Skip to content

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.

أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ: «رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي».

මෙය අබූ දාවුද්, නසාඊ, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර වාඩි වන අවස්ථාවේ "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් නැවත නැවතත් පවසමින් සිටියහ. "රබ්බි-ග්ෆිර්ලී" යන්නෙහි තේරුම: ගැත්තා තම පරමාධිපතිගෙන් තම පාපයන්ට සමාව දෙන මෙන් ද, තම අඩුපාඩු සඟවන මෙන් ද ඉල්ලා සිටීමය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අනිවාර්යය මෙන්ම අමතර සලාත්වලදී දී සුජූද් දෙක අතර ද මෙම ප්‍රාර්ථනාව උසුරීම ආගමානුගත කරන ලද්දකි.

රබ්බි-ග්ෆිර්ලී යනුවෙන් නැවත නැවතත් ප්‍රකාශ කිරීම සතුටුදායකය. අනිවාර්යය වනුයේ එක්වරක් පැවසීම පමණය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 154) (874).

සුනන් අන් නසාඊ (2/ 231) (1145).

සුනන් ඉබ්නු මාජහ් (2/ 64) (897).

මුස්නද් අහ්මද් (38/ 392) (23375).

තවත් බලන්න (1)

نيل الأوطار (2/ 305).