'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සිකුරාදා දිනක 'දාරුල්-කළා' දෙසට මුහුණලා ඇති දොරටුවෙන් පුද්ගලයෙකු මස්ජිදයට ඇතුළු විය. එම අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කුත්බා (දේශනය) පවත්වමින් සිටියේය. එම මිනිසා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දෙසට මුහුණලා මෙසේ පැවසීය: 'අල්ලාහ්ගේ දූතයාණනි! (පශු) සම්පත් විනාශ වෙමින් පවතින අතර (ආදායම්) මාර්ග නැවතී ඇත. අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න. එවිට 'අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව' යැයි ප්‍රාර්ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන්, අහසේ වලාකුළු කිසිවක් දකින්නට තිබුණේ නැත. අප සහ සල්උ කන්ද අතර නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. එවිට පලිහක් වැනි විශාල වලාකුළක් එහි (සල්උ කන්ද) පිටුපසින් දිස් වූ අතර එය අහස මැදට පැමිණි විට එය පැතිරී, වැසි ඇද හැළුණි. අල්ලාහ්ගේ නාමයෙන්! දින හයක් අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා එතුමාණන් වෙත මුහුණලා සිටගෙන, 'අල්ලාහ්ගේ දූතයාණනි,! පශු සම්පත් මිය යමින් පවතින අතර (ආදායම්) මාර්ග නතර වී ඇත; අපගෙන් වර්ෂාව වළක්වා ගැනීමට අල්ලාහ්ට යාච්ඤා කරන්න.' යැයි කීවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා 'අල්ලාහ්! අප මත නොව අප වටා වැසි වස්සනු මැනව, අහෝ අල්ලාහ්, කඳු මත, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථානවල වැසි වස්සනු මැනව' යැයි කීහ. එතුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැස්ස නැවතින. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු. මම අනස් (රළියල්ලාහු අන්හු) තුමාගෙන්: "ඔහු පළමු වාරයේ පැමිණ පුද්ගලයා දැ?"යි විමසා සිටියෙමි. එවිට එතුමා "ඒ ගැන මම නොදනිමි" යැයි පැවසීය.
أَنَّ رَجُلًا دَخَلَ المَسْجِدَ يَوْمَ جُمُعَةٍ مِنْ بَابٍ كَانَ نَحْوَ دَارِ القَضَاءِ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ، فَاسْتَقْبَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمًا، ثُمَّ قَالَ: يَا رَسُولَ اللَّهِ، هَلَكَتِ الأَمْوَالُ وَانْقَطَعْتِ السُّبُلُ، فَادْعُ اللَّهَ يُغِيثُنَا، فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ، ثُمَّ قَالَ: «اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا» قَالَ أَنَسٌ: وَلا وَاللَّهِ، مَا نَرَى فِي السَّمَاءِ مِنْ سَحَابٍ وَلَا قَزَعَةً، وَمَا بَيْنَنَا وَبَيْنَ سَلْعٍ مِنْ بَيْتٍ وَلَا دَارٍ، قَالَ: فَطَلَعَتْ مِنْ وَرَائِهِ سَحَابَةٌ مِثْلُ التُّرْسِ، فَلَمَّا تَوَسَّطَتِ السَّمَاءَ انْتَشَرَتْ، ثُمَّ أَمْطَرَتْ، فَلَا وَاللَّهِ، مَا رَأَيْنَا الشَّمْسَ سِتًّا، ثُمَّ دَخَلَ رَجُلٌ مِنْ ذَلِكَ البَابِ فِي الجُمُعَةِ، وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يَخْطُبُ، فَاسْتَقْبَلَهُ قَائِمًا، فَقَالَ: يَا رَسُولَ اللَّهِ، هَلَكَتِ الأَمْوَالُ، وَانْقَطَعَتِ السُّبُلُ، فَادْعُ اللَّهَ يُمْسِكْهَا عَنَّا، قَالَ: فَرَفَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ، ثُمَّ قَالَ: «اللَّهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ، وَبُطُونِ الأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَرِ» قَالَ: فَأَقْلَعَتْ، وَخَرَجْنَا نَمْشِي فِي الشَّمْسِ، قَالَ شَرِيكٌ: سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ: أَهُوَ الرَّجُلُ الأَوَّلُ؟ فَقَالَ: «مَا أَدْرِي».
සිකුරාදා දිනක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුත්බා (දේශනය) පවත්වමින් සිටිය දී උමර් ඉබ්නු අල්-කත්තාබ්ගේ නිවස දෙසින් මස්ජිදයේ බටහිර දෙසින් පිහිටි දොරටුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයට පිටිසර අරාබිවරයෙකු පිවිසුණේය. එම පුද්ගලයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙසට මුහුණලා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ඇත. සතුන් මිය යෑමෙන් පෝෂණ මාර් ග අවහිර වී ඇත. කුසගින්න හේතුවෙන් උන් දුර් වල වී ඇත. එබැවින් අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, "අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව." යැයි ප්‍රාර් ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමින් කියමි. අහසේ කිසිදු වළාකුළක් අපි දුටුවේ නැත. මස්ජිදයේ බටහිර දෙසින් අප අතර සහ සල්උ කන්ද අතර එය දැකීමෙන් බාධාවන ආකාරයේ කිසිදු නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. එවිට ඒ පිටුපසින් පලිහක් (කුඩා රෙද්දක්) වැනි වටකුරු වලාකුළක් මතු විය. එය මදීනාවේ අහස මැදට පැමිණි විට එය පැතිරී ගොත් වැසි ගෙන දුන්නේය. අල්ලාහ්ගේ නාමයෙන්, එම වර් ෂාව හේතුවෙන් අනෙක් ජුමුආව දක්වා අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් එම පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා ඒතුමාණන් වෙත මුහුණලා සිටගෙන, මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ගොස් ඇත. (ආදායම්) මාර් ග නතර වී ඇත; එහෙයින් අපගෙන් වර් ෂාව නතර කරන මෙන් අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා, "අහෝ දෙවිඳුනි! අප මත විනාශ කාරී ලෙස නොව අප වටා වර් ෂාව යොමු කරනු මැනව. දෙවියනේ! කඳු, කුඩා කඳු, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථාන වැනි පෘථිවියේ උස් තැන් වෙත එය යොමු කරන්න." යැයි කීහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැහි වළාකුළු නතර වී ගියේය. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු.
ප්‍රාර් ථනා කිරීම සහ මහපොළොවේ සැරිසැරීම වැනි පෝෂණ සම්පත් සේවීම සඳහා හේතු සාධක ක්‍රියාත්මක කිරීම. එය උත්තරීතර අල්ලාහ් මත තබා ඇති විශ්වාසය පළුඳු කරන්නක් නොවේ.
වර්ෂාව පතමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉල්ලා සිටි මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටුදායකය.
වර්ෂාවෙන් හානියක් සිදුවන අවස්ථාවක, විශේෂයෙන් කඳු, හෙල් සහ නිම්න මත වැසි අඛණ්ඩව ඇද හැලෙන අවස්ථාවක -අහසේ පැහැදිලි බව සෙවීමට සහ වර්ෂාව නැවැත්වීමට - පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටීමේ අවසරය. මන්ද ඒවා කෘෂිකර් මාන්තයට සහ තණබිම් සඳහා වඩාත් සුදුසු බැවිනි.
ජීවත්ව සිටින අය අතර ධර්මිෂ්ඨ හා භක්තිමත් යැයි සිතන අයගෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටීමට අවසර ඇත. මෙය අවසර ලත් ප්‍රාර්ථනා කිරීමේ මාධ්‍යයකි. ජීවත්ව සිටින හෝ මියගිය ඕනෑම ජීවියෙකුගේ පැවැත්ම මුල් කරගෙන ප්‍රාර්ථනා කර සිටීමට අවසර නැත. මන්ද එය බහු දේවවාදයේ මාධ්‍යයකි.
කන්නලව් කිරීමේ දී නොපසුබට උත්සාහය සහ එය නැවත නැවත කිරීම ආගමානුගත කරන ලද්දකි.
අවශ්‍යතාවක් ඇති වූ විටෙක ජුමුආ දිනයේ දේශකයා සමග කතා කිරීමේ අවසරය.
වර්ෂාව ඇද හැලීම සහ එය වැළැක්වීම මගින් අල්ලාහ්ගේ විශිෂ්ට බලය විද්‍යාමාන වීම.
හානිකර දෙයින් හානියක් නොවන ආකාරයෙන් ඉන් මිදීමට වර්ෂාව නතර කරන මෙන් යාඥා කිරීමේදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රඥාව.
කුත්බා දේශනාව අතර වාරයේ ජලය ඉල්ලා කණ්ණලව් කිරීම ආගාමානුගත කරුණකි.
ප්‍රාර්ථනාවේ දී අත් ඉහළට එසවීම. මෙය බැගෑපත්කම අර්ථවත් කරන්නක් වන අතර එසවූ දෑත් මත දෙවියන් වහන්සේ ඔහුගේ ත්‍යාගය සහ අනුග්‍රහය ලබා දෙනු ඇති බවට වූ බලාපොරොත්තුව එහි ඇත. මේ ස්ථානයේ අත් දෙක එසවීම සම්බන්ධයෙන් විද්වතුන් ඒකමතිකව එකඟතාව පල කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පෙන්වා දෙන ප්‍රාතිහාර්යයන් අතරින් මෙය ද එකකි. මෙම තත්ත්වයේ දී වර්ෂාව ඇති වීමෙන් හා එය නතර වීමෙන් එතුමාණන්ගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය.
සහීහුුල් බුහාරි (2/ 28) (1014).
සහීහ් මුස්ලිම් (2/ 612) (897).
තවත් බලන්න (6)
تيسير العلام.
للبسام (ص268).
تنبيه الأفهام.
لابن عثيمين (2/ 339).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 215).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්තවත් බලන්න (9)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم أغثنا، اللهم أغثنا، اللهم أغثنا ... " .
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم حوالينا ولا علينا. اللهم على الآكام والظرَابِ، وبطون الأوديةِ، ومنابت الشجر".
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا»[215].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«اللَّهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ، وَبُطُونِ الأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَرِ»[219].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا، اللَّهُمَّ عَلَى الآكَامِ وَالظِّرَابِ، وَبُطُونِ الأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَر
- رسالة في الأذكار1«اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا، اللَّهُمَّ أَغِثْنَا».
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 4 «اللهُمَّ أَغِثْنَا، اللهُمَّ أَغِثْنَا، اللهُمَّ أَغِثْنَا»،
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 4 «اللهُمَّ أَغِثْنَا، اللهُمَّ أَغِثْنَا، اللهُمَّ أَغِثْنَا»