Skip to content

අල්ලාහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධය පිරිනමනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"අල්ලාහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධය පිරිනමනු ඇත. සැබැවින්ම මම බෙදා හරින්නෙක්මි. අල්ලාහ් පිරිනමයි. මෙම සමූහයා අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් ඔවුනට විරුද්ධ වූ අය ඔවුනට හිංසා කළ නොහැක."

«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللهُ يُعْطِي، وَلَنْ تَزَالَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللهِ، لَا يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, අල්ලාහ් කවරෙකුට යහපත අපේක්ෂා කරන්නේ ද, ඔහුගේ ආගම පිළිබඳ අවබෝධය ඔහු ඔහුට පිරිනමන බවත්, සැබැවින්ම තමන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වනාහි, තමන්ට අල්ලාහ් විසින් පිරිනැමූ පෝෂණ සම්පත් දැනුම හා වෙනත් දෑ වෙන් කර, බෙදා හරින්නෙකු බවත් සැබැවින්ම පිරිනමන්නා අල්ලාහ් බවත් සෙසු උදවිය අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු සෙතක් සැළසිය නොහැකි සාධක පමණක් බවත් සැබැවින්ම මෙම ප්‍රජාව අවසන් හෝරාව ක්‍රියාත්මක වන තෙක් අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන බවත්, ඔවුනට විරුද්ධ වන අය විසින් ඔවුනට කිසිදු හානියක් සිදු කළ නොහැකි බවත් දන්වා සිටියහ.

වචනාර්ථ

.....:

හදීසයෙන් උගත හැකි පාඩම්

ෂරීආ නීතිය පිළිබඳ දැනුම හා එය හැදෑරීමේ භාග්‍යය හා මහිමය. ඒ සඳහා උනන්දු කරවීම.

සත්‍යය ක්‍රියාත්මක කිරීම මෙම ප්‍රජාව තුළ තිබිය යුතු ය. පිරිසක් ඉන් ඉකුත්ව ගිය විට තවත් පිරිසක් එය ක්‍රියාත්මක කරනු ඇත.

උත්තරීතර අල්ලාහ් තම ගැත්තාට යහපත අපේක්ෂා කළ කරුණු අතරින් එකක් වනුයේ, ආගම දහම තුළ අවබෝධය ලැබීම ය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිරිනමනුයේ අල්ලාහ්ගේ නියෝග හා ඔහුගේ අභිමතය පරිදිය. සැබැවින්ම එතුමාණන් හට කිසිදු ආධිපත්‍යයක් නැත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 25) (71).

සහීහ් මුස්ලිම් (2/ 718) (1037).

තවත් බලන්න (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 485).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 324).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 424).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 688).