Skip to content

ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී”

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් මිස සලාත් ඉටු කළේ නැත. එතුමිය විසින් වාර්තා කළ තවත් හදීසයක “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ රුකූඃහි හා එතුමාණන්ගේ සුජූද්හි එතුමාණෝ “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් අධිකව පවසා සිටියහ." යැයි සඳහන්ව ඇත.

مَا صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةً بَعْدَ أَنْ نَزَلَتْ عَلَيْهِ: {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالفَتْحُ} [النصر: 1] إِلَّا يَقُولُ فِيهَا: «سُبْحَانَكَ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي». وعَنْها قَالَتْ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِي رُكُوعِهِ وَسُجُودِهِ: «سُبْحَانَكَ اللهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ، اللهُمَّ اغْفِرْ لِي» يَتَأَوَّلُ الْقُرْآنَ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පාඨය පහළ කරනු ලැබූ කල්හි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය අධ්‍යයනය කළ අතර "ෆසබ්බිහ් බිහම්දි රබ්බික වස්තඃෆිර්හු" (ඔබ ඔබේ පරමාධිපතියාණන්ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව ඉල්ලා සිටිනු.) යන ප්‍රකාශය ඇති අල්ලාහ්ගේ නියෝගය පිළිපදින්නට යුහුසුළු වූ බවත් සලාතය අතරවාරයේ එතුමාණන්ගේ රුකූඃ හා සුජූද් ඉරියව්වන්හි "සුබ්හානල්ලාහ්" (ඔබට සුදුසු නොවන සියලුම අඩුපාඩුවලින් ඔබව මම සුවිශුද්ධ කරමි.) "අල්ලාහුම්ම රබ්බනා වබිහම්දික" (ඔබේ පැවත්ම, ඔබේ ගුණාංග හා ඔබේ ක්‍රියාවන්හි පරිපූර්ණත්වය වෙනුවෙන් ඔබට හිමි ප්‍රශංසාව තුළින්) "අල්ලාහුම්මග් ෆිර්ලී” (මාගේ පාපයන් මගෙන් මකා දමනු මැනව! මගෙන් ඉවත් කරනු මැනව!) යැයි අධිකව ප්‍රාර්ථනා කරන්නට වූහැ"යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

රුකූඃ හා සුජූද්හි මෙම ප්‍රාර්ථනාව අධික ලෙස උසුරීම ප්‍රිය ජනකය.

ජීවිතයේ අවසන් කාලය තුළ පාපක්ෂමාවෙහි නිරත වීම. මෙලෙස සියලුම නැමදුම් අවසන් කිරීමට අවධාරණය කර ඇත. විශේෂයෙන්ම සලාතයේ දී සිදු වූ අඩුපාඩුවල සඳහා පාපක්ෂමාවෙහි නිරත වීම ගැන සඳහන් වී ඇත.

ප්‍රාර්ථනාව පිළිගැනීමේ දී අල්ලාහ් වෙත යොමු කළ යුතු වඩාත් අලංකාර මාධ්‍යය වනුයේ ඔහුව ප්‍රශංසා කරමින් ඔහුට ගුණ ගායනා කරමින් හා සියලු අඩුපාඩුවලින් ඔහුව පිවිතුරු කරමින් ඔහුව මෙනෙහි කිරීම ය.

ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාවෙහි නිරත වීමේ මහිමය හා එය සෑම අවස්ථාවකම ඉල්ලා අයැදීම.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පූර්ණ ගැතිභාවය හා අල්ලාහ්ගේ නියෝගය එතුමාණන් පිළිපැදීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 178) (4968.

4967).

සහීහ් මුස්ලිම් (1/ 350-351) (484).

තවත් බලන්න (10)

تيسير العلام.

للبسام (ص214).

تنبيه الأفهام.

للعثيمين (2/ 278).

الإفهام في شرح عمدة الأحكام.

لابن باز (ص263).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 176).

خلاصة الكلام.

فيصل المبارك (ص97).