ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න
උස්මාන් ඉබ්නු අබිල් ආස් -රළියල්ලාහු අන්හු- තුමා ඉස්ලාමය වැළඳගත් දා පටන් තම ශරීරයේ ඇති වූ වේදනාවක් ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණිලි කර සිටියේ ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු දෙස බලා මෙසේ පැවසුහ:
"ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න."
«ضَعْ يَدَكَ عَلَى الَّذِي تَأَلَّمَ مِنْ جَسَدِكَ، وَقُلْ بِاسْمِ اللهِ ثَلَاثًا، وَقُلْ سَبْعَ مَرَّاتٍ أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ».
මාරාන්තික වේදනාවක් සහිත රෝගයක් උස්මාන් ඉබ්නු අබුල් ආස් (රළියල්ලාහු අන්හු) තුමාට වැළඳ තිබුණි. එවිට එතුමාගේ සුවදුක් විමසීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැමිණ එතුමාට වැළඳී තිබූ රෝගය අල්ලාහ් සුව කරන ප්‍රාර්ථනාවක් ඉගැන්වූහ. එනම් තමන්ට වේදනාව දැනෙන ස්ථානයේ තම අත තබා බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන්) යැයි තුන්වරක් පවසා පසුව සත්වරක් أَعُوذُ (මම රැකවරණය පතමි. ආරක්ෂාව පතමි.) بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ (වර්තමානයේ සිදුව ඇති වේදනාවෙන් අල්ලාහ්ගෙන් හා ඔහුගේ බලයෙන් මම ආරක්ෂාව පතමි.) وَأُحَاذِرُ (ඉදිරියේ දී එමගින් දුක හා බිය හට ගැනීම හෝ රෝගය දිගටම තිබී ශරීරය පුරාවට එම වේදනාව පැතිරී යෑම ගැන ද මම බියවෙමි යන්න මෙහි අදහස වේ.
හදීසයේ සඳහන් පරිදි මිනිසා තමන්ටම ආරක්ෂාව සළසා ගැනීම සතුටුදායකය.
මැලිකමින් හෝ විරෝධයෙන් තොරව වූ යමක් පිළිබඳ පැමිණිලි කිරීම, ඉවසීම හා දෙවියන් මත තබන විශ්වාසයට පටහැනි නො වන්නේය.
ප්‍රාර්ථනාවේ නියැලීම හේතු සාධක මත යැපීමේ එක් මාධ්‍යයක් වන අතර, එබැවින් එහි වදන් සහ ප්‍රමාණ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
මෙම ප්‍රාර්ථනාව ශාරීරික වශයෙන් හට ගන්නා සෑම වේදනාවකටම අදාළ වේ.
මෙම ප්‍රාර්ථනාව පවසා ආරක්ෂාව පතන අවස්ථාවේ වේදනා සහගත ස්ථානය මත අත තැබීම.
සහීහ් මුස්ලිම් (4/ 1728) (2202).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 163).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 481).
فيض القدير شرح الجامع الصغير.
لعبدالرؤوف المناوي (1/ 284).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 689).
පොත්වල උපුටා දක්වා ඇත
6 පොත්තවත් බලන්න (6)
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَعُوذُ بِاللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ»[289].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَعُوذُ بِاللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِر
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«ضَعْ يَدَكَ عَلَىٰ الذي تَألَّمَ مِنْ جَسَدِكَ، وقلْ: بسم الله ثلاثاً، وقُلْ سَبْعَ مرَّاتٍ: أعُوذُ بعزَّة الله وقُدْرتهِ مِنْ شَر ما أجدُ وأحاذِرُ».
- فتاوى المرضىفتاوى المرضى «ضع يدك على الذي تألم من جسدك، وقل: بسم الله، ثلاثًا، وقل سبع مرات: أعوذ بالله وقدرته من شر ما أجد وأُحاذِر»
- مجموعة زاد العقيدة (2)1ضعْ يدَكَ على الذي تألَمُ من جَسَدِك، وقلْ: بسم ﷲ ثلاثًا، وقل سبعَ مراتٍ: «أعوذُ بعزَّةِ ﷲ وقدرتهِ من شرِّ ما أجِدُ وأُحاذرُ»
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 4 «أَعُوذُ بِعِزَّةِ اللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ»