Skip to content

යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්‍රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්‍රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."

«مَنْ شَهِدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَأَنَّ عِيسَى عَبْدُ اللهِ وَرَسُولُهُ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ، وَالْجَنَّةُ حَقٌّ، وَالنَّارُ حَقٌّ، أَدْخَلَهُ اللهُ الْجَنَّةَ عَلَى مَا كَانَ مِنَ الْعَمَلِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ඇතැමුන් ගැන අල්ලාහ්ගේ දූතයාණෝ අපට දන්වා සිටියහ. කවරෙකු ඒකදේව වාදයේ ප්‍රකාශය, එහි අර්ථය මැනවින් වටහා ගෙන මුවින් පවසා ඉන් අපේක්ෂා කරන දෑට අනුව ක්‍රියා කළේද, එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගැති භාවය හා එතුමාණන්ගේ දූත මෙහෙය ගැන සාක්ෂි දරා ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ ගැති භාවය හා එතුමාගේ දූත මෙහෙය පිළිගත්තේද, සැබැවින්ම අල්ලාහ් 'කුන්' (වනු) යන වදනින් ඔහුව මැවූ විට, ඔහු විය. සැබැවින්ම ඔහු අල්ලාහ් මැවූ ආත්මාවන්ගෙන් එක් ආත්මයක් බව පිළිගත්තේ ද, ඇයගේ මවට ඔහු සම්බන්ධයෙන් යුදෙව්වන් නගන චෝදනාවලින් ඇය ව නිදොස් කළ බව පිළිගත්තේ ද, ස්වර්ගය සැබෑවකි; නිරය ද සැබෑවකි; ඒවායෙහි පැවැත්ම ස්ථීරය; සැබැවින්ම අල්ලාහ්ගේ ආශිර්වාදයත් ඔහුගේ දඬුවමත් එහි ඇත යැයි විශ්වාස කළේ ද, ඔහු එම තත්ත්වයේ මිය ගියේ නම්, ඔහුගේ නවාතැන ස්වර්ගය වෙත වේ. අවනතවීමෙහි අඩුපාඩු ඇති වී නම් ඔහුට කළකම්හි පාපය ඔහු සතු වන්නේය.

වචනාර්ථ

لا إله إلا الله: لا معبود بحق إلا الله.

ألقاها إلى مريم: أرسل بها جبريل إليها فنفخ فيها من روحه بإذن الله عز وجل.

හදීසයෙන් උගත හැකි පාඩම්

කිසිදු පියකුගේ බැඳීමකින් තොර ව කුන් (වනු) යන වදනින් අල්ලාහ් ඊසා ඉබ්නු මර්යම් තුමිය ව මැව්වේය.

ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැවැත්ම සංසන්ධනය කර බලන්නේ නම් ඔවුන් දෙදෙනාම අල්ලාහ්ගේ ගැත්තෝ වෙති ඔහුගේ දූතයෝ වෙති. ඒ අනුව ඔවුන් දෙදෙනා බොරු නොකියන ධර්ම දූතවරු දෙදෙනෙකි. නැමදුම් නොලබන දේව ගැත්තන් දෙදෙනෙකි.

ඒකදේව වාදයේ මහිමය, පාපය සඳහා වන සමාව. ඒක දේවවාදියා ඇතැම් වැරදි කර තිබුණත් ඔහුගේ නිවහන ස්වර්ගයයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 165) (3435).

සහීහ් මුස්ලිම් (1/ 57) (28).

තවත් බලන්න (4)

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص25).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص36).