Skip to content

සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.”

බුස්ර් ඉබ්නු සඊද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'සැබැවින්ම සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහයිනී (රළියල්ලාහු අන්හු) තුමා තමන්ව අබූ ජුහයිම් (රළියල්ලාහු අන්හු) තුමා වෙත යැවී ය. "එය සලාත් ඉටු කරන කෙනෙකු ඉදිරියෙන් ගමන් කරන්නා ගැන නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පවසා ඇති දෑ කුමක් දැ?"යි ඔහු සවන් දුන් දෑ ඔහුගෙන් විමසා සිටිනු පිණිස ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ ජුහෙයිම් තුමා මෙසේ පවසා සිටියේය:

"සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.” අබු අන්-නද්ර් මෙසේ පැවසීය: 'එතුමාණන් දින මාස හෝ අවුරුදු හතළිහක් කීවාදැ?යි මම නොදනිමි' යැයි පවසා සිටියේය.

«لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَيِ الْمُصَلِّي مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ» قَالَ أَبُو النَّضْرِ: لَا أَدْرِي قَالَ: أَرْبَعِينَ يَوْمًا أَوْ شَهْرًا أَوْ سَنَةً؟

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අනිවාර්යය සලාත් හෝ අතිරේක සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැඩි සේ අවවාද කර ඇත්තාහ. උවමනාවෙන්ම එසේ සිදු කරන පුද්ගලයා තමාට අත්වන පාපයේ තරම දැන සිටියේ නම්, ඔහු (දින, මාස, අවුරුදු) හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත. එය ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා එය ඔහුට ශ්‍රේෂ්ටය. මෙම හදීසය වාර්තා කරන අබූ අන්-නළ්ර් තුමා මෙසේ පවසයි: 'දින හතළිහක් ද මාස හතළිහක් ද එසේ නැතහොත් වසර හතළිහක් ද යන්න ගැන මම නොදනිමි.'

හදීසයෙන් උගත හැකි පාඩම්

සලාතය ඉටු කරන්නා ඉදිරියේ බාධක පුවරුවක් නොමැති විටෙක, ඔහු ඉදිරියෙන් ගමන් කිරීම හෝ එසේ බාධක පුවරුවක් තිබුණු විටෙක, ඔහු හා ඒ අතර ගමන් කිරීම තහනම් කිරීම.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: 'එහි සීමාව ගැන විවිධ මත ඇත. ඔහු ඉදිරියෙන් ගමන් කරන විටෙක, ඔහු හා ඔහු සුජූද් කරන ස්ථානය අතර පවතින ප්‍රමාණයක් තිබිය යුතු යැයි සඳහන් වී ඇත. එමෙන්ම ඔහු අතර හා එය අතර රියන් තුනක ප්‍රමාණයක් තිබිය යුතු බව තවත් සඳහනක ඇති අතර, ඔහු අතර හා එය අතර ගලක් විසි කරන ප්‍රමාණයක් තිබිය යුතු බව ද සඳහන් වී ඇත.'

අස්-සුයූති තුමා මෙසේ පවසයි: 'ගමන් කිරීමෙන් අදහස් කරනුයේ ඔහු අතර හරහට ගමන් කිරීම ය. ඔහු ඉදිරියෙන් කිබ්ලා දෙසට ගමන් කරන විට එය මෙම අවවාදය තුළට ඇතුළත් වන්නේ නැත.

පළමුව සලාත් ඉටු කරන්නා මිනිසුන් යන එන මාර්ගවල හෝ ගමන් කිරීමට අවශ්‍ය ස්ථානවල සලාත් ඉටු නොකළ යුතුය. මක්නිසාදයත් ඉන් සලාතයේ අඩුපාඩු සිදුවීමට ඉඩ ඇති බැවින් හා ගමන් කරන්නා පාපයට වැටෙන බැවිනි. එබැවින් ඔහු අතර හා ගමන් කරන්නා අතර බාධක වස්තුවක් තබා ගත යුතුය.

මෙයින් නිගමනය කළ හැක්කේ මරණින් මතු ජීවිතයේ අකීකරුකම නිසා ඇතිවන පාපය, එය කුඩා වුවත්, කොතරම් දරුණු වුවත් මේ ලෝකයේ ඕනෑම දුෂ්කරතාවයකට වඩා එය විශාල බවයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 108) (510).

සහීහ් මුස්ලිම් (1/ 363) (507).

තවත් බලන්න (6)

تيسير العلام.

للبسام تيسير العلام (ص184).

تنبيه الأفهام.

لابن عثيمين (2/ 239).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 154).