حقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ඔබ කැමති නම් මේ අල්කුර ආන් පාඨය කියවන්න "නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද? අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය." සූරා මුහම්මද් 22-23
සහජ බුද්ධිය හා ඉස්ලාමීය නීති පද්ධතිය තහවුරු කළ යුතුකම්, වගකීම්
පෙරවදන
අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
පෙරවදන
සියලු පැසසුම් අල්ලාහ්ටම ය. අපි ඔහු ප්‍රශංසා කරමු. ඔහුගෙන් ම උදවු පතමු. ඔහුගෙන් පාපක්ෂමාව අයැද පාපොච්ඡාරණය කර සිටිමු. අපගේ ආත්මාවන්ගේ අයහපතින් ද අපගේ ක්‍රියාවන්ගේ අයහපතින් ද අපි අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. කවරෙකු ට අල්ලාහ් යහමඟ පෙන්වා සිටියේ ද ඔහුව නොමග යවන කිසිවකුත් නැත. කවරෙකුව දුර්මගෙහි යන්නට ඔහු ඉඩ හැරියේ ද ඔහුට යහමඟ පෙන්වන කිසිවකුත් නැත. තවද හවුල් කරුවෙකු නොමැති ඒකීය අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කෙනෙකු නොමැති බව මා සාක්ෂි දරමි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ගේ ගැත්තෙකු හා ඔහුගේ ධර් ම දූතයෙකු බව ද මා සාක්ෂි දරමි. එතුමාණන් හටත් එතුමාගේ ඥාතීන්, හිත මිතුරන් හා ඔවුන් ව යහපත් අයුරින් අනුගමනය කරන සියල්ලන් හටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා.
සැබැවින් ම අල්ලාහ්ගේ නීතියේ එක් අලංකාර ගුණාංගයක් වන්නේ යුක්තිය පිළිපැදීම සහ අයිතිය ඇති සෑම කෙනෙකුටම අතිශයෝක්තියෙන් හෝ නොසැලකිලිමත්කමකින් තොරව ඒ ඒ අයට හිමිවිය යුතු දේ ලබා දීමයි. සර් ව බලධාරි අල්ලාහ් යුක්තිය, කරුණාව සහ ඥාතීන්ට දන් දීම අණ කර ඇත. ඒ යුක්තිය හේතුවෙන් දූතයින් යවනු ලදී. ධර්ම ග්රන්ථ පහළ කෙරුණි. මෙලොව හා පරලොව කටයුතු ස්ථාපිත කරන ලදී.
යුක්තිය යනු ඒ ඒ දෑට හිමි විය යුතු කොටස නිසිලෙස ලබා දීමයි. තවද ඒ ඒ ස්ථානයට දිය යුතු ස්ථානය ලබා දීමයි. සුදුස්සන්ට ඒ සුදුසු ස්ථානය ලබා දීමට හැකි වන්නේ අයිතිවාසිකම්/ යුතුකම් දැන ගැනීමෙන් පමණි. ඒ හේතුවෙන් අපි එම අයිතිවාසිකම්වලින් ඉගෙන ගත් දේ හැකිතාක් ක්‍රියාත්මක කිරීම පිණිස ඒවා අතරින් වැදගත් ම කරුණු පිළිබඳ මෙහි සඳහන් කර ඇත්තෙමු. එය පහත පරිදි සාරාංශ කර ඇත.
1-උත්තරීතර අල්ලාහ් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
2-නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
3-මව් පිය දෙපල කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
4-දරුවන් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
5-ඥාතීන් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
6-අඹුසැමියන් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
7-පාලකයින් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
8-අසල්වාසීන් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
9- පොදුවේ මුස්ලිම්වරුන් කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
10- මුස්ලිම් නොවන අය කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
අපි කෙටියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන යුතුකම් වගකීම් මේවා ය.
*
පළවෙනි යුතුකම: උත්තරීතර අල්ලාහ් කෙරෙහි වූ යුතුකම්, වගකීම්
මෙම යුතුකම, යුතුකම් අතරින් වඩාත් ප්‍රබල, අනිවාර් ය සහ ශ්‍රේෂ්ඨතම යුතුකම වේ. මන්ද එය සියළු දෑ මවා පරිපාලනය කරන්නා වූ උත්තරීතර අල්ලාහ් කෙරෙහි වූ යුතුකම්, වගකීම් වේ. එමෙන්ම අහස පොළොව පිහිටා සදා ජීවමානව සිටින්නා කෙරෙහි වූ යුතුකම් වේ. ඔහු විසින් සියලු දෑ මවා මහා ප්‍රඥාවෙන් යුතුව සියල්ල තක්සේරු කරන ලදී. තවද එම යුතුකම වනාහි මිනිසා පවසන්නට තරම් වස්තුවක් ලෙස නොසිටි තත්ත්වයකින් ඔබව බිහි කළ අයගේ යුතුකමයි. එම යුතුකම ඔබ අඳුුරු තුනක මවගේ කුසේ සිටියදී ආශීර් වාදයෙන් ඔබව ඇති දැඩි කළ දෙවියන් කෙරෙහි වූ යුතුකමයි. ඒ තත්ත්වයේ ඔබ සිටිය දී ඔබේ ආහාර, ඔබේ වර් ධනයට සහ ජීවිතයට අවශ්‍ය ද්‍රව්‍ය ඔබට ලබා දීමට කිසිම ජීවියෙකුට නොහැකි ය. ඔහු මවගේ තනින් කිරි උරා බීමට සලසා (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වීය. තවද ඔබට දෙමව්පියන් වසඟ කර දුන්නේ ඔහුය. ඔබට ආශීර් වාද, බුද්ධිය සහ අවබෝධය ලබා දුන්නේ ඔහුය. එය පිළිගෙන එයින් ප්‍රයෝජන ගැනීමට ඔබව සූදානම් කළේ ද උත්තරීතර ඔහුය. උත්තරීතර වූ ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: නුඹලාගේ මව්වරුන්ගේ කුස තුළින්, නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස. (සූරා අන්නහ්ල්: 78) ඔහු තම ආශිර්වාද ඔබෙන් ඇසිපිය හෙළන මොහොතකට වැළැක්වූයේ නම්, ඔබ විනාශ වනු ඇත. ඔහු තම දයාව ඔබෙන් වැළැක්වූයේ නම්, ඔබ ජීවත් නොවනු ඇත. එබැවින් මෙය ඔබ කෙරෙහි වූ දෙවියන්ගේ කරුණාව සහ ඔබ කෙරෙහි ඇති ඔහුගේ දයාව නම්, ඔබ කෙරෙහි වූ අයිතිවාසිකම් අතරින් ශ්‍රේෂ්ඨතම අයිතිවාසසිකම වේ. මක්නිසාද යත් ඔබව බිහිකර, ඔබව සූදානම් කර ඔබට සහන සැලසූ අය කෙරෙහි වූ යුතුකම නිසාවෙනි. තවද සැබැවින්ම ඔහු ඔබෙන් පෝෂණය හෝ සම්පත් අපේක්ෂා නොකරයි. උත්තරීතර වූ ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: "අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමතුන් හටය." (සූරා තාහා:132)
ඔහු ඔබෙන් අපේක්ෂා කරන්නේ එක දෙයකි. එහි ප්‍රයෝජනය ආපසු ලැබෙන්නේ ඔබටමයි. ඔහු ඔබෙන් අපේක්ෂා කරන්නේ ඔබ ඔහුට සහකරුවෙකු රෝපණය නොකොට ඔහුට පමණක් නැමදුම් කිරීමයි. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කරයි: "තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි." (සූරා අද්දාරියාත්:56) ඔබගෙන් ඔහු අපේක්ෂා කර සිටිනුයේ වහල්භාවයේ සියලු අර් ථයන් සමඟ ඔබ ඔහුගේ වහලෙකු වීමටයි. මන්ද ඔහු දිව්‍යත්වයේ සියලු අරුත් ඇති ඔබේ ස්වාමියා වන බැවිනි. ඔහුට යටහත්පහත් වන, ඔහුගේ අණපනත් ක්‍රියාත්මක කරන, ඔහුගේ තහනම් නියෝගවලින් වැළකී සිටින, ඔහුගේ ප්‍රකාශයන් තහවුරු කරන අයෙකු සේ ජීවත් වීම ඔහු ඔබෙන් අපේක්ෂා කරයි. මන්ද ඔබ කෙරෙහි ඔහුගේ ආශීර් වාද අතිමහත් බව ඔබ දකින්නේය. මෙම ආශීර් වාද ද්‍රෝහීකමක් හෝ දේව ප්‍රතික්ෂේපයක් බවට පත් කිරීම ගැන ඔබ ලැජ්ජා නොවන්නේද?!
මිනිසුන් අතරින් කෙනෙකුට ඔබ පිළිබඳ යම් ගෞරවයක් ඇත්නම් ඔහුට ද්‍රෝහී වී කටයුතු කිරීම ගැන ඔබ ලැජ්ජාවට පත් වන්නේය. ඔහු සමඟ විවෘතව විරුද්ධ වීම ගැන ඔබ ලැජ්ජාවට පත් වන්නේය.එසේනම් ඔබ සතු සියලු ගෞරවයන් අල්ලාහ්ගෙන් ම ය. එසේ තිබිය දී ඔබ ඔහුට කෙසේ නම් ද්‍රෝහී විය හැකි ද? ඔබගෙන් යම් අනතුරක් පහවී ගියේ නම් එය හුදෙක් අල්ලාහ්ගේ කරුණා දයාව හේතුවෙන් බව මතක තබා ගන්න. උත්තරීතර ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: "තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසු ව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙතමය." (සූරා අන් නහ්ල්: 53)
සැබැවින්ම අල්ලාහ් විසින් තමා කෙරෙහි අනිවාර් ය කර ගත් මෙම යුතුකම වනාහි කවුරුන් කෙරෙහි ඔහු එය පහසු කර දුන්නේ ද ඔවුනට එය ඉතාමත් ලෙහෙසි පහසුය. මන්ද දෙවිඳාණෝ ඔහු තුල එය ඉටු කිරීමෙහිලා යම් දුෂ්කරත්වයක් ඇති නොකරන්නේමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: තවද නුඹලා අල්ලාහ්ගේ මාර් ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහුය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය. (සූරා අල්හජ්: 78)
සැබැවින්ම එය පරමාදර්ශී විශ්වාස පද්ධතියක් මෙන්ම සත්‍ය පිළිබඳ විශ්වාස කිරීමකි. යහඵල ගෙන දෙන යහ ක්‍රියාවකි. එමෙන් ම එම විශ්වාස පද්ධතියේ පදනම ආදරය හා සුවිශුද්ධ කිරීම වේ. එහි ඵලය වනාහි අවංකභාවය හා නොපසුබට උත්සාහය වේ. දවාලයේ හා රාත්රයේ ඉටු කෙරෙන පස්වේල් සලාතය වනාහි එමඟින් පාපයන් සමා කරනු ලැබේ. තත්ත්වයන් උසස් කරනු ලැබේ. එමඟින් තත්ත්වයන් හා සිත් ප්‍රතිසංස්කරණය කරනු ලැබේ. කෙනෙකු විසින් තමාට හැකි අයුරින් ඒවා සිදු කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු." (සූරා අත්තඝාබුන් 16)
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා රෝගාතුරුව සිටිය දී එතුමාට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: “ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.”
සකාත් යනු ඔබේ ධනයෙන් කුඩා කොටසක් මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවය මත දිළිඳුන්ට, අසරණයන්ට, මගීන්ට, ණය ගැතියන්ට සහ සකාත් හිමි අනෙකුත් අයට ගෙවනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය. (අල් හජ් 78)
වසරකට මාසයක් උපවසාසයේ නියැලීම: අසනීප තත්ත්වයක පසුවන අය මෙන් ම ගමනක නිරත ව සිටින අය වෙනත් දිනවල උපවසාසයේ නියැලිය යුතුයි. සදාකාලික ආබාධිතභාවය හේතුවෙන් උපවාසයේ නිරත විය නොහැකි අයෙකු නම් දිනකට එක් දිළිඳු පුද්ගලයෙකුට ආහාර දිය යුතුය.
හැකියා ව ඇති අය ජීවිතයේ එක් වරක් ශුද්ධ වූ කඃබාව වෙත ගොස් හජ් වන්දනාමානයේ නිරත වීම.
මේවා සර් ව බලධාරී අල්ලාහ්ගේ අයිතියේ අත්තිවාරම් වන අතර ඒවා හැර වෙනත් ඕනෑම යුතුකමක් අනිවාර් ය වන්නේ යම් තාවතාලික හේතුවක් නිසා හෝ ඒ යුතුකම් අනිවාර් ය කරන කුමන හෝ හේතුසාධක නිසා ය. උදාහරණයක් ලෙස දෙවියන්ගේ මාර් ගයේ අරගලයෙහි නිරත වීම හෝ පීඩිත ජනයාගේ උන්නතිය වෙනුවෙන් කැප වීම වැනි කරුණු කිව හැක.
මගේ සහෝදරය විපරමෙන් බලන්න! කරන්නට පහසු, බොහෝ විපාක ඇති මේ යුතුකම, ඔබ එය සිදු කළොත් ඔබ මෙලොව පරලොව සැප විඳිමින් අපායෙන් මිදී සුරලොවට ඇතුල් වනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර් ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද, සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත." (සූරා ආලු ඉම්රාන්: 185)
*
දෙවන යුතුකම: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි වූ යුතුකම්, වගකීම්.
මිනිසා ඇතුලු අනෙතුක් සියලු මැවීම් හා සම්බන්ධ යුතුකම් අතුරින් ශ්‍රේෂ්ඨතම යුතුකම වන්නේ මෙයයි. දෙවිඳාණන් අල්ලාහ්ගේ දූතයාණන්ගේ යුතුකම් වගකීම් වලට වඩා උතුම් කිසිදු යුතුකමක් නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ වදාල ඇත: "නියත වශයෙන්ම අපි නුඹ සාක්ෂිකරුවෙකු හා ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු." (සූරා අල්ෆත්හ්: 08) එමනිසා, තමාට, තම දරුවාට, තම දෙමාපියන් ඇතුලු සියලු මිනිසුන්ට ඇති ආදරයට වඩා නබි තුමාණන්ට ඇති ආදරයට ප්‍රමුඛත්වය දිය යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: ඔබෙන් කෙනෙකු තම දරුවාට, තම දෙමාපියන්ට සහ සියලු මිනිසුන්ට දක්වන ආදරයට වඩා මා හට ආදරය දක්වන තාක් සැබෑ විශ්වාස කරන්නෙකුනෙකුවනු ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හිමිකම් අතරින්, එතුමාට ගරු කිරීම, අතිශයෝක්තියෙන් හෝ අඩුපාඩු නොමැතිව එතුමාට ලැබිය යුතු නිසි ගෞරවයෙන් ගෞරවය දැක්වීම වේ. එතුමාගේ ජීවිත කාලය තුළ එතුමාට ගරු කළ යුත්තේ එතුමාගේ සුන්නාවට ගරු කිරීම සහ එතුමාගේ ගෞරවනීය චරිතයට ගරු කිරීම මඟිනි. එතුමාගේ මරණයෙන් පසු එතුමාට ගරු කළ යුත්තේ එතුමාගේ සුන්නාහ්වට ගරු කිරීම සහ එතුමා ගෙන ආ ධර් මයට ගරු කිරීම මඟිනි. අල්ලාහ්ගේ දූතයාණන් කෙරෙහි සහාබාවරුන් දැක්වූ ගෞරවය හා ආචාරය දුටු සියලු දෙනා, දෙවියන්ගේ දූතයාණන් කෙරෙහි මෙම සත්පුරුෂයන්හට අනිවාර්ය වූ දෑ ඔවුන් සිදු කළ ආකාරය දැන ගනු ඇත. උර්වා බින් මස්ඌද්, හුදයිබියා කථාවේ සාමය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාඑු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සාකච්ඡා කිරීමට කුරෙයිෂිවරුන් ඔහුව යැවූ විට ඔවුනට මෙසේ පැවසීය: “මම කොස්රෝ, සීසර් සහ නෙගස් යන රජවරුන් වෙත ගොස් ඇත්තෙමි, මුහම්මද් තුමාගේ සහචරයන් මුහම්මද් තුමාට ගෞරව කරන ආකාරයට ඔහුගේ සහචරයන් ඔහුට ගරු කරන කිසිවෙක් මම දුටුවේ නැත. යමක් ඔවුනට එතුමා නියෝග කළේ නම් එය ක්‍රියාත්මක කිරීමට ඔවුන් යුහුසුලු වනු ඇත. එතුමා අර්ධ දෝවනය ඉටු කළේ නම් ඉන් ඉතිරි වූ ජලය තමන් සතු කිරීමට ඔවුන් පොරකනු ඇත. එතුමා කතා කරන විට, ඔවුන් එතුමා ඉදිරියෙහි තම හඬ පහත් කරනු ඇත. එතුමා කෙරෙහි වූ ගෞරව නිසා එතුමා දෙස ඔවුන් ඍජුව නො බැලූහ.
දෙවිඳාණන් විසින් එතුමාට උරුම කර දුන් උතුම් සදාචාරය, මෘදු බව සහ පහසු ස්වභායත් සමඟ ඔවුන් එතුමාට ගෞරවය කළේ එලෙසයි. එතුමා රළු හා දුෂ්ඨ ස්වාභයෙන් පසු වූයේ නම්, ඔවුහු එතුමා හැර දමා පලා යනු ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අයිතිවාසිකම් අතර, අතීත හා අනාගත කරුණු පිළිබඳව එතුමාණෝ දන්වා ඇති දේ විශ්වාස කිරීම, එතුමා අණ කරන දේ පිළිපැදීම, අවවාද හා තහනම් කළ දේවලින් වැළකී සිටීම, එතුමා ගෙන ආ මඟපෙන්වීම වඩාත්ම සම්පූර්ණ මඟ පෙන්වීමක් බව විශ්වාස කිරීම. එසේම එතුමා ගෙන ආ ධර්මය වඩාත් සම්පූර් ණ ධර් මයක් බව විශ්වාස කිරීම. යම් ධර් මයක හෝ නීති රෙගුලාසියක මූලාශ්‍රය කුමක් වූවත් එතුමාණන් ගෙන ආ ධර් මයට වඩා ඒවාට ප්‍රමුඛත්වය ලබා නො දීම යන කරුණු අන්තර් ගත වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් නුඹගෙන් තීන්දු විමසා, පසු නුඹ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර් ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස කළවුන් වනු ඇත." (සූරා අන් නිසා: 65) "(නබිවරය!) නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරන්නන් ව සිටියේ නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්‍රිය කරනු ඇත. තව ද නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තව ද අල්ලාහ් අති ක්ෂමාශීලී ය, අසමසම කරුණාන්විතය යැයි නුඹ පවසනු." (සූරා ආලු ඉම්රාන්: 31)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අයිතිවාසිකම් අතර, ආයුධ සම්බන්ධයෙන් තත්වයට අවශ්‍ය දේ අනුව පුද්ගලයෙකුට හැකි ශක්තියෙන් ඔහුගේ නීතිය සහ ඔහුගේ මඟ පෙන්වීම ආරක්ෂා කිරීම වේ. සතුරා තර් ක හා සැකයෙන් පහර දෙන්නේ නම්: දැනුමෙන් ඔහු සමඟ වාද විවාද කර ඔහුගේ තර් ක සහ සැකයන් පහ කිරීම සහ ඒවායේ දූෂණය පෙන්නුම් කිරීම. සතුරා ආයුධ වලින් පහර දෙනවා නම්, ඒ හා සමානව කටයුතු කළ යුතුයි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ධර් මයට හෝ එතුමාගේ ගෞරවනීය චරිතයට පහර දෙන බව කිසියම් ඇදහිලිවන්තයෙකුට ආරංචි වූ විගස නිෂ්ශබ්ද ව නො සිට ඔහුගේ හැකියාවට අනුව ඔහු ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුයි.
*
තුන්වන යුතුකම: මාපිය යුතුකම් වගකීම්
දෙමාපියන් තම දරුවන්ට වඩා උසස් බව කිසිවකුත් ප්‍රතික්ෂේප නො කරයි. දරුවාගේ පැවැත්මට හේතුව දෙමාපියන්ය, ඔවුන් කෙරෙහි ඔහුට විශාල යුතුකමක් ඇත. ඔවුන් ඔහුව කුඩා කල සිටම හදා වඩා ගත් අතර, ඔහුගේ පහසුව වෙනුවෙන් වෙහෙස මහන්සි වූහ. ප්‍රමාද වී නිදා ගත්හ. ඔබේ මව ඔබව කුසේ දරා සිටියාය. ඔබ බොහෝ විට මාස නවයක් ඇගේ ආහාර සහ සෞඛ්‍යය මත පදනම් ව ඇගේ කුසෙහි ජීවත් විය. උත්තරීතර අල්ලාහ් ඒ පිළිබඳ මෙසේ සඳහන් කර ඇත: ඔහුගේ මව දුර් වලත්වයෙන් දුර් වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. (සූරා ලුක්මාන් 14) ඊට පසුව, ඇය තෙහෙට්ටුව, කරදර සහ දුෂ්කරතා සමඟ රැක බලා ගැනීම, වසර දෙකක් සඳහා මව්කිරි දීම වැනි වගකීම් සඳහා එය බැඳී සිටියාය.
පියාද ඔබේ ළඳරු වියේ සිටම ඔබට තනිවම නැගී සිටීමට හැකි වන තෙක් ඔබට ජීවනෝපාය හා ශක්තිය ලබා දීමට වෙර දරයි. ඔබට කිසිදු බරක් නොදී ඔබව හදා වඩා ගැනීමට සහ මඟ පෙන්වීමට ඔහු උත්සාහ කරයි. එමනිසා, දෙවිඳාණෝ දෙමාපියන්ට කරුණාවෙන් හා කෘතඥතාවයෙන් සලකන ලෙස දරුවාට අණ කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි: ඔහුගේ මව දුර් වලත්වයෙන් දුර් වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු. (සූරා ලුක්මාන්:14) තවද ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත: "නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු. කරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණනි ! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව !" (සූරා අල් ඉස්රාඥ 23-24)
ඔබ විසින් දෙමාපියන්ට විය යුතු යුතුකම නම්, ඔබ ඔවුන්ට ගෞරව කිරීමයි, එය නම් වචනයෙන් සහ ක්‍රියාවෙන්, මුදලින් සහ ශරීරයෙන් ඔවුන්ට කරුණාවන්ත වීම, දෙවිඳාණන්ට අකීකරු නොවන දේවලදී සහ හානියක් නොවන දේවලදී ඔවුන්ගේ නියෝග පිළිපැදීමයි. වචනයෙන් ඔවුන්ට කරුණාවන්ත වන්න, සිණහමුසු මුහුණින් ඔවුන් හමු වන්න, ඔවුන්ට සුදුසු ආකාරයෙන් ඔවුන්ට සේවය කරන්න, එමෙන් ම මහලු විය, අසනීප සහ දුර් වල අවස්ථාවන් වල ඔවුනට උපහාර කිරීමට කම්මැලි නොවන්න. තවද ඔවුන් බරක් යැයි නො සිතන්න. මක්නිසාද ඔබ ඔවුන්ගේ තනතුරේ සිටිනු ඇත, ඔවුන් දෙමාපියන් වූවා සේම ඔබ පියෙකු වනු ඇත, ඔබ ඔබේ දරුවන් සමඟ ජීවත් වන විට ඒ වයසට ඔවුන් පැමිණියාක් මෙන් ඔබ ද පැමිණෙනු ඇත. ඔවුන් ඔබේ වයසට පැමිණි විට, ඔවුන්ට ඔබේ ඇප උපස්ථානය අවශ්‍ය වූවාක් මෙන් ඔබේ දරුවන්ගේ ඇප උපස්ථානය ඔබට අවශ්‍ය වනු ඇත. ඔබ ඔවුන් සමඟ යහපත් ලෙස කටයුතු කළේ නම්, විශාල කුලියක් සහ එවැනි ම ප්රතිවිපාකයක් පිළිබඳ ශුභාරංචිය ඔබට ලැබේ. කවරෙකු තම දෙමාපියන් සමඟ යහපත් ලෙස හැසිරුණේ ද ඔහු සමඟ ඔහුගේ දූ දරුවන් යහපත් අයුරින් හැසිරෙණු ඇත. කවරෙකු තම දෙමාපියන්ට අකීකරු වන්නේ ද ඔහුගේ දූ දරුවන් ද ඔහුට අකීකරු වේ. විපාකය ක්‍රියා වර් ගය අනුව පවතී. ඔබ හැසිරෙණ ආකාරයට අනුව ඔබත් සමඟ අන් අය හැසිරේ.
අල්ලාහ් දෙවිඳාණෝ දෙමාපියන් කෙරෙහි වූ යුතුකම් වගකීම් ඉතා ඉහළ මට්ටමක තබා ඇත. තම වගකීම් සහ ඔහුගේ දූතයාගේ වගකීම්වලට පසුව ඔවුන්ගේ වගකීම් තබා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත: "තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු." (සූරා අන්නිසා: 36) තවද මෙසේ පවසා ඇත:"මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු." (සූරා ලුක්මාන්: 14) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ මාර්ගයේ අරගලයට වඩා තම දෙමාපියන්ට ගෞරව කිරීමට ප්‍රමුඛත්වය දුන්හ. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා වාර් තා කළ නබි වදනක් මෙසේ සඳහන් වේ: මම "අල්ලාහ් වඩාත්ම ප්‍රිය කරන කාර් යය කුමක්ද?" යනුවෙන් නබි තුමාගෙන් මෙසේ විමසා සිටියෙමි. "නියමිත කාලයට යාච්ඤා කිරීම." වේ යනුවෙන් එතුමා පිළිතුරු දුන්හ. ඉන්පසු කුමක් ද යනුවෙන් මා විමසා සිටියෙමි. එවිට එතුමා : “ඔබේ දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම.” වේ යනුවෙන් පිළිතුරු දුන්හ. ඉන්පසු කුමක්දැයි විමසුවෙමි. අල්ලාහ් වෙනුවෙන් ජිහාද් කිරීම" වේ යනුවෙන් එතුමා පිළිතුරු දුන්හ. මෙම නබි වදන බුහාරි හා මුස්ලිම් යන ග්රන්ථ වල වා තා වී ඇත. බොහෝ දෙනෙකුට අහිමි වී ඇති දෙමාපියන්ගේ යුතුකම් වගකීම්වල වැදගත්කම මෙයින් පෙන්නුම් කරයි. වර් තමානයේ බොහෝ අය දෙමාපියන්ට අකීකරු වී විරසක වෙති. එබැවින් ඔවුන්ගෙන් කෙනෙකු තම පියාට හෝ මවට ඔවුන්ගේ වගකීම ඉෂ්ඨ නො කරයි. සමහර විට ඔහු ඔවුන්ව පහත් කොට, ඔවුන් පිළිකුල් කරයි. එවැනි පුද්ගලයෙකුට ඉක්මනින් හෝ පසුව නිසි දඬුවම ලැබෙනු ඇත.
*
තුන්වන යුතුකම: දූදරු යුතුකම් වගකීම්
දූදරුවන් යන පදයෙන් පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් ඇතුළත් වෙති. දරුවන්ගේ අයිතිවාසිකම් බොහෝ ය. ඒවායින් වඩාත් වැදගත් වන්නේ: අධ්‍යාපනය, ඔවුන්ගේ ආත්මය තුළ ආගම සහ සදාචාරය වර් ධනය කිරීම වේ. එමඟින් ඔවුන් ඒ සඳහා සම්පූර් ණයෙන්ම කැපවී සිටීමට පුරුදු වෙති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "අහෝ විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය." (සූරා අත් තහ්රීම් 6) තවද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ වදාලහ: "ඔබ සියලු දෙනා වගකීම් දරන්නන් වෙති. ඔබ සියලු දෙනා තම බාරයේ සිටින්නන් පිළිබඳ විමසනු ලබන්නෝ වෙති. පිරිමි පුද්ගලයා තම පවුල කෙරෙහි වගකීම් දරන අයෙකි. තම බාරයේ සිටින අය පිළිබඳ විමසනු ලබන්නෙකි." දරුවන් යනු දෙමාපියන් භාර ගත් වගකීමක්. නැවත නැඟිටීමේ දිනයේදී ඔවුන් ඒ පිළිබඳ වගකිව යුතුය. ඔවුන් ධාර් මිකව හා සදාචාරාත්මකව ඇති දැඩි කිරීමෙන් දෙමාපියන් මෙම විෂයයේ වගකීමෙන් නිදහස් වෙති. තව ද එය දරුවන් ප්‍රතිසංස්කරණය කරනු ඇත. එහෙයින් ඔවුන් මෙලොව පරලොවේ දෙමවුපියන්ගේ නෙත් පිනවයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "තවද විශ්වාස කළවුන් හා ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන් අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයකි." (සූරා අත්තූර්: 21) මෙම වාක්‍යයෙහි සඳහන් "අලත්නාහුම්" යන අරාබි පදයෙහි අර්ථය "අඩු නොකරන්නෙමු" යන්නයි. තව ද නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණෝ මෙසේ වදාලහ: "ආදම්ගේ දරුවෙකු මිය ගිය විට කරුණු තුනත් හැර අන් සියලු දෑ ඔහුගෙන් වෙන් වී යනු ඇත." ඒ කරුණු වනාහි " නිත්‍ය ධානය, ප්‍රයෝජනවත් ශිල්පය හා ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දරුවා" දරුවකු යහපත් ලෙස ඇති දැඩි කිරීමේ එක් ඵලයකි. මරණින් මතු ද මවුපියන්ට එය යහපතක් ම වේ.
බොහෝ දෙමවුපියන් මේ වගකීම අවතක්සේරු කර ඇති නිසා ඔවුන් තම දරුවන් අහිමි කර ගනිති. ඔවුන් ගැන වගකීමක් නැති අය මෙන් ඔවුන් පිළිබඳ අමතක කර ජීවත් වෙති. ඔවුන් ගියේ කොහේදැයි නොවිමසති? ඔවුන් පැමිණියේ කවදාදැ?යි නොවිසති. ඔවුන්ගේ මිතුරන් හා ඔවුන් ආශ්‍රය කරන අය පිළිබද විමසිලිමත් නොවෙති. ඔවුන් ව යහපතට යොමු නො කරති, නපුරෙන් ඔවුන්ව නො වළක්වති.
ඇතැමුන් තම ධනය රැක ගැනීමටත් එය දියුණු කර ගැනීමටත් එය පිළිවෙලට පවතින බවට වගබලා ගැනීමටත් මේ අය මෙතරම් උනන්දු වීම පුදුමයට කරුණකි. දරුවන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන් ආරක්ෂා කර ගැනීම මෙලොව සහ පරලොව වඩා හොඳ සහ වඩා ප්‍රයෝජනවත් වුවද ඔවුන් ඔවුන්ගෙන් කෙනෙකු නොවේ යන සිතුවිල්ලෙන් ජීවත් වෙති. පියා දරුවාගේ ශරීරය ආහාර පානවලින් පෝෂණය කිරීම අනිවාර ය සේම, තවද ඔහුගේ ශරීරය ඇඳුම් පැළඳුම්වලින් ආවරණය කිරීම අනිවාරය සේම, ඔහු තම දරුවාගේ හදවත දැනුමෙන් හා ශ්‍රද්ධාවෙන් පෝෂණය කළ යුතු අතර, ඔහුගේ ආත්මය දැහැමි ඇඳුමෙන් පැළඳිය යුතුය, මන්ද එය ම ය යහපත් වන්නේ.
දරුවන්ගේ එක් අයිතිවාසිකමක් වන්නේ අතිරික්තයක් හෝ නොසැලකිලිමත් භාවයකින් තොරව සාධාරණ ලෙස ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමයි. මෙය ඔහුගේ දරුවන් කෙරෙහි ඔහුගේ යුතුකමකි. එමෙන් ම දෙවියන් තමාට ලබා දුන් මුදල් ආශීර් වාදවලට කෘතඥවීමකි. ඔහු තම ජීවිතයේ ඔවුන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමෙන් වැළකී සිටිය නො හැක. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් එකතු කිරීම පදනම මත මසුරුකම් කීරීමෙන් ඔහු වැළකී සිටිය යුතුයි. කෙසේ වූව ද ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ කැමත්ත හෝ අකැමත්ත නොතකා ඒ මුදල් ඔවුන් සියල්ල බෙදා ගනිති! ඔහු මසුරුකමකින් කටයුතු කළත්, දෙවියන්ගේ දූතයාණෝ, හින්ද් බින්ත් උත්බාහ්ට අනුමැතිය ලබා දෙමින් ප්‍රකාශයක් නිකුත් කළ බැවින්, ඒ දරුවන්ට සරිලන පරිදි, සාධාරණ ලෙස තම පියාගේ මුදලින් ලබා ගත හැකිය.
ත්‍යාග සහ දීමනා ලබාදීමේ දී සමසේ ලබා දීම ද දරුවන්ගේ අයිතීන් ගෙන් එකකි. සමහර දරුවන්ට දෙයක් ලබා දී අනෙක් අයට අහිමි කිරීම තහනම් වේ. එසේ සිදු කිරීම අයුක්තිය සහ අසාධාරණය පෙන්වයි. අල්ලාහ් දෙවිඳාණෝ අසාධාරණ ලෙස කටයුතු කරන්නන්ට ප්‍රිය නො කරයි. එමෙන් ම මෙය ත්‍යාග අහිමි වූ දරුවන් තුළ විරසකය ඇති කරනු ඇත. ඔවුන් සහ ත්‍යාග ලැබූ දරුවන් අතර සතුරුකම් ඇති වීමටත්, සමහර විට අහිමි වූවන් සහ ඔවුන්ගේ දෙමාපියන් අතර සතුරුකම් ඇති වීමටත් හේතු වේ.
ඇතැම් අය තම දරුවන්ගෙන් කෙනෙකු තමා කෙරෙහි දක්වන කරුණාව සහ ආදරය නිසා තම දරුවන්ගෙන් කෙනෙකු අන් අයගෙන් වෙන්කර හඳුනා ගෙන ඔවුනට තෑගී හා දීමනා ලබා දෙයි. නමුත් ඔහුව මෙසේ වෙන් කිරීම සාධාරණ නොවේ, ඇප උපස්ථානය සඳහා කුලියක් වශයෙන් යමක් ලබා දිය නො හැකි බැවිනි. මන්ද ඔහු කරන ඇප උපස්ථානයේ කුලිය අල්ලාහ් දෙවිඳාණෝ සතුය. එමෙන් ම ඇප උපස්ථාන කරන දරුවාට අනෙකුත් දරුවන්ට වඩා වැඩි සැලකිල්ලක් දෙමාපියන් ලබා දීම මඟින් ඔහු තුළ යම් ආඩම්බරයක් ඇති කරයි. තමන් විශේෂයි යන හැඟීම ඔහු තුල ඇති වේ. එමඟින් අනෙකුත් දරුවන් තුළ විරසකය ඇති වී ඔවුන් අඛණ්ඩව අකීකරු වීමෙහි නිරත වීමට තුඩු දෙයි. එසේ ම, තත්වයන් වෙනස් විය හැකි බැවින්, කීකරු දරුවා අකීකරු දරුවෙකු විය හැක. අකීකරු දරුවා කීකරු වනු ඇත. ඒ බව අපි නොදනිමු. හදවත් දෙවියන්ගේ අතේ ඇති නිසා, ඔහු කැමති පරිදි ඒවා හරවයි.
බුහාරි හා මුස්ලිම් ග්රන්ථ වල නූමාන් බින් බෂීර් වාර්ත කළ බව මෙසේ සඳහන් වේ. නූමාන් බින් බෂීර්ගේ පියා වන බෂීර් බින් සඅද් තමාට සේවකයෙකු තිළිණ කළහ. ඒ බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට දැනුම් දෙන ලදී. මෙලෙස ඔබ ඔබේ සියලු දරුවන්ට ලබා දුන්නේ ද යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගෙන් විමසීය. එවිට ඔහු" නැත" යනුවෙන් පිළිතුරු දුනි. එවිගස නබිතුමාණෝ එය නැවත ලබා ගන්න යනුවෙන් ඔහුට ප්‍රකාශ කළහ. තවත් වාර්තවක "ඔබ අල්ලාහ්ට බිය වන්න. ඔබේ දරුවන් අතර යුක්තිගරුකව හැසිරෙන්න" තවත් වාර්තාකට අනුව "මේ සඳහා තවත් කෙනෙකුව සාක්ෂියක් ලෙස ගන්න. මන්ද මම අසාධාරණය වෙනුවෙන් සාක්ෂි ලබා නොදෙමි" යනුවෙන් සඳහන් වේ. අල්ලාහ්ගේ දූතයාණෝ දරුවන් අතර සමසේ නොහැසිරීම අසාධාරණයක් ලෙස හැඳින්වූ අතර අයුක්තිය, අසාධාරණය තහනම් කරුණකි.
නමුත් ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට අවශ්‍ය දෙයක් ලබා දෙනවා නම්, අනෙකාට එය අවශ්‍ය නොවන්නේ නම්, උදාහරණක් ලෙස එක් දරුවෙකුට ලිපි ද්‍රව්‍ය, ප්‍රතිකාර හෝ විවාහයක් අවශ්‍ය නම්, ඔහුට අවශ්‍ය දේ ලබා දීමෙන් හානියක් නැත; මන්ද මෙය අවශ්‍යතාවයට වෙන් කරන නිසාවෙනි. මෙය ඔහු වෙනුවෙන් කරන වියදමකට සමාන වේ.
දරුවා ඇති දැඩි කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් එක් පියෙකු යහපත් අයුරින් කටයුකු කරන සෑම විටම, තම පියාට ගෞරව කිරීම සහ ඔහුගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ භාග්‍ය දරුවාට ලැබේ. පියෙකු තමා දරුවාට කළ යුතු දේ නොසලකා හරින විට, එයට සුදුස දඬුවම ඔහුට හිමි වේ. උදාහරණ ලෙස දරුවා ඔහුගේ වගකීම් යුතුකම් පැහැර හරී. දරුවා ඔහුට අකීකරු වේ. එයමය ඔහුට ලැබෙන නිසි දඬුවමකි. ඔබ හැසිරෙන ආකාරයට ම ඔබත් සමඟ අන් අය හැසිරෙති යනුවෙන් ව්‍යවහාරයේ ඇත.
*
ඥාති වර් ගයා කෙරෙහි යුතුකම්, වගකීම්
ඔබට ඥාතිත්වයෙන් නෑකම් කියන ඥාතියෙකුට - උදාහරණ ලෙස සහෝදරයා, මාමා, නැන්දා, ඔවුන්ගේ දරුවන්, ඔබ හා සම්බන්ධ සෑම කෙනෙකුටම - ඔවුන්ගේ සමීපත්වය අනුව මෙම ඥාතිත්වයේ යුතුකම් ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "සමීප ඥාතියාට ඔහුගේ උරුමය නුඹ දෙනු." සූරා අල් ඉස්රා:26 තවද මෙසේ ප්‍රකාශ කර ඇත: තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද... උපාකරශීලී ව කටයුතු කරනු." සූරා අන් නිසා 36 සෑම ඥාතියෙකුටම ඥාතිත්වයේ සමීපත්වය සහ අවශ්‍යතාවය අනුව කීර් තිය, භෞතික ප්රතිලාභ සහ මූල්‍ය ප්රතිලාභ ලබා දීමෙන් තම ඥාතියෙකුට කරුණාවෙන් සැලකිය යුතුය. ෂරීආව, මනස සහ සාමාන්‍ය බුද්ධිය නිරූපනය කරන්නේ ද මෙය යි.
සමීප ඥාතිත්වය සමඟ බැඳී සිටින මෙන් දිරිගන්වන ඒ කෙරෙහි උනන්දු කරවන බොහෝ හදීස් පාඨ තිබේ. බුහාරි හා මුස්ලිම් ග්රන්ථ වල අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලයෙිහි වසල්ලම්) තුමාණන් වදාල බවට මෙසේ වාර්තා වේ: සැබැවින් ම අල්ලාහ් සියලු මැවීම් මවා ඉන් අවසන් වූ පසු ඥාතීත්වය නැගිට"මාගේ මේ ක්‍රියාව ඔබෙන් විරසකයෙන් සරණ පතන කෙනෙකුගේ ක්‍රියාවකි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්"ඔබ සමඟ බැඳී සිටින අය සමඟ මා බැඳී සිටීමත් ඔබ සමඟ විරසක ව සිටින්නන් සමඟ මා විරසක වී සිටීමත් ඔබ ප්‍රිය කරන්නේ ද? යනුවෙන් විමසීය. එවිට ඒ ඥාතීත්වය" සැබැවින් ම මා එය ප්‍රිය කරමි" යනුවෙන් පැවසීය. එවිට අල්ලාහ්" එය ඔබ වෙනුවෙනි" යනුවෙන් පැවසීය. තව ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: "කවරෙකු අල්ලාහ් පිළිබද හා මතු ලොව පිළිබද විශ්වාස කරන්නේ ද ඔහු ඥාතීන් සමඟ බැඳී සිටිත්වා!"
බොහෝ අය මේ යුතුකම් වගකීම් විෂයෙහි නොසැලකිලිමත් වී එහි අන්තයටම ගොස් ඇත. ඔවුන්ගෙන් අතැමුන් තම ඥාතීන් මුදලින්වත්, කීර්තිනාමයෙන්වත්, චරිතයෙන්වත් කිසි ලෙසකින්වත් නොහඳුනන බව ඔබට දැක ගන්නට පුළුවණි. ඔවුන් නොදැක, ඔවුන් බැලීමට දින මාස ගෙවී යයි. තෑග්ගක් දී ඔවුන්ට ආරාධනා කිරීම හෝ ඔවුන්ගේ අවශ්‍යතාවයක් හෝ අගහිඟකමක් වෙනුවෙන් නොපෙනී සිටී. ඒ වෙනුවට, ඔවුහු ඔවුන්ව වචනයෙන් හෝ ක්රියාවෙන්ව එසේත් නැතිනම් ඒ දෙඅයුරුම ඔවුනට අපහාස කරයි. දුර ඥාතීන් සමඟ බැඳී සිට කාලය ගෙවන නමුත් කිට්ටු ඥාතීන් සමඟ විරසක වේ.
තම ඥාතීන් තමන් සමඟ බැඳී කටයුතු කරන්නේ නම් ඔවුන් සමඟ බැඳී සිට ඔවුන් විරසක වූයේ නම් විරසක වන අය ද මිනිසුන් අතර සිටිති. මෙය ඇත්ත වශයෙන්ම ඥාතී සම්බන්ධතාවය ගොඩනඟා ගෙන ජීවත් වන පුද්ගලයෙකු නොවේ. නමුත් ඔහු යහපතට යහපත ප්‍රතිඋපකාරයක් වශයෙන් ලබා දෙන අයෙකු මෙන් ම ඥාතී හා ඥාතී නොවන අය සමඟ එක සමාන අයුරින් කටයුතු කරනු අයෙකු වේ. මන් ද ඥාතීයෙකු සමඟ දෙයක් බලාපොරොත්තු වී කටයුතු කළ නොහැකි ය. සැබෑ ලෙස ඥාතී සම්බන්ධතා ගොඩනඟන්නා අල්ලාහ් වෙනුවෙන් පමණක් ඒ දේ සිදු කරයි. ඒ ඥාතියා විරසක වූව ද නො වූව ද ඔහු ඒ පිළිබඳ සැලැකිලිමත් නො වෙයි. ඒ පිළිබඳ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අම්ර් බින් අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා වා ර් තා කළ නබි වදනක් බුහාරි ග්රන්ථයෙහි මෙසේ සඳහන් වේ: "ප්‍රතිඋපකාරය සිදු කරන්නෙකු ඥාතී සම්බන්ධතා ගොඩනඟන්නෙකු නොවේ. සැබැවින් ම ඥාතී සම්බන්ධතා ගොඩනඟන්නා වනාහි ඒ සම්බන්ධතාව විරසක වූ පසුවත් එකට එකතු වී කටයුතු කරන්නා වේ" අල්ලාහ්ගේ දූතයාණනි! මට නෑදෑයෝ සිටිති. මම ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමි. නමුත් ඔවුන් මා කපා හරිති. මම ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරමි. නමුත් ඔවුන් මට නපුරුකම් කරති. ඔවුන් ගැන මම ඉවසමි. නමුත් ඔවුන් මා සමග අඥාන ලෙස කටයුතු කරති. යැයි පැවසීය. එවිට එතුමා “ඔබ කියන දෑ පරිදි වන්නෙහි නම් එය ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්‍රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වලදාලහ. මෙය මුස්ලිම් විසින් වාර් තා කරන ලදී.
ඥාති සබඳතාවලින් ඔහුට කිසිඳු ප්‍රයෝජනයක් ඔහු නොදුටුව ද, එසේ කටයුතු කරන්නාට මෙලොව හා පරලොව අල්ලාහ් උපකාර කරනු ඇත.ඔහුට දයාව පෙන්වයි, ඔහුට සියලු දේවල් පහසු කර, සියලු කරදරවලින් ඔහුය නිදහස් කරයි. එසේ ම ඥාතී සම්බන්ධතා ගොඩනැඟිමෙන් පවුලේ බැඳීම්වල සමීපත්වයක් ඇති වේ. එමෙන් ම එකිනෙකා අතර ආදරය සෙනෙහස වර් ධනය වේ. යම් විපත්තියක් සිදු වූ විට එකිනෙකාට උපකාර කිරීමට උත්සුක වී සතුට හා ප්‍රීතිය ඒ නැදෑයන් අතර ව්‍යාප්ත වේ. එය හොඳින් දන්නා සහ අත්දුටු කරුණකි. විරසකයක් ඇති වූ විට සහ වෙන් වූ විට මෙම සියලු ප්රතිලාභ නොලැබී යයි.
*
සයවෙනි වගකීම: අඹුසැමි වගකීම් යුතුකම්
විවාහයක් මඟින් වැදගත් බලපෑම් සහ විශාල අවශ්‍යතා රාශියක් ගොඩනැගේ. එය ස්වාමිපුරුෂයා සහ ඔහුගේ භාර් යාව අතර බැඳීමක් වන අතර, ඔවුන් එකිනෙකා තමන් අතර වූ භෞතික, සමාජ, සහ මූල්‍ය වගකීම් යුතුකම් පිළිබඳ වගවීම අනිවාර් ය වේ.
අඹුසැමියන් තමන් එකිනෙකා අතර කරුණාවෙන් කටයුතු කළ යුතු අතර, අකමැත්තෙන් හෝ කල් දැමීමෙන් තොරව, ඉවසීමෙන් සහ පහසුවෙන් තමන්ගේ වගකීම්, යුතුකම් ඉෂ්ඨ කළ යුතුයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත.""ඔබලා කාන්තාවන් සමග යහපත් අයුරින් හැසිරෙන්න" සූරා අන් නිසා 19 තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: ""...ඔවුන් මත යහ අයුරින් කටයුතු කිරීම පැවරෙනවාක් මෙන්ම මොවුන් මත ද පැවරෙනු ඇත.නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත." සූරා අල් බකරා 228 එමෙන් ම කාන්තාවක් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් කළ යුතු දේ කළ යුතුය.
සෑම අඹුසැමියෙකුම අනෙකා වෙනුවෙන් කළ යුතු දේ නිවැරදි අයුරින් ඉටු කරන විට, ඔවුන්ගේ ජීවිතය සතුටින් පවතිනු ඇත, ඔවුන් අතර වූ සම්බන්ධතාවය ශක්තිමත් ව පවතිනු ඇත. එය එසේ සිදු නොවුයේ නම්, අසමගිය හා ගැටුම් ඇති වී සැමගේ ජීවිතය කඩාකප්පල් වී යනු ඇත.
බොහෝ අල්කුර් ආන් හා හදීස් පාඨවල ස්ත්‍රියගේ රැකවරණය සහ ඇගේ තත්ත්වය පිළිබඳ සැලකිල්ල පිළිබඳ උපදේශන පැමිණ ඇත. එය පරිපූර් ණ තත්ත්වයට ගෙන ඒම කළ නොහැක්කකි. අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. “කාන්තාවන් සම්බන්ධ ව (ඔවුන්ට යහපත් සැලකිලි දක්වන ලෙස) මගේ උපදෙස් අනුගමනය කරනු මැනව. ගැහැනිය ඉළ ඇටයෙන් නිර් මාණය වී ඇති අතර, ඉළ ඇටයේ වක්‍ර කොටස ඉහළින් ඇත. ඔබ එය කෙළින් කිරීමට උත්සාහ කළහොත් එය කැඩී යයි, ඔබ එය අත්හැරියහොත් එය වක්‍ර ලෙස පවතිනු ඇත. එබැවින් කාන්තාවන් සම්බන්ධ ව (ඔවුන්ට යහපත් සැලකිලි දක්වන ලෙස) මගේ උපදෙස් අනුගමනය කරනු මැනව" තවත් වාර්තාවක "ගැහැනිය ඉළ ඇටයෙන් නිර් මාණය වී ඇත. ඇය ඔබට නිවැරදි ආකාරයෙන් කෙලින් නොවනු ඇත. ඔබ ඇයව භුක්ති විඳිනවා නම්, ඇය වක්‍ර ව සිටියදී ඔබ ඇයව භුක්ති විඳිනු. ඔබ ඇයව කෙළින් කිරීමට ගියොත්, ඔබ ඇයව බිඳ දමනු ඇත, ඒ බිඳ දැමීම වනාහි ඇයගේ දික්කසාදය වේ" යනුවෙන් සඳහන් වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ: “මූඃමින්වරයෙක් තවත් මූංමින්වරියකුට -ඇගේ සදාචාරය නිසා ඔහු ඇයට- වෛර නො කරන්න. මන්ද, ඇයගේ එක් ගුණාංගයක් ඔහු අප්‍රිය කළ හැකි නමුත් ඇයගේ තවත් ගුණාංගයක් ඔහුට තෘප්තිය ලබා දිය හැක.” (ලා යුෆ්රිකු) යන අරාබි වචනෙහි අර්ථය: වෛර නොකරන්න යන්න වේ. මෙම හදීස් හී: නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පිරිමියෙකු කාන්තාවකට සැලකිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳ තම සමාජයට උපදෙස් දුන්හ. තවද ඔහු ඇයගෙන් ගත හැකි දේ ගත යුතුය. මක්නිසාද යත් එය නිර් මාණය වූ ස්වභාවය ම එයයි. පරිපූර් ණ තත්ත්වයකින් ඇය සිටිය නො හැකි ය. ඇය තුළ යම් වක්‍ර බවක් තිබෙන්නේ ම ය. ඇය නිර් මාණය වූ ස්වභාවයෙන් හැර මිනිසෙකුට ඇය ව භුක්ති විඳීමට නො හැකි ය.
පුද්ගලයෙකු කාන්තාවක් තුළ ඇති ගුණධර් ම හා වැරදි සංසන්දනය කළ යුතුය. ඔහු ඇයගේ එක් ලක්ෂණයකට අකමැති නම්, ඔහු ඇය තුළ සෑහීමකට පත්වන දෙවන චරිතය සමඟ එය සංසන්දනය කළ යුතුය. තව ද ඇය දෙස නොසතුටෙන් සහ වෛරයෙන් නොබැලිය යුතු බව මෙම නබි වදන් අපට උගන්වයි.
බොහෝ ස්වාමිපුරුෂයන් තම භාර් යාවන්ගෙන් පරිපූර් ණ තත්වයක් අපේක්ෂා කරති. මෙය විය නොහැකි කරුණක් වන අතර, එමගින් ඔවුන් මානසික අවපීඩනයට වැටී තම භාර් යාවන් භුක්ති විඳීමට හා සතුටු වීමට ඔවුනට නො හැකි වේ. අල්ලාහ්ගේ දූතයාණන් පැවසූ පරිදි මෙය දික්කසාද වීමට හේතු වන්නට ඇත. "ඔබ ඇයව කෙළින් කිරීමට ගියොත්, ඔබ ඇයව බිඳ දමනු ඇත, ඒ බිඳ දැමීම වනාහි ඇයගේ දික්කසාදය වේ". එබැවින් ස්වාමිපුරුෂයා ලිහිල් විය යුතුය. ආගම හෝ ගෞරවය උල්ලංඝනය නොකරන්නේ නම් බිරිඳ කරන සෑම දෙයක්ම නොසලකා හැරිය යුතුය.
තම ස්වාමිපුරුෂයා කෙරෙහි බිරිඳට ඇති අයිතිවාසිකම් අතර ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස සහ ඊට අදාළ උපාංග ඇතුළුව සියලු දෑ ඇය වෙනුවෙන් සැපයීමට ඔහු කටයුතු කළ යුතුයි. මන්ද සර් ව බලධාරී දෙවිඳුන් මෙසේ පවසන බැවිනි. "ඔවුන්ගේ පෝෂණය ද ඔවුන්ගේ වස්ත්‍ර ද යහ අයුරින් පිරිනැමීම දරුවා සතු අයගේ වගකීම ය...” සූරා අල් බකරා 233 “ඔවුන්ගේ පෝෂණය හා ඔවුන්ගේ වස්ත්‍ර දැහැමි ලෙස ඔවුනට පිරිනැමීම නුඹලා වෙත පැවරී ඇති වගකීමකි.” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. අපගෙන් කෙනෙකුගේ බිරිඳට ඔහු කෙරෙහි ඇති අයිතිය කුමක්ද? යනුවෙන් නබිතුමාගෙන් විමසන ලදී; ඔබ අනුභව කරන්නේ නම් ඇයට ද අනුභව කිරීමට සැළැස්වීමයි. ඔබ අඳින්නේ නම් -හෝ උපයන්නේ නම්- ඇයට ද අඳින්නට සැළැස්වීමයි. ඔබ මුහුණට පහර නො දෙනු. පිළිකුල් නො කරනු. නිවසේ හැර ඇයව දුරස් නො කරනු. ඉමාම් අබූ දාවූද් එය වාර් තා කර ඇත.
ස්වාමිපුරුෂයා කෙරෙහි භාර් යාවට ඇති යුතුකම් අතර: ඔහුට දෙවන බිරිඳක් සිටී නම්, ඔහු ඇය සහ ඔහුගේ දෙවන බිරිඳ සමඟ සාධාරණ ව කටයුතු කළ යුතුයි. වියදම් කිරීම, නිවාස, රාත්‍රිය ගත කිරීම සහ ඔහුට සාධාරණ විය හැකි සෑම දෙයකදීම ඔවුන් අතර සාධාරණ විය යුතුය. ඔවුන්ගෙන් එක් අයෙකු වෙත නැඹුරු වීම විශාල පාපයකි. "කවරෙකුට බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත නැඹුරු වූයේ ද ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ එක් පැත්තක් ඇලවූ තත්ත්වයේ පැමිණෙනු ඇත." යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. ආදරය සහ මනසේ තෘප්තිය වැනි, ඔහුට සාධාරණ ලෙස කටයුතු කිරීමට නො හැකි දේ සම්බන්ධයෙන්: මෙය ඔහුගේ හැකියාවෙන් ඔබ්බට ගිය කරුණක් නිසා එහි පාපයක් නොමැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: “තවද නුඹලා ආශා කළ ද, බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය.” සූරා අන් නිසා: 129 (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම භාර් යාවන් අතර යුක්තිසහගත ලෙස දින වෙන් කරනු ඇත. තවද මෙසේ පවසනු ඇත: "අහෝ අල්ලාහ්! මෙය මා සතු අයුරින් වූ වෙන් කිරීමකි. ඔබ සතු වූ මා සතු නොවූ දෑ පිළිබඳ මට දොස් නොකියනු"
නමුත් ඔහු කැමති නම් දෙදෙනාගෙන් කෙනෙකුගේ කැමැත්ත ඇතිව ඉන් එක් කෙනෙකු සමඟ රාත්‍රිය ගත කිරීම ප්‍රශ්නයක් නැත. සව්දා (රළියල්ලාහු අන්හා) තුමිය ඇගේ දවස ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට තිළිණ කළ විට ආඉෂා තුමියට ඇගේ දවස් හා සව්දාතුමියගේ දවස් නබි තුමාණන් බෙදා දුන්හ. නබිතුමාණෝ මිය ගිය එතුමාගේ රෝගාබාධයේදී, "හෙට මම කොහේද?" මම හෙට කොහේද?" යනුවෙන් විමසා සිටියහ. එතුමාගේ භාර් යාවන් එතුමාට කැමති ඕනෑම තැනක සිටීමට අවසර දුන් විට එතුමා මිය යන තුරුම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ නිවසේ ම සිටියහ.
භාර් යාව කෙරෙහි ස්වාමිපුරුෂයාගේ යුතුකම් වගකීම් සම්බන්ධයෙන් ගත් කල, ඒවා ඔහු කෙරෙහි ඇයට ඇති යුතුකම්වලට වඩා විශාල ය. මන්ද සර් ව බලධාරී දෙවියන් මෙසේ පවසන බැවිනි. තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "...ඔවුන් මත යහ අයුරින් කටයුතු කිරීම පැවරෙනවාක් මෙන්ම මොවුන් මත ද පැවරෙනු ඇත.නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත." සූරා අල් බකරා 228 පුරුෂයා ස්ත්‍රියගේ භාරකරුය, සර් ව බලධාරී දෙවියන් පැවසූ පරිදි ඔහු ඇගේ අවශ්‍යතා බලාගනී, ඇයව හික්මවයි, ඇයව මෙහෙයවයි. "පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. " සූරා අන් නිසා 34
තම භාර් යාව කෙරෙහි ස්වාමිපුරුෂයාගේ යුතුකම් වගකීම් අතර, ඇය දෙවියන්ට අකීකරු වන කරුණු හැර ස්වාමිපුරුෂයාගේ අණපනත්වලට කීකරු වීම, ඔහුගේ රහස් සහ ඔහුගේ මුදල් ආරක්ෂා කිරීම ද එකකි. "කිසියම් කෙනෙකුට හෝ සුජූද් කරන මෙන් කිසිවකුට මම නියෝග කර ඇත්තේ නම්, බිරිය, තම සැමියාට සුජූද් කරන මෙන් මම නියෝග කර ඇත්තෙමි." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. "ස්වාමිපුරුෂයෙක් තම බිරිඳ නිදියහනට කැඳවා ඇය (ඔහුට) පිටුපා, පසුව ඔහු ඇය කෙරෙහි කෝපයෙන් රාත්‍රිය ගත කළේ නම්, මලාඉකාවරු අලුයම උදාවන තෙක් ඇයට ශාප කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
තම භාර්යාව කෙරෙහි ස්වාමිපුරුෂයාගේ යුතුකම් වගකීම් අතර, ස්වේච්ඡාවෙන් කරන නමස්කාරයක් වුව ද ස්වාමිපුරුෂයාගේ සම්පූර් ණ වින්දනය නැති වන ක්‍රියාවන් නො කර සිටීම ද වේ. මන් ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පවසා ඇත්තාහ: "තම ස්වාමිපුරුෂයා (නිවසේ) සිටිනා විට ඔහුගේ අවසරයකින් තොරව බිරිඳකට උපවාසයේ යෙදීමට අනුමැතිය නැත. ඔහුගේ අවසරයකින් තොරව නිවසට කිසිවෙකුට පැමිණීමට ද අවසර ලබා දෙන්නේ නැත."
"ස්වාමිපුරුෂයා තම බිරිඳ සමඟ තෘප්තිමත් වීම ඇය ස්වර් ගයට ඇතුළු වීමට එක් හේතුවක්" බව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළහ. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී. -මෙම වාර් තාව තිර් මිදි ග්රන්ථයෙහි සඳහන් වේ- "කවර හෝ කාන්තාවක් මිය යන විට ඇගේ ස්වාමිපුරුෂයා ඇය ගැන සෑහීමකට පත්ව සිටියේ නම් ඇය ස්වර් ගයට ඇතුල් වේ."
*
හත්වන යුතුකම: පාලකයින් හා යටත්වැසියන්ගේ යුතුකම් වගකීම්
පාලකයින්: යනු මුස්ලිම්වරුන්ගේ කටයුතු භාරව සිටින අයයි. පාලනය පොදු වුවත්, - එනම් රාජ්‍යයේ උත්තරීතර ප්‍රධානියා වැනි- විශේෂිත වූවත්, -නිශ්චිත පරිපාලනයක ප්‍රධානියා හෝ නිශ්චිත කාර් යයක් වැනි- මේ සියල්ලන්ට ම ඔවුන්ගේ යටත්වැසියන් සම්බන්ධයෙන් සම්පූර් ණ කළ යුතු යුතකම් ඇති අතර, ඔවුන්ගේ යටත්වැසියන්ට ද ඔවුන් කෙරෙහි යුතුකම් ඇත.
පාලකයන් කෙරෙහි යටත්වැසියන්ගේ යුතුකම් වනාහි: යටත්වැසියන්ට උපදෙස් දීමෙන් සහ මෙලොව හා පරලොව යහපත සහතික කරන නිවැරදි මාවතේ ඔවුන් ගමන් කරවීම සහ දෙවියන් වහන්සේ ඔවුන් වෙත ලබා දී ඇති සහ ඔවුන් කිරීමට බැඳී සිටින විශ්වාසය ඉටු කිරීම. මෙය දෙවියන්ගේ දූතයාණන්ගේ මාර් ගය වන විශ්වාස කළවුන්ගේ මාර් ගය අනුගමනය කිරීමෙන් පමණක් සිදු වේ. එය ඔවුන්ට, ඔවුන්ගේ යටත්වැසියන්ට සහ ඔවුන්ගේ පාලනය යටතේ සිටින අයට සතුටක් ගෙන දෙන අතර, යටත්වැසියන් තම පාලකයින් ගැන සෑහීමකට පත්වීම, ඔවුන් සමඟ බැඳී සිටීම, ඔවුන්ගේ අණට යටත් වීම සහ ඔවුන් භාර දෙන දේ කෙරෙහි විශ්වාසවන්තභාවය පවත්වා ගැනීම වඩාත් ඵලදායී දෙයකි. මක්නිසාදයත් දෙවියන්ට භය වන්නාට මිනිසුන් භය වනු ඇත. දෙවියන්ව සතුටු කරන තැනැත්තාට දෙවියන් මිනිසුන්ගේ සහයෝගයෙන් ඔහුට ප්මාරණවත් කරවා ඔවුන් ඔහුගෙන් තෘප්තිමත් කරනු ඇත. හදවත් දෙවියන්ගේ අතෙහි ඇති නිසා, ඔහු කැමති පරිදි ඒවා හරවයි.
යටත්වැසියන් කෙරෙහි පාලකයන්ගේ අයිතීවාසිකම්, වගකීම් සම්බන්ධයෙන් ගත් කල, ඒවා නම්: පුද්ගලයෙකු හැසිරවීමට භාර ගන්නා කාරණාවලදී ඔවුන්ට උපදෙස් දීම, ඔවුන් නොසැලකිලිමත් නම් ඔවුන්ට මතක් කිරීම, ඔවුන් සත්‍යයෙන් බැහැර වුවහොත් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම සහ දෙවියන්ට අකීකරු වන කාරණාවලදී ඔවුනට අවනත නොවී ඒ හැර වෙනත් කාරණාවල ඔවුන්ගේ අණට කීකරු වීම. මක්නිසාද යත්, ශක්තිය හා පිළිවෙල එහි වන අතර, ඔවුනට අකීකරු වීම සහ විරුද්ධ වීම මඟින්, අවුල් සහගත තත්ත්වයන් හා දූෂණය පැතිරී යනු ඇත. මේ හේතුව නිසා දෙවිඳාණෝ ඔහුට කීකරු වීමටත් ඔහුගේ දූතයාට සහ පාලකයින්ට කීකරු වීමටත් අණ කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු." සූරා අන් නිසා: 59 නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ වදාලහ: "මුස්ලිම් පුද්ගලයකු හට පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබුවහොත් මිස තමන් ප්‍රිය කරන මෙන්ම පිළිකුල් කරන දෑහි සවන් දීමත් අවනත වීමත් අනිවාර් යය වන්නේය. පාපකාරී කටයුත්තක් අණ කරනු ලැබූ විටෙක සවන් දීමට හෝ අවනත වීමට හෝ අවශ්‍ය වන්නේ නැත."
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අපි නබිතුමා සමඟ ගමනක නිරත ව සිටියෙමු. අපි ස්ථානයකට ගොඩ වූවෙමු. එවිට "අස්සලාතු ජාමිආ" සලාතය ඉටු කිරීමට යන්නෙමු යනුවෙන් නබිතුමාගේ ඇරයුම් කරු ඇරයුම් කළේය. අපි නබි තුමා වෙත රැස්වූයෙමු. එවිට නබිතුමා මෙසේ පැවසූහ: එවිට එතුමා: “මට පෙර සිටි සෑම නබිවරයෙක්ම තම අනුගාමිකයන්ට යහපතක් වන බව හඳුනන දෑ වෙත ඔවුනට මඟ පෙන්වීමටත්, ඔවුනට අයහපතක් වන බව හඳුනන දෑ ගැන ඔවුනට අනතුරු ඇඟවීමටත් මිස වෙනත් කරුණකට බැඳී සිටියේ නැත. සැබැවින්ම නුඹලාගේ මේ සමූහයා වනාහි, එහි පැවැත්මේ මුල් අවධිය ආරෝග්යමත් කළේය. නමුත් එහි පැවැත්මේ අවසන් අවධියේ පරීක්ෂාවන් සහ නුඹලා පිළිකුල් කරන කරුණු සිදු වනු ඇත. එම පරීක්ෂණ එකින් එක සිහින්ව පැමිණෙනු ඇත. එම අර් බූධය පැමිණ විට, දේවත්වය විශ්වාස කරන්නා: ‘මෙය මාගේ විනාශය ගෙන දෙන්නක්’ යැයි පවසනු ඇත. එහෙයින් කවරෙකු නිරයෙන් ඉවත් කරනු ලැබ ස්වර් ගයට පිවිසීමට ප්‍රිය කළේ ද ඔහු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරමින් සිටින තත්ත්වයේ ඔහුගේ මරණය ඔහුට පැමිණීම ප්‍රිය කළ යුතු වේ. ඔහු වෙත දෙනු ලැබීමට ඔහු ප්‍රිය කරන දෑ ජනයා වෙත ද ගෙන ආ යුතු වේ. කවරෙකු නායකයකුට පක්ෂපාතීව දිවුරුම් දී අතට අත දී තම හදවතේ සාරය ද (අවංකභාවය) ඔහුට පිරිනැමුවේද ඔහු තමන්ට හැකි පමණින් ඔහුට අවනත විය යුතුය. වෙනත් කිසිවකු හෝ ඔහු සමග ගැටුම් ඇති කිරීමට පැමිණියේ නම් එම පිටස්තරයාගේ හිස නුඹලා ගසා දමනු.” මෙය මුස්ලිම් විසින් වා ර් තා කර ඇත. වරක් පුද්ගලයෙකු අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපගෙන් ඉල්ලා සිටියද අපගේ අයිතිය ඔවුන් වළක්වන්නේ නම් ඔබ අපට අණ කර සිටින්නේ කුමක්දැයි ඔබ සිතන්නෙහි ද? එවිට එතුමා එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පවසා සිටියහ. “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම)ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.”
යටත්වැසියන් කෙරෙහි පාලකයන්ගේ යුතුකම් වගකීම් අතර: ඔවුන්ගේ භාරකරුවන්ට ඔවුන්ගේ කාර් යයන් සඳහා සහය වීම, ඔවුන්ට පවරා ඇති අණ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට උපකාර කිරීම සහ සෑම කෙනෙකුම සමාජයේ තම කාර් ය භාරය සහ වගකීම දන්වා දීම, එමඟින් සියලු දේ අවශ්‍ය පරිදි සිදු වේ. පාලකයන්ට යටත්වැසියන් තම වගකීම් ඉටු කිරීමට උදව් නොකළහොත් ඒවා අපේක්ෂිත ආකාරයෙන් ඉටු නොවේ.
*
අටවන වගකීම: අසල්වැසියන්ගේ වගකීම් යුතුකම්
අසල්වැසියා යනු ඔබේ නිවසට සමීපව සිටින අය වේ. ඔවුන් කෙරෙහි ඔබට විශාල අයිතියක් ඇත. ඔහු පෙළපතෙන් ඔබට සමීප නම් සහ ඔහු මුස්ලිම් නම්, ඔහුට යුතුකම් තුනක් ඇත: අසල්වැසි යුතුකම, ඥාතිත්වයේ යුතුකම සහ ඉස්ලාමයේ යුතුකම. ඔහු මුස්ලිම්වරයෙකු නම් සහ පරම්පරාවේ ඥාතියෙකු නොවේ නම්, ඔහුට යුතුකම් දෙකක් ඇත: ඒවා නම්: අසල්වැසි යුතුකම සහ ඉස්ලාමයේ යුතුකම වේ. එසේම, ඔහු ඥාතියෙකු නම් සහ මුස්ලිම්වරයෙකු නොවේ නම්, ඔහුට යුතුකම් දෙකක් ඇත. ඒවා නම් අසල්වැසි යුතුකම සහ ඥාතිත්වයේ යුතුකම වේ. ඔහු ඥාතිත්වයෙන් දුරස් නම් සහ මුස්ලිම් නොවේ නම්, ඔහුට එක් යුතුකමක් ඇත: එය අසල්වැසි යුතුකමයි.
"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොකරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නොවන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (ඔබලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලී ව කටයුතු කරනු." සූරා අන්-නිසා: 36 “මගේ උරුමක්කාරයන් බවට අසල් වැසියන් පත් විය හැකි යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලෛ) ඔවුන් පිළිබඳ ව මට උපදෙස් දුන්නේය.” යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ. මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්.
අසල්වැසියෙකුට තම අසල්වැසියා කෙරෙහි ඇති යුතුකම් අතර මුදලින්, ගෞරවයෙන් සහ ප්‍රතිලාභයකින් ඔහුට හැකි පමණින් යහපත කිරීමට කරුණාවන්ත වීම ද වේ. නබි (සල්ල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: "අල්ලාහ් අබියස අසල්වාසීන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ ඔවුන්ගෙන් තම අසල්වැසියාට ශ්‍රේෂ්ඨ වූ අය වේ." තව ද මෙසේ පැවසූහ: “කවරෙක් අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාසය කරන්නේද, ඔහු අසල්වැසියන්ට යහපතක් සිදු කරත්වා!” තව ද මෙසේ පැවසූහ: ඔබ ව්‍යංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ටද බෙදා දෙන්න.”
අසල්වැසියාට කාරුණික වීමේ ක්‍රියාවන් අතර: විශේෂ අවස්ථා වලදී ඔහුට තෑගි පිරිනැමීම ද එකකි. තෑගි පිරිනැමීම සෙනෙහස ගෙන දෙන අතර සතුරුකම ඉවත් කරයි.
අසල්වැසියාට තම අසල්වැසියා කෙරෙහි ඇති තවත් වගකීමක් වන්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් හානියක් සිදු කිරීමෙන් වැළකී සිටීමයි. නබි (සල්ල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ:"අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස කරන්නෙකු නෙකුවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. ඔහු විශ්වාස කරන්නෙකු නොවන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි. මහු විශ්වාස කරන්නෙකු නොවන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ. වෙනත් වාර් තාවක "තම අසල්වැසියාගෙන් ආරක්ෂාවක් නැති තැනැත්තා ස්වර් ගයට නොයනු ඇත." යනුවෙන් සඳහන් වේ. තම අසල්වැසියා තම නපුරෙන් ආරක්ෂා නොවන්නේ නම් ඔහු සැබෑ විශ්වාස කරන්නෙකු නොවන අතර ස්වර් ගයට ද ඇතුල් නො වනු ඇත.
වර් තමානයේ බොහෝ අය අසල්වාසීන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් නොදක්වති. අසල්වැසියන් ඔවුන්ගේ නපුරුකම්වලින් ආරක්ෂා නොවෙති. එබැවින් ඔවුන් සමඟ ගැටුම්, අසමගිය, අයිතිවාසිකම්වලට පහර දීම සහ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඔවුන්ට හානි කරන බව ඔබ නිතරම දකිනු ඇත. මේ සියල්ල දෙවියන් සහ ඔහුගේ දූතයා අණ කළ දේට පටහැනි වේ. මුස්ලිම්වරුන් තුළ වෙන් වීම්, ඔවුන්ගේ හදවත් ඈත් වීම් සහ එකිනෙකාගේ ගෞරවය කෙලෙසීම යනාදී කරුණු වලට එය හේතු වේ.
*
නවවන වගකීම: පොදුවේ මුස්ලිම්වරුන්ගේ යුතුකම්, වගකීම්
මෙම යුතුකම් වගකීම් බොහෝමයක් ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූ බව පහත සඳහන් කාරණා ද එයට ඇතුළත් වේ. මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි. ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබට සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට, ඔහුට පිළිතුරු දෙන්න. ඔබෙන් උපදෙස් පතන විට, ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර ‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට ඔහුට ‘යර්හමුකල්ලා’ යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (අවසන් කටයුතුවලදී) ඔහුව හඹා යන්න. මෙම හදීසයේ මුස්ලිම්වරුන් අතර වූ යුතුකම් වගකීම් කිහිපයක් පැහැදිලි කර ඇත:
පළවෙනි යුතුකම: සලාම් පැවසීම: සලාම් පැවසීම අවධාරණය කරන ලද පිළිවෙතකි. එය මුස්ලිම්වරුන්ගේ සමගියට සහ සෙනෙහසට එක් හේතුවක් වන අතර, එය පහත සඳහන් නබි තුමාණන්ගේ කියමනෙන් පෙන්නුම් කරයි: "නුඹලා දේවත්වය විශ්වාස කරන තෙක් ස්වර් ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා ආදරය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නන් වන්නේ නැත. යමක් සිදු කළ විට නුඹලා එකිනෙකා අතර ආදරය ඇතිවන කරුණක් මා නුඹලාට දන්වන්න ද? නුඹලා අතර සලාමය පතුරුවන්න."
නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමා එතුමාණන්ව හමුවූ තැනැත්තාට පළමුව සලාම් කියා ආචාර කරති. තව ද එතුමාණෝ කුඩා ළමුන් පසුකර යන විට ඔවුන්ට ද සලාම් කියති.
වයසින් බාල වූවන් වැඩිමහල් තැනැත්තාට ද, සුළු පිරිසක් විශාල පිරිසට ද (වීදියක) ගමන් කරන තැනැත්තාට වාහනයෙන් ගමන් කරන්නා ද, සලාම් කියා ආචාර කළ යුතුයි. එයයි නබි පිළිවෙත වන්නේ. නමුත් වඩාත් සුදුසු තැනැත්තා සුන්නාහ්ව ක්‍රියාත්මක නොකළහොත්, සලාම් පැවසීමේ අවකාශය අහිමි නොවීම සඳහා අනෙකා එය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව වයසින් බාල වූවන් ඔහුට ආචාර නොකරන්නේ නම්, වැඩිමහල් තැනැත්තා ඔහුට ආචාර කරයි, සුළු පිරිස ආචාර නොකරන්නේ නම්, විශාල පිරිස ඔවුනට ආචාර කරයි. එසේ කිරීමේ කුලියක් ලබා ගැනීමට හැකි වේ.
අම්මාර් ඉබ්නු යාසිර් (රළියල්ලාහු අන්හුමා) තුමිය මෙසේ පවසා ඇත: කෙනෙකු කරුණු තුනක් තමන් තුල රැස්කර ගන්නේද ඔහු තමන්ගේ විශ්වාසය (ඊමානය ) සම්පූර් ණ කර ගත්තේය.(ඔහු තුල පවතින) සාධාරණ බව, ලෝකවාසී ජනයාට (සලාම්) ශාන්තිය හා සමාදානය පතුරුවාලීම, අගහිගකම් තිබියදී දන්දීම.
සලාම් කියා ආචාර කිරීම ආරම්භ කිරීම සුන්නාහ්වක් නම්, එයට පිළිතුරු ලබා දීම ෆර්ල් කිෆායා නම් අනිවාර්ය වගකීමකි. කෙනෙකු එයට පිළිතුරු ලබා දුන්නේ නම්, එය ඉතිරි අයට ද ප්‍රමාණවත් වේ. උදාහරණයක් ලෙස කෙනෙකු කණ්ඩායමකට සලාම් කියා ආචාර කළහොත්, ඔවුන්ගෙන් එක් අයෙකු පිළිතුරු දෙන්නේ නම්, එය ඉතිරි අයට ප්‍රමාණවත් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතන්න. එසේ නැතහොත් එයම ප්‍රතිචාර ලෙස දක්වන්න." සූරා අන් නිසා 86 සලාමයට පිළිතුරු දීමක් වශයෙන් ආපසු යැවීමේදී, “සාදරයෙන් පිළිගනිමු” යැයි කීම පමණක් ප්‍රමාණවත් නොවේ. මන්ද එම ප්‍රකාශය සලාමයට වඩා හොඳ හෝ එයට සමාන නොවන බැවිනි. "අස්සලාමු අලෙයිකුම්" යනුවෙන් කීවේ නම් "වඅලෙයිකුමුස් සලාම්" යනුවෙන් කිව යුතුයි. ඔහු “ආයුබෝවන්” යැයි පවසන්නේ නම්, “ආයුබෝවන්” යැයි ඔහු පැවසිය යුතු අතර, එම ප්‍රකාශයත් සමඟ ඔහු සලාම් පැවසීම ද එක් කරන්නේ නම්, එය වඩා හොඳය.
දෙවන වගකීම: "ඔහු ඔබට සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට, ඔහුට පිළිතුරු දෙන්න." එනම් ඔහු ඔබට ඔහුගේ නිවසට ආරාධනා කරන්නේ නම්; ආහාර හෝ වෙනත් දෙයක් අනුභව කිරීම සඳහා එයට පිළිතුරු දීම සහ ආරාධනයට පිළිතුරු දීම අවධාරණය කරන ලද පිළිවෙතකි. මක්නිසාද යත් එය ආරාධනා කළ අයගේ හදවත සුවපත් කරන අතර සෙනෙහස සහ ආදරය ගෙන එයි.
වලීමා සංග්‍රහයේ නීතිය එසේ නොව්. ප්‍රසිද්ධ කොන්දේසි වලට අනුකූලව එයට ආරාධනාවක් ලැබුනු විට එයට පිළිතුරු දීම අනිවාර්ය වේ. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම කියමනට අනුවයි: "කවරෙකු පිළිතුරු නොදුන්නේ ද ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අකීකරු විය."
"ඔහු ඔබට සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට, ඔහුට පිළිතුරු දෙන්න." යන ප්‍රකාශය තුළ ඔහුට උදව් කිරීමට සහ සහාය වීමට ආරාධනා කිරීම පවා ඇතුළත් වේ. එබැවින් ඔහුට යමක් රැගෙන යාමට, විසි කිරීමට හෝ ඒ හා සමාන දේ කිරීම සඳහා උදව් කිරීමට ඔහු ඔබට කතා කරන්නේ නම්, ඔහුට උදව් කිරීමට ඔබට අණ කෙරේ; එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම කියමනට අනුවයි: “විශ්වාස කරන්නාට තවත් විශ්වාස කරන්නෙකු සමඟ ඇති සම්බන්ධතාවය ගොඩනැඟිල්ලක් වැනිය, එය එකිනෙක ශක්තිමත් කරයි."
තුන්වන වගකීම: "ඔබෙන් උපදෙස් පතන විට, ඔහුට උපදෙස් දෙන්න." එයින් අදහස් වන්නේ: ඔහු යම් දෙයක් ගැන ඔබේ උපදෙස් ඉල්ලා ඔබ වෙත පැමිණියහොත්, ඔහුට උපදෙස් දෙන්න මැලි නොවන්න. මන්ද මෙය ආගමේ ම කොටසකි. නබි තුමාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!) මෙසේ පැවසූහ: “දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
නමුත් ඔහු ඔබ වෙත උපදෙස් ඉල්ලා නොපැමිණියේ නම්, ඔහු කිරීමට යන දෙය නිසා ඔහුට හානියක් හෝ පාපයක් ඇත්නම්, ඔබ ඔහුට උපදෙස් දීම අනිවාර්ය වේ. මක්නිසාද යත් මෙය මුස්ලිම්වරුන්ගෙන් හානියක් හා අයහපතක් ඉවත් කිරීමකි. ඔහු කරන දෙයින් හානියක් හෝ පාපයක් නොතිබුණද, නමුත් වෙනත් දෙයක් වඩාත් ප්‍රයෝජනවත් බව ඔබ දුටුවහොත්, ඔහු ඔබේ උපදෙස් පතනවා නම් මිස ඔහුට කිසිවක් පැවසිය යුතු නැත. ඔහු ඔබේ උපදෙස් පතනවා නම් ඒ අවස්ථාවේ දී උපදෙස් අවශ්‍ය වේ.
හතරවන වගකීම: " ඔහු කිවිසුම් හැර ‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට ඔහුට ‘යර් හමුකල්ලා’ යැයි පවසන්න." ඔහු කිවිසුම් හරින විට තම ස්වාමියාට ප්‍රශංසා කළ හෙයින් ඔහුට කෘතඥ වීම පිණිස එසේ සිදු කරනු ලැබේ. නමුත් ඔහු කිවිසුම් ගොස් ‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි නොපැවසුවේ නම් ඔහුට ‘යර් හමුකල්ලා’ යැයි කීම අවශ්‍ය නොවේ.
‘අල්හම්දු ලිල්ලාහ්’ යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට ඔහුට ‘යර්හමුකල්ලා’ යැයි පැවසීම අනිවාර් ය කරුණකි. එයට පිළිතුරක් වශයෙන් "යහ්දීකුමුල්ලාහ් වයුස්ලිහු බාලකුම්" යැයි කිව යුතුයි.
කිවිසුම් යාම දිගටම පැවතුනහොත්, තුන්වරක් යර්හමුකල්ලා’ යැයි පවසන්න. සිව්වෙනි වාරයේ දී යර්හමුකල්ලා යන පාඨය වෙනුවට "ආෆාකල්ලාහ්" අල්ලාහ් ඔබට පූර්ණ සුවය ලබා දෙත්වා යනුවෙන් කිව යුතුයි.
පස්වන වගකීම: "ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න." රෝගීන් බැහැ දැකීම යනු: ඔහු බැලීමට යාමයි. එය ඔහුගේ මුස්ලිම් සහෝදරයන් කෙරෙහි ඔහුට ඇති වගකීමකි. එබැවින් කෙනෙකු රෝගාතුර වූ විට ඔවුන් එය සිදු කළ යුතු අතර, රෝගියාට ඥාතීත්වයෙන් මිත්‍රත්වයෙන් හෝ අසල්වැසිකමෙන් සම්බන්ධතාවක් තිබුණේ නම් ඔබ කෙරෙහි වැඩි වගකීමක් ඇත.
රෝගීන් බැහැ දැකීම රෝගියාගේ තත්වය මත සහ අසනීප තත්ත්වය මත රඳා පවතී. ඒ අනුව, සමහර අවස්ථාවල නිතර නිතර බැහැ දැකීමට අවශ්‍ය විය හැකිය. සමහර අවස්ථාවල එසේ අවශ්‍ය නොවනු ඇත. එබැවින් තත්ත්වයන් සැලකිල්ලට ගැනීම වඩා හොඳය.
රෝගියෙකු බැලීමට යන කෙනෙකු පිළිපැදිය යුතු සුන්නාහ්ව නම් ඔහුගේ තත්ත්වය ගැන විමසීම, ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම සහ ඔහුට සහනදායී ධනාත්මක වදන් පවසා ඔහු සැනසීම වේ. මේ අයුරින් කටයුතු කිරීම ඔහුගේ සෞඛ්‍යය සහ සුවය සඳහා විශාලතම හේතුවකි. ඔහුට තව්බාව නම් පසුතැවීම ගැන - ඔහු බිය නොවන ආකාරයෙන්- මතක් කළ යුතුය, එබැවින් ඔහු ඔහුට මෙසේ කියයි: උදාහරණයක් ලෙස: ඔබේ මෙම රෝගයෙන් ඔබට යහපතක් ලැබේ, මන්ද අසනීපයන් හරහා දෙවියන් පව් සහ නරක ක්‍රියාවන් මකා දමන්නේ ය. ඉවසිලිවන්තව සිටීමෙන්, සමාව ඉල්ලා සිටීමෙන් සහ කන්නලව් කිරීමෙන් විශාල විපාකයක් ලැබෙනු ඇත.
හයවෙනි වගකීම: "ඔහු මිය ගිය විට (අවසන් කටයුතුවලදී) ඔහුව හඹා යන්න." එනම් අවසන් කටයුතුවලදී ඔහු මිහිදන් කෙරෙන තෙක් ඔහු පසුපසින් යාම මුස්ලිම්වරයෙකුට තම සහෝදරයා කෙරෙහි ඇති එක් වගකීමක් වන අතර එය විශාල කුලියක් ගෙන එයි. නබිතුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇත: කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්‍රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?'යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
මුස්ලිම්වරයෙකුට මුස්ලිම්වරයෙකුගේ වගකීම් අතර ඔහුට හානි කිරීමෙන් වැළකී සිටීම ද එකකි. මුස්ලිම්වරුන්ට හානි කිරීම බරපතල පාපයකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත: "තවද දෙවියන් විශ්වාස කරන්නන්ට හා විශ්වාස කරන්නියන්ට ඔවුන් උපයා නොගත් දෑ වෙනුවෙන් හිංසා පීඩා කරන්නන් වනාහි, ඔවුහු සැබැවින්ම මහා අපවාදයක් හා පැහැදිලි පාපයක් උසුලා ගත්තෝය." සූරා අල් අහ්සාබ් 58
තම සහෝදරයාට හිංසා කරමින් ඔහුට අපයෝජනය කරන තැනැත්තා, බොහෝ දුරට දෙවියන් මරණින් මතු ජීවිතයට පෙර මෙලොවදීම ඔහුගෙන් පළිගනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ. "නුඹලා එකිනෙකා කෙරෙහි අමනාපයක් ඇති නොකරගන්න, ඊර් ෂ්යාවක් හෝ සතුරුකමක් ඇති කර නොගන්න; එකිනෙකාට පිටුපා නොසිටින්න. තවද අල්ලාහ්ගේ ගැත්තන් වශයෙන් සහෝදරයන් බවට පත් වන්න. මුස්ලිම්වරයෙකු යනු (තවත්) මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අපරාධයක් සිදු කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තම මුස්ලිම් සහෝදරයාව පහත් කොට සැලකීම වනාහි මහා නපුරකි. මුස්ලිම්වරයෙකුගේ ආත්මය, ඔහුගේ ධනය, ඔහුගේ මාන්‍යය යන මේ සියලු දේ අවභාවිත කිරීම තහනම් වේ.
තවත් මුස්ලිම්වරයෙකු කෙරෙහි මුස්ලිම්වරයෙකුට ඇති වගකීම් බොහෝ ය, නමුත් ඒවායේ විස්තීරණ අර් ථය නබි තුමාණන්ගේ මෙම කියමන විය හැකිය: "මුස්ලිම්වරයෙකු අනෙක් මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකු වේ." මේ සහෝදරත්වයට අනුව ක්‍රියා කරන විට අනෙකුත් මුස්ලිම්වරයාට යහපතක් වන සෑම දෙයක්ම සොයා බැලීමටත්, ඔහුට අයහපතක් ගෙන දෙන සියල්ලෙන් වැළකී සිටීමටත් ඔහු උත්සාහ කරයි.
*
දහවෙනි යුතුකම් වගකීම: මුස්ලිම් නොවන අයගේ යුතුකම් වගකීම්
මුස්ලිම්වරු නොවන අය යන්නෙන් සියලු වර් ගයේ දේව ප්රතික්ෂේපකයින් එයට ඇතුලත් වෙති.ඔවුන් වර් ග හතරකි. හර් බි, මුස්තඃමින්, මුආහිද් හා දිම්මි කාෆිර් වරු ය.
හර් බි කාාෆිර් වරුන් හට ආරක්ෂාව ලබා දීම ඔවුන්ට සැලකීම යනාදී වශයෙන් කිසිදු වගකීමක් අප හට නැත.
මුස්තඃමින් පිළිබඳ ගත් කල: සර් ව බලධාරී අල්ලාහ්ගේ වචනවලට අනුව, ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා නිශ්චිතව දක්වා ඇති වේලාව සහ ස්ථානයේ ආරක්ෂාව ලබා දීමේ වගකීම අප හට ඇත. ආදේශ කරන්නන් අතරින් කවරෙක් හෝ නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත නුඹ ඔහුව ළඟා කරනු." සූරා අත්-තව්බා 6
මුආහිද් පිළිබඳ ගත් කල: අප හා ඔවුන් අතර එකඟ වූ කාලය සඳහා ඔවුන්ගේ ගිවිසුම අපි ඉටු කළ යුතු වගකීම අප හට ඇත. එය ඔවුන් ඔවුන්ගේ ගිවිසුමේ අවංකව සිටින තාක් කල් හා අපට වඩා කිසිවෙකුට උදව් නොකළ සහ අපගේ ආගමට අභියෝග නොකරන තාක් කල් ය. සර් ව බලධාරී අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නමුත් ආදේශ කරන්නන් අතරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර, නුඹලාට එරෙහි ව කිසිවෙකුට උදව් නොකරන අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර් ණව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් ප්‍රිය කරයි." සූරා අත් තව්බා 4 තවද: "ඔවුන් ගිවිසගත් පසු, ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහමෙහි ඔවුන් නිග්‍රහ කළේ නම්, එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොමැත." සූරා අත් තව්බා 12
දිම්මි කාෆිර් වරු පිළිබඳ ගත් කළ: මුස්ලිම් රටවල, මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය යටතේ, ඔවුන් ගෙවන ජිස්යා බද්ධ සමඟ ජීවත් වන නිසා, මේ වර් ගයේ කාෆිර් වරුන්ට අප හට වගකීම් රාශියක් ඇත.
මුස්ලිම්වරුන්ගේ භාරකරු ඔවුන්ගේ ජීවිත, මුදල් සහ ගෞරවය සම්බන්ධයෙන් ඉස්ලාමීය නීතියට අනුව ඔවුන් පාලනය කළ යුතු අතර ඔවුන් තහනම් යැයි විශ්වාස කරන දේ සඳහා සීමාවන් ස්ථාපිත කළ යුතුය. ඔහු ඔවුන්ව ආරක්ෂා කර ඔවුන්ට හානි කිරීමෙන් වැළකී සිටිය යුතුය.
ඔවුන් තම ඇඳුමෙන් මුස්ලිම්වරුන්ගෙන් වෙන්ව හඳුනා ගත යුතු අතර, ඉස්ලාමයේ පිළිකුල් සහගත කිසිවක් හෝ සීනුව සහ කුරුසය වැනි ඔවුන්ගේ ආගමේ චාරිත්‍ර කිසිවක් ප්‍රදර් ශනය නො කළ යුතුය. මෙවන් අය හා බැඳි නීති විද්වතුන්ගේ ග්රන්ථ වල දැක ගත හැක. ඒ පිළිබඳ මෙහි දීර්ඝ ලෙස සඳහන් නොකරමු.
සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සතුය. තවද අපගේ නබි මුහම්මද් කෙරෙහිත් එතුමාගේ පවුලේ උදවිය හා එතුමාගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් ශාන්තිය හා සමාානය උදා වේවා
(සංස්කරණය) උත්තරීතර අල්ලාහ් වෙත අවශ්‍යතාවෙන් පෙළෙන
අෂ් ෂෙයික් මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්
*
Related books
All books
ඉස්ලාමීය විශ්වාසය හා බැඳුණු ප්රතිපත්තීන් පිළිබඳ හැඳින්වීමක්.76 භාෂාඉස්ලාමීය විශ්වාසය හා බැඳුණු ප්රතිපත්තීන් පිළිබඳ හැඳින්වීමක්.
මෙම ග්‍රන්ථය විශ්වාසයේ මූලධර්ම විස්තර කරයි; ඒ අතර අල්ලාහ් කෙරෙහි විශ්වාසය, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දිව්‍ය ග්රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, සහ පූර්ව නියමය යන කරුණු අන්තර්ගත වේ. එමෙන්ම මෙම ග්‍රන්ථය මුස්ලිම් කෙනෙකු අනිවාර්යයෙන් විශ්වාස කළ යුතු හා ඒ අනුව ක්‍රියා කළ යුතු මූලික මූලධර්ම ඉදිරිපත් කරයි. ඉස්ලාමීය විශ්වාසය ගැඹුරු ලෙස අවබෝධ කරගැනීම හරහා අල්ලාහ් සමඟ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
අදේවවාදියෙකු වෙත කෙටි සන්දේශයක්61 භාෂාඅදේවවාදියෙකු වෙත කෙටි සන්දේශයක්
මෙය අදේවවාදියෙකු වෙත වූ සංක්ෂිප්ත පණිවිඩයකි. විශ්වයේ සියුම් බව සහ එහි නිසි නීති පද්ධතිය අහම්බයක ප්‍රතිඵලයක් වීම ප්‍රතික්ෂේප කර ප්‍රඥාවන්ත මැවුම්කරුවෙකු පෙන්වා දෙන බව බුද්ධියට මෙය ආමන්ත්‍රණය කරයි. මේ සියල්ල නැති තැනකින් බිහි වීම තර්කානුකූල විය හැකිද? එබැවින් සිතීමට සහ මෙනෙහි කිරීමට ඔබේ හදවත විවෘත කර, සත්‍යය සොයන්න, මන්ද ඔබට මඟ පෙන්වන ආලෝකයක් එහිදී ඔබට හමුවිය හැකි බැවිනි.
ඉස්ලාමය89 භාෂාඉස්ලාමය
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ඔබ ඔබෙන් ම විමසුවෙහි ද? අහස් හා මහපොළොව මෙන්ම ඒ දෙක අතර ඇති සුවිසල් මැවීම් නිර් මාණය කළේ කවු ද? මෙම ස්ථාවර හා සූක්ෂම සැකසුම නිර්මාණය කළේ කවු ද?
හින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය11 භාෂාහින්දු දහම එහි මුල් ඉගැන්වීම්, විචාර බුද්ධිය හා පිවිතුරු ස්වභාවය
පොතේ විස්තර බැලීමට ක්ලික් කරන්න.