අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
අල්-අගර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් අතරින් කෙනෙකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමා මෙසේ පවසා සිටියහ:
"අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
«يَا أَيُّهَا النَّاسُ تُوبُوا إِلَى اللهِ، فَإِنِّي أَتُوبُ فِي الْيَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ».
අධික ලෙස පාපොච්චාරණය කර සමාව අයදින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජනතාවට නියෝග කළහ. එමෙන්ම තමන් පෙර කළ හා පසු කළ පාපයන්ට සමාව දෙනු ලැබ තිබිය දී පවා තමන් අල්ලාහ් වෙත පාපොච්චාරණය කර, දිනකට සිය වාරයකට වඩා අධික ලෙස ඔහුගෙන් සමාව අයදින බව එතුමාණෝ තමන් ගැනම දන්වා සිටියහ. මේ සෑම දෙයකම කිර්තිමත් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ පූර්ණ යටහත්භාවය හා ගැතිභාවය ඇතුළත්ව ඇත.
සෑම කෙනෙකුම ඊමාන් හෙවත් දේව විශ්වාසය තුළ තම නිලය හා තම ස්ථාවරය තිබුණ ද, උත්තරීතර අල්ලාහ් වෙත යොමු වීමත්, පාපොච්චාරණයේ නිරත වී තම ආත්මය පිරිපූර්ණ කර ගැනීමත් ඔහුට අවශ්‍ය වන්නේය. උත්තරීතර අල්ලාහ්ගේ අයිතිවාසිකම් ඉටු කිරීමේ දී අඩුපාඩු සිදු වීම කිසිවකුට සිදු නොවන දෙයක් නොවේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඔබ සැම දෙනා අල්ලාහ් වෙත පාපොච්චාරණයේ නිරත වී සමාව අයැද සිටිනු"
තහනම් කරන ලද දෙයක් හා පාපයක් සිදු කළ ද අනිවාර්යය කටයුතුවල දී යම් අඩුපාඩු සිදු කළ ද තව්බාව හෙවත් පාපක්ෂමාවෙහි නිරත වීම පොදු දෙයකි.
තව්බාව තුළ අවංකභාවය තිබීම එය පිළිගනු ලැබීමේ කොන්දේසියක් වේ. කිසිවකු හෝ අල්ලාහ් නොවන දෙයක් වෙනුවෙන් යම් පාපයක් අත්හැරියේ ද ඔහු තව්බා කරන්නෙකු විය නො හැක.
නවවි තුමා මෙසේ පවසයි: තව්බාව හෙවත් පාපොච්චරණය සඳහා කොන්දේසි තුනක් ඇත. එම පාපයෙන් මිදීම, එම පාපක්‍රියාව පිළිබඳ දුක්වී පසුතැවිලි වීම හා එවන් පාපයක් වෙත නැවත කිසිදා යොමු නොවන බවට ස්ථීරව අධිෂ්ඨාන කිරීමය. නමුත් එම පාපය මිනිසෙකුට සම්බන්ධ වූවක් නම් එයට සිව්වැනි කොන්දේසක් අදාළ වනු ඇත. එනම් අසාධාරණයට ලක් වූ දෑ අදාල තැනැත්තා වෙත ලබා දීම හෝ ඔහුගෙන් සමාව හා නිදහස ඉල්ලා සිටීමය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පාපක්ෂමාවෙහි නිරත වී ඇති බව පැවසීමෙන් අවධාරණය කරනුයේ පාපයක් සිදු කළ විට පමණයක් එය සිදු විය යුතු නොවන බවය. නමුත් එය ඔහුගේ නැමදුමෙහි පූර්ණත්වය වෙනුවෙන් හා ශුද්ධ වූ අල්ලාහ්ව මෙනෙහි කරමින් එය ඔහු සමග සම්බන්ධ කිරීම වෙනුවෙන් විය යුතුය. එමෙන්ම එය උත්තරීතර අල්ලාහ්ගේ වගකීම්වල ඇති මහඟු බව හා තමන්ට ඔහු පිරිනමා ඇති ආශිර්වාද සඳහා තුතිවන්තවීමේ ක්‍රියාවන් ගැත්තා සිදු කළ ද ඔහු විසින් එහි සිදු කරන අඩුපාඩුවල බරපතලකම හා ඒ හැර වෙනත් නීති පිළිබඳ වූ මහඟු බව අඟවයි.
සහීහ් මුස්ලිම් (4/ 2075) (2702).
තවත් බලන්න (6)
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 33).
شرح رياض الصالحين.
لابن عثيمين (1/ 97).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 52).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"يا أيها الناس توبوا إلى الله فإني أتوب في اليوم إليه مائة مرة" .
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«يَا أَيُّهَا النَّاسُ تُوبُوا إِلَى اللَّهِ فَإِنِّي أَتُوبُ فِي اليَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ»[295].
- نبراس طالب (5)1«يَا أَيُّهَا النَّاسُ، تُوبُوا إِلَى اللهِ، فَإِنِّي أَتُوبُ فِي الْيَوْمِ إِلَيْهِ مِئَةَ مَرَّةٍ»