الصراط المستقيم

الصراط المستقيم

كتاب "الصراط المستقيم إلى الحقيقة" يُعِدّه القسم العلمي بجمعية خدمة المحتوى الإسلامي، يهدف إلى توجيه الناس إلى الطريق الصحيح الموصل للسعادة الحقيقية والنجاة في الدنيا والآخرة. يقدم الكتاب إجابات شاملة للأسئلة الوجودية الكبرى مثل: من الذي خلقنا؟ ولماذا جئنا؟ وأي دين هو الحق؟ كما يوضح مقومات الطريق المستقيم ويبين النتائج المترتبة على اتباعه أو الانحراف عنه. الكتاب يعتمد على الأدلة العقلية والنقلية لتأكيد وجود الله وربوبيته وألوهيته، مستعرضًا الآيات القرآنية والبراهين الفطرية والعقلية الدالة على ذلك.

Language: lang_si
Prepared by:
Version: 5.0
Translations 5
English Hindi Sinhala Thai +1
Attachments 7
PDF
Audio
Video
+3

සත්‍යය වෙත වූ ඍජු මඟ

සංස්කරණය: පර්යේෂණ අංශය.

විවිධ භාෂාවලින් ඉස්ලාමීය අන්තර්ගත සේවා සංගමය.

හිජ්රි 1445

පෙරවදන

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

සියලු පැසසුම් විශ්වයේ පරමාධිපති අල්ලාහ්ට ම හිමි ය. අපගේ නබිවරයාණන් වූ දේව දූත මුහම්මද් තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ උදවියටත් එතුමාණන්ගේ මිතුරන්ටත් ශාන්තිය හා සමාදානය අත් වේවා!

මෙලොව හා මතුලොව සාර්ථකත්වය පිහිටා ඇති සත්‍යය වෙත රැගෙන යන හා නුවණැත්තන් සොයන අපේක්‍ෂිත සැපත වෙත රැගෙන යන මෙම පොත නිවැරදි මාර්ගය කරා මඟ පෙන්වීමක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එම මාර්ග සංඥා සහ එහි මූලික අංගයන් ඉදිරිපත් කිරීමක් සහ ශාන්තියට හා සුරක්ෂිතභාවයට තුඩු දෙන ප්‍රීතිමත් එම මාර්ගයේ පුද්ගලයෙකු ගමන් කරන විට, ඔහු එහි ලබන සුන්දර ජයග්‍රහණ පිළිබඳ ප්‍රකාශයක් එහි අඩංගු වන අතර මෙම මාර්ගයෙන් බැහැර වුවහොත් සිදුවන මාරක ප්‍රතිවිපාකය සහ විශාල පාඩුව පිළිබඳ පැහැදිලි කිරීමක් ද එහි අඩංගු වේ.

මක්නිසාද යත්, පුද්ගලයෙකු තම මවගේ ගර්භාෂයෙන් මෙලොව එළිය දකින්නේ කිසිවක් නොදැන ය. නමුත් සර්වබලධාරී අල්ලාහ් ඔහුට ශ්‍රවණය, පෙනීම සහ හදවත ලබා දී, ඒවා ඔහු දැනුම ලබා ගන්නා මාර්ගයන් බවට පත් කළේය. සර්වබලධාරී අල්ලාහ් ඔහුව තාර්කික, කල්පනාකාරී, යහමඟ සහ මාර්ගෝපදේශ සොයමින්, සත්‍යය සොයමින් සිටින පුද්ගලයෙකු බවට පත් කළේය. ඔහුව නිර්මාණය කර ඇත්තේ යහපතට ප්‍රිය කරන හා නපුරට වෛර කරන ස්වභාවයෙනි.

එබැවින් ඔහු කරුණු සිතමින් හා තුලනය කරමින්, හේතු සංසන්දනය කරමින්, හේතු සාධක සම්බන්ධ කිරීමට උත්සාහ කරයි; ඒවා සිදුවීමට පෙර ප්‍රතිඵල දැනගැනීමට උත්සාහ කරයි; අන්තරායන් මඟහරවා ගැනීමටත්, අයහපතෙන් මිදීමටත් උත්සාහ කරයි; ඒ අතරම, පැවැත්ම හා සම්බන්ධ දුෂ්කර ප්‍රශ්න ඔහු තුළ හට ගනී.

මෙම පොතෙහි, - දෙවියන්ගේ අනුහසින්- පැවැත්ම හා සම්බන්ධ සියලු දුෂ්කර ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ඔබ සොයා ගනු ඇත. උදාහරණ වශයෙන්:

අපව නිර්මාණය කළේ කවුද?

අප වටා ඇති මෙම විශ්වය නිර්මාණය කළේ කවුද?

අපි ආවේ ඇයි?

අපි ආවේ කොහොමද ?

අපි යන්නේ කොහාට ද?

අපි ආගමක් වැළඳ ගත යුතුද?

මේ හැම ආගමකම සත්‍යය තිබේ ද? නැත්නම් එක් ආගමක පමණක් ද?

සත්‍යය කොහි ද? කුමන ආගම නිවැරදි ද? මෙලොව හා මතුලොව සුගතිය සාක්ෂාත් කරන්නේ කුමන මාර්ග හා ආගම් ද?

සැබෑ ආගම සහ ව්‍යාජ ආගම අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද?

දෙවියන් තම මැවීම් සඳහා තෝරාගෙන ඇති සත්‍යය, මඟ පෙන්වීම සහ ආගම පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් අව්‍යාජ දිව්‍ය ග්‍රන්ථයක් අද දක්නට තිබේද?

මම සත්‍ය ආගම හඳුනාගෙන එයට ළඟා විය යුතු ද?

මැවුම්කරු කවු ද? ඔහුගේ ගුණාංග මොනවා ද?

අපි ඔහු සමග සම්බන්ධ වන්නේ කෙසේ ද? සහ අපි ඔහුට සමීප වන්නේ කෙසේද?

කුමන ප්‍රතිසංස්කරණවාදීන් නිවැරදි ද? ඍජු මාර්ගය වනුයේ ඔවුන් අතරින් කවර පිරිසකගේ ද?

සර්වබලධාරී අල්ලාහ් විසින් එවන ලද අනාගතවක්තෘවරයෙකු සහ ව්‍යාජ තාර්කිකයෙකු අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද?

අප කරන හොඳ නරක ක්‍රියාවන් අපට බලපානවා ද? මෙම ක්‍රියාවන්ට අප වගකිව යුතු ද?

විනිශ්චය පුනරාවර්තන ජීවන චක්‍රවල පවතී ද? එසේ නැතහොත් මරණින් මතු ජීවිතය වන ජීවන ලෝකයෙන් වෙන් වූ ලෝකයක පවතී ද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු මත දර්ශන සහ ආගම් වෙනස් වන අතර, විකෘති හෝ ධනාත්මක ආගම් සහ දර්ශන මගින් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට දරන සියලු උත්සාහයන් සත්‍යයෙන් තොර වේ. එසේනම් සත්‍යය කුමක්ද? මේ සියල්ලටම සුවදායී පිළිතුර කුමක්ද?

පෙර ප්‍රශ්න සියල්ලටම සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මෙම පොතෙන් ඔබ සොයා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි එය (සත්‍යය වෙත වූ සෘජු මඟ) ලෙස නම් කළෙමු; මක්නිසාද යත් සෘජු මාර්ගය හොඳම මාර්ගය වන අතර ඉතා ඉක්මණින්ම ඉලක්කය කරා යොමු කරන මාර්ගය වන බැවින් හා එමෙන්ම ධර්ම දූතයන් පෙන්වා දුන් මාර්ගය හැර වෙනත් සත්‍යය කරා ළඟා වීමට පුද්ගලයෙකු ගන්නා සියලුම මාර්ග වංක මාර්ග වන බැවිනි.

දැන් අපි ඉතිහාසය පුරා අවුල්සහගත ව පැවති වැදගත්ම ප්‍රශ්නය වෙත යොමු වෙමු. එනම් සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම, ඔහුගේ පරමාධිපත්‍යය, ඔහුගේ නාම, ගුණාංග සහ දේවත්වය යන ප්‍රශ්නයයි.

මෙය සාක්ෂාත් කර ගැනීමට අපට උපකාර කරන ලෙස අපි සර්වබලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු. ලෝකාධිපති අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතුය. ලොවට කරුණාවක් ලෙස එවනු ලැබූ මුහම්මදාණන්ට ශාන්තිය හා සාමය ලැබේවා.

පළමු පරිච්ඡේදය: සර්වබලධාරී කීර්තිමත් පරමාධිපති, ඔහුගේ පරමාධිපත්‍යය, ඔහුගේ නාම, ඔහුගේ ගුණාංග සහ ඔහුගේ දේවත්වය.

පළමු විමසුම: පරමාධිපත්‍යයට අත්‍යවශ්‍ය පරමාධිපතියෙකුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි.

සර්ව බලධාරී අල්ලාහ්ගේ පැවැත්ම ඔහු ගැන සාධක ඉදිරිපත් කිරීමට වඩා ඉතා පැහැදිලිය. පරමාධිපතිගේ පැවැත්ම ඔප්පු කිරීමට මිනිසෙකුට සාක්ෂි අවශ්‍ය නම්, ඉන් පෙන්නුම් කරන්නේ මෙම මහා ප්‍රශ්නය තේරුම් ගැනීමේ දෝෂයක් ඔහුට ඇති බවයි. ඊට හේතුව අල්ලාහ්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාවෙනි. එනම් යහපත් සහජ බුද්ධියක් ඇති පුද්ගලයෙකු දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය ඔහුට නොවැළැක්විය හැකි මෙන්ම අවශ්‍ය දෙයක් බව තේරුම් ගනී. එය ඔහුගේ මනසින් සහ හදවතින් ඉවතට තල්ලු කිරීමට හෝ ඉවත් කිරීමට හෝ ඔහුට නො හැකි වේ.

එමෙන්ම මිනිසා මවනු ලැබූ සහජ බුද්ධිය පිළිබඳ ගැටළුව ද එලෙසමය. සියලු මිනිසුන් මවනු ලැබ ඇත්තේ සර්වෙබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම, ඔහුගේ පරමාධිපත්‍යය හා ඔහුගේ දේවත්වය සහජයෙන්ම විශ්වාස කරන අයුරිනි. විකෘතියෙන් තොර නිවැරදි බුද්ධිය ඇත්තන් සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම තරයේ විශ්වාස කරනු ඇත. නමුත් පැවැත්මේ ඇති ඉමහත් සත්‍යය නම්, සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්මයි. ඔහු මැවුම්කරු වන අතර අනෙක් සියල්ල මැවීම්ය. මිනිසුන් විසින් ගොතන ලද බරපතලම බොරුව නම් අල්ලාහ් සමඟ හවුල්කරුවෙකු සිටින බව ප්‍රකාශ කිරීමය. ඊට වඩා බරපතල වනුයේ සර්ව බලධාරී අල්ලාහ්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමය. කෙසේ වෙතත්, සමකාලීන සංස්කෘතීන් තුළ බහුල ව දක්නට ලැබෙන අදේවවාදී දූෂණයන් නිසා මේ කාරණය සම්බන්ධයෙන් සමහර පාඨකයන් ව්‍යාකූල වී ඇති බැවින් අපි සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම පෙන්නුම් කරන සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කරන්නෙමු. මෙම සාක්ෂි සමහරක් පහත සඳහන් වේ.

පළමුවැන්න: තමන් ගැන ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවා සර්වබලධාරී සුවිශුද්ධ අල්ලාහ්ම ය. ඔහුගේ පැවැත්ම පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂිකරුවාද ඔහුමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "(නබිවරය!) සාක්ෂි වශයෙන් වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ? යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර අල්ලාහ් සාක්ෂිකරු වීම යැයි පවසනු..." (සූරා අල්-අන්ආම්: 19) ඔහුව දැන හඳුනා ගැනීමෙන් සහ ඔහුගේ පැවැත්ම හා පරමාධිපත්‍යය පිළිබඳ සාක්ෂි දැකීමෙන් හදවත් සහ ඇස් අන්ධ වී ඇත්නම්, අල්ලාහ්ව දැන හඳුනා ගෙන ඔහුව විශ්වාස කිරීමට සාධක කර ගත හැක්කේ කුමකින් ද? අල්ලාහ් පවසන පරිදි දූතවරු තම ප්‍රජාවන්ට මෙසේ පැවසූහ. "...අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද?..." (සූරා ඉබ්රාහීම්: 10) දෙවියන්ගේ පැවැත්ම සහ ඔහුගේ පරමාධිපත්‍යය ගැන කිසිදු සැකයක් නැත, සහජ බුද්ධිය දූෂිත වූ සහ මනසේ සමතුලිතතාවය අසමතුලිත වූ අය හැර වෙනත් කිසිවෙකු ඒ ගැන සැක නො කරයි. සෑම මැවීමක්ම මැවුම්කරුගේ පැවැත්මට සාක්ෂි වන අතර සෑම දෙයකම ඔහුගේ පරමාධිපත්‍යය පෙන්නුම් කරන ලකුණක් තිබේ. එසේනම් දහස් ගණනක් සංඥා සහ සාක්ෂි දැකීමෙන් ඇස් සහ හදවත් අන්ධ වන්නේ කෙසේද?

දෙවනුව: මැවීම්වල පැවැත්ම පිළිබඳ සාක්ෂි, සර්වබලධාරී මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ පවතින ප්‍රබලම සාක්ෂියකි. එසේ නම්, යම් මැවීමක් තමන්ව නිර්මාණය කරන්නේ කෙසේ ද? එසේ නැතහොත් මැවුම්කරුවෙක් නොමැතිව මැවීම් පවතින්නේ කෙසේද? එය නිර්මාණශීලීව නිර්මාණය කර, එහි ස්වරූපය පරිපූර්ණ කර, එය හොඳම ආකාරයෙන් සාදා, මනසක්, හදවතක්, ඇසීමක් සහ පෙනීමක් එයට භාර දුන්නේ කවුරුන් ද? මෙම පුද්ගලයා මැවුම්කරුවෙකු හෝ නිර්මාණකරුවෙකු හෝ නොමැතිව පවතින්නේ ද? මෙය සෑම කෙනෙකුම දන්නා කරුණකි. මන්ද ඔහු තමාව නිර්මාණය නකළ අතර මැවුම්කරුවෙකු නොමැතිව ඔවුන්ට පැවතිය නො හැකිය. ඉතිරිව ඇත්තේ එක් යථාර්ථයක් පමණි, එනම්: මෙය කළ හැකි මැවුම්කරුවෙකුගේ පැවැත්මය. ඔහු සුවිශුද්ධ උත්තරීතර පරමාධිපතිය. මෙම තීරණාත්මක සාධකය සහ තීරණාත්මක සාක්ෂිය අල්ලාහ් අල්කුර් ආනයේ තම වදනින් මෙසේ සහතික කළේය. : "එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහුම ද?" "ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව, ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති." සූරා අත් තූර්: 35,36 මැවුම්කරුවෙකු නොමැති බව ප්‍රකාශ කරන පුද්ගලයින් සඳහා ඔවුන් යොමු කරවන ඔවුන් සමග තර්ක කරන ප්‍රශ්න මෙම පාඨය තුළ ඇතුළත් වී ඇත. එනම්:

මිනිසා සහ අනෙකුත් සියලුම මැවීම් මැවුම්කරුවෙකු නොමැතිව නිර්මාණය කර තිබේද?

-තමන් විසින්ම තමන් ව නිර්මාණය කළ මැවුම්කරුවෝද? නිර්මාණය කරන ලද මේ ලෝක නිර්මාණය කළේ ඔවුන් විසින් ද?

-අහස් සහ පොළව මැව්වේ මිනිසා ද?

පිළිතුර: නැත, ඒ වෙනුවට ඔවුන් මැවූ, අහස් සහ පොළොව මැවූ මැවුම්කරුවෙකු සිටින අතර ඔහු සර්වබලධාරී පරමාධිපතියාණන්ය.

මෙම පැහැදිලි සත්‍යය: (එනම්, මැවීම් සඳහා මැවුම්කරුවෙකු සිටින බවට වූ සත්‍යය) යනු හෙළා දැකිය නොහැකි හෝ නොසලකා හැරිය නොහැකි නියම වූ සහජ සත්‍යයකි.

තුන්වනුව: සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම පිළිබඳ තවත් ප්‍රබල සාක්‍ෂියක් නම්, අහස් හා පොළව මැවීමත් ඒවායෙහි සීමා කළ නොහැකි අති විශාල මැවීම් හා මිනිසා තවමත් සොයාගැනීමට සහ හඳුනා ගැනීමට උත්සාහ කරන ඒවා අතර ඇති ලෝකයන් මැවීමත් ය. එබැවින් සර්වබලධාරී පරමාධිපතියාණන් තමාම ප්‍රශංසා කර ගනිමින් මෙසේ පවසා සිටියි. "අහස් හා මිහිතලය මැවූ තවද අන්ධකාර හා ආලෝකය ඇති කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. පසුව ද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති." (සූරා අල්-අන්ආම්: 1) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති." (සූරා ගාෆිර්: 57) මෙම මහා මැවීම් සර්වබලධාරී දෙවියන් නිරූපණය කරන්නක් සහ ඔහුගේ පැවැත්මට සාක්ෂියක් නොවේ නම්, ඔහුව නිර්මාණය කර බිහි කළේ කවුරුන්ද යන්න දැන ගැනීමට බුද්ධිය සාක්ෂි ලෙස භාවිතා කරන්නේ කුමක්ද?

හතරවනුව: මේ මහා විශ්වය ගැන නිරීක්ෂණය කරන්නා; සර්වබලධාරී, සර්වඥානී මැවුම්කරුවාගේ පැවැත්ම පෙන්නුම් කරන විස්මයජනක ආකාරයෙන් සර්වබලධාරී පරමාධිපතියාණන් එය සකස් කර ඇති බව ඔහු දකී. 6. අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද? 7. තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?) 8. තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු. 9. තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු. 10. තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු. 11. තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු. 12. තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු. 13. තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු. 14. තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු. 15. එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස. 16. තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.) (සූරා අන් නබඃ 6-16)

මිනිසා මැවීමට පෙර දෙවියන් විසින් ඔහුට එම ස්ථානය සකස් කළ බවත්, පසුව ඔහු පෘථිවිය තොටිල්ලක් බවට කළ බවත් පසුව මිනිසාගේ මැවීම ගැන සඳහන් කර, ඔහුට නිදාගැනීමෙන් විවේකය නියම කර ඇති බවත් දහවල ඔහුට ඉපැයීම සඳහා වන කාලයක් බවට පත් කර බවත් ඔහුගේ වාසස්ථානයට ඉහළින් අහස නම් වහලක් සාදා, එහි දීප්තිමත් තාරකා තබා ඇති බවත් මෙම උතුම් පාඨවලින් අපට පෙනී යයි. පසුව ඔහු අහසින් ජලය පහළ කර, මිනිසුන්ට සහ සතුන්ට කන්නට හැකි දේ මතු කළ බවත් අපට පෙනී යයි. සැබැවින්ම පරමාධිපතියාණන් වාසය කරන්නන් මැවීමට පෙර වාසස්ථානය සූදානම් කළේය. මේ සියල්ල සමඟ මිනිසා - ඔහුගේ සහජ ධර්මතාව දූෂිත වී - සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරයි.

පස්වැන්න: විශ්වයේ ඇති සෑම දෙයක්ම සර්වබලධාරී දෙවියන්ගේ පැවැත්මට සාක්ෂියකි. ඒ සඳහා ඔබ දිනපතා ගනුදෙනු කරන සමීප සාක්ෂි ඔබ ඉදිරියේම තිබේ. එයින් ඔබට කිසිදා වැළකී සිටිය නො හැකිය. එය ඔබ අනුභව කරන ආහාරයයි. භෞතික වශයෙන් ආහාර උපයා ගැනීමේ විස්තර කෙරෙහි අල්ලාහ් බුද්ධිය මෙහෙය වූ ආකාරය දෙස බලන්න; ඔහු එය ඔහුගේ පැවැත්මට හා දේවත්වයට සාක්ෂියක් බවට පත් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: 24. එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා! 25. සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු. 26. පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු. 27. එහි බීජ ද අපි හට ගැන්වූයෙමු. 28. මිදි හා එළවළු ද 29. ඔලිව් හා රටඉඳි ද 30. ඝණ උයන් ද 31. පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.) 32. (මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි. (සූරා අබස: 24-32)

අහසින් වතුර වත් කළේ කවුද?

භූමියට ජලය ඇතුළු වී ඉන් ශාක මතු වීමට ඉඩ සලසමින් එහි පැලීම් ඇති කළේ කවු ද?

තවද අප සහ අපගේ පශු සම්පත් ආහාර ලබනු පිණිස එහි භෝග සහ පලතුරු වර්ග බෝ කළේ කවුද? අල්ලාහ් ජලය පහළ නොකළේ නම් කුමක් වනු ඇත් ද? සර්වබලධාරී අල්ලාහ් භූමියට ජලය ඇතුළු විය නොහැකි සහ ශාක වර්ධනය කළ නොහැකි ඝන පර්වතයක් බවට එය පත් කළහොත් කුමක් වනු ඇත්ද? භූමියේ ස්වභාවය එයට දමන ලද සියලුම බීජ විනාශ කරන්නක් වී නම් කුමක් වනු ඇත් ද? පල දෙන ශාක හා භෝග නිපදවීම අල්ලාහ් වැළැක්වූයේ නම් කුමක් වනු ඇත් ද? එවිට මිනිසුන් සහ සතුන් පෝෂණය ලබනුයේ කෙසේද? නමුත් මෙය තමන් විසින් මවන ලද සෑම දෙයක්ම පරිපූර්ණත්වයට පත් කළ අල්ලාහ්ගේ ක්‍රියාවලියයි. මෙම පරිපූර්ණ මැවීම සහ මෙම පැහැදිලි සාක්ෂිය සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ පැවැත්ම සහ ඔහුගේ පරමාධිපත්‍යය පිළිබඳ වඩාත් ප්‍රබල සාක්ෂි අතරින් නොවේද?

හයවනුව: පහත වාක්‍යයේ සඳහන් පරිදි උඬගු සහ කුරිරු මිනිසෙක් සර්වබලධාරී අල්ලාහ්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරමින් ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) සමග වාද කළ වාදයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඉබ්රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නො බැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි යැයි පැවසුවේය..." (සූරා අල්-බකරා 2:258) ජීවය ලබා දෙන්නා සහ මරණයට පත් කරන්නා අල්ලාහ්ය. එසේ තිබියදීත් පරමාධිපතියාණන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන මෙම අහංකාර පුද්ගලයා ඔහුගේ පැවැත්ම පිළිබඳ පැහැදිලි සාක්ෂි ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ කීවේය: මම ජීවිතය දෙන්නෙමි, මරණයට පත් කරමි, තවදුරටත් ඔහු: මරණීය දණ්ඩනය නියම වූ මිනිසෙකු සිරගෙයින් පිටතට ගෙන, ඔහුව නිදහස් කොට, එය මම ඔහුට ජීවිතය දුන්නා හා සමානයි. තවත් කෙනෙකු මරා, ඔහු මැරුවේ මමයි යැයි පැවසීය. ඉබ්‍රාහීම්, ඔහුගේ මුරණ්ඩුකම සහ උඩඟුකම ඇසූ විට, ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සමඟ ඔහු වෙත පැමිණ, අල්ලාහ් ඔහු ගැන පවසා ඇති පරිදි ඔහු මෙසේ පැවසීය. "...එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත. (සූරා අල් බකරා 2:258) නැගෙනහිරින් සූර්යයා ගෙන එන්නේ කවුද? ප්‍රතික්ෂේප කරන්නා එය ප්‍රතික්ෂේප කරන්නේ නම්; ඔහු එය බටහිරෙන් ගෙන ආ යුතුය. මෙම වස්තු සහ ග්‍රහලෝක නිර්මාණය කළේ කවුද? ඒවා මෙහෙයවා, විධිමත්ව ක්‍රියා කරන්නට සැළසුවේ කවු ද? හිරු සමීප වුවහොත් පොළොව පිලිස්සී යනු ඇත. එය ඈත් වුවහොත් පොළව කැටි වී යනු ඇත. මේ ග්‍රහලෝක එකිනෙක ළං වුවහොත් හැප්පී විසිරී අප වටා ඇති විශ්වය වෙනස් වනු ඇත, එහි විධිමත්බව දූෂිත වී එහි ව්‍යූහය විකෘති වනු ඇත. මේ සියල්ල නිර්මාණය කළේ සර්වබලධාරී පරමාධිපතියාණන්ය.

හත්වැන්න: ෆිර්අවුන් (පාරාවෝ) අල්ලාහ්ගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කළ සිද්ධියයි. ඔහු දේව දූත මෝසෙස්ගෙන් මුරණ්ඩු ප්‍රශ්නයක් ඇසුවේය. ඒ ගැන තොරතුරු අල්ලාහ් මෙසේ දන්වා සිටියි: " 'ඔබ දෙදෙනාගේ පරමාධිපති කවුදැ' යි ෆිර් අවුන් විමසුවේය." (සූරා තාහා: 49) එවිට හෙළා දැකිය නොහැකි දැඩි පිළිතුරක් මූසා (අලයිහිස් සලාම්) තුමා ඔහුට ලබා දුන්නේ ය. එතුමා මෙසේ පැවසීය: "අපගේ පරමාධිපති වනාහි සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීය…" (සූරා තාහා: 50) සැබැවින්ම තම මැවීම්වලට සියල්ල ලබා දී එය මෙහෙයවූයේ අල්ලාහ් බව පවසමින් මූසා (මෝසෙස්) තුමා ඔහු සමග තර්ක කළහ. එසේ නම්, මැවීම් නිර් මාණය කර ඒවා මතු කළේ කවුද? සෑම ජීවියෙකුටම ජීවත්වීම, ප්‍රජනනය කිරීම, බෝ වීම, එහි පෝෂණය ලබා ගැනීම, හානිය වළක්වා ගැනීම සහ එහි කටයුතු කළමනාකරණය කිරීමට උත්සාහ කිරීම යනාදිය ඉගැන්වූයේ කවු ද? - මිනිසා හැර - පූර්ණ දැනුමෙන් ජීවයට එළැඹෙන සියලු මැවීම් අපි දකින්නෙමු. උන්ගේ මුතුන් මිත්තන් තම සියලු කටයුතු සිදු කළ ආකාරයටම, තම මව දැකීමෙන් තොරව කුරුල්ලෙකුට බිත්තරයකින් මතුවීමට හෝ කෘමියෙකුට බිත්තරයකින් මතුවීමට ඉගැන්වූයේ කවු ද?

කිසිවක් නොදන්නා මිනිසා තම මවගේ කුසෙන් එළියට ගෙන ඔහුට දැනුම ලබා ගැනීමට, අලුත් දෑ නිර්මාණය කිරීමට, මඟ ලබන්නට, අන් අයට මඟ පෙන්වීමට සහ ජීවිතය සහ එහි මෙවලම් සහ මාධ්‍යයන් දියුණු කිරීමට ශ්‍රවණය, පෙනීම සහ හදවත ලබා දුන්නේ කවුද? තම මැවීම්වලට සියලු දෑ පිරිනමා ඒවාට මඟ පෙන්වූ අල්ලාහ් විසින් හැර ඔහුට උගන්වා ඔහුට ආනුභාවය ලබා දුන්නේ වෙනත් කවුරුන් විසින් ද? මිනිසාට අවශ්‍ය සෑම දෙයකටම සහ ඔහුට යහපතක් වන සෑම දෙයකටම මඟ පෙන්වන්නා අල්ලාහ් නොවේ ද? - මින් පසුවත් මිනිසා සර්වබලධාරී අල්ලාහ් වෙතට මඟ ලබන්නට අපොහාසත් වී ඇත.

අටවැන්න: ගුවන් යානයක් ගුවනේ තිබියදී හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම හෝ තමාට සමනය කළ නොහැකි විපත්තියක් පුද්ගලයෙකුට සිදු වීම වැනි සාමාන්‍ය ක්‍රියාවලියක තමාට සහනයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ ගැන සෑම පුද්ගලයෙකුම දැඩි වේදනාවකට පත් වේ. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය හෝ ඔහුගේ දුරස්ථභාවය නොතකා, පරමාධිපතියාණන් වෙත හැරීමට තමාට බල කෙරෙනු ඇත. අදේවවාදියෙකු පවා එවන් විපතට පත් වුවහොත්, දෙවියන් වෙත හැරේ. දැන් පවසන දෑ පුද්ගලයෙක් තමන්ට සිදු නොවන තත්ත්වයක් යැයි නොපවසයි. මින් අදහස් කරන්නේ ඔහුට හානියක් සහ පීඩාවක් සිදුවුවහොත්, ඔහු නිරායාසයෙන්ම සර්වබලධාරී අල්ලාහ් වෙත යොමු වනු ඇත. අප සෑම කෙනෙකුම තමා තුළ දකින මෙම සරණ පැතීමේ තත්ත්වය පරමාධිපතයිණන්ගේ පැවැත්මට හොඳම සාක්ෂිය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. 63. ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව “ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු” යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) විමසනු. 64. එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය!) නුඹ පවසනු. (සූරා අල්-අන්ආම්: 63,64)

පරමාධිපතියාණන්ගේ පැවැත්ම හඟවන සාක්‍ෂි කිහිපයක් සඳහන් කළ පසු, ඔහුගේ පරමාධිපත්‍යයේ සාක්‍ෂි කිහිපයක් සඳහන් කරන්නෙමු. ඔහුගේ පැවැත්ම සහතික කරන සෑම සාක්ෂියක්ම පරමාධිපත්‍යයේ සාක්ෂි වන අතර පරමාධිපත්‍යය සහතික කරන සෑම සාක්ෂියක්ම ඔහුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි වේ.

සාක්ෂි හතරක් සමඟ අපි එය සීමා කර ගන්නෙමු. ඒවා වනාහි:

පළමුවැන්න: සර්වබලධාරී පරමාධිපියාණන්ගේ පරමාධිපත්‍යය පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂියක් සහ සාධකයක් වන්නේ මැවීම්වල නිර්මාණයයි. මැවීම් එහි උත්පාදකයාට සහ නිර්මාණකරුට සාක්ෂියකි. මැවීම් එය නිර්මාණය කළ තැනැත්තා සර්වඥ සර්වවබලධාරී කැමති දෑ සිදු කරන අයකු බවට සාක්ෂියකි. ඔහු තමා කැමති දේ සිදු කරයි. තමා කැමති දේ පාලනය කරයි. උත්තරීතරයාණන් මෙසේ පවසා සිටියි: 11. "මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය." (සූරා ලුක්මාන්: 11) මෙය අතිශය අභියෝගයකි. අල්ලාහ් සමඟ තවත් මැවුම්කරුවෙකු සිටින බව කවරෙකු හෝ විශ්වාස කරන්නේ නම්, එම අව්‍යාජ මැවුම්කරු විසින් මවන ලද මැවිමක් අපට පෙන්වා දෙත්වා! අල්ලාහ්ගෙන් හැර වෙනත් මැවුම්කරුවෙකුගේ මැවීමක් නොමැත. සියල්ල ඔහු විසින් නිර්මාණය කරන ලදී. එයින් අදහස් වන්නේ ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නොමැති බවත්, ඔහු හැර වෙනත් පරමධිපතියෙකු නොමැති බවත් සහ ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නෙකු නොමැති බවත්ය. උත්තරීතරයාණන් මෙසේ පැවසයි. "එහෙයින් මවන්නා, නොමවන අය මෙන් වේවිද? එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?" (සූරා අන්නහ්ල්: 17) මෙය සර්වබලධාරීයාණන් තම මැවීම් සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්නයකි: මැවීම් මවන්නා මැවීම් නොකරන තැනැත්තාට සමාන වේ ද? සර්වබලධාරී මැවුම්කරු සහ කිසිවක් නිර්මාණය නොකරන බල රහිත තැනැත්තා අතර සමාන කිරීම සාධාරණ හා යුක්ති සහගත ද? මැවීම් තමාව ස්වයං නිර්ණය කළේ නැත. එසේම තමාටම සෙත සලසා ගැනීමට හෝ හානියෙන් ආරක්ෂා වීමට හෝ ඔහුට නො හැකිය.

දෙවනුව: සර්වබලධාරී පරමාධිපතියාණන් මෙනෙහි කර සිටින්නේ: ඔහුගේ පරමාධිපත්‍යය සහ ඔහු පමණක් නමස්කාරයට සුදුසු බව පෙන්නුම් කරන ඔහුගේ සංඥා අතරින් අහස් සහ පොළොව මැවීම, මැවීම් අතර පවතින භාෂාවල විවිධත්වය, ඒවායේ භාෂාවල බහුත්වය සහ ඒවායේ වර්ණවල විවිධත්වය බවයි. එසේ තිබුණ ද ඔවුන් සියලු දෙනාගේ පියා එකය. ඔහු ආදම්ය. ඔවුන්ගේ මව ද එකය. ඇය හව්වාය. මිනිසා දුබල බවත් ජීවිත කාලය පුරාම අවදියෙන් සිටිය නොහැකි බවත් දන්නා සර්වබලධාරී සර්වඥයන් වහන්සේ විසින් සකස් කරන ලද මේ ආශ්චර්යමත් නින්ද සහ ජීවනෝපාය සඳහා වෙන් කර ඇති දහවල් කාලය ඔහුගේ සංඥා අතරින් වේ. මෙයින් පෙන්වා දෙන්නේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණක් බව නොවේ ද? එමෙන්ම නැමදුම් ලැබීමෙහි මෙන්ම උදව් පැතීමේ දී ඔහු සමග කිසිදු හවුල් කරුවකු නොමැති බව නොවේ ද? 22. "තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර් ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත." 23. "තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත." (සූරා අර් රූම්: 22,23)

තෙවනුව: ඔහු මිනිසා මවා ඔවුන් එකිනෙකා නියෝජනය කරන්නන් බවට පත් කළේය. අහස් ගොඩනැඟිල්ලක් සහ වියනක් ලෙසත්, පොළොව ‌ඇතිරිල්ලක් සහ තොටිල්ලක් ලෙසත් සකස් කළේය. එමෙන්ම අහසින් ජලය පහළ කර, ගැත්තන් හට පෝෂණ වශයෙන් පොළොවේ ශාකවලින් පලතුරු මතු කළේය. අල්ලාහ් තම මැවීම කෙරෙහි ඇති අධිපත්‍යය දරණ බවට සහ නැමදුම් ලැබීමට සුදුසු ඔහුම පමණක් බවට විශාලතම සාක්ෂියයි. 21. “මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.” 22. "ඔහු ම නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට ද අහස වියනක් බවට ද පත් කළේය. ්සු ව අහසින් වර්ෂාව පහළ කොට, එමඟින් නුඹලාට පෝෂණය පිණිස පළතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත්වම නුඹලා අල්ලාහ්ට සමානයන් නො තබනු." (සූරතුල් බකරා: 21,22) මෙම පාඨයේ අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා මිනිසුන්ට කරන ආරාධනයක් ඇතුළත් වේ. මන්ද සර්වබලධාරී ඔහු පමණක් මැවුම්කරු සහ පෝෂක වන බැවිනි.

හතරවනුව: වූයේ කුමක් ද සහ කුමක් වනු ඇත්ද යන්න පිළිබඳව පරමාධිපතායාණන්ගේ සම්පූර්ණ දැනුම ඔහුගේ පරමාධිපත්‍යය පිළිබඳ පවතින ශ්‍රේෂ්ඨතම සාක්ෂියයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.” (සූරා අල්-අන්ආම්: 59) ඔහුගේ දැනුම, සියල්ල ආරවරණය කරගත් දැනුමකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: 16. "තවද සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය." (සූරා කාෆ්: 16) මේ සියල්ල අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිබඳ විශිෂ්ට සාක්ෂි සහ ප්‍රබල සාධක වේ. සැබෑ ලෙස නැමදුම් ලැබිය යුත්තේ ඔහු පමණය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පැවසීය. 12. "නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස..." (සූරා අත් තලාක්:12) මිනිසාගේ දැනුමේ අසම්පූර්ණත්වය කොතරම්ද යත්, ඔහු දන්නේ දෙවියන් ඔහුට ඉගැන්වූ දේ පමණි. එය සර්වබලධාරී හිමිපාණන්ගේ දැනුම පිළිබඳ සාක්ෂියකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.” (සූරා අන්නහ්ල්: 78)

දෙවන විමසුම: සර්වබලධාරී පරමාධිපතියාණන්ගේ ගුණාංග සහ ඔහුගේ අලංකාර නම්.

පරමාධිපතියාණන් හට ගුණාංග නාම හා ක්‍රියා තිබේ ද? ඔහු ගැන විස්තර කර ඔහුව නම් කළේ කවුද? අප විසින්ම ඔහු ගැන විස්තර කිරීමට හෝ නම් කිරීමට හෝ හැකිද? පරමාධිපතියාණන් ඔහුගේ කිසියම් හෝ මැවීමකට ප්‍රේම කරන්නේ ද? ඔවුන් වෙත සෙනෙහස දක්වන්නේ ද? ඔහුගේ කිසියම් හෝ මැවීමකට ඔහු වෛර කරන්නේද? ඔහු මේ මිනිසුන් කෙරෙහි ආදරය කිරීමටත් මේ අය කෙරෙහි වෛර කිරීමටත් හේතුව කුමක්ද? මිනිසුන්ගේ ක්‍රියාවන් සහ ඔවුන්ගේ නැමදුම් ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?

අල්ලාහ්ගේ අනුමැතියෙන් අපි මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙමු: සර්වබලධාරී අල්ලාහ්ට ඉහළම ගුණාංග ඇත. අලංකාරයේ උපරිමයට පැමිණි ලස්සනම නම් ඔහුට ඇත. ඒවාට වඩා ලස්සන කිසිවක් නැත. ඔහුගේ සෑම ලස්සන නාමයක්ම ගුණාංග හා ක්‍රියාවෙන් ව්‍යුත්පන්න වූවකි.

නිදසුනක් වශයෙන්, ඔහුගේ එක් නාමයක් නම්: 'අල්ලාහ්' ය. එනම්, නැමදුම් ලැබිය යුතු තැනැත්තා. ඔහුට හැර වෙනත් කිසිවෙකුට නමස්කාර නොකළ යුතු ය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත. සියලු ආකාරයේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු ය. එබැවින් ඔහු හැර අන් කිසිවකුට නමස්කාර නොකළ යුතු බව ඔහු නියම කළේය.

'රහ්මාන්' (මහාකාරුණික) හා 'රහීම්' (කාරුණික ගුණාංගයෙන් යුත්) ද ඔහුගේ නම් අතරින් වේ. එනම් මෙලොව සහ පරලොව කරුණාව තමන් මත නියම කරගත් රහ්මාන් මහා කරුණාවන්තයා සහ දයාවන්තයින්ගේ මහා දයාන්වන්තයා ය. ඔහුගේ දයාව සෑම දෙයක් මතම විහිදී පවතියි. ඒ සමඟම ඒවා අතර ඇති මැවීම්වලට දයාව පෙන්වයි. එබැවින් නාම පදය 'රහීම්' නම් පරම කරුණාවන්තයා වන අතර විශේෂණය 'රහ්මා' නම් කරුණාව වේ, ක්‍රියා පදය නම් සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් හට 'යර්හම්' දයාව දක්වන්නේය යන්නයි. මැවීම් එකිනෙකා අතර දයාවෙන් කටයුතු කරන්නේ එබැවිනි. මෙය දෙවියන්ගේ දයාවේ එක් ප්‍රතිඵලයකි.

'අල් අලීයුල් අඃලා'‍ෙ උත්තරීතරයේ අති උත්තරීතර, සියල්ලටම වඩා උසස් තැනැත්තා. ඔහු සියල්ලටම වඩා ඉහළින් සිටින අතර, සෙසු සෑම දෙයක්ම ඔහුට පහළින් පවතී. ඔහුගේ පැවැත්ම, ගුණාංග, බලය සහ ආධිපත්‍යය ඔහුගේ මැවීම්වලට වඩා ඉහළින් පවතී. එබැවින් පරිපූර්ණ උසස් හා උත්තරීතරත්වය ඇත්තේ සර්වබලධාරී ඔහුටය.

ඔහුගේ තවත් නමක් වනුයේ 'අල්-කුද්දූස්' (අති පාරිශුද්ධ) පරිපූර්ණත්වයේ ගුණාංග වලින් සංලක්ෂිත අති පාරිශුද්ධය. සෑම අඩුපාඩුවකින්ම සහ නොහැකියාවකින්ම විශුද්ධ වූ සහ සියලු ආදේශයන්ට හා සමානයන්ට වඩා උසස් වූ ශුද්ධ තැනැත්තා.

ඔහුගේ තවත් නමක් වනුයේ අල්-අලීම් (සර් වඥානී) ය. ඔහුගේ දැනුම අතීතය සහ අනාගතය, පෙනෙන සහ සැඟවුණු, චලනය වන සහ නිශ්චල, කීර්තිමත් සහ නින්දා සහගත යනාදී සියලු තොරතුරු ආවරණය කර ඇත. මැවීම් සඳහා වන පෝෂණ ප්‍රමාණය, ඔවුන්ගේ ක්‍රියාවන්, ඔවුන්ගේ ආයු කාලය, ඔවුන්ගේ චලනයන් සහ ඔවුන්ගේ වාසස්ථාන යනාදිය ගැන ඔහු තම පූර්ව දැනුමෙන් දැන සිටියි. “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.” (සූරා අල්-අන්ආම්: 59)

ඔහුගේ නම් අතරින් අල්-ලතීෆ් (කාරුණික සහ සියුම් දැනුමැත්තා) ද එකකි. යහපත් සෞඛ්‍යය, උපකාරය, සමාව, දයාව, කරුණාව සහ සෙනහස දායාද කර තම ගැත්තන්හට කරුණාව දක්වන්නාය. තවත් අර්ථයක් වනුයේ සියුම් දැනුමැත්තා යන්නයි. එනම් කරුණුවල අභිරහස් පිළිබඳ සියුම් ඥානය ඇත්තාය. විස්තරාත්මකව සහ සමස්තයක් ලෙස, රහසිගත සහ ප්‍රසිද්ධ සියලු දෑහි තොරුතුරු ඔහුගේ දැනුමෙන් ඔහු ආවරණය කර සිටියි. ඔහුගේ මැවීම්වල තත්වයන්, ඔවුන්ගේ වචන සහ ක්‍රියාවන්, ඔවුන් කළ දේ, ඔවුන් කළ ආකාරය, ඔවුන් කළ ස්ථානය සහ ඔවුන් කළ අවස්ථාව යනාදී සියල්ලෙහි යථාර්ථය, ක්‍රමය, ස්ථානය හා කාලය පිළිබඳ සර්වප්‍රකාරයෙන් දන්නා අභිඥානවන්තය.

ඔහුගේ නම් අතරින් තවත් අලංකාර නාමයක් වනුයේ 'අල්-හලීම්' (සෙනෙහෙවන්ත) ය. ඔහු අකීකරු වූවන් සඳහා දඬුවම් කිරීම ඉක්මන් කරන්නේ නැත. නමුත් ඔහු ඔවුන්ට සමාව දී ඔවුන්ට පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටීමට කාලය ලබා දෙයි, ඒ අනුව අල්ලාහ් ඔවුන් වෙත හැරී ඔවුනට සමාව දෙනු ඇත. ඔහු අති ශ්‍රේෂ්ඨ, සමාව පිළිගන්නාය.

ඔහුගේ නම් අතර අල්-හකීම් (මහා ප්‍රඥාවන්තයා) ද එකකි. ඔහුගේ මැවීම සහ කළමනාකරණය තුළ නිරවද්‍යතාවයෙන් හා පරිපූර්ණත්වයෙන් ඔහු මහා ප්‍රඥාවන්තය. එමෙන්ම ඔහුගේ නීතිය සහ නියෝගය තුළ ද යුක්තියෙන් සහ කරුණාවෙන් ඔහු මහා ප්‍රඥාවන්තය. ඔහුට මහත් ප්‍රඥාව සහ තීරණාත්මක සාධක ඇත. එබැවින් යුක්තිය ඔහු යි. ඔහුගේ පාලනය යුක්ති සහගතය; ඔහුගේ නීතිය යුක්ති සහගතය; එමෙන්ම ඔහුගේ නියෝගය යුක්ති සහගතය.

අස්-සමද් (අපේක්ෂා කරනු ලබන්නා) ද ඔහුගේ නම් අතරින් එකකි. සියලු මැවීම් තම අවශ්‍යතා සහ ප්‍රශ්නවලදී ස්ථිර ව යොමු වන්නේ ඔහු වෙත ය. ඔවුුන්ගේ ආශාවන් සම්බන්ධයෙන්, අපේක්ෂා කරනු ලබන්නා ද විපත්ති කාලවලදී පිහිට පතනු ලබන්නා ද ඔහු ය. අවසාන ඉල්ලීම ඔහු වෙත ය. ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පතන්නේ ද ඔහුගෙනි. ඔහු උවදුරුවලින් පීඩා නොලබන තැනැත්තාය. එහෙයින් ඔහු තම නායකත්වයේ පරිපූර්ණ වූ ප්‍රධානියාය. තම බලයේ පරිපූර්ණ වූ සර්ව බලධාරියාය.[1] මආරිජුල් කබූලි බිෂර්හි සුල්ලමුල් වුසූල් (1/3-7)

මේවා පමණක් හුදෙක් සර්වබලධාරී අල්ලාහ්ගේ නම් නොවේ. ගොණු කිරීමට නොහැකි තරම් ඔහු සතු නාම ඇති අතර, ඒවා ඔහුගේ පරිපූර්ණත්වය, ශ්‍රේෂ්ඨත්වය සහ මහිමය පෙන්නුම් කරයි.

තම ලස්සන නම් වලින් තමන් හඳුන්වා ගත්; තම උසස් ගුණාංගවලින් තමා ගැන විස්තර කළ ඔහු, සර්වබලධාරී සමිඳාණන්ය. දූතවරුන් ඒවා ගැන ඔවුන්ගේ සමූහයන්ට දැනුම් දුන්හ. ඔහු තමන්ට නම් කළ තමන් ගැන විස්තර කළ දේ හෝ නබිවරුන් ඔහුට නම් කළ හා ඔහුව විස්තර කළ දේ හැර වෙනත් නම් ඔහුට යෙදීම හෝ ඔහු ගැන විස්තර කිරීම හෝ කිසිවෙකුට අවසර නැත.

පරිමාධිපතියාණන් ඔහුගේ මැවීමකට ප්‍රිය කරන්නේද? ඔවුන් වෙත ආදරය දක්වන්නේද? පරමාධිපතියාණන් ඔහුගේ මැවීමකට වෛර කරන්නේ ද? ඔහු පිරිසක් කෙරෙහි ආදරය කිරීමටත් තවත් පිරිසක් කෙරෙහි වෛර කිරීමටත් හේතුව කුමක්ද? ඒ ගැන අපි මෙසේ කියමු: ඔව්, අල්ලාහ් ඔහුව විශ්වාස කරන, ඔහුට නමස්කාර කරන සහ ඔහුගේ වක්තෘවරුන් ගැන විශ්වාස කරන විශ්වාසී මිනිසුන්ට (මුඃමින්වරුන්ට) ආදරය කරයි. ඔහු උපකාර කරන්නන් හට ආදරය කරයි. ඔහු පසුතැවිලි වී පාපක්ෂමාව අයදින්නන් හට ආදරය කරයි. පිවිතුරුව සිටින්නන් හට ආදරය කරයි. යහකම් කරන සෙසු මැවීම්වලට යහපත ප්‍රිය කරන, තම චරිතය යහපත් කර ගත් අය හට ද ඔහු ප්‍රේම කරයි. ඔහු මිනිසුන්ට ආදරය කරයි. මෙලොව හා පරලොව ප්‍රතිඵල ඔවුනට පිරිනමයි. ඔවුනට සෙනෙහස දක්වයි. අහස්හි හා මහපොළොවේ පිළිගැනීම ඔවුනට නියම කරයි. අල්ලාහ් හෝ අවසාන දිනය විශ්වාස නොකරන, ඔහුව ප්‍රතික්ෂේප කරන සහ ඔහුට නමස්කාර නොකරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට ඔහු ‌උරණ වෙයි. එපමණක් නොව, ඔවුහු ඔහු සමඟම වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරති. ඔහුගේ දූතවරුන් ප්‍රතික්ෂේප කරති. මිනිසුන්ට හිංසා කරති. ඔවුන්ගේ සදාචාරය නපුරු වන අතරම එය හෙළා දකිනු ලබන්නක් වේ.

තම ගැත්තන්ගේ ක්‍රියාවන් සහ නැමදුම් පරමාධිපතියාණන් හට ප්‍රයෝජනවත් වේවි ද? ඒ ගැන අපි මෙසේ කියමු: දෙවිඳුන් අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වලින් ස්වයංපෝෂිත ය. අකීකරුකම පරමාධිපතියාණන්ට අඩුවක් හෝ හානියක් හෝ නොකරන්නා සේම, කීකරුකම ද සර්ව බලධාරියාණන් වන ඔහුගේ පරිපූර්ණත්වය හා මහිමය වැඩි නො කරයි. ඔහුගේ ගැත්තන්ගේ ක්‍රියාවන් සහ කීකරුකම් ප්‍රයෝජනවත් වනුයේ ඔවුන්ටම ය. අකීකරු පුද්ගලයා තමාට මිස අන් කිසිවෙකුට හානියක් සිදු නො කරයි. සර්ව බලධාරී උත්තරීතර අල්ලාහ් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටි දෑ සම්බන්ධයෙන් අබු දර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “මාගේ ගැත්තනි, අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි, මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙමි. මාගේ ගැත්තනි, මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ ධාර්ර්මික හදවත තරම් වඩාත් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි, නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.” සහීහ් මුස්ලිම් (2577)

පැහැදිලි කළ යුතු අල්ලාහ්ගේ ඉතාමත් අලංකාර නම් සහ ඔහුගේ උතුම් ගුණාංගවලට සම්බන්ධ විමසුම් කිහිපයක් ඇත. ඒවා නම්:

පළමුවැන්න: පරිපූර්ණත්වය, තේජාන්විතභාවය සහ අලංකාරය යන ගුණාංග වලින් දෙවිඳුන් අල්ලාහ් වර්ණනා කර තිබීම, සර්ව බලධාරී ඔහුගේ සියලු ගුණාංග පරිපූර්ණත්වය, තේජාන්විතභාවය සහ අලංකාරය යන ගුණාංග වේ. ඒවායේ කිසිදු ආකාරයක අඩුපාඩුවක් නොමැත. අඩුවක් නැති සෑම පරිපූර්ණත්වයක්ම වඩාත් විශිෂ්ඨ වන්නේය. දරුවන් සිය දෙමව්පියන් කෙරෙහි, අඹුසැමියන් ඔවුන් එකිනෙකා කෙරෙහි අවශ්‍යතාවය වැනි තවත් කෙනෙකු වෙත අවශ්‍ය වන පරිපූර්ණණත්වය මගින් සර්ව බලධාරී පරමාධිපතියාණන් වර්ණනා කරනු ලබන්නේ නැත. මක්නිසාද යත් සර්ව බලධාරීයාණන් ඊට හාත්පසින් වෙනස්ය. මිනිසාට දරුවෙකු සහ සහකාරියකගේ අවශ්‍යතාව ඇති නමුත් ඔහුට ඔහුගේ මැවීම්වල අවශ්‍යතාවක් නැත. අහස් හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය.

දෙවනුව: සර් ව බලධාරී පරමාධිපතියාණන් හට සමාන කිසිවක් නැත. ඔහුගේ පැවැත්මට හෝ ඔහුගේ නම්වලට හෝ ඔහුගේ ගුණාංගවලට සමාන කිසිවක් නැත. ඉතා අලංකාර නම් සහ උසස්ම ගුණාංග ඔහු සතුය. සර් ව බලධාරියාණන් තමන් ගැන මෙසේ ප්‍රකාශ කරයි. “ඔහු වැනි කිසිවකුත් නැත. තව ද ඔහු සර්ව ශ්‍රාවක හා සර්ව නිරීක්ෂක වේ.” (සූරා අෂ් ෂූරා: 11) ඔහුගේ ගුණාංග මැවීම්වල ගුණාංගවලට සමාන නොවේ. එමෙන්ම ඔහුගේ නම් ද මැවීම්වල නම් වලට සමාන නොවේ. සර්ව බලධාරී පරමාධිපතියාණන් ඔහුගේ මැවීම්වලට කිසිසේත් සමාන වන්නේ නැත. නමුත් ඔහු තමා ගැන පවසා ඇති පරිදි ඔහුට නිරපේක්ෂ පරිපූර්ණත්වය ඇත: "තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර, පසු ව එය යළි උත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට ඉතා පහසු කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය." (සූරා අර් රූම්: 27) පරමාධිපතියාණන් උපත ලැබුවේ නැත. උප්පත්තියක් ලබා දුන්නේ ද නැත. ඔහුට සමාන කිසිවෙකු හෝ හවුල්කරුවෙකු හෝ නැත. ඔහු ඒකීයය. ස්වාධීනය. ‌සියලුම මැවීම් ඔවුන්ගේ සියලුම කටයුතුවල දී ඔහු වෙතම ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කරති.

තෙවනුව: සර්ව බලධාරී පරමාධිපතියාණන් හට ස්වාධීන් උත්කෘෂ්ත්වය ඇත. ඔහුගේ පැවැත්ම උසස් ය; ඔහුගේ ගුණාංග උසස් ය; බලය සහ ආධිපත්‍යය උසස් ය. ඔහු ඔහුගේ මැවීීම්වලට වඩා ඉහළින්ස සිටියි. අර්ෂ් හෙවත් ඔහුගේ රාජාසනය මත රැඳී සිටියි. කීර්තිමත් ‌දිව්‍ය රාජ්‍යය අහස්වලට ඉහළින් පිහිටා ඇත. ඔහු තම මැවීම් සමඟ මිශ්‍ර වන්නේ නැත. ඔහුගේ මැවීම් තුළ වාසය කරන්නේ ද නැත. ඔහුගේ කිසිම මැවීමක් ඔහු තුළට ඇතුළු වන්නේ ද නැත. ඔහුගේ මැවීම් අතරින් කිසිවෙක් සමඟ එක්සත් වන්නේ ද නැත. මක්නිසාද යත් එක්සත්වු පුද්ගලයාට ඔහු සමඟ එක්වීමට කෙනෙකු අවශ්‍ය වන නමුත් අල්ලාහ් එසේ අවශ්‍යතාවක් නොමැති බැවිනි. ඔහු සෑම දෙයකින්ම ස්වයංපෝෂිතය. ඔහුගේ නම් සහ ගුණාංගවල උසස්ම දෑ ඔහු සතුය. සර්ව බලධාරියාණන් සතු එම උසස් භාවයත් සමග ‌මහපොළොවේ ‌ හෝ අහස්හි හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. සිත් කොඳුරන දේ සහ හදවත් සඟවන දේ ඔහු දනියි. ඔහුගේ උසස් බව නොතකා, ඔහුගේ දැනුමෙන්, අනුකම්පාවෙන් සහ බලයෙන් ඔහුගේ මැවිම්වලට සමීප ව සිටියි. ඔහු ඉල්ලා සිටින්නාට පිළිතුරු දෙයි. පීඩාවට පත් වූවන්ට සහන සලසයි. පීඩිතයන්ගේ දුක දුරු කරයි. ඔහු උත්තරීතර වූ සුවිශුද්ධයාණන්ය.

හතරවනුව: මැවුම්කරු කීර්තිමත් පරමාධිපතියාණන් ය. ඔහු හැර අන් සියල්ල මවනු ලැබූ දෑය. ඔහු සියලු මැවීම්වල අධිපති ය. ඔහු හැර අන් සියල්ල පාලනයට නතු දෑය. ආධිපත්‍යය ඔහු ය. සියලු දෑහි රජු ය. ඔහු හැර සෙසු සියලු දෑ ඔහු සතුය. ඔවුන් විසින් යම් සෙතක් සැලසීමට හෝ හානියක් කිරීමට හෝ කිසිදු හැකියාවක් ඔවුනට නැත. දේව දූතවරුන් හෝ ධර්ම දූතවරුන් හෝ ධර්මිෂ්ඨයන් හෝ වෙනත් කවර හෝ තැනැත්තෙකු වේවා, ඔවුන් සියල්ලෝම සර්ව බලධාරී පරමාධිපතියන්ගේ ගැත්තෝ වෙති. වහල්ලු වෙති. යම් සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට ඔවුනට කිසිදු බලයක් නැත. ඔවුන් සියල්ලෝම ඔහුට බිය වෙති. ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති. ඔහු කෙරෙහි විශ්වාස කරති. තවද ඔවුන්ට විපතක් සිදු වුවහොත් ඔවුහු ඔහු වෙත හැරෙති.

පස්වනුව: අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් සියලුම දෙවිවරුන්ගේ ගුණාංග අඩුපාඩු, නොහැකියාව, සහ දරිද්‍රතා සතිත ගුණාංග වේ. මන්ද ඔවුන් සියල්ල කිසිවිටෙකත් එසේ යැයි සඳහන් කර නැත. ඔවුන් මවා ඔවුන් බිහි කළේ අල්ලාහ් ය. එය කෙතරම් ද යත් ඔවුනට ඇසීම, පෙනීම සහ හදවත් පිරිනැමුවේ ඔහු ය. ඔවුන්ගේ ආයු කාලය අවසන් වූ විට, ඔහු ඔවුනට මරණය නියම කළේය. ඔවුන් සියල්ලන්ම මවනු ලැබූවන් වන අතර සර්ව බලධාරී පරමාධිපතියාණන් වෙත අවශ්‍යතාවන්ගෙන් පෙළෙන දිළිඳුන් වෙති.

අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සෑම දෙයකටම හෝ කෙනෙකුටම තමන් විසින් තමන්ටම සෙත සලසා ගැනීමට හෝ තම ආයු කාලය වැඩි කර ගැනීමට හෝ තමාට සිදුවන හානිය වළක්වා ගැනීමට හෝ නො හැකිය. අල්ලාහ් වෙනුවට නමස්කාර කරනු ලබන සෑම කෙනෙකුටම විපත්ති පැමිණේ. ඇතැම් විට ඔහු ඝාතනයට ලක් වේ; එසේ නැතහොත් තම මව්බිමෙන් නෙරපා හැරේ; එසේත් නැතහොත් ඔහුගේ සතුරන්ගෙන් ඔහුට හානියක් සිදු වේ. නමුත් එයින් ආරක්ෂා වීමට ඔහුට නො හැකි ය. ඔහුගේ උපකාරය පතන අයගෙන් හානිය ඉවත් කිරීමට ඔහුට නො හැකි ය. ඔවුන් මිය ගියවුන් වන අතර ඔවුන්ගෙන් උපකාරය ඉල්ලා සිටින අයට ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුන් සැබෑ ලෙස නැමදුම් ලබන්නන් වූයේ නම්, ඔවුන් ඔවුන්ගේම මරණය වළක්වා ගන්නට තිබුණි. ඔවුන්ගෙන් සහ ඔවුන්ගේ උපකාරය ඉල්ලා සිටින්නන්ගෙන් හානියක් වළක්වන්නට තිබුණි. නමුත් එසේ ඔවුන් කැඳවන අයට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නැත. එසේනම් ඔවුන් නමදින අය ඔවුන් ගැන බලාපොරොත්තු තබන්නේ කෙසේ ද? ඔවුන්ට බිය වන්නේ කෙසේද?

තුන්වන මාතෘකාව: ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගේ ස්වාමිත්වය දේවත්වය අනිවාර්ය කරයි.

සර්වබලධාරී ස්වාමින්ගේ පරමාධිපත්‍යයේ ඇතැම් කොටස් පැහැදිලි කරන කරණු කිහිපයක් අපි මීට පෙර සඳහන් කළෙමු. කිසිදු හවුල්කරුවකු නොමැතිව අල්ලාහ්ට පමණක් නමදින්නට මිනිසාට අනිවාර්ය කරන සර්ව බලධාරි ස්වාමීන්ගේ පරමාධිපත්‍යයයේ වැදගත් යථාර්ථයන් අපි මෙමගින් සඳහන් කරන්නෙමු:

පළමුවැන්න: සියලු මැවීම් නිර්මාණය කළේ සර්ව බලධාරී පරමාධිපතියාණන් ය; ඔහු ඔවුන් ශූන්‍යතාවයෙන් මැව්වේය. ඔවුන්ට පෝෂණය පිරිනැමුවේය. අහස්හි හා මහ පොළොවෙහි ඇති සියල්ල ඔවුන් හට වසඟ කර දුන්නේය. මෙය මිනිසාගේ සහජ හැකියාව තුළ පිහිටුවා ඇත. 61. "තවද අහස් හා මහපොළොව මවා, හිරු හා සඳු වසඟ කළේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් (සත්යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?" 62. "අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු ඔහුට (ඒවා) සීමා කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය." 63. "තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්‍රාණවත් කළේ කවුදැ?යි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා අල්-අන්කබූත්: 61-63) පරමාධිපතියාණන් ඒකීය නම්, ඔහු මැවීමෙහි හා පෝෂණයෙහි ස්වාධීන වේ. එහෙයින්, ඔහු නැමදුම් ලබන්නට සුදුසු එකම දෙවිඳුන් වේ. අල්ලාහ් වෙනුවට නැමදුම් සඳහා පත් කර ගන්නා අනෙකුත් දෙවිවරුන් කිසිවක් මවන්නේ හෝ කිසිවකුට පෝෂණය පිරිනමන්නේ හෝ නැත. එසේ නම්, අල්ලාහ් වෙනුවට ඔවුන් නැමදුම් ලබනුයේ කෙසේ ද? සර්ව බලධාරී පරමාධිපතියාණන් සමඟ හවුල්කරුවෙකු ලෙස ගත හැක්කේ කෙසේද?

දෙවනුව: සර්ව බලධාරී පරමාධිපතියාණන්, සියලු සත්වයින්ගේ කටයුතු කළමනාකරනය කරන්නා වන අතර, ඔහු ඒවායේ හිමිකරු වේ. අහස්හි හා මහ පොළොවේ ආධිපත්‍යය ඔහු සතුයෙ. ඔහු හැර අන් සියල්ල ඔහු විසින් පාලනය කරනු ලබන්නන් හා ඔහුගේ වහලුන් වන අතර ඒ සියල්ල අල්ලාහ්ගේ ස්වාමිත්වයට හා ඔහුගේ බලයට යටත්ය. ඔහු පීඩාවට පත් වූවන්ට සහන සලසන, දුක්ඛිත අයගේ ඇමතුමට පිළිතුරු දෙන, ජීවය ලබා දෙන සහ මරණයට පත් කරන සර්වබලධාරියාණන් වේ. මැරුණු කෙනෙක් පණ ගන්වන්නට කිසිවකුට නො හැකි ය. එමෙන්ම තමන් අභිමත කෙනෙකුට මරණය උදා කරන්නේත් තමන් අභිමත කෙනෙකුට ජීවය දෙන්නෙත් දෙවිඳුන් අල්ලාහ් පමණය. "අහෝ ජනයිනි! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම්, එවිට (දැන ගනු) අල්ලාහ් හැර දමා, නුඹලා නැමදුම් කරන අයට මම නැමදුම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට නැමදුම් කරමි. දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නට මා අණ කරනු ලැබුවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු." (සුරා යූනුස්: 104) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අල්ලාහ් නුඹලා මැවූ අතර පසුව ඔහු නුඹලා මරණයට පත් කරනු ඇත. " (සූරා අන්නහ්ල් 70)

එලෙසම ඔහුගේ මැවීම් අතරින් කිසිවෙක් වෙනත් කිසිවකු වෙනුවෙන් මෙලොවෙහි සුවිශුද්ධයාණන් ඉදිරියේ මැදිහත් වන්නේ නැත. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබිවරුන්, සුරදූතවරුන් හා මැදිහත් වීමට අවසරය දීමට ඔහු අපේක්ෂා කළ අය හට මැදිහත් වීම සඳහා අවසර දෙනු ඇත. එය පරමාධිපතියාණන් මැදිහත්කරුට අවසර ලබා දී ඔහු කවරෙකු වෙනුවෙන් මැදිහත් වන්නේ ද ඔහු ගැන සෑහීමකට පත් වූවායින් පසුවය. මෙම මතයේ රැදී විටින විට, දෙවිඳුන් අල්ලාහ්ව හැර නැමදුම් කිරීමට එවන ලද දූතයෙකු හෝ සමීපයෙන් සිටින සුර දූතයෙකු හෝ මුතුන් මිත්තන්ගෙන් ආත්මයක් හෝ ග්‍රහලෝකයක් හෝ සැබෑ ලෙස හෝ හෝ ව්‍යාජ ලෙස මහිමයට පත් වූවෙකු හෝ -එසේ විශ්වාස කරන දෙවිවරුන් නැති බව අපි ඉගෙන ගත්තෙමු. එමෙන්ම දෙවිඳුන් අල්ලාහ් හැර මොවුන් අතරින් කිසිවෙකු හෝ යම් කරුණක් කළමනාකරණය කිරීමට නො හැකි ය; මෙලොව ජීවිතයේ ඕනෑම මැවීමක් වෙනුවෙන් මැදිහත් විය නො හැකි ය; ඔහුට ජීවිතය හෝ මරණය ගෙන ඒම, හෝ දුක් වේදනා සමනය කළ නො හැකිය; විපතට පත් පුද්ගලයෙකුට සහනයක් ලබා දිය නො හැකිය; ආහාර සැපයීමට හෝ පියෙකුට දරුවෙකු ලබා දිය නො හැකිය; ඔහුගේ හදවතට සැනසුම සහ සන්සුන් භාවය ගෙන දෙන්නේ නැත. නියත වශයෙන්ම, මේ සියල්ල සර්ව බලධාරී අල්ලාහ්ගේ බලය තුළ පමණක් වේ. වැඩීම සහ අවට සංස්කෘතිය හේතුවෙන් කරුණ ගැන ව්‍යාකූල වූ අය හැර බහුතරයක් දෙනා එය හඳුනන කරුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය. 38. තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මා හට ප්‍රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු. (සූරා අස් සුමර්: 38)

තුන්වනුව: සෑම මනුෂ්‍යයෙක්ම තමන් තුළම ආගම්වාදයට හා නමස්කාරයට මහත් ආශාවක් දැක්වීමය. මෙය වැළැක්විය නොහැකි සහජ කරුණකි. එබැවින් තමා යොමුවන පිළිමයක් ගරු බුහුමන් කිරීමෙන් මිදී සිටින කිසිම ජාතියක් නැත. මක්නිසාද යත් ආත්මය තුළ මැවුම්කරු, සර් ව බලධාරිගේ පැවැත්ම පිළිබඳ සහජ අවශ්‍යතාවක් ඇති බැවිනි. එනිසා මිනිසා හොඳ කාලවලදී සහ නරක කාලවලදී ඔහු වෙත යොමු වන්නට ප්‍රිය කරයි. යහපත් කාලවලදී කෘතඥපූර් වකව හා ඔහුගේ ආශිර් වාදයන් වැඩිපුර සොයමින් ඔහු මත විශ්වාසය තැබීමට ප්‍රිය කරයි. නරක කාලවලදී, ඔහුට සිදු වන පීඩාවන් වළක්වා ගැනීමට ප්‍රිය කරයි. ඔහු සර් ව බලධාරී පරමාධිපතියාණන් වෙත හැරෙන්නේ නම් මිස, ඔහුට මෙය සාක්ෂාත් නොවනු ඇත. අප සෑම කෙනෙකුම තමා තුළම සොයා ගන්නා මෙම යොමුවීම සහ අවශ්‍යතාව සැබැවින්ම සියලු දෙනා සර් ව බලධාරී ස්වාමින්වහන්සේගේ රැකවරණය හා ඔහුගේ අවශ්‍යතාවය අවශ්‍ය වන බවට සාක්ෂියකි. ඔවුන් ඔවුන් වැනි මැවීමකට ගෞරව කරන්නේ නම්, එය නොපවතින අතර පසුව ඒවා නැති වී යනු ඇත. පසුව සර්ව බලධාරි අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ දී සෑම කෙනෙකුම නැවත නැඟිටුවා, ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ඇත. එහිදී ඔවුන් එකිනෙකා අතර තර්ක කර ගනියි. අල්ලාහ්ගේ අවසරය මත මළවුන්ගෙන් නැවත නැගිටුවනු ලබන දිනය ගැන කතා කිරීමේදී අපි ඒ ගැන සාකච්ඡා කරමු.

හතරවනුව: ආගම පහළ කළේ සර්ව බලධාරී පරමාධිපතියාණන් ය. මැවීම් සඳහා නීති සම්පාදනය කළේ ද ඔහු ය. ඔහුගේ ආගම වෙත ඔවුනට මඟ පෙන්වන්නේ ද ඔහු ය. ඔහුගේ ආගම සත්‍යය බවත්, එය ඉතා අවංක මාර්ගය බවත්, සෘජු මාර්ගය බවත් පෙන්වන තර්ක සහ සාක්ෂි ඔහු ස්ථාපිත කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: “එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.” (සූරා අන්නිසා: 165)

තවද මෙලොවදී අති මහත් වූ යහපත හා පරලොව සදාකාලික සැපය අල්ලාහ්ගේ නියෝග පිළිපදින, ඔහුව විශ්වාස කරන්නන් හට ඇති බව අල්ලාහ් ශුභාරංචිය දන්වා සිටියි. ඔහුගේ ආගම හා නීති කඩ කිරීමට එරෙහිව අනතුරු අඟවයි. ඔහු අනුමත දෑට අවසර දී එය පැහැදිලි කරයි. අවසර නැති දෑ තහනම් කොට ඒ ගැන අවවාද කරයි. වැරදි කරන, ඔහුගේ නීතිය කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් ඇති බව ඔහු පැහැදිලි කරයි. "සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව ඔවුන් වෙතින් වූ සාක්ෂිකරුවකු අපි නැගිටු වන දින, මොවුනට එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද, සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද, මග පෙන්වීමක් වශයෙන් ද, ආශිර්වාදයක් වශයෙන් ද, (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු." (සූරා අන්නහ්ල්: 89)

නීතියක් නීතිගත කිරීමට හෝ ආගමක් ස්ථාපිත කිරීමට හෝ කිසිදු මැවීමකට අයිතියක් නැත. කවරෙකු හෝ ආගමක් නීතිගත කළත්, පිළිවෙතක් ස්ථාපිත කළත්, ඔහු මහා පාපයක් ගොතා තමන් පරමාධිපතියාණන් සමඟ හවුල්කරුවෙකු බවට පත් කර ඇත. කිසිදු මැවීමක් - ඔහු කවුරුන් වුවද - දෙවිඳුන් අල්ලාහ් සමඟ හවුල්කරුවෙකු වන්නේ නැත. ඒ වෙනුවට, කවුරුන් දෙවිඳුන් අල්ලාහ් සමඟ තමාව හවුල්කරුවෙකු බවට පත් කර ගත්තේ ද ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. මෙලොව හා පරලොවෙහි ඔහුට සමප්‍රතිචාර දක්වා අපා ගින්නේ සදාතනියෙකු බවට පත් කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා." (සූරා හූද්: 18) උත්තරීතර අල්ලාහ් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස ගැන දැනුම් දෙමින් මෙසේ පැවසීය: "තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය." (සූරා හූද්: 99) එනම්: මෙලොවෙහි ශාපය ඔවුන් ලුහුබඳිනු ලබන අතර මතුලොවෙහි ද තවත් ශාපයක් ඔවුන් අපේක්ෂාවෙන් සිටිනු ඇතැයි යන්නයි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!

ආගම හෙළිදරව් කළේ සහ නීති සම්පාදනය කළේ දෙවිඳුන් අල්ලාහ් ය. ඔහු කැමති ඕනෑම දෙයක් තෝරා ඔහු එය මවා ඇත. එබැවින් ඔහු කැමති ඕනෑම ස්ථානයක් සහ වේලාවක් තෝරාගෙන නැමදුම් සඳහා එය වඩාත් වැදගත් කාලයක් සහ ස්ථානයක් බවට පත් කරනු ඇත. එය මක්කාව සහ රාමසාන් මාසය වැනි ය. ඔහු මැවීම් අතරින් තමන් කැමති අය තෝරාගෙන ඔවුන් තම දහම වෙතට යොමු කරයි. තවද උඩඟු වී ඔහුව ප්‍රතික්ෂේප කරන අයගෙන් ඔහු කැමති අය තම ආගමෙන් ඉවතට හරවයි. මැවීම් අතර කිසිවකුට - ඔහු කවරෙකු වුවද - කාලයක්, ස්ථානයක්, පුද්ගලයෙක්, ක්‍රියාවක් හෝ තත්වයක් විශුද්ධ කිරීමට අයිතියක් නැත. සියලු මිනිසුන් සමාන වන අතර, ශ්‍රද්ධාව, දේව විශ්වාසය හා දැහැමි ක්‍රියාවන්ගෙන් හැර කිසිවෙකුත් අන් කිසිවෙකුට වඩා උසස් බවක් නොමැත. තවද යමෙක් ධාර්මිකව පවිත්‍ර වන්නේද, ඔහු එසේ පවිත්‍ර වන්නේ තමා වෙනුවෙන්ම වන අතර, කවුරුන් නොමග යන්නේද ඔහු නොමඟ යන්නේ ද තමන්ටම එරෙහිවය. මෙයින් ප්‍රකට වන්නේ ආගමික නීති සම්පාදනය කිරීමට සහ නැමදුම් නව්‍යකරණය කිරීමට තමාට හෝ අන් අයට යම් අධිකාරියක් ඇති බව තර්ක කරන ඕනෑම කෙනෙකු බොරු ගොතන්නෙකු බවයි.

පස්වනුව: තමන් නීතිගත කර ඇති දෑහි සහ තමන් පනවා ඇති සීමාවන්හි සම්පූර්ණ ප්‍රඥාව ඇත්තේ අල්ලාහ් සතුව ය. ඔහුගේ නීතිය ඉතා නිරවද්‍ය හා පරිපූර්ණ ය. එබැවින් මිනිසාට යහපත ඇති හෝ ඔහුගේ පරම්පරාවෙහි පැවැත්ම ඇති සෑම දෙයකටම ඔහු අවසර දී ඇත. ඔහුට පවරන ලද අති වැදගත්ම ක්‍රියාව වනුයේ දෙවිඳුන්ට පමණක් නැමදුම් කීරීමය. මිහිතලය යහපත් අයුරින් පරිපාලනය කිරීම ද අල්ලාහ්ට කරන නැමදුමකි. බහුදේවවාදය, මිනී මැරීම, දුරාචාරය, පාපය, අපරාධය හා මැවීම් මර්දනය කිරීම වැනි මෙයට පටහැනි සියල්ල ඔහු ඔහුට තහනම් කරයි. මෙම නීති සහ සීමාවන් මිනිසුන්ගේ ආගම් සහ ධනය ආරක්ෂා කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරයි. ඔවුන්ගේ මනසේ යහපත් බව සහ ඔවුන්ගේ පරම්පරාවේ පැවැත්ම සහතික කරයි. එය සෑම තැනකටම සහ වේලාවකටම සුදුසු වේ. එය සියලු මිනිසුන්ට පොදුවේ යුක්තිය හා සාධාරණය ඉටු කරන අතර ධනවතුන්ට තම ධනවත්කම හේතුවෙන් හෝ බලය ඇත්තන් හට තම බලය හේතුවෙන් හෝ පරම්පරා ගෞරවය ඇත්තන් හට තම ගෞරවය හේතුවෙන් හෝ විශේෂ ආදරයක් දක්වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ නීතිය සහ පාලනය ඉදිරියේ සියල්ලෝම සමානය.

අද මිනිසා සිතන්නේ තමන් මානව පරිපූර්ණත්වයේ උච්චතම ස්ථානයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් සෑම රටකටම තමන්ගේම නීතියක් ඇති අතර අනුන්ගේ නීතිය පිළිගන්නේ නැත. මේ සියලු නීති මගින් මහජන සාමය ඇති කර නොගත් අතර මිනිසාට ඔහුගේ ආගම, ඔහුගේ දේශය, ඔහුගේ ජීවිතය, ඔහුගේ පෙළපත, ඔහුගේ මනස සහ ඔහුගේ මුදල් සඳහා පූර්ණ ආරක්ෂාව ද පිරිනමා නැත. එනිසා දෙවිඳුන් විසින් ඔහුගේ සියලු මිනිසුන් හට හෙළිදරව් කරන ලද දිව්‍යමය නීතියක් සඳහා මිනිසාගේ අවශ්‍යතාවය තහවුරු කරයි. අන් අය සැළකිල්ලට ගනිමින් යම් පිරිසකට හෝ යම් කණ්ඩායමකට එය විශේෂ අනුග්‍රය දැක්වූයේ නැත.

සිව්වැනි මාතෘකාව: සර්ව බලධාරී පරමාධිපතියාණන්ගේ දේවත්වයයි.

-අප සඳහන් කළ පරිදි - අහස්හි හා පොළොවේ ඇති සියලු දෑහි මැවුම්කරු, පෝෂක, පාලක සහ හිමිකරු සර්වබලධාරී අල්ලාහ් වන අතර ජීවය ලබා දෙන්නේ ද මරණයට පත් කරන්නේ ද ඔහු ය. ඒවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පරමාධිපති ඔහු පමණක් නම්, නැමදුම් ලබන්නට සුදුසු වන්නේ ද ඔහු පමණි. අල්ලාහ් හැර නමස්කාර කරනු ලබන සෙසු සියල්ල ඒ සඳහා සුදුසුකම් ලැබූවන් නොවේ. මක්නිසාද යත්, ඒවා කිසිවක් කිසිවකු මවන්නේ නැත; පෝෂණය කරන්නේ නැත; කරුණු කළමනාකරණය කරන්නේ නැත; කිසිවක හිමිකාරත්වය ලබන්නේ නැත; ජීවිතය හෝ මරණය ලබා දෙන්නේ නැත; කිසිදු ප්‍රතිලාභයක් හෝ හානියක් හෝ කරන්නේ නැත. අල්ලාහ් හැර නමදිනු ලබන සෑම දෙයකටම නැමදීම, එය කරන තැනැත්තාට ප්‍රයෝජනයක් නොවන ව්‍යාජ නමස්කාරයකි. එය ඔහුට මෙලොවෙහි මෙන්ම පරලොවෙහි ද පාඩුවකි. මෙලොව පාඩුව නම්: ඔහු තම ජීවිතය තමාට ප්‍රයෝජනයක් නැති දෙයක් වෙනුවෙන් නිකරුනේ නාස්ති කළ බැවිනි; තමාට ප්‍රයෝජනයක් නැති ‌දෙයක් වෙනුවෙන් තමාගේ මුදල් වියදම් කළ බැවින් හා නැමදුමේ ආශීර්වාදය හා ඵලය ඔහුට කිසිවිටෙකත් නොලැබෙන බැවිනි. මතුලොවෙහි දී අල්ලාහ් ඔහුට දැඩි සේ දඬුවම් කරනු ඇත. හේතුව ඔහු හැර වෙනත් අය වෙත ඔහු නැමදුම් කළ බැවිනි.

සර්ව බලධාරි පරමාධිපතියාණන්ගේ දේවත්වය කරුණු දෙකක් අදහස් කරයි:

පළමුවැන්න: මිනිසා තම ගැතිකම්, නැමදුම් සියල්ල ලෝවැසියන්ගේ පරමාධිපති අල්ලාහ් වෙතම නියම කර ගෙන, ඉන් කිසිවක් අල්ලාහ් නොවන දෙයකට යොමු නොකර, නැමදුමෙහි අල්ලාහ් සමග කිසිදු හවුල්කරුවකු හවුල් කරවා නොගැනීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “සැබැවින්ම මාගේ පරමාධිපති ඍජු දහමින් හා ඉබ්රාහීම්ගේ අවංක පිළිවෙතින් මා හට නිවැරදි මාර්ගය වෙත මඟ පෙන්වීය. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය.” “සැබැවින්ම මාගේ සලාතය මාගේ කැප කිරීම, මාගේ ජීවය, මාගේ මරණය විශ්වයෙහි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි.” "ඔහුට සමාන කිසිවකු නොමැත. තවද මේ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි." (සූරා අල්-අන්ආම්: 161-163)

දෙවැන්න: අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දෑට නැමදුම් කිරීම නිෂ්ඵල බවත් ඒවා නැමදුම් ලබන්නට සුදුසු නොවන බවත්, කවරෙකු අල්ලාහ් නොවන දෑට නැමදුම් කළේ ද ඔහු සර්ව බලධාරී අල්ලාහ්ට සමානයන් තැබූ බහුදේවවාදියෙකු බවත් විශ්වාස කිරීම.

මෙම අර්ථ දෙකෙහිම අර්ථය අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බවය. එය අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දෑ සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිදු සුදුසුකමක් නැති බවත් සැබෑ ලෙස නැමදුම කිසිදු හවුල්කරුවකු නැති අල්ලාහ්ට පමණක් සහතික කළ යුතු බවත්ය. එනම් එහි අර්ථය: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත යන්නයි. “එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්‍යය වන බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය." (සූරා අල් හජ්: 62)

ඉබාදත් හෙවත් නැමදුම යනු: තව්හීද් හෙවත් ඒකදේව වාදය, අල්ලාහ් කෙරෙහි වූ බිය, අපේක්ෂාව, සලාතය, සකාතය, උපවාසය, හජ්, සත්‍ය කතා කිරීම, පැවරුම් ඉටු කිරීම, දෙමාපියන්ට උවටැන් කිරීම, ඥාතී සම්බන්ධකම් රැකීම, දිවුරුම් හා ප්‍රතිඥාවන් ඉටු කිරීම වැනි අල්ලාහ් නියම කළ අවනතවීම්, වචනයෙන් හා ක්‍රියාවෙන් මෙන්ම මතුපිටින් හා අභ්‍යන්තරයෙන් සිදු වන සියලුම නැමදුම්ය. එමෙන්ම, තහනම් කරන ලද හා වළක්වන ලද ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ තැබීම, ඝාතනය කිරීම්, අපරාධ, දුරාචාරය, මිහිකත මත කලහකම් කිරීම වැනි අල්ලාහ් විසින් තහනම් කරන ලද දෑ අත්හැර දැමීමය. ඒ සියල්ල නිහතමානීව ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට යටත් වෙමින් හා ආදරය දක්වමින් සිදු විය යුතුය. ආහංකාරයෙන් හා ප්‍රදර්ශනය කරමින් සිදු කරන නැමදුම ඵලක් නොවන්නා සේම නැමදුම් ලබන්නා ගැන හෝ නැමදුම ගැන පිළිකුල් කරමින් සිදු කරන නැමදුම ද ඵලක් වන්නේ නැත.

ආදරය, යටහත්කම සහ නිහතමානීකම නිසා ඇතිවන යටහත් භාවයේ උතුම්ම මට්ටම නැමදුම බව ඔබ වටහා ගත්තේ නම්, අල්ලාහ්ට වඩා වෙනත් දෙයක් නැමදුමේ දී අපේක්ෂා කරන හෝ සර්ව බලධාරි අල්ලාහ්ගේ ඇතැම් ගුණාංග එයට ඇති බව සහතික කරන අයකු එයට ‌දෙවියන්ගේ නම යෙදුවත් නැතත් ඔහු තම ස්වාමියා සහ දෙවියන් ලෙස එය ගෙන ඇති බව ඔබ දැන ගන්නෙහිය.[3] 'සියානා අල් ඉන්සාන් අන් වස්වසති ෂෙයික් දහ්ලාන්' (451)

මැවීමේ පරමාර්ථය නැමදුම වන අතර අල්ලාහ් ජින් සහ මනුෂ්‍ය වර්ගයා මැවූයේ ඒ සඳහාය. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය. "ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (සූරා අද්දාරියාත්: 56)

නැමදුම අල්ලාහ්ට පමණක් වෙන්කළ යුතු බවට වූ සාධක බොහෝමයක් ඇත. මක්නිසාද යත්, සහජ බුද්ධිය සහ නබිවරුන් සහ දේව දූතයන්ගේ එකඟතාවය, එය පෙන්වා දී ඇති අතර, අල්-කුර්ආනයේ බොහෝ වාක්‍යයන් මෙය සනාථ කර ඇත.

හවුල්කරුවන් නොමැතිව අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන සහජ බුද්ධිය වනාහි: පෝෂණය සතු, මැවීම සහ අණ සතු, අහස් හා පොළවෙහි ආධිපත්‍යය සතු, යහපත සහ හානිය සතු අයට නමස්කාර කිරීම අනිවාර්යය බව සහජ බුද්ධිය පෙන්වා දෙයි. ජීවය ‌දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. මිනිසා ඔහු වැනි මිනිසෙකුට නැමදීම හෝ කිසිදු සෙතක් හෝ හානියක් කළ නොහැකි, කිසිවක් අයිති නැති, කිසිවකුගේ ප්‍රාර්ථනයට ඇහුම්කන් නොදෙන, තමන් වෙත යොමු වන අයට උපකාර කළ නොහැකි ගලකට, ගහකට, සත්වයකුට හෝ වසර දහස් ගණනකට පෙර මිය ගිය ඇත්තන්ට නමස්කාර කිරීම සහජ බුද්ධිය දැඩි සේ ප්‍රතික්ෂේප කරනු ඇත. අල්ලාහ්ගෙන් තොරව, එසේ නැමදුමට ලක්වන දෑ වනාහි, තමන්ටම සිදුවන හානිය පවා ඒවා විසින් වළක්වා ගත නොහැක. එසේ නම් තවකෙකුගෙන් එය වළැක්විය හැක්කේ කෙසේ ද? නිවැරදි නැමදුමකින් තොරව සිටින පුද්ගලයකු ව්‍යාජ නැමදුමට වඩා එසේ සිටීම හොඳ බව නිවැරදි බුද්ධිය දකිනු ඇත. මක්නිසාද යත් ව්‍යාජ නැමදුම යනු අප පෙර පැහැදිලි කළ පරිදි මෙලොව හා පරලොව අලාභයකි.

අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන නබිවරු හා ධර්ම දූතවරුගේ එකඟතාවය වනාහි: මෙය සියලුම සමූහයන් දන්නා පොදු කරුණකි. ලෝවැසියන්ගේ පරමාධිපති වෙතින් ‌දූතයකු නොපැමිණි කිසිදු සමූහයක් නැත. එසේ පැමිණි ඔවුහු අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔවුනට අණ කළහ. ඔහු හැර වෙනත් දෑට නැමදීමෙන් ඔවුන් වැළැක්වූහ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේග වලින් වැළකී සිටිනු" යැයි (දන්වා) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු. (සූරා අන්නහ්ල්: 36) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "(අහෝ මුහම්මද්!) ඔබට පෙර අපි යැවූ සෑම දූතවරයෙකුට ම, 'මා හැර (නැමඳීමට සුදුසු) වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් ඔබලා මා හට ම නැමඳුම් කරන්න' යැයි අපි වහී (දේව හෙළිදරව්) මඟින් දැනුම් දුන්නෙමු." (සූරා අල් අන්බියා: 25)

ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයේ සර් වබලධාරියාණන්ගේ දේවත්වය පෙන්නුම් කරන සාක්ෂි බොහෝමයක් තිබේ:

පළමුවැන්න: සර්ව බලධාරී පරමාධිපතියාණන් වන ඔහු එකම මැවුම්කරුය. ඔහු හැර සෙසු සියල්ල ඔහුගේ මැවීම්ය. කවරෙකු මවන්නේ ද ඔහුට නමස්කාර කිරීම අනිවාර්යය වේ. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණි. කවරෙකු කිසිවක් නො මවන්නේ ද -හුදෙක් ඔහු දුර්වල මැවීමක් පමණි.- එසේ නම් ඔහු අල්ලාහ් හැර නැමදුමට ලක්විය හැක්කේ කෙසේ ද? දෙදෙනාම එක සමාන වේ ද? උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "එහෙයින් මවන්නා, නොමවන අය මෙන් වේවිද? එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?" (සූරා අන්නහ්ල්: 17)

දෙවැන්න: සර්ව බලධාරියාණන් වන ඔහු ය අහස් හා පොළොවෙහි මෙන්ම ඒ දෙක අතර ඇති දෑහි එකම මැවුම්කරු. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති වනුයේ අහස් හා මහපොළොව දින හයකින් මවා පසුව අර්ෂ්(රාජධානියෙ)හි ස්ථාපිත වූ අල්ලාහ් ය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසුව මිස (ඔහු ඉදිරියේ) වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට නැමදුම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?" (යූනුස්: 3) සැබැවින්ම නැමදුමට සුදුස්සා සර්ව බලධාරී පරමාධිපතියාණන් ය. ශරීර නිර්මාණය, එහි ඇති දෑ සහ ඒවා අතර පවතින ‌දෑ ඒ බව සනාත කරන දෑසට පෙනෙන වඩාත් පැහැදිලි හා වඩාත් සමීප සාධක වේ. මිනිසා ඔහුගේ මහපොළොව මත ඇවිද, ඔහුගේ අහසින් රැකවරණය ලබා, ඔහුගේ පෝෂණයෙන් හා යහපතින් ආහාර ලබා, පසුව ඔහු හැර වෙනත් කෙනෙකු නැමදිය හැක්කේ කෙසේද? සැබැවින්ම මිනිසා අඥාන මහා අපරාධකරුවකු වේ.

තුන්වැන්න: අප ජලය පානය කිරීම පිණිස, අහසින් වර්ෂාව පහළ කොට එමගින් බවභෝග හා ඵලවගාවන් අපට මතු කළේ සර්ව බලධාරී පරමාධිපතියාණන්ය. ඔහු අපට අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද රාත්‍රිය, දහවල, හිරු හා සඳු වසඟ කර දුන්නේය. අලුත් මාළු අනුභව කරනු පිණිසත් එහි නැව් යාත්‍රා කරනු පිණිසත් මිනිසාට මුහුද වසඟ කර දුන්නේ ය. ඔහු අභිමත කළේ නම් ඒ මත රැඳී නොසිටිය හැකි පරිදි කම්පනය වන්නක් බවට පත් කරන්නට තිබුණි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ්ය." "තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතන ජනයාට මෙහි සංඥා ඇත." (සූරා අල් ජාසියාහ්: 12-13) ඒවා මිනිසාට වසඟ කර දී තිබේ.

පරමාධිපතියාණන් මිනිසාට වසඟ කර දී ඇති අවශ්‍යතා, අපූරු දර්ශන හා අතිමහත් සංඥා සියල්ල සාක්ෂියකි. ඒ කවර සාක්ෂියක් වුව ද සැබැවින්ම නැමදුම් ලබන්නට එකම සුදුස්සා අල්ලාහ් බව පෙන්වා දෙයි. අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියල්ල ඒවා කිසියම් සෙතක් සැළසීමට හෝ හානියක් කිරීමට හෝ පෝෂණය කිරීමට හෝ නතුකර දීමට හෝ පිරිනැමීමට හෝ වැළැක්වීමට හෝ නො හැකි ය. එසේ නම් අල්ලාහ් සමග ඒවා නැමදුමට ගනු ලබන්නේ කෙසේ ද? එසේ නැතිනම් අල්ලාහ්ට සමානයන් බවට ඒවා පත් කරන්නේ කෙසේ ද? ඔවුන් එසේ ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහසින් ජලය පහළ කළේ ඔහුමය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත."* "ඔහු නුඹලාට එමගින් ගොයම ද ඔලිව් ද ඉඳි ද මිදි ද තවත් සියලු බවභෝග වලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත."* "තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවන් ඇත."* "තවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස් ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත."* "තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන්ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසය."* "තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ ස්ථීර ව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස."* "තවද සලකුණු ද (ඔහු ඇති කළේය) තරු මගින් ඔවුහු නිසිමග දැන ගනු ඇත." (සූරා අන්නහ්ල්: 10-16)

උත්තරීතර සුවිශුද්ධයාණන් මෙම ග්‍රහ තාරක නතු කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ, නැමදුමට සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවකු ඒ සඳහා සුදුසුකම් නොලබන බවයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නොදුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. (ඒවා) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය."* "නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්‍යය. තවද නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්‍යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර; අතිමහත්." "ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්දයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සංඥාවන් ඇත." (සූරා ලුක්මාන්: 29-31) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (වරප්‍රසාදය) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය."* "රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති."* "නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි." (සූරා ෆාතිර්: 12-14)

සිව්වැන්න: මිනිසා මැව්වේත් ඔහු ව ශුන්‍ය තත්ත්වෙන් බිහි කළේත් සර්ව බලධාරී පරමාධිපතියාණන්ය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නොසිටි කාලයක් මිනිසාට නොපැමිණියේ ද?"* "නියත වශයෙන්ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් ක‌ළෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු."* "එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක." (සූරා අල් ඉන්සාන්: 1-3) එහෙයින් තමන් බිහි කළ තැනැත්තාට තමන් නැමදුම් කළ යුතුය. තම පරමාධිපතියාණන් තමන් මවා තිබිය දී, ඔහු හැර තමන් වැනි මැවීමකට නැමදිය හැක්කේ කෙසේ ද? උත්තරීතරයාණන් මෙසේ පවසයි: “මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.” (අල් බකරා: 21) මෙය ඉතා පැහැදිලි සාක්ෂියක් වන අතරම අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීමේ අවශ්‍යතාවය සහ ඔහු හැර වෙනත් ඕනෑම දෙයකට නමස්කාර කිරීමෙන් දුරස්වීමේ අවශ්‍යතාවය පිළිබඳ පෙන්වා දෙන තීරණාත්මක තර්කයකි.

නැමදුමට සුදුස්සා පරමාධිපතියාණන් පමණක් බව පෙන්වා දෙන සාක්ෂි හා සාධක කිහිපයක් අපි මෙනෙහි කළ පසුව අල්ලාහ්ට පමණක් නැමදිය යුතු බවත් ඔහු හැර වෙනත් දෑ නැමදීමෙන් වැළකී සිටිය යුතු බවත් සහතික කරන ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් උදාහරණ කිහිපයක් මෙනෙහි කරන්නෙමු.

පළමු උදාහරණය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය, "තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උපමාවක් වශයෙන් ගෙන හැර දැක්වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහු ව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා එක සමාන වේවිද?" (සූරා අන්නහ්ල්: 76) ඉබ්නු ජරීර් තුමා තම විග්‍රහයේ මෙසේ සඳහන් කළේය: මෙය තමන් ගැන හා තමන් හැර නමදිනු ලබන දෙවිවරුන් පිළිබඳ අල්ලාහ් ඉදිරිපත් කළ උදාහරණයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ මෙනෙහි කරයි: (තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උපමාවක් වශයෙන් ගෙන හැර දැක්වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි.) මෙයින් අදහස් කරනුයේ කිසිවකට සවන් නොදෙන කිසිවක් කතා නොකරන පිළිම සම්බන්ධයෙනි. ඒවා ලීයෙන් කැටයම් කරන ලද හෝ පිත්තලවලින් නිර්මාණය කරන ලද දෑ විය හැක. ඒවාට සේවය කරන්නන් හට සෙත සැලසීමට හෝ ඔවුන්ගෙන් හානිය වැළැක්වීමට හෝ නො හැකි ය. එය රැකබලාගන්නා හට බරකි. ඔහු ඔහුගේ භාරකරුවන් මත යැපෙමින් සිටින බව පවසයි. එසේම එම පිළිම ඒවාට නැමදුම් කරන අය මත ද රඳා පවතියි. එය ඉසිලීමට, එය තැනක තබන්නට එයට සේවය කිරීමට කිසිවකු අවශ්‍ය වන්නේය. එය කිසිවක් කර කියාගත නොහැකි ගොළුවෙකු මෙනි. ඔහු ඔහුගේ භාරකරුවන්ට හා අනෙකුත් අයට බරකි. (ඔහු ඔහු ව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත.) ඔහුව කවර දෙසකට යොමු කළ ද යහපතක් ගෙන දෙන්නේ නැත. හේතුව ඔහුට පවසනු ලබන දෑ ඔහු තේරුම් නොගන්නා බැවිනි. එමෙන්ම තමන් අභිමත කරන දෑ පවසන්නට නොහැකිය. ඔහුට වැටහීමක් නැත. ඔහු ගැන වටහා ගත ද නොහැකි පිළිම ද එලෙසමය. ඒවාට කියන දෑ වටහා ගත නොහැක. ඔහුගේ කටයුත්තක් සඳහා ඔහු නියෝග කරනු ලැබ ඇත. ඔහු කතා නොකරන අතර කිසිවක් අණ කරන්නේ හෝ තහනම් කරන්නේ හෝ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: (එවන් ඔහු හා යුක්තිය නියෝග කරන්නා එක සමාන වේවිද?) එනම්: කවර දෙසකට යොමු කළත් සෙත නො සලසන, තම භාරකරුවා මත මුළුමණින්ම යැපෙන ගොළුවා ද, කතා කරන, සත්‍යය නියෝග කරන, යහපත වෙත ඇරයුම් කරන තැනැත්තා ද සමාන වන්නේ ද? ඔහු ය, සර්ව බලධාරී ඒකීය අල්ලාහ්. තමන් ඒකීය කරණය කරන මෙන් ද තමන්ට අවනත වන මෙන් ද ඔහු තම ගැත්තන්හට ඇරයුම් කරයි. තමන් ගැන සඳහන් කළ ඔහු හා ඔහු විස්තර කළ පිළිම එක සමාන වන්නේ නැති බව ඔහු පවසයි. තවදුරටත් ඔහු මෙසේ පවසයි. (ඔහු ඍජු මාර්ගය මත ය.) එනම්: යුක්තිය හා සාධාරණය නියෝග කරන ඔහු, යුක්තිය වෙත ඇරයුම් කිරීමේ දී සත්‍යය මාර්ගය මත ම සිටියි. එමගින් ඔහු සත්‍යයෙන් නොපෙරලුු, ඉන් දුරස් නොවූ ඍජු මාර්ගය මිනිසාට නියෝග කරයි. ජාමිඋල් බයාන් (17/262)

දෙවන උදාහරණය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ. "මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ මිනිසෙක් හා එකම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය. උපමාවෙන් ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති." (සූරා අස්-සුමර්: 29) ෂෙයික් අස්-සඃදී (රහිමහුල්ලාහ්) තුමා තම විග්‍රහයේ මෙසේ පවසයි. (පසුව බහුදේව වාදය හා ඒක දේව වාදයට උපමා ගෙන හැර පෑවේය.) තවදුරටත් මෙසේ පැවසීය: (මිනිසෙක් අල්ලාහ් උපමා වශයෙන් ගෙන හැර දැක්වීය.) එනම්: ගැත්තෙකි. (මතභේදවලින් යුත් (බොහෝ) හවුල්කරුවන් සතු වූ) ඔවුහු බොහෝමයක් වෙති. ඔවුන් සෑහීමට පත්වන තෙක් ඔවුන් යම් නියෝගයකට හා යම් තත්ත්වයකට එකඟ නොවෙති. ඒ වෙනුවට, ඔවුන් ඒ ගැන රණ්ඩු දබර කරගනිමින් වාද විවාද කරති. එකිනෙකාට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉල්ලීමක් පවතින අතර අනෙකාට අවශ්‍ය වන්නේ වෙනස් දෙයකි. එසේ මෙම හවුල්කරුවන් සමඟ වන මේ මිනිසාගේ තත්වය කුමක් විය හැකිදැයි ඔබ සිතන්නේ ද? (හා එකම මිනිසෙකුට පමණක් අයත් වූ මිනිසෙක්) එනම්: ඔහුට අවංක වූ අයෙකි. ඔහු තම නායකයාණන්ගේ අපේක්ෂාව හඳුනා ගෙන ඇත. මුළුමණින්ම සෑහීමට පත්ව සැනසුම ලබා ඇත. (ඔවුන් දෙදෙනා එක හා සමාන වේ ද?) එනම්: මෙම මිනිසුන් දෙදෙනා (උපමාවෙන්) ඔවුන් දෙදෙනා සමාන වන්නේ නැත. බහුදේව වාදියා ද එලෙසමය. ඔහු සතුව විවිධ මතභේද ඇති හවුල්කරුවන් සිටිති. ඔහු එක් අයකු අමතයි. පසුව තවත් අයකු අමතයි. ඔහුට කිසිදු ස්ථාවරත්වයක් නැත. එක් තැනක ඔහුගේ හදවත තැන්පත් වන්නේ නැත. නමුත් තම පරමාධිපතිට අවංක වූ ඒක දේව වාදියා වනාහි, ඔහු අල්ලාහ්ට වෙනත් අයකු හවුල් කිරීමෙන් දුරස් වෙයි. ඔහු පූර්ණ සැනසුමෙහි හා පූර්ණ තෘප්තියෙහි පසුවෙයි.(5) (තයිසීරුල් කරීම් ෆී තෆ්සීරි කලාමිල් මන්නාන්: පිටුව. 724)

හින්දු, ක්‍රිස්තියානි වැනි දෙවිවරු තුන් දෙනෙක් අදහන ත්‍රිත්ව දේව සංකල්පය ඇති උදවිය වර්තමානයේ අපි ලෝක ආගම් තුළ දකිමු. තමන්ට විපතක් සිදුවුවහොත් ඔවුන් හැරෙන්නේ කා වෙතද? ඔහු පිහිට පතන්නේ කාගෙන්ද? ඔවුන් නැමදුම් කරන්නේ ඒවායින් කා හට ද?

තුන්වන උදාහරණය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ. "අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. නියත වශයෙන්ම නිවෙස් අතරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියාහු නම්." (සූර් අල් අන්කබූත්: 41) මෙම උපමාවේ තේරුම: නැමදුම සඳහා අල්ලාහ් වෙනුවට වෙනත් දෙවිවරුන් ගත් අය රැකවරණය හා ආරක්ෂාව ලැබීමේ අපේක්ෂාවෙන් නිවසක් තනා ගන්නා මකුළුවකු හා සමානය. නියත වශයෙන්ම එය නිවෙස් අතරින් වඩාත් දුර්වලතම නිවසයි. අල්ලාහ් වෙනුවට වෙනත් දෙවියෙකු නියම කර ගත් අයකු ද එලෙසමය. තමන්ට උපකාර නොකරන, තමන්ව හානියෙන් ආරක්ෂා නොකරන දුර්වල අයකු නැමදුමට ඔහු තෝරා ගෙන ඇත.

අෂ්-ෂෙයික් අස්- සඃදී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: (මකුළුවා දුර්වල සතෙකි. උගේ නිවස වඩාත් දුර්වල නිවසකි. එය දුබලකම මිස වෙනත් කිසිවක් වැඩි නො කරයි. අල්ලාහ් වෙනුවට වෙනත් හිතමිතුරන් ලෙස ගත් උදවිය ද එලෙසමය. ඔවුන් සෑම පැත්තකින්ම අපොහොසත් හා දුර්වල අය වෙති. එසේ තිබියදීත් ඇතැමුන් අල්ලාහ් හැර දමා ඔවුනට ගරුබුහුමන් දක්වති. ඔවුන්ගෙන් උපකාර පතති. ඔවුන් දුබලතාවෙන් තව තවත් දුබල වෙති. දුෂ්කරතාවෙන් තව තවත් දුෂ්කරතාවට පත් වෙති. නමුත් ඔවුන් ඔවුන්ගේ දැහැමි කටයුතු බොහෝමයක ඔවුන් ගැන විශ්වාසය තබති. ඒවා ඔවුන් වෙත පිළිගන්වති. ඔවුන් ඒවා ක්‍රියාත්මක කරනු යැයි සිතා ඔවුන් සමග හුදකලා වෙති. ඔවුනට යටහත් වෙති. නමුත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් ඔවුන් නොලබනු ඇත. සුළුවෙන් හෝ ලැබෙන ප්‍රයෝජන පවා නොලබනු ඇත. ඔවුන්ගේ සැබෑ තත්ත්වය හා ඔවුන් එසේ භාරකරුවන් ලෙස ගැනීමේ බරපතලකම ඔවුන් දැන ගත්තේ නම්, කිසිවිටෙක එසේ ඔවුන් භාරකරුවන් ලෙස නොගනු ඇත. ඔවුන්ගෙන් නිදහස් වනු ඇත. මහාකාරුණික සර් වබලධාරී පරමාධිපතියාණන් වෙත යොමුවනු ඇත. ඔහු තම ගැත්තාව භාරගත් විටෙක තමන් මත සියල්ල භාර කළ විටෙක, ඔහුගේ ආධ්‍යාත්මික හා මෙලොව ජීවිතයට ඔහු ප්‍රමාණවත් වනු ඇත. ඔහුගේ හදවතෙහි, ඔහුගේ ශරීරයෙහි, ඔහුගේ තත්ත්වයන්හි හා ඔහුගේ ක්‍රියාවන්හි තව තවත් ශක්තිමත් වනු ඇත. තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 631)

සිව්වන උදාහරණය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ. "අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය." (සූරා අල් හජ්: 73) මෙම උදාහරණයේ අර්ථය: අල්ලාහ් හැර ඇරයුම් කරනු ලබන සෙසු සියලු දෙනා එකට රැස් වී, ඉතා අල්ප මැවීමක් වන මැස්සකු මැවීමට එකිනෙකා සහයෝගය ලබා දුන්න ද ඒ සඳහා ඔවුන් අපොහොසත් වනු ඇත. ‌මැස්සා ඔවුන්ගෙන් යම් ආහාරයක් පැහැර ගත්තේ නම්, ඔහුගෙන් එය ආරක්ෂා කිරීමට පවා ඔවුන් අපොහොසත් වනු ඇත. එසේනම්, අල්ලාහ් වෙනුවට මැස්සාගෙන් තම අයිතිය ආරක්ෂා කර ගැනීමට හෝ මැස්සාගෙන් තමන්ව මුදවා ගැනීමට හෝ නොහැකි වූ අය නැමදුමට සුදුසුකම් ලැබිය හැක්කේ කෙසේ ද? අල්ලාහ් හැර වෙනත් දෑට නමදින්නන්ගේ මෝඩකම මෙම උදාහරණය හෙළි කරයි. අහස් හා පොළොවත් ඒ දෙක අතර ඇති දෑත් මවා ඔවුන්ගේ පෝෂණ සම්පත් හා ඔවුන්ගේ සියලු කටයුතු ක්‍රියාත්මක කරන සර් ව බලධාරියාණන් අත්හැර දමා, පසුව මැස්සාට පවා පරාජිත වූ දනන්හට නැමදුම් කරනුයේ කෙසේ ද?

අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්-සඃදී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: (මෙය පිළිම වන්දනාවේ අශෝභන බව දැක්වීමට සහ එය වන්දනා කරන අයගේ සිත්වල ඇති අඩුව සහ සියලු දෙනාගේ දුර් වලකම පෙන්නුම් කිරීමට අල්ලාහ් විසින් ගෙනහැර දැක් වූ උපමාවකි.) "අයැදින්නා දුර්වල විය." අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන දෑ. "අයැදිනු ලබන්නා දුර්වල විය." එය මැස්සාය, ඒ ‌සෑම කෙනෙකුම දුර්වලය. මෙම දුර්වලයා සමග බැඳී ලෝවැසියන්ගේ පරමාධිපතිගේ ස්ථානයෙහි ඔහුව නියම කර ගන්නා ඔවුන් දෙදෙනාටම වඩා දුර්වලය.(7) තය්සීරුල් කරීමුර් රහ්මාන් (පිටුව: 456)

පස්වන විමසුම: හවුල්කරුවන් හා ආදේශකයින්ගෙන් ස් ව බලධාරී පරමාධිපතියාණන්ව පිරිසිදු කිරීම හා ඔහු හැර දේවත්වයට හිමිකම් කියන්නන් නිෂ්ඵල කිරීම.

සර්ව බලධාරී පරමාධිපතියාණන් කේවලය. ඔහු කිසිදු අවශ්‍යතාවක් නැති ඒකීයය. ඔහු කිසිවකු ජනිත කළේ නැත. කිසිවකු විසින් ජනිත වූයේ ද නැත. ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ පරමාධිපත්‍යයේ හෝ ඔහුගේ නාම හා ගුණාංගවල හෝ ඔහුගේ දේවත්වයේ හෝ ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහු මැවුම්කරුය. ඔහු හැර සෙසු දෑ පාලනය කරනු ලබන මැවීම්ය. අප හඳුනන ඔහුගේ ඇතැම් මැවීම් වනුයේ: අහස්, පොළොව, ග්‍රහ තාරකා වැනි අජීවී වස්තූන්, ගහකොළ හෝ සතුන් වැනි ජීවී වස්තූන් හා මලක්වරුන් මිනිස් වර් ගයා හා ජින්වර්ගයා වැනි බුද්ධිමත් ජීවීන්ය. මලාඉකා යනු අල්ලාහ්ට කීකරුව කටයුතු කිරීම සඳහා ඔහු විසින් මවන ලද මැවීමක්ය. -ඒ පිළිබඳ අපි ඉදිරියේ සඳහන් කරමු.- මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යනු වගකීම් පවරන ලද පෝෂණය කරනු ලබන මැවීම්ය. මිනිස් වර්ගයා අතර නබිවරුන්, ධර්ම දූතයින්, ප්‍රතිසංස්කරණවාදීන් හා ධර්මිෂ්ඨයින් වෙති. මලක්වරු හා මිනිස් වර් ගයා, මැවීම් අතර විශිෂ්ඨතමය අය වෙති. අහස්හි හා මහපොළොවේ සිටින, හා ඒ දෙක මත සිටින සියලු දෙනා පරමාධිපති යාණන්ගේ අවශ්‍යතාව ඇත්තෝ වෙති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "මහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය පරිදි මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය; මහා කරුණාවන්තය." (සූරා අල් හජ්: 65) සියලු දෙනාම ඔහු වෙත අවශ්‍යතාවෙන් පෙළෙති. ඔහුට බිය වෙති. ඔහු ගැන අපේක්ෂාවෙන් සිටිති. ඔහු ඔවුන් ආරක්ෂා කරයි. ඔවුනට පෝෂණය සපයයි. ඔවුන්ගේ කරුණු සැළසුම් කරයි. යම් සෙතක් හෝ හානියක් කිරීමට ඔවුහු හිමිකම් නොලබති. ඔහු ඔවුන්ගෙන් එක් මොහොතක් හෝ වෙන් වූයේ නම්, ඔවුන් විනාශ වී යනු ඇත. එක් මොහොතකින් ඔවුන් විනාශ කිරීමේ හැකියාව ඔහු සතුය. එය එසේ නම්, අල්ලාහ් වෙනුවට වෙනත් දෙවිවරුන් ඔවුන් වෙනුවෙන් නියම කර ගන්නේ කෙසේ ද?

අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන දෙවිවරු විවිධ වර්ග වෙති. ඒ අතරින්:

අහසෙහි ඇති ග්‍රහතාරකාවක් වීම: වෙන් වෙන්ව හෝ තාරකා සමූහයක පවතින සියලුම ග්‍රහලෝක ස්වාධීනව ගමන් නොකරන බවත්, පාලනයකින් යුතුව යම් පිළිවෙලකට ඒවා ගමන් කරන බවත්, අන් අයට ඒවායින් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් නවීන විද්‍යාව මගින් පෙන්වා දී ඇත. එසේ නම්, තරුවක් හෝ ලග්ණයක් පෘථිවියට හෝ එහි ජීවත් වන අයට බලපෑම් ඇති කරන බව විශ්වාස කරන්නේ කෙසේද? ඇතැම් සමූහයන් උපතේදී ග්‍රහ රාශී බලපාන බවත් ඒවායෙහි ගුණාංග ඔවුනට බලපාන බවත් විශ්වාස කරති. මෙය මහා මිත්‍යාවකි. මෙම මිත්‍යාවට වැටෙනුයේ රාශි ගැන විශ්වාස කරන ජාතීන් වන අතර ඔවුන් මෙම තාරකා මණ්ඩලවලට විවිධ නම් ලබා දී පසුව ඒ ඒ රාශියේ ලක්ෂණ උදාහරණ වශයෙන් ගෝනුස්සා, ගොනා, සිංහයා වැනි ලග්න නම් කර එම නාමයේ ලක්ෂණ එයට පිහිටන බව විශ්වාස කරති. කෙසේ වෙතත්, විවිධ සමූහයන් අතර ඒවායෙහි නම් සහ අංක ගණන වෙනස් වෙති. චීන ජාතිකයින් අතර ඒවායෙහි අංක සහ නම් වෙනස් වේ. නමුත් එම අංක සහ නම් අනෙක් අය අතර දක්නට නොලැබේ. එසේනම්, ඒවායෙහි ගුණාංග එක හා සමාන යැයි විශ්වාස කරන්නේ කෙසේද? ජාතීන් අතර ඒවායෙහි නම්, ගුණාංග සහ සංඛ්‍යාවෙන් වෙනස් වූ විට ඒවා මැවීම් අතර බලපාන්නේ කෙසේ ද?

ගහක් හෝ ගවයෙක් හෝ ගංගාවක් හෝ මහා පිළිමයක් වීම: කිසිදු වැටහීමක් නැති ගහකට හෝ සත්වයෙකුට එසේ නැතහොත් ලීයෙන් හෝ වෙනත් අමුද්‍රව්‍යයකින් තනන ලද පිළිමයකට බුද්ධිය ඇති මිනිසෙකු නමදින්නේ කෙසේ ද? නැමදුමට ලක්වන මේවා නැමදුම් ලබන වෙනත් දෑ සමග සසඳන කළ ඒවා අල්ලාහ් හැර නැමදුම් ලබන ඉතා පහත්ම දෑ වන්නෝය. කෙසේ වෙතත්, බුද්ධිය වැසී ගිය විට ව්‍යාජ දෑ මිනිසුනට මහත් සේ පෙනේ. පිළිමය තමන් හට සෙත සලසන බවත්, ගංගාව සමෘධිය හා පෝෂණය ලබා දෙන බවත්, ගවයා මිනිසාට ශුද්ධභාවය හා පිවිතුරුකම සහතික කරන බවත් විශ්වාස කළෝය.

නැමදුම් ලබන දෑ පැවැත්මක් නැති දෙවියකු බවට පත්වීම. ඇතැම් මිනිසුන් සැබැවින්ම දෙවියන් පිය පුතු හා මව යන සමූහයකින් සැඳුම් ලත් බව සිතති. ඇතැම් විට ඊටත් වඩා අධික කර ගනිමින් පාරාවුන් හා පුරාණ චීන ජාතිකයින් අතර දෙවිවරුන්ගේ සංඛ්‍යාව මෙන් නවයක් දක්වා ළඟා කර ගනිති. ඇතැමුන් කිතුනුවන් හා බටහිර ආගම් අදහන්නන් මෙන් තුන් දෙනෙකු බවට පත් කර ගනිති. මේවා උපකල්පනයන් මිස යථාර්ථය නොවේ. අල්ලාහ් හැර නැමදුම් ලබන සැබෑ දෙවිවරුන් මෙහි නැත. නමුත් මිනිසුන් විසින් මේවා නිර් මාණය කර සහතික කරති. එයට දෙවියන් ලෙස නම් තබා පසුව පුද පූජා කරති. -අල්ලාහ්ගේ අවසරයෙන්- ෂිර්ක් අහෝසි කිරීම යන මාතෘකාව යටතේ ඉදිරියේ මේ ගැන සඳහන් කරමු.

නැමදුම් ලබන්නා මිනිසෙකු වීම: එය යුදෙව්වන් අතරින් අසීස්ව (එස්රා) නැමදුමට ගත් අය, කිතුනුවන් අතරින් ජේසු තුමාව නැමදුමට ගත් අය, බුදුන්ව නැමදුමට ගත් අය, සොරොස්ටර් ව නැමදුමට ගත් අය, කොන්ෆියුසියස්ව නැමදුමට ගත් අය හා ඉතිහාසගත සමූහයන් අතර එසේ නැමදුමට ගත් වෙනත් බොහෝ අය මෙනි. අල්ලාහ් වෙනුවට එසේ නැමදුමට ලක් වූ මොවුන් මිනිස් වර්ගයා අතරින් සාමාන්‍ය මිනිසුන් විය. ඔවුන් ශුන්‍ය තත්ත්වයේ සිටිය දී අල්ලාහ් ඔවුන්ව මැව්වේය. ඔවුන් ඔවුන්ගේ මව්වරුන්ගේ කුසවල්වලින් කිසිවක් නොදැනුවත්ව මෙලොව එළිය දැක්කහ. සෙසු ජනයා මුහුණ දුන් සතුට, දුක, විපත්, ලෙඩ වැනි දෑට ඔවුන් ද ඔවුන්ගේ ජීවිතයේ මුහුණ දුන්හ. ඔවුන්ගේ සතුරන් ඔවුනට එරෙහිව ආධිපත්‍යය දැරුවෝය. අවසානයට කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප කළ නොහැකි මරණය ඔවුහු අත් වින්දහ. එය එසේ නම්, ඔවුන් තුළ දේවත්වය ඇතැයි විශ්වාස කළ හැක්කේ කෙසේ ද? අල්ලාහ් වෙනුවට ඔවුනට නැමදුම් කළ හැක්කේ කෙසේ ද? නැමදුම් ලබන මොවුන්ගෙන් ඇතැමෙක් තම ජීවිත කාලය තුළ අල්ලාහ්ට ආදේශ තැබීමෙන් වැළකී සිටියහ. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම්, කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත." (සූරා අල් මාඉදා: 72) ඊසා හෙවත් ජේසු තුමා නැමදුමට ලක් වූයේ එතුමාණන්ගේ මරණයෙන් දිගු කලකට පසුවය.

මිනිසුන්ට නිරාවරණය වන, ආහාර අනුභව කරන, කෑම බීම අහිමි වූ විටෙක විනාශ වී යන පුද්ගලයින්ට නමස්කාර කිරීමෙන් හොඳ සිහිය හා නිවැරදි දැක්ම මිනිසාව වළක්වනු ඇත. එසේනම් ඌනතාවය සහ දුර්වලතාවය ඇති පුද්ගලයින් නැමදුමට ලක්විය හැක්කේ කෙසේ ද?

ඉතිහාසය පුරාවට මිනිසුන් ඇදහූ දෙවිවරුන් කිහිපයක් අප ඉදිරිපත් කළ පසු බහුදේවවාදීන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබෙන ප්‍රශ්න කිහිපයක් අපි ඉදිරිපත් කරමු. මෙම ප්‍රශ්න ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයේ සඳහන් කර ඇත. ඒවා අතරින් සමහරක් මෙසේය:

පළමු ප්‍රශ්නය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.” (සූරා ෆාතිර්: 40)

තේරුම: (බ්‍රහ්ම, බුද්ධ සහ ක්‍රිස්තු තුමා) ​​වැනි දෙවියන්ගේ හවුල්කරුවන් යැයි ඔබ විශ්වාස කරන මෙම හවුල්කරුවන් මහපොළොවේ නිර්මාණය කළේ කුමක් ද? එසේ නැතහොත් අහස් මැවීමේ දී ඔවුන් අල්ලාහ්ට හවුල් වූවා ද යැයි අපට පැහැදිලි කරනු. එසේත් නැතහොත් ඔවුන් ඔහුගේ හවුල්කරුවන් බව පවසන සහ සහතික කරන පොතක් දෙවිඳුන් ඔබට පිරිනමා, එම පුස්තකයෙන් සාධක හා සාක්ෂි ඔබ ඉදිරිපත් කරන්නෙහු ද? නැමදුම් ලබන මොවුන් මැවූ වස්තූන් හෝ උපකාරක ගැත්තන් ඉස්මතු නොවූයේ නම්, අහස් මැවීමෙහි ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් වූ බව සහතික නොකළේ නම්, අල්ලාහ් වෙනුවට සමානයන් ගැනීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට පහළ කළ පුස්තකයක් ඔවුන් මිනිසුනට ඉදිරිපත් නොකළේ නම්, ඔවුන් හවුල් කරුවන් නොවන බවත් ඔවුන් නැමදීම ව්‍යාජ බවත් කවරෙකු එසේ ඔවුන් නමදින්නේ ද ඔහු බරපතල මුළාවක සිටින බවත් ස්ථීර ලෙස තහවුරු වන්නේය.

දෙවන ප්‍රශ්නය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.” (සූරා අන්නම්ල්: 64) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මැවීම් ආරම්භ(යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතරින් සිටිත් දැ?යි නුඹ අසනු. මැවීම් ආරම්භ (යේ උත්පාදනය) කොට පසුව එය නැවත ගෙන එන්නේ අල්ලාහ්ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේදැ?යි නුඹ අසනු." (සුරා යූනුස්: 34) මෙම ප්‍රශ්නය තුළ අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන සෙසු සෑම දෙයක් සම්බන්ධයෙන්ම අභියෝගයක් කර ඇත. එනම්: ඔවුන් විසින් මැවීම් උත්පාදනය කළ හැකි ද? ශුන්‍යතාවයෙන් නව මැවීමක් බිහි කළ හැකි ද? ඔවුන් නමදින ඔවුන්ගේ අනුගාමිකයින් විසින් ඔවුන් නිර්මාණය කළ දෑ හෙළි කළ යුතු නොවේ ද?

මිය යෑමෙන් මැවීම් විනාශ වූ විට අල්ලාහ් හැර නැමදුම් ලබන ව්‍යාජ දෙවිවරුන් විසින් එය නැවත ගෙන ඒමට හැකි වන්නේ ද? ඔවුන් අනුගමනය කළ මොවුන් මියගොස් විනාශ වීමෙන් පසුව මොවුනට යළි ජීවය දෙන්නට ඔවුනට හැකි ද? මියගොස් දිරාපත් වූ මොවුන්ගේ පියවරුන් මව්වරුන් දරුවන් හා බිරියන් එසේ නැමදුමට ලක්වූවන් විසින් නැවත ගෙන ආ හැකි ද? ඔවුන්ගේ අනුගාමික යින්ගේ සිත් තුළ තැනක් ගත් ඔවුන්ගේ මුතුන් මිත්තන් නැවත ගෙන ඒමට ඔවුනට හැකි ද?

තවත් ප්‍රශ්නයක් හා අභියෝගයක් මෙම පාඨය තුළ ඇතුළත් වේ. එනම්: වැඳුම් පිදුම් කරන්නනි! ඔබට පෝෂණය සපයන්නේ කවු ද? නැමදුම් ලබන ඔවුන් විසින් ඔවුන්ගේ අනුගාමිකයින්ට පෝෂණය සැළසිය හැකි ද? ඔවුන් අනුගමනය කරන්නන්ගේ දිළිඳුකම, කුසගින්න හා ඔවුන් කෙරෙහි වන සතුරු බලපෑම් අපි දකින්නෙමු. අල්ලාහ් පමණක් හැර ඔවුන් විසින් මොවුනට උදව් කළ හැකි ද? පෝෂණය කළ හැකි ද?

තුන්වන ප්‍රශ්නය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී."* "තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නො හැක. එමෙන්ම ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගත නො හැක."* තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලා ව අනුගමනය නො කරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය. (සූරා අල් අඃරාෆ් 191-193) මෙම ප්‍රශ්නය ප්‍රශ්නයකින් හා අභියෝගයකින් සමන්විතය. ප්‍රශ්නය නම්: අල්ලාහ් හැරදමා කිසිවක් නොමවන දෑට ඔබ නැමදුම් කරන්නෙහු ද? ඒවා ද මවනු ලැබූ හා පෝෂණය කරනු ලැබූ දුර්වල හා දුබල තත්ත්වයේ පසුවෙති.

අභියෝගය නම්: කිසිවකු විසින් හානියක් කිරීමට අපේක්ෂා කළ විට එයින් තමන්ව පවා ආරක්ෂා කිරීමට නොහැකි වීමය. එමෙන්ම ඔහුගේ අනුගාමිකයින්ට උදව් කළ ද නො හැකිය. එසේ නම්, අල්ලාහ් සමග හවුල්කරුවෙකු ලෙස නැමදුම් ලබන කවර කෙනෙකු ඔවුන් ගනු ඇත් ද? ඒවා කිසිවක් මවන්නේ නැත. උදව් කරන්නේ නැත. තමන්ට පවා උදව් කරගත නො හැකි ය. එනමුත් අල්ලාහ්ට නැමදුම් කිරීමට එයට වඩා පරිපූර්ණය. ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: අල්ලාහ් සමග වෙනත් සමානයන්, පිළිම හා ප්‍රතිමාවන් නැමදුමට ගත් බහුදේවවාදීන් හට මෙය අල්ලාහ්ගෙන් වූ අවවාදයකි. ඒවා අල්ලාහ් සතු මැවීම්ය. ඒවා නිර්මාණය කරනු ලැබූ හා පෝෂණය කරනු ලබන දෑය. කිසිදු අඥාවක් ඒවාට හිමි නැත. කිසිදු හානියක් හෝ සෙතක් කළ නො හැකි ය. තම ගැත්තන්ට පවා උපකාර කළ නො හැකි ය. ඒවා කිසිදු චලනයක් නැති භෞතික වස්තුය. ඒවා සවන් දෙන්නේ නැත. බලන්නේ නැත. ඒවාට නමස්කාර කරන්නන් ඒවාට වඩා සවන් දීමෙන්, බැලීමෙන් හා ග්‍රහණය කිරීමෙන් බලවත්ය. එබැවින් අල්ලාහ් මෙසේ පවසයි: "කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී." එනම්: කිසිවක් නො මවන; ඒ සඳහා හැකියාවක් නැති නැමදුම් ලබන දෑ නුඹලා ඔහුට ආදේශ කරන්නෙහු ද?(8) තෆ්සීර් ඉබ්නු කසීර් (3/529)

සිව්වැනි ප්‍රශ්නය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සෑම ආත්මයක් ම ඔවුන් ඉපැයූ දෑ සම්බන්ධයෙන් භාරව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙවිවරුන් යැයි පවසන දෑට සමාන) ද? නමුත් ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝය. “නුඹලා ඔවුන්ගේ නම් සඳහන් කරනු. නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වන්නෙහු ද? එසේ නැතහොත් එය මතුපිටින් පවසන පුහු ප්‍රකාශයක් ද?” යැයි (නබිවරය! ඔවුන්ගෙන්) විමසනු. නමුත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් අවහිර කරන ලදී. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත." (සූරා අර් රඃද්: 33) ඉමාම් අත්-තබරී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: සදාකාලික වූ, විනාශ නොවන, සියලු මැවීම් සඳහා පෝෂණය සපයා ආරක්ෂා කරන, ඔවුන් ගැන හා ඔවුන් උපයන ක්‍රියාවන් ගැන මැනවින් දන්නා, ඔවුන් කෙරෙහි අධීක්ෂණයෙන් සිටින හා ඔවුන් කොතැනක සිටියත් ඔහුගෙන් මිදිය නොහැකි පරමාධිපතියාණන් වනාහි, ඔහු විනාශ වී යන, සවන් දිය නොහැකි, කිසිවක් දර්ශණය නොවන, කිසිවක් නොවැටහෙන, තමන්ට පවා ආරක්ෂාව සැලසිය නොහැකි, තමන්ට වැඳුම් පිදුම් කරන්නන්ගෙන් හානිය වැළැක්විය නොහැකි ඔවුන් වෙත සෙත සැලසිය නොහැකි අය මෙන් වේ ද? මේ දෙදෙනා එක සමාන වන්නේ ද? බහුදේවවාදීන් වන මොවුන් හට පෝෂණය සපයන්නේත් ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන්නේත් ඔවුන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කරන්නේත් මම යි. නමුත් ඔවුන් මා හැර දමා මාගේ මැවීම්වලට නැමදුම් කරමින් ඒවා මාගේ හවුල්කරුවන් බවට පත් කරති. අහෝ මුහම්මද්! ඔබ ඔවුනට මෙසේ පවසන්න. අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ඔවුන් හවුල්කරුවන් ලෙස නියම කරගත් දෑට ඔවුන් නම් තබා ඇත. ඔවුන් දෙවියන් යැයි ඔවුනට පවසන්නේ නම් සැබැවින්ම ඔවුන් බොරු පවසා ඇත. හේතුව සර්වලධාරී ඒකීය අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වන්නෙහු ද? මිහිකත දෙවියෙකු සිටින බව නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු ද? ඔහු හැර මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු දෙවියෙකු නැත.(9) ජාමිඋල් බයාන් (16/362-365)

පාඨයේ ඇතුළත් මෙම ප්‍රශ්නයට බුද්ධිය අවදි කරන කරුණු තුනක් ඇතුළත් වේ.

පළමු අවදි කිරීම: සෑම ආත්මයකටම තමන් උපයාගත් දෑට අනුව වගකිව යුතු ශ්‍රේෂ්ඨ, බලසම්පන්න, පොහොසත් දෙවි කෙනෙකු සහ අසරණ දෙවි කෙනෙකු අතර සලකා බැලීමට හා සැසඳීමට මනස අවදි කරවයි. එය මවා බිහි කළේ ද ඔහු ය. එයට පෝෂණය හා ජීවනෝපාය සළසා දෙන්නේ ද ඔහුය. ඔහු අභිමත කළ විට එය හා එයට නමදින අය විනාශ කර දමනු ඇත. අසරණ දෙවියෙකු බුද්ධිමත් අයකු විසින් නමදිනු ලැබිය හැක්කේ කෙසේ ද?

දෙවන අවදි කිරීම: සැබැවින්ම අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට මෙසේ පවසා සිටියි: ඔවුහු තමන් නමදින දෑට නම් තැබුවෝය. යථාර්ථයෙන්ම ඔවුනට කිසිදු පැවැත්මක් නැත. එනම් මා හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුසු කිසිදු දෙවියෙකු ත. එහෙයින් නුඹලා විසින් හවුල්කරුවන් ඇරයුම් කළ විටෙක, නුඹලා ඔවුනට නම් තබා ඇරයුම් කළෙහුය. අල්ලාහ් නොදන්නා හවුල්කරුවන් නුඹලා ඇරයුම් කර සිටිනුයේ කෙසේ ද? සැබැවින්ම අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නා බව ඔබ පිළිගන්නෙහුය. මින් පැහැදිලි වන්නේ සැබැවින්ම නුඹලා නමදින්නට නියම කරගත් හවුල්කරුවන් වනාහි ඔවුනට යථාර්ථයේ කිසිදු පැවැත්මක් නැත යන්නයි.

තුන්වන අවදි කිරීම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිදු දෙවි‌යෙකුට පැවැත්මක් නැති නම්, එසේ හවුල්කරුවන් නියම කර ගෙන ඇයැද සිටීම පුහු තර් කයක් පමණි. එය කිසිදු සාධකයක් නැති ප්‍රකාශයකි. මනස එය පිළිගන්නේ නැත. එය ඇරයුම් කරනු ලබන්නන් හට ප්‍රතිචාර දක්වන සෙසු ඇරයම් කරුවන් හා සමාන ඇරයුමකි. ඔවුන් කරන ඇරයුමෙහි සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව ඔවුහු දනිති.

පස්වන ප්‍රශ්නය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "නුඹලා අතුරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් (වහල්) අය අතුරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට (වහලුන්ට)ද බියවන්නෙහුය. වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය." (සූරා අර් රූම්: 28) මෙම උපමාවෙහි තේරුම: සැබැවින්ම මිනිසා තම පුතා හෝ තම සහෝදරයා වුව ද කිසිවකු හෝ තමන් සතු දෙයක හවුල් කර ගැනීමට ප්‍රිය කරන්නේ නැත. එම හවුල්කරු සැබෑ ස්වාමියාට වහල් ගැත්තෙක් වූ විටෙක, ඒ ගැන මිනිසාම ප්‍රිය නොකරන්නේ නම්, අල්ලාහ් සමග ඔවුන් නමදින හවුල්කරුවන් අල්ලාහ්ට නියම කිරීම ගැන ඔහු තෘප්තියට පත්වන්නේ කෙසේ ද? ඔවුන් මූලික වශයෙන් යථාර්ථයෙන්ම අල්ලාහ්ට හිමි වහලුන් වෙති. සැබැවින්ම ඔවුන් ඔහුගේ ගැත්තන් හා වහලුන් වෙති. එය එසේ නම්, අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන සෑම දෙයක්ම සර්ව බලධාරී පරමාධිපතියාණන් සතු වහලෙකු වන්නේය. උත්තරීතර, සුවිශුද්ධ, පෝෂක මහා මැවුම්කරුවාණන් හට නැමදීම අත්හැර දමා නිපදවන නිර්මාණය කරන ලද ගැත්තෙකුට නැමදුම් කිරීම බුද්ධිමතෙකු පිළිකුල් කරනු ඇත. තෆ්සීර් ඉබ්නු කසීර් (6/312) බලන්න.

අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ අය වෙත යොමු කරන ලද ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයේ සඳහන් ප්‍රශ්න කිහිපයක් අපි සමාලෝචනය කිරීමෙන් පසුව, අපි බහුදේවවාදයේ අර්ථය පැහැදිලි කර, පසුව අපි බහුදේවවාද වලංගු නොවන බවට සාක්ෂි කිහිපයක් ඉදිරිපත් කරමු.

ෂිර්ක් හෙවත් දේවත්වයට ආදේශ කිරීම යනු: අල්ලාහ් ඔබව මවා තිබිය දී ඔබ ඔහුට සමානයෙකු නියම කිරීමය. එනම් ප්‍රාර්ථනාව, සතුන් කැප කිරීම, භාරහාර, අල්ලාහ් හැර වෙනත් කිසිවකු විසින් සහය විය නොහැකි කරුණක දී ඔහු හැර වෙනත් අයකුගෙන් ප්‍රාර්ථනා කිරීම, එය සමීප මලක්වරයෙකු හෝ එවන ලද නබිවරයකු හෝ ජීවතුන් අතර හෝ මිය ගිය දැහැමි මිනිසකු හෝ නැමදුම් ලබන පිළිමයක් හෝ ග්‍රහයක් හෝ තාරකාවක් හෝ ස්වභාව ධර්මය හෝ වෙනත් කිසිවෙකු වේවා, එවන් යම් නැමදුම් වර්ගයක් අල්ලාහ් නොවන අය වෙත යොමු කිරීමය.

අල්ලාහ්ට ආදේශ කිරීමේ යථාර්ථය: මිනිසා අල්ලාහ්ට නමදින්නාක් මෙන් යම් මැවීමකට නැමදීම හෝ අල්ලාහ්ට ගරු බුහුමන් කරන්නාක් මෙන් එයට ගරුබුහුමන් කිීම හෝ පරිපාලනය, දේවත්වය, නාම හා ගුණාංග යනාදී ලක්ෂණ වල අල්ලාහ්ට ඔහු සමාන කිරීමය.

අල්ලාහ්ට යමක් සමාන කිරීම වලංගු නොවන බවට වන සාධක නම්:

පළමු සාධකය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර් ෂ් හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු." (සූරා අල්-ඉස්රා: 42) තේරුම: දෙවිවරුන් බහුලව ඇති බව විශ්වාස කර, එවන් සෑම දෙවියකුටම නියමිත ගුණාංග නියම කර, නියමිත කරුණු මැවීම් එයින් අපේක්ෂා කරන බව විශ්වාස කරන්නන් වනාහි, සර්ව රාජ්‍යය සතු සර්ව බලධාරී පරමාධිති වෙත ඔවුන් සමීප කරවන දෙවිවරුන් ඔවුන් සෙවිය හැකිය. සැබැවින්ම ඒවා ව්‍යාජ බව අල්ලාහ් දන්වා සිටියේය. සැබැවින්ම ඒබා වෙනත් කෙනෙකුට සෙත සැලසීමට හා අල්ලාහ් වෙත ඔවුන් සමීප කරවීමට හැකිව තිබුණේ නම්, ඒවා විසින්ම මහා රාජ්‍ය සතු අල්ලාහ් වෙත සමීප වන්නට තිබුණි. අල්ලාහ් අබියස වඩාත් උසස් හා ඉමහත් නිලයක් ඒවාට වෙන් කර ගන්නට තිබුණි. නමුත් ඒවාටම එය සිදු කළ නො හැකි වූ කල්හි ඒවා නැමදුමට නියම කර, සර්ව බලධාරී අල්ලාහ් වෙත තමන්ව සමීප කරවන මෙන් මිනිසා ඒවායින් ඉල්ලා සිටිනුයේ කෙසේ ද?

දෙවන සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ වූයේ නම්, සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග යන්නට බලනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වන්නට බලනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය." (සූරා අල් මුඃමිනූන්: 91) පරමාධිපතියාණන්ට පුතෙකු ලැබීම තාර්කිකව විය නොහැකි බව සර්ව බලධාරී පරමාධිපතියාණන් පැහැදිලි කරයි. එමෙන්ම ඔහු සමඟ තවත් දෙවියෙකු සිටීම ද විය නොහැකි ය. එක් දෙවියෙකුට වඩා වැඩි නම්, සෑම දෙවියෙක්ම තම මැවීම් සමග ස්වාදීන වන අතර, ඔවුන් එකිනෙකා පරාජය කරන්නට බලනු ඇත. පරාජය වන තැනැත්තා දෙවියෙකු වන්නේ නැත. ඉබ්නු ජරීර් (රහිමහුල්ලාහ්) තුමා තම විග්‍රහයේ මෙසේ පවසයි: අල්ලාහ්ට කිසිදු දරුවකු නැත. ඔහු අතීතයේ ඔහු සමග සිටියේ ද නැත. නිර් මාණයන් බිහි කරන අවස්ථාවේ නැමදීමට සුදුසු වෙනත් කිසිවකු සිටියේ ද නැත. අතීතයේ සිට ඔහු සමග කිසිවකු වී නම් හෝ ඔහු නිර් මාණයන් බිහි කරන අවස්ථාවේ නැමදුමට සුදුසු කෙනෙකු වී නම් (දෙවියකු වී නම්, ඒ සමග යනු ඇත.) තවදුරටත් මෙසේ පවසයි: එවිට සෑම දෙවියෙක්ම තමන් කවර කරුණක් මැව්වේ ද ඒ සමග ස්වායත්ත වන අතර ඔහු සමග හුදෙකලා වනු ඇත. එකිනෙකා පරාජය කිරීමට බලනු ඇත. එකිනෙකාට වඩා උසස් වන්නට බලනු ඇත. ඔවුන් අතර සිටින දුර්වලයා උසස් කිරීමට බලවතා ප්‍රිය නොකරන බැවින් බලවතා දුර් වලයා පරාජය කරනු ඇත. දුර්වලයා දෙවියකු වීමට සුදුසු නැත. අල්ලාහ් සුවිශුද්ධය. තේරුම් ගෙන මෙනෙහි කරන්නාට වඩාත්ම වාචික හා සංක්ෂිප්ත තර්කය වෙන කුමක්ද? ජාමිඋල් බයාන් (19/66)

අෂ්-ෂෙයික් අස්- සඃදී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: සර්ව බලධාරී දෙවියන් දෙවිවරු දෙදෙනෙක් නැති බවට තාර්කික සාක්ෂි පෙන්වා දුන්නේ එබැවිනි. ඔහු මෙසේ පවසයි: "එසේ වූයේ නම්" එනම්: ඔවුන් පවසන පරිදි දෙවියෙකු ඔහු සමග වී නම්, "සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග යන්නට බලනු ඇත." දෙවිවරුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම තම මැවීම් සමග වෙන්ව යන්නටත් හුදෙකලා වීමටත් බලනු ඇත. අනෙකාව වළක්වාලන්නටත් පරාජය කිරීමටත් අපේක්ෂා කරනු ඇත. "ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වන්නට බලනු ඇත." ජය ගන්නා දෙවිඳුන් වනු ඇත. එසේ නොවුවහොත්, ප්‍රතිවිරෝධතා ඇතිව ලෝකය පැවතිය නොහැකි වේ. මෙම විස්මිත පිළිවෙල සංවිධානය කළ හැකි බව බුද්ධියට සිතාගත නොහැකි වේ. ඉර, සඳු, ස්ථාවර ග්‍රහලෝක සහ එවායෙහි ගමන සමඟ එය සලකා බලන්න. ඒවා නිර් මාණය වූ දා එක ක්‍රමවේදයකට සහ එක විධිවිධානයකට අනුව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා සියල්ල බලයෙන් හසුරුවා කළමනාකරණය කර ඇත. සියලු මැවීම්වල අවශ්‍යතා සඳහා ප්‍රඥාවෙන් යුතුව සැළසුම් කර ඇත. කෙනෙකු හැර දමා තවත් කෙනෙකුගේ අවශ්‍යතාවයට පමණක් ඒවා සීමා වී නැත. ඔබ එහි කිසිදු දෝෂයක්, පරස්පරයක් හෝ විරුද්ධත්වයක් සුළු ක්‍රියාවකින්වත් නොදකිනු ඇත. මෙය පරමාධිපත්‍ය දරණ දෙවිවරුන් දෙදෙනෙකුගේ සැලසුමක් වනු ඇතැයි සිතිය හැකි ද?) තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 558)

තුන්වන සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බූදයට පත්වනු ඇත..." (සූරා අල් අන්බියා: 22) අෂ්-ෂෙයික් අස්-සඃදී (රහිමහුල්ලාහ්) තුමා තම විග්‍රහයේ මෙසේ පවසයි: ඉන් පැහැදිලි වනුයේ: පෙනෙන පරිදි, ඉහළ සහ පහළ ලෝකය කිසිදු දෝෂයක්, හිඩසක්, විරුද්ධත්වයක් හෝ පරස්පරතාවක් නොමැතිව යහපත්කමේ හා පිළිවෙළේ පරිපූර්ණ තත්ත්වයක පවතින බවයි. මෙයින් පෙන්නුම් කරන්නේ එහි පාලකයා ද එහි ස්වාමියා ද එහි දෙවියා ද එක් අයකු බවයි. එයට පරිපාලකයින් දෙදෙනෙකු සහ දෙවිවරුන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩියෙන් සිටී නම්, එහි පද්ධතිය කඩාකප්පල් වී එහි පදනමද විකෘති වී යනු ඇත. මන්ද ඔවුන් එකිනෙකා පරස්පර විරෝධී වන බැවිනි. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට යමක් පාලනය කිරීමට අවශ්‍ය නම්, අනෙකා එය නොකිරීමට සිතුවේ නම්, ඔවුන්ගේ කැමැත්ත එකට පැවතිය නො හැකි ය. අනෙකා නොමැතිව ඔවුන්ගෙන් කෙනෙකුගේ කැමැත්ත පැවතීම පෙන්නුම් කරන්නේ බලයේ නොහැකියාව සහ අඩුකමයි. අනෙක, සියලු කාරණාවලදී එක කැමැත්තක් මත ඔවුන්ගේ එකඟතාව ඇති කළ නො හැකි ය. එබැවින් තම කැමැත්ත පමණක් පවතින, කිසිදු බාධාවකින් හෝ අවහිරතාවකින් තොරව පාලනය කරන සර්ව බලධාරී ඒකීය අල්ලාහ් පමණක් වන බව නියම වනු ඇත.[13]. තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 521)

සිව්වැනි සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල්ලාහ් හැර දමා නුඹලා විශ්වාස කළවුන්ට නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු."* "තවද කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම (අන් කිසිවෙකුට) ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසති. සත්‍යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්රේෂ්ඨ ය; අති උත්තරීතරය." (සූරා සබඃ: 22,23) අල්ලාහ් සමග තවත් දෙවියෙකු සිටින බවට විශ්වාස කරන මෙම බහුදේවවාදීන්ගෙන් මෙසේ විමසා සිටින මෙන් අල්ලාහ් තම නබිවරයාට නියෝග කළේය. එනම්: අල්ලාහ් වෙනුවට කිසිදු යහපතක් කිරීමට අපොහොසත් නැමදුම් ලබන මොවුන් ට -සැබැවින්ම ඔවුන්ගෙන් ඇරයුම් කරන්නන් හට ඔවුන් සෙත සලසන බවට නුඹලා විශ්වාස කරන්නෙහු නම්- අහස් හි හෝ මහපොළොවෙහි හෝ ඔවුන් හිමිකම් පාන කිසිවක් තිබේ ද? අනුවක තරම් කිසිවක් ඔවුන් සතුව ඇත් ද?

පසුව ඔබ ඔවුන් සමඟ වැටෙනුයේ ඊටත් වඩා පහත් තැනකටය. කිසිවක් ඔවුන් සතු නොවන්නේ නම් කුඩා හෝ අල්ප දෙයක අල්ලාහ් සමග ඔවුන් හවුල්කරුවන් විය හැකි ද?

ඔවුන්ට ස්වාධීන හිමිකමක් නොමැති නම්, අල්ලා සමග හවුල්කරුවන් නොවන්නේ නම්, ඔවුන් අල්ලාහ් සතු උදව්කරුවන් හා සහයකරුවන් වනු ඇත් ද? එසේ ඔහු අබියස ඔවුනට බලයක් ලබන තරමට උසස් වී ඔහුට උපකාර කිරීම නිසා ඔවුන්ගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලබනු ඇත් ද? එයින් අල්ලාහ් පිවිතුරුය, උත්තරීතරය.

ඔවුනට නැමදුම් කළවුන් හට ඔවුන් ඔහු අබියස මැදිහත් වන්නෝ ද? අල්ලාහ්ගෙන් තොරව ස්වාධීන හිමිකමක් දරන කිසිවකු නැති බව ස්ථීර ලෙසම සෑම මිනිසෙකුම දන්නේය. ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට කිසිදු හවුල්කරුවකු හෝ සහායකයකු නැත. ඔහුගේ අවසරයෙන් තොරව ඔහු අබියස මැදිහත් වන කිසිවකු නැත. එය එසේ නම්, කිසිවක් හිමි නැති, කිසිවක හවුල්කරුවකු නොවන, කිසිවක උදව් කරුවකු හෝ මැදිහත් කරුවකු නොවන කෙනෙකුට ඇරයුම් කරන්නේ කෙසේ ද? මේ අසරණකම, දරිද්‍රතාවය සහ නින්දා සහගත තත්ත්වය මත එවන්නෙකුට ප්‍රාර්ථනා කළ හැක්කේ කෙසේද? දුප්පතෙකු තමා වැනි දුප්පතෙකු හෝ තමන්ට වඩා අසරණ අයකුට ඇරයුම් කරනුයේ කෙසේ ද? ජාමිඋල් බයාන් (20/394) හා තය්සීරුල් කරීමුර් රහ්මාන් (පිටු අංක: 678) බලන්න.

සැබැවින්ම නැමදුම් ලබන දැයකට ඇරයුම් කරන්නා තමන්ට යම් කිසි සෙතක් සළසා ගැනීමට හෝ යම් හානියකින් තමන්ව වළක්වා ගැනීමට ඇරයුම් කර සිටිනුයේ ඔහු තුළ කරුණු හතරෙන් එකක් හෝ ඇති බව ඔහු විශ්වාස කරන විටෙක බව දැනගත යුතු වේ. එනම්: එක්කෝ ඔහුගෙන් තම ගැත්තන් කවර කරුණක් අපේක්ෂා කරන්නේ ද ඔහු එහි හිමිකරු විය යුතුය. එසේ හිමිකරුවකු නොවන්නේ නම්, එම හිමිකරුට හවුල්කරුවකු විය යුතුය. ඔහු ඔහුගේ හවුල්කරුවකු නොවන්නේ නම්, ඔහුට උදව් උපකාර කරන සහායකයකු විය යුතුය. උදව් උපකාර කරන සහායකයකු නොවන්නේ නම් ඔහු අබියස මැදිහත් කරුවකු විය යුතුය.

මේ නිලයන් හතරම ඉහළ සිට පහළ දක්වා අනුපිළිවෙලින් අල්ලාහ් ප්‍රතික්ෂේප කළේය. එනම් හිමිකාරත්ව, හවුල්කාරිත්වය, උපකාරත්වය හා මැදිහත්වීම(15). මිද්රාජුස් සාලිකීන් (1/351)

පස්වන සාධකය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති." (සූරා ෆාතිර්: 13) ඉහත කී සාධකයේ අල්ලාහ් වෙනුවට ඇරයුම් කරනු ලබන්නන්ගේ අසරණකම පරමාධිපතියාණන් පැහැදිලි කළේය. බහුදේවවාදීන් විසින් ලෝවැසියන්ගේ පරමාධිපතියාණන් වන අල්ලාහ්ට හවුල්කරුවන් ලෙස ඔවුන් පත් කර ගෙන සිටියහ. මෙම සාධකය තුළ පැහැදිලි කර සිටිනුයේ ඔහුගේ පරිපූර්ණත්වය, ඔහුගේ සර්ව බලධාරීත්වය හා මෙලොව ඔහුගේ පරිපාලනත්වය පිළිබඳ කොටසයි. රාත්‍රිය දහවල තුළට ඇතුළත් කරන්නේත්, දහවල රාත්‍රිය තුළට ඇතුළත් කරන්නේත් තවද හිරු හා සඳු පාලනය කරන්නේත් නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරවන්නේත් ඔහුය. සැබැවින්ම ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව ඥානී සර්ව බලධාරියා බව මෙය පෙන්වා දෙයි. ඔහු හැර වෙනත් හිමියෙකු නැති ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නැති දෙවිඳුන් ඔහුය. මෙහි සඳහන්ව ඇත්තේ මෙම විශ්වය පාලනය කිරීමේ දී සර්ව බලධාරීයාණන්ගේ පාලනයට නතු කරුණු කිහිපයක් පමණි. බහුදේවවාදීන් විසින් අල්ලාහ්ට හවුල්කරුවන් නියම කරගත් දෙවිවරුන් අතර ඔහුගෙන් තොරව සැළසුමක් ඇත්තේ කොතැනක ද? සැබැවින්ම ඔහු වෙනුවට එසේ නැමදුමට ලක්වන්නන් අවශ්‍යතාවන්ගෙන් පෙළෙන අසරණයින් බව ඔහු තීන්දු කළේය. ඔවුන් අතරින් කිසිවකුට ඉඳි ඇටයක සිවියක් තරම්වත් කිසිවක් අයිති නොවන තත්ත්වයේ ඔවුන් පසුවන්නේ දැඩි අසරණතාවයකය.

පසුව මනස අවදි කරන අයුරින් අභියෝගයක් සර්ව බලධාරී පරමාධිපතියාණන් ඔවුනට ඉදිරිපත් කොට, එම දෙවිවරුන්ගේ අපොහොසත්කම නිරාවරණය කළේය. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්යය) දන්වා නොසිටියි.” (සූරා ෆාතිර්: 14) එනම්, මෙම දෙවිවරුන් කිසිදු ප්‍රාණයක් නැති අප්‍රාණික වස්තු පමණක් වන බැවින් ඔවුනට ඇරයුම් කරන්නන් හට ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුනට සවන් වැකෙන්නට බල කළ ද ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කරන්නන් හට ඔවුන් පිළිතුරු ‍දෙන්නේ නැත. අභාග්‍යවන්තකම නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී, අල්ලාහ් වෙනුවට ඔවුන් කවරෙකු නමදිමින් සිටියේ ද ඔවුන් ඔවුන්ගෙන් ඉවත්ව යනු ඇත. මෙලොවෙහි ඔවුන් ඔවුනට කිසිදු ආකාරයේ සෙතක් නොකළ අතර මතුලොවෙහි ඔවුනට එරෙහිව නැගී සිටිනු ඇත. එහෙයින් බහුදේවවාදීන් මේ දෙවිවරුන්ගෙන් ලැබූ ලාභය කුමක්ද?

හයවැනි සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "මර්යම්ගේ පුත් මසීහ් රසූල්වරයකු මිස නැත. ඔහුට පෙර ද රසූල්වරු(බොහෝ දෙනෙකු) ඉකුත් ව ගොස් ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. දෙදෙනාම ආහාර අනුභව කරන්නන් වූහ. ඔවුනට එම සාධක අපි පැහැදිලි කරනුයේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ඔවුන් වෙනතකට හැරී යන්නේ කෙසේ දැ යි ද අවධානයෙන් බලනු."* "අල්ලාහ්ගෙන් තොරව නුඹලාට කිසිදු හානියක් හෝ කිසිදු ප්‍රයෝජනයක් හෝ කිරීමට බලය නොමැති දෑට නුඹලා වන්දනාමාන කරන්නෙහු දැ යි (නබිවරය!) නුඹ අසනු. තවද අල්ලාහ් වන ඔහු සර් ව ශ්රාවකය; සර්ව ඥානීය." (සූරා අල් මාඉදා: 75-76) සැබැවින්ම කිතුනුවෝ ඊසා (ජේසු) තුමා අල්ලාහ්ගේ පුත්‍රයා බව වාද කරමින් සර් ව බලධාරී අල්ලාහ්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් එතුමාට වැඳුම් පිදුම් කළෝය. ඇතැම් කරුණු පිළිබඳ පරිශීලනය කළ බැලූ විටෙක, සැබැවින්ම ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තන් අතරින් එක් ගැත්තකු වේ යන ස්ථීර විශ්වාසයත් සමග එම මතයෙන් බැහැර වනු ඇතැයි සර්ව බලධාරී අල්ලාහ් පැහැදිලි කළේය. එතුමා මිනිස් කාන්තාවකගෙන් බිහි වූ මිනිසෙකු වේ. සෙසු මිනිසුන් සේ ආහාර පාන මත පදනම්ව ජීවත් විය. එතුමා මෙම තත්ත්වයේ පසුවූයේ නම්, දෙවියෙකු වන්නේ නැත. දෙවිඳුන්ගේ දරුවෙකු ද නොවේ. අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන්නට ඔහු සුදුසු ද නැත. එතුමා ආහාර පාන නොගත්තේ නම් සෙසු මිනිසුන් විනාශ වී යන්නාක් මෙන් එතුමා ද විනාශ වී යනු ඇත. කවරෙකු එතුමාට නැමදුම් කළේ ද කිසිදු සෙතක් හෝ හානියක් කිරීමට එතුමාට හැකියාවක් නැති බව සර්ව බලධාරී පරමාධිපතියාණන් පැහැදිලි කළේය. සෙතක් හෝ හානියක් කිරීමට එතුමාට හැකි වූයේ නම්, තමන්ට සෙත සළසා ගන්නට තිබුණි. යුදෙව්වන් එතුමා ඝාතනය කිරීමට තැත් කරමින් එතුමාට කළ හිංසාවන්ගෙන් එතුමා ආරක්ෂා වන්නට තිබුණි.

මෙම අවිවාදිත සාක්ෂිය, ප්‍රතික්ෂේප කිරීමට සහ නිෂ්ඵල කිරීමට කිතුනුවන්ට නොහැකි ය. මිනිසුන් අල්ලාහ් වෙනුවට දෙවියෙකු ලෙස ගත් සෑම මනුෂ්‍ය දෙවියෙකුටම නමස්කාර කිරීම නිෂ්ඵලය. එය අල්-උසයිර් හෝ වේවා බුදුන් හෝ වේවා කොන්ෆියුසියස් හෝ මිනිසුන් නමස්කාර කරන වෙනත් අය හෝ වේවා නිෂ්ඵල වේ. මේ සියලු දෙනාම තම මව්වරුන් විසින් බිහිකළ මිනිසුන් වෙති. ඔවුහු ආහාර පාන ගත්තෝය. ඔවුන් අනුගමනය කරන්නන් හට කිසිදු සෙතක් හෝ හානියක් කිරීමට ඔවුනට අයිතියක් නැත. තම ජීවිතය පවත්වා ගෙන යන්නට ආහාර පානවල අවශ්‍යතා හා ඔවුන්ගේ තත්ත්වයන්හි අඩුපාඩු ඇත්නම්, ඔවුන්ට නැමදුම් කිරීමේ දුෂණය එවිට පැහැදිළි වනු ඇත. මිනිසුන්ගෙන් හානිය වැළැක්වීමේ හා ඔවුනට සෙත සැලසීමේ අධිකාරී බලය සර්ව බලධාරී පරමාධිපතියාණන් සතුව තිබියදී, තම ගැත්තන්ගේ සියලු තත්ත්වයන් පිළිබඳ හඳුනන සර්ව ඥානී හා සර්ව ශ්‍රාවක ඔහුට නැමදුම් කිරීම අත්හැර දමා, ඔහුට ආදේශයන් නියම කරනුයේ කෙසේ ද?

හත්වන සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැ?යි නුඹ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, ඔවුහු “අල්ලාහ්” යැයි පවසති. (අහෝ නබිවරය!) “අල්ලාහ් හැර දමා නුඹලා කන්නලව් කරන දෑ පිළිබඳ නුඹලා කුමක් සිතන්නෙහුද? - අල්ලාහ් මා වෙත යම් නපුරක් සිතුවේ නම් එම නපුර ඔවුන් ඉවත් කරන්නන් වෙත් ද? එසේ නැතහොත් අල්ලාහ් මා වෙත යම් ආශිර්වාදයක් සිතුවේ නම් ඔහුගේ ආශිර්වාදය ඔවුන් වළක්වන්නන් වෙත්ද? යැයි විමසනු. (නබිවරය!) “අල්ලාහ් මා හට ප්‍රමාණවත්ය. විශ්වාස කරන්නන් ඔහු වෙත පමණක් විශ්වාස කරත්වා” යැයි පවසනු." (සූරා අස් සුමර්: 38) මෙම පාඨයේ, අල්ලාහ් හැර අන් අයට නමස්කාර කරන සෑම කෙනෙකුටම පැහැදිලි ප්‍රශ්නයක් ඇත. එනම් අහස සහ පොළොව මැව්වේ කවුද? නිසැකයෙන්ම අල්ලාහ් යැයි ඔහු පවසනු ඇත. මෙහි දී ඒ සමග තවත් ප්‍රශ්නයක් ඉස්මතු වේ. එනම්: අල්ලාහ් වෙනුවට ඔබ ඇරයුම් කර සිටින මෙම දෙවිවරුන් මාගේ ශරීරයට යම් හානියක් කිරීමට හෝ මාගේ ආහාරය මට සීමා කිරීමට හෝ පෝෂණ සම්පත් හෝ දරුවන් හා ධනය විස්තීරණ කරමින් මට ආශිර්වාද කිරීමට හෝ සිතුවේ නම්, මාගේ හානිය ඉවත් කිරීමට හෝ අල්ලාහ් මා වෙත පිරිනැමූ ආශිර්වාදය මගෙන් ඉවත් කිරීමට හෝ මෙම ‌දෙවිවරුන්ට හැකි වන්නේ ද? මෙහි පිළිතුර දෙවිවරුන්ට වන්දනාමාන කරන සෑම කෙනෙකුම දනියි. එනම්: ඔවුන් කිසිදු හානියක් හෝ සෙතක් හෝ නොකරන බවත් කිසිවක් වළවන්නේ හෝ පිරිනමන්නේ නැති බවත්, කිසිදු ව්‍යසනයක් ඉවත් නොකරන බවත් කිසිදු යහපතක් වැළැක්විය නොහැකි බවත් දනී. එය එසේ නම්, අල්ලාහ් වෙනුවට වෙනත් දෑ නැමදුමට නියම කර ගනුයේ කෙසේ ද? කිසිදු හානියක් කළ නොහැකි, කිසිදු සෙතක් සැළසිය නොහැකි, කිසිවක් මත බලය දැරිය නොහැකි දෑ සමග සියලු යහපත තම අතෙහි තබා ඇති තමන් අභිමත කළ සියලු දෑ ක්‍රියාත්මක කරන අයට සමාන කිරීම බුද්ධියක් නැති අයකුගෙන් මිස වෙනත් කිසිවකුගෙන් මතු වන්නේ නැති බව මැනවින් වැටහේ.

අට වැනි සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා ඔවුන් ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නොවූයෙමි." (සූරා අල්-කහ්ෆ්: 51) ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසීය: 'මා හැර දමා ඔබ භාරකරුවන් ලෙස නියම කරගත් මොවුන් ඔබ මෙන් ගැත්තන් මිස නැත. ඔවුනට කිසිවක් හිමි නැත. අහස් හා මහපොළව මැවීමේ දී මම ඔවුන් සහභාගී කරවා ගත්තේ ද නැත. ඒ වන විට ඔවුන් පැවතුනේ ද නැත' යැයි අල්ලාහ් පැවසීය. තවදුරටත් 'සියලු මැවීම් මවා, ඒවා පාලනය කර, ඒවා මෙහෙයවනුයේ මා තනිවමය. එහි දී කිසිදු හවුල්කරුවෙකු හෝ ඇමතියෙකු හෝ මඟ පෙන්වන්නෙකු හෝ දාර්ශනිකයෙකු හෝ නොවීය.(16) අහස් හා මහපොළොව මැවීමේ දී ඔවුන් සහභාගී නොවූයේ නම්, ඔවුන් ඔවුන්වම නිර්මාණය නොකළේ නම්, එසේම මෙම සමානයන් හා දෙවිවරුන් ශුන්‍ය තත්ත්වයෙන් ඔවුන්ගේ පරමාධිපතියාණන් ඔවුන් බිහි කර ඇත්නම් ඔබ ඔහු හැර දමා ඔවුන් දෙවිවරුන් ලෙස නියම කර ගනුයේ කෙසේ ද? තෆ්සීර් ඉබ්නු කසීර් (5/153)

නව වැනි සාධකය: විශ්වයේ පවතින සෑම මැවීමකටම පෝෂණය සැළසීමේ වගකීම සර්ව බලධාරියාණන් භාර ගෙන ඇත. මැවුම්කරු හා පෝෂක ඔහුය. ඔහු හැර සෙසු සියල්ල මවන ලද හා පෝෂණය කරනු ලබන දෑය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය." (සූරා අල් අන්කබූත්: 60) තවදුරටත් උත්තරීතරයාණන් මෙසේ පවසයි: “මහාපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස වෙනත් අයකු මත නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.” (සූරා හූද්: 6) සිව්පාවෙක් හෝ පක්ෂියෙක් හෝ ඒ හැර වෙනත් මැවීමක් හෝ වේවා, ඒවාට පෝෂණය කිරීමේ වගකීම දරනුයේ කවුරුන් ද? මෙම සත්වයින් තමන් විසින්ම ආහාර සපයා ගන්නේ ද? නැතහොත් උන් කවර දිශාවකට ගිය ද උන් සමඟම උන්ගේ ආහාර සම්පත් උන් ඔසවා ගෙන යන්නේ ද? සත්වයින් මවා ඒවාට පෝෂණය සපයන්නේ මෙම දෙවිවරුන් යැයි කිසිවකු හෝ විශ්වාස කරන්නේ ද? උන් මවා, උන්ගේ පෝෂණය සළසා දෙන්නෙකු නොමැති නම් පෝෂක වනුයේ සර්ව බලධාරී පරමාධිපතියාණන් බව නිරූපණය වන්නේය. පෝෂකයාණන් ඔහු පමණක් නම්, කිසිදු හවුල් කරුවකුගෙන් තොරව නැමදුම් ලබන්නට සුදුසු වන්නේ ඔහු පමණකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු." (සූරා අල්-හිජ්ර්: 20) වාසය කිරීමට, අදින්නට පළදින්නට හා ආහාර භුක්ති විදින්නට අවශ්‍ය ජීවන පහසුකම් අල්ලාහ් ඔබට මහපොළොවේ සපයා දී ඇත. එමෙන්ම ඔබේ සිව්පාවුන් හා ගොවිපල සතුන් වෙනුවෙන් ද උන්ගේ ආහාර හා පාන නිමවා ඇත. මෙම ජීවීන්ට හා ගොවිපල සතුන්ට උන්ගේ ආහාරය අල්ලාහ් නො මැව්වේ නම්, සිදුවනුයේ කමුක් ද? මිනිසාට උන්ගෙන් ප්‍රයෝජනය ලැබිය හැකි ද? උන්ගේ ආහාරය මිනිසා විසින් මැවිය හැකි ද? මෙම දෙවිවරුන් විසින් මිනිසාට හා ඔහු සතු සතා සිව්පාවුනට පෝෂණය සැළසිය හැකි ද? එය එසේ නම්, අල්ලාහ් වෙනුවට වෙනත් කිසිවකු නැමදුමට ලක් විය හැක්කේ කෙසේ ද?

දස වැනි සාධකය: උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුන් කිසිවක් නොමවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නො දරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නො දරනු ඇත." (සූරා අල්-ෆුර් කාන්: 3) අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන වෙනත් දෙවිවරුන්ගේ දුෂිතභාවය පැහැදිළි කරන බලවත් සාධක කිහිපයක් මෙම පාඨය තුළ ඇතුළත් වී ඇත. ඒවා පහතින් දැක්වේ.

පළමුවැන්න: අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන සෙසු දෑ ඔහු විසින් මවනු ලැබූ මැවීම් වන අතර ඔවුන් කිසිවක් මවන්නේ නැත. එසේ නම්, මිනිසා තමන් වැනි මැවීමකට නැමදුම් කරනුයේ කෙසේ ද?

දෙවැන්න: අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන සෙසු දෑ වනාහි, තමන්ට පවා කිසිදු සෙතක් හා හානියක් සිදු කර ගැනීමට හැකියාවක් ඔවුනට නැත. එසේ නම්, වෙනත් කෙනෙකුට සෙත සැළසීමට හෝ හානිය ඔහුගෙන් වැළැක්වීමට හෝ හැකි වන්නේ කෙසේ ද?

තුන්වැන්න: අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන සෙසු දෑට මරණය ළඟා කිරීමට හෝ ජීවය දෙන්නට හෝ යළි අවදි කිරීමට හෝ නො හැක. එනම්, මිය ගිය අයකුට යළි ජීවය ලබා දීමට හෝ ජීවත්ව සිටින අයකු මරණයට පත් කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැවීම් අවදි කර එක්රැස් කිරීමට හෝ හැකියාවක් නැත. එසේ වී නම්, අල්ලාහ් වෙනුවට වෙනත් දෑ නැමදුම් ලැබිය හැක්කේ කෙසේ ද?

එකොළස්වන සාධකය: උත්තරිතරයාණන් මෙසේ පවසයි: "(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නො දෙති.” (සූරා ෆාතිර්: 40) අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්-සඃදී (රහිමහුල්ලාහ්) බහුදේවවාදීන් අදහන දෙවිවරුන්ගේ නොහැකියාව, ඒවායෙහි අඩුපාඩු සහ සෑම පැත්තකින්ම ඔවුන් හවුල් කර ගැනීමේ නිෂ්ඵලභාවය අවධාරණය කරමින් අල්ලාහ් මෙසේ පවසයි. "නුඹ මෙසේ අසනු." එනම් "(ඔවුන්ගෙන් නබිවරුණි!) " "නුඹලා කුමක් සිතන්නෙහු ද?" එනම්: නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා මට දන්වනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන..." ප්‍රාර්ථනාවට හා නැමදුමට ඔවුන් සුදුසුකම් ලබන්නෝ ද? "මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැ?යි මට නුඹලා පෙන්වනු." ඔවුන් සාගර මවා ඇත්තේ ද එසේ නැතහොත් ඔවුන් කඳු මවා ඇත්තේ ද එසේත් නැතහොත් ඔවුන් සතා සිව්පාවුන් මවා ඇත්තේ ද එසේත් නැතහොත් ඔවුන් නිශ්චල වස්තූන් මවා ඇත්තේ ද? ඒ සියලු මැවීම්වල මැවුම්කරු උත්තරීතර අල්ලාහ් යැයි ඔවුන් පිළිගනු ඇත. එසේ නැතහොත් නුඹලා ආදේශ කරන ඔවුනට යම් හවුලක් තිබේ ද? "අහස්හි" එය මැවීමෙහි හා එය පාලනය කිරීමේහි? ඔවුනට කිසිදු හවුලක් නැති බව ඔවුන් පවසනු ඇත.

එසේ ඔවුන් කිසිවක් නොමැව්වේ නම්, මැවුම්කරු තම මැවීම් නිර්මාණය කිරීමෙහි ඔවුන් හවුල් නො වූයේ නම්, ඔවුන්ගේ නොහැකියාව නුඹලා පිළිගෙන ඔවුනට නැමදුම් කර ඔවුන්ගෙන් පරාර ථනා පතන්නේ ඇයි? ඔවුනට නැමදීමේ වලංගු භාවය බුද්ධිමය සාධක අහෝසි කරයි. ඒවායෙහි නිෂ්ඵලභාවය පෙන්වා දෙයි.

අනතුරුව, ඒවාට නැමදුම් කිරීම සම්බන්ධයෙන් දිව්‍යමය සාධකයක් නොමැති බව ද මෙනෙහි කළේය. "එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා..." ඔවුන් ආදේශ කරන දෑ ගැන කතා කරන, බහුදේව වාදය හා පිළිම වන්දනාව ගැන අණ කරන... "එසේ ඔවුන්" ඔවුන් ආදේශ කිරීමෙහි "පැහැදිලි සාධකයක් මත..." ආදේශ තැබීමේ වලංගුභාවය සම්බන්ධයෙන් ඔවුනට පහළ කළ පුස්තකයක් තිබේ ද? කරුණ එසේ නොවේ, ඔවුන් වෙත කිසිදු දිව්‍යමය පුස්තකයක් පහළ වූයේ නැත. (17) තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 691)

පිළිම වන්දනාව හා දේවත්වය ආදේශ කිරීමේ වලංගුභාවය පෙන්වා දෙන දිව්‍යමය පණිවිඩයකින් වූ ආගමික සාධකයක් හෝ බුද්ධිමය සාධකයක් හෝ බහුදේවවාදීන්ට නැත.

අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන වෙනත් දෙවිවරුන්, ඔවුන් මිනිසෙකු වේවා ගලක් හෝ පිළිමයක් හෝ වේවා ඒවාට නැමදුම් කිරීම නිෂ්ඵල බව පෙන්වා දෙන සාධක සමස්තයක් ලෙස අපි ඉදිරිපත් කළ පසුව, අල්ලාහ් මිනිසාට කරන ඇතැම් අභියෝගාතත්මක කරුණු කිහිපයක් අපි මෙනෙහි කරන්නෙමු. එවිට ඔවුන්ගේ හා අල්ලාහ් වෙනුවනට ඔවුන් ඇරයුම් කරන ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියාව හෙළි විය. එම අභියෝග කිහිපයක් මෙසේය.

පළමු අභියෝගය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය තුළ මෙසේ සඳහන් වේ. "අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් නැතහොත් විනිශ්චය දිනය නුඹලා වෙත පැමිණියේ නම් අල්ලාහ් හැර වෙනත් අය නුඹලා අයැදින්නෙහුද? නුඹලා සත්‍යවන්තයින් ලෙස සිටියෙහු නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහුද? යැයි (නබිවරය!) නුඹ විමසනු." "එසේ නොව, නුඹලා අයැදින්නේ ඔහුවමය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ආදේශ කරන දෑ ද නුඹලා අමතක කර දමනු ඇත." (සූරා අල්-අන්ආම්: 40-41) එහි අර්ථය ඉබ්නු අතිය්යා තුමා තම විග්‍රහයේ සඳහන් කර ඇති පරිදිය. එනම්: ඔබ අල්ලාහ්ගේ දඬුවමට බිය වූ විටෙක හෝ විනාශයට බිය වූ විටෙක හෝ අවසන් හෝරාව ගැන බිය වූ විටෙක ඔබ ඇරයුම් කරන පිළිම, දෙවිවරුන් යැයි ඔබ කරන ප්‍රකාශයෙහි ඔබ සත්‍යවාදීන් නම්, එයින් මිදීම සඳහා ඒවාට ප්‍රාර්ථනා කර ඒ වෙත නුඹලා යොමු වීම ගැන ඔබ සිතන්නේ කුමක් ද? එසේ නොව, ඔබ ඇරයුම් කළ යුත්තේ පෝෂක මැවුම්කරුටය. එවිට ඔහු අභිමත කළේ නම් ඔබ බියවන දැයින් ඔබව ඔහු මුදවාලනු ඇත. ඔබ අයැදින පිළිම අමතක කර දමන්න. එනම් ඒවා අත්හැර දමන්න. අත්හැරීම යන පද භාවිතයෙන් එහි ශ්‍රේෂ්ඨතම ස්වරූපය ඔහු ප්‍රකාශ කළේය. එනම් එය අත්හැරීම සමඟම අමතක කර දැමීම සහ නොසැලැකීමය. එසේ නම් දුෂ්කර හා අර්බූදවලදී මෙම තත්වයේ දෙවියෙකු නියම කරනුයේ කෙසේද?(18) අල්-මුහර්රර් අල්-වජීස් ෆී තෆ්සීරිල් කිතාබිල් අසීස් (2/290)

ප්‍රතික්ෂේප කළ නොහැකි හෝ උඩඟු විය නොහැකි කාරණය නම්, විපතක් සිදු වුවහොත් හෝ ව්‍යසනකාරී සිදුවීමක් ඇති වුවහොත්, මිනිසුන් සර්ව බලධාරී දෙවිඳුන් වෙතට හැරී, ඔහු හැර ඔවුන් නමදිමින් සිටි සෙසු සියලු දේ අමතක කර දමති. එවිට ඔහු එම විපත ඔවුන්ගෙන් ඉවත් කරයි. ව්‍යසනය ඔවුන්ගෙන් පහ කරයි. එසේ නම් ඔවුන්ගේ ස්වාමියා, ඔවුන්ගේ මැවුම්කරු සහ ඔවුන්ගේ පෝෂකයා වෙත නැමදීම සඳහා යොමු කිරීමට බුද්ධිය අවදි කරමින් මෙම සිදුවීම සහ යොමුව පිහිටනුයේ ඇයි?

දෙවන අභියෝගය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ. "අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නොවන වෙනත් දෙවිඳෙකු වේ නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහුද? යැයි (නබිවරය!) නුඹ විමසනු. එම සාධක අපි විවිධ අයුරින් විස්තර කරන්නේ කෙසේදැ යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති." (සූරා අල්-අන්ආම්: 46) සියලු මැවීම් ස්වාධීනව නිර්මාණය කළේ අල්ලාහ්ය. ඔහු ඔවුනට සවන, බැල්ම හා කරුණු වටහා ගත හැකි පරිදි හදවත් ඇති කළේය. ඔවුන්ගෙන් ඒවා පැහැර ගන්නට ඔහු බලය ඇත්තාය. එසේ අල්ලාහ් ඔහුගෙන් එය පැහැරගෙන ඔහුට ඒවා අහිමි වූයේ නම් නැවත මිනිසා වෙත එය ලබා ‌දිය හැක්කේ කා විසින් ද? ඒවා පිරිනැමුවේ ඔහු නම් ඒවා පැහැර ගැනීමේ බලය ඔහු සතු නම්, නැමදුමට සුදුස්සා වනුයේ ඔහු පමණය. අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන අනෙකුත් දෙවිවරුන් විසින් ශ්‍රවණය බැල්ම හෝ බුද්ධිය පිරිනැමිය නොහැකි නම් ඔවුන් විසින් ඒවා මිනිසාගෙන් උදුරා ගන්නට නොහැකි නම්, අල්ලාහ් වෙනුවට වෙනත් දෑ නැමදුමට ලක්විය හැක්කේ කෙසේ ද?

තුන්වන අභියෝගය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය!) නුඹ විමසනු." "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි ගිමන් හරින රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි (නබිවරය!) නුඹ විමසනු. (සූරා අල් කසස්: 71-72) සෑම දිනකම මිනිසා වරින් වර දකින කරුණක් ඉදිරිපත් කරමින් අල්ලාහ් මිනිසාට අභියෝග කරයි. එය විශ්වයේ සිදුවන විශාලතම දෛනික වෙනස වන අතර, එහි බලවත්භාවය හමුවේ, මනස අවදි කිරීමට හෝ නැවත නැවත මෙනෙහි කිරීමට දුර්වල විය. මූලික ප්‍රතිපත්තිය නම්, එහි පුනරාවර් තනය එය නිරීක්ෂණය කිරීමට හා එය ක්‍රියාත්මක කළ සහ එයට අනුග්‍රහය දැක්වූ අයට නැමදුම් කිරීම අවශ්‍ය කරනු ඇත. මෙම අභියෝගයේ සාරාංශය නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් රාත්‍රිය සදා පවතින්නක් බවට නියම කළේ නම්, අල්ලාහ් හැර අප වෙත දහවල ගෙන එන්නේ වෙනත් කවර දෙවියෙක් ද? එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් දහවල සදා පවතින්නක් බවට නියම කළේ නම් අල්ලාහ් හැර අප වාසය කරන්නට රාත්‍රිය අපට ගෙන එන්නේ වෙනත් කවර දෙවියෙක් ද? සමස්ත මිනිස් වර්ගයාට හා අල්ලාහ් වෙනුවට ඔවුන් ඇරයුම් කරන ඔවුන්ගේ දෙවිවරුන්ට විශ්ව පද්ධතිය වෙනස් කිරීමට හැකි ද? සෑම වසරකම පාහේ සූර් ය හා චන්ද්‍රග්‍රහණ සිදුවනු අපි දකින්නෙමු. ග්‍රහණයට ලක්වීමට පෙර ‌තිබූ තත්ත්වයටම හිරු හෝ සඳු නැවත යොමු කරන්නට කිසිවකුට නොහැක. නමුත් ඒ සඳහා සර් ව බලධාරියාණන් වන ඔහු බලය ඇත්තාය. එබැවින් නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ ඔහු පමණය.

අෂ් ‌ෂෙය්හ් ඉබ්නු ආෂූර් (රහිමහුල්ලා) තුමා මෙසේ පවසයි: (අල්-කුර්ආනයෙහි සඳහන් පරිදි) ඉතාමත් ඉහළ නිගමනවලින් එකක් නම්, අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දීම සඳහා සෑම දිනකම දෙවරක් පුනරාවර්තනය වන මෙම ආශ්චර්යමත් කාර්ය තෝරා ගෙන තිබීමයි. සෑම නුවණැති පුද්ගලයෙකුම එය අත් විඳීමේ දී එක සමානය. මෙය විශ්වයේ වෙනස වඩාත් පැහැදිලිවම නිරූපණය කරන්නකි. මෙම විශ්වයේ දක්නට ලැබෙන සියලු දෑහි වෙනස මෙහි ඇතුළත් වෙයි. පිළිම පවා රාත්‍රියේ අන්ධකාරයෙන් අඳුරු වන අතර ඒවායෙහි ශරීර කළුපැහැ ගැන්වෙයි. දහවල් ආලෝකයෙන් ආලෝකමත් වෙයි. අලෝකයට පරව අන්ධකාරය ඇතිවීම ඒ දෙකින් එකක් සදා පැවතී‌මේ නිගමනය මිනිසාට පවතින වඩාත් ශක්තිමත් හා බලවත් සාධකයක් වෙයි. මක්නිසාද යත්, සෑම දිනකම ‌‌දෙකින් එකක් අනෙක අහෝසි කිරීමට හේතු වන ප්‍රතිවිරුද්ධ කරුණු දෙකේ මැවුම්කරුගේ බලය, ඒ දෙක වඩාත් ශක්තිමත්ව හා වඩාත් ප්‍රයෝජනවත්ව නිර්මාණය කළ ද ඊට වඩා විශාල වන බැවිනි. එමෙන්ම ඒවා අඛණ්ඩව එකිනෙක පසුපස හඹා යෑමේ ආශිර්වාදය ඒ දෙකෙහි පවතින වඩාත් හොඳ සහ වඩාත් ප්‍රයෝජනවත් ආශිර්වාදයට වඩා සැමවිටම උතුම් වන බැවිනි. මක්නිසාද යත් එය සදා පවතින්නේ නම්, එය හානිකර වනු ඇත. එයින් පිරිසක් ප්‍රතිලාභ ලබන අතර ඊට එරෙහි ප්‍රතිලාභ ගණනාවක් ද අහිමි වනු ඇත. ”[19] අත්-තහ්රීර් වත්-තන්වීර් (20/168,169)

ඉබ්නු ජරීර් (රහිමහුල්ලාහ්) තුමා පාඨය අවසානයේ මෙසේ පවසයි: "නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද?" ඔබ කෙරහි රාත්‍රිය හා දහවල වෙනස්වීම ඔබ සඳහා වන අල්ලාහ්ගෙන් වූ ආශිර් වාදයක් හා ඔහු ගැන ඔබ වෙත වූ සාධකයක් ලෙස ඔබ ‌ඔබේ දෑසින් දැකිය යුතු නොවේ ද? එවිට මේවා ඔබට අශිර්වාද කළ, ඒවා අතර වෙනස ඇති කිරීමේ බලය සතු අයට හැර වෙනත් කිසිවකුට නැමදීම වලංගු නැති බව ඔබ දැනගනු ඇත. ජාමිඋල් බයාන් (19/613)

සිව්වන අභියෝගය: උත්තරීතරයාණන්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි: "තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු." (සූරා අල්-මුඃමිනූන්: 18) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිදා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ?"යි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (නබි මුහම්මද්,) අසනු." (සූරා අල්-මුල්ක්: 30) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්ත්වයේ අපි එය නුඹලාට සැපයූවෙමු." (සූරා අල්-හිජ්ර්: 22) මෙම මහඟු පාඨවල අල්ලාහ් තම මැවීම් වෙත පිරිනමා ඇති ඔහුගේ අතිමහත් ආශිර්වාදයක් ගැන පැහැදිලි කරයි. එනම් සෑම ජීවියෙකුගේම පැවැත්මට අවැසි වන ජලය ඔවුන් වෙනුවෙන් මවා තිබීමය. එය ඉවත් කිරීමේ හෝ එය මහපොළොවට උරන්නට හැරීමේ බලය ඔහු සතුව පමණක් පවතී. එවිට එය මතු කරන්නට කිසිදු මැවීමකට හැකි වන්නේ නැත. ඔවුනට අහසින් ජලය පහළ කිරීමේ හෝ මහපොළොවෙන් එය මතු කිරීමේ හැකියාව නොමැති නම්, එය පහළට කඩා හැළෙන විට එය රඳවා තබා ගන්නට නොහැකි නම්, සර්ව බලධාරියාණන් එය ඉවත් කිරීමට තීරණය කළේ නම් කිසිදු සැකයකින් තොරව ඔවුන් විනාශ වී යනු ඇත. එය ඉවත් කළ විට ඔවුනට එය නැවත පිරිනැමීමට අල්ලාහ් හැර නැමදුම් ලබන කිසිදු දෙවියෙකුට හැකියාවක් නැත. තම අනුගාමකියන් හට ජලය පහළ කිරීමට ඔවුන් අපොහොසත් වූයේ නම් ඉන් කියා පාන්නේ ඔවුුන් නැමදුම් ලබන්නට සුදුස්සන් නොවන බවයි. එමෙන්ම අල්ලාහ් වෙනුවට වෙනත් අයට නැමදුම් කිරීම මහත් මුලාවක් හා පැහැදිලි පාඩුවක් බව මෙමගින් පැහැදිලි වෙයි.

පස්වන අභියෝගය: මෙය විශාල අභියෝගයකි, එනම් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකුට - ගලක්, ගසක් හෝ මනුෂ්‍යයෙකු වඳින සෑම කෙනෙකුම ඔහු නමදින දෑ සහ ඔහුගේ දෙවිවරුන් නැමදුම් ලබන්නට සුදුසු බවට සාක්ෂි තමන් සතුව ඇති බව ප්‍රකාශ කිරීමය. ඔවුන්ගේ ප්‍රකාශයේ වලංගු භාවයට ඔවුන් සතුව කිසිදු තර්කයක්, සාක්ෂියක් හෝ හෙළිදරව් කළ සාධකයක් හෝ බුද්ධිමය සාක්ෂියක් නැත. ඒ වෙනුවට, ඔවුන් සතුව ඇති සියලු දෑ අනුමාන, උපකල්පන, සැකය හා ව්‍යාජත්වයයි. එබැවින් අල්ලාහ් ඔවුන්ට අභියෝග කර මෙසේ පැවසීය. "එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන්ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නො දනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති." (සූරා අල්-අන්බියා: 24) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.” (සූරා අන්නම්ල්: 64) බහුදේවවාදියාට ඔහුගේ බහුදේවවාදය පිළිබඳ කිසිදු සාක්ෂියක් නැත. නමුත් ඔහුගේ උත්සාහයේ අරමුණ සත්‍යයට ප්‍රයෝජනයක් නැති උරුම කථා, ජනප්‍රවාද සහ මිථ්‍යා විශ්වාස පමණි. අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන සෑම කෙනෙකුටම අද අප පවසා සිටින්නේ: 'ඔබේ නැමදුමට ලක්වන දෑ සහ ඔබේ දෙවිවරුන් නමස්කාර කිරීමට සුදුසු බවට ඔබේ සාක්ෂිය රැගෙන එන්න' යනුවෙනි. ඔවුන් සාක්ෂි හෝ සාධක ඉදිරිපත් කරන්නේ නැත. මන්ද අසත්‍යය සත්‍ය සාක්ෂිවලින් ඔප්පු කළ නොහැකි බැවිනි.

දෙවන කොටස: මැවීම්

පළමු විමසුම: මැවීම් බිහි කිරීමට පෙර පැවති තත්ත්වය, ජලය, අහස් හා මහපොළොව මැවීම.

අල්ලාහ්ගේ පැවැත්ම විය. ඔහු සමග කිසිවක් නොවීය. අල්ලාහ්ගේ පැවැත්ම විය. ඔහුට පෙර කිසිවක් නොවීය. ඔහු ජලය මැව්වේය. පසුව අහස් හා මහපොළොව මැව්වේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?” (සූරා අල්-අන්බියා: 30) ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ සියලු මැවීම් අතර පවතින, ඔහුගේ පූර් ණ බලය ඔහුගේ සර්ව බධාරිත්වය සියලු මැවීම් සඳහා වන ඔහුගේ කළමනාකාරිත්වය පිළිබඳ අවධාරණය කරමින් උත්තරීතරයාණන් මෙසේ පවසයි: ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එනම් ඔවුන් අල්ලාහ්ගේ දේවත්වය ප්‍රතික්ෂේප කළ ඔහු සමග වෙනත් දෑට නැමදුම් කළ උදවියයි. සැලසුම් සහගතව සියලුම මැවීම් අල්ලාහ් ස්වාධීනව මවා ඇති බව ඔවුන් නොදන්නෝ ද? එසේ නම්, ඔහු සමග වෙනත් කිසිවකු නැමදුම් ලබන්නට සුදුසු වන්නේ කෙසේ ද? ඔහු හැර වෙනත් දෑ ඔහු සමග හවුල් කරනුයේ කෙසේ ද? අහස් හා මහපොළොව එකට තිබුණු බව ඔවුන් නොදුටුවෝ ද? එනම්, සියල්ලම එකිනෙකට සම්බන්ධ වී තිබුණි. ආරම්භයේ එකිනෙකට ඇමිණී ඇලී පැවතුණි. පසුව එකක් අනෙකෙන් වෙන් කොට අහස් හතක් බවටත් පොළෝ හතක් බවටත් නිර්මාණය කළේය. මෙලොවට අයත් අහස හා පොළොව වාතයෙන් වෙන් කළේය.(21) තෆ්සීර් ඉබ්නු කසීර් (5/297)

මෙය අහස් හා මහපොළොව මැවීමේ ආරම්භයයි. පසුව ඒ දෙක මැවීමට ගත වූ කාලය සම්බන්ධයෙන් පරමාධිපතියාණන් මෙසේ විස්තර කර පැවසීය: "දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහු ව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු." "තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේය. තවද එහි සමෘද්ධිය ඇති කළේය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේය. මෙය ඒ ගැන විමසන්නන් හට සරිලන පිළිතුරකි." "පසු ව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබීය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසීය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසීය." "පසු ව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේය. තවද සෑම අහසකටම එහි න්‍යාය දන්වා සිටියේය. තවද පහළ අහස අපි පහන් මගින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි." (සූරා ෆුස්සිලත්: 9-12) සර්ව බලධාරී පරමාධිපතියාණන් පොළොව මැවීය. පසුව එයට අවශ්‍ය සියලු දෑ හා එහි වාසය කරන හා ජීවත්වන අය හට අවශ්‍ය දෑ පූර්ණවත් කළේය. පසුව අහස දෙසට යොමු වී රැඳී ඒවා මැව්වේය. ඒවා වඩාත් ක්‍රමවත් මැවීම් විය.

සර්ව බලධාරී අල්ලාහ්ගේ දින ගණන් අනුව දින හයකින් අහස් හා මහ පොළොව සඳහා වන සියලු මැවීම් සම්පූර්ණ කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳ ව අභිඥානවත් අයෙකුගෙන් විමසනු. (සූරා අල්ෆුර්කාන්: 59)

ලෝ වස්තූන් සියල්ල සඳහා වන මැවුම්කරු අල්ලාහ් වී නම්, ඒවා නිසිලෙස සකසා එහි වාසය කරන්නන් හට ඒවා නතු කර දී ඇත්නම් ඔහු සමග වෙනත් දෙවිඳෙකු හවුලේ තැබිය හැක්කේ කෙසේ ද? මිනිසා ඔහු සමග සමානයන් හා දෙවිවරුන් ගත හැක්කේ කෙසේ ද? ඒ සියල්ලෙන් අල්ලාහ් උත්තරීතරය අති උසස්ය. වෙනත් දෙවිවරු කිසිවක් මවා නැති අතරම ඒවා පහත් තත්ත්වයේ පවතී. ව්‍යාජ දෙවිවරුන් කිසිවක් නිර්මාණය නොකළ බව සියලු දෙනා ඒකමතිකව එකඟ විය හැකි කරුණකි. එසේනම්, අල්ලාහ් වෙනුවට වෙනත් දෑ නැමදුමට ලක්විය හැක්කේ කෙසේද?

දෙවන විමසුම: මලාඉකා හෙවත් දේවදූතයන් නිර්මාණය කිරීම.

එකම මැවුම්කරු සුවිශුද්ධ පරමාධිපතියාණන් වේ. ඔහු හැර සෙසු සියලු දෑ ඔහුගේ මැවීම්ය. සැබැවින්ම අල්ලාහ් ආලෝකයෙන් මලාඉකාවරු මවා ඇති බවත් ඔවුන් මවා ඇත්තේ ඔහුට නැමදීම සඳහා වන බවත් එහෙයින් අල්ලාහ් ඔවුනට කවර කරුණක් නියෝග කළේ ද එහිදී ඔවුන් ඔහුට පිටුනොපාන බවත් ඔවුනට අණ කරනු ලබන දෑ ඒ අයුරින්ම සිදු කරන බවත් අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහස්හි හා මහපොළොවෙහි සිටින සියලු ම මලක්වරු (සුර දූතයෝ) හා සත්ත්වයෝ අල්ලාහ්ට සුජූද් (නැමඳුම්) කරති. ඔවුහු (ඉබ්ලීස් මෙන් අල්ලාහ්ට සුජූද් නොකර) උඩඟුකමින් යුතු ව නොහැසිරෙති." "ඔවුනට ඉහළින් වූ ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති." (සූරා අන්නහ්ල් 50-49) උත්තරීතර අල්ලාහ් මලක්වරු සම්බන්ධයෙන් මෙසේ පවසයි: "අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති." (අත්-තහ්රීම්: 6)

මලක්වරු අති විශාල සංඛ්‍යාවකින් යුත් මැවීමකි. ඔවුන් ගැන ඔවුන් මැවූ අල්ලාහ් හැර වෙනත් කිසිවකු විසින් ගණනය කළ නො හැකි ය. ඔවුන්ගේ මැවීම විවිධත්වයෙන් යුතුව ඔහු මවා ඇත. "අහස් හා මහපොළොව නිර් මාණය කළාවූ ද, පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය." (සූරා ෆාතිර්: 1) දේවදූතයන්ට අල්ලාහ් ඉදිරියේ නිලයන් ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත."* "තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ."* "තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)" (සූරා අස්සාෆ්ෆාත් 164-166) ශ්‍රේෂ්ඨතම මලක්වරුන් වන්නේ ජිබ්රීල්, මීකාඊල් හා ඉස්රාෆීල් යන මලක්වරුන්ය. ධර්ම දූතවරුන් හා වක්තෘවරුන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කිරීමේ වගකීම දැරුවේ ජිබ්රීල් තුමාය. ඔවුන් අතරින් ප්‍රාණ අත්පත් කර ගන්නා මලකල් මව්ත් නම් මලක්වරයෙකු ද වෙයි. එමෙන්ම ස්වර්ගය හා නිරය භාරව කටයුතු කරන මලක්වරුන් ද වෙති. මෙලෙස ඔවුනට නියමිත කීර් තිමත් ක්‍රියාකාරකම් පරමාධිපතියාණන් විසින් ඔවුනට පවරා ඇත.

තුන්වන විමසුම: ජින් හා ෂෙයිතානුන් මැවීම

ෂෙයිතානුන් හා ජින් වර්ගයා උණුසුම් ගිනි දැල්ලෙන් අල්ලාහ් මැවීය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මීට පෙර දැඩි උණුසුම් ගිනි දැල්ලෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු." (සූරා අල්-හිජ්ර්: 27) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ගිනි දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය." (සූරා අර් රහ්මාන්: 15) ජින්නුන් අල්ලාහ් මැවූ සමූහයකි. තමන්ට නමදින මෙන් මිනිසුන්ට නියම කර ඇති සේම, ඔවුනට ද අල්ලාහ් නියම කර ඇත. ඔවුන් අතරින් දැහැමියන් හා එසේ නොවන අයද වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් මෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර් වරුන් ද වෙති. ඔවුන් අතර කවරෙකු දේවත්වය විශ්වාස කළේ ද ඔවුහු මිනිසුන් අතර දේවත්වය විශ්වාසකළවුන් නැඹුරු වනවාක් මෙන් ස්වර්ගය වෙත නැඹුරු වනු ඇත. කවරෙකු අල්ලාහ්ට විරුද්ධ ව කටයුතු කළේ ද ඔහු හෙළා දකිනු ලබන ෂෙයිතානුවෙකි. අල්ලාහ්ට විරුද්ධ ව කටයුතු කළ මහා ෂෙයිතාන් වනුයේ ඉබ්ලීස්ය. ඔහු ෂෙයිතානුන්ගේ ප්‍රධානියාය. නපුරේ හා අවමානයේ ප්‍රධානියාය. දේවත්වය ප්‍රතික්ෂේප කරන ෂෙයිතානුන් නිරා ගින්න වෙත නැඹුරු ‌වේ. ආදම් තුමාව මැවූ මොහොතේ -අල්ලාහ්ගේ අනුහසින් ඒ ගැන අපි ඉදිරියට සාකච්ඡා කරමු.- ඔහුට සුජූද් කරන මෙන් මලක්වරුන්ට මෙන්ම ඉබ්ලීස්ටත් නියෝග කළේය. එය අල්ලාහ්ගේ නියෝගයක් වූ බැවින් මෙය අල්ලාහ්ට හිමි සිරස නැමීමක් විය. ඒ අනුව අල්ලාහ්ට අවනත වෙමින් මලක්වරු ආදම් තුමාට සුජූද් කළෝය. නමුත් තමන් ආදම් (අලයිහිස් සලාම්) තුමාට වඩා උසස් යැයි හේතු දක්වමින් ඉබ්ලීස් එයට පිටුපා සුජූද් කිරීමට උඬඟු විය. ඊට හේතුව අල්ලාහ් ඔහුව පසින් හා ෂෙයිතාන්ව ගින්නෙන් මවා ඇති බවත් ‌ගින්න පසට වඩා ශ්‍රේෂ්ඨ බවත් ඉබ්ලීස් සිතූ බැවිනි. එමෙන්ම ගින්නෙන් මවන ලද දෑ පසින් මවන ලද දෑට වඩා ශ්‍රේෂ්ඨ බවත් ඔහු සිතූ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔහු කෙරෙහි කෝප විය. ඔහුට ශාප කළේය. තම කරුණාවෙන් ඔහුව නෙරපා හැරියේය. ඔහු ද අල්ලාහ් වෙත පාපක්ෂමාවෙහි නිරත වී සමාව අයදීම වෙනුවට ඔහුගේ මුරණ්ඩුකමෙහිම එල්බගෙන සිටියේය. ආදම් හා ඔහුගේ පරපුර නොමග යවන බවටත් සත්‍යය හා යහමගින් ඔවුන් අවහිර කරන බවටත් සහතික කර ගත්තේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් තමන්ට ඉඩ දෙන මෙන් ඔහු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේය. අල්ලාහ් ද ඔහුට අවකාශය පිරිනැමීය. ආදම්ගේ දරුවන් නොමග යවන බවටත් ඔවුන් මුළා කරන බවටත් ෂෙයිතාන් තමන් තුළම ස්ථීර කර ගත්තේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: (තවද සැබැවින්ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.* තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.* "තවද නියත වශයෙන්ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පවසා සිටි අවස්ථාව සිහියට නගනු.* පසුව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසීය.)* එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළෝය.* නමුත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.* අහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.* (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නොවෙමි යැයි ඔහු පැවසුවේය.* එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.* තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.* මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.* එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේය.* නියමිත වේලාවේ දිනය දක්වා.* මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය.* නමුත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.* "මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.* නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර.* තවද නියත වශයෙන්ම නිරය ඔවුන් සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.) (සූරා අල්හිජිර්: 26-43) මෙම පාඨවල පරමාධිපතියාණන් අපට දන්වා ඇත්තේ ආදම්ගේ මැවීම, ඉබ්ලීස්ගේ මැවීම, මලක්වරුන්ට හා ඉබ්ලීස්ට සුජූද් කරන මෙන් වූ ඔහුගේ නියෝගය, ඉබ්ලීස් මුරණ්ඩුවීම, ආදම්ගේ දරුවන් නොමඟ යවන බවට ඔහු ප්‍රතිඥා දීම යනාදී කතා පිළිබඳය. නමුත් -ඔබ දකින පරිදි- අල්ලාහ්ව විශ්වාස කරන මුඃමින්වරුන් හා අල්ලාහ්ට අවංකව නැමදුම් කරන අවංක ගැත්තන් නොමග යවන්නට ඔහුට හැකියාවක් නැත.

ෂෙයිතානුන් බොහෝමයක් වෙති. ඔවුන් සියලු දෙනා ඉබ්ලීස්ගේ ධජය යටතේ ක්‍රියා කරති. ඔහු ඔවුනට නියෝග කරන අතර ඔවුහු ද ඔහුට අවනත වෙති. මිනිස් දරුවන් නොමග යවන්නටත් ඔවුන් පොළොඹවන්නටත් කටයුතු කරන මෙන් ඔහු ඔවුනට කරන නියෝග ඔවුහු ක්‍රියාත්මක කරති. එබැවින් සෑම ආකාරයක දේව ප්‍රතික්ෂේපයක්ම, බහුදේව වාදයක්ම, අපරාධයක්ම, මහපොළොවේ කලහකාරි කටයුත්තක්ම මිනිසුනට අලංකාරවත් කර පෙන්වන්නේ එබැවිනි. එය තමන් මිනිස් දරුවන් නොමග යවන බවට ඔහු තමන් තුළම ස්ථීර කරගත් ප්‍රතිඥාවේ බලපෑමයි. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඔවුන්ගෙන් ඉවත්ව යමින්: 'මට කිසිදු අධිකාරී බලයක් නොවීය. මම නුඹලාට නියෝග කළා පමණි. නුඹලා මට ප්‍රතිචාර දැක්වූවෙහුය' යැයි ඔහු පවසනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙහි ඉබ්ලීස් හා ඔහුගේ අනුගාමිකයින් අතර සිදුවන දෙබස ඉදිරියේ පහැදැලි කරනු ඇත. අල්ලාහ්ගේ අවසරයෙන් එම සංවාදය පුළුල් ලෙස මෙම පොතේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් අප ලියන විට ඔබට දැක ගන්නට හැකි වේ. මෙය ශුද්ධ වූ අල්කුර්ආනයේ පරමාධිපතියාණන් අපට දන්වා ඇති තොරතුරු කිහිපයක් පමණි.

සිව්වැනි විමසුම: අල්ලාහ් ආදම් (අලයිහිස් සලාම්) තුමා ව පසින් මැවීම හා ඔහුගේ පරපුර අල්ප ජල වස්තුවෙන් මැවීම.

පරමාධිපතියාණන් මිනිසා මැවීමට තීරණය කළ කල්හි, ඔහු තම මලක්වරුන් හට තමන් මහපොළොවේ මලක්වරුන්ට වෙනස් වූ මැවීමක් මවන්නට යන බව දන්වා සිටියේය. ඔහු මහපොළොවේ අල්ලාහ්ට නැමදුම් කරන අතර එය පාලනය කරනු ඇති බවත් ඔහුගෙන් පසුව ඔහුගේ පරපුර අධික වනු ඇති බවත් දන්වා සිටියේය. සර්ව බලධාරියාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට නුඹේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහිපත් කරනු.* පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේය).* එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය.* නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් විය." (සූරා සාද්: 71-74)

සැබැවින්ම අල්ලාහ් ආදම් (අලයිහිස් සලාම්) තුමා වෙනුවෙන් ඔහු තුළින්ම සහකාරියක් මැවූ බවත් එම කලත්‍රයන් දෙදෙනාගෙන් ඔවුන් දෙදෙනාගේ පරපුර ව්‍යාප්ත කළ බවත් සර් ව බලධාරී පරමාධිපතියාණන් අපට දන්වා සිටියේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය." (සූරා අන්-නිසා: 1)

මිනිසා මවන ලද අරමුණ ගැනත්, ඔහු තම පරමාධිපතිට නැමදුම් කළ යුත්තේ කෙසේ ද, වරදක් කළ විට පශ්චාත්තාප විය යුත්තේ කෙසේ ද, මහපොළොව පරිපාලනය කළ යුත්තේ කෙසේ ද, යන්න ගැන ඔහු දැනගනු පිණිස ඔහුට දැනුම ලබා දී පරීක්ෂාවට ලක් කර, මහපොළොවෙහි ඔහුව සූදානම් කළ අයුරුත් මහඟු අල් කුර් ආනයේ අල්ලාහ් අපට දන්වා සිටියේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. 'අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැ'යි ඔවුහු පැවසූහ. 'නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි' යැයි ඔහු පැවසුවේය.* ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය.* 'ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අප ට නැත. සැබැවින් ම ඔබ සර්ව ඥානී සර්ව ප්රඥාවන්ත' යැයි (මලක්වරුන්) පැවසූහ.* අහෝ ආදම්! ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි 'අහස් හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි' යැයි නොකීවෙම් ද? යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේය.* පසුව අපි මලක්වරුන්ට "ආදම් ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.* තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.* එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.* පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.* නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු." (සූරා අල්-බකරා: 30-38) තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි: "තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.* තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝය. නමුත් ඔහු පිටුපෑවේය.* එවිට අහෝ ආදම්! නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතුය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.* නියත වශයෙන්ම නුඹ එහි කුසගින්නෙන් නොසිටින අතර තවද නිරුවතින් ද නොසිටිනු ඇත.* තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිතව නොසිටින අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත." (සූරා තාහා: 115-119)

තවදුරටත් මෙම පාඨවල ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණයෙන් ප්‍රවේසම් වන මෙන් සර්ව බලධාරී අල්ලාහ් ආදම් හා ඔහුගේ බිරියට කළ අවවාදය ද ඇතුළත් වේ. නමුත් ඔවුන් දෙදෙනා ඔහුගේ කුමන්ත්‍රණයට හසු වූහ. ඔහු ඔහුට කුකුස් ඇති කර රවටා දැමීය. අවසානයේ අල්ලාහ් ඔවුන් දෙදෙනාව මැවූ ස්වර්ග උයනින් ඔවුන් දෙදෙනා කවර දෙයක් වෙනුවෙන් මැව්වේ ද එම භූමියට පහළ කළේය. ඔවුන් දෙදෙනා පරීක්ෂණයට ලක් වී දුක් විදීමේ අත්දැකීම් ලැබීමෙන් පසු එම බලපෑමෙන් පශ්චාත්තාප වී අල්ලාහ් වෙත යොමු වී පාපක්ෂමාව අයැද සිටිනුයේ කෙසේ ද යන්න වග දැන ගත්හ.

ෂෙයිතාන්ගෙන් ප්‍රවේසම් වන මෙන්, උත්තරීතර අල්ලාහ් ආදම්ගේ පරපුරට අවවාද කළේය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ සතුරෙකු බවත් ඔවුන්ගේ දෙමාපියන් නොමඟ යැවූ පරිදි ඔවුන්ව ද නොමඟ යවනු ඇති බවත් ඔහු ඔවුනට දැනුම් දුන්නේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව අර්බූධයට පත් නො කළ යුතුය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින තත්ත්වයේ ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලා ව දකිනු ඇත. (සත්‍යය විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් පත් කළෙමු." (සූරා අල්-අඃරාෆ්: 27)

ආදම් (අලයිහිස් සලාම්) තුමා තම ජීවිතය ගත කළේය. ඔහුගේ පරපුර අධික විය. ඔවුන් අල්ලාහ්ට පමණක් නැමදුම් කළෝය. ඔහුට නැමදුම් කිරීමෙහි ඔහු සමග කිසිවෙකු ඔවුන් හවුල් කර ගත්තේ නැත. සියවස් දහසකට පසුව ෂෙයිතාන් ආදම්ගේ දරුවන් අතරට බහුදේවවාදය ප්‍රවේශ කළේය. ඔවුහු අල්ලාහ් නොවන දෑට වැඳුම් පිඳුම් කරන්නට ගත්හ. ඔවුන්ගේ දෙවිවරුන් විවිධ විය. සැබැවින්ම අල්ලාහ් පවසන බවට දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියහ. "මම මාගේ ගැත්තන් සියල්ලන්ම නිර් මාණයේ කළේ ධාර්මික දේවගැත්තන් ලෙස ය. ඔවුන් වෙත ෂෙයිතානුන් පැමිණ, ඔවුන්ගේ ධර්මයෙන් ඔවුන් ඈත් කළෝය. මා අනුමත කළ දෑ ඔවුන් තහනම් කළෝය. මා අනාවරණය නොකළ සාධක ගෙන මා හට ආදේශ තැබීමට ඔවුන් ඔවුනට අණ කළෝය." (22) ආගම හා බැඳුණු සෑම කරුණකම පැහැදිලි විස්තර, සත්‍ය දහම පිළිබඳ පැහැදිලි කිරීම්, ව්‍යාජ ආගම පිළිබඳ පැහැදිලි කිරීම් යනාදී කරුණු මෙම පුස්තකයේ අල්ලාහ්ගේ අනුහසින් ඉදිරියේ අපි ඉදිරිපත් කරමු. සහීහ් මුස්ලිම් (2865)

මෙය ආදම් අලයිහිස් සලාම් තුමා සතු, අල්ලාහ් ඔහු මැවූ කතා වස්තුවයි. නමුත් ඔහුගේ පරපුර -මැනවින් දන්නා පරිදි- පිරිහෙන ජලයෙන් මවනු ලැබුවෝය. වසර එක් දහස් හාරසීයකට පෙරම මවගේ කුසෙහි කළලය මැවීමේ අදියර පිළිබඳ තම ඥානාන්විත පුස්තකයේ අල්ලාහ් සඳහන් කර ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.* පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.* පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය." (සූරා අල්-මුඃමිනූන්: 12-14) මිනිසාගේ මැවීම ගැන සර්ව බලධාරියාණන් අපට මෙසේ දන්වා සිටියි. මෙම මැවීම යළි අවදි කිරීමේ සාධකයක් බවට පරමාධිපතියාණන් නියම කළේය. පිරිහෙන ජලයෙන් මිනිසා මවා ඔහුට සවන, බැල්ම හා හදවත ඇති කළ මැවුම්කරු මිනිසා මිය ගිය පසු නැවත අවදි කිරීමට බලය ඇත්තාය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නොදුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි.* තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. “අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ”යි ඔහු විමසයි.* “මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා යාසීන්: 77-79) පුදුමයට කරුණ නම්, තම පරමාධිපති තමන්ව පිරිහෙන ජලයෙන් මවා තිබිය දී මිනිසා තම පරමාධිපතියාණන් සමග තර්ක කිරීමය. ඔහු මිය ගිය පසු ඔහුව නැවත නැගිටුවීමට හා ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැබැවින්ම අල්ලාහ්ට නොහැකි බව ඔහු සිතයි.

පස්වන විමසුම: ප්‍රාණ මැවීම හා එහි යථාර්ථය.

මිනිසා මවනු ලැබුවාක් මෙන්ම ප්‍රාණය ද මවනු ලැබූවකි. ගර්භාෂයේ තැන්පත් වූ ශුක්‍රාණු බිඳුවට මාස හතරක් ගත වූ විට, අල්ලාහ් ඒ වෙත මලක්වරයකු යවා එහි ඔහු ප්‍රාණය පිඹින්නේය. අල්ලාහ්ගේ දූතයාණන් පවසා සිටි බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසයි. ඔහු සත්‍යවාදී මෙන්ම, සත්‍යවාදී බව සහතික කරනු ලැබූ අයෙකි. "සැබැවින්ම ඔබෙන් කෙනෙකු, ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින ලේ කැටියක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඒ වෙත දේව දූතයකු එවා කරුණු හතරක් නියෝග කරයි. ඔහුට මෙසේ පවසනු ලබයි: ඔබ, ඔහුගේ පෝෂණය, ඔහුගේ ක්‍රියාව, ඔහුගේ ආයු කාලය හා ඔහු භාග්‍යවන්තයකු ද එසේ නැතිනම් අභාග්‍යවන්තයකු ද යන්න ලියනු. පසුව එහි ප්‍රාණය පිඹිනු ලබයි."(23) සහීහ් අල්-බුහාරි (3208), මුස්ලිම් (2643)

ප්‍රාණයේ යථාර්ථය ගැන දන්නා කිසිදු මැවීමක් නැත. සර්ව බලධාරී පරමාධිපතියාණන් හැර වෙනත් කිසිවෙකු එහි යථාර්ථය නො දනී. යුදෙව්වන් අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාණන්ව පරීක්ෂා කළහ. ප්‍රාණය ගැන වූ අභියෝගාත්මක ප්‍රශ්නය ඔහුගෙන් විමසා සිටින මෙන් කුරෙයිෂ් මිථ්‍යාදෘෂ්ටිකයින් හට ඔවුහු පවසා සිටියෝය. "තවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. 'රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි' නුඹ පවසනු." (සූරා අල්-ඉස්රා: 85)

ශරීරය මිය යාමත් සමග ප්‍රාණය ද මිය යන්නේ ය. එහි මරණය යනු ශරීරයෙන් එය වෙන්වීමයි. නමුත් එය විනාශ වී යන්නේ නැත. මිනිසා මිය යෑම හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුව අවදි කිරීම දක්වා වූ කාලය තුළ බර්සක් ජීවිතය (කබ්ර් ජීවිතය) ගත කරනු ඇත. එය කබ්ර් ලෝකය යැයි හැඳින් වේ. ප්‍රාණයට ශරීරය සමග සම්බන්ධතාවක් පවතී. එය කවර කරුණක් විඳින්නේ ද එය ද විඳිනු ඇත. කවර දඬුවමක් විඳින්නේ ද එය ද විඳිනු ඇත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ ප්‍රාණ ස්වර්ගයේ පවතී. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරුන්ගේ ප්‍රාණ නිරා ගින්නේ පවතී. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්‍රාණ ශරීරයට නැවත සම්බන්ධ කරනු ලැබේ. පසුව මුඃමින්වරු ස්වර්ගයේ නවාතැන් ගන්නා අතර කාෆිර් වරු අපා ගින්නේ නවාතැන් ගනු ඇත.

මිනිසා මියගිය දා පටන් ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා වූ කාලය තුළ මිය ගිය ඇත්තන්ගේ ප්‍රාණ ජීවතුන් අතර සිටින්නන් සමග බැඳෙන්නේ නැත. කිසිදු ආකාරයක සම්බන්ධතාවක් එකිනෙකා අතර පවතින්නේ ද නැත. මුතුන් මිත්තන්ගේ ප්‍රාණ තම මුණුපුරන් මිණිපිරියන් සමග බැඳෙන්නේ නැති අතර කවර හෝ සම්බන්ධතාවක් ඔවුන් එකිනෙකා අතර පවතින්නේ ද නැත. එක්කො එය දේව විශ්වාසී ආත්මයක් නම් සතුටු විදිමින් කාර්ය බහුල තත්ත්වයේ පසුවෙයි. එය දේව ප්‍රතික්ෂේපිත ආත්මයක් නම්, දඬුවම් විඳිමින් කාර්ය බහුල තත්ත්වයේ පසුවෙයි. සැබැවින්ම මියගිය ආත්මා ජීවත්වන අය සමග බැඳෙන බවත් ඔවුන්ව හමුවන බවත් ඔවුන් අතර බලපෑම් ඇති කරන බවත් විශ්වාස කරන සෑම කෙනෙකුගේම විශ්වාසය කිසිදු පදනමක් නැති විශ්වාසයකි. ඒ වෙනුවට මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ උරුම වූ මිථ්‍යාවන් සහ ජනප්‍රවාද මත ය.

ආත්මාවන් අදාළ පුද්ගලයා මිය ගිය පසු තවත් මැවීමක් වෙත, එය ඔහුට වඩා උසස් වුව ද, එසේ නැතහොත් ඔහුට වඩා පහළ මට්ටමකින් පැවතුන ද විතැන් වන්නේ නැත. පරමාධිපතියාණන් එම ආත්මය නිමවා ඇත්තේ අදාළ ශරීරයට සරිලන්නටය. මිය යන අවස්ථාවේ එය ඉන් වෙන්වන තෙක්ම ඒ සමගම බැඳී පවතී. පසුව ඔහුව මිනීවල තුළ තැන්පත් කරන මොහොතේ යළි ඒ වෙත සම්බන්ධ කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන ‌දිනයේ යළි අවදි කරනු ලබයි. සැබැවින්ම අදාළ පුද්ගලයාගේ ශරීරයෙන් ආත්මය වෙන් වීමෙන් පසු වෙනත් මැවීමක් වෙත එම ආත්මය විතැන් වන බව විශ්වාස කරන සෑම කෙනෙකුගේම විශ්වාසය කිසිදු පදනමක් නැති විශ්වාසයකි. ඒ වෙනුවට මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ උරුම වූ මිථ්‍යාවන් සහ ජනප්‍රවාද මත වේ.

හයවැනි විමසුම: මිනිසා මැවීමේ අරමුණ, සැබැවින්ම අල්ලාහ් තමන් වෙත නැමදුම් කිරීම සඳහා මැවූ ගෞරවණීය මැවීමකි.

සැබැවින්ම සියලු මැවීම් අල්ලාහ් නිර්මාණය කළේ ඔහුට නැමදීම සඳහා වන බව ඉහත මාතෘකාවල මෙනෙහි කළෙමු. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (සූරා අද්දාරියාත්: 56) එනම්, නැමදුම ඔහුට පමණක් ඔවුන් ඉටු කිරීමට හා ඔහු හැර වෙනත් කිසිවකුට නැමදුම් නොකිරීමටය. මෙම ශ්‍රේෂ්ඨ අරමුණ උදෙසා අල්ලාහ් අහස් හා මහපොළොව මැව්වේ ය; දිව්‍ය ග්‍රන්ථ පහළ කළේය; ධර්ම දූතයින් හා වක්තෘවරුන් පහළ කළේය. පරමාධිපතියාණන් මැවීම් නිකරුණේ මවා ඔවුන් නිදැල්ලේ අත්හැරියේ නැත. ඒ වෙනුවට ශ්‍රේෂ්ඨ අරමුණක් සහ වැදගත් කාරණයක් සඳහා ඔහු ඔවුන් මවා ඇත. එය සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් කිරීමටය. පොදුවේ මිනිසා ගෞරවණීය මැවීමක් වේ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු." (සූරා අල්-ඉස්රා: 70) මිනිසාට කර ඇති ගෞරවය නම්, අල්ලාහ් යහපත හා අයහපත් වෙන්කර හඳුනා ගත හැකි බුද්ධිය ඔහුට පිරිනමා තිබීමය. මිනිස් හිස ශරීරයේ ඉහළ කොටසෙහි නිමවා ආහාර පාන පරිහරනය කිරීමේ මාර් ගය ලෙස ඔහුට අත්දෙක නිර්මාණය කළේය. එසේ තිබිය දී සතුන් තම කට බිමට දමා ආහාර අනුභවය කරති. මෙය පොදු ගරු කිරීමකි. සමස්ත මිනිස් සමූහයාම මෙහි හවුල්කාරයෝ වෙති. මෙම ගෞරවය කිරීමට වඩා වඩාත් ඉහළින් හා වඩාත් විශේෂයෙන් නබිවරුන් හා ධර් ම දූතයින් අනුගමනය කරන, අවනතව කටයුතු කරන මුස්ලිම්වරයකු වීම හේතුවෙන් මිනිසාට පිරිනමා ඇති ගෞරවයයි. මුස්ලිම්වරුන් අල්ලාහ්ගේ මැවීම් අතරින් ප්‍රමුඛයෝ වෙති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "... ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත්, නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙර ද මෙහි (අල්කුර් ආනයෙහි) ද මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් කළේ ඔහු (අල්ලාහ්) ය. එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය." (සූරා අල්-හජ්: 78) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "පසු ව අපි අපගේ ගැත්තන් අතරින් අප තෝරා ගත් අයට එම ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතරින් තමන්ටම අපරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි පෙරටු වන අය ද වෙති. එයම ය මහත් භාග්‍යය." (සූරා ෆාතිර්: 32) ඉස්ලාමය යනු යම් ජාතියකට හෝ යම් ප්‍රජාවකට හෝ යම් රටක වැසියන්ට හෝ සීමාවූවක් නොවේ. එය තම ගැත්තන් සඳහා වන අල්ලාහ්ගේ දහමයි. සමස්ත මිනිස් සමූහයා තමන්ට නැමදීම සඳහා අල්ලාහ් ඇරයුම් කළේය. අල්ලාහ්ට නැමදුම් කිරීම මිනිසා ජීවිතයේ ලබන උතුම්ම පරිපූර්ණත්වයයි. ඔහු අල්ලාහ්ට නැමදුම් කළ විට ඔහු එමගින් ආරක්ෂා වන අතර ඔහුගේ ආත්මය ද පිරිසිදු වී, ඔහුගේ පරමාධිපතිගේ මාර්ගය මත ගමන් කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.* තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය." (සූරා අෂ්-ෂම්ස්: 9-10) නැමදුම් කිරිමට හැකි නැමදුම් පිළිවෙතක් පුද්ගලයෙකුට තිබිය යුතුය. ඔහු තම පරමාධිපතිට, තම මැවුම්කරුට සහ තම සැපයුම්කරුට නැමදුම් නොකරන්නේ නම්, එසේ නොවුවහොත්, ඔහු ෂෙයිතාන්ට සහ ඔහුගේ ආශාවන්ට යටත් වනු ඇත. තම නැමදුම සඳහාත් තම ආරක්ෂකයා බවටත් ෂෙයිතාන්ව නියම කරගත් අය පරාජයට පත් විය.

හත්වන විමසුම: ඉස්ලාමයේ කාන්තාවට හිමි ස්ථානය පැහැදිලි කිරීම.

ඉස්ලාමය තුළ කාන්තාව පිරිමියාගේ සහෝදරියයි. ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසීය: "නියත වශයෙන්ම කාන්තාවන් පිරිමින්ගේ එකකුස උපන් සහෝදරියෝ වෙති."(24) පිරිමියෙකුට ආමන්ත්‍රණය කරනු ලබනවා සේම ඇයට ද නීතිමය වගකීම් පැවරී ඇත. "නියත වශයෙන්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසකරනවුන් හා විශ්වාසකරන්නියන් ද අවනත වන්නන් හා අවනත වන්තියන් ද සත්‍යවාදීන් හා සත්‍යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලි වන්තියන් ද බියබැතිමත් වන්නන් හා බියබැතිමත් වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාග ශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද වනාහි, අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත." (සූරා අල්-අහ්සාබ්: 35) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇයගේ ක්‍රියාවන් සඳහා ඇයට හිමි ප්‍රතිඵල පිරිමියාට හිමි ප්‍රතිඵලයට සමානය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති." (සූරා අන්-නිසා: 124) තවදුරටත් උත්තරීතරයාණන් මෙසේ පවසයි: “කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නො ලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිසෙති. එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.” (සූරා ගාෆිර්: 40) අල්-මුස්නද් සුනනුත් තිර්මිදි (23196), සුනනු අබී දාවුද් (236)

කෙසේ වෙතත්, කාන්තාවක් සතුරන් සමඟ යුද වැදීම සහ මස්ජිදයේ පිරිමි පිරිස සමඟ සලාත් කිරීම වැනි ඇගේ ස්වභාවයට සමානුපාතික නොවන සමහර රාජකාරිවලින් ඇය ව නිදහස් කර ඇත. නමුත් ඇය නිවසේ සලාත් ඉටු කිරීමට බැඳී සිටී. ඇය මස්ජිදයේ සලාතය සඳහා පිරිමින් සමග සහභාගී වන්නේ නම්, ඇයගේ සලාතය වලංගු වන අතර ඇයට ඒ සඳහා ප්‍රතිඵල ලැබෙනු ඇත. එහෙත් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සැලකිල්ලට ගනිමින් ඇය තම නිවසේ යාච්ඤා කරන්නේ නම්, ඇයගේ ප්‍රතිඵල ඊට වඩා අධික වනු ඇත.

අල්ලාහ් ගැහැණු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් හෝ දායාද කර ඇති තැනැත්තෙකු ඔවුන් හොඳින් හදාවඩා ගත්තේ නම්, ඔහුට අතිමහත් ප්‍රතිඵල රැස්වෙනු ඇතැයි ඉස්ලාමය තුළ සඳහන් වේ. ඔවුන්ගේ කටයුතු නිසි අයුරින් සපුරාලීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “කවරෙකුට දියණියන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සහෝදරියන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ වී ඔවුන් වෙන්ව යන තෙක් හෝ ඔවුන්ගෙන් ඔහු මිය යන තෙක් ඔවුන් ගැන ඔහු වගකීම් දරන්නේ ද මම ඔහු සමග මේ දෙක මෙන් සිටිමි යැයි එතුමාගේ මැදගිල්ල හා දබරැගිල්ල පෙන්වා ඉඟි කළහ.” මෙය සහීහ් මුස්ලිම්හි මෙවන් පද පෙළකින් වාර්තා වෙයි: "කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු හදාවඩා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මේ දෙක මෙන් එනු ඇත." එතුමාණෝ තම ඇගිලි එකතු කර පෙන්වූහ. (2631)

ඉස්ලාමයේ විවාහය සාමූහික වගකීමකි. නමුත් විවාහ ජීවිතයට අදාළ නිවාස, ආහාර පාන, ඇඳුම් පැළඳුම් වැනි සියලු වියදම් ස්වාමිපුරුෂයා විසින් දරනු ලබන අතර, ඇය පොහොසත් වුවද - ඇයගේ කැමැත්ත තිබුණා නම් මිස, ඒ කිසිවක් ඇය විසින් දරන්නේ නැත. දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ස්ත්‍රියකට පහර දීම තහනම් කළ අතර ඇයගේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම ද තහනම් කළේය. ඇයට ගෞරව කරනුයේ ත්‍යාගශීලී පුද්ගලයකු පමණක් බවත් පැහැදිලි කළේය.

කාන්තාවකට ඇයටම කියා ඇයගේම වගකීමක් ඇති අතර ඇය විසින් මිලදී ගැනීම, විකිණීම සහ අනෙකුත් සියලුම ගිවිසුම් වලදී පිරිමියෙකු හා සමාන වේ. ඇය වැඩිහිටි කාන්තාවක් නම් ඇයගේ මූල්‍යමය ගනුදෙනු සඳහා පුරුෂයාගේ අනුමැතිය අවශ්‍ය නොවේ.

අටවන විමසුම: මිනිසුන් සමාන ය. ඔවුන්ගේ පියා ආදම් සහ ඔවුන්ගේ මව හව්වා ය.

සැබැවින්ම මිනිසාව අල්ලාහ් පසින් මැවූ බවත් ඔහු තුළින්ම ඔහුගේ සහකාරිය වන හව්වා (අලයිහස් සලාම්) තුමිය මැවූ බවත් ඔවුන්ගෙන් පැවත එන්නන් වැඩි වී ප්‍රජනනය වූ බවත් පෙර මාතෘකාවේ අපි සඳහන් කළෙමු. මිනිසාගේ මූලාරම්භය එක නම්, එනම් ආදම් හා හව්වා තුමියගේ පැවැත්මය, ඔවුන් දෙදෙනාගේ පරපුර ද ඔවුනට සමාන වෙති. කිසිම මනුෂ්‍ය වර්ගයක් අන් කිසිවකුට වඩා පරම්පරාවෙන් උරුමකම් පාන්නට සුදුසු නැත. රටක මිනිසුන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ද නැත. සියල්ලෝම එක සමාන අය වෙති. ඔවුන් සියල්ලන්ගේම මූලාරම්භය පස ය. ඔවුන්ගේ පියා ආදම් ය. භක්තියෙන් සහ යහපත් ක්‍රියාවෙන් මිස කිසිවෙකුට අනෙකාට වඩා උසස් බවක් නැත. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා සිටියහ. "ජනයනි! නියත වශයෙන්ම අල්ලාහ් ජාහිලියාවරුන්ගේ අහංකාරය සහ ඔවුන්ගේ මුතුන්මිත්තන් පිළිබඳ ඔවුන්ගේ උදම් අනන භාවය ඔබෙන් ඉවත් කර ඇත. ඉතින්, දැන් මිනිසුන් වර්ග දෙකක් ඇත: අල්ලාහ් ඉදිරියෙහි ධර්මිෂ්ඨ, ධාර්මික සහ ගෞරවනීය පුද්ගලයෙකු සහ අල්ලාහ් ඉදිරියෙහි දුෂ්ට, දුක්ඛිත සහ අභාග්‍යවන්ත පුද්ගලයකි. මිනිසුන් ආදම්ගේ දරුවන් වන අතර ආදම්ව මවනු ලැබුවේ පසිනි." (26)(27) අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "අහෝ ජනයිනි! දැනගනු ඔබේ පරමාධිපතියාණන් එකෙකි. ඔබේ පියාණන් ද එකෙකි. අරාබි නොවන අයකුට වඩා අරාබි ජාතිකයකුට හෝ අරාබි ජාතිකයෙකුට වඩා අරාබි නොවන අයකුට හෝ කළු ජාතිකයකුට වඩා සුදු ජාතිකයෙකුට හෝ සුදු ජාතිකයෙකුට වඩා කළු ජාතිකයෙකුට හෝ තක්වා හෙවත් දේවබිය භක්තිමත් භාවයෙන් මිස කිසිදු උසස්කමක් නැත." (28) සර්වබලධාරී පරමාධිපතියාණන් මිනිස් වර්ගයා මවා ඔවුන් විවිධ ගෝත්‍රිකයින් ලෙස මවා ඇත්තේ ඔවුන් එකිනෙකා අතර උදම් අනන්නට නොව, එකිනෙකා හඳුනා ගනු පිණිසය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස නුඹලාව විවිධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය." (සූරා අල්-හුජුරාත්: 13) ජනයා අතර පවතින ගෝත්‍රික හා වාර්ගික වෙනස ඔවුන් එකිනෙකා හඳුනා ගැනීමට හා උපකාර කිරීමට වූවකි. නමුත් අල්ලාහ් අභියස ඔවුන් අතරින් වඩාත් ගෞරවනීය තැනැත්තා වනුයේ දේව බිය බැතිකමෙන් වඩාත් උතුම් තැනැත්තාය. දේව බියෙන් වඩාත් උතුම් තැනැත්තා යනු ඔහුගේ පරමාධිපතියාණන් හඳුනාගෙන ඔහුගේ දහම හඳුනාගෙන අල්ලාහ්ට නමස්කාර කරමින් ඔහුගේ ආගමික වගකීම් ඉටු කරමින් ඔහු අවට සිටින්නන්ගේ වගකීම් ඉටු කරමින් තම හානියෙන් ජනයා ආරක්ෂාව ලබන තැනැත්තය. උබය්යා යනු අහංකාරකම හා උඬගු කමයි. මෙම පදයෙන් අදහස් කරන්නේ අඥාන කාලයේ එනම්, පූර්ව ඉස්ලාම් යුගයේ මිනිසුන් තම පරම්පරාව ගැන උදම් අනමින් සහ ප්‍රදර්ශනය කරමින් ක්‍රියා කළ පිළිවෙතයි. මූලාශ්‍රය: ගරීබුල් හදීස් ලිල්කත්තාබී. (1/290) මුස්නද් අහ්මද්, අර්-රිසාලා (8736), සුනනුත් තිර්මිදි (3956), සුනනු අබී දාවූද් (5119). මුස්නද් අහ්මද්, (23489).

මිනිසුන් පන්තිවලට බෙදීම, සෑම පන්තියකටම සමාජමය, මූල්‍යමය සහ නීතිමය වරප්‍රසාද ඇති කර ගැනීම සම්බන්ධයෙන් වනාහි, මෙම බෙදීම සඳහා දිව්‍යමය හෝ බුද්ධිමය හෝ අත්දැකීම් වලින් සපිරුණු කිසිදු සාක්ෂියක් නො මැත. ඒ වෙනුවට, එය ගොතන ලද තැනැත්තෙකුගෙන් වූ ප්‍රබන්ධයකි; අපරාධයකි. මිනිසාට අපහාස කිරීම සහ ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ද එහි අඩංගු වේ. එක් ජාතියක් ගෞරවය කොට කීර්තිමත් කිරීමටත්, තවත් ජාතියක් නෙරපා හැර පහත් කොට ලක් කිරීමටත් අයිතිය ඇත්තේ කාටද? ජාතිය, වර්ගය හා දේශය මුල් කරගනිමින් මිනිසා බෙදන සෑම බෙදීමක්ම අසාධාරණය හා අයුක්ති සහගත බෙදීමකි. කවුරුන් එය නිර්මාණය කර ඒ වෙත ඇරයුම් කර සිටින්නේ ද ඔහු බොරු ගොතන මහා මුසාවාදියෙකි. සියලුම මිනිසුන් සම්භවයෙන් සහ මූලාරම්භයෙන් සමාන වෙති. ඔවුන් සියල්ලන්ම තම ස්වාමියා වෙත ආපසු යන අතර, ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ ඔහු ඔවුන්ගෙන් විමසනු ඇත. පෙළපත හෝ ජාතිය මුල් කරගෙන අල්ලාහ් ඉදිරියේ විශේෂ සැලකිල්ලක් ඔවුනට නොපවතිනු ඇත. දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "යමෙක් ඔහුගේ කාර්යයෙන් මන්දගාමී වේ ද, ඔහුගේ පෙළපත ඔහුව වේගවත් නොකරයි." (29) පෙළපත ඉක්මන් කරන්නේ හෝ ප්‍රමාද කරන්නේ හෝ නැති අතර එහි හිමිකරුට වරප්‍රසාදයක් හෝ වෙනසක් හෝ ලබා දෙන්නේ නැත. සහීහ් මුස්ලිම් (2699).

නව වන විමසුම: සහෝදරත්වය හා කරුණාව

දූතයාණන්ගේ දූත පණිවිඩය සියලු මැවීම්වලට ආශිර්වාදයකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “(නබි තුමණි!) අපි ඹබ ලෝවැසියනට දයාවක් ලෙස මිස නො එව්වෙමු.” (සූරා අල් අන්බියා: 107) එතුමා ලෝවැසින්ට දයාවකි; මඟ පෙන්වන්නෙකි එමෙන්ම ශුභාරංචි දන්වන්නෙකි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.* තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද අලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)* තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන් හට ඔබ සුබාරංචි දන්වනු." (සූරා අල් අහ්zසාබ්: 45-47) අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන්නන් අතර ඇති සහෝදරත්වයේ බැඳීම ශ්‍රේෂ්ඨතම බැඳීම බව අවසාන පණිවිඩය තුළ ඇතුළත් වෙයි. සර්ව බලධාරී දෙවියන් මෙසේ පැවසුවේය. "නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු." (සූරා අල්-හුජුරාත්: 10) උපකාර කිරීම, අවශ්‍යතා සපුරාලීම, දුක් කරදර ඉවත් කිරීම, රහස්‍ය දෑ සැඟවීම යනාදිය මෙම සහෝදරත්වයේ වගකීම් අතරින් කිහිපයකි. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණයක් කරන්නේ හෝ වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේ හෝ නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්‍යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්‍යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරනු ඇත. තවද යමෙක් මුස්ලිම්වරයෙකු (ඔහුගේ පෞද්ගලික රහස්) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ රහස්) නැවත නැඟිටීමේ දිනයේ වසන් කරනු ඇත." දේව දූත මුහම්මදාණෝ මෙසේ පැවසූහ: "නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකාට ඊර්ෂියා නොකරන්න. නුඹලා ආපස්සට හැරී නොයන්න. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන්කර තැබීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත." (31) වෛරය, ඊර්ෂ්‍යාව සහ සහෝදරත්වය බිඳ දැමීම තහනම් කරන, දින තුනකට වඩා වෙන්වීම තහනම් කරන, පොදුවේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අතර සහෝදරත්වය රකින මෙන් නියෝග කරන මාර්ගය වඩාත් බලවත් එකක් වේ. සහීහුල් බුහාරි (2442) හා සහීහුල් මුස්ලිම් (2580) සහීහුල් බුහාරි (6076) හා සහීහුල් මුස්ලිම් (2558)

මුස්ලිම් නොවන අය ගැන ද ඉස්ලාමය සැලකිලිමත් වෙයි. ඔවුන් සමඟ සුහදශීලී සදාචාරාත්මක හා සාධාරණ සාරධර්මවලට අනුකූලව කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට ඔවුන් සමඟ සාධාරණව කටයුතු කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැර නොහැරීමට නියම කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහෝ විශ්වාස කළවුනි, නුඹලාට එරෙහිව හෝ දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහිව වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම භාරකරුය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි දී මනෝ ආශාවන් පිළි නො පදිනු. තවද නුඹලා (සාක්ෂි ය) විකෘති කළ ද (ඉන්) වැළකී සිටිය ද, සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය." (සූරා අල් මාඉදා: 8) එමෙන්ම ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමට හා ඔවුන් සමග ත්‍යාගශීලීව කටයුතු කිරීමට නියෝග කර ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි." (සූරා අල් මුම්තහිනා: 8) මක්කම වැසියන් වූ කුරෙයිෂ්වරු නියඟයෙන් හා කටු පවා අනුභව කරන තරමට දැඩි දුෂ්කරතාවෙන් පෙළෙන කල, මිනිසකු අහස දෙස බැලීමට පටන් ගත් අතර, ඔහුට ඔහු සහ එය අතර දිස් වූයේ කුසගින්නෙන් සපිරුණු දුමාරය මෙනි. එය ඔවුන් දූත මුහම්මද් තුමාණන්ව එතුමාණන්ගේ උපන් ගම වන මක්කාවෙන් නෙරපා හැර පසුව එතුමාණෝ මදීනාවට සංක්‍රමණය කළ කාලයේ විය.

අල්ලාහ්ගේ දූතයාණන් කැඳවා එතුමාණන්ට මෙසේ පවසන ලදී: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මුළර් ගෝත්‍රිකයින් වෙනුවෙන් වැස්ස වස්සන මෙන් අල්ලාහ්ගෙන් පතන්න. සැබැවින්ම ඔවුන් විනාශ වී ගොස් ඇත යැයි පැවසීය. එතුමාණෝ "මුළර් ගෝත්‍රිකයින්ට ද? ඔබ හරිම නිර්භීතයි. මම ඔවුනට වැස්ස පතා, ඔවුන් වැස්ස ලැබිය යුතු ද?(32) එනම්: ඔවුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කොට ඔහු සමග වෙනත් දෙවිවරුන් ආදේශ කරමින් සිටිය දී ඔවුන් වෙනුවෙන් වැස්ස ඉල්ලා සිටින මෙන් ඔබ මගෙන් ඉල්ලා සිටින්නෙහි ද? ඔවුන් දැන් පීඩාවට පත් වූ කල්හි අල්ලාහ් හැර එම විපත්තිය ඔවුන්ගෙන් ඉවත් කිරීමට කිසිවකු නැතැයි ඔවුන් දැන ගෙන ඇත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ දන්නෙහුය. නමුත් මා බොරුකාරයෙකු යැයි ඔබ පවසන්නෙහුය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා දැන් ඔබ මා වෙත පැමිණ ඇත. සහීහුල් බුහාරි (4821) හා සහීහු මුස්ලිම් (2798)

ගිවිස ගත් උදවිය මරා දැමීම ඉස්ලාමය තහනම් කළේය. දූතයාණන් මෙසේ පැවසීය: “කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය.” මෙම දහම තුළ ආදම්ගේ සෑම දරුවකුම අල්ලාහ් ගෞරවයට පත් කර ඇති බව මුස්ලිම්වරයා විශ්වාස කරයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු." (සූරා අල්-ඉස්රා: 70) සහීහ් අල් බුහාරි (3166)

තුන්වන කොටස: ආගම

පළමු මාතෘකාව: ආගම මානව අවශ්‍යතාවයකි

ආගම්වාදය යනු මනුෂ්‍ය ආත්මය ඒ වෙත ඇදී යන අත්‍යාවශ්‍ය දෙයකි. කුමන තත්වයක් යටතේ වුව ද ඔහු එයින් බැහැර වන්නේ නැත. වත්පිළිවෙත් සිදු නො කරන, එය උත්කර්ෂයට නො නංවන, ඒ සඳහා සිද්ධස්ථාන ඉදි නො කරන ආගමක්, පෙර හෝ පසු ජාතීන් අතර නොතිබුණි. නමුත් ජීවනෝපාය සෙවීමේ කාර්ය‍යහෙි නිරත වීම හේතුවෙන් කාර්‍යබහුල වූ අය හා ආගමක් ඇදහීමට වඩා සුඛෝපභෝගී ජීවිතය තෝරා ගත් සුළු පිරිසක් හැර. මිනිසුන් අතර විශාල ප්‍රතිශතයක් එලෙස කටයුතු නො කරති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු..." (සූරා අල්-හජ්: 67) 'මන්සක්' හෙවක් නැමදුම් ස්ථානය යනු මිනිසා ඒ වෙත යොමුවන, හොද හෝ නරක(34) සෑම දෙයකම ඒ සමග බැදී සිටින ස්ථානයයි. මෙය අද දක්වාම දකින්නට ඇති කරුණකි. ඉතිහාසය පුරාවට තාප්ප නැති, වෙළඳ පොළවල් නැති, රෝහල් නැති නගර දක්නට තිබුණත් දේවස්ථාන නැති නගර අපට හොයාගත නො හැකි ය. ඒ වෙනුවට හැම ප්‍රදේශයකම එක් සිද්ධස්ථානයක් හෝ දැකිය හැකි ය. තමන්ගේ රටින් වෙනත් රටකට යන ඕනෑම ජන කණ්ඩායමක්ම නැමදීම සඳහා සිද්ධස්ථානයක් ඉඳි කර ඒ සඳහා මුදල් වියදම් කරනු අපි දකින්නෙමු. අද ගුවන් තොටුපළ පවා දක්නට ලැබේ. එය මිනිසුන් සුළු කාලයක් පමණක් ගත කරන ස්ථාන වුව ද නමස්කාරය සඳහා වෙන් කර ඇති ස්ථාන අපට හමු වේ. ජාමිඋල් බයාන් (18/679) බලන්න.

නැමදුම් කිරීමට ඇති මෙම අවශ්‍යතාව සහ ඒ සඳහා හදවත් බැඳී තිබීම, සර්බවලධාරී දෙවියන් මිනිසුන් මැවූ ස්වභාවයේම පවතින කරුණක් වන අතර ඔහු ආගම්වාදය ආත්මයන් තුළ සහජ දෙයක් බවට පත් කළේය. සර්වබලධාරී පරමාධිපතියාණන් සඳහා මිනිසා තුළ සහජ දරිද්‍රතාවයක් ඇති බැවින්, ඔහුගෙන් තොරව ඔහුට පිහිටිය නො හැකි ය. අල්ලාහ්ට පමණක් නැමදීම, හොඳ සහ නරක කාලවලදී ඔහු වෙත යොමු වීම හැර වෙනත් සරණක් ඔහුට නැත. සෑම මිනිසෙකුම දුර්වලකම සහ දුප්පත්කමට ලක්වෙයි. ඒ සමගම අර්බූද සහ පීඩාවන් අත්විඳියි. තමාව ශක්තිමත් කර ගැනීමටත් ඒ තුළින් ජයග්‍රහණය සොයා යාමටත් ශක්තිමත් කණුවක් වෙත යා යුතුය. මෙය සහජත්වයට ආවේණික වූ කරුණක් වන අතර එය එසේ සිදු කිරීමට පුද්ගලයෙකු පොළඹවනු ඇත. ඔහු තමාට වඩා ප්‍රබල කෙනෙකුගෙන් සරණ සොයා යන්නේ තමාගේ විපතෙන් තමාව මුදවා ගැනීමට හා ව්‍යසනයෙන් තමාව නිදහස් කර ගැනීමටය. ඒ සඳහා ඔහු සර්ව බලධාරී සමිඳාණන් වෙත යා හැකි ය. යමෙකුට සරණ පතා යා හැකි හොඳම තැනැත්තා ඔහු ය. ආගම, ආගම්වාදය සහ ආගමික සංකේත ඉටු කිරීම සඳහා මානව අවශ්‍යතාවය මෙයින් පැහැදිලිව පෙන්නුම් කරයි. එය නිවැරදි හා ප්‍රයෝජනවත් යොමුවකි. ඇතැම් විට ඔහු පිළිමයක්, මියගිය පුද්ගලයෙකු හෝ දෙවියන් යැයි සලකන කෙනෙකු මෙන් එහි පැවැත්මේ සත්‍යයක් නැති දෙයක් වෙත යොමු විය හැකි ය. මෙම යොමුව - සත්‍ය හෝ ව්‍යාජ වේවා - මිනිසාට රැකවරණය පතා යොමුවන ශක්තිමත් සාධකයක අවශ්‍යතාවය පෙන්වා දෙන සාක්ෂියකි.

දෙවන විමසුම: ආගමික නීති පනවන්නේත් එය නියෝග කරන්නේත් ඒවා ගැන විභාග කරන්නේත් සර්ව බලධාරී පරමාධිපතියාණන්ය.

අපි මේ කාරණය පැහැදිලි කිරීමට පෙර, මෙම මාතෘකාව කුමක්ද යන්න තේරුම් ගැනීම සඳහා අපි මනස සක්‍රිය කිරීමට සහ සූදානම් කිරීමට ප්‍රශ්න දෙකක් අසන්නෙමු. එම ප්‍රශ්න දෙක නම්:

පළමු ප්‍රශ්නය: ආගම ස්ථාපිත කිරීමට, නීති සම්පාදනය කිරීමට, හරි වැරැද්ද පිළිබඳ ප්‍රමිතීන් සැකසීමට සහ මිනිසුන් හොඳ හෝ දූෂිත වුවත් ඔවුන්ගේ ක්‍රියාවන්ට වගවීමට අයිතිය ඇත්තේ කාටද?

පිළිතුර: ආගම ස්ථාපිත කිරීමට, නීති සම්පාදනය කිරීමට, හරි වැරැද්ද, අයහපත සහ ගුණධර්ම පිළිබඳ ප්‍රමිතීන් සැකසීමට සහ ඔවුන්ගේ ක්‍රියාවන්ට මිනිසුන්ට වගවීමට අයිතිය ඇති තැනැත්තා වන ඔහු සියලු බලැති පරමාධිපතියාණන් ය. එය පහත සඳහන් පරිදිය:

මක්නිසාදයත් ඔහු මැවූ තැනැත්තා වන බැවිනි. ආගම හා නැමදුම අනුව මැවීම් සඳහා සුදුසු දේ මැනවින් දන්නේ මැවූ තැනැත්තා ය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය. "(සියල්ල) මැවූ ඔහු නොදන්නේද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය." (සූරා අල් මුල්ක්: 14) කිසිවක් නො මැවූ තැනැත්තෙකු වනාහි, මැවීම්වලට අවශ්‍ය දේ නොදැන ඔහු වැනි මැවීමකට ඔහු නීති පනවන්නේ කෙසේද? ඒ වෙනුවට, එසේ නීති සම්පාදනය කරන ඔහුම අර්බූද හා විපත්ති වලට මුහුණ දෙයි. ඒවායින් මිදීමට නො හැකි වෙයි. එසේ නම්, ඔහු අන් අයට නීති සම්පාදනය කරන්නේ කෙසේද?

මක්නිසාද යත්, සත්‍යය හා යහමඟ වෙත මඟ පෙන්වන්නේ පරමාධිපතියාණන් වන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ?"යි "නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැ"යි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නො කරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු දෙනුයේ කෙසේ ද?" (සුරා යූනුස්: 35) ඉබ්නු ජරීර් (රහිමහුල්ලා) තුමා මෙසේ පවසයි: උත්තරීතරයාණන් තම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට අවධාරණය කරමින් මෙසේ පවසා සිටියි: "පවසනු" අහෝ මුහම්මද්, මෙම බහුදේවවාදීන්ට පවසනු. "නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ? අල්ලාහ් හැර අන් අයට නුඹලා ඇරයුම් කර සිටින්නන්ය. එනම් ඒවා ඔවුන්ගේ දෙවිවරුන් හා ඔවුන්ගේ පිළිම වේ. "සත්‍යය වෙත මඟ පෙන්වන කෙනෙකු" ඔහු මෙසේ කියයි: නොමඟ යන පුද්ගලයෙකු ව ඔහුගේ නොමග යෑමෙන් යහමඟට යොමු කරන්නේ කවුද? තවද අයුක්ති සහගත පුද්ගලයෙකුව මඟ පෙන්වීමෙන් පැහැදිලි හා සෘජු මාර්ගයට යොමු කරන්නේ කවුද? ඇත්තවශයෙන්ම ඔවුන්ගේ දෙවිවරුන් සහ ඔවුන්ගේ පිළිම නොමඟ යන උදවියට මඟ පෙන්වන බව හෝ අපරාධ කරන උදවියට ඍජු මාර්ගය පෙන්වන බව හෝ ඔවුන්ට වාද කළ නො හැකි ය. මක්නිසාද යත්, ඔවුන් මෙය සත්‍ය යැයි වාද කළහොත්, දර්ශණය ඔවුන් බොරුකාරයෙකු බවට පත් කරනු ඇත. නිරීක්‍ෂණය තුළින් එහි නොහැකියාව පෙන්නුම් කරයි. ඔවුන් "නැහැ" යැයි පවසා එය පිළිගන්නේ නම්, එවිට ඔබ ඔවුන්ට මෙසේ පවසන්න: නොමඟ යන තැනැත්තාට මඟ පෙන්වීමෙන් සත්‍යය වෙත යොමු කරනුයේ අල්ලාහ් ය. "සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද" අහෝ ජනයිනි! නොමඟ යන්නා සත්‍යය වෙතත්, ඍජු මගින් පෙරළෙන්නා ඍජු මග වෙතත් "පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ" ඔහු කවර දෙයක් වෙත කැඳවන්නේ ද ඒ වෙත "එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නොකරන අය ද?"(35) ජාමිඋල් බයාන් (15/87)

සත්‍යය සහ අසත්‍යය, යහමඟ සහ මුළාව අතර වෙනස හඳුනා ගැනීමේ හැකියාව තම ගැත්තන් හට ලබා දෙන්නේ ඔහුය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලාගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්‍ය සම්පන්නය." (සූරා අල් අන්ෆාල්: 29) අෂ්-ෂෙයික් අබ්දුර් රහ්මාන් අස්-සඃදී තුමා තම විග්‍රහයෙහි මෙසේ පැවසීය. අල්ලාහ්ට බැතිමත් වී ඔහු ගැන හැඟීමෙන් කටයුතු කරන්නා කරුණු හතරක් අත්කර ගනී. ඒ සෑම එකක්ම මෙලොව හා එහි ඇති දේට වඩා උතුම්ය: පළමුවැන්න: නිර්ණායකය: එනම් යහමඟ සහ මුළාව අතරත් සත්‍යය සහ ව්‍යාජ දෑ අතරත් අනුමත හා තහනම් දේ අතරත් වෙන්කර හඳුනාගත හැකි අභාග්‍යවතුන්ගෙන් භාග්‍යවතුන් කවුරුන්දැයි වෙන්කර හඳුනා ගත හැකි පුද්ගලයකු සතු දැනුම හා මඟපෙන්වීමයි. දෙවැන්න හා තුන්වැන්න: නපුරුකම්වලින් දුරස් වී පාපක්ෂමාව හිමිකර ගැනීම.. හතරවැන්න: ඔහු කවරෙකු කෙරෙහි භක්තිමත් වන්නේ ද, තම ආශාවන්ට වඩා ඔහුගේ තෘප්තියට ප්‍රමුඛත්වය දෙන්නේද එවැන් අයට ඔහුගෙන් මහත් ප්‍රතිඵල හා මහත් කුසල් හිමි වීම. තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 319)

කවරෙකු සත්‍යය වෙත යොමු කරන්නේ ද ආගම ස්ථාපිත කිරීමටත්, ඒ වෙත මිනිසුන් යොමු කිරීමටත්, ඒ සඳහා ඔවුනට මඟ පෙන්වීමටත් සුදුස්සා වනුයේ ඔහුය.

මක්නිසාදයත් පරමාධිපතියාණන් බලවත්, දයානුකම්පිත, සර්ව බලධාරී වන බැවිනි. ඔහු නිවැරදි දේ අණ කර ඒ සඳහා ප්‍රතිඵල පිරිනමයි. වැරදි දේ තහනම් කර ඒ සඳහා දඬුවම් කරයි. නූ‍හ් ගේ ජනතාවට අත් වූ ගංවතුර, හූද් තුමාගේ ප්‍රජාවේ හා සාලිහ් තුමාගේ ප්‍රජාවේ විනාශය, මූසා තුමාට එරෙහිව ෆිර්අවුන් සහ ඔහුගේ සේනාව ලුහු බැදගෙන ආ කල්හි දියේ ගිල්වීම යනාදී, දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයා සමග පැවති ගැටුම්වල දී ඔවුනට සිදු වූ විනාශයන්, ආගම පහළ කරන සහ එයට අකීකරු වන අයට දඬුවම් කරන අයකු සිටින බවට අතිමහත් සාක්ෂියකි. ඔහු නීති සම්පාදනය කිරීමට සහ නැමදුම් සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට අයිතිය හිමි තැනැත්තාය. අල්ලාහ් වෙනුවට නැමදුම් ලබන මිනිසකු හෝ පිළිමයක හෝ දෙවිවරුන් යැයි සිතන යහකම් හෝ වේවා තම ආගම කඩ කරන අයට දඬුවම් කිරීම තබා, තමන්ව ආරක්ෂා කර ගැනීමට පවා ඒවාට හැකියාවක් නැත.

මක්නිසාදයත් පෝෂණය කරන්නා පරමාධිපතියාණන් වන ඔහු බැවිනි. කවරෙකු පෝෂණය සපයන්නේ ද නීති සම්පාදනයට සුදුස්සා වනුයේ ඔහුය. පෝෂණය නො සපයන තැනැත්තාට නීති සම්පාදනය කිරීමට කිසිදු අයිතියක් නැත. එමෙන්ම සමහර ආහාර පානවල හා විවාහ කටයුතුවල අවසර දීමත්, ඒවායින් ඇතැම් වර්ග තහනම් කිරීමත් නීති සම්පාදනයට ඇතුළත් වන බැවිනි. එසේනම් කවරෙකු පෝෂණය නොකරන්නේ ද ඔහු යමක් තහනම් කරන්නේ හෝ වළක්වන්නේ හෝ අනුමත කරන්නේ හෝ අවසර දෙන්නේ හෝ කෙසේද?

එමෙන්ම කරුණු නියෝග කරන, ඒවා තහනම් කරන අසරණයින්ගේ ප්‍රාර්ථනා වට පිළිතුරු සපයන සර්ව බලධාරියාණන් සර්ව නිරීක්ෂක හා සර්ව ශ්‍රාවක වන ඔහු බැවිනි. කවරෙකු එලෙස වන්නේ ද ආගමික නීති සම්පාදනය කිරීමේ හා ඒ ගැන විභාග කිරීමේ අයිතිය ඔහුට පමණක් සතු වන්නේ ය. මූසා තුමාගේ ජනයා වසු පැටවෙකු තෝරාගෙන දෙවියකු බවට ඌ පත් කරගත් අවස්ථාවේ අල්ලාහ් එය හෙළා දකිමින් මෙසේ පැවසීය: "මූසාගේ ජනයා ඔහුගෙන් පසු ව ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (සාදා නමදින්නට) ගත්තෝය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමග කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මග නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (දෙවියන් ලෙස) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ." (සූරා අල්-අඃරාෆ්: 148)

මිනිසා තුළ ආශාවන් සංකේන්ද්‍රණය කර, ඔහුට බුද්ධිය සහ කැමැත්ත පිරිනැමුවේ සර්ව බලධාරී පරමාධිපතියාණන් වන ඔහු බැවිනි. නීති සම්පාදනය කිරීමටත් එය අනුගමනය කරන සහ කීකරු වන අයට විපාක දීමටත්, අකීකරු වන සහ විරුද්ධ වන අයට අවවාද කිරීමටත් සුදුසු වන්නේ ඔහු ම පමණි.

ආත්මයන් තුළ ශීලය ඇති කර, ඔවුන් අනුගමනය කළ යුතු යහපත් මාර්ගය ද, මඟ හැරිය යුතු අයහපත් මාර්ගය ද ඔවුනට හඳුන්වා දුන්නේ පරමාධිපතියාණන් වන ඔහු බැවිනි. සත්‍යය සහ අසත්‍යය, යහමඟ සහ මුළාව යන ප්‍රමිතීන් මිනිසුන්ට පැහැදිලි කිරීමට සුදුස්සා ඔහු ය.

පරමාධිපතියාණන් වන ඔහු යුක්ති සහගත වන බැවිනි. සම්පූර්ණ යුක්තිය ඇත්තේ ඔහු සතුවය. එබැවින් තම ගැත්තන්ට අංශු මාත්‍රයකින්වත් ඔහු පීඩා නොකරයි. ඔහු ප්‍රඥාවන්ත, සර් වඥ, දේවල් නිසි තැන තබන්නා ය. ඔහුගේ නීතියට හා ආගමට වඩා ශ්‍රේෂ්ඨ හා සම්පූර්ණ වෙනත් නීතියක් නැත. .

මිය නොයන නින්ද නොයන සදා ජීවමානයාණන් වන්නේ ඔහු වන බැවිනි. තම ගැත්තන්ගේ ක්‍රියාවන්, ඔවුන්ගේ වැරදි, ඔවුන්ගේ ධාර්මික ක්‍රියාවන් හා දූෂිත ක්‍රියාවන් ගැන ඔහු දනී. සියලුම මැවීම්වලින් මොහොතක් හෝ ඔහු ඉවතට නොයයි. ගැත්තන් වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු සටහන් කරයි. එබැවින් නීති සම්පාදනය කිරීමටත් විභාග කිරීමටත් ආගම්ගත කිරීමටත් කුසල් හා දඬුවම් දීමටත් සුදුස්සා ඔහු ය.

දෙවන ප්‍රශ්නය: මිනිසුන්ට පිළිපැදිය යුතු ආගමක් ස්ථාපිත කිරීම, ඔවුන් සඳහා නීති සම්පාදනය කිරීම, ඔවුන් සඳහා - තමන් තුළින්ම - ගුණ නුගුණ, සත්‍යය අසත්‍යය පිළිබඳ ප්‍රමිතීන් තීරණය කිරීම සහ මිනිසුන්ගේ ක්‍රියාවන් ගැන විභාග කිරීම යනාදිය පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කළ හැකිද?

පිළිතුර: ඔබට එය ආගමක් ලෙස සැලකිය නො හැකි ය; මක්නිසාද යත්, ඔහු ඔවුන්ව මැව්වේ නැති අතර ඔවුන්ට වඩාත් සුදුසු දේ කුමක්දැයි දන්නේ ද නැති බැවිනි. එමෙන්ම ඔහු ඔවුන්ට පෝෂණය නොකරන අතර ඔහුගේ නීතිය ඔවුන්ගෙන් පතන්නේ ද නැති බැවිනි. සත්‍යයට හා යහමඟ වෙත මඟ පෙන්වන්නේ ද නැති බැවිනි. එසේනම්, තමන්ටම මඟ පෙන්වීමක් සතු නොවන අයකු විසින් අන් අයට මඟ පෙන්විය හැක්කේ කෙසේද? එමෙන්ම මිනිසා අපරාධකාරී සහ අඥාන වන බැවිනි. ඔහු තම ආශාවන් සහ වින්ඳනයන් සෙවීම නතර නො කරයි. එසේ නම්, ඔහු වෙනත් කෙනෙකුට නීති සම්පාදනය කරන්නේ කෙසේද? මිනිසාට ප්‍රඥාව සහ සම්පූර්ණ දැනුම නැති බැවිනි. ඒ ගැන පරිපූර්ණත්වයක් නැති කෙනෙකු අන් අයට නීති සම්පාදනය කරන්නේ කෙසේද? එමෙන්ම මිනිසාට සම්පූර්ණ යුක්ති ධර්මයක් නො මැති බැවිනි. ඔහු තම ජනතාවට සහ වංශයට අනුග්‍රහය දක්වයි. එබැවින් මෙවැනි අය ආගමක් ස්ථාපිත කිරීම සහ නීතියක් ස්ථාපිත කිරීම ගැන අපේක්ෂා කළ හැකි ද? තවද මිනිසාට අමතක වීම, නින්ද යෑම සහ මිය යෑම නියම වී ඇති බැවිනි. එසේ නම්, ඔහු සියලු මැවීම් පිළිබඳ විනිශ්චය කිරීමට හැකි පරිදි ඔවුන්ගේ ක්‍රියාකාරකම් සර්ව ප්‍රකාරයෙන් දැනගත හැක්කේ කෙසේද?

මේ අනුව පැහැදිලි වන්නේ ආගම පිහිටුවන්නේත්, නීති සම්පාදනය කරන්නේත්, ඒවාට ප්‍රතිඵල පිරිනමන්නේත්, ඒවා ගැන විභාග කර සිටින්නේත් සර්ව බලධාරී පරමාධිපතියාණන් පමණක් වන බව හා මිනිසාට ආගම පිහිටුවීමට සහ නීති සම්පාදනය කිරීමට කිසිදු සුදුසුකමක් හෝ හැකියාවක් නොමැති බවය.

තුන්වන විමසුම: බහුදේවවාදය ඉක්මවා ගිය ඒකදේවවාදය සහ බහුදේවවාදය යනු මනුෂ්‍යත්වය තුළ හට ගැනුනු සිදුවීමක් සහ අනතුරකි.

ආදම් (අලෙයිහිස් සලාම්) තුමාගේ මැවීම ගැන කතා කරන විට, ඔහු සහ ඔහුගේ පරම්පරාව සියවස් දහයක් ඒකදේවවාදය මත පදනම්ව සිටි බව අපි කලින් සඳහන් කළෙමු. සර්ව බලධාරියාණන් මෙසේ පැවසීය. "ජනයා එකම සමූහයක් විය..." (සූරා අල්-බකරා: 213) එනම් ඒකදේවවාදී සංකල්පය මතය. පසු ව නූහ් (අලෙයිහිස් සලාම්) තුමාගේ ජනයා අතර බහුදේව වාදය හට ගැනුණි. මිහිකත සිදු වූ පළමු බහුදේව වාදී මතය එයයි. මෙම බහුදේව වාදයේ මූලාරම්භක කතාව කෙටියෙන් විස්තර කළ හැක්කේ මෙසේය: නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන්ට පෙර ධාර්මික ජන පිරිසක් සහිත පරම්පරාවන් විය. මිනිසුන්ගේ සිත් තුළ තැනක් ඔවුනට හිමි විය. ඔවුන් පිළිපදිමින් සිටි අනුගාමික පිරිසක් ඔවුනට විය. පසුව ඔවුන් මිය ගිය කල්හි, ඔවුන් පිළිපදිමින් සිටි ඔවුන්ගේ සගයෝ, අපි ඔවුන්ගේ පිළිරූ තනා ගන්නේ නම්, ඔවුන්ව අපට මතක් වූ විටෙක, නැමදුම් කිරීමේ දැඩි ආශාව අප තුළ ඇති වේ යැයි පැවසුවෝය. පසු ව ඔවුන්ගේ පිළිරූ ඔවුන් විසින් තනන ලදී. අනතුරුව ඔවුන් මිය ගිය කල්හි තවත් පිරිසක් බිහි විය. ඔවුන් තුළට ඉබ්ලීස් ඇතුළු වී, 'ඔවුන් නැමදුම් කරමින් සිටියේ මොවුනටය. මොවුන් හරහා ඔවුන් වර්ශාව ලබා ගත්තෝය. එබැවින් නුඹලා මොවුනට නමස්කාර කරනු' යැයි පවසා සිටියේය. (37) ජාමිඋල් බයාන් (23/639)

මහපොළොවේ සිදු වූ පළමු බහුදේවවාදය මෙය විය. ඔබ දකින පරිදි මිනිසා තුළට මෙය ප්‍රවේශ වූයේ ධාර්මිකයින්ට ගරබුහුමන් කිරීමේ පදනමිනි. එසේ ගරුබුහුමන් කිරීම ඔවුනට නැමදුම් කිරීම දක්වා ගෙන ගියේය. නූහ්ගේ ජනයාගෙන් පසුව බහුදේවවාදය මත පදනම් වූ සමූහයන් එකින් පසු එක පැමිණියේය. අල්ලාහ් වෙනුවනට නැමදුම් ලබන දෙවිවරුන් ඒ සෑම සමූහයක් සතුවම තිබිණි. පසු ව බහුදේවවාදය තවත් අදියරකට අවතීර්ණ විය. දේවදූතයන් දෙවිඳුන්වන අල්ලාහ්ගේ දියණියන් බවත්, දෙවිඳුන් සහකරුවෙකු සහ පුතෙකු ගෙන ඇති බවත් ඔවුන් දැඩි සේ විශ්වාස කරන්නට ගත්හ. ඔවුන් පවසන දෑට වඩා උත්තරීතර අල්ලාහ් බොහෝ සෙයින් උසස්ය. ඉන්පසු තවත් බහු දේවවාදයක් මතු විය. එය ඇතැම් සමූහයන් අතර දෙවිවරුන්ගේ ගණන තුනක් හෝ නවයක් දක්වා ළඟා වන තරමට බහු දෙවිවරුන් ඇතැයි යන විශ්වාසයයි.

එසේ දෙවිඳුන්ට ආදේශ කරන ලද සියල්ල ව්‍යාජය. එහි කිසිදු යහපතක් නැත. දිව්‍ය පණිවිඩ හරහා ලැබූ ආගමික මෙන්ම බුද්ධිමය සාධක සියල්ල දෙවිඳුන්ට යමක් ආදේශ කිරීම හා කිසිදු දැනුමකින් තොරව, ගොතා පවසන ලද බහුදේව වාදී සංකල්පය ප්‍රතික්ෂේප කරයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ජින්වරුන් අල්ලාහ්ට හවුල් කරුවන් බවට ඔවුහු පත් කළෝය. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් ඇති බවටත් ඔවුහු බොරු ගෙතුවෝය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරුය; අති උත්තරීතරය." (සූරා අල්-අන්ආම්: 100) මීට පෙර සඳහන් වූ විමසුමෙහි, බහුදේවවාදය වැළැක්වීම සහ අහෝසි කිරීම සඳහා සාක්ෂි හා සාධක ඉදිරිපත් කළෙමි. මිනිසා කිසිදු හවුල්කරුවෙකු නියම නොකර දෙවිඳුන් අල්ලාහ්ට පමණක් නමස්කාර කළ යුතුය.

හතරවන විමසුම: සැබෑ ආගම නබිවරුන් හෙවත් වක්තෘවරුන්ගේ ආගමයි. (ඔවුනට සාමය උදා වේවා)

ආගම පැනවූයේත් නීති පැනවූයේත් දෙවිඳුන් අල්ලාහ් පමණක් නම්, තම දහම තම දූතයන් සහ අනාගතවක්තෘවරුන් හරහා මැවීම් වෙත දන්වා සිටියේ ද ඔහුමය. අල්ලාහ්ගේ ආගමේ ස්ථම්භය ඔහුට පමණක් නමස්කාර කිරීම, ඔහුගේ හමුව විශ්වාස කිරීම සහ නැවත නැඟිටුවනු ලැබීම හා විනිශ්චය දිනය සඳහා සූදානම් වීම ය. ප්‍රධාන ඇදහිල්ලේ මූලධර්ම විශ්වාස කිරීමට සියලුම අනාගතවක්තෘවරුන් එකඟ වූ බව දැනගත යුතුය. එනම් දෙවිඳුන් අල්ලාහ් සහ ඔහුගේ දූතයන් කෙරෙහි විශ්වාසය, තව්රාත් හෙවත් ටෝරා, ඉන්ජීල් හෙවත් ශුභාරංචිය, සබූර් හෙවත් ගීතාවලිය වැනි -විකෘති කිරීමට පෙර තත්ත්වයේ පැවැති- දිව්‍යමය ග්‍රන්ථ සහ අල්-කුර්ආනය ගැන විශ්වාසය, සියලුම අනාගතවක්තෘවරුන් සහ පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය. ඔවුන් අතරින් අවසාන දූතයා විශ්වාසය, එනම් නබිවරුන් අතර හා ධර්ම දූතවරුන් අතර අවසානයාණන් වන දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාසයයි. පෙර නියමය පිළිබඳ විශ්වාසය, අවසන් දිනය පිළිබද විශ්වාසය. මෙලොව ජීවිතයෙන් පමණක් ජීවිතය අවසානය වන්නේ නම් එම ජීවිතය හා පැවැත්ම විකාරයක් බවට පත්වනු ඇත.

දෙවිඳුන් අල්ලාහ්ගේ දහම වනාහි, ප්‍රධාන මූලික නැමදුම් තුළින් ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා වන ඇරයුම එහි ඇතුළත් වේ. එනම්: කියාම් (නැගී සිටීම), රුකූඋ (දණහිස් අල්ලමින් නැමීම), සුජූද් (අංග හතක් බිම පතිත වන සේ වැඳ වැටීම), අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහුට ප්‍රශංසා කිරීම, ප්‍රාර්ථනා කිරීම යන ඉරියව්වන් හා කරුණු ඇතුළත් සලාතය. මුස්ලිම්වරයකු සෑම දිනකම පස් වාරයක් එය ඉටු කරයි. එහි ඔවුන් තුළ ඇති වෙනස්කම් හා භේද ඉවත්ව යයි. පොහොසතා, දුප්පතා, පාලකයා සහ යටත්වැසියන් යන සියලු දෙනා එකම පේළියක සිට යාච්ඤා කරති. සකාත්: එය සුළු මුදලකි. අල්ලාහ් නියම කර ඇති කොන්දේසි සහ ප්‍රමාණයන්ට අනුව - වසරකට වරක් ධනවතුන්ගේ මුදල් මත අනිවාර්‍ය වන දුප්පතුන් සහ නියමිත පාර්ශවයන් හට නිකුත් කරන වස්තුවයි. උපවාසය, එනම්: රමළාන් මාසයේ දහවල් කාලයේ උපවාසය අවලංගු කරවන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම. එය සිත තුළ අපේක්ෂාව හා ඉවසීම වඩවනු ඇත. හජ් වන්දනාව, එනම්: හැකියාව හා ශක්තිය ඇති උදවිය ජීවිත කාලය තුළ එක් වරක් ශුද්ධ වූ මක්කම දේශය බලා දේව නිවස වෙත වන්දනාවේ යෑමයි. මෙම හජ් වන්දනාවේදී සෑම කෙනෙකුම මැවුම්කරුට යොමු වීමේ දී එක සමාන වනු ඇත. එය තුළ වෙනස්කම් හා විවිධත්වයන් නැති වී යයි. ඉස්ලාමයේ නැමදුම් තුළ පවතින ශ්‍රේෂ්ඨතම ලක්ෂණය වනුයේ සැබැවින් ඒවායෙහි ක්‍රමවේදයන් නියමිත වේලාවන් හා කොන්දේසී අල්ලාහ් විසින්ම ආගමානුගත කොට එය ඔහුගේ දූතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) වෙත දන්වා තිබීමය. අද දක්වාම මිනිසා විසින් එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ ඇතුළත් කර නැත. මෙම ප්‍රධානතම නැමදුම් සියල්ල වනාහි, නබිවරුන් සියලු දෙනා (ඔවුන් කෙරෙහි සාමය උදා වේවා!) ඇරයුම් කර සිටියේ ඒ වෙතය.

දෙවිඳුන් අල්ලාහ්ගේ දහම දෙමාපියන්ට, ඔවුන් මුස්ලිම් නොවූවත්, ඇපඋපස්ථාන කරන මෙන් ද දරුවන්ට උපදෙස් දෙන මෙන් ද නියෝග කරයි. සතුරන් සමඟ වුවද කථාවෙන් හා ක්‍රියාවෙන් යුක්තිය පිහිටුවාලන මෙන් ද සියලු මැවීම් කෙරෙහි කරුණාව දක්වන මෙන් ද අණ කරයි. සත්‍ය දහම යහපත් සදාචාරය හා යහපත් ක්‍රියාවන් වෙත ඇරයුම් කරයි.

සත්‍යය කතා කිරීම, පැවරුම් ඉටු කිරීම, තැන්පත්කම, ලැජ්ජාව, ධෛර්යවන්තකම, පරෝපාකාරය, ගරුකිරීම, අවශ්‍යතා ඇති උදවියට උදව් කිරීම, අසරණයින්ට පිහිටවීම, කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර ලබා දීම, අසල්වැසියන් සමග යහපත් ලෙස කටයුතු කිරීම, ඥාතී සම්බන්ධකම් රැකීම හා සතුන්ට කරුණාව දැක්වීම යනාදී ප්‍රශංසනීය ගතිපැවතුම් පිළිපදින මෙන් ඉස්ලාමය නියෝග කරයි.

දෙවිඳුන් අල්ලාහ්ගේ ආගම දෙවිඳුන්ට ආදේශ කිරීම, සහ ඔහුව ප්‍රතික්ෂේප කිරීම, පිළිම වන්දනාව, දැනුමෙන් තොරව ඔහුට විරුද්ධව කතා කිරීම, දරුවන් මැරීම, නිරපරාධීව ගෞරවනීය ආත්මයක් මරා දැමීම, මිහිමත දූෂණය පැතිරවීම, ඉන්ද්‍රජාලය, පෙනෙන හා සැඟවුණු අශීලාචාර දෑ, කාමමිථ්‍යාචාරය, සම ලිංගිකත්වය සහ පොලිය තහනම් කරයි. මළ සතුන්, පිළිම හා පිළිරූ වෙනුවෙන් බිලි දෙන ලද සතුන් ආහාරයට ගැනීම තහනම් කළේය. ශූකර මාංශ, ආහාරයට නුසුදුසු අපවිත්‍ර දෑ හා කිලිටි දෑ අනුභවය ද තහනම් කළේය. අනාත දරුවන්ගේ ධනය ගිල දැමීම, කිරුම් මිනුම්වල අඩුපාඩු සිදු කිරීම ද තහනම් කළේය. එමෙන්ම ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම ද තහනම් කළේය. තහනම් කරන ලද මෙම තහනම් දෑ සම්බන්ධයෙන් නබිවරුන් ඒකමතිකව එකඟ වී ඇත්තාහ.

බොරු කීම, රැවටීම, වංචාව, විශ්වාසය කඩ කිරීම, කූටකම්, ඊර්ෂ්යාව, කුමන්ත්‍රණ, සොරකම, ඉක්මවා කටයුතු කිරීම, අපරාධය වැනි පහත් ගුණාංග ඉස්ලාම් තහනම් කරයි. එමෙන්ම සියලුම කිලිටි ගුණාංගවලින් වළක්වාලයි.

දෙවිඳුන් අල්ලාහ්ගේ ආගම බුද්ධියේ වැදගත්කම මතු කර එය වගකිම් පැවරීමෙහි පදනම බවට පත් කර එය මිථ්‍යාදෘෂ්ටික හා රූප වන්දනාවේ විලංගු වලින් නිදහස් කර ඇත. අල්ලාහ්ගේ ආගම තුළ එක් පන්තියක් හැර දමා තවත් පන්තියකට අදාළ රහස් හෝ නීති රීති ඇතුළත්ව නො මැත. එහි සියලු තීන්දු හා නීති, නිවැරදි බුද්ධියට අනුගත වන අතර සහ ප්‍රඥාවට හා යුක්තියට අනුකූළ වේ. මත්ද්‍රව්‍ය වැනි බුද්ධිය ව්‍යාකූල කරන සෑම දෙයක්ම දෙවිඳුන් තහනම් කර ඇත.

දෙවිඳුන් අල්ලාහ්ගේ ආගම නිවැරදි දැනුම උත්කර්ෂයට නංවයි, වහල් නොවුනු විද්‍යාත්මක පර්යේෂණ දිරිගන්වයි, අප ගැනත් අප අවට විශ්වය ගැනත් අධීක්ෂණය කිරීමට සහ මෙනෙහි කිරීමට ඉල්ලා සිටී. උත්තරීතරයාණන් මෙසේ පැවසීය. "නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය, සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්‍රමාණවත් නොවීද?" (සූරා ෆුස්සිලත්: 53) විද්‍යාවේ නිවැරදි විද්‍යාත්මක ප්‍රතිඵල සත්‍ය ආගමට පටහැනි නොවේ.

පස්වන මාතෘකාව: බහු ආගම් සහ බහු දෙවිවරුන්

අල්ලාහ් ඉදිරියෙහි නිවැරදි දහම ඉස්ලාම් බව අප කලින් සඳහන් කළෙමු. සර්ව බලධාරියාණන් මෙසේ පවසයි. "නියත වශයෙන්ම අල්ලාහ් අබියස දහම වනුයේ ඉස්ලාමයයි." (සූරා ආලු ඉම්රාන්: 19) යමෙක් එය හැර වෙනත් මඟපෙන්වීමක් සොයන්නේ ද, එය ඔහුගෙන් පිළිගනු නො ලැබේ. සර්ව බලධාරීයාණන් මෙසේ පවසයි: "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි." (සූරා ආලු ඉම්රාන්: 85) ආදම් සහ ඔහුගේ පළමු පරම්පරාව නිර්මල ඒකදේවවාදය මත පසු වූ බවත්, පසුව බහුදේවවාදය ඇති වූ බවත්, දෙවිවරුන් වැඩි වූ බවත්, සමහරු ගලකට තවත් සමහරු ගවයෙකුට තවත් අයෙකු මනුෂ්‍යයෙකුට තවත් අය ග්‍රහ වස්තුවකට හෝ තාරකාවකට නමස්කාර කළ බවත් අපි දැන ගත්තෙමු. එමෙන්ම ඔවුනොවුන්ගේ නැමදුම් ස්ථාන ද විවිධ විය. සමහරු සතුන් ළඟට ගිය අතර ඇතැමෙක් සිතීමට හා වන්දනා කිරීමට ගුහාවක හෝ හුදෙකලා ස්ථාන පතා ගියහ. සමහරු තමන්ව ශුද්ධත්වයට පත් කර ගැනීම සඳහා අවසර ලත් ආශාවන්ගෙන් වැළකී සිටි අතර ඇතැමෙක් ශුද්ධත්වය සෙවීම පිණිස සත්ව අපවිත්‍ර අලේප කර ගත්හ.

මෙම බහුවිධ ආගම්වල රහස ගැන පුද්ගලයෙකුට පුදුම විය හැකිය, එබැවින් අපි මෙසේ කියමු: ෂෙයිතාන් දෙවියන් ඉදිරියෙහි උඩඟු වූ විට සහ දෙවියන් ඔහුට අණ කළ පරිදි ආදම්ට ආචාර කිරීමෙන් වැළකී සිටි විට, ඔහු ආදම්ගේ පුත්‍රයන් නොමඟ යැවීමට ගිවිසුමක් ඇති කර ගත්තේය. එය ඔවුන් ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වූ බැවින් ඔවුන් කෙරෙහිත් ඔවුන්ගේ පියා කෙරෙහිත් ඇති ඊර්ෂ්‍යාව නිසාවෙනි. සර්ව බලධාරියාණන් ඒ ගැන දන්වා සිටියි: “අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතරින් වූයෙහි දැ”?යි ඔහු(අල්ලාහ්) විමසීය.* මම ඔහුට වඩා ශ්‍රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය.* ඔහු මෙසේ පැවසීය. “එසේ නම් නුඹ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි.* තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය නුඹට එරෙහි ව පවතී.* මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.* එසේ නම් කල් දෙනූ ලැබූවන් අතරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය.* නියමිත වේලාවේ දිනය දක්වා.* ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොමග යවමි.* නමුත් ඔවුන් අතරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර.* එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.* නුඹ හා ඔවුන් අතරින් නුඹ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි." (සූරා සාද්: 75-85)

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තමන්ට කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිරගෙදරට ඇතුළු වූ විට, ඔහු සමඟ බහුදේවවාදීන් දෙදෙනෙකු ද ඇතුළු වූහ. අල්ලාහ් හැර අනෙකුත් දෙවිවරුන්ගේ යථාර්ථය පිළිබඳ මතු වූ ප්‍රශ්නයක් ඔවුන්ගෙන් විමසමින් මෙසේ පැවසීය: "අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?* (සූරා යූසුෆ්: 39) මෙම ප්‍රශ්නයම අපි විමසා සිටින්නෙමු. එනම්: උතුම් වනුයේ අල්ලාහ් වෙනුවට වර්තමානයේ නැමදුම් ලබන මේ දෙවිවරුන් ද, එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?

යුදෙව්වන් විසින් උසෙයිර් ට (එස්රාට) නමස්කාර කිරීම සහ ක්‍රිස්තියානීන් විසින් මසායාට නමස්කාර කිරීම ගැන උත්තරීතර අල්ලාහ් සඳහන් කළේය. පසුව ඔවුන් තමන් වැනි මිනිසුන්ට නමස්කාර කිරීමේදී ඔවුන් පෙර සිටි දේව විශ්වාස කළ සමූහයන්ගේ තත්වයට සමාන බව සර්ව බලධාරියාණන් පැහැදිලි කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?" (සූරා අත්-තව්බා: 30) මෙම ප්‍රකාශයත් සමග එම පාඨය අල්ලාහ් අවසන් කළේය. එනම්: "ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?" මැවුම්කරු පෝෂක සර්ව බලධාරියාණන්ට නැමදුම් කිරීමෙන් තමන්ට කිසිදු සෙතක් හෝ හානියක් හෝ කිරීමට කිසිදු හිමිකමක් නැති මැවීමකට නැමදුම් කිරීම වෙත ඔවුන් යොමු කරනු ලබනුයේ කෙසේද?

ආගම් බහුල වීම ෂෙයිතාන්ගේ පෙළඹවීම්වලට ආදම්ගේ පුත්‍රයාගෙන් ලැබෙන ප්‍රතිචාරයක් පමණි. එසේ නොවුවහොත්, අහන, දකින සහ තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරන බුද්ධිමත් මනුෂ්‍යයෙකු විසින් අජීවී වස්තුවකට, සොහොනකට, සතෙකුට හෝ මිය ගිය පුද්ගලයෙකුට නැමදුම් කරන්නේ කෙසේද? නොඇසෙන, නොපෙනෙන, හානියක් නොකරන, සෙත නොසලසන, ඇරයුම් කරන්නාට පිහිට නොවන, විපතට පත් වූවන් ගලවා නොගන්නා දෑට නැමදුම් කරන්නේ කෙසේ ද? නමුත් මිනිසුන් තමන්ගේ මුතුන් මිත්තන් අනුකරණය කරමින් මුරණ්ඩුකම සහ තමන් ප්‍රිය කරන දෑ වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා හරිද වැරදි ද, ප්‍රයෝජනක් තිබේ ද, හානියක් තිබේ ද යැයි සොයා නොබලාම එකිනෙකා පසුපස හඹා යති. අපට සත්‍යය සත්‍ය ලෙස පෙන්වා, එය අනුගමනය කිරීමට අපට හැකියාව ලබා දෙන ලෙසත්, අසත්‍යය අසත්‍යය ලෙස පෙන්වා, එය වළක්වා ගැනීමට අපට හැකියාව ලබා ලෙසත් අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

හයවන විමසුම: ආගම අනුව මිනිසුන්ගේ වර්ග

මානව වර්ගයා සියවස් දහයක් ඒකදේවවාදයේ ජීවත් වූ බවත්, පසුව නූහ් (නෝවා)ගේ පාලන සමයේදී බහුදේවවාදය ඇති වූ බවත්, ඉන්පසුව මිනිසුන් කණ්ඩායම් දෙකකට බෙඳුණු බවත් අපි මීට පෙර සාකච්ඡා කළෙමු:

පළමු කොටස: දහම් දූතවරුන් පිළිපදින ඔවුන්ගේ අනුගාමිකයින්, අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කළවුන් මොවූහුය. මොවූහු පැහැදිලි සාධක මත පදනම්ව අල්ලාහ්ට නැමදුම් කරති. අල්ලාහ් ඔවුනට පනවා ඇති නීති අනුව ඔවුන්ගේ ජීවිතය හැඩගස්වා ගනිති. අල්ලාහ් අනුමත කළ දෑ අනුමත කර ගනිති. ඔහු තහනම් කළ දෑ තහනම් කර ගනිති. හේතුව අනුමත දෑ යනු අල්ලාහ් අනුමත කළ දෑ හා තහනම් දෑ යනු ඔහු තහනම් කළ දෑ වන බැවිනි. අශීලාචාර හා පාපකම්වලින් දුරස් වෙති. මිනිසුනට අපරාධ කිරීමෙන් හා ඔවුනට හිංසා පීඩා කිරීමෙන් වැළකී සිටිති. මොවූහු සැබෑ ලෙසම දෙවියන්ට ධාර්මික වන අතර නිවැරදි දහම අනුගමනය කරන්නේ මොවුන් පමණි.

දෙවන කොටස: දූතවරුන් අනුගමනය නො කරන පිරිසයි. එක්කෝ පිළිකුලෙන් හා අහංකාරයෙන් හෝ දූතයන් ගෙන ආ දේ නොදැන සිටීමෙන් එසේ වනු ඇත. ඔවුන්ට සත්‍යය දැන ගැනීමටත්, එය අනුගමනය කිරීමටත් හැකි වූ ආකාරයෙන් එම ඇරයුම ඔවුන් වෙත ළඟා නොවීය. ඔවුන් සාක්ෂි හා සාධක මත පදනම් නොවූ අදෘශ්‍යමාන දේවලට සම්බන්ධ විශ්වාසයන් දිගටම විශ්වාස කළහ. අවිශ්වාසයේ සහ බහුදේවවාදයේ අන්ධකාරයේ ගිලි හී, තමන් කැමති පරිදි ආගම් හා පිළිවෙත් තමන් වෙනුවෙන් නිර්මාණය කර ගත්හ. මෙවැනි පුද්ගලයෙකු ව්‍යාකූලත්වයට පත් වෙයි. සත්‍යය සොයමින්, ඔහුගේ මරණය ඔහුට අත්වන තෙක්ම මේ මාර්ගයේ හෝ ඒ මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ කරයි. විටෙක ඔහු සත්‍යය අවබෝධ කර නො ගනී. එසේ නැතහොත් අල්ලාහ් ඔහුට මඟ පෙන්වීම ලබා දෙයි, ඒ අනුව ඔහු සෘජු මාර්ගය, පණිවිඩකරුවන්ගේ මාර්ගය හඳුනා ගනී. ඔහු එය විශ්වාස කරයි.

සර්ව බලධාරී අල්ලාහ් විසින් නීති සම්පාදනය කර නොමැති මනුෂ්‍යයන් පිළිපදින ආගම් බොහෝය. ඒවායින් සමහරක වක්තෘවරු විසින් ගෙන ආ දෑහි මූලාරම්භය ඇත. ‌ඒවා: යුදෙව් ආගම සහ ක්‍රිස්තියානි ආගමයි. එවකට ඒවා අල්ලාහ් තම මැවීම සඳහා තෝරා ගත් ආගම වූ අතර ඔහු තම දූතයන් යැව්වේ ද ඒ සමගය. නමුත් යුදෙව්වන් සහ කිතුනුවන් ඔවුන්ගේ ආගම විකෘති කර, එහි ලක්ෂණ නැති කර, ඔවුන්ගේ පොත් වෙනස් කර ඒවා විනාශ කර ගත්හ. ඔවුන්ට සැබෑ ආගමක් හෝ විශ්වාසදායක දිව්‍ය ග්‍රන්ථයක් ඉතිරි නොවූ අතර රෝම, ග්‍රීක, පර්සියානු සහ වෙනත් ලබ්දිකයින්ගේ විශ්වාසයන් බොහෝමයක් මෙම ආගම් දෙක තුළට ඇතුළත් විය.

ආගම් අතර, නබිවරුන් ගෙන ආ බවට කිසිදු පදනමක් නැති දෑ ද වෙති. ඒවා මිනිසුන් විසින් නිර්මාණය කළ දෑ වන අතර ඒවා බොහෝමයක් ඇත. ඒවා අතරින්: හින්දු ආගම, කොන්ෆියුෂියානුවාදය, සොරොස්ට්‍රියානුවාදය, තාඕවාදය, බුද්ධාගම සහ ඒ හා සමාන වෙනත් දෑ ද වෙති.

කොන්ෆියුෂිස්, බුදුන්, සොරෙස්ට්‍රි සහ වෙනත් අය ඔවුන්ගේ ජීවිතවල විශිෂ්ටයින් බව අපි දනිමු. නමුත් - මූලාශ්‍රවලින් අප සොයාගත් දේ අනුව - ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දෙවියන් සහ අවසාන දිනය විශ්වාස කළ බව සහ දෙවියන් නැමදුම් කිරීමට මිනිසුන් කැඳවූ බව අපට හමු නොවේ. නමුත් ඔවුන් තම ජනතාවගේ ජීවිත යහපත් බලපෑම් ඇති කළෝය. ඔවුන්ගේ ලෞකික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට එකිනෙකාට උපකාර කිරීමට, දුබලයන් හා අගහිඟකම් ඇති අය සමඟ නැගී සිටීමට, දුෂ්ටකම්වලින් හා මිනිසුනට අපරාධ කිරීමෙන් වැළකී සිටීමට සහ උසස් ගුණධර් ම වෙත ඇරයුම් කළෝය. ඒ අනුව ඔවුහු ද ජීවත් වූවෝය. තමන් මහිමයට පත් කර, තමන්ට නැමදුම් කරන මෙන් ඔවුන් තම අනුගාමිකයන් හට ආරාධනා කළේ නැත. එසේ සිදු වූයේ ඔවුන්ගේ මරණයෙන් සියවස් ගණනාවකට පසුව ය. ඔවුන් කවර පදනමක සිටියේ දැයි සත්‍යය නොදැන ඔවුහු ඔවුන්ව අනුගමනය කළෝය. ඔවුන් ගැන අතිශයෝක්තියට නංවා මිනිසුන්ට වඩා උසස් තත්වයකට ඔවුන්ව ඔසවා තැබුවෝය. මෙම අතිශයෝක්තිය ඔවුන්ගෙන් සමහරෙක් ඔවුනට නමස්කාර කරන තත්ත්වයට ගෙන ගියේය.

මිනිසුන් අතර අතිශයෝක්තිය, ආගම දහම වෙනස් කිරීම සහ විවිධ අදියරයන් වෙත ඒවා ගෙන යාම ඒවායෙහි ආරම්භයේ තිබුණේ නැත. එය අල්ලාහ්ගේ ආගමට පටහැනි ආගම් අතර පොදු හරයක් වන අතර ඔබ විරුද්ධවාදීන්ගේ ඉතිහාසය දෙස බැලුවහොත්, ආගම එය එක් අදියරකින් තවත් අදියරකට ගමන් කර ඇති බව ඔබට පෙනී යනු ඇත!

සියලු ආගම් එක හා සමානය. ඒ සියල්ල ව්‍යාජය යැයි සිතන අය ද මිනිසුන් අතර වෙති. ඔහු තම ස්වාමියා ගැන නොදැන අදේවවාදියෙකු ලෙසම ජීවත් වෙයි. ඔහුගේ හමු ව විශ්වාස නොකරයි. මෙය ඔහුගේ නොදැනුවත්කම නිසා ය. ඔහු ඍජු මාර්ගයට යොමු වූයේ ද නැත. අදේවවාදියාට ඔහුගේ අදේවවාදය පිළිබඳ නිවැරදි සාක්ෂි නොමැත. නමුත් ඔහු සත්‍යය නොදන්නා නිසා සියලු ආගම් බොරු යැයි සිතුවේය. තවද යුදෙව්, කිතුනු හා මිනිස් නිර්මාණයෙන් යුත් විකෘති ආගම් බොරු යැයි ඔහු විශ්වාස කරයි. ඔහුගේ විශ්වාසය නිවැරදි නමුත් ඔහුගේ දැනුම සැබෑ ආගම වන ඉස්ලාමය දැන ගැනීමට අඩු වූ නිසා ඔහු අදේවවාදියෙකු ලෙසම ජීවත් විය. ඔහු ගත් තීරණය නිවැරදි බව ඔහු සිතූවේය. එය අසම්පූර්ණ පරිශ්‍රයන් මත පදනම් වූ තීරණයක් ව්‍යාජ ප්‍රතිඵලවලට තුඩු දුන් තීරණයක් බවට සැකයක් නැත.

හත්වන විමසුම: ව්‍යාජ ආගම් අතර පවතින පොදු දේවල්.

විකෘති ආගම් සහ මිථ්‍යාදෘෂ්ටික ආගම්වවලපොදු කරුණු බොහෝමයක එකිනෙක අතර හවුල්භාවයක් දක්නට ලැබේ. ඒවා අතරින්:

මෙම ආගම් නිර්මාණය කළේත්, ඒවායෙහි නීති සම්පාදනය කළේත් මිනිසාය. මිනිස් වර්ගයා තුළ දුර්වලකම් ඇත. එබැවින් ඔවුන් යම් දහමක් නිර්මාණය කළේ නම්, ඔවුන් දුර්වල වූවා සේම එය ද දුර්වල වනු ඇත. මිනිසා ඔහු වැන්නෙකුට නැමදුම් කිරීම සඳහා දහමක් සම්පාදනය කිරීම ඔහු වැන්නෙකුට සුදුස්සෙකු නොවන බව අපි මීට පෙර සඳහන් කළෙමු.

ව්‍යාජ ආගම් වෙනස් වීමට හා වෙනස් කිරීමට යටත් වන බැවින් ඒවා එකම තත්ත්වයක පවතින්නේ නැත. සෑම පරම්පරාවකටම අවශ්‍ය වන්නේ ආගම දියුණු කර එය වෙනස් කිරීමට සහ ඊට පෙර සිටි අය නොකළ දේ අලංකාරවත් කිරීමටය. එබැවින් ආගම් ඊට පෙර පැවති අවධියන් සහ අදියරයන් වෙනස් කරමින් වෙනත් අවධීන් සහ අදියරයන් හරහා ගමන් කරන බව අපට පෙනේ.

ව්‍යාජ ආගම් මිනිසුන්ව ශුද්ධ කර, ඔවුන්ව දේවත්වයට පත් කර, නොපෙනෙන දේ පිළිබඳ දැනුම, වර්ෂාව පහළ කිරීම සහ දුක් කරදර විපත්ති පහ කිරීම වැනි සර්ව බලධාරියාණන් සතු විශේෂිත ගුණාංග සහ ක්‍රියාවන් ඔවුනට ආරෝපණය කරති. තවද ඔවුන් සර්ව බලධාරියාණන්ගේ දරුවන් බවට පත් කරති. ඒ වෙනුවට, පියෙකු, පුතෙකු, මවක යනාදි සාමාජිකයින්ගෙන් සැදුම් ලත් පවුලකට දෙවිවරු සමාන කරති. දහම් දූතවරු තමන් අතිශයෝක්තියට පත් නොකරන මෙන් තම අනුගාමිකයන්ට ඉගැන්වූ අතර තමන්ගේ තත්ත්වයට වඩා තමන් උසස් කිරීමෙන් ද වැළැක්වූහ. දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිය දේශනයේදී මෙසේ පවසා සිටියහ.: "කිතුනුවන් මර්යම්ගේ පුතණුවන් අතිශයෝක්තියෙන් ප්‍රශංසා කළාක් මෙන් නුඹලා මා අතිශයෝක්තියෙන් ප්‍රශංසා නොකරන්න. සැබැවින්ම මම ඔහුගේ ගැත්තෙකු පමණි. එබැවින් නුඹලා දේව ගැත්තා, දේව දූතයා ලෙස පවසන්න."(38) අතිශයෝක්තියෙන් පැසසිම ගැන කිතුනුවන්ට හා යුදෙව්වන්ට අල්ලාහ් අවවාද කළේය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "ධර්ම ග්‍රන්ථ හිමියනි! නුඹලා නුඹලාගේ දහමෙහි සත්‍ය නොවන දෑ (පැවසීමෙ)හි සීමාව ඉක්මවා නො යනු. මීට පෙර නොමඟ ගිය ජනයාගේ ආශාවන් අනුගමනය නො කරනු. ඔවුන් බොහෝ දෙනාව නොමඟ යැවූ අතර ඔවුහු ද නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියහැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා අල්-මාඉදා: 77) සහීහුල් බුහාරි (3445)

දහම් දූතවරු ගෙන ආ දෑ අනුගමනය කිරීමට හා ඔවුන්ගේ මඟ පෙන්වීමෙන් යහමග ලැබීමට, ව්‍යාජ ආගම් අදහන ජනයාව වැළැක්වූ විශාලතම දෙය නම්, මුරණ්ඩුකම, අන්ධානුකරණය සහ ව්‍යාජ දෑට සහය දීමය. ඔවුන් කළ ප්‍රකාශ ගැන උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන, ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී (ඔවුහු පිළිපදින්නෝ) ද?" (සූරා අල්-මාඉදා: 104) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.* නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.* අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.* නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද?" යැයි (ඉබ්රාහීම්) ඇසුවේය.* "එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය.* එයට ඔවුහු 'අපගේ මුතුන් මිත්තන් මෙලෙස (පිළිම වන්දනා) කරමින් සිටිනු අපි දුටුවෙමු (එනිසා අපිත් එලෙස ම කරන්නෙමු)' යි පැවසුවෝය." (සූරා අෂ් ෂුඅරාඃ: 69-74)

ව්‍යාජ ආගම් අතර ඇති ප්‍රමුඛතම පොදු කරුණක් නම්, අගමික වශයෙන් හෝ බුද්ධිමය වශයෙන් හෝ පිළිගත නොහැකි, එය තහවුරු කිරීමට පවා නොහැකි මිථ්‍යාවන් සහ ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් තිබීමයි. නමුත් අනුගාමිකයන් මෙම මිථ්‍යාවන් හි ඇලී ඒවා විශ්වාස කරති. ඔවුන් ඒවාට පැමැණිලි කිරිමට පවා පැකිලෙන්නේ නැත.

ව්‍යාජ ආගම් මිනිසුන් අතර පන්තිවාදය උසස් කොට, මිනිසුන්ව අන් අයට නැති දෑ තවත් අයට වෙන් කර උසස් පංති වලට බෙදයි. සමහරු මෙම පන්තිය තුළ දිව්‍යමය අංගයක් ඇති බව පවා විශ්වාස කරයි. එම බෙදීම එහි අවසාන පංතිය වන, සාමයෙන් ජීවත් වීමට වඩාත්ම දුෂ්කර හුදෙකලා වන පංතිය දක්වා පවතී. සැබෑ ආගම මිනිසුන්ව තම පරමාධිපතියාණන් ඉදිරියෙහි, නීතිය ඉදිරියේ, විපාකය සහ දඬුවම ඉදිරියේ සමාන කරයි.

අසත්‍ය ආගම් නිසා ආගමික නායකයින්ට ආගමික නිලයන් සහ තනතුරු හිමි කර දෙයි. නිශ්චිත ක්‍රම, දන්නා විධිවිධාන, දන්නා පුද පූජා සහ ආගමේ නායකයාට පූර්ණ පක්ෂපාතීත්වය අනුව හැර එක් පන්තියක සියලුම මිනිසුන් ඊළඟ පන්තියට නොයනු ඇත. එක් එක් තරාතිරමේ අය තමන්ට ඉහළින් සිටින පන්තියේ අය සාකච්ඡා කරන්නේ කුමක් දැයි නොදනී. එක් එක් පන්තියේ මිනිසුන්ට තමන්ට පහළ පන්තියේ අය නොදන්නා ආගමික රහස් ඇති බව සිතයි. ව්‍යාජ ආගම්වල නායකයින් මහජනතාව අතර කීර්තිය සහ තත්ත්වය පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගනිති.

ව්‍යාජ ආගම්වල නායකත්වයන් මිනිසුන්ගේ මුදල් අයුක්තිසහගත ලෙස ගිල දැමීමට උත්සුක වෙති. අනුගාමිකයන්ගෙන් මුදල් එකතු කිරීමට නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිත නොකළ විකෘති ආගමක් ඔබට දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි. ඔවුන් තම අනුගාමිකයින් රවටා ගන්නේ ඔවුන් වෙනුවෙන් වියදම් කරන තරමට ඔවුන්ට දෙලොවෙහිම ප්‍රීතිමත් ජීවිතයකට සහතිකයක් ලැබෙන බවයි.

අට වන විමසුම: නියත සත්‍යය

දිව්‍යමය ආගම විශ්වාස කිරීම නිශ්චිත හා තීරණාත්මක සත්‍යයක් ලෙස සැලකේ. මෙය බොහෝ සාක්ෂි සහ ඒකාබද්ධ සාක්ෂි මගින් සනාථ වන්නකි. දිව්‍ය ආගම විශ්වාස කිරීම සත්‍ය, නිවැරදි සහ අවංක විශ්වාසයක් ලෙස සලකනු ලැබේ. එහි සාක්‍ෂි සහජය; අවැසිය. මනඃකල්පිතය, අනුකරණය සහ මුරණ්ඩුකම ඇති පුද්ගලයෙකු හැර වෙනත් කිසිවකුට එය ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එහි සාක්‍ෂි සහජය යන්නෙන් අදහස් කරන්නේ මිනිසා තුළ දෙවියන්ගේ ස්වාමිත්වය විශ්වාස කර ඔහු වෙත යොමු විමේ සහජ ස්වභාවය පිහිටා ඇති බවයි. එහි අවැසිය යන්නෙන් අදහස් කරන්නේ, තාර්කික පුද්ගලයාට දෙවියන්ගේ පැවැත්ම, ඔහුගේ ස්වාමිත්වය සහ ඔහුගේ දේවත්වය පිළිබඳ විශ්වාසය ඔහුගේ මනසින් ඉවතට තල්ලු කළ නො හැකි බවයි.

එලෙසම, සත්‍ය ආගම පිළිබඳ විශ්වාසය බොහෝ නෛතික සහ ප්‍රත්‍යක්ෂ තාර්කික සාක්ෂි මගින් සනාථ කර ඇත. මෙම සාක්ෂි ඉතා විවිධාකාර වේ. ඒවා ශුද්ධ වූ අල් කුර්ආනය පුරා පැතිර පවතී. ඒ සඳහා පවතින තර්ක ක්ෂේත්‍ර ඉතා විවිධය. ඒ අතරින් මනුෂ්‍ය ආත්මයට සම්බන්ධ සාක්‍ෂි, අහස්, පොළව, මුහුද, කඳු, ගංගා ආශ්‍රිත සාක්‍ෂි, තර්ක සාක්‍ෂි යනාදී දක්නට ලැබේ. ඒවායින් සමහරක් මෙම ග්‍රන්ථයේ පෙර පාඩම්වල සඳහන් කර ඇත. මේ ගැන තවදුරටත් සාක්ෂි සොයා බැලීමට කැමති ඕනෑම අයෙකු ශුද්ධ වූ අල් කුර්ආනය හෝ එහි අර්ථයන්හි පරිවර්තනයක් සමාලෝචනය කළ යුතුය.

මෙම නියත සත්‍යය, ආදම්ගේ කාලයේ සිට අද දක්වා දේවත්වය විශ්වාස කරන්නන්ගේ අනුප්‍රාප්තිය තුළින් ඉතිහාසය විසින් සනාථ කෙරී ඇත. දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් ඔවුන්ගේ එම විශ්වාසය මත ස්ථාවරව සිටිති. ඔවුන්ගේ ප්‍රතිපත්තිය තුළ ගැඹුරු අවබෝධයකින් සිටිති. අද මුස්ලිම්වරු අනුගමනය කරන්නේ නූහ් (අලයිහිස් සලාම්) තුමා හා එතුමාගේ අනුගාමිකයින් සිටි දහමය. එමෙන්ම ඉබ්‍රාහීම් තුමා සහ එතුමාගේ අනුගාමකයින්, මූසා තුමා සහ එතුමාගේ අනුගාමකියන් ඊසා තුමා හා එතුමාගේ අනුගාමකියන් පිහිටා සිටියේ ද එම දහම මත ය. මුහම්මද් තුමා හා අද දක්වාම එතුමාණන්ව පිළිපදින අනුගාමිකයින් පිහිටා සිටින්නේ ද එම දහම මතමය.

මෙම නියත සත්‍යයේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය නම් ඉස්ලාමීය ප්‍රජාව මෙම ශ්‍රේෂ්ඨ ආගම විශ්වාසයෙන් හා ක්‍රියාවෙන් ප්‍රායෝගකිව පවත්වාගෙන යාමයි. ඔවුහු මුහම්මද් තුමාණන් සහ එතුමාණන්ගේ අනුගාමිකයින් කවර කරුණක් මත සිටියේ ද ඒ මතම පිහිටති. මුස්ලිම්වරුන්ගේ විශ්වාසයන් තුළ හෝ ඔවුන්ගේ නමස්කාර ක්‍රම තුළ හෝ වෙනස් කිරීම් කිසිවක් ඔබට සොයාගත නො හැකි ය. සර්ව බලධාරී දෙවියන් විසින් හෙළිදරව් කළ පරිදිම ඉස්ලාමය ආරක්ෂා වී ඇත. ඒ මත පදනම් වූ සමාජ පැවැත්ම, අප කටයුතු කරන මෙම ගැටලුව පිළිබඳ හොඳම සාක්ෂියයි.

තත්ත්වය මෙසේ වන බැවින්, අතීත විලංගුවලින් මිදී, සමාජයේ සම්ප්‍රදායන්ගෙන් මිදී තාර්කික පුද්ගලයා සැබෑ දිව්‍යමය දහම සොයා ගත යුතුයි. එහි සාක්ෂි සලකා බලා, එය අනුගමනය කළ යුතුයි. සැබැවින්ම එයයි දෙලොවදීම ගැලවීම හා ජයග්‍රහණය වනුයේ.

හතරවන පරිච්ඡේදය: නොපෙනෙන ලෝක, ගෞරවනීය දේව දූතයන්, ජින් සහ ෂාතාන්

ගෞරවනීය දේවදූතයන් නිර්මාණය කිරීම සහ ෂෙයිතානුන් මැවීම පිළිබඳව අපි කලින් කොටසේ සඳහන් කළෙමු. මෙම පරිච්ඡේදයේ අපි මෙම ලෝකවල ස්වභාවය, ඒවායේ ගුණාංග සහ එවායෙහි ක්‍රියාදාමයන් කෙටියෙන් විස්තර කරමු.

පළමු විමසුම: දේවදූතයන්, ඔවුන්ගේ ස්වභාවය, ඔවුන්ගේ ගුණාංග, ඔවුන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ ක්‍රියා.

මලාඉකා හෙවත් දේව දූතයෝ: ඔවුන් අල්ලාහ්ගේ මැවීමකි. ඔහුට නැමදුම් කිරීම උදෙසා ඔහු ඔවුන් නිර්මාණය කළේය. එහෙයින් ඔවුන් අල්ලාහ්ට පිටු නොපාන අතර ඔහුට අවනතව කටයුතු කරති. ඔවුනට නියෝග කරනු ලබන දෑ එලෙසම ඉටු කරති. මැවීම් අතරින් වෙනස් මැවීමක් වෙයි. අල්ලාහ් හැර වෙනත් කිසිවකු විසින් දැනගත නොහැකි බලවත් බලයක් ඔවුන් සතුව ඇත. මිනිසුන් මෙන් ඔවුනට ආශාවන් නැත. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ක්‍රියාවන් කිහිපයක් මෙසේය. අල්ලාහ්ගෙන් දිව්‍ය පණිවිඩ ලබා එය ඔහුගේ දූතවරුන් වෙත පහළ කිරීම, ආත්මාවන් තුළ ප්‍රාණය පිඹීමේ භාරකාරත්වය, ස්වර්ගය හා නිරයේ භාරකාරත්වය, දේවත්වය විශ්වාස කරන්නන් ශක්තිමත් කිරීම, නැමදුම් කිරීමටත් ඒවා සිත් තුළ අලංකාරවත් කිරීමටත් දැහැමියන්ට සහාය දීම, දේව ගැතියන්ගේ නැමදුම් සඳහා සාක්ෂි දැරීම යනාදිය වේ. ඔවුන්ගේ සංඛ්‍යාව පිළිබඳව නම්, අල්ලාහ් හැර වෙනත් කිසිවකුට එය ගණන් කළ නො හැකි ය. ඔවුන් අතරින් සෑම දිනකම හැත්තෑ දහසක් මලක්වරුන් හත්වන අහසේ බයිතුල් මඃමූර් වෙත පිවිසෙන අතර නැවත වරක් ඔවුන් හැරී එන්නේ නැත.

දෙවන විමසුම: ජින් සහ ෂෙයිතාන්ගේ ලෝකය, ඔවුන්ගේ ලක්ෂණ සහ ක්‍රියාවන්

අල්ලාහ් ජින් වර්ගයා මවා ඔහුට නමස්කාර කිරීමේ වගකීම ඔහු ඔවුන් වෙත පැවරුවේය. ඒ අනුව ඔවුන් අතරින් කවරෙක් අවනත වූයේ ද ඔහු දේව විශ්වාසියෙකු වේ. කවරෙක් පිටුපෑවේ ද ඔහු දේව ප්‍රතික්ෂේපිත ෂෙයිතාන් වේ. උඩගුකම, අපරාධය, අයුක්තිය සහ ඊර්ෂ්‍යයාව ෂෙයිතානුන්ගේ ඇතැම් ගුණාංග වන අතර ෂෙයිතාන්ගේ වඩාත්ම බලවත් ක්‍රියාව වනුයේ ආදම්ගේ දරුවන් වන මිනිසුන් නොමඟ යැවීම, ඔවුනට පිළිකුල් සහගත දෑ අලංකාරවත් කර පෙන්වීම, ඔවුන්ට පීඩා කිරීම, දේවත්වය විශ්වාස කරන්නන් අතර දුරාචාරය පතුරුවා හැරීම යනාදියයි. ඔවුන්ගේ ප්‍රධානියා ඉබ්ලීස් ය. අදම්ගේ පුත්‍රයන් විසින් කරන ලද සෑම දුෂ්ටකමක්ම, ඔවුනට එය අලංකාරවත් කර ඒ සඳහා සහය දෙති. ජින්වරුන් අතර ෂෙයිතානුන් සිටිනවා සේම මිනිස් වර්ගයා තුළ ද ෂෙයිතානුන් සිටිති. දුෂ්ටකම හා දූෂණය වෙනුවෙන් ඔවුන් එකිනෙකාට උදව් කරති.

තුන්වන විමසුම: මෙම ලෝක පිළිබඳ දැනුමේ බලපෑම සහ ඒවා කෙරෙහි විශ්වාසය

මෙම ලෝක, ඒවායෙහි සංඛ්‍යා, ඒවායෙහි ලක්ෂණ සහ ක්‍රියාවන් පිළිබඳ දැනුම පුද්ගලයෙකුට තමා වටා ඇති මෙම ලෝකයන් පිළිබඳ වැඩි දැනුමක් ලබා දෙයි. දේවත්වය විශ්වාස කරන්නා දේවදූතයන් සමග බැඳී සිටින අතර සැබැවින් ඔවුන් ඔහු සමඟ සිටින බවත්, නැමදුම් කිරීමට හා ඒ සඳහා කැමැත්ත ඇති කරවීමට සහයෝගය දැක්වීම උදෙසා අල්ලාහ් ඔවුනට පවරා ඇති බවත් ඔහු දනී. අල්ලාහ්ගේ අණ පරිදි දුෂ්කරතාවලදී ඔහුව ඔවුන් ආරක්ෂා කරන බවත් ඔහු දනී. "නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘නියත වශයෙන්ම මම මලක්වරුන් දහසක් දෙනා එකිනෙකාට පරව පෙළගස්වා නුඹලාට උදව් කරන්නෙමි’ යැයි ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය." (සූරා අල් අන්ෆාල්: 9) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "(සෑම මිනිසකුට ම) ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරමින් ලුහුබඳින්නන් ඔහුට වෙති..." (සූරා අර්-රඃද්: 11) ඔහු ඔවුන් ගැන ලැජ්ජා වෙයි. හේතුව, සැබැවින්ම මලක්වරුන් තමන් සමග හිද තම ක්‍රියාවන් සටහන් කරන බවත් වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවන් හා සංසර්ගයේ නිරත වන අවස්ථාවන්හි හැර අන් සියලුම අවස්ථාවල දී ඔහුගෙන් වෙන් නොවී ඔහු සමග එකටම සිටින බවත් ඔහු දන්නා බැවිනි.

පුද්ගලයකු ෂෙයිතානුන් හා ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ දැනුම්වත්භාවය ඔවුන් ඔහුව නොමග යැවීමෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙයි. එසේම, ඔවුන් මිනිසුන් හා ජින්නුන් අධික ප්‍රමාණක් නොමඟ යවා ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි. "ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව අර්බුදයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින තත්ත්වයේ ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලා ව දකිනු ඇත. (සත්‍යය විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් පත් කළෙමු." (සූරා අල්-අඃරාෆ්: 27) එය ඔවුන්ගේ කුමන්ත්‍රණ, ඔවුන්ගේ කූට උපායන් හා ඔවුන්ගේ කෙඳිරීම්වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව ලබන්නට ඔහු ව සළස්වයි. ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව ලබන ක්‍රියාවන් වෙත ප්‍රිය ඇති කරවයි. ඔහු අතර හා ඔවුන් අතර දුරස්භාවය ඇති කරයි. නොසැලකිලිමත්භාවය, දේව ප්‍රතික්ෂේපය, දේව ආදේශය, හූනියම, අශීලාචාරකම්, තහනම් දෑ හා මළ දෑ අනුභව කිරීම හා පාපකම් හා දුරාචාරයන් සිදු කිරීම වැනි යමක් සිදු කළ විට ෂෙයින්තාන් ඔහුට උපකාර කරන ක්‍රියාවන්ගෙන් වළක්වාලයි.

සමහරු සිතන පරිදි, දේව දූතයන් සහ ෂෙයිතානුන් තමන්ට අවශ්‍ය දේ කිරීමට ඍජුව මිනිසාව අතට නොගන්නා බවත්, දේව දූතයා කීකරුකම දිරිමත් කර ඒ සඳහා උනන්දු කරන බවත්, ෂෙයිතාන් අකීකරුකම දිරිමත් කර ඒ සඳහා මිනිසාට ඇල්ම ඇති කරන බවත් දැනගත යුතුය. "ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්ව ඥානීය." (සූරා අල්-බකරා: 268)

මෙම ලෝක පිළිබඳ පුද්ගලයෙකුගේ දැනුම ඔහුට සර්ව බලධාරී ස්වාමින් වහන්සේ වන මැවුම්කරුවෙකු හැර අන් කිසිවක් නොමැති බවත් මිනිසෙකු හෝ මලක්වරයකු හෝ ජින්නුවෙකු හෝ සත්වයකු හෝ අජීවි වස්තුවක හෝ වේවා ඒවා සියල්ල ඔහුගේ මැවීම් බවත් සහතික කරයි. මේ පිළිබඳ ඔහුගේ නිශ්චිත දැනුම, මැවුම්කරුගේ සත්‍යය පිළිබඳ ඔහුගේ දැනුම සහ ඔහු වටා සිටින ජීවීන් පිළිබඳ ඔහුගේ දැනුම සහ වෙනත් දෑට නැති එහි බලපෑමේ ප්‍රමාණය පිළිබඳ දැනුම සර්ව බලධාරී පරමාධිපතියාණන් හැර අන් කිසිවකු විසින් හානියක් කිරීමට හෝ සෙතක් සැලසීමට හෝ නොහැකි බව අවධාරණය කරයි. එය ඔහුට පූර්ණ සාමයක් සහ පූර්ණ සහතිකයක් ලබා දෙන අතර අල්ලාහ් කෙරෙහි වූ ඔහුගේ විශ්වාසය සහ ඔහුට ගැතිකම් කිරීම වැඩි කරනු ඇත.

මෙම ලෝක පිළිබඳ ඔහුගේ දැනුම ජින්නුන්, ෂෙයිතානුන්, ආත්මාවන්, ග්‍රහයන් සහ අප අවට සිටින ජීවීන්ගේ ක්‍රියාවන් අතිශයෝක්තියට නංවන හා මිනිසුන් පවසන මිථ්‍යාවන් සහ ජනප්‍රවාද ගැන තැකීමක් නොකරයි. ඒ වෙනුවට එය සර්ව බලධාරී පරමාධිපතියාණන් විශ්වාස කරන, මිථ්‍යා විශ්වාසවලින් හා අවිද්‍යාවෙන් තොර, තර්කය සහ සාක්ෂි අනුගමනය කරන මිනිසකු බවට පත් කරයි.

පස්වන පරිච්ඡේදය: දිව්‍ය ග්‍රන්ථ

පළමු විමසුම: දිව්‍ය ග්‍රන්ථවල සත්‍යය

දිව්‍යමය ග්‍රන්ථ යනු: අල්ලාහ් තම දූතවරුන් සහ වක්තෘවරුන් වෙත හෙළි කළ දිව්‍ය ග්‍රන්ථ වේ. මෙම ග්‍රන්ථ අතරින් වඩාත් ප්‍රසිද්ධ වනුයේ: ඉබ්‍රාහීම් (ඒබ්‍රහම්) තුමාගේ ශුද්ධ ලියවිලි, මූසා (මෝසස්) තුමාගේ ශුද්ධ ලියවිලි, අල්ලාහ් මූසා තුමාට හෙළි කළ ටෝරාව, අල්ලාහ් දාවුද් (දාවිත්) තුමාට හෙළි කළ ගීතාවලිය, අල්ලාහ් (ඊසා) ජේසුස් තුමාට හෙළි කළ ශුභාරංචිය, (ඔවුන් සියල්ලන්ටම සාමය සහ ආශීර් වාදය ලැබේවා) වේ. මෙම ග්‍රන්ථ අතරින් අවසාන සහ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය වන්නේ අල්ලාහ් තම අවසන් දූතයා වන මුහම්මද් තුමාට හෙළි කළ ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයයි.

එම දිව්‍ය ග්‍රන්ථය ද අල්ලාහ්ගේ හෙළිදරව්ව හා ඔහුගේ ප්‍රකාශයයි. දූත ජිබ්රීල් (ගේබ්‍රියෙල්) තුමා එය රැගෙන එම ග්‍රන්ථය දන්වා සිටිය යුතු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. අල්ලාහ් එම පොත පහළ කළ සමූහයාට ඔහු පැන වූ ආගම සහ ඔහු ඔවුන් සඳහා නීති සම්පාදනය කළ නීති පිළිබඳ පැහැදිලි කිරීම් එහි ඇතුළත් වේ.

අල්ලාහ්ගේ අවසරයෙන් තොරව එම මලක්වරයා දිව්‍ය පණිවිඩ සමග පහළ වූයේ නැත. මලක්වරයා පහළ වන විට ඔහු සමග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ආරක්ෂා කරන, එතුමාණන් වෙත පහළ කරන ලද දිව්‍ය පණිවිඩය ආරක්ෂා කරන මලක්වරු ද පහළ වූවෝය. උත්තරිතරයාණන් මෙසේ පවසයි: “ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි.* නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.* ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද ඔහු සියලු දෑ ගණන් කොට තබා ඇත." (සූරා අල්-ජින්: 26-28) ඉන් අදහස් කරන්නේ: සැබැවින්ම මලක්වරුන් අල්ලාහ් පිළිබඳව දැනුම් බවත් සැබැවින්ම ඔවුන් එම පණිවිඩය ආරක්ෂා කරන බවත් එය ප්‍රවේසම් කරන බවත් අල්ලාහ් විසින් එය එවන ලද නබිවරයා දැනුම්වත් කිරීමය. තෆ්සීරු ඉබ්නු කසීර් (8/247)

මුස්ලිම්වරයකු පෙර පහළ කරන ලද සියලු දිව්‍ය ග්‍රන්ථ විශ්වාස කරයි. එනම් සැබැවින්ම මෙම ග්‍රන්ථ අල්ලාහ් එම උතුම් වූ ගෞරවණීය නබිවරුන් වෙත පහළ කළ බවට සාක්ෂි ඔහු සාක්ෂි දරයි. එමෙන්ම එම දිව්‍ය පණිවිඩ එවක සිටි අනුගාමිකයින් විසින් අනුකරණය කිරීම අනිවාර්යය වූ බව ද විශ්වාස කරයි. තවද මහඟු අල්-කුර්ආනය හැර සෙසු සියලු දෑ අතුරුදහන් වී, විකෘති වී, නැති වී ගොස් ඇති බව ද විශ්වාසය කරයි. අල් කුර් ආනය අවසන් ග්‍රන්ථයයි. එය ලොව අවසන් හෝරාව දක්වාම මුළු මිනිස් සංහතියටම මඟ පෙන්වන්නකි.

දෙවන විමසුම: ශ්‍රේෂ්ඨ දිව්‍යමය ග්‍රන්ථවල ලක්ෂණ

සියලු දිව්‍යම ග්‍රන්ථ අල්ලාහ්ගේ ප්‍රකාශ වේ. ඔහුගේ කතාව එහි ගුණාංග අතරින් එකකි. එහි පරිපූර්ණත්වය, කීර්තිය, අලංකාරය, දැනුම හා ප්‍රඥාව ඇතුළත් වේ.

සියලුම දිව්‍ය ග්‍රන්ථවල, අල්ලාහ්ට නැමදුම් කිරීම සම්බන්ධයෙන් සහ ඔහු හැර වෙනත් ඕනෑම දෙයක් වේවා, එයට නැමදුම් කිරීම අත්හැර දැමීම සම්බන්ධයෙන් නියෝග කර ඇත. මේ සියල්ලම අල්ලාහ්ව විශ්වාස කිරීමේ පදනම අවධාරණය කර සිටියි. මිනිසුන්ට අවශ්‍ය සියල්ල සඳහා ප්‍රමාණවත් දෑ එහි අඩංගු වේ. එමෙන්ම ආගම පිළිබඳ පැහැදිලි කිරීම්, ප්‍රතිඵල, දැහැමි ක්‍රියාවන් සහ ඒවාට විරුද්ධ වීමට එරෙහිව අනතුරු ඇඟවීම් එහි ඇතුළත් වේ. උත්තරීතයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි (දෙවියන්) දේවත්වය කරන ජනයාට ආශිර්දයක් හා මෙනෙහි කිරීමක් ඇත." (සූරා අල්-අන්කබූත්: 51)

එහි මනුෂ්‍ය වර්ගයා සඳහා මග පෙන්වීම සහ දයාව අඩංගු වන අතර මිනිසුන්ට බලපාන නොපෙනෙන සත්‍යයන්, ආගම, නැවත නැඟිටීම සහ විපාකය වැනි සෑම දෙයක් ගැනම විස්තර එහි අඩංගු වේ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය. "පසුව දැහැමි ලෙස කටයුතු කරන්නා හට පූර්ණ කිරීමක් ලෙස ද සෑම දෙයක්ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිසය." (සූරා අල්-අන්ආම්: 154)

හදවත් මෘදු කර ඔවුන්ගේ ස්වාමියා වෙත සමීප කරවන, ඔවුන්ව පවිත්‍ර කරන, නිවැරදි කරන සහ නොදැනුවත්කම, නොමග යැවීම සහ ව්‍යාකූලත්වය යන රෝගවලින් ඔවුන්ව සුව කරන දෑ වෙත ඔවුන්ට මග පෙන්වන අවවාද හා උපදෙස් එහි අඩංගු වේ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: "අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද, නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද, දේවත්වය විශ්වාස කරන්නන්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත." (සූරා යූනුස්: 57)

එහි සත්‍යයට අනුබල දෙන බලවත් තර්ක, සාක්ෂි, සාධක සහ වාද අඩංගු වන අතර එය අසත්‍යය විනාශ නොකර අත්හැරියේ නැත. එමෙන්ම අවිශ්වාසය විනාශ නොකර අත්හැරියේ ද නැත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: "මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි." (සූරා අල්-ජාසියා: 20) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය) නුඹ පවසනු." (සූරා අල්-ඉස්රා: 81)

දිව්‍ය ග්‍රන්ථවල ඇති තවත් එක් ලක්‍ෂණයක් නම්, ඒවායේ සම්පූර්ණ නිශ්චිතභාවයක් තිබීමය. එය සැකයට හෝ කුතුහලයට හෝ යටත් වන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි." (සූරා අල්-බකරා: 2) එනම්, එම ග්‍රන්ථය සැකයෙන් හා අවිශ්වාසයෙන් ඔබ්බට ගිය උසස් ග්‍රන්ථයකි.

එහි සියුම් ඥානය ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අලිෆ්. ලාම්. රා. (මෙය) එහි වදන් තහවුරු කරන ලදු ව, පසුව සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන් විසින් විස්තර කරනු ලැබූ පුස්තකයයි." (සූරා හූද්: 1)

දිව්‍ය ග්‍රන්ථවල තවත් ලක්ෂණයක් නම්, ඒවා එකිනෙකට පරස්පර වන්නේ හෝ වෙනස් වන්නේ හෝ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වූයේ නම් එහි ඔවුහු පරස්පර වෙනස්කම් බොහෝමයක්ම දකිනු ඇත." (සූරා අන්-නිසා:82)

දිව්‍යමය ග්‍රන්ථවල තවත් එක් ලක්ෂණයක් නම්, දේවත්වය විශ්වාස කරන්නන්ට ශුභාරංචිය සහ නොමග ගිය ප්‍රතික්ෂේප කරන්නන්ට අනතුරු ඇඟවීම් එහි අන්තර්ගත වීමයි. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: හා මීම්.* (මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.* දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි.* (එය) ශුභාරාංචි දැනුම් දෙන්නක් හා අවවාද කරන්නක් වශයෙනි. නමුත් (දේවත්වය ප්‍රතික්ෂේප කරන) ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑවෝය. එමෙන්ම ඔවුහු සවන් නොදෙති." (සූරා ෆුස්සිලත්: 1-4) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර් ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.* (එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන, දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය.* ඔවුන් නිරන්තරයෙන්ම එහි රැඳී සිටින්නන් ලෙසින්.* අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේය.)" (සූරා අල්-කහ්ෆ්: 1-4)

දිව්‍ය ග්‍රන්ථවල ඇති තවත් එක් ලක්ෂණයක් නම්, එය පහළ වූ වක්තෘවරුන්ගේ විශේෂිත පෞද්ගලික අංශයන් ගැන සැලකිල්ලක් නොදැක්වීමය. නබි ඉබ්‍රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පියාගේ නම සඳහන් කරනු ලැබුවාක් මෙන් විශේෂිත කරුණක් වී නම්, එවැන්නක් සඳහන් කරනු ලැබුවාක් මිස ඔවුන්ගේ දේශයන් පිළිබඳ හෝ ඔවුන්ගේ ගෝත්‍රිකයන් හා ඔවුන්ගේ පවුල් පිළිබඳව හෝ ඔවුන්ගේ පියවරුන්, මව්වරුන්, බිරියන් හා ඔවුන්ගේ දරුවන් පිළිබඳව හෝ ඔවුන් උපන් ඉතිහාසය, ඔවුන්ගේ මරණයන් පිළිබඳව හෝ සඳහන් වී නැත.

දිව්‍යමය ග්‍රන්ථ විස්තර කරනු ලැබූ මෙම ශ්‍රේෂ්ඨ හා ආශීර්වාද ලත් ගුණාංගවලට අමතර තවත් ලක්ෂණ ද ඇත. සැබැවින්ම ඒවා ශුද්ධ, පවිත්‍ර මහඟු දිව්‍ය ග්‍රන්ථ බව සඳහන් කරන්නට ප්‍රමාණවත් ගෞරවණීය ලක්ෂණ වෙති.

මෙහි තවත් ප්‍රශ්නයක් ඇත. එනම්: චීන, ඉන්දියානු හෝ අප්‍රිකානු ජාතීන් වැනි වෙනත් ජාතීන්ට දිව්‍ය ග්‍රන්ථයක් හෙළිදරව් කළා ද? ඔවුන් අතරට පණිවිඩකරුවෙකු එවා තිබේ ද?

අප පවසන්නේ: සැබැවින්ම අල්ලාහ් තම මැවීම් තමන්ට නැමදීම සඳහා මැව්වේය. පසුව දැහැමියාට කුසල් පිරිනැමීමටත් දුෂ්ඨයාට විපාක පිරිනැමීමටත් ඔවුන් මතු අවදි කරනු ඇත. කුසල් හෝ දඬුවම් සහතික වන්නේ තර්ක සාධක ඉදිරිපත් කිරීමෙන් පසුවය. සැබැවින්ම අල්ලාහ් තම මැවිම් කිසිවක් නිකරුණේ අත් නොහැරිය බවත් ඔවුන් වෙත දූතවරුන් එවූ බවත් අපට දන්වා ඇත. "නියත වශයෙන්ම අපි ඔබ සත්‍යයෙන් යුතු ව ශුභාරංචි දන්වන්නකු වශයෙන් හා අවවාද කරන්නකු වශයෙන් එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත." (සූරා ෆාතිර්: 24) අදාළ ප්‍රජාවට සාධකයක් වන පරිදි හා සත්‍යය ඔවුන් වෙත ළඟා කර ගත හැකි පරිදි, එම ප්‍රජාවට එවන ලද දූතයාණන්ගේ පණිවිඩය ඔවුන්ගේ භාෂාවෙන්ම නියම කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරී. තවද තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය." (සූරා ඉබ්රාහීම්: 4) දූතයෙකු හෝ නබිවරයෙකු යම් ප්‍රජාවකට යවනු ලැබිය හැකිය. ඔහුගේ දූත මෙහෙයුමෙන් පසු කාලය ගෙවී යයි. ඔහු පිළිබඳ ප්‍රවෘත්ති අධ්‍යයනය කෙරෙයි. මෙම නබිතුමා ගැන නොදන්නා හෝ ඔහු ගැන අසා නැති පරම්පරාවන් පැමිණෙයි. එවිට ඔවුන් සිතන්නේ ඔවුන් අතරට කිසිඳු දූතයෙකු එවා නැති බවයි.

ඔවුන්ගේ ඉතිහාසය සහ ඔවුන්ගේ කාලය අධ්‍යයනය කළ වෙනත් ප්‍රජාවන්ගේ වක්තෘවරුන් පිළිබඳ පුද්ගලයෙකු නොදන්නා බව සම්බන්ධයෙන් ගත් කල, මෙය සාමාන්‍ය දෙයකි. උදාහරණයක් ලෙස චීන ජාතිකයින්, අප්‍රිකානුවන්ට යවන ලද්දේ කවුරුන්දැයි නොදනී, සහ අනෙක් අතට එය නිවැරදිය. එම ප්‍රජාවන් අතර මෙම දැනුම නොමැති බව සර්ව බලධාරියාණන් ද වාර් තා කළේය. ඔහු මෙසේ පවසයි: "සැබැවින්ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින්ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්මය) පිරිනැමුවෙමු.* ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර අපි නුඹට පවසා ඇත. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට පවසා නැත. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේය." (සූරා අන්-නිසා: 163,164) උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්ති සහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ." (සූරා ඝාෆිර්: 78) මේ දූතයන් පිළිබඳ අප සතුව පවතින අඩු දැනුම ඔවුන් නොයැවූ බවක් අදහස් කරන්නේ නැත. ඔවුන්ගේ ආරම්භක ජනතාවට යවන ලද දූතයා පිළිබඳ වත්මන් පරම්පරාවන් නොදනි යන්නෙන් අදහස් වන්නේ ඔහු ඔවුන් වෙත පණිවිඩකරුවෙකු නොයැවූ බවක් නොවේ.

තුන්වන විමසුම: දිව්‍ය පොත්වල අඩංගු ප්‍රධාන සත්‍යයන්

අල්ලාහ් පිළිබඳවත්, ඔහුගේ දූතයන්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ ධර්ම දූතයන්, අවසාන දිනය සහ ඉරණම පිළිබඳ විශ්වාසය වැනි අල්ලාහ් පිළිබඳ විශ්වාසයේ මූලික කරුණු වෙත ඇරයුම් කිරීමෙහි දිව්‍යමය ග්‍රන්ථ එකට හවුල් වන අතර, මෙම ශ්‍රේෂ්ඨ මූලධර්ම සඳහා සාක්ෂි සහ තර්ක ද ඉදිරිපත් කරයි. එමෙන්ම බහුදේවවාදයට සහ අවිශ්වාසයට එරෙහිව අනතුරු අඟවයි. බහුදේවවාදය සහ දේවත්වය පිළිබඳ විශ්වාසය ප්‍රතික්ෂේප කරන, ඒවා අවලංගු කරන සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ නරක ඉරණම පැහැදිලි කරන සාක්ෂි සහ තර්ක ඉදිරිපත් කරයි.

සලාතය, සකාතය, උපවාසය, හජ්, දෙමව්පියන්ට ඇප උපස්ථාන කිරීම වැනි ප්‍රධාන හා මූලික නැමදුම් තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම සඳහා ඇරයුම් කිරීමෙහි ද එම දිව්‍ය ග්‍රන්ථ එකට හවුල් වේ. මැවුම්කරු සතු අයිතිවාසිකම් හෝ වේවා මැවිම් සතු අයිතිවාසිකම් හෝ වේවා ඒ සියල්ල ඉටු කිරීමට අණ කරයි. එය යහපත් ගුණ ධර්ම පිළිපැදීමට දිරිමත් කරන අතර පුද්ගලයෙකු විසින් වැළකී සිටිය යුතු තහනම් දේවල්, අශීලාචාර සහ පාප ක්‍රියාවන් පැහැදිලි කරයි. මෙම තහනම් දේවල්හි තරාතිරම් සහ දෙලොවෙහි ඒවා සඳහා හිමිවන විවිධ දඬුවම් ගැනද පැහැදිලි කරයි. සර්ව බලධාරියාණන් මෙසේ පවසයි: “කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම් වෙත ද මූසා වෙත ද ඊසා වෙත ද අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද, නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයන ලෙසය. ඔබ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.” (සූරා අෂ්-ෂූරා: 13) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?* (ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?* එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.* තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කිසිවක් නොමැත.* තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.* පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.) (සූරා අන්-නජ්ම්: 36-41) තවදුරටත් උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට, ඔහුට ගරු කොට, ඔහුට උදව් කර, ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්රාහකයෝ." (සූරා අල්:අඃරාෆ්: 157) නබිවරුන් ගෙන ආ ප්‍රධාන මූලධර්මයන් අල්ලාහ් සඳහන් කළ පසුව ඔහු මෙසේ පවසයි: “මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නො කරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.” (සූරා අල්-ඉස්රා: 39)

සියලුම දිව්‍ය ග්‍රන්ථ අවධාරණය කරන තවත් එක් කරුණක් නම් පුද්ගල වගකීමයි. පුද්ගලයෙකු තමාව මුදවා ගැනීමට සහ ගැලවීමට උත්සාහ කළ යුතුය. අල්ලාහ්ගේ තෘප්තියට හා ඔහුගේ ස්වර්ගයට මඟ පෙන්වන සෘජු මාර්ගය අනුගමනය කළ යුතුය. ඔහුගේ ස්වාමියාට, 'මම මගේ මුතුන්මිත්තන් හෝ මගේ ආගමේ ගෞරවනීය අය අනුගමනය කළෙමි, නැතහොත් මම මගේ ජාතිය සහ මගේ සමාජය අනුගමනය කළෙමි' යැයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පැවසීම සුදුසු වන්නේ නැත. සෑම මිනිසෙකුම තම නිදහස ගැන ප්‍රශ්න කරනු ලබන අතර පරමාධිපතියාණන් විසින් තමා වෙත පැමිණි සත්‍යය සලකා බැලිය යුතුය. සර්ව බලධාරියාණන් මෙසේ පවසයි: "සියලු දෑ හි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙම් ද? සෑම ආත්මයක්ම එයට එරෙහි ව මිස වෙනෙකක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසු ව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක් මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි." (සූරා අල්-අන්ආම්: 164) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.* නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹම ප්‍රමාණවත්ය.* කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු." (සූරා අල්-ඉස්රා 13-15)

මෙම දිව්‍ය ග්‍රන්ථවල අන්තර්ගතය අතර දේවත්වය විශ්වාස කළ මිනිසුන්ට හිමි මෙලොව යහපත් ජීවිතය සහ පරලොව සදාකාලික සතුට පිළිබඳ ශුභාරංචිය ද දේවත්වය ප්‍රතික්ෂේප කරන දුෂ්ඨ මිනිසුන්ට හිමි මෙලොව දුක්ඛිත ජීවිතය ගැන සහ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සතු සදාතනික දඬුවම ගැන අවවාදය අන්තර්ගත වේ.

එමෙන්ම විපාකය, විනිශ්චය හා ප්‍රතිඵල ඇත්තේ මෙලොව පමණක් නොවන බවත්, යම් පුද්ගලයෙක් තමාගේ අපරාධ හා අකටයුතුකම්වලට දඬුවම් නොලබා මෙලොව හැර යා හැකි නමුත් ප්‍රතිඵල, විනිශ්චය, කුසල් හා සම්පූර්ණ දඩුවම, මරණින් මතු ජීවිතයේදී හිමිවනු ඇති බවත් ඉතා පැහැදිළිව දන්වා සිටියි.

නැමදුම්, ආගමික වගකීම්, නැමදුම් ක්‍රම හා විධි මෙම පොත්වල ඇතුළත් විස්තර අනුව එකිනෙක වෙනස් වන බව රහසක් නොවේ. මෙම කාරණය එක් පොතක කෙටියෙන් ඉදිරිපත් කර තවත් පොතක විස්තරාත්මකව ඉදිරිපත් කර තිබිය හැකිය.

අපි මෙය තේරුම් ගන්නේ නම්, යහපතට ආදරය කිරීම සහ එය ඉටු කිරීම සඳහා මිනිස් ආත්මය තුළ ඇති විෂය අපට දැනගන්නට හැකි වේ. සැබැවින්ම එය වක්තෘවරුන් ගෙන ආ දේ සහ ෂෙයිතානුන්ගේ විකෘති කිරීම් සහ විකෘති සම්ප්‍රදායන් සහ නමස්කාරයේ බලපෑම්වලින් ආරක්ෂා වූ මිනිසා නිර් මාණය කරන ලැබූ සහජ දේ සමග ඉතිරිව පවතින්නකි.

සිව්වන මාතෘකාව: ශුද්ධ වූ අල් කුර්ආනය දිව්‍ය ග්‍රන්ථ අතුරින් ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථයයි

ශුද්ධ වූ අල් කුර්ආනය දිව්‍යමය ග්‍රන්ථ අතරින් ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය වේ. එය හෙළිදරව් කිරීමෙහි මෑත කාලීන, දිව්‍ය පණිවිඩවල අරමුණු පැහැදිලි කිරීමෙහි ලා වඩාත් සම්පූර්ණ වූ, ආගමේ සහ ලෞකික අවශ්‍යතා පැහැදිලි කිරීමෙහි ලා වඩාත් පුළුල් වූ ග්‍රන්ථයකි. එමෙන්ම පැහැදිලි කිරීමෙන් වාග් ශෛලයෙන් හා සාහිත්‍යමය රසාස්වාදයෙන් වඩාත් ඉහළින් වූ ග්‍රන්ථයකි. මක්කා වාසින් අතර සිටි ධර්ම දූතයාණන්ගේ විරුද්ධවාදියෙක් අල්-කුර්ආනයට සවන් දුන් අවස්ථාවේ ඒ ගැන ඔහු මෙසේ විස්තර කර සිටියේය. (අල්ලාහ් මත දිවුරා පවසමි. මුහම්මද්ගෙන් වූ ගැඹුරු ප්‍රකාශයකට මම සවන් දුනිමි. එය මිනිස් ප්‍රකාශයක් හෝ ජින් ප්‍රකාශයක් හෝ නොවේ. සැබැවින්ම එයට මිහිරිභාවයක් ඇත. එයට රසාස්වාදයක් ඇත. එහි ඉහළම මට්ටම ඵල දෙන්නකි. එමෙන්ම එහි පහළම මට්ටම ගිලී යන්නකි. සැබැවින්ම එය උසස්ය. උසස් වෙමින් පවතින්නකි.) (40) තෆ්සීරුල් බගවී (8/268)

එය දිව්‍යමය පරිපූර්ණත්වය, ඒකදේවවාදය, අල්ලාහ්ගේ ස්වාමිත්වය, ඔහුගේ දේවත්වය, ඔහුගේ නම්, ගුණාංග සහ ක්‍රියා, ඔහුට කළ යුතු නැමදුම් සහ ඔහුට පමණක් පුද කළ යුතු දහමේ නිර්මලත්වය පැහැදිලි කරන දිව්‍යමය ග්‍රන්ථ අතුරින් වඩාත්ම විස්තීරණ ග්‍රන්ථයයි. එමෙන්ම සත්‍යය පැහැදිලි කිරීම සහ බහුදේවවාදය සහ අවිශ්වාසය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පැහැදිලි කරන ග්‍රන්ථ අතුරින් වඩාත්ම පරිපූර්ණ ග්‍රන්ථයයි. උඩඟුවූවන් හැර වෙනත් කිසිවකු විසින් ප්‍රතික්ෂේප නොකරන සාක්ෂි සාධක හා තර්ක එහි අඩංගු වන අතර මේ නිසා අද දක්වාම සත්‍යය සොයන සාධාරණ පුද්ගලයෙක් - ඔහුගේ ආගම කුමක් වුවත් - ඔහු කුර්ආනය කියවන විට, ඔහුට මෙම ග්‍රන්ථය, එය හෙළි කළ තැනැත්තා සහ එය සමඟ එවන ලද දූතයා වන මුහම්මද් තුමා ගැන විශ්වාස කිරීමෙන් ඔහුව පාලනය කළ හැකි වන්නේ නැත.

මෙම දිව්‍යමය ග්‍රන්ථය මීට පෙර කිසි දිනෙක මිනිසුන්ට පහළ වී නොමැති අතර, විනිශ්චය දිනය දක්වා මිනිසුන්ට එබඳු දෙයක් හෙළිදරව් වන්නේද නැත. එය වක්තෘවරුන්ගේ ශ්‍රේෂ්ඨතම සලකුණු වේ. මෙම ග්‍රන්ථය මඟ පෙන්වීමකි; සුවය, සාමය, ආලෝකය සහ ලොවට දයාවකි; යුක්තියේ ශ්‍රේෂ්ඨතම පරිමාණයන් සහ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ එහි අඩංගු වේ. මෙම උතුම් ග්‍රන්ථය ආලෝකයයි; එසේම ශුභාරංචිය, අනතුරු ඇඟවීම්, ප්‍රඥාව, දැනුම, සුවය සහ ආශිර් වාදයයි. එය සෘජු මාර්ගයයි. එය පිළිපදින තැනැත්තා යහමඟ ලබනු ඇත. එය හැර යන තැනැත්තා නොමඟ යනු ඇත. මෙම පොත පහළ කිරීම ගැන සර්ව බලධාරී අල්ලාහ් තමන් ගැනම ප්‍රශංසා කළේය. සර්ව බලධාරියාණන් මෙසේ පැවසීය: "තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර් ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත." (සූරා අල්-කහ්ෆ්: 1)

එහි මනස විස්මයට පත් කරන තාර්කික සාක්ෂි සහ තීරණාත්මක තර්ක අඩංගු වන අතර, මෙම සාක්ෂි අතර අල්ලාහ්ගේ පරමාධිපත්‍යය හා අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නමස්කාර කිරීම සුදුසු නැතැයි පෙන්නුම් කරන සාක්ෂි ද ඇත. එය උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන්නාක් මෙනි. "ඔවුහු කිසිවක් නොමැති ව (ස්වභාවික ම) නිර්මාණය කරනු ලැබුවෝ ද?නැත්නම් ඔවුහු (තමන් ව ම) නිර්මාණය කරගත්තෝ ද?" (35) "එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු කිසිසේත් වාශ්වාස නොකරති." (36) (සූරා අත් තූර්: 35,36) උත්තරීතරයාණන්ගෙන් වන තවත් උදාහරණයක්: "අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග පහ ව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර් ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරුය." (සූරා අල්-මුඃමිනූන්: 91) උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි: "නියත වශයෙන්ම අපි ඔහු ශුක්‍රාණු බිංදුවකින් මවා තිබීම මිනිසා නොදුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු පැහැදිලිව (ව්‍යාජ දෑ ගෙන) තර්ක කරන්නෙකි." (77) "තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. “අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ”යි ඔහු විමසුවේය. “මුල් වරට එය නිර් මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර් වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු." (79) "නුඹලාට කොල පැහැති ගසින් ගින්දර ඇති කළේ කවුදැයි බලන්න. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහු ය." (80) "අහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නො වේ ද? එසේ නො ව; ඔහුය සර් ව ඥානී මහා මැවුම්කරු වන්නේ." (81) (සූරා යාසීන්: 77-81)

වෙනත් ග්‍රන්ථවල නැති අතීත ජාතීන් පිළිබඳ පුවත් මෙහි අඩංගු වන අතර එහි සඳහන් කරුණු පුරාණයේ සිදු වූ සත්‍යයට පටහැනි නොවේ. එමෙන්ම නූතන යුගයේ හැර මිනිසුන් විසින් හඳුනා නොගත් දිව්‍යමය මැවීම්වල සියුම්භාවය පිළිබඳ තොරතුරු එහි අඩංගු වේ. උදාහරණ ලෙස එය මවගේ ගර්භාෂයේ වැඩෙන කලලරූපයේ අවධීන් වැනි දෑ ගැන කතා කරයි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි. "සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.* පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.* පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර් මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර් මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය." (සූරා අල්-මුඃමිනූන්: 12-14) තවද අභ්‍යවකාශයට නගින කෙනෙකුගේ තත්ත්වයන් ගැන ඔහු පවසා ඇත්තාක් මෙනි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය. "අල්ලාහ් කවරෙකුව මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය." (සූරා අල්-අන්ආම්: 125)

මෙම ශ්‍රේෂ්ඨ අල් කුර්ආනය පිටු 600කින් පමණ යුක්ත වුවද, එහි කිසිදු වරදක්, විෂමතාවයක් හෝ පරස්පරතාවයක් නොමැත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: "අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වූයේ නම් එහි ඔවුහු පරස්පර වෙනස්කම් බොහෝමයක්ම දකිනු ඇත." (සූරා අන්-නිසා: 82)

එහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නැත. පරමාධිපතියාණන් තම ප්‍රකාශය ආරම්භයේ පවසන විට මෙසේ පවසා සිටියි. "එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන් හට (එය) මඟ පෙන්වන්නකි." (සූරා අල්-බකරා: 2) "එයයි පුස්තකය" යන ප්‍රකාශයේ එයයි යන නිරූපණ නාම පදය දුර ඇති දෙයක් සඳහා මිස භාවිතා කරන්නේ නැත. එනම්: සැබැවින්ම අල්-කුර්ආනය වනාහි, එහි ඇති දෑ ඔබ්බෙන් පවතින්නේය. එහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ තිබේ ද? පරමාධිපතියාණන් ඒ ගැන සහතික කර පවසා ඇත. එහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නැති තීරණාත්මක ග්‍රන්ථයක් බව ද දැනුම් දී ඇත්තේය.

මෙම ග්‍රන්ථය වනාහි, එවැන්නක් ගෙන ඒමට ජින්වරයකුට හෝ මිනිසකුට හෝ අපොහොසත් කාර්යයක් බවට පත් කළේය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: “මෙම කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර් යා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද, ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත.” (සූරා අල්-ඉස්රා: 88) අල්ලාහ් එය පහළ කළ මොහොතේ සිට නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මිනිසුන්ට එවැනි දෙයක් හෝ එවැනි සූරත දහයක් හෝ ඒ හා සමාන එක් සූරතයක් හෝ සම්පාදනය කිරීමට අභියෝග කළ නමුත් ඔවුන්ට එය නොහැකි විය. ඔවුන්ගේ නොහැකියාව, එය දෙවියන්ගෙන්ම බවට සාක්ෂියකි. අල්ලාහ් එය සංරක්ෂණය කිරීමේ වගකීම භාරගත්තේය. එබැවින් එය සංරක්ෂණය වී ඇති අතර අවසන් හෝරාව පැමිණෙන තෙක්ම සුරක්ෂිතව පවතිනු ඇත. එය එළිදරව් කරන ලද භාෂාවෙන්ම අදත් පවතින අතර, එය දූතයාණන්ගේ ජීවිත කාලය තුළම සහගාමීන් විසින් ලියනු ලැබ ඇත. දූතයාගේ ජීවිත කාලය තුළම බොහෝ සහාබාවරු එය කටපාඩම් කර ඇත. එය වාචික කටපාඩම් මාර්ගයෙන් සම්ප්‍රේෂණය කරන ලද සම්ප්‍රේෂණ දාමයක් මගින් දේව දූතයාණන් වෙතත් ජිබ්රීල් තුමා වෙතත් සම්ප්‍රේෂණය කරන ලද්දකි. තවදුරටත් සහගාමීන්ගේ යුගයේ සිට අද දක්වාම පරිපූර්ණ ලිඛිතව සංරක්ෂණය කර ඇත. අද වන විට මෙම ශුද්ධ වූ අල්-කුර්ආනය කටපාඩම් කරන්නන් දහස් ගණනක් නොමැති ඉස්ලාමීය රටක් ඔබට සොයා ගත නොහැකි තරම්ය. පාසල් සිසුන් පවා එය කටපාඩම් කර ප්‍රගුණ කිරීමට තරඟ කරන අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තරඟ පවා පැවැත්වේ.

පුදුම සහගත කරුණ නම්, මෙම උතුම් දිව්‍යමය ග්‍රන්ථය කටපාඩම් කිරීමට අල්ලාහ් පහසු කර ඇති අතර, අරාබි නොවන මුස්ලිම්වරුන් දහස් ගණනක් එය සම්පූර්ණයෙන්ම කටපාඩම් කර, එය හෙළි කරනු ලැබූ අරාබි මුස්ලිම්වරුන් විසින් පාරායනය කරන ලද ආකාරයටම එය පාරායනය කරන බව ඔබට පෙනේ‍. එය ඔවුන් අතරින් එක් අයකුට අරාබි භාෂාවේ වාක්‍ය පහක් පවා කටපාඩම් නැති තත්ත්වයකය.

පාඨකයාගේ අවධානය ලක්වන කරුණු නම්, දේව දූත ඉබ්‍රාහීම් සහ ඔහුගේ පවුලේ අයගේ ජීවිතය, ඔහුගේ පියා සහ ඔහුගේ ජනතාව සමඟ ඔහු කළ සංවාදය, යඃකූබ් නබිතුමාගේ පවුල, ඔහුගේ දරුවන් සහ මුණුබුරන් පිළිබඳ තොරතුරු, මූසා නබිතුමාගේ උපත පිළිබඳ විස්තර ඔහු තැනින් තැනට සංක්‍රමණය කිරීම, ෆිර්අවුන් සමඟ ඔහුගේ විවාදය, ෆිර්අවුන්ගේ විනාශය, මූසා සහ ඔහුගේ ජනයාගේ පැවැත්ම සහ ඔවුන්ගේ දිගු ඉතිහාසය ‌යනාදී පිළිබඳ බොහෝ තොරතුරු ශ්‍රේෂ්ඨ අල් කුර්ආනය තුළ ඔහු සොයා ගනු ඇත. එලෙසම ඉම්රාන්ගේ පවුල පිළිබඳව තොරතුරු ද අල් කුර්ආනයේ සඳහන් වේ. මෙය යහ්යා (අලයිහිස් සලාම්) තුමාගේ මව බිහි කළ පවුල ය. කිතුනුවන් යොහන් බව්තීස්ත ලෙස එයට නම් කරති. එමෙන්ම ඊසා හෙවත් ජේසු තුමාගේ මෑණියන් මෙලොව එළිය දුටු පවුල ය. මෙම සියලු විස්තර ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයේ සඳහන් කර ඇත්තේ ඒකදේවවාද‌යේ දූත මෙහෙය පැහැදිලි කිරීම සඳහා සහ අල්ලාහ් තම දූතවරුන් හා තම වක්තෘවරුන් ශක්තිමත් කිරීම සඳහා ය. ඔවුන් පිළිබඳ තොරතුරු සඳහන් වුව ද කුරෙයිෂ් ගෝත්‍රයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ශුද්ධ වූ අල්කුර්ආනයේ ඔබට සොයා ගත නොහැකි ය. එය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගෝත්‍රයයි. එමෙන්ම එතුමාණන්ගේ පවුල හෝ එතුමාණන්ගේ දරුවන් පිළිබඳ තොරතුරු පවා ඔබට සොයා ගත නොහැකි ය. නමුත් නූහ්, ඉබ්‍රාහීම්, මූසා, දාවූද්, සුලෙයිමාන්, ඊසා යන නබිවරුන්ගේ නම් දේව දූත මුහම්මද්ගේ නමට වඩා වැඩි වාර ගණනක් අල් කුර්ආනයේ සඳහන් වේ. මෙහි දී සැබැවින්ම මෙම ග්‍රන්ථය, දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පහළ කළ දිව්‍ය පණිවිඩය යන්නට අති මහත් සාධකයකි.

එය දිව්‍යමය ග්‍රන්ථයක් බවට තවත් එක් ඇඟවීමක් නම්, දේව දූත මුහම්මද් තුමාගේ දිව්‍යමය මඟපෙන්වීම්වල විස්තර ඔබට එහි දක්නට තිබීමයි. එය උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කර සිටින්නාක් මෙනි. "තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ නම් සැබැවින්ම නුඹ අල්ප දෙයකින් හෝ ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.* එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත." (සූරා අල්-ඉස්රා: 74,75) අබූ ජඃෆර් අත්-තබරී (රහිමහුල්ලාහ්) මෙසේ පැවසුහ: (අහෝ මුහම්මද්! ඔබ සුළු දෙයකින් පවා බහුදේවවාදීන් ඔබෙන් ඉල්ලා සිටින දෑ සම්බන්ධයෙන් ඔබ ඔවුන් වෙත යටත් වූයෙහි නම්, එවිට මෙලොව ජීවිතයේ දෙගුණයක් දඬුවම් හා මිය යන විට දෙගුණයක් දඬුවම් ඔබට විඳින්නට අපි සලස්වමු.) (41)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,* අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.* පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.* එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි." (සූරා අල්-හාක්කා: 44-47) අෂ්-ෂෙයික් අස්-සඃදී තම විග්‍රහයේ මෙම ආයතය සම්බන්ධයෙන් මෙසේ පවසයි: සැබැවින්ම ඔහු කවර කරුණක් ගෙන ආවේ ද, එය ලෝවැසියන්ගේ පරමාධිපතිගේ පහළ කිරීමකි. එය මිනිස් ප්‍රකාශයක් වීමට සුදුසු නොවූවකි. ඒ වෙනුවට එය කථා කළ තැනැත්තාගේ ශ්‍රේෂ්ඨත්වය, ඔහුගේ ගුණාංගවල මහිමය, ඔහුගේ ගැත්තන් පුහුණු කිරීමේ ඔහුගේ පරිපූර් ණත්වය, ඔහුගේ ගැත්තන්ට ඉහළින් පවතින ඔහුගේ උසස්භාවය පෙන්නුම් කරන වචන වේ. මෙය දෙවියන්ට සුදුසු නොවන්නක් හා ඔහුගේ ප්‍රඥාවට සුදුසු නොවන්නක් බව සිතන්නා සැබැවින්ම ඔහු බොරු ගොතා පවසා ඇත. "ප්‍රබන්ධයන් සමහරක්" එනම් අසත්‍ය කරුණු. "අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු. පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු." එය හදවතට සම්බන්ධ නහරයකි. එය කපා දැමුවහොත්, එයින් මිනිසා මිය යයි, සැබැවින්ම දේව දූතයා අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසා ඇත්නම් ඔහු ඉක්මණින්ම දඬුවමට ලක්වනු ඇත. බලවත් ග්‍රහණයකින් ඔහුව ග්‍රහණය කරනු ඇත. මක්නිසාදයත් සර්ව බලධාරී වන ඔහු ප්‍රඥාවන්ත වන අතර සියලු දේ කෙරෙහි සර්ව බලධාරී වන බැවිනි. ඔහුගේ ප්‍රඥාව අවැසි කරනුයේ ඔහුට විරුද්ධව බොරු ගොතන තැනැත්තාට සහනයක් ලබා නොදීමය.) [42] සර්ව බලධාරී අල්ලාහ් තම දූතයාට මෙසේ පවසා සිටියේය: "තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨය. තවද වඩාත් ස්ථායී ය." (සූරා තාහා: 131) ජාමිඋල් බයාන් (17/509).

හිතවත් පාඨකය, මෙම උතුම් අල් කුර් ආනය ලියා ඇත්තේ දෙවියන්ගේ දූතයා වන මුහම්මද් විසින් නම්, ඔහුගෙන් පසුව ඔහුගේ අනුගාමිකයන්ට එය කියවීමට හැකි වන පරිදි ඔහු එවැනි දෙයක් තමා මත සටහන් කරයි ද? තය්සීරුල් කරීමුර් රහ්මාන් (පි: 884)

මෙහි තවත් ප්‍රශ්නයක් ඇත: ශුද්ධ වූ අල් කුර්ආනය පහළ වූ භාෂාවෙන් අද දක්වාම ආරක්ෂා වී ඇති අතර, එක අකුරක් හෝ අඩු නොවී, එක් වචනයක් හෝ වෙනස් නොවී, එය එලෙසම පවතින අතර, පෙර පහළ වූ ග්‍රන්ථ විකෘති වූයේ මන්ද? සංරක්ෂණය කරනු නොලැබුවේ මන්ද?

අපි අල්ලාහ්ගෙන් උපකාර පතමින් මෙසේ කියමු: ඉබ්‍රාහීම් (ආබ්‍රහම්) සහ මූසා (මෝසෙස්)ගේ ශුද්ධ ලියවිලි, තව්රාත් (ටෝරා), සබූර් (ගීතාවලිය) සහ ඉන්ජීල් (ශුභාරංචිය) වැනි පෙර පහළ වූ දිව්‍ය ග්‍රන්ථ, දෙවිඳුන් විසින් නිශ්චිත ජාතීන්ට යවන ලද අතර, ඒ සඳහා සර්ව බලධාරී සමිඳාණන් නිශ්චිත ආයු කාලයක් නියම කර තිබිණ. එම ජාතිය පහව ගොස්, ඔවුන් සමූහයා අතර වෙන්ව ගොස් එම සමූහයාට යොමු කරන ලද ග්‍රන්ථයට පරමාධිපතියාණන් නියම කළ සීමිත කාලය අවසන් වූ විට, එහි අරමුණ අවසන් වූ බැවින් එය ඉවත් කිරීමට අල්ලාහ් අවසර දුන්නේය. එය එක්තරා ඓතිහාසික අවධියක මිනිසුන්ට යහපතක් වූ බැවිනි. එම අදියර අවසන් වූ විට, දෙවියන් වහන්සේ ඊළඟ අදියර සඳහා ගැළපෙන ග්‍රන්ථයක් ගෙන එනු ඇත. සියලු මග පෙන්වීම්, ගුණධර් ම, සත්‍යය සහ සාක්ෂි ගොනු වූ විස්තීර්ණ ග්‍රන්ථයක් පහළ වන්නට තිබෙන බව පූර්ව දැනුම අල්ලාහ් සතු විය. එය ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයයි. ඔහු එය පෙර තිබූ ග්‍රන්ථවලට වඩා ප්‍රමුඛ කර අනෙක් දෑ අහෝසි කළේය. එහෙයින් පෙර පහළ වූ ග්‍රන්ථවල අරමුණ ඉෂ්ඨ වූ පසු ඒවා ඉවත් කිරීමට පරමාධිපතියාණන් අවසර දුන්නේය. එය මහඟු දිව්‍ය ග්‍රන්ථය පහළ වීමට පෙර සූදානමක් ලෙසිනි. එබැවින් පෙර පහළ වූ එම ග්‍රන්ථ සංරක්ෂණය කිරීමේ වගකීම අල්ලාහ් භාර ගත්තේ නැත. එම ග්‍රන්ථ ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන්ගේ ආගමික විද්වතුන් වෙත භාර කළේය. එය සංරක්ෂණය කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරූ කල්හි ඔවුන් එය අමතක කර දමා එය වෙනස් කර විනාශ කර දැමුවෝය. ඒවා සංරක්ෂණය කිරීමේ වගකීම පරමාධිපතියාණන් භාරගත්තේ නම්, කාලය අවසන් වන තුරාම ඒවා පවතිනු ඇත. අල්ලාහ් සංරක්ෂණය කිරීමට භාරගත් කවර කරුණක් වුව ද එය විනාශ වී යන්නේ නැත.

පරණ ගිවිසුම සහ අළුත් ගිවිසුම දෙස බලන ඕනෑම අයෙකු, ඔවුන් පවසන පරිදි, ටෝරා සහ ශුභාරංචිය යන ග්‍රන්ථ දෙකින් සැදුම් ලත් මෙම ග්‍රන්ථ වර් තමාන ස්වරූපයෙන් දිව්‍ය පොත් විය නොහැකි බව නිසැකවම අවබෝධ වනු ඇත. හේතුව එහි සර්ව බලධාරී අල්ලාහ්ට එරෙහිවත් පාපකම්වලින් මිදුනු වක්තෘවරුන්ට එරෙහිවත් පරස්පර විරෝධයන් සහ අපවාදයන් ඇති බැවිනි. නිවැරදි බුද්ධියක් ඇත්තෙකු ඉන් ඉවත් වනු ඇත. එය ප්‍රතික්ෂේප කරනු ඇත. එමෙන්ම ඒවායෙහි නබිවරුන්ට අනාචාර ක්‍රියාවන් ආරෝපණය කිරීම් ද ඇතුළත් වේ. සාමාන්‍ය ජනතාව, ඔවුන්ගේ ස්වාමිවරුන් පමණක් නොව ඔවුන් ද එය ඉවසන්නේ නැත. මෙයට අමතරව මෙම පොත්වල හිමිකරුවන් තමන් සතුව මුල් පිටපත ඇති බව නොකියයි. ඒ වෙනුවට, මුල් පොත් සතවර්ෂ ගණනාවකට පෙර නැති වූ බවත්, ඔවුන් අත තිබූ මෙම පොත් ඔවුන්ගේ හෙළිදරව්වෙන් සියවස් ගණනාවකට පසුව ලියා නැති බවත්, ඒවා ලියා ඇත්තේ ඒවා හෙළි කළ භාෂාවෙන් නොව වෙනත් භාෂාවකින් බවත් ඔවුහු එකඟ වෙති. මේ සියල්ල මෙසේ තිබිය දී ඒවායේ කතුවරුන් ඒවා දිව්‍ය ග්‍රන්ථ බව ප්‍රකාශ කරන්නේ කෙසේද?

වෙනත් ප්‍රජාවන්ගේ ග්‍රන්ථ සම්බන්ධයෙන් ගත් කල, ඒවා දිව්‍ය ග්‍රන්ථ යැයි කිසිවකු ප්‍රකාශ නොකරන නමුත්, ඒවා ඔවුන් අනුගමනය කරන ආගමේ හිමිකරුට ආරෝපණය කෙරේ. ආගම ආරෝපණය කරනු ලබන පුද්ගලයා එසේ නොකළ බව ඔවුන් අතර පවතින සාමාන්‍ය දැනුමක් විය හැක. සැබැවින්ම ඒවා ලියා ඇත්තේ ඔහුගෙන් පසු ඔහුගේ අනුගාමිකයින් විසින්ය. ඒ අතරම ඒවා සුරක්ෂිත දිව්‍යමය පොත් නොවන බව ද ඔවුන් පිළිගත් බැවින් ඒවා දිව්‍යමය ග්‍රන්ථ අතරට එය එකතු නො කෙරේ. ඒවායෙහි අවසාන නිගමනය නම් ඒවා මිනිසුන් විසින් ලියන ලද පොත් වීමයි. ඒවා මිනිස් පොත් නම්, අපි අනෙකුත් සියලුම මානව ලේඛන සමඟ කටයුතු කරන ආකාරයටම ඒවා සමඟ කටයුතු කළ යුතුය. එබැවින් ඒවායේ ඇති හොඳ සහ නිවැරදි දේ ගනු ලැබේ, අනෙක් සියල්ල අත්හැර දමනු ලැබේ.

හිතවත් පාඨක! ඔබ ඔබේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨ අල් කුර්ආනයේ අර්ථ කථනය කියවන ලෙස අපි යෝජනා කරමු. මිනිසුන් විසින් බෙදාහරිනු ලබන ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය එයයි. මනුෂ්‍ය වර්ගයාට දෙනු ලැබූ අවසාන දිව්‍ය පණිවිඩය එයයි. ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය එයයි. එහි මහත් තාර් කික සාක්‍ෂි අඩංගුය. ඉන් එක් සාක්‍ෂියක් පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. සමහර විට ඔබ එහි අර්ථ පරිවර් තනයේ පිටපතක් ලබාගෙන එය සොයා බැලීම සිත්ගන්නා කරුණක් වනු ඇත.

අප සඳහන් කළ සාක්ෂිය සම්බන්ධයෙන්, එය සර්ව බලධාරියාණන්ගේ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වේ: "අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස.* ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද නිර් මා නය කළේය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු." (සූරා අල්-බකරා: 21-22) "අහෝ මිනිස!' යන ප්‍රකාශය ගැන සිතා බලන්න. මෙය මිනිස් වර්ගයා මිනිසුන් අතරින්ම වන බවටත් ඔවුන් අතර කිසිදු දේවත්වයක් නැති බවටත් අවධාරණය කරන අවශ්‍ය සාධකයකි. එසේ ඔවුන් මිනිසුන් නම්, ඔවුන් සියලු දෙනාම සර්ව බලධාරී අල්ලාහ්ට යටත් විය යුත්තෝ වෙති. "නුඹලාගේ පරමාධිපතිට නමදිනු" යන ඔහුගේ ප්‍රකාශය වනාහි, කාරණය ඔවුන් වෙත යොමු වූවා නම්, ඔවුන් මහා බලසම්පන්න සහ සර්ව බලධාරී කෙනෙකු විසින් අණ කර, යටත් කරනු ලබන බවයි. "නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ..." යන ඔහුගේ ප්‍රකාශය වනාහි: ඔවුන් මවන ලද අතරම ඔවුන්ට පෙර සිටි අය ද මවන ලද බැවින්; ඔවුන්ගේ මැවීම ඔවුන් කැමති වුවත් නැතත් පරමාධිපතියාණන්ට ඔවුන් කරන ගැතිභාවය පිළිබඳ සාක්ෂියකි. "ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද, අහස වියනක් බව ට ද නිර්මාණය කළේය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වීය." යන ඔහුගේ ප්‍රකාශය වනාහි: මෙය දෙවිඳුන් අල්ලාහ්ගේ ස්වාමිත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් වන අතර ඒවා නිර් මාණය කර සකස් කළේ ඔහුය. මෙය ඔවුන් ඔහුට නමස්කාර කිරීම සහ ඔහු සමඟ කිසිවක් ඇසුරු නොකිරීම අවශ්‍ය බව පෙන්වා දෙයි.

හයවැනි කොටස: නුබුව්වත් හෙවත් වක්තෘත්වය හා අල් අන්බියා හෙවත් වක්තෘවරුන් (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා)

පළමු විමසුම: නුබුව්වත් හෙවත් වක්තෘත්වයේ යථාර්ථය.

මෙම සන්දර්භය තුළ, 'නුබුව්වත්' හෙවත් වක්තෘත්වය, 'රසූල්' හෙවත් දූතයා සහ 'වහී' හෙවත් දූතයා ලබා ගත් දිව්‍ය පණිවිඩය ගැන කතා කිරීම වඩා හොඳය.

පළමුව අන්-නුබුව්වත් හෙවත් වක්තෘත්වය: එය උතුම් තනතුරකි, එය නියම කළ හැක්කේ ද එය සැළසුම් කළ හැක්කේ ද දෙවිඳුන් අල්ලාහ්ට පමණි. තම මැවීම් අතුරින් තමා කැමති ඕනෑම කෙනෙකුට එය පිරිනමයි. මෙම උතුම්, ගෞරවනීය නිලයේ වටිනාකම අගය කළ හැක්කේ එම නුබුව්වතය පිරිනමනු ලැබූ වක්තෘවරුන් සහ පණිවිඩකරුවන් පමණි. මෙය දෙවිඳුන් තම මැවීම් අතුරින් තමන් කැමති කෙනෙකුට පවරන උතුම් තනතුරකි.

නුබුව්වත් හෙවත් වක්තෘත්වය යනු: දෙවිඳුන් අල්ලාහ් විසින් දිව්‍ය පණිවිඩය ලබනු පිණිස, ඔහු විසින් ඔහුගේ වක්තෘවරුන් සහ දූතයින් තෝරා ගෙන කවර ප්‍රජාවක් වෙනුවෙන් එය පහළ කිරීමට අපේක්ෂා කරන්නේ ද ඒ සියලු දෙනා ආවරණය වන පරිදි එවන ලද දිව්‍යමය පණිවිඩයයි. මිනිසාට තම ආගමික කටයුතු, මෙලොව සහ මරණින් මතු ජීවිතයේ කටයුතු හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කරුණු එහි අඩංගු වේ. දෙවිඳුන් අල්ලාහ් පිළිබඳවත්, සියලු ලෝක මැවීමේ ආරම්භය ගැනත්, අහස් සහ ඒවායේ ඇති දේ ගැනත් නොදුටු ඇතැම් ප්‍රවෘත්ති ද එහි අඩංගු වේ. එමෙන්ම පුද්ගලයෙකුට අවශ්‍ය වන පැරණි ප්‍රජාවන් පිළිබඳ තොරතුරුද එහි අඩංගු වේ. මැවිම් යළි නැගිටුවීම, ඔවුන් එක්රැස් කිරීම සහ ඔවුනට ප්‍රතිඵල පිරිනැමීම යනා දී මතු සිදුවන්නට ඇති දෑ ද, දිව්‍යමය අණපනත් සහ තහනම් කිරීම් ද එහි අඩංගු වන අතර දෙවියන්ගේ මැවීම් සඳහා ප්‍රඥාව, දැනුම, මග පෙන්වීම, පැහැදිලි කිරීම, ආලෝකය සහ ඔහු විසින් කෙරෙන අවවාද යන නීතිමය කරුණු ද එහි අඩංගු වේ.

දිව්‍ය පණිවිඩ මගින් ගෙන ආ ශ්‍රේෂ්ඨතම දේ නම්, අල්ලාහ්ගේ ඒකදේවවාදය, ඔහු කෙරෙහි විශ්වාසය සහ ඔහුට පමණක් නමස්කාර කිරීම සඳහා අවශ්‍ය කරුණු, අවසාන දිනය කෙරෙහි විශ්වාසය, එනම් එය විපාක දෙන දිනයයි. ඔහුට පමණක් හැර අන් කිසිවකට නමස්කාර කිරීම අත්හැරීම සහ බහුදේවවාදයට සහ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අනතුරු ඇඟවීම යනාදියයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "තවද නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නො මැත. එහෙයින් නුඹලා මටම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු." (සූරා අල් අන්බියා: 25)

'නුබුව්වත්' හෙවත් වක්තෘත්වය ප්‍රයෝජනවත් දැනුම ගෙන එයි. උත්තරතරයාණන් මෙසේ පවසයි: “එබැවින් (නබිවරය) සැබැවින්ම අල්ලාහ් හැර නැමදුමට වෙනත් දෙවියෙකු නොමැති බව දැනගනු. තවද නුඹගේ ද දෙවියන් කෙරෙහි විශ්වාය තැබූ පිරිමින් හා විශ්වාසය තැබූ කාන්තාවන්ගේ ද පාපකම් සඳහා ඔබ සමාව අයැද සිටිනු. නුඹලා පෙරළා යන ස්ථානය හා නුඹලා ලැඟුම් ගන්නා ස්ථානය අල්ලාහ් දනියි.” (සූරා මුහම්මද්: 19) තවද, දැහැමි ක්‍රියාවන් කිරීම ගැන සර්ව බලධාරි අල්ලාහ් මෙසේ පැවීයි. "... දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. තවද මාගේ ගැත්තන් අතරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි." (සූරා සබඃ: 13)

නබිත්වය හෙවත් වක්තෘත්වය යනු තනිකරම දිව්‍යමය ආශිර්වාදයකි. එය ඉපැයීමෙන් හෝ උරුමයෙන් හෝ වෙනත් කිසිවකින් ලැබිය නොහැක්කකි. නමුත් එය අල්ලාහ් අභිමත කරන ඔහුගේ ධාර්මික ගැත්තන් හට පිරිනමන ඔහුගේ අනුග්‍රහයක් වේ. පණිවිඩය ප්‍රකාශ කිරීමේ රාජකාරිය ඉටු කිරීම සහ ඔහුගේ ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කිරීම සහ ඔහුට එරෙහි ඔවුන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඉවසා දරා ගැනීම පිණිස එය තම මැවීම් අතරින් දැහැමි මිනිසෙකුට ඔහු විසින් නියම කරන ලද පැවරුමකි. මක්නිසාද යත්, අල්ලාහ් කිසිම දූතයෙකු හෝ වක්තෘවරයෙකු හෝ ඔහුගේ ජනතාව ඔහු කෙරෙහි ක්‍රෝධය සහ වෛරය ඇති කර ගැනීමෙන් තොරව එවා නැති බැවිනි. ඔවුහු ඔහුගේ ඇරයුම ප්‍රතික්ෂේප කළෝය. ඔහුගෙන් හා ඔහුගේ ඇරයුමෙන් ජනතාව වළක්වන්නට උත්සාහ කළෝය. එසේ තිබියදීත් ඉස්ලාමය වැළඳ ගන්නන් එය වැළඳ ගන්නා අතර ප්‍රතික්ෂේප කරන්නන් එය ප්‍රතික්ෂේප කරති. අල්ලාහ්ගේ දූත මුහම්මද් තුමාගේ ඇවෑමෙන් එම නබිත්වයේ නිලය අවසන් විය. ධර්ම දූතවරුන් අතරින් අවසාන පුරුක එතුමාණන් විය.

දෙවැන්න: 'රසූල්' හෙවත් ධර්ම දූතයා: ඔහු, තම ගැත්තන් වෙත තමන් ගැන දන්වන දූතයකු වනු පිණිස අල්ලාහ් විසින් තෝරා ගත් මිනිසෙකි. මක්නිසාද යත්, දූතයාගේ තනතුර දෙවිඳුන් තෝරාගත් වක්තෘවරයා සඳහා විශේෂීකරණය කරන ලද විශිෂ්ට තනතුරක් වන බැවිනි. එබැවින් ඔහු ඔහුව පවිත්‍ර කරයි. පරිපූර්ණ ගුණ ධර්ම, බුද්ධිය, දැනුම, අවබෝධය සහ ප්‍රඥාව අල්ලාහ් ඔහුට පිරිනමයි. දිව්‍ය හෙළිදරව්වන් ලබා ගැනීමට සහ එය ජනතාව වෙත සන්නිවේදනය කිරීමට ඔහුට සුදුසු පරිපූර්ණත්වය වර්ධනය කරයි. අල්ලාහ් තම දූතයින්ට කෘතගුණ දක්වන මෙම පරිපූර්ණත්වය නොවන්නට, ඔවුන්ට එය දරාගත නොහැකි වනු ඇත. දිව්‍ය පණිවිඩ, හැකි උපරිමයෙන් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත. මේ හේතුව නිසා සර්ව බලධාරී අල්ලාහ් ඔහුගේ නබි මූසා (මෝසෙස්) තුමාට මෙසේ පැවසීය. "...එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිසය." (සූරා තාහා: 39) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹ ව සූදානම් කළෙමි." (සූරා තාහා: 41) තවදුරටත්, අවසන් වක්තෘවරයාණන් හා අවසන් දූතයාණන් පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය. "සැබැවින්ම නුඹ අතිමහත් ගතිගුණ මත වන්නෙහිය" (සූරා අල් කලම්: 4) එය දූතයාණන් දූත මෙහෙවර ප්‍රචාරය කරනු පිණිසත්, මිනිසුන්ට සාක්ෂියක් වනු පිණිසත්, අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ඔවුන් ඇරයුම් කරනු පිණිසත්, බහුදේව වාදය හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුනට අවවාද කරනු පිණිසත්ය.

අල්ලාහ් තම ප්‍රඥාව, තම අභිමතය හා තම කැමැත්ත අනුව තම දූතවරුන් තෝරා ගැනීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "...තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය…" (සූරා අල්-අන්ආම්: 124) ධර්ම දූතවරුන්ගේ සත්‍යතාව සහතික කරන පැහැදිලි සාක්ෂි හා සාධක තුළින් අල්ලාහ් ඔවුන් ශක්තිමත් කරයි. මෙම පරිච්ඡේදයේ එන ඒ පිළිබඳ විශේෂ කොටසකින් ඉදිරියට අපි සාකච්ඡා කරමු.

ශ්‍රේෂ්ඨතම ධර්ම දූතවරුන් වන්නේ නූහ් (නෝවා), ඉබ්‍රාහීම් (ආබ්‍රහම්), මූසා (මෝසෙස්), ඊසා (ජේසුස්) සහ මුහම්මද් යන දේව ධර්ම දූතවරුන්ය. (ඔවුන් සැමට සාමය සහ ආශීර්වාදය ලැබේවා) ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨතම සහ මුද්‍රාව වන්නේ දේව ධර්ම දූත මුහම්මද් ය.

තුන්වැන්න: වහී හෙවත් දිව්‍ය පණිවිඩය. එනම්: අල්ලාහ්ගෙන් තම දූතවරුන් වෙත ඉදිරිපත් කරන වේගවත් රහසිගත තොරතුරු ය. දිව්‍ය පණිවිඩය සඳහා පවරන ලද දේව දූතයා වූ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා එය ඔවුනට දැනුම් දෙයි. දිව්‍ය පණිවිඩය යනු අල්ලාහ්ගේ කතාවයි. එය දේව දූතයා ධර්ම දූතයා වෙත දැනුම් දෙයි. ධර්ම දූතයා පහත සඳහන් පාඨයේ සඳහන් වන එක් ක්‍රමයකින් එම දිව්‍ය පණිවිඩ ලබයි. උත්තරිතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද දිව්‍යමය හෙළිදරව්වක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ එසේ නැතහොත් දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස අල්ලාහ් තමන් සමග කතා කරන්නට කිසිදු මිනිසෙකුට නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය; මහා ප්‍රඥාවන්තය." (සූරා අෂ් ෂූරා: 51) එසේ නම්, වක්තෘවරුන් දිව්‍ය පණිවිඩ විවිධ අයුරින් ලබති. ඒවායින් කිහිපයක් මෙසේය: තිරයක් පිටුපස සිට අල්ලාහ් ඔහු සමග කතා කිරීම, දේව දූතයකු එවා අල්ලාහ් පිළිබඳ ඔහුට තොරතුරු දන්වා සිටීම, නින්දේ දී (සිහිනයේ දී) දිව්‍ය පණිවිඩ ලැබීම, අල්ලාහ් ඔහුගේ මනසට දිව්‍ය පණිවිඩය යොමු කර, කිසිදු සැකයක් ඇති නොවන පරිදි පරිදි අදාළ කරුණ එසේම වන තෙක් ඒ ගැන ප්‍රඥාව ඔහුට ලබා දීම.

දෙවන විමසුම: වක්තෘවරුන්ගේ ලක්ෂණ, ඔවුන්ගේ යුතුකම් සහ ඔවුන්ගේ කාර්යයන්

"අල්-ඉඃලාම් බිමා ෆී දීනින් නසාරා මිනල් ෆසාදි වල්-අව්හාම්" නම් කෘතියෙන් උපුටා ගන්නා ලදී. (පිටුව: 238)

අල්ලාහ් මිනිසුන් අතරින් දූතයින් සහ වක්තෘවරුන් තෝරා ගන්නේ ඔහුගේ ප්‍රඥාව, ක්‍රියාව සහ කැමැත්ත අනුවය. එසේ ඔහු තෝරා ගන්නා තැනැත්තා මැවීම් අතර වඩාත් ශ්‍රේෂ්ඨ, එම ප්‍රජාව අතර පෙළපතින් හා සැළකිල්ලෙන් වඩාත් පූර්ණවත් ඔවුන් අතර වඩාත් බුද්ධිමත්, නිර්මල හදවත් ඇති, නිර්මල ශරීර ඇති, ඔවුන් සමග කටයුතු කිරීමේ දී වඩාත් සත්‍යවාදී, මනා වාග් ශෛලයක් ඇති, වඩාත් ගුණගරුක, වඩාත් නිර්මල වඩාත් යුක්ති සහගත සහ වඩාත් කාරුණික අයෙකි.

ධර්ම දූතවරයා දූත මෙහෙවර ලබන්නට පෙර මිනිසුන් අතර බුද්ධියෙන්, මහිමයනේ, මැවීමෙන් හා ගුණ යහපත් බවින් වඩාත් පරිපූර්ණ අයකු වෙයි. දූත මෙහෙය ලබන්නට පෙර ඔහු දුරාචාර ක්‍රියාවන්, හිතාමතා බොරු කීම, මිනිසුන්ට අපරාධ කිරීම සහ ඔවුන්ගේ වස්තුව ගිල දැමීම වැනි ඔහුගේ මාන්‍යය කෙළසන ක්‍රියාවන්හි නිරත නොවූ අයකු වෙයි.

නබිත්වයෙන් පසුව, අල්ලාහ් ඔහුව පාපකම්වලින් ආරක්ෂා කරයි. ඔහු වෙත දිව්‍ය පණිවිඩ පහළ කරයි. මලක්වරුන්, ප්‍රාතිහාර්යයන්, බහුදේව වාදය හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවෙන් තීරණාත්මක සාක්ෂි හා සාධක තුළින් ඔහුව ශක්තිමත් කරයි. අල්ලාහ්ගේ අනුමැතියෙන් මෙම කොටස තුළ නබිවරුන්ට ලැබුණු සාධක කිහිපයක් අපි සඳහන් කරන්නෙමු.

දූතවරු මිනිස්සු වූහ. ඔවුහු සෙසු මිනිසුන් මෙන් ආහාර අනුභව කළහ. වෙළඳපොළවල්හි ඇවිද ගියහ. ඔවුනට බිරියන් හා දරු පරම්පරාවන් සිටියහ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු…" (සූරා අල්-ෆුර් කාන්: 20) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම (නියමිත) දේව ග්‍රන්ථයක් විය." (සූරා අර්-රඃද්: 38)

නමුත් ඔවුන් අල්ලාහ් විසින් දිව්‍ය පණිවිඩ ලැබූවන් වූහ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නො එව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු..." (සූරා යූසුෆ්: 109) උත්තරීතර අල්ලාහ් මෙසේද ප්‍රකාශ කරයි: “අපි නුඹලා මෙන් මිනිසුන් මිස නැත. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත අයට (දේව දූත මෙහෙවර) පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු අණ බලයක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කරත්වා!” (සූරා ඉබ්රාහීම්: 11)

සර්ව බලධාරී අල්ලාහ් රසූල්වරයකු එවා සිටියේ ඔහුගේ ප්‍රජා භාෂාවෙනි. උත්තරතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරී. තවද තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය." (සූරා ඉබ්රාහීම්: 4)

මෙවන් පරිපූර්ණත්වය මත අල්ලාහ් දූතවරුන් නියම කළේය. එය ඔවුන් තම අනුගාමිකයින්ට ආදර්ශයක් වනු පිණසය. ඔවුනට යම් කිසි නියෝගයක් කළේ නම්, ඒවා සිදු කරන්නන් අතරින් පළමුවැන්නන් ඔවුන් විය. යමක් තහනම් කළේ නම් ඉන් වැළකී සිටින්නන් අතරින් පළමුවැන්නන් ඔවුන් විය. සර්ව බලධාරී අල්ලාහ් පවසන පරිදි අල්ලාහ්ගේ නබිවරයකු වූ ෂුඅයිබ් තුමා තම ප්‍රජාව ඇමතුවේ මෙසේය: "අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී, තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැර ව නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මම අපේක්ෂා නො කරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නො වෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි." (සූරා හූද්: 88) අල්ලාහ් තම නබිවරුන්ගේ අනුගාමිකයින් හට යහපත් කටයුතුවල දී ඔවුන් ආදර්ශයට ගන්නා මෙන් නියෝග කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අල්ලාහ් ව ද, පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන්ට අල්ලාහ්ගේ රසූල්වරයාගෙන් නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත." (සූරා අල්-අහ්zසාබ්: 21) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්‍යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය." (සූරා අල්-මුම්තහිනා: 6)

වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ අනිවාර්යය වගකීම් වනාහි, ඒවා අතරින් අති වැදගතම කරුණු වනුයේ: අල්ලාහ්ව විශ්වාස කිරීම, ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම, කිසිදු හවුල්කරුවකු ඔහුට පත් නොකිරීම, අවසන් දිනය පිළිබඳ විශ්වාසය - එය යළි අවදි කරනු ලබන දිනයයි, විනිශ්චය හා ප්‍රතිඵල පිරිනමන දිනයයි. දේවත්වයට ආදේශ කිරීම, එය ප්‍රතික්ෂේප කිරීම හා ව්‍යාජ ඇදහිලි යනාදී අන්ධකාරයන්ගෙන් ඔහු ඔවුන් බැහැර කර දේව විශ්වාසය, ඉස්ලාමය, ඒකදේව වාදය, යුක්තිය, ස්ථාවරත්වය හා යහපත් ජීවිතය යන ආලෝකය කරා යොමු කරයි. ඔවුන්ගේ නැමදුම් පිහිටිය යුත්තේ කෙසේ ද, එහි විස්තර හා ඔවුනට අනුමත යහපත් දෑ යනාදි දෑ ගැන ඔහු ඔවුනට පැහැදිලි කරයි. එමෙන්ම අල්ලාහ් ඔවුනට තහනම් කළ බහුදේව වාදය, කිසිදු යුක්තියකින් තොරව ආත්මයක් ඝාතනය කිරිමේ තහනම, කාමපචාරය හා ඇතුළාන්ත සහ බාහිර සියලු අශීලාචාර දෑහි තහනම, පොළිය, අයුතු ලෙස මිනිසකුගේ වස්තුව ගිල දැමිම, මනස දූෂිත කරන, එය විනාශ කර දමන කිලිටි හා අප්‍රසන්න දෑහි තහනම යනාදී දෑ ද පැහැදිලි කරයි.

ධර්ම දූතවරුන්ගේ වගකීම් අතරින් ඔවුන් වෙත පහළ කරන ලද අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා පෙන්වීම, ඔවුන්ගේ අනුගාමිකයින්ට ප්‍රඥාව ඉගැන්වීම, ඔවුන්ගේ සදාචාරය, ඔවුන්ගේ ප්‍රකාශ හා ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ඔවුන්ව පිරිසිදු කිරීම, අල්ලාහ්ගේ නිති පිළිවෙත් ඔවුනට අමතක වූ විට එය ඔවුනට මතක් කර දීම, ඔවුන් තුළ නැති වී ගිය දෑ නැවත අලුත් කර, වැරදි හා දූෂිත ක්‍රියාවන්ගෙන් ඔවුන්ව දුරස් කිරීම ද වේ.

ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම කර්තව්‍යයන් සහ යුතුකම්වලින් තවත් කරුණක් වන්නේ ඔවුන්ගේ අනුගාමිකයින්ට ඔවුන් හොඳ ආදර්ශයක් විය යුතු නිසා ඔවුන් ඉල්ලා සිටින සෑම දෙයක්ම ක්‍රියාවට නැංවීම සහ ඔවුන් තහනම් කරන සෑම දෙයක්ම වළක්වා ගැනීමයි.

වක්තෘවරුන්ගේ කාර්ය භාරයන් අතරින් තවත් වැදගත් කරුණක් වන්නේ, සැබැවින්ම පෙර සිටි නබිවරයා, පැමිණෙන්නට නියමිත නබි වරයා පිළිබඳ ශුභාරංචි දන්වා ඔහුව මුණ ගැසෙන්නන් ඔහුව විශ්වාස කළ යුතු යැයි නියෝග කර සිටීම හා එසේ පැමිණි නබිවරයා තමන්ට පෙර සිටි නබිවරයාව විශ්වාස කොට එසේ තමන්ට පෙර සිටි නබිවරුන් විශ්වාස කරන මෙන් තම ප්‍රජාවට නියෝග කර සිටීමයි. ඊට හේතුව සැබැවින්ම සර්ව බලධාරී අල්ලාහ් විසින් එවන ලද එකදු වක්තෘවරයකු හෝ ප්‍රතික්ෂේප කිරීම සෙසු සියලු නබිවරුන් ප්‍රතික්ෂේප කළා හා සමාන වන බැවිනි.

සියලුම නබිවරුන් පැමිණියේ සත්‍යය දහම ආරක්ෂා කරමිනි. එමෙන්ම ආත්මා, ජීවිත, වස්තුව, බුද්ධිය හා පරම්පරාව ආරක්ෂා කරමිනි. සැබැවින්ම සත්‍යය දහම ආරක්ෂා කිරීමෙහි මිනිසාට දෙලොව සාර්තකත්වය ඇත. ආත්ම හා ජිවිත ආරක්ෂා කිරීමෙහි ජීවිත වලට හා රටට රැකවරණය ඇත. බුද්ධිය ආරක්ෂා කිරිමෙහි මිනිසත්කමට ව්‍යාජ හා මුළා කරන දැයින් ආරක්ෂාව ඇත. මුදල් ආරක්ෂා කිරමෙහි මිනිස් ජීවිතයට හා ඔවුන්ගේ ජීවනෝපායට ආරක්ෂාව ඇත. පරම්පරාව ආරක්ෂා කිරීමෙහි මිනිස් වර් යාගේ පැවැත්ම මෙන්ම කාමපචාරය හා පරම්පරා මිශ්‍රවිමේ අශීලාචාරකම්වලින් ආරක්ෂාව ලබනු ඇත.

තුන්වන විමසුම: වක්තෘත්වයේ සාක්ෂි සහ වක්තෘවරුන්ගේ සලකුණු

වක්තෘත්වයේ සාක්ෂි හා සාධක: එම සාක්ෂි වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ සත්‍යභාවය සහතික කරන සාධක වේ. ඒවා විවිධ මෙන්ම බොහෝමයක් ඇත. එම වක්තෘභාවයේ සාක්ෂි අතරින් සමහරක් මෙසේය:

පළමුවැන්න: ඔවුන් ගෙන ආ දිව්‍ය පණිවිඩවල, දෙවිඳුන් අල්ලාහ් හා අවසාන දිනය පිළිබඳ විශ්වාසය කරන මෙන් වූ ඇරයුම, අදෘශ්‍යමාන දෑ, තීරණාත්මක ආගමික නීති, ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් සහ අවස්ථා පිළිබඳ තොරතුරු, මැවීම් සඳහා වන දයාව යනාදිය ඇතුළත් විය. එමෙන්ම ඔවුන්ගේ ඇරයුමෙහි ඔවුන්ගේ ප්‍රජාවේ මිදීම හා සාර්ථකත්වය ඇතුළත්ව ති‌‌බුණු අතර, දේවත්වය ප්‍රතික්ෂේප කිරීම හා බහුදේව වාදය අත්හරින මෙන් වූ ඇරුයම ද විය. නින්දා සහගත ගුණාංග සම්බන්ධයෙන් වන අවවාද හා විනාශයට තුඩු දෙන කරුණු ද ඇතුළත් විය.

ඔවුන් ගෙන ආ නීති සහ තොරතුරු අතිශයින්ම නිරවද්‍ය සහ පරිපූර්ණ විය. සත්‍ය හෙළි කිරීම ද මිනිසුන්ට මග පෙන්විමද විය. අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණ නම්, මිනිසා, කෙතරම් දැනුමක් තිබුණත්, බුද්ධිමතෙක් වුවත් මෙවැනි දෙයක් මිනිසාගෙන් නොපැමිණෙන බවයි. නීති සහ තොරතුරු පිළිබඳ මෙම තීන්දුව කළ හැක්කේ දෙවියන්ගේ ආනුභාවයෙන් පමණි.

දෙවැන්න: පැහැදිළි සාක්ෂි හා සාධක. ඇතැමුන් ඒවාට මුඃජිසා හෙවත් ප්‍රාතිහාර්යය යැයි නම් කරති. මුඃජිසා යනු අභියෝගයට ලක් වූ විට ප්‍රතිවාදියා එමගින් අපොහොසත් වන දෑය. එය අසාමාන්‍ය කාරණයකි. අල්ලාහ් - ඔහු අභිමත කළේ නම් - ඔහුගේ වක්තෘත්වය සඳහා ඔහු තෝරා ගන්නා ඕනෑම අයෙකු අතින් එය සිදු කරවනු ඇත. එය ඔහුගේ අවංකභාවය සහ ඔහුගේ පණිවිඩයේ වලංගුභාවය පෙන්වා දීමටය. දූතවරුන්ට හිමි ප්‍රාතිහාර්යයන් බොහෝය. ඒ අතරින් තම ප්‍රජාවට සාක්ෂියක් වනු පිණිස සාලිහ් (අලයිහිස් සලාම්) තුමාට පිරිනැමූ ඔටුවා, මූසා (අලයිහිස් සලාම්) තුමාට පිරිනැමූ සර්පයකු බවට පත් වූ සැරයටිය. ඊසා (අලයිහිස් සලාම්) තුමාට ප්‍රාතිහාර්යක් ලෙස පිරිනැමූ කුෂ්ඨ රෝග සුව කිරීම හා මළවුන් අවදි කිරීමේ හැකියාව. ඒ අතරින් අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි වූ ප්‍රාතිහාර්යයන් ද ඇත. ඒවා බොහෝය. ඒ අතරන් වඩාත් වැදගත්ම ප්‍රාතිහාර්යය වනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි. එය අල්ලාහ් මිනිස් හා ජින් වර්ගයාට අභියෝග කරන සදාතනික ප්‍රාතිහාර්යය වේ. පෙර අපි සඳහන් කළ පරිදි මෙම අති මහත් සාධකය ලොව අවසන් දිනය දක්වා ඉතිරිව පවතින ශුද්ධ වූ අල්-කුර්ආනයයි. ඒ අතරින් තවත් ප්‍රාතිහාර්යයන් වන්නේ, අල්-ඉස්රා, (රාත්‍රියේ රහසිගත ගමන) අල්:මිඃරාජ් (දේව රාජ්‍යය වෙත ඉහළට ආරෝහණය), චන්ද්‍රයා දෙබෑ විම, තම ‍අතෙහි තිබූ ගල් කැට තස්හීබ් කිරීම, කඳ එතුමා වෙත කෙදිරීම, අතීත මෙන්ම ආනගත සිදුවීම් ගැන දන්වා සිටීම. නබිත්වයේ සාධක ප්‍රාතිහාර්යයන්ට පමණක් සීමාවූවක් නොවේ. ඒවා බොහෝය, විවිධය.

වක්තෘවරුන්ගේ ලක්ෂණ සහ ප්‍රාතිහාර් යයන් ඔවුන්ගේ තේරීමෙන් හෝ ඔවුන්ගේ බලයෙන් හෝ හැකියාවෙන් සිදු නොවන බව දන්නා පොදු කරුණකි. සැබැවින්ම සර් ව බලධාරී අල්ලාහ් එය නබිතුමාගේ අතින් ඉටු කරයි. එය ඔහුගේ සත්‍යතාව සහතික කරන සලකුණක් සහ සාධකයක් ලෙසය. එය සඳ දෙබෑ වීම, පොල්ලක් සර්පයෙකු බවට පත් වීම, අල්-කුර්ආනයේ පහළ වීම සහ අල්ලාහ් ඔහුට පවසන අදෘශ්‍යමාන තොරතුරු වැනි දෑ මෙනි. එබැවින්, කුරෙයිෂ් ගෝත්‍රික මිථ්‍යාදෘෂ්ටිකයින්, දේව දූතයා වන මුහම්මද් තුමාගෙන් ඔවුන්ට ප්‍රාතිහාර් යක් හෙළි කරන ලෙස ඉල්ලා සිටි විට, සර්ව බලධාරීවරයාණන් මෙසේ පැවසීය. "තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසුවෝය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු." (සූරා අල්-අන්කබූත්: 50)

තුන්වැන්න: සියලු නබිවරුන්ගේ ප්‍රවේශය එකම විය. ඔවුන් නියෝග කර සිටියේ, අල්ලාහ්ට නැමදුම් කිරීම, ඔහුට අවනත වී ක්‍රියා කිරීම, අවසන් දිනය ගැන සහතික කිරීම, සියලුම දිව්‍ය ග්‍රන්ථ හා දූතවරුන් විශ්වාස කිරීම යන එකම දේය. එසේ එකඟ වූ දැයින් බැහැර විමට ඔවුන් කිසිවෙකුට සුදුසු වූයේ නැත. ඔවුන් අතරින් පසු පැමිණියවුන් විසින් ඔවුනට පෙර පැමිණියවුන් සහතික කර සිටි අතර, පෙර පැමිණියවුන් පසු පැමිණෙන්නන් ගැන ශුභාරංචි දන්වා සිටියේය. එය ඊසා (ජේසු තුමා) සහ එතුමාට පෙර සිටියවුන් අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන ශුභාරංචි දන්වා සිටියාක් මෙනි. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් (සල්ලලල්හු අලයිහි වසල්ල්ම) තුමාණන් එතුමාණන්ට පෙර වූ සියලු නබිවරුන් සහතික කර සිටියාක් මෙනි.

එසේම, ඔවුන් අතර කිසිදු පරස්පරතාවයක් හෝ මතභේදයක් හෝ නොතිබුණු අතර ඔවුන් දන්වා සිටි තොරතුරුවල කිසිදු වෙනසක් හෝ දෝෂයක් හෝ තිබුණේ නැත. ඔවුන් දන්වා සිටි තොරතුරු සත්‍ය සහ නිවැරදි දෑ විය.

සිව්වැන්න: ඔවුනට අත්වන්නට යන ඔවුන්ගේ ජයග්‍රහණයන්, ඔවුන්ගේ සතුරන්ගේ පරාජය හා ඔවුන්ට අත්වන ඉරණම කුමක් ද යන්න ගැන අල්ලාහ් ඔවුන්ට හෙළි කළ දේ ඔවුන් ඔවුන්ගේ ප්‍රජාවට දැනුම් දීමෙන් පසු, ඉන් කිසිවක් හෝ අතපසු නොවී, ඒවා දන්වා සිටි පරිදිම සිදු විම. එය මහඟු අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කළ පරිදි නූහ්, හූද්, සාලිහ්, ෂුඅයිබ්, ඉබ්‍රාහීම්, ලූත්, මූසා සහ අපගේ නබි මුහම්මද් තුමාණන්ට සිදු වූ සිදුවීම් මෙනි. (ඔවුන් සැමට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය හිමිවේවා) සැබැවින්ම මුරණ්ඩුකම් ඇති උඩඟු වූවන් හට ප්‍රතිවිපාක ඇතැයි තම ප්‍රජාවන්ට මෙම ධර්ම දූතවරු දැනුම් දුන්හ. එම සමූහයන් වෙත ඇති වන්නට යන දඬුවම ගැන ඔවුන් සරදමට ගත් බැවින් හා ඉන් දුරස් වූ බැවින් ඔවුන්ගේ ධර්ම දූතවරුන් පවසා සිටියාක් මෙන් ඔවුන් වෙත එම දඬුවම පහළ විය. ඔවුන්ට නැගී සිටීමට නොහැකි වූ අතර ඔවුන් ජයග්‍රහණය කළේ ද නැත.

පස්වැන්න: අල්ලාහ් නබිවරුන්ට අනුබල දීම. ඒ අනුව අහංකාර, මුරණ්ඩුකාර, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට එරෙහිව සාක්ෂි සාධක හා ප්‍රාතිහාර්යයන් මගින් සුවිශුද්ධයාණෝ තම ධර්ම දූතවරුන් ශක්තිමත් කළේය. "(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මගින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නොවනු ඇත. අපගේ සංඥා මගින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති." (සූරා අල්-කසස්: 35) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු." (සූරා ඝාෆිර්: 51)

සැබැවින්ම සර්ව බලධාරී අල්ලාහ් සත්‍යවාදියාට සහාය දෙන බවත්, බොරුකාරයා හෙළිදරව් කරන බවත්, ඔහුට සහාය නො දක්වන බවත්, ඔහුගේ න්‍යාය බව සැවොම දන්නා කරුණකි. සැබැවින් අල්ලාහ් විසින් තමන් එවනු ලැබ ඇතැයි පවසා සිටින්නා බොරුකාරයකු වන බැවින් ඔහු විනාශයට පත් විය යුතු වේ. අල්ලාහ් යම් කාලයක් ඔහුට කල් දී පසුව ඔහුව විනාශ කර දමයි. ඔහුගේ විනාශය පාඩමක් හා මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔහුට අවමානයක් ලෙස පත් කරනු ඇත.

හයවැන්න: වක්තෘත්වය ලබන්නට පෙර හා පසු පැවති තත්ත්වය ද ඔහුගේ නබිත්වයට සාක්ෂියක් වන්නේය. ඔහුගේ සත්‍යභාවය, ඔහුගේ සදාචාරය හා ඔහුගේ අවංකකම පුද්ගලයෙකුට බොරු පැවසීමෙන් ඔහු ව වැළැක්වීය. එසේ නම් ඔහු තම පවුලට හා ඥාතීන්ට බොරුකාරයෙකු වී, සර්ව බලධාරී අල්ලාහ්ට බොරු පැවසිය හැක්කේ කෙසේ ද? ඔහුගේ පවුලේ උදවිය ඔහු තුළ බොරුවක් හෝ වංචාවක් තිබූ බව දැන සිටියේ නැත. ඒ වෙනුවට ඔහුට උසස් සදාචාරයන් තිබෙන බව ඔවුන් හඳුනාගෙන සිටියහ. ෂුඅයිබ් තුමාගේ ප්‍රජාව ෂුඅයිබ් තුමාට මෙසේ පවසා සිටියේ එබැවිනි. උත්තරිතර අල්ලාහ් ඒ ගැන මෙසේ ප්‍රකාශ කරයි. "අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තු වල අප කැමති පරිදි අප කටයුතු නොකිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසනු සුළු තැනැත්තාද, යහ මග ගමන් කරන්නාද වේ." යැයි (විහිඵවට) පැවසූහ. (සූරා හූද්: 87) අල්ලාහ්ගේ දූතයා වන මුහම්මද් තුමාට දිව්‍ය හෙළිදරව්ව පැමිණි කල්හි, එතුමාණන් තම භාර්යාව වන කදීජා තුමිය වෙත පැමිණ, තමන් දුටු දේ ඇයට පැවසූ විට, ඇය එතුමාණන්ට මෙසේ පැවසුවාය. "ඔබට සුබ පැතුම්! අල්ලාහ් මත දිවුරා පවසමි, කිසි විටෙක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔබ ඥාතී සම්බන්ධකම් රකින්නෙහිය. සත්‍ය කතා කරන්නෙහිය. සියලු බර දරන්නෙහිය. අඟහිගකම් ඇති අයට උපකාර කරන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යයට නැඹුරු වී උපකාර කරන්නෙහිය." (44) එතුමාණන් ලැබූ දිව්‍ය පණිවිඩය ඇයට පවසා සිටිය දී, ඇය එය සහතික කිරීම සඳහා එතුමාණන් ගත කළ කාලය තුළ එතුමාණන්ගේ සත්‍යභාවය, එතුමාණන්ගේ ගුණයහපත්බව හා එතුමාණන්ගේ උපකාරය සාධකයක් බවට පත් කර ගත්තාය. සැබැවින්ම මිනිසුන්ට බොරු නොපවසන එතුමාණන්, අල්ලාහ්ට එරෙහිව බොරු නොපවසන බවක් ඇය දැන සිටියාය. අල්ලාහ්ගේ දූතයාණන් ඉන් වැළකී සිටියහ.

හත්වැන්න: වක්තෘවරුන් සහ දූතයින් ගෙනා දේ, සහජ බුද්ධිය විසින් සහතික කරනු ලබන, ස්වභාවධර්මය විසින් පිළිගනු ලබන්නක් වීම. මිනිසුන් තම ආගම සහ තම ලෞකික කටයුතු සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ සහ තමන්ගේ සමස්ත කටයුතුවල ධර්මිෂ්ඨ බව ඔවුන් තුළ සොයා ගනී. උතුම් සදාචාරය හා ගුණ ධ් ම ඔවුන් ගෙනෙන බැවින් ඔවුන් ගෙනා දෙයට සමාන දෙයක් මිනිසුන් බලාපොරොත්තුවෙන් සිටියහ. එබැවින් දේව දූත මුහම්මද් තුමාණෝ මෙසේ පැවසූහ. "සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර් ම සම්පූර්ණ කරනු පිණිසය." (45) යමක් මිනිසුනට අණ කර, පසුව 'එය අණ නොකරන්නේ නම් හොඳයි. නැතහොත් ඔහු එය තහනම් නොකරන්නේ නම් හොඳයි' යනුවෙන් පැවසීම වක්තෘවරයෙකුට යුතු නැත. මන්ද ඔවුන් යුක්තිය අණ කරන අතර අශීලාචාර, නපුර සහ අපරාධ තහනම් කරන්නන් වන බැවිනි. [46] ඒකාබද්ධ හදීසයකි. සහීහුල් බුකාරි (4935), සහීහ් මුස්ලිම් (252).

අටවැන්න: සැබැවින්ම අල්ලාහ් තම නබිවරයකුට දූත මෙහෙය පවරන්නට පෙර, ඔහු දේව විශ්වාසය ගැන හෝ ගුප්ත දෑ ගැන හෝ පවසන්නට යන බව ඔහුගේ ප්‍රජාව දැන සිටියේ නැත. දිව්‍ය පණිවිඩය ලබන තුරු, දූත මෙහෙය තුළින් අල්ලාහ් ඔහුව ගෞරවයට පත් කරන තුරු, ඔහු ඔවුනට ඒකදේවවාදය අණ කර සිටියේ නැත. බහුදේව වාදයෙන් හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් වළක්වා සිටියේ ද නැත. ඔවුන් වෙත දිව්‍ය පණිවිඩය කියවා පෙන්වූයේ ද නැත. "තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ආත්මයක් ඔබ වෙත වහී වශයෙන් එව්වෙමු. දේව ග්‍රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිය." (සූරා අෂ්-ෂූරා: 52) තවද උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මීට පෙර කිසිදු ධර්ම ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නො ලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය." (සූරා අල්-අන්කබූත්: 48) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන්, ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. (මා කැමති පරිදි) මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස වෙනකක් මම අනුගමනය නො කරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.* "අල්ලාහ් අභිමත කළේ නම් මම නුඹලා වෙත එය පාරායනය නො කරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නො දන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර දීීර්ඝ කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද?" යැයි (නබිවරය!) නුඹ පවසනු." (සුරා යූනුස්: 15-16) මුස්නද් අහ්මද් (8952) මේ සම්බන්ධයෙන් සාලිහ් ෆව්සාන්ගේ " කිතාබුල් ඉර්ෂාද් ඉලා සහීහිල් ඉඃතිකාද්" බලන්න. 181-183.

හතරවන කොටස: අවසන් දූත මුහම්මද් තුමාණන් හා අවසන් දූත පණිවිඩය.

අවසන් දූතයාණන් වනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. එතුමාණන්ගේ පරම්පරාවට හා පෙළෙපතට ඉමහත් ගෞරවය හා මහිමය හිමිව තිබුණි. දූත මුහම්මද් තුමාණෝ ඒ ගැන මෙසේ පැවසූහ. "ඉස්මාඊල්ගේ පරම්පරාවෙන් අල්ලාහ් කිනානා වංශය තෝරා ගත්තේය. කිනානා වංශයෙන් කුරෙයිෂ් කුලය තෝරා ගත්තේය. කුරෙයිෂ් කුලයෙන් බනූ හාෂිම් ගෝත්‍රය තෝරා ගත්තේය. බනූ හාෂිම් ගෝත්‍රයෙන් මා තෝරා ගත්තේය." (47) එතුමාණන් අසමසම ශ්‍රේෂ්ඨතම ගෞරවයක් හිමි කර ගත්තේය. එනම් අල්ලාහ් එතුමාණන් තෝරාගෙන, වක්තෘවරුන්ගේ සහ ධර්ම දූතවරුන්ගේ මුද්‍රාව බවට පත් කර තිබීමය. අල්ලාහ් එතුමාණන් පවිත්‍ර කර පූර්ණවත් කළේය. වෙනත් මිනිසුන් තුළ පූර්ණවත් නොවූ පරිපූර්ණත්වයත් එතුමාණන්ට දායාද කළේය. අල්ලාහ් එතුමාණන්ගේ බුද්ධිය පිවිතුරු කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය." (සූරා අන් නජ්ම්: 2) එතුමාණන්ගේ සිත හා එතුමාණන්ගේ චරිතය ඔහු පිවිතුරු කළේය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය: "ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේය." (සූරා අන්-නජ්ම්: 11) එතුමාණන්ගේ වචනය පිවිතුරු කළේය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය. "තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි." (සූරා අන් නජ්ම්: 3) තවද එතුමාණන්ගේ බැල්ම පිවිතුරු කළේය. උත්තරීතරයාණන් මෙසේ පැවසීය. "(ඔහුගේ) බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්මවා නොගියේය." (සූරා අන් නජ්ම්: 17) එතුමාණන්ගේ ගතිගුණ පිවිතුරු කළේය. එතුමාණන්ගේ උපකාරය, භාරකාරත්වය, යුක්තිය, සත්‍යතාව, නිර්මලකම, ශ්‍රද්ධාව, සරලභාවය හා උනන්දුව යනාදී අතිමහත් ගතිගුණ මත පිහිටීය. "සැබැවින්ම නුඹ අතිමහත් ගතිගුණ මත වන්නෙහිය" (සූරා අල් කලම්: 4)

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූතභාවයත් සමග දිව්‍ය පණිවිඩ හා වක්තෘභාවය අල්ලාහ් අවසන් කළේය. මුළු මිනිස් සංහතියටම තම දූතයා බවට එතුමාණන්ව පත් කිරීමෙන් පරමාධිපති අල්ලාහ් එතුමාණන්ව ගෞරවයට පත් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “තවද (නබිවරය!) සමස්ත ජනයාටම ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් බහතරයක් ජනයා ඒ ගැන වටහා නො ගනු ඇත.” (සූරා සබඃ: 28) සියලුම මිනිසුන් හට සාක්ෂිකරුවකු බවට අල්ලාහ් ඔහුව නියම කළේය. දේවත්වය විශ්වාස කරන්නන්ගේ විශ්වාසය සම්බන්ධයෙන් එතුමාණන් ඔවුනට සාක්ෂි දරනු ඇත. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රතික්ෂේපය සම්බන්ධයෙන් එතුමාණන් ඔවුනට එරෙහිව සාක්ෂි දරනු ඇත. එමෙන්ම ඔවුනට ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා අවවාද කරන්නෙකු වශයෙන් ද අල්ලාහ් වෙත ඔවුට ඇරයුම් කරන්නෙකු වශයෙන් අල්ලාහ් එතුමාණන්ව නියම කළේය. "අහෝ නබිවරය! නියත වශයෙන් අපි ඔබ සාක්ෂිකරුවෙකු ලෙසින් ද ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද අවවාද කරන්නෙකු ලෙසින් ද එව්වෙමු.* තවද අල්ලාහ් වෙත ඔහුගේ අනුමැතියෙන් ඇරයුම් කරන්නෙකු ලෙසින් ද ආලෝකමත් කරන පහනක් ලෙසින් ද (අපි ඔබ එව්වෙමු.)* තවද නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් වූ මහත් භාග්‍යය ඔවුනට ඇති බව දේවත්වය විශ්වාස කරන්නන් හට ඔබ සුබාරංචි දන්වනු." (සූරා අල් අහ්zසාබ්: 45-47) සහීහ් මුස්ලිම් (2276).

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වක්තෘවරුන් හා ධර්ම දූතවරුන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨතම දූතයා විය. එතුමාණන් ආදම්ගේ දරුවන්ගේ නායකයා, අල්ලාහ්ගේ මිතුරා හා වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ මුද්‍රාව බවට පත් විය. “මුහම්මද් නුඹලාගේ පිරිමි (දරුවන්) කිසිවෙකුගේ පියෙකු නොවීය. එනමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගෙන් (අවසානා) මුද්රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.” (සූරා අල්-අහ්සාබ්: 40) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මට හා මට පෙර සිටි නබිවරුන්ගේ උපමාව නිවසක් තැනූ මිනිසෙකුගේ උපමාව මෙනි. ඔහු එය ආකර්ශණීය ලෙස සකසා ඇත. අලංකාරවත් කර ඇත. නමුත් ගඩොලක ප්‍රමාණයක තැනක් අත්හැර දමා ඇත. ජනයා ඒ අසලින් සැරිසරති. ඒ ගැන මවිතයට පත් වී 'මෙම ගඩොල සවිකළ යුතු නොවේ දැ?'යි විමසති. එතුමාණෝ මෙසේ පැවසූහ: එම ගඩොල මම වෙමි. මම නබිවරුන්ගේ මුද්‍රාව වෙමි." (48) වර්තමානයේ කිතුනුවන් සතුව ඇති ඉන්ජීලයේ (බයිබලයේ) ඊසා (අලයිහිස් සලාම්) තුමා දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන සුභාරංචි දන්වමින් මෙසේ පවසා ඇත්තාහ. "ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුවේ එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?" (49) වර්තමානයේ දකින්නට ලැබෙන තව්රාතයේ ද සඳහන් වේ. එහි දි මූසා අලයිහිස් සලාම් තුමාට අල්ලාහ් මෙසේ ප්‍රතිචාර දැක්විය. "මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ හා සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය." (50)

එතුමාණන්ගෙන් පසුව මානව වර්ගයා වෙත වෙනත් නබිවරයකු පැමිණීමේ අවශ්‍යතාවක් නොපිහිටන පරිදි සියල්ල පරිපූර්ණ හා සියල්ල ආවරණය කළ දිව්‍ය පණිවිඩය ලෙස එතුමාණන්ගේ දූත පණිවිඩය අල්ලාහ් නියම කළේය. පෙර පැවති දූත පණිවිඩවල දක්නට ලැබෙන සියලුම මහිමයන්, ප්‍රශංසාවන් අවසන් පණිවිඩය අන්තරගත කර ඇත. එම දිව්‍ය පණිවිඩවල දක්නට නොමැති, අවසන් හෝරාව දක්වාම මිනිස් වර් ගයාට අවශ්‍ය වන අමතර කරුණු මෙහි දක්නට ඇත. "නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි (දෙවියන්) දේවත්වය විශ්වාස කරන ජනයාට ආශිර්දවාදයක් හා මෙනෙහි කිරීමක් ඇත." (සූරා අල්-අන්කබූත්: 51) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන්නා වූ දේව විශ්වාසින්හට සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි.” (සූරා අල්-ඉස්රා: 9) අවසාන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත පණිවිඩය ප්‍රමාණවත් සහ සුවදායක වූ අතර එතුමාණන්ගේ පණිවිඩය ලෝකයාට දයාවක් විය. සර්ව බලධාරි අල්ලාහ් මෙසේ පැවසීය. “(නබි තුමණි!) අපි ඹබ ලෝවැසියනට දයාවක් ලෙස මිස නොඑව්වෙමු.” (සූරා අල් අන්බියා: 107) සහීහ් අල් බුහාරි (3535), මෙම පද පෙල එතුමා සතු වූවකි. සහීහ් මුස්ලිම් (2286) බයිබලය මතෙව් 21:42. ද්වීතීය කතාව 18:18.

ආගමේ පරිපූර්ණත්වය, දිව්‍ය පණිවිඩයේ මුද්‍රාව හා එහි පරිපූර්ණත්වය තිබුණේ අවසන් දූතයාණන් අතෙහිය. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පැවසීය. "...අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි..." (සූරා අල් මාඉදා: 3)

සත්‍යය, විශ්වසය, ශුද්ධත්වය, ගෞරවය හා මහිමය එතුමාණන් සතුව තිබිණ. එමෙන්ම එතුමාණන්ට ලිවිමේ හෝ කියවීමේ හැකියාව නො තිබිණ. යමක් හැදෑරීමට කිසිවකුගේ සම්බන්ධතාවයක් හෝ එතුමාණන්ට නො වීය. පසුව මෙම පරිපූර්ණවත් මහඟු පණිවිඩය සමග එතුමාණෝ පැමිණියහ. තීරණාත්මක මහඟු අල්-කුර්ආනය සමග පැමිණියහ. එතුමාණන් විසින් මහඟු අතිමහත් ප්‍රාතිහාර්යයන් අල්ලාහ් ක්‍රියාත්මක කෙරෙව්වේය. එතුමාණන්ට එතුමාණන්ගේ ආගමට හා අනුගාමිකයන්ට සියවස් ගණනාවක් පුරාවට ජයග්‍රහණය ලබා දෙන බව නියම කළේය. මෙය එතුමාණන්ගේ අවංකකම සහ එතුමාණන්ගේ පණිවිඩයේ වලංගුභාවය පිළිබඳ හොඳම සාක්ෂියයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: "තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් (පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන්) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?"යි ඔවුහු විමසුවෝය. (අහෝ නබිවරය!) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි නුඹ පවසනු.'* නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම ධර්ම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි (දෙවියන්) දේවත්වය විශ්වාස කරන ජනයාට ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් ඇත." (සූරා අල්-අන්කබූත්: 50-51) (51).

එමෙන්ම අවසන් පණිවිඩය යනු අවසන් දිව්‍ය පණිවිඩය වේ. එය පිළිගෙන,ඒ වෙත යොමු වීම හා ඒ අනුව තීන්දු තීරණ ගැනීම අනිවාර්යය වේ. එයට පටහැනිව පවතින පෙර පහළ වූ සියලු දෑ, වෙනස් කරනු ලැබූ විකෘති කරනු ලැබූ දෑ ය. එසේ නැතහොත් සංශෝධනයට භාජනය වූ දෑය. ඒ අනුව, අල්ලාහ්ට නැමදුම් කිරීමේ අරමුණින් අවසන් දූතයාණන් නො ගෙනා කරුණක් මත පදනම්ව යම් පුද්ගලයෙක් හෝ යම් ග්‍රන්ථයක් අනුගමනය කරන සියලුම අනුගාමිකයින් විසින් අනුගමනය කරනු ලබන්නේ ව්‍යාජ අනුගමනයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඉදිරියේ අදාළ පුද්ගලයාට ඒ කිසිවක් ප්‍රයෝජනවත් වන්නේ නැත. ඔහුගේ උත්සාහය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. අල්-බර්රාක් තුමාගේ 'ෂර් හුල් අකීදා අත්-තහාවිය්යා' (පිටුව: 90)

පස්වන විමසුම: නබිවරුන් අතර මිනිස් වර්ගයාගේ ස්ථාවරය.

පෙර සිටි මනුෂ්‍ය කණ්ඩායම් බහුතරයක් රසූල්වරුන් කෙරෙහි දැක්වූ ස්ථාවරය බොහෝ දුරට එක හා සමාන විය. තමන් වෙත පැමිණි දූතයාණන්ව එහි උසස් පෙළ මිනිසුන් ප්‍රතික්ෂේප නො කළ සමාජයක් නො වීය. සැබැවින්ම ඔහු මහා බොරුකාරයකු හා පිස්සෙකු යැයි ඔවුන් චෝදනා කළ අතර ඔවුන් අත්හැර දමා තම කටයුතු තුළින් සමාජය තුළ බලපෑමක් ඇති කිරීමට ඔහු අපේක්ෂා කරන්නේ යැයි ඔවුහු සැක කළෝය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය: "එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර් ම දූතයකු පැමිණි විට, හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.* ඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි." (සූරා අද්-දාරියාත්: 52,53) අල්ලාහ් දන්වා සිටින පරිදි, මූසා (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති විසින් දූතයකු ලෙස එවනු ලැබූ කල්හි, ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් එතුමාට මෙසේ පැවසූහ. “අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත්, මහපොළොවේ මහත් තත්ත්වය නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියෙහු ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ." (සුරා යූනුස්: 78) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ දී ය.* එවිට ඔහු (ෆිර් අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේය. තවද (මූසා) “මායාකරුවෙකි, එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය." (සූරා අද්දාරියාත්: 38-39)

ප්‍රශ්න කරන්නෙකු ඇතැම් විට මෙසේ විමසා සිටිය හැක: ධර්ම දූතවරුන් සත්‍යය වෙත ඇරයුම් කරමින් සිටිය දී ඔවුන් යහපත අණ කර අයහපතින් වළක්වමින් සිටිය දී ඔවුන්ට එරෙහිව මෙම මුරණ්ඩු ස්ථාවරය ඇයි? එබැවින් අපි මෙසේ කියමු: බොහෝ විට, මෙම උසස් පෙළට අයත් පුද්ගලයින් තමන් සත්‍යයට පමණක් සීමා වී සිටින බවත්, තමන් මඟ පෙන්වීම් මත සිටින බවත්, තමන් සමඟ එකඟ නොවන සෑම කෙනෙකුම නොමඟ ගිය බවත්, තමන්ට සාමාන්‍ය ජනතාව කෙරෙහි වාර්ගික වෙනසක් ඇති බවත්, ඒ අනුව තමන්ට නායකත්වය ලැබිය යුතු බවත් ඔවුහු තර්ක කරති. ඉහත සඳහන් කළ පරිදි, ඔවුන් ජනතාව වහල්භාවයට පත් කර, තමන්ට දැනුමේ ඒකාධිකාරයක් ඇති බවත්, මහජනතාව නොදන්නා දේ තමන් දන්නා බවත් කියා සිටිති. මෙම නායකයින් විසින් ධර්ම දූතවරු හූනියම්කරුවන් යැයි චෝදනා කරති. එය මිනිසුන් ඔවුන්ව අනුගමනය කිරීමෙන් වලක්වා ගැනීම සඳහාය. තවදුරටත් 'පණිවිඩකරු, ඔහුව විශ්වාස කර ඔහුව අනුගමනය කළ තරුණයන් වශී කළේය' යැයි ඔවුනට මෙසේ පවසනු ඇත. මීට අමතරව, මිනිසා පොදුවේ ගත් කල, තම පියවරුන් සහ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු දුටුවේ ද එයට පුරුදු වී එයින් වෙන් වීමට අකමැති වේ. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය. "එලෙසය ඔබට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සිටි ප්‍රභූවරුන් “නියත වශයෙන්ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදුවූයේ) නැත." (සූරා අස්-සුක්රුෆ්: 23)

තවද, මෙම බලවත් මිනිසුන් අසත්‍යය මත සිටින බවට දූතවරු හෙළිදරව් කළහ. ඔවුන්ගේ බොරුව සහ ඔවුන් මිනිසුන්ගෙන් සූරාකෑම පෙන්නුම් කළහ. මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස පරිභෝජනය කිරීමට එරෙහිව ඔවුන්ට අවවාද කළහ. ඔවුන්ගේ වෙනස අහෝසි කළහ. ඔවුන්ගේ උඩඟුකම නැති කළහ. තවදුරටත් මිනිසුන්ට මෙසේ කියා සිටියහ. 'ඔබ පියෙකුගෙන් සහ මවකගෙන් බිහි වූ එක හා සමාන අය වෙති. එබැවින් ශ්‍රද්ධාව, භක්තිය සහ යහපත් ක්‍රියාවන්ගෙන් හැර ඔබ අතරින් කිසිවෙකුට උසස්භාවයක් නැත.' ආගම මුළුමණින්ම අල්ලාහ් සතු විය යුතු යැයි දූතවරු අපේක්ෂා කළහ. එනම් යටත්වීම, අවනත වීම සහ නැමදුම ලෝකවාසීන්ගේ පරමධිපතියාණන් වූ අල්ලාහ්ට පමණක් සතු විය යුතු බවයි. එමෙන්ම තීන්දු තීරණ ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ නීතිය මත පදනම් විය යුතු බවයි. නමුත් අසත්‍යය උත්කර්ෂයට නංවන අය, තමන් විසින් සම්පාදනය කළ නීතිය අනුව සහ තමන් විසින් නිර්මාණය කළ වැරදි මඟ පෙන්වීම් අනුව මිනිසුන් හැඩ ගැසිය යුතු බව අපේක්ෂා කරති. සර්ව බලධාරී දෙවියන්ගේ නීතියට අනුව ඔවුන් පාලනය කරනවා වෙනුවට ජනයා ඔවුන් වෙත යොමු විය යුතු බවත් ඔවුහු අපේක්ෂා කරති. ජනතාව සඳහා ඔවුන් විසින් නීති සම්පාදනය කරන ක්‍රමයට ඔවුන්ව පාලනය කිරීමටත්, ඔවුන්ව සුවිශුද්ධකරණයට හා ගෞරවයට පත් කිරීමටත්, අල්ලාහ් වෙනුවට ඔවුන්ව ස්වාමිවරුන් ලෙස ගැනීමටත් ඔවුන් අපේක්ෂා කරති. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය. "(එසේම) ඔවුන්, අල්ලාහ් හැර ඔවුන්ගේ යතිවරුන් හා මුනිවරුව ඔවුන්ගේ දෙවිඳුන් කර ගත්හ." (සූරා අත්තව්බා: 31) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නොදුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද?" (සූරා අෂ්-ෂූරා: 21)

මේ හේතුව සහ වෙනත් හේතූන් නිසා, දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනතාවගේ නායකයෝ වක්තෘවරුන්ට එරෙහිව නැගී සිටි අතර, ඔවුන්ව විශ්වාස කිරීමෙන් හා ඔවුන් අනුගමනය කිරීමෙන් මිනිසුන් වැළැක්වූහ. රබී බින් ආමීර් (රළියල්ලාහු අන්හු) තුමා දේව දහම වෙත ජනයා ඇරයුම් කිරීම සඳහා පර් සියානු දේශයට පැමිණි විට, ඊට හේතුව කුමක් දැයි එතුමාගෙන් පර්සියානු ප්‍රධානියා විමසූ කල්හි එතුමා මෙසේ පැවසීය. (අල්ලාහ් අප එවා ඇත්තේ, ඔහුගේ ගැත්තන් හට නමස්කාර කිරීමෙන් බැහැර කර අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම දක්වාත් ලෝකයේ පටුත්වයෙන් එහි විශාලත්වය දක්වාත්, ආගම්වල අසාධාරණයෙන් ඉස්ලාමයේ යුක්තිය දක්වාත් ඔහු කැමති ඕනෑම අයෙකු පිටතට ගෙන ඒම සඳහාය.)[52]

ඒ සමගම අල්ලාහ් ප්‍රාතිහාර්යයන් හා තමන්ට නමස්කාර කරන දේව විශ්වාස කරන්නන් අතරින් තමන් කැමැති උදවිය මගින් තම දූතවරුන්ව ශක්තිමත් කරයි. අල්ලාහ් කවරෙකුට භාග්‍යය නියම කළේ ද ඔවුන් ඔහුව විශ්වාස කරනු ඇත. ඔවුන්ව සහතික කරනු ඇත. මෙලොව මෙන්ම මතුලොවෙහි ඔවුනට ජයග්‍රහණය හිමිවනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය: "මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු." (සූරා ඝාෆිර්: 51) තමන් යහපත කරන්නේ යැයි සිතා මෙලොව ජීවිතය පසුපස හඹා යමින් නොමග ගිය අය කවුරුන් ද, සත්‍යය මත සිටියේ කවුරුන් ද යන වග නැවත නැගිටුවනු ලබන දිනයේදී මිනිසුන්ට පැහැදිලි වනු ඇත. අල්-බිදායා වන්-නිහායා (9/622)

හයවන කොටස: දූතයන් විශ්වාස කරන්නන්ට සහ ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව හා පරලොව ප්‍රතිඵල හා ප්‍රතිවිපාක.

සර්ව බලධාරී පරමාධිපතියාණෝ මනුෂ්‍ය වර්ගයා මවා, ඔවුන්ට ජීවන මාර්ග පහසු කර, ඔවුන්ට අවශ්‍ය සියල්ල ලබා දී, ඔවුන් තුළ යහපත්කම ඇති කර, ඔවුන්ට බුද්ධිය, පෙනීම සහ ශ්‍රවණය ලබා දුන්නේය. එය ඔවුන් දිව්‍ය ග්‍රන්ථවල කියවෙන අල්ලාහ්ගේ සාධක හා ඔවුන් ඉදිරියේ සහ ඔවුන් තුළම පෙනෙන විශ්වයේ විකාශනය කරන ලද සාධක දෙස ඔවුන් ඔවුන්ගේ අවදානය යොමු කරනු පිණිසය. ඔහු ඔවුන් වෙත දිව්‍ය ග්‍රන්ථ පහළ කර, ඔවුන් වෙත පණිවිඩකරුවන් යවා, ඔවුන්ගේ පරමාධිපති, මැවුම්කරු සහ පෝෂකයා වන තමන් ගැන විශ්වාස කරන ලෙස ඔවුන්ට ආරාධනා කර, ඔවුන් ගෙනා දේ සත්‍ය බවට විවිධ සාක්ෂි හා සාධක ඉදිරිපත් කළේය. කවරෙකු ඔවුන්ට අවනත වි කටයුතු කළේ ද සැබැවින්ම ඔහු දෙලොවෙහිම සාර්ථකත්වය හා ජයග්‍රහණය ලබනු ඇත. පහසුව සඳහා ඔහු පහසුකම් ලබනු ඇත. ඔහුට සතුට හා සන්සුන් භාවය පිරිනමනු ඇත. එබැවින් ඔබ ඔහුව තම පරමාධිපතිට යටත් වන, ඔහු දුන් දෙයින් තෘප්තිමත් වන මුස්ලිම්වරයෙකු ලෙසින් මිස නොදකිනු ඇත. ඔහු පැහැදිලි පදනමකින් යුතුව දෙවියන්ට නමස්කාර කරයි. එවැන්නෙකුට යහපත් ජීවිතයක් ලැබෙනු ඇත. ඔහුට පරලොව මහා ත්‍යාගය සහ සදාකාලික ප්‍රීතිය ඇති බවට අල්ලාහ් ප්‍රතිඥා දී ඇත. ඔහු වෙනුවෙන් ගංගා ගලා යන උද්‍යාන, වක්තෘවරුන් සත්‍යවාදීන් ප්‍රාණ පරිත්‍යාගිකයින් සහ සෑම ප්‍රජාවකින්ම අල්ලාහ්ව විශ්වාස කළ සහ පණිවිඩකරුවන් විශ්වාස කළ යහපත් මිනිසුන් අතර මිතුරන් සිටිති. අමරණීය හා කිසිදා විනාශ නොවන, කිසිදා නොමැරෙන හෝ මැකී නොයන, සදාතනික සැපයෙහි වාසය කරනු ඇත. ඔහුගේ ප්‍රීතිය කිසිදා නිමා නො වනු ඇත.

අල්ලාහ්ට අකීකරු වන, සත්‍යය සහ එහි සාධක පිළිගැනීමට මුරණ්ඩු වන, උඩඟු වන, තම මනස සහ හදවත ඉන් ආවරණය කරගත්, ඔහුගේ ශ්‍රවණය බිහිරි කර ගත්, පෙනුම අන්ධ කර ගත් අය වනාහි, ඔහු මෙලොව ජීවිතය තුළ ව්‍යාකූලත්වභාවයෙන්, තම කටයුතුවල කැලඹීමෙන් සහ ජීවිතයේ කනස්සල්ලෙන් ජීවත් වනු ඇත. ඔහු මේ ජීවිතයේ සැනසිල්ලෙන් හා නොසැලකිලිමත් ලෙස ජීවත් වුවද, ඔහුගේ ජීවිතය අවසන් වී දේව දූතවරු ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගත්තේ නම් ඔහුට ඉදිරියෙන් මරණින් මතු තවත් ජීවිතයක් ඇත. එය සදාකාලික, නිමක් නැති ජීවිතයකි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා අපා ගින්නේ සදාකාලික වනු ඇත. අල්ලාහ් ඔහුව අභාග්‍යවන්ත අහංකාර, මුරණ්ඩුකාර සහ අපරාධකාරී ජනයා සමග එක්රැස් කරනු ඇත.

දේව දූතවරුන් බොරු කළ අය සමඟ අල්ලාහ් කටයුතු කළේ කෙසේදැයි උතුම් අල් කුර් ආනයේ අල්ලාහ් අපට දන්වා සිටියි. ඔහු නූහ්ගේ ජනතාව මහා ගංවතුරෙන් ගිල්වා දැමුවේය, දේව දූත හූද්ගේ ජනතාව ප්‍රචණ්ඩ සුළඟකින් විනාශ කළේය. දේව දූත සාලිහ් තුමාගේ ජනතාව ඔවුන් හසුකරගත් මොරහඬකින් විනාශ කළේය. දේව දූත ලූත් තුමාගේ ප්‍රජාව ඔවුන්ගේ නිවෙස් සහ උඩුයටිකුරු කර විනාශ කර දැමුවේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි. "අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත එකිනෙකට ඇමුණුනු, පිලිස්සුණු ගල් වැස්සවීමු.* (එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. අපරාධකරුවන්ගෙන් එය දුරස් නොවීය." (සූරා හූද්: 82-83) එය ඔවුන් වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් ඔවුන් බොරු කළ බැවින් ද සහජ බුද්ධියට පටහැනිව කටයුතු කළ බැවින් ද කාන්තාවන් හැර දමා සමලිංගික සේවනයෙහි නිරත වූ බැවින්ද විය. මෙසේ බොරු කියන, දෙවියන් අවිශ්වාස කරන සහ අපරාධකාරී ජනතාව සඳහා දෙවියන්ගේ වෙනත් දඬුවම් ද විය.

හත්වන පරිච්ඡේදය: නැමදුම

පළමු විමසුම: නැමදුම මිනිස් අවශ්‍යතාවයකි.

නැමදුම: දෙවියන් ප්‍රිය කරන සහ තෘප්තියට පත්වන බාහිර හා අභ්‍යන්තර සෑම වචනයක්ම හා ක්‍රියාවක්ම වේ. පරමාධිතියාණන්ගේ තෘප්තිය සොයමින් ඔහුගේ අප්‍රසාදයට බියවෙමින්, ඔහු අභියස ඇති දෑ බලාපොරොත්තු වෙමින් ඔහු වෙත සමීප වීම මිනිසා එමගින් අපේක්ෂා කරයි. එය නැමදුම් ලබන සහ දේවත්වය හිමි තැනැත්තාට පරිපූර්ණ ප්‍රේමයෙන් යුත් උපරිම නිහතමානිකම සහ යටත්භාවය පෙන්වීමකි.

මෙම ස්ථාවරය -මෙම නැමදුම- පුද්ගලයෙකු බොහෝ විට ඉන් බැහැර නොවන ස්ථාවරයකි. ඔහු දැනුම, පැහැදිලි සාධක මත සිට, ධර්ම දූතවරුන් අනුගමනය කරන්නේ නම්, ඔහු තම නැමදුම, සමීපත්වය, බිය, බලාපොරොත්තුව, ආදරය සහ යටහත්භාවය ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ට පමණක් නියම කර ගනී. නමුත්, ඔහු මාර්ගයෙන් ඉවතට ගියහොත්, ඔහු මිය ගිය පුද්ගලයෙකු, ගලක්, පිළිමයක්, ග්‍රහතාරකාවක් වෙත ළඟා වේ. ඒ අනුව, ඔහු තම සමීපත්වය, බලාපොරොත්තුව, බිය සහ ආදරය ධනවත් නොවන, හානි නොකරන, සෙත නොසළසන, ප්‍රාර්ථනාවන්ට සවන් නො දෙන, අසරණයන්ට සහන නොසලසන යමෙකු වෙනුවෙන් වැය කරයි. ඔහුගේ නැමදුම ඔහුට අයහපත දුරු කිරීම හෝ සෙත සැලසීම හෝ සිතට සැනසුම ලැබීම හෝ ඔහු බලාපොරොත්තු වූ දේ ඉටු නොකරයි. ඒ වෙනුවට, ඔහු එක් දෙවියෙකුගෙන් තවත් දෙවියෙකුට හෝ එක් ආගමකින් තවත් ආගමකට මාරු වෙයි. වැඳුම් පිදුම් කිරීම සහ සමීපත්වය අනුව පුද්ගලයෙකු බලාපොරොත්තු වන දේ සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරයි. එවිට ඔහුගේ උත්සාහය බලාපොරොත්තු සුන් වන අතර ඔහු සොයන දේ ඔහුට නො ලැබේ.

එසේනම්, නැමදුම යනු මානව අවශ්‍යතාවයකි. එබැවින් බහුවිධ සෘතුමය නමස්කාරයන් හෝ විවාහය, දරු ප්‍රසූතිය, කෘෂිකර්මාන්තය සහ ප්‍රතිකාර සෙවීම වැනි සමාජ අවස්ථා හා සම්බන්ධ නොවන පුරාණ හෝ නූතන කිසිම ප්‍රජාවක් ඔබට හමු වන්නේ නැත.

ඊට හේතුව පුද්ගලයෙකුට මෙය ඉතා අත්‍යවශ්‍ය දෙයකි; මිනිසා දෙවිවරුන් නිර්මාණය කර ඒවාට නමස්කාර කරන බව ඔබට දැකගන්නට පුළුවන. දෙවියන් තම ගැත්තන්ව ඉස්ලාමයේ නියම කර ඇති ශ්‍රේෂ්ඨ නැමදුම් ක්‍රියාවන්ගෙන් පොහොසත් කර ඇත. එය ළං වන්නාගේ සහ නැමදුම් කරන්නාගේ අරමුණ ඉටු කරන අතර එමඟින් මිනිසා තම පරමාධිපති සහ මැවුම්කරුට නැමදුම් කර ඒ හරහා ඔහුව සොයමින් තම හානිය වළක්වා, තම දුක් වේදනා ඉවත් කර, මනසේ සාමය ලබා ගනී. නැමදුම, විවිධාකාර හා සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රවේශ විය හැකි පරිදි අල්ලාහ් එය නියම කර ඇත. ඒ අතරින් හදවත හා බැඳුණු විශ්වාසය, අවංකකම, බිය, ආදරය සහ සහතික කිරීම වැනි නැමදුම් වෙති. එමෙන්ම ශරීර අවයව හා බැඳුණු සලාතය, හජ්, මිනිසුන්ට උපකාර කිරීම වැනි නැමදුම් ද වෙති. දිව හා බැඳුණු අල් කුර්ආන් කියවීම, දික්ර් හෙවත් දෙවියන් සිහිපත් කිරීම, මුළා වූ අයට මඟ පෙන්වීම වැනි නැමදුම් ද වෙති. මුදල් හා බැඳුණු සකාත්, සදකා, නඩත්තු වියදම් වැනි නැමදුම් ද වෙති. කාලය හා බැඳුණු රමළාන් මස උපවාස හා හජ් වැනි නැමදුම් ද වෙති. උත්සව හා බැඳුණු ඊදුල් අල්හා හා ඊදුල් ෆිත්ර් වැනි නැමදුම් ද වෙති. මේවා මෙසේ නියම කර ඇත්තේ නැමදුම් කරන මුස්ලිම්වරයාගේ සිතට සතුට හා සොම්නස ප්‍රවේශ කරනු පිණිසය.

ඉස්ලාමයේ නැමදුම් යනු දෙවිඳුන්ට සමීපවන්නෙක් එමගින් වෙනත් කිසිදු මැවීමක් සමීප කර ගන්නේ නැත. එහි එවැන්නෙකු හවුල් කර ගන්නේ නැත. අල්ලාහ් සමග කිසිවකු හෝ එහි හවුල් කර ගත්තේ නම්, ඔහුගේ නැමදුම නිෂ්ඵල වේ. එවීට ඔහු ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලහ්ට ආදේශය තබන්නෙකු වේ. ඉස්ලාමය තුළ නැමදුම් අල්ලාහ් වෙනුවෙන් පමණක් හැර වෙනත් අයකු වෙනුවෙන් පිහිටන්නේ නැත.

නිවැරදි නැමදුම් තුළ පවතින විවිධත්වය නැමදුම සඳහා වන ආත්මයේ පිපාසය සංසිදුවයි. ආත්මය සතුටු කරයි. සිතට සැනසුම ගෙන දෙයි. එය සිත තුළ ලෝවැසියන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙන් මිස සිතේ පවතින හිස්බව හා අඩුව පිරවිය නොහැකි හා පොහොසත් කළ නොහැකි බැවිනි. පරමාධිපතියාණන්ගේ අවශ්‍යතාව ඔහුගේ සිත තුළ ඇත. එය සෙසු සියලු දෑහි අවශ්‍යතාවන්ගෙන් ඉවත් වී අල්ලාහ්ගෙන් පමණක් අවශ්‍යතා ඉල්ලීමෙන් මිස වෙනත් කිසිවකින් පිරවිය නොහැක. හදවතේ විවිධ කැළඹීම් ඇති අතර එය සන්සුන් කර, එයට සැනසුම ලබා දිය හැක්කේ අල්ල්ලාහ් පිළිබඳ විශ්වාසය සහ ඔහුව පිළිපැදීමෙන් පමණි. හදවත සදාචාරමය වශයෙන් මිය ගොස් ඇති අතර එය ජීවත් කරවිය හැක්කේ අල්ලාහ් කෙරෙහි ඇදහිල්ල හා ඔහු පිළිබඳ වටහා ගන්නා දැනුමෙන් පමණි. එවිට ඔහුගේ හදවත දිව්‍ය පණිවිඩයේ ආලෝකයෙන් ප්‍රබෝධමත් වේ. ඔහු මින් පෙර කිසි දිනක නොදැන සිටි ජීවිතයක් ඔහුගේ හදවත සොයා ගනී. හදවත තුළ අවිශ්වාසය, බහුදේවවාදය සහ නොදැනුවත්කම යන අන්ධකාරය ඉවත් කළ හැක්කේ අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පමණි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "(මුළාවීමෙන්) මළමිනියක්ව සිටි පසු (මඟ පෙන්වීමෙන්) ඔහුට අපි ජීවය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන අය වනාහි, ඔහු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකුට සමාන වන්නේද? දේවත්වය ප්රතික්ෂේප කළවුන්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය." (සූරා අල්-අන්ආම්: 122) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳ ව ඔවුනට මතක් කර දෙනු" යැයි (අණ කරමින්) මූසා ව සැබැවින්ම අපි අපේ ප්‍රාතිහාර්යයන් සමග එව්වෙමු. නියත වශයෙන්ම එහි ඉමහත් කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම සංඥාවන් ඇත. (සූරා ඉබ්රාහීම්: 5)

ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා නවාතැන් යන තම පොදු අවශ්‍යතා මිනිසා දකී. තම ආහාරය උපයන්නේ කෙසේ ද? තම කුසගිනි නිවාගන්නේ කෙසේ ද තම ශරීරය වස්ත්‍රයෙන් ආවරණය කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ආනුභාවය අල්ලාහ් ඔහුට පිරිනමා ඇත. නමුත් ඔහු සර් ව බලධාරියාණන් කෙරෙහි හදවතේ දරිද්‍රතාවයෙන් අන්ධ විය හැකිය. පුද්ගලයෙකුට, ඔහුගේ අත්දැකීම් සහ මනස සමඟ, තම ස්වාමියා ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද, ඔහුට නමස්කාර කරන්නේ කෙසේද, ඔහුගේ තෘප්තිය ලබා ගන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැක. මක්නිසාද යත් තාර්කික ඥානයෙන්වත් ප්‍රත්‍යක්ෂ බලයෙන්වත් එය සාක්ෂාත් කර නොගන්නා බැවිනි. එය සාක්ෂාත් කරගනු ලබන්නේ, දූතයන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් හා තම පරමාධිපතිගේ තෘප්තිය සතහික කිරීම සඳහා වන දිව්‍ය පණිවිඩයේ ආලෝකයෙන් මඟ ලැබීමෙනි.

දෙවන මාතෘකාව: ලෝකයට අධිපති අල්ලාහ්ට නැමදුම් කිරීමේ සත්‍යය.

ලොවට අධිපති අල්ලාහ්ට නැමදීම යනු: සර්වබලධාරී අල්ලාහ් ප්‍රිය කරන සහ සතුටු වන බාහිර මෙන්ම අභ්‍යන්තර ක්‍රියා සහ වචන යනාදී සෑම ක්‍රියාවකින්ම සර් ව බලධාරී පරමාධිපතියාණන්ට ළංවීමය. නැමදුම් කරන්නා, සර්ව බලධාරී පරමාධිපතියාණන් කෙරෙහි පරිපූර්ණ ආදරයෙන් සහ සිත, ක්‍රියා, වචන සහ මූදල් හා බැඳුණු සියලු වර්ගයේ නැමදුම් කිරීමෙන්, ඔහුව දේවත්වයට පත් කිරීමෙන් ඔහුට උපරිම යටහත්පහත් භාවයෙන් යුතුව සිටිනු ඇත. උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් පොහොසත් වන බැවින් ඔහු තම ගැත්තන්ගෙන් ස්වාධීනය. ඔවුන්ගේ නැමදුම් ඔහුට අවශ්‍ය වන්නේ නැත. මැවීම් අතරින් ස්වාධීන වන සෑම කෙනෙකුම වනාහි එය අල්ලාහ්ගෙන් වන ත්‍යාගයක් වේ. මැවීම් සිදු කරන පාපයන් කිසිවක් අල්ලාහ්ට හානියක් ඇති නොකරන පරිදිම ඔවුන් ඉටු කරන නැමදුම් කිසිවක් අල්ලාහ්ට වැඩි කරන්නේ නැත. ඔවුන්ගේ පරිත්‍යාගයෙන් කිසිදු ගෞරවයක් ඔහුට වැඩි කරන්නේ ද නැත. කෙසේ නමුත් ඔහු සියලු මැවීම් මවා මෙලොව මෙන්ම මතුලොව ජීවිතයේ ඔවුන් උසස් කරනු පිණිස ඔහු ඔවුනට නමස්කාර කරන මෙන් නියෝග කළේය. තවද ඔවුන්ගේ සියලු නමස්කාර ක්‍රියාවන් අල්ලාහ්ගේ ආශිර්වාදයට සමාන නොවේ. ඒ වෙනුවට, ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීමට හා ඒවාට ස්තූති කිරීමට හැර ඒවා ගණනය කළ නොහැක. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර් වාදයන් ගණන් කළ ද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා මහත් අපරාධකරුය; මහත් ගුණමකුය." (සූරා ඉබ්‍රාහීම්: 34) අල්ලාහ් නියම කර ඇති නැමදුම් ක්‍රියාවන් දුෂ්කර හෝ බරක් නොවන නමුත් අතිශයින් පහසු ය. සලාත් වාර පහ, එනම්: එක් සලාතයක් ඉටු කිරීම සඳහා විනාඩි දහයක් පවා ගත නොවේ. සකාත්, එනම්: තම වස්තුවෙන් නිසාබ් හෙවත් නියමිත ප්‍රමාණය ළඟා වූ විටෙක, එය වසරක් පූර්ණ වී ඇත්නම් ධනවතුන් විසින් දුප්පතුන් හට දයාවක් වනු පිණිසත්, ඔවුනට සහනයක් වනු පිණිසත් ධනයේ ආශිර්වාදය සඳහා අල්ලාහ්ට තුතිවන්ත වනු පිණිසත් (2.5) ප්‍රමාණයක් නිකුත් කිරීම, උපවාසය, එනම්: වසරේ එක් මාසය් දහවල් පුරාවට උපවාසයේ නිරත වී රාත්‍රි කාලයේ අවශ්‍ය ආහාරපාන ගැනීම. හජ්, එනම්: පහසුකම් ඇති අය ජීවිතයේ එක් වරක් හෝ ඉටු කිරීම. අනිවාර්‍ය නැමදුම්වලින් පසු ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම ප්‍රතිලාභ ලබා දෙන නැමදුම් ක්‍රියාව වනුයේ සිත තුළට අර් ථය සිහිපත් කර දිවෙන් අල්ලාහ්ව මෙනෙහි කිරීමය.

මුස්ලිම්වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුට හෝ මුස්ලිම් නොවන අයෙකුට කරන සෑම යහපත් ක්‍රියාවක්ම, ඔහු ආසන්නයේ හෝ දුරින් සිටිය ද, එය සතෙකුට කළත්, එය ලොවට අධිපති අල්ලාහ්ට කරන නැමදුමක් වන අතර අල්ලාහ්ට සමීප වීමකි. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. "මිනිසෙකු ගමන් කරමින් සිටිය දී, මාර්ගයේ කටු අත්තක් දැක එය ඔහු ඉවත් කරන්නේ නම්, අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දෙනු ඇත." (53) නබි තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "බල්ලෙක් මිය යන්නට තරම් පිපාසයෙන් ජලාශයක් වටා ඇවිදිමින් සිටිය දී, ඉස්රාඊල් දරුවන් අතරිින් ගණිකාවක් එය දුටුවාය. ඇය ඇගේ සපත්තුව ගලවා එමගින් ඌට වතුර පෙව්වාය. පසුව ඒ හේතුවෙන් ඔහු ඇයට සමාව දුන්නේය." එම ගණිකාවට, "ඇය මහත් වරදක් කර තිබිය දී පවා" අල්ලාහ් සමාව දුන්නේ කෙසේදැයි අවධානයෙන් බලන්න. ඊට හේතු වූයේ පිපාසයෙන් මිය යන්නට ගිය සුනඛයකුට ඇය ජලය පෙවීමය.

ඉස්ලාමය තුළ පවතින නැමදුම්, -අල්ලාහ්ගේ අනුහසින්- මෙලොව ජීවිතයේ සාර්ථක ජීවිතයක් ලබා දෙයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු." (සූරා අන්නහ්ල්: 97) මූලාශ්‍ර: සහීහුල් බුහාරි (2472), සහීහ් මුස්ලිම් (1914). මූලාශ්‍ර: සහීහුල් බුහාරි (3467), සහීහ් මුස්ලිම් (2245).

මුස්ලිම්වරයකු තම මිනී වල තුළ සිටිය දී ඔහුගේ නැමදුම් හේතුවෙන් ඔහු ප්‍රයෝජන ලබනු ඇත. මිනී වල තුළ සතුටුමත් ජීවිතයක් ගත කරනු ඇත. එමෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු ඔහුගේ මිනී වල තුළ පීඩාකාරී ජීවිතයක් ගත කරනු ඇත. අදාළ තැනැත්තන්ට පසුවටත් කවදත් ඵල දෙන ඇතැම් ක්‍රියාවන් ඇත. උදාහරණ ලෙස, කෙනෙකු තමන්ගෙන් පසු ජනතාවට ප්‍රයෝජනවත් වන දැනුම උගන්වන අයකු හෝ මිනිසුන්, සතුන් හා පක්ෂීන් බීමට ජලය ලබන පරිදි ළිඳක් කපා දෙන අයකකු හෝ රෝගීන් වෙනුවෙන් රෝහලක් ඉදි කර දෙන අයකු හෝ තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන තමන් වෙනුවෙන් පාපක්ෂමාව අයදින දැහැමි දරුවකු හැර දමා ගිය අයකු මෙනි. එමෙන්ම ජීවතුන් අතර සිටින්නන් මිය ගිය ඇත්තන් වෙනුවෙන් දානමය කටයුතු සිදු කරන්නේ නම් ඒවායෙහි ප්‍රතිකර්ම ඔවුනට හිමිවන අතර ඔවුන්ගේ මිනී වල තුළ ඒවා ඔවුනට ප්‍රයෝජනවත් වනු ඇත.

නැමදුම් අදාළ තැනැත්තාට මතු ලොව නිවහනෙහි සදාතනික සතුට හා කීර්තිමත් පරමාධිපතියාණන්ගේ තෘප්තිය උරුම කර දෙනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට පහළින් ගංගාවන් ගලා බස්නා, ඔවුන් එහි සදාතනිකයින් වන (ස්වර් ග) උයන් ඇති බවත් අද්න් (නම් සදාතනික ස්වර් ග) උයන්හි යහපත් වාසස්ථාන ඇති බවත් අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය." (සූරා අත්තව්බා: 72)

තුන්වන විමසුම: නිවැරදි නැමදුමෙහි නිර්ණායක.

ඉස්ලාමය තුළ නැමදුම් වනාහි, එය අති වැදගත් කරුණකි. එහි ස්ථාවරය අල්ලාහ් අභියස අති උසස් ය. එහෙයින් ලෝවැසියන්ගේ පරමාධිපතිට යටත් වී, ඔහුගේ දිව්‍ය පණිවිඩය, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ දූතයින්, ඔහුගේ හමුව, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ත්‍යාගය යනාදිය විශ්වාස කරන තෙක් මිනිසා කරන නැමදුම අල්ලාහ් පිළිගන්නේ නැත.අන් කවර නැමදුමකින් වුව ද අල්ලාහ්ට සමීපවන්නට කෙනෙකු බලන්නේ නම් ඔහු මුස්ලිම් නොවන අයකු නම්, අල්ලාහ් ඔහුගේ නැමදුම පිළිගන්නේ නැත. නමුත් ඒ සඳහා ඔහුගේ මෙලොව පෝෂණ සම්පත් විස්තීරණ කර දෙයි. ආහාර පාන ඇඳුම් පැළඳුම් නවාතැන් යනාදී ආශිර් වාද ඔහුට පිරි නමයි. මෙය පරමාධිපතිගේ යුක්තියයි. යහපත සිදු කරන කිසිවකුගේ ක්‍රියාව, ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වුව ද එහි කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඊට හේතුව දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා අල්ලාහ්ව හෝ අවසන් දිනය හෝ විශ්වාස කරන්නේ නැති අතර ඔහුගේ හමුව අපේක්ෂා කරන්නේ නැති බැවිනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ප්‍රතික්ෂේපයට ඔහුගේ මුරණ්ඩුකමට හා ඔහුගේ අහංකාරයට අල්ලාහ් ප්‍රතිවිපාක පිරිනමනු ඇත.

ඉස්ලාමයේ නැමදුම තුළ පවතින තවත් ගෞරවයක් නම් සැබැවින්ම අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා අවංකව ඉටු කරන දෑ හැර වෙනත් කිසිදු නැමදුමක් අල්ලාහ් පිළි නො ගැනීමය. එනම් නැමදුම් කරන්නා එම නැමදුම තුළින් කිසියම් මැවීමකට, එය එවනු ලැබූ කිසියම් නබිවරකු වුව ද, සමීප මලක්වරයෙකු වුව ද අරමුණ කර නොගෙන, එමගින් කීර්තිමත් සර්ව බලධාරී අල්ලාහ්ගේ තෘප්තිය සොයමින් ඔහු පමණක් අරමුණ කර ගැනීමේ අර්ථයෙනි. කවරෙකු හෝ යම් දැහැමි කටයුත්තක් සිදු කර, පසුව එහි අල්ලාහ් සමග තවත් හවුල්කරුවකු පත් කර ගන්නේ නම්, අදාළ පුද්ගලයාගේ එම ක්‍රියාව ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. ඒ සඳහා ඔහුට කුසල් හිමි වන්නේ නැත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “(නබිවරය,) ඔබටත් ඔබට පෙර සිටි දේව දුතවරුන්ටත් වහී මඟින් දන්වනු ලැබුවේ ‘ඔබ ෂිර්ක්(අල්ලාහ්ට ආදේශ තැබීමේ) කටයුතුවල නියැලුණේ නම්, ඔබගේ යහ ක්රියා විනාශ වී ගොස්, ඔබ පරාජිතයන්ගෙන් කෙනෙකු බවට පත් වන බවය.” (සූරා අස් සුමර්: 65) දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසුහ: "උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."

එමෙන්ම, සුවිශුද්ධයාණන් තම දූතවරුන් ජනයාට දන්වා සිටි, තම ගැත්තන් හට ආගමානුගත කළ නැමදුම් හැර වෙනත් කිසිවක් පිළිගන්නේ නැත. ඒ අනුව අල්ලාහ් ආගමානුගත නොකළ කවර නව නැමදුමක් වුව ද අදාළ පුද්ගලයාගෙන් එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. ඒ සඳහා ඔහුට ප්‍රතිඵල හිමි වන්නේ නැත. සහීහ් මුස්ලිම් (2589).

නවක ලෙස බිහි වූ නැමදුම් හා උත්සව අල්ලාහ් අබියස පිළිගනු නොලබයි. නමුත් අල්ලාහ් ආගමානුගත නො කළ, නවක ලෙස බිහි කළ හා නිර්මාණය කළ දෑ පිළිබඳ අල්ලාහ් මිනිසාගෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට හේතුව තමන් ආගම නිර්මාණ කර ගත් අතරම, මිනිසුන්ට නැමදුම් ආගමානුගත කර සැබැවින්ම අල්ලාහ් අබියස පිළිගැනීමක් ඇති බව විශ්වාසය ඇති කර ඔහු අල්ලාහ් සමග හවුල්කරුවකු වූ බැවිනි.

එසේ නම්, දොලොවෙහි ආදාළ තැනැත්තාට ප්‍රයෝජනවත් වන, අල්ලාහ් අබියස පිළිගැනීමට ලක් වන නිවැරදි නැමදුම වනුයේ: අල්ලාහ්ව විශ්වාස කරන තැනැත්තෙකු අල්ලහ් තම ගැත්තන්ට ආගමානුගත කළ දෑට අනුගතව ඉටු කරන නැමදුමයි. එමෙන්ම එය සර්ව බලධාරී පරමාධිපතියාණන්ට පමණක් අවංකව ඉටු කරන්නක් විය යුතුය.

සිව්වැනි මාතෘකාව: නැමදුමෙහි හා එහි කුසල්වල මිනිසුන් සමාන වෙති.

මහඟු අල් කුර්ආනය කියවන්නෙකුට එහි දක්නට ලැබෙන පළමු නියෝගය වනුයේ: “මිනිසුනි, නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය.” (සූරා අල්-බකරා: 21) තමන්ට නැමදුම් කරන මෙන් සර්ව බලධාරියාණන් තම ගැත්තන්ට නියෝග කරන අවස්ථාවේ වුව ද, ඔහුට පිටුපෑමෙන් ඔවුන් වළක්වන අවස්ථාවේ වුව ද, ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණයන් ගැන අවවාදයෙන් සිටින මෙන් අවවාද කරන අවස්ථාවේ වුව ද සැබැවින්ම ඔහු ඔවුන් සමග කතා කරනුයේ: "අහෝ මිනිසුනි!" මෙය අරාබියානු, යුරෝපානු, අප්‍රිකානු, චීන, ජපානු හා ලොවෙහි වෙසෙන අනෙකුත් ජන කණ්ඩායම් සියල්ල එකම ස්ථාවරයේ හවුලේ තබන කරුණකි. එහි ආමන්ත්‍රණය කරනු ලබන්නේ, "අහෝ මිනිසුනි!" දිව්‍ය අණට සවන්දීම, දිව්‍ය ඇමතුමට ප්‍රතිචාර දැක්වීම සහ පෝෂණය, සෙත හා හානිය, තමන් සතු අයට යටත් වීම යනාදියෙහි වගකීම සෑම කෙනෙකුටම පැවරේ. මෙම වදනින් අමතා තිබීම කිසිවෙකුට මෙම කථාව, 'මට අදාළ නැතැයි' කීමට ඉඩ නොදේ. එසේ වූ විටෙක ඔහු මිනිසුන් අතරින් කෙනෙකු නොවනු ඇත. 'මම මිනිසුන් අතර කෙනෙකු නොවෙමි' යැයි කියන කිසිවකු නැත. මිනිසාට පොදුවේ ආමන්ත්‍රණය කර තිබීම ඔවුන් එක හා සමාන තත්ත්වයක තබයි. අල්ලාහ් මිනිසාට දැක්වූ භාග්‍යය, ඔහුගේ පරිපූර්ණ යුක්තිය හා ඔහුගේ මහත් ප්‍රඥාව නම්, ඔවුන්ගේ කුසල් එක හා සමාන බවට පත් කර තිබීමය. අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවීම හැර අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නෙකුට වඩා හෝ සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා හෝ උසස් වන්නේ නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමණන් බිලාල් තුමාට මෙසේ පවසා සිටියහ. ෆජ්ර් සලාතයේ දී, "අහෝ බිලාල්! ඉස්ලාමය තුළ ඔබ කුසල් අපේක්ෂාවෙන් කවර ක්‍රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර්ගයේ මා ඉදිරියෙන් තබන ඔබේ පාවහන් දෙකෙහි හඬට මම සවන් දුනිමි" යැයි පැවසීය. ඔහු: 'මා කුසල් බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවක් වෙනත් නොවීය. නමුත් සැබැවින්ම මම රාත්‍රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුකම තුළින් මට සලාත් ඉටු කිරීමට නියම කළ දෑ ඉටු කළෙමි' යැයි පැවසීය. (56)

කාලය හා ස්ථාන අනුව මිනිසාට ඔවුන්ගේ ක්‍රියාවන් අතර එකිනෙකට පරස්පර උසස්භාවයක් නැත. වසර දහසකට පෙර ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කළ අයෙකුට හිමි කුසල් මෙම වසරයේ නැමදුම් කළ තැනැත්තෙකුගේ කුසලට සමාන වන්නේය. නැගෙනහිර දෙසෙහි සලාත් ඉටු කරන්නාගේ කුසල් බටහිර දෙසෙහි සලතය ඉටු කරන්නාගේ කුසලට සමාන වන්නේය. නමුත් රමළාන් මාසය මෙන් අල්ලාහ් භාග්‍යමත් කළ කාලවල හා ශුද්ධ වූ මක්කාව හා මදීනාව මෙන් භාග්‍යමත් කළ ස්ථානවල හැර. එහෙයින් කවරෙකු ඒ දෙකෙහි නැමදුම් ඉටු කළේ ද ඔහුට එහි කුසලෙහි අමතර ප්‍රමාණයක් ඇත. ඒවා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට ගණනය කළ නො හැකිය. සහීහ් අල්-බුහාරි (1149)

ඉස්ලාම් පන්ති ක්‍රමය තහනම් කරයි. මිනිසුන්ගේ ක්‍රියාවන් සහ ඔවුන්ගේ ප්‍රතිඵල තුළ සර්වබලධාරී දෙවියන් ඉදිරියේ ඔවුන් සමාන කරයි. දේව දූත මුහම්මද් තුමාණෝ ඔහුගේ පවුලේ ඥාතීන්ට, ඔහුගේ මාමා අබ්බාස්ට, ඔහුගේ නැන්දාට සහ ඔහුගේ දියණිය ෆාතිමාට මෙසේ පැවසූහ: (අහෝ කුරෙයිෂ්වරුනි! - එසේ නැතහොත් වෙනත් වචනවලින් ආමන්ත්‍රණය කොට - ඔබ ඔබවම මිලදී ගන්න. අල්ලාහ් ඉදිරියෙහි මම ඔබට ප්‍රයෝජනයවත් වන්නේ නැත. අහෝ අබ්දු මනාෆ්ගේ දරුවනි! අල්ලාහ් ඉදිරියෙහි මම ඔබට ප්‍රයෝජනයවත් වන්නේ නැත. අහෝ අබ්දුල් මුත්තලිබ්ගේ දරුව අබ්බාස්! අල්ලාහ් ඉදිරියෙහි මම ඔබට ප්‍රයෝජනයවත් වන්නේ නැත. අහෝ අල්ලාහ්ගේ දූතයාණන්ගේ නැන්දනිය වන සෆිය්යා! අල්ලාහ් ඉදිරියෙහි මම ඔබට ප්‍රයෝජනයවත් වන්නේ නැත. අහෝ මුහම්මද්ගේ දියණිය වන ෆාතිමා! මාගේ වස්තුවෙන් ඔබ කැමති දෑ ඔබ මගෙන් ඉල්ලන්න. අල්ලාහ් ඉදිරියෙහි මම ඔබට ප්‍රයෝජනයවත් වන්නේ නැත." (57) මෙම ප්‍රකාශය දේව දූත මුහම්මද් තුමාගේ සමීපතම පුද්ගලයින් වෙත දන්වා සිටි ප්‍රකාශයකි. එතුමා දිව්‍ය පණිවිඩය ඔවුන් වෙත දන්වා සිටියේය. සෑම පුද්ගලයෙකුම තමාටම වගකිව යුතු බවත්, තමන් අවසන් දූතයාණන්ගේ සමීප අයකු වුව ද අල්ලාහ් ඉදිරියේ කිසිවක් ප්‍රයෝජනයක් නොවන බවත් දන්වා සිටියේය.

ඉස්ලාමය කිසිවකුට ඔවුන්ගේ ලිංග භේදය, වර් ණය, දේශය, පෙළපත, නිලය හෝ සමාජීය හෝ ආගමික අධිකාරිය මත ඔවුන්ගේ නැමදුම වෙනස් කොට සැලකීමට සලස්වන්නේ නැත. දේව දූතවරුන් ද අනෙකුත් මිනිසුන් මෙන් අල්ලාහ්ගෙන් කුසල් පතා ඔහුට නැමදුම් කළෝය. ඔහුගේ දඬුවමට බියෙන් කටයුතු කළෝය. ඔහු ඔවුන්ව උසස් කර ඇති උතුම් තත්වය නිසා ඔවුන් නැමදුම් කටයුතු අත්හැරියේ නැත. සර් ව බලධාරි අල්ලාහ් වක්තෘන් (ඔවුන්ළි සියළ දෙනාට සාමය හිමිවේවා) පිළිබඳ මෙසේ පවසයි: "... නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ." (සූරා අල්-අන්බියා: 90) ඒකාබද්ධ හදීසයකි. සහීහුල් බුහාරි (4771), සහීහ් මුස්ලිම් (351).

පස්වන විමසුම: මිනිසා තමාටම සිදු කර ගන්නා අපරාධය.

අල්ලාහ් මිනිසා මවා, ඔහුට අවශ්‍ය ජීවන සාධක පහසු කළේය. අහස්හි හා මහපොළවේ ඇති සියලු දෑ ඔහුට වසඟ කර දුන්නේය. ඔහු ඔහුට ආගමානුගත කළ දෑට අනුව ඔහු නැමදීමට නියෝග කළේය. නමුත් තම පරමාධිපතිට නැමදුම් කිරීම වෙනුවට විවිධ අපාරාධ තුළින් තමන්ටම අපරාධ කර ගැනීම අපි දකිමු. එසේ තමන්ටම අපරාධ කර ගන්නා දෑ පහත සඳහන් පරිදිය.

පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීම, එය බරපතල අපරාධයකි. ප්‍රඥාවන්ත ලුක්මාන් තම පුතනුවන්ට කළ ප්‍රකාශය අල්ලාහ් මෙසේ දන්වා සිටියි: "තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින්, ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි." (සූරා ලුක්මාන්: 13) එහෙයින් බරපතලම අපරාධය වනුයේ, අල්ලාහ්ට යමක් ආදේශ කිරීමය. එනම් අල්ලාහ් ඔබව මවා, ඔබට පෝෂණය සපයා, ඔහුගේ ආශිර් වාදයෙන් ඔබව ඇති දැඩි කර තිබිය දී ඔබ ඔහුට සමානයන් තැබීමය. අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කළ හදීසයක් මෙසේය. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විමසුවෙමි. “අල්ලාහ් වෙත බරපතළ පාපය කුමක්ද?" එතුමා, “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා “ඔබේ දරුවා ඔබ සමග ආහාර අනුභව කරනු ඇතැයි බියෙන් ඔබ ඔහුව මරා දැමීමය.” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා, “ඔබේ අසල්වැසියාගේ බිරිය සමඟ ඔබ කාමයේ වරදවා හැසිරීමය.” යැයි පැවසූහ.(58)

දෙවැන්න: බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් තමන්ටම අපරාධ කර ගැනීම හා තම සිත පිවිතුරු කිරීමේ හා එය පූර්ණවත් කිරීමේ ආශාවෙන්, අනුමත දැයින් වැළකී සිටීම. මෙය අනුමත කාර්යයක් නොවන්නේය. අනුමත දෑ අනුභව කිරීම, විවාහ විම, අලංකාර ඇඳුම් ඇඳිම වැනි අනුමත දෑ මිනිසා තමන්ගෙන් වළක්වා ගැනීම ඉස්ලාමය තුළ තහනම් කර ඇත. මෙය පෙර සමූහයන්ගේ දුෂ්කර ක්‍රියාවන්ට අයත් වන අතර ඔවුන් ඔවුන්ටම සිදු කරගත් දඬුවම් අතරින් වන්නකි. අල්ලාහ් එය නියෝග කළේ නැත. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේකනයක් පහළ කළේ ද නැත. එසේ කටයුතු කරන්නට නබි තුමාණන්ට අල්ලාහ් අණ කළේ ද නැත. උත්තරිතර අල්ලාහ් මෙසේ පවසයි: "පසු ව අපි ඔවුන්ගේ පිය සටහන් මත අපගේ තවත් දූතවරුන් අනුපිළිවෙළින් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුපිළිවෙළින් එව්වෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහු ව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු තපස් භාවය අලුතින් ඇති කර ගත්තෝය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නොකළෙමු. නමුත් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් පිළිපැද්දේ නැත. එහෙයින් ඔවුන් අතරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝය." (සූරා අල්-හදීද්: 27) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය!) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය." (සූරා අල් අඃරාෆ්: 32) නමුත් ඉස්ලාමය තුළ තහනම් කරනු ලැබූ දෑ සීමිතය. කරුණුවල දී මූලික පදනම වනුයේ අනුමතභාවයයි. අල්ලාහ් තහනම් නොකළ දෑ තමන්ට තහනම් කර ගැනීම පුද්ගලයකුට සුදුසු නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි." (සූරා අල්-මාඉදා: 87) මූලාශ්‍ර: සහීහුල් බුහාරි (4477), සහීහ් මුස්ලිම් (141).

පාරිශුද්ධිය හා පරිපූර්ණත්වය සෙවීම සඳහා තමාටම වධහිංසා පනවා ගන්නට හෝ හුදකලාවේ සහ ගුහාවලට වී දුෂ්කරක්‍රියා කිරීමට හෝ ඉස්ලාමයේ අනුමත නැත. අල්ලාහ් නියම කළ නැමදුම්වල ආත්මයට හානියක් නැත. ඒ වෙනුවට, දුෂ්කරතා තිබේ නම්, පහසු ව ද එහි ඇත. මගියාට සහ රෝගී පුද්ගලයාට, ඔවුන් එම තත්ත්වයේ පසුවන කල්තාක් මගියා ආපසු පැමිණෙන තුරු හෝ රෝගය සුව වන තුරු ඇතැම් නීති ඔවුන් දෙදෙනාගෙන් සැහැල්ලු කර ඇත.

උපවාසය වැනි ඇතැම් නැමදුම්හි අපේක්ෂාව, ආත්මයට වධ දීම නොව එය පවිත්‍ර කිරීමය. උපවාස දිනවල රාත්‍රිකාල වලදී මිනිස් වර්ගයා සඳහා අල්ලාහ් අනුමත කර ඇති දේ භුක්තිවිඳීමට ඉඩ සලසා දී ඇත.

තුන්වැන්න: අශීලාචාර දෑ, පාපකම් හා දූෂිත කටයුතු සිදු කරමින් ගැත්තන් අපරාධ කිරීම.

ආත්මයට සිදුවන අසාධාරණයන් අතරට අනාචාරය සහ සම ලිංගික සේවනය වැනි අනාචාර ක්‍රියා සහ පාප ක්‍රියා සිදු කිරීම, මිනිසුන්ගේ මුදල් පැහැර ගැනීමෙන් සහ කොල්ලකෑමෙන් අපාරාධ කිරීම, ඔවුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට පහර දීම, සූදුව හා ඔට්ටු ඇල්ලීම වැනි අසාධාරණ ගනුදෙනුවල නියැළීම, පොළිය, වංචාව සහ රැවටීම වැනි තහනම් ව්‍යාපාර යනාදිය ද ඇතුළත් වේ. සර්ව බලධාරී අල්ලාහ් යුදෙව් හා කිතුනුවන් අතර සිටි දුෂ්ට ආගමික විද්වතුන්ගේ අපරාධ සහ ඔවුන් අසාධාරණ ලෙස මිනිසුන්ගේ ධනය පැහැර ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු." (සූරා අත්තව්බා: 34)

මේ අයුක්ති සහගත කටයුතු තුළින් තමන්ව පීඩාවට පත් කර ගැනීම ජීවිතය විනාශ කර දමනු ඇත. ධනය, කාලය සහ පෝෂණ සම්පත්හි සමෘද්ධිය අහිමි කරනු ඇත. දූෂිතයින්ගේ අපරාධ හා ඔවුන්ගේ අයුක්ති සහගත දෑ නිසාවෙන් ඔවුන් කෙරෙහි දිව්‍ය කෝපය නියම වනු ඇත. "මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය." (සූරා අර්-රූම්: 41) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය.* තවද කාරූන්, ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නොවූහ.* එසේ සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියෝය." (සූරා අල් අන්කබූත්: 38-40)

මිනිසුන්ට සිදු කරන මෙම අසාධාරණයන් පීඩකයාට දෙලොවෙහිම විපාක හා ප්‍රතිවිපාකවලින් මිදීමක් නැත. ඔහුගේ වැරදි සහ පව් සඳහා ඔහු මෙලොවදීම වගකිව යුතුය. ඇතැම් විට මෙලොවෙ දී ඉන් මිදිය හැකිය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු පීඩා කළ සෑම කෙනෙකුටම ප්‍රතිචාර දැක්විය යුතු වේ. මැවීම්හි අයිතිය නිෂ්ඵල නොවනු ඇත. කෙසේ වෙතතු්, ධනය හෝ කීර්තිය හෝ ප්‍රයෝජනවත් නොවන දිනක ඔවුන්ට අල්ලාහ්ගෙන් ඉල්ලීමක් ලැබෙනු ඇත. දේව විශ්වාසය හා ආරක්ෂාව ප්‍රයෝජනවත් වනුයේ ගැත්තන්ගේ අයිතිවාසිකම් තුළිනි. "තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (ඔවුන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි." (සූරා අල්-කහ්ෆ්: 49)

හයවන විමසුම: පාපකම් ගැන පසුතැවිලි වීම, ආත්මය පවිත්‍ර කිරීම සහ දේව විශ්වාසය හා ධාර්මික ක්‍රියාවන් තුළින් එය පිවිතුරු කිරීම.

මිනිසා මවා ඇත්තේ දුර්වලභාවයෙනි. ඔහු තුළ ආශාවන් හා ඉච්ඡාවන් ඇත. ඔහු තුළ තණ්හාව, මසුරුකම, සීමා ඉක්මවීම් සහ නොදැනුවත්කම් ඇත. ෂෙයිතාන් සහ නපුරු ආශ්‍රිතයන් ඔහුව පාලනය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු පාපයට වැටිය හැකිය. පාපය දේව ආදේශය හෝ දේව ප්‍රතික්ෂේපය හෝ වේවා. එසේ නැතහොත් එය කාමමිථ්යාචාරය හා අන් අයට කරන අසාධාරණයක් වැනි තමන්ටම කරන අසාධාරණයක් හෝ වේවා එක සමානය. යමෙක් නොදැනුවත්කමෙන් අවදි වී, තමාගේ තත්වය නිවැරදි කර ගැනීමට, තමාට මග හැරුණු දේ පිරිමසා ගැනීමට කැමති නම්, තමාගේ පාපය අත්හැර, තමා කළ දේ ගැන පසුතැවිලි වී, එය නැවත නොකිරීමට අධිෂ්ඨාන කර, අවංක පසුතැවිල්ලෙන් අල්ලාහ් වෙත පසුතැවිලි විය යුතුය. එවිට ඔහුගේ පාපය කුමක් වුවත් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පසුතැවිල්ල පිළිගනු ඇත. තව්බාව හෙවත් පාපක්ෂමාව පිළිගනු ලබන්නේ මරණය පැමිණ ආත්මය හිර නොවන තාක්කල් පමණි. තව්බාව හෙවත් පශ්චාත්තාපය නැමදුම් ක්‍රියාවන් අතරින් එකකි. එහෙයින් කවුරුන් පසුතැවිලි වුවද, අල්ලාහ් ඔහුගේ පසුතැවීම පිළිගෙන, ඔහුගේ පව් මුහුදේ පෙණ මෙන් වුවද ඔහුගේ පව්වලට සමාව දෙනු ඇත. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත.* මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.* නමුත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී, මහාකරුණාන්විත විය." (සූරා අල්-ෆුර් කාන්: 68-70) තවදුරටත් උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සැබැවින්ම අල්ලාහ් තිදෙනාගෙන් තුන්වැන්නා යැයි පැවසූ අය ද ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. එකම දෙවිඳා (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම ස්පර්ශ වනු ඇත.* ඔවුන් අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී ඔහුගෙන් සමාව ඉල්ලා සිටිය යුතු නොවේ ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය." (සූරා අල් මාඉදා: 73,74)

දේවත්වය ප්‍රතික්ෂේප කළ සියලු දනන් හට තව්බාව හෙවත් පසුතැවිලි වී පාපක්ෂමාව අයදින මෙන සර්ව බලධාරී අල්ලාහ් පවසා සිටියි: "(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑ ට ඔවුනට සමාව දෙනු ලබන බව දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට පවසනු…" (සූරා අල්-අන්ෆාල්: 38) ඉබ්නු කසීර් (රහිමහුල්ලාහ්) තුමා තම විග්‍රහයේ මෙසේ පවසයි: (උත්තරීතර අල්ලාහ් තම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන්ට මෙසේ පවසයි: ""(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මෙසේ පවසනු…" එනම්, ඔවුන් සිටි දේව ප්‍රතික්ෂේපය, විරුද්ධත්වය සහ මුරණ්ඩුකමින් ඔවුන් දුරස් වී, ඉස්ලාමයට පිවිස, අල්ලාහ්ට කීකරු වී ඔහු වෙතට යොමු වූයේ නම්, ඔවුන් පෙර කළ දෑ සඳහා ඔවුනට සමාව දෙනු ලබනු ඇත. (එනම්: ඔවුන්ගේ ප්‍රතික්ෂේපයට, ඔවුන්ගේ පාපකම් හා වැරදිවලට).[59 ] උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ තමන් විසින් තමන් නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නො වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය." (සූරා අස්-සුමර්: 53) මිනිසා පශ්චාත්තාප වී සමාව ඉල්ලා සිටීමෙන් අල්ලාහ් ඔහුට කාරුණික වී ඔහු ගැන සතුටු වන්නේය. දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මිනිසෙකු තම ආහාර පාන උසුලාගත් ප්‍රවාහනික සත්වයකු සමග මාරාන්තික ස්ථානයකට ගොඩ බැස, පසුව තම හිස තබා නින්දට වැටෙයි. අවදි වන විට ඔහුගේ ප්‍රවාහනික සත්වයා අතුරුදන් වී තිබිණ. අවසානයේ ඔහුට උෂ්ණත්වය හා පිපාසය අධික වී අල්ලාහ් අභිමත කරන යමක් සිදු වූ විට, ඔහු: "මම මගේ තැනට නැවත හැරී යමි" යැයි පවසා නැවත ගොස් ඔහු නින්දට වැටෙයි. පසුව ඔහු තම හිස ඔසවා බැලු විට ඔහු අසළ නැති වී ගිය ඔහුගේ ප්‍රවාහනික සත්වයා දැක ගන්නට ලැබි සතුටින් ඉපිල යයි. එවන් කෙනෙකු සතුටට පත් වනවාට වඩා අල්ලාහ් තම ගැත්තා පතන පාපක්ෂමාව ගැන සතුටු වන්නේය. (60)

අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමය වැළද ගත් කතා වස්තුවේ ඒ සඳහා වන සාක්ෂියක් පවතී. හෙතෙම මෙසේ පවසා සිටියේය. "අල්ලාහ් මාගේ හදවත තුළට ඉස්ලාමය ප්‍රවේශ කළ කල්හි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට මම ‘ඔබේ දකුණත දිගු හරින්න. මම ඔබට දිවුරුම් දෙමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා එතුමාගේ දකුණත දිගු හැරිය ද මාගේ දකුණත මා මොලවා ගත්තෙමි. එවිට එතුමා ‘අහෝ අම්ර්! ඔබට කුමක් සිදුවීද?” යැයි විමසූහ. ‘කොන්දේසියක් පනවන්නට සිතමි’ යැයි පැවසුවෙමි. එතුමා: 'ඔබ කොන්දේසි පනවනුයේ කුමක් ගැනද?' යැයි විමසූහ. මම: ‘මට සමාව දෙනු ලැබීම ගැන’ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ නො දන්නෙහි ද?” යැයි පැවසූහ.(61) සැබැවින්ම ඉස්ලාමය ඊට පෙර පැවති පාපකම් හා වැරදි මකා දමන බවත් ඊට පෙර සිදු කළ දෑට තව්බාව නියම වන බවත් දේව දූත මුහම්මද් තුමාණෝ දන්වා සිටියහ. තෆ්සීර් ඉබ්නු කසීර් (4/54) සහීහුල් බුහාරි (6308) හා සහීහ් මුස්ලිම් (2675)

මිනිසකුගෙන් වරදක් සිදු වූ විට තමන්ව නිවැරදි කර ගනිමින් දේව විශ්වාසය හා ධාර් මික ක්‍රියාවන් තුළින් තමන්ව පිරිසිදු කර ගෙන යහපත් ලෙස කටයුතු කළ යුතු වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද පසුතැවිලි වී, විශ්වාස කොට, දැහැමි දෑ සිදු කොට, පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි." (සූරා තාහා: 82) දැහැමි ක්‍රියාවන් ආත්මය පිරිසිදු කරයි. නැවතත් එම පාපයට නොවැටෙන සේ දේව විශ්වාසයේ ස්ථාවරත්වය හා ශක්තිය එයට පිරිනමයි. මිනිසකු පවට වැටී පසුව ඒ ගැන පශ්චාත්තාප වී නම්, අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ පාපයෙන් ඔහුව පිරිසිදු කර පිවිතුරු අයකු බවට පත් කරනු ඇත. මිනිසෙකු පව් කර, සමාව අයැද, පසුතැවිලි වී, පාපක්ෂමාවෙහි නිරත වී, දැහැමි ක්‍රියාවන් සිදු කරන තාක්කල් ඔහු යහපත මතම සිටියි. සහීහ් මුස්ලිම් (121)

අට වන කොටස: කද්ර් හෙවත් පෙර නියමය.

පළමු මාතෘකාව: අල් කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසය.

පෙර නියමය පිළිබඳ විශ්වාස කිරීම දෙවියන්ගේ පරිපාලනය පිළිබඳ විශ්වාස කිරීමේ අංගයක් වන බැවින්, එය දේව දූතවරුන්ගේ ආගමේ වැදගත් මූලධර්මයකි. කද්ර් හෙවත් පෙර නියමය යනු සර්ව බලධාරී අල්ලාහ්ගේ දැනුමෙන් කොටසක් වන අතර අල්ලාහ්ගේ දැනුම යනු උත්තරීතර ඔහුගේ එක් ගුණාංගයකි. අල්ලාහ්ගේ දැනුම ඔහුගේ සියලු මැවීම් වලට පෙර පවතින්නකි. ඒවා මවා තිබීම ඒවා මැවීමට පෙර ඒවා ගැන ඔහුගේ දැනුම පෙන්නුම් කරයි. එහෙයින් අල්ලාහ් ඒවා ඔහුගේ දැනුමෙන් නියම කර, පසුව ඒවා නිර්මාණය කර පැවැත්ම සඳහා මතු කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "(නබිවරය!) නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදන්නෙහිද? නියත වශයෙන්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන්ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි." (සූරා අල් හජ්: 70) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “ගුප්ත දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නො දනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ අනු දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය තෙතමනය හෝ වියළිභාවය ගැන පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.” (සූරා අල්-අන්ආම්: 59) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්‍රමාණයකින් යුතු ව මවා ඇත්තෙමු." (සූරා අල්-කමර්: 49)

පෙර නියමය යනු අල්ලාහ්ගේ මැවීම් තුළ පවතින ඔහුගේ රහසකි. ඔහුගේ අනුමැතියෙන් තොරව කිසිවකුට එය දැකිය නො හැකි ය. කිසිදු ධර්ම දූතයකු පෙරනියමය විශ්වාස කිරීම ගැන නියෝග කිරීමෙන් මිස අල්ලාහ් ඔවුන් එවා සිටියේ නැත. කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කිරීම විශ්වාසයේ එක් මූලිකාංගයකි. එහෙයින් නූහ්, ඉබ්‍රාහීම්, මූසා, ඊස හා එවන ලද සෙසු ධර්ම දූතවරුන් ද ඔවුන්ගේ ප්‍රජාවන්ට මෙම අති වැදගත් මූලිකාංගය ගැන විශ්වාස කරන මෙන් නියෝග කර සිටියහ. කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කිරීමෙන් තොරව අල්ලාහ් පිළිබඳ මිනිසා තබන විශ්වාසය නිවැරදි වන්නේ නැත. සෑම දෙයක්ම අල්ලාහ්ගේ තීරණය හා පෙර නියමය මත සිදුවන බවත්, සැබැවින්ම අල්ලාහ් එය නියම කර එය තීන්දු කර, එහි ගැඹුරු ප්‍රඥාව ඔහු සතු ව ඇති බවත් උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්ගේ නියමයෙන් තොරව විශ්වයේ කිසිවක් මතු නොවන බවත් සැබැවින්ම අල්ලාහ් එය බිහි කළේ ඔහුගේ දැනුමෙන් හා ඔහුගේ ප්‍රඥාවෙන් බවත් ඔහු දැන ගනියි.

දෙවන විමසුම: පුළුල් වූ නියමය සහ පොදු නියාමනය.

පෙර නියමය පිළිබඳ විශ්වාසය අතරට ඇතුළත් වන්නේ: සැබැවින්ම සිදු වූ දේ, සිදු වන්නට යන දේ අල්ලාහ් මැනවින් දන්නා බවත්, සෑම දෙයක් ගැනම සර්ව ප්‍රකාරයෙන් හා මුළුමණින්ම අල්ලාහ් දැන සිටින බවත් ඔහුගේ දැනුමෙන් කිසිවක් පිට නොයන බවත් සැබැවින්ම ඔහුගේ දැනුම පවතින සියලු දෑට පෙර පැවති බවත් ඔහුගේ මැවීමට පෙර සියලු දෑ ඔහු නිර්ණය කළ බවත් මිනිසා විශ්වාස කිරීමය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "...තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය." (සූරා අල් ෆුර් කාන්: 2) යමක් අදෘශ්‍යමාන වුව ද ඔහුගේ දැනුමෙන් එය සැඟවෙන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේය. තවද නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය." (සූරා අල්-අන්ආම්: 3) තවදුරටත් උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි: "නියත වශයෙන් ම අල්ලාහ් (ගේ දැනුම) ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.* ගර්භාෂ තුළ නුඹලා ව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නො මැත." (සූරා ආලු ඉම්රාන්: 5,6) සැබැවින්ම අල්ලාහ් අහස් හා මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙරම සෑම දෙයකම නිර්ණයන් නියම කළේය. "මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙරම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි." (සූරා අල්-හදීද්: 22)

අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව පැවැත්මෙහි කිසිවක් සිදු වන්නේ නැත. සෑම දෙයකම මැවුම්කරු ඔහුය. විශ්වය සැකසීමේදී හා එය මැවීමේ දී කිසිවකු ඔහුට හවුල් වූයේ නැත. ඒ සියල්ල අල්ලාහ්ගේ අනු දැනුමට හා ඔහුගේ අභිමතයට අනුකූලව ඔහුගේ සැලස්මට අනුව සිදු වේ. එය මවා එය මතු කරනුයේ ඔහුය. එසේම ඔහුගේ දැනුම මිනිස් වර්ගයා නොලබති. ඔහුගේ නියමය හා සැළසුම ගැන ද නොදනිති. ඔහු කවර කරුණක් සැළසුම් කර තිබේද, නියම කර තිබේ ද ඒ ගැන ඔවුහු නොදනිති. එමෙන්ම ඒවායෙහි ඇති ප්‍රඥාව ද නොදනිති. මිනිසාට වසන් කළත්, එයට ප්‍රඥාවක් ඇත. හිරු උදාවීම, එය අවරට යෑම, ග්‍රීස්ම, ශීත, සරත් සහ වසන්ත කාල අතර විවිධත්වය යනාදී මතු පිටින් පෙනෙන සෑම කරුණකම ප්‍රඥාවක් ඇති සේම, ඔබෙන් සැඟවී ඇති දේ තුළ ද ගැඹුරු ප්‍රඥාවක් ඇත. නමුත් ඔබ එය නොදනියි, තේරුම් නොගනියි. ආරෝග්‍යමත් මිනිස් මනස තේරුම් ගැනීමට සහ වටහා ගැනීමට නොහැකි දේ ප්‍රතික්ෂේප නොකරනු ඇත.

පෙර නියමය සෑම දෙයක්ම ඇතුළත් කර ගෙන ඇත. පැවැත්මෙහි ඇති කිසිදු කරුණක් අල්ලාහ් එය නියම කිරීමෙන් හා ඔහුගේ අභිමතයෙන් තොරව ක්‍රියාත්මක වන්නේ නැත. ඒ අනුව සර්ව බලධාරී පරමාධිපතියාණන්ගේ පෙර නියමය අනුව මිස කිසිදු විපතක් පහළ වන්නේ නැත. කිසිදු ආශිර්වාදයක් අවහිර කළ නොහැක. කිසිදු පරීක්ෂණයක් සිදු වන්නේ නැත. එය ඉවත් වන්නේ ද නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු." (සූරා අල්-හිජ්ර්: 21) මෙම දිව්‍ය නියාමනය ව්‍යාකූල නොවන සමබර සැලැස්මකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු." (සූරා අල්-හිජ්ර්: 19) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුලින් ද එමෙන්ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධය." (සූරා යාසීන්: 36)

තුන්වන විමසුම: කද්ර් හෙවත් පෙර නියමය විශ්වාස කිරීමේ ඵලය.

පෙර නියමය ගැන විශ්වාසය මිනිසාට විශාල ප්‍රතිලාභ සහතික කරයි. ඒ අතරින්:

පළමුවැන්න: පෙර නියමය පිළිබඳ විශ්වාසය මිනිසාට පැවැත්මේ ශ්‍රේෂ්ඨතම සත්‍යය හෙළි කරයි. ඇත්ත වශයෙන්ම එය පැවැත්මේ වටිනාම සත්‍යය වන අතර, එය මෙම පැවැත්ම නිර්මාණය කළ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමේ අංශයක් පිළිබඳ දැනුමයි. එය ඔහුගේ කැමැත්ත සහ ඔහුගේ විධානය මත ඔහු ක්‍රියාත්මක කරයි. මක්නිසාද යත්, මනසෙහි ඉතා ගෞරවනීය ස්ථානය මෙන්ම, ඉගෙනීමට සහ අවබෝධය ලබන්නට වඩාත්ම විශිෂ්ට අංශය අල්ලාහ් පිළිබඳ දැනුමය, එමෙන්ම ඔහුට ගරුබුහුමන් කිරීමය. කවරෙකු මෙම විශිෂ්ඨත්වය අත්හැර දැමුවේ ද ඔහු ජීවිතය හැර ගියහොත් සහ එහි ඇති වඩාත් ශේෂ්ඨත්වය හඳුනා නොගතහොත්, කවර කරුණක් එය උපයා දෙනු ඇත් ද කවර අරමුණක් එය සහතික කරනු ඇත් ද?

දෙවැන්න: පෙර නියමය පිළිබඳ විශ්වාසය, මෙම විශ්වයේ කළමනාකරණය සහ එහි අනාගතය පිළිබඳවත්, අසාර්ථක නොවන හෝ වෙනස් නොවන මෙම නිශ්චිත නියමය විශ්වයට ලබා දුන් තැනැත්තා කවු ද? යන්න පිළිබඳවත් මනසට නැඟෙන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.

තුන්වැන්න: පෙර නියමය පිළිබඳ විශ්වාසය, මතු සිදුවන්නට යන දේ හා එය මතු සිදු වන්නේ කෙසේද යන්න දැන ගැනීමට ඇති ආශාව නිසාවෙන් ඉන්ද්‍රජාලකයින්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ මන්ත්‍රකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකු වළක්වයි. පෙර නියමය යනු සර්ව බලධාරී අල්ලාහ් පමණක් දන්නා මහා රහසක් බව පුද්ගලයෙකු දන්නේ නම්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්, ඉන්ද්‍රජාලිකයන් සහ මන්ත්‍රකාරයින්, බොරුකාරයන් ව්‍යාජ ලෙස මිනිසුන්ගේ මුදල් කා දමන වංචාකාරයන් බව ඔහු දැන ගනු ඇත.

හතරවනුව: පෙර නියමය පිළිබඳ විශ්වාසය මිනිසාට - දෙවියන්ගේ කැමැත්ත පරිදි - සැනසුම ලබා දෙයි. එමෙන්ම ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට යටත්වීම නියම කරයි. තවද දේවත්වය විශ්වාස කරන්නාට තෘප්තිය සහ සතුට ලබා දෙන අතර ඔහුට ධෛර් යය සහ උනන්දුව ලබා දෙයි. මක්නිසාද යත්, ඔහු පෙර නියමය විශ්වාස කරන්නේ නම්, තමන්ට සිදු වූ ඕනෑම දෙයක් තමන්ට මග හැරෙන්නට තිබූ දෙයක් නොවන බවත්, තමාට මග හැරුණු දේ තමාට සිදු වන්නට තිබූ දෙයක් නොවන බවත් ඔහු දන්නා බැවිනි. එය ප්‍රශංසනීය නම් ඉදිරියට යා යුතු අතර, ඉන් වැළකී සිටීම ප්‍රශංසනීය නම්, බියෙන් හෝ සැකයෙන් තොරව වැළකී සිටිය යුතුය. පෙර නියමය පිළිබඳ විශ්වාසය මිනිස් ආත්මය පිවිතුරු කරයි. තමාගේ සියලු ගනුදෙනු හා ක්‍රියාවන් නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බව මිනිසෙක් දත් විටෙක, ඔහු නපුර නොසලකයි, ඔහුගේ හදවතේ වෛරය හා ඊර්ෂයාව ප්‍රවේශ නොවෙයි.

පස්වනුව: පෙර නියමය පිළිබඳ විශ්වාසය පුද්ගලයෙකුට ඔහුගේ සියලු තත්වයන් තුළ සම්පූර්ණ සමතුලිතතාවයක් ලබා දෙයි. ඔහුට යහපතක් සිදු වුවහොත්, ඔහු පීඩාවට පත් නොවන අතර, මිනිසුනට අපරාධයක් නොකරයි. මක්නිසාද යත්, මෙම යහපත්කම ඔහුට සිදුවූයේ අල්ලාහ්ගේ සැලැස්මෙන් හා කරුණාවෙන් මිස මිනිසාගේ බලයෙන් හා ශක්තියෙන් නොවන බවත්, ඔහුට විපතක් සිදුවුවහොත්, එය නියම කරනු ලැබූ දෙයක් බවත් ඔහු දන්නා බැවිනි. ඔහු කලබලයට පත් නොවන අතර බලාපොරොත්තු සුන් කර නොගනියි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ.* තවද අපි ඔහුට අත් වූ පීඩාවන්ගෙන් පසු ව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘සැබැවින්ම නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රමෝදයට පත්වන උඬඟු වූවෙකි.* "නමුත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත." (සූරා හූද්: 9-11) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙරම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.* නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසත් ඔහු නුඹලාට පිරි නැමූ දෑ ගැන නුඹලා සතුටින් ඉහවහා නොයනු පිණිසත්ය. තවද පුරසාරම් දොඩන අහංකාර සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්‍රිය නොකරයි." (සූරා අල් හදීද්: 22-23)

නව වන කොටස: අවසන් දිනය

පළමු විමසුම: ජීවිතයේ යථාර්ථය හා මරණයේ යථාර්ථය.

මිනිසා ගමන් කළ යුතුව ඇති කාලය අල්ලාහ් අදියර තුනකට නියම කළේය. පළමු අදියර මෙලොව ජීවිතයයි. දෙවන අදියර බර්සක් ජීවිතයයි. එනම්, එය මිනීවල තුළ ගත කරන අවදියයි. තුන්වන අදියර මතුලොව ජීවිතයයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබ, ලෝවැසින්ගේ පරමාධිපතියාණන් ඉදිරියේ මිනිසුන් අවදි කරන අවස්ථාවයි. මෙම පාඩමේ ඇති මේ සෑම දෙයක් ගැනම අල්ලාහ්ගේ අනුමැතියෙන් අපි විස්තරාත්මකව පවසන්නෙමු.

මෙලොව ජීවිතය, දෙවියන් විසින් මවන ලද අතර එය වගකීම් සහිත, පරීක්ෂණ හා විභාග සහිත ස්ථානයක් බවට පත් කරන ලදී. අල්ලාහ්ට නමස්කාර කිරීම, යහපත් ක්‍රියාවන් සඳහා යුහුසුළු වීම, ඒ සඳහා එකිනෙකා හා තරඟ කිරීම, ඔහුගේ මාර්ගය වෙත කැඳවීම සහ මහපොළොව පරිපාලනය කිරීම යනාදී කරුණු අල්ලාහ් මිනිසාට පවරා ඇත. ඒ අනුව කවරෙකු එහි අල්ලාහ්ට නැමදුම් කර, ඔහුව විශ්වාස කරමින් හා ඔහුට අවනත වෙමින් එය පාලනය කර, ඔහුගේ මැවීම් සමග දැහැමි අයුරින් කටයුතු කර, රහසිගත සහ ප්‍රසිද්ධ කටයුතුවල දී අල්ලාහ් ගැන බියෙන් හා ඔහු ගැන නිරීක්ෂණයෙන් යුතුව කටයුතු කරන්නේ ද අල්ලාහ්ගේ ආශිර්වාදය ලත් අය ඔහුමය. එමෙන්ම කවරෙකු මුරණ්ඩු වී, අහංකාරකම් පා, සහ සර්ව බලධාරී අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේ ද පරාජිතයා ඔහුමය.

ඉස්ලාමය තුළ මෙලොව ජීවිතය යනු පුද්ගලයෙකුට තම සර්ව බලධාරී ස්වාමියාගේ තෘප්තිය ලබා ගත හැකි, මිනිසුන් සතුටු කළ හැකි, මහපොළොව පාලනය කළ හැකි, යහපත සලසා, පරිත්‍යාග කර, සංවර්ධනය කළ හැකි සෑම දෙයක්ම ඉදිරිපත් කිරීම සඳහා වන පුළුල් හා ඉඩකඩ සහිත භූමිකාවකි. ජීවිතය යනු බරක් සහ දැරීමක් නොවන අතර ඉන් මිනිසා මිදිය යුත්තකි. නමුත් එය මහපොළොව ගොඩනැගීම සඳහා ආශීර්වාද ලත් ක්ෂේත්‍රය වේ. එසේම ලෞකික සතුට සහ පරලොව සතුට සාක්ෂාත් කරගනිමින් නැවත නැගිටුවනු ලබන දිනයේ දී සදාකල් පවතින සැපත දිනා ගැනීමයි. සර්ව බලධාරියාණන් මෙසේ පවසයි: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු." (සූරා අන්නහ්ල්: 97)

අල්ලාහ් මෙලොව ජීවිතය උපමා කළේ, පැළ වී සම්පූර්ණයෙන්ම වැඩී, පසුව ඉපැණැලි බවට පත්ව විනාශ වී යන පැළයකටය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය." (සූරා අල්-කහ්ෆ්: 45) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නියත වශයෙන්ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂා වක් මෙනි. එය පැළෑටි හට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේය. පසු ව එය වියළී කහ පැහැ ගැන්වී පසුව ඉපණැලි බවට පත් වනු නුඹ දකිනු ඇත. නමුත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන බුක්ති විඳීමක් මිස නැත." (සූරා අල් හදීද්: 20)

මිනිසුන්ට මරණින් මතු ජීවිතයට යාමට හැකි වන පරිදි මේ ජීවිතයට හෝ කාල පරිච්ඡේදයට ඔහු කාලය නියම කළේය. එසේම ඔහු සෑම මිනිසෙකුටම නොඉක්මවන සීමිත ආයු කාලයක් නියම කළේය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණ ව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත." (සූරා ආලු ඉම්රාන්: 185)

මරණයේ යථාර්ථය සම්බන්ධයෙන් ගත් කල, එය පැවැත්මේ කාරණයක් මිස තනිකරම ශුන්‍යවාදී කාරණයක් නොවේ. එමෙන්ම ඉන් පසු ජීවයක් නැති විනාශයකි. අල්ලාහ් ජීවිතය මැවූ සේම මරණය ද මැවීය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය; අතික්ෂමාශීලීය." (සූරා අල්-මුල්ක්: 2) මරණය යනු, මරණින් පසු මිනිසා බර්සක් ජීවිතය එනම් මිනීවලෙහි සහ එහි පවතින දෑ වෙත විතැන් වීම සඳහා මෙම ජීවිතයේ අවසානය කරා ළඟා වීමය.

මරණය යනු අල්ලාහ්ගේ විෂයකි. එබැවින් කිසිවෙක් විසින් කිසිවකු මරණයට පත් කිරීමට නොහැකිය. අවසන් ආයු කාලය ළඟා නොවූ අයකු මරණයට පත් කිරීමට කිසිවකුට නොහැක. මිනිසුන් සතුන් ගස් කොළ හා අනෙකුත් සියලු ජීවීන් මරණයට පත් කරන්නේ සුවිශුද්ධ අල්ලාහ් හැර වෙන කවරෙකු ද? එබැවින් කිසිවකු මරණයට පත් කිරීමට මිනිසුන්ට නොහැක. ඔහුගේ අවසානය පැමිණි විට ඔහුගෙන් මරණය වළක්වන කිසිවකු ද නැත. තමන්ගෙන් හෝ සෙස්සන්ගෙන් මරණය වැළැක්වීමට හැකිදැ?යි අල්ලාහ් මිනිසාට අභියෝග කරයි. '...එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, මරණය නුඹලාගෙන් වළක්වා ගනු' යැයි (නබිවරය) නුඹ විමසනු." (සූරා ආලු ඉම්රාන්: 168) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “නියත වශයෙන්ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින්ම එය නුඹලා ව හමුවනු ඇත. පසු ව අදෘශ්‍ය දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වනු ඇත." (සූරා අල්- ජුමුආ: 8) තමන් මරණය නියම කළ අයට ඔවුන් විසින් යළි ජීවය දිය හැකි දැයි අල්ලාහ් මිනිසාට අභියෝග කරමින් මෙසේ විමසා සිටියි: "(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;* නුඹලා එම අවස්ථාවේ (කිසිවක් කර කියා ගත නොහැකිව) බලා සිටින්නෙහුය.* තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.* එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;* නුඹලා සත්‍යයවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු." (සූරා අල්-වාකිආ: 83-87)

මරණය අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දරණ පාලනය පෙන්වා දෙන්නකි. තමන් කැමති මැවීමක ප්‍රාණය අත්පත් කර ගනු පිණිස මරණයේ දූතයා එවනුයේ ඔහුය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද තම ගැත්තන්ට ඉහළින් සිට මර්දනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ සුරදූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති." (සූරා අල්-අන්ආම්: 61) මරණය හා ජීවය, රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුව මතු වීම යනාදිය මෙම විශ්වය සහ එහි ඇති සියලු දෑ සමග පරිපාලනය කරන සර්ව බලධාරී මැවුම් කරුගේ පැවැත්ම පෙන්වා දෙයි. සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසයි: "තවද ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?" (සූරා අල්-මුඃමිනූන්: 80)

අල්-කුර් ආනයේ මරණය යනු මරණ දෙකක් බව සඳහන් කරයි:

පළමුවැන්න: සංකල්පමය මරණය: එනම් මිනිසා තම මනස, ශ්‍රවණය හා බැල්ම විනාශ කර ගැනීමයි. එය මරණයට සමානය. ඔහු පරමාධිපතියාණන්ගේ පැවැත්ම, විශ්වයේ සැලසුම්කරු සහ ඔවුන්ගේ පෝෂණ සම්පත්හි මැවුම්කරු පෙන්වා දෙන විශ්වීස සාධක දෙස නොබලයි. ගැත්තන් හට මඟ පෙන්වමින් පහළ කළ ඔහුගේ ග්‍රන්ථය අධීක්ෂණය නොකරයි. තමන්ව බිහි කළ, තමන්ට පෝෂණ සම්පත් දායාද කළ, එමෙන්ම කටයුතුවල යහපත ඇති දෑ වෙත මග පෙන්වූ සර්ව බලධාරී තම පරමාධිපතියාණන්ට නැමදුම් නොකරයි. ඔහු ඔහුගේ පරමාධිපතිව ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු මිය ගිය දේහයකට සමානය. අල්ලාහ් එයට මව්ත් හෙවත් මිය ගිය තැනැත්තා ලෙස නම් කළේය. එසේ නොවන්නට මිනිසා ජීවිතයට පැමිණ පසුව සැබැවින්ම අල්ලාහ් ඔහුට ස්ථානයක් සූදානම් කර ඇති බවත්, අහස් හා මහපොළොව ඔහුට වසඟ කර දී ඇති බවත් ඔහුට ආහාර පාන සළසා, උෂ්ණත්වයෙන් සීතලෙන් හා වර්ෂාවෙන් ආරක්ෂාව ලබන දෑ ඔහු වෙනුවෙන් මවා ඇති බවත් මෙම මහපොළොවේ ජීවත් වනු පිණිස ඔහුව සූදානම් කර ඇති බවත් මිනිසා දැක, පසුව මිනිසා මෙලොව ජීවිතයේ ජීවත් වෙයි. සැබැවින්ම තමන් ජීවමාන බවත් තමන්ට ශ්‍රවණය, බැල්ම හා වටහා ගත හැකි හදවතක් ඇති බවත් විශ්වාස කළත්, මෙම විශ්වය මැවූ මැවුම්කරු ගැන ඔහු වටහා නොගනියි. එනිසා ඔහුව බිහිකළ පරමාධිමපතියාණන්ට නැමදුම් නොකරයි. ඔහුගේ සියලුම ශරීර අවයව ප්‍රඥාවන්ත මැවුම්කරු පිළියෙළ කළ සැළැස්ම අනුව පවතින බව ඔහු නොදුටුවේ ද? පසුව ඔහුව විශ්වාස නොකරයි. තම මැවුම්කරු ගැන නොදන්නා තමන් අවට ඇති දෑ ප්‍රයෝජනයට නොගන්නා මේ මිනිසා අතර හා තමන් අවට ඇති දෑ ගැන නොහඳුනන, මිනී වල තුළ වල දමන ලැබූ දේහය අතර වෙනස කුමක් ද? සැබැවින්ම මෙම මිනිසා මහඟු අල් කුර්ආනය අනුව-ජීවමානව සිටින නමුත් මිය ගිය අයෙකි- ඔහු සතුන්ට වඩා දරුණු අයෙකි. හේතුව සත්වයින් උන්ගේ ඉන්ද්‍රියන් උන්ට ප්‍රයෝජනවත් වන කරුණුවලදී පාලනය කර ගනිමින් උන්ට ඇතිවන හානිදායක දැයින් වළක්වා ගනියි.

දෙවැන්න: කවුරුත් හඳුනන මරණයයි. එනම් ශරීරයෙන් ප්‍රාණය වෙන්වීමය. මෙය සියලුම ශිෂ්ඨාචාරයන් හා සමූහයන් හඳුනන පොදු දෙයකි. දෙවියන්ට අවනත වන මුස්ලිම්වරු මෙන්ම දෙවියන් ප්‍රතික්ෂේප කරන කාෆිර්වරු ද එයට මුහුණ දෙති. මිනිසාට මිය යන වේලාව ළඟා වූ විට ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගැනීම සඳහා මරණයේ දූතයා අල්ලාහ් විසින් එවනු ඇත. “නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත.” (සූරා අස් සජදා: 11)

මෙහි තවත් ප්‍රශ්නයක් වෙයි. එනම්: අල් කුර්ආනයට හා සුන්නාවට අනුව දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ මරණය දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාගේ මරණයෙන් වෙනස් වෙයි ද? අප පවසා සිටින්නේ: ඔව් බෙහෙවින්ම වෙනස් වෙයි. නමුත් එය අවසන් හෝරාව හා මරණය ළඟා වූ අයකුට මිස වෙනත් කිසිවකුට ඒ ගැන වැටහෙන්නේ නැති බවයි.

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ මරණය වනාහි, ශුද්ධ වූ අල් කුර් ආනයේ පාරිශුද්ධ මෙම වැකි පැහැදිලි කර සිටින්නේ කෙනෙකුගේ අවසන් කාලය පැමිණි විට අල්ලාහ්ගේ තෘප්තිය ගැන ශුභාරංචි දන්වමින් දයාවේ දූතයින් ඔහු වෙත පහළ වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "අහෝ සැනසුමට පත් ආත්මය!* නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.* එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.* තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු." (සූරා අල්-ෆජ්ර්: 27-30) ඔහුට ඉදිරියේ ඇති දෑ සම්බන්ධයෙන් ඔහුට කිසිදු බියක් නැති අතරම ඔහු අත්හැර දමා ආ දරුවා හා පියා සම්බන්ධයෙන් කිසිදු දුකක් ඔහුට නැති බවත් ඔහුට ශුභාරංචි දන්වයි. සර්වඥයන් වහන්සේ මෙසේ වදාළහ. "“නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසු ව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නොවනු. තවද දුක් නොවනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රිති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත." (සූරා ෆුස්සිලත්: 30)

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වෙයි: “කවරෙකු අල්ලාහ් හමුවීමට ප්‍රිය කරන්නේ ද, අල්ලාහ් ද ඔහු හමුවීමට ප්‍රිය කරයි. කවරෙකු අල්ලාහ් හමුවීමට පිළිකුල් කරන්නේ ද, අල්ලාහ් ද ඔහුව හමුවීමට පිළිකුල් කරයි.“ එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! එය මරණය පිළිකුල් කිරීම ද? එසේ නම් අපි සියලු දෙනා මරණය පිළිකුල් කරනවා නේ"දැයි පැවසුවෙමි. එවිට එතුමා, “එය එසේ නොවේ. නමුත් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයකු අල්ලාහ්ගේ කරුණාව, ඔහුගේ තෘප්තිය, ඔහුගේ ස්වර්ගය පිළිබඳ සුභාරංචි දන්වනු ලැබූ විට අල්ලාහ්ව හමුවීමට ඔහු ප්‍රිය කරනු ඇත. එවිට අල්ලාහ් ද ඔහුව හමුවීමට ප්‍රිය කරයි. දෙවියන් ප්‍රතික්ෂේප කරන අයකුට අල්ලාහ්ගේ දඬුවම ඔහුගේ කෝපය ගැන දන්වනු ලැබූ විට ඔහු අල්ලාහ්ව හමුවීම පිළිකුල් කරනු ඇත. අල්ලාහ් ද ඔහු හමුවීමට පිළිකුල් කරයි.“ යනුවෙන් පැවසුහ. (62)

දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරයකුගේ මරණය සම්බන්ධයෙන් ගත් කල, එය පිළිකුල් සහගත මරණයක් සහ දුෂ්කර තත්වයක් වන අතර, ඔහු මරණයේ වේදනාව, මෙලොව හැර යාමේ දුක, ඔහුගේ පවුලේ අය සහ දරුවන් පිළිබඳ ශෝකය, ඔහු ඉදිරිපත් කළ දෑ සහ ඔහුගේ ප්‍රාණය ඩැහැගත් විට ඔහුට දේවදූතයන්ගෙන් අත්විඳින දෑ කුමක් ද යන්න ගැන බිය පවතී. මෙම බිහිසුණු තත්ත්වය පහත පාඨවලින් පැහැදිලි වේ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "...තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා 'නුඹලාගේ ප්‍රාණ නුඹලාම බැහැර කර ගනු' (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්ය නොවන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය." (සූරා අල්-අන්ආම්: 93) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්! ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙති. නුඹලා දැවෙන වේදනාවේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසති).* මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන්හට අරපාධ කරන්නෙක් නොවේ." (සූරා අල් අන්ෆාල්: 50, 51) එය දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාට නින්දා සහගත හා අපහාසාත්මක අවස්ථාවකි. උත්තරීතරයාණන් මෙසේ පැවසීය. "එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.* තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබන්නේය." (සූරා අල් ෆජ්ර්: 25,26) දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයාගේ මරණයේ ස්වභාවය හා ඔහුගේ ප්‍රාණය උදුරන අවස්ථාවේ පවතින තත්ත්වය නබි වදනක මෙසේ සඳහන් වී ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා මෙලොවෙන් තුරන් වී මරණින් මතු ජීවිතය වෙත ළඟා වූ විට, කෲර හා දරුණු දේවදූතයන් ඔහු මතට ගොඩබැස, ඔහුගේ ආත්මය උදුරා ගනී. තෙත් ලොම්වලින් ලොම් උදුරා ගන්නාක් මෙන්, ඔහුගේ ආත්මය නහරවලින් ඉවත් කරනු ලැබේ. අහස සහ පොළොව අතර සිටින සෑම දේවදූතයෙක්ම සහ අහසේ සිටින සෑම දේවදූතයෙක්ම ඔහුට ශාප කරයි.) [63] සහීහුල් බුහාරි (6507), සහීහ් මුස්ලිම් (2684), මෙය මුස්ලිම් සතු වදන් පෙළකි.

ආත්මයේ මරණය යනු ශරීරයෙන් එය වෙන්වීමය. ආත්මා විනාශ වන්නේ නැත. නමුත් එය බර්සක් හෙවත් මිනී වළ ජීවිතය වෙත විතැන් වන අතර ප්‍රාණ ආරූඩ වන බව විශ්වාස කරන්නාක් මෙන් එය මිනී වල ජීවිතයෙන් නැවතත් එක් ශරීරයක සිට තවත් ශරීරයකට විතැන් වන්නේ නැත. සෑම ආත්මයක්ම අදාළ ශරීරය සමග පවතින අතර එය වෙනත් කෙනෙකු අතරට ආරූඩ වන්නේ නැත. ඒ හැර වෙනත් තැනකට විතැන් වන්නේ ද නැත. ජීවිතය තිබෙන තුරු ආත්මය ශරීරය තුළ පවතී. පසුව මරණයෙන් පසු මිනී වල තුළ නැවතත් ශරීරය සමග බැඳෙයි. පසුව එය සමගම බැඳී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවදිවෙයි. අල්ලාහ්ගේ අනුමැතියෙන් ඒ පිළිබඳ පහළින් පරිච්ඡේද කිහිපයක අපි පැහැදිලි කරමු. මුස්නද් අහ්මද්, අර්-රිසාලා (18614).

මිනිසාට කරන ගෞරවයක් ලෙසින් මුස්ලිම්වරයකු මිය ගිය ඔහුව පසු නාවා, සුවඳ විළවුන් ගල්වා, ඔහුගේ ශරීරය රෙදි කඩ කිහිපයකින් ඔතා, පසුව ඔහු වෙත නියම වූ සලාතය ඉටු කර, ඔහු වෙනුවෙන් කරුණාව හා සමාව ඉල්ලා ප්‍රාර්ථනා කර, පසුව ඔහුගේ ශරීරය මිනී වල තුළ තැන්පත් කර වසා දමා වළ දමන්නට ඉස්ලාමය තුළ අල්ලාහ් නියෝග කර ඇත. ඔහුගේ මිනී වල තුළ ලෞකික භාණ්ඩ කිසිවක් තැන්පත් කරනු නො ලැබේ. හේතුව, ඉන් ඔහු කිසිදු ප්‍රයෝජනයක් නො ලබන අතර ඔහු කළ දැහැමි ක්‍රියාවන් හැර වෙනත් කිසිවක් එහි දී ඵල නො දෙන බැවිනි.

දෙවන මාතෘකාව: කබ්ර් හෙවත් මිනී වල ලෝකය හා එහි පවතින දෑ.

මතුලොව ලෝකය වෙනස් වෙනවාක් මෙන් මිනී වල ලෝකය මෙලොව ජීවිතයට වඩා වෙනස්ය. මිනී වල ජීවිතය හැඟීම් දැනීම්, හා දර්ශණ සහිත ලෝකයත් සමග සමාන කළ නොහැක. මිනී වල ජීවිතය ගුප්ත ලෝකයකි. මිනිසාව එහි තැන්පත් කළ විට හැර ඒ ගැන ඔහුට දැනගත නොහැක. නමුත් අල්ලාහ් ඔහුගේ ශුද්ධ ග්‍රන්ථයේ හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවේ මිනී වල පිළිබඳ යථාර්ථයන් හා එහි දේවත්වය විශ්වාසය කළ ජනයාට හිමි සැපත හා දේවත්වය ප්‍රතික්ෂේප කළ මුරණ්ඩු ජනයාට හි දඬුවම් පිළිබඳ ඇතැම් යථාර්ථයන් අපට දන්වා ඇත.

මිය ගිය තැනැත්තෙකුගේ දේහය ඔහුගේ මිනී වල තුළ තැන්පත් කළ විට, එහි ආත්මය අල්ලාහ් ඒ වෙත නැවත ලබා දෙයි. මලක්වරු දෙදෙනෙක් පැමිණ කරුණු තුනක් පිළිබඳ ඔහුගෙන් විමසා සිටියි.

ඔබේ පරමාධිපති කවු ද?

ඔබේ ආගම කුමක්ද?

ඔබේ නබිවරයා කවු ද?

එවිට මුස්ලිම්වරයා: මාගේ පරමාධිපති අල්ලාහ්. මාගේ ආගම ඉස්ලාම්. මාගේ වක්තෘවරයා මුහම්මද් යැයි පවසා සිටියි. එවිට ඔහුගේ මිනීවල තුළ ඔහු සතුට විඳිනු ඇත. ස්වර්ගයෙහි ඔහුගේ නවාතැන දකිනු ඇත. පසුව ඔහුට ස්වර්ගයේ ඇති ඔබේ නවා තැනැ මෙය වේ යැයි පවසනු ලැබේ. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි අවසන් හෝරාව දැන් ක්‍රියාත්මක කරන්නැයි ඔහු ඉල්ලා සිටියි.

දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරයා සහ කුහකයා පිළිතුරු වශයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට බලයි. පසුව ඔහු ඔහුගේ මිනී වල තුළ දඬුවමට ලක් කෙරෙයි. නිරයේ ඔහුගේ නවාතැන දෙස බලයි. එවිට ඔහුට 'මෙය නිරයේ ඔබේ නවාතැන වේ' යැයි කියනු ලැබේ. එවිට ඔහු, 'අහෝ මාගේ පරමාධිපතියාණනි! දැන්ම අවසන් හෝරාව ක්‍රියාත්මක නොකරන්නැයි' බැගෑපත් වී පවසයි.

ආත්මය මිය ගිය පසු ව, ශරීරය සමග එකට බැඳෙනු ඇත. ශරීරය හා ආත්මය යන දෙකම විඳිනු ඇත. මිනී වල ජීවිතයේ දඬුවම හා සතුට යන දෙකම අපි නොහඳුනන යම් ආකාරයකට ලබනු ඇත. කිසිවක් නොසැඟවෙන සර්ව ඥයාණන් ඒ ගැන අපට දැනුම්වත් කර ඇත. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ ආත්මය ස්වර්ගයේ පිහිටන අතර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගේ ආත්මය අපා ගින්නේ පිහිටනු ඇත. එහි දී මිනී වල ජීවිතයේ ශරීරය සමග එකටම බැඳී පවතී. නමුත් මිනී වල ජීවිතයේ ශරීරය සමඟ ඇති ආත්මයේ බැඳීම මෙලොව බැඳී පවතින අයුරින් නොවේ. එය කෙසේදැ?යි විමසන්නෙකු විමසා සිටිය හැක. අපට පැවසිය හැක්කේ: සැබැවින්ම අපි ජීවත්ව සිටිය දීම ආත්මය අපගේ ශරීර සමග බැඳී ඇත්තේ කෙසේදැයි අපි නොදන්නේ නම් මහපොළොව යට මිනී වල තුළ එය ශරීරය සමග බැඳී ඇත්තේ කෙසේ දැ?යි අපට දැනගත හැක්කේ කෙසේද? එමෙන්ම කළලයක් තම මවගේ කුසේ තිබිය දී එහි ශරීරයේ ආත්මය පිඹිනුයේ කෙසේ දැයි අපි නොදනිමු. ඔහුගේ මව පවා එය කොයි මොහොතේ පිඹිනු ලබන්නේ දැයි ඇයට වැටහීමක් ද නැත. එසේ නම්, ගුප්ත ලෝකයේ, එනම් කබ්ර් ලෝකයේ ආත්මාවන් සමග ශරීරයේ බැඳීම මිනිසාට හඳුනා ගන්නට හැකි වනුයේ කෙසේ ද?

ෆිර්අවුන්ගේ සේනාව අද මිනීවලවල් තුළ සිටියදී ඔවුන් විඳින වධ හිංසා මොනවාදැ?යි අල්ලාහ් උතුම් අල් කුර්ආනයේ මෙසේ සඳහන් කර ඇත. "(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)" (සූරා ඝාෆිර්: 46) නැවත නැඟිටුවනු ලැබීමෙන් පසු කුමක් සිදුවේද යන්න පිළිබඳ ඉතිරි විස්තර අල්ලාහ්ගේ අවසරය වී නම් - අපි ඊළඟ ඡේදයේ සඳහන් කරමු.

මෙහි තවත් ප්‍රශ්නයක් පවතී. එනම්, 'මිය ගිය තැනැත්තන් මිනීවලවල් තුළ සිටිය දී ජීවත්ව සිටින්නන් විසින් ඔවුනට යහපත සැලසිය හැකි ද?' එවිට අප පවසා සිටින්නේ, "සැබැවින්ම දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සැබැවින්ම මුස්ලිම්වරයකුගේ දේහයක් ඔහුගේ ජීවිතය තුළ සිදු කරන දැහැමි ක්‍රියාවන් ඔහුට මතු ඵල දෙන බව පවසා ඇති" බවයි. මිනී වල තුළ සිටින මුස්ලිම් සහෝදරයාට සෙත සැළසීමට පතන ජීවමාන අයකුගේ උත්සාහය වනාහි, දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා සිටියහ. (මිනිසෙකු මිය ගිය විට, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු කටයුතු නතර වනු ඇත. එනම්: ප්‍රයෝජනය ලබන දැනුම හෝ අඛණ්ඩ දානය හෝ ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා.) (64) අල්ලාහ්ට අවනත වූ මුස්ලිම්වයා මිය ගිය පසුත් ඔහු ඉගැන් වූ ප්‍රයෝජනවත් දැනුම, පාසැල් ඉදි කිරීම, ළිං, රෝහල් සහ වෙනත් දෑ තැනීම වැනි සදා පවත්නා අඛණ්ඩ දානය යනාදී ජනයාට සෙත සලසන ආකාරයේ ඔහු විසින් කළ දැහැමි ක්‍රියාවන් හේතුවෙන් ඔහු මිනී වල තුළ සිටිය ද අල්ලාහ් අබියස ඔහුගේ තරාතිරම් හා ඔහුගේ ක්‍රියාවන් අධික වනු ඇත. ඒවා ක්‍රියාකාරීව තිබුණ ද ඔහු වෙනුවෙන් දන් දුන්න ද එක සමානය. එමෙන්ම ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දරුවකු ද එලෙසමය.

මෙහි තවත් ප්‍රශ්නයක් නම්, "මිය ගිය තැනැත්තා විසින් ජිවත්ව සිටින්නන් හට සෙත සැලසිය හැකි ද?" මිය ගිය තැනැත්තා විසින් ජීවත්ව සිටින්නන් හට පැවැත්මෙන්ම සෙත සැලසිය නො හැකිය. දැනුම, සදා යහපත ගෙන දෙන ක්‍රියාවන් වැනි ඔහු විසින් අත්හැර දමා ගිය දැයින් ඔවුන් ප්‍රයෝජනය ලබන්නේ නම් එවිට මිය ගිය ඇත්තන් විසින් ජීවත්වන අය හට සෙත සලසනු ඇත. නමුත් එය සදාකල් විය නො හැක්කකි. හේතුව මිය ගිය තැනත්තා ජීවත්ව සිටි තැනැත්තන් සමග වූ සම්බන්ධතාව බිඳ වැටෙන බැවිනි. එවිට ඔවුන්ගේ කතාවට ඔහු සවන් දෙන්නේ නැත. ඔහුගෙන් කිසිවක් ඉල්ලූ විට ඔවුනට පිළිතුරු දෙන්නේ නැත. යහපත කිරීමට හෝ අයහපත කිරීමට හෝ ඔහුට හැකියාව නැත. අල්ලාහ් තම නබිවරයා පිළිබඳ පවසන විට මෙසේ පවසා සිටියි: "අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්රමාද නොවෙති. එමෙන්ම ඔවුහු ඉක්මන් ද නොවෙති." (සූරා යූනුස්: 49) එසේ නම් එතුමාණන් නොවන සෙසු අය, එයට වඩාත් ගැළපෙන පිරිස වනු ඇත. සුනන් අත්-තිර්මිදි (1376), සුනනු අද්දාරමී (578)

මේ ගැන අපි වටහා ගත් විටෙක, මිනීවලවල් තුළ ජීවත්වන තැනැත්තන් වෙත කණ්ණලව් කිරීම, ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම, ඔවුනට සමීප වීම, ඔවුන්ගේ මිනී වලවල් අබියස පඬුරු දැමීම, ඔවුන් ප්‍රයෝජනවත් වන බව හෝ ජීවත්ව සිටින්නන් හට සෙත සැලසිය හැකි බව විශ්වාස කිරීම යනාදියෙහි වරද අපට අවබෝධ වන්නේය. මිය ගිය තැනැත්තා ජීවත්ව සිටින්නෙකුගේ ප්‍රාර්ථනාව හා දානය තුළින් මිස වෙනත් කිසිවකින් ප්‍රයෝජනය ලැබිය නොහැකි අතරම මිය ගිය තැනැත්තා පොදුවේ ජීවත්ව සිටින්නන් හට සෙත සැලසිය නොහැක.

තවත් ප්‍රශ්නයක් මෙලෙසය: මුතුන් මිත්තන්ගේ ආත්මාවලට ජීවත්ව සිටින්නන් හට බලපෑමක් සිදු කළ හැකි ද? එසේ නැතහොත් ඔවුන්ගේ රැස්වීම්වලට, ඔවුන්ගේ සතුට හා ශෝකයට සහභාගී වීමට හෝ බාධක ජය ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට හැකිද? පිළිතුර: සැබැවින්ම මිය ගිය ඇත්තන්ගේ ආත්මාවන් එවා නබිවරුන්, ධාර්මි කයින්, ප්‍රභූවරුන් හෝ සමිප ඥාතීන්ගේ වුව ද ජීවත්ව සිටින්නන් සමග ඒවා සම්බන්ධකම් පවත්වන්නේ නැත. ඔවුනට සෙත සලසන්නේ ද නැත. ඔවුන්ගේ ජිවිතය තුළ බලපෑම් ඇති කරන්නේ ද නැත. ඔවුන් ගැන කිසිවක් හඳුනන්නේ ද නැත. නමුත් එම ආත්මාවන් ඔවුන් සතු සැපත හෝ වේදනාවන් සම්බන්ධයෙන් කාර්ය බහුල ව සිටිති.

තුන්වන මාතෘකාව: යළි අවදි කරන දිනය හා එක්රැස් කරන දිනය.

අල්-බඃස් හෙවත් යළි අවදි කරන දිනය යනු: මියගිය ඇත්තන් ඔවුන්ගේ මිනීවලවල් තුළින් යළි අවදි කිරීම හා ආත්මාවන් ශරීර වෙත නැවත පැමිණීමය. එනම්, අල්ලාහ් මිනීවලවල්වලින් ශරීර බැහැර කර ඒවා ආත්මාවන් සමග සම්බන්ධ කරනු ඇත. තවද විනිශ්චය දිනය සඳහා එක්රැස් කර පසුව ප්‍රතිඵල පිරිනමනු ඇත. එය යළි අවදි කරන, එක් රැස් කරන හා යළි නැගිටුවනු ලබන දිනයයි. එයට නම් බොහෝමයක් ඇත. ඒ අතරින්: 'අල්-යව්මුල් ආඃකිර්' අවසන් දිනය, 'යව්මුල් කියාමා' යළි අවදි කරනු ලබන දිනය, 'යව්මුල් හිසාබ්' විනිශ්චය දිනය හා වෙනත් නම් ද ඇත. එදින අල්ලාහ් සියලු මැවීම් අවදි කර, ඔවුන් සියලු දෙනා එක්රැස් කර, ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ ඔවුන්ගෙන් විනිශ්චය කර පසුව පරිපූර්ණ ප්‍රතිඵල ඔවුනට පිරිනමන දිනයයි. යහපත් වී නම් යහපත් වනු ඇත. අයහපත් වී නම්, අයහපත් වනු ඇත.

මෙම බිහිසුණු දිනය ගැන අප කතා කරන්නට පෙර, මෙලොව ජීවිතය අවසන් වනුයේ කෙසේ ද? මිනිසුන් ඔවුන්ගේ මිනීවලවල්වලින් අවදි කරනු ලබනුයේ කෙසේද? යන්න ගැන සාකච්ඡා කරමු. එය වඩාත් කෙටියෙන් සඳහන් කරමු. හේතුව, අති වැදගත් සිදුවීම් බොහෝමයක් ඇති බැවින් ඒවා මෙලෙස කුඩා සාරාංශගත පොත් පිංචයක ගොනු කළ නොහැකි කරුණුය. නමුත් කෙටියෙන් අපි ඒ ගැන සඳහන් කරමු:

පළමුව: සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යනු අති බලවත් දිනයකි. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ සඳහන් කරයි: "අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිබලවත් කරුණකි.* නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ නුඹ දකිනු ඇත. නමුත් ඔවුන් මත්වූවන් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය." (සූරා අල්-හජ්: 1-2) මෙම දිනය අති බිහිසුණු දිනයක් වනුයේ, එදිනට පෙර සිදුවන සළකුණු දහයක් අල්ලාහ් නියම කර තිබීමය. එය එයට පෙරවදනක් හා සනිටුහනක් ලෙසිනි. හුදෙයිෆා ඉබ්නු උසෙයිදුල් ගෆ්ෆාරී තුමා විසින් වාර්තා කරන ලදී: අපි සාකච්ඡා කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප වෙත පැමිණ මෙසේ විමසා සිටියහ: "ඔබ සාකච්ඡා කරනුයේ කුමක් ගැනද?" ඔවුහු: 'අපි අවසන් හෝරාව ගැන සාකච්ඡා කරන්නෙමු' යැයි පැවසූහ. එතුමාණෝ: "සැබැවින්ම ඊට පෙර සළකුණු දහයක් ඔබ දකින තුරු එය ක්‍රියාත්මක වන්නේ නැත" යැයි පවසා, දුමාරය, දජ්ජාල්ගේ පැමිණීම, මෘග ‌සතෙකු මතුවීම, හිරු අවරින් උදා වීම, මරයම්ගේ පුත් ඊසා අලයිහිස් සලාම් තුමාගේ සම්ප්‍රාප්තිය, යඃජූජ් මඃජූජ් නම් ගොග් මැගොග්ගේ පැමිණීම, භූමි කම්පන තුනක් සිදුවීම එනම්: නැගෙනහිරෙන් එක් කම්පනයක්, බටහිරින් තවත් කම්පනයක් හා ආරාබි අර්ධත්වීපයෙන් තවත් කම්පනයක් ලෙසිනි. එහි අවසානය යමන් දේශයෙන් ගින්නක් මතු වීමය. එය මිනිසුන්ව යළි අවදි කරන ස්ථානය වෙත පළවා හරිනු ඇත" යැයි පැවසූහ. (65)

දෙවනුව: මෙම බිහිසුණු සළකුණු සිදු වී, මෙලොව තුරන් කිරීමට අල්ලාහ් අවසර දුන් විට, අල්ලාහ් මලක්වරයාට නියෝග කරයි: එවිට බිහිසුණු පිඹුමක් ඔහු පිඹියි. අල්ලාහ් අභිමත කරන අය හැර එය සවන් දෙන සියලු ජීවීන් විනාශ වී යනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: “හොරණෑව පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින්නන් ද මිහිතලයෙහි සිටින්නන් ද මරණයට පත් වන්නෝය. ඉන්පසු ව නැවත වරක් එය පිඹිනු ලැබේ. එවිට ඔවුන් නැගිට බලා සිටින්නෝය.” (සූරා අස් සුමර්: 68) සහීහ් මුස්ලිම් (2901)

තුන්වනුව: තිබූ භූමිය එවැන්නක් නොවන තරමට අල්ලාහ් වෙනස් කරයි. එක කැබැල්ලක් බවට භූමිය වෙනස් වනු ඇත. එම භූමිය මත විනිශ්චය දිනය සඳහා අල්ලාහ් මිනිසුන් එක්රැස් කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත." (සූරා ඉබ්‍රාහීම්: 48)

සිව්වනුව: අල්ලාහ් මලක්වරයාට නියෝග කර ඔහු තවත් වතාවක් පිඹින විට, සෑම ආත්මයක්ම එයට අදාළ ශරීරය වෙත බැඳෙනු ඇත. එය මෙලොව ජීවිතයේ හා මිනීවල ජීවිතයේ බැඳී පැවති පූර්ණවත් බැඳීමක් ලෙස ඒ සමඟ බැඳෙයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද හොරණෑවෙහි පිඹිනු ලැබීය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැර ව යති.* අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවුදැ?”යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයණෝ ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ)* එය එකම හඬක් මිස නොවීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති." (සූරා යාසීන්: 51-53)

පස්වනුව: ආත්මාවන් ශරීර තුළට පිඹීමෙන් පසු සියලු මැවීම් ඔවුන්ගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා එක් උස් තැනිතලාවක එක්රැස් කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණෙනු ඇත. නමුත්, "නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි ඇති නොකරන්නේමය යැයි නුඹලා සිතුවෙහුය." (යැයි පවසනු ලැබේ.) (සූරා අල්-කහ්ෆ්: 48)

සයවනුව: සියලු මැවීම් එක්රැස් කිරීමෙන් පසුව ඒ සියලු මැවීම් සම්බන්ධයෙන් පරමාධිපතියාණන් විනිශ්චය කරනු ඇත. සෑම මැවීමක්ම තම ක්‍රියා ලේඛනය අතැතිව එහි ඇති දෑ කුමක්දැයි අධීක්ෂණයෙන් බලනු ඇත. ඔහුගේ හොඳ නරක සියලුම ක්‍රියාවන් ඔහු එහි දකිනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්දෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.* නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹම ප්‍රමාණවත්ය." (සූරා අල්-ඉස්රා: 13,14) එහිදී, ඔහුගේ ලේඛනයේ ඔහු කළ කිසිදු ක්‍රියාවක් අතපසු වී නොතිබීම ගැනත් ඒ වෙනුවට ඔහුගේ සෑම ක්‍රියාවක්ම එහි සඳහන් කර තිබීම ගැනත් මිනිසා පුදුමයට පත් වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (ඔවුන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි." (සූරා අල්-කහ්ෆ්: 49)

එදින යථාර්ථයන් හෙළි වන අවස්ථාවේ දී දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා තමන් සත්‍යය මත ඉඳ ඇතැයි යන්න ගැන වටහා ගන්නා අතරම දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා සැබැවින්ම තමන් ඉඳ ඇත්තේ පැහැදිලි මුළාවක බව වටහා ගනියි. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරයා තම ක්‍රියාවන් නැවත සලකා බැලීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "එවිට සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ සම්බන්ධයෙන් පරීක්ෂාවට භාජනය වේ. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී යයි." (සුරා යූනුස්: 30) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "සෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේදී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය." (සූරා ආලු ඉම්රාන්: 30)

සත්වනුව: විනිශ්චයෙන් පසුව සාධාරණීය ලෙස ප්‍රතිඵල නියම වනු ඇත. එය දේවත්වය විශ්වාස කළ ජනයාට ස්වර්ගය සදාතනික ස්ථානය බවටත්, දේවත්වය ප්‍රතික්ෂේප කළ ජනයාට අපා ගින්න සදාතනික ස්ථානයක් බවටත් නියම වීමය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එදින ඔහු එක් රැස් කරන දිනය සඳහා නුඹලා ව එක් රැස් කරනු ඇත. එය පාඩු ලබන දිනයයි. තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන්ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි.* තවද අපගේ වදන් බොරු කොට ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු (නිරා) ගින්නේ වාසීහුය. එහි ඔවුන් සදාතනිකයින්ය. නැවත යොමු වන ස්ථානය නපුරු විය.* (සූරා අත් තඝාබුන්: 9,10)

අටවනුව: දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා දඬුවම දෑසින් දුටු විට, ඔහුගේ දෑස් ඉදිරියේ යථාර්ථයන් හෙළි වූ විට, දැහැමි ක්‍රියාවන් සිදු කිරීම සඳහා නැවත මෙලොවට පැමිණීමට ඉල්ලා සිටියි. නමුත් ක්‍රියාවේ කාලය ඒ වන විට අවසන් වී, ප්‍රතිඵල පිරිනැමීමේ කාලය උදා වී තිබේ. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් එවිට, “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් මැනව! අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරමු. තවද අපි විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු යැ’’ යි ඔවුහු පවසා සිටිති." (සූරා අල්-අන්ආම්: 27)

හතරවන මාතෘකාව: යළි අවදි කිරීමේ යථාර්ථය

සැබැවන්ම මෙලොව ප්‍රතිඵල පිරිනැමීමේ ස්ථානයක් නොවන බව අපි පෙර සඳහන් කළෙමු. මිනිසාගේ ආයුකාලය අවසන් වී යයි. නමුත් ඔහුගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල මෙලොව පිරිනමනු නොලැබේ. ‌මුස්ලිම්වරයා තම පරමාධිපතියාණන්ව විශ්වාස කරමින්, ඔහුගේ ආශිර්වාදවලට කෘතඥ වෙමින් මෙලොව ජීවිතය ගත කරයි. තහනම් කරන ලද බොහෝ ආශාවන්ගෙන් තමන්ව වළක්වා ගනියි. මිනිසුනට මහත්සේ උපකාර කරමින් දැහැමිව ජීවත් වෙයි. නමුත් ඔහුගේ ක්‍රියාවට සරිලන කොටස ඔහු එහි දී නොලබයි. එමෙන්ම ඇතැමි විට මිනිසා කෲර පාලකයකු, දුෂ්ඨයකු, අපරාධකාරයකු හා මිනී මරන්නෙකු ලෙස ජීවත් වෙයි. ඔහු සාමාන්‍ය මරණයකින් මෙලොව ජීවතයෙන් බැහැර වෙයි. නමුත් ඒ සඳහා කිසිදු ප්‍රතිවිපාකයක් ඔහු නොලබයි. අපරාධයට ලක්වූවන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඔහුගෙන් නොලබයි. ඔවුන්ගෙන් ඔහු ලබා ගත් දෑ ඔවුන් නැවත ලබා නොගනියි. ඇතැම් විට මිනිසා මෙලොව ජීවිතයේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ආශිර් වාද ලබයි. නමුත් ඔහුගේ පරමාධිපතිව ප්‍රතික්ෂේප කරමින් ජීවත් වෙයි. ඔහු ඔහුට ‌නැමදුම් නොකරන අතරම ඔහුව විශ්වාස නොකරයි. ඔවුන්ගේ ක්‍රියාවන්ට පටහැනිව, ඔවුන්ගේ විශ්වාසයන්ට පටහැනිව මෙලොව ජීවිතයේ මිනිසුන් හැර ගොස් ඔවුන්ගේ ක්‍රියාවන්ට ප්‍රතිඵල නොලැබීම සාධාරණනීය කරුණක් ද?

එබැවින් මැවීම් සඳහා එක්රැස් කරන දිනයක් අල්ලාහ් නියම කළේය. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ජය ලබනු ඇත. සැබැවින්ම ‌දේව විශ්වාසය දෙලොවෙහිම තම ජයග්‍රහණය වූ බවට ඔහු වටහා ගනියි. ඊට හේතුව තම පරමාධිපතියාණන්ව විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හට පූර්ණ ප්‍රතිඵල හා සදාතනික සැපත හිමිවන බැවිනි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට පහළින් ගංගාවන් ගලා බස්නා, ඔවුන් එහි සදාතනිකයින් වන (ස්වර් ග) උයන් ඇති බවත් අද්න් (නම් සදාතනික ස්වර් ග) උයන්හි යහපත් වාසස්ථාන ඇති බවත් අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය." (සූරා අත්-තව්බා: 72) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. තවද ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.* තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.* අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.* නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා! එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)" (සූරා අර්-රඃද්: 21-24)

දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා සැබැවින්ම තමන් මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද පරාජය ලබා ඇති බව වටහා ගනියි. අපරාධකරු ඔහුගේ අපරාධ සැබැවින්ම අල්ලාහ් සටහන් කර ඇති බවත්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ඒ සෑම අපරාධයක් සඳහාම ඔහුට සමප්‍රතිචාර දක්වන බවත්. සැබැවින්ම ඔහුගේ වැරදි හා බරපතල පාපකම් සියල්ලට සරිලන අයුරින් වෙනස් නොවන, සැහැල්ලු නොවන සදාතනික දඬුවම් තුළ ඔහු භාජනය කර දඬුවම් කරන බවත් දැන ගනියි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නොවේ ද?” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි." (සූරා අල්-අහ්කාෆ්: 35) උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේදී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කළකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය." (සූරා අන්-නිසා: 56) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.* "තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නොවන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.” (සූරා ෆාතිර්: 36,37)

අල්ලාහ් අබියස ඇති දෑ බලාපොරොත්තු වෙමින් හා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය තමන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමින් මෙලොවෙහි දැහැමි ක්‍රියාවන් සිදු කළ ‌දේව ප්‍රතික්ෂේපකයා වනාහි, සැබැවින්ම ඔහුව අල්ලාහ් අපතේ යවන්නේ නැත. ඒ සඳහා ඔහුට මෙලොවෙහිම ප්‍රතිඵල පිරිනමනු ඇත. දේව දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණේ මෙසේ පැවසූහ: සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත. (66)

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා සමග සමාන කිරීම හා වැරදිකරු දැහැමියා සමග සමාන කිරීම සාධාරණ වන්නේ ද? උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?" (සූරා අල්-කලම්: 35) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මතු ලොව පිළිබඳ බියෙන් හා තම පරමාධිපතිගේ ආශිර්වාදය අපේක්ෂාවෙන් රාත්‍රී හෝරාවන්හි (සලාතයේදී) සුජූද් කරන්නකු ලෙස හා නැගිට සිටින්නෙකු ලෙස ගැතිකම් කිරීමට අවදි ව සිටින්නා, (එසේ නොකරන පාපියකු මෙන්)ද? “දන්නා අය හා නොදන්නා අය සමාන වේවි” දැ?යි (නබි මුහම්මද්) නුඹ විමසනු. (මෙමගින්) උපදෙස් ලබනුයේ ප්රබුද්ධිමත් උදවියයි." (සූරා අස්-සුමර්: 9) සහීහ් මුස්ලිම් (2808)

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා පාර්ශව දෙකක් වෙති. ඒ දෙකට තුන්වන පාර්ශවයක් නැත. එනම් දේවත්වය විශ්වාස කරන මුඃමින් පාර්ශවය හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් පාර්ශවය. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා වනාහි, ඔහුගේ නවාතැන ස්වර් ගයයි. ‌දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයා වනාහි, ඔහුගේ නවාතැන නිරයයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන් හට නුඹ අවවාද කරනු පිණිස ද, එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙසය. (එදින) පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහිය." (සූරා අෂ්-ෂූරා: 7)

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව යුක්තිය හෙළි වේ. අපරාධයට ලක් වූ සෑම කෙනෙකුටම ඔහුට අපරාධ කළ තැනැත්තාගෙන් සමප්‍රතිචාර ලබන්නට අවකාශය පිරිනමනු ඇත. සෑම මිනිසෙකුටම ඔහු කළ ක්‍රියාවන් අනුව ප්‍රතිඵල පිරිනමනු ඇත. එවිට සෑම මිනිසෙකුටම ඔවුනොවුන්ගේ උරුමයන් පිරිනැමීමෙන් පරමාධිපතියාණන්ගේ යුක්තිය හා ඔහුගේ ප්‍රඥාව ගැන සියලුම මැවීම් සාක්ෂි දරනු ඇත.

පස්වන මාතෘකාව: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වන්දි පිරිනමා මිදීම හා තර්ක කිරීම.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යථාර්ථයන් හෙළි වූ විට, සෑම ආත්මයක්ම තමන්ව මුදවා ගැනීමටත්, වටිනා මිල අධික දෑ පවා වන්දි වශයෙන් පිරිනැමීමටත් ප්‍රිය කරනු ඇත. එය කෙතරම් ද යත් මහපොළොව හා එහි ඇති සියලු දෙනා වන්දි වශයෙන් පිරිනමන තරමටම වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත." (සූරා අස්-සුමර්: 47) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "සැබැවින්ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට මහපොළොවේ ඇති සියල්ල තිබී ඒ සමඟම ඒ හා සමාන තවත් දෑ ද තිබී, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් මිදීමට එය ඔවුන් වන්දි වශයෙන් කැප කළ ද, ඔවුන්ගෙන් එය පිළි ගනු නොලැබේ. තවද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." (සූරා අල් මාඉදා: 36) දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර්වරයා තම දරුවන් හා තම පවුල පවා වන්දි වශයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන්* "එමෙන්ම, තම බිරිය, තම සොහොයුරා,* ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්* තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි." (සූරා අල්-මආරිජ්: 11-14)

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇපය හෝ වන්දිය ප්‍රයෝජනවත් නොවනවා සේම තර්කය ද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාට ප්‍රයෝජනවත් වන්නේ නැත. යහමාර්ගයෙන් ඔහුව අවහිර කළ, මුළාව වෙත ඔහුට ආරාධනා කළ, දඬුවම ඔහුට ගෙන දුන් අය ගැන ඔහුගේ සිත සුවය ලබන්නේ නැත. අනුගමනය කළ අය හා අනුගමනය කරනු ලැබූවන් අතර. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන තර්ක පිළිබඳ තොරතුරු මහඟු අල් කුර්ආනයේ අල්ලාහ් අපට දන්වා ඇත. නමුත් ඒ් කිසිවක් ඔවුනට ප්‍රයෝජනවත් වන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: එදින සෑම ආත්මයක්ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක්ම තමන් කළ දෑට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නොලබති. (සූරා අන්නහ්ල්: 111) ඉබ්නු ජරීර් (රහිමහුල්ලා) තුමා මෙසේ පවසයි: "එදින සෑම ආත්මයක්ම තමන් ගැන වාද කරමින් පැමිණෙයි." ඔවුන් තමන් ගැන වාද කරයි. මෙලොවෙහි තමන් ඉදිරිපත් කළ යහපත හෝ අයහපත වේවා මෙලොවහි තම අවනත වීම හා තම පිටුපෑම සම්බන්ධයෙන් (සෑම ආත්මයකටම තමන් සිදු කළ දෑ සඳහා පූර් ණ ප්‍රතිඵල පිරිනමනු ඇත.) විශ්වාසය හෝ ප්‍රතික්ෂේපය හෝ වේවා ඒ ගැන තර්ක ඉදිරිපත් කරනු ඇත. "තවද ඔවුහු අපරාධ කරනු නොලබති." ඔහු මෙසේ පවසයි: ඔහුට උරුමවීමට නියමිත හා ඔවුන් සිදු කළ යහපතට හෝ අයහපතට ප්‍රතිචාර දැක්වීමට නියිමිත දැයින් මිස ඔවුන් සමග කටයුතු කරනු ලබන්නේ නැත. දැහැමියාට දැහැමි දැයින් මිස ප්‍රතිඵල පිරිනමනු නොලබන අතර දුෂ්ඨයාට ඔහු කළ දෑට අනුව මිස ප්‍රතිඵල පිරිනමනු ලබන්නේ නැත.

සර්ව බලධාරීයාණන් මෙසේ පවසයි: “උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා ‘නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ?’යි විමසති. ‘එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.’* “දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?” (සූරා සබඃ: 32,33) උඬඟුවූවන්, ඔවුන්ව අනුගමනය කළ දුර්වලයින්ගෙන් වෙන්ව ඔවුනට දොස් පවරන බවත් පසුව එම දුර්වලයන් උඩඟුවූවන්ට ඍජු මාර්ගයෙන් තමන්ව අවහිර කරන තරමට ඔවුන් තමන්ට කළ දැඩි අඛණ්ඩ කුමන්ත්‍රණ ගැන මෙනෙහි කරනු ඇති බවත් මෙම පාඨවල සර් ව බලධාරී අල්ලාහ් දන්වා සිටියි. තෆ්සීර් අත් තබරී (17/308)

උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: "අල්ලාහ් හැර දමා හවුල්කරුවන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කළවුන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය යන බව වටහා ගනු ඇත.* "අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු වේදනීය දඬුවම දැක, තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.)* සැබැවින්ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන් වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු යැයි අනුගමනය කළවුන් පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුකතියක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නොවෙති." (සූරා අල්-බකරා: 165-167) මෙම තර්කයේ දී අනුගමනය කරනු ලැබූවෝ ඔවුන්ව අනුගමනය කළවුන්ගෙන් වෙන් වී යති. නමුත් ඉදිරිපත් කරන කරුණු ඔවුන් සමගම කපාහරිනු ලැබේ. අල්ලාහ් ඔවුන් සියලු දෙනා අපා ගින්නේ එක්රැස් කරනු ඇත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!

උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි: තවද එදින ඔහු ඔවුන් අමතා, 'නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?'යි විමසයි.* අපගේ පරමාධිපතියාණනි! අපි ඔවුන් නොමග යැව්වෙමු. අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි.* තවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!* තවද එදින ඔහු ඔවුන් කැඳවා 'නුඹලා ධර්ම දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?'යි විමසයි.* සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී යනු ඇත. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති." (සූරා අල්-කසස්: 62-66) මෙම තර්කයේ දී අනුගමනය කරනු ලැබූවෝ ඔවුන්ව අනුගමනය කළවුන්ගෙන් වෙන් වී, සැබැවින්ම ඔවුන් අප නමදිමින් සිටියේ නැති බව පවසනු ඇත. එවිට එම ගැත්තන් හට නුඹලා මෙලොවෙහි අනුගමනය කරමින් සිටි අය කැඳවනුයි කියනු ලැබේ. එවිට ප්‍රතිඵලය බිහිසුණු එකක් වනු ඇත. ඔවුන් ඔවුනට ප්‍රතිචාර දක්වන්නේ නැත. මෙම තර්කයේ ප්‍රතිඵල කුමක් වුව ද ඔවුන් සියලු දෙනාගේ නවාතැන අපා ගින්න වෙත වනු ඇත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!

තවද නිරයේ මිනිසුන්, නිරයට ඇතුල් වන විට, ෂෙයිතාන් ඔවුන් අමතා, ඔවුන් ගැන පසුතැවිලි වෙමින්, ඔවුන්ගෙන් ඉවත් වෙමින්, තමාට ඔවුන් කෙරෙහි බලයක් නැති බවත්, තමා ඔවුන් කැඳවූ බවත්, එවිට ඔවුන් එයට ප්‍රතිචාර දැක්වූ බවත් පවසා සිටියි. එමෙන්ම ඔහු තමාට දොස් නොකියන ලෙසත්, ඔවුන් ඔවුනටම දොස් පවරා ගත යුතු ලෙසත් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. ඔහුට ඔහුවම ගලවා ගත නොහැකි සේම, ඔහු ඔවුන් කිසිවිටෙක ගලවා ගන්නේ නැත. ඒ ගැන අල්ලාහ් තොරතුරු විස්තර කරමින් මෙසේ පවසයි: "තවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන්ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මමද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහිය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහි ව මා වෙත නොවීය. එබැවින් නුඹලා මට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නොවෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නොවෙති. නියත වශයෙන්ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත. (සූරා ඉබ්රාහීම්: 22)

මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන තර්ක බොහෝය. එහි මාතෘකා හා සම්බන්ධතා බොහෝමයක් ඇත. ඒවායින් බොහෝමයක් ගැන අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ අපට දන්වා ඇත. මෙහි අපි සඳහන් කළ දෑ ප්‍රමාණවත් කරගනිමින් අනෙක් කරුණු ගැන සළකා බැලීමට නතර කරන්නෙමු.

සයවැනි මාතෘකාව: යළි අවදි කරනු ලැබීම, විනිශ්චය හා ප්‍රතිඵල පිළිබඳ සාක්ෂි හා සාධක.

මෙම බලවත් කරුණ හා විශ්වය නොදැකපු මෙම සිදුවීම වඩාත් බරපතලය. ඊට වඩා දරුණු හෝ බිහිසුණු වෙනත් කිසිවක් නැත. සාමාන්‍ය බුද්ධියක් ඇති සෑම කෙනෙකුම එය විශ්වාස කළ හැකි පරිදි ප්‍රමාණවත් තාර්කික, ආගමික සාක්ෂි පරමාධිපතියාණන් පිහිටුවා ඇත. ඔහු සත්‍යය සොයනු ඇත. අල්ලාහ් තම උතුම් ග්‍රන්ථය වන ශ්‍රේෂ්ඨ කුර්ආනයේ සඳහන් කර ඇති මෙම සාධක සහ තාර්කික සාක්ෂි, ආත්මය තැන්පත් කරන අතර මනස එයට යටත් වනු ඇත. හේතුව එය අවංක තාර්කික සාක්ෂියක් වන බැවිනි. එය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර, එය ලබා දෙන ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම සාක්ෂි හා සාධක බොහෝය. ඒවායින් කිහිපයක් අපි සඳහන් කරමු. මෙම ග්‍රන්ථය සංක්ෂිප්ත පොත් පිංචයක් වන බැවින් ඒ ගැන දිගුවට ගවේෂණය කිරීම සුදුසු නොවේ. මෙම සාක්ෂි පහත සඳහන් අයුරිනි:

පළමු සාධකය: සැබැවින්ම අල්ලාහ් මිනිසාව පසින් මවා පසුව ඒ තුළ ආත්මය පිම්ඹේය. එසේ කළ අල්ලාහ්ට ඔහු මිය ගොස් පස් බවට පත් වූ පසු, යළි අවදි කිරීමට කිසිවිටෙක අපොහෝසත් වන්නේ නැත. ඔහු ප්‍රථම වරට ඔහු මැව්වා සේම නැවත වතාවක් ගෙන ඒමට පරමාධිපතියාණන්ට හැකිය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. “අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ?”යි ඔහු විමසයි.* මුල් වරට එය නිර් මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්ව ඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා යාසීන්: 78-79)

දෙවන සාධකය: ශුක්‍රාණු බිඳුවකින් මිනිසා මවා, ඔහුට මෙම අවයව නියම කර, ඔහුව අලංකාර සැකැස්මක් තුළ පිහිට වූ පරමාධිපතියාණන් ඔහු මිය ගිය පසු නැවත ඔහුව ගෙන ඒමට බලය ඇත්තාය. පළමු මැවීමට වඩා දෙවන මැවීම වඩාත් පහසු කාර්යයකි. ඒ සියල්ල අල්ලාහ්ට පහසුය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි." (සූරා අර්රූම්: 27) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. නමුත් ඔහු දැන් පැහැදිලි වාද කරන්නෙකු වී ඇත." (සූරා අන්නහ්ල්: 4) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?* "එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?* නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසමත් වන්නන් නොවෙමු.* නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නොවෙමු.)* තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?" (සූරා අල්-වාකිආ: 58-62) විවාහක සෑම මිනිසෙකුටම අල්ලාහ් දරුවකු ආශිර් වාද කර ඇත. මෙම පැහැදිලි සාක්ෂිය මගින් එය වටහා ගත හැක. ශුක්‍රාණුවෙන් ලේ කැටියක් බවටත් පසුව මස් කැබැල්ලක් බවටත් පසුව පූර්ණවත් ලෙස සැකසුණු මැවිමක් බවටත් අදියරෙන් අදියර වෙනස් වන අයුරින් මව් කුස තුළ කලලය තැන්පත් කළේ කවුරුන් ද? ඒ සඳහා අඹු සැමියන් බලය දරන්නේ ද? එසේ නම් ශුක්‍රාණු බිඳුවකින් මිනිසා මැවූ ඔහු නැවත වතාවක් එම මැවීම ප්‍රතිනිර්මාණය කිරීමට බලය ඇත්තා නොවේ ද! ඔවුන් විස්තර කරන අභූත චෝදනාවන්ගෙන් අල්ලාහ් සුවිශුද්ධය.

තුන්වන සාධකය: අහස් හා මහපොළොවත්, සෙසු විශ්වයන් හා ග්‍රහතාරකා මැවූ පරමාධිපතියාණන්, මිනිසාව නැවත ප්‍රතිනිර් මාණය කිරීමටත් ඔහුව යළි අවදි කරවා එක්රැස් කිරීමටත් බලය ඇත්තාය. මෙම අතිමහත් විශාල මැවීම් නිර්මාණය කිරීමට වඩා මිනිසාව ප්‍රතිනිර්මාණය කිරීම අල්ලාහ්ට පහසු කාර්යයකි. බලවත් දෑ කෙරෙහි බලය ඇත්තා, කුඩා දෙයක් මැවීමට අපොහොසත් වන්නේ නැත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය, නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය." (සූරා අල්-අහ්කාෆ්: 33)

සිව්වැනි සාධකය: ගහ කොළ හෝ පැළෑටි කිසිවක් නැති මියගිය භූමියක් බවට මහපොළොව පත්වෙයි. පසුව ඒ මත වර් ෂාව පහළ වී පූර් ණ ජීවය ලබා කොළ පැහැ ගැන්වේ. එය ජිවමාන කොට නිරීක්ෂණය කරන්නන් හට දැකුම්කළු බවට පත් කළේ කවු ද? එය ජිවමාන කළ අය මිනිසා මිය ගිය පසු ඔහුට නැවත ජීවය ලබා දෙන්නට බලය ඇත්තාය. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය." (සූරා ෆුස්සිලත්: 39) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර් ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්‍රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි." එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්‍යය වන බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.* තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි." (සූරා අල්-හජ්: 5-7) මෙම අල් කුර්ආනීය පාඨවල යළි අවදි කිරීම සම්බන්ධයෙන් වූ සාධක බොහෝමයක් ඇත. ශුක්‍රාණුව අදියරෙන් අදියර පූර්ණවත් මිනිසෙකු බවට පත් වන තුරු පරිවර්තනය වීම. මළ භූමිය ජිවමාන බවට පත්වීම යනාදී මේ සියලු සාධක නැවත නැගිටුවනු ලැබීමේ හා එක්රැස් කරනු ලැබීමේ හැකියාව පෙන්වා දෙයි.

පස්වන සාධකය: ගොවියෝ බීජ මිලට ගෙන පසු ව ඒවා පස් තුළ තැන්පත් කරති. එයට ජලය සපයති. පැළෑටි හට ගැන්වී ඵල දෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටිති. එම බීජ දිරා නොයන ලෙස ආරක්ෂා කළේ කවු ද? එය පස් තුළ වළලා එයට ජලය ලැබෙන විට, එම බීජවලින් මිනිසාට හා සතුන්ට ධාන්‍ය, පළතුරු හා පෝෂණය මතු කරන්නේ කවු ද? සැබැවින්ම අල්ලාහ් වන ඔහු, මිය ගිය ඇත්තන්ට යළි ජීවය පිරිනමනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි. "නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද? එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?* අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත." (සූරා අල්-වාකිආ: 63-65) පැළය පැළවෙන්නට සළස්වා, ධාන්‍ය මතු කළේ ගොවියා ද එසේ නැතහොත් එය මතු කර එහි පළතුරු හා පෝෂණය නියම කළ උත්තරීතර සුවිශුද්ධ පරමාධිපතියාණන් ද? සෑම ගමකම,සෑම ගොවි බිමකම නැවත නැවතත් එසේ මතු වීම, නැවත නැගිටුවනු ලැබීමේ හැකියාව පෙන්වා දෙන සාධකයකි. මිනිසුන් වගාව අත්හරින්නේ නැත. මන්ද ඔවුන් සියල්ලන්ම තම ආහාර සඳහා රඳා පවතින්නේ ඔවුන් සීසාන සහ වගා කරන දේ මත ය. එබැවින් පුද්ගලයෙකු කෘෂිකර මාන්තය හුරුපුරුදු දෙයක් ලෙස සලකා ඒ සමග කටයුතු කර සම්පූර්ණයෙන්ම ඒ හා සමාන නැවත නැගිටුවනු ලැබීම ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද?

සයවැනි සාධකය: සැබැවින්ම අල්ලාහ් මිනිසාට අභියෝග කර, ඔවුන්ගේ නොහැකියාව පෙන්වා දීමය. හේතුව සැබැවින්ම අල්ලාහ් මිය ගිය තැනැත්තාව යළි අවදි නොකරන බවටත් මිය ගිය පසු ඔහුගෙන් ප්‍රශ්න නොකරන බවටත් ඔවුන් තර්ක කර සිටි බැවිනි. එහෙයින් ඔවුන් එයට සාක්ෂි දැරිය හැකි අයුරින් කරුණක් අල්ලාහ් මෙනෙහි කළේය. එය මරණයයි. ජීවමාන දැයින් ප්‍රාණය ඉවත් කිරීමයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;* නුඹලා එම අවස්ථාවේ (කිසිවක් කර කියා ගත නොහැකිව) බලා සිටින්නෙහුය.* තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.* එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;* නුඹලා සත්‍යයවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු." (සූරා අල්-වාකිආ: 83-87) එබැවින් සර්ව බලධාරී පරමාධිපතියාණන් ඔවුන්ව අකර්මන්‍ය කර, ඔවුන්ගේ නොහැකියාව සටහන් කර ඔවුන්ට මෙසේ පවසයි. "නුඹලා පවසන පරිදි නැවත නැඟිටුවනු ලැබීම සිදු විය හැක්කක් නොවන්නේ නම්, ආත්මය ශරීරයෙන් ඉවත් වීම නුඹලා වළක්වන්න. ආත්මය උගුරු දණ්ඩ දක්වා පැමිණීමට පෙර එය තිබූ තත්වයට යොමු කරන්න."

සැබැවින්ම මිනිසා තමන් යළි අවදි කරනු නොලබන බවත්, ප්‍රශ්න කරනු නොලබන බවත් විශ්වාස කරමින් සිටින්නේ නම්, ඔහු අත්වන මරණයෙන් වැළකී සිටිය යුතුය. උගුරු දණ්ඩ දක්වා ප්‍රාණය පැමිණි විට නැවත ප්‍රාණය ලබා දිය යුතුය. එය නොහැකි බව තමන්ට සහතික වූයේ නම්, සැබැවින්ම තමන් කළ ක්‍රියාවන් සඳහා ප්‍රශ්න කරනු ලබන බව ඔහු දැනගනු ඇත.

තාහිර් ඉබ්නු ආෂූර් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: (ප්‍රාණය ශරීරයෙන් වෙන්වන අවස්ථාවේ එය නැවත ලබා දීමට ඔවුන්ට ඇති නොහැකියාව, මෙම වෙන්වීම මැවීමේ පද්ධතිය තුළ නියම කර ඇති කරුණක් බවත් එය යම් ප්‍රඥාවක් සඳහා නියම කර ඇති බවත් අඟවයි. මිනිසුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිවිපාක දෙන බව අල්ලාහ් ඔබට දන්වා ඇත. ඔවුන්ගේ මරණින් පසු ඔවුන්ට ප්‍රතිවිපාක දීම සඳහා ඔහු ඔවුන්ට නැවත පණ ලබා දෙයි. ඔවුන්ගේ ආත්මය බලහත්කාරයෙන් ඔවුන්ගෙන් උදුරා ගන්නා බව දන්වමින් ඔහු එය නුඹලාට පෙන්වා දී ඇත. ඔබ මරණින් මතු විපාක නොලබන බව ප්‍රකාශ කරන්නේ නම්, ආත්මයන් ඔවුන්ගේ ශරීරවල පවතිනු ඇත. හේතුව ඒවා ඔවුන් තුළ තැබූ පසු ඔවුන්ගෙන් එය ඉවත් කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බැවිනි. එසේ දෙවන ජීවිතයකට මාරු කිරීමේ ප්‍රඥාවක් නොවී නම්, ඔවුන් කළ ක්‍රියාවන්ට විපාක පළමු ජීවිතයේදීම ක්‍රියාත්මක විය යුතුව ඇත.)[68].

අෂ්-ෂෙයික් අස්-සඃදී තුමා තම විග්‍රහයේ මෙසේ පවසයි: "(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;* නුඹලා එම අවස්ථාවේ (කිසිවක් කර කියා ගත නොහැකිව) බලා සිටින්නෙහුය.* තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත." එනම්: ආත්මය උගුරට ළඟා වූ විට, ඔබ මෙම තත්වයේ මිය යන පුද්ගලයකු දෙස බලා සිටින්නේ නම්, එම තත්වයේ සැබැවින්ම අපි අපගේ දැනුමෙන් සහ අපගේ දූතයන් සමඟ ඔබට වඩා ඔහුට සමීපව සිටින්නෙමු. නමුත් ඔබට එය නොපෙනේ. අත්-තහ්රීර් වත්-තන්වීර් (27/342)

"එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;" එනම්: එසේනම්, සැබැවින්ම ඔබ නැවත නැගිටුවනු ලබන්නන් නොවන බවත්, ප්‍රශ්ණ කරනු ලබන්නන් නොවන බවත්, ප්‍රතිඵල පිරිනමනු ලබන්නන් නොවන බවත් විශ්වාස කරමින් සිටින්නෙහු නම්,

එම ආත්මය නැවතත් අදාළ ශරීරය වෙත යොමු කරන්න. "නුඹලා සත්‍යයවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු." එය අදාළ තැනට නැවත යොමු කිරීමට සැබැවින්ම ඔබ අපොහොසත් බව පිළිගන්නෙහුය. එවිට එක්කෝ ඔබ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ සත්‍යය පිළිගනී. එසේ නැතහොත් ඔබේ තත්ත්වය හා ඔබේ අවසන් ඉරණමේ නපුර දැන දැනම මුරණ්ඩු වෙයි.

දසවැනි පාඩම: අල්ලාහ්ව විශ්වාස කිරීමේ, ඔහුට අවනත වීමේ හා ඉස්ලාම් දහම තුළට පිවිසීමේ ඵලය. තෆ්සීරුල් කරීමුර් රහ්මාන් (පිටුව 836)

පුද්ගලයකු අල්ලාහ්ව විශ්වාස කර, තම මැවුම්කරු වන ඔහුට යටත් වී, වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගේ මාර්ගය මත ගමන් කර, අල්ලාහ්ගේ දහම වන ඉස්ලාමය තුළ පිවිසුණු විටෙක ඔහු ලබන ප්‍රතිඵල බොහෝය. ඒ අතරින් කිහිපයක් මෙහි මම සඳහන් කරමි. ඒවා නම්:

පළමුවැන්න: වැදගත්ම යථාර්තය නම්, අල්ලාහ් තම පරමාධිපති බවත්, මැවුම්කරු බවත්, නැමදුම් ලබන්නට සුදුස්සා බවත් විශ්වාස කිරීමය. ජීවිතය, දැනුම සහ භාග්‍යය පිරිනැමූ අල්ලාහ් පිළිබඳ අධ්‍යයනය කිරීම වඩාත් ගෞරවනීය දැනුම වෙයි. එබැවින් කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට, ධර්ම දූතවරුන්ගේ මාර්ගය පිළිපැද, අල්ලාහ් ඔහු වෙනුවෙන් තෝරා ගත් ඔහුගේ දහම තුළට පිවිසෙන්නේ ද සැබැවින්ම ඔහු එම පැවැත්මේ අති වැදගත් යථාර්ථය හඳුනා ගැනීම තුළින් ජය ගෙන සාර්තකත්වය ලබනු ඇත. වඩාත් උතුම් ගමනක ගමන් කරනු ඇත. අල්ලාහ් වෙතටත් සදාතනික සතුට වෙතටන් යොමු කරන ශ්‍රේෂ්ඨ මාර්ගය අනුගමනය කරනු ඇත. කවරෙකු එය අහිමි කර ගන්නේ ද ඔහු නූගත්ව හා මනසින් මෙතෙක් භුක්ති නො විඳි උතුම් ඥානය හා ගෞරවය ගැන මෙන්ම සිත් විශ්වාස කරන සහ ඒ වෙත තැන්පත් වන වඩාත් පිවිතුරු දෙය ගැන නොසැලකිලිමත්ව ජීවත් වෙයි. දැනුම, විශ්වාසය සහ නිවැරදි ප්‍රවේශය ඔහුට මඟ හැරෙයි. තමන් මැව්වේ කුමකට ද? තමන් මැව්වේ කවු ද? තමන් ගමන් කරනුයේ කොතැනට ද ජීවිතයට අර්ථයක් හෝ සාර්ථක මිනිසුන් උත්සාහ කරන, ඔවුන් ගමන් කරන ඉලක්කයක් තිබේ ද? නැද්ද? යන්න ගැන නූගත්, නොසැළකිලිමත්, දෙගිඩියාවෙන් පෙළෙන සහ ව්‍යාකූල මිනිසුන් අතරට ඔහු ද පත් වේ.

දෙවැන්න: සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කිරීම අතරට අල්ලාහ්ගේ ග්‍රන්ථ පිළිබඳ විශ්වාසය ද ඇතුළත් වේ. ඒ අතරින් වඩාත් උතුම් වන්නේ මහඟු අල් කුර්ආනයයි. එය අද දක්වාම ඉතිරිව පවතින අතර අවසන් හෝරාව දක්වාම ඉතිරිව පවතී. අල්ලාහ් විසින් පහළ කළ එම භාෂාවෙන්ම ආරක්ෂිතව පවතී. එහෙයින් කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ ග්‍රන්ථ හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, මහඟු අල් කුර්ආනය කියවන්නේ ද සැබැවින්ම ඔහු අතිමහත් ජයග්‍රහණය ලබනු ඇත. කවර පුරාණ පුස්තකයක් වුව ද, එහි මූලික පිටපත නොමැති වුව ද එය පිළිගැනීමට මිනිසුන් තරඟ වදිති. ඒ ගැන සතුටු වෙති. එය ඔවුන්ගේ බලසීමාවන් තුළ නොමැති වුව ද එලෙසමය. එසේ නම්, අල් කුර්ආනය දිව්‍ය ග්‍රන්ථයක්, ආරක්ෂා කරනු ලැබූවක් වී නම්, එය අධීක්ෂණය කිරීමට, හා එහි ඇති දෑ විශ්වාස කිරීමට බුද්ධිමය ආත්මාවන් යොමු නොවනුයේ කෙසේද?

තුන්වැන්න: අල්ලාහ්ව විශ්වාස කිරීම අතරට අල්ලාහ්ගේ දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීමද ඇතුළත් වේ. ඔවුන් අතරින් වඩාත් ගෞරවණීය, වඩාත් උතුම් වන්නේ ඔවුන්ගේ නායක දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. අල්ලාහ් මත දිවුරා පවසමි. අතිමහත් ලාභය හා ඉපැයීම වනුයේ මිනිසා මෙම මහඟු දූතයාණන්ව හඳුනා ගෙන, එතුමාණන්ව විශ්වාස කර, එතුමාණන්ව අනුගමනය කර එතුමාණන්ගේ හැකියාව හඳුනා ගැනීමය. අති විශාලතම අලාභය වනුයේ දූතවරුන්ගේ මාර්ගය හඳුනා නොගෙන, ඔවුන්ගේ පිළිවෙතෙහි ගමන් නොකර, ඔවුන්ව අනුගමනය නොකර, ඔවුන් නො පිළිපැද මෙලොවින් තුරන්වී යාමය.

සිව්වැන්න: අල්ලාහ්ව විශ්වාස කිරීම අතරට ඔහු ආගමානුගත කළ පිළිවෙත, ඔහු පහළ කළ ධර්මය විශ්වාස කිරීම ද ඇතුළත් වේ. එය දහමේ බලවත්ම කරුණයි. වඩාත් පරිපූර්ණ පිළිවෙත හා ආගමයි. කවරෙකු එය විශ්වාස කළේ ද ඔහු ජය ලබනු ඇත. මිනිසාට තම පරමාධිපතිව විශ්වාස කරමින් මහපොළොවේ ගමන් කිරීම, අල්ලාහ්ගේ දහම අනුව කටයුතු කිරීම, තම පරමාධිපතියණන් තෘප්තියට පත්වීම, තමන් ගැන ද ඔහු තෘප්තියට පත්වන අයුරින් කටයුතු කිරීම ප්‍රමණවත් වේ. කවරෙකු අල්ලාහ්, ඔහුගේ ආගම හා ඔහුගේ පිළිවෙත තහනම් කර ගත්තේද ඔහු අල්ලාහ්ගේ උදහස හා කෝපයට භාජනය වනු ඇත.

පස්වැන්න: සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කිරීමෙන්, එය මිනිසාට යහපත් ජීවිතයක් දායාද කරනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු." (සූරා අන්නහ්ල්: 97) ඔහුගේ කටයුතු පහසු හා ඉඩකඩ සහිත වනු ඇත. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,* යහපත් දෑ සත්‍යය කළ කෙනෙකු වූ කලී; අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු." (සූරා අල් ලය්ල් 5-7) එය ව්‍යාකූලභාවය, විකෘතිභාවය සහ සැකය ඉවත් කරයි. මක්නිසාද යත්, ඔහු තමා වටා ඇති සෑම කරුණක් සම්බන්ධයෙන්ම, ඔහුගේ මරණ අවස්ථාවේ ඔහු බලාපොරොත්තු වන දේ සහ නැවත නැගිටුවනු ලබ දිනයේ දී ඔහු හමුවන දෑ පිළිබඳව ඉතා විශ්වාසයෙන් ඔහු ජීවත් වන බැවිනි. මෙම ප්‍රතිලාභය හා සම්පත සාක්ෂාත් කර ගත හැක්කේ හෝ ලබා ගත හැක්කේ සර්ව බලධාරී අල්ලාහ්ව විශ්වාස කරන අයට පමණි.

සයවැන්න: මෙලොව ජීවිතය අවසන් අදියර නොවේ. තාවකාලික විනාශය සදාකාලික විනාශය නොවේ. එහි යළි අවදි කිරීමක්, එක්රැස් කිරීමක්, විනිශ්චයක් හා ප්‍රතිඵල පිරිනැමීමක් ඇත. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා දෙපිරිසක් වෙතැයි අපි ඉහත සඳහන් කළෙමු. පිරිසක් ස්වර්ගයේ හා අනෙක් පිරිස අපා ගින්නේ වෙති. උත්තරීතරයාණන් මෙසේ පවසයි: "තවද මව් නගරයට හා ඒ අවට සිටින්නන් හට නුඹ අවවාද කරනු පිණිස ද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන නුඹ අවවාද කරනු පිණිස ද අපි නුඹ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙසය. (එදින) පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහිය." (සූරා අෂ්-ෂූරා: 7) එබැවින් කවරෙකු විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් සිදු කළේ ද ඔහු සදාතනික ස්වර්ගවාසීන් අතරට පත් වේ. කවරෙකු තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කොට මුරණ්ඩු වී උඩගු වූයේ ද ඔහු අපා ගින්නේ දඬුවම් විඳින්නන් අතරට පත්වේ. එහෙයින් ප්‍රඥාවන්තයා තමාට ප්‍රයෝජනවත් සහ යහපත් යැයි පෙනෙන දේ අත් නොහැරිය යුතු අතර, තමාට ව්‍යජ, දූෂිත හා නපුරු ප්‍රතිඵලයක් යැයි පෙනෙන දෑ අත්හළ යුතුය.

මෙම පොත අවසානයේ, මිනිසුන්, ඔවුන්ගේ කාලය, ජාතිකත්වය සහ දේශය මෙන්ම සියලු මිනිස් සමාජය පවා ඔවුන්ගේ අදහස් හා අරමුණු වලින් වෙනස් වන අතර ඔවුන්ගේ පරිසරයෙන් සහ ක්‍රියාවෙන් වෙනස් බව අපි මතක් කරමු. එහෙයින් ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ව මෙහෙයවීමට මග පෙන්වීමක්, ඔවුන් එක්සත් කරන පද්ධතියක් සහ ඔවුන් ආරක්ෂා කිරීමට පාලකයෙක්ය. ගෞරවණීය ධර්ම දූතවරුන් ශුද්ධ වූ අල්ලාහ්ගේ පණිවිඩ තුළින් එය ලබා, යහපත් හා ඍජු මාර්ගය වෙත ජනයා මඟ පෙන්වමින් හා අල්ලාහ්ගේ පිළිවෙත මත ඔවුන් එක්රැස් කරමින්, ඔවුන් අතර යුක්ති සහගතව තීන්දු තීරණ ලබා දෙමින් කටයුතු කළහ. එබැවින් ඔවුන්ගේ කටයුතු මෙම ධර්ම දූතවරුන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරයට අනුවත්, ඔවුන්ගේ යුගයේ දිව්‍යමය පණිවිඩවලට ඇති සමීපත්වයටත් අනුකූලවත් සකස් කරනු ලැබීය. එම පණිවිඩ, දේව දූත මුහම්මද් තුමාණන්ගේ පණිවිඩය සමග අල්ලාහ් අවසන් කළේය. එයට පැවැත්ම නියම කළේය. මිනිසුන්ට දයාවක්, ආලොකයක් හා ශුද්ධ වූ අල්ලාහ් වෙත යොමු කරන මාර්ගය වෙත මඟ පෙන්විමක් බවට එය පත් කළේය.

එබැවින් අහෝ මිනිස! හුදු අනුකරනයෙන් හා සාම්ප්‍රදායී ක්‍රමයෙන් ඉවත්ව අවංකව අල්ලාහ් වෙනුවෙන් නැඟී සිටින ලෙසත්, ඔබේ මරණයෙන් පසු ඔබ ඔබේ ස්වාමියා වෙත නැවත පැමිණෙන බව දැන වටහා ගන්නා ලෙසත්, ඔබ දෙස සහ ඔබ වටා ඇති ක්ෂිතිජය දෙස බලන ලෙසත් මම ඔබට ආරාධනා කරමි. ඔබ අල්ලාහ්ට යටත් වන්න. එනම් ඉස්ලාමය වැළඳ ගන්න. මෙලොව සහ මතුලොව සතුටින් ගත කරන්නට හැකි වනු ඇත. සර්ව බලධාරි අල්ලාහ් ප්‍රකාශ කරන පරිද අල්ලාහ්ගේ කැඳවුමෙන් මම ඔබ හා සෙසු අය ඇරයුම් කරමි. “නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ මිතුරා උමතුවෙකු නොවේ. ඔහු, ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස වෙනත් අයෙකු නොවේ” යැයි (නබිවරය!) නුඹ පවසනු." (සූරා සබඃ: 46) මා ඔබට මෙසේ ඇරයුම් කරමි. ඔබ, ඔබේ ආත්මය නිදහස් කර හුදෙකලා වී පසුව ඔබේ කරුණ ගැන හා ඔබට මතු ව සත්‍යය ගැන සිතා බලන්න. එය යහපතක් නම් වැළඳ ගන්න ඔබ සතුටු වනු ඇත.

ඔබ ඉස්ලාමය තුළට පිවිසීමට අපේක්ෂා කරන්නේ නම්, ඔබ කළ යුතුව ඇත්තේ "නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දැයින් ඔබ නිදිහස් වීම සහ සැබැවින්ම අල්ලාහ් මිනීවලවල් තුළ වෙසෙන්නන් යළි අවදි කරන බව හා විනිශ්චය හා ප්‍රතිඵල සත්‍යය" බව විශ්වාස කිරීම ය. ඔබ මෙම සාක්ෂියේ ප්‍රකාශය තහවුරු කර සිටින්නෙහි නම්, ඔබ මුස්ලිම්වරයකු බවට පත්වනු ඇත. ඉන් පසු ඔබට පැවරෙන්නේ අල්ලාහ් දහම්ගත කළ සලාතය, සකාතය, උපවාසය හා පහසුකම් ඇතොත් හජ් වන්දනාව ඉටු කරමින් අල්ලාහ්ට නැමදුම් කරමින් අල්ලාහ් ඔබට නියම කළ ඉස්ලාමීය නීති වලින් ඔබ අධ්‍යයනය කිරීම ය.

සමාප්තිය

තම ආශිර්වාදයෙන් දැහැමි ක්‍රියාවන් පූර්ණවත් කරන අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැති බවත්, ඔහුගේ පාලනය තුළ, ඔහුගේ නාම හා ගුණාංග තුළ, ඔහුගේ දේවත්වය තුළ, ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් සාක්ෂි දරමු. එමෙන්ම සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා බවත් සාක්ෂි දරමු. එතුමාණෝ තම වගකීම ඉටු කළහ; සමූහයාට උපදෙස් දුන්හ; දූත පණිවිඩය දන්වා සිටියහ.

මෙම සංශිප්ත පොතෙහි නිමාවට පැමිණීමෙන් පසු සැබැවින්ම මෙම සංශිප්ත කුඩා පොත තුළ අල්ලාහ්ගේ පරිපාලනත්වය පෙන්වා දෙන, ඔහුගේ නාම, ගුණාංග හා දේවත්වය පැහැදිලි කරන, බහුදේවවාදය අහෝසි කරන, හවුල්කරුවන්ගෙන් සර්ව බලධාරී පරමාධිපතියාණන් පිවිතුරු කරන සාධක ඇතුළත්ව ඇති බව අපි සිහිපත් කරමු. එහි, අපි අසත්‍ය ආගම් අතර ඇති පොදු ලක්ෂණ සඳහන් කළ අතර, කුරානය මනුෂ්‍ය වර්ගයාට ඉදිරිපත් කළ බලගතු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කළෙමු. සත්‍යය පිළිගෙන, එය විශ්වාස කිරීමට හෝ මුරණ්ඩුකම සහ උඩඟුකම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට හෝ මිනිසාට සිදු වේ. අල්ලාහ් මිනිස් වර්ගයාට අභියෝග කළ වැදගත් අභියෝග ගැන අපි සඳහන් කළෙමු. සර්වබලධාරී පරමාධිපතියාණන් කෙරෙහි විශ්වාස කිරීමෙන් තොරව ඒවා ජය ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

මැවීම් නිර්මාණය කළේ ‌කෙසේ දැයි අපි සඳහන් කළා සේම අල්ලාහ් මිනිස් වර්ගයා, ජින් වර්ගයා සහ දේව දූතවරුන් නිර්මාණය කළේ කෙසේ දැයි ද අපි සඳහන් කළෙමු. තවදුරටත් දිව්‍ය ග්‍රන්ථ, වක්තෘත්වය, දූතත්වය සහ දූතවරුන් පිළිබඳවත් සාකච්ඡා කළෙමු. එමෙන්ම පෙර නියමය හා එය විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ද සාකච්ඡා කළෙමු.

මෙම ග්‍රන්ථය අවසන් දිනය එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය, එහි ඇති බිහිසුණුකම, සැපත හෝ දඬුවම් ගැන සාකච්ඡා කොට නිමා කළෙමු. එමෙන්ම නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන් පැහැදිලි ආගමික හා තාර්කික සාක්ෂි ද අපි ඉදිරිපත් කළෙමු.

පසුව සර්ව බලධාරී අල්ලාහ්ව විශ්වාස කිරීම හේතුවෙන් මිනිසා ලබන ඵලප්‍රයෝජන ගැන ද අවසානයේ අපි සාකච්ඡා කළෙමු. මෙය ගෞරව පරමාධිපතියාණන්ගේ තෘප්තිය උදෙසා කළ අවංක ක්‍රියාවක් බවටත්, ධර්ම දූතවරුන්ගේ නායක මුහම්මද් තුමාණන්ගේ සුන්නාවට අනුගත වූවක් බවටත්, අල්ලාහ්ගේ ගැත්තන්ට ප්‍රයෝජනය ලබන්නක් බවටත්, ඔහුගේ ආගමට හා ඔහුගේ ඍජු මාර්ගයට මඟපෙන්වන්නක් බවටත් පරිවර්තනය කර දෙන මෙන් අපි අල්ලාහ්ගෙන් අයදිමු.

ඍජු මාර්ගයෙන් මුළා වූ අයට ඍජුමඟ පෙන්වන ලෙසත් නිවැරදි හා යහමඟ වෙතට ඔහුව යොමු කරවන ලෙසත්, ආත්මාශාවන් හා ෂෙයිතානුන්ගේ නපුරෙන් ඔහුව ආරක්ෂා කරන ලෙසත්, අල්ලාහ් යහමග දායාද කළ ආශිර් වාද කළ අයව, එහි ස්ථාවරව තබන ලෙසත්, හිදායත් -යහමග ලැබීම- යන එම අතිමහත් ආශිර්වාදය සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කිරීමටත් එය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය උත්සාහ කිරීමටත් ඒවා සඳහා සහය අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු. අතිමහත් භාග්‍යය එයයි.

අපගේ මෙම ක්‍රියාව ගෞරවණීය අල්ලාහ් වෙනුවෙන් පමණක් කළ අවංක ක්‍රියාවක් ලෙසත්, ඔහුගේ පිළිවෙතට අනුකූල වූවක් ලෙසත්, පත් කරන මෙන් ද අපට හා අපගේ දෙමව්පියන්ට සමාව දෙන මෙන් ද අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු.

සියලු ප්‍රශංසා ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් සතුය. ශාන්තිය හා සමාදානය ලෝවැසියන්ට දයාවක් ලෙස එවනු ලැබූ උත්තමයන් හට හිමි වේවා!