ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’
සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්‍රකාශයක් මට උගන්වන්නැ'යි ඉල්ලා සිටියේය. එතුමාණෝ: ඔබ "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අල්ලාහ් ඉමහත්ය අති ශ්රේෂ්ඨය. වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. ලොවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. මහා ප්‍රඥාවන්තය. සර් ව බලධාරී අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත.) යැයි පවසන්න. හෙතෙම: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි. මා වෙනුවෙන් කුමක් තිබේද?' යැයි විමසීය. එතුමාණෝ: "අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී. (අහෝ අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට මග පෙන්වනු මැනව. මට පෝෂණය ලබා දෙනු මැනව!) යැයි පවසන්න." යැයි පැවසුහ.
جَاءَ أَعْرَابِيٌّ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: عَلِّمْنِي كَلَامًا أَقُولُهُ، قَالَ: «قُلْ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللهِ رَبِّ الْعَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَزِيزِ الْحَكِيمِ» قَالَ: فَهَؤُلَاءِ لِرَبِّي، فَمَا لِي؟ قَالَ: «قُلْ: اللهُمَّ اغْفِرْ لِي وَارْحَمْنِي وَاهْدِنِي وَارْزُقْنِي».
ගම්බද වාසීන් අතරින් පුද්ගලයෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ තමන් කියවන්නට අනුවාදයක් තමන්ට උගන්වන මෙන් ඉල්ලා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහුට "ඔබ මෙසේ පවසන්න" යැයි පැවසූහ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ" යන දේව ඒකීයකරණ ප්‍රකාශයෙන් ආරම්භ කළහ. එහි තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යන්නයි. "අල්ලාහු අක්බර් කබීරා" එනම්: සියලු දෑට වඩා අල්ලාහ් ඉමහත්ය, අති ශ්‍රේෂ්ඨය. "වල්හම්දු ලිල්ලාහි කසීරා" එනම්: අල්ලාහ්ගේ ගුණාංග ඔහුගේ ක්‍රියාවන් හා සංඛ්‍යා නොමැති ඔහුගේ ආශිර්ද සඳහා වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. "සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්" එනම්: ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරුය සුවිශුද්ධය. "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්." එනම් සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව, ඔහුගේ උපකාරය හා ඔහුගේ ආශිර්වාදයෙන් තොරව තත්ත්වයකින් තවත් තත්ත්වයකට කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත. එවිට එම මිනිසා: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙන් ඔහු ව මෙනෙහි කිරීමකි. ගරුබුහුමන් කිරීමකි. මා වෙනුවෙන් කවර ප්‍රාර්ථනාවක් තිබේද?' යැයි විමසීය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහුට ඔබ මෙසේ පවසන්න යැයි පැවසූහ. "අල්ලාහුම්මග් ෆිර්ලී" වැරදි මකා දමමින් හා ඒවා වසන් කරමින් මට සමාව දෙනු මැනව! "වර්හම්නී" (මට කරුණා කරනු මැනව!) මට ලෞකික මෙන්ම මතුලොව යහපත හා ප්‍රයෝජනය ලබා දීමෙන්. "වහ්දිනී" (මට මග පෙන්වනු මැනව!) යහපත් තත්ත්වයන් වඩාත් යහපත් කරමින් ඍජු මාර්ගය වෙත. "වර් සුක්නී" (මට පෝෂණය ලබා දෙනු මැනව!) අනුමත වස්තුව, ආරෝග්‍යමත්භාවය මෙන්ම සියලුම යහපත හා සුවය.
...:
තහ්ලීල් 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්', තක්බීර් 'අල්ලාහු අක්බර්', තහ්මීද් 'අල් හම්දු ලිල්ලාය්' සහ තස්බීහ් 'සුබ්හානල්ලා' යන අනුවාද තුළින් අල්ලාහ්ව මෙනෙහි කිරීමට උනන්දු කිරීම.
ප්‍රාර්ථනා කිරීමට පෙර, අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ඔහු පැසසුමට ලක් කිරීමත් සතුටුදායකය.
වඩාත් යහපත් ප්‍රාර්ථනාවන්, මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ප්‍රාර්ථනා ගොනුවෙන් නබි තුමාණන් සුපුරුදු ලෙස කළ ප්‍රාර්ථනාවන් තුළින් ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය. ඔහු අභිමත කරන ඕනෑම දෙයක් ප්‍රාර්ථනා කිරීමට ඔහුට පුළුවන.
මෙලොවට හා මතුලොවට ඵල දෙන දෑ හැදෑරීමට උනන්දු විය යුතුය.
සමාව, කරුණාව හා පෝෂණය පැතීමට දිරි ගැන්වීම. ඒවා සියලු යහපත් දෑහි එකතුවයි.
තම ජනතාවට ප්‍රයෝජනවත් ඉගැන්වීමේ දී එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුළ තිබූ දැඩි කැමැත්ත.
සමාවෙන් පසුව කරුණාව සඳහන් කර ඇත්තේ පිවිතුරු කිරීම පරිපූර්ණවත් කරනු පිණිසය. සමාව, පාපකම් වසන් කරන අතර ඒවා මකා දමා අපා ගින්නෙන් දුරස් කරවයි. කරුණාව යහපත් දෑ වෙත යොමු කර ස්වර්ගයට ප්‍රවේශ කරවයි. මෙය අතිමහත් ජයග්‍රහණයයි.
සහීහ් මුස්ලිම් (4/ 2072) (2696).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 498).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 972).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (4/ 1606).
පොත්වල උපුටා දක්වා ඇත
11 පොත්තවත් බලන්න (11)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"قل: لا إله إلا الله وحده لا شريك له، الله أكبر كبيراً والحمدُ لله كثيراً، سبحان الله رب العالمين، لا حول ولا قوة إلا بالله العزيز الحكيم" قال فهؤلاء لربي فمالي؟ قال "قل: اللهم اغفر لي، وارحمني، واهدني وارزقني".
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ»
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«قُلْ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللَّهُ أَكْبَرُ كَبِيرًا، وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَزِيزِ الْحَكِيمِ» قَالَ: فَهَؤُلَاءِ لِرَ
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ»[44].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّه
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ»[306].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّه
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللَّهُ أَكْبَرُ كَبِيرًا، وَالحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللَّهِ رَبِّ العَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ العَزِيزِ الحَكِيمِ»
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، اللَّهُ أَكْبَرُ كَبِيرًا، وَالحَمْدُ لِلَّهِ كَثِيرًا، سُبْحَانَ اللَّهِ رَبِّ العَالَمِينَ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ العَزِيزِ الحَكِيم
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«قُل: لا إلهَ إلَّا اللهُ وحدَهُ لا شريكَ لَهُ، اللهُ أكبرُ كبيراً، والحمدُ لله كثيراً، وَسُبْحَانَ اللهِ ربِّ العالمين، ولا حولَ ولا قوَّةَ إلَّا بالله العزيزِ الحكيمِ» قَالَ: فهؤلاء لربِّي، فما لي؟ قَالَ: «قُل: اللّهم اغفرْ لي، وارحمْني،
- فضل الدعاء وآدابه والأوقات التي يستحب فيها"لا حول ولا قوة إلا بالله"