මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
මිනිසෙක් "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුට සවන් දුන්නේය. උදෑසන උදා වූ කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට සඳහන් කළේය. එම පුද්ගලයා එය සුළු කොට සිතන්නෙකු මෙන් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."
أَنَّ رَجُلًا سَمِعَ رَجُلًا يَقْرَأُ: {قُلْ هُوَ اللَّهُ أَحَدٌ} يُرَدِّدُهَا، فَلَمَّا أَصْبَحَ جَاءَ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ، وَكَأَنَّ الرَّجُلَ يَتَقَالُّهَا، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهَا لَتَعْدِلُ ثُلُثَ القُرْآنِ».
අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ සඳහන් කළේය. අමතර යමක් නොකියවා සෑම රාත්‍රියකම "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුගේ හඬට තවත් තැනැත්තෙක් සවන් දුන්නේය. උදෑසන එළැඹුණු කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට මෙනෙහි කළේය. විමසා සිටින්නාට එය අල්ප බව අඟවන්නට බැලීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ දිවුරා සහතික කරමින් ඒ ගැන මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."
සූරා අල්-ඉහ්ලාස්හි මහිමය. සැබැවින්ම එය අල් කුර්ආනයේ තුනෙන් එක් කොටසකට සමාන වන්නේය.
රාත්‍රි සලාතයේ දී අල් කුර්ආනය පාරායනය කිරීමේ අවසරය. එය සුළු ප්‍රමාණයක් වුව ද නැවත නැවතත් පාරායනය කළ ද එයට අවසරය ඇත. ඊට වඩා අඩුවෙන් නොකළ යුතුය.
අල්-මාසිරී තුමා මෙසේ පවසයි: එහි තේරුම ගැන ප්‍රකාශයක් මෙසේ සඳහන් වී ඇත. සැබැවින්ම අල් කුර්ආනයේ පැතිකඩ තුනක් ඇත. එනම් කතා වස්තු, නීති රීති හා උත්තරීතර අල්ලාහ් සතු ගුණාංගය. "කුල් හුවල්ලාහු අහද්" යනු අල්ලාහ්ගේ ගුණාංග පිවිතුරු කිරීමකි. එබැවින් එය තුනෙන් එකකි. එනම් කොටස් තුනෙන් එක් කොටසකි. තවත් අදහසක් අනුව එහි අර්ථය, එය පාරායනය කිරීමේ කුසල කිසිදු අඩුවකින් තොරව අල් කුර්ආනයේ තුනෙන් කොටසක් පාරායනය කිරීමේ ප්‍රමාණයට ගුණ කරනු ලැබේ.
සහීහුුල් බුහාරි (6/ 189) (5013).
තවත් බලන්න (1)
إرشاد الساري لشرح صحيح البخاري (7/ 463).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- ما لا يسع أطفال المسلمين جهله«وَالَّذِي نَفْسِي بِيَدِهِ! إِنَّهَا لَتَعْدِلُ ثُلُثَ القُرْآنِ»[75].
- مجالس تدارس القرآن للمبتدئين (سورة الفاتحة وقصار المفصّل)1وأخرج البخاري عن أبي سعيد الخدري -رضي الله عنه- : « أن رجلا سمع رجلا يقرأ: قل هو الله أحد يرددها، فلما أصبح جاء إلى رسول الله ﷺ فذكر ذلك له، وكأن الرجل يتقالّها، فقال رسول الله ﷺ: والذي نفسي بيده إنها لتعدل ثلث القرآن »([140]).
- موسوعة الإيمانفعَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه: أَنَّ رَجُلًا سَمِعَ رَجُلًا يَقْرَأُ: {قُلْ هُوَ اللَّهُ أَحَد} أَحَدٌ، يُرَدِّدُهَا. فَلَمَّا أَصْبَحَ جَاءَ إِلَى رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَذَكَرَ ذَلِكَ لَهُ، وَكَأَنَّ الرَّجُلَ