Skip to content

“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”

«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الكِتَابِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් තොරව සලාතය වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය සෑම රකඅතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලාතයේ මූලිකාංගයකි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සූරා අල්-ෆාතිහාව කියවීමට හැකියාව තිබිය දී එය වෙනුවට වෙනත් සූරාවක් පාරායනය කිරීම අනුමත වන්නේ නැත.

සූරා අල්ෆාතිහා සලාතයේ එක් මූලිකංගයක් වන බැවින් උවමනාවෙන් හෝ නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ එය පාරායනය කරනු නොලබන්නේ නම් එම රකආතය අවලංගුය. රුක්න් හෙවත් මූලිකාංග පොදුවේ අත්හැරිය නොහැක.

ඉමාම් රුකූඃ ඉරියව්වට ළඟා වූ විට සූරා අල්-ෆාතිහා පාරායනය මඃමූම්ගෙන් මඟ හැරෙනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 151) (756).

සහීහ් මුස්ලිම් (1/ 295) (394).

තවත් බලන්න (4)

تيسير العلام.

للبسام (ص171).

تنبيه الأفهام.

لابن عثيمين (217).