ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය. පිටත්වුණු විට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃසිම්නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයි පැවසිය යුතුය. හාකිම්හි සඳහන් තවත් වාර්තාවක "පිටත්වුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃජිර් නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයිද පැවසිය යුතුය.
«إِذَا دَخَلَ أَحَدُكُمْ المَسْجِدَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ وَلْيَقُلْ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ وَلْيَقُلْ: اللَّهُمَّ اعْصِمْنِي مِنْ الشَّيْطَانِ الرَّجِيمِ»، وَلِلْحَاكِمِ: «وَإِذَا خَرَجَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلْيَقُلْ: اللَّهُمَّ أَجِرْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ».
මස්ජිදය තුළට පිවිසීමට සිතූ විටෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට "අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා මුහම්මදින්" යැයි පවසා සලාම් කීමටත්, පසුව අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි ප්‍රාර් ථනා කිරීමටත් මුස්ලිම්වරයෙකුට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මඟ පෙන්වුහ. එමෙන්ම ඉන් පිටත් වන විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට සලාම් කීමටත් පසුව අල්ලාහුම්මඃසිම්නී මිනෂ් ෂෙයිතානිර් රජීම් -හාකිම් හි සඳහන් තවත් වාර් තාවක් අනුව අල්ලාහුම්ඃජුර් නී මිනෂ් ෂෙයිතානිර් රජීම්' - යනුවෙන් පවසා ප්‍රාර්ථනා කිරීමටත් මඟ පෙන්වුහ.
මස්ජිදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රාර් ථනා කිරීමට නිර්දේශ කර ඇත.
මේවා මස්ජිදුල් හරම් ඇතුළුව අනෙකුත් සෑම මස්ජිදයකටම පොදු වූ අනුවාද වේ.
පිවිසීමේදී දයාව මෙනෙහි කිරීමත් පිටවීමේදී ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමත් නියම කර ඇත. පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර් ගය වෙත සමීපවන කටයුතුවල නිරත වෙයි. එහි දී දයාව පැතීම එයට ගැලපෙන කාර් යයකි. එමෙත්ම ඔහු පිටව යන විට ලෞකික කටයුතු හා එහි ඇති පුහු ක්‍රියාවල කාර් යබයුල වේ. එවිට ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව හා රැකවරණය අල්ලාහ්ගෙන් පැතීම ගැලපෙන කාර් යයකි.
සුනන් ඉබ්නු මාජහ් (1/ 494) (773).
තවත් බලන්න (4)
المستدرك على الصحيحين للحاكم (1/ 325).
شرح أبي داود للعيني (2/ 374).
شرح سنن أبي داود للعباد (66/ 3).
مرشد ذوي الحجا والحاجة إلى سنن ابن ماجه والقول المكتفى على سنن المصطفى (5/ 297).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"إذا دخل أحدكم المسجد فليسلم على النبي - صلى الله عليه وسلم - وليقل: اللهم افتح لي أبواب رحمتك، وإذا خرج فليسلم على النبي - صلى الله عليه وسلم - وليقل اللهم اعصمني من الشيطان الرجيم" .
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ ﷺ، وَلْيَقُلْ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ ﷺ، وَلْيَقُلْ: اللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيم
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»[41].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِك
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»[43].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلماللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيم
- رسالة في الأذكار1«إِذَا دَخَلَ أَحَدُكُمُ المَسْجِدَ فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صلى الله عليه وسلم ثُمَّ لْيَقُلْ...». وذَكَرَه.