නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත."
«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».
නිවෙස් සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් සලාත් ඉටු නොකර ඒවා අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පුරුද්දට මෙන් එතුමාණන්ගේ මිනී වල නිතර නිතර බැහැදැකීමෙන් හා ඒ අසල රැස්වීමෙන් එතුමාණෝ වැළැක්වූහ. හේතුව සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කළ හැකි මාධ්‍යයක් වන බැවිනි. මහපොළොවේ කොතැනක සිටියත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් හා සලාම් පැවසීමට නියෝග කර ඇත. සැබැවින්ම එය සමීපයෙන් වූවත් දුරින් වූවත් එක හා සමානව එතුමාණන්ට ළඟා වනු ඇත. එබැවින් එතුමාණන්ගේ මිනීවල වෙත යෑමට අවශ්‍ය වන්නේ නැත.
ولا تجعلوا قبري عيدًا: العيد: ما يعتاد مجيئه وقصده من زمان ومكان، أي: لا تتخذوا قبري محل اجتماعٍ تترددون إليه وتعتادونه للصلاة والدعاء وغير ذلك.
උත්තරීතර අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් තොරව නිවෙස් පාළුවට අත්හැර දැමීමෙන් වැළැක්වීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල බැහැ දැකීම සඳහා වන්දනා ගමනෙහි යෑමේ තහනම. හේතුව සැබැවින්ම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම නියෝග කර ඇති කරුණක් වන අතර එය එතුමාණන් ළඟා වනු ඇතැයි දන්වා ඇති බැවිනි. සැබැවින්ම වන්දනා ගමන යා යුත්තේ මස්ජිදය හා එහි සලාත් ඉටු කිරීම අරමුණු කොට ගෙනය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනීවල වෙත නියමිත කාලයක දී නියමිත ක්‍රමයක් අනුව විටින් විට බැහැදැකීමෙන් එය උත්සවාකර්ශයට පත් කිරීමේ තහනම.
සෑම කාලයකම හා සෑම ස්ථානයකම එතුමාණන් කෙරෙහි සලවාත් හා සලාම් පැවසීම ආගමානුගත කිරීමෙන් තම පරමාධිපති ඉදිරියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු ගෞරවය.
මිනීවලවල් අසල සලාත් ඉටු කිරීම තහනම් කර තිබීම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.
සුනන් අබූ දාවූද් (3/ 385) (2042).
තවත් බලන්න (4)
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص202).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص185).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات3- المختصر في آداب زيارة المسجد النبوي وأحكامها (للحرمين)«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ، فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ» [2].
- المختصر في آداب زيارة المسجد النبوي وأحكامهاالمختصر في آداب زيارة المسجد النبوي وأحكامها (للحرمين)«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ، فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ» [2].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«لَا تَجْعَلُوا قَبْرِي عِيدًا وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُم تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ»[266].
- رسالة في الأذكار1«لَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».
- كتاب التوحيدكتاب التوحيد للشيخ محمد بن عبد الوهاب((لاَ تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلاَ تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلاَتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ))
- مجموعة زاد العقيده (4)العقيدة 4«لا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».
- موسوعة الإيمان«وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».