උම්රා ඉටු කිරීමේ ක්‍රමය පිළිබඳ ප්‍රායෝගික හා සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් ඔබ උම්රාව ඉටු කළ යුත්තේ කෙසේ ද? සරල අධ්‍යාපනික වීඩියෝවක්. මෙය ඉහ්රාම් හි සිට තහල්ලුල් දක්වා වූ උම්රා වන්දනා කටයුතු අනුපිළිවෙලින්, ඉතා සරලව සහ පැහැදිලිව විස්තර කරන වීඩියෝවකි. මෙම වීඩියෝව නරඹා ඔබේ උම්රාව පහසුවෙන් සහ මැනවින් ඉටු කරන ආකාරය ඉගෙන ගන්න. උම්රා ඉටු කිරීමේ ක්‍රමය
උම්රා ඉටු කිරීමට අදහස් කරන කෙනෙකු තමාට අදාළ සීමා මාඉමෙන් ඉහ්රාම් බැඳීම අනිවාර්යය වේ.
අල්-මීකාත් යනු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නියම කළ ස්ථාන වේ. හජ් හෝ උම්රා අපේක්ෂා කරන කෙනෙකු එතැන් සිට ඉහ්රාම් තත්ත්වයට පැමිණිය යුතුය.
හජ් හෝ උම්රා ඉටු කිරීමට අදිෂ්ඨාන කරමින් කවරෙකු ඒ එක් ස්ථානයක් අසළින් ගමන් ගන්නේ ද එහි දී ඉහ්රාම් තත්ත්වයට පැමිණීම ඔහුට අනිවාර්යය වේ. ඉහ්රාම් තත්ත්වයෙන් තොරව එය පසුකර යෑම සුදුසු වන්නේ නැත.
කවරෙකු මෙම සීමා මාඉම්වලට වඩා මක්කාවට සමීපයෙන් පදිංචිව සිටින්නේ ද ජිද්දා වැසියන් මෙන් ඔහුගේ සීමා මාඉම ඔහු සිටින ස්ථානයම වේ. එතැන් සිට ඔහු හජ් හා උම්රා සඳහා ඉහ්රාම් තත්ත්වයට පැමිණේ.
මක්කාවාසීන් වනාහි: හජ් සඳහා ඉහ්රාමය මක්කාවේ පිහිටි ඔවුන්ගේ නිවෙස්වල සිටම ඉහ්රාම් තත්ත්වයට පැමිණිය යුතුයි. උම්රාව වනාහි ඔවුන් හරම් සීමාවෙන් පිටතට ගොස් තන්ඊම් හා එවන් ස්ථානයක දී ඉහ්රාම් තත්ත්වයට පැමිණේ.
කවරෙකු ගුවන් යානයක සිටින්නේ ද, ඔහු අදාළ සීමා මායිමට සමාන්තර වූ විට ඉහ්රාම් තත්ත්වයට පැමිණේ. මීකාතයට අනුගත වීමට පෙර සූදානම් වී ඉහ්රාම් වස්ත්‍රය ඇඳ ගනියි, එයට අනුගත වූ වහාම ඉහ්රාමයේ චේතනාව තබයි. ගුවන් යානය වේගයෙන් ගමන් කරන බැවින් තල්බියාව පවසන ස්ථානය මඟ හැරෙනු ඇතැයි බියක් වේ නම්, පූර්ව ප්‍රවේසමක් වශයෙන් මීකාතයට අනුගත වීමට පෙරම ඔහුට තල්බියාව පැවසිය හැක. ගුවන් තොටුපළට ගොඩබසින තෙක් එය ප්‍රමාද කිරීම ඔහුට සුදුසු නැත.
ඉහ්රාමයේ ක්‍රමය හා එහි නීති රීති
කවරෙකු ඉහ්රාම් තත්ත්වයට පැමිණීම අපේක්ෂා කරන්නේ ද ඔහු:
1. ඔහුට ජලස්නානය කිරීම සුන්නත් වේ.
2. පිරිමින්ට සුවඳවිලවුන් ගැල්වීම ප්‍රියජනක වේ, එය ගැල්විය යුත්තේ ශරීරයට හා රැවුලටය, ඉහ්රාම් ඇඳුමට නොවේ.
3. ඉහ්රාම් වස්ත්‍රය ඇඳීම අනිවාර්ය වේ, පිරිමියාට එය යටි සළුවක් හා උඩු සළුවකි. ඒවා සුදු පැහැති හා පිරිසිදුව හෝ අලුතින් තිබීම සුන්නතයකි.
කාන්තාව අලංකාරය ප්‍රදර්ශනය නොකරන තමන් කැමති ඇඳුමකින් ඉහ්රාම් අදිටන් කරගනී. නමුත් ඇය නිකාබය සහ අත් ආවරණ පැළඳීමෙන් වැළකී සිටිය යුතුය, ඇය තම මුහුණ සහ අත් දෙක ඒ හැර වෙනත් දෙයකින් ආවරණය කර ගනී.
4. ඉහ්රාම් යනු වන්දනාව තුළ ප්‍රවේශ වීමේ අධිෂ්ඨානයයි, එවිට ඔහු මෙසේ පවසයි: ලබ්බයික් අල්ලාහුම්ම උම්රතන් ලබ්බයික් අල්ලාහුම්ම උම්රතන් වෙනත් කෙනෙකු වෙනුවෙන් උම්රාව ඉටු කරන්නේ නම් ඔහු මෙසේ පවසයි: ලබ්බයික් අල්ලාහුම්ම උම්රතන් අන් ෆුලානින් ලබ්බයික් අල්ලාහුම්ම උම්රතන් අන් ෆුලාන්.
5. ඉහ්රාමය සඳහා අපේක්ෂා කරන තැනැත්තා තම වන්දනා කටයුතු සම්පූර්ණ කිරීමට බාධා කරන යම් බාධකයක් ගැන බිය වූයේ නම්, එබැවින් ඉහ්රාම් පළදින අවස්ථාවේ ඔහුට කොන්දේසි පනවා ගත හැකිය, ඔහු මෙසේ පවසයි: අහෝ අල්ලාහ්, මා උම්රා වන්දනාව ඉටු කිරීමට පැමිණියෙමි. යම් බාධකයක් මට බාධා කළේ නම්, මට බාධා ඇති වූ ස්ථානයේම මම ඉහ්රාමයෙන් මිදෙමි. ලබ්බෙයික් අල්ලාහුම්ම උම්රතන්, ව ඉන් හබසනී හාබිසුන් ෆමහිල්ලී හෙයිතු හබස්තනී එසේ කවරෙකු කොන්දේසි පනවාගෙන ඔහුගේ වන්දනා කටයුතු සම්පූර්ණ කිරීමට යම් බාධාවක් ඔහුට ඇති වූ විටෙක ඔහුට ඉහ්රාමයෙන් ඉවත් විය හැකි අතර ඒ සඳහා ඔහු කෙරෙහි කිසිදු ප්‍රතිකර්මයක් නොපිහිටනු ඇත.
6. පසුව අධික වශයෙන් තල්බියාව පැවසීම: ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි. යා අල්ලාහ් ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි. ඔබේ කැඳවුමට පිළිතුරු දීමට මෙහි පැමිණියෙමි’ ඔබට ආදේශව කිසිවක් (හෝ කිසිවෙක්) නොමැත. නියතවශයෙන් ප්‍රශංසාවත් දායාදයත් ඔබටම හිමිය. පාලන බලතලත් ඔබටම හිමිය. ඔබට ආදේශව කිසිවක් (හෝ කිසිවෙක්) නොමැත. ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික ලා ශරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන් නිඃමත ලක වල් මුල්ක් ලා ශරීක ලක් පිරිමියා එය උස් හඬින් පවසයි, කාන්තාවට ද එසේමය, ඇය පිටස්තර පිරිමින් ඉදිරියේ නොසිටින තාක් කල්.
7. ඉහ්රාම් ඇඳගත් තැනැත්තා, ඉහ්රාමයෙන් නිදහස් වන තෙක් ඉහ්රාමය තුළ තහනම් කරන ලද දෑවලින් වැළකී සිටීම අනිවාර්යය වේ.
ඉහ්රාම් තත්ත්වයේදී තහනම් වන දෑ කොටස් තුනකි:
පළමුව: පිරිමින්ට සහ කාන්තාවන්ට තහනම් වන කොටස:
ශරීරයේ කවර හෝ ස්ථානයකින් වුව ද රෝම මුඩු කිරීම හෝ කොට කිරීම හෝ උගුලා දැමීම.
අත් හා පාදවල නියපොතු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ කපා ඉවත් කිරීම.
ශරීරයට හෝ ඉහ්රාම් ඇඳුමට සුවඳ විළවුන් ගැල්වීම.
ගොඩබිම සතුන් මරා දැමීම හෝ මරා නොදැමුවත් උන් දඬයම් කිරීම.
තමන් වෙනුවෙන් හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් හෝ විවාහ යෝජනා කිරීම.
සංසර්ගයේ නිරත නොවූව ද කාමුක හැඟීමෙන් යුතුව සිප ගැනීම හා ස්පර්ශ කිරීම වැනි අඹුසැමි ඇසුරුකම් පැවැත්වීම.
සංසර්ගයේ නිරත වීම, එනම් යෝනි මාර්ගයේ ලිංගික ව හැසිරීම.
දෙවනුව: පිරිමින්ට තහනම් වන කොටස:
හිසට ඇලෙන දෙයකින් හිස ආවරණය කිරීම, උදාහරණයක් ලෙස තොප්පිය සහ ජටාව, හිස මතට සළුව එළීම, එසේත් නැතහොත් ආවරණය කිරීම යන අර්ථයයෙන් එන කවර හෝ වෙනත් දෙයක් තැබීම.
ශරීරයට ගැලපෙන සුපුරුදු ඇඳුම් ඇඳීම, එනම් සාමාන්‍ය ඇඳුමෙන් සැරසීමය. උදාහරණ ලෙස: මිම්මට මැසූ ඇඳුමක්, කලිසමක්, කමිසයක් වැනි දෑ ය.
තුන්වැන්න: කාන්තාවන්ට තහනම් වූ කොටස.
නිකාබයක් හෝ බුර්කාවක් හෝ නිකාබයට සමාන වස්ත්‍රයක් පැළඳීම. එසේම පිටස්තර පිරිමින් ඉදිරියේ වෙනත් දෙයකින් තම මුහුණ ආවරණය කිරීම ඇයට අනිවාර්ය වේ.
ඇගේ අත් දෙකෙහි අත් වැසුම් පැළඳීම. පිටස්තර පිරිමින් ඉදිරියේ ඇගේ දෑත් ආවරණය කිරීම ඇයට අනිවාර්ය වේ.
උම්රා කරන තැනැත්තා කඃබාව වටා තවාෆ් කිරීමෙන් සිය උම්රාව ආරම්භ කරයි.
කඃබාව වටා තවාෆ් කිරීම සඳහා පිරිසිදු වී සිටීම කොන්දේසියකි.
ඉහ්රාම් ඇඳගත් තැනැත්තා මස්ජිදුල් හරාම් වෙත පිවිසෙන විට දකුණු කකුල මුලින් තැබීම සුන්නත් වේ. තවද මස්ජිදයට ඇතුල් වීමේ ප්‍රාර්ථනාව පැවසිය යුතුය, එය මෙසේය: "අල්ලාහුම්මෆ් තහ්ලී අබ්වාබ රහ්මතික." තේරුම යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි." අල්ලාහුම්ම ඉෆ්තහ් ලී අබ්වාබ රහ්මතික.
කඃබාහ්ව දකින විට තල්බියාව නතර කරයි.
පසුව තවාෆය ආරම්භ කිරීමට අපේක්ෂා කළ විටෙක, 'ඉළ්තිබාඃ' ක්‍රමයට ඉහ්රාමය සකසා ගැනීම සුන්නාවකි. ඒ යනු, තම උඩු සළුවේ මැද කොටස දකුණු කිහිල්ල ඇතුළතින් තබා, එහි කෙළවරවල් දෙක වම් උරහිස මත තබා ගැනීමයි, තවාෆය අවසන් කළ විට නැවත තම සළුව සකසා උරහිස් දෙක වසා ගනී. ඊට හේතුව ඉළ්තිබාඃ ක්‍රමය පිළිපදිනු ලබනුයේ තවාෆ් සිදු කරන ස්ථානයේ පමණක් වන බැවිනි.
තවාෆය හජරුල් අස්වද් නම් කළු ගලෙන් ආරම්භ කරයි.
හජරුල් අස්වද් ගල වෙත පැමිණ, එය තම දකුණතින් ස්පර්ශ කොට සිප ගැනීම සතුටු දායක වේ. එය සිප ගැනීමට අපහසු නම් තම අතින් එය ස්පර්ශ කර එම අත සිප ගනියි. එය පහසු නොවූයේ නම් තමන් සතුව ඇති සැර යැටිය හෝ ඊට සමාන යම් දෙයකින් එය ස්පර්ශ කර එය සිප ගනියි. එයට ද පහසුකමක් නොලැබුවේ නම් ගල දෙසට මුහුණලා අතින් ඒ වෙත සංඥා කරයි. එය සිප නොගනියි. වඩාත් යහපත් වන්නේ තෙරපීමෙන් වැළකී මිනිසුන්ට පීඩා නොකර තමන් ද ඔවුන්ගෙන් පීඩාවට පත් නොවීමයි.
ගල ස්පර්ශ කරන අවස්ථාවේ හෝ එයට සංඥා කරන අවස්ථාවේ මෙසේ පැවසීම සතුටුදායකය: අල්ලාහු අක්බර්. අල්ලාහු අක්බර්.
පසුව දකුණු දෙසට ගමන් කර ඔහුගේ වම් දෙසට කඃබාව පිහිටන සේ තබා ගනී. රුක්නුල් යමානියට ළඟා වූ විටෙක එය සිප ගැනීමකින් තොරව ස්පර්ශ කරයි, එසේ පහසුකමක් නොමැති නම් ඒ සඳහා තදබදයක් ඇති නොකළ යුතුය. ඒ වෙත සංඥා කිරීමක් ද නොකළ යුතුය.
"රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආකිරති හසනතන් වකිනා අදාබන් නාර්" (අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපත ද මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව, තවද නිරයේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව.) අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපත ද මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව, තවද නිරයේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව.
රුකුනුල් යමානි සහ හජ්රුල් අස්වද් අතර මෙසේ පවසයි:
හජරුල් අස්වද් කොණ පසු කර යන සෑම අවස්ථාවකම තම අතින් ඒ දෙස සංඥා කර මෙසේ පවසයි: අල්ලාහු අක්බර්. අල්ලාහු අක්බර්
තවාෆයේ ඉතිරි අවස්ථාවන්හි තමන් කැමති දික්ර්, ප්‍රාර්ථනා හා කුර්ආන් කියවීම් සිදු කරයි.
සුන්නාව වනුයේ -ඔහුට පහසු නම්- පළමු වට තුන පමණක් රම්ල් දිවීමය. එය වනාහි, පියවර ළඟින් ළඟ තබමින් ඉක්මනින් ගමන් කිරීම වේ. ඉතිරි වට හතරේදී වේගයෙන් ගමන් කිරීමක් නොමැත.
පසුව කිබ්ලාව හෙවත් කඃබාව දෙසට මුහුණලා මෙසේ පැවසීම සතුටුදායකය. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය. ඔහු තම පොරොන්දුව ඉටු කළේය. තම ගැත්තාට උපකාර කළේය. සියලු සේනාවන් ඔහු තනිවම පරාජයට පත් කළේය. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය. ඔහු තම පොරොන්දුව ඉටු කළේය. තම ගැත්තාට උපකාර කළේය. තනිවම සියලු සේනාවන් පරාජයට පත් කළේය. මෙය නැවත නැවතත් තුන් වරක් සිදු කරයි, ඒ අතරතුර ප්‍රාර්ථනා කරයි.
පසුව සෆා සිට බැස මර්වා වෙත පා ගමනින් යයි. කොළ පැහැති සංඥාව වෙත ළඟා වූ විට පිරිමින් පමණක් දැඩි සේ වේගයෙන් ගමන් කරයි. දෙවන කොළ සංඥාව වෙත ළඟා වූ විට වේගය අඩු කොට පෙර සේ පා ගමනින් යයි.
මර්වා වෙත ළඟා වූ විටෙක, සෆාවෙහි කටයුතු කළ ආකාරයෙන්ම එහි ද කටයුතු කිරීම ආගමානුගත කරන ලදී. තක්බීර් පැවසීම, කන්නලව් කිරීම, අල්කුර්ආන් කියවීම හා කඃබාහ්ව දෙසට හැරීම යනාදී කරුණු පෙර සේ මෙහිදී ද සිදු කරයි.
පසුව මර්වා සිට බැස නැවත සෆා වෙත පා ගමනින් යයි. කොළ පැහැති සංඥාව වෙත ළඟා වූ විට මද වේගයෙන් කඩිසර ලෙස දැඩිව ගමන් කරයි. දෙවන කොළ සංඥාව වෙත ළඟා වූ විට වේගය අඩු කොට පෙර සේ ගමන් කරයි.
මෙලෙස වට හත සම්පූර්ණ කරන තෙක්ම ක්‍රියා කරයි. සෆා කන්දේ සිට මර්වා කන්දට යෑම එක් වටයකි, එමෙන්ම මර්වා සිට නැවත සෆා වෙත පැමිණීම තවත් වටයකි. සෆා කන්දෙන් ආරම්භ කර මර්වා කන්දෙන් අවසන් කරයි.
ඔහු සඊ කරන අතරවාරයේ තමන් කැමති දික්ර්, ප්‍රාර්ථනා හා කුර්ආන් පාරායනය සිදු කරයි.
හිස මුඩු කිරීමේ හා කොට කිරීමේ ක්‍රමය:
උම්රා ඉටු කරන්නා තම තවාෆ් හා සඊ සම්පූර්ණ කළ විට, පිරිමියෙකුට සිය හිස මුඩු කිරීම හෝ හිසකෙස් කොට කිරීම අනිවාර්යය වේ. අනිවාර්යය වනුයේ හිස බූ ගෑම හෝ කොට කිරීම සම්පූර්ණ හිස ආවරණය වෙන සේ සිදු වීමය.
කාන්තාව ඇගේ හිසකෙස්වල අගිස්ස ඇඟිලි පුරුකක තරම් ප්‍රමාණයක් කොට කර ගනියි.
මේ අනුව, උම්රා වන්දනාව සම්පූර්ණ වේ.
සීමා මාඉම් පිළිබඳ නීතිරීති
මදීනාව දුල් - හුලයිෆා දාතු ඉර්ක් අල්-ජුහ්ෆා
යලම්ලම් කර්නුල් මනාසිල් සීමා මාඉම්
මක්කා පුරවරය සීමා මාඉම මක්කමට ආසන්නයේ සිටින අයගේ ඉහ්රාම් ඔහුගේ ස්ථානය
මක්කා වැසියන්ගේ ඉහ්රාම් හජ් සඳහා ඔවුන්ගේ නිවෙස් වලින් උම්රා සඳහා අත්-තන්ඊම්
ගුවන් යානයෙන් පැමිණෙන අයගේ ඉහ්රාම් මීකාතයට අනුගත වීමට පෙර ඉහ්රාම් වස්ත්‍රය අඳියි අනුගත වන අවස්ථාවේදී ඉහ්රාම් තත්ත්වයට පිවිසීමේ චේතනාව පිහිටුවා ගැනීම තල්බියාව ආරම්භ කරයි ගුවන් තොටුපළ දක්වා ඉහ්රාම් බැඳ ගැනීම ප්‍රමාද කිරීම සුදුසු නැත.
ඉහ්රාමයේ ක්‍රමය හා එහි නීති රීති
පිරිමින්ට මිස කාන්තාවන්ට නොවේ ශරීරය යටි රැවුල ඇඳුම්
ඉහ්රාම් වස්ත්‍රය ඇඳීම යටි සළුව හා උඩු සළුව මෙනෙහි කිරීම සුදු පැහැති දෙක ගැහැණු ඇය කැමති ඕනෑම ඇඳුමක් අලංකාරය ප්‍රදර්ශනය නොකරන නිකාබ් අත්වැසුම්
උම්රා සඳහා ඉහ්රාම් තත්ත්වයට පිවිසීම:
චේතනාවෙහි කොන්දේසියක් ඇති කිරීම
ඔහු ඉහ්රාමයෙන් මිදීමේ තත්ත්වයට පත් වේ. වෙනත් කිසිවක් ඔහු මත පැවරෙන්නේ නැත.
ඉහ්රාම් තත්ත්වයේදී තහනම් කරන ලද කරුණුවලින් වැළකීම
ඉහ්රාමයෙන් නිදහස් වන තෙක් ඉහ්රාම් තත්ත්වයේදී තහනම් කරන ලද කරුණු පිරිමින්ට සහ කාන්තාවන්ට තහනම් දෑ තමන් වෙනුවෙන් හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් හෝ විවාහය ගැන කතා කිරීම විවාහය ගිවිස ගැනීම පිරිමින්ට තහනම් දෑ පිරිමින් කාන්තාවන්ට තහනම් දෑ.
තවාෆ් කිරීමේ ක්‍රමය තවාෆ් කිරීම සඳහා පිරිසිදු වී සිටීම කොන්දේසියකි.
මස්ජිදයට ඇතුල් වීමේදී පවසන ප්‍රාර්ථනාව
ඉළ්තිබාඃ ඉළ්තිබාඃ තවාෆ් සඳහා පමණකි. තවාෆය හජරුල් අස්වද් නම් ස්ථානයෙන් ආරම්භ කරයි.
රුක්නුල් යමානි හා හජරුල් අස්වද් ස්ථාන දෙක අතර පවසන දෑ
දික්ර් හෙවත් මෙනෙහි කිරීම දුආ හෙවත් ප්‍රාර්ථනා කිරීම අල් කුර්ආන් පාරායනය රමල් කිරීම ආගමානුගත කරන ලද්දකි. පළමු වට තුනෙහි
මකාම් ඉබ්රාහීම් පසුපසට වී සලාතය ඉටු කිරීම පහසුකමක් වී නම්
තව ද නුඹලා ඉබ්රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු
තුන් වරක් දිව යයි පා ගමනින් යයි කොළ පැහැති සංඥාව තක්බීරය කඃබාව දෙසට හැරී සිටීම වට හතක් සෆා කන්දේ සිට මර්වා කන්දට එක් වටයකි. වට 1 හිස මුඩු කිරීමේ හා කොට කිරීමේ ක්‍රමය
පිරිමියාට හිස මුඩු කිරීම සහ හිසකෙස් කොට කිරීම අනිවාර්ය වීම. සම්පූර්ණ හිස ආවරණය වෙන සේ කාන්තාවකට කොණ්ඩය කොට කිරීම අනිවාර්යයි. කාන්තාවන්
උම්රා වන්දනාව සම්පූර්ණ වේ