ඉස්ලාමය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු
පළමු මුද්‍රණය හිජ්රි 1442- ක්‍රි.ව: 2021
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
ඉස්ලාමය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු
ෆාතින් සබ්රී
පළමු මුද්‍රණය
හිජ්රි 1442- ක්‍රි.ව: 2021
කර්තෘගේ ප්‍රකාශය:
ඉස්ලාම් ආගම පිළිබඳ පොදු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම තුලින් මෙම ශ්‍රේෂ්ඨ ආගම මිනිසුන්ට හඳුන්වා දීම, මෙම ග්‍රන්ථයේ අරමුණුයි. තවද විවිධ ශිෂ්ටාචාර, ජනවර්ග, සමකාලීන සිදුවීම් සහ සංවර්ධනයන් උකහා ගැනීමේ දී එහි සුවිශේෂත්වය, වෙනස සහ නම්‍යශීලී බව පෙන්නුම් කිරීමයි. එමෙන්ම මෙම ග්‍රන්ථයේ තවත් එක් අරමුණක් වනුයේ එය ත්රස්තවාදයක් ලෙස හුවා දක්වන සහ ඊට එරෙහිව සටන් කිරීමට මිනිසුන් තල්ලු කරන ඊට එරෙහිව ගෙන යන නිෂේධාත්මක ප්‍රචාර හමුවේ එහි ප්‍රතිරූපය සහ එහි ස්ථීරභාවය කැළැල් කිරීමට ද්වේෂ සහගත උත්සාහයන් නොතකා එහි කල්පැවැත්ම සහ නොනැසී පැවතීමට ඇති හැකියාව ද පෙන්නුම් කිරීමයි.
තවද මෙම ග්‍රන්ථය සත්‍යය සොයන අයටත් ප්රබුද්ධ මනසින් හා විවෘත හදවතින් බලන අයටත් මාර්ගය ආලෝකමත් කරන පහනක් බවට පත් කරන ලෙස ද ඉස්ලාම් ආගම ගැන සැමට ඉගෙනීම සඳහා ආමන්ත්‍රණය කරන සාමයේ පණිවිඩයක් බවට පත් කරන ලෙස ද මම සර්වබලධාරී අති උත්තරීතර දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටිමි.
මැවුම්කරු පිළිබඳ විශ්වාසය:
දෙවියෙකු පිළිබඳ විශ්වාසය පුද්ගලයෙකුට තිබිය යුතු ද?
සත්‍ය දෙවිඳුන් පිළිබඳ විශ්වාසය හෝ ඕනෑම ව්‍යාජ දෙවි කෙනෙකු පිළිබඳ විශ්වාසයක් තිබිය හැකි අතර, ඔහු ඔහුට දෙවියෙකු ලෙස හැඳින්වීමට හෝ ඔහුට නමක් තැබීමට හෝ වෙනත් යමක් පැවසීමට හැකිය. ඔවුන්ට අනුව, මෙම දෙවියන් ගසක්, අහසේ තරුවක්, කාන්තාවක්, සේවා ප්‍රධානියෙක්, විද්‍යාත්මක න්‍යායක් හෝ තමා තුළම පවතින ආශාවක් විය හැකිය. නමුත් ඔහු ඔහුව අනුගමනය කරන, ඔහුව විශුද්ධ කරන, ඔහුගේ ජීවන මාර්ගයෙන් ඔහු වෙත ආපසු හැරී යන සහ ඒ හේතුවෙන් මිය යන යමක් විශ්වාස කළ යුතුය. අපි නැමදුම ලෙස හඳුන්වන්නේ මෙයයි. සැබෑ දෙවියන්ට නැමදුම් කිරීම මිනිසා අන් අයට සහ සමාජයට දක්වන "වහල්භාවයෙන්" නිදහස් කරයි.
සැබෑ දෙවියා කවු ද?
සැබෑ දෙවියා මැවුම්කරුය. සැබෑ දෙවියන් හැර වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට නැමදුම් කිරීම ඔවුන් දෙවිවරුන් යැයි ප්‍රකාශ කිරීම තුළට ඇතුළත් වේ. දෙවිඳුන් මැවුම්කරුවෙකු විය යුතුය. ඔහු මැවුම්කරු බවට සාක්ෂි වනුයේ විශ්වයේ මැවූ දේ දකින්නට තිබීම හෝ ඔහු මැවුම්කරුවෙකු බව ඔප්පු කරන දිව්‍ය වදන් හෙළිදරව් කර තිබීමය. මෙම ප්‍රකාශයට විශ්වයේ දකින්නට ඇති මැවීමකින් හෝ මැවුම්කරු දෙවිඳුන්ගේ දිව්‍ය ප්‍රකාශයකින් හෝ සාක්ෂියක් නොවී නම්, මෙම දෙවිවරු අනිවාර්යයෙන්ම ව්‍යාජ වෙති.
දුෂ්කරතාවයේ වැටුනු මිනිසා එකම සත්‍යයක් වෙත හැරී එකම දෙවි කෙනෙකු කෙරෙහි බලාපොරොත්තු තබන බව අපි දකිමු. විශ්වයේ අංග සහ සංසිද්ධි හඳුනාගෙන විශ්ව පදාර්ථයේ ඒකීයභාවය සහ පිළිවෙලේ ඒකීයත්වය විද්‍යාව ඔප්පු කර ඇත. එමෙන්ම පැවැත්මේ සමානකම හා සමානත්වය හරහා ද එය ඔප්පු කර ඇත.
එය එක් පවුලක මට්ටමින් අපි සිතමු. පවුල සම්බන්ධයෙන් දෛවෝපගත තීරණයක් ගැනීමට පියා සහ මව එකඟ නොවෙයි. ඔවුන්ගේ මතභේදයට ගොදුරු වන්නේ දරුවන් අහිමි වීම සහ ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමය. එසේ නම් විශ්වය පාලනය කරන දෙවිවරුන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක පැවැත්මේ තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
(අහස් හා මිහිතලය යන) ඒ දෙකෙහි අල්ලාහ් හැර වෙනත් දෙවියෝ වෙත්නම්, ඒ දෙකම අක්රමික වනු ඇත. එලෙසම, බලගතු දේවාසනයෙහි පරමාධිපති වන අල්ලාහ් ඔවුන් වර්ණනා කරන (මිථ්‍යා) දැයින් පිවිතුරු ය. (අල්-අන්බියා: 22)
තවදුරටත් අපට දකින්නට ලැබෙන්නේ:
මැවුම්කරුගේ පැවැත්ම؛ කාලය, අවකාශය සහ ශක්තියේ පැවැත්මට පෙර පැවතිය යුතුය. මේ මත පදනම්ව විශ්වය නිර්මාණය වීමට ස්වභාවධර්මය හේතුව විය නොහැක. මන්ද ස්වභාව ධර්මය කාලය, අවකාශය සහ ශක්තියෙන් සමන්විතය. එබැවින් එම හේතුව ස්වභාව ධර්මයේ පැවැත්මට පෙර පැවතිය යුතුය.
මැවුම්කරු සර්වබලධාරී විය යුතුය. එනම් සියල්ල කෙරෙහි ආධිපත්‍යය දැරීමේ බලය ඔහු සතුව තිබිය යුතුය.
මැවීම් ආරම්භ කිරීමට ඔහුගේ නියෝග නිකුත් කිරීම සඳහා සියලු කටයුතු ඔහු සතුව තිබිය යුතුය.
සියලු දෑ පිළිබඳව සර්වඥතා ඥානය ඔහු සතු විය යුතුය. එනම් සෑම දෙයක් ගැනම පරිපූර්ණ දැනුමක් ඔහු සතුව තිබිය යුතුය.
ඔහු එක් තැනැත්තෙක් විය යුතුය. එයට වෙනත් හේතුවක් තිබීම අවශ්‍ය නොවේ. ඔහුගේ මැවීම් අතරින් කිසිදු ජීවියෙකුගේ රූපයක් තුළ මූර්තිමත් වීමේ අවශ්‍යතාවක් ඔහුට නැත. තවද ඔහුට කිසිම අවස්ථාවක බිරිඳක් හෝ පුතෙකු සිටීම අවශ්‍ය නැත. මන්ද ඔහුට පරිපූර්ණත්වයේ ගුණාංග තිබිය යුතු බැවිනි.
සුවිශේෂී ප්‍රඥාවක් නිසාවෙන් මිස කිසිවක් සිදු නොකරන ප්‍රඥාවන්තයෙකු විය යුතුය.
ඔහු යුක්තිසහගත විය යුතුය. විපාක දීම සහ දඬුවම් කිරීම ඔහුගේ යුක්තිය අනුව පිහිටයි. එමෙන්ම මිනිසුන්ට බැඳුණු කෙනෙකු විය යුතුය. මන්ද ඔහු ඔවුන් මවා ඔවුන් අත්හැර දැමුවහොත් ඔහු දෙවියෙකු නොවනු ඇත. එබැවින් ඔහු ඔවුන්ට මාර්ගය පැහැදිලි කිරීම සඳහාත් ඔහුගේ න්‍යායය මිනිසුන්ට දැනුම් දීම සඳහාත් පණිවිඩකරුවන් යවයි. ඔහු වනාහි, කවරෙකු මෙම මාර්ගය අනුගමනය කරනන්නේ ද ඔහුට ප්‍රතිඵල පිරිනමන්නාය. කවරෙකු ඉන් බැහැර වන්නේ ද ඔහුට දඬුවම නියම කරන්නාය.
මැවුම්කරුගේ ගුණාංග මොනවාද? ඔහු අල්ලාහ් ලෙස හඳුන්වන්නේ ඇයි?
මැදපෙරදිග සිටින කිතුනුවන්, යුදෙව්වන් සහ මුස්ලිම්වරුන් (අල්ලාහ්) යන වචනය දෙවියන් වහන්සේට යොමු කිරීමක් ලෙස භාවිතා කරන අතර එහි තේරුම එකම සැබෑ දෙවියන්, මෝසෙස්ගේ සහ ජේසුස් වහන්සේගේ දෙවියන් යන්නයි. මැවුම්කරු තමන් ගැන ශුද්ධ වූ අල්-කුර්ආනයේ "අල්ලාහ්" යන නමින් හා අනෙකුත් නම් සහ ගුණාංගවලින් නිර්වචනය කර ඇත. පැරණි ගිවිසුමේ පැරණි අනුවාදයේ "අල්ලාහ්" යන වචනය 89 වතාවක් සඳහන් වී තිබීම දක්නට ලැබේ.
අල් කුර්ආනයේ සඳහන් සර්වබලධාරී අල්ලාහ්ගේ ගුණාංග අතරින්: මැවුම්කරු. යන නාමයද එක් ගුණාංගයකි.
"ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය."(2) (අල්-හෂ්ර්: 24) (අල්-හෂ්ර්: 24)
ඔහු ප්රාරම්භභකයාය. ඔහුට පෙර කිසිවක් හෝ කිසිවෙක් නැත. ඔහු අවසානයාය. ඔහුට පසු කිසිවක් හෝ කිසිවෙක් හෝ නැත. "ඔහු ප්‍රාරම්භකයාය. අවසානයාය. විද්යාමානයාය. (අදෘෂ්‍යමාන) අභ්යන්තරයාය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය."(3) (අල්-හදීද්: 3)
සැලසුම් කරන්නා කළමනා කරන්නා "අහසේ සිට මහපොළොව දක්වා වූ සියලුම කරුණු ඔහු සැලසුම් කරයි."(4) (අස්-සජදා: 5) (අස්-සජදා: 5)
සර්වඥානී සර්වබලධාරී "...නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය." (5) (ෆාතිර්: 44)
ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ ස්වරූපයෙන් ඔහු නිරූපණය නොවෙයි. "ඔහු වැනි කිසිවකුත් නොමැත. තව ද ඔහු සර්ව ශ්‍රාවක හා සර්ව නිරීක්ෂක වේ." (6) (අෂ්-ෂූරා: 11) (අෂ් ෂූරා: 11)
ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු දරුවකු නැත: (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (1) අල්ලාහ් ස්වාධීනය. (2) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (7) (අල්-ඉක්ලාස්: 1-4) (අල් ඉක්ලාස්: 1-4)
ප්‍රඥාවන්තය: "...තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්‍රඥාවන්ත ය."(8) (අන්-නිසා: 111) (අන් නිසා: 111)
යුක්ති ගරුකය: "ඔබේ පරමාධිපති කිසිවකුට අපරාධ සිදු කරන්නේ නැත." (9) (අල්-කහ්ෆ්: 49) (අල්-කහ්ෆ්: 49)
මැවුම්කරු බිහිකළේ කවු ද?
මෙම ප්රශ්නය මැවුම්කරු පිළිබඳ වැරදි මතයක් සහ ඔහු මැවීම්වලට උපමා කිරීමේ ප්රතිඵලයකි. මෙම වැරදි මතය තාර්කිකව සහ බුද්ධිමය වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එයට උදාහරණයක් ලෙස:
පුද්ගලයෙකුට රතු පාටෙහි සුවඳ කුමක් ද? යන ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිද? ඇත්ත වශයෙන්ම, මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොමැත. මන්ද රතු වර්ණය සුවඳ දැනිය හැකි දේ අතර වර්ගීකරණය කර නොමැති බැවිනි.
රූපවාහිනියක් හෝ ශීතකරණයක් වැනි භාණ්ඩයක් නිෂ්පාදනය කරන සමාගම, උදාහරණයක් ලෙස, උපාංගය භාවිතා කිරීම සඳහා නීති රීති සකසයි. උපාංගය භාවිතා කරන ආකාරය විස්තර කරන පොතක මෙම උපදෙස් ලියා උපාංගය සමඟ අමුණයි. නිෂ්පාදනය කරන සමාගම මෙම නීතිවලට යටත් නොවන අතර, අවශ්‍ය පරිදි උපාංගයෙන් ප්රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් පාරිභෝගිකයා මෙම උපදෙස් පිළිපැදිය යුතු අතර ඒවා අනුගමනය කළ යුතුය.
සෑම හේතුවකටම හේතුවක් ඇති කරන දෙයක් තියන බව පෙර උදාහරණ වලින් අපට වැටහෙයි. නමුත් සරල ව කිවහොත් දෙවියන්ට (හේතුවක්) නොපවතින අතර ඔහුව මැවිය හැකි දේ අතර වර්ගීකරණය කළ නොහැක. දෙවියන් සියලු දෑට පෙර වූ ප්‍රථමයාය. ප්‍රධාන මූලික හේතුව ඔහුය. හේතු කාරක නීතිය අල්ලාහ්ගේ විශ්වීය නීති වලින් එකක් වුවද, සර්වබලධාරී අල්ලාහ් ඔහු අපේක්ෂා කරන දේ ක්‍රියාත්මක කරන්නෙකු වන අතර ඔහු චතුර හැකියාව තමන් සතු කරගත් අයෙකු වන්නේය.
මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ සාධක මොනවාද?
මැවුම්කරු පිළිබඳ විශ්වාසය පදනම් වී ඇත්තේ හේතුවක් නොමැතිව දේවල් මතු නොවනු ඇත යන කාරණය මතය. විශාල ජනාවාස වූ මෙම භෞතික විශ්වය සහ එහි සිටින ජීවීන්ට ඉතා සියුම් විඥානයක් ඇති අතර ඒවා ගණිතයේ අභෞතික නියමයන්ට අවනත වේ. සීමිත භෞතික විශ්වයක පැවැත්ම පැහැදිලි කිරීම සඳහා, අපට ස්වාධීන මූලාශ්‍රයක්, අභෞතික හා සදාකාලික මූලාශ්‍රයක් අවශ්‍ය වේ.
අහම්බෙන් විශ්වය නිර්මාණය වීමට හැකියාවක් නැත. මන්ද අහඹු සිදුවීම ප්‍රධාන හේතුවක් නොව, අහඹු ලෙස මෙම සාධක වලින් යමක් සෑදීම සඳහා (කාලය, අවකාශය, පදාර්ථය සහ ශක්තියේ පැවැත්ම) යනාදි වෙනත් සාධක මත එය රඳා පවතින අතුරු ඵලයක් වන බැවිනි. "අහම්බෙන්" යන වචනය කිසිවක් පැහැදිලි කිරීම සඳහා භාවිතා කළ නොහැක. මන්ද එය කිසිසේත්ම කිසිවක් නොවන බැවිනි.
නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු තම කාමරයට ඇතුළු වී ජනේල වීදුරුව කැඩී ඇති බව දුටු විට, ජනේල වීදුරුව කැඩුවේ කවුදැ?යි ඔහුගේ පවුලේ අයගෙන් ඔහු විමසනු ඇත. එවිට ඔවුහු: එය අහම්බෙන් කැඩී ඇත යැයි පිළිතුරු දෙති. මෙහි දී පිළිතුර වැරදිය. හේතුව ඔහු ජනේලය කැඩුනේ කොහොමදැයි විමසා සිටියේ නැත. ඔහු විමසා සිටියේ ජනේලය කැඩුවේ කවුදැයි යනුවෙනි. අහඹු සිදුවීම ක්රියාවේ විස්තරයක් මිස කළ අය ගැන නොවේ. ඔවුන් පැවසිය යුතු නිවැරදි පිළිතුර විය යුත්තේ: 'එය කඩා දැමුවේ මේ පුද්ගලයාය' යැයි පවසා පසුව එය කඩා දැමූ තැනැත්තා අතින් අහම්බෙන් හෝ හිතාමතා සිදු වූවක් යන්න පැහැදිලි කිරීමය. විශ්වයට සහ ජීවීන්ට ද එය අදාළ වේ.
විශ්වය සහ ජීවීන් නිර්මාණය කළේ කවුදැ?යි අප විමසා සිටි විට, ඒවා අහම්බෙන් සොයාගත් බව සමහරු පිළිතුරු දුන්නොත්, මෙහි පිළිතුර වැරදිය. මන්ද අප විශ්වය ඇති වූයේ කෙසේද යන්න විමසුවේ නැත. නමුත් අප විමසා සිටියේ විශ්වය නිර්මාණය කළේ කවුද යන්නය. ඒ අනුව, අහඹුව යනු සිදු කරන්නෙකු හෝ විශ්වයේ නිර්මාතෘවරයෙකු හෝ නොවේ.
මෙහිදී ප්‍රශ්නයක් පැන නැගෙයි: එනම් විශ්වයේ නිර්මාතෘ එය නිර්මාණය කළේ අහම්බෙන් ද එසේ නැතහොත් හිතාමතාම ද යන්නයි. ඇත්ත වශයෙන්ම, ක්‍රියාව සහ එහි ප්රතිවිපාකය අපට පිළිතුර ලබා දෙයි.
අපි නැවතත් ජනේලයේ උදාහරණය වෙත යොමු වුවහොත්, යමෙකු ඔහුගේ කාමරයට ඇතුළු වී ජනේල වීදුරුව කැඩී ඇති බව දැක ඔහු එය බිඳ දැමුවේ කවුදැ?යි ඔහුගේ පවුලේ අයගෙන් විමසූ විට, ඔවුන් ඔහුට 'මෙම පුද්ගලයා අතින් අහම්බෙන් එය කැඩී ගියේය.' යැයි පිළිතුරු දෙයි. මෙහි දී පිළිතුර පිළිගත හැකි සහ සාධාරණ වේ. මන්ද වීදුරු කැඩීම අහම්බෙන් සිදුවිය හැකි අහඹු සිදුවීමකි. නමුත් එම පුද්ගලයාම පසුදින ඔහුගේ කාමරයට ඇතුළු වී කැඩුනු ජනේල වීදුරුව අලුත්වැඩියා කරනු ලැබ පෙර තිබූ ආකාරයෙන්ම දැක ගන්නට ලැබූවහොත් ඔහු ඔහුගේ පවුලේ අයගෙන් එහි ආරම්භය ගැන විමසූ විටෙක, ඔවුන් ඔහුට: මෙය අහම්බෙන් අලුත් වැඩියා වී ඇතැයි පිළිතුරු දුන්නේ නම්, මෙහි පිළිතුර ද පිළිගත නොහැක්කකි. එපමණක් නොව එය තාර්කික ද විය නොහැකි ය, මන්ද වීදුරු අලුත්වැඩියා කිරීමේ ක්‍රියාව අහඹු ක්‍රියාවක් නොවන බැවිනි. එය සංවිධානාත්මක ක්‍රියාවක් වන අතර රීති මගින් නියාමනය වන්නකි. ඒ අනුව පළමුව හානියට පත් වීදුරු ඉවත් කිරීම, ජනේල රාමුව පිරිසිදු කිරීම, පසුව රාමුවට සුදුසු නිවැරදි ප්‍රමාණවලින් නව වීදුරු කපා, පසුව රබර් ද්‍රව්‍ය සමඟ රාමුව තුළ වීදුරුව ස්ථාපනය කිරීම, පසුව රාමුව එහි ස්ථානයේ සවි කිරීම යනාදී සියල්ල අවශ්‍ය වේ. මෙම ක්‍රියා අහම්බෙන් සිදු විය නොහැක. ඒවා හිතාමතාම සිදු විය යුතු වේ. තාර් කික රීතිය මෙසේ කියයි: ක්‍රියාව පද්ධතියකට යටත් නොවී, එය අහම්බෙන් සිදු වූවක් නම්, එය අහඹු සිදුවීමක් විය හැකිය. නමුත් එය සංවිධානාත්මක, අන්තර් සම්බන්ධිත ක්‍රියා සහ පද්ධතියක් හේතුවෙන් ඇති වූ ක්‍රියාවක් නම්, එය අහම්බෙන් සිදු විය නොහැක්කකි. එය හිතාමතාම සිදු කර තිබිය යුත්තකි.
අපි විශ්වය සහ ජීවීන් දෙස බැලුවහොත්, ඒවා සියුම් හා නිසි නීති පද්ධතියන්ට යටත් ව ගමන් කරනවාක් සේම, ඒවා දැඩි පද්ධතියකින් යුතුව සාදන ලද බව අපට පෙනී යනු ඇත. එබැවින් අප පවසා සිටිනුයේ: විශ්වය සහ ජීවීන් අහම්බෙන් නිර්මාණය වී තිබීම තර්කානුකූල විය නොහැකි බවයි. ඒවා හිතාමතාම නිර්මාණය කර තිබිය යුතුය. මේ සමග විශ්වයේ නිර්මාණය යන ගැටලුවෙන් එය අහම්බෙන් සිදු වූ බවට දරණ මතය ඉවත් කෙරේ. [10]. අදේවවාදය සහ ආගම්වාදය විවේචනය කිරීම සඳහා ස්ථාපිත නාලිකාව: https://www.youtube.com/watch?v=HHASgETgqxI
මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි අතරින්:
1- මැවීම හා පැවැත්ම පෙන්වා දෙන සාධක:
මින් අදහස් කරන්නේ විශ්වය කිසිවක් නොමැතිව නිර්මාණය කිරීමෙන්, මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන බවයි.
"නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත." (11) (ආලු ඉම්රාන්: 190) (අල් කුර්ආන්:190)
2- අනිවාර්යය භාවය පෙන්වා දෙන සාධක:
සෑම දෙයකටම ප්‍රභවයක් ඇති බවත්, මෙම ප්රභවයට මූලාශ්‍රයක් ඇති බවත් අපි පවසන්නේ නම්, එසේ මෙම අනුපිළිවෙල සදහටම පවතින්නේ නම්, සැබැවින්ම අපි ආරම්භයකට හෝ අවසානයකට පැමිණීම තර්කානුකූල වේ. ප්‍රභවයක් නොමැති මූලාශ්‍රයකට අප ළඟා විය යුතු අතර, මෙය අපි "මූලික හේතුව" ලෙස හඳුන්වන්නෙමු. එය මූලික සිදුවීමෙන් වෙනස් වේ. උදාහරණයක් ලෙස, මහා පිපිරුම මූලික සිදුවීම යැයි අපි උපකල්පනය කරන්නේ නම්, මෙම සිදුවීමට හේතු වූ මූලික හේතුව නිර්මාතෘ ය.
3- පරිපූර්ණත්වය හා නිරවද්‍යතාව පෙන්වා දෙන සාධක:
මින් අදහස් කරන්නේ විශ්වයේ නිර්මාණය හා එහි පවතින සියුම් න්‍යායයන් මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම පෙන්නුම් කරන බවයි.
"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු." (12) (අල්-මුල්ක්: 3) (අල්-මුල්ක්: 3)
“සැබැවින්ම අපි සෑම දෙයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්‍රමාණයකට අනුවය.” (13) (අල්-කමර්: 49) (අල් කමර්: 49)
4- රැකවරණය පෙන්වා දෙන සාධක:
මිනිස් සම්භවය සඳහා සම්පූර්ණයෙන්ම සුදුසු පරිදි විශ්වය ගොඩනඟා තිබීම. මෙම සාක්ෂිය දිව්‍යමය දයාවේ හා සුන්දරත්වයේ ගුණාංග වෙත යොමු වේ.
"අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය."(14) (ඉබ්රාහීම්: 32) (ඉබ්රාහීම්: 32)
5- නතුකර දීම හා සැළසුම් කිරීම පෙන්වා දෙන සාධක:
එය දිව්‍ය බලයේ හා තේජාන්විතභාවයේ ගුණාංග සමඟ පමණක් සුවිශේෂී වේ.
"තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය." (5) "විවේකය සඳහා සවස් වරුවේ ගාල් කරන විට ද උදෑසන තණ බුදින්නට දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත." (6) "නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය." (7) "තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත." (8) (15) (අන්-නහ්ල්: 5-8)
6- සුවිශේෂීගත කිරීම පෙන්වා දෙන සාධක:
මින් අදහස් කරන්නේ විශ්වයේ අප දකින දේ බොහෝ ආකාරවලින් විය හැකි නමුත් සර්වබලධාරී දෙවියන් ඒවායින් හොඳම ස්වරූපය තෝරා ඇති බවයි.
"නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?" (68) "එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපිද?" (69) "අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?" (70) (16) (අල් වාකිආ: 68,69,70)
"නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු." (අල්-ෆුර්කාන්: 45) (17) (අල්-ෆුර්කාන්: 45)
විශ්වය නිර්මාණය වූ ආකාරය සහ පවතින ආකාරය පැහැදිලි කිරීමට ඇති හැකියාව ගැන අල්-කුර්ආනය සඳහන් කරයි. The Divine Reality: God, Islam & The Mirage of Atheism. Hamza Andreas Tzortzi
"එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?" (35) "එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? නැත, ඔවුහු තිරසාර ලෙස විශ්වාස නොකරති." (36) "එසේ නැතහොත් නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර ඔවුන් ළඟ තිබේ ද? එසේ නැතහොත් ඔවුන් ආධිපත්‍යය දරන්නෝද?" (37) (19) (අත්තූර් :35-37)
එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද?
විශ්වයේ නිර්මාතෘවරයෙකු නැතැයි යන උපකල්පනය අප අවට ඇති බොහෝ ස්වාභාවික නීතිවලට පටහැනි වේ. සරල උදාහරණයක් නම් ඊජිප්තුවේ පිරමිඩ කිසිවක් නොමැතිව සොයා ගන්නා ලදී යැයි පවසන්නාක් මෙනි. එය මේ මතය ප්‍රතික්ෂේප කිරීමට ප්රමාණවත්ය.
එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
ස්වයං-නිර්මාණය: විශ්වය, එය විසින්ම නිර්මාණය කළ හැකි ද? "මැවීම්" යන්නෙන් අදහස් කරන්නේ නොතිබී ඇති වූ දෙයකි. ස්වයං-නිර්මාණය තාර්කික හා ප්‍රායෝගික විය නොහැකිය. එකම වේලාවේ යමක් පැවතීම සහ නොතිබීම විය නොහැකිය යන යථාර්ථය ස්වයං නිර්මාණය වෙත යොමු කෙරේ. එය විය නොහැකි කරුණකි. මිනිසා තමන් විසින්ම තමන් මවා ගත් බව පැවසීමෙන් අදහස් වන්නේ ඔහු පැවතීමට පෙර පැවතුණු බව ය.
එය කෙතරම් ද යත් සමහර සංශයවාදීන් අදහස් දක්වමින්, ඒක සෛලික ජීවීන් තුළ ස්වයං-නිර්මාණය වීමේ හැකියාව ඇති බව ප්‍රකාශ කරන විට පවා එසේමය. පළමුවෙන්ම, මෙම සාකච්ඡාව මතු කිරීම සඳහා පළමු සෛලය පැවති බව උපකල්පනය කළ යුතු වේ. අපි මෙම කියමන උපකල්පනය කරන්නේ නම්, මෙය ස්වයං-නිර්මාණයක් නොව, ප්‍රජනන ක්රමයකි (අලිංගික ප්‍රජනන ක්රමයකි). එමඟින් තනි ජීවියෙකුගෙන් පරම්පරාව පැන නැගෙන අතර එම මාපියන්ගේ ජානමය ද්‍රව්‍ය පමණක් ඔහුට උරුම වේ.
බොහෝ අය, ඔබව නිර්මාණය කළේ කවුදැයි ඔබ ඔහුගෙන් විමසූ විට, ඔහු සරලව පවසන්නේ: මගේ මේ ජීවිතයේ පැවැත්මට හේතුව මගේ දෙමාපියන් බවය. එය කෙටියෙන් සහ මෙම උභතෝකෝටිකයට මගක් සෙවීමට අදහස් කරන පිළිතුරක් බව පැහැදිලිය. මනුෂ්‍යයා ස්වභාවයෙන්ම ගැඹුරින් සිතන්නට උත්සාහ කිරීමට කැමති නැත. මන්ද තම දෙමාපියන් මිය යන බවත් ඔහු පවතින බවත් එම පිළිතුරම දීම සඳහා ඔහුගේ පරම්පරාව ඔහු පසුපස එන බවත් ඔහු දන්නා බැවිනි. එමෙන්ම ඔහුගේ දරුවන් මැවීමට පවා ඔහුට කිසිදු විකල්පයක් නොමැති බව ද ඔහු දනී. එසේ නම් සැබෑ ප්රශ්නය: මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කළේ කවු ද? යන වගයි.
එසේ නැතහොත් ඔවුහු අහස් හා පොළොව මැව්වෝ ද?
මැවුම්කරුවාණන් සහ විධායකයාණන් පමණක් හැර තමන් අහස හා පොළොව මැවූ බව ප්‍රකාශ කළ කිසිවෙක් සිටියේ නැත. ඔහු තම දූතයන් මනුෂ්‍ය වර්ගයා වෙත එවන අවස්ථාවේ මෙම කාරණය හෙළි කළේය. සත්‍යය නම්, අහස් සහ පොළොවේ මෙන්ම ඒවා අතර ඇති සියල්ලේ උත්පාදක, මැවුම්කරු සහ හිමිකරු ඔහුය. ඔහුට සහකරුවෙක් හෝ පුතෙක් නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.” (සබඃ:22) (20) (සබඃ: 22)
අපට මෙහි උදාහරණයක් ඉදිරිපත් කළ හැක. එනම් පොදු ස්ථානයක බෑගයක් හමු වූ විට, බෑගයේ විස්තර සහ එහි ඇතුළත ඇති දෑහි විස්තර දන්වා සිටින, බෑගයේ හිමිකරු තමා යැයි පවසන කිසිවකු පැමිණියේ නැත. මෙවන් අවස්ථාවක මෙම බෑගය වෙනත් තැනැත්තෙකු පෙනී සිට එය ඔහුගේ බව ප්‍රකාශ කරන තුරු අහුලා ගත් තැනැත්තාගේ අයිතිය බවට පත් වේ. මෙය මානව නීතිවලට අනුව ය.
මැවුම්කරුගේ පැවැත්ම:
ඒ සියල්ල අපව නොවැළැක්විය හැකි පිළිතුර වෙත යොමු කරයි, එනම් මැවුම්කරුවෙකුගේ පැවැත්මයි. අරුම පුදුම දෙය නම්, පුද්ගලයෙකු සෑම විටම මෙම හැකියාවෙන් ඈත්ව ඇති බොහෝ හැකියාවන් උපකල්පනය කිරීමට උත්සාහ කරයි, මෙම හැකියාව, බැහැර කරන ලද සහ විශ්වාස කිරීමට හෝ ඔහුගේ පැවැත්ම සත්‍යාපනය කළ නොහැකි පරිකල්පනීය දෙයක් බඳුය. අපි අවංකව, සාධාරණ ස්ථාවරයක් සහ තීක්ෂ්ණ බුද්ධිය සහිත විද්‍යාත්මක බැල්මක් ගන්නේ නම්, මැවුම්කරු දෙවියන්ව ආවරණය කර ගත නොහැකි ය යන යථාර්ථය වෙත අපට ළඟා කර දෙයි. මන්ද ඔහු මුළු විශ්වයම මැවූ තැනැත්තා වන බැවින් ඔහුගේ ස්ව පැවැත්ම මිනිස් අවබෝධයෙන් ඔබ්බට වූවකි. මෙම අදෘශ්‍යමාන බලය එහි පැවැත්ම තහවුරු කිරීම පහසු නොවන බව අපි උපකල්පනය කිරීම තාර්කිකය. මෙම බලය මිනිස් සංජානනයට සුදුසු යැයි හැඟෙන ආකාරයෙන් තමා විසින්ම හෙළි කළ යුතුය. මෙම අදෘශ්‍යමාන බලය පවතින සත්‍යයක් බවත් මෙම පැවැත්මේ රහස පැහැදිලි කිරීමට මෙම අවසාන සහ ඉතිරිව ඇති හැකියාව සමඟ වන නිශ්චිතභාවයෙන් ගැලවීමක් නොමැති බවත් ඒත්තු ගැන්විය යුතුය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි." (අද්-දාරියාත්: 50) (21) (අද්-දාරියාත්: 50)
එමෙන්ම අපි සදාකාලික යහපත, සැපය සහ සදාකාලිකත්වය සොයන්නේ නම්, මෙම මැවුම්කරු දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කර පිළිගත යුතු වේ.
මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ නිශ්චිත සාක්ෂි මොනවාද?
අපි දේදුනු සහ මිරිඟු දකිමු. නමුත් ඒවා නොපවතී! භෞතික විද්‍යාව ඔප්පු කර ඇති පමණින් ගුරුත්වාකර්ෂණ බලය අපි නොදකිමු. නමුත් එය පවතින බව අපි විශ්වාස කරමු.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"සියළු දෘෂ්ඨීන් ඔහුව ග්‍රහණය නොකරයි. නමුත් ඔහු සියලු දෘෂ්ඨීන් ග්‍රහණය කරයි. තවද ඔහු සියුම් ඥානීය; සර්ව ප්‍රඥාවන්තය." (අල්-අන්ආම්: 103) (22) (අල්-අන්ආම්: 103)
උදාහරණයක් ලෙස, ආසන්න වශයෙන් පමණක් ගත් කල, පුද්ගලයෙකුට "අදහසක්" වැනි භෞතික නොවන දෙයක් ගැන එහි බර ග්‍රෑම් වලින්, එහි දිග සෙන්ටිමීටර වලින්, එහි රසායනික සංයුතිය, වර්ණය, පීඩනය, හැඩය සහ රූපය විස්තර කළ නොහැක.
සංජානනය වර්ග හතරකට බෙදා ඇත:
ඉන්ද්‍රීය සංජානනය: නිදසුනක් වශයෙන්, පෙනීමේ හැඟීමෙන් ඔබ යම් දෙයක් දකින්නාක් මෙනි.
පරිකල්පනීය සංජානනය: නිදසුනක් වශයෙන්, ඔබේ මතකය සහ අතීත අත්දැකීම් සමඟ සංවේදී රූපයක් සංසන්දනය කිරීම.
මිථ්‍යා සංජානනය: අන් අයගේ හැඟීම් දැනීම, උදාහරණයක් ලෙස ඔබේ පුතා දුකෙන් සිටින බව ඔබට හැඟෙනවාක් මෙනි.
මේ ආකාර තුනෙහිම මිනිසුන් සහ සතුන් හවුල් වෙති.
මානසික / බුද්ධිමය සංජානනය: එය මිනිසාට පමණක් අනන්‍ය වූ සංජානනයයි.
අදේවවාදීන්ට අවශ්‍ය වන්නේ මිනිසා සතුන්ට සමාන කිරීම සඳහා මෙම සංජානනය අහෝසි කිරීමට ය. එමෙන්ම මානසික සංජානනය යනු ප්‍රබලම සංජානනයයි, මන්ද මනස / බුද්ධිය හැඟුමන් නිවැරදි කරයි. උදාහරණයක් ලෙස, අප පෙර උදාහරණයේ සඳහන් කළ පරිදි, යමෙක් තම දෑසින් මිරිඟුවක් දුටු විට, මනස, බුද්ධිය ක්‍රියාකාරී වී මෙය ජලය නොවන මිරිඟුවක් පමණක් බව තම මිතුරාට පවසන අවස්ථාව ගත හැක. එහි දර්ශණය මතු වූයේ වැලි මත ආලෝකය පරාවර්තනය වීමෙන් පමණක් මිස එහි පැවැත්මට පදනමක් නැත. මෙහිදී හැඟීම ඔහු මුළා කර ඇති අතර බුද්ධිමය මනස එය මෙහෙයවා ඇත. අදේවවාදීන් තාර්කික සාක්ෂි ප්‍රතික්ෂේප කර, භෞතික සාක්ෂි ඉල්ලා සිටිති. ඔවුන් මෙම යෙදුම “විද්‍යාත්මක සාක්ෂි” යන යෙදුමෙන් නිරූපණය කරති. එසේනම් බුද්ධිමය සහ තාර්කික සාක්ෂි විද්‍යාත්මක නොවේද? එය ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක සාක්ෂි මිස ද්‍රව්‍යමය සාක්ෂි නොවේ. පියවි ඇසට නොපෙනෙන කුඩා ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම හා ඒවායෙහි ප්‍රතික්‍රියාව පිළිබඳ අදහස මීට වසර පන්සියයකට පෙර පෘථිවියේ ජීවත් වූ පුද්ගලයෙකුට ඉදිරිපත් කරන්නේ කෙසේදැයි ඔබට සිතාගත හැකිය.[23] https://www.youtube.com/watch?v=P3InWgcv18A ෆාළිල් සුලෙයිමාන්.
මනසට මැවුම්කරුගේ පැවැත්ම අවබෝධ කර ගැනීමට සහ ඔහුගේ සමහර ගුණාංග තේරුම් ගැනීමට හැකි වුවද, එයට සීමාවන් ඇත. ඇතැම් කරුණු ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කළ හැකි අතර අනෙක් ඒවා එසේ අවබෝධ කර ගත නොහැක. නිදසුනක් වශයෙන්, අයින්ස්ටයින් වැනි භෞතික විද්‍යාඥයෙකුගේ මනසෙහි ඇති ප්‍රඥාව කිසිවෙකුට වටහා ගත නොහැකිය.
"ඉහළම උපමාදර්ශය ඇත්තේ අල්ලාහ් සතුවය. අල්ලාහ් පිළිබඳ සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට හැකි වේ යන සිතුවිල්ල ඔහු පිළිබඳ පවතින නොදැනුවත්කමේ සාරයයි. මෝටර් රථය ඔබව මුහුදු වෙරළට ගෙන යා හැකි නමුත් එහි සොයා යාමට ඔබට හැකියාවක් නැත. උදාහරණයක් ලෙස මුහුදු ජලය ලීටර් කීයකට සමානදැයි මම ඔබෙන් ඇසුවොත්, ඔබ ඕනෑම අංකයකින් පිළිතුරු දුන්නේ නම්, ඔබ නූගත් ය, ඔබ නොදන්නා බව පිළිතුරු දුන්නේ නම්, ඔබ උගත් ය. දෙවියන් වහන්සේව දැන ගැනීමට ඇති එකම මාර්ගය විශ්වයේ සාක්ෂි සහ ඔහුගේ කුර්ආනීය වාක්‍යයන් පමණි." (24) අෂ්-ෂෙයික් මුහම්මද් රාතිබ් අන්-නාබුල්සිගේ ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලද්දකි.
ඉස්ලාම් දහම තුළ දැනුමේ මූලාශ්‍ර නම්: අල්-කුර්ආනය, සුන්නාහ්, ඉජ්මා හෙවත් සම්මුතිය, අල්-කුර්ආනය සහ සුන්නාහ් අනුගමනය කරන මානසික බුද්ධිය සහ දිව්‍ය වාක්‍යන් සමග නොගැටෙන පරිදි නිවැරදි බුද්ධියකින් පෙන්නුම් කරන දෑය. තවද විශ්වීය සාධක හා දිව්‍ය හෙළිදරව්වන්හි සත්‍යයන් පිළිබඳ සාක්ෂි දරන සහ ඊට පටහැනි නොවන ඉන්ද්රියමය කරුණු මෙහෙයවනු අයුරින් අල්ලාහ් මානසික බුද්ධිය නිමවා ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් මැවීම් ප්රථමෝත්පාදනය කර පසු ව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි." (19) "මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු." (අල් අන්කබූත් 19,20) (25) (අල් අන්කබූත් 19,20)
"එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේය." (අන්-නජ්ම්: 10) (26) (අන්-නජ්ම්: 10)
විද්‍යාවේ ඇති සුන්දරම දෙය නම් එයට සීමා මායිම් නොමැති වීමත්, විද්‍යාවන් ගැන සොයා බලන සෑම විටකම වෙනත් විද්‍යාවන් අප සොයා ගැනීමත්, සියලු විද්‍යාවන් දැන ගැනීමට නොහැකි වීමත් ය. බුද්ධිමත්ම පුද්ගලයා සෑම දෙයක්ම තේරුම් ගැනීමට උත්සාහ කරන තැනැත්තා වන අතර මෝඩම පුද්ගලයා තමා සියල්ල තේරුම් ගත් බව සිතන තැනැත්තාය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත.) යැයි (නබිවරය) නුඹ පවසනු." (අල්-කහ්ෆ්: 109) (27) (අල්-කහ්ෆ්: 109)
මැවුම්කරු ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ ස්වරූපයෙන් නිරූපණය නොවන්නේ ඇයි?
නිදසුනක් වශයෙන්, ඉහළම පරමාදර්ශය අල්ලාහ්ට පමණක් ඇති අතර, මෙය අදහස සමීප කරවීමට පමණක් ඉදිරිපත් කෙරේ. පුද්ගලයෙකු ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා කර; එය පිටතින් පාලනය කරන මොහොතේ ඔහු කිසිදු ආකාරයකින් උපාංගය තුළට ඇතුළු නොවෙයි.
සියලු දෑ කෙරෙහි බලය අල්ලාහ්ට ඇති බැවින් එය සිදු කිරීමට ඔහුට හැකි බව අප පවසන්නේ නම්, කීර් තිමත් එකම මැවුම්කරු වන දෙවියන් ඔහුගේ කීර්තියට නොගැලපෙන දේ නොකරන බව ද අපි හඳුනාගත යුතුය. ඔහු අති උසස් දැයින් ද උත්තරීතර ය.
නිදසුනක් වශයෙන්, සියලු පරමාදර්ශ අල්ලාහ් සතුය: ඕනෑම පූජකයෙකු හෝ උසස් ආගමික තරාතිරමක පුද්ගලයෙකු හෝ වේවා නිරුවතින් පොදු වීදිවලට බැහැර වී නොයනු ඇත. ඔහුට එසේ කිරීමට හැකියාව තිබුණ ද මේ ස්වරූපයෙන් මහජනයා අතරට යා නොහැක. මක්නිසාද යත් මෙම හැසිරීම ඔහුගේ ආගමික ස්ථාවරයට නොගැලපෙන බැවිනි.
මැවුම්කරුට නමස්කාර කිරීමේදී මැදිහත්කරුවන් ගැනීම නිරයේ සදාකාලිකත්වයට හේතු වන්නේ ඇයි?
දන්නා පරිදි, මානව නීතිය තුළ, රජුගේ හෝ විෂයභාර තැනැත්තෙකුගේ අයිතිය උල්ලංඝනය කිරීම වෙනත් අපරාධවලට සමාන නොවේ. එසේනම් රජවරුන්ගෙත් රජුගේ අයිතිය ගැන කුමක් කිව හැකිද? තම ගැත්තන් කෙරෙහි පැවරෙන අල්ලාහ් සතු අයිතිය වනුයේ ඔවුන් ඔහුට පමණක් නමස්කාර කිරීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “අල්ලාහ්ගේ ගැත්තන් වෙත පැවරෙන ඔහුගේ අයිතිය ඔවුන් ඔහු නැමදීම හා කිසිවක් ඔහුට සමාන නොකිරීමය. එසේ කළ විට අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන්ගේ අයිතිය කුමක්දැයි ඔබ දන්නෙහි ද... මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වේ යැයි මම පිළිතුරු දුනිමි. එතුමාණෝ: අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන් සතු අයිතය වනුයේ ඔහු ඔහුට දඬුවම් නොකිරීමය.
අපි යමෙකුට තෑග්ගක් දෙන විට ඔහු තවත් කෙනෙකුට ස්තූති කර ඔහුට ප්‍රශංසා කරනවා යැයි සිතීම ප්රමාණවත්ය. ඉහලම පරමාදර්ශ අල්ලාහ් සතුය. මෙය තම මැවුම්කරු සමග වන ගැත්තන්ගේ තත්වයයි. අල්ලාහ් ඔවුන්ට අසංඛ්‍යාත ආශිර්වාද ලබා දී තිබිය දී ඔවුන් අනෙක් අයට ස්තුති කරති. සියලුම අවස්ථාවන්හි මැවුම්කරු ඔවුන්ගේ අවශ්‍යතාවයන්ගෙන් තොරය.
මැවුම්කරු ඒකීය හා ඔහු පමණක් වන විට බහු වචන පදයෙන් තමන් ව හඳුන්වන්නේ ඇයි?
ලෝවැසියන්ගේ පරමාධිපති ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ වාක්‍යවල තමන්ව ප්‍රකාශ කිරීමේදී “අපි” යන වචනය භාවිතා කිරීමෙන් ප්‍රකශ කෙරෙනුයේ ඔහු අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග එකතුවෙහි ඔහු පමණක් (ඒකීය) බව ය. එලෙස අරාබි භාෂාවේ ශක්තිය හා ශ්‍රේෂ්ඨත්වය ද ඉන් ප්‍රකාශ කෙරේ. ඉංග්‍රීසි භාෂාවෙන් (හා වෙනත් භාෂාවල ද) එය "බලවතුන් අපි" ලෙස හැඳින් වේ. එහි දී බහු වචන සර්වනාමය උසස් තනතුරක සිටින පුද්ගලයෙකු (රජ, පාලක හෝ සුල්තාන් වැනි) හැඳින්වීමට භාවිතා කරයි. නමුත් අල් කුර්ආනය සැමවිටම අවධාරණය කර ඇත්තේ නැමදුම හා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ඒකීයභාවයයි.
දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කිරීම අතර තෝරා ගැනීමේ නිදහස මැවුම්කරු මැවීම්වලට නියම කර ඇත්තේ ඇයි?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා!..." (අල්-කහ්ෆ්: 29) (28) (අල්-කහ්ෆ්: 29)
මැවුම්කරුට කීකරු වීමට හා නමස්කාර කිරීමට අපට බල කළ හැකි නමුත්, බල කිරීම මිනිස් මැවීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා නොගනී.
දිව්‍ය ප්‍රඥාව ආදම්ගේ මැවීම තුළ නියෝජනය විය. ඔහු දැනුමෙන් වෙන්කර හැඳින් වීය.
"ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය." (අල්-බකරා: 31) (අල්-බකරා: 31)
එමෙන්ම තෝරා ගැනීමේ බලය ඔහුට පිරි නැමීය.
“අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු." (අල් බකරා: 35) (30) (අල් බකරා: 35)
තේරීමේ නිදහස වරදෙහි, ලිස්සා යාමෙහි හා පාපයෙහි වැටීමට හේතු වන බැවින් තව්බාව නොහොත් පාපක්ෂමාවේ හා පසුතැවිලි වීමේ දොරටුව විවෘත කළේය.
"පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තය. (අල්-බකරා: 37) (31) (අල්-බකරා: 37)
ආදම් මහපොළොවේ නියෝජිතයකු වීම අල්ලාහ් අපේක්ෂා කළේය.
"තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය." (අල්-බකරා: 30) (අල් බකරා: 30)
තෝරා ගැනීමේ කැමැත්ත සහ හැකියාව නිසි ලෙස හා නිවැරදි ලෙස භාවිතා කර මෙහෙයවන්නේ නම් එයම ආශිර්වාදයක් වන අතර එය දූෂිත චේතනා සහ අරමුණු සඳහා යොදවන්නේ නම් එය ශාපයකි.
කැමැත්ත සහ තේරීම අන්තරායන්, ආරවුල්, අරගල සහ ස්වයං-ආරවුල් වලින් පිරී තිබිය යුතුය. එය ව්‍යාජ සතුටට හේතු වන යටහත් පහත්කමට වඩා මිනිසාට ඉමහත් වූ නිලයක් හා ගෞරවයක් බව නොඅනුමානය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"දේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලන් හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල වලින් උසස් කර ඇත." (අන්-නිසා: 95) (අන්-නිසා: 95)
මෙහි අපට ප්‍රතිඵල ලැබෙන තේරීමක් නොමැති නම්, ප්‍රතිඵලයෙන් හා දඬුවමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
මේ සියල්ල, මිනිසාට සැබවින්ම ලබා දී ඇති තේරීමේ අවකාශය මේ ලෝකයේ සීමිත බව දැන ගැනීමටය. උත්තරීතර අල්ලාහ් අපගෙන් ප්‍රශ්න කර සිටිනුයේ ඔහු අපට තෝරා ගැනීම සඳහා නිදහස ලබා දුන් දෑ සම්බන්ධයෙන් පමණි. අප හැදී වැඩුණු තත්වයන්ට සහ පරිසරයට තේරීමක් අපට නොතිබුණි. අපගේ හැඩතල සහ වර්ණ පාලනය කිරීමට අපට නොහැකි වූවා සේම අපගේ දෙමාපියන් අප තෝරා ගත්තේ ද නැත.
මිනිසුන්ගේ අවශ්‍යතා අල්ලාහ්ට උවමනා නැති තත්ත්වයක ඔහු ඔවුන් මවා ඇත්තේ කුමක් සඳහා ද?
මිනිසෙක් උපරිමයෙන්ම ධනවත් හා ත්‍යාගශීලී බව ලබන විට, ඔහු මිතුරන් හා ආදරණීයයන් කෑමට සහ බීමට ආරාධනා කරනු ඇත.
අපගේ මෙම ගුණාංග අල්ලාහ් සතුව ඇති දෙයින් කුඩා කොටසක් පමණි. මන්ද මැවුම්කරු අල්ලාහ් වනාහි, ඔහු සතුව තේජස සහ අලංකාරයේ ගුණාංග ඇත. ඔහු මහා කාරුණිකය. අපරිමිත දයාන්විතය. පිහිට වන ත්යාගශීලීය. අප මවා ඇත්තේ ඔහුට නැමදුම් කරනු පිණිසය. අපි ඔහුට අවංකව නැමද; ඔහුට කීකරු වී, ඔහුගේ අණට කීකරු වන්නෙම් නම් ඔහු අපට අනුකම්පා කර, අපව සතුටු කර; අපට ආශිර්වාද කරනු ඇත. අලංකාර මිනිස් ගුණාංග සියල්ල ඔහුගේ ගුණාංගවලින් බිඳී පැවත එන්නකි.
ඔහු අප මවා; අපට තෝරා ගැනීමේ නිදහස ලබා දී ඇත. එබැවින් අවනතවීමේ සහ නැමදුමේ මාර්ගය අප තෝරා ගත හැක. එසේ නැතහොත් ඔහුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කර අර්බුදයේ සහ අකීකරුකමේ මාර්ගය අප තෝරා ගත හැක.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමඳීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (56) “ඔවුන්ගෙන් කිසිදු පෝෂණ සම්පතක් මම අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර ලබා දිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.” (57) "සැබැවින් ම අල්ලාහ් (සියල්ලන්ට ම) ආහාර සපයන්නා සහ මහා බලසම්පන්නයා වේ." (අද්-දාරියාත්: 56-58) (34) (අද්-දාරියාත්: 56-58)
අල්ලාහ් ඔහුගේ මැවීම්වල අවශ්‍යතාවයෙන් තොරය යන ප්රශ්නය සම්බන්ධයෙන් ගත් කල, එය බුද්ධිමය වශයෙන් හා මූලාශ්‍ර වශයෙන් ස්ථීර වූ ගැටලු අතරින් එකකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්‍යතා නොමැත්තෙකි." (අල්-අන්කබූත්: 6) (35) (අල්-අන්කබූත්: 6)
බුද්ධිමය වශයෙන් ගත් කල, පරිපූර්ණත්වයේ නිර්මාතෘ පරම පරිපූර්ණත්වයේ ගුණාංග වලින් සංලක්ෂිත වන බව ඔප්පු වී ඇති අතර එම පරම පරිපූර්ණත්වයේ එක් ගුණාංගයක් නම්, අන් අයගේ අවශ්‍යතාවක් ඔහුට අවශ්‍ය නොවීමය. ඔහුට වෙනත් අයකුගේ අවශ්‍යතාවය අවැසි වී නම් එය අසම්පූර්ණ ගුණාංගයකි. සුවිශුද්ධයාණන් ඉන් පිවිතුරුය.
ජින්වරුන් සහ මිනිසුන් හට පමණක් තෝරා ගැනීමේ නිදහස පිරිනැමීමෙන් ඔවුන් සෙසු මැවීම්වලින් වෙන් කළේය. සැබැවින්ම මිනිසාගේ වෙනස නම්, ලෝකයේ ස්වාමියා වෙත සෘජුවම යොමුවීම සහ ස්වකීය කැමැත්තෙන් අවංකවම ඔහුට නැමදුම් කිරීමය. එමගින් මිනිසා මැවීම්වල ප්‍රධානියා බවට පත් කිරීමෙන් මැවුම්කරුගේ ප්‍රඥාව සාක්ෂාත් වනු ඇත.
සර්ව ලෝකයන්හි පරමාධිපති පිළිබඳ දැනුම සාක්ෂාත් කරගනු ලබන්නේ ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇති ඔහුගේ අති අලංකාර නාමයන් සහ උත්තරීතර ගුණාංග අවබෝධ කර ගැනීමෙනි. ඒවා නම්:
අලංකාර නාම: එය දයාව, සමාව සහ කරුණාව සම්බන්ධයෙන් විශේෂිත වූ සෑම ගුණාංගයක්ම වේ. ඒ අතරින් "රහ්මාන්" මහා කාරුණික, "රහීම්" කරුණා ගුණයෙන් යුක්ත, "අර්-රස්සාක්" මහා පෝෂක, "අල්-වහ්හාබ්" ත්‍යාගශීලී, "අල් බිර්" ධර්මිෂ්ඨ, "අර් රඌෆ්" දයානුකම්පිත... යනාදිය.
කීර්ති නාම: එය ශක්තිය, හැකියාව, බලය හා ත්‍රාසය සම්බන්ධයෙන් විශේෂිත වූ සෑම ගුණාංගයක්ම වේ. ඒ අතරින් "අල් අසීස්" සර්වබලධාරී, "අල් ජබ්බාර්" මර්ධනකාරී "අල් කහ්හාර්" බලාධිකාරී, "අල් කාබිළ්" හසු කර ගන්නා, "අල්-කාෆිළ්" පහත් කරන්නා... යනාදිය.
සර්ව බලධාරී අල්ලාහ්ගේ කීර්තියට ගැලපෙන අයුරින් නැමදුම් කිරීම, ඔහු උත්කර්ෂයට පත් කිරීම, ඔහුගේ කරුණාව අපේක්ෂාවෙන් හා ඔහුගේ කෝපයෙන් හා දඬුවමින් ආරක්ෂාව පතමින් ඔහුට නොගැලපෙන දැයින් ඔහුව පිරිසිදු කිරීම යනාදිය ඔහුගේ ගුණාංග හඳුනා ගැනීම තුළින් පෙළ ගැසෙනු ඇත. එමෙන්ම නියෝග පිළිපැදීම, තහනම් දැයින් වැළකී සිටීම, ප්රතිසංවිධාන කටයුතු ක්‍රියාත්මක කිරීම, මහපොළොව පාලනය කිරීම යනාදිය තුළින් ඔහුට නැමදුම් කිරීම නිරූපනය වන්නේය. මේ මත පදනම් ව, ලෞකික ජීවිතය පිළිබඳ සංකල්පය මිනිසුන් කැපී පෙනෙනු පිණිස ඔවුනට එය පරීක්ෂණයක් හා විභාගයක් බවට පත් වේ. අල්ලාහ් ධර්මිෂ්ඨයන්ගේ නිලයන් ඉහළ නංවයි. එමඟින් ඔවුහු මහපොළොවේ අනුප්‍රාප්තියට සහ මතුලොව ස්වර්ග උයනේ උරුමයට සුදුසුකම් ලබති. ඒ වන විට දූෂිතයන් මෙලොවෙහි අපකීර්තියට පත්වන අතරම ඔවුන්ගේ ගමනාන්තය අපා ගින්නේ දඬුවමට ලක් වනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු." (අල්-කහ්ෆ්: 7) (36) (අල්-කහ්ෆ්: 7)
අල්ලාහ් මනුෂ්‍යයන් මැවීම පිළිබඳ කරුණ අංග දෙකකට සම්බන්ධ වී ඇත.
මිනිසාට අදාළ අංගයක්: එය අල්-කුර්ආනයේ පැහැදිලි පාඨවලින් පැහැදිලි කර ඇත. එය ස්වර්ගය දිනා ගැනීම සඳහා අල්ලාහ් වෙනුවෙන් නැමදුම් කිරීම තහවුරු කිරීමය.
මැවුම්කරුට අදාළ අංගයක්: එය මැවීමේ ප්රඥාවයි. එබැවින් ප්‍රඥාව යනු ඔහුගේ කාර්යයක් මිස ඔහුගේ කිසිම නිර්මාණයක කටයුත්තක් නොවන බව අප දැනගත යුතු අතර ඔහුගේ පරිපූර්ණ දැනුම ඉදිරියේ අපගේ දැනුම සීමිත හා සුළු බව ද අප දැනගත යුතු වේ. ඒ අනුව මිනිසාගේ මැවීම, මරණය, යළි අවදි කිරීම, මතුලොව ජීවිතය යනාදිය මැවීම් අතරින් වඩාත් මූලික කොටසක් වන අතර එය ශුද්ධ වූ අල්ලාහ්ගේ විෂයයි. ඔහු හැර මලක්වරුන්ට හෝ මිනිසාට හෝ වෙනත් කිසිවකුට හෝ අදාළ වන්නේ නැත.
ආදම් ව මවන මොහොතේ මලක්වරුන් තම පරමාධිපතිගෙන් මෙම ප්රශ්නය විමසා සිටි විට, ස්ථීර හා පැහැදිලි පිළිතුරක් අල්ලාහ් ඔවුනට ලබා දුන්නේය. එය මෙසේය:
"තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය." (අල්-බකරා: 30) (37) (අල් බකරා: 30)
මලක්වරුන්ගේ ප්‍රශ්නයට ඔවුන් නොදන්නා දේ තමන් දන්නා බව අල්ලාහ් ලබා දුන් පිළිතුරෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරයි: මිනිසා මැවීමේ ප්‍රඥාව සුවිශුද්ධයාණන්ට පමණක් සුවිශේෂී වූ කරුණකි. මේ සියල්ල දෙවියන්ගේ කටයුතු වන අතර මැවීම්වලට ඒ ගැන කිසිදු සම්බන්ධයක් නැත. ඔහු: "සිතන දේ මැනවින් කරන්නා ය." (අල් බුරූජ්: 16) (38) තවද ඔහු "(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් ඔවුන්මය විමසනු ලබනුයේ." (අල්-අන්බියා: 23) (39) මිනිසා මැවීමේ හේතුව අල්ලාහ්ගේ දැනුමෙහි පවතින කරුණකි. මලක්වරු ඒ ගැන නොදනිති. මෙම කරුණ අල්ලාහ්ගේ පරම දැනුම හා සම්බන්ධ වෙමින් පවතින්නකි. ඒ ගැන ප්‍රඥාව මැනවින් දන්නා ඔහුය. ඔහුගේ අවසරයෙන් තොරව ඔහුගේ මැවීම් අතරින් කිසිවෙකු එය දැන ගන්නේ නැත. (අල්-බුරූජ්: 16) (අල්-අන්බියා: 23)
මැවුම්කරු ජීවිතයේ ශුන්‍යභාවයෙන් ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් තෝරා ගැනීමේ අවකාශය මිනිසුනට පිරනමා නැත්තේ ඇයි?
අල්ලාහ් තම මැවීම්වලට ජීවිතයේ ශුන්‍යභාවයෙන් ඔවුන්ගේ පැවැත්ම තෝරා ගැනීමේ අවකාශය ලබා දීමට අපේක්ෂා කළේ නම් පළමුව ඔවුන්ගේ පැවැත්ම සහතික කිරීම අනිවාර්යය වේ. මිනිසා ශුන්යභාවයේ සිටිය දී ඔහුට අදහසක් ඇති විය හැක්කේ කෙසේ ද? මෙහි ප්රශ්නය පැවැත්ම හා නොපැවැත්මයි. පුද්ගලයෙකු ජීවිතයට ඇති බැඳීම සහ ඒ සඳහා ඔහු තුළ ඇති බිය මෙම ආශිර්වාදයෙන් ඔහු සෑහීමකට පත්වන බවට ඇති ලොකුම සාක්ෂියයි.
ජීවිතයේ ආශීර්වාදය යනු තම ස්වාමියා සමඟ සෑහීමකට පත්වන යහපත් පුද්ගලයා ඔහු සමඟ කෝප වන ද්වේෂසහගත පුද්ගලයාගෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මිනිසාට පිරිනමා ඇති පරීක්ෂණයකි. ඒ අනුව මැවීම සම්බන්ධයෙන් ලොවට අධිපති දෙවිඳුන්ගේ ප්‍රඥාව ඔහු ගැන තෘප්තිමත් වූවන් මතුලොවෙහි ඔහුගේ ගෞරවයේ වාසස්ථානය හිමිකර ගැනීම සඳහා ඇද ගැනීමට අවශ්‍ය වෙයි.
මෙම ප්රශ්නය මගින් පෙන්නුම් කරන්නේ: සැකය මනසෙහි ග්‍රහණය කර ගන්නේ නම්, ඒ පිළිබඳ තාර්කික චින්තනය මකා දමන බවය. එය අල් කුර්ආනයේ ආශ්චර්යයේ එක් සාක්ෂියකි.
එය අල්ලාහ් පවසන පරිදිය:
"යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන් ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. තවද සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි." (අල්-අඃරාෆ්: 146) (40) (අල්-අඃරාෆ්: 146)
මැවීම් සම්බන්ධයෙන් වූ අල්ලාහ්ගේ ප්‍රඥාව පිළිබඳ දැනුම අප ඉල්ලා සිටින අපගේ එක් අයිතිවාසිකමක් ලෙස සැලකීම නිවැරදි නොවේ. ඒ අනුව එය අපෙන් වළක්වා ගැනීම අපට අසාධාරණයක් වන්නේ නැත.
කිසිම කනක් නොඇසූ, ඇසක් නොදුටු, මිනිස් හදවතකට සිතා ගත නොහැකි ස්වර්ගයේ අනන්ත සැපයෙන් සදාකාලික ජීවිතයක් ලැබීමේ අවස්ථාව අල්ලාහ් අපට ආශීර්වාද කරන විට, මෙහි මොන අසාධාරණයක්ද?
ඔහු අපටම තීරණය කිරීම සඳහා නිදහස් කැමැත්ත ලබා දෙයි. එබැවින් අපි එය තෝරා ගනිමු. නැතහොත් අපි දඬුවම තෝරා ගනිමු.
අල්ලාහ් අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැ?යි අපට පවසන අතරම මෙම සතුටට ළඟා වීමට සහ වධ හිංසා වළක්වා ගැනීමට මාර්ග සිතියම ඉතා පැහැදිලිව ලබා දෙයි.
විවිධ උපක්‍රම සහ මාර්ග වලින් අපව ස්වර්ගයේ මාර්ගයට යොමු කිරීම සඳහා අල්ලාහ් අප දිරිගන්වන අතර අපායේ මාර්ගයට යාමට එරෙහිව නැවත නැවතත් අපට අනතුරු අඟවයි.
ස්වර්ගවාසීන්ගේ කතා හා එය ඔවුන් දිනාගත් ආකාරය මෙන්ම අපා වාසීන්ගේ කතා හා ඔවුන් එහි දඬුවමට ලක් වන ආකාරය අල්ලාහ් අපට කියා දෙන්නේ අප දැනමුතුකම් ලබනු පිණිසය.
ඔවුන් අතර සිදුවන ස්වර්ග වාසීන්ගේ දෙබස් සහ අපා වාසීන්ගේ දෙබස් ඔහු අපට දන්වා සිටිනුයේ එම පාඩම් අප හොඳින් වටහා ගනු පිණිසය.
යහපත් ක්‍රියාවකට කුසල් දහයක් ද, අයහපතකට එක් අකුසලයක් ද අල්ලාහ් අපට පිරිනමනයි. ඒ බව ඔහු අපට එලෙස දන්වා සිටින්නේ අපි යහපත කිරීමට යුහුසුළු වනු පිණිස ය.
නරක ක්‍රියාවක් හොඳ දෙයක් පසුපස අපි ගියහොත් එය මකා දමන බැවින් අපි කුසල් දහයක් උපයා ගන්නා බවත් නරක දේ අපෙන් මකා දමනු ලබන බවත් අල්ලාහ් අපට පවසයි.
'තව්බා' නොහොත් පශ්චාත්තාපය ඊට පෙර සිදු වූ දෙයට ප්‍රතිචාර දක්වන බවත්, එබැවින් පාපය වෙනුවෙන් පසුතැවිලි වන තැනැත්තා පාපයක් නැති අයෙකු හා සමාන වන බවත් ඔහු අපට දන්වා සිටියි.
යහපත වෙත මඟ පෙන්වන්නා එය සිදු කළ අයකුට සමාන වන බව ඔහු නියම කරයි.
යහපත් ක්‍රියාවන් හිමි කර ගැනීම අල්ලාහ් ඉතා පහසු කරයි, එබැවින් 'ඉස්තිග්ෆාර්' නොහොත් සමාව පැතීම, 'තස්බීහ්' නොහොත් (දේව) ගුණ ගායනය සහ 'දික්ර්' නොහොත් දේව සිහියෙන් කටයුතු කිරීම යනාදිය තුළින් මහත් යහපත් ක්‍රියාවන් ලබා ගත හැකි අතර කිසිදු දුෂ්කරතාවයකින් තොර ව අපගේ පාපයෙන් අපට මිදිය හැකිය.
අල් කුර්ආනයේ සෑම අකුරක් වෙනුවෙන්ම කුසල් දහයක් ඔහු අපට නියම කරයි.
අල්ලාහ් අපට කුසල් පිරිනමනුයේ යහපත කිරීමේ චේතනාව සඳහා පමණි. එය අපට කළ නොහැකි වුව ද ඒ සඳහා කුසල් පිරිනමනු ඇත. නරක චේතනාවක් නම් අපි එය සිදු නොකළේ නම් ඒ ගැන ඔහු අප ගණන් නොගනී.
අප යහපත කිරීමට මූලිකත්වය ගන්නේ නම්, අපගේ මග පෙන්වීම වැඩි කරන බවත්, අපට සාර්ථකත්වය ලබා දෙන බවත්, අපට යහපත්කමේ මාර්ග පහසු කරවන බවත් අල්ලාහ් අපට පොරොන්දු වෙයි.
මෙහි කවර අසාධාරණයක් ද?
යථාර්ථයෙන්ම අල්ලාහ් ඔහුගේ යුක්තිය මත පදනම්ව පමණක් අප සමග කටයුතු කළේ නැත. සැබැවින්ම ඔහු ඔහුගේ කරුණාව, උපකාරය හා ත්‍යාගශීලී භාවයෙන් අප සමග කටයුතු කරන්නාය.
මැවුම්කරු තම ගැත්තන් සඳහා තෝරා ගෙන ඇති ආගම:
ආගම යනු කුමක්ද?
ආගම යනු ජීවන මාර්ගයක් වන අතර එය මිනිසාගේ මැවුම්කරු සහ ඔහු වටා සිටින අය සමඟ ඇති සබඳතාව නියාමනය කරයි. එය පරලොව සඳහා මාර්ගයයි.
ආගමක අවශ්‍යතාවය කුමක්ද?
කෑම බීමවල අවශ්‍යතාවයට වඩා ආගමේ අවශ්‍යතාවය වැඩිය. මිනිසා ස්වභාවයෙන්ම ආගමික වන අතර ඔහු සැබෑ ආගමට මඟ පෙන්වනු නොලැබුවහොත්, මිනිසුන් විසින් නිර්මාණය කරන ලද මිථ්‍යාදෘෂ්ටික ආගම්වල සිදු වූවාක් මෙන්, එය ඔහුට ආගමක් නිර්මාණය කරනු ඇත. මනුෂ්‍යයෙකුට මෙලොවදී ආරක්ෂාව අවශ්‍ය වන්නා සේම ඔහුගේ ජීවිතයට සහ මරණින් පසු ඔහුට ආරක්ෂාව අවශ්‍ය වේ.
සැබෑ ආගම යනු තම අනුගාමිකයින්ට දෙලොවෙහිම සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙන ආගමයි. උදාහරණ වශයෙන්:
අප පාරක ගමන් කරන්නේ නම්, එහි අවසානය ද අප නොදන්නේ නම්, අප ඉදිරියේ විකල්ප දෙකක් තිබේ. එනම්, එක්කෝ අපි සංඥා මත මාර්ගයේ උපදෙස් අනුගමනය කරමු. නැතහොත් අපි අනුමාන කිරීමට උත්සාහ කරමු. එය අප අතරමං වී විනාශ වීමට හේතු විය හැක.
අපට රූපවාහිනියක් මිලදී ගැනීමට අවශ්‍ය නම් සහ මෙහෙයුම් උපදෙස් වෙත යොමු නොවී එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් අපි එය නරක් කරන්නෙමු. උදාහරණයක් ලෙස එකම කර්මාන්තශාලාවේ රූපවාහිනී කට්ටලයක් වෙනත් රටකට පැමිණෙන උපදෙස් අත්පොත සමඟ මෙහි පැමිණේ. එබැවින් අප එය ඒ ආකාරයෙන්ම භාවිතා කළ යුතුය.
පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයෙකු සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍ය නම්, උදාහරණයක් ලෙස, අනෙක් පුද්ගලයා ඔහුට විද්‍යුත් තැපෑලෙන් නොව දුරකථනයෙන් කතා කරන ලෙස පැවසීම වැනි, විය හැකි ක්‍රම පිළිබඳව ඔහුට දැනුම් දිය යුතුය. ඔහුට පුද්ගලිකව සපයන දුරකථන අංකය භාවිතා කළ යුතුය. ඔහුට වෙනත් අංකයක් භාවිතා කළ නොහැක.
මිනිසුන්ට තම අභිමතය පරිදි දෙවියන්ට නමස්කාර කළ නොහැකි බව පෙර උදාහරණ අපට පෙන්වා දෙයි. මන්ද ඔවුන් අන් අයට හානි කිරීමට පෙර තමන්ටම හානි කර ගන්නා බැවිනි. ලෝ හිමිපාණන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඇතැම් ජන කණ්ඩායම් ආගමික ස්ථානවල නටමින් හා ගායනා කරමින් සිටින ආකාරයත් තවත් සමහර ජනයා ඔවුන්ගේ විශ්වාසයට අනුව දෙවියන් අවදි කරවීම සඳහා අත්පුඩි ගසමින් සිටින ආකාරයත් අපට පෙනී යයි. ඔවුන්ගෙන් සමහරෙක් මැදිහත්කරුවෙකු ගෙන දෙවියන්ට නමස්කාර කරන අතර දෙවියන් මිනිසුන්ගේ හෝ ගල්වල ස්වරූපයෙන් පැමිණේ යැයි සිතති. දෙවියන්ට අවශ්‍ය වන්නේ අප අපට ප්‍රයෝජනයක් හෝ හානියක් නොවන දේට නමස්කාර කරන විටත්, මරණින් මතු ජීවිතයේදී පවා අපව විනාශ කරන විටත් අපව ආරක්ෂා කර ගැනීමටයි. අල්ලාහ් සමග ඔහු හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම විශාල පාපයක් ලෙස සලකනු ලබන අතර එහි දඬුවම නිරයේ සදාකාලික වීමය. අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය නිසාම, ඔහු සමග අපගේ සබඳතාව නියාමනය කිරීමටත්, අප අවට සිටින අය සමඟ අපගේ සබඳතාව නියාමනය කිරීමටත් ඔහු අප සියල්ලන්ම අනුගමනය කරන ක්‍රමයක් අපට නියම කර ඇත. එය ආගමය ලෙස හඳුන්වනු ලැබේ.
නිවැරදි ආගමේ විශේෂතා මොනවාද?
සත්‍ය දහම මිනිසා තුළ ඇති ශ්‍රේෂ්ඨ හා යහපත් ගුණාංග නියෝජනය කරන; අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව තම මැවුම්කරු සමඟ ඍජු සබඳතාවක් අවශ්‍ය වන; මිනිසාගේ පළමු සහජ බුද්ධියට අනුකූල විය යුතුය.
එය පහසු සහ සරල, තේරුම් ගත හැකි සහ සංකීර්ණ නොවන; සෑම කාලයකටම සහ ස්ථානවලට වලංගු වන එකම ආගමක් විය යුතුය.
එය සෑම අවස්ථාවකදීම මිනිස් අවශ්‍යතා අනුව විවිධ නීතිරීති ඇති සෑම පරම්පරාවකටම, සෑම රටකටම සහ සෑම මිනිස් වර්ගයකටම නියත ආගමක් විය යුතුය. මිනිසුන් තුළ ඇති වන සිරිත් විරිත් හා සම්ප්‍රදායන් මෙන් තම ආශාවන්ට අනුව වැඩිවීමක් හෝ අඩුවීමක් හෝ එය පිළිගන්නක් නොවිය යුතුයි.
එහි පැහැදිලි ධර්මතාවන් අඩංගු විය යුතු අතර මැදිහත්කරුවෙකු අවශ්‍ය නොවිය යුතුය. ආගම පදනම් වන්නේ හැඟීම්බර කරුණු මත නොව නිවැරදි සහ ඔප්පු කරන ලද සාක්ෂි මතය.
එය ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම, සෑම කාලයක්ම හා සෑම තැනක්ම ආවරණය කළ යුතු අතර එය මෙලොවට මෙන්ම පරලොවටද සුදුසු විය යුතුය. එය ආත්මය ගොඩනගයි. ශරීරය අමතක නොකරයි.
එය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුය. ඔවුන්ගේ ගෞරවය හා වස්තුව ආරක්ෂා කළ යුතුය. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ මනසට ගරු කළ යුතුය.
මෙසේ යමෙක් තමාගේ සහජ බුද්ධියට අනුගතව පැමිණි මේ පිළිවෙත නොපිළිපදින්නේ නම්, ඔහු මතුලොව දඬුවමට අමතරව කැළඹිලි සහ අස්ථිර බවින්ද, සිත් හා හදවත් දැඩි පීඩන හැඟීමකින් යුක්තව ද ජීවත් වනු ඇත.
ආගමේ සෙවනැල්ල යටතේ සදාචාරය සඳහා කැපවීමේ වැදගත්කම කුමක්ද?
මනුෂ්‍යත්වය අවසානයේ නොමැරෙන ජීවමාන දේ හැර වෙනත් කිසිවක් ඉතිරි නොවනු ඇත. ආගම නමැති කුඩය යටතේ සදාචාරය පිළිපැදීම වැදගත් නොවන බව කවුරු කීවත්, ඔහු අවුරුදු දොළහක් පාසලේ ඉගෙන ගෙන අවසානයේ: මට සහතිකයක් අවශ්‍ය නැතැයි පවසන්නාක් මෙනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු." (අල්-ෆුර්කාන්: 23) (41) (අල් ෆුර්කාන්: 23)
මහපොළොව ගොඩ නැගීම සහ යහපත් පුරුදු ආගමේ අවසානය නොවේ. නමුත් ඇත්ත වශයෙන්ම ඒ දෙක මාධ්‍යයකි.! ආගමේ පරමාර්ථය, මිනිසා තම ස්වාමියා පිළිබඳවත් පසුව මෙම මිනිසාගේ පැවැත්මේ මූලාශ්‍රය, ඔහුගේ මාර්ගය සහ ඔහුගේ ඉරණම පිළිබඳවත් හඳුනා ගැනීමය. යහපත් අවසානයක් සහ ඉරණමක් සාක්ෂාත් කරගත හැක්කේ සර්ව ලෝකයන්හි පරමාධිපතිව හඳුනා ගැනීමෙන්, ඔහුට නමස්කාර කිරීමෙන් හා ඔහුගේ තෘප්තිය ලබා ගැනීමෙන් පමණි. ඒ සඳහා වන මාර්ගය වනුයේ මහෝත්තමයාණන්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ගැත්තාගේ ක්‍රියාවන් පිහිටීමේ කොන්දේසිය මත මිහිකත දියුණු කිරීමෙන් සහ යහපත් පුරුදු තුළිනි.
යම් පුද්ගලයෙක් විශ්‍රාම වැටුපක් සඳහා සමාජ ආරක්ෂණ සංවිධානයක් සමඟ ගිවිසුමකින් බැඳෙයි. විශ්‍රාම වැටුප ගෙවීමට නොහැකි බවත් ඉක්මනින් වසා දමන බවත් එම සමාගම නිවේදනය කරයි. ඔහු ඒ ගැන දැන ගත් විට, ඔහු එම සංවිධානය සමඟ දිගටම ගනුදෙනු කරනු ඇත් ද?
එසේ මනුෂ්‍යත්වයේ විනාශය අනිවාර්ය බවත් අවසානයේ ඔහුට ප්‍රතිඵල දීමට එයට නොහැකි බවත්, මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන ලද ඔහුගේ ක්‍රියාවන් විසිරුණු දූවිලි බවට පත්වන බවත් යමෙකුට වැටහෙන විට, ඔහුට දැඩි කලකිරීමක් ඇති වේ. දේවත්වය විශ්වාස කරන්නා යනු ක්‍රියා කරන, උත්සාහ කරන, මිනිසුන්ට හොඳින් සලකන සහ මනුෂ්‍යත්වයට උපකාර කරන කෙනෙකි. නමුත් ඒවා දෙවියන් වෙනුවෙන් විය යුතුය. ඒ සමගම ඔහු මෙලොව හා මතුලොව සතුට ලබා ගනී.
සේවා යෝජකයා සමඟ ඇති සබඳතාව නොසලකා හරිමින් සේවකයා තම සෙසු සගයන් සමඟ සබඳතා පවත්වා ගැනීම සහ ඔවුන්ට ගරු කිරීම කිසිදු අර්ථයක් නැත. එමනිසා, අපගේ ජීවිතයේ යහපත්කම ලැබීමට සහ අන් අයගේ ගෞරවය ලැබීමට නම්, අපගේ මැවුම්කරු සමඟ අපගේ සම්බන්ධතාවය විශිෂ්ඨතම හා ශක්තිමත්ම සම්බන්ධතාවය විය යුතුය.
ඊට අමතරව, අප විමසා සිටිනුයේ: සදාචාරය සහ සාරධර්ම ස්ථාපිත කිරීමට, නීතිවලට ගරු කිරීමට හෝ අන් අයට ගරු කිරීමට පුද්ගලයෙකු පෙලඹෙන චේතනාව කුමක්ද? නැතහොත් පුද්ගලයෙකු පාලනය කරන සහ නරකට නොව යහපත කිරීමට ඔහුට බල කරන විනය කුමක්ද? ඔවුන් නීතියේ බලයෙන් යැයි පවසන්නේ නම්, අපි ප්‍රතිචාර දක්වනුයේ: නීතිය සෑම විටම හා සෑම ස්ථානයකම නොමැති බවත්, දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ඇති සියලුම ආරවුල් විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ය. මිනිසුන්ගේ බොහෝ ක්‍රියා සිදු වන්නේ නීතියෙන් සහ මිනිසුන්ගේ ඇස්වලින් හුදකලාවය.
ආගමේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් සාක්ෂියක් වන්නේ, ආගමික නීති මත පදනම්ව තම ජීවිත සංවිධානය කිරීමට සහ තම මිනිසුන්ගේ හැසිරීම පාලනය කිරීමට මහපොළොවේ බහුතර සමූහයන් භාවිතා කරන විශාල ආගම් සංඛ්‍යාවක් පැවතීමයි. අප දන්නා පරිදි, නීතිය නොමැති විටෙක පුද්ගලයෙකුගේ එකම පාලනය ඔහුගේ ආගමික විශ්වාසයයි. නීතිය සෑම විටකම සහ සෑම තැනකම පුද්ගලයා සමඟ පැවතිය නොහැක.
පුද්ගලයෙකුගේ එකම නිරෝධය සහ බාධාව වන්නේ ඔහු ගැන මුරකරුවෙකු සහ ගණකාධිකාරීවරයෙකු සිටින බවට ඔහුගේ අභ්‍යන්තර විශ්වාසයයි. මෙම විශ්වාසය මුලින් වැළලී ගොස් ඔහුගේ හෘදය සාක්ෂිය තුළ තදින් මුල් බැස ඇති අතර පුද්ගලයෙකු වැරදි ක්‍රියාවක් කිරීමට අදහස් කරන විට, හොඳ සහ නරක යන අංශ ඔහු සමඟ ගැටෙන බැවින්, ඕනෑම අපකීර්තිමත් ක්‍රියාවක් හෝ සාමාන්‍ය බුද්ධිය හෙළා දකින ඕනෑම ක්‍රියාවක් මිනිසුන්ගේ ඇස්වලින් සැඟවීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ. ආගම සහ විශ්වාසය යන සංකල්පය මානව මනෝභාවයේ ගැඹුරේ පවතින බවට මේ සියල්ල සාක්ෂි දරයි.
ආගම පැමිණියේ මිනිසා විසින් සාදන ලද නීතිවලට පිරවිය නොහැකි, විවිධ කාලවලදී සහ තැන් වලදී මනස හා හදවත්වලට බල කළ නොහැකි හිස්බව පිරවීමටය.
යහපත් දේ කිරීමට පුද්ගලයා තුළ ඇති පෙළඹවීම හෝ තල්ලුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එක් එක් පුද්ගලයාට යම් යම් සදාචාර හෝ සාරධර්ම ක්‍රියාත්මක කිරීමට හෝ ඒවාට අනුගත වීමට ඔවුන්ගේම අභිප්‍රේරණ සහ රුචිකත්වයන් ඇත. උදාහරණයක් ලෙස:
දඬුවම: පුද්ගලයකුගේ නපුරෙන් මිනිසුන් වළක්වා ගැනීම සඳහා එය ඔහුට පෙළඹවීමක් විය හැකිය.
ත්‍යාගය: එය යහපත් දේ කිරීමට පුද්ගලයෙකුට පෙලඹීමක් විය හැකිය.
ස්වයං තෘප්තිය: ආශාවන් සහ ඉච්ඡාවන්ගෙන් තමාව පාලනය කර ගැනීම සඳහා පුද්ගලයෙකුට නියාමකය විය හැකිය. පුද්ගලයෙකුට මනෝභාවයන් සහ ආශාවන් ඇති අතර, අද ඔහු කැමති දේ හෙට අකමැති විය හැකිය.
ආගමික පෙළඹවීම: එය දෙවියන් පිළිබඳ දැන සිටීම, ඔහුට බිය වීම සහ තමන් යන ඕනෑම තැනක ඔහුගේ පැවැත්ම ගැන සවිඥානක වීමය. ඔහු සියල්ල මැනවින් සිදු කරන ශක්තිමත් ආරක්ෂකයාය. [42]. Atheism a giant leap of faith Dr. Raida Jarrar.
මිනිසුන්ගේ හැඟීම් සහ සිතුවිලි ධනාත්මක හෝ ඍණාත්මක ලෙස චලනය කිරීමට ආගම විශාල බලපෑමක් ඇති කරයි. මිනිස් සහජ බුද්ධියේ මූලාරම්භය පදනම් වී ඇත්තේ දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම මත බවත්, එය චලනය කිරීමට පෙළඹවීමක් ලෙස බොහෝ විට හිතාමතා හෝ නොදැනුවත්වම භාවිත කළ හැකි බවත් මෙයින් අපට පෙන්වා දෙයි. මෙය මිනිස් විඥානය තුළ ආගමේ බැරෑරුම්කම පෙන්වනයි. මන්ද එය තම නිර්මාතෘට සම්බන්ධ නිසාය.
ආගම වෙත නැවත පැමිණීම මනස හා තර්කනය කඩා බිඳ දමයි ද?
මනසෙහි කාර්යභාරය වන්නේ කරුණු විනිශ්චය කිරීම සහ අනුමත කිරීමයි. එබැවින් උදාහරණයක් ලෙස, මිනිස් පැවැත්මේ අරමුණ කරා ළඟා වීමට මනසට ඇති නොහැකියාව, එහි භූමිකාව අවලංගු නොකරයි. නමුත් ඒ මනසට තේරුම් ගැනීමට නොහැකි වූ දේ පැවසීමට ආගමට අවස්ථාව ලබා දෙයි. ආගම ඔහුට ඔහුගේ මැවුම්කරු, ඔහුගේ පැවැත්මේ මූලාශ්‍රය සහ ඔහුගේ පැවැත්මේ අරමුණ ගැන කියා දෙයි. එබැවින් ඔහු මෙම තොරතුරු තේරුම් ගැනීමට, විනිශ්චය කිරීමට සහ තහවුරු කිරීමට ක්‍රියාත්මක වෙයි. මේ අනුව, මැවුම්කරුගේ පැවැත්ම පිළිගැනීම බුද්ධියට හෝ තර්කනයට හෝ බාධාවක් නොවනු ඇත.
මිනිසුන් ආගම වෙනුවට පර්යේෂණාත්මක විද්‍යාවට පරිවර්තනය කිරීම නුසුදුසු ඇයි?
අපේ කාලයේ බොහෝ දෙනෙක් ආලෝකය කාලයෙන් පිටත බව විශ්වාස කළ අතර, මැවුම්කරු කාලය සහ අවකාශයේ නීතියට යටත් නොවන බව පිළිගත්තේ නැත. ඉන් අදහස් කරන්නේ සර්වබලධාරී අල්ලාහ් සියල්ලට පෙර හා සියල්ලට පසු බව හා සර්වබලධාරි අල්ලාහ් ඔහුගේ කිසිදු මැවීමක් විසින් වට කර නොමැති බව ය.
සම්බන්ධිත අණු, එකිනෙකින් වෙන් වූ විට, එකම අවස්ථාවේදීම එකිනෙකා සමඟ දිගටම සන්නිවේදනය කරන බව බොහෝ අය විශ්වාස කළ නමුත් මැවුම්කරු, ඔහුගේ ගැත්තන් යන ඕනෑම තැනක ඔහුගේ ගැත්තන් සමඟ සිටියි යන සංකල්පය පිළිගත්තේ නැත. ඔහු බුද්ධිය නොදැක ඔහුට එය ඇති බව විශ්වාස කළ නමුත් අල්ලාහ් දැකීමෙන් තොරව ඔහුව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළේය.
බොහෝ දෙනෙක් ස්වර්ගය සහ අපාය විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර, ඔහු නොදුටු වෙනත් ලෝකවල පැවැත්ම පිළිගත්හ. ද්‍රව්‍ය විද්‍යාව ඔහුට පැවසුවේ මිරිඟුව වැනි මුලින් නොමැති දේවල් විශ්වාස කර තහවුරු කරන ලෙසයි, ඔහු මෙය විශ්වාස කර පිළිගනී. නමුත් මරණ අවස්ථාවේදී භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව මිනිසුන්ට පොරොන්දු වූ පරිදි කිසිදු ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැත.
පොත දන්නා පමණින් ලේඛකයාගේ පැවැත්ම ප්‍රතික්ෂේප කළ නොහැක, ඒවා ආදේශක නොවේ. විද්‍යාව විශ්වයේ නියමයන් සොයාගත් නමුත් ඒවා සකස් කළේ නැත. ඒවා සකස් කර ඇත්තේ මැවුම්කරුය.
දේවත්වය විශ්වාස කරන්නන් අතර ද භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳ ඉහළ උපාධි ඇති අය සිටින නමුත් ඔහු මෙම විශ්වීය නීති පිටුපස ශ්‍රේෂ්ඨ මැවුම්කරුවෙකු සිටින බව වටහා ගනී. භෞතිකවාදීන් විශ්වාස කරන භෞතිකවාදී විද්‍යාව සොයාගෙන ඇත්තේ දෙවියන් විසින් නිර්මාණය කරන ලද නීති වේ. නමුත් විද්‍යාව කිසිසේත් මෙම නීති නිර්මාණය කළේ නැත. දෙවියන් විසින් නිර්මාණය කරන ලද මෙම නීති නොමැතිව විද්‍යාඥයින්ට අධ්‍යයනය කිරීමට කිසිවක් සොයාගත නොහැකිය. ඒ සමගම දේව විශ්වාසය මෙලොවෙහි හා මතුලොවෙහි දේව විශ්වාසීන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එය ඔවුන්ගේ මැවුම්කරු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය වැඩි කරන විශ්ව නීති ඔවුන් දැන ගැනීමෙන් හා ඉගැන්වීම තුළිනි.
පුද්ගලයෙකුට දරුණු ඉන්ෆ්ලුවෙන්සා ආසාධනය වූ විටෙක හෝ අධික උණක් ඇති වූ විටෙක, ඔහුට බීමට වතුර වීදුරුවකට අත තැබිය නොහැකිය. එසේනම් ඔහු තම මැවුම්කරු සමඟ ඇති සබඳතාව අත්හැරිය හැක්කේ කෙසේද?
විද්‍යාව නිරන්තරයෙන් වෙනස් වන අතර නව සොයාගැනීම් මගින් පෙර පැවති න්‍යායන් අභිබවා යන බැවින් විද්‍යාව පමණක් සම්පූර්ණයෙන් විශ්වාස කිරීම ගැටළුවකි. අපි විද්‍යාවට ගන්නා සමහර දේවල් තවමත් න්‍යායික වේ. විද්‍යාවෙන් සොයාගත් සියල්ල ස්ථාවර හා නිවැරදි යැයි අප උපකල්පනය කළද, අපට තවමත් ගැටලුවක් ඇත. එනම් වර්තමානයේ විද්‍යාව සොයා ගන්නා තැනැත්තාට සියලු කීර්ති නාම පිරිනමා නිමවුම්කරු නොසලකා හැරීමයි. නිදසුනක් වශයෙන්, යමෙකු කාමරයකට ඇතුළු වී අලංකාර, හොඳින් නිමවා ඇති චිත්‍රයක් සොයාගෙන, එම සොයාගැනීම ගැන මිනිසුන්ට පැවසීමට පිටතට යනවා යැයි සිතමු. සිතුවම සොයාගත් මිනිසා සෑම කෙනෙකු විසින්ම අගය කරන අතර වඩාත් වැදගත් ප්රශ්නය ඇසීමට අමතක කරයි: "එය පින්තාරු කළේ කවුද?" යන්නයි. ස්වභාවධර්මයේ සහ අභ්‍යවකාශයේ නියමයන් පිළිබඳ විද්‍යාත්මක සොයාගැනීම් ගැන පැහැදීමක් ඇති මිනිසුන් මෙම නීති නිර්මාණය කළ තැනැත්තාගේ නිර්මාණශීලිත්වය අමතක කරන නිසා ඔවුන් කරන්නේ ද එයමය.
භෞතික දැනුමෙන් පුද්ගලයෙකුට මිසයිලයක් ගොඩනගා ගත හැකිය. නමුත් උදාහරණයක් ලෙස මෙම විද්‍යාව සමඟ ඔහුට කලාත්මක සිතුවමක අලංකාරය විනිශ්චය කළ නොහැක. දේවල්වල වටිනාකම තක්සේරු කළ නොහැක. හොඳ සහ නරක ගැන අපට හඳුනා දෙන්නේ නැත. භෞතික දැනුමෙන් වෙඩි උණ්ඩවලින් මැරෙන බව අපි දනිමු. නමුත් ඒවා අනුන් මරා දැමීම සඳහා පරිහරනය කිරීම වැරදියි යන වග අපි නොදනිමු.
ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මෙසේ පවසයි: "විද්‍යාව ආචාර ධර්ම මූලාශ්‍රයක් විය නොහැක. විද්‍යාව සඳහා ආචාරධාර්මික පදනම් ඇති බවට සැකයක් නැති නමුත් ආචාර ධර්ම සඳහා විද්‍යාත්මක පදනම් ගැන කතා කළ නොහැක. විද්‍යාවේ නීති සහ සමීකරණවලට ආචාරධර්ම යටත් කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති අතර ඉදිරියටත් අසාර්ථක වනු ඇත."
සුප්‍රසිද්ධ ජර්මානු දාර්ශනිකයෙකු වන ඉමැනුවෙල් කාන්ට් මෙසේ පවසයි: “දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ සදාචාරාත්මක සාක්ෂිය යුක්තියේ අවශ්‍යතා අනුව ස්ථාපිත කරන ලදී. මන්ද යහපත් මිනිසාට විපාක ලැබිය යුතු අතර, නපුරු මිනිසාට දඬුවම් ලැබිය යුතු බැවිනි. සෑම දෙයක්ම දරාගෙන සිටින උසස් ප්‍රභවයක් ඉදිරියේ මිස මෙය සිදු නොවේ. මිනිසා තමා කළ දෙයට වග කිව යුතු අතර, සාක්ෂිය පදනම් වී ඇත්තේ ගුණය සහ සතුට ඒකාබද්ධ කිරීමේ හැකියාව මත ය. මන්ද සියල්ල දන්නා සහ සර්වබලධාරී වන ලෝකෝත්තරයාණන් ඉදිරියේ මිස ඒවා ඒකාබද්ධ කළ නොහැක, ස්වභාවධර්මයට ඉහළින් ඇති මෙම උත්තරීතර සහ පවතින මූලාශ්‍රය දෙවියන් වහන්සේ නියෝජනය කරයි.
ආගම අබිං මෙන් මිනිසුන්ගේ ඇබ්බැහිවීමක් ද?
යථාර්ථය නම්, ආගම යනු වගකීමකි; අනිවාර්යය කටයුත්තකි. එය හෘද සාක්ෂිය අවදි කරවන අතර සෑම ලොකු කුඩා කාරණයකදීම තමා තමාටම වගකිව යුතු බව දේවත්වය විශ්වාස කරන්නාගෙන් ඉල්ලා සිටී. දේවත්වය විශ්වාස කරන්නා තමාට මෙන්ම තම පවුලට, තම අසල්වැසියාට සහ ආගන්තුකයාට පවා වගකිව යුතු අතර, ඔහු හේතු සාධක ක්‍රියාත්මක කර දෙවියන් කෙරෙහි විශ්වාසය තබයි, මෙය අබිං වලට ඇබ්බැහි වූවන්ගේ එක් ලක්ෂණයක් යැයි මම නොසිතමි [43]. අබිං යනු හෙරොයින් නිෂ්පාදනය සඳහා භාවිතා කරන පොපි ශාකයෙන් නිස්සාරණය කරන ලද මත් ද්‍රව්‍යයකි.
ජනයා අතර සැබෑ ලෙස අබිංවලට ඇබ්බැහි වූ තනැත්තා තුළ අදේවවාදය මිස දේව විශ්වාසය නැත. අදේවවාදය තම අනුගාමිකයින් භෞතිකවාදයට කැඳවා, ආගම ප්‍රතික්ෂේප කරන්නට සළස්වා වගකීම් සහ යුතුකම් පැහැර හැරීමට සළස්වා ඔවුන්ගේ මැවුම්කරු සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය කොන් කර, ප්‍රතිවිපාක නොතකා, ඔවුන් ජීවත් වන මොහොත භුක්ති විඳීමට ඔවුන්ව පොළඹවන බැවිනි. දිව්‍යමය අධීක්ෂකයෙකු හෝ ගිණුම් බලන්නෙකු නොමැති බවත්, නැවත නැඟිටීමක් හෝ ගිණුමක් නොමැති බවත් විශ්වාස කරමින් ඔවුන් ලෞකික දඬුවම් වලින් ආරක්ෂිත තත්වයක ඔවුන් කැමති දේ කරති. ඇත්තටම එය ඇබ්බැහි වූවන් ගැන විස්තරයක් නොවේද?
නිවැරදි ආගම වෙන්කර හඳුනාගත හැක්කේ කෙසේද?
මූලික කරුණු තුනකින් සැබෑ ආගම අනෙකුත් දැයින් වෙන්කර හඳුනාගත හැකිය[44]: The Myth of Atheism නම් පොතෙන් අනුවර්තනය කරන ලදී. ආචාර්ය. අම්ර් ෂරීෆ්. සංස්කරණය ක්‍රි.ව 2014
මෙම ආගමේ පවතින මැවුම්කරුගේ හෝ දෙවියන්ගේ ගුණාංග.
ධර්ම දූතයා හෝ නබිතුමාණන්ගේ ගුණාංග.
දිව්‍ය පණිවිඩයේ අන්තර්ගතය.
දිව්‍ය පණිවිඩය හෝ ආගම මැවුම්කරුගේ අලංකාරය සහ තේජස පිළිබඳ විස්තරයක් සහ පැහැදිලි කිරීමක් මෙන්ම ඔහු ගැන හැඳින්වීමක් සහ ඔහුගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි අඩංගු කර ගත්තක් විය යුතුය.
"(නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය. (1) අල්ලාහ් ස්වාධීනය. (2) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3) තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. (අල්-ඉක්ලාස්: 1-4) (45) (අල් ඉක්ලාස්: 1-4)
"ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔහු අපරමිත දයාන්විත ය; අසමසම කරුණාන්විතය." (22) "ඔහුමය ඒකීය දෙවිදාණන් වන අල්ලාහ්. ඔහු හැර අන් දෙවියෙක් නොමැත. ඔහු අධිපති ය, අතිපාරිශුද්ධ ය, (අඩුපාඩුවලින්) සුරක්ෂිත ය, අභය සලසන්නා ය, ආරක්ෂකයා ය, අතිබල සම්පන්න ය, බල පරාක්‍රම ය, අතිගාම්බීර ය, ඔවුන් ආදේශ කරන (සියලු) දැයින් ඒකීය දෙවිදාණන් වන අල්ලාහ් අතිපිවිතුරු ය." (23) ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය." (අල්-හෂ්ර්: 22-24) (46) (අල්-හෂ්ර්: 22-24)
පණිවිඩකරුගේ සංකල්පය සහ ඔහුගේ ගුණාංග ගත් කල්හි, සැබැවින්ම එය ආගම හෝ දිව්‍ය පණිවිඩය සම්බන්ධයෙන්: ( පහත සඳහන් ආකාරයට පැහැදිලි කරයි.)
1- මැවුම්කරු දූතයා සමඟ සන්නිවේදනය කළ ආකාරය එය පැහැදිලි කරයි.
"තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු." (තාහා: 13) (47) (තාහා: 13)
2- අල්ලාහ් ගැන දැනුම් දීම සම්බන්ධයෙන් නබිවරුන් සහ දූතවරුන් වගකිව යුතු බව පැහැදිලි කරයි.
"අහෝ රසූල්වරය! නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ දන්වා සිටින්න..." (අල්-මාඉදා: 67) (48) (අල් මාඉදා 67)
3- ධර්ම දූතවරුන් පැමිණ ඇත්තේ මිනිසුන් ඔවුන්ට නමස්කාර කිරීමට නොව, අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම සඳහා මිනිසුන්ට ඇරයුම් කිරීම සඳහා බව පැහැදිලි කරයි.
"කෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබියදී, ඉන් අනතුරු ව අල්ලාහ්ව හැර දමා මටම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)" (ආලු ඉම්රාන්: 79) (49) (ආලු ඉම්රාන්: 79)
4- නබිවරුන් සහ ධර්ම දූතවරුන් සීමිත මානව පරිපූර්ණත්වයේ උච්චතම ස්ථානය හොබවන බව එය තහවුරු කරයි.
5- ධර්ම දූතවරුන් මිනිසා සඳහා වන මානව ආදර්ශය නියෝජනය කරන බව එය තහවුරු කරයි.
"අල්ලාහ් හා අවසන් දිනය අපේක්ෂා කරමින් සිටින, අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කරන අයට සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තුළ අලංකාර ආදර්ශයක් විය." (අල්-අහ්සාබ්: 21) (51) (අල්-අහ්සාබ්: 21)
නබිවරු සල්ලාලයන්, මිනීමරුවන්, අඥානයින් සහ ද්‍රෝහීන් වෙතැයි එහි මූලාශ්‍ර අපට පවසන ආගමක් හෝ එහි නරකම අර්ථයෙන් දේශද්‍රෝහීත්වය ගැන එහි මූලාශ්‍ර පූර්ණ ලෙස දන්වා සිටින ආගමක් හෝ පිළිගත නොහැක.
දිව්‍ය පණිවිඩයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ගත් කල, එය පහත සඳහන් කරුණු වලින් සංලක්ෂිත විය යුතුය:
1- මැවුම්කරු දෙවියන්ව හඳුන්වා දීම.
සත්‍ය ආගම දෙවියන්ගේ මහිමයට නොගැලපෙන ගුණාංග හෝ ඔහුගේ බලය හීන කරන, එනම් ඔහු ගලක හෝ සතෙකුගේ ස්වරූපයෙන් පැමණීම, ඔහු උපත ලැබ තිබීම හෝ ඔහු දාව කිසිවකු උප ලැබීම ඔහුගේ මැවීම් අතරින් කිසිවකුට හෝ ඔහු සමානයෙකු වීම වැනි ගුණාංග වලින් විස්තර නොකරයි.
"ඔහු වැනි කිසිවකුත් නොමැත. තව ද ඔහු සර්ව ශ්‍රාවක හා සර්ව නිරීක්ෂක වේ." (අෂ්-ෂූරා: 11) (52) (අෂ්-ෂූරා: 11)
"අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුන අහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය." (අල්-බකරා: 255) (53) (අල් බකරා: 255)
2- පැවැත්මේ ඉලක්කය සහ අරමුණ පැහැදිලි කිරීම.
"ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා නැමදීමට මිස අන් කිසිවක් උදෙසා මම නොමැව්වෙමි." (අද්-දාරියාත්: 56) (54) (අද් දාරියාත්: 56)
“මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.” (අල්-කහ්ෆ්: 110) (55) (අල් කහ්ෆ්: 110)
3- ආගමික සංකල්ප මානව හැකියාවන්ගේ සීමාවන් තුළ තිබිය යුතු වීම.
"අල්ලාහ් නුඹලාට පහසු ව ප්‍රිය කරයි. අපහසුතාව ඔහු ප්‍රිය නොකරයි..." (අල්- බකරා: 185) (56) (අල් බකරා: 185)
"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය." (අල් බකරා: 286) (57) (සූරා අල්-බකරා 286).
"(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත." (අන්-නිසා: 28) (58) (අන්-නිසා: 28)
4- ඉදිරිපත් කරන සංකල්ප සහ උපකල්පනවල වලංගුභාවය පිළිබඳ බුද්ධිමය සාක්ෂි ඉදිරිපත් කිරීම.
දිව්‍ය පණිවිඩය එය සමඟ පැමිණි කරුණුවල වලංගුභාවය විනිශ්චය කිරීම සඳහා අපට පැහැදිලි සහ ප්‍රමාණවත් බුද්ධිමය සාක්ෂි ලබා දිය යුතුය.
ශුද්ධ වූ කුර්ආනය තාර්කික සාක්ෂි සහ සාධක ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත් නොවූ අතර, බහුදේවවාදීන්ට සහ අදේවවාදීන්ට ඔවුන් පවසන කරුණුවල වලංගුභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කළේය.
"යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු." (අල්-බකරා:111) (59) (අල්-බකරා:111)
"තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇත." (අල්-මුඃමිනූන්: 117) (60) (අල්-මුඃමිනූන්: 117)
"අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා අධීක්ෂණය කර බලනු. තවද විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු." (යූනුස්: 101) (61) (යූනුස්: 101)
5- දිව්‍ය පණිවිඩය මගින් ඉදිරිපත් කරන ආගමික අන්තර්ගතයන් අතර පරස්පරතාවයක් නොතිබිය යුතුය.
“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.” (අන්-නිසා: 82) (62) (අන්-නිසා: 82)
"ඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන්: 7) (63) (ආලු ඉම්රාන්: 7)
6- ආගමික මූලාශ්‍ර මානව සදාචාරාත්මක සහජ නීතියට පටහැනි නොවිය යුතුය.
“එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.” (අර්-රූම්: 30) (64) (අර් රූම්: 30)
"නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය." (26) "තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති." (අන්-නිසා: 26-27) (65) (අන්-නිසා: 26-27)
7- ආගමික සංකල්ප භෞතික විද්‍යාවේ සංකල්පවලට පටහැනි නොවිය යුතුය.
“නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?” (අල්-අන්බියා: 30) (66) (අල් අන්බියා: 30)
8- එය මිනිස් ජීවිතයේ යථාර්ථයෙන් හුදකලා නොවිය යුතු අතර ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සමඟ වේගයෙන් ගමන් කළ යුතුය.
"තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය." (අල්: අඃරාෆ්: 32) (67) (අල් අඃරාෆ්: 32)
9- සියලුම කාල සහ ස්ථාන සඳහා වලංගු විය යුතුය.
"...අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර්ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර්ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි..." (අල්-මාඉදා: 3) (68) (අල් මාඉදා: 3)
10- දිව්‍ය පණිවිඩයේ විශ්වීයත්වය පැවතිය යුතුය.
"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු." (අල්-අඃරාෆ්: 158) (අල් අඃරාෆ්:158)
අල්ලාහ්ගේ ආගම සහ මිනිසුන්ගේ සිරිත් විරිත් අතර වෙනස කුමක්ද?
සහජ ධර්මතාව හෝ සහජ බුද්ධිය යනුවෙන් කරුණක් ඇත. එබැවින් තර්කානුකූල, සාමාන්‍ය බුද්ධියට සහ නිවැරදි මනසට අනුකූල වන සියලු දෑ අල්ලාහ්ගෙන් වන අතර සංකීර්ණ වූ සියල්ල මිනිසුන්ගෙන් ය.
උදාහරණ වශයෙන්:
විශ්වයට තනි මැවුම්කරුවෙකු සිටින බවත්, ඔහුට සහකරුවෙකු හෝ පුතෙකු හෝ නොමැති බවත්, ඔහු මිනිසෙකුගේ හෝ සතෙකුගේ හෝ ගලක හෝ පිළිමයක ස්වරූපයෙන් මහපොළොවට නොපැමිණෙන බවත් අප ඔහුට පමණක් නමස්කාර කළ යුතු බවත් විපත්තියක දී ඔහුගෙන් පමණක් සරණ පැතිය යුතු බවත් මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු හෝ වෙනත් ආගමික මිනිසෙක් අපට පවසන්නේ නම්, එය අල්ලාහ්ගේ දහම අනුව ක්‍රියාත්මක වීමකි. නමුත් මිනිසුන් දන්නා ඕනෑම රූපයක දෙවියන් මූර්තිමත් වන බවත්, අප දෙවියන්ට නමස්කාර කළ යුතු අතර ඕනෑම පුද්ගලයෙකු හෝ නබිවරයකු හෝ පූජකයෙකු හෝ සාන්තුවරයෙකු වේවා ඔහු හරහා ඔහුගෙන් රැකවරණය ලබා ගත යුතු බවත් මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු දේවධර්මාචාර්යවරයෙක් අපට පවසා සිටින්නේ නම් මෙය මිනිසුන්ගෙන් වන්නකි.
අල්ලාහ්ගේ ආගම පැහැදිලි සහ තර්කානුකූල වන අතර එහි අභිරහස් නොමැත. ඕනෑම ආගමික තැනැත්තෙක් මුහම්මද් තුමාණන් දෙවියෙකු බවත් ඔහුට නමස්කාර කළ යුතු බවත් යමෙකුට ඒත්තු ගැන්වීමට අවශ්‍ය නම්, එම ආගමික තැනැත්තා ඔහුට මේ බව ඒත්තු ගැන්වීමට විශාල උත්සාහයක් දැරිය යුතු වේ. ඔහු කිසි විටෙකත් එසේ ඒත්තු ගන්වන්නේ ද නැත. මක්නිසාද යත් මුහම්මද් නබිතුමා අප මෙන් කන බොන විට දෙවියෙකු වන්නේ කෙසේද? යැයි ඔහු විමසනු ලබන බැවිනි. එම ආගමික තැනැත්තා අවසානයේ එය අභිරහසක් සහ නොපැහැදිලි සංකල්පයක් බැවින් ඔබට ඒත්තු ගැන්වෙන්නේ නැත. එය ඔබ දෙවියන් වහන්සේ මුණගැසෙන විට ඔබට වැටහෙනු ඇත යැයි පවසනු ඇත. අද බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේට, බුදුන් වහන්සේට සහ වෙනත් අයට නමස්කාර කිරීම සාධාරණීකරණය කිරීම ද එලෙසමය. මෙම උදාහරණයෙන් ඔප්පු වන්නේ දෙවියන්ගේ සැබෑ ආගම අභිරහස් වලින් තොර විය යුතු බවත් අභිරහස් පැමිණෙන්නේ මිනිසුන්ගෙන් පමණක් බවත්ය.
එමෙන්ම අල්ලාහ්ගේ ආගම නොමිලේ ලැබෙන්නකි. මන්ද සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ නිවෙස්වලට ගොස් වන්දනාමාන කිරීමට හා නමස්කාර කිරීමට නිදහස ඇත. ඒවාට නමස්කාර කිරීම සඳහා සාමාජිකත්වයක් ලබා ගැනීමට දායක මුදල් ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත. නමුත් මිනිසා ඕනෑම ආගමික ස්ථානයක ලියාපදිංචි වී මුදල් ගෙවීමට අනිවාර්ය කරුණක් වී නම්, මෙය මිනිසුන්ගෙන් ය. නමුත් ඍජුවම මිනිසුන්ට උපකාර කිරීම සඳහා දානය දිය යුතු බව ආගමික පුද්ගලයකු ඔවුනට දන්වා සිටියේ නම්, මෙය දෙවියන්ගේ ආගමෙන් ය.
අල්ලාහ්ගේ ආගම තුළ මිනිසුන් එකම පනාවක දත් මෙන් සමාන වෙති. ඔවුන් දේව භක්තියෙන් මිස අරාබි හෝ අරාබි නොවන, සුදු හෝ කළු යනාදී වෙනසක් ඔවුන් අතර නොමැති බැවිනි. සුදු ජාතිකයින්ට පමණක් නිශ්චිත මුස්ලිම් දේවස්ථානයක්, කෝවිලක් හෝ පන්සලක් සහ කළු ජාතිකයින්ට වෙනම ස්ථානයක් ඇති බව සමහරු සලකන්නේ නම්, මෙය මිනිසුන්ගෙන් ය.
නිදසුනක් වශයෙන්, කාන්තාවන්ට ගෞරව කිරීම සහ ඔවුන්ගේ තත්ත්වය උසස් කිරීම දෙවියන්ගේ නියෝගයකි, නමුත් කාන්තාවන් මර්දනය කිරීම මිනිසුන්ගෙන් වන්නකි. උදාහරණයක් ලෙස, රටක මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත් වෙනවා නම්, හින්දු ආගමික කාන්තාවන් ද පීඩාවට පත් වෙනවා නම්, එම රටේම බුද්ධාගම සහ ක්‍රිස්තියානි ආගමික කාන්තාවන් ද පීඩාවට පත් වෙනවා නම්, මෙය මිනිසුන්ගේ සංස්කෘතිය වන අතර දෙවියන්ගේ සැබෑ ආගම සමඟ කිසිදු සම්බන්ධයක් නැත.
දෙවියන්ගේ සැබෑ ආගම සෑම විටම සහජ බුද්ධියට අනුගතව සහ එකඟතාවයකින් යුක්ත වේ. නිදසුනක් වශයෙන්, සුරුට්ටු දුම් පානය කරන ඕනෑම කෙනෙකු හෝ වයින් බොන ඕනෑම කෙනෙකු සෑම විටම තම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සෞඛ්‍යයට හා සමාජයට ඇති අනතුර පිළිබඳ ගැඹුරු විශ්වාසය නිසා මත්පැන් සහ දුම්පානයෙන් වැළකී සිටින ලෙසයි. නිදසුනක් වශයෙන්, ආගම මත්පැන් තහනම් කරන විට, මෙය ඇත්තෙන්ම දෙවියන්ගේ නියෝගයකි. නමුත් උදාහරණයකට කිරි තහනම් කර තිබුණේ නම්, අපගේ අවබෝධය අනුව කිරි සෞඛ්‍යයට හිතකර බව සියලු දෙනා දන්නා කරුණකි. එහි තර්කයක් නැත; එබැවින් ආගම එය ඔහුට තහනම් කළේ නැත. අල්ලාහ්ගේ දයාවෙන් සහ මැවීම් අතර පවතින ඔහුගේ කරුණාවෙන් ඔහු අපට හොඳ දේ අනුභව කිරීමට ඉඩ දුන් අතර අපිරිසිදු දේ අනුභව කිරීමෙන් අපට තහනම් කළේය.
නිදසුනක් වශයෙන් කාන්තාවන් සඳහා හිස් ආවරණය හා පිරිමින් සහ කාන්තාවන් සඳහා නිහතමානීකම අල්ලාහ්ගේ නියෝගයකි, නමුත් වර්ණ හා මෝස්තර පිළිබඳ විස්තර මිනිසුන්ගෙන් වේ, අදේවවාදී ග්‍රාමීය චීන කාන්තාව සහ ග්‍රාමීය ක්‍රිස්තියානි ස්විට්සර්ලන්ත ජාතිකයින් හිස් ආවරණයට අනුගත වේ. නිහතමානීකම සහජයෙන්ම පැවත එන පදනමයි.
නිදසුනක් වශයෙන්, ත්‍රස්තවාදය ලෝකයේ සියලුම ආගම්වල නිකායන් අතර විවිධ ආකාරවලින් පැතිරී ඇත. ආගමේ නාමයෙන් සහ දෙවියන්ගේ නාමයෙන් දරුණුතම මර්දනය සහ ප්රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන; මිනිසුන් මරා දමන ක්‍රිස්තියානි නිකායන් අප්‍රිකාවේ සහ ලොව පුරා සිටින අතර ඔවුන් ලෝකයේ කිතුනුවන් සංඛ්‍යාවෙන් 4% කි. ඉස්ලාම් නාමයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නන් මුස්ලිම් ජනගහනයෙන් 0.01% ක් වන අතර, එපමණක් නොව, බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික නිකායන් අතර ද ත්‍රස්තවාදය පැතිරී ඇත.
ඕනෑම ආගමික පොතක් කියවීමට පෙර අපට සත්‍යය සහ අසත්‍යය වෙන්කර හඳුනාගත හැක්කේ එලෙසිනි.
ඉස්ලාමය සත්‍යයේ ආගම බවට පත් කරන්නේ කුමක් ද?
ඉස්ලාම් ආගම, එහි ඉගැන්වීම් නම්‍යශීලී සහ ජීවිතයේ සෑම අංශයක්ම ආවරණය කර ගත්තකි. මන්ද එය දෙවියන් මිනිසා මැවූ මානව සහජ බුද්ධියට සම්බන්ධ වන බැවිනි. මෙම සහජ බුද්ධියේ නීතිවලට අනුකූලව මෙම ආගම පැමිණ ඇත. ඒවා නම්:
එකම දෙවියෙකු කෙරෙහි විශ්වාසය. ඔහු සහකරුවෙකු හෝ පුතෙකු හෝ නොමැති; මනුෂ්‍යයෙකු, සතෙකු, පිළිමයක හෝ ගලක ස්වරූපයෙන් මූර්තිමත් නොවන ත්‍රිත්වය නොවන මැවුම්කරුය. අතරමැදියෙකු නොමැතිව මෙම මැවුම්කරුට පමණක් නමස්කාර කිරීම. ඔහු විශ්වයේ හා එහි අඩංගු දෑහි නිර්මාතෘය. ඔහු වැනි කිසිවක් හෝ කිසිවෙක් නැත. මිනිසුන් මැවුම්කරුට පමණක් නමස්කාර කළ යුතුය. පාපයෙන් පසුතැවිලි වන විට හෝ උපකාර ඉල්ලා සිටින විට ඔහු සමඟ කෙලින්ම සන්නිවේදනය කිරීමෙන් මිස එය පූජකයෙකු, සාන්තුවරයෙකු හෝ වෙනත් කිසිදු මැදිහත්කරුවෙකු හරහා නොවිය යුතුය. මවක් තම දරුවන්ට දක්වන සෙනෙහසට වඩා ලෝක ස්වාමියා තම මැවීම්වලට දක්වන සෙනෙහස ඉමහත් ය. මන්ද ඔවුන් ආපසු හැරී ඔහු වෙත පසුතැවිලි වන සෑම අවස්ථාවකම ඔහු ඔවුන්ට සමාව දෙන බැවිනි. මැවුම්කරුට පමණක් වන්දනාමාන කිරීම මිනිසා සතු අයිතිය වන අතර, තම ස්වාමියා සමඟ සෘජු සබඳතාවක් පැවැත්වීම ඔහුගේ අයිතියයි.
ඉස්ලාම් ආගම, එහි ප්‍රතිපත්තිය අන්ධ විශ්වාසයන්ගෙන් ඈත් ව සහතික කරන ලද පැහැදිලි සහ සරල ප්රතිපත්තියකි. ඉස්ලාමය හදවතට සහ හෘදසාක්ෂියට ආමන්ත්‍රණය කිරීමෙන් සහ ප්‍රතිපත්තිය සඳහා පදනමක් ලෙස ඒවා මත විශ්වාසය තැබීමෙන් පමණක් සෑහීමකට පත් නොවේ. ඒ වෙනුවට, එය එහි මූලධර්ම අනුගමනය කරන්නේ ඒත්තු ගැන්වෙන සහ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ක, පැහැදිලි සාක්ෂි සහ මනස පාලනය කර හදවත්වලට මග පෙන්වන නිවැරදි තර්ක තුළිනි. මෙය සිදු වූයේ:
පැවැත්මේ අරමුණ, පැවැත්මේ මූලාශ්‍රය සහ මරණයෙන් පසු ඉරණම පිළිබඳව මිනිසුන්ගේ මනසෙහි දෝලනය වන සහජ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පණිවිඩකරුවන් යැවීමෙනි. දේවත්වය සම්බන්ධ ප්රශ්නයේ දී විශ්වයෙන්, ආත්මයෙන් සහ අල්ලාහ්ගේ ඒකීයත්වය හා පරිපූර්ණවත්වයේ පැවැත්ම පෙන්වා දෙන ඉතිහාසයෙන් සාධක ඉදිරිපත් කරයි. නැවත නැගිටුවනු ලබන විෂය පිළිබඳ ප්රශ්නයේ දී මිනිසා මැවීමේ සහ අහස සහ පොළොව නිර්මාණය කිරීමේ ඔහුගේ හැකියාව සහ මිය ගිය පසු පෘථිවිය පුනර්ජීවනය කිරීමේ ඔහුගේ හැකියාව පෙන්නුම් කරයි. එමෙන්ම හොඳ අයට විපාක දීම සහ නරක අයට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රඥාව ද පෙන්නුම් කරයි.
ඉස්ලාම් යන නාමය ලෝක ස්වාමියා සමඟ ඇති මානව සබඳතාව පිළිබිඹු කරන අතර එය වෙනත් ආගම් මෙන් නොව පුද්ගලයකුගේ හෝ ස්ථානයක හෝ නම නියෝජනය නොකරයි. උදාහරණයක් ලෙස ගත් කල: යුදෙව් ආගම එහි නම ජාකොබ්ගේ පුත් ජුදාගෙන් ලබා ගෙන ඇත. (ඔහුට සාමය ලැබේවා) ක්‍රිස්තියානි ධර්මය එහි නම ක්‍රිස්තු තුමාගෙන් ලබා ගෙන ඇත. හින්දු ආගම එහි නම එය ආරම්භ වූ කලාපයේ නාමයෙන් ලබා ගෙන ඇත.
අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු
මුස්ලිම්වරයෙකුගේ විශ්වාසය, ඒවා නොමැතිව වලංගු නොවන විශ්වාසයේ කුළුණු මොනවා ද?
විශ්වාසයේ මූලිකාංග:
අල්ලාහ් කෙරෙහි විශ්වාසය.: “අල්ලාහ් සෑම දෙයකම ස්වාමියා සහ පරමාධිපති බවත්, ඔහු පමණක් මැවුම්කරු බවත්, නමස්කාරය, නිහතමානිකම සහ යටහත් පහත්කමට සුදුස්සා ඔහු බවත්, ඔහු සතු පරිපූර්ණ ගුණාංගවලින් පිරිපුන් බවත් ස්ථිර විශ්වාසය සහ එය පිළිපදිමින් ක්‍රියා කළ යුතු අතරම සෑම අසම්පූර්ණභාවයකින්ම ඔහු ව පිවිතුරු කිරීමය." [70]. අබ්දුල් අසීස් අර්-රාජිහීගේ "සියාජුල් අකීදා අල් ඊමාන් බිල්ලාහ්" (පිටුව: 9)
දේව දූතයන් කෙරෙහි විශ්වාසය: ඔවුන්ගේ පැවැත්ම කෙරහි සහ ඔවුන් සර්වබලධාරී දෙවියන්ට කීකරු වන, ඔහුට අකීකරු නොවන ආලෝකයෙන් මවන ලද ජීවීන් බව විශ්වාස කිරීම.
දිව්‍ය ග්රන්ථ කෙරෙහි විශ්වාසය: සර්වබලධාරී අල්ලාහ් සෑම පණිවිඩකරුවෙකුටම පහළ කළ සෑම ග්රන්ථයක්ම මෙහි ඇතුළත් වේ. ඒවා අතරින් මූසා තුමාට පහළ කළ තෝරාව, (පරණ ගිවිසුම) ඊසා තුමාට පහළ කළ ඉන්ජීලය, (නව ගිවිසුම) දාවුද් තුමාට පහළ කළ සබූර්ය (ගීතාවලිය) ඉබ්රාහීම් සහ මොසස්ට පහළ කළ ලේඛන. (71) මුහම්මද් ට පහළ කළ අල් කුර්ආනය (මේ සියලු දෙනා හට අල්ලාහ්ගේ ආශිර්වාදය හිමි වේවා!) මෙම ග්‍රන්ථවල මුල් පිටපත්වල ඒකදේවවාදයේ පණිවිඩය අඩංගුය. එනම් මැවුම්කරු කෙරෙහි විශ්වාස කිරීම සහ ඔහුට පමණක් නමස්කාර කිරීමය. නමුත් විකෘති කිරීම් ඒවා තුළ ඇතුළු වී ඇති අතර අල්-කුර්ආනය සහ ඉස්ලාමීය නීතිය හෙළිදරව් කිරීමෙන් පසුව ඒවා වෙනස් කරන ලදී.
'නබිවරුන්' නොහොත් වක්තෘවරුන් සහ රසූල්වරුන් නොහොත් දිව්‍ය පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය.
අවසාන දවස විශ්වාස කිරීම: විනිශ්චය කිරීම සහ විපාක දීම සඳහා මළවුන් කෙරෙන් අල්ලාහ් මිනිසුන් අවදි කරන දිනය කෙරෙහි විශ්වාසය.
කද්ර් හෙවත් පූර්ව නියමය සහ කළා හෙවත් පූර්ව තීන්දුව පිළිබඳ විශ්වාසය: පූර්ව දැනුම හා තම ප්‍රඥාවට අනුව අල්ලාහ් තම මැවීම් සඳහා නියම කර ඇති පූර්ව නියමය විශ්වාස කිරීම.
මෙම විශ්වාසයෙන් පසුව 'ඉහ්සාන්' නම් නිලය පැමිණෙයි. එය ආගමේ ඉහළම මට්ටමයි. ඉහ්සාන් හි අර්ථය දූතයාණන්ගේ වචන වලින් මෙසේ පැහැදිලි වෙයි. "ඉහ්සාන්" යනු ඔබ අල්ලාහ්ව බලා සිටින සේ ඔහුට නමස්කාර කිරීමය. හේතුව ඔබ ඔහුව නොදුටුව ද සැබැවින්ම ඔහු ඔබ දෙස බලා සිටින බැවිනි. "හදීස් ජිබ්රීල්' මෙය බුහාරි තුමා වාර්තා කර ඇත. (4777) මුස්ලිම් තුමා ද මේ හා සමාන හදීසයක් වාර්තා කර ඇත. (9)
"ඉහ්සාන්" යනු භෞතික ප්රතිලාභ අපේක්ෂාවෙන් හෝ පුද්ගලයින්ගේ ප්‍රශංසාව හෝ ස්තුති බලාපොරොත්තුවෙන් තොරව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් සොයමින් සෑම කටයුත්තක්ම සහ ක්‍රියාවක්ම විධිමත්ව පරිපූර්ණ කිරීම සහ එය සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දැරීමය. එනම් අල්ලාහ් වෙත සමීප වීමේ චේතනාවෙන් ඔහුගේ තෘප්තිය පමණක් බලාපොරොත්තු වෙමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්වට අනුගත වී එය සාක්ෂාත් කර ගන්නා ආකාරයෙන් ක්‍රියාවන් ඉටු කිරීම ය. සමාජයන්හි 'මුහ්සිනූන්' හෙවත් දැහැමියෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් ආගමික හා ලෞකික යහපත් ක්‍රියාවන්හි නිරත වී අනුන්ට අනුකරණය කිරීමට උපකාර වන සාර්ථක පරමාදර්ශී පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ දෑතින් සමාජවල සංවර්ධනය හා උන්නතිය, මිනිස් ජීවිතයේ සමෘද්ධිය සහ නිජබිම් සංවර්ධනය හා දියුණුව අල්ලාහ් සාක්ෂාත් කර ගනී.
මුස්ලිම්වරයාගේ විශ්වාසය තුළ පෙර පණිවිඩකරුවන් කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය ද?
කිසිදු භේදයකින් තොරව අල්ලාහ් මනුෂ්‍ය වර්ගයා වෙත එවන ලද සියලුම දූතයින් කෙරෙහි විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ගේ විශ්වාසයේ මූලිකාංගයකි. එය නොමැතිව ඔහුගේ විශ්වාසය වලංගු වන්නේ නැත. කවර හෝ දහම් දූතයෙකු හෝ අනාගතවක්තෘවරයෙකු ප්‍රතික්ෂේප කිරීම ආගමේ මූලික කරුණු වලට පටහැනි වේ. ධර්ම දූතයින්ගේ මුද්‍රාව වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පැමිණීම ගැන අල්ලාහ්ගේ සියලුම නබිවරුන් ශුභාරංචි දන්වා ඇත. විවිධ ජන සමූහයන් අතරට යවන ලද ශුද්ධ අල් කුර්ආනයේ ඔවුන්ගේ නම් සඳහන් වක්තෘවරුන් සහ පණිවිඩකරුවන් ගණනාවක්ම වෙති. (උදාහරණ ලෙස නූහ් (නෝවා), ඉබ්රාහීම් (ආබ්‍රහම්), ඉස්මාඊල් (ඉස්මයිල්), ඉස්හාක් (ඊසාක්), යඃකූබ් (යාකොබ්), යූසුෆ් (ජෝසප්), මූසා (මෝසෙස්), දාවුද් (ඩේවිඩ්), සුලෙයිමාන් (සලමොන්), ඊසා (ජේසුස්) ආදී...) එසේ, නම් සඳහන් නොකළ තවත් අය ද සිටිති. හින්දු ආගමේ සහ බුද්ධාගමේ (රාම, ක්රිෂ්ණ සහ ගෞතම බුදුන් වැනි) සමහර නායකයින් අල්ලාහ් විසින් එවන ලද වක්තෘවරුන් වීමේ හැකියාව බැහැර නො කළ අදහසක් වන නමුත් ඒ පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයෙහි කිසිදු සාක්ෂියක් නොමැත. මේ හේතුව නිසා මුස්ලිම්වරු ඒවා විශ්වාස නොකරති. ජන සමූහයන් තම වක්තෘවරුන් විශුද්ධ කර අල්ලාහ් වෙනුවට ඔවුන්ට නමස්කාර කරන විට විශ්වාසයන් අතර වෙනස්කම් මතු විය.
"ඔබට පෙර දහම් දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතුරින් අපි ඔබ වෙත කතා විස්තර කළ අය වෙති. තවද ඔබ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු දහම් දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී වැරදි කළවුන් පරාජිත වුහ." (ගාෆිර්: 78) (73) (ගාෆිර්: 78)
“දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්රන්ථ ද ඔහුගේ දහම් දූතයින්ව ද විශ්වාස කරති. ඔහුගේ රසූල්වරුන් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය.” (අල්-බකරා: 285) (74) (අල් බකරා: 285)
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු." (අල්-බකරා: 136) (අල්-බකරා: 136)
මලක් (දේව දූතයා), ජින් සහ ෂෙයිතාන් අතර වෙනස කුමක්ද?
මලාඉකාවරු නොහොත් දේවදූතයන් වනාහි: ඔවුන් ද අල්ලාහ්ගේ මැවිල්ලකි. නමුත් ඔවුන් විශිෂ්ට මැවිල්ලකි. ඔවුන් ආලෝකයෙන් මවා ඇත. ඔවුන් යහපත කිරීමට නැඹුරු වූවෝ වෙති. ඔවුන් අල්ලාහ්ගේ අණට කීකරු වන, බොරු ගොතා නොකියන, වෙහෙසට පත් නොවන අල්ලාහ්ට ගැතිකම් කරන ගුණගායනා කරන පිරිසක් වෙති.
"රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති." (අල්-අන්බියා: 20) (76) (අල්-අන්බියා: 20)
"අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති." (අත්-තහ්රීම්: 6) (77) (අත්-තහ්රීම්: 6)
ඔවුන් කෙරෙහි වන විශ්වාසය මුස්ලිම්වරුන්, යුදෙව්වන් සහ කිතුනුවන්ට පොදු වූ කරුණකි. ඔවුන් අතරින් අල්ලාහ් සහ ඔහුගේ පණිවිඩකරුවන් අතර මැදිහත් වීමට ඔහු විසින් නියම කරන ලද ජිබ්රීල් (ගේබ්‍රියෙල්), ඔහු ඔවුන් වෙත දිව්‍ය හෙළිදරව් සමග පැමිණියේය. මීකාඊල් (මයිකල්) ඔහුගේ මෙහෙවර වැසි සහ වෘක්ෂලතා නියාමනය කිරීමය. ඉස්රාෆීල් ඔහුගේ මෙහෙවර මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ සූර් නලාවෙහි පිඹීමය. මොවුන් හැර වෙනත් මලක්වරු ද සිටිති.
ජින්වරුන් වනාහි: ඔවුන් අදෘශ්‍යමාන ලෝකයකි. ඔවුහු අප සමඟ මේ පොළොවේ ජීවත් වෙති. මිනිසුන් මෙන්ම ඔවුන්ට ද අල්ලාහ්ට කීකරු වීමට පවරා ඇති අතර ඔහුට අකීකරු වීම තහනම් කර ඇත. නමුත් අපට ඔවුන් නොපෙනේ. ඔවුන් මවන ලද්දේ ගින්නෙන් ය, මිනිසා මවන ලද්දේ මැටියෙන් ය. ජින්නුන්ගේ හැකියාව හා බලය පෙන්නුම් කරන කතා වස්තු අල්ලාහ් මෙනෙහි කර ඇත. ඔවුන්ගේ හැකියාවන් අතරින් කිසිදු භෞතික මැදිහත් වීමකින් තොරව මුමුණීමෙන් හා යෝජනා කිරීමෙන් බලපෑම් කිරීමට තිබෙන හැකියාව. නමුත් ඔවුන් ගුප්ත දෑ ගැන නොදන්නා අතර දේව විශ්වාසය ශක්තිමත් මුඃමින්වරයකුට පීඩා කිරීමට නොහැකිය.
"...තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින්ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත..." (අල්-අන්ආම්: 121) (78) (අල්-අන්ආම්: 121)
ෂයිතාන් වනාහි: ඔහු මිනිසුන්ගෙන් හෝ ජින්වරුන්ගෙන් හෝ වේවා, සෑම කැරලිකාර කැරලිකරුවෙක්ම වේ.
මරණයෙන් පසු නැවත නැගිටුවනු ලැබීම සඳහා වන සාක්ෂි මොනවාද?
පැවැත්ම සහ සංසිද්ධි පිළිබඳ සාක්ෂි සියල්ලම පෙන්නුම් කරන්නේ ජීවිතයේ සෑම විටම නැවත ගොඩනැගීමක් සහ නිර්මාණයක් ඇති බවයි. පෘථිවිය මිය ගිය පසු වර්ෂාව හේතුවෙන් නැවත පණ ගැන්වීම වැනි උදාහරණ බොහෝය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ." (අර්-රූම්: 19) (79) (අර්-රූම්: 19)
එසේම, නැවත නැගිටුවනු ලැබීමේ අනෙක් සාක්ෂිය වන්නේ කිසිදු දෝෂයක් නොමැති විශ්වයේ දැඩි පිළිවෙලයි. අසීමිත ඉලෙක්ට්‍රෝනයට පවා පරමාණුවේ එක් කක්ෂයක සිට තවත් කක්ෂයකට ගමන් කළ නොහැක. එය එහි චලනයට සමාන ශක්ති ප්‍රමාණයක් ලබා නොදෙන්නේ නම් හෝ ගන්නේ නම් මිස. මෙම ක්‍රමය තුළ ලෝක පරමාධිපතියාණන්ගෙන් මිනීමරුවා පලා යන බව හෝ පීඩකයා ගණන් නොගෙන දඬුවම් නොමැතිව පලා යන බව ඔබ සිතන්නේ කෙසේද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නියත වශයෙන්ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?" (115) "එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය." (අල්-මුඃමිනූන්: 115, 116) (80) (අල්-මුඃමිනූන්: 115, 116)
"විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය." (21) “තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.” (අල්-ජාසියාත්: 21,22) (81) (අල්-ජාසියාත්: 21,22)
මේ ජීවිතයේදී අපට අපේ නෑදෑ හිතමිතුරන් බොහෝමයක් අහිමි වන බව අපි දකිනවා නොවේද? අපි ඔවුන් මෙන් දවසක මිය යන බව අපි දනිමු. නමුත් අපි සදහටම ජීවත් වන බව අපගේ හදවතට දැනේ. ආත්මයක් නැවත නැඟිටුවනු ලැබීමෙන් සහ වගවීමකින් තොරව භෞතික නීති රාමුව තුළ භෞතික ජීවිතයක රාමුවෙහි මිනිස් සිරුර ද්‍රව්‍යමය වූවා නම්, ආත්මය කාලය ඉක්මවා ගොස් මරණය ඉක්මවා යන බැවින් මෙම සහජ නිදහසේ හැඟීමට තේරුමක් නැති වනු ඇත.
අල්ලාහ් මළවුන් පණ ගන්වන්නේ කෙසේ ද?
අල්ලාහ් මළවුන් මුල් වර මැව්වා සේම ඔවුන් යළි පණ ගන්වනු ඇත.
උත්තරීතර ඔහු මෙසේ පවසයි:
“අහෝ ජනයිනි, නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද පසු ව ශුක්රාණුවෙන්ද පසු ව ලේ කැටියෙන් ද පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ් තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. එවිට අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.” (අල්-හජ්: 5) (82) (අල් හජ්: 5)
"නියත වශයෙන්ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නොදුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි." (77) “ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. ‘අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ’යි ඔහු විමසයි.” (78) “‘මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්වඥානීය’ යැයි (නබිවරය) ඔබ පවසනු.” (යාසීන්: 77-79) (83) (යාසීන්: 77-79)
"එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය." (අර්-රූම්: 50) (84) (අර්-රූම්: 50)
අල්ලාහ් තම ගැත්තන්ගෙන් එකවිට විනිශ්චය කර සිටිනුයේ කෙසේද?
අල්ලාහ් එක විට ඔවුනට පෝෂණ සම්පත් ලබා දෙන්නාක් මෙන් තම ගැත්තන්ගෙන් එකවර විනිශ්චය කරයි.
උත්තරීතර ඔහු මෙසේ පවසයි:
"නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය." (ලුක්මාන්: 28) (85) (ලුක්මාන්: 28)
මුස්ලිම්වරයෙකු ආත්ම සංක්‍රමණය (පුනරුත්පත්තිය) පිළිබඳ මූලධර්මය විශ්වාස නොකරන්නේ ඇයි?
විශ්වයේ සෑම දෙයක්ම මැවුම්කරුගේ පාලනය යටතේ පවතින අතර සියලු දැනුම සර්වඥතාව, මෙන්ම ඔහුගේ කැමැත්තට සියල්ල යටපත් කිරීමේ හැකියාව සහ බලය ඇත්තේ ඔහුට පමණි. සූර්යයා, ග්‍රහලෝක සහ මන්දාකිණි නිර්මාණයේ ආරම්භයේ සිටම අතිශය නිරවද්‍යතාවයකින් ක්‍රියා කර ඇති අතර, මෙම නිරවද්‍යතාවය සහ හැකියාව මිනිසාගේ නිර්මාණයට අදාළ වේ. මිනිස් සිරුරු සහ ආත්මයන් අතර පවතින සංහිඳියාව පෙන්නුම් කරන්නේ මෙම ආත්මයන් සතුන්ගේ ශරීරවල වාසය කිරීමට හෝ ශාක හා කෘමීන් අතර හෝ මිනිසුන් තුළ පවා සැරිසැරීමට (ආත්ම සංක්‍රමණය වීම) නොහැකි බවයි. බුද්ධියෙන් හා දැනුමෙන් අල්ලාහ් මිනිසා වෙන් කොට, ඔහුව පොළොවේ නියෝජිතයෙකු බවට පත් කර, ඔහුට අනුග්‍රහය දක්වා, ඔහුට ගෞරව කර, බොහෝ මැවීම්වලට වඩා ඔහුගේ තත්වය උසස් කළේය. මැවුම්කරුගේ ප්‍රඥාවෙන් හා යුක්තියෙන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේ මැවීම් අවදි කරවා ඔවුන්ගෙන් තනියම විනිශ්චය කරනු ඇත. ඔවුන්ගේ ඉරණම ස්වර්ගයට හෝ නිරයට හෝ වනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු යහපත් හා නරක ක්‍රියාවන් මනිනු ලබනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“කවරෙක් අණුවක් තරම් ප්රීමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.” (7) "කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී." (අස්-සල්සලා: 7,8) (86) (අස් සල්සලා: 7,8)
අල්ලාහ්ගේ නියත දැනුමෙහි ලියා ඇති පෙර නියමය හා තීන්දුව මත නියෝජනය වන ක්‍රියාවන් සඳහා අල්ලාහ් මිනිසුන්ගෙන් ප්‍රශ්න කර සිටිනුයේ ඇයි?
නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකුට සාප්පුවෙන් යමක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට, පළමු පුතාව මෙම භාණ්ඩය මිලදී ගැනීම සඳහා යැවීමට තීරණය කරයි. එය මෙම පිරිමි ළමයා බුද්ධිමත් බවත් පියාට අවශ්‍ය දේ හරියටම මිලදී ගෙන එනු ඇති බවත් පියා කල්තියා දන්නා නිසාවෙනි. ඒ සමගම අනෙක් පිරිමි ළමයා තම සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමෙහි නිරත වන බවත් ඔහු මුදල් නාස්ති කරන බවත් පියා දැන සිටී. ඇත්ත වශයෙන්ම මෙය පියා ඔහු ගැන විනිශ්චය ගොඩනඟා ගත් උපකල්පනයකි.
පූර්ව නියමය දැකීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. මන්ද අල්ලාහ් අපගේ අභිප්රායන් සහ තේරීම් පිළිබඳ ඔහුගේ සම්පූර්ණ දැනුම මත පදනම්ව අපගේ ක්‍රියාවන් පිළිබඳ ඔහු දන්නා බැවිනි. -පරමාදර්ශය ඇත්තේ ඔහුට ය.- ඔහු මිනිසුන්ගේ ස්වභාවය ගැන දනී. ඔහු අපව නිර්මාණය කළ තැනැත්තාය. අපගේ හදවත් තුළ ඇති යහපතට හෝ අයහපතට දක්වන කැමැත්ත ගැන ඔහු දනී. අපගේ අභිප්‍රාය ඔහු දනී. අපගේ ක්‍රියාවන් පිළිබඳව අධීක්ෂණය කරන්නාය. මෙම දැනුම ඔහු සතුව පදියම් වී තිබීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. එය අල්ලාහ්ට නිරපේක්ෂ දැනුම ඇති බවත්, මිනිස් අපේක්ෂාවන් හරි සහ වැරදි වන බවත් දැන ගැනීමෙනි.
පුද්ගලයෙකුට අල්ලාහ් සතුටු නොවන ආකාරයෙන් ඔහුගේ කැමැත්තට ක්‍රියා කළ හැකි නමුත් ඔහුගේ හැසිරීම සර්වබලධාරිගේ කැමැත්තට පටහැනි නොවනු ඇත. මන්ද අල්ලාහ් ඔහුගේ මැවීම්වලට තෝරා ගැනීමේ නිදහස ලබා දී ඇති බැවිනි. නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් අකීකරු වූවත් තවමත් අල්ලාහ්ගේ කැමැත්ත තුළ සිටින අතර එයට පටහැනි විය නොහැක. මන්ද සර්වබලධාරි කිසිවෙකුට ඔහුගේ කැමැත්ත ඉක්මවා යාමට ඉඩක් ලබා දී නැත.
අප ප්‍රිය නොකරන දෙයක් පිළිගැනීමට අපගේ හදවතට බලපෑම් කිරීමට හෝ බල කිරීමට හෝ නොහැක. තර්ජනය කිරීම හා බිය ගැන්වීම යටතේ පුද්ගලයෙකුට අප සමඟ සිටීමට බල කළ හැකිය. නමුත් අපට ආදරය කිරීමට එම පුද්ගලයාට බල කළ නොහැක. ඕනෑම ආකාරයක බලකිරීමකින් දෙවියන් අල්ලාහ් අපගේ හදවත් ආරක්ෂා කර ඇත. අපගේ අභිප්රායන් සහ අපගේ හදවත් දරන දේ මත පදනම්ව ඔහු අපට වගවීම සහ විපාක ලබා දෙන්නේ එබැවිනි.
ජීවිතයේ අරමුණ:
මෙලොව ජීවිතයේ ප්‍රධානතම අරමුණ කුමක් ද?
ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ක්ෂණික සතුටක් භුක්ති විඳීම නොවේ; ඒ වෙනුවට, අල්ලාහ් හඳුනා ගැනීම හා ඔහුට නමස්කාර කිරීම තුළින් අභ්‍යන්තර තුළ සාමය ගැඹුරින් තහවුරු කිරීමයි.
මෙම දිව්‍යමය අරමුණ සාක්ෂාත් කර ගැනීම සදාකාලික සතුටට හා සැබෑ සතුටට හේතු වේ. එබැවින්, මෙය අපගේ මූලික ඉලක්කය නම්, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඕනෑම ගැටලුවකට හෝ කරදරයකට මුහුණ දීම සුළුපටු වනු ඇත.
අපි මෙසේ හිතමු. සුඛෝපභෝගී ජීවිතය නිසා කිසිදා දුක් විඳ නැති, වේදනා විඳ නැති පුද්ගලයෙක් අල්ලාහ්ව අමතක කර ඇත. එමෙන්ම ඔහු කවර කරුණක් වෙනුවෙන් මවනු ලැබ ඇත්තේද එය ඉටු කිරීමට පවා අසමත් වී ඇත. මෙවන් පුද්ගලයකු දුෂ්කරතා සහ වේදනාවේ අත්දැකීම් ඔහුව අල්ලාහ් වෙතට ගෙන යන, තම ජීවිතයේ අරමුණ සාක්ෂාත් කරගත් අයකු සමග සසඳා බලන්න. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව, දුක් විඳීමෙන් අල්ලාහ් වෙතට මෙහෙයවන ලද පුද්ගලයා කිසිදා දුක් විඳ නැති එමෙන්ම ඔහුගේ සැප සම්පත් ඔහුගෙන් ඔහුව ඈත් කර තැබූ පුද්ගලයාට වඩා උතුම්ය.
සෑම මනුෂ්‍යයෙක්ම මේ ජීවිතයේ යම් අරමුණක් හෝ ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන අතර බොහෝ විට ඉලක්කය පදනම් වන්නේ ඔහු තුළ ඇති විශ්වාසය මතය. අපි ආගමේ සොයා ගන්නා නමුත් විද්‍යාවේ සොයා ගන්නට නැති කරුණ නම්, මිනිසා ඒ වෙනුවෙන් උත්සාහ කරන හේතුව හෝ සාධාරණීකරණයයි.
විද්‍යාව යනු මාධ්‍යයක් වන අතර අභිප්‍රාය හෝ අරමුණ පැහැදිලි කිරීමක් නොවේ. නමුත් මිනිසා නිර්මාණය වී ජීවය පැවතීමට හේතුව ආගම විස්තර කරයි. ඒ ගැන පැහැදිලි කරයි.
ආගමක් ඇදහීමේ දී පුද්ගලයෙකු වඩාත්ම බිය වන්නේ ජීවිතයේ සැප සම්පත් අහිමි වීමයි. මිනිසුන් අතර පවතින විශ්වාසය නම් ආගම අනිවාර්යයෙන්ම හුදකලා වීම බවත් ආගමෙන් අවසර දී ඇති දේ හැර අන් සියල්ල තහනම් බවත් ය.
බොහෝ දෙනා කළ වරද මෙයයි. එය ඔවුන් ආගමෙන් ඈත් කළේය. එම සංකල්පය නිවැරදි කිරීමට ඉස්ලාමීය ආගම පැමිණියේය. මූලිකව මිනිසාට සියල්ල අනුමතය, තහනම් කිරීම් සහ සීමාවන් අංකනය කෙරී ඇත. කිසිවෙකු ඒවාට එකඟ නොවනු ඇත යන්න එහි මූලධර්මය විය.
සමාජයේ සියලුම සාමාජිකයන් සමඟ ඒකාබද්ධ වීමට එම ආගම පුද්ගලයාට ඇරයුම් කරන අතර ආත්මයේ සහ ශරීරයේ අවශ්‍යතා සහ අන් අයගේ අයිතිවාසිකම් අතර සමතුලිතතාවයක් පවත්වා ගන්නා මෙන් ද ඉල්ලා සිටී.
ආගමෙන් ඈත්ව සිටින සමාජයන් මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ දුෂ්ට හා නරක මිනිස් හැසිරීම් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන වගයි. එවිට ඔබට සොයා ගත හැක්කේ විකෘති ආත්මයන් ඇති අයව වළක්වා ගැනීම සඳහා වඩාත්ම දරුණු දඬුවම් ක්‍රියාත්මක කිරීම පමණි.
"ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය." (අල් මුල්ක්: 2) (87) (අල් මුල්ක්: 2)
ලෞකික ජීවිතයේ වටිනාකම කුමක්ද?
නව ක්‍රියාදාමයන් ජීවිතයට එළඹෙන විට ශ්‍රේණි සහ තරාතිරම් අනුව සිසුන් වෙන්කර හඳුනා ගැනීම සඳහා විභාගය සිදු කරන ලදී. විභාගය කෙටි වුවද, එය ඉදිරි නව ජීවිතය සඳහා ශිෂ්‍යයාගේ ඉරණම තීරණය කරයි. මෙලොව ජීවිතය ද එලෙසමය. එය කෙටි වුව ද මනුෂ්‍යයන් මරණින් මතු ජීවිතයට ළං වන විට ශ්‍රේණි හා තරාතිරම් අනුව වෙන් කිරීම සඳහා ඔවුනට එය විභාග හා පරීක්ෂණ නිවසක් වැනි ය. යමෙක් මෙලොවින් නික්මෙන්නේ ක්‍රියාවෙනි. ද්‍රව්‍යවලින් නික්මෙන්නේ නැත. මිනිසා මතුලොව ජීවිතය වෙනුවෙන් හා මතුලොවෙහි ප්‍රතිඵල අපේක්ෂා කරනු පිණිස මෙලොව ක්‍රියා කළ යුතු බව අවබෝධකර ගැනීම අනිවාර්යය වේ.
පුද්ගලයෙකුට සතුට සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?
පුද්ගලයකුට සතුට සාක්ෂාත් කර ගත හැකි වන්නේ අල්ලාහ්ට යටත් වීම ඔහුට කීකරු වීම ඔහුගේ තීන්දුව හා පෙරනියමය පිළිගැනීම තුළිනි.
බොහෝ අය විශ්වාස කරනුයේ සෑම දෙයක්ම සහජයෙන්ම අර්ථ විරහිතය. එබැවින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අපටම අර්ථයක් සොයා ගැනීමට අපට නිදහස තිබෙන බවයි. අපගේ පැවැත්මේ අරමුණ ප්‍රතික්ෂේප කිරීම ඇත්ත වශයෙන්ම ස්වයං රැවටීමකි. එය හරියට "අපි මේ ජීවිතයේ අරමුණක් ඇතැයි උපකල්පනය කරමු හෝ මවා ගනිමු." යැයි අපි අපටම කියාගන්නවාක් මෙනි, අපේ තත්ත්වය හරියට වෛද්‍යවරු, හෙදියන්, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා හැටියට සෙල්ලම් කරන ළමුන්ගේ තත්ත්වය මෙනි. අපි අපේ ජීවිතයේ අරමුණ දැනගෙන මිස සතුට ළඟා කර ගත නොහැක.
පුද්ගලයකු ඔහුගේ කැමැත්තට එරෙහිව සුඛෝපභෝගී දුම්රියක තබා, එහි පළමු පන්තියේ සුඛෝපභෝගී සහ සුවපහසු අත්දැකීමක්, සුඛෝපභෝගීත්වයේ උච්චතම අවස්ථාවක් ලබා ගත්ත ද, ඔහුගේ සිත තුළ දෝලනය වන ප්‍රශ්න වලට උත්තර නොලබා මේ ගමනේදී ඔහුට සතුටක් ඇති වනුයේ කෙසේ ද? උදාහරණ වශයෙන් 'ඔබ කෝච්චියට නැග්ගේ කෙසේ ද?' මෙම චාරිකාවේ ඉලක්කය හා අරමුණ කුමක්ද? ඔය යන්නේ කොහේ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු නැති නම්, ඔහු සතුටින් සිටිය හැක්කේ කෙසේද? ඔහු තමා සතු සියලු සැප සම්පත් භුක්ති විඳීමට පටන් ගත්තද, ඔහු කිසි විටෙකත් සැබෑ, අර්ථවත් සතුටක් අත්කර නොගනී. ඔහුට මේ ප්‍රශ්න අමතක කිරීමට මේ ගමනේ රසවත් කෑම ප්‍රමාණවත්ද? මේ ආකාරයේ සතුට තාවකාලික සහ ව්‍යාජ වනු ඇත. එය සාක්ෂාත් කරගත හැක්කේ මෙම වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු හිතාමතාම නොසලකා හැරීමෙන් පමණි. එය හරියටම බීමත්කම නිසා ඇති වන ව්‍යාජ ප්‍රීතියක් වැනි ය, එය එහි හිමිකරු විනාශය කරා ගෙන යයි. මේ අනුව, මෙම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නේ නම් මිස පුද්ගලයෙකුට සැබෑ සතුට ළඟා කර ගැනීම සාක්ෂාත් වන්නේ නැත.
සැබෑ ආගමක උසස්කම:
ඉස්ලාමය වැළඳ ගැනීම සෑම කෙනෙකුටම ලබා ගත හැකිද?
ඔව්, ඉස්ලාමය සෑම කෙනෙකුටම ලබා ගත හැකිය. සෑම දරුවෙකුම ඔහුගේ නිවැරදි ෆිත්රා (සහජ ධර්මතාව) මත උපත ලබයි, කිසිදු අතරමැදියෙකු (මුස්ලිම්වරයෙකු) නොමැතිවම අල්ලාහ්ට නමස්කාර කරන තත්ත්වයේ පසුවෙයි. ඔහු පවුලේ අයගේ හෝ පාසලේ හෝ කිසිදු ආගමික පක්ෂයක මැදිහත්වීමකින් තොරව, ඔහු වැඩිවියට පැමිණෙන තෙක්ම සෘජුවම අල්ලාහ්ට නමස්කාර කරයි. පසුව ඔහු තම ක්‍රියාවන්ට වගකිව යුතු සහ ප්‍රශ්න කරනු ලබන්නෙකු බවට පත් වෙයි. ඉන්පසු එක්කෝ ඔහු සහ දෙවියන් අතර ජේසු තුමාව මැදිහත්කරුවෙකු ලෙස ගෙන ක්‍රිස්තියානියෙකු බවට පත් වේ, නැතහොත් ඔහු බුදුන් වහන්සේ මැදිහත්කරුවෙකු ලෙස ගෙන බෞද්ධයෙකු බවට පත් වේ. නැතහොත් ක්රිෂ්ණු සහ හින්දු වේ, නැතහොත් ඔහු ඉස්ලාමයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වන පරිදි මුහම්මද් තුමාව මැදිහත්කරුවෙකු ලෙස ගනී. එසේ නැතහොත් ඔහු අල්ලාහ්ට පමණක් නමස්කාර කරමින් සහජ බුද්ධියේ ආගම මත රැඳී සිටියි. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපතිගෙන් ගෙන ආ එතුමාණන්ගේ පණිවිඩය අනුගමනය කිරීම, එය නිවැරදි සහජ බුද්ධියට අනුකූල වන සැබෑ ආගම වන අතර සෙසු සියල්ල මිනිසා සහ දෙවියන් අතර මැදිහත්කරුවෙකු ලෙස මුහම්මද් තුමාණන්ව ගත්ත ද ඒවා අපගමනය වේ.
"සෑම දරුවෙක් ම සහජ ධර්මතාව මත පදනම් ව උපත ලබයි. පසු ව එම දරුවා යුදෙව්වෙකු ලෙස හෝ කිතුණුවෙකු ලෙස හෝ මජූසිවරයෙකු (ගිනි පුදන්නෙකු) ලෙස හෝ පත් කරන්නේ එම දරුවාගේ දෙමව්පියන් ය." (88) (සහීහ් මුස්ලිම්)
අන්තර් ආගමික සංවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
මැවුම්කරුගෙන් පැමිණි සැබෑ දහම එක් ආගමක් මිස වැඩි දෙයක් නොවන අතර එය එකම මැවුම්කරුව විශ්වාස කිරීම සහ ඔහුට පමණක් නමස්කාර කිරීමයි. ඒ හැර සෙසු දෑ මිනිසුන් විසින් නිර්මාණය කළ දෑ වේ. නිදසුනක් වශයෙන්, ඉන්දියානු ප්‍රාන්තයේ සංචාරයක් කිරීම අපට ප්‍රමාණවත් වේ: 'මැවුම්කරු සහ දෙවියන් ඒකීය වේ' යැයි අපි ජනතාව අතර පවසා සිටින විට ඔවුන් සියලු දෙනාම එක හඬින්: 'ඔව්, ඔව්, මැවුම්කරු එකකි' යැයි පිළිතුරු දෙනු ඇත. එය ඔවුන්ගේ පොත්වල ලියා ඇති දෑහි ප්‍රතිඵලයක් ලෙසයි. [89] නමුත් ඔවුන් වෙනස් වී එකිනෙකා සටන් කර ගනිති. ඔවුන් ප්‍රධාන කරුණක් මත එකිනෙකා මරා ගනිති. එය: දෙවියන් පොළොවට පැමිණෙන රූපය සහ ස්වරූපයයි. උදාහරණයක් ලෙස කිතුනු ඉන්දියානුවෙකු මෙසේ පවසයි: "දෙවියන් ඒකීයයි. නමුත් ඔහු පුද්ගලයන් තිදෙනෙකු (පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්) තුළ මූර්තිමත් වේ." හින්දු ඉන්දියානුවෙකු මෙසේ පවසයි: "දෙවියන් සතෙකු හෝ මිනිසකුගේ හෝ පිළිමයක ස්වරූපයෙන් පැමිණෙයි." හින්දු ආගමේ: (චණ්ඩෝග්ය උපනිෂද් 6: 1-2). "ඔහු දෙවැන්නක් නැති එකම දෙවියෙකි." (වේද, ස්වේත ස්වතර උපනිෂද්: 4:19, 4:20, 6:9). "දෙවියන් වහන්සේට පියවරුන් හෝ ස්වාමියෙකු නැත." "ඔහුව දැකිය නොහැක, කිසිවෙකු ඔහුව ඇසින් දකින්නේ නැත." "ඔහුට සමාන කිසිවෙක් නැත." (යජුර්වේදය 9:40). ඔවුහු අඳුරට ඇතුළු වෙති. ඔවුන් ස්වභාවික මූලද්‍රව්‍යවලට (වාතය, ජලය, ගින්දර ආදිය) නමස්කාර කරන අය වෙති. ඇතැමුන් අඳුරේ ගිලෙති. ඔවුන් සම්බුටි (පිළිම, ගල් ආදී අතින් සාදන ලද දේවල්) වදින අය වෙති. ක්‍රිස්තියානි ධර්මයේ : (මතෙව් 4: 10) "එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්වයව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාර කරව, උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි ඔහුට කීසේක." (නික්මයාම 20: 3 -5). "මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති හෙවත්, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ. නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රථිඵල දෙන්නාවූ දෙවි කෙනෙක්ය.
මිනිසුන් ගැඹුරින් කල්පනා කළේ නම්, ආගම් සහ ඒවා අතර ඇති සියලුම ගැටලු සහ වෙනස්කම් වලට හේතු වන්නේ මිනිසුන් ඔවුන් සහ ඔවුන්ගේ මැවුම්කරු අතරට ගන්නා මැදිහත්කරුවන් නිසා බව ඔවුන්ට පෙනී යනු ඇත. උදාහරණයක් ලෙස කතෝලික නිකායන්, රෙපරමාදු නිකායන්, සහ හින්දු නිකායන් වෙනස් වන්නේ මැවුම්කරු සමඟ සන්නිවේදනය කරන ආකාරය මත මිස මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ සංකල්පය මත නොවේ. ඔවුන් සියල්ලන්ම දෙවියන් වහන්සේට සෘජුවම නමස්කාර කරන්නේ නම්, ඔවුන් එක්සත් වනු ඇත.
නිදසුනක් වශයෙන්, ඉබ්රාහිම් නබිතුමාගේ කාලයේ, මැවුම්කරුට පමණක් නමස්කාර කළ තැනැත්තා ඉස්ලාම් ආගම මත විය. එය සැබෑ ආගමයි. නමුත් කවුරුන් හෝ පූජකයෙකු හෝ සාන්තුවරයෙකු ලබා, තමා සහ මැවුම්කරු අතරට ඔහුව පත් කර ගත්තේ ද ඔහු ව්‍යාජය මත විය. ඉබ්රාහීම්ගේ අනුගාමිකයින්ට අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීමටත්, අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව හා ඉබ්රාහීම් අල්ලාහ්ගේ දූතයා බව සාක්ෂි දැරීමටත් සිදු විය. දෙවියන් මූසා (මෝසෙස්) එවා සිටියේ, ඉබ්රාහීම්ගේ පණිවිඩය තහවුරු කිරීම සඳහාය. ඉබ්රාහීම්ගේ අනුගාමිකයින්ට නව වක්තෘවරයා පිළිගැනීමට සිදු වූ අතර, දෙවියන් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, මෝසෙස් සහ ආබ්‍රහම් දෙවියන්ගේ පණිවිඩකරුවන් බවත් සාක්ෂි දැරීමට සිදු විය. ඒ අනුව උදාහරණයක් ලෙස එකල වසුපැටවාට වැඳුම්පිදුම් කළ තැනැත්තන් ව්‍යාජය මත විය.
ජේසු ක්‍රිස්තු තුමා මෝසෙස්ගේ පණිවිඩය තහවුරු කිරීම සඳහා පැමිණි විට, මෝසෙස්ගේ අනුගාමිකයන් ජේසු ක්‍රිස්තු තුමා විශ්වාස කර අනුගමනය කළ යුතු විය. දෙවියන් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, ක්‍රිස්තුස්, මෝසෙස් සහ ආබ්‍රහම් දෙවියන්ගේ පණිවිඩකරුවන් බවත් සාක්ෂි දැරීමට සිදු විය. නමුත් ඒ වන විට ත්‍රිත්වය විශ්වාස කරමින් සහ ක්‍රිස්තුස් වහන්සේට සහ ඔහුගේ මව වන මරියා තුමියට නමස්කාර කරමින් සිටි තැනැත්තා ව්‍යාජය මත විය.
එසේම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එතුමාණන්ට පෙර සිටි වක්තෘවරුන්ගේ පණිවිඩය තහවුරු කිරීම සඳහා පැමිණි විට, ක්‍රිස්තුස්ගේ සහ මෝසෙස්ගේ අනුගාමිකයින්ට නව අනාගතවක්තෘවරයා පිළිගෙන, අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත්, මුහම්මද්, ඊසා (ජේසුස්), මෝසෙස් සහ ආබ්‍රහම් දෙවියන්ගේ පණිවිඩකරුවන් බවත් සාක්ෂි දැරීමට සිදු විය. යමෙක් මුහම්මද්ට නමස්කාර කරන්නේ නම් හෝ එතුමාගෙන් අයැද සිටින්නේ නම් හෝ එතුමාගෙන් උපකාර ඉල්ලා සිටින්නේ නම් ඔහු ව්‍යාජය මත වනු ඇත.
ඉස්ලාම් ආගම තහවුරු කරන්නේ, ඊට පෙර පැවති සහ එහි කාලය දක්වා විහිදුනු ඒකදේවවාදී දිව්‍යමය ආගම්වල මූලාරම්භය සහ පණිවිඩකරුවන් ඔවුන්ගේ කාලයට ගැලපෙන පරිදි ගෙන ආ දෑය. අවශ්‍යතා වෙනස් වීමත් සමඟම නව ආගමේ අවධියක් පැමිණේ. එය ඊට පෙර පැවති ආගමේ මූලාරම්භයට සමාන වන අතර අවශ්‍යතා සලකා බලමින් ඇතැම් නීතී රීති එහි වෙනස් වේ. එම පැරණි ආගමේ තිබූ ඒකදේවවාදයේ මූලාරම්භය එම නව ආගම තහවුරු කරනු ඇත. සංවාදයේ මාවත අනුගමනය කිරීමෙන්, දේවත්වය විශ්වාස කරන්නා මැවුම්කරුගේ පණිවිඩය සඳහා වන මූලාශ්‍රයේ ඒකීයත්වයේ යථාර්ථය අවබෝධ කර ගනු ඇත.
'එක් නිවැරදි ආගමක්' යන සංකල්පය සහ ඒ හැර වෙනත් කිසිවක් වලංගු නොවන බව අවධාරණය කිරීම සඳහා ආගම් පිළිබඳ සංවාදය මෙම මූලික සංකල්පයෙන් ආරම්භ විය යුතුය.
සංවාදයට පැවැත්ම හා විශ්වාසය මත පදනම් වූ මූලධර්ම සහ පරිශ්‍ර ඇත. එමඟින් පුද්ගලයෙකුට අනෙකා සමඟ සන්නිවේදනය කිරීම සඳහා ඒවාට ගරු කිරීම සහ ඒවායින් ආරම්භ කිරීම අවශ්‍ය වේ. මන්දයත් මෙම සංවාදයේ අරමුණ අන්ධ ස්නායු ආශ්රිත ප්‍රක්ෂේපණයන් වන උමතුවෙන් සහ ආශාවෙන් මිදීම සඳහා ය. එය පිරිසිදු ඒකදේවවාදයේ යථාර්ථයෙන් මිනිසා වළක්වයි. වර්තමානයේ අප පත්ව ඇති අයුරින් එය ගැටීමට හා විනාශයට මඟ පාදයි.
ඉස්ලාමය ඉවසීම වෙත ඇරයුම් කරන්නේ ද?
ඉස්ලාමීය ආගම පදනම් වී ඇත්තේ ඇරයුම් කිරීම, ඉවසීම සහ යහපත් දැයින් තර්ක කීරීම මත ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය." (අන්-නහ්ල්: 125) (90) (අන්-නහ්ල්: 125)
ශුද්ධ වූ අල් කුර්ආනය දිව්‍ය ග්‍රන්ථවල අවසාන ග්‍රන්ථය වන බැවින් හා මුහම්මද් දූතයා වක්තෘවරුන්ගෙන් අවසාන තැනැත්තා වන බැවින්, අවසාන ඉස්ලාමීය පිළිවෙත සෑම කෙනෙකු ඉදිරියේම ආගමේ පදනම් සහ මූලධර්ම පිළිබඳව සංවාදයට සහ සාකච්ඡා කිරීමට මාර්ගය විවෘත කරයි. ආගමේ කිසිදු බලකිරීමක් නැතැයි යන මූලධර්මය ඉස්ලාමීය ආගම යටතේ සහතික කර ඇත. අන්‍යයන්ගේ පිවිතුරුභාවයට ගරු කිරීමේ සීමාවන් හා ඔවුන් ඔවුන්ගේ ආගමේ රැඳී සිටීම සහ ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් රාජ්‍යය වෙත ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීමේ සීමාවන් තුළ හොඳ ඉස්ලාමීය සහජ විශ්වාසයක් පිළිපැදීමට එය කිසිවෙකුට බල නොකරයි.
සඳහන් කළ පරිදි උදාහරණයක් ලෙස, උමරී ගිවිසුමේ, එනම් පාලක උමර් ඉබ්නු අල්-ඛත්තාබ් විසින් ලියන ලද ලේඛනයේ ක්‍රිස්තු වර්ෂ 638 දී මුස්ලිම්වරුන් එය යටත් කර ගත් විට ඊලිය්යා (ජෙරුසලම) වැසියන්ට ඔහු ඔවුන්ගේ පල්ලි සහ දේපළ සුරක්ෂිත කළේය. උමරී ගිවිසුම ජෙරුසලමේ ඉතිහාසයේ වැදගත්ම ලියවිල්ලක් ලෙස සැලකේ.
"අල්ලාහ්ගේ නාමයෙන්, උමර් ඉබ්න් අල්-ඛත්තාබ්ගෙන් ඊලියා නගරයේ ජනතාව වෙත. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ රුධිරය, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ වස්තුව සහ ඔවුන්ගේ පල්ලි සම්බන්ධයෙන් ඔවුහු සුරක්ෂිතව සිටිති. ඒවා කඩා බිඳ දමනු ලබන්නේ හෝ පදිංචි කරවනු ලබන්නේ හෝ නැත." [91]. ඉබ්නු අල්-බත්රීක්: අත්-තාරීක් අල්-මජ්මූ අලත් තහ්කීකි වත්-තස්දීකි: වෙළුම 2, පිටුව (147)
කලීෆා උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙම ගිවිසුම නියම කරන අතරවාරයේ සලාතය සඳහා වන කාලය පැමිණියේය. කුලදෙටුවන් සොෆ්රෝනියස් ශුද්ධ සෙපුල්චර් දේවස්ථානයේ එතුමා සිටින තැන යාච්ඤා කිරීමට එතුමාට ඇරයුම් කළේය. නමුත් කලීෆා වරයා එය ප්‍රතික්ෂේප කර ඔහුට මෙසේ කීවේය.: 'මම එහි යාච්ඥා කළහොත් මුස්ලිම්වරුන් ඔබව අභිබවා යා හැකි යැයි මම බිය වෙමි.' දේවත්වය විශ්වාස කරන්නාගේ නායකයාණන් මෙහි සලාත් ඉටු කළ බව ඔවුහු පවසති.[92] තාරීක් අත්-තබරී, ව මුජීරුද් දීන් අල් අලීමී අල් මක්දිසී.
එමෙන්ම ඉස්ලාමය මුස්ලිම් නොවන අය සමඟ ඇති කර ගත් ගිවිසුම් සහ ප්‍රතිඥා වලට ගරු කරයි, ඒවා ඉටු කරයි, නමුත් ගිවිසුම් සහ ප්‍රතිඥා කඩ කරන්නන් හා ද්‍රෝහීන් සමඟ දැඩි ලෙස කටයුතු කරන අතරම මුස්ලිම්වරුන්ට මෙම වංචාකරුවන්ට පක්ෂපාතී වීම තහනම් කර ඇත.
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට පෙර දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් නුඹලාගේ දහම විහිළුවට හා සෙල්ලමට ගත් අය ව හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ව නුඹලා භාරකරුවන් ලෙස නොගනු. තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ට බිය බැතිමත් වනු." (අල්-මාඉදා: 57) (93) (අල්-මාඉදා: 57)
මුස්ලිම්වරුන් සමඟ සටන් කර ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලින් නෙරපා හරින ද්‍රෝහීන්ට පක්ෂපාතී නොවීම සම්බන්ධයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ ස්ථානවල පැහැදිලිව හා ප්රස්ද්ධියේ සඳහන් කර ඇත.
“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.” (8) "නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මුම්තහිනා: 8,9) (94) (අල්-මුම්තහිනා: 8,9)
ශුද්ධ වූ කුර්ආනය ජේසු තුමාගේ සහ මෝසෙස් තුමාගේ සමූහයා අතර ඔවුන්ගේ යුගයේ සිටි ඒකදේවවාදීන් අගය කිරීමට ලක් කරයි.
"ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති." (113) "තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතරින් වෙති." (ආලු ඉම්රාන්: 113, 114) (95) (ආලු ඉම්රාන්: 113, 114)
"තවද නියත වශයෙන් ම දේව ග්රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නොගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් ඔවුනට හිමි(වන්නේ)ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය." (ආලු ඉම්රාන්: 199) (96) (ආලු ඉම්රාන්: 199)
"නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත." (අල්-බකරා: 62) (97) (අල්-බකරා: 62)
බුද්ධි ප්රබෝධය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද? (බුද්ධි ප්රබෝධය යනු තර්කය බිහි කළ සංස්කෘතික ව්‍යාපාරයයි. එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බුද්ධත්වයේ යුගය, XNUMX වැනි යුගය ලෙසයි. එය සාහිත්‍යය වෙනස් කිරීම පමණක් නොව, කලාව, විද්‍යාව, දර්ශනය සහ දේශපාලනය ද ආවරණය කළ ව්‍යාපාරයක් වූ අතර ප්‍රංශ විප්ලවය වැනි සමාජ ව්‍යාපාර දිරිමත් කළේය.)
බුද්ධි ප්රබෝධය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය පදනම් වී ඇත්තේ දේව විශ්වාසය සහ අවබෝධය යන ශක්තිමත් පදනම් මත ය. එය පළමුව අල්ලාහ් කෙරෙහි විශ්වාසය සහ දේව විශ්වාසයෙන් වෙන් කළ නොහැකි දැනුමෙන් බුද්ධිය හා හදවත ඒකාබද්ධ කරන්නකි.
යුරෝපීය බුද්ධි ප්‍රබෝධ සංකල්පය අනෙකුත් බටහිර සංකල්ප මෙන් ඉස්ලාමීය සමාජ වෙත ද මාරු විය. ඉස්ලාමීය සන්ධර්භය තුළ බුද්ධි ප්රබෝධය, දේව විශ්වාසයේ ආලෝකයෙන් මඟ පෙන්වනු නොලැබූ වියුක්ත මනසක් මත රඳා නොපවතින අතර, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන සහ මිහිමත රැඳී සිටින මහජන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා සිතීම, පරිශීලනය කිරීම, කල්පනා කිරීම සඳහා දෙවියන් ඔහුට ලබා දී ඇති බුද්ධියේ ආශීර්වාදය භාවිතා නොකරන්නේ නම් පුද්ගලයෙකුගේ දේව විශ්වාසය ඔහුට ප්‍රයෝජනවත් නොවේ.
අඳුරු මධ්‍යතන යුගයේ දී කොන්ස්තන්තිනෝපලය දක්වා නැගෙනහිර හා බටහිර රටවල නිවී ගිය ශිෂ්ටාචාරයේ සහ සංස්කෘතියේ ආලෝකය මුස්ලිම්වරු ප්‍රතිෂ්ඨාපනය කළෝය.
යුරෝපයේ ප්රබුද්ධ ව්‍යාපාරය තර්කයට සහ මානව කැමැත්තට එරෙහිව පල්ලියේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද කුරිරු පාලනයට ස්වභාවික ප්‍රතිචාරයක් විය. එය ඉස්ලාමීය ශිෂ්ටාචාරය නොදැන සිටි තත්ත්වයකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය." (අල්-බකරා: 257) (98) (අල් බකරා: 257)
මෙම කුර්ආන් පාඨ මෙනෙහි කිරීමෙන්, දේව කැමැත්ත මිනිසා අඳුරෙන් පිටතට ගෙන ඒමේ වගකීම භාර ගන්නා එකක් බවත්, අල්ලාහ්ගේ අවසරයෙන් තොරව සම්පූර්ණ නොවන මිනිසා සඳහා දිව්‍යමය මඟ පෙන්වීම එය වන බවත් අපට පෙනී යයි. මක්නිසාද යත් සර්වබලධාරී දෙවිඳුන් අවිද්‍යාව, බහුදේවවාදය සහ මිථ්‍යා විශ්වාස යන අන්ධකාරයෙන් දේව විශ්වාසය, දැනුම සහ සැබෑ විද්‍යාව යන ආලෝකය වෙත ගෙන එන පුද්ගලයා, ඔහු තර්කයෙන්, තීක්ෂ්ණ බුද්ධියෙන් සහ හෘදය සාක්ෂියෙන් ප්රබුද්ධ පුද්ගලයෙකි.
එමෙන්ම උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනය ආලෝකය ලෙස හඳුන්වා ඇත.
"...සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ ආලෝකයක් ද පැහැදිලි ධර්ම ග්රන්ථයක් ද නුඹලා වෙත පැමිණ ඇත." (අල්-මාඉදා: 15) (99) (අල්-මාඉදා: 15)
මිනිසුන් අඳුරෙන් ආලෝකය වෙත ගෙන ඒම සඳහා උත්තරීතර අල්ලාහ් ඔහුගේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල්-කුර්ආනය පහළ කළේය. එමෙන්ම ඔහුගේ දූතවරුන් වන මූසා (මෝසෙස්) තුමා සහ ඊසා (ජේසු) තුමා හට (දූෂිත නොවූ) තෝරාව (තව්රාත්) හා ශුභාරංචිය (ඉන්ජීල්) හෙළිදරව් කළේය. එමගින් ආලෝකය හා බැඳුණු මඟ පෙන්වීම් අල්ලාහ් නියම කළේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය." (අල්-මාඉදා: 44) (100) (අල් මාඉදා:44)
"...තවද ඔහුට ඉන්ජීලය ද පිරිනැමුවෙමු. එහි මඟපෙන්වීමක් හා ආලෝකයක් විය. එමෙන්ම තමන් අතර තිබූ තව්රාතය සත්යකරවන්නක් ලෙස ද බිය බැතිමතුන් හට මඟ පෙන්වීමක් හා උපදෙසක් ලෙස ද විය." (අල් මාඉදා: 46) (101) (අල්-මාඉදා: 46)
අල්ලාහ්ගෙන් වන ආලෝකයෙන් තොරව මඟ පෙන්වීමක් නැත. අල්ලාහ්ගේ අවසරයෙන් තොරව මිනිසකුගේ හදවත ආලෝකවත් කරන ඔහුගේ ජීවිතය ප්‍රබෝධමත් කරන වෙනත් කිසිදු ආලෝකයක් නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි..." (අන්-නූර්: 35) (102) (අන්-නූර්: 35)
මෙහිදී 'අන්-නූර්' ආලෝකය යන පදය අපි අල්-කුර්ආනය තුළ සෑම අවස්ථාවකදීම ඒක වචන පදයෙන් පැමිණ තිබීමත් 'අල්ලුලුමාත්' අන්ධකාරයන් යන පදය බහු වචන පදයෙන් පැමිණ තිබීමත් අපට දැකිය හැක. මෙම තත්ත්වයන් විස්තර කිරීමේ දී උපරිම නිරවද්‍යතාව මෙයයි. [103]. https://www.albayan.ae/five-senses/2001’-11’-16’-1.1129413’ අල්-තුවායිජ්රිගේ 'අත්-තන්වීර් ෆිල් ඉස්ලාම්' යන ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.
පැවැත්මේ සම්භවය පිළිබඳ න්‍යායන් සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය:
ස්වාභාවික වරණය පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
ඩාවින්ගේ සමහර අනුගාමිකයින් ස්වභාවික වරණය මූලික සංකල්පයක් ලෙස විශ්වාස කරති. (එය බුද්ධි හීන භෞතික ක්‍රියාවලියකි). එය සැබෑ ආනුභවික පදනමකින් තොරව සියලු දුෂ්කර පරිණාමීය ගැටලු විසඳන අද්විතීය නිර්මාණාත්මක බලවේගයකි. පසුව ඔවුන් බැක්ටීරියා සෛලවල ව්‍යුහයේ සහ ක්‍රියාකාරිත්වයේ සැලසුමේ සංකීර්ණත්වය සොයා ගත්හ. ඔවුන් "ස්මාර්ට්" බැක්ටීරියා, "ක්ෂුද්‍ර ජීවී බුද්ධිය", "තීරණ ගැනීම" සහ "ගැටළු විසඳීමේ බැක්ටීරියා" යනාදී යෙදුම් භාවිතා කිරීමට පටන් ගත්හ. මේ අනුව, බැක්ටීරියා ඔවුන්ගේ නව දෙවියන් වෙත යොමු විය.[104]. Atheism a giant leap of faith Dr. Raida Jarrar.
බැක්ටීරියා බුද්ධියට ආරෝපණය කරන ලද මෙම ක්‍රියාවන් සකල ලෝකයන්හි පරමාධිපතිගේ ක්‍රියාව, ප්‍රඥාව සහ කැමැත්ත වන බවත් එය ඔහුගේ අභිමතයට අනුකූල බවත් මැවුම්කරු ඔහුගේ ග්‍රන්ථයේ සහ ඔහුගේ දූතයාගේ වචනවලින් පැහැදිලි කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය." (අස්-සුමර්: 62) (105) (අස්-සුමර්: 62)
"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු." (අල්-මුල්ක්: 3) (106) (අල්-මුල්ක්: 3)
තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි:
“සැබැවින්ම අපි සෑම දෙයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්‍රමාණයකට අනුවය.” (අල්-කමර්: 49) (107) (අල් කමර්: 49)
නිර්මාණ, සියුම්-සුසර කිරීම, සංකේතාත්මක භාෂාව, බුද්ධිය, අභිප්‍රාය, සංකීර්ණ පද්ධති, අන්තර් පරායත්ත නීති යනාදිය අපි දකින්නෙමු. අදේවවාදීන් මේවා අහඹු බව සහ අවස්ථාවට ආරෝපණය කිරීමට යොදන යෙදුම් වේ. ඒ අතරම ඔවුන් මේ ගැන කිසි විටෙක පිළි ගන්නේ නැත. ආගමේ තර්කයෙන් සහ මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ විශ්වාසයෙන් මිදීමට අදේවවාදී විද්වතුන් ගන්නා නිෂ්ඵල උත්සාහය තුළ මැවුම්කරුව (මව් ස්වභාවය, විශ්වයේ නීති, ස්වාභාවික තේරීම "ඩාවින්ගේ න්‍යාය", ආදී වශයෙන්) වෙනත් නම් වලින් ඔවුහු හඳුන්වති.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත." (අන්-නජ්ම්: 23) (108) (අන්-නජ්ම්:23)
"අල්ලාහ්" නොවන වෙනත් ඕනෑම නමක් භාවිතා කිරීම ඔහුගේ පරම ගුණාංගවලින් සමහරක් ඉවත් කරයි. තවත් ප්‍රශ්න මතු කරයි. නිදසුනක් වශයෙන්:
එය දෙවියන් ගැන සඳහන් කිරීමෙන් වැළකීම සඳහාය. විශ්වීය නීති සහ සංකීර්ණ අන්තර් සම්බන්ධිත පද්ධති නිර්මාණය කිරීම අහඹු ස්වභාවයට ආරෝපණය කර ඇති අතර, මිනිසාගේ පෙනීම සහ බුද්ධිය ආරෝපණය කර ඇත්තේ අන්ධ හා මෝඩ සම්භවයක් සඳහාය.
වඳුරන් මිනිසාගේ සම්භවය වේ යන අදහස මුස්ලිම්වරයෙකු පිළි නොගන්නේ ඇයි?
ඉස්ලාම් මෙම අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. මිනිසාට වෙනමම ගෞරවයක් ලබා දෙමින් සහ ඔහුව මිහිමත නියෝජිතයා බවට පත් කරමින් ලෝක පරමාධිපතිගේ ප්‍රඥාව තහවුරු කිරීම සඳහා අනෙකුත් සියලුම සත්වයන්ගෙන් වෙන්කර දෙවියන් ආදම් ව ස්වාධීනව මැවූ බව අල්-කුර්ආනය පැහැදිලි කරයි.
ඩාවින්ගේ අනුගාමිකයින් විශ්වයේ නිර්මාතෘවරයෙකුගේ පැවැත්ම විශ්වාස කරන්නා පසුගාමී පුද්ගලයෙකු ලෙස සලකන්නේ ඔහු නොදුටු දෙයක් විශ්වාස කළ බැවිනි. දේවත්වය විශ්වාස කරන්නා ඔහුව උසස් කරන සහ ඔහුගේ තත්වය උසස් කරන දේ විශ්වාස කළත් ඔවුන් විශ්වාස කරනුයේ ඔවුන්ව අවමානයට පත් කරන සහ ඔවුන්ගේ තත්වය පහත හෙලන දෑය. කෙසේ වෙතත් දැන් ඉතිරි වඳුරන් පරිණාමය වී පවතින මිනිස්සු බවට පත් නොවුනේ ඇයි?
න්‍යායක් යනු උපකල්පන සමූහයක් වන අතර, මෙම උපකල්පන පැමිණෙන්නේ යම් සංසිද්ධියක් දැකීමෙන් හෝ මෙනෙහි කිරීමෙනි. මෙම උපකල්පනවලට සාර්ථක අත්හදා බැලීම් හෝ කල්පිතයේ වලංගුභාවය සනාථ කරන සෘජු නිරීක්ෂණ අවශ්‍ය වේ. න්‍යායට අයත් එක් උපකල්පනයක් අත්හදා බැලීමකින් හෝ සෘජු නිරීක්ෂණයකින් ඔප්පු කළ නොහැකි නම්, එම න්‍යාය සම්පූර්ණයෙන්ම නැවත සලකා බලනු ලැබේ.
මීට වසර 60,000 කට පෙර සිදු වූ පරිණාමවාදයේ උදාහරණයක් ගතහොත්, එම න්‍යායේ තේරුමක් නැත. අපට එය නොපෙනේ නම් හෝ එය නොදැක්කේ නම්, මෙම තර්කය පිළිගැනීමට ඉඩක් නැත. සමහර කුරුල්ලන්ගේ හොට ඔවුන්ගේ හැඩය වෙනස් කළ හැකි බව මෑතකදී නිරීක්ෂණය කර තිබුණ ද නමුත් උන් තවමත් කුරුල්ලන් ලෙසම පවතී. මෙම න්‍යාය මත පදනම්ව, කුරුල්ලන් වෙනත් වර්ගයකට පරිණාමය විය යුතුය.
යථාර්ථය නම් මිනිසා වඳුරෙකුගේ සම්භවයකින් හෝ වඳුරෙකුගෙන් පරිණාමය විය යන අදහස කිසි විටෙක ඩාවින්ගේ අදහසක් නොවන බවය. නමුත් ඔහු පවසා සිටියේ: මිනිසා සහ වඳුරා එක් පොදු සහ (අතුරුදහන් සබැඳිය) ලෙස හැඳින් වූ නොදන්නා සම්භවයක් වෙත ආපසු යති. එයට විශේෂ පරිණාමයක් ඇති අතර එය මිනිසෙකු බවට පත් විය යන වගය. මුස්ලිම්වරුන් ඩාවින්ගේ වචන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති. එනමුත් ඇතැමුන් සිතන පරිදි වඳුරා මිනිසාගේ මුතුන් මිත්තන් බව ඔහු කීවේ නැත. මෙම න්‍යායේ කතුවරයා වන ඩාවින් විසින්ම ඔහුට බොහෝ සැකයන් ඇති බව ඔප්පු කර ඇති අතර, ඔහු තම සැකයන් සහ කනගාටුව ප්‍රකාශ කරමින් තම සගයන්ට ලිපි ගණනාවක්ම ලියා ඇත. (109) ."Chapter 7: Oller and Omdahl." Moreland, J. P. The Creation Hypothesis: Scientific
ඩාවින් දෙවියෙකුගේ පැවැත්ම විශ්වාස කළ බව ඔප්පු වී ඇත.[110], නමුත් මිනිසා සත්ව සම්භවයකින් පැවත එයි යන අදහස පැමිණියේ අනාගතයේ දී ඩාවින්ගේ අනුගාමිකයින් ඔහුගේ න්‍යායට එය එකතු කිරීමෙනි. ඔවුහු මූලික වශයෙන් අදේවවාදීන් වූවෝය. ඇත්ත වශයෙන්ම, අල්ලාහ් ආදම්ට ගෞරව කර ඇති බවත් ඔහුව පෘථිවියේ නියෝජිතයෙකු බවට පත් කර ඇති බවත් මෙම නියෝජිත තනතුර සඳහා සත්ව සම්භවයක් හෝ ඊට සමාන වීම හෝ සුදුසු නොවන බවත් මුස්ලිම්වරු නිසැකයෙන්ම හඳුනති. ඩාවින්ගේ ස්වයං චරිතාපදානය - ලන්ඩන් සංස්කරණය: කොලින්ස් 1958 - පි. 92, 93.
පරිණාමවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
පොදු සම්භවයකින් පරිණාමය යන සංකල්පය සඳහා විද්‍යාව ඒත්තු ගැන්වෙන සාක්ෂි සපයයි, එය උතුම් අල් කුර්ආනයේ සඳහන් පරිදිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?..." (අල්-අන්බියා: 30) (111) (අල් අන්බියා: 30)
සර්වබලධාරී අල්ලාහ් අවට පරිසරයට ගැළපෙන පරිදි බුද්ධිමත් හා සහජ ජීවීන් නිර්මාණය කළේය. එය ප්‍රමාණයෙන්, හැඩයෙන් හෝ දිගෙන් පරිණාමය විය හැක. උදාහරණයක් ලෙස ශීතල රටවල බැටළුවන්ට නිශ්චිත හැඩයක් සහ සීතලෙන් ආරක්ෂා කරන හම් ඇත. කාලගුණික උෂ්ණත්වය අනුව උන්ගේ ලොම් අඩු හෝ වැඩි වේ. එසේ පරිසරය අනුව උන්ගේ හැඩ සහ වර්ග වෙනස් වේ. මිනිසුන් පවා එලෙසමය. මිනිසෙක් මිනිසෙකුට සමාන නොවන පරිදි ඔවුන්ගේ වර්ණ, ගුණාංග, දිව සහ හැඩතල වලින් ඔවුහු වෙනස් වෙති. නමුත් ඔවුන් වෙනත් සත්ව වර්ගයකට වෙනස් නොවන මිනිසුන් ලෙස ම සිටිති. උත්තරීතර හා පාරිශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි:
"අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත." (අර්-රූම්: 22) (112) (අර්-රූම්: 22)
"තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය." (අන්-නූර්: 45) (113) (අන්-නූර්: 45)
මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන පරිණාමවාදයේ න්‍යාය, සියලු ජීවීන්ගේ, සතුන්ගේ සහ ශාකවල උත්පත්තිවල පොදු සම්භවය ප්‍රකාශ කරන අතර, ඒවා ඒක සෛලීය ජීවියෙකු වන තනි ප්‍රභවයකින් පරිණාමය වූ බවත්, පළමු සෛලය සෑදීම ජලයේ ඇමයිනෝ අම්ල එකලස් කිරීමේ ප්‍රතිඵලයක් වන අතර එමඟින් ජීවියාගේ ප්‍රවේණික ලක්ෂණ දරණ DNA හි පළමු ව්‍යුහය සෑදී ඇති බවත් මෙම ඇමයිනෝ අම්ල ඒකාබද්ධ කිරීමෙන්, සජීවී සෛලයක පළමු ව්‍යුහය සෑදී ඇති බවත් ප්‍රකාශ කරයි. ප්‍රථම ශුක්‍රාණුව සෑදී පසුව කූඩැල්ලෙකු ලෙස වර්ධනය වී කලලයක් බවට පත් වූ මෙම සෛල ප්‍රගුණනය වීමට හේතු වූයේ විවිධ පාරිසරික හා බාහිර සාධකවල ප්‍රතිඵලයක් ලෙසයි.
මෙහිදී අපට පෙනෙන පරිදි, මෙම අවධීන් මවගේ ගර්භාෂය තුළ මිනිස් මැවීමේ අවධීන්ට බෙහෙවින් සමාන ය. කෙසේ වෙතත්, ජීවීන්ගේ වර්ධනය නතර වී යයි. ජීවියෙකු සෑදී ඇත්තේ DNA මත ගෙන යන ජානමය ලක්ෂණ අනුව ය. නිදසුනක් වශයෙන්, ගෙම්බන් උන්ගේ වර්ධනය සම්පූර්ණ කර ගෙම්බන් ලෙස ම පවතී. එසේම සෑම ජීවියෙක්ම තම ජානමය ලක්ෂණ අනුව තම වර්ධනය සම්පූර්ණ කරයි.
නව ජීවීන් බිහිවීමේදී ජාන විකෘතිතා සහ ඒවායේ බලපෑම පාරම්පරික ගතිලක්ෂණ පිළිබඳ ප්රශ්නය අප හඳුන්වා දුන්නද, මෙය මැවුම්කරුගේ බලය සහ කැමැත්ත ප්‍රතික්ෂේප නොකරයි. කෙසේ වෙතත්, අදේවවාදීන් පවසන්නේ: මෙය අහඹු ලෙස සිදු වන්නක් බවය. මෙම සංවර්ධන අවධීන් සිදු විය හැක්කේ දැනුමැති විශේෂඥයෙකුගේ අභිමතය සහ සැලසුම් කිරීම මත පමණක් බව න්‍යාය සනාථ කරන බව අපට පෙනේ. එබැවින් ජීව විද්‍යාත්මක පරිණාමය පවසන සහ අහඹු බව ප්‍රතික්ෂේප කරන අධ්යක්ෂිත පරිණාමය හෙවත් දිව්‍යමය සංවර්ධනය යන සංකල්පය අනුගමනය කළ හැකි අතර පරිණාමය පිටුපස බුද්ධිමත් හා දක්ෂ විද්‍යාඥයෙකු සිටිය යුතුය. එනම් අපට පරිණාමය පිළිගත හැකි නමුත් ඩාවින්වාදය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරමු. ජ්‍යෙෂ්ඨ පාෂාණ විද්‍යාඥ සහ ජීව විද්‍යාඥ ස්ටීවන් ජුල් පවසන්නේ, "එක්කෝ මගේ මිතුරන්ගෙන් අඩක් සම්පූර්ණයෙන්ම මෝඩයි, නැතහොත් ඩාවින්වාදය ආගම සමඟ යන සංකල්පවලින් පිරී ඇත."
අල් කුර්ආනය පරිණාමය පිළිබඳ සංකල්පය නිවැරදි කළේ කෙසේද?
ශුද්ධ වූ අල් කුර්ආනය ආදම්ගේ මැවීමේ කතාව ඉදිරිපත් කරමින් පරිණාමය පිළිබඳ සංකල්පය නිවැරදි කළේය.
මිනිසා සඳහන් කරන්නට තරම් වස්තුවක් ලෙස නොසිටියේය.
"(මෙසේ යැයි) පවසන්නට තරම් වස්තුවක් ලෙස මිනිසා නොසිටි කාලයක් මිනිසාට නොපැමිණියේ ද?" (අල්-ඉන්සාන්: 1) (114) (අල්-ඉන්සාන්: 1)
ආදම්ගේ මැවීම ආරම්භයේ මැටියෙන් විය:
"ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේය." (අස්-සජදා: 7) (116) (අස්-සජදා: 7)
“නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට ‘වනු‘ යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය.” ආලු ඉම්රාන්: 59) (117) (ආලු ඉම්රාන්: 59)
මිනිස් පියා ආදම් ගරුත්වයට පත් කිරීම
මිනිසුන්ගේ පියා වන ආදම්ට ගෞරව කිරීම යනු ඔහුව මැටියෙන් ස්වාධීනව මවා ඇති බව පමණක් නොව, ශුද්ධ වූ අල් කුර්ආන් පාඨයේ පෙන්වා දී ඇති පරිදි ඔහුව සර්ව ලෝකයන්හි ස්වාමියාගේ දෑතින්ම ඍජුව මවා තිබීම හා අල්ලාහ්ට කීකරු වෙමින් ආදම්ට සුජූද් කරන මෙන් දේවදූතයන්ගෙන් ඔහු කළ ඉල්ලීමයි.
"පසුව අපි මලක්වරුන්ට "ආදම් ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය." (අල් බකරා: 34) (119) (අල්-බකරා: 34)
ආදම්ගේ පරපුර මැවීම:
"පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු." (13) "පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය." (අල්-මුඃමිනූන්: 13-14) (121) (අල් මුඃමිනූන්: 14-13)
"තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරීය." (අල්-ෆුර්කාන්: 54) (122) (අල්-ෆුර්කාන්: 54)
ආදම්ගේ පරපුර ගරුත්වයට පත් කිරීම:
"තවද සැබැවින්ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු." (අල්-ඉස්රා: 70) (123) (අල් ඉස්රා: 70)
අපි මෙහි සටහන් කරන්නේ ආදම්ගේ පරම්පරාවේ උත්පත්තියේ අවධීන් (තුච්ඡ ජලය, ශුක්‍ර තරලයක්, ලේ කැටියක්, කලලයක්...) සහ ජීවී මැවීම්වල සම්භවය සහ ඒවායේ ක්‍රම පිළිබඳව පරිණාමවාදයේ ප්‍රකාශ කර ඇති දේ සමඟ ඇති සමානකම හා ප්‍රජනන ක්‍රමයයි.
“(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකයාය. නුඹලා තුළින්ම නුඹලා සඳහා වූ ජෝඩු ද එමෙන්ම ගොවිපළ සතුන් අතුරින් ජෝඩු ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්ව නිරීක්ෂකය.” (අෂ්-ෂූරා: 11) (124) (අෂ්-ෂූරා: 11)
මැවීමේ මූලාශ්‍රය එකම බව සහ මැවුම්කරුගේ ඒකීය බව පෙන්වීම සඳහා ආදම්ගෙන් පැවතෙන්නන් නින්දිත ජලයෙන් අල්ලාහ් නිර්මාණය කළේය. එමෙන්ම ඔහු මිනිසාට වෙනමම ගෞරවයක් පිරිනමමින් ඔහු ව පොළොවේ නියෝජිතයා බවට පත්කිරීමේ ලෝක ස්වාමියාගේ ප්‍රඥාව තහවුරු කරනු පිණිස ආදම් ව සෙසු මැවීම් අතරින් වෙන් කළේය. තවද පියෙකු හෝ මවකගෙන් තොරව ආදම්ගේ මැවීම දේව හැකියාවේ සර්වබලධාරිත්වය පෙන්නුම් කරයි. පියකුගෙන් තොරව ඔහු ඊසා (ජේසු) තුමා මැවීමෙහි තවත් නිදසුනක් තැබුවේය, එය මිනිසුනට සංඥාවක් හා සර්වබලධාරිත්වයේ ප්රාතිහාර්යයක් වනු පිණිස ය.
“නියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහු ව ඔහු පසින් මවා පසු ව ඔහුට ‘වනු‘ යැයි පැවසුවේය. එවිට ඔහු ඇති විය.” ආලු ඉම්රාන්: 59) (125) (ආලු ඉම්රාන්: 59)
පරිණාමවාදයේ න්‍යාය සමඟ බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන්නේ ඔවුන්ට එරෙහි වන සාක්ෂියයි.
ඉස්ලාමය පැවැත්මේ සම්භවය පිළිබඳ න්‍යායන් එක් නිවැරදි සත්‍යයක පැවැත්මේ අනිවාර්යය භාවය තුළට සීමා කරන්නේ ඇයි?
මිනිසුන් අතර විවිධ න්‍යායන් සහ විශ්වාසයන් පැවතීම තනි සත්‍යයක් නොමැති බව අදහස් කරන්නේ නැත. නිදසුනක් වශයෙන්, කළු පැහැති මෝටර් රථයක් හිමි පුද්ගලයෙකු භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයන් පිළිබඳ කොපමණ මිනිසුන්ගේ සංකල්ප සහ සංජානනයන් තිබුණ ද ඔහු සතු මෝටර් රථය කළු පැහැති බව ප්‍රතික්ෂේප නොකෙරයි, මුළු ලෝකයම මෙම පුද්ගලයාගේ මෝටර් රථය රතු යැයි විශ්වාස කළ ද එම විශ්වාසය එය රතු කරන්නේ නැත. මෙහි එක් සත්‍යයක් ඇත, එනම් එය කළු මෝටර් රථයක් වීමය.
යම් කරුණක යථාර්ථය පිළිබඳ සංකල්ප සහ සංජානනවල බහුත්වය එම කරුණ සඳහා එක් ස්ථාවර යථාර්ථයක් පැවතීම ප්‍රතික්ෂේප නොකරයි.
උසස්ම පරමාදර්ශය ඇත්තේ අල්ලාහ් සතුව ය. එබැවින් පැවැත්මේ සම්භවය ගැන මිනිසුන්ගේ සංජානන සහ සංකල්ප කොපමණ තිබුණත්, මිනිසුන් හඳුනන රූපයක් නැති; හවුල්කරුවෙකු හෝ පුතෙකු හෝ නැති ඒකීය සහ එකම මැවුම්කරු අල්ලාහ්ය යන එක් යථාර්ථයක පැවැත්ම මෙයින් ප්‍රතික්ෂේප නොවේ. උදාහරණයක් ලෙස, මැවුම්කරු සතෙකුගේ හෝ මිනිසෙකුගේ ස්වරූපයෙන් මූර්තිමත් වී ඇති බව මුළු ලෝකයම පිළිගැනීමට අවශ්‍ය නම්, එය ඔහුව එසේ පත් කරන්නේ නැත. ඊට වඩා උත්තරීතර අල්ලාහ් උසස් වන්නේය.
මුස්ලිම්වරයෙකු සාපේක්ෂතාවාදය, සදාචාරය, ඉතිහාසය යනාදී න්‍යායන් පිළිගන්නවාද?
ස්ත්‍රී දූෂණ ක්‍රියාවලිය නරක ද නැද් ද යන්න ඔහුගේ අභිමතය පරිදි පාලනය වන මනුෂ්‍යයෙකුගේ වරද තීරණය කිරීමට ඒත්තු ගැන්වීම තාර්කික නොවේ. ඒ වෙනුවට, ස්ත්‍රී දූෂණය තුළම මානව හිමිකම් කඩවීමක් සහ ඔහුගේ වටිනාකම සහ නිදහස උල්ලංඝනය වීමක් වන බව පැහැදිලිය. ස්ත්‍රී දූෂණය නපුරක් බව පෙන්නුම් කරන්නේ මෙයයි. එමෙන්ම, සමලිංගිකත්වය, එය විශ්වීය සම්මතයන් උල්ලංඝනය කිරීමකි. විවාහයෙන් පරිබාහිර අනියම් සබඳතාකි. මුළු ලෝකයම එහි වලංගු නොවන බව අභිසාරී වුවද, වලංගු වන්නේ නිවැරදි එක පමණි. සියලුම මිනිසුන් එහි වලංගු භාවය පිළිගත්ත ද වැරැද්ද සූර්යයා මෙන් පැහැදිලිය.
ඒ යුගයන් තම දෘෂ්ටිකෝණයෙන් ඉතිහාසය ලිවිය යුතු බව පිළිගතහොත් ඉතිහාසය සම්බන්ධයෙන් ද එලෙසම වන්නේය. මක්නිසාද යත් ඔහුට වැදගත් සහ අර්ථවත් දේ සඳහා එක් එක් යුගයන් අගය කිරීම අනෙක් යුගයේ ඇගයීමට වඩා වෙනස් වන බැවිනි. නමුත් මෙය ඉතිහාසය සාපේක්ෂ නොකරයි. මක්නිසාද යත්, අප කැමති වුවත් නැතත් සිදුවීම් වලට එක යථාර්ථයක් ඇති බව මෙයින් ප්‍රතික්ෂේප නොකරන බැවිනි. එමෙන්ම සිදුවීම්වල විකෘතියට හා සාවද්යභාවයට ලක්වන, අභිමතයන් මත පදනම් වූ මනුෂ්‍ය ඉතිහාසය, ලෝක ස්වාමියාගේ ඉතිහාසය මෙන් නොවේ. ඔහු ඉතා නිවැරදි අතීතය, වර්තමානය සහ අනාගතය පවසා සිටියි.
පැවැත්මේ සහ සදාචාරයේ මූලාරම්භය සඳහා එක් පරම සත්‍යයක් පැවතීමට ඇති සාක්ෂි මොනවාද?
බොහෝ දෙනා පිළිගන්නා පරම සත්‍යයක් නැත යන ප්‍රකාශය හරි වැරැද්ද පිළිබඳ විශ්වාසයක් වන අතර ඔවුන් එය අන් අය මත පැටවීමට උත්සාහ කරයි. ඔවුන් හැසිරීමේ සම්මතයක් අනුගමනය කරන අතර සෑම කෙනෙකුටම එය පිළිපැදීමට බල කරයි. එසේ කිරීමෙන් ඔවුන් ආරක්ෂා කරන බව පවසන දේම උල්ලංඝනය කරයි. - මෙය ස්වයං පරස්පර ස්ථාවරයකි.
නිරපේක්ෂ යථාර්ථයක් පවතින බවට සාක්ෂි පහත පරිදි වේ:
හෘද සාක්ෂිය: (අභ්‍යන්තර උත්තේජකය) මානව හැසිරීම් සීමා කරන සදාචාර මාර්ගෝපදේශ මාලාවක්, ලෝකය යම් ආකාරයකට ක්‍රියා කරන බවටත්, හරි වැරැද්ද ඇති බවටත් සාක්ෂි සපයයි. මෙම ආචාර ධර්ම මූලධර්ම විවාද කළ නොහැකි හෝ මහජන ජනමත විචාරණයක විෂය බවට පත් කළ නොහැකි සමාජ බැඳීම් වේ. ඒවා අන්තර්ගතය සහ අර්ථය අනුව සමාජයට අත්‍යවශ්‍ය සමාජ කරුණු වේ. නිදසුනක් වශයෙන්, කෙනෙකුගේ දෙමව්පියන්ට අගෞරව කිරීම හෝ සොරකම් කිරීම සැමවිටම පිළිකුල් සහගත හැසිරීමක් ලෙස සලකනු ලබන අතර, අවංකකම හෝ ගෞරවය ලෙස සාධාරණීකරණය කළ නොහැකිය. මෙය පොදුවේ සියලුම සංස්කෘතීන් සඳහා සෑම කාලයකටම අදාළ වන්නකි.
විද්‍යාව: විද්‍යාව යනු කරුණු සැබෑ ලෙස ඒවායෙහි යථාර්ථයෙන්ම දැන ගැනීමයි. එය දැනුම සහ නිශ්චිතභාවයයි, එබැවින් විද්‍යාව අවශ්‍යයෙන්ම රඳා පවතින්නේ ලෝකයේ වෛෂයික කරුණු සොයා ගත හැකි සහ ඔප්පු කළ හැකි බවට ඇති විශ්වාසය මත ය. ස්ථාපිත කරුණු නොමැති නම් අධ්‍යයනය කළ හැක්කේ කුමක්ද? විද්‍යාත්මක සොයාගැනීම් සැබෑ දැයි දැන ගන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක නියමයන්ම පරම සත්‍යයන්ගේ පැවැත්ම මත පදනම් වේ.
ආගම: ලෝකයේ සියලුම ආගම් ජීවිතයට සංකල්පයක්, අර්ථයක් සහ නිර්වචනයක් ලබා දෙයි. මෙය ගැඹුරුම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමේ හදිසි මානව ආශාවේ ප්රතිඵලයකි. ආගම හරහා, පුද්ගලයෙකු තම මූලාශ්‍රය සහ ගමනාන්තය සොයමින් සිටින අතර, මෙම පිළිතුරු ලබා ගැනීමෙන් පමණක් සාක්ෂාත් කරගත හැකි අභ්‍යන්තර සාමය සොයා යයි. මිනිසා පරිණාමය වූ සතෙකුට වඩා වැඩි යමක් බව ආගමේ පැවැත්ම ඔප්පු කරන අතර ජීවිතය සඳහා උසස් අරමුණක් ඇති බව ද ඔප්පු කරයි. යම් ප්‍රඥාවක් වෙනුවෙන් අපව මැවූ මැවුම්කරුවෙකුගේ පැවැත්ම මත, ඔහුව දැන ගැනීමට ආශාවක් මිනිස් හදවත් තුළ ඔහු රෝපණය කළේය. ඇත්ත වශයෙන්ම, මැවුම්කරුවෙකුගේ පැවැත්ම පරම සත්‍යයේ නිර්ණායකය වේ.
තර්කය: සියලුම මිනිසුන්ට සීමිත දැනුමක් සහ සීමිත සංජානන මනසක් ඇත. එබැවින් නිෂේධාත්මක නිරපේක්ෂ ප්‍රකාශයන් අනුගමනය කිරීම තර්කානුකූලව කළ නොහැක. ඒ අනුව "දෙවියන් නැත" යැයි පුද්ගලයෙකුට තාර්කිකව පැවසිය නොහැක: මක්නිසාද යත් පුද්ගලයෙකුට එවැනි ප්‍රකාශයක් පැවසීමට නම්, ඔහුට මුල සිට අග දක්වා සම්පූර්ණ විශ්වය පිළිබඳ නිරපේක්ෂ දැනුමක් තිබිය යුතුය. මෙය කළ නොහැකි දෙයක් බැවින්, පුද්ගලයෙකුට කළ හැකි වඩාත්ම තර්කානුකූල දෙය නම්, "මා සතුව ඇති සීමිත දැනුමෙන්, මම දෙවියන්ගේ පැවැත්ම විශ්වාස නොකරමි." යැයි පැවසීමය.
ගැළපුම: පරම සත්‍යය ප්‍රතික්ෂේප කිරීම මඟින් ඇති වන කරුණු:
හෘදය සාක්ෂිය සහ ජීවිත අත්දැකීම් වල වලංගු භාවය පිළිබඳ අපගේ නිශ්චිතභාවය සමඟ හා යථාර්ථය සමග ඇති පරස්පරතාව.
පවතින කිසිම දෙයක හරි වැරැද්දක් නොදැකීම. උදාහරණයක් ලෙස, මම මාර්ග නීති නොසලකා හැරීම නිවැරදි නම්, මා අවට සිටින අයගේ ජීවිත අනතුරේය. මේ අනුව, මිනිසුන් අතර හරි වැරැද්ද පිළිබඳ සම්මතයන් තුළ ගැටීම සිදු වේ. එය මත පදනම්ව, කිසිවක් ගැන ස්ථිර විය නොහැක.
අපරාධ සම්බන්ධයෙන් තමන්ට රිසි සේ කටයුතු කිරීමට මිනිසාට පරම නිදහස ලැබීම.
නීති සම්පාදනය කිරීමට හෝ යුක්තිය ඉටු කිරීමට නොහැකි වීම.
අත්තනොමතික නිදහසක් ඇති පුද්ගලයෙකු අවලස්සන ජීවියෙකු බවට පත් වේ. එමෙන්ම ඔහුට මෙම නිදහස දරාගත නොහැකි බව සැකයකින් තොරව ඔප්පු වී ඇත. වැරදි හැසිරීම ලෝකය එහි වලංගු භාවය ගැන එකඟ වුවද වැරදිය. එමෙන්ම එකම සැබෑ සත්‍යය නම් සදාචාරය සාපේක්ෂ නොවන අතර කාලය හෝ ස්ථානය අනුව වෙනස් නොවන බවයි.
පද්ධතිය: පරම සත්‍යය නොමැතිකම අවුල් සහගත වීමට හේතු වේ.
නිදසුනක් වශයෙන්, ගුරුත්වාකර්ෂණ නියමය විද්‍යාත්මක සත්‍යයක් නොවේ නම්, අප නැවත ගමන් කරන තෙක් අපි එකම ස්ථානයක සිටගෙන හෝ වාඩි වී සිටිනවා ද යන්න අපට විශ්වාස නැත. එක සහ එක යන දෙකේ එකතුව එක වරකට දෙකක් වේ යැයි අපි විශ්වාස නොකරමු, ශිෂ්ටාචාරයට ඇති බලපෑම බරපතල වනු ඇත. විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ නියමයන් නොවැදගත් වනු ඇත. මිලදී ගැනීමේ දී සහ විකිණීමේ දී මිනිසුන්ට ක්‍රියා කිරීමට නොහැකි වනු ඇත.
පැවැත්මේ මූලාශ්‍රය පිළිබඳ එකම පරම සත්‍යය කුමක්ද?
අභ්‍යවකාශයේ මිනිසුන් රැගෙන පාවෙන පෘථිවිය මත ඔවුන්ගේ පැවැත්මට උදාහරණය විවිධ සංස්කෘතීන්ට අයත් මගීන් රැගෙන ඔවුන් නොදන්නා දිශාවකට සහ නාඳුනන නායකයෙකු වෙත ගෙන යන ගුවන් යානයකට එක්රැස් වූ පිරිසක් මෙනි. ඔවුන් තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ යානයෙහි ඇති කරදර ඉවසා සිටීමට බල කරන බව ඔවුන්ට පෙනී ගියේය.
ගුවන් නියමුවාගෙන් එක් ගුවන් කාර්ය මණ්ඩල නිලධාරියෙකු හරහා පණිවිඩයක් පැමිණියේ ඔවුන් පැමිණීමට හේතුව, ඔවුන් පිටත්ව යන ස්ථානය සහ ඔවුන්ගේ ගමනාන්තය ඔවුන්ට පැහැදිලි කර ඔහුගේ පෞද්ගලික ලක්ෂණ සහ ඔහු සමඟ ඍජුව සන්නිවේදනය කිරීමට මාර්ගය ඔවුනට පෙන්වා දෙමිනි.
පළමු මගියා මෙසේ පැවසීය: ඔව්, යානයේ නියමුවෙකු සිටින බව පැහැදිලිය. ඔහු දයාවන්ත ය. හේතුව අපගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඔහු මෙම පුද්ගලයා එවා ඇත.
දෙවැන්නා පැවසුවේ: ගුවන් යානයට නියමුවෙකු නොමැත. මම දූතයා විශ්වාස නොකරමි. අපි කිසිවක් නොමැතිව පැමිණියෙමු. අප මෙහි සිටින්නේ අරමුණක් නොමැතිවය.
තුන්වැන්නා පැවසුවේ: කිසිවෙකු අපව මෙහි ගෙන ආවේ නැත, අපි අහඹු ලෙස රැස්ව සිටිමු.
හතරවැන්නා පැවසුවේ: ගුවන් යානයට අණ දෙන නිලධාරියෙක් ඇත. නමුත් මෙම දූතයා නියමුවාගේ පුත්‍රයා වන අතර නියමුවා ඔහුගේ පුතාගේ ස්වරූපයෙන් අප අතර ජීවත් වීමට පැමිණියේය.
පස්වැන්නා පැවසුවේ: ගුවන් යානයේ නියමුවෙකු සිටින නමුත් ඔහු කිසිවෙකුට පණිවිඩයක් එවා නැති බවත්, ගුවන් යානයේ නියමුවා අප අතර ජීවත් වීමට සෑම දෙයකම ස්වරූපයෙන් පැමිණෙන බවත්, අපගේ ගමනට අවසාන ගමනාන්තයක් නොමැති බවත්, අපි ගුවන් යානයේ ඉදිරියටත් රැඳී සිටින බවත්ය.
හයවැන්නා පැවසුවේ: ගුවන් නියමුවෙකු නැත. මට සංකේතාත්මක මනඃකල්පිත නායකයෙකු පත් කර ගැනීමට අවශ්‍යය.
හත්වැන්නා පැවසුවේ: ගුවන් නියමුවා සිටියි, නමුත් ඔහු අප ගුවන් යානයට නංවා කාර්යබහුල විය. ඔහු තවදුරටත් අපගේ කටයුතුවලට හෝ ගුවන් යානයේ කටයුතුවලට මැදිහත් වන්නේ නැත.
අටවැන්නා පැවසුවේ: අණ දෙන ගුවන් නියමුවා සිටින අතර මම ඔහුගේ නියෝජිතයාට ගරු කරමි, නමුත් ක්‍රියාවක් හොඳ ද නරක ද යන්න තීරණය කිරීමට අපට ගුවන් යානයේ නීති අවශ්‍ය නොවේ. එකිනෙකා සමඟ ගනුදෙනු කිරීමේදී අපගේම අභිමතයන් හා ආශාවන් වෙත යොමු කිරීම් අවශ්‍ය වේ. එබැවින් අපි අපව සතුටු කරන දේ කරමු.
නවවැන්නා පැවසුවේ: ගුවන් නියමුවා සිටියි. ඔහු මගේ නායකයාය, මම තනිවම සිටිමි, ඔබ සැම මෙහි සිටින්නේ මට සේවය කිරීමටයි. කිසිම අවස්ථාවක ඔබ ඔබේ ගමනාන්තයට ළඟා නොවනු ඇත.
දසවැන්නා පැවසුවේ: නියමුවාගේ පැමිණීම සාපේක්ෂයි, මන්ද ඔහු ඔහුගේ පැවැත්ම විශ්වාස කරන අයට පවතින අතර ඔහුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අයට නොපවතියි. මෙම නායකයා පිළිබඳ මගීන්ගේ සෑම හැඟීමක්ම, ගුවන් ගමනේ අරමුණ සහ ගුවන් යානයේ මගීන් එකිනෙකා සමඟ ගනුදෙනු කරන ආකාරය නිවැරදියි.
පැවැත්මේ සම්භවය සහ ජීවයේ අරමුණ පිළිබඳව දැනට පෘථිවි ග්‍රහලෝකයේ සිටින මිනිසුන්ගේ සැබෑ සංජානනය පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙහි සපයන ලද මෙම මනඃකල්පිත කතාවෙන් අප වටහා ගනිමු.
නායකත්වය හඳුනන සහ නිශ්චිත ඉලක්කයක් සඳහා එය එක් පැත්තක සිට අනෙක් පැත්තට ගෙන යන එක් නියමුවෙකු ගුවන් යානයට සිටින බව පැහැදිලිය. කිසිවෙකු මෙම ප්‍රත්‍යයට විරුද්ධ නොවනු ඇත.
යානයේ නියමුවාගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන හෝ ඔහු ගැන බහු විධ අදහස් ඇති පුද්ගලයාට පැහැදිලි කිරීමක් සහ විස්තර කිරීමක් ලබා දීමට අවශ්‍ය වන අතර, හරි වැරැද්ද අවබෝධ කර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.
ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය. අපි මෙම සංකේතාත්මක උදාහරණය මැවුම්කරුගේ පැවැත්මේ යථාර්ථයට අදාළ කර ගන්නේ නම්, පැවැත්මේ සම්භවය පිළිබඳ න්‍යායන්වල බහුත්වය එක් නිරපේක්ෂ යථාර්ථයක පැවැත්ම ප්‍රතික්ෂේප නොකරන බව අපට පෙනී යනු ඇත. එනම්:
කිසිදු හවුල්කරුවකු හෝ දරුවකු හෝ නොමැති ඒකීය මැවුම්කරු දෙවියන් ඔහුගේ මැවීම්වලින් වෙන් වූ වෙනමම ස්වරූපයකි. ඔවුන් කිසිවකුගේ ස්වරූපයෙන් නිරූපණය වන්නේ නැත. මැවුම්කරු සතෙකුගේ හෝ මිනිසෙකුගේ ස්වරූපයෙන් මූර්තිමත් වී ඇත යන අදහස මුළු ලෝකයටම ගොඩ නගන්නට සිතුව ද එය එසේ වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් ඊට වඩා උසස්ය.
මැවුම්කාර දෙවියන් යුක්ති සහගතය. ප්‍රතිඵල පිරිනැමීම සහ දඬුවම් දීම එමෙන්ම මිනිසුන්ට අදාළව බැඳී සිටීම ඔහුගේ යුක්තිය පෙන්වා දෙයි. ඔවුන් මවා ඔවුන් අත්හැර දමන කෙනෙකු වී නම් ඔහු දෙවියකු විය නොහැක. පූජකයෙකු, සාන්තුවරයෙකු හෝ කිසිදු මැදිහත්කරුවෙකු නොමැතිව තමාට නමස්කාර කරන සහ තමා වෙත පමණක් සරණ යන ඔහුගේ ප්‍රවේශය මිනිසුන්ට දැනුම් දීමට සහ ඔවුන්ට යන මාර්ගය පැහැදිලි කිරීමට ඔහු ඔවුන් වෙත පණිවිඩකරුවන් යවන්නේ එබැවිනි. මේ මාර්ගය අනුගමනය කරන්නන්ට විපාකය ද එයින් බැහැර වන්නන්ට දඩුවම් උරුම කරයි. එය පරලොව සුගතිය හා අපායෙහි වධ හිංසාව නිරූපණය කරයි.
මෙය "ඉස්ලාම් ආගම" ලෙස හඳුන්වනු ලබන අතර, මැවුම්කරු තම ගැත්තන් සඳහා තෝරාගෙන ඇති සැබෑ ආගම එයයි.
"කාෆිර්" (ප්‍රතික්ෂේප කරන්නා) යන වචනය මුස්ලිම් නොවන අයට භාවිත කිරීම වෙනත් පාර්ශ්වයට කරන අවමානයක් ද?
කිතුනුවා මුස්ලිම්වරයා කාෆිර් (ප්‍රතික්ෂේප කරන්නා) ලෙස සලකන්නේ ඔහු ත්‍රිත්වයේ මූලධර්මය විශ්වාස නොකරන නිසා හා එය විශ්වාස කිරීමෙන් මිස ඔහු රාජධානියට ඇතුළු නොවන නිසා නොවේ ද? 'කෆර' (ප්රතික්ෂේපය) යන පදයෙන් අදහස් කරන්නේ සත්‍යය ප්‍රතික්ෂේප කිරීමය. මුස්ලිම්වරයකුට අනුව සත්‍යය යනු 'තව්හීද්' හෙවත් ඒකීය දේවත්වයයි. නමුත් කිතුනුවෙකුට අනුව සත්‍යය යනු ත්රිත්ත්වයයි.
අවසන් ග්‍රන්ථය:
අල්-කුර්ආනය යනු කුමක්ද?
අල්-කුර්ආනය යනු ලොවට අධිපති දෙවියන් දෙසින් එවන ලද ග්රන්ථ අතුරින් අවසන් ග්‍රන්ථයයි. ඒ අනුව මුස්ලිම්වරුන් අල්-කුර්ආනයට පෙර එවන ලද සියලුම පොත් (ඉබ්රාහිම්ගේ ලේකන, (සබූර්) ගීතාවලිය, තෝරාව සහ ශුභාරංචිය... සහ වෙනත්) විශ්වාස කරති. සියලුම දිව්‍ය ග්‍රන්ථවල සැබෑ පණිවිඩය පිරිසිදු ඒකදේවවාදය (අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා නැමදුම ඔහු වෙනුවෙන් පමණක් ඉටු කිරීම) බව මුස්ලිම්වරු විශ්වාස කරති. කෙසේ වෙතත්, පෙර දිව්‍ය ග්රන්ථ මෙන් නොව, අල්-කුර්ආනය වෙනත් පිරිසක් හෝ නිකායක් විසින් ඒකාධිකාරී කර නොතිබූ අතර, එහි විවිධ අනුවාදයන් දක්නට නොමැත, එමෙන්ම එහි කිසිදු වෙනසක් සිදු කර නොමැත. නමුත් එය සියලුම මුස්ලිම්වරුන්ට එකම පිටපතකි. අල්-කුර්ආනයේ මූලය කිසිදු වෙනසක්, විකෘතියක් හෝ වෙනස් කිරීමකින් තොරව අදටත් එහි මුල් භාෂාවෙන් (අරාබි) පවතී. ලෝකයේ ස්වාමියා එය සංරක්ෂණය කරන බව කළ පොරොන්දුව පරිදි එය ඉදිරියටත් සංරක්ෂණය කරනු ලබමින් පවතී. එය සියලුම මුස්ලිම්වරුන්ගේ අත්වල සංසරණය වෙයි. ඔවුන්ගේ බහුතරයක් දෙනාගේ හදවත්වල සුරැකෙමින් පවතී. මිනිසුන්ගේ අතේ සංසරණය වන බහු භාෂාවලින් යුත් අල් කුර්ආනයේ වර්තමාන පරිවර්තන පිටපත් කුර්ආනයේ අර්ථකතනයක් මිස අන් කිසිවක් නොවේ. එකල අරාබිවරුන් චතුර කතාවෙන්, කථිකත්වයෙන් සහ කාව්‍ය ශාස්ත්‍රයෙන් අන් අයට වඩා ප්‍රවීණයන් වූ බව දැන දැනම එවැනි අල් කුර්ආනයක් ඉදිරිපත් කරන ලෙස ලෝක අධිපතියා අරාබිවරුන්ට සහ අරාබි නොවන අයට අභියෝග කළේය. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් හැර වෙනත් කෙනෙකුගෙන් විය නොහැකි බව ඔවුහු තේරුම් ගත්හ. මෙම අභියෝගය සියවස් දාහතරකට වැඩි කාලයක් තිස්සේ පවතින අතර කිසිවෙකුට එසේ කිරීමට නොහැකි විය. එය දෙවියන්ගෙන්ම බවට මෙය විශාලතම සාක්ෂියකි.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල් කුර්ආනය තව්රාතයෙන් (තෝරාවෙන්) පිටපත් කළාද?
අල්-කුර්ආනය යුදෙව්වන්ගෙන් ලැබුණේ නම්, එය තමන්ට ආරෝපණය කරන වේගවත්ම මිනිසුන් ඔවුන් වනු ඇත. හෙළිදරව් වූ අවස්ථාවේදී යුදෙව්වන් එය ප්‍රකාශ කළා ද?
සලාතය, හජ් සහ සකාත් සම්බන්ධයෙන් වන නීති සම්පාදන සහ ගනුදෙනු වෙනස් නොවේද? අල් කුර්ආනය අනෙකුත් ග්රන්ථවලින් වෙනස් වන බවත් එය මිනිස් කතනයක් නොවන බවත් විද්‍යාත්මක ප්රාතිහාර්යයන් අඩංගු බවත් පවසා සිටින මුස්ලිම් නොවන අයගේ සාක්ෂිය දෙස බැලිය යුතු වේ. විශ්වාසවන්තයෙකු තමාට පටහැනි විශ්වාසයේ වලංගු භාවය පිළිගන්නා විට, එය එහි වලංගුභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය වේ. එය ලෝක ස්වාමියාගෙන් වන එකම පණිවිඩයක් වන අතර එය එකක්ම විය යුතුය. මුහම්මද් නබි තුමාණන් පැමිණියේ එය මුළා කිරීමේ සාධකයක් ලෙස නොව, එය තහවුරු කිරීමේ සාධකයක් ලෙසිනි. එමෙන්ම එකල චතුරත්වයෙන් කැපී පෙනුන අරාබි වරුන්ටත්, අරාබි නොවන අයටත් දෙවියන් එවන් එක් පදයක් හෝ ගෙන එන මෙන් අභියෝග කළේය. නමුත් ඔවුහු අසාර්ථක වූවෝය. අභියෝගය අදටත් ඒ අයුරින්ම පවති.
අල්-කුරානයේ සඳහන් දෑ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පෙර ශිෂ්ටාචාරවලින් ගත් ඒවා ද?
එය බොහෝ මිථ්‍යාවන් සහ ජනප්‍රවාද ඇතුළුව පුරාණ ශිෂ්ටාචාරවල නිවැරදි විද්‍යාවන්ගෙන් එකකි. පාළු කාන්තාරයක හැදී වැඩුණු නූගත් වක්තෘවරයෙකු මෙම ශිෂ්ටාචාරවලින් සත්‍ය පමණක් පිටපත් කර ජනප්‍රවාද අත්හැරිය හැක්කේ කෙසේද?
අල් කුර්ආනය අරාබි බසින් පහළ වූයේ ඇයි?
ලෝකයේ භාෂා සහ උපභාෂා දහස් ගණනක් පැතිරී ඇත. එය මෙම එක් භාෂාවකින් හෙළිදරව් වූයේ නම්, අනෙක් භාෂාව නොවන්නේ මන්දැ?යි මිනිසුන් එකිනෙකා විමසනු ඇත. අල්ලාහ් තම දූතයා එවනුයේ ඔහුගේ ප්‍රජා භාෂාවෙනි. සර්වබලධාරී අල්ලාහ් තම දූතයා වන මුහම්මද් තුමාව දූතවරුන්ගේ මුද්‍රාව ලෙස තෝරා ගත්තේය. අල්-කුර්ආනයේ භාෂාව ඔහුගේ ජනයාගේ භාෂාවෙන් පැවති අතර, ඔහු එය විනිශ්ය දිනය දක්වා විකෘති නොවී ආරක්ෂා කළේය. මෙලෙස නිදසුනක් වශයෙන් ක්‍රිස්තුස්ගේ ග්‍රන්ථය සඳහා ඇරමයික් භාෂාව තෝරා ගත්තේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය..." (ඉබ්රාහීම්: 4) (126) (ඉබ්රාහීම්: 4)
'නාසික්' අහෝසි කරන හා 'මන්සූක්' අහෝසි කරනු ලබන දෑ යනු කුමක් ද?
අහෝසි කරන දෑ සහ අහෝසි කරනු ලබන දෑ යනු, කලින් දුන් තීන්දුවක කටයුතු නතර කිරීම හෝ අදාළ වෙනත් තීන්දුවක් ආදේශ කිරීම හෝ නිරපේක්ෂ සීමා කිරීම හෝ සීමා කළ ඒවා නිදහස් කිරීම වැනි නීති සම්පාදනයේ විධිවිධානවල වර්ධනයකි. මෙය පෙර නීතිවල සහ ආදම්ගේ කාලයේ සිට පැවති සුපුරුදු හා හුරුපුරුදු දෑය. ආදම් (අලෙයිහිස් සලාම්) තුමාගේ යුගයේ සහෝදරයා විසින් තම සහෝදරිය විවාහ කර ගැනීමේ වලංගුභාවය පසු ව වෙනත් පිළිවෙත් තුළ දූෂිත බවට පත් විය. සෙනසුරාදා දින වැඩ කිරීමේ අවසරය ද එලෙසම ය. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා එතුමාට පෙර පැවති පිළිවෙත් හා වෙනත් පිළිවෙත් තුළ එහි වලංගු භාවය පැවතිනි. පසුව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතෙහි එය දූෂිත ක්‍රියාවක් බවට පත් විය. වසු පැටවාට නමස්කාර කිරීමෙන් පසු සියදිවි නසා ගන්නා ලෙස ඊශ්‍රායෙල් දරුවන්ට අල්ලාහ් අණ කළේය, ඉන්පසු ඔහු ඔවුන්ගෙන් මෙම නියෝගය ඉවත් කළේය. මේ හැර තවත් උදාහරණ බොහෝමයක් ඇත. එක් රීතියක් වෙනුවට වෙනත් රීතියක් ආදේශ කිරීම එම පිළිවෙත තුළම හෝ අප පෙර උදාහරණවල සඳහන් කළ පරිදි පිළිවෙතක් තවත් පිළිවෙතක් අතර හෝ අන්තර්ගත වේ.
නිදසුනක් වශයෙන්, නිශ්චිත ඖෂධයකින් තම රෝගියාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා වෛද්‍යවරයකු ඔහුගේ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී ක්රමානුකූල ක්රිියාවලියක් ලෙස ඖෂධයේ මාත්‍රාව අඩු වැඩි කරයි. අපි ඔහු ඥානවන්ත ලෙස සලකමු. එමෙන්ම සුවිශුද්ධ දෙවියන්ට ඉහළම පරමාදර්ශය ඇත. ඉස්ලාමීය තීන්දු තුළ 'නාසික්' අවලංගු කරන සහ 'මන්සූක්' අවලංගු කරනු ලබන දෑ පිහිටීම ශ්‍රේෂ්ඨ මැවුම්කරුගේ ප්‍රඥාවෙන් වන්නකි.
අබු බක්ර් තුමාගේ පාලන සමයේදී අල්-කුර්ආනය ගොනු කිරීම සහ උස්මාන් තුමාගේ පාලන සමයේදී එය පුළුස්සා දැමීමේ කතාව කුමක්ද?
සහාබාවරුන් අල් කුර්ආනය පාරායනය කිරීමට සහ එය අන් අයට ඉගැන්වීම සඳහා දූතයාණන් එය විශ්වාසදායක ලෙස ඔවුන්ගේ අත්වලින් ලියන්නට ඉඩ හැරියේය. අබු බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා කලීෆා පාලක ධූරයට පත් වූ විට, මෙම ලේකන එක තැනක තබා ඒවා ආවර්ජනය කළ හැකි වන පරිදි එකතු කිරීමට එතුමා නියෝග කළේය. උස්මාන් -රළියල්ලාහු අන්හු- තුමාගේ යුගයේදී, විවිධ ප්‍රදේශ වල සහ විවිධ උපභාෂාවලින් සහාබාවරුන් අත තිබූ පිටපත් සහ ලේකන ගිනිබත් කිරීමට ඔහු නියෝග කළේය. එතුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අත්හැර ගිය සහ අබු බකර් (රළියල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් එකතු කරන ලද මුල් පිටපතට සමාන නව පිටපත් ඔවුන් වෙත යැවීය. මෙය සියලු ප්‍රදේශවල එකම මුල් පිටපත වෙත ආපසු පැමිණීම සහතික කිරීම සහ දූතයා විසින් ඉතිරි කර ඇති පිටපතම පමණක් බව සහතික කිරීම සඳහා ය.
තවද අල්-කුර්ආනය කිසිදු වෙනසක් හෝ වෙනස් කිරීමකින් තොරව පවතින අතර, එය යුග ගණනාවක් තිස්සේ මුස්ලිම්වරුන් සමඟ සෑම විටම බැඳී පවතී. ඔවුන් එය තමන් අතර පරිහරනය කරති. සලාත්වලදී එය කියවති.
අල් කුර්ආනයේ සඳහන් වී ඇති දෑ පර්යේෂණාත්මක විද්‍යාවට පටහැනිද?
ඉස්ලාමය පර්යේෂණාත්මක විද්‍යාවට පටහැනි නොවන අතර දෙවියන්ව විශ්වාස නොකළ බොහෝ බටහිර විද්‍යාඥයින් පවා ඔවුන්ගේ විද්‍යාත්මක සොයාගැනීම් හරහා මැවුම්කරුගේ පැවැත්ම අත්‍යවශ්‍යය යන ස්ථාවරය වෙත ළඟා වී ඇත. එය ඔවුන්ව මෙම සත්‍යයට ගෙන ගියේය. ඉස්ලාමය බුද්ධියේ සහ චින්තනයේ තර්කයට වඩා බලවත් වන අතර විශ්වය ගැන මෙනෙහි කිරීමට සහ සිතන්නට එය ඇරයුම් කර සිටී.
අල්ලාහ්ගේ සංඥා සහ ඔහුගේ පුදුමාකාර මැවීම් ගැන මෙනෙහි කිරීමට, මහපොළොව සැරිසරා බැලීමට, විශ්වය දෙස අවධානය යොමු කිරීමට, බුද්ධිය භාවිතා කිරීමට හා චින්තනය සහ තර්කනය ක්‍රියාත්මක කිරීමට ඉස්ලාම් සියලු මිනිසුන් ඇරයුම් කර සිටියි. එමෙන්ම එය ක්ෂිතිජය තුළ සහ ආත්ම තුළ කිහිප වතාවක් නැවත නැවත අවධානය යොමු කරන බලන මෙන් ද ඇරයුම් කරයි. ඔහු සොයන පිළිතුරු නොවැළැක්විය හැකි අතර මැවුම්කරුවෙකු සිටින බව - අනිවාර්යයෙන්ම - ඔහු විශ්වාස කරයි. තවද මෙම විශ්වය පරිස්සමින්, චේතනාවෙන් සහ අරමුණක් ඇතිව නිර්මාණය කර ඇති බවට සම්පූර්ණ විශ්වාසයක් සහ නිසැකකමක් ඔහු කරා ළඟා වනු ඇත. අවසානයේදී, ඔහු ඉස්ලාමය අපේක්ෂා කරන, දෙවියන් අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට වූ නිගමනයට එළඹෙනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු." (3) "පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව හැරෙනු ඇත." (අල්-මුල්ක්: 3,4) (127) (අල්-මුල්ක්: 3,4)
"නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්‍රමාණවත් නොවීද?" (ෆුස්සිලත්: 53) (128) (ෆුස්සිලත්: 53)
"නියත වශයෙන්ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත." (අල්-බකරා: 164) (129) (අල්-බකරා: 164)
"තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවන් ඇත." (අන්-නහ්ල්: 12) (130) (අන්-නහ්ල්: 12)
"තවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු." (අද්දාරියාත්: 47) (131) (අද්-දාරියාත්: 47)
"නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එය මහපොළොවේ උල්පත් ලෙස ගලා යන්නට සලස්වා එමගින් (විවිධ වර්ණවලින් යුත්) විවිධ වර්ගයේ බෝග හට ගන්වා පැහෙන්නට සලස්වයි. එවිට ඔබ එය රන්වන් පැහැයෙන් දකිනු ඇත. පසු ව එය ඉපැනැලි බවට පත් කරයි. නියත වශයෙන්ම එහි ප්‍රබුද්ධිමත් උදවියට උපදෙසක් ඇත." (අස්-සුමර්: 21) (132) (අස්-සුමර්: 21) නවීන විද්‍යාව විසින් දැනට සොයාගෙන ඇති ජල චක්‍රය මීට වසර 500 කට පෙර විස්තර කරන ලදී. ඊට පෙර මිනිසුන් විශ්වාස කළේ සාගරයෙන් ජලය පැමිණ ගොඩබිමට විනිවිද යන බවත් එමඟින් උල්පත් සහ භූගත ජලය ඇති වූ බවත්ය. පසෙහි තෙතමනය ඝනීභවනය වී ජලය සෑදෙන බව ද විශ්වාස කෙරිණි. කෙසේ වෙතත්, වසර 1400 කට පෙර ජලය ඇති වූ ආකාරය අල්-කුරානයේ පැහැදිලිව සඳහන් කර ඇත.
“නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුණි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?” (අල්-අන්බියා: 30) (133) (අල්-අන්බියා: 30) නවීන විද්‍යාවට හැකි වී ඇත්තේ ජීවය සෑදී ඇත්තේ ජලයේ බවත් පළමු සෛලයේ මූලික අංගය ජලය බවත් සොයා ගැනීමට පමණි. මෙම තොරතුරු මුස්ලිම් නොවන අය දැන සිටියේ නැත. ශාක රාජධානියේ සමතුලිතතාවය ද එලෙසමය. මුහම්මද් නබිතුමා ස්ව කැමැත්තට කතා නොකරන බව ඔප්පු කිරීමට කුරානයේ ඒවා සඳහන් වී ඇත.
"සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු." (12) "පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු." (13) "පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය." (අල්-මුඃමිනූන්: 13-14) (134) කැනේඩියානු විද්‍යාඥ කීත් මුවර් යනු ලොව ප්‍රමුඛතම ව්‍යුහ සහ කළල විද්‍යාඥයෙකි. ඔහුට බොහෝ විශ්ව විද්‍යාල හරහා කීර්තිමත් විද්‍යාත්මක ගමනක් ඇති අතර කැනඩාවේ සහ ඇමරිකාවේ ව්‍යුහ විද්‍යාඥයින් සහ කළල විද්‍යාඥයින්ගේ සංගමය, Biosciences සංගමයේ කවුන්සිලය වැනි ජාත්‍යන්තර විද්‍යාත්මක සංගම් රැසක මුලසුන හොබවා ඇත. ඔහු කැනඩාවේ රාජකීය වෛද්‍ය සංගමයේ, සෛල විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ඇකඩමියේ, ඇමරිකානු ව්‍යුහ විද්‍යාත්මක වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ සහ ව්‍යුහ විද්‍යාවේ ඇමරිකා සංගමයේ සාමාජිකයෙකු ලෙස ද තේරී පත් විය. 1980 දී කීත් මුවර්, ශුද්ධ වූ අල් කුර්ආනය සහ සියලුම නවීන විද්‍යාවට පෙර පැවති කලලරූපය ගොඩනැගීමට අදාළ වාක්‍ය කියවීමෙන් පසු ඔහු ඉස්ලාම් ආගමට හැරෙන බව ප්‍රකාශ කළ අතර, ඔහු ඉස්ලාම් ආගමට හැරීමේ කතාව මෙසේ කියයි: මම හැත්තෑව දශකයේ අගභාගයේදී මොස්කව්හි පැවති විද්‍යාත්මක ආශ්චර්යයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට ආරාධනා කරන ලද්දෙමි. සමහර මුස්ලිම් විද්වතුන් විශ්වීය පද ගැන සමාලෝචනය කරන අතරතුර, විශේෂයෙන් සර්වබලධාරිගේ කියමන: "ඔහු කාරණය අහසින් පොළොවට යොමු කරයි, පසුව ඉහළට යයි. එය ඔබ සිතන ආකාරයට වසර දහසක් වන දවසකය." (සූරා අල්-සජ්දා: 5). මුස්ලිම් විද්වතුන් කලලරූපය සහ මිනිසාගේ නිර්මාණය ගැන කතා කරන වෙනත් වාක්‍යයන් දිගටම ප්‍රකාශ කළ අතර, කුර්ආනයේ අනෙකුත් වාක්‍යයන් වඩාත් පුළුල් ලෙස දැන ගැනීමට මගේ දැඩි උනන්දුව නිසා, මම දිගටම නිහඬ වී සවන් දුන්නෙමි. මෙම පද සෑම කෙනෙකුටම ප්‍රබල ප්‍රතිචාරයක් වූ අතර මා කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කළේය. එය මට අවශ්‍ය මෙය බව මට දැනෙන්නට පටන් ගත් නිසාවෙනි. මම එය වසර ගණනාවක් විද්‍යාගාර සහ පර්යේෂණ හරහා සහ නවීන තාක්ෂණය භාවිතා කරමින් සොයමින් සිටියෙමි, නමුත් අල්-කුර්ආනය ගෙන ආ දෑ තාක්ෂණයට හා විද්‍යාවට පෙර විස්තීර්ණ සහ සම්පූර්ණ එකක් විය.
“අහෝ ජනයිනි, නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද පසු ව ශුක්රාණුවෙන්ද පසු ව ලේ කැටියෙන් ද පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ් තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. එවිට අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.” (අල්-හජ්: 5) (135) (අල්-හජ්: 5) නවීන විද්‍යාව විසින් සොයා ගන්නා ලද කලල වර්ධනයේ නියම චක්‍රය මෙයයි.
අවසාන අනාගතවක්තෘ:
මුහම්මද් නබිතුමා කවු ද? ඔහුගේ දූත පණිවිඩයේ සත්‍යතාව සඳහා සාක්ෂි මොනවා ද?
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වන එතුමා: මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂීම් වේ. මක්කමේ ජීවත් වූ අරාබි ගෝත්‍රයක් වන කුරෙයිෂ් ගොත්‍රයෙන් පැවත එන අතර එය ඉස්මඊල් බින් ඉබ්රාහිම්ගේ පරම්පරාවෙන් පැවත එන්නකි.
පැරණි ගිවිසුමේ සඳහන් පරිදි, දෙවියන් ඉස්මායෙල්ට ආශීර්වාද කිරීමටත්, ඔහුගේ පරම්පරාවෙන් ශ්‍රේෂ්ඨ සමාජයක් බිහි කිරීමටත් පොරොන්දු විය.
"මම ඉෂ්මායෙල් ගැනත් ඔබේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි."[136]. (පැරණි ගිවිසුම, උත්පත්ති 17:20).
ඉස්මාඊල් ආබ්‍රහම්ගේ නීත්‍යානුකූල පුත්‍රයෙකු බවට මෙය විශාලතම සාක්ෂියකි.
"ඇයට ඔහු මෙසේ පැවසීය: ස්වාමීන්වහන්සේගේ දූතයා බලව, ඔබ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ ඔබේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න." [137]. (පැරණි ගිවිසුම, උත්පත්ති 16:11).
"ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසය කළ පසු ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයා වූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය." [138]. (පැරණි ගිවිසුම, උත්පත්ති 16:3).
මුහම්මද් නබිතුමා උපත ලැබුවේ මක්කමේය. එතුමාගේ පියා එතුමා ඉපදීමට පෙර මිය ගියේය. පසුව එතුමාගේ මව ද එතුමාගේ ළඳරු වියේදීම මිය ගිය අතර එතුමාගේ සීයා එතුමාව බලා කියා ගත්තේය. පසුව එතුමාගේ සීයා ද මිය ගිය අතර එතුමාගේ මහප්පා එතුමාගේ භාරකාරත්වය දැරුවේය.
එතුමාණෝ අවංකභාවයෙන් හා විශ්වසනීයභාවයෙන් ප්‍රසිද්ධයට පත්ව සිටියහ. එතුමාණෝ ජාහිලියා (අඥාන) වැසියන් සමඟ ඇසුරු නොකළ අතර ඔවුන් සමඟ කෙළි ලොල් හෝ නැටුම් ගැයුම් හෝ මත්පැන් පානය වැනි නොමනා ක්‍රියාවල නිරත නොවූහ. එතුමා එය අනුමත කළේ ද නැත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නමස්කාර කිරීම සඳහා මක්කම (හිරා ගුහාව) අසල කන්දකට යාමට පටන් ගත්තේය. පසු ව එම ස්ථානයේ එතුමා වෙත දිව්‍ය පණිවිඩය පහළ විය. අල්ලාහ් වෙතින් මලක්වරයකු එතුමා වෙත පැමිණ, එම මලක්වරයා එතුමාට: කියවන්න, කියවන්න යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ලියන්න කියවන්න දැන සිටියේ නැත. එවිට නබි තුමා: මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි -එනම් කියවීමට මට හසල හැකියාවක් නැත.- යැයි පවසා සිටියහ. නැවත වාරයක් එම මලක්වරයා එම ඉල්ලීම කළේය. එවිට ද එතුමා මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි යැයි පැවසූහ. එම මලක්වරයා දෙවන වරට එම ඉල්ලීම කොට එතුමාණන්ට වෙහෙස දැනෙන තරමට එතුමා ව දෑතින් වෙළා ගත්තේය. පසුව එතුමා මා කියවන්න දන්නා කෙනෙක් නොවෙමි -එනම් කියවීමට මට හසල හැකියාවක් නැත යන්නයි- යැයි පැවසූහ. තුන්වැනි වතාවේ ඔහු එතුමාට මෙසේ පැවසීය: "මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු." (1) "ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය." (2) "අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු."(3) "ඔහු වනාහි පෑනෙන් ඉගැන් වීය." (4) "ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය." (අල්-අලක්: 1-5) (139). (අල්-අලක්:1-5)
එතුමාගේ අනාවැකියේ සත්‍යතාව පිළිබඳ සාක්ෂි:
එතුමාගේ චරිතාපදානයේ අපට එය හමු වේ. එතුමා අවංක හා විශ්වසනීය පුද්ගලයකු ලෙස හඳුන්වනු ලැබූහ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද මීට පෙර කිසිදු ධර්ම ග්රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය." (අල්-අන්කබූත්: 48) (140) (අල්-අන්කබූත්: 48)
දූතයාණන් කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද එය ක්‍රියාත්මක කරන්නන් අතරින් පළමුවැන්නා එතුමා විය. එම ක්‍රියාවන් තුළින් එතුමාගේ වචනය සනාථ විය. එතුමා ඇරයුම් කරන දෑ සඳහා ලෞකික ප්රතිලාභ පැතුවේ නැත. එබැවින් එතුමා දිළිඳු, ත්‍යාගශීලී, දයානුකම්පිත, නිහතමානීව ජීවත් වූ අතර, එතුමා මිනිසුන් අතර වඩාත්ම පරිත්‍යාගශීලී හා වඩාත්ම සරල උත්තමයෙකු විය.උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස වෙනෙකක් නැතැයි (නබිවරය!) නුඹ පවසනු." (අල්-අන්ආම්: 90) (141) (අල්-අන්ආම්: 90)
තවද එතුමා තම වක්තෘභාවයේ අවංකභාවය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළේය. එය ඔවුන්ගේ භාෂාවෙන් පැමිණි ශුද්ධ වූ අල් කුර්ආනයේ වාක්‍යවලින් අල්ලාහ් එතුමාට පිරිනැමූ දෑ තුළිනි. එය මිනිස් කථාවට වඩා උසස් තත්ත්වයේ තබන ලද කතාවකි. කථිකත්වයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.” (අන්-නිසා: 82) (142) (අන්-නිසා: 82)
“එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය !) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.” (හූද්: 13) (143) (හූද්: 13)
"ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත." (අල්-කසස්: 50) (144) (අල්-කසස්: 50)
තවද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුත් ඉබ්රාහිම්ගේ මරණය හේතුවෙන් සූර්යය ග්‍රහණය වූ බවට මදීනාවේ ජනයා අතර කටකතා පතුරුවා හරින විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට දේශනාවක් පැවැත්වූහ. අද දක්වාම සූර්යග්‍රහණ පිළිබඳ අසංඛ්‍යාත මිථ්‍යා විශ්වාසයන් ප්‍රකාශ කරන සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වන පරිදි පණිවිඩයක් ප්‍රකාශ කළහ. ශතවර්ෂ දාහතරකට පෙර එතුමාණෝ පැහැදිලිව හා විස්තරාත්මකව මෙසේ පැවසූහ.
"ඉර සහ සඳ අල්ලහාගේ සංඥා දෙකකි, ඒවා කිසිවෙකුගේ මරණයෙන් හෝ ජීවිතයෙන් ග්‍රහණය නොවේ, එබැවින් ඔබ එය දුටුවහොත්, අල්ලාහ්ව සිහිපත් කර යාච්ඤා කිරීමට ඉක්මන් වන්න." [145] (සහීහ් අල් බුහාරි)
ඔහු ව්‍යාජ වක්තෘවරයෙකු නම්, ඔහුගේ අනාගත වක්තෘත්වය මිනිසුන්ට ඒත්තු ගැන්වීමට ඔහු මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තිබුණි.
ඔහුගේ අනාවැකියේ සාක්ෂි අතර පැරණි ගිවිසුමේ ඔහුගේ විස්තර සහ ඔහුගේ නම මෙසේ සඳහන් වේ.
"ඔබ අකුරු නොදන්න කෙනෙකුට එය දුන් විට, “මට කියවන්න දන්නේ නැහැ” කියා ඔහු කියයි." (146) (පරණ ගිවිසුම, යෙසායා 29:12).
දැනට පවතින පරණ තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව යන පොත් දෙකෙහි විකෘතිතා පැවතීම නිසා ඒවා අල්ලාහ්ගෙන් වන බව මුස්ලිම්වරු විශ්වාස නොකළත්, ඒ දෙකටම නිවැරදි මූලාශ්‍රයක් ඇති බව විශ්වාස කරති. ඒවා තව්රාත් (තෝරාව) සහ ඉන්ජීලය (ශුභාරංචිය). (එය අල්ලාහ් තම අනාගතවක්තෘවරුන් මෝසෙස් සහ යේසුස් තුමන්ලාට හෙළි කළ දෑ වේ.) එමනිසා, පැරණි ගිවිසුමේ සහ නව ගිවිසුමේ පොත්වල දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේ සොයාගත හැකිය. මුස්ලිම්වරු විශ්වාස කරන්නේ මෙම අනාවැකිය සත්‍ය නම් එය මුහම්මද් නබිතුමා ගැන කතා කර ඇති බවයි. එය සැබෑ තෝරාවෙහි නටබුන් වලින් එකකි.
මුහම්මද් නබි තුමා ඇරයුම් කළ පණිවිඩය නම් නිර්මල විශ්වාසයයි. එනම් (එක් දෙවියකු කෙරෙහි විශ්වාසය සහ නැමදුමෙහි ඔහු ඒකීයත්වයට පත් කිරීමයි.) එය ඔහුට පෙර සිටි සියලුම වක්තෘවරුන්ගේ පණිවිඩය වන අතර ඔහු එය සියලු මිනිසුන් වෙත ගෙන ආවේය. එය ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් පරිදිය:
"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියලු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු." (අල්-අඃරාෆ්: 158) (147) (අල් අඃරාෆ්:158)
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ක්‍රිස්තු තුමාව මහිමයට පත් කළ පරිදි මිහිපිට කිසිවෙකු එතුමාව මහිමයට පත් කර නැත.
දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) මෙසේ පැවසූහ. මම මෙලොවෙහි හා මතුලොවෙහි මුළු මිනිස් වර්ගයා අතරින් මරියතුමියගේ පුත් ඊසා (ජේසු)ට වඩාත් සමීප වෙමි. ඔවුන්: අල්ලාහ්ගේ දූතයාණනි, ඒ කෙසේ ද? යැයි විමසා සිටියෝය. එවිට එතුමා: නබිවරුන්ගේ මව්වරු විවිධ වුවු ද දේව විශ්වාසයේ ඔවුහු සහෝදරයෝ වෙති. ඔවුන්ගේ ආගම ද එකකි, අප අතර (ඊසා හා මා අතර) වෙනත් නබිවරයකු නොමැත.(148) (සහීහ් මුස්ලිම්)
මුහම්මද් නබි තුමාගේ නමට වඩා ( 4 වතාවක් වෙනුවට 25 වතාවක්) මෙසියස්, ජේසුස් තුමාගේ නම අල්-කුරානයේ සඳහන් වේ.
අල්-කුර්ආනයේ සඳහන් කරුණුවලට අනුව ලෝකයේ කාන්තාවන්ට වඩා ඊසා තුමාගේ මව වූ මරියා තුමිය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ලදී.
එලෙසම අල් කුර්ආනය තුළ නමින් සඳහන් කර ඇති එකම තැනැත්තිය මරියම් තුමියයි.
ආර්යාව මරිය තුමියගේ නමින් අල් කුර්ආනයේ සම්පූර්ණ සූරාවක්ම ඇත. (149) www.fatensabri.com 'කිතාබු අයිනින් අලල් හකීකා'. ෆාතින් සබ්රි.
මෙය එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සත්‍යතාවයට හොඳම සාක්ෂියකි. එතුමා බොරු වක්තෘවරයෙකු වී නම්, එතුමා තම භාර්යාවන්ගේ, මවගේ හෝ දියණියන්ගේ නම් සඳහන් කරනු ඇත. එතුමා බොරු වක්තෘවරයෙකු වී නම් ඔහු ජේසුස් ක්‍රිස්තුස් තුමාව මහිමයට පත් කිරීමට හෝ එතුමා කෙරෙහි විශ්වාසය මුස්ලිම්වරුන්ගේ විශ්වාසයේ මූලික අංගයක් බවට හෝ පත් නොකරනු ඇත.
මුහම්මද් නබිතුමා සහ වර්තමාන ඕනෑම දේවගැතිවරයෙකු අතර සරල සංසන්දනයක් කිරීමෙන් එතුමාගේ අවංකභාවය අපට වැටහෙනු ඇත. එතුමා මුදල්, කීර්තිය හෝ ඕනෑම පූජක තනතුරක් සම්බන්ධයෙන් ඔහුට ලබා දුන් සියලු වරප්‍රසාද ප්‍රතික්ෂේප කළේය, එබැවින් එතුමා දේවත්වය විශ්වාස කරන්නන්ගේ පාපකම්වලට පාපොච්චාරණය කිරීමට හෝ සමාව දීමට හෝ කැමති නොවීය. ඒ වෙනුවට, එතුමා තම අනුගාමිකයන්ට කෙළින්ම මැවුම්කරු වෙත හැරෙන ලෙස අණ කළේය.
එතුමාගේ වක්තෘ භාවය නිරූපණය කිරීමේ දී ලොකුම සාධකයක් නම් එතුමාගේ ඇරයුම පැතිරීම, මිනිසුන් එය පිළිගැනීම සහ අල්ලාහ් එතුමාට සාර්ථකත්වය වෙත ආශිර්වාද කර තිබීමයි. මිනිස් ඉතිහාසයේ ව්‍යාජ අනාවැකි කියන්නෙකුට අල්ලාහ් කිසි විටෙකත් සාර්ථකත්වය නියම කර නැත.
ඉංග්‍රීසි දාර්ශනික තෝමස් කාලයිල් (1881-1795) මෙසේ පැවසීය: “මෙම යුගයේ ඕනෑම ශිෂ්ට සම්පන්න පුද්ගලයෙක් ඉස්ලාම් ආගම බොරුවක්, මුහම්මද් තුමා රැවටිලිකාරයෙක් යනාදී තමා සිතන දේට සවන් දීම මහත් ලැජ්ජාවකි. එවැනි විකාර සහ ලැජ්ජා සහගත කියමන් පැතිර යාමට එරෙහිව අපි අරගල කළ යුතු වේ. මක්නිසාද යත්, එම දූතයා ලබා දුන් පණිවිඩය, අපව මැවූ දෙවියන් විසින් මවන ලද අප වැනි මිලියන දෙසීයක් පමණ මිනිසුන්ට සියවස් දොළහක් පුරා දීප්තිමත් පහනක් විය. අනික බොරු මිනිහෙක් ආගමක් නිර්මාණය කොට එය පතුරවා හැරීමේ හැකියාව සහෝදර ඔබ දැක තිබේ ද? දෙවියන් මත දිවුරා පවසමි. එය පුදුමයකි. ව්‍යාජ මිනිසෙකුට ගඩොල් ගෙයක්වත් සෑදිය නොහැක. හුණු, සිමෙන්ති, වැලි සහ ඒ හා සමාන ගුණාංග ගැන ඔහු නොදන්නේ නම්, ඔහු නිවසක් ගොඩනඟන්නේ කෙසේ ද? ඒ වෙනුවට එය සුන්බුන් කන්දක් සහ ද්‍රව්‍ය මිශ්‍ර කඳුවැටියක් පමණක් වනු ඇත. ඔව්, ආත්ම මිලියන දෙසීයක් වාසය කිරීමට සියවස් දොළහක් එහි කුළුණු මත රැඳී සිටීම වටින්නේ නැත. නමුත් එහි කුළුණු කඩා වැටීමට එය සුදුසු ය. පසුව එය කිසි විටෙකත් නොතිබූ ලෙස විනාශ වේ."[150]. කිතාබ් 'අල් අබ්තාල්'
මුහම්මද් නබි තුමා ජෙරුසලමට ළඟා වී ස්වර්ගයට ගොස් එදිනම රාත්‍රියේ ආපසු පැමිණියේ කෙසේද?
මානව තාක්ෂණය එකම මොහොතේ ලෝකයේ සෑම ප්රදේශයකටම මිනිස් කටහඬ සහ රූප ලබා දී ඇත. එසේනම් මීට වසර 1400කට පෙර මනුෂ්‍ය වර්ගයාගේ මැවුම්කරුට ආත්මයෙන් සහ ශරීරයෙන් තම නබිතුමා ඉහළට ඔසවා ගත නොහැකි වේ ද?[151]? නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්-බුරාක් නම් ජීවියාගේ පිට මත නැග ගමන් ගත්තේය. අල්-බුරාක් යනු: බූරුවෙකුට වඩා උස කොටළුවෙකුට වඩා කුඩා සුදු වර්ණ ජීවියෙකි. උගේ කුර උගේ පා කෙළවරවල තබා ඇත, එයට සෑදලයක් සහ පහනක් ඇත. නබිවරු ඒ මත ගමන් කර ඇත. (බුහාරි සහ මුස්ලිම්).
අපගේ ප්රත්යක්ෂයට වඩා උසස්, අප දන්නා සියලු නීතිවලට වඩා වෙනස් වූ දිව්‍ය බලයේ සහ කැමැත්තේ චතුරභාවයට අනුකූලව ඉස්රා සහ මිරාජ්ගේ ගමන සිදු විය. ඒවා ලෝ හිමිපාණන්ගේ බලයේ සලකුණු සහ සාක්ෂි වේ. ඔහු මෙම නීති පනවා ස්ථාපිත කළේය.
මුහම්මද් නබි තුමා අයිෂා තුමියව කුඩා වියේදී විවාහ කරගත්තේ ඇයි?
සහීහ් අල්-බුහාරි (නබි වදන් අතර වඩාත්ම විශ්වාසදායක පොත) හි දූතයා කෙරෙහි ඇති ආඉෂා තුමියගේ දැඩි ආදරය ගැන කථා කරනු අපට හමු වේ. ඇය කිසි විටෙකත් මෙම විවාහය ගැන පැමිණිලි නොකළ බව අපට පෙනී යයි.
පුදුමය නම්, එකල දූතයාගේ සතුරෝ මුහම්මද් නබි තුමාට දරුණුම චෝදනා එල්ල කළ අතර එතුමා කවියෙකු හා පිස්සෙකු බව පවසා සිටියෝය. කිසිවෙකු මෙම කතාවට එතුමාව විවේචනය කළේ නැත. වර්තමානයේ ඇතැම් ද්වේශ සහගත පුද්ගලයින් හැර වෙනත් කිසිවෙකු ඒ ගැන සඳහන් කර නැත. රජවරුන් ලාබාල වියේදී විවාහ වූ බව ඉතිහාසයේ සඳහන් වන බැවින් මේ කතාව එක්කෝ එකල මිනිසුන් අතර තිබූ සාමාන්‍ය කටයුතුවලින් එකක් විය හැක. කිතුනු විශ්වාසයට අනුව මරිය තුමිය ජේසු තුමාව ගැබ් ගැනීමට පෙර විවාහ ගිවිසගත් අවස්වථාවේ ඇය නව වැනි වියේ පසුවූවාය. ආඉෂා තුමිය දූතයාණන් සමග විවාහ ගිවිස ගත් වයස ද එයට ආසන්න විය. එසේත් නැතහොත් එය වයස අවුරුදු අටේදී විවාහ වූ එකොළොස්වන සියවසේ එංගලන්තයේ ඉසබෙලා රැජිනගේ සහ වෙනත් අයගේ සිද්ධියට සමානය.[152]. ඇත්තෙන්ම නබිතුමාගේ විවාහයේ සිද්ධිය ඔවුන් සිතූ ආකාරයට සිදු නොවීය. http://muslimvilla.smfforfree.com/index.php...https://liguopedia.wordpress.com/.../19/agnes-de-france/...
බනු කුරයිළා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම අමානුෂික ලෙස සලකනු ලබන්නේ නැද්ද?
බනූ කුරෙයිළා යුදෙව්වන් ගිවිසුම කඩ කළ අතර, මුස්ලිම්වරුන් තුරන් කිරීම සඳහා බහුදේවවාදීන් සමඟ සන්ධානගත වූවෝය. ඒ අනුව ඔවුන් ඝාතනය කිරීමට ඔවුන්ගේ කුමන්ත්‍රණයම හැරුණේය. එය ඔවුන්ගේ පිළිවෙතහි අඩංගු රාජද්‍රෝහීත්වය සහ ගිවිසුම් කඩකිරීම් සඳහා මරණ දඬුවම ඔවුනට මුළුමණින්ම අදාළ වූ තැනකය. දේව දූතයා ඔවුන්ගේ කටයුතුවල පාලනය කරන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීමට ඔවුනට ඉඩ දුන් පසු, -ඔහු දූතයාගේ සහගාමීන් අතරින් කෙනෙකි- ඔහු ඔවුන්ගේ නීතියේ අඩංගු සම ප්‍රතිචාර දැක්වීමේ (මරණ දඬුවමේ) නීතිය ඔවුන් වෙත ක්‍රියාත්මක කළේය.[153]. "තාරීකුල් ඉස්ලාම්" (2/307-318)
අද එක්සත් ජාතීන්ගේ නීති මගින් ද්‍රෝහීන්ට සහ ගිවිසුම කඩ කරන්නන් හට දෙන දඬුවම කුමක්ද? ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා මරා දමා ඔබේ මුදල් කොල්ලකෑමට කණ්ඩායමක් නැඹුරු වී ඇතැයි සිතන්න? ඔබ ඔවුනට සිදු කරන්නේ කුමක් ද? බනූ කුරෙයිළා යුදෙව්වන් ගිවිසුම කඩ කර, මුස්ලිම්වරුන් තුරන් කිරීම සඳහා බහුදේවවාදීන් සමඟ සන්ධානගත විය. එසේ නම්, එම අවස්ථාවේදී මුස්ලිම්වරුන් තම ආරක්ෂාව සඳහා කුමක් කළ යුතු ද? තර්කයේ සරල අර්ථයෙන්, ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරු ඔවුන් සමග එසේ කටයුතු කළේ තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා වන අයිතියයි.
දහම තුළ කිසිදු බල කිරීමක් නැත. එසේ නම් අල්ලාහ්ව විශ්වාස නොකරන අය මරා දමන ලෙස ඔහු පවසනුයේ ඇයි?
පළමු පාඨය: "දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය..." (අල්-බකරා: 256) (154) මෙය ශ්‍රේෂ්ඨ ඉස්ලාමීය මූලධර්මයක් සහතික කරයි. එනම් ආගම මත බල කිරීම තහනම් බවය. එසේම දෙවන පාඨයේ: "දේව ග්රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්‍ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු." (අත්-තව්බා: 29) (155) එහි මාතෘකාව විශේෂිත වූවකි. අල්ලාහ්ගේ මාර්ගයට බාධා කරන්නන් හා අන් අය ඉස්ලාමයේ ඇරයුම පිළිගැනීම වළක්වන්නන් සමග සම්බන්ධ වෙයි. එබැවින් වාක්‍ය දෙක අතර සැබෑ පරස්පරතාවයක් නොමැත. (අල් බකරා: 256) (අත්-තව්බා: 29)
ඉස්ලාමය අත්හළවුන් මරා දමනු ලබනුයේ ඇයි?
දේවත්වය විශ්වාස කිරීම යනු ගැත්තෙකු සහ ඔහුගේ ස්වාමියා අතර ඇති සම්බන්ධයකි. ඔහු එය කපා හරින්නේ කවදා ද එවිට ඔහුගේ කරුණ අල්ලාහ් වෙත යොමු කෙරේ. නමුත් ඔහුට එය විවෘතව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විටෙක එය ඉස්ලාමයට එරෙහිව කටයුතු කිරීමට, එහි ප්‍රතිරූපය විකෘති කිරීමට සහ එය පාවා දීමට අවශ්‍ය වූ විටෙක, මිනිසා විසින් තබන ලද යුද්ධ නීතිවල එක් ප්රත්යක්ෂයක් වන්නේ එවැන්නෙකු මරා දැමීම අත් හළ නොහැකි වීමය. මෙය කිසිවෙකු විරුද්ධ වන කරුණක් නොවන්නේය.
ආගම (දේව විශ්වාසය) අත්හැර දැමීමේ සීමාව පිළිබඳ සැකය ස්ථාපිත කිරීමේ ගැටලුවට මුල, සියලු ආගම්වල වලංගු භාවය පිළිබඳ සැකයේ පසුවන්නන්ගේ කුතුහලයයි. මැවුම්කරු කෙරෙහි ඇති විශ්වාසය, ඔහුට පමණක් නමස්කාර කිරීම, සෑම අඩුපාඩුවකින්ම ඔහුව දුරස් කිරීම යනාදිය පිළිබඳ අවධානය යොමු කරමින් ඊට සමානව ඔහුගේ පැවැත්ම පිළිබඳ අවිශ්වාසය හෝ ඔහු මනුෂ්‍යයෙකුගේ හෝ ගලක ස්වරූපයෙන් නිරූපණය වීම හෝ ඔහුට පුතෙකු සිටින බවට ඇති විශ්වාසය දැරීමය. අල්ලාහ් ඊට වඩා බොහෝ ඉහළින් සිටියි. මේ මිත්‍යාවට හේතුව විශ්වාසයේ සාපේක්ෂතාවාදයයි. එනම් සියලුම ආගම් නිවැරදි විය හැකි බව විශ්වාස කිරීම. තර්ක ශාස්ත්රයේ හෝඩිය දන්නා අයට මෙය නිවැරදි නොවේ. දේව විශ්වාසය අදේවවාදයට හා අවිශ්වාසයට පටහැනි බව ස්වයංව පැහැදිලි වනු ඇත. මේ හේතුව නිසා, සත්‍යයේ සාපේක්ෂතාව ගැන පැවසීම නොසැලකිලිමත්කම සහ තාර්කික මෝඩකම බව මනා ප්‍රතිපත්තියක් ඇති අයකු වටහා ගනී. ඒ අනුව එකිනෙකට පරස්පර විශ්වාස දෙකක් එකට නිවැරදි යැයි සැලකීම නිවැරදි නොවේ.
මේ සියල්ල තිබියදීත්, තමන් මැනවින් දැන දැනත් සත්‍යයේ ආගමේ විශ්වාසය අත්හළ අය තම ප්රතික්ෂේපය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළහොත් විශ්වාසය අත්හැරීමේ දණ්ඩනයට කිසිසේත් ඔහු නොවැටෙනු ඇත. නමුත්, ඔවුන්ට මාර්ගය විවෘත කරන ලෙස මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා, වගවීමකින් තොරව අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට අවමන් සහගත ප්‍රකාශ පතුරුවා හැර, අන් අයව ද අවිශ්වාසයට සහ අකීකරුකමට පොළඹවයි නම් එවිට සලකා බලනු ලැබේ. නිදසුනක් වශයෙන් මහපොළොවේ වෙසෙන ඕනෑම රජෙකු තම පාලන දේශය තුළ තමන් පිළිනොගන්නා දෑ සිදුවන්නාක් මෙනි. එනම් ඔහුගේ ප්‍රජාවෙන් කෙනෙකු රජුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම හෝ ඔහුට හෝ ඔහුගේ පිරිවර අතරින් කෙනෙකුට අවමන් කිරීම හෝ පාලන බලය වැනි ඔහුගේ තනතුරට නොගැලපෙන දෑ ඔහුගේ පිරිවරින් කිසිවකු ආරෝපණය කිරීමය. එසේ නම්, රජවරුන්ගේ රජු, සියල්ලේ මැවුම්කරු සහ පාලකගේ තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද?
මුස්ලිම් කෙනෙක් කුෆ්ර් (දෙවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවක්) කළහොත් ඔහු විෂයයෙහි දණ්ඩ නීතිය ඍජුවම ක්‍රිරියාත්මක කරනු ලබන බව සමහරු සිතති. නිවැරැදි අදහස වනුයේ: නොදැනුවත්කම, ව්‍යාකූලත්වය, බලහත්කාරය සහ දෝෂය වැනි මූලික වශයෙන් කාෆීර් (දේව ප්රතික්ෂේපකයකු) වීම වැළැක්විය හැකි නිදහසට කරුණු ඇති බවයි. මේ හේතුව නිසා, බොහෝ දැනුමැති පුද්ගලයින් අවධාරණය කළේ, සත්‍යය දැනගැනීමේදී ව්‍යාකූලත්වයට පත්වීමේ හැකියාව ඇති නිසා විශ්වාසය අත්හළ තැනැත්තා පසුතැවිලි වී පාපක්ෂමාව ඉල්ලා සිටිය යුතු බවත්, විශ්වාසය අත්හළ විරුද්ධවාදී සටන්කාමී ද්‍රෝහියා පාපක්ෂමාව ඉල්ලා සිටීමෙන් ව්‍යතිරේක වන බවත්ය. [156]. "අල්-මුග්නී" හි ඉබ්නු කුද්දාමා
මුස්ලිම්වරු කුහකයන්ට පවා සැලකුවේ මුස්ලිම් ජාතිකයකුට සලකන අයුරින්මය. මුස්ලිම්වරුන්ගේ සියලුම අයිතීන් ඔවුන්ට ද සතු විය. ඒ අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන් ගැන දැන සිටි අතර සහගාමියෙකු වන හුදයිෆා තුමාට ඔවුන්ගේ නම් දන්වා සිටියහ. කෙසේ වෙතත්, කුහකයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය විවෘතව ප්‍රකාශ කළේ නැත.
ජේසු ක්‍රිස්තුස් තුමා තම සතුරන් සමඟ සටන් කළේ නැත, එසේ නම් මුහම්මද් නබි තුමා සටන්කරුවෙකු වූයේ ඇයි?
නබි මූසා (මෝසෙස්) සටන්කාමියෙකු වූ අතර දාවුද් (ඩේවිඩ්) ද සටන්කාමියෙකු විය. මෝසෙස් සහ මුහම්මද් (ඔවුන් සියලු දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා!) දේශපාලන හා ලෞකික කටයුතුවල පාලනය භාර ගත් අතර, ඔවුන් සෑම කෙනෙකුම මිථ්‍යාදෘෂ්ටික සමාජයෙන් නික්ම ගියේය. ඒ අනුව මූසා (මෝසෙස්) තම ජනතාව සමඟ ඊජිප්තුවෙන් නික්ම ගිය අතර, මුහම්මද් තුමාගේ නික්ම යෑම යාත්රිබ් වෙත විය. ඊට පෙර ඔහුගේ අනුගාමිකයින් අබිසීනියාවට සංක්‍රමණය වූවෝය. ඊට හේතුව ඔවුන් තම ආගම සමඟ පලා ගිය රටේ දේශපාලන හා හමුදා බලපෑමෙන් ගැලවීම සඳහා ය. ජේස් ක්‍රිස්තු තුමාගේ කැඳවුමේ වෙනසෙහි ස්වභාවය නම්, එය මිථ්‍යාදෘෂ්ටික නොවන අයට, එනම් යුදෙව්වන්ට විය. (එය මූසා සහ මුහම්මද්ට වඩා වෙනස් වූ පසුබිමකි. හේතුව ඔවුන්ගේ පරිසරය එනම් ඊජිප්තුව සහ අරාබි රටවල් මිථ්‍යාදෘෂ්ටිකයන් වූ බැවිනි), ඒ සමග වූ තත්වයන් වඩාත් දුෂ්කර හා වඩා අසීරු විය. මූසා (මෝසෙස්) සහ මුහම්මද් තුමාණන්ගේ කැඳවීම තුළින් අවශ්‍ය වූ වෙනෙස රැඩිකල් සහ විස්තීර්ණ වෙනසකි. එය මිථ්‍යාදෘෂ්ටිකවාදයේ සිට ඒකදේවවාදය දක්වා අති මහත් පිම්මකි.
මුහම්මද් නබිතුමාගේ කාලයේ සිදු වූ යුද්ධවලට ගොදුරු වූ සංඛ්‍යාව දහසකට වඩා වැඩි නොවීය. එය මිනිසුන්ගේ ආත්මාරක්ෂාව සහ ආක්රමණවලට ප්‍රතිචාර දැක්වීමක් හෝ ආගම සඳහා ආරක්ෂාවක් ලෙසින් විය. ආගමේ නාමයෙන් කරන ලද යුද්ධ නිසා සිදු වූ වින්දිතයන් සංඛ්‍යාව වෙනත් ආගම්වල අපට හමු වුව ද එය මිලියන ගණනකි.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව, මක්කම ජයග්‍රහණය ලබා සර්ව බලධාරී අල්ලාහ් ඔහුට බලය දුන් දිනයේ "අද දයාවේ දිනයයි" යැයි එතුමා කළ ප්රකාශයෙන්ම පැහැදිලි විය. තවද එතුමා මුස්ලිම්වරුන්ට හානියක් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ස්ථාවරයක කුරෙයිෂ්වරුන්ට පොදු සමාවක් නිකුත් කළේය. එතුමා අපයෝජනය කරුණාවෙන් ද හිංසාවට යහපත් සැලකිල්ලෙන් ද මුහුණ දුන්නේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද යහපත හා අයහපත සමාන නොවෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත." (ෆුස්සිලත්: 34) (157) (ෆුස්සිලත්: 34)
'මුත්තකීන්' හෙවත් දේව හැඟීමෙන් කටයුතු කරන්නන්ගේ ගුණාංග පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්‍රිය කරන්නේය." (ආලු ඉම්රාන්: 134) (158) (ආලු ඉම්රාන්: 134)
සැබෑ ආගම ප්‍රචාරය කිරීම:
ජිහාද් යනු කුමක්ද?
ජිහාද් (අරගලය) යනුවෙන් අදහස් කරනුයේ පාපකම්වලින් වැළකීමේ දී තම ආත්මය කැප කිරීමය. ගැබ්ගැනීමේ වේදනාව විඳ දරා ගනිමින් මවගේ ගර්භණී අරගලය, අධ්‍යයන කටයුතුවල දී ශිෂ්‍යාගේ අරගලය, තම ධනය, ආත්ම ගරුත්වය හා තම දහම ආරක්ෂා කරන්නාගේ අරගලය, නිරාහාරව උපවාසයේ නිරත වීම සහ නියමිත වේලාවට යාඥා කිරීම වැනි නැමදුම් ක්‍රියාවන්හි නොසැලී සිටීම පවා ජිහාඩ් (අරගල) වර්ගයක් ලෙස සැලකේ.
'ජිහාද්' යන්නෙහි අරුත අහිංසක සහ සාමකාමී මුස්ලිම් නොවන මිනිසුන් ඝාතනය කිරීම යන්නෙන් ඇතැමුන් තේරුම් ගෙන ඇති ආකාරයෙන් නොවන බව අපට පෙනී යයි.
ඉස්ලාමය ජීවිත අගය කරයි. එබැවින් සාමකාමී මිනිසුන්ට සහ සිවිල් වැසියන්ට එරෙහිව සටන් කිරීමට අවසර නැත. යුද්ධයේදී පවා දේපළ, ළමයින් සහ කාන්තාවන් ආරක්ෂා කළ යුතු සේම, මියගිය අයව විකෘති කිරීමට හෝ විරූපී කිරීමට හෝ අවසර නැත. එය ඉස්ලාමයේ සදාචාරය නොවේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.” (8) "නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මුම්තහිනා: 8,9) (159) (අල්-මුම්තහිනා: 8,9)
"ඒ හේතුවෙන් සැබැවින්ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය.තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියෝය. අනතුරු ව ඔවුන් අතුරින් බොහෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ." (අල්-මාඉදා: 32) (160) (අල් මාඉදා: 32)
මුස්ලිම් නොවන අය වර්ග හතරෙන් එකකට අයත් වේ:
'මුස්තඃමින්' හෙවත් රැකවරණය පතන්නා: ඔහු ආරක්ෂාව පිරිනමනු ලබන තැනැත්තාය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි." (අත්-තව්බා: 6) (161) (අත්-තව්බා: 6)
'මුආහද්' හෙවත් ගිවිසගත් තැනැත්තා: එනම් මුස්ලිම්වරුන් ඔහු සමඟ සටන් කිරීම අත්හරින බවට පොරොන්දු දෙනු ලැබූ තැනැත්තා.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔවුන් ගිවිසගත් පසු, ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහමෙහි ඔවුන් නිග්‍රහ කළේ නම්, එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොමැත. (එය) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිසය." (අත්-තව්බා: 12) (162) (අත්-තව්බා: 12)
දිම්මි: දිම්මා යනු ගිවිසුමකි. දිම්මි වාසීන් යනු බදු ගෙවීමට, නියමිත කොන්දේසි මත ඔවුන්ගේ ආගමේ රැඳී සිටීමට සහ ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව සැපයීමට මුස්ලිම්වරුන් සමඟ ගිවිසුම් ඇති කරගත් මුස්ලිම් නොවන උදවියයි. එය ඔවුන්ගේ හැකියාව අනුව ගෙවනු ලබන සුළු මුදල් ප්රමාණයකි. එය අය කරනු ලබනුයේ හැකියාව ඇති උදවියගෙන් පමණි. එනම් කාන්තාවන්, ළමයින් සහ බුද්ධි හීනයන්ගෙන් නොව සටන් කිරීමට ශක්තිය ඇති නිදහස් වැඩිහිටි පිරිමින්ගෙනි. 'සාගිරූන්' පහත් වූවන් යනු දේව නීතියට යටහත් පහත් වූවෝ වෙති. අද මිලියන ගණනක් ගෙවන බද්දට සියලුම පුද්ගලයින් ඇතුළත් වන අතර විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් ඔවුන්ගේ කටයුතු රජය විසින් රැකබලා ගැනීම සඳහා ඔවුහු මෙම ධනාත්මක නීතියට යටත් වෙති.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"දේව ග්රන්ථ දෙනු ලැබූවන් අතරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන; අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන; සත්‍ය දහමට දහම් ගත නොවන අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ජිසියා) බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු." (අත්-තව්බා: 29) (163) (අත්-තව්බා: 29)
'මහාරිබ්' හෙවත් යුද්ධ ප්‍රකාශ කරන්නා: ඔහු මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් ප්‍රකාශ කළ තැනැත්තාය. මෙම පුද්ගලයාට ගිවිසුමක්, වගවීමක් හෝ ආරක්ෂාවක් හෝ නැත. ඔවුන් ගැන සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි:
"අර්බුදයක් නොපවතින තෙක්, එමෙන්ම දහම මුළුමනින්ම අල්ලාහ් සතු වන තෙක් නුඹලා ඔවුන් සමග සටන් කරනු. නමුත් ඔවුන් වැළකුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සුපරික්ෂාකාරීය." (අල්-අන්ෆාල්: 39) (164) (අල්-අන්ෆාල්: 39)
යුද්ධ ප්‍රකාශ කරන කණ්ඩායම සමග සටන් කිරීම පමණක් අප වෙත පැවරී ඇති අතර ඔවුන් මරා දමන්නට අල්ලාහ් නියෝග කළේ නැත. සටන් කිරීම හා මරා දැමීම අතර විශාල වෙනසක් ඇත. මෙහි සටන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ යුද්ධයේ දී සටන් වදින සටන්කරුවා අතර සහ ආත්මාරක්ෂාව සඳහා සටන් කරන සටන්කරුවෙකු අතර පවතින ගැටුමයි. මෙය මිනිසා විසින් සාදන ලද සියලුම නීතිවල නියම කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරන්නේය." (අල්-බකරා: 190) (165) (අල්-බකරා: 190)
මුස්ලිම් නොවන ඒකදේවවාදීන්ගෙන් අපට නිතර අසන්නට ලැබෙන්නේ අල්ලාහ් හැර දෙවි කෙනෙක් නැතැයි කියන ආගමක් මිහිමත පවතින බව ඔවුන් විශ්වාස නොකළ බවයි. එමෙන්ම මුස්ලිම්වරුන් මුහම්මද්ට නමස්කාර කරන බවත්, ක්‍රිස්තියානීන් ක්‍රිස්තුන් වහන්සේට නමස්කාර කරන බවත්, බෞද්ධයන් බුදුන් අදහන බවත්, පෘථිවියේ ඔවුන් සොයා ගන්නා ආගම් ඔවුන්ගේ හදවතේ ඇති දේට නොගැලපෙන බවත් ඔවුන් විශ්වාස කළෝය.
බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ඉස්ලාමීය ජයග්‍රහණවල වැදගත්කම මෙහිදී අපට පෙනේ. අන්‍යයන්ගේ පූජනීයත්වයට ගරු කිරීම, තම ආගමේ රැඳී සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සහ රැකවරණය සැපයීම, රාජ්‍යයට තම යුතුකම් ඉටු කිරීම සහ ආගම තුළ බලහත්කාරයෙන් තොරව සීමා තුළ පමණක් ඒකදේවවාදයේ පණිවිඩය ලබාදීම එහි අරමුණයි. ඊජිප්තුව,ඇන්ඩලූසියාව සහ තවත් බොහෝ රටවල් ජයග්‍රහණය ලැබීමේ දී සිදු වූයේ ද මෙයයි.
ඉස්ලාම් සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට ඉඩ දී ඒ සඳහා ප්‍රතිඵල වශයෙන් ස්වර්ගයේ කන්‍යාවියන් පිරිනමනු ලබනවා ද?
ජීවිතය දුන් තැනැත්තා ජීවිතය දෙනු ලැබූ තැනැත්තාට එය විනාශ කර ගන්නා මෙන් නියෝග කර තිබීමත් අහිංසක මිනිසුන්ගේ ජීවිත වරදක් නොමැතිව විනාශ කිරීමත් තර්කානුකූල නොවන්නකි. ඔහු මෙසේ පවසයි. "...තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු..." (අන්-නිසා: 29) (166) කිසාස් නොහොත් සම ප්‍රතිචාර දැක්වීම, සතුරන්ගෙන් ආරක්ෂාවීම වැනි සාධාරණනීය හේතුවක් මත මිස ආත්ම ඝාතනය තහනම් කළ වෙනත් පාඨ ද සඳහන් වී ඇත. ආගම හෝ එහි අරමුණුවලට කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායම්වල අවශ්‍යතා ඉටු කිරීම සඳහා ජීවිතය හානි කර ගැනීම හෝ මරණය ළඟා කර ගැනීම හෝ නොවිය යුතුය. එමෙන්ම එය මෙම උතුම් දහමේ කරුණා බවින් හා සදාචාරයෙන් එය ඉවත් වූවකි. ස්වර්ගයේ කන්‍යාවියන් ලබා ගැනීමේ පටු දැක්ම මත පමණක් පදනම් නොවිය යුතුය. ස්වර්ගය යනු එහි කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් නො ඇසූ, මිනිස් හදවතකට පරිකල්පනය කළ නොහැකි උයනකි. (අන්-නිසා: 29)
අද තරුණ තරුණියන් ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳීම සහ විවාහ වීමට උපකාර වන භෞතිකමය කරුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම නින්දිත ක්‍රියාවන්ට ප්‍රවර්ධනය කරන අයට, විශේෂයෙන් ඇබ්බැහි වූ සහ මානසික ආබාධවලින් පෙළෙන අයට ඔවුන් පහසුවෙන් ගොදුරු වේ. එමෙන්ම ප්‍රවර්ධකයින් ඒ අදහස විශ්වාස කළා නම්, තරුණයන් මේ කාර්යයට යවන්නට පෙර තමන්ගෙන්ම එය ආරම්භ කිරීම වඩාත් සුදුසුය.
ඉස්ලාමය කඩුවෙන් පැතිරුණේ ද?
කඩුව යන වචනය ශුද්ධ වූ අල් කුර්ආනයේ එක් වරක් හෝ සඳහන් වී නැත. ඉස්ලාම් ඉතිහාසය යුද්ධ නොදුටු ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය වැනි රටවල් අද වන විට ඒවාහෙයහි බහුල ලෙස මුස්ලිම්වරු වාසය කරති. ඊට සාක්ෂි වන්නේ මුස්ලිම්වරුන් ජය ලබා ගත් රටවල අද දක්වා කිතුනු භක්තිකයින්, හින්දු භක්තිකයන් සහ වෙනත් අය සිටීමයි. මුස්ලිම් නොවන අය විසින් යටත් විජිත කරන ලද රටවල මුස්ලිම්වරුන් සිටින්නේ ස්වල්පයක් පමණි. කුරුස යුද්ධ සහ අනෙකුත් සංහාරයන් මෙන් ඒවා ජන සංහාරයේ යුද්ධ වූ අතර ඔවුන්ගේ විශ්වාසය වැලඳ ගැනීමට සමීපයෙන් හා දුරින් සිටින සියල්ලන්ට බල කළේය.
ජිනීවා විශ්ව විද්‍යාලයේ අධ්යක්ෂ Edouard Montet දේශනයකදී මෙසේ පැවසීය: "ඉස්ලාමය යනු සංවිධානාත්මක මධ්‍යස්ථාන වලින් කිසිදු දිරිගැන්වීමකින් තොරව තනිවම පැතිරෙන වේගයෙන් ව්‍යාප්තවන ආගමකි. මන්ද සෑම මුස්ලිම්වරයෙකුම ස්වභාවයෙන්ම මිෂනාරි වේ. මුස්ලිම්වරයකුට ශක්තිමත් විශ්වාසයක් ඇති අතර ඔහුගේ විශ්වාසයේ තීව්‍රතාවය ඔහුගේ හදවත සහ මනස අල්ලා ගනී. මෙය වෙනත් කිසිම ආගමකට නැති වෙනසකි. මේ හේතුව නිසා විශ්වාසය ගිලගත් මුස්ලිම්වරයෙකු ඔහු යන යන තැන සහ කොහේ ගියත් ඔහුගේ ආගම දේශනා කරන අතර, ඔහු සමඟ සම්බන්ධ වන සියලුම මිථ්‍යාදෘෂ්ටිකයින්ට දැඩි විශ්වාසයේ ආසාදනය සම්ප්‍රේෂණය කරන බව ඔබ දකිනු ඇත. විශ්වාසයට අමතරව, ඉස්ලාම් සමාජයට සහ ආර්ථික තත්ත්වයන් අනුකූල වේ. පරිසරයට අනුව හැඩගැසීමට සහ මෙම ශක්තිමත් ආගමට අවශ්‍ය දේ අනුව පරිසරය හැඩගස්වා ගැනීමට එයට අමුතු හැකියාවක් ඇත.” [167] 'අල්-හදීකා' විචක්ෂණ සාහිත්‍යයේ සහ වාචික ප්‍රඥාවේ එකතුව. සුලෙයිමාන් බින් සාලිහ් අල්-ඛරාෂි.
ඉස්ලාමයේ දෘෂ්ටිවාදය:
ඉස්ලාමයේ සාන්තුවරයන් සහ ධර්මිෂ්ඨයන් සිටීද? මුස්ලිම්වරයා මුහම්මද් නබිතුමාගේ සහචරයන් සුවිශුද්ධ කරයිද?
මුස්ලිම්වරයෙකු ධර්මිෂ්ඨයන්ගේ සහ දූතයාණන්ගේ සහගාමීන්ගේ මාර්ගයට අනුකූලව ගමන් කරයි; ඔවුන්ට ආදරය කරයි; ඔවුන් මෙන් දැහැමි වීමට උත්සාහ කරයි; ඔවුන් කළාක් මෙන් අල්ලාහ්ට පමණක් නමස්කාර කරයි. නමුත් ඔවුන්ව සුවිශුද්ධ නොකරයි. ඔහු සහ දෙවියන් අතර මැදිහත්කරුවෙකු පත් නොකරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...අල්ලාහ් ගෙන් තොර ව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය..." (ආලු ඉම්රාන්: 64) (168) (ආලු ඉම්රාන්: 64)
ෂියා සහ සුන්නි අතර වෙනස කුමක් ද?
මුහම්මද් සුන්නි භක්තිකයෙකු හෝ ෂියා භක්තිකයෙකු හෝ නොවීය. නමුත් ඔහු ශුද්ධ මුස්ලිම්වරයෙකු විය. එමෙන්ම ජේසු තුමා කතෝලිකයෙකු හෝ වෙනත් කිසිවෙකු නොවීය. ඔවුන් දෙදෙනාම මැදිහත්කරුවෙකු නොමැතිව දෙවියන් නමස්කාර කළ දේව ගැතියෝ වෙති. ජේසු ක්‍රිස්තු තුමා තමාට නමස්කාර කළේ නැත. තම මවට නමස්කාර කළේ ද නැත. මුහම්මද් තුමා ද තමාට හෝ තම දියණියට හෝ තම බෑණාට හෝ නමස්කාර කළේ නැත.
දේශපාලන ගැටලු හෝ නිවැරදි ආගමෙන් බැහැරවීම හෝ එවන් වෙනත් හේතූන් මත බොහෝ නිකායන් බිහි විය හැක. නමුත් නිවැරදි, පැහැදිලි සහ සරල ආගම සමඟ කිසිදු සම්බන්ධයක් එයට නැත. සෑම අවස්ථාවකදීම, "සුන්නා" යන වචනයෙන් අදහස් කරන්නේ දූතයාගේ ක්‍රමවේදය උපරිමයෙන් අනුගමනය කිරීමයි. "ෂියා" යන වචනයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය මුස්ලිම්වරුන් අනුගමනය කරන මාර්ගයෙන් වෙන්ව ගිය පිරිසක් යන්නයි. එබැවින් සුන්නිවරුන් යනු දූතයාගේ ක්‍රමවේදය අනුගමනය කරන අය වන අතර ඔවුන් සාමාන්‍යයෙන් නිවැරදි ප්‍රවේශය අනුගමනය කරන අය වෙති. ෂියාවරු ඉස්ලාමයට නිවැරදි ප්‍රවේශයෙන් බැහැර වූ නිකායකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
ඉස්ලාමයේ ඉමාම් (ආගමික ප්‍රධානියා) ක්‍රිස්තියානි ආගමේ පූජකයෙක් මෙන් ද?
ඉමාම් යන වචනයෙන් අදහස් වන්නේ සලාත් නැමදුමෙහි තම ජනතාවට පෙරමුණ ගන්නා හෝ ඔවුන්ගේ කටයුතු පිළිබඳ අවධානය යොමු කරන ඔවුන්ව මෙහෙයවන නායකත්වයයි. එය නිශ්චිත පුද්ගලයන්ට සීමා වූ ආගමික තරාතිරමක් නොවේ. ඉස්ලාමයේ පංතියක් හෝ පූජකත්වයක් නොමැති අතර ආගම සෑම කෙනෙකුටම අදාළ වේ. මිනිසුන් දෙවියන් ඉදිරියෙහි පනාවක දත් මෙන් එක සමාන වෙති. එබැවින් ශ්‍රද්ධාවෙන් හා යහපත් ක්‍රියාවෙන් මිස අරාබි හෝ අරාබි නොවන අය අතර වෙනසක් නැත. සලාතය මෙහෙයවීමට වඩාත්ම සුදුසු තැනැත්තා අල් කුර්ආනය අධිකව කටපාඩම් ඇති සහ සලාතය සඳහා දැන ගැනීමට අවශ්‍ය අදාළ නීති රීති මැනවින් දන්නා අයෙකි. ඉමාම්ට මුස්ලිම්වරුන්ගෙන් කෙතරම් ගෞරවයක් ලැබුණ ද, සෑම අවස්ථාවකදීම ඔහු පූජකයකු අබියස පවතින තත්ත්වය මෙන් පාපොච්චාරණයට සවන් දෙන හෝ පාපකම්වලට සමාව දෙන කෙනෙකු නොවේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔවුහු අල්ලාහ් හැර තම ආගමික නායකයින් ද පූජකවරුන් ද මර්යම්තුමියගේ පුත් මසීහ් ද (තමන්ගේ) දෙවිවරුන් ලෙස පත් කරගත්හ. නමුත් ඔවුහු ඒකීය දෙවිඳුන් (වන අල්ලාහ්) හැර වෙනත් කිසිවක් නැමඳිය නොයුතු යැයි අණ කරනු ලැබ ඇත්තෝය. ඔහු හැර (නැමඳීමට සුදුසු) වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. මොවුන් (අල්ලාහ්ට) ආදේශ තබන දෑ වලින් ඔහු ඉතා පිවිතුරු ය." (අත්-තව්බා: 31) (170) (අත් තව්බා: 31)
වක්තෘවරුන් දෙවියන් ගැන ප්‍රකාශ කරන කරුණුවල ඔවුන්ගේ නිවැරදිභාවය ඉස්ලාමය තහවුරු කරයි. නමුත් පූජකයෙකුට හෝ සාන්තුවරයෙකුට නොවරදින බවක් හෝ හෙළිදරව්වක් හෝ නොමැත. පිහිට පැතීමේදී සහ ඉල්ලීමේදී දෙවියන් හැර වෙනත් අය වෙත යොමුවීම ඉස්ලාම් දහමෙහි සම්පූර්ණයෙන් තහනම් කරුණකි. එම ඉල්ලීම වක්තෘවරුන් තමන්ගෙන්ම ඉල්ලුව ද එලෙසමය. යමක් හිඟ තැනැත්තා එය ලබා දෙන්නේ නැත. තමාටම උදව් කිරීමට නොහැකි තත්ත්වයක, සර්වබලධාරී අල්ලාහ්ගෙන් සහ අන් අයගෙන් අයැදීම නින්දිත කරුණක් ලෙස සිතන තත්ත්වයක, පුද්ගලයෙකු අන් අයගෙන් උපකාර ඉල්ලා සිටින්නේ කෙසේද? රජු අතර සහ ඔහුගේ පොදු ජනතාව අතර පවතින ඉල්ලීම් සමාන කළ හැකිද?බුද්ධිය සහ තර්කය මෙම අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. තවද අල්ලාහ් හැර වෙනත් යමෙකුගෙන් ඉල්ලා සිටීම සෑම දෙයකටම හැකියාව ඇති අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය සමඟ පටලවා ගැනීමකි. එය ඉස්ලාමයට පටහැනි දේව ආදේශයකි. අතිමහත් පාපයකි.
දූතයාණන්ගේ මුවින් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි." (අල්-අඃරාෆ්: 188) (171) (අල්-අඃරාෆ්: 188)
තවදුරටත් මෙසේ පැවසීය:
“මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකුට ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.” (අල්-කහ්ෆ්: 110) (172) (අල් කහ්ෆ්: 110)
“සැබැවින්ම දේවස්ථාන අල්ලාහ් සතුය. එබැවින් අල්ලාහ් සමග වෙනත් කිසිවකු ඔබ ඇරයුම් නොකරනු.” (අල්-ජින්: 18) (අල්-ජින්: 18)
නබි හා රසූල් අතර වෙනස කුමක් ද?
නබි යනු දිව්‍යමය හෙළිදරව්ව ඔවුනට ලැබුණු නමුත් නව පණිවිඩයක් හෝ ප්‍රවේශයක් හෝ නොගෙන ආ අය වෙති. දූතයා යනු දෙවියන් ඔහු එවන්නේ ඔහුගේ ප්‍රජාවට ගැලපෙන පිළිවෙතක් සහ නීතියක් සමඟිනි. උදාහරණ ලෙස: මූසා (මොස්ස) නබිතුමාට හෙළි කළ තව්රාත් නොහොත් තෝරාව, ඊසා (ජේසු) තුමාට හෙළි කළ ඉන්ජීල් නොහොත් ශුභාරංචිය, මුහම්මද් තුමාට හෙළි කළ අල් කුර්ආනය, ඉබ්රාහීම් (ආබ්‍රහම්) සතු වූ ලේකන, දාවූද් (දාවිත්) තුමා වෙත පිරිනැමූ සබූර් නොහොත් ගීතාවලිය.
මිනිසුන් වෙත දේව දූතයන් නොයවා ඔවුන් වැනි මිනිස් දූතයින් එව්වේ ඇයි?
මිනිසුන්ට ගැළපෙන්නේ ඔවුන් වැන්නවුන්ට ඔවුන්ගේම භාෂාවෙන් කතා කරන සහ ඔවුන්ට ආදර්ශයක් වන අයෙකි. තවද ඔහු ඔවුන් වෙත දේව දූතයෙකු පණිවිඩකරුවෙකු ලෙස යවා ඔහු ඔවුන්ට දුෂ්කර දේ කළේ නම්, එවිට ඔවුහු තමන්ට කළ නොහැකි දේ කිරීමට හැකියාව ඇති දේවදූතයෙකි ඔහු යැයි තර්ක කරනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"මහපොළොවේ මලක්වරු සන්සුන් ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු." (අල් ඉස්රාඃ : 95) (174) (අල්-ඉස්රාඃ: 95)
"අප ඔහුව සුරදූතයෙකු බවට පත් කර තිබුණේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නට තිබිණි. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු." (අල්-අන්ආම්: 9) (175) (අල්-අන්ආම්: 9)
දිව්‍ය හෙළිදරව්ව හරහා මැවුම්කරු ඔහුගේ මැවීම් සමඟ සන්නිවේදනය කිරීමේ සාක්ෂි මොනවාද?
දිව්‍ය හෙළිදරව්ව හරහා මැවුම්කරු ඔහුගේ මැවීම් සමඟ සන්නිවේදනය කිරීමේ සාක්ෂි වනාහි:
1- ප්‍රඥාව: නිදසුනක් වශයෙන්, යමෙක් නිවසක් ගොඩනඟන්නේ නම්, එය තමාට හෝ අනුන්ට හෝ තම දරුවන්ට පවා ප්‍රයෝජනයක් නොමැතිව අත්හැර දමන්නේ නම්, අපි ඔහුව නිරායාසයෙන් විනිශ්චය කරන්නේ ප්‍රඥාවක් නැති හෝ අසාධාරණ පුද්ගලයෙකු ලෙස ය. -ඉහළම පරමාදර්ශය සතු වන්නේ අල්ලාහ්ටමය.- එබැවින් විශ්වය මැවීමේදීත්, අහසේ හා පොළොවේ ඇති දේ මිනිසා වෙනුවෙන් වසඟ කර දීමේදීත් ප්‍රඥාව ඇති බව ස්වයං ලෙසම පැහැදිලි වේ.
2- ෆිත්රා (සහජ ධර්මතාව): මිනිස් ආත්මය තුළ එහි ආරම්භය, එහි පැවැත්මේ මූලාශ්‍රය සහ එහි පැවැත්මේ අරමුණ දැන ගැනීමට ප්‍රබල සහජ තල්ලුවක් ඇත. මිනිස් ස්වභාවය සෑම විටම ඔහුගේ පැවැත්මට හේතුව සෙවීමට ඔහුව තල්ලු කරයි. කෙසේ වෙතත්, මෙම අදෘශ්‍යමාන බලවේගවල මැදිහත්වීමෙන් මිස මිනිසාට පමණක් ඔහුගේ මැවුම්කරුගේ ගුණාංග, ඔහුගේ පැවැත්මේ අරමුණ සහ ඔහුගේ ඉරණම හඳුනා ගත නොහැක. එය මෙම සත්‍යය අපට හෙළි කිරීම සඳහා පණිවිඩකරුවන් එවීම තුළිනි.
බොහෝ ජනයා දිව්‍යමය පණිවිඩ තුළ ඔවුන්ගේ මාර්ගය සොයාගෙන ඇති අතර, අනෙක් ජනයා තවමත් ඔවුන්ගේ නොමඟ යමින් සත්‍යය සොයමින් සිටිති. ඔවුන්ගේ සිතුවිලි භූමික ද්‍රව්‍යමය සංකේතවල නතර වී ඇති බව අපට පෙනී යයි.
3- ආචාර ධර්ම: ජලයේ අවශ්‍යතාව හැඟෙන අපගේ පිපාසය ජලය පවතින බව දැන ගැනීමට පෙර එහි පැවැත්ම පිළිබඳ සාක්ෂියකි. එමෙන්ම යුක්තිය සඳහා අපගේ ආශාව සාධාරණත්වයේ පැවැත්ම පිළිබඳ සාක්ෂියකි.
මේ ජීවිතයේ අඩු පාඩු, මිනිසුන් එකිනෙකාට සිදුවන අසාධාරණකම් දකින පුද්ගලයාට අසාධාරණයට ලක් වූ තැනැත්තාගේ අයිතිය අසාධාරණකම් කළ තැනැත්තාගේ ජයග්‍රහණය සමග අවසන් විය හැකි බව ඒත්තු ගැන්වෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, නැවත නැඟිටීම, මරණින් මතු ජීවිතය සහ සම ප්‍රතිචාර දැක්වීම් පිළිබඳ අදහස ඔහුට ඉදිරිපත් කරන විට පුද්ගලයෙකුට සුවපහසුවක් සහ සැනසීමක් දැනේ. ඔහුගේ ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයාට මඟ පෙන්වීමක් හා මාර්ගෝපදේශයක් නොමැතිව, දිරිගැන්වීමක් හෝ බිය ගැන්වීමක් නොමැතිව අත්හැර දමනු ලැබිය නොහැකි බවට සැකයක් නැත. මෙය ආගමේ කාර්යභාරයයි.
වර්තමාන ඒකදේවවාදී ආගම්වල පැවැත්ම, ඔවුන්ගේ අනුගාමිකයින් ඔවුන්ගේ මූලාශ්‍රයේ දේවත්වය විශ්වාස කරයි, මැවුම්කරු මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමේ සෘජු සාක්ෂි ලෙස එය සැලකේ. ලෝ හිමිපාණෝ දූතයන් හෝ දිව්‍යමය පොත් එවූ බව අදේවවාදීන් ප්‍රතික්ෂේප කළ ද, ඒවායෙහි පැවැත්ම සහ ශේෂය එක් කරුණක ප්‍රබල සාක්ෂියක් ලෙස ප්‍රමාණවත් වේ. එය දෙවියන් සමඟ සන්නිවේදනය කිරීමට සහ තමන් සතු සහජ හිස්බව පුරවන්නට මිනිසාගේ අසීමිත ආශාවයි.
ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ධර්මය අතර:
මුල් පාපය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
මිනිසුන්ගේ පියා වන ආදම් තහනම් ගසින් අනුභව කිරීම හේතුවෙන් කළ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් මනුෂ්‍ය වර්ගයාට ඉගැන් වූ පාඩම, මනුෂ්‍යත්වය සඳහා වූ ලෝ හිමිපාණන්ගේ පළමු සමාවේ ප්රතිඵලයයි. කිතුනුවන් විශ්වාස කරන ආදම්ගෙන් උරුම වූ පාපයේ තේරුමක් දකින්නට නැත. බර උසුලන කිසිවෙක් වෙනත් කෙනෙකුගේ බර උසුලන්නේ නැත. සෑම පුද්ගලයෙක්ම තම තමන්ගේ වරද තනිවම උසුලයි; මෙය අප කෙරෙහි වන ලෝ හිමිපාණන්ගේ දයාවෙනි. පුද්ගලයෙකු පාපයෙන් තොරව නිර්මල ලෙස උපත ලබන අතර, වැඩිවියට පත්වීමේ වයසේ සිට ඔහුගේ ක්‍රියාවන් සඳහා ඔහු වගකිව යුතුය.
මිනිසා තමාගේ විශ්වාසයෙන් හා යහපත් ක්‍රියාවෙන් මිස ගැලවීම නොලබන්නා සේම, තමා නොකළ පාපයකට වගකියනු ද නොලැබේ. අල්ලාහ් මිනිසාට ජීවිතය ලබා දුන් අතර ඔහු පරීක්ෂා කිරීම සහ විභාග කිරීම සඳහා සිතීමේ නිදහස ලබා දුන්නේය. ඔහුගේ ක්‍රියාවන්ට ඔහු පමණක් වගකිව යුතුය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (176) (අස්-සුමර්: 7)
පැරණි ගිවිසුමේ පහත සඳහන් කරුණු සඳහන් වී ඇත.
"දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා." [177]. (ද්විතීය කථාව 24:16).
සමාව දීම යුක්තිය සමඟ නොගැලපෙනවා සේම, යුක්තිය සමාව සහ දයාව වළක්වන්නේ නැත.
ජේසු ක්‍රිස්තු තුමාව කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
මැවුම්කරු දෙවියන් ජීවමාන, සර්වබලධාරී, අවශ්යතාවන්ගෙන් තොර සහ සර්වබලධාරීය. කිතුනුවන් විශ්වාස කරන පරිදි, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ජේසු තුමාගේ ස්වරූපයෙන් ඔහු මූර්තිමත් වී කුරුසියේ මිය යාමට ඔහුට අවශ්‍ය නැත. ජීවිතය දෙන්නේ හෝ නැතිකරන්නේ ඔහුමය. එබැවින් ඔහු මිය ගියේ නැත. එමෙන්ම නැවත උත්තාපනය වූයේ ද නැත. ඔහුගේ දූතයා ආබ්‍රහම්ව ගින්නෙන් ද මෝසෙස්ව පාරාවෝගෙන් සහ ඔහුගේ සොල්දාදුවන්ගෙන් ද ආරක්ෂා කළාක් මෙන් ඔහුගේ දූතයා වන ජේසු තුමාව ඝාතනය කරනු ලැබීමෙන් හා කුරුසියේ ඇණ ගසනු ලැබීමෙන් ආරක්ෂා කර බේරාගත් තැනැත්තා ඔහුය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය." (157) "නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය." (අන්-නිසා 157, 158) (178) (අන්-නිසා: 157,158)
මුස්ලිම්වරයෙකු තම දියණිය යුදෙව්වෙකුට හෝ කිතුනුවකුට විවාහ කර නොදෙන්නේ ඇයි?
මුස්ලිම් ස්වාමිපුරුෂයා තම ක්‍රිස්තියානි හෝ යුදෙව් භාර්යාවගේ මූලික ආගමට, ඇගේ ධර්ම පොතට සහ ඇගේ ධර්ම දූතයාට ගරු කරයි. එසේම, ඔහුගේ විශ්වාසය එයින් මිස සාක්ෂාත් වන්නේ ද නැත. ඔහු ඇයට ඇගේ චාරිත්‍ර වාරිත්‍රවල යෙදීමට නිදහස ලබා දෙයි. මීට ප්‍රතිවිරුද්ධ මතය සත්‍ය නොවේ. කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු හෝ අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් යනු අල්ලාහ්ගේ දූතයා බවත් විශ්වාස කළේ කවදා ද එවිට අපි අපගේ දියණියන් ඔහුට විවාහ කර දුන්නෙමු.
ඉස්ලාම් යනු ප්‍රතිපත්තියේ එකතු කිරීමක් සහ සම්පූර්ණ කිරීමකි. නිදසුනක් ලෙස මුස්ලිම්වරයෙකු ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු මුහම්මද් සහ අල්-කුර්ආනය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගත යුතු අතර, ත්‍රිත්වය විශ්වාස කිරීමෙන් සහ පූජකත්වයන්, පූජකයන් සහ වෙනත් අය වෙත යොමු වීමෙන් ලෝක ස්වාමියා සමඟ ඇති ඔහුගේ සෘජු සම්බන්ධතාවය නැති කර ගත යුතුය. ඔහු යුදෙව් ආගම වැළඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ජේසු තුමා සහ සැබෑ ශුභාරංචිය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගත යුතුය. යුදෙව් ආගම මූලික වශයෙන් වැළඳ නොගත්ත ද එය ජාතික ආගමක් මිස ගෝලීය එකක් නොවන අතර එහි පැහැදිලි ස්වරූපයෙන් ජාතිකවාදය ප්‍රකාශ වේ.
ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ලක්ෂණ:
ඉස්ලාමීය ශිෂ්ටාචාරය සංලක්ෂිත වූයේ කෙසේද?
ඉස්ලාමීය ශිෂ්ටාචාරය එහි මැවුම්කරු සමඟ මැනවින් කටයුතු කර ඇති අතර, මැවුම්කරු සහ ඔහුගේ මැවීම් අතර සම්බන්ධය නියම ස්ථානයේ තබා ඇත. එය වෙනත් මානව ශිෂ්ටාචාරයන් අල්ලාහ් සමග දූෂිත ලෙස කටයුතු කළ කාලයක විය. ඔවුන් ඔහුව විශ්වාස නොකළ අතර, විශ්වාසයේ හා නමස්කාරයේ ඔහු සමග ඔහුගේ මැවීම් හවුල් කළෝය. ඔහුගේ තේජස හා බලයට නොගැලපෙන තරාතිරම්වලට ඔහුව පහත් කළෝය.
සැබෑ මුස්ලිම් ජාතිකයා ශිෂ්ටාචාරය සමඟ සිවිල්භාවය පටලවා නොගන්නා අතර, ඔහු අදහස් හා විද්‍යාවන් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමේදී මධ්‍යස්ථ ක්‍රමය අනුගමනය කරයි. ඒවා අතර වෙනස හඳුනා ගනී:
ශිෂ්ටාචාර මූලද්‍රව්‍යය: දෘෂ්ටිවාදාත්මක, ප්‍රතිපත්තිමය, බුද්ධිමය සාක්ෂි සහ චර්යාත්මක සහ සදාචාරාත්මක වටිනාකම් මගින් නිරූපණය කෙරේ.
සිවිල් මූලද්‍රව්‍ය: විද්‍යාත්මක ජයග්‍රහණ, ද්‍රව්‍යමය සොයාගැනීම් සහ කාර්මික නව නිපැයුම් වලින් නිරූපණය කෙරේ.
එය එහි විශ්වාසය සහ චර්යාත්මක සංකල්පවල රාමුව තුළ මෙම විද්‍යාවන් සහ නව නිපැයුම් වලින් ලබා ගනී.
ග්‍රීක ශිෂ්ටාචාරය දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කළ නමුත් එය ඔහු සතු ඒකීය භාවයේ ගුණාංගය ප්‍රතික්ෂේප කළ අතර ඔහු ප්‍රයෝජනවත් හෝ හානිකර නොවන බව එය විස්තර කළාය.
රෝමානු ශිෂ්ටාචාරය, ආරම්භයේ දී මැවුම්කරුව ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තියානි ආගමට හැරවීමත් සමඟ ඔහු හා හවුල් වූ අතර, එහි විශ්වාසයන් ප්‍රතිමා වන්දනා කිරීම සහ බලයේ ප්රකාශනයන් වැනි මිථ්යාදෘෂ්ටිකත්වයේ ප්රකාශනයන්ට ඇතුල් විය.
පර්සියානු ශිෂ්ටාචාරය, ඉස්ලාමයට පෙර, දෙවියන් ප්‍රතික්ෂේප කර, ඔහු වෙනුවට සූර්යයාට නමස්කාර කර, ගින්නට වැඳ, එය විශුද්ධ කළේය.
හින්දු ශිෂ්ටාචාරය මැවුම්කරුගේ නමස්කාරය අත්හැර දමා, දිව්‍යමය රූප තුනකින් සමන්විත ශුද්ධ ත්‍රිත්වය තුළ මූර්තිමත් වූ මවන ලද දෙවියන්ට නමස්කාර කළේය: මැවුම්කරුගේ ස්වරූපයෙන් "බ්‍රහ්ම" දෙවියන්, ආරක්ෂකගේ ස්වරූපයෙන් "විෂ්ණු" දෙවියන් සහ විනාශ කරන්නාගේ ස්වරූපයෙන් "සිව" දෙවියන් පිහිටුවා ගනු ලැබීය.
බෞද්ධ ශිෂ්ටාචාරය මැවුම්කාර දෙවියා ප්‍රතික්ෂේප කළ අතර, මවන ලද බුදුන් වහන්සේ තම දෙවියන් බවට පත් කළේය.
සබියන්වරුන්ගේ ශිෂ්ටාචාරය, ඔවුන් තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළ, ග්‍රහලෝක හා තාරකාවලට නමස්කාර කළ ආගම් ලත් ජනයා අතර විය. ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් සමහර ඒකීයවාද මුස්ලිම් නිකායන් ද ව්‍යතිරේක වේ.
අක්නාටන්ගේ පාලන සමයේදී පාරාවෝ ශිෂ්ටාචාරය ඒකදේවවාදයේ සහ දෙවියන් වහන්සේට ගෞරව කිරීමේ විශාල මට්ටමක් කරා ළඟා වීමත් සමඟ, එය සූර්යයා වැනි දෙවියන්ගේ ඇතැම් මැවීම් ඔහුට සමාන කිරීම හා මානව රූප ගැන්වීම අත්හැරියේ නැත. එය දෙවියන්ගේ සංකේතයක් විය. දෙවියන් කෙරෙහි අවිශ්වාසය එහි උච්චතම අවස්ථාවට පැමිණියේ, මෝසෙස්ගේ කාලයේ පාරාවෝ දෙවියන් වෙනුවට දේවත්වය ප්‍රකාශ කර තමා පළමු ව්‍යවස්ථාදායකයා බවට පත් කර ගැනීමත් සමඟය.
අරාබි ශිෂ්ටාචාරය, මැවුම්කරුට නමස්කාර කිරීම අත්හැර පිළිම වන්දනාමාන කළේය.
ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය දෙවියන්ගේ පරම ඒකීයභාවය ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තුස් ජේසුස් තුමා සහ ඔහුගේ මව වන මරිය තුමිය හවුල් කර, ත්‍රිත්වයේ මූලධර්මය පිළිගත්තේය. එනම් පුද්ගලයන් තිදෙනෙකුගෙන් (පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්) මූර්තිමත් වූ එකම දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයයි.
යුදෙව් ශිෂ්ටාචාරය එහි මැවුම්කරු ප්‍රතික්ෂේප කර, තමන්ගේම දෙවියෙකු ඒ සඳහා තෝරාගෙන එය ජාතික දෙවියෙකු බවට පත් කර, වසු පැටියාට නමස්කාර කළේය. ඔවුන්ගේ පොත්වල නුසුදුසු මානව ගුණාංගවලින් ඔවුහු දෙවියන් ගැන විස්තර කළෝය.
පෙර පැවති ශිෂ්ටාචාරයන් වියැකී ගොස් තිබූ අතර යුදෙව් සහ ක්‍රිස්තියානි ශිෂ්ටාචාර ධනවාදය සහ කොමියුනිස්ට්වාදය යන ආගමික නොවන ශිෂ්ටාචාර දෙකක් බවට පත් විය. තවද මෙම ශිෂ්ටාචාර දෙක දෙවියන් හා ජීවිතය සමඟ දෘෂ්ඨිවාදීව හා බුද්ධිමය වශයෙන් ගනුදෙනු කිරීමේ ක්‍රමවලට අනුව පසුගාමී සහ නොදියුණු ශිෂ්ටාචාර දෙකක් විය. ම්ලේච්ඡ හා සදාචාර විරෝධී විය. ඒ සමගම එය සිවිල්, විද්‍යාත්මක හා කාර්මික ප්රගතියෙහි උච්චතම ස්ථානයට පැමිණීය. ශිෂ්ටාචාරවල ප්‍රගතිය මෙයින් මනිනු නොලැබේ.
ආරෝග්යමත් ශිෂ්ටාචාරයේ ප්‍රගතිය සඳහා නිර්ණායකය පදනම් වී ඇත්තේ එහි තාර්කික සාක්ෂි සහ දෙවියන්, මිනිසා, විශ්වය සහ ජීවය පිළිබඳ නිවැරදි අදහස මතය. නිවැරදි හා උසස් ශිෂ්ටාචාරය යනු දෙවියන් සහ ඔහුගේ ජීවීන් සමඟ ඇති සම්බන්ධය සහ ඔහුගේ පැවැත්මේ මූලාශ්‍රය සහ ඔහුගේ අරමුණ පිළිබඳ දැනුම සම්බන්ධයෙන් නිවැරදි සංකල්පවලට මඟ පෙන්වන අතර මෙම සම්බන්ධතාවය එහි නිවැරදි ස්ථානයට පත් කරයි. මේ අනුව, මෙම ශිෂ්ටාචාර අතරින් ඉස්ලාමීය ශිෂ්ටාචාරය එය අවශ්‍ය සමතුලිතතාවය සාක්ෂාත් කර ගෙන ඇති නිසා එකම දියුණු ශිෂ්ටාචාරය බව අපි නිගමනය කරමු, [179]. මූලාශ්‍ර පොත: 'ධනවාදය සහ කොමියුනිස්ට්වාදය දෙවියන්ට අපයෝජනය කිරීම' මහාචාර්ය ආචාර්ය ගාසි ඉනායා.
ඉස්ලාම් ආගම එතරම් තාර්කික වීමත්, මුස්ලිම්වරුන්ගේ තත්ත්වය අහඹු වීමත් පරස්පරයක් නොවේද?
ආගම ඇරයුම් කරනුයේ හොඳ පුරුදු වෙත සහ නරක ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වෙත ය. මේ අනුව, සමහර මුස්ලිම්වරුන්ගේ නරක හැසිරීම් වලට හේතුව ඔවුන්ගේ සංස්කෘතික පුරුදු හෝ ඔවුන්ගේ ආගම පිළිබඳ නොදැනුවත්කම සහ ඔවුන් සැබෑ ආගමෙන් ඈත් වීමයි.
මෙම පසුබිම තුළ කිසිදු පරස්පරතාවයක් නොමැත. සුඛෝපභෝගි මෝටර් රථ රියදුරෙකු නිසි ලෙස රිය පැදවීමේ මූලධර්ම පිළිබඳ නොදැනුවත්කම නිසා දරුණු අනතුරකට ලක්වීම මෝටර් රථයේ සුඛෝපභෝගී යථාර්ථයට පටහැනි ද?
ආගම රාජ්‍යයෙන් වෙන් නොවන්නේ ඇයි? බටහිර රටවල මෙන් මානව මතයට යොමු නොවන්නේ ඇයි?
බටහිර අත්දැකීම් පැමිණියේ මධ්‍යතන යුගයේ මිනිසුන්ගේ හැකියාවන් සහ මනස කෙරෙහි දේවස්ථානයේ සහ රාජ්‍යයේ සන්ධානයට සහ ආධිපත්‍යයට ප්‍රතිචාරයක් වශයෙනි. ඉස්ලාමීය ක්රමයේ ප්‍රායෝගිකත්වය සහ තර්කනය අනුව ඉස්ලාමීය ලෝකය කිසිදා මෙම ගැටලුවට මුහුණ දී නොමැත.
ඇත්ත වශයෙන්ම, මිනිසාගේ සියලු තත්වයන්ට ගැලපෙන ස්ථිර දිව්‍ය නීතියක් අපට අවශ්‍ය වන අතර, මිනිසාගේ අභිමතයන්, ආශාවන් සහ මනෝභාවයන්ට අයත් යොමු කිරීම් අපට අවශ්‍ය නොවේ! එය පොලී, හෝමියෝපති සහ වෙනත් දෑ විශ්ලේෂණය කිරීමේදී සිදු වන පරිදිය. ධනවාද ක්රමයේ මෙන් දුර්වලයන්ට බරක් වීමට බලවතුන් විසින් ලියන ලද සඳහනක් නොමැති අතර දේපල හිමිකර ගැනීමේ ආශාව තුළ සහජ බුද්ධියට එරෙහි වන කොමියුනිස්ට්වාදයක් නොමැත.
ඉස්ලාම් ප්රජාතන්ත්රවාදය පිළිගන්නවාද?
මුස්ලිම්වරුන්ට ප්රජාතන්ත්රවාදයට වඩා විශිෂ්ඨ දෙයක් තිබේ. එනම් ෂූරා (සාකච්ඡා) ක්‍රමයයි.
ප්රජාතන්ත්රවාදය යනු: ඔබ ඔබේ පවුලේ සියලුම සාමාජිකයින්ගේ මතය සැලකිල්ලට ගත් විට, නිදසුනක් වශයෙන්, පවුල සම්බන්ධයෙන් දෛවෝපගත තීරණයක් ගැනීමේදී, මෙම පුද්ගලයාගේ අත්දැකීම්, වයස හෝ ප්‍රඥාව නොසලකා, බාලාංශයේ සිටින දරුවෙකුගේ සිට බුද්ධිමත් සීයා දක්වා, ඔබ තීරණ ගැනීමේදී ඔවුන්ගේ අදහස් සමාන කරයි.
ෂුරා (සාකච්ඡාව) යනු: සුදුසු හෝ නුසුදුසු දේ පිළිබඳව වැඩිහිටියන්, තරාතිරම සහ අත්දැකීම් ඇති අයගෙන් උපදෙස් ලබා ගැනීමට ඔබව යොමු කරයි.
වෙනස ඉතා පැහැදිලි ය. ප්රජාතන්ත්රවාදය අනුගමනය කිරීමේ අසමතුලිතතාවයේ විශාලතම සාක්ෂිය වන්නේ සමලිංගිකත්වය, පොලී සහ වෙනත් පිළිකුල් සහගත පිළිවෙත් වැනි ඡන්දයෙන් බහුතරයක් ලබාගන්නා සහජ බුද්ධියට, ආගමට, සිරිත් විරිත්වලට සහ සම්ප්‍රදායන්ට පටහැනි ක්‍රියාවන්ට සමහර රටවල නීත්‍යානුකූලභාවය ලබා දීමයි. සදාචාරමය පරිහානිය සඳහා හඬ නඟන බොහෝ හඬවල් සමඟ, දුරාචාර සමාජයන් නිර්මාණය කිරීමට ප්රජාතන්ත්රවාදය දායක වී ඇත.
ඉස්ලාමීය ෂුරා ක්‍රමය සහ බටහිර ප්රජාතන්ත්රවාදය අතර වෙනස විශේෂිත වන්නේ නීති සම්පාදනයේ ස්වෛරීත්වයේ මූලාශ්රයයි. ප්රජාතන්ත්රවාදය විසින් නීති සම්පාදනයේ පරමාධිපත්‍යය ජනතාව සහ ජාතිය සඳහා ආරම්භක ලක්ෂ්‍යක් කරයි. ඉස්ලාමීය ෂුරා සම්බන්ධයෙන් ගත් කල, නීති සම්පාදනයේ පරමාධිපත්‍යය යනු මැවුම්කරුගේ තීන්දු සඳහා ආරම්භක ලක්ෂ්‍යයකි. ෂරියා හි මූර්තිමත් වන එය මිනිස් නිර්මාණයක් නොවේ. තවද නීති සම්පාදනය කරන මිනිසාට මෙම දිව්‍ය නීතිය මත ගොඩ නැගීමේ බලය හැර අන් කිසිවක් නොමැති අතර, කිසිදු දිව්‍ය නීතියක් හෙළි නොකළ දෑහි ඉජ්තිහාද් කිරීමට ඔහුට බලය ඇත. අනුමත හා තහනම් දෑහි රාමුව තුළ මානව අධිකාරිය පාලනය විය යුතු වේ.
ඉස්ලාමීය නීති යනු තර්කයට පටහැනි නොවන අද්විතීය ආගමික නීතියකි. එසේ නම් හුදුද් (දණ්ඩ නීති) ඇයි?
මහපොළොවේ දූෂණය ව්‍යාප්ත කිරීමට අදහස් කරන අය වැළැක්වීමට සහ දඬුවම් කිරීමට හුදුද් සකස් කරන ලදී. නමුත් කුසගින්න සහ අධික අවශ්‍යතා හේතුවෙන් සිදුවන සොරකම් සහ අත්වැරදීමකින් සිදුවන මිනීමැරුම් යනාදී තත්ත්වයන්හි එය අක්‍රීය වන බවට සාක්ෂි සහිතව ය. බාලවයයේ පසුවන්නන්ට, උමතු වූවන්ට හෝ මානසික රෝගීන්ට හුදුද් (දණ්ඩ නීතිය) අදාළ වන්නේ නැත. එය ප්‍රධාන වශයෙන් නියම කර ඇත්තේ සමාජය ආරක්ෂා කිරීමට ය. එය දරුණු වීම, ආගම සමාජයට සපයන යහපතකි. සමාජයේ සාමාජිකයන් එමගින් සතුටු විය යුතු කරුණකි. එහි පැවැත්ම මිනිසුන්ට දයාවකි. එමඟින් ඔවුන්ට ආරක්ෂාව ලැබෙනු ඇත. අපරාධකරුවන්, කොල්ලකරුවන් සහ දූෂිතයින් හැර වෙනත් කිසිවෙකු මෙම සීමා වලට විරුද්ධ නොවනු ඇත, මන්ද ඔවුන් තමන් ගැන ඇති බිය නිසාය. මෙම සීමාවන් අතර දැනටමත් පවතින මිනිසා විසින් සාදන ලද මරණ දණ්ඩනය සහ වෙනත් නීති ද ඇතුළත් වේ.
මෙම දඬුවම්වලට අභියෝග කරන අය අපරාධකරුවාගේ අවශ්‍යතාව සලකා; සමාජයීය අවශ්‍යතා අමතක කර; වරදකරුවාට අනුකම්පා කරමින් වින්දිතයා නොසලකා හරිති. එමෙන්ම දඩුවම් වැඩිකර අපරාධයේ බරපතළකම නොසලකා හරිති.
ඔවුන් අපරාධය සමඟ දඬුවම සම්බන්ධ කළේ නම්, නීතිමය දඬුවම්වල යුක්තිය සහ එහි අපරාධයට අදාළ සමතුලිතතාව පිළිබඳව ඔවුන් ඒත්තු ගැන්වෙනු ඇත. උදාහරණයක් ලෙස සොරාගේ ක්‍රියාව ගෙනැවිත් බලමු. ඔහු වෙස් වළාගෙන අඳුරෙන් වැසී යමින්, අගුලු කඩා ආයුධය පෙන්වා මිනිසුන් බිය ගන්වමින්, නිවෙස්වල පාරිශුද්ධත්වය උල්ලංඝනය කරමින්, තමාට එරෙහි වන කවුරුන් හෝ මරා දැමීමට නැඹුරු වෙයි. මිනීමැරුම් බොහෝ විට සිදු වන්නේ සොරෙකු සොරකම සම්පූර්ණ කිරීමට හෝ ඔහු පසුපස හඹා එන්නාගෙන් පලා යාමට නිදහසට කරුණක් ලෙස භාවිතා කරන මාධ්‍යයක් ලෙසිනි. ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව මරා දමනු ඇත. හොරාගේ මෙම ක්‍රියාව සිහිපත් කරන විට නීතිමය දඩුවම්වල ඇති දරුණුකමේ ගැඹුරු ප්‍රඥාව අපට වැටහෙනු ඇත.
ඉතිරි දඩුවම් ද එලෙසමය. ඒවාට අදාළ වන අපරාධ, ඒවායේ අඩංගු අන්තරායන් සහ හානි, අයුක්තිය සහ වැරදි අප සිහිපත් කළ යුතුය. එවිට සෑම අපරාධයකටම සුදුසු දේ සර්වබලධාරී දෙවියන් විසින් නීතිගත කර ඇති බව සහ ක්‍රියාවට අදාළ වර්ගයේ දඬුවමක් ලෙස එය ඔහු නියම කර ඇති බව අපට සහතික විය හැකිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"... ඔබේ පරමාධිපති කිසිවකුට අපරාධ නොකරයි." (අල් කහ්ෆ්: 49) (180) (අල්-කහ්ෆ්: 49)
ඉස්ලාමය වැරදි වැළැක්වීමේ දී දඬුවම් තීරණය කිරීමට පෙර, අපරාධකරුවන්ට තාර්කික හදවත් හෝ දයාවන්ත ආත්මයන් තිබේ නම්, ඔවුන් කළ අපරාධයෙන් ඈත් කිරීමට ප්‍රමාණවත් අධ්‍යාපනයක් සහ ආරක්ෂාවක් ඔවුන්ට ඉදිරිපත් කර ඇත. එපමණක් නොව, අපරාධය සිදු කළ පුද්ගලයා යුක්ති සහගත හෝ බලකිරීමේ සැකයකින් තොරව එය සිදු කර ඇති බවට සහතික වන තුරු ඔහුට කිසි විටෙකත් එය අදාළ නොකරයි. මේ සියල්ලෙන් පසු ඔහු එයට ප්‍රවේශ වීම ඔහුගේ දූෂණය සහ විෂමතාවය පිළිබඳ සාක්ෂියක් වනු ඇත. වරද වැළැක්වීමේ වේදනාකාරී දඬුවම් සඳහා ඔහු සුදුසුකම් ලබයි.
ඉස්ලාම් ධර්මය සාධාරණ ලෙස ධනය බෙදා හැරීමට ක්‍රියා කළ අතර ධනවතුන්ගේ ධනය දුප්පතුන්ට හඳුන්වා දුන් අයිතියක් බවට පත් කළේය. බිරියට හා ඥාතීන්ට වියදම් කිරීම අනිවාර්යය කළේය. ආගන්තුකයාට සත්කාර කරන මෙන් හා අසල්වැසියා සමග හොදින් ආශ්‍රය කරන මෙන් නියෝග කළේය. තම සාමාජිකයින්ට ගැළපෙන ගෞරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස සහ වෙනත් අවශ්‍යතාව පූර්ණවත් කිරීමේ ක්‍රියාමාර්ග සහතික කිරීමේ වගකීම රජයට පැවරීය. හැකි අයට ගැළපෙන රැකියාවේ දොරටු විවෘත කිරීමටත්, හැකියාව ඇති සෑම කෙනෙකුටම තම හැකියාවට අනුව සේවය කිරීමටත්, සැමට සමාන අවස්ථා ලබා දීමටත් එහි සාමාජිකයින්ට සහතික විය.
උදාහරණයක් ලෙස යම් තැනැත්තෙක් තම නිවසට පැමිණ තම පවුලේ සාමාජිකයින් සොරකම් කිරීමේ හෝ පළිගැනීමේ අරමුණින් යමෙකු විසින් ඝාතනය කර ඇති බව සොයා ගත් බව සිතමු. බලධාරීන් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන යම් කාල සීමාවකට සිර දඬුවම් නියම කරයි. එය දිගු හෝ කෙටි කාලයක් විය හැක. එම කාලය තුළ ඔහු ආහාර ගන්නා අතර බන්ධනාගාරයේ සේවාවන්ගෙන් ප්රතිලාභ ලබයි. පීඩාවට පත් පුද්ගලයා විසින්ම බදු ගෙවීමෙන් දායක වේ.
මේ මොහොතේ ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේවිද? ඔහුගේ කරුණ අවසන් වනුයේ මානසික ආබාදයට ලක්වීමෙන් හෝ තම වේදනාව අමතක කිරීම සඳහා මත් ද්රව්යවයට ඇබ්බැහි වීමෙනි. ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන රටක ද එම තත්ත්වය ඇති වූයේ නම් බලධාරීන්ගේ හැසිරීම මීට වඩා වෙනස් වනු ඇත. ඔවුන් අපරාධකරු වින්දිතයාගේ පවුල වෙත ගෙන්වා, මෙම වරදකරු පිළිබඳ තීන්දුව ලබා දීමට, එක්කෝ ඔවුන් කිසාස් එනම් සම ප්‍රතිචාර දැක්වීමේ යුක්තිය ක්‍රියාත්මක කිරීමට හෝ නිදහස් මිනිසෙකු මරා දැමීමෙන් නියම වන රුධිර වන්දි ගෙවීමට තීන්දු කරනු ලැබේ. එය ප්‍රාණ ඝාතනය වෙනුවට ක්‍රියාත්මක කරන සම ප්‍රතිචාරයක් වශයෙන් හෝ සමාවක් වශයෙන් පිහිටිය හැක. නමුත් සමාව දීම උතුම් වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද නුඹලා නොසලකා හැර ගණන් නොගෙන සමාව දුන්නෙහු නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය." (අත්-තඝාබුන්: 14) (181) (අත්-තඝාබුන්: 14)
හුදුද් යනු සම ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවකට හා හුදුද් ක්‍රියාවට නැංවීමේ ආශාවෙන් පැන නගින ක්‍රියාවකට වඩා එය හැඩ ගැස්වීමේ සහ ආරක්ෂිත පිළිවෙතක් පමණක් බව ඉස්ලාමීය නීතිය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම වටහා ගනී. උදාහරණ වශයෙන්:
දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පාලනය කිරීම සහ ආරක්ෂා කිරීම, නිදහසට කරුණු සෙවීම සහ සැක සංකා දුරු කිරීම යනාදිය අවැසි වේ. එය දේව දූතයාණන්ගේ ප්‍රකාශයකට අනුවය. "සැක සහිත දෑ සමග දණ්ඩ නීති ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රවේසම් වන්න."
යමෙක් වරදක් කොට, අල්ලාහ් එය වසන් කර, තම පාපය මිනිසුන්ට ඔහු හෙළි නොකළේ නම්, ඔහුට දඬුවමක් නැත. මිනිසුන්ගේ රහස් දෑ පසුපස සොයා යාම හා ඔත්තු බැලීම ඉස්ලාමයෙන් වූවක් නොවේ.
වරදකරුට වින්දිතයාගේ සමාව දණ්ඩ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කරයි.
"...එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන් හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතුය. (ඝාතකයා වන්දි මුදල) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි..." (අල්-බකරා: 178) (182) (අල්-බකරා: 178)
වැරදිකරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතු අතර බලහත්කාරයෙන් නොකළ යුතුය, එබැවින් බලහත්කාරයෙන් දඬුවම් ක්‍රියාත්මක කරනු නොලැබේ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ:
"අත් වැරදීම්, අමතක වීම් හා කිරීමට බලකරන දෑ මාගේ සමූහයාගෙන් ඉවත් කරනු ලැබීය." (183) සහීහ් වර්ගයට අයත් නබි වදනකි.
මිනීමරුවාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, සල්ලාලයාට ගල් ගැසීම, සොරාගේ අත් කපා දැමීම සහ වෙනත් දඬුවම් (ඔවුන්ගේ ප්‍රකාශය අනුව) ම්ලේච්ඡ සහ කුරීරු ලෙස විස්තර කෙරෙන දරුණු නීතිමය දඬුවම් පිටුපස ඇති ප්‍රඥාව නම්, මෙම අපරාධ දූෂණයේ මව්වරුන් ලෙස සලකනු ලබන අතර, ඒ සෑම එකක්ම ප්‍රධාන අවශ්‍යතා පහෙන් (ආගම, ජීවිතය, දරුවන්, මුදල් සහ බුද්ධිය) එකක් හෝ වැඩි ගණනකට බලපෑම් ඇතුළත් වේ. ඒවා සංරක්ෂණය කිරීමේ සහ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සෑම කාලයකම නීති ඒකමතිකව එකඟ වී ඇත. එය නොමැතිව ජීවිතය නිවැරදි වන්නේ නැත.
මේ හේතුව නිසා, මේවා අතරින් යම් දෙයක් කළ තැනැත්තාට දැඩි දඬුවම් ලැබිය යුතු අතර, එය ඔහුට තරවටුවක් වන අතර, අන් අය වළක්වා ගැනීමක් වේ.
ඉස්ලාමීය විෂය මාලාව සම්පූර්ණයෙන්ම පිළිපැදිය යුතු අතර, ආර්ථික හා සමාජීය විෂය මාලාව සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගැන්වීම්වලින් වෙන්ව ඉස්ලාමීය දණ්ඩ නීති ක්‍රියාත්මක කළ නොහැක. ආගමේ නිවැරදි ඉගැන්වීම්වලින් මිනිසුන් දුරස් වීම නිසා සමහරු අපරාධ කිරීමට පෙලඹෙනු ඇත. ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක නොකරන බොහෝ රටවලට ඇති සියලුම හැකියාවන් සහ බලපුළුවන්කාරකම් මෙන්ම ද්‍රව්‍යමය හා තාක්ෂණික ප්‍රගතිය සමඟ විනාශ කරන මෙම ප්‍රධාන අපරාධ මෙන්න.
ශුද්ධ වූ අල් කුර්ආනයේ වාක්‍ය සංඛ්‍යාව 6348 කි. හුදුද් (දඬුවම් හා බැඳුණු) වාක්‍ය 10 කට නොවැඩි වන අතර, ඒවා මහා ප්‍රඥාවන්ත, ප්‍රවීණයෙකුගෙන් ගැඹුරු ප්‍රඥාවකින් නියම කරන ලදී. බොහෝ මුස්ලිම් නොවන අය අද්විතීය යැයි සලකන මෙම ප්‍රවේශය කියවා රස විඳීමේ අවස්ථාව පුද්ගලයෙකුට අහිමි වන්නේ පද දහයක් පිටුපස ඇති ප්‍රඥාව නොදන්නා නිසාද?
ඉස්ලාමයේ මධ්‍යස්ථභාවය:
ඉස්ලාමය සමාජ සමතුලිතතාවය ඇති කළේ කෙසේද?
ඉස්ලාමයේ ඇති එක් පොදු රීතියක් නම් මුදල් යනු අල්ලාහ්ගේ මුදල් වන අතර මිනිසුන් එය නියෝජනය කරන්නෝ වෙති. මුදල් ධනවතුන් අතර රාජ්‍යයක් නොවිය යුතුය. දුප්පතුන් සහ අසරණයන් වෙනුවෙන් සකාත් වන්දනාව තුළින් සුළු ප්‍රතිශතයක් වැය නොකර මුදල් රැස් කිරීම ඉස්ලාම් තහනම් කරයි. එය ලෝභකම, මසුරුකම වැනි ආවේගයන් පසෙකලා වැය කිරීම හා පිරිනැමීම යන ගුණාංගවලට මුල්තැන දීමට උපකාර වන වන්දනාවකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට යමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය." (අල්-හෂ්ර්: 7) (184) (අල් හෂ්ර්: 7)
"අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයයක නුඹලා ව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතරින් දේවත්වය විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත." (අල්-හදීද්: 7) (185) (අල්-හදීද්: 7)
"...තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු." (අත්-තව්බා: 34) (186) (අත්-තව්බා: 34)
එමෙන්ම හැකියාව ඇති සෑම පුද්ගලයකුවම සේවය කිරීම සඳහා ඉස්ලාමය දිරි ගන්වයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ." (අල්-මුල්ක්: 15) (187) (අල්-මුල්ක්: 15)
ඉස්ලාම් යනු යථාර්ථවාදී ක්රියාවේ ආගමකි. විශ්වාසය තබන මෙන් ඔහු අපට නියෝග කරන අතර එය එකිනෙකා මත විශ්වාසය තැබීම නොවේ. විශ්වාසය තැබීම යනු අධිෂ්ඨානය, ශක්තිය වැය කිරීම, හේතු සාධක ක්‍රියාවට නැංවීම පසුව අල්ලාහ්ගේ තීන්දුවට සහ නීතියට යටත් වීමය.
තවද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබමින් තම ඔටුවාව නිදැල්ලේ අත්හැරීමට සිතූ තැනැත්තාට මෙසේ පැවසූහ.
"එය බැඳ (අල්ලාහ් වෙත) භාර කරන්න." [188]. (සහීහ් තිර්මිදි)
මේ අනුව, මුස්ලිම්වරයා අවශ්‍ය සමතුලිතතාවය ලබා ගෙන ඇත.
ඉස්ලාමයේ ධනය පිළිබඳ සංකල්පය අවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, පුද්ගලයෙකුට ඔහු ආහාරපාන පරිභෝජනය, ඇඳුම් පැළඳුම් ඇඳීම, ජීවත්වීම, විවාහ වීම, හජ් කර්තව්‍යය ඉටු කිරීම හා දන් දීම යනා දී වියදම් ඇති බැවින් ඉස්ලාමය නාස්තිකාරී ලෙස වියදම් කිරීම තහනම් කර ඇති අතර ජීවන තත්ත්වය පාලනය කිරීමට පුද්ගලයන්ගේ මට්ටම ඉහළ නංවයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය." (අල්-ෆුර්කාන්: 67) (189) (අල්-ෆුර්කාන්: 67)
ඉස්ලාමයේ දෘෂ්ටි කෝණයෙන් දුප්පතා යනු තම රටේ ජීවන තත්ත්වය අනුව අවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට හැකි ජීවන මට්ටමක් ලබා නොගත් තැනැත්තා වේ. ජීවන තත්ත්වය පුළුල් වන තාක් දුරට දරිද්‍රතාවයේ යථාර්ථවාදී අර්ථය පුළුල් වේ. උදාහරණයක් ලෙස, සෑම පවුලකටම ස්වාධීන නිවසක් තිබීම සමාජයක සිරිතක් වී නම්, යම් පවුලකට ස්වාධීන නිවසක් ලබා ගැනීමට නොහැකි වීම දුප්පත්කමේ වර්ගයක් ලෙස සැලකේ. මේ මත පදනම්ව, සමතුලිතතාවය යනු එක් එක් පුද්ගලයා (මුස්ලිම් හෝ දිම්මි හෝ වේවා) එකල සමාජයේ හැකියාවන්ට සරිලන ප්‍රමාණයට පොහොසත් කිරීමයි.
සමාජයේ සියලුම සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට ඉස්ලාම් සහතික වන අතර මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ පොදු සහයෝගීතාව තුළිනි. මුස්ලිම්වරයෙකු මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකු වන අතර ඔහුගේ අනුග්‍රහය මොහුට අනිවාර්ය වේ. එබැවින් මුස්ලිම්වරුන් ඔවුන් අතර අගහිඟකම් ඇති අය ලෙස පෙනී නොසිටිය යුතුය.
නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත.
මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි, ඔහු ඔහුට වරදක් කරන්නේවත්, වැරදි කරන කෙනෙකුට ඔහුව භාර දෙන්නේවත් නැත. යමෙක් තම සහෝදරයාගේ අවශ්‍යතා ඉටු කරන්නේ නම්, අල්ලාහ් ඔහුගේ අවශ්‍යතා ඉටු කරයි; යමෙක් මුස්ලිම්වරයෙකුව ඔහුගේ කරදරවලින් මුදවන්නේ නම්, නැවත නැඟිටීමේ දිනයේදී අල්ලාහ් ඔහුගේ කරදර සමනය කරයි. තවද යමෙක් මුස්ලිම්වරයෙකු (ඔහුගේ පාපය) වසන් කරන්නේ නම්, අල්ලාහ් ඔහුව (ඔහුගේ පාප) නැවත නැඟිටීමේ දිනයේ වසන් කරයි." (සහීහ් අල් බුහාරි)
ඉස්ලාමය ආර්ථික සමතුලිතතාවය සහතික කළේ කෙසේද?
නිදසුනක් වශයෙන් ඉස්ලාමයේ ආර්ථික ක්‍රමය, ධනවාදය සහ සමාජවාදය අතර සරල සංසන්දනයක් කිරීමෙන්, ඉස්ලාමය මෙම සමතුලිතතාවය ළඟා කර ගත් ආකාරය අපට පැහැදිලි වේ.
හිමිකාරිත්වයේ නිදහස සම්බන්ධයෙන්:
ධනවාදය තුළ: පුද්ගලික අයිතිය. පොදු මූලධර්මය එයයි.
සමාජවාදය තුළ: පොදු අයිතිය. පොදු මූලධර්මය එයයි.
ඉස්ලාමය තුළ: විවිධ ආකාරවල අයිතීන්ට අවසර දීම:
පොදු අයිතිය: වගා කරන ලද ඉඩම් වැනි සියලුම මුස්ලිම්වරුන්ට එය පොදු ය.
රාජ්‍ය අයිතිය: වනාන්තර සහ ඛනිජ වැනි ස්වභාවික සම්පත්.
පුද්ගලික අයිතිය: එය අත්පත් කර ගනු ලබන්නේ පොදු සමතුලිතතාවයට තර්ජනයක් නොවන ආකාරයෙන් ආයෝජන කටයුතු හරහා පමණි.
ආර්ථික නිදහස සම්බන්ධයෙන්:
ධනවාදය තුළ: ආර්ථික නිදහස සීමාවකින් තොරව අත්හැර දමනු ලැබේ.
සමාජවාදය තුළ: ආර්ථික නිදහස සම්පූර්ණයෙන් රාජසන්තක කරනු ලැබේ.
ඉස්ලාමයේ, ආර්ථික නිදහස සීමිත විෂය පථයක් තුළ පිළිගෙන ඇත. එය නියෝජනය කරන්නේ:
ස්වයං හඳුනා ගැනීම පැන නගින්නේ ඉස්ලාමීය අධ්‍යාපනය මත පදනම් වූ ආත්මයේ ගැඹුරින් සහ ඉස්ලාමීය සංකල්ප සමාජය තුළ පැතිරීමෙනි.
වෛෂයික හඳුනාගැනීම, එනම් නිශ්චිත ක්‍රියාවන් වළක්වන විශේෂිත නීති මගින් නිරූපණය කෙරේ: වංචාව, සූදුව, පොලී, සහ වෙනත්.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණ කර අනුභව නොකරනු. තව ද නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස." (ආලු ඉම්රාන්: 130) (191) (ආල ඉම්රාන්:130)
"තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නෝ." (අර්-රූම්: 39) (192) (අර්:රූම්: 39)
"(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේක දෑ (වියදම් කරනු) යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ." (අල්-බකරා: 219) (193) (අල්-බකරා: 219)
ධනවාදය මිනිසා සඳහා නිදහස් ප්‍රවේශයක් ගෙන, එහි මග පෙන්වීම අනුගමනය කරන ලෙස ඔහුට ආරාධනා කළේය, ධනවාදය ඇරයුම් කර සිටියේ මෙම විවෘත ප්‍රවේශය මිනිසා පිරිසිදු සතුට කරා ගෙන යනු ඇති බවයි. නමුත් මිනිසා අවසානයේ පන්ති සමාජයක් තුළ ගිලිහී යයි. එක්කෝ අන් අයට අසාධාරණය මත පදනම් වූ දූෂිත ධනය නැතහොත් සදාචාරාත්මකව බැඳුනු අය සඳහා දුගී දුප්පත්කම.
කොමියුනිස්ට්වාදය පැමිණ සියලු පන්ති අහෝසි කර, වඩාත් ශක්තිමත් මූලධර්ම ඇඳීමට උත්සාහ කළ නමුත්, එය අන් අයට වඩා දුප්පත්, වේදනාකාරී සහ විප්ලවවාදී සමාජ නිර්මාණය කළේය.
ඉස්ලාමය සම්බන්ධයෙන් ගත් කල, එය මධ්‍යස්ථභාවය අත්කර ගත් අතර ඉස්ලාම් ප්‍රජාව මධ්‍යස්ථ ජාතිය වූයේ එය ඉස්ලාම් විරෝධීන්ගේ සාක්ෂි සහිත විශිෂ්ට පද්ධතියක් මානව වර්ගයාට ලබා දුන් බැවිනි. කෙසේ වෙතත්, ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ සාරධර්ම පිළිපැදීමට අපොහොසත් වූ මුස්ලිම්වරු ද සිටිති.
ඉස්ලාම් අන්තවාදයේ ආගමක්ද?
අන්තවාදය, සීමාන්තිකවාදය සහ නොඉවසීම සත්‍ය දහම මූලික වශයෙන්ම තහනම් කර ඇති ගුණාංග මිස අන් කිසිවක් නොවේ. ශුද්ධ වූ අල් කුර්ආනය බොහෝ වාක්‍යයන් මගින් ගනුදෙනු කිරීමේදී කරුණාව සහ දයාව අනුගමනය කරන ලෙසත්, සමාව දීමේ සහ ඉවසීමේ මූලධර්මය අනුගමනය කරන ලෙසත් ඉල්ලා ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කටයුතු වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ ස්ථීර කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් (එසේ) භාර කරන්නන් ව ප්‍රිය කරන්නේය." (ආලු ඉම්රාන්: 159) (194) (ආලු ඉම්රාන්: 159)
"නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය." (අන්-නහ්ල්: 125) (195) (අන්-නහ්ල්: 125)
ආගමේ මූලධර්මය නම්, ශුද්ධ වූ අල් කුර්ආනයේ පැහැදිලිව සඳහන් කර ඇති සහ කිසිවකු එකඟ නොවන නිශ්චිත තහනම් කිරීම් හැර සෙසු සියලු දෑ 'හලාල්' නීත්‍යානුකූලය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත." (31) "තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණයන්ගෙන් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය !) නුඹ පවසනු. මෙය මෙලොව ජීවිතයේ ද විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය." (32) "මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශික්ෂිත දෑ ද එයින් එළිපිට වන දෑ ද රහසිගතව වන දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද කවර දෙයක් පිළිබඳ ව අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළේද එවැන්නකින් ඔහුට නුඹලා ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ යැයි (නබිවරය !) නුඹ පවසනු." (අල්-අඃරාෆ්: 31-33) (196) (අල්-අඃරාෆ්: 31-33)
නෛතික සාක්ෂි නොමැතිව අන්තවාදය, සීමාන්තභාවය හෝ තහනම ඉල්ලා සිටින දේ සාතන්ගේ ක්‍රියාවන්ට ආගම ආරෝපණය කර ඇත. ආගම ඒවායින් නිර්දෝෂී ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි." (168) "ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ." (අල්-බකරා: 168,169) (197) (අල්-බකරා: 168,169)
"සැබැවින්ම මම ඔවුන් ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන් ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින්ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේය." (අන්-නිසා: 119) (198) (අන්-නිසා: 119)
ඉස්ලාම් මධ්‍යස්ථ සහ පහසු ආගමක්ද?
මූලික වශයෙන්ම ආගම පැමිණෙන්නේ මිනිසුන් තමන් විසින්ම පනවා ඇති බොහෝ සීමාවන්ගෙන් නිදහස් කිරීමට ය. උදාහරණයක් ලෙස, පූර්ව ඉස්ලාම් යුගයේ සහ ඉස්ලාමයට පෙර, ගැහැණු ළදරු ඝාතනය, පිරිමින්ගේ ආහාර වර්ග විශ්ලේෂණය කිරීම සහ කාන්තාවන්ට ඒවා තහනම් කිරීම, කාන්තාවන්ට උරුමය අහිමි කිරීම, මළ මස් අනුභව කිරීම, අනාචාරය, මත්පැන් පානය කිරීම අනාථ දරුවන්ගේ මුදල්, පොලී සහ වෙනත් පිළිකුල් දේ පරිභෝජනය කිරීම වැනි පිළිකුල් සහගත පිළිවෙත් ව්‍යාප්ත විය.
මිනිසුන් ආගමෙන් ඉවත් වී භෞතික විද්‍යාව පමණක් අනුගමනය කිරීමට පෙළඹෙන එක් හේතුවක් වන්නේ ඇතැම් ජන කොටස් අතර ඇතැම් ආගමික සංකල්පවල පරස්පරතාවන් පැවතීමයි. එබැවින්, නිවැරදි දහම අනුගමනය කිරීමට මිනිසුන්ට ආරාධනා කරන එක් වැදගත් ලක්ෂණයක් සහ ප්‍රධාන හේතුවක් වන්නේ එහි මධ්‍යස්ථභාවය සහ සමබරතාවයයි. මෙය ඉස්ලාමීය ආගමේ පැහැදිලිව දක්නට ලැබේ.
බිහි වූ අනෙකුත් ආගම් පිළිබඳ ගැටලුව එකම නිවැරදි දහම විකෘති කර තිබීම තුළින් ඇති විය:
මුළුමණින්ම අධ්‍යාත්මික වන අතර, එහි අනුගාමිකයින් පැවිද්ද හා හුදකලාව සඳහා දිරිගැන්වීම.
සම්පූර්ණයෙන්ම භෞතික වීම.
බොහෝ ජන සමූහයන් සහ පෙර ආගම්වලට අයත් උදවිය අතරින් පොදුවේ බොහෝ මිනිසුන් ආගමෙන් ඈත් වීමට හේතුව මෙයයි.
තවත් සමහර ජාතීන් අතර ආගමට ආරෝපණය කරන ලද, මිනිසුන්ට ඒවා අනුගමනය කිරීමට බල කිරීමට කඩතුරාවක් ලෙස ගත්, ඔවුන් නිවැරදි මාර්ගයෙන් සහ සහජ ආගම් සංකල්පයෙන් බැහැර කළ වැරදි නීති, තීන්දු සහ භාවිතයන් රාශියක් අපට හමු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, කිසිවකු එකඟ නොවන මිනිසාගේ සහජ අවශ්‍යතා සපුරාලන ආගම පිළිබඳ සැබෑ සංකල්පය සහ මිනිසුන්ට උරුම වූ මිනිසා විසින් සාදන ලද නීති, සම්ප්‍රදායන්, සිරිත් විරිත් සහ භාවිතයන් අතර වෙනස හඳුනා ගැනීමේ හැකියාව බොහෝ දෙනෙකුට අහිමි විය. එය පසුව නවීන විද්‍යාව සමඟ ආගම වෙනුවට ආදේශ කිරීම ඉල්ලා සිටීමට හේතු විය.
සැබෑ ආගම මිනිසුන්ට සහනයක් ලබා දීමට සහ ඔවුන්ගේ දුක් වේදනාවලින් නිදහස් කිරීමටත්, මූලික වශයෙන් මිනිසුන්ට පහසුකම් සැලසීම අරමුණු කරගත් නීති රීති සහ නීති සම්පාදනය කිරීමටත් පැමිණෙන ආගමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය." (අන්-නිසා: 29) (199) (අන්-නිසා: 29)
"...නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නොහෙළනු. තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය." (අල් බකරා: 195) (200) (අල් බකරා: 195)
"...යහපත් දෑ ඔවුනට අනුමත කරයි. කිළිටි දෑ ඔවුන් මත තහනම් කරයි ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් ඉවත තබයි..." (අල්-අඃරාෆ්: 157) (201) (අල් අඃරාෆ්: 157)
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය.
"පහසු කරනු. අපහසු නොකරනු. සුබ පතනු. ඵලවා නොහරිනු." (202) (සහීහ් අල් බුහාරි)
එකිනෙකා සමඟ කතා කරමින් සිටි මිනිසුන් තිදෙනෙකුගේ කතාව මම මෙහි සඳහන් කරමි. එහිදී ඔවුන්ගෙන් එක් අයෙක් මෙසේ පැවසීය: මම නම්, මම මුළු රාත්‍රිය පුරාම සදහටම යාච්ඤා කරන්නෙමි. තවත් අයෙක් පැවසුවේ: මම සෑම විටම නිරාහාරව සිටිමි, එය කිසි විටෙකත් කඩ නොකරමි, සහ තවත් අයෙකු මෙසේ පැවසීය. මම කාන්තාවන්ගෙන් ඈත් වී කිසිදා විවාහ නොවන්නෙමි, එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ.
“මේ මේ අයුරින් පවාස සිටියේ නුඹලා ද? දැන ගනු! අල්ලාහ් මත දිවරා පවසමි. නුඹලාට වඩා මම අල්ලාහ්ට බියවන්නෙක්මි. නුඹලාට වඩා මම අල්ලාහ් කෙරෙහි භක්තියක් ඇති අයෙක්මි. මම උපවාසයේ යෙදෙමි. එය අත හරිමි. මම නැමදුම් කරමි. නිදා ගනිමි. මම විවාහ වී සිටිමි. එහෙයින් කවරෙකු මාගේ මාර්ගයෙන් බැහැර වන්නේ ද ඔහු මගෙන් කෙනෙක් නොවෙයි." (203) (සහීහ් අල් බුහාරි)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙය අබ්දුල්ලා බින් අම්ර් වෙත පැහැදිලිව ප්‍රකාශ කළහ. ඔහු මුළු රාත්‍රියම යාච්ඤා කරන බවත්, මුළු ජීවිතයම උපවාසයේ නිරත වන බවත්, සෑම රාත්‍රියකම අල්-කුර්ආනය සම්පූර්ණ කරන බවත් එතුමාණන්ට දැන ගන්නට ලැබිනි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.
"ඔබ එසේ නොකරන්න. විටෙක උපවාසය සමාදන් වන්න, තවත් විටෙක (උපවාසය) අත්හරින්න; රාත්‍රියේ සලාතය සඳහා නැඟී සිටින්න, රාත්‍රියේ නිදාගන්න. ඔබේ ශරීරයට ඔබ කෙරෙහි අයිතියක් ඇත. ඔබේ ඇස්වලට ඔබ කෙරෙහි අයිතියක් ඇත. ඔබේ බිරිඳට ඔබ කෙරෙහි අයිතියක් ඇත." (204) (සහීහ් අල් බුහාරි)
ඉස්ලාමයේ කාන්තාව:
මුස්ලිම් කාන්තාව පර්දාව අඳින්නේ ඇයි?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ටත් ඔබේ දූවරුන්ටත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ බිරියන්ටත් ඔවුන්ගේ මොට්ටැක්කිලියෙන් ඔවුන් මත (හිසේ සිට) පහළට ඇද වැටන සේ පළඳිනුයි පවසනු. එය ඔවුන් (ශිලාචාර කාන්තාවන් යැයි) හඳුනා ගැනීමටත් හිංසා කරනු නොලැබීමටත් වඩාත් උචිතය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත ය." (අල්-අහ්සාබ්: 59) (205) (අල්-අහ්සාබ්: 59)
මුස්ලිම් කාන්තාව "පෞද්ගලිකත්වය" යන යෙදුම හොඳින් තේරුම් ගත්තාය, ඇය තම පියාට, සහෝදරයාට, පුතාට සහ සැමියාට ආදරය කරන විට, ඔවුන් සෑම කෙනෙකුගේම ආදරයට පෞද්ගලිකත්වය ඇති බව ඇය තේරුම් ගත්තාය. ඇගේ ස්වාමිපුරුෂයාට ඇති ආදරය සහ ඇගේ පියාට හෝ සහෝදරයාට ඇති ආදරයට ඇයගෙන් ඉල්ලා සිටින්නේ අයිතියක් ඇති සෑම කෙනෙකුටම ඔහුගේ යුතුකම ලබා දීමයි. ඇයගේ පියාට ගරු කිරීමට සහ කරුණාව දැක්වීමට ඇති අයිතිය ඇගේ පුතාගේ රැකවරණය, අධ්‍යාපනය යනාදියට සමාන නොවේ. ඥාතියෙකු හා සමානව පිටස්තරයෙකු සමඟ රැස්වීමේදී ඇය සැරසෙන්නේ නැති නිසාත්, ඇය සෑම කෙනෙකුටම එකම ස්වරූපයෙන් නොපෙනෙන නිසාත්, ඇගේ අලංකාරය පෙන්විය යුත්තේ කවදා ද, කෙසේ ද සහ කාට ද යන්න ඇයට හොඳින් වැටහේ. මුස්ලිම් කාන්තාව නිදහස් ගැහැනියකි, අනුන්ගේ මනදොලවලට වහල් වීම සහ විලාසිතා වලට වහල් වීම ප්‍රතික්ෂේප කළාය, ඇය සුදුසු යැයි හැඟෙන දේ ඇඳගෙන ඇයව සතුටු කරවා ගන්නා අතර ඇගේ මැවුම්කරු සතුටු කරයි. බටහිර කාන්තාවන් විලාසිතාවලට වහල් වූ ආකාරය සහ විලාසිතා භූමිකාව දෙස බලන්න, උදාහරණයක් ලෙස: මේ වසරේ විලාසිතාව කෙටි, තද කලිසම් ඇඳීම බව පවසා සිටියේ නම්, කාන්තාවන් ඔවුන්ට සුදුසු ද නැද්ද යන්න හෝ එය පැළඳීමට පහසුද නැද්ද යන්න හෝ නොසලකා එය පැළඳීමට යුහුසුළු වෙති.
අද කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වී ඇති අතර, බටහිර කාන්තාවන්ට මේ යුගයේ වටිනාකමක් ඇති බවට වක්‍ර පණිවිඩයක් දෙන කිසිදු වෙළඳ දැන්වීමක් හෝ ප්රකාශනයක් නිරුවත් කාන්තා පින්තූරයකින් තොර නැති තරම් අද තත්ත්වය කාටත් රහසක් නොවේ. තම ආභරණය සඟවා ගනිමින්, මුස්ලිම් කාන්තාව ලෝකයට පණිවිඩයක් යවා ඇත්තේ, එනම්: ඇය වටිනා, දෙවියන් විසින් ගෞරව කරන ලද තැනැත්තියක් බවත්, ඇය සමඟ ගනුදෙනු කරන ඕනෑම අයෙකු ඇගේ දැනුම, සංස්කෘතිය, විශ්වාසයන් සහ අදහස් විනිශ්චය කළ යුතු බවත්ය. ඇගේ සිරුරේ චමත්කාරය නොවේ.
තවද මුස්ලිම් කාන්තාව ද, දෙවියන් මිනිසුන් මැවූ මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගත් බැවින් සමාජය ආරක්ෂා කිරීමට සහ හානියෙන් ආරක්ෂා වීමට ඇය පිටස්තරයින්ට තම විලාසිතාව නොපෙන්වයි. සෑම රූමත් යුවතියක්ම ප්‍රසිද්ධියේ තම චමත්කාරය පෙන්වීමට ආඩම්බර වන බවත්, මහලු වියට පත් වූ විට, ඇය ලෝකයේ සියලුම කාන්තාවන් හිජාබය පැළඳ සිටියා නම් මැනව යැයි ප්‍රාර්ථනා කරන බවත් කිසිවෙකු ප්‍රතික්ෂේප කරනු ඇතැයි මම නොසිතමි.
අපේ කාලයේ ප්ලාස්ටික් සැත්කම් හේතුවෙන් සිදුවන මරණ අනුපාත සහ විරූපණය පිළිබඳ සංඛ්‍යාලේඛන ගැන මිනිසුන්ට සිතන්නට ඉඩ දෙන්න. මේ සියලු වධ වේදනා විඳීමට කාන්තාවන් පෙලඹුවේ කුමක් ද? හේතුව, බුද්ධික සුන්දරත්වය වෙනුවට ශාරීරික සුන්දරත්වයට තරඟ කිරීමට ඔවුන් ඇයට බල කළ බැවිනි. එමඟින් ඇගේ සැබෑ වටිනාකම සහ ඇගේ ජීවිතය පවා අහිමි විය.
කාන්තාවකගේ හිස් ආවරණය පසුබට බවක් ද?
හිස නිරාවරණය කිරීමය විශේෂයෙන් ආපස්සට යොමු කරනුයේ. ආදම්ගේ කාලයෙන් ඔබ්බට පසු කාලයක් තිබේ ද? දෙවියන් ආදම් සහ ඔහුගේ භාර්යාව මවා ඔවුන් ස්වර්ගයේ පදිංචි කළ කාලයේ පටන් ඔහු ඔවුන්ට ආවරණය සහ ඇඳුම් සහතික කළේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
එසේම, දෙවියන් ආදම්ගේ පරම්පරාවට ඔවුන්ගේ රහස්‍ය ස්ථාන සහ අලංකාරය සැඟවීමට ඇඳුම් හෙළි කළ අතර, එතැන් සිට මනුෂ්‍යත්වය එහි ඇඳුම් වලින් පරිණාමය වී ඇත. මිනිසුන්ගේ දියුණුව මනිනු ලබන්නේ ඇඳුම් සහ ආවරණයේ දියුණුව තුළිනි. සමහර අප්‍රිකානු ජනයා වැනි ශිෂ්ටාචාරයෙන් හුදෙකලා වූ මිනිසුන්, රහස්‍ය පෙදෙස ආවරණය කරන දේ හැර අන් කිසිවක් අඳින්නේ නැති බව දන්නා කරුණකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන වස්ත්‍ර ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එනමුත් දේව බැතිමත්භාවයේ වස්ත්‍රය වනාහි එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතරිනි. (මෙමගින්) ජනයා උපදෙස් ලැබිය හැකිය." (අල්-අඃරාෆ්: 26) (207) (අල්-අඃරාෆ්: 26)
බටහිර ජාතිකයෙකුට තම මිත්තණිය පාසලට යන විට ගත් ඇගේ පින්තූර දෙස බලා ඇය ඇඳගෙන සිටියේ කුමක්දැ?යි බැලීමට හැකිය. පිහිනුම් ඇඳුම මුලින්ම දර්ශනය වූ විට, එයට එරෙහිව යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ පෙළපාලි පැවැත්වුණේ එය සාමාන්‍ය බුද්ධියට සහ චාරිත්‍රයට පටහැනි නිසා මිස ආගමික හේතූන් මත නොවේ. එමෙන්ම නිෂ්පාදන සමාගම් එය පැළඳීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා ආරම්භයේ දී එහි පෙනී සිටීමට පස් හැවිරිදි ගැහැණු ළමයින් යොදා ගනිමින් පුළුල් වෙළඳ දැන්වීම් සෑදීමට කටයුතු කළේය. එහි ඇවිදින පළමු ගැහැණු ළමයා ඉතා ලැජ්ජාශීලී ලෙස පෙනී සිටි අතර ඇයට ප්‍රදර්ශනය දිගටම කරගෙන යාමට නොහැකි වූවාය. එකල කාන්තාවන් සහ පිරිමින් මුළු සිරුරම ආවරණය වන පරිදි කළු සහ සුදු පිහිනුම් ඇඳුම් වලින් පාවෙමින් සිටියහ.
ඉස්ලාමයේ පිරිමින් සහ ගැහැණුන් තම සිරුර එකම ආකාරයෙන් ආවරණය නොකරන්නේ ඇයි?
පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ශාරීරික සංයුතියේ වෙනස පිළිබඳව ලෝකය ඒකමතිකව එකඟ වී ඇති අතර, පිරිමින්ගේ පිහිනුම් ඇඳුම් බටහිර කාන්තාවන්ගේ ඇඳුම්වලට වඩා වෙනස් බව සනාථ කරයි. ස්ත්‍රියක් තම මුළු සිරුරම වසාගෙන සිටින්නේ අර්බුධයෙන් මිදීම සඳහාය. එමෙන්ම ස්ත්‍රියක් විසින් පුරුෂයෙකු දූෂණය කරන බවක් කිසිවෙකු අසා තිබේද? බටහිර රටවල කාන්තාවන් හිරිහැරයකින් හෝ ස්ත්‍රී දූෂණයකින් තොරව සුරක්ෂිත ජීවිතයක් සඳහා තම අයිතිවාසිකම් ඉල්ලා පෙළපාලිවලට සහභාගී වන අතර පිරිමින්ගේ එවැනි පෙලපාලි ගැන අප අසා නැත.
ඉස්ලාම් දහම කාන්තාවන්ට පිරිමින්ට සමානාත්මතාවය ලබා දුන්නේද?
මුස්ලිම් කාන්තාව සෙවිය යුත්තේ සාධාරණත්වය ගැන මිස සමානාත්මතාවය ගැන නොවේ. පිරිමි සමග වන සමානාත්මතාවය ඇයගේ බොහෝ අයිතිවාසිකම් සහ වෙනස්කම් අහිමි කරනු ඇත. පුද්ගලයෙකුට පුතුන් දෙදෙනෙකු සිටින බව සිතමු. ඔවුන්ගෙන් එක් අයෙකු අවුරුදු පහකි. අනෙක් දරුවාට අවුරුදු දහ අටකි. ඔවුන් සෑම කෙනෙකුටම කමිසයක් මිලදී ගැනීමට ඔහුට අවශ්‍ය විය. එබැවින් මෙහි සමානාත්මතාවය සාක්ෂාත් කරගනු ලබන්නේ ඔහු ඔවුන්ට එකම ප්‍රමාණයේ කමිස දෙකක් මිලදී ගැනීමෙනි. එය ඔවුන්ගෙන් එක් අයෙකුට දුක් වේදනා ඇති කිරීමට හේතු වන්නේය. නමුත් යුක්තිය නම් ඔහු ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඒ ඒ අයට සුදුසු ප්‍රමාණයෙන් මිලදී ගැනීමයි. එවිට සියලු දෙනාටම සතුට අත්වනු ඇත.
වර්තමානයේ පිරිමින්ට කළ හැකි හැමදෙයක්ම කාන්තාවට ද කළ හැකැයි ඔප්පු කිරීමට කාන්තාව උත්සාහ දරයි. කෙසේ වෙතත්, යථාර්ථය නම්, මෙම පසුබිම තුළ කාන්තාවන්ට ඔවුන්ගේ සුවිශේෂත්වයන් සහ වරප්‍රසාද අහිමි වී යයි. දෙවියන් ඇයව මවා ඇත්තේ කිසිම පිරිමියකුට කළ නොහැකි දේ කිරීමටය. දරු ප්‍රසූතිය හා දරුවා බිහිකිරීම දැඩි වේදනා සහගත කරුණු අතරින් අධික වේදනාවක් ගෙන දෙන්නක් බව ඔප්පු වී ඇත. මෙම වෙහෙසට ප්‍රතිචාර වශයෙන් කාන්තාවට අවශ්‍ය ගෞරවය ලබා දීමටත්, ඇයට වියදම් කිරීමේ සහ රැකියා කිරීමේ වගකීම ඉවත් කරමින් ඇයට නිසි අයිතිය පිරිනැමීමටත් ආගම පැමිණියේය. එය කෙතරම් ද යත් තම සැමියාට වුව ද බටහිර රටවල මෙන් ඇගේ ස්වාමියා ඇයගේ මුදල් ඇය සමඟ බෙදා ගැනීමේ ක්‍රමය ද අහෝසි කරමින් ඉස්ලාමය ඇයට ගෞරවය කළේය. එසේම දෙවියන් පිරිමියාට දරු ප්‍රසූතියේ වේදනාව දරා ගැනීමට ශක්තිය ලබා දුන්නේ නැත. නමුත් උදාහරණයක් ලෙස කඳු නැගීමේ හැකියාව ඔහු ඔහුට ලබා දී ඇත.
කාන්තාවක් කඳු නගින්නට, වැඩ කරන්නට, වෙහෙස මහන්සි වී සේවය කරන්නට කැමති වී පිරිමියෙකුට මෙන් ඇයට එය කළ හැකි යැයි ඇය ප්‍රකාශ කරන්නේ නම්, ඇයට එය කළ හැකි වුව ද අවසානයේ දරුවන් බිහි කරන්නේද, ඔවුන් රැකබලා ගෙන මව්කිරි දෙන්නේ ද ඇයයි. මේ සෑම අවස්ථාවක පිරිමියෙකුට මේවා කළ නොහැකි අතර මෙය ඇය කෙරෙහි පවතින ද්විත්ව උත්සාහයකි. එය ඇයට වළක්වා ගත හැකිව තිබුණි.
බොහෝ අය නොදන්නා කරුණක් නම්, මුස්ලිම් කාන්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තම අයිතිවාසිකම් ලබා ගැනීමටත් ඉස්ලාමයේ ඇති අයිතිවාසිකම් අත්හැරීමටත් අපේක්ෂා කළේ නම් එය ඇයට පාඩුවක් වනු ඇත. මන්ද ඇය ඉස්ලාමයේ අයිතිවාසිකම් සම්භාරයක් භුක්ති විදින බැවිනි. සියල්ලන්හට සතුට ගෙන දෙන අයුරින් පුරුෂයා සහ ස්ත්‍රිය නිර්මාණය කරන ලද ඒකාබද්ධතාවය ඉස්ලාමය සාක්ෂාත් කර ගනී.
ඉස්ලාමය බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, පිරිමි සහ ගැහැණු උපත ලබන්නේ ආසන්න වශයෙන් සමාන අනුපාතයකිනි. විද්‍යාත්මකව දන්නා කරුණක් නම් පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන්ට දිවි ගලවා ගැනීමේ සහ පැවැත්මේ අවස්ථා වැඩි බවයි. යුද්ධවලදී පිරිමින් මිය යෑමේ ප්‍රතිශතය කාන්තාවන්ට වඩා වැඩිය. කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු කාලය පිරිමින්ට වඩා වැඩි බව විද්‍යාත්මකව ද හඳුනන කරුණකි. මේ නිසා ලෝකයේ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමි වැන්දඹුවන්ට වඩා වැඩිය. මේ අනුව, ලෝකයේ කාන්තා ජනගහනය පිරිමි ජනගහනයට වඩා වැඩි බව අපි නිගමනය කරමු. ඒ අනුව සෑම පිරිමියෙකුම එක් භාර්යාවකට සීමා කිරීම ප්‍රායෝගිකව නුසුදුසු විය හැකිය.
බහු භාර්යා සේවනය නීත්‍යානුකූලව තහනම් කර ඇති සමාජවල, පුරුෂයෙකුට විවාහයෙන් පරිබාහිර සේවිකාවන් සහ අන්‍ය සබඳතා කිහිපයක් තිබීම සාමාන්‍ය දෙයක් බව අපට පෙනී යන අතර මෙය බහු විවාහයක් ව්‍යංගයෙන් පිළිගැනීමකි. නමුත් එය ඔවුන්ට නීති විරෝධී ය. මෙය ඉස්ලාමයට පෙර පැවති ප්‍රචලිත තත්වයයි. ඉස්ලාමය පැමිණියේ එය නිවැරදි කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සහ අභිමානය ආරක්ෂා කිරීමටත්, ඇයටත් ඇයගේ දරුවන්ටත් ගෞරවය හා අයිතිවාසිකම් ඇති ඇගේ සැමියාට ආදරණීය බිරිඳක් බවට පත් කිරීමටත්ය.
විවාහයකින් තොරව අනියම් සබඳතා පිළිගැනීමට හෝ සමලිංගික විවාහයකින් සබඳතා පිළිගැනීම, එසේම පැහැදිලි භාරකරුවන් නොමැතිව සබඳතා පිළිගැනීමට හෝ පියවරුන් නොමැතිව දරුවන් පිළිගැනීම පවා මෙම සමාජවලට කිසිදු ගැටලුවක් නොවීම පුදුමයට කරුණකි. කෙසේ නමුත් පිරිමියෙකුට නිත්‍යානුකූල විවාහයකින් එක් ස්ත්‍රියකට වඩා වැඩි වීම ඔවුන් පිළිගන්නේ නැත. ඉස්ලාම් මේ කාරණය සම්බන්ධයෙන් ඥානවන්ත පිළිවෙතක් අනුගමනය කර ඇති අතර කාන්තාවන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් යුක්තිය සහ හැකියාව පිළිබඳ කොන්දේසිය සපුරා ඇති අවස්ථාවක පුරුෂයකුට භාර්යාවන් හතරකට වඩා අඩු සංඛ්‍යාවක් සිටින තාක් කල් ඔහුට බහු භාර්යාවන් ඇති කර ගැනීමට අවරසය ඇත. එමෙන්ම අවිවාහක ස්වාමිපුරුෂයෙකු සොයා නොගත්, විවාහක පිරිමියෙකු සමඟ විවාහ වීම හැර වෙනත් විකල්පයක් නොමැති හෝ අනියම් බිරිඳක් ලෙස බල කිරීමට ලක්වන කාන්තාවන්ගේ ප්‍රශ්නයට මෙය පිළියමක් වේ.
ඉස්ලාම් බහු භාර්යා විවාහයට අවසර දී ඇතත්, මුස්ලිම්වරයෙකුට කාන්තාවන් එකකට වඩා විවාහ වීමට බල කෙරෙන බව සමහරුන් තේරුම් ගෙන ඇති පරිදි එය නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගත ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් පමණක් විය යුතුය..." (අන්-නිසා: 3) (208) (අන්-නිසා: 3)
යුක්තිය පසිඳලීමේ කොන්දේසිය සපුරා නොමැති විටෙක, එක් භාර්යාවක් පමණක් විවාහ කර ගත යුතු බව පවසන ලොව එකම ආගමික ග්‍රන්ථය අල් කුර්ආනයයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය." (අන්-නිසා: 129) (209) (අන් නිසා: 129)
සෑම අවස්ථාවකදීම, තම ස්වාමිපුරුෂයාගේ එකම බිරිඳ වීමේ කොන්දේසිය, විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ සඳහන් කිරීමෙන් කාන්තාව එහි උරුමය ලබනු ඇත. මෙය පිළිපැදිය යුතු මූලික කොන්දේසියකි. එය අහෝසි කිරීම සුදුසු නැත.
පිරිමියෙකුට හිමි අයිතිය මෙන් පුරුෂයන් හතර දෙනෙකු සමග එකවර විවාහ වීමට කාන්තාවකට අයිතියක් නැත්තේ ඇයි?
නූතන සමාජයේ බොහෝ විට නොසලකා හරින එක් ඉතා වැදගත් කරුණක් වන්නේ ඉස්ලාම් පුරුෂයින්ට ලබා නොදුන් කාන්තාවන්ට ලබා දී ඇති අයිතියයි. පිරිමියෙකු තම විවාහය සීමා කරන්නේ අවිවාහක කාන්තාවන්ට පමණි. ඒ අතර කාන්තාවකට විවාහක හෝ අවිවාහක පුරුෂයෙකු හා විවාහ විය හැකිය. මෙය සැබෑ පියාට දරුවන්ගේ පරම්පරාව සහතික කිරීම සහ ඔවුන්ගේ පියාගෙන් දරුවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා ය. කෙසේ වෙතත්, සාධාරණත්වය සහ හැකියාව යන කොන්දේසි සපුරා ඇත්නම්, විවාහක පුරුෂයෙකුට භාර්යාවන් හතරකට වඩා අඩු සංඛ්‍යාවක් සිටින තාක් කල්, ඉස්ලාම් ස්ත්‍රියකට විවාහ වීමට අවසර දෙයි. එබැවින් කාන්තාවන්ට පිරිමින් අතරින් තෝරා ගැනීමට වැඩි ඉඩක් ඇත. මේ සැමියා තම අනෙක් බිරිඳට සලකන ආකාරය හඳුනා ගෙන ඔහුගේ ආචාර ධර්ම පිළිබඳ වටහා ගෙන විවාහ ගිවිසුමට පිවිසීමට ඇයට අවස්ථාව තිබේ.
අනික විද්‍යාවේ දියුණුවත් සමග DNA පරීක්ෂා කර දරුවන්ගේ අයිතීන් සුරැකීමේ හැකියාව අපි පිළිගත්තත්, ඔවුන් ලෝකයා වෙත ගිය විට, ඔවුන්ගේ මව්වරු හා පියවරු මෙම පරීක්ෂණ හරහා හඳුනා ගන්නේ නම් ඔවුන්ගේ වරද කුමක් ද? ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක තත්ත්වය කෙබඳු වනු ඇත්ද? පසුව ගැහැනියක් පිරිමි හතර දෙනෙකුට බිරිඳකගේ භූමිකාව තමන්ට තියෙන මේ චංචල මනෝභාවයෙන් රඟපාන්නේ කෙසේ ද? ඊට අමතරව ඇයට එකවර පුරුෂයන් කිහිප දෙනෙකු සමඟ ඇති සම්බන්ධය නිසා ඇති වන රෝග වලට ද මුහුණ දෙන්නට සිදු වේ.
ඉස්ලාමයේ පිරිමින් කාන්තාවන් භාරව සිටින්නේ ඇයි?
ගැහැනියක කෙරෙහි පිරිමියෙකුගේ භාරකාරත්වය ස්ත්‍රියට ගෞරවයක් සහ පිරිමියාට වගකීමක් මිස අන් කිසිවක් නොවේ. එනම් ඔහු ඇගේ කටයුතු රැකබලා ගැනීම සහ ඇගේ අවශ්‍යතා සපුරාලීමයි. මිහිමත වෙසෙන සෑම කාන්තාවක්ම ආශා කරන රැජිනගේ භූමිකාව මුස්ලිම් කාන්තාවන් විසින් ඉටු කරනු ලබයි. ගෞරවනීය රැජිනක් වීම ද හෝ පාර අයිනේ වෙහෙස මහන්සි වී වැඩ කරන්නියක් වීම ද යන අවශ්‍ය දේ තෝරා ගන්නේ බුද්ධිමත් කාන්තාව ය.
සමහර මුස්ලිම් පිරිමින් මෙම භාරකාරත්වය වැරදි ලෙස ගසා කෑ බව අප පිළිගතහොත්, මෙය භාරකාර ක්‍රමය ගැන දොස් පැවරිය හැක්කක් නොවේ. නමුත් එය වැරදි ලෙස භාවිතා කරන තැනැත්තන්ගේ දෝශයකි.
ඉස්ලාමයේ පිරිමියෙකුට ලැබෙන ප්‍රමාණයෙන් අඩක් කාන්තාවකට උරුම වන්නේ ඇයි?
ඉස්ලාමයට පෙර, කාන්තාවන්ට උරුමය අහිමි වූ අතර, ඉස්ලාමය පැමිණි විට, ඔවුන් උරුමයට ඇතුළත් කර ගනු ලැබීය. ඔවුන් පිරිමින්ට වඩා වැඩි හෝ සමාන කොටස් පවා ලබා ගනිති. සමහර අවස්ථාවල පිරිමින්ට නොලැබෙන උරුමය ඔවුන්ට උරුම විය හැකිය. තවත් අවස්ථාවල දී ඥාතිත්වයේ සහ පෙළපතේ මට්ටම අනුව පිරිමින් ගැහැණුන්ට වඩා ඉහළ අනුපාත ලබා ගනී. ශුද්ධ වූ අල්-කුර්ආනය මෙසේ කතා කරයි:
"අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියෙකු සතු කොටස කාන්තාවන් දෙදෙනෙකු සතු කොටස මෙන් සමාන විය යුතු යැයි උපදෙස් දෙන්නේය..." (අන්-නිසා: 11) (210) (අන්-නිසා: 11)
වරක් මුස්ලිම් කාන්තාවක් තම සැමියාගේ පියා මිය යන තුරුම තමන් මේ කාරණය තේරුම් නොගෙන දුක් විඳිමින් සිටි බවත්, තම සොහොයුරියට ලැබුණු මුදල මෙන් දෙගුණයක් තම සැමියාට උරුම වූ බවත් පැවසුවාය. ඔහු තමාට නොතිබූ මූලික අවශ්‍යතා ලෙස සැලකූ මෝටර් රථයක් සහ පෞද්ගලික නිවසක් තම පවුලේ අය වෙනුවෙන් මිලදී ගත්තේය. ඔහුගේ සොහොයුරිය තමාට ලැබුණු මුදලින් ස්වර්ණාභරණ මිලදී ගෙන ඉතිරි මුදල් බැංකුවේ ඉතිරි කළේ තම සැමියාට නිවාස සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීමට සිදුවන බැවිනි. මේ මොහොතේ, මෙම තීන්දුව පිටුපස ඇති ප්‍රඥාව මට වැටහුණු අතර මම දෙවියන්ට ස්තූති කළෙමි.
බොහෝ සමාජවල කාන්තාවන් තම පවුල රැකබලා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළත්, මෙහි උරුමය පිළිබඳ රීතිය වලංගු නොවේ. මක්නිසාද යත්, උදාහරණයක් ලෙස, මෙහෙයුම් උපදෙස් අනුගමනය නොකිරීමෙන් දුරකථනයේ හිමිකරු විසින් ඇති කරන ලද ඕනෑම ජංගම දුරකථනයක දෝෂයක්, මෙහෙයුම් උපදෙස්වල දූෂණය පිළිබඳ සාක්ෂි නොවේ.
පුරුෂයෙකුට ගැහැනියකට පහර දීමට ඉස්ලාම් දහම අවසර දුන්නේ ඇයි?
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ජීවිතයේ තම බිරියකට කිසි දිනෙක පහර දී නැත. පහර දීම ගැන කතා කළ කුර්ආන් වාක්‍යයට අනුව, එයින් අදහස් කරන්නේ අකීකරු වූ විට තුවාල කිරීමකින් තොරව සුළුවෙන් පහර දීමයි. මෙම ආකාරයේ පහර දීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනාත්මක නීතියේ විස්තර කර ඇත්තේ යම් අවස්ථාවක ශරීරයේ කිසිදු සළකුණක් ඉතිරි නොවන පරිදි අවසර ලත් පහර දීමක් ලෙසය. එයට වඩා විශාල අනතුරක් වැලැක්වීම සඳහා එසේ භාවිතා කරනු ලැබේ. එය යමෙකු තම පුතාට විභාග කාලය අතපසු නොවන පරිදි ඔහු ව ගැඹුරු නින්දකින් අවදි කරන අවස්ථාවේ ඔහුගේ උරහිස සොලවාලීම වැනි ය.
ජනේලයක් අයිනක හිටගෙන විසිවෙන්නට බලන තම දුවක් දකින තැනැත්තෙකු ගැන සිතා බලමු. ඔහු තම දෑත් අකමැත්තෙන් වුව ද ඇය දිහාවට යොමු කර ඇයට හානියක් නොවන පරිදි අල්ලා පස්සට තල්ලු කරයි. පහර දීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ස්වාමිපුරුෂයා තම නිවස විනාශ කිරීමෙන් සහ ඇගේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමෙන් වැළැක්වීමට උත්සාහ කරනු ඇත.
මෙම පාඨයේ සඳහන් පරිදි එය ගෙන එනු ලබනුයේ අදියර කිහිපයකින් පසුවය.
"...ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය." (අන්-නිසා: 34) (211) (අන්-නිසා: 34)
සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ දුර්වලතා සැලකිල්ලට ගෙන සැමියා ඇය සමඟ අයුතු ලෙස හැසිරෙන්නේ නම් අධිකරණයේ පිහිට පැතීමට ඉස්ලාම් ඔවුන්ට අයිතිය ලබා දී ඇත.
ඉස්ලාමයේ විවාහ සබඳතාවයේ මූලික මූලධර්මය වන්නේ එය ආදරය, සැනසුම සහ කරුණාව මත පදනම් වීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත." (අර්-රූම්: 21) (212) (අර්-රූම්: 21)
ඉස්ලාමය කාන්තාවන්ට ගෞරව කළේ කෙසේද?
වෙනත් ප්රතිපත්තිවල සඳහන් වන්නාක් මෙන් ආදම්ගේ පාපයේ බරින් ඔවුන්ව නිදහස් කරන විට ඉස්ලාමය කාන්තාවන්ට ගෞරව කළේය. ඒ වෙනුවට ඉස්ලාමය ඇගේ තත්වය ඉහළ නැංවීමට උනන්දු විය.
ඉස්ලාමයේ, අල්ලාහ් ආදම්ට සමාව දුන්නේය. ජීවිත කාලය පුරාවටම පව් කළ විට ඔහු වෙත ආපසු යොමු වන ආකාරය අපට උගන්වා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
"පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තය. (අල්-බකරා: 37) (213) (අල්-බකරා: 37)
ක්‍රිස්තු තුමාගේ මව වන මරියා තුමිය, ශුද්ධ අල් කුර්ආනයේ නම සඳහන් කර ඇති එකම කාන්තාව වේ.
අල්-කුර්ආනයේ සඳහන් සබා හි රැජින වන බල්කිස් සහ සුලෙයිමාන් (සලමොන්) නබිතුමා සමඟ ඇගේ කතාව වැනි බොහෝ කථා වල කාන්තාවන් ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. එය ඇගේ විශ්වාසයෙන් හා ලෝක ස්වාමියාට යටත් වීමෙන් අවසන් විය. ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වී ඇත.: "නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත." (අන්-නම්ල්: 23) (214) (අන්-නම්ල්: 23)
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කාන්තාවන් සමග සාකච්ඡා කොට බොහෝ අවස්ථාවන්හිදී ඔවුන්ගේ අදහස් ලබා ගත් බව ඉස්ලාමීය ඉතිහාසය අපට පෙන්වා දෙයි. තම නිවසේ යාඥා කිරීම වඩාත් සුදුසු බව දැන ද විනීත භාවය පිළිපදින්නේ නම්, කාන්තාවන්ට පිරිමින් මෙන් මුස්ලිම් පල්ලිවලට යාමට ද අවසර ලැබුණි. කාන්තාවන් පිරිමින් සමඟ යුද්ධවලට සහභාගි වූ අතර හෙද කටයුතුවලට සහාය දැක්වූහ. ඔවුන් වාණිජ ගනුදෙනුවලට ද සම්බන්ධ වූ අතර අධ්‍යාපන හා දැනුම යන ක්ෂේත්රවල ද නිරත වූහ.
කාන්තා බිළිඳු ඝාතනය තහනම් කර කාන්තාවන්ට ස්වාධීන පෞරුෂයක් නියම කළ ඉස්ලාමය, පුරාණ අරාබි සංස්කෘතීන් හා සසඳන විට කාන්තාවන්ගේ තත්ත්වය බෙහෙවින් වැඩි දියුණු කර ඇත. කාන්තාවන්ට මහර් අයිතිය ආරක්ෂා කර ඇති අතර, ඔවුන්ගේ උරුම අයිතිවාසිකම් සහ පුද්ගලික දේපල සඳහා ඇති අයිතිය සහ ඔවුන්ගේම මුදල් කළමනාකරණය කිරීම සහතික කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වඩාත් පූර්ණතම අය වනුයේ ඔවුන් අතර සිටින ගතිගුණවලින් වඩාත් අලංකාර අය වෙති. නුඹලා අතර උතුම් වනුයේ තම බිරියන්ට වඩාත් උතුම් වන අය වෙති." (215) ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“නියත වශයෙන්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම්වරියන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ද අවනත වන්නන් හා අවනත වන්තියන් ද සත්‍යවාදීන් හා සත්යවාදිනියන් ද ඉවසිලිවන්තයින් හා ඉවසිලි වන්තියන් ද බියබැතිමත් වන්නන් හා බියබැතිමත් වන්නියන් ද පරිත්‍යාගශීලීන් හා පරිත්‍යාග ශීලිනියන් ද උපවාසය රකින්නන් හා උපවාසය රකින්නියන් ද තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන්නන් හා ආරක්ෂා කරන්නියන් ද අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් ද අල්ලාහ් ඔවුනට සමාව හා මහත් ප්‍රතිඵල සූදානම් කර ඇත.” (අල්-අහ්සාබ්: 35) (216) (අල් අහ්සාබ්: 35)
"අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් නුඹලා ගෙන යනු පිණිස (ඔවුන් විවාහයක් සිදු කර ගැනීමෙන්) නුඹලා ඔවුන් ව නොවළක්වනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (අන්-නිසා: 19) (අන්-නිසා: 19)
"අහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය." (අන්-නිසා: 1) (218) (අන්-නිසා: 1)
"යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු." (අන්-නහ්ල්: 97) (219) (අන් නහ්ල්: 97)
"...ඔවුන් නුඹලාට වස්ත්‍ර (මෙන්) වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර (මෙන්) වේ..." (අල්-බකරා: 187) (200) (අල්-බකරා: 187)
"නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත." (අර්-රූම්: 21) (221) (අර්-රූම්: 21)
"(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු! ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නොදී ඔවුන් ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුක ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය." (127) "කාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නොවේ. සමතය ශ්‍රේෂ්ඨය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්තය." (අන්-නිසා: 127,128) (222) (අන්-නිසා: 127,128)
සර්වබලධාරී අල්ලාහ් පිරිමින්ට අණ කළේ කාන්තාවට පවුල කෙරෙහි මූල්‍යමය බැඳීමක් නොමැතිව කාන්තාවන් වෙනුවෙන් වියදම් කර ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරන ලෙසයි. එමෙන්ම ඉස්ලාමය කාන්තාවගේ පෞරුෂය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ඇති අතර, තම ස්වාමිපුරුෂයා සමඟ සම්බන්ධ වූ පසුව පවා ඇගේ පවුලේ නම තබා ගැනීමට ඇයට ඉඩ සලසයි.
ජේසු ක්‍රිස්තු තුමා අනාචාරයට සමාව දෙන අතරේ මුහම්මද් නබිතුමා අනාචාරයට දඬුවම් නියම කළේ ඇයි?
අනාචාරයේ අපරාධයට දැඩි දඬුවම් දීමට යුදෙව් ආගම, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් අතර සම්පූර්ණ එකඟතාවයක් ඇත. [223]. (පරණ ගිවිසුම, ලෙවී කථාව 20:10-18).
ක්‍රිස්තියානි ධර්මය තුළ, ක්‍රිස්තුන් වහන්සේ කාමමිථ්‍යාචාරයේ අරුත අවධාරණය කළ අතර, එය භෞතික, ප්රත්යක්ෂ ක්‍රියාවකට සීමා නොකර එය සදාචාරාත්මක සංකල්පයකට මාරු කළේය. [224]. ක්‍රිස්තියානි ධර්මය අනාචාරයේ යෙදෙන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර ගැනීම තහනම් කර ඇති අතර, ඉන් පසුව ඔවුන්ට නිරයේ සදාකාලික වධහිංසා පැමිණවීම හැර වෙනත් විකල්පයක් නොමැත. [225]. මේ ජීවිතයේදී සල්ලාලයන්ට දඬුවම් කිරීම මෝසෙස්ගේ නීතිය මගින් තීරණය කරන ලදී. එනම් ගල් ගසා මැරීම. [226]. (නව ගිවිසුම, මතෙව් 5: 27-30). (නව ගිවිසුම, 1 කොරින්ති 6:9-10). (නව ගිවිසුම, යොහන් 8:3-11).
අද, බයිබල් විශාරදයන් පිළිගන්නේ ජේසු ක්‍රිස්තු තුමා අනාචාරයේ යෙදෙන ස්ත්‍රියට සමාව දීමේ කතාව, ඇත්ත වශයෙන්ම යොහන් ශුභාරංචියේ පැරණිතම පිටපත්වල නොපවතින නමුත් එය පසුව එයට එකතු කරන ලද බවයි. නූතන පරිවර්තන සනාථ කරන්නේ මෙයයි. [227]. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජේසු ක්‍රිස්තු තුමා තමාට පෙර සිටි මෝසෙස්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ ව්‍යවස්ථාව අහෝසි කිරීමට නොපැමිණි බවත්, ලූක්ගේ සුවිශේෂයේ සඳහන් වන පරිදි මෝසෙස්ගේ නීතියෙන් කිසියම් යමක් වැටීමට වඩා ඔහුට අහසේ හා පොළොවේ ඉවත් කිරීම පහසු බවත් ක්‍රිස්තු තුමා සිය කැඳවීම ආරම්භයේදීම ප්‍රකාශ කර තිබීමයි. [228] එබැවින් කාමමිථ්‍යාචාරී ස්ත්‍රියට දඬුවම් නොකර අත්හැරීමෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව අහෝසි කිරීමට ක්‍රිස්තුස් වහන්සේට නොහැකි විය. https://www.alukah.net/sharia/ 0/82804/ (නව ගිවිසුම, ලූක් 16:17).
දඬුවම ක්‍රියාත්මක වන්නේ, අනාචාරයේ සිද්ධිය පිළිබඳ විස්තරයක් සහිතව, සාක්ෂිකරුවන් හතර දෙනෙකුගේ සාක්ෂි හරහා එය සිදුවීම සනාථ කිරීම තුළිනි. පිරිමියෙකු කාන්තාවක් සමඟ එක ස්ථානයක සිටීමෙන් පමණක් එය ක්‍රියාත්මක වන්නේ නැත. එක් සාක්ෂිකරුවෙකු හෝ ඔහුගේ සාක්ෂිය ඉල්ලා අස්කර ගන්නේ නම්, දඬුවම නතර කරනු ඇත. මෙය ඉතිහාසය පුරා ඉස්ලාමීය නීතියේ අනාචාරයට අදාළ දණ්ඩ නීතිය ක්‍රියාත්මක කිරීමේ හිඟකම සහ දුර්ලභත්වය පැහැදිලි කරයි. මන්ද එය මේ ආකාරයෙන් හැර ඔප්පු කර නොමැති අතර මෙය දුෂ්කර කාරණයක් වේ. අපරාධකරුගේ පාපොච්චාරණයෙන් හැර එය කළ නොහැකි තරම්ය.
අනාචාරයට අදාළ දඩුවම ක්‍රියාත්මක වන්නේ වැරදිකරුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ පාපොච්චාරණය මත පදනම්වය. - සාක්ෂිකරුවන් හතර දෙනාගේ සාක්ෂි මත පදනම්ව නොවේ.- එවිට ඔහුගේ අපරාධය පාපොච්චාරණය නොකළ දෙවන පාර්ශවයට දඬුවමක් නොවනු ඇත.
අල්ලාහ් තව්බා නොහොත් පසුතැවිලි වීමේ දොරටුව විවෘත කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව කෙටි කළකින් පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය." (අන්-නිසා: 17) (229) (අන්-නිසා: 17)
"කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත." (අන්-නිසා: 110) (230) (අන්-නිසා: 110)
"(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත." (අන්-නිසා: 28) (231) (අන්-නිසා: 28)
ඉස්ලාම් සහජ මානව අවශ්‍යතාවය පිළිගනී. කෙසේ වෙතත්, ඔහු මෙම සහජ චේතනාව තෘප්තිමත් කිරීමට නීත්‍යානුකූල මාර්ගයෙන් ක්‍රියා කරයි: එය විවාහයේ මාර්ගයයි. ඔහු ඉක්මන් විවාහයක් ඉල්ලා සිටින අතර, විශේෂ තත්වයන් එය සම්පූර්ණ කිරීමට බාධා කරන්නේ නම් භාණ්ඩාගාරයෙන් එය සම්පූර්ණ කිරීමට උපකාර කරයි. දුරාචාරය පැතිරවීමේ සියලු ක්‍රමවලින් සමාජය පිරිසිදු කිරීමටත්, ශක්තිය වැය කර යහපත සඳහා යොමු කරන උසස් ඉලක්ක තැබීමටත්, අල්ලාහ්ට සමීපවීමෙහි විවේක කාලය ගත කිරීමටත් එය උනන්දු කරවයි. මේ සියල්ල කාම මිථ්‍යාචාරයේ අපරාධය සාධාරණීකරණය කිරීම වළක්වයි. කෙසේ වෙතත්, අපරාධකරු ප්‍රසිද්ධියේ තම ක්‍රියාව සිදු කර ඇති අවස්ථාවක හැර සාක්ෂිකරුවන් හතර දෙනෙකුගේ පැමිණීම කලාතුරකින් සිදු වන බව මතක තබා ගනිමින් දුරාචාර ක්‍රියාව සාක්ෂිකරුවන් හතර දෙනෙකුගේ සාක්ෂියෙන් ඔප්පු වන තුරු දඬුවම් නියම කිරීම ඉස්ලාමය ආරම්භ නොකරයි. ඔහු මේ දරුණු දඬුවමට සුදුසුකම් ලබනුයේ එමගිනි. කාමමිථ්‍යාචාරය රහසිගතව හෝ ප්‍රසිද්ධියේ කළත් එය මහා පාපයක් බව දැනගත යුතු වේ.
බලහත්කාරයෙන් තොරව - ස්වේච්ඡාවෙන් පාපොච්චාරණය කළ කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, තමාට අදාළ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි අතර, ඇය අනාචාරයේ ප්‍රතිඵලයක් ලෙස ගැබ්ගෙන සිටියාය. එබැවින් අල්ලාහ්ගේ දූතයාණෝ ඇගේ භාරකරු කැඳවා: ඇයට කරුණාවන්ත වන්න" යැයි පැවසූහ. මෙය ෂරියා හි පරිපූර්ණත්වය සහ මැවුම්කරුගේ දයාවේ පරිපූර්ණත්වය පෙන්නුම් කරයි.
එවිට දූතයාණෝ ඇයට මෙසේ කීහ: "ඔබ දරුවා ප්‍රසූත කරන තුරු ආපසු යන්න." ඇය ආපසු පැමිණි විට, එතුමාණෝ ඇයට මෙසේ කීහ: "ඔබේ පුතාට කිරි දී පෝෂණය කරන තුරු ආපසු යන්න." දූතයා වෙත දරුවා කිරි වැරීමෙන් පසු නැවත පැමිණීම සඳහා ඇයට කළ අවධාරණය මත පදනම් ව, එතුමාණෝ ඇයට දඬුවම නියම කළහ: ඇය පසුතැවිලි වූවාය. එය නගරයේ මිනිසුන් හැත්තෑ දෙනෙකුට බෙදා දුන්නේ නම්, ඔවුන්ට එය ප්‍රමාණවත් වනු ඇත.
දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව, මෙම උතුම් ස්ථාවරයෙන් ප්‍රකාශ විය.
මැවුම්කරුගේ යුක්තිය:
සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්මය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
මිනිසුන් අතර යුක්තිය ඉටු කිරීම සහ කිරුම් මිණුම්හි සාධාරණත්වය තහවුරු කිරීම සඳහා ඉස්ලාම් ඇරයුම් කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු ඇති නොකරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසීය." (අල්-අඃරාෆ්: 85) (232) (අල් අඃරාෆ්: 85)
“අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණ ව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නොකිරීමට නුඹලා ව නොපොළඹවිය යුතුය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීපය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්තය.” (අල්-මාඉදා: 8) (අල් මාඉදා: 8)
"පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය." (අන්-නිසා: 58) (234) (අන් නිසා:58)
"නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි." (අන්-නහ්ල්: 90) (235) (අන් නහ්ල්: 90)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස." (අන්-නූර්: 27) (236) (අන්-නූර්: 27)
"නමුත් එහි කිසිවකු හෝ නුඹලා නොදුටුවෙහු නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවනු. නුඹලා හැරී යනු යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. තවද නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය." (අන්-නූර්: 28) (237) (අන්-නූර්: 28)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා වෙත දුෂ්ඨයෙකු යම් පුවතක් ගෙන ආවේ නම්, නුඹලා නොදැනුවත් ව පිරිසකට හානියක් සිදු කර පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු." (අල්-හුජුරාත්: 6) (238) (අල්-හුජුරාත්: 6)
"දේවත්වය විශ්වාසව කරන්නන් අතරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය නැඹුරු වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි." (අල්-හුජ්රාත්: 9) (239) (අල්-හුජ්රාත්: 9)
"නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු." (අල්-හුජ්රාත්: 10) (240) (අල් හුජ්රාත්: 10)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතර දොස් නොකියනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල් හුජ්රාත්: 11) (241) (අල් හුජ්රාත්: 11)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! බොහෝ අනුමානයන්ගෙන් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන පාපතරය. තවද නුඹලා ඔත්තු නොබලනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය." (අල් හුජ්රාත්: 12) (242) (අල් හුජ්රාත්: 12)
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “තමන් කැමති දෑ තම සහෝදරයා වෙනුවෙන් ද කැමති වන තෙක් ඔබ අතරින් කිසිවකු විශ්වාස කරන්නෙකු නොවන්නේය.”(243) බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.
ඉස්ලාමයේ අයිතිවාසිකම්
වහල්භාවය පිළිබඳ ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
ඉස්ලාමයට පෙර වහල්භාවය මිනිසුන් අතර ක්‍රියාත්මක වූ ක්‍රමයක් වන අතර එය සීමාවන් රහිත විය. වහල්භාවයට එරෙහි ඉස්ලාම් සටනේ අරමුණ වූයේ සමස්තයක් ලෙස සමාජයේ දෘෂ්ටිය සහ මානසිකත්වය වෙනස් කිරීම වන අතර එමඟින් වහලුන් ඔවුන්ගේ විමුක්තියෙන් පසු පෙළපාලි, වැඩ වර්ජන, සිවිල් අකීකරුකම් හෝ වාර්ගික විප්ලවවලින් තොරව සමාජයේ පූර්ණ හා ක්‍රියාකාරී සාමාජිකයන් බවට පත්වනු ඇත. ඉස්ලාමයේ අරමුණ වී ඇත්තේ හැකි ඉක්මනින් සහ සාමකාමී මාර්ගවලින් මෙම පිළිකුල් සහගත පාලනයෙන් මිදීමයි.
සියල්ලන්ටම සහතික කර ඇති නිදහස සහ යුක්තිය යන සීමාවන් තුළ ඉස්ලාම් රාජ්‍ය පාලකයාට සහ පාලනය කරනු ලබන්නාට අයිතිවාසිකම් සහ යුතුකම් පිරිනමා ඇති ආකාරයටම, තම යටත්වැසියන් වහලුන් ලෙස සැලකීමට ඉස්ලාමය ඉඩ දුන්නේ නැත. ආගමික ප්‍රතිකර්ම (වන්දි) හරහා, දානයේ දොරටු විවෘත කිරීම හා ලෝවැසියන්ගේ පරමාධිපති වෙත සමීපවීම සඳහා වහලුන් නිදහස් කර යහපත වෙත ඉක්මන් වීම යනාදිය හරහා වහලුන් ක්‍රමක්‍රමයෙන් නිදහස් වීම සම්පූර්ණ විය.
තම ස්වාමියාගේ දරුවා බිහි කළ කාන්තාව විකුණනු නොලැබූ අතර ස්වාමියාගේ මරණයෙන් පසු ඇයට නිදහස ලැබුණි. පෙර පැවති සියලු සම්ප්‍රදායන්ට පටහැනිව, වහල් කාන්තාවකගේ පුත්‍රයා තම පියා සමඟ එකතු කරමින් ඔහු නිදහස් භාවය ලැබිය යුතු බවට ඉස්ලාම් නීති සම්පාදනය කළේය. එමෙන්ම නිශ්චිත කාල සීමාවක් සඳහා යම් මුදලක් හෝ ශ්‍රමය ගෙවා වහලෙකුට තම ස්වාමියාගෙන් තමාව ආපසු මිලදී ගත හැකි බව ද එය නීත්‍යානුකූල කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු..." (අන්-නූර්: 33) (244) (අන්-නූර්: 33)
ආගම, ජීවිතය සහ වස්තුව ආරක්ෂා කිරීම සඳහා කළ සටන් වලදී, මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිරකරුවන්ට කරුණාවන්ත ලෙස සලකන මෙන් තම සගයන්ට නියෝග කළහ. සිරකරුවන්ට නිශ්චිත මුදල් ගෙවා හෝ දරුවන්ට කියවීමට හා ලිවීමට ඉගැන්වීම තුළින් තම නිදහස ලබා ගැනීමේ පසුබිමක් ඇති කළහ. එමෙන්ම ඉස්ලාමයේ සිරගත ක්‍රමය තුළ දරුවෙකු මවගෙන් හෝ සහෝදරයෙකු සහෝදරයෙකුගෙන් හෝ අහිමි කළේ නැත.
යටත් වන සටන්කරුවන්ට දයාව දක්වන ලෙස ඉස්ලාම් මුස්ලිම්වරුන්ට අණ කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි." (අත්-තව්බා: 6) (245) (අත්-තව්බා: 6)
මුස්ලිම්වරුන්ගේ මුදලින් හෝ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් හෝ ගෙවා වහලුන්ට නිදහස ලබා ගැනීමට උපකාර කිරීමේ හැකියාව ද ඉස්ලාම් විසින් නියම කර ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ ඔහුගේ සගයන් මහජන භාණ්ඩාගාරයේ අරමුදල්වලින් වහලුන් නිදහස් කර ගැනීම සඳහා වන්දි මුදලක් ලබා දුන්හ.
දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නොපවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නොහරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු." (23) "කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!" (අල්-ඉස්රා: 23,24) (246) (අල්-ඉස්රා: 23,24)
"තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේය." (අල්-අහ්කාෆ්: 15) (247) (අල් අහ්කාෆ්: 15)
"තවද සමීප ඥාතිත්වය ඇත්තා හට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නොයවනු." (අල්-ඉස්රා: 26) (248) (අල්-ඉස්රා: 26)
අසල්වැසියාගේ අයිතිය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස වන්තයකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස වන්නියෙකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. මහු විශ්වාස වන්තයෙකු නොවන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ. (249) බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "අසල්වැසියාට තම අසල්වැසියාගේ මැදිහත් වීමට වැඩි අයිතියක් ඇත. (එනම් ගැනුම්කරුට බල කරමින් දේපළ අයිති කර ගැනීමට අසල්වැසියාට ඇති අයිතිය) ඔවුන් දෙදෙනාගේ මාර්ගය එකක් වී නම්, ඔහු නොමැති වුවද, ඔහු එහි එනතුරු බලා සිටිය යුතුය." (250) (මුස්නද් අල් ඉමාම් අහ්මද්)
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “අහෝ අබුදර්! ඔබ ව්‍යංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ටද බෙදා දෙන්න.” (251) මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "යමෙකුට බිම් කැබැල්ලක් තිබී, ඔහු එය විකුණන්නට සිතුවේ නම් එය ඔහුගේ අසල්වැසියාට ඉදිරිපත් කරත්වා!" (සුනන් ඉබ්නු මාජා හි සහීහ් හදීසයකි.)
සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නොවෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති." (අල්-අන්ආම්: 38) (253) (අල්-අන්ආම්: 38)
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "බළලෙකු සම්බන්ධයෙන් ඌ මිය යන තෙක් සිර ගත කළ කාන්තාවක් දඬුවම් ලබා අපා ගින්නට පිවිසුනාය. ඇය ඌට ආහාර පාන ලබා දුන්නේ නැත. මහපොළොවේ ඇති පැලෑටි අනුභව කිරීමට ඇය ඌ අත් නොහැර රඳවා ගත්තාය." බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. බල්ලෙකු පිපාසයෙන් දිව සොලවමින් සිටිනු දුටු මිනිසා ඔහුගේ සපත්තුව ගෙන උගේ පිපාසය සංසිඳුවන තෙක් ඌ වෙනුවෙන් ජලය අදින්නට පටන් ගත්තේය. එබැවින් අල්ලාහ් ඔහුට ස්තුති කර ඔහුව ස්වර්ගයට ඇතුළු කළේය. (255) (බුහාරි හා මුස්ලිම් විසින් මෙම හදීසය වාර්තා කර ඇත.)
අල් කුර්ආනය පාරිසරික ගැටළු ගැන කතා කර තිබේ ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත." (අල්-අඃරාෆ්: 56) (256) (අල් අඃරාෆ්: 56)
"මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය." (අර්-රූම්: 41) (257) (අර්-රූම්: 41)
"ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නොකරන්නේය." (අල්-බකරා: 205) (258) (අල්-බකරා: 205)
"මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත." (අර්-රඃද්: 4) (259) (අර්-රඃද්: 4)
ඉස්ලාම් සමාජ අයිතීන් ආරක්ෂා කරන්නේ කෙසේද?
සමාජීය යුතුකම් සෙනෙහස, කරුණාව සහ අන්‍යයන්ට ගරු කිරීම මත පදනම් විය යුතු බව ඉස්ලාම් අපට උගන්වයි.
ඉස්ලාමය මූලිකංගයන්, සම්මතයන් සහ පාලනයන් තැබුවේය. සමාජය බැඳ තබන සියලු සබඳතාවල අයිතිවාසිකම් සහ යුතුකම් නියම කළේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොකරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (ඔබලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය." (අන්-නිසා: 36) (260) (අන් නිසා:36)
"...නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන." (අන්-නිසා: 19) (261) (අන්-නිසා: 19)
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය." (අල්-මුජාදලා: 11) (262) (අල්-මුජාදලා: 11)
ඉස්ලාමය දරුකමට හදා ගැනීම තහනම් කළේ ඇයි?
අනාථ දරුවා රැකබලා ගැනීමට ඉස්ලාම් ඉල්ලා සිටින අතර අනාථ දරුවාගේ ඇපකරුට ඔහු තම දරුවන්ට සලකන ආකාරයටම සලකන ලෙස ද ඉල්ලා සිටියි. නමුත් අනාථයාට ඔහුගේ සැබෑ පවුල දැන ගැනීමට, තම පියාගේ උරුමය සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමට සහ පෙළපත් මිශ්‍ර වීම වැළැක්වීමට අයිතිය රඳවා ඇත.
වසර තිහකට පසු තමන් හදා වඩා ගත් දියණියක් බව අහම්බෙන් දැනගෙන සියදිවි නසාගත් බටහිර තරුණියකගේ කතාව දරුකමට හදා ගැනීමේ නීතියේ දූෂණයට විශාලතම සාක්ෂියයි. ඔවුන් කුඩා කල සිටම ඇයට කීවා නම්, ඔවුන් ඇයට අනුකම්පා කර ඇගේ පවුල සොයා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"මෙලොව හා පරලොව තුළ (සිතන්නට හැකි වනු පිණිස) තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඔවුන්ට (රැක බලාගනිමින්) යහ අයුරින් කටයුතු කිරීම උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්‍ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. යහ අයුරින් කටයුතු කරන්නාගෙන් කලහකරුවා කවරෙකු දැයි අල්ලාහ් හඳුනයි. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව අපහසුතාව ට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්ත ය." (අල්-බකරා: 220) (264) (අල්-බකරා: 220)
"බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන්, අනාථයින්, දුගියන් පැමිණ සිටියේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද ප්‍රිය වදනින් ඔවුනට කතා කරනු. (අන්-නිසා: 8) (265) (අන්-නිසා: 8)
හානියක් හෝ ප්‍රති හානියක් හෝ ඉස්ලාමය තුළ නැත.
ඉස්ලාමයේ මස් සහ බිත්තර පරිභෝජනයට අවසර දී ඇත්තේ ඇයි?
මස් ප්‍රෝටීන් වල අත්‍යවශ්‍ය ප්‍රභවයකි. මිනිසුන්ට පැතලි හා උල් දත් ඇති අතර මෙම දත් මස් හපන්නට සහ ඇඹරීමට යෝග්‍ය අයුරින් නිමවී ඇත. ශාක හා සතුන් ආහාරයට ගැනීට සුදුසු ලෙස අල්ලාහ් මිනිසාට දත් මවා ඇත. ශාක හා සත්ව ආහාර ජීර්ණය කිරීමට සුදුසු ආහාර ජීර්ණ පද්ධතිය නිර්මාණය කර ඇත. ඒවා අනුභව කිරීම පිළිබඳ විශ්ලේෂණයට මෙය සාක්ෂියකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී..." (අල්-මාඉදා: 1) (266) (අල්-මාඉදා: 1)
ආහාර සම්බන්ධයෙන් යම් නීතිරීති සමඟ අල් කුර්ආනය පහළ වී ඇත:
"(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන්ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. නමුත් කවරෙකු බලකිරීමකට ලක්වන්නේද ඔහු සීමාව ඉක්මවීමකින් හා සිය කැමත්තෙන් තොරව (අනුභව) කළ හැක. සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය." (අල්-අන්ආම්: 145) (267) (අල්-අන්ආම්: 145)
"මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ නුඹලාට තහනම් කරන ලදී - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ කෝටු කැබලි මඟින් කුසපත් ඇද පංගු බෙදා ගන්නා දෑ ද නුඹලාට තහනම් කරන ලදී. මේවා පාපීය..." (අල්-මාඉදා: 3) (268) (අල්-මාඉදා: 3)
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
"...තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත." (අල් අඃරාෆ්: 31) (269) (අල්-අඃරාෆ් :31)
ඉබ්නුල් කය්යුම් (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි (270): එබැවින් ආහාර පානවල ශරීරයට ආධාර කරන දේ ඇතුළත් කරන ලෙසත්, එය ප්‍රමාණයෙන් සහ ගුණයෙන් ශරීරයට ප්‍රයෝජනයක් වන ලෙස පිළියෙල කර ගන්නා ලෙසත් ඔහු තම ගැත්තන්හට උපදෙස් දුන්නේය. එමෙන්ම එය ඉක්මවා ගිය විට, එය අතිරික්තයක් වේ. ඒ දෙකම සෞඛ්‍යය වළක්වාලයි. ලෙඩරෝග ගෙන දෙයි. මා අදහස් කරන්නේ ආහාර පාන නොගැනීම හා එහි නාස්තියයි. ඒ නිසා සෞඛ්‍යය ආරක්ෂාව මේ ප්‍රකාශ දෙකේ පිහිටා ඇත. "සාදුල් මආද්" (4/213)
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "...යහපත් දෑ ඔවුනට අනුමත කරයි. කිළිටි දෑ ඔවුන් මත තහනම් කරයි..." (අල්:අඃරාෆ්: 157) (271) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔවුන්ට අනුමත කරනු ලැබුවේ කුමක් දැ යි? ඔවුහු නුඹගෙන් විමසති. (නබිවරය!) පවසන්න, පිවිතුරු යහපත් දෑ අනුමත කරන ලදී..." (අල් මාඉදා: 4) (අල් අඃරාෆ්: 157) (අල්-මාඉදා: 4)
සෑම යහපත් දෙයක්ම හලාල් නොහොත් අනුමතය. සෑම කිලිටි දෙයක්ම හරාම් නොහොත් තහනම්ය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කළ තැනැත්තාගේ ආහාර පානවල තිබිය යුතු දේ පැහැදිලි කර මෙසේ පැවසූහ: මිනිසා තම කුසට වඩා නරක කිසිදු භාජනයක් පුරවන්නේ නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ගැට පෙළට ආධාර කරන දේ අනුභව කිරීම ප්රමාණවත්ය. මෙය කළ නොහැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා, තුනෙන් එකක් බීම සඳහා සහ තෙවනුව ඔහුගේ හුස්ම සඳහා (වෙන් කර ගත යුතුය.) [273]. (ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: "හානියක් හෝ ප්‍රති හානියක් හෝ නැත." [274]. (ඉබ්නු මාජාහ් මෙය වාර්තා කර ඇත.)
ඉස්ලාමයේ සතුන් මැරීමේ ක්‍රමය අමානුෂික නොවේද?
මුවහත් පිහියකින් සතාගේ උගුර සහ ගලනාලය කපා දැමීමේ ඉස්ලාම් ක්‍රමය, එම සතාට වධ හිංසා පමුණුවන විදුලි සැර වැදී හුස්ම හිර කිරීමට වඩා දයාවන්ත ය. මොළයට රුධිර ගමනාගමනය අඩාල වූ විගස සතාට වේදනාවක් දැනෙන්නේ නැත. කපන විට සතාගේ නැගිටීම වේදනාව නිසා නොව, වේගවත් රුධිර ප්‍රවාහය නිසා සිදුවන්නකි. එය සියලු රුධිරය පිටතින් පිටවීමට පහසුකම් සපයයි. මෙම ක්‍රමය මස් අනුභව කරන අයගේ සෞඛ්‍යයට හානි කරන සත්වයාගේ ශරීරය තුළ රුධිරය සිර කරන වෙනත් ක්‍රමවලට ප්‍රතිවිරුද්ධ ක්රමයකි.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. "සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් නුඹලා මරණ දඬුවම පිරිනමන විට මරණ දඬුවම නිසි ලෙස ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳන විට ගෙල සිඳීම නිසි ලෙස ඉටු කරන්න. තවද නුඹලාගෙන් අයකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය." (275) (මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.)
ආහාර පිණිස කපා හරින සතුන්ට මිනිස් ආත්මයක් මෙන් ආත්මයක් නොමැතිද?
සත්ව ආත්මයයි මනුෂ්‍ය ආත්මයයි අතර ලොකු වෙනසක් පවතී. සත්ව ආත්මය ශරීරයේ ගාමක බලවේගයයි. මරණයත් සමග එය වෙන් කළහොත් එය පණ නැති මළ සිරුරක් බවට පත් වෙයි. එය ද එක්තරා විදිහක ජීවිතයකි. එමෙන්ම පැළෑටි සහ ගහකොළවලට ද ජීවයක් ඇත. එය ආත්මයක් ලෙස හැඳින්වෙන්නේ නැත. නමුත් එය ජලය සමඟ එහි කොටස් හරහා ගලා යන ජීවිතයක් ලෙස හැඳින් වේ. එය ද වෙන් කළහොත් එය වියළී වැටේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?..." (අල්-අන්බියා: 30) (276) (අල්-අන්බියා: 30)
නමුත් එය ගෞරවයට හා උදාරත්වය සඳහා අල්ලාහ්ට ආරෝපණය කරන ලද මිනිස් ආත්මය මෙන් නොවේ. එහි ස්වභාවය අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී. එය මිනිසාට පමණක් විශේෂිත වේ. මිනිස් ආත්මය යනු දිව්‍යමය ආඥාවක් වන අතර එහි සාරය මිනිසාට අවබෝධ කර ගැනීමට අවශ්‍ය නැත. එය ශරීරයේ චලන බලය, එයට ඈඳුණු චින්තන ශක්තීන් (බුද්ධිය), අවබෝධය, දැනුම සහ විශ්වාසය යනාදිය ඒකාබද්ධ වූවකි. සත්ව ආත්මය වෙන්කර හඳුනාගත හැකි වන්නේ මෙමගිනි.
මුස්ලිම් ජාතිකයෙක් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?
දෙවියන්ගේ දයාවෙන් සහ කරුණාවෙන් ඔහු අපට හොඳ දේ අනුභව කිරීමට ඉඩ දුන් අතර අපිරිසිදු දේ අනුභව කිරීම අපට තහනම් කළේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට; ඔහුට ගරු කොට; ඔහුට උදව් කර; ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රාහකයෝ." (අල්:අඃරාෆ්: 157) (277) (අල් අඃරාෆ්: 157)
ඉස්ලාම් වැළඳ ගත් සමහරු සඳහන් කරන්නේ තමන් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට හේතුව ඌරා බවයි.
මේ සත්වයා ඉතා අපිරිසිදු බවත්, ශරීරයට බොහෝ රෝග ඇති කරන බවත් ඔවුන් කලින්ම දැන සිටි බැවින්, ඔවුහු එය පරිභෝජනය කිරීමට පිළිකුල් කළහ. ඌරා අපිරිසිදු සතෙකු වන බැවින් හා උගේ මස් සෞඛ්‍යයට අහිතකර බැවින් මුස්ලිම්වරුන්ට ඌරු මස් අනුභව කිරීම තහනම් බව පසුව අවබෝධ වන තුරුම ඔවුන් විශ්වාස කර සිටියේ මුස්ලිම්වරුන් ඌරු මස් අනුභව නොකරන්නේ ඔවුන් ඌ ශුද්ධත්වයට පත් කරන බැවින් හා උෟට නමස්කාර කරන බැවින් ඔවුන්ගේ ග්‍රන්ථයේ තහනම් කර ඇති බව පමණක් ය. පසු ව මේ ආගමේ ශ්‍රේෂ්ඨත්වය ඔවුන්ට ඒ අවස්ථාවේ වැටහිනි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
"ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද, රුධිරය ද, ශූකර මාංශ ද, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කරන ලද දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය." (අල්-බකරා: 173) (278) (අල්-බකරා: 173)
ඌරු මස් පරිභෝජනය තහනම් කිරීම පරණ ගිවිසුමෙත් සඳහන් වී ඇත.
"ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ ඔබ සැමට අපවිත්‍රය. උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් ඔබ සැමට අපවිත්‍රය." [279] (ලෙවී කථාව 11:7-8).
"ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා ඔබ සැමට අපවිත්‍රය. ඔබ සැම උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය." [280] (ද්විතීය කථාව 14:8).
ජේසු ක්‍රිස්තු තුමා විසින් නව ගිවිසුමේ ප්‍රකාශ කරන ලද දෙයට අනුව, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ද ජේසු ක්‍රිස්තු තුමාගේ නීතිය බව දන්නා කරුණකි.
"ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය." [281]. (මතෙව් 5:17-19).
ඒ අනුව යුදෙව් ආගමේ ඌරු මස් අනුභව කිරීම තහනම් කර ඇති පරිදි ක්‍රිස්තියානි ධර්මයේ ද තහනම් කර ඇත.
ඉස්ලාමය පොලී තහනම් කළේ ඇයි?
ඉස්ලාමයේ මුදල් යන සංකල්පය භාණ්ඩ හා සේවා වෙළඳාම සහ හුවමාරු කිරීම, ඉදිකිරීම් සහ නාගරීකරණය සඳහා වේ. මුදල් ඉපැයීමේ අරමුණින් මුදල් ණයට දෙන විට, හුවමාරු කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස අපි මුදල් එහි මූලික අරමුණෙන් ඉවත් කර ඇත. එය අවසානයක් බවට පත් කළේය.
ණයට පනවන ලාභය හෝ පොළිය ණය දෙන්නන්ට දිරිගැන්වීමක් වන්නේ එය පාඩුව දරාගත නොහැකි නිසා වන අතර එම නිසා ණය දෙන්නන් වසර ගණනාවක් පුරා ලබා ගන්නා සමුච්චිත ලාභය දුප්පත් පොහොසත් පරතරය වැඩි කරනු ඇත. මෑත දශක කිහිපය තුළ රජයන් සහ ආයතන විශාල පරිමාණයෙන් මෙම ක්ෂේත්රයට සම්බන්ධ වී ඇති අතර සමහර රටවල ආර්ථික ක්‍රමය බිඳවැටීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම් අපි දැක ඇත්තෙමු. වෙනත් අපරාධවලට කළ නොහැකි ආකාරයට සමාජය තුළ දූෂණය පැතිරවීමට පොලියට බලය ඇත. [282]. ක්‍රිස්තියානි ප්‍රතිපත්ති මත පදනම්ව, තෝමස් ඇක්වයිනාස් පොලී හෝ යම් ප්‍රතිලාභයක් සමඟ ණය ගැනීම හෙළා දුටු අතර, පල්ලියේ විශාල ආගමික හා ලෞකික කාර්යභාරය හේතුවෙන්, පූජකවරුන් අතර එය තහනම් කිරීමට කැපවීමෙන් පසු තම යටත්වැසියන් අතර පොලී තහනම් කිරීම සාමාන්‍යකරණය කිරීමට පල්ලියට හැකි විය. දෙවන සියවසේ තෝමස් ඇක්වයිනාස් ට අනුව පොලී තහනම් කිරීමේ යුක්තිසහගත කිරීම් සම්බන්ධයෙන් ගත් කල, එය පොලී කළ නොහැක්කකි. ණය ගැනුම්කරු මත ණය දෙන්නා බලා සිටීමේ මිල ණය ගැනුම්කරුට ඇති කාලය සඳහා ඕනෑම මිලක් වන්නේ ඔවුන් එම ක්‍රියා පටිපාටිය වාණිජ ගනුදෙනු ලෙස දකින බැවිනි. අතීතයේ දී දාර්ශනික ඇරිස්ටෝටල් විශ්වාස කළේ මුදල් හුවමාරු කිරීමේ මාධ්‍යයක් මිස ප්රතිලාභ එකතු කිරීමේ මාර්ගයක් නොවන බවයි. ප්ලේටෝ සම්බන්ධයෙන් ගත් කල, ධනවතුන් එය සමාජයේ දුප්පත් සාමාජිකයින් මත ක්‍රියාත්මක කළ අතරතුර ඔහු ප්රතිලාභ දුටුවේ සූරාකෑමක් ලෙසය. ග්‍රීකයන්ගේ කාලයේ පොළී ගනුදෙනු ක්‍රියාත්මක විය. තවද මෙම ණය ගෙවීමට නොහැකි වුවහොත් ණයගැතියා වහල් වෙළඳපොලේ විකිණීම ණයහිමියාගේ අයිතිය විය. රෝමවරුන්ට ද එම තත්ත්වය වෙනස් නොවීය. මෙම තහනම ක්‍රිස්තියානි ආගමට සියවස් තුනකට පෙර සිදු වූ බැවින් එය ආගමික බලපෑම්වලට යටත් නොවූ බව සඳහන් කළ යුතුය. බයිබලය එහි අනුගාමිකයන්ට පොලී සම්බන්ධයෙන් කටයුතු කිරීම තහනම් කර ඇති අතර, ඊට පෙර තව්රාතය ද එසේ සිදු කර ඇති බව සලකන්න.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණ කර අනුභව නොකරනු. තව ද නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස." (ආලු ඉම්රාන්: 130) (283) (අල් කුර්ආන්:130)
"තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නෝ." (අර්-රූම්: 39) (284) (අර්:රූම්: 39)
නිදසුනක් වශයෙන්, ලෙවී කථාවේ අපට හමුවන පරිදි, පැරණි ගිවිසුමේ පොලී තහනම් කර ඇත. නමුත් ඒවාට සීමා නොවේ:
ඔබ වෙත ඔබේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාර කරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු ඔබ වෙත වාසය කෙරේවා. ඔබේ සහෝදරයා ඔබ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන ඔබේ දෙවියන්වහන්සේට භයව සිටින්න. ඔබේ මිල පොළියටවත් ඔබේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය. [285]. (ලෙවී කථාව 25:35-37).
අපි පෙර සඳහන් කළාක් මෙන් ජේසු ක්‍රිස්තු තුමා විසින් නව ගිවිසුමේ ප්‍රකාශ කරන ලද දෙයට අනුව, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ද ජේසු ක්‍රිස්තු තුමාගේ නීතිය බව ප්‍රචලිත කරුණකි.
"ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය." [286]. (මතෙව් 5:17-19).
ඒ අනුව යුදෙව් ආගමේ පොළී ගනු දෙනු තහනම් කර ඇති පරිදි ක්‍රිස්තියානි ධර්මයේ ද තහනම් කර ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනයේ පැමිණ ඇත්තේ මෙසේය:
"යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් අවහිර කළ බැවිනි." (160), "තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු." (අන්-නිසා: 160,161) (287) (අන්-නිසා: 160,161)
ඉස්ලාමය මත්පැන් පානය තහනම් කර ඇත්තේ ඇයි?
සර්වබලධාරී අල්ලාහ් විචක්ෂන බුද්ධිය පදනම් කර ගනිමින් මිනිසා අනෙකුත් සියලුම සත්වයන්ගෙන් වෙන්කර ඇත. අපට හානියක් වන සහ අපගේ මනසට සහ අපගේ ශරීරයට හානි කරන දේ අල්ලාහ් තහනම් කර ඇත, ඒ අනුව මත් බව ඇති කරන සෑම දෙයක්ම අපට තහනම් කරන ලදී. මක්නිසාද යත් එය බුද්ධිය ආවරණය කර එයට හානි කර සියලු ආකාරයේ දූෂණයන්ට එය යොමු කරන බැවිනි. සුරාපානයෙන් පෙළ ගැසෙන මහා දුශ්චරිතයෙන් මත් වූ පුද්ගලයා අන් අය මරා දමයි, අනාචාරයේ යෙදෙයි, සොරකම් කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා රිටි මඟින් කුසපත් ඇදීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු." (අල්-මාඉදා 90) (288) (අල්-මාඉදා 90)
මත් ද්‍රව්‍ය යනු එහි නම හෝ ස්වරූපය හෝ නොසලකා මත්බව ඇති කරන සෑම දෙයක්ම වේ. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. "මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ හරාම්(තහනම්)ය." (289) මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
එය තහනම් කර ඇත්තේ පුද්ගලයාට සහ සමාජයට සිදුවන විශාල හානිය පදනම් කරගෙනය.
කිතුනු ආගමේ සහ යුදෙව් ආගමේ ද මත්පැන් තහනම් කර ඇත. නමුත් අද බොහෝ මිනිසුන් මෙය අදාළ කර නොගනී.
"මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි." [290]. (හිතෝපදේශ පොත, 20 වන පරිච්ඡේදය, අංක 1).
"මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය." [291]. (එපීස, 5 වන පරිච්ඡේදය, අංක 18).
සුප්‍රසිද්ධ වෛද්‍ය සඟරාවක් වන "ද ලැන්සෙට්" පුද්ගලයාට සහ සමාජයට වඩාත්ම විනාශකාරී ඖෂධ පිළිබඳ පර්යේෂණ 2010 දී ප්‍රකාශයට පත් කළේය. මෙම අධ්‍යයනය මධ්‍යසාර පාන, හෙරොයින්, දුම්කොළ සහ වෙනත් මත්ද්‍රව්‍ය 20ක් මත පදනම් වූ අතර, පුද්ගලයාට හානි කිරීමට අදාළ නිර්ණායක නවයක් සහ අනෙක් අයට හානි කිරීමට අදාළ නිර්ණායක හතක් ඇතුළුව නිර්ණායක 16ක් මත පදනම්ව ඇගයීමට ලක් කරන ලදී. ඇගයීම් ලකුණු අංශක සියයකින් ලබා දෙන ලදී.
එහි ප්‍රතිඵලය වූයේ පුද්ගල හානිය සහ අන් අයට සිදුවන හානිය යන දෙකම එකට සලකා බැලුවහොත් මධ්‍යසාර සියල්ලටම වඩා හානිකර මත්ද්‍රව්‍ය වන අතර එය පළමු ස්ථානයට පත්ව තිබීමයි.
තවත් අධ්‍යයනයකින් මත්පැන් පරිභෝජනයේ ආරක්ෂිත අනුපාතය ගැන කතා කර මෙසේ පැවසීය.
Zero! යනු මත්පැන් පානය කිරීමෙන් ඇතිවන රෝග සහ තුවාල හේතුවෙන් ජීවිත හානි වළක්වා ගැනීම සඳහා මත්පැන් පරිභෝජනය කිරීමේ ආරක්ෂිත අනුපාතයයි. සුප්‍රසිද්ධ විද්‍යාත්මක සඟරාවක් වන 'ද ලැන්සෙට්' වෙබ් අඩවියේ වාර්තාවක් පර්යේෂකයන් විසින් ප්‍රකාශ කරන ආකාරයයි මේ. මෙම මාතෘකාව පිළිබඳ අධ්‍යයනයේ මේ දක්වා විශාලතම දත්ත විශ්ලේෂණය ඇතුළත් විය. එය 1990 සිට 2016 දක්වා රටවල් 195 ක් නියෝජනය කරමින් ලොව පුරා මිලියන 28 ක ජනතාවක් සමීක්ෂණයට ලක් කළේ මත්පැන් පරිභෝජනයේ ව්‍යාප්තිය සහ ප්‍රමාණයන් (දත්ත මූලාශ්‍ර 694 ක් භාවිතා කරමින්) සහ මත්පැන් වල හානිය හා සෞඛ්‍ය අවදානම සමඟ එම පරිභෝජනයේ සම්බන්ධතාවයයි (පෙර සහ පශ්චාත්-රෝගී අධ්‍යයන 592 සිට ව්‍යුත්පන්න කර ඇත.) ලොව පුරා වාර්ෂිකව මිලියන 2.8 ක මරණ සංඛ්‍යාවක් මත්පැන් නිසා සිදුවන බව ප්‍රතිඵල අනාවරණය විය.
මෙම සන්දර්භය තුළ, පර්යේෂකයන් විසින් අනාගතයේදී එය වෙළඳපොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස වෙළඳපොලේ පැවතීම සහ එහි ප්‍රචාරණය සීමා කිරීම සඳහා මධ්‍යසාර මත බදු පැනවීමේ පියවර ආරම්භ කිරීම නිර්දේශ කළහ. සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔහු පැවසූ විට විශ්වාස කළහ:
“විනිශ්චයකරුවන්ගෙන් ඉතා ප්‍රඥාවන්ත විනිශ්චය කරුවා අල්ලාහ් නොවේද?” (අත් තීන් 95:8) (292.) (අත්-තීන්: 8)
ඉස්ලාමයේ මූලිකාංග
මුහම්මද් නබිතුමා ගෙනා ඉස්ලාමයේ මූලිකාංග මොනවාද?
මැවුම්කරුගේ ඒකීයභාවය ගැන සාක්ෂි දැරීම සහ පිළිගැනීම, ඔහුට පමණක් නමස්කාර කිරීම සහ මුහම්මද් තුමා ඔහුගේ ගැත්තා සහ දූතයා බව පිළිගැනීම.
'සලාත්' යාච්ඤාව තුළින් ලෝක ස්වාමියා සමඟ නිරන්තර සන්නිවේදනය.
උපවාසයේ නියැලීම තුළින් පුද්ගලයෙකුගේ කැමැත්ත සහ ආත්ම දමනය ශක්තිමත් කිරීම සහ අන් අය සමඟ අනුකම්පාව සහ සමගිය පිළිබඳ හැඟීම් වර්ධනය කිරීම.
සකාතය හරහා තම ඉතුරුම්වලින් සුළු ප්‍රතිශතයක් දුප්පතුන් හා අසරණයන් වෙනුවෙන් වැය කිරීම. එය ලෝභකම, මසුරුකම වැනි ආවේගයන් පසෙකලා පරිත්‍යාගය හා දන් දීම යන ගුණාංග ප්‍රගුණ කරන අයුරින් පුද්ගලයාට උපකාර වන නැමදුමකි.
මක්කම හජ් වන්දනාව හරහා දේවත්වය විශ්වාස කරන සියලුම ජනයා සඳහා වන්දනික පිළිවෙත් හා සංඛේතාත්මක පිළිවෙත් ඉටු කිරීම තුළින් නිශ්චිත වේලාවක සහ ස්ථානයක මැවුම්කරු වෙත හුදෙකලා වීම සහ භක්තිය. එය විවිධ මානව සම්බන්ධතා, සංස්කෘතීන්, භාෂා, ශ්‍රේණි සහ වර්ණ නොසලකා මැවුම්කරු වෙත හැරීමේ එකමුතුකමේ සංකේතයකි.
මුස්ලිම්වරයෙකු සලාත් ඉටු කරන්නේ ඇයි?
මුස්ලිම්වරයෙකු සලාතය ඉටු කරන්නේ, එය ඉටු කරන මෙන් අණ කළ; ඉස්ලාමයේ මූලිකාංග වලින් එකක් බවට පත් කළ තම පරමාධිපතිට කීකරු වීමක් ලෙසිනි.
මුස්ලිම්වරයෙකු දිනපතා උදේ පහට පමණ යාඥාව සඳහා නැඟිටින අතර මුස්ලිම් නොවන ඔහුගේ මිතුරන් උදෑසන ව්‍යායාම සඳහා නැගිටින්නේ ද හරියටම එම වේලාවෙහිමය. ඔහුට අදාළව සලාතය ශාරීරික හා අධ්‍යාත්මික පෝෂණයක් වන අතර ඔවුනට අදාළව ව්‍යායාමය ශාරීරික පෝෂණයක් පමණි. එය මුස්ලිම්වරයෙකු ඕනෑම වේලාවක සිදු කරන, රුකූඋ නැමීමේ සහ සුජූද් කිරීමේ භෞතික චලනයකින් තොර වූ ප්‍රාර්ථනාව හා තම අවශ්‍යතා අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමට වඩා වෙනස් වූ කරුණකි.
ආත්මය කුසගින්නෙන් පෙළෙන විට අපි අපගේ ශරීරය ගැන කොතරම් සැලකිලිමත්ද යන්න බලමු. එහි ප්‍රතිඵලය ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයින්ගේ සියදිවි නසාගැනීම් ගණන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.
නමස්කාරය මොළයේ හැඟීම් කේන්ද්‍රයේ හැඟීම අවලංගු කිරීමට හේතු වන අතර එය තමාගේ හැඟීමට සහ අප අවට සිටින අයගේ හැඟීමට සම්බන්ධ වේ. එබැවින් පුද්ගලයෙකුට විශාල උත්කෘෂ්ට බවක් දැනෙනු ඇත. මෙය පුද්ගලයෙකුට දැනෙන හැඟීමකි. ඔහු එය අත්විඳින්නේ නැත්නම් එය තේරුම් නොගනී.
නමස්කාරය මොළයේ හැඟීම් මධ්‍යස්ථාන චලනය කරයි. එබැවින් විශ්වාසය න්‍යායාත්මක තොරතුරු සහ චාරිත්‍ර වලින් ආත්මීය චිත්තවේගීය අත්දැකීම් බවට පරිවර්තනය වේ. තම පුතා සංචාරය නිමවා ආපසු එන විට පියා වාචික පිළිගැනීමක් සමඟ සෑහීමකට පත්වේද? ඔහුව බදාගෙන සිප ගන්නා තුරු ඔහු සන්සුන් වන්නේ නැත. විශ්වාසයන් සහ අදහස් ඉන්ද්රිය රූපයක් තුළ මූර්තිමත් කිරීමට මනසට සහජ ආශාවක් ඇත. එබැවින් සලාතය සහ උපවාසය යනාදිය තුළ නමස්කාරය සහ කීකරුකම ගැබ්ව ඇති බැවින් මෙම ආශාව තෘප්තිමත් කිරීමට නමස්කාරය පැමිණියේය.
ආචාර්ය... Andrew Newberg[293’] මෙසේ පවසයි: "කායික, මානසික සහ ආත්මීය සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා ද එමෙන්ම සන්සුන් භාවය සහ අධ්‍යාත්මික උන්නතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ද නමස්කාරය විශාල කාර්යභාරයක් ඉටු කරයි. සැබැවින්ම මැවුම්කරු වෙත හැරීම වඩාත් සන්සුන් භාවයට සහ උන්නතාංශයකට මග පාදයි." පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාත්මික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ.
දිනක පස් වතාවක් මුස්ලිම්වරයා සලාත් ඉටු කරනුයේ ඇයි?
මුස්ලිම්වරයෙකු මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කරන අතර, නබිතුමා යාච්ඤා කළ ආකාරයටම යාච්ඤා කරයි.
දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) මෙසේ පැවසූහ. "මා සලාතය කරනු නුඹලා දැක ඇත්තාක් සේ නුඹලා ද සලාතය ඉටු කරනු" (294) (මෙය ඉමාම් බුහාරි වාර්තා කළේය.)
මුස්ලිම්වරයෙකු, සලාත් යාච්ඤාවේදී, තම ස්වාමියා සමඟ දවස පුරා අදහස් හුවමාරු කිරීමට ඇති දැඩි ආශාව නිසා දිනකට පස් වතාවක් තම ස්වාමියා අමතයි. එය දෙවියන් අපට ආමන්ත්‍රණය කිරීමට සපයා දුන් මාධ්‍යය වන අතර අපගේම යහපත සඳහා එය පිළිපදින ලෙස අපට නියෝග කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී." (අල්-අන්කබූත්: 45) (295) (අල්-අන්කබූත්: 45)
මනුෂ්‍යයන් වශයෙන්, අප දිනපතාම අපගේ ස්වාමිපුරුෂයන් සහ දරුවන් දුරකථනයෙන් ඇමතීම නතර නොකරන තරම්ය. මෙයට හේතුව ඔවුන් කෙරෙහි ඇති දැඩි ආදරය සහ ඔවුන් කෙරෙහි ඇති අපගේ බැඳීම ය.
යාච්ඤාවේ වැදගත්කම ද පෙනී යන්නේ එය නින්දා සහගත ක්‍රියාවක් කරන විට ආත්මයට තරවටු කිරීම සහ ආත්මය එහි නිර්මාතෘ, ඔහුගේ දඬුවමට බිය සහ ඔහුගේ සමාව හා විපාකය සඳහා බලාපොරොත්තුවෙන් ඉල්ලා සිටින සෑම විටම යහපත කිරීමට පොළඹවන බැවිනි.
එසේම, පුද්ගලයෙකුගේ කටයුතු සහ ක්‍රියාවන් ලෝක ස්වාමින් වහන්සේට කැප කළ යුතු ය. එය පුද්ගලයෙකුට තම අභිප්‍රාය නිරන්තරයෙන් සිහිපත් කිරීම හෝ අලුත් කිරීම දුෂ්කර බැවිනි. එමනිසා, ලෝකයේ ස්වාමියා සමඟ සන්නිවේදනය කිරීමටත්, නමස්කාරය සහ ක්‍රියාවන් තුළින් ඔහු කෙරෙහි භක්තිය අලුත් කිරීමටත් යාච්ඤාව සඳහා කාලය තිබිය යුතුය. එය අවම වශයෙන් දිවා රාත්‍රීයේ කාල පහක් විය යුතුය. එය දිනක දිවා රාත්‍රියේ විචල්යතාවයේ ප්‍රධාන වේලාවන් සහ සංසිද්ධි පිළිබිඹු කරයි (ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, ඉෂා).
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු." (තාහා: 130) (296) (තාහා: 130)
හිරු උදාවට පෙර හා හිරු අවරට යෑමට පෙර: ෆජ්ර් සලාතය හා අසර් සලාතය.
රාත්‍රී කාලයේ: ඉෂා සලාතය.
දිවා කාලය අවසානයේ: ළුහර් සලාතය හා මග්රිබ් සලාතය.
මෙම යාච්ඥා පහ දිවා කාලයේදී සිදුවන සියලුම ස්වාභාවික වෙනස්කම් ආවරණය කිරීම සහ එහි නිර්මාතෘ සහ මැවුම්කරු සිහිපත් කිරීම සඳහාය.
මුස්ලිම්වරුන් මක්කම දෙසට සලාත් ඉටු කරන්නේ ඇයි?
අල්ලාහ් කඃබාව, [297′] ශුද්ධ වූ මන්දිරය නැමදුම සඳහා වන පළමු ගෘහය ලෙසත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ එකමුතුකමේ සංකේතය ලෙසත් පත් කළේය. සියලුම මුස්ලිම්වරු යාච්ඤා කරන විට, පෘථිවියේ විවිධ ප්‍රදේශවලින් කවයක හැඩයෙන් ඒ දෙසට මුහුණලති. භූමියේ කේන්ද්‍රය වන්නේ මක්කමයි. නබි දාවිත් සමඟ එක්ව කඳු සහ කුරුල්ලන් ගායනා කිරීම සහ ප්‍රශංසා කිරීම වැනි වන්දනාකරුවන් අවට සොබාදහම සමඟ අන්තර් ක්‍රියා කරන බොහෝ දර්ශන අල් කුර්ආනය අපට ඉදිරිපත් කරයි. "තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු." (සබඃ: 10) (298) මුළු විශ්වයම, එහි ජීවීන් ඇතුළුව, ලෝක ස්වාමියා ප්‍රශංසාවට හා මහිමයට පත් කරන බව ඉස්ලාම් බොහෝ ස්ථානවල තහවුරු කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: කඃබාව යනු ශුද්ධ වූ මක්කා නගරයේ පිහිටි මස්ජිදුල් හරාම් නොහොත් ශුද්ධ වූ දේවස්ථානය මධ්‍යයේ පිහිටා ඇති චතුරස්‍ර, කැට හැඩති ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ලට දොරක් ඇත. ජනෙල් නොමැත. එහි තුළ කිසිවක් දැක ගන්නට නොලැබෙන අතර එය කිසිවෙකුගේ සොහොනක් ද නොවේ. එය සලාතය සඳහා වූ කාමරයකි. කඃබාව තුළ සලාත් කරන මුස්ලිම්වරයෙකුට ඕනෑම දිශාවකට සලාත් කළ හැකිය. කඃබාව ඉතිහාසය පුරා කිහිප වතාවක්ම ප්‍රතිසංස්කරණය කර ඇත. තම පුත් ඉස්මයිල් සමඟ එක්ව නිවසේ අත්තිවාරම පළමුවර ගොඩ නැගුවේ නබි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාය. කඃබාහි කෙළවරක කළු ගලක් ඇති අතර එය ආදම්ගේ කාලයේ සිට පැමිණි බව විශ්වාස කෙරේ. නමුත් එය ආශ්චර්යමත් ගලක් හෝ එයට අස්වාභාවික බලයක් නැත. නමුත් එය මුස්ලිම්වරුන් සඳහා සංකේතයක් නියෝජනය කරයි. (සබඃ: 10)
"ලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (නොහොත් මක්කා) වෙහි පිහිටා දෑ ය." (ආලු ඉම්රාන්: 96) (299) (ආලු ඉම්රාන්: 96)
පෘථිවියේ ගෝලාකාර ස්වභාවය දිවා රෑ අනුගමනය කරන අතර, මුස්ලිම්වරුන් කඃබාව වටා ගමන් කිරීම (තවාෆ් කිරීම) සහ පෘථිවියේ විවිධ ප්‍රදේශවලින් මක්කම දෙසට ඔවුන්ගේ දෛනික යාඥාවන් පහ දිනය පුරාවට ඉටු කිරීම තුළින් සහ ලෝක ස්වාමියා මහිමයට පත් කිරීම සහ ප්‍රශංසා කිරීම සඳහා අඛණ්ඩ ව සන්නිවේදනය කරන විශ්ව පද්ධතියේ ස්ථිර කොටසක් බවට එය පත් කර ගෙන ඇත. එය මැවුම්කරු විසින් ඔහුගේ නබි ඉබ්රාහිම් වෙත කඃබාවේ අත්තිවාරම් ඔසවා එය වටා ගමන් කරන ලෙසට කරන ලද නියෝගය හා කඃබාව සලාතයේ දිශාව බවට පත් කර ගැනීමට ඔහු අපට කළ නියෝගයකි.
කිබ්ලා නොහොත් යාඥාවේ දිශාව අල්-අක්සා දේවස්ථානයේ සිට මක්කාවේ අල්-හරාම් දේවස්ථානය වෙත වෙනස් කළේ ඇයි?
කඃබාව පිළිබඳ මෙනෙහි කිරීම් ඉතිහාසය පුරාවට සඳහන් වී ඇත. අරාබි අර්ධද්වීපයේ ඉතා දුරස්ථ ප්‍රදේශවලින් පවා මිනිසුන් වාර්ෂිකව එය නැරඹීමට පැමිණෙන අතර, එහි පරිශුද්ධභාවය අරාබි අර්ධද්වීපය විසින් ගරු කරනු ලැබේ. එය පැරණි ගිවිසුමේ අනාවැකිවල ද සඳහන් කර ඇත, "ඔවුහු 'බක්කා' වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති." [300].
අරාබිවරුන් ඔවුන්ගේ අඥාන කාලයේ පවා ශුද්ධ වූ මන්දිරයට වැඳුම් පිදුම් කිරීමට පුරුදුව සිටි අතර, මුහම්මද් නබි තුමා එවන අවස්ථාවේ අල්ලාහ් තම කිබ්ලාව (දිශාව) බයිත් අල්-මක්දිස් වෙත නියම කර තිබුණි. පසුව අල්ලාහ් ඔහුට විරුද්ධ වන අයගෙන් ඔහුට පක්ෂපාතී වන මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයන්ගෙන් උකහා ගැනීම සඳහා එයින් ශුද්ධ වූ මන්දිරයට හැරෙන ලෙස ඔහුට අණ කළේය. කිබ්ලා(දිශා)ව මාරු කිරීමේ අරමුණ අල්ලාහ් වෙනුවෙන් පක්ෂ වූ හදවත් උකහා ගෙන අන් අය සමග වන බැඳීම් ඉවත් කිරීමය. මුස්ලිම්වරුන් යටත් වී දූතයා ඔවුන් වෙත පෙන්වා දුන් කිබ්ලා වෙත ඔවුන් හැරෙන තෙක්ම විය. ජෙරුසලමට යාඥා කරන ලෙස නබිතුමාගේ නියෝගය යුදෙව්වන් සැලකුවේ ඔවුන්ට නිදහසට කරුණක් ලෙසය. (පැරණි ගිවිසුම, ගීතාවලිය: 84).
කිබ්ලාව පරිවර්තනය කිරීම ද හැරවුම් ලක්ෂයක් වූ අතර එය ඊශ්‍රායෙල් දරුවන් ලෝක ස්වාමියා සමඟ ඇති කරගත් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමෙන් පසු අරාබිවරුන්ට ආගමික නායකත්වය මාරු කිරීම පිළිබඳ ඇඟවීමක් විය.
හජ් වන්දනයේ පිළිවෙත්, එනම් කඃබාවට ගරුබුහුමන් කිරීම සහ එහි ඇති අනෙකුත් පිළිවෙත් මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර ලෙස සලකන්නේ නැද්ද?
මිථ්‍යාදෘෂ්ටික ආගම් අතර හා නියමිත ස්ථාන හා සළකුණු ගරුබුහුමන් කිරීම අතර ඒවා ආගමික හෝ දේශීය හෝ ජාතික හෝ වේවා විශාල වෙනසක් ඇත.
නිදසුනක් වශයෙන්, ඇතැම් ප්‍රකාශවලට අනුව, ෂෙයිතාන්ට අපගේ විරුද්ධත්වය සහ ඔහුව අනුගමනය නොකරන බව පෙන්වීමටත් එමෙන්ම අපගේ නායක ඉබ්රාහිම් තුමා තම ස්වාමියාගේ අණ පරිදි ඔහුගේ පුතුන් කැප කිරීමට ගෙන යන අවස්ථාවේ ෂෙයිතාන් ඔහුව වළක්වන්නට පෙනී සිටිය දී ඔහුට ගල් පහර දීමේ එතුමාගේ ක්‍රියාවලිය අපි අනුගමනය කිරීමක් වශයෙනුත් ගල් ගැසීම.[301]. හාජර් තුමිය තම පුත් ඉස්මයිල් සඳහා ජලය සෙවීමට උත්සාහ කළ විට ඇය කළ කාර්යය අනුගමනය කරමින් සෆා සහ මර්වා අතර සඃයු කිරීම. සියලුම අවස්ථාවන්හි මේ සම්බන්ධයෙන් අදහස් නොතකා, හජ් චාරිත්‍ර වාරිත්‍ර සියල්ල දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ. එහිදී ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්‍යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි. අල්-මුස්තද්රක්හි ඉමාම් අල් හාකිම්, ඉමාම් ඉබ්නු කුසෙයිමා ඔහුගේ සහීහ් හි ද මෙය සඳහන් කර ඇත. මෙය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි.
මුස්ලිම් වරයෙක් 'හජරුල් අස්වද්' නම් ගලට නමස්කාර නොකරන්නේ නම්, එය සිප ගන්නේ ඇයි?
නිදසුනක් වශයෙන්, තම පියාගේ ලිපියක් අඩංගු ලියුම් කවරයක් සිප ගැනීම ගැන අපි යමෙකුට දොස් පවරමු ද? හජ්හි සියලුම පිළිවෙත් දෙවියන් වහන්සේ සිහිපත් කිරීම සඳහා සහ ලෝක ස්වාමියාට කීකරු වීම සහ යටත් වීම පෙන්නුම් කිරීම සඳහා වන අතර ඒවා ගල්, ස්ථාන හෝ මිනිසුන් නමස්කාර කිරීම අදහස් නොකෙරේ. එසේ වුවද, ඉස්ලාම් දහම ඉල්ලා සිටින්නේ අහස් හා පොළවෙහි සහ ඔවුන් අතර ඇති දේවල අධිපතියා වන සහ සෑම දෙයකම මැවුම්කරු සහ පරමාධිපත්‍යය වන එකම දෙවියෙකුට නමස්කාර කරන ලෙසයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතරින් නොවෙමි." (අල්-අන්ආම්: 79) (302) (අල්-අන්ආම්: 79)
දැඩි සෙනඟ ගැවසීම නිසා ඇතැම් මුස්ලිම්වරුන් මියයාමට ඇති ඉඩකඩ ඇති බැවින් හජ් චාරිත්‍ර භයානක කරුණක් නොවේද?
හජ් උත්සවයේදී තදබදය නිසා සිදුවුණු මරණ වසර කිහිපයක පමණක් විය. තදබදය නිසා මිය යන අය ඉතා සුළු ප්‍රමාණයක් වීම සාමාන්‍ය දෙයකි. නමුත් උදාහරණයක් ලෙස මත්පැන් පානය කිරීමෙන් මිය යන සංඛ්‍යාව වාර්ෂිකව මිලියන ගණනකි. දකුණු ඇමරිකාවේ පාපන්දු ක්‍රීඩාංගණ රැලි සහ සැණකෙළිවලට ගොදුරු වූවන් ඊටත් වඩා අධිකය. කෙසේ වෙතත්, මරණය සත්‍යයකි. අල්ලාහ්ගේ හමුව ද සත්‍යයකි. අකීකරුකම මත පදනම්ව මරණයට පත්වීමට වඩා කීකරුකම පදනම්ව මරණයට පත්වීම හොඳය.
මැල්කම් එක්ස් මෙසේ පවසයි:
මම මේ මිහිමත ගත කළ වසර විසි නවයකට පසු පළමු වතාවට සියල්ලේ මැවුම්කරු ඉදිරියෙහි සිට ගත්තෙමි. මම සම්පූර්ණ මිනිසෙක් බව දැනුණි. විවිධ වර්ණ හා ජාතී සියලු මිනිසුන් අතර මෙම සහෝදරත්වය තරම් අවංක බවක් මගේ ජීවිතයේ කිසි දිනෙක දැක නැත. ඇමරිකාවට ඉස්ලාම් දහම අවබෝධ කර ගත යුතු වන්නේ එය ජාතිවාදයේ ප්‍රශ්නයට විසඳුමක් ඇති එකම ආගම වන බැවිනි. [303]. ඔහු අප්‍රිකානු-ඇමරිකානු ඉස්ලාමීය දේශකයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකි. ඔහු ඇමරිකාවේ ඉස්ලාමීය ව්‍යාපාරයේ ගමන ඉස්ලාමීය ප්‍රතිපත්තියෙන් දැඩි ලෙස බැහැර වූ පසු එය නිවැරදි කර නිවැරදි ප්‍රතිපත්තිය වෙත ඇරයුම් කළේය.
මැවුම්කරුගේ දයාව:
ඉස්ලාමය තුළ සිටින තම ගැත්තන්හට අල්ලාහ් ප්‍රේම කරයි. එසේනම් ඔහු ඔවුන්ට පුද්ගලවාදයේ ක්‍රමය අනුගමනය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි?[304]? පුද්ගලයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම රාජ්‍යයේ සහ සමාජයන්හි සලකා බැලීම්වලට වඩා ඉහළින් සාක්ෂාත් කරගත යුතු මූලික කාරණයක් ලෙස පුද්ගලවාදීන් සලකනු ලැබේ. එමෙන්ම සමාජය හෝ රජය වැනි ආයතන විසින් පුද්ගලයාගේ අවශ්‍යතා මත බාහිර මැදිහත්වීම් වලට ඔවුන් විරුද්ධ වේ.
අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ සේවකයන් කෙරෙහි ඇති ප්‍රේමය, ආදරය ගැන සඳහන් කරන බොහෝ වාක්‍යයන් අල්-කුර්ආනයේ සඳහන් කර ඇත. නමුත් අල්ලාහ් තම ගැත්තා කෙරෙහි දක්වන ප්‍රේමය ගැත්තන් එකිනෙකා තමන් අතර දක්වන ප්‍රේමය මෙන් නොවේ. මක්නිසාද යත්, මානව සම්මතයන්ට අනුව ආදරය යනු පෙම්වතාට නැති අවශ්‍යතාවයක් වන අතර එය ආදරණීයයා සමඟ සොයා ගනී. නමුත් කීර්තිමත් අල්ලාහ්ට අපගෙන් අවශ්‍යතාවක් නැත. මක්නිසාද ඔහු අප කෙරෙහි දක්වන ප්‍රේමය කරුණාවේ සහ දයාවේ ප්‍රේමයකි. දුර්වලයන්ට බලවත් ප්‍රේමයකි, දුප්පතුන්ට පොහොසත් ප්‍රේමයකි, අසරණ අයට ශක්තිමත් ප්‍රේමයකි, කුඩා අයට ඉමහත් ආදරයකි. ප්‍රඥාවෙන් සපිරුණු ආදරයකි.
අපි අපේ දරුවන්ට ආදරයේ මුවාවෙන් ඔවුන් කැමති දෙයක් කිරීමට ඉඩ දෙනවාද? අපි අපේ පුංචි දරුවන්ට ගෙදර ජනේලයෙන් එළියට විසිවෙන්නට දෙනවා ද? එහෙමත් නැත්නම් නිරාවරණය වූ විදුලි රැහැනෙන් සෙල්ලම් කරන්නට දෙනවා ද?
පුද්ගලයෙකුගේ පෞද්ගලික ප්රතිලාභ සහ වින්දනය මත පදනම් ව තීරණ ගැනීමට, එය අවධානය යොමු කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වීමට, රට ජාතිය සහ ආගමේ බලපෑම්වලට වඩා ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට, ඔහුගේ පරම්පරාව වෙනස් කිරීමට, ඔහු කැමති දේ කරන්නට සහ සෑම කෙනෙකුටම මාර්ගය යන මුවාවෙන් ඔහුට අවශ්‍ය ආකාරයට ඇඳ පැළඳ ක්‍රියා කරන්නට ඉඩ දිය නොහැක.
යමෙක් එක හවුලේ නිවසක පිරිසක් සමඟ වාසය කරන්නේ නම්, එම නිවස සැමට යැයි කියමින් ඔහුගේ නිවසේ එක් අයෙකු නිවසේ සාලයට වී තම ශාරීරික අවශ්‍යතාව ඉටු කිරීම වැනි නින්දිත ක්‍රියාවක් කළහොත් ඔහු පිළිගන්නේද? නීති රීති හෝ පාලනයකින් තොරව මෙම නිවසේ ජීවිතය ඔහු පිළිගන්නේද? අත්තනොමතික නිදහසක් ඇති පුද්ගලයෙකු අවලස්සන ජීවියෙකු බවට පත්වන අතර, ඔහුට මෙම නිදහස දරාගත නොහැකි බව සැකයකින් තොරව ඔප්පු වී ඇත.
පුද්ගලයා කෙතරම් ශක්තිමත් හෝ බලගතු වුවත් පුද්ගලත්වය සාමූහික අනන්‍යතාවයට ආදේශකයක් විය නොහැක. සමාජයේ සාමාජිකයන් යනු එකිනෙකාට පමණක් ගැලපෙන පන්ති වන අතර ඔවුන් එකිනෙකාට අත්‍යවශ්‍ය වේ. ඔවුන් අතර සොල්දාදුවන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ විනිසුරුවන් ද සිටිති, ඔවුන්ගෙන් කිසිවෙකු ඔහුගේ සතුට සාක්ෂාත් කර ගැනීම සඳහා අන් අයට වඩා ඔහුගේ පුද්ගලික වාසිය සහ උනන්දුව අභිබවා ගොස් අවධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේ කෙසේද?
පුද්ගලයෙකුට තම සහජ බුද්ධිය මුදා හැරීමට ඉඩ දීමෙන් ඔහු ඒවාට වහලෙකු බවට පත් වේ. අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහු එය කෙරෙහි ආධිපත්‍යය දැරීම. අල්ලාහ් ප්‍රිය කරනුයේ ඔහු තම සහජ බුද්ධිය පාලනය කරන සිහිබුද්ධියෙන් හා ප්‍රඥාවන්තව කටයුතු කරන පුද්ගලයෙකු වීමටය. ඔහු සහජ බුද්ධිය කඩාකප්පල් කිරීම අපේක්ෂා නොකරන නමුත් ප්‍රාණය උතුම් කිරීමට සහ ආත්මය උසස් කිරීමට ඔවුන් යොමු කිරීමට අපේක්ෂා කරයි.
දරුවන් ක්‍රීඩා කිරීමට පමණක් ඇති කැමැත්ත නිසාවෙන්. අනාගතයේ අධ්‍යාපන සුදුසුකමක් ලබා ගත හැකි වන පරිදි පියකු එම දරුවන්ට ඉගෙනීම සඳහා යම් කාලයක් වෙන් කිරීමට බැඳී සිටින විට, මේ මොහොතේ ඔහු කුරිරු පියෙකු ලෙස සලකනු ලබන්නේ ද?
මැවුම්කරු තම ගැත්තන් හට දයානුකම්පිත ය. එසේ නම් ඔහු සමලිංගික නැඹුරුවාවන් පිළි නොගන්නේ මන්ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය." (80) "නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති." (81) "නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය." (අල් අඃරාෆ්: 80-82) (305) (අල්-අඃරාෆ්: 80-82)
සමලිංගිකත්වය පරම්පරාගත නොවන බවත්, මානව ප්රවේණි කේතයේ සංයුතිය මත පදනම් නොවන බවත් මෙම පදය සනාථ කරයි. මන්ද මෙම ආකාරයේ දුරාචාරයේ නව්‍යකරණයට ප්‍රථමයෙන් ලූත්හි ජනයා කටයුතු කර ඇති බැවිනි. මෙය විශාලතම විද්‍යාත්මක අධ්‍යයනය සමග සමපාත වේ, සමලිංගිකත්වයට ජාන විද්‍යාව සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරයි.[306]. https://kaheel7.net’/?p=15851’ අල්-කහීල් විශ්වකෝෂය අල්-කුර්ආනය සහ සුන්නාහි ආශ්චර්යයන්.
හොරාගේ හොරකමට අපි ගරු කරනවද, පිළිගන්නවද? මෙය ද ප්රවනතා වේ. නමුත් අවස්ථා දෙකේදීම එය අස්වාභාවික ප්රවණතා වේ. එය මිනිස් සහජ බුද්ධියෙන් බැහැරවීමක් සහ සොබාදහමට පහර දීමක් වන අතර එය නිවැරදි කළ යුතුය.
අල්ලාහ් මිනිසා මවා ඔහුව නිවැරදි මාවතට යොමු කළේය. යහපත් මාර්ගය හා අයහපත් මාර්ගය තෝරා ගැනීමේ නිදහස ඔහු සතුව ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
එම නිසා සමලිංගිකත්වය තහනම් කරන සමාජ වල මෙම අසාමාන්‍යතාවය පෙන්නුම් කරන්නේ කලාතුරකිනි. මෙම හැසිරීමට ඉඩ දෙන සහ අනුබල දෙන පරිසරය සමලිංගික ප්‍රතිශතය වැඩි කරන බව අපට පෙනී යයි. මෙයින් පෙන්නුම් කරන්නේ මිනිසුන් තුළ විෂමතාවයේ සම්භාවිතාව තීරණය කරන්නේ ඔහු වටා ඇති පරිසරය සහ ඉගැන්වීම් බවයි.
සැටලයිට් නාලිකා බැලීම, තාක්ෂණය භාවිතා කිරීම හෝ පාපන්දු කණ්ඩායමක් සඳහා ඔහුගේ උන්මාදය අනුව පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සෑම මොහොතකම වෙනස් වේ. ගෝලීයකරණය ඔහු සංකීර්ණ මිනිසෙක් බවට පත් කර ඇත. ද්‍රෝහියාට දෘෂ්ටිකෝණයක් ඇත. අපගමනය සාමාන්‍ය හැසිරීම් වල හිමිකරු බවට පත් වී ඇත. ඔහුට ප්‍රසිද්ධ සාකච්ඡාවලට සහභාගී වීමට නීත්‍යානුකූල බලය ලැබී ඇත. කෙසේ වෙතත් අපි ඔහුට සහාය දී ඔහු සමඟ සමාදාන විය යුතු වේ. එමෙන්ම තාක්ෂණය ඇති අයට ප්‍රමුඛත්වය ලැබී ඇත. එබැවින් අපගමනය බලයට හේතු ඇති පාර්ශවය වී නම්, ඔහු තම විශ්වාසයන් අනෙක් පාර්ශවයට පටවනු ඇත. එය මිනිසා තමා සමඟ ඔහුගේ සමාජය සහ ඔහුගේ නිර්මාතෘ සමඟ ඇති සම්බන්ධය දූෂණයට තුඩු දෙයි. පුද්ගලවාදය සමලිංගිකත්වයට සෘජුවම සම්බන්ධ වීමත් සමඟම, මනුෂ්‍ය වර්ගයා අයත් වන මානව සහජ බුද්ධිය මෙතැනින් ගිලිහී ගොස්, එක පවුලක් යන සංකල්ප පහළ විය. එ නිසා බටහිරයන් පුද්ගලවාදයෙන් මිදීමට විසඳුම් සෙවීමට පටන් ගත්තේය. මක්නිසාද යත්, මෙම සංකල්පය දිගටම කරගෙන යාමෙන් ඔහුට පවුල යන සංකල්පය අහිමි වූවා සේම නූතන මිනිසා ලබා ඇති ජයග්‍රහණ අපතේ යන බැවිනි. මේ අනුව, සංක්‍රමණිකයන් ආකර්ෂණය කර ගැනීමට දොරටු විවර කළ සමාජයේ පුද්ගල සංඛ්‍යාව හැකිලීමේ ගැටලුවෙන් බටහිරයන් අදත් පීඩා විඳිති. අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය, ඔහු අප වෙනුවෙන් නිර්මාණය කළ විශ්වයේ නීතිවලට ගරු කිරීම සහ ඔහුගේ අණපනත් හා තහනම් කිරීම් පිළිපැදීම මෙලොව හා පරලොව සතුට සඳහා මාර්ගයයි.
විටෙක අල්ලාහ් තමන්ව සමාව දෙන සහ දයාවන්ත කෙනෙකු ලෙසත් තවත් විටෙක දැඩි දඬුවම් දෙන කෙනෙකු ලෙසත් විස්තර කරන්නේ කෙසේද?
බලකිරීමකින් තොරව සහ මිනිසාගේ මිනිසත්කම සහ දුර්වලකම නිසා පව් කර; පසු ව පසුතැවිලි වී සමාව ඉල්ලා සිටින; මැවුම්කරුට අභියෝග කිරීමට අදහස් නොකරන අයට අල්ලාහ් සමාව දෙන දයාවන්ත ය. නමුත් සර්වබලධාරි අල්ලාහ් තමාට අභියෝග කරන ඔහුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන හා ඔහුව පිළිමයක් හෝ සතෙකු තුළ නිරූපණය කරන අයට තර්ජනය කරයි. එලෙසම, ඔහුට අකීකරු විමෙහි නොසැලී පසුතැවිලි නොවන තැනැත්තාගේ පසුතැවිලි වීම අල්ලාහ් භාර ගන්නේ නැත. යමෙක් සතෙකුට අපහාස කළහොත් කිසිවෙක් ඔහුට දොස් නොකියන නමුත් ඔහු තම දෙමාපියන්ට අපහාස කළහොත් ඔහුට දැඩි සේ දොස් කියනු ලැබේ. මැවුම්කරුගේ අයිතිය ගැන අප සිතන්නේ කුමක්ද? අප බැලිය යුත්තේ පාපයේ කුඩා බව දෙස නොව අප අකීකරු වූ තැනැත්තා දෙසය.
නපුර පැමිණෙන්නේ අල්ලාහ්ගෙන්ද?
නපුර අල්ලාහ්ගෙන් පැමිණෙන්නේ නැත. අයහපත පැවැත්මේ කාරණයක් නොවේ. පැවැත්ම පිරිසිදු යහපත් එකකි.
නිදසුනක් වශයෙන්, පුද්ගලයෙක් නැගිට, සෙලවෙන්නට නොහැකි වන තරමට තවත් පුද්ගලයෙකුට පහර දුන්නේ නම්, ඔහු අයුක්තියේ චරිතය ලබාගෙන ඇති අතර අයුක්තිය දුෂ්ඨය.
නමුත්, පොල්ලක් ගෙන තවකෙකුට පහර දෙන තරමට කෙනෙකු සතු බලය තිබීම නපුරු දෙයක් නොවේ.
දෙවියන් ඔහුට දුන් කැමැත්ත තිබීම නපුරක් නොවේ.
කෙනෙකුට ඔහුගේ අත සොලවන්නට හැකියාව තිබීම නරක දෙයක් නොවේ ද?.
එමෙන්ම පොල්ලට පහර දීම යන විශේෂණ පදය තිබීම ද නපුරක් නොවේ.
මේ සියලු පැවැත්මේ කරුණු තමන් තුළ පැවැත්මෙන්ම යහපත් වන අතර, පෙර උදාහරණයේ දී මෙන්, ඒවා වැරදි ලෙස භාවිතා කිරීමෙන් හානියක් ඇති නොකරන තාක් දුෂ්ඨභාවයේ චරිතය ලබන්නේ නැත. මෙම උදාහරණය මත පදනම්ව, ගෝනුස්සෙකු හෝ සර්පයෙකුගේ පැවැත්මද එලෙසය. ඌ පුද්ගලයෙකුට නිරාවරණය වී දෂ්ට කළහොත් මිස එය නපුරු දෙයක් නොවේ. සර්වබලධාරී අල්ලාහ් ඔහුට නපුරක් ආරෝපණය නොකරයි. ඒවා සම්පූර්ණයෙන්ම යහපත් ක්‍රියාවන් වේ. නමුත් දෙවියන් යම් ප්‍රඥාවක් සඳහා ඔහුගේ නියෝගයෙන් සහ පූර්ව නියමයෙන් සිදුවීමට ඉඩ දුන් සිදුවීම් වලදී, වැළැක්වීමේ හැකියාව සමඟ ඒවායෙහි බොහෝ යහපත පෙළ ගස්වා ඇත. එහි ප්රතිවිපාකය මිනිසුන් විසින් මෙම යහපත වැරදි ලෙස භාවිතා කිරීම නිසා ඇති විය.
ස්වාභාවික විපත් ඇතිවීමේ මැවුම්කරුගේ ප්‍රඥාව කුමක්ද?
මැවුම්කරු විසින් ස්වභාවධර්මයේ නීති සහ ඒවා පාලනය කරන නීති ස්ථාපිත කර ඇති අතර, දූෂණය හෝ පාරිසරික අසමතුලිතතාවයකදී ඒවා තමන් විසින්ම ආරක්ෂා කර ගන්නා අතර පෘථිවියේ ප්‍රතිසංස්කරණය සහ ජීවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සමතුලිතතාවයේ පැවැත්ම පවත්වා ගනී. වඩා හොඳ මාර්ගයක් සහ මිනිසුන්ට සහ ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ පෘථිවියේ ඉතිරිව ඇති හා පවතින දෙයයි. මිනිසුන්ට බලපාන රෝග, ගිනිකඳු, භූමිකම්පා සහ ගංවතුර වැනි ව්‍යසනයන් පෘථිවියේ සිදු වන අවස්ථාවක නිදසුනක් වශයෙන් 'අල්කවී' බලධාරියා 'අෂ්-ෂාෆී' සුව කරන්නා සහ 'අල් හෆීල්' ආරක්ෂා කරන්නා යනාදී අල්ලාහ්ගේ නාම සහ ගුණාංග ප්‍රකාශ වේ. ඔහු රෝගීන් සුව කිරීම සහ දිවි ගලවා ගත් අයව ආරක්ෂා කිරීම වැනි අවස්ථාවන් දැක්විය හැක. එසේත් නැතිනම් වැරදි කරන්නාට සහ අකීකරු වූවන්ට දඬුවම් දීමේ දී "අල්-අද්ල්" (යුක්තිය) යන නාමය ද අකීකරු පුද්ගලයා විභාග කිරීමේ දී සහ පරීක්ෂා කිරීමේ දී "අල්-හකීම්" (ප්‍රඥාවන්ත) යන නාමය ද ප්‍රකාශ වේ, ඉවසන්නේ නම් කරුණාවෙන් ද මැලි වූයේ නම් දඬුවමින් ද ප්‍රතිඵල දෙනු ලැබේ. මේ අනුව, මිනිසා ආශිර්වාද මගින් අල්ලාහ්ගේ සුන්දරත්වය දැන ගන්නාක් මෙන්ම මෙමගින් තම ස්වාමියාගේ ශ්‍රේෂ්ඨත්වය දැන ගනී. යමෙක් දිව්‍යමය සුන්දරත්වයේ ගුණාංග පමණක් හැර අන් ගුණාංග ගැන නොදන්නේ නම්, එය ඔහු සර්වබලධාරි දෙවියන්ව නොදැන සිටියාක් මෙනි.
"ඇන්තනි ෆ්ලූ" දාර්ශනිකයා ඇතුළු බොහෝ සමකාලීන භෞතිකවාදී දාර්ශනිකයන් අදේවවාදයට හේතු වූයේ විපත්, නපුර සහ වේදනාවේ පැවැත්මයි. ඔහු තම මරණයට පෙර දෙවියන්ගේ පැවැත්ම පිළිගෙන "දෙවියෙක් සිටී" යන නමින් පොතක් ලියා ඇත. ඔහු විසිවන සියවසේ දෙවන භාගයේදී අදේවවාදයේ නායකයෙකු වුවද දෙවියන්ගේ පැවැත්ම පිළිගත් විට ඔහු මෙසේ පැවසීය.
"මනුෂ්‍ය ජීවිතය තුළ නපුර සහ වේදනාව පැවතීම දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකරයි. නමුත් එය දිව්‍යමය ගුණාංග නැවත සලකා බැලීමට අපව පොළඹවයි." ඇන්තනි ෆ්ලූ සලකන්නේ, මෙම ව්‍යසනයන් මිනිසාගේ ද්‍රව්‍යමය හැකියාවන් ප්‍රකෝප කරන බැවින් බොහෝ ධනාත්මක කරුණු ඇති බවයි. එබැවින් ඔහු ඔහුට ආරක්ෂාව ගෙන දෙන දේ නිර්මාණය කරයි. එමෙන්ම ඔහුගේ හොඳම මනෝවිද්‍යාත්මක ලක්ෂණ ද පොළඹවන අතර මිනිසුන්ට උපකාර කිරීමට ඔහුව තල්ලු කරයි. නපුරේ සහ වේදනාවේ පැවැත්ම ඉතිහාසය පුරා මානව ශිෂ්ටාචාර ගොඩනැගීමේ ගෞරවයට පාත්‍ර වී ඇත. තවද ඔහු මෙසේ පැවසීය."මෙම උභතෝකෝටිකය පැහැදිලි කිරීමට කොපමණ කථිකාවන් තිබුණත්, ආගමික අර්ථ නිරූපණය වඩාත් පිළිගත හැකි සහ ජීවිතයේ ස්වභාවයට වඩාත්ම ගැළපෙන ලෙස පවතිනු ඇත." [308]. The Myth of Atheism නම් පොතෙන් අනුවර්තනය කරන ලදී. ආචාර්ය. අම්ර් ෂරීෆ්. සංස්කරණය ක්‍රි.ව 2014.
ඇත්ත වශයෙන්ම, අපි සමහර විට අපගේ කුඩා දරුවන් ඔවුන්ගේ ප්‍රතිකාරයක් සඳහා ආදරයෙන් ශල්‍යාගාරයට ගෙන යන අතර වෛද්‍යවරයාගේ බුද්ධිය, කුඩා තැනැත්තා කෙරෙහි ඔහු තුළ ඇති ආදරය සහ ඔහුට දරුවාගේ ජීවිතය පිළිබඳ ඇති ආශාව ගැන අපට පූර්ණ විශ්වාසයක් ඇත.
ජීවිතයේ නපුර පැවතීම දෙවියන් වහන්සේ නොමැති බව පෙන්නුම් කරයිද?
දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ කඩතුරාවක් ලෙස මෙලොව ජීවිතයේ නපුර පැවතීමට හේතුව ප්‍රශ්න කරන්නා ඔහුගේ අදූරදර්ශී බව සහ ඒ පිටුපස ඇති ප්‍රඥාව පිළිබඳ ඔහුගේ චින්තනයේ බිඳෙන සුළු බව සහ අභ්‍යන්තර දේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම අපට හෙළි කරයි. අසන විට නපුර ව්‍යතිරේකයක් බව අදේවවාදියා ව්‍යංගයෙන් පිළිගත්තේය.
එහෙයින් නපුර හටගැනීමේ ප්‍රඥාව විමසීමට පෙර වඩා යථාර්ථවාදී ප්රශ්නය ඇසීමට යොමු විය. එනම් “මුලින්ම යහපත ඇති වූයේ කෙසේද?” යන්නයි.
වඩාත්ම වැදගත් ප්රශ්නය එයින් ආරම්භ විය යුතු බවට සැකයක් නැත, එනම්: යහපත නිර්මාණය කළේ කවුද? ආරම්භක ස්ථානය හෝ මුල් හෝ පවතින මූලධර්මය පිළිබඳව අප එකඟ විය යුතුය. එබැවින් අපට ව්‍යතිරේක සඳහා හේතු සොයාගත හැකිය.
විද්‍යාඥයින් ආරම්භයේ දී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විද්‍යාවන් සඳහා ස්ථාවර සහ නිශ්චිත නීති ස්ථාපිත කරන අතර පසුව මෙම නීති වලින් ව්‍යතිරේක සහ විෂමතා පිළිබඳ අධ්‍යයනයක් සිදු කරනු ලැබේ. එලෙසම, අදේවවාදීන්ට නපුරේ පෙනුම පිළිබඳ උපකල්පනය ජය ගත හැක්කේ ඔවුන් ගණන් කළ නොහැකි ලස්සන, පිළිවෙලට සහ යහපත් සංසිද්ධිවලින් පිරුණු ලෝකයක පැවැත්ම මුලින් පිළිගත් විට පමණි.
අපට සාමාන්‍ය ජීවිතය පුරා සෞඛ්‍ය කාල පරිච්ඡේද සහ රෝග කාල පරිච්ඡේද නැතහොත් දශක ගණනාවක සමෘද්ධිය සහ සංවර්ධනය හා ඊට අනුරූප වන විනාශයේ හා ව්‍යසනයේ කාල පරිච්ඡේද එමෙන්ම සියවස් ගණනාවක සන්සුන් ස්වභාවය සහ ඊට අනුරූප වන ගිනිකඳු පිපිරීම් සහ භූමිකම්පා සංසන්දනය කළ හැකිය. පවතින යහපත ආරම්භයට පැමිණෙන්නේ කොතැනින්ද? අවුල් සහ අවස්ථාව මත පදනම් වූ ලෝකයකට යහපත් ලෝකයක් බිහි කළ නොහැක. පුද්ගලයෙකුට අසනීපයක් අත්විඳින්නේ නම් මිස සෞඛ්‍යයේ රසය දැනෙන්නේ නැත. ඔහු කැත දකින තාක් කල් සුන්දර දේ වෙන්කර හඳුනා ගන්නේ නැත.
හාස්‍යයට කරුණක් නම්, විද්‍යාත්මක පර්යේෂණ මෙය සනාථ කරයි. තාප ගති විද්‍යාවේ දෙවන නියමය පවසන්නේ බාහිර බලපෑමකින් තොරව හුදකලා පද්ධතියක සම්පූර්ණ එන්ට්‍රොපිය (අක්‍රමිකතා හෝ අහඹු බව) සෑම විටම වැඩි වන බවත්, මෙම ක්‍රියාවලිය ආපසු හැරවිය නොහැකි බවත්ය.
වෙනත් වචන වලින් කිවහොත්, පිටතින් එන යමක් ඒවා එකට එකතු නොකරන්නේ නම්, සංවිධානාත්මක දේවල් සෑම විටම කඩා වැටී අතුරුදහන් වනු ඇත. එබැවින්, අලංකාරය, ප්‍රඥාව, ප්‍රීතිය, ප්‍රේමය සහ මෙවැනි පුදුමාකාර දේවලින් ප්‍රකාශ වන මෙම අහඹු සංසිද්ධි මැවුම්කරු විසින් සංවිධානය නොකරන්නේ නම්, අන්ධ තාප ගතික බලවේග කිසි විටෙකත් තමන් විසින්ම යහපත් දෙයක් නිපදවීමට හෝ මහා පරිමාණයෙන් යහපත් වීමට ඉඩ නොදෙනු ඇත. මේ සියල්ල නීතිය හොඳ සහ නරක ව්‍යතිරේකයක් බවත්, හැකියාව ඇති, මැවුම්කරු, හිමිකරු සහ පාලකයා ඇති දෙවි කෙනෙකු සිටින බවත් ඔප්පු කිරීමෙන් පසුව පමණි.
අල්ලාහ් ගින්නෙන් දඬුවම් කරන්නේ ඇයි?
නිදසුනක් ලෙස තම මව සහ පියා ප්‍රතික්ෂේප කර, ඔවුන්ට අපහාස කර, නිවසින් එළවා පාරට දැමූ පුද්ගලයකු ගැන අපට කුමක් දැනේවිද?
ඔහු තම නිවසට ඇතුළු වී ඔහුට ගෞරව කරන බවත්, ඔහුට කන්න බොන්න දෙන බවත්, මෙම කාර්යයට ස්තූතිවන්ත වන බවත් කෙනෙකු පැවසුවහොත්, මිනිසුන් ඔහුව අගය කරයිද? ජනතාව ඔහුගෙන් එය පිළිගනී ද? ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය. ඔවුන්ගේ මැවුම්කරුව ප්‍රතික්ෂේප කරන සහ ඔහුව විශ්වාස නොකරන අයගේ ඉරණම කුමක් වේද? යමෙක් ගින්නෙන් දඩුවම් ලැබුවද, එය ඔහුගේ නියම ස්ථානයේ තැබුවාක් මෙනි. මෙම පුද්ගලයා මිහිපිට ඇති සාමය හා යහපත්කමට නිග්‍රහ කළ බැවින් ඔහු ස්වර්ග සැපත ලැබීම යුතු නොවේ.
උදාහරණයක් ලෙස, රසායනික අවිවලින් ළමයින්ට වධ දෙන අය විනිශ්චය කිරීමකින් තොරව ස්වර්ගයට ඇතුළු වීම අපි අපේක්ෂා කරනුයේ ඇයි?
තවද ඔවුන්ගේ පාපය කාලයට සීමා වූ පාපයක් නොවේ. නමුත් එය ස්ථාවර ලක්ෂණයකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල් අන්ආම්: 28) (309) (අල්-අන්ආම්: 28)
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ් ඉදිරියේ සිටිය දී බොරුවට දිවුරමින් ඔහුට මුහුණ දෙති.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන්ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය." (අල්-මුජාදලා: 18) (310) (අල්-මුජාදලා: 18)
එසේම, ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය ඇති හදවත් සතු පුද්ගලයින්ගෙන් අයහපත පැමිණිය හැකිය. ඔවුන් මිනිසුන් අතර ගැටළු සහ ගැටුම් ඇති කරයි. ඔවුන්ගේ විපාකය ඔවුන්ගේ ස්වභාවයට අනුරූප වන ගින්නක් වීම සාධාරණ විය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති." (අල්-අඃරාෆ්: 311) (අල්-අඃරාෆ්: 36)
යුක්තිසහගත අල්ලාහ්ගේ වර්ණනාවට ඔහුගේ දයාවට අමතරව 'මුන්තකිම්' නොහොත් සමප්‍රතිචාර දැක්වීමේ ගුණය ද අවශ්‍ය වේ. ක්‍රිස්තියානි ආගමේ දෙවියන් යනු “ප්‍රේමය” සහ යුදෙව් ආගමේ “කෝපය” පමණි. ඉස්ලාමයේ ඔහු සාධාරණ හා දයාවන්ත දෙවියෙකි, ඔහුට සියලු අලංකාර නාම තිබේ. ඒවා අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග වෙති.
එවිට, ජීවිතයේ ප්‍රායෝගික යථාර්ථයේ දී, රන් සහ රිදී වැනි පිරිසිදු ද්‍රව්‍යවලින් අපිරිසිදු ද්‍රව්‍ය වෙන් කිරීමට අපි ගින්න භාවිතා කරමු. එසේ සර්වබලධාරී අල්ලාහ් - ඉහළම පරමාදර්ශය අල්ලාහ් සතුය- මරණින් මතු ජීවිතයේ තම ගැත්තන් පව් සහ වැරදි ක්‍රියාවලින් පවිත්‍ර කිරීම සඳහා ගින්න භාවිතා කරයි. අවසානයේදී ඔවුන් අතර තම හදවතේ දේව විශ්වාසය ගැන පරමාණුක තරම් බරක් ඇති තැනැත්තා අල්ලාහ්ගේ කරුණාව හේතුවෙන් අපා ගින්නෙන් එළියට එයි.
අල්ලාහ් මහා කාරුණිකය; සියලු යහපතෙහි උල්පතය. එසේ නම් විනිශ්චයකින් තොරව ඔහු අප සියල්ලන්ම ස්වර්ගයට ප්‍රවේශ නොකරන්නේ ඇයි?
ඇත්තෙන්ම, අල්ලාහ් ඔහුගේ සියලු ගැත්තන් හට දේව විශ්වාසය තිබිය යුතු යැයි අපේක්ෂා කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (312) (අස්-සුමර්: 7)
එසේ අල්ලාහ් විනිශ්චයකින් තොරව සියල්ලන්ම ස්වර්ගයට යවන්නේ නම්, එවිට යුක්තිය උල්ලංඝණය කිරීමක් සිදු වනු ඇත. අල්ලාහ් නබි මෝසෙස් සහ ෆිර්අවුන්ටද ඒ ආකාරයෙන්ම සලකනු ඇත. සෑම පීඩකයෙක්ම සහ ඔහුගේ ගොදුරු වූවන් කිසිවක් සිදු නොවූවාක් මෙන් ස්වර්ගයට ඇතුල් වනු ඇත. ස්වර්ගයට ඇතුළු වන මිනිසුන් කුසල් මුල්කරගෙන එයට ඇතුළුවීම සහතික කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වේ.
ඉස්ලාමීය ඉගැන්වීම්වල ඇති සුන්දරත්වය නම්, අප ගැන අප දන්නාවාට වඩා හොඳින් අපව දන්නා අල්ලාහ්, ඔහුගේ තෘප්තිය ලබා ගැනීමටත්, ස්වර්ගයට ඇතුළු වීමටත් ලෞකික හේතු දැක්වීමට අවශ්‍ය කරුණු ඇති බව අපට පවසා තිබීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත." (අල්-බකරා 286) (313) (අල්-බකරා 286)
කෙටි ජීවිතය තුළ පව් කිහිපයක් සඳහා නිමක් නැති වධ හිංසාවලින් මැවුම්කරු තම ගැත්තන්ට දඬුවම් කරන්නේ ඇයි?
බොහෝ අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි. අපරාධකාරයා විනාඩි කිහිපයකින් අපරාධය කළ නිසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දීම අසාධාරණය යැයි පවසන කෙනෙක් සිටියි ද? අපරාධකරු වසරක් පමණක් මුදල් ගසා කා ඇති නිසා දස අවුරුදු දඬුවම අසාධාරණ තීන්දුවක් ද? දඬුවම් සම්බන්ධ වන්නේ අපරාධවල කාලසීමාවට නොව, අපරාධවල තරම හා බරපතලකමටය.
අල්ලාහ් අපා ගින්න පිළිබඳ අනතුරු ඇඟවීම නැවත නැවතත් කරන්නේ ඇයි? මෙය දිව්‍ය දයාවේ ගුණාංගයට පටහැනි නොවේද?
මව තම දරුවන් ගමන් බිමන් යන විට හෝ රැකියාවට යන සෑම විටම අනතුරු අඟවා බොහෝ වෙහෙසට පත් වෙයි. ඔවුන් යන විට සහ ආපසු එන විට පරිස්සම් වන ලෙස අනතුරු අඟවයි. ඒ නිසාවෙන් ඇය දරුණු මවක් ලෙස සලකනවාද? මෙය හදවත පරිමාණය කර දයාව කෲරත්වය බවට පත් කිරීමකි. අල්ලාහ් තම ගැත්තන්හට අවවාද කර ඔවුන් කෙරෙහි ඇති ඔහුගේ දයාව ගැන ඔවුන්ට අනතුරු අඟවා ගැලවීමේ මාවත වෙත මඟ පෙන්වන අතර ඔවුන් තමන් වෙත පසුතැවිලි වූ විට ඔවුන්ගේ නපුරු ක්‍රියා යහපත් ක්‍රියාවලින් ප්‍රතිස්ථාපනය කරන බවට ඔහු ඔවුන්ට පොරොන්දු විය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නමුත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය." (අල්-ෆුර්කාන්: 70) (314) (අල්-ෆුර්කාන්: 70)
නැමදුම් කටයුතු කිහිපයක් වෙනුවට සදාකාලික ස්වර්ග උයනේ ඇති සුවපහසුකම් සහ ඉමහත් කුසල් පිළිබඳ අපගේ අවධානයට යොමු නොවූයේ මන්ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද කවරෙකු අල්ලාහ් ව විශ්වාස කර යහකම් කරන්නේ ද ඔහුගේ පාපයන් ඔහුගෙන් ඔහු ඉවත් කරයි. තවද ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. එහි ඔවුන් නිරන්තරයෙන්ම සාදතනිකයින් වෙති. එය අතිමහත් වූ ජයග්‍රහණයයි." (අත්-තඝාබුන්: 9) (315) (අත්-තඝාබුන්: 9)
දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් ප්‍රිය කරන බවත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ඔහු ප්‍රිය නොකරන බවත් අල්-කුර්ආනය නැවත නැවතත් පවසන්නේ ඇයි? ඔවුන් සියල්ලන්ම එකම සමූහයක් නොවේ ද?
සර්වබලධාරී අල්ලාහ් තම සියලුම ගැත්තන් ගැලවීමේ මාවතට යොමු කර ඇති අතර, ඔහු ඔවුන් සඳහා දේව ප්රතික්ෂේපය පිළිගන්නේ නැත. නමුත් මිනිසා මිහිපිට දේවත්වය ප්‍රතික්ෂේප කරමින් හා කලහකම් කරමින් ගමන් ගන්නා වැරදි හැසිරීමට ඔහු ප්‍රිය කරන්නේ නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් එවිට (දැන ගනු!) නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන අවශ්‍යතා ව නොමැත්තාය. තම ගැත්තන්ගෙන් ප්‍රතික්ෂේප කිරීම ඔහු ප්‍රිය නොකරයි. තවද නුඹලා කෘතවේදී වන්නේ නම් ඒ ගැන ඔහු නුඹලා කෙරෙහි තෘප්තියට පත් වෙයි. බර උසුලන්නෙකු වෙනත් අයගේ (පාපයේ) බර නොඋසුලනු ඇත. පසු ව නුඹලා නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය." (අස්-සුමර්: 7) (316) (අස්-සුමර්: 7)
"ඔබ සොරකම් කර; දුරාචාරයේ නිරත වී මිනී මැරුම් සිදු කර මහපොළොවේ අර්බුධ ඇති කළේ නම්, ඔබ සැම ගැන මට ආඩම්බර වෙමි." යැයි දරුවන් ඉදිරියේ පුන පුනා කියන පියෙකු ගැන අපි කුමක් කියමුද? සරලව කිවහොත්, මෙම පියාට ඇති සමීපතම විස්තරය නම්, ඔහු සාතන් හා සමාන වේ. පෘථිවිය දූෂණය කිරීමට තම දරුවන් පොළඹවනු ඇත.
මැවුම්කරුට ඔහුගේ ගැත්තන් කෙරෙහි ඇති අයිතිය:
මැවුම්කරු තම ගැත්තන්ගෙන් පාපය පිළි නොගන්නේ ඇයි?
යමෙකුට අල්ලාහ්ට අකීකරු වීමට අවශ්‍ය නම්, ඔහු ඔහුගේ සැපයුමෙන් අනුභව නොකර ඔහුගේ දේශය හැර ඔහු යා යුතු අතර, අල්ලාහ්ට ඔහුව නොපෙනෙන ආරක්ෂිත ස්ථානයක් සෙවිය යුතුය. මරණයේ දූතයා ඔහුගේ ආත්මය ගැනීමට ඔහු වෙත පැමිණියහොත්, ඔහු ඔහුට මෙසේ කියත්වා: "මම අවංකව පසුතැවිලි වී අල්ලාහ් වෙනුවෙන් ධර්මිෂ්ඨ ක්‍රියා කරන තුරු මා ප්‍රමාද කරන්න." මරණින් මතු දිනයේදී වධ දූතයන් ඔහුව නිරයට ගෙන යාමට පැමිණියහොත්, ඔහු ඔවුන් සමඟ නොයා යුතු අතර, ඔහු ඔවුන්ට විරුද්ධ වී ඔවුන් සමඟ යාමෙන් වැළකී සිටිය යුතු ය. ඔහු ස්වර්ගයට ගෙන යා යුතුය, ඔහුට එසේ කළ හැකි ද? [317]. ඉබ්රාහීම් ඉබ්නු අද්හම්ගේ කතා වස්තුව.
පුද්ගලයෙකු තම නිවසේ සුරතල් සතෙකු ඇති කරන විට, ඔහු ඔහුගෙන් වඩාත්ම බලාපොරොත්තු වන්නේ කීකරුකමය. එය ඌ මිලදී ගත් පමණිනි. එසේ නම් අප මැවූ අපව නිර්මාණය කළ මැවුම්කරු හා අප අතර තත්ත්වය කෙසේනම් විය යුතු ද?අපගෙන් වන අවනතභාවය, නැමදුම හා යටහපත් භාවය ලබන්නට ඔහු සුදුසු නොවන්නේ ද? මේ ලෞකික ගමනේදී අපි බොහෝ කාරණාවලදී අපගේ කැමැත්තට එරෙහිව යටත් වෙමු. අපගේ හෘද ස්පන්දනය, අපගේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියා කරයි, අපගේ ඉන්ද්රියයන් සම්පූර්ණයෙන්ම වටහා ගනී. අප කළ යුත්තේ අපට තෝරා ගැනීමට දී ඇති අපගේ ඉතිරි කටයුතු දෙවියන් වහන්සේට භාර දීමයි. එවිට අපට ආරක්ෂිතව පැමිණීමට හැකි වේ.
අල්ලාහ්ගේ ගැත්තන් ඔහු ව විශ්වාස නොකළ විටෙක ඔවුනට ඔහු දඬුවම් කරනුයේ ඇයි?
ලෝක ස්වාමියා කෙරෙහි විශ්වාසය සහ යටත් වීම අතර වෙනස හඳුනා ගත යුතුය.
ඒ අනුව කිසිවකුට අත් නොහැරිය හැකි ලෝක ස්වාමියා වෙනුවෙන් අපේක්ෂා කරන අයිතිය නම්, ඔහුගේ ඒකීයභාවය පිළිගෙන යටත් වී, කිසිදු හවුල්කරුවෙකු ඔහුට ආදේශ නොකර ඔහුට පමණක් නමස්කාර කිරීමත්, මැවුම්කරු ඔහු පමණක් බවත්, ආධිපත්‍යය හා නියෝගය ඔහුට පමණක් හිමි බව විශ්වාස කිරීමත් ය. අපි එය පිළිගත්තත් නැතත්, විශ්වාසයේ පදනම මෙයයි (විශ්වාසය ප්‍රකාශයෙන් සහ ක්‍රියාවෙන් වන්නකි), අපට වෙනත් විකල්පයක් නැත. ඒ අනුව මිනිසා වගකිව යුතු අතර දඬුවම් කරනු ලැබේ.
යටත් වීමේ විරුද්ධ පැතිකඩ සාපරාධීත්වයයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
අයුක්තිය සම්බන්ධයෙන් ගත් කල, එය ලෝක ස්වාමියා වෙත හවුල්කරුවෙකු හෝ සමානයෙකු හෝ පත් කිරීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"එහෙයින් නුඹලා දැන දැන ම අල්ලාහ්ට ආදේශ නොතබනු." (අල්-බකරා: 22) (319) (අල් බකරා: 22)
"විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති." (අල්-අන්ආම්: 82) (320) (අල්-අන්ආම්: 82)
විශ්වාසය යනු පාරභෞතික නියමයකි. එය අල්ලාහ්, ඔහුගේ මලක්වරු, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ ධර්ම දූතවරු හා අවසන් දිනය විශ්වාස කිරීමත් අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය පිළිගැනීමත් අවශ්‍යය කරයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසුවෝය. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.”(අල්-හුජ්රාත්: 14) (321) (අල්-හුජ්රාත්: 14)
සැබැවින්ම ඊමානය (දේවත්වය විශ්වාස කිරීම) යනු තෘප්තිය, පිළිගැනීම සහ සෑහීම යන උසස් හා උදාර නිලයක් සහ තරාතිරමක් සහිත බවත් ඊමානයට එය වැඩිවෙන හා අඩුවෙන නිලයන් සහ තරාතිරම් ඇති බවත් උතුම් වදන් පෙන්වා දෙයි. පුද්ගලයෙකුගේ හැකියාව සහ ඔහුගේ හදවතේ ඇති අදෘශ්‍යමාන කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව එක් එක් පුද්ගලයාගෙන් තවත් කෙනෙකුට වෙනස් වන අතර මිනිසුන් සුන්දරත්වයේ සහ තේජසෙහි ගුණාංග පිළිබඳ ඔවුන්ගේ අවබෝධයෙන් සහ තම ස්වාමියා පිළිබඳ දැනුමෙන් කැපී පෙනේ.
මිනිසාට අදෘශ්‍යමාන දේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ ඔහුගේ පටු ආකල්ප නිසා ඔහුට දඬුවම් නොලැබෙනු ඇත. නමුත් අල්ලාහ් මිනිසාට නිරයේ සදාකාලිකත්වයෙන් මිදීමට අවම පිළිගත හැකි මට්ටමට දඬුවම් කරනු ඇත. අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට යටත් වීම අනිවාර්ය ය. මැවීම, අණ කිරීම සහ නැමදුම් ලැබීම ඔහුට පමණක් සතුය. එය හැර සෙසු සියලු පාපයන්ට ඔහු කැමති අයට සමාව දෙයි. මිනිසා ඉදිරියේ වෙනත් තේරීමක් නැත. එක්කෝ දේවත්වය විශ්වාස කිරීම හා ජය ලැබීම එක්කෝ දේවත්වය ප්‍රතික්ෂේප කිරීම හා පරාජය වීමය. එය විය හැක්කක් හෝ නොවිය හැක්කක් හෝ විය හැක.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් (මනංකල්පිත සේ) ගෙතුවේය." (සූරා අන්-නිසා:48) (322) (සූරා අන්නිසා: 48)
දේවත්වය විශ්වාස කිරීම යනු අදෘශ්‍යමාන දෑ හා සම්බන්ධ ප්‍රශ්නයක් වන අතර නොපෙනෙන දේ හෙළි වූ විට හෝ අවසන් හෝරාවේ සලකුණු දිස් වූ විට නතර වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවනු ඇත. මීට පෙර එය විශ්වාස නොකළේය. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු..." (අල්-අන්ආම්: 158) (323) (අල්-අන්ආම්: 158)
මිනිසා තම ඊමාන් හෙවත් විශ්වාසයෙන් දැහැමි ක්‍රියාවන් තුළින් ප්‍රයෝජන ගැනීමට හා ඔහුගේ යහපත් ක්‍රියාවන් වැඩි කර ගැනීමටත් අවශ්‍ය නම්, එය මෙම හෝරාව ආරම්භ වී අදෘශ්‍යමාන දෑ හෙළිදරව් වීමට පෙර විය යුතුය.
යහපත් ක්‍රියාවන් නොමැති තැනැත්තා සදාකාලික අපායෙන් මිදීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔහු අල්ලාහ්ට යටත් වී ඔහුගේ ඒකීයත්වය පිළිගෙන, ඔහුට පමණක් නැමදුම් කිරීමෙන් මිස මෙලොව හැර නොයා යුතුය. ඇතැම් පව්කාරයින්ට තාවකාලික අමරණීයභාවය සිදුවිය හැක. මෙය දෙවියන්ගේ කැමැත්තට යටත් වේ. ඔහු කැමති නම් ඔහු ඔහුට සමාව දෙනු ඇත, ඔහු කැමති නම්, ඔහු ඔහුව නිරා ගින්නට ඇතුල් කරනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු." (ආලු ඉම්රාන්: 102) (324) (ආලු ඉම්රාන්: 102)
ඉස්ලාම් ආගමේ විශ්වාසය වචනයෙන් සහ ක්‍රියාවෙන් වන්නකි. මන්ද එය අද ක්‍රිස්තියානි ධර්මයේ ඉගැන්වීම්වල මෙන් විශ්වාසය පමණක් නොවේ. එමෙන්ම අදේවවාදයේ මෙන් ක්‍රියාව පමණක් නොවේ. අදෘශ්‍යමාන දේ විශ්වාස කරන අවධියේ සහ ඉවසීමේ අවධියේ සිදු කරන පුද්ගලයෙකුගේ ක්‍රියාවන්, මතුලොවෙහි ගුප්ත දෑ නිරාවරණය වී එය දෑසින් දැක බලාගත් අයකු සමඟ සමාන වන්නේ නැත. එමෙන්ම දුෂ්කර හා දුර්වල අවධියේ ඉස්ලාමයේ ඉරණම ගැන නොදැන අල්ලාහ් වෙනුවෙන් ක්‍රියා කරන අය ඉස්ලාමය දෘශ්‍යමානව බලවත් සහ ශක්තිමත්ව තිබිය දී අල්ලාහ් වෙනුවෙන් කටයුතු කළ අයට සමාන වන්නේ නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඔවුනට පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය." (අල්-හදීද්: 10) (325) (අල්-හදීද්: 10)
ලෝක ස්වාමියා කිසිදු හේතුවක් නොමැතිව දඬුවම් කරන්නේ නැත. ගැත්තාගේ අයිතිවාසිකම් අහෝසි කිරීම හෝ ලෝක ස්වාමියාගේ අයිතිවාසිකම් අහෝසි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු විභාග කරනු ලැබ දඬුවමට ලක් කරනු ඇත.
අපා ගින්නේ සදාකාලිත්වයෙන් මිදීමට අත්හැරිය නොහැකි සත්‍යයක් ඇත. එනම් "නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති බවට මම සාක්ෂි දරමි. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයාණන් හා ඔහුගේ ගැත්තා බවටත් මම සාක්ෂි දරමි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතවරු සැබෑ බවටත් මම සාක්ෂි දරමි. සැබැවින්ම ස්වර්ගය සත්‍යය බවටත් නිරය සත්‍යය බවටත් මම සාක්ෂි දරමි." යැයි පවසමින් හා ඒවා ක්‍රියාවට නංවමින් ලෝක ස්වාමියාට යටහත් වීමය.
අල්ලාහ්ගේ මාර්ගයට බාධා නොකිරීම, අල්ලාහ්ගේ දහම ප්‍රචාරය වීමට හෝ ඇරයුම් කිරීම හමුවේ පෙනී සිටීමට අදහස් කරන ඕනෑම ක්‍රියාවකට උර දීම හෝ සහාය දීම.
මිනිසුන්ගේ අයිතීන් උල්ලංඝනය නො කිරීම හෝ විනාශ නො කිරීම හා ඔවුනට අපරාධ නොකිරීම.
මැවීමට හෝ මැවීම්වලට හානි කිරීමෙන් වැළකී සිටීම, ඔහු තමාගෙන් ඈත් වීමට හෝ මිනිසුන්ගෙන් ඉවත් වීමට අවශ්‍ය වුව ද එලෙසමය.
පුද්ගලයෙකුට බොහෝ යහපත් ක්‍රියා නොමැති විය හැකි නමුත් ඔහු කිසිවකුට හානියක් හෝ තමාට හෝ මිනිසුන්ට නපුරක් ගෙන දෙන ක්‍රියාවක නිරත වී නැතිනම් එමෙන්ම ඔහු අල්ලාහ්ගේ ඒකීයභාවයට සාක්ෂි දරයි නම් ඔහුට අපා ගින්නේ දඬුවමින් ආරක්ෂාව අපේක්ෂා කරනු ලැබේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය; සර්වඥානීය." (අන්-නිසා: 147) (326) (අන්-නිසා: 147)
මිනිස් වර්ගයා මෙලොවෙහි දී ඔවුන් කරන ක්‍රියාවන් සාක්ෂියේ ලෝකයෙන් ආරම්භ කර අවසන් හෝරාව එළැඹෙන තුරුත්, අදෘශ්‍යමාන ලෝකය එළිදරව් වනතුරුත්, පරලොව ගණන් බැලීමේ ආරම්භය පැමිණෙන තුරුත් තරාතිරම සහ උපාධි අනුව වර්ගීකරණය කරනු ලැබේ. උතුම් හදීසයේ සඳහන් වන පරිදි ජනයා අතර මතුලොවෙහි අල්ලාහ් පරීක්ෂාවට ලක් කරනු ලබන අය වෙති.
ලෝකාධිපති සෑම මිනිසෙකුටම තමන් කළ ක්‍රියාවන්ට හා අයහපත් ක්‍රියාවන්ට අනුව දඩුවම් දෙනු ඇත. එක්කෝ ඒවා මෙලොවදීම කල් ඇතිව පිරිනමයි. නැතිනම් පරලොව වෙනුවෙන් ප්‍රමාද කරයි. මෙය ක්‍රියාවෙහි බරපතලකම, පාපක්ෂමාව, බවභෝග පරම්පරාව සහ අනෙකුත් ජීවීන් කෙරෙහි යොදන බලපෑම හා හානියේ තරම මත රඳා පවතී.
නූහ්, හූද්, සාලිහ්, ලූත් යන නබිවරුන්ගේ සමූහයන් වැනි පෙර ඉකුත්ව ගිය ජන සමූහයන්, ෆිර්අවුන් සහ දූතයින් බොරු කළ අනෙකුත් ජන සමූහයන් වනාහි, ඔවුන්ගේ නින්දා සහගත ක්‍රියාවන් සහ ඔවුන්ගේ කුරිරුකම් නිසා අල්ලාහ් මෙලොව දීම ඔවුන්ගේ දඬුවම් ඉක්මන් කළේය. ඔවුන් ඉන් දුරස් වූයේ හෝ ඔවුන්ගේ නපුර නතර කළේ හෝ නැත. නමුත් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළහ. හුද්ගේ ජනයා මහපොළොවේ උඩඟුකම් පෑවෝය. සාලිහ්ගේ ජනයා ඔටුවාව මරා දැමුවෝය. ලූත්ගේ ජනයා සමලිංගික දුරාචාරය ගැන අවධාරනය කළෝය. ෂුඅයිබ්ගේ ජනයා දූෂණය සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළෝය. කිරුම් මිණුම් හි වංචා කළෝය. ෆිර්අවුන්ගේ ජනයා මූසාගේ ප්‍රජාවට සීමාව ඉක්මාව වැරදි හා සතුරුකම් සේන්දු කළෝය. ඔවුන් හැමෝටම පෙර නූහ්ගේ ජනයා ලෝක ස්වාමියාට නමස්කාර කිරීමේ දී ආදේශ කළෝය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ." (ෆුස්සිලත්: 46) (327) (ෆුස්සිලත්: 46)
"එසේ සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියෝය." (අල්-අන්කබූත්: 40) (328 (අල්-අන්කබූත්: 40)
ඉරණම තීරණය කිරීම සහ ආරක්ෂාව සඳහා ප්‍රවේශය:
කෙනෙකුට තම පියාගේ සහ මුතුන්මිත්තන්ගේ ආගම වෙනස් කළ හැකිද?
දැනුම සෙවීමත් මේ විශ්වයේ ක්ෂිතිජය පිළිබඳ සෙවීමත් මනුෂ්‍ය වගකීමකි. සර්වබලධාරී අල්ලාහ් අපට මෙම බුද්ධිය භාර දී ඇත්තේ අප ඒවා නිකරුණේ අත් නොහැර පරිහරණය කිරීමටය. සෑම පුද්ගලයෙක්ම ස්ව බුද්ධිය භාවිතා නොකර, මෙම දහම ගැන නොසිතා, වටහා නොගෙන තම මුතුන්මිත්තන්ගේ දහම අනුගමනය කරති. එසේ නම්, සර්වබලධාරී දෙවිඳුන් තමා තුළ තැබූ මේ උතුම් ආශිර්වාදය හෙළාදකිමින්, තම පැවැත්ම අවමානයට ලක් කරමින් අසාධාරණයක් සිදු කර ගන්නා බවට කිසිදු සැකයක් නැත. එය ඔබේ බුද්ධිය නොවේ ද!
එකමුතු පවුලක හැදී වැඩුණු මුස්ලිම්වරුන් කී දෙනෙක් බහුදේව මාර්ගයෙන් බැහැර වූවාද? ත්‍රිත්වය විශ්වාස කරන බහුදේවවාදී හෝ ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු, එම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කර, "අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැතැ"යි පැවසූ අයද සිටිති.
පහත දැක්වෙන සංකේතාත්මක කථාව මෙම කරුණ නිදර්ශනය කරයි. බිරිඳක් තම ස්වාමිපුරුෂයාට මාළුවෙකු පිසුවාය. ඇය එය පිසීමට පෙර උගේ හිස සහ වලිගය කපා හැරියාය. ඇගේ සැමියා ඇගෙන්: 'ඔබ හිස සහ වලිගය කපා දැමුවේ ඇයි?' දැයි විමසු විට ඇය: 'මගේ අම්මා උයන්නේ මෙහෙමයි' යැයි පැවසුවාය. ස්වාමිපුරුෂයා මවගෙන් විමසීය: 'ඔබ මාළු උයන විට වලිගය සහ හිස කපා දමන්නේ ඇයි?' අම්මා: 'මගේ අම්මා මේ විදියට උයනවා' යැයි පැවසුවාය. එවිට ස්වාමිපුරුෂයා ආච්චිගෙන්: 'ඔබ හිස සහ වලිගය කපා දමන්නේ ඇයි?' දැයි විමසීය. ඇය මෙසේ පිළිතුරු දුන්නාය: "ගෙදර ඉවුම් පිහුම් බඳුන කුඩා වූ අතර මාළු බඳුනට දැමිය හැකි වන පරිදි හිස සහ වලිගය කපා දැමීමට සිදු විය."
යථාර්ථය නම් අපට පෙර යුගයන්හි සිදු වූ බොහෝ සිදුවීම් ඔවුන්ගේ යුගයට හා කාලයට ප්‍රාණ ඇපකරුවන් වූ අතර ඒවාට සම්බන්ධ වූ ඔවුන්ගේම හේතු තිබේ. සමහර විට පෙර කතාවෙන් එය පිළිබිඹු වේ, යථාර්ථය එය මානව ව්‍යසනයකි. අප ජීවත් වන්නේ අපගේ කාලය නොවන කාලයකය. තත්වයන් සහ කාලවල වෙනස නොතකා නොසිතා හෝ නොවිමසා අනුන්ගේ ක්‍රියාවන් අනුකරණය කරන්නෙමු.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි..." (අර්-රඃද්) (329) (අර්-රඃද්: 11)
ඉස්ලාමයේ පණිවිඩයට නොපැමිණි අයගේ ඉරණම කුමක්ද?
මෙවැනි ජනයාට සර්වබලධාරී අල්ලාහ්ගෙන් අසාධාරණයක් සිදු නොවනු ඇත. නමුත් ඔහු නැවත නැඟිටීමේ දිනයේදී ඔවුන්ව පරීක්ෂා කරනු ඇත.
ඉස්ලාමය මැනවින් දැකීමට ආශාවක් නැති මිනිසුන් හට කිසිදු නිදහසට කරුණක් නැත. මන්ද අප සඳහන් කළ පරිදි ඔප්පු කිරීමට සහ එය ස්ථාපිත කිරීම සත්‍යාපනය කිරීමට අපහසු වුව ද ඔවුන් පර්යේෂණ සහ චින්තනය නොසලකා හැරිය යුතු නැත. එක් එක් පුද්ගලයා අනෙකාට වඩා වෙනස් වන අතර, අවිද්‍යාව හෝ තර්කයට එළඹීමට අසමත් වීම සම්බන්ධයෙන් නිදහසට කරුණ පරලොවෙහි අල්ලාහ් වෙත පවතී. මෙලොවෙහි නීති රඳා පවතිනුයේ බාහිර දෑ මතය.
විශ්වයේ සහ තමන් තුළ ඇති සංඥා, දිව්‍ය පණිවිඩ, සහජ ධර්මතාව සහ බුද්ධිය යනාදිය තුළින් ඔවුන් වෙත පිහිටු වූ මේ සියලු තර්කවලින් පසුව, ඔවුන්ට දඬුවම් කිරීමේ සර්වබලධාරි අල්ලාහ්ගේ නීතිය අසාධාරණ වන්නේ නැත. ඒ සියල්ලට ප්‍රතිඋපකාර වශයෙන් ඔවුන් කළ යුතු අවම දෙය නම්, සර්වබලධාරී දෙවියන්ව දැන හඳුනාගෙන ඔහුව ඒකීයත්වයට පත් කර ඉස්ලාමයේ කුළුණු උපරිමයෙන්ම පිළිපැදීමය. ඔවුන් එසේ කළේ නම්, ඔවුන් අපා ගින්නේ සදාකාලිත්වයෙන් මිදෙනු ඇත. මෙලොව පරලොව සුගතිය සාක්ෂාත් කර ගනු ඇත. මෙය දුෂ්කර යැයි ඔබ සිතනවාද?
සර්ව බලධාරී අල්ලාහ් වෙනුවෙන් ඔහුගේ ගැත්තන් කෙරෙහි පැවරෙන වගකීම නම් ඔවුන් ඔහුට පමණක් නමස්කාර කිරීමයි. ගැත්තන් වෙනුවෙන් අල්ලාහ් කෙරෙහි පැවරෙන වගකීම වනුයේ කිසිවක් ගෙන ඔහුට ආදේශ නොකරන අයට දඬුවම් නොකර සිටීමය. කාරණය සරලය. එය පුද්ගලයෙකු පවසන සහ විශ්වාස කරන සහ ඒ අනුව ක්‍රියා කරන වදන් පෙළක් වන අතර එය අපා ගින්නෙන් ගැලවීමට ප්‍රමාණවත් වේ. මෙය යුක්තිය නොවේද? මෙය සර්වබලධාරී අල්ලාහ්ගේ නීතියයි. එය සාධාරණ, මෘදු, විදග්ධ නීතිය වේ. මෙය උත්කෘෂ්ඨ උත්තරීතර අල්ලාහ්ගේ ආගම වේ.
සැබෑ ප්රශ්නය පුද්ගලයා වරදක් කිරීම හෝ පාපයක් කිරීම නොවේ. වරදට වැටීම මනුෂ්‍ය ස්වභාවය නිසා ආදම්ගේ සෑම පුත්රයෙක්ම පව්කාරයෙක් වන අතර, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ පරිදි පව් කරන අයගෙන් හොඳම අය පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින අය වේ. නමුත් ප්රශ්නය වන්නේ දිගින් දිගටම පාපපකම් සිදු කිරීම සහ ඒවා කෙරෙහි දැඩිව සිටීමයි. යම් කෙනෙක් අවවාද අනුශාසනා කරනු ලැබ එම අවවාදය නො අසා ක්‍රියා නොකිරීමත්, මෙනෙහි කරනු ලැබ එම මෙනෙහි කිරීම ඔහුට ප්‍රයෝජනයක් නොවීමත්, ඔහුට දේශනා කරනු ලැබ ඔහු උපදෙස් නොලැබීම හෝ ඒ ගැන නොසැලකීම, පසු තැවිලි නොවීම හා පව්සමාව අයැද නො සිටීම දෝෂයකි. ඒ වෙනුවට, ඔහු දැඩිව එහි නිරත වී උඩඟුකම් පෑමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.(330) (ලුක්මාන්: 7)
ආරක්ෂාවේ යෝග්‍යතාව කුමක් ද?
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
ජීවන ගමනේ අවසානය සහ ආරක්ෂාව වෙත ළඟාවීම මෙම පදවලින් සාරාංශ කොට ඇත.
69. තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ. 70. තවද සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. 71. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දඬුවමේ ප්‍රකාශය නියම විය. 72. නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ. 73. තවද තම පරමාධිපතිට බිය බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලාට සලාම් (ශාන්තියයි.) නුඹලාගේ කටයුතු යහපත් වී ඇත. එහෙයින් සදාතනිකයින් ලෙසින් එහි නුඹලා පිවිසෙනු.” යැයි එහි භාරකරුවන් ඔවුනට පවසනු ඇත. 74. තවද “තම පොරොන්දුව අපට සැබෑ කළ, තවද මහපොළො ව අපට උරුමකර දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අපි කැමති පරිදි ස්වර්ගයේ වාසය කරන්නෙමු” යැයි ඔවුන් පවසනු ඇත. එහෙයින් ක්‍රියාකාරීන්ගේ ප්‍රතිඵල යහපත් විය. (331) (අස්-සුමර්: 69-74)
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බව මම සාක්ෂි දරමි.
තවද සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවත් මම සාක්ෂි දරමි.
අල්ලාහ් විසින් එවන ලද සියලුම දූතවරු සත්‍යය බව මම සාක්ෂි දරමි.
සැබැවින්ම ස්වර්ගය සත්‍යය බවත් අපාය ද සත්‍යය බවත් මම සාක්ෂි දරමි.
Related books
All books
ඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්‍රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්‍රශ්න4 භාෂාඉස්ලාම් පිළිබඳ ව නිතර අසන ප්‍රශ්න. ශබ්දකෝෂය තුළින් තෝරාගත් ප්‍රශ්න
(මුස්ලිම්වරුන්ගේ අංශය) ප්‍රශ්න අංක: 68 මුස්ලිම්වරු බොහෝ දෙනෙක් අවංකකමෙන් හා බැරෑරුම්කමෙන් ඈත් වී, රැවටීම, අල්ලස් ගැනීම් සහ මත්ද්‍රව්‍ය භාවිතයේ පවා යෙදෙන බැවින් ඉස්ලාම් දහම හොඳම දහමය යන කාරණය සමඟ අප සමනය කරන්නේ කෙසේද? පිළිතුර: වැදගත් කරුණ (1)
الدروس المهمة لعامة الأمة78 භාෂාالدروس المهمة لعامة الأمة
يهدف الكتاب إلى تعليم المسلمين أساسيات دينهم بطريقة مبسطة وشاملة. يتناول مجموعة من الدروس المهمة مثل قراءة الفاتحة وقصار السور، وأركان الإسلام والإيمان، وأقسام التوحيد والشرك، وشروط وأركان وواجبات الصلاة، بالإضافة إلى مبطلاتها، مع بيان مختصر لشروط الوضوء وفروضه ونواقضه. كما يسلط الضوء على التحلي بالأخلاق الإسلامية والآداب الشرعية، ويقدم إرشادات لطيفة حول تجهيز الميت والصلاة عليه ودفنه.
رسول الإسلام محمد صلى الله عليه وسلم81 භාෂාالإسلامرسول الإسلام محمد صلى الله عليه وسلم
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි. ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!) ඉස්ලාමයේ දූත මුහම්මද්(1) (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ කෙටි හැඳින්වීමක්. මෙහි එතුමාගේ නාමය පෙළපත, දේශය, බිරියන්, දූත මෙහෙවර, එතුමා ඇරයුම් කළ දෑ මෙන්ම එතුමාගේ නබිත්වයේ හා පිළිවෙතේ සාධක හා එතුමා ගැන වූ තර්කයේ ස්ථාවරය පැහැදිලි කර ඇත්තෙමි. (1) පරිවර්තනය ගැන සැලකිලිමත් වෙමින් ‘දූතයා’ හා ‘මුහම්මද්’ යන පද දෙක සැමවිටම සම්බන්ධ කිරීමට මම උනන්දු වූයෙමි. එය (ඉදිරියට) පෙනෙනු ඇත. 1- එතුමාගේ නම පෙළපත හා එතුමාණන් ඉපදී වැඩුණු දේශය. ඉස්ලාමයේ දූතයාණන් වනුයේ:…
ශුද්ධ වූ අල් කුර්ආනයේ සහ දේව දූත (සම්ප්රදායේ) සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි සන්දේශයක්.61 භාෂාශුද්ධ වූ අල් කුර්ආනයේ සහ දේව දූත (සම්ප්රදායේ) සුන්නාවේ සඳහන් පරිදි ඉස්ලාමය පිළිබඳ කෙටි සන්දේශයක්.
අපරිමිත දයාවන්ත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි ඉස්ලාමය (සාධක වලින් තොර පිටපතකි)[1] (1) මෙම ලිපියේ ඇති සෑම ප්‍රශ්නයකට ම හා ගැටලුවකට ම ශුද්ධ වූ අල් කුර්ආනයෙන් හා නබි -සල්ලලාහු අලයිහි වසල්ලම්- තුමාගේ සුන්නාහ්වෙන් වූ සාධක ඇතුළත් තවත් පිටපතක් https://islamhouse.com/ar/books/2830071 සබැඳිය හරහා පරිශීලනය කළ හැක. ඉස්ලාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇතුළත් මෙම වැදගත් ලිපිය එහි මූලික මූලාශ්‍රවලින් -එනම් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබිතුමාගේ ජීවන සම්ප්රදා පදනම් කරනිමින්- වැදගත් මූලිකාංග, ඉගැන්වීම් හා සුවිශේෂාංග පැහැදිලි කරයි. මෙම ලිපිය මුස්ලිම්වරුන් මෙන් ම මුස්ලිම් නොවන අයට සෑම කාලයක ම සෑම…