කාන්තාවන්, ළමුන් සහ ඔවුන් හා සමාන දුර්වලයන්ට රාත්‍රියේ අගභාගයේදීම මිනාවට පිටවී යාමට හැක. එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සහ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයකට අනුවය. අනෙකුත් හජ් වන්දනාකරුවන් සම්බන්ධයෙන් වනාහි, ඔවුන් ෆජ්ර් සලාතය ඉටු කරන තෙක් එහි රැඳී සිටීම සහතික කර ඇත. පසුව මෂ්අරිල් හරාම් නම් ස්ථානයේදී කිබ්ලා දෙසට මුහුණලා අධික ලෙස අල්ලාහ්ව දික්ර්- මෙනෙහි කරමින්, තක්බීර් පවසමින්, ප්‍රාර්ථනා කරමින් අහස හොඳින් කහ ගැන්වෙන තෙක් එහි රැඳී සිටිය යුතුය. ප්‍රාර්ථනා කරන විට මෙහිදී අත් දෙක එසවීම සතුටුදායක ක්‍රියාවකි. මුස්දලිෆාහි කවර ස්ථානයක නැවතී සිටිය ද ඔවුනට එය වලංගු වේ. නමුත් මෂ්අරිල් හරාම් වෙත ළඟා වීම හෝ එම ස්ථානයට නැගීම හෝ ඔවුනට අනිවාර්ය නොවේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුව ය: "මම මෙහි රැඳී සිටියෙමි - එනම් මෂ්අරිල් හරාම් (මුස්දලිෆාහි)- ඒ සියල්ල රැඳී සිටින ස්ථාන වේ. [79] මුස්ලිම් තුමා සිය සහීහ් ග්‍රන්ථයේ මෙය වාර්තා කර ඇත. රැස්ව රැඳී සිටින ස්ථානය යනු 'මුස්දලිෆා' වේ. [79] ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙම හදීසය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (1218).
හිරු එළියේ කහ වර්ණය ඉතාමත් පැහැදිලිව මතු වූ විට හිරු නැගීමට පෙර ඔවුහු මිනාවට හැරී යා යුතුය. ඔවුන්ගේ ගමනේදී ඔවුන් අධික ලෙස තල්බියා පවසනු ඇත. පසුව මුහස්සිර් නම් ස්ථානයට ළඟා වූ විට මදක් වේගයෙන් ගමන් කිරීම සතුටු දායක වේ.
මිනාවට ළඟා වූ විට, අකබා නම් ගල් ගසන ස්ථානයේදී තල්බියා පැවසීම නතර කළ යුතුය. පසුව ඔවුන් එම ස්ථානයට ළඟා වූ පසු එයට ගල් කැට හතක් නොකඩවා විසි කළ යුතුය. සෑම ගල් කැටයක් විසි කරන විටම අත ඔසවා තක්බීර් පැවසිය යුතුය. ගල් 'බත්නුල් වාදී' දෙසින් විසි කිරීම සතුටු දායක ය. එහිදී කඃබාව වම් දෙසට පිහිටුවා මිනාව දකුණු දෙසට පිහිටුවා තබා ගනියි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ක්‍රියාව අනුවය. වෙනත් පැත්තක සිට විසි කළ ද ගල් කැට අදාළ ස්ථානයට වැටුණහොත් එය වලංගු වේ. ගල් කැට අදාළ ස්ථානයේ රැඳිය යුතු නැත. අගමානුගත වනුයේ එම ස්ථානයට වැටීම පමණි. එසේ ගල් කැට අදාළ ස්ථානයේ වැටී පසුව එතැනින් පිටතට ගිය ද විද්වතුන්ගේ මත අනුව එය වලංගු වේ. ඒ අතරින් පැහැදිලි ප්‍රකාශක් වනුයේ, නවවී (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා (ෂර්හුල් මුහද්දබ්) හි කර ඇති ප්‍රකාශයයි. ජම්රාත් සඳහා විසි කරන ලද ගල් කැට බොරලු ගල් කැටවල ප්‍රමාණයට සමාන වේ. එය කඩල ඇටවලට වඩා සුළු ප්‍රමාණයකින් විශාල ය.
ගල් විසි කිරීමෙන් පසු ඔහුගේ හද්යු (සත්වයා) කපා හරිනු ඇත. එසේ කපා හරින අවස්ථාවේ "බිස්මිල්ලාහ්, වල්ලාහු අක්බර්, අල්ලාහුම්ම හාදා මින්ක වලක" යැයි පැවසීම නිර්දේශ කෙරේ. ඌ කිබ්ලා දෙසට හරවා තැබිය යුතුය. සුන්නාවට අනුව ඔටුවෙකු කපා හරින විට, උගේ වම් අත බැඳ, ඌ සිටගත් තත්වයෙන් කපා හරිනු ලැබේ. ගවයින් හා එළුවන් නම්, වම් පැත්තට ඇළ කරවා තබා කපා හරිනු ලැබේ. කිබ්ලා දෙසට නොහරවා කපා හරිනු ලැබුවේ නම්, එය සුන්නාවක් අත්හැරීමක් වුව ද එය වලංගු වේ. මක්නිසාදයත් කපා හරින විට කිබ්ලා දෙසට මුහුණලෑම සුන්නාවක් පමණක් වන අතර එය අනිවාර්ය කටයුත්තක් නොවන බැවිනි. ඔහුගේ එම සත්ව කැපයෙන් යමක් අනුභව කිරීමට එය පිරිනැමීමට හා පරිත්‍යාග කිරීමට නිර්දේශ කෙරේ. එය අල්ලාහ්ගේ ප්‍රකාශය අනුව ය: "එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු." (අල් හජ්: 28) සත්ත්ව කැප කිරීමේ කාලය අය්යාමුත් තෂ්රීක් තුන්වන දිනයේ හිරු අවරට යන තෙක් දිග හැරේ, එය විද්වතුන්ගේ වඩාත් නිවැරදි ප්‍රකාශයයි. ඒ අනුව, සත්ත්ව කැප කිරීමේ කාලය යව්මුන් නහ්ර් දිනය සහ එයට පසු දින තුනක කාලය වේ.
ඉන්පසු සතුන් කැප කිරීම හෝ කපා හැරීමෙන් පසු, ඔහුගේ හිස මුඩු කළ යුතුය එසේ නැතහොත් කොට කළ යුතුය. මුඩු කිරීම වඩාත් යෝග්‍යය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මුඩු කරන අයට (තුන් වරක්) හා කොට කරන අයට එක් වරක් කරුණාව සහ සමාව පැතූහ. හිසකෙස් කොට කිරීමේදී ඉන් කොටසක් පමණක් කොට කිරීම ප්‍රමාණවත් නොවේ. මුඩු කිරීමේ මෙන්ම සම්පූර්ණයෙන් ආවරණය වන සේ කොට ද කළ යුතුය. කාන්තාවන්ට සෑම කෙසකින්ම ඇඟිලි පුරුකක තරම් ප්‍රමාණයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් කොට කළ යුතුය.
ජම්රතූල් අඃකබා වෙත ගල් ගැසීමෙන් පසු හා හිස මුඩු කිරීමෙන් හෝ කෙස් කොට කිරීමෙන් පසු, ඉහ්රාම් ඇඳගත් තැනැත්තාට ඉහ්රාම් තත්ත්වයේ දී තහනම් කළ සියලු දේ අනුමත වනු ඇත. නමුත් බිරියන් සමග ලිංගක ඇසුර හැර. මෙය 'අත්-තහල්ලුල් අව්වල්' පළමු මිදීම ලෙස හැඳින්වේ. මෙම මිදීමෙන් පසු සුවඳ විළවුන් ගල්වා 'තවාෆුල් ඉෆාදා' ඉටු කිරීම සඳහා මක්කාව වෙත යා යුතුය. එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ ප්‍රකාශයක් අනුවය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන් ඉහ්රාමය ඇඳීමට පෙර සහ එය ගලවා අල්ලාහ්ගේ නිවස තවාෆ් කිරීමට පෙර, මම එතුමාණන්ගේ ඉහ්රාමයට සුවඳ ගැල්වූයෙමි." [80] මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත. [80] මෙය බුහාරි තුමා හදීස් අංක (1539) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1189) යටතේ වාර්තා කොට ඇත.
මෙම තවාෆයට "තවාෆුල් ඉෆාදා" හෙවත් "තවාෆුල් සියාරා" ලෙස නම් කරනු ලබයි. එය හජ්හි අනිවාර්ය වගකීම් අතරින් එක් අංගයකි. ඉන් තොරව හජ් සම්පූර්ණ වන්නේ නැත. සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයේ අදහස එයයි: "පසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!" (අල් හජ්: 29)
පසුව තවාෆ් මෙහෙය සහ මකාම් ඉබ්රාහිම් පිටුපසට වී රකආත් දෙක ඉටු කිරීමෙන් පසු, තමත්තුඃ ක්‍රමයට වන්දනා කටයුතු ඉටු කරන කෙනෙකු නම්, ඔහු සෆා මර්වා අතර සඊ මෙහෙය ඉටු කරයි. මෙම සඊ ඉටු කිරීම ඔහුගේ හජ් වන්දනාව සඳහා වන අතර, පළමු සඊ ඔහුගේ උම්රා වන්දනාව සඳහා වේ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසය අනුව, විද්වතුන්ගේ වඩාත් නිවැරදිම මතය වනුයේ එක් වරක් සඊ ඉටු කිරීම ප්‍රමාණවත් නොවන බව ය. ඇය මෙසේ පවසා ඇත.: "අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග පිටත්ව ගියෙමු" එම හදීසය මතක් කරමින්... "එහිදී එතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ: “සත්ව කැපයක් ඇති කවරෙකු හෝ වේවා හජ් සමඟ උම්රා ඉටු කිරීම සඳහා ඉහ්රාම් බැඳ ගනිත්වා! පසුව ඒ දෙකම ඉටු කරන තුරු ඔහු ඉන් නිදහස් නොවිය යුතුය...” ඇය කළ ප්‍රකාශය පහත පාඨය දක්වාම දිගු වෙයි. උම්රා සඳහා ඉහ්රාම් ඇඳගත් අය එම නිවස වටා හා සෆා මර්වා කඳු අතර ගමන් කළහ. පසුව ඔවුන් ඉහ්රාමයෙන් මිදුණහ. පසුව ඔවුන් මිනා වෙතින් ආපසු පැමිණීමෙන් පසු ඔවුන්ගේ හජ් සඳහා තවත් තවාෆයක් ඉටු කළහ." [81] මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත. (81) මෙය බුහාරි තුමා හදීස් අංක (1556) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1211) යටතේ වාර්තා කර ඇත.
ඇයගේ (රළියල්ලාහු අන්හු) ප්‍රකාශය වූයේ උම්රා සඳහා ඉහ්රාම් ඇඳගත් අය පිළිබඳවය: 'ඉන්පසු ඔවුන් තම හජ් සඳහා මිනා වෙතින් ආපසු පැමිණ තවත් තවාෆයක් ඉටු කළහ' යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ, මෙම හදීසය පිළිබඳව වඩාත් නිවැරදි ප්‍රකාශය අනුව, සෆා හා මර්වා අතර සිදු කරන තවාෆයයි. කෙසේ වෙතත්, 'ඇය ඉන් තවාෆුල් ඉෆාළා අදහස් කළාය' යනුවෙන් පවසන අයගේ ප්‍රකාශය නිවැරදි නොවේ; මන්ද, තවාෆුල් ඉෆාළා සියලුම අය සඳහා අනිවාර්ය මූලිකාංගයක් වන අතර ඔවුන් එය ඉටු කර ද ඇත. මෙයින් අදහස් කරන්නේ තමත්තුඃ ක්‍රමයට විශේෂිත වූ කරුණකි. එනම් ඔවුන්ගේ හජ් සම්පූර්ණ කිරීම සඳහා මිනා වෙතින් ආපසු පැමිණීමෙන් පසු සෆා හා මර්වා අතර දෙවන වරට තවාෆ් කිරීමය. අල්ලාහ්ගේ ප්‍රශංසාවෙන් එය පැහැදිලිය. බොහෝ විද්වතුන්ගේ මතය එයයි.
ඒ නිවැරදි බව පෙන්වා දෙනුයේ බුහාරි විසින් සහීහ්හි වාර්තා කරන ලද හදීසයකි. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමාගෙන් තමත්තුඃ ක්‍රමය පිළිබඳ විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මුහාජිර්වරුන්, අන්සාරිවරුන් සහ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරින්දෑවරු ‘හජ්ජතුල් විදා’ නම් සමුගැනීමේ හජ් වන්දනාව සඳහා ඉහ්රාම් බැඳ ගත්හ. අපි ද ඉහ්රාම් බැඳ ගත්තෙමු. මක්කා නගරයට පැමිණි පසු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ: ‘ඔබගේ ඉහ්රාම් හජ් සඳහා වූ උම්රා බවට පත්කරන්න. නමුත් කවරෙකු හෝ හද්යු (කුර්බාන් සතෙකු) සූදානම් කර ඇත්නම්, ඔහු ඉහ්රාමයෙන් නොමිදිය යුතුය’ යැයි පැවසූහ. අපි දේව නිවස වටා තවාෆ් කළෙමු. සෆා සහ මර්වා අතර සඊ කළෙමු. බිරියන් සමඟ සිටියෙමු. ඇඳුම් ඇඳ ගත්තෙමු. එතුමාණෝ: ‘සත්ව කැපය සූදානම් කළ අය, එය එහි ස්ථානයට ළඟා වන තෙක් ඉහ්රාමයෙන් නොමිදිය යුතුය’ යැයි ද පැවසූහ. පසුව තර්වියා දිනයේ අපට හජ් සඳහා ඉහ්රාම් බැඳ ගන්නා ලෙස නියෝග කළහ. අපි වන්දනා කර්තව්‍යයන් නිම කළ පසු, දේව නිවස වටා තවාෆ් කළෙමු. සෆා සහ මර්වා අතර සඊ කළෙමු. [82] අපේක්ෂිත කරුණ මින් අවසන්. තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නා සඊ දෙවරක් කිරීම ගැන පැහැදිලිය. මැනවින් දන්නා අල්ලාහ්ය. [82] මෙය ඉමාම් බුහාරි තුමා විසින් හදීස් අංක (1572) යටතේ වාර්තා කර ඇත.
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති හදීසයක් මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත්තේ මෙසේය: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ සහගාමීහු සෆා මර්වා අතර එක් තවාෆයක් හැර වෙනත් තවාෆයක් ඉටු කළේ නැත." [83]. "ඔවුන්ගේ පළමු තවාෆය නම්, සහාබාවරුන් අතරින් හද්යු (සත්ව) කැපය ගෙන ගිය අය සම්බන්ධයෙන් විය. මක්නිසාදයත් ඔවුන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග හජ් හා උම්රා දෙකින්ම මිදෙන තෙක් ඔවුන්ගේ ඉහ්රාම් තත්ත්වය පවත්වා ගිය බැවිනි. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හජ් හා උම්රා සඳහා ඉහ්රාම් බැඳගත් අතර හද්යු (සත්ව කැපය) ගෙන ආ අයට හජ් සමග උම්රා සඳහා ඉහ්රාම් බැඳ ගන්නා මෙන් නියෝග කළ අතර ඔවුන් දෙකම ඉටු කරන තුරු ඉහ්රාම් තත්වයෙන් නිදහස් නොවිය යුතු යැයි ද නියෝග කළහ." කිරාන් ක්‍රමයට හජ් හා උම්රා වන්දනාව එකට ඉටු කරන අයකු නම්, ඔහුට සඊ එකක් හැර වෙනත් කිසිවක් නැත. එය ඉහත සඳහන් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසය හා අනෙකුත් සහීහ් හදීස් මගින් පෙන්වා දී ඇත. (83) ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක 1215 යටතේ මෙය වාර්තා කර ඇත.
එසේම, ඉෆ්රාද් ක්‍රමයට අනුව හජ් වන්දනාව පමණක් ඉටු කරන අයකු නහ්ර් දිනය දක්වා ඉහ්රාම් තත්ත්වයෙන් පසුවන්නේ නම්, ඔහුට එක් සඊ කිරීමක් පමණක් ප්‍රමාණවත් වේ. එසේම ‘කාරින්’ හා ‘මුෆ්රිද්’ ‘තවාෆුල් කුදූම්’ කළ පසු සඊ කළේ නම්, එය ‘තවාෆුල් ඉෆාළා’ පසු සඊ කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් වේ. මෙය ආඉෂා හා ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) යන අයගේ හදීස් හා ඉහත සඳහන් ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය සමග සන්සන්ධනය කර බැලිය යුතුය. එවිට විරුද්ධත්වයකින් තොරව සියලුම හදීස් අනුව කටයුතු කිරීමක් වනු ඇත.
මෙම මුසුව (සංසන්ධනය) සහතික කරන තවත් කරුණක් වන්නේ, ආඉෂා සහ ඉබ්නු අබ්බාස් යන අය විසින් වාර්තා කර ඇති හදීස දෙකම සහීහ් (නිවැරදි) හදීස් දෙකක් වීම ය. තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නාට දෙවන සඊ ඉටු කිරීම මෙම හදීස් දෙක මගින් සහතික කෙරී ඇත. මතුපිටින් පෙනෙන අයුරින් ජාබිර් තුමාගේ හදීසය එය ප්‍රතික්ෂේප කර ඇත. නමුත්, සහතික කර ඇති හදීසය ප්‍රතික්ෂේප කරන හදීසයට වඩා ප්‍රමුඛ වේ. මෙය මූලාශ්‍ර විද්‍යාව සහ හදීස් විද්‍යාව තුළ සම්මත කරුණකි. සත්‍යය සඳහා සර්වබලධාරී උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා! අල්ලාහ්ගෙන් තොරව කිසිදු බලයක් හෝ හැකියාවක් හෝ නැත.
පරිච්ඡේදය
නහ්ර් දිනයේ (හජ් මස 10 වැනි උත්සව දිනයේ) හජ් වන්දනාකරු විසින් සිදු කරන ප්‍රමුඛත්වය දිය යුතු උතුම්ම කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම
හජ් වන්දනාකරු සඳහා වඩාත් උතුම් වන්නේ නහ්ර් දින පහත සඳහන් කටයුතු හතර පෙළගස්වා ගැනීමය.: පළමුව ‘ජම්රතුල් අකබා’ට ගල් ගසමින් ආරම්භ කර, පසුව සත්ව කැපය ද, පසුව හිස මුඩු කිරීම හෝ කෙස් කොට කිරීම ද, පසුව ‘තවාෆුල් ඉෆාළා’ සහ ඉන්පසුව තමුත්තුඃ ක්‍රමයෙන් හජ් ඉටු කරන්නා ‘සඊ ’ ඉටු කිරීම ය. එමෙන්ම කාරින් හා ඉෆ්රාද් ක්‍රමයෙන් හජ් ඉටු කරන්නන් ‘තවාෆුල් කුදූම්’ සමග සඊ නොකළේ නම්, ඔවුනට ද මෙය අදාළ වේ. මෙහි පිළිවෙත් එකකට පෙර තවෙකක් ඉටු කළේ නම් ද එය වලංගු වේ. එය ඒ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් ලබා දී ඇති සහනය නිසාය. ‘සඊ' ‘තවාෆ’යට පෙර ඉටු කිරීම ද එයට ඇතුළත් වේ. මක්නිසාදයත් එය නහ්ර් දින සිදු කරන කටයුතුවලින් එකක්ව පවතින බැවිනි. සහාබාවරුන්ගේ ප්‍රකාශය තුළ දක්නට ලැබුණු කරුණක් නම් "එදින කිසිදු කටයුත්තක් පෙර හෝ පසු කළේ නම්, එය ගැන එතුමාණන්ගෙන් විමසූ විට එතුමාණෝ මෙසේ පැවසූහ.: «ඉටු කරන්න. කිසිදු වරදක් නැත.» [84], මන්ද එය අමතකවීම හා නොදැනුවත්කමට ලක් විය හැකි බැවින් පහසු කිරීමක් හා සැහැල්ලු කිරීමක් වශයෙන් මෙම සාමාන්‍යකරණයට ඇතුළත් විය යුතුය. [84] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 83 යටතේ හා ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 1306 යටතේ වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තවාෆ් කිරීමට පෙර සඊ ඉටු කළ කෙනෙකු පිළිබඳ විමසා සිටි විට, එතුමාණෝ මෙසේ පවසා සිටියහ: «වරදක් නැත» [85] උසාමා බින් ෂරීක් තුමා විසින් දැනුම් දී ඇති මෙම හදීසය අබූ දාවූද්තුමා විසින් නිවැරදි සම්ප්රේෂණ දාමයක් සහිතව වාර්තා කර ඇත. එමඟින් එය සැකයකින් තොරව පොදු අර්ථය තුළ ඇතුළත් බව පැහැදිලි වේ. ආශිර්වාද කරන්නා අල්ලාහ් ය. [85] මෙය අබූ දාවුද් හදීස් අංක (2015) යටතේ වාර්තා කර ඇත.
හජ් වන්දනාකරුට සම්පූර්ණ මිදීම ලබා දෙන කටයුතු තුනක් ඇත. ඒවා නම්: ජම්රතුල් අකබා වෙත ගල් ගැසීම, හිස මුඩු කිරීම හෝ කෙස් කොට කිරීම, සහ ඉහත සඳහන් පරිදි 'සඊ ' සමඟ 'තවාෆ් අල් ඉෆාදා' ඉටු කිරීම ය. මෙම තුනම ඉටු කළ විට, ඉහ්රාම් තත්ත්වය යටතේ ඔහුට තහනම් වූ සියලු දෑ, බිරිය සමග පහස විඳීම හා සුවඳ විළවුන් ගැල්වීම ඇතුළුව, ඔහුට අනුමත වේ. එයින් දෙකක් පමණක් ඉටු කළ විට, බිරිය සමග පහස විදීම හැර ඉහ්රාම් තත්ත්වය යටතේ ඔහුට තහනම් වූ සියලු දෑ ඔහුට අනුමත වේ. මෙය පළමු මිදීම ලෙස හැඳින් වේ.
හජ් වන්දනාකරුට සම්සම් ජලය පානය කිරීම සහ එමගින් පිස දැමීම සහ පහසු මෙන්ම ප්‍රයෝජනවත් ප්‍රාර්ථනාවන් අයැද ප්‍රාර්ථනා කිරීම සතුටු දායකය. «කවර කරුණක් සඳහා සම්සම් ජලය පානය කරනු ලබන්නේ ද එය සඳහා වේ.»[ 86]. සහීහ් මුස්ලිම්හි අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර ඇති පරිදි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සම්සම් ජලය පිළිබඳව මෙසේ පවසා ඇත්තාහ. «නියත වශයෙන්ම එය රසවත් ආහාරකි.» [87]. අබූ දාවූද් තුමා ඊට අමතර ව මෙසේ සඳහන් කර ඇත. “රෝග නිවාරණයකි." [88] [86] ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය ඉබ්නු මාජා විසින් වාර්තා කර ඇත. හදීස් අංක (3062). [87] මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (2473) [88] එනම්, අබූ දාවුද් අත්-තයාලිසීය. අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමය වැළඳගත් කතාව හා බැඳුණු හදීසයේම එය වාර්තා කර ඇත. අබූ දාවුද් අත්-තයාලිසීගේ මුස්නද්, අංක 459 බලන්න.
තවාෆුල් ඉෆාළා ඉටු කිරීමෙන් පසු හා සඊ ඉටු කළ යුතු අය එය ද ඉටු කිරීමෙන් පසු හජ් වන්දනාකරුවන් නැවත මිනාව වෙත පැමිණෙති. එහි දින තුනක් එහි රාත්‍රියන් සමග ගත කරති. එම දින තුනෙහි සෑම දිනකම හිරු මුදුනින් අවරට යෑමෙන් පසු ගල් ගැසීමේ ස්ථාන තුනටම ගල් ගසති. එම ගල් ගැසීමේදී අනුපිළිවෙල අනිවාර්ය වේ.
පළමුව 'ජම්රතුල් ඌලා' නම් කුළුණෙන් ආරම්භ කරයි: එය මස්ජිදුල් හයිෆ් අසල පිහිටා ඇත. ඒ වෙත ගල් කැට හතක් එකින් පසු එක විසි කරයි. සෑම ගල් කැටයක්ම විසි කරන විට දී ඔහුගේ අත් ඔසවා ගනියි. සුන්නාව වනුයේ ඉන් පසු ඉන් අහකට වී එය තම වම් පැත්තට පිහිටවා කිබ්ලා දිසාවට මුහුණලා දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කිරීම සහ කණ්ණලව් කිරීමය.
පසුව පළමුවන කුළුණට මෙන් දෙවන කුළුණටද ගල් ගසයි. ගල් ගැසීමෙන් පසු මදක් ඉදිරියට ගොස් එය දකුණට තබා කිබ්ලා දෙසට හැරී දෙඅත් ඔසවා අධික ලෙස ප්‍රාර්ථනා කරයි.
ඉන්පසුව තුන්වන ජමරාවට ගල් ගසයි. එහි නතර නොවිය යුතු ය.
පසුව තෂ්රීක් දිනවල දෙවන දිනයේ ද හිරු මුදුනින් අවරට යෑමෙන් පසු, පළමු දිනයේදී ගල් ගැසූ පරිදිම ජම්රාවන්ට ගල් ගසයි. පළමු හා දෙවන ජම්රාවන්ට පළමු දිනයේදී සිදු කළ පරිදිම සිදු කරයි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපදිමිනි.
තෂ්රීක් දිනවල පළමු දින දෙකේදී ගල් ගැසීම හජ් වන්දනාවේ අනිවාර්ය කාර්යයකි. එසේම පළමු රාත්‍රිය හා දෙවන රාත්‍රිය මිනාහි රැඳී සිටීම ද අනිවාර්ය වේ. නමුත් ජල සැපයුම්කරුවන්, අධීක්ෂකයින් හා එවැනි කටයුතුවල නිරතව සිටින අය සඳහා එය අනිවාර්ය නොවේ.
පසුව සඳහන් කරන ලද දින දෙකේදී ගල් ගැසූ පසු, මිනාවෙන් කල් ඇතිව පිටව යාමට යමෙක් අදහස් කරන්නේ නම්, ඒ සඳහා අවසරය ඇත. ඔහුට හිරු බැසීමට පෙර පිටව යා හැක. නමුත් කෙනෙකු ප්‍රමාද වී, තුන්වන රාත්‍රිය ද මිනාවෙහි ගත කර, තුන්වන දින ද ගල් ගසන්නේ නම් එය වඩාත් උතුම් වන අතර ප්‍රතිඵලයෙන් ද උසස්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ්ව සිහිපත් කරනු. නමුත් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන්හට ය." (අල්-බකරා: 203) නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනාවෙන් ඉක්මනින් පිටව යාමට ජනතාවට අවසර දුන් නමුත්, එතුමාණෝ වේලාසන පිටව නොගොස්, දහතුන් වන දින හිරු මුදුනින් අවරට යෑමෙන් පසු ගල් ගසා, අනතුරුව ලුහර් සලාතය ඉටු කිරීමට පෙර ගමන් ආරම්භ කළහ.
ඍජුව ගල් ගැසීමට නොහැකි කුඩා දරුවෙකු වී නම්, ඔහුගේ භාරකරු ජම්රතුල් අකබාවට හා අනෙකුත් ජම්රාත්වලට තමන් වෙනුවෙන් ගල් ගැසීමෙන් පසු ඔහු වෙනුවෙන් ගල් ගැසීම සිදු කළ හැක. එසේම ගල් ගැසීමට නොහැකි කුඩා ගැහැණු දරුවෙකු වෙනුවෙන් ද ඇයගේ භාරකරු ගල් ගැසීම සිදු කළ හැක. එය ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයකට අනුවය. එතුමා මෙසේ පැවසීය: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග හජ් වන්දනාව ඉටු කළෙමු. අප සමඟ කාන්තාවන් සහ දරුවන් ද සිටියහ. එවිට අපි දරුවන් වෙනුවෙන් තල්බියා කියා, ඔවුන් වෙනුවෙන් ගල් ගැසුවෙමු. මෙය ඉබ්නු මාජා විසින් හෙළිදරව් කර ඇත. (89) මෙය තිර්මිදි විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (927).
කෙනෙකු රෝගීභාවය හෝ වයෝවෘද්ධභාවය හේතුවෙන් හෝ බර එසවීමට නොහැකි හේතුවෙන් ගල් විසි කිරීම වෙනත් අයකුට පවරන්නේ නම් එයට අනුමැතිය ඇත. එය අල්ලාහ්ගේ වචනය අනුවය: "එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු..." (අත්-තඝාබුන්: 16) මක්නිසාද යත් ජමරාත් අසල ගැවසෙන සෙනඟ හේතුවෙන් ඔවුනට එය දරා ගත් නොහැකි බැවිනි. එමෙන්ම ගල් විසි කිරීමේ කාලය ඉක්මවා යා හැකිය. පසුව ඉටු කිරීමට ආගමික වශයෙන් ඔවුනට අනුමැතිය ලැබෙන්නේ ද නැත. එබැවින්, අනෙකුත් නැමදුම්වල මෙන් නොව මේ සඳහා නියෝජිතයෙකු පත් කිරීමට ඔවුනට අවසරය ඇත. ඒ අනුව හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් බඳින කෙනෙකු, එය අමතර හජ් වන්දනාවක් සඳහා වුවද ඒ සඳහා තමන් වෙනුවෙන් නියෝජිතයකු පත් කිරීමට අවසරය නැත. මක්නිසාදයත්, අල්ලාහ්ගේ ප්‍රකාශය අනුව, හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් බඳින කෙනෙකු, එය අමතර වන්දනාවක් ලෙස ඉටු කළ ද, එය සම්පූර්ණ ව ඉටු කළ යුතුය. "තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු..." (අල්-බකරා: 196) තවාෆ් සහ සඊ මෙහෙයන් සඳහා වූ කාලය, රම්යු හෙවත් ගල් විසි කිරීමේ මෙහෙය සඳහා වූ කාලය මෙන් නොව අතපසුවන්නේ නැත.
අරෆාවෙහි රැඳී සිටීම, මුස්දලිෆාවෙහි සහ මිනාවෙහි රාත්‍රී කාලය ගත කිරීම සම්බන්ධයෙන් වනාහි, එහි කාලය අතපසු වී ගෙවී යන බවට කිසිදු සැකයක් නැත. නමුත් මෙවැනි ස්ථානවලදී දුෂ්කරතා මධ්‍යයේ වුවද, දුෂ්කර පුද්ගලයින්ට වුවද එය ඉටු කළ හැකිය. එය ගල් විසි කිරීමේ කාර්යය ඉටු කිරීමේදී හාත්පසින්ම වෙනස් වේ. ගල් විසි කිරීම සම්බන්ධයෙන් ගත් කල, සලෆ් සාලිහීන් විසින් නිදහසට කරුණු ඇති අය වෙනුවෙන් නියෝජිතයෙකු පත් කිරීම පිළිබඳ සාධක ඉදිරිපත් කර තිබේ. එය අනෙකුත් කාර්යයන්ට වඩා වෙනස් වේ.
නැමදුම් (සීමා කරමින්) නියම කර ඇත. කිසිවෙකුටත් ඉන් අත්‍යවශ්‍ය කටයුත්තක දී හැර යමක් පැනවිය නොහැක. නියෝජිතයාට ඔහු වෙනුවෙන් ගල් විසි කිරීමෙන් පසුව, ඔහු කවර කෙනෙකු වෙනුවෙන් නියෝජත්වය දරන්නේ ද ඔහු වෙනුවෙන් (අල්ජම්රාත්) කුළුණු තුනට ගල් ගසන්නට අනුමැතිය ඇත. ඔහු (එකම වේලාවේ) අදාළ ස්ථානයේ සිටම එය කළ හැක. තමන් වෙනුවෙන් කුළුණු තුනටම ගල් ගසා පසුව නැවත හැරී ගොස් තමන් නියෝජනය කරන අය වෙනුවෙන් ගල් ගැසිය යුතු බවට නියමයක් නැත. එය විද්වතුන්ගේ වඩාත් නිවැරදි මතයයි. මක්නිසාදය යත්, එසේ සිදු කිරීම අනිවාර්යය බවට කිසිදු සාධකයක් සඳහන්ව නොමැති බැවින් හා එය අපහසු හා දුෂ්කර කාර්යයක් වන බැවිනි. සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "...තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය..." (අල් හජ්: 78) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ පැවසූහ. "පහසු කරනු. අපහසු නොකරනු." (90) එමෙන්ම, අල්ලාහ්ගේ දූතයාණන්ගේ සගයන් විසින් තම දරුවන් හා දුෂ්කර අය වෙනුවෙන් එලෙස ගල් එල්ල කළ බවට සඳහනක් සම්ප්‍රේෂණය වී නොමැති බැවින්ය. ඔවුන් එසේ සිදු කර තිබුණේ නම්, එය වැදගත් කරුණක් වන බැවින් එසේ සම්ප්‍රේෂණය වන්නට තිබුණි; මැනවින් දන්නා අල්ලාහ්ය. [90] අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (69) යටතේ වාර්තා කර ඇත.
පරිච්ඡේදය
තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නා හට සත්ව කැපය අනිවාර්යය වීම.
හජ් වන්දනාකරු තමත්තුඃ ක්‍රමය හෝ කාරින් ක්‍රමය අනුගමනය කරන අයෙකු නම් - එමෙන්ම මස්ජිදුල් හරම් ආසන්නයේ පදිංචි නොවන අයෙකු නම් - ඔහුට වන්දි වශයෙන් සත්ව කැපයක් අනිවාර්ය වේ. එනම් එළුවෙකි. එසේ නැතහොත් ඔටුවෙකු හෝ ගවයෙකු සත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් විය යුතුය. එය අනුමත සහ යහපත් පිරිසිදු මුදල්වලින් විය යුතුය. මක්නිසාදයත් උත්තරීතර අල්ලාහ් පිරිසිදුය. පිරිසිදු දෑ පමණක් හැර වෙනත් කිසිවක් පිළිගන්නේ නැත.
"අල්ලාහ් විසින් මිනිසාට තමන් විදිමත් වීම සඳහා ප්‍රමාණවත් සම්පත් දී ඇති අවස්ථාවක, ජනතාවගෙන් එය තෑග්ගක් වුවද වෙනත් දේවල් වුවද ඉල්ලා සිටීමෙන් මුස්ලිම්වරයකු වැළකී සිටිය යුතුය. එය රජවරුන්ගෙන් වුවත්, වෙනත් අයගෙන් වුවත් එසේමය. මක්නිසාදයත්, නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බොහෝ හදීස්වල, ඉල්ලා සිටීමේ පහත් භාවය පිළිබඳව හා එය අත්හැර දැමූවන්ගේ මහිමය පිළිබඳව සඳහන් කර ඇති බැවිනි.
තමත්තුඃ ක්‍රමය හෝ කාරින් ක්‍රමයට ඉටු කරන අය සත්ව කැපය ලබා දීමට නොහැකි වූ විට, ඔහු හජ් කාලය තුළ දින තුනක් ද, තම නිවස බලා නැවත පැමිණි පසු දින හතක් ද උපවාසයේ නිරත විය යුතුය. උපවාසයේ යෙදෙන දින තුන සම්බන්ධයෙන් තෝරා ගැනීමේ නිදහස ඔහුට දී ඇත. ඔහු කැමති නම් නහර් දිනයට පෙර එය ඉටු කළ හැක, එසේ නැතහොත් ඔහු කැමතිනම් අය්යාමුත් තෂ්රීක් යන දින තුනේදී එය ඉටු කළ හැක. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතු ය. එහෙත් ඔහු (එය) නො ලැබුවේ නම් එවිට හජ්හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළිය යුතුය. එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන් සඳහා නො වේ... (අල්-බකරා: 196) පාඨය.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක් බුහාරි හි මෙසේ සඳහන් වේ: වන්දි වශයෙන් දීමට සත්ව කැපයක් නොලැබු අය හැර අය්යාමුත් තෂ්රීක් දිනයන්හි උපවාසයේ නිරත වීමට අනුමැතිය දෙනු ලැබුවේ නැත. [91] මෙය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් දක්වාම ගෙන යනු ලබන නීති අතර පවතින්නකි. වඩාත් උතුම් වන්නේ දින තුනක උපවාසය අරෆා දිනට පෙර කල් ඇතිව ඉටු කිරීමයි. එවිට අරෆා දිනයේදී උපවාසයෙන් මිදී සිටිය හැක. මන්දයත් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අරෆා දිනයේ දී උපවාසයෙන් මිදී සිටි ඇති අතර, අරෆා දිනයේ දී අරෆා උපවාසය තහනම් කළහ. එම දිනයේ දී උපවාසයෙන් මිදී සිටීම ඔහුට දික්ර් කිරීමට (අල්ලාහ්ව මෙනෙහි කිරීමට) හා ප්‍රාර්ථනා කිරීමට ශක්තියක් වනු ඇත. සඳහන් කරන ලද දින තුන අඛණ්ඩව හෝ වෙන් වෙන්ව හෝ උපවාසයේ නිරත විය හැක. එසේම අනෙක් දින හත උපවාසය ද අඛණ්ඩව ඉටු කළ යුතු නැත. එය එක දිගට හෝ වෙන් වෙන්ව හෝ උපවාසය කළ හැක. මක්නිසාදයත්, සුවිශුද්ධ අල්ලාහ් එහි අඛණ්ඩතාවය අනිවාර්යය කර නැති බැවිනි. එසේම ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ද එය අනිවාර්යය කර නැත. වඩාත් උතුම් වන්නේ උපවාසයේ දින හත ඔහුගේ පවුල වෙත ආපසු පැමිණීම දක්වා ප්‍රමාද කිරීමයි. එසේම අල්ලාහ් මෙසේ පවසයි: "...දින හතක් ද (එනම්) නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට..." (අල් බකරා: 196) [91] මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (1998) යටතේ වාර්තා කර ඇත.
සත්ව කැපයක් පිරිනැමීමට නොහැකි වූ අය සඳහා වන උපවාසය පාලකයින්ගෙන් හෝ වෙනත් අයගෙන් හෝ තමන් වෙනුවෙන් සත්ව කැපයක් ඉල්ලා සිටීමට වඩා උතුම්ය. යම් කෙනෙකු වෙත සත්ව කැපයක් හෝ වෙනත් යමක් තම ඉල්ලීමෙන් හෝ ආශාවෙන් තොරව ලබා දෙන ලද්දේ නම්, එය පිළිගැනීමේ කිසිදු වරදක් නැත. වෙනත් අයකු වෙනුවෙන් හජ් ඉටු කරන කෙනෙකු නම්, එනම්: නියෝජිතයාට ලබා දෙන ලද මුදලෙන් සත්ව කැපයක් මිලදී ගැනීමේ කොන්දේසියක් නියෝජිතයා විසින් පනවා නොමැති නම් එය ද එලෙස ය. නමුත් ඇතැමුන් පුද්ගලයින්ගේ නම් පවසමින් රජය හෝ වෙනත් අයගෙන් සත්ව කැපයක් ඉල්ලා සිටන අයද වෙයි. ඔහු මුසා වාදියෙකි. එය නිසැකවම තහනම්ය. මක්නිසාදයත් එය බොරුකමෙන් ජීවිකාව උපයන මාර්ගයක් වන බැවිනි. අල්ලාහ් අප හා මුස්ලිම්වරුන් එවන් දැයින් ආරක්ෂා කරත්වා!
පරිච්ඡේදය
හජ් වන්දනාකරුවන් සහ අනෙකුත් අය සඳහා යහපත අණ කිරීමේ අනිවාර්යභාවය.
හජ් වන්දනාකරුවන්ට මෙන්ම අනෙකුත් අයට ද අනිවාර්ය වන ඉතා වැදගත් කටයුතු අතරින් කිහිපයක් වනුයේ යහපත ඉටු කරන මෙන් සහ අයහපත් දැයින් වළකින මෙන් උපදෙස් දීම, අල්ලාහ්ගේ අණ පරිදි, ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශය පරිදි, සාමුහිකව පස් වතාවක් සලාතය ඉටු කිරීමේ අඛණ්ඩව නිරතවීම වේ.
මක්කාව සහ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන බොහෝ මිනිසුන් නිවෙස් තුළ සලාත් ඉටු කිරීම සහ මස්ජිදයන් පාළුවට අත්හැර දැමීම යන කටයුතු ෂරීආ නීතියට වැරදිය. එය තහනම් කළ යුතුය. මස්ජිදවල සලාත් ඉටු කිරීමේ වැදගත්කම මිනිසුන්ට අවධාරණය කළ යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වී ඇත. අබ්දුල්ලාහ් ඉබ්නු උම් මක්තුම් (රළියල්ලාහු අන්හු)තුමා අන්ධයෙකු වන බැවින් සහ මස්ජිදයට දුරින් වෙසෙන බැවින්, තම නිවසේ සලාත් ඉටු කිරීමට අවසර ඉල්ලා සිටි විට, එතුමාණෝ මෙසේ පැවසූහ: ඔබ සලාතය සඳහා වන අදාන් ඇරයුමට සවන් දෙනවාද?" ඔහු: එසේය යැයි ඔහු පැවසීය. එතුමාණෝ: "එසේ නම් පිළිතුරු දෙන්න." ([92]) තවත් වාර්තාවක: "මම ඔබට විකල්පයක් නොදකිමි." [93] නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. “සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට මම සිතමි.” [94] සහීහ් ඉබ්නු මාජා සහ අනෙකුත් කෘතිවල, හසන් ගණයේ වාර්තා සම්බන්ධතාවකින් යුතුව, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු (අදාන්) ඇරයුමට සවන් දී පසුව ඒ වෙත නොපැමිණියේ ද ඔහුට සලාතය හිමි නැත. නමුත් කිසියම් හෙතුවක් තිබුණේ නම් මිස." ([95]). සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි, ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත. "හෙට දින මුස්ලිම්වරයකු ලෙසින් අල්ලාහ්ව මුණ ගැසීමට කැමති අයෙකු නම්, මෙම සලාතයන් සඳහා ඇරයුම් කරන ස්ථානයේ ඒවා ඉටු කර ආරක්ෂා කිරීමේ වගකීම භාරගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔබගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මාර්ගෝපදේශන පිළිවෙත් නියම කළේය. එය එම මාර්ගෝපදේශන පිළිවෙත් අතරින් එකකි. පසුබැසී සලාතය සඳහා සහභාගී නොවන පුද්ගලයා නිවසේ සිට සලාතය ඉටු කරන ආකාරයට ඔබත් නිවසේ සිට සලාතය ඉටු කළහොත්, ඔබ ඔබේ නබි තුමාණන්ගේ පිළිවෙත අත්හැර දමනු ඇත. ඔබේ නබි තුමාණන්ගේ පිළිවෙත අත්හැර දමන්නේ නම්, ඔබ මුළාවී යනු ඇත. කවර පිරිමියෙකු හෝ වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසුව මෙම මස්ජිදයන් අතරින් එක් මස්ජිදයක් වෙත යාමට සූදානම් වුවහොත්, ඔහු තබන සෑම පියවරකම අල්ලාහ් ඔහුට යහපතක් ලියනු ඇත. එමඟින් ඔහුට තත්ත්වයක් උසස් කරනු ඇත. ඔහුගෙන් පාපයක් මකා දමනු ඇත. සැබැවින්ම අපි දැක ඇත්තෙමු. ඒ සඳහා පසුබැසී සිටින්නේ කුහක බවින් ප්‍රසිද්ධ කුහකයෙකු පමණකි. සැබැවින්ම මිනිසෙකුව පේළියේ තබන තෙක් මිනිසුන් දෙදෙනෙකුගේ ආධාර ඇතිව ඔහුව ගෙන එනු ලැබීය.” ([96]) . [92]. බුහාරි හදීස් අංකය (2420), මුස්ලිම් හදීස් අංකය (651). [93] අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (653). [94] අබ්දුල්ලාහ් ඉබ්නු උම්මු මක්තුම් විසින් දැනුම් දී ඇති මෙම හදීසය අබූ දාවුද් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (552) [95] මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 654 යටතේ වාර්තා කර ඇත. [96] ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇති මෙය අබූ දාවුද් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (551).
හජ් වන්දනාකරුවන් සහ අනෙකුත් අය අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිය යුතු අතර ඒවා සිදු කිරීමෙන් ප්‍රවේශම් විය යුතුය. කාමමිථ්‍යාචාරය, සම ලිංගිකත්වය, සොරකම, පොලිය, අනාථ දරුවන්ගේ දේපළ අයතා ලෙස පරිහරණය, ව්‍යාපාරික ගනුදෙනු වල වංචාව, විශ්වාස භංගය, මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය, (වළලු කරට පහළින් වන සේ) ඇඳුම් දිගට ඇඳීම, අහංකාරය, ඊර්ෂ්යාව, ප්‍රදර්ශනය, තමන් ඉදිරියේ නොමැති කෙනෙකුගේ අඩුපාඩු කීම, කේලම් කීම, මුස්ලිම්වරුන්ට අපහාස කිරීම, වාදක භාණ්ඩ, බට නළා, නළා හා බෙර සහ ඒවාට සමාන සංගීත භාණ්ඩ වාදනය, ගීත ඇසීම, රේඩියෝ සහ වෙනත් සංගීත උපකරණ භාවිතය, දාදු කැට, චෙස්, සූදු වැනි ක්‍රීඩාවල නිරත වීම, මිනිසුන් සහ අනෙකුත් ජීවී සත්වයන්ගේ රූප නිර්මාණය, ඒවා ගැන සතුටු වීම, මක්නිසාදයත් මේ සියල්ල අල්ලාහ් සියලු කාලයන්හි සහ ස්ථානවල ඔහුගේ ගැත්තන් හට තහනම් කළ පිළිකුල් සහගත දෑය. එබැවින් හජ් වන්දනාකරුවන් සහ අල්ලාහ්ගේ ශුද්ධ නිවසේ වාසය කරන අයවලුන් සෙසු අයට වඩා මේවා ගැන ප්‍රවේශම් විය යුතුය. ඊට හේතුව මෙම ආරක්ෂිත නගරයේ සිදුකරන වැරදි සඳහා හිමිවන පාපය දැඩි හා දඬුවම බරපතල වන බැවිනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "...සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු." (අල් හජ්: 25) එසේනම්, ශුද්ධ වූ ස්ථානයේ අපරාධ කිරීමට සිතන අයට අල්ලාහ් මෙසේ තරවටු කර තිබේ නම්, එය සිදු කරන අයට හිමි දඬුවම කෙසේනම් වේද? සැබැවින්ම එය අතිමහත් හා බරපතල බවට සැකයක් නැත. එබැවින් එය හා අනෙකුත් සියලුම පව්වලින් ප්‍රවේසම් විය යුතුය.
හජ් වන්දනාකරුවන්ට හජ් වන්දනාවේ සාර්ථකත්වය හා පාපක්ෂමාව ලැබෙනුයේ මෙම පාපකම්වලින් සහ අල්ලාහ් විසින් තහනම් කරන ලද අනෙකුත් දේවලින් වැළකී සිටීමෙන් පමණි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වී ඇත: කවරෙකු හජ් වන්දනාව ඉටු කර (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, දූෂිත ක්‍රියාවන්ගෙන් වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත ([97]) . [97] අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කර ඇති මෙය බුහාරි තුමා විසින් හදීස් අංකය 1521 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංකය 1350 යටතේ වාර්තා කර ඇත.
එම පිළිකුල් සහගත කරුණු අතරින් ඉතා දැඩි හා බරපතල කරුණු වනුයේ: මරණයට පත් වූවන්ගෙන් ප්‍රාර්ථනා කිරීම, ඔවුන්ගෙන් උදව් පැතීම, ඔවුනට භාරහාරකම් තැබීම, ඔවුන්ගේ නාමයෙන් සත්ත්වයින් කපා හැරීම; තමන් වෙනුවෙන් අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම සඳහා හෝ තමන්ගේ රෝගය සුව කර දෙන මෙන් හෝ අතුරුදන් වූ අය නැවත ලබා දෙන මෙන් පැතීමට මැදිහත් කරුවන් බලාපොරොත්තු වී, ඔවුන් ගැන විශ්වාසය තැබීම.
මෙය ද අල්ලාහ් තහනම් කළ මහා ෂිර්ක් වේ. එය ජාහිලිය්යා (අඥාන) යුගයේ ධර්මයයි. අල්ලාහ් එය ප්‍රතික්ෂේප කිරීම සහ එය තහනම් කිරීම සඳහා දූතයන් යැව්වේය. දිව්‍ය පණිවිඩ පහළ කළේය.
එහෙයින් හජ් වන්දනාකරුවන් සහ අනෙකුත් සියලුම පුද්ගලයින් ඉන් ප්‍රවේසම් විය යුතුය. පෙර සිදු වූ ඒවා වෙනුවෙන් අල්ලාහ් වෙත පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටිය යුතුය. එවන් දෙයක් සිදු වී ඇත්නම්, පසුතැවිලි වීමෙන් පසු නව හජ් වන්දනාවක් ඉටු කළ යුතු ය. මක්නිසාදයත්, මහා ෂිර්ක් සියලුම කටයුතු අහෝසි කරන බැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "එහෙත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි." (අල් අන්ආම්: 88)
සුළු ගණයේ ෂිර්ක් වර්ග අතරින්: අල්ලාහ් මත නොදිවුරා නබිතුමාණන්, කඃබාව සහ ආගමික වගකීම් වැනි දෑ මත දිවුරා සිටීම එකකි.
එමෙන්ම: මුණිච්ඡාව, ප්‍රදර්ශනය, 'මාෂා අල්ලාහු වෂිඃත' (අල්ලාහ්ගේ අභිමතය හා ඔබේ අභිමතය පරිදි) යැයි පැවසීම, 'අල්ලාහ් සහ ඔබ නොවන්නට' යැයි පැවසීම, 'අල්ලාහ් සහ ඔබගෙන් යැයි පැවසීම යනාදී ප්‍රකාශ
මෙම පිළිකුල් සහගත ෂිර්ක් වලින් ප්‍රවේසම් විය යුතු අතර, ඒවා අත්හැර දැමීමට එකිනෙකාට උපදෙස් දිය යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත. "කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය." [98] මෙය අහ්මද්, අබූ දාවුද්, තිර්මිදි යන ඉමාම්වරුන් විසින් නිවැරදි සම්ප්රේෂණ දාමයක් සහිතව වාර්තා කර ඇත. [98] අබූ දාවුද් විසින් හදීස් අංක (3251) යටතේ මෙය වාර්තා කර ඇත.
උම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ප්‍රකාශ කළ හදීසයක් සහීහ් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. “කවරෙකු දිවුරා සිටින්නේ නම්, ඔහු අල්ලාහ් මත පමණක් දිවුරා සිටිය යුතුය. එසේ නැතහොත් නිහඬ ව සිටිය යුතුය. ([99])” නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තවදුරටත් මෙසේ පැවසූහ: “කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.” [100]. මෙය ඉමාම් අබූ දාවූද් විසින් දන්වා ඇත. [99] මෙය අබූ දාවුද් විසින් හදීස් අංක (3253) යටතේ වාර්තා කර ඇත. [100] අබ්දුල්ලාහ් විසින් ප්‍රකාශ කරන ලද මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (2679) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1646) යටතේ වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් තවදුරටත් මෙසේ පැවැසූහ: "නුඹලා වෙත මා බියවන වඩාත් බියකරු කරුණ වනුයේ: කුඩා ආදේශයයි. ඒ ගැන විමසනු ලැබූ විට එතුමා: ‘මුණිච්චාව’ යැයි පවසා සිටියහ." [101] නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. අල්ලාහ්ගේ අභිමතය පරිදිත් මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) "අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය" යනුවෙන් පවසන්න [102]. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් ප්‍රකාශ කරන ලද මෙය නසාඊ තුමා විසින් වාර්තා කර ඇත. සැබැවින්ම මිනිසෙකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ් හා ඔබ අභිමත කළ පරිදි' යැයි පැවසීය. එවිට එතුමාණෝ: ‘නුඹ අල්ලාහ්ට ආදේශ තබන්නෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යන ප්‍රකාශය පමණක් ප්‍රමාණවත්ය.’ [103]. [101] මෙය ඉමාම් අහ්මද් විසින් හදීස් අංක (5/428) යටතේ වාර්තා කර ඇත. [102] මෙය අබූ දාවුද් විසින් හදීස් අංක (4980) යටතේ වාර්තා කර ඇත. [103] මෙය ඉබ්නු මාජා විසින් හදීස් අංකය (2117) යටතේ වාර්තා කර ඇත.
මෙම හදීස් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒකදේව වාදය ආරක්ෂා කළ අයුරු, එතුමාණන්ගේ සමූහයාට විශාල හා කුඩා ආදේශයන් ගැන අවවාද කළ අයුරු, ඔවුන්ගේ විශ්වාසය සුවපත් කිරීම හා අල්ලාහ්ගේ දඬුවම හා කෝපය ඇතිවන හේතුන්ගෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා දැක්වූ උනන්දුව පෙන්වා දෙයි. එබැවින් එතුමාණන්ට අල්ලාහ් විශිෂ්ඨතම ප්‍රතිඵල ලබා දෙත්වා! සැබැවින්ම එතුමාණෝ හොදින් දැනුවත් කළහ; අවවාද කළහ; අල්ලාහ් වෙනුවෙන් සහ තම ගැත්තන් වෙනුවෙන් එතුමාණෝ උපදෙස් දුන්හ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සදාකාලික ආශිර්වාදය සහ සාමය ලැබේවා.
හජ් වන්දනාකරුවන් අතර සිටින හා අල්ලාහ්ගේ ආරක්ෂිත නගරය සහ ඔහුගේ ගෞරවනීය දූතයාණන්ගේ නගරය පදිංචිව සිටින විද්වතුන් විසින් අල්ලාහ් මිනිසුන්ට නියම කළ දේ ගැන ඔවුනට ඉගැන්වීම, සහ අල්ලාහ් ඔවුන්ට තහනම් කළ බහුදේව වාදය සහ පව්කාර ක්‍රියාවන් පිළිබඳ ඔවුන්ට අවවාද කිරීම අනිවාර්ය වේ. එය ඔවුන්ට සාක්ෂි සහිතව පැහැදිලිව විස්තර කළ යුතුය. එය සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ යුතුය; එවිට මිනිසුන් අඳුරෙන් ආලෝකය වෙත ගෙන යා හැකි වනු ඇත, එවිට ඔවුන් අල්ලාහ් ඔවුන්ට නියම කළ ප්‍රචාරය සහ පැහැදිලි කිරීමේ වගකීම ඉටු කළ හැකි වනු ඇත. සුවිශුද්ධ වූ අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "වේද ග්‍රන්ථය දෙනු ලැබූවන්ගෙන් "නුඹලා ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු..." (ආලු ඉම්රාන්: 187)
එහි අරමුණ වන්නේ: සත්‍යය මාර්ගය සඟවා ගනිමින් දහම් ලත් ජනයා ගමන් කළ අසාධාරණ මාර්ගය අනුගමනය කිරීම ගැන මෙම ප්‍රජාව දැනුවත් කර අවවාද කිරීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත." "එහෙත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැර ය. මා සමාව දෙන අය ඔවුහු ම ය. තවද මම අතික්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය." (අල් බකරා: 159,160) අල්ලාහ් වෙත ඇරයුම් කිරීම, ගැත්තන් ඔවුන් මවන ලද අරමුණ කරා මඟ පෙන්වීම යනාදිය අල්ලාහ් වෙත සමීප වීමේ විශිෂ්ඨතම ක්‍රියා මාර්ග වන බව හා වැදගත්ම වගකීම් බවත් එය යළි අවදි වන දිනය දක්වා ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින්ගේ මාර්ගය බවත් අල් කුර්ආනයේ පාඨ හා හදීස් හෙවත් නබි වදන් පෙන්වා දී ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට 'නියත වශයෙන් ම මම අවනත වන්නන් අතරින් වෙමි' යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?" (ෆුස්සිලත්: 33), සර්ව බලධාරීයාණන් මෙසේ පවසයි: "මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටින්නන් ය. තවද අල්ලාහ් සුපිවිතුරු ය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නො වෙමි’ යැයි (නබිවරය!) නුඹ පවසනු." (යූසුෆ්: 108)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ. “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්‍රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.” [104] “අල්ලාහ් ඔබ හරහා මිනිසෙකුට යහමග පෙන්වන්නේ නම්, එය ඔබට රතු උතුම් ඔටු සම්පතට වඩා හොඳය” [105] මේ අර්ථයෙන් යුත් ශුද්ධ වූ වදන් සහ හදීසයන් බොහෝමයක් ඇත. [104]. මෙය මුස්ලිම්තුමා හදීස් අංක (1893) යටතේ වාර්තා කර ඇත. [105]. මෙය බුහාරි තුමා හදීස් අංක 3009 යටතේ හා මුස්ලිම් හදීස් අංක 2406 යටතේ වාර්තා කර ඇත.
ඉස්ලාමීය දැනුම සහ විශ්වාසය ඇති අය අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී ඔවුන්ගේ උත්සාහය දෙගුණ කිරීම, මිනිසුන්ට මුක්තියට මඟ පෙන්වීම, විනාශයට මඟ වන කරුණු පිළිබඳව ඔවුන්ට අවවාද කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. විශේෂයෙන්ම මනෝ ආශාවන් ව්‍යාප්ත වී ඇති, විනාශකාරී මූලධර්ම සහ රැවටිලිකාරී නොයෙකුත් සංස්කෘතීන් ව්‍යාප්ත වී ඇති, මග පෙන්වන්නන් අඩු වී ඇති, අදේවවාදය සහ අසභ්‍යතාවය ප්‍රචාරය කරන අය වැඩි වී ඇති මෙම යුගයේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. එබැවින්, අල්ලාහ්ගේ සහාය අපට ලැබේවා, අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිදු බලයක් හෝ ශක්තියක් නැත.
පරිච්ඡේදය
නැමදුම් වල නිරත වීම සතුටුදායකය.
හජ් යාත්‍රිකයන්ට මක්කාවේ රැඳී සිටින කාලය තුළ අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහුට අවනත වීම සහ යහපත් කටයුතු කිරීම සතුටුදායක වේ. ඔවුන් අධික ලෙස සලාතය ඉටු කිරීමත්, කඃබාව වටා තවාෆ් කිරීමත් කළ යුතුය. මන්ද හරම් තුළ කුසල් ගුණවන අතර අකුසල් දැඩි හා බරපතල වේ. එසේම ඔවුන් අධික ලෙස නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත සලවාත් සහ සලාම් පිරිනමීමත් සුදුසු වේ.
හජ් වන්දනාකරුවන් මක්කාවෙන් පිටවීමට අපේක්ෂා කරන විට, ඔවුන්ගේ අවසාන කර්තව්යය ලෙස සමුගැනීමේ තවාෆය (තවාෆුල් වදා) දේව නිවස වටා ඉටු කළ යුතුය. නමුත් ඔසප් කාන්තාව හා දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාව සඳහා එය අනිවාර්ය නොවේ. එය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් දන්වා සිටි හදීසයකට අනුවය: "හාජිවරුන්ගේ අවසාන මෙහෙය (මක්කාවෙන් ඉවත් වීමට පෙර) තවාෆ් අල්වදා හෙවත් සමුගැනීමේ තවාෆය විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මිනිසුන්ට අණ කළහ. නමුත් ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාවකට (මින් ඉවත්වීමේ) සහනයක් ලබා දෙන ලදී. [106] (106) මෙය බුහාරි තුමා හදීස් අංක (1755) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1328) යටතේ වාර්තා කර ඇත.
ඒ අනුව දේව ගෘහයෙන් සමුගැනීමට මස්ජිදයෙන් පිටවීමට සිතුවේ නම්, ඔහු ඉදිරියට මුහුණලා ගමන් කළ යුතුය. ඔහු පසුපසට ගමන් නොකළ යුතුය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් හෝ එතුමාණන්ගේ මිතුරන් විසින් හෝ ඒ ගැන සඳහනක් පැමිණ නැති බැවිනි. එය අලුතින් බිහි වූ බිද්ආ කරුණු අතර වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් පැවසූහ. අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.([107]) නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ. "නවක (ආගමික) දෑ පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න. මන් ද සෑම නවක දෙයක් ම බිද්ආවක් වේ. සෑම බිද්ආවක් ම නොමඟක් වේ." ([108]). (107) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. [108] මෙය ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති අතර ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කොට ඇත. හදීස් අංකය (867).
අල්ලාහ්ගේ දහම පිළිබඳව ස්ථීරභාවයත් එයට පටහැනි දැයින් ආරක්ෂාවත් අපි අල්ලාහ්ගෙන් පතමු. සැබැවින්ම ඔහු ත්‍යාගශීලී හා මහා පරිත්‍යාගශීලී ය.
පරිච්ඡේදය
(නබි තුමාණන්ගේ මස්ජිදය) බැහැදැකීම හා එහි ආචාර ධර්ම
හජ් වන්දනාවට පෙර හෝ පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදය බැහැදැකීම සුන්නත් වේ. එය සහීහ් හදීසයන්හි සනාථ වී ඇත. ඒ ගැන අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා ඇත. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.” "මාගේ මේ මස්ජිදයේ සලාතයක් ඉටු කිරීම, මස්ජිද් හරාමය හැර වෙනත් තැන්වල ඉටු කෙරෙන දහසක් සලාතයට වඩා උතුම්ය." [109] නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මේ මස්ජිදයේ සලාතයක් ඉටු කිරීම, මස්ජිද් හරාමය හැර වෙනත් තැන්වල ඉටු කෙරෙන දහසක් සලාතයට වඩා උතුම්ය." [110] මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අස්සුබෙයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ මෙම මස්ජිදයේ සලාතය ඉටු කිරීම, වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය, නමුත් මස්ජිදුල් හරාම් හි හැර. එසේ මස්ජිදුල් හරාම් හි සලාතය ඉටු කිරීම, මාගේ මස්ජිදයේ සලාතය ඉටු කිරීමට වඩා සලාත් සියයකින් උතුම්ය."[111] මෙය අහ්මද්, ඉබ්නු හුසෙයිමා සහ ඉබ්නු හිබ්බාන් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත. [109] මෙය බුහාරි තුමා හදීස් අංක (1190) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1394) යටතේ වාර්තා කර ඇත. [110] මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (1395). [111] මෙය ඉමාම් අහ්මද් විසින් හදීස් අංක (4/5) යටතේ වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ මස්ජිදයේ සලාතය ඉටු කිරීම, වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය, මස්ජිදුල් හරාම් හි හැර. එසේ මස්ජිදුල් හරාම් හි සලාතය ඉටු කිරීම, සෙසු මස්ජිද්වල සලාතය ඉටු කිරීමට වඩා සිය දහස් වාර්යක් උතුම්ය." [112] මෙය අහ්මද් හා ඉබ්නු මාජා විසින් වාර්තා කර ඇත. මෙම අර්ථයෙන් යුත් හදීසයන් බොහෝමයක් ඇත. [112] මෙය ඉබ්නු මාජා විසින් හදීස් අංකය (1406) යටතේ වාර්තා කර ඇත.
මස්ජිදය වෙත පැමිණෙන, එහි පිවිසෙන අවස්ථාවේ දකුණු කකුල මුලින් තබා, "බිස්මිල්ලාහ්, වස්සලාමු අලා රසූලිල්ලාහ්, අඌදු බිල්ලාහිල් අළීම්, වබිවජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂෙයිතානිර් රජීම්, අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික” යැයි පැවසිය යුතුය. (අල්ලාහ්ගේ නාමයෙන්, ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ දූතයාණන් වෙත හිමිවේවා! හෙළා දුටු ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව මම සර්වබලධාරී අල්ලාහ්ගෙන් ඔහුගේ ගෞරවනීය මුහුණින් හා ඔහුගේ ඉපැරැණි ආධිපත්‍යයෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි, මා වෙනුවෙන් ඔබේ කරුණාවේ දොරටු විවෘත කර දෙනු මැනව!)“
එසේම අනෙකුත් සියලුම මස්ජිද් වෙත පිවිසෙන විටත් එය කියනු ලැබේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයට පිවිසීම සඳහා විශේෂිත මෙනෙහි කිරීමක් නොමැත. එහිදී රකආත් දෙකක් ඉටු කරමින් මෙලොව සහ පරලොව යහපත ඇති දෑ අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරයි. එය රවුදා අල්-ශරීෆා තුළ ඉටු කළහොත් වඩාත් උතුම් ය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය. "මගේ නිවස හා මගේ මින්බරය අතර (පවතින ස්ථානය) ස්වර්ග උයන්වලින් එක් උයනකි." [113] පසුව සලාත් ඉටු කිරීමෙන් අනතුරුව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණීවල බැහැදැකීමත්, එතුමාණන්ගේ මිතුරන් දෙදෙනා වන අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) තුමන්ලාගේ මිණීවලවල් බැහැදැකීමත් සිදු කරයි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණී වල අබියස විනයානුකූලව හඬ පහතට හෙළා, එතුමාණන්ට "අස්සලාමු අලෙයික යා රසූලල්ලාහ්, වරහ්මතුල්ලාහි වබරකාතුහ්" යැයි සලාම් පවසයි. මෙය හසන් ගණයේ වාර්තා සම්බන්ධතාවකින් යුතුව අබූ දාවූද්හි සූනාන්හි සඳහන් වන පරිදිය. එනම් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත. “කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මට මාගේ ප්‍රාණය ලබා දෙනු ඇත.” [114]. 'අස්සලාමු අලයික යා නබිය්යල්ලාහ්, අස්සලාමු අලයික යා කයිරතල්ලාහි මින් හල්කහි, අස් සලාමු අලයික යා සයියිදල් මුර්සලීන් වඉමාමල් මුත්තකීන්, අෂ්හදු අන්නක කද් බලග්ත අර්රිසාලත වඅද්දයිත අල්අමානත වනසහ්ත අල්උම්මත වජාහද්ත ෆිල්ලාහ් හක්ක ජිහාදිහී"(අහෝ නබිවරයාණනි, ඔබට සලාම්, අල්ලාහ්ගේ මැවීම් අතරින් ශ්‍රේෂ්ඨයාණනි, ඔබට සලාම්. දේව දූතවරුන්ගේ නායකයාණනි, භක්තිවන්තයින්ගේ නායකයාණනි, ඔබට සලාම්, සැබැවින්ම ඔබ දූත පණිවිඩය ප්‍රචාරය කර ඇති බවටත් ඔබේ වගකීම ඉටු කර ඇති බවටත්, ප්‍රජාවට ඔබ උපදෙස් දී ඇති බවටත් අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ කැපවී ඇති බවටත් මම සාක්ෂි දරමි.)යනුවෙන් සලාම් පැවසීමේ දී බැහැදකින්නා පැවසුවේ නම් එහි වරදක් නැත. මක්නිසාදයත් මේ සියල්ල එතුමාණන්ගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විශේෂණය අතරින් වන බැවිනි. එතුමාණන්ට සලවාත් පවසා ඒ සමගම එතුමාණන්ට ප්‍රාර්ථනා කරයි. මක්නිසාද ෂරීආවේ සලවාත් සහ සලාම් එකට පැවසීම සහිතක කර ඇති නිසාවෙනි. අල්ලාහ්ගේ ප්‍රකාශය පිළිපැදීමක් වශයෙනි. "නියත වශයෙන් ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ද ඔහුට ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු." (අල් අහ්සාබ්: 56) පසුව අබු බකර් සහ උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාණන්ලා හට සලාම් පවසා, ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කර, ඔවුන් පිළිබඳ සතුට පළ කරයි. [113] මෙය බුහාරි තුමා විසින් අබ්දුල්ලා බින් සයිද් අල් මාසනි (1195) හා මුස්ලිම් (1390) විසින් වාර්තා කර ඇත. [114] අබූ දාවුද් හදීස් අංකය (2041).
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහ ඔහුගේ මිතුරන් දෙදෙනා හට සලාම් පවසන අවස්ථාවේ, බොහෝ විට මෙසේ පවසමින් සිටියේය. "අස්සලාමු අලයික යාරසූලල්ලාහ්, අස්සලාමු අලයික යා අබා බක්ර්, අස්සලාමු අලයික යා අබතාහු" පසුව හැරී යයි.
මෙම බැහැදැකීම විශේෂයෙන් ආගාමානුකූලව නියම කර ඇත්තේ පිරිමින් සම්බන්ධයෙන් පමණි. කාන්තාවන් හට, කිසිදු සොහොනක් බැහැදැකීමට අවසර නැත. මේ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් සහතික කර ඇත. මිනීවලවල් බැහැදකින්නට යන කාන්තාවන් හා ඒවා මත දේවස්ථාන හා පහන් තනා ගන්නන්හට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළේය. [115] මෙය අබූ දාවුද් විසින් හදීස් අංක (3236) යටතේ වාර්තා කර ඇත.
මදීනාවට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථය අල්ලාහ්ගේ දූතයාණන්ගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම, එහි දුආ ප්‍රාර්ථනාවෙහි නිරත වීම හා සෙසු මස්ජිද්වල ආගමානුගත කර ඇති ආගමික කටයුතු මෙහි ද ඉටු කිරීමය. මෙය සියලු දෙනා කෙරෙහිම ආගමානුගත කරන ලද්දකි. එය පෙර සඳහන් හදීස්වලින් පෙනී යයි.
සියාරත් කිරීමේ (බැහැ දැකීම) අරමුණින් පැමිණෙන අයෙකු මස්ජිද නබවී තුළ පස්වරක් සලාත් ඉටු කිරීමත්, එහිදී වැඩි වශයෙන් 'දික්ර්' (අල්ලාහ්ව මෙනෙහි කිරීම), දුආ (ප්‍රාර්ථනා කිරීම) හා නෆිල් සලාත් (අමතර සලාත් ඉටු කිරීම) යනාදිය ආගමානුගත කොට ඇත. එය එමඟින් මහඟු කුසල් ලබා ගැනීම සඳහාය.
'රවුලා' නම් ශුද්ධ ස්ථානයේ අමතර සලාත් ඉටු කිරීම සතුටුදායකය; එහි විශේෂත්වය පිළිබඳව පෙර පැවසූ සත්‍ය හදීසය මත පදනම්ව ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එම ප්‍රකාශය මෙසේය: "මගේ නිවස හා මගේ මින්බරය අතර පවතින ස්ථානය ස්වර්ග උයන්වලින් එකකි." [116] (116) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
අනිවාර්ය සලාතය සම්බන්ධයෙන් වනාහි, නරඹන්නට යන්නා සහ අනෙකුත් අය එයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර, හැකි තාක් පළමු පේළිය රැක ගැනීමට උත්සාහ කළ යුතුය. පිරිස වැඩි වුව ද එලෙසය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ හදීස් තුළින් පළමු පේළිය සම්බන්ධයෙන් දිරි ගන්වා ඇති බැවින් හා උනන්දු කර ඇති බැවිනි. උදාහරණයක් ලෙස එතුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේය: (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත.([117]) මෙය ඉමාම් බුහාරි හා ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කරනු ලැබූ හදීසයකි. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම මිතුරන් හට මෙසේ පැවසූහ: පෙරමුණ ගන්න. මා අනුගමනය කරන්න. ඔබෙන් පසුව පැමිණෙන්නන් ඔබව අනුගමනය කළ යුතු වේ. මිනිසා සලාතය ප්‍රමාද කරමින් සිටින තාක් කල් අල්ලාහ් ද ඔහුව පසුපසට දමමින් සිටියි. (118) මුස්ලිම් විසින් එය දන්වා ඇත. [117]. අබූ සඊද් අල්-ඛුද්රී (රළියල්ලාහු අන්හු) විසින් දන්වා ඇති මෙය මුස්ලිම් තුමා හදීස් අංක (438) යටතේ මෙය වාර්තා කර ඇත, (118) මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (615) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (437) යටතේ ර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් දන්වන ලද හදීසය අබූ දාවුද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් පළමු පේළිවලින් පසුබසින තාක්කල් අල්ලාහ් ඔවුන්ව නිරයේ පිටුපස ස්ථානයක තබනු ඇත." (119) එතුමාණන් විසින් තම සහාබාවරුන්ට මෙසේ පැවසූහ: ‘මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපති ඉදිරියේ පෙළ ගැසී සිටින සේ නුඹලා ද පෙළ ගැසිය යුතු නොවේ ද!’ යැයි (විමසූහ). එවිට ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනී, මලක්වරුන් තම පරමාධිපති ඉදිරියේ කෙසේ පෙළ ගැසෙන්නේද?’ යැයි විමසූහ. එතුමා ‘ඔවුහු පළමු පෙළ සම්පූර්ණ කරමින්, පෙළ ගැසී සිටිති’ යැයි (පවසමින්) පිළිතුරු දුන්හ. මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත. [119] ජාබිර් බින් සමුරා විසින් දන්වා ඇති මෙය මුස්ලිම් විසින් හදීස් අංක (430) යටතේ වාර්තා කර ඇත. [120] අබූ දාවුද් හදීස් අංක (679) යටතේ මෙය වාර්තා කොට ඇති අතර එහි වදන් පෙළ මෙසේය: "පිරිසක් පළමු පේළියෙන් පසුබසින තාක් කල් අල්ලාහ් ඔවුන් අපා ගින්නේ අන්තයට ගෙන යනු ඇත."
මෙම අර්ථයෙන් වූ හදීස් බොහෝමයක් ඇත. එය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ගේ මස්ජිදය විශාල කිරීමට පෙර මෙන්ම අනෙකුත් මස්ජිදයන්ට ද පොදු වූ කරුණකි. නබි (සල්ලල්ලාහු අලයිිිහි වසල්ලම්) තුමාණන් තම සහාභාවරුන්ට තම පේළි දකුණ පැත්තට සකසා ගන්නට උනන්දු කරවා ඇති බව සහතික වූ හදීස් සඳහන්ව ඇත. එතුමාණන්ගේ මස්ජිදයේ පළමු පේළිය දකුණ රවුදාවෙන් පිටතට පිහිටා ඇති බව දැනගත හැකි අතර, එමගින් පේළිවල පළමු හා දකුණ පැත්තේ සිටීමේ වැදගත්කම රවුදාවට වඩා ප්‍රමුඛ බව පෙනී යයි. එය රවුදාවේ සලාතය ඉටු කිරීමේ වැදගත් කමට වඩා පළමු හා දකුණ පැත්තේ පේළිවල සලාතය ඉටු කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි. මෙම කාරණය මෙම මාතෘකාවට අදාළ හදීස් සලකා බැලූ කෙනෙකුට පැහැදිලිව පෙනේ. අල්ලාහ් මාර්ගය පෙන්වන්නාය.
කෙනෙකුට හුජ්රා (නබි තුමාණන්ගේ කුටිය) ස්පර්ශ කිරීම හෝ එය සිප ගැනීම හෝ එය වටා තවාෆ් කිරීම අනුමත කාර්යයක් නොවේ. එසේ සිදු කළ බවට සලෆ් සාලිහීන් (පූර්ව ධාර්මිකයින්) විසින් වාර්තා වීද නැත. එබැවින් එය හෙළා දැකිය යුතු බිද්අත් (නව එකතු කිරීමක්) ලෙස සැලකේ.
අවශ්‍යතාවක් ඉටු කර දෙන මෙන් හෝ ව්‍යසනයෙන් මුදවා දෙන මෙන් හෝ රෝගියාට සුවය ලබා දෙන මෙන් හෝ එවැනි කිසිවක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටීම සුදුසු නැත. මක්නිසාදයත් ඒ සියල්ල පැතිය යුත්තේ අන් කිසිවෙකුගෙන් නොව අල්ලාහ්ගෙන් පමණක් වන බැවිනි. මියගිය ඇත්තන්ගෙන් එසේ පැතීම අල්ලාහ්ට කරන සමානයක් හා වෙනත් අයකුට කරන නැමදුමක් වේ. ඉස්ලාම් දහම මූලික සත්‍ය දෙකක් මත පදනම්ව ඇත:
පළමුවැන්න: අල්ලාහ්ට පමණක් හැර වෙනත් කිසිවකුට නැමදුම් නොකිරීම.
දෙවැන්න: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විසින් නීතිගත කළ දැයින් හැර වෙනත් කිසිදු ක්‍රමයකින් නැමදුම් නොකිරීම.
මෙය ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්, මුහම්මදුන් රසූලුල්ලාහ්' යන සාක්ෂි දැරීමේ අර්ථයයි.
එසේම කිසිවෙකුට දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)ගෙන් මැදිහත්වීම ඉල්ලා සිටීම සුදුසු නැත. එය අල්ලාහ්ට පමණක් සතු වගකීමකි. එය ඔහුගෙන් පමණක් පතනු ලබන්නකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “සියලු මැදිහත්වීම් අල්ලාහ් සතු ය..." (අස්සුමර්: 44) ඔබට: 'දෙවිඳුනි! ඔබේ නබිවරයාණන් විෂයයෙහි ඔබ මැදිහත් වන්න. දෙවිඳුනි! ඔබේ සුරදූතයින් විෂයයෙහි ඔබ මැදිහත් වන්න. ඔබේ විශ්වාසවන්ත සේවකයන් විෂයයෙහි ඔබ මැදිහත් වන්න, දෙවිඳුනි! මාගේ දරුවන් විෂයයෙහි ඔබ මැදිහත් වන්න' යනාකාරයෙන් පැවසිය හැක. නමුත් මියගිය ඇත්තන්ගෙන් ඔවුන් නබිවරුන් වුවද නොවූව ද ඒ කිසිවකුගෙන් ෂෆාඅත් හෝ වෙනත් කිසිවක් හෝ ඉල්ලා නොසිටිය යුතුය. මක්නිසාදයත් එවැන්නක් ආගමානුගත කර නොමැති බැවින් හා අල්ලාහ් ව්‍යතිරේකයක් ලෙස පැවසූ දෑ හැර අන් සියලු ක්‍රියාවනන් මියගිය ඇත්තන්ට අත්හිටවනු ලබන බැවිනි.
සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආදම්ගේ දරුවෙකු මිය ගිය විට කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් විසන්ධි වී යනු ඇත. එනම්: සදාතනික දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා." [121] [121] අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වා ඇති මෙය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (1631).
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මැදිහත්වීම ඉල්ලා සිටීම ඔහුගේ ජීවිත කාලයේදී සහ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සම්මත වන්නේ එතුමාණන්ට එය කළ හැකි බැවිනි. එතුමාණන්ට ඉදිරියට පෙනී සිට තම රබ්ගෙන් ඉල්ලා සිටීමට හැකියාව ඇත. මෙලොවෙහිදී එය ප්‍රසිද්ධය. එය එතුමාණන්ට පමණක් සීමා නොව, වෙනත් අය සඳහා ද පොදුය. එබැවින් මුස්ලිම්වරයෙකුට තම සහෝදරයාට, ‘මට මේ මේ දේ සඳහා මගේ රබ්ගෙන් කන්නලව් කරන්න’ යැයි කියා ඉල්ලා සිටීම සම්මතය. එනම්, ‘මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න’ යන අර්ථයයි. එය අල්ලාහ් ඉල්ලා සිටීමට අවසර දී ඇති කරුණක් නම්, එලෙස විමසා සිටින්නා වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම සහ තම සහෝදරයා වෙනුවෙන් මැදිහත්වීම සම්මතය.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට මැදිහත් වීමට අවසර ලැබෙනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පසු පමණි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "...ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද?..." (අල් බකරා: 255)
මරණය යනු විශේෂිත තත්වයකි. එය මරණයට පෙර මිනිසාගේ තත්වය හෝ නැවත උපත සහ ප්‍රතිඋත්ථානයෙන් පසු තත්වය සමඟ සමාන කළ නොහැක. මියගිය තැනැත්තාගේ ක්‍රියාවන් විසන්ධි වී ඔහු උපයාගත් දෑ සමග පමණක් එය සම්බන්ධ වී පවතී. නමුත් දෙවිඳුන් විසින් විශේෂිත කර ඇති දෑහි හැර. ඒ අනුව මියගිය ඇත්තන්ගෙන් මැදිහත්වීම ඉල්ලා සිටීම දෙවිඳුන් විසින් විශේෂිත කළ දැයක් නොවේ. ඒ සමග සම්බන්ධ කළ නොහැක. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් මරණයෙන් පසු බර්සක් හෙවත් මිනීවල ජීවිතයක් ඇති බවට කිසිදු සැකයක් නැත. නමුත් එය දිවිපිදූවන්ගේ ජීවිතයට වඩා සම්පූර්ණය. එය මරණයට පෙර ජීවිතය මෙන් හෝ මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ජීවිතය මෙන් නැත. සැබැවින්ම එම ජීවිතයේ ආකාරය හා යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. එබැවින්, පිවිතුරු හදීසයේ පෙර පැවසූ පරිදි, ඔහු (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය: "කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් අල්ලාහ් මට මාගේ ප්‍රාණය ලබා දෙනු මිස නැත." [122].
එය එතුමාණන් මිය ගොස් ඇති බවත්, එතුමාණන්ගේ ප්‍රාණය ශරීරයෙන් වෙන්වී ඇති බවත් පෙන්වයි. නමුත් සලාම් පවසා සිටියදී එය එතුමාණන් වෙත නැවත පැමිණේ. එතුමාණන්ගේ මරණය පිළිබඳව කුර්ආනය හා සුන්නාහ්ව පැහැදිලි කර ඇති කරුණු සම්බන්ධයෙන් විද්වතුන් අතර එකඟතාව පවතී. නමුත් එය එතුමාණන්ගේ බර්සක් ජීවිතය වළක්වන්නේ නැත. එසේම, දිවිපිදූ ෂහීද්වරුන්ගේ මරණය ඔවුන්ගේ බර්සක් ජීවිතය වැළැක්වූයේ නැත. එය අල්ලාහ්ගේ වචනයේ සඳහන් ව ඇති පරිදිය. එනම්: "අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නො සිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත්ව සිටින්නෝ ය." (ආලු ඉම්රාන්: 169) [122] මෙය අබූ දාවුද් තුමා විසින් හදීස් අංක (2041) යටතේ වාර්තා කර ඇත.
මෙම කරුණ පිළිබඳව අපි විස්තරාත්මකව කතා කිරීමට හේතු වූයේ මෙම විෂයට සමානව කටයුතු කරන අයගේ වැඩිවීම සහ අල්ලාහ් හැරදමා මිය ගිය අය නැමදීමේ හා ෂිර්ක් වෙත ඇරයුම් කරන අයගේ වැඩි වීම නිසා එය පැහැදිලි කිරීමට අවශ්‍යතාවය බැවිනි. එබැවින් ඔහු ආගාමානුගත කළ දෑට විරුද්ධව පවතින සියලුමට කටයුතු වලින් අප හා සියලුම මුස්ලිම්වරුන් ආරක්ෂා කරන මෙන් අපි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. මැනවින් දන්නා අල්ලාහ්ය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය බැහැ දකින ඇතැම් ජනයා විසින් ඒ අසළ උස් හඬින් කතා කිරීමත්, එහි දිගු කාලයක් රැඳී සිටීමත් ආගමානුකූලව විරුද්ධ ක්‍රියාවකි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඔවුන්ගේ හඬ උස් කිරීමෙන් වළකින ලෙසත්, එකිනෙකා සමග කතා කරනවාක් මෙන් එතුමාණන් සමග උස් හඬින් කතා කිරීමෙන් වළකින ලෙසත්, එතුමාණන් අසල ඔවුන්ගේ හඬ පහත දමන ලෙසත් උපදෙස් දී ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ හඬ නබිවරයාගේ හඬට වඩා උස් නො කරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬනගා සැරෙන් කතා නො කරනු. එවිට නුඹලා නො දැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත." "නියත වශයෙන් ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහු ම ය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත." (අල්-හුජ්රාත්: 2-3)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවළ අබියස දිගු කාලයක් සිටීම සහ සලාම් නැවත නැවත පැවසීම, එතුමාගේ මිනීවළ අසල තදබදය, ඝෝෂාකාරීකම සහ කටහඬ ඉහළ යාමට හේතුවක් වනු ඇත. මෙම තීරණාත්මක පාඨ තුළ සඳහන්ව ඇති පරිදි අල්ලාහ් මුස්ලිම්වරුන්ට ආගමානුගත කළ කරුණුවලට මේවා පටහැනිය. එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජීවමානව සිටියදීත් මිය ගිය පසුද ගෞරවයට පාත්‍ර වේ. එබැවින් දේවත්වය විශ්වාස කරන්නෙකු එතුමාණන්ගේ මිනීවළ අබියස ආගමික විනයට විරුද්ධ ව කටයුතු නොකළ යුතුය.
බැහැදකින්නට යන ඇතැමුන් හා තවත් සමහරු විසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණීවල අබියස ප්‍රාර්ථනා කිරීම සඳහා අත් එසවීම, මිණී දෙසට මුහුණලා සිටීම ද එලෙසමය. මෙය සලෆුස් සාලිහීන් හෙවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පෙරටුගාමී ධාර්මිකයින් සහ ඔවුන් අනුගමනය කළ ධාර්මිකයින්ගේ පදනමට පටහැනිය. එය අලුතින් නිර්මාණය වූ බිද්අත් අතරට අයත් වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.: "එහෙයින් නුඹලා මාගේ පිළිවෙත හා මගෙන් පසු යහමග හිඳ යහමග ලැබූ කලීෆා පාලකයින්ගේ පිළිවෙත පිළිපැදිය යුතුය. ඒවා තදින් ග්‍රහණය කර ගන්න, චාර්වක දත්වලින් විකා ගන්න. නවක (ආගමික) දෑ පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න. සැබැවින්ම සෑම නවක දෙයක්ම බිද්ආවක් වේ. සෑම බිද්ආවක්ම නොමඟක් වේ." [123] [123] ඉර්බාල් බින් සාරියා විසින් දන්වා ඇති මෙම හදීසය අබූ දාවුද් තුමා විසින් හදීස් අංක 4607 යටතේ වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ ද පවසා ඇත්තාහ: "අපගේ කටයුතු අතරට එහි නොමැති නවීන කරුණක් කවරෙකු ඇතුඵ කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි." [124] "අප විෂයයෙහි නොමැති ක්‍රියාවක් කවරෙකු සිදු කරන්නේද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි."([125]) (124) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත. (125) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
අලී ඉබ්නු අල් හුසෙයින් සෙයිනුල් ආබිදීන් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල අසල ප්‍රර්ථනා කරන මිනිසකු දුටුවේය. එවිට එතුමා ඔහුව ඉන් වළක්වා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් මාගේ සීයා ලබා ගෙන, ඔහු විසින් මාගේ පියා ලබා ගෙන, එයට මා සවන් දුන් හදීසයක් මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද? "මාගේ මිනීවල උත්සවාකාරයෙන් සමරන්නට නොගන්න. නුඹලාගේ නිවාස මිනීවලවල් බවට පත් කර නොගන්න. මා වෙත සලවාත් (ආශිර්වාද) පවසන්න. සැබැවින්ම නුඹලාගේ සලාම් පැවසීම නුඹලා කොතැනක සිටිය ද මා වෙත දැනුම් දෙනු ලැබේ." [126]. [126] ෂෙයික් තුමා විසින් හාෆිල් අල්මක්දසී තුමාට අයත් බව සඳහන් කර ඇති සෙයිනුල් ආබ්දීන් තුමාගේ වාර්තාවක් මෙහි දී සඳහන් වේ. මෙම හදීසය කතාවකින් තොරව ඉදිරිපත් කර ඇත. අහ්මද් තුමාගේ අල්මුස්නද් 2/367 හි බලන්න.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලාම් පවසා සිටින විට හෝ වෙනත් රජවරුන්, නායකයන් හෝ වෙනත් අය වෙත සලාම් පවසා සිටින විට තම දකුණු අත වම් අත මත පපුවේ ඉහළ හෝ පහළ තබා සලාතය ඉටු කරන ආකාරයට සිටීම සුදුසු නොවේ. එම ඉරියව්ව අල්ලාහ්ට පමණක් අයත් ඉරියව්වකි. මක්නිසාදයත් එය නමස්කාරය හා යටහත්පහත්භාවය පෙන්වීමක් වන බැවින්. මෙය අල්-හාෆිළ් ඉබ්නු හජර් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා විසින් 'අල්-ෆත්හ් 'ග්‍රන්ථයෙහි වාර්තා කොට ඇත. මෙම කරුණ, සලෆ් සාලිහීන්ගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමේ අරමුණ ඇති අයෙකුට පැහැදිලිව දැනෙන කරුණකි.
උන්මත්තකත්වයෙන්, හිතුවක්කාරකමින්, අන්ධ අනුකරණයෙන් සහ දැහැමි පූර්වගාමීන්ගේ මඟ පෙන්වීම වෙත කැඳවන්නන් පිළිබඳ ඇති කර ගන්නා නරක සිතුවිල්ලෙන් ඉක්මවා ගිය අය වනාහි, ඔවුන්ගේ කාර්යය අල්ලාහ් වෙතට භාර කෙරේ. අපි අල්ලාහ්ගෙන්ම ඉල්ලා සිටිමු. යහමඟ පෙන්වීම හා සත්‍යය පිළිඹිමු කිරීමේ ආශිර්වාදය ඔහු සතුය. සැබැවින්ම සුවිශුද්ධ වූ අල්ලාහ් යහපත්ම භාරකරුය.
එමෙන්ම ඇතැමුන් විසින් දුරින් සිට ගෞරවනීය සොහොන් වෙත මුහුණලා සලාම් පැවසීම හෝ ප්‍රාර්ථනා කිරීම සඳහා තොල් සෙලවීම ද පෙර සඳහන් නවෝත්පාදනවලට සමානව අනුමත නොවන ක්‍රියාවකි. අල්ලාහ් විසින් අවසර නොදෙන දේවල් තම ආගමට එක් කිරීමෙන් මුස්ලිම්වරයා වැළකී සිටිය යුතුය. මෙම ක්‍රියා ඔහුගේ ආදරය හා පිරිසිදුභාවයට වඩා, අඥානයට වඩා සමීප වේ. ඉමාම් මාලික් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා මෙම ක්‍රියාව හා ඒ හා සමාන දේවල් ප්‍රතික්ෂේප කළේය. එතුමා පැවසුවේය.: "මෙම උම්මතයේ (ප්‍රජාවේ) අවසානය සාර්ථක වන්නේ එහි ආරම්භය සාර්ථක කළ දේ මගින් පමණි." (127) (127) "ඉඝාසතුල් ලහ්ෆාන් ෆී මසායිදිෂ් ෂයිතාන්" 1/363.
මෙම සමාජයේ ආරම්භය විධිමත් කළේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, කුලෆාඋර් රාෂිදූන්වරුන් පිළිගැනීමට ලක් සහාබාවරුන් හා ඔවුන්ව අනුගමනය කළවුන්ගේ පිළිවෙත අනුගමනය කිරීමෙනි. එය විධිමත් ලෙස අනුගමනය කිරීමෙන් තොරව මෙම සමාජයේ අවසානය යහපත් වන්නේ නැත.
අල්ලාහ් මුස්ලිම්වරුන්ට මෙලොව හා මතුලොව ඔවුන්ගේ සාර්ථකත්වය, සතුට හා ගෞරවය උදා කර දෙත්වා! සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය; මහා පරිත්‍යාගශීලී ය.
අවධානය පිණිස.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සොහොන බැහැදැකීමේ නීතිය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණීවල බැහැ දැකීම සම්බන්ධයෙන් ඇතැම් පොදු ජනයා හා ඔවුනට සමාන අය සිතන පරිදි නොවේ. සැබැවින්ම එය අනිවාර්යය හෝ හජ් සඳහා අවශ්‍ය කොන්දේසියක් හෝ නොවන්නේය. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදය බැහැදැකීම එහි පැමිණෙන අයට හෝ ඒ අවට සිටින අයට කුසල් ලබා දෙන සතුටු දායක කරුණක් පමණි.
මදීනාවට දුරින් සිටින අය වනාහි, මිණීවල බැහැදැකීම අරමුණු කොට ගනිමින් වන්දනා ගමන යාම ඔහුට අවසර නැත. නමුත් මස්ජිදය අරමුණු කර ගනිමින් වන්දනා ගමන යාම සුන්නා ක්‍රියාවකි. ඔහු එහි පැමිණියේ නම්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ මිතුරන් දෙදෙනාගේ කබ්ර් ස්ථාන බැහැදකියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහ මිතුරන් දෙදෙනාගේ මිණීවල බැහැදැකීම සිදු වනුයේ එතුමාණන්ගේ මස්ජිදය බැහැදැකීමේ අනුගමනයක් ලෙස ය. එය සහීහ් ග්‍රන්ථ දෙකෙහි සනාථ වී ඇති පරිදිය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.: "(මක්කාවේ) මස්ජිදුල් හරාම්, මාගේ මෙම මස්ජිදය (වන මස්ජිදුන් නබවි) හා මස්ජිදුල් අක්සා යන මස්ජිද් තුන වෙත හැර වෙනත් කිසිදු තැනකට වන්දනා ගමන් නොයන්න." (128) [128] අබු හුරෙයිරා තුමා විසින් වාර්තා කර ඇති මෙය බුහාරි තුමා විසින් හදීස් අංකය 1189 යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංකය 1397 යටතේ වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල හෝ වෙනත් කෙනෙකුගේ මිනීවල බැහැදැකීම අරමුණු කර ගනිමින් වන්දනා ගමන යාම ආගමානුගත වූයේ නම් එතුමාණන් තම ප්‍රජාවට එය දන්වා එහි විශේෂත්වය පිළිබඳ මඟ පෙන්වන්නට තිබුණි. මක්නිසාදයත් සැබැවින්ම එතුමාණන් සියලුම මිනිසුන්ට වඩා අල්ලාහ් පිළිබඳව වැඩි දැනුමක් ඇති, භක්තියක් ඇති, මිනිසුන් අතරින් ශ්‍රේෂ්ඨ උපදේශකයා වූ බැවිනි. සැබැවින්ම එතුමාණෝ පැහැදිලි පණිවිඩය ඉදිරිපත් කළහ. සියලුම යහපත් දේවල් තම ජනයාට පෙන්වා දුන්හ. සියලුම නරක දේවල් පිළිබඳ ඔවුන්ට අනතුරු ඇඟවූහ. එසේම නිශ්චිත මස්ජිද් තුන හැර වෙනත් තැනකට වන්දනා ගමන යාම පිළිබඳව අනතුරු ඇඟවූහ. එතුමාණෝ මෙසේ පැවසූහ.: "මාගේ මිනීවල උත්සව සමරන්නට නොගන්න. නුඹලාගේ නිවෙස් මිනීවලවල් ලෙස පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත." [129] (129) මෙහි මූලාශ්‍රය පෙර සඳහන් වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවළ බැහැදැකීම සඳහා වන්දනා ගමනෙහි යාම නීත්‍යානුකූල යැයි පිළිගැනීම එය උත්සවයක් ලෙස සැලකීමටත් එතුමාණන් බිය වූ අතිශයෝක්ති ගෞරවය හා අමතර ක්‍රියා තුළ වැටීමටත් යොමු කරයි. එලෙස එම වන්දනා ගමන ආගමානුකූළ කරුණක් බව පිළිගැනීම නිසා බොහෝ අය එම අතිශයෝක්ති ගෞරවය හා අතිරේකය තුළට වැටී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සොහොන වෙත වන්දනා ගමන් යෑම ආගමානුගත කරුණක් යැයි පවසා ඉදිරිපත් කෙරෙන හදීස් මෙම මාතෘකාව යටතේ සඳහන් වුවත්, එම හදීස් දුර්වල වාර්තා දාමයක් සහිත හෝ නිර්මාණය කළ හදීස් බව හෙළි වී ඇත. උදාහරණ ලෙස එම හදීස් දුර්වල බව දාරුකුත්නි, බයිහකී, හාෆිළ් ඉබ්න් හජර් තුමා හා එවැනි වෙනත් අය විසින් පෙන්වා දී ඇත. එබැවින්, ස්ථාන තුනක් හැර වෙනත් ස්ථාන වෙත වන්දනා ගමන් යාම තහනම් බව සඳහන් වන සත්‍ය හදීසයට පටහැනි වීම සුදුසු නොවන්නේය.
පාඨක ඔබ දැනුවත් වීම සඳහාත්, ප්‍රවේසම් වීම සඳහාත් මෙම මාතෘකාව යටතේ අසත්‍ය ලෙස ගොතන ලද ඇතැම් හදීස් වදන් කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
පළමුව: "කවරෙකු හජ් ඉටු කර මා හමුවට නොපැමිණියේ ද ඔහු මා නොසලකා හැරියේය."
දෙවැන්න: "මාගේ මරණයෙන් පසු කවරෙකු මා හමුවීමට පැමිණියේ ද ඔහු මා ජීවමානව සිටිය දී මා මුණ ගැසුණු අයකු මෙනි."
තුන්වැන්න: ‘කවරෙකු මා හා මාගේ පියා ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව එකම වසරේ මුණ ගැසුණෙ නම්, අල්ලාහ් වෙතින් ඔහුට ස්වර්ගය ලබා දීමේ වගකීම මම භාර ගතිමි."
සිව්වැන්න: "කවරෙකු මාගේ සොහොන් ගැබ බැහැදැක්කේ ද මාගේ මැදිහත්වීම ඔහුට නියම විය."
මෙම හදීස් හා ඒ සමාන හදීස් කිසිවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා වූ බවට සනාථ වී නැත.
හාෆිළ් ඉබ්නු හජර් තුමා (අත්-තල්හීස්) හි බොහෝ වාර්තා සඳහන් කිරීමෙන් පසු මෙසේ දන්වා ඇත: මෙම හදීසය වාර්තා වී ඇති සියලුම මාර්ග දුර්වල ය.
මෙම පාඩම ආශ්‍රිතව කිසිදු හදීසයක් නිවැරදි නොවන බව හාෆිළ් අල් අකීලී තුමා පවසා ඇත.
ෂයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියා (රහිමහුල්ලාහ්) තුමා තරයේ පවසා ඇත්තේ මෙම සියලු හදීස් නිර්මාණය කරන ලද ප්‍රකාශ බවය. එතුමාගේ දැනුම, මතකය සහ පරිශීලනය ඔබට ප්‍රමාණවත් වේ.
එයින් කිසිවක් සත්‍ය වූවා නම්, එය ක්‍රියාත්මක කිරීමට එය සමූහයාට පැහැදිලි කිරීමට හා ඒ වෙත ඔවුන් ඇරයුම් කිරීමට මිනිසුන් අතර වඩාත් ප්‍රමුඛයින් සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) වන බැවින් ඔවුන් පෙරමුණ ගන්නට තිබුණි. මක්නිසාදයත් ඔවුුුන් නබිවරුන්ට පසු ශ්‍රේෂ්ඨතම මිනිසුන් වන බැවිනි. ඔවුන් අල්ලාහ්ගේ සීමා සහ ඔහුගේ ගැත්තන් වෙනුවෙන් ඔහු ආගමානුගත කළ දේ පිළිබඳව වඩාත් දැනුවත් වූහ. අල්ලාහ්ට සහ ඔහුගේ ගැත්තන් හට වඩාත්ම අවංක වූහ. එසේ තිබියදී ඔවුන්ගෙන් එවැනි කිසිවක් සම්ප්‍රේෂණය නොවීම, එය නීතිගත නොවන බව පෙන්වා දෙයි.
එහි කිසියම් හදීසයක් නිවැරදි නම්, එය සොහොන් බැහැ දැකීම සඳහා පමණක් වන්දනා ගමනක් ලෙස යාමට නොව, ආගමානුගත වන්දනා ගමනක් ලෙස සැලකිය යුතුය. එය හදීසයන් අතර සන්සන්ධනය කිරීමක් ලෙසිනි. සුවිශුද්ධ වූ අල්ලාහ් මැනවින් දන්නාය.
පරිච්ඡේදය
කුබා මස්ජිදය සහ බකීඃ සොහොන් භූමිය බැහැදැකීම සතුටුදායකය
මදීනාවට පැමිණෙන අය කුබා දේවස්ථානය බැහැදැක එහි සලාත් ඉටු කිරීම සතුටුදායකය. එය බුහාරි හා මුස්ලිම්හි සඳහන් හදීසයක් අනුවය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී, "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පා ගමනින් හා වාහනිකව හෝ කුබා දේවස්ථානය වෙත ගොස් එහි රකආත් දෙකක් සලාත් ඉටු කරන්නෙකු වූහ." ([130]) [130] මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1193) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1399) යටතේ වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු හුනෙයිෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු හෝ තම නිවසේම පිරිසිදු වී පසුව කුබා මස්ජිදය වෙත පැමිණ එහි සලාතයක් ඉටු කළේ නම්, ඔහුට එය උමරා වන්දනාවක ප්‍රතිඵල හා සමාන ප්‍රතිඵල පිහිටනු ඇත.” (131) [131] මෙය ඉබ්නු මාජා විසින් හදීස් අංක (1412) යටතේ වාර්තා කර ඇත.
අල් බකීඃහි සොහොන්, දිවිපිදූවන්ගේ සොහොන් හා හම්සා (රළියල්ලාහු අන්හු) තුමාගේ සොහොන බැහැදැකීම සුන්නාත් වේ. "ඔබ කබ්ර් එනම් මිනී වළවල් බැහැ දකින්නට යන්න. සැබැවින්ම ඔබට එය පරලොව පිළිබඳ මෙනෙහි කර දෙනු ඇත." [132] මුස්ලිම් විසින් එය දන්වා ඇත. [132] ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක (976) යටතේ මෙය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සහගාමීන් හට, ඔවුන් කබ්ර් වෙත ගිය විටෙක මෙලෙස පවසන මෙන් ඉගැන්වූහ. "අස්සලාමු අලයිකුම් අහ්ලද්දියාරි මිනල් මුඃමිනීන් වල් මුස්ලිමීන්, වඉන්නා ඉන්ෂා අල්ලාහ් බිකුම් ලාහිකූන්, නස්අලුල්ලාහ ලනා වලකුම් අල් ආෆියා" [133]. (මුඃමින් හා මුස්ලිම් කබ්ර් වැසියනි ඔබට ශාන්තිය අත්වේවා! අල්ලාහ් අභිමත වීනම්, නියත වශයෙන්ම අපි ද ඔබ සමග සේන්දු වෙමු. අපටත් ඔබටත් සුවය ලබා දෙන මෙන් අපි අල්ලාහ්ගෙන් පතමු.) සුලයිමාන් බින් බුරෙයිදා තුමා තම පියාගෙන් ලබා දන්වා ඇති මෙය මුස්ලිම් තුමා විසින් වාර්තා කර ඇත. [133] මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක (975) යටතේ වාර්තා කර ඇත.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් දැනුම් දුන් හදීසයක් තිර්මිදි තුමා මෙසේ ප්‍රකාශයට පත් කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මදීනාවෙහි මිනීවළවල් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ ඔවුන් දෙසට මුහුණ ලා මෙසේ පැවසූහ: "අස්සලාමු අලයිකුම් යා අහ්ලල් කුබූරි, යග්ෆිරුල්ලාහු ලනා වලකුම්, අන්තුම් සලෆුනා වනහ්නු බිල් අසර් ([134]).(කබ්ර් වැසියනි, ඔබට සලාම්. අල්ලාහ් අපට හා ඔබට පාපක්ෂමාව පිරිනමත්වා, ඔබ අපට පෙර සේන්දු විය. අපි පසු පැමිණෙන්නට සිටිමු.) [134] මෙය ඉමාම් තිර්මිදි තුමා විසින් හදීස් අංක (1035) යටතේ වාර්තා කර ඇත.
මෙම නබි වදන් තුළින් දැනගත හැකි වන්නේ සොහොන් ගැබ් බැහැදැකීම ආගමානුකූලව සිදුකෙරෙන්නේ මතුලොව සිහිපත් කර ගැනීම, මිය ගිය උදවියට කරුණාව දැක්වීම, ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම හා අල්ලාහ්ගේ කරුණාව ඔවුන් වෙත ලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීම සඳහා ය.
ඔවුන්ගේ මිනී වල අබියස දුආ කිරීම හෝ එහි රැඳී සිටීම හෝ ඔවුන් මගින් හෝ ඔවුන්ගේ ගෞරවය මගින් අවශ්‍යතා ඉටු කර දෙන මෙන් හෝ රෝග සුව කර දෙන මෙන් හෝ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම වැනි අරමුණු සඳහා ඔවුන්ගේ මිනී වල බැහැ දැකීම, අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ආගමිකව අනුමත නොකළ, හෙළා දකින ලද අලුතින් බිහි වූ බැහැදැකීමකි. එය සලෆුස් සාලිහීන්වරුන් (රළියල්ලාහු අන්හුම්) විසින් සිදු කර නැත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් තහනම් කරන ලද්දකි. එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: “ඔබලා කබ්ර් එනම් මිනී වළවල් වෙත යන්න. නමුත් නුඹලා නොමනා වදන් නොපවසන්න.”([135]) (135) ඉබ්න් බුරයිදා තුමා තම පියා විසින් ලබා දන්වා ඇති මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (977) යටතේ වාර්තා කර ඇත.
සඳහන් කරන ලද මෙම කරුණු සියල්ල බිද්අත් (අලුතින් බිහි වූ දෑ) ලෙස එකතු වන නමුත් ඒවා විවිධ මට්ටම්වල පවතී. ඒ අතරින් කිහිපයක් බිද්අත් වන නමුත් මහා ෂිර්ක් ගණයට අයත් නොවේ; උදාහරණයක් ලෙස සොහොන් අබියස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම, මියගිය අයගේ නාමයෙන් හා ඔවුන්ගේ ගෞරවයෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම යනාදී. එමෙන්ම කිහිපයක් මහා ෂිර්ක් ගණයට අයත් වේ; මරණයට පත් වූවන්ගෙන් ප්‍රාර්ථනා කිරීම, ඔවුන්ගෙන් උදව් පැතීම යනාදී.
මෙම කරුණ විස්තරාත්මකව පෙර සඳහන් කර ඇත. එබැවින් ඒ ගැන අවදියෙන් සිටින්න. ඔබේ පරමාධිපතිගෙන් සත්‍යය වෙත ආශිර්වාදය හා මග පෙන්වීම ඉල්ලා සිටින්න. සැබැවින්ම ඔහුම ආශිර්වාදකරු හා මග පෙන්වන්නාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු හැර වෙනත් පරමාධිපතිකු ද නැත.
මෙය අපට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ අවසාන අන්තර්ගතයයි. ආරම්භයේ මෙන්ම අවසානයේ සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. ශාන්තිය හා සමාදානය ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් වන මුහම්මද්තුමා කෙරෙහි ද, ඔහුගේ පවුලේ උදවිය හා හිත මිතුරන් කෙරෙහි ද, ලොව අවසන් දිනය තෙක් ඔවුන්ගේ මග පෙන්වීමෙන් මඟ ලැබූ අය කෙරෙහි ද උදා වේවා!