Skip to content

(නියම කරන ලද) අනිවාර්යය සෑම සලාතයකටම පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසන්නෙකු වූහ

අල්-මුගීරා ඉබ්නු ෂුඃබාගේ ලේකකයකු වූ වර්රාද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්-මුගීරා ඉබ්නු ෂුඃබා විසින් මුආවියා තුමා වෙත යවන ලද ලිපියෙහි මට මෙසේ නියම කර තිබුණේය.

(නියම කරන ලද) අනිවාර්යය සෑම සලාතයකටම පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසන්නෙකු වූහ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතය්ත වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු"

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ مَكْتُوبَةٍ: «لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියම කරන ලද අනිවාර්යය සෑම සලාතයකටම පසුව මෙසේ පවසන්නෙකු වූහ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතය්ත වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු" එනම්: "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒකීයත්වයේ ප්‍රකාශය මම පිළිගත්තෙමි. නියම නැමදුම අල්ලාහ් වෙනුවෙන් පමණක්ම මම ස්ථීර කළෙමි. ඔහු හැර සෙස සියලු දෑ මම අහෝසි කළෙමි. එහෙයින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. සැබෑ පූර් ණවත් රාජ්‍යය අල්ලාහ්ට පමණක් සතු බව මම පිළිගත්තෙමි. අහස්හි හා මහපොළොව වාසීන්ගේ සියලුම ප්‍රශංසාවන්ට හිමිකම් ලබනුයේ උත්තරීතර අල්ලාහ්ය. එය ඔහු සියලු දෑ කිරීමට සර් වබලධාරී වීමෙනි. පිරිනැමීමට හෝ තහනම් කිරීමට කවර කරුණක් අල්ලාහ් නිර් ණය කළේ ද එයට පටහැනිව ක්‍රියා කරන කිසිවෙකු නැත. ඔහු ඉදිරියේ පොහොසතාගේ පොහොසත් කම ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහුට ප්‍රයෝජනවත් වනුයේ දැහැමි ක්‍රියාවන් පමණි.

වචනාර්ථ

أملى: ألقى علي لأكتب.

لا ينفع ذا الجد منك الجدّ: لا ينفع ذا الغنى منك غناه.

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම අනුවාදයේ දේව ඒකීය කරණයේ ප්‍රකාශ හා ප්‍රශංසාවේ ප්‍රකාශ ඇතුළත්ව ඇති බැවින් සලාත් වාරයන්ගෙන් පසු මෙම අනුවාද පැවසීම සතුටුදායක වන්නේය.

සුන්නාවන් පිළිපැදීමට හා එය පතුරුවාලීමට යුහුසුළු වීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 168) (844).

සහීහ් මුස්ලිම් (1/ 414) (593).

තවත් බලන්න (4)

عمدة القاري شرح صحيح البخاري (6/ 134).

المفهم لما أشكل من تلخيص كتاب مسلم (2/ 84).

النهاية في غريب الحديث والأثر (ص140).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (13/ 181).