කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාවක වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව" (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම මෙසේ විමසා සිටියෙමි. මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු ද? අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත හිජ්රත් ගිය පළමු නිවැසියා ඔහු ය. පසු ව ඇත්තෙන්ම මම එය පවසා සිටියෙමි. අල්ලාහ්, ඔහුගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
«مَا مِنْ مُسْلِمٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ مَا أَمَرَهُ اللهُ: {إِنَّا لِلهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ} [البقرة: 156]، اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي، وَأَخْلِفْ لِي خَيْرًا مِنْهَا، إِلَّا أَخْلَفَ اللهُ لَهُ خَيْرًا مِنْهَا»، قَالَتْ: فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ قُلْتُ: أَيُّ الْمُسْلِمِينَ خَيْرٌ مِنْ أَبِي سَلَمَةَ؟ أَوَّلُ بَيْتٍ هَاجَرَ إِلَى رَسُولِ اللهِ صلى الله عليه وسلم، ثُمَّ إِنِّي قُلْتُهَا، فَأَخْلَفَ اللهُ لِي رَسُولَ اللهِ صلى الله عليه وسلم.
වරක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන උම්මු සල්මා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ මෙනෙහි කරන ලදී: කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී අල්ලාහ් ඔහුට ප්‍රිය කරන දෑ ඔහු පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) "අල්ලාහුම්ම අඃජුර්නී" මාගේ ඉවසීමට මට ප්‍රතිඵල පිරිනමනු මැනව. "ෆී මුසීබතී" මට අත්ව ඇති විපතට ප්‍රතිකර්මයක් කරනු මැනව "වඅඃක්ලිෆ් ලී" ඒ වෙනුවට මට පසුවට පිරිනමනු මැනව "කයිරන් මින්හා" ඊට වඩා යහපත් දෑ (යැයි පවසා සිටියේ නම්) එවිට අල්ලාහ් ඔහුට ඊට වඩා යහපත් දෙයක් පසුවට පිරිනමනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "අබූ සල්මා තුමා මිය ගිය කල්හි මම, 'මුස්ලිම්වරුන් අතරින් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙකු දැ?'යි විමසා සිටියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත විතැන්ව ගිය පළමුවැන්නා ඔහු ය. පසුව සැබැවින්ම අල්ලාහ් මට උපකාර කළේය. පසුව මම එය පවසා සිටියෙමි. අල්ලාහ් අබූ සල්මාට වඩා ශ්‍රේෂ්ඨ ඔහුගේ දූතයාණන් ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට පසුවට පිරිනැමුවේය."
විපතක් ඇති වූ විටෙක කලබල නොවී එහි දී ඉවසීමෙන් කටයුතු කිරීම සඳහා වන නියෝගය.
විපත්ති කාලවලදී අල්ලාහ් වෙත හැරී ප්‍රාර්ථනා කිරීම. මක්නිසාදයත් ඒ සඳහා වන ප්‍රතිකර්මය ඇත්තේ ඔහු අබියස පමණක් වන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කළ දෑහි ප්‍රඥාව හෙළි නොවුව ද එතුමාණන්ගේ නියෝගය මුස්ලිම්වරුන් පිළිපැදීමේ අවශ්‍යතාව.
සියලුම යහපත පවතින්නේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගය (දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරුන් විසින් පිළිපැදීමෙහිය.
සහීහ් මුස්ලිම් (2/ 631) (918).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"ما من مسلم تصيبه مصيبة فيقول ما أمره الله، إنا لله وإنا إليه راجعون. اللهم أجرني في مصيبتي، وأخلف لي خيراً منها إلا أخلف الله له خيراً منها" .
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“ما من مسلم تصيبه مصيبة، فيقول ما أمره الله: (إنا لله وإنا إليه راجعون) اللهم أجرني في مصيبتي، وأخلف لي خيرا منها، إلا أخلف الله له خيرا منها”.
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ، اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي، وَأَخْلِفْ لِي خَيْرًَا مِنْهَا»[197].
- فتاوى المرضىفتاوى المرضى «ما من مسلم تصيبه مصيبة، فيقول ما أمره الله: إنا لله وإنا إليه راجعون، اللهم أجرني في مصيبتي، وأخلف لي خيرًا منها. إلا أخلف الله له خيرا منها». قالت: فلما مات أبو سلمة، قلت: أي المسلمين خير من أبي سلمة؟ أول بيت هاجر إلى رسول الله صلى الله ع
- مجموعة زاد التربية الإسلامية (2)1«مَا مِنْ مُسْلِمٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ مَا أَمَرَهُ ﷲ: إِنَّا ﷲ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ، اللَّهُمَّ أْجُرْنِي فِي مُصِيبَتِي، وَأَخْلِفْ لِي خَيْرًا مِنْهَا؛ إِلَّا أَخْلَفَ ﷲ لَهُ خَيْرًا مِنْهَا». قالت: «فلما مات أبو سلمة ق