"දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න;
අබුල් අබ්බාස් අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. දිනක් මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පසුපසට වී සිටයෙමි. එවිට එතුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
"දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න; (ලොව සිටින) සියලු දනන් එකතු වි ඔබට හානියක් සිදු කිරීමට තැත් කළ ද, අල්ලාහ් ඔබට නිර්ණය කළ දෑ හැරෙන්නට ඔවුන් සියලු දෙනාට ඔබට කිසිදු හානියක් සිදු කිරීමට නොහැක. පන්සිද ඔසවනු ලැබීය, කඩදාසි වියැළින' තිර්මිදි තුමා කළ ප්‍රකාශය හැර වෙනත් වාර්තාවක, "ඔබ අල්ලාහ්ව (හදවතේ) ආරක්ෂා කරගන්න. ඔබ ඉදිරියේ ඔබ ඔහුව දකිනු ඇත. සතුටු දායක අවස්ථාවන්හි අල්ලාහ්ව හඳුනා ගන්න. දුෂ්කර අවස්ථාවන්හි ඔහු ඔබව හඳුනා ගනියි. දැනගන්න. ඔබට යමක් මග හැරුණේ නම් එය ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවීය. එමෙන්ම ඔබට යමක් ලැබුණේ නම් එය ඔබට මග හැරෙන්නට තිබූ දෙයක් නොවීය. දැනගන්න. සැබැවින්ම උපකාරය ඉවසීම සමග ය. සහනය දුක සමග ය. දුෂ්කරතාව පහසු ව සමගය." යැයි සඳහන් වේ.
«يَا غُلَامِ! إنِّي أُعَلِّمُك كَلِمَاتٍ: احْفَظِ اللَّهَ يَحْفَظْكَ، احْفَظِ الله تَجِدْهُ تُجَاهَكَ، إذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاَللهِ، وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ، وَإِنِ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ؛ رُفِعَتِ الأَقْلَامُ، وَجَفَّتِ الصُّحُفُ». وَفِي رِوَايَةِ غَيْرِ التِّرْمِذِيِّ: «احْفَظِ اللهَ تَجِدْهُ أَمَامَكَ، تَعَرَّفْ إلَى اللهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ، وَاعْلَمْ أَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أَصَابَك لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأَنْ الفَرَجَ مَعَ الكَرْبِ، وَأَنَّ مَعَ العُسْرِ يُسْرًا».
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා අවදියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එතුමාණන්ගේ පසුපසින් වාඩි වී (ගමන් යමින්) සිටියේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට: "අල්ලාහ් ඔබට ප්‍රයෝජනය ලබා දෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වමි" යැයි පවසා සිටියහ. ඔබ අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පාපකම් හා පිටුපෑම් තුළ නොව, අවනතවීම් හා සමීපවීම් තුළින් ඔබ ලැබිය යුතු ය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්‍රතිඵලය වනුයේ මෙලොව හා මතුලොව පිළිකුල් සහගත දැයින් අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඔබ කොතැනක සිටියත් ඔබගේ වැදගත් කටයුතුවල දී ඔහු ඔබට උපකාර කරනු ඇත. ඔබ යමක් ඉල්ලන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ්ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. සැබැවින්ම ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නා ඔහු පමණය. ඔබ උදව් පතන්නට අපේක්ෂා කළ විට, අල්ලාහ් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උදව් නො පතන්න. සැබැවින්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් සෙතක් කිරීමට එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙත සලසන්නට නුපුළුවන, එමෙන්ම මහපොළොවේ වෙසෙන මුළු සමූහයාම ඔබට යම් හානියක් කිරීමට ඔවුන් එක්රැස් වුව ද අල්ලාහ් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හානි කරන්නට නුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතු ය. එමෙන්ම මෙම කාරණය සර්ව බලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්‍රඥාව හා දැනුමට අවශ්‍ය දේ අනුව නියම කරන ලද වගත්, අල්ලාහ් නියම කර ඇති දෑහි කිසිදු වෙනසක් නොමැති වගත් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය. කවරෙකු අල්ලාහ්ගේ නියෝග ආරක්ෂා කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් අල්ලාහ්ව ආරක්ෂා කළේ ද, සැබැවින්ම අල්ලාහ් කවුදැයි ගැත්තා ඉදිරියෙන් ඔහු පෙන්වා දෙනු ඇත. එමෙන්ම ගැත්තාට උපකාර කර සහය දක්වනු ඇත. සැබැවින්ම මිනිසා සතුටුදායක අවස්ථාවන්හි අල්ලාහ්ට අවනත වූ විට, දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ් ඔහුට නිදහස හා මිදීම ලබා දෙනු ඇත. සෑම ගැත්තෙකුම අල්ලාහ් ඔහුට නියම කර ඇති යහපත හා අයහපත පිළිගත යුතු ය. දුෂ්කරතත්වය කාර් ය බහුලත්වය සමග ගැත්තා ඉවසීම ප්‍රගුණ කළ යුතුය. මක්නිසාදයත් මිදීමේ හා නිදහස ලැබීමේ යතුර ඉවසීම වන බැවිනි. සැබැවින්ම ව්‍යසනය වනාහි එය දරුණු වූ විට මිදීම අල්ලාහ්ගෙන් පමණක් පැමිණෙන බැවිනි. සැබැවින්ම දුෂ්කරතාවක් ඇති වූ විටෙක අල්ලාහ් ඔහුට ප්‍රතිඵල වශයෙන් පහුසව පිරිනමනු ඇත.
කුඩා දරුවන්ට හා ළදරුවන්ට ඒකදේව වාදය, විනය හා වෙනත් ආගමික කටයුතු ඉගැන්වීමේ වැදගත්කම.
ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත.
වෙනත් කිසිවෙකු මත නොව අල්ලා මත පමණක් විශ්වාසය තැබීමේ හා සියල්ල භාර රීමේ නියෝගය. ඔහු හොඳම භාරකරුය.
අල්ලාහ්ගේ තීන්දුව, නියමය හා ඔහුගේ තෘප්තිය ගැන විශ්වාසය හා සැබැවින්ම අල්ලාහ් සියලු දෑහි බලවතාය යන්න ගැන විශ්වාසය.
කවරෙකු අල්ලාහ්ගේ නියෝගය පැහැර හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ද ඔහුව පැහැර හරින අතර ඔහුව ආරක්ෂා කරන්නේ නැත.
මෙය මිනිසාට දුෂ්කරතාව ඇති වූ විටෙක ඔහු පහසු ව බලාපොරොත්තු විය යුතු බව පෙන්වා දෙන අති මහත් ශුභාරංචියකි.
විපත් ඇති වූ අවස්ථාවක ආදරණීයයන් අහිමි වූ අවස්ථාවක ගැත්තාට මෙසේ පවසමින් සනසා ඇත. එනම්: "ඔබට යමක් මග හැරුණේ නම් එය ඔබට ලැබෙන්නට තිබූ දෙයක් නොවීය. එමෙන්ම ඔබට යමක් ලැබුණේ නම් එය ඔබට මග හැරෙන්නට තිබූ දෙයක් නොවීය." පළමු පද පෙළ පිළිකුලක් ඇති වූ විටෙක කෙරෙන සැනසීමකි. දෙවැනි පද පෙළ ආදරණීයයන් අහිමි වූ විටෙක කෙරෙන සැනසුමකි.
සුනන් අත් තිර්මිදි (4/ 284) (2516).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص42).
شرح الأربعين النووية.
لابن عثيمين (ص200).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص69).
පොත්වල උපුටා දක්වා ඇත
16 පොත්තවත් බලන්න (16)
- الإلحاد - إعلان نجاح أم فشل؟إِذَا سَأَلْتَ فَاسْأَلْ اللَّهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللَّهِ. رواه الترمذي.
- العلم الواجب بدون فقه وبدون زيادات1(احْفَظِ اللهَ تَجِدْهُ أَمَامَكَ، تَعَرَّفْ إِلَى اللَّهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ، وَاعْلَمْ أَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ،
- تجربة 12-10-2025جزء تجريبي«يا غلام، إني أعلمك كلمات: احفظ الله يحفظك، احفظ الله تجده تجاهك، إذا سألت فاسأل الله، وإذا استعنت فاستعن بالله، واعلم: أن الأمة لو اجتمعت على أن ينفعوك بشيء لم ينفعوك إلا بشيء قد كتبه الله لك، وإن اجتمعوا على أن يضروك بشيء لم يضروك إلا بشي
- حراسة التوحيدإقامة البراهين على حكم من استغاث بغير الله«احْفَظِ اللهَ يَحْفَظْكَ، احْفَظِ اللهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعْنَتَ فَاسْتَعِنْ بِاللهِ».
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«إذا سألت فاسأل الله، وإذا استعنتَ فاستعِنْ بالله»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «احْفَظِ اللهَ تَجِدْهُ أمَامَكَ، تَعَرَّفْ إلىٰ الله في الرَّخَاءِ يَعْرِفْكَ في الشِّدَّةِ، وَاعْلَمْ أنَّ مَا أخْطَأكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأنَّ الْف
- شرح الأربعين النووية«يَا غُلَامِ! إنِّي أُعَلِّمُك كَلِمَاتٍ: احْفَظْ اللَّهَ يَحْفَظْك، احْفَظْ اللَّهَ تَجِدْهُ تُجَاهَك، إذَا سَأَلْت فَاسْأَلِ اللَّهَ، وَإِذَا اسْتَعَنْت فَاسْتَعِنْ بِاَللَّهِ، وَاعْلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَ
- شرح الأربعين النووية«احْفَظْ اللَّهَ تَجِدْهُ أَمَامَكَ، تَعَرَّفْ إلَى اللَّهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ، وَاعْلَمْ أَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أَصَابَكَ لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ
- ما لا يسع أطفال المسلمين جهله«يَا غُلَامُ، إِنِّي أُعَلِّمُكَ كَلِمَاتٍ: احْفَظِ اللَّهَ يَحْفَظْكَ، احْفَظِ اللَّهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللَّهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللَّهِ، وَاعْلَمْ: أَنَّ الأُمَّةَ لَوِ اجْتَمَعَتْ عَلَى أَنْ
- مجموعة زاد التربية الإسلامية (2)1«واعلمْ أنَّ النَّصْرَ مع الصَّبرِ».
- مجموعة زاد الحديث(3)1(رُفعَت الأَقْلامُ، وَجَفّت الصُّحُفُ)
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللهُ لَكَ، وَلَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللهُ عَل
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«إِذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللهِ»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«رُفِعَتِ الأَقْلَامُ، وَجَفَّتِ الصُّحفُ»
- موسوعة الإيمان«يَا غُلَامُ، إِنِّي أُعَلِّمُكَ كَلِمَاتٍ: احْفَظِ اللَّهَ يَحْفَظْكَ، احْفَظِ اللَّهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللَّهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللَّهِ، وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوِ اجْتَمَعَتْ عَلَى أَنْ ي
- نبراس طالب (2)نبراس طالب (2) عَن ابنِ عباسٍ رضي الله عنه قَالَ: كنت خلف النَّبيِّ صلى الله عليه وسلم يومًا، فَقَالَ: «يَا غُلامُ، إنِّي أعلِّمُكَ كَلِمَاتٍ: احْفَظِ اللهَ يَحْفَظْكَ، احْفَظِ اللهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَألْتَ فَاسأَلِ اللهَ، وإِذَا اسْتَعَنْتَ فَا