සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබවින්ම සුබ්හානල්ලාහි, වල්හම්දු ලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් -අල්ලාහ් සුවිශුද්ධය; සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය; අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත; අල්ලාහ් අති ශ්රේෂ්ඨය.- යනුවෙන් මා පවසා සිටීම හිරු කවර තැනකට උදාවන්නේ ද එයට වඩා මා වෙත ඉතා ප්‍රියමනාපය.”
«لَأَنْ أَقُولَ: سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، أَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ».
මෙම මහඟු වදන් පෙළ මගින් අල්ලාහ්ව මෙනෙහි කිරීම මෙලොව හා එහි ඇති දෑට වඩා ශ්‍රේෂ්ඨ වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම්: "සැබවින්ම සුබ්හානල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය) සියලුම අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම. "අල්හම්දු ලිල්ලාහි" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය.) ඔහුට ආදරය කිරීම හා ගරුබුහුමන් කිරීමත් සමග පූර්ණවත් ගුණාංග තුළින් ඔහුට පැසසුම් කිරීම. “ලා ඉලාහ ඉල්ලල්ලාහු" සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) එනම්: සියලු දෑට වඩා ඔහු අති බලවත් මෙන්ම අතිශය කීර්තිමත්ය.
...:
අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා උනන්දු කරවීම. සැබැවින්ම එය හිරු කවර තැනකට උදාවන්නේ ද ඊට වඩා ප්‍රියජනකය.
දික්ර්හි කුසල් හා භාග්‍යයන් ඇති බැවින් එය අධිකව මෙනෙහි කිරීමට දිරිමත් කිරීම.
මෙලොව වින්දනයන් අල්පය. එහි පවතින ආශාවන් නින්දාසහගතය.
සහීහ් මුස්ලිම් (4/ 2072) (2695).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 496).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 485).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (2/ 970).
تطريز رياض الصالحين.
لفيصل آل المبارك (ص772).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"لأن أقول سبحان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر أحب إلي مما طلعت عليه الشمس ."
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“لأن أقول (سبحان الله، والحمد لله، ولا إله إلا الله، والله أكبر) أحبّ إليّ مما طلعت عليه الشمس”.
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلمأَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمسُ»[303].
- رسالة في الأذكار1«لَأَنْ أَقُولَ: سُبْحَانَ اللهِ، وَالحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ؛ أَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«لأن أقولَ: سُبْحَانَ اللهِ، والحمدُ للهِ، ولا إلهَ إلَّا اللهُ، واللهُ أكبرُ، أحبُّ إليَّ مما طلَعَتْ عليه الشَّمسُ».