Skip to content

“කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”

«مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු රමළාන් මාසයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් උපවාසයේ අනිවාර්යය භාවය හා උපවාසකරුවන්ට උත්තරීතර අල්ලාහ් සූදානම් කර ඇති අතිමහත් කුසල් හා තිළිණ පිළිබඳ සහතික කරමින් කිසිදු ප්‍රදර්ශනයකින් හෝ මුහුණිච්ඡාවෙන් තොරව එමගින් උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වන්නේ ද ඔහු අතීතයේ කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

රමළාන් උපවාසයේ මෙන්ම සෙසු දැහැමි කටයුතුවල දී තිබිය යුතු අවංකභාවයේ මහිමය හා එහි වැදගත්කම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 16) (38).

සහීහ් මුස්ලිම් (1/ 523) (760).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 361).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 868).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (15/ 40).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 270).