ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ
තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව ධර්ම දූතයා විශ්වාස කළේ ය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝ ය.) සියල්ලෝ ම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝ ය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නො කරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණනි! ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝ ය.