Skip to content

මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."

«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ خَمْسٌ: رَدُّ السَّلَامِ، وَعِيَادَةُ الْمَرِيضِ، وَاتِّبَاعُ الْجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيتُ الْعَاطِسِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු ඇතැම් යුතුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. එම යුතුකම්වලින් පළමුවැන්න: ඔබට සලාම් පවසන උදවියට ඔබත් ප්‍රතිචාර වශයෙන් සලාම් පැවසීම. දෙවන වගකීම: රෝගියාගේ සුවදුක් විමසීම හා බැහැදැකීම. තුන්වන වගකීම: මිය ගිය තැනැත්තාගේ නිවසේ සිට සලාතය ඉටු කර මිනීවලෙහි තැන්පත් කරන දක්වා‍, එම දේහයේ අවසන් කටයුතු පසුපසින් යෑම. හතරවන වගකීම: මනමාලයකුගේ වලීමා සංග්‍රහයකට හෝ වෙනත් සංග්‍රහයකට ඇරයුම් කරන විට එම ආරාධනය පිළිතුරු සැපයීම. පස්වන වගකීම: කිඹුහුම් ගිය කෙනාට පිළිතුරු සැපයීම. එනම්: "ඔහු අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය) යැයි පැවසූ විටෙක, ඔහුට "යර්හමුකල්ලාහ්" (අල්ලාහ් ඔබට කරුණා කරත්වා!) යැයි පැවසීම. පසුව කිඹුහුම යැවූ කෙනා නැවතත් ඔහුට: "යහ්දීකුමුල්ලාහ් වයුස්ලිහු බාලකුම්" (අල්ලාහ් ඔබට යහමග පෙන්වා ඔබේ සියලු තත්ත්වයන් යහපත් කරත්වා!) යැයි පැවසීමය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මුස්ලිම්වරුන් අතර පවතින වගකීම් සහතික කිරීම, සහෝදරත්වය හා ඔවුන් අතර ආදරය ස්ථාවර කිරීම සඳහා ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ දායකත්වය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 71) (1240).

සහීහ් මුස්ලිම් (4/ 1704) (2162).

තවත් බලන්න (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (4/ 512).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 327).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 253).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 591).

بهجة قلوب الأبرار.

لابن سعدي (ص81).