Skip to content

“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."

لعن رسول الله صلى الله عليه وسلم الرجل يلبس لِبْسَةَ المرأة، والمرأة تلبس لِبْسَةَ الرجل.

මෙය නසාඊ අල්කුබ්රාහි වාර්තා කර ඇති අතර ඒ අර්ථයෙන්ම යුත් හදීසයක් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත. එමෙන්ම අහ්මද් ද මෙය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කාන්තාවන්ට ආවේනික වූ ඇඳුම් පැළඳුම්වල දී කාන්තාවට සමාන ලෙස ඇඳුම් පැළඳුම් අඳින සෑම පිරිමියෙකුම අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබීමට හා නෙරපා හරිනු ලැබීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එය හැඩයෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා ක්‍රමයෙන් හෝ වේවා ඇඳුම් විලාශයෙන් හා අලංකාරයෙන් හෝ වේවා ඒ හැර වෙනත් දෙයකින් හෝ වේවා එක සමානය. එසේ නැතහොත් පිරිමින්ට ආවේනික ඇඳුම් පැළඳුම් වල දී කාන්තාව ඔහුට සමානව ඇඳ පැළඳ ගැනීම ද එලෙසමය. එය මහා පාපකම් අතරින් වූ පාපයකි.

හදීසයෙන් උගත හැකි පාඩම්

ෂව්කානී තුමා මෙසේ පවසයි. "කාන්තාවන් පිරිමින්ට සමානකම් පෑම හෝ පිරිමින් කාන්තාවන්ට සමානකම් පෑම තහනම් කරන ලදී. ඊට හේතුව ශාපය තහනම් කරුණක් මත මිස වෙනත් දෑ මත නො පිහිටන බැවිනි."

ඉබ්නු උසයිමීන් තුමා මෙසේ පවසයි. "කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශවයම පොදුවේ අදින ඇතැම් ටී-ෂර්ට් වර්ග වැනි දෑහි වරදක් නැත. එනම් පිරිමි පාර්ශවය හා කාන්තා පාර්ශවය එය පැළඳීමෙහි වරදක් නැත යන්නයි." ඊට හේතුව එය දෙපාර්ශවයටම පොදු වූ ඇඳුමක් වන බැවිනි.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (6/ 195) (4098).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (8/ 297) (9209).

සුනන් ඉබ්නු මාජහ් (3/ 95) (1903).

මුස්නද් අහ්මද් (14/ 61) (8309).

තවත් බලන්න (8)

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 1122).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (19/ 337).

بهجة الناظرين.

لسليم الهلالي (3/ 150).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 370).