අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
لَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَعُ هَؤُلَاءِ الدَّعَوَاتِ، حِينَ يُمْسِي وَحِينَ يُصْبِحُ: «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي».
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් උසුරීම කිසිවිටෙක අත් හැර දැමුවේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ (අහෝ දෙවිඳුනි, සැබැවින්ම මම ඔබෙන් සුවය පතමි) එනම් මෙලොව ජීවිතයේ හට ගැනෙන ලෙඩ රෝග, පරීක්ෂණ දුෂ්කරතා වැනි දැයින් සුවය හා ආධ්‍යාත්මික වශයෙන් හට ගැනෙන වැරදි ආශාවන් හා අර්බුදවලින් මා ආරක්ෂා කරනු මැනව. فِي الدُّنْيَا وَالْآخِرَةِ (මෙලොව හා මතුලොව ජීවිතයේ) එනම් මෙලොව ජීවිතයේ පෙරටත් මතුලොව ජීවිතයේ පසුවටත්. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් සමාව පතමි) මගේ පාපයන් කමා කරන මෙන් ද ඒවා නොසලකා හරින මෙන් ද පතමි. وَالْعَافِيَةَ (සුවය) සියලුම අඩුපාඩුවලින් සුවය ආරක්ෂාව ඔබෙන් පතමි. فِي دِينِي (මාගේ දහම) එහි ඇති විය හැකි ෂිර්ක් හෙවත් ඔබට ආදේශ තැබීමෙන් ද බිද්අත් හෙවත් අලුත් දෙයක් දහම තුළ බිහි කිරීමෙන් ද මආසී හෙවත් පාපයන්ගෙන් ද ආරක්ෂාව පතමි. وَدُنْيَايَ (මාගේ මෙලොව ජීවිතය) ඇතිවන දුක් කරදර, වේදනාවන් හා නපුරෙන් ද මම ආරක්ෂාව පතමි. وَأَهْلِي (මගේ පවුල) මාගේ බිරියන්, මාගේ දරුවන් හා මාගේ ඥාතීන් විසින් සිදුවන හානියෙන් ද මම ආරක්ෂාව පතමි. وَمَالِي (මගේ සම්පත්) මාගේ ධනය හා මාගේ ක්‍රියාවන්හි ඇතිවන හානියෙන් ද මම ආරක්ෂාව පතමි. اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي (අහෝ දෙවිඳුනි, මගේ අඩුපාඩු වසං කරනු මැනව) එනම් ඇති අඩුපාඩු, හිඩැස් හා අතපසුවීම් වසං කරනු මැනව وَآمِنْ رَوْعَاتِي (මගේ බිය තුරන් කරනු මැනව) මාගේ පව් මකා දමනු වැනව. මා තුළ ඇති වන බිය හා ත්‍රස්ථ බියෙන් මා ආරක්ෂා කරනු මැනව. اللَّهُمَّ احْفَظْنِي (මා හට ආරක්ෂාව සළසනු මැනව) ව්‍යසනයන් හා වේදනා සහගත පරීක්ෂණයන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව. مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي) (මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහළ යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව.) එනම් සියලුම දිශාවන් හරහා ඇතිවන හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙනි. සැබැවින්ම පරීක්ෂණ හා ව්‍යසන මිනිසාට ළඟා වෙයි. එය ඔහු වෙත ළඟා වනුයේ මේ දිශාවන් අතරිිනි. وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ (ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් හදිසි අනතුරුවලින් ආරක්ෂාව ද පතමි.) එනම් අනපේක්ෂිතව සිදුවන අනතුරු හා නොසැළකිලිමත්ව සිදුවන විනාශයෙන් ආරක්ෂාව ඔබෙන් පතමි. مِنْ تَحْتِي (මට පහළින්) එනම්, පහළින් හට ගන්නා භූමි කම්පාවන්, ගිලා බැසීම් වැනි දැයින් ඇතිවන හානියෙනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් මෙම වදන් අඛණ්ඩව පිළිපැදිමින් කියවීම.
දහම සම්බන්ධව ආරෝග්‍යමත්භාවය හා සුවය අල්ලාහ්ගෙන් පතන්නට මිනිසා නියෝග කරනු ලැබ ඇත්තාක් මෙන්ම ලෞකික කටයුතු සම්බන්ධයෙන් ද එසේ ඉල්ලා සිටීමට නියෝග කරනු ලැබ ඇත.
අත්-තීබී තුමා මෙසේ පවසයි: දිශා හයම මෙහි ආවරණය වී කර ඇත. ඊට හේතුව අනුතුරු ඇති වනුයේ මෙම දිශාවන් හරහා වන බැවිනි. නමුත් පහළින් ඇතිවන දෑ සම්බන්ධව අතිශයෝක්තියෙන් පවසා ඇත්තේ ඉන් ඇතිවන හානිය අධික වන බැවිනි.
උදෑසන කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ප්‍රාර්ථනා කිරීම වඩාත් උතුම් ය. එය ෆජ්ර් හෙවත් අලුයම් කාලයේ සිට හිරු උදාව දක්වා වූ දහවල් ආරම්භක කාලයයි. එමෙන්ම අසර් වේලාවෙන් පසු හිරු අවරට යාමට පෙර පවතින කාලයේ ද උතුම්ය. ඉන් පසු පාරායනය කළ ද එනම් හිරු උදාවෙන් පසු උදෑසන එය පාරායනය කළ ද වලංගු වන්නේය. ලුහර් වේලාවෙන් පසු එය පාරායනය කළ ද වලංගු වන්නේය. මග්රිබ් වේලාවෙන් පසුව ඒවා පාරායනය කළ ද වලංගු වන්නේය. ඒවා අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා වන වේලා වේ.
සූරා අල්-බකරාහි අවසන් පාඨ දෙක පාරායනය කිරීම වැනි අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නියම කරන ලද රාත්‍රි කාලය සම්බන්ධයෙන් පෙන්වා දෙන සාධක අවධාරණය කරනුයේ, හිරු අවරට යෑමෙන් පසු පවතින රාත්‍රී කාලයයි.
සුනන් අබූ දාවූද් (7/ 408) (5074).
සුනන් අන් නසාඊ (8/ 282) (5529).
සුනන් ඉබ්නු මාජහ් (5/ 37) (3871).
මුස්නද් අහ්මද් (8/ 403) (4785).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (7/ 565).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 441).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 491).
سبل السلام بشرح بلوغ المرام.
لمحمد الصنعاني (2/ 711).
පොත්වල උපුටා දක්වා ඇත
11 පොත්තවත් බලන්න (10)
- أدعية جامعةأدعية جامعة (للحرمين)24. «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ».
- الدعاء ويليه العلاج بالرقى من الكتاب والسنةالدعاء من الكتاب والسنة71- ((اللَّهُمَّ إنِّي أسْألُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ))[34].
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم إني أسألك العافية في الدنيا والآخرة، اللهم إني أسألك العفو والعافية في دِيني، ودنياي، وأهلي ومالي، اللهم استر عوراتي وآمن روعاتي، اللهم احفظني من بين يدي، ومن خلفي، وعن يميني، وعن شمالي ومن فوقي وأعوذ بعظمتك أن أُغتال من تحتي".
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات4- أدعية جامعة (للحرمين)«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ».
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالآْخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي
- تطبيق القرآن والأذكارأذكار الصباح والمساء((اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ: فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي، وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّه
- تطبيق القرآن والأذكارأدعية النبي صلى الله عليه وسلم 71- ((اللَّهُمَّ إنِّي أسْألُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ))[85].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَفْوَ وَالعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَفْوَ وَالعَافِيَةَ: فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي، وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَفْوَ وَالعَافِيَةَ فِي الدُّنْيَا وَالآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ العَفْوَ وَالعَافِيَةَ: فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي، وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ ا
- رسالة في الأذكار1«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِ