ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පිවිසුණහ. එවිට මිනිසෙක් පැමිණ සලාත් ඉටු කර, පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි පවසා සිටියහ. පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළ සේම සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි තුන්වරක්ම පවසා සිටියහ. එවිට මිනිසා මෙසේ කීවේය. "ඔබව සත්‍යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. (මා නොදනිමි) ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පවසන්න. ඉන්පසු ඔබ සමග ඇති පහසු අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ කෙළින් සිටගෙන සිටිනා තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි ඔබ තැන්පත් වන තුරු සුජූද් කරන්න. ඉන්පසු (හිස) ඉහළට ඔසවා ඔබ ඉඳුමෙහි තැන්පත්වන තුරු වාඩිවෙන්න. මෙය ඔබේ සලාතය පුරාම සිදු කරන්න."
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ المَسْجِدَ فَدَخَلَ رَجُلٌ، فَصَلَّى، فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَرَدَّ وَقَالَ: «ارْجِعْ فَصَلِّ، فَإِنَّكَ لَمْ تُصَلِّ»، فَرَجَعَ يُصَلِّي كَمَا صَلَّى، ثُمَّ جَاءَ، فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «ارْجِعْ فَصَلِّ، فَإِنَّكَ لَمْ تُصَلِّ» ثَلاَثًا، فَقَالَ: وَالَّذِي بَعَثَكَ بِالحَقِّ مَا أُحْسِنُ غَيْرَهُ، فَعَلِّمْنِي، فَقَالَ: «إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ القُرْآنِ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا، ثُمَّ ارْفَعْ حَتَّى تَعْدِلَ قَائِمًا، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا، وَافْعَلْ ذَلِكَ فِي صَلاَتِكَ كُلِّهَا».
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පැහිණියහ. එතුමාණන්ගෙන් පසුව මිනිසෙක් එහි පිවිස ඔහුගේ කියාම්, රුකූඋ, සුජූද් යන ඉරියව්වන්හි තැන්පත් නොවී ඉතා ඉක්මණින් රකආත් (වාර) දෙකක් සලාත් ඉටු කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ සලාතය දෙස බලමින් උන්හ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයේ එක් පැත්තක වාඩි වී සිටිය දී එතුමාණන් වෙත ඔහු පැමිණ සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ.: "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළා සේම ඉතා ඉක්මණින් සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ.: "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" මෙලෙස එතුමාණෝ තුන්වරක්ම සිදු කළහ. එවිට එම මිනිසා මෙසේ කීවේය: "ඔබව සත්‍යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ. ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසමින් ආරම්භක තක්බීර් පවසන්න. පසුව උම්මුල් කුර්ආන් (සූරතුල් ෆාතිහා) පාරායනය කර ඔබ කැමති අල්-කුර්ආන් පාඨ කිහිපයක් එහි පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි ඔබේ අත්ල ඔබේ දණහිස් මත තබා ඔබේ පිට කෙළින් දිගු කර එහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ ඔබේ අස්ථි ඒවායෙහි සන්ධි අතර සමාන්තරව කෙළින් පිහිටන තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි නාසය සමග නළල, අත් දෙක, දණහිස් දෙක හා පාද ඇඟිලි තුඩු මහපොළොවෙහි තැන්පත් කරමින් සුජූද් කරන තුරු ඔබ සුජූද් කරන්න. පසුව සුජූද් දෙක අතර ඉඳුමෙහි තැන්පත්වන තුරු නැගිට වාඩි වෙන්න. මෙය ඔබේ සලාතයේ සෑම රකආතයකම (වාරයකම) සිදු කරන්න.
මෙය සලාතය සඳහා වන මූලිකාංග වේ. හදීසයේ සඳහන් පරිදි සලාතය ඉටු කරන්නා නැවත එය ඉටු කළ යුතුයි යන නියෝගය සාධකයක් ලෙස ගනිමින්, කවර හෝ අයෙකු අමතක වීමකින් හෝ නොදැනුවත් කමින් හෝ ඒ මූලිකාංග සිදු නොකර සිටි අවස්ථාවක එම සලාතය වලංගු වන්නේ නැත. මන්ද නබිතුමාණන් සලාතය ඔහුට ඉගැන්වීම පමණක් සිදු කළේ නැත. ඔහුට නැවත වරක් එය කරන මෙන් ද නියෝග කර සිටියහ.
(අදාළ ඉරියව්වෙහි) තැන්පත් වීම සලාතයේ මූලිකාංග අතරින් එක් මූලිකාංගයකි.
නවවි තුමා මෙසේ පවසයි. "කවරෙකු සලාතයේ ඇතැම් වගකීම් පැහැර හරින්නේ ද ඔහුගේ සලාතය වලංගු වන්නේ නැති බව මෙහි ඇතුළත්ව ඇත."
නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි. දැනුම හදාරන උදවිය හා නොදැනුවත් උදවිය සමග කරුණාවෙන් හා ආදරයෙන් කටයුතු කිරීම, ඔහු සතු ගැටළුව පැහැදිලි කර දීම, අරමුණු කෙටියෙන් පවසා සිටීම, කෙනෙකුට ධාරණය කිරීමට හා ක්‍රියා කිරීමට නොහැකි වන සේ සර්ව සම්පූර්ණ කරුණු නොපවසා වැදගත්ම ඔහුගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය කරුණු මත පමණක් සීමා වී පැහැදිලි කිරීම.
නවවි තුමා මෙසේ පැවසීය. "විද්වතෙකුගෙන් යමක් ගැන විමසා, එය විමසා සිටි තැනැත්තාට අවශ්‍ය තවත් දෙයක් එහි වී නම්, ඔහු ඒ ගැන තමන්ගෙන් විමසා නොසිටිය ද ඒ ගැන ඔහුට සඳහන් කිරීම උචිතය. එය උපදෙසක් වනු ඇත. එය ඔහුට අදාළ නොවන දෙයක් ගැන කතා කිරීමක් නොවේ.
"මට ඊට වඩා හොඳින් කළ නොහැක, එහෙයින් මට උගන්වන්න" යන ප්‍රකාශය මත පදනම්ව අඩුපාඩුකම් පිළිගැනීමේ මහිමය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම සහ ශිෂ්‍යයා ගුරුවරයාගෙන් තමන්ට උගන්වන මෙන ඉල්ලා සිටීම යන කරුණු මෙහි ඇතුළත් වේ.
හමුවන අවස්ථාවක සලාම් කීම සතුටුදායකය. එයට පිළිතුරු දීම අනිවාර්යය වේ. නැවත නැවතත් හමු වූ විට, කාලය ඉතා සමීපව පිහිටිය ද එසේ නැවත නැවතත් සලාම් පවසා සිටීම සතුටු දායක වන අතර ඒ සෑම වාරයකම පිළිතුරු දීම අනිවාර්යය වනු ඇත.
සහීහුුල් බුහාරි (1/ 152) (757).
සහීහ් මුස්ලිම් (1/ 298) (397).
තවත් බලන්න (8)
تيسير العلام.
للبسام (ص167).
تنبيه الأفهام.
للعثيمين (2/ 213).
الإفهام في شرح عمدة الأحكام.
عبد العزيز بن باز (ص203).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 138).
පොත්වල උපුටා දක්වා ඇත
14 පොත්තවත් බලන්න (14)
- الأربعون في تعظيم قدر الصلاةالأربعون في تعظيم قدر الصلاة «ارْجِـــــــعْ فَصَلِّ، فَإِنَّكَ لَمْ تُصَلِّ»، فَرَجَــــــــعَ يُصَلِّي كَـــــــــمَا صَلَّى، ثُمَّ جَــــــاءَ، فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَـــــالَ: «ارْجِـــــــــــــــعْ فَصَــــــــلِّ، فَإِنَّ
- المناهج التعليمية - الصف الرابعالمناهج التعليمية - الصف الرابع - الفقه«إِذَا قُمْتَ إِلَى الصَّلَاةِ فَكَبِّرْ» [24].
- المناهج التعليمية - الصف الرابعالمناهج التعليمية - الصف الرابع - الفقه«ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ، فَرَجَعَ فَصَلَّى كَمَا صَلَّى، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ ﷺ فَقَالَ: ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ.. ثَلاثًا، فَقَالَ: وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَهُ فَعَلّ
- النفحات المكية في تفسير كتاب رب البرية الجزء الأول«ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ» [2].
- تطبيق القرآن والأذكارأذكار الصلاةالصَّلاةُ عَلَى النَّبيِّ –صلى الله عليه وسلم- بَعْدَ التَّشَهُّدِ
- خطب تعظيم قدر الصلاةأن رسول الله صلى الله عليه وسلم دخل المسجد فدخل رجل، فصلى، فسلم على النبي صلى الله عليه وسلم، فرد وقال: "ارْجِعْ فَصَلِّ، فَإِنَّكَ لَمْ تُصَلِّ"، فرجع يصلي كما صلى، ثم جاء، فسلم على النبي صلى الله عليه وسلم، فقال: "ارْجِعْ فَصَلِّ، فَإِنَّ
- ما لا يسع أطفال المسلمين جهله«إِذَا قُمْتَ إِلَى الصَّلَاةِ فَكَبِّرْ»[38].
- ما لا يسع أطفال المسلمين جهله«ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا»[40].
- ما لا يسع أطفال المسلمين جهله«ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا»[41].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«إذا قمت إلى الصلاة فكبر»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«ثم اركع حتى تطمئن راكعا»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«ثم اسجد حتى تطمئن ساجدا»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)مجموعة زاد الفقه (1)«ثم ارفع حتى تطمئن جالسا»
- مشروع منهاج زادكزادك 1 طالب«إِذَا قُمْتَ إِلَى الصَّلَاةِ فَكَبِّرْ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا، ثُمَّ ارْفَعْ حَتَّى تَعْدِلَ قَائِمًا، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا، ثُمَّ ارْفَعْ حَتَّى