ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම
උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණිය. ගමනක කිසිදු සළකුණක් ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකු ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී, මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම" යැයි පැවසූහ. පසුව ඔහු. ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාණන්ගෙන් විමසයි. එය සත්ය ය යැයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්නැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්, ඔහුගේ දූතයින්, ඔහුගේ ග්‍රන්ථ හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොඳ හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීම" යැයි පැවසූහ. එවිට ඔහු, "ඔබ සත්‍යයම ප්‍රකාශ කළෙහිය". නැවතත් "මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි." යැයි පැවසූහ. ඔහු, "මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ, "විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නා වේ" යැයි පැවසූහ. ඔහු, "අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න." යැයි පැවසීය. එතුමාණෝ: "වහලියක් තම ස්වාමි ප්‍රත්‍රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වත්‍ර, එළුවන් බලා කියා ගන්නා උදවිය උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති" යැයි පැවසූහ. පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැ?යි ඔබ දන්නෙහි ද?" මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි පැවසුවෙමි. එතුමාණෝ, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය” යැයි පැවසූහ.
بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعَرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَلَسَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلَى رُكْبَتَيْهِ، وَوَضَعَ كَفَّيْهِ عَلَى فَخِذَيْهِ، وَقَالَ: يَا مُحَمَّدُ، أَخْبِرْنِي عَنِ الْإِسْلَامِ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الْإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا» قَالَ: صَدَقْتَ، قَالَ: فَعَجِبْنَا لَهُ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ، قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِيمَانِ، قَالَ: «أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ» قَالَ: صَدَقْتَ، قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِحْسَانِ، قَالَ: «أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ» قَالَ: فَأَخْبِرْنِي عَنِ السَّاعَةِ، قَالَ: «مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ» قَالَ: فَأَخْبِرْنِي عَنْ أَمَارَتِهَا، قَالَ: «أَنْ تَلِدَ الْأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ فِي الْبُنْيَانِ» قَالَ: ثُمَّ انْطَلَقَ، فَلَبِثْتُ مَلِيًّا ثُمَّ قَالَ لِي: «يَا عُمَرُ، أَتَدْرِي مَنِ السَّائِلُ؟» قُلْتُ: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّهُ جِبْرِيلُ، أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ».
නාදුනන පුද්ගලයකුගේ ස්වරූපයෙන් සහාබාවරුන් අතර ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දිස් වූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින් එතුමාගේ ස්වරූපය ගැන මෙසේ විස්තර කළේය. එතුමාගේ ඇඳුම සුදෝ සුදු වර්ණයෙන් වූ අතර එතුමාගේ හිසකෙස් කළු වර්ණයෙන් යුක්ත විය. තෙහෙට්ටුව, තැවරුණු දූවිලි, වියවුල් වූ හිසකෙස්, කිලිටි වූ ඇඳුම වැනි මගියකු තුළ දක්නට ලබන කිසිදු සළකුණක් දක්නට නොවීය. එහි සහභාගි වී සිටි කිසිවෙක් ඔහු හඳුනන්නේ ද නැත. ඔවුහු ද වාඩි වී සිටියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) තුමාණන් අබියසය. පසුව ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ දැනුම හදාරන ශිෂ්‍යයකු මෙන් වාඩි විය. හෙතෙම ඉස්ලාමය ගැන විමසීය. එවිට එතුමාණෝ, ප්‍රතිපත්තිමය සාක්ෂියේ ප්‍රකාශ දෙක පිළි ගැනීම, පස්වේල සාලතය සුරක්ෂිතව ඉටු කිරීම, සකාතය සුදුසු උදවියට පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, හැකියාව ඇති තැනැත්තන්හට හජ්හි වගකීම ඉටු කිරීම යනාදිය ඇතුළත් වූ මූලික වගකීම් ඉදිරිපත් කරමින් ඔහුට පිළිතුරු දුන්හ. පසුව එතුමා: ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. එවිට එතුමා ඉදිරිපත් කරන දෑහි එතුමාට කිසිවක් නොදන්නා බව එතුමාගේ ප්‍රශ්නයෙන් පෙනුන ද, පසුව එතුමා ඒ ගැන තහවුරු කර සිටීම ගැන සහාබාවරු පුදුමයට පත්වූහ. පසුව එතුමා ‘ඊමානය ගැන තොරතුරු විමසා සිටියේය. එතුමාණෝ විශ්වාසයේ කරුණු හය සඳහන් කරමින් එතුමාට පිළිතුරු දුන්හ. එනම්: අල්ලාහ්ගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග, මැවීම වැනි ඔහුට පමණක් ආවේනික ක්‍රියාවන්, නැමදුමට ඔහු පමණක් සුදුසුකම් ලැබීම යනාදිය ගැන විශ්වාස කිරීම, සැබැවින්ම මලක්වරුන්, ගෞරවණීය ගැත්තන් ලෙස අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති බවත් ඔවුන් අල්ලාහ්ට කිසිදු ආකාරයෙන් පිටු නොපාන බවත් ඔහුගේ නියෝගයට අනුව පමණක් ඔවුන් කටයුතු කරන බවත් විශ්වාස කිරීම, කුර්ආනය, තව්රාතය, ඉන්ජීලය හා වෙනත් දිව්‍ය ග්‍රන්ථ මෙන් ධර්ම දූතයින් වෙත අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තක විශ්වාස කිරීම, අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කළ ධර්ම දූතයින් විශ්වාස කිරීම, ඔවුන් අතරට නූහ්, ඉබ්‍රාහීම්, මූසා, ඊසා හා අවසාන වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා අනෙකුත් නබිවරුන් හා රසූල්වරුන් ද ඇතුළත් වේ. අවසන් දිනය විශ්වාස කිරීම, එහි මිය ගිය පසු පවතින තත්ත්වය, කබ්ර් ජීවිතය, සැබැවින්ම මිනිසා මිය ගිය පසුව අවදි කරනු ලැබ විනිශ්චයට භාජනය වීම, ඔහුගේ අවසන් ගමන ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ පැවතීම යනාදිය එහි ඇතුළත් වේ. එමෙන්ම අල්ලාහ් තම දැනුම, තීරණය, ප්‍රඥාව හා තම ලේඛනයේ පෙර සඳහන් කළ පරිදි හා ඔහුගේ අභිමතය පරිදි සියලු කරුණු නිර්ණය කර ඇති බවත් ඔහු නිර්ණය කළ පරිදි හා මවා ඇති පරිදි කරුණු සිදුවන බවත් විශ්වාස කිරීම. පසුව එතුමාණන්ගෙන් ඉහ්සාන් පිළිබඳ විමසා සිටියේය. එවිට එතුමාණෝ: සැබැවින්ම ඉහ්සාන් යනු තමන් අල්ලාහ්ව බලා සිටින්නාක් මෙන් ඔහු නැමදීමය. එම ස්ථාවරයට ළඟා වීම තමන්ට සහතික කළ නොහැකිනම්, අල්ලාහ් තමව බලා සිටින සේ අල්ලාහ්ට නැමදුම් කළ යුතුය. පළමුවැන්න බැලීමේ ස්ථාවරය වේ. උසස් වනුයේ එයයි. දෙවැන්න අධීක්ෂණයේ ස්ථාවරයයි. පසුව අවසන් හෝරාව සිදුවනුයේ කවදා ද? යැයි විමසා සිටියේය. එතුමාණෝ: සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපාන කරුණක් බවත් ඒ ගැන වෙනත් කිසිවකු නොදන්නා බවත් එම ප්‍රශ්ණය විමසනු ලබන්නාට වඩා විමසන්නා මැනවින් දන්නා බවත් පැහැදිළි කළහ. අවසන් හෝරාවේ සළකුණු පිළිබඳව එතුමාණන්ගෙන් හෙතෙම විමසා සිටියේය. එවිට එතුමාණෝ වහල් කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් බහුල වීම, එසේ නැතහොත් දරුවන් තම මව්වරුන් වහල් සේවයට යොදා ගනිමින් ඔවුනට හිංසා පීඩා කිරීම හා එළුවන් බලා කියා ගන්නා එඬේරුන් හා දුගී දුප්පතුන්ට අවසන් කාලය වන විට මෙලොවෙහි පහසුකම් විස්තීරණ වන අතර ඔවුන් අලංකාර ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණ කිරීමේ දී එකිනෙකා අහංකාරකම් පාන බව පැහැදිළි කර සිටියහ. පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම එසේ විමසා සිටි තැනැත්තා ජිබ්රීල් තුමා බවත් එතුමා සහාබාවරුන්ට පිවිතුරු ආගම ඉගැන්වීම සඳහා පැමිණි බවත් දන්වා සිටියහ.
...:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) තුමාණන්ගේ යහපත් ගුණාංග. සැබැවින්ම එතුමාණෝ සහාබාවරුන් සමග වාඩි වූහ. එතුමාණන් දෙසට හැරී ඔවුහු ද වාඩි වුවෝය.
විමසා සිටින්නා සමග මෘදු ලෙස කටයුතු කිරීම හා ඔහුව ළංකර ගැනීම ආගමානුගත කරන ලද්දකි. එමඟින් කනස්සල්ලෙන් හෝ බියෙන් තොරව ප්‍රශ්න ඇසීමට හැකි වනු ඇත.
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ විනයානුකූල ව වාඩි වී එතුමාණන්ගෙන් දැනුම ලබා ගත් පරිදි ගුරුවරයකු සමග කටයුතු කළ යුතු විනය.
ඉස්ලාමයේ මූලික වගකීම් පහකි. ඊමාන් හෙවත් විශ්වාසයේ මූලධර්ම හයකි.
ඉස්ලාම් හා ඊමාන් යන පද දෙක එක් කර බැලීමේ දි ඉස්ලාම් යන පදය බාහිර කරුණු විස්තර කරන අතර ඊමාන් අභ්‍යන්තර කරුණු විස්තර කරයි.
සැබැවින්ම ආගමට විවිධ ස්ථාවරයන් ඇති බව විස්තර කිරීම: පළමු ස්ථාවරය ඉස්ලාම් ය. දෙවැන්න ඊමාන්ය. තුන් වැන්න ඉහ්සාන්ය. මෙය ඒවායින් උසස්ම කරුණ වේ.
විමසන්නාගේ ස්ථාවරය දැනුම නොමැතිකම හා නොදැනුවත් කමයි. එය ප්‍රශ්නය විමසීමට පොළොඹවයි. එතුමා ප්‍රශ්ණ කර සිටීම හා එය සහතික කර සිටීම ගැන සහාබාවරු පුදුමයට පත් වූයේ එබැවිනි.
වඩාත් වැදගත් දැයින් පසු වැදගත් දෑ ආරම්භ කිරීම. මෙහි දී ඉස්ලාමය පැහැදිලි කිරීමේ දී ප්‍රතිපත්තිමය සාක්ෂියේ ප්‍රකාශ දෙකින් ආරම්භ කර ඇත. ඊමානය ගැන පැහැදිලි කිරීමේ දී අල්ලාහ්ව විශ්වාස කිරීමෙන් ආරම්භ කොට ඇත.
අන් අය දැනගනු පිණිස, ප්‍රශ්න කරන්නා දන්නා කරුණක් වුව ද ඒ ගැන දැනුමැත්තන්ගෙන් විමසා සිටීම.
අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුමෙහි බල පැවැත්වෙන කරුණකි.
සහීහ් මුස්ලිම් (1/ 36) (8).
තවත් බලන්න (9)
التحفة الربانية في شرح الأربعين حديثا النووية (ص7).
شرح الأربعين النووية.
لابن عثيمين (ص19).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص15).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله المحسن (ص7).
تاج العروس من جواهر القاموس.
للزبيدي (2/ 460).
පොත්වල උපුටා දක්වා ඇත
48 පොත්- මූලධර්ම තුන හා ඒවායේ සාක්ෂි හා සාධකඔහු පැවසුවේය: "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ නැමදීමය. ඔබ ඔහු ව නොදැක්කද, ඔහු ඔබ දෙස බලා සිටින්නේය.
- මූලධර්ම තුන හා ඒවායේ සාක්ෂි හා සාධකඔහු: 'ඒ පිළිබඳව විමසනු ලබන්නා විමසන්නාට වඩා මැනවින් දන්නෙකු නොවෙයි' යැයි පැවසුවේය.
- ඉස්ලාමීය විශ්වාසය හා බැඳුණු ප්රතිපත්තීන් පිළිබඳ හැඳින්වීමක්.نبذة في العقيدة الإسلامية“ඊමාන් යනු: අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දහම්, ඔහුගේ දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි එහි හොඳ නරක සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමයි.” (3)
තවත් බලන්න (45)
- الإسلام أصوله ومبادئه(الإسلام أن تشهد أن لا إله إلا الله، وأن محمداً رسول الله، وتقيم الصلاة وتؤتي الزكاة، وتصوم رمضان، وتحج البيت إن استطعت إليه سبيلاً) [197]،
- الإسلام دين كامل«هُوَ أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ» [1].
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«الْإِحْسَانَ: أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»"
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الثالث)«الْإِحْسَانُ أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- العقيدة الصحيحةدروس العقيدة الصحيحة«فَأَخْبِرْنِي عَنِ الْإِيمَانِ، قَالَ: أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»
- العلم الواجب بدون فقه وبدون زيادات1(أَن تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ).
- العلم الواجب بدون فقه وبدون زيادات1(أَن تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِن لَّمْ تَكُن تَرَاهُ فَإِنَّهُ يَرَاكَ).
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنَّ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنَّ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنَّ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الفقه - الصف السادس «الإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا»[9].
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الفقه - الصف السادس «الإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا»[24].
- حراسة التوحيدالعقيدة الصحيحة وما يضادها «الإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»[1].
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة"الإسلام أن تشهد أن لا إله إِلا الله وأن محمدًا رسول الله، وتُقيم الصلاة، وتؤتي الزَّكاة، وتصوم رمضان، وتَحجَّ البيت إن استطعت إليه سبيلًا".
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة"الإيمان: أن تؤمن باللهِ، وملائكتِه وكتبه، ورسلِه، واليوم الآخر، وتؤمن بالقدَر خيره وشره"
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«الإحسان أن تعبدَ الله كأنك تراه، فإن لم تكن تراهُ فإنه يَرَاك»
- خطبة عرفة(الإِسْلاَمُ أَنْ تَشْهَدَ أَنْ لا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا).
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «بَيْنَمَا نَحْنُ جُلُوسٌ عِنْدَ رسولِ الله صلى الله عليه وسلم ، ذَاتَ يَوْمٍ إذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَديدُ بَياضِ الثِّيَابِ، شديدُ سَوَادِ الشَّعْرِ، لا يُرَىٰ عَلَيْهِ أَثرُ السَّفَرِ، وَلا يَعْرِفُهُ منَّا أحَدٌ، حَتَّىٰ جَلَسَ إلَ
- سؤال وجواب حول الإسلام«الإِحْسَانُ أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- شرح الأصول الثلاثة«أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ» [21]
- شرح الأصول الثلاثةقَالَ: فَأَخْبِرْنِي عَنِ الإِيمَانِ؟ قَالَ: «أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ» قَالَ: صَدَقْتَ.
- عقيدة الأئمة الأربعة«أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»
- فضل الإسلام{ الإسلام أن تشهد أن لا إله إلا الله، وأن محمدا رسول الله، وتقيم الصلاة، وتؤتي الزكاة، وتصوم رمضان، وتحج البيت إن استطعت إليه سبيلا } [8].
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ، فَإِنَّهُ يَرَاكَ» [50].
- قاموس الكبائر«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ، فَإِنَّهُ يَرَاكَ» [50].
- كيف أكون مسلمًا؟1(الإِسْلاَمُ أَنْ تَشْهَدَ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلاَةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا)
- ما لا يسع أطفال المسلمين جهله«فَأَخْبِرْنِي عَنِ الإِيمَانِ، قَالَ: أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»[3].
- مادة العقيدة الإسلامية(أن تؤمن بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، وتؤمن بالقدر خيره وشره).[65]
- مادة العقيدة الإسلامية(قَالَ فأخبرني عَنِ السَّاعَةِ. قَالَ مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ. قَالَ فأخبرني عَنْ أَمَارَتِهَا. قَالَ أَنْ تَلِدَ الأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ
- مجموعة زاد التفسير (2)التفسير 2«ما المسْؤُولُ عَنْها بأعْلَمَ من السَّائلِ».
- مجموعة زاد الحديث (1)الحديث 1قَالَ: بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ الله صلى الله عليه وسلم ذَاتَ يَوْمٍ، إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعَرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَل
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 2«الْإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ﷺ وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا»، قَالَ: صَدَقْتَ، قَالَ: ف
- مشروع منهاج زادكزادك 1 طالببَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صلى الله عليه وسلم ذَاتَ يَوْمٍ، إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعَرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَلَسَ إِ
- موسوعة الإيمانفعن عمر بن الخطاب رضي الله عنه قال: بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللهِ صلى الله عليه وسلم ذَاتَ يَوْمٍ، إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعَرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِ
- موسوعة الإيمان«أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ». قَالَ: صَدَقْتَ.
- نبراس طالب (1)1«أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ»، قَالَ: صَدَقْتَ.
- نبراس طالب (1)1«الْإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا».
- نبراس طالب (1)1«أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ».
- نبراس طالب (1)1«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ».
- نبراس طالب (1)1«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- نبراس طالب (2)نبراس طالب (2) «أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
- نبراس طالب (3)نبراس طالب 3«أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»