තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."
«مَنْ عَادَ مَرِيضًا، لَمْ يَحْضُرْ أَجَلُهُ فَقَالَ عِنْدَهُ سَبْعَ مِرَارٍ: أَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ الْعَرْشِ الْعَظِيمِ أَنْ يَشْفِيَكَ، إِلَّا عَافَاهُ اللَّهُ مِنْ ذَلِكَ الْمَرَضِ».
මරණය ළඟා නොවූ රෝගී භාවයෙන් පෙළෙන මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසීමට කවර හෝ මුස්ලිම්වරයෙක් පිටත්ව ගොස් පසුව ඔහු රෝගියා වෙනුවෙන් "අස්අලුල්ලාහල් අළීම්" තම පැවැත්ම, තම ගුණාංග හා තම ක්‍රියාවන්හි (සර්වබලධාරී වූ අල්ලාහ්ගෙන් පතමි) "රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක" (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ගෙන් පතමි) යැයි කවරෙකු හත් වරක් පවසා සිටින්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත.)
මෙම ප්‍රාර්ථනාව රෝගියා වෙනුවෙන් පැතීම හා එය සත්වරක් නැවත නැවත පවසා සිටීම සතුටු දායකය.
මෙම ප්‍රාර්ථනාව කවරෙකු ඉදිරියේ අවංක හා ධාර්මිකව පවසනු ලබන්නේ ද උත්තරීතර අල්ලාහ්ගේ අනුහසින් ඔහුට සුවය සහතික වන්නේය.
මෙම ප්‍රාර්ථනාව ප්‍රසිද්ධියේ හෝ රහසේ හෝ පැවසිය හැක. ඒ සෑම ක්‍රමයක්ම අනුමත වේ. නමුත් එය රෝගියාට සවන් දීමට සැළැස්වීමෙන් ඔහු තුළ සතුට ප්‍රවේශ වන බැවින් එසේ සවන් දීමට සැළැස්වීම වඩාත් යෝග්‍ය ය උතුම් ය.
සුනන් අබූ දාවූද් (5/ 22) (3106).
සුනන් අත් තිර්මිදි (3/ 593) (2083).
අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (9/ 385) (10820).
මුස්නද් අහ්මද් (4/ 40) (2137).
තවත් බලන්න (10)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 163).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص537).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 483).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (11/ 559).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 689).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"من عاد مريضاً لم يحضر أجله فقال عنده سبع مرات: أسأل الله العظيم رب العرش العظيم أن يشفيك، إلَّا عافاه الله من ذلك المرض" .
- تطبيق القرآن والأذكارالرقية الشرعيةأَسْأَلُ اللَّهَ الْعَظِيمَ رَبَّ العَرْشِ العَظِيمِ أَنْ يَشْفِيَكَ (سبع مرات)[2].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«أَسْأَلُ اللَّهَ العَظِيمَ رَبَّ العَرْشِ العَظِيمِ أَنْ يَشْفيَكَ»
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَسْأَلُ اللَّهَ العَظِيمَ رَبَّ العَرْشِ العَظِيمِ أَنْ يَشْفيَك
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَنْ عَادَ مريضاً لَمْ يَحْضُرْهُ أجَلُهُ، فَقَالَ عندهُ سبعَ مَرَّات: أسألُ اللهَ العَظيم ربَّ العرشِ العظيمِ أنْ يَشْفيَكَ، إلَّا عَافاه اللهُ من ذلك المرض».