“තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
- التصنيف الشرعي
- الأدعية والأذكار والرقائقفوائد ذكر الله عز وجل
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
«مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ رَبَّهُ، مَثَلُ الحَيِّ وَالمَيِّتِ»، ولفظ مسلم: «مَثَلُ الْبَيْتِ الَّذِي يُذْكَرُ اللهُ فِيهِ، وَالْبَيْتِ الَّذِي لَا يُذْكَرُ اللهُ فِيهِ، مَثَلُ الْحَيِّ وَالْمَيِّتِ».
අල්ලාහ්ව මෙනෙහි කරන අය අතර හා ඔහුව මෙනෙහි නො කරන අය අතර වෙනස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. එම වෙනස ප්රයෝජනවත්භාවය හා බාහිර පෙනුමෙහි ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ වෙනස මෙනි. තම පරමාධිපතිව මෙනෙහි කරන්නාට උපමාව තම බාහිර පෙනුම ජීවිතයේ ආලෝකයෙන් අලංකාරවත් වූ ඔහුගේ අභ්‍යන්තරය දැනුමේ ආලෝකයෙන් අලංකාරවත් වූ ජීවී අයකුගේ උපමාව මෙනි. එහි ඔහුට ප්‍රයෝජනය ඇත. අල්ලාහ්ව මෙනෙහි නොකළ අයකුට උපමාව ඔහුගේ බාහිරය නිෂ්ඵල වූ හා ඔහුගේ අභ්‍යන්තර ශුන්‍ය වූ මිය ගිය අයකුගේ උපමාව මෙනි. එහි කිසිදු ප්‍රයෝජනයක් නැත. එමෙන්ම අල්ලාහ්ව මෙනෙහි කරමින් වාසය කරන මිනිසුන් සිටින නිවස ජීවී අයකුට උපමා කළේය. එසේ නොවී නම්, එනම් එහි වැසියන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් අක්‍රීයව සිටින බැවින් එය මළ ගිය නිවසක් මෙනි. ජීවත්ව සිටින අය හා මිය ගිය අය නිවස සමග උපමා කිරීමෙන් අදහස් කරනුයේ නිවසේ වාසය කරන්නන් සම්බන්ධව ය.
අල්ලාහ්ව මෙනෙහි කිරීමට දිරි ගැන්වීම හා ඒ ගැන නොසැළකිලිමත් වීම ගැන අවවාද කිරීම.
ප්‍රාණය ශරීරයේ ජීවය වන්නා සේ ආත්මයේ ජීවය අල්ලාහ්ව මෙනෙහි කිරීමයි.
අදහස් ඉතා ලෙහෙසියෙන් තේරුම් කර දීම පිණිස උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතකි.
නවවි තුමා මෙසේ පවසයි: නිවසේ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සුන්නත් යන බව මින් හැඟවේ. සැබැවින්ම නිවෙස් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව, හිස්ව නො තැබිය යුතුය.
නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි: අල්ලාහ්ට අවනත වීමෙහි මුළු ජීවිත කාලයම ගත කිරීමේ අවස්ථවා හිමි වීම භාග්‍යයකි. මිය ගිය ඇත්තෙකු යහපත් මතු ලොව ජීවිතයක් වෙත ගමන් කළ ද එය භාග්‍යයක්ම වන්නේය. මක්නිසාද යත් ජීවත්ව සිටින පුද්ගලයා ඔහු සිදු කරන යහපත් ක්‍රියාවන් හරහා තමන්ට ලැබෙන භාග්‍යය වැඩි කරන්නට බලන බැවිනි.
සහීහුුල් බුහාරි (8/ 86) (6407).
සහීහ් මුස්ලිම් (1/ 539) (779).
(2/ 982).
සහීහුුල් බුහාරි (8/ 86) (6407).
සහීහ් මුස්ලිම් (1/ 539) (779).
(2/ 982).
තවත් බලන්න (6)
نزهة المتقين شرح رياض الصالحين.
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 516).
نزهة المتقين شرح رياض الصالحين.
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 516).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්- හිස්නුල් මුස්ලිම් (අල්කුර්ආන් සහ සුන්නාහ්වෙහි සඳහන් සිහිපත් කිරීම් හා යාඥා මඟින් වූ මුස්ලිම්වරයෙකුගේ රැකවරණය)حصن المسلم“තම පරමාධිපති ව මෙනෙහි කරන අයට හා ඔහු ව මෙනෙහි නොකරන අයට උපමාව නම්, ජීවත් ව සිටින අයෙකුගේ හා මිය ගිය අයෙකුගේ උපමාව මෙනි.”[6],
- මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු.තම පරමාධිපතියාණන් මෙනෙහි කරන අයටත්, මෙනෙහි නොකරන අයටත් උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මියගිය කෙනෙකු අතර තිබෙන්නා වූ වෙනස යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. (බුහාරි)