ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."
«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَقُلِ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلِ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ».
මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික" යනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට පෙන්වා දුන්හ. එහි දී අදාළ තැනැත්තා අල්ලාහ්ගේ කරුණාවට හේතුවන සාධක සළසා දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම බැහැර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යනුවෙන් පැවසිය යුතුය. එහි දී අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා හලාල් (අනුමත) පෝෂණයෙන් තමන්ට උපතාර කරන මෙන් ඉල්ලා සිටියි.
මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
පිවිසීමේ දී ආශිර්වාදය හා පිටවීමේ දී භාග්‍යය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සැබැවින්ම පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත සමීප කරවන කරුණුවල කාර්යබහුල වේ. ඒ අනුව එහි රහ්මත් හෙවත් කරුණාව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලාහ්ගේ භාග්‍යය තුළින් පෝෂණය සොයා මහපොළොවේ සැරිසරයි. එබැවින් භාග්‍යය එහි මෙනෙහි කර ඇත.
මෙම ප්‍රාර්ථනා මස්ජිදයට පිවිසීමට අපේක්ෂා කරන අවස්ථාවෙහි හා ඉන් බැහැරව යන්නට අපේක්ෂා කරන අවස්ථාවෙහි පවසනු ලබන ප්‍රාර්ථනා වේ.
සහීහ් මුස්ලිම් (1/ 494) (713).
තවත් බලන්න (3)
الكاشف عن حقائق السُّنن (3/935).
فيض القدير (1/ 336).
ذخيرة العقبى (9/153).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلمඅල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික්
- මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති.فضائل وآداب المسجد النبوي، وأحكام زيارة قبر النبي عليه الصلاة والسلام وقبري صاحبيه"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික"[19]، තේරුම: අහෝ දෙවිඳුනි, මම ඔබගේ දායාදයෙන් ඉල්ලා සිටිමි.
- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු."අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික" - තේරුම, යා අල්ලාහ් ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.
- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.පිළිතුර - "අල්ලාහුම්මෆ්තහ්ලි අබ්වාබ රහ්මතික." තේරුම: යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටුව විවර කර දෙනු මැනව.
- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික. තේරුම- යා අල්ලාහ්! ඔබගේ ආශිර්වාදය ඉල්ලා සිටිමි.
තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"إذا دخل أحدكم المسجد فليقل: اللهم افتح لي أبواب رحمتك. وإذا خرج فليقل: اللهم إني أسألك من فضلك".
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات2- المختصر في صفة الحج وأحكامه (للحرمين)«اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»[2]،
- المختصر في صفة الحج وأحكامهالمختصر في صفة الحج والعمرة«اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»[2]،
- رسالة في الأذكار1«إِذَا دَخَلَ أَحَدُكُمُ المَسْجِدَ فَلْيَقُلِ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلِ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ».
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «اللهم إني أسألك من فضلك»