කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.
«مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الكَهْفِ، عُصِمَ مِنَ الدَّجَّالِ». وفي رواية: «مِنْ آخِرِ سُورَةِ الكَهْف».
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ පාඨ දහයක් කටපාඩම් කරමින් ඒවා ධාරණය කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගේ අර්බුදවලින් ආරක්ෂාව හා රැකවරණය ලබනු ඇත. දජ්ජාල් වන ඔහු අවසන් කාලයේ මතු වී තම දේවත්වය ගැන වාද කරයි. ඔහුගේ අර්බුදය ආදම් (අලයිහිස් සලාම්) තුමා මවනු ලැබූ දා පටන් අවසන් හෝරාව දක්වාම මහපොළොවේ පවතින බරපතලම අර්බුදය වේ. ඔහුව අනුගමනය කරන අය අර්බුදයට පත් කරන අද්භූත ආශ්චර්යයන් කිහිපයක් මගින් සර්වබලධාරී අල්ලාහ් ඔහුව ශක්තිමත් කර ඇත. සූරා අල්-කහ්ෆ්හි ආරම්භයේ සඳහන් ආශ්චර්යයන් හා වදන් තුළින් ඒ සඳහා ආරක්ෂාව ලැබේ. එය දජ්ජල් මිනිසාට මතු කර පෙන්වන අර්බුදවලට වඩා බලවත් දෑ එහි ඇති බැවිනි. එබැවින් කවරෙකු එය පරිශීලනය කර බලන්නේ ද ඔහු දජ්ජාල්ගේ අර්බුදයට කිසිවිටෙක ලක් වන්නේ නැත. තවත් වාර්තාවක: එම සූරාවේ අවසන් පාඨ දහය යනුවෙන් සඳහන් වී ඇත. එනම් "අෆහසිබල්ලදීන කෆරූ අය් යත්තකදූ..." යන පාඨයේ සිට ය.
සූරා අල්-කහ්ෆ්හි මහිමය විස්තර කිරීම. සැබැවින්ම එහි ආරම්භය හෝ එහි අවසානය හෝ දජ්ජාල්ගේ අර්බුදවලින් ආරක්ෂාව සපයනු ඇත.
දජ්ජාල්ගේ කරුණ සම්බන්ධයෙන් තොරතුරු දන්වා සිටීම හා ඔහුගෙන් ආරක්ෂාව ලබන දෑ පිළිබඳ විස්තර කිරීම.
සූරා අල්-කහ්ෆ් සම්පූර්ණයෙන්ම කටපාඩම් කිරීම සඳහා උනන්දු කිරීම. ඒ සඳහා අපොහොසත් වූයේ නම්, එහි ආරම්භයේ හා අවසානයේ පවතින පාඨ දහය පාඩම් කළ යුතු වේ.
ඒ සඳහා හේතු වූ සාධක සම්බන්ධයෙන් කුර්තුබී තුමා මෙසේ දන්වයි: එහි ආශ්චර්යයන් හා ප්‍රාතිහාර්යයන් සහිත ලෙන් වැසියන්ගේ කතාව ඇතුළත් වී ඇති බැවිනි. කවරෙකු ඒ මත පදනම් වන්නේ ද දජ්ජාල්ගේ කරුණින් ඔහු මවිතයට පත්වන්නේ නැත. එය ඔහුව කම්පනයට පත් කරන්නේ නැත. එමගින් ඔහු අර්බුදයට පත් වන්නේ ද නැත. තවත් ප්‍රකාශයක: "ඔහුගෙන් වූ දැඩි දඬුවමක් ගැන අවවාද කරනු පිණිසය..." යන පාඨය එහි ඇතුළත්ව ඇති බැවිනි. එය දැඩි හා මෘදු දඬුවම නියම කර තිබීම පිළිපැදීමක් වශයෙනි. එය දජ්ජාල්ගෙන් මතුවන දෑට ගැලපෙන්නේ ය. එය දේවත්වය, ඔහුගේ ආධිපත්‍යය සහ ඔහුගේ අර්බුදයේ ශ්‍රේෂ්ඨත්වයට අභියෝග කරනු ඇත. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහුගේ විෂය බරපතල දෙයක් ලෙස සළකා ඔහු ගැන ප්‍රවේසම් වීමටත් ඔහුගේ අර්බුදයෙන් ආරක්ෂාවීමටත් උපදෙස් දී ඇත්තේ එබැවිනි. හදීසයේ අර්ථය මෙසේය: කවරෙකු මෙම පාඨ කියවා ඒවා පරිශීලනය කර එහි අර්ථය මත පදනම් වන්නේ ද ඔහු ප්‍රවේසම් විය. ඔහුගෙන් ආරක්ෂාව ලැබීය.
සහීහ් මුස්ලිම් (1/ 555) (809).
තවත් බලන්න (11)
بهجة الناظرين.
لسليم الهلالي (2/ 243).
شرح النووي على مسلم (6/ 92).
فيض القدير شرح الجامع الصغير.
لعبدالرؤوف المناوي (6/ 119).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (13/ 115).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لملا القاري (4/ 1465).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخن (2/ 760).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"من حفظ عشر آيات من أول سورة الكهف عُصِمَ من الدجال" .
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من حفظ عشر آيات من أول سورة الكهف عصم من الدجال”.
- النفحات المكية في تفسير كتاب رب البرية الجزء الخامس عشر«مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْفِ، عُصِمَ مِنَ الدَّجَّالِ»[1].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الكَهْفِ عُصِمَ مِنَ الدَّجَّالِ»[244]،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَن حفظَ عشْرَ آياتٍ مِن أوَّلِ سورةِ الكَهْفِ عُصمَ مِنَ الدَّجَّالِ». وفي رواية: «مِن آخرِ سورةِ الكَهْفِ».