කවරෙකු දිනකට සිය වාරයක්, لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
කවරෙකු දිනකට සිය වාරයක්, لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" (තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය.) යැයි පවසන්නේ ද, එය ඔහු වහලුන් දස දෙනෙකුට නිදහස දීම හා සමාන වන්නේ ය. එමෙන්ම කුසල් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එදින හවස් වන තුරු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් කිසිවෙකු ගෙන එන්නේ නැත."
«مَنْ قَالَ: لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ، كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ، وَكُتِبَتْ لَهُ مِائَةُ حَسَنَةٍ، وَمُحِيَتْ عَنْهُ مِائَةُ سَيِّئَةٍ، وَكَانَتْ لَهُ حِرْزًا مِنَ الشَّيْطَانِ يَوْمَهُ ذَلِكَ حَتَّى يُمْسِيَ، وَلَمْ يَأْتِ أَحَدٌ بِأَفْضَلَ مِمَّا جَاءَ بِهِ إِلَّا أَحَدٌ عَمِلَ أَكْثَرَ مِنْ ذَلِكَ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: "කවරෙකු පහත සඳහන් පරිදි කියවන්නේ ද එනම්": "ලා ඉලාහ" නැමදුමට සුදුස්සු කිසිවෙකු නැත. "(ලාඉලාහ) ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ," අල්ලාහ් හැර. ඔහුගේ දේවත්වය ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංගවල ඔහු ඒකීයය. එහි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. "ලහුල් මුල්කු" සියලු කටයුතු සැළසුම් කරන්නේ හා ක්‍රියාත්මක කරන්නේ ඔහු ය. "වලහුල් හම්දු" ඔහු මැවූ හා සැළසුම් කළ සියලු කටයුතු සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ ඔහුට ය. "වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය. බාධා කරන හෝ වළක්වන කිසිවකු නැත. ඔහු නොසිතුවේ නම් කිසිවක් සිදු වන්නේ ද නැත. කවරෙකු මෙම දික්රය දිනකට සිය වාරයක් පවසන්නේ ද ඔහු වහලුන් දස දෙනෙකු නිදහස් කළ අයකු සතු කුසල් මෙන් අල්ලාහ් අබියස ලියනු ලැබේ. එමෙන්ම ස්වර්ගයේ කුසල් හා නිලයන් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කර ඒවාට සමාව දෙනු ලැබේ. එදින හිරු අවරට යාමෙන් හවස් වන තුරු ෂෙයිතාන්ගේ බලපෑම් හා ආධිපත්‍යයෙන් ආරක්ෂාව, රැකවරණය ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකු ගෙන එන්නේ නැත.
'කලිමතුත් තව්හීද්' නම් දේව ඒකීයකරණය කිරීමේ ප්‍රකාශයේ මහිමය හා එහි උතුම් ප්‍රතිඵල.
සර්වබලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන කරුණාවේ අතිමහත් බව, ඔහු සෑම කෙනෙකුටම පහසු දික්රයන් (වදන්) නියම කර ඇති අතර, ඒ සඳහා අතිමහත් කුසල් පෙළ ගස්වා ඇත.
කවරෙකු මෙම 'තහ්ලීලය' (ලා ඉලා ඉල්ලල්ලාහ්.. යන අනුවාදය) දිනක සියවරක් පවසා සිටින්නේ ද හදීසයේ සඳහන් වන පරිදි කුසල් එම සියය වෙනුවෙන් ලැබෙනු ඇත. එමෙන්ම ඊට අමතර කුසල් ද ඔහුට හිමි වනු ඇත. මෙය, ඉක්මවා යාම හෝ ඉක්මවා යාම තහනම් කර ඇති සීමාවක් නොවන අතර, එය වැඩි කිරීම යුතු නොවන බව හෝ එය අවලංගු කරන බව හෝ නොවේ.
නවවි තුමා මෙසේ පවසයි: හදීසයේ පැහැදිලි අර්ථය නම්, මෙම හදීසයේ සඳහන් ප්‍රතිඵල, මෙම තහ්ලීල් අනුවාදය දවස පුරා සිය වතාවක් පවසන ඕනෑම කෙනෙකුට, ඔහු එය අනුපිළිවෙලින් හෝ වෙන වෙනම රැස්වීම්වලදී හෝ එයින් කොටසක් දවස ආරම්භයේදී සහ තවත් කොටසක් එහි අවසානයේ දී කියන්නේ නම් ද ඔහුට හිමි වන බවයි. කෙසේ වෙතත්, දවස ආරම්භයේදී එය අඛණ්ඩව පැවසීම වඩාත් උතුම්ය. එවිට එය දවස පුරා ඔහුට ආරක්ෂාවක් වනු ඇත.
සහීහුුල් බුහාරි (4/ 126) (3293).
සහීහ් මුස්ලිම් (4/ 2071) (2691).
තවත් බලන්න (2)
إرشاد الساري لشرح صحيح البخاري (5/ 300).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (42/ 136).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (6)
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، فِي يَوْمٍ مِئَةَ مَرَّة؛ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ، وَكُتِبَتْ لَهُ مِئَةُ حَسَنَةٍ، وَمُحِيَتْ عَن
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ؛ كَانَتْ لَهُ عَدْلَ عَشْرِ رِقَابٍ، وَكُتِبَتْ لَهُ مِائَةُ حَسَنَةٍ، وَمُحِيَتْ
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من قال: (لا إله إلا الله، وحده لا شريك له، له الملك، وله الحمد، وهو على كل شيء قدير) في يوم مائة مرة، كانت له عدل عشر رقاب، وكتبت له مائة حسنة، ومحيت عنه مائة سيئة، وكانت له حرزا من الشيطان يومه ذلك حتى يمسي، ولم يأت أحد بأفضل مما جاء به،
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلممِائَةَ مَرَّةٍ، كانت له حرزًا من الشيطان يومه كله[185]،
- منهج إعداد الدعاةالمفردة الثالثة - الشهادتان ومعناهما"من قال: لا إله إلا الله، دخل الجنة"
- نبراس طالب (2)نبراس طالب (2) «سبحان الله، والحمد لله، والله أكبر»، ثلاثًا وثلاثين، وإتمام المئة بـ: «لا إله إلا الله، وحده لا شريك له، له الملك وله الحمد، وهو على كل شيء قدير».