“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
අබ්දුල්ලාහ් බින් බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. එක්තරා පුද්ගලයකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඉස්ලාමයේ පිළිවෙත් මා වෙත බහුල වී ඇත. ඒවායින් මා ඉටු කළ යුතු වැදගත්ම කරුණු ගැන මට කියා දෙන්න’ යැයි පැවැසුවේය.
“ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
«لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ».
දුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.
සර්වබලධාරී අල්ලාහ්ව නිරතුරුවම මෙනෙහි කිරීමේ මහිමය.
අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යය වනුයේ කුසල් සඳහා වන හේතු සාධක පහසු කර දීමය.
ධර්මිෂ්ඨකමේ සහ යහපත්කමේ දොරටු, මිනිසුන් ඒවා ලැබීමේ දී එකිනෙකට වෙනස් වේ.
අල්ලාහ්ව සුවිශුද්ධ කොට තස්බීහ් පවසමින් ද ඔහුව ප්‍රශංසා කොට තහ්මීද් පවසමින් ද, ඔහුගේ ඒකීයත්වය පිළිගෙන තහ්ලීල් පවසමින් ද, ඒ හැර වෙනත් ගුණ ගායනාවන්හි නිරත වෙමින් ද, නිහතමානී සිතකින් යුතුව නිතර අල්ලාහ්ව අධිකව සිහිපත් කිරීම අධික ලෙස අමතර පිළිවෙත් කිරීමේ ස්ථානයේ පවතී.
ප්‍රශ්න කරන්නන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැළකිලිමත් වෙමින් ඔවුනොවුනට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු දීම.
සුනන් අත් තිර්මිදි (5/ 388) (3375).
සුනන් ඉබ්නු මාජහ් (4/ 707) (3793).
මුස්නද් අහ්මද් (29/ 226) (17680).
තවත් බලන්න (8)
جامع العلوم والحكم في شرح خمسين حديثا من جوامع الكلم.
لابن رجب الحنبلي (2/ 510).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص104).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للنووي وابن رجب (ص154).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله بن صالح المحسن (ص93).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنةيا رسول الله إن شرائع الإسلام قد كثرت عليَّ فأخبرني بشيءٍ أتشبث به. قال: "لا يزال لسانك رطباً من ذكر الله".
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«لَا يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ»[9]،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«لايزالُ لسانُكَ رطباً من ذكر الله».
- نبراس طالب (2)نبراس طالب (2) «لَا يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ»