Skip to content

“කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය. අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.”

«مَنْ قَرَأَ حَرْفًا مِنْ كِتَابِ اللهِ فَلَهُ بِهِ حَسَنَةٌ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا، لَا أَقُولُ {الم} حَرْفٌ، وَلَكِنْ {أَلِفٌ} حَرْفٌ، وَ{لَامٌ} حَرْفٌ، وَ{مِيمٌ} حَرْفٌ».

තිර්මිදි එය වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් හෝ කියවන මුස්ලිම්වරයාට කුසලක් හිමි බවත් එය ඒ හා සමාන කුසල් දහයක් දක්වා ඔහුට ගුණ කර දෙන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. "අලිෆ් ලාම් මීම් යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිෆ් අකුරකි; ලාම් අකුරකි; මීම් අකුරකි.” යනුවෙන් පවසා එතුමාණෝ එය පැහැදිලි කළහ. එහෙයින්, එහි ඇති අකුරු තුන සඳහා කුසල් තිහකි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල් කුර්ආනය වැඩි වැඩියෙන් කියවීමට උනන්දු කරවීම.

අල් කුර්ආනය කියවන්නා ඔහු කියවන සෑම වචනයකම ඇතුළක් සෑම අකුරක් සඳහාම කුසලක් හිමිවන අතර ඒ හා සමාන දස ගුණයකින් එය ගුණ වේ.

අල්ලාහ්ගෙන් වූ භාග්‍යයක් හා ත්‍යාගයක් වශයෙන් ගැත්තන් හට කුසල් ගුණ කර දීමෙන් ඔහු පෙන්වන ඔහුගේ කරුණාවේ හා ත්‍යාගශීලිත්වයේ විශාලත්වය.

වෙනත් ප්‍රකාශවලට වඩා අල් කුර්ආනයේ ප්‍රකාශවල ඇති මහිමය. එය උත්තරීතර අල්ලාහ්ගේ වදන් වන බැවින් එය කියවීම නැමදුමක් වන්නේය.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (5/ 33) (2910).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 229).

سلسلة الأحاديث الصحيحة.

للألباني (7/ 970).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 655).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (1/ 742).