“උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
«مَا مِنْ قَوْمٍ يَقُومُونَ مِنْ مَجْلِسٍ لَا يَذْكُرُونَ اللَّهَ فِيهِ إِلَّا قَامُوا عَنْ مِثْلِ جِيفَةِ حِمَارٍ، وَكَانَ لَهُمْ حَسْرَةً».
යම් පිරිසක් සභාවක වාඩි වී පසුව අල්ලාහ් සිහි කිරීමකින් තොරව විසිර යන්නේ නම්, ඔවුන් බූරුවකුගේ ගඳ ගහන මළකුණක් අසළ රැස්ව සිට නැගිට ගිය අය මෙන් වන්නේය. ඊට හේතුව එම කතාව තුළ අල්ලාහ්ගේ මෙනෙහි කිරීමක් ඔවුන් විසින් නො කළ බැවිනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට එම සභාව අලාභයක් හා පාඩුවක් වන අතරම ඔවුනට පසුතැවිල්ල ද හිමි කර දෙනු ඇත.
අල්ලාහ්ව මෙනෙහි කිරීමේ නොසැලකිලිමත්භාවය ගැන සඳහන් කරන ලද අවවාදය සභාවන් මත පමණක් සීමා වන්නක් නොවේ. එය ඒ හැර සෙසු කටයුතුවලදී ද පොදු වනු ඇත. නවවි තුමා මෙසේ පවසයි, "යම් ස්ථානයක වාඩි වී එහි උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමට පෙර කවරෙකු ඉන් වෙන්වී යන්නේ ද එය ඔහුට පිළිකුල් සහගත කරුණක් වන්නේය."
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට අලාභයක් වනු ඇත. එක්කො, එම වේලාවේ අල්ලාහ්ට අවනත වීම තුළින් ඔවුන් ප්‍රයෝජන නො ලැබූ හේතුවෙන් ප්‍රතිඵල හා කුසල් අහිමි වීමෙන් හෝ එක්කො එම වේලාවේ අල්ලාහ්ට පිටුපාන කටයුත්තක නිරත වීම හේතුවෙන් පාපය හා දඬුවම හිමි වීමෙනි.
අනුමත සභාවන්හි දී මෙම නොසැලකිලිමත් භාවය සඳහා මෙම අවවාදය වී නම්, කේළාම් කතා කරන, දොස් නගන වැනි තහනම් කරන ලද සභාවන්හි තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!
සුනන් අබූ දාවූද් (7/ 221) (4855).
තවත් බලන්න (4)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 120).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 654).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"ما من قوم يقومون من مجلس لا يذكرون الله فيه، إلا قاموا عن مثل جيفة حمار، وكان لهم حسرة" .
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«مَا مِنْ قَوْمٍ يَقُومُونَ مِنْ مَجْلِسٍ لَا يَذْكُرُونَ اللَّهَ فِيهِ إِلَّا قَامُوا عَنْ مِثْلِ جِيفَةِ حِمَارٍ، وَكَانَ لهُمْ حَسْرةً»[14].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 4«مَا مِنْ قَوْمِ يَقومُونَ مِنْ مَجْلِسٍ لا يَذْكُرُونَ اللهَ تعالىٰ فِيهِ، إلا قَامُوا عَنْ مِثلِ جِيفَةِ حِمَارٍ، وكانَ لَهُم حَسرَةً».