Skip to content

“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”

«أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ، فَأَكْثِرُوا الدُّعَاءَ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටින තත්ත්වයේය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඊට හේතුව සැබැවින්ම සලාත් ඉටු කරන්නා ඔහු සුජූද්හි සිටිය දී සර්වබලධාරී අල්ලාහ්ට යටහත් පහත්ව නිහතමානීව තම ශරීරයේ උසස් හා ඉහළම අවයව මහපොළොව මත තබමින් සලාත් ඉටු කරන බැවිනි. සුජූද්හි අධික ලෙස ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එම යටහත්භාවය තුළ වචනයෙන් හා ක්‍රියාවෙන් ඒකාබද්ධ වී ඇති බැවිනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අවනතභාවය උත්තරීතර අල්ලාහ්ගේ සමීපත්වය වැඩි කරනු ඇත.

ප්‍රාර්ථනාවන් පිළිගනු ලබන ස්ථාන අතරින් සුජූද් ඉරියව්ව ද එකක් වන බැවින් එහි අධික ලෙස ප්‍රාර්ථනා කිරීම සතුටුදායක ය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 350) (482).

තවත් බලන්න (6)

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 509).

تطريز رياض الصالحين.

لفيصل المبارك (ص780).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 506).