Skip to content

"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."

අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ අබූ හම්සා අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:

"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."

«لاَ يُؤْمِنُ أَحَدُكُمْ، حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ»

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රිය කරන අවනතභාවය, මෙලොව හා මතුලොව පවතින යහපත තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක්, එමෙන්ම තමන් වෙනුවෙන් පිළිකුල් කරන යමක් ඔහු වෙනුවෙන් ද පිළිකුල් කරන තෙක් කිසිදු මුස්ලිම්වරයකුගේ විශ්වාසය සම්පූර්ණ වීම සහතික නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහෙයින් මුස්ලිම් සහෝදරයකු තුළ ඔහුගේ ආගමික කටයුතුවල යම් අඩුපාඩුවක් දුටු විට එය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. එහි යහපතක් දුටු විට එය ඔහුට සපුරා දී උදව් කළ යුතුය. ඔහුගේ ආගමික හා ලෞකික කටයුතුවල දී ඔහුට උපදෙස් දිය යුතුය.

හදීසයෙන් උගත හැකි පාඩම්

පුද්ගලයකු තමන් වෙනුවෙන් ප්‍රිය කරන දෑ ඔහුගේ සහෝදරයාටද ලැබීම ගැන කැමති විය යුතු වේ. ඊට හේතුව තමන් වෙනුවෙන් ප්‍රිය කරන දෑ තම සහෝදරයාට ලැබීම ගැන ප්‍රිය නො කරන්නාට දේව විශ්වාසය නොමැතැයි ප්‍රකාශ කෙරී ඇති බැවින් එය අනිවාර්යය බව පෙන්වා ‌දෙයි.

අල්ලාහ් විෂයයෙහි පවතින සහෝදරත්වය, පරම්පරාවෙන් පැවත එන සහෝදරත්වයට වඩා ඉහළය. එහෙයින් එහි අයිතිය වඩාත් අනිවාර්යය වේ.

මෙම ආදරය අහිමි කරන මුස්ලිම්වරයකුගේ ජීවිතයට ඔහුගේ ධනයට හා ඔහුගේ ආත්ම අභිමානයට විරුද්ධව පවතින වංචාව, කේළම, ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය වැනි සෑම ප්‍රකාශයක්ම හා ක්‍රියාවක්ම තහනම් කිරීම.

"ඔහුගේ සහෝදරයාට" යන කියමන සඳහන්ව ඇති බැවින් ක්‍රියාවට අනුබල දෙන වචන කිහිපයක් භාවිතා කිරීමේ යෝග්‍යතාව.

අල්-කිර්මානි තුමා මෙසේ පවසා ඇත: "තමන් වෙනුවෙන් වෛර කරන නපුරක් වී නම් තම සහෝදරයා වෙනුවෙන් ද එවැන්නක් ගැන වෛර කිරීම දේව විශ්වාසයේ කොටසක් වන අතර එය මෙහි සඳහන් කර නැත. මක්නිසාද යත් යමක් කෙරෙහි පවතින ආදරය එයට පටහැනිව පවතින වෛරය ද අනිවාර්යය කරන බැවින් ඒ ගැන සඳහන් නොකළ ද ප්‍රමාණවත් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 12) (13).

සහීහ් මුස්ලිම් (1/ 67) (45).

තවත් බලන්න (23)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية.

مطبعة دار نشر الثقافة.

الإسكندرية.

الطبعة: الأولى.

1380 هـ.

شرح الأربعين النووية.

للشيخ ابن عثيمين.

دار الثريا للنشر.

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

دار ابن القيم.

الدمام المملكة العربية السعودية.

الطبعة: الأولى.

1424هـ/2003م.

الفوائد المستنبطة من الأربعين النووية.

للشيخ عبد الرحمن البراك.

دار التوحيد للنشر.

الرياض.

الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.

لعبد الله بن صالح المحسن.

نشر: الجامعة الإسلامية.

المدينة المنورة.

الطبعة: الثالثة.

404هـ/1984م.